සුමෙධකථා අට්ඨකථා
සුමෙධකථා
සුමෙධකථා
එවං ආභතස්ස පනස්ස යං තං දීපඞ්කරදසබලතො පට්ඨාය යාව මහාබොධිපල්ලඞ්කා අධිගමනිදානං, යාව ධම්මචක්කප්පවත්තනා දෙසනානිදානඤ්ච වුත්තං, තස්ස ආවිභාවත්ථං අයං අනුපුබ්බිකථා වෙදිතබ්බා –
මෙසේ ගෙනෙන ලද මේ අභිධර්මය පිළිබඳව දීපංකර බුදුන්ගේ පටන් මහා බෝධිපර්යංකය තෙක් යම්කිසි නිදානයක් වී නම් එය අධිගම නිදානයයි. යම්තාක් දසක් පැවතුම් දේශනාව දක්වා නිදානයක් කියන ලද ද? එය ප්‍රකට කිරීම සඳහා මේ පිළිවෙළ කථාව දතයුතුයි.
ඉතො කිර කප්පසතසහස්සාධිකානං චතුන්නං අසඞ්ඛ්යෙය්යානං මත්ථකෙ අමරවතී නාම නගරං අහොසි. තත්ථ සුමෙධො නාම බ්රාහ්මණො පටිවසති උභතො සුජාතො, මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො, යාව සත්තමා කුලපරිවට්ටා අක්ඛිත්තො අනුපකුට්ඨො ජාතිවාදෙන, අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො. සො අඤ්ඤං කම්මං අකත්වා බ්රාහ්මණසිප්පමෙව උග්ගණ්හි. තස්ස දහරකාලෙයෙව මාතාපිතරො කාලමකංසු. අථස්ස රාසිවඩ්ඪකො අමච්චො ආයපොත්ථකං ආහරිත්වා සුවණ්ණරජතමණිමුත්තාදිපූරිතෙ ගබ්භෙ විවරිත්වා ‘එත්තකං තෙ කුමාර මාතු සන්තකං, එත්තකං පිතු සන්තකං, එත්තකා අය්යකපය්යකානං සන්තකාති යාව සත්තමා කුලපරිවට්ටා ධනං ආචික්ඛිත්වා එතං පටිපජ්ජාහී’ති ආහ. සුමෙධපණ්ඩිතො චින්තෙසි – ‘ඉමං ධනං සංහරිත්වා මය්හං පිතුපිතාමහාදයො පරලොකං ගච්ඡන්තා එකකහාපණම්පි ගහෙත්වා න ගතා, මයා පන ගහෙත්වා ගමනකාරණං කාතුං වට්ටතී’ති සො රඤ්ඤො ආරොචෙත්වා නගරෙ භෙරිං චරාපෙත්වා මහාජනස්ස දානං දත්වා තාපසපබ්බජ්ජං පබ්බජි. ඉමස්මිං පන ඨානෙ සුමෙධකථා කථෙතබ්බා. වුත්තඤ්හෙතං බුද්ධවංසෙ (බු· වං· 2.1-33) –
මෙයින් වනාහි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මත්තෙහි අමරවතී නම් නුවරක් විය. එහි මව්පිය දෙපසින් සුජාත වූ පිරිසුදු පිරිවර ඇති සත්මුතු කුල පරම්පරාව දක්වා (පරපුරෙන්) බැහැර නො කරන ලද, ජාතිවාද කිලිටු නොවූ මනා රූ ඇති දැකුම්කලු වූ ප්රසාදවහ වූ උතුම් වූ වර්ණ සෞන්දර්හයෙන් යුක්ත වූ සුමේධ නම් බ්‍රාහ්මණයෙක් වාසය කෙරේ. හෙතෙම වෙනත් කාර්යයක් නොකොට බ්‍රාහ්මණ ශිල්පයම උගත්තේය. ඔහුගේ ළමා කාලයේම මව්පියෝ කළුරිය කළහ. ඉක්බිති ඔහුගේ අයකැමි ඇමතියා අයපොත ගෙනවුත් රන්රිදී මුතුමැණික් ආදියෙන් පුරවන ලද ගබඩා විවෘත කර කුමාරය, ඔබගේ මව සතු ධනය මෙපමණය. පියා සතු ධනය මෙපමණය. මුතු මීමුතුන් සතු ධනය මෙපමණයැයි සත්මුතු කුල පරම්පරාව දක්වා ධනය කියාදී මෙය පිළිපදින්නැයි කීය. සුමේධ පණ්ඩිත තෙමේ මෙසේ සිතීය. මාගේ පිය-මුතු ආදීහු මේ ධනය රැස්කොට තබා පරලොව යද්දී එක් කහවණුවකුදු නොගෙන ගියහ. මා විසින් වනාහි (මේ ධනය) ගෙන යායුතු වන්නේ යැයි කියායි (ඉක්බිති) රජුට දැනුම් දී නුවර බෙර පියෙවි කරවා මහජනයාට දන් දී තවුස් පැවිද්දෙන් පැවිදි විය. මෙතැන දී වනාහි සුමේධ කථාව කිවයුතුයි. බුද්ධවංසයේ දී මෙය කියන ලදී.
කප්පෙ ච සතසහස්සෙ, චතුරො ච අසඞ්ඛියෙ; අමරං නාම නගරං, දස්සනෙය්යං මනොරමං.
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මත්තෙහි දර්ශනීය වූ, මනහර වූ දසවිධ ශබ්දයෙන් අවිවේකී වූ ආහාරපානයෙන් යුක්ත වූ හස්ති ශබ්දය, අශ්ව ශබ්දය, භේරි ශබ්දය, සංඛ ශබ්දය, රථ ශබ්දය, වීණා ශබ්දය, මිහිඟුම්බෙර ශබ්දය, තාල ශබ්දය, ගීත ශබ්දය, එසේම කව බොව යනුවෙන් කරන ලද ආහාරපාන පිළිබඳ ඝෝෂාවෙන් ද යුක්ත වූ සියලු නගරාංගයන්ගෙන් යුක්ත වූ සියලු කාම සැපතින් යුක්ත වූ සප්තවිධ රත්නයන්ගෙන් යුක්ත වූ නොයෙක් ජනයාගෙන් යුක්ත වූ දිව්‍ය නගරයක් මෙන් සමෘද්ධ වූ පින් කරන්නවුන්ට ආවාසයක් වූ අමර නම් නුවරක් විය.
දසහි සද්දෙහි අවිවිත්තං, අන්නපානසමායුතං; හත්ථිසද්දං අස්සසද්දං, භෙරිසඞ්ඛරථානි ච; ඛාදථ පිවථ චෙව, අන්නපානෙන ඝොසිතං.
නගරං සබ්බඞ්ගසම්පන්නං, සබ්බකම්මමුපාගතං; සත්තරතනසම්පන්නං, නානාජනසමාකුලං; සමිද්ධං දෙවනගරංව, ආවාසං පුඤ්ඤකම්මිනං.
නගරෙ අමරවතියා, සුමෙධො නාම බ්රාහ්මණො; අනෙකකොටිසන්නිචයො, පහූතධනධඤ්ඤවා.
(එකී) අමරවතී නගරයෙහි නොයෙක් කෙළ ගණන් තැන්වත් ධනය ඇති බොහෝ ධනධාන්‍ය ඇති වේදමන්ත්‍ර හදාළ, වේදමන්ත්රධාරී වූ ත්‍රිවේදයෙහි පරතෙරට පැමිණි,
අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදාන පාරගූ; ලක්ඛණෙ ඉතිහාසෙ ච, සධම්මෙ පාරමිං ගතො.
ලක්ෂණ ශාස්ත්‍රයෙහි ද ඉතිහාසයෙහි ද ධර්මයන්හි ද පරතෙරට පැමිණි සුමේධ බ්‍රාහ්මණ නම් වූ ඒ මම එකල්හි රහසිගතව හිඳ මෙසේ සිතීමි.
රහොගතො නිසීදිත්වා, එවං චින්තෙසහං තදා; දුක්ඛො පුනබ්භවො නාම, සරීරස්ස ච භෙදනං.
නැවත ඉපදීම නම් දුකෙකි. ශරීරයාගේ බිඳීම සම්මෝහ (සිහි මුළාවෙන්) මරණය, (මෙන්ම) ජරාවෙන් මැඩීම ද දුකකි.
ජාතිධම්මො ජරාධම්මො, බ්යාධිධම්මො සහං තදා; අජරං අමතං ඛෙමං, පරියෙසිස්සාමි නිබ්බුතිං.
මම ඉපදීම ස්වභාව කොට ඇත්තෙමි. ජරාව ස්වභාවකොට ඇත්තෙමි. ව්‍යාධිය ස්වභාවකොට ඇත්තෙමි. එසේ ඇතිකල්හි ජරාවෙන් තොර මරණයෙන් තොර භය රහිත නිවන සොයන්නෙමි.
යංනූනිමං පූතිකායං, නානාකුණපපූරිතං; ඡඩ්ඩයිත්වාන ගච්ඡෙය්යං, අනපෙක්ඛො අනත්ථිකො.
මම නොයෙක් කුණපයන්ගෙන් පිරුණු මේ කුණු ශරීරය අපේක්ෂාවෙන් තොරව වැඩරහිත වූවක් සේ සලකා යන්නෙම් නම් ඉතා යෙහෙක.
අත්ථි හෙහිති සො මග්ගො, න සො සක්කා න හෙතුයෙ; පරියෙසිස්සාමි තං මග්ගං, භවතො පරිමුත්තියා.
(භවයෙන් මිදීම පිණිස වූ) යම් මාර්ගයක් ඇත. එබඳු මාර්ගයක් වන්නේය. හේතූන්ගෙන් (සාධකයන්ගෙන්) තොරව එම මාර්ග (සෙවිය) නො හැක්කේ ය. සසරින් මිදීම පිණිස ඒ මාර්ගය සොයන්නෙමි.
යථාපි දුක්ඛෙ විජ්ජන්තෙ, සුඛං නාමපි විජ්ජති; එවං භවෙ විජ්ජමානෙ, විභවොපි ඉච්ඡිතබ්බකො.
යම්සේ දුකක් ඇති කල්හි සැපයකුත් ඇත්තේ ද එසේ භවයක් ඇතිකල්හි විභවයක් (නිවනක්) කැමතිවිය යුතුයි.
යථාපි උණ්හෙ විජ්ජන්තෙ, අපරං විජ්ජති සීතලං; එවං තිවිධග්ගි විජ්ජන්තෙ, නිබ්බානං ඉච්ඡිතබ්බකං.
යම්සේ උෂ්ණය ඇතිකල්හි අන්‍ය වූ ශීතලක් ද ඇත්තේ ද මෙසේම ත්‍රිවිධ ශීත ඇතිකල්හි නිවන ද බලාපොරොත්තු විය යුතුය.
යථාපි පාපෙ විජ්ජන්තෙ, කල්යාණමපි විජ්ජති; එවමෙව ජාති විජ්ජන්තෙ, අජාතිපිච්ඡිතබ්බකං.
යම්සේ පාපය ඇති කල්හි කල්‍යාණයක් (කුශලයක්) ඇත්තේ ද මෙ පරිද්දෙන් ජාතිය ඇති කල්හි ජාතියෙන් තොර වූ නිවන ද බලාපොරොත්තු විය යුතුය.
යථා ගූථගතො පුරිසො, තළාකං දිස්වාන පූරිතං; න ගවෙසති තං තළාකං, න දොසො තළාකස්ස සො.
යම් සේ ගූථගත වූ (අසූචියෙන් තැවරුණු) පුරුෂයෙන් පිරුණු විලක් දැක ඒ විල ඇසුරු නො කෙරේ ද, එය විලෙහි දෝෂයක් නොවේ.
එවං කිලෙසමලධොවෙ, විජ්ජන්තෙ අමතන්තළෙ; න ගවෙසති තං තළාකං, න දොසො අමතන්තළෙ.
මෙසේ කෙලෙස් මල සෝදන නිවන් නමැති විල ඇතිකල්හි ඒ (නිවන් නමැති) විල නො සොයන්නේ නම් එය අමාවිලෙහි දෝෂයෙක් නොවේ.
යථා අරීහි පරිරුද්ධො, විජ්ජන්තෙ ගමනම්පථෙ; න පලායති සො පුරිසො, න දොසො අඤ්ජසස්ස සො.
යම්සේ සතුරන් විසින් වටකරන ලද (පුරුෂයෙක්) ගමන් මාර්ගය තිබෙද්දී පලා නොයේ නම් එය මාර්ගයේ දෝෂයක් නොවේ.
එවං කිලෙසපරිරුද්ධො, විජ්ජමානෙ සිවෙ පථෙ; න ගවෙසති තං මග්ගං, න දොසො සිවමඤ්ජසෙ.
යම්සේ කෙලෙසුන් විසින් වටකරන ලද පුරුෂයෙක් නිවන් මාර්ගය තිබෙද්දී එම නිවන් මාර්ගය නො සොයා ද, ඒ නිවන් මාර්ගයේ දෝෂයෙක් නොවේ.
යථාපි බ්යාධිතො පුරිසො, විජ්ජමානෙ තිකිච්ඡකෙ; න තිකිච්ඡාපෙති තං බ්යාධිං, න දොසො සො තිකිච්ඡකෙ.
යම්සේ රෝගී වූ පුරුෂයෙක් වෙදුන් සිටිද්දී ඒ රෝගයට පිළියම් නොකෙරේ නම් ඒ වෙදුන්ගේ දෝෂයක් නොවේ.
එවං කිලෙසබ්යාධීහි, දුක්ඛිතො පරිපීළිතො; න ගවෙසති තං ආචරියං, න දොසො සො විනායකෙ.
මෙසේ කෙලෙස් නමැති රෝගයන්ගෙන් දුකට පත් වූයේ එයින් හාත්පසින් පෙළුණේ ඒ සඳහා වූ ආචාර්යවරයෙක් නො සොයයි නම් ඒ ආචාර්යවරයාගේ දෝෂයක් නොවේ.
යථාපි කුණපං පුරිසො, කණ්ඨෙ බද්ධං ජිගුච්ඡිය; මොචයිත්වාන ගච්ඡෙය්ය, සුඛී සෙරී සයංවසී.
යම්සේ පුරුෂයෙක් ගෙලෙහි බඳනා ලද කුණපයක් පිළිකුල් කොට (එය) මුදාහැර සුවපත්ව ස්වෛරීව ස්වයංවසීව (තමාට වසඟව) යන්නේ ද,
තථෙවිමං පූතිකායං, නානාකුණපසඤ්චයං; ඡඩ්ඩයිත්වාන ගච්ඡෙය්යං, අනපෙක්ඛො අනත්ථිකො.
එපරිද්දෙන් නන් වැදෑරුම් කුණුගොඩක් වූ මේ කුණු කය අපේක්ෂාවෙන් තොරව අනර්ථකාරී ලෙස සලකා අතහැර යන්නෙමි.
යථා උච්චාරට්ඨානම්හි, කරීසං නරනාරියො; ඡඩ්ඩයිත්වාන ගච්ඡන්ති, අනපෙක්ඛා අනත්ථිකා.
යම් සේ ස්ත්‍රී පුරුෂයෝ වැසිකිළියෙහි මල (පහකොට) අපේක්ෂාවෙන් තොරව අනර්ථකාරි ලෙස සලකා අතහැර ලා යත් ද,
එවමෙවාහං ඉමං කායං, නානාකුණපපූරිතං; ඡඩ්ඩයිත්වාන ගච්ඡිස්සං, වච්චං කත්වා යථා කුටිං.
මෙපරිද්දෙන්ම මමත් නන්වැදෑරුම් කුණපයන්ගෙන් පිරුණු මේ කය මල පහකොට කුටිය හැරයන්නාක් මෙන් අතහැර යන්නෙමි.
යථාපි ජජ්ජරං නාවං, පලුග්ගං උදගාහිනිං; සාමී ඡඩ්ඩෙත්වා ගච්ඡන්ති, අනපෙක්ඛා අනත්ථිකා.
යම් සේ (නැව්) හිමියෝ දිරාපත් වූ පලුදු වූ දියබෙදන සුලු වූ නැවක් අපේක්ෂාවෙන් තොරව අනර්ථකාරි ලෙස සලකා හැර දමා යත් ද,
එවමෙවාහං ඉමං කායං, නවච්ඡිද්දං ධුවස්සවං; ඡඩ්ඩයිත්වාන ගච්ඡිස්සං, ජිණ්ණනාවංව සාමිකා.
එපරිද්දෙන් මමත් සිදුරු නවයකින් යුත් නිරතුරුවම (කුණප) වෑහෙන මේ කය (නැව් ) හිමියන් දිරූ නැවක් (අතහැර යන්නා සේ අතහැර යන්නෙමි.
යථාපි පුරිසො චොරෙහි, ගච්ඡන්තො භණ්ඩමාදිය; භණ්ඩච්ඡෙදභයං දිස්වා, ඡඩ්ඩයිත්වාන ගච්ඡති.
යම් සේ බඩු රැගෙන යන පුරුෂයෙක් සොරුන් විසින් බඩු පැහැරගැනීමේ බිය දැක (බඩු) ඉවත දමා යේ ද,
එවමෙව අයං කායො, මහාචොරසමො විය; පහායිමං ගමිස්සාමි, කුසලච්ඡෙදනාභයා.
මෙපරිද්දෙන් මේ කය මහා සොරෙක් මෙනි. (මම) කුසල් සිඳීමේ බියෙන් මේ ශරීරය හැර යන්නෙමි.
එවාහං චින්තයිත්වාන, නෙකකොටිසතං ධනං; නාථානාථානං දත්වාන, හිමවන්තමුපාගමිං.
මෙසේ සිතා නොයෙක් කෙළසිය ගණන් ධනය නාථ - අනාථයින්ට දී හිමවත පැමිණියේය.
හිමවන්තස්සාවිදූරෙ, ධම්මිකො නාම පබ්බතො; අස්සමො සුකතො මය්හං, පණ්ණසාලා සුමාපිතා.
හිමවතට නොදුරෙහි ධම්මික නම් පර්වතයක් විය. එහි මා විසින් ආශ්රමයක් මනාව කරන ලදී. පන්සල ද මනාසේ මවන ලදී.
චඞ්කමං තත්ථ මාපෙසිං, පඤ්චදොසවිවජ්ජිතං; අට්ඨගුණසමුපෙතං, අභිඤ්ඤාබලමාහරිං.
එහි පස්වැදෑරුම් දෝෂයන්ගෙන් තොර වූ සක්මන මැවීය. අටවැදෑරුම් ගුණයන්ගෙන් යුත් අභිඥා බලය ලබා ගතිමි.
සාටකං පජහිං තත්ථ, නවදොසමුපාගතං; වාකචීරං නිවාසෙසිං, ද්වාදසගුණමුපාගතං.
එහිදී නව දෝෂයන්ගෙන් යුත් සළුව අත්හළෙමි. දොළොස් ගුණයෙන් යුත් වැහැරී සිවුර හැඳීමි.
අට්ඨදොසසමාකිණ්ණං , පජහිං පණ්ණසාලකං; උපාගමිං රුක්ඛමූලං, ගුණෙ දසහුපාගතං.
දෝෂ අටෙකින් යුත් පන්සල අත්හළෙමි. දසගුණයකින් යුත් වෘක්ෂ මූලයට පැමිණියෙමි.
වාපිතං රොපිතං ධඤ්ඤං, පජහිං නිරවසෙසතො; අනෙකගුණසම්පන්නං, පවත්තඵලමාදියිං.
වවන ලද රෝපණය කරන ලද ධාන්‍ය සම්පූර්ණයෙන්ම අත්හළෙමි. නොයෙක් ගුණයන්ගෙන් යුත් පවත්තඵල (ගස් යට වැටුණු ගෙඩි) (ආහාර පිණිස) ගතිමි.
තත්ථප්පධානං පදහිං, නිසජ්ජට්ඨානචඞ්කමෙ; අබ්භන්තරම්හි සත්තාහෙ, අභිඤ්ඤාබල පාපුණින්ති. (බු· වං· 2.1-33);
එහිදී හිඳීම, සිටීම, සක්මන යන ඉරියව්වලින් වීර්යය වඩා සත්දිනක් ඇතුළත දී අභිඥා බලයට පැමිණියෙමි යනුයි.
තත්ථ අස්සමො සුකතො මය්හං, පණ්ණසාලා සුමාපිතාති ඉමිස්සා පාළියා සුමෙධපණ්ඩිතෙන අස්සමපණ්ණසාලාචඞ්කමා සහත්ථා මාපිතා විය වුත්තා. අයං පනෙත්ථ අත්ථො – මහාසත්තඤ්හි “හිමවන්තං අජ්ඣොගාහෙත්වා අජ්ජ ධම්මිකපබ්බතං පවිසිස්සාමී”ති නික්ඛන්තං දිස්වා සක්කො දෙවානමින්දො විස්සකම්මදෙවපුත්තං ආමන්තෙසි – “ගච්ඡ, තාත, අයං සුමෙධපණ්ඩිතො ‘පබ්බජිස්සාමී’ති නික්ඛන්තො එතස්ස වසනට්ඨානං මාපෙහී”ති. සො තස්ස වචනං සම්පටිච්ඡිත්වා රමණීයං අස්සමං සුගුත්තං පණ්ණසාලං, මනොරමං චඞ්කමඤ්ච මාපෙසි. භගවා පන තදා අත්තනො පුඤ්ඤානුභාවෙන නිප්ඵන්නං තං අස්සමපදං සන්ධාය “සාරිපුත්ත තස්මිං ධම්මිකපබ්බතෙ –
එහි ‘අස්සමො සුකතො මය්හං පණ්ණසාලා සුමාපිතා’ යන මේ පාළියෙහි සුමේධ පණ්ඩිතයන් විසින් පන්සල සක්මන සියතින් මවන ලද මෙන් කියන ලදී. මේ වනාහි මෙහි අර්ථයයි. මහසත්හු හිමවතට වැද අද ධාර්මික පර්වතයට පිවිසෙන්නෙමියි නික්මුණාහු දැක සක්දෙව් රජ විස්කම් දෙව්පුත් අමතා දරුව, යන්න. අර සුමේධ පණ්ඩිත තෙමේ පැවිදි වන්නෙමියි නික්මුණේය. ඔහුට වාසස්ථානයක් මවන්නැයි (කීය.) හෙතෙම ඔහුගේ වචනය පිළිගෙන රමණිය අසපුවක් ද මනාව ආවරණය කරන ලද පන්සලක් ද මනරම් වූ සක්මනක් ද මැවීය. භාග්‍යවතුන් වහන්සේ වනාහි එදා තමාගේ පුණ්‍යානුභාවයෙන් නිපන් ඒ ආශ්‍රමය ද සඳහා ශාරිපුත්‍රය, ඒ ධාර්මික පර්වතයෙහි,
අස්සමො සුකතො මය්හං, පණ්ණසාලා සුමාපිතා; චඞ්කමං තත්ථ මාපෙසිං, පඤ්චදොසවිවජ්ජිත”න්ති. –
අස්සමො සුකතො මය්හං පණ්ණසාලා සුමාපිතා චංකමං තත්ථ මාපෙසිං පඤ්චදොසවිවජ්ජිතං
ආහ. තත්ථ අස්සමො සුකතො මය්හන්ති සුකතො මයා. පණ්ණසාලා සුමාපිතාති පණ්ණච්ඡන්නා සාලාපි මෙ සුමාපිතා අහොසි.
යි වදාළ සේක. එහි සුකතො මය්හං යනු මා විසින් මනාව කරන ලදී (යන අර්ථයි.) ‘පණ්ණසාලා සුමාපිතා’ යනු පන් සෙවිලි කළ සාලාව ද මා විසින් මනාව මවන ලද්දේ විය (යන අර්ථයි)
පඤ්චදොසවිවජ්ජිතන්ති පඤ්චිමෙ චඞ්කමදොසා නාම ථද්ධවිසමතා, අන්තොරුක්ඛතා, ගහනච්ඡන්නතා, අතිසම්බාධතා, අතිවිසාලතාති. ථද්ධවිසමභූමිභාගස්මිඤ්හි චඞ්කමෙ චඞ්කමන්තස්ස පාදා රුජ්ජන්ති, ඵොටා උට්ඨහන්ති, චිත්තං එකග්ගතං න ලභති, කම්මට්ඨානං විපජ්ජති. මුදුසමතලෙ පන ඵාසුවිහාරං ආගම්ම කම්මට්ඨානං සම්පජ්ජති. තස්මා ථද්ධවිසමභූමිභාගතා එකො දොසොති වෙදිතබ්බො. චඞ්කමනස්ස අන්තො වා මජ්ඣෙ වා කොටියං වා රුක්ඛෙ සති පමාදමාගම්ම චඞ්කමන්තස්ස නලාටං වා සීසං වා පටිහඤ්ඤතීති අන්තොරුක්ඛතා දුතියො දොසො. තිණලතාදිගහනච්ඡන්නෙ චඞ්කමෙ චඞ්කමන්තො අන්ධකාරවෙලායං උරගාදිකෙ පාණෙ අක්කමිත්වා වා මාරෙති, තෙහි වා දට්ඨො දුක්ඛං ආපජ්ජතීති ගහනච්ඡන්නතා තතියො දොසො. අතිසම්බාධෙ චඞ්කමෙ විත්ථාරතො රතනිකෙ වා අඩ්ඪරතනිකෙ වා චඞ්කමන්තස්ස පරිච්ඡෙදෙ පක්ඛලිත්වා නඛාපි අඞ්ගුලියොපි භිජ්ජන්තීති අතිසම්බාධතා චතුත්ථො දොසො. අතිවිසාලෙ චඞ්කමෙ චඞ්කමන්තස්ස චිත්තං විධාවති, එකග්ගතං න ලභතීති අතිවිසාලතා පඤ්චමො දොසො. පුථුලතො පන දියඩ්ඪරතනං ද්වීසු පස්සෙසු රතනමත්තඅනුචඞ්කමං දීඝතො සට්ඨිහත්ථං මුදුතලං සමවිප්පකිණ්ණවාලුකං චඞ්කමං වට්ටති, චෙතියගිරිම්හි දීපප්පසාදකමහාමහින්දත්ථෙරස්ස චඞ්කමනං විය, තාදිසං තං අහොසි. තෙනාහ “චඞ්කමං තත්ථ මාපෙසිං, පඤ්චදොසවිවජ්ජිත”න්ති.
‘පඤ්චදොස විවජ්ජිතං’ යනු සක්මනෙහි මේ දොස් පසෙකි. තද විසම බව, ඇතුළත වෘක්ෂ ඇති බව, ලැහැබින් වැසී ඇති බව, අතිශයින් බාධා ඇති බව, ඉතා විශාල බව යනුයි. තද විසම භූමි භාගයෙහි වූ සක්මනෙහි වනාහි සක්මන් කරන්නාගේ පා රිදෙයි. පොළ නැගෙයි. සිත එකඟ බවක් නොලබයි. කමටහන විපතට පත්වෙයි. මෘදු සමතලාවෙහි වනාහි පහසු විහරණයට පැමිණ කමටහන පැපයෙයි. එබැවින් තද විසම භූමි භාග ඇති බව එක් දෝෂයකැයි දතයුතුය. සක්මනෙහි ඇතුළත හෝ මැද හෝ කෙළවර හෝ රුක් ඇති කල්හි ප්‍රමාදයට පැමිණ සක්මන් කරන්නාගේ නළල හෝ හිස හෝ ගැටේ යනු ඇතුළත රුක් ඇති බව දෙවන දෝෂයයි. තෘණලතා ආදී ලැහැබින් වැසුණු සක්මනෙහි සක්මන් කරන්නා අඳුරු වේලාවේ දී සර්ප ආදී ප්‍රාණීන් පාගා මරන්නේ හෝ උන් විසින් දෂ්ට කරනු ලැබ දුකට හෝ පැමිණේ යනු මේ තුන්වන දෝෂයයි. පළලින් රියන් පමණ හෝ අඩරියන් පමණ වූ ඉතා සම්බාධ සහිත සක්මනෙහි සක්මන් කරන්නා සේ නිය ද ඇඟිලි ද සක්මන් කෙළවර හැපී බිඳේනුයි අති සම්බාධතාව සතරවන දෝෂයයි. ඉතා විශාල සක්මනෙහි සක්මන් කරන්නාගේ සිත (අරමුණෙන්) බැහැර දිවෙයි. එකඟබව නොලැබේනුයි ඉතා විශාල බව පස්වන දෝෂයයි. පළලින් වනාහි රියන් එකහමාරක් වූ දෙපයෙහි රියනක් පමණ වූ අනුසක්මන් ඇති දිගින් සැටරියන් වූ මෘදු තලයක් ඇති සමව විසුරුවන ලද වැලි ඇති සක්මන වටනේය. සෑගිරියෙහි වූ දීපප්රසාද මහින්ද ස්ථවිරයන් වහන්සේගේ සක්මන මෙනි. එයද එබඳු විය. එහෙයින් ‘චංකමං තත්ථ මාපෙසිං පඤ්ච දොස විවජ්ජිතං’ යනු කීහ.
අට්ඨගුණසමුපෙතන්ති අට්ඨහි සමණසුඛෙහි උපෙතං. අට්ඨිමානි සමණසුඛානි නාම ධනධඤ්ඤපරිග්ගහාභාවො අනවජ්ජපිණ්ඩපරියෙසනභාවො, නිබ්බුතපිණ්ඩභුඤ්ජනභාවො, රට්ඨං පීළෙත්වා ධනසාරං වා සීසකහාපණාදීනි වා ගණ්හන්තෙසු රාජකුලෙසු රට්ඨපීළනකිලෙසාභාවො, උපකරණෙසු නිච්ඡන්දරාගභාවො, චොරවිලොපෙ නිබ්භයභාවො, රාජරාජමහාමච්චෙහි අසංසට්ඨභාවො චතූසු දිසාසු අප්පටිහතභාවොති. ඉදං වුත්තං හොති “යථා තස්මිං අස්සමෙ වසන්තෙන සක්කා හොන්ති ඉමානි අට්ඨ සමණසුඛානි වින්දිතුං, එවං අට්ඨගුණසමුපෙතං තං අස්සමං මාපෙසි” න්ති.
‘අට්ඨගුණ සමුපෙතං’ යනු අටවැදෑරුම් ශ්‍රමණ සුබයන්ගෙන් යුක්ත වූ, මේ අට ශ්‍රමණ සුබයෝ නම් වෙත්. ධන ධාන්‍ය පරිභෝගයෙන් තොර බව, නිවැරදි වූ පිණ්ඩපාතය සෙව්නා බව, නිවුණු පිඬු බුදිනා බව, රට පෙළා ධනසාරය හෝ කළු ඊයම් කහවණු ආදිය හෝ ගන්නා වූ රාජ කුලයන්හි රට පෙළන කෙලෙසුන්ගෙන් තොර බව, උපකරණයන්හි ඡන්ද රාගයෙන් තොර බව, සොරුන් පැහැර ගැනීම පිළිබඳ බිය රහිත බව, රාජ-රාජ මහාමාත්‍යාදීන් සමග අමිශ්රභාවය, සතර දිසාවන්හි නො ගැටෙනා බව යන මේ කියන ලදී. මෙසේ ඒ අසපුවෙහි වසන්නා විසින් මේ අටවැදෑරුම් පැවිදි සුවයන් විඳිය හැකි වෙයි. මෙසේ අටගුණයකින් යුත් ඒ අසපුව මැවීමි යනුයි.
අභිඤ්ඤාබලමාහරින්ති පච්ඡා තස්මිං අස්සමෙ වසන්තො කසිණපරිකම්මං කත්වා අභිඤ්ඤානඤ්ච සමාපත්තීනඤ්ච උප්පාදනත්ථාය අනිච්චතො දුක්ඛතො විපස්සනං ආරභිත්වා ථාමප්පත්තං විපස්සනාබලං ආහරිං. යථා තස්මිං වසන්තො තං බලං ආහරිතුං සක්කොමි, එවං තං අස්සමං තස්ස අභිඤ්ඤත්ථාය විපස්සනාබලස්ස අනුච්ඡවිකං කත්වා මාපෙසින්ති අත්ථො.
‘අභිඤ්ඤාබල මාහරිං’ යනු පසුව ඒ අසපුවෙහි වෙසෙමින් කිසුණු පිරියම් කොට අභිඥාවන් හා සමාපත්තීන් ඉපදවීම පිණිස අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් විදසුන් පටන්ගෙන බලවත් වූ විදර්ශනා ඵලයට පැමිණියෙමි. එසේ එහි වෙසෙමින් ඒ බලය ලබාගන්නට හැකිවෙයි. මෙසේ ඒ අසපුව ඒ මාගේ අභිඥාව පිණිස විදර්ශනා බලයට සුදුස්සක් කොට මැවීම යනු අර්ථයි.
සාටකං පජහිං තත්ථ, නවදොසමුපාගතන්ති එත්ථායං අනුපුබ්බිකථා, තදා කිර කුටිලෙණචඞ්කමාදිපටිමණ්ඩිතං පුප්ඵූපගඵලූපගරුක්ඛසඤ්ඡන්නං රමණීයං මධුරසලිලාසයං අපගතවාළමිගභිංසනකසකුණං පවිවෙකක්ඛමං අස්සමං මාපෙත්වා අලඞ්කතචඞ්කමස්ස උභොසු අන්තෙසු ආලම්බනඵලකං සංවිධාය නිසීදනත්ථාය චඞ්කමවෙමජ්ඣෙ සමතලං මුග්ගවණ්ණසිලං මාපෙත්වා අන්තොපණ්ණසාලායං ජටාමණ්ඩලවාකචීරතිදණ්ඩකුණ්ඩිකාදිකෙ තාපසපරික්ඛාරෙ මණ්ඩපෙ පානීයඝටපානීයසඞ්ඛපානීයසරාවානි අග්ගිසාලායං අඞ්ගාරකපල්ලදාරුආදීනීති එවං යං යං පබ්බජිතානං උපකාරාය සංවත්තති, තං තං සබ්බං මාපෙත්වා පණ්ණසාලාය භිත්තියං “යෙ කෙචි පබ්බජිතුකාමා ඉමෙ පරික්ඛාරෙ ගහෙත්වා පබ්බජන්තූ”ති අක්ඛරානි ඡින්දිත්වා දෙවලොකමෙව ගතෙ විස්සකම්මදෙවපුත්තෙ සුමෙධපණ්ඩිතො හිමවන්තපාදෙ ගිරිකන්දරානුසාරෙන අත්තනො නිවාසනානුරූපං ඵාසුකට්ඨානං ඔලොකෙන්තො නදීනිවත්තනෙ විස්සකම්මනිම්මිතං සක්කදත්තියං රමණීයං අස්සමං දිස්වා චඞ්කමකොටිං ගන්ත්වා පදවලඤ්ජං අපස්සන්තො “ධුවං පබ්බජිතා ධුරගාමෙ භික්ඛං පරියෙසිත්වා කිලන්තරූපා ආගන්ත්වා පණ්ණසාලං පවිසිත්වා නිසින්නා භවිස්සන්තී”ති චින්තෙත්වා ථොකං ආගමෙත්වා “අතිවිය චිරායන්ති, ජානිස්සාමී”ති පණ්ණසාලකුටිද්වාරං විවරිත්වා අන්තො පවිසිත්වා ඉතො චිතො ච ඔලොකෙන්තො මහාභිත්තියං අක්ඛරානි වාචෙත්වා “මය්හං කප්පියපරික්ඛාරා එතෙ, ඉමෙ ගහෙත්වා පබ්බජිස්සාමී”ති අත්තනා නිවත්ථපාරුතං සාටකයුගං පජහි. තෙනාහ “සාටකං පජහිං තත්ථා”ති. එවං පවිට්ඨො අහං සාරිපුත්ත තස්සං පණ්ණසාලායං සාටකං පජහිං.
