පදභාජනීයං නිට්ඨිතං
පදභාජනීයං
පද බෙදුම
1. කතමෙ ධම්මා කුසලා?
1. කවර දහම්හු කුසල්හ යත්:
යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්ස සහගතං ඤාණසම්පයුත්තං රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා ඵොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ. තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, පීති හොති, සුඛං හොති, චිත්තස්සෙකග්ගතා හොති, සද්ධින්ද්රියං හොති, විරියින්ද්රියං හොති, සතින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, පඤ්ඤින්ද්රියං හොති, මනින්ද්රියං හොති, සොමනස්සින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, සම්මාදිට්ඨි හොති, සම්මාසංකප්පො හොති, සම්මාවායාමො හොති, සම්මාසති හොති, සම්මාසමාධි හොති, සද්ධාබලං හොති, විරියබලං හොති, සතිබලං හොති, සමාධිබලං හොති, පඤ්ඤාබලං හොති, හිරිබලං හොති, ඔත්තප්පබලං හොති, අලොභො හොති, අදොසො හොති, අමොහො හොති, අනභිජ්ඣා හොති, අව්යාපාදො හොති, සම්මාදිට්ඨි හොති, හිරි හොති, ඔත්තප්පං හොති කායපස්සද්ධි හොති, චිත්ත පස්සද්ධි හොති, කායලහුතා හොති, චිත්තලහුතා හොති, කායමුදුතා හොති, චිත්තමුදුතා හොති, කායකම්මඤ්ඤතා හොති, චිත්තකම්මඤ්ඤතා හොති, කායපාගුඤ්ඤතා හොති, චිත්තපාගුඤ්ඤතා හොති, කායුජ්ජුකතා හොති, චිත්තුජ්ජුකතා හොති, සති හොති, සම්පජඤ්ඤං හොති, සමථො හොති, විපස්සනා හොති, පග්ගාහො හොති, අවික්ඛෙපො හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා-ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙක්හි රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්මාලම්බන වේවයි යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස් සහගිය ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුශල චිත්තය උපදනේ (ක්ෂණත්රයගත) වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තයාගේ ඒකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතින්ද්රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්ද්රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, සම්‍යක්සංකල්පය වෙයි, සම්‍යග් ව්‍යායාමය වෙයි, සම්‍යක්ස්මෘතිය වෙයි, සම්‍යක් සමාධිය වෙයි, ශ්රද්ධාබලය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, ස්මෘතිබලය වෙයි, සමාධිබලය වෙයි, ප්‍රඥාබලය වෙයි, හිරිබලය වෙයි, ඔත්තප්පබලය වෙයි, අලෝභය වෙයි, අද්වේෂය වෙයි. අමෝහය වෙයි, අනභිධ්‍යාව වෙයි, අව්‍යාපාදය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, හිරිය වෙයි, ඔත්තප්පය වෙයි, කායප්‍රශ්‍රබ්ධිය වෙයි, චිත්තප්රශබ්ධිය වෙයි, කායලඝුත්‍වය වෙයි, චිත්තලඝුත්‍වය වෙයි, කායමෘදුත්වය වෙයි, චිත්තමෘදුත්‍වය වෙයි, කායකර්මණ්යතාව වෙයි, චිත්තකර්මණ්යතාවය වෙයි, කායප්‍රාගුණ්‍යතාව වෙයි, චිත්තප්රාගුණ්යතාවය වෙයි, කාය-ඍජුත්‍වය වෙයි, චිත්ත-ඍජුත්‍වය වෙයි, ස්මෘතිය වෙයි, සම්‍යග්ඥානය වෙයි, ශමථය වෙයි, විදර්ශනාව වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්ම කෙනෙක් හෝ වෙත් නම් මේ ධර්මයෝ කුශලයෝ යි.
2. කතමො තස්මිං සමයෙ ඵස්සො හොති?
2. කවරෙක් එසමයෙහි (කාමාවචර මහාකුශලචිත්තය උපදනා ඇසිල්ලෙහි) ස්පර්ශ වෙයි යත්:
යො තස්මිං සමයෙ ඵස්සො ඵුසනා සම්ඵුසනා සමඵුසිතත්තං - අයං තස්මිං සමයෙ ඵස්සො හොති.
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්ශ කරන අයුරෙක් මොනොවට ස්පර්ශ කරන අයුරෙක් මොනොවට ස්පර්ශ කළ බවෙක් වේ ද මේ එසමයෙහි ස්පර්ශය වේ.
3. කතමා තස්මිං සමයෙ වෙදනා හොති?
3. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
යං තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා-අයං තස්මිං සමයෙ වෙදනා හොති.
