දුකමාතිකාපදවණ්ණනා අට්ඨකථා
දුකමාතිකාපදවණ්ණනා
දුකමාතෘකා වර්ණනාව
දුකමාතිකායං පන තිකෙසු අනාගතපදවණ්ණනංයෙව කරිස්සාම. හෙතුගොච්ඡකෙ තාව හෙතුධම්මාති මූලට්ඨෙන හෙතුසඞ්ඛාතා ධම්මා. හෙතූ ධම්මාතිපි පාඨො. න හෙතූති තෙසංයෙව පටික්ඛෙපවචනං. සම්පයොගතො පවත්තෙන සහ හෙතුනාති සහෙතුකා. තථෙව පවත්තො නත්ථි එතෙසං හෙතූති අහෙතුකා. එකුප්පාදාදිතාය හෙතුනා සම්පයුත්තාති හෙතුසම්පයුත්තා. හෙතුනා විප්පයුත්තාති හෙතුවිප්පයුත්තා. ඉමෙසං ද්වින්නම්පි දුකානං කිඤ්චාපි අත්ථතො නානත්තං නත්ථි, දෙසනාවිලාසෙන පන තථා බුජ්ඣන්තානං වා පුග්ගලානං අජ්ඣාසයවසෙන වුත්තා. තතො පරං පඨමදුකං දුතියතතියෙහි සද්ධිං යොජෙත්වා තෙසං ‘හෙතූ න හෙතූ’තිආදීනං පදානං වසෙන යථාසම්භවතො අපරෙපි තයො දුකා වුත්තා. තත්ථ යථෙව ‘හෙතූ චෙව ධම්මා සහෙතුකා චා’ති එතං සම්භවති, තථා ‘හෙතූ චෙව ධම්මා අහෙතුකා චා’ති ඉදම්පි. යථා ච ‘සහෙතුකා චෙව ධම්මා න ච හෙතූ’ති එතං සම්භවති, තථා ‘අහෙතුකා චෙව ධම්මා න ච හෙතූ’ති ඉදම්පි. හෙතුසම්පයුත්තදුකෙන සද්ධිං යොජනායපි එසෙව නයො.
දුක මාතිකාවෙහි වනාහි ත්රිකයන්හි ආ පදවර්ණනාවම කරන්නෙමු. හේතු ගොච්ඡකයෙහි වනාහි හේතුධම්මා යනු මූලාර්ථයෙන් හේතුයැයි කියන ලද ධර්මයෝය. ‘හේතුධම්මා’ යනු ද පාඨයෙකි. ‘නහෙතු’ යනු ඔවුන්ගේම ප්‍රතික්ෂේප වචනයයි. සම්ප්‍රයෝග වශයෙන් පැවැත්මෙන් හේතුව සමග නුයි = සහේතුකයෝය. එසේම මොවුන්ට හේතු පැවැත්මෙක් නැත්තේ නුයි = අහේතුකයෝ ය. එක්ව උපදනා බැවින් හේතුව සමග එක්ව යෙදුණේ නුයි = හේතු සම්ප්‍රයුක්තයෝය. හේතුවෙන් වෙන් වූවෝ නුයි = හේතු විප්‍රයුක්තයෝය. මේ දුක දෙකේම අර්ථ වශයෙන් කිසිදු නානත්වයක් (වෙනසක්) නැත. දේශනා විලාසයෙන් වනාහි එසේ අවබෝධ කරගන්නා වූ හෝ පුද්ගලයන්ගේ අදහස් වශයෙන් කියන ලදී. ඉන් අනතුරුව ප්‍රථම දුකය ද්විතීය තෘතීය දුකයන් සමග යොදා ඔවුන්ගේ ‘හේතු’ ‘නහේතු’ ආදී පදයන්ගේ වශයෙන් එසේ හටගත්තා වූ අතර වූ ද දුක තුනක් කියන ලදී. එහි යම් සේ ධර්මයෝ හේතු ද සහේතුක යන මෙය වේ ද එසේම ධර්මයෝ හේතු ද අහේතුක ද වෙත් යන මෙය වේ. එසේම සහේතුක ධර්මයෝය. නො ද හේතුක ද වෙත් යන මෙය වෙයි. එසේම අහේතුක ධර්මයෝය. නො ද හේතුක ද වෙත් යන මෙය වෙයි. හේතුසම්ප්‍රයුක්ත දුකය සමග යෙදීමේ දී ද මෙම ක්‍රමයමැයි.
තත්ර යදෙතං ‘න හෙතූ ධම්මා සහෙතුකාපි අහෙතුකාපී’ති සිද්ධෙ, ‘න හෙතූ ඛො පන ධම්මා’ති අතිරිත්තං ‘ඛො පනා’ති පදං වුත්තං, තස්ස වසෙන අයං අතිරෙකත්ථො සඞ්ගහිතොති වෙදිතබ්බො. කථං? න කෙවලං ‘න හෙතු ධම්මා අථ ඛො අඤ්ඤෙපි න ච සහෙතුකාපි අහෙතුකාපි ඉච්චෙව, අථ ඛො අඤ්ඤථාපීති. ඉදං වුත්තං හොති – යථෙව හි ‘න හෙතූ ධම්මා සහෙතුකාපි අහෙතුකාපි’, එවං ‘හෙතූ ධම්මා සහෙතුකාපි අහෙතුකාපි’. යථා ච ‘න හෙතූ ධම්මා සහෙතුකාපි අහෙතුකාපි’, එවං ‘න හෙතූ ධම්මා හෙතුසම්පයුත්තාපි හෙතුවිප්පයුත්තාපී’ති.
එහි න හේතුක ධර්මයෝය. සහේතුකයෝ ය. අහේතුකයෝ යැයි යන මෙය සිද්ධ වූ කල්හි යළිදු නො ද හේතු ධර්මයෝය යන මෙය වනාහි අතිරික්තයකැයි කියන ලදී. ඒ අනුව මේ අතිරේකාර්ථය සංග්‍රහ කරන ලද්දේයැයි දතයුතුයි. කෙසේද? හුදෙක් නහේතු ධර්මයෝම නොවෙත්. එසේ නම් අනිකුත් නො ද සහේතු අහේතුකයෝය යන වශයෙනි. තවද වෙනත් අයුරකින් ද මෙය කියන ලද්දේ වෙයි. නහේතු ධර්මයෝය, සහේතුකයෝ ය. අහේතුකයෝ ය (යන මේ ධර්මයෝ) යම්සේ ද හේතුධර්‍මයෝ ද සහේතුකයෝ ද අහේතුකයෝ ද එසේය. නහේතු ධර්මයෝ ද හේතුසම්ප්‍රයුක්තයෝ ද හේතු විප්‍රයුක්තයෝ ද මෙසේමය.
