යෙදුමෙන් කියවන්න

සාසනපට‍්ඨානවාරවණ‍්ණනා අට‍්ඨකථා

සාසන පට්ඨාන වාර වර්ණනාව

එවං සබ‍්බථා නයසමුට‍්ඨානං විභජිත්‍වා ඉදානි සාසනපට‍්ඨානං විභජන‍්තො යස‍්මා සඞ‍්ගහවාරාදීසු මූලපදෙහෙව පට‍්ඨානං සඞ‍්ගහෙත්‍වා සරූපතො න දස‍්සිතං, තස‍්මා යථා මූලපදෙහි පට‍්ඨානං නිද‍්ධාරෙතබ‍්බං, එවං පට‍්ඨානතොපි මූලපදානි නිද‍්ධාරෙතබ‍්බානීති දස‍්සනත්‍ථං “අට‍්ඨාරස මූලපදා කුහිං දට‍්ඨබ‍්බා? සාසනපට‍්ඨානෙ”ති ආහ. මූලපදසාසනපට‍්ඨානානඤ‍්හි අඤ‍්ඤමඤ‍්ඤසඞ‍්ගහො පුබ‍්බෙ දස‍්සිතො එවාති. අථ සාසනපට‍්ඨානන‍්ති කො වචනත්‍ථො? සාසනස‍්ස පට‍්ඨානන‍්ති සාසනපට‍්ඨානං , සාසනං දෙසනා, තස‍්සා වෙනෙය්‍යජ‍්ඣාසයානුරූපං තෙසං හිතසුඛනිප‍්ඵාදනත්‍ථං පකාරෙහි ඨානං පවත‍්ති සාසනපට‍්ඨානං. ඉධ පන තස‍්ස තථාභාවදීපනං “සාසනපට‍්ඨාන”න‍්ති වෙදිතබ‍්බං. අථ වා සාසනං අධිසීලසික‍්ඛාදයො. තෙසං පවත‍්තනුපායභාවතො පතිට‍්ඨහන‍්ති එතෙහීති පට‍්ඨානානි, සංකිලෙසාදිධම‍්මා. තෙසං පවෙදනතො තදුපචාරෙන සුත‍්තානි පට‍්ඨානානි. තෙසං පන සමූහභාවතො අයං පකරණප‍්පදෙසො පට‍්ඨානං නාම.

මෙසේ සර්වප්‍රකාරයෙන් නය සමුට්ඨානය බෙදා දක්වා දැන් සාසන පට්ඨානය බෙදා දක්වන්නේ යම්හෙයකින් සංග්‍රහ වාර ආදියේ දී මූල පදයන්ගෙන් ම පට්ඨානය සංග්‍රහ කොට ස්වරූප වශයෙන් නොදක්වන ලද ද එහෙයින් යම්සේ මූලපදයන්ගෙන් පට්ඨානය වෙන්කළ යුතු ද මෙසේ පට්ඨානයෙන් ද මූලපදයන් වෙන්කළ යුතුයයි දැක්වීම පිණිස අට්ඨාරද මූලපදා කුහිං දිට්ඨබ්බා, සාසන පට්ඨානෙ යි කියන ලදි. මූලපද සාසන පට්ඨානයන්ගේ අන්‍යොන්‍ය සංග්‍රහය පූර්වයෙහි දක්වන ලද්දේ ම ය. ඉක්බිති සාසන පට්ඨානං යනු කවර වචනාර්ථයක් ද? සාසනයාගේ පිහිටීම සාසන පට්ඨාන නමි. සාසන යනු දේශනාවයි. ඒ හික්මවිය යුතු පුද්ගලයන්ගේ අදහස්වලට අනුරූප වූ ඔවුන්ට හිතසුව ඇතිකරවනු පිණිස ඒ ඒ ආකාරවලින් තැනක් තිබීම සාසන පට්ඨානයයි. මෙහිදී වනාහි එහි එබඳු ස්වරූපය ඉදිරිපත් කිරීම සාසන පට්ඨානය යැයි දතයුතුය. එසේ නැතහොත් සාසන යනු අධිශික්‍ෂා ආදියයි. ඒවායේ පැවැත්මට උපාය බැවින් ‘මේවා කරණකොටගෙන පිහිටන්නේය’ යන අර්ථයෙන් පට්ඨාන නම් වේ. එනම් සංකිලේස ධර්මයෝ ය. ඒවා ප්‍රකාශ කරන බැවින් ඊට උපචාර ලෙසින් සූත්‍රයන් ද පට්ඨාන නම් වේ. ඒවා සමූහ ලෙසින් ගෙන මේ ප්‍රකරණ ප්‍රදේශය පට්ඨාන නම් වේ.

අපරො නයො – කෙනට‍්ඨෙන පට‍්ඨානං? පට‍්ඨිතට‍්ඨෙන ගමනට‍්ඨෙනාති අත්‍ථො. “යෙ තෙ ගොට‍්ඨා පට‍්ඨිතගාවො”ති (ම· නි· 1.156) ආගතට‍්ඨානස‍්මිඤ‍්හි යෙන පට‍්ඨානෙන තෙ “ගොට‍්ඨා පට‍්ඨිතගාවො”ති වුත‍්තා, තං අත්‍ථතො ගමනං හොති. ඉති නාතිවිත්‍ථාරිතනයෙසු හාරනයෙසු අනිස‍්සඞ‍්ගගමනස‍්ස දෙසනාඤාණස‍්ස සංකිලෙසභාගියාදිලොකියාදිභෙදෙසු තදුභයවොමිස‍්සකභෙදෙසු ච විත්‍ථාරිතනයලාභතො නිස‍්සඞ‍්ගවසෙන පවත‍්තගමනත‍්තා තෙ සංකිලෙසභාගියාදයො ලොකියාදයො ච විසුං විසුං වොමිස‍්සා ච අධිකරණවසෙන පට‍්ඨානං නාම. තෙසං පකාසනතො අයං පකරණප‍්පදෙසො පට‍්ඨානන‍්ති වෙදිතබ‍්බං.

වෙනත් ක්‍රමයක් ද වේ. කවර අර්ථයකින් පට්ඨාන නම් වේ ද? පිහිටීම් අර්ථයෙනි. ගමනාර්ථයෙන් යන අර්ථයයි. ‘යෙ තෙ ගොට්ඨා පට්ඨිතගාවො’ යනුවෙන් පැමිණි තන්හි යම් පට්ඨානයකින් ඒ ගවගාලවල් පට්ඨිතගාවොයි කියන ලද ද එය අර්ථ වශයෙන් යාම නම් වේ. මෙසේ වැඩි විස්තර නැති ක්‍රම ඇති හාර නයවල ඇලීම් නැති දේශනා ඥානයේ සංකිලෙස භාගිය ආදී ලෞකික භේදයන්හි ද ඒ දෙකෙන් මිශ්‍ර වූ භේදයන්හි ද විස්තර කරන ලද ක්‍රම ලැබීමෙන් නොඇලීම් වශයෙන් පවතින ගමන් ඇති බැවින් ඒ සංකිලෙස භාගිය ආදියද ලෞකිකාදිය ද වෙන වෙනම මිශ්‍රව අධිකරණ වශයෙන් පට්ඨාන නම් වේ. ඒවා ප්‍රකාශ කරන බැවින් මේ ප්‍රකරණ ප්‍රදේශය පට්ඨානයැයි දතයුතුය.

“සංකිලෙසභාගිය”න‍්තිආදීසු සංකිලිස‍්සති එතෙනාති සංකිලෙසො. සංකිලෙසභාගෙ සංකිලෙසකොට‍්ඨාසෙ පවත‍්තං සංකිලෙසභාගියං. වාසනා පුඤ‍්ඤභාවනා, වාසනාභාගෙ පවත‍්තං වාසනාභාගියං, වාසනං භජාපෙතීති වා වාසනාභාගියං. නිබ‍්බිජ‍්ඣනං ලොභක‍්ඛන්‍ධාදීනං පදාලනං නිබ‍්බෙධො. නිබ‍්බෙධභාගෙ පවත‍්තං, නිබ‍්බෙධං භජාපෙතීති වා නිබ‍්බෙධභාගියං. පරිනිට‍්ඨිතසික‍්ඛාධම‍්මා අසෙක‍්ඛා, අසෙක‍්ඛභාවෙ පවත‍්තං, අසෙක‍්ඛෙ භජාපෙතීති වා අසෙක‍්ඛභාගියං. තෙසු යත්‍ථ තණ‍්හාදිසංකිලෙසො විභත‍්තො, ඉදං සංකිලෙසභාගියං. යත්‍ථ දානාදිපුඤ‍්ඤකිරියවත්‍ථු විභත‍්තං, ඉදං වාසනාභාගියං. යත්‍ථ සෙක‍්ඛා සීලක‍්ඛන්‍ධාදයො විභත‍්තා, ඉදං නිබ‍්බෙධභාගියං. යත්‍ථ පන අසෙක‍්ඛා සීලක‍්ඛන්‍ධාදයො විභත‍්තා, ඉදං අසෙක‍්ඛභාගියං. ඉතරානි තෙසං වොමිස‍්සකනයවසෙන වුත‍්තානි.

සංකිලෙසභාගියං යනාදියෙහි මෙය කරණ කොටගෙන කෙලෙස්නුයි සංකිලෙස නම් වේ. සංකිලේස භාගියේ සංකිලෙස කොටස් පවතිනුයේ සංකිලෙස භාගිය නම් වේ. වාසනාව පිනේ වැඩීමයි. වාසනා භාගයෙහි පැවතියේ වාසනාභාගිය නම් වේ. වාසනාව ඇසුරු කරවා නුයි වාසනා භාගිය නම් වේ. ලෝභ සමූහය ආදියේ බිඳීම, පැලීම නිබ්බේධ නමි. නිබ්බේධ භාගියෙහි පැවතියේ හෝ නිබ්බේධය ඇසුරු කරවූයේ නිබ්බෙධභාගිය නම් වේ. නිමා වූ ශික්‍ෂා ධර්මය අසෙක්ඛ නමි. අසේඛ භාගයෙහි පැවතියේ හෝ අසේඛය ඇසුරු කරවූයේ අසේඛභාගිය නම්වේ. ඒවා අතුරෙන් යම්තැනක තණ්හා ආදි සංකිලේසයන් බෙදන ලද්දේ ද එය සංකිලෙස භාගිය වේ. යම්තැනක දාන ආදි පින් කිරියවත් බෙදා දක්වන ලද ද එය වාසනාභාගිය වේ. යම්තැනක අශෛක්‍ෂ වූ සීල ස්කන්ධ ආදිය බෙදා දක්වන ලදද එය අසෙක්ඛභාගිය නම් වේ. ඉතිරි ඒවා ඒවායේ මිශ්‍ර ක්‍රමය ලෙසින් කියන ලදි.

තානි පන ඡ දුකා චත‍්තාරො තිකා එකං චතුක‍්කං අපරම‍්පි එකං චතුක‍්කන‍්ති ද‍්වාදස හොන‍්ති. තෙසු චත‍්තාරො දුකා ද‍්වෙ ච තිකා උද‍්ධටා, ඉතරෙ න උද‍්ධටා, අනුද‍්ධරණෙ කාරණං නත්‍ථි. ඉමිනා නයෙන තෙපි ගහෙතුං සක‍්කාති පාළියං සංඛිත‍්තාති දට‍්ඨබ‍්බං. තථා හි වක‍්ඛති – “ඉමානි චත‍්තාරි සුත‍්තානි, සාධාරණානි කතානි අට‍්ඨ භවන‍්තී”තිආදි. තත්‍ථ යස‍්මා කත්‍ථචි සුත‍්තෙ තණ‍්හාසංකිලෙසොව නිද‍්දිසීයති, කත්‍ථචි දිට‍්ඨිසංකිලෙසොව, කත්‍ථචි දුච‍්චරිතසංකිලෙසොව නිද‍්දිසීයති, තස‍්මා සංකිලෙසභාගියං සුත‍්තං තිධා විභජිත්‍වා උද‍්දිට‍්ඨං “තණ‍්හාසංකිලෙසභාගියං සුත‍්ත”න‍්තිආදිනා. තථා වොදානං නාම සංකිලෙසෙ සති හොතීති වොදානභාගියං සුත‍්තං සංකිලෙසවිභාගෙන තිධාව උද‍්දිට‍්ඨං “තණ‍්හාවොදානභාගියං සුත‍්ත”න‍්තිආදිනා. තං පන අත්‍ථතො වාසනාභාගියාදි එව හොති. අයඤ‍්ච නයො කෙසුචි පොත්‍ථකෙසු නත්‍ථි.

ඒවා වනාහි දුක සය තික තුන චතුක්ක එක අන්‍ය වූ චතුෂ්ක එක යන දොළසක් වේ. ඒවායින් දුක සතර ද තික දෙක ද දක්වන ලදි. අනෙක්වා නොදක්වන ලදී. නොදැක්වීමෙහි හේතුවක් නැත. මේ ක්‍රමයෙන් ඒවා ද ගන්නට හැකියයි. පෙළෙහි සංක්‍ෂෙප කරන ලදැයි දතයුතුය. එසේම ඉමානි චත්තාරි සුත්තානි සාධාරණානි කතානි අට්ඨ භවන්ති යනාදිය කියන ලදි. එහිදී යම්හෙයකින් කිසියම් සූත්‍රයකදී තණ්හා සංකිලේශයම දක්වනු ලැබේ ද කිසියම් එකකදී දෘෂ්ටි සංකිලේසය ම (දක්වනු ලැබේ) කිසියම් එකකදී දුශ්චරිත සංකිලෙසය ම දක්වනු ලැබේ ද, එහෙයින් සංකිලෙස භාගිය සූත්‍රය තෙපරිදිව බෙදා තණ්හා සංකිලෙස භාගියං සුත්තං යනාදියෙන් දක්වන ලදි. එසේම සංකිලේසය ඇතිකල්හි වොදානය වේයැයි වොදාන භාගිය සූත්‍රය සංකිලෙස විභාගයෙන් තෙපරිදිව දක්වන ලදි. තණ්හා වොදාන භාගියං සුත්තං යනාදියෙනි. එය වනාහි අර්ථ වශයෙන් වාසනා භාගිය ආදිය ම වේ. මේ ක්‍රමය කිසි පොතක නැත.

“තත්‍ථ සංකිලෙසො තිවිධො”තිආදි සංකිලෙසපටිපක‍්ඛතො සමථාදිනිද‍්ධාරණවසෙන වාසනාභාගියාදිසුත‍්තානං විසයදස‍්සනත්‍ථං ආරද‍්ධං. තත්‍ථ යදි ආසත‍්ති උප‍්පජ‍්ජති භවෙසූති භවෙසු ඡන්‍දරාගං පජහිතුං අසක‍්කොන‍්තස‍්ස යදි භවපත්‍ථනා උප‍්පජ‍්ජති. එවං සායන‍්ති එවමස‍්ස පුග‍්ගලස‍්ස අයං සමථවිපස‍්සනාභාවනාමයං පුඤ‍්ඤකිරියවත්‍ථු භවති පුජ‍්ජභවඵලනිබ‍්බත‍්තනතො. තත්‍රූපපත‍්තියා සංවත‍්තතීති තත්‍ර තත්‍ර භවෙ උපපත‍්තියා සංවත‍්තති. ඉමානි චත‍්තාරි සුත‍්තානීති ඉමානි සංකිලෙසභාගියාදීනි චත‍්තාරි සුත‍්තානි. සාධාරණානි කතානීති සංකිලෙසභාගියඤ‍්ච වාසනාභාගියඤ‍්ච, සංකිලෙසභාගියඤ‍්ච නිබ‍්බෙධභාගියඤ‍්ච, සංකිලෙසභාගියඤ‍්ච අසෙක‍්ඛභාගියඤ‍්ච, වාසනාභාගියඤ‍්ච නිබ‍්බෙධභාගියඤ‍්චාති එවං පදන‍්තරසංයොජනවසෙන මිස‍්සිතානි කතානි. අට‍්ඨ භවන‍්තීති පුරිමානි චත‍්තාරි ඉමානි චත‍්තාරීති එවං අට‍්ඨ භවන‍්ති.

තත්‍ථ සංකිලෙසො තිවිධො යනාදිය සංකිලේසයට විරුද්ධ හෙයින් සමථාදිය වෙන්කිරීම් වශයෙන් වාසනා භාගිය ආදී සූත්‍රයන්ගේ විෂය දැක්වීම පිණිස අරඹන ලදි. එහි යදි ආසත්ති උප්පජ්ජති භවෙසු යනු භවයන්හි ඡන්‍දරාගය අත්හරින්නට නොහැකි පුද්ගලයාට ඉදින් භව ප්‍රාර්ථනාව උපදී ද එයයි. එවං සායං යනු මෙසේ ඒ පුද්ගලයාට මේ සමථ විදර්ශනාව භාවනාමය පින්කිරියවතක් වේ යනුයි. පුනර්භව ඵලය උපදවන බැවිනි. තත්‍රෑපපත්තියා සංවත්තති යනු ඒ ඒ භවයෙහි උපදිනු පිණිස පවතී යනුයි. ඉමානි චත්තාරි සුත්තානි යන මේ සංකිලේසභාගිය ආදි සූත්‍ර සතරයි. සාධාරණානි කතානි යනු සංකිලෙස භාගිය, සංකිලෙසභාගිය හා නිබ්බෙධභාගය, සංකිලෙසභාගිය හා අසෙක්ඛභාගිය, වාසනාභාගිය හා නිබ්බෙධභාගිය යන මේ පදාන්තර සංයෝග වශයෙන් මිශ්‍රකරන ලද යනුයි. අට්ඨ භවන්ති යනු පෙර සතර ද, මේ සතර ද වශයෙන් අටක් වේ යනුයි.

තානියෙව අට‍්ඨ සුත‍්තානි සාධාරණානි කතානි සොළස භවන‍්තීති තානියෙව යථාවුත‍්තානි අට‍්ඨ සුත‍්තානි වාසනාභාගියඤ‍්ච අසෙක‍්ඛභාගියඤ‍්ච නිබ‍්බෙධභාගියඤ‍්ච, අසෙක‍්ඛභාගියඤ‍්ච සංකිලෙසභාගියඤ‍්ච වාසනාභාගියඤ‍්ච, නිබ‍්බෙධභාගියඤ‍්ච සංකිලෙසභාගියඤ‍්ච වාසනාභාගියඤ‍්ච, අසෙක‍්ඛභාගියඤ‍්ච සංකිලෙසභාගියඤ‍්ච නිබ‍්බෙධභාගියඤ‍්ච, අසෙක‍්ඛභාගියඤ‍්ච වාසනාභාගියඤ‍්ච නිබ‍්බෙධභාගියඤ‍්ච, අසෙක‍්ඛභාගියඤ‍්ච සංකිලෙසභාගියඤ‍්ච වාසනාභාගියඤ‍්ච, නිබ‍්බෙධභාගියඤ‍්ච අසෙක‍්ඛභාගියඤ‍්ච නෙවසංකිලෙසභාගියඤ‍්ච, නවාසනාභාගියඤ‍්ච නනිබ‍්බෙධභාගියඤ‍්ච න අසෙක‍්ඛභාගියඤ‍්චාති එවං සාධාරණානි කතානි පුරිමානි අට‍්ඨ ඉමානි අට‍්ඨාති සොළස භවන‍්ති. තෙසු චත‍්තාරො එකකා, ඡ දුකා, චත‍්තාරො තිකා, එකො චතුක‍්කො, අපරොපි එකො චතුක‍්කොති අයම‍්පි විභාගො වෙදිතබ‍්බො. තත්‍ථාපි ද‍්වෙ දුකා, ද‍්වෙ තිකා, ද‍්වෙ චතුක‍්කා ච පාළියං අනාගතාති වෙදිතබ‍්බා.

තානියෙව අට්ඨ සුත්තානි සාධාරණානි කතානි සොළස භවන්ති යනු ඒ මුලින් කියන ලද සූත්‍ර අටමය. වාසනා භාගිය අසෙක්ඛ භාගිය ද නිබ්බේධ භාගිය ද අසෙක්ඛ භාගිය ද සංකිලෙස භාගිය ද වාසනා භාගිය ද, නිබ්බේධ භාගිය ද සංකිලෙස භාගිය ද නිබ්බේධ භාගිය ද, අසෙක්ඛ භාගිය ද සංකිලෙස භාගිය ද වාසනා භාගිය ද, නිබ්බේධ භාගිය ද අසෙක්ඛ භාගිය ද සංකිලෙස භාගියද නොවූ ද, වාසනාභාගිය නොවූ ද නිබ්බේධ භාගිය නොවූ ද අසෙක්ඛභාගිය නොවූද වශයෙන් මෙලෙස සාධාරණය කරන ලද පළමු සූත්‍ර අට ද මේ අට ද යනුවෙන් සොළසක් වේ. ඒවායින් ඒකක සතරක් දුක හයක් තික හතරක් එක් චතුෂ්කයක් අන්‍ය වූ තවත් එක් චතුෂ්කයක් යන මේ විභාගය දතයුතුය. එහි ද දුක දෙකක් තික දෙකක් චතුක්ක දෙකක් පෙළෙහි නොපැමිණි බව දතයුතුය.

ඉදානි ඉමස‍්ස පට‍්ඨානස‍්ස සකලසාසනසඞ‍්ගහිතභාවං විභාවෙතුං “ඉමෙහි සොළසහි සුත‍්තෙහි භින‍්නෙහි නවවිධං සුත‍්තං භින‍්නං භවතී”ති වුත‍්තං. තස‍්සත්‍ථො – ඉමෙහි සංකිලෙසභාගියාදීහි සොළසහි සුත‍්තෙහි පට‍්ඨානනයෙන විභත‍්තෙහි සුත‍්තගෙය්‍යාදිනවවිධං පරියත‍්තිසාසනසඞ‍්ඛාතං සුත‍්තං භින‍්නං සොළසධා විභත‍්තං හොති. ඉමිනා සොළසවිධෙන පට‍්ඨානෙන අසඞ‍්ගහිතො පරියත‍්තිසාසනස‍්ස පදෙසො නත්‍ථීති අධිප‍්පායො. කථං පන සංකිලෙසභාගියාදිභාවො ගහෙතබ‍්බොති? ආහ “ගාථාය ගාථා අනුමිනිතබ‍්බා”තිආදි. තත්‍ථ ගාථාය ගාථා අනුමිනිතබ‍්බාති අයං ගාථා විය ගාථා සංකිලෙසභාගියාති වා වාසනාභාගියාති වා නිබ‍්බෙධභාගියාති වා අසෙක‍්ඛභාගියාති වා අනුමිනිතබ‍්බා, අනු අනු මිනිත්‍වා තක‍්කෙත්‍වා ජානිතබ‍්බාති අත්‍ථො. සෙසපදෙසුපි එසෙව නයො. එත්‍ථ ච ගාථාවෙය්‍යාකරණවිනිමුත‍්තා සබ‍්බා පරියත‍්ති “සුත‍්තෙනා”තිපදෙන සඞ‍්ගහිතාති දට‍්ඨබ‍්බා.

දැන් මේ පට්ඨානයට සියලු ශාසනය සංග්‍රහ කරන ලද බව දක්වන්නට ඉමෙහි සොළසෙහි සුත්තෙහි භින්නෙහි නවවිධං සුත්තං භින්නං භවති යි කියන ලදි. එහි අර්ථය, මේ සංකිලෙසභාගිය ආදී සූත්‍ර දහසය පට්ඨාන නය කරණ කොටගෙන බෙදූවිට සුත්ත ගෙය්‍ය ආදී නවවිධ පර්යාප්ති සාසන සංඛ්‍යාත සූත්‍රය බිඳුණේය. සොළොස් වැදෑරුම්ව බෙදන ලද්දේ වෙයි. මේ සොළොස් වැදෑරුම් පට්ඨානයෙන් සංගෘහිත නොවූ පර්යාප්ති ශාසන කොටසක් නැත යන අදහසයි. කෙසේ වනාහි සංකිලෙස භාගියාදි ස්වභාවය ගතයුතු ද? ගාථාය වා ගාථා අනුමිනිතබ්බා යනාදිය කියන ලදි. එහි ගාථාය වා ගාථා අනුමිනිතබ්බා යනු මේ ගාථාව මෙන් (අදාළ) ගාථාව සංකිලෙස භාගිය හෝ වේ ද වාසනාභාගීය හෝ වේ ද නිබ්බේධභාගිය හෝ වේ ද අසෙක්ඛභාගිය හෝ වේ දැයි අනුමාන කළයුතුය. අනුව අනුව මැන බලා තර්කකොට දතයුතුය යන අර්ථයයි. සෙසු පදවල ද මේ ක්‍රමය මැයි. මෙහිදී ද වෙය්‍යාකරණයෙන් තොර වූ සියලු ගාථා පර්යාප්ති සූත්‍රයෙන් යන පදයෙන් සංග්‍රහ කරන ලදැයි දතයුතුය.

ඉදානි සංකිලෙසභාගියාදීනි සුත‍්තානි යථානිද‍්දිට‍්ඨානි උදාහරණවසෙන විභාවෙතුං “තත්‍ථ කතමං සංකිලෙසභාගියං සුත‍්ත”න‍්තිආදි ආරද‍්ධං. තත්‍ථ “කාමන්‍ධා ජාලසඤ‍්ඡන‍්නා”ති ගාථාය අත්‍ථො හෙට‍්ඨා වුත‍්තොයෙව. යථා ඉමස‍්ස, එවං ඉතො පරානම‍්පි හෙට‍්ඨා වුත‍්තත්‍ථානං උත‍්තානපදානඤ‍්ච අත්‍ථං න වණ‍්ණයිස‍්සාම.

දැන් මුලින් දක්වන ලද සංකිලෙසභාගිය ආදී සූත්‍රයන් උදාහරණ වශයෙන් දක්වන්නට තත්‍ථ කතමං සංකිලෙස භාගියං සුත්තං යනාදිය අරඹන ලදි. එහි කාමන්‍ධා ජාලසඤ්ජන්නා යන ගාථාවේ අර්ථය මුලින් කියන ලද ම ය. මේ ගාථාවට යම්සේ ද මින් මතු ඒවාට ද එසේම ය. මුලින් කියන ලද අර්ථ ඇති ප්‍රකට පදයන්ගේ අර්ථය වර්ණනා නොකරන්නෙමු.

අගතිගමනානීති කායාදීහි අයුත‍්තගමනානි, අකත‍්තබ‍්බකරණානීති අත්‍ථො. ඡන්‍දාති ඡන්‍දහෙතු ඉච‍්ඡාපච‍්චයා. අගතිං ගච‍්ඡතීති අගන‍්තබ‍්බං ගතිං ගච‍්ඡති, අකත‍්තබ‍්බං කරොතීති අත්‍ථො. ධම‍්මන‍්ති සාධූනං අරියානං ධම‍්මං. අතිවත‍්තතීති අතිමද‍්දිත්‍වා වීතික‍්කමති. නිහීයතීති හායති. යසොති කිත‍්ති ච පරිවාරො ච.

අගති ගමණානි යනු කාය ආදියෙන් නොයා යුතු යනුයි. නොකළ යුතු කරුණු යන අර්ථයයි. ඡන්‍දා යනු ඡන්‍ද හේතුවෙන්, කැමති ප්‍රත්‍යයෙන් යනුයි. අගතිං ගච්ඡති යනු නොයා යුතු ගතියට යෙයි. නොකළ යුතු දේ කරයි යන අර්ථයයි. ධම්මං යනු යහපත් වූ ආර්යයන්ගේ ධර්මයයි. අතිවත්තති යනු මැඩලා ඉක්මවයි යනුයි. නිහීයති යනු පිරිහේ යනුයි. යසො යනු කීර්තිය හා හා පිරිවරයි.

“මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා”ති ගාථායං මනොති යදිපි කාමාවචරකුසලාදිභෙදං සබ‍්බම‍්පි චතුභූමකචිත‍්තං මනො, ඉමස‍්මිං පන ඨානෙ චක‍්ඛුපාලත්‍ථෙරස‍්ස (ධ· ප· 1-2; ථෙරගා· 95) පුරිමජාතියං වෙජ‍්ජභූතස‍්ස උප‍්පන‍්නවසෙන නියමියමානං පටිඝසම‍්පයුත‍්තචිත‍්තමෙව ලබ‍්භති. සො මනො පුබ‍්බඞ‍්ගමො එතෙසන‍්ති මනොපුබ‍්බඞ‍්ගමා, මනසා පඨමගාමිනා සමන‍්නාගතාති අත්‍ථො. ධම‍්මාති නිස‍්සත‍්තනිජ‍්ජීවට‍්ඨෙන ධම‍්මා, තෙ පන වෙදනාදයො තයො අරූපිනො ඛන්‍ධා. එතෙ හි මනොපුබ‍්බඞ‍්ගමා. කථං පනෙතෙහි සද‍්ධිං එකස‍්මිං වත්‍ථුස‍්මිං එකස‍්මිඤ‍්ච ආරම‍්මණෙ එකක‍්ඛණෙ උප‍්පජ‍්ජමානො මනො පුබ‍්බඞ‍්ගමො නාම හොතීති? උප‍්පාදපච‍්චයට‍්ඨෙන. යථා හි බහූසු එකතො ගාමඝාතාදිකම‍්මානි කරොන‍්තෙසු “කො එතෙසං පුබ‍්බඞ‍්ගමො”ති වුත‍්තෙ යො තෙසං පච‍්චයො හොති, යං යං නිස‍්සාය තෙ තං කම‍්මං කරොන‍්ති, සො දත‍්තො වා මිත‍්තො වා තෙසං පුබ‍්බඞ‍්ගමොති වුච‍්චති, එවංසම‍්පදමිදං දට‍්ඨබ‍්බං. ඉති උප‍්පාදපච‍්චයට‍්ඨෙන මනො පුබ‍්බඞ‍්ගමො එතෙසන‍්ති මනොපුබ‍්බඞ‍්ගමා. න හි තෙ මනෙ අනුප‍්පජ‍්ජන‍්තෙ උප‍්පජ‍්ජිතුං සක‍්කුණන‍්ති, මනො පන එකච‍්චෙසු චෙතසිකෙසු අනුප‍්පජ‍්ජන‍්තෙසුපි උප‍්පජ‍්ජති එව.

මනොපුබ්බංගමා යන ගාථාවෙහි මනො යනු ඉදින් කාමාවචරන කුසල ආදී භේදය ද සියලු චතුභූමික සිත ද මනස වේ යනුයි. මෙතැන වනාහි මුල් ජාතියෙහි වෙදෙකු වූ චක්ඛුපාල තෙරුන් තුළ ඉපදීම් වශයෙන් නියමිත වූ පටිඝ සම්ප්‍රයුක්ත සිත ම ලබයි. ඒ මනස මොවුන්ට පෙරටු වේයැයි මනො පුබ්බංගමා නම් වේ. පළමුව යන මනසින් යුක්ත වූ යන අර්ථයයි. ධම්මා යන්නෙහි ආත්ම රහිත ජීව රහිත යන අර්ථයෙන් ධම්මා නම් වේ. ඒවා නම් වේදනාදි ත්‍රිවිධ අරූපී ස්කන්ධයන් ය. මේවා මනෝ පූර්වංගම වෙති. කෙසේ නම් මේවා සමග එක් වස්තුවක එක් අරමුණක එක් ක්‍ෂණයක උපදින මනස පූර්වංගම නම් වේ යනුයි. උත්පාද ප්‍රත්‍ය අර්ථයෙනි. යම්සේ බොහෝ දෙනා එක්ව ගම් නැසීම් ආදී කාර්යයන් කරනවිට කවරෙක් ඔවුන්ට පෙරටු වේ ද? යි කී කල්හි යමක් ඒවායේ ප්‍රත්‍ය වේ ද, යමක් යමක් ඇසුරුකොට ඔවුහු ඒ කටයුතු කරත් ද ඒ දත්ත හෝ චිත්ත හෝ ඒවාට පෙරටු වෙයි යයි කියනු ලැබේ. මෙසේ මේ සම්පත්තිය දතයුතුය. මෙසේ උත්පාද ප්‍රත්‍යාර්ථයෙන් මනස මේවාට පෙරටු වේනුයි මනෝ පුබ්බංගමා නමි. මනස නූපදනා කල්හි මනස උපදීමය.

අධිපතිවසෙන මනො සෙට‍්ඨො එතෙසන‍්ති මනොසෙට‍්ඨා. යථා හි චොරාදීනං චොරජෙට‍්ඨකාදයො අධිපතිනො සෙට‍්ඨා, තථා තෙසම‍්පි මනො සෙට‍්ඨො. යථා පන දාරුආදීහි නිප‍්ඵන‍්නානි භණ‍්ඩානි දාරුමයාදීනි නාම හොන‍්ති, තථා එතෙපි මනතො නිප‍්ඵන‍්නත‍්තා මනොමයා නාම. පදුට‍්ඨෙනාති අභිජ‍්ඣාදීහි දොසෙහි පදුට‍්ඨෙන දූසිතෙන භාසති වා කරොති වා. සො හි භාසන‍්තො චතුබ‍්බිධං වචීදුච‍්චරිතමෙව භාසති, කරොන‍්තොපි තිවිධං කායදුච‍්චරිතමෙව කරොති, අභාසන‍්තො අකරොන‍්තො තෙහි අභිජ‍්ඣාදීහි පදුට‍්ඨමනතාය තිවිධං මනොදුච‍්චරිතං පූරෙති. එවමස‍්ස දස අකුසලකම‍්මපථා පාරිපූරිං ගච‍්ඡන‍්ති. තතො නං දුක‍්ඛමන්‍වෙතීති තතො තිවිධදුච‍්චරිතතො තං පුග‍්ගලං දුක‍්ඛං අන්‍වෙති දුච‍්චරිතානුභාවෙන චතූසු අපායෙසු දුක‍්ඛං අනුගච‍්ඡති. යථා කිං? චක‍්කංව වහතො පදන‍්ති, යථා නාම සකටං වහතො බලීබද‍්දස‍්ස පදං පහරන‍්තං චක‍්කං අනුගච‍්ඡති, එවං නං පුග‍්ගලං දුක‍්ඛමනුගච‍්ඡතීති.

අධිපති වශයෙන් මනස මේවාට ප්‍රධාන වේ නුයි මනොසෙට්ඨා නම් වේ. යම්සේ සොරු ආදීන්ට සොර දෙටු ආදීහු ශ්‍රේෂ්ඨ අධිපතියෝ වෙත් ද එසේ ඒවාතුරෙන් මනස ශ්‍රේෂ්ඨ ය. යම්සේ දැව ආදියෙන් නිපන් භාණ්ඩ දාරුමය නම් වේද එසේ මේවා ද මනසින් නිපන් බැවින් මනොමය නම් වේ. පදුට්ඨෙන යනු අභිධ්‍යා ආදී දෝෂයන්ගෙන් නරක් වූ දූෂිත වූ යනුයි. භාසති වා කරොති වා යනු හෙතෙම කියනුයේ චතුර්විධ වාග් දුශ්චරිතය ම කියයි. කරනුයේ ත්‍රිවිධ කාය දුශ්චරිතය ම කරයි. නොකියනුයේ නොකරනුයේ ඒ අභිධ්‍යාදියෙන් දූෂිත වූ සිත් ඇති බැවින් ත්‍රිවිධ මනෝ දුශ්චරිතය පුරවයි. මෙසේ ඔහුගේ දස අකුසල කර්මපථ පරිපූර්ණත්වයට යයි. තතො නං දුක්ඛ මන්‍වෙති යනු ඒ ත්‍රිවිධ දුශ්චරිතයෙන් පසු ඒ පුද්ගලයා දුක අනුව යයි. දුශ්චරිතානුභාවයෙන් සතර අපායයන්හි දුක අනුව යයි. කුමක් මෙන් ද? චක්කංව වහතො පදං යනු යම්සේ ගැළ උසුලන ගොනු පියවරක් තබමින් රියසක අනුව යයි. මෙසේ ඒ පුද්ගලයා දුක අනුව යයි.

“මිද‍්ධී යදා හොතී”ති ගාථායං මිද‍්ධීති ථිනමිද‍්ධාභිභූතො. මහග‍්ඝසොති මහාභොජනො ආහරහත්‍ථකඅලංසාටකතත්‍රවට‍්ටකකාකමාසකභුත‍්තවමිතකානං අඤ‍්ඤතරො විය. නිද‍්දායිතාති සුපනසීලො. සම‍්පරිවත‍්තසායීති සෙය්‍යසුඛපස‍්සසුඛානං අනුයුඤ‍්ජනවසෙන සම‍්පරිවත‍්තකසයනසීලො. නිවාපපුට‍්ඨොති කුණ‍්ඩකාදිනා සූකරභත‍්තෙන පුට‍්ඨො. ඝරසූකරො හි බාලකාලතො පට‍්ඨාය පොසියමානො ථූලසරීරකාලෙ ගෙහතො බහි නික‍්ඛමිතුං අලභන‍්තො හෙට‍්ඨාමඤ‍්චාදීසු සම‍්පරිවත‍්තිත්‍වා සම‍්පරිවත‍්තිත්‍වා අස‍්සසන‍්තො පස‍්සසන‍්තො සයතෙව. ඉදං වුත‍්තං හොති – යදා පුරිසො මිද‍්ධී ච හොති මහග‍්ඝසො ච, නිවාපපුට‍්ඨො මහාවරාහො විය අඤ‍්ඤෙන ඉරියාපථෙන යාපෙතුං අසක‍්කොන‍්තො නිද‍්දාසීලො සංපරිවත‍්තසායී, තදා සො “අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා”ති තීණි ලක‍්ඛණානි මනසි කාතුං න සක‍්කොති. තෙසං අමනසිකාරා මන්‍දපඤ‍්ඤො පුනප‍්පුනං ගබ‍්භං උපෙති, ගබ‍්භවාසතො න පරිමුච‍්චතීති.

මිද්ධී යදා හොති යන ගාථාවේ මිද්ධී යනු ථීනමිද්ධයෙන් මඩනා ලද යනුයි. මහග්ඝසො යනු මහා භෝජනයයි. ආහාරත්‍ථක, අලංසාටක, තත්‍රවට්ටක, කාකමාසක, භුත්තවමිකත යන පුද්ගලයන් අතුරෙන් එක් අයෙකු මෙනි. නිද්දායිතා යනු ස්වප්නශීලී යනුයි. සම්පරිවත්තසායී යනු සයන සුඛ පහස් සුඛයන්හි යෙදීම් වශයෙන් පෙරලෙනසුලු, නිදනසුලු යනුයි. නිවාප පුට්ඨො යනු ධාන්‍ය කැබලි ආදී හූරු බතින් විමසන ලද යනුයි. ගෘහ සූකරයා වනාහි බාල කල පටන් පෝෂණය කරනු ලබන්නේ මහා සිරුරක් ඇතිවිට ගෙයින් පිටතට නික්මෙන්නට නොලබන්නේ ඇඳන් යට ආදියෙහි පෙරලි පෙරලි හුස්ම ගනිමින් පිට කරමින් නිදන්නේ ම ය. මෙය කියන ලද්දේ වෙයි. යම්විටෙක පුරුෂයා කම්මැලි වේ ද, මහා භෝජන ඇත්තේ වේ ද, හූරු බතින් අමතන ලද මහා ඌරෙකු මෙන් වෙනත් ඉරියව්වකින් යැපෙන්නට නො හැක්කේ නිදනසුලු වූයේ ද එවිට අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්‍ෂණයන් සිහි කරන්නට නොහැකි වෙයි. ඒවා සිහි නොකිරීමෙන් මන්‍දප්‍රාඥයා නැවත නැවත ගැබට පැමිණෙයි. ගර්භ වාසයෙන් නොමිදෙයි.

“අයසාව මල”න‍්ති ගාථායං අයසාති අයතො. සමුට‍්ඨිතන‍්ති ජාතං. තතුට‍්ඨායාති තතො උට‍්ඨහිත්‍වා. අතිධොනචාරිනන‍්ති ධොනා වුච‍්චති චත‍්තාරො පච‍්චයෙ ඉදමත්‍ථිතාය අලමෙතෙනාති පච‍්චවෙක‍්ඛිත්‍වා පරිභුඤ‍්ජනපඤ‍්ඤා, තං අතික‍්කමිත්‍වා චරන‍්තො අතිධොනචාරී නාම. ඉදං වුත‍්තං හොති – යථා අයතො මලං සමුට‍්ඨාය යතො තං සමුට‍්ඨිතං, තමෙව ඛාදති විනාසෙති, එවමෙවං චත‍්තාරො පච‍්චයෙ අප‍්පච‍්චවෙක‍්ඛිත්‍වා පරිභුඤ‍්ජන‍්තං අතිධොනචාරිනං සානි කම‍්මානි අත‍්තනො සන‍්තානෙ උට‍්ඨිතත‍්තා අත‍්තනො සන‍්තකානෙව තානි කම‍්මානි දුග‍්ගතිං නයන‍්තීති.

අයසාව මලං යන ගාථාවෙහි අයසා යනු යකඩින් ය. සමුට්ඨිතං යනු හටගත් යනුයි. තතුට්ඨාය යනු එයින් නැගිට යනුයි. අතිධොන චාරිනං යන්නෙහි ප්‍රත්‍ය සතර ධොන යැයි කියනු ලැබේ. මෙය ඇති බැවින් එයින් පලක් නැතැයි ප්‍රත්‍යවේක්‍ෂා කොට පරිභෝග කරන ප්‍රඥාවයි. එය ඉක්මවා හැසිරෙන්නේ අතිධොනචාරී නම් වේ. මෙය කියන ලද්දේ වෙයි. යම්සේ යකඩින් මළ හටගෙන යම් තැනකින් එය හටගත්තේ ද එයම කයි. විනාස කරයි. මෙසේ ප්‍රත්‍ය සතර ප්‍රත්‍යවේක්‍ෂා නොකර පරිභෝග කරන්නා අතිධොනචාරී නමි. සානි කම්මානි යනු තම සිතෙහි පහළ වූ බැවින් තමා සතු වූ ඒ කර්ම දුගතියට පමුණුවත් යනුයි.

“චොරො යථා”ති ගාථායං චොරො යථා සන්‍ධිමුඛෙ ගහීතොති යථා චොරො ඝරසන්‍ධිං ඡින්‍දිත්‍වා ගෙහං පවිසන‍්තො ඝරසන්‍ධිමුඛෙ එව රාජපුරිසෙහි ගහිතො. සකම‍්මුනා හඤ‍්ඤති බජ‍්ඣතෙ චාති තෙන අත‍්තනා කතකම‍්මෙන කසාභිතාළනාදිනා හඤ‍්ඤති චෙව අද‍්දුබන්‍ධනාදිනා බජ‍්ඣති ච. එවං අයං පෙච‍්ච පජා පරත්‍ථාති එවම‍්පි අයං පාපකාරිනී පජා ඉතො චවිත්‍වා පරලොකෙ. සකම‍්මුනා හඤ‍්ඤති බජ‍්ඣතෙ චාති අත‍්තනාව කතෙන පාපකම‍්මෙන නිරයාදීසු නානප‍්පකාරෙහි කම‍්මකාරණාදීහි හඤ‍්ඤති චෙව පරිබජ‍්ඣති චාති.

චොරො යථා යන ගාථාවෙහි චොරො යථා සන්‍ධිමුඛෙ ගහීතො යනු යම්සේ සොරෙක් ගෘහසන්ධිය බිඳ ගෙට පිවිසෙනුයේ ගෘහ සන්ධි මුවෙහිදී ම රාජ පුරුෂයන් විසින් ගන්නා ලද්දේ ද එසේය යනුයි. සකම්මුනා හඤ්ඤති බජ්ඣතෙ ච යනු ඒ තමා කළ කර්මයෙන් කසයෙන් තැලීම් ආදියෙන් නසන්නා සේ ම දම්වැල්වලින් බැඳීම් ආදියෙන් බඳිනු ලැබේ. එවමයං පෙච්චපජා පරත්‍ථ යනු මේ පාපකාරී ප්‍රජාව මෙසේ ද මෙයින් චුතව පරලොවෙහි යනුයි. සකම්මුනා හඤ්ඤති බජ්ඣති ච යනු තමා විසින්ම කරන ලද පාප කර්මයෙන් නිරය ආදියෙහි නානාප්‍රකාර කටයුතු කිරීම් ආදියෙන් හිංසාවේ එසේම බැඳේ යනුයි.

“සුඛකාමානී”ති ගාථායං යො දණ‍්ඩෙන විහිංසතීති යො පුග‍්ගලො දණ‍්ඩෙන වා ලෙඩ‍්ඩුආදීහි වා විබාධති. පෙච‍්ච සො න ලභෙ සුඛන‍්ති සො පුග‍්ගලො පරලොකෙ මනුස‍්සසුඛං වා දිබ‍්බසුඛං වා න ලභති, නිබ‍්බානසුඛෙ පන වත‍්තබ‍්බමෙව නත්‍ථි.

සුඛකාමානි යන ගාථාවෙහි යො දණ්ඩෙන විහිංසති යනු යම් පුද්ගලයෙක් දණ්ඩකින් හෝ කැට ආදියෙන් හෝ පෙළයි යනුයි. පෙච්ච සො න ලභෙ සුඛං යනු ඒ පුද්ගලයා පරලොව මනුෂ්‍ය සැපතක් හෝ දෙව් සැපතක් හෝ නොලබයි. නිවන් සැපයෙහි පැවැත්මක් නැත්මය.

ගුන‍්නං චෙ තරමානානන‍්ති ගාවීසු මහොඝං තරන‍්තීසු. ජිම‍්හං ගච‍්ඡති පුඞ‍්ගවොති යදි යූථපති උසභො කුටිලං ගච‍්ඡති. සබ‍්බා තා ජිම‍්හං ගච‍්ඡන‍්තීති සබ‍්බාපි තා ගාවියො කුටිලමෙව ගච‍්ඡන‍්ති. කස‍්මා? නෙත‍්තෙ ජිම‍්හං ගතෙ සතීති නෙත‍්තරි කුටිලං ගතෙ සති, නෙත‍්තස‍්ස කුටිලං ගතත‍්තාති අත්‍ථො. සො හි තාසං පච‍්චයිකො උපද‍්දවහරො ච.

ගුන්නඤ්චෙ තරමානානං යනු සැඩපහර තරණය කරන ගව දෙනුන්ගෙන් ය. ජිම්හං ගච්ඡති පුංගවො යනු ඉදින් ප්‍රධාන වෘෂභයා වක්ව යේ ද එයයි. සබ්බා තෙ ජිම්හං ගච්ඡන්ති යනු ඒ සියලු ගව දෙන්නු වක්ව යෙත් යනුයි. කවර හෙයින් ද? නෙත්තෙ ජිම්හගතෙසති යනු නායක ගවයා වක්ව ගිය හෙයින් යනුයි. නායකයා ඇඳට ගිය හෙයින් යන අර්ථයයි. ඔහු වනාහි ඒ ගව දෙනුන්ගේ විශ්වාසවන්තයා ද උවදුරු නසන්නා ද වේ.

“එවමෙව”න‍්ති ගාථායං යථා චෙතං, එවමෙවං යො මනුස‍්සෙසු පධානසම‍්මතො, යදි සො අධම‍්මචාරී සියා. යෙ තස‍්ස අනුජීවිනො, සබ‍්බෙපි අධම‍්මිකාව හොන‍්ති. සාමිසම‍්පදා හි පකතිසම‍්පදං සම‍්පාදෙති. යස‍්මා ච එතදෙව, තස‍්මා සබ‍්බං රට‍්ඨං දුක‍්ඛං සෙති, රාජා චෙ හොති අධම‍්මිකො. සුකිච‍්ඡරූපා වතාති සුට‍්ඨු කිච‍්ඡාපන‍්නරූපා වත. උපධීසූති කාමගුණූපධීසු. රත‍්තාති රාගාභිභූතා. කටුකන‍්ති දුක‍්ඛං.

එවමෙවං යනු, ගාථාවෙහි යම්සේ මෙය වේ ද එසේ යමෙක් මිනිසුන් අතර ප්‍රධානියා සේ සම්මත ද එයයි. ඉදින් හෙතෙම අධර්මචාරී වේ ද ඔහුගේ සියලු අනුජීවිහු ද අධාර්මිකයෝ වෙත්. ස්වාමි සම්පදාව ප්‍රකෘති සම්පදාව සම්පාදනය කෙරේ. යම්හෙයකින් එයම වේ ද එහෙයින් ඉදින් රජු අධාර්මික වේ නම් සියලු රට දුකසේ සයනය කෙරේ යැයි කියන ලදි. සුකිච්ඡරූපා වත යනු ඒකාන්තයෙන් අධික දුකට පැමිණ ස්වරූප ඇති යනුයි. උපධීසු යනු කාමගුණ උපධීන්හි ය. රත්තා යනු රාගයෙන් මැඩුණාහු යනුයි. කටුකං යනු කුකුස් ඇති කිරීමෙන් ම දුක් සහගත යනුයි.

කුක‍්කුච‍්චජනකෙනෙව පත‍්තවට‍්ටිප‍්පභවස‍්ස උපච‍්ඡින‍්නත‍්තා ඵලුප‍්පත‍්ති කදලියා පරාභවාය හොතීති ආහ – “ඵලං වෙ කදලිං හන‍්තී”ති. තථා ඵලපරියොසානත‍්තා ඔසධීනං “ඵලං වෙළුං ඵලං නළ”න‍්ති වුත‍්තං. වළවාය කුච‍්ඡිස‍්මිං ගද්‍රභස‍්ස ජාතා අස‍්සතරී නාම, සා ගබ‍්භං ගණ‍්හිත්‍වා කාලෙ සම‍්පත‍්තෙ විජායිතුං න සක‍්කොති. පාදෙහි භූමිං පහරන‍්තී තිට‍්ඨති, අථස‍්ස චත‍්තාරො පාදෙ චතූසු ඛාණුකෙසු බන්‍ධිත්‍වා කුච‍්ඡිං ඵාලෙත්‍වා පොතකං නීහරන‍්ති, සා තත්‍ථෙව මරති. තෙන වුත‍්තං – “ගබ‍්භො අස‍්සතරිං යථා”ති. ඉදං වුත‍්තං හොති – යථා අත‍්තනො ඵලං කදලිවෙළුනළෙපි විනාසෙති, ගබ‍්භො ච අස‍්සතරිං, එවං අත‍්තනො කම‍්මඵලභූතො සක‍්කාරො අසප‍්පුරිසං විනාසෙතීති.

පත්‍රයේ මුවවිට හටගැනීම සිඳින ලද බැවින් ඇතිවන ගෙඩි හටගැනීම කෙසෙල් ගසේ විනාශය පිණිස වේ යැයි ඵලං වෙ කදලං හන්ති යි කියන ලදි. එසේම ඵලය කෙළවරකොට ඇති බැවින් ඕසධීන්ට (ගෙඩි හටගැනීමෙන් මැරෙන ගස්වලට) ඵලං වෙළුං ඵලං නළං යි කියන ලදී. කොටළුවෙකු නිසා වෙළඹකගේ කුසේ උපන්නිය අශ්වතරී නම් වේ. ඇය ගැබ්ගෙන සුදුසුකල් පැමිණි කල්හි වදන්නට නොහැකි වෙයි. පාවලින් බිම පහරමින් සිටින්නීය. ඉක්බිති ඇගේ පා සතර කණු සතරක බැඳ කුස පලා පැටවා බැහැරට ගන්නේය. ඇය එතැන ම මැරෙන්නීය. එහෙයින් ගබ්භො අස්සතරිං යථා යි කියන ලදි. යම්සේ සිය ඵලය නිසා කෙසෙල්, උණ බට විනාශ වේ ද ගැබ නිසා අශ්වතරිය විනාශ වේ ද මෙසේ තමාගේ කර්මඵලය වූ සත්කාරය අසත්පුරුෂයා විනාශ කරයි යන මෙය කියන ලද්දේ වෙයි.

කොධමක‍්ඛගරූති කුජ‍්ඣනලක‍්ඛණං කොධං, පරගුණමක‍්ඛනලක‍්ඛණං මක‍්ඛඤ‍්ච ගරුං කත්‍වා උද‍්ධං කත්‍වා උක‍්ඛිපිත්‍වා චරන‍්තො. සුඛෙත‍්තෙති සුඛෙත‍්තෙපි. පූතිබීජංවාති පූතිභාවං ගතං බීජං විය. ඡකණරසාදිපරිභාවනසුක‍්ඛාපනසුඛසයාදීනි අකරණෙන බීජදොසදුට‍්ඨන‍්ති අත්‍ථො.

කොධමක්ඛගරු යනු කිපීම් ලක්‍ෂණ ඇති ක්‍රෝධය ද අනුන්ගේ ගුණ මකන ලක්‍ෂණ ඇති මකු බව ද ගරුකොට උසස් කොට බැහැරකොට හැසිරෙන්නේ යනුයි. සුඛෙත්තෙ යනු මනා වූ කෙතෙහි ද යනුයි. පූති බීජං ව යනු කුණු වූ ස්වරූපයට ගිය බීජයක් මෙන් යනුයි. ඡකණ (අස්බෙටි) රස ආදිය වැඩිකිරීම අඩුකිරීම සුවසේ පිහිටුවීම ආදිය නොකිරීමෙන් දූෂිත වූ බීජ යන අර්ථයයි.

චෙතසාති අත‍්තනො චිත‍්තෙන. චෙතොති තස‍්ස පුග‍්ගලස‍්ස චිත‍්තං. පරිච‍්චාති පරිච‍්ඡින්‍දිත්‍වා. ඉරියතීති පවත‍්තති. යථාභතන‍්ති යථා කිඤ‍්චි ආහරිත්‍වා ඨපිතං.

චෙතසා යනු සිය සිතිනි. චෙතො යනු ඒ පුද්ගලයාගේ සිතයි. පරිච්චා යනු පිරිසිඳ යනුයි. ඉරීයති යනු පවතී යනුයි. යථාභතං යනු කිසිවක් ගෙනහැර තබන ලද පරිදි යනුයි.

මාකත්‍ථාති මා අකත්‍ථ. න පමුත්‍යත්‍ථීති පමොක‍්ඛො නත්‍ථි. උපෙච‍්චාපීති සඤ‍්චිච‍්චාපි, බුද‍්ධිපුබ‍්බෙනාපීති අත්‍ථො.

මාකත්‍ථ යනු නොකරව යනුයි. න පමුත්‍යත්‍ථි යනු ප්‍රමුඛයෙක් නැත යනුයි. උපෙච්චායි යනු දැන දැන ද බුද්ධි පූර්වකව ද යන අර්ථයයි.

“අධම‍්මෙනා”ති වත්‍වාපි “මුසාවාදෙනා”ති වචනං මුසාවාදස‍්ස මහාසාවජ‍්ජභාවදස‍්සනත්‍ථං. තෙනෙවාහ – “එකං ධම‍්මං අතීතස‍්සා”තිආදි (ධ· ප· 176), තථා “එවං පරිත‍්තං ඛො, රාහුල, තෙසං සාමඤ‍්ඤං, යෙසං නත්‍ථි සම‍්පජානමුසාවාදෙ ලජ‍්ජා”තිආදි (ම· නි· 2.108). තං කථං නු භවිස‍්සතීති තං ධනං කෙන නු පකාරෙන තෙසං භවිස‍්සති. අධම‍්මෙන තෙසං සම‍්භතත‍්තා තෙසු නචිරට‍්ඨිතිකං හොතීති අත්‍ථො. අන‍්තරායා සු භවිස‍්සන‍්තීති අධම‍්මියවොහාරාදිතො රාජන‍්තරායාදයො භවිස‍්සන‍්ති. සූති නිපාතමත‍්තං. සම‍්භතස‍්ස විනස‍්සතීති ඉමස‍්ස සම‍්භතං සජ‍්ජිතං විනස‍්සති. සග‍්ගන‍්ති සුගතිං. සා හි රූපාදීහි සොභනෙහි අග‍්ගොති සග‍්ගොති අධිප‍්පෙතා. එත‍්තාවතාති දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකානං අත්‍ථානං හානියා. හතාති විනට‍්ඨා.

අධම්මෙන යැයි කියාත් මුසාවාදෙන යන වචනය මුසාවාදයේ මහාසාව්‍යභාවය දක්වනු පිණිසය. එහෙයින්ම ‘එකං ධම්මං අතීතස්ස’ යනාදිය කියන ලදි. එසේම එවං පරිත්තං චො රාහුල, තෙසං සමඤ්ඤං යොසං නත්‍ථි සම්පජාන මුසාවාදෙ ලජ්ජා’ යනාදිය ද කියන ලදී. තං කථන්නු භවිස්සති යනු ඒ ධනය කවර ආකාරයකින් ඔවුන්ට ලැබෙන්නේ ද? ඒවා අධර්මයෙන් රැස් කරන ලද බැවින් ඒවා කෙරෙහි දිගුකල් පවත්නා බවක් නොවේ යන අර්ථයයි. අන්තරායා සුභවිස්සන්ති යනු අධාර්මික ව්‍යවහාරාදියෙන් රාජ අනතුරු ආදිය වන්නේය යනුයි. සු යනු නිපාත මාත්‍රයකි. සම්භතස්ස විනස්සති යනු මෙහි රැස්කරන ලද, පිළියෙල කරන ලද දෙය විනාශ වේ යනුයි. සග්ගං යනු සුගතියයි. එය ශෝභන වූ රූපාදියේ අග්‍ර වූයේනුයි සග්ග නම් වේ යැයි අදහස් කරන ලදි. එත්තාවතා යනු මෙලොවට පරලොවට සම්බන්ධ අර්ථයන් හානිවීමෙනි. හතා යනු යනු යනුයි.

විවට‍්ටතෙති නිවට‍්ටති. ලොභා ඛණති අත‍්තානන‍්ති ලොභහෙතු අපුඤ‍්ඤානි කරොන‍්තො කායවිසමාදියොගෙන අත‍්තානං ඛණති නාම. මිත‍්තෙහි ජීරතීති මිත‍්තභාවෙහි හායති.

විවට්ටතෙ යනු පෙරලයි යනුයි. ලොභා ඛණති අත්තානං යනු ලෝභ හේතුවෙන් පව් කරමින් වැරදි කායික හැසිරීම් ආදී යෝගයෙන් තමා සාරයි නම් වේ. මිත්තෙහි ජීරති යනු මිත්‍ර භාවයෙන් පිරිහෙයි යනුයි.

චරන‍්තීති චතූහි ඉරියාපථෙහි අකුසලමෙව කරොන‍්තා විචරන‍්ති. බාලාති ඉධලොකත්‍ථං පරලොකත්‍ථඤ‍්ච අජානන‍්තා ඉධ බාලා නාම. දුම‍්මෙධාති නිප‍්පඤ‍්ඤා. න හි පඤ‍්ඤාය දුට‍්ඨත‍්තං නාම අත්‍ථි. අමිත‍්තෙනෙවාති අමිත‍්තභූතෙන විය වෙරිනා විය හුත්‍වා. කටුකප‍්ඵලන‍්ති තිඛිණඵලං, දුක‍්ඛඵලන‍්ති අත්‍ථො. න තං කම‍්මං කතං සාධු, යං කත්‍වා අනුතප‍්පතීති යං කම‍්මං නිරයාදීසු නිබ‍්බත‍්තනසමත්‍ථං දුක‍්ඛුදයං කත්‍වා අනුස‍්සරිතානුස‍්සරිතක‍්ඛණෙ අනුතප‍්පති අනුසොචති, තං කතං න සාධු න සුන්‍දරං න භද‍්දකං. යස‍්ස අස‍්සුමුඛොති යස‍්ස අස‍්සූහි තින‍්තමුඛො රොදන‍්තො විපාකං පටිසෙවති අනුභොති.

චරන්ති යනු සතර ඉරියව්වලින් අකුසල කර්ම කරමින් හැසිරෙත් යනුයි. බාලා යන මේ ලෝකාර්ථය ද පරලෝකාර්ථය ද නොදන්නා පුද්ගලයන් මෙහි බාල නම් වේ යනුයි. දුම්මෙධා යනු ප්‍රඥා රහිතයෝ ය. ප්‍රඥාවේ දුෂ්ට භාවයක් නම් නැත. අමිත්තෙ නෙව යනු මිත්‍ර නොවූවකු මෙන් වෛරයෙන් වෙන්ව යනුයි. කටුකප්ඵලං යනු තියුණු ප්‍රතිඵලයයි. දුක්ඛ ඵලය යන අර්ථයයි. න තං කම්මං කතං සාධු යං කත්‍වා අනුතප්පති යනු යම් කර්මයක් නිරය ආදියේ උපදවීමට සමත් වේ ද දුක ඇතිකොට සිහි කළයුතු බව සිහිකළ මොහොතෙහි අනුව තැවේ. අනුව ශෝක කරයි. ඒ කරන ලද දෙය යහපත් නොවේ. සුන්දර නොවේ. භද්‍ර නොවේ. යස්ස අස්සුමුඛො යනු කඳුළින් තෙත් වූ මුහුණු ඇතිව හඬන යමෙකුගේ යනු විපාකය ඇසුරු කරයි. විඳියි යනුයි.

දුක‍්කරන‍්ති වත‍්තපටිවත‍්තපූරණාදිවසෙන ආභිසමාචාරිකසීලස‍්ස කාතුං අසක‍්කුණෙය්‍යතාය දුක‍්කරං. සමාදානතො පට‍්ඨාය ඛණ‍්ඩං අකත්‍වා විසෙසතො ආදිබ්‍රහ‍්මචරියකස‍්ස චරිමකචිත‍්තං පාපෙතබ‍්බතාය දුත‍්තිතික‍්ඛං, සීලසංවරාදයො වා අපරික‍්ඛතෙ කත්‍වා සම‍්පාදෙතුං අසක‍්කුණෙය්‍යතාය දුක‍්කරං. අධිවාසෙතබ‍්බානං පන දුස‍්සහනතො ඛන‍්තිසංවරංවසෙන දුත‍්තිතික‍්ඛං. අබ්‍යත‍්තෙනාති මන්‍දපඤ‍්ඤෙන. සාමඤ‍්ඤන‍්ති සමණභාවො. තත්‍ථාති තස‍්ස සාමඤ‍්ඤස‍්ස. සම‍්බාධාති දුන‍්නිවත්‍ථදුප‍්පාරුතමාතුගාමාදිසම‍්මද‍්දා. යත්‍ථාති සීලසංවරාදීනං පරිබන්‍ධභූතෙසු සම‍්බාධසඞ‍්ඛාතෙසු විසභාගාරම‍්මණාදීසු . අථ වා දුක‍්කරන‍්තිපදස‍්ස අත්‍ථං දස‍්සෙතුං දුත‍්තිතික‍්ඛන‍්ති වුත‍්තං. දුත‍්තිතික‍්ඛන‍්ති දුක‍්ඛමං දුරධිවාසියං. අබ්‍යත‍්තෙනාති බාලෙන. සාමඤ‍්ඤන‍්ති සමණධම‍්මො. ඉදං වුත‍්තං හොති – යං පණ‍්ඩිතා කුලපුත‍්තා දසපි වස‍්සානි වීසතිපි…පෙ… සට‍්ඨිපි වස‍්සානි දන‍්තෙභි දන‍්තමාධාය ජිව‍්හාය තාලුං ආහච‍්ච චෙතසා චිත‍්තං අභිනිග‍්ගණ‍්හිත්‍වා එකාසනං එකභත‍්තං පටිසෙවමානා ආපාණකොටිකං බ්‍රහ‍්මචරියං චරන‍්තා සාමඤ‍්ඤං කරොන‍්ති, තං බාලා අබ්‍යත‍්තා කාතුං න සක‍්කොන‍්තීති. බහූහි තත්‍ථ සම‍්බාධාති තස‍්මිං සාමඤ‍්ඤසඞ‍්ඛාතෙ අරියමග‍්ගෙ බහූ සම‍්බාධා, මග‍්ගාධිගමාය පටිපන‍්නස‍්ස බහූ පරිස‍්සයාති අත්‍ථො.