එසමයෙහි තදනුරූප මනෝවිඥානධාතූහුගේ සංස්පර්ශයෙන් උපන් චෛතසික වූ යම් මිහිරෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මධුර වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මධුර වූ සුඛ වේදනායෙක් වේ ද මේ - එසමයෙහි වේදනාව වේ.
4. කතමා තස්මිං සමයෙ සඤ්ඤා හොති?
4. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
යා තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා සඤ්ජානිතත්තං-අයං තස්මිං සමයෙ සඤ්ඤා හොති.
එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතු සංස්පර්ශයෙන් උපන් යම් සංඥායෙක් සඤ්ජානනාකාරයෙක් හැඳිනගත් බවෙක් වේ ද - මේ එසමයෙහි සංඥාව වේ.
5. කතමා තස්මිං සමයෙ චෙතනා හොති?
5. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
යා තස්මිං සමයෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා චෙතනා සංචෙතනා චෙතයිතත්තං -අයං තස්මිං සමයෙ චෙතනා හොති.
එසමයෙහි තදනුරූප වූ මනෝවිඥාධාතු සංස්පර්ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද - මේ එසමයෙහි චේතනාව වේ.
6. කතමං තස්මිං සමයෙ චිත්තං හොති?
6. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
යං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණ ධාතු-ඉදං තස්මිං සමයෙ චිත්තං හොති.
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් (පණ්ඩර වූ) භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්ද්රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි චිත්තය වේ.
7. කතමො තස්මිං සමයෙ විතක්කො හොති?
7. කවරෙක් එසමයෙහි විතර්ක වෙයි යත්:
යො තස්මිං සමයෙ තක්කො විතක්කො සඞ්කප්පො අප්පනා. ව්යප්පනා චෙතසො අභිනිරොපනා සම්මා සඞ්කප්පො-අයං තස්මිං සමයෙ විතක්කො හොති.
එසමයෙහි යම් තර්‍කයෙක් විතර්කයෙක් සංකල්පයයෙක් අර්‍පණයෙක් බලවත් අර්‍පණයෙක් (අරමුණෙහි) සිත පිහිටුවීමෙක් සම්‍යක්සංකල්පයෙක් වේ ද - මේ එසමයෙහි විතර්කය වේ.
8. කතමො තස්මිං සමයෙ විචාරො හොති?
8. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්:
යො තස්මිං සමයෙ චාරො විචාරො අනුවිචාරො උපවිචාරො චිත්තස්ස අනුසන්ධානතා අනුපෙක්ඛනතා-අයං තස්මිං සමයෙ විචාරො හොති.
එසමයෙහි යම් (අරමුණෙහි හැසිරෙන) වාරයෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් (අරමුණෙහි) සිත ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද - මේ එසමයෙහි විචාරය වේ.
9. කතමා තස්මිං සමයෙ පීති හොති?
9. කවරෙක් එසමයෙහි ප්‍රීති වෙයි යත්:
යා තස්මිං සමයෙ පීති පාමොජ්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත්ති ඔදග්යං අත්තමනතා චිත්තස්ස - අයං තස්මිං සමයෙ පීති හොති.
එසමයෙහි යම් ප්‍රීතියෙක් ප්‍රාමෝද්‍ය (තරුණප්‍රීති) යෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් ප්‍රීතිධනයෙක් ඔදවැඩි බවෙක් චිත්තයා ගේ සතුටු බවෙක් වේ ද - මේ එසමයෙහි ප්‍රීතිය වේ.
10. කතමා තස්මිං සමයෙ සුඛං හොති?
10. කවරෙක් එසමයෙහි සුඛ වෙයි යත්:
යං තස්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතො සම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතො සම්ඵස්සජා සාතා සුඛවෙදනා- ඉදං තස්මිං සමයෙ සුඛං හොති.
එසමයෙහි යම් චෛතසික මිහිරෙක් චෛතසික සුඛයෙක් චිත්ත සංස්පර්ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද - මේ එසමයෙහි සුඛවේදනාව වේ.
11. කතමා තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති?
11. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
යා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මා සමාධි-අයං තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති.
එසමයෙහි චිත්තයා ගේ යම් (නිසල බැවින් අරමුණෙහි) සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් වේ ද - මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
12. කතමං තස්මිං සමයෙ සද්ධින්ද්රියං හොති?
12. කවරෙක් එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි යත්:
යා තස්මිං සමයෙ සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො සද්ධා සද්ධින්ද්රියං සද්ධාබලං-ඉදං තස්මිං සමයෙ සද්ධින්ද්රියං හොති.