චූළන්තරදුකෙසු අත්තනො නිප්ඵාදකෙන සහ පච්චයෙනාති සප්පච්චයා. නත්ථි එතෙසං උප්පාදෙ වා ඨිතියං වා පච්චයොති අප්පච්චයා. පච්චයෙහි සමාගන්ත්වා කතාති සඞ්ඛතා. න සඞ්ඛතාති අසඞ්ඛතා. අවිනිබ්භොගවසෙන රූපං එතෙසං අත්ථීති රූපිනො. තථාවිධං නත්ථි එතෙසං රූපන්ති අරූපිනො. රුප්පනලක්ඛණං වා රූපං; තං එතෙසං අත්ථීති රූපිනො. න රූපිනො අරූපිනො. ලොකියා ධම්මාති ලොකො වුච්චති ලුජ්ජනපලුජ්ජනට්ඨෙන වට්ටං; තස්මිං පරියාපන්නභාවෙන ලොකෙ නියුත්තාති ලොකියා. තතො උත්තිණ්ණාති උත්තරා; ලොකෙ අපරියාපන්නභාවෙන ලොකතො උත්තරාති ලොකුත්තරා. කෙනචි විඤ්ඤෙය්යාති චක්ඛුවිඤ්ඤාණාදීසු කෙනචි එකෙන චක්ඛුවිඤ්ඤාණෙන වා සොතවිඤ්ඤාණෙන වා විජානිතබ්බා. කෙනචි න විඤ්ඤෙය්යාති තෙනෙව චක්ඛුවිඤ්ඤාණෙන වා සොතවිඤ්ඤාණෙන වා න විජානිතබ්බා. එවං සන්තෙ ද්වින්නම්පි පදානං අත්ථනානත්තතො දුකො හොති.
චුල්ලන්තර දුකයෙහි තමාගේ නිෂ්පාදක වූ ප්‍රත්‍යය සමග නුයි =– සප්‍රත්‍යයෝ ය. මොවුන්ට උත්පාදයෙහි හෝ ඨිතියෙහි හෝ ප්‍රත්‍යය නැත්තේ නුයි = අප්‍රත්‍යයෝ ය. ප්‍රත්‍යයන් සමග එක්ව අවුත් කරන ලද්දේනුයි = සංඛතයෝ ය. සංඛත නොවූවෝ යනු = අසංඛතයෝ ය. වෙන් කළ නොහැකි අයුරින් රූපය මොවුන්ට ඇත යනුයි = රූපීහුය. මොවුන් එවැනි රූපයක් නැත්තේ නුයි අරූපීහු ය. වෙනස්වීම ලක්ෂණ කොට ඇත්තේ හෝ රූපයි. එය මොවුන්ට ඇත්තේ නුයි = රූපීහු ය. රූපී නො වූවෝ = අරූපීහු ය. විනාශවීම, බිඳවැටීම යන අර්ථයෙන් (සංසාර) වෘත්තය ලෝකය යැයි කියනු ලැබේ. එහි අන්තර්ගත බැවින් ලෝකයෙහි නියුතු වූවෝ නුයි = ලෞකිකයහ. එයින් එතර වූවෝ - ගොඩනැගුණෝනුයි උත්තරයහ. ලෝකයෙහි නියුතු නොවූ බැවින් ලෝකයෙන් එතර වූවෝනුයි = ලෝකුත්තරයහ. ‘කෙන චි විඤ්ඤෙය්යො’ යනු චක්ෂුර්විඥානාදී වූ කිසියම් එකකින් චක්ෂුර් විඥානයෙන් හෝ ශ්‍රෝත විඥානයෙන් හෝ දතයුතු. ‘කෙනචි න විඤ්ඤෙය්යා’ යනු කිසියම් චක්ෂුර්විඥානයෙන් හෝ ශ්‍රෝත විඥානයෙන් හෝ නොදතයුතු. මෙසේ ඇති කල්හි පද දෙකේම අර්ථ වෙනසින් ද්විකයක් වෙයි.
ආසවගොච්ඡකෙ ආසවන්තීති ආසවා. චක්ඛුතොපි…පෙ… මනතොපි සන්දන්ති පවත්තන්තීති වුත්තං හොති. ධම්මතො යාව ගොත්රභුං, ඔකාසතො යාව භවග්ගං සවන්තීති වා ආසවා. එතෙ ධම්මෙ එතඤ්ච ඔකාසං අන්තොකරිත්වා පවත්තන්තීති අත්ථො. අන්තොකරණත්ථො හි අයං ‘ආ’කාරො. චිරපාරිවාසියට්ඨෙන මදිරාදයො ආසවා. ආසවා වියාතිපි ආසවා. ලොකස්මිඤ්හි චිරපාරිවාසිකා මදිරාදයො ආසවාති වුච්චන්ති. යදි ච චිරපාරිවාසියට්ඨෙන ආසවා, එතෙයෙව භවිතුමරහන්ති. වුත්තඤ්හෙතං – “පුරිමා, භික්ඛවෙ, කොටි න පඤ්ඤායති අවිජ්ජාය, ඉතො පුබ්බෙ අවිජ්ජා නාහොසී”තිආදි (අ· නි· 10.61). ආයතං වා සංසාරදුක්ඛං සවන්ති පසවන්තීතිපි ආසවා. තතො අඤ්ඤෙ නො ආසවා නාම. අත්තානං ආරම්මණං කත්වා පවත්තෙහි සහ ආසවෙහීති සාසවා. එවං පවත්තමානා නත්ථි එතෙසං ආසවාති අනාසවා. සෙසං හෙතුගොච්ඡකෙ වුත්තනයෙන වෙදිතබ්බං. අයං පන විසෙසො – යථා තත්ථ ‘න හෙතූ ඛො පන ධම්මා සහෙතුකාපි අහෙතුකාපීති අයං ඔසානදුකො පඨමදුකස්ස දුතියපදං ආදිම්හි ඨපෙත්වා වුත්තො, එවං ඉධ ‘නො ආසවා ඛො පන ධම්මා සාසවාපි අනාසවාපී’ති න වුත්තො. කිඤ්චාපි න වුත්තො, අථ ඛො අයඤ්ච අඤ්ඤො ච භෙදො තත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බො.
ආසව ගොච්ඡකයෙහි වැගිරේනුයි = ආසවයෝ ය. ඇසින් ද -පෙ මනසින් ද වැගිරෙත්. ගලාබසිත් යැයි කියන ලද්දේ වෙයි. ධර්ම වශයෙන් ගෝත්‍රභූ සිත තෙක් ද අවකාශයෙන් භවාග්‍රය දක්වා ද වැගිරෙත්නුයි හෝ = ආශ්‍රවයෝ ය. මේ ධර්මයන් ද මේ අවකාශය ද ඇතුළත්කොට පවත්නාහුය යන අර්ථයි. අන්තර් කරණාර්ථය වනාහි මේ ආකාර ඇත්තේය. බොහෝකල් පැසවීමෙන් රා ආදිය ආසව යැයි කියනු ලැබේ. එහෙයින්ම බොහෝකල් පැසවීමෙන් මොව්හු ද ආසවම වීමට සුදුස්සෝය. මෙය ද කියන ලද්දේමැයි. ‘මහණෙනි, මින් පෙර අවිද්‍යාව නොවීයැයි අවිද්‍යාවේ මුල කෙළවර නොපැනේ.’ යන ආදියයි. දිගට හෝ සසර දුක ගලා බසී. විශේෂයෙන් ගලාබසීනුයි = ආසවයෝය. එයින් අන්‍යයෝ නො ආසව නමි. තමන් අරමුණු කොට පවත්නා ආසවයන් සමගනුයි = සාසවයෝ යි. මෙසේ පවත්නාහු මොවුන්ට ආසවයෝ නැත්නුයි අනාසවයහ. සේසස හේතුගොච්ඡකයෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුයි. මේ වනාහි වෙනසකි. යම්සේ එහි යළි හේතු නොවූ සහේතුක ද වූ ධර්මයෝයැ. අහේතුක ද ධර්මයෝය යන මේ අවසාන දුකය පඨම දුකයාගේ දෙවන පදය මුලින් යොදා කියන ලදී. මෙසේ මෙහි දී යළිදු ආස්‍රව නොවූ ද සාස්‍රව වූ ද අනාස්‍රව වූ ද ධර්මයෝ නො කියන ලදහ. එසේ නො කියන ලද නමුත් යළිදු මෙය ද අනිකුත් භේදයෝ ද එහි කියන ලද නයින්ම දතයුතුයි.
