යෙදුමෙන් කියවන්න

කොට‍්ඨාසවාරං

පඨමකභාණවාරං.

පළමුවන බණවර යි.

කොට‍්ඨාසවාරො

කොට්ඨාසවාරො

58. තස‍්මිං ඛො පන සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති, ද‍්වායතනානි හොන‍්ති, ද‍්වෙ ධාතුයො හොන‍්ති, තයො ආහාරා හොන‍්ති, අට‍්ඨින්‍ද්‍රියානි හොන‍්ති, පඤ‍්චඞ‍්ගිකං ඣානං හොති, පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො හොති, සත‍්තබලානි හොන‍්ති, තයො හෙතු හොන‍්ති, එකො ඵස‍්සො හොති, එකා වෙදනා හොති, එකා සඤ‍්ඤා හොති, එකා චෙතනා හොති, එකං චිත‍්තං හොති, එකො වෙදනාක‍්ඛන්‍ධො හොති, එකො සඤ‍්ඤාක‍්ඛන්‍ධො හොති, එකො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති, එකො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො හොති, එකං මනායතනං හොති, එකං මනින්‍ද්‍රියං හොති, එකා මනො විඤ‍්ඤාණධාතු හොති, එකං ධම‍්මායතනං හොති, එකා ධම‍්මධාතු හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා - ඉමෙ ධම‍්මා කුසලා.

58. තවද, එසමයෙහි (ප්‍රථම මහාකුශල චිත්තය උපදනා කෙණෙහි) ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති. පඤ්චාඞ්ගිකධ්‍යානය වෙයි, පඤ්චාඞ්ගික මාර්‍ගය වෙයි, බලයෝ සත්දෙනෙක් වෙති, හෙතූහු තිදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, එක් වේදනායෙක් වෙයි, එක් සංඥායෙක් වෙයි, එක චේතනායෙක් වෙයි, එක් චිත්තයෙක් වෙයි, එක් වේදනාස්කන්‍ධයෙක් වෙයි, එක සංඥාස්කන්‍ධයෙක් වෙයි, එක් සංස්කාරස්කන්‍ධයෙක් වෙයි, එක විඥානස්කන්‍ධයෙක් වෙයි, එක් මනායතනයෙක් වෙයි, එක් මනින්‍ද්‍රියයෙක් වෙයි, එක් මනෝවිඥානධාතුයෙක් වෙයි, එක් ධර්‍මායතනයෙක් වෙයි, එක් ධර්‍මධාතුයෙක් වෙයි. එසමයෙහි අන්‍ය වූ ද, ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි.

59. කතමෙ තස‍්මිං සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති?

59. එසමයෙහි කවර ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති යත්:

වෙදනාක‍්ඛන්‍ධො, සඤ‍්ඤාක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.

වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, සංස්කාරස්කන්‍ධය, විඥානස්කන්‍ධය යන මොහු යි.

60. කතමො තස‍්මිං සමයෙ වෙදනාක‍්ඛන්‍ධො හොති?

60. කවරෙක් එසමයෙහි වේදනාස්කන්‍ධ වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතො සම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා - අයං තස‍්මිං සමයෙ වෙදනාක‍්ඛන්‍ධො හොති.

එසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මිහිරි වූ සැප වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙක් උපන් සාත වූ මධුර වූ සුඛවේදනාවක් වේ ද - මේ එසමයෙහි වේදනාස්කන්‍ධ වේ.

61. කතමො තස‍්මිං සමයෙ සඤ‍්ඤාක‍්ඛන්‍ධො හොති?

61. කවරෙක් එසමයෙහි සංඥාස්කන්‍ධ වෙයි යත්:

යා තස‍්මිං සමයෙ සඤ‍්ඤා සඤ‍්ජානනා සඤ‍්ජානිතත‍්තං - අයං තස‍්මිං සමයෙ සඤ‍්ඤාක‍්ඛන්‍ධො හොති.

එසමයෙහි යම් සංඥායෙක් හැඳිනගන්නා අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද - මේ එසමයෙහි සංඥාස්කන්‍ධ වේ.

62. කතමො තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?

62. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:

ඵස‍්සො චෙතනා විතක‍්කො විචාරො පීති චිත‍්තස‍්සෙකග‍්ගතා සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි සද‍්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං පඤ‍්ඤාබලං හිරිබලං ඔත‍්තප‍්පබලං අලොභො අදොසො අමොහො අනභිජ‍්ඣා අව්‍යාපාදො සම‍්මාදිට‍්ඨි හිරි ඔත‍්තප‍්පං කායපස‍්සද‍්ධි චිත‍්තපස‍්සද‍්ධි කායලහුතා චිත‍්තලහුතා කායමුදුතා චිත‍්තමුදුතා කායකම‍්මඤ‍්ඤතා චිත‍්තකම‍්මඤ‍්ඤතා කායපාගුඤ‍්ඤතා චිත‍්තපාගුඤ‍්ඤතා කායුජ‍්ජුකතා චිත‍්තුජ‍්ජුකතා සති සම‍්පජඤ‍්ඤං සමථො විපස‍්සනා පග‍්ගාහො අවික‍්ඛෙපො, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්ච සමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං, ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං, ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං - අයං තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති.

ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය ප්‍රීති ය චිත්තේකාග්‍රතා ය ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ස්මෘතීන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ප්‍රඥේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය සම්‍යග්දෘෂ්ටි ය සම්‍යක්සඞ්කල්ප ය සම්‍යග්ව්‍යායාම ය සම්‍යක්ස්මෘති ය සම්‍යක් සමාධි ය ශ්‍රද්ධාබල ය වීර්‍ය්‍යබල ය ස්මෘතිබල ය සමාධිබල ය ප්‍රඥාබල ය හිරිබල ය ඔත්තප්පබල ය අලෝභ ය අද්වේෂ ය අමොහ ය අනභිධ්‍යා ය අව්‍යාපාද ය සම්‍යග්දෘෂ්ටි ය හිරි ය ඔත්තප්ප යැ කායප්‍රශ්‍රබ්ධි යැ චිත්තප්‍රශ්‍රබ්ධි යැ කායලහුතා යැ චිත්තලහුතා යැ කායමෘදුත්‍ව ය චිත්තමෘදුත්‍ව ය කායකර්‍මණ්‍යතා ය චිත්තකර්‍මණ්‍යතා ය කායප්‍රාගුණ්‍ය ය චිත්තප්‍රාගුණ්‍ය ය කාය-ඍජුත්‍ව ය චිත්ත-ඍජුත්‍ව ය ස්මෘති ය සම්‍යග්ඥාන ය ශමථ ය විදර්‍ශනා ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යැ, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා, විඥානස්කන්‍ධය තබා, අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද - මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ.

63. කතමො තස‍්මිං සමයෙ විඤ‍්ඤාණක‍්ඛන්‍ධො හොති?

63. එසමයෙහි කවරෙක් විඥානස්කන්‍ධ වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු - අයං තස‍්මිං සමයෙ විඤ‍්ඤාණක‍්ඛන්‍ධො හොති.

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි විඥානස්කන්‍ධ වේ.

ඉමෙ තස‍්මිං සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති.

මොහු එසමයෙහි සතර ස්කන්‍ධයෝ වෙත්.

64. කතමානි තස‍්මිං සමයෙ ද‍්වායතනානි හොන‍්ති?

64. එසමයෙහි කවර ආයතනයෝ දෙදෙනෙක් වෙති යත්:

මනායතනං, ධම‍්මායතනං.

මනායතන යැ ධර්‍මායතන යි,

65. කතමං තස‍්මිං සමයෙ මනායතනං හොති?

65. කවරෙක් එසමයෙහි මනායතන වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජා මනොවිඤ‍්ඤාණ ධාතු - ඉදං තස‍්මිං සමයෙ මනායතනං හොති.

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි මනායතනය වේ.

66. කතමං තස‍්මිං සමයෙ ධම‍්මායතනං හොති?

66. කවරෙක් එසමයෙහි ධර්‍මායතන වෙයි යත්:

වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො - ඉදං තස‍්මිං සමයෙ ධම‍්මායතනං හොති.

වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ ය යි - මේ එසමයෙහි ධර්‍මායතන වේ.

ඉමානි තස‍්මිං සමයෙ ද‍්වායතනානි හොන‍්ති.

මොහු එසමයෙහි ද්වායතනයෝ වෙත්:

67. කතමා තස‍්මිං සමයෙ ද‍්වෙ ධාතුයො හොන‍්ති?

67. එසමයෙහි කවර ධාතූහු දෙදෙනෙක් වෙති යත්:

මනොවිඤ‍්ඤාණධාතු, ධම‍්මධාතු.

මනෝවිඥානධාතු යැ, ධර්‍මධාතු යි.

68. කතමා තස‍්මිං සමයෙ මනොවිඤ‍්ඤාණධාතු හොති?

68. කවරෙක් එසමයෙහි මනෝවිඥානධාතු වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජා මනොවිඤ‍්ඤාණ ධාතු - අයං තස‍්මිං සමයෙ මනොවිඤ‍්ඤාණධාතු හොති.

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි මනෝවිඥානධාතු වේ.

69. කතමා තස‍්මිං සමයෙ ධම‍්මධාතු හොති?

69. කවරෙක් එසමයෙහි ධර්‍මධාතු වෙයි යත්:

වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො - අයං තස‍්මිං සමයෙ ධම‍්මධාතු හොති.

වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යි. මේ එසමයෙහි ධර්‍මධාතු වේ.

ඉමා තස‍්මිං සමයෙ ද‍්වෙ ධාතුයො හොන‍්ති.

මොහු එසමයෙහි ධාතූහු දෙදෙනා වෙත්:

70. කතමෙ තස‍්මිං සමයෙ තයො ආහාරා හොන‍්ති?

70. එසමයෙහි කවර තුන් ආහාරයෝ වෙති යත්:

ඵස‍්සාහාරො, මනොසඤ‍්චෙතනාහාරො, විඤ‍්ඤාණාහාරො.

ස්පර්‍ශාහාර යැ, මනස්සංචේතනාහාර යැ, විඥානාහාර යි.

71. කතමො තස‍්මිං සමයෙ ඵස‍්සාහාරො හොති?

