යෙදුමෙන් කියවන්න

නයසමුට‍්ඨානවාරවණ‍්ණනා අට‍්ඨකථා

නයසමුට‍්ඨානවාරවණ‍්ණනා

නය සමුට්ඨාන වාර වර්ණනාව

එවං නානාසුත‍්තවසෙන එකසුත‍්තවසෙන ච හාරවිචාරං දස‍්සෙත්‍වා ඉදානි නයවිචාරං දස‍්සෙතුං “තත්‍ථ කතමං නයසමුට‍්ඨාන”න‍්තිආදි ආරද‍්ධං. කස‍්මා පනෙත්‍ථ යථා “තත්‍ථ කතමො දෙසනාහාරො, අස‍්සාදාදීනවතාති ගාථා. අයං දෙසනාහාරො කිං දෙසයතී”තිආදිනා හාරනිද‍්දෙසො ආරද‍්ධො, එවං “තත්‍ථ කතමො නන්‍දියාවට‍්ටො, තණ‍්හඤ‍්ච අවිජ‍්ජම‍්පි චාති ගාථා, අයං නන්‍දියාවට‍්ටො කිං නයතී”තිආදිනා අනාරභිත්‍වා සමුට‍්ඨානමුඛෙන ආරද‍්ධන‍්ති? වුච‍්චතෙ – හාරනයානං විසයභෙදතො. යථා හි හාරා බ්‍යඤ‍්ජනමුඛෙන සුත‍්තස‍්ස අත්‍ථසංවණ‍්ණනා, න එවං නයා. නයා පන නානාසුත‍්තතො නිද‍්ධාරිතෙහි තණ‍්හාවිජ‍්ජාදීහි මූලපදෙහි චතුසච‍්චයොජනාය නයතො අනුබුජ‍්ඣියමානො දුක‍්ඛාදිඅත්‍ථො. සො හි මග‍්ගඤාණං නයති සම‍්පාපෙතීති නයො. පටිවිජ‍්ඣන‍්තානං පන උග‍්ඝටිතඤ‍්ඤුආදීනං තිණ‍්ණං වෙනෙය්‍යානං වසෙන මූලපදවිභාගතො තිධා විභත‍්තා. එකමෙකො චෙත්‍ථ යතො නෙති, යඤ‍්ච නෙති, තෙසං සංකිලෙසවොදානානං විභාගතො ද‍්විසඞ‍්ගහො චතුඡඅට‍්ඨදිසො චාති භින‍්නො හාරනයානං විසයො. තථා හි වුත‍්තං – “හාරා බ්‍යඤ‍්ජනවිචයො, සුත‍්තස‍්ස නයා තයො ච සුත‍්තත්‍ථො”ති (නෙත‍්ති· සඞ‍්ගහවාර). එවං විසිට‍්ඨවිසයත‍්තා හාරනයානං හාරෙහි අඤ‍්ඤථා නයෙ නිද‍්දිසන‍්තො “තත්‍ථ කතමං නයසමුට‍්ඨාන”න‍්තිආදිමාහ.

මෙසේ නානාසූත්‍ර වශයෙන් ද ඒක සූත්‍ර වශයෙන් ද හාර විචාරය දක්වා දැන් නය විචාරය දක්වන්නට තත්‍ථ කතමං නය සමුට්ඨානං යනාදිය අරඹන ලදි. මෙහිදී කවර හෙයින් (එසේ අරඹන ලද ද?) එහි දේශනාහාරය කවරේ ද? අස්සාදීනවතා යන ගාථාවයි. මේ දේශනාහාරය කුමක් දේශනා කෙරේ ද? යනාදියෙන් හාර නිද්දේසය අරඹන ලදි. මෙසේ එහිදී නන්දියාවට්ටය කවරේ ද? තණ්හඤ්ච අවිජ්ජම්පි ච යන ගාථාවයි. මේ නන්දියාවට්ටය කුමක් ගෙනයා ද? යනාදියෙන් ආරම්භ නොකොට සමුට්ඨාන මුඛයෙන් අරඹන ලද ද? (එය) හාර නයවල විෂය භේදයෙන් කියනු ලැබේ. යම්සේ හාරයෝ බ්‍යඤ්ජන මුඛයෙන් සූත්‍රයේ අර්ථ සංවර්ණනය වේ ද න්‍යාය එසේ නොවේ. න්‍යාය වනාහි නොයෙක් සූත්‍ර ලෙසින් වෙන්කරන ලද තෘෂ්ණා අවිද්‍යා ආදී මූල පදවලින් චතුසත්‍ය යෝජනයෙන් න්‍යාය කෙරෙන් අවබෝධ කරනු ලබන දුක්ඛාදී අර්ථයයි. එය වනාහි මාර්ග ඥානය ගෙන යයි. පමුණුවයි යන අර්ථයෙන් න්‍යාය නම් වේ. අවබෝධ කරගන්නවුන් උඝ්ඝටිතඤ්ඤු ආදී ත්‍රිවිධ විනේය පුද්ගලයන්ගේ ස්වරූපයෙන් මූලපද විභාගය තෙපරිදිව බෙදන ලදි. මෙහි එක එකක් යම් තැනකින් පමුණුවයි ද? යමක් ගෙන යයි ද? ඒවා සංකිලෙස - වෝදාන විභාගයෙන් දෙපරිදිව සංග්‍රහ කරන ලද්දේ සතර, සය, අට ලෙසින් බිඳී ගියේ හාර නයවල විෂය වෙයි. එහෙයින් හාරා බ්‍යඤ්ජන විචයො සුත්තස්ස නයා තයො ච සුත්තත්‍ථො යි කියන ලදී. මෙසේ විශිෂ්ට වූ විෂය ඇති බැවින් හාර නයවලින් හාරයන්ගෙන් අන් ලෙසකින් නය දක්වමින් තත්‍ථ කතමං නය සමුට්ඨානං යනාදිය කියන ලදි.

තත්‍ථායං වචනත්‍ථො – සමුට‍්ඨහන‍්ති එතෙනාති සමුට‍්ඨානං. කෙ සමුට‍්ඨහන‍්ති? නයා. නයානං සමුට‍්ඨානං නයසමුට‍්ඨානං. කිං පන තං? තංතංමූලපදෙහි චතුසච‍්චයොජනා. සා හි නන්‍දියාවට‍්ටාදීනං නයානං උප‍්පත‍්තිට‍්ඨානතාය සමුට‍්ඨානං භූමීති ච වුච‍්චති. තථා ච වක‍්ඛති – “අයං වුච‍්චති නන්‍දියාවට‍්ටස‍්ස නයස‍්ස භූමී”ති (නෙත‍්ති· 81). පුබ‍්බා කොටි න පඤ‍්ඤායති අවිජ‍්ජාය ච භවතණ‍්හාය චාතිආදි නන්‍දියාවට‍්ටස‍්ස නයස‍්ස භූමිදස‍්සනං. තත්‍ථ පුබ‍්බා කොටි න පඤ‍්ඤායතීති අසුකස‍්ස නාම බුද‍්ධස‍්ස භගවතො, අසුකස‍්ස වා චක‍්කවත‍්තිනො කාලෙ අවිජ‍්ජා භවතණ‍්හා ච උප‍්පන‍්නා. තතො පුබ‍්බෙ නාහොසීති එවං අවිජ‍්ජාභවතණ‍්හානං න කාචි පුරිමා මරියාදා උපලබ‍්භති. කස‍්මා? අනමතග‍්ගත‍්තා සංසාරස‍්ස. වුත‍්තඤ‍්හෙතං – “අනමතග‍්ගොයං, භික‍්ඛවෙ, සංසාරො, පුබ‍්බා කොටි න පඤ‍්ඤායතී”ති (සං· නි· 2.124; කථා· 75) විත්‍ථාරො. තත්‍ථාති අවිජ‍්ජාභවතණ‍්හාසු. යදිපි අවිජ‍්ජාය සංයොජනභාවො, තණ‍්හාය ච නීවරණභාවො පාළියං වුත‍්තො, තථාපි අවිජ‍්ජාය පටිච‍්ඡාදිතාදීනවෙහි භවෙහි තණ‍්හා සංයොජෙතීති ඉමස‍්ස අත්‍ථස‍්ස දස‍්සනත්‍ථං “අවිජ‍්ජානීවරණං තණ‍්හාසංයොජන”න‍්ති වුත‍්තං.

මේ එහි වචනාර්ථයයි. මෙය කරණකොට ගෙන නැගී සිටිත් නුයි සමුට්ඨාන නම් වේ. කවරක් නැගී සිටී ද? න්‍යායෝ ය. න්‍යායන්ගේ සමුට්ඨාන නය සමුට්ඨාන නම් වේ. එය කුමක් ද? එය නම් මූල පදයන් සමග චතුරාර්ය සත්‍ය යෙදීමයි. එය වනාහි නන්දියාවට්ට ආදී න්‍යායයන්ගේ ඉපැත්මට සමාන බැවින් සමුට්ඨාන භූමි යයි ද කියනු ලැබේ. එසේ ම අයං වුච්චති නන්‍දියාවට්ටස්ස නයස්ස භූමි යි කියනු ලැබේ. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජාය ච භව තණ්හාය ච යනාදිය නන්දියාවට්ට නයෙහි භූමි දර්ශනයයි. එහි පුබ්බා කොටි නපඤ්ඤායති යනු අසවල් නම් ඇති භාග්‍යවත් බුදුරදුන්ගේ, අසවල් නම් ඇති සක්විති රජුගේ කාලයෙහි අවිද්‍යාව ද භව තණ්හාව ද උපන්නේය. ඉන් පූර්වයෙහි නොවීය යනුවෙන් අවිද්‍යා භව තණ්හාවන්ගේ පූර්ව වූ කිසි සීමාවක් නොදක්නා ලැබේ. කවර හෙයින් ද? සංසාරයේ අනවරාග්‍රත්‍වයෙනි. එය මෙසේ කියන ලදී. ‘මහණෙනි, මේ සසර අනවරාග්‍රය. මුල් කෙළවර නොපෙනේ’ යනු විස්තරයයි. තත්‍ථ යනු අවිද්‍යා භව තණ්හා ආදියේ ය. ඉදින් අවිද්‍යාවේ සංයෝජන භාවය ද තණ්හාවේ නීවරණ භාවය ද පෙළෙහි කියන ලදී. එසේ වුවත් අවිද්‍යාවෙන් වසන ලද ආදීනව ඇති භවයන් හා තෘෂ්ණාව යොදවයි යන මේ අර්ථය දක්වනු පිණිස අවිජ්ජා නීවරණානං තණ්හාසංයෝජනානං යනුවෙන් කියන ලදී.

අවිජ‍්ජාසංයුත‍්තාති අවිජ‍්ජාය මිස‍්සිතා, අවිජ‍්ජාය වා අභිනිවෙසවත්‍ථූසු බද‍්ධා. අවිජ‍්ජාපක‍්ඛෙන විචරන‍්තීති අවිජ‍්ජාපක‍්ඛෙන අවිජ‍්ජාසහායෙන ද‍්වාදසවිධෙන විපල‍්ලාසෙන අභිනිවෙසවත්‍ථුභූතෙ ආරම‍්මණෙ පවත‍්තන‍්ති. තෙ වුච‍්චන‍්ති දිට‍්ඨිචරිතාති තෙ අවිජ‍්ජාභිභූතා රූපාදීනි නිච‍්චාදිතො අභිනිවිසන‍්තා දිට‍්ඨිචරිතාති වුච‍්චන‍්ති, දිට‍්ඨිචරිතා නාමාති අත්‍ථො. තණ‍්හාපක‍්ඛෙනාති අට‍්ඨසතතණ‍්හාවිචරිතෙන. දිට‍්ඨිවිචරිතෙ තණ‍්හාවිචරිතෙ ච පටිපත‍්තියා විභජිත්‍වා දස‍්සෙතුං “දිට‍්ඨිචරිතා”තිආදි වුත‍්තං. තත්‍ථ අත‍්තකිලමථානුයොගන‍්ති අත‍්තනො කායස‍්ස කිලිස‍්සනපයොගං අත‍්තපරිතාපනපටිපත‍්තිං. කාමසුඛල‍්ලිකානුයොගන‍්ති කාමසුඛස‍්ස අල‍්ලීයනපයොගං කාමෙසු පාතබ්‍යතං.

අවිජ්ජා සංයුත්තා යනු අවිද්‍යාව හා මිශ්‍ර වූ නැතහොත් අවිද්‍යාවෙහි බැසගත් වස්තූන්හි බැඳුණු යනුයි. අවිජ්ජා පක්ඛෙන විචරන්ති යනු අවිද්‍යා පාර්ශ්වයෙන්, අවිද්‍යාවේ සහායෙන් දොළොස් වැදෑරුම් විපර්යාස කරණකොටගෙන අභිනිවේශ වස්තු වූ අරමුණු පවතිත් යනුයි. තෙ වුච්චන්ති දිට්ඨිචරිතා යනු අවිද්‍යාවෙන් මඩනා ලද ඒ රූපාදිය නිත්‍යාදි ලෙසින් බැසගන්නාහු දිට්ඨි චරිතයෝ යයි කියනු ලැබෙත්. දිට්ඨි චරිතයෝ නම් වෙති යන අර්ථයයි. තණ්හාපක්ඛෙන යනු එක්සිය අටවැදෑරුම් තණ්හා විචාරයෙනි. දිට්ඨි චරිතයන් හා තණ්හා චරිතයන් ප්‍රතිපත්තියෙන් බෙදා දක්වන්නට දිට්ඨි චරිතා යනාදිය කියන ලදී. එහි අත්තකිලමථානුයොගං යනු තමහාගේ කය කෙලෙසන ප්‍රයෝග වූ ආත්ම පරිතාපන ප්‍රතිපත්තියයි. කාමසුඛල්ලිකානු යොගං යනු කාම සැපයේ ඇලීම් ප්‍රයෝගය වූ කාමයන්හි වැටීමයි.

යදිපි බාහිරකා “දුක‍්ඛං තණ‍්හා”ති ච ජානන‍්ති “ඉදං දුක‍්ඛං, එත‍්තකං දුක‍්ඛ”න‍්ති, “අයං තණ‍්හා, අයං තස‍්සා විරාගො”ති පරිඤ‍්ඤෙය්‍යපහාතබ‍්බභාවෙන පන න ජානන‍්ති, ඉති පවත‍්තිපවත‍්තිහෙතුමත‍්තම‍්පි න ජානන‍්ති. කා පන කථා නිවත‍්තිනිවත‍්තිහෙතූසූති ආහ – “ඉතො බහිද‍්ධා නත්‍ථි සච‍්චවවත්‍ථාන”න‍්තිආදි. තත්‍ථ සච‍්චප‍්පකාසනාති සච‍්චදෙසනා. සමථවිපස‍්සනාකොසල‍්ලන‍්ති සමථවිපස‍්සනාසු භාවනාකොසල‍්ලං, තාසු උග‍්ගහපරිපුච‍්ඡාසවනමනසිකාරකොසල‍්ලං වා. විපස‍්සනාධිට‍්ඨානඤ‍්චෙත්‍ථ සමථං අධිප‍්පෙතං. උපසමසුඛප‍්පත‍්තීති කිලෙසානං වූපසමසුඛාධිගමො. විපරීතචෙතාති මිච‍්ඡාභිනිවිට‍්ඨචෙතා. නත්‍ථි සුඛෙන සුඛන‍්ති යං අනවජ‍්ජපච‍්චයපරිභොගසුඛෙන කායං චිත‍්තඤ‍්ච පටිප‍්පස‍්සද‍්ධදරථං කත්‍වා අරියෙහි පත‍්තබ‍්බං උපසමසුඛං, තං පටික‍්ඛිපති. දුක‍්ඛෙනාති කායඛෙදනදුක‍්ඛෙන.

ඉදින් බාහිර දුක තණ්හාව යැයි දනිත් ද ‘මෙය දුකය. මෙපමණක් දුක යැයි ද, මේ තණ්හාවයි. මේ එහි විරාගයයි ද යනුවෙන් අවබෝධ කටයුතු ඉවත්කළ යුතු බැවින් නොදනිත්. ඉබේ පැවැත්ම ද පැවතුම් හේතුව ද නොදනිත්. නැවැත්ම නැවතුම් හේතුව ගැන කවරනම් කථාවක් ද? ඉතො බහිද්ධා නත්‍ථි සච්චවවත්‍ථානං යනාදිය කියන ලදී. එහි සච්චප්පකාසනා යනු සත්‍ය දේශනාවයි. සමථ විපස්සනා කොසල්ලං නු සමථ විදර්ශනාවන්හි භාවනා කුශලත්වයයි. ඒවායෙහි ග්‍රහණ, විමර්ශන, ශ්‍රවණ, මනසිකාර කෞශල්‍යයෝ ය. මෙහිදී විදර්ශනා අධිෂ්ඨානය සමථය යැයි අදහස් කරන ලදී. උපසම සුඛප්පපත්ති යනු කෙලෙස්වල සන්සිඳීම් සැපය ලැබීමයි. විපරීතචෙතා යනු මිථ්‍යාවෙහි බැසගත් සිතයි. නත්‍ථි සුඛෙන සුඛං යනු නිවැරදි වූ ප්‍රත්‍ය පරිභෝග සුඛයෙන් කය ද සිත ද සන්සිඳුණු බාධා ඇත්තක් කොට ආර්යයන් විසින් පැමිණිය යුතු යම් උපසම සුඛයක් වේ ද එය ප්‍රතික්‍ෂේප කරයි යනුයි. දුක්ඛෙන යනු කය රිදවන දුකිනි.

සො ලොකං වඩ‍්ඪයතීති සො කාමෙ පටිසෙවෙන‍්තො අත‍්තභාවසඞ‍්ඛාතං ලොකං වඩ‍්ඪෙති පීනෙති. පුත‍්තනත‍්තුපරම‍්පරාය වා සංසාරස‍්ස අනුපච‍්ඡෙදනතො සත‍්තලොකං වඩ‍්ඪෙති. බහුං පුඤ‍්ඤං පසවතීති අත‍්තනො පඤ‍්චහි කාමගුණෙහි සන‍්තප‍්පනෙන පුත‍්තමුඛදස‍්සනෙන ච බහුං පුඤ‍්ඤං උප‍්පාදෙති. අභිනිවෙසස‍්ස නාතිදළ‍්හතාය එවංසඤ‍්ඤී. දළ‍්හතාය එවංදිට‍්ඨී දුක‍්ඛෙන සුඛං පත්‍ථයමානා අත‍්තකිලමථානුයොගමනුයුත‍්තා කාමෙසු පුඤ‍්ඤසඤ‍්ඤී කාමසුඛල‍්ලිකානුයොගමනුයුත‍්තා ච විහරන‍්තීති යොජෙතබ‍්බං.

සො ලොකං වඩ්ඪෙති යනු හෙතෙම කාමයන් සේවනය කරනු ලබන්නේ ආත්මභාව සංඛ්‍යාත ලෝකය වර්ධනය කරයි. පිනවයි යනුයි. දරුමුණුබුරු පරපුරින් හෝ සසරේ සිඳ නොදැමීමෙන් සත්ත්ව ලෝකය වර්ධනය කරයි. බහුං පුඤ්ඤං පසවති යනු පංච කාමගුණයන් සන්තර්පනය කිරීමෙන් ද තමාගේ පුතුන්ගේ මුහුණ දැකීමෙන් ද බොහෝ පින් උපදවයි යනුයි. අභිනිවේශය ඉතා දැඩි නොවන බැවින් එවං සඤ්ඤි යි යෙදේ. දැඩි බවින් එවං දිට්ඨි නම් වේ. දුකින් සැප පතමින් අත්තකිලමථානුයෝගයේ යෙදුනාහු ද කාමයන්හි පුණ්‍ය හැඟීමෙන් කාමසුඛල්ලිකානු යෝගයෙහි යෙදුනාහු ද වාසය කෙරෙත් යයි යෙදිය යුතුය.

තදභිඤ‍්ඤා සන‍්තාති තථාසඤ‍්ඤිනො සමානා. රොගමෙව වඩ‍්ඪයන‍්තීති අත‍්තභාවරොගමෙව කිලෙසරොගමෙව වා අපරාපරං වඩ‍්ඪෙන‍්ති. ගණ‍්ඩසල‍්ලෙසුපි එසෙව නයො. රොගාභිතුන‍්නාති යථාවුත‍්තරොගබ්‍යාධිතා. ගණ‍්ඩපටිපීළිතාති යථාවුත‍්තගණ‍්ඩබාධිතා. සල‍්ලානුවිද‍්ධාති යථාවුත‍්තසල‍්ලෙන අනුපවිට‍්ඨා. උම‍්මුජ‍්ජනිමුජ‍්ජානීති උපපජ‍්ජනචවනානි. උග‍්ඝාතනිග‍්ඝාතන‍්ති උච‍්චාවචභාවං. රොගගණ‍්ඩසල‍්ලභෙසජ‍්ජන‍්ති යථාවුත‍්තරොගාදිතිකිච‍්ඡනං, සමථවිපස‍්සනං සන්‍ධාය වදති. තෙනෙවාහ – “සමථවිපස‍්සනා රොගනිග‍්ඝාතකභෙසජ‍්ජ”න‍්ති. තත්‍ථ රොගනිග‍්ඝාතකන‍්ති රොගවූපසමනං. “සංකිලෙසො දුක‍්ඛ”න‍්තිආදිනා සච‍්චානි තෙසං පරිඤ‍්ඤෙය්‍යාදිභාවෙන කථෙති.

තදභිඤ්ඤා සන්තා යනු එවන් හැඟීම් ඇතිව යනුයි. රොගමෙව වඩ්ඪයන්ති යනු ආත්මභාව නමැති රෝගය ම හෝ ක්ලේශ නමැති රෝගය ම හෝ එකිනෙක වර්ධනය කරත් යනුයි. ගඩු, හුල් ආදියෙන් ද මේ ක්‍රමය මැයි. රොගාභිතුන්නා යනු කියන ලද පරිදි රෝගවලින් ලෙඩ වූ යනුයි. ගණ්ඩපටිපීළිතා යනු කියන ලද පරිදි ගඩුවලින් ලෙඩ වූ යනුයි. සල්ලානුවිද්ධා යනු කියන ලද පරිදි හුල්වලින් අනින ලද යනුයි. උම්මුජ්ජ නිම්මුජ්ජානි යනු උපදින, චුතවන ස්වභාවයන් ය. උග්ඝාතනිග්ඝාතං යනු උස්පහත් බවයි. රොග ගණ්ඩසල්ලං භෙසජ්ජං යනු පෙර කියන ලද රෝග පිළියම් සමථ විදර්ශනා දෙක සඳහා කියයි යනුයි. එහෙයින් ම සමථ විපස්සනා රොගනිග්ඝාතක භේසජ්ජං යි කියන ලදි. එහි රොග නිග්ඝාතකං යනු රෝග සන්සිඳීමයි. සංකිලෙසො දුක්ඛං යනාදියෙන් සත්‍යයන් ඒවායේ අවබෝධ කළයුතු බව ආදී ස්වරූපයෙන් කියනු ලැබේ.

තත්‍ථ සංකිලෙසො දුක‍්ඛන‍්ති අත‍්තකිලමථානුයොගකාමසුඛල‍්ලිකානුයොගසංකිලෙසවන‍්තො, තෙහි වා සංකිලිස‍්සමානො රූපාරූපකායො දුක‍්ඛං අරියසච‍්චං. තදභිසඞ‍්ගො තණ‍්හාති තත්‍ථ අභිසඞ‍්ගො ආසඞ‍්ගොති ලද‍්ධනාමා තණ‍්හා.

එහි සංකිලෙසො දුක්ඛං යනු අත්තකිලමථානුයෝග කාම සුඛල්ලිකානුයෝග දෙකෙන් කෙලෙසෙන නැතහොත් ඒවායින් කිලිටිවන රූප අරූප කාය සංඛ්‍යාත දුක්ඛ ආර්ය සත්‍යයි. තදභි සංගො තණ්හා යනු එහි අභිසංග ආසංග යනුවෙන් ලබන ලද නම් ඇති තණ්හාවයි.

ඉදානි දිට‍්ඨිචරිතතණ‍්හාචරිතානං සක‍්කායදිට‍්ඨිදස‍්සනෙ පවත‍්තිභෙදං දස‍්සෙතුං “දිට‍්ඨිචරිතා”තිආදි වුත‍්තං. තත්‍ථ දිට‍්ඨිචරිතා රූපං අත‍්තතො උපගච‍්ඡන‍්තීති දිට‍්ඨිචරිතා දිට‍්ඨාභිනිවෙසස‍්ස බලවභාවතො රූපං “අත‍්තා”ති ගණ‍්හන‍්ති. තෙසඤ‍්හි අත‍්තාභිනිවෙසො බලවා, න තථා අත‍්තනියාභිනිවෙසො. එස නයො වෙදනන‍්තිආදීසුපි. තණ‍්හාචරිතා රූපවන‍්තං අත‍්තානන‍්ති තණ‍්හාචරිතා තණ‍්හාභිනිවෙසස‍්ස බලවභාවතො රූපං අත‍්තනො කිඤ‍්චනපලිබොධභාවෙ ඨපෙත්‍වා අවසෙසං වෙදනාදිං “අත‍්තා”ති ගණ‍්හන‍්ති. අත‍්තනි වා රූපන‍්ති අත‍්තාධාරං වා රූපං. රූපස‍්මිං වා අත‍්තානන‍්ති රූපාධාරං වා අත‍්තානං. වෙදනාවන‍්තන‍්තිආදීසුපි එසෙව නයො. එතෙසඤ‍්හි අත‍්තනියාභිනිවෙසො බලවා, න තථා අත‍්තාභිනිවෙසො. තස‍්මා යථාලද‍්ධං අත‍්තනියන‍්ති කප‍්පෙත්‍වා තදඤ‍්ඤං “අත‍්තා”ති ගණ‍්හන‍්ති. අයං වුච‍්චති වීසතිවත්‍ථුකා සක‍්කායදිට‍්ඨීති අයං පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු එකෙකස‍්මිං චතුන‍්නං චතුන‍්නං ගාහානං වසෙන වීසතිවත්‍ථුකා සති විජ‍්ජමානෙ ඛන්‍ධපඤ‍්චකසඞ‍්ඛාතෙ කායෙ, සතී වා විජ‍්ජමානා තත්‍ථ දිට‍්ඨීති සක‍්කායදිට‍්ඨි.

දැන් දිට්ඨි චරිත තණ්හා චරිතයන්ගේ සක්කාය දර්ශනයෙන් පැවැතීම් භේදය දක්වන්නට දිට්ඨි චරිතො යන ආදිය කියන ලදී. එහි දිට්ඨි චරිතා රූපං අත්තතො උපගච්ඡන්ති යනු දෘෂ්ටි චරිතයෝ දෘෂ්ටිවලට බැස ගැනීමට අධිකව කටයුතු කරන හෙයින් රූපය ආත්මය යැයි ගනිත්. ඔවුන්ගේ ආත්ම අභිනිවේශය බලවත් වේ. තමන් පිළිබඳ අභිනිවේශය එසේ නොවේ. වෙදනං යන ආදියෙහි ද මේ ක්‍රමය ම වේ. තණ්හා චරිතා රූපවන්තං පුත්තානං යනු තෘෂ්ණා චරිතයෝ තෘෂ්ණාභිනිවේශය බලවත් බැවින් රූපය තමාගේ රාගාදි පළිබෝධ භාවයෙහි තබා ඉතිරි වේදනාදිය ආත්මය යැයි ගනිත්. අත්තනිවා රූපං යනු ආත්මය දරණ රූපය හෝයි. රූපස්මිං අත්තානං යනු රූපය දරණ සිතයි. වේදනාවන්තං යනාදියෙහි ද මේ ක්‍රමයමැයි. මේවායෙහි අත්තනිය අභිනිවේශය බලවත් වේ. ආත්ම අභිනිවේශය එසේ නොවේ. එහෙයින් ලබන ලද පරිදි අත්තනියං යනුවෙන් කල්පනාකොට ඉන් අන්‍ය වූ දේ අත්තායැයි ගනිත්. අයං වුච්චති වීසති වත්‍ථුකා සක්කාය දිට්ඨි යනු මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් එක එකක සතර සතර බැගින් ගැනීම් වශයෙන් වස්තු විස්සක් විද්‍යමාන වන කල්හි පංචස්කන්ධ සංඛ්‍යාත ශරීරයෙහි සිහිය හෝ විද්‍යමාන වේ. එහි දිට්ඨි යනු සක්කාය දිට්ඨියයි.

ලොකුත‍්තරා සම‍්මාදිට‍්ඨීති පඨමමග‍්ගසම‍්මාදිට‍්ඨි. අන්‍වායිකාති සම‍්මාදිට‍්ඨියා අනුගාමිනො. යදා සම‍්මාදිට‍්ඨි සක‍්කායදිට‍්ඨියා පජහනවසෙන පවත‍්තා, තදා තස‍්සා අනුගුණභාවෙන පවත‍්තමානකාති අත්‍ථො. කෙ පන තෙති? ආහ “සම‍්මාසඞ‍්කප‍්පො”තිආදි. “තෙ තයො ඛන්‍ධා”තිආදිනා අරියමග‍්ගතො ඛන්‍ධමුඛෙන සමථවිපස‍්සනා නිද‍්ධාරෙති. “තත්‍ථ සක‍්කායො”තිආදි චතුසච‍්චනිද‍්ධාරණං. තං සබ‍්බං සුවිඤ‍්ඤෙය්‍යමෙව.