‘එහිදී නව දෝෂයන්ගෙන් යුත් සළුව අත්හළෙමි’ යන මෙහි මේ පිළිවෙළ කථාවයි. එකල්හි වනාහි කුටි-ලෙන්-සක්මන් ආදියෙන් යුක්ත වූ මල්පල සහිත වෘක්ෂයන් ගැවසීගත් රමණීය ජලාසත් ඇති ව්‍යාඝ්‍රාදීන් හා බිය ගෙනදෙන පක්ෂීන්ගෙන් තොර වූ විවේකයට සුදුසු වූ අසපුවක් මවා අලංකාර කළ සක්මනෙහි දෙ කෙළවර එල්බෙන පුවරුව සංවිධානය කොට හිඳීම පිණිස සක්මන මැද සමතලා වූ මුංපැහැති ගලක් මවා, පන්සල ඇතුළෙහි දළමඩුලු, වැහැරි සිවුරු, ත්‍රිදණ්ඩය, කෙණ්ඩිය ආදී වූ තවුස් පිරිකර ද, මණ්ඩපයෙහි පැන්බඳුන, පැන්සක, පැන්මලාව ද, ගිනිහල්ගෙයි අඟුරු කබල, දර ආදිය දැයි මෙසේ පැවිද්දන් උපකාර පිණිස යම් යම් දේ වේනම් ඒ සියල්ල මවා පන්සලෙහි බිත්තියෙහි ‘යම් කෙනෙක් පැවිදිවනු කැමැත්තෝ වෙත් ද (ඔව්හු) මේ පිරිකර ගෙන පැවිදි වෙත්වා’යි අකුරු කොටා විස්කම් දෙව්පුත් දෙව්ලොවටම ගිය කල්හි සුමේධ පණ්ඩිත තෙමේ හිමවත් පාදයෙහි ගිරිකඳුරු අනුසාරයෙන් තමාට වාසයට පහසු තැනක් බලනුයේ ගංමිටියාවතෙහි විස්කම් විසින් මවන ලද ශක්‍රයා දුන් රමණීය ආශ්‍රමය දැක සක්මන කෙළවරට ගොස් පා සලකුණු නො දක්නේ ඒකාන්තයෙන් පැවිද්දෝ ගොදුරුගමෙහි පිඬු සොයා ක්ලාන්ත වූවාහු අවුත් පන්සලට පිවිස හුන්නේ වෙත් යැයි සිතා මදක් නතරව සිට ඉතාම පමාවෙති. දැනගනිමියි පන්සල් කුටියෙහි දොර හැර ඇතුළට පිවිස ඔබමොබ බලන්නේ මහ බිත්තියේ (වූ) අකුරු කියවා මේ මට කැප පිරිකරය. මේවා ගෙන පැවිදි වෙමියි තමා හැඳි පෙරවි සළු අත් හළේය. එහෙයින් ‘සාටකං පජහිං තත්ථ’ යනු කීය. ශාරිපුත්‍රය, මෙසේ පිවිසි මම ඒ පන්සලේ දී සළුව අත්හළෙමි.
නවදොසමුපාගතන්ති සාටකං පජහන්තො නව දොසෙ දිස්වා පජහින්ති දීපෙති. තාපසපබ්බජ්ජං පබ්බජිතානඤ්හි සාටකස්මිං නව දොසා උපට්ඨහන්ති. තෙසු තස්ස මහග්ඝභාවො එකො දොසො, පරපටිබද්ධතාය උප්පජ්ජනභාවො එකො, පරිභොගෙන ලහුං කිලිස්සනභාවො එකො, කිලිට්ඨො හි ධොවිතබ්බො ච රජිතබ්බො ච හොති, පරිභොගෙන ලහුකං ජීරණභාවො එකො ජිණ්ණස්ස හි තුන්නං වා අග්ගළදානං වා කාතබ්බං හොති. පුනපරියෙසනාය දුරභිසම්භවභාවො එකො, තාපසපබ්බජ්ජාය අසාරුප්පභාවො එකො, පච්චත්ථිකානං සාධාරණභාවො එකො, යථා හි නං පච්චත්ථිකා න ගණ්හන්ති, එවං ගොපෙතබ්බො හොති. පරිභුඤ්ජන්තස්ස විභූසනට්ඨානභාවො එකො, ගහෙත්වා චරන්තස්ස ඛන්ධභාරමහිච්ඡභාවො එකොති.
නවදොස මුපාගතං යනු සළුව අත්හරිනුයේ දොස් නවයක් දැක අත්හළෙමියි දක්වයි. තවුස් පැවිද්දෙන් පැවිදි වූවන්ට වනාහි දෝෂ නමයක් වැටහෙයි. මහගු බව එක් දෝෂයෙකි. අනුන් පිළිබඳව උපන් බව එක් දෝෂයෙකි. පරිභෝග කිරිමෙන් මහා කිලිටුවීම එක් දෝෂයෙකි. කිලිටු වූ කල්හි සේදිය යුතු ද රජනය කළයුතු ද වෙයි. පරිභෝග කිරිමෙන් දිරන බව එක් දෝෂයෙකි. දිරූ සළුව මැසීම හෝ අඩ දැමීම කළයුතු වෙයි. නැවත සොයාගැනීම දුෂ්කර බව එක් දෝෂයෙකි. තවුස් පැවිද්දට නොසරුප් බව එක් දෝෂයෙකි. පසමිතුරන්ට සාධාරණවීම එක් දෝෂයෙකි. එය පසමිතුරන් විසින් ගත නොහැකි පරිදි ආරක්ෂා කළයුතු වෙයි. පරිභෝග කරන්නාගේ අලංකාරයට හේතුවීම එක් දෝෂයෙකි. පිළිගෙන හැසිරෙන්නහුගේ ස්කන්ධභාරයේ මහේච්ඡභාවය එක් දෝෂයෙකි යනුයි.
වාකචීරං නිවාසෙසින්ති තදා අහං සාරිපුත්ත ඉමෙ නව දොසෙ දිස්වා සාටකං පහාය වාකචීරං නිවාසෙසිං මුඤ්ජතිණං හීරං හීරං කත්වා ගන්ථෙත්වා කතං වාකචීරං නිවාසනපාරුපනත්ථාය ආදියින්ති අත්ථො.
වාකචීරං නිවාසෙසිං යනු ශාරිපුත්‍රය, මම එකල්හි මේ නවදෝෂයෙන් දැක සළුව අතහැර වැහැරි සිවුර හැඳගතිමි. මුදුතණ හීරි හීරි කොට ගෙන කරන ලද වැහැරි සිවුර හැඳීම පෙරවීම පිණිස ගතිමි යන අර්ථයි.
ද්වාදසගුණමුපාගතන්ති ද්වාදසහි ආනිසංසෙහි සමන්නාගතං, වාකචීරස්මිඤ්හි ද්වාදසානිසංසා – අප්පග්ඝං සුන්දරං කප්පියන්ති අයං තාව එකො ආනිසංසො, සහත්ථා කාතුං සක්කාති අයං දුතියො, පරිභොගෙන සණිකං කිලිස්සති ධොවියමානෙපි පපඤ්චො නත්ථීති අයං තතියො, පරිභොගෙන ජිණ්ණෙපි සිබ්බිතබ්බාභාවො චතුත්ථො, පුන පරියෙසන්තස්ස සුඛෙන කරණභාවො පඤ්චමො, තාපසපබ්බජ්ජාය සාරුප්පභාවො ඡට්ඨො, පච්චත්ථිකානං නිරුපභොගභාවො සත්තමො, පරිභුඤ්ජන්තස්ස විභූසනට්ඨානාභාවො අට්ඨමො, ධාරණෙ සල්ලහුකභාවො නවමො, චීවරපච්චයෙ අප්පිච්ඡභාවො දසමො, වාකුප්පත්තියා ධම්මිකඅනවජ්ජභාවො එකාදසමො වාකචීරෙ නට්ඨෙපි අනපෙක්ඛභාවො ද්වාදසමොති.
‘ද්වාදසගුණ මුපාගතං’ යනු දොළොස් අංගයකින් යුක්ත වූ, වැහැරි සිවුරෙහි අනුසස් දොළොසෙකි. අගය අල්ප බව, සොඳුර බව, කැප බව යනු මේ එක් ආනිසංසයෙකි. සියතින් කළ හැක්කේය යන මෙය දෙවන ආනිසංසයි. පරිභෝග කිරීමේ දී සෙමෙන් කිලිටි වේ. දෙවීමේ ද ප්‍රපඤ්චයක් නැත යන මේ තුන්වැන්නය. පරිභෝග කිරීමේ දී දිරූ විට ද නො මැඩිය යුතුවීම සතරවැන්නයි. නැවත සොයන්නාට පහසුවෙන් සොයාගත හැකිවීම පස්වැන්නයි. තවුස් පැවිද්දට සරුප් බව සයවැන්නයි. සතුරන් විසින් පරිභෝග කළ නොහැකිවීම සත්වැන්නයි. පරිභෝග කරන්නාගේ අලංකාරය පිණිස නොවීම අටවැන්නයි. දැරීමේ දී සැහැල්ලු බව නවවැන්නයි. සිවුරූපයෙහි (චීවර ප්‍රත්‍යයෙහි) අපිස්බව දසවැන්නයි. වැහැරී නිපැයීමේ දී දැහැමි, නිවැරදි බව එකොළොස් වැන්නයි. වැහැරි සිවුර නට කල්හි ද අපේක්ෂා රහිත බව දොළොස්වැන්නයි.
අට්ඨදොසසමාකිණ්ණං, පජහිං පණ්ණසාලකන්ති කථං පජහිං? සො කිර වරසාටකයුගං ඔමුඤ්චන්තො චීවරවංසෙ ලග්ගිතං අනොජපුප්ඵදාමසදිසං රත්තවාකචීරං ගහෙත්වා නිවාසෙත්වා තස්සුපරි අපරං සුවණ්ණවණ්ණං වාකචීරං පරිදහිත්වා පුන්නාගපුප්ඵසන්ථරසදිසං සඛුරං අජිනචම්මං එකංසං කත්වා ජටාමණ්ඩලං පටිමුඤ්චිත්වා චූළාය සද්ධිං නිච්චලභාවකරණත්ථං සාරසූචිං පවෙසෙත්වා මුත්තාජාලසදිසාය සික්කාය පවාළවණ්ණං කුණ්ඩිකං ඔදහිත්වා තීසු ඨානෙසු වඞ්කකාජං ආදාය එකිස්සා කාජකොටියා කුණ්ඩිකං, එකිස්සා අඞ්කුසකපච්ඡිතිදණ්ඩකාදීනි ඔලග්ගෙත්වා ඛාරිකාජං අංසෙ කත්වා දක්ඛිණෙන හත්ථෙන කත්තරදණ්ඩං ගහෙත්වා පණ්ණසාලතො නික්ඛමිත්වා සට්ඨිහත්ථෙ මහාචඞ්කමෙ අපරාපරං චඞ්කමන්තො අත්තනො වෙසං ඔලොකෙත්වා “මය්හං මනොරථො මත්ථකං පත්තො, සොභති වත මෙ පබ්බජ්ජා, බුද්ධපච්චෙකබුද්ධාදීහි සබ්බෙහිපි ධීරපුරිසෙහි වණ්ණිතා ථොමිතා අයං පබ්බජ්ජා නාම, පහීනං මෙ ගිහිබන්ධනං, නික්ඛන්තොස්මි නෙක්ඛම්මං, ලද්ධා මෙ උත්තමපබ්බජ්ජා, කරිස්සාමි සමණධම්මං, ලභිස්සාමි අග්ගඵලසුඛ”න්ති උස්සාහජාතො ඛාරිකාජං ඔතාරෙත්වා චඞ්කමවෙමජ්ඣෙ මුග්ගවණ්ණසිලාපට්ටෙ සුවණ්ණපටිමා විය නිසින්නො දිවසභාගං වීතිනාමෙත්වා සායන්හසමයං පණ්ණසාලං පවිසිත්වා බිදලමඤ්චකපස්සෙ කට්ඨත්ථරිකාය නිපන්නො සරීරං උතුං ගාහාපෙත්වා බලවපච්චූසෙ පබුජ්ඣිත්වා අත්තනො ආගමනං ආවජ්ජෙසි “අහං ඝරාවාසෙ ආදීනවං දිස්වා අමිතභොගං අනන්තයසං පහාය අරඤ්ඤං පවිසිත්වා නෙක්ඛමගවෙසකො හුත්වා පබ්බජිතො, ඉතො දානි පට්ඨාය පමාදචාරං චරිතුං න වට්ටති, පවිවෙකඤ්හි පහාය විචරන්තං මිච්ඡාවිතක්කමක්ඛිකා ඛාදන්ති, ඉදානි මයා පවිවෙකමනුබ්රූහෙතුං වට්ටති, අහඤ්හි ඝරාවාසං පලිබොධතො දිස්වා නික්ඛන්තො, අයඤ්ච මනාපා පණ්ණසාලා, බෙලුවපක්කවණ්ණා පරිභණ්ඩකතා භූමි, රජතවණ්ණා සෙතභිත්තියො, කපොතපාදවණ්ණං පණ්ණච්ඡදනං, විචිත්තත්ථරණවණ්ණො බිදලමඤ්චකො, නිවාසඵාසුකං වසනට්ඨානං, න එත්තො අතිරෙකතරා විය මෙ ගෙහසම්පදා පඤ්ඤායතී”ති පණ්ණසාලාය දොසෙ විචිනන්තො අට්ඨ දොසෙ පස්සි.
‘අට්ඨදොස සමාකිණ්ණං පජහිං පණ්ණසාලකං’ යනු කෙසේ අත්හළේ ද යත්, ඒ සුමේධ තාපස තෙමේ වනාහි උතුම් වූ සළු යුවල මුදනුයේ සිවුරු දණ්ඩෙහි ලැගි අනෝජ මල්දමක් වැනි රතු පැහැති වැහැරි සිවුර හැඳ එය මතුයෙහි වෙනත් රන්වන් වැහැරි සිවුරක් පෙරවා දොඹමල් විසුරුවා වැනි වූ අඳුන් දිවිසම සකස්කොට දළමඬුලු මුණ සිළ සමග නිසල බැව් කිරීමට සාර සූචිය (හරයකින් කළ හුල) පිවිසවා මුතුදැලක් වැනි සාල්ලෙක පබළුවන් කෙණ්ඩිය බහා තුන් තැනකින් වක් වූ කද ගෙන කඳෙහි එක් කෙළවරෙක කෙණ්ඩිය ද එක් කෙළවරෙක කෙක්ක පැස ත්රිදණ්ඩක ආදිය ද රුවාගෙන පිරිකර කද අංශයෙහි කොට දකුණු අතින් සැරයටිය ගෙන පන්සලෙන් නික්ම සැටරියන් පමණ වූ මහසක්මනෙහි ඔබ මොබ සක්මන් කරන්නේ තමාගේ වේසය බලා ‘මගේ සිත මුදුන් පැමිණියේය, ඒකාන්තයෙන් මාගේ පැවිද්ද හොබනේය. බුදු පසේ බුදු ආදී වූ සියලුම ප්‍රාඥ පුරුෂයින් විසින් මේ පැවිද්ද නම් වර්ණනා කරන ලදී. ස්තුති කරන ලදී. මා විසින් ගිහි බන්ධනය ප්‍රහීණ කරන ලදී. නෛෂ්ක්‍රම්‍යයට නික්මුණේ වෙමි. මවිසින් උතුම් පැවිද්ද ලබන ලදී. මහණදම් කරන්නෙමි. මාර්ගඵල සැප ලබමි’යි උත්සාහවත් වූයේ පිරිකර කද බිම තබා සක්මන මැද මුංවන් ගල්තලායෙහි රන් පිළිමයක් මෙන් හුන්නේ දිවාකාලය ගෙවා සවස් කාලයෙහි පන්සලට පිවිසි ඉදල්මැස්ස පසෙක කටු ඇතිරියෙහි වැද හොත්තේ ශරිරය ඍතු ගන්වා ඉතා අලුයම් වේලාවෙහි පිබිද තමාගේ පැමිණීම ආවර්ජනා කළේය. මම ගෙයි විසීමේ ආදීනව (දොස්) දැක අප්‍රමාණ භෝග ද අනන්ත වූ සම්පත් ද හැර වනයට පිවිස විමුක්තිය සොයන්නෙකුව පැවිදි වීමි. එහෙයින් දැන් මෙතැන් පටන් ප්‍රමාදව හැසිරෙන්නට නො වටී. ප්රකර්ෂ (දැඩි) විවේකය හැර හැසින්නා මිථ්‍යාදෘෂ්ටිව තර්ක නමැති මැස්සෙක් කති. දැන් මා විසින් ප්රකර්ෂ විවේකය සොයන්නට වටී. මම වනාහි ගිහිගෙය පළිබෝධ වශයෙන් දැක නික්මුණෙමි. මේ පන්සල මන වඩනේය. පිරියම් කළවිට ඉදුණු බෙලිගෙඩියක පැහැයෙන් යුක්තය. සුදු බිත්ති රිදීවන්ය. පන්සෙවිල්ල පරෙවි පා පැහැති ය. ඉදලින් කළ ඇඳ විසිතුරු ඇතිරියක පැහැ ඇත්තේ ය. වාසස්ථානයට නිවාස පහසුකම් වලින් යුක්ත ය. මේ පමණකින් (මේ අනුව) මෙය මාගේ ගෘහ සම්පත්තියට වඩා අමතර දෙයක් ලෙස නො පෙනේ යැයි පන්සලෙහි දොස් පරික්ෂා කරනුයේ දොස් අටක් දුටුයේ ය.
පණ්ණසාලාපරිභොගස්මිඤ්හි අට්ඨ ආදීනවා – මහාසමාරම්භෙන? දබ්බසම්භාරෙ සමොධානෙත්වා කරණපරියෙසනභාවො එකො ආදීනවො. තිණපණ්ණමත්තිකාසු පතිතාසු තාසං පුනප්පුනං ඨපෙතබ්බතාය නිබද්ධජග්ගනභාවො දුතියො, සෙනාසනං නාම මහල්ලකස්ස පාපුණාති, අවෙලාය වුට්ඨාපියමානස්ස චිත්තෙකග්ගතා න හොතීති උට්ඨාපනීයභාවො තතියො, සීතුණ්හපටිඝාතෙන කායස්ස සුඛුමාලකරණභාවො චතුත්ථො, ගෙහං පවිට්ඨෙන යංකිඤ්චි පාපං සක්කා කාතුන්ති ගරහපටිච්ඡාදනභාවො පඤ්චමො, “මය්හ”න්ති පරිග්ගහකරණභාවො ඡට්ඨො, ගෙහස්ස අත්ථිභාවො නාමෙස දුතියකවාසො වියාති සත්තමො ඌකාමඞ්ගුලඝරගොළිකාදීනං සාධාරණතාය බහුසාධාරණභාවො අට්ඨමොති ඉමෙ අට්ඨ ආදීනවෙ දිස්වා මහාසත්තො පණ්ණසාලං පජහි. තෙනාහ “අට්ඨදොසසමාකිණ්ණං, පජහිං පණ්ණසාලක”න්ති.
පන්සල් පරිභෝග කිරිමේ වනාහි ආදීනව (දොස්) අටෙකි. මහා ආරම්භයකින් දැව සම්භාරයන් එක්රැස් කොට උපකරණ සෙවිය යුතු බව එක් ආදීනවයෙකි. තෘණ පණ්ණි මැටි ආදිය වැටුණු කල්හි ඒවා නැවත නැවත තැබිය යුතු බැවින් නිතර පිළිදැගුම් කළයුතු බව දෙවැන්නයි, සෙනසුන නම් වැඩිහිටියාට පැමිණෙයි. නොකල්හි නැගිටුවනු ලබන්නාගේ සිතෙහි එකඟ බවක් නොවේ. මෙසේ නැගිටිය යුතු බව තෙවැන්නයි. ශීතෝෂ්ණයන්ගෙන් වැළකීම කය සියුමැලි කරන බව සතරවැන්නයි. ගෙට පිවිසියහු විසින් පවක් කළ හැක්කේ යැයි ගර්හාව වැඩිය හැකි බව පස්වැන්නයි. මාගේ පිළිගන්නා බව සවැන්නයි. මේ ගෙයක් ඇති බව නම් දෙවෙනි වාසයක් වාසයක් ඇතියාක් මෙනි යනු සත්වැන්නයි. උකුණන් මකුණන් සිකනලුන් ආදීන්ට සාධාරණ බැවින් බොහෝ දෙනාට සාධාරණ බව අටවැන්නැයි. මෙසේ අටදොස් දැක මහබෝසත් තෙම පන්සල අත්හළේ ය. එහෙයින් මෙසේ කීය. ‘අට්ඨදොස සමාකිණ්ණං පජහිං පණ්ණසාලකං’ යනුයි.
උපාගමිං රුක්ඛමූලං ගුණෙ දසහුපාගතන්ති ඡන්නං පටික්ඛිපිත්වා දසහි ගුණෙහි උපෙතං රුක්ඛමූලං උපාගතොස්මීති වදති.
‘උපාගමිං රුක්ඛමූලං ගුණෙහි දසහුපාගං’ (ගුණ දහයකින් යුත් වෘක්ෂ මූලයට පැමිණියෙමි) යනු ආවරණය වූ පන්සල ප්‍රතික්ෂේප කොට දස ගුණයකින් යුත් වෘක්ෂමූලයට ගියේ වෙමියි කියයි.
තත්රිමෙ දස ගුණා – අප්පසමාරම්භතා එකො ගුණො උපගමනමත්තමෙව හි තත්ථ හොතීති. අප්පටිජග්ගනතා දුතියො තඤ්හි සම්මට්ඨම්පි අසම්මට්ඨම්පි පරිභොගඵාසුකං හොතියෙව. අනුට්ඨාපනීයභාවො තතියො, ගරහං නප්පටිච්ඡාදෙති, තත්ථ හි පාපං කරොන්තො ලජ්ජතීති ගරහාය අප්පටිච්ඡාදනභාවො චතුත්ථො, අබ්භොකාසාවාසො විය කායං න සන්ථම්භෙතීති කායස්ස අසන්ථම්භනභාවො පඤ්චමො. පරිග්ගහකරණාභාවො ඡට්ඨො, ගෙහාලයපටික්ඛෙපො සත්තමො, බහුසාධාරණගෙහෙ විය “පටිජග්ගිස්සාමි නං, නික්ඛමථා”ති නීහරණාභාවො අට්ඨමො, වසන්තස්ස සප්පීතිකභාවො නවමො, රුක්ඛමූලසෙනාසනස්ස ගතගතට්ඨානෙ සුලභතාය අනපෙක්ඛභාවො දසමොති, ඉමෙ දස ගුණෙ දිස්වා රුක්ඛමූලං උපාගතොස්මීති වදති.
එහි මේ දසගුණයෝය. අල්ප වශයෙන් ආරම්භ කළ හැකි බව එක් ගුණයෙක. එහි වනාහි එළඹීම් මාත්‍රයක්ම වෙයි. පිළිදැගුම් කිරිමෙක් නැත. ඒ දෙවැන්නයි. එය වනාහි මනාව මට වූයේ ද මට නොවූයේ ද පරිභෝගයට පහසු වේමය. නො නැගිටිය යුතු බව තුන්වන ගුණයයි. ගර්හාව ප්‍රතිච්ඡාදනය (වැඩීම) නො කෙරේ. එහි වනාහි පවක් කරනුයේ ලජ්ජා වේ යැයි ගර්හාව නො සඟවන බව සතරවැන්නයි. අභ්‍යවකාශය මෙන් කය සන්ථම්භය දැඩි බව නොවෙයි. කය සන්ථම්භනය නොවීම පස්වැන්නයි. අයිති කරගැනීමක් නොමැතිවීම සයවැන්නයි. ගෙය පිළිබඳ ඇල්ම ප්රතික්ෂේපය සත්වැන්නයි. බොහෝදෙනාට සාධාරණ වූ ගෙයක මෙන් එය පිළිදැගුම් කරමි නික්මෙව’යි බැහැර කිරීමක් නැති බව අටවැන්නයි. වසන්නා හට ප්‍රීතියකි. ඒ බව නවවැන්නයි. රුක්මුල් සෙනසුන ගිය ගිය තැන සුලභ බැවින් අපේක්ෂා රහිත බව දසවැන්නයි යනුයි. මේ දසගුණයන් දැක රුක්මුලට ගියෙමි’යි කියයි.
ඉමානි එත්තකානි කාරණානි සල්ලක්ඛෙත්වා මහාසත්තො පුනදිවසෙ භික්ඛාය ගාමං පාවිසි. අථස්ස සම්පත්තගාමෙ මනුස්සා මහන්තෙන උස්සාහෙන භික්ඛං අදංසු. සො භත්තකිච්චං නිට්ඨාපෙත්වා අස්සමං ආගම්ම නිසීදිත්වා චින්තෙසි “නාහං ‘ආහාරං න ලභාමී’ති පබ්බජිතො සිනිද්ධාහාරො නාමෙස මානමදපුරිසමදෙ වඩ්ඪෙති. ආහාරමූලකස්ස දුක්ඛස්ස අන්තො නත්ථි යංනූනාහං වාපිතං රොපිතං ධඤ්ඤනිබ්බත්තකං ආහාරං පජහිත්වා පවත්තඵලභොජනො භවෙය්ය”න්ති. සො තතො පට්ඨාය තථා කත්වා ඝටෙන්තො වායමන්තො සත්තාහබ්භන්තරෙයෙව අට්ඨ සමාපත්තියො පඤ්ච ච අභිඤ්ඤායො නිබ්බත්තෙසි. තෙන වුත්තං –
මහාසත්ත්වයන් වහන්සේ මෙතෙක් මේ කරුණු සලකා දෙවන දින පිඬු පිණිස වැඩියහ. ඉක්බිති උන්වහන්සේ පැමිණි ගමෙහි මිනිස්සු මහත් උත්සාහයෙන් දන් දුන්න. උන්වහන්සේ බත්කිස නිමවා අසපුවට අවුත් හිඳ මෙසේ සිතූහ. ‘මම ආහාර නො ලබමියි පැවිදි නො වීමි. මේ සිනිඳු ආහාරය නම් මානමදය හා පුරිසමදය වඩයි, ආහාරමූලික වූ දුකෙහි කෙළවරක් නැත. මම වවන ලද රෝපණය කරන ලද ධාන්‍යයෙන් නිපන් ආහාර අතහැර පවත්තඵලභෝජී වන්නෙම් නම් ඉතා යෙහෙක.’ උන්වහන්සේ එතැන් පටන් එසේ කොට ගැටෙමින් (දැඩිව) උත්සාහ කරන සේක් සත්දිනක් ඇතුළතදීම අෂ්ට සමාපත්ති පංච අභිඥාවන් ද ඉපිදවූහ. එහෙයින් කියන ලදී.
“වාපිතං රොපිතං ධඤ්ඤං, පජහිං නිරවසෙසතො; අනෙකගුණසම්පන්නං, පවත්තඵලමාදියිං.
වවන ලද රෝපණය කරන ලද ධාන්‍ය සම්පූර්ණයෙන්ම අත්හළෙමි. නොයෙක් ගුණයෙන් යුත් (තුරුලියෙන්) වැටුණු ඵල ආහාර පිණිස ගනියි.
“තත්ථප්පධානං පදහිං, නිසජ්ජට්ඨානචඞ්කමෙ; අබ්භන්තරම්හි සත්තාහෙ, අභිඤ්ඤාබල පාපුණි”න්ති.
එහිදී හිඳීමෙන් සිටීමෙන් හා සක්මනින් වීර්යය වැඩීමි. සත්දින ඇතුළත දී අභිඥා බලයට පැමිණියෙමි යනුයි.
එවං මෙ සිද්ධිප්පත්තස්ස, වසීභූතස්ස සාසනෙ; දීපඞ්කරො නාම ජිනො, උප්පජ්ජි ලොකනායකො.
මෙසේ මා අෂ්ට සමාපත්ති අභිඥාබල සිද්ධියට පැමිණ සස්නෙහි වසී වූ කල්හි ලෝකනායක වූ දීපංකර නම් වූ බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි උපන් සේක.
උප්පජ්ජන්තෙ ච ජායන්තෙ, බුජ්ඣන්තෙ ධම්මදෙසනෙ; චතුරො නිමිත්තෙ නාද්දසං, ඣානරතිසමප්පිතො.
ධ්‍යාන රතියෙහි යෙදී සිටි මම (ඒ දීපංකර බුදුන්) පිළිසිඳ ගනිද්දීත් උපදිද්දීත් බුදු වනවිටත් ධර්ම දේශනා කරන විටත් සතර නිමිති නො දිටිමි.
පච්චන්තදෙසවිසයෙ, නිමන්තෙත්වා තථාගතං; තස්ස ආගමනං මග්ගං, සොධෙන්ති තුට්ඨමානසා.
ප්‍රත්‍යන්ත ප්‍රදේශයක (වැඩියෝ) සතුටු සිත් ඇත්තාහු තථාගතයන් වහන්සේට ආරාධනා කොට උන්වහන්සේ වැඩීම පිණිස මාර්ගය පිරිසිදු කරති.
අහං තෙන සමයෙන, නික්ඛමිත්වා සකස්සමා; ධුනන්තො වාකචීරානි, ගච්ඡාමි අම්බරෙ තදා.
එකල්හි මම සිය අසපුවෙන් නික්ම වැහැරි සිවුරු කම්පනය කරමින් අහසින් යමි.
වෙදජාතං ජනං දිස්වා, තුට්ඨහට්ඨං පමොදිතං; ඔරොහිත්වාන ගගනා, මනුස්සෙ පුච්ඡි තාවදෙ.
එකෙණෙහි තුටු පහටු වූ ප්රමෝදයට පත් හටගත් ප්‍රීති ඇති ජනයා දැක අහසින් බැස මිනිසුන් විචාළෙමි.
“තුට්ඨහට්ඨො පමුදිතො, වෙදජාතො මහාජනො; කස්ස සොධීයති මග්ගො, අඤ්ජසං වටුමායනං”.
මහජනයා තුටු පහටු වූයේය. ප්රමෝදයට පත්විය. හටගත් ප්‍රීති ඇත්තේය. කවරෙකු සඳහා වටුමායන නම් වූ මාර්ගය සරසනු ලැබේ ද,
තෙ මෙ පුට්ඨා වියාකංසු “බුද්ධො ලොකෙ අනුත්තරො; දීපඞ්කරො නාම ජිනො, උප්පජ්ජි ලොකනායකො; තස්ස සොධීයති මග්ගො, අඤ්ජසං වටුමායනං”.
මා විසින් විචාරන ලද ඔහු චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් හෙයින් බුද්ධ නම් වූ අනුත්තර වූ ලොවට නායක වූ දීපංකර නම් වූ බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි උපන් සේකැයි ප්‍රකාශ කළහ.
“බුද්ධො”ති වචනං සුත්වාන, පීති උප්පජ්ජි තාවදෙ; “බුද්ධො බුද්ධො”ති කථයන්තො, සොමනස්සං පවෙදයිං.
අංජය, වටුමායන නම් වූ මාර්ගය උන්වහන්සේට පිරිසිදු කරනු ලැබේ. එකෙණෙහි බුද්ධ යන නම අසා ප්‍රීතිය උපන්නේය. බුද්ධෝ බුද්ධෝ යි කියමින් සොම්නස ප්‍රකාශ කෙළෙමි.
තත්ථ ඨත්වා විචින්තෙසිං, තුට්ඨො සංවිග්ගමානසො; “ඉධ බීජානි රොපිස්සං, ඛණො වෙ මා උපච්චගා”.
සතුටටත් සංවේගයටත් පත් වූ මම එහි සිට (මෙසේ) සිතීමි. මෙහි බිජු රෝපණය කරමි. ඒකාන්තයෙන් ක්ෂණය (අවස්ථාව) නො ඉක්මවිය යුතුයි.
යදි බුද්ධස්ස සොධෙථ, එකොකාසං දදාථ මෙ; අහම්පි සොධයිස්සාමි, අඤ්ජසං වටුමායනං.
ඉදින් බුදුරජාණන් වහන්සේට (මාර්ගය) පිරිසිදු කරම් නම් මටත් එක් පෙදෙසක් දෙව්. මම ද මාර්ගය පිරිසිදු කරන්නෙමි.
අදංසු තෙ මමොකාසං, සොධෙතුං අඤ්ජසං තදා; “බුද්ධො බුද්ධො”ති චින්තෙන්තො, මග්ගං සොධෙමහං තදා.
එකල්හි ඔව්හු මටත් මාර්ගය පිරිසිදු කරන්නට අවකාශයක් දුන්හ. මම එකල්හි බුද්ධෝ, බුද්ධෝ යැයි සිතමින් මාර්ගය පිරිසිදු කරමි.
අනිට්ඨිතෙ පමොකාසෙ, දීපඞ්කරො මහාමුනි; චතූහි සතසහස්සෙහි, ඡළභිඤ්ඤෙහි තාදිහි; ඛීණාසවෙහි විමලෙහි, පටිපජ්ජි අඤ්ජසං ජිනො.
මට ලැබුණු ප්‍රදේශය (පිරිසිදු කර) නොනිමියදී ජින නම් වූ දීපංකර මහා මුනීන්ද්රයන් වහන්සේ ෂට් අභිඥාවන්ට පැමිණි තාදී ගුණයෙන් (අටලෝ දහම්හි නොසැලෙන ගුණයෙන්) යුත් නිර්මල වූ සාරලක්ෂයක් රහතුන් වහන්සේලා සමග මාර්ගයට පිළිපන් සේක.
පච්චුග්ගමනා වත්තන්ති, වජ්ජන්ති භෙරියො බහූ; ආමොදිතා නරමරූ, සාධුකාරං පවත්තයුං.
පෙර ගමන් පැවැත් වේ. බොහෝ බෙර වාදනය වෙයි. සතුටට පත් දිව්‍ය මනුෂ්‍යයන් සාධුකාර පැවැත්වූහ.
දෙවා මනුස්සෙ පස්සන්ති, මනුස්සාපි ච දෙවතා; උභොපි තෙ පඤ්ජලිකා, අනුයන්ති තථාගතං.
දෙවියෝ මිනිසුන් දකිත්. මනුෂ්‍යයෝ ද දෙවියන් (දකිත්) ඒ දෙපාර්ශ්වයම ඇඳිලි බැඳගෙන බුදුන් අනුව යති.
දෙවා දිබ්බෙහි තුරියෙහි, මනුස්සා මානුසෙහි ච; උභොපි තෙ වජ්ජයන්තා, අනුයන්ති තථාගතං.
අහසෙහි වූ දෙවියෝ දිසානුදිසාවන්හි දිව්‍යමය වූ මදාරා මල් පියුම් හා පරසතුමල් විසුරුවති.
දිබ්බං මන්දාරවං පුප්ඵං, පදුමං පාරිඡත්තකං; දිසොදිසං ඔකිරන්ති, ආකාසනභගතා මරූ.
අහසෙහි වූ දෙවියෝ හුදෙක් දිව්‍යමය වූ සඳුන්සුනු ද උතුම් සුවඳ දිසානුදිසාවන්හි විසුරුවති.
දිබ්බං චන්දනචුණ්ණඤ්ච, වරගන්ධඤ්ච කෙවලං; දිසොදිසං ඔකිරන්ති, ආකාසනභගතා මරූ.
චම්පකං සලලං නීපං, නාගපුන්නාගකෙතකං; දිසොදිසං උක්ඛිපන්ති, භූමිතලගතා නරා.
පොළෝතලයෙහි වූ මිනිස්සු සපු හොර මිදෙල්ල නා දොඹ කේතක (දුනුකේ) යන මල් දිසානුදිසාවන්හි උඩට විසුරුවති.
කෙසෙ මුඤ්චිත්වාහං තත්ථ, වාකචීරඤ්ච චම්මකං; කලලෙ පත්ථරිත්වාන, අවකුජ්ජො නිපජ්ජහං.
එහිදී මම කෙස් මුදා වැහැරී සිවුරත් අඳුන් දිවිසමත් මඩෙහි අතුරා යටිකුරුව වැද හොත්තෙමි.
අක්කමිත්වාන මං බුද්ධො, සහ සිස්සෙහි ගච්ඡතු; මා නං කලලෙ අක්කමිත්ථ, හිතාය මෙ භවිස්සති.
බුදුරජාණන් වහන්සේ ශිෂ්‍යයන් (රහතන් වහන්සේලා) සමග මා ඇක්මගෙන (පාගාගෙන) වඩිනා සේක්වා. නො මඩ ඇක්ව වඩිනා සේක්නම් එය මට හිත පිණිස වන්නේය.
පථවියං නිපන්නස්ස, එවං මෙ ආසි චෙතසො; “ඉච්ඡමානො අහං අජ්ජ, කිලෙසෙ ඣාපයෙ මම.
පොළොවෙහි වැද හොත්ත වූ මට මෙබඳු සිතක් ඇතිවිය. ඉදින් මම කැමැත්තෙම් නම් අද කෙලෙස් නසන්නෙමි.
