යෙදුමෙන් කියවන්න

තිකමාතිකාපදවණ‍්ණනා අට‍්ඨකථා

තිකමාතිකාපදවණ‍්ණනා

ත්‍රිකමාතෘකා වර්ණනාව

ඉදානි

දැන්:-

ඉති මෙ භාසමානස‍්ස, අභිධම‍්මකථං ඉමං; අවික‍්ඛිත‍්තා නිසාමෙථ, දුල‍්ලභා හි අයං කථාති.

ඉති මෙ භාසමානස්ස අභිධම්මකථං ඉමං අචික්‍ඛිත්තා නිසාමෙථ දුල්ලභා හි අයං තථා ති

එවං පටිඤ‍්ඤාතාය අභිධම‍්මකථාය කථනොකාසො සම‍්පත‍්තො. තත්‍ථ යස‍්මා අභිධම‍්මො නාම ධම‍්මසඞ‍්ගණීආදීනි සත‍්තප‍්පකරණානි; ධම‍්මසඞ‍්ගණීපි චිත‍්තුප‍්පාදකණ‍්ඩාදීනං වසෙන චත‍්තාරි කණ‍්ඩානි; චිත‍්තුප‍්පාදකණ‍්ඩම‍්පි මාතිකාපදභාජනීයවසෙන දුවිධං; තත්‍ථ මාතිකා ආදි; සාපි තිකමාතිකා දුකමාතිකාති දුවිධා; තත්‍ථ තිකමාතිකා ආදි; තිකමාතිකායපි කුසලත‍්තිකං කුසලත‍්තිකෙපි කුසලා ධම‍්මාති ඉදං පදං; තස‍්මා –

මෙසේ මා විසින් කියනු ලබන මේ අභිධර්ම කථාව අවික්‍ෂිප්ත සිතින් යුතුව අසව්, මේ අභිධර්ම කථාව වනාහි දුර්ලභය. මෙසේ ප්‍රතිඥා දුන් අභිධර්ම කථාව කීමට අවකාශ පැමිණියේය. එක් අභිධර්මය නම් ධම්මසංගණී ආදී වූ සප්තප්‍රකරණයෝයි. ධම්ම සංගිණියද චිත්තෝත්පාද කාණ්ඩය ආදී වශයෙන් කාණ්ඩ සතරකි. චිත්තෝත්පාද කාණ්ඩය ද මාතිකා පදභාජනීය වශයෙන් දෙවදෑරුම්ය. එහි මාතිකා පළමුවෙන් එයි. එකී මාතිකා ද තිකමාතිකා දුකමාතිකා යැයි දෙවැදෑරුම්ය. එහි තිකමාතික පළමුව එයි. තික මාතිකාවේ ද කුසලත්තිකය පළමුව එයි. කුසලත්තිකයෙහි ද ‘කුසලාධම්මා’ යන පදයයි. එහෙයින් :

ඉතො පට‍්ඨාය ගම‍්භීරං, අභිධම‍්මකථං ඉමං; වුච‍්චමානං නිසාමෙථ, එකග‍්ගා සාධු සාධවොති.

ඉතො පට්ඨාය ගම්භීරං අභිධම්මකථං ඉමං වුච්චමානං නිසාමෙථ එකග්ගා සාධු සාධවො ති

සත්පුරුෂයෙනි, මෙතැන් පටන් කියනු ලබන ගැඹුරු වූ මේ අභිධර්ම කථාව එකග වූ සිත් ඇතිව මනාව අසව්.

“කුසලා ධම‍්මා, අකුසලා ධම‍්මා, අබ්‍යාකතා ධම‍්මා”ති අයං තාව ආදිපදෙන ලද‍්ධනාමො කුසලත‍්තිකො නාම. “සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා ධම‍්මා, දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා ධම‍්මා, අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා ධම‍්මා”ති අයං සබ‍්බපදෙහි ලද‍්ධනාමො වෙදනාත‍්තිකො නාම. එවං ආදිපදවසෙන වා සබ‍්බපදවසෙන වා සබ‍්බෙසම‍්පි තිකදුකානං නාමං වෙදිතබ‍්බං . සබ‍්බෙව චෙතෙ පඤ‍්චදසහි පරිච‍්ඡෙදෙහි වවත්‍ථිතා. තිකානඤ‍්හි එකො පරිච‍්ඡෙදො, දුකානං චතුද‍්දස. “හෙතූ ධම‍්මා, නහෙතූ ධම‍්මා”තිආදයො හි ඡ දුකා ගන්‍ථතො ච අත්‍ථතො ච අඤ‍්ඤමඤ‍්ඤසම‍්බන්‍ධෙන කණ‍්ණිකා විය ඝටා විය හුත්‍වා ඨිතත‍්තා ‘හෙතුගොච‍්ඡකො’ති වුච‍්චති. තතො අපරෙ “සප‍්පච‍්චයා ධම‍්මා අප‍්පච‍්චයා ධම‍්මා”තිආදයො සත‍්ත දුකා, අඤ‍්ඤමඤ‍්ඤං අසම‍්බන්‍ධා, කෙවලං දුකසාමඤ‍්ඤතො උච‍්චිනිත්‍වා උච‍්චිනිත්‍වා විසුං විසුං ගොච‍්ඡකන‍්තරෙ ඨපිතත‍්තා අඤ‍්ඤෙහි ච මහන‍්තරදුකෙහි චූළකත‍්තා ‘චූළන‍්තරදුකා’ති වෙදිතබ‍්බා. තතො පරං ආසවදුකාදීනං ඡන‍්නං වසෙන ‘ආසවගොච‍්ඡකො’ ; තථා සංයොජනදුකාදීනං වසෙන ‘සංයොජනගොච‍්ඡකො’; තථා ගන්‍ථඔඝයොගනීවරණදුකාදීනං වසෙන ‘ගන්‍ථඔඝයොගනීවරණගොච‍්ඡකා’; පරාමාසදුකාදීනං පඤ‍්චන‍්නං වසෙන ‘පරාමාසගොච‍්ඡකො’ති. සබ‍්බෙපි සත‍්ත ගොච‍්ඡකා වෙදිතබ‍්බා. තතො පරං “සාරම‍්මණා ධම‍්මා”තිආදයො චතුද‍්දස දුකා ‘මහන‍්තරදුකා’ නාම. තතො උපාදානදුකාදයො ඡ දුකා ‘උපාදානගොච‍්ඡකො’ නාම. තතො කිලෙසදුකාදයො අට‍්ඨ දුකා ‘කිලෙසගොච‍්ඡකො’ නාම. තතො පරං දස‍්සනෙනපහාතබ‍්බදුකාදයො අට‍්ඨාරස දුකා අභිධම‍්මමාතිකාය පරියොසානෙ ඨපිතත‍්තා ‘පිට‍්ඨිදුකා’ නාම. “විජ‍්ජාභාගිනො ධම‍්මා අවිජ‍්ජාභාගිනො ධම‍්මා”තිආදයො පන ද‍්වාචත‍්තාලීස දුකා ‘සුත‍්තන‍්තිකදුකා’ නාම. එවං සබ‍්බෙපෙතෙ පඤ‍්චදසහි පරිච‍්ඡෙදෙහි වවත්‍ථිතාති වෙදිතබ‍්බා.

‘කුශල ධර්මයෝ ය, අකුශල ධර්මයෝ ය, අව්‍යාකෘත ධර්මයෝයැ’යි යන මේ වනාහි ආදි පදයෙන් නම් ලද කුශලත්‍රිකය නම් වේ. සැප වේදනාවෙන් යුත් ධර්මයෝය. දුක් වේදනාවෙන් යුත් ධර්මයෝ ය. දුක් නොවූත් සැප නොවූත් වේදනාවෙන් යුත් ධර්මයෝය යන මෙය සියලු පදයන්ගේ ලද නම් ඇති වේදනාත්‍රිකය නම් වෙයි. මෙසේ ආදිපද වශයෙන් හෝ සියලු පද වශයෙන් හෝ සියලුම තික දුකයන් නාමය දතයුතුයි. මේ සියල්ලම පරිච්ඡේද පසළොසකින් වෙන් වෙන්කරන ලදී. ත්‍රිකයන්ට එක් පරිච්ඡේදයකි. ද්විකයන්ට තුදුසකි. ‘හේතු ධර්මයෝ ය, නහේතු ධර්මයෝ යැ’යි යන ආදිය වනාහි ද්වික ෂට්කයයි. ග්‍රන්ථ වශයෙන් ද අර්ථ වශයෙන් ද ඔවුනොවුන්ගේ සම්බන්ධයෙන් කෙමියක් මෙන් ද සමූහයක් මෙන් ද වී සිටි හෙයින් හේතුගොච්ඡක යැයි කියනු ලැබේ. එයින් අන්‍ය වූ සප්‍රත්‍ය ධර්මයෝ ය. අප්‍රකට ධර්මයෝය යන ආදී එකිනෙකට සම්බන්ධ නොවූ හුදෙක් සාමාන්‍ය දුක වශයෙන් රැස්කොට වෙන් වෙන්ව ගොච්ඡ අතර තැබූ හෙයින් ද අන්‍ය වූ මහන්තර දුකයන් අතරෙහි සුළු හෙයින් චුල්ලන්තර දුක යැයි දතයුතුයි. ඉන්පසුව ආසව දුකාදී ෂට් ද්විකයන්ගේ වශයෙන් ආසව ගොච්ඡිතය ද සංයෝජනාදීන්ගේ වශයෙන් සංයෝජන ගොච්ඡකය ද, එසේම ගන්ථ ඕඝ යෝග නීවරණ දුකාදීන්ගේ වශයෙන් ගන්ථ ඕඝ යෝග නීවරණ ගොච්ඡකයෝ ද පරාමාස දුකාදී පස්වැදෑරුම් දුකයන්ගේ වශයෙන් පරාමාස ගොච්ඡකයැයි ද සියලුම සප්ත ගොච්ඡකයෝ දතයුතුයි. ඉන්පසුව ‘සාරම්මණා ධම්මා’ යන ආදීහු තුදුස් මහන්තර දුකයෝ නම් වෙත්. ඉක්බිති උපාදාන දුකාදී ෂට්ද්වික උපාදාන ගොච්ඡක නමි. ඉක්බිති දස්සනෙන පහාතබ්බ දුකාදි අටළොස් දුක අභිධර්ම මාතෘකාවේ අවසානයේ තැබූ හෙයින් පිට්ඨිත දුක නම් වෙයි. ‘විද්‍යාභාගීය ධර්මයෝ ය, අවිද්‍යාභාගීය ධර්මයෝ ය’ යන ආදී දෙසාළිස් දුක වනාහි සූත්‍රාන්තික ද්විත නම් වෙයි. මෙසේ මේ සියල්ලම පරිච්ඡේද පසළොසකින් වෙන් කරන ලදැයි දතයුතුයි.