71. කවරෙක් එසමයෙහි ස්පර්‍ශාහාර වෙයි යත්:

යො තස‍්මිං සමයෙ ඵස‍්සො ඵුසනා සමඵුසනා සමඵුසිතත‍්තං - අයං තස‍්මිං සමයෙ ඵස‍්සාහාරො හොති.

එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද - මෙ එසමයෙහි ස්පර්‍ශාහාර වේ.

72. කතමො තස‍්මිං සමයෙ මනොසඤ‍්චෙතනාහාරො හොති?

72. කවරෙක් එසමයෙහි මනස්සංචේතනාහාර වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං - අයං තස‍්මිං සමයෙ මනොසඤ‍්චෙතනාහාරො හොති.

එසමයෙහි යම් චේතනායෙක් සංචේතනායෙක් සිතන ලද බවෙක් වේ ද - මේ එසමයෙහි මනස්සංචේතනාහාර වේ.

73. කතමො තස‍්මිං සමයෙ විඤ‍්ඤාණාහාරො හොති?

73. කවරෙක් එසමයෙහි විඥානාහාර වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජා මනොවිඤ‍්ඤාණ ධාතු - අයං තස‍්මිං සමයෙ විඤ‍්ඤාණාහාරො හොති.

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි විඥානාහාර වේ.

ඉමෙ තස‍්මිං සමයෙ තයො ආහාරා හොන‍්ති.

මොහු එසමයෙහි තුන් ආහාරයෝ වෙත්.

74. කතමානි තස‍්මිං සමයෙ අට‍්ඨින්‍ද්‍රියානි හොන‍්ති?

74. එසමයෙහි කවර ඉන්‍ද්‍රියයෝ අටදෙන වෙති යත්:

සද‍්ධින්‍ද්‍රියං, විරියින්‍ද්‍රියං, සතින්‍ද්‍රියං, සමාධින්‍ද්‍රියං, පඤ‍්ඤින්‍ද්‍රියං, මනින්‍ද්‍රියං, සොමනස‍්සින්‍ද්‍රියං, ජීවිතින්‍ද්‍රියං.

ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය යි.

75. කතමං තස‍්මිං සමයෙ සද‍්ධින්‍ද්‍රියං හොති?

75. කවරෙක් එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි යත්:

යා තස‍්මිං සමයෙ සද‍්ධා සද‍්දහනා ඔකප‍්පනා අභිප‍්පසාදො සද‍්ධා සද‍්ධින්‍ද්‍රියං සද‍්ධාබලං- ඉදං තස‍්මිං සමයෙ සද‍්ධින්‍ද්‍රියං හොති.

එසමයෙහි යම් ශ්‍රද්ධායෙක් හැදහීම් අයුරෙක් (ගුණයෙහි) බැසැගැනීමෙක් ඉතා පැහැදීමෙක් ශ්‍රද්ධායෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද - මේ එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වේ.

76. කතමං තස‍්මිං සමයෙ විරියින්‍ද්‍රියං හොති?

76. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්:

යො තස‍්මිං සමයෙ චෙතසිකො විරියාරම‍්භො නික‍්කමො පරක‍්කමො උය්‍යාමො වායාමො උස‍්සාහො උස‍්සොළ‍්හි ථාමො ධිති අසිථිලපරක‍්කමතා අනික‍්ඛිත‍්තඡන්‍දතා අනික‍්ඛිත‍්තධුරතා ධුරසම‍්පග‍්ගාහො විරියං විරියින්‍ද්‍රියං විරියබලං සම‍්මාවායාමො - ඉදං තස‍්මිං සමයෙ විරියින්‍ද්‍රියං හොති.

එසමයෙහි යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් (කුසීත බැවින්) නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪ උත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථීරපරාක්‍රමයෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධූර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වේ.

77. කතමං තස‍්මිං සමයෙ සතින්‍ද්‍රියං හොති?

77. කවරෙක් එසමයෙහි ස්මෘතින්‍ද්‍රිය වෙයි යත්:

යා තස‍්මිං සමයෙ සති අනුස‍්සති -පෙ- සම‍්මාසති - ඉදං තස‍්මිං සමයෙ සතින්‍ද්‍රියං හොති.

එසමයෙහි යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ... සම්‍යක්ස්මෘතියෙක් වේ ද මේ එසමයෙහි ස්මෘතීන්‍ද්‍රිය වේ.

78. කතමං තස‍්මිං සමයෙ සමාධින්‍ද්‍රියං හොති?

78. කවරෙක් එසමයෙහි සමාධීන්‍ද්‍රිය වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති -පෙ- සම‍්මා සමාධි - ඉදං තස‍්මිං සමයෙ සමාධින්‍ද්‍රියං හොති.

එසමයෙහි චිත්තයාගේ යම් ස්ථිතියෙක් ... සම්‍යක් සමාධියෙක් වේ ද - මේ එසමයෙහි සමාධීන්‍ද්‍රිය වේ.

79. කතමං තස‍්මිං සමයෙ පඤ‍්ඤින්‍ද්‍රියං හොති?

