ගන්‍ථාරම‍්භකථා අට‍්ඨකථා
ග්‍රන්ථ ආරම්හ කතා
කරුණා විය සත‍්තෙසු, පඤ‍්ඤා යස‍්ස මහෙසිනො; ඤෙය්‍යධම‍්මෙසු සබ‍්බෙසු, පවත‍්තිත්‍ථ යථාරුචි.
යම් බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ගේ කරුණාව මෙන්ම ප්‍රඥාවත් රුචි පරිදි සත්ත්වයන් කෙරෙහි මෙන්ම සියලු ඥෙය්‍ය ධර්මයන් කෙරෙහිත් පැවතියේ ද,
දයාය තාය සත‍්තෙසු, සමුස‍්සාහිතමානසො; පාටිහීරාවසානම‍්හි, වසන‍්තො තිදසාලයෙ.
සත්ත්වයන් කෙරෙහි වූ ඒ දයාවෙන් උත්සාහවත් කරන ලද සිත් ඇතියේ ප්‍රාතිහාර්ය අවසානයේ දී දෙව්ලොව වැඩසිටින සේක.
පාරිච‍්ඡත‍්තකමූලම‍්හි, පණ‍්ඩුකම‍්බලනාමකෙ; සිලාසනෙ සන‍්නිසින‍්නො, ආදිච‍්චොව යුගන්‍ධරෙ.
පරසතු රුක්මුලෙහි පණ්ඩුකම්බල නම් සෙලසුනෙහි යුගන්ධර පර්වතයෙහි සූර්යයා මෙන් වැඩහුන් සේක්,
චක‍්කවාළසහස‍්සෙහි, දසහාගම‍්ම සබ‍්බසො; සන‍්නිසින‍්නෙන දෙවානං, ගණෙන පරිවාරිතො.
දසදහසක් සක්වලින් සර්වප්‍රකාරයෙන්ම පැමිණ හුන් දිව්‍ය සමූහයා විසින් පිරිවරන ලදුව,
මාතරං පමුඛං කත්‍වා, තස‍්සා පඤ‍්ඤාය තෙජසා; අභිධම‍්මකථාමග‍්ගං, දෙවානං සම‍්පවත‍්තයි.
මව ප්‍රමුඛ කරගෙන ඇයගේ ප්‍රඥාවෙන් මෙන්ම තේජසින් ද දෙවියන්ට අභිධර්ම කථා මාර්ගය මනාව පැවැත්වූ සේක්ද,
තස‍්ස පාදෙ නමස‍්සිත්‍වා, සම‍්බුද‍්ධස‍්ස සිරීමතො; සද‍්ධම‍්මඤ‍්චස‍්ස පූජෙත්‍වා, කත්‍වා සඞ‍්ඝස‍්ස චඤ‍්ජලිං.
සිරිමත් වූ ඒ සම්බුදුරජාණන් වහන්සේගේ පා නැමද, උන්වහන්සේගේ සද්ධර්මයටත් පූජාකොට සංඝයාට ද ඇඳිලි කොට,
නිපච‍්චකාරස‍්සෙතස‍්ස, කතස‍්ස රතනත‍්තයෙ; ආනුභාවෙන සොසෙත්‍වා, අන‍්තරායෙ අසෙසතො.
රත්නත්‍රයෙහි කරන ලද මේ වන්දනාවේ ආනුභාවයෙන් අන්තරායන් සම්පූර්ණයෙන්ම නැතිකොට,
විසුද‍්ධාචාරසීලෙන, නිපුණාමලබුද‍්ධිනා; භික‍්ඛුනා බුද‍්ධඝොසෙන, සක‍්කච‍්චං අභියාචිතො.
පිරිසිදු ආචාර්ය සීලයෙන් යුක්ත වූ, සියුම් නිර්මල බුද්ධියෙන් යුක්ත වූ බුද්ධඝෝෂ නම් භික්‍ෂූන් වහන්සේ විසින් විශේෂයෙන් ඉල්ලන ලදුව,
යං දෙවදෙවො දෙවානං, දෙසෙත්‍වා නයතො පුන; ථෙරස‍්ස සාරිපුත‍්තස‍්ස, සමාචික‍්ඛි විනායකො.
දෙවියන්ට දෙවි වූ විනායක නම් වූ බුදුරජාණන් වහන්සේ යම්හෙයකින් දෙවියන්ට දේසනා කොට නැවත සැරියුත් තෙරුන් වහන්සේට දේසනා කළ සේක් ද,
අනොතත‍්තදහෙ කත්‍වා, උපට‍්ඨානං මහෙසිනො; යඤ‍්ච සුත්‍වාන සො ථෙරො, ආහරිත්‍වා මහීතලං.