එවං වවත්‍ථිතා පනෙතෙ සප‍්පදෙසනිප‍්පදෙසවසෙන ද‍්වෙ කොට‍්ඨාසා හොන‍්ති. තෙසු හි නව තිකා එකසත‍්තති ච දුකා සප‍්පදෙසානං රූපාරූපධම‍්මානං පරිග‍්ගහිතත‍්තා සප‍්පදෙසා නාම. අවසෙසා තෙරස තිකා එකසත‍්තති ච දුකා නිප‍්පදෙසා නාම. තත්‍ථ තිකෙසු තාව වෙදනාත‍්තිකො විතක‍්කත‍්තිකො පීතිත‍්තිකො උප‍්පන‍්නත‍්තිකො අතීතත‍්තිකො චත‍්තාරො ආරම‍්මණත‍්තිකාති ඉමෙ නව තිකා සප‍්පදෙසා නාම. දුකෙසු හෙතුගොච‍්ඡකාදීනං උපාදානගොච‍්ඡකපරියොසානානං නවන‍්නං ගොච‍්ඡකානං පරියොසානෙ තයො තයො දුකා, කිලෙසගොච‍්ඡකපරියොසානෙ චත‍්තාරො දුකා, “චිත‍්තසම‍්පයුත‍්තා ධම‍්මා, චිත‍්තවිප‍්පයුත‍්තා ධම‍්මා”“චිත‍්තසංසට‍්ඨා ධම‍්මා, චිත‍්තවිසංසට‍්ඨා ධම‍්මා”ති ද‍්වෙ මහන‍්තරදුකා, සුත‍්තන‍්තිකදුකෙසු අධිවචනදුකං නිරුත‍්තිදුකං පඤ‍්ඤත‍්තිදුකං නාමරූපදුකන‍්ති ඉමෙ චත‍්තාරො දුකෙ ඨපෙත්‍වා අවසෙසා අට‍්ඨතිංස දුකා චාති එතෙ සප‍්පදෙසා නාම. වුත‍්තාවසෙසා තිකදුකා සබ‍්බෙපි නිප‍්පදෙසාති වෙදිතබ‍්බා.

මෙසේ වෙන්කරන ලද මේවා සප්‍රදේශ, නිෂ්ප්‍රදේශ වශයෙන් කොටස් දෙකක් වෙයි. මේවා අතුරෙන් තික නවයත් දුක සැත්තෑඑකත් සප්‍රදේශ වූ රූපාරූප ධර්මයන් ගන්නා ලද හෙයින් සප්‍රදේශ නම් වෙයි. අවශේෂ වූ තික තෙළෙස ද සැත්තෑඑක් දුකයෝ ද නිෂ්ප්‍රදේශ නම් වෙයි. එහි ත්‍රිකයන් අතරෙහි වනාහි වේදනාත්‍රිකය, විතර්කත්‍රිකය, ප්‍රීතිත්‍රිකය, උත්පන්න ත්‍රිකය, අතීත ත්‍රිකය, ආරම්මණ ත්‍රික සතරය යන මේ ත්‍රික නවය සප්‍රදේශ නම් වෙයි. දුකයන් අතුරෙන් උපාදාන ගොච්ඡකය කෙළවර කොට ඇති හේතුගොච්ඡකය ආදී නව ගොච්ඡකයන් කෙළවර තුන තුන බැගින් වූ දුක ද, කිලේස ගොච්ඡක අවසානයේ වූ දුක සතර ද ‘චිත්ත සම්පයුත්තා ධම්මා, චිත්ත විප්පයුත්තා ධම්මා චිත්ත සංසට්ඨා ධම්මා චිත්තවියං සට්ඨා ධම්මා’ යන මහන්ත දුක දෙක ද, සුත්තන්තික දුකයන් අතුරෙන් අධිවචන දුකය, පඤ්ඤත්ති දුකය, නිරුත්ති දුකය, නාමරූප දුකය දැයි යන මේ දුක සතර හැර ඉතිරි අටතිස් දුකදැයි යන මේවා සප්‍රදේශ නමි. කියන ලද අවශේෂ සියලුම ත්‍රික ද්වික නිෂ්ප්‍රදේශ යැයි දතයුතුයි.

ඉදානි කුසලා ධම‍්මාතිආදීනං මාතිකාපදානං අයමනුපුබ‍්බපදවණ‍්ණනා – ‘කුසල’-සද‍්දො තාව ආරොග්‍යඅනවජ‍්ජඡෙකසුඛවිපාකෙසු දිස‍්සති. අයඤ‍්හි “කච‍්චි නු භොතො කුසලං, කච‍්චි භොතො අනාමය”න‍්තිආදීසු (ජා· 1.15.146; 2.20.129) ආරොග්‍යෙ දිස‍්සති. “කතමො පන, භන‍්තෙ, කායසමාචාරො කුසලො? යො ඛො, මහාරාජ, කායසමාචාරො අනවජ‍්ජො”ති (ම· නි· 2.361) ච, “අපරං පන, භන‍්තෙ, එතදානුත‍්තරියං යථා භගවා ධම‍්මං දෙසෙති කුසලෙසු ධම‍්මෙසූ”ති (දී· නි· 3.145) ච එවමාදීසු අනවජ‍්ජෙ. “කුසලො ත්‍වං රථස‍්ස අඞ‍්ගපච‍්චඞ‍්ගානං” (ම· නි· 2.87), “කුසලා නච‍්චගීතස‍්ස සික‍්ඛිතා චාතුරිත්‍ථියො”තිආදීසු (ජා· 2.22.94) ඡෙකෙ. “කුසලානං, භික‍්ඛවෙ, ධම‍්මානං සමාදානහෙතු” (දී· නි· 3.80), “කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා”තිආදීසු (ධ· ස· 431) සුඛවිපාකෙ. ස‍්වායමිධ ආරොග්‍යෙපි අනවජ‍්ජෙපි සුඛවිපාකෙපි වත‍්තති.

දැන් ‘කුසලා ධම්මා’ යන ආදී මාතෘකා ආරෝග්‍යය අනවදය, ජේකය, සැපවිපාකය යන අර්ථයන්හි දක්නා ලැබේ. මේ වනාහි ‘කච්චිනු භොතො කුසලං? කච්චිනු භොතො අනාමයංන්ති’ ආදී තැන්හි ආරෝග්‍යයෙහි දක්නා ලැබේ. ‘කතමො පන භනෙච, කායසමාචාරො කුසලො යො ඛො මහාරාජ, කායසමාචාරො අනවජ්ජොති ච, පුන ච පරං භන්තෙ එතදනුත්තරියං යථා භගවා ධම්ම දෙසෙති කුසලෙසු ධම්මෙසු’ යන මේ ආදියෙහි අනවද්‍යයෙහිය. ‘කුසලො ත්‍වං රථස්ස අංගප්ප සංගානං කුසලා නච්චශීතස්ස, සික්‍ඛිතා චාතුරත්‍ථියො’ යන මේ ආදියෙහි දක්‍ෂබවෙහි වේ. ‘කුසලානං භික්‍ඛවෙ ධම්මානං සමාදාන හෙතු, කුසලස්ස කම්ම කතත්තා උපචිතත්තා’ යන ආදියෙහි සැප විපාකයෙහි වේ. එය මෙහි ආරෝග්‍යයෙහි ද, අනවද්‍යයෙහි ද සැප විපාකයෙහි ද වැටේ.

ධම‍්මසද‍්දො පනායං පරියත‍්තිහෙතුගුණනිස‍්සත‍්තනිජ‍්ජීවතාදීසු දිස‍්සති. අයඤ‍්හි “ධම‍්මං පරියාපුණාති සුත‍්තං ගෙය්‍ය”න‍්තිආදීසු (අ· නි· 4.102) පරියත‍්තියං දිස‍්සති. “හෙතුම‍්හි ඤාණං ධම‍්මපටිසම‍්භිදා”තිආදීසු (විභ· 720) හෙතුම‍්හි.

මේ ධර්ම ශබ්දය වනාහි පර්යාප්ති, හේතු, ගුණ නිස්සත්ත නිජ්ජීවතාදියෙහි දක්නා ලැබේ. මෙය වනාහි ‘ධම්මං පරියාපුණාති සුත්තං ගෙය්‍යං යන ආදියෙහි පර්යාප්තියෙහි දක්නා ලැබේ. ‘හෙතුම්හි ඤාණං ධම්මපටිසම්භිදා’ යන ආදියෙහි හේතුවෙහි වැටේ.

“න හි ධම‍්මො අධම‍්මො ච, උභො සමවිපාකිනො; අධම‍්මො නිරයං නෙති, ධම‍්මො පාපෙති සුග‍්ගති”න‍්ති. (ථෙරගා· 304; ජා· 1.15.386) –

නහි ධම්මො අධම්මො ච උභො සමවිපාකිනො අධම්මො නිරයං තෙති ධම්මො පාපෙති සුග්ගතින්ති

(ධර්මයන් අධර්මයන් යන දෙක සමවිපාක ඇත්තේ නොවේ. අධර්මය නිරයට පමුණුවයි. ධර්මය සුගතියට පමුණුවයි.)

ආදීසු ගුණෙ. “තස‍්මිං ඛො පන සමයෙ ධම‍්මා හොන‍්ති” (ධ· ස· 121), “ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරතී”තිආදීසු (දී· නි· 2.373) නිස‍්සත‍්තනිජ‍්ජීවතායං. ස‍්වායමිධාපි නිස‍්සත‍්තනිජ‍්ජීවතායමෙව වට‍්ටති.

ආදියෙහි ගුණයෙහි වැටේ. ‘තස්මිං ඛොපන සමයෙ ධම්මා හොන්ති, ධම්මෙසු ධම්මානුපස්සී විහරති’ යන ආදියෙහි නිස්සත්ත නිජ්ජිවතාවෙහි වැටේ. එය මෙහිදී ද නිස්සත්ත නිජ්ජිවතාවෙහිම වැටේ.

වචනත්‍ථො පනෙත්‍ථ – කුච‍්ඡිතෙ පාපකෙ ධම‍්මෙ සලයන‍්ති චලයන‍්ති කම‍්පෙන‍්ති විද‍්ධංසෙන‍්තීති කුසලා. කුච‍්ඡිතෙන වා ආකාරෙන සයන‍්තීති කුසා. තෙ අකුසලසඞ‍්ඛාතෙ කුසෙ ලුනන‍්ති ඡින්‍දන‍්තීති කුසලා. කුච‍්ඡිතානං වා සානතො තනුකරණතො ඔසානකරණතො ඤාණං කුසං නාම. තෙන කුසෙන ලාතබ‍්බාති කුසලා; ගහෙතබ‍්බා පවත‍්තෙතබ‍්බාති අත්‍ථො. යථා වා කුසා උභයභාගගතං හත්‍ථප‍්පදෙසං ලුනන‍්ති, එවමිමෙපි උප‍්පන‍්නානුප‍්පන‍්නභාවෙන උභයභාගගතං කිලෙසපක‍්ඛං ලුනන‍්ති. තස‍්මා කුසා විය ලුනන‍්තීතිපි කුසලා. අත‍්තනො පන සභාවං ධාරෙන‍්තීති ධම‍්මා. ධාරියන‍්ති වා පච‍්චයෙහි, ධාරීයන‍්ති වා යථාසභාවතොති ධම‍්මා. න කුසලා අකුසලා. මිත‍්තපටිපක‍්ඛා අමිත‍්තා විය, ලොභාදිපටිපක‍්ඛා අලොභාදයො විය ච, කුසලපටිපක‍්ඛාති අත්‍ථො. න බ්‍යාකතාති අබ්‍යාකතා, කුසලාකුසලභාවෙන අකථිතාති අත්‍ථො. තෙසු පන අනවජ‍්ජසුඛවිපාකලක‍්ඛණා කුසලා, සාවජ‍්ජදුක‍්ඛවිපාකලක‍්ඛණා අකුසලා, අවිපාකලක‍්ඛණා අබ්‍යාකතා.