“කිං මෙ අඤ්ඤාතවෙසෙන, ධම්මං සච්ඡිකතෙනිධ; සබ්බඤ්ඤුතං පාපුණිත්වා, බුද්ධො හෙස්සං සදෙවකෙ.
මෙහිදී අප්‍රකට වේෂයකින් ධර්මය අවබෝධ කරගැනීමෙන් මට කවර ප්‍රයෝජනයක් වේ ද, බුදුබවට පැමිණ දෙවියන් සහිත ලෝකයෙහි බුදු වන්නෙමි.
“කිං මෙ එකෙන තිණ්ණෙන, පුරිසෙන ථාමදස්සිනා; සබ්බඤ්ඤුතං පාපුණිත්වා, සන්තාරෙස්සං සදෙවකං.
ථාමදර්ශී වූ (උත්සාහවන්ත වූ) මා විසින් හුදකලාව (සසරින්) එතෙරවීමෙන් කවර ප්‍රයෝජනයක් ද, බුදුබවට පැමිණ දෙවියන් සහිත ලෝකයා (සසරින්) එතෙර කරන්නෙමි.
“ඉමිනා මෙ අධිකාරෙන, කතෙන පුරිසුත්තමෙ; සබ්බඤ්ඤුතං පාපුණිත්වා, තාරෙමි ජනතං බහුං.
පුරුෂෝත්තම වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි කරන ලද්දා වූ මාගේ මේ පිනෙන් බුදුබවට පැමිණ බොහෝ ජනයා එතෙර කරමි.
“සංසාරසොතං ඡින්දිත්වා, විද්ධංසෙත්වා තයො භවෙ; ධම්මනාවං සමාරුය්හ, සන්තාරෙස්සං සදෙවකං”.
දහම් නැවට නැග සංසාර ඕඝය සිඳ ත්‍රිවිධ භවයන් නසා දෙවියන් සහිත ලෝකයා එතෙර කරන්නෙමි.
දීපඞ්කරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො; උස්සීසකෙ මං ඨත්වාන, ඉදං වචනමබ්ර්වි.
පූජාවෙන් පිළිගන්නා වූ දීපංකර බුදුරජාණන් වහන්සේ මාගේ හිස පැත්තෙහි සිට මේ වචනය වදාළේ ය.
“පස්සථ ඉමං තාපසං, ජටිලං උග්ගතාපනං; අපරිමෙය්යෙ ඉතො කප්පෙ, බුද්ධො ලොකෙ භවිස්සති.
උග්‍ර තපස් ඇති මේ තවුසා බලව්. මෙතෙමේ මෙයින් අප්‍රමාණ කල්ප ගණනකින් (සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින්) මත්තෙහි ලොවෙහි බුදු වන්නේ ය.
“අහු කපිලව්හයා රම්මා, නික්ඛමිත්වා තථාගතො; පධානං පදහිත්වාන, කත්වා දුක්කරකාරිකං.
තථාගතයන් වහන්සේ රම්‍ය වූ කිඹුල්වත් නුවරින් නික්ම උත්සාහ වඩා දුෂ්කරක්‍රියා කොට,
“අජපාලරුක්ඛමූලෙ, නිසීදිත්වා තථාගතො; තත්ථ පායාසං පග්ගය්හ, නෙරඤ්ජරමුපෙහිති.
තථාගතයන් වහන්සේ අජපල් රුක්මුල වැඩහිඳ එහිදී කිරිපිඬු නේරංජරා ගඟ වෙත පැමිණෙන සේක.
“නෙරඤ්ජරාය තීරම්හි, පායාසං අද සො ජිනො; පටියත්තවරමග්ගෙන, බොධිමූලමුපෙහිති.
ඒ බුදුරජාණන් වහන්සේ නේරංජරා නදී තීරයේ දී කිරිපිඬු වළඳා පිළියෙල කරන ලද උතුම් මාර්ගයෙන් බෝධි මූලයට පැමිණෙන සේක.
“තතො පදක්ඛිණං කත්වා, බොධිමණ්ඩං අනුත්තරො; අස්සත්ථරුක්ඛමූලම්හි, බුජ්ඣිස්සති මහායසො.
ඉක්බිති අනුත්තර වූ මහත් යසස් ඇති උන්වහන්සේ බෝමැඩ පැදකුණු කොට ඇසතු රුක්මුලදී බුදුවන සේක.
“ඉමස්ස ජනිකා මාතා, මායා නාම භවිස්සති; පිතා සුද්ධොදනො නාම, අයං හෙස්සති ගොතමො.
උන්වහන්සේගේ මව මායා නම් වන්නීය. පියා සුද්ධෝදන නම් වන්නේ ය. මුන්වහන්සේ ගෞතම නම් වන්නේ ය.
“අනාසවා වීතරාගා, සන්තචිත්තා සමාහිතා; කොලිතො උපතිස්සො ච, අග්ගා හෙස්සන්ති සාවකා; ආනන්දො නාමුපට්ඨාකො, උපට්ඨිස්සතිමං ජිනං.
ආශ්‍රව රහිත වීතරාගී වූ ශාන්ත සිත් ඇති එකඟ වූ සිත් ඇති කෝලිත උපතිස්ස යන දෙදෙනා අග්‍ර ශ්‍රාවකයෝ වන්නාහ. ආනන්ද නම් උපස්ථායකයන් වහන්සේ ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
“ඛෙමා උප්පලවණ්ණා ච, අග්ගා හෙස්සන්ති සාවිකා; අනාසවා වීතරාගා, සන්තචිත්තා සමාහිතා.
ආශ්‍රව රහිත වූ වීතරාගී වූ ශාන්ත සිත් ඇති එකඟ වූ සිත් බේමා උප්පලවණ්ණා යන දෙදෙන අග්‍රශ්‍රාවිකාවෝ වන්නාහ.
“බොධි තස්ස භගවතො, අස්සත්ථොති පවුච්චති; චිත්තො ච හත්ථාළවකො, අග්ගා හෙස්සන්තුපට්ඨකා; උත්තරා නන්දමාතා ච, අග්ගා හෙස්සන්තුපට්ඨිකා”.
ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය ඇසතු නම් වන්නේ ය. [missing trans]
ඉදං සුත්වාන වචනං, අසමස්ස මහෙසිනො; ආමොදිතා නරමරූ, බුද්ධබීජං කිර අයං.
දස දහසක් සක්වළ දෙවියන් සහිත මනුෂ්‍යයෝ (අසම වූ දීපංකර) බුදුරජාණන් වහන්සේ මේ වචන අසා මෙතෙම බුද්ධාංකුරයෙකැයි සතුටු වූවෝ අසුරුසන් පවත්වති. අපොළති. සිනහ වෙති. ඇඳිලි බැඳ නමස්කාර කරති.
උක්කුට්ඨිසද්දා වත්තන්ති, අප්ඵොටෙන්ති හසන්ති ච; කතඤ්ජලී නමස්සන්ති, දසසහස්සී සදෙවකා.
යදිමස්ස ලොකනාථස්ස, විරජ්ඣිස්සාම සාසනං; අනාගතම්හි අද්ධානෙ, හෙස්සාම සම්මුඛා ඉමං.
ඉදින් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය වරදවා ගත්තමෝ නම් අනාගත කාලයේද මුන්වහන්සේ හමුවෙමු.
යථා මනුස්සා නදිං තරන්තා, පටිතිත්ථං විරජ්ඣිය; හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන, උත්තරන්ති මහානදිං.
නදියකින් එතර වන්නා වූ මනුෂ්‍යයෝ යම් සේ ඉහළින් වූ තොටුපළ වැරදී පහළ තොටුපළ ගෙන මහා නදිය තරණය කරත් ද,
එවමෙව මයං සබ්බෙ, යදි මුඤ්චාමිමං ජිනං; අනාගතම්හි අද්ධානෙ, හෙස්සාම සම්මුඛා ඉමං.
එපරිදි අපි සියලු දෙනා ද මේ බුදුන් අත හැරුණොත් අනාගත කාලයේ දී මුන්වහන්සේ හමුවෙමු.
දීපඞ්කරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො; මම කම්මං පකිත්තෙත්වා, දක්ඛිණං පාදමුද්ධරි.
පූජාවන් පිළිගන්නා වූ දීපංකර බුදුරජාණන් වහන්සේ මාගේ (පුණ්‍ය) කර්මය ප්‍රකාශ කොට ප්රදක්ෂිණා කළ සේක.
යෙ තත්ථාසුං ජිනපුත්තා, සබ්බෙ පදක්ඛිණමකංසු මං; නරා නාගා ච ගන්ධබ්බා, අභිවාදෙත්වාන පක්කමුං.
එහි යම් බුද්ධපුත්‍රයෝ වූවාහු නම් (ඒ) සියලු දෙනාම මා පැදකුණු කළහ. මනුෂ්‍යයෝ ද නාගයෝ ද ගාන්ධර්වයෝ ද වැඳ නික්ම ගියාහු ය.
දස්සනං මෙ අතික්කන්තෙ, සසඞ්ඝෙ ලොකනායකෙ; හට්ඨතුට්ඨෙන චිත්තෙන, ආසනා වුට්ඨහිං තදා.
එකල්හි සංඝයා සහිත බුදුරජාණන් වහන්සේ මාගේ දර්ශනය ඉක්මවා වැඩි කල්හි සතුටු වූ මම සතුටු සිතින් අසුනෙන් නැගිටියෙමි.
සුඛෙන සුඛිතො හොමි, පාමොජ්ජෙන පමොදිතො; පීතියා ච අභිස්සන්නො, පල්ලඞ්කං ආභුජිං තදා.
එකල්හි (මම) සැපයෙන් සැපයට පත්වූයේ වෙමි. ප්‍රමෝදයෙන් ප්රමෝදයට පත්වූයේ, ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වූයේ පළඟක් බැඳගත්තෙමි.
පල්ලඞ්කෙන නිසීදිත්වා, එවං චින්තෙසහං තදා; “වසීභූතො අහං ඣානෙ, අභිඤ්ඤාපාරමිං ගතො.
එකල්හි මම පළඟින් හිඳ මෙසේ සිතීමි. මම ධ්‍යානයෙහි වසී වීමි. අභිඥාවන්ගේ පරතෙරට ගියේ වෙමි.
“දසසහස්සිලොකම්හි , ඉසයො නත්ථි මෙ සමා; අසමො ඉද්ධිධම්මෙසු, අලභිං ඊදිසං සුඛං”.
සහශ්‍රී ලෝකධාතුයෙහි මා හා සමාන සෘෂිවරු නැත්තාහ. සෘද්ධි ධර්මයන්ගේ අසම වූයෙම් මෙබඳු සුවයක් ලැබීමි.
පල්ලඞ්කාභුජනෙ මය්හං, දසසහස්සාධිවාසිනො; මහානාදං පවත්තෙසුං, ධුවං බුද්ධො භවිස්සසි.
මා පළඟ බඳිද්දී දසදහසක් සක්වල වැසියෝ ඒකාන්තයෙන් බුදුවන සේකැයි මහානාද පැවැත්වූහ.
යා පුබ්බෙ බොධිසත්තානං, පල්ලඞ්කවරමාභුජෙ; නිමිත්තානි පදිස්සන්ති, තානි අජ්ජ පදිස්සරෙ.
පෙර බෝසත්වරුන් පළඟ බඳිද්දී යම් නිමිති දක්නට ලැබේ නම් ඒ නිමිති අද දක්නට ලැබේ.
සීතං බ්යපගතං හොති, උණ්හඤ්ච උපසම්මති; තානි අජ්ජ පදිස්සන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
සීතල පහව ගියේ වෙයි. උෂ්ණය සංසිඳෙයි. ඒ නිමිති අද දක්නට ලැබේ. ඒකාන්තයෙන් බුදු වන්නේ ය.
දසසහස්සී ලොකධාතූ, නිස්සද්දා හොන්ති නිරාකුලා; තානි අජ්ජ පදිස්සන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
දස දහසක් ලෝකධාතුව නිශ්ශබ්ද වෙයි. නිරවුල් වෙයි. ඒ නිමිති අද දක්නට ලැබේ. ඒකාන්තයෙන් බුදුවන්නේ ය.
මහාවාතා න වායන්ති, න සන්දන්ති සවන්තියො; තානි අජ්ජ පදිස්සන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
මහාවාත නො හමයි. ගංගාවෝ ගලා නො බසිත්. ඒ නිමිති අද දක්නට ලැබේ. ඒකාන්තයෙන් බුදුවන්නේ ය.
ථලජා දකජා පුප්ඵා, සබ්බෙ පුප්ඵන්ති තාවදෙ; තෙපජ්ජ පුප්ඵිතා සබ්බෙ, ධුවං බුද්ධො භවිස්සසි.
එකෙණෙහි ගොඩබිම ද ජලයෙහි ද (පිපෙන) සියලු පුෂ්පයෝ පිපෙත්. සියල්ලෝ ද අද පිපුණාහ. ඒකාන්තයෙන් බුදු වන්නේ ය.
ලතා වා යදි වා රුක්ඛා, ඵලභාරා හොන්ති තාවදෙ; තෙපජ්ජ ඵලිතා සබ්බෙ, ධුවං බුද්ධො භවිස්සසි.
එකෙණෙහි ලතාවෝ ද වෘක්ෂයෝ ද පලබර වෙති. ඒ සියල්ලෝ ද අද පල ගත්තේ ය. ඒකාන්තයෙන් බුදුවන්නේ ය.
ආකාසට්ඨා ච භූමට්ඨා, රතනා ජොතන්ති තාවදෙ; තෙපජ්ජ රතනා ජොතන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
එකෙණෙහි අහසෙහි වූත් පොළොවෙහි වූත් රත්නයෝ බබළත්. ඒ රත්නයෝ අද බබළත්. ඒකාන්තයෙන් බුදුවන්නේ ය.
මානුස්සකා ච දිබ්බා ච, තුරියා වජ්ජන්ති තාවදෙ; තෙපජ්ජුභො අභිරවන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
ඒ කෙණෙහි මනුෂ්‍යයන්ගේත් දෙවියන්ගේත් තූර්යයෝ වාදනය වෙත්. අද ඒ දෙවැදෑරුම් තූර්යයෝ ද වෙසෙසින් රැව් දෙත්. ඒකාන්තයෙන් බුදු වන්නේ ය.
විචිත්තපුප්ඵා ගගනා, අභිවස්සන්ති තාවදෙ; තෙපි අජ්ජ පවස්සන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
එකෙණෙහි අහසින් විසිතුරු මල් වැසි වසී. අද ඒවා ද වසී. ඒකාන්තයෙන් බුදුවන්නේ ය.
මහාසමුද්දො ආභුජති, දසසහස්සී පකම්පති; තෙපජ්ජුභො අභිරවන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
මහා සමුදුර උදම් වෙයි. දසදහසක් ලෝ කම්පාවෙයි. ඒ දෙදෙනාම අද වෙසෙසින් රැව් දෙත්. ඒකාන්තයෙන් බුදුවන්නේ ය.
නිරයෙපි දසසහස්සෙ, අග්ගී නිබ්බන්ති තාවදෙ; තෙපජ්ජ නිබ්බුතා අග්ගී, ධුවං බුද්ධො භවිස්සසි.
එකෙණෙහි දසදහසක් නිරයෙහි ගිනි නිවෙයි. අද ඒ ගිනි ද නිවුණේ ය. ඒකාන්තයෙන් බුදු වන්නේ ය.
විමලො හොති සූරියො, සබ්බා දිස්සන්ති තාරකා; තෙපි අජ්ජ පදිස්සන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
සූර්යයා නිර්මල වෙයි. සියලු තරු දිස්වෙයි. අදත් ඒවා දක්නට ලැබේ. ඒකාන්තයෙන් බුදුවන්නේ ය.
අනොවට්ඨෙන උදකං, මහියා උබ්භිජ්ජි තාවදෙ; තම්පජ්ජුබ්භිජ්ජතෙ මහියා, ධුවං බුද්ධො භවිස්සසි.
එකෙණෙහි පොළොවෙන් වැසි නැතිව ජලය මතුවිය. අදත් පොළොවෙන් ඒ ජලය මතුවෙයි. ඒකාන්තයෙන් බුදුවන්නේ ය.
තාරාගණා විරොචන්ති, නක්ඛත්තා ගගනමණ්ඩලෙ; විසාඛා චන්දිමායුත්තා, ධුවං බුද්ධො භවිස්සසි.
අහස් තෙලෙහි නැකත් තරු සමූහයෝ බබළත්, සඳ විශාඛා නක්ෂත්රයෙහි එක්විය. ඒකාන්තයෙන් බුදු වන්නේ ය.
බිලාසයා දරීසයා, නික්ඛමන්ති සකාසයා; තෙපජ්ජ ආසයා ඡුද්ධා, ධුවං බුද්ධො භවිස්සසි.
[missing trans]
න හොති අරති සත්තානං, සන්තුට්ඨා හොන්ති තාවදෙ; තෙපජ්ජ සබ්බෙ සන්තුට්ඨා, ධුවං බුද්ධො භවිස්සසි.
එකෙණෙහි සත්ත්වයන්ට අරතියක් ඇති නොවේ. සතුටු වූවෝ වෙත්. අද ඒ සියල්ලෝම සතුටු වූවාහු ය. ඒකාන්තයෙන් බුදු වන්නේ ය.
රොගා තදුපසම්මන්ති, ජිඝච්ඡා ච විනස්සති; තානිපජ්ජ පදිස්සන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
එකල්හි රෝග සංසිඳෙයි. බඩගින්න වැනසෙයි. ඒ ලකුණු ද අද දක්නට ලැබේ. ඒකාන්තයෙන් බුදු වන්නේ ය.
රොගො තදා තනු හොති, දොසො මොහො විනස්සති; තෙපජ්ජ විගතා සබ්බෙ, ධුවං බුද්ධො භවිස්සසි.
එකල්හි රෝග තුනී වෙයි. දෝස, මෝහ වැනසෙයි. අද ඒ සියල්ල පහව ගියේය. ඒකාන්තයෙන් බුදුවන්නේ ය.
භයං තදා න භවති, අජ්ජපෙතං පදිස්සති; තෙන ලිඞ්ගෙන ජානාම, ධුවං බුද්ධො භවිස්සසි.
එකල් බිය ඇති නොවෙයි. අදත් එය දක්නට ලැබෙයි. ඒ සලකුණෙන් දැනගතිමු. ඒකාන්තයෙන් බුදුවන්නේ ය.
රජො නුද්ධංසති උද්ධං, අජ්ජපෙතං පදිස්සති; තෙන ලිඞ්ගෙන ජානාම, ධුවං බුද්ධො භවිස්සසි.
දූලි උඩට මතු නොවෙයි. අදත් එය දක්නට ලැබේ. ඒ සලකුණෙන් දැන ගනිමු. ඒකාන්තයෙන් බුදුවන්නේ ය.
අනිට්ඨගන්ධො පක්කමති, දිබ්බගන්ධො පවායති; සොපජ්ජ වායති ගන්ධො, ධුවං බුද්ධො භවිස්සසි.
අනිටුගඳ පහව යයි. දිව්‍යමය සුවඳ හමයි. අදත් ඒ සුවඳ හමයි. ඒකාන්තයෙන් බුදුවන්නේ ය.
සබ්බෙ දෙවා පදිස්සන්ති, ඨපයිත්වා අරූපිනො; තෙපජ්ජ සබ්බෙ දිස්සන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
අරූපීන් හැර සියලු දෙවියෝ දක්නට ලැබෙත්. අදත් ඒ දෙවියෝ දක්නට ලැබෙත්. ඒකාන්තයෙන් බුදු වන්නේ ය.
යාවතා නිරයා නාම, සබ්බෙ දිස්සන්ති තාවදෙ; තෙපජ්ජ සබ්බෙ දිස්සන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
එකෙණෙහි යම්තාක් නිරය වේ ද, ඒ සියල්ල දක්නට ලැබෙයි. අදත් ඒ සියල්ල දක්නට ලැබෙයි. ඒකාන්තයෙන් බුදුවන්නේ ය.
කුට්ටා කවාටා සෙලා ච, න හොන්තාවරණා තදා; අකාසභූතා තෙපජ්ජ, ධුවං බුද්ධො භවිස්සසි.
එකල්හි බිත්ති කවුළු සෙල් ආවරණ නොවෙයි. අද ඒවා අහස බවට පත්විය. ඒකාන්තයෙන් බුදු වන්නේය.
චුතී ච උපපත්ති ච, ඛණෙ තස්මිං න විජ්ජති; තානිපජ්ජ පදිස්සන්ති, ධුවං බුද්ධො භවිස්සසි.
එකෙණෙහි චුති උත්පත්ති දක්නට නො ලැබේ. ඒවා අදත් දක්නට ලැබේ. ඒකාන්තයෙන් බුදු වන්නේ ය.
දළ්හං පග්ගණ්හ වීරියං, මා නිවත්ත අභික්කම; මයම්පෙතං විජානාම, ධුවං බුද්ධො භවිස්සසි.
නො නවතින්න, දැඩිව වීර්යය ගෙන ඉදිරියට යන්න. අපි ද මෙය දනිමු. ඒකාන්තයෙන් බුදුවන්නේ ය.
බුද්ධස්ස වචනං සුත්වා, දසසහස්සීනචූභයං; තුට්ඨහට්ඨො පමොදිතො, එවං චින්තෙසහං තදා.
එකල්හි මම බුදුන්ගේත් දසදහසක් ලෝවැසියන්ගේත් යන දෙපාර්ශ්වයේම වචනය අසා තුටු පහටු වූයෙම් ප්රමෝදයට පත්වූයෙම් මෙසේ සිතීමි.
අද්වෙජ්ඣවචනා බුද්ධා, අමොඝවචනා ජිනා; විතථං නත්ථි බුද්ධානං, ධුවං බුද්ධො භවාමහං.
ජින නම් වූ බුදුවරු වචන දෙකක් නැත්තෝය. හිස්වචන නැත්තෝය. බුදුවරුන්ගේ අනිස්ථිර වචන නැත. මම ඒකාන්තයෙන් බුදු වෙමි.
යථා ඛිත්තං නභෙ ලෙඩ්ඩු, ධුවං පතති භූමියං; තථෙව බුද්ධසෙට්ඨානං, වචනං ධුවසස්සතං.
යම්සේ අහසට දමන ලද කැටක් ඒකාන්තයෙන් බිම වැටේ ද එසේම ශ්‍රේෂ්ඨ වූ බුදුවරුන්ගේ වචනය ස්ථිරය. ශාස්වතය.
යථාපි සබ්බසත්තානං, මරණං ධුවසස්සතං; තථෙව බුද්ධසෙට්ඨානං, වචනං ධුවසස්සතං.
යම් සේ සියලු සත්ත්වයන්ට මරණය ස්ථිර ද, ශාස්වත ද, එසේම ශ්‍රේෂ්ඨ වූ බුදුවරුන්ගේ වචනය ස්ථිරය. ශාස්වතය.
යථා රත්තික්ඛයෙ පත්තෙ, සූරියුග්ගමනං ධුවං; තථෙව බුද්ධසෙට්ඨානං, වචනං ධුවසස්සතං.
යම්සේ රාත්‍රිය ක්ෂයව ගිය කල්හි සූර්යයාගේ උදාව ස්ථිර ද, එසේම ශ්‍රේෂ්ඨ වූ බුදුවරුන්ගේ වචනය ස්ථිරය. ශාස්වතය.
යථා නික්ඛන්තසයනස්ස, සීහස්ස නදනං ධුවං; තථෙව බුද්ධසෙට්ඨානං, වචනං ධුවසස්සතං.
යම්සේ සයනයෙන් නික්මුණු සිංහයාගේ නාද කිරිම ස්ථිර ද එසේම ශ්‍රේෂ්ඨ වූ බුදුවරුන්ගේ වචනය ස්ථිරය. ශාස්වතය.
යථා ආපන්නසත්තානං, භාරමොරොපනං ධුවං; තථෙව බුද්ධසෙට්ඨානං, වචනං ධුවසස්සතං.
[missing trans]
හන්ද බුද්ධකරෙ ධම්මෙ, විචිනාමි ඉතො චිතො; උද්ධං අධො දස දිසා, යාවතා ධම්මධාතුයා.
උඩ යට දස දිසා යන යම්තාක් ධර්මධාතු වේද එහි ඔබ මොබ ඒකාන්ත වශයෙන් බුද්ධාකාරක ධර්මයන් සොයමි.
විචිනන්තො තදාදක්ඛිං, පඨමං දානපාරමිං; පුබ්බකෙහි මහෙසීහි, අනුචිණ්ණං මහාපථං.
එකල්හි (එසේ) සොයන්නා වූ මම පූර්ව මහර්ෂීන් වහන්සේලා විසින් අනුගමනය කළ මහා මාර්ගය වූ ප්‍රථම දාන පාරමිතාව දුටුවෙමි.
ඉමං ත්වං පඨමං තාව, දළ්හං කත්වා සමාදිය; දානපාරමිතං ගච්ඡ, යදි බොධිං පත්තුමිච්ඡසි.
ඉදින් බුද්ධත්වය පැමිණීමට කැමැත්තෙහි නම් ඔබ පළමුවෙන් මේ දාන පාරමිතාව දැඩිකොට සමාදන්ව දාන පාරමිතාවට පැමිණෙන්න.
යථාපි කුම්භො සම්පුණ්ණො, යස්ස කස්සචි අධොකතො; වමතෙ වුදකං නිස්සෙසං, න තත්ථ පරිරක්ඛති.
යම්කිසිවෙකු විසින් යටිකුරු කරන ලද පිරුණු කළයක් යම්සේ ජලය ඉතිරි නොකොට පිට කෙරේ ද, එහි නොරකී ද, (ඉතිරි නොකරයි ද)
තථෙව යාචකෙ දිස්වා, හීනමුක්කට්ඨමජ්ඣිමෙ; දදාහි දානං නිස්සෙසං, කුම්භො විය අධොකතො.
එසේම හීන මධ්‍යම උත්කෘෂ්ට යාචකයන් දැක යටිකුරු කළ කළයක් සේ ඉතිරි නොකොට දන් දෙව.
න හෙතෙ එත්තකායෙව, බුද්ධධම්මා භවිස්සරෙ; අඤ්ඤෙපි විචිනිස්සාමි, යෙ ධම්මා බොධිපාචනා.
බුද්ධකාරක ධර්මයෝ මෙපමණක් නො වන්නාහ. බෝධි ඥානය මුහු කරවන්නා වූ යම් අනෙකුත් ධර්මයෝ වෙත් ද, ඒවා සොයන්නෙමි.
විචිනන්තො තදාදක්ඛිං, දුතියං සීලපාරමිං; පුබ්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.
එකල්හි (එසේ) පරීක්ෂා කරන්නා වූ මම පූර්ව මහාර්ෂීන් වහන්සේලා විසින් සේවනය කරන ලද, නිතර සේවනය කරන ලද දෙවන සීල පාරමිතාව දුටිමි.
ඉමං ත්වං දුතියං තාව, දළ්හං කත්වා සමාදිය; සීලපාරමිතං ගච්ඡ, යදි බොධිං පත්තුමිච්ඡසි.
ඉදින් ඔබ බුද්ධත්වයට පැමිණීමට කැමති වන්නෙහි නම් මේ දෙවන පාරමිතාව දැඩිකොට සමාදන්ව සීල පාරමිතාවට පැමිණෙන්න.
යථාපි චමරී වාලං, කිස්මිඤ්චි පටිලග්ගිතං; උපෙති මරණං තත්ථ, න විකොපෙති වාලධිං.
යම්සේ සෙමර මුවා කිසියම් තැනෙක පැටලුණු වාලධිය ඇත්තේ එහිම මරණයට පැමිණේ ද වාලධිය නො සිඳගනී ද,
තථෙව චතූසු භූමීසු, සීලානි පරිපූරය; පරිරක්ඛ සදා සීලං, චමරී විය වාලධිං.
එසේම සතර භූමින් පිළිබඳ සීලයක් පූරණය කරන්න. සෙමරා වාලධිය රකින්නාක් මෙන් හැමකල්හිම සීලය ආරක්ෂා කරන්න.
න හෙතෙ එත්තකායෙව, බුද්ධධම්මා භවිස්සරෙ; අඤ්ඤෙපි විචිනිස්සාමි, යෙ ධම්මා බොධිපාචනා.
මේ බුද්ධකාරක ධර්මයෝ මෙපමණක් නො වන්නාහ. බෝධිය මුහුකරවන ධර්මයෝ වෙත් නම් ඒ ධර්මයන් ද සොයන්නෙමි.
විචිනන්තො තදාදක්ඛිං, තතියං නෙක්ඛම්මපාරමිං; පුබ්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.
එකල්හි එසේ පරික්ෂා කරන්නා වූ (මම) පෙර බුදුවරයන් වහන්සේලා විසින් සේවනය කරන ලද විශේෂයෙන් සේවනය කරන ලද තුන්වන නෙක්ඛම්ම පාරමිතාව දුටිමි.
ඉමං ත්වං තතියං තාව, දළ්හං කත්වා සමාදිය; නෙක්ඛම්මපාරමිතං ගච්ඡ, යදි බොධිං පත්තුමිච්ඡසි.
ඉදින් ඔබ බුද්ධත්වයට පැමිණෙනු කැමැත්තෙහි නම් මේ තුන්වන පාරමිතාව දැඩිකොට සමාදන්ව නෙක්ඛම්ම පාරමිතාවට පැමිණෙන්න.
යථා අන්දුඝරෙ පුරිසො, චිරවුත්ථො දුඛට්ටිතො; න තත්ථ රාගං ජනෙති, මුත්තිමෙව ගවෙසති.
යම්සේ සිරගෙයි බොහෝ කලක් විසූ දුකින් පෙළුණු පුරුෂයෙක් එහි ඇල්මක් නූපදවයි ද මුක්තියම සොයයි ද,
තථෙව ත්වං සබ්බභවෙ, පස්ස අන්දුඝරං විය; නෙක්ඛම්මාභිමුඛො හොති, භවතො පරිමුත්තියා.
එසේම ඔබත් සියලු භවයන් සිරගෙවල් මෙන් බලන්න. සසරින් මිදීම පිණිස නෛෂ්ක්‍රම්‍යයට අභිමුඛ වන්න.
න හෙතෙ එත්තකායෙව, බුද්ධධම්මා භවිස්සරෙ; අඤ්ඤෙපි විචිනිස්සාමි, යෙ ධම්මා බොධිපාචනා.
බුද්ධකාරක ධර්මයෝ මෙපමණක්ම නො වන්නාහ. බෝධිය මුහුකරවන්නා වූ අනෙකුත් යම් ධර්මයෝ වෙත්නම් (ඒ ධර්මයන්ද) සොයන්නෙමි.
විචිනන්තො තදාදක්ඛිං, චතුත්ථං පඤ්ඤාපාරමිං; පුබ්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.
(එසේ) පරික්ෂා කරන්නා වූ මම පෙර බුදුවරයන් වහන්සේලා විසින් සේවනය කරන ලද, විශේෂයෙන් සේවනය කරන ලද සතරවන ප්‍රඥා පාරමිතාව දුටිමි.
ඉමං ත්වං චතුත්ථං තාව, දළ්හං කත්වා සමාදිය; පඤ්ඤාපාරමිතං ගච්ඡ, යදි බොධිං පත්තුමිච්ඡසි.
ඉදින් බුද්ධත්වයට පැමිණෙනු කැමැත්තෙහි නම් මේ සතරවන පාරමිතාව දැඩිව සමාදන්ව ප්‍රඥා පාරමිතාවට පැමිණෙන්න.
යථාපි භික්ඛු භික්ඛන්තො, හීනමුක්කට්ඨමජ්ඣිමෙ; කුලානි න විවජ්ජෙන්තො, එවං ලභති යාපනං.
යම්සේ පිඬු පිණිස හැසිරෙන භික්ෂුවක් හීන මධ්‍යම උත්තම යැයි කුලයන් වර්ජනය නොකරමින් මෙසේ යැපීම ලබයි ද,
තථෙව ත්වං සබ්බකාලං, පරිපුච්ඡං බුධං ජනං; පඤ්ඤාපාරමිතං ගන්ත්වා, සම්බොධිං පාපුණිස්සසි.
එසේම ඔබත් හැම කල්හිම පණ්ඩිත ජනයා විමසමින් ප්‍රඥා පාරමිතාවට පැමිණ සම්බෝධියට පැමිණෙන්න.
න හෙතෙ එත්තකායෙව, බුද්ධධම්මා භවිස්සරෙ; අඤ්ඤෙපි විචිනිස්සාමි, යෙ ධම්මා බොධිපාචනා.
මේ බුද්ධකාරක ධර්මයෝ මෙපමණක්ම නො වන්නාහ. බෝධි කරවන්නා වූ වෙනත් යම් ධර්මයෝ වෙත්නම් ඒ ධර්මයන් ද පරීක්ෂා කරන්නෙමි.
විචිනන්තො තදාදක්ඛිං, පඤ්චමං වීරියපාරමිං; පුබ්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.
(එසේ) සොයන්නා වූ (මම) පෙර බුදුවරයන් වහන්සේලා විසින් සේවනය කරන ලද, විශේෂයෙන් සේවනය කරන ලද පස්වන වීර්ය පාරමිතාව දුටිමි.
ඉමං ත්වං පඤ්චමං තාව, දළ්හං කත්වා සමාදිය; වීරියපාරමිතං ගච්ඡ, යදි බොධිං පත්තුමිච්ඡසි.
ඉදින් ඔබ බුද්ධත්වය පැමිණීමට කැමැත්තෙහි නම් මේ පස්වන පාරමිතාවන් දැඩිව සමාදන්ව වීර්ය පාරමිතාවට පැමිණෙන්න.
යථාපි සීහො මිගරාජා, නිසජ්ජට්ඨානචඞ්කමෙ; අලීනවීරියො හොති, පග්ගහිතමනො සදා.
මෘගරාජන් වූ සිංහයා හැමකල්හිම හිඳිම සිටීම සක්මන යන ඉරියව් පැවැත්මේ දී යම්සේ නො සැඟවුණු වීර්ය ඇත්තන් දැඩිව ගන්නා ලද මනස ඇත්තේ වේ ද,
තථෙව ත්වං සබ්බභවෙ, පග්ගණ්හ වීරියං දළ්හං; වීරියපාරමිතං ගන්ත්වා, සම්බොධිං පාපුණිස්සසි.
එසේම ඔබ සියලු භවයේ දී දැඩිව වීර්ය ගෙන වීර්ය පාරමිතාවට පැමිණ සම්බෝධියට පැමිණෙන්න.
න හෙතෙ එත්තකායෙව, බුද්ධධම්මා භවිස්සරෙ; අඤ්ඤෙපි විචිනිස්සාමි, යෙ ධම්මා බොධිපාචනා.
මේ බුද්ධකාරක ධර්මයෝ මෙපමණක් නොවන්නාහ. බෝධිය මුහුකරවන්නා වූ වෙනත් ධර්මයෝ වෙත් නම් (ධර්මයන් ද) සොයන්නෙමි.
විචිනන්තො තදාදක්ඛිං, ඡට්ඨමං ඛන්තිපාරමිං; පුබ්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.
එකල්හි එසේ සොයන්නා වූ මම පෙර බුදුවරයන් වහන්සේලා විසින් සේවනය කරන ලද විශේෂයෙන් සේවනය කරන ලද සවන ක්ෂාන්ති පාරමිතාව දුටුවෙමි.
ඉමං ත්වං ඡට්ඨමං තාව, දළ්හං කත්වා සමාදිය; තත්ථ අද්වෙජ්ඣමානසො, සම්බොධිං පාපුණිස්සසි.
ඔබ මේ සවන පාරමිතාව දැඩිව සමාදන්ව එහි දෙසිතක් නොමැතිව සම්බෝධියට පැමිණෙන්න.
යථාපි පථවී නාම, සුචිම්පි අසුචිම්පි ච; සබ්බං සහති නික්ඛෙපං, න කරොති පටිඝං තයා.
පෘථිවිය පිරිසිදු වූත් අපිරිසිදු වූත් සියලු නික්ෂේපයන් (පොළොව මත දමන ද්‍රව්‍ය) යම් සේ නම් ඉවසයි ද ක්‍රෝධයක් හෝ දයාවක් නොකරයි ද,
තථෙව ත්වම්පි සබ්බෙසං, සම්මානාවමානක්ඛමො; ඛන්තිපාරමිතං ගන්ත්වා, සම්බොධිං පාපුණිස්සසි.