දුක්කරං යනු වත්පිළිවෙත් පිරීම් වශයෙන් ආභිසමාචාරික සීලය රකින්නට නොහැකි බැවින් දුෂ්කරය යනුයි. සමාදානයේ පටන් කඩ නොකොට විශේෂයෙන් ආදි බ්‍රහ්මචරියක ශීලයේ පළමු සිත පැමිණවිය යුතු බැවින් ඉවසිය නොහැක. සීල සංවරාදිය හෝ නොපිරික්සා සම්පාදනය කරන්නට නොහැකි බැවින් දුෂ්කරය. අවියත්තෙන යන මන්‍දප්‍රාඥයා විසිනි. සාමඤ්ඤං යනු ශ්‍රමණ භාවයයි. තත්‍ථ යනු ඒ ශ්‍රමණ භාවයෙහිය. සම්බාධා යනු මනාව නොහැඳි, නොපෙරවි බව, මාගමුන් ආදී බාධාවන් ය. යත්‍ථ යනු සීල සංවර ආදියට බාධා වූ සම්බාධ සංඛ්‍යාත විෂම අරමුණුවල ය. එසේ නැතහොත් දුක්කරං යන පදයේ අර්ථය දක්වන්නට දුත්තික්ඛං යයි කියන ලදී. දුත්තිතික්ඛං යනු ක්‍ෂමා කළ නොහැකි ඉවසිය නොහැකි යනුයි. අවියත්තෙන යනු බාලයා විසිනි. සාමඤ්ඤං යනු ශ්‍රමණ ධර්මයයි. පණ්ඩිත වූ කුලපුත්‍රයෝ දසවසක් ද විසිවසක් ද -පෙ- සැටවසක් ද දතින් දත මැඩ දිවෙන් තල්ල මැඩ සිතින් සිත නිග්‍රහකොට ඒකාසනය ඒකභත්තය ඇසුරු කරමින් දිවි ඇතිතෙක් බඹසර හැසිරෙන්නාහු ශ්‍රමණ ධර්මය කෙරෙත් ද එය බාල අව්‍යක්තයන් විසින් කරන්නට නොහැකි වෙත් යන මෙය කියන ලදි. බහූහි තත්‍ථ සම්බාධා යනු ඒ ශ්‍රමණ භාව සංඛ්‍යාත ආර්ය මාර්ගයෙහි බොහෝ සම්බාධ වේ යනුයි. මාර්ගාධිගමය පිණිස පිළිපන්නාහුගේ බොහෝ වෙහෙස පිණිස යන අර්ථයයි.

අප‍්පමෙය්‍යං පමිනන‍්තොති අප‍්පමෙය්‍යං ඛීණාසවපුග‍්ගලං “එත‍්තකසීලො අයං එත‍්තකසමාධි එත‍්තකපඤ‍්ඤො”ති එවං මිනන‍්තො. කොධ විද‍්වා විකප‍්පයෙති කො ඉධ විද‍්වා මෙධාවී විකප‍්පෙය්‍ය, ඛීණාසවොව ඛීණාසවං මිනන‍්තො විකප‍්පෙය්‍යාති දීපෙති. නිවුතං මඤ‍්ඤෙති යො පන පුථුජ‍්ජනො මිනෙතුං ආරභති, තං නිවුතං අවකුජ‍්ජපඤ‍්ඤං මඤ‍්ඤාමි. අකිස‍්සවන‍්ති කිස‍්සවා වුච‍්චති පඤ‍්ඤා, නිප‍්පඤ‍්ඤන‍්ති අත්‍ථො.

අප්පමෙය්‍යං පමිණන්තො යනු ප්‍රමාණ කළ නොහැකි ක්‍ෂීණාශ්‍රව පුද්ගලයා මෙපමණ සිල් ඇත්තෙකි. මෙපමණ සමාධි ඇත්තෙකි. මෙපමණ ප්‍රඥා ඇත්තෙකියි මනිනුයේ යනුයි. කොධ විදවා විකප්පයෙ යනු මෙලොව කරනම් පණ්ඩිත වූ විදග්ධයෙක් තර්ක කෙරේ ද යනුයි. ක්‍ෂීණාශ්‍රවයෙක් ම ක්‍ෂීණාශ්‍රවයකු මනිමින් තර්ක කෙරේ යැයි දීපනය කෙරේ. නිවුතං මඤ්ඤෙති යනු යම් පෘථග්ජනයෙක් ප්‍රමාණ කරන්නට පටන්ගනී ද ඒ පරික්‍ෂේප කරන ලද අවකජ්ජපඤ්ඤ පුද්ගලයා යැයි සිතමි. අකිස්සවං යනු කිස්සව යනුවෙන් ප්‍රඥාව කියවේ. ප්‍රඥා රහිත යන අර්ථයයි.

කුඨාරීති අත‍්තච‍්ඡෙදකට‍්ඨෙන කුඨාරිසදිසී ඵරුසවාචා. ඡින්‍දතීති කුසලමූලසඞ‍්ඛාතෙ මූලෙයෙව නිකන‍්තති. විසං හලාහලං ඉවාති හලාහලසඞ‍්ඛාතං විසං ඉව. එවං විරද‍්ධං පාතෙතීති විරද‍්ධං අපරද‍්ධං ඛලිතපුග‍්ගලං එවං අපායෙසු විනිපාතෙති. වාචා දුබ‍්භාසිතා යථාති යථා වාචා අරියූපවාදනවසෙන දුබ‍්භාසිතා.

කුඨාරි යනු තමාව සිඳින අර්ථයෙන් කෙටේරිය හා සමාන ඵරුෂ වචනයයි. ඡින්‍දති යනු කුසල මූල සංඛ්‍යාත මූලය ම සිඳියි යනුයි. විසං හලා හලාමිව යනු හලාහල සංඛ්‍යාත විෂක් මෙන් යනුයි. එවං විරුද්ධං පාතෙති යනු වරද්දන ලද, අපරාධ කළ පැකිළෙන ලද පුද්ගලයා මෙසේ අපායයන්හි හෙලයි යනුයි. වාචා දුබ්භාසිතා යථා යනු ආර්යයන්ට උපවාද වශයෙන් නපුරුකොට කියන ලද වදන් අනුව යනුයි.

නින්‍දියන‍්ති නින්‍දනීයං. තං වා නින්‍දති යො පසංසියොති යො ගුණවිසිට‍්ඨතාය පසංසාරහො පුග‍්ගලො, තං වා සො පාපිච‍්ඡතාදීනි ආරොපෙත්‍වා ගරහති. විචිනාතීති උපචිනාති. කලින‍්ති අපරාධං. අයං කලීති අයං අපරාධො. අක‍්ඛෙසූති ජූතකීළනක‍්ඛෙසු. සබ‍්බස‍්සාපි සහාපි අත‍්තනාති සබ‍්බෙන අත‍්තනො ධනෙනාපි අත‍්තනාපි සද‍්ධිං. සුගතෙසූති සොභනගමනත‍්තා, සුන්‍දරං ඨානං ගතත‍්තා, සම‍්මා ගතත‍්තා, සම‍්මා ච ගදත‍්තා සුගතසඞ‍්ඛාතෙසු බුද‍්ධාදීසු. මනං පදොසයෙති යො මනං පදොසෙය්‍ය, තස‍්ස අයං මනොපදොසො එව මහත‍්තරො කලීති වුත‍්තං හොති. කස‍්මා? යස‍්මා සතං සහස‍්සානං…පෙ… පාපකන‍්ති. තත්‍ථ සතං සහස‍්සානන‍්ති නිරබ‍්බුදගණනාය සතසහස‍්සං. ඡත‍්තිංසතීති අපරානි ඡත‍්තිංසති නිරබ‍්බුදානි. පඤ‍්ච චාති අබ‍්බුදගණනාය පඤ‍්ච ච අබ‍්බුදානි. තස‍්මා වස‍්සගණනාය එත‍්තකො සො කාලො, යං කාලං අරියගරහිවාචං මනඤ‍්ච පණිධාය පාපකං නිරයං උපෙති, තත්‍ථ පච‍්චතීති වුත‍්තං හොති. ඉදඤ‍්ච සඞ‍්ඛෙපෙන පදුමනිරයෙ ආයුප‍්පමාණං, විත්‍ථාරෙන පන පරතො ආගමිස‍්සති.

නින්‍දියං යනු නින්දා කටයුතු යනුයි. තං වා නින්‍දති යො පසංසියො යනු යමෙක් විශිෂ්ට ගුණ ඇති බැවින් ප්‍රශංසාර්හ පුද්ගලයෙක් වේද හෙතෙම පාපිච්ඡතා ආදිය ආරෝපණය කොට ගර්හා කෙරේ. විචිනාති යනු රැස්කරයි යනුයි. කලිං යනු අපරාධයයි. සබ්බස්සාපි සහාපිඅත්තනා යනු තමාගේ සියලු ධනය ද තමා ද සමග යනුයි. සුගතෙසු යනු ශෝභන වූ ගමන් ඇති බැවින් ද සුන්දර වූ තැනකට ගිය බැවින් ද මනාව ගිය බැවින් ද මනාව කියන ලද බැවින් ද සුගත සංඛ්‍යාත බුද්ධාදීන් කෙරෙහි යනුයි. මනං පදොසයෙ යනු යමෙක් සිත දූෂණය කෙරේ ද යනුයි. ඔහුගේ මේ මනෝපදෝෂය ම මහත් වූ අපරාධයැයි කියන ලද්දේ වෙයි. කවර හෙයින් ද? යම්හෙයකින්, සතං සහස්සානං -පෙ- පාපකං යි කියන ලද හෙයිනි. එහි සතං සහස්සානං යනු නිරර්බුද ගණනින් සියක් දහසකි යනුයි. ඡත්තිංසති යනු අන්‍ය වූ නිරර්බුද තිස්හයකි. පඤ්ච ච යනු අර්බුද ගණනින් අර්බුද පහකි යනුයි. එහෙයින් වර්ෂ ගණන් කිරීමෙන් ඒ මෙපමණ කාලයක් ය. යම් කාලයක් මුළුල්ලේ ආර්යයන් ගැරහුම් වචන ද සිත ද පිහිටුවා පාපී වූ නිරයට පැමිණෙයි. එහි පැසේ යැයි කියන ලද්දේ වෙයි. යම් සංක්‍ෂේප වශයෙන් පාප නිරයෙහි ආයු ප්‍රමාණයයි. විස්තර වශයෙන් පසුව එන්නේය.

ලොභගුණෙති “ගුණො”ති බාලෙහි දිට‍්ඨත‍්තා, අනෙකක‍්ඛත‍්තුං පවත‍්තිතත‍්තා ච ලොභොයෙව ලොභගුණො, තස‍්මිං ලොභගුණෙ, තණ‍්හායාති අත්‍ථො. අනුයුත‍්තොති අනු අනු යුත‍්තො. අවදඤ‍්ඤූති අවචනඤ‍්ඤූ, බුද‍්ධානම‍්පි ඔවාදස‍්ස අග‍්ගහණතො. මච‍්ඡරීති පඤ‍්චවිධමච‍්ඡරියෙන මච‍්ඡරී. පෙසුණියං අනුයුත‍්තොති පෙසුණියස‍්මිං අනුයුත‍්තො අග‍්ගසාවකානං භෙදනෙන. කොකාලිකඤ‍්හි මීයමානං ඔවදන‍්තෙන ආයස‍්මතා මහාමොග‍්ගල‍්ලානෙන භාසිතා ඉමා ගාථාති. මුඛදුග‍්ගාති මුඛවිසම. විභූතාති විගතභූත අලිකවාදි. අනරියාති අසප‍්පුරිස. භූනහූති භූතිහනක අත‍්තනො බුද‍්ධිවිනාසක. පුරිසන‍්තාති පුරිසාධම. කලීති අලක‍්ඛිපුරිස. අවජාතකපුත‍්තාති බුද‍්ධස‍්ස භගවතො අවජාතපුත‍්ත. මා බහුභාණිධ නෙරයිකොසීති ඉදානි බහුභාණී මා හොහි, නෙරයිකො අසි ජාතො. රජමාකිරසීති කිලෙසරජං අත‍්තනි පක‍්ඛිපසි. සන‍්තෙති සමිතකිලෙසෙ ඛීණාසවෙ. කිබ‍්බිසකාරීති පාපකාරි. පපතන‍්ති නරකං.

ලොභ ගුණෙ යනු බාලයන් විසින් දක්නා ලද බැවින් ද නොයෙක් වර පැවති බැවින් ද ලෝභය ම ලෝභගුණය වේ. ඒ ලෝභ ගුණයෙහි ය. තෘෂ්ණාවෙහි යන අර්ථයයි. අනුයුත්තො යනු අනුව අනුව යෙදුණු යනුයි. අවදඤ්ඤු යනු වචන නොදන්නා සුලු යනුයි. බුදුවරුන්ගේ ද අවවාදය නොගන්නා හෙයිනි. මච්ඡරි යනු පස්වැදෑරුම් මසුරුකමෙන් මසුරු වූ යනුයි. පෙසුණියං අනුයුත්තො යනු කේළමෙහි යෙදුනේ අග්‍ර ශ්‍රාවකයන් බිඳ දැමීමෙන් යනුයි. මිය යන කෝකාලිකයාට අවවාද කරන ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් විසින් මේ ගාථාව කියන ලදි. මුඛදුග්ග යනු මුඛ විසමය යනුයි. විභූත යනු විගත භූතය. අලිකවාදිය යනුයි. අනරිය යනු අසත්පුරුෂය යනුයි. භූනහු යනු භූති භනකය යනුයි. එනම් තම බුද්ධිය විනාශ කරන්න යනුයි. පුරිසන්ත යනු පුරිසාධමය යනුයි. කලි යනු අලක්ඛි පුරුෂය යනුයි. අවජාතක පුත්ත යනු භාග්‍යවත් බුදුරදුන්ගේ අවජාත පුත්‍රයා යනුයි. මා බහුභාණිධ නෙරයිකොසි යනු දැන් වැඩිය කියන්නෙක් නොවෙව. නිරයෙහි උපදින්නෙක් නොවෙව යනුයි. රජ මා කිරසෙ යනු තමා තුළ කෙලෙස් රජස් දමාගනිහි යනුයි. සන්තෙ යනු ක්‍ෂීණාශ්‍රවයන් සන්සිඳුණු කල්හි යනුයි. කිබ්බිසකාරි යනු පාපකාරියායි. පපතං යනු නරකයයි.

ඉදං සංකිලෙසභාගියන‍්ති ඉදං තණ‍්හාදීනං සභාවභෙදතො අවත්‍ථාභෙදතො ච අනෙකභෙදකං දස‍්සෙතුං අනෙකෙහි සුත‍්තපදෙහි උදාහරණවසෙන දස‍්සිතං සංකිලෙසභාගියං සුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

ඉදං සංකිලෙසභාගියං යනු මෙය තණ්හා ආදීන්ගේ ස්වභාව භේදයෙන් ද අවස්ථා භේදයෙන් ද අනෙක වූ භේද ඇති බව දක්වන්නට නොයෙක් සූත්‍ර පදයන් කරණ කොටගෙන උදාහරණ වශයෙන් දක්වන ලද සංකිලෙසභාගය සූත්‍රයකැයි දතයුතුය.

පසන‍්නෙනාති කම‍්මකම‍්මඵලාදීනි සද‍්දහන‍්තෙන.

පසන්නෙන යනු කර්ම කර්මඵල ආදිය විශ්වාස කරන්නා විසින් යනුයි.

ඉද‍්ධන‍්ති හත්‍ථූපගසීසූපගාදිඅලඞ‍්කාරෙහි මණිකනකාදීහි ච සමිද‍්ධං. ඵීතන‍්ති තෙලමධුඵාණිතාදීහි ච ධනධඤ‍්ඤාදීහි ච විපුලං. ආකිණ‍්ණමනුස‍්සන‍්ති නිරන‍්තරමනුස‍්සං. සම‍්බාධබ්‍යූහන‍්ති බ්‍යූහා වුච‍්චන‍්ති අනිබ‍්බිද‍්ධරච‍්ඡායො. යෙසු පවිට‍්ඨමග‍්ගෙනෙව නිග‍්ගච‍්ඡන‍්ති, තෙ සම‍්බාධා බ්‍යූහකා එත්‍ථාති සම‍්බාධබ්‍යූහං. ඉමිනාපි තස‍්ස නගරස‍්ස ඝනවාසමෙව දීපෙති. භන‍්තෙනාති දමථං අනුපගතෙන, ඉතො චිතො ච පරිබ‍්භමන‍්තෙන වා. අපාපකන‍්ති අලාමකං. අවෙච‍්චප‍්පසාදෙනාති අචලප‍්පසාදෙන, සච‍්චප‍්පටිවෙධතො ආගතෙන පසාදෙන.

ඉද්ධං යනු භක්‍ෂූපග සීසූපග ආදී අලංකාරවලින් ද මැණික් රත්‍රන් ආදියෙන් ද සමෘද්ධිමත් වූ යනුයි. ඵිතං යනු තෙල් මීපැණි ආදියෙන් ද ධනධාන්‍ය ආදියෙන් ද මහත් වූ යනුයි. ආකිණ්ණ මනුස්සං යනු නිතර මිනිසුන් ඇති යනුයි. සම්බාධබහූහං යනු තැන විනිවිද නොගිය වීථිය. බ්‍යූහායි කියනු ලැබේ. යමෙක් පෘථිවි මගෙන් මෙන් යේ ද ඒ සම්බාධක බ්‍යූහකයෝ මෙහි ඇත්තේ නුයි සම්බාධබ්‍යූහ නම් වේ. මෙයින් ද ඒ නගරයේ ගුණ වාසය ම දීපනය කෙරේ. භන්තෙන යනු දමනයට පැමිණියහු විසින් යනුයි. නැතහොත් එහෙ මෙහෙ කැරකෙන්නහු විසින් ය. අපාපකං යනු අලාමක වූ යනුයි. අවෙච්චප්පසාදෙන යනු අචල ප්‍රසාදයෙනි. සත්‍යාවබෝධයෙන් පැමිණි ප්‍රසාදයෙනි.

පෙච‍්ච සො ලභතෙති යො භූතෙ දණ‍්ඩෙන න හිංසති, සො පුග‍්ගලො පරලොකෙ මනුස‍්සභූතො මනුස‍්සසුඛං දෙවභූතො දිබ‍්බසුඛං උභයං අතික‍්කන‍්තො නිබ‍්බානසුඛං ලභතීති අත්‍ථො.

පෙච්ච සො ලභතෙ යනු යමෙක් දණ්ඩෙන් සත්ත්වයන්ට හිංසා නොකෙරේ ද ඒ පුද්ගලයා පරලොව මිනිසෙකු වූයේ මනුෂ්‍ය සැපත ද දෙවියෙකු වූයේ දෙව් සැපත ද දෙකම ද ඉක්මවමින් නිවන් සුවය ලබන්නේය යන අර්ථයයි.

චාරිකං පක‍්කමිස‍්සතීති ජනපදචාරිකං ගමිස‍්සති. කස‍්මා පන භගවා ජනපදචාරිකං චරතීති? සත‍්තහි කාරණෙහි බුද‍්ධා භගවන‍්තො ජනපදචාරිකං චරන‍්ති – දෙසන‍්තරගතානං වෙනෙය්‍යානං විනයනත‍්තං, තත්‍ර ඨිතානං උස‍්සුක‍්කසමුප‍්පාදනං, භාවකානං එකස‍්මිං ඨානෙ නිබද‍්ධවාසපරිහරණං අත‍්තනො ච තත්‍ථ අනාසඞ‍්ගදස‍්සනං, සම‍්බුද‍්ධවසිතට‍්ඨානතාය දෙසානං චෙතියභාවසම‍්පාදනං, බහූනං සත‍්තානං දස‍්සනූපසඞ‍්කමනාදීහි පුඤ‍්ඤොඝප‍්පසවනං, අවුට‍්ඨිආදිඋපද‍්දවූපසමනඤ‍්චාති ඉමෙහි සත‍්තහි කාරණෙහි බුද‍්ධා භගවන‍්තො ජනපදචාරිකං චරන‍්තීති වෙදිතබ‍්බං.

චාරිකං පක්ක මිස්සති යනු ජනපද චාරිකාවෙහි යන්නේය යනුයි. භාග්‍යවතුන් වහන්සේ කවර හෙයින් ජනපද චාරිකාවේ හැසිරෙන සේක් ද? දේශාන්තරගත වූ විනේය පුද්ගලයන්ගේ හික්මවීම පිණිස ය. එහි සිටියවුන්ගේ උත්සාහ ජනනය පිණිස ය. එක් තැනක වූ ශ්‍රාවකයන්ගේ නිරන්තර වාසස්ථානය පරිහරණය කරනු පිණිස ය. තමාද එහි නොඇලුණු බව දක්වනු පිණිස ය. සම්මා සම්බුදුරදුන් වාසය කරන ලද තැනක් බැවින් එම දේශයේ චෛත්‍ය ස්වභාවයක් සම්පාදනය කරනු පිණිස ය. දැකීම් පැමිණීම් ආදියෙන් බොහෝ සත්ත්වයන්ට පින් නමැති ඕඝය මේරවීම පිණිස ය. වැසි නොවැසීම ආදී උවදුරු සන්සිඳුවීම පිණිස ය යන මේ කරුණු හත නිසා භාග්‍යවත් බුදුවරු ජනපද චාරිකාවේ හැසිරෙතැයි දතයුතුය.

ඉසිදත‍්තපුරාණාති ඉසිදත‍්තො ච පුරාණො ච, තෙසු ඉසිදත‍්තො සකදාගාමී. පුරාණො සොතාපන‍්නො. සාකෙතෙති “සාකෙතො”ති ලද‍්ධනාමෙ අත‍්තනො භොගගාමකෙ. මග‍්ගෙ පුරිසං ඨපෙසුන‍්ති තෙසං කිර ගාමද‍්වාරෙන භගවතො ගමනමග‍්ගො, තස‍්මා “සචෙ භගවා අම‍්හාකං සුත‍්තානං වා පමත‍්තානං වා ගච‍්ඡෙය්‍ය, අථ පස‍්සිතුං න ලභෙය්‍යාමා”ති මග‍්ගමජ‍්ඣෙ පුරිසං ඨපෙසුං. අනුබන්‍ධිංසූති න දූරතොව, පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබන්‍ධිංසු. භගවා හි සකටමග‍්ගස‍්ස මජ‍්ඣෙ ජඞ‍්ඝමග‍්ගෙන අගමාසි, ඉතරෙ උභොසු පස‍්සෙසු අනුගච‍්ඡන‍්තා අගමංසු. මග‍්ගා ඔක‍්කම‍්මාති බුද‍්ධා හි කෙනචි සද‍්ධිං ගච‍්ඡන‍්තාව පටිසන්‍ථාරං කරොන‍්ති කෙනචි සද‍්ධිං ඨිතා කෙනචි සද‍්ධිං දිවසභාගම‍්පි නිසින‍්නා, තස‍්මා භගවා චින‍්තෙසි – “ඉමෙ මය‍්හං සාසනෙ වල‍්ලභා ආගතඵලා, ඉමෙහි සද‍්ධිං නිසීදිත්‍වා දිවසභාගං පටිසන්‍ථාරං කරිස‍්සාමී”ති. මග‍්ගතො ඔක‍්කමිත්‍වා යෙනඤ‍්ඤතරං රුක‍්ඛමූලං තෙනුපසඞ‍්කමි. පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදීති තෙ කිර ඡත‍්තුපාහනකත‍්තරදණ‍්ඩපාදබ‍්භඤ‍්ජනතෙලානි චෙව අට‍්ඨවිධඤ‍්ච පානකං සරභපාදපල‍්ලඞ‍්කඤ‍්ච ගාහාපෙත්‍වා ආගමංසු. අථ නං පල‍්ලඞ‍්කං පඤ‍්ඤපෙත්‍වා අදංසු. සත්‍ථා තත්‍ථ නිසීදි. එකමන‍්තං නිසීදිංසූති “ඡත‍්තුපාහනාදීනි භික‍්ඛුසඞ‍්ඝස‍්ස දෙථා”ති වත්‍වා භගවන‍්තං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිංසු.

ඉසිදත්ත පුරාණා යනු ඉසිදත්ත හා පුරාණ යන දෙදෙනායි. ඔවුන් අතරින් ඉසිදත්ත සකෘදාගාමීය. පුරාණ සෝවාන් ය. සාකෙතෙ යනු සාකේත යයි ලබන ලද නම් ඇති භෝග ග්‍රාමයේ ය. මග්ගෙ පුරිසං ඨපෙසුං යනු ඔවුන්ගේ ගම්දොර භාග්‍යවතුන් වහන්සේගේ ගමන් මාර්ගයයි. එහෙයින්, ඉදින් භාග්‍යවතුන් වහන්සේ අප නිදිගත් විට හෝ පමා වූ විට යන්නේ නම් දකින්නට නොලැබමෝ යයි පාර මැද පුරුෂයෙකු තැබූහ යනුයි. අනුබන්‍ධිංසු දුරින් නොව පිටුපසින් පිටුපසින් ලුහුබැන්දහ යනුයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි කරත්ත පාර මැද අඩිපාරෙන් වැඩියහ. අනෙක් තෙරවරු දෙපසින් අනුව යන්නාහු මෙන් ගමන් කළහ. මග්ගා ඔක්කම්ම බුදුවරු වනාහි කිසිවකු සමග ගමන් කරමින් ම පිළිසඳර කථා කරති. කිසිවකු සමග නැවතී කථා කරත්. කිසිවකු සමග දවස් භාගයක් මුළුල්ලේ හිඳගෙන කථා කරත්. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ සිතූහ. ‘මොවුහු මගේ ශාසනයේ ප්‍රියයෝ ය. පැමිණ ඵල ඇත්තෝ ය. මොවුන් සමග හිඳගෙන දවස් භාගයක් පිළිසඳර කථා කරන්නෙමි’ යනුවෙනි. (ඉන්පසු) මගින් බැස එක්තරා ගසක් මුලට පැමිණියේය. පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි ඔවුහු ඡත්‍ර, වහන්, සැරමිටි, පාද සම්බාහන තෙල් මෙන්ම අෂ්ටවිධ පාන ද සරභ මුවන්ගේ පා ඇති පර්යංකයක් ද ගෙන ගියහ. ඉන්පසු ඒ පර්යංකය පනවා දුන්හ. ශාස්තෲන් වහන්සේ එහි වැඩ සිටියේය. එකමන්තං නිසීදිංසු යනු ඡත්‍ර, උපාහන ආදිය භික්‍ෂු සංඝයාට දෙවයි කියා භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්ය යනුයි.

සාවත්‍ථියා කොසලෙසු චාරිකං පක‍්කමිස‍්සතීතිආදි සබ‍්බං මජ‍්ඣිමදෙසවසෙනෙව වුත‍්තං. කස‍්මා? නියතාචිණ‍්ණත‍්තා. භගවතො හි චාරිකචරණං මජ‍්ඣිමදෙසෙයෙව. සචෙපි පච‍්චන‍්තදෙසෙ ගච‍්ඡති, මජ‍්ඣිමදෙසෙයෙව අරුණං උට‍්ඨාපෙතීති නියතාචිණ‍්ණං, තස‍්මා මජ‍්ඣිමදෙසවසෙනෙව වුත‍්තං. කාසීසූති කාසිරට‍්ඨතො. තථා මගධෙසූති මගධරට‍්ඨතො. ආසන‍්නෙ නො භගවා භවිස‍්සතීති එත්‍ථ න කෙවලං ආසන‍්නත‍්තා එව තෙසං සොමනස‍්සං හොති, අථ ඛො “ඉදානි දානං දාතුං ගන්‍ධමාලාදිපූජං කාතුං ධම‍්මං සොතුං පඤ‍්හං පුච‍්ඡිතුං ලභිස‍්සාමා”ති නෙසං සොමනස‍්සං හොති.

සාවත්‍ථියා කොසලෙසු චාරිකං පක්කමිස්සති යනාදි සියල්ල මධ්‍යම දේශ වශයෙන් ම කියන ලදී. කවර හෙයින් ද? නියත වශයෙන් පුරුදු කරන ලද බැවිනි. භාග්‍යවතුන් වහන්සේගේ චාරිකාවේ හැසිරීම මධ්‍ය දේශයෙහි ම ය. ඉදින් ප්‍රත්‍යන්ත දේශයෙහි ගමන් කරයි නම් මධ්‍ය දේශයෙහි ම අරුණ නගන්නේය යන්න නියත වූ ආවේණික ධර්මයකි. එහෙයින් මධ්‍ය දේශ වශයෙන් ම කියන ලදි. කාසීසු යනු කසී රටෙනි. එසේම මගධෙසු යනු මගධ රටෙනි. ආසන්නෙ නො භගවා භවිස්සති යන මෙහි හුදෙක් (බුදුරදුන්) ළඟ නිසා ම ඔවුන්ට සතුටු නොවේ. එසේ නම් (කුමක් හෙයින් ද) දැන් දන් දෙන්නට සුවඳමල් ආදියෙන් පූජා කරන්නට බණ අසන්නට ප්‍රශ්න විමසන්නට ලබන්නෙමුයි ඔවුන්ට සතුට ඇති වෙයි.

තස‍්මාතිහ ථපතයො සම‍්බාධො ඝරාවාසොති ථපතයො යස‍්මා තුම‍්හාකං මයි දූරීභූතෙ අනප‍්පකං දොමනස‍්සං ආසන‍්නෙ අනප‍්පකං සොමනස‍්සං හොති, තස‍්මාපි වෙදිතබ‍්බමෙතං “සම‍්බාධො ඝරාවාසො”ති. ඝරාවාසස‍්ස හි දොසෙන තුම‍්හාකං එවං හොති. සචෙ පන ඝරාවාසං පහාය පබ‍්බජිතා අස‍්සථ, එවං වො මයා සද‍්ධිංයෙව ගච‍්ඡන‍්තානඤ‍්ච ආගච‍්ඡන‍්තානඤ‍්ච තං න භවෙය්‍යාති ඉමමත්‍ථං දීපෙන‍්තො එවමාහ. තත්‍ථ සකිඤ‍්චනසපලිබොධට‍්ඨෙන සම‍්බාධතා වෙදිතබ‍්බා. මහාඝරෙ වසන‍්තස‍්සාපි හි සකිඤ‍්චනසපලිබොධට‍්ඨෙන ඝරාවාසො සම‍්බාධොව. රජොපථොති රාගාදිරජානං ආගමනපථො, ආගමනට‍්ඨානන‍්ති අත්‍ථො. අබ‍්භොකාසො පබ‍්බජ‍්ජාති පබ‍්බජ‍්ජා පන අකිඤ‍්චනඅපලිබොධට‍්ඨෙන අබ‍්භොකාසො. චතුරතනිකෙපි හි ගබ‍්භෙ ද‍්වින‍්නං භික‍්ඛූනං පල‍්ලඞ‍්කෙන පල‍්ලඞ‍්කං ඝට‍්ටෙත්‍වා නිසින‍්නානම‍්පි අකිඤ‍්චනාපලිබොධට‍්ඨෙන පබ‍්බජ‍්ජා අබ‍්භොකාසො නාම හොති. අලඤ‍්ච පන වො ථපතයො අප‍්පමාදායාති එවං සම‍්බාධඝරාවාසෙ වසන‍්තානං තුම‍්හාකං අප‍්පමාදමෙව කාතුං යුත‍්තන‍්ති අත්‍ථො.

තස්මාතිහ ථපතයො සම්බාධො ඝරාවාසො යනු වඩුවෙනි, යම් හෙයකින් ඔබළා තුළ මා දුරුවූ කල්හි බොහෝ දොම්නස ද ළං වූ කල්හි බොහෝ සොම්නස ද වෙයි. එහෙයින් ද මේ ගෘහවාසය බාධා සහිත යැයි දතයුතුය. ගෘහවාසයේ දෝෂයෙන් ම ඔබලාට මෙසේ වෙයි. ඉදින් ගෘහවාසය අතහැර දමා පැවිදි වන්නහු ද එසේ ඔබලා මා සමගම යන්නාහු ද නොයන්නාහු ද එය නොවන්නේය යන මේ අර්ථය දක්වමින් මෙසේ කීහ. කිඤ්චන සහිත, පළිබෝධ සහිත අර්ථයෙන් එහි සම්බාධත්වය දතයුතුයි. මහා නිවසක වසන්නාට ද සකිඤ්චන සපළිබෝධාර්ථයෙන් ගෘහවාසය බාධා සහිත ම ය. රජා පථො යනු රාගාදි කෙලෙස් පැමිණීමට මගකි යනුයි. පැමිණෙන තැනක් යන අර්ථයයි. අබ්භොකාසෙ පබ්බජ්ජා යනු පැවිද්ද වනාහි අකිඤ්චන අපළිබෝධ අර්ථයෙන් අභ්‍යවකාශයකි. සිවරුවන් ගැබක පර්යංකයෙන් පර්යංකය ගටා හුන්නා වූ භික්‍ෂූන් දෙදෙනෙකුගේ පැවිද්ද අකිඤ්චන පළිබෝධාර්ථයෙන් අභ්‍යවකාශයක් නම් වේ. අලඤ්ච පන වො ථපතයො අප්පමාදාය යනු මෙසේ සම්බාධක වූ ගෘහවාසයෙහි වසන්නා වූ තොප විසින් අප්‍රමාදයම ඇති කරගන්නට සුදුසුය යන අර්ථයයි.

නාගාති හත්‍ථිනො. ඔපවය‍්හාති රඤ‍්ඤො ආරොහනයොග‍්ගා. එකං පුරතො එකං පච‍්ඡතො නිසීදාපෙමාති තෙ කිර ද‍්වෙපි ජනා සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතා ද‍්වීසු නාගෙසු තා ඉත්‍ථියො එවං නිසීදාපෙත්‍වා රඤ‍්ඤො නාගං මජ‍්ඣෙ කත්‍වා උභොසු පස‍්සෙසු ගච‍්ඡන‍්ති, තස‍්මා එවමාහංසු. නාගොපි රක‍්ඛිතබ‍්බොති යථා කිඤ‍්චි විසෙසිතං න කරොති, එවං රක‍්ඛිතබ‍්බො හොති. තාපි භගිනියොති යථා පමාදං නාපජ‍්ජන‍්ති, එවං රක‍්ඛිතබ‍්බා හොන‍්ති. අත‍්තාපීති සිතකථිතවික‍්ඛෙපිතාදීනි අකරොන‍්තෙහි අත‍්තාපි රක‍්ඛිතබ‍්බො හොති . එවං කරොන‍්තො හි “සාමිදුබ‍්භකො එසො”ති නිග‍්ගහෙතබ‍්බො හොති.

නාගා යනු ඇත්තු ය. ඔපවය්හ යනු රජුට නැගීමට සුදුසු යනුයි. එකං පුරතො එකං පච්ඡතො නිසීදාපෙ යනු ඒ දෙදෙනා සියලු අලංකාරවලින් සරසන ලද ඇතුන් දෙදෙනෙකු පිට ඒ ස්ත්‍රීන් හිඳුවා රජුගේ ඇතු මැදට කොට දෙපසින් යත් යනුයි. එහෙයින් මෙසේ කීහ. නාගොපි රක්ඛිතබ්බෙ යනු යම්සේ කිසිදු විශේෂයක් නො කෙරේ ද එසේ රැකිය යුත්තේ වෙයි යනුයි. තාපි භගිනියො යනු යම්සේ ප්‍රමාදයට නොපැමිණෙත් ද එසේ රැකිය යුත්තාහු වෙති යනුයි. අත්තාපි යනු මද සිනහව, කථනය, වික්‍ෂේපය ආදිය නොකරන්නවුන් විසින් තමා ද රැකගත යුතුය යනුයි. මෙසේ කරන්නා මොහු ස්වාමීද්‍රෝහියෙකැයි නිග්‍රහ කළ යුත්තේ වෙයි.

තස‍්මාතිහ ථපතයොති යස‍්මා තුම‍්හෙ රාජා නිච‍්චං රාජභණ‍්ඩං පටිච‍්ඡාපෙති, තස‍්මාපි සම‍්බාධො ඝරාවාසො රජොපථො. යස‍්මා පන පංසුකූලිකං භික‍්ඛුං එවං පටිච‍්ඡාපෙන‍්තො නත්‍ථි, තස‍්මා අබ‍්භොකාසො පබ‍්බජ‍්ජා, එවං සබ‍්බත්‍ථාපි. අලඤ‍්ච ඛො ථපතයො අප‍්පමාදාය, අප‍්පමාදමෙව කරොථාති දස‍්සෙති.

තස්මාතිහ ථපතයො යනු යම්හෙයකින් ඔබලා වෙත රජතුමා නිරතුරුව රාජභාණ්ඩ භාර දේද එහෙයින් ද ගෘහවාසය සම්බාධකය. කෙලෙස් පථයකි. යම්හෙයකින් පාංශුකූලික භික්‍ෂුවක් මෙසේ පවරන්නේ ද එහෙයින් අභ්‍යවකාශය බඳු පැවිද්දක් නොවේ. සියලු තැනම මෙසේය. අලඤ්ච ඛො ථපතයො අප්පමාදාය යනුවෙන් අප්‍රමාදය ම කරවු යැයි දක්වයි.

මුත‍්තචාගොති විස‍්සට‍්ඨචාගො. පයතපාණීති ආගතාගතානං දානත්‍ථාය ධොතහත්‍ථො. වොසග‍්ගරතොති වොසග‍්ගසඞ‍්ඛාතෙ චාගෙ රතො. යාචයොගොති යාචිතබ‍්බයුත‍්තො. “යාජයොගො”තිපි පාඨො, දානයුත‍්තොති අත්‍ථො. දානසංවිභාගරතොති එතෙන අප‍්පමත‍්තකම‍්පි කිඤ‍්චි ලභිත්‍වා තතොපි සංවිභාගෙ රතො. අප‍්පටිවිභත‍්තන‍්ති “ඉදං අම‍්හාකං භවිස‍්සති, ඉදං අය්‍යාන”න‍්ති එවං අකතවිභාගං, සබ‍්බං දාතබ‍්බමෙව හුත්‍වා ඨිතන‍්ති අත්‍ථො. ඉමෙහි ඛො ථපතයො චතූහි ධම‍්මෙහි සමන‍්නාගතො අරියසාවකො සොතාපන‍්නො හොතීති සොතාපන‍්නො ඉමෙහි ධම‍්මෙහි සමන‍්නාගතො හොතීති අත්‍ථො. එතෙන සොතාපන‍්නෙන ඉමෙසං චතුන‍්නං ධම‍්මානං එකන‍්තතො ලබ‍්භමානතං දස‍්සෙති.

මුත්තචාගො යනු හරන ලද පරිත්‍යාගයයි. පයතපාණි යනු පැමිණි පැමිණි අයට දෙනු පිණිස යොදන ලද අත් ඇති යනුයි. දාන සංවිභාගරතො යනු මෙයින් ඉතා අල්ප වූ කිසිවක් ලැබ එයින් ද බෙදීමෙහි ඇලුණු යනුයි. අප්පටි විභත්තං යනු මෙය අපට වන්නේය. මෙය ආර්යයන්ට වන්නේය යනුවෙන් නොබෙදන ලද යනුයි. සියල්ලම දිය යුතුමය යයි සිතා සිටි යන අර්ථයි. ඉමෙහි ඛො ථපතයො චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති යනු සෝවාන් වූ පුද්ගලයා මේ ධර්මයන්ගෙන් යුක්ත වෙයි යන අර්ථයයි. මේ සෝවාන් පුද්ගලයා විසින් මේ ධර්ම සතර ඒකාන්ත වශයෙන් ම ලබන බව දක්වයි.

එවං තෙසං ථපතීනං ඉමෙහි චතූහි ධම‍්මෙහි සමන‍්නාගතං පරියායෙන දස‍්සෙත්‍වා ඉදානි නිප‍්පරියායෙන තං දස‍්සෙතුං “තුම‍්හෙ ඛො ථපතයො”තිආදි වුත‍්තං.

මෙසේ ඒ වඩුවන්ට මේ රකුණු සතරින් යුක්ත බව යන ක්‍රමයෙන් කරුණු දක්වා දැන් නිෂ්පර්යාය වශයෙන් එය දක්වන්නට තුම්හෙ ඛො ථපතයො යනාදිය කියන ලදි.

සහස‍්සං කප‍්පකොටියොති සහස‍්සං අත‍්තභාවා අහෙසුන‍්ති අත්‍ථො. “අසීති කප‍්පකොටියො”තිපි පාඨො, අසීතිආයුකප‍්පකොටියො අහෙසුන‍්ති අත්‍ථො. කත්‍ථ පන තෙ අහෙසුන‍්ති? ආහ “දෙවෙ චෙව මනුස‍්සෙ චා”ති, දෙවෙසු චෙව මනුස‍්සෙසු චාති අත්‍ථො. සංවිරුළ‍්හම‍්හීති සමන‍්තතො පල‍්ලවග‍්ගහණෙන විරුළ‍්හෙ. අලභිංහන‍්ති අලභිං අහං. අජ‍්ජ තිංසං තතො කප‍්පාති තතො කප‍්පතො අජ‍්ජ සම‍්පති අයං කප‍්පො තිංසතිමො. තස‍්සා සඤ‍්ඤාය වාසනාති තස‍්ස බුද‍්ධගතාය සඤ‍්ඤාය වාසනතො.

සහස්සං කප්ප කොටියො යනු දහසක් ආත්මභාව විය යන අර්ථයයි. අසීති කප්පකොටියො යන පාඨයක් ද වේ. ආයුකල්ප අසූවක් විය යන අර්ථයයි. ඒවා කවර තැනක වී ද? ද්වෙචෙව මනුස්සෙ ච යි කියන ලදී. දෙවියන් අතර ද මිනිසුන් අතර ද යන අර්ථයයි. සංවිරූළ්හම්හි යනු හාත්පසින් දලු ලද මෙන් වැඩුණු යනුයි. අලභිංහං යනු (අලභිං අහං යන පද දෙකයි) මම ලැබුවෙමි යනුයි. අජ්ජ තිංසං තතො කප්ප යනු ඒ කල්පයෙන් අද දැන් මේ තිස්වැනි කල්පය යනුයි. තස්සා සඤ්ඤාය වාසනා යනු ඒ අවබෝධ වූ සංඥාවේ වාසනාවෙනි.

තණ‍්හානිඝාතකොති තණ‍්හාය සමුච‍්ඡෙදකො. වටංසකොති පුප‍්ඵමයකණ‍්ණිකො. සබ‍්බපුප‍්ඵෙහිලඞ‍්කතොති නානාපුප‍්ඵෙහි අලඞ‍්කතො. ලපනන‍්තරාති උත‍්තරාධරොට‍්ඨානං අන‍්තරතො. ඔක‍්කාති පභා. මුද‍්ධනන‍්තරධායථාති මුද‍්ධනි අන‍්තරධායථ. කඞ‍්ඛං විතරාති විමතිං විනොදෙහි. යස‍්ස තං සබ‍්බධම‍්මෙසු , සදා ඤාණං පවත‍්තතීති තන‍්ති නිපාතමත‍්තං. යස‍්ස සබ‍්බධම‍්මෙසු ආකඞ‍්ඛප‍්පටිබද‍්ධත‍්තා සදා ඤාණං පවත‍්තති. සො සබ‍්බඤ‍්ඤූ භගවා ථෙරං ආනන්‍දං එතදබ්‍රවීති සම‍්බන්‍ධො. රාජා රට‍්ඨෙ භවිස‍්සතීති සබ‍්බස‍්මිං රට‍්ඨෙ රාජා භවිස‍්සති. චරිමන‍්ති චරිමභවං. සච‍්ඡිකත්‍වාති පච‍්චක‍්ඛං කත්‍වා. ධම‍්මතන‍්ති චතුසච‍්චධම‍්මං, පච‍්චෙකබොධිං වා.

තණ්හා නිග්ඝාතකො යනු තණ්හාව මුලින් උපටුන්නෙකි. වටංසකො යනු මල්වලින් කරන ලද කැණිමඬලයි. සබ්බපුප්ඵෙහි ලංකතො යනු නොයෙක් මල්වලින් අලංකාර කරන ලද යනුයි. ලපන්නතරා උඩු යටි තොල් අතර යනුයි. ඔක්කා යනු ප්‍රභාවයි. මුද්ධනන්තරධායථා යනු මුදුනින් අතුරුදන් විය යනුයි. කංඛං විතරා යනු සැකය දුරු කරව යනුයි. යස්ස සබ්බධම්මෙසු සදා ඤාණං පවත්තති යන තැන තං යනු නිපාත මාත්‍රයකි. සියලු ධර්මයන්හි කැමැත්ත බැඳී ඇති බැවින් යමකු තුළ සැමදා ඤාණය පවතී ද ඒ සර්වඥ වූ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන්ට මෙය වදාළහ යන සම්බන්ධයයි. රාජා රට්ඨෙ භවිස්සති යනු සියලු රට තුළ රජු වන්නේය යනුයි. චරිමං යනු මුල් භවයයි. සච්ඡිකත්‍වා යනු ප්‍රත්‍යක්‍ෂ කොට යනුයි. ධම්මතං යනු චතුසත්‍ය ධර්මය හෝ ප්‍රත්‍යෙක බෝධියයි.

සුවණ‍්ණච‍්ඡදනං නාවන‍්ති උභොසු පස‍්සෙසු සුවණ‍්ණාලඞ‍්කාරෙහි පටිමණ‍්ඩිතවසෙන ඡාදිතං සුවණ‍්ණනාවං. පඤ‍්හං පුට‍්ඨා වියාකාසි, සක‍්කස‍්ස ඉති මෙ සුතන‍්ති යථා සා දෙවතා පඤ‍්හං පුට‍්ඨා සක‍්කස‍්ස බ්‍යාකාසි, එවං මයාපි සුතන‍්ති ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො අත‍්තනා යථාසුතං තං භගවතො වදති.

සුවණ්ණච්ඡදනං නාවං යනු දෙපසින් රන් අලංකාරවලින් සැරසීම් වශයෙන් වසන භූ රන් නැවක් යනුයි. පඤ්හං පුට්ඨා වියාකාසි සක්කස්ස ඉති මෙ සුතං යනු යම්සේ ඒ දේවතාවා ප්‍රශ්න විමසන ලද්දේ ශක්‍රයාට විසඳා දෙන ලද ද මා විසින් ද මෙසේ අසන ලදැයි ආයුෂ්මත් මහා මුගලන් තෙරුන් තමා විසින් අසන ලද පරිදි එය භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරයි යනුයි.

පංසුථූපෙසූති සරීරධාතුං අබ‍්භන‍්තරෙ ඨපෙත්‍වා පංසූහි කතථූපෙසු. එවඤ‍්හි තෙ භගවන‍්තං උද‍්දිස‍්සකතා නාම හොන‍්ති, තෙනෙවාහ – “උද‍්දිස‍්සකතෙසු දසබලධරාන”න‍්ති.

පංසු ථූපෙසු යනු ශරීර ධාතු ඇතුළත තබා පස්වලින් කරන ලද ස්තූපයන්ය. මෙසේ ඒවා භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන ලද්දේ නම් වේ. එහෙයින් ම උද්දිස්ස කතෙසු දසබලධරානං යි කියන ලදි.

දෙවපුත‍්තසරීරවණ‍්ණාති දෙවපුත‍්තසරීරසදිසවණ‍්ණා. සුභගසණ‍්ඨිතීති සොභග‍්ගයුත‍්තසණ‍්ඨානා. උළාරං වත තං ආසීති තං මයා කතං පුඤ‍්ඤං උළාරං වත අහොසි. යාහන‍්ති යා අහං. සතසහස‍්සං කප‍්පෙ, මුදිතො ථූපං අපූජෙසීති ථූපං පූජෙත්‍වා සතසහස‍්සං ආයුකප‍්පෙ අහං මුදිතොති අත්‍ථො. අනාගන‍්තුන විනිපාතන‍්ති අපායුපපත‍්තිං අනුපගන‍්ත්‍වා. යං චක‍්ඛුන‍්ති යං පඤ‍්ඤාචක‍්ඛුං. පණිහිතන‍්ති ඨපිතං. විමුත‍්තචිත‍්තම‍්හීති විමුත‍්තචිත‍්තො අම‍්හි. විධූතලතොති විධූතතණ‍්හාලතො, සමුච‍්ඡින‍්නතණ‍්හොති අත්‍ථො.

දෙවපුත්ත සරීරවණ්ණා යනු දිව්‍ය පුත්‍රයෙකුගේ ශරීරය හා සමාන වර්ණ ඇති යනුයි. සුභගසණ්ඨිති යනු සෞභාග්‍යයෙන් යුතු සලකුණයි. උළාරං වත තං ආසි යනු මා විසින් කරන ලද ඒ පින උදාර විය යනුයි. යාහං යනු යා අහං යන පද දෙකයි. සත සහස්සං කප්පෙ මුදිතො ථූපං අපූජෙසි යනු ස්තූපය පුදා සියක් දහසක් ආයු කල්පයෙහි මම සතුටුවීමි යන අර්ථයයි. අනාගන්තූන විනිපාතං යනු අපායෙහි ඉපැත්මට නොගොස් යනුයි. යං චක්ඛුං යනු යම් ප්‍රඥා ඇසක් යනුයි. පණිහිතං යනු තබන ලද යනුයි. විමුත්ත චිත්තම්හි යනු මිදුණු සිත් ඇත්තේ වෙමි යනුයි. විධූතලතො යනු කම්පා කරන ලද තණ්හා ලතාවෙනි. මුලින් සිඳින ලද තණ්හාව යන අර්ථයයි.

සාමාකපත්‍ථොදනමත‍්තන‍්ති සාමාකතිණානං නාළිකොදනමත‍්තං. අඛිලෙති පඤ‍්චන‍්නං චෙතොඛිලානං අභාවෙන අඛිලෙ. තස‍්මිඤ‍්ච ඔකප‍්පයි ධම‍්මමුත‍්තමන‍්ති තස‍්මිං පච‍්චෙකබුද‍්ධෙ උත‍්තමධම‍්මං පච‍්චෙකබොධිං “උත‍්තමධම‍්මෙන නාම ඉමස‍්මිං භවිතබ‍්බ”න‍්ති සද‍්දහිං. “තස‍්මිඤ‍්ච ධම‍්මෙ පණිධෙසිං මානස”න‍්ති ඉමිනා පටිලද‍්ධධම‍්මං අහම‍්පි සච‍්ඡිකරෙය්‍යන‍්ති චිත‍්තං පණිදහිං. භවෙ කුදාසුපි ච මා අපෙක‍්ඛවාති කත්‍ථචි භවෙ අපෙක‍්ඛවා මා භවෙය්‍යන‍්ති ච පණිධෙසිං මානසන‍්ති සම‍්බන්‍ධො.

සාමාකපත්‍ථො දනමත්තං යනු හුරුහැල් තණ නැළියක් පමණ බත් යනුයි. අඛිලෙ යනු පංච චේතොඛිලයන්ගේ අභාවයෙන් සියල්ලෙහි යනුයි. තස්මිඤ්ච ඔකප්පයි ධම්මමුත්තමං යන්නෙහි තස්මිං යනු පසේ බුදුන් තුළ ය. උත්තමං ධම්මං යනු පසේබුදු බවයි. මොහු තුළ උතුම් දහමක් විය යුතුයැයි විශ්වාස කළෙමි. තස්මිඤ්ච ධම්මෙ පණිධෙසිං මානසං යනු මොහු විවසින් ලබන ලද ධර්මය මම ද සාක්‍ෂාත් කරන්නෙමියි සිත පිහිටවූයෙමි යනුයි. භවෙ කුදාසුපි ච මා අපෙක්ඛ වා යනු කිසි භවයක අපේක්‍ෂා ඇත්තෙක් නොවේවා යි සිත පිහිටවූයෙමි යන සම්බන්ධයයි.

කුරූසූති උත‍්තරකුරූසු. දීඝායුකෙසූති තෙසං වස‍්සසහස‍්සායුකතාය වුත‍්තං. අමමෙසූති අපරිග‍්ගහෙසු. පාණීසූති සත‍්තෙසු. අහීනගාමීසූති යථාලද‍්ධසම‍්පත‍්තීහි යාවතායුකං අපරිහීනසභාවෙසු. තිදසොපපජ‍්ජථාති තාවතිංසො හුත්‍වා උපපජ‍්ජිං, තිදසෙ වා තාවතිංසභවනෙ උපපජ‍්ජිං. විසිට‍්ඨකායූපගතොති විසිට‍්ඨකායෙසු නානාවණ‍්ණකායෙසු උපගතො. යසස‍්සිසූති පරිවාරවන‍්තෙසු. හිතාහිතාසිහීති කුසලාකුසලෙ වීතිවත‍්තීහි. පච‍්චක‍්ඛං ඛ‍්විමන‍්ති පච‍්චක‍්ඛං ඛො ඉමං වචනන‍්ති අධිප‍්පායො.

කුරූසු යනු උතුරුකුරු දීපයන්හි ය. දීඝායුකෙසු යනු ඔවුන්ගේ දහස් වර්ෂ ආයුෂ පිණිස කියන ලදි. අමමෙසු යනු අල්ලා නොගන්නා ලද දෙයෙහි ය. පාණීසු යනු සත්ත්වයන් කෙරෙහි ය. අහීනගාමිසු යනු ලබන ලද සම්පත් ඇති පුද්ගලයන් විසින් දිවි ඇති තෙක් නොපිරිහෙන ස්වභාව ඇති යනුයි. තිදසොපපජ්ජථ යනු තව්තිසා දෙවියෙක්ව උපන්නෙමි යනුයි. දෙව්ලොව හෝ තව්තිසාවේ හෝ උපන්නෙමි. විසිට්ඨකායූපගතො යනු විශිෂ්ට සිරුරට, නන් වන් කයට පැමිණියේ යනුයි. යසස්සිසූ යනු පිරිවර ඇත්තවුන් කෙරෙහිය. හිතාහිතාසීහි යනු කුශලාකුශලයන් ඉක්මවන්නන් විසිනි. පච්චක්ඛං ඛ්විමං යනු මේ වචනය ප්‍රත්‍යක්‍ෂ වූවකි යන අදහසයි.

සකාසීති සො අකාසි. බලිමාභිහාරීති පූජාබලිං අභිහරි. පතිතස‍්ස එකන‍්ති තස‍්ස හත්‍ථතො එකපුප‍්ඵං පතිතං.

සකාසි යනු සො අකාසි යනුයි. බලිමාභිහාරී යනු පූජා බලිය ගෙනාවේය යනුයි. පතිතස්ස එකං යනු ඔහුගේ අතින් එක් මලක් වැටුණේය යනුයි.

උපරිට‍්ඨන‍්ති උපරි වෙහාසෙ ඨිතං. අරිට‍්ඨන‍්ති අරිට‍්ඨං නාම පච‍්චෙකසම‍්බුද‍්ධං. අජ‍්ඣත‍්තඤ‍්ච බහිද‍්ධා චාති අජ‍්ඣත‍්තවිසයා ච බහිද‍්ධවිසයා ච. යෙ මෙ විජ‍්ජිංසූති යෙ මෙ පුබ‍්බෙ විජ‍්ජමානා අහෙසුං. ජාතිමරණසංසාරො, නත්‍ථි දානි පුනබ‍්භවොති පුනප‍්පුනං ජායනමීයනභූතො සංසාරො පුනබ‍්භවොති ච වුච‍්චති, සො ච දානි නත්‍ථීති අත්‍ථො.

උපරිට්ඨං යනු අහස මත සිටි යනුයි. අරිට්ඨං යනු අරිට්ඨ නම් පසේ බුදුවරයායි. අජ්ඣත්තං ච බහිද්ධා ච යනු ආධ්‍යාත්මික විෂය ද බාහිර විෂය ද යනුයි. යෙ මෙ විජ්ජිංසු යනු යමක් මා තුළ පෙර විද්‍යමාන වීද යනුයි. ජාතිමරණ සංසාරො නත්‍ථිදානි පුනබ්භවො යනු යමෙක් නැවත නැවත උපදින මැරෙන සුලු වූයේ ද (එය) සසර යැයි ද පුනර්භවය යැයි ද කියනු ලැබේ. ඔහු ද දැන් නැත යන අර්ථයයි.

ඉදං වාසනාභාගියං සුත‍්තන‍්ති ඉදං වාසනාභාගපුඤ‍්ඤවිභාවනානං නානාසුත‍්තපදානං උදාහරණවසෙන දස‍්සිතං වාසනාභාගියං සුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

ඉදං වාසනා භාගියං සුත්තං යනු මෙය වාසනා භාවය පුණ්‍ය සම්පත්තිය දක්වන නොයෙක් සූත්‍ර පදයන්ට උදාහරණ ලෙසින් දක්වන ලද වාසනාභාගිය සූත්‍රයකැයි දතයුතුය යනුයි.

“උද‍්ධං අධො…පෙ… අපුනබ‍්භවායා”ති ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තන‍්ති වුත‍්තං ඔඝතරණස‍්ස අරියමග‍්ගකිච‍්චත‍්තා. න චෙතනා කරණීයාති න චිත‍්තං උප‍්පාදෙතබ‍්බං. ධම‍්මතාති ධම‍්මසභාවො.

උද්ධං අධො -පෙ- අපුනබ්භවාය යන මෙය නිබ්බේධභාගිය සූත්‍රයකැයි කියන ලදී. ඕඝතරණය ආර්ය මාර්ගයේ කෘත්‍යය බැවිනි. න චෙතනා කරණීයා යනු සිත නූපදවිය යුතුය යනුයි. ධම්මතා යනු ධර්ම ස්වභාවයයි.

යදා හවෙති යස‍්මිං හවෙ කාලෙ. පාතුභවන‍්තීති උප‍්පජ‍්ජන‍්ති. ධම‍්මාති අනුලොමපච‍්චයාකාරපටිවෙධසාධකා බොධිපක‍්ඛියධම‍්මා. පාතුභවන‍්තීති වා පකාසෙන‍්ති, අභිසමයවසෙන පාකටා හොන‍්ති. ධම‍්මාති චතුඅරියසච‍්චධම‍්මා. ආතාපො වුච‍්චති කිලෙසසන‍්තාපනට‍්ඨෙන වීරියං. ආතාපිනොති සම‍්මප‍්පධානවීරියවතො. ඣායතොති ආරම‍්මණූපනිජ‍්ඣානලක‍්ඛණෙන ලක‍්ඛණූපනිජ‍්ඣානලක‍්ඛණෙන ච ඣානෙන ඣායන‍්තස‍්ස. බ්‍රාහ‍්මණස‍්සාති බාහිතපාපස‍්ස ඛීණාසවස‍්ස. අථස‍්ස කඞ‍්ඛා වපයන‍්ති සබ‍්බාති අථස‍්ස එවං පාතුභූතධම‍්මස‍්ස යා තා “කො නු ඛො, භන‍්තෙ, ඵුසතීති? නො කල‍්ලො පඤ‍්හොති භගවා අවොචා”තිආදිනා (සං· නි· 2.12) නයෙන “කතමං නු ඛො, භන‍්තෙ, ජරාමරණං, කස‍්ස පනිදං ජරාමරණන‍්ති? නො කල‍්ලො පඤ‍්හොති භගවා අවොචා”තිආදිනා (සං· නි· 2.35) ච නයෙන පච‍්චයාකාරකඞ‍්ඛා වුත‍්තා. යා ච පච‍්චයාකාරස‍්සෙව අප‍්පටිවිද‍්ධත‍්තා “අහොසිං නු ඛො අහමතීතමද‍්ධාන”න‍්තිආදිකා (ම· නි· 1.18; සං· නි· 2.20) සොළසකඞ‍්ඛා “බුද‍්ධෙ කඞ‍්ඛති ධම‍්මෙ කඞ‍්ඛතී”තිආදිකා (ධ· ස· 1008) අට‍්ඨ ච කඞ‍්ඛා ආගතා, තා සබ‍්බා වපයන‍්ති අපගච‍්ඡන‍්ති නිරුජ‍්ඣන‍්ති, කස‍්මා? යතො පජානාති සහෙතුධම‍්මං, යස‍්මා අවිජ‍්ජාදිකෙන හෙතුනා සහෙතුකං ඉමං සඞ‍්ඛාරාදිං කෙවලං දුක‍්ඛක‍්ඛන්‍ධධම‍්මං පජානාති අඤ‍්ඤාසි පටිවිජ‍්ඣති.