ලොකුත්තර සම්මා දිට්ඨි යනු පළමු මාර්ග සම්මා දිට්ඨියයි. අන්‍වායිකා යනු සම්මා දිට්ඨියේ අනුගාමීන් ය. යම්විටක සම්මා දිට්ඨිය සක්කාය දිට්ඨිය දුරුකිරීම් වශයෙන් පැවැත්තේ ද එවිට එහි දෙවෙනි ස්වරූපය ලෙසින් පවතින දේ යන අර්ථයයි. ඒවා කවරහු ද? සම්මා සංකප්පො යන ආදිය කියන ලදී. තෙ තයො ඛන්‍ධා යනාදියෙන් ආර්ය මාර්ගයෙන් ඛන්‍ධ සංඛ්‍යාත සමථ විපස්සනාවන් වෙන් කෙරේ. තත්‍ථ සක්කායො යන ආදිය චතුසත්‍යය වෙන්කිරීමයි. ඒ සියල්ල මනාව දත යුතුමය.

පුන “තත්‍ථ යෙ රූපං අත‍්තතො උපගච‍්ඡන‍්තී”තිආදිනා සක‍්කායදස‍්සනමුඛෙන උච‍්ඡෙදාදිඅන‍්තද‍්වයං, මජ‍්ඣිමඤ‍්ච පටිපදං නිද‍්ධාරෙති. තත්‍ථ ඉමෙ වුච‍්චන‍්ති උච‍්ඡෙදවාදිනොති ඉමෙ රූපාදිකෙ පඤ‍්චක‍්ඛන්‍ධෙ අත‍්තතො උපගච‍්ඡන‍්තා රූපාදීනං අනිච‍්චභාවතො උච‍්ඡිජ‍්ජති අත‍්තා විනස‍්සති න හොති පරං මරණාති එවං අභිනිවිසනතො “උච‍්ඡෙදවාදිනො”ති වුච‍්චන‍්ති. ඉමෙ වුච‍්චන‍්ති සස‍්සතවාදිනොති ඉමෙ “රූපවන‍්තං වා අත‍්තාන”න‍්තිආදිනා රූපාදිවිනිමුත‍්තො අඤ‍්ඤො කොචි අත‍්තාති උපගච‍්ඡන‍්තා “සො නිච‍්චො ධුවො සස‍්සතො”ති අභිනිවිසනතො “සස‍්සතවාදිනො”ති වුච‍්චන‍්ති. “උච‍්ඡෙදසස‍්සතවාදා උභො අන‍්තා, අයං සංසාරපවත‍්තී”තිආදි සච‍්චනිද‍්ධාරණං, තං සුවිඤ‍්ඤෙය්‍යං.

නැවත තත්‍ථයෙ රූපං අත්තතො උපගච්ඡන්ති යනාදියෙන් සක්කාය දිට්ඨිය දැක්වීම් ස්වරූපයෙන් උච්ඡේද ආදි අන්ත දෙක ද මධ්‍යම ප්‍රතිපදාව ද වෙන් කෙරේ. එහි ඉමෙ වුච්චන්ති උච්ඡෙදවාදිනො යනු මේ රූපාදි පංචස්කන්ධය ආත්ම වශයෙන් ගන්නාහු රූපාදියේ අනිත්‍ය භාවයෙන් නැසේ. ආත්මය විනාශ වේ. මරණින් මතු නොවේ. මෙසේ ප්‍රවේශවන බැවින් උච්ඡේදවාදීහු යැයි කියනු ලැබේ යනුයි. ඉමෙ වුච්චන්ති සස්සතවාදිනො යනු මේ රූපවත් වූ ආත්මයයි යනාදියෙන් රූපාදියෙන් තොර වූ අන්කිසි ආත්මයක් වේ යැයි සිතන්නාහු එම ආත්මය නිත්‍යය ස්ථිරය ශාස්වතයැයි සිතන හෙයින් ශාස්වතවාදීන් යැයි කියනු ලැබේ යනුයි.

උච‍්ඡෙදසස‍්සතං සමාසතො වීසතිවත්‍ථුකා සක‍්කායදිට‍්ඨීති අත‍්තා උච‍්ඡිජ‍්ජති අත‍්තා නිච‍්චොති ච ආදිප‍්පවත‍්තනතො උච‍්ඡෙදසස‍්සතදස‍්සනං සඞ‍්ඛෙපතො වීසතිවත්‍ථුකා සක‍්කායදිට‍්ඨි එව හොති. සබ‍්බොපි හි අත‍්තවාදො සක‍්කායදිට‍්ඨිඅන‍්තොගධො එවාති. විත්‍ථාරතො ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානීති උච‍්ඡෙදසස‍්සතදස‍්සනං විත්‍ථාරෙන බ්‍රහ‍්මජාලෙ (දී· නි· 1.28 ආදයො) ආගතානි ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි. තෙසන‍්ති එවං සඞ‍්ඛෙපවිත්‍ථාරවන‍්තානං උච‍්ඡෙදසස‍්සතදස‍්සනානං. පටිපක‍්ඛොති පහායකපටිපක‍්ඛො. තෙචත‍්තාලීසං බොධිපක‍්ඛියා ධම‍්මාති අනිච‍්චසඤ‍්ඤා දුක‍්ඛසඤ‍්ඤා අනත‍්තසඤ‍්ඤා පහානසඤ‍්ඤා විරාගසඤ‍්ඤා නිරොධසඤ‍්ඤා චත‍්තාරො සතිපට‍්ඨානා…පෙ… අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගොති එතෙ තෙචත‍්තාලීසං බොධිපක‍්ඛියා ධම‍්මා.

උච්ඡේද සස්සතවාදා උභො අන්තා අයං සංසාරප්පවත්ති යන ආදිය සත්‍යය වෙන් කිරීමයි. එය මනාව දත හැකිය. උච්ඡේද සස්සතං සමාසතො වීසති වත්‍ථුකා සක්කාය දිට්ඨි යනු ආත්මය නැසේ. ආත්මය නිත්‍යය ආදිය පවත්නා බැවින් උච්ඡේද ශාස්වත දර්ශනය සංක්‍ෂේපයෙන් වීසතිවත්‍ථුක සක්කාය දිට්ඨිය ම වෙයි. සියලුම ආත්මවාදය සක්කාය දිට්ඨියෙහි ඇතුළත් වීම ම ය. විත්‍ථාරතො ද්වාසට්ඨි දිට්ඨිගතානි යනු උච්ඡේද ශාස්වත දර්ශනය විස්තර කිරීමෙන් බ්‍රහ්මජාල සූත්‍රයේ ආ දෙසැටක් දෘෂ්ටිගතීන් ය. තෙසං යනු මෙසේ සංක්‍ෂේප විස්තර ඇති උච්ඡේද ශාස්වත දර්ශනයන්ගේ ය. පටිපක්ඛො යනු ප්‍රහාණ කරන දේවලට ප්‍රතිපක්‍ෂ වූ යනුයි. තෙචත්තාළීසං බොධිපක්ඛියා ධම්මා යනු අනිච්ච සඤ්ඤාව දුක්ඛ සඤ්ඤාව අනත්ත සඤ්ඤාව පහාණ සඤ්ඤාව විරාග සඤ්ඤාව නිරෝධ සඤ්ඤාව සතර සතිපට්ඨාන -පෙ- ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේ බෝධිපාක්‍ෂික ධර්ම හතළිස් තුනයි.

එවං විපස‍්සනාවසෙන පටිපක‍්ඛං දස‍්සෙත්‍වා පුන සමථවසෙන දස‍්සෙතුං “අට‍්ඨ විමොක‍්ඛා දස ච කසිණායතනානී”ති වුත‍්තං. ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි මොහජාලන‍්ති ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි මොහජාලහෙතුකත‍්තා මොහජාලඤ‍්ච. අනාදිඅනිධනප‍්පවත‍්තන‍්ති පුරිමාය කොටියා අභාවතො අනාදි. අසති පටිපක‍්ඛාධිගමෙ සන‍්තානවසෙන අනුපච‍්ඡෙදෙන පවත‍්තනතො අනිධනප‍්පවත‍්තං. යස‍්මා පන මොහජාලහෙතුකානි දිට‍්ඨිගතානි මොහජාලෙ පදාලිතෙ පදාලිතානි හොන‍්ති, තස‍්මා වුත‍්තං – “තෙචත‍්තාලීසං බොධිපක‍්ඛියා ධම‍්මා ඤාණවජිරං මොහජාලප‍්පදාලන”න‍්ති.

මෙසේ විපස්සනා වශයෙන් ප්‍රතිපක්‍ෂ දේ ඉදිරිපත් කොට නැවත සමථ වශයෙන් දක්වන්නට අට්ඨ විමොක්ඛ දසච කසිණයනනානි යැයි කියන ලදි. ද්වාසට්ඨි දිට්ඨිගතානි මොගජාලං යනු සැටදෙකක් වූ දෘෂ්ටිගතීන් මෝහ දැලකට හේතුවන බැවින් මෝහ ජාලයකි යනුයි. අනාදි අනිධනප්පවත්තං යන තැන මුල් කෙළවර නොමැති බැවින් අනාදි නම් වේ. ප්‍රතිපක්‍ෂ වූ අධිගමයන් නොමැති කල්හි සන්තාන වශයෙන් නොසිඳි පවත්නා හෙයින් අතිඔනප්පවත්ත වේ. යම්හෙයකින් මෝහ ජාලයට හේතු වූ දෘෂ්ටි ගතීන් මෝහ ජාලය පලා දැමූ කල්හි පලන ලද්දේ වේ. ඒ හෙයින් තෙ චත්තාළීසං බොධිපක්ඛිං ධම්මා ඤාණවජිරං මොහ ජාල පදාලනං යැයි කියන ලදි.

තත්‍ථ ඤාණවජිරන‍්ති වජිරූපමඤාණං. අට‍්ඨ සමාපත‍්තියො සමාපජ‍්ජිත්‍වා තෙජෙත්‍වා තික‍්ඛසභාවං ආපාදිතං විපස‍්සනාඤාණං මග‍්ගඤාණඤ‍්ච ඤාණවජිරං. ඉදමෙව හි ඤාණං භගවතො පවත‍්තං “මහාවජිරඤාණ”න‍්ති වුච‍්චති. තං පන සසම‍්භාරං කත්‍වා දස‍්සෙන‍්තො “තෙචත‍්තාලීසං බොධිපක‍්ඛියා ධම‍්මා”ති ආහ. මොහජාලප‍්පදාලනන‍්ති පුබ‍්බභාගෙ වික‍්ඛම‍්භනවසෙන මග‍්ගක‍්ඛණෙ සමුච‍්ඡෙදවසෙන අවිජ‍්ජාභවතණ‍්හානං පදාලනං. අතීතාදිභෙදභින‍්නෙසු රූපාදීසු සකඅත‍්තභාවාදීසු ච සංසිබ‍්බනවසෙන පවත‍්තනතො ජාලං භවතණ‍්හා. තස‍්සා හි තණ‍්හා ජාලිනී සිබ‍්බිනී ජාලන‍්ති ච අධිවචනන‍්ති. එවං අත‍්තකිලමථානුයොගකාමසුඛල‍්ලිකානුයොගදිට‍්ඨිතණ‍්හාභිනිවෙසසස‍්සතුච‍්ඡෙදානං නිද‍්ධාරණවසෙන මොහජාලපරියායවිසෙසතො අවිජ‍්ජාතණ‍්හා විභජිත්‍වා යථානුසන්‍ධිනා සංකිලෙසපක‍්ඛං නිගමෙන‍්තො “තෙන වුච‍්චති පුබ‍්බා කොටි න පඤ‍්ඤායති අවිජ‍්ජාය ච භවතණ‍්හාය චා”ති ආහ.

එහි ඤාණ වජිරං යනු දියමන්ති ස්වරූපී ඤාණයයි. අෂ්ට සමාපත්තීන්ට සමවැද තියුණු කොට තීක්‍ෂණ ස්වභාවයෙන් පාලනය කළ විදර්ශනා ඤාණය ද මාර්ග ඤාණය ද ඤාණ වජිර නම් වේ. භාග්‍යවතුන් වහන්සේ තුළ පැවැති මේ ඤාණය ම මහා වජිරඤාණය යැයි කියනු ලැබේ. එය වනාහි සමූහයක් කොට දක්වන්නේ තෙ චත්තාළීසං බොධිපක්ඛියා ධම්මා යැයි කියන ලදී. මොහජාල පදාලනං යනු පූර්ව භාගයේදී වික්ඛම්භන වශයෙන් ද මාර්ග ක්‍ෂණයේදී සමුච්ඡේද වශයෙන් ද අවිද්‍යා භව තණ්හාවන්ගේ සිඳ දැමීමයි. අතීතාදී භේදයන්ගෙන් බිඳුණු රූපාදී ස්වකීය ආත්මභාවයන්හි ද එකට එකතු කරන ලද ස්වරූපයෙන් පවත්නා හෙයින් ජාල නම් වූ භව තණ්හාවයි. එහි වනාහි තණ්හා ජාලිනි සිබ්බති, ජාලං යනු සමාන වචනයන් ය. මෙසේ අත්තකිලමථානුයෝග කාමසුඛල්ලිකානුයෝග දෘෂ්ටි තෘෂ්ණාවන්ට බැසගැනීම ශාස්වත උච්ඡේදයන්ගෙන් වෙන්කිරීම් වශයෙන් මෝහ සමූහ විශේෂයෙන් අවිද්‍යා තෘෂ්ණා දෙක බෙදා දක්වා ගැලපෙන පරිදි සංකිලේස පක්‍ෂය නිගමනය කරමින් තෙන වුච්චති පුබ්බාකොටි න පඤ්ඤායති අවිජ්ජාය ච භව තණ්හාය ච යන්න කියන ලදී.

“තත්‍ථ දිට‍්ඨිචරිතො”තිආදිනා වොදානපක‍්ඛං දස‍්සෙති. තත්‍ථ සල‍්ලෙඛානුසන‍්තතවුත‍්තීති අනුපද‍්දුතසල‍්ලෙඛවුත‍්ති. කස‍්මා? යස‍්මා සල‍්ලෙඛෙ තිබ‍්බගාරවො. දිට‍්ඨිචරිතො හි තපොජිගුච‍්ඡාදිනා අනුපායෙනපි යෙභුය්‍යෙන කිලෙසානං සල‍්ලෙඛනාධිප‍්පායෙන චරති, තස‍්මා සො සාසනෙ පබ‍්බජිතො ධුතධම‍්මවසෙන සල‍්ලෙඛපටිපදං පූරෙති. සික‍්ඛානුසන‍්තතවුත‍්තීති අච‍්ඡිද‍්දචතුපාරිසුද‍්ධිසීලවුත‍්ති. දිට‍්ඨියා සවිසයෙ පඤ‍්ඤාසදිසී පවත‍්තීති සො විසුජ‍්ඣමානො පඤ‍්ඤාධිකො හොතීති ආහ – “දිට‍්ඨිචරිතො සම‍්මත‍්තනියාමං ඔක‍්කමන‍්තො ධම‍්මානුසාරී භවතී”ති. තණ‍්හාවසෙන මිච‍්ඡාවිමොක‍්ඛො හොතීති තණ‍්හාචරිතො විසුජ‍්ඣමානො සද‍්ධාධිකොව හොති, තස‍්මා වුත‍්තං – “තණ‍්හාචරිතො සම‍්මත‍්තනියාමං ඔක‍්කමන‍්තො සද‍්ධානුසාරී භවතී”ති. දිට‍්ඨිචරිතො සුඛාය පටිපදායාතිආදි පටිපදානිද‍්දෙසො හෙට‍්ඨා දෙසනාහාරවිභඞ‍්ගෙ (නෙත‍්ති· 5 ආදයො) ආගතො එව, අත්‍ථොපි තත්‍ථ සබ‍්බප‍්පකාරතො වුත‍්තො එව.

තත්‍ථ දිට්ඨිචරිතොති යනාදියෙන් වෝදාන පක්‍ෂය දක්වයි. එහි සල්ලෙඛානු සනත්තවුත්ති යනු අනුපද්‍රිත වූ සැහැල්ලු පැවැත්මයි. කවර හෙයින් ද? යම්හෙයකින් සැහැල්ලු පැවැත්මෙහි අධික ගෞරව ඇත්තේ ද එහෙයිනි. දෘෂ්ටි චරිතයා තපස පිළිකුල් කිරීම් ආදියෙන් නොමගින් ද බොහෝසෙයින් ක්ලේශයන්ගේ නැසීම අදහස් කරගෙන හැසිරෙයි. එහෙයින් හෙතෙම සසුනේ පැවිදි වූයේ ධුත ධර්මයක් ලෙසින් සල්ලෙඛ පටිපදාව පූරණය කෙරේ. සික්ඛානු සන්තත වුත්ති යනු සිදුරු නැති චතු පාරිශුද්ධශීල පැවැත්මයි. දෘෂ්ටියෙන් ස්වකීය විෂයෙහි ප්‍රඥාව හා සමානව පවතින්නේය යන අර්ථයෙන් හෙතෙම පිරිසිදු වනු ලබන්නේ අධික ප්‍රඥා ඇත්තෙක් වේ යැයි දිට්ඨි චරිතො සම්මත්ත නියාමං ඔක්කමන්තො ධම්මානුසාරි භවති යනුවෙන් කියන ලදී. තෘෂ්ණා වශයෙන් මිථ්‍යා විමෝක්‍ෂය වේ යන අර්ථයෙන් තෘෂ්ණා චරිතයා පිරිසිදු වනු ලබන්නේ ශ්‍රද්ධාදිකයෙක් වේ. එහෙයින් තණ්හා චරිතො සම්මත්ත නියාමං ඔක්කමන්තො සද්ධානුසාරී භවති යි කියන ලදී. දිට්ඨි චරිතො සුඛාය පටිපදාය යනාදි පටිපදා නිර්දේශය යට දේශනාහාර විභංගයෙහි ආයේ ම ය. එහිදී අර්ථය ද සර්වප්‍රකාරයෙන් කියන ලද්දේ ම ය.

අපුබ‍්බපදෙසු පන විවෙචියමානොති විමොචියමානො. පටිනිස‍්සරතීති නිය්‍යාති විමුච‍්චතීති අත්‍ථො. දන්‍ධඤ‍්ච ධම‍්මං ආජානාතීති තණ‍්හාචරිතස‍්ස මන්‍දපඤ‍්ඤස‍්ස වසෙන වුත‍්තං. තික‍්ඛපඤ‍්ඤො පන ඛිප‍්පං ධම‍්මං ආජානාතීති. “සත‍්තාපි දුවිධා”තිආදිනා ඉන්‍ද්‍රියවිභාගෙන පුන පටිපදාවිභාගං දස‍්සෙති, තං සුවිඤ‍්ඤෙය්‍යං.

අනුපූර්ව පදයන්හි විවෙචියමානො යනු මුදවනු ලබන යනුයි. පටිනිස්සරති යනු බැහැර වේ. මිදෙයි යන අර්ථයයි. දන්‍ධඤ්ච ධම්මං ආජානාති යනු මන්‍දප්‍රාඥ වූ තණ්හා චරිතයාගේ ස්වරූපයෙන් කියන ලදි. තීක්‍ෂණ ප්‍රාඥයා වනාහි වහාම ධර්මය දැනගනී, සත්තාපි දුවිධා යනාදියෙන් ඉන්‍ද්‍රිය විභාගයෙන් නැවතත් ප්‍රතිපදා විභාගය දක්වයි. එය මනාව දත හැකිය.

“යෙ හි කෙචී”තිආදිනා තාසං පටිපදානං නිය්‍යානෙ තීසුපි කාලෙසු එකන‍්තිකභාවං දස‍්සෙති. තත්‍ථ ඉමාහි එව චතූහි පටිපදාහීති ඉමාහි එව චතූහි පටිපදාහි, තබ‍්බිනිමුත‍්තාය අඤ‍්ඤාය පටිපදාය අභාවතො. චතුක‍්කමග‍්ගන‍්ති පටිපදාචතුක‍්කං, පටිපදා හි මග‍්ගොති. අථ වා චතුක‍්කමග‍්ගන‍්ති නන්‍දියාවට‍්ටස‍්ස චතුද‍්දිසාසඞ‍්ඛාතං මග‍්ගං. තා පන චතස‍්සො දිසා දිසාලොචනනයෙ ආගමිස‍්සන‍්ති. කිමත්‍ථං පන චතුක‍්කමග‍්ගං පඤ‍්ඤපෙන‍්තීති ආහ “අබුධජනසෙවිතායා”තිආදි. තත්‍ථ අබුධජනසෙවිතායාති අපණ‍්ඩිතජනසෙවිතාය. බාලකන‍්තායාති බාලජනකාමිතාය. රත‍්තවාසිනියාති රත‍්තෙසු රාගාභිභූතෙසු වසතීති රත‍්තවාසිනී, තස‍්සා. නන්‍දියාති තත්‍ර තත්‍රාභිනන්‍දනට‍්ඨෙන නන්‍දීසඞ‍්ඛාතාය. අවට‍්ටනත්‍ථන‍්ති සමුච‍්ඡින්‍දනත්‍ථං. අයං වුච‍්චති නන්‍දියාවට‍්ටස‍්ස නයස‍්ස භූමීති අයං තණ‍්හාවිජ‍්ජානං වසෙන සංකිලෙසපක‍්ඛෙ ද‍්වෙ දිසා සමථවිපස‍්සනානං වසෙන වොදානපක‍්ඛෙපි ද‍්වෙ දිසා චතුසච‍්චයොජනා නන්‍දියාවට‍්ටස‍්ස නයස‍්ස සමුට‍්ඨානතාය භූමීති.

යෙ හි කෙචි යනාදියෙන් ඒ ප්‍රතිපදාවන්ගේ නික්මීමෙහි තුන්කල්හි ම ඒකාන්තභාවය දක්වයි. එහි ඉමාහි චතුහි පටිපදාහි යනු මේ ප්‍රතිපදා සතරින් ම හා ඉන් වෙන් වූ අනෙක් ප්‍රතිපදාවක් නොමැතිකමිනි. චතුක්කමග්ගං යනු ප්‍රතිපදා චතුෂ්කයයි. පටිපදා යනු මාර්ගයයි. එසේ නැතහොත් චතුක්කමග්ගං යනු නන්දියාවට්ටයෙහි සතරදිශා සංඛ්‍යාත මාර්ගයයි. ඒ සතර දිශාවන් දිසාලෝචන නයෙහි එන්නේය. කවර ප්‍රයෝජනයක් පිණිස චතුෂ්ක මාර්ගය පනවත් ද? අබුධජන සෙවිතාය යනු මෝඩ මිනිසුන් විසින් සේවනය කරන ලද යනුයි. බාලකන්තාය යනු බාල ජනයා විසින් කැමති වන බැවිනි. රත්තවාසිනියා යනු රක්ත වූ රාගයෙන් මඩනා ලද්දා වූ අය අතර වාසය කෙරේ නුයි රත්තවාසිනී නම් වේ. එහි ය. නන්‍දියා යනු ඒ ඒ තැන සතුටුවීම් අර්ථයෙන් නන්දි සංඛ්‍යාත වූ තෘෂ්ණාවෙනි. ආවට්ටනත්‍ථං යනු මුලින්ම සිඳදැමීම සඳහා ය. අයං වුච්චති නන්‍දියාවට්ටස්ස නයස්ස භූමි යනු තණ්හා අවිද්‍යා ලෙසින් සංකිලේස පක්‍ෂයෙහි දිශා දෙකක් හා සමථ විදර්ශනා වශයෙන් වෝදාන පක්‍ෂයෙහි දිශා දෙකක් සේ මේ චතුසත්‍ය යෙදීම නන්දියාවට්ට න්‍යායෙහි සමුට්ඨානත්වයෙන් භූමි වෙයි යනුයි.

එවං නන්‍දියාවට‍්ටස‍්ස නයස‍්ස භූමිං නිද‍්දිසිත්‍වා ඉදානි තස‍්ස දිසාභූතධම‍්මෙ නිද‍්දිසන‍්තෙන යස‍්මා චස‍්ස දිසාභූතධම‍්මෙසු වුත‍්තෙසු දිසාලොචනනයො වුත‍්තොයෙව හොති, තස‍්මා “වෙය්‍යාකරණෙසු හි යෙ කුසලාකුසලා”ති දිසාලොචනලක‍්ඛණං එකදෙසෙන පච‍්චාමසිත්‍වා “තෙ දුවිධා උපපරික‍්ඛිතබ‍්බා”තිආදි ආරද‍්ධං. තත්‍ථ තෙති දිසාභූතධම‍්මා. දුවිධාති “ඉමෙ සංකිලෙසධම‍්මා, ඉමෙ වොදානධම‍්මා”ති එවං දුවිධෙන. උපපරික‍්ඛිතබ‍්බාති උපපත‍්තිතො පරිතො ඉක‍්ඛිතබ‍්බා, ධම‍්මයුත‍්තිතො තංතංදිසාභාවෙන පෙක‍්ඛිතබ‍්බා ආලොචිතබ‍්බාති අත්‍ථො.

මෙසේ නන්‍දියාවට්ට න්‍යායෙහි භූමිය නිර්දේශ කොට එහි දිශාව වූ කරුණු දක්වන්නහු විසින් යම්හෙයකින් එහි දිශාව වූ කරුණු කී කල්හි දිශා ලෝචන න්‍යාය කියන ලද්දේ ද එහෙයින් වෙය්‍යාකරණසුහි යෙ කුසලා කුසලා යනුවෙන් දිශා ලෝචන ලක්‍ෂණය ඒකදේශයකින් පරාමර්ශනය කොට තෙ ද්විධෙන උපපරික්ඛිතබ්බා යනාදිය අරඹන ලදි. එහි තෙ යනු දිශාභූත ධර්මයන් ය. ද්විධෙන යනු මේ සංකිලේශ ධර්මයන්ය. මේ වෝදාන ධර්මයන් ය යන ආකාර දෙකෙනි. උපපරික්ඛිතබ්බා යනු උප්පත්තීන් හාත්පස නිරීක්‍ෂණය කළ යුතුයි යනුයි. ධර්ම යුක්තියෙන් ඒ ඒ දිශාව අනුව බැලිය යුතු සැලකිය යුතු යන අර්ථයයි.

යං පකාරං සන්‍ධාය “දුවිධා උපපරික‍්ඛිතබ‍්බා”ති වුත‍්තං, තං දස‍්සෙති “ලොකවට‍්ටානුසාරී ච ලොකවිවට‍්ටානුසාරී චා”ති. තස‍්සත්‍ථො – ලොකො එව වට‍්ටං ලොකවට‍්ටං. ලොකවට‍්ටභාවෙන අනුසරති පවත‍්තතීති ලොකවට‍්ටානුසාරී, සංකිලෙසධම‍්මොති අත්‍ථො. ලොකස‍්ස, ලොකතො වා විවට‍්ටං ලොකවිවට‍්ටං, නිබ‍්බානං. තං අනුසරති අනුලොමනවසෙන ගච‍්ඡතීති ලොකවිවට‍්ටානුසාරී, වොදානධම‍්මොති අත්‍ථො. තෙනෙවාහ – “වට‍්ටං නාම සංසාරො, විවට‍්ටං නිබ‍්බාන”න‍්ති.

යම් ප්‍රකාරයක් සඳහා දෙපරිදිව සැලකිය යුතුයි යනුවෙන් කියන ලද ද එය ලොක වට්ටානුසාරී ච ලොක විවට්ටානුසාරී ච යන්නෙන් දක්වයි. එහි අර්ථය මෙසේයි. ලෝකයම සසර වූයේයි ලොකවට්ට නම් වේ. ලොකවට්ට ලෙසින් සිහිකරයි. පවතියි යන අර්ථයෙන් ලොකවට්ටානසාරි නම් වේ. සංකිලේශ ධර්මය යන අර්ථයයි. ලෝකයේ හෝ ලෝකයෙන් ඉවත්වීම ලොකවිවට්ට නම් වේ. නිවනයි. එය සිහිකරයි. අනුලෝම වශයෙන් ගමන් කරයි යන අර්ථයෙන් ලොකවිවට්ටානුසාරි නම් වේ. වෝදාන ධර්මය යන අර්ථයයි. එහෙයින් ම වට්ටං නාම සංසාරො විවට්ටං නිබ්බාණං යන්න කියන ලදි.

තං කථං දට‍්ඨබ‍්බන‍්ති තං කථං කෙන පකාරෙන දට‍්ඨබ‍්බන‍්ති චෙ? උපචයෙන. යථා කතං කම‍්මං ඵලදානසමත්‍ථං හොති, තථා කතං උපචිතන‍්ති වුච‍්චති. එවං උපචිතභාවෙ කම‍්මං නාම හොති, විපාකවට‍්ටස‍්ස කාරණං හොතීති අත්‍ථො. සබ‍්බෙපි කිලෙසා චතූහි විපල‍්ලාසෙහි නිද‍්දිසිතබ‍්බා, දසන‍්නම‍්පි කිලෙසානං විපල‍්ලාසහෙතුභාවතො. තෙ කත්‍ථ දට‍්ඨබ‍්බාති තෙ පන විපල‍්ලාසා කත්‍ථ පස‍්සිතබ‍්බාති ආහ – “දස වත්‍ථුකෙ කිලෙසපුඤ‍්ජෙ”ති. දසවිධකාරණෙ කිලෙසසමූහෙති අත්‍ථො. තත්‍ථ කිලෙසාපි කිලෙසවත්‍ථු, කිලෙසානං පච‍්චයධම‍්මාපි කිලෙසවත්‍ථු. තෙසු කාරණභාවෙන පුරිමසිද‍්ධා කිලෙසා පරතො පරෙසං කිලෙසානං පච‍්චයභාවතො කිලෙසාපි කිලෙසවත්‍ථු. අයොනිසොමනසිකාරො, අයොනිසොමනසිකාරපරික‍්ඛතා ච ධම‍්මා කිලෙසුප‍්පත‍්තිහෙතුභාවතො කිලෙසප‍්පච‍්චයාපි කිලෙසවත්‍ථූති දට‍්ඨබ‍්බං.