එසමයෙහි යම් ශ්‍රද්ධාවෙක් හැදැහීම් අයුරෙක් (ගුණයෙහි) බැසැ ගැනීමෙක් අභිප්‍රසාදයෙක් සැදැහැයෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද - මේ එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වේ.
13. කතමං තස්මිං සමයෙ විරියින්ද්රියං හොති?
13. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්:
යො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරින්ද්රියං විරියබලං සම්මාවායාමො-ඉදං තස්මිං සමයෙ විරියින්ද්රියං හොති.
එසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් නිෂ්ක්රම (කුසීත බැවින් නික්මෙන) වීර්‍ය්‍යයෙක් පරාක්‍රම (වීර්‍ය්‍ය) යෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් දෘඪපරාක්‍රම (ථාම) යෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිර පරාක්‍රමතායෙක් නො තැබූ ඡන්දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍ය දැඩි වැ ගැනීමෙක් වේ ද, වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වේ.
14. කතමං තස්මිං සමයෙ සතින්ද්රියං හොති?
14. කවරෙක් එසමයෙහි ස්මෘතින්ද්රිය වෙයි යත්:
යා තස්මිං සමයෙ සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අසම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති-ඉදං තස්මිං සමයෙ සතින්ද්රියං හොති.
එසමයෙහි යම් ස්මෘතියෙක් (සිහි කිරීමෙක්) පුනපුනා සිහි කිරීමෙක් අභිමුඛ කොට සිහි කිරීමෙක්, ස්මෘති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් සිහිය නො නස්නා බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් වේ ද - මේ එසමයෙහි ස්මෘතීන්‍ද්‍රිය වේ.
15. කතමං තස්මිං සමයෙ සමාධින්ද්රියං හොති?
15. කවරෙක් එසමයෙහි සාමාධීන්ද්රිය වෙයි යත්:
යා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මා සමාධි-ඉදං තස්මිං සමයෙ සමාධින්ද්රියං හොති.
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සාමාධීන්ද්රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් වේ ද - මේ එසමයෙහි සමාධීන්‍ද්‍රිය වේ.
16. කතමං තස්මිං සමයෙ පඤ්ඤින්ද්රියං හොති?
16. කවරෙක් එසමයෙහි ප්‍රඥේන්‍ද්‍රිය වෙයි යත්:
යා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරි මෙධා පරිනායිකා. විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි-ඉදං තස්මිං සමයෙ පඤ්ඤින්ද්රියං හොති.
එසමයෙහි යම් ප්‍රඥායෙක් දන්නා අයුරෙක් (අනිත්‍යාදිය) විමසීමෙක් ප්‍රවිචයයෙක් ධර්මවිචයයෙක් (අනිත්‍යාදිය) සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කුශල බවෙක් නිපුණ බවෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරිප්‍රඥායෙක් (කෙලෙසුන් නසන හෙයින්) මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් (සිත විදර්‍ශනාවීථියට නගන) පතෝදයෙක් ප්‍රඥායෙක් ප්රඥේන්ද්රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රඥේන්‍ද්‍රිය වේ.
17. කතමං තස්මිං සමයෙ මනින්ද්රියං හොති?
17. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
යං තස්මිං සමයෙ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනොවිඤ්ඤාණ ධාතු-ඉදං තස්මිං සමයෙ මනින්ද්රියං හොති.
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් චිත්තයෙක් භවාඞ්ගචිත්තයෙක් මනසෙක් මනායතනයෙක් මනින්ද්රියයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.
18. කතමං තස්මිං සමයෙ සොමනස්සින්ද්රියං හොති?
18. කවරෙක් එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්:
යං තස්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතො සම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතො සම්ඵස්සජා සාතා සුඛා වෙදනා-ඉදං තස්මිං සමයෙ සොමනස්සින්ද්රියං හොති.
එසමයෙහි යම් චෛතසික මිහිරෙක් චෛතසික සුඛයෙක් චේතෝසම්ඵස්සජ - සාත - සුඛ - වේදනායෙක් වේ ද - මේ එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වේ.
19. කතමං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති?
19. කවරෙක් එසමයෙහි ජීවිතේන්ද්රිය වෙයි යත්:
යො තෙසං අරූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං-ඉදං තස්මිං සමයෙ ජීවිතින්ද්රියං හොති.
ඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුෂයෙක් සිටීමෙක් යපනයෙක් යැපීමෙක් ඉරියව් පැවැත්මෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද - මේ එසමයෙහි ජීවිතේන්ද්රිය වේ.
20. කතමා තස්මිං සමයෙ සම්මාදිට්ඨි හොති?
20. කවරෙක් එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වෙයි යත්:
යා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි - අයං තස්මිං සමයෙ සම්මාදිට්ඨි හොති.
එසමයෙහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් විචයයෙක් ප්‍රවිචයයෙක් ධර්මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරී (-පතළ)ප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදැයෙක් ප්‍රඥායෙක් ප්රඥේන්ද්රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වේ.
21. කතමො තස්මිං සමයෙ සම්මාසංකප්පො හොති?
21. කවරෙක් එසමයෙහි සම්‍යක්සංකල්ප වෙයි යත්:
යො තස්මිං සමයෙ තක්කො විතක්කො සංකප්පො අප්පනා ව්යප්පනා චෙතසො අභිනිරොපනා සම්මාසංකප්පො - අයං තස්මිං සමයෙ සම්මා සංකප්පො හොති.
එසමයෙහි යම් තර්‍කයෙක් විතර්කයෙක් සංකල්පයයෙක් අර්‍පණයෙක් බලවත් අර්‍පණයෙක් චිත්තයාගේ අභිනිරෝපණයෙක් සම්‍යක්සංකල්පයෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යක්සංකල්ප වේ.
22. කතමො තස්මිං සමයෙ සම්මාවායාමො හොති?
22. කවරෙක් එසමයෙහි සම්‍යක්ව්‍යායාම වෙයි යත්:
යො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං සම්මාවායාමො - අයං තස්මිං සමයෙ සම්මාවායාමො හොති.
එසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් (කුසීත බැවින්) නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪ පරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිරපරාක්‍රමයෙක් නො තැබූ ඡන්දය ඇති බවෙක් නො තැබූ ධූර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යග්ව්‍යායාම වේ.
23. කතමා තස්මිං සමයෙ සම්මාසති හොති?
23. කවරක් එසමයෙහි සම්‍යක්ස්මෘති වෙයි යත්:
යා තස්මිං සමයෙ සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති - අයං තස්මිං සමයෙ සම්මාසති හොති.
එසමයෙහි යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් සිහිය නො නස්නා බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘති බලයෙක් සම්‍යක්ස්මෘතියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යක්ස්මෘති වේ.
24. කතමො තස්මිං සමයෙ සම්මාසමාධි හොති?
24. කවරෙක් එසමයෙහි සම්‍යක්සමාධි වෙයි යත්:
යා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මා සමාධි - අයං තස්මිං සමයෙ සම්මාසමාධි හොති.
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැ ගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යක්සමාධි වේ.
25. කතමං තස්මිං සමයෙ සද්ධාබලං හොති?
25. කවරෙක් එසමයෙහි ශ්‍රද්ධාබල වෙයි යත්:
යා තස්මිං සමයෙ සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො සද්ධා සද්ධින්ද්රියං සද්ධාබලං - ඉදං තස්මිං සමයෙ සද්ධාබලං හොති.
එසමයෙහි යම් ශ්‍රද්ධායෙක් හදහන අයුරෙක් (ගුණයෙහි) බැසැ ගැනීමෙක් අභිප්‍රසාදයෙක්, ශ්‍රද්ධාවෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද - මේ එසමයෙහි ශ්‍රද්ධාබල වේ.
26. කතමං තස්මිං සමයෙ විරියබලං හොති?
26. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යබල වෙයි යත්:
යො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං සම්මාවායාමො - ඉදං තස්මිං සමයෙ විරියබලං හොති.
එසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪොත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෘතියෙක් ස්ථිරපරාක්‍රමයෙක් අතික්ෂිප්තඡන්දතායෙක් අතික්ෂිප්තධුරතායෙක් ධුරසම්ප්රග්රාහයෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි වීර්‍ය්‍යබල වේ.
27. කතමං තස්මිං සමයෙ සතිබලං හොති?
27. කවරෙක් එසමයෙහි ස්මෘතිබල වෙයි යත්:
යා තස්මිං සමයෙ සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති - ඉදං තස්මිං සමයෙ සතිබලං හොති.
එසමයෙහි යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් සිහිය නො නස්නා බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘති බලයෙක් සම්‍යක්ස්මෘතියෙක් වේ ද - මේ එසමයෙහි ස්මෘතිබල වේ.
28. කතමං තස්මිං සමයෙ සමාධිබලං හොති?
28. කවරෙක් එසමයෙහි සමාධිබල වෙයි යත්:
යා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මා සමාධි - ඉදං තස්මිං සමයෙ සමාධිබලං හොති.
එසමයෙහි යම් චිත්තයාගේ සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් වේ ද - මේ එසමයෙහි සමාධිබල වේ.
29. කතමං තස්මිං සමයෙ පඤ්ඤාබලං හොති?
29. කවරෙක් එසමයෙහි ප්‍රඥාබල වෙයි යත්:
යා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො, පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි - ඉදං තස්මිං සමයෙ පඤ්ඤාබලං හොති.