එසේම ඔබත් සියලු දෙනාගේ සම්මාන අවමාන ඉවසන්නෙකුව ක්ෂන්ති පාරමිතාවට පැමිණ සම්බෝධියට පැමිණෙන්න.
න හෙතෙ එත්තකායෙව, බුද්ධධම්මා භවිස්සරෙ; අඤ්ඤෙපි විචිනිස්සාමි, යෙ ධම්මා බොධිපාචනා.
මේ බුද්ධකාරක ධර්මයෝ මෙපමණක් නො වන්නාහ. බෝධිය මුහුකරවන්නා වූ වෙනත් ධර්මයෝ වෙත් නම් (ඒ ධර්මයන් ද) සොයන්නෙමි.
විචිනන්තො තදාදක්ඛිං, සත්තමං සච්චපාරමිං; පුබ්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.
එකල්හි එසේ සොයන්නා වූ මම පෙර මහාර්ෂී වූ බුදුරජාණන් වහන්සේලා විසින් සේවනය කරන ලද, විශේෂයෙන් සේවනය කරන ලද සත්වන සත්‍ය පාරමිතාව දුටිමි.
ඉමං ත්වං සත්තමං තාව, දළ්හං කත්වා සමාදිය; තත්ථ අද්වෙජ්ඣවචනො, සම්බොධිං පාපුණිස්සසි.
ඔබ මේ සත්වන පාරමිතාව දැඩි කොට සමාදන්ව එහි වචන දෙකක් නොමැතිව සම්බෝධියට පැමිණෙන්න.
යථාපි ඔසමී නාම, තුලාභූතා සදෙවකෙ; සමයෙ උතුවස්සෙ වා, න වොක්කමති, වීථිතො.
දෙවියන් සහිත ලෝකයාට තුලාවක් බඳු වූ ඔසධී නම් තාරකාව යම්සේ වස්සාන ඍතු සමයේ හෝ වීථියෙන් (=ගමන් මාර්ගයෙන්) ඉවතට නොයේ ද,
තථෙව ත්වම්පි සච්චෙසු, මා වොක්කමසි වීථිතො; සච්චපාරමිතං ගන්ත්වා, සම්බොධිං පාපුණිස්සසි.
එසේම ඔබ ද සත්‍යයේ දී වීථිය (=හෙවත් මාර්ගය නො ඉක්මවන්න. සත්‍ය පාරමිතාවට පැමිණ සම්බෝධියට පැමිණෙන්න.
න හෙතෙ එත්තකායෙව, බුද්ධධම්මා භවිස්සරෙ; අඤ්ඤෙපි විචිනිස්සාමි, යෙ ධම්මා බොධිපාචනා.
මේ බුද්ධ කාරක ධර්මයෝ මෙපමණක්ම නො වන්නාහ. බෝධිය මුහුකරවන්නා වූ වෙනත් ධර්මයෝ වෙත් නම් (ඒ ධර්මයන් ද) සොයන්නෙමි.
විචිනන්තො තදාදක්ඛිං, අට්ඨමං අධිට්ඨානපාරමිං; පුබ්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.
එකල්හි එසේ පරීක්ෂා කරන්නා වූ මම පෙර බුදුවරයන් වහන්සේලා විසින් සේවනය කරන ලද, විශේෂයෙන් සේවනය කරන ලද අටවන අධිෂ්ඨාන පාරමිතාව දුටිමි.
ඉමං ත්වං අට්ඨමං තාව, දළ්හං කත්වා සමාදිය; තත්ථ ත්වං අචලො හුත්වා, සම්බොධිං පාපුණිස්සසි.
ඔබ මේ අටවන පාරමිතාව දැඩිකොට සමාදන්ව ඔබ එහි නිශ්චලව සම්බෝධියට පැමිණෙන්න.
යථාපි පබ්බතො සෙලො, අචලො සුප්පතිට්ඨිතො; න කම්පති භුසවාතෙහි, සකට්ඨානෙව තිට්ඨති.
යම්සේ නිශ්චල වූ මනාව පිහිටි පර්වත නම් වූ ශෛලයක් තද සුළඟින් කම්පා නොවේ ද ස්වකීය ස්ථානයේම සිටීද,
තථෙව ත්වම්පි අධිට්ඨානෙ, සබ්බදා අචලො භව; අධිට්ඨානපාරමිතං ගන්ත්වා, සම්බොධිං පාපුණිස්සසි.
එසේම ඔබත් හැමකල්හිම අධිෂ්ඨාන පාරමිතාවෙහි නිශ්චල වන්න. අධිෂ්ඨාන පාරමිතාවට පැමිණ සම්බෝධියට පැමිණෙන්න.
න හෙතෙ එත්තකායෙව, බුද්ධධම්මා භවිස්සරෙ; අඤ්ඤෙපි විචිනිස්සාමි, යෙ ධම්මා බොධිපාචනා.
මේ බුද්ධකාරක ධර්මයෝ මෙපමණක්ව නොවන්නාහ. බෝධිය මුහුකරවන්නා වූ වෙනත් ධර්මයෝ වෙත් නම් ඒ ධර්මයන් ද සොයන්නෙමි.
විචිනන්තො තදාදක්ඛිං, නවමං මෙත්තාපාරමිං; පුබ්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.
එකල්හි එසේ පරීක්ෂා කරන්නා වූ මම පෙර බුදුවරයන් වහන්සේලා විසින් සේවනය කරන ලද විශේෂයෙන් සේවනය කරන ලද නවවන මෛත්‍රී පාරමිතාව දුටිමි.
ඉමං ත්වං නවමං තාව, දළ්හං කත්වා සමාදිය; මෙත්තාය අසමො හොහි, යදි බොධිං පත්තුමිච්ඡසි.
ඉදින් ඔබ බෝධියට පැමිණීමට කැමැත්තෙහි නම් මේ නවවන පාරමිතාව දැඩිකොට සමාදන්ව මෛත්‍රියෙහි අසමයෙක් වන්න.
යථාපි උදකං නාම, කල්‍යාණෙ පාපකෙ ජනෙ; සමං ඵරති සීතෙන, පවාහෙති රජොමලං.
යම්සේ ජලය කලණ වූත් පාපී වූත් ජනයන් සිහිලෙස සමථ පතුරුවයි ද, දූලි හා මල පාකර යවයි ද,
තථෙව ත්වම්පි හිතාහිතෙ, සමං මෙත්තාය භාවය; මෙත්තාපාරමිතං ගන්ත්වා, සම්බොධිං පාපුණිස්සසි.
එසේම ඔබත් හිත වූත් අහිත වූත් ජනයන්ට සමව මෛත්‍රිය වඩන්න. මෛත්‍රී පාරමිතාවට පැමිණ සම්බෝධියට පැමිණෙන්න.
න හෙතෙ එත්තකායෙව, බුද්ධධම්මා භවිස්සරෙ; අඤ්ඤෙපි විචිනිස්සාමි, යෙ ධම්මා බොධිපාචනා.
මේ බුද්ධකාරක ධර්මයෝ මෙපමණක්ම නො වන්නාහ. බෝධිය මුහුකරවන්නා වූ වෙනත් ධර්මයෝ වෙත් නම් ඒ ධර්මයන් ද සොයමි.
විචිනන්තො තදාදක්ඛිං, දසමං උපෙක්ඛාපාරමිං; පුබ්බකෙහි මහෙසීහි, ආසෙවිතනිසෙවිතං.
එකල්හි එසේ සොයන්නා වූ මම පෙර බුදුවරුන් විසින් සේවනය කරන ලද විශේෂයෙන් සේවනය කරන ලද දසවන උපේක්ෂා පාරමිතාව දුටිමි.
ඉමං ත්වං දසමං තාව, දළ්හං කත්වා සමාදිය; තුලාභූතො දළ්හො හුත්වා, සම්බොධිං පාපුණිස්සසි.
ඔබ මේ දසවන පාරමිතාව දැඩිව සමාදන්ව තුලාවක් වැනි වූයේ දැඩි වූයේ සම්බෝධියට පැමිණෙන්න.
යථාපි පථවී නාම, නික්ඛිත්තං අසුචිං සුචිං; උපෙක්ඛති උභොපෙතෙ, කොපානුනයවජ්ජිතා.
යම්සේ පොළොව (එහි) දමන ලද අපිරිසිදු වූත් පිරිසිදු වූත් දෙවගයම ක්‍රෝධ අඥානය දෙකින් තොරව උපේක්ෂාවෙන් සලකා ද,
තථෙව ත්වම්පි සුඛදුක්ඛෙ, තුලාභූතො සදා භව; උපෙක්ඛාපාරමිතං ගන්ත්වා, සම්බොධිං පාපුණිස්සසි.
එසේම ඔබ ද හැමකල්හිම සැපදුක් දෙකෙහි තුලාවක් මෙන් වන්න. උපේක්ෂා පාරමිතාවට පැමිණ සම්බෝධියට පැමිණෙන්න.
එත්තකායෙව තෙ ලොකෙ, යෙ ධම්මා බොධිපාචනා; තතුද්ධං නත්ථි අඤ්ඤත්ර, දළ්හං තත්ථ පතිට්ඨහ.
ලෝකයෙහි බෝධිය මුහුකරවන්නා වූ යම් ධර්මයෝ වෙත් නම් ඒ ධර්මයෝ මෙපමණක් විය. මෙයින් උඩ වෙනත් තැනක නැත. දැඩි කොට ඒ ධර්මයන්හි පිහිටන්න.
ඉමෙ ධම්මෙ සම්මසතො, සභාවරසලක්ඛණෙ; ධම්මතෙජෙන වසුධා, දසසහස්සී පකම්පථ.
මේ ධර්මයන් ස්වභාව රස ලක්ෂණ වශයෙන් සම්මර්ශනය කරන්නා වූ ඒ බෝධිසත්ත්වයන්ගේ ධර්ම තේජසින් දසදහසක් ලෝකය කම්පා විය.
චලතා රවති පථවී, උච්ඡුයන්තංව පීළිතං; තෙලයන්තෙ යථා චක්කං, එවං කම්පති මෙදිනී.
පෙළන ලද උක්සකක් මෙන් පොළොව සැලෙද්දී රැව් දෙද්දී තෙලියත එකක් මෙන් පොළොව කම්පා වෙයි.
යාවතා පරිසා ආසි, බුද්ධස්ස පරිවෙසනෙ; පවෙධමානා සා තත්ථ, මුච්ඡිතා සෙසි භූමියා.
බුදුරජාණන් වහන්සේ වැළඳවීමෙහි යම්තාක් පිරිසක් වූ නම් ඒ පිරිස වෙව්ලමින් මූර්ඡා වූවාහු එහි බිම සයනය කළහ.
ඝටානෙකසහස්සානි , කුම්භීනඤ්ච සතා බහූ; සඤ්චුණ්ණමථිතා තත්ථ, අඤ්ඤමඤ්ඤං පඝට්ටිතා.
එහි නොයෙක් දහස් ගණන් කළ ද බොහෝ සියගණන් කුඹු ද කැළඹී එකිනෙක ගැටී සුණු විය.
උබ්බිග්ගා තසිතා භීතා, භන්තා බ්යාථිතමානසා; මහාජනා සමාගම්ම, දීපඞ්කරමුපාගමුං.
උද්වේගයට පත් ත්‍රාසයට පත් බියට පත් භ්‍රාන්ත වූ ව්‍යාධියට පත් සිත් ඇති මහජනයා රැස්ව දීපංකර බුදුන් වෙත පැමිණියහ.
කිං භවිස්සති ලොකස්ස, කල්යාණමථ පාපකං; සබ්බො උපද්දුතො ලොකො, තං විනොදෙහි චක්ඛුම.
ලොවට කුමක් වේ ද, යහපතක් ද? නපුරක් ද? සියලු ලොව උපද්‍රවයට පත් විය. චක්ෂුර්මත් වූ (පසැස් ඇති) බුදුරජාණන් වහන්ස, එය (ඒ සැකය) දුරුකරන්න.
තෙසං තදා සඤ්ඤාපෙසි, දීපඞ්කරො මහාමුනි; විස්සත්ථා හොථ මා භාථ, ඉමස්මිං පථවිකම්පනෙ.
එකල්හි දීපංකර මහා මුනීන්ද්රයන් වහන්සේ මේ පොළෝ කම්පාවෙහි විශ්වාස ඇත්තෝ වන බිය නොවන්නැයි ඔවුන්ට හැඟවූහ.
යමහං අජ්ජ බ්යාකාසිං, බුද්ධො ලොකෙ භවිස්සති; එසො සම්මසති ධම්මං, පුබ්බකං ජිනසෙවිතං.
ලෝකයෙහි බුදුවරයෙක් පහළ වන්නේ යැයි මම අද යම් ප්‍රකාශයක් කෙළෙම් ද, එතෙම පෙර බුදුවරයන් වහන්සේලා සේවනය කළ ධර්මය සම්මර්ශනය කරයි.
තස්ස සම්මසතො ධම්මං, බුද්ධභූමිං අසෙසතො; තෙනායං කම්පිතා පථවී, දසසහස්සී සදෙවකෙ.
බුද්ධකාරක ධර්මයන් නිරවශේෂ කොට සම්මර්ශනය කරන්නා වූ ඔහු විසින් මේ දෙවියන් සහිත දසදහසක් ලෝකධාතුව කම්පා කරවන ලදී.
බුද්ධස්ස වචනං සුත්වා, මනො නිබ්බායි තාවදෙ; සබ්බෙ මං උපසඞ්කම්ම, පුනාපි අභිවන්දිසුං.
එකෙණෙහි බුදුන්ගේ වචනය අසා සිත නිවිණ. සියලු දෙනම මා වෙත එළඹ නැවතත් වැන්දාහ.
සමාදයිත්වා බුද්ධගුණං, දළ්හං කත්වාන මානසං; දීපඞ්කරං නමස්සිත්වා, ආසනා වුට්ඨහිං තදා.
බුදුගුණ සමාදන්ව මනස දැඩිකොට ගෙන දීපංකර බුදුන් වැඳ එකල්හි අස්නෙන් නැගී සිටියෙමි.
දිබ්බං මානුසකං පුප්ඵං, දෙවා මානුසකා උභො; සමොකිරන්ති පුප්ඵෙහි, වුට්ඨහන්තස්ස ආසනා.
උභය දිව්‍ය මනුෂ්‍යයෝ අස්නෙන් නැගෙන්නා වූ මට දිව්‍යමය වූත් මනුෂ්‍යමය වූත් මල් විසුරුවත්.
වෙදයන්ති ච තෙ සොත්ථිං, දෙවා මානුසකා උභො; මහන්තං පත්ථිතං තුය්හං, තං ලභස්සු යථිච්ඡිතං.
ඒ උභය දිව්‍ය මනුෂ්‍යයෝ ඔබගේ ප්‍රාර්ථනාව මහත්ය. එය කැමති පරිදි ලබන්නැයි යහපත ප්‍රකාශ කළහ.
සබ්බීතියො විවජ්ජන්තු, සොකො රොගො විනස්සතු; මා තෙ භවන්ත්වන්තරායා, ඵුස ඛිප්පං බොධිමුත්තමං.
සියලු උවදුරු දුරුවේවා. ශෝක රෝග නැසේවා. ඔබට අන්තරාය නොවේවා. වහා උතුම් වූ බෝධිඥානය අවබෝධ කරගන්න.
යථාපි සමයෙ පත්තෙ, පුප්ඵන්ති පුප්ඵිනො දුමා; තථෙව ත්වං මහාවීර, බුද්ධඤාණෙන පුප්ඵසු.
කල් පැමිණි විට යම්සේ මල් හටගන්නා වෘක්ෂයෝ පිපෙත් ද, මහා වීරයන් වහන්ස, ඔබවහන්සේ බෝධි ඥානයෙන් පිපෙන්න.
යථා යෙ කෙචි සම්බුද්ධා, පූරයුං දසපාරමී; තථෙව ත්වං මහාවීර, පූරෙහි දසපාරමී.
යම්කිසි බුදුවරයෝ යම් සේ දසපාරමීන් පිරුවාහු ද, මහාවීරයන් වහන්ස, ඔබවහන්සේත් දසපාරමීන් පුරන්න.
යථා යෙ කෙචි සම්බුද්ධා, බොධිමණ්ඩම්හි බුජ්ඣරෙ; තථෙව ත්වං මහාවීර, බුජ්ඣස්සු ජිනබොධියං.
යම්කිසි බුදුවරයෝ යම් සේ බෝමැඩදී බුද්ධත්වය අවබෝධ කෙරෙත් ද, මහාවීරයන් වහන්ස, ඔබවහන්සේත් එසේම බෝමැඩදී බුද්ධත්වය අවබෝධ කරගන්න.
යථා යෙ කෙචි සම්බුද්ධා, ධම්මචක්කං පවත්තයුං; තථෙව ත්වං මහාවීර, ධම්මචක්කං පවත්තය.
යම්කිසි බුදුවරයෝ යම්සේ දම්සක් පැවැත්වූ ද මහාවීරයන් වහන්ස, ඔබවහන්සේත් එසේම දම්සක් පවත්වන්න.
පුණ්ණමායෙ යථා චන්දො, පරිසුද්ධො විරොචති; තථෙව ත්වං පුණ්ණමනො, විරොච දසසහස්සියං.
පසළොස්වක චන්ද්‍රයා යම්සේ පිරිසිදුව බබළා ද එසේම ඔබවහන්සේත් පිරුණු මනසින් යුතුව දසදහසක් ලෝකධාතුවෙහි බබළන්න.
රාහුමුත්තො යථා සූරියො, තාපෙන අතිරොචති; තථෙව ලොකා මුඤ්චිත්වා, විරොච සිරියා තුවං.
රාහුගෙන් මිදුණු සූර්යයා යම්සේ තේජසින් අතිශයින් බබළා ද, එසේම ඔබවහන්සේත් ලොව මුදා සිරියෙන් බබළන්න.
යථා යා කාචි නදියො, ඔසරන්ති මහොදධිං; එවං සදෙවකා ලොකා, ඔසරන්තු තවන්තිකෙ.
යම්සේ ඒ සියලු නදීහු මහා සාරයට ගලා බසිත් ද, එසේම දෙවියන් සහිත ලෝවැසියෝ ඔබ වෙත පැමිණෙත්වා.
තෙහි ථුතප්පසත්ථො සො, දස ධම්මෙ සමාදිය; තෙ ධම්මෙ පරිපූරෙන්තො, පවනං පාවිසී තදා.
ඔවුන් විසින් ස්තුති ප්‍රශංසා කරනු ලැබූ ඒ සුමේධ තාපසයන් වහන්සේ දසපාරමී ධර්මයන් සමාදන්ව ඒ ධර්මයන් සපුරමින් එකල්හි වනයට පිවිසියහ.
සුමෙධකථා නිට්ඨිතා.
සුමේධ කථා නිමා විය.
තදා තෙ භොජයිත්වාන, සසඞ්ඝං ලොකනායකං; උපගච්ඡුං සරණං තස්ස, දීපඞ්කරස්ස සත්ථුනො.
එකල්හි ඔව්හු සංඝයා සරිත වූ ලෝක නායකයන් වහන්සේ වළඳවා ඒ දීපංකර බුදුන් සරණ ගියහ.
සරණාගමනෙ කඤ්චි, නිවෙසෙසි තථාගතො; කඤ්චි පඤ්චසු සීලෙසු, සීලෙ දසවිධෙ පරං.
දීපංකර තථාගතයන් වහන්සේ කිසිවෙකු සරණාගමනයෙහි ද, කිසිවෙකු පංච ශීලයෙහි ද තවත් අයෙකු දශවිධ ශීලයෙහි ද පිහිටුවූහ.
කස්සචි දෙති සාමඤ්ඤං, චතුරො ඵලමුත්තමෙ; කස්සචි අසමෙ ධම්මෙ, දෙති සො පටිසම්භිදා.
උන්වහන්සේ කිසිවෙකුට පැවිද්ද ද, කිසිවෙකුට උතුම් වූ සතර ඵලයන් ද කිසිවෙකුට අසම ධර්මයන් වූ සිවුපිළිසිඹියාවන් ද දෙන සේක.
කස්සචි වරසමාපත්තියො, අට්ඨ දෙති නරාසභො; තිස්සො කස්සචි විජ්ජායො, ඡළභිඤ්ඤා පවෙච්ඡති.
නර ශ්‍රේෂ්ඨ වූ ඒ බුදුරජාණන් වහන්සේ කිසිවෙකුට උතුම් වූ අෂ්ට සමාපත්තිය ද කිසිවෙකුට ත්‍රිවිද්‍යාවන් ද කිසිවෙකුට ෂට් අභිඥාවන් ද දෙන සේක.
තෙන යොගෙන ජනකායං, ඔවදති මහාමුනි; තෙන විත්ථාරිකං ආසි, ලොකනාථස්ස සාසනං.
මහා මුනීන්ද්රයන් වහන්සේ ඒ යෝගයේ දී ජනකායට අවවාද කරන සේක. ඒ ජනකාය විසින් ලෝකනාථයන් වහන්සේගේ ශාසනය පතුරුවන ලද්දේය.
මහාහනුසභක්ඛන්ධො, දීපඞ්කරසනාමකො; බහූ ජනෙ තාරයති, පරිමොචෙති දුග්ගතිං.
මහා හනු ඇති වෘෂභ ස්කන්ධ වූ ඒ දීපංකර නම් වූ බුදුරජාණන් වහන්සේ බොහෝ ජනයා (සසරින්) එතර කරන සේක. දුගතියෙන් මුදන සේක.
බොධනෙය්යං ජනං දිස්වා, සතසහස්සෙපි යොජනෙ; ඛණෙන උපගන්ත්වාන, බොධෙති තං මහාමුනි.
මහා මුනි තෙමේ සියදහස් යොදුන්හි වූ ද බෝධනීය ජනයා දැක සැණෙකින් එළඹ ඒ ජනයා අවබෝධ කරවන සේක.
පඨමාභිසමයෙ බුද්ධො, කොටිසතමබොධයි; දුතියාභිසමයෙ නාථො, නවුතිකොටිමබොධයි.
බුදුරජාණන් වහන්සේ ප්‍රථම බෝධිසමයේ දී කෝටි සියයක් අවබෝධ කරවූ සේක. ද්විතීයභි සමයේදී නාථයන් වහන්සේ අනූකෝටියක් අවබෝධ කරවූ සේක.
යදා ච දෙවභවනම්හි, බුද්ධො ධම්මදෙසයි; නවුතිකොටිසහස්සානං, තතියාභිසමයො අහු.
බුදුරජාණන් වහන්සේ යම් අවස්ථාවක දී දිව්‍ය භවනයේ දී ධර්මය දේශනා කළ සේක් ද (ඒ අවස්ථාවේදී) කෝටි අනූදහසකි. තෘතියාභිසමය විය.
සන්නිපාතා තයො ආසුං, දීපඞ්කරස්ස සත්ථුනො; කොටිසතසහස්සානං, පඨමො ආසි සමාගමො.
දීපංකර බුදුරජාණන් වහන්සේගේ සන්නිපාත (සේවිත) තුනක් විය. ප්‍රථම සමාගම කෝටි ලක්ෂයකට විය.
පුන නාරදකූටම්හි, පවිවෙකගතෙ ජිනෙ; ඛීණාසවා වීතමලා, සමිංසු සතකොටියො.
නැවත බුදුරජාණන් වහන්සේ නාරද කූටයෙහි විවේකගතව වැඩහුන් කල්හි පහකළ කෙලෙස්මල ඇති කෝටි සියක් ක්ෂීණාශ්රවයන් වහන්සේලා රැස්වූහ.
යම්හි කාලෙ මහාවීරො, සුදස්සනසිලුච්චයෙ; නවුතිකොටිසහස්සෙහි, පවාරෙසි මහාමුනි.
කෙලෙසුන් වසඟ කළ මහාවීරයන් වහන්සේ යම් අවස්ථාවක සුදර්ශන පර්වතයේ වැඩසිටි සේක් ද, එකල්හි බුදුරජාණන් වහන්සේ කෝටි අනූදහසක් සමග පැවරූ සේක.
අහං තෙන සමයෙන, ජටිලො උග්ගතාපනො; අන්තලික්ඛම්හි චරණො, පඤ්චාභිඤ්ඤාසු පාරගූ.
මම එසමයෙහි උග්‍ර තපස් ඇති, අහසෙහි හැසිරෙන පංචාභිඥාවන්හි පරතෙරට පැමිණි ජටිලයෙක් වීමි.
දසවීසසහස්සානං, ධම්මාභිසමයො අහු; එකද්වින්නං අභිසමයා, ගණනාතො අසඞ්ඛියා.
ඒ අවස්ථාවේ දී දෙලක්ෂයකට ධර්මාවබෝධය විය. එක්කෙනා දෙදෙනා බැගින් අවබෝධ කරගත් අය ගණනින් අසංඛිතයහ.
විත්ථාරිකං බාහුජඤ්ඤං, ඉද්ධං ඵීතං අහු තදා; දීපඞ්කරස්ස භගවතො, සාසනං සුවිසොධිතං.
එකල දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ ජනයා අතර පැතිරුණේ, සමෘද්ධිමත් වූයේ, අතිශයින් පිරිසිදු වූයේ ද, විය.
චත්තාරි සතසහස්සානි, ඡළභිඤ්ඤා මහිද්ධිකා; දීපඞ්කරං ලොකවිදුං, පරිවාරෙන්ති සබ්බදා.
හැමකල්හි ෂට් අභිඥාප්‍රාප්ත මහත් සෘද්ධි ඇති හාරලක්ෂයක් (ශ්‍රාවකයන් වහන්සේලා) දීපංකර බුදුන් පිරිවැරූහ.
යෙ කෙචි තෙන සමයෙන, ජහන්ති මානුසං භවං; අප්පත්තමානසා සෙඛා, ගරහිතා භවන්ති තෙ.
එසමයෙහි ඇතැම් කෙනෙක් මිනිසත් බව අත්හරිත්. නො පැමිණි අර්හත්ඵල ඇති ඒ ශෛක්ෂයෝ ගර්හිතයෝ මෙන් වෙත්.
සුපුප්ඵිතං පාවචනං, අරහන්තෙහි තාදිහි; ඛීණාසවෙහි විමලෙහි, උපසොභති සදෙවකෙ.
තාදී ගුණයෙන් (අටලෝ දහමින් නොසැලෙන) යුත් රහතන් වහන්සේලා විසින් ශාසනය මනාව පුබුදුවන ලදී. දෙවියන් සහිත ලෝකය හොබනේ වෙයි.
නගරං රම්මවතී නාම, සුදෙවො නාම ඛත්තියො; සුමෙධා නාම ජනිකා, දීපඞ්කරස්ස සත්ථුනො.
දීපංකර බුදුරජාණන් වහන්සේට රම්‍යවතී නම් නුවරක් විය. සුදේව නම් රජ (පියා විය.) මව සුමේධා නම් වූවාය.
සුමඞ්ගලො ච තිස්සො ච, අහෙසුං අග්ගසාවකා; සාගතො නාමුපට්ඨාකො, දීපඞ්කරස්ස සත්ථුනො.
දීපංකර බුදුරජාණන් වහන්සේට සුමංගලය. තිස්සය යන දෙනම අග්‍ර ශ්‍රාවකයෝ වූහ. උපස්ථායකයන් වහන්සේ සාගත නම් විය.
නන්දා චෙව සුනන්දා ච, අහෙසුං අග්ගසාවිකා; බොධි තස්ස භගවතො, පිප්ඵලීති පවුච්චති.
නන්දා සුනන්දා යන දෙදෙන අග්‍රශ්‍රාවිකාවෝ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය පුලිල (රුක) යැයි කියනු ලැබේ.
අසීතිහත්ථමුබ්බෙධො, දීපඞ්කරො මහාමුනි; සොභති දීපරුක්ඛොව, සාලරාජාව පුප්ඵිතො; පභා විධාවති තස්ස, සමන්තා ද්වාදසයොජනෙ.
අසූරියනක් උස් වූ දීපංකර මහා මුනීන්ද්රයන් වහන්සේ පහන් රුකක් මෙන් ද, පිපුණු සාලවෘක්ෂ රාජයකු මෙන් ද බබළන සේක.
සතසහස්සවස්සානි, ආයු තස්ස මහෙසිනො; තාවතා තිට්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.
මහාර්ෂී වූ ඒ බුදුන්ට ලක්ෂයක් ආයු වෙයි. එතෙක් කල් වැඩසිටිනා වූ උන්වහන්සේ බොහෝ ජනතාව (සසරින්) එතෙර කරවන සේක.
ජොතයිත්වාන සද්ධම්මං, සන්තාරෙත්වා මහාජනං; ජලිත්වා අග්ගික්ඛන්ධොව, නිබ්බුතො සො සසාවකො.
ශ්රාවකයින් සහිත වූ ඒ (භාග්‍යවතුන් වහන්සේ) සද්ධර්මය බබුළුවා මහජනයා (සසරින්) සමාන කොට ගිනිකඳක් මෙන් බැබළී පිරිනිවි සේක.
සා ච ඉද්ධි සො ච යසො, තානි ච පාදෙසු චක්කරතනානි; සබ්බං තමන්තරහිතං, නනු රිත්තා සබ්බසඞ්ඛාරාති.
(උන්වහන්සේගේ) ඒ ඍද්ධියත්, ඒ කීර්තියත් ශ්‍රී පාදයන්හි වූ ඒ චක්රරත්නත් යන සියල්ල අතුරුදහන් විය. සියලු සංස්කාරයෝ ඉතිරි නො වන්නේ වේද?
දීපඞ්කරස්ස භගවතො අපරභාගෙ එකං අසඞ්ඛ්යෙය්යං අතික්කමිත්වා කොණ්ඩඤ්ඤො නාම සත්ථා උදපාදි. තස්සාපි තයො සාවකසන්නිපාතා අහෙසුං. පඨමසන්නිපාතෙ කොටිසතසහස්සං. දුතියෙ කොටිසහස්සං, තතියෙ නවුතිකොටියො.
දීපංකර භාග්‍යවතුන් වහන්සේට මැත භාගයේ දී එක් අසංඛ්‍යයක් ඉක්ම කොණ්ඩඤ්ඤ නම් ශාස්තෲන් වහන්සේ පහළ වූ සේක. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනක් විය. පළමුවන සන්නිපාතයේ දී කෝටිලක්‍ෂයකි. දෙවන සන්නිපාතයේ දී කෝටි දහසකි. තුන්වන සන්නිපාතයේ දී අනූකෝටියකි.
තදා බොධිසත්තො විජිතාවී නාම චක්කවත්තී හුත්වා කොටිසතසහස්සසඞ්ඛස්ස බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං අදාසි. සත්ථා බොධිසත්තං “බුද්ධො භවිස්සතී”ති බ්යාකරිත්වා ධම්මං දෙසෙසි. සො සත්ථු ධම්මකථං සුත්වා රජ්ජං නිය්යාතෙත්වා පබ්බජි. සො තීණි පිටකානි උග්ගහෙත්වා අට්ඨ සමාපත්තියො, පඤ්ච ච අභිඤ්ඤායො උප්පාදෙත්වා අපරිහීනජ්ඣානො බ්රහ්මලොකෙ නිබ්බත්ති. කොණ්ඩඤ්ඤබුද්ධස්ස පන රම්මවතී නාම නගරං, සුනන්දො නාම ඛත්තියො පිතා, සුජාතා නාම මාතා, භද්දො ච සුභද්දො ච ද්වෙ අග්ගසාවකා, අනුරුද්ධො නාම උපට්ඨාකො, තිස්සා ච උපතිස්සා ච ද්වෙ අග්ගසාවිකා, සාලකල්යාණී බොධි, අට්ඨාසීතිහත්ථුබ්බෙධං සරීරං, වස්සසතසහස්සං ආයුප්පමාණං අහොසි.
එකල්හි බෝසතාණෝ විජිතාවි නම් සක්විති රජව බුද්ධ ප්රමුඛ කෝටි ලක්ෂයක් භික්ෂු සංඝයාට මහා දානයක් දුන්හ. ශාස්තෲන් වහන්සේ බෝසතුන් බුදුවන්නේ යැයි ප්‍රකාශ කොට දහම් දෙසූ සේක. ඒ බෝසතාණෝ ශාස්තෲන් වහන්සේගේ ධර්මකථාව අසා රාජ්‍යය භාරදී පැවිදි වූ සේක් ත්‍රිපිටකය ඉගෙන අෂ්ට සමාපත්ති ද පංච අභිඥාවන් ද උපදවාගෙන නො පිරිහුණු ධ්‍යාන ඇතිසේක් බඹලොව උපන්හ. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේට වනාහි රම්‍යවතී නම් නුවරක් විය. සුනන්ද නම් රජ පියා විය. මව සුජාතා නම් වූවාය. භද්‍රය, සුභද්‍රය යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. අනුරුද්ධ නම් උපස්ථායකයෙක් විය. තිස්සා ය උපතිස්සා ය යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. සල්කලණ බෝධිය විය. ශරීරය අසූඅටරියන් විය. ආයු ප්‍රමාණය අවුරුදු ලක්ෂයක් විය.
තස්ස අපරභාගෙ එකං අසඞ්ඛ්යෙය්යං අතික්කමිත්වා එකස්මිංයෙව කප්පෙ චත්තාරො බුද්ධා නිබ්බත්තිංසු මඞ්ගලො සුමනො රෙවතො සොභිතොති. මඞ්ගලස්ස පන භගවතො තීසු සාවකසන්නිපාතෙසු පඨමසන්නිපාතෙ කොටිසතසහස්සභික්ඛූ අහෙසුං. දුතියෙ කොටිසහස්සං. තතියෙ නවුතිකොටියො. වෙමාතිකභාතා පනස්ස ආනන්දකුමාරො නාම නවුතිකොටිසඞ්ඛ්යාය පරිසාය සද්ධිං ධම්මසවනත්ථාය සත්ථු සන්තිකං අගමාසි, සත්ථා තස්ස අනුපුබ්බිකථං කථෙසි. සො සද්ධිං පරිසාය සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. සත්ථා තෙසං කුලපුත්තානං පුබ්බචරියකං ඔලොකෙන්තො ඉද්ධිමයපත්තචීවරස්ස උපනිස්සයං දිස්වා දක්ඛිණහත්ථං පසාරෙත්වා “එථ භික්ඛවො”ති ආහ. සබ්බෙ තඞ්ඛණඤ්ඤෙව ඉද්ධිමයපත්තචීවරධරා සට්ඨිවස්සිකත්ථෙරා විය ආකප්පසම්පන්නා හුත්වා සත්ථාරං වන්දිත්වා පරිවාරයිංසු අයමස්ස තතියො සාවකසන්නිපාතො අහොසි.
උන්වහන්සේට මැතභාගයේ දී එක් අසංඛ්‍යයක් ඉක්ම එක් කපෙක්හිම මංගලය, සුමනය, රේවතය, සෝභිතය යන බුදුවරු සතර නමක් උපන්හ. මංගල බුදුරජාණන් වහන්සේට වනාහි ශ්‍රාවක සන්නිපාත තුනෙක් පළමුවන සන්නිපාතයේ දී භික්ෂූන් වහන්සේලා කෝටි ලක්ෂයක් වූහ. දෙවන සන්නිපාතයේ දී කෝටි දහයක් වූහ. තුන්වන සන්නිපාතයේ දී අනූකෝටියක් වූහ. උන්වහන්සේගේ එක් පියෙකු හා වෙනස් මවුවරුන් ඇති සොහොයුරු වූ ආනන්ද නම් කුමාර තෙම වනාහි අනූකෙළක් පිරිස සමග බණ ඇසීම පිණිස බුදුන් වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ ඔහුට පිළිවෙළ කථාව වදාළ සේක. හෙතෙම පිරිවර සමග සිව්පිළිසිඹියාව සමග රහත් විය. ශාස්තෲන් වහන්සේ ඒ කුලපුත්‍රයන්ගේ පෙර සිරිත බලනසේක් සෘද්ධිමය පාසිවුරුවලට හේතුසම්පත් දැක දකුණු අත දිගුකොට ‘මහණෙනි, එව්’ යැයි වදාළහ. එකෙණෙහිම සියලු දෙන සෘද්ධිමය පාසිවුරු දරන්නෝ සැටවයස් තෙරුන් මෙන් ආකල්ප සම්පන්නව බුදුන් වැඳ පිරිවරා ගත්හ. මෙය උන්වහන්සේගේ තුන්වන ශ්‍රාවක සන්නිපාතය විය.