සංයොජනගොච්ඡකෙ යස්ස සංවිජ්ජන්ති, තං පුග්ගලං වට්ටස්මිං සංයොජෙන්ති බන්ධන්තීති සංයොජනා. තතො අඤ්ඤෙ නො සංයොජනා නාම. ආරම්මණභාවං උපගන්ත්වා සංයොජනසම්බන්ධනෙ සංයොජනානං හිතාති සංයොජනියා. සංයොජනස්ස ආරම්මණපච්චයභූතානං එතං අධිවචනං. න සංයොජනියා අසංයොජනියා. සෙසං හෙතුගොච්ඡකෙ වුත්තනයෙනෙව යොජෙතබ්බං.
සංයෝජන ගොච්ඡකයෙහි යමෙකුට විද්‍යමාන වෙත් ද, ඒ පුද්ගලයා සසර යොදත් යොදත්නුයි, බඳිත්නුයි = සංයෝජනයෝ ය. එයින් අන්‍ය වූවෝ සංයෝජන නොවූවෝ නම් වෙත්. අරමුණු බවට පැමිණ සංයෝජනයන් සංවර්ධනයෙන් සංයෝජනයන්ට හිතවූවෝ යනු = සංයෝජනීයයෝ ය. සංයෝජනයන්ගේ අරමුණුවලට ප්‍රත්‍ය වූවන්ට මෙය නමකි. සංයෝජන නොවූවෝ = අසංයෝජනීයයෝ ය. සෙස්ස හේතුගොච්ඡකයෙහි කී නයින්ම දතයුතුයි.
ගන්ථගොච්ඡකෙ යස්ස සංවිජ්ජන්ති තං චුතිපටිසන්ධිවසෙන වට්ටස්මිං ගන්ථෙන්ති ඝටෙන්තීති ගන්ථා. තතො අඤ්ඤෙ නො ගන්ථා. ආරම්මණකරණවසෙන ගන්ථෙහි ගන්ථිතබ්බාති ගන්ථනියා. සෙසං හෙතුගොච්ඡකෙ වුත්තනයෙනෙව යොජෙතබ්බං. යථා ච ඉධ, එවං ඉතො පරෙසුපි වුත්තාවසෙසං තත්ථ තත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බං.
ග්රන්ථ ගොච්ඡකයෙහි යමෙකුට විද්‍යමාන වෙත් ද ඔහු චුති ප්රතිසන්ධි වශයෙන් සසර වෙළත්නුයි ගටත්නුයි = ග්රන්ථයෝ ය. එයින් අන්‍ය වූවෝ ග්රන්ථ නොවූවෝය. අරමුණු කිරීම් වශයෙන් ග්‍රන්ථයත් සමග වෙළිය යුත්තෝ = ග්රන්ථනීයයෝ ය. සෙස්ස හේතුගොච්ඡකයෙහි කී නයින්ම යෙදිය යුතුය. මෙහි යම්සේ ද එපරිද්දෙන් මෙයින් පර තැන්හි දී කියා ඉතිරිය ඒ ඒ තැන්හි කී නයින්ම දතයුතුයි.
ඔඝගොච්ඡකෙ යස්ස සංවිජ්ජන්ති තං වට්ටස්මිංයෙව ඔහනන්ති ඔසීදාපෙන්තීති ඔඝා. ආරම්මණං කත්වා අතික්කමනීයතො ඔඝෙහි අතික්කමිතබ්බාති ඔඝනියා. ඔඝානං ආරම්මණධම්මා එව වෙදිතබ්බා.
ඕඝ ගොච්ඡකයෙහි යමෙකුට විද්‍යමාන වෙත්ද ඔහු සසරම නතර කරත්නුයි, ගිලාබස්වත්නුයි = – ඕඝයෝ ය. අරමුණු කොට ඉක්මවිය යුතු හෙයින් ඕඝයන් විසින් ඉක්මවිය යුත්තෝ නුයි = ඕඝනීයයෝය. ඕඝයන්ගේ ආරම්මණ ධර්මයෝ මෙසේ දතයුත්තාහ.
යොගගොච්ඡකෙ වට්ටස්මිං යොජෙන්තීති යොගා. යොගනියා ඔඝනියා විය වෙදිතබ්බා.
යෝග ගොච්ඡකයෙහි සසර යොදත්නුයි = යෝගයෝ යි. යෝගනීයයෝ ඕඝනීයයන් මෙන් දතයුත්තාහ.
නීවරණගොච්ඡකෙ චිත්තං නීවරන්ති පරියොනන්ධන්තීති නීවරණා. නීවරණියා සංයොජනියා විය වෙදිතබ්බා.
නීවරණ ගොච්ඡකයෙහි සිත වළක්වත්නුයි, හාත්පසින් වසත්නුයි = නීවරණයෝ ය. සංයෝජනීයයන් මෙන් දතයුත්තාහ.
පරාමාසගොච්ඡකෙ ධම්මානං යථාභූතං අනිච්චාදිආකාරං අතික්කමිත්වා ‘නිච්ච’න්ති ආදිවසෙන පවත්තමානා පරතො ආමසන්තීති පරාමාසා. පරාමාසෙහි ආරම්මණකරණවසෙන පරාමට්ඨත්තා පරාමට්ඨා.
පරාමාස ගොච්ඡකයෙහි ධර්මයන්ගේ තත්වාකාර වූ අනිත්‍යාදී ආකාරය ඉක්මවා නිත්‍යය ආදී වශයෙන් පවත්නා පරවසයෙන් (පිටත්හි) ආමර්ශනය (අතපතගෑම) කෙරෙත්නුයි = පරාමාසයෝයි. පරාමාසයන් සමග අරමුණු කිරීම් වශයෙන් පරාමර්ශනය කළ හෙයින් = පරාමට්ඨයෝ ය.
මහන්තරදුකෙසු ආරම්මණං අග්ගහෙත්වා අප්පවත්තිතො සහ ආරම්මණෙනාති සාරම්මණා. නත්ථි එතෙසං ආරම්මණන්ති අනාරම්මණා. චින්තනට්ඨෙන චිත්තා, විචිත්තට්ඨෙන වා චිත්තා. අවිප්පයොගවසෙන චෙතසි නියුත්තාති චෙතසිකා. නිරන්තරභාවූපගමනතාය, උප්පාදතො යාව භඞ්ගා, චිත්තෙන සංසට්ඨාති චිත්තසංසට්ඨා. එකතො වත්තමානාපි නිරන්තරභාවං අනුපගමනතාය චිත්තෙන විසංසට්ඨාති චිත්තවිසංසට්ඨා. සමුට්ඨහන්ති එතෙනාති සමුට්ඨානං. චිත්තං සමුට්ඨානං එතෙසන්ති චිත්තසමුට්ඨානා. සහ භවන්තීති සහභුනො. චිත්තෙන සහභුනො චිත්තසහභුනො. අනුපරිවත්තන්තීති අනුපරිවත්තිනො. කිං අනුපරිවත්තන්ති? චිත්තං. චිත්තස්ස අනුපරිවත්තිනො චිත්තානුපරිවත්තිනො. චිත්තසංසට්ඨා ච තෙ චිත්තසමුට්ඨානා චාති චිත්තසංසට්ඨසමුට්ඨානා. චිත්තසංසට්ඨා ච තෙ චිත්තසමුට්ඨානා ච චිත්තසහභුනො එව චාති චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො. චිත්තසංසට්ඨා ච තෙ චිත්තසමුට්ඨානා ච චිත්තානුපරිවත්තිනො එව චාති චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො. සෙසානි සබ්බපදානි වුත්තපදානං පටික්ඛෙපවසෙන වෙදිතබ්බානි. අජ්ඣත්තජ්ඣත්තං සන්ධාය අජ්ඣත්තත්තිකෙ වුත්තවසෙන අජ්ඣත්තාව අජ්ඣත්තිකා. තතො බහිභූතාති බාහිරා. උපාදියන්තෙව භූතානි, න භූතානි විය උපාදියන්තීති උපාදා. න උපාදියන්තෙවාති නොඋපාදා.