එසමයෙහි යම් ප්‍රඥායෙක් පජානනයෙක් විචයයෙක් ප්‍රවිචයයෙක් ධර්මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරි (පතළ) ප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්රඥේන්ද්රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි ප්‍රඥාබල වේ.
30. කතමං තස්මිං සමයෙ හිරිබලං හොති?
30. කවරෙක් එසමයෙහි හිරිබල වෙයි යත්:
යං තස්මිං සමයෙ හිරීයති හිරීයිතබ්බෙන, හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා - ඉදං තස්මිං සමයෙ හිරිබලං හොති.
එසමයෙහි යමෙකින් ලජ්ජාවියයුතු කායදුශ්චරිතාදිය ජුගුප්සා කෙරේ ද, ලාමක අකුශලධර්‍මයන්ට පැමිණීම ජුගුප්සා කෙරේ ද- මේ එසමයෙහි හිරිබල වේ.
31. කතමං තස්මිං සමයෙ ඔත්තප්පබලං හොති?
31. කවරෙක් එසමයෙහි ඔත්තප්පබල වෙයි යත්:
යං තස්මිං සමයෙ ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන, ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා - ඉදං තස්මිං සමයෙ ඔත්තප්පබලං හොති.
එසමයෙහි යමෙකින් බියට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතු කොට ගෙන බිය ගනී ද, ලාමක වූ අකුශලධර්‍මයන්ට පැමිණීමෙන් තැතිගනී ද - මේ එසමයෙහි ඔත්තප්පබල වේ.
32. කතමො තස්මිං සමයෙ අලොභො හොති?
32. කවරෙක් එසමයෙහි අලෝභ වෙයි යත්:
යො තස්මිං සමයෙ අලොභො අලුබ්භනා අලුබ්භිතත්තං අසාරාගො අසාරජ්ජනා අසාරජ්ජිතත්තං අනභිජ්ඣා අලොභො කුසලමූලං - අයං තස්මිං සමයෙ අලොභො හොති.
එසමයෙහි යම් අලොභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යායෙක් අලෝභ සඞ්ඛ්‍යාත වූ කුශලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අලෝභ වේ.
33. කතමො තස්මිං සමයෙ අදොසො හොති?
33. කවරෙක් එසමයෙහි අද්වේෂ වෙයි යත්:
යො තස්මිං සමයෙ අදොසො අදුස්සනා අදුස්සිතත්තං අව්යාපාදො අව්යාපජ්ඣො අදොසො කුසලමූලං - අයං තස්මිං සමයෙ අදොසො හොති.
එසමයෙහි යම් අද්වෙෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් නිදුක් බවෙක් අද්වේෂ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අද්වේෂ වේ.
34. කතමො තස්මිං සමයෙ අමොහො හොති?
34. කවරෙක් එසමයෙහි අමොහ වෙයි යත්:
යා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි අමොහො කුසලමූලං - අයං තස්මිං සමයෙ අමොහො හොති.
එසමයෙහි යම් ප්‍රඥායෙක් වෙසෙසින් දැනීමෙක් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් සිවුසස් දහම් විමසීමෙක් (අනිත්‍යාදි වශයෙන්) සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරී (-පතළ) ප්‍රඥායෙක් මේධා සඞ්ඛ්‍යාත ප්‍රඥායෙක් (යාථාවලක්ෂණ ප්‍රතිවේධයට පමුණුවන) පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් (ප්‍රඥා සඞ්ඛ්‍යාත) පතෝදයෙක් ප්‍රඥායෙක් ප්රඥේන්ද්රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා-ආලොකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් අමොහ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අමොහ වේ.
35. කතමා තස්මිං සමයෙ අනභිජ්ඣා හොති?
35. කවරෙක් එසමයෙහි අනභිධ්‍යා වෙයි යත්:
යො තස්මිං සමයෙ අලොභො අලුබ්භනා අලුබ්භිතත්තං අසාරාගො අසාරජ්ජනා අසාරජ්ජිතත්තං අනභිජ්ඣා අලොභො කුසලමූලං - අයං තස්මිං සමයෙ අනභිජ්ඣා හොති.
එසමයෙහි යම් අලොභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යායෙක් අලෝභ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අනභිධ්‍යා වේ.
36. කතමො තස්මිං සමයෙ අව්යාපාදො හොති?
36. කවරෙක් එසමයෙහි අව්‍යාපාද වෙයි යත්:
යො තස්මිං සමයෙ අදොසො අදුස්සනා අදුස්සිතත්තං අව්යාපාදො අව්යාපජ්ඣො අදොසො කුසලමූලං - අයං තස්මිං සමයෙ අව්යාපාදො හොති.