තං කථං දට්ඨබ්බං යනු එය කවර ආකාරයකින් දතයුතු ද යනුයි. උපචයෙන යම්සේ කරන ලද කර්මය ප්‍රතිඵල ගෙනදීමට සමත් වේ ද එසේ කරන ලද උපචිත යැයි කියනු ලැබේ. මෙසේ රැස්කළ කල්හි කර්මය නම් වේ. විපාක දුකට හේතුවෙයි යන අර්ථයයි. සියලුම කෙලෙස් සතර විපර්යාසයන්ගෙන් දැක්විය යුතුය. දසවැදෑරුම් කෙලෙස්වල විපර්යාස හේතු ඇති බැවිනි. තෙ කත්‍ථ දට්ඨබ්බා ඒ විපර්යාසයෝ කවර තැනක දැකිය යුතු ද? දස වත්‍ථුරක කිලෙස පුඤ්ජෙ යැයි කියන ලදි. දසවිධ වූ කෙලෙස් සමූහයේ යන අර්ථයයි. එහි ක්ලේශයෝ ද ක්ලේශ හේතු වෙයි. කෙලෙස්වල ප්‍රත්‍ය ධර්මයන් ද කෙලෙස් හේතු වේ. ඒවායින් කරුණු ඇති බැවින් පළමුව සිදු වූ කෙලෙස් පසුව අනෙක් ඒවාට ප්‍රත්‍ය වන බැවින් ක්ලේශයන් ද ක්ලේශ හේතු වේ. අයෝනිසො මනසිකාරය ද අයෝනිසෝ මනසිකාර පරීක්‍ෂණ ධර්මයන් ද කෙලෙස් ඉපදීමට හේතු බැවින් ක්ලේශ ප්‍රත්‍යයෝ ද ක්ලේශ හේතුන් යැයි දතයුතුය.

චත‍්තාරො ආහාරාති එත්‍ථ ආහාරසීසෙන තබ‍්බිසයා කිලෙසාපි අධිප‍්පෙතා. චතස‍්සො විඤ‍්ඤාණට‍්ඨිතියොති එත්‍ථාපි එසෙව නයො. “පඨමෙ ආහාරෙ”තිආදිනා දසවත්‍ථුකෙ කිලෙසපුඤ‍්ජෙ පුරිමං පුරිමං පච‍්ඡිමස‍්ස පච‍්ඡිමස‍්ස කාරණන‍්ති දස‍්සෙති. තත්‍ථ පඨමෙ ආහාරෙති විසයභූතෙ පඨමෙ ආහාරෙ පඨමො විපල‍්ලාසො පවත‍්තතීති අත්‍ථො. සෙසාහාරෙසුපි එසෙව නයො. පඨමෙ විපල‍්ලාසෙති පඨමෙ විපල‍්ලාසෙ අප‍්පහීනෙ සති පඨමං උපාදානං පවත‍්තතීති අත්‍ථො. සෙසපදෙසුපි එසෙව නයො. යං පනෙත්‍ථ වත‍්තබ‍්බං, තං නිද‍්දෙසෙයෙව කථයිස‍්සාම.

චත්තාරො ආහාරා යන මෙහි ආහාර මාතෘකාවෙන් ඊට විෂය වූ කෙලෙස් ද අදහස් කරන ලදි. චත්තාරො විඤ්ඤාණට්ඨිතියො යන මෙහි ද මේ ක්‍රමයමැයි. පඨමෙ ආහාරෙ යනාදියෙන් දසවස්තුක ක්ලේශ සමූහයෙන් පළමු පළමු දෙය පසුව පසුව ඇති දෙයෙහි හේතුවයැයි දක්වයි. එහි පඨමෙ ආහාරෙ යනු විෂය වූ පළමු ආහාරයෙහි පළමු විපර්යාසය පවතියි යන අර්ථයයි. සෙසු ආහාරවල ද මේ ක්‍රමය මැයි. පඨමෙ විපල්ලාසෙ යනු පළමු විපර්යාසය ප්‍රහීණ නොවූ කල්හි පළමු උපාදානය පවතියි යන අර්ථයයි. සෙසු පදවල ද මේ ක්‍රමය මැයි. මෙහි යමක් කියයුතු ද එය නිද්දේසයෙහි ම කියන්නෙමු.

ඉදානි දසවත්‍ථුකං කිලෙසපුඤ‍්ජං තණ‍්හාවිජ‍්ජාවසෙන ද‍්වෙ කොට‍්ඨාසෙ කරොන‍්තො “යො ච කබළීකාරො ආහාරො”තිආදිමාහ. තත්‍ථ කබළීකාරාහාරං ඵස‍්සාහාරඤ‍්ච අපරිජානන‍්තස‍්ස තණ‍්හාචරිතස‍්ස යථාක‍්කමං කායවෙදනාසු තිබ‍්බො ඡන්‍දරාගො හොති, ඉති උපක‍්කිලෙසස‍්ස ඡන්‍දරාගස‍්ස හෙතුභාවතො යො ච කබළීකාරො ආහාරො, යො ච ඵස‍්සො ආහාරො, ඉමෙ තණ‍්හාචරිතස‍්ස පුග‍්ගලස‍්ස උපක‍්කිලෙසාති වුත‍්තා. තථා මනොසඤ‍්චෙතනාහාරං විඤ‍්ඤාණාහාරඤ‍්ච අපරිජානන‍්තො දිට‍්ඨිචරිතො තෙසු අත‍්තසඤ‍්ඤී නිච‍්චසඤ‍්ඤී ච හොතීති වුත‍්තනයෙනෙව තෙ දිට‍්ඨිචරිතස‍්ස පුග‍්ගලස‍්ස උපක‍්කිලෙසාති වුත‍්තා. තථා පුරිමකා ද‍්වෙ විපල‍්ලාසා පුරිමකානි එව ච ද‍්වෙ ද‍්වෙඋපාදානයොගගන්‍ථාසවඔඝසල‍්ලවිඤ‍්ඤාණට‍්ඨිතිඅගතිගමනානි තණ‍්හාපධානත‍්තා තණ‍්හාසභාවත‍්තා තණ‍්හාවිසයත‍්තා ච තණ‍්හාචරිතස‍්ස උපක‍්කිලෙසාති වුත‍්තා. පච‍්ඡිමකානි පන තානි දිට‍්ඨිපධානත‍්තා දිට‍්ඨිසභාවත‍්තා දිට‍්ඨිවිසයත‍්තා ච දිට‍්ඨිචරිතස‍්ස උපක‍්කිලෙසාති වුත‍්තාති දට‍්ඨබ‍්බා.

දැන් දසවස්තුක කෙලෙස් පිඬ තෘෂ්ණා අවිද්‍යා වශයෙන් කොටස් දෙකකට බෙදනුයේ යො ච කබලිංකාරො ආහාරො යනාදිය කියන ලදි. එහි කබලිංකාර ආහාරය හා ස්පර්ශ ආහාරය නොදන්නා වූ තෘෂ්ණා චරිතයාට පිළිවෙලින් කායවේදනාවන්හි තීව්‍ර ඡන්‍දරාගයක් වෙයි ද මෙසේ උපක්ලේශයක් වූ ඡන්‍දරාගයේ හේතුවක් නොමැතිකමින් යො කබලිංකාරො ආහාරො යො ච ඵස්සො ආහාරො ඉමෙ තණ්හා චරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසො යි කියන ලදි. එසේම මනෝ සංචේතනා ආහාරය ද විඤ්ඤාණ ආහාරය ද නොදන්නා වූ දෘෂ්ටි චරිතයා ඒවා කෙරෙහි ආත්ම සංඥාව ද නිත්‍ය සංඥාව ද වේ යැයි කියන ලද ක්‍රමයෙන් ම දෘෂ්ටි චරිතයාගේ උපක්ලේශ කියන ලදි. එසේම පූර්ව වූ විපර්යාස දෙක ද පූර්ව වූ දෙක බැගින් වූ උපාදාන, යෝග, ගන්‍ථ, ආසව, ඕඝ, සල්ල, විඤ්ඤාණ ඨිතිය, අගතිගමනය ආදිය තණ්හා ප්‍රධාන බැවින් තණ්හාව ස්වභාව කොට ඇති බැවින් තණ්හාව විෂයකොට ඇති බැවින් තණ්හා චරිතයාගේ උපක්ලේශ යැයි කියන ලදී. ඒ අවසන්හි වූ දේ දෘෂ්ටිය ප්‍රධාන බැවින් දෘෂ්ටිය ස්වභාවකොට ඇති බැවින් දෘෂ්ටිය විෂයකොට ඇති බැවින් දෘෂ්ටි චරිතයාගේ උපක්ලේශ යැයි කියන ලදැයි දතයුතුය.

කබළීකාරෙ ආහාරෙ “අසුභෙ සුභ”න‍්ති විපල‍්ලාසොති චතූසු ආහාරෙසු කබළීකාරෙ ආහාරෙ චතූසු ච විපල‍්ලාසෙසු “අසුභෙ සුභ”න‍්ති විපල‍්ලාසො දට‍්ඨබ‍්බො කබළීකාරාහාරස‍්ස අසුභසභාවත‍්තා අසුභසමුට‍්ඨානත‍්තා ච. තථා ඵස‍්සාහාරස‍්ස දුක‍්ඛසභාවත‍්තා දුක‍්ඛපච‍්චයත‍්තා ච විසෙසතො තත්‍ථ “දුක‍්ඛෙ සුඛ”න‍්ති විපල‍්ලාසො. තථා යෙභුය්‍යෙන සත‍්තා විඤ‍්ඤාණෙ නිච‍්චසඤ‍්ඤිනො, සඞ‍්ඛාරෙසු ච අත‍්තසඤ‍්ඤිනො, චෙතනාපධානා ච සඞ‍්ඛාරාති වුත‍්තං – “විඤ‍්ඤාණෙ ආහාරෙ…පෙ… අත‍්තාති විපල‍්ලාසො”ති. පඨමෙ විපල‍්ලාසෙ ඨිතො කාමෙ උපාදියතීති “අසුභෙ සුභ”න‍්ති විපරියෙසග‍්ගාහී කිලෙසකාමෙන වත්‍ථුකාමෙ දළ‍්හං ගණ‍්හාති . ඉදං වුච‍්චති කාමුපාදානන‍්ති යං තථා කාමානං ගහණං, ඉදං වුච‍්චති කාමුපාදානං. “දුක‍්ඛෙ සුඛ”න‍්ති විපරියෙසග‍්ගාහී “සීලබ‍්බතෙහි අනාගතෙ භවවිසුද‍්ධීති තං නිබ‍්බුතිසුඛ”න‍්ති දළ‍්හං ගණ‍්හාති. “අනිච‍්චෙ නිච‍්ච”න‍්ති විපරියෙසග‍්ගාහී “සබ‍්බෙ භවා නිච‍්චා ධුවා සස‍්සතා අවිපරිණාමධම‍්මා”ති සංසාරාභිනන්‍දිනිං භවදිට‍්ඨිං දළ‍්හං ගණ‍්හාති. “අනත‍්තනි අත‍්තා”ති විපරියෙසග‍්ගාහී “අසති අත‍්තනි කස‍්සිදං කම‍්මඵලං, තස‍්මා සො කරොති, සො පටිසංවෙදෙතී”ති අත‍්තදිට‍්ඨිං දළ‍්හං ගණ‍්හාතීති ඉමමත්‍ථං දස‍්සෙති “දුතියෙ විපල‍්ලාසෙ ඨිතො”තිආදිනා.

කබලිංකාරෙ ආහාරෙ අසුභෙ සුභන්ති විපල්ලාසො යනු ආහාර සතර අතුරින් කබලිංකාර ආහාර ද විපර්යාස සතර අතුරින් අසුභයෙහි සුභය වේ යන විපර්යාසය ද දතයුතුය. කබලිංකාර ආහාරයේ අසුභ ස්වභාවය ඇති බැවින් ද අසුභයේ නැගීම් ස්වභාවය ඇති බැවින් ද ය. එසේම ස්පර්ශ ආහාරයේ දුක්ඛ ස්වභාවත්වය ද දුක්ඛ ප්‍රත්‍යයත්වය ද වේ. විශේෂ වශයෙන් එහි දුකෙහි සැප යන විපර්යාසය වේ. එසේම, බොහෝ සෙයින් සත්ත්වයෝ විඥානයෙහි නිත්‍ය සංඥා ඇත්තෝ වෙති. සංස්කාරයන්හි ආත්ම සංඥා ඇත්තෝ වෙති. සංස්කාරයෝ චේතනා ප්‍රධාන වෙති’යි (සලකා) විඤ්ඤාණාහාරෙ -පෙ- අත්තා ති විපල්ලාසො යි කියන ලදී. පඨමෙ විපල්ලාසෙ ඨිතො කාමෙ උපාදියති යනු අසුභයෙහි සුභයැයි වෙනස්ව ගන්නා තැනැත්තා ක්ලේශ කාමයෙන් වස්තුකාමයෙන් දැඩිව ගනී. ඉදං වුච්චති කාමූපදානං යනු එලෙස කාමයන්ගේ යම් ග්‍රහණයක් වේ ද එය කාමූපදානය යැයි කියනු ලැබේ. දුකෙහි සැපයැයි වෙනස්ව ගන්නා තැනැත්තා සීල ව්‍රතයන් කරණ කොගෙන අනාගතයෙහි භව විසුද්ධිය වේ. එය නිවීමේ සැපයයි දැඩිව ගනියි. අනිත්‍යයෙහි නිත්‍යයැයි වෙනස්ව ගන්නා තැනැත්තා සියලු භවයන් නිත්‍යය, ස්ථිරය. සදාකාලිකය. නොවෙනස් ස්වභාව ඇත්තේය යනු සසර පිළිබඳ සතුටුවන භව දෘෂ්ටිය දැඩිව ගනියි. අනාත්මයෙහි ආත්මය තිබේ යැයි වෙනස්ව ගන්නා තැනැත්තා ආත්මය නැතිකල්හි මේ කර්මඵලය කවරෙකුට ද? එහෙයින් ඔහු කරයි. ඔහු විඳියි යන ආත්ම දෘෂ්ටිය දැඩිව ගනී යන මේ අර්ථය දුතියෙ විපල්ලාසෙ ඨිතො යනාදියෙන් දක්වයි.

අයං වුච‍්චති කාමයොගොති යෙන කාමරාගසඞ‍්ඛාතෙන කාමුපාදානෙන වත්‍ථුකාමෙහි සහ සත‍්තො සංයොජීයති, අයං කාමරාගො “කාමයොගො”ති වුච‍්චති. අයං වුච‍්චති භවයොගොති යතො සීලබ‍්බතුපාදානසඞ‍්ඛාතෙන භවුපාදානෙන භවෙන සහ සත‍්තො සංයොජීයති, අයං භවරාගො “භවයොගො”ති වුච‍්චති. අයං වුච‍්චති දිට‍්ඨියොගොති යාය අහෙතුකදිට‍්ඨිආදිසඞ‍්ඛාතාය පාපිකාය දිට‍්ඨියා, සක‍්කායදිට‍්ඨිආදිඅවසිට‍්ඨදිට‍්ඨියා ච සත‍්තො දුක‍්ඛෙන සහ සංයොජීයති, අයං පාපිකා දිට‍්ඨි “දිට‍්ඨියොගො”ති වුච‍්චති. අයං වුච‍්චති අවිජ‍්ජායොගොති යාය අත‍්තවාදුපාදානෙන සකලවට‍්ටදුක‍්ඛෙන ච සහ සත‍්තො සංයොජීයති, අයං අවිජ‍්ජා “අවිජ‍්ජායොගො”ති වුච‍්චති.

අයං වුච්චති කාමයොගො යනු යම් කාමරාග සංඛ්‍යාත වූ කාම උපාදානයකින් වස්තුකාමයන් සමග සත්ත්වයා බඳවයි ද මේ කාමරාගය කාමයෝගය යැයි කියනු ලැබේ යනුයි. අයං වුච්චති භවයොගො යනු යම් හෙයකින් සීල ව්‍රත උපාදාන සංඛ්‍යාත වූ භවූපදානයෙන් භවය සමග සත්ත්වයා බඳවයි ද මේ භවරාගය භව යෝගය යැයි කියනු ලැබේ යනුයි. අයං වුච්චති දිට්ඨියොගො යනු අහේතුක දෘෂ්ටි සංඛ්‍යාත වූ යම් පාපී දෘෂ්ටියකින් ද සක්කාය දිට්ඨි ආදී ඉතිරි දෘෂ්ටියකින් ද සත්ත්වයා දුක සමග බඳවයි ද මේ පාපී දෘෂ්ටිය දිට්ඨියෝග යැයි කියනු ලැබේ යනුයි. අයං වුච්චති අවිජ්ජායොගො යනු යමකින් ආත්මවාදය දැඩිව ගැනීමෙන් සියලු සසර දුක සමග සත්ත්වයා බඳවා ද මේ අවිද්‍යාව අවිද්‍යා යෝගය යැයි කියනු ලැබේ යනුයි.

යස‍්මා පන කාමයොගාදයො අභිජ‍්ඣාකායගන්‍ථාදීනං පච‍්චයා හොන‍්ති, තස‍්මා “පඨමෙ යොගෙ ඨිතො අභිජ‍්ඣාය කායං ගන්‍ථතී”තිආදි වුත‍්තං. තත්‍ථ අභිජ‍්ඣාය කායං ගන්‍ථතීති පරාභිජ‍්ඣායනලක‍්ඛණාය අභිජ‍්ඣාය නාමකායං ගන්‍ථති ඝට‍්ටෙතීති අත්‍ථො. තථා භවපත්‍ථනාය අප‍්පහීනත‍්තා භවදිට‍්ඨිභවරාගවසෙන ආඝාතවත්‍ථූසු සත‍්තා චිත‍්තානි පදූසෙන‍්තීති ආහ – “දුතියෙ යොගෙ ඨිතො බ්‍යාපාදෙන කායං ගන්‍ථතී”ති. තථා දිට‍්ඨිවසෙන අවිජ‍්ජාවසෙන ච සීලබ‍්බතෙහි සුජ‍්ඣති, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ච අභිනිවිසතීති ආහ – “තතියෙ…පෙ… ඉදංසච‍්චාභිනිවෙසෙන කායං ගන්‍ථතී”ති.

යම්හෙයකින් කාමයෝගාදිය අභිධ්‍යා කාය ග්‍රන්ථාදියට හේතු වේ ද එහෙයින් පඨමෙ යොගෙ ඨිතො අභිජ්ඣාය කායං ගන්‍ථති යනාදිය කියන ලදී. එහි අභිජ්ඣාය කායං ගන්‍ථති යනු අනුන්ගේ වස්තුව කෙරෙහි ලෝභ කිරීමේ ලක්‍ෂණය වන අභිධ්‍යාවෙන් නාමකය වෙළයි. ගටයි යන අර්ථයයි. එසේම භවය පැතීම ප්‍රහීණ වී නොමැති හෙයින් භව දෘෂ්ටිය භවරාග වශයෙන් වෛර බැඳීමට හේතුවන කරුණුවල සත්ත්වයන්ගේ සිත් කෙළෙසයි යන්න දුතියෙ යොගෙ ඨිතො බ්‍යාපාදෙන කායං ගන්‍ථති යි කියන ලදි. එසේම දෘෂ්ටි වශයෙන් ද අවිද්‍යා වශයෙන් ද සීල ව්‍රතයන්ගෙන් පිරිසිදු වෙයි. මෙයම සත්‍ය වේ. අනෙක්වා බොරු වේ යැයි ද තීරණයකට බැසගනී යන්න තතියෙ -පෙ- ඉදං සච්චාභිනිවෙසෙන කායං ගන්‍ථති යි කියන ලදි.

තස‍්සාති තස‍්ස අභිජ‍්ඣාදීහි සමන‍්නාගතස‍්ස පුග‍්ගලස‍්ස. එවං ගන්‍ථිතාති එවං අභිජ‍්ඣායනාදිවසෙන නාමකායං ගන්‍ථිත්‍වා ඨිතා. ආසවන‍්තීති ආසවභාවෙන පවත‍්තන‍්ති. කුතො ච වුච‍්චති ආසවන‍්තීති කුතො පන හෙතුතො තෙ කිලෙසා ආසවන‍්තීති ආසවහෙතුං පුච‍්ඡති. යස‍්මා පන කිලෙසා කුසලප‍්පවත‍්තිං නිවාරෙත්‍වා චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්තා, මග‍්ගෙන අසමුච‍්ඡින‍්නා එව වා ආසවානං උප‍්පත‍්තිහෙතු හොන‍්ති, තස‍්මා “අනුසයතො වා පරියුට‍්ඨානතො වා”ති වුත‍්තං. අභිජ‍්ඣාකායගන්‍ථෙන කාමාසවොති අභිජ‍්ඣාකායගන්‍ථෙන සිද‍්ධෙන කාමරාගසභාවත‍්තා කාමාසවො සිද‍්ධො හොති. කත්‍ථචිදෙව විසයෙ දොමනස‍්සිතො තප‍්පටිපක‍්ඛෙ විසයෙ තබ‍්බිසයබහුලෙ ච භවෙ පත්‍ථෙතීති ආහ – “බ්‍යාපාදකායගන්‍ථෙන භවාසවො”ති. පරාමාසකායගන්‍ථෙන දිට‍්ඨාසවොති සීලබ‍්බතපරාමාසකායගන්‍ථෙන සිද‍්ධෙන තංසභාවත‍්තා අපරාපරං වා දිට‍්ඨියො ගන්‍ථෙන‍්තස‍්ස දිට‍්ඨාසවො සිද‍්ධො හොති. ඉදංසච‍්චාභිනිවෙසකායගන්‍ථෙන අවිජ‍්ජාසවොති “ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ”න‍්ති අභිනිවිසන‍්තස‍්ස අයොනිසොමනසිකාරතො අනෙකෙහි අකුසලෙහි ධම‍්මෙහි සද‍්ධිං අවිජ‍්ජාසවො උප‍්පජ‍්ජති, සබ‍්බෙසං වා අකුසලධම‍්මානං අවිජ‍්ජාපුබ‍්බඞ‍්ගමත‍්තා ඉදංසච‍්චාභිනිවෙසකායගන්‍ථෙන සිද‍්ධෙන තස‍්ස හෙතුභූතො අවිජ‍්ජාසවො සිද‍්ධො හොති.

තස්ස යනු අභිධ්‍යාදියෙන් යුක්ත වූ ඒ පුද්ගලයාගේ ය. එවං ගන්‍ථිතා යනු මෙසේ අභිධ්‍යාදී වශයෙන් නාමකය වෙළාගෙන සිටී යනුයි. අස්සවන්ති යනු ආශ්‍රව ලෙසින් පවතිත් යනුයි. කුතො ච වුච්චති අස්සවන්ති යනු කවර හේතුවකින් ඒ කෙලෙස් වැගිරේ ද යනුවෙන් ආශ්‍රව හේතුව විමසයි. යම්හෙයකින් ක්ලේශයෝ කුසල පැවැත්ම වළකා සිත මැඩගෙන සිටින්නාහු මාර්ග ප්‍රඥාවෙන් නොසිඳින ලද්දාහු ආශ්‍රවයන්ගේ ඉපදීමට හේතු වෙත් ද එහෙයින් අනුසයතො වා පරියුට්ඨානතො වා යි කියන ලදී. අභිජ්ඣා කායගන්‍ථෙන කාමාසවො යනු අභිධ්‍යා කාය ග්‍රන්ථයෙන් සිද්ධ වූ බැවින් කාමරාග ස්වභාවය නිසා කාමාසවය සිද්ධ වූයේ වෙයි. අන්කිසි විෂයකදී දොම්නසින් ඊට ප්‍රතිපක්‍ෂ වූ විෂයයෙහි ඒ විෂය බහුල වූ භවයන් පතන්නේය යන්න බ්‍යාපාද කායගන්‍ථෙන භවාසවො යි කියන ලදි. පරාමාස කායගන්‍ථෙන දිට්ඨාසවො යනු සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථයෙන් සිද්ධ වූ හෙයින් එය ස්වභාවකොට ඇති අන්‍ය අන්‍ය දෘෂ්ටීහු අල්ලා ගන්නා පුද්ගලයාගේ දිට්ඨාසවය සිද්ධ වූයේ වෙයි. ඉදං සච්චාභිනිවෙසන කාය ගන්‍ථෙන අවිජ්ජාසවො යන මෙය ම සත්‍යය අනෙක්වා බොරුය යනුවෙන් තීරණයක බැසගන්නහුගේ අයෝනිසො මනසිකාර හේතුවෙන් නොයෙක් අකුසල ධර්ම සමග අවිද්‍යා ආශ්‍රවය උපදී යනුයි. සියලු අකුසල ධර්මයන් අවිද්‍යාව පෙරටුකොට ඇති බැවින් මේ සත්‍යාභිනිවේශ කායග්‍රන්ථය සිද්ධ වූ විට ඊට හේතු වූ අවිද්‍යා ආසවය සිද්ධ වූයේ වෙයි.

යස‍්මා පන ආසවා එව පරිබුද‍්ධා වට‍්ටස‍්මිං ඔහනන‍්ති ඔසාදෙන‍්තීති “ඔඝා”ති වුච‍්චන‍්ති, තස‍්මා වුත‍්තං – “තස‍්ස ඉමෙ චත‍්තාරො ආසවා”තිආදි.

යම්හෙයකින් ආශ්‍රවයන්ට හාත්පසින් පිබිදියාහු සසරෙහි බහාලත් ගිල්වත් යන අර්ථයෙන් ඕඝා යැයි කියනු ලැබේ ද එහෙයින් තස්ස ඉමෙ චත්තාරො ආසවා යනාදිය කියන ලදී.

අනුසයසහගතාති අනුසයභාවං අප‍්පටික‍්ඛිපිත්‍වා ගතා පවත‍්තා, අනුසයභූතා වා. අජ‍්ඣාසයන‍්ති චිත‍්තං. අනුපවිට‍්ඨාති ඔගාළ‍්හා. හදයං ආහච‍්ච තිට‍්ඨන‍්තීති චිත‍්තස‍්ස අබ‍්භන‍්තරසඞ‍්ඛාතං හදයං ආහන‍්ත්‍වා තිට‍්ඨන‍්ති. තථා හි වුත‍්තං අට‍්ඨසාලිනියං (ධ· ස· අට‍්ඨ· 5) “අබ‍්භන‍්තරට‍්ඨෙන හදය”න‍්ති. තෙන වුච‍්චන‍්ති සල‍්ලාති යස‍්මා අජ‍්ඣාසයං අනුපවිට‍්ඨා හදයං ආහච‍්ච තිට‍්ඨන‍්ති, තෙන වුච‍්චන‍්ති “සල‍්ලා”ති. පීළාජනනං දුරුද‍්ධරණතා ච සල‍්ලට‍්ඨො. “එසො මෙ අත‍්තා”ති ගහණමුඛෙන “එසොහමස‍්මී”ති ගහණං හොතීති දිට‍්ඨිං නිස‍්සායපි මානං ජප‍්පෙන‍්තීති ආහ “දිට‍්ඨොඝෙන මානසල‍්ලො”ති.

අනුසය සහගතා යනු අනුසය ස්වරූපය ප්‍රතික්‍ෂේප නොකොට ගිය, පැවති, අනුසය වූ යන අර්ථයයි. අජ්ඣාසයං යනු සිතයි. අනුප්පවිට්ඨා යනු බැසගත් යනුයි. හදයං ආහච්ච තිට්ඨන්ති යනු සිතේ අභ්‍යන්තරය වන හදවත ගටා සිටිත් යනුයි. එහෙයින් ම අත්‍ථසාලිනියේ දී ‘අබ්භන්තරට්ඨෙන හදයං’ කියන ලදි. තෙන වුච්චන්ති සල්ලා යනු යම්හෙයකින් අදහසට ඇතුල්වූවාහු හදවත ගටා සිටිත් ද එහෙයින් සල්ලායි කියනු ලැබේ. පීඩා ඇති කිරීම, ගැළවිය නොහැකි බවද සල්ල යන අර්ථයයි. මෙය මගේ ආත්මය යැයි ගැනීම් මුඛයෙන් මෙය මම වෙමියි ගැනීමක් වේ ද (මේ) දෘෂ්ටිය නිසා ද මානය ජප කරයි යන අර්ථයෙන් දිට්ඨොඝෙන මානසල්ලො යි කියන ලදි.

පරියාදින‍්නන‍්ති අඤ‍්ඤස‍්ස ඔකාසං අදත්‍වා සමන‍්තතො ගහිතං. චතූසු ධම‍්මෙසු සණ‍්ඨහතීති ආරම‍්මණපච‍්චයතාය ආරම‍්මණභූතෙසු චතූසු ධම‍්මෙසු පතිට‍්ඨහති. තානි සරූපතො දස‍්සෙති “රූපෙ වෙදනාය සඤ‍්ඤාය සඞ‍්ඛාරෙසූ”ති. නන්‍දූපසෙචනෙනාති ලොභසහගතස‍්ස සම‍්පයුත‍්තා නන්‍දී සහජාතකොටියා , ඉතරස‍්ස උපනිස‍්සයකොටියා උපසෙචනන‍්ති නන්‍දූපසෙචනං, තෙන නන්‍දූපසෙචනෙන. කෙන පන තං නන්‍දූපසෙචනන‍්ති ආහ – “රාගසල‍්ලෙන නන්‍දූපසෙචනෙන විඤ‍්ඤාණෙනා”ති.