මෙහි වචනාර්ථය නම් ලාමක වූ පාපධර්මයන් චලනය කෙරේනුයි, කම්පා කෙරේනුයි විනාශ කෙරේනුයි = කුසල් නමි. නින්දිත ආකාරයෙන් සයනය කෙරේනුයි = කුස නමි. අකුසල නම් වූ ඒ කුසලයන් සිඳිනුයි කුසල නම් වේ. පාපධර්මයන් තුනී කරන හෙයින් අවසාන කරන හෙයින් ඤාණය කුස නම් වේ. එකී කුස සංඛ්‍යාත ඥානයෙන් සිඳිය යුතු හෙයින් හෝ කුසල නම් වෙයි. ගතයුතුය. පැවැත්විය යුතුය යන අර්ථයි. යම්සේ කුස දෙපසටම හසු වූ අත් පෙදෙස කපයි. මෙපරිද්දෙන් උපන් නූපන් වශයෙන් වූ උභ භාගගත ක්ලේශ පක්‍ෂය කපයි. එහෙයින් කුස මෙන් සිඳීනුයි = කුසල නම් වේ. තමාගේ ස්වභාවය දරානුයි ධර්ම නමි. ප්‍රත්‍යයන් විසින් දරනු ලැබේනුයි හේ යථා ස්වභාවයෙන් දරනු ලැබේනුයි හෝ දර්ම නමි. කුසල් නො වූයේ = අකුසල් නමි. මිත්‍රයන් ප්‍රතිපක්‍ෂ වූ අමිත්‍රයෝ මෙනි. ලෝභාදීන්ට ප්‍රතිපක්‍ෂ වූ අලෝභාදිය මෙනි. කුසලයන්ට ප්‍රතිපක්‍ෂ යන අර්ථයි. ඔවුනතුරෙන් වනාහි අනවද්‍ය සුඛවිපාක ලක්‍ෂණ ඇතියේ කුසල්ය. සාවද්‍ය දුක්ඛ විපාක ලක්‍ෂණ ඇතියේ අකුසල්ය. අවිපාක ලක්‍ෂණ ඇතියේ අව්‍යාකෘතයි.

කිං පනෙතානි ‘කුසලා’ති වා ‘ධම‍්මා’ති වාතිආදීනි එකත්‍ථානි උදාහු නානත්‍ථානීති? කිඤ‍්චෙත්‍ථ? යදි තාව එකත්‍ථානි ‘කුසලා ධම‍්මා’ති ඉදං ‘කුසලාකුසලා’තිවුත‍්තසදිසං හොති. අථ නානත්‍ථානි තිකදුකානං ඡක‍්කචතුක‍්කභාවො ආපජ‍්ජති පදානඤ‍්ච අසම‍්බන්‍ධො.

කිං ‘කුසලාති වා ධම්මාති වා’ යන මේ ආදිය ඒකාර්ථ ද? නැතහොත් නානාර්ථ ද? කිම? මෙහිදී යම්හෙයකින් ඒකාර්ථවත් නම් ‘කුසල ධම්මා’ යන මෙය ‘කුසලා කුසලා’ යැයි කීම සමාන වේ ද, නැතහොත් නානාර්ථ වේ නම්, තික දුකයන්ගේ ඡක්ක චතුක්කභාවයට පැමිණීම වෙයි. පදයන්ගේ අසම්බන්ධය ද වෙයි.

යථා හි ‘කුසලා’ ‘රූපං’‘චක‍්ඛුමා’ති වුත‍්තෙ අත්‍ථවසෙන අඤ‍්ඤමඤ‍්ඤං අනොලොකෙන‍්තානං පදානං න කොචි සම‍්බන්‍ධො, එවමිධාපි පදානං අසම‍්බන්‍ධො ආපජ‍්ජති. පුබ‍්බාපරසම‍්බන්‍ධරහිතානි ච පදානි නිප‍්පයොජනානි නාම හොන‍්ති. යාපි චෙසා පරතො ‘කතමෙ ධම‍්මා කුසලා’ති පුච‍්ඡා, තායපි සද‍්ධිං විරොධො ආපජ‍්ජති. නෙව හි ධම‍්මා කුසලා; අථ ච පනිදං වුච‍්චති – කතමෙ ධම‍්මා ‘කුසලා’ති. අපරො නයො – යදි එතානි එකත්‍ථානි, තිණ‍්ණං ‘ධම‍්මානං’ එකත‍්තා කුසලාදීනම‍්පි එකත‍්තං ආපජ‍්ජති. කුසලාදිපරානඤ‍්හි තිණ‍්ණම‍්පි ‘ධම‍්මානං’ ධම‍්මභාවෙන එකත‍්තං. තස‍්මා ධම‍්මත‍්තයෙන සද‍්ධිං අත්‍ථතො නින‍්නානත්‍ථානං කුසලාදීනම‍්පි එකත‍්තං ආපජ‍්ජති. ‘යදෙව කුසලං, තං අකුසලං, තං අබ්‍යාකත’න‍්ති. ‘අථාපි තිණ‍්ණං ධම‍්මානං එකත‍්තං න සම‍්පටිච‍්ඡථ, අඤ‍්ඤොව කුසලපරො ධම‍්මො, අඤ‍්ඤො අකුසලපරො ධම‍්මො, අඤ‍්ඤො අබ්‍යාකතපරො ධම‍්මොති වදථ, එවං සන‍්තෙ ධම‍්මො නාම භාවො, භාවතො ච අඤ‍්ඤො අභාවොති කුසලපරා භාවසඞ‍්ඛාතා ධම‍්මා අඤ‍්ඤො අකුසලපරො ධම‍්මො අභාවො සියා, තථා අබ්‍යාකතපරො. තෙහි ච අඤ‍්ඤො කුසලපරොපි. එවං අභාවත‍්තං ආපන‍්නෙහි ධම‍්මෙහි අනඤ‍්ඤෙ කුසලාදයොපි අභාවායෙව සියු’න‍්ති.

යම්සේ ‘කුසලා රූපං චක්‍ඛුමා’ යැයි කී කල්හි අර්ථ වශයෙන් ඔවුනොවුන් නො බලන පදයන්ගේ කිසිම සම්බන්ධයක් නොවේ. මෙසේ මෙහි ද පදයන්ගේ අසම්බන්ධය වෙයි. පූර්වාපර සම්බන්ධ රහිත පද නිෂ්ප්‍රයෝජන වෙයි. එකී (කුසලා) යන මෙය පරව (යොදා) ‘කතමෙ ධම්මා කුසලා’යි විචාරන ලද්දේ එය සමග විරෝධය පැමිණී ධර්මයෝ කුසලයෝ නො වන්නාහ කියායි. එසේ වුව ද ‘කතමෙ ධම්මා කුසලා’ යන මෙය කියනු ලැබේ. තවත් නයකි. ඉදින් මේවා ඒකාර්ථවත් නම් ධර්මත්‍රයේම එකඟ බවක් වෙයි. කුසලාදීන්ගේ ද එක්ඛවක් වෙයි. කුසලාදියෝ පර ධර්මත්‍රයේම ධර්ම බැවින් එක්ඛවක් වෙයි. එහෙයින් ධර්මත්‍රය සමග අර්ථ වශයෙන් නානත්වයක් නැති කුසලාදීන්ගේ ද ඒකත්වය වෙයි. යමක් කුසල් ද, එය අකුසල් ය. එය අව්‍යාකෘත ය යනුවෙනි. එසේනම් ධර්මත්‍රයේ එක්බවක් නොපිළිගනුව, කුසල යනුවෙන් පර වූ ධර්මය අනිකකි. අකුසල යන්නෙන් පර වූ ධර්මය අනිකකි. අව්‍යාකෘත යන්නෙන් පරවූයේ අනිකෙකැයි කියමි. එසේ නම් ධර්ම යනු භාවයෙකි. භාවයෙන් අන්‍ය වූයේ අභාවයි. කුසල යන්නෙන් පර වූවෝ භාව සංඛ්‍යාත ධර්මයෝ යි. අන්‍ය වූ අකුසලයන්ගෙන් පර වූ ධර්මය අභාව නම් වන්නේය. අව්‍යාකත පර වූයේ ද එසේමය. එයින් අන්‍ය වූ කුසලපර වූයේ ද එසේමය.

සබ‍්බමෙතං අකාරණං. කස‍්මා? යථානුමතිවොහාරසිද‍්ධිතොති. වොහාරො හි යථා යථා අත්‍ථෙසු අනුමතො සම‍්පටිච‍්ඡිතො තථා තථෙව සිද‍්ධො. න චායං “කුසලා ධම‍්මා”තිආදීසු කුසලපුබ‍්බො ධම‍්මාභිලාපො ධම‍්මපරො ච කුසලාභිලාපො, යථා ‘කුසලා කුසලා’ති එවං, අත‍්තනො අත්‍ථවිසෙසාභාවෙන පණ‍්ඩිතෙහි සම‍්පටිච‍්ඡිතො; න ච ‘කුසලා’ ‘රූපං’චක‍්ඛුමාසද‍්දා විය අඤ‍්ඤමඤ‍්ඤං අනොලොකිතත්‍ථභාවෙන. ‘කුසල’-සද‍්දො පනෙත්‍ථ අනවජ‍්ජසුඛවිපාකසඞ‍්ඛාතස‍්ස අත්‍ථස‍්ස ජොතකභාවෙන සම‍්පටිච‍්ඡිතො, ‘අකුසල’-සද‍්දො සාවජ‍්ජදුක‍්ඛවිපාකත්‍ථජොතකත‍්තෙන, ‘අබ්‍යාකත’-සද‍්දො අවිපාකත්‍ථජොතකත‍්තෙන, ‘ධම‍්ම’-සද‍්දො සභාවධාරණාදිඅත්‍ථජොතකත‍්තෙන. සො එතෙසං අඤ‍්ඤතරානන‍්තරෙ වුච‍්චමානො අත‍්තනො අත්‍ථසාමඤ‍්ඤං දීපෙති. සබ‍්බෙව හි එතෙ සභාවධාරණාදිනා ලක‍්ඛණෙන ධම‍්මා. කුසලාදිසද‍්දා චාපි ධම‍්මසද‍්දස‍්ස පුරතො වුච‍්චමානා අත‍්තනො අත‍්තනො අත්‍ථවිසෙසං තස‍්ස දීපෙන‍්ති. ධම‍්මො හි කුසලො වා හොති අකුසලො වා අබ්‍යාකතො වා. එවමෙතෙ විසුං විසුං වුච‍්චමානා අත‍්තනො අත‍්තනො අත්‍ථමත‍්තදීපකත‍්තෙන සම‍්පටිච‍්ඡිතා. ධම‍්මසද‍්දෙන සහ වුච‍්චමානා අත‍්තනො අත‍්තනො අත්‍ථසාමඤ‍්ඤං අත්‍ථවිසෙසං වා දීපකත‍්තෙන ලොකෙ පණ‍්ඩිතෙහි සම‍්පටිච‍්ඡිතා. තස‍්මා යදෙතමෙත්‍ථ එකත්‍ථනානාත්‍ථතං විකප‍්පෙත්‍වා දොසාරොපනකාරණං වුත‍්තං සබ‍්බමෙතං අකාරණං. අයං තාව කුසලත‍්තිකස‍්ස අනුපුබ‍්බපදවණ‍්ණනා. ඉමිනාව නයෙන සෙසතිකදුකානම‍්පි නයො වෙදිතබ‍්බො. ඉතො පරං පන විසෙසමත‍්තමෙව වක‍්ඛාම.