මහන්තර දුකයෙහි අරමුණ නොගෙන ‘නො පවත්නා හෙයින් අරමුණ සමග යනුයි = සාරම්මණයෝ ය. මොවුන්ට අරමුණ නැත්නුයි = අනාරම්මණයෝ ය. සිතීම් අර්ථයෙන් = සිතය. විචිත්රාර්ථයෙන් හෝ සිතය. වියෝග නොවීම් වශයෙන් සිතෙහි නියුතු වූවෝ නුයි = චෛතසිකයෝ ය. නිරතුරුවම සමීපයට ඒමෙන් ඉපැත්මේ පටන් භංගය තෙක් සිත සමග මිශ්‍ර වූයෝ = චිත්ත සංසට්ඨයෝ ය. එක්ව පවතින්නේ නමුදු නිරන්තර භාවයකට නො පැමිණ සිත සමග මිශ්‍ර නො වූවෝ නුයි = චිත්ත විසංසට්ඨයෝ ය. මෙයින් උපදිත්නුයි = – සමට්ඨානය, මොවුන්ගේ හටගැන්ම සිතය යනුයි = චිත්ත සමුට්ඨානයෝ ය. එක්ව වෙත්නුයි = සහභූහුය. සිත සමග එක්වූවෝ චිත්ත සහභූහු ය. අනුව පෙරළෙත්නුයි = අනුපරිවර්තීහුය. කුමක් අනුව පෙරළෙත් ද, සිතයි. (අනුව යි.) සිතට අනුව පෙරළෙන්නෝ = චිත්ත පරිවර්තීහු ය. සිත හා මිශ්‍ර වූවෝ ද සිතින් උපන්නෝ ද ඔව්හු නුයි = චිත්ත සංසට්ඨ සමුට්ඨානයෝ යි. සිත හා මිශ්‍ර වූවෝ ද සිතින් උපන්නෝ ද සිත සමග වූවෝමය යනුයි = චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහභූහු ය. සිත හා මිශ්‍ර වූවෝ ද සිතින් උපන්නෝ ද සිත අනුව පරිවර්තනය වන්නෝමය යනුයි. චිත්ත සංසට්ඨ සමුට්ඨාන අනුපරිවර්තීහුය. සෙසු සියලු පද ද කියන ලද ප්‍රතික්ෂේප වශයෙන් දතයුතුයි. ආධ්‍යාත්ම ආධ්‍යාත්මයන් සඳහා ආධ්‍යාත්ම ත්‍රිකයෙහි කී වශයෙන් ආධ්යාත්මයෝ ද = ආධයාත්මිකයෝ ය. එයින් පිටත්හි වූවෝ නුයි = බාහිරයතා දැඩිව ගන්නා වූ භූතයන් භූත නොවූවන් මෙන් දැඩිව ගනිත්නුයි = උපාදාය, දැඩිව නො ගන්නන් හෝ යනුයි = නො උපාදායය.
උපාදානගොච්ඡකෙ භුසං ආදියන්තීති උපාදානා; දළ්හග්ගාහං ගණ්හන්තීති අත්ථො. තතො අඤ්ඤෙ නොඋපාදානා.
උපදාන ගොච්ඡකයෙහි දැඩිව ගනිත්නුයි = උපාදානයෝ ය. දැඩිකොට ගනිත් යන අර්ථයි. ඉන් අන්‍ය වූවෝ නො උපාදානයෝ ය.
කිලෙසගොච්ඡකෙ සංකිලිට්ඨත්තිකෙ වුත්තනයෙනෙව අත්ථො වෙදිතබ්බො.
ක්ලේශ ගොච්ඡකයෙහි සංකිලිට්ඨත්තිකයෙහි කියන ලද අයුරින් අර්ථය දතයුතුයි.
පිට්ඨිදුකෙසු කාමෙ අවචරන්තීති කාමාවචරා රූපෙ අවචරන්තීති රූපාවචරා. අරූපෙ අවචරන්තීති අරූපාවචරා. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරො පන පරතො ආවි භවිස්සති. තෙභූමකවට්ටෙ පරියාපන්නා අන්තොගධාති පරියාපන්නා. තස්මිං න පරියාපන්නාති අපරියාපන්නා. වට්ටමූලං ඡින්දන්තා නිබ්බානං ආරම්මණං කත්වා වට්ටතො නිය්යන්තීති නිය්යානිකා. ඉමිනා ලක්ඛණෙන න නිය්යන්තීති අනිය්යානිකා. චුතියා වා අත්තනො වා පවත්තියා අනන්තරං ඵලදානෙ නියතත්තා නියතා. තථා අනියතත්තා අනියතා. අඤ්ඤෙ ධම්මෙ උත්තරන්ති පජහන්තීති උත්තරා. අත්තානං උත්තරිතුං සමත්ථෙහි සහ උත්තරෙහීති සඋත්තරා. නත්ථි එතෙසං උත්තරාති අනුත්තරා. රණන්ති එතෙහීති රණා; යෙහි අභිභූතා සත්තා නානප්පකාරෙන කන්දන්ති පරිදෙවන්ති, තෙසං රාගාදීනං එතං අධිවචනං. සම්පයොගවසෙන පහානෙකට්ඨතාවසෙන ච සහ රණෙහීති සරණා. තෙනාකාරෙන නත්ථි එතෙසං රණාති අරණා.
පිට්ඨි දුකයෙහි කාම භවයෙහි හැසිරෙත්නුයි = කාමාවචරයෝ ය. රූප භවයෙහි හැසිරෙත් නුයි රූපාවචරයෝ ය. අරූප භවයෙහි හැසිරෙත්නුයි = – අරූපාවචරයෝ ය. මේ මෙහි සංක්ෂේපයයි. විස්තරය වනාහි මත්තෙහි දැක්වෙන්නේ ය. ත්‍රෛභූමක වෘත්තයෙහි යෙදුණෝ ඇතුළත් වූවෝ නුයි = පරියා පන්නයෝ ය. එහි නො යෙදුණෝ යනු = අපරියාපන්නයෝ ය. සසර මුල් සිඳිමින් නිවන් අරමුණු කොට සසරින් නික්මෙත් යනු = නීය්යානිකයෝ ය. මේ ලක්ෂණයෙන් නො නික්මෙත් යනු = අනිය්යානිකයෝ ය. චුතියෙහි හෝ තමාගේ පැවැත්මේ දී හෝ අනතුරුව ඵලදානයෙහි නියත බැවින් = නියතයෝ ය. එසේ අනියත බැවින් = අනියතයෝ ය. අන්‍ය ධර්මයන් තරණය කෙරෙත්. දුරුකෙරෙත්නුයි = උත්තරයෝ ය. තමන් එතර කරන්ට සමත් වූ උත්තරයන් සමග යනුයි. සඋත්තරයහ. මොවුන්ට උත්තරයෝ නැත්තාහ යනුයි. = අනුත්තරයෝ ය. මොවුන් සමග යුද්ධ කෙරෙත් නුයි = රණයෝ ය. යම් කෙනෙකුන් විසින් මඩනා ලද සත්ත්වයෝ නන් අයුරින් හඩත් ද වලපිත්ද, ඒ රාගාදීන්ට මේ නමකි. සම්ප්‍රයෝග වශයෙන් ද ප්‍රහාණයේ දී එක්වීම් වශයෙන් ද රණයන් සමග නුයි = සරණයෝ ය. ඒ කාරණයෙන් මොවුන්ට රණයෝ නැත්නුයි = අසරණයෝ ය.