යථා පන අඤ්ඤෙසං බුද්ධානං සමන්තා අසීතිහත්ථප්පමාණායෙව සරීරප්පභා හොති, න, එවං තස්ස. තස්ස පන භගවතො සරීරප්පභා නිච්චකාලං දසසහස්සිලොකධාතුං ඵරිත්වා අට්ඨාසි. රුක්ඛපථවීපබ්බතසමුද්දාදයො අන්තමසො උක්ඛලියාදීනි උපාදාය සුවණ්ණපට පරියොනද්ධා විය අහෙසුං. ආයුප්පමාණං පනස්ස නවුතිවස්සසහස්සානි අහොසි. එත්තකං කාලං චන්දිමසූරියාදයො අත්තනො පභාය විරොචිතුං නාසක්ඛිංසු, රත්තින්දිවපරිච්ඡෙදො න පඤ්ඤායිත්ථ. දිවා සූරියාලොකෙන විය සත්තා නිච්චං බුද්ධාලොකෙනෙව විචරිංසු. සායං පුප්ඵිතානං කුසුමානං, පාතො රවනකසකුණානඤ්ච වසෙන ලොකො රත්තින්දිවපරිච්ඡෙදං සල්ලක්ඛෙසි . කිං පන අඤ්ඤෙසං බුද්ධානං අයමානුභාවො නත්ථීති? නො නත්ථි, තෙපි හි ආකඞ්ඛමානා දසසහස්සිං වා ලොකධාතුං, තතො වා භිය්යො ආභාය ඵරෙය්යුං. මඞ්ගලස්ස පන භගවතො පුබ්බපත්ථනාවසෙන අඤ්ඤෙසං බ්යාමප්පභා විය සරීරප්පභා නිච්චමෙව දසසහස්සිලොකධාතුං ඵරිත්වා අට්ඨාසි.
යම්සේ අන් බුදුවරුන්ට හාත්පස අසූරියනක් පමණම ශරීර ප්රභාවක් වේ ද? උන්වහන්සේට එසේ නොවීය. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ප්‍රභාව වනාහි හැමකල්හිම දශසහස්‍රී ලෝකධාතුව පැතිර සිටියේය. වෘක්ෂ-පෘථුවි පර්වත-සමුද්රාදිය යටත් පිරිසෙයින් සැළි ආදිය පවා රන්පටින් වැසුවා මෙන් විය. උන්වහන්සේගේ ආයුෂ ප්‍රමාණය වනාහි අවුරුදු අනූදහසක් විය. එතෙක් කල් සඳහිරු ආදීහු තමාගේ ප්‍රභාවෙන් බබළන්නට නොහැකි වූහ. රෑ දාවල් පිරිසිඳීමක් නො පැනිණි. සත්ත්වයෝ දහවල් සූර්යාලෝකයෙන් මෙන් බුද්ධාලෝකයෙන්ම හැසුරුණහ. සවස පිපෙන කුසුම්වලින් ද අලුයම රැවුදෙන පක්ෂීන්ගෙන් ද ලෝකවාසීහු රෑ දාවල් වෙනස දැනගත්හ. කිමෙක් ද? අන් බුදුවරුන්ට වනාහි මේ ආනුභාවය නැද්ද? නැත්තේ නොවේ. උන්වහන්සේලා ද බලාපොරොත්තු වන්නාහු නම් දස දහසක් ලෝකධාතුව හෝ ඊටත් වැඩියෙන් හෝ ආලෝකය පතුරන්නාහ.
සො කිර බොධිසත්තචරියකාලෙ වෙස්සන්තරසදිසෙ අත්තභාවෙ ඨිතො සපුත්තදාරො වඞ්කපබ්බතසදිසෙ පබ්බතෙ වසි. අථෙකො ඛරදාඨිකො නාම යක්ඛො මහාපුරිසස්ස දානජ්ඣාසයතං සුත්වා බ්රාහ්මණවණ්ණෙන උපසඞ්කමිත්වා මහාසත්තං ද්වෙ දාරකෙ යාචි. මහාසත්තො “දදාමි බ්රාහ්මණස්ස පුත්තකෙ”ති හට්ඨපහට්ඨො උදකපරියන්තං පථවිං කම්පෙන්තො ද්වෙපි දාරකෙ අදාසි. යක්ඛො චඞ්කමනකොටියං ආලම්බනඵලකං නිස්සාය ඨත්වා පස්සන්තස්සෙව මහාසත්තස්ස මුළාලකලාපං විය ද්වෙ දාරකෙ ඛාදි. මහාපුරිසස්ස යක්ඛං ඔලොකෙත්වා විවටමත්තෙ අග්ගිජාලං විය ලොහිතධාරං උග්ගිරමානං තස්ස මුඛං දිස්වාපි කෙසග්ගමත්තම්පි දොමනස්සං නුප්පජ්ජි, “සුදින්නං වත මෙ දාන”න්ති චින්තයතො පනස්ස සරීරෙ මහන්තං පීතිසොමනස්සං උදපාදි. සො “ඉමස්ස මෙ නිස්සන්දෙන අනාගතෙ ඉමිනාව නීහාරෙන සරීරතො රස්මියො නික්ඛමන්තූ”ති පත්ථනං අකාසි. තස්ස තං පත්ථනං නිස්සාය බුද්ධභූතස්ස සරීරතො රස්මියො නික්ඛමිත්වා එත්තකං ඨානං ඵරිංසු.
මංගල බුදුරජාණන් වහන්සේගේ වනාහි පූරිව ප්‍රාර්ථනා වශයෙන් අන් බුදුවරුන්ගේ ඛ්යාමප්රභාව මෙන් ශරීර ප්‍රභාව නිතරම දසදහසක් ලෝකධාතුව පැතිර සිටියේය. උන්වහන්සේ වනාහි බෝධිසත්ත්ව චර්යා කාලයෙහි වෙසතුරු සමාන ආත්මභාවයෙහි සිටිසේක් අඹුදරුවන් සමග වංක පර්වතය සමාන පර්වතයක විසූ සේක. ඉක්බිති ඛරදාඨික නම් යක්ෂයෙක් මහා පුරුෂයාණන්ගේ දානධ්යාසය අසා බමුණු වෙසකින් අවුත් මහබෝසතුන්ගෙන් දරු දෙදෙන ඉල්ලීය. මහබෝසතාණන් වහන්සේ බමුණාට දරුවන් දෙමියි තුටු පහටුව ජලය කෙළවර කොට ඇති පොළොව කම්පා කෙරෙමින් දරුවන් දෙදෙනාම දුන් සේක. යක්ෂ තෙම සක්මන කෙළවර ආලම්බන ඵලකය ඇසුරුකොට සිටියේ මහසතුන් බලා සිටියදීම අල පොකුරක් මෙන් දරු දෙදෙන කෑයේය. යකු බලා, විවෘත කළ කල්හි ගිනිජාලාවක් මෙන් ලේ දහර වගුරුවන ඔහුගේ මුව දැක ද බෝසතුන්ට කෙසඟක් පමණකුදු දොම්නසක් නූපන්නේය. ඒකාන්තයෙන් මා විසින් මනාව දෙන ලද දානයකැයි සිතන්නා වූ උන්වහන්සේගේ ශරීරයෙහි මහත් ප්‍රීතියක්, සොම්නසක් උපන්නේය. උන්වහන්සේ මාගේ ක්‍රියාවෙන් අනාගතයේ දී මේ ආකාරයෙන්ම ශරීරයෙන් රශ්මි නික්මේවායි ප්‍රාර්ථනා කළහ. උන්වහන්සේගේ ඒ ප්‍රාර්ථනාව නිසා බුදු වූ උන්වහන්සේගේ සිරුරින් රශ්මි නික්ම මෙතෙක් තැන පැතිරිණ.
අපරම්පිස්ස පුබ්බචරිතං අත්ථි. සො කිර බොධිසත්තකාලෙ එකස්ස බුද්ධස්ස චෙතියං දිස්වා “ඉමස්ස බුද්ධස්ස මයා ජීවිතං පරිච්චජිතුං වට්ටතී”ති දණ්ඩකදීපිකාවෙඨනනියාමෙන සකලසරීරං වෙඨාපෙත්වා රතනමත්තමකුලං සතසහස්සග්ඝනිකං සුවණ්ණපාතිං සප්පිස්ස පූරාපෙත්වා තත්ථ සහස්සවට්ටියො ජාලාපෙත්වා තං සීසෙනාදාය සකලසරීරං ජාලාපෙත්වා චෙතියං පදක්ඛිණං කරොන්තො සකලරත්තිං වීතිනාමෙසි. එවං යාව අරුණුග්ගමනා වායමන්තස්සාපිස්ස ලොමකූපමත්තම්පි උසුමං න ගණ්හි, පදුමගබ්භං පවිට්ඨකාලො විය අහොසි. ධම්මො හි නාමෙස අත්තානං රක්ඛන්තං රක්ඛති. තෙනාහ භගවා –
උන්වහන්සේගේ තවත් පූර්ව චරිතයක් ඇත. උන්වහන්සේ වනාහි බෝසත් කල්හි එක් බුදුකෙනෙකුන්ගේ සෑයක් දැක මේ බුදුන්ට මා විසින් ජීවිතය පරිත්‍යාග කරන්නට වටනේයැයි දඬු පහනක් වෙළන අයුරින් සියලු සිරුර වෙළවා රියනක් පමණ මොට්ටුවක් තබා ලක්ෂයක් අගනා රන් පාත්‍රයක් ගිතෙලින් පුරවවා එහි දහසක් වැටි දල්වවා එය හිසින් ගෙන සියලු සිරුර දල්වවා ගෙන සෑය පැදකුණු කරනුයේ මුළු රැය ගෙවූහ. මෙසේ අරුණු නැගෙන තෙක්ම මාත්‍රයකුදු උණුසුම් නොවීය. පියුම් ගැබකට පිවිසි කලක් මෙන් විය. මේ ධර්මය වනාහි තමා රක්නහු රක්නේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං, ධම්මො සුචිණ්ණො සුඛමාවහාති; එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ, න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී”ති. (ථෙරගා· 303; ජා· 1.10.102; 1.15.385);
ධම්මො භවෙ රක්ඛති ධම්මචාරි ධම්මො සුචිණ්ණො සුඛමාවහාති එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී
යනුයි. ධර්මය ඒකාන්තයෙන් ධර්මයෙහි හැසිරෙන්නහු රකී. මනාව පුහුණු කළ ධර්මය සැප ගෙනදෙයි. මේ මනාව පුහුණු කළ ධර්මයෙහි අනුසස්ය. ධර්මයෙහි හැසිරෙන්නා දුගතියට නොයයි.
ඉමස්සාපි කම්මස්ස නිස්සන්දෙන තස්ස භගවතො සරීරොභාසො දසසහස්සිලොකධාතුං ඵරිත්වා අට්ඨාසි.
මේ කර්මයේ ආනිසංසයෙන් ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරාලෝකය දසදහසක් ලෝකධාතුව පැතිර සිටියේය.
තදා අම්හාකං බොධිසත්තො සුරුචි නාම බ්රාහ්මණො හුත්වා “සත්ථාරං නිමන්තෙස්සාමී”ති උපසඞ්කමිත්වා මධුරධම්මකථං සුත්වා “ස්වෙ මය්හං භික්ඛං ගණ්හථ භන්තෙ”ති ආහ. බ්‍රාහ්මණ කිත්තකෙහි තෙ භික්ඛූහි අත්ථොති, කිත්තකා පන වො භන්තෙ පරිවාරා භික්ඛූති. තදා සත්ථු පඨමසන්නිපාතොයෙව හොති. තස්මා “කොටිසතසහස්ස”න්ති ආහ. “භන්තෙ, සබ්බෙහිපි සද්ධිං මය්හං භික්ඛං ගණ්හථා”ති ආහ. සත්ථා අධිවාසෙසි. බ්රාහ්මණො ස්වාතනාය නිමන්තෙත්වා ගෙහං ගච්ඡන්තො චින්තෙසි “අහං එත්තකානං භික්ඛූනං යාගුභත්තවත්ථාදීනි දාතුං නො න සක්කොමි, නිසීදනට්ඨානං පන කථං භවිස්සතී”ති. තස්ස සා චින්තා චතුරාසීතියොජනසහස්සමත්ථකෙ ඨිතස්ස දෙවරඤ්ඤො පණ්ඩුකම්බලසිලාසනස්ස උණ්හභාවං ජනෙසි. සක්කො “කො නු ඛො මං ඉමස්මා ඨානා චාවෙතුකාමො”ති දිබ්බචක්ඛුනා ඔලොකෙන්තො මහාපුරිසං දිස්වා “අයං සුරුචි බ්රාහ්මණො බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිමන්තෙත්වා නිසීදනට්ඨානත්ථාය චින්තෙසි, මයාපි තත්ථ ගන්ත්වා පුඤ්ඤකොට්ඨාසං ගහෙතුං වට්ටතී”ති වඩ්ඪකිවණ්ණං නිම්මිනිත්වා වාසිඵරසුහත්ථො මහාපුරිසස්ස පුරතො පාතුරහොසි. “අත්ථි නු ඛො කස්සචි භතියා කත්තබ්බකිච්ච”න්ති ආහ. මහාපුරිසො තං දිස්වා “කිං කම්මං කරිස්සසී”ති ආහ. මම අජානනසිප්පං නාම නත්ථි, ගෙහං වා මණ්ඩපං වා යො යං කාරෙති, තස්ස තං කාතුං ජානාමීති. තෙන හි මය්හං කම්මං අත්ථීති. කිං, අය්යාති? ස්වාතනාය මෙ කොටිසතසහස්සභික්ඛූ නිමන්තිතා, තෙසං නිසීදනමණ්ඩපං කරිස්සසීති. අහං නාම කරෙය්යං, සචෙ මෙ භතිං දාතුං සක්ඛිස්සථාති. සක්ඛිස්සාමි, තාතාති. “සාධු කරිස්සාමී”ති ගන්ත්වා එකං පදෙසං ඔලොකෙසි.
එකල අපගේ බෝසතාණෝ සුරුචි නම් බමුණෙක්ව බුදුන් නිමන්ත්‍රණය කරමියි එළඹ මිහිරි බණ කථාව අසා ‘ස්වාමීනි, හෙට මාගේ දන් පිළිගන්නැයි කියා ‘බමුණ, ඔබට කෙතෙක් භික්ෂූන් අවශ්‍යදැයි ඇසූ සේක. ස්වාමීනි, ඔබවහන්සේගේ පිරිවර භික්ෂූහු කොපමණද? ඇසීය. එකල්හි බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සන්නිපාතයම වෙයි. එහෙයින් කෙළ ලක්ෂයකැයි වදාළහ. ස්වාමීනි, සියලු දෙනාම සමග මාගේ දානය පිළිගන්නැයි කීය. ශාස්තෲන් වහන්සේ ඉවසා වදාළ සේක. බමුණු තෙමේ පසුදින සඳහා ආරාධනා කොට ගෙට යනුයේ (මෙසේ) සිතීය. මම මෙතෙක් භික්ෂූන්ට කැඳ බත් වස්ත්‍රාදිය දෙන්නට නො හැක්කෙම් නොවෙමි. හිඳිනා තැන් වනාහි කෙසේ වන්නේදැයි යනුයි. ඔහුගේ ඒ සිතුවිල්ල අසූහාරදහසක් යොදුන් මත්තෙහි සිටි සක්දෙව්රජුගේ පඬුපුල සෙලසුන උණු බව දැන්වීය. සක්දෙව්රජ ‘කවරෙක් නම් මා මෙතැනින් සොලවනු කැමැත්තේදැයි දිවැසින් ලොව බලනුයේ මහා පුරුෂයාණන් දැක ‘සුරුචි බමුණා බුදුපාමොක් බික්සඟනට ආරාධනා කර හඳුනා තැන් සිතීය. මා ද එතැනට ගොස් පින් කොටසක් ගන්නට වටී යැයි වඩු වෙසක් මවාගෙන වෑ පොරෝ ගත් අතැතිව මහා පුරුෂයාණන් ඉදිරියේ පහළ විය. (පහළ වී) කිසිවෙකුට කුලියට කළයුතු වැඩක් ඇත්දැ’යි කීය. මහා පුරුෂයාණෝ ඔහු දැක ‘කුමන වැඩක් කරන්නෙහිදැයි ඇසූහ. මා නො දන්නා ශිල්පයක් නම් නැත. ගෙයක් හෝ මඩුවක් හෝ යමෙක් යමක් කරවයි නම් ඔහුගේ ඒ වැඩය කරන්නට දනිමි’යි කීය. ‘එසේ නම් මාගේ වැඩක් ඇතැයි කීය. ‘ස්වාමීනි, කුමක්දැයි’ ඇසීය. ‘මා විසින් හෙට දවස පිණිස කෙළ ලක්ෂයක් භික්ෂූන් වහන්සේලා ආරාධනා කරනු ලැබූහ. උන්වහන්සේලාට වැඩසිටිනම මඩුවක් කරන්නැ’යි කීහ. ‘එසේ නම් මට කුලී ගෙවන්නට හැකිදැ’යි (ඇසීය) ‘දරුව, හැක්කේ වෙමි’ කීහ. ‘යහපත් කරමි’යි ගොස් එක් පෙදෙසක් බැලීය.
ද්වාදසතෙරසයොජනප්පමාණො පදෙසො කසිණමණ්ඩලං විය සමතලො අහොසි. සො “එත්තකෙ ඨානෙ සත්තරතනමයො මණ්ඩපො උට්ඨහතූ”ති චින්තෙත්වා ඔලොකෙසි. තාවදෙව පථවිං භින්දිත්වා මණ්ඩපො උට්ඨහි. තස්ස සුවණ්ණමයෙසු ථම්භෙසු රජතමයා ඝටකා අහෙසුං, රජතමයෙසු ථම්භෙසු සුවණ්ණමයා, මණිත්ථම්භෙසු පවාළමයා, පවාළත්ථම්භෙසු මණිමයා, සත්තරතනමයෙසු ථම්භෙසු සත්තරතනමයාව ඝටකා අහෙසුං. තතො “මණ්ඩපස්ස අන්තරන්තෙන කිඞ්කිණිකජාලං ඔලම්බතූ”ති ඔලොකෙසි. සහ ඔලොකනෙනෙව කිඞ්කිණිකජාලං ඔලම්බි, යස්ස මන්දවාතෙරිතස්ස පඤ්චඞ්ගිකස්සෙව තූරියස්ස මධුරසද්දො නිග්ගච්ඡති. දිබ්බසඞ්ගීතිවත්තනකාලො විය අහොසි. “අන්තරන්තරා ගන්ධදාමමාලාදාමානි ඔලම්බන්තූ”ති චින්තෙසි. තාවදෙව දාමානි ඔලම්බිංසු. “කොටිසතසහස්සසඞ්ඛ්යානං භික්ඛූනං ආසනානි ච ආධාරකානි ච පථවිං භින්දිත්වා උට්ඨහන්තූ”ති චින්තෙසි. තාවදෙව උට්ඨහිංසු. “කොණෙ කොණෙ එකෙකා උදකචාටියො උට්ඨහන්තූ”ති චින්තෙසි, තාවදෙව උදකචාටියො උට්ඨහිංසු එත්තකං මාපෙත්වා බ්රාහ්මණස්ස සන්තිකං ගන්ත්වා “එහි අය්ය තව මණ්ඩපං ඔලොකෙත්වා මය්හං භතිං දෙහී”ති ආහ. මහාපුරිසො ගන්ත්වා මණ්ඩපං ඔලොකෙසි . ඔලොකෙන්තස්සෙවස්ස සකලසරීරං පඤ්චවණ්ණාය පීතියා නිරන්තරං ඵුටං අහොසි. අථස්ස මණ්ඩපං ඔලොකෙත්වා එතදහොසි “නායං මණ්ඩපො මනුස්සභූතෙන කතො, මය්හං පන අජ්ඣාසයං මය්හං ගුණං ආගම්ම අද්ධා සක්කස්ස භවනං උණ්හං අහොසි. තතො සක්කෙන දෙවරඤ්ඤා අයං මණ්ඩපො කාරිතො භවිස්සතී”ති. “න ඛො පන මෙ යුත්තං එවරූපෙ මණ්ඩපෙ එකදිවසංයෙව දානං දාතුං, සත්තාහං දස්සාමී”ති චින්තෙසි.
දොළොස් තෙළෙස් පමණ වූ පෙදෙස කිසුණු මඬලක් මෙන් සමතලා විය. හෙතෙම මෙතෙක් තැන සත්රුවන්මය මඩුවක් පැනනගීවා’යි සිතා බැලීය. එකෙණෙහිම පොළොව බිඳගෙන මඩුවක් පැන නැගුණි. එහි රන්මුවා ටැම්වල රිදීමය කළස් විය. රිදීමය ටැම්වල රන්මුවා කළස් විය. මිණිටැම්හි පබළුමය (කළස්) විය. පබළු ටැම්හි මිණිමුවා (කළස්) විය. සත්රුවන්මුවා ටැම්හි සත්රුවන්මුවා කළස් විය. ඉක්බිති මඩුවෙහි අතරතුර කිකිණිදැල් එල්බේවායි බැලීය. බැලීමත් සමගම කිකිණිදැල් එල්බිණ. ඒ කිකිණිදැල් මඳපවන් වැදෙනවිට පංචාංගික තූර්යයෙන් මෙන් මිහිරිහඬ නික්මෙයි. දිව්‍ය සංගීත පවත්වන කාලයක් මෙන් විය. අතරතුර සුවඳදම් මල්දම් එල්බේවායි සිතීය. එකෙණෙහිම (සුවඳදම් මල්දම්) එල්බිණ. ගණනින් කෝටිලක්ෂයක් වූ භික්ෂූන් වහන්සේලාට අසුන් සහ ආධාරක පොළොව බිඳගෙන පැනනගීවායි සිතීය. එකෙණෙහිම පැන නැගිණ. කොණක් කොණක් පාසා එක එක දියසැළි පැනනගීවායි සිතීය. එකෙණෙහිම දියසැළි පැන නැඟිණ. මෙතෙක් දේ මවා බමුණා වෙත ගොස් එන්න ස්වාමීනි, ඔබගේ මඩුව බලා මාගේ කුලිය දෙන්නැයි කීය. මහා පුරුෂයාණෝ ගොස් මඩුව බැලූහ. බලන්නා වූම බෝසතුන්ගේ මුළු සිරුර පස්වනක් ප්‍රීතියෙන් අතරක් නැතිව ස්පර්ශ කරන ලද්දේ විය. ඉක්බිති මඩුව බලා බෝසතුන්ට මෙබඳු සිතක් විය. මේ මඩුව මිනිසකු විසින් කරන ලද්දක් නොවේ. මාගේ අදහසට මාගේ ගුණයට ඒකාන්තයෙන් ශක්‍ර භවනය උණුවිය. ඉක්බිති සක්දෙව් රජු විසින් මේ මඩුව කරන ලද්දේය කියායි. මා විසින් මේ මඩුවෙහි එක්දිනක් පමණක් දන් දීම යුතු නොවේ. සත්දිනක් දෙමියි සිතීය.
බාහිරකදානඤ්හි තත්තකම්පි සමානං බොධිසත්තානං තුට්ඨිං කාතුං න සක්කොති. අලඞ්කතසීසං පන ඡින්දිත්වා අඤ්ජිතඅක්ඛීනි උප්පාටෙත්වා, හදයමංසං වා උප්පාටෙත්වා දින්නකාලෙ බොධිසත්තානං චාගං නිස්සාය තුට්ඨි නාම හොති. අම්හාකම්පි හි බොධිසත්තස්ස සිවිජාතකෙ දෙවසිකං පඤ්චසතසහස්සකහාපණානි විස්සජ්ජෙත්වා චතූසු නගරද්වාරෙසු, මජ්ඣෙ නගරෙ ච දානං දදන්තස්ස තං දානං තුට්ඨිං උප්පාදෙතුං නාසක්ඛි. යදා පනස්ස බ්රාහ්මණවණ්ණෙන ආගන්ත්වා සක්කො දෙවරාජා අක්ඛීනි යාචි, තදා තානි උප්පාටෙත්වා දදමානස්සෙව හාසො උප්පජ්ජි, කෙසග්ගමත්තම්පි චිත්තස්ස අඤ්ඤථත්තං නාහොසි. එවං දානං නිස්සාය බොධිසත්තානං තිත්ති නාම නත්ථි. තස්මා සොපි මහාපුරිසො “සත්තාහං මයා කොටිසතසහස්සසඞ්ඛ්යානං භික්ඛූනං දානං දාතුං වට්ටතී”ති චින්තෙත්වා තස්මිං මණ්ඩපෙ බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිසීදාපෙත්වා සත්තාහං ගවපානං නාම අදාසි. ගවපානන්ති මහන්තෙ මහන්තෙ කොලම්බෙ ඛීරස්ස පූරෙත්වා උද්ධනෙසු ආරොපෙත්වා ඝනපාකපක්කෙ ඛීරෙ ථොකෙ තණ්ඩුලෙ පක්ඛිපිත්වා පක්කමධුසක්කරචුණ්ණසප්පීහි අභිසඞ්ඛතං භොජනං වුච්චති. මනුස්සායෙව පන පරිවිසිතුං නාසක්ඛිංසු, දෙවාපි එකන්තරිකා හුත්වා පරිවිසිංසු. ද්වාදසතෙරසයොජනප්පමාණං ඨානම්පි භික්ඛූ ගණ්හිතුං නප්පහොතියෙව. තෙ පන භික්ඛූ අත්තනො ආනුභාවෙන නිසීදිංසු. පරියොසානදිවසෙ සබ්බභික්ඛූනං පත්තානි ධොවාපෙත්වා භෙසජ්ජත්ථාය සප්පිනවනීතතෙලමධුඵාණිතානං පූරෙත්වා තිචීවරෙහි සද්ධිං අදාසි. සඞ්ඝනවකභික්ඛුනා ලද්ධතිචීවරසාටකා සතසහස්සග්ඝනිකා අහෙසුං. සත්ථා අනුමොදනං කරොන්තො “අයං පුරිසො එවරූපං මහාදානං අදාසි, කො නු ඛො භවිස්සතී”ති උපධාරෙන්තො “අනාගතෙ කප්පසතසහස්සාධිකානං ද්වින්නං අසඞ්ඛ්යෙය්යානං මත්ථකෙ ගොතමො නාම බුද්ධො භවිස්සතී”ති දිස්වා මහාපුරිසං ආමන්තෙත්වා “ත්වං එත්තකං නාම කාලං අතික්කමිත්වා ගොතමො නාම බුද්ධො භවිස්සසී”ති බ්යාකාසි.
බාහිර දේ දීමනම් කොතෙකුත් අයට සමානය. එය බෝසතුන් සතුටු කරන්න නොහැකි වෙයි. අලංකාර කරන ලද හිස් සිඳ අඳුනින් සැරසූ ඇස් උපුටා, හදමස් උපුටා දුන් කල්හි බෝසතුන්ට ත්‍යගය නිසා සතුට ඇති වෙයි. අප බෝසතුන්ට ද සිවි ජාතකයෙහි දී දිනපතා කහවණු පස් අමුණක් වැයකොට නුවර දොර සතරේ ද නුවර මැද ද දන් දෙන්නා වූ බෝසතුන්ට ඒ දානය ත්‍යගය පිළිබඳ සතුටක් උපදවන්නට නොහැකි විය. යම් අවස්ථාවක බමුණු වෙස් ගත් සක්දෙව්රජ පැමිණ ඇස් ඉල්ලී ද එදා ඒ ඇස් උපුටා දෙද්දීම සතුට උපන්නේය. සිත කෙසගක් පමණකුදු වෙනසක් නොවීය. මෙසේ දානය නිසා බෝසතුන්ට තෘප්තියක් නම් ඇති නොවේ. එහෙයින් ඒ මහා පුරුෂයාණෝ ද මා විසින් කෙළ ලක්ෂයක් භික්ෂූන්ට සත්දිනක් දන් දෙන්නට වටනේ යැයි සිතා ඒ මඩුවෙහි බුදුපාමොක් බික්සඟන වඩා හිඳුවා සත්දිනක් ගවපාන නම් දානයක් දුන්හ. ගවපානය නම් මහත් මහත් සැළිවල කිරි පුරවා උඳුන්වල තබා කිරි ඝනව පැසුණු කල්හි සහල් ටිකක් දමා පැසුණු මී සකුරු සුනු ගිතෙල් යන දෙයින් පිළියෙල කළ භෝජනයකැයි කියනු ලැබේ. මිනිස්සු පමණක් වළඳවන්නට නො හැකි වූහ. දෙවියෝ ද එක්පසෙකින් වැළඳවූහ. දොළොස් තෙළෙස් යොදුන් පමණ තැන ද භික්ෂූන් ගන්නට නො පොහොසත් වූයේමය. ඒ භික්ෂූන් වහන්සේලා වනාහි තමන්ගේ ආනුභාවයෙන් වැඩසිටියාහුය. අවසන් දිනයේ දී සියලු භික්ෂූන් වහන්සේලා පාත්‍ර සෝදවා බෙහෙත් පිණිස ගිතෙල් වෙඬරු තෙල් මී පැණියෙන් පුරවා තුන්සිවුරු සමග දුන්හ. සංස නවක භික්ෂූන් ලද සිවුරුසළු ලක්ෂයක් අගනේ විය. ශාස්තෲන් වහන්සේ අනුමෝදනාව කරනා සේක් මේ මහා පුරුෂයා මෙබඳු මහා දානයක් දුන්නේය. කවරෙක් නම් වන්නේදැයි සලකා බලන සේක් අනාගතයේ දෙයාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මත්තෙහි ගෞතම නම් බුදුවන්නේ යැයි දැක මහාපුරුෂයා අමතා ඔබ මෙතෙක් නම් කල් ඉක්ම ගෞතම නමින් බුදු වන්නේ යැයි ප්‍රකාශ කළ සේක.
මහාපුරිසො බ්‍යාකරණං සුත්වා “අහං කිර බුද්ධො භවිස්සාමි, කො මෙ ඝරාවාසෙන අත්ථො , පබ්බජිස්සාමී”ති චින්තෙත්වා තථාරූපං සම්පත්තිං ඛෙළපිණ්ඩං විය පහාය සත්ථු සන්තිකෙ පබ්බජි. පබ්බජිත්වා ච බුද්ධවචනං උග්ගණ්හිත්වා අභිඤ්ඤා, සමාපත්තියො ච නිබ්බත්තෙත්වා ආයුපරියොසනෙ බ්රහ්මලොකෙ නිබ්බත්ති.
මහා පුරුෂ තෙම ප්‍රකාශය අසා ‘මම වනාහි බුදු වන්නෙමි. මාගේ ගිහිගෙයි විසීමෙන් කවර ප්‍රයෝජනයක් ද? පැවිදි වන්නෙමියි සිතා එබඳු වූ සම්පත්තිය කෙළපිඩක් මෙන් අතහැර දමා බුදුන් වෙත පැවිදි වූහ. පැවිදි වී ද බුද්ධවචන ඉගෙන අභිඥාවන් හා සමාපත්තීන් උපදවා ගෙන ආයු කෙළවර බඹලොව උපන්හ.
මඞ්ගලස්ස පන භගවතො උත්තරං නාම නගරං අහොසි. පිතාපි උත්තරො නාම ඛත්තියො, මාතාපි උත්තරා නාම, සුදෙවො ච ධම්මසෙනො ච ද්වෙ අග්ගසාවකා, පාලිතො නාම උපට්ඨාකො, සීවලී ච අසොකා ච ද්වෙ අග්ගසාවිකා, නාගරුක්ඛො බොධි, අට්ඨාසීතිහත්ථුබ්බෙධං සරීරං අහොසි. නවුතිවස්සසහස්සානි ඨත්වා පරිනිබ්බුතෙ පන තස්මිං එකප්පහාරෙනෙව දසචක්කවාළසහස්සානි එකන්ධකාරානි අහෙසුං. සබ්බචක්කවාළෙසු මනුස්සානං මහන්තං ආරොදනපරිදෙවනං අහොසි.
මංගල බුදුරජාණන් වහන්සේට උත්තර නම් නුවරක් විය. පියා ද උත්තර නම් රජෙකි. මව ද උත්තරා නම් වූවාය. සුදේවය, ධර්මසේනය යන අගසව් දෙනමක් වූහ. උපස්ථායකයන් වහන්සේ පාලිත නම් විය. සීවලිය, අශෝකාය යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. බෝධිය නා රුකකි. ශරීරය අසූඅට රියන් විය. උන්වහන්සේ අවුරුදු අනූදහසක් වැඩහිඳ පිරිනිවි කල්හි දසදහසක් සක්වල එක්වරම ඒකාන්ධකාර විය. සියලු සක්වල මිනිසුන්ට මහත් හැඬීමක් වැළපීමක් විය.
එවං දසසහස්සිලොකධාතුං අන්ධකාරං කත්වා පරිනිබ්බුතස්ස තස්ස භගවතො අපරභාගෙ සුමනො නාම සත්ථා උදපාදි. තස්සාපි තයො සාවකසන්නිපාතා. පඨමසන්නිපාතෙ කොටිසතසහස්සභික්ඛූ අහෙසුං. දුතියෙ කඤ්චනපබ්බතම්හි නවුතිකොටිසහස්සානි, තතියෙ අසීතිකොටිසහස්සානි. තදා මහාසත්තො අතුලො නාම නාගරාජා අහොසි මහිද්ධිකො මහානුභාවො, සො “බුද්ධො උප්පන්නො”ති සුත්වා ඤාතිසඞ්ඝපරිවුතො නාගභවනා නික්ඛමිත්වා කොටිසතසහස්සභික්ඛුපරිවාරස්ස තස්ස භගවතො දිබ්බතූරියෙහි උපහාරං කාරාපෙත්වා මහාදානං පවත්තෙත්වා පච්චෙකං දුස්සයුගානි දත්වා සරණෙසු පතිට්ඨාසි. සොපි නං සත්ථා “අනාගතෙ බුද්ධො භවිස්සසී”ති බ්යාකාසි.
මෙසේ දසදහසක් ලෝකධාතුව අඳුරුකොට ඒ බුදුරජාණන් වහන්සේගෙන් මෑත භාගයෙහි සුමන නම් වූ ශාස්තෲන් වහන්සේ පහළ වූ සේක. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනක් විය. ප්‍රථම සන්නිපාතයේ දී කෝටි ලක්ෂයක් භික්ෂූහු වූහ. කාඤ්චන පර්වතයෙහිදී වූ දෙවන සන්නිපාතයේ දී අනූකෙළ දහසක් වූහ. තුන්වන සන්නිපාතයේ දී කෝටි අසූදහසක් වූහ. එකල්හි මහබෝසතුන් වහන්සේ මහත් සෘද්ධි ඇති මහත් ආනුභාව ඇති අතුල නම් නාගරාජයෙක් වූහ. උන්වහන්සේ බුදුන්වහන්සේ උපන්හයි අසා නා සමූහයා පිරිවරා නාග භවනයෙන් නික්ම කෙළ ලක්ෂයක් භික්ෂු පිරිවර සහිත ඒ භාග්‍යවතුන් වහන්සේට දිව්‍යමය තූර්යයෙන් උපහාර කරවා මහදන් දී වෙනවෙනම වස්ත්‍ර යුගලදී සරණයෙහි පිහිටියහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ද ඒ බෝසතුන්ට අනාගතයේ දී බුදුවන්නේ යැයි ප්‍රකාශ කළ සේක.
තස්ස භගවතො නගරං මෙඛලං නාම අහොසි, සුදත්තො නාම රාජා පිතා, සිරිමා නාම මාතා, සරණො ච භාවිතත්තො ච ද්වෙ අග්ගසාවකා, උදෙනො නාම උපට්ඨාකො, සොණා ච උපසොණා ච ද්වෙ අග්ගසාවිකා, නාගරුක්ඛොව බොධි, නවුතිහත්ථුබ්බෙධං සරීරං, නවුතියෙව වස්සසහස්සානි ආයුප්පමාණං අහොසීති.
ඒ භාග්‍යවතුන් වහන්සේගේ නුවර මේඛල නම් විය. සුදත්ත නම් රජෙක් පියා විය. මව සිරිමා නම් වූවාය. සරණය, භාවිතත්තය යන අගසව් දෙනමක් වූහ. උපස්ථායකයන් වහන්සේ උදේන නම් විය. සේනාය, උපසේනාය යන අග්‍රශ්‍රාවිකාවෝ දෙනමක් වූහ. බෝධිය නා රුකෙකි. ශරීරය අනුරියන් උස විය. ආයු ප්‍රමාණය අවුරුදු අනූදහසක්ම වූයේය.
