සුත‍්තන‍්තමාතිකා
අභිධම‍්මමාතිකා.
අභිධර්‍මමාතෘකා නිමි.
1. විජ‍්ජාභාගිනො ධම‍්මා, 1302 අවිජ‍්ජාභාගිනො ධම‍්මා, 1303
1. විද්‍යාභාගී (විද්‍යාව භජනය කරන) ධර්‍මයෝ ය, අවිද්‍යාභාගී (අවිද්‍යාව භජනය කරන) ධර්‍මයෝ ය,
2. විජ‍්ජූපමා ධම‍්මා, 1304 වජිරූපමා ධම‍්මා, 1305
2. විදුලිය උපමා කොට ඇති ධර්‍මයෝ ය, වජ්‍රය උපමා කොට ඇති ධර්‍මයෝ ය,
3. බාලා ධම‍්මා, 1306 පණ‍්ඩිතා ධම‍්මා, 1307
3. බාල (බාලයන් කෙරෙහි සිටි) ධර්‍මයෝ ය, පණ්ඩිත (පණ්ඩිතයන් කෙරෙහි සිටි) ධර්‍මයෝ ය,
4. කණ‍්හා ධම‍්මා, 1308 සුක‍්කා ධම‍්මා, 1309
4. කෘෂ්ණ (සිත අප්‍රභාස්වර කරන) ධර්‍මයෝ ය, ශුක්ල (සිත ප්‍රභාස්වර කරන) ධර්‍මයෝ ය,
5. තපනීයා ධම‍්මා, 1310 අතපනීයා ධම‍්මා, 1311
5. තපනීය (මෙලොව පරලොව තවන) ධර්‍මයෝ ය, අතපනීය ධර්‍මයෝ ය,
6. අධිවචනා ධම‍්මා, 1312 අධිවචනපථා ධම‍්මා, 1312
6. අධිවචන (වචනමාත්‍රය මැ ප්‍රධාන කොට පවත්නා) ධර්‍මයෝ ය, අධිවචනපථ ධර්‍මයෝ ය,
7. නිරුත‍්ති ධම‍්මා, 1313 නිරුත‍්තිපථා ධම‍්මා, 1313
7. නිරුක්ති ධර්‍මයෝ ය, නිරුක්තිපථ ධර්‍මයෝ ය,
8. පඤ‍්ඤත‍්ති ධම‍්මා, 1314 පඤ‍්ඤත‍්තිපථා ධම‍්මා, 1314
8. ප්‍රඥප්ති ධර්‍මයෝ ය, ප්‍රඥප්තිපථ ධර්‍මයෝ ය,
9. නාමඤ‍්ච, 1315 රූපඤ‍්ච, 1316
9. (නමන ලක්‍ෂණ වූ) නාමය ද, (රුප්පන ලක්‍ෂණ වූ) රූපය ද,
10. අවිජ‍්ජා ච, 1317 භවතණ‍්හා ච, 1318
10. (දුඃඛාදියෙහි නොදැනීම වූ) අවිද්‍යාව ද, (භවය ප්‍රාර්‍ත්‍ථනා කරන) භවතෘෂ්ණාව ද,
11. භවදිට‍්ඨි ච, 1319 විභවදිට‍්ඨි ච, 1320
11. භව (ශාශ්වත වශයෙන් උපදනා) දෘෂ්ටිය ද, විභව (උච්ඡේද වශයෙන් උපදනා) දෘෂ්ටිය ද,
12. සස‍්සතදිට‍්ඨි ච, 1321 උච‍්ඡෙදදිට‍්ඨි ච, 1322
12. ශාශ්වත දෘෂ්ටිය ද, උච්ඡේද දෘෂ්ටිය ද,
13. අන‍්තවා දිට‍්ඨි ච, 1323 අනන‍්තවා දිට‍්ඨි ච, 1324
13. අන්තවත් දෘෂ්ටිය ද, අනන්තවත් දෘෂ්ටිය ද,
14. පුබ‍්බන‍්තානුදිට‍්ඨි ච, 1325 අපරන‍්තානුදිට‍්ඨි ච, 1326
14. පූර්‍වාන්තය අනුව ගිය දෘෂ්ටිය ද, අපරාන්තය අනුව ගිය දෘෂ්ටිය ද,
15. අහිරිකඤ‍්ච, 1327 අනොත‍්තප‍්පඤ‍්ච, 1328
15. අහ්‍රීකය (ලජ්ජා නැති බව) ද, අනපත්‍රපාව (බිය නොවන බව) ද,
16. හිරි ච, 1329 ඔත‍්තප‍්පඤ‍්ච, 1330
16. හ්‍රිය (ලජ්ජාව) ද, අපත්‍රපාව (බිය වීම) ද,
17. දොවචස‍්සතා ච, 1331 පාපමිත‍්තතා ච, 1332
17. දුර්වච බව ද, සුවච බව ද,
18. සොවචස‍්සතා ච, 1333 කල්‍යාණමිත‍්තතා ච, 1334
18. පාපමිත්‍රයන් ඇති බව ද, කල්‍යාණමිත්‍රයන් ඇති බව ද,
19. ආපත‍්තිකුසලතා ච, 1335 ආපත‍්තිවුට‍්ඨානකුසලතා ච, 1336
19. අපත්තියෙහි කුශල බව ද, ආපත්තියෙන් නැගී සිටීමෙහි කුශල බව ද,
20. සමාපත‍්තිකුසලතා ච, 1337 සමාපත‍්තිවුට‍්ඨානකුසලතා ච, 1338
20. සමාපත්තියෙහි කුශල බව ද, සමාපත්තියෙන් නැගී සිටීමෙහි කුශල බව ද,
21. ධාතුකුසලතා ච, 1339 මනසිකාරකුසලතා ච, 1340
21. (අටළොස්) ධාතුයෙහි කුශල බව ද, (ධාතු) මනසිකාරයෙහි කුශල බව ද,