එසමයෙහි යම් අද්වෙෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් නිදුක් බවෙක් අද්වේෂ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අව්‍යාපාද වේ.
37. කතමා තස්මිං සමයෙ සම්මාදිට්ඨි හොති?
37. කවරෙක් එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වෙයි යත්:
යා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි - අයං තස්මිං සමයෙ සම්මාදිට්ඨි හොති.
එසමයෙහි යම් ප්‍රඥාවෙක් වෙසෙසින් දැනීමෙක් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් ධර්මවිචයයෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරි සඞ්ඛ්‍යාත ප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්රඥේන්ද්රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා-ආලොකයෙක් ප්‍රඥා-අවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වේ.
38. කතමා තස්මිං සමයෙ හිරි හොති?
38. කවරෙක් එසමයෙහි හිරි වෙයි යත්:
යං තස්මිං සමයෙ හිරීයති හිරීයිතබ්බෙන, හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා - අයං තස්මිං සමයෙ හිරි හොති.
එසමයෙහි යමෙකින් ලජ්ජා විය යුතු කායදුශ්චරිතාදිය ජුගුප්සා කෙරේ ද - මේ එසමයෙහි හිරි වේ.
39. කතමං තස්මිං සමයෙ ඔත්තප්පං හොති?
39. කවරෙක් එසමයෙහි අපත්‍රපා වෙයි යත්:
යං තස්මිං සමයෙ ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන, ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා - ඉදං තස්මිං සමයෙ ඔත්තප්පං හොති.
එසමයෙහි යමෙකින් බියට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතු කොටගෙන ත්‍රස්ත වේ ද, ලාමක වූ අකුශල ධර්මයන්ට පැමිණීමෙන් ත්‍රස්ත වේ ද - මේ එසමයෙහි අපත්‍රපා වේ.
40. කතමා තස්මිං සමයෙ කායපස්සද්ධි හොති?
40. කවරෙක් එසමයෙහි කායප්‍රශ්‍රබ්ධි වෙයි යත්:
යා තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස පස්සද්ධි පටිප්පස්සද්ධි පස්සම්භනා පටිප්පස්සම්භනා පටිප්පස්සම්භිතත්තං අයං තස්මිං සමයෙ කායපස්සද්ධි හොති.
එසමයෙහි වේදනාස්ඛන්ධයා ගේ සංඥාස්කන්ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් සන්හිඳීමෙක් වෙසෙසින් සන්හිඳීමෙක් සන්හිඳුණු අයුරෙක් වෙසෙසින් සන්හිඳුණු අයුරෙක් සන්හිඳුණු බවෙක් වේ ද - මේ එසමයෙහි කායප්‍රශ්‍රබ්ධි වේ.
41. කතමා තස්මිං සමයෙ චිත්තපස්සද්ධි හොති?
41. කවරෙක් එසමයෙහි චිත්තප්‍රශබ්ධි වෙයි යත්:
යා තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධස්ස පස්සද්ධි පටිප්පස්සද්ධි පස්සම්භනා පටිප්පස්සම්භනා පටිප්පස්සම්භිතත්තං - අයං තස්මිං සමයෙ චිත්තපස්සද්ධි හොති.
එසමයෙහි විඥානස්කන්‍ධයා ගේ යම් සංහිඳීමෙක් වෙසෙසින් සන්හිඳීමෙක් සන්හිඳුණු අයුරෙක් වෙසෙසින් සන්හිඳුණු අයුරෙක් සන්හිඳුණු බවෙක් වේ ද - මේ එසමයෙහි චිත්තප්‍රශබ්ධි වේ.
42. කතමා තස්මිං සමයෙ කායලහුතා හොති?
42. කවරෙක් එසමයෙහි කායලඝුතා වෙයි යත්:
යා තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස ලහුතා ලහුපරිනාමතා අදන්ධනතා අවිත්ථනතා - අයං තස්මිං සමයෙ කායලහුතා හොති.
එසමයෙහි වේදනාස්කන්ධයාගේ සංඥාස්කන්ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් ලඝුත්‍වයෙක් යුහුව පෙරැළෙන බවෙක් නො බර බවෙක් නො තද බවෙක් වේ ද - මේ එසමයෙහි කායලඝුතා වේ.
43. කතමා තස්මිං සමයෙ චිත්තලහුතා හොති?
43. කවරෙක් එසමයෙහි චිත්තලඝුතා වෙයි යත්:
යා තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධස්ස ලහුතා ලහුපරිනාමතා අදන්ධනතා අවිත්ථනතා - අයං තස්මිං සමයෙ චිත්තලහුතා හොති.