තස්ස අපරභාගෙ රෙවතො නාම සත්ථා උදපාදි. තස්සාපි තයො සාවකසන්නිපාතා අහෙසුං, පඨමසන්නිපාතෙ ගණනා නාම නත්ථි, දුතියෙ කොටිසතසහස්සභික්ඛූ අහෙසුං, තථා තතියෙ. තදා බොධිසත්තො අතිදෙවො නාම බ්රාහ්මණො හුත්වා සත්ථු ධම්මදෙසනං සුත්වා සරණෙසු පතිට්ඨාය සිරස්මිං අඤ්ජලිං ඨපෙත්වා තස්ස සත්ථුනො කිලෙසප්පහානෙ වණ්ණං වත්වා උත්තරාසඞ්ගෙන පූජමකාසි. සොපි නං “බුද්ධො භවිස්සසී”ති බ්යාකාසි.
උන්වහන්සේ මෑත භාගයේ දී රේවත ශාස්තෲන් වහන්සේ පහළ සේක. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනක් විය. ප්‍රථම සන්නිපාතයේ දී ගණනක් නම් නැත. දෙවෙනි සන්නිපාතයේ දී කෝටි ලක්ෂයක් භික්ෂූහු වූහ. තුන්වැන්නේ ද එසේමය. එකල අප බෝසතුන් වහන්සේ අතිදේව නම් බමුණෙකුව බුදුන්ගේ ධර්ම දේශනාව අසා සරණයෙහි පිහිටා මුදුනෙහි ඇඳිලි බැඳගෙන ඒ බුදුන්ට කෙලෙස් නැසීමෙහි ගුණ කියා උතුරු සළුවෙන් පිදූහ. ඒ බුදුරජාණන් වහන්සේ ද ඒ බෝසතුන්ට බුදුවන්නේ යැයි ප්‍රකාශ කළ සේක.
තස්ස පන භගවතො නගරං සුධඤ්ඤවතී නාම අහොසි, පිතා විපුලො නාම ඛත්තියො, මාතාපි විපුලා නාම, වරුණො ච බ්රහ්මදෙවො ච ද්වෙ අග්ගසාවකා, සම්භවො නාම උපට්ඨාකො, භද්දා ච සුභද්දා ච ද්වෙ අග්ගසාවිකා, නාගරුක්ඛොව බොධි, සරීරං අසීතිහත්ථුබ්බෙධං අහොසි, ආයු සට්ඨිවස්සසහස්සානීති.
ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය සුධඤ්ඤවතී නම් විය. පියා විපුල නම් රජෙකි. මව විපුලා නම් වූවාය. වරුණාය, බ්‍රහ්මදේවය යන අග්‍ර ශ්‍රාවකයෝ දෙවැන්නෙක් වූහ. උපස්ථායකයන් වහන්සේ සම්භව නම් වූහ. භද්‍රය, සුභද්රාය යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. බෝධිය නාරුකෙකි. ශරිරය අසූරියන් උස විය. හැටදහසක් අවුරුදු ආයු විය.
තස්ස අපරභාගෙ සොභිතො නාම සත්ථා උදපාදි. තස්සාපි තයො සාවකසන්නිපාතා, පඨමසන්නිපාතෙ කොටිසතභික්ඛූ අහෙසුං, දුතියෙ නවුතිකොටියො, තතියෙ අසීතිකොටියො. තදා බොධිසත්තො අජිතො නාම බ්රාහ්මණො හුත්වා සත්ථු ධම්මදෙසනං සුත්වා සරණෙසු පතිට්ඨාය බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං අදාසි. සොපි නං “බුද්ධො භවිස්සසී”ති බ්යාකාසි.
උන්වහන්සේට මෑත භාගයේ දී සෝභිත නම් ශාස්තෲන් වහන්සේ පහළ වූ සේක. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනක් විය. ප්‍රථම සන්නිපාත කෝටි සියයක් භික්ෂූහු වූහ. දෙවන සන්නිපාතයේ දී කෝටි අනූවකි. තුන්වැන්නේ දී කෝටි අසූවකි. දේශනාව අසා සරණයෙහි පිහිටා බුදුපාමොක් බික්සඟනට මහදන් දුන්හ. ඒ බුදුරජාණන් වහන්සේ මෙතෙම බුදුවන්නේ යැයි ප්‍රකාශ කළ සේක.
තස්ස පන භගවතො නගරං සුධම්මං නාම අහොසි, පිතා සුධම්මො නාම රාජා, මාතාපි සුධම්මා නාම, අසමො ච සුනෙත්තො ච ද්වෙ අග්ගසාවකා, අනොමො නාම උපට්ඨාකො, නකුලා ච සුජාතා ච ද්වෙ අග්ගසාවිකා, නාගරුක්ඛොව බොධි, අට්ඨපණ්ණාසහත්ථුබ්බෙධං සරීරං අහොසි, නවුති වස්සසහස්සානි ආයුප්පමාණන්ති.
ඒ භාග්‍යවතුන් වහන්සේගේ නුවර සුධර්ම නම් විය. පියා සුධර්ම නම් රජ කෙනෙකි. මව ද සුධර්මා නම් වූවා ය. අසමය සුනේත්රය යන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් වූහ. නකුලාය, සුජාතාය යන අග්‍රශ්‍රාවිකාවෝ දෙනමක් වූහ. බෝධිය නා රුකෙකි. අවුරුදු අනූදහසක් විය.
තස්ස අපරභාගෙ එකං අසඞ්ඛ්යෙය්යං අතික්කමිත්වා එකස්මිංයෙව කප්පෙ තයො බුද්ධා නිබ්බත්තිංසු අනොමදස්සී, පදුමො, නාරදොති. අනොමදස්සිස්ස භගවතො තයො සාවකසන්නිපාතා, පඨමෙ අට්ඨ භික්ඛුසතසහස්සානි අහෙසුං, දුතියෙ සත්ත, තතියෙ ඡ තදා බොධිසත්තො එකො යක්ඛසෙනාපති අහොසි මහිද්ධිකො මහානුභාවො අනෙකකොටිසතසහස්සානං යක්ඛානං අධිපති. සො “බුද්ධො උප්පන්නො”ති සුත්වා ආගන්ත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං අදාසි. සත්ථාපි නං “අනාගතෙ බුද්ධො භවිස්සසී”ති බ්යාකාසි.
උන්වහන්සේට මෑත භාගයේ දී එක් අසංඛ්‍යයක් ඉක්මවා එක් කපෙක්හිම අනෝමදස්සී ය, පදුම ය, නාරදය යැයි බුදුවරු තුන්නමක් උපන්හ. අනෝමදස්සී බුදුන්ට ශ්‍රාවක සන්නිපාත තුනකි. පළමුවැන්නෙහි භික්ෂූන් වහන්සේලා අටලක්ෂයක් වූහ. දෙවන සන්නිපාතයෙහි සත් ලක්ෂයෙකි. තුන්වන සන්නිපාතයේ දී හය ලක්ෂයෙකි. එකල්හි බෝසතාණෝ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති නොයෙක් කෙළගණන් සතුන්ට අධිපති එක් සෙනෙවියෙක් වූහ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ උපන්හයි අසා අවුත් බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයාට මහා දානයක් දුන්හ. ශාස්තෲන් වහන්සේ ද බෝසතුන්ට අනාගතයේ දී බුදුවන්නේ යැයි ප්‍රකාශ කළ සේක.
අනොමදස්සිස්ස පන භගවතො චන්දවතී නාම නගරං අහොසි, යසවා නාම රාජා පිතා, යසොධරා නාම මාතා, නිසභො ච අනොමො ච ද්වෙ අග්ගසාවකා, වරුණො නාම උපට්ඨාකො , සුන්දරී ච සුමනා ච ද්වෙ අග්ගසාවිකා, අජ්ජුනරුක්ඛො බොධි, සරීරං අට්ඨපණ්ණාසහත්ථුබ්බෙධං අහොසි, වස්සසතසහස්සං ආයූති.
අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට වනාහි චන්ද්රවතී නම් නුවරක් විය. පියා යසවත් නම් රජ කෙනෙකි. මව යශෝධරා නම් වූවා ය. නිසභය, අනෝමය යන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙදෙනෙක් වූහ. උපස්ථායකයන් වහන්සේ වරුණ නම් වූහ. සුන්දරීය, සුමනාය යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. බෝධිය කුඹුක් රුකකි. සිරුර පනස් අටරියනක් විය. අවුරුදු ලක්ෂයක් ආයු විය යනුය.
තස්ස අපරභාගෙ පදුමො නාම සත්ථා උදපාදි. තස්සාපි තයො සාවකසන්නිපාතා, පඨමසන්නිපාතෙ කොටිසතසහස්සභික්ඛූ අහෙසුං, දුතියෙ තීණිසතසහස්සානි, තතියෙ අගාමකෙ අරඤ්ඤෙ මහාවනසණ්ඩවාසීනං භික්ඛූනං ද්වෙ සතසහස්සානි. තදා තථාගතෙ තස්මිංයෙව වනසණ්ඩෙ වසන්තෙ බොධිසත්තො සීහො හුත්වා සත්ථාරං නිරොධසමාපත්තිසමාපන්නං දිස්වා පසන්නචිත්තො වන්දිත්වා පදක්ඛිණං කත්වා පීතිසොමනස්සජාතො තික්ඛත්තුං සීහනාදං නදිත්වා සත්තාහං බුද්ධාරම්මණං පීතිංඅවිජහිත්වා පීතිසුඛෙනෙව ගොචරාය අපක්කමිත්වා ජීවිතපරිච්චාගං කත්වා පයිරුපාසමානො අට්ඨාසි. සත්ථා සත්තාහච්චයෙන නිරොධා වුට්ඨිතො සීහං ඔලොකෙත්වා “භික්ඛුසඞ්ඝෙපි චිත්තං පසාදෙත්වා සඞ්ඝං වන්දිස්සතී”ති “භික්ඛුසඞ්ඝො ආගච්ඡතූ”ති චින්තෙසි. භික්ඛූ තාවදෙව ආගමිංසු. සීහො සඞ්ඝෙ චිත්තං පසාදෙති. සත්ථා තස්ස මානසං ඔලොකෙත්වා “අනාගතෙ බුද්ධො භවිස්සසී”ති බ්යාකාසි.
උන්වහන්සේට මෑත භාගයෙහි පදුම නම් ශාස්තෲන් වහන්සේ පහළ වූහ. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනෙකි. ප්‍රථම සන්නිපාතයේ දී කෝටි ලක්ෂයක් භික්ෂූහු වූහ. දෙවන සන්නිපාතයේ දී තුන් ලක්ෂයකි. තෙවැන්නේ දී නො ගම් අරනෙහි මහවන ලැහැබ වැසි භික්ෂූන්ගෙන් දෙලක්ෂයක් වූහ. එකල්හි තථාගතයන් වහන්සේ ඒ වන ලැහැබේම වැඩ වෙසෙද්දී බෝසතාණෝ සිංහයෙක්ව නිරෝධ සමාපත්තියට සමවන් බුදුන් දැක පැහැදුණු සිත් ඇතිව වැඳ පැදකුණු කොට හටගත් ප්‍රීති හා සොම්නස් ඇතිවම තුන්වරක් සිංහනාද කොට බුද්ධාලම්භන ප්‍රීතිය අත් නොහැර ප්‍රීති සැපයෙන්ම ගොදුරු පිණිස බැහැර නොගොස් ජීවිත පරිත්‍යාග කොට පයුරුපාසනය කෙරෙමින් සිටියහ. ශාස්තෲන් වහන්සේ සත්දින ඇවෑමෙන් නිරෝධ සමාපත්තියෙන් නැගී සිටිසේක් සිංහයා බලා භික්ෂු සංඝයා කෙරෙහි ද සිත පහදා සංඝයා වඳී යැයි භික්ෂු සංඝයා ඒවායි සිතූ සේක. භික්ෂූහු එකෙණෙහිම වැඩියහ. සිංහයා සංඝයා කෙරෙහි සිත පැහැදවීය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ සිත බලා අනාගතයේ දී බුදුවන්නේයැයි ප්‍රකාශ කළ සේක.
පදුමස්ස පන භගවතො චම්පකං නගරං අහොසි අසමො නාම රාජා පිතා, මාතා අසමා නාම, සාලො ච උපසාලො ච ද්වෙ අග්ගසාවකා, වරුණො නාම උපට්ඨාකො, රාමා ච සුරාමා ච ද්වෙ අග්ගසාවිකා, සොණරුක්ඛො නාම බොධි අට්ඨපණ්ණාසහත්ථුබ්බෙධං සරීරං අහොසි, ආයු වස්සසතසහස්සන්ති.
පදුම බුදුරජාණන් වහන්සේට වනාහි චම්පක නම් නුවරක් විය. අසම නම් රජ පියා විය. මව අසමා නම් වූවා ය. සාලය, උපසාලය යැයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් වූහ. උපස්ථායකයන් වහන්සේ වරුණ නම් වූහ. රාමාය, සුරාමාය යන දෙදෙනා අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. බෝධිය තොටිල ගසෙකි. ශරීරය පන් අටරියන් විසිලක්ෂයක් ආයු විය.
තස්ස අපරභාගෙ නාරදො නාම සත්ථා උදපාදි. තස්සාපි තයො සාවකසන්නිපාතා, පඨමසන්නිපාතෙ කොටිසතසහස්සභික්ඛූ අහෙසුං, දුතියෙ නවුතිකොටිසහස්සානි, තතියෙ අසීතිකොටිසහස්සානි. තදා බොධිසත්තො ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා පඤ්චසු අභිඤ්ඤාසු, අට්ඨසු ච සමාපත්තීසු චිණ්ණවසී හුත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං දත්වා ලොහිතචන්දනෙන පූජමකාසි, සොපි නං “අනාගතෙ බුද්ධො භවිස්සසී”ති බ්යාකාසි.
උන්වහන්සේට මැත භාගයේ දී නාරද නම් ශාස්තෲන් වහන්සේ පහළ වූහ. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනකි. ප්‍රථම සන්නිපාතයේ දී කෙළ ලක්ෂයක් භික්ෂූහු වූහ. දෙවන සන්නිපාතයේ දී කෝටි අනූදහසකි. තුන්වැන්නේදී සන්ධි අසූදහසකි. එකල්හි බෝසතාණෝ ඍෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව පංච අභිඥාවන්හි ද අෂ්ට සමාපත්තීන්හි ද පුරුදු කළ වසඟ ඇතිව බුදුපාමොක් බික්සඟනට මහදන් දී රත්සඳුනින් පූජා කළහ. ඒ බුදුරජාණන් වහන්සේ ද ඒ බෝසතුන්ට අනාගතයේ දී බුදුවන්නේ යැයි ප්‍රකාශ කළ සේක.
තස්ස පන භගවතො ධඤ්ඤවතී නාම නගරං අහොසි, සුදෙවො නාම ඛත්තියො පිතා, අනොමා නාම මාතා, භද්දසාලො ච ජිතමිත්තො ච ද්වෙ අග්ගසාවකා, වාසිට්ඨො නාම උපට්ඨාකො, උත්තරා ච ඵග්ගුනී ච ද්වෙ අග්ගසාවිකා, මහාසොණරුක්ඛො බොධි, සරීරං අට්ඨාසීතිහත්ථුබ්බෙධං අහොසි, නවුති වස්සසහස්සානි ආයූති.
ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි ධඤ්ඤවතී නම් නුවර විය. සුදේව බමුණෙක් පියා විය. මව අනෝමා නම් වූවා ය. භද්රසාලය, ජිතමිත්රය යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායකයන් වහන්සේ වාසෙට්ඨ නම් වූහ. උත්තරාය, ඵග්ගුණීය යන දෙදෙන අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. බෝධිය මහා තොටිල්ල රුකකි. සිරුර අටඅසූරියන් විය. අනූදහසක් අවුරුදු ආයු විය.
නාරදබුද්ධස්ස පන අපරභාගෙ එකං අසඞ්ඛ්යෙය්යං අතික්කමිත්වා ඉතො සතසහස්සකප්පමත්ථකෙ එකස්මිං කප්පෙ එකොව පදුමුත්තරො නාම බුද්ධො උදපාදි. තස්සාපි තයො සාවකසන්නිපාතා, පඨමසන්නිපාතෙ කොටිසතසහස්සභික්ඛූ අහෙසුං, දුතියෙ වෙභාරපබ්බතෙ නවුතිකොටිසහස්සානි, තතියෙ අසීතිකොටිසහස්සානි. තදා බොධිසත්තො ජටිලො නාම මහාරට්ඨියො හුත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස සචීවරං දානං අදාසි. සොපි නං “අනාගතෙ බුද්ධො භවිස්සසී”ති බ්යාකාසි. පදුමුත්තරස්ස පන භගවතො කාලෙ තිත්ථියා නාම නාහෙසුං සබ්බෙ දෙවමනුස්සා බුද්ධමෙව සරණමකංසු.
නාරද බුදුන්ට මෑත භාගයේ දී එක් අසංඛ්‍යයක් ඉක්ම මෙයින් කල්ප ලක්ෂයකට මත්තෙහි එක් කපෙක්හි පදුමුත්තර නම් එකම බුදුකෙනෙක් පහළ වූ සේක. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනකි. ප්‍රථම සන්නිපාතයේ දී කෝටි ලක්ෂයක් භික්ෂූහු වූහ. වේහාර පර්වතයේ දී වූ දෙවන සන්නිපාතයේ දී කෝටි අනූදහසකි. තුන්වැන්නේ දී කෝටි ආයු දහසකි. එකල්හි බෝසතාණෝ ජටිල නම් මහරැටියෙක්ව බුදුපාමොක් බික්සඟනට සිවුරු සහිත දන් දුන්හ. ඒ බුදුරජාණන් වහන්සේ ද බෝසතුන්ට මෙතෙම අනාගතයේ දී බුදුවන්නේ යැයි ප්‍රකාශ කළ සේක. පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි වනාහි තීර්ථකයෝ නොවූහ. සියලු දෙවි මිනිස්සු බුදුන්ම සරණ ගියහ.
තස්ස නගරං හංසවතී නාම අහොසි, පිතා ආනන්දො නාම ඛත්තියො, මාතා සුජාතා නාම, දෙවලො ච සුජාතො ච ද්වෙ අග්ගසාවකා සුමනො නාම උපට්ඨාකො, අමිතා ච අසමා ච ද්වෙ අග්ගසාවිකා, සලලරුක්ඛො බොධි, සරීරං අට්ඨාසීතිහත්ථුබ්බෙධං අහොසි, සරීරප්පභා සමන්තතො ද්වාදස යොජනානි ගණ්හි වස්සසතසහස්සං ආයූති.
ඒ බුදුන්ගේ නුවර හංසවතී නම් විය. පියා ආනන්ද නම් ක්ෂත්රියෙකි. මව සුජාතා නම් වූවාය. දේවලය, සුජාතය යන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් වූහ. උපස්ථායකයන් වහන්සේ සුමනා නම් වූහ. අමිතාය අසමාය යන දෙදෙන අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. බෝධිය සල් රුකකි. සිරුර අසූ අටරියන් උස විය. ශරීර ප්‍රභාව හාත්පස දොළොස් යොදුනෙක පැතිර ගත්තේය. අවුරුදු ලක්ෂයක් ආයු විය.
තස්ස අපරභාගෙ සත්තතිකප්පසහස්සානි අතික්කමිත්වා ඉතො තිංසකප්පසහස්සමත්ථකෙ සුමෙධො ච සුජාතො චාති එකස්මිං කප්පෙ ද්වෙ බුද්ධා නිබ්බත්තිංසු. සුමෙධස්සාපි තයො සාවකසන්නිපාතා, පඨමසන්නිපාතෙ සුදස්සනනගරෙ කොටිසතඛීණාසවා අහෙසුං, දුතියෙ නවුතිකොටියො, තතියෙ අසීතිකොටියො. තදා බොධිසත්තො උත්තරො නාම බ්‍රාහ්මණමාණවො හුත්වා නිදහිත්වා ඨපිතංයෙව අසීතිකොටිධනං විස්සජ්ජෙත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං දත්වා ධම්මං සුත්වා සරණෙසු පතිට්ඨාය නික්ඛමිත්වා පබ්බජි. සොපි නං “අනාගතෙ බුද්ධො භවිස්සසී”ති බ්යාකාසි.
උන්වහන්සේට මෑත භාගයේ දී තිස්දහසක් කප් ඉක්මවා එක් කපෙක සුමේධය සුජාත යැයි බුදුවරු දෙනමක් උපන්හ. සුමේධ බුදුන්ට ශ්‍රාවක සන්නිපාත තුනක් විය. ප්‍රථම සන්නිපාතයේ දී සුදර්ශන නගරයේ කෝටි සියයක් රහතන් වහන්සේලා වූහ. දෙවන සන්නිපාතයේ දී අනූ කෝටියකි. තුන්වැන්නෙහි දී අසූ කෝටියකි. එකල්හි බෝසතාණෝ උත්තර නම් මානවකයෙක්ව නිදන්කොට තබන ලද්දා වූම අසූකෙළක් ධනය වියදම් කොට බුදුපාමොක් බික්සඟනට මහදන් දී බණ අසා සරණයෙහි පිහිටා (ගිහි ගෙයින්) නික්ම පැවිදි විය. ඒ බුදුරජාණන් වහන්සේ ද ඒ බෝසතුන් අනාගතයේ දී බුදු වන්නේ යැයි ප්‍රකාශ කළ සේක.
සුමෙධස්ස භගවතො සුදස්සනං නාම නගරං අහොසි, සුදත්තො නාම රාජා පිතා, මාතාපි සුදත්තා නාම, සරණො ච සබ්බකාමො ච ද්වෙ අග්ගසාවකා, සාගරො නාම උපට්ඨාකො, රාමා ච සුරාමා ච ද්වෙ අග්ගසාවිකා, මහානීපරුක්ඛො බොධි, සරීරං අට්ඨාසීතිහත්ථුබ්බෙධං අහොසි, ආයු නවුති වස්සසහස්සානීති.
සුමේධ බුදුන්ට සුදර්ශන නම් නුවරක් විය. සුදන්ත නම් රජ පියා විය. මව ද සුදන්තා නම් වූවා ය. සරණාය, සබ්බකාම යැයි අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායකයන් වහන්සේ සාගර නම් වූහ. රාමා, සුරාම යැයි අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. මහ මිදෙල්ල ගසක් බෝධිය විය. ශරිරය අසූ අට රියන් විය. අවුරුදු අනූදහසක් ආයු විය.
තස්ස අපරභාගෙ සුජාතො නාම සත්ථා උදපාදි. තස්සාපි තයො සාවකසන්නිපාතා, පඨමසන්නිපාතෙ සට්ඨිභික්ඛුසතසහස්සානි අහෙසුං , දුතියෙ පඤ්ඤාසං, තතියෙ චත්තාලීසං. තදා බොධිසත්තො චක්කවත්තිරාජා හුත්වා “බුද්ධො උප්පන්නො”ති සුත්වා උපසඞ්කමිත්වා ධම්මං සුත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස සද්ධිං සත්තහි රතනෙහි චතුමහාදීපරජ්ජං දත්වා සත්ථු සන්තිකෙ පබ්බජි. සකලරට්ඨවාසිනො රට්ඨුප්පාදං ගහෙත්වා ආරාමිකකිච්චං සාධෙන්තා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස නිච්චං මහාදානං අදංසු. සොපි නං සත්ථා බ්යාකාසි.
උන්වහන්සේට මෑත භාගයේ දී සුජාත නම් ශාස්තෲන් වහන්සේ පහළ වූ සේක. උන්වහන්සේ ද ශ්‍රාවක සන්නිපාත තුනකි. ප්‍රථම සන්නිපාතයේ දී භික්ෂූන් වහන්සේලා සැටනමක් වූහ. දෙවන සන්නිපාතයේදී පනස් ලක්ෂයක් වූහ. සතරවන සන්නිපාතයේ දී හතළිස් ලක්ෂයක් වූහ. එකල්හි බෝසතාණෝ සක්විති රජෙක්ව බුදුරජාණන් වහන්සේ උපන් සේක අසා (බුදුන් වෙත) එළඹ බණ අසා බුදුපාමොක් බික්සඟනට සප්තවිධ රත්නයන් සමග සිවුමහ දිවයිනේ රාජ්‍යය දී බුදුන් වෙත පැවිදි වූහ. මුළු නුවරවැසියෝ රටෙහි උපදනා අය ගෙන ආරාමික කටයුතු සිදුකෙරෙමින් බුදුපාමොක් බික්සඟනට නිතර මහදන් දුන්හ. ඒ බුදුරජාණන් වහන්සේ ද බෝසතුන්ට බුදුවන්නේ යැයි ප්‍රකාශ කළහ.
තස්ස භගවතො නගරං සුමඞ්ගලං නාම අහොසි, උග්ගතො නාම රාජා පිතා, පභාවතී නාම මාතා, සුදස්සනො ච සුදෙවො ච ද්වෙ අග්ගසාවකා, නාරදො නාම උපට්ඨාකො, නාගා ච නාගසමාලා ච ද්වෙ අග්ගසාවිකා, මහාවෙළුරුක්ඛො බොධි, සො කිර මන්දච්ඡිද්දො ඝනක්ඛන්ධො උපරිනිග්ගතාහි මහාසාඛාහි මොරපිඤ්ඡකලාපො විය විරොචිත්ථ. තස්ස භගවතො සරීරං පණ්ණාසහත්ථුබ්බෙධං අහොසි, ආයු නවුතිවස්සසහස්සානීති.
ඒ බුදුන්ගේ නුවර සුමංගල නම් විය. උග්රසේන නම් රජ පියා විය. මව පභාවතී නම් වූවා ය. සුදර්ශනය, සුදේවය යන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් වූහ. උපස්ථායකයන් වහන්සේ නාරද නම් වූහ. නාග, නාගසමාලා යන දෙදෙනා අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. බෝධිය මහ උණ රුකක් විය. ඒ බෝධිය වනාහි මඳ සිදුර ඇතියේ ඝන වූ කද ඇතියේ මත්තෙහි නිකුත් වූ අතුවලින් මොනර පිල් කලඹක් මෙන් බැබළිණ. ඒ බුදුන්ගේ ශරිරය පනස්රියන් උස විය. අවුරුදු අනූදහසක් අසු විය.
තස්ස අපරභාගෙ ඉතො අට්ඨාරසකප්පසතමත්ථකෙ එකස්මිං කප්පෙ පියදස්සී, අත්ථදස්සී, ධම්මදස්සීති තයො බුද්ධා නිබ්බත්තිංසු. පියදස්සිස්සාපි තයො සාවකසන්නිපාතා. පඨමෙ කොටිසතසහස්සභික්ඛූ අහෙසුං, දුතියෙ නවුතිකොටියො, තතියෙ අසීතිකොටියො. තදා බොධිසත්තො කස්සපො නාම මාණවො තිණ්ණං වෙදානං පාරඞ්ගතො හුත්වා සත්ථු ධම්මදෙසනං සුත්වා කොටිසතසහස්සධනපරිච්චාගෙන සඞ්ඝාරාමං කාරෙත්වා සරණෙසු ච සීලෙසු ච පතිට්ඨාසි. අථ නං සත්ථා “අට්ඨාරසකප්පසතච්චයෙන බුද්ධො භවිස්සසී”ති බ්යාකාසි.
ඒ බුදුන්ට මෑත භාගයේ දී කල්ප එක්දහස් අටසියයකින් මත්තෙහි එක් කපෙක පියදස්සී, අත්ථදස්සී, ධම්මදස්සී යන බුදුවරු තුන්නමක් උපන්හ. පියදස්සී බුදුන්ට ද ශ්‍රාවක සන්නිපාත තුනක් විය. ප්‍රථම සන්නිපාතයේ දී කෙළ ලක්ෂයක් භික්ෂූහු වූහ. දෙවැන්නේ කෝටි අනූවකි. තුන්වැන්නේ අසූ කෝටියකි. එකල්හි බෝසතාණෝ කාශ්‍යප නම් මානවකයෙක්ව ත්‍රිවේදයෙහි කෙළ පැමිණ බුදුන්ගේ ධර්ම දේශනාව අසා කෙළ ලක්ෂයක් ධන පරිත්‍යාගයෙන් සංඝාරාමයක් කරවා සරණයෙහි ද සීලයෙහි ද පිහිටියහ. ඉක්බිති බුදුරජාණෝ ඒ බෝසතුන් මින් අටළොස් කපක් ඇවෑමෙන් බුදුවන්නේ යැයි ප්‍රකාශ කළහ.
තස්ස භගවතො අනොමං නාම නගරං අහොසි, පිතා සුදින්නො නාම රාජා, මාතා චන්දා නාම, පාලිතො ච සබ්බදස්සී ච ද්වෙ අග්ගසාවකා, සොභිතො නාම උපට්ඨාකො, සුජාතා ච ධම්මදින්නා ච ද්වෙ අග්ගසාවිකා, පියඞ්ගුරුක්ඛො බොධි, සරීරං අසීතිහත්ථුබ්බෙධං අහොසි, නවුතිවස්සසහස්සානි ආයූති.
ඒ බුදුන්ගේ නුවර අනෝම නම් විය. පියා සුදින්න නම් රජෙකි. මව චන්ද්‍රා නම් වූවා ය. පාලිත, සබ්බදස්සී යන අගසව් දෙනමක් වූහ. උපස්ථායකයන් වහන්සේ සෝභිත නම් වූහ. සුජාතා, ධම්මදින්නා යන අග්‍රශ්‍රාවිකාවෝ දෙනමක් වූහ. බෝධිය පුවඟු රුකෙකි. සිරුර අසූරියන් උස විය. අනූදහසක් අවුරුදු ආයු විය යනුයි.
තස්ස අපරභාගෙ අත්ථදස්සී නාම භගවා උදපාදි. තස්සාපි තයො සාවකසන්නිපාතා. පඨමෙ අට්ඨනවුතිභික්ඛුසතසහස්සානි අහෙසුං, දුතියෙ අට්ඨාසීතිසහස්සානි, තථා තතියෙ. තදා බොධිසත්තො සුසීමො නාම මහිද්ධිකො තාපසො හුත්වා දෙවලොකතො මන්දාරවපුප්ඵච්ඡත්තං ආහරිත්වා සත්ථාරං පූජෙසි. සොපි නං සත්ථා බ්යාකාසි.
උන්වහන්සේට මෑත භාගයේ දී අත්ථදස්සී නම් භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සේක. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනක් විය. පළමුවැන්නෙහි භික්ෂූහු අනූඅටදහසක් වූහ. දෙවැනෙහි අසූ අට දහසකි. තුන්වැන්නේ ද එසේමය. එකල්හි බෝසතාණෝ මහත් සෘද්ධි ඇති සුසීම නම් තව්සකුව දෙව්ලොවින් මදාරා මල් ඡත්රයක් ගෙනවුත් බුදුන්ට පිදූහ. ඒ බුදුරජාණන් වහන්සේ ද, බෝසතුන් බුදුවන්නේ යැයි ප්‍රකාශ කළහ.
තස්ස භගවතො සොභණං නාම නගරං අහොසි, සාගරො නාම රාජා පිතා, සුදස්සනා නාම මාතා, සන්තො ච උපසන්තො ච ද්වෙ අග්ගසාවකා, අභයො නාම උපට්ඨාකො, ධම්මා ච සුධම්මා ච ද්වෙ අග්ගසාවිකා, චම්පකරුක්ඛො බොධි, සරීරං අසීතිහත්ථුබ්බෙධං අහොසි, සරීරප්පභා සමන්තතො සබ්බකාලං යොජනමත්තං ඵරිත්වා අට්ඨාසි, ආයු වස්සසතසහස්සන්ති.
ඒ බුදුන්ට ශෝභන නම් නුවරක් විය. පියා සාගර නම් රජෙකි. මව සුදර්ශනා නම් වූවා ය. ශාන්ත, උපශාන්ත යන දෙනම අග්‍ර ශ්‍රාවකයෝ වූහ. උපස්ථායකයන් වහන්සේ අභය නම් වූහ. ධර්මා, සුධර්මා යන දෙදෙන අග්‍රශ්‍රාවිකාවෝ වූහ. බෝධිය සපු රුකකි. සිරුර අසූරියන් උස විය. ශරීර ප්‍රභාව හැමකල්හිම යොදුනක් තැන පැතිර සිටියේය. අවුරුදු ලක්ෂයක් ආයු විය.
තස්ස අපරභාගෙ ධම්මදස්සී නාම සත්ථා උදපාදි. තස්සාපි තයො සාවකසන්නිපාතා. පඨමසන්නිපාතෙ කොටිසතභික්ඛූ අහෙසුං, දුතියෙ නවුතිකොටියො, තතියෙ අසීතිකොටියො. තදා බොධිසත්තො සක්කො දෙවරාජා හුත්වා දිබ්බගන්ධපුප්ඵෙහි ච දිබ්බතූරියෙහි ච පූජමකාසි. සොපි නං සත්ථා බ්යාකාසි.
උන්වහන්සේට මෑත භාගයේ දී ධම්මදස්සී නම් බුදුරජාණන් වහන්සේ පහළ වූහ. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනෙකි. ප්‍රථම සන්නිපාතයේ දී භික්ෂූහු කෝටි සියයක් වූහ. දෙවැන්නේ කෝටි හැත්තෑවකි. තුන්වැන්නේ කෝටි අසූවකි. එකල්හි බෝසතාණෝ සක්දෙව් රජව දිව්‍යමය සුවඳින් ද මලින් ද තූර්යයෙන් ද පූජා කළහ. ඒ බුදුරජාණන් වහන්සේ ද බෝසතුන්ට විවරණ දුන්හ.
තස්ස භගවතො සරණං නාම නගරං අහොසි, පිතා සරණො නාම රාජා, මාතා සුනන්දා නාම, පදුමො ච ඵුස්සදෙවො ච ද්වෙ අග්ගසාවකා, සුනෙත්තො නාම උපට්ඨාකො, ඛෙමා ච සබ්බනාමා ච ද්වෙ අග්ගසාවිකා, රත්තඞ්කුරරුක්ඛො බොධි, “කකුධරුක්ඛො”තිපි “බිම්බිජාලො”තිපි වුච්චති සරීරං පනස්ස අසීතිහත්ථුබ්බෙධං අහොසි, වස්සසතසහස්සං ආයූති.
ඒ බුදුන්ට සරණ නම් නුවරක් විය. පියා සරණ නම් රජෙකි. මව සුනන්දා නම් වූවාය. පදුමය, ඵුස්සදේවය යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායකයන් වහන්සේ සුනේත්ර නම් වූහ. බේමාය, සච්චනාමාය යන දෙදෙන අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. බෝධිය රත්කරව් රුකකි. කුඹුක් රුකකැයි ද කෙම් රුකකැයි ද කියනු ලැබේ. උන්වහන්සේගේ ශරිරය වනාහි අසූරියන් උස විය. අවුරුදු ලක්ෂයක් ආයු විය.
තස්ස අපරභාගෙ ඉතො චතුනවුතිකප්පමත්ථකෙ එකස්මිං කප්පෙ එකොව සිද්ධත්ථො නාම බුද්ධො උදපාදි. තස්සාපි තයො සාවකසන්නිපාතා. පඨමසන්නිපාතෙ කොටිසතසහස්සභික්ඛූ අහෙසුං, දුතියෙ නවුතිකොටියො තතියෙ අසීතිකොටියො. තදා බොධිසත්තො උග්ගතෙජො අභිඤ්ඤාබලසම්පන්නො මඞ්ගලො නාම තාපසො හුත්වා මහාජම්බුඵලං ආහරිත්වා තථාගතස්ස අදාසි. සත්ථා තං ඵලං පරිභුඤ්ජිත්වා “චතුනවුතිකප්පමත්ථකෙ බුද්ධො භවිස්සසී”ති බොධිසත්තං බ්යාකාසි.