79. කවරෙක් එසමයෙහි ප්‍රඥේන්‍ද්‍රිය වෙයි යත්:

යා තස‍්මිං සමයෙ පඤ‍්ඤා පජානනා විචයො පවිචයො ධම‍්මවිචයො සල‍්ලක‍්ඛණා උපලක‍්ඛණා පච‍්චුපලක‍්ඛණා පණ‍්ඩිච‍්චං කොසල‍්ලං නෙපුඤ‍්ඤං වෙභය්‍යා චින‍්තා උපපරික‍්ඛා භූරී මෙධා පරිනායිකා විපස‍්සනා සම‍්පජඤ‍්ඤං පතොදො පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං පඤ‍්ඤාසත්‍ථං පඤ‍්ඤාපාසාදො පඤ‍්ඤාආලොකො පඤ‍්ඤාඔභාසො පඤ‍්ඤාපජ‍්ජොතො පඤ‍්ඤාරතනං අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි - ඉදං තස‍්මිං සමයෙ පඤ‍්ඤින්‍ද්‍රියං හොති.

එසමයෙහි යම් ප්‍රඥායෙක් දැනීම් අයුරෙක් විචයයෙක් ප්‍රවිචයයෙක් ධර්‍මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂණයෙක් පතළ ප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි ප්‍රඥේන්‍ද්‍රිය වේ.

80. කතමං තස‍්මිං සමයෙ මනින්‍ද්‍රියං හොති?

80. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජාමනො විඤ‍්ඤාණධාතු - ඉදං තස‍්මිං සමයෙ මනින්‍ද්‍රියං හොති.

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හදය - සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.

81. කතමං තස‍්මිං සමයෙ සොමනස‍්සින්‍ද්‍රියං හොති?

81. කවරෙක් එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතො සම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතො සම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා - ඉදං තස‍්මිං සමයෙ සොමනස‍්සින්‍ද්‍රියං හොති.

එසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මධුර වූ සුඛ වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද - මේ එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වේ.

82. කතමං තස‍්මිං සමයෙ ජීවිතින්‍ද්‍රියං හොති?

82. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:

යො තෙසං අරූපීනං ධම‍්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත‍්තනා පාලනා ජීවිතං ජීවිතින්‍ද්‍රියං - ඉදං තස‍්මිං සමයෙ ජීවිතින්‍ද්‍රියං හොති.

ඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුෂයෙක් සිටීමෙක් යැපීමෙක් පැවැත්මෙක් ඉරියව් පැවැත්මෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද - මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.

ඉමානි තස‍්මිං සමයෙ අට‍්ඨින්‍ද්‍රියානි හොන‍්ති.

මොහු එසමයෙහි අෂ්ටෙන්‍ද්‍රියයෝ වෙත්:

83. කතමං තස‍්මිං සමයෙ පඤ‍්චඞ‍්ගිකං ඣානං හොති?

83. කවරෙක් එසමයෙහි පඤ්චාඞ්ගික ධ්‍යාන වෙයි යත්:

විතක‍්කො, විචාරො, පීති, සුඛං, චිත‍්තස‍්සෙ’කග‍්ගතා.

විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තේකාග්‍රතා යි.

84. කතමො තස‍්මිං සමයෙ විතක‍්කො හොති?

84. කවරෙක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:

යො තස‍්මිං සමයෙ තක‍්කො විතක‍්කො සඞ‍්කප‍්පො අප‍්පනා ව්‍යප‍්පනා චෙතසො අභිනිරොපනා සම‍්මාසඞ‍්කප‍්පො - අයං තස‍්මිං සමයෙ විතක‍්කො හොති.

එසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණායෙක් බලවත් අර්‍පණායෙක් (අරමුණෙහි) සිත පිහිටුවීමෙක් සංකල්පයෙක් වේ ද - මේ එසමයෙහි විතර්‍ක වේ.

85. කතමො තස‍්මිං සමයෙ විචාරො හොති?

85. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්:

යො තස‍්මිං සමයෙ චාරො විචාරො අනුවිචාරො උපවිචාරො චිත‍්තස‍්ස අනුසන්‍ධානතා අනුපෙක‍්ඛනතා - අයං තස‍්මිං සමයෙ විචාරො හොති.

එසමයෙහි යම් (අරමුණෙහි හැසිරෙන) වාරයෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් (අරමුණෙහි) සිත ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද - මේ එසමයෙහි විචාර වේ.

86. කතමා තස‍්මිං සමයෙ පීති හොති?

86. කවරෙක් එසමයෙහි ප්‍රීති වෙයි යත්:

යා තස‍්මිං සමයෙ පීති පාමොජ‍්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත‍්ති ඔදග්‍යං අත‍්තමනතා චිත‍්තස‍්ස - අයං තස‍්මිං සමයෙ පීති හොති.

එසමයෙහි යම් ප්‍රීතියෙක් ප්‍රාමෝද්‍යයෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් ප්‍රීතිධනයෙක් ඔදවැඩි බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද - මේ එසමයෙහි ප්‍රීති වේ.

87. කතමං තස‍්මිං සමයෙ සුඛං හොති?

87. කවරෙක් එසමයෙහි සුඛ වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා - ඉදං තස‍්මිං සමයෙ සුඛං හොති.

එසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද - මේ එසමයෙහි සුඛ වේ.