යදා භවෙ යනු ඒකාන්තයෙන් යම්කලෙක යනුයි. පාතු භවන්ති යනු උපදිත් යනුයි. ධම්මා යනු අනුලෝම පච්චය ආකාරයෙන් අවබෝධය ඇතිකරන බෝධිපාක්‍ෂික ධර්මයෝ ය. නැතහොත් පාතු භවන්ති යනු ප්‍රකාශ වෙත්. අවබෝධ වීම් වශයෙන් ප්‍රකට වෙත් යනුයි. ධම්මා යනු චතුරාර්ය සත්‍ය ධර්මයෝයි. කෙලෙස් තැවීම් අර්ථයෙන් වීර්යය ආතාපයැයි කියනු ලැබේ. ආතාපිනො යනු සම්‍යක් ප්‍රධන් වීර්යය ඇති පුද්ගලයාගේ ය. ඣායතො යනු ආරම්මණ උපනිජ්ඣාන ලක්‍ෂණයෙන් ද (අරමුණ නිරීක්‍ෂණය කිරීම් ලක්‍ෂණයෙන්) ලක්ඛණ උපනිජ්ඣාන ලක්‍ෂණයෙන් ද (ස්වරූපය නිරීක්‍ෂණය කිරීම් ලක්‍ෂණයෙන්) යුත් ධ්‍යානයෙන් ධ්‍යාන කරන්නාට යනුයි. බ්‍රාහ්මණස්ස යනු කෙළෙස් බැහැර කරන ලද ක්‍ෂීණාශ්‍රවයාට ය. අථස්ස කංඛා ව්‍යයන්ති සබ්බා යනු මෙසේ පහළ වූ ධර්ම ඇති ඔහුට ‘ස්වාමීනි, කවරෙක් ස්පර්ශ කෙරේ ද? භාග්‍යවතුන් වහන්සේ අපට සුදුසු ප්‍රශ්නයකැයි කීවේය ආදී ක්‍රමයෙන් ද ස්වාමීනි ජරාමරණ යනු කවරේ ද? කාශ්‍යප මේ ජරාමරණයයි. මේ ජරාමරණයයි ආදී ක්‍රමයෙන් ද යම් හේතුප්‍රත්‍යමය සැකයක් කියන ලද ද යම් හේතු ප්‍රත්‍යයක් අවබෝධ නොකළ හෙයින් මම අතීත කාලයෙහි වීමි ආදී සොළොස් සැකයන් ද බුදුන් ගැන සැක කරයි. ධර්මය ගැන සැක කරයි ආදී අෂ්ට සැකයන් ද වහයෙන් ආ ඒ සියලු සැක දුරු කරත්. පහවෙත්. නිරුද්ධ වෙත් යනුයි. කවර හෙයින් ද? යතො පජානාති සහෙතු ධම්මං යම් හෙයකින් අවිද්‍යා ආදී හේතුවෙන් සහේතුක වූ මේ සංස්කාර ආදි හුදු දුක්ඛ ස්කන්ධ ධර්මය දැනගනී, අවබෝධ කරගනී. වටහාගනී.

යතො ඛයං පච‍්චයානං අවෙදීහි යස‍්මා පච‍්චයානං ඛයසඞ‍්ඛාතං නිබ‍්බානං අවෙදි අඤ‍්ඤාසි පටිවිජ‍්ඣි, තස‍්මා යදාස‍්ස ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස වුත‍්තප‍්පකාරා ධම‍්මා පාතුභවන‍්ති. අථස‍්ස යා නිබ‍්බානස‍්ස අවිදිතත‍්තා කඞ‍්ඛා උප‍්පජ‍්ජෙය්‍යුං, සබ‍්බාපි තා කඞ‍්ඛා වපයන‍්තීති.

යථො ඛයං පච්චයානං අවෙදි යනු යම්හෙයකින් ප්‍රත්‍යයන්ගේ ඛය සංඛ්‍යාත වූ නිර්වාණය දත්තේ අවබෝධ කළේ වටහාගත්තේ එහෙයින් යම්විටෙක මේ ආතාපී වූ ඣායී වූ බ්‍රාහ්මණයාට කියන ලද ආකාර ඇති ධර්මයෙන් පහළ වෙත් ද ඉක්බිති ඔහුට නිවන් නොදැනීම නිසා වූ යම් සැක උපදී ද ඒ සියලු සැක දුරුවේ යනුයි.

ආරඤ‍්ඤන‍්ති ආරඤ‍්ඤකං. අඤ‍්ඤාතුඤ‍්ඡෙන යාපෙන‍්තන‍්ති කුලෙසු අඤ‍්ඤාතො නිච‍්චනවොයෙව හුත්‍වා උඤ‍්ඡෙන පිණ‍්ඩචරියාය යාපෙන‍්තං. අථ වා අභිලක‍්ඛිතෙසු ඉස‍්සරජනගෙහෙසු කටුකභණ‍්ඩසම‍්භාරං සුගන්‍ධභොජනං පරියෙසන‍්තස‍්ස උඤ‍්ඡනං ඤාතුඤ‍්ඡනං නාම, ඝරපටිපාටියා පන ද‍්වාරෙ ඨිතෙන ලද‍්ධමිස‍්සකභොජනං අඤ‍්ඤාතුඤ‍්ඡනං නාම. ඉදං ඉධ අධිප‍්පෙතං. තෙන යාපෙන‍්තං. කාමෙසු අනපෙක‍්ඛිනන‍්ති වත්‍ථුකාමකිලෙසකාමෙසු නිරපෙක‍්ඛං.

ආරඤ්ඤං යනු ආරණ්‍යක යනුයි. අඤ්ඤාතුඤ්ජෙන යාපෙන්තං යනු කුලයන් නොදන්නේ නිත්‍ය නවකයෙක් වී අහර ටික ටික සිඟා යන පිණ්ඩපාත චර්යාවෙන් යැපෙන්නා ය. එසේ නැතහොත් සලකුණු කරන ලද ඉසුරුමත් ජනයාගේ ගෙවල්වල කටුක භාණ්ඩ රාශිය, ඉතා සුවඳැති භෝජනය සොයන්නහුගේ පිණ්ඩාහාරය ඤාතුඤ්ජන නම් වේ. ගෙපිළිවෙලින් දොරටුවෙහි හුන් තැනැත්තා විසින් ලබන ලද මිශ්‍ර භෝජනය අඤ්ඤාතුඤ්ජන නම් වේ. මෙහි එය අදහස් කරන ලදී. එයින් යැපෙන්නායි. කාමෙසු අනපෙක්ඛිනං යනු වස්තුකාම ක්ලේශ කාමයන්හි අපේක්‍ෂා රහිත යනුයි.

ඡෙත්‍වාති වධිත්‍වා. සුඛං සෙතීති කොධපරිළාහෙන අපරිදය‍්හමානත‍්තා සුඛං සයති. න සොචතීති කොධවිනාසෙන විනට‍්ඨදොමනස‍්සත‍්තා න සොචති. විසමූලස‍්සාති දුක‍්ඛවිපාකස‍්ස. මධුරග‍්ගස‍්සාති යං අක‍්කුට‍්ඨස‍්ස පච‍්චක‍්කොසිත්‍වා පහටස‍්ස පටිප‍්පහරිත්‍වා සුඛං උප‍්පජ‍්ජති, තං සන්‍ධාය සො “මධුරග‍්ගො”ති වුත‍්තො. ඉමස‍්මිඤ‍්හි ඨානෙ පරියොසානං “අග‍්ග”න‍්ති වුත‍්තං. අරියාති බුද‍්ධාදයො.

ඡෙත්‍වා යනු වධකොට යනුයි. සුඛංසෙති යනු ක්‍රෝධ නමැති දාහයෙන් නොදැවෙන බැවින් සුවසේ නිදයි යනුයි. න සොචති යනු ක්‍රෝධ විනාශයෙන් නසන ලද දොම්නස ඇති බැවින් ශෝක නොකරයි යනුයි. විසමූලස්ස යනු දුක් විපාකයට ය. මධුරග්ගස්ස යනු ආක්‍රෝශ කරන ලද්දහුට පෙරලා ආක්‍රෝශ කොට පහරදෙන ලද්දහුට පෙරලා පහරදී යම් සැපයක් ඇති වේද ඒ සඳහා සො මධුරග්ගොයි කියන ලදි. මෙතැන අවසානය/කෙළවර අග්ග යැයි කියන ලදි. අරියා යනු බුද්ධාදීහු ය.

හනෙති හනෙය්‍ය. උප‍්පතිතන‍්ති අසමුග‍්ඝාටිතං අවික‍්ඛම‍්භිතුප‍්පන‍්නවසෙන සමුදාචාරුප‍්පන‍්නවසෙන සමුදාචරන‍්තං. විනොදයෙති අත‍්තනො සන‍්තානතො නීහරෙය්‍ය.

හනෙ යනු නසන්නේය යනුයි. උප්පත්තිං යනු විවෘත නොකරන ලද, විෂ්කම්භනය නොකරන ලද දේ පහළවීම් වශයෙන් පුරුද්ද පහළවීම් වශයෙන් හැසිරෙන යනුයි. විනොදයෙ යනු සිය සිතින් බැහැර කරන්නේය යනුයි.

සත‍්තියාති දෙසනාසීසමෙතං, එකතොධාරාදිනා සත්‍ථෙනාති අත්‍ථො. ඔමට‍්ඨොති පහටො. චත‍්තාරො හි පහාරා ඔමට‍්ඨො උම‍්මට‍්ඨො මට‍්ඨො විමට‍්ඨොති. තත්‍ථ උපරි ඨත්‍වා අධොමුඛං දින‍්නප‍්පහාරො ඔමට‍්ඨො නාම, අධො ඨත්‍වා උද‍්ධං මුඛං දින‍්නප‍්පහාරො උම‍්මට‍්ඨො නාම, අග‍්ගළසූචි විය විනිවිජ‍්ඣිත්‍වා කතො මට‍්ඨො නාම, සෙසො සබ‍්බොපි විමට‍්ඨො නාම. ඉමස‍්මිං පන ඨානෙ ඔමට‍්ඨො ගහිතො. සො හි සබ‍්බදාරුණො දුරුද‍්ධරණසල‍්ලො දුත‍්තිකිච‍්ඡො අන‍්තොදොසො අන‍්තොපුබ‍්බලොහිතො ච හොති. පුබ‍්බලොහිතං අනික‍්ඛමිත්‍වා වණමුඛං පරියොනන්‍ධිත්‍වා තිට‍්ඨති. පුබ‍්බලොහිතං නීහරිතුකාමෙහි මඤ‍්චෙන සද‍්ධිං බන්‍ධිත්‍වා අධොසිරො කාතබ‍්බො හොති, මරණං වා මරණමත‍්තං වා දුක‍්ඛං පාපුණාති. පරිබ‍්බජෙති විහරෙය්‍ය.

සත්තියා යනු මේ දේශනා ශීර්ෂය මුවහත් ආදියෙන් එක්වූ ආයුධයෙන් යන අර්ථයයි. ඔමට්ඨො යනු පහර දෙන ලද යනුයි. ඔමට්ඨ, උම්මට්ඨ, මට්ඨ, විවට්ඨ වශයෙන් පහරවල් හතරකි. එහි උඩින් සිට පහතට දුන් පහර ඔමට්ඨ නම් වේ. යට සිට උඩට දුන් පහර උම්මට්ඨ නම් වේ. දොරගුළ මෙන් පසාරු කරගෙන ගියේ මට්ඨ නම් වේ. සෙසු සියල්ල විමට්ඨ නම් වේ. මෙතැන ඔමට්ඨය ගන්නා ලද්දේය. එය වනාහි සියල්ලට වඩා දරුණුය. ඉදිරීමට අපහසු හුලකි. ප්‍රතිකර්ම කළ නොහැකි ඇතුළතකි. නරක් වූ ඇතුළතකි. කුණු ලේ ඇත්තේ වෙයි. කුණු ලේ නොනික්මී වණමුඛය වටකොට සිටියි. කුණු ලේ බැහැර කරනු කැමැත්තවුන් විසවින් ඇඳ සමග බැඳ හිස යටට හැරවිය යුතුය. මරණයට හෝ මරණය හා සමාන දුකකට හෝ පැමිණෙයි. පරිබ්බජෙ යනු වාසය කරන්නේය යනුයි.

ඉමාය ගාථාය කිං කථිතං? යථා සත‍්තියා ඔමට‍්ඨපුරිසො සල‍්ලුබ‍්බාහනවණතිකිච‍්ඡනානං අත්‍ථාය වීරියං ආරභති පයොගං කරොති පරක‍්කමති. යථා ච දය‍්හමානෙ මත්‍ථකෙ ආදිත‍්තසිරො තස‍්ස නිබ‍්බාපනත්‍ථාය වීරියං ආරභති පයොගං කරොති පරක‍්කමති, එවමෙවං භික‍්ඛු කාමරාගප‍්පහානාය සතො අප‍්පමත‍්තො හුත්‍වා විහරෙය්‍ය භගවාති කථෙසි.

මේ ගාථාවෙන් කුමක් කියන ලද ද? යම්සේ සැතකින් පහර දෙන ලද පුරුෂයෙක් හුල ගැළවීම, වණයට ප්‍රතිකාර කිරීම ආදිය සඳහා උත්සාහය අරඹා ද ප්‍රයෝග කෙරේ ද? පරාක්‍රම කෙරේ ද? යම්සේ මුදුන දැවෙන ගිනිගත් හිසක් ඇත්තෙක් එය නිවීම සඳහා උත්සාහය අරඹයි ද ප්‍රයෝග කරයි ද? පරාක්‍රම කරයි ද? එපරිද්දෙන් භික්‍ෂුවත් කාමරාගය දුරුකරනු පිණිස සිහිඇතිව අප්‍රමාදී වී වාසය කරන්නේයැයි භාග්‍යවතුන් වහන්සේ කියන සේක.

එවං දෙවතාය කථිතෙ අථ භගවා චින‍්තෙසි – “ඉමාය දෙවතාය උපමා දළ‍්හං කත්‍වා ආනීතා, අත්‍ථං පන පරිත‍්තකං ගහෙත්‍වා ඨිතා. පුනප‍්පුනං කථෙන‍්තීපි හි එසා කාමරාගස‍්ස වික‍්ඛම‍්භනප‍්පහානමෙව කථෙය්‍ය, යාව ච කාමරාගො මග‍්ගෙන න සමුග‍්ඝාටිය්‍යති, තාව අනුබන්‍ධොව හොතී”ති තමෙව උපමං ගහෙත්‍වා පඨමමග‍්ගවසෙන දෙවතාය විනිවට‍්ටෙත්‍වා දස‍්සෙන‍්තො “සත‍්තියා විය ඔමට‍්ඨො”ති දුතියගාථමාහ. තස‍්සත්‍ථො පුරිමනයානුසාරෙන වෙදිතබ‍්බො.

මෙසේ දේවතාවා කී කල්හි භාග්‍යවතුන් වහන්සේ සිතූ සේක. මේ දේවතාවා විසින් උපමාව දැඩිකොට ගෙනෙන ලද්දේය. අර්ථය වනාහි ස්වල්ප වශයෙන් ගෙන සිටියාය. නැවත නැවත කියන්නී නමුත් මැය කාමරාගයේ වික්ඛම්භන ප්‍රහාණය ම කියන්නේය. යම්තාක් කාමරාගය මාර්ගයෙන් ඉවත් නොවේ ද ඒතාක් බැඳීම පවතී යනුවෙනි. ඒ උපමාව ම ගෙන පළමු මාර්ගය ලෙසින් දේවතාවාට පෙරලා දක්වමින් සත්තියා විය ඔමට්ඨො යන දෙවන ගාථාව වදාළහ. එහි අර්ථය මුල් ක්‍රමය ඇසුරින් දතයුතුය.

ලොකාමිසන‍්ති කාමගුණො. සන‍්තිපෙක‍්ඛොති සබ‍්බසඞ‍්ඛාරූපසමං නිබ‍්බානං අපෙක‍්ඛමානො. පඤ‍්ඤවාති පඤ‍්ඤවන‍්තො. පහිතත‍්තොති නිබ‍්බානං පතිපෙසිතචිත‍්තො. විරතො කාමසඤ‍්ඤායාති යාය කායචි සබ‍්බතො කාමසඤ‍්ඤාය චතුත්‍ථමග‍්ගසම‍්පයුත‍්තාය සමුච‍්ඡෙදවිරතියා විරතො. “විරත‍්තො”තිපි පාඨො. කාමසඤ‍්ඤායාති පන භුම‍්මවචනං හොති. සගාථාවග‍්ගෙ (සං· නි· 1.96) “කාමසඤ‍්ඤාසූ”ති පාඨො. චතූහි මග‍්ගෙහි දසන‍්නම‍්පි සංයොජනානං අතීතත‍්තා සබ‍්බසංයොජනාතීතො. චතුත්‍ථමග‍්ගෙනෙව වා උද‍්ධම‍්භාගියසංයොජනාතීතො තත්‍ර තත්‍රාභිනන්‍දනතො නන්‍දිසඞ‍්ඛාතාය තණ‍්හාය තිණ‍්ණඤ‍්ච භවානං පරික‍්ඛීණත‍්තා නන්‍දිභවපරික‍්ඛීණො. සො තාදිසො ඛීණාසවො භික‍්ඛු ගම‍්භීරෙ සංසාරණ‍්ණවෙ න සීදති.

ලොකාමිසං යනු කාමගුණයයි. සන්තිපෙක්ඛො යනු සියලු සංස්කාරයන් සන්සිඳුවන නිවන අපේක්‍ෂා කරන යනුයි. පඤ්ඤවා යනු ප්‍රඥාවන්තයායි. පහිතත්තො යනු නිවන වෙත යොමුකරන ලද සිත් ඇත්තාය. විරතො කාම සඤ්ඤාය යනු යම්කිසි කාම සංඥාවෙන් සතරවැනි මාර්ගය හා යෙදුණු බැවින් සමුච්ඡේද විරතියෙන් හැම අයුරින්ම වෙන් වූ යනුයි. විරත්තො යනුවෙන් ද පාඨයක් වේ. කාමසඤ්ඤාය යන්න සත්තමි විභක්ති පදයක් වෙයි. සගාථා වග්ගයෙහි කාමසඤ්ඤාසු යනුවෙන් පාඨයක් වේ. සතර මාර්ගයන්ගෙන් වූ දර්ශනය ද සංයෝජනයන් ඉක්මවන ලද බැවින් සබ්බ සංයෝජනාතීතො යි යෙදේ. සතරවැනි මාර්ගයෙන් ම හෝ උද්ධංභාගිය සංයෝජන ඉක්මවන ලදී. ඒ ඒ තැන සතුටුවන හෙයින් නන්‍දිසංඛ්‍යාත වූ තණ්හාවෙන් ත්‍රිවිධ භවයන් ක්‍ෂයකරන ලද හෙයින් නන්‍දිභව පරික්ඛීණො සො යි කියනු ලැබේ. එවන් ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවයි. ගැඹුරු වූ සසර සයුරේ නොගිලෙයි.

සද‍්දහානොති යෙන පුබ‍්බභාගෙ කායසුචරිතාදිභෙදෙන, අපරභාගෙ ච සත‍්තත‍්තිංසබොධිපක‍්ඛියභෙදෙන ධම‍්මෙන අරහන‍්තො බුද‍්ධපච‍්චෙකබුද‍්ධබුද‍්ධසාවකා නිබ‍්බානං පත‍්තා. තං සද‍්දහානො අරහතං ධම‍්මං නිබ‍්බානප‍්පත‍්තියා ලොකියලොකුත‍්තරපඤ‍්ඤං ලභති, තඤ‍්ච ඛො න සද‍්ධාමත‍්තකෙනෙව. යස‍්මා පන සද‍්ධාජාතො උපසඞ‍්කමති, උපසඞ‍්කමන‍්තො පයිරුපාසති, පයිරුපාසන‍්තො සොතං ඔදහති, ඔදහිතසොතො ධම‍්මං සුණාති, තස‍්මා උපසඞ‍්කමනතො පට‍්ඨාය යාව ධම‍්මස‍්සවනෙන සුස‍්සූසං ලභතෙ පඤ‍්ඤං.

සද්දහානො යනු යමකු විසින් පූර්ව භාගයේ දී කාය සුචරිත ආදී භේදයෙන් ද අපරභාගයේ දී සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම භේදයෙන් ද අර්හත් වූ බුදු පසේබුදු බුද්ධ ශ්‍රාවකයෝ නිවනට පැමිණියාහු ද ඒ අරහතුන්ගේ ධර්ම නිර්වාණ ප්‍රාප්තිය විශ්වාස කරමින් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලබයි. එය ශ්‍රද්ධා මාත්‍රයකින් ම ය. යම්හෙයකින් හටගත් ශ්‍රද්ධා ඇතිව එළඹෙයි ද එළඹෙමින් ඇසුරු කරයි ද ඇසුරු කරමින් කන් යොමයි ද යොමන ලද කන් ඇතිව බණ දෙසයි ද, එහෙයින් එළඹීමේ පටන් ධර්මශ්‍රවණය දක්වා සුස්සූසං ලභතෙ පඤ්ඤං නම් වේ. කුමක් කියන ලද්දේ වෙයි ද?

කිං වුත‍්තං හොති? තං ධම‍්මං සද‍්දහිත්‍වාපි ආචරියුපජ‍්ඣායෙ කාලෙන කාලං උපසඞ‍්කමිත්‍වාපි වත‍්තකරණෙන පයිරුපාසිත්‍වා යදා පයිරුපාසනාය ආරාධිතචිත‍්තා කිඤ‍්චි වත‍්තුකාමා හොන‍්ති. අථ අධිගතාය සොතුකාමතාය සොතං ඔදහිත්‍වා සුණන‍්තො ලභතීති එවං සුස‍්සූසම‍්පි ච සතිඅවිප‍්පවාසෙන අප‍්පමත‍්තො සුභාසිතදුබ‍්භාසිතඤ‍්ඤුතාය විචක‍්ඛණො එව ලභති, න ඉතරො. තෙනාහ – “අප‍්පමත‍්තො විචක‍්ඛණො”ති.

ඒ ධර්මය විශ්වාස කොටත් ආචාර්ය උපාධ්‍යායයන් වෙත කලින් කල පැමිණි සිට වත්පිළිවෙත් ඉටු කිරීමෙන් ඇසුරුකොට යම්විටෙක ඇසුරු කිරීමෙන් සතුටු කරන ලද සිත් ඇතිව කිසිවක් කියනු කැමැත්තාහු වෙත් ද එකල්හි ඇතිකරගත් ශ්‍රවණයට කැමැත්තෙන් කන් යොමා අසන්නේ ලබයි යනුයි. මෙසේ මනාව අසන ලද්ද ද අවිප්පවාසය ඇතිකල්හි අප්‍රමාදී වූ විචක්‍ෂණ පුද්ගලයා ම සුභාසිත දුබ්භාසිත හැඟීම් ඇති බැවින් ලබයි. අනෙකක් නොලබයි. එහෙයින් අප්පමත්තො විචක්ඛණො යි කියන ලදී.

පතිරූපකාරීති දෙසකාලාදීනි අහාපෙත්‍වා ලොකියස‍්ස ලොකුත‍්තරස‍්ස ධම‍්මස‍්ස පතිරූපං අධිගමූපායං කරොතීති පතිරූපකාරී. ධුරවාති චෙතසිකවීරියවසෙන අනික‍්ඛිත‍්තධුරො. උට‍්ඨාතාති කායිකවීරියවසෙන උට‍්ඨානසම‍්පන‍්නො අසිථිලපරක‍්කමො. වින්‍දතෙ ධනන‍්ති ලොකියලොකුත‍්තරධනං අධිගච‍්ඡති. සච‍්චෙනාති වචීසච‍්චෙන පරමත්‍ථසච‍්චෙන ච. බුද‍්ධපච‍්චෙකබුද‍්ධඅරියසාවකා නිබ‍්බුතිං පාපුණන‍්තා කිත‍්තිම‍්පි පාපුණන‍්තියෙව. දදන‍්ති පරෙසං යං කිඤ‍්චි ඉච‍්ඡිතං පත්‍ථිතං දෙන‍්තො මිත‍්තානි ගන්‍ථති සම‍්පාදෙති කරොතීති අත්‍ථො. දුද‍්දදං වා දදන‍්තො ගන්‍ථති, දානමුඛෙන චත‍්තාරිපි සඞ‍්ගහවත්‍ථූනි ගහිතානීති වෙදිතබ‍්බානි. තෙහි මිත‍්තානි කරොන‍්ති. අස‍්මා ලොකා පරං ලොකං, ස වෙ පෙච‍්ච න සොචතීති යස‍්ස පුග‍්ගලස‍්ස ඉමෙ සද‍්ධාදයො ධම‍්මා විජ‍්ජන‍්ති, සො ඉමස‍්මා ලොකා පරං ලොකං ගන‍්ත්‍වා න සොචති, සොකකාරණං තස‍්ස නත්‍ථීති අත්‍ථො.

පතිරූපකාරී යනු දේශකාලාදිය නොනසා ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද ධර්මයට ගැළපෙන අධිගම උපායක් ඇති කෙරේ යන අර්ථයෙන් පතිරූපකාරී නම් වේ. ධුරවා යනු චෛතසික වීර්යය ලෙසින් නොනසන ලද ධුර ඇති යනුයි. උට්ඨාතා යනු කායික වීර්ය වශයෙන් උත්සාහවත් වූයේ ලිහිල් නොකරන ලද පරාක්‍රම ඇත්තේ යනුයි. වින්‍දතෙ ධනං යනු ලෞකික ලෝකෝත්තර ධනය ලබයි යනුයි. සච්චෙන යනු වාග් සත්‍යයෙන් ද පරමාර්ථ සත්‍යයෙන් ද යනුයි. බුදු පසේ බුදු ආර්ය ශ්‍රාවකයෝ නිවනට පැමිණෙන්නාහු කීර්තියට ද පැමිණෙත් ම ය. දදං යනු කැමතිවන, ප්‍රාර්ථනා කරන යම්කිසිවක් අනුන්ට දෙමින් යනුයි. මිත්තානි ගන්‍ථති යනු සම්පාදනය කරයි යන අර්ථයයි. නොදෙන්නා දෙමින් බැඳගනියි. දාන මුඛයෙන් සතර සංග්‍රහ වස්තුව ගන්නා ලැදයි දතයුතුය. ඔවුහු මිතුරන් ඇතිකර ගනිත්. අසමාලොකා පරං ලොකං සවෙ පෙච්ච න සොචති යනු යම් පුද්ගලයෙකුට මේ ශ්‍රද්ධා ආදී ධර්ම විද්‍යමාන නොවේ ද ඔහු මේ ලෝකෙයන් පරලොවට ගොස් ශෝක නොකරයි යනුයි. ඔහුට ශෝක කාරණයක් නැත යන අර්ථයයි.

“යස‍්සෙතෙ චතුරො ධම‍්මා, සද‍්ධස‍්ස ඝරමෙසිනො; සච‍්චං ධම‍්මො ධිති චාගො, ස වෙ පෙච‍්ච න සොචතී”ති. (සං· නි· 1.246; සු· නි· 190) –

යස්සෙතෙ චතුරො ධම්මා සද්ධස්ස ඝරමෙසිනො, සච්චං ධම්මොධිති චාගො ස වෙ පෙච්ච න සොචති

(සත්‍යය, ධර්මය, ධෛර්යය, පරිත්‍යාගය යන මේ ධර්ම සතර ගෘහවාසී සද්ධාවත් පුද්ගලයෙකු සතු වේනම් ඔහු ඒකාන්තයෙන් පරලොවදී ශෝක නොකරයි.)

ගාථං අවසෙසං කත්‍වා උදාහටං. ආළවකසුත‍්තෙ හි ඉමා ගාථා ආළවකෙන “කථං සු ලභතෙ පඤ‍්ඤ”න‍්තිආදිනා (සං· නි· 1.246; සු· නි· 187) පුට‍්ඨෙන භගවතා භාසිතාති.

යන ගාථාව අවසන්කොට උපුටන ලද ආලවක සූත්‍රයට අයත් මෙම ගාථාවන් ආලවන විසින් කථංසු ලභතෙ පඤ්ඤං ආදියෙන් විමසන ලද භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලදී.

යෙන කෙනචි වණ‍්ණෙනාති යෙන කෙනචි කාරණෙන, පකාරෙන වා. සංවාසොති එකස‍්මිං ඨානෙ සහවාසො සමාගමො. තන‍්ති තථා සමාගතං අනුකම‍්පිතබ‍්බං පුරිසං. මනසා චෙ පසන‍්නෙනාති කරුණාසමුස‍්සාහිතෙන පසාදෙන පසන‍්නෙන මනසා. න තෙන හොති සංයුත‍්තොති තෙන යථාවුත‍්තෙන අනුසාසනෙන කාමච‍්ඡන්‍දාදීනං සංයොජනවසෙන සංයුත‍්තො නාම න හොති. යානුකම‍්පා අනුද‍්දයාති යා අරියමග‍්ගසම‍්පාපනවසෙන කරුණායනා, මෙත‍්තායනා චාති අත්‍ථො.

යෙන කෙනචි වණ්ණෙන යනු යම්කිසි කාරණයකින් නැතහොත් ආකාරයකිනි. සංවාසො යනු එක් තැනක එක්ව විසීමයි. සමාගමයයි. තං යනු එසේ එක්වූ අනුකම්පා කළයුතු පුරුෂයායි. මනසා චෙ පසන්නෙන යනු කරුණාවෙන් මෙහෙයවන ලද ප්‍රසාදවත් වූ පහන් සිතිනි. න තෙන හොති සංයුත්තො යනු කියන ලද ඒ අනුශාසනාවෙන් කාමච්ඡන්‍ද ආදියේ සංයේාජන ලෙසින් සංයුක්ත බවක් නම් නොවේ යනුයි. යානුකම්පා අනුද්දයා යනු ආර්ය මාර්ගයට පැමිණීම් වශයෙන් යම් කරුණාවක් මෛත්‍රියක් වේ ද එය යන අර්ථයයි.

රාගො ච දොසො චාති රාගදොසා හෙට‍්ඨා වුත‍්තනයාව. කුතොනිදානාති කිංනිදානා කිංහෙතුකා. පච‍්චත‍්තවචනස‍්ස හි අයං තො-ආදෙසො, සමාසෙ චස‍්ස ලොපාභාවො වෙදිතබ‍්බො. අරතී රතී ලොමහංසො කුතොජාති යායං පන‍්තෙසු සෙනාසනෙසු, අධිකුසලෙසු ච ධම‍්මෙසු අරති උක‍්කණ‍්ඨිතා, යා ච පඤ‍්චසු කාමගුණෙසු රති අභිරති ආසත‍්ති කීළනාදි, යො ච ලොමහංසසමුට‍්ඨානතො ලොමහංසසඞ‍්ඛාතො චිත‍්තුත්‍රාසො, ඉමෙ තයො ධම‍්මා කුතො ජාතා කුතො නිබ‍්බත‍්තාති පුච‍්ඡා. කුතො සමුට‍්ඨායාති කුතො උප‍්පජ‍්ජිත්‍වා. මනොති කුසලචිත‍්තං. විතක‍්කාති කාමවිතක‍්කාදයො. කුමාරකා ධඞ‍්කමිවොසජන‍්තීති යථා කුමාරකා කීළන‍්තා කාකං සුත‍්තෙන පාදෙ බන්‍ධිත්‍වා ඔසජන‍්ති ඛිපන‍්ති, එවං කුසලමනං අකුසලවිතක‍්කා කුතො සමුට‍්ඨාය ඔසජන‍්තීති පුච‍්ඡා.

රාගො ච දොසො ච යනු රාග දෝෂයෙන් යට කියන ලද ක්‍රම ඇත්මය යනුයි. කුතො නිදානා යනු කුමක් නිදානකොට ඇති ද? කුමක් හේතුකොට ඇති ද? යනුයි. මේ තො ආදේශය ප්‍රථම විභක්තියටයි. අරති රති ලොමහංසො කුතොජා යනු සෙනසුන් පැනවූ කල්හි අධිකුසල ධර්මයන්හි (සමථ විපස්සනාවන්හි) යම් නොඇලීමක්, කලකිරීමක් වේ ද පංච කාමගුණයන්හි යම් ඇල්මක්, අනභිරතියක්, ආලයක්, ක්‍රීඩාවක් වේ ද ලොමු නැගීමෙන් ලෝම හංස සංඛ්‍යාත යම් සිත් තැතිගැන්මක් වේද මේ කරුණු තුන කොයින් හටගත්තේ ද? කොයින් නිපන්නේදැයි විමසන ලදී. කුතො සමුට්ඨාය යනු කොයින් ඉපිද යනුයි. මනො යනු කුසල් සිතයි. විතක්කා යනු කාම විතර්ක ආදියයි. කුමාරකා ධංකමිවොස්සජන්ති යනු සෙල්ලම් කරන කුඩා ළමයි යම්සේ නූලකින් පා බැඳ කපුටෙකු අත්හරිත් ද දමත් ද මෙසේ කුසල සිත අකුසල විතර්කයන් කොයින් උපදවා මුදාහරියිදැයි විමසීමයි.

රාගො චාති දුතියගාථා තස‍්සා විස‍්සජ‍්ජනං. තත්‍ථ ඉතොති අත‍්තභාවං සන්‍ධායාහ. අත‍්තභාවනිදානා හි රාගදොසා, අරති රති ලොමහංසා ච අත‍්තභාවතො ජාතා. කාමවිතක‍්කාදයො අත‍්තභාවතො එව සමුට‍්ඨාය කුසලමනං ඔසජන‍්ති. තෙන තදඤ‍්ඤං පකතිආදිකාරණං පටික‍්ඛිපන‍්තො ආහ – “ඉතොනිදානා ඉතො සමුට‍්ඨායා”ති. පුරිමගාථාය වුත‍්තනයෙනෙත්‍ථ සද‍්දසිද‍්ධි වෙදිතබ‍්බා.

රාගො ච යන දෙවන ගාථාව එහි විසඳීමයි. එහි ඉතො යනු ආත්මභාවය සඳහා කියන ලදි. රාගදෝෂයෝ ආත්මභාවය නිදානකොට ඇත්තාහ. අරතියත් රතියත් ලෝම හර්ෂයත් ආත්මභාවයෙන් හටගත්තේ ය. කාම විතර්ක ආදිය ආත්ම භාවයෙන් ම ඇතිවී කුසල සිත මුදාහරියි. එහෙයින් ඉන් අන්‍ය වූ ප්‍රකෘති ආදී කරුණු ප්‍රතික්‍ෂේප කරමින් ඉතො නිදානා ඉතො සමුට්ඨාය යි කියන ලදී. මුල් ගාථාවෙහි කියන ලද ක්‍රමයෙන් මෙහි පද සිද්ධිය දතයුතුය.

ඉදානි ය‍්වායං “ඉතොනිදානා”තිආදීසු අත‍්තභාවනිදානා අත‍්තභාවතො ජාතා අත‍්තභාවතො සමුට‍්ඨායාති අත්‍ථො වුත‍්තො, තං සාධෙන‍්තො ආහ – “ස‍්නෙහජා අත‍්තසම‍්භූතා”ති. එතෙ හි රාගාදයො විතක‍්කපරියොසානා තණ‍්හාස‍්නෙහෙන ජාතා. තථා ජායන‍්තා ච පඤ‍්චුපාදානක‍්ඛන්‍ධභෙදෙ අත‍්තභාවසඞ‍්ඛාතෙ අත‍්තනි සම‍්භූතා. තෙනාහ – “ස‍්නෙහජා අත‍්තසම‍්භූතා”ති. ඉදානි තදත්‍ථජොතිකං උපමං දස‍්සෙති “නිග්‍රොධස‍්සෙව ඛන්‍ධජා”ති. තත්‍ථ ඛන්‍ධජාති ඛන්‍ධෙසු ජාතා පාරොහා. ඉදං වුත‍්තං හොති – යථා නිග්‍රොධස‍්ස ඛන්‍ධජසඞ‍්ඛාතා පාරොහා ආපොරසසඞ‍්ඛාතෙ ස‍්නෙහෙ සති ජායන‍්ති, ජායන‍්තා ච තස‍්මිංයෙව නිග්‍රොධෙ තෙසු තෙසු සාඛප‍්පදෙසෙසු සම‍්භවන‍්ති, එවං එතෙ රාගාදයො අජ‍්ඣත‍්තං තණ‍්හාස‍්නෙහෙ සති ජායන‍්ති, ජායන‍්තා ච තස‍්මිංයෙව අත‍්තභාවෙ තෙසු තෙසු චක‍්ඛාදිප‍්පදෙසෙසු ඉට‍්ඨාරම‍්මණෙසු සම‍්භවන‍්ති. තෙන වුත‍්තං – “ස‍්නෙහජා අත‍්තසම‍්භූතා”ති. පුථු විසත‍්තා කාමෙසූති යස‍්මා රාගොපි පඤ‍්චකාමගුණිකාදිවසෙන, දොසොපි ආඝාතවත්‍ථුආදිවසෙන අරතිආදයොපි තස‍්ස තස‍්ස භෙදස‍්ස වසෙනාති සබ‍්බථා සබ‍්බෙපිමෙ කිලෙසා පුථු අනෙකප‍්පකාරා හුත්‍වා වත්‍ථුද‍්වාරාරම‍්මණාදිවසෙන තෙසු තෙසු කාමෙසු තථා තථා විසත‍්තා ලග‍්ගා සංසිබ‍්බිත්‍වා ඨිතා. කිමිව? මාලුවාව විතතා වනෙ යථා වනෙ විතතා මාලුවා තෙසු තෙසු රුක‍්ඛසාඛප‍්පසාඛාදිභෙදෙසු විසත‍්තා හොති ලග‍්ගා සංසිබ‍්බිත්‍වා ඨිතා, එවං එතෙ කිලෙසා ධම‍්මා, තස‍්මා එත්‍ථ පුථුපභෙදෙසු වත්‍ථුකාමෙසු විසත‍්තං කිලෙසගහනං.

දැන් ඉතො නිදානා යනාදියෙහි ආත්ම භාවය නිදානකොට ඇත්තේය. ආත්මභාවයෙන් හටගත්තේය. ආත්ම භාවයෙන් උපන්නේය යන යම් ඒ අර්ථයක් කියන ලද ද එය සාධනය කරමින් කියන ලදි. සන්හෙජා අත්ත සම්භූතා යනු මේ රාගාදිය විතර්කය කෙළවරකොට ඇත්තාහු තෘෂ්ණා නැමැති ස්නේහයෙන් හටගත්තේය. එසේ හටගන්නාහු පංච උපාදානස්කන්ධ භේද ඇති ආත්මභාව සංඛ්‍යාත තමා තුළ හටගත්තේය. එහෙයින් සන්හෙජා අත්ත සම්භූතායි කියන ලදී. දැන් එහි අර්ථය ප්‍රකාශ කරන උපමාවක් නිග්‍රොධස්සෙව ඛන්‍ධජා යනුවෙන් දක්වයි. එහි ඛන්‍ධජා යනු කඳන්වල හටගත් අතුවලින් ඇදෙන මුල් ය. මෙය කියන ලද්දේ වෙයි. යම්සේ නුගගසේ කඳෙන් හටගත් මුල් ආපෝ රස සංඛ්‍යාත වූ ස්නේහය ඇතිකල්හි හටගනිත් ද හටගන්නාහු එම නුග ගසේ ම ඒ ඒ අතු පෙදෙස්වල දක්නා ලැබෙත් ද මෙසේ ඒ රාගාදීහු අධ්‍යාත්මයෙහි තෘෂ්ණා ස්නේහය ඇතිකල්හි හටගනිත්. හටගන්නාහු එම ආත්ම භාවයෙහි ම චක්‍ෂු ආදී ඒ ඒ ප්‍රදේශයන්හි ඉටු අරමුණුවල දක්නා ලැබෙත්. එහෙයින් නිග්‍රොධස්සෙව ඛන්‍ධාජා යි කියන ලදී. පුථු විසත්තා කාමෙසු යනු යම්හෙයකින් පංච කාමගුණ ආදී වශයෙන් රාගයද වෛරයට හේතුවන කරුණු ආදී වශයෙන් ද්වේෂය ද අරති ආදිය ද යන ඒ ඒ හේතු වශයෙන් ද සර්වප්‍රකාරයෙන් මේ සියලු කෙලෙස් වෙනම නොයෙක් ආකාර ඇතිවී වස්තු ද්වාර ආරම්මණ ආදී වශයෙන් ඒ ඒ කාමයන්හි ඒ ඒ ආකාරයෙනි. ඇලුණාහු ලැගුණාහු එකට එකතුකොට සිටියාහුය. කුමක් මෙන් ද? මාලුවාව විතතා වනෙ යම්සේ වනයෙහි පැතිරුණු මාලුවා වැලක් ඒ ඒ ගස්වල අතු, කුඩා අතු ආදී කොටස්වල ඇලුණාහු ලැගුණාහු එකට එකතු වී සිටියාහු වේ ද ඒ කෙලෙස් දහම් ද මෙසේය. එහෙයින් මෙහි බොහෝ ප්‍රභේද ඇති වස්තු කාමයන්හි ඇලීම ක්ලේශ ග්‍රහණයකි.

යෙ නං පජානන‍්ති යතොනිදානං, තෙ නං විනොදෙන‍්ති සුණොහි යක‍්ඛ. තස‍්සත්‍ථො – යෙ සත‍්තා නං කිලෙසගහනං “ඉතොනිදානං එස උප‍්පජ‍්ජතී”ති ජානන‍්ති, තෙ නං තණ‍්හාසිනෙහසිනෙහිතෙ අත‍්තභාවෙ උප‍්පජ‍්ජතීති ඤත්‍වා තං තණ‍්හාසිනෙහං ආදීනවානුපස‍්සනාදිභාවනාඤාණග‍්ගිනා විසොසෙන‍්තා විනොදෙන‍්ති පජහන‍්ති, එවං අම‍්හාකං භාසිතං සුණොහි යක‍්ඛාති. තෙ දුත‍්තරං ඔඝමිමං තරන‍්ති, අතිණ‍්ණපුබ‍්බං අපුනබ‍්භවායාති යෙ හි සංකිලෙසගහනං විනොදෙන‍්ති, තෙ එකන‍්තෙන මග‍්ගං භාවෙන‍්ති. න හි මග‍්ගභාවනං විනා කිලෙසවිනොදනං අත්‍ථි. එවං මග‍්ගං භාවෙන‍්තා තෙ පකතිඤාණෙන දුත‍්තරං කාමොඝාදිං චතුබ‍්බිධං ඔඝං ඉමිනා දීඝෙන අද‍්ධුනා සුපිනන‍්තෙනපි අතිණ‍්ණපුබ‍්බං අනතික‍්කන‍්තපුබ‍්බං අපුනබ‍්භවාය නිබ‍්බානාය තරන‍්ති.

යෙ නං පජානන්ති යතො නිදානං තෙ නං විනොදෙන්ති සුණොහි යක්ඛ! මෙහි අර්ථය මෙසේය. යම් සත්ත්වයෝ ඒ ක්ලේශ ග්‍රහණය මෙයින් හට ගැණුනි. එය උපදීයැයි දනිත් ද ඔවුහු එය තෘෂ්ණා ස්නේහයෙන් ගිජු වූ ආත්ම භාවයෙහි උපදින්නේයයි දැන ඒ තෘෂ්ණා ස්නේහය ආදීනව දැක්ව ආදී භාවනා ඤාණ නමැති ගින්නෙන් වියළවන්නාහු දුරුකෙරෙත් ද අත්හරිත් ද මෙසේ යක්‍ෂය අපගේ කීම අසව යනුයි. තෙ දුත්තරං ඔඝමිමං තරන්ති අතිණ්ණ පුබ්බං අපුනබ්භවාය යනු යමෙක් සංකිලේස ග්‍රහණය දුරු කෙරෙත් ද ඔවුහු ඒකාන්තයෙන් මග වඩත් මාර්ග භාවනයෙන් තොර කෙලෙස් දුරුකිරීමක් නොමැත. මෙසේ මාර්ගය වඩන්නා වූ ඔවුහු ප්‍රකෘති ඥානයෙන් එතෙර වීමට අපහසු කාමෝඝ ආදී චතුර්විධ ඕඝයන් මේ දීර්ඝ කාලයෙන් සිහිනෙන්වත් එතෙර නොවූ විරූය. නොඉක්මවන ලද විරූය. නැවත භවයක් නොලැබීම පිණිස නිවන් පිණිස තරණය කරත් යනුයි.

දුක‍්කරං භගවාති එකො කිර දෙවපුත‍්තො පුබ‍්බයොගාවචරො බහලකිලෙසතාය සප‍්පයොගෙන කිලෙසෙ වික‍්ඛම‍්භෙන‍්තො සමණධම‍්මං කත්‍වා පුබ‍්බහෙතුමන්‍දතාය අරියභූමිං අප‍්පත්‍වාව කාලං කත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තො, සො තථාගතං උපසඞ‍්කමිත්‍වා දුක‍්කරභාවං ආරොචෙන‍්තො එවමාහ. තත්‍ථ දුක‍්කරන‍්ති දසපි වස‍්සානි…පෙ… සට‍්ඨිපි වස‍්සානි එකන‍්තපරිසුද‍්ධස‍්ස සමණධම‍්මස‍්ස කරණං නාමෙතං දුක‍්කරං. සෙක‍්ඛාති සත‍්ත සෙක‍්ඛා. සීලසමාහිතාති සීලෙන සමාහිතා සමුපෙතා. ඨිතත‍්තාති පතිට‍්ඨිතසභාවා. එවං පුච‍්ඡිතපඤ‍්හං විස‍්සජ‍්ජිත්‍වා උපරිපඤ‍්හං සමුට‍්ඨාපනත්‍ථං “අනගාරියුපෙතස‍්සා”තිආදිමාහ. තත්‍ථ අනගාරියුපෙතස‍්සාති අනගාරියං නිග‍්ගෙහභාවං උපගතස‍්ස, පබ‍්බජිතස‍්සාති අත්‍ථො. තුට‍්ඨීති චතුපච‍්චයසන‍්තොසො.

දුක්කරං භගවා යනු පූර්ව යෝගාවචර වූ එක් දේවතාවෙක් කෙලෙස් බහුල බැවින් ප්‍රයෝග සහිතව කෙලෙස් යටපත් කරමින් මහණදම කොට පූර්ව හේතු මද බැවින් ආර්ය භූමියට නොපැමිණ ම කලුරිය කොට දෙව්ලොව උපන්නේය. හෙතෙම තථාගතයන් වහන්සේ වෙත එළඹ දුෂ්කර භාවය දන්වමින් මෙසේ කීය. එහි දුක්කරං යනු දසවසක් ද -පෙ- සැටවසක් ද ඒකාන්තයෙන් පිරිසිදු වූ ශ්‍රමණ ධර්මය කිරීම මට දුෂ්කර නැත යනුයි. සෙක්ඛා යනු සප්ත ශෛක්‍ෂයෝ ය. සීල සමාහිතා යනු සීලයෙන් යුක්ත වූ යනුයි. ඨිතත්තා යනු පිහිටි ස්වභාව ඇති යනුයි. මෙසේ විමසන ලද ප්‍රශ්න විසඳා මත්තෙි ප්‍රශ්න ඇතිකරනු පිණිස අනගාරියුපෙතස්ස යනාදිය කියන ලදී, එහි අනගාරියුපෙතස්ස යනු අනගාරිය වූ හෙවත් නිවෙස් නැති බවට පැමිණි පැවිද්දාගේ යන අර්ථයයි. තුට්ඨි යනු සිව්පස සතුටයි.

භාවනායාති චිත‍්තවූපසමභාවනාය. තෙ ඡෙත්‍වා මච‍්චුනො ජාලන‍්ති යෙ රත‍්තින්‍දිවං ඉන්‍ද්‍රියූපසමෙ රතා, තෙ දුස‍්සමාදහං චිත‍්තං සමාදහන‍්ති. යෙ සමාහිතචිත‍්තා, තෙ චතුපච‍්චයසන‍්තොසං පූරෙන‍්තා න කිලමන‍්ති. යෙ සන‍්තුට‍්ඨා, තෙ සීලං පූරෙන‍්තා න කිලමන‍්ති. යෙ සීලෙ පතිට‍්ඨිතා සත‍්ත සෙක‍්ඛා, තෙ අරියා මච‍්චුනො ජාලසඞ‍්ඛාතං කිලෙසජාලං ඡින්‍දිත්‍වා ගච‍්ඡන‍්ති.

භාවනාය යනු සිත සන්සිඳුවීම් භාවනාවෙහි. තෙජෙත්‍වා මච්චුනො ජාලං යනු යමෙක් රෑ දාවල් ඉන්‍ද්‍රිය සංවරයෙහි ඇලුණාහු ද ඔවුහු එක්තැන් කිරීමට අපහසු වූ සිත එක්තැන් කරත්. යමෙක් සමාහිත සිත් ඇත්තෝ වෙත් ද ඔවුහු චතු ප්‍රත්‍ය සන්තෝෂය පුරමින් ක්ලාන්ත නොවෙත්. යමෙක් සතුටු වෙත් ද ඔවුහු සීලය පූරණය කරමින් ක්ලාන්ත නොවෙත්. යමෙක් සීලයෙහි පිහිටියාහු සප්ත ශෛක්‍ෂයෝ වෙත් ද ආර්ය වූ ඔවුහු මාරයාගේ දැල නම් වූ කෙලෙස් දැල සිඳ දමා යත්.

දුග‍්ගමොති සච‍්චමෙතං, භන‍්තෙ, යෙ ඉන්‍ද්‍රියූපසමෙ රතා, තෙ දුස‍්සමාදහං චිත‍්තං සමාදහන‍්ති. යෙ සමාහිතචිත‍්තා, තෙ චතුපච‍්චයසන‍්තොසං පූරෙන‍්තා න කිලමන‍්ති. යෙ සන‍්තුට‍්ඨා, තෙ සීලං පූරෙන‍්තා න කිලමන‍්ති. යෙ සීලෙ පරමග‍්ගාහිනො සත‍්ත සෙක‍්ඛා, තෙ අරියා මච‍්චුනො ජාලසඞ‍්ඛාතං කිලෙසජාලං ඡින්‍දිත්‍වා ගච‍්ඡන‍්ති. කිං න ගමිස‍්සන‍්ති, අයං පන දුග‍්ගමො “භගවා විසමො මග‍්ගො”ති ආහ. තත්‍ථ කිඤ‍්චාපි අරියමග‍්ගො නෙව දුග‍්ගමො න විසමො, පුබ‍්බභාගපටිපදාය පනස‍්ස බහූ පරිස‍්සයා හොන‍්ති, තස‍්මා එවං වුත‍්තො. අවංසිරාති ඤාණසිරෙන අධොසිරා හුත්‍වා පපතන‍්ති. අරියමග‍්ගං ආරොහිතුං අසමත්‍ථතාය එව තෙ මග‍්ගෙ පපතන‍්තීති වුච‍්චන‍්ති. අරියානං සමො මග‍්ගොති ස‍්වෙව මග‍්ගො අරියානං සමො හොති. විසමෙ සමාති විසමෙපි සත‍්තකායෙ සමා එව.

දුග්ගමො යනු ස්වාමීනි මෙය සත්‍යයකි. යමෙක් ඉන්‍ද්‍රිය සංවරයෙහි ඇලුණාහු ද ඔවුහු එක්තැන් කිරීමට අපහසු සිත එක්තැන් කරත්. යමෙක් සමාහිත සිත් ඇත්තාහු ද ඔවුහු චතුප්‍රත්‍ය සන්තෝෂය පූරණය කරමින් ක්ලාන්ත නොවෙත්. යමෙක් සතුටු වූවාහු ද ඔවුහු සීලය පුරමින් ක්ලාන්ත නොවෙත්. යමෙක් සීලයෙහි උතුම් බව ගන්නා වූ ද සප්ත ශෛක්‍ෂයෝ වෙත්ද ආර්ය වූ ඔවුහු මාරයාගේ ජාල සංඛ්‍යාත වූ කෙලෙස්දැල සිඳ දමා යත්. කුමක් හෙයින් නොයන්නාහු ද? මෙය වනාහි දුග්ගමො භගවා! විසමො මග්ගො යනාදිය කියන ලදී. එහි ආර්ය මාර්ගය කෙසේවත් දුර්ගම නොවේ. විෂම නොවේ. පූර්වභාග ප්‍රතිපදාවෙන් මොහුට බොහෝ වෙහෙස ඇතිවේ. එහෙයින් මෙසේ කියන ලදී. අවංසිරා යනු ඤාණ හිසින් පහතට වූ හිස ඇතිව වැටෙත් යනුයි. ආර්ය මාර්ගයට නැග ගන්නට අසමත් බැවින් ම ඔවුහු මග වැටෙතැයි කියනු ලැබේ. අරියානං සො සමො මග්ගො යනු එම මග ම ආර්යයන්ට සමාන වේ යනුයි. විසමෙ සමා යනු විෂම වූ සත්ත්වකයෙහි සමාන බව ම ය.

ඉදඤ‍්හි තං ජෙතවනන‍්ති අනාථපිණ‍්ඩිකො දෙවපුත‍්තො ජෙතවනස‍්ස චෙව බුද‍්ධාදීනඤ‍්ච වණ‍්ණභණනත්‍ථං ආගන‍්ත්‍වා එවමාහ. ඉසිසඞ‍්ඝනිසෙවිතන‍්ති භික‍්ඛුසඞ‍්ඝනිවෙසිතං. එවං පඨමගාථාය ජෙතවනස‍්ස වණ‍්ණං කථෙත්‍වා ඉදානි අරියමග‍්ගස‍්ස වණ‍්ණං කථෙන‍්තො “කම‍්මං විජ‍්ජා”තිආදිමාහ. තත්‍ථ කම‍්මන‍්ති මග‍්ගචෙතනා. විජ‍්ජාති මග‍්ගපඤ‍්ඤා. ධම‍්මොති සමාධි, සමාධිපක‍්ඛිකා වා ධම‍්මා. සීලං ජීවිතමුත‍්තමන‍්ති සීලෙ පතිට‍්ඨිතස‍්ස ජීවිතඤ‍්ච උත‍්තමන‍්ති දස‍්සෙති. අථ වා විජ‍්ජාති දිට‍්ඨිසඞ‍්කප‍්පා. ධම‍්මොති වායාමසතිසමාධයො. සීලන‍්ති වාචාකම‍්මන‍්තාජීවා. ජීවිතමුත‍්තමන‍්ති එතස‍්මිං සීලෙ පතිට‍්ඨිතස‍්ස ජීවිතං නාම උත‍්තමන‍්ති. “එතෙන මච‍්චා සුජ‍්ඣන‍්තී”ති එතෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන සත‍්තා විසුජ‍්ඣන‍්ති.

ඉදං හි තං ජෙතවනං යන්න අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයා ජේතවනයේත් බුද්ධාදීන්ගේත් ගුණ කියනු පිණිස පැමිණ කියන ලදී. ඉසි සංඝනිසෙවිතං යනු භික්‍ෂු සංඝයා විසින් ඇසුරු කරන ලද යනුයි. මෙසේ පළමු ගාථාවෙන් ජේතවනයේ වර්ණනාව ප්‍රකාශ කොට දැන් ආර්ය මාර්ගයේ වර්ණනාව ප්‍රකාශ කරනුයේ කම්මං විජ්ජා යනාදිය කියන ලදී. එහි කම්මං යනු මාර්ග චේතනාවයි. විජ්ජා යනු මාර්ග ප්‍රඥාවයි. ධම්මා යනු සමාධියයි. නැතහොත් සමාධි පාක්‍ෂික ධර්මයෝයි. සීලං ජීවිත මුත්තමං යනු සීලයෙහි පිහිටියහුගේ ජීවිතය ද උතුම් යැයි දක්වයි. එසේ නැතහොත් විජ්ජා යනු දෘෂ්ටි සංකල්පය ධම්මො යනු වායාම සති සමාධි ආදියයි. සීලං යනු වාචා කම්මන්ත ආජීව යනාදියයි. ජීවිත මුත්තමං යනු මේ සීලයෙහි පිහිටි පුද්ගලයාගේ ජීවිතය නම් උතුම්ය යනුයි. එතෙන මච්චා සුජ්ඣන්ති යනු මේ අෂ්ටාංගික මාර්ගයෙන් සත්ත්වයෝ පිරිසිදු වෙත් යනුයි.

තස‍්මාති යස‍්මා මග‍්ගෙන සුජ‍්ඣන‍්ති, න ගොත‍්තධනෙහි, තස‍්මා. යොනිසො විචිනෙ ධම‍්මන‍්ති උපායෙන බොධිපක‍්ඛියධම‍්මං විචිනෙය්‍ය. එවං තත්‍ථ විසුජ‍්ඣතීති එවං තස‍්මිං අරියමග‍්ගෙ විසුජ‍්ඣති. අථ වා යොනිසො විචිනෙ ධම‍්මන‍්ති උපායෙන අරියසච‍්චධම‍්මං විචිනෙය්‍ය. එවං තත්‍ථ විසුජ‍්ඣතීති එවං තෙසු චතූසු අරියසච‍්චෙසු විසුජ‍්ඣති. ඉදානි සාරිපුත‍්තත්‍ථෙරස‍්ස වණ‍්ණං කථෙන‍්තො “සාරිපුත‍්තොවා”තිආදිමාහ. තත්‍ථ සාරිපුත‍්තොවාති අවධාරණවචනං, එතෙහි පඤ‍්ඤාදීහි සාරිපුත‍්තොව සෙය්‍යොති වදති. උපසමෙනාති කිලෙසවූපසමෙන. පාරඞ‍්ගතොති නිබ‍්බානං ගතො, යො කොචි නිබ‍්බානපත‍්තො භික‍්ඛු, න තාදිසො. එතාවපරමො සියා, න ථෙරා උත‍්තරිතරො නාම සාවකො අත්‍ථීති වදති.

තස්මා යනු යම්හෙයකින් මාර්ගයෙන් පිරිසිදු වෙත් ද ගෝත්‍රය ධනය ආදියෙන් නොවෙත් ද එහෙයිනි. යොනිසො විචිනෙ ධම්මං යනු උපායෙන් බෝධිපාක්‍ෂික ධර්ම සොයන්නේය යනුයි. එවං තත්‍ථ විසුජ්ඣති යනු මෙසේ ඒ ආර්ය මාර්ගයෙහි පිරිසිදු වන්නේය යනුයි. එසේ නැතහොත් යොනිසො විචිනෙ ධම්මං යනු උපායෙන් ආර්ය සත්‍ය ධර්මය සොයන්නේය යනුයි. දැන් සැරියුත් තෙරුන්ගේ වර්ණනාව ප්‍රකාශ කරමින් සාරිපුත්තො වා යනාදිය කියන ලදි. එහි සාරිපුත්තො වා යනු අවධාරණ වචනයකි. මේ ප්‍රඥා ආදියෙන් සැරියුත් ම ශ්‍රේෂ්ඨයැයි කියයි. උපසමෙන යනු කෙලෙස් සන්සිඳුවීමෙනි. පාරංගතො යනු නිවනට ගියේ යනුයි. යම්කිසිවෙක් නිවන් වන් භික්‍ෂුවක් වේ ද එවන් අයෙක් නැත. එතාවපරමො සියා තෙරුන්ට වඩා වැඩි ශ්‍රාවකයෙක් නැතැයි කියයි.

අතීතන‍්ති අතීතෙ පඤ‍්චක‍්ඛන්‍ධෙ. නාන්‍වාගමෙය්‍යාති තණ‍්හාදිට‍්ඨීහි නානුගච‍්ඡෙය්‍ය. නප‍්පටිකඞ‍්ඛෙති තණ‍්හාදිට‍්ඨීහි න පත්‍ථෙය්‍ය. යදතීතන‍්ති ඉදමෙත්‍ථ කාරණවචනං. යස‍්මා යං අතීතං, තං පහීනං නිරුද‍්ධං අත්‍ථඞ‍්ගතං, තස‍්මා තං නානුගච‍්ඡෙය්‍ය. යස‍්මා ච යං තත්‍ථ අනාගතං, තං අප‍්පත‍්තං අජාතං අනිබ‍්බත‍්තං, තස‍්මා තම‍්පි න පත්‍ථෙය්‍ය. තත්‍ථ තත්‍ථාති පච‍්චුප‍්පන‍්නම‍්පි ධම‍්මං යත්‍ථ යත්‍ථෙව සො උප‍්පන‍්නො, තත්‍ථ තත්‍ථෙව නං අනිච‍්චානුපස‍්සනාදීහි සත‍්තහි අනුපස‍්සනාහි විපස‍්සති, අරඤ‍්ඤාදීසු වා තත්‍ථ තත්‍ථ විපස‍්සති. අසංහීරං අසංකුප‍්පන‍්ති ඉදං විපස‍්සනාපටිවිපස‍්සනාදස‍්සනත්‍ථං වුත‍්තං. විපස‍්සනා හි රාගාදීහි න සංහිරති න කුප‍්පතීති අසංහීරා අසංකුප‍්පා, තං අනුබ්‍රූහයෙ වඩ‍්ඪෙය්‍ය පටිවිපස‍්සෙය්‍යාති වුත‍්තං හොති. අථ වා නිබ‍්බානං රාගාදීහි න සංහිරති න කුප‍්පතීති අසංහීරං අසංකුප‍්පං, තං විද‍්වා පණ‍්ඩිතො භික‍්ඛු අනුබ්‍රූහයෙ, පුනප‍්පුනං තදාරම‍්මණං ඵලසමාපත‍්තිං අප‍්පෙන‍්තො වඩ‍්ඪෙය්‍යාති අත්‍ථො.

අතීතං යනු අතීත පංචස්කන්ධයෙහි ය. නාන්‍වා ගමෙය්‍ය යනු තණ්හා දිට්ඨි ආදියෙන් අනුව නොයන්නේය යනුයි. නප්පටිකංඛෙ යනු තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොපතන්නේය යනුයි. යදතීතං යනු මෙහිදී හේතු වචනයකි. යම්හෙයකින් යමක් ඉකුත් වී ද එය ප්‍රහීණ විය. නිරුද්ධ විය. අන්තංගත විය. එහෙයින් එය අනුව නොයන්නේය. යම්හෙයකින් යමක් එහි නොපැමිණියේ ද නූපන්නේ ද ඇති නොවූයේ ද එහෙයින් එය ද ප්‍රාර්ථනා නොකරන්නේය. තත්‍ථ තත්‍ථ යනු පවත්නා වූ ධර්මය යම් යම් තැනක ද එය ඇතිවූයේ ඒ ඒ තැනම අනිච්චානුපස්සනා ආදී සප්ත අනුපස්සනාවන්ගෙන් දකියි. අරණ්‍ය ආදියෙහිදී හෝ ඒ ඒ තැන දකියි. අසංහීරං අසංකුප්පං යන මෙය විදර්ශනාව හා ප්‍රතිවිදර්ශනාව දක්වනු පිණිස කියන ලදි. විදර්ශනාව වනාහි රාගාදීන්ගෙන් නොඇද දමයි. නොකිපෙයි. (එහෙයින්) අසංහීර අකුප්ප වෙයි. එය අනුබ්‍රෑහයෙ වඩන්නේය. නැතහොත් නිර්වාණය රාගාදීන්ගෙන් නො ඇද වැටෙයි. කෝප නොවෙයි යන අර්ථයෙන් අසංහීර අසංකුප්ප වේ. තං විදවා පණ්ඩිත භික්‍ෂුවයි. අනුබ්‍රෑහයෙ නැවත නැවත ඒ අරමුණ වූ ඵල සමාපත්තියට පැමිණෙන්නේ වර්ධනය කරන්නේය යන අර්ථයයි.