සුත්තන්තිකදුකමාතිකාපදවණ්ණනා
සූත්‍රාන්තික දුකමාතෘකා වර්ණනාව
සුත්තන්තිකදුකෙසු සම්පයොගවසෙන විජ්ජං භජන්තීති විජ්ජාභාගිනො; විජ්ජාභාගෙ විජ්ජාකොට්ඨාසෙ වත්තන්තීතිපි විජ්ජාභාගිනො. තත්ථ විපස්සනාඤාණං, මනොමයිද්ධි, ඡ අභිඤ්ඤාති අට්ඨ විජ්ජා. පුරිමෙන අත්ථෙන තාහි සම්පයුත්තධම්මාපි විජ්ජාභාගිනො. පච්ඡිමෙන අත්ථෙන තාසු යා කාචි එකා විජ්ජා විජ්ජා. සෙසා විජ්ජාභාගිනොති. එවං විජ්ජාපි විජ්ජාය සම්පයුත්තධම්මාපි විජ්ජාභාගිනොත්වෙව වෙදිතබ්බා. ඉධ පන සම්පයුත්තධම්මාව අධිප්පෙතා. සම්පයොගවසෙනෙව අවිජ්ජං භජන්තීති අවිජ්ජාභාගිනො. අවිජ්ජාභාගෙ අවිජ්ජාකොට්ඨාසෙ වත්තන්තීතිපි අවිජ්ජාභාගිනො. තත්ථ දුක්ඛපටිච්ඡාදකං තමො සමුදයාදිපටිච්ඡාදකන්ති චතස්සො අවිජ්ජා. පුරිමනයෙනෙව තාහි සම්පයුත්තධම්මාපි අවිජ්ජාභාගිනො. තාසු යා කාචි එකා අවිජ්ජා අවිජ්ජා. සෙසා අවිජ්ජාභාගිනොති. එවං අවිජ්ජාපි අවිජ්ජාය සම්පයුත්තධම්මාපි අවිජ්ජාභාගිනොත්වෙව වෙදිතබ්බා. ඉධ පන සම්පයුත්තධම්මාව අධිප්පෙතා.
සූත්‍රාන්තික දුකයන්හි සම්ප්‍රයෝග වශයෙන් විද්‍යාව භජනය කෙරෙත්නුයි = විද්යාභාගිහුය. විද්යාභාගයෙහි විද්‍යා කොට්ඨාශයෙහි පවතිත් යනු ද = විද්යාභාගීහු ය. එහි විදර්ශනා ඥානය, මනෝමය ඍද්ධි ඥානය, ෂට් අභිඥාය යනු අෂ්ටවිද්යාවෝ ය. පළමු අර්ථයෙන් ඒවා සමග යෙදුණු ධර්මයෝ ද විද්යාභාගීහු ය. පශ්චිම අර්ථයෙන් ඒවා අතුරෙන් යම්කිසි එක් විද්‍යාවක් විද්‍යාය, සෙස්සෝ විද්යාභාගීහුයැයි මෙසේ විද්‍යාව ද විද්‍යාව හා සම්ප්‍රයුක්ත ධර්මයෝ ද විද්යාභාගීහුම යැයි දතයුත්තාහ. මෙහි වනාහි සම්ප්‍රයුක්ත ධර්මයෝ ද අභිප්‍රේතයි. (බලාපොරොත්තුය) සම්ප්‍රයෝග වශයෙන්ම අවිද්‍යාව භජනය කෙරෙත්නුයි = – අවිජ්ජාභාගීහු ය. අවිද්යාභාගයෙහි, අවිද්‍යා කොට්ඨාශයෙහි පවතිත් යනු ද = අවිජ්ජාභාගීහු ය. එහි දුක වසාලන අවිද්‍යාවය. සමුදයාදිය වසාලන අවිද්‍යාව යැයි අවිද්‍යාව සතරෙකි. පළමු නයින්ම ඒවා සමග සම්ප්‍රයුක්ත ධර්මයෝ ද අවිද්යාභාගීහු ය. පශ්චිම අර්ථයෙන් ඒවා අතුරෙන් යම්කිසි එක් අවිද්‍යාවක් අවිද්‍යාය, සෙස්සෝ අවිද්‍යා භාගීහු යැයි මෙසේ අවිද්‍යාව ද අවිද්‍යා සම්ප්‍රයුක්ත ධර්මයෝ ද අවිද්යාභාගීහුම යැයි දතයුතුයි. මෙහි වනාහි සම්ප්‍රයුක්ත ධර්මයෝ ද අභිප්රේතයෝ ය.
පුන අනජ්ඣොත්ථරණභාවෙන කිලෙසන්ධකාරං විද්ධංසෙතුං අසමත්ථතාය විජ්ජු උපමා එතෙසන්ති විජ්ජූපමා. නිස්සෙසං විද්ධංසනසමත්ථතාය වජිරං උපමා එතෙසන්ති වජිරූපමා. බාලෙසු ඨිතත්තා යත්ථ ඨිතා තදුපචාරෙන බාලා. පණ්ඩිතෙසු ඨිතත්තා පණ්ඩිතා. බාලකරත්තා වා බාලා, පණ්ඩිතකරත්තා පණ්ඩිතා. කණ්හාති කාළකා, චිත්තස්ස අපභස්සරභාවකරණා. සුක්කාති ඔදාතා , චිත්තස්ස පභස්සරභාවකරණා. කණ්හාභිජාතිහෙතුතො වා කණ්හා; සුක්කාභිජාතිහෙතුතො සුක්කා. ඉධ චෙව සම්පරායෙ ච තපෙන්තීති තපනීයා. න තපනීයා අතපනීයා.
නැවත නො වසාගෙන සිටින බැවින් ක්ලේශාන්ධකාරය විධ්වංසනය කරන්නට අසමර්ථ හෙයින් විදුලිය උපමාව මොවුන්ටනුයි = විජ්ජූපමාය, නිරවශේෂ කොට විධ්වංසනය කිරීමට සමර්ථ බැවින් වජිරෝපමාව මොවුන්ටනුයි = වජිරෝපමාය, බාලයන් කෙරෙහි සිටි බැවින් බාලයෝ ය. යම්තැනක සිටියාහු ඊට උපචාර වශයෙන් බාලයහ. පණ්ඩිතයන් කෙරෙහි සිටි බැවින් පණ්ඩිතයහ. බාලයන් බවට පත්කරන හෙයින් බාලයහ. පණ්ඩිතයන් බවට පත්කරන හෙයින් පණ්ඩිතයහ. තණ්හා යනු කළු වූවෝ ය. සිත අප්රභාස්වර කරන්නෝ ය. සුක්ත යනු සුදුය. එසේම සිත ප්‍රභාස්වර කරන්නෝ ය. විශේෂයෙන් කළුව උපන් හෙයින් හෝ කෘෂ්ණයහ. විශේෂයෙන් සුදුව උපන් හෙයින් හෝ ශුක්ලයහ. මෙලොව මෙන්ම පරලොව ද තවත් නුයි = තපනීයයෝ ය. තපනීය නොවූවෝ = අතපනීයයෝ ය.