උන්වහන්සේට මෑත භාගයෙහි මෙයින් අනූහතර කපකට මත්තෙහි එක්කපෙක සිද්ධාර්ථ නම් එකම බුදු කෙනෙක් පහළ වූහ. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත හතකි. ප්‍රථම සන්නිපාතයේ දී කෙළ ලක්ෂයක් භික්ෂූන් වහන්සේලා වූහ. දෙවන සන්නිපාතයේ දී අනූකෙළකි. තුන්වැන්නේ දී අසූකෙළක් වූහ. එකල බෝසතාණෝ උග්‍ර තේජස් ඇති අභිඥා බලයෙන් යුත් මංගල නම් තවුසෙක්ව මහ දඹ ඵලයක් ගෙනවුත් බුදුන්ට දුන්හ. ශාස්තෲන් වහන්සේ එය වළඳා අනූහතර කපකින් මත්තෙහි බුදු වන්නේයැයි බෝසතුන්ට ප්‍රකාශ කළ සේක.
තස්ස භගවතො නගරං වෙභාරං නාම අහොසි, පිතා ජයසෙනො නාම රාජා, මාතා සුඵස්සා නාම, සම්බලො ච සුමිත්තො ච ද්වෙ අග්ගසාවකා, රෙවතො නාම උපට්ඨාකො, සීවලා ච සුරාමා ච ද්වෙ අග්ගසාවිකා, කණිකාරරුක්ඛො බොධි, සරීරං සට්ඨිහත්ථුබ්බෙධං අහොසි, වස්සසතසහස්සං ආයූති.
ඒ බුදුන්ගේ නුවර වේභාර නම් විය. ජයසේන නම් රජ පියා විය. මව ඵුස්සා නම් වූවාය. සම්බලය, සුමිත්‍රය යන දෙනම අග්‍ර ශ්‍රාවකයෝ වූහ. උපස්ථායකයන් වහන්සේ රේවත නම් වූහ. සීවලාය, සුරාමාය යන දෙදෙන අග්‍රශ්‍රාවිකාවෝ වූහ. බෝධිය කිණිහිරි රුකකි. ශරීරය හැටරියන් උස විය. අවුරුදු ලක්ෂයක් ආයු විය.
තස්ස අපරභාගෙ ඉතො ද්වෙනවුතිකප්පමත්ථකෙ තිස්සො ඵුස්සොති එකස්මිං කප්පෙ ද්වෙ බුද්ධා නිබ්බත්තිංසු. තිස්සස්ස පන භගවතො තයො සාවකසන්නිපාතා. පඨමසන්නිපාතෙ භික්ඛූනං කොටිසතං අහොසි, දුතියෙ නවුතිකොටියො, තතියෙ අසීතිකොටියො. තදා බොධිසත්තො මහාභොගො මහායසො සුජාතො නාම ඛත්තියො හුත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා මහිද්ධිකභාවං පත්වා “බුද්ධො උප්පන්නො”ති සුත්වා දිබ්බමන්දාරවපදුමපාරිච්ඡත්තකපුප්ඵානි ආදාය චතුපරිසමජ්ඣෙ ගච්ඡන්තං තථාගතං පූජෙසි, ආකාසෙ පුප්ඵවිතානං හුත්වා අට්ඨාසි. සොපි නං සත්ථා “ඉතො ද්වෙනවුතිකප්පමත්ථකෙ බුද්ධො භවිස්සසී”ති බ්යාකාසි.
ඒ බ්‍රහ්ම මෑත භාගයේ දී මෙයින් දෙයානූ කපකින් මත්තෙහි එකම කලෙක තිස්සය, ඵුස්සය යන බුදුවරු දෙනමක් උපන්හ. තිස්ස බුදුන්ට වනාහි ශ්‍රාවක සන්නිපාත තුනකි. ප්‍රථම සන්නිපාතයේ දී කෝටි සියයක් භික්ෂූන් වහන්සේලා වූහ. දෙවැන්නෙහි අනූකෙළකි. තුන්වැන්නෙහි අසූකෙළකි. එකල්හි බෝසතාණෝ මහත් භෝග ඇති මහත් කීර්ති ඇති සුජාත නම් ක්ෂත්රියෙක්ව ඍෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව මහත් සෘද්ධිමත්ව බුදුරජාණන් වහන්සේ උපන්හයි අසා දිව මදාරා පියුම් කුසුම් ගෙනවුත් සිවුපිරිස මැද වඩනා බුදුන්ට පූජා කළහ. අහසෙහි මල් වියනක් මෙන් කළේය. ඒ ශාස්තෲන් වහන්සේ ද මෙයින් කල්ප අනූදෙකකින් මත්තෙහි බුදුවන්නේ යැයි ප්‍රකාශ කළ සේක.
තස්ස භගවතො ඛෙමං නාම නගරං අහොසි, පිතා ජනසන්ධො නාම ඛත්තියො, මාතා පදුමා නාම, බ්රහ්මදෙවො ච උදයො ච ද්වෙ අග්ගසාවකා සමඞ්ගො නාම උපට්ඨාකො, ඵුස්සා ච සුදත්තා ච ද්වෙ අග්ගසාවිකා අසනරුක්ඛො බොධි, සරීරං සට්ඨිහත්ථුබ්බෙධං අහොසි, වස්සසතසහස්සං ආයූති.
ඒ බුදුන්ගේ නුවර ඛේම නම් විය. පියා ජනසන්ධ නම් ක්ෂත්රියෙකි. මව පදුම නම් වූවාය. බ්‍රහ්මදේවය, උදයය යන දෙදෙනා අග්‍ර ශ්‍රාවකයෝ වූහ. උපස්ථායකයන් වහන්සේ සුමංගල නම් වූහ. ඵුස්සාය, සුදත්තාය යන දෙදෙන අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. බෝධිය පියා ගසෙකි. ශරීරය සැට රියන් උස විය. අවුරුදු ලක්ෂයක් ආයු විය.
තස්ස අපරභාගෙ ඵුස්සො නාම සත්ථා උදපාදි. තස්සාපි තයො සාවකසන්නිපාතා, පඨමසන්නිපාතෙ සට්ඨි භික්ඛුසතසහස්සානි අහෙසුං, දුතියෙ පණ්ණාස, තතියෙ ද්වත්තිංස. තදා බොධිසත්තො විජිතාවී නාම ඛත්තියො හුත්වා මහාරජ්ජං පහාය සත්ථු සන්තිකෙ පබ්බජිත්වා තීණි පිටකානි උග්ගහෙත්වා මහාජනස්ස ධම්මකථං කථෙසි. සීලපාරමිඤ්ච පූරෙසි. සොපි නං “බුද්ධො භවිස්සසී”ති බ්යාකාසි.
උන්වහන්සේට මෑත භාගයෙහි ඵුස්ස නම් ශාස්තෲන් වහන්සේ පහළ වූ සේක. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනකි. ප්‍රථම සන්නිපාතයෙහි භික්ෂූන් වහන්සේලා සැටලක්ෂයක් වූහ. දෙවැන්නෙහි පනස් ලක්ෂයකි. තෙවැන්නෙහි දෙතිස් ලක්ෂයකි. එකල බෝසතාණන් වහන්සේ විජිතාවි නම් ක්ෂත්රියෙක්ව මහත් වූ රාජ්‍යය හැරපියා බුදුන් වෙත පැවිදිව ත්‍රිපිටකය ඉගෙන මහජනයාට බණකථා කීහ. සීල පාරමිතාව ද පිරූහ. ඒ බුදුරජාණන් වහන්සේ ද බෝසතුන්ට එසේම (අනාගතයේ බුදු වන්නේ යැයි) ප්‍රකාශ කළහ.
තස්ස භගවතො කාසි නාම නගරං අහොසි, ජයසෙනො නාම රාජා පිතා, සිරිමා නාම මාතා, සුරක්ඛිතො ච ධම්මසෙනො ච ද්වෙ අග්ගසාවකා, සභියො නාම උපට්ඨාකො, චාලා ච උපචාලා ච ද්වෙ අග්ගසාවිකා , ආමලකරුක්ඛො බොධි, සරීරං අට්ඨපණ්ණාසහත්ථුබ්බෙධං අහොසි, නවුති වස්සසහස්සානි ආයූති.
ඒ බුදුන්ට කාසි නම් නුවරක් විය. ජයසේන නම් රජ පියා විය. මව සිරිමා නම් වූවා ය. සුරක්ඛිතය, ධර්මසේනය යන දෙදෙන අග්‍ර ශ්‍රාවකයෝ වූහ. උපස්ථායකයන් වහන්සේ සභිය නම් වූහ. චාලාය, උපචාලාය යන දෙදෙන අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. බෝධිය නෙල්ලි ගසකි. සිරුර පනස්අට රියන් විය. අවුරුදු අනූදසක් ආයු විය.
තස්ස අපරභාගෙ ඉතො එකනවුතිකප්පෙ විපස්සී නාම භගවා උදපාදි. තස්සාපි තයො සාවකසන්නිපාතා , පඨමසන්නිපාතෙ අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සානි අහෙසුං, දුතියෙ එකසතසහස්සං, තතියෙ අසීතිසහස්සානි. තදා බොධිසත්තො මහිද්ධිකො මහානුභාවො අතුලො නාම නාගරාජා හුත්වා සත්තරතනඛචිතං සොවණ්ණමයං මහාපීඨං භගවතො අදාසි. සොපි නං සත්ථා “ඉතො එකනවුතිකප්පෙ බුද්ධො භවිස්සසී”ති බ්යාකාසි.
උන්වහන්සේට මෑත භාගයෙහි මෙයින් අනූ එක්වැනි කපෙහි විපස්සි නම් භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සේක. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනකි. ප්‍රථම සන්නිපාතයෙහි හැට අට දහසක් භික්ෂූන් වහන්සේලා වූහ. දෙවැන්නෙහි එක්ලක්ෂයකි. තුන්වැන්නෙහි අසූ දහසෙකි. එකල බෝසතාණෝ මහත් සෘද්ධි ඇති මහත් ආනුභාව ඇති අතුල නම් නා රජෙක්ව සත්රුවන් එබ්බූ රන්මුවා මහ පුටුවක් බුදුන්ට දුන්හ. ඒ බුදුරජාණන් වහන්සේ ද බෝසතුන්ට මෙයින් අනූඑක්වන කපෙහි බුදුවන්නේ යැයි ප්‍රකාශ කළහ.
තස්ස භගවතො බන්ධුමතී නාම නගරං අහොසි, බන්ධුමා නාම රාජා පිතා. බන්ධුමතී නාම මාතා, ඛණ්ඩො ච තිස්සො ච ද්වෙ අග්ගසාවකා, අසොකො නාම උපට්ඨාකො, චන්දා ච චන්‍දමිත්තා ච ද්වෙ අග්ගසාවිකා පාටලිරුක්ඛො බොධි, සරීරං අසීතිහත්ථුබ්බෙධං අහොසි, සරීරප්පභා සදා සත්ත යොජනානි ඵරිත්වා අට්ඨාසි, අසීතිවස්සසහස්සානි ආයූති.
ඒ බුදුන්ට බන්ධුමතී නම් නුවරක් විය. බන්ධුමතී නම් රජ පියා විය. මව බන්ධුමතී නම් වූවාය. ඛණ්ඩය, තිස්සය යන දෙදෙන අග්‍ර ශ්‍රාවකයෝ වූහ. උපස්ථායකයන් වහන්සේ අසෝක නම් විය. චන්දාය, චන්දමිත්තාය යන දෙදෙන අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. බෝධිය පළොල් රුකකි. ශරීරය අසූ රියන් උස විය. ශරීර ප්‍රභාව හැටකල්හිම සත්යොදුනෙක පැතිර සිටියේය. අවුරුදු අසූදහසක් ආයු විය.
තස්ස අපරභාගෙ ඉතො එකතිංසකප්පෙ සිඛී, වෙස්සභූ චාති ද්වෙ බුද්ධා අහෙසුං. සිඛිස්සාපි භගවතො තයො සාවකසන්නිපාතා, පඨමසන්නිපාතෙ භික්ඛුසතසහස්සං අහොසි, දුතියෙ අසීතිසහස්සානි, තතියෙ සත්තති. තදා බොධිසත්තො අරින්දමො නාම රාජා හුත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස සචීවරං මහාදානං පවත්තෙත්වා සත්තරතනපටිමණ්ඩිතං හත්ථිරතනං දත්වා හත්ථිප්පමාණං කත්වා කප්පියභණ්ඩං අදාසි. සොපි නං “ඉතො එකතිංසකප්පෙ බුද්ධො භවිස්සසී”ති බ්යාකාසි.
උන්වහන්සේට මෑත භාගයෙහි මෙයින් තිස්ඵක්වන කපෙහි සිඛිය, වෙස්සභුය යන බුදුවරු දෙනම පහළ වූහ. සිඛී බුදුන්ට ද ශ්‍රාවක සන්නිපාත තුනකි. ප්‍රථම සන්නිපාතයෙහි භික්ෂූන් වහන්සේලා ලක්ෂයක් වූහ. දෙවැන්නෙහි අසූ දහසකි. තුන්වැන්නෙහි හැත්තෑ දහසකි. එකල බෝසතාණෝ අරින්දම නම් රජෙක්ව බුදුපාමොක් බික්සඟනට සිවුරු සහිත මහදන් දී සත්රුවනින් සරහන ලද ඇත්රුවන දී ඇතු පමණට කැප බඩු ද දුන්හ. ඒ බුදුරජාණන් වහන්සේ ද බෝසතුන්ට මෙයින් එක්තිස්වන කපෙහි බුදුවන්නේ යැයි ප්‍රකාශ කළහ.
තස්ස පන භගවතො අරුණවතී නාම නගරං අහොසි, අරුණවා නාම ඛත්තියො පිතා, පභාවතී නාම මාතා, අභිභූ ච සම්භවො ච ද්වෙ අග්ගසාවකා ඛෙමඞ්කරො නාම උපට්ඨාකො, සඛිලා ච පදුමා ච ද්වෙ අග්ගසාවිකා, පුණ්ඩරීකරුක්ඛො බොධි, සරීරං සත්තතිහත්ථුබ්බෙධං අහොසි, සරීරප්පභා යොජනත්තයං ඵරිත්වා අට්ඨාසි, සත්තහිවස්සසහස්සානි ආයූති.
ඒ බුදුරජාණන් වහන්සේට අරුණවතී නම් නුවර විය. අරුණ නම් ක්ෂත්රියෙක් පියා විය. මව ප්‍රභාවතී නම් වූවාය. අභිභුය, සම්භවය යන දෙදෙනා අග්‍ර ශ්‍රාවකයෝ වූහ. මබිලාය, පදුමාය යන දෙදෙන අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. බෝධිය ඇටඹ රුකකි. සිරුර හැත්තෑ රියන් උස විය. ශරීර ප්‍රභාව යොදුන් තුනෙක පැතිර සිටියේය. අවුරුදු හැත්තෑ දහසක් ආයු විය.
තස්ස අපරභාගෙ වෙස්සභූ නාම සත්ථා උදපාදි. තස්සාපි තයො සාවකසන්නිපාතා පඨමසන්නිපාතෙ අසීතිභික්ඛුසහස්සානි අහෙසුං දුතියෙ සත්තති, තතියෙ සට්ඨි. තදා බොධිසත්තො සුදස්සනො නාම රාජා හුත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස සචීවරං මහාදානං දත්වා සත්ථු සන්තිකෙ පබ්බජිත්වා ආචාරගුණසම්පන්නො බුද්ධරතනෙ චිත්තීකාරපීතිබහුලො අහොසි. සොපි නං “ඉතො එකතිංසෙ කප්පෙ බුද්ධො භවිස්සසී”ති බ්යාකාසි.
උන්වහන්සේට මෑත භාගයෙහි වෙස්සභූ නම් ශාස්තෲන් වහන්සේ පහළ වූහ. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනකි. ප්‍රථම සන්නිපාතයෙහි භික්ෂූන් වහන්සේලා අසූදහසක් වූහ. දෙවැන්නෙහි හැත්තෑ දහසකි. තුන්වැන්නෙහි හැටදහසකි. එකල බෝසතාණෝ සුදර්ශන නම් රජව බුදුපාමොක් බික්සඟනට මහදන් දී ඒ බුදුන් වෙත පැවිදිව ආචාර ගුණයෙන් යුතුව ගෞරව සම්ප්‍රයුක්ත ප්‍රීති බහුල වූවෙක් වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ද බෝසතුන්ට මෙයින් තිස්පස්වන කපෙහි බුදුවන්නේ යැයි ප්‍රකාශ කළහ.
තස්ස පන භගවතො අනොමං නාම නගරං අහොසි, සුප්පතීතො නාම රාජා පිතා, යසවතී නාම මාතා, සොණො ච උත්තරො ච ද්වෙ අග්ගසාවකා උපසන්තො නාම උපට්ඨාකො දාමා ච සමාලා ච ද්වෙ අග්ගසාවිකා, සාලරුක්ඛො බොධි, සරීරං සට්ඨිහත්ථුබ්බෙධං අහොසි, සට්ඨිවස්සසහස්සානි ආයූති.
ඒ භාග්‍යවතුන් වහන්සේට අනෝම නම් නුවරක් විය. සුපුනීත නම් රජ පියා විය. මව යසවතී නම් වූවාය. සෝණය, උත්තරාය යන දෙදෙන අග්‍ර ශ්‍රාවකයෝ වූහ. උපස්ථායකයන් වහන්සේ උපසාන්ත නම් වූහ. දාමාය, සමාලාය යන දෙදෙන අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. බෝධිය සල් රුකකි. සිරුර සැටරියන් උස විය. අවුරුදු හැටදහසක් ආයු විය.
තස්ස අපරභාගෙ ඉමස්මිං කප්පෙ චත්තාරො බුද්ධා නිබ්බත්තා කකුසන්ධො, කොණාගමනො, කස්සපො, අම්හාකං භගවාති. කකුසන්ධස්ස භගවතො එකො සාවකසන්නිපාතො, තත්ථ චත්තාලීසභික්ඛුසහස්සානි අහෙසුං. තදා බොධිසත්තො ඛෙමො නාම රාජා හුත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස සපත්තචීවරං මහාදානඤ්ච අඤ්ජනාදිභෙසජ්ජානි ච දත්වා සත්ථු ධම්මදෙසනං සුත්වා පබ්බජි. සොපි නං සත්ථා බ්යාකාසි.
උන්වහන්සේට මෑත භාගයෙහි මෙම කල්පයෙහි කකුසන්ධය, කෝණාගමනය, කාශ්‍යපය, අපගේ භාග්‍යවතුන් වහන්සේය යන බුදුවරු සතරදෙනෙක් උපන්හ. කකුසඳ, බුදුන්ට ශ්‍රාවක සන්නිපාත එකකි. එහි භික්ෂූන් වහන්සේලා සතළිස් දහසක් වූහ. එකල බෝසතාණෝ ඛේම නම් රජව බුදුපාමොක් බික්සඟනට පාසිවුරු සහිත මහදන් ද අඳුන් ආදී බෙහෙත් ද දී බුදුන්ගේ ධර්ම දේශනාව අසා පැවිදි වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ද බෝසතුන්ට බුදුවන්නේ යැයි ප්‍රකාශ කළ සේක.
කකුසන්ධස්ස පන භගවතො ඛෙමං නාම නගරං අහොසි, අග්ගිදත්තො නාම බ්රාහ්මණො පිතා, විසාඛා නාම බ්රාහ්මණී මාතා, විධුරො ච සඤ්ජීවො ච ද්වෙ අග්ගසාවකා, බුද්ධිජො නාම උපට්ඨාකො සාමා ච චම්පා ච ද්වෙ අග්ගසාවිකා මහාසිරීසරුක්ඛො බොධි සරීරං චත්තාලීසහත්ථුබ්බෙධං අහොසි, චත්තාලීසවස්සසහස්සානි ආයූති.
කකුසඳ බුදුන්ට බේම නම් නුවරක් විය. අග්ගිදත්ත නම් බමුණා පියා විය. විශාඛා නම් බැමිණිය මව වූවාය. මධුරය, සංජීවය යන දෙදෙන අග්‍ර ශ්‍රාවකයෝ වූහ. උපස්ථායකයන් වහන්සේ බුද්ධිජ නම් වූහ. රාමාය, ගම්භාය යන දෙදෙන අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. බෝධිය මහා මාරා රුකකි. සිරුර හතළිස් රියන් උස විය. අවුරුදු හතළිස් දහසක් ආයු විය.
තස්ස අපරභාගෙ කොණාගමනො නාම සත්ථා උදපාදි. තස්සාපි එකො සාවකසන්නිපාතො, තත්ථ තිංසභික්ඛුසහස්සානි අහෙසුං. තදා බොධිසත්තො පබ්බතො නාම රාජා හුත්වා අමච්චගණපරිවුතො සත්ථු සන්තිකං ගන්ත්වා ධම්මදෙසනං සුත්වා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිමන්තෙත්වා මහාදානං පවත්තෙත්වා පත්තුණ්ණචීනපටකොසෙය්යකම්බලදුකුලානි චෙව සුවණ්ණපාදුකඤ්ච දත්වා සත්ථු සන්තිකෙ පබ්බජි. සොපි නං සත්ථා බ්යාකාසි.
උන්වහන්සේට මෑත භාගයෙහි කෝණාගමන නම් ශාස්තෲන් වහන්සේ පහළ වූ සේක. උන්වහන්සේ ද මහා ශ්‍රාවක සන්නිපාත එකකි. එහි භික්ෂූන් වහන්සේලා තිස්දහසක් වූහ. එකල බෝසතාණෝ පර්වත නම් රජව ඇමති ගණයා පිරිවරා බුදුන් වෙත ගොස් බණ අසා බුදුපාමොක් බික්සඟනට ආරාධනා කොට මහදන් දී පත්තුන්න වස්ත්‍ර, චීන වස්ත්‍ර, පට්ට වස්ත්‍ර, කෝශෙය්ය වස්ත්‍ර, කම්බිලි දුහුල් මෙන්ම රන්පටක් ද දී බුදුන් වෙත පැවිදි වූහ. ඒ ශාස්තෲන් වහන්සේ ද බෝසතුන්ට (අනාගතයේ දී බුදුවන්නේ යැයි) ප්‍රකාශ කළ සේක.
තස්ස භගවතො සොභවතී නාම නගරං අහොසි, යඤ්ඤදත්තො නාම බ්රාහ්මණො පිතා, උත්තරා නාම බ්රාහ්මණී මාතා, භිය්‍යොසො ච උත්තරො ච ද්වෙ අග්ගසාවකා, සොත්ථිජො නාම උපට්ඨාකො, සමුද්දා ච උත්තරා ච ද්වෙ අග්ගසාවිකා, උදුම්බරරුක්ඛො බොධි, සරීරං තිංසහත්ථුබ්බෙධං අහොසි, තිංසවස්සසහස්සානි ආයූති.
ඒ භාග්‍යවතුන් වහන්සේට සෝභාවතී නම් නුවරක් විය. යඤ්ඤදත්ත නම් බ්‍රාහ්මණයෙක් පියා විය. උත්තරා නම් බැමිණිය මව වූවාය. භීසෝස, උත්තර යන දෙනම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වූහ. උපස්ථායකයන් වහන්සේ සොත්ථිජ නම් වූහ. සමුද්‍රා, උත්තරා යන දෙදෙන අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. බෝධිය දිඹුල් රුකකි. සිරුර තිස් රියනක් උස විය. අවුරුදු තිස්දහසක් ආයු විය.
තස්ස අපරභාගෙ කස්සපො නාම සත්ථා උදපාදි. තස්සාපි එකොව සාවකසන්නිපාතො, තත්ථ වීසතිභික්ඛුසහස්සානි අහෙසුං. තදා බොධිසත්තො ජොතිපාලො නාම මාණවො තිණ්ණං වෙදානං පාරගූ භූමියඤ්චෙව අන්තලික්ඛෙ ච පාකටො ඝටිකාරස්ස කුම්භකාරස්ස මිත්තො අහොසි, සො තෙන සද්ධිං සත්ථාරං උපසඞ්කමිත්වා ධම්මකථං සුත්වා පබ්බජිත්වා ආරද්ධවීරියො තීණි පිටකානි උග්ගහෙත්වා වත්තසම්පත්තියා බුද්ධසාසනං සොභෙසි. සොපි නං සත්ථා බ්යාකාසි.
උන්වහන්සේට මෑත භාගයේ දී කාශ්‍යප නම් ශාස්තෲන් වහන්සේ පහළ වූහ. උන්වහන්සේට ද එකම ශ්‍රාවක සන්නිපාතයකි. එහි භික්ෂූන් වහන්සේලා විසිදහසක් වූහ. එකල බෝසතාණෝ ජෝතිපාල නම් මාණවකයෙක්ව ත්‍රිවේදයෙහි කෙළ පැමිණ පොළොවෙහි ද අහසෙහි ද ප්‍රකට ඝටීකාර නම් කුම්භකාරයාගේ මිත්‍රයෙක් වූහ. බෝසතාණෝ ඔහු සමග බුදුන් වෙත එළඹ බණ අසා පැහැද පැවිදිව පටන්ගත් වීර්ය ඇතිව තුන් පිටකය ඉගෙන වත්පිළිවෙත්වලින් බුදුසසුන හෙබවූහ. ඒ ශාස්තෲන් වහන්සේ ද බෝසතුන්ට (අනාගතයේ දී බුදුවන්නේ යැයි) ප්‍රකාශ කළහ.
තස්ස භගවතො ජාතනගරං බාරාණසී නාම අහොසි. බ්රහ්මදත්තො නාම බ්රාහ්මණො පිතා, ධනවතී නාම බ්රාහ්මණී මාතා, තිස්සො ච භාරද්වාජො ච ද්වෙ අග්ගසාවකා, සබ්බමිත්තො නාම උපට්ඨාකො අනුළා ච උරුවෙළා ච ද්වෙ අග්ගසාවිකා, නිග්රොධරුක්ඛො බොධි සරීරං වීසතිහත්ථුබ්බෙධං අහොසි, වීසතිවස්සසහස්සානි ආයූති.
ඒ භාග්‍යවතුන් වහන්සේගේ උපන් නුවර බරණැස් නම් විය. බ්‍රහ්මදත්ත නම් බමුණෙක් පියා විය. චන්ද්රවතී නම් බැමිණිය මව වූවාය. තිස්සය, භාරද්වාජය යන දෙදෙන අග්‍ර ශ්‍රාවකයෝ වූහ. උපස්ථායකයන් වහන්සේ සර්වමිත්‍ර නම් වූහ. අනුලා, උරුවෙලා යන දෙදෙන අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. බෝධිය නුග රුකකි. සිරුර අසූරියන් උස විය. අවුරුදු විසිදහසක් ආයු විය.
තස්ස පන භගවතො ඔරභාගෙ ඨපෙත්වා ඉමං සම්මාසම්බුද්ධං අඤ්ඤො බුද්ධො නාම නත්ථි. ඉති දීපඞ්කරාදීනං චතුවීසතියා බුද්ධානං සන්තිකෙ ලද්ධබ්යාකරණො පන බොධිසත්තො යෙනෙන –
ඒ භාග්‍යවතුන් වහන්සේට මෑත භාගයෙහි අප ගෞතම සම්මා සම්බුදුජාණන් වහන්සේ හැර වෙනත් බුදු කෙනෙක් නම් නැත. මේ දීපංකර ආදී වූ සූවිසි බුදුවරුන් විසින් ලබන ලද විවරණ ඇති බෝසතාණෝ යම් ඒ.
“මනුස්සත්තං ලිඞ්ගසම්පත්ති, හෙතු සත්ථාරදස්සනං; පබ්බජ්ජා ගුණසම්පත්ති, අධිකාරො ච ඡන්දතා; අට්ඨධම්මසමොධානා, අභිනීහාරො සමිජ්ඣතී”ති. (බු· වං· 2.59);
මනුස්සත්තං ලිංගසම්පත්ති හෙතු සත්ථාර දස්සනං පබ්බජ්ජා ගුණසම්පත්ති අධිකාරො ච ඡන්දතා අට්ඨධම්ම සමොධානා අභිනීහාරො සමිජ්ඣතිති
යනුවෙන් කී මිනිසත් බව, පුරුෂලිංග සම්පත්තිය ඒ ආත්මයේදීම ලොව්තුරා බුදුවීමට ඇති හේතු සම්පත්තිය බුදුවරයකු දැකීම පැවිද්ද, පංච අභිඥා අෂ්ට සමාපත්ති ලාභියෙකු වීම බුදුබව පැතීම, බුදුවීමට කැමැත්ත යන මේ අෂ්ට ධර්මයන් ප්‍රාර්ථනාව සමෘද්ධ වන්නේයැයි (දැක්වූ පරිදි)
ඉමෙ අට්ඨ ධම්මෙ සමොධානෙත්වා දීපඞ්කරපාදමූලෙ කතාභිනීහාරෙන “හන්ද බුද්ධකරෙ ධම්මෙ විචිනාමි ඉතො චිතො”ති උස්සාහං කත්වා “විචිනන්තො තදාදක්ඛිං, පඨමං දානපාරමි”න්ති දානපාරමිතාදයො බුද්ධකරා ධම්මා දිට්ඨා, තෙ පූරෙන්තො යාව වෙස්සන්තරත්තභාවා ආගමි. ආගච්ඡන්තො ච යෙ තෙ කතාභිනීහාරානං බොධිසත්තානං ආනිසංසා සංවණ්ණිතා –
මේ අෂ්ට ධර්මයන් ගළපා දීපංකර බුදුන්ගේ පාදමූලයේ දී කරන ලද ප්‍රාර්ථනාවෙන් ‘ඒකාන්තයෙන් බුද්ධකාරක ධර්මයන් ඔබ මොබ සොයමි’යි උත්සාහකොට ‘විචිනන්තො තදා දක්ඛිං පඨමං දාන පාරමිං’ යැයි දාන පාරමිතාව ආදී වූ බුද්ධ කාරක ධර්මයයෝ දක්නා ලදහ. එකී පාරමී ධර්මයන් පුරමින් වෙසතුරු අත්බව දක්වා ආ සේක. එසේ එන්නා වූ ද කරන ලද ප්‍රාර්ථනා ඇති බෝසතුන්ගේ යම් ආනිසංසයක් වේද, එකී ආනිසංස (මෙසේ) වර්ණනා කරන ලදී.
“එවං සබ්බඞ්ගසම්පන්නා, බොධියා නියතා නරා; සංසරං දීඝමද්ධානං, කප්පකොටිසතෙහිපි.
මෙසේ සියලු අංගයන්ගෙන් යුක්ත මනුෂ්‍යයෝ (බෝසත්වරු) සසර කල්පකෝටි සියගාණක් දීර්ඝ කාලයක් සැරිසරන්නෝ වුව ද අවීචියෙහි නූපදිත්. එසේම ලෝකාන්තරික නරකයෙහි ද (නූපදිත්) නිජ්ඣාම තණ්හී නම් ප්‍රේතයෝ නොවෙත්. ඛුප්පිපාස නම් ප්‍රේතයෝ නොවෙත්. කාලකඤ්ජික නම් ප්‍රේත අසුරයෝ නොවෙත්.
“අවීචිම්හි නුප්පජ්ජන්ති, තථා ලොකන්තරෙසු ච; නිජ්ඣාමතණ්හා ඛුප්පිපාසා, න හොන්ති කාලකඤ්ජිකා.
“න හොන්ති ඛුද්දකා පාණා, උප්පජ්ජන්තාපි දුග්ගතිං; ජායමානා මනුස්සෙසු, ජච්චන්ධා න භවන්ති තෙ.
දුගතියේ උපනත් ක්ෂුද්රක ප්‍රාණීහු නොවෙත්. මනුෂ්‍යයන් අතර උපදනා ඔව්හු ජාත්යන්ධයෝ නො වෙත්.
“සොතවෙකල්ලතා නත්ථි, න භවන්ති මූගපක්ඛිකා; ඉත්ථිභාවං න ගච්ඡන්ති, උභතොබ්යඤ්ජනපණ්ඩකා.
ඔවුන් කන් විකල බවක් (බිහිරි බවක්) නැත. (ඔව්හු) ගොළුවෝ නො වෙත්. (ඔව්හු) ස්ත්‍රීභාවයට නො යත්. උභතෝබ්යඤ්ජකයෝ නොවෙත්. නපුංසකයෝ නො වෙත්.
“න භවන්ති පරියාපන්නා, බොධියා නියතා නරා; මුත්තා ආනන්තරිකෙහි, සබ්බත්ථ සුද්ධගොචරා.
බෝධියට නියත වූ ඒ මනුෂ්‍යයෝ (බෝසත්වරු) ආනන්තරිය කර්ම කළෝ නො වෙත්. සියලු තැන්හිම ශුද්ධ වූ ගෝචර ඇති (ඒ බෝසත්හු) ආනන්තරිය කර්මයන්ගෙන් මිදුණාහුය.
“මිච්ඡාදිට්ඨිං න සෙවන්ති, කම්මකිරියදස්සනා; වසමානාපි සග්ගෙසු, අසඤ්ඤං නුපපජ්ජරෙ.
කර්මඵල දක්නා වූ ඔව්හු මිථ්‍යා දෘෂ්ටිය සේවනය නො කරත්. ස්වර්ගයෙහි වසත් නමුදු අසංඥතලයෙහි නූපදිත්.
“සුද්ධාවාසෙසු දෙවෙසු, හෙතු නාම න විජ්ජති; නෙක්ඛම්මනින්නා සප්පුරිසා, විසංයුත්තා භවාභවෙ; චරන්ති ලොකත්ථචරියායො, පූරෙන්ති සබ්බපාරමී”ති.
සුද්ධාවාස දෙවියන් කෙරෙහි ඉපදීමේ හේතුවක් නැත. නෛෂ්ක්‍රම්‍යයට නැඹුරු වූ සත්පුරුෂයෝ භවයන්හි නො ඇලුණාහ. (ඔව්හු) ලෝකාර්ථ චර්යාවෙහි හැසිරෙත්. සියලු පාරමී ධර්මයන් පුරත් යනුයි.
තෙ ආනිසංසෙ අධිගන්ත්වාව ආගතො. පාරමියො පූරෙන්තස්ස ච තස්ස අකිත්තිබ්රාහ්මණකාලෙ සඞ්ඛබ්රාහ්මණකාලෙ ධනඤ්චයරාජකාලෙ මහාසුදස්සනරාජකාලෙ මහාගොවින්දකාලෙ නිමිමහාරාජකාලෙ චන්දකුමාරකාලෙ විසය්හසෙට්ඨිකාලෙ සිවිරාජකාලෙ වෙස්සන්තරරාජකාලෙති දානපාරමිතාය පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙන පනස්ස සසපණ්ඩිතජාතකාලෙ –
එකී ආනිසංසයන්ට පැමිණම ආ සේක. පාරමී ධර්මයන් පුරන්නා වූ උන්වහන්සේගේ අකින්ති බ්‍රාහ්මණ කාලයෙහි, සංඛ නම් බ්‍රාහ්මණ කාලයෙහි, ධනංජය රාජ කාලයෙහි, මහා සුදර්ශන රාජ කාලයෙහි මහා ගෝවින්ද කාලයෙහි, නිමි මහරජ කල්හි, සඳකුමර කල්හි, විසය්හ සිටු කල්හි, සිවිරාජ කාලයෙහි, වෙස්සන්තර රාජකාලයේදැයි (යන මේ කාලයන්හි) දාන පාරමිතාව පිරිමේ ප්‍රමාණයක් නම් නැත. මට පමණකින් වනාහි උන්වහන්සේගේ සස පණ්ඩිත ජාතකයෙහි,
“භික්ඛාය උපගතං දිස්වා, සකත්තානං පරිච්චජිං; දානෙන මෙ සමො නත්ථි, එසා මෙ දානපාරමී”ති. (චරියා· 1.143 තස්සුද්දාන –
භික්ඛාය උපගතං දිස්වා සකත්තානං පරිච්චජිං දානෙන මෙ සඛො නත්ථි එසා මෙ දානපාරමී ති
සිඟීම පිණිස පැමිණියාහු දැක ස්වකීය ආත්මය පරිත්‍යාග කෙළෙමි. දානයෙන් මට සමාන වූවෙක් නැත. මේ මාගේ දාන පාරමිතාවයි යනුයි.
එවං අත්තපරිච්චාගං කරොන්තස්ස දානපාරමිතා පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ ආත්ම පරිත්‍යාගය කරන්නා වූ බෝසතුන්ගේ දාන පාරමිතාව පරමාර්ථ පාරමිතාව නම් විය.