තස‍්ස පන අනුබ්‍රූහනස‍්ස අත්‍ථාය අජ‍්ජෙව කිච‍්චමාතප‍්පන‍්ති කිලෙසානං ආතාපනපරිතාපනෙන “ආතප‍්ප”න‍්ති ලද‍්ධනාමං වීරියං අජ‍්ජෙව කාතබ‍්බං. කො ජඤ‍්ඤා මරණං සුවෙති ස‍්වෙ ජීවිතං වා මරණං වා කො ජානාති. අජ‍්ජෙව දානං දස‍්සාමි, සීලං වා රක‍්ඛිස‍්සාමි, අඤ‍්ඤතරං වා පන කුසලං කරිස‍්සාමි, “අජ‍්ජ තාව පපඤ‍්චො අත්‍ථි, ස‍්වෙ වා පුනදිවසෙ වා ජානිස‍්සාමී”ති චිත‍්තං අනුප‍්පාදෙත්‍වා “අජ‍්ජෙව කරිස‍්සාමී”ති එවං වීරියං කාතබ‍්බන‍්ති දස‍්සෙති. මහාසෙනෙනාති අහිවිච‍්ඡිකවිසසත්‍ථාදීනි හි අනෙකානි මරණකාරණානි තස‍්ස සෙනාති තාය මහතියා සෙනාය වසෙන මහාසෙනෙන එවරූපෙන මච‍්චුනා සද‍්ධිං “කතිපාහං තාව ආගමෙහි, යාවාහං බුද‍්ධපූජාදිං අත‍්තනො අවස‍්සයං කම‍්මං කරොමී”ති එවං මිත‍්තසන්‍ථවාකාරසඞ‍්ඛාතො වා “ඉදං සතං වා සහස‍්සං වා ගහෙත්‍වා කතිපාහං ආගමෙහී”ති එවං ලඤ‍්ජානුප‍්පදානසඞ‍්ඛාතො වා “ඉමිනා බලරාසිනා පටිබාහිස‍්සාමී”ති එවං බලරාසිසඞ‍්ඛාතො වා සඞ‍්ගරො නත්‍ථි. සඞ‍්ගරොති හි මිත‍්තකරණලඤ‍්ජදානබලරාසිසඞ‍්කඩ‍්ඪනානං නාමං, තස‍්මා අයමත්‍ථො වුත‍්තො. අතන්‍දිතන‍්ති අනලසං උට‍්ඨාහකං. එවං පටිපන‍්නත‍්තා භද‍්දො එකරත‍්තො අස‍්සාති භද‍්දෙකරත‍්තො. ඉතීති එවං පටිපන‍්නං පුග‍්ගලං “භද‍්දෙකරත‍්තො අය”න‍්ති රාගාදිසන‍්තතාය සන‍්තො බුද‍්ධමුනි ආචික‍්ඛති.

ඒ වර්ධනය වන දේය සඳහා අජ්ජෙව කිච්චං ආතප්පං යි කියන ලදි. කෙලෙස් තැවීම වෙසෙසින් නැවීම් නිසා ආතප්ප යයි ලබන ලද නම් ඇති වීර්යය අද ම කළ යුතුය. කො ජඤ්ඤා මරණං සුවෙ යනු හෙට ජීවිතය හෝ මරණය හෝ වේයැයි කවරෙක් දනී ද? අද ම දන් දෙමි. සිල් හෝ රකිමි. අන්‍ය හෝ කුසලයක් කරමි. අදට ප්‍රපඤ්ච තිබේ. හෙට හෝ ඊළඟ දවසෙහි හෝ දන්නෙමියි සිත් නූපදවා අද ම කරන්නෙමියි වීර්යය කළ යුතුයයි දක්වයි. මහා සෙනෙන යනු සර්ප, ගෝනුසු විෂ ආයුධ ආදී නොයෙක් මරණ කරුණු ඔහුගේ සේනාව වේ. ඒ මහත් වූ සේනාව වශයෙන් මහා සෙනෙන නම් වේ. මෙවන් ස්වරූප ඇති මාරයා සමග මම බුද්ධපූජාදී තමාට අවශ්‍ය පින්කමක් කරනතුරු කිහිප දවසක් බලාපොරොත්තු වෙව. මෙසේ මිත්‍ර සන්‍ථව ආකාර සංඛ්‍යාත දෙයක් හෝ සියයක් හෝ දහසක් ගෙන කිහිප දිනක් බලාපොරොත්තු වෙව. මෙසේ අල්ලස් දීම් සංඛ්‍යාත දෙයක් හෝ මේ බලසමූහයෙන් යටපත් කරන්නෙමියි මෙසේ බලරාශී සංඛ්‍යාත සාගරයක් හෝ නැත. සංගරො යනු මිත්‍රත්තවය ඇතිකිරීම, අල්ලස්දීම බලරාශිය සැකය වැඩීම ආදියයි. එහෙයින් මේ අර්ථය කියන ලදි. අතන්‍දිතං යනු කම්මැලි නැති වීර්ය ඇති යනුයි. මෙසේ පිළිපන් බැවින් භද්‍ර වූ එක් රාත්‍රියක් මොහුට ඇත යන අර්ථයෙන් භද්දෙකරත්ත නම් වේ. ඉති යනු මෙසේ පිළිපන් පුද්ගලයා මේ භද්දේකරත්තෙයහි යැයි රාගාදි සිත් ඇති බැවින් ශාන්ත වූ බුද්ධ මුනිවරයා ගැන කියනු ලැබේ.

චක‍්ඛුනා පඤ‍්ඤාය චාති චක‍්ඛුනා ච පඤ‍්ඤාය ච. චක‍්ඛුභූතාය වා පඤ‍්ඤාය. සතියා පඤ‍්ඤාය චාති සතියා ච පඤ‍්ඤාය ච, සතිවිසිට‍්ඨාය වා පඤ‍්ඤාය. කායෙනාති නාමකායෙන.

චක්ඛුනා පඤ්ඤාය ච යනු ඇසින් ද ප්‍රඥාවෙන් ද යනුයි. නැතහොත් ඇස ම වූ ප්‍රඥාවෙනි. සතියා පඤ්ඤායච යනු සිහියෙන් ද ප්‍රඥාවෙන් ද යනුයි. සිහියෙන් විශිෂ්ට වූ ප්‍රඥාවෙනි. කායෙන යනු නාම කයිනි.

දිබ‍්බචක‍්ඛු සුවිසුද‍්ධන‍්ති දිබ‍්බං චක‍්ඛු සුවිසුද‍්ධං, යං සච‍්ඡිකරොතීති අධිප‍්පායො. පුබ‍්බෙනිවාසාති පුරිමාසු ජාතීසු නිවුත්‍ථක‍්ඛන්‍ධා. ඉද‍්ධිවිධාති ඉද‍්ධිකොට‍්ඨාසා. නිරොධොති නිබ‍්බානං. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙව.

දිබ්බචක්ඛු සුවිසුද්ධං යනු දිව්‍යමය ඇස මනාව පිරිසිදු විය යනුයි. යමක් සාක්‍ෂාත් කෙරෙයි යන අදහසයි. පුබ්බෙ නිවාසා යනු පළමු ජාතීන්හි වසන ලද ස්කන්ධයන් ය. ඉද්ධිවිධා යනු සෘද්ධි කොටස් ය. නිරොධො යනු නිවනයි. සෙස්ස මනාව දතහැකි ම ය.

යස‍්ස සෙලූපමං චිත‍්තන‍්ති එකඝනං සෙලං විය පකතිවාතෙහි ලොකධම‍්මවාතෙහි අකම‍්පනීයතො යස‍්ස චිත‍්තං සෙලූපමං. තෙනාහ – “ඨිතං නානුපකම‍්පතී”ති. රජනීයෙසූති ලාභාදීසු. කොපනෙය්‍යෙති අලාභාදිකෙ. කුතො නං දුක‍්ඛමෙස‍්සතීති තං එවං භාවිතචිත‍්තං වීතික‍්කන‍්තලොකධම‍්මං උත‍්තමපුරිසං ලොකධම‍්මහෙතුකං දුක‍්ඛං නානුගමිස‍්සති.

යස්ස සෙලූපමං චිත්තං යනු එකසේ ඝන වූ පර්වතයක් මෙන් ප්‍රකෘති සුළකින් හෝ ලෝක ධර්ම සුළඟින් හෝ අකම්පා නොකළ හැකි බැවින් යමෙකුගේ සිත පර්වතයකට උපමා වේ ද එහෙයින් ඨිතං භානුකම්පතියි කියන ලදී, රජනීයෙසු යන ලාභාදියෙහි ය. කොපනෙය්‍යෙ යනු අලාභාදියෙහි ය. කුතොනං දුක්ඛමෙස්සති යනු මේ වඩන ලද සිත ඉක්මවන ලද ලෝක ධර්මය ඇති ඒ උතුම් පුරුෂයාව ලෝකධර්ම හේතු වූ දුකට නොපමුණුවන්නේය යනුයි.

යො බ්‍රාහ‍්මණොති බාහිතපාපධම‍්මතාය බ්‍රාහ‍්මණො, න දිට‍්ඨමඞ‍්ගලිකතාය හුංහුඞ‍්කාරකසාවාදිපාපධම‍්මයුත‍්තො හුත්‍වා කෙවලං ජාතිමත‍්තෙන බ්‍රාහ‍්මණොති පටිජානාති. සො බ්‍රාහ‍්මණො බාහිතපාපධම‍්මත‍්තා හුංහුඞ‍්කාරප‍්පහානෙන නිහුංහුඞ‍්කො. රාගාදිකසාවාභාවෙන නික‍්කභාවො. සීලසංවරෙන සංයතචිත‍්තතාය යතත‍්තො. චතුමග‍්ගඤාණසඞ‍්ඛාතෙහි වෙදෙහි අන‍්තං නිබ‍්බානං, වෙදානං වා අන‍්තං ගතත‍්තා වෙදන‍්තගූ. මග‍්ගබ්‍රහ‍්මචරියස‍්ස වුසිතත‍්තා වූසිතබ්‍රහ‍්මචරියො. ධම‍්මෙන සො බ්‍රහ‍්මවාදං වදෙය්‍යාති සො “බ්‍රාහ‍්මණො අහ”න‍්ති එතං වාදං වදෙය්‍ය. යස‍්ස සකලලොකසන‍්නිවාසෙ කුහිඤ‍්චි එකාරම‍්මණෙපි රාගුස‍්සදො දොසුස‍්සදො මොහුස‍්සදො මානුස‍්සදො දිට‍්ඨුස‍්සදොති ඉමෙ උස‍්සදා නත්‍ථීති අත්‍ථො.

යො බ්‍රාහ්මණො යනු පව් බැහැර කරන ලද හෙයින් බ්‍රාහ්මණ වූ යනුයි. දක්නා ලද දේ මංගල යයි කියන බැවින් හෝ හුහුංකාර කසාව ආදී පාපධර්ම ඇතිව හුදෙක් උපන් මාත්‍රයෙන් හෝ බමුණෙකැයි නොපිළිගනී. ඒ බ්‍රාහ්මණයා බැහැර කරන ලද පව් ඇති බැවින් හුහුංකාරය ප්‍රහාණය කිරීමෙන් නිහුහුංක වේ. රාගාදි කසාවන් නොමැතිකමින් නික්කසාව නම් වේ. සීල සංවරයෙන් සංයම වූ සිත් ඇති බැවින් යතත්ත නම් වේ. සතර මාර්ගඥාන සංඛ්‍යාත වූ ඥානයන්ගෙන් කෙළවර වූ නිවනට හෝ ඥානයන්ගේ කෙළවරට ගිය බැවින් වෙදන්තගූ නම් වේ. මාර්ග බ්‍රහ්මචර්යාව වසන ලද බැවින් වුසිත බ්‍රහ්මචරිය නම් වේ. ධම්මෙන සො බ්‍රහ්මවාදං වදෙය්‍ය යනු ඒ බ්‍රාහ්මණය, මම වෙමි යන මේ ආදිය කියන්නේය යනුයි. යමෙකුට සියලු ලෝකයෙහි කිසිතැනක එක් අරමුණක හෝ රාගුස්සද දෝසුස්ස මානුස්සද දිට්ඨි උස්සද යන මේ උස්සදයෝ නැත්තේ යන අර්ථයයි.

න ගාධතීති න පතිට‍්ඨහති. සුක‍්කාති සුක‍්කසඞ‍්ඛාතා ගහා. යදි චන්‍දිමසූරියාදීනං පභා තත්‍ථ නත්‍ථි, තමො එව ච සියාති ආසඞ‍්කමානෙ සන්‍ධායාහ “තමො තත්‍ථ න විජ‍්ජතී”ති. යදා ච අත‍්තනාවෙදීතිආදීසු එවංවිධං නිබ‍්බානං අත‍්තපච‍්චක‍්ඛෙන ඤාණෙන යදා වින්‍දති, අථ රූපාරූපධම‍්මතො සුඛදුක‍්ඛතො ච විප‍්පමුත‍්තො හොතීති.

නගාධති යනු නොපිහිටයි යනුයි. සුක්කා යනු ශුක්ල සංඛ්‍යාත වූ ග්‍රහයෝ ය. ඉදින් සඳ හිරු ආදියේ ආලෝකය නැත්තේ ද අඳුරම වන්නේ යයි සැක කරද්දී ඒ සඳහා තතො තත්‍ථ න විජ්ජති යි කියන ලදී. සදා ච අත්තනා වෙදි යනාදියෙහි මෙබඳු වූ නිවන ආත්ම ප්‍රත්‍යක්‍ෂ ඥානයෙන් යම්විටෙක විඳී ද එවිට රූප අරූප ධර්මයෙන් ද සැප දුක්වලින් ද ඉවත් වූයේ වෙයි.

සකෙසු ධම‍්මෙසූති සකඅත‍්තභාවසඞ‍්ඛාතෙසු උපාදානක‍්ඛන්‍ධෙසු. යෙභුය්‍යෙන හි අජ‍්ඣත‍්තං විපස‍්සනාභිනිවෙසො හොතීති. එතං පිසාචන‍්ති අජකලාපක, එතං තයා වුත‍්තං පිසාචං කිලෙසපිසාචඤ‍්ච. පක‍්කුලන‍්ති තයා කතං අක‍්කුලං පක‍්කුලකරණඤ‍්ච. අතිවත‍්තතීති අතික‍්කමති.

සකෙසු ධම්මෙසු යනු ස්වකීය ආත්ම භාව සංඛ්‍යාත වූ උපාදාන ස්කන්ධයන්හි ය. බොහෝසෙයින් ආධ්‍යාත්මික විදර්ශනාවට පිවිසීම වෙයි. එතං පිසාචං යනු අජකලාපකය. මේ ඔබ විසින් කියන ලද පිසාචයා ද ක්ලේශ පිසාචයා ද (යන දෙදෙනායි) යනුයි. පක්කුලං යනු ඔබ විසින් කියන ලද අක්කුල පක්කුල අනුකරණයයි. අතිවත්තති යනු ඉක්මවයි යනුයි.

නාභිනන්‍දති ආයන‍්තින‍්ති පුරාණදුතියිකං ආගච‍්ඡන‍්තිං අඤ‍්ඤං වා න අභිනන්‍දති චිත‍්තෙන න සම‍්පටිච‍්ඡති. තමෙව පක‍්කමන‍්තිං න සොචති. සඞ‍්ගා සඞ‍්ගාමජිං මුත‍්තන‍්ති පඤ‍්චවිධාපි සඞ‍්ගතො මුත‍්තං සඞ‍්ගාමජිං භික‍්ඛුං.

නාභිනන්‍දති ආයන්තං යනු පැමිණෙන පුරාණ බිරිඳ ගැන හෝ වෙන තැනැත්තියක් ගැන හෝ සතුටු නොවෙයි. සිතින් නොපිළිගනී යනුයි. පක්කමන්තිං නසොචති යනු එය ම ය. සංගා සංගාමජිං මුත්තං යනු පස්වැදෑරුම් සංගයන්ගෙන් මිදුණු සංගාමජි භික්‍ෂුවයි.

බහ‍්වෙත්‍ථාති බහු එත්‍ථ න‍්හායති ජනො, න තෙන සො සුද‍්ධො නාම හොතීති අධිප‍්පායො.

බ්වහෙත්‍ථ යනු බහු එත්‍ථ යනුයි. න්හායති ජනො යනු එයින් ඒ පිරිසිදු බව නම් ඇති නොවේ යන අදහසයි.

ජාතිබලං නිසෙධන‍්ති ජාතිබලස‍්ස නිසෙධකං. සහායා වතාති සමථවිපස‍්සනාභාවනාය සහ අයනවසෙන සහායා වත. කාලෙන කාලං සප‍්පායධම‍්මස‍්ස සවනවසෙන චිරරත‍්තං සමෙති සමාගමො එතෙසන‍්ති චිරරත‍්තසමෙතිකා. සිථිලමාරබ‍්භාති සිථිලං වීරියං කත්‍වා.

ජාති බලනිසෙධං යනු ජාති බලයේ වැළැක්වීමයි. සහායා වත යනු සමථ විදර්ශනා භාවනාවෙන් එක්ව යෑම් වශයෙන් ඒකාන්තයෙන් සහාය වූ යනුයි. කලින් කල යෝග්‍ය වූ ධර්මය ඇසීම් වශයෙන් බොහෝ කලක් වේ. මේවායේ සමාගමය හා යෙදේ යන අර්ථයෙන් චිරරත්ත සමෙතිකා නම් වේ. සිථිල මාරබ්භ යනු ලිහිල් වූ උත්සාහය කොට යනුයි.

තත්‍ර ඛො, භික‍්ඛවෙ, කො විසෙසොති සත්‍ථු සාවකස‍්ස ච පඤ‍්චස‍්වෙව උපාදානක‍්ඛන්‍ධෙසු නිබ‍්බිදාදයොති පුබ‍්බභාගපටිපත‍්තියං අනුපාදාවිමුත‍්තියඤ‍්ච හෙට‍්ඨා උපරි ච විසෙසාභාවං දස‍්සෙති. වුත‍්තඤ‍්හෙතං – “නත්‍ථි විමුත‍්තියා නානත‍්ත”න‍්ති (අ· නි· 5.31; කථා· 355 අත්‍ථතො සමානං). තත්‍ථ විසෙසාභාවං පච‍්චාමසති “තත්‍ර කො විසෙසො”ති. අධිප‍්පයාසොති අධිකපයොගො. නානාකරණන‍්ති ච විසෙසොයෙව වුත‍්තො.

තත්‍ර භික්ඛවෙ! කො විසෙසො යනු ශාස්තෲ ශ්‍රාවකයාගේ පංච උපාදානස්කන්ධයන්හි කලකිරීම් ආදිය ද පූර්වභාග ප්‍රතිපදාවෙහි වූ අනුපාදා විමුක්තිය ද යටද මත්තෙහි ද වූ විශේෂ ස්වභාවය ද දක්වයි විමුක්තියේ නානාත්වයක් නැතැයි එය කියන ලදි. එහි විශේෂභාවය පරාමර්ශනය කෙරේ. එහි කවර විශේෂයක් ද? අධිප්පායාසො යනු අධික ප්‍රයෝගයයි. නානාකරණං යි විශේෂත්වය ම කියන ලදි.

අයං ඛො, භික‍්ඛවෙ, විසෙසොති භික‍්ඛවෙ, යදිපි සාවකස‍්ස සත්‍ථු ච විමුත‍්තියං විසෙසො නත්‍ථි, සයම‍්භුඤාණෙන පන සවාසනසබ‍්බකිලෙසෙ ඛෙපෙත්‍වා සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුජ‍්ඣිත්‍වා අනුප‍්පන‍්නස‍්ස අරියමග‍්ගස‍්ස පරසන‍්තානෙ උප‍්පාදනාදිසකලසබ‍්බඤ‍්ඤුගුණසමායොගො. අයං සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පඤ‍්ඤාවිමුත‍්තතො විසෙසොති. තත්‍ථ අනුප‍්පන‍්නස‍්සාති අවත‍්තමානස‍්ස. අරියමග‍්ගඤ‍්හි කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධො උප‍්පාදෙසි. අන‍්තරා අඤ‍්ඤො සත්‍ථා උප‍්පාදෙතා නාම නාහොසි, තස‍්මා අයං භගවා අනුප‍්පන‍්නස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදෙතා නාම. අසඤ‍්ජාතස‍්සාති තස‍්සෙව වෙවචනං. අනක‍්ඛාතස‍්සාති අකථිතස‍්ස. මග‍්ගං ජානාතීති මග‍්ගඤ‍්ඤූ. මග‍්ගං විදිතං පාකටං අකාසීති මග‍්ගවිදූ. මග‍්ගෙ ච අමග‍්ගෙ ච කොවිදොති මග‍්ගකොවිදො. මග‍්ගානුගාති මග‍්ගං අනුගච‍්ඡන‍්තා. පච‍්ඡාසමන‍්නාගතාති අහං පඨමං සමන‍්නාගතො, සාවකා පච‍්ඡා සමන‍්නාගතා.

අයං ඛො භික්ඛවෙ විසෙසො යනු මහණෙනි, ඉදින් ශ්‍රාවකයාගේ ද ශාස්තෲහුගේ ද විමුක්තියෙහි විශේෂත්වයක් නැත්නම් ස්වයම්භූ ඥානයෙන් වාසනාව සහිත සියලු කෙලෙස් ක්‍ෂය කොට සම්මා සම්බෝධිය අවබෝධ කොට නූපන් ආර්ය මාර්ගය අන්‍ය සිතක ඉපිදවීම ආදී සියලු සර්වඥ ගුණ සමායෝගයක් වේ. සම්මා සම්බුදුරදුන්ගේ ප්‍රඥා විමුක්තියෙන් මේ වෙසෙස වේ. එහි අනුප්පන්නස්ස යනු නොපවතින දෙයෙහි ය. ආර්යමාර්ගය වනාහි කාශ්‍යප සම්බුදුන් ඉපිදවීය. අනතුරුව අන්‍ය වූ ශාස්තෲවරයෙක් ඉපිදවූයේ නොවේ. එහෙයින් මේ භාග්‍යතුන් වහන්සේ නූපන් මාර්ගයේ උපදවන්නා නම් වේ. අසඤ්ජාතස්ස යනු එයට ම පර්යාය වචනයකි. අනක්ඛාතස්ස යනු නොකියන ලද්දහුගේ ය. මාර්ගය දන්නේනුයි මග්ගඤ්ඤු නම් වේ. මාර්ගය දත්තේ ප්‍රකට කළේ නුයි මග්ග විදූ නම් වේ. මාර්ගයේ ද අමාර්ගයේ ද දක්‍ෂ වූයේ නුයි මග්ගාමග්ග කොවිදො නම් වේ. මග්ගානුගා යනු මාර්ගය අනුව යන්නෝ ය. පච්ඡා සමන්නාගතා යනු මම පළමුම පැමිණි වූයේ වෙමි. ශ්‍රාවකයෝ පසුව පැමිණියාහු වෙත් යනුයි.

“නීචෙ කුලෙ පච‍්චාජාතො”තිආදිනා (අ· නි· 4.85; පු· ප· 168) තමෙන යුත‍්තොති තමො. කායදුච‍්චරිතාදීහි පුන නිරයතමුපගමනතො තමපරායණො. ඉති උභයෙනපි ඛන්‍ධතමොව කථිතො හොති. “අඩ‍්ඪෙ කුලෙ පච‍්චාජාතො”තිආදිනා (අ· නි· 4.85; පු· ප· 168) ජොතිනා යුත‍්තොති ජොති, ආලොකභූතොති වුත‍්තං හොති. කායසුචරිතාදීහි පුන සග‍්ගූපපත‍්තිභවූපගමනතො ජොතිපරායණො. ඉමිනා නයෙන ඉතරෙපි ද‍්වෙ වෙදිතබ‍්බා.

නීච කුලයෙහි උපන්නේය ආදියෙන්, අඳුරෙන් යුක්ත වූයේ නුයි තමො නම් වේ. කාය දුශ්චරිත ආදියෙන් නැවත නිරය අන්‍ධකාරයට පැමිණෙන හෙයින් තමො පරායණො නම් වේ. මෙසේ දෙපසින් ම අන්‍ධකාර සමූහය ම කියන ලද්දේ වෙයි. ආඪ්‍ය කුලයෙක උපන්නේය ආදියෙන් එළියෙන් යුක්ත වූයේ නුයි ජොති නම් වේ. ආලෝකමත් වූයේ යැයි කියන ලද්දේ වෙයි. කාය සුචරිත ආදියෙන් නැවත ස්වර්ගයේ උපත වූ භවයට පැමිණෙන හෙයින් ජොති පරායණ නම් වේ. මේ ක්‍රමයෙන් අනෙක් දෙක ද දතයුතුය.

න තං දළ‍්හං බන්‍ධනමාහු ධීරාති එත්‍ථ ධීරාති බුද‍්ධාදයො පණ‍්ඩිතපුරිසා. යං සඞ‍්ඛලිකසඞ‍්ඛාතං අයෙන නිබ‍්බත‍්තං ආයසං අද‍්දුබන්‍ධනසඞ‍්ඛාතං දාරුමයඤ‍්ච පබ‍්බජතිණෙහි රජ‍්ජුං කත්‍වා කතරජ‍්ජුබන්‍ධනඤ‍්ච, තං අසිආදීහි ඡින්‍දිතුං සක‍්කුණෙය්‍යතාය “ථිර”න‍්ති න වදන‍්තීති අත්‍ථො. සාරත‍්තරත‍්තාති රත‍්තා හුත්‍වා රත‍්තා. බලවරාගරත‍්තාති අත්‍ථො. මණිකුණ‍්ඩලෙසූති මණීසු ච කුණ‍්ඩලෙසු ච, මණිචිත‍්තෙසු වා කුණ‍්ඩලෙසු. එතං දළ‍්හන‍්ති යෙ මණිකුණ‍්ඩලෙසු සාරත‍්තරත‍්තා, තෙසු යො රාගො, යා ච පුත‍්තදාරෙසු අපෙක‍්ඛා තණ‍්හා, එතං කිලෙසමයං බන්‍ධනං පණ‍්ඩිතපුරිසා “දළ‍්හ”න‍්ති වදන‍්ති.

නතං දළ්හං බන්‍ධනමාහු ධීරා යන මෙහි ධීරා යනු බුද්ධාදි පණ්ඩිත පුරුෂයෝ ය. යම් බන්‍ධනයක් හැකිලි සංඛ්‍යාත වේ ද යකඩින් නිපන් අයෝමය දම්වැල් බන්‍ධන සංඛ්‍යාත වූවක් වේ ද දාවමය වූවක් වේ ද බුබුස් තණවලින් රැහැනක් කොට කරන ලද රජ්ජු බන්‍ධනයක් වේ ද එය කඩු ආදියෙන් සිඳින්නට හැකි බැවින් ථිර යැයි නොකියත් යන අර්ථයයි. සාරත්තරත්තා යනු රත් වී ඇලුණු යනුයි. දැඩි රාගයෙන් රත් වූ යන අර්ථයයි. මණිකුණ්ඩලෙසු යනු මැණික්වල ද කොඬොල්වල ද යනුයි. නැතහොත් මැණික් නමැති සිත්වල හෝ කොඬොල්වල ය. එතං දළ්හං යනු යමෙක් මිණි කොඬොල්හි දැඩිව ඇලුණහු ද ඔවුන් තුළ යම් රාගයක් වේ ද පුත්‍ර දාරාවන් කෙරෙහි අපේක්‍ෂාවෙන් වූ යම් තෘෂ්ණාවක් වේ ද ඒ ක්ලේශමය වූ බන්‍ධනය පණ්ඩිත පුරුෂයෝ දැඩි වේ යැයි කියයි.

ඔහාරිනන‍්ති ආකඩ‍්ඪිත්‍වා චතූසු අපායෙසු පාතනතො අවහරති හෙට‍්ඨා හරතීති ඔහාරිනං. සිථිලන‍්ති බන්‍ධනට‍්ඨානෙ ඡවිආදීනි අකොපෙත්‍වා බන්‍ධනභාවම‍්පි අජානාපෙත්‍වා ජලපථථලපථාදීසු කම‍්මං කාතුං දෙතීති සිථිලං. දුප‍්පමුඤ‍්චන‍්ති ලොභවසෙන හි එකවාරම‍්පි උප‍්පන‍්නං කිලෙසබන්‍ධනං දට‍්ඨට‍්ඨානතො කච‍්ඡපො විය දුම‍්මොචයං හොතීති දුප‍්පමුඤ‍්චං. එතම‍්පි ඡෙත්‍වානාති එතං දළ‍්හම‍්පි කිලෙසබන්‍ධනං ඤාණඛග‍්ගෙන ඡින්‍දිත්‍වා අනපෙක‍්ඛිනො හුත්‍වා කාමසුඛං පහාය පරිබ‍්බජන‍්ති පක‍්කමන‍්ති පබ‍්බජන‍්ති චාති අත්‍ථො.

ඔහාරිනං ඇද දමා සතර අපායෙහි හෙලන හෙයින් අවහරති නම් වේ. යටින් ගෙන යානුයි ඔහිරිනං නමි. සිථිලං යනු බඳින තැන සම් ආදිය කෝප නොකොට (නොරිදවා) බඳින බව ද නොහඟවා ජලමාර්ග බිම් මාර්ග ආදියෙහි වැඩ කරන්නට දෙන්නේය යන අර්ථයෙන් සිථිල නම් වේ. දුප්පමුඤ්චං ලෝභ වශයෙන් එක්වරක් හෝ උපන් කෙලෙස් බන්‍ධනය දෂ්ට කළ තැනින් කැස්බකු මෙන් ඉවත් කළ නොහැකි වේ නුයි දුප්පමුඤ්ච නම් වේ. එතම්පි ඡෙත්‍වාන යනු මේ දැඩි වූ කෙලෙස් බන්‍ධනය ඥාන නමැති කඩුවෙන් සිඳ දමා අපේක්‍ෂා නැතිව යනුයි. කාමසුඛං පහාය පරිබ්බජ්ජන්ති යනු ඉවත්ව යත් පැවිදි වෙත් යන අර්ථයයි.

චෙතෙතීති අකුසලචෙතනාවසෙන චෙතෙති. පකප‍්පෙතීති තමෙව අකුසලචෙතනං කායවචීකම‍්මභාවං පාපනවසෙන කප‍්පෙති. අනුසෙතීති රාගාදිඅනුසයොව සන‍්තානෙ අප‍්පහීනභාවෙන අනුසෙති. ආරම‍්මණමෙතං හොති විඤ‍්ඤාණස‍්ස ඨිතියාති යදෙතං චෙතනං පකප‍්පනං අනුසයනඤ‍්ච, එතං අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණස‍්ස ඨිතියා පවත‍්තියා පච‍්චයො හොතීති අත්‍ථො. ආරම‍්මණෙ සති පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්ස හොතීති යථාවුත‍්තපච‍්චයෙ සති අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණස‍්ස කම‍්මං ජවාපෙත්‍වා පටිසන්‍ධිආකඩ‍්ඪනසමත්‍ථතාසම‍්පාදනතො පතිට‍්ඨා හොති. ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති හොතීති ආයතිං පුනබ‍්භවසඞ‍්ඛාතා විඤ‍්ඤාණාදීනං අභිනිබ‍්බත‍්ති හොති.

චෙතෙති යනු අකුසල චේතනා වශයෙන් සිතයි යනුයි. පකප්පෙති යනු ඒ අකුසල සිතිවිල්ල ම කාය කර්ම වාක් කර්ම බවට පැමිණීම් වශයෙන් විතර්ක කරවයි යනුයි. අනුසෙති යනු රාගාදී අනුසයක් ම සිත්හි ප්‍රහීණ වී නොමැති බැවින් සයනය කෙරේ යනුයි. ආරම්මණමෙතං හොති විඤ්ඤාණස්ස ඨිතියා යනු යම් ඒ චේතනාවක්, කැපකිරීමක්, අනුසයනයක් වේ ද එය අභිසංස්කාර විඤ්ඤාණයේ ස්ථිතිය පිණිස, පැවැත්ම පිණිස හේතුවේ යන අර්ථයයි. ආරම්මණෙ සතිපතිට්ඨා තිස්ස විඤ්ඤාණස්ස හොති යනු පෙර කියන ලද ප්‍රත්‍ය ඇති කල්හි අභිසංස්කාර විඤ්ඤාණයේ ක්‍රියාව දුවවා ප්‍රතිසන්ධිය ඇදගැනීමේ සමත් බව සම්පාදනය කරන හෙයින් ප්‍රතිෂ්ඨාව වෙයි. ආයති පුනබ්භවාභිනිබ්බත්ති යනු මත්තෙහි පුනර්භව සංඛ්‍යාත වූ විඤ්ඤාණ ආදියේ පහළවීම වේ යනුයි.

“නො චෙ, භික‍්ඛවෙ, චෙතෙතී”තිආදිනා අකුසලකම‍්මමෙව පටික‍්ඛිපති. අයඤ‍්හෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො, යදිපි කදාචි යොනිසොමනසිකාරා අකුසලචෙතනා නප‍්පවත‍්තති, අනුසයා පන අප‍්පහීනාති, තෙ කුසලස‍්ස අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණස‍්ස පතිට‍්ඨා හොන‍්ති යෙවාති. සති ච අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණෙ ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති හොතීති වත‍්තුං වට‍්ටතියෙව. තතියවාරො වුත‍්තපටිපක‍්ඛනයෙන වෙදිතබ‍්බො.

නො චෙ භික්ඛවෙ චෙතෙති යනාදියෙන් අකුසල කර්මයම ප්‍රතික්‍ෂේප කෙරේ. මෙය වනාහි මෙහි සංක්‍ෂේප අර්ථයයි. ඉදින් කිසිකලෙක යෝනිසෝ මනසිකාර අකුසල චේතනාව නොපවතී ද අනුසය ප්‍රහීණ වූයේ නොවේ. ඒවා කුසල අභිසංස්කාර විඤ්ඤාණයේ ප්‍රතිෂ්ඨාව වේ ම ය. අභිසංස්කාර විඤ්ඤාණයේ ප්‍රතිෂ්ඨාව වේ ම ය. අභිසංස්කාර විඤ්ඤාණය ඇතිකල්හි ද මත්තෙහි පුනර්භවයක පහළවීම වන්නේයයි කියන්නට සුදුසුමය. තෙවැනි වාරය කියන ලද ප්‍රතිපක්‍ෂ ක්‍රමයෙන් දතයුතුය.

“නෙසො, භික‍්ඛවෙ, අරියස‍්ස විනයෙ සමුද‍්දො”තිආදි යදි දුප‍්පූරණට‍්ඨෙන සංසීදනට‍්ඨෙන දුරතික‍්කමනට‍්ඨෙන සාගරො “සමුද‍්දො”ති වුච‍්චෙය්‍ය, තතො සතභාගෙනපි සහස‍්සභාගෙනපි චක‍්ඛුආදීස‍්වෙව අයං නයො ලබ‍්භතීති දස‍්සෙතුං වුත‍්තං. තෙනාහ – “චක‍්ඛු, භික‍්ඛවෙ, පුරිසස‍්ස සමුද‍්දො, තස‍්ස රූපමයො වෙගො”ති, රූපෙසු සත‍්තානං ආවිඤ‍්ඡනතො රූපායතනමෙව වෙගො චක‍්ඛුස‍්ස වෙගොති අත්‍ථො.

නෙසො භික්ඛවෙ! අරියස්ස විනයෙ සමුද්දොයා යනු නොපිරවිය හැකි අර්ථයෙන් ද සන්සිඳීම් අර්ථයෙන් ද හික්මවිය නොහැකි අර්ථයෙන් ද සාගරය සමුද්ද යැයි කියන්නේ ද එයින් සීයෙන් කොටසකින් ද දහසින් කොටසකින් ද චක්‍ෂු ආදියේ ම මේ න්‍යාය ලබන්නේ යයි දක්වන්නට කියන ලදි. එහෙයින් චක්ඛු භික්ඛවෙ පුරිසස්ස සමුද්දො තස්සරූපමයො වෙගො යි කියන ලදී. රූපයන්හි සත්ත්වයන් එල්ලෙන හෙයින් රූපායතනය ම වේගය වේ. ඇසේ වේගය යන අර්ථයයි.

යො තං රූපමයං වෙගං සහතීති යො භික‍්ඛු සහ විසයෙන චක‍්ඛුං අනිච‍්චතො දුක‍්ඛතො අනත‍්තතො සම‍්මසන‍්තො තත්‍ථ ච නිබ‍්බින්‍දන‍්තො විරජ‍්ජන‍්තො තප‍්පටිබද‍්ධතො කිලෙසජාලතො විමුච‍්චන‍්තො අභිභවති. අයං වුච‍්චති, භික‍්ඛවෙ, අතරි චක‍්ඛුසමුද‍්දන‍්ති අයං භික‍්ඛු චක‍්ඛුසඞ‍්ඛාතං සමුද‍්දං තිණ‍්ණොති වුච‍්චති.

යො තං රූපමයං වේගං සහති යනු යම් භික්‍ෂුවක් විෂය සමග ඇස අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ස්පර්ශ කරනුයේ එහි කලකිරෙනුයේ නොඇලෙනුයේ ඊට බැඳුණු බැවින් කෙලෙස් දැලින් මිදෙනුයේ අභිභවනය කෙරෙයි. අයං වුච්චති අතාරි චක්ඛු සමුද්දං යනු මේ භික්‍ෂුව චක්‍ෂු සංඛ්‍යාත වූ සමුදය තරණය කළේ යැයි කියනු ලැබේ යනුයි.

අපරො නයො – චක‍්ඛු, භික‍්ඛවෙ, අරියස‍්ස විනයෙ සමුද‍්දොති යදිපි දුප‍්පූරණට‍්ඨෙන යදි වා සමුදනට‍්ඨෙන සමුද‍්දො, චක‍්ඛුමෙව සමුද‍්දො. තස‍්ස හි පථවිතො යාව අකනිට‍්ඨබ්‍රහ‍්මලොකා නීලාදිආරම‍්මණං සමොසරන‍්තං පරිපුණ‍්ණභාවං කාතුං න සක‍්කොති. එවං දුප‍්පූරණට‍්ඨෙනපි සමුද‍්දො. චක‍්ඛු ච තෙසු තෙසු නීලාදිආරම‍්මණෙසු සමුදෙති අසංවුතං හුත්‍වා ඔසරමානං කිලෙසුප‍්පත‍්තියා කාරණභාවෙන සදොසභාවෙන ගච‍්ඡතීති සමුදනට‍්ඨෙනපි සමුද‍්දො. තථා චක‍්ඛුං තණ‍්හාසොතාදීනං උප‍්පත‍්තිද‍්වාරතාය තෙහි සන‍්තානස‍්ස සමුදනට‍්ඨෙන තෙමනට‍්ඨෙන සමුද‍්දො. තස‍්ස රූපමයො වෙගොති සමුද‍්දස‍්ස අප‍්පමාණො ඌමිමයො වෙගො විය තස‍්සාපි චක‍්ඛුසමුද‍්දස‍්ස සමොසරන‍්තස‍්ස නීලාදිභෙදස‍්ස ආරම‍්මණස‍්ස වසෙන අප‍්පමෙය්‍යො රූපමයො වෙගො වෙදිතබ‍්බො. යො තං රූපමයං වෙගං සහතීති යො තං චක‍්ඛුසමුද‍්දෙ සමොසරන‍්තං රූපමයං වෙගං මනාපෙ රූපෙ රාගං, අමනාපෙ දොසං, අසමපෙක‍්ඛනෙ මොහන‍්ති එවං රාගාදිකිලෙසෙ අනුප‍්පාදෙන‍්තො උපෙක‍්ඛකභාවෙන සහති.

අන්‍ය ක්‍රමයක් ද වේ. චක්ඛු භික්ඛවෙ! පුරිසස්ස සමුද්දො යනු ඉදින් නොපිරවිය හැකි අර්ථයෙන් එසේ නැතහොත් සමුදනාර්ථයෙන් සමුද්ද නම් වේ. ඇසම සමුද්‍රයකි. එහි වනාහි පොළොවේ පටන් අකනිටා බඹලොව දක්වා නීල ආදී වූ අරමුණු එක්රැස් වන්නේ පරිපූර්ණ භාවයක් ඇති කරන්නට නොහැකි වෙයි. මෙසේ නොපිරවිය හැකි අර්ථයෙන් ද සමුද්ද වේ. ඇසද ඒ ඒ සීලාදී අරමුණුවල පහළ වෙයි. අසංඛත වී ඇතුළත් වන්නේ කෙලෙස් ඇතිවීමෙන් කාරණා භාවයෙන් සදෝෂ භාවයෙන් යේ නුයි සමුදනාර්ථයෙන් ද සමුද්ද වේ. එසේම ඇස ද තෘෂ්ණා ශ්‍රෝතාදීන්ගේ පහළවීමට දොරටුවක් බැවින් ඒවා කරණ කොටගෙන සන්තානයේ සමුදනාර්ථයෙන් ද තෙවන අර්ථයෙන් ද සමුද්ද වේ. තස්ස රූපමයො වෙගො යනු සමුද්‍රයේ අප්‍රමාණ වූ රළමය වේගය මෙන් ඒ චක්‍ෂු සමුද්‍රයේ එක්රැස්වන නීලාදී භේද ඇති අරමුණු ලෙසින් අප්‍රමාණ වූ රූපමය වේගය දතයුතුය. යොතං රූපමය වෙගං සහති යනු යමෙක් ඒ චක්‍ෂු සමුද්‍රයෙහි රැස්වන රූපමය වේගය, මනාප රූපයෙහි ඇල්ම, අමනාප රූපයෙහි ද්වේෂය, අසමාන දැකීම් ඇත්තෙහි මෝහය යන මේ ආකාරයෙන් රාගාදී කෙලෙස් නූපදවමින් මැදහත් බැවින් ඉවසයි.

සඌමින‍්තිආදීසු කිලෙසඌමීහි සඌමිං. කිලෙසවට‍්ටෙහි සාවට‍්ටං. කිලෙසගහෙහි සගහං. කිලෙසරක‍්ඛසෙහි සරක‍්ඛසං. කොධුපායාසස‍්ස වා වසෙන සඌමිං. කාමගුණවසෙන සාවට‍්ටං. මාතුගාමවසෙන සගහං සරක‍්ඛසං. වුත‍්තඤ‍්හෙතං – “ඌමිභයන‍්ති ඛො, භික‍්ඛවෙ, කොධුපායාසස‍්සෙතං අධිවචනං (ඉතිවු· 109; ම· නි· 2.162; අ· නි· 4.122). තථා ආවට‍්ටන‍්ති ඛො, භික‍්ඛවෙ, පඤ‍්චන‍්නෙතං කාමගුණානං අධිවචනං (ඉතිවු· 109; ම· නි· 2.164; අ· නි· 4.122). ගහරක‍්ඛසොති ඛො, භික‍්ඛවෙ, මාතුගාමස‍්සෙතං අධිවචන”න‍්ති (ඉතිවු· 109). සෙසද‍්වාරෙසුපි එසෙව නයො.

සඌමිං ආදියෙහි කෙලෙස් නමැති රළ සමග වූයේ සඌමිං නම් වේ. කෙලෙස් ආවර්තනයන්ගෙන් යුක්ත වූයේ සාවට්ට නමි. කෙලෙස් ග්‍රහයන්ගෙන් යුක්ත වූයේ සගහ නම් වේ. කෙලෙස් රකුසන්ගෙන් යුක්ත වූයේ සරක්ඛස නම් වේ. ක්‍රෝධ උපායාස වශයෙන් හෝ සඌමි නම් වේ. කාමගුණ වශයෙන් ආවට්ට සහිත වූයේය. මාතුගාම වශයෙන් ග්‍රහයන් සහිත වූයේය. රකුසන් සහිත වූයේ ය. මෙය කියන ලදී. ‘මහණෙනි, ඌමි භයං යනු ක්‍රෝධ උපායාසවලට වෙනත් වචනයකි. මහණෙනි, ආවට්ටගාහ යනු පංචවිධ කාමගුණයන්ට වෙනත් වචනයකි. සෙසු දොරටුවලින් මේ ක්‍රමය මැයි.

සඌමිභයං දුත‍්තරං අච‍්චතරීති අනිච‍්චතාදිඌමිභයෙන සභයං දුරතික‍්කමං අතික‍්කමි. ලොකන‍්තගූති සංසාරලොකස‍්ස අන‍්තං ගතො. පාරගතොති වුච‍්චතීති නිබ‍්බානං ගතොති කථීයති.

සඌමිභං දුත්තරං අච්චතාරි යනු රළ බියෙන් බිය සහිත වූ ඉක්මිය නොහැකි, අනිත්‍යතාදිය ඉක්මවීය යනුයි. ලොකන්තගූ යනු සංස්කාර ලෝකයේ අන්තයට ගිය යනුයි. පාරංගතො ති වුච්චති යනු නිවනට ගියේ යැයි කියන ලැබේ යනුයි.

බළිසාති සත‍්තානං අනත්‍ථහෙතුතාය බළිසා විය බළිසා. අනයායාති අනත්‍ථාය. බ්‍යාබාධායාති දුක‍්ඛාය. ඉට‍්ඨාති පරියිට‍්ඨා වා අපරියිට‍්ඨා වා සුඛාරම‍්මණතාය ඉට‍්ඨා. කාමනීයට‍්ඨෙන කන‍්තා. මනස‍්ස වඩ‍්ඪනට‍්ඨෙන මනාපා. පියසභාවතාය පියරූපා. කිලෙසකාමසහිතත‍්තා කාමූපසංහිතා. රාගජනනට‍්ඨෙන චිත‍්තස‍්ස රඤ‍්ජනතො රජනීයා. තඤ‍්චෙති තං රූපාරම‍්මණං, නීලාදිවසෙන අනෙකභෙදභින‍්නම‍්පි හි රූපායතනං රූපාරම‍්මණභාවෙන චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යභාවෙන ච එකවිධතං නාතිවත‍්තතීති තංසභාවසාමඤ‍්ඤං ගහෙත්‍වා “තඤ‍්චෙ”ති වුත‍්තං. අභිනන්‍දතීති අභිනන්‍දනභූතාය සප‍්පීතිකතණ‍්හාය අභිමුඛො නන්‍දති. අභිවදතීති “අහො සුඛං, අහො සුඛ”න‍්ති වදාපෙන‍්තියා තණ‍්හායනවසෙන අභිවදති. අජ‍්ඣොසාය තිට‍්ඨතීති ගිලිත්‍වා පරිනිට‍්ඨපෙත්‍වා තිට‍්ඨති. අයං වුච‍්චති, භික‍්ඛවෙ, භික‍්ඛු ගිලිතබළිසො මාරස‍්සාති අයං, භික‍්ඛු, කිලෙසමාරස‍්ස බළිසභූතං රූපතණ‍්හං ගිලිත්‍වා ඨිතොති වුච‍්චති. සෙසවාරෙසුපි ඉමිනා නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. අභෙදීති භින්‍දි. පරිභෙදීති සබ‍්බභාගෙන භින්‍දි. සෙසං උත‍්තානමෙව.

බලිසා යනු සත්ත්වයන්ගේ අනර්ථ හේතුවෙන් බිලියමෙන් වූ බිළිකොක්ක මෙනි. අන්‍යයා යනු අනර්ථයෙනි. බ්‍යාබාධාය යනු දුක් පිණිසය. ඉට්ඨා යනු සොයන ලද හෝ නොසොයන ලද සුව අරමුණු ඇති බැවින් ඉෂ්ට වූ යනුයි. කැමතිවිය යුතු අර්ථයෙන් කන්තා නම් වේ. සිත වඩන අර්ථයෙන් මනාපා නම් වේ. ප්‍රියයේ භාවය බැවින් පියරූප නම් වේ. ක්ලේශ කාම සහිත බැවින් කාමූපසංහිත නම් වේ. රාගය ඇතිකිරීමේ අර්ථයෙන්, සිත සතුටු කිරීම් අර්ථයෙන් රජනීය නම් වේ. තඤ්චෙ යනු ඒ රූපාරම්මණයයි. නීලාදී වශයෙන් නොයෙක් භේදයන්ට බිඳුණු රූපායතනය රූප අරමුණ ඇතිකමින් ද චක්‍ෂු විඥෙය බැවින් ද එක්වන් බව නොඉක්මවයි. ඒ ස්වභාවය, මාන්‍යත්වය ගෙන තඤ්චෙ යයි කියන ලදි. අභිනන්‍දති යනු සතුටු වූ ප්‍රීතියෙන් යුත් තණ්හාව ඉදිරියේ සතුටු වෙයි යනුයි. අභිවදති යනු අහෝ සැපතකි. අහෝ සැපතකිය කියවන තෘෂ්ණාව ලෙසින් ප්‍රකාශ කෙරේ. අජ්ඣොසාය තිට්ඨති යනු ගිලදමා නිමවා සිටිය යනුයි. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ගිලබළිසො මාරස්ස යනු මේ භික්‍ෂුව ක්ලේශ මාරයාගේ ඇම වූ රූප තණ්හාව ගිලදමා සිටියේ යැයි කියනු ලැබේ. සෙසු වාරයන්හි ද මේ ක්‍රමයෙන් ම අර්ථය දතයුතුය. අභෙදි යනු බින්දේය යනුයි. පරිභෙදි යනු හැම කොටස් ලෙසින් බිඳුනේය යනුයි. සෙස්ස (කියන ලදමය) ප්‍රකට ම ය.

අයං ලොකො සන‍්තාපජාතොති අයං සත‍්තලොකො ජාතසන‍්තාපො ඤාතිබ්‍යසනාදිවසෙන උප‍්පන‍්නසොකසන‍්තාපො ච රාගාදිවසෙන උප‍්පන‍්නපරිළාහසන‍්තාපො චාති අත්‍ථො. ඵස‍්සපරෙතොති අනෙකෙහි දුක‍්ඛඵස‍්සෙහි අභිභූතො. රොදං වදති අත‍්තතොති තං තං අත‍්තනා ඵුට‍්ඨං දුක‍්ඛං අභාවිතකායතාය අධිවාසෙතුං අසක‍්කොන‍්තො “අහො දුක‍්ඛං, ඊදිසං දුක‍්ඛං මය‍්හං සත‍්තුනොපි මා හොතූ”තිආදිනා විලපන‍්තො වදති. කස‍්මා? යෙන යෙන හි මඤ‍්ඤන‍්ති, තතො තං හොති අඤ‍්ඤථා, යස‍්මා එතෙ සත‍්තා යෙන යෙන පකාරෙන අත‍්තනො දුක‍්ඛස‍්ස පටිකාරං මඤ‍්ඤන‍්ති ආසීසන‍්ති, තං දුක‍්ඛං තතො අඤ‍්ඤෙන පකාරෙන තිකිච‍්ඡිතබ‍්බං හොති. යෙන වා පකාරෙන අත‍්තනො වඩ‍්ඪිං මඤ‍්ඤන‍්ති, තතො අඤ‍්ඤථා අවඩ‍්ඪි එව පන හොති. එවං අඤ‍්ඤථාභාවිතං ඉච‍්ඡාවිඝාතං එව පාපුණාති. අයං භවසත‍්තො කාමාදිභවෙසු සත‍්තො සත‍්තලොකො, තථාපි භවමෙවාභිනන්‍දති, න තත්‍ථ නිබ‍්බින්‍දති. යදභිනන්‍දති තං භයන‍්ති යං කාමාදිභවං අභිනන්‍දති, තං ජරාමරණාදිඅනෙකබ්‍යසනානුබන්‍ධත‍්තා අතිවිය භයානකට‍්ඨෙන භයං. යස‍්ස භායතීති යතො ජරාමරණාදිතො භායති, තං දුක‍්ඛස‍්ස අධිට‍්ඨානභාවතො දුක‍්ඛදුක‍්ඛතාය ච දුක‍්ඛන‍්ති.

අයං ලොකො සන්තාප ජාතො යනු මේ සත්ත්වලෝකයා හටගත් සන්තාප ඇත්තේ ඤාති ව්‍යසන ආදී වශයෙන් උපන් ශෝක සන්තාප ඇති රාගාදි වශයෙන් උපන් දාහතැවුල් ඇති යන අර්ථයයි. ඵස්ස පරෙතො යනු නොයෙක් දුක් සහගත ස්පර්ශය්නගෙන් මඩනා ලද්දේ යනුයි. රොදං වදති අත්තනො යනු තමා විසින් ස්පර්ශ කරන ලද ඒ ඒ දුක නොවඩන ලද කය ඇති බැවින් ඉවසන්නට නොහැක්කේ අහෝ දුකකි. මෙවන් දුකක් මාගේ සතුරෙකුටවත් නොවේවා ආදියෙන් වැලපෙමින් කියයි යනුයි. කවර හෙයින් ද? යෙන යෙන හි මඤ්ඤන්ති තතො තං හොති අඤ්ඤථා යම්හෙයකින් මේ සත්ත්වයෝ යම් යම් ප්‍රකාරයකින් තමාගේ දුකට ප්‍රතිකාරයක් කල්පනා කෙරෙත් ද ප්‍රාර්ථනා කෙරෙත් ද ඒ දුකට එයින් අන්‍ය වූ ආකාරයකින් ප්‍රතිකාර කළ යුත්තේ වෙයි. යම් ආකාරයකින් තමාගේ වැඩීම සිතත් ද එයින් අන්‍ය ආකාරයකින් නොවැඩීම වෙයි. මෙසේ අන් ලෙසකින් වඩනා ලද්දේ බලාපොරොත්තු කඩවීමට පැමිණෙයි. අයං භවසත්තො කාමාදී භවයන්හි ඇලුණු සත්ත්ව ලෝකයා ය. එසේ වුවත් භවයේම සතුටුවේ. එහි නොකලකිරෙයි. යදභිනන්‍දති තං භයං යනු යම් කාමාදි භවයක සතුටු වේ ද ඒ දේ ජරා මරණ ආදී නොයෙක් ව්‍යසනවලින් ලුහුබඳනා ලද බැවින් ඉතා භයානක අර්ථයෙන් භය නම් වේ. යස්ස භායති යනු යම් ජරාමරණ ආදියකින් බිය වේ යනුයි. එය දුකෙහි අධිෂ්ඨානය බැවින් ද දුක්ඛ දුක්ඛතාවෙන් යුත් බැවින් ද දුක්ඛං නම් වේ.

භවවිප‍්පහානායාති භවස‍්ස පජහනත්‍ථාය. ඛොති අවධාරණත්‍ථෙ නිපාතො. ඉදං වුත‍්තං හොති – එකන‍්තෙනෙව කාමාදිභවස‍්ස සමුදයප‍්පහානෙන පහානත්‍ථං ඉදං මයා අධිගතං මග‍්ගබ්‍රහ‍්මචරියං වුස‍්සතීති.

භව විප්පහානාය යනු භවය දුරුකරනු පිණිස ය. ඛො යනු අවධාරණාර්ථයේ නිපාතයකි. ‘ඒකාන්තයෙන්ම සමුදය ප්‍රහාණයෙන් කාමාදි භවය ප්‍රහාණය කරනු පිණිස මා විසින් අවබෝධ කළ මේ මාර්ග බ්‍රහ්ම චර්යාව වසනු ලැබේ යන මෙය කියන ලද්දේ වෙයි.

එවං අරියස‍්ස මග‍්ගස‍්ස එකංසෙනෙව නිය්‍යානිකභාවං දස‍්සෙත්‍වා ඉදානි අඤ‍්ඤමග‍්ගස‍්ස නිය්‍යානිකභාවං පටික‍්ඛිපන‍්තො “යෙ හි කෙචී”තිආදිමාහ. තත්‍ථ භවෙනාති රූපභවෙන වා අරූපභවෙන වා. භවස‍්සාති සංසාරස‍්ස. විප‍්පමොක‍්ඛන‍්ති භවතො විමුත‍්තිං, සංසාරසුද‍්ධින‍්ති අත්‍ථො. කිඤ‍්චාපි තෙ සමණබ්‍රාහ‍්මණා තත්‍ථ නිබ‍්බානසඤ‍්ඤිනො, භවගාමිකම‍්මෙන පන රූපාරූපජ‍්ඣානෙන , තංනිබ‍්බත‍්තෙන ච උපපත‍්තිභවෙන භවවිසුද‍්ධිං වදන‍්තා භවෙන භවවිප‍්පමොක‍්ඛං වදන‍්ති නාම. තෙනාහ – “සබ‍්බෙ තෙ අවිප‍්පමුත‍්තා භවස‍්මාති වදාමී”ති. අථ වා භවෙනාති භවදිට‍්ඨියා, භවති තිට‍්ඨති සස‍්සතන‍්ති හි පවත‍්තනතො සස‍්සතදිට‍්ඨි “භවදිට‍්ඨී”ති වුච‍්චති. භවදිට‍්ඨි එව උත‍්තරපදලොපෙන “භවො”ති වුත‍්තා භවතණ‍්හාතිආදීසු විය. භවදිට‍්ඨිවසෙන හි ඉධෙකච‍්චෙ භවවිසෙසංයෙව භවවිප‍්පමොක‍්ඛං මඤ‍්ඤන‍්ති. යථා තං බකො බ්‍රහ‍්මා ආහ – “ඉදං නිච‍්චං, ඉදං ධුවං, ඉදං සස‍්සතං, ඉදං අවිපරිණාමධම‍්ම”න‍්ති (ම· නි· 1.501; සං· නි· 1.175). විභවෙනාති උච‍්ඡෙදදිට‍්ඨියා. විභවති විනස‍්සති උච‍්ඡිජ‍්ජතීති හි පවත‍්තනතො උච‍්ඡෙදදිට‍්ඨි වුත‍්තනයෙන “විභවො”ති වුච‍්චති. භවස‍්ස නිස‍්සරණමාහංසූති සංසාරසුද‍්ධිං වදිංසු. උච‍්ඡෙදදිට‍්ඨිවසෙන හි ඉධෙකච‍්චෙ සංසාරසුද‍්ධිං වදන‍්ති. තථා හි වුත‍්තං –

මෙසේ අංග අංශයකින් ආර්ය මාර්ගයේ නිය්‍යාණික භාවය දක්වා දැන් අන්‍ය මාර්ගයේ නිය්‍යාණික භාවය ප්‍රතික්‍ෂේප කරමින් යෙ හි කෙචි යනාදිය කියන ලදි. එහි භවෙන යනු රූප භවයෙන් හෝ අරූප භවයෙන් ය. භවස්ස යනු සංසාරයේ ය. විප්පමොක්ඛං යනු භවයෙන් මිදීම. සංසාර ශුද්ධිය යන අර්ථයයි. කෙසේ නමුත් මහණ බමුණෝ එහිදී නිවන් හැඟීම ඇත්තාහු භවගාමී කර්මයෙන් ද රූප අරූප ධ්‍යානයෙන් ද එයින් නිපන් දෙයින් ද උත්පත්ති භවයෙන් ද භවවිසුද්ධිය ප්‍රකාශ කරමින් භවය කරණ කොටගෙන භව විප්‍රමෝක්‍ෂය කියත්නම් වේ. එහෙයින් සබ්බෙ තෙ අවිප්පමුත්තා භවස්මා වදාමි යි කියන ලදි. එසේ නැතහොත් භවෙන යනු භව දෘෂ්ටියෙනි. වෙයි සිටියි සදාකාලිකයි යනුවෙන් පවත්නා හෙයින් ශාස්වත දෘෂ්ටිය භවදිට්ඨි යැයි කියනු ලැබේ. භව දිට්ඨියම දෙවැනිපදය ලොප් කිරීමෙන් භව යැයි කියන ලදි. භව තණ්හා ආදියේ මෙනි. භව දෘෂ්ටි ලෙසින් ම මෙහිදී ඇතැම්හු භව විශේෂය හා භව විප්‍රමෝක්‍ෂය හඟිත්. එය බක බ්‍රහ්ම තෙම ‘ඉදං නිච්චං ඉදං ධුවං ඉදං සස්සතං ඉදං අවිපරිණාම ධම්මං’යි කියන ලදි. විභවෙන යනු උච්ඡේද දෘෂ්ටියෙනි. නොවෙයි. විනාශ වෙයි. නැසෙයි යනුවෙන් පවත්නා හෙයින් උච්ඡේද දෘෂ්ටිය කියන ලද පරිදිම විභව යැයි කියනු ලැබේ. භවස්ස නිස්සරණමාහංසු යනුවෙන් සංසාර ශුද්ධිය කීහ. මෙලොව ඇතැම්හු උච්ඡේද දෘෂ්ටි වශයෙන් සංසාර ශුද්ධිය ප්‍රකාශ කරත්.

“යතො ඛො, භො, අයං අත‍්තා රූපී චාතුමහාභූතිකො…පෙ… නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. එත‍්තාවතා ඛො, භො, අයං අත‍්තා සම‍්මා සමුච‍්ඡින‍්නො හොතී”ති (දී· නි· 1.91).

එසේම ‘භවත්නි, යම් හෙයකින් මේ රූපී වූ චාතුර්මහා භූතික ආත්මය -පෙ- නේවසංඥානාසංඥායතනයට පැමිණ වාසය කෙරෙයි ද භවත්නි, එතෙකින් මේ ආත්මය මනාව සිඳීගියේ වෙයි යනුවෙන් කියන ලදි.

අනිස‍්සටාති අනික‍්ඛන‍්තා. තත්‍ථ කාරණමාහ – “උපධිඤ‍්හි පටිච‍්ච දුක‍්ඛමිදං සම‍්භොතී”ති. තත්‍ථ උපධින‍්ති ඛන්‍ධාදිඋපධිං. කිං වුත‍්තං හොති? යත්‍ථ ඉමෙ දිට‍්ඨිගතිකා නිබ‍්බානසඤ‍්ඤිනො, තත්‍ථ ඛන්‍ධූපධිකිලෙසූපධිඅභිසඞ‍්ඛාරූපධයො අධිගතා ඤාතා. කුතො තස‍්ස දුක‍්ඛනිස‍්සරණතාති. යං පන පරමත්‍ථතො දුක‍්ඛනිස‍්සරණං, තං දස‍්සෙතුං “සබ‍්බුපාදානක‍්ඛයා නත්‍ථි දුක‍්ඛස‍්ස සම‍්භවො”ති වුත‍්තං.