22. ආයතනකුසලතා ච, 1341 පටිච‍්චසමුප‍්පාදකුසලතා ච, 1342
22. (චක්‍ෂුරාදි) ආයතනයෙහි කුශල බව ද, ප්‍රතීත්‍යසමුත්පාදයෙහි කුශල බව ද,
23. ඨානකුසලතා ච, 1343 අට‍්ඨානකුසලතා ච, 1344
23. ඨාන (කාරණයෙහි) කුශල බව ද, අට්ඨාන (අකාරණයෙහි) කුශල බව ද,
24. අජ‍්ජවො ච, 1345 මද‍්දවො ච, 1346
24. ඍජු බව ද, මෘදු බව ද,
25. ඛන‍්ති ච, 1347 සොරච‍්චඤ‍්ච, 1348
25. ක්‍ෂාන්තිය (ඉවසීම) ද, සුරත බව ද,
26. සාඛල්‍යඤ‍්ච, 1349 පටිසන්‍ථාරො ච, 1350
26. සඛිල (මෘදු) බව ද, (ධර්‍මාමිෂයෙන්) පටිසන්‍ථාරය ද,
27. ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරතා ච, 1351 භොජනෙ අමත‍්තඤ‍්ඤුතා ච, 1352
27. ඉන්‍ද්‍රියන්හි නො පියූ දොර ඇති බව ද, භෝජනයෙහි පමණ නො දන්නා බව ද,
28. ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා ච, 1353 භොජනෙ මත‍්තඤ‍්ඤුතා ච, 1354
28. ඉන්‍ද්‍රියන්හි පියූ දොර ඇති බව ද, භෝජනයෙහි පමණ දන්නා බව ද,
29. මුට‍්ඨසච‍්චඤ‍්ච, 1355 අසම‍්පජඤ‍්ඤඤ‍්ච, 1356
29. මූඪස්මෘති (මුළා සිහි ඇති) බව ද, සම්‍යක්ප්‍රඥා නැති බව ද,
30. සති ච, 1357 සම‍්පජඤ‍්ඤඤ‍්ච, 1358
30. ස්මෘතිය ද, සම්‍යක්ප්‍රඥා ඇති බව ද,
31. පටිසඞ‍්ඛානබලඤ‍්ච, 1359 භාවනාබලඤ‍්ච, 1360
31. පටිසංධාන (ප්‍රත්‍යවේක්‍ෂා) බලය ද, භාවනා බලය ද,
32. සමථො ච, 1361 විපස‍්සනා ච, 1362
32. ශමථය ද, විදර්‍ශනාව ද,
33. සමථනිමිත‍්තඤ‍්ච, 1363 පග‍්ගාහනිමිත‍්තඤ‍්ච, 1364
33. ශමථ නිමිත්ත ද, ප්‍රග්‍රාහ නිමිත්ත ද,
34. පග‍්ගාහො ච, 1365 අවික‍්ඛෙපො ච, 1366
34. ප්‍රග්‍රාහය ද, අවික්‍ෂේපය ද,
35. සීලවිපත‍්තී ච, 1367 දිට‍්ඨිවිපත‍්තී ච, 1368
35. ශීලවිපත්තිය ද, දෘෂ්ටිවිපත්තිය ද,
36. සීලසම‍්පදා ච, 1369 දිට‍්ඨිසම‍්පදා ච, 1370
36. ශීලසම්පත්තිය ද, දෘෂ්ටිසම්පත්තිය ද,
37. සීලවිසුද‍්ධි ච, 1371 දිට‍්ඨිවිසුද‍්ධි ච, 1372
37. ශීලවිශුද්ධිය ද, දෘෂ්ටිවිශුද්ධිය ද,
38. දිට‍්ඨිවිසුද‍්ධි ඛො පන, 1373 යථාදිට‍්ඨිස‍්ස ච පධානං, 1374
38. (කර්‍මස්වකෘතඥාන සඞ්ඛ්‍යාත) දෘෂ්ටිවිශුද්ධිය ද, අනුරූපදෘෂ්ටි ඇත්තහුගේ වීර්‍ය්‍යය ද,
39. සංවෙගො ච සංවෙජනියෙසු ඨානෙසු, 1375 සංවිග‍්ගස‍්ස ච යොනිසො පධානං, 1376
39. සංවේජනීය කාරණයෙහි සංවේගය ද, සංවිග්න වූවහුගේ සම්‍යක්ප්‍රධන් වීර්‍ය්‍යය ද,
40. අසන‍්තුට‍්ඨිතා ච කුසලෙසු ධම‍්මෙසු, 1377 අප‍්පටිවානිතා ච පධානස‍්මිං, 1378
40. කුශලධර්‍මපූරණයෙහි අසන්තුෂ්ටි බව ද, ප්‍රධන්වීර්‍ය්‍යයෙහි නො නවත්නා බව ද,
41. විජ‍්ජා ච, 1379 විමුත‍්ති ච, 1380
41. ත්‍රිවිද්‍යාව ද, විමුක්තිය ද,
42. ඛයෙ ඤාණං, 1381 අනුප‍්පාදෙ ඤාණන‍්ති, 1382
42. (ක්ලේශක්‍ෂය සඞ්ඛ්‍යාත) ආර්‍ය්‍යමාර්‍ගයෙහි ඥානය, අනුත්පාදයෙහි (ආර්‍ය්‍යඵලයෙහි) ඥානය යි.
සුත‍්තන‍්තමාතිකා
සූත්‍රාන්තමාතෘකා යි.
මාතිකා නිට‍්ඨිතා.
මාතෘකා නිමි.