පරියාදින්නං යනු අනෙකාට ඉඩක් නොදී හාත්පසින් අල්ලාගත් යනුයි. චතුසු ධම්මෙසු සණ්ඨහති යනු අරමුණ ප්‍රත්‍යය බැවින් අරමුණු වූ කරුණු සතරෙහි පිහිටයි යනුයි. රූපෙ වෙදනාය සඤ්ඤාය සංඛාරෙසු යනුවෙන් ඒවා ස්වරූප වශයෙන් දක්වයි. නන්‍දුපසෙචනෙන යනු ලෝභ සහගත සිත සමග යෙදුණු එක්ව හටගත් කෙළවර ඇති නන්දි නම් තෘෂ්ණාව අන්‍ය වූ උපනිශ්‍රය කෙළවරෙහි ඉසිත් නුයි නන්දුසෙචන නම් වේ. ඒ නන්දුපසෙචනයෙනි. කවරකු විසින් ඒ නන්දුපසේචනය කෙරේ ද? රාග සල්ලෙන නන්‍දුපසෙචනෙන විඤ්ඤාණෙ සෙචනෙන යනුවෙන් කියන ලදී.

තත්‍ථ රාගසල‍්ලෙනාති රාගසල‍්ලෙන හෙතුභූතෙන නන්‍දූපසෙචනෙන විඤ‍්ඤාණෙනාති ඉත්‍ථම‍්භූතලක‍්ඛණෙ කරණවචනං. රූපූපගා විඤ‍්ඤාණට‍්ඨිතීති රූපමෙව ආරම‍්මණකරණවසෙන උපගන‍්තබ‍්බතො, විඤ‍්ඤාණස‍්ස පතිට‍්ඨාභාවතො ච රූපූපගා විඤ‍්ඤාණට‍්ඨිති. තිට‍්ඨති එත්‍ථාති ඨිති. පඤ‍්චවොකාරභවස‍්මිඤ‍්හි අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණං රූපක‍්ඛන්‍ධං නිස‍්සාය තිට‍්ඨති. දොසසල‍්ලෙනාති සහජාතෙන දොසසල‍්ලෙන. යදා වෙදනූපගා විඤ‍්ඤාණට‍්ඨිති වුච‍්චති, තදා උපනිස‍්සයකොටියාව නන්‍දියා උපසිත‍්තං විඤ‍්ඤාණං දට‍්ඨබ‍්බං. වෙදනාපි දොමනස‍්සවෙදනාව. යදා ච උපනිස‍්සයපච‍්චයභූතෙන දොසසල‍්ලෙන වෙදනූපගා විඤ‍්ඤාණට‍්ඨිති වුච‍්චති, තදා සහජාතකොටියා, උපනිස‍්සයකොටියා වා නන්‍දියා උපසිත‍්තං විඤ‍්ඤාණං දට‍්ඨබ‍්බං. වෙදනා පන තිස‍්සොපි තිස‍්සන‍්නං වෙදනානං ආරම‍්මණූපනිස‍්සයභාවතො. තත්‍ථ පඨමනයො දොමනස‍්සාරම‍්මණස‍්ස අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණස‍්ස වසෙන වුත‍්තො. දුතියො සබ‍්බවෙදනාරම‍්මණස‍්ස වසෙනාපි දට‍්ඨබ‍්බං.

එහි රාගසල්ලෙන යනු හේතු වූ රාග නමැති හුලෙනි. නන්‍දුපසෙචනෙන විඤ්ඤාණෙන යනු ඉත්‍ථම්භූත ලක්‍ෂණයෙහි කරණ විභක්ති වචනයකි. රූපූපගා විඤ්ඤාණට්ඨිති යනු රූපයට අරමුණු හේතු ලෙසින් එළඹිය යුතු හෙයින් ද විඥානයේ ප්‍රතිෂ්ඨාව බැවින් ද රූපූපගා විඤ්ඤාණට්ඨිති නම් වේ යනුයි. මෙහි සිටීනුයි ඨිති නම් වේ. පංචවොකාර භවයෙහි අභිසංස්කාර විඥානය රූපස්කන්ධය ඇසුරුකොට පවතියි. දොසසල්ලෙන යනු එකට හටගත් දෝෂ හුලෙනි. යම්විටෙක වේදනාව අනුව ගිය විඥාන පැවැත්ම යැයි කියනු ලැබේ ද එවිට උපනිශ්‍රය කෙළවරම නන්දියගෙන් සේවනය වූ විඥානය දතයුතුය. වේදනාව ද දොම්නස් වේදනාව ම ය. යම්විටෙක උපනිශ්‍රය හේතුව වූ දෝෂ හුල කරණ කොටගෙන වේදනූපග විඤ්ඤාණට්ඨිතිය යැයි කියනු ලැබේ ද එවිට සහජාත කෝටියෙන් හෝ උපනිශ්‍රය කෝටියෙන් යුත් නන්දියගෙන් සේවනය කරන ලද විඥානය දතයුතුය. ත්‍රිවිධ වූ වේදනාවන්ගේ අරමුණු ඇසුරු කරන බැවින් වේදනා ද තුනක් වේ. එහි පළමු න්‍යාය දොම්නස් අරමුණෙහි අභිසංස්කාර විඥානය ලෙසින් කියන ලදි. දෙවැන්න සියලු වේදනා අරමුණු වශයෙන යැයි දතයුතුය.

මානසල‍්ලෙනාති මානසල‍්ලෙන සහජාතෙන, උපනිස‍්සයභූතෙන වා. මොහසල‍්ලෙනාති එත්‍ථාපි එසෙව නයො. එත්‍ථ ච අනාදිමතිසංසාරෙ ඉත්‍ථිපුරිසා රූපාභිරාමාති රාගසල‍්ලවසෙන පඨමා විඤ‍්ඤාණට‍්ඨිති යොජිතා. සබ‍්බායපි වෙදනාය දුක‍්ඛපරියායසබ‍්භාවතො දුක‍්ඛාය ච දොසො අනුසෙතීති දොසසල‍්ලවසෙන දුතියා, සඤ‍්ඤාවසෙන “සෙය්‍යොහමස‍්මී”ති මඤ‍්ඤනා හොතීති මානසල‍්ලවසෙන තතියා, සඞ‍්ඛාරෙසු සමූහඝනං දුබ‍්බිනිබ‍්භොගන‍්ති මොහසල‍්ලවසෙන චතුත්‍ථී විඤ‍්ඤාණට‍්ඨිති යොජිතාති දට‍්ඨබ‍්බා.

මානසල්ලෙන යනු මාන හුල සමග සහජාත වූ හෝ උපනිශ්‍රය වූ හෝ දෙයිනි. මොහ සල්ලෙන යන මෙහි ද මේ ක්‍රමය මැයි. මෙහි ද අනාදිමත් වූ සසරෙහි ස්ත්‍රීපුරුෂයෝ රූපයෙහි ඇලෙතැයි රාග හුල ලෙසින් පළමු විඥාන ස්ථිතිය යොදන ලදී. සියලු වේදනාව දුක්ඛ හේතු ස්වභාවයෙන් දුක පිළිබඳ දෝෂය අනුව පවතී යන අර්ථයෙන් දෝෂ හුල ලෙසින් දෙවැන්න යොදන ලදී. සංඥා වශයෙන් මම ශ්‍රේෂ්ඨ වෙමි යි හැඟීමක් වේ යැයි සලකා මාන හුල ලෙසින් තෙවැන්න යොදන ලදී. සංස්කාරයන්හි සමූහය එකිනෙක ගැළවිය නොහැකි යයි මෝහ හුල ලෙසින් සිව්වැනි විඥාන ස්ථිතිය යොදන ලදැයි දතයුතුය.

උපත්‍ථද‍්ධන‍්ති ඔලුබ‍්භාරම‍්මණභූතාහි විඤ‍්ඤාණට‍්ඨිතීහි උපත්‍ථම‍්භිතං. තඤ‍්ච කම‍්මන‍්ති යං “චෙතනා චෙතසික”න‍්ති පුබ‍්බෙ (නෙත‍්ති· 82) වුත‍්තං. ඉමෙ ච කිලෙසාති ඉමෙ ච දසවත්‍ථුකා කිලෙසා. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙව.

උපත්‍ථද්ධං යනු එල්බගත් අරමුණ වූ විඥාන ස්ථිතීන්ගෙන් රුකුල් දුන් යනුයි. තඤ්ච කම්මං යනු චේතනා චේතසික යනුවෙන් පෙර යමක් කියන ලද ද එයයි. ඉමෙ ච කිලෙසා යනු මේ දසවස්තුක ක්ලේශයෝ ය. සෙස්ස මනාව දතයුතු ම ය.

ඉදානි ආහාරාදයො නයානං සංකිලෙසපක‍්ඛෙ දිසාභාවෙන වවත්‍ථපෙතුං “ඉමා චතස‍්සො දිසා”තිආදි ආරද‍්ධං, තං උත‍්තානමෙව. පුන කබළීකාරො ආහාරොතිආදි ආහාරාදීසුයෙව යස‍්ස පුග‍්ගලස‍්ස උපක‍්කිලෙසා, තං විභජිත්‍වා දස‍්සෙතුං ආරද‍්ධං. තත්‍ථ දසන‍්නං සුත‍්තානන‍්ති එකදෙසෙසු සමුදායවොහාරෙන වුත‍්තං. සමුදායෙසු හි පවත‍්තා සමඤ‍්ඤා අවයවෙසුපි දිස‍්සති , “යථා පටො දඩ‍්ඪො, සමුද‍්දො දිට‍්ඨො”ති ච. එකො අත්‍ථොති එකස‍්ස අත්‍ථස‍්ස නිප‍්ඵාදනතො වුත‍්තං. බ්‍යඤ‍්ජනමෙව නානන‍්ති එත්‍ථ බ්‍යඤ‍්ජනග‍්ගහණෙන බ්‍යඤ‍්ජනත්‍ථොපි ගහිතොති දට‍්ඨබ‍්බං. දසහිපි සුත‍්තපදෙහි සවත්‍ථුකා තණ‍්හා වුත‍්තා. තණ‍්හා ච රාගචරිතං පුග‍්ගලං ඛිප‍්පං දූසෙතීති ආහ – “ඉමෙ රාගචරිතස‍්ස පුග‍්ගලස‍්ස උපක‍්කිලෙසා”ති. යථා ච පඨමදිසාභාවෙන වුත‍්තධම‍්මා රාගචරිතස‍්ස උපක‍්කිලෙසා, එවං දුතියදිසාභාවෙන වුත‍්තධම‍්මා දොසචරිතස‍්ස. තතියචතුත්‍ථදිසාභාවෙන වුත‍්තධම‍්මා යථාක‍්කමං දිට‍්ඨිචරිතස‍්ස මන්‍දස‍්ස තික‍්ඛස‍්ස ච උපක‍්කිලෙසා වුත‍්තා. තෙසං උපක‍්කිලෙසභාවො වුත‍්තනයානුසාරෙන වෙදිතබ‍්බො.

දැන් හාර ආදිය න්‍යායවල සංකිලේස පක්‍ෂයේ දිශා ලෙසින් තීරණය කොට දක්වන්නට ඉමා චතස්සො දිසා යනාදිය අරඹන ලදි. එය ප්‍රකට කරන ලද්දේ ම ය. නැවත කබලිංකාරො ආහාරො යනාදිය ආහාරාදීන්හි යම් පුද්ගලයෙකුගේ උපක්ලේශ වේ නම් එය බෙදා දක්වන්නට අරඹන ලදී. එහි දසන්නං සත්තානං යන්න ඒකදේශයක සමූහ ව්‍යවහාරයෙන් කියන ලදී. සමූහයෙහි පැවති නාමය අවයවවල ද දක්නා ලැබේ. පටො දඩ්ඪො, සමුද්දො දිට්ඨො යනු උදාහරණයි. එකො අත්‍ථො යනු එක් අර්ථයක් උපදවන හෙයින් කියන ලදී. බ්‍යඤ්ජනමෙව නනං යන මෙහි බ්‍යඤ්ජන ග්‍රහණයෙන් බ්‍යඤ්ජනාර්ථය ද ගන්නා ලදැයි දතයුතුය. දශවිධ සූත්‍ර පදයන්ගෙන් ම වස්තු සහිත තණ්හාව කියන ලදී. තණ්හාව ද රාග චරිත ඇති පුද්ගලයාව වහාම දූෂණය කෙරේ යන්න ඉමෙ රාග චරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසො යි කියන ලදී. යම්සේ පළමු දිශා භාවයෙන් කියන ලද ධර්ම රාග චරිතයාට උපක්ලේශ වේ ද එසේම දුතිය දිශා භාවයෙන් කියන ලද ධර්මදෝෂ චරිතයාට තෘතීය චතුර්ථ දිශා භාවයෙන් කියන ලද ධර්ම පිළිවෙලින් දිට්ඨි චරිතයාට ද මන්ද ප්‍රාඥයාට ද තීක්‍ෂණ ප්‍රාඥයාට ද උපක්ලේශ වේ යයි කියන ලදී. ඒවායේ උපක්ලේශභාවය කියන ලද ක්‍රමය අනුව දතයුතුය.

ආහාරවිපල‍්ලාසාදයො යදිපි සබ‍්බෙහි තීහි විමොක‍්ඛමුඛෙහි පුබ‍්බභාගෙ යථාරහං පරිඤ‍්ඤෙය්‍යා පහාතබ‍්බා ච. යස‍්ස පන දුක‍්ඛානුපස‍්සනා පුරිමෙ ආහාරද‍්වයෙ දුක‍්ඛාකාරෙන බහුලං පවත‍්තති, තස‍්ස වසෙන යො ච කබළීකාරො ආහාරො, යො ච ඵස‍්සො ආහාරො, ඉමෙ අප‍්පණිහිතෙන විමොක‍්ඛමුඛෙන පරිඤ‍්ඤං ගච‍්ඡන‍්තීති වුත‍්තං. එස නයො සෙසෙසු. එවඤ‍්චෙතං, න අඤ‍්ඤථා. න හි අරියමග‍්ගානං විය පහාතබ‍්බෙසු විමොක‍්ඛමුඛානං පරිඤ‍්ඤෙය්‍යපහාතබ‍්බෙසු කොචි නියමො සම‍්භවති. ඉති සබ‍්බෙ ලොකවට‍්ටානුසාරිනො ධම‍්මා නිය්‍යන‍්ති, තෙ ලොකා තීහි විමොක‍්ඛමුඛෙහීති නිගමනං. තස‍්සත්‍ථො – ඉති එවං වුත‍්තප‍්පකාරා සබ‍්බෙ ආහාරාදයො ලොකසඞ‍්ඛාතවට‍්ටානුසාරිනො ධම‍්මා තෙ ලොකභූතා වට‍්ටතො නිය්‍යන‍්ති අනිච‍්චානුපස‍්සනාදීහි තීහි විමොක‍්ඛමුඛෙහීති.

ආහාර විපල්ලාස ආදිය ඉදින් සියලු ම විමෝෂ මුඛ තුන කරණ කොටගෙන පූර්වභාගයේදී සුදුසු පරිදි දතයුතු දෑ ඉවත්කළ යුතු ද වේ. යමෙකුගේ දුක්ඛානුපස්සනාව පළමු ආහාර දෙකෙහි දුකක් ලෙසින් බහුලව පවතී ද ඒ අනුව යොච කබලිංකාරො ආහාරො යොච ඵස්සො ආහාරො ඉමෙ අප්පණිහිතෙ විමොක්ඛමුඛෙන පරිඤ්ඤං ගච්ඡති යි කියන ලදී. ඉතිරි ඒවායෙහි ද මේ ක්‍රමය මැයි. එය මෙසේ වේ. අන් පරිද්දකින් නොවේ. ආර්ය මාර්ගයන්හි මෙන් විමෝක්‍ෂ මුඛයන්ගේ ප්‍රහාණ කළයුතු, දතයුතු ප්‍රහාණය කළයුතු දේවල කිසි නියමයක් හමු නොවේ. ඉති සබ්බෙ ලොකවට්ටානුසාරිනො ධම්මා නිය්‍යන්ති තෙ ලොකා තීහි විමොක්ඛමුඛෙහි යනු නිගමනයයි. එහි අර්ථය මෙසේය. මෙලෙස කියන ලද ආකාර ඇති සියලු ආහාරාදී ලෝක සංඛ්‍යාත දුක අනුව යන ධර්මයෝ වෙත් ද ලෝකය වූ ඒවා අනිච්චානුපස්සනා ආදී ත්‍රිවිධ විමෝක්‍ෂ මුඛයන් මගින් සසරින් (පුද්ගලයාව) ගෙන යත්.

එවං සංකිලෙසපක‍්ඛෙ දිසාභූතධම‍්මෙ නිද‍්දිසිත්‍වා ඉදානි වොදානපක‍්ඛෙ දිසාභූතධම‍්මෙ දස‍්සෙතුං “චතස‍්සො පටිපදා”තිආදි වුත‍්තං. තත්‍ථ දිබ‍්බබ්‍රහ‍්මඅරියආනෙඤ‍්ජවිහාරොති චත‍්තාරො විහාරා. මානප‍්පහානආලයසමුග‍්ඝාතඅවිජ‍්ජාපහානභවූපසමා චත‍්තාරො අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා. සච‍්චාධිට‍්ඨානාදීනි චත‍්තාරි අධිට‍්ඨානානි. ඡන්‍දසමාධිභාවනාදයො චතස‍්සො සමාධිභාවනා. ඉන්‍ද්‍රියසංවරො තපසඞ‍්ඛාතො පුඤ‍්ඤධම‍්මො බොජ‍්ඣඞ‍්ගභාවනා සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගසඞ‍්ඛාතං නිබ‍්බානඤ‍්චාති චත‍්තාරො සුඛභාගියා ධම‍්මා වෙදිතබ‍්බාති.

මෙසේ සංකිලේස පක්‍ෂයෙහි දිශාව වූ කරුණු දක්වා දැන් වොදාන පක්‍ෂයෙහි දිශාව වූ කරුණු දක්වන්නට චතස්සො පටිපදා ආදිය කියන ලදී. එහි දිව්‍ය, බ්‍රහ්ම, ආර්ය, ආනෙඤ්ජවිහාර යන සතර විහරණ ද, මානය ප්‍රහාණ කරන තෘෂ්ණාව උපුටා හරින අවිද්‍යාව දුරුකරන, භවය සන්සිඳුවන ආශ්චර්ය අද්භූත ධර්ම සතර ද සච්ච අධිට්ඨාන ආදී අධිෂ්ඨාන සතරද ඡන්‍දසමාධි භාවනා ආදී සමාධි භාවනා සතර ද ඉන්‍ද්‍රිය සංවරය, තප සංඛ්‍යාත පුණ්‍ය ධර්මය, බොජ්ඣංග භාවනාව සියලු උපධීන් බැහැර කිරීම් සංඛ්‍යාත නිවන ද යන සතර සැපයට බඳුන්වන කරුණු ද දතයුතුය.

පඨමා පටිපදාතිආදි පටිපදාසතිපට‍්ඨානාදීනං අභෙදසන්‍දස‍්සනං. යදි එවං කස‍්මා විසුං ගහණං කතන‍්ති? දසවත්‍ථුකස‍්ස කිලෙසපුඤ‍්ජස‍්ස පටිපක‍්ඛභාවදස‍්සනත්‍ථං පටිපදාදිදසකනිද‍්දෙසො. තථා හි වක‍්ඛති – “චත‍්තාරො ආහාරා තෙසං පටිපක‍්ඛො චතස‍්සො පටිපදා”තිආදි (නෙත‍්ති· 87). කිඤ‍්චාපි චතූසු සතිපට‍්ඨානෙසු “ඉදං නාම සතිපට‍්ඨානං ඉමාය එව පටිපදාය ඉජ‍්ඣතී”ති නියමො නත්‍ථි, තථාපි පඨමාය පටිපදාය පඨමං සතිපට‍්ඨානං සම‍්භවතීති සම‍්භවවසෙන එවං වුත‍්තං – “පඨමා පටිපදා, පඨමං සතිපට‍්ඨාන”න‍්ති. යස‍්මා පන ආහාරවිපල‍්ලාසාදීනං විය පටිපදාසතිපට‍්ඨානාදීනං අත්‍ථතො නානත‍්තං නත්‍ථි. සතිපට‍්ඨානානියෙව හි තථා තථා පටිපජ‍්ජමානානි දුක‍්ඛාපටිපදාදන්‍ධාභිඤ‍්ඤාදිනාමකානි හොන‍්ති, තස‍්මා යථා සංකිලෙසපක‍්ඛෙ “පඨමෙ ආහාරෙ පඨමො විපල‍්ලාසො”තිආදිනා අධිකරණභෙදෙන වුත‍්තං, එවං අධිකරණභෙදං අකත්‍වා “පඨමා පටිපදා, පඨමං සතිපට‍්ඨාන”න‍්තිආදි වුත‍්තං. සෙසෙසුපි එසෙව නයො.

පඨමා පටිපදා යනාදිය පටිපදා සතිපට්ඨාන ආදීන්ගේ භේදයක් නොමැති බව දැක්වීමයි. ඉදින් මෙසේ නම් කවර හෙයින් වෙන වෙනම ගැනීම කරන ලද ද? දසවස්තුක වූ කෙලෙස් පිඩෙහි ප්‍රතිපක්‍ෂභාවය දක්වනු පිණිස පටිපදා ආදී දසක දැක්වීම කරන ලදී. එසේම චත්තාරො ආහාරා තෙසං පටිපක්ඛො චතස්සො පටිපදා යන ආදිය කියනු ලැබේ. කෙසේ වුවත් සතර සතිපට්ඨානවලදී මේ සතිපට්ඨානය මේ ප්‍රතිපදාවෙන් ම සමෘද්ධ වේ යැයි නියමයක් නැත. එසේ වුවත් පළමු ප්‍රතිපදාවෙන් පළමු සතිපට්ඨානය හටගනීයැයි සම්භවය අනුව පඨමා පටිපදා පඨමං සතිපට්ඨානං යි කියන ලදි. යම්හෙයකින් ආහාර විපල්ලාස ආදියේ මෙන් පටිපදා සතිපට්ඨාන ආදීන්ගේ අර්ථ වශයෙන් වූ නානත්වයක් නැත්තේ ද ඒ ඒ ආකාරයෙන් පිළිපන් සතිපට්ඨානයන් ම දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ආදී නම් ලබත් ද එහෙයින් සංකිලෙස පක්‍ෂයෙහි මෙන් පඨමො ආහාරෙ පඨමො විපල්ලාසො යනාදී අධිකරණ භේදයෙන් කියන ලද අධිකරණ භේදය ඇති නොකොට පඨමා පටිපදා පඨමං සතිපට්ඨානං යනාදිය කියන ලදි. සෙසු ඒවායෙහි ද මේ ක්‍රමය මැයි.

අන්‍ධස‍්ස පබ‍්බතාරොහනං විය කදාචිදෙව උප‍්පජ‍්ජනකං අච‍්ඡරියං, අච‍්ඡරායොග‍්ගං අච‍්ඡරියන‍්ති පොරාණා. අභූතපුබ‍්බං භූතන‍්ති අබ‍්භුතං. උභයම‍්පෙතං විම‍්හයාවහස‍්ස අධිවචනං. න හි මානප‍්පහානාදිතො අඤ‍්ඤං දුරභිසම‍්භවතරං විම‍්හනීයඤ‍්ච උපලබ‍්භතීති අධිතිට‍්ඨති එතෙන, එත්‍ථ වා අධිට‍්ඨානමත‍්තමෙව වා තන‍්ති අධිට‍්ඨානං. සච‍්චඤ‍්ච තං අධිට‍්ඨානඤ‍්ච, සච‍්චස‍්ස වා අධිට‍්ඨානං, සච‍්චං අධිට‍්ඨානං එතස‍්සාති වා සච‍්චාධිට‍්ඨානං. සෙසෙසුපි එසෙව නයො. සමාධි එව භාවෙතබ‍්බතාය සමාධිභාවනා. සුඛං භජතීති සුඛභාගියො, සුඛභාගස‍්ස වා සුඛකොට‍්ඨාසස‍්ස හිතොති සුඛභාගියො. එකස‍්සපි සත‍්තස‍්ස අසුභභාවනාදයො විය එකදෙසෙ අවත‍්තිත්‍වා අනවසෙසපරියාදානතො නත්‍ථි එතිස‍්සා පමාණන‍්ති අප‍්පමඤ‍්ඤා.

අන්‍ධයාගේ කඳු නැගීම මෙන් කිසිදිනෙක ඇතිවන දෙය ආශ්චර්ය වේ. පොරාණයෝ අප්සරාවන්ට යෝග්‍ය වූයේ අච්ඡරිය යැයි කියත්. නොවූ විරූ දේ වූයේ නුයි අබ්භුත නමි. මේ දෙකම විශ්මයත්වයට අධි වචනයි. මාන ප්‍රහාණාදියෙන් අන්‍ය වූ නොලැබිය හැකි වූ ද විශ්මය ඇති කරන්නා වූ ද දෙයක් නොලැබේ. මෙය කරණ කොටගෙන පවතී. නැතහොත් මෙහි ඉටාගැනීම් මාත්‍රයක් ම වේ. එය අධිට්ඨාන නම් වේ. සත්‍ය වූයේත් ඒ ම ය. අධිෂ්ඨාන වූයේත් ඒ ම ය. (යන ක්‍රමයෙන් හෝ) සත්‍යයේ අධිෂ්ඨානය (යන ක්‍රමයෙන් හෝ) සත්‍යය හා අධිෂ්ඨානය මොහුට ඇත (යන ක්‍රමයෙන් හෝ) සච්චාධිට්ඨාන නම් වේ. ඉතිරි ඒවායේ ද මේ ක්‍රමය මැයි. සමාධිය ම වැඩිය යුතු බැවින් සමාධි භාවනා නම් වේ. සුඛය ඇසුරු කෙරේනුයි සුඛභාගිය නම් වේ. එක් සත්ත්වයෙකුට අසුභ භාවනාදිය මෙන් එක දෙසෙක නොපැවතී ඉතිරි නැතිව ගන්නා හෙයින් මෙහි ප්‍රමාණයක් නැත යන අර්ථයෙන් අප්පමඤ්ඤා නම් වේ.

පඨමා පටිපදා භාවිතා බහුලීකතා පඨමං සතිපට‍්ඨානං පරිපූරෙතීති පඨමාය පටිපදාය භාවනාබහුලීකාරො පඨමස‍්ස සතිපට‍්ඨානස‍්ස භාවනාපාරිපූරීති අත්‍ථො. සෙසපදෙසුපි එසෙව නයො. යථා හි අරියමග‍්ගෙ භාවිතෙ සතිපට‍්ඨානාදයො බොධිපක‍්ඛියධම‍්මා සබ‍්බෙපි භාවිතා එව හොන‍්ති, එවංසම‍්පදමිදං දට‍්ඨබ‍්බං.

පඨමා පටිපදා භාවිතා බහුලීකතා පඨමං සතිපට්ඨානං පරිපූරෙති යනු පළමු ප්‍රතිපදාවෙන් භාවනාව බහුල කරන්නෙක් වේ. පළමු සතිපට්ඨානයෙන් භාවනාව සපුරන්නෙක් වේ යන අර්ථයයි. ඉතිරි පදවල ද මේ ක්‍රමයමැයි. යම්සේ වනාහි ආර්ය මාර්ගය වර්ධනය කළ කල්හි සතිපට්ඨාන ආදී බෝධිපාක්‍ෂික ධර්ම සියල්ලම භාවිත කරන ලද්දේ ම වේද එසේ මේ සම්පත්තිය දතයුතුය.

කායානුපස‍්සනාය කාමරාගස‍්ස උජුවිපච‍්චනීකභාවතො “පඨමො සතිපට‍්ඨානො භාවිතො බහුලීකතො කාමපටිපක‍්ඛං පඨමං ඣානං පරිපූරෙතී”ති වුත‍්තං. තථා පීතිපටිසංවෙදනාදිවසෙන පවත‍්තමානං දුතියං සතිපට‍්ඨානං, සප‍්පීතිකස‍්ස දුතියජ‍්ඣානස‍්ස චිත‍්තස‍්ස අභිප‍්පමොදනවසෙන පවත‍්තමානං තතියං සතිපට‍්ඨානං උක‍්කංසගතසුඛස‍්ස තතියජ‍්ඣානස‍්ස අනිච‍්චවිරාගාදිවසෙන පවත‍්තියා සඞ‍්ඛාරෙසු උපෙක‍්ඛකං චතුත්‍ථං සතිපට‍්ඨානං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිභාවතො චතුත්‍ථජ‍්ඣානස‍්ස පාරිපූරියා සංවත‍්තති.

කායානුපස්සනාව කාමරාගයට සෘජුව විරුද්ධවන බැවින් පඨමං සතිපට්ඨානං භාවිතං බහුලීකතං කාමපටිපක්ඛං පඨමජ්ඣානං පරිපූරෙති යි කියන ලදි. එසේම ප්‍රීති වින්දන වශයෙන් පවත්නා දෙවැනි සතිපට්ඨානය ප්‍රීතිය සහිත වූ ද්විතීය ධ්‍යානයේ ද සිතෙහි අභිප්‍රමෝද වශයෙන් පවත්නා තෙවැනි සතිපට්ඨානය උසස් බවට පත් සැප ඇති තෘතීය ධ්‍යානයේ ද අනිත්‍ය විරාග ආදී වශයෙන් පැවති සංස්කාරයන්හි උපේක්‍ෂාව ද සතරවැනි සතිපට්ඨානය උපෙක්ඛා සති පාරිසුද්ධි භාවයෙන් චතුර්ථ ධ්‍යානයේ සපිරීම පිණිස පවතී.