අනිස්සටා යනු නොදමන ලද යනුයි. උපධීහු පටිච්ච දුක්ඛමිදං සම්භොති යනුවෙන් එහි හේතුව කියන ලදී. එහි උපධී යනු ස්කන්ධ ආදී උපධීන් ය. කුමක් කියන ලද්දේ වෙයි ද? යම්තැනක මේ දෘෂ්ටිගතිකයෝ නිවන් හැඟීම් ඇත්තෝ ද එහිදී ස්කන්ධ උපධි ක්ලේශ උපධි අභිසංස්කාර උපධි යනාදිය අවබෝධ කරන ලද්දේය. එහි දුක්ඛ නිස්සරණත්වයක් කොයින් ද? පරමාර්ථ වශයෙන් වූ යම් දුක්ඛ නිස්සරණයක් වේ ද එය දක්වන්නට සබ්බූපාදානක්ඛයා නත්‍ථි දුක්ඛස්ස සම්භවො යි කියන ලදි.

ලොකමිමං පස‍්සාති භගවා අත‍්තනො චිත‍්තං ආලපති. පුථූති විසුං විසුං. අවිජ‍්ජාය පරෙතන‍්ති මොහෙන අභිභූතං. භූතන‍්ති ඛන්‍ධපඤ‍්චකං. භූතරතන‍්ති ඉත්‍ථී පුරිසෙ, පුරිසො ඉත්‍ථියාති එවං අඤ‍්ඤමඤ‍්ඤං සත‍්තෙසු රතං, තතො එව භවා අපරිමුත‍්තා. යෙ හි කෙචි භවාති ඉත‍්තරඛණා වා දීඝායුකා වා සාතවන‍්තො වා අසාතවන‍්තො වා භවා. සබ‍්බධීති උද‍්ධං අධො තිරියන‍්ති සබ‍්බත්‍ථ. සබ‍්බත්‍ථතායාති සබ‍්බභාවෙන. සබ‍්බෙ තෙ භවාතිආදීසු “සබ‍්බෙපි භවා අනිච‍්චා”තිආදිනා විපස‍්සනාසහිතාය මග‍්ගපඤ‍්ඤාය අවිපරීතං පස‍්සතො භවතණ‍්හාපි පහීයති නිරුජ‍්ඣති, විභවං උච‍්ඡෙදම‍්පි නාභිනන්‍දති න පත්‍ථෙති, තස‍්ස සබ‍්බ තණ‍්හානං අනවසෙසතො මග‍්ගෙන නිරුජ‍්ඣනතො නිබ‍්බානං නිබ‍්බුති හොති. තස‍්ස එවං නිබ‍්බුතස‍්ස භික‍්ඛුනො අනුපාදා කිලෙසාභිසඞ‍්ඛාරානං අනුපාදානතො අග‍්ගහණතො පුනබ‍්භවො න හොති. එවංභූතෙන ච අභිභූතො පඤ‍්චවිධොපි මාරො විජිතො අස‍්ස අනෙන මාරෙන සඞ‍්ගාමො, සබ‍්බෙපි භවෙ සමතික‍්කන‍්තො ඉට‍්ඨානිට‍්ඨාදීසු තාදිලක‍්ඛණප‍්පත‍්තොති.

ලොකමිමං පස්ස යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ තමාගේ සිතට කථාකරයි. පුථු යනු වෙන වෙනම යනුයි. අවිජ්ජාය පරෙතං යනු මෝහයෙන් මඩනා ලද යනුයි. භූතං යනු ස්කන්ධ පංචකයයි. භූතරතං යනු ස්ත්‍රිය පුරුෂයා කෙරෙහි ය. පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි ය යනුවෙන් අන්‍යොන්‍ය වශයෙන් සත්ත්වයන් කෙරෙහි ඇලුණු යනුයි. ඒ භවයෙන් ම නොමිදුණේ ය. යෙහි කෙ චි භවා යනු ස්වල්ප මොහොතක් සිටින්නෝ හෝ දිගු කලක් සිටින්නෝ හෝ සැපවත් වූවෝ හෝ දුක්ඛිත වූවෝ හෝ වන්නෝ ය. සබ්බධී යනු උඩ යට සිරස යන සියලු තැනයි. සබ්බත්තතාය යනු සියලු ස්වරූපයෙනි. සබ්බෙ තෙ භවා යනාදියෙහි සියලු භවයන් අනිත්‍ය යනාදියෙන් විදර්ශනාව සහිත මාර්ග ප්‍රඥාවෙන් නොවෙනස්ව බලන්නා වූ පුද්ගලයාගේ භව තණ්හාව ද ප්‍රහීණ වේ. නිරුද්ධ වේ. විභවං උච්ඡේදය ද (ප්‍රහීණ වේ) නන්‍දති නොපතයි. ඔහුගේ සියලු තෘෂ්ණාවන් මාර්ග ප්‍රඥාවෙන් ඉතිරි නැතිව නිරුද්ධ වන හෙයින් නිබ්බාණං නිවීම වෙයි. තස්ස එවං නිබ්බුතස්ස භික්ඛුනො අනුපාදා ක්ලේශාභි සංස්කාරයන්ගේ දැඩිව අල්ලා නොගැනීමෙන් නොගන්නා බැවින් පුනබ්භමො න හොති පුනර්භවය නොවේ. මෙසේ සිදු වූ දෙයින් මඩනා ලද්දේ පස්වැදෑරුම් මාරයා දිනන ලද්දේ වන්නේය. මේ මාරයා සමග සංග්‍රාමයක් වන්නේය. සියලු භවය ඉක්මවූ තැනැත්තා ඉටු අනිටු දෙයෙහි එවන් ලක්‍ෂණවලට පැමිණි යනුයි.

අනුසොතගාමී අන්‍ධපුථුජ‍්ජනො පටිසොතගාමී කල්‍යාණපුථුජ‍්ජනො. ඨිතත‍්තො සෙක‍්ඛො. ඉතරො අසෙක‍්ඛො.

අනුසොතගාමි අන්‍ධ පෘථග්ජනයායි. පටිසොතගාමි කල්‍යාණ පාථග්ජනයායි. ඨිතත්තො ශෛක්‍ෂයායි. අනෙකා අශෛක්‍ෂයායි.

අභිජාතිකොති ජාතියො. කණ‍්හාභිජාතිකොති කණ‍්හෙ නීචෙ කුලෙ ජාතො. කණ‍්හං ධම‍්මං අභිජායතීති කාළකං දසවිධං දුස‍්සීලධම‍්මං පසවති කරොති, සො තං අභිජායිත්‍වා නිරයෙ නිබ‍්බත‍්තති. සුක‍්කං ධම‍්මන‍්ති “අහං පුබ‍්බෙපි පුඤ‍්ඤානං අකතත‍්තා නීචෙ කුලෙ නිබ‍්බත‍්තො, ඉදානි පුඤ‍්ඤං කරිස‍්සාමී”ති පුඤ‍්ඤසඞ‍්ඛාතං සුක‍්කං පණ‍්ඩරං ධම‍්මං අභිජායති, සො තෙන සග‍්ගෙ නිබ‍්බත‍්තති. අකණ‍්හං අසුක‍්කං නිබ‍්බානන‍්ති නිබ‍්බානඤ‍්හි සචෙ කණ‍්හං භවෙය්‍ය, කණ‍්හවිපාකං දදෙය්‍ය. සුක‍්කං, සුක‍්කවිපාකං දදෙය්‍ය. ද‍්වින‍්නම‍්පි අප‍්පදානතො පන “අකණ‍්හං අසුක‍්ක”න‍්ති වුත‍්තං. නිබ‍්බානන‍්ති චෙත්‍ථ අරහත‍්තං අධිප‍්පෙතං. තඤ‍්හි කිලෙසනිබ‍්බානන‍්තෙ ජාතත‍්තා නිබ‍්බානං නාම. තං එස අභිජායති පසවති කරොති. සුක‍්කාභිජාතිකොති සුක‍්කෙ උච‍්චෙ කුලෙ ජාතො. සෙසං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. “කණ‍්හං කණ‍්හවිපාක”න‍්තිආදිකස‍්ස කම‍්මචතුක‍්කස‍්ස අත්‍ථො හෙට‍්ඨා හාරසම‍්පාතවාරෙ විභත‍්තො එව.

අභිජාතියො යනු ජාතීන් ය. කණ්හාභිජාතිකො කෘෂ්ණ වූ නීච කුලයෙහි උපන්නායි. කණ්හං ධම්මං අභිජායති යනු කෘෂ්ණ ළුූ දසවැදෑරුම් දුශ්ශීල ධර්මය ප්‍රසව කෙරෙයි යනුයි. හෙතෙම එය ප්‍රසව කොට නිරයෙහි උපදී. සුක්කං ධම්මං යනු මම පෙරත් පින් නොකරන ලද බැවින් නීච කුලයෙහි උපන්නෙහි. දැන් පින් කරන්නෙමියි පුණ්‍ය සංඛ්‍යාත වූ ශුක්ල වූ පණ්ඩර වූ ධර්මය පහළ කෙරේ. ඔහු එයින් ස්වර්ගයේ උපදී. අකණ්හං අසුක්කං නිබ්බාණං ඉදින් නිවන කෘෂ්ණ වන්නේ නම් කෘෂ්ණ විපාක ගෙන දෙන්නේය. ශුක්ල වන්නේ නම් ශුක්ල විපාක ගෙන දෙන්නේය. දෙකම නොදෙන නිසා අකෘෂ්ණ අශුක්ල යැයි කියන ලදි. මෙහි නිවන යනුවෙන් අර්හත්වය අදහස් කරන ලදී. එය කෙලෙස් නිවීම කෙළවර ඇති වූ බැවින් නිබ්බාණ නම් වේ. මොහු එය ප්‍රසව කරයි. රැස්කරයි. සුක්කාභිජාතිකො යනු පිරිසිදු වූ උසස් කුලයෙහි උපන් යනුයි. සෙස්ස කියන ලද ක්‍රමයෙන් ම දතයුතුයි. කෘෂ්ණය කෘෂ්ණවිපාක ඇත්තේය යනාදී කර්ම චතුෂ්කයේ අර්ථය යට හාර සම්පාත වාරයෙහි බෙදන ලද්දේ ම ය.

මානුසත‍්තන‍්ති මනුස‍්සභාවං, මනුස‍්සයොනින‍්ති අත්‍ථො. ද‍්වෙති කිච‍්චං අකිච‍්චමෙව චාති ද‍්වෙ. කිච‍්චානි ත්‍වෙව කත‍්තබ‍්බානි, න චාකිච‍්චං කිඤ‍්චි කත‍්තබ‍්බන‍්ති දස‍්සෙති. සුකිච‍්චන‍්තිආදි “කිච‍්ච”න‍්ති වුත‍්තානං තෙසං සරූපදස‍්සනං.

මානුසත්තං යනු මිනිසත් බවයි. මනුෂ්‍ය යෝනිය යන අර්ථයයි. ද්වෙ යනු කෘත්‍ය අකෘත්‍ය යන දෙකයි. කළයුතු දේ කළ යුතුය. නොකළ යුතු කිසිවක් නොකළ යුතුයැයි දක්වයි. සුකිච්චං යනාදිය කෘත්‍ය යනුවෙන් කියන ලද ඒවායේ ස්වරූපය දැක්වීමයි.

පධානානීති උත‍්තමානි විසිට‍්ඨානි. පුරිමස‍්මිං පබ‍්බජිතෙසූති විසයෙ භුම‍්මං. දුතියෙ අධිකරණෙ. තත්‍ථ නිබ‍්බානන‍්ති අරහත‍්තං අධිප‍්පෙතං. කස‍්මා පනෙත්‍ථ ආමිසපරිච‍්චාගො අරහත‍්තෙන සමධුරො නිද‍්දිට‍්ඨොති? දක‍්ඛිණෙය්‍යෙසු දක‍්ඛිණාය මහප‍්ඵලභාවදස‍්සනත්‍ථං. යෙන යෙන වා පන වත්‍ථුනාති උච‍්ඡෙදාදිවත්‍ථුනා. අජ‍්ඣොසිතාති භවතණ‍්හාදිවසෙන අජ‍්ඣොසිතා. දුතියෙ යෙන යෙන වා පන වත්‍ථුනාති අමරාවික‍්ඛෙපවත්‍ථුආදිනා.

පධානානි යනු උතුම් වූ විශිෂ්ට වූ යනුයි. පූර්ව ගාථාවෙහි පබ්බජිතෙසු යනු විෂයාර්ථයේ සත්තමි විභක්තියයි. දෙවැන්නෙහි අධිකරණ අර්ථයයි. එහි නිබ්බාණං යනුවෙන් අර්හත්වය අදහස් කරන ලදි. කවර හෙයින් මෙහිදී ආමිෂ පරිත්‍යාගය අර්හත්වය සමග සුමධුරව දක්වන ලද ද? දක්‍ෂිණාර්හයන් කෙරෙහි දක්‍ෂිණාදීමේ මහත්ඵල භාවය දක්වනු පිණිස ය. යෙන යෙන වා පන වත්‍ථුනා යනු උච්ඡේද ආදී වස්තුවෙනි. අජ්ඣොසිතා යනු භවතණ්හා ආදී වශයෙන් බැසගත් යනුයි. දෙවැන්නෙහි යෙන යෙන වා වත්‍ථුනා යනු අමරා වික්ඛෙප වස්තු ආදියෙනි.

ඉමිනා අසුභෙන කම‍්මවිපාකෙනාති අසුභස‍්ස කායදුච‍්චරිතාදිකම‍්මස‍්ස විපාකත‍්තා අසුභෙන අසිවෙන කම‍්මවිපාකෙන. ඉදං බාලලක‍්ඛණං නිබ‍්බත‍්තතීති පුරිමස‍්මිං භවෙ දුච‍්චරිතසමඞ‍්ගිතාය බාලො අයං භවතීති උපලක‍්ඛණං ජායති. ඉදං සංකිලෙසභාගියං සුත‍්තන‍්ති ඉදං එවං පවත‍්තං සංකිලෙසභාගියං නාම සුත‍්තං.

ඉමිනා අසුභෙන කම්ම විපාකෙන යනු අසුභ වූ කාය දුශ්චරිත ආදී කර්මයේ විපාක ඇති බැවින් අසුභ වූ අශිව වූ කර්ම විපාකයෙනි. ඉදං බාල ලක්ඛණං නිබ්බත්තති යනු පළමු භවයෙහි දුශ්චරිතවලින් යුත් බැවින් මොහු බාලයෙක් වේයැයි උපලක්‍ෂණයක් ඇති වේ. ඉදං සංකිලෙස භාගියං සුත්තං යනු මෙසේ පැවති ඒ සූත්‍රය සංකිලෙස භාගිය නම් වේ යනුයි.

ඉමිනා සුභෙනාති එත්‍ථ වුත‍්තනයානුසාරෙන අත්‍ථො වෙදිතබ‍්බො. තත්‍ථ මහාපුරිසලක‍්ඛණන‍්ති පණ‍්ඩිතලක‍්ඛණං. කිලෙසභූමීහීති කිලෙසට‍්ඨානෙහි කිලෙසාවත්‍ථාහි වා. සානුසයස‍්ස පරියුට‍්ඨානං ජායතීති අප‍්පහීනානුසයස‍්ස පච‍්චයසමායොගෙ රාගාදයො පරියුට‍්ඨානවසෙන පවත‍්තන‍්ති. පරියුට‍්ඨිතො සංයුජ‍්ජතීති යො රාගාදීහි පරියුට‍්ඨිතචිත‍්තො, සො කාමරාගාදීහි සංයුජ‍්ජති නාම. සංයුජ‍්ජන‍්තො උපාදියතීති යො කාමරාගසංයොජනාදීහි සංයුත‍්තො, සො කාමුපාදානාදීනි අකුසලකම‍්මානි ච උපාදියති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙව.

ඉමිනා සුභෙන යන මෙහි අර්ථය කියන ලද ක්‍රමය අනුසාරයෙන් දතයුතුය. එහි මහාපුරිස ලක්ඛණං යනු පණ්ඩිත ලක්‍ෂණයයි. කිලෙස භූමීහි යනු ක්ලේශ ස්ථානවලින් හෝ ක්ලේශ අවස්ථාවන්ගෙන් හෝ ය. සානුසයස්ස පරියුට්ඨානං ජායති යනු ප්‍රහීණ නොවූ අනුසය ධර්මය ප්‍රත්‍ය සමායෝගයේ දී රාගාදිය නැගී සිටීම් වශයෙන් පවතී යනුයි. පරියුට්ඨිතො සංයුජ්ජති යනු යමෙක් රාගාදියෙන් මඩනා ලද සිත් ඇත්තේ ද හෙතෙම කාමරාගාදිය සමග යෙදෙයි යනුයි. සංයුජ්ජන්තො උපාදියති යනු යමෙක් කාමරාග සංයෝජනාදියෙන් යුක්ත වූයේ ද හෙතෙම කාම උපාදාන ආදී අකුසල කර්මද උපදවයි. සෙස්ස සියලු තැන ප්‍රකට වේ ම ය.

එවං සොළසවිධෙන සාසනපට‍්ඨානං නානාසුත‍්තෙහි උදාහරණවසෙන විභජිත්‍වා ඉදානි අට‍්ඨවීසතිවිධෙන සාසනපට‍්ඨානං දස‍්සෙන‍්තෙන යස‍්මා අයම‍්පි පට‍්ඨානවිභාගො මූලපදෙහි සඞ‍්ගහිතො, න ඉමස‍්සාපි තෙහි අසඞ‍්ගහිතො පදෙසො අත්‍ථි, තස‍්මා මූලපදං විභජිතබ‍්බතඤ‍්ච දස‍්සෙතුං “තත්‍ථ කතමෙ අට‍්ඨාරස මූලපදා”ති පුච‍්ඡාය වසෙන මූලපදානි උද‍්ධරිත්‍වා “ලොකියං ලොකුත‍්තර”න‍්තිආදිනා නවතිකා, ථවො චාති අට‍්ඨවීසතිවිධං සාසනපට‍්ඨානං උද‍්දිට‍්ඨං. තත්‍ථ ලොකියන‍්ති ලොකෙ නියුත‍්තො, ලොකෙ වා විදිතො ලොකියො. ඉධ පන ලොකියො අත්‍ථො යස‍්මිං සුත‍්තෙ වුත‍්තො, තං සුත‍්තං ලොකියං. තථා ලොකුත‍්තරං. යස‍්මිං පන සුත‍්තෙ පදෙසෙන ලොකියො, පදෙසෙන ලොකුත‍්තරො වුත‍්තො, තං ලොකියඤ‍්ච ලොකුත‍්තරඤ‍්ච. යඤ‍්ච සත‍්තෙ අධිට‍්ඨාය සත‍්තපඤ‍්ඤත‍්තිමුඛෙන දෙසිතං, තං සත‍්තාධිට‍්ඨානං. ධම‍්මවසෙනෙව දෙසිතං ධම‍්මාධිට‍්ඨානං. උභයවසෙන දෙසිතං සත‍්තාධිට‍්ඨානඤ‍්ච ධම‍්මාධිට‍්ඨානඤ‍්ච. ඉමිනා නයෙන සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො. බුද‍්ධාදීනං පන ගුණාභිත්‍ථවනවසෙන පවත‍්තං සුත‍්තං ථවො නාම.

මෙසේ සොළොස් වැදෑරුම්ව නොයෙක් සූත්‍රයන්ගෙන් උදාහරණ ගෙන සාසන පට්ඨානය බෙදා දක්වා දැන් විසිඅට වැදෑරුම්ව සාසන පට්ඨානය දක්වන්නහු විසින් යම්හෙයකින් මේ පට්ඨාන විභාගය මූල පදයන්ගෙන් සංග්‍රහ කරන ලද ද මෙහි ද ඒවායින් සංග්‍රහ නොකරන ලද පෙදෙසක් නැත. එහෙයින් මූලපදය බෙදිය යුතු බව ද දක්වන්නට තත්‍ථ කතමෙ අට්ඨාරස මූලපදා යි විමසීම් වශයෙන් මූලපද උපුටා ලොකියං ලොකුත්තරං යනාදියෙන් නව තිකය ද ථවො ච යනුවෙන් විසිඅට වැදෑරුම් සාසන පට්ඨානය ද දක්වන ලදී. එහි ලොකියං යනු ලෝකයෙහි නියුක්ත වූයේ ලෝකයන් දන්නා ලද්දේ ලොකිය වේ යනුයි. මෙහි වනාහි යම් සූත්‍රයක ලෞකික අර්ථය කියන ලද ද ඒ සූත්‍රය ලෞකික වේ. ලෝකෝත්තර අර්ථය ද එසේය. යම් සූත්‍රයක එක් පසෙකින් ලෞකික අර්ථය ද එක්පසෙකින් ලෝකෝත්තර අර්ථයද කියන ලද ද එය ලෞකික ද ලෝකෝත්තර ද වේ. යමක සත්ත්වයන් අදිටන් කොට සත්ත්ව ප්‍රඥප්ති මුඛයෙන් දේශනා කරන ලදද එය සත්තාධිට්ඨාන නම් වේ. ධර්ම වශයෙන් දේශනා කරන ලද ද ධම්මාධිට්ඨාන නම් වේ. දෙකම ලෙසින් දේශනා කරන ලද්ද සත්තාධිට්ඨාන ද ධම්මාධිට්ඨාන ද වේ. මේ ක්‍රමයෙන් සියලු පදයන්හි අර්ථය දතයුතුයි. බුද්ධාදීන්ගේ ගුණ ස්තුති වශයෙන් පැවති සූත්‍රය ථව නම් වේ.

තත්‍ථ සජ‍්ජුඛීරන‍්ති තඞ‍්ඛණංයෙව ධෙනුයා ථනෙහි නික‍්ඛන‍්තං අබ‍්භුණ‍්හඛීරං. මුච‍්චතීති පරිණමති. ඉදං වුත‍්තං හොති – යථා ධෙනුයා ථනතො නික‍්ඛන‍්තං ඛීරං තඞ‍්ඛණංයෙව න මුච‍්චති න පරිණමති න දධිභාවං ගච‍්ඡති, තක‍්කාදිඅම‍්බිලසමායොගතො පන පරතො කාලන‍්තරෙන පකතිං ජහති දධිභාවං පාපුණාති, එවමෙවං පාපකම‍්මම‍්පි කිරියක‍්ඛණෙයෙව න විපච‍්චති. යදි විපච‍්චෙය්‍ය, නානාගතීනං සභාවට‍්ඨානං සියා, න කොචි පාපකම‍්මං කාතුං විසහෙය්‍ය. යාව පන කුසලාභිනිබ‍්බත‍්තක‍්ඛන්‍ධා චරන‍්ති, තාව තං තෙ රක‍්ඛන‍්ති, තෙසං භෙදා අපායෙසු නිබ‍්බත‍්තාපනවසෙන විපච‍්චති. විපච‍්චමානඤ‍්ච ඩහන‍්තං බාලමන්‍වෙති, කිං විය? භස‍්මච‍්ඡන‍්නොව පාවකො. යථා හි ඡාරිකාය පටිච‍්ඡන‍්නො වීතච‍්චිතඞ‍්ගාරො අක‍්කන‍්තොපි ඡාරිකාය පටිච‍්ඡන‍්නත‍්තා න තාව ඩහති, ඡාරිකං පන තාපෙත්‍වා චම‍්මාදීනි ඩහනවසෙන යාව මත්‍ථලුඞ‍්ගා ඩහන‍්තො ගච‍්ඡති, එවමෙවං පාපකම‍්මම‍්පි යෙන කතං, තං බාලං දුතියෙ වා තතියෙ වා අත‍්තභාවෙ නිරයාදීසු නිබ‍්බත‍්තං ඩහන‍්තං අනුගච‍්ඡතීති.

එහි සජ්ජඛීරං යනු එකෙණෙහි ම දෙනගේ තනවලින් නික්මෙන උණුසුම් වූ කිරියි. වුච්චති යනු පරිණාම වේ යනුයි. මෙය කියන ලද්දේ වෙයි. යම්සේ දෙනගේ තනයෙන් නික්මෙන කිරි එකෙණෙහි ම නොමිදේ ද පරිණාම නොවේ ද දී බවට නොයයි ද මෝරු ආදී ඇඹුල් හා එක්වීමෙන් පසුව කලකින් ප්‍රකෘතිය අත්හරී. දී බවට පැමිණෙයි ද මෙසේ පාප කර්මය ද ක්‍රියා ක්‍ෂණයෙන් ම විපාක නොදෙයි. ඉදින් විපාක දේ ද නොයෙක් ස්වභාවයන්ගේ සහායෙන් වන්නේය. කිසි පව්කමක් කරන්නට උත්සුක නොවන්නේය. යම්තාක් කුසලයෙන් නිපන් ස්කන්ධ දරයි ද ඒ තාක් ඔවුහු එය රකියි. ඒවා බිඳීමෙන් අපායන්හි ඉපදීම් තැවීම් ලෙසින් විපාක දෙයි. විපාක දෙනු ලබන්නේ ද බාලයා දවමින් අනුව යයි. කුමක් මෙන් ද? භස්මච්ඡන්නොව පාවකො යම්සේ අලුවලින් වැසුණු පහවූ දැල්ල ඇති අඟුර පාගන ලද්දේ නමුත් අලුවලින් පැසුණු බැවින් පළමුව නොපිළිස්සෙයි. අලු රත්කොට සම් ආදිය දැවීම් වශයෙන් මොළය දක්වා දවමින් යයි. මෙසේ පාප කර්මය ද යමකු විසින් කරන ලද ද ඒ බාලය දෙවන හෝ දෙවන ආත්ම භාවයෙහි නිරය ආදියෙහි නිපන්නේ දැවෙමින් අනුව යයි.

යස‍්සින්‍ද්‍රියානීති තත්‍ථායං සඞ‍්ඛෙපත්‍ථො – යස‍්ස භික‍්ඛුනො ඡෙකෙන සාරථිනා සුදන‍්තා අස‍්සා විය ඡ ඉන්‍ද්‍රියානි සමථං දන‍්තභාවං නිබ‍්බිසෙවනභාවං ගතානි, තස‍්ස නවවිධං මානං පහාය ඨිතත‍්තා පහීනමානස‍්ස චතුන‍්නං ආසවානං අභාවෙන අනාසවස‍්ස තාදිභාවෙ ඨිතස‍්ස තථාරූපස‍්ස දෙවාපි පිහයන‍්ති, මනුස‍්සාපි දස‍්සනඤ‍්ච ආගමනඤ‍්ච පත්‍ථෙන‍්තියෙවාති. ආහාරෙ සතීති ආහාරපටිබද‍්ධෙ ඡන්‍දරාගෙ අප‍්පහීනෙ සති.

යස්සින්‍ද්‍රියානි මේ එහි සංක්‍ෂේපාර්ථයයි. දක්‍ෂ රියදුරෙකු විසින් මනාව දමන කරන ලද අසුන් මෙන් යම් භික්‍ෂුවකගේ ඉන්‍ද්‍රිය සය සන්සුන් බවට දැමුණු බවට සුසීල බවට ගියේ ද ඔහුගේ නන්වැදෑරුම් මානය පහවී සිටි බැවින් පහීණ මානස්ස නම් වේ. සතර ආශ්‍රව නැතිකමින් අනාසව නමි. තාදී භාවයෙහි සිටි එබඳු පුද්ගලයාට දෙවියෝත් කැමති වෙති. මිනිස්සු ද දැකීමට ද (හමුවට) පැමිණීමට ද ප්‍රාර්ථනා කරත්. ආහාර සති යනු ආහාරය හා බැඳුණු ඡන්‍දරාගය ප්‍රහීණ නොවී පැවති කල්හි ය.

සබ‍්බා දිසා අනුපරිගම‍්ම චෙතසාති පරිතො දසපි දිසා චිත‍්තෙන අනුගන‍්ත්‍වා. නෙවජ‍්ඣගාති නෙව අධිගච‍්ඡෙය්‍ය. පියතරන‍්ති අතිසයෙන පියං. අත‍්තනාති අත‍්තතො. එවං පියො පුථු අත‍්තා පරෙසන‍්ති එවං කස‍්සචිපි අත‍්තනා පියතරස‍්ස අනුපලබ‍්භනවසෙන විසුං විසුං පරෙසං සත‍්තානං අත‍්තා පියො. යස‍්මා ච එතදෙව, තස‍්මා න හිංසෙ පරං අත‍්තකාමො අත‍්තනො සුඛකාමොති.

සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා යනු හාත්පසින් දශ දිශාව සිතින් අනුව ගොස් යනුයි. නෙවජ්ඣගා යනු නොලබන්නේය යනුයි. පියතරං යනු අතිශයින් ප්‍රිය වූ යනුයි. අත්තනා යනු තමාගෙනි. එවම්පි යො පුථු අත්තා පරෙසං යනු මෙසේ තමාට වඩා ප්‍රිය වූ කිසිවෙකුත් නො දක්නා ලැබීම් වශයෙන් වෙන වෙනම අන්‍ය සත්ත්වයන්ගේ නො දක්නා ලැබීම් වශයෙන් වෙන වෙන ම අන්‍ය සත්ත්වයන්ගේ ආත්මය ප්‍රිය වේ යනුයි. යම්හෙයකින් එය ම වේ ද එහෙයින් තමාට සුව කැමැත්තා අනුන්ට හිංසා නො කරන්නේ ය. තමාට සුව කැමති හෙයිනි.

භූතාති ජාතා නිබ‍්බත‍්තා. භවිස‍්සන‍්තීති නිබ‍්බත‍්තිස‍්සන‍්ති. භූතාති වා ඛීණාසවා. තෙ හි පහීනභවත‍්තා භූතා එව. ගමිස‍්සන‍්තීති පරලොකං ගමිස‍්සන‍්ති. ඛීණාසවා පන අනුපාදිසෙසං නිබ‍්බානං.

භූතා යනු උපන් පහළ වූ යනුයි. භවිස්සන්ති යනු පහළවෙත් යනුයි. නැතහොත් භූතා යනු ක්‍ෂීණාශ්‍රවයෝ ය. ඔවුහු ප්‍රහීණ කළ භවය ඇති බැවින් භූතයෝ ම ය. ගමිස්සන්ති යනු පරලොවට යත් යනුයි. ක්‍ෂීණාශ්‍රවයෝ වනාහි අනුපාදිසේස නිවනට ය.

පියො ච හොතීති සුපරිසුද‍්ධාය සීලසම‍්පත‍්තියා, සුපරිසුද‍්ධාය ච දිට‍්ඨිසම‍්පත‍්තියා සමන‍්නාගතො පියො පියායිතබ‍්බො හොති. වුත‍්තඤ‍්හෙතං –

පියො ච හොති යනු ඉතා පිරිසිදු වූ සීල සම්පත්තියෙන් ද ඉතා පිරිසිදු වූ දෘෂ්ටි සම්පත්තියෙන් ද යුක්ත වූ ප්‍රිය පුද්ගලයා ප්‍රිය කළ යුත්තේ වෙයි යනුයි.

“සීලදස‍්සනසම‍්පන‍්නං, ධම‍්මට‍්ඨං සච‍්චවාදිනං; අත‍්තනො කම‍්මකුබ‍්බානං, තං ජනො කුරුතෙ පිය”න‍්ති. (ධ· ප· 217);

සීල දස්සන සම්පන්නං - ධම්මදිට්ඨං සච්චවාදිනං, අත්තනො කම්ම කුබ්බානං - තං ජනො කුරුතෙ පියං

සීලයෙන් හා දර්ශනයෙන් යුත් ධර්මයෙහි පිහිටි, සත්‍යවාදී වූ, තමාගේ කටයුතු කරන ඒ පුද්ගලයා ප්‍රිය කෙරේ යන්න කියන ලදී.

පාසාණච‍්ඡත‍්තං විය ගරුකාතබ‍්බතාය ගරු. උත‍්තරිමනුස‍්සධම‍්මවසෙන සම‍්භාවෙතබ‍්බතාය භාවනීයො. සීලගුණෙන වා පියගරුආදිභාවා වෙදිතබ‍්බා. තථා හි වුත‍්තං – “ආකඞ‍්ඛෙය්‍ය චෙ, භික‍්ඛවෙ, භික‍්ඛු ‘සබ්‍රහ‍්මචාරීනං පියො ච අස‍්සං මනාපො ච ගරු ච භාවනීයො චා’ති, සීලෙස‍්වෙවස‍්ස පරිපූරකාරී”ති (ම· නි· 1.65).

පාසාණ ඡත්‍රයකට මෙන් ගරු කළ යුතු බැවින් ගරු නම් වේ. උතුරු මිනිස්දම් ලෙසින් සම්භාවනා කළයුතු බැවින් භාවනීය නම් වේ. සීල ගුණයෙන් හෝ ප්‍රියත්වය ආදී ස්වභාවයන් දතයුතුය. එසේම, ‘මහණෙනි, ඉදින් භික්‍ෂු තෙමේ සබ්‍රම්සරුන්ට ප්‍රිය වේ ද මනාප වේ ද ගරු කළයුතු වේ ද සම්භාවනීය වේ ද ඔහුගේ සීල පරිපූර්ණත්වය කැමති විය යුතුයයි කියන ලදී.

වත‍්තාති “කාලෙන වක‍්ඛාමී”තිආදිපඤ‍්චධම‍්මෙ අත‍්තනි උපට‍්ඨාපෙත්‍වා සබ්‍රහ‍්මචාරීනං උල‍්ලුම‍්පනභාවෙ ඨත්‍වා වත‍්තා. වචනක‍්ඛමොති සබ්‍රහ‍්මචාරීහි යෙන කෙනචි වුච‍්චමානො සුබ‍්බචො හුත්‍වා පදක‍්ඛිණග‍්ගාහිතාය තෙසං වචනං ඛමතීති වචනක‍්ඛමො. වත‍්තාති වා ධම‍්මකථාවසෙන වචනසීලො. වචනක‍්ඛමොති ධම‍්මං සංවණ‍්ණෙන‍්තො පරෙහි අසංහීරො හුත්‍වා තෙසං පුච‍්ඡාවචනක‍්ඛමතාය වචනක‍්ඛමො. ගම‍්භීරඤ‍්ච කථං කත‍්තාති සච‍්චපටිච‍්චසමුප‍්පාදාදිං, අඤ‍්ඤං වා ගම‍්භීරකථං කත‍්තා. න චට‍්ඨානෙ නියොජකොති ධම‍්මවිනයාදිං අධම‍්මාවිනයාදිවසෙන අවත්‍වා ධම‍්මවිනයාදිවසෙනෙව දීපනතො න ච අට‍්ඨානෙ නියොජකො.

වත්තා යනු සුදුසු කල කියමි යනාදි පංච ධර්මයන් තමා කෙරෙහි එළඹවා සබ්‍රම්සරුන් ඔසවා තැබීම් බවෙහි සිට කියන්නා ය. වචනක්ඛමො යනු සබ්‍රම්සරුන් විසින් යම් කිසිවක් කියනු ලබන්නේ සුවච වී ප්‍රදක්‍ෂිණා ගනු පිණිස ඔවුන්ගේ වදන් ඉවසානුයි වචනක්ඛම නම් වේ. නැතහොත් වත්තා යනු ධර්ම කථා වශයෙන් වචන කියනසුලු යනුයි. වචනක්ඛමො යනු ධර්මය සංවර්ණනා කරමින් අනුන් විසින් පැහැර ගත නොහැකි වී ඔවුන්ගේ විමසීම ඇසීමෙහි දක්‍ෂ බැවින් වචනක්‍ෂම වෙයි යනුයි. ගම්භීරඤ්ච කථං කත්තා යනු සත්‍ය, ප්‍රතීත්‍ය සමුත්පාද ආදී වෙනත් ගැඹුරු කථාවක් කරන්නා ය. නොචට්ඨානෙ නියොකො යනු ධර්ම විනය ආදිය අධර්ම විනය ආදී වශයෙන් නොකියා ධර්ම විනය ආදී වශයෙන් ම දක්වන හෙයින් අස්ථානයෙහි නොයොදවන්නෙක් වේ යනුයි.

මාතරං පිතරං හන‍්ත්‍වාති එත්‍ථ “තණ‍්හා ජනෙති පුරිස”න‍්ති (සං· නි· 1.55-57) වචනතො තීසු භවෙසු සත‍්තානං ජනනතො තණ‍්හා මාතා නාම. “අහං අසුකස‍්ස නාම රඤ‍්ඤො, රාජමහාමත‍්තස‍්ස වා පුත‍්තො”ති පිතරං නිස‍්සාය අස‍්මිමානස‍්ස උප‍්පජ‍්ජනතො අස‍්මිමානො පිතා නාම. ලොකො විය රාජානං යස‍්මා සබ‍්බදිට‍්ඨිගතානි ද‍්වෙ සස‍්සතුච‍්ඡෙදදිට‍්ඨියො භජන‍්ති, තස‍්මා සස‍්සතුච‍්ඡෙදදිට‍්ඨියො ද‍්වෙ ඛත‍්තියා රාජානො නාම. ද‍්වාදසායතනානි විත්‍ථතට‍්ඨෙන රට‍්ඨසදිසත‍්තා රට‍්ඨං නාම. ආයසාධකො ආයුත‍්තකපුරිසො විය තංනිස‍්සිතො නන්‍දිරාගො අනුචරො නාම.

මාතරං පිතරං හනත්‍වා යන මෙහි තෘෂ්ණාව පුරුෂයාව උපදවයි යන කියමනෙන් තුන් භවයෙහි සත්ත්වයන් උපදවන හෙයින් තණ්හාව මව නම් වේ. මම අසවල් රජුගේ හෝ රාජමහාමාත්‍යයාගේ හෝ පුත්‍රයා වෙමියි පියා නිසා අස්මිමානය උපදින හෙයින් අස්මිමානය පියා නම් වෙයි. ලෝකයා රජු ඇසුරු කරන්නාක් මෙන් යම්හෙයකින් සියලු දෘෂ්ටිගති ශෘස්වත උච්ඡේද දෘෂ්ටි දෙක ඇසුරු කෙරෙත් ද එහෙයින් ශාස්වත උච්ඡේද දෘෂ්ටි දෙක ක්‍ෂත්‍රිය රජවරු දෙදෙනා නම් වේ. දොළොස් ආයතන පැතිරුණු බැවින් අටක් හා සමානවන බැවින් රට නම් වේ. ආදායම සාධනය කරන අයකැමි පුරුෂයෙකු මෙන් ඒ තණ්හාව ඇසුරු කළ නන්දිරාගය අනුචරයා නම් වේ.

අනීඝොති නිද‍්දුක‍්ඛො. බ්‍රාහ‍්මණොති ඛීණාසවො. එතෙන හි තණ‍්හාදයො අරහත‍්තමග‍්ගඤාණාසිනා හතා බාහිතා. යාතීති සො බ්‍රාහ‍්මණො නිද‍්දුක‍්ඛො හුත්‍වා යාතීති.

අනීඝො යනු දුක් නැති යනුයි. බ්‍රාහ්මණො යනු ක්‍ෂීණාශ්‍රවයායි. මෙය කරණ කොටගෙන තෘෂ්ණාදිය අර්හත් මාර්ග ඥානය නමැති කඩුවෙන් කපන ලදී. ඉවත් කරන ලදී. යාති යනු ඒ බ්‍රාහ්මණයා නිදුක් වී යයි යනුයි.

කායෙති කරජකායෙ. චිත‍්තන‍්ති පාදකජ‍්ඣානචිත‍්තං. සමොදහතීති පක‍්ඛිපති. යදා දිස‍්සමානෙන කායෙන ගන‍්තුකාමො හොති, තදා කායගතිකං පාදකජ‍්ඣානචිත‍්තං අධිට‍්ඨහතීති අත්‍ථො. චිත‍්තෙපි කායං සමොදහතීති යදා සීඝං ගන‍්තුකාමො හොති, තදා පාදකජ‍්ඣානචිත‍්තෙ කායං පක‍්ඛිපති, චිත‍්තගතිකං කායං අධිට‍්ඨහතීති අත්‍ථො. කායෙ සුඛසඤ‍්ඤඤ‍්ච ලහුසඤ‍්ඤඤ‍්ච ඔක‍්කමිත්‍වාති “සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ‍්ජෙය්‍යා”ති වුත‍්තනයෙන (මහාව· 8, 137; දී· නි· 2.66; ම· නි· 1.282; 2.338; සං· නි· 1.172) ඉද‍්ධිමා කායෙ සුඛසඤ‍්ඤඤ‍්ච ලහුසඤ‍්ඤඤ‍්ච ඔක‍්කමිත්‍වා පරෙසං දිස‍්සමානෙන කායෙන ආරාමරාමණෙය්‍යකාදීනි පෙක‍්ඛමානො චිත‍්තක‍්ඛණෙනෙව ඉච‍්ඡිතට‍්ඨානං ගච‍්ඡති.

කායෙ යනු රළු ශරීරයෙහි ය. චිත්තං යනු පදනම් වූ ධ්‍යාන සිතයි. සමොදහති යනු බහාලයි යනුයි. යම්විටෙක දෘශ්‍යමාන ශරීරයෙන් යනු කැමති වෙයි ද එවිට කායගතික වූ පාදක ධ්‍යාන සිත අධිෂ්ඨාන කෙරෙයි යන අර්ථයයි. චිත්තෙපි කායං සමොදහති යනු යම්විටෙක ඉක්මණින් යනු කැමති වෙයි ද එවිට පාදක ධ්‍යාන සිතෙහි කය ඇතුල් කරයි යනු වේ. චිත්තගතික වූ කය අධිෂ්ඨාන කරයි යන අර්ථයයි. කායෙ සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච ඔක්කමිත්‍වා යනු යම්සේ බලවත් පුරුෂයෙක් හකුලන ලද බාහුව දිගහරින්නේ ද දිගහරින ලද බාහුව හකුලන්නේ ද යනුවෙන් කියන ලද ක්‍රමයෙන් සෘද්ධි ඇත්තා කයෙහි සුඛ සංඥාව ද ලහු සංඥාවද වෙත පැමිණ අනුන්ට පෙනෙන සිරුරින් රමණීය ආරාම ආදිය බලමින් චිත්තක්‍ෂණයකින් ම කැමිත තැනට යයි.

යං තං ලොකුත‍්තරං ඤාණන‍්ති සබ‍්බං ලොකං උත‍්තරිත්‍වා අභිභවිත්‍වා ඨිතත‍්තා වුත‍්තං, න පන ලොකුත‍්තරභූමිකත‍්තා. සබ‍්බකාලෙ පවත‍්තතීති ආවජ‍්ජනපටිබද‍්ධවුත‍්තිත‍්තා වුත‍්තං, න සතතං සමිතං පවත‍්තතීති. න හි සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං භගවතො සබ‍්බස‍්මිංයෙව කාලෙ උප‍්පජ‍්ජතීති සක‍්කා වත‍්තුන‍්ති.

යං තං ලොකුත්තරං ඤාණං යනු සියලු ලෝකය තරණය කොට අභිභවා සිටි හෙයින් කියන ලදී. ලෝකෝත්තර භූමියට අයත් බැවින් නොවේ. සබ්බකාලෙ පවත්තති යනුවෙන් ආවර්ජනය හා බැඳුණු පැවතුම් ඇති බැවින් කියන ලදී. නිරන්තරයෙන් පවතී යන නිසා නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඥානය සියලු කල්හි ම උපදී යැයි කියන්නට නොහැකිය.

කිත‍්තයිස‍්සාමි තෙ සන‍්තින‍්ති සබ‍්බකිලෙසවූපසමහෙතුතාය සන‍්තිං නිබ‍්බානං දස‍්සෙස‍්සාමි. දිට‍්ඨෙ ධම‍්මෙති දිට‍්ඨෙ දුක‍්ඛාදිධම‍්මෙ, ඉමස‍්මිං එව වා අත‍්තභාවෙ. අනීතිහන‍්ති ඉතිහාසාති එවං න ඉතිකිරාය පවත‍්තං, අත‍්තපච‍්චක‍්ඛන‍්ති අත්‍ථො. යං විදිත්‍වා සතො චරන‍්ති “සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා”තිආදිනා (ධ· ප· 277; ථෙරගා· 676; නෙත‍්ති· 5) නයෙන සතො හුත්‍වා චරන‍්තො අරියමග‍්ගෙන යං සන‍්තිං විදිත්‍වා. තරෙ ලොකෙ විසත‍්තිකන‍්ති සඞ‍්ඛාරලොකෙ විසප‍්පනතො විසත‍්තිකසඞ‍්ඛාතං තණ‍්හං තරෙ තරෙය්‍ය සමතික‍්කමෙය්‍යාති අත්‍ථො.

කිත්තයිස්සාමි තෙ සන්තිං යනු සියලු කෙලෙස් සන්සිඳීමට හේතුවන බැවින් ශාන්තිය වූ නිවන දක්වන්නෙමි යනුයි. දිට්ඨෙව ධම්මෙ යනු දක්නා ලද දුක්ඛාදී ධර්ම ඇති මේ ආත්ම භාවයෙහිම හෝය. අතීතහං යනු මෙහි මෙසේ විය යනුවෙන් මෙසේ වීලුයි නො පැවති යනුයි. ආත්ම ප්‍රත්‍යක්‍ෂ යන අර්ථයයි. යං විදිත්‍වා සතො චරං යනු සියලු සංස්කාර අනිත්‍යය ආදි ක්‍රමයෙන් සිහි ඇත්තෙක්ව හැසිරෙමින් ආර්ය මාර්ගයෙන් යම් නිවනක් දැනගෙන යනුයි. තරෙ ලොකෙ විසත්තිකං යනු සංස්කාර ලෝකයෙහි පැතිරෙන හෙයින් විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරෙ = තරණය කරන්නේය යනුයි. ඉක්මවන්නේය යන අර්ථයයි.

තඤ‍්චාහං අභිනන්‍දාමීති තං වුත‍්තප‍්පකාරං සන‍්තිජොතකං තුම‍්හාකං වචනං අහං පත්‍ථයාමි, තං එව වා සන‍්තිං උත‍්තමං අභිනන්‍දාමීති ධොතකො වදති. උද‍්ධං අධො තිරියඤ‍්චාපි මජ‍්ඣෙති එත්‍ථ උද‍්ධන‍්ති අනාගතං උපරි ච. අධොති අතීතං හෙට‍්ඨා ච. තිරියඤ‍්චාපි මජ‍්ඣෙති පච‍්චුප‍්පන‍්නං පරිතො ච. එතං විදිත්‍වා සඞ‍්ගොතීති එතං අනාගතාදිං සඞ‍්ගජනනට‍්ඨානන‍්ති ඤත්‍වා. භවාභවායාති ඛුද‍්දකානඤ‍්චෙව මහන‍්තානඤ‍්ච භවානං අත්‍ථාය, සස‍්සතුච‍්ඡෙදාය වා.

තඤ්චාහං අභිනන්‍දාමි යනු උක්තප්‍රකාර වූ ශාන්තිය වූ නිවන බබුළුවන ඔබලාගේ ඒ වචන මම ප්‍රාර්ථනා කරමි යනුයි. නැතහොත් ඒ ශාන්ත වූ උතුම් වූ නිවනෙහි සතුටුවෙමියි ධොතක කියයි. උද්ධං අධො තිරියං වාපි මජ්ඣෙ යනු මෙහි උද්ධං යනු අනාගතයේ ද මත්තෙහි ද යනුයි. අධො යනු අතීතය ද යට ද යනුයි. තිරියං වාපි මජ්ඣෙ යනු වර්තමානය ද හාත්පස ද යනුයි. එතං විදිත්‍වා සංගො යනු මේ අනාගත ආදී කෙලෙස් ඇතිවන ස්ථානය දැන ගනුයි. භවාභවාය යනු කුඩා වූ ද මහත් වූ ද භවයන්ගේ අර්ථය පිණිසයි. නැතහොත් ශාස්වත උච්ඡේද දෙක පිණිසය.

අරියසච‍්චානන‍්ති අරියභාවකරානං සච‍්චානං. අනනුබොධාති අබුජ‍්ඣනෙන අජානනෙන. අප‍්පටිවෙධාති අප‍්පටිවිජ‍්ඣනෙන. සන්‍ධාවිතන‍්ති භවතො භවස‍්ස ගමනෙන සන්‍ධාවිතං. සංසරිතන‍්ති පුනප‍්පුනං ගමනවසෙන සංසරිතං. මමඤ‍්චෙව තුම‍්හාකඤ‍්චාති මයා චෙව තුම‍්හෙහි ච. අථ වා සන්‍ධාවිතං සංසරිතන‍්ති සන්‍ධාවනං සංසරණං මමඤ‍්චෙව තුම‍්හාකඤ‍්ච අහොසීති අත්‍ථො. භවනෙත‍්තීති භවාභවං නයනසමත්‍ථා තණ‍්හාරජ‍්ජු. සංසිතන‍්ති සංසරිතං. සමූහතාති සුට‍්ඨු හතා ඡින‍්නා අප‍්පවත‍්තිකතා.

අරියසච්චානං යනු ආර්යභාවය ඇතිකරන සත්‍යයන්ගේ ය. අනනුබොධා යනු අවබෝධ නොකිරීමෙන් නො දැනීමෙන් යනුයි. අප්පටිවෙධා යනු නොදැනීමෙන් යනුයි. සන්‍ධාවිතං යනු භවයෙන් භවයට යාමෙන් සැරිසරන ලද යනුයි. සංසරිතං යනු නැවත නැවත යාම් වශයෙන් හැසිරෙන ලද යනුයි. මමඤ්චෙව තුම්හාකඤ්ච යනු මා විසින් ද ඔබලා විසින් ද යනුයි. එසේ නැතහොත් සන්‍ධාවිතං සංසරිතං යනු සැරිසැරීම හා හැසිරීමයි. මාගේ ද ඔබලාගේ ද (එය) විය යන අර්ථයයි. භවනෙත්ති යනු භවයෙන් භවයට පැමිණවීමට සමත් තෘෂ්ණා රැහැනයි. සංසිතං යනු හැසිරෙන ලද යනුයි. සමූහතා යනු මනාව නසන ලදී. සිඳින ලදී. නොපවතින බවට පත් කරන ලදී යනුයි.

සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චාති පච‍්චයෙහි සඞ‍්ඛරීයන‍්තීති “සඞ‍්ඛාරා”ති ලද‍්ධනාමා පඤ‍්චක‍්ඛන්‍ධා. ආදිඅන‍්තවන‍්තතො අනිච‍්චන‍්තිකතො තාවකාලිකතො ඛණපරිත‍්තතො ච න නිච‍්චාති අනිච‍්චා. යදා පඤ‍්ඤාය පස‍්සතීති යදා විපස‍්සනාපඤ‍්ඤාය පස‍්සති. අථ ඉමස‍්මිං වට‍්ටදුක‍්ඛෙ නිබ‍්බින්‍දති, නිබ‍්බින්‍දන‍්තො දුක‍්ඛපරිජානනාදිවසෙන සච‍්චානි පටිවිජ‍්ඣති. එස මග‍්ගො විසුද‍්ධියාති ය‍්වායං වුත‍්තනයෙන සච‍්චප‍්පටිවෙධො, එස විසුද‍්ධත්‍ථාය මග‍්ගො. සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛාති සබ‍්බෙ සඞ‍්ඛාරා අභිණ‍්හසම‍්පටිපීළනට‍්ඨෙන ඛයට‍්ඨෙන ච දුක‍්ඛාති. සෙසං වුත‍්තනයමෙව. සබ‍්බෙ ධම‍්මා අනත‍්තාති සබ‍්බෙපි තෙභූමකධම‍්මා පරතො තුච‍්ඡතො සුඤ‍්ඤතො අසාරතො අවසවත‍්තනතො ච අනත‍්තාති. සෙසං පුරිමසදිසමෙව.

සබ්බෙ සංඛාරා අනිච්චා යනු ප්‍රත්‍යයන්ගෙන් සංස්කරණය කෙරේනුයි සංඛාරා නම් වෙතැයි ලබන ලද නම් ඇති පංචස්කන්ධයෝ ආදි කෙළවරක් ඇති බැවින් ද, අනිත්‍යය කෙළවර කොට ඇති බැවින් ද, තාවකාලික බැවින් ද මොහොතක් පාසා වෙනස් වන බැවින් ද නිත්‍ය නොවේ නුයි අනිච්ච නමි. යදා පඤ්ඤාය පස්සති යනු යම්විටෙක විදර්ශනා ප්‍රඥාවෙන් දකියි යනුයි. අනතුරුව මේ සසර දුකෙහි කලකිරෙයි. කලකිරෙනුයේ දුක දැනීම් ආදි වශයෙන් සත්‍යයන් අවබෝධ කරගනී. එසමග්ගො විසුද්ධියා යනු කියන ලද ක්‍රමයෙන් යම් මේ සත්‍යාවබෝධයක් වේද එය විශුද්ධිය පිණිස මාර්ගය වේ යනුයි. සබ්බෙ සංඛාරා දුක්ඛා යනු සියලු සංස්කාර නිරන්තර වූ පීළන අර්ථයෙන් ද ක්‍ෂයවීම් අර්ථයෙන් ද දුක්ඛ වේ යනුයි. සෙස්ස කියන ලද ක්‍රමයෙන් ම ය. සබ්බෙ ධම්මා අනත්තා යනු සියලු ත්‍රෛභූමික ධර්ම වෙනත් දෙයක් හෙයින් හිස් හෙයින් ශූන්‍ය හෙයින් අසාර හෙයින් වසඟයෙහි නොපවත්නා හෙයින් අනත්ත වේ යනුයි. සෙස්ස පළමුවැන්න හා සමාන ම ය.

සෙය්‍යොති විසිට‍්ඨො උත‍්තමො. සදිසොති සමානො. හීනොති ලාමකො. ඔමානොපි හි අත‍්තනො අවඞ‍්කරණමුඛෙනපි සංපග‍්ගණ‍්හනවසෙනෙව පවත‍්තති. තෙන වුත‍්තං “හීනොහමස‍්මී”ති. කිමඤ‍්ඤත්‍ර යථාභූතස‍්ස අදස‍්සනාති සරසපභඞ‍්ගුතාය එකන‍්තෙනෙව අනවට‍්ඨිතසභාවෙහි රූපධම‍්මෙහි සෙය්‍යාදිවසෙන අත‍්තනො උක‍්ඛිපනස‍්ස තෙසං යථාභූතං අදස‍්සනං අඤ‍්ඤාණං විනා කිං අඤ‍්ඤං කාරණං සියා, අඤ‍්ඤං කිඤ‍්චි කාරණං තස‍්ස නත්‍ථීති අත්‍ථො. වෙදනාදීසුපි එසෙව නයො. වුත‍්තවිපරියායෙන සුක‍්කපක‍්ඛො වෙදිතබ‍්බො.

සෙය්‍යො යනු විශිෂ්ට වූ උතුම් වූ යනුයි. සදිසො යනු සමාන වූ යනුයි. හීනො යනු ලාමක වූ යනුයි. ඔමානය ද (අනුන්ට පහත්තොට සැලකීම) තමා පිළිබඳ අවංකභාවය ඇතිකිරීම් මුඛයෙන් ද මනාව ග්‍රහණය කිරීම් වශයෙන් ම පවතී. එහෙයින් හීනමානො හමස්මි යනුවෙන් කියන ලදී. කිමඤ්ඤත්‍ර යථාභූතස්ස අදස්සනා යනු වහා කැඩෙනසුලු ඒකාන්තයෙන් ම නොපවත්නා ස්වභාව ඇති රූප ධර්මයන් හා සමාන ආදී වශයෙන් තමාගේ එසවීම කරන ඔවුන්ගේ යථාභූත ආකාරයෙන් නොදකින අඥානය හැර අන් කිසි කාරණයක් වන්නේද? ඔහුට අන්කිසි කරුණක් නැත යන අර්ථයයි. වේදනාදියෙහි ද මේ ක්‍රමය ම ය. කියන ලද වෙනසින් ශුක්ල පක්‍ෂය දතයුතුය.

යෙ අරියසච‍්චානි විභාවයන‍්තීති දුක‍්ඛාදීනි අරියසච‍්චානි පඤ‍්ඤාඔභාසෙන සච‍්චප‍්පටිච‍්ඡාදකකිලෙසන්‍ධකාරං විධමෙත්‍වා අත‍්තනො පකාසානි පාකටානි කරොන‍්ති. ගම‍්භීරපඤ‍්ඤෙනාති අප‍්පමෙය්‍යපඤ‍්ඤතාය සදෙවකස‍්සපි ලොකස‍්ස ඤාණෙන අලබ‍්භනෙය්‍යපතිට‍්ඨපඤ‍්ඤෙන සබ‍්බඤ‍්ඤුනාති වුත‍්තං හොති. සුදෙසිතානීති සඞ‍්ඛෙපවිත්‍ථාරාදීහි තෙහි තෙහි නයෙහි සුට‍්ඨු දෙසිතානි. කිඤ‍්චාපි තෙ හොන‍්ති භුසං පමත‍්තාති තෙ විභාවිතඅරියසච‍්චා පුග‍්ගලා කාමං දෙවරජ‍්ජචක‍්කවත‍්තිරජ‍්ජාදිපමාදට‍්ඨානං ආගම‍්ම භුසං පමත‍්තා හොන‍්ති, තථාපි සොතාපත‍්තිමග‍්ගඤාණෙන අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණස‍්ස නිරොධෙන ඨපෙත්‍වා සත‍්ත භවෙ අනමතග‍්ගෙ සංසාරෙ යෙ උප‍්පජ‍්ජෙය්‍යුං නාමඤ‍්ච රූපඤ‍්ච, තෙසං නිරුද‍්ධත‍්තා න අට‍්ඨමං භවං ආදියන‍්ති, සත‍්තමභවෙයෙව පන විපස‍්සනං ආරභිත්‍වා අරහත‍්තං පාපුණන‍්තීති අත්‍ථො.

යෙ අරියසච්චානි විභාවයන්ති යනු දුක්ඛාදී ආර්ය සත්‍ය ප්‍රඥා ලෝකයෙන් සත්‍යය වසා දමන කෙලෙස් අන්‍ධකාරය දුරුකොට තමාගේ ප්‍රකාශයන් ප්‍රකට කෙරෙත් යනුයි. ගම්භීර පඤ්ඤෙන යනු අප්‍රමාණ වූ ප්‍රඥා ඇති බැවින් දෙවියන් සහිත ලෝකයා විසින් ඥානයෙන් නොලැබිය හැකි පිහිටි ප්‍රඥා වූ සර්වඥතා ඥානයෙනැයි කියන ලද්දේ වෙයි. සුදෙසිතානි යනු සංක්‍ෂේප, විස්තර ආදී ඒ ඒ න්‍යායවලින් මනාව දෙසන ලද යනුයි. කිඤ්චාපිතෙ හොන්ති භුසප්පමත්තා යනු ඒ වඩන ලද ආර්ය සත්‍ය ඇති පුද්ගලයෝ ඒකාන්තයෙන් දෙව්රජකම, සක්විති රජකම ආදී ප්‍රමාද ස්ථානයකට පැමිණ වඩාත් පමා වෙත් යනුයි. එසේම සෝවාන් මාර්ග ඥානයෙන් අභිසංස්කාර විඥානයේ නිරෝධයෙන් භව සතක් හැර කෙළවරක් නැති සසරෙහි යමෙක් උපදිත් ද ඔවුන්ගේ නාමය ද රූපය ද නිරුද්ධ වූ බැවින් අටවෙනි භවයක් නොගනිත්. සත්වැනි භවයේදී ම විදර්ශනාව අරඹා අර්හත්වයට පැමිණෙයි යන අර්ථයයි.

යථින්‍දඛීලොති එත්‍ථ යථාති උපමාවචනං. ඉන්‍දඛීලොති නගරද‍්වාරථිරකරණත්‍ථං උම‍්මාරබ‍්භන‍්තරෙ අට‍්ඨ වා දස වා හත්‍ථෙ පථවිං ඛණිත්‍වා ආකොටිතස‍්ස සාරදාරුමයස‍්ස ථම‍්භස‍්සෙතං අධිවචනං. පථවිස‍්සිතො සියාති ගම‍්භීරනෙමිතාය අන‍්තො පවිසිත්‍වා භූමිනිස‍්සිතො සියා භවෙය්‍ය. චතුබ‍්භි වාතෙහීති චතූහි දිසාහි ආගතවාතෙහි. අසම‍්පකම‍්පියොති කම‍්පෙතුං වා චාලෙතුං වා අසක‍්කුණෙය්‍යො. තථූපමං…පෙ… පස‍්සතීති යො චත‍්තාරි අරියසච‍්චානි පඤ‍්ඤාය අජ‍්ඣොගාහෙත්‍වා පස‍්සති, තං සප‍්පුරිසං උත‍්තමපුරිසං තථා දස‍්සනතො සබ‍්බතිත්‍ථියවාදවාතෙහි අසම‍්පකම‍්පියතාය තථූපමං යථාවුත‍්තඉන්‍දඛීලූපමං වදාමීති අත්‍ථො.

යථින්‍දඛීලො යන මෙහි යථා යනු උපමා වචනයකි. ඉන්‍දඛීලො යනු නුවර දොර ස්ථිර කරනු පිණිස එළිපත අතර අට රියනක් හෝ දසරියනක් හෝ පොළව සාරා හිඳුවන ලද සාරවත් දැවමය ටැඹකට මෙය විශේෂ වචනයකි. පඨවිං සිතො සියා යනු ගැඹුරු නිම් ඇති බැවින් ඇතුළට පිවිස භූමිය ඇසුරු කරන ලද්දක් වන්නේය යන අර්ථයයි. චතුබ්භි වාතෙභි යනු සතර දෙසින් ආ සුළඟිනි. අසම්පකම්පියො යනු කම්පා කරන්නට හෝ සොලවන්නට හෝ නොහැකි වන්නේය. තථූපමං සප්පුරිසං වදාමි යො අරියසච්චානි අවෙච්ච පස්සති යනු යමෙක් චතුරාර්ය සත්‍යයන්ට ප්‍රඥාවෙන් බැසගෙන දකී ද ඒ උතුම් වූ සත්පුරුෂයා එසේ දක්නා හෙයින් සියලු තීර්ථක වාද නමැති සුළඟින් නොසෙල්විය හැකි බැවින් ඒ හා සමාන උපමා ඇත්තේය. කියන ලද පරිදි ඉන්‍ද්‍රඛීලයකට බඳු උපමා ඇතැයි කියමි යන අර්ථයයි.