88. කතමා තස‍්මිං සමයෙ චිත‍්තස‍්සෙකග‍්ගතා හොති?

88. කවරෙක් එසමයෙහි චිත්තේකාග්‍රතා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති සණ‍්ඨිති අවට‍්ඨිති අවිසාහාරො අවික‍්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං සම‍්මාසමාධි - අයං තස‍්මිං සමයෙ චිත‍්තස‍්සෙකග‍්ගතා හොති.

එසමයෙහි චිත්තයාගේ යම් (නිසල බැවින් අරමුණෙහි) සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැ ගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළ සිත ඇති බවෙක් සමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද - මේ එසමයෙහි චිත්තේකාග්‍රතා වේ.

ඉදං තස‍්මිං සමයෙ පඤ‍්චඞ‍්ගිකං ඣානං හොති.

මේ එසමයෙහි පඤ්චාඞ්ගික ධ්‍යාන වේ.

89. කතමො තස‍්මිං සමයෙ පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො හොති?

89. කවරෙක් එසමයෙහි පඤ්චාඞ්ගික මාර්‍ග වෙයි යත්:

සම‍්මාදිට‍්ඨි, සම‍්මාසඞ‍්කප‍්පො, සම‍්මාවායාමො, සම‍්මාසති, සම‍්මාසමාධි.

සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක් සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.

90. කතමා තස‍්මිං සමයෙ සම‍්මාදිට‍්ඨි හොති?

90. කවරෙක් එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වෙයි යත්:

යා තස‍්මිං සමයෙ පඤ‍්ඤා පජානනා විචයො පවිචයො ධම‍්මවිචයො සල‍්ලක‍්ඛණා උපලක‍්ඛණා පච‍්චුපලක‍්ඛණා පණ‍්ඩිච‍්චං කොසල‍්ලං නෙපුඤ‍්ඤං වෙභව්‍යා චින‍්තා උපපරික‍්ඛා භූරී මෙධා පරිනායිකා විපස‍්සනා සම‍්පජඤ‍්ඤං පතොදො පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං පඤ‍්ඤාසත්‍ථං පඤ‍්ඤාපාසාදො පඤ‍්ඤාආලොකො පඤ‍්ඤාඔභාසො පඤ‍්ඤාපජ‍්ජොතො පඤ‍්ඤාරතනං අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි - අයං තස‍්මිං සමයෙ සම‍්මාදිට‍්ඨි හොති.

එසමයෙහි යම් ප්‍රඥාවක් පජානනයෙක් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් ධර්‍මවිචයයෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරී සඞ්ඛ්‍යාත ප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාඅවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වේ.

91. කතමො තස‍්මිං සමයෙ සම‍්මාසඞ‍්කප‍්පො හොති?

91. කවරෙක් එසමයෙහි සම්‍යක්සංකල්ප වෙයි යත්:

යො තස‍්මිං සමයෙ තක‍්කො විතක‍්කො සඞ‍්කප‍්පො අප‍්පනා ව්‍යප‍්පනා චෙතසො අභිනිරොපනා සම‍්මාසඞ‍්කප‍්පො - අයං තස‍්මිං සමයෙ සම‍්මාසඞ‍්කප‍්පො හොති.

එසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණයෙක් බලවත් අර්‍පණයෙක් චිත්තයාගේ අභිනිරෝපණයෙක් සම්‍යක් සංකල්පයෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යක්සංකල්ප වේ.

92. කතමො තස‍්මිං සමයෙ සම‍්මාවායාමො හොති?

92. කවරෙක් එසමයෙහි සම්‍යග්ව්‍යායාම වෙයි යත්:

යො තස‍්මිං සමයෙ චෙතසිකො විරියාරම‍්භො නික‍්කමො පරක‍්කමො උය්‍යාමො වායාමො උස‍්සාහො උස‍්සොළ‍්හි ථාමො ධිති අසිථිලපරක‍්කමතා අනික‍්ඛිත‍්තඡන්‍දතා අනික‍්ඛිත‍්තධුරතා ධුරසම‍්පග‍්ගාහො විරියං විරියින්‍ද්‍රියං විරියබලං සම‍්මාවායාමො - අයං තස‍්මිං සමයෙ සම‍්මාවායාමො හොති.

එසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් කෞසීද්‍යයෙන් නික්මැයෑමෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪොත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෘතියෙක් ස්ථීරපරාක්‍රමයෙක් පරාක්‍රමතායෙක් නො පියූ ඡන්‍දය ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍ය බලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යග්ව්‍යායාම වේ.

93. කතමා තස‍්මිං සමයෙ සම‍්මාසති හොති?

93. කවරෙක් එසමයෙහි සම්‍යක්ස්මෘති වෙයි යත්:

යා තස‍්මිං සමයෙ සති අනුස‍්සති පටිස‍්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම‍්මුස‍්සනතා සති සතින්‍ද්‍රියං සතිබලං සම‍්මාසති - අයං තස‍්මිං සමයෙ සම‍්මාසති හොති.

එසමයෙහි යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතීන්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යක්ස්මෘති වේ.

94. කතමො තස‍්මිං සමයෙ සම‍්මාසමාධි හොති?