යස‍්මා පන රූපාවචරපඨමජ‍්ඣානං රූපාවචරසමාපත‍්තීනං, දුතියජ‍්ඣානං බ්‍යාපාදවිතක‍්කාදිදූරීභාවෙන බ්‍රහ‍්මවිහාරානං, තතියජ‍්ඣානං පීතිවිරාගෙන සුඛෙන විපස‍්සනාය අධිට‍්ඨානභූතං අරියවිහාරානං, චතුත්‍ථජ‍්ඣානං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිආනෙඤ‍්ජප‍්පත‍්තං ආනෙඤ‍්ජවිහාරානං විසෙසතො පච‍්චයො හොති, තස‍්මා “පඨමං ඣානං භාවිතං බහුලීකතං පඨමං විහාරං පරිපූරෙතී”තිආදි වුත‍්තං. ඉති යො යස‍්ස විසෙසපච‍්චයො, සො තං පරිපූරෙතීති වුත‍්තොති දට‍්ඨබ‍්බං.

යම්හෙයකින් රූපාවචර ප්‍රථමධ්‍යානය රූපාවචර සමාපත්තීන්ගේ ද්විතීය ධ්‍යානය ව්‍යාපාද විතර්කාදිය දුරුකිරීම් ස්වභාවයෙන් යුත් බ්‍රහ්මවිහාර සම්බන්ධ තෘතීය ධ්‍යානය, පීති විරාගයෙන් හා සුඛයෙන් විදර්ශනාවේ අධිෂ්ඨානය වූ ආර්ය විහාරී චතුර්ථ ධ්‍යානය උපේක්‍ෂා සති පාරිසුද්ධියෙන් යුත් ස්ථිර බවට පැමිණි ආනෙඤ්ජවිහරණයන්ගේ වෙසෙසින් ප්‍රත්‍යය වේද එහෙයින් පඨමං ඣානං භාවිතං බහුලීකතං පඨමං විහාරං පරිපූරෙති යනාදිය කියන ලදි. මෙසේ යමෙක් යම් ධ්‍යානයක විශේෂ ප්‍රත්‍ය සහිත වේ ද හෙතෙම එය සපුරන්නේ යැයි කියන ලදැයි දතයුතුය.

ඉදානි පටිපදාදයො වොදානපක‍්ඛෙ දිසාභාවෙන වවත්‍ථපෙතුං “තත්‍ථ ඉමා චතස‍්සො දිසා”තිආදි වුත‍්තං. තං සුවිඤ‍්ඤෙය්‍යමෙව. පුන “පඨමා පටිපදා”තිආදි පටිපදාචතුක‍්කාදීසු යෙන යස‍්ස පුග‍්ගලස‍්ස වොදානං, තං විභජිත්‍වා දස‍්සෙතුං ආරද‍්ධං. තං හෙට‍්ඨා වුත‍්තනයමෙව. යදිපි තීසු විමොක‍්ඛමුඛෙසු “ඉදං නාම විමොක‍්ඛමුඛං ඉමාය එව පටිපදාය ඉජ‍්ඣතී”ති නියමො නත්‍ථි. යෙසං පන පුග‍්ගලානං පුරිමාහි ද‍්වීහි පටිපදාහි අප‍්පණිහිතෙන විමොක‍්ඛමුඛෙන අරියමග‍්ගාධිගමො. තථා යස‍්ස තතියාය පටිපදාය සුඤ‍්ඤතවිමොක‍්ඛමුඛෙන, යස‍්ස ච චතුත්‍ථාය පටිපදාය අනිමිත‍්තවිමොක‍්ඛමුඛෙන අරියමග‍්ගාධිගමො, තෙසං පුග‍්ගලානං වසෙන අයං පටිපදාවිමොක‍්ඛමුඛසංසන්‍දනා. සතිපට‍්ඨානාදීහි විමොක‍්ඛමුඛසංසන්‍දනායපි එසෙව නයො.

දැන් ප්‍රතිපදා ආදිය වෝදාන පක්‍ෂයෙහි දිශාව ලෙසින් නියම කරන්නට තත්‍ථ ඉමා චතස්සො යනාදිය කියන ලදි. එය මනාව දතහැක්කේ ම ය. නැවත පඨමා පටිපදා යනාදිය ප්‍රතිපදා චතුෂ්ක ආදියෙහි යම් ලෙසකින් යම් පුද්ගලයෙකුගේ පිරිසිදු බවක් වේ ද එය බෙදා දක්වන්න අරඹන ලදි. එය යට කියන ලද න්‍යාය ම ය. ඉදිනුදු ත්‍රිවිධ විමෝක්‍ෂ මුඛයන් අතුරෙන් මෙය විමෝක්‍ෂ මුඛය නම් වේ. මෙම ප්‍රතිපදාවෙන් ම සමෘද්ධ වේ යන නියමයක් නැත. යම් පුද්ගලයන්ගේ මුල් ප්‍රතිපදා දෙකින් ප්‍රහීණ නොවූ අප්‍රණිහිත විමෝක්‍ෂ මුඛයෙන් ආර්ය මාර්ගාධිගමය වේ ද ඒ පුද්ගලයන්ගේ ස්වරූපයෙන් මේ ප්‍රතිපදා විමෝක්‍ෂමුඛ සන්සන්දනය වේ. සතිපට්ඨාන ආදියෙන් විමෝක්‍ෂ මුඛ සන්සන්දනය ද මේ ක්‍රමය මැයි.

තෙසං වික‍්කීළිතන‍්ති තෙසං අසන‍්තාසනජවපරක‍්කමාදිවිසෙසයොගෙන සීහානං බුද‍්ධානං පච‍්චෙකබුද‍්ධානං බුද‍්ධසාවකානඤ‍්ච වික‍්කීළිතං විහරණං. යදිදං ආහාරාදිකිලෙසවත්‍ථුසමතික‍්කමනමුඛෙන සපරසන‍්තානෙ පටිපදාදිසම‍්පාදනා. ඉදානි ආහාරාදීනං පටිපදාදීහි යෙන සමතික‍්කමනං, තං නෙසං පටිපක‍්ඛභාවං දස‍්සෙන‍්තො “චත‍්තාරො ආහාරා තෙසං පටිපක‍්ඛො චතස‍්සො පටිපදා”තිආදිමාහ. තත්‍ථ තෙසං පටිපක‍්ඛභාවො පහාතබ‍්බභාවො පහායකභාවො ච ආහාරවිඤ‍්ඤාණට‍්ඨිතීනඤ‍්චෙත්‍ථ පහාතබ‍්බභාවො තප‍්පටිබන්‍ධඡන්‍දරාගවසෙන දට‍්ඨබ‍්බො. තත්‍ථ “වික‍්කීළිතං භාවනා සච‍්ඡිකිරියා චා”තිආදි තස‍්සායං සඞ‍්ඛෙපත්‍ථො – තෙසං වික‍්කීළිතන‍්ති එත්‍ථ යදෙතං වික‍්කීළිතං නාම භාවෙතබ‍්බානං බොධිපක‍්ඛියධම‍්මානං භාවනා, සච‍්ඡිකාතබ‍්බානං ඵලනිබ‍්බානානං සච‍්ඡිකිරියා ච. තථා පහාතබ‍්බස‍්ස දසවත්‍ථුකස‍්ස කිලෙසපුඤ‍්ජස‍්ස තදඞ‍්ගාදිවසෙන පහානං බ්‍යන‍්තීකිරියා අනවසෙසනන‍්ති. ඉදානි තං සඞ‍්ඛෙපෙන දස‍්සෙන‍්තො “ඉන්‍ද්‍රියාධිට‍්ඨානං වික‍්කීළිතං විපරියාසානධිට‍්ඨාන”න‍්ති ආහ.

තෙසං වික්කීළිතං යනු අසන්ත ආසන ජවන පරාක්‍රම ආදී විශේෂ යෙදීමෙන් බුද්ධ සිංහයන්ගේ ද (බුද්ධ ශ්‍රේෂ්ඨයන්ගේ ද) පසේ බුදුවරුන්ගේ ද බුද්ධ ශ්‍රාවකයන්ගේ ද ක්‍රීඩාවයි. විහරණයයි. එනම් ආහාර ආදී ක්ලේශ වස්තු ඉක්මවීම් මුඛයෙන් අනුන්ගේ සිතෙහි ප්‍රතිපදාදිය සම්පාදනය කිරීමයි. දැන් ආහාර ආදියේ ප්‍රතිපදාවන්ගෙන් යමක ඉක්මවීමක් වේ ද එය ඒවාට ප්‍රතිපක්‍ෂ බව දක්වමින් චත්තාරො ආහාර තෙසං පටිපක්ඛො චතස්සො පටිපදා යනාදිය කියන ලදී. එහිදී ඒවායේ ප්‍රතිපක්‍ෂ භාවය පහාතබ්බ භාවය හා පහායක භාවය (දතයුතු වේ) මෙහිදී ආහාරය විඤ්ඤාණ ඨිතිය (විඤ්ඤාණයේ පැවැත්ම) ආදියේ ඉවත් කළයුතු ස්වභාවය හා ඒ හා බැඳුණු ඡන්‍දරාගය අනුව දතයුතුය. එහි වික්කීළිතය භාවනාව හා සාක්‍ෂාත් කරණය යනාදියයි. මේ එහි සංක්‍ෂේපාර්ථයයි. තෙසං වික්කීළිතං යන මෙහි ඒ වික්කීළිතය යනු වැඩිය යුතු බෝධිපාක්‍ෂික ධර්මයන්ගේ වැඩීමයි. සාක්‍ෂාත් කළ යුතු ඵල-නිර්වාණ ආදියේ සාක්‍ෂාත් කිරීමයි. එසේම ප්‍රහාණය කළයුතු දසවස්තුක කෙලෙස් සමූහය තදංග ආදී වශයෙන් ප්‍රහාණය කිරීමයි. ඉතිරි නොකොට විනාශ කිරීමයි. දැන් එය කෙටියෙන් දක්වමින් ඉන්‍ද්‍රියාධිට්ඨානං වික්කීළිතං විපරියාසානධිට්ඨානං යි කියන ලදී.

ඉන්‍ද්‍රියාධිට‍්ඨානන‍්ති ඉන්‍ද්‍රියානං පවත‍්තනං භාවනා සච‍්ඡිකිරියා ච. විපරියාසානධිට‍්ඨානන‍්ති විපල‍්ලාසානං අපවත‍්තනං පහානං අනුප‍්පාදනං. ඉන්‍ද්‍රියානි සද‍්ධම‍්මගොචරොති ඉන්‍ද්‍රියානි චෙත්‍ථ සද‍්ධම‍්මස‍්ස ගොචරභූතානි පවත‍්තිහෙතූති අධිප‍්පෙතානි සද‍්ධින්‍ද්‍රියාදීනීති අත්‍ථො. විපරියාසා කිලෙසගොචරොති විපල‍්ලාසා සංකිලෙසපක‍්ඛස‍්ස පවත‍්තිට‍්ඨානං පවත‍්තිහෙතූති. අයං වුච‍්චති සීහවික‍්කීළිතස‍්ස නයස‍්ස භූමීති යායං “චත‍්තාරො ආහාරා”තිආදිනා සංකිලෙසපක‍්ඛෙ දසන‍්නං චතුක‍්කානං, “චතස‍්සො පටිපදා”තිආදිනා වොදානපක‍්ඛෙපි දසන‍්නං චතුක‍්කානං තණ‍්හාචරිතාදීනං උපක‍්කිලෙසවොදානවිභාවනාමුඛෙන නිද‍්ධාරණා, අයං සීහවික‍්කීළිතස‍්ස නයස‍්ස භූමි නාම.

ඉන්‍ද්‍රියාධිට්ඨානං යනු ඉන්‍ද්‍රියයන්ගේ පැවැත්ම, වර්ධනය හා සාක්‍ෂාත් කරණයයි. විපරියාසානධිට්ඨානං යනු විපර්යාසයන්ගේ නොපැවැත්ම, ප්‍රහාණය හා නූපදවීමයි. ඉන්‍ද්‍රියානි සද්ධම්ම ගොචරො යනු සද්ධර්මයට අරමුණු වූ ඉන්‍ද්‍රියයන් ය. පවත්ති හේතු යනු අදහස් කරන ලද සද්ධින්‍ද්‍රිය ආදිය යන අර්ථයයි. විපරියාසා කිලෙස ගොචරො යනු විපර්යාසයේ සංකිලේස පක්‍ෂයට ප්‍රවෘත්ති ස්ථානයකි. පැවතුම් හේතුවකි යනුයි. අයං වුච්චති සීහ වික්කීළිතස්ස නයස්ස භූමි යන යම් මේ භූමියක් චත්තාරො ආහාරා යනාදියෙන් සංකිලේස පක්‍ෂයෙහි චතුෂ්ක දහයේ ද චත්තාරො පටිපදා යනාදියෙන් වෝදාන පක්‍ෂයෙහි චතුෂ්ක දහයේ ද තෘෂ්ණා චරිත ආදීන්ගේ උපක්ලේශ වෝදානයන් දැක්වීම් ස්වරූපයෙන් වෙන් කෙරේ ද මෙය සීහවික්කීළිත නයෙහි භූමිය නම් වේ.

ඉදානි උග‍්ඝටිතඤ‍්ඤුආදිපුග‍්ගලත‍්තයවසෙන තිපුක‍්ඛලනයස‍්ස භූමිං විභාවෙතුකාමො යස‍්මා පන නයානං අඤ‍්ඤමඤ‍්ඤානුප‍්පවෙසස‍්ස ඉච‍්ඡිතත‍්තා සීහවික‍්කීළිතනයතො තිපුක‍්ඛලනයො නිග‍්ගච‍්ඡති, තස‍්මා පටිපදාවිභාගතො චත‍්තාරො පුග‍්ගලෙ සීහවික‍්කීළිතනයස‍්ස භූමිං නිද‍්දිසිත්‍වා තතො එව උග‍්ඝටිතඤ‍්ඤුආදිපුග‍්ගලත‍්තයෙ නිද‍්ධාරෙතුං “තත්‍ථ යෙ දුක‍්ඛාය පටිපදායා”තිආදි ආරද‍්ධං. තත්‍ථ ඉමෙ ද‍්වෙ පුග‍්ගලාති ඉමෙ පුරිමානං ද‍්වින‍්නං පටිපදානං වසෙන ද‍්වෙ පුග‍්ගලා. එස නයො ඉතරත්‍ථාපි. පුන “තත්‍ථ යෙ දුක‍්ඛාය පටිපදායා”තිආදි යථාවුත‍්තපුග‍්ගලචතුක‍්කතො උග‍්ඝටිතඤ‍්ඤුආදිපුග‍්ගලත‍්තයං නිද‍්ධාරෙතුං වුත‍්තං. තත්‍ථ යො සාධාරණායාති දුක‍්ඛාපටිපදාය ඛිප‍්පාභිඤ‍්ඤාය, සුඛාපටිපදාය දන්‍ධාභිඤ‍්ඤාය ච නිය්‍යාතීති සම‍්බන්‍ධො. කථං පන පටිපදාද‍්වයං එකස‍්ස සම‍්භවතීති? නයිදමෙවං දට‍්ඨබ‍්බං. එකස‍්ස පුග‍්ගලස‍්ස එකස‍්මිං ද‍්වෙ පටිපදා සම‍්භවන‍්තීති. යථාවුත‍්තාසු පන ද‍්වීසු පටිපදාසු යො යාය කායචි නිය්‍යාති, අයං විපඤ‍්චිතඤ‍්ඤූති අයමෙත්‍ථ අධිප‍්පායො. යස‍්මා පන අට‍්ඨසාලිනියං (ධ· ස· අට‍්ඨ· 350) පටිපදා චලති න චලතීති විචාරණායං “චලතී”ති වුත‍්තං, තස‍්මා එකස‍්සපි පුග‍්ගලස‍්ස ඣානන‍්තරමග‍්ගන‍්තරෙසු පටිපදාභෙදො ඉච‍්ඡිතොවාති.

දැන් උග්ඝටිතඥ ආදී පුද්ගලයන් තිදෙනා වශයෙන් තිපුක්ඛලනයෙහි භූමිය දක්වන කැමැත්තේ යම් හෙයකින් න්‍යායයන්ගේ අන්‍යොන්‍ය වශයෙන් වන ප්‍රවේශය කැමති බැවින් සීහවික්කීළිත නයෙන් තිපුක්ඛල නය නික්ම යේ ද එහෙයින් පද විභාග වශයෙන් පුද්ගලයින් සතර දෙනෙක් සීහවික්කීළිත නයෙහි භූමිය සේ දක්වා එයින් ද උඝ්ඝටිතඥ ආදී පුද්ගලයන් තිදෙනා වෙන්කර දක්වන්නට තත්‍ථ යෙ දුක්ඛාය පටිපදාය යනාදිය අරඹන ලදී. එහි ඉමෙ දුවෙ පුග්ගලා යනු පළමු ප්‍රතිපදා දෙක ලෙසින් මේ පුද්ගලයන් දෙදෙනා ය. අනෙක් තැන්වලදී ද මේ ක්‍රමය මැයි. නැවත තත්‍ථ යෙ දුක්ඛාය පටිපදාය යනාදිය මුලින් කියන ලද පුද්ගල චතුෂ්කයෙන් උග්ඝටිතඥ ආදී පුද්ගලත්‍රය වෙන් කරන්නට කියන ලදී. එහි යො සාධාරණාය යනු වහා පැමිණෙන ලද අභිඥා ඇති දුක්ඛ ප්‍රතිපදාවෙන් ද පමා වූ අභිඥා ඇති සුඛ ප්‍රතිපදාවෙන් ද පමුණුවයි යන සම්බන්ධයයි. කෙසේනම් ප්‍රතිපදා දෙකක් එකක හමුවේ ද? එය මෙසේ නොදත යුතුය. එක් පුද්ගලයෙකුට එකෙක්හි පටිපදා දෙකක් හමු නොවේ යනුවෙනි. පෙර කියන ලද ප්‍රතිපදා දෙකෙහි යමෙක් යම්කිසිවක් ගෙනයයි ද ඒ විපඤ්චිතඥ පුද්ගලයා යන මෙය මෙහි අදහසයි. යම්හෙයකින් අත්‍ථසාලිනියේ දී ප්‍රතිපදාව සෙලවෙයි. නොසෙල්වෙයි යන විචාරයෙහි චලති යයි කියන ලද ද එහෙයින් එක් පුද්ගලයෙකුගේ ධ්‍යාන අතර මාර්ග අතර ප්‍රතිපදා භේදය කැමතිවිය ලද්දේය යනුයි.

“තත්‍ථ භගවා”තිආදිනා දෙසනාවිභාගෙහිපි තමෙව පුග‍්ගලවිභාගං විභාවෙති. තං හෙට‍්ඨා වුත‍්තනයමෙව. තත්‍ථ අධිචිත‍්තන‍්ති අධිචිත‍්තසික‍්ඛඤ‍්චාති ච-සද‍්දො ලුත‍්තනිද‍්දිට‍්ඨො. තෙන අධිචිත‍්තසික‍්ඛඤ‍්ච අධිපඤ‍්ඤාසික‍්ඛඤ‍්ච විපඤ‍්චිතඤ‍්ඤුස‍්ස පඤ‍්ඤපෙතීති අත්‍ථො. අධිසීලන‍්ති එත්‍ථාපි එසෙව නයො. අධිසීලසික‍්ඛං අධිචිත‍්තසික‍්ඛං අධිපඤ‍්ඤාසික‍්ඛඤ‍්චාති යොජෙතබ‍්බං.

තත්‍ථ භගවා යනාදියෙන් දේශනා විභාගයන්ගෙන් ද ඒ පුද්ගල විභාගය ම දක්වයි. එය මුලින් කියන ලද ක්‍රමය ම ය. එහි අධිචිත්තං යනු අධිචිත්ත ශික්‍ෂාවන් යනුයි. ච ශබ්ද ලොප්කරන ලද්ද දැක්වීමයි. එයින් අධිචිත්ත ශික්‍ෂාව ද අධිප්‍රඥා ශික්‍ෂාව ද විපඤ්චිතඥ පුද්ගලයාට පනවයි යන අර්ථයයි. අධිසීලං යන මෙහි ද මේ ක්‍රමය ම ය. අධිසීල ශික්‍ෂාව අධිචිත්ත ශික්‍ෂාව අධිප්‍රඥා ශික්‍ෂාව ද යෙදිය යුතුය.

චත‍්තාරි හුත්‍වා තීණි භවන‍්තීති ලිඞ‍්ගවිපල‍්ලාසෙන වුත‍්තං, චත‍්තාරො පුග‍්ගලා හුත්‍වා තයො පුග‍්ගලා හොන‍්තීති අත්‍ථො.

චත්තාරි හුත්‍වා තීණි භවන්ත යනු ලිංග විපර්යාස වශයෙන් කියන ලදි. චත්තාරො පුග්ගලා හුත්‍වා තයො පුග්ගලා හොන්ති යන අර්ථයයි.

අයං සංකිලෙසොති අයං අකුසලමූලාදිද‍්වාදසත‍්තිකසඞ‍්ගහො සංකිලිස‍්සති එතෙනාති සංකිලෙසොති කත්‍වා. ඉදං වොදානන‍්ති එත්‍ථාපි එසෙව නයො.

අයං සංකිලෙසො යනු අකුසල මූල ආදී මේ දොළසක් වූ තික සංග්‍රහය මෙය කරණ කොටගෙන කෙළෙසෙන්නේය යන අර්ථයෙන් සංකිලෙසොයි තීරණයකොට යනුයි. ඉදං වොදානං යන මෙහි ද මේ ක්‍රමය මැයි.

තීණි හුත්‍වා ද‍්වෙ භවන‍්තීති නන්‍දියාවට‍්ටනයස‍්ස දිසාභූතධම‍්මදස‍්සනත්‍ථං වුත‍්තං. තෙනෙවාහ – “තණ‍්හා ච අවිජ‍්ජා චා”තිආදි, තං සබ‍්බං සුවිඤ‍්ඤෙය්‍යමෙව.

තීණි හුත්‍වා ද්වෙ භවන්ති යනු නන්දියාවට්ට නයෙහි දිශාව වූ ධර්මයන් දක්වනු පිණිස කියන ලදි. එහෙයින් ම තණ්හාව අවිජ්ජා ච යනාදිය කියන ලදි. ඒ සියල්ල මනාව දතහැකිය.

කස‍්මා පනෙත්‍ථ නයානං උද‍්දෙසානුක‍්කමෙන නිද‍්දෙසො න කතොති? නයානං නයෙහි සම‍්භවදස‍්සනත්‍ථං. පඨමනයතො හි පුග‍්ගලාධිට‍්ඨානවසෙන තතියනයස‍්ස, තතියනයතො ච දුතියනයස‍්ස සම‍්භවොති ඉමස‍්ස විසෙසස‍්ස දස‍්සනත්‍ථං පඨමනයානන‍්තරං තතියනයො, තතියනයානන‍්තරඤ‍්ච දුතියනයො නිද‍්දිට‍්ඨො. ධම‍්මාධිට‍්ඨානවසෙන පන තතියනයතො දුතියනයො, දුතියනයතො පඨමනයොපි සම‍්භවතීති ඉමස‍්ස විසෙසස‍්ස දස‍්සනත්‍ථං අන‍්තෙ “තණ‍්හා ච අවිජ‍්ජා චා”තිආදිනා පඨමනයස‍්ස භූමි දස‍්සිතා. තෙනෙව හි “චත‍්තාරි හුත්‍වා තීණි භවන‍්ති, තීණි හුත්‍වා ද‍්වෙ භවන‍්තී”ති වුත‍්තං. යදි එවං “ද‍්වෙ හුත්‍වා චත‍්තාරි භවන‍්ති, ද‍්වෙ හුත්‍වා තීණි භවන‍්ති, තීණි හුත්‍වා චත‍්තාරි භවන‍්තී”ති අයම‍්පි නයො වත‍්තබ‍්බො සියාති? සච‍්චමෙතං, අයං පන නයො අත්‍ථතො දස‍්සිතො එවාති කත්‍වා න වුත‍්තො. යස‍්මා තිණ‍්ණං අත්‍ථනයානං අඤ‍්ඤමඤ‍්ඤං අනුප‍්පවෙසො ඉච‍්ඡිතො, සති ච අනුප‍්පවෙසෙ තතො විනිග‍්ගමොපි සම‍්භවති එවාති. අයඤ‍්ච අත්‍ථො පෙටකොපදෙසෙන විභාවෙතබ‍්බො.

මෙහිදී කවර හෙයකින් න්‍යායන්ගේ උද්දේස අනුපිළිවෙලින් නිද්දේසය නොකරන ලද්දේ ද? න්‍යාය න්‍යායන්ගෙන් ඇතිවූ බව දක්වනු පිණිසය. පළමු නයෙන් පුද්ගල අධිෂ්ඨාන වශයෙන් තෙවන නය ද තෙවැනි නයෙන් දෙවැනි නය ද ඇතිවේ යන මේ විශේෂය දක්වනු පිණිස පළමු නයට අනතුරුව තෙවැනි නය ද තෙවැනි නයට අනතුරුව දෙවැනි නය ද දක්වන ලදි. ධර්මාධිෂ්ඨාන වශයෙන් තෙවැනි නයෙන් දෙවැනි නයද දෙවැනි නයෙන් පළමු නය ද ඇති වේ යන මේ විශේෂය දක්වනු පිණිස කෙළවරදී තණ්හා ච අවිජ්ජා ච යනාදියෙන් පළමු නයෙහි භූමිය දක්වන ලදි. එහෙයින් චත්තාරි හුත්‍වා තීණි හොන්ති තීණි හුත්‍වා ද්වෙ හොන්ති යයි කියන ලදි. ඉදින් (මෙය) මෙසේ නම් දෙකක් වී සතරක් වේ. දෙකක් වී තුනක් වේ. තුනක් වී සතරක් වේ යන මේ නය ද කිවයුතු වන්නේද? එය සත්‍යයකි. මේ නය වනාහි අර්ථ වහයෙන් දක්වන ලද්දේ ම යැයි සලකා නොකියන ලද්දේය. යම්හෙයකින් ත්‍රිවිධ අර්ථ න්‍යායන්ගේ අන්‍යොන්‍ය ප්‍රවේශය කැමතිවන ලද්දේ ද (එම) අනුප්‍රවේශය ඇතිකල්හි එයින් ඉවත්වීම ද ලැබේමය. මේ අර්ථය ද පේටකෝපදේශයෙන් දැක්විය යුතුය.

තත්‍ථායං ආදිතො පට‍්ඨාය විභාවනා – චත‍්තාරො පුග‍්ගලා තණ‍්හාචරිතො දුවිධො මුදින්‍ද්‍රියො තික‍්ඛින්‍ද්‍රියො ච. තථා දිට‍්ඨිචරිතොති. තත්‍ථ තණ‍්හාචරිතො මුදින්‍ද්‍රියො දුක‍්ඛාය පටිපදාය දන්‍ධාභිඤ‍්ඤාය නිය්‍යාති, තික‍්ඛින්‍ද්‍රියො දුක‍්ඛාය පටිපදාය ඛිප‍්පාභිඤ‍්ඤාය නිය්‍යාති, දිට‍්ඨිචරිතො පන මුදින්‍ද්‍රියො සුඛාය පටිපදාය දන්‍ධාභිඤ‍්ඤාය නිය්‍යාති, තික‍්ඛින්‍ද්‍රියො සුඛාය පටිපදාය ඛිප‍්පාභිඤ‍්ඤාය නිය්‍යාති. ඉති ඉමාසු පටිපදාසු යථාරහං ඨිතෙහි තණ‍්හාචරිතදිට‍්ඨිචරිතෙහි චත‍්තාරො ආහාරා තප‍්පටිබන්‍ධඡන්‍දරාගප‍්පහානෙන පහාතබ‍්බා. චත‍්තාරො සතිපට‍්ඨානෙ භාවෙත්‍වා චත‍්තාරො විපල‍්ලාසා දට‍්ඨබ‍්බාති සබ‍්බො යථාවුත‍්තනයො අනුගන‍්තබ‍්බො.

මේ එහි මුලපටන් වූ විභාවනයයි. පුද්ගලයන් සතර දෙනෙකි. තෘෂ්ණා චරිතයා මුදින්‍ද්‍රිය හා තික්ඛින්‍ද්‍රිය ලෙස ද්විවිධය. දෘෂ්ටි චරිතයාන ද එසේමය. එහි මෘදු ඉන්‍ද්‍රිය ඇති තෘෂ්ණා චරිතයා දුක්ඛ ප්‍රතිපදාවෙන් පමා වී අභිඤ්ඤා ලබනු පිණිස මෙහෙයවයි. තික්ඛින්‍ද්‍රිය පුද්ගලයා දුක්ඛ ප්‍රතිපදාවෙන් වහා අභිඤ්ඤා ලබනු පිණිස මෙහෙයවයි. දෘෂ්ටි චරිතයා වනාහි මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ සුඛ ප්‍රතිපදාවෙන් පමා වී අභිඤ්ඤා ලබනු පිණිස මෙහෙයවයි. තික්ඛින්‍ද්‍රිය පුද්ගලයා සුඛ ප්‍රතිපදාවෙන් වහා අභිඤ්ඤා ලබනු පිණිස මෙහෙයවයි. මෙලෙස මේ ප්‍රතිපදාවන්හි සුදුසු පරිදි පැවති තෘෂ්ණා දෘෂ්ටි චරිතයන් විසින් සතර ආහාර ඊට බැඳුණු ඡන්‍දරාගය ප්‍රහාණය කිරීමෙන් ඉවත්කළ යුතුයි. සතර සතිපට්ඨාන වඩා සතර විපර්යාස දතයුතුය යන සියල්ල කියන ලද ක්‍රමය අනුව අනුගමනය කළයුතුය.