සොතාපත‍්තියඞ‍්ගෙහීති අරියසොතාපජ‍්ජනස‍්ස අඞ‍්ගභූතෙහි. අරියසාවකොති අරියස‍්ස බුද‍්ධස‍්ස භගවතො සද‍්ධම‍්මස‍්සවනන‍්තෙ ජාතත‍්තා අරියසාවකො. ඛීණනිරයොම‍්හීති ඛීණනිරයො අම‍්හි. ඛීණාපායදුග‍්ගතිවිනිපාතොති ඉදං නිරයාදීනංයෙව වෙවචනවසෙන වුත‍්තං. නිරයාදයො හි වඩ‍්ඪිසඞ‍්ඛාතතො අයතො අපෙතත‍්තා අපායා. දුක‍්ඛස‍්ස ගති පටිසරණන‍්ති දුග‍්ගතියො. දුක‍්කටකාරිනො විවසා එත්‍ථ නිපතන‍්තීති විනිපාතා. සොතං අරියමග‍්ගං ආදිතො පත‍්තො අධිගතොති සොතාපන‍්නො. අකුප‍්පධම‍්මතාය මග‍්ගඵලානං පුථුජ‍්ජනභාවසඞ‍්ඛාතෙ විරූපෙ න නිපතනසභාවොති අවිනිපාතධම‍්මො. තතො එව ධම‍්මනියාමෙන නියතතාය නියතො. උපරිමග‍්ගත‍්තයසඞ‍්ඛාතා සම‍්බොධි අවස‍්සං පත‍්තබ‍්බතාය අස‍්ස පරං අයනං ගති පටිසරණන‍්ති සම‍්බොධිපරායණො.

සොතාපත්තියංගෙහි යනු ආර්ය ශ්‍රෝතයට පැමිණි පුද්ගලයාට අංග වූ යනුයි. අරියසාවකො යනු ආර්ය වූ භාග්‍යවත් බුදුරදුන්ගේ සද්ධර්ම ශ්‍රවණය කෙළවර හටගත් බැවින් ආර්ය ශ්‍රාවක වූ යනුයි. ඛීණනිරයොම්හි යනු ක්‍ෂය වූ නිරය ඇත්තේ වෙමි යනුයි. ඛීණාපාය දුග්ගති විනිපාතො යන මෙය නිරය ආදියේ පර්යාය වචන වශයෙන් කියන ලදී. නිරය ආදිය වනාහි වෘද්ධි සංඛ්‍යාත අයෙන් පහවූ බැවින් අපාය නම් වේ. දුක් සහගත ගතීන්ට පිහිටවන බැවින් දුග්ගති නම් වේ. දුෂ්කෘත කරන යන විශේෂයෙන් මෙහි වැටෙතනුයි විනිපාත නම් වේ. ශ්‍රෝතයට, ආර්ය මාර්ගයට මුලින් ම වැටුණේය. අවබෝධ කරන ලද්දේය යන අර්ථයෙන් සොතාපන්න නම් වේ. නොසෙල්වන ධර්ම ඇති බැවින් මාර්ගඵලයන්ගේ පෘථග්ජන භාව සංඛ්‍යාත වූ විරූපත්‍වයෙහි නොවැටෙන ස්වභාව ඇත්තේ අවිනිපාතධම්ම නම් වේ. ඒ ධර්ම නියාමයෙන් නියත වූ බැවින් නියත වේ. උපරි මාර්ග සංඛයාත වූ සම්බෝධියට අවශ්‍යයෙන් පැමිණිය යුතු බැවින් එහි පරතෙරට (කෙළවරට) යෑම ගතියයි. පිළිසරණයි යන අර්ථයෙන් පටිසරණ නම් වේ.

නිවිට‍්ඨාතිආදීනි පදානි අඤ‍්ඤමඤ‍්ඤවෙවචනානෙව. සහධම‍්මියාති සබ්‍රහ‍්මචාරිනො. අරියකන‍්තෙහීති අරියානං කන‍්තෙහි පියෙහි මනාපෙහි. පඤ‍්ච සීලානි හි අරියසාවකානං කන‍්තානි හොන‍්ති, භවන‍්තරෙපි අවිජහනතො. තානි සන්‍ධායෙතං වුත‍්තං. සබ‍්බොපි පනෙත්‍ථ සංවරො ලබ‍්භතියෙව. සොතාපන‍්නොහමස‍්මීති ඉදං දෙසනාසීසමෙව. සකදාගාමිආදයොපි “සකදාගාමීහමස‍්මී”තිආදිනා නයෙන බ්‍යාකරොන‍්තියෙව. යතො සබ‍්බෙසම‍්පි සික‍්ඛාපදාවිරොධෙන යුත‍්තට‍්ඨානෙ බ්‍යාකරණං අනුඤ‍්ඤාතමෙවාති.

නිවිට්ඨා ආදී පදයන් අන්‍යොන්‍ය පර්යාය වචනයන් ම ය. සහධම්මියා යනු සබ්‍රහ්මචාරීහු ය. අරිය කන්තෙහි යනු ආර්යයන්ට රුචි වූ ප්‍රිය වූ මනාප වූ එයින් යනුයි. පංච ශීලය ආර්යයන්ට රුචි වෙයි. භවාන්තරයෙහි ද අත්නොහරින හෙයින් ඒවා සඳහා මෙය කියන ලදි. මෙහිදී සියලුම සංවරය ලැබේ ම ය. සොතාපන්නො හමස්මි යන මෙය දේශනා ශීර්ෂය ම ය. සකෘදාගාමී ආදියද සකෘදාගාමි වෙමි ආදී ක්‍රමයෙන් ප්‍රකාශ කෙරෙත් ම ය. යම්හෙයකින් සියල්ලේ ම ශික්‍ෂාපද විරෝධයෙන් සුදුසු තැන ව්‍යාකරණය අනුදන්නා ලද්දේ ම ය.

යස‍්සින්‍ද්‍රියානීති යස‍්ස අරියපුග‍්ගලස‍්ස සද‍්ධාදීනි ඉන්‍ද්‍රියානි. සුභාවිතානීති අරියමග‍්ගභාවනාවසෙන සුට‍්ඨු භාවිතානි. අජ‍්ඣත‍්තං බහිද‍්ධා චාති ඔරම‍්භාගියානං උද‍්ධම‍්භාගියානඤ‍්ච සංයොජනානං පජහනවසෙන. තෙනාහ “සබ‍්බලොකෙ”ති. නිබ‍්බිජ‍්ඣාති නිබ‍්බිජ‍්ඣිත්‍වා පටිවිජ‍්ඣිත්‍වා.

යස්සින්‍ද්‍රියානි යනු යම් ආර්ය පුද්ගලයෙකුගේ ශ්‍රද්ධා ආදී ඉන්‍ද්‍රියයන් ය. සුභාවිතානි යනු ආර්ය මාර්ගය වැඩීම් වශයෙන් මනාව භාවිතා කරන ලද යනුයි. අජ්ඣත්තං බහිද්ධාච යනු ඕරම්භාගිය හා උද්ධම්භාගිය සංයෝජනයන් ඉවත් කිරීම් වශයෙනි. එහෙයින් සබ්බලොකෙ යි කියන ලදී. නිබ්බිජ්ඣ යනු කලකිරී, අවබෝධ කොට යනුයි.

ධම‍්මපදානීති ධම‍්මකොට‍්ඨාසානි. අනභිජ‍්ඣා ධම‍්මපදං නාම අලොභො වා අලොභසීසෙන අධිගතඣානවිපස‍්සනාමග‍්ගඵලනිබ‍්බානානි වා දසඅසුභවසෙන වා අධිගතඣානාදීනි අනභිජ‍්ඣා ධම‍්මපදං. චතුබ්‍රහ‍්මවිහාරවසෙන අධිගතානි අබ්‍යාපාදො ධම‍්මපදං. දසානුස‍්සතිආහාරෙපටික‍්කූලසඤ‍්ඤාවසෙන අධිගතානි සම‍්මාසති ධම‍්මපදං. දසකසිණආනාපානවසෙන අධිගතානි සම‍්මාසමාධි ධම‍්මපදං.

ධම්මපදානි යනු දහම් කොටස් ය. අනභිධ්‍යා ධර්ම පදනම් අලෝභය හෝ අලෝභ ශීර්ෂයෙන් ලබන ලද ධ්‍යාන, විදර්ශනා, මාර්ගඵල, නිර්වාණ ආදිය හෝ දස අසුභ වශයෙන් ලබන ලද ධ්‍යානාදිය හෝ අනභිජ්ඣා ධම්මපද නමි. සතර බ්‍රහ්ම විවරණ වශයෙන් ලබන ලද්දේ අබ්‍යාපාද ධම්මපදයයි. දස අනුස්සති, ආහාරයෙහි පටික්කූල සංඥාව වශයෙන් ලබන ලද්දේ සම්මා සති ධම්මපදයයි. දස කසිණ ආනාපාන වශයෙන් ලබන ලද්දේ සම්මා සමාධි ධම්මපදයයි.

පඤ‍්ච ඡින්‍දෙති හෙට‍්ඨා අපායුපපත‍්තිසංවත‍්තනිකානි පඤ‍්ච ඔරම‍්භාගියසංයොජනානි පාදෙ බද‍්ධරජ‍්ජුං විය පුරිසො සත්‍ථෙන හෙට‍්ඨා මග‍්ගත‍්තයෙන ඡින්‍දෙය්‍ය. පඤ‍්ච ජහෙති උපරිදෙවලොකසම‍්පාපකානි පඤ‍්ච උද‍්ධම‍්භාගියසංයොජනානි පුරිසො ගීවාය බද‍්ධරජ‍්ජුං විය අරහත‍්තමග‍්ගෙන ජහෙය්‍ය ඡින්‍දෙය්‍යෙවාති අත්‍ථො. පඤ‍්ච චුත‍්තරි භාවයෙති උද‍්ධම‍්භාගියසංයොජනානං පහානත්‍ථාය සද‍්ධාදීනි පඤ‍්චින්‍ද්‍රියානි උත‍්තරි භාවෙය්‍ය. පඤ‍්ච සඞ‍්ගාතිගොති එවං සන‍්තෙ පඤ‍්චන‍්නං රාගදොසමොහමානදිට‍්ඨිසඞ‍්ගානං අතික‍්කමනෙන පඤ‍්චසඞ‍්ගාතිගො හුත්‍වා භික‍්ඛු “ඔඝතිණ‍්ණො”ති වුච‍්චති, නිත‍්තිණ‍්ණචතුරොඝොති වුච‍්චතීති අත්‍ථො.

පඤ්ච ඡින්‍දෙ යනු යටින් ආපායෙහි ඉපදීම පිණිස පවතින පංච ඕරම්භාගිය සංයේාජනයන් පුරුෂයෙක් පාදයෙහි බඳින ලද රැහැන ආයුධයකින් සිඳින්නාක් මෙන් යට කියන ලද මාර්ග තුනෙන් සිඳ දමන්නේය යනුයි. පංචජහෙ මත්තෙහි දෙව්ලොවට පමුණුවන පංච උද්ධම්භාගිය සංයෝජනයන් පුරුෂයෙක් බෙල්ලෙහි බඳින ලද රැහැනක් (සිඳින්නාක් මෙන්) අර්හත් මාර්ගයෙන් අත්හරින්නේය. සිඳින්නේය යන අර්ථයමැයි. පංචචුත්තරි භාවයෙ යනු උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය කරනු පිණිස ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රිය මත්තෙහි වර්ධනය කරන්නේය යනුයි. පංචසංගොතිගො යනු මෙසේ ඇතිකල්හි පස්වැදෑරුම් රාග, දෝෂ, මෝහ, මාන, දිට්ඨි යන සංගයන්ගේ ඉක්මවීමෙන් පංච සංගයන් ඉක්මවූවෙක් වී යනුයි. (එනම්) භික්‍ෂුවයි. ඔඝතිණ්ණොති වුච්චති තරණය කරන ලද සතරඕඝය ඇත්තෙක් යන අර්ථයයි.

අනඤ‍්ඤාතං අප‍්පටිවිද‍්ධං චතුසච‍්චධම‍්මං, අමතපදංයෙව වා ඤස‍්සාමි ජානිස‍්සාමීති පටිපන‍්නස‍්ස පඨමමග‍්ගට‍්ඨස‍්ස ඉන්‍ද්‍රියන‍්ති අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං. පඨමමග‍්ගඤාණඤ‍්හි තංපුබ‍්බභාගවසෙන එවං වුත‍්තං. ආජානාති පඨමමග‍්ගෙන ඤාතමරියාදං අනතික‍්කමිත්‍වා ජානාතීති අඤ‍්ඤො, තස‍්ස ඉන්‍ද්‍රියන‍්ති අඤ‍්ඤින්‍ද්‍රියං, හෙට‍්ඨා තීසු ඵලෙසු, උපරි තීසු මග‍්ගෙසු ච ඤාණස‍්සෙතං අධිවචනං. අඤ‍්ඤාතාවිනො චතූසු සච‍්චෙසු නිට‍්ඨිතකිච‍්චස‍්ස අරහතො ඉන්‍ද්‍රියන‍්ති අඤ‍්ඤාතාවින්‍ද්‍රියං, අග‍්ගඵලඤාණස‍්සෙතං අධිවචනං. අනභිසමෙතස‍්සාති අප‍්පටිවිද‍්ධස‍්ස. අභිසමයායාති පටිවෙධාය.

නොදන්නා ලද අවබෝධ නොකරන ලද චතුසත්‍ය ධර්මය හෝ අමෘත පදය හෝ දනිමියි පිළිපන්නහුගේ පළමු මාර්ගයේ වූ ඉන්‍ද්‍රිය අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නම් වේ. පළමු මාර්ග ඤාණය ම ය. ඊට පූර්වභාග වශයෙන් මෙසේ කියන ලදි. පළමු මාර්ග ඥානයෙන් දැනගනී, දන්නා ලද සීමාව නොඉක්මවා දන්නේනුයි අඤ්ඤො නම් වේ. එහි ඉන්‍ද්‍රිය යන අර්ථයෙන් අඤ්ඤාන්‍ද්‍රිය නම් වේ. යටින් ඵල තුනෙහි ද උඩින් මාර්ග තුනෙහි ද ඤාණයට මෙය වෙනත් වචනයකි. චතුසත්‍යයන්හි නිමවන ලද කටයුතු ඇති දන්නා වූ අරහතුන්ගේ ඉන්‍ද්‍රිය අඤ්ඤාතාවින්‍ද්‍රිය නම් වේ. මෙය අග්‍රඵල ඥානයට අධිවචනයකි. අනභිසමෙතස්ස යනු අවබෝධ නොකළ තැනැත්තාට ය. අභිසමයාය යනු අවබෝධ කළ තැනැත්තාට ය.

බාලලක‍්ඛණානීති බාලස‍්ස උපලක‍්ඛණකාරණානි. බාලනිමිත‍්තානීති “බාලො අය”න‍්ති ගහෙතුං නිමිත‍්තානි කාරණානි. බාලාපදානානීති බාලස‍්ස පොරාණානි විරුළ‍්හානි කම‍්මානි. “දුච‍්චින‍්තිතචින‍්තී”තිආදීසු දුච‍්චින‍්තිතං අභිජ‍්ඣං බ්‍යාපාදං මිච‍්ඡාදස‍්සනඤ‍්ච චින‍්තෙතීති දුච‍්චින‍්තිතචින‍්තී. දුබ‍්භාසිතං මුසාවාදාදිං භාසතීති දුබ‍්භාසිතභාසී. දුක‍්කටං පාණාතිපාතාදිකම‍්මං කරොතීති දුක‍්කටකම‍්මකාරී. වුත‍්තවිපරියායෙන සුක‍්කපක‍්ඛො වෙදිතබ‍්බො.

බාල ලක්ඛණානි යනු බාලයාගේ ඇති ලක්‍ෂණවලට හේතූන් ය. බාලනිමිත්තානි යනු මොහු බාලයෙකියි ගන්නට හේතවූ කරුණු ය. බාලාපදානානි යනු බාලයාගේ පැරණි, වැඩුණු කරුණු ය. දුච්චින්තිත චිත්ති යනාදියෙහි නොසිතිය යුතු අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදර්ශනය සිතානුයි දුච්චින්තිත චින්තී නම් වේ. බොරුකීම ආදී දුර්භාෂිත කියානුයි දුබ්භාසිතභාසී නම් වේ. නොකළ යුතු පරපණ නැසීම ආදී කටයුතු කෙරේනුයි දුක්කටකම්මකාරී නමි. කියන ලද ක්‍රමයෙන් ශුක්ලපක්‍ෂය දතයුතුයි.

භිය්‍යොති උපරූපරි. පකුජ‍්ඣෙය්‍යුන‍්ති විරුජ‍්ඣෙය්‍යුං. “පකුප‍්පෙය්‍යු”න‍්තිපි පාඨො. භුසෙනාති දළ‍්හෙන. දණ‍්ඩෙනාති දණ‍්ඩදානෙන. ධීරොති පණ‍්ඩිතො සප‍්පඤ‍්ඤජාතිකො. නිසෙධයෙති පටිබාහෙය්‍ය. පුන කිඤ‍්චි කාතුං වත‍්තුං වා අසමත්‍ථං කරෙය්‍යාති අත්‍ථො.

භිය්‍යො යනු මතුමත්තෙහි ය. පකුජ්ඣෙය්‍යුං යනු විරුද්ධ වන්නාහ යනුයි. පකුප්පෙය්‍යුං යයි ද පාඨයක් වේ. භුසෙන යනු දැඩිසේ යනුයි. දණ්ඩෙන යනු දඬුවමින් ය. ධීරො යනු පණ්ඩිත වූ ප්‍රඥා සසහිත තැනැත්තා ය. නිසෙධයෙ යනු වළක්වන්නේය යනුයි. නැවත කිසිවක් කරන්නට හෝ කියන්නට හෝ අසමත් කරන්නේය යන අර්ථයයි.

පරන‍්ති පච‍්චත්‍ථිකං. යො සතො උපසම‍්මතීති යො සතිමා හුත්‍වා උපසම‍්මති, තස‍්ස උපසමංයෙවාහං බාලස‍්ස පටිසෙධනං මඤ‍්ඤාමීති අත්‍ථො.

පරං යනු ප්‍රතිවිරුද්ධයායි. යො සතො උපසම්මති යනු යමෙක් සිහි ඇත්තෙකු වී සන්සිඳෙයි යනුයි. මම ඒ බාලයාගේ සන්සිඳීම ම වැළකීමයැයි සිතමි යන අර්ථයයි.

වජ‍්ජන‍්ති දොසං. යදා නං මඤ‍්ඤතීති යස‍්මා නං මඤ‍්ඤති. අජ‍්ඣාරුහතීති අජ‍්ඣොත්‍ථරති. ගොව භිය්‍යො පලායිනන‍්ති යථා ගොයූථෙ තාවදෙව ද‍්වෙ ගාවො යුජ‍්ඣන‍්තෙ ගොගණො ඔලොකෙන‍්තො තිට‍්ඨති යාව න එකො පලායති, යදා පන පලායති, අථ තං පලායීනං සබ‍්බො ගොගණො භිය්‍යො අජ‍්ඣොත්‍ථරති, එවං දුම‍්මෙධො ඛමන‍්තං භිය්‍යො අජ‍්ඣොත්‍ථරතීති අත්‍ථො.

වජ්ජං යනු දෝෂයයි. යදා නං මඤ්ඤති යනු යම්හෙයකින් ඔහු සිතයි යනුයි. අජ්ඣාරූහති යනු මඩියි යනුයි. ගෝව භීය්‍යෝ පලායිනං යනු යම්සේ ගවරැළක ගවයන් දෙදෙනෙක් යුද කරන කල්හි එක් ගවයකු හෝ යම්තාක් පලා නොයා ද ඒතාක් ගව සමූහයා බලා සිටියි. යම්විටෙක පලායේ ද එවිට පලායන ඔහුව සියලු ගව සමූහයා විසින් වටකරගෙන මැඩලයි ද මෙසේම බියසුළු මෝඩයා කමා කරන්නාව බොහෝසෙයින් මඩියි යන අර්ථයයි.

සදත්‍ථපරමාති සකත්‍ථපරමා. ඛන‍්ත්‍යා භිය්‍යො න විජ‍්ජතීති තෙසු සකත්‍ථපරමෙසු අත්‍ථෙසු ඛන‍්තිතො උත‍්තරිතරො අඤ‍්ඤො අත්‍ථො න විජ‍්ජති. තමාහු පරමං ඛන‍්තින‍්ති යො බලවා තිතික‍්ඛති, තස‍්ස තං ඛන‍්තිං පරමං ආහු. බාලබලං නාම අඤ‍්ඤාණබලං. තං යස‍්ස බලං, අබලමෙව තං, න තං බලන‍්ති ආහු කථෙන‍්ති දීපෙන‍්ති. ධම‍්මගුත‍්තස‍්සාති ධම‍්මෙන රක‍්ඛිතස‍්ස ධම‍්මං වා රක‍්ඛන‍්තස‍්ස. පටිවත‍්තාති පටිප‍්ඵරිත්‍වා වත‍්තා, පටිප‍්පරිත්‍වා වා යං වා තං වා වදෙය්‍යාසි. ධම‍්මට‍්ඨං පන චාලෙතුං සමත්‍ථො නාම නත්‍ථි. තස‍්සෙව තෙන පාපියොති තෙන කොධෙන තස‍්සෙව පුග‍්ගලස‍්ස පාපං හොති. කතරස‍්සාති ? යො කුද‍්ධං පටිකුජ‍්ඣති, තස‍්ස. තත්‍ථ කුද‍්ධන‍්ති සම‍්පදානෙ උපයොගවචනං, කුද‍්ධස‍්සාති අත්‍ථො. තිකිච‍්ඡන‍්තානන‍්ති එකවචනෙ බහුවචනං, තිකිච‍්ඡන‍්තන‍්ති අත්‍ථො. ජනා මඤ‍්ඤන‍්තීති එවරූපං අත‍්තනො ච පරස‍්ස චාති උභින‍්නං අත්‍ථං තිකිච‍්ඡන‍්තං නිප‍්ඵාදෙන‍්තං පුග‍්ගලං “බාලො අය”න‍්ති අන්‍ධබාලපුථුජ‍්ජනා එවං මඤ‍්ඤන‍්ති. යෙ ධම‍්මස‍්ස අකොවිදාති යෙ චතුසච‍්චධම‍්මෙ අකොවිදා අච‍්ඡෙකා, තෙ එවං මඤ‍්ඤන‍්තීති අත්‍ථො.

සදත්‍ථපරමා යනු ස්වකීය අර්ථයෙහි දක්‍ෂ යනුයි. ඛන්ත්‍යා භිය්‍යො න විජ්ජති යනු ඒ සකත්‍ථපරම (තමාට වැඩදායක උතුම් වූ) අර්ථයන් අතුරෙන් ක්‍ෂාන්තියට වඩා උසස් වූ වෙනත් අර්ථයක් නැත යනුයි. තමාහු පරමං ඛන්තිං යනු යම් බලවත් තැනැත්තෙක් ඉවසා ද ඔහුගේ ඒ ඉවසීම උතුම් යැයි කියයි යනුයි. බලාබලං නම් අඥාන බලයයි. යමෙකුගේ ඒ බලය බලයක් නොවේ ද එය බලයක් නොවේ යැයි කියත්. ප්‍රකාශ කරත්. දීපනය කරත්. ධම්ම ගුත්තස්ස යනු ධර්මයෙන් රක්නා ලද්දහුට හෝ ධර්මය රකින්නාට ය. පටිවත්තා යනු ආපසු හැරී කියන්නාය. ආපසු හැරී යම්කිසිවක් හෝ කියන්නේය යනුයි. ධර්මයෙහි සිටි තැනැත්තාව සොලවන්නට සමතෙක් නම් නැත. තස්සෙව තෙන පාපියො යනු ඒ ක්‍රෝධය කරණ කොටගෙන ඒ පුද්ගලයාට ම පාපයක් වෙයි යනුයි. කවරෙකුට ද? යමෙක් කිපුණු තැනැත්තෙකුට පෙරළා කිපේ ද ඔහුට ය. එහි කුද්ධං යනු චතුර්ථි විභක්තියෙහි ද්විතීයා විභක්ති වචනයකි. කුපුණාහුට යන අර්ථයයි. තිකිච්ඡන්තානං යනු ඒකවචනයෙහි බහුවචනයකි. පිළියම් කරන්නාට යන අර්ථයයි. ජනා මඤ්ඤන්ති යනු මෙසේ තමාගේ ද අනුන්ගේ ද යන දෙපිරිසේ ම අර්ථය සුවපත් කරන නිපදවන පුද්ගලයාව මොහු බාලයෙකැයි අන්‍ධබාල පෘථග්ජනයෝ කල්පනා කරත් යනුයි. යෙ ධම්මස්ස අකොවිදා යනු යමෙක් චතුසත්‍ය ධර්මයෙහි අදක්‍ෂ වේ ද අසමර්ථ වේ ද ඔවුහු මෙසේ කල්පනා කරත් යන අර්ථයයි.

පත‍්තන‍්ති අධිගතං එතරහි අනුභුය්‍යමානං කාමූපකරණං පත‍්තබ‍්බන‍්ති තදෙව අනාගතෙ අධිගන‍්තබ‍්බං අනුභවිතබ‍්බං, උභයමෙතං රජානුකිණ‍්ණන‍්ති තදුභයම‍්පි රාගරජාදීහි අවකිණ‍්ණං . ආතුරස‍්සාති රාගාදිකිලෙසාතුරස‍්ස. අනුසික‍්ඛතොති කිලෙසබහුලපුග‍්ගලෙ අනුසික‍්ඛතො. යෙ ච සික‍්ඛාසාරාති යෙ යථාසමාදින‍්නං සීලවතාදිසඞ‍්ඛාතං සික‍්ඛං සාරතො ගහෙත්‍වා ඨිතා. තෙනාහ – “සීලං වතං ජීවිතං බ්‍රහ‍්මචරිය”න‍්ති. තත්‍ථ යං “න කරොමී”ති ඔරමති, තං සීලං. යං වෙසභොජනකිච‍්චචරණාදි, තං වතං. ජීවිතන‍්ති ආජීවො. බ්‍රහ‍්මචරියන‍්ති මෙථුනවිරති. උපට‍්ඨානසාරාති එතෙසං සීලාදීනං අනුට‍්ඨානසාරා. එතෙහි එව සංසාරසුද‍්ධීති තානි සාරතො ගහෙත්‍වා ඨිතාති අත්‍ථො.

පත්තං යනු පැමිණෙන ලද යනුයි. දැන් විඳිනු ලබන කාම උපකරණයයි. පත්තබ්බං යනු එයම අනාගතයේ දී අවබෝධ කළ යුතුයි. අනුභව කළ යුතුයි යනුයි. උභයමෙතං රජානුකිණ්ණං යනු ඒ දෙකම රාග ආදී දූවිලිවලින් ගැවසුණේය යනුයි. ආතුරස්ස යනු රාගාදි කෙලෙස්වලින් ලෙඩ වූ යනුයි. අනුසික්ඛතො යනු කෙලෙස් බහුල පුද්ගලයන් හික්මවන හෙයින් යනුයි. යෙ ච සික්ඛාසාරා යනු යමෙක් යම්සේ අල්ලාගත් සිල්වත් භාව සංඛ්‍යාත ශික්‍ෂාව සාර ලෙස ගෙන සිටියාහු ද ඔවුහු ය. එහෙයින් සීලං වතං ජීවිතං බ්‍රහ්මචරියං යි කියන ලදි. එහි යමක් නොකරමියි වැළකේ ද එය සීලයයි. වෙස්ගැනීම, බොජුන් ගැනීම, කටයුතු කිරීම හැසිරීම ආදී යමක් වේ ද එය ව්‍රතයයි. ජීවිත යනු ආජීවයයි. බ්‍රහ්මචරිය යනු මෛථුනයෙන් වෙන්වීමයි. උපට්ඨානසාරා යනු මේ සීල ආදියේ නොනැගිටින සුළු යනුයි. මේවායින් ම සංසාර ශුද්ධිය වේ. ඒවා සාර වශයෙන් ගෙන සිටී යන අර්ථයයි.

ඉච‍්චෙතෙ උභො අන‍්තාති ඉති සීලබ‍්බතපරාමාසමුඛෙන අත‍්තකිලමථානුයොගො, කාමෙසු අනවජ‍්ජසඤ‍්ඤිතාමුඛෙන කාමසුඛල‍්ලිකානුයොගො චාති එතෙ උභො අන‍්තා. තෙ ච ඛො යථාක‍්කමං ආයතිං පත‍්තබ‍්බෙ, එතරහි පත‍්තෙ ච රාගරජාදිඔකිණ‍්ණෙ කාමගුණෙ අල‍්ලීනෙහි කිලෙසාතුරානං අනුසික‍්ඛන‍්තෙහි, සයඤ‍්ච කිලෙසාතුරෙහෙව පටිපජ‍්ජිතබ‍්බා, තතො එව ච තෙ කටසිවඩ‍්ඪනා අපරාපරං ජරාමරණෙහි සිවථිකාය වඩ‍්ඪනසීලා එකන‍්තෙනෙව කටසිං වඩ‍්ඪෙන‍්ති, සයං වඩ‍්ඪන‍්තා පරෙ ච අන‍්තද‍්වයෙ සමාදපෙන‍්තා වඩ‍්ඪාපෙන‍්ති චාති අත්‍ථො.

ඉච්චෙතෙ උභො අන්තා යනු මෙසේ ශීල ව්‍රතයන් ස්පර්ශ කිරීම් මුඛයෙන් අත්තකිලමථානුයෝගය ද කාමයන්හි නිවැරදි හැඟීම් ස්වරූපයෙන් කාම සුඛල්ලිකානුයෝගය ද යන මේ අන්ත දෙකයි. ඒවා ද පිළිවෙලින් මත්තෙහි පැමිණිය යුතු හා දැන් පැමිණි රාග දුහුවිලි ආදී ගැවසී ගත් කාමගුණයන්හි ඇලුණු කෙලෙස්වලින් ලෙඩ වූවන් අනුව හික්මෙන්නවුන් විසින් කෙලෙස්වලින් ලෙඩ වූවන් සමගම පිළිපැදිය යුතුය. එයින් ද ඒවා සොහොනේ වැඩේ. මතුමත්තෙහි ජරාමරණවලින් සොහොනෙහි වැඩෙනසුළුව ඒකාන්තයෙන් ම සොහොනේ වැඩෙත්. තෙමේ වැඩෙන්නේ අනුන් ද අන්ත දෙකෙහි සමාදන් කරවන්නාහු වර්ධනය කරවන්නාහු යන අර්ථයයි.

උභො අන‍්තෙ අනභිඤ‍්ඤායාති යථාවුත‍්තෙ උභො අන‍්තෙ අජානිත්‍වා. ඔලීයන‍්ති එකෙති “සස‍්සතො අත‍්තා ච ලොකො චා”ති ඔලීයනතණ‍්හාභිනිවෙසවසෙන අවලීයන‍්ති එකච‍්චෙ. අතිධාවන‍්ති එකෙති එකච‍්චෙ – “උච‍්ඡිජ‍්ජති විනස‍්සති අත‍්තා ච ලොකො චා”ති අතිධාවනාභිනිවෙසවසෙන අතික‍්කමන‍්ති.

උභො අන්තෙ අනභිඤ්ඤාය යනු පෙර කියන ලද අන්ත දෙක නොදැන යනුයි. ඔලීයන්ති එකෙ යනු ආත්මය ද ලෝකය ද ශාස්වතය යැයි බැසගන්නා තෘෂ්ණාවට බැසගැනීම් වශයෙන් ඇතැමෙක් එල්බෙත් යනුයි. අතිධාවන්ති එකෙ යනු ඇතැමෙක් ආත්මයද ලෝකය ද සිඳෙයි. නැසෙයි යැයි අතිධාවන අභිනිවේශ වශයෙන් ඉක්මවත් යනුයි.

න අමඤ‍්ඤිංසු තෙසඤ‍්ච තණ‍්හාදිමඤ‍්ඤනානං පහීනත‍්තා. තතො එව අනුපාදාපරිනිබ‍්බානතො තිවිධම‍්පි වට‍්ටං තෙසං පඤ‍්ඤාපනාය නත්‍ථීති.

ඒ තණ්හා ආදී මඤ්ඤනාවන් ප්‍රහීණ වූ හෙයින් කල්පනා නොකළහ. එහෙයින්ම අනුපාදා පරිනිර්වාණයෙන් ත්‍රිවිධ වූ දුක ඒවායේ පැනවීමෙන් නැතිවේ.

ජඤ‍්ඤාති ජානෙය්‍ය. සංයුජෙති සංයොජෙය්‍ය. මානුසන‍්ති මනුස‍්සානං ඉදන‍්ති මානුසං, මනුස‍්සභවපරියාපන‍්නං. කිඤ‍්හි තස‍්ස සකං හොතීති තස‍්ස මච‍්චුමුඛං පවිසන‍්තස‍්ස සත‍්තස‍්ස කිං අඤ‍්ඤං සකං නාම අඤ‍්ඤත්‍ර කල්‍යාණකම‍්මතො. කම‍්මස‍්සකා හි සත‍්තා. තෙනාහ – “තස‍්මා කරෙය්‍ය කල්‍යාණ”න‍්තිආදි. තත්‍ථ සම‍්පරායිකන‍්ති සම‍්පරායඵලනිබ‍්බත‍්තකං.

ජඤ්ඤා යනු දන්නේය යනුයි. සංයුජෙ යනු එකතු කරන්නේය යනුයි. මානුසං යන තැන මෙය මිනිසුන්ට ඇත්තේනුයි මානුස නම් වේ. මනුෂ්‍ය භවයට අයත් වූ යනුයි. කිඤ්ච තස්ස සකං හොති යනු මාර මුඛයට පිවිසෙන ඒ සත්ත්වයාට යහපත් ක්‍රියාවෙන් අන්‍ය වූ අන් කිසිවක් ස්වකීය නම් වේ ද යනුයි. සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ. එහෙයින් තස්මා කරෙය්‍ය කල්‍යාණං යනාදිය කියන ලදී. එහි සම්පරායිකං යනු පරලොව ප්‍රතිඵල උපදවන යනුයි.

ඉමෙ ධම‍්මාති ඉමෙ කුසලා වා අකුසලා වා ධම‍්මා. එවංගහිතාති එවං සමාදින‍්නා උප‍්පාදිතා. ඉදං ඵලන‍්ති ඉදං ඉට‍්ඨවිපාකං අනිට‍්ඨවිපාකඤ‍්ච ඵලං. අයමත්‍ථොති අයං වුඩ‍්ඪි, අයං හානීති අත්‍ථො. අඤ‍්ඤම‍්පි එවංජාතියන‍්ති එකංසබ්‍යාකරණීයං වදති.

ඉමෙ ධම්මා යනු මේ කුසල හෝ අකුසල ධර්මයන් ය. එවං ගහිතා යනු මෙසේ ගන්නා ලද උපදවන ලද යනුයි. ඉදං ඵලං යනු මේ ඉෂ්ට විපාක ඵලයයි. අනිෂ්ට විපාක ඵලය යනුයි. අයං අත්‍ථො යනු මෙය වෘද්ධියයි. මෙය හානියයි යන අර්ථයයි. අඤ්ඤම්පි එවං ජාතිකං යනුවෙන් ඒකංස ව්‍යාකරණීය ප්‍රශ්නයක් ප්‍රකාශ කෙරෙයි.

ආකඞ‍්ඛතො න ජානෙය්‍යුන‍්ති තත්‍ථ යෙන හෙතුනා භගවතො යා ආකඞ‍්ඛා, සා අඤ‍්ඤෙසං අවිසයොති ආහ – “කින‍්තං භගවා ආකඞ‍්ඛතීති. ඉදං අවිසජ‍්ජනීය”න‍්ති.

ආකංඛතො න ජානෙය්‍යුං යනු ය්ම හේතුවක් කරණ කොටගෙන භාග්‍යවතුන් වහන්සේගේ යම් කැමැත්ක් වේ ද එය අනෙක් අයට විෂය නොවේ යනුයි. කිං තං භගවා ආකංඛති යි කියන ලදි. මෙය නොවිසඳිය යුත්තකි.

එත‍්තකොති එතපරිමාණො. සීලක‍්ඛන්‍ධෙති සීලක‍්ඛන්‍ධහෙතු. “සීලක‍්ඛන්‍ධෙනා”තිපි පාඨො. සෙසපදෙසුපි එසෙව නයො. ඉරියායන‍්ති කායවචීසමාචාරෙ. පභාවෙති ආනුභාවෙ. හිතෙසිතායන‍්ති මෙත‍්තාය. ඉද‍්ධියන‍්ති ඉද‍්ධිවිධාය. එත‍්තකා බුද‍්ධගුණා, තෙ ච පච‍්චෙකං එවංපභාවා. තථා මග‍්ගඵලනිබ‍්බානානි එවමානුභාවානි. අරියසඞ‍්ඝො එවංවිධගුණෙහි යුත‍්තොති.

එත්තකො යනු මෙපමණ යනුයි. සීලක්ඛන්‍ධෙ යනු සීල ස්කන්ධ හේතුවයි. සීලක්ඛන්‍ධෙන යනුවෙන් ද පාඨයක් වේ. සෙසු පදවල ද මේ ක්‍රමය මැයි. ඉරියායං යනු කාය වාක් හැසිරීමෙහිය. පභාවෙ යනු ආනුභාවයෙහි ය. හිතෙසිතාය යනු මෛත්‍රියෙහි ය. ඉද්ධිංයං යනු සෘද්ධිවිධ ඥානයෙහි ය. මෙපමණ බුදුගුණ වේ. ඒවා ද වෙන වෙනම මෙබඳු ප්‍රභාව ඇත්තෝය. එසේම මාර්ගඵල නිර්වාණ සහිත ය. මෙවන් ආනුභාව ඇත්තෝ ය. ආර්ය සංඝයා මෙබඳු ගුණයන්ගෙන් යුක්තය,

තිණ‍්ණං රතනානං මහානුභාවතා න සබ‍්බථා අඤ‍්ඤෙසං විසයො, භගවතො එව විසයොති ආහ – “බුද‍්ධවිසයො අවිසජ‍්ජනීයො”ති. තෙන යො අඤ‍්ඤොපි අත්‍ථො බුද‍්ධවිසයො, සො අවිසජ‍්ජනීයොති දස‍්සෙති. වුත‍්තඤ‍්හෙතං භගවතා – “බුද‍්ධවිසයො අචින‍්තෙය්‍යො න චින‍්තෙතබ‍්බො, යං චින‍්තෙන‍්තො උම‍්මාදස‍්ස විඝාතස‍්ස භාගී අස‍්සා”ති (අ· නි· 4.77). කතමා පුබ‍්බා කොටීති අවිසජ‍්ජනීයන‍්ති “කතමා පුබ‍්බා කොටී”ති කෙනචි කතං පුච‍්ඡනං අවිසජ‍්ජනීයං. කස‍්මා? සංසාරස‍්ස පුරිමාය කොටියා අභාවතො. තෙනෙවාහ – “පුරිමා, භික‍්ඛවෙ, කොටි න පඤ‍්ඤායතී”ති (අ· නි· 10.61). තත්‍ථ න පඤ‍්ඤායතීති න දිස‍්සති, න උපලබ‍්භතීති අත්‍ථො. න පඤ‍්ඤායතීති අඤ‍්ඤස‍්ස ඤාණවිසයො න හොතීති පන අත්‍ථං සන්‍ධාය “න පඤ‍්ඤායතීති සාවකානං ඤාණවෙකල‍්ලෙනා”තිආදි වුත‍්තං. තත්‍ථ අත‍්තූපනායිකාති අත‍්තා උපනෙතබ‍්බො එතිස‍්සාති අත‍්තූපනායිකා. නත්‍ථි බුද‍්ධානං භගවන‍්තානං අවිජානනාති එතෙන පුරිමාය කොටියා අභාවතො එව න පඤ‍්ඤායති, න තත්‍ථ ඤාණස‍්ස පටිඝාතොති දස‍්සෙති.

යනුවෙන් ත්‍රිවිධ රත්නයන්ගේ මහානුභාවත්වය සර්වප්‍රකාරයෙන් අන්‍යයන්ට විෂය නොවේ. භාග්‍යවතුන් වහන්සේට ම විෂය වේ යන අර්ථයෙන් බුද්ධ විසයො අවිස්සජ්ජනීයො යි කියන ලදී. එයින් අන්‍ය වූ යම් අර්ථයක් බුද්ධවිෂය වේද එය නොවිසඳිය යුතුයැයි දක්වයි. ‘බුද්ධ විෂයය අචින්ත්‍යයි. නොසිතිය යුතුය. යමෙක් සිතන්නේ නම් උමතු බවට චිත්ත වික්‍ෂේපයට බඳුන් වන්නේ යැයි’ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලදී. කතමා පුරිමා කොටි? අවිස්සජ්ජනීයං යනු මුල් කෙළවර කවරේ ද? කිසිවකු විසින් කරන ලද විමසීම නොවිසඳිය යුතුය. කවර හෙයින් ද? සසරේ පෙර කෙළවරක් නොවන හෙයිනි. එහෙයින්ම පුරිමා භික්ඛවෙ කොටි න පඤ්ඤායති යි කියන ලදී. එහි න පඤ්ඤායති යනු නොදක්නා ලැබේ යනුයි. නොලැබේ යන අර්ථයයි. නොපෙනේ යනු අනෙකෙකුගේ ඥානයට විෂය නොවේ යන අර්ථය සඳහා න පඤ්ඤායතීති සාවකානං ඤාණවෙකල්ලෙන යනාදිය කියන ලදී. එහි අත්තූපනායිකා යනු ආත්මය පැමිණවිය යුත්තේ නුයි අත්තූපනායික නම් වේ. නත්‍ථි බුද්ධානං භගවන්තානං අප්පජානනා යන මෙයින් මුල් කෙළවරක් නොමැතිකමින් ම නොපෙනේ. එහි ඤාණයේ වැළැක්මක් නොදක්වයි.

යං පන අත්‍ථි, තං අඤ‍්ඤෙසං අප‍්පමෙය්‍යම‍්පි භගවතො න අප‍්පමෙය්‍යන‍්ති භගවතො සබ‍්බත්‍ථ අප‍්පටිහතඤ‍්ඤාණතං දස‍්සෙතුං “යථා භගවා කොකාලිකං භික‍්ඛුං ආරබ‍්භා”තිආදිමාහ. තත්‍ථ අඤ‍්ඤතරං භික‍්ඛුන‍්ති නාමගොත‍්තෙන අපාකටං. “කීව දීඝං නු ඛො, භන‍්තෙ, පදුමෙ නිරයෙ ආයුප‍්පමාණ”න‍්ති පඤ‍්හං පුච‍්ඡිත්‍වා නිසින‍්නං එකං භික‍්ඛුං එවමාහාති. එත්‍ථායං පාඨසෙසො – දීඝං ඛො, භික‍්ඛු, පදුමෙ නිරයෙ ආයුප‍්පමාණං, තං න සුකරං සඞ‍්ඛාතුං “එත‍්තකානි වස‍්සානී”ති වා “එත‍්තකානි වස‍්සසතානී”ති වා “එත‍්තකානි වස‍්සසහස‍්සානී”ති වා “එත‍්තකානි වස‍්සසතසහස‍්සානී”ති වාති. සක‍්කා පන, භන‍්තෙ, උපමා කාතුන‍්ති. “සක‍්කා භික‍්ඛූ”ති භගවා අවොච. සෙය්‍යථාපි, භික‍්ඛු, වීසතිඛාරිකො කොසලකො තිලවාහො. තතො පුරිසො වස‍්සසතස‍්ස වස‍්සසතස‍්ස අච‍්චයෙන එකමෙකං තිලං උද‍්ධරෙය්‍ය. ඛිප‍්පතරං ඛො සො, භික‍්ඛු, වීසතිඛාරිකො කොසලකො තිලවාහො ඉමිනා උපක‍්කමෙන පරික‍්ඛයං පරියාදානං ගච‍්ඡෙය්‍ය, න ත්‍වෙව එකො අබ‍්බුදො නිරයො. සෙය්‍යථාපි, භික‍්ඛු, වීසති අබ‍්බුදා නිරයා, එවමෙකො නිරබ‍්බුදො නිරයොතිආදි (සං· නි· 1.181; අ· නි· 10.89; සු· නි· කොකාලිකසුත‍්ත).

යමක් ඇත්තේ ද එය අන්‍ය්‍යන්ට අප්‍රමේය වේ. භාග්‍යවතුන් වහන්සේට අප්‍රමේය නොවේ යනුවෙන් සියලු තැන භාග්‍යවතුන් වහන්සේගේ නොවළක්වන ලද ඤාණ ස්වභාවය දක්වන්නට යථා භගවා කොකාලිකං භික්ඛුං යනු නාමගෝත්‍රයෙන් අප්‍රකට භික්‍ෂුවකි. කීවදීඝං නු ඛො භන්තෙ! පදුමෙ නිරයෙ ආයුප්පමාණං යන ප්‍රශ්නය අසා හුන්නා වූ එක් භික්‍ෂුවකට මෙසේ වදාළහ. මෙහි මෙය ඉතිරි පාඨයයි. ‘භික්‍ෂුව, පදුම නිරයෙහි ආයු ප්‍රමාණය දීර්ඝය. එය මෙපමණ වර්ෂ වේ. මෙපමණ වර්ෂ සියක් වේ. මෙපමණ වර්ෂ දහසක් වේ. මෙපමණ වර්ෂ සියක් දහසක් වේ යැයි ගනින්නට පහසු නොවේ. ස්වාමීනි, උපමාවක් දක්වන්නට හැකි ද? මහණ හැකිවේ යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. මහණ මෙසේය. කොසොල් රටේ තල සකක් විසි කිරියකි. පුරුෂයෙක් වසර සියයක් ඇවෑමෙන් එයින් එක් එක් තල ඇටයක් උඩට දමන්නේය. මහණ, ඒ කෝසලයේ තල සකක් මේ උපක්‍රමයෙන් වහාම ක්‍ෂය බවට අවසන් බවට යන්නේ ද එක් අබ්බුද නිරයක් නොවේ. මහණ, එසේ වූ අබ්බුද විස්සකි. එක් නිරබ්බුද නිරයක් මෙසේය.

තත්‍ථ වීසතිඛාරිකොති මාගධකෙන පත්‍ථෙන චත‍්තාරො පත්‍ථා කොසලරට‍්ඨෙ එකො පත්‍ථො හොති. තෙන පත්‍ථෙන චත‍්තාරො පත්‍ථා ආළ‍්හකං, චත‍්තාරි ආළ‍්හකානි දොණං, චතුදොණා මානිකා, චතුමානිකා ඛාරී. තාය ඛාරියා වීසතිඛාරිකො තිලවාහො. තිලවාහොති තිලසකටං. අබ‍්බුදො නිරයොති අබ‍්බුදො නාම එකො පච‍්චෙකනිරයො නත්‍ථි, අවීචිම‍්හි එව පන අබ‍්බුදගණනාය පච‍්චනොකාසො “අබ‍්බුදො නිරයො”ති වුත‍්තො. එස නයො නිරබ‍්බුදාදීසුපි.

එහි වීසති චාරිකො යනු මගධ පතින් සතරපතක් කොසොල් රටේ එක් පතක් වෙයි. ඒ පතින් සතර පතක් ආළ්හකයකි. ආළ්හක සතරක් ද්‍රෝණයකි. ද්‍රෝණ සතරක් මානිකා එකකි. මානිකා සතරක් ඛාරී එකකි. ඒ කිරියෙන් විසි කිරියක් තල සකකි. තිල වාහො යනු තල කරත්තයකි. අබ්බුදො නිරයො යනු අබ්බුද නම් වෙන් වූ එක් නිරයක් නැත. අවීචියෙහි ම අබ්බුද ගණනින් පැසීමේ අවකාශය අබ්බුද නිරය යැයි කියන ලදී. නිරබ්බුද ආදිෙයහි ද මේ ක්‍රමය මැයි.

තත්‍ථ වස‍්සගණනාපි එවං වෙදිතබ‍්බා – යථා හි සතංසතසහස‍්සානි කොටි හොති. එවං සතංසතසහස‍්සකොටියො පකොටි නාම. සතංසතසහස‍්සපකොටියො කොටිපකොටි නාම. සතංසතසහස‍්සකොටිපකොටියො නහුතං. සතංසතසහස‍්සනහුතානි නින‍්නහුතං. සතංසතසහස‍්සානි නින‍්නහුතානි එකො අබ‍්බුදො. තතො වීසතිගුණො නිරබ‍්බුදො. එස නයො සබ‍්බත්‍ථ. අයඤ‍්ච ගණනා අපරිචිතානං දුක‍්කරාති වුත‍්තං – “තං න සුකරං සඞ‍්ඛාතු”න‍්ති. කෙචි පන “තත්‍ථ තත්‍ථ පරිදෙවනානත‍්තෙන කම‍්මකාරණනානත‍්තෙනපි ඉමානි නාමානි ලද‍්ධානී”ති වදන‍්ති. අපරෙ “සීතනරකා එතෙ”ති. චිත‍්තං ආඝාතෙත්‍වාති චිත‍්තං පදූසෙත්‍වා.

එහි වර්ෂ ගණනද මෙසේ දතයුතුය. යම්සේ ලක්‍ෂ සියය කෝටිය වේ ද මෙසේම සියක් දහස් කෝටි සියය ප්‍රකෝටිය නම් වේ. ප්‍රකෝටි සියක් දහස් සියය කෝටි ප්‍රකෝටිය නම් වේ. සියක් දහස් කෝටිප්‍රකෝටි සියය නහුතය නම් වේ. සියක් දහස් නහුත සියය නින්නහුතය නම් වේ. සියක් දහස් නින්නහුත සියය එක් අබ්බුදයකි. එයින් විසි ගුණයක් නිරබ්බුදයකි. සියලු තැන මේ ක්‍රමය වේ. මේ ගණන් කිරීම නුපුහුණු අයට දුෂ්කර වේ යන්න තං න සුකරං සංඛාතුං යි කියන ලදී. කිසිවෙක් ඒ ඒ තැන වැලපෙන්නවුන්ට අනුව කටයුතු කරන්නවුන්ට අනුව මේ නම් ලබන ලදැයි කියත්. තවත් අන්‍ය අය මේවා සීත නරක යැයි කියත්. චිත්තං ආඝාතෙත්‍වා යනු සිත දූෂණය කොට යනුයි.

කථං ජිනොති පකාරපුච‍්ඡා. කෙන ජිනොති කාරණපුච‍්ඡා. කෙන කාරණෙන කෙන හෙතුනා කාය පටිපත‍්තියා ජිනොති පුච‍්ඡති. කථන‍්ති පන කෙන පකාරෙන කිං අතීතානං, උදාහු අනාගතානං පච‍්චුප‍්පන‍්නානං කිලෙසානං පහානෙන ජිනොති පුච‍්ඡති, තස‍්මා තං “විසජ‍්ජනීය”න‍්ති වුත‍්තං. කතමො ජිනොති කිං රූපං ජිනො, උදාහු වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං ජිනො. රූපාදිවිනිමුත‍්තො වා අඤ‍්ඤො ජිනො, යො “අත‍්තා”ති වුච‍්චතීති ඉමමත්‍ථං සන්‍ධායාහ “අවිසජ‍්ජනීය”න‍්ති. කිත‍්තකොති පමාණතො කිංපරිමාණො.

කථං ජිනො යනු ප්‍රකාරය විමසීමයි. තෙන ජිනො යනු කාරණය විමසීමයි. කවර කාරණයකින් කවර හේතුවකින් කවර ප්‍රතිපත්තියකින් ජින වේ දැයි විමසයි. කථං යනු කවර ප්‍රකාරයකින්, අතීත කෙලෙස් නැතහොත් අනාගත කෙළෙස්, වර්තමාන කෙළෙස් ප්‍රහාණය කිරීමෙන් ජින වේ දැයි විමසයි. එහෙයින් එය විසඳිය යුතුයැයි කියන ලදී, කතමො ජිනො යනු ජින කවර ස්වරූපී ද? වේදනාව ද? සංඥාව ද? සංස්කාර ද? විඤ්ඤාණය ද? යමක් ආත්මය යැයි කියනු ලැබේ ද රූපාදියෙන් මිදුණු අනෙකක් ජින වේ ද යන මේ අර්ථය සඳහා අවිස්සජ්ජනීයං යි කියන ලදී. කිත්තකො යනු ප්‍රමාණ වශයෙන් කවර ප්‍රමාණයක් ද යනුයි.

අත්‍ථි තථාගතොති අත්‍ථි සත‍්තො. ය‍්වායමායස‍්මා “එවංනාමො එවංගොත‍්තො”ති පඤ‍්චක‍්ඛන්‍ධෙ උපාදාය පඤ‍්ඤපීයති, තස‍්ස පුග‍්ගලස‍්ස අධිප‍්පෙතත‍්තා වුත‍්තං “විසජ‍්ජනීය”න‍්ති. රූපං තථාගතොති රූපං අත‍්තාති සක‍්කායදිට‍්ඨිවසෙන පුච‍්ඡතීති කත්‍වා වුත‍්තං “අවිසජ‍්ජනීය”න‍්ති. ඉමිනා නයෙන සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො.

අත්‍ථි තථාගතො යනු සත්ත්වයෙක් ඇත යනුයි. මේ ආයුෂ්මත් තෙම මෙබඳු නම් ඇත්තේය. මෙබඳු ගෝත්‍ර ඇත්තේය යනුවෙන් පංචස්කන්ධයන් අරමුණුකොට පනවනු ලැබේ ද ඒ පුද්ගලයා අදහස් කරන ලද බැවින් විස්සජ්ජනීයං යි කියන ලදී රූපං තථාගතො යනු රූපය ආත්මය වෙයි. සක්කාය දෘෂ්ටි වශයෙන් විමසයි යැයි සිතා අවිස්සජ්ජනීයං යි කියන ලදී. මේ ක්‍රමයෙන් සියලු පදවල අර්ථය දතයුතුය.

බාලං පීඨසමාරුළ‍්හන‍්තිආදීනි සාමිඅත්‍ථෙ උපයොගවචනානි. කායෙන දුච‍්චරිතානීති කායෙන දුට‍්ඨු කතානි. ඔලබ‍්භන‍්තීති අවලම‍්බන‍්ති අවත්‍ථරියන‍්ති. සෙසපදද‍්වයං තස‍්සෙව වෙවචනං. ඔලම‍්බනාදිආකාරෙන හි තානි උපට‍්ඨහන‍්ති, තස‍්මා එවං වුත‍්තං. මහතන‍්ති මහන‍්තානං. පථවියං ඔලම‍්බන‍්තීති පථවිතලෙ පත්‍ථරන‍්ති. සෙසපදද‍්වයං තස‍්සෙව වෙවචනං. පත්‍ථරණාකාරොයෙව හෙස. තත්‍ර, භික‍්ඛවෙ, බාලස‍්සාති තස‍්මිං උපට‍්ඨහනාකාරෙ බාලස‍්ස එවං හොති.

බාලං පීඨසමාරූළ්හං යනාදිය ස්වාමි (ඡට්ඨි) අර්ථයේ ද්විතීයා, විභක්ති වචනයන් ය. කායෙන දුච්චරිතානි යනු කයින් නොමනා දෙය කරන ලද යනුයි. ඔලම්බන්ති යනු එල්බෙත් යනුයි. වසාගෙන සිටියි. සෙසු පද දෙක ඊට ම පර්යාය වචනයන් ය. එල්බෙන ආකාරයෙන් ඒවා එළඹෙත්. එහෙයින් මෙසේ කියන ලදි. මහතං යනු මහත් වූවන්ගේ ය. පඨවියං ඔලම්බන්ති යනු පොළෝ තලයෙහි පැතිරෙත් යනුයි. ඉතිරි පද දෙක ඊට ම පර්යාය පදයයි. එය පැතිරෙන ආකාරය ම ය. තත්‍ර භික්ඛවෙ බාලස්ස යනු ඒ උපස්ථාන ආකාරයෙහි බාලයාට මෙසේ සිත් වේ යනුයි.

ලාභා වො, භික‍්ඛවෙති භික‍්ඛවෙ, යෙ ඉමෙ තුම‍්හෙහි පටිලද‍්ධා මනුස‍්සත‍්තසද‍්ධාපටිලාභාදයො, ලාභා වො තුම‍්හාකං ලාභා එව. සුලද‍්ධන‍්ති යම‍්පිදං පබ‍්බජිත්‍වා චතුපාරිසුද‍්ධිසීලාදිසම‍්පාදනං ලද‍්ධං, තම‍්පි සුලද‍්ධං. ඛණො වො පටිලද‍්ධොති අට‍්ඨඅක‍්ඛණවජ‍්ජිතො නවමොයං ඛණො පටිලද‍්ධො මග‍්ගබ්‍රහ‍්මචරියවාසාය. “දිට‍්ඨා මයා”තිආදිනා එකදෙසනිදස‍්සනෙන අට‍්ඨ අක‍්ඛණෙ විභාවෙති.

ලාභා වො භික්ඛවෙ යනු මහණෙනි, ඔබලා විසින් මිනිසත් බව ශ්‍රද්ධාව ලැබීම ආදී යම් ලාභයක් ලබන ලද ද එය ඔබලාට ලාභයක් ම ය. සුලද්ධං යනු පැවිදි වී මේ සිව් පිරිසිදු සීලය සැපයීම ආදි යමක් ලබන ලදද එයත් මනාව ලබන ලද්දකි. ඛණො වො පටිලද්ධො යනු බඹසර වාසය පිණිස අෂ්ටවිධ අක්‍ෂණයෙන් තොර වූ නවවැනි මේ ක්‍ෂණය ලබන ලදී යනුයි. දිට්ඨිමායා යනාදියෙන් එක් දෙයක් දැක්වීමෙන් අෂ්ටවිධ අක්‍ෂණයන් දක්වයි.

යහිං යහින‍්ති යං යං දුග‍්ගතිං යො ගච‍්ඡති. සො නං අධම‍්මොති යො අධම‍්මො තෙන චරිතො, සො නං අධම‍්මචාරිං පුග‍්ගලං. හනාතීති බාධති.

යහිං යහිං යනු යමෙක් යම් යම් දුගතියකට යයි යනුයි. සො නං අධම්මො යනු ඔහු විසින් යම් අධර්මයක් කරන ලද ද එය ඒ අධර්මචාරී පුද්ගලයාව යනුයි. හනාති යනු බාධා කරයි යනුයි.

අප‍්පෙසක‍්ඛතාති අප‍්පානුභාවතා. දුබ‍්බණ‍්ණතාති විරූපතා බීභච‍්ඡතා. දුප‍්පඤ‍්ඤතාති නිප‍්පඤ‍්ඤතා අහෙතුකපටිසන්‍ධිවසෙන එළමූගතා.

අප්පෙසක්ඛතා යනු අල්ප වූ ආනුභාව ඇති බවයි. දුබ්බණ්ණතා යනු විරූපී බවයි. පිළිකුල් බවයි. දුප්පඤ්ඤතා යනු ප්‍රඥා රහිත බවයි. අහේතුක ප්‍රතිසන්ධි වශයෙන් ගොළුබිහිරි බවයි.

වාචානුරක‍්ඛීති චතුන‍්නං වචීදුච‍්චරිතානං පරිවජ‍්ජනෙන වාචානුරක‍්ඛී. අභිජ‍්ඣාදීනං අනුප‍්පාදනෙන මනසා සුට‍්ඨු සංවුතො. පාණාතිපාතාදයො පජහන‍්තො කායෙන ච අකුසලං න කයිරා, එතෙ තයො කම‍්මපථෙ විසොධයෙ. එවං විසොධෙන‍්තො හි සීලක‍්ඛන්‍ධාදීනං එසකෙහි බුද‍්ධාදීහි ඉසීහි පවෙදිතං අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං ආරාධෙය්‍යාති. දුක‍්කටන‍්ති කායෙන වාචාය මනසා ච දුක‍්කටං සාවජ‍්ජං දුක‍්ඛුද්‍රයං දුග‍්ගතිසංවත‍්තනියං කම‍්මං යස‍්ස නත්‍ථි. සංවුතං තීහි ඨානෙහීති එතෙහි තීහි කාරණෙහි කායදුච‍්චරිතාදීනං පවෙසනිවාරණතො පිහිතං, තං අහං “බ්‍රාහ‍්මණ”න‍්ති වදාමීති.

වාචානුරක්ඛී යනු සතර වාග් දුශ්චරිතයන් දුරු කිරීමෙන් වචනය රකින්නා යනුයි. අභිධ්‍යා ආදිය නූපදවීමෙන් මනසින් මනාව සංවර වූයේය. පරපණ නැසීම් ආදිය දුරුකරමින් කයින් ද අකුසලයක් නොකරන්නේය. මේ ත්‍රිවිධ කර්මපථ පිරිසිදු කරන්නේය. මෙසේ සීලස්කන්‍ධාදිය පිරිසිදු කරන්නා මේ බුද්ධාදී සෘෂීන් විසින් ප්‍රකාශ කරන ලද ආර්ය අෂ්ටාංගික මාර්ගය සතුටු කරන්නේය. දුක්කටං යන කයින් ද වචනයෙන් ද මනසින් ද නපුරු ලෙස කරන ලද සාවද්‍ය වූ දුක් වූ දුගතිය සඳහා පවතින්නා වූ ක්‍රියාවක් යමෙකුට නැත්තේ ද යනුයි. සංවුතං තීහි ඨානෙහි යනු මේ තුන් කරුණ කරණ කොටගෙන කාය දුශ්චරිතාදියේ ප්‍රවේශ වැළැක්වීම්වලින් වසන ලද යනුයි. මම ඔහු බ්‍රාහ්මණයෙකැයි කියමි.