මෙසේ අභාවයට පැමිණි ධර්මයන්ගෙන් අන්‍ය වූ කුසලාදිය ද අභාවයෝම යැයි යන මේ සියල්ල අකාරණය. කවර හෙයින් යථානුමති වෝහාර සිද්ධියෙහි, ව්‍යවහාරය වනාහි යම් යම් අයුරින් අර්ථයන්හි අනුමතයැයි පිළිගන්නා ලදද ඒ ඒ පරිදිම සිද්ධය. ‘කුසලා ධම්මා’ යන මේ ආදියෙහි ධර්මාභිලාෂය (=ධර්මය යන වචනය) කුශල පූර්වය, කුශලාභිෂය ධර්මයන් පරකොට ඇත්තේය. යම්සේ කුසලා කුසලා යැයි මෙසේ අර්ථ විශේෂයක් නොමැති බැවින් මෙය පණ්ඩිතයන් විසින් නොපිළිගන්නා ලදී. කුසලා රූපං චක්‍ඛුං, ශබ්දය මෙන් ඔවුනොවුන් (දෙස) නොබලන අරුත් ඇති බැවින් නොවේ. මෙහි කුශල ශබ්දය වනාහි අනවද්‍ය සුඛවිපාක සංඛ්‍යාත අර්ථය බබුළුවන බැවින් පිළිගන්නා ලදී. අකුශල ශබ්දය සාවද්‍ය දුක්ඛ විපාකාර්ථ ජ්‍යොතනය කරන බැවින් පිළිගන්නා ලදී. අව්‍යාකෘත ශබ්ද අවිපාකාර්ථ ජ්‍යොතනය කරන ලද බැවින් පිළිගන්නා ලදී. ධර්ම ශබ්දය ස්වභාව සාධාරණ ආදී අර්ථ ජ්‍යොතනය කරන ලද හෙයින් පිළිගන්නා ලදී. ඒ ධර්ම ශබ්දය මොවුන්ගෙන් අන්‍යතරයකු අතුරෙහි කියනු ලබනුයේ තමාගේ අර්ථ සාම්‍යය (සමාන බව) දක්වයි. මේ සියල්ලෝම ස්වභාව ධාරණාදී ලක්‍ෂණයෙන් ධර්මයෝයි. කුශලාදී ශබ්දයෝ ද ධර්ම ශබ්දය පූර්වයෙන් කියනු ලබන්නාහු තමන්ගේ අර්ථ විශේෂය එයට දක්වත්. ධර්මය වනාහි කුසලයෝ වෙයි. අකුසල හෝ වෙයි. අව්‍යකෘත හෝ වෙයි. මෙසේ මෙකී ශබ්දයන් සමග වෙන වෙනම කියනු ලබන්නාහු තම තමන්ගේ අර්ථ මාත්‍රය දැක්වීමෙන් පිළිගන්නා ලදහ. ධර්ම ශබ්දය සමග කියනු ලබන්නාහු තම තමන්ගේ සාමාන්‍ය අර්ථය හෝ අර්ථ විශේෂය හෝ දක්වන බැවින් ලෝකයෙහි පණ්ඩිතයන් විසින් පිළිගන්නා ලදහ. එබැවින් මෙහිදී යමක් ඒකාර්ථ බවත් නානාර්ථ බවත් විකල්පනය කොට දෝෂාරෝපණයට හේතු කියන ලදී. මේ සියල්ල අකාරණය. මේ වනාහි කුශලත්‍රිකය සම්බන්ධ පිළිවෙළ පද වර්ණනාවය. මේ නයින්ම සෙසු තික දුකයන්ගේ ද නය දතයුතුයි. මින්මතු වනාහි විශේෂ මාත්‍රය පමණක්ම කියමි.

සුඛාය වෙදනායාතිආදීසු ‘සුඛ’-සද‍්දො තාව සුඛවෙදනාසුඛමූලසුඛාරම‍්මණසුඛහෙතුසුඛපච‍්චයට‍්ඨානඅබ්‍යාබජ‍්ඣනිබ‍්බානාදීසු දිස‍්සති. අයඤ‍්හි “සුඛස‍්ස ච පහානා”තිආදීසු (දී· නි· 1.232) සුඛවෙදනායං දිස‍්සති. “සුඛො බුද‍්ධානං උප‍්පාදො” (ධ· ප· 194), “සුඛා විරාගතා ලොකෙ”තිආදීසු (උදා· 11; මහාව· 5) සුඛමූලෙ “යස‍්මා ච ඛො, මහාලි, රූපං සුඛං සුඛානුපතිතං සුඛාවක‍්කන‍්ත”න‍්තිආදීසු (සං· නි· 3.60) සුඛාරම‍්මණෙ. “සුඛස‍්සෙතං, භික‍්ඛවෙ, අධිවචනං යදිදං පුඤ‍්ඤානී”තිආදීසු (අ· නි· 7.62) සුඛහෙතුම‍්හි. “යාවඤ‍්චිදං, භික‍්ඛවෙ, න සුකරං අක‍්ඛානෙන පාපුණිතුං යාව සුඛා සග‍්ගා” (ම· නි· 3.255), “න තෙ සුඛං පජානන‍්ති යෙ න පස‍්සන‍්ති නන්‍දන”න‍්තිආදීසු (සං· නි· 1.11) සුඛපච‍්චයට‍්ඨානෙ. “දිට‍්ඨධම‍්මසුඛවිහාරා එතෙ ධම‍්මා”තිආදීසු (ම· නි· 1.82) අබ්‍යාබජ‍්ඣෙ. “නිබ‍්බානං පරමං සුඛ”න‍්තිආදිසු (ධ· ප· 203-204) නිබ‍්බානෙ. ඉධ පනායං සුඛවෙදනායමෙව දට‍්ඨබ‍්බො. ‘වෙදනා’-සද‍්දො “විදිතා වෙදනා උප‍්පජ‍්ජන‍්තී”තිආදීසු (ම· නි· 3.208) වෙදයිතස‍්මිංයෙව වත‍්තති.

‘සුඛාය වෙදනාය සම්පයුත්තා’ යන ආදියෙහි සුඛ ශබ්දය වනාහි සුඛ වේදනා, සුඛමූල, සුඛාරම්මණ, සුඛහේතු සුඛ ප්‍රත්‍යස්ථාන, අව්‍යාපාද, නිර්වාණ ආදියෙහි දක්නා ලැබේ. මෙය වනාහි ‘සුඛස්ස ච පහාණා’ යන ආදියෙහි සුඛ වේදනාවෙහි දක්නා ලැබේ. ‘සුඛො බුද්ධානං උප්පාදො, සුඛා විරාගතො ලොකෙ’ යන ආදියෙහි සුඛ මූලයෙහි දක්නා ලැබේ. ‘යස්මා ච ඛො මහාලී, රූපං සුඛං සුඛානුපතිතං සුඛාවත්තං’ යනාදියෙහි සුඛාරම්මණයෙහි දක්නා ලැබේ. ‘සුඛස්සතං භික්‍ඛවෙ, අධිවචනං යදිදං පුඤ්ඤානි’ යන ආදියෙහි සුඛ හේතුවෙහි දක්නා ලැබේ. ‘යාවඤ්චිදං භික්‍ඛවෙ න සූකරං අක්‍ඛානෙන පාපුණිතුං යාව සුඛා සග්ගා, න තෙ සුඛං පජානන්ති යෙ න පස්සන්ති නන්‍දනං’ යන ආදියෙහි සුඛ ප්‍රත්‍ය ස්ථානයෙහි දක්නා ලැබේ. ‘දිට්ඨ ධම්ම සුඛවිහාරා එතෙ ධම්මා’ යන ආදියෙහි අව්‍යාපාදයෙහි දක්නා ලැබේ. ‘නිබ්බාණං පරමං සුඛං’ යන ආදියෙහි නිර්වාණයෙහි දක්නා ලැබේ. මෙහිදී වනාහි මෙය සුඛ වේදනාවෙහිම දතයුතුයි. වේදනා ගබ්දය ‘විදිතා මෙ වෙදනා උප්පජ්ජන්ති’ යන ආදියෙහි වේදයිතයිතයෙහි (විඳිය යුත්තෙහි) ම වැටේ.

‘දුක‍්ඛ’-සද‍්දො දුක‍්ඛවෙදනාදුක‍්ඛවත්‍ථුදුක‍්ඛාරම‍්මණදුක‍්ඛපච‍්චයදුක‍්ඛපච‍්චයට‍්ඨානාදීසු දිස‍්සති. අයඤ‍්හි “දුක‍්ඛස‍්ස ච පහානා”තිආදීසු දුක‍්ඛවෙදනායං දිස‍්සති. “ජාතිපි දුක‍්ඛා”තිආදීසු (දී· නි· 2.387; විභ· 190) දුක‍්ඛවත්‍ථුස‍්මිං. “යස‍්මා ච ඛො, මහාලි, රූපං දුක‍්ඛං දුක‍්ඛානුපතිතං දුක‍්ඛාවක‍්කන‍්ත”න‍්තිආදීසු දුක‍්ඛාරම‍්මණෙ. “දුක‍්ඛො පාපස‍්ස උච‍්චයො”තිආදීසු (ධ· ප· 117) දුක‍්ඛපච‍්චයෙ. “යාවඤ‍්චිදං, භික‍්ඛවෙ, න සුකරං අක‍්ඛානෙන පාපුණිතුං යාව දුක‍්ඛා නිරයා”තිආදීසු (ම· නි· 3.250) දුක‍්ඛපච‍්චයට‍්ඨානෙ. ඉධ පනායං දුක‍්ඛවෙදනායමෙව දට‍්ඨබ‍්බො.