එසමයෙහි විඥානස්කන්‍ධයා ගේ යම් ලඝුත්‍වයෙක් යුහුව පෙරැළෙන බවෙක් නො බර බවෙක් නො තද බවෙක් වේ ද - මේ එසමයෙහි චිත්තලඝුතා වේ.
44. කතමා තස්මිං සමයෙ කායමුදුතා හොති?
44. කවරෙක් එසමයෙහි කායමෘදුතා වෙයි යත්:
යා තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස මුදුතා මද්දවතා අකක්ඛළතා අකඨිනතා - අයං තස්මිං සමයෙ කායමුදුතා හොති.
එසමයෙහි වේදනාස්කන්ධයාගේ සංඥාස්කන්ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් මෘදු බවෙක් මර්‍දවයෙක් නො කැකුළු බවෙක් නො තද බවෙක් වේ ද - මේ එසමයෙහි කායමෘදුතා වේ.
45. කතමා තස්මිං සමයෙ චිත්තමුදුතා හොති?
45. කවරක් එසමයෙහි චිත්තමෘදුතා වෙයි යත්:
යා තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධස්ස මුදුතා මද්දවතා අකක්ඛළතා අකඨිනතා - අයං තස්මිං සමයෙ චිත්තමුදුතා හොති.
එසමයෙහි විඥානස්කන්‍ධයා ගේ යම් මෘදුත්‍වයෙක් මර්‍දවයෙක් නො කැකුළු බවෙක් නො තද බවෙක් වේ ද - මේ එසමයෙහි චිත්තමෘදුතා වේ.
46. කතමා තස්මිං සමයෙ කායකම්මඤ්ඤතා හොති?
46. කවරෙක් එසමයෙහි කායකර්‍මණ්‍යතා වෙයි යත්:
යා තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස කම්මඤ්ඤතා කම්මඤ්ඤත්තං කම්මඤ්ඤභාවො - අයං තස්මිං සමයෙ කායකම්මඤ්ඤතා හොති.
එසමයෙහි වේදනාස්කන්ධයාගේ සංඥාස්කන්ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් කර්‍මණ්‍යතායෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්මණ්ය බවෙක් වේ ද - මේ එසමයෙහි කායකර්‍මණ්‍යතා වේ.
47. කතමා තස්මිං සමයෙ චිත්තකම්මඤ්ඤතා හොති?
47. කවරෙක් එසමයෙහි චිත්තකර්‍මණ්‍යතා වෙයි යත්:
යා තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධස්ස කම්මඤ්ඤතා කම්මඤ්ඤත්තං කම්මඤ්ඤභාවො - අයං තස්මිං සමයෙ චිත්තකම්මඤ්ඤතා හොති.
එසමයෙහි විඥානස්කන්‍ධයා ගේ යම් කර්‍මණ්‍යතායෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්මණ්ය බවෙක් වේ ද - මේ එසමයෙහි චිත්තකර්‍මණ්‍යතා වේ.
48. කතමා තස්මිං සමයෙ කායපාගුඤ්ඤතා හොති?
48. කවරක් එසමයෙහි කායප්‍රාගුණ්‍ය වෙයි යත්:
යා තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස පගුණතා පගුණත්තං පගුණභාවො - අයං තස්මිං සමයෙ කායපාගුඤ්ඤතා හොති.
එසමයෙහි වේදනාස්කන්ධයාගේ සංඥාස්කන්ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් ප්‍රගුණතායෙක් ප්‍රගුණත්‍වයෙක් ප්‍රගුණ බවෙක් වේ ද - මේ එසමයෙහි කායප්‍රාගුණ්‍ය වේ.
49. කතමා තස්මිං සමයෙ චිත්තපාගුඤ්ඤතා හොති?
49. කවරෙක් එසමයෙහි චිත්තප්‍රාගුණ්‍ය වෙයි යත්:
යා තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධස්ස පගුණතා පගුණත්තං පගුණභාවො - අයං තස්මිං සමයෙ චිත්තපාගුඤ්ඤතා හොති.
එසමයෙහි විඥානස්කන්‍ධයා ගේ යම් ප්රාගුණ්යයෙක් ප්‍රගුණත්‍වයෙක් ප්‍රගුණ බවෙක් වේ ද - මේ එසමයෙහි චිත්තප්‍රාගුණ්‍ය වේ.
50. කතමා තස්මිං සමයෙ කායුජ්ජුකතා හොති?
50. කවරෙක් එසමයෙහි කායර්ජුකතා වෙයි යත්:
යා තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස උජුතා උජ්ජුකතා අජිම්හතා අවඞ්කතා අකුටිලතා - අයං තස්මිං සමයෙ කායුජ්ජුකතා හොති.