ඒ තෙරුන් වහන්සේ අනෝතත්ත විලේදී බුදුන්ට උපස්ථාන කොට යම් ධර්මයක් අසා මහී තලයට ගෙනවුත්,
භික‍්ඛූනං පයිරුදාහාසි, ඉති භික‍්ඛූහි ධාරිතො; සඞ‍්ගීතිකාලෙ සඞ‍්ගීතො, වෙදෙහමුනිනා පුන.
භික්‍ෂූන්ට නැවත දේශනා කළ සේක. මෙසේ භික්‍ෂූන් විසින් දරන ලදුව සංගීති කාලයේ දී නැවත වේදේහ රහතන් වහන්සේ විසින් සංගායනා කරන ලදී.
තස‍්ස ගම‍්භීරඤාණෙහි, ඔගාළ‍්හස‍්ස අභිණ‍්හසො; නානානයවිචිත‍්තස‍්ස, අභිධම‍්මස‍්ස ආදිතො.
උන්වහන්සේගේ ගැඹුරු නුවණින් බැසගන්නා ලද නොයෙක් නයින් විසිතුරු වූ අභිධර්මය පිළිබඳ යම් අර්ථකථාවක් පෙර මුලදී මහා කාශ්‍යප ආදී රහතන් වහන්සේලා විසින් සංගායනා කරන ලද ද, ඒ අට්ඨකථාව පසුව ද රහතන් වහන්සේලා විසින් අනුසංගායනා කරන ලදී.
යා මහාකස‍්සපාදීහි, වසීහිට‍්ඨකථා පුරා; සඞ‍්ගීතා අනුසඞ‍්ගීතා, පච‍්ඡාපි ච ඉසීහි යා.
ආභතා පන ථෙරෙන, මහින්‍දෙනෙතමුත‍්තමං; යා දීපං දීපවාසීනං, භාසාය අභිසඞ‍්ඛතා.
මිහිඳු තෙරුන් වහන්සේ විසින් ඒ උතුම් දිවයිනට (හෙළදිවට) ගෙනෙන ලද ඒ අට්ඨකථාව හෙළදිව් වැසියන්ගේ බසින් මනාව සංස්කරණය කරන ලදී.
අපනෙත්‍වා තතො භාසං, තම‍්බපණ‍්ණිනිවාසිනං; ආරොපයිත්‍වා නිද‍්දොසං, භාසං තන‍්තිනයානුගං.
ඉක්බිති තම්බපණ්ණි නිවැසියන්ගේ - ලක්වැසියන්ගේ බස ඉවත්කොට දොස් රහිත පාළි භාෂානය අනුව ගිය භාෂාවට - පාළි භාෂාවට නගා
නිකායන‍්තරලද‍්ධීහි, අසම‍්මිස‍්සං අනාකුලං; මහාවිහාරවාසීනං, දීපයන‍්තො විනිච‍්ඡයං.
වෙනත් නිකායන්ගේ ලබ්ධීන්ගෙන් මිශ්‍ර නොවූ නිරවුල් වූ මහාවිහාර වාසීන්ගේ විනිශ්චය දක්වමින්
අත්‍ථං පකාසයිස‍්සාමි, ආගමට‍්ඨකථාසුපි; ගහෙතබ‍්බං ගහෙත්‍වාන, තොසයන‍්තො විචක‍්ඛණෙ.
ආගමට්ඨ කථාවන්හි ද ගතයුතු දේ ගෙන බුද්ධිමතුන් සතුටු කරමින් අර්ථ ප්‍රකාශ කරන්නෙමි.
කම‍්මට‍්ඨානානි සබ‍්බානි, චරියාභිඤ‍්ඤා විපස‍්සනා; විසුද‍්ධිමග‍්ගෙ පනිදං, යස‍්මා සබ‍්බං පකාසිතං.
සියලුම කර්මස්ථාන, චර්යා, අභිඥා, විදර්ශනා යන මේ සියල්ල වනාහි යම් හෙයකින් විශුද්ධි මාර්ගයෙහි ප්‍රකාශ කරන ලදී.
තස‍්මා තං අග‍්ගහෙත්‍වාන, සකලායපි තන‍්තියා; පදානුක‍්කමතො එව, කරිස‍්සාමත්‍ථවණ‍්ණනං.
එහෙයින් එය නොගෙන මුළු පාළි භාෂාවේම පදක්‍රමය අනුවම අර්ථ වර්ණනාව කරමි.
ඉති මෙ භාසමානස‍්ස, අභිධම‍්මකථං ඉමං; අවික‍්ඛිත‍්තා නිසාමෙථ, දුල‍්ලභා හි අයං කථාති.
මෙසේ මා විසින් කියනු ලබන්නා වූ මේ අභිධර්ම අර්ථ කථාව වික්‍ෂිප්ත නොවී අසන්න. මේ කථාව වනාහි දුර්ලභය යනුයි.