‘දුක්‍ඛ’ ශබ්දය දුක්‍ඛ වේදනා, දුක්‍ඛ වත්‍ථු, දුක්‍ඛාරම්මණ, දුක්‍ඛප්පච්චය දුක්‍ඛප්පච්චයට්ඨාන ආදියෙහි දක්වා ලැබේ. මෙය වනාහි ‘දුක්‍ඛස්ස ච පහාණා’ යන ආදියෙහි දුඃඛවේදනාවෙහි දක්නා ලැබේ. ‘ජාතිපි දුක්‍ඛා’ යන ආදියෙහි දුඃඛ වස්තුවෙහි දක්නා ලැබේ. ‘යස්මා ච ඛො මහාලි, රූපං දුක්‍ඛං දුක්‍ඛානුපතිතං දුක්‍ඛාව තකන්තං’ යන ආදියෙහි දුඃඛාරම්මණයෙහි දක්නා ලැබේ. ‘දුක්‍ඛො පාපස්ස උච්චයො’ යන ආදියෙහි දුඃබ ප්‍රත්‍යයෙහි දක්නා ලැබේ. ‘යාවඤ්චිදං භික්‍ඛවෙ න සුකරං අක්‍ඛානෙන පාපුණිතුං සාව දුක්‍ඛා නිරයා’ යන ආදියෙහි දුඃඛ ප්‍රත්‍ය ස්ථානයෙහි දක්නා ලැබේ. මෙහි වනාහි මෙය දුක් වේදනාවෙහිම දතයුතුයි.

වචනත්‍ථො පනෙත්‍ථ – සුඛයතීති සුඛා. දුක‍්ඛයතීති දුක‍්ඛා. න දුක‍්ඛා න සුඛාති අදුක‍්ඛමසුඛා. ‘ම-කාරො පදසන්‍ධිවසෙන වුත‍්තො. සබ‍්බාපි ආරම‍්මණරසං වෙදයන‍්ති අනුභවන‍්තීති වෙදනා. තාසු ඉට‍්ඨානුභවනලක‍්ඛණා සුඛා, අනිට‍්ඨානුභවනලක‍්ඛණා දුක‍්ඛා, උභයවිපරීතානුභවනලක‍්ඛණා අදුක‍්ඛමසුඛා. යොපනායං තීසුපි පදෙසු ‘සම‍්පයුත‍්ත’-සද‍්දො, තස‍්සත්‍ථො – සමං පකාරෙහි යුත‍්තාති සම‍්පයුත‍්තා. කතරෙහි පකාරෙහීති? එකුප‍්පාදතාදීහි. “නත්‍ථි කෙචි ධම‍්මා කෙහිචි ධම‍්මෙහි සම‍්පයුත‍්තාති? ආමන‍්තා”ති හි ඉමස‍්ස පඤ‍්හස‍්ස පටික‍්ඛෙපෙ “නනු අත්‍ථි කෙචි ධම‍්මා කෙහිචි ධම‍්මෙහි සහගතා සහජාතා සංසට‍්ඨා එකුප‍්පාදා එකනිරොධා එකවත්‍ථුකා එකාරම‍්මණා”ති (කථා· 473) එවං එකුප‍්පාදතාදීනං වසෙන සම‍්පයොගත්‍ථො වුත‍්තො. ඉති ඉමෙහි එකුප‍්පාදතාදීහි සමං පකාරෙහි යුත‍්තාති සම‍්පයුත‍්තා.

මෙහි වචනාර්ථය වනාහි සැප කෙරේනුයි සුඛා නමි. දුක් කෙරේනුයි දුක්ඛා නමි. සුවදුක් නොවුයේ නුයි අදුක්ඛමසුඛ නමි. ම කාරය පදසන්ධි වශයෙන් කියන ලදී. සියලුම අරමුණු රස විඳිත්නුයි අනුභව කෙරෙත්නුයි වේදනාය. ඔවුනතුරෙන් ඉෂ්ට අනුභවන ලක්‍ෂණය ඇත්තේ සුඛයයි. අනිෂ්ට අනුභවන ලක්‍ෂණය ඇත්තේ දුඃඛය. මෙකී දෙකින් වෙනස් අනුභවන ලක්‍ෂණ ඇත්තේ අදුක්ඛමසුඛය. මෙකී පද තුනෙහිම යම් ඒ ‘සම්ප්‍රයුක්ත’ ශබ්දයක් වේද එහි අර්ථය :- සම වූ ආකාරයකින් යෙදුණෝනුයි = සම්ප්‍රයුක්තයෝය. කවර නම් ආකාරයන්ගෙන් ද යත්, ඒකුප්පාදතා ආදී වශයෙනි. කිසියම් ධර්ම කෙනෙකුන් සමග සම්ප්‍රයුක්ත වූ එසේය. ප්‍රශ්න කරන්නවුනි, කිසියම් ධර්ම කෙනෙක් නැද්දැයි මේ ප්‍රශ්නය ප්‍රතික්‍ෂේප කිරීමේ දී කිසියම් ධර්ම කෙනෙකුන් හා සහගත වූ සහජාත වූ සම්මිශ්‍ර වූ එක්ව උපන් එක්ව නිරුද්ධ වන ඒකවස්තුක වූ ඒකාරම්මණ වූ කිසියම් ධර්ම කෙනෙක් ඇත්තේ නොවේදැයි මෙසේ ඒකෝත්පාදාදීන්ගේ වශයෙන් සම්ප්‍රයෝගාර්ථය කියන ලදී. මෙසේ මේ ඒකෝත්පාදාදී සමග සම වූ ප්‍රකාරයෙන් යුක්ත වූවෝනුයි සම්ප්‍රයුක්තයෝය.

විපාකත‍්තිකෙ අඤ‍්ඤමඤ‍්ඤවිසිට‍්ඨානං කුසලාකුසලානං පාකාති විපාකා. විපක‍්කභාවමාපන‍්නානං අරූපධම‍්මානමෙතං අධිවචනං. විපාකධම‍්මධම‍්මාති විපාකසභාවධම‍්මා. යථා ජාතිජරාසභාවා ජාතිජරාපකතිකා සත‍්තා ජාතිධම‍්මා ජරාධම‍්මාති වුච‍්චන‍්ති එවං විපාකජනකට‍්ඨෙන විපාකසභාවා විපාකපකතිකා ධම‍්මාති අත්‍ථො. තතියපදං උභයසභාවපටික‍්ඛෙපවසෙන වුත‍්තං.

විපාක ත්‍රිකයෙහි ඔවුනොවුන්ට විශිෂ්ට වූ කුශලා කුශලයන්ගේ පාතය (පැසීම) විපාක නමි. විශේෂයෙන් පැසුණු බවට පත් වූ අරූප ධර්මයන්ට මේ නමෙකි. විපාක ධම්මා යනු විපාකයන්ගේ භාව ධර්මයයි. යම්සේ ජාතිය, ජරාව ස්වභාවකොට ඇති, ජාතිය, ජරාව ප්‍රකෘති කොට ඇති සත්ත්වයෝ ජාතිය ස්වභාවකොට ඇත්තාහ. ජරාව ස්වභාවකොට ඇත්තාහ කියනු ලබත්. මෙසේ විපාක ජනකාර්ථයෙන් විපාක ස්වභාවකොට ඇති විපාක ප්‍රකෘති කොට ඇති ධර්මයෝය යන අර්ථය තුන්වන පදය උභය ස්වභාවය ප්‍රතික්‍ෂේප වශයෙන් කියන ලදී.

උපාදින‍්නුපාදානියත‍්තිකෙ ආරම‍්මණකරණවසෙන තණ‍්හාදිට‍්ඨීහි උපෙතෙන කම‍්මුනා ආදින‍්නා, ඵලභාවෙන ගහිතාති උපාදින‍්නා. ආරම‍්මණභාවං උපගන‍්ත්‍වා උපාදානසම‍්බන්‍ධෙන උපාදානානං හිතාති උපාදානියා. උපාදානස‍්ස ආරම‍්මණපච‍්චයභූතානමෙතං අධිවචනං. උපාදිණ‍්ණා ච තෙ උපාදානියා චාති උපාදිණ‍්ණුපාදානියා; සාසවකම‍්මනිබ‍්බත‍්තානං රූපාරූපධම‍්මානමෙතං අධිවචනං. ඉති ඉමිනා නයෙන සෙසපදද‍්වයෙපි පටිසෙධසහිතො අත්‍ථො වෙදිතබ‍්බො.

උපාදින්න උපාදානීය ත්‍රිකයෙහි අරමුණු කිරීම් වශයෙන් තෘෂ්ණාදීන්ගෙන් යුක්ත වූ කර්මය විසින් ගන්නා ලද ඵලභාවයෙන් ගන්නා ලද්දෝනුයි –= උපාදින්න නමි. අරමුණු බවට පැමිණ උපාදානයන්ට සම්බන්ධ වීමෙන් උපාදානයන්ය. හිත වූවෝනුයි = උපාදානීය නම් වෙත්. උපාදානයන්ට ආරම්මණ ප්‍රත්‍ය වූවන් මෙය නමකි. උපාදින්නයෝත් ඔව්හුය. උපාදානීයයෝත් ඔව්හුය. අධි උපාදින්නුපාදානීයයෝයි. ආශ්‍රව සහිත කර්මයන්ගෙන් උපන් රූපාරූප ධර්මයන්ට මේ නමෙකි. මේ නයින් සෙසු පද දෙකෙහි ද ප්‍රතිෂේධ සහිත අර්ථය දතයුතු ය.

සංකිලිට‍්ඨසංකිලෙසිකත‍්තිකෙ සංකිලෙසෙතීති සංකිලෙසො, විබාධති, උපතාපෙති චාති අත්‍ථො. සංකිලෙසෙන සමන‍්නාගතාති සංකිලිට‍්ඨා. අත‍්තානං ආරම‍්මණං කත්‍වා පවත‍්තනෙන සංකිලෙසං අරහන‍්ති , සංකිලෙසෙ වා නියුත‍්තා, තස‍්ස ආරම‍්මණභාවානතික‍්කමනතොති සංකිලෙසිකා. සංකිලෙසස‍්ස ආරම‍්මණපච‍්චයභූතානමෙතං අධිවචනං. සංකිලිට‍්ඨා ච තෙ සංකිලෙසිකා චාති සංකිලිට‍්ඨසංකිලෙසිකා. සෙසපදද‍්වයම‍්පි පුරිමත‍්තිකෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

‘සංකිලිට්ඨ සංකිලෙස’ ත්‍රිකයෙහි කෙලෙසානුයි = සංකිලෙස නමි. බාධා කෙරෙයි හෝ තවයිනුයි යන අර්ථයි. කෙලෙසීමෙන් යුක්තවූවෝ සංකිලිෂ්ටයෝයි. තමා අරමුණුකොට පැවතීමෙන් කිලිටුවීමට සුදුසු වෙත්, එහි අරමුණු බව නො ඉක්මවීමෙන් කෙලෙසීමේ නියුතු වූවෝ නුයී = සංකිලෙයිකයෝයි. කෙලෙසීමට අරමුණු - ප්‍රත්‍යවූවන්ට මේ නමෙකි. සංකිලිෂ්ටයෝත් ඔව්හුය. සංක්ලේෂිකයෝත් ඔව්හුය නුයි සංකිලිෂ්ට සංක්ලේශිතයෝයි. සෙසු පද දෙක ද පළමු ත්‍රිකයෙහි කී නයින්ම දතයුතුයි.