එසමයෙහි වේදනාස්කන්ධයාගේ සංඥාස්කන්ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් ඍජුතායෙක් සෘජුත්‍වයෙක් අජිම්හතායෙක් අවඞ්කතායෙක් අකුටිලතායෙක් වේ ද - මේ එසමයෙහි කායර්ජුකතා වේ.
51. කතමා තස්මිං සමයෙ චිත්තුජ්ජුකතා හොති?
51. කවරෙක් එසමයෙහි චිත්තර්ජුකතා වෙයි යත්:
යා තස්මිං සමයෙ විඤ්ඤාණක්ඛන්ධස්ස උජුතා උජ්ජුකතා අජිම්හතා අවඞ්කතා අකුටිලතා - අයං තස්මිං සමයෙ චිත්තුජ්ජුකතා හොති.
එසමයෙහි විඥානස්කන්‍ධයා ගේ යම් ඍජුතායෙක් සෘජුත්‍වයෙක් අජිහ්මතායෙක් අවඞ්කතායෙක් අකුටිලතායෙක් වේ ද - මේ එසමයෙහි චිත්තර්ජුකතා වේ.
52. කතමා තස්මිං සමයෙ සති හොති?
52. කවරෙක් එසමයෙහි ස්මෘති වෙයි යත්:
යා තස්මිං සමයෙ සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති - අයං තස්මිං සමයෙ සති හොති.
එසමයෙහි යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් (අරමුණෙහි) පිවිසෙන බවෙක් සිහිය නො නස්නා බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘති බලයෙක් සම්‍යක්ස්මෘතියෙක් වේ ද - මේ එසමයෙහි ස්මෘති වේ.
53. කතමං තස්මිං සමයෙ සම්පජඤ්ඤං හොති?
53. කවරෙක් එසමයෙහි සම්‍යග්ඥාන වෙයි යත්:
යා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි - ඉදං තස්මිං සමයෙ සම්පජඤ්ඤං හොති.
එසමයෙහි යම් ප්‍රඥාවෙක් වෙසෙසින් දැනීමෙක් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් ධර්මවිචයයෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශලයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරි සඞ්ඛ්‍යාත (පැතිරුණු) ප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් (ප්‍රඥාසඞ්ඛ්‍යාත) පතෝදයෙක් ප්‍රඥායෙක් ප්රඥේන්ද්රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යග්ඥාන වේ.
54. කතමො තස්මිං සමයෙ සමථො හොති?
54. කවරෙක් එසමයෙහි ශමථ වෙයි යත්:
යා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධි - අයං තස්මිං සමයෙ සමථො හොති.
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්ෂප්යෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්ද්රියෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද - මේ එසමයෙහි ශමථ වේ.
55. කතමා තස්මිං සමයෙ විපස්සනා හොති?
55. කවරෙක් එසමයෙහි විදර්ශනා වෙයි යත්:
යා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි - අයං තස්මිං සමයෙ විපස්සනා හොති.
එසමයෙහි යම් ප්‍රඥාවෙක් වෙසෙසින් දැනීමෙක් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් ධර්මවිචයයෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කුශල බවෙක් නිපුණ බවෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරි ප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් (නො මඟ යන සිත වීථියට නඟන) පතෝදය වැනි ප්‍රඥායෙක් ප්‍රඥායෙක් ප්රඥේන්ද්රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥා-අවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි විදර්ශනා වෙයි.
56. කතමො තස්මිං සමයෙ පග්ගාහො හොති?
56. කවරෙක් එසමයෙහි ප්‍රග්‍රාහ වෙයි යත්:
යො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්ත ඡන්දතා අනික්ඛිත්ත ධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං සම්මාවායාමො - අයං තස්මිං සමයෙ පග්ගාහො හොති.
එසමයෙහි යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් (කෞසීද්‍යයෙන්) නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪොත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිරපරාක්‍රමයෙක් නො තැබූ ඡන්ද ඇති බවෙක් නො තැබූ ධූර ඇති බවෙක් වීර්ය්යධූරය දැඩි ව ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි ප්‍රග්‍රාහ වේ.
57. කතමො තස්මිං සමයෙ අවික්ඛෙපො හොති?
57. කවරෙක් එසමයෙහි අවික්‍ෂේප වෙයි යත්:
යා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මා සමාධි - අයං තස්මිං සමයෙ අවික්ඛෙපො හොති.
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද - මේ එසමයෙහි අවික්‍ෂේප වේ.
යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙ’පි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා - ඉමෙ ධම්මා කුසලා.
එසමයෙහි අන්‍ය වූ ද, ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්මයෝ කුශලයෝ යි.