තත්‍ථායං පාළි – තත්‍ථ යෙ දිට‍්ඨිචරිතා සත‍්තා, තෙ කාමෙසු දොසදිට‍්ඨී, න ච යෙ කාමෙසු අනුසයා සමූහතා, තෙ අත‍්තකිලමථානුයොගමනුයුත‍්තා විහරන‍්ති. තෙසං සත්‍ථා වා ධම‍්මං දෙසෙති අඤ‍්ඤතරො වා ගරුට‍්ඨානියො සබ්‍රහ‍්මචාරී “කාමෙහි නත්‍ථි අත්‍ථො”ති, තෙ ච පුබ‍්බෙයෙව කාමෙහි අනත්‍ථිකා , ඉති කාමෙ අප‍්පකසිරෙන පටිනිස‍්සජ‍්ජන‍්ති, තෙ චෙතසිකෙන දුක‍්ඛෙන අනජ‍්ඣොසිතා. තෙන වුච‍්චති “සුඛා පටිපදා”ති. යෙ පන තණ‍්හාචරිතා සත‍්තා, තෙ කාමෙසු අජ‍්ඣොසිතා, තෙසං සත්‍ථා වා ධම‍්මං දෙසෙති අඤ‍්ඤතරො වා භික‍්ඛු “කාමෙහි නත්‍ථි අත්‍ථො”ති, තෙ පියරූපං දුක‍්ඛෙන පටිනිස‍්සජ‍්ජන‍්ති. තෙන වුච‍්චති “දුක‍්ඛා පටිපදා”ති. ඉති ඉමෙ සබ‍්බෙ සත‍්තා ද‍්වීසු පටිපදාසු සමොසරණං ගච‍්ඡන‍්ති දුක‍්ඛායඤ‍්ච සුඛායඤ‍්ච.

මේ එහි පෙළයි. එහි යම් දෘෂ්ටිචරිත ඇති සත්ත්වයෝ වෙත් ද ඔවුහු කාමයන්හි දෝෂ දෘෂ්ටීන් ඇත්තෝ ය. ඔවුහු කාමසුඛයන් පිළිබඳ අනුසය මනාව නසන ලද්දෝ නොවෙත්. ඔවුහු අත්තකිලමථානුයෝගයෙහි යෙදුණාහු වාසය කරත්. කාමයන්ගෙන් ප්‍රයෝජනයක් නැතැයි ශාස්තෲවරයා හෝ අන්‍ය වූ ගරුකටයුතු සබ්‍රහ්මචාරියෙකු හෝ ධර්මය දේශනා කරයි. ඔවුහු පළමුව ම කාමයන්ගෙන් ප්‍රයෝජනයක් නැතැයි (සිතා) නිදුකින් කාමයන් දුරුකරත්. ඔවුහු චෛතසික දුකින් (කාමයන්) සමාප්ත කළාහු නොවෙත්. එහෙයින් සුඛ ප්‍රතිපදාව යැයි කියනු ලැබේ. කාමයන්හි රාගය අවසන් කළ යම් තෘෂ්ණා චරිත ඇති සත්ත්වයෝ වෙත් නම් ඔවුන්ට ශාස්තෲන් වහන්සේ හෝ අන්‍ය වූ භික්‍ෂුවක් හෝ කාමයන්ගෙන් ප්‍රයෝජනයක් නැතැයි දහම් දෙසයි. ඔවුහු දුකසේ ප්‍රිය රූපය අත්හරිත්. එහෙයින් දුක්ඛ ප්‍රතිපදාව යැයි කියනු ලැබේ. මේ සියලු සත්ත්වයෝ ප්‍රතිපදා දෙකෙහි දුක්ඛ වූ ද සුඛ වූ ද ඒකරාශීවීම්වලට ගමන් කරත්.

තත්‍ථ යෙ දිට‍්ඨිචරිතා සත‍්තා, තෙ ද‍්විධා තික‍්ඛින්‍ද්‍රියා ච මුදින්‍ද්‍රියා ච. තත්‍ථ යෙ දිට‍්ඨිචරිතා සත‍්තා තික‍්ඛින්‍ද්‍රියා, තෙ සුඛෙන පටිනිස‍්සජ‍්ජන‍්ති, ඛිප‍්පඤ‍්ච අභිසමෙන‍්ති. තෙන වුච‍්චති – “සුඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා”ති. තත්‍ථ යෙ දිට‍්ඨිචරිතා සත‍්තා මුදින්‍ද්‍රියා පඨමං තික‍්ඛින්‍ද්‍රියං උපාදාය දන්‍ධතරං අභිසමෙන‍්ති, තෙ සුඛෙන පටිනිස‍්සජ‍්ජන‍්ති, දන්‍ධඤ‍්ච අභිසමෙන‍්ති. තෙන වුච‍්චති – “සුඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා”ති. තත්‍ථ තණ‍්හාචරිතා සත‍්තා දුවිධා තික‍්ඛින්‍ද්‍රියා ච මුදින්‍ද්‍රියා ච. තත්‍ථ යෙ තණ‍්හාචරිතා සත‍්තා තික‍්ඛින්‍ද්‍රියා, තෙ දුක‍්ඛෙන පටිනිස‍්සජ‍්ජන‍්ති, ඛිප‍්පඤ‍්ච අභිසමෙන‍්ති. තෙන වුච‍්චති – “දුක‍්ඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා”ති. තත්‍ථ යෙ තණ‍්හාචරිතා සත‍්තා මුදින්‍ද්‍රියා පඨමං තික‍්ඛින්‍ද්‍රියං උපාදාය දන්‍ධතරං අභිසමෙන‍්ති, තෙ දුක‍්ඛෙන පටිනිස‍්සජ‍්ජන‍්ති, දන්‍ධඤ‍්ච අභිසමෙන‍්ති. තෙන වුච‍්චති – “දුක‍්ඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා”ති. ඉමා චතස‍්සො පටිපදායො අපඤ‍්චමා අඡට‍්ඨා. යෙ හි කෙචි නිබ‍්බුතා නිබ‍්බායන‍්ති නිබ‍්බායිස‍්සන‍්ති වා ඉමාහි චතූහි පටිපදාහි අනඤ‍්ඤාහි, අයං පටිපදා චතුක‍්කමග‍්ගෙන කිලෙසෙ නිද‍්දිසති. යා චතුක‍්කමග‍්ගෙන අරියධම‍්මෙසු නිද‍්දිසිතබ‍්බා, අයං වුච‍්චති සීහවික‍්කීළිතො නාම නයො.

එහි යම් දෘෂ්ටි චරිත ඇති සත්ත්වයෝ වෙත් ද ඔවුහු තික්ඛින්‍ද්‍රිය හා මුදින්‍ද්‍රිය සේ දෙපරිදියහ. එහි තියුණු ඉන්‍ද්‍රිය ඇති යම් දෘෂ්ටි චරිත ඇති සත්ත්වයෝ වෙත් නම් ඔවුහු සැපසේ අත්හරිත්. වහා සන්සිඳුවත්. එහෙයින් සුඛ ප්‍රතිපදාව වහා අවබෝධ කරන ලද අභිඥා ඇතැයි කියනු ලැබේ. එහි මෘදු ඉන්‍ද්‍රිය ඇති යම් දෘෂ්ටි චරිත ඇති සත්ත්වයෝ වෙත් නම් ඔවුහු පළමුව තියුණු ඉන්‍ද්‍රිය අරමුණුකොට ඉතා ලැසිව සන්සිඳුවත්. ඔවුහු සැපසේ අත්හරිත්. ලැසිව සන්සිඳුවත්. එහෙයින් සුඛා පටිපදා දන්‍ධාභිඥා යැයි කියනු ලැබේ. එහි තෘෂ්ණා චරිත ඇති සත්ත්වයෝ තියුණු ඉන්‍ද්‍රිය හා මෘදු ඉන්‍ද්‍රිය ලෙසින් දෙවැදෑරුම් ය. එහි තියුණු ඉන්‍ද්‍රිය ඇති තෘෂ්ණා චරිතවලින් සමන්විත සත්ත්වයෝ වෙත් නම් ඔවුහු දුකසේ අත්හරිත්. වහා සන්සිඳුවත්. එහෙයින් දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤායි කියනු ලැබේ. එහි මෘදු වූ ඉන්‍ද්‍රිය ඇති තෘෂ්ණා චරිතවලින් යුත් සත්ත්වයෝ වෙත් නම් ඔවුහු පළමුව තියුණු ඉන්‍ද්‍රිය අරමුණු කොට ඉතා ලැසිව සන්සිඳුවත්. ඔවුහු දුකසේ අත්හරිත්. ලැසිව සන්සිඳුවත්. එහෙයින් දුක්ඛා පටිපදා දන්‍ධාභිඤ්ඤායි කියනු ලැබේ. මේ ප්‍රතිපදා සතර පස්වැන්නක් නැත්තකි. සවැන්නක් නැත්තකි. යම්කිසිවෙක් නිවුනාහු ද නිවෙත් ද මතු නිවෙන්නාහු ද මේ ප්‍රතිපදා සතරින් මිස අනෙකකින් නොවේ. ප්‍රතිපදා සතර පිළිබඳ මාර්ගයෙන් කෙලෙස් ඉදිරිපත්කොට ආර්ය සත්‍ය පිළිබඳ මාර්ග සතරින් මේ නය දැක්විය යුතුය. සීහවික්කීළිත නය මේ යැයි කියනු ලැබේ.

තත්‍රිමෙ චත‍්තාරො ආහාරා, චත‍්තාරො විපල‍්ලාසා උපාදානා යොගා ගන්‍ථා ආසවා ඔඝා සල‍්ලා විඤ‍්ඤාණට‍්ඨිතියො අගතිගමනානීති එවං ඉමානි සබ‍්බානි දස පදානි. අයං සුත‍්තස‍්ස සංසන්‍දනා.

එහි මේ ආහාර සතරකි. විපර්යාස සතරකි. උපාදාන, යෝග, ග්‍රන්ථ, ආශ්‍රව, ඕඝ, සල්ල, (විඥාන ස්ථිති) විඥානයේ පැවතීම්, අගතියට යෑම් යන මෙය සූත්‍රය හා සැසඳීම් ය.

චත‍්තාරො ආහාරා, තත්‍ථ යො ච කබළීකාරො ආහාරො, යො ච ඵස‍්සො ආහාරො, ඉමෙ තණ‍්හාචරිතෙන පහාතබ‍්බා. තත්‍ථ යො ච මනොසඤ‍්චෙතනාහාරො, යො ච විඤ‍්ඤාණාහාරො, ඉමෙ දිට‍්ඨිචරිතෙන පහාතබ‍්බා.

ආහාර සතරකි. එහි යම් කබලිංකාර ආහාරයක් වේ ද යම් ස්පර්ශාහාරයක් වේ ද ඒවා තෘෂ්ණා චරිතයා විසින් ඉවත්කළ යුතුය. එහි යම් මනෝ සංචේතන ආහාරයක් වේ ද යම් විඥාන ආහාරයක් වේ ද ඒවා දෘෂ්ටි චරිතයා විසින් ඉවත්කළ යුතුය.

තත්‍ථ පඨමො ආහාරො පඨමො විපල‍්ලාසො, දුතියො ආහාරො දුතියො විපල‍්ලාසො, තතියො ආහාරො තතියො විපල‍්ලාසො, චතුත්‍ථො ආහාරො චතුත්‍ථො විපල‍්ලාසො, ඉමෙ චත‍්තාරො විපල‍්ලාසා අපඤ‍්චමා අඡට‍්ඨා. ඉදඤ‍්ච පමාණා චත‍්තාරො ආහාරා.

එහි පළමු ආහාරය පළමු විපර්යාසයයි. දෙවැනි ආහාරය දෙවැනි විපර්යාසයයි. තෙවැනි ආහාරය තෙවැනි විපර්යාසයයි. සිව්වැනි ආහාරය සිව්වැනි විපර්යාසයයි. මේ සතර විපර්යාසයෝ පස්වැන්නක් නැත්තෝ ය. සවැන්නක් නැත්තෝ ය. මෙය ද සතර ආහාරවල ප්‍රමාණයයි. මෙසේ මේ පද සියල්ල දහයකි.

තත්‍ථ පඨමෙ විපල‍්ලාසෙ ඨිතො කාමෙ උපාදියති, ඉදං කාමුපාදානං. දුතියෙ විපල‍්ලාසෙ ඨිතො අනාගතං භවං උපාදියති, ඉදං සීලබ‍්බතුපාදානං. තතියෙ විපල‍්ලාසෙ ඨිතො විපරීතදිට‍්ඨිං උපාදියති, ඉදං දිට‍්ඨුපාදානං. චතුත්‍ථෙ විපල‍්ලාසෙ ඨිතො ඛන්‍ධෙ අත‍්තතො උපාදියති, ඉදං අත‍්තවාදුපාදානං.

එහිදී පළමු විපර්යාසයෙහි සිටි තැනැත්තා කාමයන් ග්‍රහණය කරගනී. මෙය කාම උපාදානයයි. දෙවැනි විපර්යාසයෙහි සිටි තැනැත්තා අනාගත භවය ග්‍රහණය කරයි. මෙය සීලබ්බත උපාදානයයි. තෙවැනි විපර්යාසයෙහි සිටි තැනැත්තා විපරීත දෘෂ්ටිය ග්‍රහණය කරයි. මෙය දිට්ඨි උපාදානයයි. සිව්වැනි විපර්යාසයෙහි සිටි තැනැත්තා ස්කන්ධයන් ආත්ම වශයෙන් ග්‍රහණය කරයි. මෙය අත්තවාද උපාදානයයි.

තත්‍ථ කාමුපාදානෙ ඨිතො කාමෙ අභිජ‍්ඣාය ගන්‍ථති, අයං අභිජ‍්ඣාකායගන්‍ථො. සීලබ‍්බතුපාදානෙ ඨිතො බ්‍යාපාදං ගන්‍ථති, අයං බ්‍යාපාදකායගන්‍ථො. දිට‍්ඨුපාදානෙ ඨිතො පරාමාසං ගන්‍ථති, අයං පරාමාසකායගන්‍ථො. අත‍්තවාදුපාදානෙ ඨිතො පපඤ‍්චෙන‍්තො ගන්‍ථති, අයං ඉදංසච‍්චාභිනිවෙසකායගන්‍ථො.

එහිදී කාම උපාදානයෙහි සිටි තැනැත්තා කාමයන් අභිධ්‍යාවෙන් ගොතයි. මෙය අභිධ්‍යා කාය ග්‍රන්ථයයි. සීලබ්බත උපාදානයෙහි සිටි තැනැත්තා ව්‍යාපාදය ගොතා ගනී. මෙය ව්‍යාපාද කාය ග්‍රන්ථයයි. එහිදී දිට්ඨි උපාදානයෙහි සිටි තැනැත්තා පරාමාසය ගොතා ගනී. මෙය පරාමාස කාය ග්‍රන්ථයයි. එහිදී අත්තවාද උපාදානයෙහි සිටි තැනැත්තා ප්‍රමාද කරමින් ගොතා ගනී. මෙය ඉදං සච්චාභිනිවෙස කාය ග්‍රන්ථයයි.

තස‍්ස ගන්‍ථගන්‍ථිතා කිලෙසා ආසවන‍්ති. කිං පන වුච‍්චති ආසවන‍්තීති? විප‍්පටිසාරා. යෙ විප‍්පටිසාරා, තෙ අනුසයා. තත්‍ථ අභිජ‍්ඣාකායගන්‍ථෙන කාමාසවො, බ්‍යාපාදකායගන්‍ථෙන භවාසවො, පරාමාසකායගන්‍ථෙන දිට‍්ඨාසවො, ඉදංසච‍්චාභිනිවෙසකායගන්‍ථෙන අවිජ‍්ජාසවො.

කෙලෙස් ගැටවලින් ගෙතුණු ඔහුගේ කෙලෙස් වැගිරෙයි. කුමක් නිසා වැගිරෙතැයි කියයි ද? පසුතැවිලි ය. යමක් පසුතැවීම් වේ ද ඒ අනුසයෝ ය. එහිදී අභිධ්‍යාකාය ග්‍රන්ථයෙන් කාමාසවය ද ව්‍යාපාද කාය ග්‍රන්ථයෙන් භවාසවය ද පරාමාස කාය ග්‍රන්ථයෙන් දිට්ඨාසවය ද ඉදං සච්චාභිනිවෙස කාය ග්‍රන්ථයෙන් අවිද්‍යාසවය ද විපිළිසර වේ.

තෙ චත‍්තාරො ආසවා වෙපුල‍්ලං ගතා ඔඝා හොන‍්ති, තෙන වුච‍්චන‍්ති “ඔඝා”ති. තත්‍ථ කාමාසවො කාමොඝො, භවාසවො භවොඝො, අවිජ‍්ජාසවො අවිජ‍්ජොඝො, දිට‍්ඨාසවො දිට‍්ඨොඝො.

මේ සතර ආශ්‍රවයෝ විශාල වූවාහු ඕඝ නම් වේ. එහෙයින් ඕඝ යැයි කියනු ලැබේ. එහි කාමාසවය කාම ඕඝයයි. භවාසවය භව ඕඝයයි. අවිජ්ජාසවය අවිජ්ජා ඕඝයයි. දිට්ඨාසවය දිට්ඨි ඕඝයයි.

තෙ චත‍්තාරො ඔඝා ආසයමනුපවිට‍්ඨා අනුසයසහගතා වුච‍්චන‍්ති සල‍්ලාති හදයමාහච‍්ච තිට‍්ඨන‍්ති. තත්‍ථ කාමොඝො රාගසල‍්ලං, භවොඝො දොසසල‍්ලං, අවිජ‍්ජොඝො මොහසල‍්ලං, දිට‍්ඨොඝො දිට‍්ඨිසල‍්ලං.

ඒ සතර ඕඝයෝ සත්ත්ව සන්තානයට පිවිසියාහු අනුසය සහගත වෙති. එහෙයින් හදවත පැහැර සිටින හුල්යැයි කියනු ලැබේ. එහි කාම ඕඝය රාග නමැති හුලයි. භව ඕඝය දෝෂ නමැති හුලයි. අවිද්‍යා ඕඝය මෝහය නමැති හුලයි. දිට්ඨි ඕඝය දිට්ඨිය නමැති හුලයි.

ඉමෙහි චතූහි සල‍්ලෙහි පරියාදින‍්නං විඤ‍්ඤාණං චතූසු ධම‍්මෙසු තිට‍්ඨති රූපෙ වෙදනාය සඤ‍්ඤාය සඞ‍්ඛාරෙසු. ඉමා චතස‍්සො විඤ‍්ඤාණට‍්ඨිතියො. තත්‍ථ රාගසල‍්ලෙන නන්‍දූපසෙචනං රූපූපගං විඤ‍්ඤාණං තිට‍්ඨති. දොසසල‍්ලෙන වෙදනූපගං. මොහසල‍්ලෙන සඤ‍්ඤූපගං. දිට‍්ඨිසල‍්ලෙන නන්‍දූපසෙචනං සඞ‍්ඛාරූපගං විඤ‍්ඤාණං තිට‍්ඨති.

මේ සතර හුල්වලින් මඩනා ලද විඤ්ඤාණය රූපයෙහි, වේදනාවෙහි සංගාවෙහි සංස්කාරයන්හි යන ධර්ම සතරෙහි සිටියි. (පවතී) මේ විඥානයේ පැවතුම් සතරයි. එහිදී රාග නමැති හුල කරණකොට තෘෂ්ණාව ඇතිකරන, රූපය අනුව ගිය විඥානය පවතී. දෝෂය නමැති හුල කරණ කොටගෙන වේදනාව අනුව ගිය, මෝහ නමැති හුල කරණ කොටගෙන සංඥාව අනුව ගිය, දිට්ඨිය නමැති හුල කරණ කොටගෙන තෘෂ්ණාව ඇතිකරන සංස්කාර අනුව ගිය විඥානය පවතී.

චතූහි විඤ‍්ඤාණට‍්ඨිතීහි චතුබ‍්බිධං අගතිං ගච‍්ඡන‍්ති ඡන්‍දා දොසා භයා මොහා. රාගෙන ඡන්‍දා අගතිං ගච‍්ඡති, දොසෙන දොසා අගතිං ගච‍්ඡති, මොහෙන මොහා අගතිං ගච‍්ඡති, දිට‍්ඨියා භයා අගතිං ගච‍්ඡති, ඉති ඉමානි ච කම‍්මානි ඉමෙ ච කිලෙසා අයං සංසාරහෙතු.

චතුර්විධ විඥාන පැවතුම් හේතුකරගෙන ඡන්‍ද දෝෂ භය මෝහ යන චතුර්විධ අගතියට යයි. රාගයෙන් ඡන්‍දාගතියට යයි. දෝෂයෙන් දෝසාගතියට යයි. මෝහයෙන් මෝහාගතියට යයි. දෘෂ්ටියෙන් භයාගතියට යයි. මෙසේ මේ කර්මයන් ද මේ කෙලෙස් ද මේ සසර හේතුව ද වේ.

තත්‍ථිමා චතස‍්සො දිසා කබළීකාරො ආහාරො “අසුභෙ සුභ”න‍්ති විපල‍්ලාසො කාමුපාදානං කාමයොගො අභිජ‍්ඣාකායගන්‍ථො කාමාසවො කාමොඝො රාගසල‍්ලං රූපූපගා විඤ‍්ඤාණට‍්ඨිති ඡන්‍දා අගතිගමනං, අයං පඨමා දිසා.

එහි මේ දිශා සතරකි. කබලිංකාර ආහාරය, අසුභයෙහි සුභයැයි ගන්නා විපර්යාසය කාම උපාදානය කාම යෝගය, අභිධ්‍යා කාය ග්‍රන්ථය, කාමාසවය, කාම ඕඝය, රාග සල්ලය, රූපූපගය, විඥානයේ පැවැත්ම, ඡන්‍දයෙන් අගතියට යෑම, මේ පළමු දිශාවයි.

ඵස‍්සො ආහාරො “දුක‍්ඛෙ සුඛ”න‍්ති විපල‍්ලාසො සීලබ‍්බතුපාදානං භවයොගො බ්‍යාපාදකායගන්‍ථො භවාසවො භවොඝො දොසසල‍්ලං වෙදනූපගා විඤ‍්ඤාණට‍්ඨිති දොසා අගතිගමනං, අයං දුතියා දිසා.

ස්පර්ශ ආහාරය, දුකෙහි සැපයයි ගන්නා විපර්යාසය සීලබ්බත උපාදානය, භවයෝගය, ව්‍යාපාද කාය ග්‍රන්ථය, භවාසවය, භව ඕඝය, දෝස සල්ලය, වෙදනූපගය, විඥානයේ පැවැත්ම, දෝෂයෙන් අගතියට යාම මේ දෙවැනි දිශාවයි.

මනොසඤ‍්චෙතනාහාරො “අනත‍්තනි අත‍්තා”ති විපල‍්ලාසො දිට‍්ඨුපාදානං දිට‍්ඨියොගො පරාමාසකායගන්‍ථො දිට‍්ඨාසවො දිට‍්ඨොඝො දිට‍්ඨිසල‍්ලං සඤ‍්ඤූපගා විඤ‍්ඤාණට‍්ඨිති භයා අගතිගමනං, අයං තතියා දිසා.

මනෝ සංචේතන ආහාරය, අනාත්මයෙහි ආත්මය යැයි ගන්නා විපර්යාසය, දිට්ඨි උපාදානය, දිට්ඨි යෝගය, පරාමාස කාය ග්‍රන්ථය, දිට්ඨි ආසවය, දිට්ඨි ඕඝය, දිට්ඨි සල්ලය, සඤ්ඤූපගය, විඥානයේ පැවැත්ම, භයින් අගතියට යාම මේ තෙවැනි දිශාවයි.

විඤ‍්ඤාණාහාරො “අනිච‍්චෙ නිච‍්ච”න‍්ති විපල‍්ලාසො අත‍්තවාදුපාදානං අවිජ‍්ජායොගො ඉදංසච‍්චාභිනිවෙසොකායගන්‍ථො අවිජ‍්ජාසවො අවිජ‍්ජොඝො මොහසල‍්ලං සඞ‍්ඛාරූපගා විඤ‍්ඤාණට‍්ඨිති මොහා අගතිගමනං, අයං චතුත්‍ථී දිසා. ඉති ඉමෙසං දසන‍්නං සුත‍්තානං පඨමෙන පදෙන පඨමාය දිසාය ආලොකනං, දුතියෙන පදෙන දුතියාය දිසාය, තතියෙන පදෙන තතියාය දිසාය, චතුත්‍ථෙන පදෙන චතුත්‍ථියා දිසාය ආලොකනං, අයං වුච‍්චති දිසා ආලොකනා. ඉමිනා නයෙන සබ‍්බෙ කිලෙසා චතූසු පදෙසු පක‍්ඛිපිතබ‍්බා. අයං අකුසලපක‍්ඛො.

විඥාන ආහාරය, අනිත්‍යයෙහි නිත්‍යයැයි ගන්නා විපර්යාසය, අත්තවාද උපාදානය, අවිජ්ජා යෝගය, ඉදං සච්චාභිනිවේස කායග්‍රන්ථය, අවිද්‍යාසවය, අවිද්‍යා ඕඝය, මෝහසල්ලය, සංස්කාර අනුව ගිය විඥානයේ පැවැත්ම, මෝහයෙන් අගතියට යාම මේ සිව්වැනි දිශාවයි. මෙසේ මේ සූත්‍ර දහයේ පළමු පදය කරණකොට ගෙන පළමු දිශාවෙන් බැලීම, දෙවන පදය කරණ කොටගෙන දෙවන දිශාවෙන් බැලීම, තෙවන පදය කරණ කොටගෙන තෙවන දිශාවෙන් බැලීම, සිව්වන පදය කරණ කොටගෙන සිව්වන දිශාවෙන් බැලීම (යන යමක් වේද) එය අපලෝකන දිශා යැයි කියනු ලැබේ. මේ ක්‍රමයෙන් සියලු කෙලෙස් පද සතරෙහි ඇතුළත් කළ යුතුය. මේ අකුසල පක්‍ෂයයි.

චතස‍්සො පටිපදා, චත‍්තාරි ඣානානි, චත‍්තාරො සතිපට‍්ඨානා, චත‍්තාරො විහාරා දිබ‍්බො බ්‍රහ‍්මා අරියො ආනෙඤ‍්ජො, චත‍්තාරො සම‍්මප‍්පධානා, චත‍්තාරො අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා, චත‍්තාරො අධිට‍්ඨානා, චත‍්තාරො සමාධයො ඡන්‍දසමාධි වීරියසමාධි චිත‍්තසමාධි වීමංසාසමාධි, චත‍්තාරො ධම‍්මා සුඛභාගියා නාඤ‍්ඤත්‍ර බොජ‍්ඣඞ‍්ගා නාඤ‍්ඤත්‍ර තපසා නාඤ‍්ඤත්‍ර ඉන්‍ද්‍රියසංවරා නාඤ‍්ඤත්‍ර සබ‍්බනිස‍්සග‍්ගා, චත‍්තාරි අප‍්පමාණානි.

ප්‍රතිපදා සතරකි. ධ්‍යාන සතරකි. සතිපට්ඨාන සතරකි. දිව්‍යමය බ්‍රහ්මමය, ආර්ය, ආනෙඤ්ජ විහරණ සතරකි. සම්‍යක්ප්‍රධන් සතරකි. ආශ්චර්ය අද්භූත ධර්ම සතරකි. අධිෂ්ඨාන සතරකි. ඡන්‍ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි, වීමංසා සමාධි යන සමාධි සතරකි. සුඛභාගීය ධර්ම සතරකි. බෝජ්ඣංගවලින් තොර නොවූ, තපසින් තොර නොවූ ඉන්‍ද්‍රිය සංවරයෙන් තොර නොවූ සියලු අත්හැරීමෙන් තොර නොවූ අප්‍රමාණ ධර්ම සතරකි.

තත්‍ථ දුක‍්ඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා භාවියමානා බහුලීකරියමානා පඨමං ඣානං පරිපූරෙති, පඨමං ඣානං පරිපුණ‍්ණං පඨමං සතිපට‍්ඨානං පරිපූරෙති, පඨමං සතිපට‍්ඨානං පරිපුණ‍්ණං පඨමං විහාරං පරිපූරෙති, පඨමො විහාරො පරිපුණ‍්ණො පඨමං සම‍්මප‍්පධානං පරිපූරෙති, පඨමං සම‍්මප‍්පධානං පරිපුණ‍්ණං පඨමං අච‍්ඡරියං අබ‍්භුතං ධම‍්මං පරිපූරෙති, පඨමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො පරිපුණ‍්ණො පඨමං අධිට‍්ඨානං පරිපූරෙති, පඨමං අධිට‍්ඨානං පරිපුණ‍්ණං ඡන්‍දසමාධිං පරිපූරෙති, ඡන්‍දසමාධි පරිපුණ‍්ණො ඉන්‍ද්‍රියසංවරං පරිපූරෙති, ඉන්‍ද්‍රියසංවරො පරිපුණ‍්ණො පඨමං අප‍්පමාණං පරිපූරෙති. එවං යාව සබ‍්බනිස‍්සග‍්ගා චතුත්‍ථං අප‍්පමාණං පරිපූරෙති.