අධිවචනදුකාදයො තයො අත්ථතො නින්නානාකරණා; බ්යඤ්ජනමෙවෙත්ථ නානං. සිරිවඩ්ඪකො ධනවඩ්ඪකොති ආදයො හි වචනමත්තමෙව අධිකාරං කත්වා පවත්තා අධිවචනා නාම. අධිවචනානං පථා අධිවචනපථා. “අභිසඞ්ඛරොන්තීති ඛො, භික්ඛවෙ, තස්මා සඞ්ඛාරා”ති (සං· නි· 3.79) එවං නිද්ධාරෙත්වා සහෙතුකං කත්වා වුච්චමානා අභිලාපා නිරුත්ති නාම. නිරුත්තීනං පථා නිරුත්තිපථා. තක්කො විතක්කො සඞ්කප්පොති (ධ· ස· 7) එවං තෙන තෙන පකාරෙන ඤාපනතො පඤ්ඤත්ති නාම. පඤ්ඤත්තීනං පථා පඤ්ඤත්තිපථා. එත්ථ ච එකං දුකං වත්වාපි ඉතරෙසං වචනෙ පයොජනං හෙතුගොච්ඡකෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං.
අධිවචන දුක්දී තුන අර්ථ වශයෙන් නානත්වයක් නැත්තාහ. මෙහි වෙනස අකුරු පමණි. ‘සිරිවඩ්ඪක ධනවඩ්ඪක’ යන මේ ආදීහු වනාහි වචන මාත්‍රයම අධිපති කොට පැවතියානු අධිවචනයෝ නම් වෙත්. අධිවචනයන්ගේ පථයෝ අධිවචන පථයෝ ය. ‘අභිසංඛරොන්ති ඛො භික්ඛවෙ, තස්මා සංඛාරා’ යැයි මෙසේ උපුටා සහේතුක කොට කියනු ලබන්නා වූ අභිලාසයෝ නිරුක්ති නම් නිරුක්තීන්ගේ පථයෝ = නිරුක්ති පථයෝයි. තර්කය, විතර්කය, සංකල්පය යැයි මෙසේ ඒ ඒ ප්‍රකාරයෙන් ඇඟවීම ප්රඥප්ති නමි. ප්රඥප්තීන්ගේ පථයෝ = ප්රඥප්ති පථයෝ ය. මෙහි ද දුකය, දුකය යැයි කියා ද අන්‍ය වචනයන්ගේ ප්‍රයෝජනය හේතුගොච්ඡකයෙහි කියන ලද නයින්ම දතයුතුයි.
නාමරූපදුකෙ නාමකරණට්ඨෙන නමනට්ඨෙන නාමනට්ඨෙන ච නාමං. රුප්පනට්ඨෙන රූපං. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරො පන නික්ඛෙපකණ්ඩෙ ආවි භවිස්සති. අවිජ්ජාති දුක්ඛාදීසු අඤ්ඤාණං. භවතණ්හාති භවපත්ථනා. භවදිට්ඨීති භවො වුච්චති සස්සතං; සස්සතවසෙන උප්පජ්ජනදිට්ඨි. විභවදිට්ඨීති විභවො වුච්චති උච්ඡෙදං; උච්ඡෙදවසෙන උප්පජ්ජනදිට්ඨි. සස්සතො අත්තා ච ලොකො චාති පවත්තා දිට්ඨි සස්සතදිට්ඨි. උච්ඡිජ්ජිස්සතීති පවත්තා දිට්ඨි උච්ඡෙදදිට්ඨි. අන්තවාති පවත්තා දිට්ඨි අන්තවාදිට්ඨි. අනන්තවාති පවත්තා දිට්ඨි අනන්තවාදිට්ඨි. පුබ්බන්තං අනුගතා දිට්ඨි පුබ්බන්තානුදිට්ඨි. අපරන්තං අනුගතා දිට්ඨි අපරන්තානුදිට්ඨි. අහිරිකන්ති යං න හිරියති හිරියිතබ්බෙනාති (ධ· ස· 387) එවං විත්ථාරිතා නිල්ලජ්ජතා. අනොත්තප්පන්ති යං න ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙනාති එවං විත්ථාරිතො අභායනකආකාරො. හිරියනා හිරී, ඔත්තප්පනා ඔත්තප්පං. දොවචස්සතාදීසු දුක්ඛං වචො එතස්මිං විප්පටිකූලගාහිම්හි විපච්චනීකසාතෙ අනාදරෙ පුග්ගලෙති දුබ්බචො. තස්ස කම්මං දොවචස්සං. තස්ස භාවො දොවචස්සතා. පාපා අස්සද්ධාදයො පුග්ගලා එතස්ස මිත්තාති පාපමිත්තො; තස්ස භාවො පාපමිත්තතා. සොවචස්සතා ච කල්යාණමිත්තතා ච වුත්තපටිපක්ඛනයෙන වෙදිතබ්බා.
නාමරූප දුකයෙහි නම්කිරිම් අර්ථයෙන් ද නැමීමේ අර්ථයෙන් ද නැමවීම් අර්ථයෙන් ද නාමය, වෙනස්වන අර්ථයෙන් රූපය, මේ මෙහි සංක්ෂේපය යි. විස්තර වනාහි නික්ෂේප කාණ්ඩයෙහි මතු එන්නේ ය. අවිජ්ජා යනු දුක්ඛාදියෙහි නො දැනීමයි. භව තණ්හා යන භවය පිළිබඳ ප්‍රාර්ථනාවයි. භවදිට්ඨි යනු ශාස්වත (දෘෂ්ටි) ය භවය යැයි කියනු ලැබේ. ශාස්වත වශයෙන් උපදනා දෘෂ්ටිය යි. විභව දෘෂ්ටි නම් උච්ඡේදය (උච්ඡේද දෘෂ්ටිය) විභව යැයි කියනු ලැබේ. (එනම්) උච්ඡේද වශයෙන් උපදනා දෘෂ්ටිය යි. ආත්මයත් ලෝකයත් ශාස්වත යැයි පවත්නා දෘෂ්ටිය ශාස්වත දෘෂ්ටියයි. සිඳෙනු ලැබේ යැයි පවත්නා දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටිය යි. කෙළවරක් ඇත්තේ යන පවත්නා දෘෂ්ටිය අන්තවත් දෘෂ්ටියයි. අනන්තයැයි පවත්නා දෘෂ්ටිය අනන්තවත් දෘෂ්ටියයි. පූර්වාන්තය අනුව ගිය දෘෂ්ටිය පූර්‍වාන්තානුදෘෂ්ටිය යි. අපරාන්තය අනුව ගිය දෘෂ්ටිය අපරාන්තානු දෘෂ්ටියයි. අහිරික යනු යමක් ලජ්ජා විය යුත්තෙන් ලජ්ජා නොවේදැයි මෙසේ විස්තර කරන ලද නිර්ලජ්ජි බවයි. අනොත්තප්ප යනු බියවිය යුත්තෙන් යමක් බිය නොවේදැයි මෙසේ විස්තර කරන ලද බිය නොවන ආකාරයයි. ලජ්ජාවීම හිරියයි. බියවීම ඔත්තප්පය යි. දුර්වච බව ආදියෙහි දුක් වචනය විප්පටිකූලභොගී වූ විරුද්ධ වූ අනාදර වූ මේ පුද්ගලයා කෙරෙහිය යනුයි. දුර්වචයි. ඔහුගේ කර්මය දුර්වච බවයි. ඔහුගේ භාවය දෝවචස්සතාවයි. පාපි අශ්‍රද්ධා ආදී පුද්ගලයෝ මොවුන්ගේ මිත්රයෝනුයි = පාපමිත්රයායි. ඔහුගේ භාවය පාපමිත්රතාවයි. සුවච බව ද කල්‍යාණමිත්‍රතාව ද කී දේට ප්රතිපක්ෂ නයින් දතයුතුයි.