අච‍්චන‍්තදුස‍්සීල්‍යන‍්ති එකන‍්තදුස‍්සීලභාවො. ගිහී වාපි ජාතිතො පට‍්ඨාය දස අකුසලකම‍්මපථෙ කරොන‍්තො, පබ‍්බජිතො වාපි උපසම‍්පන‍්නදිවසතො පට‍්ඨාය ගරුකාපත‍්තිං ආපජ‍්ජමානො අච‍්චන‍්තදුස‍්සීලො නාම. ඉධ පන යො ද‍්වීසු තීසු අත‍්තභාවෙසු දුස‍්සීලො, තස‍්ස ගතියා ආගතං දුස‍්සීලභාවං සන්‍ධායෙතං වුත‍්තං. දුස‍්සීලභාවොති චෙත්‍ථ දුස‍්සීලස‍්ස ඡ ද‍්වාරානි නිස‍්සාය උප‍්පන‍්නා තණ‍්හා වෙදිතබ‍්බා. මාලුවා සාලමිවොත්‍ථතන‍්ති යස‍්ස පුග‍්ගලස‍්ස තං තණ‍්හාසඞ‍්ඛාතං දුස‍්සීල්‍යං. යථා නාම මාලුවා සාලං ඔත්‍ථතං දෙවෙ වස‍්සන‍්තෙ පත‍්තෙහි උදකං පටිච‍්ඡිත්‍වා සංභඤ‍්ජනවසෙන සබ‍්බත්‍ථකමෙව පරියොනන්‍ධති, එවං අත‍්තභාවං ඔත්‍ථතං පරියොනන්‍ධිත්‍වා ඨිතං සො මාලුවාය සංභඤ‍්ජිත්‍වා භූමියං පාතියමානො රුක‍්ඛො විය තාය දුස‍්සීල්‍යසඞ‍්ඛාතාය තණ‍්හාය සංභඤ‍්ජිත්‍වා අපායෙසු පාතියමානො, යථා නං අනත්‍ථකාමො දිසො ඉච‍්ඡති, තථා අත‍්තානං කරොති නාමාති අත්‍ථො.

අච්චන්ත දුස්සීල්‍යං යනු ඒකාන්ත දුශ්ශීල භාවයයි. උපතේ පටන් දස අකුසල කර්මපථ කරන ගිහියා ද උපසපන් දවසේ පටන් ගරුකාපත්තියට පැමිණෙන පැවිද්දා ද ඒකාන්ත දුශ්ශීලයා නම් වේ. මෙහි වනාහි යමෙක් ආත්මභාව දෙක තුනකදී දුශ්ශීල වූයේ ද ඔහුට ස්වභාව ගතියෙන් පැමිණි දුශ්ශීල භාවය සඳහා මෙය කියන ලදි. මෙහි දුශ්ශීල භාවය යනු දුශ්ශීලයාගේ සදොර නිසා උපන් තණ්හාව යැයි දතයුතුය. මාලුවාසාලමිවොත්තං යනු යම් පුද්ගලයෙකුගේ තෘෂ්ණා සංඛ්‍යාත වූ දුසිල් බව සල්ගසක එතුණු මාලුවා වැලක් වැසි වසිනවිට කොළවලින් දිය රැගෙන බිඳීම් වශයෙන් හැමතැන ම වෙළාගනියි. ආත්මභාවය වෙළාගෙන සිටි හෙතෙම මාලුවා වැල නිසා බිඳී, බිම වැටෙන ගසක් මෙන් ඒ දුසිල්වත් භාව සංඛ්‍යාත තෘෂ්ණාවෙන් බිඳී අපායවල වැටෙමින් යම්සේ ඔහු අනර්ථකාමී දිශාවක් කැමති වේ ද තමාව එවැනි තත්ත්වයකට පත් කෙරෙයි යන අර්ථයයි.

“අත‍්තනා හි කත”න‍්ති ගාථාය අයං සඞ‍්ඛෙපත්‍ථො – යථා පාසාණමයං පාසාණසම‍්භවං වජිරං තමෙව අස‍්මමයං මණිං අත‍්තනො උට‍්ඨානට‍්ඨානසඞ‍්ඛාතං පාසාණමණිං ඛායිත්‍වා ඡිද‍්දාඡිද‍්දං ඛණ‍්ඩාඛණ‍්ඩං කත්‍වා අපරිභොගං කරොති, එවමෙවං අත‍්තනා කතං අත‍්තනි ජාතං අත‍්තසම‍්භවං පාපං දුම‍්මෙධං නිප‍්පඤ‍්ඤං පුග‍්ගලං චතූසු අපායෙසු අභිමත්‍ථති කන‍්තති විද‍්ධංසෙතීති.

අත්තනා හිකතං යන ගාථාවේ සංක්‍ෂේපාර්ථය මෙයයි. යම්සේ පාෂාණමය වූ පාෂාණයෙන් හටගත් දියමන්තිය ඒ පාෂාණමය වූ ම මැණිකක් තමාගේ ම නැගිටි තැන් සංඛ්‍යාත වූ මැණික්ගල කා දමා ලොකු කුඩා සිදුරු ලොකු කුඩා කැබලි බවට පත්කොට පරිභෝග නොකළ හැකි බවට පත්කෙරේ ද මෙසේම තමා විසින් කරන ලද තමා තුළ හටගත් තමාගෙන් ම ඇතිවූ පාපය මෝඩ වූ ප්‍රඥා රහිත පුද්ගලයාව සතර අපාය කළඹයි. හාරා දමයි. විනාශ කරයි.

නිසෙවියාති කත්‍වා. ගරහාති ගාරය‍්හා. බාලමතීති මන්‍දබුද‍්ධිනො. ඛයා ච කම‍්මස‍්සාති කම‍්මක‍්ඛයකරඤාණෙන කම‍්මස‍්ස ඛෙපනතො. විමුත‍්තචෙතසොති සමුච‍්ඡෙදවිමුත‍්තියා පටිප‍්පස‍්සද‍්ධිවිමුත‍්තියා ච විමුත‍්තචිත‍්තො. නිබ‍්බන‍්ති තෙ ජොතිරිවින්‍ධනක‍්ඛයාති යථා නාම අනුපාදානො ජාතවෙදො නිබ‍්බායති, එවමෙවං අභිසඞ‍්ඛාරස‍්ස විඤ‍්ඤාණස‍්ස අනවසෙසක‍්ඛයා නිබ‍්බායති.

නිසෙවිය යනු කොට යනුයි. ගරහා යනු ගැරහිය යුතු යනුයි. බාලමති යනු මන්‍දබුද්ධිකයන් ය. ඛයා කම්මස්ස යනු කර්ම ක්‍ෂය කරන ඥානයෙන් කර්මය ක්‍ෂය කරන හෙයිනි. විමුත්තචෙතසො යනු සමුච්ඡේද (කෙලෙස් සපුරා ඉවත් කළ) විමුක්තියෙන් ද පටිප්පස්සද්ධි (කෙලෙස් සන්සිඳවූ) විමුක්තියෙන් ද මිදුණු සිත් ඇත්තා ය. නිබ්බන්ති තෙ ජොතිරිවින්‍ධනක්ඛයා යනු යම්සේ දර ආදී ඉන්ධන රහිත ගින්න නීවීයා ද එසේම අභිසංස්කාර විඤ්ඤාණයේ ඉතිරි නොකර ක්‍ෂය කිරීම නිසා නිවෙයි යනුයි.

“යථාපි භමරො”ති ගාථායං භමරොති යා කාචි මධුකරජාති. පුප‍්ඵන‍්ති පුප‍්ඵාරාමෙ චරන‍්තො පුප‍්ඵඤ‍්ච තස‍්ස වණ‍්ණඤ‍්ච ගන්‍ධඤ‍්ච අහෙඨයං අහෙඨයන‍්තො අවිනාසෙන‍්තො චරතීති අත්‍ථො. එවං චරිත්‍වා ච පලෙති රසමාදායාති යාවදත්‍ථං රසං පිවිත්‍වා අපරම‍්පි මධුකරණත්‍ථාය රසං ගහෙත්‍වා ඩෙති. සො එකං වනගහනං අජ‍්ඣොගාහෙත්‍වා රුක‍්ඛසුසිරාදීසු තං රජමිස‍්සකං රසං ඨපෙත්‍වා අනුපුබ‍්බෙන මධුරරසං මධුං කරොති, න තස‍්ස පුප‍්ඵාරාමෙ චරිතපච‍්චයා පුප‍්ඵං වා තස‍්ස වණ‍්ණො වා ගන්‍ධො වා විනස‍්සති, අථ ඛො පුප‍්ඵං පාකතිකමෙව හොති. එවං ගාමෙ මුනී චරෙති එවං සෙක‍්ඛො අසෙක‍්ඛො වා අනගාරියමුනි කුලපටිපාටියා ගාමෙ භික‍්ඛං ගණ‍්හන‍්තො චරෙය්‍යාති අත්‍ථො. න හි තස‍්ස ගාමෙ චරණපච‍්චයා සද‍්ධාහානි වා භොගහානි වා හොති, සද‍්ධාපි භොගාපි පාකතිකාව හොන‍්ති. එවං චරිත්‍වා ච පන ගාමතො නික‍්ඛමිත්‍වා බහිගාමෙ උදකඵාසුකට‍්ඨානෙ සඞ‍්ඝාටිං පඤ‍්ඤපෙත්‍වා නිසින‍්නො අක‍්ඛභඤ‍්ජන- (මි· ප· 6.1.2) වණලෙපනපුත‍්තමංසූපමවසෙන (මි· ප· 6.1.2; සං· නි· 2.63) පච‍්චවෙක‍්ඛන‍්තො පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජිත්‍වා තථාරූපං වනසණ‍්ඩං අනුපවිසිත්‍වා අජ‍්ඣත‍්තිකකම‍්මට‍්ඨානං සම‍්මසන‍්තො මග‍්ගඵලානි හත්‍ථගතානෙව කරොති. අසෙක‍්ඛමුනි පන දිට‍්ඨධම‍්මසුඛවිහාරමනුයුඤ‍්ජති. අයමස‍්ස භමරෙන මධුකරෙන සරික‍්ඛතා. ඛීණාසවො පනෙත්‍ථ අධිප‍්පෙතොති.

යථාපි භමරො යන ගාථාවෙහි භමරො යනු යම්කිසි මීමැසි ජාතියකි. පුප්ඵං යනු මල්වත්තෙහි හැසිරෙමින් මල් ද ඒ ඒ වර්ණය ද සුවඳ ද යනුයි. අහෙඨයං නොතළමින් විනාශ නොකරමින් හැසිරෙයි යන අර්ථයයි. මෙසේ හැසිරී ද පලෙති රසමාදාය යනු ඇතිතාක් මධුරස බී වෙනත් මධු වදයක් කරනු පිණිස රසය ගෙන පියඹා යයි යනුයි. ඔහු එක් වනගහණයකට ඇතුල් වී ගස් සිදුරු ආදියෙහි ඒ දූලි මිශ්‍ර වූ රසය තබා පිළිවෙලින් මිහිරි රස ඇති මීවදයක් කෙරෙයි. ඌ මල්වත්තෙහි හැසිරීම් හේතුවෙන් මල හෝ එහි වර්ණය හෝ විනාශ නොවේ. එනම් ප්‍රකෘති මල ම තිබේ. එවං ගාමෙ මුනී චරෙ යනු මෙසේ ශෛක්‍ෂ හේ අශෛක්‍ෂ වූ අනගාරික මුනිවරයා කුල පිළිවෙලින් ගමෙහි භික්‍ෂාව ගනිමින් හැසිරෙන්නේය යන අර්ථයයි. උන්වහන්සේ ගමෙහි හැසිරීම් හේතුවෙන් ශ්‍රද්ධා හානියක් හෝ භෝග විනාශ්‍යක් හෝ නොවේ. ශ්‍රද්ධාවත් භෝගයනුත් ප්‍රකෘතිමත් වේ. මෙසේ හැසිර ද ගමින් නික්ම ගමෙන් පිට ජල පහසුකම් ඇති තැනක සඟල සිවුර පනවා එහි හිඳ අක්ඛබ්භඤ්ජන (ඉන්‍ද්‍රියයන්හි තෙල් ආදිය ගැල්වීම) වණ ලෙපන (තුවාලවල බෙහෙත් තැවරීම) පුත්තමාංස (පුතුගේ මස්) ආදී උපමා වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කරමින් පිණ්ඩපාතය වළඳා එවන් වන ලැහැබකට පිවිසී ආධ්‍යාත්මික කර්ම ස්ථානයක් ස්පර්ශ කරමින් මාර්ගඵලයන් අත්පත් කරගනියි. අශෛක්‍ෂ මුනිවරයා වනාහි මේ භවයට අයත් සැප විහරණයේ යෙදෙයි. මොහු මීවද සදන බඹරාට සමාන වෙයි. මෙහිදී ක්‍ෂීණාශ්‍රවයා අදහස් කරන ලදී.

පාතිමොක‍්ඛසංවරසංවුතො විහරතීති යො නං පාති රක‍්ඛති, තං මොක‍්ඛෙති මොචෙති ආපායිකාදීහි දුක‍්ඛෙහීති පාතිමොක‍්ඛො. සො එව කායිකවාචසිකස‍්ස වීතික‍්කමස‍්ස සංවරණතො පිදහනතො සංවරො. තෙන පාතිමොක‍්ඛසංවරෙන සංවුතො සමන‍්නාගතො හුත්‍වා සබ‍්බිරියාපථෙසු චරති. ආචාරගොචරසම‍්පන‍්නොති ආචාරෙන ච ගොචරෙන ච සම‍්පන‍්නො. අණුමත‍්තෙසූති අප‍්පමත‍්තකෙසු. වජ‍්ජෙසූති අකුසලධම‍්මෙසු. භයදස‍්සාවීති භයං දස‍්සී. සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසූති සික‍්ඛාපදෙසු යං කිඤ‍්චි සික‍්ඛිතබ‍්බං, තං සබ‍්බං සම‍්මා ආදියිත්‍වා සික‍්ඛති.

පාතිමොක්ඛ සංවර සංවුතො විහරති යමෙක් එය රකී ද ආරක්ෂා කෙරේ ද එය අපායාදි දුක්වලින් ඔහුව නිදහස් කරයි. මුදවයි යන අර්ථයෙන් පාතිමොක්ඛ නම් වේ. කායික වාචසික වැරදි ඉක්මවීම, මුවහ කරන හෙයින් ආවරණය කරන හෙයින් එයම සංවරය වේ. ඒ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවර වූ යුක්ත වූ අයෙකු වී සියලු ඉරියව්වල හැසිරෙයි. ආචාරගෝචර සම්පන්නො යනු හැසිරීමෙන් ද අරමුණෙන් ද යුක්ත වූ යනුයි. අණුමත්තෙසු යනු අල්ප වූ දෙයෙහි ය. වජ්ජෙසු යනු අකුසල ධර්මයන්හි ය. භයදස්සාවී යනු බිය දක්නා තැනැත්තා ය. සමාදාය සික්ඛති සික්ඛාපදෙසු යනු ශික්‍ෂා පදයන්හි යම් කිසිවක් හික්මිය යුතු ද ඒ සියල්ල මනාව ගෙන හික්මෙයි යනුයි.

කායකම‍්මවචීකම‍්මෙන සමන‍්නාගතො, කුසලෙන පරිසුද‍්ධාජීවොති එත්‍ථ ආචාරගොචරග‍්ගහණෙනෙව කුසලෙ කායකම‍්මෙ වචීකම‍්මෙ ච ගහිතෙපි යස‍්මා ඉදං ආජීවපාරිසුද‍්ධිසීලං න ආකාසාදීසු උප‍්පජ‍්ජති, කායවචීද‍්වාරෙසු එව පන උප‍්පජ‍්ජති, තස‍්මා තස‍්ස උප‍්පත‍්තිද‍්වාරදස‍්සනත්‍ථං “කායවචීකම‍්මෙන සමන‍්නාගතො, කුසලෙනා”ති වුත‍්තං. යස‍්මා පන තෙන සමන‍්නාගතො, තස‍්මා පරිසුද‍්ධාජීවො, ආජීවපාරිසුද‍්ධිපි සීලමෙවාති දස‍්සනත්‍ථං එතං වුත‍්තං. වුත‍්තඤ‍්හෙතං – “කතමෙ ච ථපති කුසලා සීලා? කුසලං කායකම‍්මං කුසලං වචීකම‍්මං, පරිසුද‍්ධං ආජීවම‍්පි ඛො අහං ථපති සීලස‍්මිං වදාමී”ති (ම· නි· 2.265). ආරද‍්ධවීරියොති යස‍්ස කායිකං චෙතසිකඤ‍්ච වීරියං ආරද‍්ධං හොති, සො “ආරද‍්ධවීරියො”ති වුච‍්චති. තත්‍ථ යො ගණසඞ‍්ගණිකං විනොදෙත්‍වා චතූසු ඉරියාපථෙසු අට‍්ඨආරම‍්භවත්‍ථුවසෙන එකකො හොති, තස‍්ස කායිකං වීරියං ආරද‍්ධං නාම හොති. යො චිත‍්තසඞ‍්ගණිකං විනොදෙත්‍වා අට‍්ඨසමාපත‍්තිවසෙන එකකො හොති, ගමනාදීසු උප‍්පන‍්නකිලෙසං උප‍්පන‍්නට‍්ඨානෙයෙව නිග‍්ගණ‍්හිත්‍වා ඣානං නිබ‍්බත‍්තෙති, තස‍්ස චෙතසිකං වීරියං ආරද‍්ධං නාම හොති. එවං ආරද‍්ධවීරියො. ථාමවාති ඨිතිමා. දළ‍්හපරක‍්කමොති ථිරපරක‍්කමො. අනික‍්ඛිත‍්තධුරො…පෙ… සච‍්ඡිකිරියායාති සංකිලෙසධම‍්මානං පහානත්‍ථං වොදානධම‍්මානං සම‍්පාදනත්‍ථං , පච‍්චක‍්ඛකරණත්‍ථඤ‍්ච ධුරං අනික‍්ඛිපිත්‍වා වීරියං උස‍්සුක‍්කාපෙන‍්තො විහරති. පඤ‍්ඤවාති පඤ‍්චන‍්නං ඛන්‍ධානං උදයබ‍්බයපරිග‍්ගාහිකාය පඤ‍්ඤාය සමන‍්නාගතො. තෙනාහ “උදයත්‍ථගාමිනියා”ති.

කායකම්ම වචීකම්මෙන සමන්නාගතො කුසලෙන පරිසුද්ධාජීවො යන මෙහි ආචාර ගෝචරත්වය ගැනීමෙන් ම කුසලමය කාය කර්ම වූ වාග්කර්ම ද ගත් කල්හි ද යම්හෙයකින් මේ ආජීව පාරිශුද්ධි ශීලය ආකාසාදියෙිහ නූපදියි. කාය වාග් ද්වාරයන්හි ම උපදී ද එහෙයින් එහි උත්පත්ති ද්වාරයන් දැක්වීම සඳහා කාය වාග් කර්මයෙන් යුක්ත වූ තැනැත්තා කුසලයෙන් යැයි කියන ලදී. යම්හෙයකින් එයින් යුක්ත වූයේ වේ ද එහෙයින් පිරිසිදු ආජීවය ආජීව පාරිශුද්ධි ශීලයම යැයි දක්වනු පිණිස මෙය කියන ලදී. එය මෙසේ කියන ලද්දේමය. ‘ගෘහපතිය, කුසල සීලය, කුසල කාය කර්මය, කුසල වාග් කර්මය පිරිසිදු ආජීවය කවරේ ද? ගෘහපතිය, මම පිරිසිදු ආජීවය කුසලයෙහි ම ලා ප්‍රකාශ කරමි’ යනුවෙනි. ආරද්ධ විරියො යමෙක් කායික හා චෛතසික වීර්යය අරඹන ලද්දේ වෙයි ද හෙතෙම අරඹන ලද උත්සාහ ඇති තැනැත්තා යයි කියනු ලැබේ. එහිදී යමෙක් සමූහයා හා එකතුවීම දුරුකොට සතර ඉරියාපථයන්හි අෂ්ටවිධ ආරම්භ වස්තූන් ලෙසින් (එකක් වේ ද) හුදකලා වේද ඔහු කායික වීර්යය අරඹන ලද්දේ වෙයි. යමෙක් චිත්ත සංගණිකතාව දුරුකොට අෂ්ට සමාපත්ති ලෙසින් හුදකලා වේ ද ගමනාදියෙහි හටගත් කෙලෙස් උපන් තැන ම ගරහා ධ්‍යාන උපදවයි ද ඔහුගේ චෛතසික වීර්යය ආරම්භ වූයේ වෙයි. මෙසේ අරඹන ලද උත්සාහය ඇත්තේ වෙයි. ථාමවා යනු ශක්තිමත් තැනැත්තා යනුයි. දළ්හ පරක්කමො යනු ස්ථිර වූ පරාක්‍රම ඇති යනුයි. අනික්ඛිත්තධුරො -පෙ- සච්ඡිකිරියාය යනු සංකිලේස ධර්මයන් ප්‍රහාණය කරනු පිණිස ද වොදාන ධර්මයන් සම්පාදනය කරනු පිණිස ද ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස ද වීර්යය ඉවත් නොකොට වීර්යය උද්‍යොග කරවමින් වාසය කෙරෙයි. පඤ්ඤවා යනු පංචස්කන්ධයේ හටගැනීම වැයවීම විමසන ප්‍රඥාවෙන් යුක්ත වූ යනුයි. එහෙයින් උදයත්‍ථගාමිනියා යනාදිය කියන ලදී.

නත්‍ථි පුත‍්තසමං පෙමන‍්ති මාතාපිතරො විරූපෙපි අත‍්තනො පුත‍්තකෙ සුවණ‍්ණබිම‍්බකං විය මඤ‍්ඤන‍්ති මාලාගුළෙ විය සීසාදීසු කත්‍වා පරිහරමානා. තෙහි උහදිතාපි ඔමුත‍්තිතාපි ගන්‍ධවිලෙපනං පටිච‍්ඡන‍්තා විය සොමනස‍්සං ආපජ‍්ජන‍්ති. තෙනාහ – “නත්‍ථි පුත‍්තසමං පෙම”න‍්ති. පුත‍්තපෙමෙන සමං පෙමං නාම නත්‍ථීති වුත‍්තං හොති. ගොසමිතන‍්ති ගොහි සමං ගොධනසදිසං අඤ‍්ඤං ධනං නාම නත්‍ථි. සූරියසමා ආභාති සූරියාභාය සමා අඤ‍්ඤා ආභා නාම නත්‍ථි. සමුද‍්දපරමාති යෙ කෙචි අඤ‍්ඤෙ සරා නාම, සබ‍්බෙ තෙ සමුද‍්දපරමා. සමුද‍්දො තෙසං උත‍්තමො, සමුද‍්දසදිසං අඤ‍්ඤං උදකං නිදානං නාම නත්‍ථි භගවාති වදති.

නත්‍ථි පුත්ත සමං පෙමං යනු මව්පියවරු විරූපී වූ ද ස්වකීය පුත්‍රයන් ස්වර්ණ බිම්බයක් සේ මල්ගොඩක් මෙන් ශීර්ෂාදියේ තබාගෙන පරිහරණය කරමින් කල්පනා කරති යනුයි. ඔවුන් මළපහ කළ විටත් මුත්‍ර කළ විටත් සුවඳ විලවුනක් පිළිගත්තාක් මෙන් සොම්නසට පැමිණෙත්. එහෙයින් නත්‍ථි පුත්තසමං පෙමං යි කියන ලදී, පුත්‍ර ප්‍රේමය හා සමාන ප්‍රේමයක් නම් නැතැයි කියන ලද්දේ වෙයි. ගො සමිතං යනු ගවයන් හා සමාන වූ ගෝ ධනය හා සමාන වූ අන් ධනයක් නම් නැත යනුයි. සුරිය සමා ආභා යනු සූර්යාලෝකය හා සමාන අනෙක් ආලෝකයක් නම් නැත යනුයි. සමුද්ද පරමා යනු වෙනත් විල් ආදී යමක් වේ නම් ඒ සියල්ල සමුදුර පරමකොට ඇත්තේය. භාග්‍යවතුන් වහන්ස, සමුදුර ඒවා අතරින් උතුම් වෙයි. සමුදුර හා සමාන අනෙක් ජල සම්භාරයක් නම් නැතැයි කියයි.

යස‍්මා පන අත‍්තපෙමෙන සමං පෙමං නත්‍ථි. මාතාපිතරො හි ඡඩ‍්ඩෙත්‍වාපි පුත‍්තධීතරො අපොසෙත්‍වා අත‍්තානමෙව පොසෙන‍්ති. ධඤ‍්ඤෙන ච සමං ධනං නාම නත්‍ථි. තථාරූපෙ හි කාලෙ හිරඤ‍්ඤසුවණ‍්ණාදීනිපි ගොමහිංසාදීනිපි ධඤ‍්ඤග‍්ගහණත්‍ථං ධඤ‍්ඤසාමිකානමෙව සන‍්තිකං ගහෙත්‍වා ගච‍්ඡන‍්ති. පඤ‍්ඤාය ච සමා ආභා නාම නත්‍ථි. සූරියාදයො හි එකදෙසංයෙව ඔභාසෙන‍්ති, පච‍්චුප‍්පන‍්නමෙව ච තමං විනොදෙන‍්ති, පඤ‍්ඤා පන දසසහස‍්සිම‍්පි ලොකධාතුං එකපජ‍්ජොතං කාතුං සක‍්කොති, අතීතංසාදිපටිච‍්ඡාදකඤ‍්ච තමං විධමති. මෙඝවුට‍්ඨියා ච සමො සරො නාම නත්‍ථි. නදී වා හි හොතු තළාකාදීනි වා, වුට‍්ඨිසමො සරො නාම නත්‍ථි. මෙඝවුට‍්ඨියා හි පච‍්ඡින‍්නාය මහාසමුද‍්දෙ අඞ‍්ගුලිපබ‍්බතෙමනමත‍්තම‍්පි උදකං න හොති, වුට‍්ඨියා පන පවත‍්තමානාය යාව ආභස‍්සරභවනාපි එකොදකං හොති. තස‍්මා භගවා දෙවතාවචනං පටික‍්ඛිපනවසෙන පටිගාථං වදන‍්තො “නත්‍ථි අත‍්තසමං පෙම”න‍්තිආදිමාහ.

යම්හෙයකින් ආත්ම ප්‍රේමය හා සමාන ප්‍රේමයක් නැත්තේද (එහෙයින්) මව්පියවරු දූදරුවන් අතහැර දමා, (ඔවුන් පෝෂණය නොකොට තමාව ම පෝෂණය කෙරෙත්. ධාන්‍ය හා සමාන ධනයක් නම් නැත. එවැනි කලකදී අමුරන් රත්‍රන් ආදියද ගවමහිෂාදිය ද රැගෙන ධාන්‍ය ගැනීම පිණිස ධාන්‍ය හිමියන්ගේ සමීපයටම යත්. ප්‍රඥාව හා සමාන ආලෝකයක් නම් නැත. සූර්යාදීහු එක් ප්‍රදේශයක් ම ආලෝකමත් කෙරෙත්. පවතින්නා වූ ම අඳුර නසත්. ප්‍රඥාව වනාහි දසදහසක් ලෝකධාතුව ඒකාලෝක කරන්නට හැකිවෙයි. අතීතය ආදියෙන් වැසුණු අඳුර දුරු කෙරෙයි. වැහිවළාව හා සමාන විලක්නම් නැත. ගඟක් හෝ වේවා පොකුණක් හෝ වේවා වැස්ස හා සමාන විලක් නම් නැත. වැහිවළාවෙන් සිඳදැමුණු මහ සමුදුරෙහි ඇඟිලි පුරුකක් තෙමීම් මාත්‍රික වූත් දියබිඳක් නොවෙයි. වැසි පවතිද්දී ආභස්සර භවන තෙක් එක් දිය කඳක් වෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දේවතාවාගේ වචනය ප්‍රතික්‍ෂේප කිරීම් වශයෙන් පිළිතුරු ගාථාවක් කියමින් නත්‍ථි අත්තසමං පෙමං යනාදිය කියන ලදී.

කිංසූධ භීතාති කිං නු භීතා. මග‍්ගො චනෙකායතනො පවුත‍්තොති අට‍්ඨතිංසාරම‍්මණවසෙන අනෙකෙහි කාරණෙහි මග‍්ගො කථිතො, එවං සන‍්තෙ කිස‍්ස භීතා හුත්‍වා අයං ජනතා ද‍්වාසට‍්ඨි දිට‍්ඨියො අග‍්ගහෙසීති වදති. භූරිපඤ‍්ඤාති බහුපඤ‍්ඤ උස‍්සන‍්නපඤ‍්ඤ. පරලොකං න භායෙති ඉමස‍්මා ලොකා පරලොකං ගච‍්ඡන‍්තො න භායෙය්‍ය.

කිංසූධ භීතා යනු කවරහෙයන් බිය වූවාහු ද යනුයි. මග්ගො ච නෙකායතනො පවුත්තො යනු අටතිස් අරමුණු වශයෙන් නොයෙක් කරුණුවලින් මාර්ගය කියන ලදී යනුයි. මෙසේ ඇතිකල්හි කවර හේතුවක් නිසා බියවී මේ ජනතාව දෙසැටක් දෘෂ්ටිය අල්ලා ගත්තේදැයි කියයි. භූරිපඤ්ඤො යනු බොහෝ ප්‍රඥා ඇති තැනැත්ත, උත්සන්න ප්‍රාඥය, යනුයි. පරලොකං න භායෙ යනු මෙලොවින් පරලොව යන්නේ බිය නොවන්නේය යනුයි.

පණිධායාති ඨපෙත්‍වා. ඝරමාවසන‍්තොති අනාථපිණ‍්ඩිකාදයො විය බහ‍්වන‍්නපානෙ ඝරෙ වසන‍්තො. සංවිභාගීති අච‍්ඡරාය ගහිතම‍්පි නඛෙන ඵාලෙත්‍වා පරස‍්ස දත්‍වාව භුඤ‍්ජනසීලො. වදඤ‍්ඤූති යාචකානං යාචනවසෙන වුත‍්තවචනඤ‍්ඤූ, වචනීයො වා. එත්‍ථ ච වාචන‍්ති චත‍්තාරි වචීසුචරිතානි ගහිතානි. මනන‍්ති තීණි මනොසුචරිතානි. කායෙනාති තීණි කායසුචරිතානි. ඉමෙ දස කුසලකම‍්මපථා පුබ‍්බසුද‍්ධිඅඞ‍්ගං නාම. “බහ‍්වන‍්නපානං ඝරමාවසන‍්තො”ති ඉමිනා යඤ‍්ඤඋපක‍්ඛරො ගහිතො. සද‍්ධොති එකං අඞ‍්ගං, මුදූති එකං, සංවිභාගීති එකං, වදඤ‍්ඤූති එකන‍්ති ඉමානි චත‍්තාරි අඞ‍්ගානි සන්‍ධාය “එතෙසු ධම‍්මෙසු ඨිතො චතූසූ”ති ආහ.

පණිධාය යනු පිහිටුවා/තබා යනුයි. ඝරමාවසන්තො යනු අනාථපිණ්ඩිකාදීන් මෙන් බොහෝ ආහාරපාන ඇති ගෙදරක වාසය කරමින් යනුයි. සංවිභාගි යනු ඇඟිලි තුඩින් ගත් දෙය ද නියෙන් පලා අනුන්ට ද දී අනුභව කරනසුලු යනුයි. වදඤ්ඤු යනු යාචකයන්ට යැදීම් වශයෙන් කියන ලද වචන ගැන දන්නා තැනැත්තා හෝ කියයුතු තැනැත්තා ය. මෙහි ද වාචං යනුවෙන් වාග් සුචරිත සතර ගන්නා ලදි. මේ දශකුසල කර්මපථ පූර්වභාගය පිරිසිදු කරන අංග නම් වේ. බව්හන්නපානං ඝරමාවසන්තො යන මෙයින් යඥ උපාක්‍ෂරය ගන්නා ලද්දේ වෙයි. සද්ධො යනු එක් අංගයකි. මුදු යනු එකකි. සංවිභාගී යනු එකකි. වදඤ්ඤූ යනු එකකි. මේ අංග සතර සඳහා එතෙසු ධම්මෙසු ඨිතො චතූසු යි කියන ලදී.

අපරො නයො – “වාච”න‍්තිආදීනි තීණි අඞ‍්ගානි, “බහ‍්වන‍්නපාන”න‍්ති ඉමිනා යඤ‍්ඤඋපක‍්ඛරොව ගහිතො, “සද‍්ධො මුදු සංවිභාගී වදඤ‍්ඤූ”ති එකං අඞ‍්ගං.

අනෙක් ක්‍රමයක් ද වේ. වාචං යනාදිය අංග තුනයි. බව්හන්නපානං යන මෙයින් යඥ උපාක්‍ෂරය ගන්නා ලද්දේ වෙයි. සද්ධො මුදු සංවිභාගී වදඤ්ඤූ යනු එක් අංගයකි.

අපරො දුකනයො නාම හොති – “වාචං මනඤ‍්චා”ති එකං අඞ‍්ගං, “කායෙන පාපානි අකුබ‍්බමානො බහ‍්වන‍්නපානං ඝරමාවසන‍්තො”ති එකං, “සද‍්ධො මුදූ”ති එකං, “සංවිභාගී වදඤ‍්ඤූ”ති එකන‍්ති එතෙසු චතූසු ධම‍්මෙසු ඨිතො ධම‍්මෙ ඨිතො නාම හොති. සො ඉතො පරලොකං ගච‍්ඡන‍්තොන භායති.

[missing trans] කායෙන පාපානි අකුබ්බමානො බව්හන්නපානං ඝරමාවසන්තො යනු එකකි. සද්ධො මුදු යනු එකකි. සංවිභාගී වදඤ්ඤූ යනු එකකැයි මේ කරුණු සතරෙහි සිටියේ ධර්මයෙහි සිටියේ නම් වෙයි. හෙතෙම මෙයින් පරලොව යන්නේ බිය නොවේ.

කායසමාචාරම‍්පීතිආදි පාතිමොක‍්ඛසංවරදස‍්සනං. තත්‍ථ දුවිධෙනාති ද‍්විවිධෙන, ද‍්වීහි කොට‍්ඨාසෙහීති අත්‍ථො. ජඤ‍්ඤාති ජානෙය්‍ය. සීලකථා ච නාමෙසා කම‍්මපථවසෙන වා පණ‍්ණත‍්තිවසෙන වා කථෙතබ‍්බා. තත්‍ථ කම‍්මපථවසෙන තාව කථෙන‍්තෙන අසෙවිතබ‍්බකායසමාචාරො පාණාතිපාතාදින‍්නාදානමිච‍්ඡාචාරෙහි කථෙතබ‍්බො. පණ‍්ණත‍්තිවසෙන කායද‍්වාරෙ පඤ‍්ඤත‍්තසික‍්ඛාපදවීතික‍්කමවසෙන. සෙවිතබ‍්බකායසමාචාරො පාණාතිපාතාදිවෙරමණීහි චෙව කායද‍්වාරෙ පඤ‍්ඤත‍්තසික‍්ඛාපදඅවීතික‍්කමෙන ච කථෙතබ‍්බො.

කාය සමාචාරම්පි යනාදිය ප්‍රාතිමෝක්‍ෂ සංවරය දැක්වීමකි. එහි දුවිධෙන යනු දෙවැදෑරුම්ව යනුයි. කොටස් දෙකකින් යන අර්ථයයි. ජඤ්ඤා යනු දන්නේය යනුයි. සීලකථා නම් වූ මෙය කර්මපථ වශයෙන් හෝ ප්‍රඥප්ති වශයෙන් හෝ කිවයුතුය. එහි කර්මපථ වශයෙන් කියන්නා විසින් පළමුව ඇසුරු කළයුතු කාය සමාචාරය ප්‍රාණඝාත, අදින්නාදාන, (කාම) මිථ්‍යාචාරයන්ගෙන් කිවයුතුයි. ප්‍රඥප්ති වශයෙන් කායද්වාරය පිළිබඳව පනවන ලද ශික්‍ෂාපද ඉක්මවීම් වශයෙන් (කිවයුතුය.) ඇසුරු කළයුතු කාය සමාචාරය ප්‍රාණඝාතාදියෙන් වැළකීම්වලින් මෙන්ම කාය ද්වාරයෙහි පනවන ලද ශික්‍ෂාපද නොඉක්මවීමෙන් ද කිවයුතුය.

අසෙවිතබ‍්බවචීසමාචාරො මුසාවාදාදිවචීදුච‍්චරිතෙන චෙව වචීද‍්වාරෙ පඤ‍්ඤත‍්තසික‍්ඛාපදවීතික‍්කමෙන ච කථෙතබ‍්බො. සෙවිතබ‍්බවචීසමාචාරො මුසාවාදාදිවෙරමණීහි චෙව වචීද‍්වාරෙ පඤ‍්ඤත‍්තසික‍්ඛාපදඅවීතික‍්කමෙන ච කථෙතබ‍්බො.

ඇසුරු නොකළ යුතු වාග් සමාචාරය මුසාවාද ආදි වාග් දුශ්චරිතයෙන් මෙන්ම වාග් ද්වාරයෙහි පනවන ලද ශික්‍ෂා පද ඉක්මවීමෙන් ද කිව යුතුය. ඇසුරු කළයුතු වාග් සමාචාරය මුසාවාද ආදියෙන් වැළකීම්වලින් මෙන්ම වාග් ද්වාරයෙහි පනවන ලද ශික්‍ෂාපද නොඉක්මවීමෙන් ද කිවයුතුය.

පරියෙසනා පන කායවාචාහි පරියෙසනා එව, සා කායවචීසමාචාරග‍්ගහණෙන ගහිතාපි යස‍්මා ආජීවට‍්ඨමකසීලං නාම එතස‍්මිංයෙව ද‍්වාරද‍්වයෙ උප‍්පජ‍්ජති, න ආකාසෙ, තස‍්මා ආජීවට‍්ඨමකසීලදස‍්සනත්‍ථං විසුං වුත‍්තා. තත්‍ථ නසෙවිතබ‍්බපරියෙසනා අනරියපරියෙසනාය කථෙතබ‍්බා, සෙවිතබ‍්බපරියෙසනා අරියපරියෙසනාය. වුත‍්තඤ‍්හෙතං – “කතමා ච, භික‍්ඛවෙ, අනරියපරියෙසනා? ඉධ, භික‍්ඛවෙ, එකච‍්චො අත‍්තනා ජාතිධම‍්මො සමානො ජාතිධම‍්මංයෙව පරියෙසතී”තිආදි (ම· නි· 1.274). තථා “කතමා ච, භික‍්ඛවෙ, අරියපරියෙසනා? ඉධ, භික‍්ඛවෙ, එකච‍්චො අත‍්තනා ජාතිධම‍්මො සමානො ජාතිධම‍්මෙ ආදීනවං විදිත්‍වා අජාතං අනුත‍්තරං යොගක‍්ඛෙමං නිබ‍්බානං පරියෙසතී”තිආදි (ම· නි· 1.275).

සෙවීම වනාහි කාය වාග් පර්යේෂණය ම ය. එය කාය වාග් සමාචාරයන් ගැනීමෙන් ගන්නා ලද්දේ ද වේ. යම්හෙයකින් ආජීව අෂ්ටමක ශීලය මේ දොරටු දෙකෙහි ඇති වේ ද අහසෙහි ඇති නොවේ ද එහෙයින් ආජීව අෂ්ටමක ශීලය දක්වනු පිණිස වෙන වෙනම කියන ලදී, එහි දී ඇසුරු නොකළ යුතු පර්යේෂණය අනාර්ය පර්යේෂණයෙන් කිවයුතුය. ඇසුරු කළයුතු පර්යේෂණය ආර්ය පර්යේෂණයෙන් කිවයුතුය. එය (මෙසේ) කියන ලදි. ‘මහණෙනි, අනාර්ය පර්යේෂණය කවරේ ද? මහණෙනි, මෙලොව ඇතැමෙක් තමා ඉපදෙන ස්වභාව ඇතිව ඉපදෙන ස්වභාව ඇති දෙය ම සොයයි යනාදියයි. එසේම ‘මහණෙනි, ආර්ය පර්යේෂණය කවරේ ද? මහණෙනි, මෙලොව ඇතැමෙක් තමා ඉපදෙන ස්වභාව ඇතිව ජාති ධර්මයෙහි ආදීනව දැන උපතක් නැති අනුත්තර වූ යෝගක්‍ෂේම වූ නිර්වාණය සොයයි යනාදියයි.

මග‍්ගානට‍්ඨඞ‍්ගිකොති ජඞ‍්ඝමග‍්ගාදයො වා හොන‍්තු ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතමග‍්ගා වා, සබ‍්බෙසම‍්පි මග‍්ගානං සම‍්මාදිට‍්ඨිආදීහි අට‍්ඨහි අඞ‍්ගෙහි මිච‍්ඡාදිට‍්ඨිආදීනං අට‍්ඨන‍්නං පාපධම‍්මානං පහානකරො නිරොධං ආරම‍්මණං කත්‍වා චතූසුපි සච‍්චෙසු දුක‍්ඛපරිජානනාදිකිච‍්චං සාධයමානො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සෙට‍්ඨො උත‍්තමො. සච‍්චානං චතුරො පදාති “සච‍්චං භණෙ න කුජ‍්ඣෙය්‍යා”ති (ධ· ප· 224) ආගතං වචීසච‍්චං වා හොතු, “සච‍්චො බ්‍රාහ‍්මණො, සච‍්චො ඛත‍්තියො”තිආදිභෙදං සම‍්මුතිසච‍්චං වා, “ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ”න‍්ති (ම· නි· 3.331; උදා· 54; මහානි· 20) දිට‍්ඨිසච‍්චං වා, “එකඤ‍්හි සච‍්චං න දුතියමත්‍ථී”ති (සු· නි· 890; මහානි· 119) වුත‍්තං පරමත්‍ථසච‍්චං වා හොතු. සබ‍්බෙසම‍්පි ඉමෙසං සච‍්චානං පරිජානිතබ‍්බට‍්ඨෙන පහාතබ‍්බට‍්ඨෙන සච‍්ඡිකාතබ‍්බට‍්ඨෙන භාවෙතබ‍්බට‍්ඨෙන එකපටිවෙධට‍්ඨෙන තථපටිවෙධට‍්ඨෙන ච “දුක‍්ඛං අරියසච‍්ච”න‍්තිආදයො (මහාව· 14; දී· නි· 2.387; ම· නි· 1.120) චතුරො පදා සෙට‍්ඨා නාම. විරාගො සෙට‍්ඨො ධම‍්මානන‍්ති “යාවතා, භික‍්ඛවෙ, ධම‍්මා සඞ‍්ඛතා වා අසඞ‍්ඛතා වා, විරාගො තෙසං ධම‍්මානං අග‍්ගමක‍්ඛායතී”ති (අ· නි· 4.34; 5.32; ඉතිවු· 90) වචනතො නිබ‍්බානසඞ‍්ඛාතො විරාගො සබ‍්බධම‍්මානං සෙට‍්ඨො. ද‍්විපදානඤ‍්ච චක‍්ඛුමාති සබ‍්බෙසම‍්පි දෙවමනුස‍්සාදිභෙදානං ද‍්විපදානං පඤ‍්චහි චක‍්ඛූහි චක‍්ඛුමා භගවාව සෙට‍්ඨොති.

මග්ගානට්ඨංගිකො යනු අඩිපාරවල් හෝ වේවා දෙසැටක් මිසදිටු මග හෝ වේවා සියලුම මාර්ගයන් අතුරෙන් සම්මා දිට්ඨි ආදී අංග අටකින් යුත් මිථ්‍යාදෘෂ්ටි ආදි අෂ්ටවිධ පාපධර්මයන් ප්‍රහාණ කරන, නිරෝධය අරමුණු කොට සතර සත්‍යයන්හි දුක අවබෝධ කරගැනීම ආදී කටයුතු සාධනය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨය උතුම්ය යනුයි. සච්චානං චතුරො පදා යනු සත්‍ය කියන්නේය. නොකිපෙන්නේය යන තැන ආ වාග් සත්‍යය හෝ වේවා සත්‍යවත් බ්‍රාහ්මණයා සත්‍යවත් ක්‍ෂත්‍රියයා ආදී භේද ඇති සම්මුති සත්‍යය හෝ වේවා මෙය ම සත්‍යය එකක් ම ය. දෙවැන්නක් නැතැයි කියන ලද පරමාර්ථ සත්‍යය හෝ වේවා මේ සියලු සත්‍ය අතුරෙන් දතයුතු අර්ථයෙන් ද ඉවත් කළයුතු අර්ථයෙන් ද සාක්‍ෂාත් කළයුතු අර්ථයෙන් ද වැඩිය යුතු අර්ථයෙන් ද එක්ව අවබෝධ කළයුතු අර්ථයෙන් ද සත්‍යාවබෝධ කිරීම් අර්ථයෙන් ද දුක්ඛ ආර්ය සත්‍යය යනාදී පද සතර ශ්‍රේෂ්ඨ වේ. විරාගො සෙට්ඨො ධම්මානං ‘මහණෙනි, සංඛත හෝ අසංඛත ධර්ම යම්පමණ වේ ද විරාගය ඒ ධර්මයන්ගෙන් ශ්‍රේෂ්ඨයැයි කියනු ලැබේ’ යන වචනයෙන් නිර්වාණ සංඛ්‍යාත විරාගය සියලු ධර්මයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වේ. ද්විපදානඤ්ච චක්ඛුමා යනු දෙව් මිනිස් ආදී භේද ඇති සියලු දෙපා ඇත්තා වූ සත්ත්වයන්ගේ පසැස් කරණ කොටගෙන ඇස් ඇත්තා වූ භාග්‍යවතුන් වහන්සේ ම ශ්‍රේෂ්ඨ වේ.

අග‍්ගානීති උත‍්තමානි. යාවතාති යත‍්තකා. අපදාති නිප‍්පදා අහිමච‍්ඡාදයො. ද‍්විපදාති මනුස‍්සපක‍්ඛිජාතාදයො. චතුප‍්පදාති හත්‍ථිඅස‍්සාදයො . බහුප‍්පදාති සතපදිආදයො. රූපිනොති කාමාවචරරූපාවචරසත‍්තා. අසඤ‍්ඤිනොති අසඤ‍්ඤීභවෙ නිබ‍්බත‍්තසත‍්තා. නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤිනොති භවග‍්ගෙ නිබ‍්බත‍්තසත‍්තා. අග‍්ගමක‍්ඛායතීති ගුණෙහි අග‍්ගො උත‍්තමො සෙට‍්ඨො අක‍්ඛායති.

අග්ගානි යනු උතුම් යනුයි. යාවතා යනු යම් පමණ යනුයි. අපදා යනු පා නැති සර්ප මත්ස්‍ය ආදීහු ය. ද්විපදා යනු මිනිස්, පක්‍ෂි වර්ගාදීහු ය. චතුප්පදා යනු හස්ති අශ්ව ආදීහු ය. බහුප්පදා යනු පත්තෑ ආදීහු ය. රූපිනො යනු කාමාවචර, රූපාවචර ලෝකවල සත්ත්වයෝ ය. අසඤ්ඤිනො යනු අසංඥභවයෙහි නිපන් සත්ත්වයෝ ය. නෙවසඤ්ඤිනාසඤ්ඤිනො යනු භවාග්‍රයෙහි නිපන් සත්ත්වයෝ ය. අග්ගමක්ඛායති යනු ගුණවලින් අග්‍රය. උතුම්ය. ශ්‍රේෂ්ඨ වේ යැයි කියනු ලැබේ යනුයි.

අසඞ‍්ඛතානන‍්ති නිබ‍්බානමෙව වුත‍්තං. විරාගොතිආදීනි ච නිබ‍්බානස‍්සෙව නාමානි. තඤ‍්හි ආගම‍්ම සබ‍්බෙ කිලෙසා විරජ‍්ජන‍්ති, සබ‍්බෙ රාගමදාදයො මදා නිම‍්මදා හොන‍්ති අභාවං ගච‍්ඡන‍්ති , සබ‍්බා පිපාසා විනයං උපෙන‍්ති, සබ‍්බෙ ආලයා සමුග‍්ඝාතං ගච‍්ඡන‍්ති, වට‍්ටානි උපච‍්ඡිජ‍්ජන‍්ති, තණ‍්හා ඛීයති, සබ‍්බපරිළාහා වූපසම‍්මන‍්ති, වට‍්ටදුක‍්ඛං නිරුජ‍්ඣති නිබ‍්බායති. තස‍්මා තං එතානි නාමානි ලභතීති.

අසංඛතා යනුවෙන් නිවන ම කියන ලදී. විරාගො යනාදිය ද නිවනටම නම් ය. ඊට පැමිණ සියලු කෙලෙස් නොරැඳෙයි. සියලු රාගමදාදිය මදයෙන් තොරවූයේ වෙයි. අභාවයට යයි. සියලු පිපාසයෝ නැතිවෙත්. සියලු ආලයෝ විනාශයට යත්. දුක් සිඳී යයි. තෘෂ්ණාව ක්‍ෂය වෙයි. සියලු දාහයෝ සන්සිඳෙත්. සංසාර දුක නැති වේ. එහෙයින් ඒ නිවන මේ නාමයන් ලබයි.

ධම‍්මො ච කුසලක‍්ඛතොති තස‍්ස සත්‍ථුනො ධම‍්මො ච කුසලො අනවජ‍්ජො, අනවජ‍්ජත‍්තා එව පටිපක‍්ඛෙහි රාගාදීහි කිලෙසෙහි සබ‍්බතිත්‍ථියවාදෙහි ච අපරික‍්ඛතො. තානි තීණි විසිස‍්සරෙති එතානි තීණි රතනානි ලොකෙ සබ‍්බරතනෙහි විසිස‍්සන‍්ති ගුණවසෙන සබ‍්බලොකං අතිසෙන‍්තීති අත්‍ථො.

ධම්මො ච කුසලමක්ඛතො යනු ඒ ශාස්තෲන්ගේ ධර්මය ද කුසලය. නිවැරදිය යනුයි. නිවැරදි බැවින් ම ප්‍රතිපක්‍ෂ වූ රාගාදි කෙලෙස්වලින් ද සියලු තීර්ථක වාදවලින් ද නොපිරිහෙලන ලද්දේය. තානි තීණි විසිස්සරෙ යනු මේ ත්‍රිවිධ රත්නයන් ලෝකයේ සියලු රත්නවලින් විශිෂ්ට වේ. ගුණ වශයෙන් සියලු ලෝකය අභිබවත් යන අර්ථයයි.

සමණපදුමසඤ‍්චයො ගණොති පදුමසදිසානං අරියසමණානං සමූහසඞ‍්ඛාතො ගණො. පදුමන‍්ති හි පරිපුණ‍්ණසතපත‍්තස‍්ස සරොරුහස‍්ස නාමං. අරියපුග‍්ගලා ච සබ‍්බථාපි පරිපුණ‍්ණගුණාති පදුමසදිසා වුත‍්තා. විදූනං සක‍්කතොති විදූහි පණ‍්ඩිතෙහි සක‍්කතො. නරවරදමකොති නරවරො ච පුරිසානං දමකො නායකො චාති අත්‍ථො. ලොකස‍්ස උත‍්තරීති ලොකස‍්ස උපරි ඨිතානි, සබ‍්බලොකෙ උත‍්තමානීති අත්‍ථො.

සමණපදුමසඤ්චයො ගණො යනු පද්ම හා සමාන ආර්ය ශ්‍රමණයන්ගේ සමූහ සංඛ්‍යාත ගුණයයි. පදුම යනු පිරිපුන් පත්‍ර සියයක් ඇති පියුමට නමකි. ආර්ය පුද්ගලයෝ ද සර්වප්‍රකාරයෙන් පිරිපුන් ගුණ ඇත්තෝ වෙතැයි පද්ම හා සමානව කියන ලදි. විදූනං සක්කතො යනු නුවණැති පණ්ඩිතයන් විසින් සත්කාර කරන ලද යනුයි. නරවරදමකො යනු මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයා ද දමනය කළයුතු පුද්ගලයන් දමනය කරන විනායකයා ද යන අර්ථයයි.

නිරුපදාහොති රාගපරිළාහාදීහි අනුපදාහො. සච‍්චනාමොති අවිතථනාමො යථාභුච‍්චගුණෙහි ආගතනාමො. සබ‍්බාභිභූති සබ‍්බලොකං අත‍්තනො ගුණෙහි අභිභවිත්‍වා ඨිතො. සච‍්චධම‍්මොති වට‍්ටතො එකන‍්තනිස‍්සරණභාවෙන අවිතථො සහ පරියත‍්තියා නවවිධොපි ලොකුත‍්තරධම‍්මො, තතො එව නත්‍ථඤ‍්ඤො තස‍්ස උත‍්තරීති තස‍්ස උත‍්තරි අධිකගුණො අඤ‍්ඤො ච ධම‍්මො නත්‍ථීති අත්‍ථො. අරියසඞ‍්ඝොව නිච‍්චං සබ‍්බකාලං විදූහි සබ‍්බපණ‍්ඩිතෙහි පූජිතො.

ලොකස්ස උත්තරි යනු ලෝකය මත්තෙහි සිටි යනුයි. සියලු ලොව උතුම් වූ යන අර්ථයයි. නිරූපදාහො යනු රාග, පරිළාහ (දාහය) ආදියෙන් නොදැවෙන යනුයි. සච්චනාමො යනු නොවෙනස් නාමයයි. සත්‍ය වූ ගුණවලින් පැමිණි නමයි. සබ්බාභිභූ යනු තම ගුණවලින් මුළුලොව මැඩ සිටි යනුයි. සච්ච ධම්මො යනු ඒකාන්තයෙන් සසරින් නික්මෙන බැවින් නොවෙනස් වූ පර්යාප්තිය සමග නවවිධ ලෝකෝත්තර ධර්මයන් ය. එහෙයින් ම නත්‍ථඤ්ඤො තස්ස උත්තරි යනු ඊට උසස් වූ අධික ගුණ ඇති අන් ධර්මයක් නැත යන අර්ථයයි. ආර්ය සංඝයා ම නිතර සියලු කල නුවණැති සියලු පණ්ඩිතයන් විසින් පුදන ලදි.

“එකායන”න‍්ති ගාථාය එකායනන‍්ති එකං මග‍්ගං. මග‍්ගස‍්ස හි –

එකායනං යන ගාථාවේ එකායනං යනු එක් මගකි.

“මග‍්ගො පන්‍ථො පථො පජ‍්ජො, අඤ‍්ජසං වටුමායනං; නාවා උත‍්තරසෙතු ච, කුල‍්ලො ච භිසි සඞ‍්ගමො”ති. (චූළනි· පාරායනත්‍ථුතිගාථානිද‍්දෙස 101) –

මග්ගො පන්‍ථො පථො පජ්ජො අඤ්ජසං වටුමායනං, නාවා උත්තර සෙතූච කුල්ලො ච භිසි සංකමොති

මග්ග, පන්‍ථ, පථ, පජ්ජ, අඤ්ජස, වටුම, ආයන, නාවා, උත්තරසෙතු, කුල්ල, හිසි, සංකම,

බහූනි නාමානි, ස‍්වායං ඉධ අයනනාමෙන වුත‍්තො. තස‍්මා එකායනන‍්ති එකමග‍්ගං, න ද‍්වෙධාපථභූතන‍්ති අත්‍ථො. අථ වා එකෙන අයිතබ‍්බන‍්ති එකායනං. ගණසඞ‍්ගණිකං පහාය විවෙකට‍්ඨෙන පවිවිත‍්තෙන පටිපජ‍්ජිතබ‍්බන‍්ති අත්‍ථො. අයන‍්ති වා එතෙනාති අයනො, සංසාරතො නිබ‍්බානං ගච‍්ඡන‍්තීති අත්‍ථො. එකස‍්ස වා සබ‍්බසත‍්තසෙට‍්ඨස‍්ස භගවතො අයනොති එකායනො. කිඤ‍්චාපි හි තෙන අඤ‍්ඤෙපි අයන‍්ති, තථාපි භගවතොව සො අයනො, තෙන උප‍්පාදිතත‍්තා. යථාහ – “සො හි, බ්‍රාහ‍්මණ, භගවා අනුප‍්පන‍්නස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදෙතා”තිආදි (ම· නි· 3.79). අයතීති වා අයනො, ගච‍්ඡති පවත‍්තතීති අත්‍ථො. එකස‍්මිං ඉමස‍්මිංයෙව ධම‍්මවිනයෙ අයනො, න අඤ‍්ඤත්‍ථාති එකායනො. යථාහ – “ඉමස‍්මිං ඛො, සුභද‍්ද, ධම‍්මවිනයෙ අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො උපලබ‍්භතී”ති (දී· නි· 2.214). අපි ච පුබ‍්බභාගෙ නානාමුඛභාවනාය පවත‍්තොපි අපරභාගෙ එකං නිබ‍්බානමෙව අයති ගච‍්ඡතීති එකායනො, තං එකායනං.

යනුවෙන් මාර්ගයට බොහෝ නම් වේ. එය මෙහිදී ආයන යන නමින් කියන ලදී. එහෙයින් එකායනං යනු එක මගයි. දෙකඩ වූ මාර්ගයක් නොවේ යන අර්ථයයි. එසේ නැතහොත් එකෙකු විසින් යා යුතුය යන අර්ථයෙන් ඒකායන නම් වේ. ගණ සංගණිකතාව දුරුකොට විවේකීව සිටියහු විසින් උතුම් විවේක ඇත්තා විසින් පිළිපැදිය යුතුය යන අර්ථයයි. මෙය කරණ කොටගෙන යේ නුයි අයන නම්වේ. සසරින් නිවනට යත් යන අර්ථයයි. සියලු සත්ත්වයන්ට ශ්‍රේෂ්ඨ වූ එක ම භාග්‍යවතුන් වහන්සේගේ මාර්ගය යන අර්ථයෙන් ඒකායන නම් වේ. කෙසේ වුවත් එයින් අන්‍යයෝ ද යෙත්. එසේ වුවත් ඒ මාර්ගය භාග්‍යවතුන් වහන්සේ ම ය. උන්වහන්සේ විසින් උපදවන ලද බැවිනි. (එය) මෙසේ කියන ලදී. ‘සුභද්දය, මේ ධර්ම විනයෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්නට ලැබේ’ යනුවෙනි. තව ද පූර්ව භාගයෙහි නන්වැදෑරුම් භාවනාවෙහි පැවති දෙය ද අපරභාගයේ දී එකම නිවනට ම යන්නේය යන අර්ථයෙන් ඒකායන නම් වේ. එය එක ම මගයි.

ජාතිඛයන‍්තදස‍්සීති ජාතියා ඛයසඞ‍්ඛාතො අන‍්තො ජාතිඛයන‍්තො. ජාතියා අච‍්චන‍්තඛයන‍්තො නිබ‍්බානං, තං පස‍්සීති ජාතිඛයන‍්තදස‍්සී. “මග‍්ගං පජානාති හිතානුකම‍්පී”තිපි පාඨො. තස‍්සත්‍ථො – වුත‍්තප‍්පකාරං එකායනසඞ‍්ඛාතං මග‍්ගං සයම‍්භුඤාණෙන භගවා පජානාති, ජානන‍්තො ච තෙන තෙන හිතෙන සත‍්තෙ අනුකම‍්පතීති. ඉදානි තස‍්ස මග‍්ගස‍්ස එකායනභාවං, තීසුපි කාලෙසු එකන‍්තනිය්‍යානතඤ‍්ච විභාවෙතුං “එතෙන මග‍්ගෙන තරිංසු පුබ‍්බෙ, තරිස‍්සන‍්ති යෙ ච තරන‍්ති ඔඝ”න‍්ති ආහ. තස‍්සත්‍ථො – යෙ අතීතමද‍්ධානං කාමොඝාදිචතුබ‍්බිධං ඔඝං තරිංසු, යෙ තං අනාගතමද‍්ධානං තරිස‍්සන‍්ති, එතරහි ච තරන‍්ති, තෙ සබ‍්බෙ එතෙනෙව මග‍්ගෙන, න අඤ‍්ඤෙනාති. විසුද‍්ධිපෙක‍්ඛාති චතුරොඝනිත්‍ථරණෙන අච‍්චන‍්තවිසුද‍්ධිං නිබ‍්බානං අපෙක‍්ඛන‍්තා, පරිනිබ‍්බායිතුකාමාති අත්‍ථො.

ජාතික්ඛයන්ත දස්සී උපත ක්‍ෂය කිරීම් සංඛ්‍යාත අන්තය ජාතික්ඛය අන්තයයි. උපතේ අත්‍යන්ත ක්‍ෂය කිරීම නිවනයි. එය දකින්නා ජාතික්ඛයන්ත දස්සී නම් වේ. මග්ගං පජානාති හිතානුකම්පි යනු කියන ලද ආකාර ඇති ඒක මාර්ග සංඛ්‍යාත මාර්ගය භාග්‍යවතුන් වහන්සේ ස්වයම්භූ ඥානයෙන් දනියි. දන්නේ ඒ ඒ හිතවත් දෙයින් සත්ත්වයන්ට අනුකම්පා කෙරෙයි යනුයි. දැන් ඒ මාර්ගයේ ඒකායන භාවය ද තුන්කල්හි ඒකාන්තයෙන් පමුණුවන බව ද දක්වන්නට එතෙන මග්ගෙන තරිංසු පුබ්බෙ තරිස්සන්ති යෙ චාපි තරන්ති ඔඝං යන්න කියන ලදී. එහි අර්ථය, යමෙක් අතීත කාලයෙහි කාම ඕඝ ආදී සතර ඕඝය තරණය කළාහු ද යමෙක් අනාගතයේ දී එය තරණය කරන්නාහු ද දැනුදු තරණය කරත් ද ඒ සියල්ලෝ මෙමගින් ම මිස අනෙක් මගකින් තරණය නොකරත්. විසුද්ධිපෙක්ඛා සතර ඕඝ තරණයෙන් ඉතා පිරිසිදු වූ නිවන දකිමින් පිරිනිවනු කැමැත්තෝ වෙති යන අර්ථයයි.

එවං දුවිධම‍්පි සාසනපට‍්ඨානං නානාසුත‍්තපදානි උදාහරන‍්තෙන විභජිත්‍වා ඉදානි සංකිලෙසභාගියාදීහි සංසන්‍දිත්‍වා දස‍්සෙතුං පුන “ලොකියං සුත‍්ත”න‍්තිආදි ආරද‍්ධං. තත්‍ථ දස‍්සනභාගියෙන ච භාවනාභාගියෙන චාති නිබ‍්බෙධභාගියෙන. නිබ‍්බෙධභාගියමෙව හි දස‍්සනභාගියං භාවනාභාගියන‍්ති ද‍්විධා භින්‍දිත්‍වා දස‍්සිතං. ලොකියඤ‍්ච ලොකුත‍්තරඤ‍්චාති ලොකියං ලොකුත‍්තරඤ‍්ච සුත‍්තං, සංකිලෙසභාගියාදීහි දස‍්සනභාගියාදීහි චාති උභයෙහි නිද‍්දිසිතබ‍්බන‍්ති අධිප‍්පායො. යස‍්මිං සුත‍්තෙතිආදි නිද‍්දිසනාකාරදස‍්සනං. තත්‍ථ සංකිලෙසභාගියන‍්ති සංකිලෙසකොට‍්ඨාසසහිතං, සංකිලෙසත්‍ථදීපනන‍්ති අත්‍ථො. එස නයො සෙසෙසුපි.