එහිදී දන්‍ධාභිඥ වූ දුක්ඛ ප්‍රතිපදාව වඩනු ලබන බහුල කරනු ලබන තැනැත්තා පළමු ධ්‍යානය සම්පූර්ණ කරයි. පළමු ධයානය සපිරුණේ පළමු සතිපට්ඨානය සම්පූර්ණ කරයි. පළමු සතිපට්ඨානය සපිරුණේ පළමු විහරණය සම්පූර්ණ කරයි. පළමු විහරණය සපිරුණේ පළමු සම්‍යක් ප්‍රධානය සම්පූර්ණ කරයි. පළමු සම්‍යක් ප්‍රධානය සපිරුණේ පළමු ආශ්චර්ය අද්භූත ධර්මය සම්පූර්ණ කරයි. පළමු ආශ්චර්ය අද්භූත ධර්මය සම්පූර්ණ වූයේ පළමු අධිෂ්ඨානය සම්පූර්ණ කරයි. පළමු අධිෂ්ඨානය සපිරුණේ ඡන්‍ද සමාධිය සම්පූර්ණ කරයි. ඡන්‍ද සමාධිය සපිරුණේ ඉන්‍ද්‍රිය සංවරය සම්පූර්ණ කරයි. ඉන්‍ද්‍රිය සංවරය සපිරුණේ පළමු අප්‍රමාණය සම්පූර්ණ කරයි. මෙසේ සියලු අතහැරීම දක්වා වූ සතරවැනි අප්‍රමාණය සම්පූර්ණ කරයි.

තත්‍ථ පඨමා ච පටිපදා පඨමඤ‍්ච ඣානං පඨමඤ‍්ච සතිපට‍්ඨානං දිබ‍්බො ච විහාරො පඨමඤ‍්ච සම‍්මප‍්පධානං පඨමො ච අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො සච‍්චාධිට‍්ඨානඤ‍්ච ඡන්‍දසමාධි ච ඉන්‍ද්‍රියසංවරො ච මෙත‍්තා ච අප‍්පමාණං. අයං පඨමා දිසා.

එහි පළමු ප්‍රතිපදාව ද පළමු ධ්‍යානය ද පළමු සතිපට්ඨානය ද දිව්‍ය විහරණය ද පළමු සම්‍යක් ප්‍රධානය ද පළමු ආශ්චර්ය අද්භූත ධර්මය ද සත්‍ය අධිෂ්ඨානය ද ඡන්‍ද සමාධිය ද ඉන්‍ද්‍රිය සංවරය ද මෛත්‍රී අප්‍රමාණයද යන මෙය පළමු දිශාවයි.

දුතියා ච පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා දුතියඤ‍්ච ඣානං දුතියඤ‍්ච සතිපට‍්ඨානං බ්‍රහ‍්මා ච විහාරො දුතියඤ‍්ච සම‍්මප‍්පධානං දුතියො ච අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො චාගාධිට‍්ඨානඤ‍්ච චිත‍්තසමාධි ච තපො ච කරුණා ච අප‍්පමාණං. අයං දුතියා දිසා.

දෙවැනි ප්‍රතිපදාව ද දෙවැනි ධ්‍යානය ද දෙවැනි සතිපට්ඨානය ද බ්‍රහ්ම විහරණය ද දෙවැනි සම්‍යක් ප්‍රධානය ද ආශ්චර්ය අද්භූත ධර්මය ද ත්‍යාග අධිෂ්ඨානය ද චිත්ත සමාධිය ද තපස ද කරුණා අප්‍රමාණය ද යන මෙය දෙවැනි දිශාවයි.

තතියා ච පටිපදා දන්‍ධාභිඤ‍්ඤා තතියඤ‍්ච ඣානං තතියඤ‍්ච සතිපට‍්ඨානං අරියො ච විහාරො තතියඤ‍්ච සම‍්මප‍්පධානං තතියො ච අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො සච‍්චාධිට‍්ඨානඤ‍්ච වීරියසමාධි ච බොජ‍්ඣඞ‍්ගා ච මුදිතා ච අප‍්පමාණං. අයං තතියා දිසා.

තෙවැනි ප්‍රතිපදාව ද තෙවැනි ධ්‍යානය ද තෙවැනි සතිපට්ඨානය ද අරිය විහරණය ද තෙවැනි සම්‍යක් ප්‍රධානය ද තෙවැනි ආශ්චර්ය අද්භූත ධර්මය ද සත්‍යාධිෂ්ඨානය ද විරිය සමාධිය ද බොජ්ඣංග ද මුදිතා අප්‍රමාණය ද යන මෙය තෙවැනි දිශාවයි.

චතුත්‍ථී ච පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා චතුත්‍ථඤ‍්ච ඣානං චතුත්‍ථඤ‍්ච සතිපට‍්ඨානං ආනෙඤ‍්ජො ච විහාරො චතුත්‍ථඤ‍්ච සම‍්මප‍්පධානං චතුත්‍ථො ච අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො උපසමාධිට‍්ඨානඤ‍්ච වීමංසාසමාධි ච සබ‍්බනිස‍්සග‍්ගො ච උපෙක‍්ඛා ච අප‍්පමාණං. අයං චතුත්‍ථී දිසා. ඉමාසං චතුන‍්නං දිසානං යා ආලොකනා, අයං වුච‍්චති දිසාලොචනො නාම නයො.

සිව්වැනි ප්‍රතිපදාව ද සිව්වැනි ධ්‍යානය ද සිව්වැනි සතිපට්ඨානය ද ආනෙඤ්ජ විහරණය ද සිව්වැනි සම්‍යක් ප්‍රධානය ද සිව්වැනි ආශ්චර්ය අද්භූත ධර්මය ද උපසමාධිෂ්ඨානය ද වීමංසා සමාධිය ද සබ්බනිස්සග්ගය ද උපේක්‍ෂා අප්‍රමාණය ද යන මෙය සිව්වැනි දිශාවයි. මේ දිශා සතර පිළිබඳ යම් බැලීමක් වේ ද එය දිසාලෝචන නම් නය යැයි කියනු ලැබේ.

තත්‍ථායං යොජනා – චත‍්තාරො ච ආහාරා, චතස‍්සො ච පටිපදා, චත‍්තාරො ච විපල‍්ලාසා, චත‍්තාරො ච සතිපට‍්ඨානා, චත‍්තාරි ච උපාදානානි, චත‍්තාරි ච ඣානානි, චත‍්තාරො ච යොගා, චත‍්තාරො ච විහාරා, චත‍්තාරො ච ගන්‍ථා, චත‍්තාරො ච සම‍්මප‍්පධානා, චත‍්තාරො ච ආසවා, චත‍්තාරො ච අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා, චත‍්තාරො ච ඔඝා, චත‍්තාරි ච අධිට‍්ඨානානි, චත‍්තාරි ච සල‍්ලානි, චත‍්තාරො ච සමාධයො, චතස‍්සො ච විඤ‍්ඤාණට‍්ඨිතියො, චත‍්තාරො ච සුඛභාගියා ධම‍්මා, චත‍්තාරි ච අගතිගමනානි චත‍්තාරි ච අප‍්පමාණානි. ඉති කුසලාකුසලානං පක‍්ඛපටිපක‍්ඛවසෙන යොජනා. අයං සීහවික‍්කීළිතෙ දිසාලොචනො නයො.

මේ එහි යෝජනයයි. ආහාර සතර ද ප්‍රතිපදා සතර ද විපර්යාස සතර ද සතිපට්ඨාන සතර ද උපාදාන සතර ද ධ්‍යාන සතර ද යෝග සතර ද විහරණ සතර ද ග්‍රන්ථ සතර ද සම්මප්පධාන සතර ද ආස්‍රව සතර ද ආශ්චර්ය අද්භූත ධර්ම සතර ද ඕඝ සතර ද අධිෂ්ඨාන සතර ද සල්ල සතර ද සමාධි සතර ද විඥාන ස්ථිති සතර ද සුඛභාගිය ධර්ම සතර ද අගතිගමන සතර ද අප්‍රමාණ සතර ද වශයෙන් කුශල අකුශලයන්ගේ ප්‍රතිපක්‍ෂ ලෙසින් යෙදෙයි. මේ සීහවික්කීළිත න්‍යායයෙහි දිශාලෝචන නයයි.

තස‍්ස චත‍්තාරි සාමඤ‍්ඤඵලානි පරියොසානං, තත්‍ථ පඨමාය දිසාය සොතාපත‍්තිඵලං පරියොසානං, දුතියාය සකදාගාමිඵලං, තතියාය අනාගාමිඵලං, චතුත්‍ථියා අරහත‍්තඵලං පරියොසානන‍්ති.

එහි කෙළවර සතර සාමඤ්ඤ ඵලයන් ය. එහිදී පළමු දිශාවේ අවසානය සෝවාන් ඵලයයි. දෙවැන්නේ සකෘදාගාමී ඵලයයි. තෙවැන්නේ අනාගාමි ඵලයයි. සිව්වැන්නේ අවසානය අර්හත් ඵලයයි.

තත්‍ථ කතමො තිපුක‍්ඛලනයො? පටිපදාවිභාගෙන චතූසු පුග‍්ගලෙසු යො සුඛාය පටිපදාය ඛිප‍්පාභිඤ‍්ඤාය නිය්‍යාති, අයං උග‍්ඝටිතඤ‍්ඤූ. යො සුඛාය වා පටිපදාය, දන්‍ධාභිඤ‍්ඤාය, දුක‍්ඛාය වා පටිපදාය ඛිප‍්පාභිඤ‍්ඤාය නිය්‍යාති, අයං විපඤ‍්චිතඤ‍්ඤූ. යො දුක‍්ඛාය පටිපදාය දන්‍ධාභිඤ‍්ඤාය නිය්‍යාති, අයං නෙය්‍යො. ඉති චත‍්තාරො හුත්‍වා තයො හොන‍්ති. තත්‍ථ උග‍්ඝටිතඤ‍්ඤුස‍්ස සමථපුබ‍්බඞ‍්ගමා විපස‍්සනා සප‍්පායා . නෙය්‍යස‍්ස විපස‍්සනාපුබ‍්බඞ‍්ගමො සමථො, විපඤ‍්චිතඤ‍්ඤුස‍්ස සමථවිපස‍්සනා යුගනද‍්ධා. උග‍්ඝටිතඤ‍්ඤුස‍්ස මුදුකා දෙසනා, නෙය්‍යස‍්ස තික‍්ඛා දෙසනා, විපඤ‍්චිතඤ‍්ඤුස‍්ස තික‍්ඛමුදුකා දෙසනා.

එහි තිපුක්ඛල නය කවරේ ද? ප්‍රතිපදා විභාගයෙන් පුද්ගලයන් සතරදෙනා අතුරෙන් යමෙක් ඛිප්පාභිඥ (වහා අවබෝධය ලබන්නා වූ) සුඛ ප්‍රතිපදාවෙන් යේ ද මොහු උග්ඝටිතඥ නම් වේ. යමෙක් දන්‍ධාභිඥ (ලැසිව අවබෝධය ලබන්නා වූ) සුඛ ප්‍රතිපදාවෙන් හෝ ඛිප්පාභිඥ වූ දුක්ඛ ප්‍රතිපදාවෙන් යේ ද මොහු විපඤ්චිතඥ නම් වේ. යමෙක් දන්‍ධාභිඥ වූ දුක්ඛ ප්‍රතිපදාවෙන් යේ ද මොහු න්‍යෙය නම් වේ. මෙසේ පුද්ගලයන් සතරක් වී තුනක් වේ. එහි උග්ඝටිතඥ පුද්ගලයාට සමථය පෙරටුකොටගත් විදර්ශනාව සප්පාය වෙයි. නෙය්‍ය පුද්ගලයාට විදර්ශනාව පෙරටු කොටගෙත් සමථය සප්පාය වෙයි. විපඤ්චිතඥ පුද්ගලයාට සමථ විදර්ශනා දෙක එකවිට වේ. උග්ඝටිතඥ පුද්ගලයාට මෘදු දේශනාවක් වේ. නෙය්‍ය පුද්ගලයාට තියුණු දේශනාවක් වේ. විපඤ්චිතඥ පුද්ගලයාට මෘදු තියුණු දේශනාවක් වේ.

උග‍්ඝටිතඤ‍්ඤුස‍්ස අධිපඤ‍්ඤාසික‍්ඛා, විපඤ‍්චිතඤ‍්ඤුස‍්ස අධිචිත‍්තසික‍්ඛා ච අධිපඤ‍්ඤාසික‍්ඛා ච, නෙය්‍යස‍්ස අධිසීලසික‍්ඛා ච අධිචිත‍්තසික‍්ඛා ච අධිපඤ‍්ඤාසික‍්ඛා ච. ඉති ඉමෙසං පුග‍්ගලානං චතූහි පටිපදාහි නිය්‍යානං.

උග්ඝටිතඥ පුද්ගලයාට අධිප්‍රඥා ශික්‍ෂාව වේ. විපඤ්චිතඥ පුද්ගලයාට අධිචිත්ත ශික්‍ෂාව ද අධිප්‍රඥා ශික්‍ෂාව ද වේ. නෙය්‍ය පුද්ගලයාට අධිශීල ශික්‍ෂාව ද අධිචිත්ත ශික්‍ෂාව ද අධිප්‍රඥා ශික්‍ෂාව ද වේ. මෙසේ ප්‍රතිපදා සතර කරණ කොටගෙන මේ පුද්ගලයන්ගේ ඉවත්ව යෑම වෙයි.

තත්‍ථායං සංකිලෙසපක‍්ඛො, තීණි අකුසලමූලානි, තයො ඵස‍්සා, තිස‍්සො වෙදනා, තයො උපවිචාරා, තයො කිලෙසා, තයො විතක‍්කා, තයො පරිළාහා, තීණි සඞ‍්ඛතලක‍්ඛණානි, තිස‍්සො දුක‍්ඛතා.

එහි එහි සංකිලේස පක්‍ෂයයි. අකුශල මූල තුනකි. ස්පර්ශ තුනකි. වේදනා තුනකි. උපවිචාර තුනකි. කිලේස තුනකි. අනුසය තුනකි. විතර්ක තුනකි. පරිළාහ තුනකි. සංඛත ලක්‍ෂණ තුනකි. දුක්ඛ ස්වභාව තුනකි.

තීණි අකුසලමූලානීති ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං. තයො ඵස‍්සාති සුඛවෙදනීයො ඵස‍්සො, දුක‍්ඛවෙදනීයො ඵස‍්සො, අදුක‍්ඛමසුඛවෙදනීයො ඵස‍්සො. තිස‍්සො වෙදනාති සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා. තයො උපවිචාරාති සොමනස‍්සූපවිචාරො, දොමනස‍්සූපවිචාරො, උපෙක‍්ඛූපවිචාරො. තයො කිලෙසාති ලොභො, දොසො, මොහො. තයො විතක‍්කාති කාමවිතක‍්කො, බ්‍යාපාදවිතක‍්කො, විහිංසාවිතක‍්කො. තයො පරිළාහාති රාගජො, දොසජො, මොහජො. තීණි සඞ‍්ඛතලක‍්ඛණානීති උප‍්පාදො, ඨිති, වයො. තිස‍්සො දුක‍්ඛතාති දුක‍්ඛදුක‍්ඛතා, විපරිණාමදුක‍්ඛතා, සඞ‍්ඛාරදුක‍්ඛතා.

ත්‍රිවිධ අකුශල මූල යනු ලෝභ අකුසල මූලය ද්වේෂ අකුසල මූලය මෝහ අකුසල මූලය යනුයි. ත්‍රිවිධ ස්පර්ශ යනු සුඛවේදනීය ස්පර්ශය, දුක්ඛවේදනීය ස්පර්ශය, අදුක්ඛමසුඛ වේදනීය ස්පර්ශය යනුයි. ත්‍රිවිධ වේදනා යනු සුඛ වේදනාව දුක්ඛ වේදනාව අදුක්ඛමසුඛ වේදනාව යනුයි. ත්‍රිවිධ උපවිචාර යනු සෝමනස්සුපවිචාරය දෝමනස්සුපවිචාරය, උපෙක්ඛුපවිචාරය යනුයි. ත්‍රිවිධ කිලේස යනු ලෝභය ද්වේෂය මෝහය යනුයි. ත්‍රිවිධ විතර්ක යනු කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය යනුයි. ත්‍රිවිධ පරිළාහ යනු රාගයෙන් හටගත් ද්වේෂයෙන් හටගත් මෝහයෙන් හටගත් දැවීම් ය. ත්‍රිවිධ සංඛත ලක්‍ෂණ යනු උප්පාද ඨිති වය යන තුනයි. ත්‍රිවිධ දුක්ඛතාවන් යනු දුක්ඛ දුක්ඛතා විපරිනාම දුක්ඛතා සංඛාර දුක්ඛතා යනුයි.

තත්‍ථ ලොභො අකුසලමූලං මනාපිකෙන ආරම‍්මණෙන සමුට‍්ඨහති. තදෙව මනාපිකාරම‍්මණං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛවෙදනීයො ඵස‍්සො, සුඛවෙදනීයං ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛා වෙදනා, සුඛං වෙදනං පටිච‍්ච උප‍්පජ‍්ජති සොමනස‍්සූපවිචාරො, සොමනස‍්සූපවිචාරං පටිච‍්ච උප‍්පජ‍්ජති රාගො, රාගං පටිච‍්ච උප‍්පජ‍්ජති කාමවිතක‍්කො, කාමවිතක‍්කං පටිච‍්ච උප‍්පජ‍්ජති රාගජො පරිළාහො, රාගජං පරිළාහං පටිච‍්ච උප‍්පජ‍්ජති උප‍්පාදො සඞ‍්ඛතලක‍්ඛණං, උප‍්පාදං සඞ‍්ඛතලක‍්ඛණං පටිච‍්ච උප‍්පජ‍්ජති විපරිණාමදුක‍්ඛතා.

එහි ලෝභී අකුශල මූලය මනාප වූ අරමුණින් නැගී සිටියි. ඒ මනාප වූ අරමුණ නිසා සුඛ වේදනීය වූ ස්පර්ශය උපදී. සුඛවේදනීය ස්පර්ශය නිසා සුඛවේදනාව ඇතිවේ. සුඛ වේදනාව නිසා සෝමනස්සුපවිචාරය උපදී. සෝමනස්සුපවිචාරය නිසා රාගය ඇතිවේ. රාගය නිසා කාම විතර්කය ඇතිවේ. කාම විතර්කය නිසා රාගයෙන් හටගත් දැවීම ඇතිවේ. රාගයෙන් හටගත් දැවීම නිසා උප්පාද සංඛත ලක්‍ෂණය ඇතිවේ. උප්පාද සංඛත ලක්‍ෂණය නිසා විපරිණාම දුක්ඛතාව ඇතිවේ.

දොසො අකුසලමූලං අමනාපිකෙන ආරම‍්මණෙන සමුට‍්ඨහති. තදෙව අමනාපිකාරම‍්මණං පටිච‍්ච උප‍්පජ‍්ජති දුක‍්ඛවෙදනීයො ඵස‍්සො, දුක‍්ඛවෙදනීයං ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති දුක‍්ඛා වෙදනා, දුක‍්ඛං වෙදනං පටිච‍්ච උප‍්පජ‍්ජති දොමනස‍්සූපවිචාරො, දොමනස‍්සූපවිචාරං පටිච‍්ච උප‍්පජ‍්ජති දොසො, දොසං පටිච‍්ච උප‍්පජ‍්ජති බ්‍යාපාදවිතක‍්කො, බ්‍යාපාදවිතක‍්කං පටිච‍්ච උප‍්පජ‍්ජති දොසජො පරිළාහො, දොසජං පරිළාහං පටිච‍්ච උප‍්පජ‍්ජති ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං සඞ‍්ඛතලක‍්ඛණං, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං සඞ‍්ඛතලක‍්ඛණං පටිච‍්ච උප‍්පජ‍්ජති දුක‍්ඛදුක‍්ඛතා.

ද්වේෂ අකුසල මූලය අමනාප වූ අරමුණින් නැගී සිටියි. ඒ අමනාප වූ අරමුණ නිසා දුක්ඛවේදනාව වූ ස්පර්ශය උපදී. දුක්ඛවේදනීය ස්පර්ශය නිසා දුක්ඛ වේදනාව ඇති වේ. දුක්ඛ වේදනාව නිසා දෝමනස්සුපවිචාරය උපදී. දෝමනස්සුපවිචාරය නිසා ද්වේෂය ඇතිවේ. ද්වේෂය නිසා ව්‍යාපාද විතර්කය ඇති වේ. ව්‍යාපාද විතර්කය නිසා ද්වේෂයෙන් හටගත් දැවීම ඇතිවේ. ද්වේෂයෙන් හටගත් දැවීම නිසා පැවති දෙයෙහි වෙනස්වීමේ සංඛත ලක්‍ෂණය ඇතිවේ. පැවති දෙයෙහි වෙනස්වීමේ සංඛත ලක්‍ෂණය නිසා දුක්ඛදුක්ඛතාව ඇති වේ.

මොහො අකුසලමූලං උපෙක‍්ඛාඨානියං ආරම‍්මණෙන සමුට‍්ඨහති. තදෙව උපෙක‍්ඛාඨානියං ආරම‍්මණං පටිච‍්ච උප‍්පජ‍්ජති අදුක‍්ඛමසුඛවෙදනීයො ඵස‍්සො, අදුක‍්ඛමසුඛවෙදනීයං ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති අදුක‍්ඛමසුඛා වෙදනා, අදුක‍්ඛමසුඛං වෙදනං පටිච‍්ච උප‍්පජ‍්ජති උපෙක‍්ඛූපවිචාරො, උපෙක‍්ඛූපවිචාරං පටිච‍්ච උප‍්පජ‍්ජති මොහො, මොහං පටිච‍්ච උප‍්පජ‍්ජති විහිංසාවිතක‍්කො, විහිංසාවිතක‍්කං පටිච‍්ච උප‍්පජ‍්ජති මොහජො පරිළාහො, මොහජං පරිළාහං පටිච‍්ච උප‍්පජ‍්ජති වයො සඞ‍්ඛතලක‍්ඛණං, වයං සඞ‍්ඛතලක‍්ඛණං පටිච‍්ච උප‍්පජ‍්ජති සඞ‍්ඛාරදුක‍්ඛතා. ඉති අයං තීහි ආකාරෙහි කිලෙසානං නිද‍්දෙසො. යො කොචි අකුසලපක‍්ඛො, සබ‍්බො සො තීසු අකුසලමූලෙසු සමොසරතීති.

මෝහ අකුසල මූලය උපේක්‍ෂා, අරමුණෙන් නැගී සිටියි. ඒ උපේක්‍ෂා අරමුණ නිසා අදුක්ඛමසුඛවේදනීය ස්පර්ශය උපදී. අදුක්ඛමසුඛ වේදනීය ස්පර්ශය නිසා අදුක්ඛමසුඛ වේදනාව උපදී. අදුක්ඛමසුඛ වේදනාව නිසා උපෙක්ඛා උපචිචාරය ඇතිවේ. උපෙක්ඛා උපවිචාරය නිසා මෝහය ඇතිවේ. මෝහය නිසා විහිංසා විතර්කය ඇතිවේ. විහිංසා විතර්කය නිසා මෝහයෙන් හටගත් දැවීම ඇතිවේ. මෝහයෙන් හටගත් දැවීම නිසා වය සංඛත ලක්‍ෂණය ඇතිවේ. වය සංඛත ලක්‍ෂණය නිසා සංඛාර දුක්ඛතාව ඇතිවේ. මේ ආකාර තුනකින් ක්ලේශයන්ගේ ඉදිරිපත් කිරීමකි. යම්කිසි අකුසල පක්‍ෂයක් වේ ද ඒ සියල්ල ත්‍රිවිධ අකුසල මූලයන්හි ඇතුළත් වේ.

තත්‍ථ කතමො කුසලපක‍්ඛො? තීණි කුසලමූලානි අලොභො, අදොසො, අමොහො. තිස‍්සො පඤ‍්ඤා සුතමයී, චින‍්තාමයී, භාවනාමයී. තයො සමාධී සවිතක‍්කසවිචාරො, අවිතක‍්කවිචාරමත‍්තො, අවිතක‍්කඅවිචාරො. තිස‍්සො සික‍්ඛා අධිසීලසික‍්ඛා, අධිචිත‍්තසික‍්ඛා , අධිපඤ‍්ඤාසික‍්ඛා. තීණි නිමිත‍්තානි සමථනිමිත‍්තං, පග‍්ගහනිමිත‍්තං, උපෙක‍්ඛානිමිත‍්තං. තයො විතක‍්කා නෙක‍්ඛම‍්මවිතක‍්කො, අබ්‍යාපාදවිතක‍්කො, අවිහිංසාවිතක‍්කො. තීණි ඉන්‍ද්‍රියානි අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං, අඤ‍්ඤින්‍ද්‍රියං, අඤ‍්ඤාතාවින්‍ද්‍රියං. තයො උපවිචාරා නෙක‍්ඛම‍්මූපවිචාරො, අබ්‍යාපාදූපවිචාරො, අවිහිංසූපවිචාරො තිස‍්සො එසනා කාමෙසනා, භවෙසනා, බ්‍රහ‍්මචරියෙසනා. තයො ඛන්‍ධා සීලක‍්ඛන්‍ධො, සමාධික‍්ඛන්‍ධො, පඤ‍්ඤාක‍්ඛන්‍ධො.

එහි කුසල පක්‍ෂය කවරේ ද? අලෝභ අදෝස අමෝහ යන කුසලමූල තුනයි. සුතමයී චින්තාමයී භාවනාමයී යන ත්‍රිවිධ ප්‍රඥාවන් ය. විතර්ක විචාර සහිත සමාධිය, අවිතර්ක විචාර මාත්‍රයක් ඇති සමාධිය, අවිතර්ක අවිචාර ඇති සමාධිය යන සමාධි තුනයි. අධිශීල ශික්‍ෂාව අධිචිත්ත ශික්‍ෂාව අධිප්‍රඥා ශික්‍ෂාව යන ත්‍රිවිධ ශික්‍ෂාවන් ය. සමථ නිමිත්ත, පග්ගහ නිමිත්ත, උපෙක්ඛා නිමිත්ත යන නිමිති තුනයි. නෙක්ඛම්ම විතර්කය අව්‍යාපාද විතර්කය අවිහිංසා විතර්කය යන විතර්ක තුනයි. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය, අඤ්ඤින්‍ද්‍රිය, අඤ්ඤතාවින්‍ද්‍රිය යන ඉන්‍ද්‍රිය තුනයි. සෝමනස්සුපවිචාරය, දොමනස්සුපවිචාරය, උපෙක්ඛූපවිචාරය යන ත්‍රිවිධ උපචාරයන් ය. කාමයන් සෙවීම, භවය සෙවීම, බ්‍රහ්ම චර්යය සෙවීම යන සෙවීම් තුනයි. සීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍රඥා ස්කන්ධය යන ස්කන්ධ තුනයි.

තත්‍ථ අලොභො කුසලමූලං සුතමයිපඤ‍්ඤං පරිපූරෙති. සුතමයි පඤ‍්ඤා පරිපුණ‍්ණා සවිතක‍්කසවිචාරං සමාධිං පරිපූරෙති, සවිතක‍්කසවිචාරො සමාධි පරිපුණ‍්ණො අධිසීලසික‍්ඛං පරිපූරෙති, අධිසීලසික‍්ඛා පරිපුණ‍්ණා සමථනිමිත‍්තං පරිපූරෙති, සමථනිමිත‍්තං පරිපුණ‍්ණං නෙක‍්ඛම‍්මවිතක‍්කං පරිපූරෙති, නෙක‍්ඛම‍්මවිතක‍්කො පරිපුණ‍්ණො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං පරිපූරෙති, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං පරිපුණ‍්ණං නෙක‍්ඛම‍්මසිතූපවිචාරං පරිපූරෙති, නෙක‍්ඛම‍්මූපවිචාරං පරිපුණ‍්ණො කාමෙසනං පජහති. කාමෙසනප‍්පහානං සීලක‍්ඛන්‍ධං පරිපූරෙති.

එහි අලෝභ කුසල මූලය සුතමය ප්‍රඥාව සම්පූර්ණ කරයි. සුතමය ප්‍රඥාව සපිරුණේ සවිතක්ක සවිචාර සමාධිය සම්පූර්ණ කරයි. සවිතක්ක සවිචාර සමාධිය සපිරුණේ අධිශීල ශික්‍ෂාව සම්පූර්ණ කරයි. අධිශීල ශික්‍ෂාව සපිරුණේ සමථ නිමිත්ත සම්පූර්ණ කරයි. සමථ නිමිත්ත සපිරුණේ නෙක්ඛම්ම විතර්කය සම්පූර්ණ කරයි. නෙක්ඛම්ම විතර්කය සපිරුණේ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය සම්පූර්ණ කරයි. අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්‍ද්‍රිය සපිරුණේ නෙක්ඛම්ම සිතූපවිචාරය සම්පූර්ණ කරයි. නෙක්ඛම්ම සිතූපවිචාරය සපිරුණේ කාමයන් සෙවීම ඉවත් කරයි. කාමයන් සෙවීම දුරුකිරීම සීලස්කන්ධය සම්පූර්ණ කරයි.