94. කවරෙක් එසමයෙහි සම්‍යක්සමාධි වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති සණ‍්ඨිති අවට‍්ඨිති අවිසාහාරො අවික‍්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්‍ද්‍රියං සමාධි බලං සම‍්මාසමාධි - අයං තස‍්මිං සමයෙ සම‍්මාසමාධි හොති.

එසමයෙහි යම් චිත්තයාගේ සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළ සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යක්සමාධි වේ.

අයං තස‍්මිං සමයෙ පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො හොති.

මේ එසමයෙහි පඤ්චාඞ්ගිකමාර්‍ග වේ.

95. කතමානි තස‍්මිං සමයෙ සත‍්තබලානි හොන‍්ති?

95. එසමයෙහි කවර සප්තබලයෝ වෙති යත්:

සද‍්ධාබලං, විරියබලං, සතිබලං, සමාධිබලං, පඤ‍්ඤාබලං, හිරිබලං, ඔත‍්තප‍්පබලං.

ශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල ය, ප්‍රඥාබල ය, හිරිබල ය, ඔත්තප්පබල යි.

96. කතමං තස‍්මිං සමයෙ සද‍්ධාබලං හොති?

96. කවරෙක් එසමයෙහි ශ්‍රද්ධාබල වෙයි යත්:

යා තස‍්මිං සමයෙ සද‍්ධා සද‍්දහනා ඔකප‍්පනා අභිප‍්පසාදො සද‍්ධා සද‍්ධින්‍ද්‍රියං සද‍්ධාබලං - ඉදං තස‍්මිං සමයෙ සද‍්ධාබලං හොති.

එසමයෙහි යම් ශ්‍රද්ධායෙක් හැදහීම් අයුරෙක් බැසැගැනීමෙක් අභිප්‍රසාදයෙක් ශ්‍රද්ධායෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද - මේ එසමයෙහි ශ්‍රද්ධාබල වේ.

97. කතමං තස‍්මිං සමයෙ විරියබලං හොති?

97. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යබල වෙයි යත්:

යො තස‍්මිං සමයෙ චෙතසිකො විරියාරම‍්භො -පෙ- සම‍්මාවායාමො - ඉදං තස‍්මිං සමයෙ විරියබලං හොති.

එසමයෙහි යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි වීර්‍ය්‍යබල වේ.

98. කතමං තස‍්මිං සමයෙ සතිබලං හොති?

98. කවරෙක් එසමයෙහි ස්මෘතිබල වෙයි යත්:

යා තස‍්මිං සමයෙ සති අනුස‍්සති පටිස‍්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම‍්මුස‍්සනතා සති සතින්‍ද්‍රියං සතිබලං සම‍්මාසති - ඉදං තස‍්මිං සමයෙ සතිබලං හොති.

එසමයෙහි යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් ස්මෘති සඞ්ඛ්‍යාත සිහි කරන බවෙක් ධරන බවෙක් බැසැගන්නා බවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතීන්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් වේ ද - මේ එසමයෙහි ස්මෘතිබල වේ.

99. කතමං තස‍්මිං සමයෙ සමාධිබලං හොති?

99. කවරෙක් එසමයෙහි සමාධිබල වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති -පෙ- සම‍්මාසමාධි - ඉදං තස‍්මිං සමයෙ සමාධිබලං හොති.

එසමයෙහි චිත්තයාගේ යම් ස්ථිතියෙක් ... සම්‍යක්සමාධියෙක් වේ ද - මේ එසමයෙහි සමාධිබල වේ.

100. කතමං තස‍්මිං සමයෙ පඤ‍්ඤාබලං හොති?

100. කවරෙක් එසමයෙහි ප්‍රඥාබල වෙයි යත්:

යා තස‍්මිං සමයෙ පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි - ඉදං තස‍්මිං සමයෙ පඤ‍්ඤාබලං හොති.

එසමයෙහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි ප්‍රඥාබල වේ.

101. කතමං තස‍්මිං සමයෙ හිරිබලං හොති?

101. කවරෙක් එසමයෙහි හිරිබල වෙයි යත්:

යං තස‍්මිං සමයෙ හිරීයති හිරීයිතබ‍්බෙන හිරීයති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා - ඉදං තස‍්මිං සමයෙ හිරිබලං හොති.

එසමයෙහි යමකින් ලජ්ජා විය යුතු කායදුශ්චරිතාදිය ජුගුප්සා කෙරේද, ලාමක අකුශලධර්‍මයන්ට පැමිණීම ජුගුප්සා කෙරේ ද - මේ එසමයෙහි හිරිබල වේ.

102. කතමං තස‍්මිං සමයෙ ඔත‍්තප‍්පබලං හොති?

102. කවරෙක් එසමයෙහි ඔත්තප්පබල වෙයි යත්:

යං තස‍්මිං සමයෙ ඔත‍්තප‍්පති ඔත‍්තප‍්පිතබ‍්බෙන, ඔත‍්තප‍්පති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා - ඉදං තස‍්මිං සමයෙ ඔත‍්තප‍්පබලං හොති.

එසමයෙහි යමකින් තැවීමට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතු කොටගෙන ත්‍රස්ත වේ ද - මේ ඔත්තප්පබල වේ.

ඉමානි තස‍්මිං සමයෙ සත‍්තබලානි හොන‍්ති.