මෙසේ දෙවැදෑරුම් වූ සාසන පට්ඨානය නොයෙක් නොයෙක් සූත්‍රපදයන් ගෙනහැරපාමින් බෙදා දක්වා දැන් සංකිලෙසභාගිය ආදිය සමග සසඳා දක්වන්නට නැවතත් ලොකියං සුත්තං යනාදිය සමග අරඹන ලදී. එහි දස්සනභාගියෙන භාවනා භාගියෙන ච යනු නිබ්බෙධභාගිය ක්‍රමයෙනි. නිබ්බේධභාගිය ක්‍රමය ම දස්සනභාගිය හා භාවනා භාගිය වශයෙන් දෙකඩ කොට දක්වන ලදී. ලොකියඤ්ච ලොකුත්තරඤ්ච යනු ලෞකික හා ලෝකෝත්තර සූත්‍රයයි. සංකිලෙසභාගිය හා දර්ශනභාගිය යන දෙකින් නිර්දේශ කළ යුතුය යන අර්ථයයි. යස්මිං සුත්තෙ යනාදිය නිර්දේශ කරන ආකාරය දැක්වීමකි. එහි සංකිලෙසභාගියං යනු කෙලෙස් කොටස් සහිත යනුයි. සංකිලේශ අර්ථය දක්වන යන අර්ථයයි. සෙසු ඒවායේද මේ ක්‍රමය මැයි.

එවං ලොකියත‍්තිකස‍්ස සංකිලෙසභාගියාදීහි චතූහි පදෙහි සංසන්‍දනං දස‍්සෙත්‍වා ඉමිනා නයෙන සෙසතිකානං සෙසපදානඤ‍්ච සංසන්‍දනං සුවිඤ‍්ඤෙය්‍යන‍්ති තං අනුද‍්ධරිත්‍වා සංකිලෙසභාගියාදීනං සමතික‍්කමනං දස‍්සෙතුං “වාසනාභාගියං සුත‍්ත”න‍්තිආදි වුත‍්තං. තත්‍ථ යදිපි සංකිලෙසභාගියං සුත‍්තං, වාසනාභාගියඤ‍්ච සුත‍්තං ලොකියමෙව. තථාපි ලොකුත‍්තරසුත‍්තානි විය ලොකියසුත‍්තානං වාසනාභාගියං සුත‍්තං සංකිලෙසභාගියස‍්ස සමතික‍්කමාය හොතීති ඉමමත්‍ථං දස‍්සෙතුං “වාසනාභාගියං සුත‍්තං සංකිලෙසභාගියස‍්ස සුත‍්තස‍්ස නිග‍්ඝාතායා”ති වුත‍්තං. තත්‍ථ නිග‍්ඝාතායාති පහානාය. සුත‍්තසීසෙන චෙත්‍ථ සුත‍්තත්‍ථො ගහිතොති දට‍්ඨබ‍්බං. යස‍්මා ච වොදානධම‍්මා විය සංකිලෙසධම‍්මානං දස‍්සනභූමිසමතික‍්කමනෙනෙව භාවනාභූමි අධිගන‍්තබ‍්බා, තස‍්මා “භාවනාභාගියං සුත‍්තං දස‍්සනභාගියස‍්ස සුත‍්තස‍්ස පටිනිස‍්සග‍්ගායා”ති වුත‍්තං. යස‍්මා පන අසෙක‍්ඛධම‍්මෙසු උප‍්පන‍්නෙසු මග‍්ගභාවනාකිච‍්චං නාම නත්‍ථි. ඣානභාවනාපි දිට‍්ඨධම‍්මසුඛවිහාරත්‍ථා එව හොති, තස‍්මා “අසෙක‍්ඛභාගියං සුත‍්තං භාවනාභාගියස‍්ස සුත‍්තස‍්ස පටිනිස‍්සග‍්ගාය, අසෙක‍්ඛභාගියං සුත‍්තං දිට‍්ඨධම‍්මසුඛවිහාරත්‍ථ”න‍්ති ච වුත‍්තං.

මෙසේ සංකිලෙසභාගිය ආදිය ආදී පද සතරකින් ලෞකිකත්වයෙහි සැසඳීම ඉදිරිපත්කොට මේ ක්‍රමයෙන් සෙසු තිකවල ද (තුනේ කොටස්වල) සෙසු පදවල ද සැසඳීම මනාව දතයුතුයැයි එය නො උපුටා සංකිලේසභාගිය ආදී ක්‍රමයන්ගේ ඉක්මවායෑම දක්වන්නට වාසනාභාගිය සුත්තං යනාදිය කියන ලදී. එහිදී සංකිලෙසභාගිය සූත්‍රයත් වාසනාභාගිය සූත්‍රයත් ලෞකිකම වුවත් ලෝකෝත්තර සූත්‍ර මෙන් ලෞකික සූත්‍ර අතුරෙන් වාසනාභාගීය සූත්‍රය සංකිලෙස භාගිය සූත්‍රය ඉක්මවායෑම සඳහා පවතින්නේය යන මේ අර්ථය දක්වන්නට වාසනාභාගීය සුත්තං සංකිලෙසභාගියස්ස සුත්තස්ස නිග්ඝාතාය යයි කියන ලදී, එහි නිග්ඝාතාය යනු ප්‍රහාණය පිණිස යනුයි. මෙහිදී සූත්‍ර ශීර්ෂයෙන් සූත්‍රාර්ථය ගන්නා ලදැයි දතයුතුය. යම්හෙයකින් පිරිසිදු ධර්මයන් මෙන් අපිරිසිදු ධර්මයන්ගේ දර්ශන භූමිය ඉක්මවා යෑමෙන්ම භාවනාභූමිය අවබෝධ කරගත යුතුද එහෙයින් භාවනාභාගියං සුත්තං දස්සන භාගියස්ස සුත්තස්ස පටිනිස්සග්ගාය යි කියන ලදී. යම්හෙයකින් අශෛක්‍ෂ ධර්ම ඇතිවූ කල්හි මාර්ගභාවනා කෘත්‍යයක් නැත්තේ ද ධ්‍යානභාවනාව ද මෙලොව සැප විහරණ පිණිස ම වේ ද එහෙයින් අසෙක්ඛභාගියං සුත්තං භාවනාභාගියස්ස සුත්තස්ස පටිනිස්සග්ගාය අසෙක්ඛභාගියං සුත්තං දිට්ඨ ධම්ම සුඛවිහාරත්‍ථං යි කියන ලදී.

ඉදානි තිකපදෙහෙව සංසන්‍දිත්‍වා දස‍්සෙතුං “ලොකුත‍්තර”න‍්තිආදි වුත‍්තං. එකබීජිනාතිආදීසු යො සොතාපන‍්නො හුත්‍වා එකමෙව අත‍්තභාවං ජනෙත්‍වා අරහත‍්තං පාපුණාති, අයං එකබීජී නාම. යථාහ –

දැන් තික පදයන් සමග සසඳා දක්වන්නට ලොකුත්තරං යනාදිය කියන ලදී. එකබීජිනා යනාදියෙහි යමෙක් සෝවාන් වී එකම ආත්ම භාවයක් උපදවා අර්හත්වයට පැමිණේ ද මේ ඒකබීජි නම් වේ. එය මෙසේ කියන ලදී.

“කතමො ච පුග‍්ගලො එකබීජී? ඉධෙකච‍්චො පුග‍්ගලො තිණ‍්ණං සංයොජනානං පරික‍්ඛයා සොතාපන‍්නො හොති අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණො. සො එකංයෙව මානුසකං භවං නිබ‍්බත‍්තෙත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති. අයං වුච‍්චති පුග‍්ගලො එකබීජී”ති (පු· ප· 33).

‘ඒකබීජි පුද්ගලයා යනු කවරේ ද? මෙලොව ඇතැම් පුද්ගලයෙක් සංයෝජන තුනක් ක්‍ෂය කිරීමෙන් සෝවාන් වේ ද නොවැටෙන ස්වභාව ඇත්තේ ද නියත වූයේ සම්බෝධිය පිහිටකොට ඇත්තේ වේ ද හෙතෙම එකම මිනිස් භවයක් උපදවා දුක කෙළවර කෙරෙයි. මේ ඒකබීජි පුද්ගලයා යැයි කියනු ලැබේ’ යනුවෙනි.

යො පන ද‍්වෙ වා තීණි වා කුලානි සන්‍ධාවිත්‍වා සංසරිත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති, අයං කොලංකොලො නාම. යථාහ –

යමෙක් දෙතුන් කුලයක දුව හැසිර දුක කෙළවර කෙරේ ද ඒ කෝලංකොල නම් වේ. එය මෙසේ කියන ලදී –

“කතමො ච පුග‍්ගලො කොලංකොලො? ඉධෙකච‍්චො පුග‍්ගලො තිණ‍්ණං…පෙ… පරායණො. සො ද‍්වෙ වා තීණි වා කුලානි සන්‍ධාවිත්‍වා සංසරිත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති. අයං වුච‍්චති පුග‍්ගලො කොලංකොලො”ති (පු· ප· 32).

‘කෝලංකෝල පුද්ගලයා යනු කවරේ ද? මෙලොව ඇතැම් පුද්ගලයෙක් තුන් -පෙ- පිහිටකොට ඇත්තේ වේ ද හෙතෙම දෙතුන් කුලයක දුව හැසිර දුක කෙළවර කෙරෙයි. මේ කෝලංකෝල පුද්ගලයා යැයි කියනු ලැබේ’ යනුවෙනි.

තත්‍ථ කුලානීති භවෙ. ද‍්වෙ වා තීණි වාති ඉදමෙත්‍ථ දෙසනාමත‍්තමෙව. යාව ඡට‍්ඨභවා සංසරන‍්තොපි කොලංකොලො හොති එව.

එහි කුලානි යනු භවයෙහිය. මෙහිදී දෙකතුනක් යන මෙය දේශනා මාත්‍රයක් ම ය. හයවැනි භවය දක්වා හැසිරෙන්නා ද කෝලංකෝල පුද්ගලයා වේ ම ය.

යො පන සත‍්ත භවෙ සංසරිත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති, අයං සත‍්තක‍්ඛත‍්තුපරමො නාම. යථාහ –

යමෙක් භව සතක හැසිරී දුක කෙළවර කෙරෙයි. මේ සත්තක්ඛත්තුපරම නම් වේ. එය මෙසේ කියන ලදී –

“කතමො ච පුග‍්ගලො සත‍්තක‍්ඛත‍්තුපරමො? ඉධෙකච‍්චො…පෙ… පරායණො. සො සත‍්තක‍්ඛත‍්තුං දෙවෙ චෙව මානුසෙ ච සන්‍ධාවිත්‍වා සංසරිත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති. අයං වුච‍්චති පුග‍්ගලො සත‍්තක‍්ඛත‍්තුපරමො”ති (පු· ප· 31).

සත්තක්ඛත්තුපරම පුද්ගලයා යනු කවරේ ද? මෙලොව ඇතැම් පුද්ගලයෙක් තුන් -පෙ- පිහිටකොට ඇත්තේ වේ ද? හෙතෙම සත්වරක් දෙවියන් අතර ද මිනිසුන් අතර ද දුව හැසිර දුක කෙළවර කෙරෙයි. මේ පුද්ගලයා සත්තක්ඛත්තු පරම පුද්ගලයා යැයි කියනු ලැබේ.

කො පන තෙසං එතං පභෙදං නියමෙතීති? කෙචි තාව “පුබ‍්බහෙතු නියමෙතී”ති වදන‍්ති. කෙචි “පඨමමග‍්ගො”, කෙචි “උපරි තයො මග‍්ගා”. කෙචි “තිණ‍්ණං මග‍්ගානං විපස‍්සනා”ති. තත්‍ථ පුබ‍්බහෙතු නියමෙතීති වාදෙ පඨමමග‍්ගස‍්ස උපනිස‍්සයො කතො නාම හොති. උපරි තයො මග‍්ගා නිරුපනිස‍්සයා උප‍්පන‍්නාති ආපජ‍්ජති. පඨමමග‍්ගො නියමෙතීති වාදෙ උපරි තිණ‍්ණං මග‍්ගානං නිරත්‍ථකතා ආපජ‍්ජති. උපරි තයො මග‍්ගා නියමෙන‍්තීති වාදෙ “පඨමමග‍්ගෙ අනුප‍්පන‍්නෙ එව උපරි තයො මග‍්ගා උප‍්පන‍්නා”ති ආපජ‍්ජති. විපස‍්සනා නියමෙතීති වාදො පන යුජ‍්ජති. සචෙ හි උපරි තිණ‍්ණං මග‍්ගානං විපස‍්සනා බලවතී හොති, එකබීජී නාම හොති. තතො මන්‍දතරා කොලංකොලො. තතො මන්‍දතරා සත‍්තක‍්ඛත‍්තුපරමොති. එත්‍ථ ච යො මනුස‍්සෙසු එව සත‍්තක‍්ඛත‍්තුං සංසරිත්‍වා අරහත‍්තං පාපුණාති, යො ච දෙවෙසුයෙව සත‍්තක‍්ඛත‍්තුං සංසරිත්‍වා අරහත‍්තං පාපුණාති, ඉමෙ න ඉධාධිප‍්පෙතා. යො පන කාලෙන දෙවෙසු, කාලෙන මනුස‍්සෙසූති වොමිස‍්සකනයෙන සංසරිත්‍වා අරහත‍්තං පාපුණාති, සො ඉධාධිප‍්පෙතො. තස‍්මා “සත‍්තක‍්ඛත‍්තුපරමො”ති ඉදං ඉධට‍්ඨකවොකිණ‍්ණවට‍්ටජ‍්ඣාසයස‍්ස වසෙන වෙදිතබ‍්බං. වට‍්ටජ‍්ඣාසයො හි ආදිතො පට‍්ඨාය ඡ දෙවලොකෙ සොධෙත්‍වා අකනිට‍්ඨෙ ඨත්‍වා පරිනිබ‍්බායිස‍්සති.

ඔවුන්ගේ මේ ප්‍රභේද කවරෙක් සකස් කෙරේ ද? කිසිවෙක් පළමුව පූර්ව හේතුව සකස් කෙරේ යයි කියත්. කිසිවෙක් පළමු මාර්ගය යැයි කියත්. කිසිවෙක් මත්තෙහි මාර්ග තුන යැයි කියත්. කිසිවෙක් මාර්ග තුන අතුරෙන් විදර්ශනාව යැයි කියත්. එහි පූර්ව හේතුව සකස් කෙරෙයි යන වාදයෙහි පළමු මාර්ගයේ ආශ්‍රය ඇතිකරන ලද්දේ නම් වෙයි. මත්තෙහි මාර්ග තුන ආශ්‍රය රහිතව උන්නේ යැයි (අදහසකට) පැමිණෙයි. පළමු මාර්ගය සකස් කෙරේයයි යන වාදයෙහි මත්තෙහි මාර්ග තුනක නිරර්ථකත්වයට පැමිණෙයි. මත්තෙහි මාර්ග තුන සකස් කෙරෙයි යන වාදයෙහි පළමු මාර්ගය නූපන් කල්හි ම මත්තෙහි මාර්ග තුනක් උපන්නේ යැයි (අදහසකට) පැමිණෙයි. පළමු මාර්ගය සකස් කෙරේයයි යන වාදයෙහි මත්තෙහි මාර්ග තුනක නිරර්ථකත්වයට පැමිණෙයි. මත්තෙහි මාර්ග තුන සකස් කෙරෙයි යන වාදයෙහි පළමු මාර්ගය නූපන් කල්හි ම මත්තෙහි මාර්ග තුනක් උපන්නේයැයි (අදහසකට) පැමිණේ. විදර්ශනාව සකස් කෙරෙයි යන වාදය සුදුසු වේ. ඉදින් මත්තෙහි ත්‍රිවිධ මාර්ග අතුරෙන් විදර්ශනාව බලවත් වේ ද (ඔහු) ඒකබීජි නම් වෙයි. එයින් අඩුවූයේ කෝලංකෝල නම් වේ. එයින් අඩුවූයේ සත්තක්ඛත්තුපරම නම් වේ. මෙහිද යමෙක් මිනිසුන් අතර ම සත්වරක් හැසිර රහත්බවට පැමිණෙයි ද යමෙක් දෙවියන් අතර ම සත්වරක් හැසිර රහත්බවට පැමිණෙයි ද ඔවුහු මෙහිදී අදහස් නොකරන ලදී. යමෙක් කලක් දෙවියන් අතර ද කලක් මිනිසුන් අතර ද මිශ්‍ර ක්‍රමයෙන් හැසිර රහත්බවට පැමිණෙයි. ඔහු මෙතනදී අදහස් කරන ලදී, එහෙයින් සත්තක්ඛත්තුපරම පුද්ගලයා මෙලොව එකට විසීම් සංඛ්‍යාත සංසාර අභිප්‍රාය ලෙසින් දතයුතුය. සංසාර අභිප්‍රාය මුල පටන් සදෙව්ලොව පිරිසිදුකොට අකණිටා බඹලොව සිට පිරිනිවෙන්නේය.

තත්‍ථ යො සද‍්ධං ධුරං කත්‍වා සොතාපත‍්තිමග‍්ගං නිබ‍්බත‍්තෙති, සො මග‍්ගක‍්ඛණෙ සද‍්ධානුසාරී නාම හොති. ඵලක‍්ඛණෙ පන සද‍්ධාවිමුත‍්තො නාම හුත්‍වා වුත‍්තනයෙන එකබීජිආදිභෙදො හොති. යො පන පඤ‍්ඤං ධුරං කත්‍වා සොතාපත‍්තිමග‍්ගං නිබ‍්බත‍්තෙති, සො මග‍්ගක‍්ඛණෙ ධම‍්මානුසාරී නාම. ඵලක‍්ඛණෙ පන දිට‍්ඨිප‍්පත‍්තො නාම හුත්‍වා එකබීජිආදිභෙදො හොති. ඉදඤ‍්ච අට‍්ඨන‍්නං විමොක‍්ඛානං අලාභිනො වසෙන වුත‍්තං. ලාභී පන ඵලක‍්ඛණෙ කායසක‍්ඛී නාම හොති. තත්‍ථ යෙ සද‍්ධාවිමුත‍්තදිට‍්ඨිප‍්පත‍්තකායසක‍්ඛිනාමකා තයො සොතාපන‍්නා, තෙ එකබීජිආදීහි තීහෙව සඞ‍්ගහෙත්‍වා වුත‍්තං – “පඤ‍්චහි පුග‍්ගලෙහි නිද‍්දිසිතබ‍්බං එකබීජිනා…පෙ… ධම‍්මානුසාරිනා”ති, එවං පඤ‍්චහි.

එහි යමෙක් සද්ධාව මුල්කොට සෝවාන් මග උපදවයි. ඔහු මාර්ග ක්‍ෂණයේදී සද්ධානුසාරී නම් වෙයි. ඵල ඤාණයෙහිදී සද්ධාවිමුත්තයා නම් වී කියන ලද ක්‍රමයෙන් ඒකබීජි ආදී භේද ඇත්තේ වෙයි. යමෙක් ප්‍රඥාව මුල්කොට සෝවාන් මග නිපදවයි ද හෙතෙම මාර්ග ක්‍ෂණයෙහි ධම්මානුසාරී නම් වෙයි. ඵල ක්‍ෂණයෙහිදී දිට්ඨිප්පත්තයා නම් වී ඒකබීජි ආදී භේද ඇත්තේ වෙයි. මෙයද අෂ්ට විමෝක්‍ෂයන් නොලබන්නන්ගේ වශයෙන් කියන ලදි. ලබන්නා වනාහි ඵල ක්‍ෂණයෙහි කායසක්ඛි නම් වෙයි. එහි යමෙක් සද්ධාවිමුත්ත, දිට්ඨිපත්ත, කායසක්ඛි නම් වූ සෝවාන් පුද්ගලයන් තිදෙනා ය. ඔවුහු ඒකබීජි ආදී තුනේ ම සංග්‍රහකොට කියන ලදී. පඤ්චහි පුග්ගලෙහි නිද්දිසිතබ්බ එකබීජිනා -පෙ- ධම්මානුසාරිනා යනු මෙසේ පස්දෙනා සමගය යනුයි.

ද‍්වාදසහි පුග‍්ගලෙහීති සකදාගාමිමග‍්ගට‍්ඨො, සකදාගාමී, අනාගාමිමග‍්ගට‍්ඨො, අභෙදෙන අනාගාමී, අන‍්තරාපරිනිබ‍්බායිආදයො පඤ‍්ච, සද‍්ධාවිමුත‍්තදිට‍්ඨිප‍්පත‍්තකායසක‍්ඛිනො තයොති භෙදෙන අට‍්ඨාති, එවං ද‍්වාදසහි. තත්‍ථ හි යො අවිහාදීසු තත්‍ථ තත්‍ථ ආයුවෙමජ‍්ඣං අප‍්පත්‍වා පරිනිබ‍්බායති, අයං අන‍්තරාපරිනිබ‍්බායී. යො පන ආයුවෙමජ‍්ඣං අතික‍්කමිත්‍වා අරහත‍්තං පාපුණාති, අයං උපහච‍්චපරිනිබ‍්බායී. තථා යො අවිහාදීසු උපපන‍්නො අසඞ‍්ඛාරෙන අප‍්පයොගෙන අරහත‍්තං අධිගච‍්ඡති, අයං අසඞ‍්ඛාරපරිනිබ‍්බායී. යො පන සසඞ‍්ඛාරෙන සප‍්පයොගෙන අරහත‍්තං අධිගච‍්ඡති, අයං සසඞ‍්ඛාරපරිනිබ‍්බායී. උද‍්ධං උපරූපරි බ්‍රහ‍්මලොකෙ උපපත‍්තිසොතො එතස‍්සාති උද‍්ධංසොතො. පටිසන්‍ධිවසෙන අකනිට‍්ඨෙ ගච‍්ඡතීති අකනිට‍්ඨගාමී.

ද්වාදසහි පුග්ගලෙහි යනු සකෘදාගාමි මාර්ගස්ථයා, සකෘදාගාමි පුද්ගලයා අනාගාමි මාර්ගස්ථයා අභේදයෙන් අනාගාමි පුද්ගලයා, අන්තරා පරිනිබ්බායි පුද්ගලයා ආදී පස්දෙනා ද සද්ධාවිමුත්ත, දිට්ඨිප්පත්ත, කාය සක්ඛි ආදී තිදෙනා ද භේද වශයෙන් වූ අටදෙන ද යන මේ ආකාරයෙන් දොළොස් දෙනාගෙනි. එහි යමෙක් අවිහ ආදි බ්‍රහ්ම ලෝකවල ඒ ඒ තැන ආයු මධ්‍යයට නොපැමිණ පිරිනිවෙයි. මේ අන්තරා පරිනිබ්බායි නම් වේ. යමෙක් ආයු මධ්‍යය ඉක්මවා රහත් බවට පැමිණේ ද මේ ඌහච්ච පරිනිබ්බායී නම් වේ. එසේම අවිහාදියෙහි උපන්නේ සංස්කාර රහිතව ප්‍රයෝග රහිතව රහත් බව පැමිණේ ද මේ අසංඛාර පරිනිබ්බායී නම් වේ. යමෙක් සංස්කාර සහිතව ප්‍රයෝග සහිතව රහත් බවට පැමිණේ ද මේ සසංඛාර පරිනිබ්බායි නම් වේ. උඩ මතුමත්තෙහි වූ බඹලොව මොහුගේ උපත ගලායන්නේය යන අර්ථයෙන් උද්ධංසොත නම් වේ. ප්‍රතිසන්‍ධි වශයෙන් අකණිටා බඹලොව යේ නුයි අකණිට්ඨගාමී නම් වේ.

තත්‍ථ අත්‍ථි උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී අත්‍ථි උද‍්ධංසොතො න අකනිට‍්ඨගාමී, අත්‍ථි න උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී අත්‍ථි න උද‍්ධංසොතො න අකනිට‍්ඨගාමීති. තත්‍ථ යො ඉධ අනාගාමිඵලං පත්‍වා අවිහාදීසු නිබ‍්බත‍්තො තත්‍ථ යාවතායුකං ඨත්‍වා උපරූපරි නිබ‍්බත‍්තිත්‍වා අකනිට‍්ඨං පාපුණාති, අයං උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී නාම. යො පන අවිහාදීසු නිබ‍්බත‍්තො තත්‍ථෙව අපරිනිබ‍්බායිත්‍වා අකනිට‍්ඨම‍්පි අප‍්පත්‍වා උපරූපරි බ්‍රහ‍්මලොකෙ පරිනිබ‍්බායති, අයං උද‍්ධංසොතො න අකනිට‍්ඨගාමී නාම. යො ඉතො චවිත්‍වා අකනිට‍්ඨෙයෙව නිබ‍්බත‍්තති, අයං න උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී නාම. යො පන අවිහාදීසු චතූසු අඤ‍්ඤතරස‍්මිං නිබ‍්බත‍්තිත්‍වා තත්‍ථෙව පරිනිබ‍්බායති, අයං න උද‍්ධංසොතො න අකනිට‍්ඨගාමී නාම. සද‍්ධාවිමුත‍්තාදයො වුත‍්තවිභාගායෙව.

එහි අකණිට්ඨගාමී උද්ධංසෝතයෙක් ඇත. අකණිට්ඨගාමි නොවන උධ්ධංසෝතයෙක් ඇත. උද්ධංසොත නොවන අකණිට්ඨගාමියෙක් ඇත. උද්ධංසෝත නොවන අකණිට්ඨගාමී නොවන පුද්ගලයෙක් ඇත. එහිදී යමෙක් මෙලොව අනාගාමී ඵලයට පැමිණ අවිහාදියෙහි උපන්නේ එහි ආයු ඇතිතාක් සිට මතුමත්තෙහි ඉපදී අකණිටා බඹලොවට පැමිණෙයි ද මේ අකණිට්ඨගාමී උද්ධංසොත පුද්ගලයා නම් වෙයි. යමෙක් අවිහාදි බ්‍රහ්මලෝකවල ඉපිද එහි ම පිරිනිවන් නොපා අකණිටා බඹලොවට ද නොපැමිණ මතුමත්තෙහි වූ බඹලොවක පිරිනිවේ ද මේ අකණිට්ඨගාමී නොවන උද්ධංසොත පුද්ගලයා නම් වෙයි. යමෙක් මෙයින් චුතව අකණිටා බඹලොව ම උපදී ද මේ උද්ධංසොත නොවන අකණිට්ඨගාමි පුද්ගලයා නම් වේ. යමෙක් වනාහි අවිහාදි බ්‍රහ්මලෝක සතරින් එකක ඉපදී එහි ම පිරිනිවේ ද මේ උද්ධංසෝත නොවන අකණිට්ඨගාමී නොවන පුද්ගලයා නම් වේ. සද්ධාවිමුත්ත ආදී පුද්ගලයින් (පෙර) කියන ලද විභාග ඇත්තේ ම ය.

නවහි පුග‍්ගලෙහීති එත්‍ථ අට‍්ඨන‍්නං විමොක‍්ඛානං අලාභී අරහා පඤ‍්ඤාවිමුත‍්තො නාම. තෙසං පන ලාභී වික‍්ඛම‍්භනසමුච‍්ඡෙදවිමොක‍්ඛවසෙන උභොහි භාගෙහි රූපකායනාමකායසඞ‍්ඛාතතො උභතො භාගතො විමුත‍්තත‍්තා උභතොභාගවිමුත‍්තො නාම. සමසීසිනාති එත්‍ථ තිවිධො සමසීසී – ඉරියාපථසමසීසී, රොගසමසීසී, ජීවිතසමසීසීති.

නවහි පුග්ගලෙහි යන මෙහි අෂ්ට විමෝක්‍ෂ නොලබන රහතන් වහන්සේ පඤ්ඤාවිමුත්ත නම් වේ. ඔවුන් අතුරෙන් (අෂ්ටවිමෝක්‍ෂ) ලබන්නා වික්ඛම්භන හා සමුච්ඡේද ලෙස මිදීම් වශයෙන් උභය කොටසින් ද රූප කාය නාම කාය සංඛ්‍යාත උභය කොටසින් ද මිදුණු හෙයින් උභතොභාග විමුත්ත නම් වේ. සමසීසිනා යන මෙහි සමසීසි පුද්ගලයා ත්‍රිවිධය. ඉරියාපථ සමසීසි රෝගසමසීසි ජීවිතසමසීසි යනුවෙනි.

තත්‍ර යො ඨානාදීසු ඉරියාපථෙසු යෙනෙව ඉරියාපථෙන සමන‍්නාගතො හුත්‍වා විපස‍්සනං ආරභති, තෙනෙව ඉරියාපථෙන අරහත‍්තං පත්‍වා පරිනිබ‍්බායති, අයං ඉරියාපථසමසීසී නාම. යො පන එකං රොගං පත්‍වා අන‍්තොරොගෙ එව විපස‍්සනං පට‍්ඨපෙත්‍වා අරහත‍්තං පත්‍වා තෙනෙව රොගෙන පරිනිබ‍්බායති, අයං රොගසමසීසී නාම. පලිබොධසීසං තණ‍්හා, බන්‍ධනසීසං මානො, පරාමාසසීසං දිට‍්ඨි, වික‍්ඛෙපසීසං උද‍්ධච‍්චං, කිලෙසසීසං අවිජ‍්ජා, අධිමොක‍්ඛසීසං සද‍්ධා, පග‍්ගහසීසං වීරියං, උපට‍්ඨානසීසං සති, අවික‍්ඛෙපසීසං සමාධි, දස‍්සනසීසං පඤ‍්ඤා, පවත‍්තසීසං ජීවිතින්‍ද්‍රියං, ගොචරසීසං විමොක‍්ඛො, සඞ‍්ඛාරසීසං නිරොධොති තෙරසසු සීසෙසු කිලෙසසීසං අවිජ‍්ජං අරහත‍්තමග‍්ගො පරියාදියති, පවත‍්තසීසං ජීවිතින්‍ද්‍රියං චුතිචිත‍්තං පරියාදියති. තත්‍ථ අවිජ‍්ජාපරියාදායකං චිත‍්තං ජීවිතින්‍ද්‍රියං පරියාදාතුං න සක‍්කොති. ජීවිතින්‍ද්‍රියපරියාදායකං අවිජ‍්ජං පරියාදාතුං න සක‍්කොති. අඤ‍්ඤං අවිජ‍්ජාපරියාදායකං චිත‍්තං, අඤ‍්ඤං ජීවිතින්‍ද්‍රියපරියාදායකං. යස‍්ස චෙතං සීසද‍්වයං සමං පරියාදානං ගච‍්ඡති, සො ජීවිතසමසීසී නාම.

එහි යමෙක් සිටීම් ආදී සිවු ඉරියවු අතුරෙන් යම් ඉරියව්වකින් යුක්ත වී විදර්ශනාව අරඹා ද ඒ ඉරියව්වෙන් ම රහත් බවට පැමිණ පිරිනිවේ ද මේ පුද්ගලයා ඉරියාපථ සමසීසි නම් වේ. යමෙක් එක් රෝගයකට පත්ව රෝගය තුළම විදර්ශනාව පිහිටුවා රහත්බවට පැමිණ ඒ රෝගයෙන් ම පිරිනිවේ ද මේ පුද්ගලයා රෝගසමසීසි නම් වේ. පලිබෝධ ශීර්ෂය තෘෂ්ණාව, බන්‍ධන ශීර්ෂය වූ මානය, පරාමාස ශීර්ෂය වූ දෘෂ්ටිය, වික්‍ෂේප ශීර්ෂය වූ උද්ධච්චය, ක්ලේශ ශීර්ෂය වූ අවිද්‍යාව, අධිමෝක්‍ෂ ශීර්ෂය වූ ශ්‍රද්ධාව, පග්ගහ ශීර්ෂය වූ වීර්යය, උපට්ඨාන ශීර්ෂය වූ සතිය, අවික්ඛෙප ශීර්ෂය වූ සමාධිය, දර්ශන ශීර්ෂය වූ ප්‍රඥාව ප්‍රවෘත්ති ශීර්ෂය වූ ජීවිතින්‍ද්‍රිය, ගෝචර ශීර්ෂය වූ විමෝක්‍ෂය සංඛාර ශීර්ෂය වූ නිරෝධය යන ශීර්ෂ දහතුන අතුරෙන් ක්ලේශ ශීර්ෂය වූ අවිද්‍යාව අර්හත් මාර්ගය මැඩපවත්වයි. ප්‍රවෘත්ති ශීර්ෂය ජීවිතින්‍ද්‍රිය වූ චුතිසිත මැඩපවත්වයි. එහි අවිද්‍යාව මැඩපවත්වන සිත ජීවිතින්‍ද්‍රිය මැඩ පවත්වන්නට නොහැකි වෙයි. ජීවිතින්‍ද්‍රිය මැඩ පවත්වන සිත අවිද්‍යාව මැඩපවත්වන්නට නොහැකි වෙයි. අවිද්‍යාව මැඩපවත්වන සිත අනෙකකි. ජීවිතින්‍ද්‍රිය මැඩපවත්වන සිත අනෙකකි. යමෙකුගේ මේ ශීර්ෂද්වය සමව මැඩපැවැත්මට යේ ද හෙතෙම ජීවිත සමසීසි නම් වේ.

කථං පනිදං සමං හොතීති? වාරසමතාය. යස‍්මිඤ‍්හි වාරෙ මග‍්ගවුට‍්ඨානං හොති, සොතාපත‍්තිමග‍්ගෙ පඤ‍්ච පච‍්චවෙක‍්ඛණානි, සකදාගාමිමග‍්ගෙ පඤ‍්ච, අනාගාමිමග‍්ගෙ පඤ‍්ච, අරහත‍්තමග‍්ගෙ චත‍්තාරීති එකූනවීසතිමෙ පච‍්චවෙක‍්ඛණඤාණෙ පතිට‍්ඨාය භවඞ‍්ගං ඔතරිත්‍වා පරිනිබ‍්බායතො ඉමාය වාරසමතාය ඉදං උභයසීසපරියාදානම‍්පි සමං හොති නාම. තෙනායං පුග‍්ගලො “ජීවිතසමසීසී”ති වුච‍්චති, අයමෙව ඉධාධිප‍්පෙතො. එවං සුඤ‍්ඤතවිමුත‍්තාදයො තයො සද‍්ධාවිමුත‍්තො පඤ‍්ඤාවිමුත‍්තො උභතොභාගවිමුත‍්තො සමසීසීති සත‍්ත සාවකා අරහන‍්තො, පච‍්චෙකබුද‍්ධො, සම‍්මාසම‍්බුද‍්ධොති ඉමෙහි නවහි පුග‍්ගලෙහි අසෙක‍්ඛභාගියං සුත‍්තං නිද‍්දිසිතබ‍්බං.

මේ සම බව කෙසේ වේ ද වාර සමත්වයෙනි. යම් වරෙක මාර්ගයෙන් නැගී සිටීම වේ ද සෝවාන් මගෙහි ප්‍රත්‍යවේක්‍ෂණ පසකි. සකෘදාගාමී මාර්ගයෙහි (ප්‍රත්‍යවේක්‍ෂණ) පසකි. අනාගාමී මගෙහි පසකි. අර්හත් මගෙහි සතරකි යන එකුන්විසි ප්‍රත්‍යවේක්‍ෂණ ඥානයෙහි පිහිටා භවංගයට බැස පිරිනිවෙන්නාගේ මේ වාර සමත්වයෙන් මේ උභයශීර්ෂ මැඩලීම ම සමව වෙයි. එහෙයින් මේ පුද්ගලයා ජීවිත සමසීසි යැයි කියනු ලැබේ. මෙහිදී මෙයම අදහස් කරන ලදී. මෙසේ සුඤ්ඤත විමුත්තාදී තිදෙනා, සද්ධා විමුත්තයා, පඤ්ඤා විමුත්තයා, උභතොභාග විමුත්තයා සමසීසි යන ශ්‍රාවකයෝ සත්දෙනා රහත්හු ය. පසේබුදු සම්මා සම්බුදු යන මේ මේ පුද්ගලයන් නවදෙනා සමග අසේඛභාගිය සූත්‍රය දැක්විය යුතුය.

රාගචරිතොති රාගසහිතං චරිතං එතස‍්සාති රාගචරිතො. රාගෙන වා චරිතො පවත‍්තිතො රාගචරිතො, රාගජ‍්ඣාසයො රාගාධිකොති අත්‍ථො. එස නයො සෙසෙසුපි. රාගමුඛෙ ඨිතොති රාගපරියුට‍්ඨානෙ ඨිතො, පරියුට‍්ඨිතරාගොති අත්‍ථො. සෙසපදෙසුපි එසෙව නයො.

රාගචරිතො රාග සහිත චරිතයක් මොහුට ඇත්තේ නුයි රාගචරිත නම් වේ. රාගයෙන් හැසිරෙන ලද පවතින ලද පුද්ගලයා රාග චරිත නම් වේ. රාග අදහස් ඇති අධික රාගය ඇති යන අර්ථයයි. සෙසු පදවල ද මේ ක්‍රමයමැයි. රාගමුඛෙ ඨිතො යනු රාගය නැගී සිටීමෙහි යෙදී සිටි යනුයි. නැගී සිටි රාග ඇති යන අර්ථයයි. සෙසු පදවලදී ද මේ ක්‍රමය මැයි.

වාසනාභාගියං සුත‍්තන‍්ති ලොකියං සත‍්තාධිට‍්ඨානං වාසනාභාගියං සුත‍්තං. ලොකියං සත‍්තාධිට‍්ඨානං සංකිලෙසභාගියඤ‍්හි සුත‍්තං රාගචරිතෙහි පුග‍්ගලෙහි නිද‍්දිට‍්ඨං. තත්‍ථ “ලොකියං, සත‍්තාධිට‍්ඨාන”න‍්ති පදද‍්වයං අනුවත‍්තමානං කත්‍වා වුත‍්තං “වාසනාභාගිය”න‍්ති. සීලවන‍්තෙහීති සීලවන‍්තාදීහි පුග‍්ගලෙහි. පකතිසීලන‍්තිආදි යෙහි සමන‍්නාගතා, තෙ පුග‍්ගලා. තෙසං දස‍්සනෙන පුග‍්ගලානං උපලක‍්ඛණං. අථ වා ධම‍්මාධිට‍්ඨානං පකතිසීලාදිවසෙන, සත‍්තාධිට‍්ඨානං පකතිසීලවන‍්තාදිවසෙන වෙදිතබ‍්බන‍්ති ඉමස‍්ස නයස‍්ස දස‍්සනත්‍ථං “සීලවන‍්තෙහි නිද‍්දිසිතබ‍්බ”න‍්ති වත්‍වා “පකතිසීල”න‍්තිආදි වුත‍්තං. තං පකතිසීලාදීනං පඤ‍්චන‍්නං එව ගහණං නිදස‍්සනමත‍්තං, පත‍්තිදානඅබ‍්භනුමොදනධම‍්මස‍්සවනදෙසනාදිට‍්ඨිජුකම‍්මාදීනම‍්පි චෙත්‍ථ සම‍්භවතො. තෙසම‍්පි වා එත්‍ථෙව සඞ‍්ගහෙත්‍වා දස‍්සනත්‍ථං “පඤ‍්චා”ති වුත‍්තං.

වාසනාභාගියං සුත්තං යනු ලෞකික වූ සත්ත්වයන් විසින් අදිටන් කළ වාසනා භාගීය සූත්‍රයක් යනුයි. ලෞකික වූ සත්ත්වයන් විසින් අදිටන් කළ සංකිලෙස භාගිය සූත්‍රය රාග චරිත ඇති පුද්ගලයන්ට නිර්දේශ කරන ලද්දකි. එහිදී වාසනාභාගියං යන පදය ලොකියං සත්තාධිට්ඨානං යන පද දෙක අනුව පවතින්නක් කොට කියන ලදී. සීලවන්තෙහි යනු සිල්වත් ආදී පුද්ගලයන් විසිනි. පකති සීලං යනාදිය ඒ පුද්ගලයෝ යම්දෙයකින් යුක්ත වූවාහුද ඒ පුද්ගලයන්ගේ දැකීමෙන් සලකුණු කළ යනුයි. එසේ නැතහොත් ධම්මාධිට්ඨානය ප්‍රකෘති ශීලාදි වශයෙන් ද සත්තාධිට්ඨානය ප්‍රකෘති ශීලය ඇති පුද්ගලයන් වශයෙන් ද දතයුතුය යන මේ න්‍යාය දක්වනු පිණිස සිල්වතුන් විසින් දැක්විය යුතුයැයි කියා පකතිසීලං යනාදිය කියන ලදී. එය ප්‍රකෘතිශීල ආදී පස් කරුණක ම ගැනීම් නිදසුනක් පමණි. මෙහිදී ප්‍රාප්තදාන, අනුමෝදනා, ධර්ම ශ්‍රවණ, ධර්ම දේශනා, දිට්ඨිජුකර්මාදිය ද ලැබෙන බැවිනි. ඒවා ද මෙහිම සංග්‍රහකොට දක්වනු පිණිස පංච යනාදිය කියන ලදී.

තත්‍ථ පකතිසීලන‍්ති සම‍්පත‍්තවිරතිසීලං. චිත‍්තප‍්පසාදොති කම‍්මඵලසද‍්ධා රතනත‍්තයසද‍්ධා ච. ඤාණං පඤ‍්ඤාය නිද‍්දිසිතබ‍්බන‍්ති යස‍්මිං සුත‍්තෙ පඤ‍්ඤා ආගතා, තං සුත‍්තං ඤාණන‍්ති නිද‍්දිසිතබ‍්බං. න කෙවලං පඤ‍්ඤාපරියායෙනෙව, අථ ඛො පඤ‍්ඤින්‍ද්‍රියාදිපරියායෙනපි යත්‍ථ පඤ‍්ඤා ආගතා, තං සුත‍්තං ඤාණන‍්ති නිද‍්දිසිතබ‍්බන‍්ති දස‍්සෙතුං “පඤ‍්ඤින්‍ද්‍රියෙනා”තිආදි වුත‍්තං. තස‍්සත්‍ථො – හෙට‍්ඨා වුත‍්තො එව. යං වා පනාතිආදීසු යං වා අඤ‍්ඤං කිඤ‍්චි පඤ‍්ඤාය අධිවචනං. සබ‍්බං තං යත්‍ථ කත්‍ථචි සුත‍්තෙ ආගතං, තං සුත‍්තං ඤාණන‍්ති නිද‍්දිසිතබ‍්බන‍්ති අත්‍ථො.

එහි පකතිසීලං යනු (තමා) පත්වූ විරති ශීලයයි. චිත්තප්පසාදො යනු කර්මඵල විශ්වාසය හා තුණුරුවන් පිළිබඳ විශ්වාසයයි. ඤාණං පඤ්ඤාය නිද්දිසිතබ්බං යනු යම් සූත්‍රයක ප්‍රඥාව ආයේ ද ඒ සූත්‍රය ඥානය යැයි දැක්විය යුතුය යනුයි. හුදෙක් ප්‍රඥා අංශයෙන් ම නොවේ. එනම් ප්‍රඥා ඉන්‍ද්‍රිය ආදි ක්‍රමයෙනුත් යම් තැනක ප්‍රඥාව ආයේ ද ඒ සූත්‍රය ඥානය යැයි දැක්විය යුතුයයි දක්වන්නට පඤ්ඤින්‍ද්‍රියෙන යනාදිය කියන ලදී. එහි අර්ථය යට කියන ලද්දේ ම ය. යං වා පන යනාදියෙහි ප්‍රඥාවට අධිවචන වූ යම්කිසි අන් පදයක් වේ නම් ඒ සියල්ල යම්කිසි සූත්‍රයක ආයේ ද ඒ සූත්‍රය ඤාණයැයි නිර්දේශ කළ යුතුය යන අර්ථයයි.

අජ‍්ඣත‍්තිකබාහිරෙහීති යස‍්මිං සුත‍්තෙ අජ‍්ඣත‍්තිකානි ආයතනානි, බාහිරානි ච ආයතනානි ආගතානි, තං සුත‍්තං තෙහි ආයතනෙහි ඤාණං ඤෙය්‍යන‍්ති නිද‍්දිසිතබ‍්බං. පඤ‍්ඤාපි ආරම‍්මණභූතා ඤෙය්‍යන‍්ති ඤෙය්‍යතො විසුං කත්‍වා පඤ‍්ඤා වුත‍්තා. තථා හි පඤ‍්ඤා ඤාණන‍්තරස‍්ස ආරම‍්මණන‍්ති කත්‍ථචි සුත‍්තෙ ඤෙය්‍යභාවෙනපි වුච‍්චති. යං කිඤ‍්චි ආරම‍්මණභූතන‍්ති යං කිඤ‍්චි ඤාණස‍්ස විසයභූතං රූපාදි. අජ‍්ඣත‍්තිකං වා බාහිරං වාති වා-සද‍්දෙන ඔළාරිකාදිං සඞ‍්ගණ‍්හාති. සබ‍්බං තං සඞ‍්ඛතෙන අසඞ‍්ඛතෙන චාති සබ‍්බං තං යථාසම‍්භවං සඞ‍්ඛතභාවෙන අසඞ‍්ඛතභාවෙන ච ඤෙය්‍යන‍්ති නිද‍්දිසිතබ‍්බං. ඤෙය්‍යධම‍්මවසෙන හි ඤෙය්‍යසුත‍්තං ඤෙය්‍යන‍්ති වුච‍්චතීති.

අජ්ඣත්තිකෙහි බාහිරෙහි යනු යම් සූත්‍රයක ආධ්‍යාත්මික ආයතන ද බාහිර ආයතන ද ආයේ ද ඒ සූත්‍රය ඒ ආයතන කරණකොටගෙන ඤාණය ඇති කෙරේ යයි දතයුතුය යන්න නිර්දේශ කළයුතුය. අරමුණ වූ ප්‍රඥාව ද දතයුතු යයි ඥෙයයෙන් වෙන්කොට ප්‍රඥාව ප්‍රකාශ කරන ලදී. එසේම ප්‍රඥාව ඥානයෙන් අන්‍ය වූ දෙයකට අරමුණ වේ යයි කිසි සූත්‍රයක ඥෙය ස්වභාවයෙන් ද කියනු ලැබේ. යං කිඤ්චි ආරම්මණ භූතං යනු ඥානයට විෂය වූ රූපාදී යම් කිසිවකි. අජ්ඣත්තිකං බාහිරං වා යන තැන වා ශබ්දයෙන් ඕළාරිකාදිය ගණන් ගනු ලැබේ. සබ්බං තං සංඛතෙන අසංඛතෙන ච යනු ඒ සියල්ල ලැබනෙ පරිදි සංඛත ලෙසින් ද අසංඛත ලෙසින් ද දතයුතුයයි දැක්විය යුතුය යනුයි. දතයුතු ධර්ම වශයෙන් ම ඥෙය්‍ය සූත්‍රය ඥෙය්‍ය යැයි කියනු ලැබේ.

යං වා පන කිඤ‍්චි භගවා අඤ‍්ඤතරවචනං භාසතීති ලොකියලොකුත‍්තරාදිසුත‍්තෙසු එකස‍්මිං සුත‍්තෙ ද‍්වෙ. තෙසු යං වා පන කිඤ‍්චි අඤ‍්ඤතරවචනං එකස‍්සෙව කථනං භාසති නිද‍්දිසති. සබ‍්බං තං යථානිද‍්දිට‍්ඨං ධාරයිතබ‍්බන‍්ති තං යථා සබ‍්බං සුත‍්තං ලොකියාදීසු යදි අඤ‍්ඤතරවසෙන, අථ උභයවසෙන යථා යථා නිද‍්දිට‍්ඨං, තථා තථා ගහෙතබ‍්බං, තං තං පධානභාවෙන නිද‍්දිසිතබ‍්බන‍්ති අත්‍ථො.

යං වා පන කිඤ්චි භගවා අඤ්ඤතරං වචනං භාසති යනු ලෞකික ලෝකෝත්තරාදී සත අතුරෙන් එක් සූත්‍රයක දෙකක් ද ඒවායින් යම් වෙනත් වචනයක් වේ ද එය එකකින්ම ප්‍රකාශ කිරීම කියයි. දක්වයි. සබ්බන්තං යථා නිද්දිට්ඨං ධාරයිතබ්බං යනු යම්සේ සියලු සූත්‍ර ලෞකිකාදියෙහි ද (තනිව) අන්‍යතර වශයෙන් හෝ නැතහොත් දෙකක් ලෙසින් යම් යම් ආකාරයකින් දක්වන ලද ද ඒ ඒ ආකාරයෙන් ගතයුතුය. ඒ ඒ සූත්‍රය පට්ඨාන භාවයෙන් දැක්විය යුතුය යන අර්ථයයි.

කිලෙසසහිතඤ‍්ඤෙව කම‍්මං විපාකස‍්ස හෙතු, න ඉතරන‍්ති වුත‍්තං “දුවිධො හෙතු යඤ‍්ච කම‍්මං යෙ ච කිලෙසා”ති. සමුදයො කිලෙසාති එත්‍ථ “සමුදයො”ති එතෙන සමුදයපක‍්ඛියා වුත‍්තා. “කිලෙසා”ති ච කිලෙසවන‍්තො, සංකිලිට‍්ඨාති අත්‍ථො. යං දිස‍්සතීති යං යං දිස‍්සති. තාසු තාසු භූමීසූති පුථුජ‍්ජනභූමිආදීසු. කප‍්පියානුලොමෙනාති කප‍්පියෙන ච කප‍්පියානුලොමෙන ච. තත්‍ථ කප‍්පියං පාළියං සරූපතො වුත‍්තං, කප‍්පියානුලොමං මහාපදෙසවසෙන නයතො දස‍්සිතං. පටික‍්ඛිත‍්තකාරණෙනාති යෙන කාරණෙන භගවතා යං පටික‍්ඛිත‍්තං, තෙන කාරණෙන තං නිද‍්දිසිතබ‍්බං. එකන‍්තෙන සරාගාදිසංවත‍්තනමෙව හි භගවතා පටික‍්ඛිත‍්තං, තං සරාගාය සංවත‍්තනාදිකාරණෙන නිද‍්දිසිතබ‍්බං. ධම‍්මස‍්සාති අසඞ‍්ඛතධම‍්මස‍්ස. අරියධම‍්මානන‍්ති මග‍්ගඵලධම‍්මානං. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙව.

කෙලෙස් සහිත වූ ම කර්මය විපාකයට හේතු වේ. අනෙක නොවේ. දුවිධො හෙතු යඤ්ච කම්මං යෙච කිලෙසායි කියන ලදී. සමුදයො කිලෙසා යන මෙහි සමුදය යන මෙයින් සමුදය පක්‍ෂයට අයත් දේ ගැන කියන ලදී, කිලෙසා යනු කෙලෙස් ඇත්තා වූ කිලිටි වූ යන අර්ථයයි. යං දිස්සති යනු යමක් යමක් දකී ද එයයි. තාසු තාසු භූමීසු පෘථග්ජන භූමි ආදියෙහි ය. කප්පියානුලොමෙන යනු කැප දෙයින් ද කැප දෙයට ගැළපෙන දෙයින් ද යනුයි. එහි කැප දෙය පාලියෙහි ස්වරූප වශයෙන් දක්වන ලදී. පටික්ඛිත්ත කාරණෙන යනු භාග්‍යවතුන් වහන්සේ විසින් යම් හේතුවකින් යමක් ප්‍රතික්‍ෂෙප කරන ලද ද ඒ හේතුවෙන් එය නිර්දේශ කළ යුතුය යනුයි. රාග සහිතව පවතින දේ ම ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී. එය රාගය පිණිස පවතින හේතු ආදියෙන් දැක්විය යුතුය. ධම්මස්ස යනු අසංඛත ධර්මයට ය. අරිය ධම්මානං යනු මාර්ගඵල ධර්මයන්ට ය. සෙස්ස මනාව දතහැකිම ය.

එත්‍ථ ච යථා සංකිලෙසභාගියාදීනං අඤ‍්ඤමඤ‍්ඤං සංසග‍්ගතො අනෙකවිධො පට‍්ඨානභෙදො ඉච‍්ඡිතො, එවං ලොකියසත‍්තාධිට‍්ඨානාදිසංසග‍්ගතොපි අනෙකවිධො පට‍්ඨානභෙදො සම‍්භවති. පාළියං පන උභයත්‍ථාපි එකදෙසදස‍්සනවසෙන ආගතත‍්තා නයදස‍්සනන‍්ති වෙදිතබ‍්බං. සක‍්කා හි ඉමිනා නයෙන විඤ‍්ඤුනා තෙ නිද‍්ධාරෙතුන‍්ති. යථා ච සංකිලෙසභාගියාදීනං ලොකියාදීනඤ‍්ච විසුං විසුං සංසග‍්ගභෙදවසෙන අයං පට‍්ඨානභෙදො අනෙකවිධො ලබ‍්භති, එවං උභයෙසම‍්පි සංසග‍්ගවසෙන අයං නයො යථාරහං ලබ‍්භතෙව. ලබ‍්භති හි ලොකියං සුත‍්තං කිඤ‍්චි සංකිලෙසභාගියං, කිඤ‍්චි වාසනාභාගියං. තථා ලොකුත‍්තරං සුත‍්තං කිඤ‍්චි නිබ‍්බෙධභාගියං, කිඤ‍්චි අසෙක‍්ඛභාගියන‍්ති. සෙසෙසුපි එසෙව නයො.

මෙහිදී ද යම්සේ සංකිලෙසභාගිය ආදී සූත්‍රවල අන්‍යොන්‍ය එකතුවෙන් නන්වැදෑරුම් පට්ඨානභේදය කැමතිවන ලද්දේ ද මෙසේ ලොකිය සත්තාධිට්ඨාන ආදී එකතුවෙන් ද නන්වැදෑරුම් පට්ඨානභේදය ඇතිවේ. පෙළෙහි වනාහි දෙතැන ම ඒකදේශයක් දැක්වීම් වශයෙන් ආ බැවින් නය දැක්වීමයැයි දතයුතුය. මේ ක්‍රමය කරණ කොටගෙන නුවණැත්තා විසින් ඒවා වෙන් කරන්නට හැකිය. යම්සේ සංකිලෙස භාගිය ආදී සූත්‍රයන්ගේ ද ලෝකිය ආදී සූත්‍රයන්ගේ ද වෙන් වෙන් වූ එකතුවීමේ ප්‍රභේද වශයෙන් මේ පට්ඨාන භේදය නන්වැදෑරුම් වේ ද මෙසේ දෙකෙහි ම එකතුවීම් වශයෙන් මේ න්‍යාය සුදුසු පරිදි ලබා ම ය. ලෝකිය සූත්‍රය කිසි තැනක සංකිලෙස භාගිය ද කිසිතැනක වාසනා භාගිය ද වේ ම ය. එසේම ලෝකුත්තර සූත්‍රය කිසිතැනක නිබ්බේධභාගිය ද කිසිවිටෙක අසෙක්ඛභාගිය ද වේ. සෙසු ඒවායේ ද මේ ක්‍රමය මැයි.

එවං සොළසවිධෙ පට‍්ඨානෙ අට‍්ඨවීසතිවිධං පට‍්ඨානං පක‍්ඛිපිත්‍වා, අට‍්ඨවීසතිවිධෙ ච පට‍්ඨානෙ සොළසවිධං පක‍්ඛිපිත්‍වා යථාරහං දුකතිකාදිභෙදෙන සම‍්භවතො පට‍්ඨානවිභාගො වෙදිතබ‍්බො, සො ච ඛො තීසු පිටකෙසු ලබ‍්භමානස‍්ස සුත‍්තපදස‍්ස වසෙන. යස‍්මා පන තානි තානි සුත‍්තපදානි උදාහරණවසෙන නිද‍්ධාරෙත්‍වා ඉමස‍්මිං අත්‍ථෙ විත්‍ථාරියමානෙ අතිපපඤ‍්චො හොති, අතිභාරියා ච නෙත‍්තිසංවණ‍්ණනා, සක‍්කා ච ඉමිනා නයෙන විඤ‍්ඤුනා අයමත්‍ථො විඤ‍්ඤාතුං, තස‍්මා න තං විත්‍ථාරයිම‍්හ. තෙනෙව හි පාළියං අඤ‍්ඤමඤ‍්ඤසංසග‍්ගවසෙන පට‍්ඨානවිභාගො එකදෙසෙනෙව දස‍්සිතො, න නිප‍්පදෙසතොති.

මෙසේ විසිඅටවැදෑරුම් පට්ඨානය සොළොස් වැදෑරුම් පට්ඨානයෙහි ඇතුළත්කොට සොළොස් වැදෑරුම් පට්ඨානය විසිඅට වැදෑරුම් පට්ඨානයෙහි ඇතුළත්කොට සුදුසු පරිදි දුක තික ආදී භේදයෙන් ලැබෙන පට්ඨාන විභාගය දතයුතුය. යම්හෙයකින් ඒ ඒ සූත්‍රපදයන් උදාහරණ ලෙස වෙන්කොට දක්වා මේ අර්ථයෙහිලා විස්තර කරනු ලබන කල්හි නෙත්ති සංවර්ණනාව ඉතා විශාල ද ඉතා බර ද වන්නේ ය. නුවණැත්තා විසින් මේ ක්‍රමයෙන් මේ අර්ථය දැනගන්නට හැකිවේ. එහෙයින් එය විස්තර නොකරමු. එහෙයින් ම පෙළෙහි අන්‍යොන්‍ය සංසර්ග වශයෙන් පට්ඨාන විභාගය එක් දෙසකින් ම දක්වන ලදී. වෙන ම නොවේ.

සාසනපට‍්ඨානවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

සාසන පට්ඨාන වාර වර්ණනාව නිමි.

නිගමනකථා

නිගමන කථා

එත‍්තාවතා ච –

මෙපමණකින් ද,

හාරෙ නයෙ ච පට‍්ඨානෙ, සුවිසුද‍්ධවිනිච‍්ඡයං; විභජන‍්තො නවඞ‍්ගස‍්ස, සාසනස‍්සත්‍ථවණ‍්ණනං.

හාරයන් ද න්‍යායන් ද පට්ඨානයන් ද මනා වූ විනිශ්චයකින් බෙදා දක්වමින් නවංගයේ අර්ථ සංවර්ණනාව වූ

නෙත‍්තිප‍්පකරණං ධීරො, ගම‍්භීරං නිපුණඤ‍්ච යං; අදෙසයි මහාථෙරො, මහාකච‍්චායනො වසී.

ගැඹුරු වූ සියුම් වූ යම් නෙත්තිප්පකරණයක් නුවණැති වූ අර්හත් වූ මහාකච්චායන මහතෙරුන් වහන්සේ දේශනා කළ සේක් ද

සද‍්ධම‍්මාවතරට‍්ඨානෙ, පට‍්ටනෙ නාගසව‍්හයෙ; ධම‍්මාසොකමහාරාජ-විහාරෙ වසතා මයා.

සද්ධර්මයට බැසගැනීමට ස්ථානයක් වූ නාග නම් පටුනෙහි වූ ධර්මාශෝක මහාරාජ විහාරයෙහි වාසය කරන මා විසින්

චිරට‍්ඨිතත්‍ථං යා තස‍්ස, ආරද‍්ධා අත්‍ථවණ‍්ණනා; උදාහරණසුත‍්තානං, ලක‍්ඛණානඤ‍්ච සබ‍්බසො.

එම නෙත්තිප්පකරණයේ චිරස්ථිතිය සඳහා යම් අර්ථ වර්ණනාවක් (කරන ලද ද) ඒ අර්ථ වර්ණනා තොමෝ සර්වප්‍රකාරයෙන් උදාහරණ සූත්‍රයන්ගේ ද ලක්‍ෂණයන්ගේ ද

අත්‍ථං පකාසයන‍්තී සා, අනාකුලවිනිච‍්ඡයා; සමත‍්තා සත‍්තවීසාය, පාළියා භාණවාරතො.

අර්ථය ප්‍රකාශ කරන්නී නිරවුල් විනිශ්චය ඇති පෙළින් යුතුව සත්විසි බණවරකින් සමාප්ත විය.

ඉති තං සඞ‍්ඛරොන‍්තෙන, යං තං අධිගතං මයා; පුඤ‍්ඤං තස‍්සානුභාවෙන, ලොකනාථස‍්ස සාසනං.

මෙසේ ඒ අර්ථ සංවර්ණනාව සකස් කරන මා විසින් යම් ඒ පිනක් ලබන ලද ද ඒ පුණ්‍යානුභාවයෙන් ලෝකනාථයන් වහන්සේගේ ශාසනයට බැසගෙන, පිරිසිදු වූ ශීලාදී ප්‍රතිපත්තියෙන් සියලු සත්ත්වයෝ විමුක්ති රසයට හිමිකරුවෝ වෙත්වා!

ඔගාහෙත්‍වා විසුද‍්ධාය, සීලාදිපටිපත‍්තියා; සබ‍්බෙපි දෙහිනො හොන‍්තු, විමුත‍්තිරසභාගිනො.

චිරං තිට‍්ඨතු ලොකස‍්මිං, සම‍්මාසම‍්බුද‍්ධසාසනං; තස‍්මිං සගාරවා නිච‍්චං, හොන‍්තු සබ‍්බෙපි පාණිනො.

සම්මා සම්බුද්ධ ශාසනය ලෝකයෙහි බොහෝ කාලයක් පවතීවා. සියලු සත්ත්වයෝ නිරන්තරයෙන් ඒ ශාසනය කෙරෙහි ගෞරව සහිත වෙත්වා!

සම‍්මා වස‍්සතු කාලෙන, දෙවොපි ජගතීපති; සද‍්ධම‍්මනිරතො ලොකං, ධම‍්මෙනෙව පසාසතූති.

වැස්ස ද සුදුසු කාලයෙහි මනාව වසීවා. සදහම්හි නිරත වූ රජතෙමේ ධර්මයෙන් ම ලොවට අනුශාසනා කෙරේවා.

ඉති බදරතිත්‍ථවිහාරවාසිනා ආචරියධම‍්මපාලෙන කතා

බදරතීර්ථවාසී ආචාර්ය ධම්මපාල තෙරුන් විසින් කරන ලද

නෙත‍්තිප‍්පකරණස‍්ස අත්‍ථසංවණ‍්ණනා සමත‍්තාති.

නෙත්තිප්පකරණයෙහි අර්ථ සංවර්ණනාව සමාප්ත විය.

නෙත‍්තිප‍්පකරණ-අට‍්ඨකථා නිට‍්ඨිතා.