විතක‍්කත‍්තිකෙ සම‍්පයොගවසෙන වත‍්තමානෙන සහ විතක‍්කෙන සවිතක‍්කා. සහ විචාරෙන සවිචාරා. සවිතක‍්කා ච තෙ සවිචාරා චාති සවිතක‍්කසවිචාරා. උභයරහිතා අවිතක‍්කඅවිචාරා. විතක‍්කවිචාරෙසු විචාරොව මත‍්තා, පමාණං, එතෙසන‍්ති විචාරමත‍්තා. විචාරතො උත‍්තරි විතක‍්කෙන සද‍්ධිං සම‍්පයොගං න ගච‍්ඡන‍්තීති අත්‍ථො. අවිතක‍්කා ච තෙ විචාරමත‍්තා චාති අවිතක‍්කවිචාරමත‍්තා.

විතර්ක ත්‍රිකයෙහි සම්ප්‍රයෝග වශයෙන් පවත්නා විතර්කය සමග වූවෝ = සවිතර්කයෝය. විචාරය සමග වූවෝ = සවිචාරයෝ ය. විතර්ක සහිත වූවෝත් ඔව්හුය. විචාර සහිත වූවෝත් ඔව්හුය නුයි = සවිතක්කය විචාරයෝ යි. උභය රහිත වූවෝ අවිතක්ක අවිචාරයෝ යි. විතර්ක විචාර අතුරෙන් විචාරයට ප්‍රමාණ වූයේ පරම වූයේ මොවුන්ටනුයි = විචාරමත්තාය. විචාරයෙන් මත්තෙහි විතර්කය සමග එක්වීමට නොයත්නුයි අර්ථයි. අවිතර්කයෝත් ඔව්හුය. විචාර මාත්‍රයෝත් ඔව්හුය නුයි = අවිතක්ක විචාර වන්තයෝය.

පීතිත‍්තිකෙ පීතියා සහ එකුප‍්පාදාදිභාවං ගතාති පීතිසහගතා, පීතිසම‍්පයුත‍්තාති අත්‍ථො. සෙසපදද‍්වයෙපි එසෙව නයො. උපෙක‍්ඛාති චෙත්‍ථ අදුක‍්ඛමසුඛා වෙදනා වුත‍්තා. සා හි සුඛදුක‍්ඛාකාරප‍්පවත‍්තිං උපෙක‍්ඛති, මජ‍්ඣත‍්තාකාරසණ‍්ඨිතත‍්තා තෙනාකාරෙන පවත‍්තතීති උපෙක‍්ඛා. ඉති වෙදනාත‍්තිකතො පදද‍්වයමෙව ගහෙත්‍වා නිප‍්පීතිකස‍්ස සුඛස‍්ස සප‍්පීතිකසුඛතො විසෙසදස‍්සනවසෙන අයං තිකො වුත‍්තො.

ප්‍රීති ත්‍රිකයෙහි ප්‍රීතිය සමග ඒකෝත්පාදී භාවයට ගියෝනුයි ප්‍රීති සහගතයෝ ය. ප්‍රීති සම්ප්‍රයුක්තයෝ යන අර්ථයි. සෙසු පද දෙකෙහි ද මේ නයයි. මෙහි උපේක්‍ෂා යනු දුක් නොවූත් සැප නොවූත් වේදනාව කියන ලදී. එය වනාහි සැපදුක් ආකාර වූ පැවැත්ම උපේක්‍ෂා කරයි. මධ්‍යස්ත ආකාරයෙන් සිටි බැවින් ඒ අයුරින් පවතීනුයි උපේක්‍ෂා නමි. මෙසේ වේදනා ත්‍රිකයෙන් පද දෙකක්ම ගෙන නිෂ්ප්‍රීතික සුඛයට සප්‍රීතික සුවයෙන් වෙනස දැක්වීම් වශයෙන් මේ ත්‍රිකය කියන ලදී.

දස‍්සනත‍්තිකෙ දස‍්සනෙනාති සොතාපත‍්තිමග‍්ගෙන. සො හි පඨමං නිබ‍්බානං දස‍්සනතො දස‍්සනන‍්ති වුත‍්තො. ගොත්‍රභු පන කිඤ‍්චාපි පඨමතරං පස‍්සති, යථා පන රඤ‍්ඤො සන‍්තිකං කෙනචිදෙව කරණීයෙන ආගතො පුරිසො දූරතොව රථිකාය චරන‍්තං හත්‍ථික‍්ඛන්‍ධගතං රාජානං දිස‍්වාපි ‘දිට‍්ඨො තෙ රාජා’ති පුට‍්ඨො දිස‍්වාපි කත‍්තබ‍්බකිච‍්චස‍්ස අකතත‍්තා ‘න පස‍්සාමී’ති ආහ. එවමෙව නිබ‍්බානං දිස‍්වාපි කත‍්තබ‍්බස‍්ස කිලෙසප‍්පහානස‍්සාභාවා න දස‍්සනන‍්ති වුච‍්චති. තඤ‍්හි ඤාණං මග‍්ගස‍්ස ආවජ‍්ජනට‍්ඨානෙ තිට‍්ඨති. භාවනායාති සෙසමග‍්ගත‍්තයෙන. සෙසමග‍්ගත‍්තයඤ‍්හි පඨමමග‍්ගෙන දිට‍්ඨස‍්මිංයෙව ධම‍්මෙ භාවනාවසෙන උප‍්පජ‍්ජති, අදිට‍්ඨපුබ‍්බං කිඤ‍්චි න පස‍්සති, තස‍්මා භාවනාති වුච‍්චති. තතියපදං උභයපටික‍්ඛෙපවසෙන වුත‍්තං.

දර්ශන ත්‍රිකයෙහි දස්සනේන යනු සෝවාන් මගිනි. එය වනාහි පළමුවෙනි නිවන දක්නා හෙයින් දර්ශනයැයි කියන ලදී. ගෝත්‍රභූ සිත වනාහි පළමුවෙන් කිසිවක් දකී. යම්සේ වනාහි කිසියම් කරුණක් සඳහා රජු වෙත ආ පුරුෂයෙක් දුරදීම වීථියෙහි හැසිරෙන ඇතුපිට හුන් රජු දැකත් තා විසින් රජ දක්නා ලදැයි විචාරන ලදුව කළයුතු කිස නොකළ හෙයින් නො දකිමියි කීය. මෙපරිද්දෙන්ම නිවන් දැක කළයුතු වූ ක්ලේශ ප්‍රහාණිය නොවූයෙන් දර්ශනයක් නැතැයි කියනු ලැබේ. ඒ ඥානය වනාහි මාර්ගය ආවර්ජනය කරන ස්ථානයේ සිටී. භාවනාය යනු සෙසු මාර්ගත්‍රයෙනි. සෙසු මාර්ගත්‍රය වනාහි ප්‍රථම මාර්ගයෙන් ධර්මය අවබෝධ කරගත් කල්හි භාවනා වශයෙන් උපදී. නො දුටු විරූ කිසිවක් නො දකී. එහෙයින් භාවනායැයි කියනු ලැබේ. තෙවන පදය උභය ප්‍රතික්‍ෂේප වශයෙන් කියන ලදී.

තදනන‍්තරත‍්තිකෙ දස‍්සනෙන පහාතබ‍්බො හෙතු එතෙසන‍්ති දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා. දුතියපදෙපි එසෙව නයො. තතියපදෙ නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බො හෙතු එතෙසන‍්ති එවමත්‍ථං අග‍්ගහෙත්‍වා නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බො හෙතු එතෙසං අත්‍ථීති එවමත්‍ථො ගහෙතබ‍්බො . ඉතරථා හි අහෙතුකානං අග‍්ගහණං භවෙය්‍ය; හෙතුයෙව හි තෙසං නත්‍ථි යො දස‍්සනභාවනාහි පහාතබ‍්බො සියා. සහෙතුකෙසුපි හෙතුවජ‍්ජානං පහානං ආපජ‍්ජති, න හෙතූනං; හෙතුයෙව හි එතෙසං ‘නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බො’ති වුත‍්තො, න තෙ ධම‍්මා. උභයම‍්පි චෙතං අනධිප‍්පෙතං. තස‍්මා නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බො හෙතු එතෙසං අත්‍ථීති නෙවදස‍්සනෙන නභාවනාය පහාතබ‍්බහෙතුකාති අයමත්‍ථො ගහෙතබ‍්බො.

තදනන්තර ත්‍රිකයෙහි දර්ශනයෙන් පහ කළයුතු හේතු මොවුන්ට නුයි = දස්සනෙන පහාතබ්බහෙතුකායි දෙවන පදයෙහි ද මේ නයමය. තෙවන පදයෙහි දර්ශනයෙනුත් පහකළ නොහැකි භාවනාවෙනුත් පහකළ නොහැකි හේතු මොවුන්ටනුයි යන මේ අර්ථය නොගෙන දර්ශනයෙනුත් පහකළ නොහැකි භාවනාවෙනුත් පහකළ නොහැකි මොවුන්ට ඇත යන මේ අර්ථය ගතයුතුයි. අන් පරිද්දෙකින් වීනම් අහේතුකයින්ගේ නො ගැනීම වන්නේය. ඔවුන් හේතුවම නැත. යමක් දර්ශන භාවනාවන්ගෙන් පහ කළයුතු වේද, සහේතුකයන්හිදී ද හේතු වර්ජකයින්ගේ ග්‍රහණයට පැමිණෙයි. හේතූන්ගේ ගැනීමක් නොවෙයි. මොවුන්ගේ හේතුවම දර්ශනයෙනුත් භාවනාවෙනුත් පහ කළ යුතු නොවේයැයි කියන ලදී. ඒ ධර්මයෝ නොවෙත්. මේ දෙකම බලාපොරොත්තු නොවේ. එහෙයින් දර්ශනයෙනුත් භාවනාවෙනුත් පහ නොකළ යුතු හේතු මොවුන් ඇත්තේනුයි = ‘නෙවදස්සනෙන නභාවනාය පහාතබ්බහෙතුකා’ යන අර්ථය ගතයුතුයි.

ආචයගාමිත‍්තිකෙ කම‍්මකිලෙසෙහි ආචියතීති ආචයො. පටිසන්‍ධිචුතිගතිප‍්පවත‍්තානං එතං නාමං. තස‍්ස කාරණං හුත්‍වා නිප‍්ඵාදනකභාවෙන තං ආචයං ගච‍්ඡන‍්ති, යස‍්ස වා පවත‍්තන‍්ති තං පුග‍්ගලං යථාවුත‍්තමෙව ආචයං ගමෙන‍්තීතිපි ආචයගාමිනො; සාසවකුසලාකුසලානං එතං අධිවචනං. තතො එව ආචයසඞ‍්ඛාතා චයා අපෙතත‍්තා, නිබ‍්බානං අපෙතං චයාති අපචයො. තං ආරම‍්මණං කත්‍වා පවත‍්තනතො අපචයං ගච‍්ඡන‍්තීති අපචයගාමිනො; අරියමග‍්ගානමෙතං අධිවචනං. අපිච පාකාරං ඉට‍්ඨකවඩ‍්ඪකී විය පවත‍්තං ආචිනන‍්තා ගච‍්ඡන‍්තීති ආචයගාමිනො. තෙන චිතං චිතං ඉට‍්ඨකං විද‍්ධංසයමානො පුරිසො විය තදෙව පවත‍්තං අපචිනන‍්තා ගච‍්ඡන‍්තීති අපචයගාමිනො. තතියපදං උභයපටික‍්ඛෙපෙන වුත‍්තං.