තථා සීලවනාගරාජකාලෙ චම්පෙය්යනාගරාජකාලෙ භූරිදත්තනාගරාජකාලෙ ඡද්දන්තනාගරාජකාලෙ ජයද්දිසරාජපුත්තකාලෙ අලීනසත්තුකුමාරකාලෙති සීලපාරමිතාය පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙන පනස්ස සඞ්ඛපාලජාතකාලෙ –
එසේම සීලව නාගරාජ කාලයෙහි, චම්පෙය්‍ය නාගරාජ කාලයෙහි භූරිදත්ත නාගරාජ කාලයෙහි, ඡද්දන්ත නාගරාජ කාලයෙහි ජයද්දිස රාජපුත්‍ර කාලයෙහි, අලීනසත්තු කුමාර කාලයෙහිදැයි සීල පාරමිතාව පිරිමේ ප්‍රමාණයක් නම් නැත. මෙපමණකින් වනාහි උන්වහන්සේගේ සංඛපාල ජාතකයෙහි,
“සූලෙහිපි විජ්ඣියන්තො, කොට්ටියන්තොපි සත්තිහි; භොජපුත්තෙ න කුප්පාමි, එසා මෙ සීලපාරමී”ති. (චරියා· 2.91) –
සූලෙහි විජ්ඣයන්තෙපි කොට්ටයන්තෙපි සත්තිහි භොජපුත්තෙ න කුප්පාපි එසා මෙ සීලපාරමීති
හුල්වලින් විදිද්දීත් ආයුධවලින් කොටද්දීත් භෝජපුත්රයන් කෙරෙහි නොකිපෙමි. මේ මාගේ සීල පාරමිතාවයි යනුයි.
එවං අත්තපරිච්චාගං කරොන්තස්ස සීලපාරමිතා පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ ආත්ම පරිත්‍යගය කරන්නා වූ බෝසතුන්ගේ සීල පාරමිතාව පරමාර්ථ පාරමිතා නම් විය.
තථා සොමනස්සකුමාරකාලෙ හත්ථිපාලකුමාරකාලෙ අයොඝරපණ්ඩිතකාලෙති මහාරජ්ජං පහාය නෙක්ඛම්මපාරමිතාය පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙන පනස්ස චූළසුතසොමජාතකාලෙ –
එසේම සෝමනස්ස කුමාර කාලයෙහි හත්ථිපාල කුමාර කාලයෙහි අයෝඝර පණ්ඩිත කාලයේදැයි මෙසේ මහා රාජ්‍යය අතහැර නෛෂ්ක්‍රම්‍යය පාරමිතාව පිරිමේ ප්‍රමාණයක් නම් නැත. මෙපමණකින් උන්වහන්සේගේ චූළ සුතසෝම ජාතකයෙහි,
“මහාරජ්ජං හත්ථගතං, ඛෙළපිණ්ඩංව ඡඩ්ඩයිං; චජතො න හොති ලගනං, එසා මෙ නෙක්ඛම්මපාරමී”ති. –
මහාරජ්ජං හත්ථගතං ඛෙලපිණ්ඩංව ඡඩ්ඪයිං චජතො න හොති ලගනං එසා මෙ නෙක්ඛම්ම පාරමිතී
අතට පත් මහාරාජ්‍යය කෙලපිඬක් මෙන් අත්හළෙමි. අත්හරිද්දී ඇලීමක් නොවෙයි. මේ මාගේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවයි යනුයි.
එවං නිස්සඞ්ගතාය රජ්ජං ඡඩ්ඩෙත්වා නික්ඛමන්තස්ස නෙක්ඛම්මපාරමිතා පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ නො ඇලීමෙන් රාජ්‍යය හැරපියා නික්මෙන්නා වූ බෝසතුන්ගේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පරමාර්ථ පාරමිතා නම් විය.
තථා විධුරපණ්ඩිතකාලෙ මහාගොවින්දපණ්ඩිතකාලෙ කුදාලපණ්ඩිතකාලෙ අරකපණ්ඩිතකාලෙ බොධිපරිබ්බාජකකාලෙ මහොසධපණ්ඩිතකාලෙති පඤ්ඤාපාරමිතාය පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙන පනස්ස සත්තුභස්තජාතකෙ සෙනකපණ්ඩිතකාලෙ –
එසේම විධුර පණ්ඩිත කාලයෙහි, මහා ගෝවින්ද පණ්ඩිත කාලයෙහි, කුද්දාල පණ්ඩිත කාලයෙහි, අරක පණ්ඩිත කාලයෙහි, බෝධිපරිව්රාජක කාලයෙහි, මහෞෂධ පණ්ඩිත කාලයෙහිදැයි මෙසේ ප්‍රඥා පාරමිතාව පිරිමේ ප්‍රමාණයක් නම් නැත. මෙපමණකින් ශත්තුභස්ත්රා ජාතකයෙහි සේනක පණ්ඩිත කාලයෙහි,
“පඤ්ඤාය විචිනන්තොහං, බ්රාහ්මණං මොචයිං දුඛා; පඤ්ඤාය මෙ සමො නත්ථි, එසා මෙ පඤ්ඤාපාරමී”ති. –
පඤ්ඤාය මෙ විචිනන්තො බ්රාහ්මණං මොඛයිං තදා පඤ්ඤාය මෙ සමො නත්ථි එසා මෙ පඤ්ඤා පාරමීති
මාගේ ප්‍රඥාවෙන් පරීක්ෂණ කරමින් බමුණා දුකින් මුදවීමි. ප්‍රඥාවෙන් සමාන වූවෙක් නැත. මේ මාගේ ප්‍රඥා පාරමිතාවයි යනුයි.
අන්තොභස්තගතං සප්පං දස්සෙන්තස්ස පඤ්ඤාපාරමිතා පරමත්ථපාරමී නාම ජාතා.
භස්ත්රාවට (පසුම්බියට) ඇතුළුව සිටි සර්පයා දක්වන්නා වූ බෝසතුන්ගේ ප්‍රඥා පාරමිතාව පරමාර්ථ පාරමිතා නම් විය.
තථා වීරියපාරමිතාදීනම්පි පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙන පනස්ස මහාජනකජාතකෙ –
එසේම වීර්ය පාරමිතාදීන්ගේ ද පිරීම පිළිබඳ ප්‍රමාණයක් නම් නැත. මෙපමණකින් උන්වහන්සේගේ මහාජනක ජාතකයෙහි,
“අතීරදස්සී ජලමජ්ඣෙ, හතා සබ්බෙව මානුසා; චිත්තස්ස අඤ්ඤථා නත්ථි, එසා මෙ වීරියපාරමී”ති. –
අතීරදස්සී ජලමජ්ඣෙ හතා සබ්බෙක මානුසා චිත්තස්ස අඤ්ඤථා නත්ථි එසා මෙ විරිය පාරමීති
තෙරක් නො පෙනෙන ජලය මැද සියලුම මනුෂ්‍යයෝ නටහ. (මාගේ) සිතේ වෙනසක් නැත. මේ මාගේ වීර්ය පාරමිතාවයි යනුයි.
එවං මහාසමුද්දං තරන්තස්ස වීරියපාරමිතා පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ මහ සමුදුර තරණය කරන්නා වූ බෝසතුන්ගේ වීරිය පාරමිතාව පරමාර්ථ පාරමිතාව නම් විය.
ඛන්තිවාදීජාතකෙ –
ක්ෂාන්තිවාදී ජාතකයෙහි
“අචෙතනංව කොට්ටෙන්තෙ, තිණ්හෙන ඵරසුනා මමං; කාසිරාජෙ න කුප්පාමි, එසා මෙ ඛන්තිපාරමී”ති. –
අචෙතනංව කොට්ටෙන්තෙ නිණ්හෙන එරසුනා මමං කාසිරාජෙ නකුප්පාමි එසා ඛෙ ඛන්තිපාරමීති
සිත් නැත්තෙකුට මෙන් මට තියුණු පොරොවෙන් කොටද්දී කසීරජු කෙරෙහි නො කිපෙමි. මේ මාගේ ක්ෂාන්ති පාරමිතාවයි.
එවං අචෙතනභාවෙන විය මහාදුක්ඛං අධිවාසෙන්තස්ස ඛන්තිපාරමිතා පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ අචේතනික බවෙන් යුතුව මෙන් මහා දුක් ඉවසන්නා වූ බෝසතුන්ගේ පාරමිතාව පරමාර්ථ පාරමිතා නම් විය.
මහාසුතසොමජාතකෙ –
මහා සුතසෝම ජාතකයෙහි,
“සච්චවාචං අනුරක්ඛන්තො, චජිත්වා මම ජීවිතං; මොචෙසිං එකසතං ඛත්තියෙ, එසා මෙ සච්චපාරමී”ති. –
සච්චවාචං අනුරක්ඛන්තො චජිත්වා මම ජීවිතං මොබෙසිං එකසතං ඛත්තියෙ පරමත්ථ සච්ච පාරමීති
සත්‍ය වචනය රකිමින් මාගේ ජීවිතය පරිත්යගකොට එක්සියක් ක්ෂත්රියන් මිදවීමි. මේ පරමාර්ථ සත්‍ය පාරමිතාවයි යනුයි.
එවං ජීවිතං චවිත්වා සච්චමනුරක්ඛන්තස්ස සච්චපාරමිතා පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ ජීවිතය පරිත්‍යාගකොට සත්‍යය රක්නා වූ බෝසතුන්ගේ සත්‍ය පාරමිතාව පරමාර්ථ පාරමිතා නම් විය.
මූගපක්ඛජාතකෙ –
මුගපක්ඛ ජාතකයෙහි,
“මාතා පිතා න මෙ දෙස්සා, නපි දෙස්සං මහායසං; සබ්බඤ්ඤුතං පියං මය්හං, තස්මා වතමධිට්ඨහි”න්ති. –
මාතා පිතා න මෙ දෙසො න මෙ දෙස්සං මහායසං සබ්බඤ්ඤුතං පියං මය්හං තස්මා වතමධිට්ඨභින්ති
මට මව්පියෝ අප්‍රිය නො වෙත්. මට මහත් අප්‍රිය නැත. මට බුදුබව ප්‍රිය වෙයි. එහෙයින් ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි යනුයි.
එවං ජීවිතං චජිත්වා වතං අධිට්ඨහන්තස්ස අධිට්ඨානපාරමිතා පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ ජීවිතය අතහැර ව්‍රතය අධිෂ්ඨාන කරන්නා වූ බෝසතුන්ගේ අධිෂ්ඨාන පාරමිතාව පරමාර්ථ පාරමිතා නම් විය.
එකරාජජාතකෙ –
ඒකරාජ ජාතකයෙහි,
“න මං කොචි උත්තසති, නපිහං භායාමි කස්සචි; මෙත්තාබලෙනුපත්ථද්ධො, රමාමි පවනෙ තදා”ති. (චරියා· 3.113) –
න මං කොචි සනතසති නපිහං භායාමි කස්සචි මෙත්තා බලෙනුපත්ථද්ධො රමාමි පචනෙ තදා ති
කිසිවෙක් මා බය නො කරයි. මම ද කිසිවෙකුටත් බිය නොවෙමි. මෛත්‍රී බලයෙන් දැඩි වූ මම එකල වනයෙහි රමනය කෙළෙමි යනුයි.
එවං ජීවිතං අනපලොකෙත්වා මෙත්තායන්තස්ස මෙත්තාපාරමිතා පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ ජීවිතය ද නොබලා මෛත්‍රිය වඩන්නා වූ බෝසතුන්ගේ මෙත්තා පාරමිතාව පරමාර්ථ පාරමිතා නම් විය.
ලොමහංසජාතකෙ –
ලෝමහංස ජාතකයෙහි,
“සුසානෙ සෙය්යං කප්පෙමි, ඡවට්ඨිකං උපනිධායහං; ගාමණ්ඩලා උපාගන්ත්වා, රූපං දස්සෙන්ති නප්පක”න්ති. –
සුසානෙ සෙය්යං කප්පෙමි ඡවට්ඨිකං උපනිධාය්හං ගොමණ්ඩලා උපගනත්වා රූපං දස්සෙන්ති නප්පකන්ති
මම මිනී ඇටයක් කොට්ටය මෙන් තබාගෙන සොහොනෙහි සයනය කරමි. ගොපලු දරුවෝ ළඟට අවුත් නොයෙක් විකාර රූප දක්වත් යනුයි.
එවං ගාමදාරකෙසු නිට්ඨුභනාදීහි චෙව මාලාගන්ධූපහාරාදීහි ච සුඛදුක්ඛං උප්පාදෙන්තෙසුපි උපෙක්ඛනං අනතිවත්තෙන්තස්ස උපෙක්ඛාපාරමිතා පරමත්ථපාරමී නාම ජාතා. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරතො පනෙස අත්ථො චරියාපිටකතො ගහෙතබ්බො.
මෙසේ ගම්දරුවන් කෙලගැසීම ආදියෙන් මෙන්ම මල් සුවඳ ආදියෙන් ද සැපදුක් උපදවන කල්හි ද උපේක්ෂාව නො ඉක්මවන්නා වූ බෝසතුන්ගේ උපේක්ෂා පාරමිතාව පරමාර්ථ පාරමිතා නම් විය. මෙය මෙහි සංක්ෂේපයයි. මේ අර්ථය විස්තර වශයෙන් චරියා පිටකයෙන් ගතයුතුයි.
එවං පාරමියො පූරෙත්වා වෙස්සන්තරත්තභාවෙ ඨිතො –
මෙසේ පාරමී පුරා වෙසතුරු අත්බැව්හි සිටියේ,
“අචෙතනායං පථවී, අවිඤ්ඤාය සුඛං දුඛං; සාපි දානබලා මය්හං, සත්තක්ඛත්තුං පකම්පථා”ති. (චරියා· 1.124);
අචෙතනායං පඨවී අවිඤ්ඤාය සුඛං දුඛං සාපි දාන බලා මය්හං සත්තක්ඛත්තං පකම්පථා’ති
සුවදුක් නොදත් අචේතනික වූ මේ පොළොව සත්වරක් කම්පා විය. එය ද මාගේ දාන බලයයි යනුයි.
එවං මහාපථවීකම්පනානි මහාපුඤ්ඤානි කත්වා ආයුපරියොසානෙ තතො චුතො තුසිතභවනෙ නිබ්බත්ති, තත්ථ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හිත්වා “යාවතායුකං දිබ්බසම්පත්තිං අනුභවන්තො මනුස්සගණනාය ඉදානි සත්තහි දිවසෙහි ආයුක්ඛයං පාපුණිස්සතී”ති වත්ථානි කිලිස්සන්ති, මාලා මිලායන්ති, කච්ඡෙහි සෙදා මුච්චන්ති, කායෙ වෙවණ්ණියං ඔක්කමති, දෙවො දෙවාසනෙ න සණ්ඨහතීති ඉමෙසු පඤ්චසු පුබ්බනිමිත්තෙසු උප්පන්නෙසු තානි දිස්වා “සුඤ්ඤා වත භො සග්ගා භවිස්සන්තී”ති සංවෙගජාතාහි දෙවතාහි මහාසත්තස්ස පූරිතපාරමිභාවං ඤත්වා “ඉමස්මිං ඉදානි අඤ්ඤං දෙවලොකං අනුපගන්ත්වා මනුස්සලොකෙ උප්පජ්ජිත්වා බුද්ධභාවං පත්තෙ පුඤ්ඤානි කත්වා චුතා චුතා මනුස්සා දෙවලොකං පරිපූරෙස්සන්තී”ති චින්තෙත්වා –
මෙසේ මහපොළොව කම්පා කරවන්නා වූ මහපින්කම් කොට ආයු කෙළවර ඉන් චුතව තුසිත භවනයෙහි උපන්හ. එහිදී කරුණු දසයකින් අන් දෙවියන් ඉක්මවා ආයු ඇති තෙක් දිව සැපත් අනුභව කරනුයේ දැන් මිනිස් ගණනින් සත්දිනෙකින් ආයුක්ෂයට පැමිණේයැයි ද වස්ත්‍ර කිලිටු වෙයි. මල් මැලවෙයි. කිසිලිවලින් ඩාදිය නික්මෙයි. ශරීරය විවර්ණා බවට පත්වෙයි. දෙවියා දිව්‍යාසනයෙහි නො පිහිටයි යන මේ පස්වැදෑරුම් පෙරනිමිති උපන් කල්හි ඒවා දැක පින්වත්නි, ඒකාන්තයෙන් ස්වර්ගය හිස් වන්නේයැයි සංවේගයට පත් දෙවියන් මහ බෝසතුන් පුරන ලද පාරමිතා ඇති බව දැන දැන් මෙයින් වෙනත් දෙව්ලොවකට නොගොස් මිනිස්ලොව ඉපිද බුදු වූ කල්හි පින්කොට චුතවන, චුතවන මනුෂ්‍යයෝ දෙව්ලොව පුරවත් යැයි සිතා,
“යතොහං තුසිතෙ කායෙ, සන්තුසිතො නාමහං තදා; දසසහස්සී සමාගන්ත්වා, යාචන්ති පඤ්ජලී මමං.
මම තුසිත දිව්‍ය ලෝකයෙහි වූ කල්හි සන්තුසිත නම් දෙවියෙක් වීමි. (එකල) දසදහසක් සක්වළ දෙවියෝ රැස්ව ඇඳිලි බැඳ මාගෙන් මෙසේ ඉල්ලති.
“කාලො දෙව මහාවීර, උප්පජ්ජ මාතුකුච්ඡියං; සදෙවකං තාරයන්තො, බුජ්ඣස්සු අමතං පද”න්ති. (බු· වං· 1.66-67);
මහාවීරයන් වහන්ස, මේ ඔබට බුදුවීමට) කාලයයි. මව්කුස ඉපදුන මැනවි. දෙවියන් සහිත ලෝකයා සසරින් එතර කරමින් අමෘත පදය (නිවන) අවබෝධ කරගන්න යනුයි.
එවං බුද්ධභාවත්ථාය ආයාචිතො කාලං, දීපං, දෙසං, කුලං, ජනෙත්තියා ආයුප්පමාණන්ති ඉමානි පඤ්ච මහාවිලොකනානි විලොකෙත්වා කතසන්නිට්ඨානො තතො චුතො සක්යරාජකුලෙ පටිසන්ධිං ගහෙත්වා තත්ථ මහාසම්පත්තියා පරිහරියමානො අනුක්කමෙන භද්රයොබ්බනං අනුපාපුණි. ඉමස්මිං අන්තරෙ “සතො සම්පජානො ආනන්ද බොධිසත්තො තුසිතා කායා චවිත්වා මාතුකුච්ඡිං ඔක්කමී”තිආදීනං (ම· නි· 3.200) සුත්තපදානඤ්චෙව තෙසං අට්ඨකථාය ච වසෙන විත්ථාරො වෙදිතබ්බො.
මෙසේ බුදුබව පිණිස ආරාධනා කරන ලදුව කාලය, දීපය, දේශය, කුලය, මවගේ ආයු ප්රමාණයදැයි යන මේ පස්මහබැලුම් බලා කරන ලද තීරණ ඇතියේ එයින් චුතව ශාක්‍ය රාජකුලයෙහි පිළිසිඳගෙන එහි මහත් සැපතින් වැඩෙනුයේ පිළිවෙළින් සොඳුරු යොවුන් බවට පැමිණියේය. මේ අතර ‘ආනන්දය, බෝසත්තෙම සිහි ඇතිව සම්‍යක් ප්‍රඥා ඇතිව තුසිත දෙව්ලොවින් චුතව මව්කුස පිළිසිඳ ගත්තේය’ යන ආදී වශයෙන් සූත්‍රාන්ත පදයන්ගේ ද එම අට්ඨකථාවන්ගේ ද වශයෙන් විස්තර දතයුතුයි.
සො තිණ්ණං උතූනං අනුච්ඡවිකෙසු තීසු පාසාදෙසු දෙවලොකසිරිං විය රජ්ජසිරිං අනුභවමානො උය්යානකීළාය ගමනසමයෙ අනුක්කමෙන ජිණ්ණබ්යාධිමතසඞ්ඛාතෙ තයො දෙවදූතෙ දිස්වා සඤ්ජාතසංවෙගො නිවත්තිත්වා චතුත්ථවාරෙ පබ්බජිතං දිස්වා ‘සාධු පබ්බජ්ජා’ති පබ්බජ්ජාය රුචිං උප්පාදෙත්වා උය්යානං ගන්ත්වා තත්ථ දිවසභාගං ඛෙපෙත්වා මඞ්ගලපොක්ඛරණීතීරෙ නිසින්නො කප්පකවෙසං ගහෙත්වා ආගතෙන විස්සකම්මෙන දෙවපුත්තෙන අලඞ්කතපටියත්තො රාහුලභද්දස්ස ජාතසාසනං සුත්වා පුත්තසිනෙහස්ස බලවභාවං ඤත්වා ‘යාව ඉදං බන්ධනං න වඩ්ඪති තාවදෙව නං ඡින්දිස්සාමී’ති චින්තෙත්වා සායං නගරං පවිසන්තො –
ඒ බෝසත් තෙම තුන් සමතුන්ට සුදුසු වූ තුන්පායෙහි දෙව්ලෝ සිරිය වැනි රජසිරි විඳිනුයේ උයන්කෙළියට යන සමයෙහි පිළිවෙළින් ජීර්ණ, ව්‍යාධි, මෘත යන ත්‍රිවිධ දේවදූතයන් දැක හටගත් සංවේ ඇතිව නැවතී සතරවන වාරයෙහි පැවිද්දකු දැක පැවිද්ද යහපතැයි පැවිද්දෙහි රුචිය උපදවා උයනට ගොස් එහි දවල් කාලය ගෙවා මගුල්පොකුණු තෙර හුන්නේ කපුවෙස් ගෙන ආ විස්කම් දෙව්පුත් විසින් අලංකාර කොට සරහන ලද්දේ, රහල් කුමරුන් උපන් අස්න අසා පුත්රශෝභයේ බලවත් බව දැන ‘මේ බන්ධන වැඩෙන්නට පෙර එය සිඳිමි’යි සිතා සවස නුවරට පිවිසෙනුයේ
“නිබ්බුතා නූන සා මාතා, නිබ්බුතො නූන සො පිතා; නිබ්බුතා නූන සා නාරී, යස්සායං ඊදිසො පතී”ති. (බු· වං· අට්ඨ· 27 අවිදූරෙනිදානකථා; ධ· ප· අට්ඨ· 1.10 සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු; අප· අට්ඨ· 1.අවිදූරෙනිදානකථා; ජා· අට්ඨ· 1.අවිදූරෙනිදානකථා);
නිබ්බුතා නූන සා මාතා නිබ්බුතා නූන සො පිතා නිබ්බුතා නූන සා නාරි යස්සායං ඊදිසො පතී ති
(යම් මවකට මෙබඳු පුතෙක් වේ නම්) ඒ මව ඒකාන්තයෙන් මිදුණාය. (යම් පියෙකුට මෙබඳු පුතෙක් වේ නම්) ඒ පියා ඒකාන්තයෙන් මිදුණේය. යම් භාර්යාවකට මෙබඳු මේ ස්වාමියා වේනම් ඒ ස්ත්‍රිය ඒකාන්තයෙන් මිදුණාය යනුයි.)
කිසාගොතමියා නාම පිතුච්ඡාධීතාය භාසිතං ඉමං ගාථං සුත්වා, ‘අහං ඉමාය නිබ්බුතපදං සාවිතො’ති ගීවතො සතසහස්සග්ඝනිකං මුත්තාහාරං මුඤ්චිත්වා, තස්සා පෙසෙත්වා, අත්තනො භවනං පවිසිත්වා, සිරිසයනෙ නිසින්නො නිද්දාවසෙන නාටකානං විප්පකාරං දිස්වා, නිබ්බින්නහදයො ඡන්නං උට්ඨාපෙත්වා, කණ්ඩකං ආහරාපෙත්වා, කණ්ඩකං ආරුය්හ, ඡන්නසහායොව දසසහස්සිලොකධාතුදෙවතාහි කතපරිවාරො මහාභිනික්ඛමනං නික්ඛමිත්වා, තෙනෙව රත්තාවසෙසෙන තීණි මහාරජ්ජානි අතික්කම්ම අනොමානදීතීරෙ පබ්බජිත්වා, අනුක්කමෙන රාජගහං ගන්ත්වා, තත්ථ පිණ්ඩාය චරිත්වා, පණ්ඩවපබ්බතපබ්භාරෙ නිසින්නො මගධරාජෙන රජ්ජෙන නිමන්තියමානො තං පටික්ඛිපිත්වා, සබ්බඤ්ඤුතං පත්වා තස්ස විජිතං ආගමනත්ථාය තෙන ගහිතපටිඤ්ඤො , ආළාරඤ්ච උදකඤ්ච උපසඞ්කමිත්වා, තෙසං සන්තිකෙ අධිගතවිසෙසෙන අපරිතුට්ඨො ඡබ්බස්සානි මහාපධානං පදහිත්වා, විසාඛාපුණ්ණමදිවසෙ පාතොව සෙනානිගමෙ සුජාතාය දින්නං පායාසං පරිභුඤ්ජිත්වා, නෙරඤ්ජරාය නදියා සුවණ්ණපාතිං පවාහෙත්වා, නෙරඤ්ජරාය තීරෙ මහාවනසණ්ඩෙ නානාසමාපත්තීහි දිවසභාගං වීතිනාමෙත්වා, සායන්හසමයෙ සොත්ථියෙන දින්නං අට්ඨතිණමුට්ඨිං ගහෙත්වා, කාළෙන නාගරාජෙන අභිත්ථුතගුණො බොධිමණ්ඩං ආරුය්හ තිණානි සන්ථරිත්වා, ‘න තාවිමං පල්ලඞ්කං භින්දිස්සාමි යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චිස්සතී’ති පටිඤ්ඤං කත්වා, පාචීනදිසාභිමුඛො නිසීදිත්වා, සූරියෙ අනත්ථඞ්ගමිතෙයෙව මාරබලං විධමිත්වා, පඨමයාමෙ පුබ්බෙනිවාසඤාණං, මජ්ඣිමයාමෙ චුතූපපාතඤාණං පත්වා, පච්ඡිමයාමාවසානෙ දසබලචතුවෙසාරජ්ජාදිසබ්බබුද්ධගුණපටිමණ්ඩිතං සබ්බඤ්ඤුතඤ්ඤාණං පටිවිජ්ඣන්තොයෙව ඉමං අභිධම්මනයසමුද්දං අධිගඤ්ඡි. එවමස්ස අධිගමනිදානං වෙදිතබ්බං.
කිසාගෝතමී නම් වූ නැන්දනියගේ දුව විසින් කියන ලද ගාථාව අසා මම මැය විසින් නිබ්බුත පදය අස්වන ලද්දේ වෙමියි ලක්ෂයක් අගනා මුතුහර ග්‍රීවයෙන් මුදා ඇයට යවා තමාගේ භවනට පිවිස සිරියහන්හි හිඳ නිද්‍රා වශයෙන් කෙරෙන නාටක ස්ත්රීන්ගේ විකාර දැක කළකිරුණු සිත් ඇතිව ඡන්න අවදි කරවා කන්ථක අසු ගෙන්වාගෙන කන්ථක අසු පිට නැග ඡන්න සහාය කොටගෙනම දසදහසක් ලෝකධාතුවල දේවතාවන් පිරිවර කොටගෙන මහබිනික්මන් කොට එම රාත්‍රියේ ඉතිරි භාගයේම මහාරාජ්‍යයන් තුනක් ඉක්මවා අනෝම නදී තීරයේ දී පැවිදිව අනුක්රමයෙන් රජගහ නුවරට ගොස් එහි පිඬු පිණිස හැසිර පාණ්ඩව පර්වත ලදුව එය ප්‍රතික්ෂේප කොට, බුදුව ඔහුගේ රටට ඒම පිණිස ඔහු විසින් ගන්නා ලද ප්‍රතිඥා ඇතිව, ආලාරකාලාම හා උද්දකරාමපුත්‍ර යන තවුසන් වෙත පැමිණ ඔවුන් වෙතින් අවබෝධ කරගත් අෂ්ට සමාපත්තීන්ගෙන් සතුටට පත් නොවූ සේක් සාවුරුද්දක් මහත් වීර්යය කොට වෙසඟ පුන්පොහෝදා උදෑසනින්ම සේනානි නියම් ගමෙහි සුජාතාව විසින් දෙන ලද කිරිපිඬු වළඳා නේරංජරා නදියෙන් ස්වර්ණ පාත්‍රය පාකර යවා, නේරංජරා නදී තීරයෙහි මහත් වනලැහැබක නොයෙක් සැපතින් දවල් කාලය ගෙවා සවස් භාගයෙහි සොත්ථිය නම් බමුණා විසින් දෙන ලද කුසතණ අටමිට ගෙන කාල නම් නා රජු විසින් ස්තුති කරන ලද ගුණ ඇතිව, බෝමැඩ අරා තණ අතුරා ‘යම්තාක් මාගේ සිත තෘෂ්ණාදියෙන් දැඩිකොට නොගෙන කෙලෙසුන්ගෙන් නො මිදේ ද ඒතාක් මේ පළඟ නොබිඳමියි ප්‍රතිඥා කොටගෙන නැගෙනහිර දිසාවට මුහුණලා වැඩහුන් සේක් හිර බැසයාමට පළමුවෙන්ම මාරබලය පරදා, ප්‍රථම යාමයේ දී පෙර විසූ කඳපිළිවෙළ දක්නා නුවණට ද, මධ්‍යම යාමයේ දී චුතූපපාත ඥානයට ද පැමිණ පශ්චිම යාමාවසානයෙහි දී දශබල චතුර්වෛශාරද්ය ආදී සියලු බුදුගුණ වලින් හෙබි සර්වඥතාඥානය ප්‍රතිවේධ කරන සේක්ම මේ අභිධර්මය සාගරය අධිගම කළ සේක. මෙසේ උන්වහන්සේගේ අධිගම නිදානය දතයුතුයි.
එවං අධිගතාභිධම්මො එකපල්ලඞ්කෙන නිසින්නසත්තාහං අනිමිසසත්තාහං චඞ්කමනසත්තාහඤ්ච අතික්කමිත්වා, චතුත්ථෙ සත්තාහෙ සයම්භූඤාණාධිගමෙන අධිගතං අභිධම්මං විචිනිත්වා අපරානිපි අජපාලමුචලින්දරාජායතනෙසු තීණි සත්තාහානි වීතිනාමෙත්වා, අට්ඨමෙ සත්තාහෙ අජපාලනිග්රොධරුක්ඛමූලෙ නිසින්නො ධම්මගම්භීරතාපච්චවෙක්ඛණෙන අප්පොස්සුක්කතං ආපජ්ජමානො දසසහස්සිමහාබ්රහ්මපරිවාරෙන සහම්පතිබ්රහ්මුනා ආයාචිතධම්මදෙසනො බුද්ධචක්ඛුනා ලොකං ඔලොකෙත්වා, බ්රහ්මුනො අජ්ඣෙසනං ආදාය “කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්ය’න්ති ඔලොකෙන්තො ආළාරුදකානං කාලඞ්කතභාවං ඤත්වා, පඤ්චවග්ගියානං භික්ඛූනං බහූපකාරතං අනුස්සරිත්වා, උට්ඨායාසනා කාසිපුරං ගච්ඡන්තො අන්තරාමග්ගෙ උපකෙන සද්ධිං මන්තෙත්වා, ආසාළ්හීපුණ්ණමදිවසෙ ඉසිපතනෙ මිගදායෙ පඤ්චවග්ගියානං භික්ඛූනං වසනට්ඨානං පත්වා,තෙ අනනුච්ඡවිකෙන සමුදාචාරෙන සමුදාචරන්තෙ සඤ්ඤාපෙත්වා, ධම්මචක්කං පවත්තෙන්තො අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරප්පමුඛා අට්ඨාරස බ්රහ්මකොටියො අමතපානං පායෙසි. එවං යාව ධම්මචක්කප්පවත්තනා දෙසනානිදානං වෙදිතබ්බං. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරො පන සාට්ඨකථානං අරියපරියෙසන(ම· නි· 1.274) පබ්බජ්ජසුත්තාදීනං (සු· නි· 407 ආදයො) වසෙන වෙදිතබ්බො.
මෙසේ අභිධර්මය අධිගම කළ සේක් එක්පලඟෙහිම වැඩසිටි සතිය, අනිමිස සතිය සහ රුවන් සක්මන් සතිය ද ගෙවා සතරවන සතියෙහි ස්වයම්භූඥාන අධිගමයෙන් අභිධර්මය පරීක්ෂා කර බලා, අජපාල, මුචලින්ද, රාජායතන යන ස්ථානයන්හි අවශේෂ වූ සති තුන ගෙවා අටවෙනි සතියෙහි අජපල් නුගරුක මුල වැඩසිටි සේක් ධර්මයෙහි ගැඹුරුබව ප්රත්යවේක්ෂා කිරීමෙන් මන්දෝත්සාහී බවට පැමිණ, දසදහසක් සක්වළ මහා බ්‍රහ්මයන් පිරිවරාගත් සහම්පතී බ්‍රහ්මයා විසින් ධර්ම දේශනා කිරීමට කරන ලද ආරාධනා ඇතිව බුදු ඇසින් ලොව බලා වදාරා බ්‍රහ්මයාගේ ආරාධනාව පිළිගෙන ‘මම කාහට නම් පළමුව දහම් දෙසන්නෙම්’දැයි බලනසේක් ආලාරකාලාම, උද්‍රකරාමපුත්‍ර දෙදෙනා කළුරිය කළ බව දැන, පස්වග මහණුන් බොහෝ උපකාර කළ බව සිහිකොට අසුනෙන් නැගී කසීපුරයට වඩනා සේක් අතරමගදී උපක නම් ආජීවකයා සමග මන්ත්‍රණය කොට, ඇසළ පුන්පොහෝ දිනයෙහි ඉසිපතන මිගදායෙහි පස්වග මහණුන් වෙසෙන තැනට පැමිණ (තමන් වහන්සේ පිළිබඳ) නුදුසුදු ආචාරයෙන් හැසිරුණු ඔවුන්ට තමන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බව හඟවා දම්සක් පවත්වන සේක් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් ප්රමුඛ කොටගත් දහඅට කෙළක් බ්‍රහ්මයන් අමාමහ නිවනට පත්කළ සේක. මෙසේ දම්සක් පැවැත්වීම තෙක් දේශනා නිදානය දතයුතුයි. මේ මෙහි සංක්ෂේපයයි. විස්තරය වනාහි අටුවා කථා සහිත අරියපරියේසන සූත්‍රය, පබ්බජ්ජි සූත්‍රය ආදියේ වශයෙන් දතයුතුයි.
එවං අධිගමනිදානදෙසනානිදානසම්පන්නස්ස පනස්ස අභිධම්මස්ස අපරානිපි දූරෙනිදානං, අවිදූරෙනිදානං, සන්තිකෙනිදානන්ති තීණි නිදානානි. තත්ථ දීපඞ්කරපාදමූලතො පට්ඨාය යාව තුසිතපුරා දූරෙනිදානං වෙදිතබ්බං. තුසිතපුරතො පට්ඨාය යාව බොධිමණ්ඩා අවිදූරෙනිදානං. ‘එකං සමයං භගවා දෙවෙසු විහරති තාවතිංසෙසු පාරිච්ඡත්තකමූලෙ පණ්ඩුකම්බලසිලායං, තත්ථ ඛො භගවා දෙවානං තාවතිංසානං අභිධම්මකථං කථෙසී’ති ඉදමස්ස සන්තිකෙනිදානං. අයං තාව නිදානකථා.
මෙසේ අධිගම නිදානය, දේශනා නිදානය යන නිදානයන්ගෙන් යුත් මේ අභිධර්මයට වනාහි දූරේ නිදානය, අවිදූරේ නිදානය සහ සන්තිකේ නිදානය යන අන්‍ය වූ ද නිදාන තුනකි. එහි දීපංකර පාදමූලයේ පටන් තුසිතපුරය තෙක් දූරේනිදානය දතයුතුයි. තුසිතපුරයේ පටන් බෝමැඩ දක්වා අවිදූරේ නිදානයයි. ‘එකං සමයං භගවා දෙවෙසු විහරති තාවතිංසෙසු පාරිච්ඡත්තක මූලෙ පණ්ඩුකම්බලසිලායං, තත්ර ඛො භගවා දෙවානං තාවතිංසානං අභිධම්මංකථං කථෙසි’ති යනු මෙහි සන්තිකේ නිදානයයි. මේ නිදාන කථාවයි.
නිදානකථා නිට්ඨිතා.
නිදාන කථාව නිමියේය.