මේ එසමයෙහි සප්තබලයෝ වෙත්.

103. කතමෙ තස‍්මිං සමයෙ තයො හෙතු හොන‍්ති?

103. එසමයෙහි කවර හේතු තිදෙන වෙති යත්:

අලොභො අදොසො අමොහො.

අලෝභ ය අදෝස ය අමෝහය යි.

104. කතමො තස‍්මිං සමයෙ අලොභො හොති?

104. කවරෙක් එසමයෙහි අලෝභ වෙයි යත්:

යො තස‍්මිං සමයෙ අලොභො අලුබ‍්භනා අලුබ‍්භිතත‍්තං අසාරාගො අසාරජ‍්ජනා අසාරජ‍්ජිතත‍්තං අනභිජ‍්ඣා අලොභො කුසලමූලං - අයං තස‍්මිං සමයෙ අලොභො හොති.

එසමයෙහි යම් අලොභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යයෙක් අලෝභ කුශලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අලෝභ වේ.

105. කතමො තස‍්මිං සමයෙ අදොසො හොති?

105. කවරෙක් එසමයෙහි අදෝස වෙයි යත්:

යො තස‍්මිං සමයෙ අදොසො අදුස‍්සනා අදුස‍්සිතත‍්තං අව්‍යාපාදො අව්‍යාපජ‍්ඣො අදොසො කුසලමූලං - අයං තස‍්මිං සමයෙ අදොසො හොති.

එසමයෙහි යම් අද්වෙෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් නිදුක් බවෙක් අදෝස කුසලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අදෝස වේ.

106. කතමො තස‍්මිං සමයෙ අමොහො හොති?

106. කවරෙක් එසමයෙහි අමොහ වෙයි යත්:

යා තස‍්මිං සමයෙ පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි - අයං තස‍්මිං සමයෙ අමොහො හොති.

එසමයෙහි යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි අමොහ වේ.

ඉමෙ තස‍්මිං සමයෙ තයො හෙතු හොන‍්ති.

මොහු එසමයෙහි තුන්හෙතූහු වෙත්.

107. කතමො තස‍්මිං සමයෙ එකො ඵස‍්සො හොති?

107. කවරෙක් එසමයෙහි එක් මැ ස්පර්‍ශ වෙයි යත්:

යො තස‍්මිං සමයෙ ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං - අයං තස‍්මිං සමයෙ එකො ඵස‍්සො හොති.

එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ ස්පර්‍ශ වේ.

108. කතමා තස‍්මිං සමයෙ එකා වෙදනා හොති?

108. කවරෙක් එසමයෙහි එක් මැ වේදනා වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා - අයං තස‍්මිං සමයෙ එකා වෙදනා හොති.

එසමයෙහි යම් චෛතසික වූ මධුර බවෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ වේදනා වේ.

109. කතමා තස‍්මිං සමයෙ එකා සඤ‍්ඤා හොති?

109. කවරෙක් එසමයෙහි එක් මැ සංඥා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ සඤ‍්ඤා සඤ‍්ජානනා සඤ‍්ජානිතත‍්තං - අයං තස‍්මිං සමයෙ එකා සඤ‍්ඤා හොති.

එසමයෙහි යම් සංඥායෙක් සංජානනාකාරයෙක් හැඳිනගත් බවෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ සංඥා වේ.

110. කතමා තස‍්මිං සමයෙ එකා චෙතනා හොති?

110. කවරෙක් එසමයෙහි එක් මැ චේතනා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං - අයං තස‍්මිං සමයෙ එකා චෙතනා හොති.

එසමයෙහි යම් චේතනාවක් සංචේතනායෙක් සිතන ලද බවෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ චේතනා වේ.

111. කතමං තස‍්මිං සමයෙ එකං චිත‍්තං හොති?

111. කවරෙක් එසමයෙහි එක් මැ සිත වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජා මනොවිඤ‍්ඤාණ ධාතු - ඉදං තස‍්මිං සමයෙ එකං චිත‍්තං හොති.

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ සිත වේ.

112. කතමො තස‍්මිං සමයෙ එකො වෙදනාක‍්ඛන්‍ධො හොති?

112. කවරෙක් එසමයෙහි එක් මැ වේදනාස්කන්‍ධ වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා - අයං තස‍්මිං සමයෙ එකො වෙදනාක‍්ඛන්‍ධො හොති.

එසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශජ වූ සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශජ වූ සාතසුඛවෙදනායෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ වේදනාස්කන්‍ධ වේ.

113. කතමො තස‍්මිං සමයෙ එකො සඤ‍්ඤාක‍්ඛන්‍ධො හොති?

113. කවරෙක් එසමයෙහි එක් මැ සංඥාස්කන්‍ධ වෙයි යත්:

යා තස‍්මිං සමයෙ සඤ‍්ඤා සඤ‍්ජානනා සඤ‍්ජානිතත‍්තං - අයං තස‍්මිං සමයෙ එකො සඤ‍්ඤාක‍්ඛන්‍ධො හොති.

එසමයෙහි යම් සංඥාවක් සංජානනාකාරයෙක් සඤ්ජානිත බවෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ සංඥාස්කන්‍ධ වේ.