අදොසො කුසලමූලං චින‍්තාමයිපඤ‍්ඤං පරිපූරෙති, චින‍්තාමයිපඤ‍්ඤා පරිපුණ‍්ණා අවිතක‍්කවිචාරමත‍්තං සමාධිං පරිපූරෙති, අවිතක‍්කවිචාරමත‍්තො සමාධි පරිපුණ‍්ණො අධිචිත‍්තසික‍්ඛං පරිපූරෙති, අධිචිත‍්තසික‍්ඛා පරිපුණ‍්ණා උපෙක‍්ඛානිමිත‍්තං පරිපූරෙති, උපෙක‍්ඛානිමිත‍්තං පරිපුණ‍්ණං අබ්‍යාපාදවිතක‍්කං පරිපූරෙති, අබ්‍යාපාදවිතක‍්කො පරිපුණ‍්ණො අඤ‍්ඤින්‍ද්‍රියං පරිපූරෙති, අඤ‍්ඤින්‍ද්‍රියං පරිපුණ‍්ණං අබ්‍යාපාදූපවිචාරං පරිපූරෙති, අබ්‍යාපාදූපවිචාරො පරිපුණ‍්ණො භවෙසනං පජහති, භවෙසනප‍්පහානං සමාධික‍්ඛන්‍ධං පරිපූරෙති.

අදෝෂ කුසල මූලය චින්තාමය ප්‍රඥාව සම්පූර්ණ කරයි. චින්තාමය ප්‍රඥාව සපිරුණේ අවිතක්ක විචාර මාත්‍රයක් ඇති සමාධිය සම්පූර්ණ කරයි. අවිතක්ක විචාර මාත්‍රයක් ඇති සමාධිය සපිරුණේ අධිචිත්ත ශික්‍ෂාව සම්පූර්ණ කරයි. අධිචිත්ත ශික්‍ෂාව සපිරුණේ උපෙක්ඛා නිමිත්ත සම්පූර්ණ කරයි. උපෙක්ඛා නිමිත්ත සපිරුණේ අව්‍යාපාද විතර්කය සම්පූර්ණ කරයි. අව්‍යාපාද විතර්කය සපිරුණේ අඤ්ඤින්‍ද්‍රිය සම්පූර්ණ කරයි. අඤ්ඤින්‍ද්‍රිය සපිරුණේ අව්‍යාපාද උපවිචාරය සම්පූර්ණ කරයි. අව්‍යාපාද උපවිචාරය සපිරුණේ භවය සෙවීම අත්හරියි. භවය සෙවීම දුරුකිරීම සමාධිස්කන්ධය සම්පූර්ණ කරයි.

අමොහො කුසලමූලං භාවනාමයිපඤ‍්ඤං පරිපූරෙති, භාවනාමයිපඤ‍්ඤා පරිපුණ‍්ණා අවිතක‍්කඅවිචාරං සමාධිං පරිපූරෙති, අවිතක‍්කඅවිචාරො සමාධි පරිපුණ‍්ණො අධිපඤ‍්ඤාසික‍්ඛං පරිපූරෙති, අධිපඤ‍්ඤාසික‍්ඛා පරිපුණ‍්ණා පග‍්ගහනිමිත‍්තං පරිපූරෙති, පග‍්ගහනිමිත‍්තං පරිපුණ‍්ණං අවිහිංසාවිතක‍්කං පරිපූරෙති, අවිහිංසාවිතක‍්කො පරිපුණ‍්ණො අඤ‍්ඤාතාවින්‍ද්‍රියං පරිපූරෙති, අඤ‍්ඤාතාවින්‍ද්‍රියං පරිපුණ‍්ණං අවිහිංසූපවිචාරං පරිපූරෙති, අවිහිංසූපවිචාරො පරිපුණ‍්ණො බ්‍රහ‍්මචරියෙසනං පරිපූරෙති, බ්‍රහ‍්මචරියෙසනා පරිපුණ‍්ණා පඤ‍්ඤාක‍්ඛන්‍ධං පරිපූරෙති.

අමෝහ කුසල මූලය භාවනාමය ප්‍රඥාව සම්පූර්ණ කරයි. භාවනාමය ප්‍රඥාව සපිරුණේ අවිතක්ක අවිචාර සමාධිය සම්පූර්ණ කරයි. අවික්ක අවිචාර සමාධිය සපිරුණේ අධිප්‍රඥා ශික්‍ෂාව සම්පූර්ණ කරයි. අධිප්‍රඥා ශික්‍ෂාව සපිරුණේ පග්ගහ නිමිත්ත සම්පූර්ණ කරයි. පග්ගහ නිමිත්ත සපිරුණේ අවිහිංසා විතර්කය සම්පූර්ණ කරයි. අවිහිංසා විතර්කය සපිරුණේ අඤ්ඤතාවින්‍ද්‍රිය සම්පූර්ණ කරයි. අඤ්ඤතාවින්‍ද්‍රිය සපිරුණේ අවිහිංසූපවිචාරය සම්පූර්ණ කරයි. අවිහිංසූපවිචාරය සපිරුණේ බඹසර සෙවීම සපුරයි. බඹසර සෙවීම සපිරුණේ ප්‍රඥාස්කන්ධය සම්පූර්ණ කරයි.

ඉති ඉමෙ තයො ධම‍්මා අකුසලපක‍්ඛිකා කුසලපක‍්ඛිකා ච තිකනිද‍්දෙසෙහි නිද‍්දිට‍්ඨා තිපුක‍්ඛලනයස‍්ස දිසා නාම. තස‍්ස පරියොසානං තයො විමොක‍්ඛා අප‍්පණිහිතො සුඤ‍්ඤතො අනිමිත‍්තො, අයං තිපුක‍්ඛලො නාම දුතියො නයො.

මෙසේ අකුශල පාක්‍ෂික වූ ද කුශල පාක්‍ෂික වූ ද මේ කරුණු තුන තික නිර්දේශයන් කරණ කොටගෙන දක්වන ලද්දේ තිපුක්ඛල නයෙහි දිශා නම් වේ. එහි අවසානය අප්පණිහිත සුඤ්ඤත අනිමිත්ත යන ත්‍රිවිධ විමෝක්‍ෂයන් ය. මේ තිපුක්ඛල නම් දෙවැනි නයයි.

තත්‍ථ යෙ ඉමෙ තයො පුග‍්ගලා උග‍්ඝටිතඤ‍්ඤූ විපඤ‍්චිතඤ‍්ඤූ නෙය්‍යොති ඉමෙසං තිණ‍්ණං පුග‍්ගලානං ද‍්වෙ පුග‍්ගලා සුඛාය පටිපදාය ඛිප‍්පාභිඤ‍්ඤාය, සුඛාය පටිපදාය දන්‍ධාභිඤ‍්ඤාය ච නිය්‍යන‍්ති, ද‍්වෙයෙව පුග‍්ගලා දුක‍්ඛාය පටිපදාය ඛිප‍්පාභිඤ‍්ඤාය, දුක‍්ඛාය පටිපදාය දන්‍ධාභිඤ‍්ඤාය ච නිය්‍යන‍්ති, ඉමෙ චත‍්තාරො. තෙ විසෙසෙන ද‍්වෙ හොන‍්ති දිට‍්ඨිචරිතො ච තණ‍්හාචරිතො ච. ඉමෙ චත‍්තාරො හුත්‍වා තයො හොන‍්ති, තයො හුත්‍වා ද‍්වෙ හොන‍්ති. ඉමෙසං ද‍්වින‍්නං පුග‍්ගලානං අයං සංකිලෙසො – අවිජ‍්ජා ච තණ‍්හා ච අහිරීකඤ‍්ච අනොත‍්තප‍්පඤ‍්ච අසති ච අසම‍්පජඤ‍්ඤඤ‍්ච නීවරණානි ච සංයොජනානි ච අජ‍්ඣොසානඤ‍්ච අභිනිවෙසො ච අහංකාරො ච මමංකාරො ච අස‍්සද‍්ධියඤ‍්ච දොවචස‍්සතා ච කොසජ‍්ජඤ‍්ච අයොනිසොමනසිකාරො ච විචිකිච‍්ඡා ච අවිජ‍්ජා ච අසද‍්ධම‍්මස‍්සවනඤ‍්ච අසමාපත‍්ති ච.

එහි උග්ඝටිතඥ විපඤ්චිතඥ නෙය්‍ය යන යම් මේ පුද්ගලයන් තිදෙනෙක් වේ ද මේ පුද්ගලයන් තිදෙනාගෙන් පුද්ගලයන් දෙදෙනෙක් ඛිප්පාභිඥ වූ සුඛ ප්‍රතිපදාවෙන් ද දන්‍ධාභිඥ වූ සුඛ ප්‍රතිපදාවෙන් ද යෙත්. පුද්ගලයෝ දෙදෙනෙක් ඛිප්පාභිඥ වූ දුක්ඛ ප්‍රතිපදාවෙන් ද දන්‍ධාභිඥ වූ දුක්ඛ ප්‍රතිපදාවෙන් ද යෙත්. (මෙසේ) මේ පුද්ගලයන් සතර දෙනෙකි. ඔවුහු විශේෂ වශයෙන් දිට්ඨිචරිත හා තණ්හාචරිත ලෙස දෙවැදෑරුම් වෙත්. මොවුහු සතර දෙනෙක් වී තිදෙනෙක් වෙත්. තිදෙනෙක් වී දෙදෙනෙක් වෙත්. මේ පුද්ගලයන් දෙදෙනාට මේ සංකිලේශය ද අවිද්‍යාව ද තණ්හාව ද අහිරිකය ද (ලජ්ජා නැති බව) අනොත්තප්පය ද (භය නැති බව) අසතිය ද අසම්පජන්‍යය ද නීවරණයන් ද සංයෝජනයන් ද අජ්ඣොසානය ද (බැස ගැනීම) අභිනිවේශය ද (ඇතුළත් වීම) අහංකාරය ද මමංකාරය ද අශ්‍රද්ධාව ද දුර්වච බව ද කම්මැලිකම ද අයෝනිසො මනසිකාරය ද විචිකිච්ඡාව ද අවිද්‍යාව ද අසද්ධර්ම ශ්‍රවණය ද අසමාපත්තිය ද වෙයි.

තත්‍ථ අවිජ‍්ජා ච අහිරීකඤ‍්ච අසති ච නීවරණානි ච අජ‍්ඣොසානඤ‍්ච අහංකාරො ච අස‍්සද‍්ධියඤ‍්ච කොසජ‍්ජඤ‍්ච විචිකිච‍්ඡා ච අසද‍්ධම‍්මස‍්සවනඤ‍්ච, අයං එකා දිසා.

එහි අවිද්‍යාව ද අහිරිකය ද අසතිය ද නීවරණයන් ද අජ්ඣොසානය ද අහංකාරය ද අශ්‍රද්ධාව ද කම්මැලිකම ද විචිකිච්ඡාව ද අසද්ධර්මශ්‍රවණය ද යන මෙය එක් දිශාවකි.

තණ‍්හා ච අනොත‍්තප‍්පඤ‍්ච අසම‍්පජඤ‍්ඤඤ‍්ච සංයොජනානි ච අභිනිවෙසො ච මමංකාරො ච දොවචස‍්සතා ච අයොනිසොමනසිකාරො ච අවිජ‍්ජා ච අසමාපත‍්ති ච, අයං දුතියා දිසා. දසන‍්නං දුකානං දස පදානි පඨමා දිසාති කාතබ‍්බානි. සංඛිත‍්තෙන අත්‍ථං ඤාපෙන‍්ති පටිපක‍්ඛෙ කණ‍්හපක‍්ඛස‍්ස දසන‍්නං දුකානං දස පදානි දුතියකානි, අයං දුතියා දිසා.

තණ්හාව ද අනොත්තප්පය ද අසම්ප්‍රජන්‍යය ද සංයෝජනයන් ද අභිනිවේශය ද මමංකාරය ද දුර්වච බව ද අයෝනිසෝ මනසිකාරය ද, අවිද්‍යාව ද අසමාපත්තිය ද යන මෙය දෙවැනි දිශාවයි. දුක දහයෙන් පළමු කළයුතු පද දහය සංක්‍ෂිප්තව අර්ථය හඟවයි. ප්‍රතිපක්‍ෂ වූ තණ්හා පක්‍ෂයේ දුක දහයෙන් දෙවැනි පද දහය වේ. මේ දෙවැනි දිශාවයි.

තත්‍ථ කතමො කුසලපක‍්ඛො? සමථො ච විපස‍්සනා ච විජ‍්ජා ච චරණඤ‍්ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච හිරී ච ඔත‍්තප‍්පඤ‍්ච අහංකාරප‍්පහානඤ‍්ච මමංකාරප‍්පහානඤ‍්ච සම‍්මාවායාමො ච යොනිසොමනසිකාරො ච සම‍්මාසති ච සම‍්මාසමාධි ච පඤ‍්ඤා ච නිබ‍්බිදා ච සමාපත‍්ති ච සද‍්ධම‍්මස‍්සවනඤ‍්ච සොමනස‍්සඤ‍්ච ධම‍්මානුධම‍්මපටිපත‍්ති ච.

එහි කුශල පක්‍ෂය කවරේ ද? සමථයද විදර්ශනාව ද විද්‍යාව ද චරණය ද සතිය ද සම්ප්‍රජන්‍යය ද හිරිය ද ඔත්තප්පය ද අහංකාරය දුරුකිරීම ද මමංකාරය දුරුකිරීම ද සම්මා වායාමය ද යෝනසෝ මනසිකාරය ද සම්මා සතිය ද සම්මා සමාධිය ද ප්‍රඥාව ද නිබ්බිදාව ද සමාපත්තිය ද සද්ධර්ම ශ්‍රවණය ද සොම්නස ද ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ද යනුයි.

දසන‍්නං දුකානං සමථාදීනි සොමනස‍්සපරියොසානානි පඨමානි දස පදානි පඨමා දිසා, විපස‍්සනාදීනි ධම‍්මානුධම‍්මපටිපත‍්තිපරියොසානානි දුතියානි දස පදානි දුතියා දිසා. ඉති අකුසලපක‍්ඛෙ කුසලපක‍්ඛෙ ච නන්‍දියාවට‍්ටස‍්ස නයස‍්ස චතස‍්සො දිසා.

දුක දහයෙන් සමථ ආදී වූ සොම්නස කෙළවර කළ පළමු පද දහය පළමු දිශාවයි. විදර්ශනා ආදී ධර්මානුධර්ම ප්‍රතිපත්ති කෙළවර කළ දෙවැනි පද දහය දෙවැනි දිශාවයි. මෙසේ කුසල පක්‍ෂයේ හා අකුසල පක්‍ෂයේ වූ නන්දියාවට්ට නයෙහි දිශා සතරකි.

තාසු කුසලපක‍්ඛෙ සමථාදීහි අකුසලපක‍්ඛෙ තණ‍්හාදයො පහානං ගච‍්ඡන‍්ති, තෙසං පහානා රාගවිරාගා චෙතොවිමුත‍්ති, කුසලපක‍්ඛෙ විපස‍්සනාදීහි අකුසලපක‍්ඛෙ අවිජ‍්ජාදයො පහානං ගච‍්ඡන‍්ති, තෙසං පහානා අවිජ‍්ජාවිරාගා පඤ‍්ඤාවිමුත‍්ති. ඉති ඉමා ද‍්වෙ විමුත‍්තියො නන්‍දියාවට‍්ටනයෙ පරියොසානං.

ඒවායින් කුසල පක්‍ෂයෙහි සමථාදියෙන් අකුසල පක්‍ෂයේ තණ්හාදිය ද ප්‍රහාණයට යෙයි. ඒවායේ ප්‍රහාණයෙන් රාගයෙන් තොරවීමෙන් චේතෝවිමුත්තිය වේ. කුසල පක්‍ෂයේ විදර්ශනා ආදියෙන් අකුසල පක්‍ෂයේ අවිද්‍යාදිය ප්‍රහාණ වේ. ඒවා ප්‍රහාණ වීමෙන් අවිද්‍යා විරාගයෙන් යුත් ප්‍රඥා විමුක්තිය වේ. මෙසේ මේ විමුක්ති දෙක නන්දියාවට්ට නයෙහි අවසානය වේ.

තත්‍ථ තණ‍්හා අවිජ‍්ජා සමථො විපස‍්සනාති චත‍්තාරි පදානි, තෙසු අට‍්ඨාරස මූලපදානි සමොසරන‍්ති. කථං? සමථො ච අලොභො ච අදොසො ච අසුභසඤ‍්ඤා ච දුක‍්ඛසඤ‍්ඤා චාති ඉමානි පඤ‍්ච පදානි සමථං භජන‍්ති, විපස‍්සනා ච අමොහො ච අනිච‍්චසඤ‍්ඤා ච අනත‍්තසඤ‍්ඤා චාති ඉමානි චත‍්තාරි පදානි විපස‍්සනං භජන‍්ති. එවං නව පදානි කුසලානි ද‍්වීසු පදෙසු සමොසරන‍්ති. තණ‍්හා ච ලොභො ච දොසො ච සුභසඤ‍්ඤා ච සුඛසඤ‍්ඤා චාති ඉමානි පඤ‍්ච පදානි තණ‍්හං භජන‍්ති, අවිජ‍්ජා ච මොහො ච නිච‍්චසඤ‍්ඤා ච අත‍්තසඤ‍්ඤා චාති ඉමානි චත‍්තාරි පදානි අවිජ‍්ජං භජන‍්ති. එවං නව පදානි අකුසලානි ද‍්වීසු පදෙසු සමොසරන‍්ති. ඉති තිපුක‍්ඛලො ච සීහවික‍්කීළිතො ච නන්‍දියාවට‍්ටනයං අනුප‍්පවිසන‍්ති.

එහි තණ්හාව, අවිද්‍යාව, සමථය, විදර්ශනාව යනුවෙන් පද සතරකි. ඒවායින් අටළොස් මූල පද එක්රැස් වේ. (එක්ව හැසිරේ) කෙසේ ද? සමථය ද අලෝභය ද අදෝෂය ද අසුභ සංඥාව ද දුක්ඛ සංඥාව ද යන මේ පද පස සමථය ඇසුරු කෙරෙයි. විදර්ශනාව ද අමෝහයද අනිත්‍ය සංඥාව ද අනාත්ම සංඥාව ද යන මේ පද සතර විදර්ශනාව ඇසුරු කෙරෙයි. මෙසේ කුසලපද නවය පද දෙකෙහි ඒකරාශී වේ. තණ්හාව ද ලෝභය ද ද්වේෂය ද සුභ සංඥාවද සුඛ සංඥාවද යන මේ පද පස තණ්හාව ඇසුරු කෙරෙයි. අවිද්‍යාව ද මෝහය ද නිත්‍ය සංඥාව ද ආත්ම සංඥාව ද යන මේ පද සතර අවිද්‍යාව ඇසුරු කෙරෙයි. මෙසේ අකුසල පද නවයක් පද දෙකෙහි මෙසේ තිපුක්ඛල නයත් සීහවික්කීළිත නයක් නන්දියාවට්ට නයට ඇතුළත් වෙයි.

කථං තිපුක‍්ඛලෙ නයෙ ඉතරෙ ද‍්වෙ නයා අනුප‍්පවිසන‍්ති? විපස‍්සනා ච අමොහො ච අනිච‍්චසඤ‍්ඤා ච අනත‍්තසඤ‍්ඤා චාති ඉමානි චත‍්තාරි පදානි අමොහො, සමථො ච අලොභො ච අසුභසඤ‍්ඤා ච දුක‍්ඛසඤ‍්ඤා චාති ඉමානි චත‍්තාරි පදානි අලොභො, අදොසො අදොසො එව. එවං නව පදානි කුසලානි තීසු පදෙසු සමොසරන‍්ති. තණ‍්හා ච ලොභො ච සුභසඤ‍්ඤා ච සුඛසඤ‍්ඤා චාති ඉමානි චත‍්තාරි පදානි ලොභො, අවිජ‍්ජා ච මොහො ච නිච‍්චසඤ‍්ඤා ච අත‍්තසඤ‍්ඤා චාති ඉමානි චත‍්තාරි පදානි මොහො, දොසො දොසො එව. එවං නව පදානි අකුසලානි තීසු පදෙසු සමොසරන‍්ති. ඉති තිපුක‍්ඛලෙ නයෙ ඉතරෙ ද‍්වෙ නයා අනුප‍්පවිසන‍්ති.

ඉතිරි න්‍යාය දෙක තිපුක්ඛල නයෙහි කෙසේ ඇතුළත් වෙයිද? විදර්ශනාව ද අමෝහය ද අනිත්‍ය සංඥාව ද අනාත්ම සංඥාව ද යන මේ පද සතර අමෝහයයි. සමථය ද අලෝභය ද අසුභ සංඥාව ද දුක්ඛ සංඥාව ද යන මේ පද සතර අලෝභයයි. අදේාෂය අදෝෂය මැයි. මෙසේ කුසල පද නවයක් පද තුනෙක ඒකරාශී වේ. තණ්හාව ද ලෝභය ද සුභ සංඥාව ද සුඛ සංඥාව ද යන මේ පදසතර ලෝභයයි. අවිද්‍යාව ද මෝහය ද නිත්‍ය සංඥාව ද ආත්ම සංඥාව ද යන මේ පද සතර මෝහයයි. ද්වේෂය ද්වේෂයමැයි. මෙසේ අකුසල පද නවයක් පද තුනක ඒකරාශී වේ. මෙසේ ඉතිරි න්‍යාය දෙක තිපුක්ඛල නයෙහි ඇතුළත් වේ.

කථං චතූසු පදෙසු අට‍්ඨාරස මූලපදානි සමොසරන‍්ති? තණ‍්හා ච සුභසඤ‍්ඤා ච, අයං පඨමො විපල‍්ලාසො. ලොභො ච සුඛසඤ‍්ඤා ච, අයං දුතියො විපල‍්ලාසො. අවිජ‍්ජා ච නිච‍්චසඤ‍්ඤා ච, අයං තතියො විපල‍්ලාසො. මොහො ච අත‍්තසඤ‍්ඤා ච, අයං චතුත්‍ථො විපල‍්ලාසො. ඉති නව පදානි අකුසලානි චතූසු පදෙසු සමොසරන‍්ති. සමථො ච අසුභසඤ‍්ඤා ච පඨමං සතිපට‍්ඨානං, අලොභො ච දුක‍්ඛසඤ‍්ඤා ච දුතියං සතිපට‍්ඨානං, විපස‍්සනා ච අනිච‍්චසඤ‍්ඤා ච තතියං සතිපට‍්ඨානං, අමොහො ච අනත‍්තසඤ‍්ඤා ච චතුත්‍ථං සතිපට‍්ඨානං. ඉති නව පදානි කුසලානි චතූසු පදෙසු සමොසරන‍්ති. එවං සීහවික‍්කීළිතනයෙ ඉතරෙ ද‍්වෙ නයා අනුප‍්පවිසන‍්ති. තිණ‍්ණඤ‍්හි නයානං යා භූමියො ගොචරො, සො එකෙකං නයං අනුප‍්පවිසති. තස‍්මා එකෙකස‍්ස නයස‍්ස අකුසලෙ වා ධම‍්මෙ විඤ‍්ඤාතෙ කුසලෙ වා පටිපක‍්ඛො අන්‍වෙසිතබ‍්බො. පටිපක‍්ඛං අන්‍වෙසිත්‍වා සො නයො නිද‍්දිසිතබ‍්බො. තම‍්හි නයෙ නිද‍්දිට‍්ඨෙ යථා එකම‍්හි නයෙ ඉතරෙසං නයානං මූලපදානි අනුප‍්පවිට‍්ඨානි, තතො තතො නීහරිත්‍වා නිද‍්දිසිතබ‍්බානි. එකෙකස‍්මිඤ‍්හි නයෙ අට‍්ඨාරස මූලපදානි අනුප‍්පවිට‍්ඨානි.

අටළොස් මූලපදයන් සතර පදයන්හි කෙසේ ඒකරාශී වේද? තණ්හාව ද සුභ සංඥාවද යන මෙය පළමු විපර්යාසයයි. ලෝභයද සුඛ සංඥාව ද යන මෙය දෙවන විපර්යාසයයි. අවිද්‍යාව ද නිත්‍ය සංඥාව ද යන මෙය තෙවැනි විපර්යාසයයි. මෝහය ද ආත්ම සංඥාව ද යන මෙය සිව්වැනි විපර්යාසයයි. මෙසේ අකුසල පද නවයක් පද සතරක ඒකරාශී වේ. සමථයද අසුභ සංඥාවද පළමු සතිපට්ඨානයයි. අලෝභයද දුක්ඛ සංඥාව ද දෙවැනි සතිපට්ඨානයයි. විදර්ශනාව ද අනිත්‍ය සංඥාව ද තෙවැනි සතිපට්ඨානයයි. අමෝහය ද අනාත්ම සංඥාව ද සිව්වැනි සතිපට්ඨානයයි. මෙසේ කුසල පද නවයක් පද සතරක ඒකරාශී වෙයි. මෙසේ ඉතිරි නය දෙක සීහවික්කීළිත නයෙහි ඇතුළත් වේ. ත්‍රිවිධ න්‍යායයන්ගේ යම් ගෝචර භූමියක් වේ ද එය එක් එක් නයට ඇතුළත්ය. එහෙයින් එක් එක් නයෙහි අකුසල ධර්මයෙහි හෝ දැනගත්තා වූ කුසලයෙහි හෝ ප්‍රතිපක්‍ෂය සෙවිය යුතුය. විරුද්ධ දෙය සොයා ඒ නය දැක්විය යුතුය. එම න්‍යාය දැක්වූ කල්හි යම් සේ එක් න්‍යායයෙක්හි ඉතිරි න්‍යායන් පිළිබඳ මූලපදයන් ඇතුළත් වූයේ වෙයි. එයින් (ඒ එක එකින්) බැහැරකොට දැක්විය යුතුය. එක් එක් නයක අටළොස් මූල පද ඇතුළත් වූයේ වේ.

තත්‍ථ එකෙකස‍්මිං ධම‍්මෙ විඤ‍්ඤාතෙ සබ‍්බෙ ධම‍්මා විඤ‍්ඤාතා හොන‍්ති. ඉමෙසං තිණ‍්ණං නයානං සීහවික‍්කීළිතස‍්ස නයස‍්ස චත‍්තාරි ඵලානි පරියොසානං පඨමාය දිසාය පඨමං ඵලං, දුතියාය දිසාය දුතියං ඵලං, තතියාය දිසාය තතියං ඵලං, චතුත්‍ථාය දිසාය චතුත්‍ථං ඵලං පරියොසානං.

එහි එක් එක් කරුණ දත්කල්හි සියලු කරුණු දත්තේ වේ. මේ නය තුනෙන් සීහ වික්කීළිත නයෙහි අවසානය ඵල සතරයි. පළමු දිශාවෙහි (අවසානය) පළමු ඵලයයි. දෙවැනි දිශාවෙහි (අවසානය) දෙවැනි ඵලයයි. තෙවැනි දිශාවෙහි (අවසානය) තෙවැනි ඵලයයි. සිව්වැනි දිශාවෙහි අවසානය සිව්වැනි ඵලයයි.

තිපුක‍්ඛලස‍්ස නයස‍්ස තයො විමොක‍්ඛා පරියොසානං පඨමාය දිසාය අප‍්පණිහිතො, දුතියාය සුඤ‍්ඤතො, තතියාය අනිමිත‍්තො විමොක‍්ඛො පරියොසානං.

තිපුක්ඛල නයෙහි අවසානය ත්‍රිවිධ විමෝක්‍ෂයන් ය. පළමු දිශාවෙහි (අවසානය) අප්පණිහිත විමෝක්‍ෂයයි. දෙවැනි දිශාවෙහි (අවසානය) සුඤ්ඤත විමෝක්‍ෂයයි. තෙවැනි දිශාවෙහි අවසානය අනිමිත්ත විමෝක්‍ෂයයි.

නන්‍දියාවට‍්ටස‍්ස නයස‍්ස ද‍්වෙ විමුත‍්තියො පරියොසානං පඨමාය දිසාය තණ‍්හාවිරාගා චෙතොවිමුත‍්ති, දුතියාය දිසාය අවිජ‍්ජාවිරාගා පඤ‍්ඤාවිමුත‍්ති පරියොසානං. ඉමෙසු තීසු නයෙසු යා අට‍්ඨාරසන‍්නං පදානං ආලොචනා, අයං දිසාලොචනො නයො. යා ආලොකෙත්‍වා කුසලපක‍්ඛෙ අකුසලපක‍්ඛෙ ච “අයං ධම‍්මො ඉමං ධම‍්මං භජතී”ති ජානන‍්තෙන සම‍්මා යොජනා, අයං අඞ‍්කුසො නයොති ඉමෙ පඤ‍්ච නයා.

නන්දියාවට්ට නයෙහි අවසානය විමුක්ති දෙකයි. පළමු දිශාවෙහි (අවසානය) තණ්හා විරාගයෙන් වූ චේතෝ විමුක්තියයි. දෙවැනි දිශාවෙහි (අවසානය) අවිද්‍යා රාගයෙන් වූ ප්‍රඥා විමුක්තියයි. මේ ත්‍රිවිධ න්‍යායන්ගෙන් අටළොස් පද පිළිබඳ යම් ආලෝචනයක් වේ ද එය දිශාලෝචන නයයි. කුසල පක්‍ෂයෙහි ද අකුසල පක්‍ෂයෙහි ද යම් න්‍යායක් සලකා බලා මේ ධර්මය, මේ ධර්මය ඇසුරු කෙරේ යයි දන්නා තැනැත්තා විසින් මනා යෙදීමක් කෙරෙයි ද මෙය අංකුස නය නම් වේ. (මෙසේ) මේ නය පසකි.

නයසමුට‍්ඨානවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

නය සමුට්ඨාන වර්ණනාව නිමි.