ආචයගාමි ත්‍රිකයෙහි කර්ම ක්ලේශයන් විසින් රැස්කරනු ලැබේනුයි = ආචයයි. ප්‍රතිසන්ධි චුති ගති පැවතීම් ඇතියනට මේ නමකි. එයට කරුණු වී නිපදවන බැවින් එය රැස්කිරීමට පැමිණෙත්. යමෙකුගේ හෝ පවතිත් ද, ඒ පුද්ගලයා කියන ලද පරිදිම රැස්කිරීමට පමුණුවත්නුයි ආචයගාමී නම් වේ. ආශ්‍රව සහිත කුශලාකුශලයන්ට මේ නමකි. එහෙයින්ම ආචය සංඛ්‍යාත රැස්කිරීමෙන් පහවූ බැවින් නිවන පහවූ රැස්කිරීම් ඇත්තේනුයි = අපචයයි. එය අරමුණු කොට පවත්නා හෙයින් අපචය නම් වූ නිවනට යෙත්නුයි = අපචයගාමීහු ය. මෙය ආර්ය මාර්ගයන්ට නමකි. තවද උළු වඩුවකු ප්‍රාකාරය මෙන් පැවැත්ම (ඉදිරි ගමන) රැස් කරමින් යෙත්නුයි = ආචයගාමීහුය. ඔහු විසින් රැස්කරන රැස්කරන ලද්ද විද්වංශනය කරන පුරිසයකු මෙන් ඒ පැවැත්ම ම විනාශ කරමින් යෙත්නුයි = අපචයගාමීහු ය. තෙවන පදය උභය ප්‍රතික්‍ෂේපයෙන් කියන ලදී.

සෙක‍්ඛත‍්තිකෙ තීසු සික‍්ඛාසු ජාතාති සෙක‍්ඛා. සත‍්තන‍්නං සෙක‍්ඛානං එතෙතිපි සෙක‍්ඛා. අපරියොසිතසික‍්ඛත‍්තා සයමෙව සික‍්ඛන‍්තීතිපි සෙක‍්ඛා . උපරි සික‍්ඛිතබ‍්බාභාවතො න සෙක‍්ඛාති අසෙක‍්ඛා. වුඩ‍්ඪිප‍්පත‍්තා වා සෙක‍්ඛාතිපි අසෙක‍්ඛා. අරහත‍්තඵලධම‍්මානං එතං අධිවචනං. තතියපදං උභයපටික‍්ඛෙපෙන වුත‍්තං.

ශෛක්‍ෂ ත්‍රිකයෙහි ත්‍රිවිධ ශික්‍ෂාවන්හි උපන්නාහු නුයි = ශෛක්‍ෂයෝය. මොව්හු සප්ත ශෛක්‍ෂයන්ට අයත්නුයි යනුවෙන් ද, ශෛක්‍ෂයෝ ය. සම්පූර්ණ නොකළ ශික්‍ෂා ඇති බැවින් තමාම හික්මෙත්නුයි ද ශෛක්‍ෂයෝය. මතුයෙහි හික්මිය යුතු බවක් නැති හෙයින් ශෛක්‍ෂයෝ නොවෙත්නුයි = අශෛක්‍ෂයෝය. වෘද්ධියට පැමිණියෝ හෝ අශෛක්‍ෂයෝ නුයි = අශෛක්‍ෂයෝ ය. අර්හත්ඵලය ස්වභාවකොට ඇතියනට මේ නමෙකි. තෙවන පදය උභය ප්‍රතික්‍ෂේප වශයෙන් කියන ලදී.

පරිත‍්තත‍්තිකෙ සමන‍්තතො ඛණ‍්ඩිතත‍්තා අප‍්පමත‍්තකං පරිත‍්තන‍්ති වුච‍්චති; ‘පරිත‍්තං ගොමයපිණ‍්ඩ’න‍්තිආදීසු (සං· නි· 3.96) විය. ඉමෙපි අප‍්පානුභාවතාය පරිත‍්තා වියාති පරිත‍්තා; කාමාවචරධම‍්මානමෙතං අධිවචනං. කිලෙසවික‍්ඛම‍්භනසමත්‍ථතාය විපුලඵලතාය දීඝසන‍්තානතාය ච මහන‍්තභාවං ගතා, මහන‍්තෙහි වා උළාරච‍්ඡන්‍දවීරියචිත‍්තපඤ‍්ඤෙහි ගතා පටිපන‍්නාතිපි මහග‍්ගතා. පමාණකරා ධම‍්මා රාගාදයො පමාණං නාම. ආරම‍්මණතො වා සම‍්පයොගතො වා නත්‍ථි එතෙසං පමාණං, පමාණස‍්ස ච පටිපක‍්ඛාති අප‍්පමාණා.

පරිත්ත ත්‍රිකයෙහි හාත්පසින් ඛණ්ඩනය කළ හෙයින් ස්වල්ප මාත්‍රය, ස්වල්පය යැයි කියනු ලැබේ. ස්වල්ප වූ ගොමපිඩය ආදියෙහි මෙනි. මොවුහු ද අල්පානුභාව බැවින් ස්වල්ප වූවෝ වැනි නුයි = පරිත්තයෝ ය. කාමාවචර ධර්මයන්ට මේ නමෙකි. ක්ලේශ විෂ්කම්භනය සමර්ථ බැවින්ද, මහත් වූ ඵල ඇති හෙයින් ද, දීර්ඝ වූ සන්තාන ඇති හෙයින් ද මහත්භාවයට ගියෝය. මහත් අය විසින් හෝ මහත් වූ ඡන්‍ද, වීර්ය, චිත්ත, ප්‍රඥා ඇති අය විසින් යන ලදහ. පිළිපන්නා ලදහනුයි = මහත්ගතයෝය. රාගාදී ධර්මයෝ ප්‍රමාණ කරයහ. ප්‍රමාණ නම් අරමුණු වශයෙන් හෝ සම්ප්‍රයෝග වශයෙනි. මොවුන්ට ප්‍රමාණයක් නැත්තේය. ප්‍රමාණයට ප්‍රතිපක්‍ෂයෝය නුයි = අප්‍රමාණයෝ ය.

පරිත‍්තාරම‍්මණත‍්තිකෙ පරිත‍්තං ආරම‍්මණං එතෙසන‍්ති පරිත‍්තාරම‍්මණා. සෙසපදද‍්වයෙපි එසෙව නයො.

පරිත්තාරම්මණ ත්‍රිකයෙහි ස්වල්ප වූ අරමුණු මොවුන්ට නුයි පරිත්තාරම්මණයෝය. සෙසු පද දෙකේ ද මේ නයමය.

හීනත‍්තිකෙ හීනාති ලාමකා අකුසලා ධම‍්මා. හීනප‍්පණීතානං මජ‍්ඣෙ භවාති මජ‍්ඣිමා. අවසෙසා තෙභූමකා ධම‍්මා උත‍්තමට‍්ඨෙන අතප‍්පකට‍්ඨෙන ච පණීතා; ලොකුත‍්තරා ධම‍්මා.

හීන ත්‍රිකයෙහි හීනා යනු ලාමක වූ අකුශල ධර්මයෝ ය. හීන ප්‍රණීතයන්ගේ මධ්‍යයෙහි වූවෝනුයි = මධ්‍යමයෝ ය. අවශේෂ වූ ත්‍රෛභූමක ධර්මයෝ උක්තමාර්ථයෙන් අනල්පකාර්ථයෙන් ද = ප්‍රණීතයෝය. ලෝකෝත්තර ධර්මයෝ ය.

මිච‍්ඡත‍්තත‍්තිකෙ ‘හිතසුඛාවහා මෙ භවිස‍්සන‍්තී’ති එවං ආසීසිතාපි තථා අභාවතො, ‘අසුභාදීසුයෙව සුභ’න‍්තිආදි විපරීතප‍්පවත‍්තිතො ච මිච‍්ඡාසභාවාති මිච‍්ඡත‍්තා; විපාකදානෙ සති ඛන්‍ධභෙදානන‍්තරමෙව විපාකදානතො නියතා; මිච‍්ඡත‍්තා ච තෙ නියතා චාති මිච‍්ඡත‍්තනියතා. වුත‍්තවිපරීතෙන අත්‍ථෙන සම‍්මාසභාවාති සම‍්මත‍්තා; සම‍්මත‍්තා ච තෙ නියතා ච අනන‍්තරමෙව ඵලදානෙනාති සම‍්මත‍්තනියතා. උභයථාපි න නියතාති අනියතා.

මිථ්‍යා භාවත්‍රිකයෙහි මොව්හු හිතසුව ගෙන දෙන්නෝ වන්නාහයි මෙසේ ආශිංසනය කරන ලද්දේ නමුදු එසේ නොමැති හෙයින් අශුභාදියෙහිම ශූභය ආදී විපරීත පැවතීම් ඇති හෙයින් ද මිථ්‍යා ස්වභාව ඇත්තෝනුයි මිච්ඡක්තය, විපාකදීම ඇතිකල්හි ස්කන්ධ භේදයට අනන්තරවම විපාකදීම ඇති හෙයින් නියතයෝ ය. මිථ්‍යා ස්වභාව ඇත්තෝත් නියතයෝත් ඔව්හුමනුයි මිච්ඡත්ත නියතයෝය කියන ලද්දට විපරීත වූ අර්ථයෙන් සම්‍යක් ස්වභාව ඇත්තේනුයි = සම්මත්තයෝ ය. අනන්තරවම විපාක දීමෙන් සම්මන්ත වූවෝත් නියත වූවෝත් ඔව්හුමනුයි = සම්මත්ත නියතයෝය. උභයාකාරයෙන්ම නියත නොවූවෝනුයි අනියතයෝ ය.

මග‍්ගාරම‍්මණත‍්තිකෙ නිබ‍්බානං මග‍්ගති, ගවෙසති, කිලෙසෙ වා මාරෙන‍්තො ගච‍්ඡතීති මග‍්ගො. මග‍්ගො ආරම‍්මණං එතෙසන‍්ති මග‍්ගාරම‍්මණා. අට‍්ඨඞ‍්ගිකොපි මග‍්ගො පච‍්චයට‍්ඨෙන එතෙසං හෙතූති මග‍්ගහෙතුකා. මග‍්ගසම‍්පයුත‍්තා වා හෙතූ මග‍්ගෙ වා හෙතූති මග‍්ගහෙතූ. තෙ එතෙසං හෙතූතිපි මග‍්ගහෙතුකා. සම‍්මාදිට‍්ඨි සයං මග‍්ගො චෙව හෙතු ච. ඉති මග‍්ගො හෙතු එතෙසන‍්තිපි මග‍්ගහෙතුකා. අභිභවිත්‍වා පවත‍්තනට‍්ඨෙන මග‍්ගො අධිපති එතෙසන‍්ති මග‍්ගාධිපතිනො.