‘පඤ්චපි ආපත්තික්ඛන්ධා ආපත්තියො, සත්තපි ආපත්තික්ඛන්ධා ආපත්තියො’ති (ධ· ස· 1336) එවං වුත්තාසු ආපත්තීසු කුසලභාවො ආපත්තිකුසලතා. තාහි ආපත්තීහි වුට්ඨානෙ කුසලභාවො ආපත්තිවුට්ඨානකුසලතා. සමාපත්තීසු කුසලභාවො සමාපත්තිකුසලතා. සමාපත්තීනං අප්පනාපරිච්ඡෙදපඤ්ඤායෙතං අධිවචනං. සමාපත්තීහි වුට්ඨානෙ කුසලභාවො සමාපත්තිවුට්ඨානකුසලතා. අට්ඨාරසසු ධාතූසු කුසලභාවො ධාතුකුසලතා. තාසංයෙව ධාතූනං මනසිකාරෙ කුසලභාවො මනසිකාරකුසලතා. චක්ඛායතනාදීසු කුසලභාවො ආයතනකුසලතා. ද්වාදසඞ්ගෙ පටිච්චසමුප්පාදෙ කුසලභාවො පටිච්චසමුප්පාදකුසලතා. තස්මිං තස්මිං ඨානෙ කුසලභාවො ඨානකුසලතා. ඨානන්ති කාරණං වුච්චති. තස්මිඤ්හි තදායත්තවුත්තිතාය ඵලං තිට්ඨති නාම, තස්මා ඨානන්ති වුත්තං. අට්ඨානෙ කුසලභාවො අට්ඨානකුසලතා.
පංවාපත්ති ස්කන්ධයෝ ද ආපත්තීහු ය. සප්තාපත්තිස්කන්ධයෝ ද ආපත්තීහුයැයි මෙසේ කියන ලද ආපත්තීන්හි කුසලභාවය ආපත්ති කුසලතාවයි. ඒ ආපත්තීන්ගෙන් නැගිටීමේ කුසලභාවය ආපත්ති වුට්ඨාන කුසලතාවයි. සමාපත්තීන්හි කුසලභාවය සමාපත්ති කුසලතාවයි. සමාපත්තීන්ගේ අර්පණා පරිච්ඡේද ප්‍රඥාවට මෙය නමකි. සමාපත්තීන්ගෙන් නැගිටීමේ කුසලභාවය සමාපත්තිවුට්ඨාන කුසලතාවයි. අෂ්ටාරස ධාතූන්හි කුසලභාවය ධාතු කුසලතාවයි. එකී ධාතුන්ගේම මෙනෙහි කිරීමේ කුසලභාවය මනසිකාර කුසලතාවයි. චක්ෂුර් ආයතනාදියෙහි කුසලභාවය ආයතන කුසලතාව යි. ද්වාදසාංග පටිච්ච සමුප්පාදයෙහි කුසලභාවය පටිච්ච සමුප්පාද කුසලතාවයි. ඒ ඒ තන්හි කුසලභාවය ඨාන කුසලතාවයි. ඨාන යනු කාරණය යැයි කියනු ලැබේ. එහිදී වනාහි එයට අයත් පැවැත්මෙහි ඵලය තිට්ඨති නමි. එහෙයින් ඨාන යැයි කියන ලදී. අට්ඨානයෙහි කුසලභාවය අට්ඨාන කුසලතාවයි.
උජුභාවො අජ්ජවො. මුදුභාවො මද්දවො. අධිවාසනසඞ්ඛාතො ඛමනභාවො ඛන්ති. සුරතස්ස භාවො සොරච්චං. සම්මොදකමුදුභාවසඞ්ඛාතො සඛිලභාවො සාඛල්යං. යථා පරෙහි සද්ධිං අත්තනො ඡිද්දං න හොති එවං ධම්මාමිසෙහි පටිසන්ථරණං පටිසන්ථාරො. ඉන්ද්රියසංවරභෙදසඞ්ඛාතො මනච්ඡට්ඨෙසු ඉන්ද්රියෙසු අගුත්තද්වාරභාවො ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා. පටිග්ගහණපරිභොගවසෙන භොජනෙ මත්තං අජානනභාවො භොජනෙ අමත්තඤ්ඤුතා. අනන්තරදුකො වුත්තපටිපක්ඛනයෙන වෙදිතබ්බො. සතිවිප්පවාසසඞ්ඛාතො මුට්ඨස්සතිභාවො මුට්ඨස්සච්චං. අසම්පජානභාවො අසම්පජඤ්ඤං. සරතීති සති. සම්පජානාතීති සම්පජඤ්ඤං. අප්පටිසඞ්ඛානෙ අකම්පනට්ඨෙන පටිසඞ්ඛානසඞ්ඛාතං බලං පටිසඞ්ඛානබලං. වීරියසීසෙන සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙන්තස්ස උප්පන්නං බලං භාවනාබලං. පච්චනීකධම්මෙ සමෙතීති සමථො. අනිච්චාදිවසෙන විවිධෙන ආකාරෙන පස්සතීති විපස්සනා. සමථොව තං ආකාරං ගහෙත්වා පුන පවත්තෙතබ්බස්ස සමථස්ස නිමිත්තවසෙන සමථනිමිත්තං. පග්ගාහනිමිත්තෙපි එසෙව නයො. සම්පයුත්තධම්මෙ පග්ගණ්හාතීති පග්ගාහො. න වික්ඛිපතීති අවික්ඛෙපො.