114. කතමො තස‍්මිං සමයෙ එකො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?

114. කවරෙක් එසමයෙහි එක් මැ සංස්කාරස්කන්‍ධ වෙයි යත්:

ඵස‍්සො චෙතනා විතක‍්කො විචාරො පීති චිත‍්තස‍්සෙ’කග‍්ගතා සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි සද‍්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං පඤ‍්ඤාබලං හිරිබලං ඔත‍්තප‍්පබලං අලොභො අදොසො අමොහො අනභිජ‍්ඣා අව්‍යාපාදො සම‍්මාදිට‍්ඨි හිරි ඔත‍්තප‍්පං කායපස‍්සද‍්ධි චිත‍්තපස‍්සද‍්ධි කායලහුතා චිත‍්තලහුතා කායමුදුතා චිත‍්තමුදුතා කායකම‍්මඤ‍්ඤතා චිත‍්තකම‍්මඤ‍්ඤතා කායපාගුඤ‍්ඤතා චිත‍්තපාගුඤ‍්ඤතා කායුජ‍්ජුකතා චිත‍්තුජ‍්ජුකතා සතිසම‍්පජඤ‍්ඤං සමථො විපස‍්සනා පග‍්ගාහො අවික‍්ඛෙපො, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං, ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං, ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං - අයං තස‍්මිං සමයෙ එකො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති.

ස්පර්‍ශ ය, චේතනා ය, විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, චිත්තේකාග්‍රතා ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සම්‍යක්දෘෂ්ටිය ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි ය, ශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල ය, ප්‍රඥාබල ය, හිරිබල ය, ඔත්තප්පබල ය, අලෝභ ය, අද්වේෂ ය, අමොහ ය, අනභිධ්‍යා ය, අව්‍යාපාද ය, සම්‍යග්දෘෂ්ටි ය, හිරි ය, ඔත්තප්ප ය, කායප්‍රශ්‍රබ්ධි ය, චිත්තප්‍රශ්‍රබ්ධි ය, කායලඝුත්‍ව ය, චිත්තලඝුත්‍ව ය, කායමෘදුත්‍ව ය, චිත්තමෘදුත්‍ව ය, කායකර්‍මණ්‍යතා ය, චිත්තකර්‍මණ්‍යතා ය, කායප්‍රාගුණ්‍ය ය, චිත්තප්‍රාගුණ්‍ය ය, කාය ඍජුත්‍ව ය, චිත්ත ඍජුත්‍ව ය, ස්මෘති ය, සම්‍යග්ඥාන ය, ශමථ ය, විදර්‍ශනා ය, ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍ය සමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද - මේ එසමයෙහි එක් මැ සංස්කාරස්කන්‍ධ වේ.

115. කතමො තස‍්මිං සමයෙ එකො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො හොති?

115. කවරෙක් එසමයෙහි එක් මැ විඥානස්කන්‍ධ වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු - අයං තස‍්මිං සමයෙ එකො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො හොති.

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ විඥානස්කන්‍ධ වේ.

116. කතමං තස‍්මිං සමයෙ එකං මනායතනං හොති?

116. කවරෙක් එසමයෙහි එක් මැ මනායතන වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජාමනොවිඤ‍්ඤාණ ධාතු - ඉදං තස‍්මිං සමයෙ එකං මනායතනං හොති.

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ මනායතන වේ.

117. කතමං තස‍්මිං සමයෙ එකං මනින්‍ද්‍රියං හොති?

117. කවරෙක් එසමයෙහි එක් මැ මනින්‍ද්‍රිය වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජාමනො විඤ‍්ඤාණධාතු - ඉදං තස‍්මිං සමයෙ එකං මනින්‍ද්‍රියං හොති.

එසමයෙහි යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ මනින්‍ද්‍රිය වේ.

118. කතමා තස‍්මිං සමයෙ එකා මනොවිඤ‍්ඤාණධාතු හොති?

118. කවරෙක් එසමයෙහි එක් මැ මනෝවිඥානධාතු වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු - අයං තස‍්මිං සමයෙ එකා මනොවිඤ‍්ඤාණධාතු හොති.

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ මනෝවිඥානධාතු වේ.

119. කතමං තස‍්මිං සමයෙ එකං ධම‍්මායතනං හොති?

119. කවරෙක් එසමයෙහි එක් මැ ධර්‍මායතන වෙයි යත්:

වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො - ඉදං තස‍්මිං සමයෙ එකං ධම‍්මායතනං හොති.

වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, මේ එසමයෙහි එක් මැ ධර්‍මායතන වේ.

120. කතමා තස‍්මිං සමයෙ එකා ධම‍්මධාතු හොති?

120. කවරක් එසමයෙහි එක් මැ ධර්‍මධාතු වෙයි යත්:

වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො - අයං තස‍්මිං සමයෙ එකා ධම‍්මධාතු හොති.

වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි - මේ එසමයෙහි එක් මැ ධර්‍මධාතු වේ.

යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා - ඉමෙ ධම‍්මා කුසලා.

තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න අරූපීධර්‍මයෝ වෙත් ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි.

කොට‍්ඨාසවාරං.

කොට්ඨාසවාරය යි.