මාර්ගාරම්මණා ත්‍රිකයෙහි නිවන සොයායි ගවේෂණය කෙරේනුයි ක්ලේශයන් මරමින් හෝ යෙයි නුයි = – මාර්ගයි. මාර්ගය, අරමුණ වූයේ මොවුන්ටනුයි = මාර්ගාරම්මණායෝය. අෂ්ටාංගික මාර්ගයම ප්‍රත්‍යාර්ථයෙන් මොවුන්ට හේතුය නුයි = මග්ග හේතුකයෝ ය. මාර්ග සම්ප්‍රයුක්ත වූ හේතුය. මාර්ගයෙහි හෝ හේතුය නුයි = මග්ග හේතුය. ඔව්හු මොවුන්ට හේතු යනුයි = මග්ග හේතුකයෝය. මැඩගෙන පවත්නා අර්ථයෙන් මාර්ගය මොවුන්ට අධිපතිනුයි –= මාර්ගාධිපතීහුය.

උප‍්පන‍්නත‍්තිකෙ උප‍්පාදතො පට‍්ඨාය යාව භඞ‍්ගා උද‍්ධං පන‍්නා ගතා පවත‍්තාති උප‍්පන‍්නා. න උප‍්පන‍්නාති අනුප‍්පන‍්නා. පරිනිට‍්ඨිතකාරණෙකදෙසත‍්තා අවස‍්සං උප‍්පජ‍්ජිස‍්සන‍්තීති උප‍්පාදිනො.

උත්පන්න ත්‍රිකයෙහි ඉපදීමේ පටන් බිඳීම දක්වා උඩට පැමිණියාහු, ගියාහු පැමිණියාහු නුයි = උත්පන්නයෝ ය. නූපන්නෝ නුයි - අනුත්පන්න යන, නිමවූ කාරණා ඒකදේශත්වයෙන් අවශ්‍යයෙන්ම උපදින්නෝය නුයි = උප්පාදින්නයහ. (උපදින්නෝ ය.)

අතීතත‍්තිකෙ අත‍්තනො සභාවං උප‍්පාදාදික‍්ඛණං වා පත්‍වා අතික‍්කන‍්තාති අතීතා. තදුභයම‍්පි න ආගතාති අනාගතා. තං තං කාරණං පටිච‍්ච උප‍්පන‍්නාති පච‍්චුප‍්පන‍්නා.

අතීත ත්‍රිකයෙහි තමාගේ ස්වභාවයට හෝ උත්පාදාදී ලක්‍ෂණයට හෝ පැමිණ ඉක්මවෝ නුයි –= අතීතයහ. එකී දෙකටම නො ආවාහු = අනාගතයහ. ඒ ඒ කාරණය නිසා උපන්නාහු = පච්චුප්පන්නයෝ ය.

අනන‍්තරත‍්තිකෙ අතීතං ආරම‍්මණං එතෙසන‍්ති අතීතාරම‍්මණා. සෙසපදද‍්වයෙපි එසෙව නයො.

තදනන්තර ත්‍රිකයෙහි අතීතාරම්මණය මොවුන්ටනුයි = අතීතාරම්මණයෝ ය. සෙසු පද දෙක්හි ද මේ නයමය.

අජ‍්ඣත‍්තත‍්තිකෙ ‘එවං පවත‍්තමානා මයං අත‍්තා’ති ගහණං, ‘ගමිස‍්සාමා’ති ඉමිනා විය අධිප‍්පායෙන අත‍්තානං අධිකාරං කත්‍වා පවත‍්තාති අජ‍්ඣත‍්තා. ‘අජ‍්ඣත‍්ත’-සද‍්දො පනායං ගොචරජ‍්ඣත‍්තෙ නියකජ‍්ඣත‍්තෙ අජ‍්ඣත‍්තජ‍්ඣත‍්තෙ විසයජ‍්ඣත‍්තෙති චතූසු අත්‍ථෙසු දිස‍්සති. “තෙනානන්‍ද, භික‍්ඛුනා තස‍්මිංයෙව පුරිමස‍්මිං සමාධිනිමිත‍්තෙ අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සණ‍්ඨපෙතබ‍්බං” (ම· නි· 3.188), “අජ‍්ඣත‍්තරතො සමාහිතො”තිආදීසු (ධ· ප· 362) හි අයං ගොචරජ‍්ඣත‍්තෙ දිස‍්සති. “අජ‍්ඣත‍්තං සම‍්පසාදනං” (දී· නි· 1.228; ධ· ස· 161), “අජ‍්ඣත‍්තං වා ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරතී”තිආදීසු (දී· නි· 2.373) නියකජ‍්ඣත‍්තෙ. “ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානී”තිආදීසු (ම· නි· 3.304) අජ‍්ඣත‍්තජ‍්ඣත‍්තෙ. “අයං ඛො පනානන්‍ද, විහාරො තථාගතෙන අභිසම‍්බුද‍්ධො යදිදං සබ‍්බනිමිත‍්තානං අමනසිකාරා අජ‍්ඣත‍්තං සුඤ‍්ඤතං උපසම‍්පජ‍්ජ විහරතී”තිආදීසු (ම· නි· 3.187) විසයජ‍්ඣත‍්තෙ; ඉස‍්සරියට‍්ඨානෙති අත්‍ථො. ඵලසමාපත‍්ති හි බුද‍්ධානං ඉස‍්සරියට‍්ඨානං නාම. ඉධ පන නියකජ‍්ඣත‍්තෙ අධිප‍්පෙතො. තස‍්මා අත‍්තනො සන‍්තානෙ පවත‍්තා පාටිපුග‍්ගලිකා ධම‍්මා අජ‍්ඣත‍්තාති වෙදිතබ‍්බා. තතො බාහිරභූතා පන ඉන්‍ද්‍රියබද‍්ධා වා අනින්‍ද්‍රියබද‍්ධා වා බහිද‍්ධා නාම. තතියපදං තදුභයවසෙන වුත‍්තං.

ආධ්‍යාත්ම ත්‍රිකයෙහි මෙසේ පවත්නා වූ අපි ආත්මය යන ග්‍රහණයට යන්නෙමු යැයි මේ අදහසින් මෙන්ම තමා පාලනය කරන්ගෙන පැවැත්තාහු නුයි = ආධ්‍යාත්මයෝ ය. මේ ‘අජ්ඣත්ත’ ශබ්දය වනාහි ගෝචර අජ්ඣත්තය, නියත අජ්ඣත්තය, අජ්ඣත්ත අජ්ඣත්තය, විසය අජ්ඣත්තය යන සතර අර්ථයන්හි දක්නා ලැබේ. ‘තෙනා නන්‍ද, භික්‍ඛුනා තස්මිංයෙව පුරිමස්මිං සමාධි නිමිත්තෙ අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙ තබ්බං, අජ්ඣත්තතො සමාහිතො’ යන ආදියෙහි වනාහි මෙය ගෝචර අජ්ඣත්තයෙහි දක්නා ලැබේ. ‘අජ්ඣත්තං සම්පසාදනං, අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති’ යන ආදියෙහි නියකජ්ඣත්තයෙහි වැටේ. ‘ඡ අජ්ඣත්තිකානි ආයතනානි’ යන ආදියෙහි අජ්ඣත්ත අජ්ඣත්තයෙහි ය. අයං ඛො පනානන්‍ද විහාරො තථාගතෙන අභිසම්බුද්ධො යදිදං සබ්බනිමිත්තානං අමනසිකාරා අජ්ඣත්තං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරති’ යන ආදියෙහි විසයජ්ඣත්තයෙහිය. අධිපති ස්ථානයෙහි යන අර්ථයි. ඵල සමාපත්තිය වනාහි බුදුවරුන්ට අධිපති ස්ථානය නම් වේ. මෙහි වනාහි නියතජ්ඣත්තයෙහි අදහස් කෙරේ. එහෙයින් ස්වසන්තානයෙහි පැවති පෞද්ගලික වූ ධර්මයෝ ආධ්‍යාත්මයෝ යැයි දතයුතුයි. එයින් බාහිර වූවෝ වනාහි ඉන්‍ද්‍රිය බද්ධ වූවෝ හෝ ඉන්‍ද්‍රිය බද්ධ නොවූවෝ හෝ බහිද්ධා (බාහිර) නම් වේ. තෙවන පදය ඒ උභය වශයෙන් කියන ලදී.

අනන‍්තරත‍්තිකො තෙයෙව තිප‍්පකාරෙපි ධම‍්මෙ ආරම‍්මණං කත්‍වා පවත‍්තනවසෙන වුත‍්තො.

අනන්තර ත්‍රිකය එකී තෙවැදෑරුම් ධර්මයන්ම අරමුණු කොට පැවතීම් වශයෙන් කියන ලදී.

සනිදස‍්සනත‍්තිකෙ දට‍්ඨබ‍්බභාවසඞ‍්ඛාතෙන සහ නිදස‍්සනෙනාති සනිදස‍්සනා. පටිහනනභාවසඞ‍්ඛාතෙන සහ පටිඝෙනාති සප‍්පටිඝා. සනිදස‍්සනා ච තෙ සප‍්පටිඝා චාති සනිදස‍්සනසප‍්පටිඝා. නත්‍ථි එතෙසං දට‍්ඨබ‍්බභාවසඞ‍්ඛාතං නිදස‍්සනන‍්ති අනිදස‍්සනා. අනිදස‍්සනා ච තෙ වුත‍්තනයෙනෙව සප‍්පටිඝා චාති අනිදස‍්සනසප‍්පටිඝා. තතියපදං උභයපටික‍්ඛෙපෙන වුත‍්තං. අයං තාව තිකමාතිකාය අනුපුබ‍්බපදවණ‍්ණනා.

සන්දර්ශන ත්‍රිකයෙහි දතයුතුබවැයි කියන ලද නිදසුන් සහිත යනුයි = සන්දර්ශනයි. නසන බවැයි කියන ලද ප්‍රතිඝය සමග යනුයි. = සප්‍රඝය, සනිදර්ශන වූවෝත්, සප්‍රඝ වූවෝත් ඔව්හුය යනු = සනිදර්ශන සප්‍රඝයහ, දතයුතු බවැයි කියන ලද නිදර්ශනයක් මොවුන්ට නැත්තේය යනුයි. අනිදර්ශනයහ. අනිදර්ශනයෝත් ඔව්හුය. කියන ලද ක්‍රමයෙන්ම සප්‍රඝයෝත් ඔව්හුම යනුයි = අනිදර්ශන සප්‍රඝයෝය. තෙවන පදය උභය ප්‍රක්‍ෂේප වශයෙන් කියන ලදී. මේ වනාහි තික ඛාතිකාවෙයි අනුපූර්ව පද වර්ණනාවයි.

තිකමාතිකාපදවණ‍්ණනා නිට‍්ඨිතා.