ඍජු බව අජ්ජවයි. මෘදුබව මද්දවයි. අධිවාසන නම් වූ ඉවසන බව ඛන්තියයි. කීකරුබව සෝරච්චයි. සතුටු කරවන මෘදුභාව සංඛ්‍යාත සඛිලභාවය සාබල්යයයි. යම්සේ අනුන් සමග තමාගේ සිදුරක් නොවේ ද එසේ ධර්මාමිසයෙන් සංග්‍රහ කිරීම පටිසන්ධිථාරයයි. ඉන්ද්රිය සංවර සංඛ්‍යාත මනස සවැනි කොට ඇති ඉන්ද්රියයන්හි නොවසන ලද දොර ඇති බව ඉන්ද්රියයන්හි අගුත්තද්වාරතාවයි. පිළිගැනීම පරිභෝජනය වශයෙන් භෝජනයෙහි පමණ නො දන්නා බව භෝජනයේ අමත්තඤ්ඤුතාවයි. අනන්තර දුකය කියන ලද්දට ප්රතිපක්ෂ නයින් දතයුතුයි. සිහියෙන් වෙන්වීම නම් වූ මුළා සිහි බව මුට්ඨ සච්චයයි. විමසන නුවණ නැති බව අසම්පජඤ්ඤය යි. සිහි කෙරේනුයි = සතිය යි. මනාසේ දනීනුයි සම්පජඤ්ඤයි. නුවණින් සලකා නො බැලීමේ කම්පා නොවීම් අර්ථයෙන් පටිසංඛාන නම් වූ බලය පටිසංඛාන බලය යි. වීර්ය ශීර්ෂයෙන් සප්තබෝධ්යාංගයන් වඩන්නාට උපන් බලය භාවනා බලයයි. විරුද්ධ ධර්මයන් සමනය කෙරේනුයි = සමථයි. අනිත්‍යාදී වශයෙන් විවිධාකාරයෙන් බලයිනුයි විපස්සනාය, සමථය ද ඒ ආකාරය ගෙන නැවත පැවැත්විය යුතු වූ සමථයාගේ නිමිත්ත වශයෙන් සමථ නිමිත්තයි. පග්ගාහ නිමිත්තෙහි ද මේ නයමැයි. සම්ප්‍රයුක්ත ධර්මයෙහි උත්සාහ කෙරේනුයි = පග්ගාහයි. වික්ෂේප නොවේනුයි = අවික්ෂේපයි.
සීලවිනාසිකා අසංවරසඞ්ඛාතා සීලස්ස විපත්ති සීලවිපත්ති. සම්මාදිට්ඨිවිනාසිකා මිච්ඡාදිට්ඨිසඞ්ඛාතා දිට්ඨියා විපත්ති දිට්ඨිවිපත්ති. සොරච්චමෙව සීලස්ස සම්පාදනතො සීලපරිපූරණතො සීලස්ස සම්පදාති සීලසම්පදා. දිට්ඨිපාරිපූරිභූතං ඤාණං දිට්ඨියා සම්පදාති දිට්ඨිසම්පදා. විසුද්ධිභාවං සම්පත්තා සීලසඞ්ඛාතා සීලස්ස විසුද්ධි, සීලවිසුද්ධි. නිබ්බානසඞ්ඛාතං විසුද්ධිං පාපෙතුං සමත්ථා, දස්සනසඞ්ඛාතා, දිට්ඨියා විසුද්ධි දිට්ඨිවිසුද්ධි. දිට්ඨිවිසුද්ධි ඛො පන යථාදිට්ඨිස්ස ච පධානන්ති කම්මස්සකතඤ්ඤාණාදිසඞ්ඛාතා දිට්ඨිවිසුද්ධි චෙව යථාදිට්ඨිස්ස ච අනුරූපදිට්ඨිස්ස කල්යාණදිට්ඨිස්ස තංසම්පයුත්තමෙව පධානං. සංවෙගොති ජාතිආදීනි පටිච්ච උප්පන්නභයසඞ්ඛාතං සංවිජ්ජනං. සංවෙජනියට්ඨානන්ති සංවෙගජනකං ජාතිආදිකාරණං. සංවිග්ගස්ස ච යොනිසොපධානන්ති එවං සංවෙගජාතස්ස උපායපධානං. අසන්තුට්ඨිතා ච කුසලෙසු ධම්මෙසූති කුසලධම්මපූරණෙ අසන්තුට්ඨිභාවො. අප්පටිවානිතා ච පධානස්මින්ති අරහත්තං අපත්වා පධානස්මිං අනිවත්තනතා අනොසක්කනතා. විජානනතො විජ්ජා. විමුච්චනතො විමුත්ති. ඛයෙ ඤාණන්ති කිලෙසක්ඛයකරෙ අරියමග්ගෙ ඤාණං. අනුප්පාදෙ ඤාණන්ති පටිසන්ධිවසෙන අනුප්පාදභූතෙ තංතංමග්ගවජ්ඣකිලෙසානං අනුප්පාදපරියොසානෙ උප්පන්නෙ අරියඵලෙ ඤාණං. අයං මාතිකාය අනුපුබ්බපදවණ්ණනා.
සීල විනායක අසංවරය නම් වූ සීලයාගේ විපත්තිය සීල විපත්තියයි. සම්‍යක් දෘෂ්ටිය විනාශ කරන මිථ්‍යාදෘෂ්ටි සංඛ්‍යාත වූ දෘෂ්ටියේ විනාශය දිට්ඨි විපත්තියයි. කීකරු බවම සීලය සම්පාදනය කරන බැවින් සීලය පරිපූරණය කරන හෙයින් සීලයාගේ සම්පදාවනුයි = සීලසම්පදායි. දෘෂ්ටියේ පරිපූර්ණය වූ ඥානය දෘෂ්ටියේ සම්ප්‍රදාව නුයි = දිට්ඨිය සම්ප්‍රදායි. විසුද්ධිභාවයට පැමිණි ශීල සංඛ්‍යාත වූ ශීලයාගේ විශුද්ධිය ශීල විසුද්ධියයි. නිර්වාණ සංඛ්‍යාත වූ විශුද්ධියට පමුණුවන්නට සමර්ථ වූ දර්ශන සංඛ්‍යාත වූ දෘෂ්ටිය පිළිබඳ විශුද්ධිය දෘෂ්ටි විශුද්ධිය යි. ‘දිට්ඨි විසුද්ධි ඛොපන යථා දිට්ඨිස්ස ච පධානං’ යනු කර්ම ස්වකෘත ඥානය ආදී නම් වූ දෘෂ්ටි විශුද්ධියත් යථා දෘෂ්ටි ඇත්තාහුගේ - අනුරුප දෘෂ්ටි ඇත්තාහුගේ (එනම්) කල්‍යාණ දෘෂ්ටි ඇත්තාහුගේ සම්ප්‍රයුක්ත ඒ ප්‍රධන් වීර්යයයි. ‘සංවෙගො’ යනු ජාති ආදීන් නිසා උපන් භය සංඛ්‍යාත වූ කළකිරීමයි. ‘සංවෙජනීයට්ඨානං’ යනු සංවේගජනක ජාති ආදී කාරණාය, ‘සංවිග්ගස්ස ච යොනිසො පධානං’ යනු මෙසේ සංවේගයට පත්වූවහුගේ සම්‍යක් ප්රධානයයි. ‘අසන්තුට්ඨිකා ච කුසලෙසු ධම්මෙසු’ යනු කුශල ධර්මයන් පිරිමේ නො සතුටු බවයි. ‘අප්පටිවානිතා ච පධානස්මිං’ යනු රහත්බවට නො පැමිණ ප්‍රධන් වීර්යයෙහි නො නවත්නා බවයි. නො පසුබස්නා බවයි. දැනගන්නා හෙයින් විද්‍යාවයි. මිදෙන බැවින් විමුක්තියයි. ‘ඛයෙ ඤාණං’ යනු ක්ලේශයන් ක්ෂය කරන ආර්ය මාර්ගයෙහි ඥානයයි. ‘අනුප්පාදෙ ඤාණං’ යනු ප්රතිසන්ධි වශයෙන් නූපදනා වූ ඒ ඒ මාර්ගයන් විසින් විනාශ කරන ලද ක්ලේශයන්ගේ නො ඉපැත්ම කෙළවර උපන් ආර්ය ඵලයෙන් ඥානයයි. මේ මාතෘකාවේ අනුපූර්ව වර්ණනාවයි.
දුකමාතිකාපදවණ්ණනා නිට්ඨිතා.