කොට්ඨාසවාරො අට්ඨකථා
කොට්ඨාසවාරො
කොට්ඨාසවාරය
ඉදානි තස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්තීති සඞ්ගහවාරො ආරද්ධො. සො උද්දෙසනිද්දෙසපටිනිද්දෙසානං වසෙන තිවිධො හොති. තත්ථ ‘තස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා’ති එවමාදිකො උද්දෙසො. කතමෙ තස්මිං සමයෙ චත්තාරො ඛන්ධා’තිආදිකො නිද්දෙසො. කතමො තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධොතිආදිකො පටිනිද්දෙසොති වෙදිතබ්බො.
දැන් තස්මිං ඛොපන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති යැයි සංග්‍රහවාරය පටන්ගන්නා ලදී. එය උද්දේස නිද්දේස පටිනිද්දේස වශයෙන් ත්‍රිවිධ වෙයි. එහි තස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා යන මේ ආදී වූ උද්දේසයයි. (කතමෙ තස්මිං සමයෙ චත්තාරො ඛන්ධා යන ආදිය නිර්දේශය) කතමො තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධො යන ආදී වූයේ ප්රතිනිර්දේශය යැයි දතයුතුයි.
තත්ථ උද්දෙසවාරෙ චත්තාරො ඛන්ධාතිආදයො තෙවීසති කොට්ඨාසා හොන්ති. තෙසං එවමත්ථො වෙදිතබ්බො – යස්මිං සමයෙ කාමාවචරං පඨමං මහාකුසලචිත්තං උප්පජ්ජති, යෙ තස්මිං සමයෙ චිත්තඞ්ගවසෙන උප්පන්නා, ඨපෙත්වා යෙවාපනකෙ, පාළිආරුළ්හා අතිරෙකපණ්ණාසධම්මා, තෙ සබ්බෙපි සඞ්ගය්හමානා රාසට්ඨෙන චත්තාරොව ඛන්ධා හොන්ති . හෙට්ඨා වුත්තෙන ආයතනට්ඨෙන ද්වෙ ආයතනානි හොන්ති. සභාවට්ඨෙන සුඤ්ඤතට්ඨෙන නිස්සත්තට්ඨෙන ද්වෙව ධාතුයො හොන්ති. පච්චයසඞ්ඛාතෙන ආහාරට්ඨෙන තයොවෙත්ථ ධම්මා ආහාරා හොන්ති. අවසෙසා නො ආහාරා.
එහි උද්දේසවාරයෙහි චත්තාරො ඛන්ධා යන ආදී කොටස් තෙවිස්සක් වේ. ඔවුන්ගේ අර්ථය මෙසේ දතයුතුයි. යම් අවස්ථාවෙක පළමුවන කාමාවචර මහා කුශල සිත උපදී ද, එසමයෙහි චිත්තාංග වශයෙන් උපන් යේවාපනකයන් හැර පාළියට නැගුණු අතිරේක වූ යම් ධර්ම පනසෙක් වේද ඒ ඒ සියල්ලන් ද සංග්‍රහ කෙරෙමින් රාශි වශයෙන් ස්කන්ධ සතරක් වෙයි. යට කියන ලද ආයතනාර්ථයෙන් ආයතන දෙකක් වෙයි. ස්වභාවාර්ථයෙන් ශුන්යතාර්ථයෙන් සත්වාර්ථයෙන් (ධාතු දෙකක් ද වෙයි. ප්‍රත්‍යය සංඛ්‍යාත ආහාරණාර්ථයෙන්) මෙහිදී ද ධර්ම තුනක් ආහාර වෙයි. අවශේෂ ධර්ම ආහාර නොවේ.
‘කිං පනෙතෙ අඤ්ඤමඤ්ඤං වා තංසමුට්ඨානරූපස්ස වා පච්චයා න හොන්තී’ති? ‘නො න හොන්ති. ඉමෙ පන තථා ච හොන්ති, අඤ්ඤථා චාති සමානෙපි පච්චයත්තෙ අතිරෙකපච්චයා හොන්ති, තස්මා ආහාරාති වුත්තා. කථං? එතෙසු හි ඵස්සාහාරො, යෙසං ධම්මානං අවසෙසා චිත්තචෙතසිකා පච්චයා හොන්ති, තෙසඤ්ච පච්චයො හොති, තිස්සො ච වෙදනා ආහරති. මනොසඤ්චෙතනාහාරො තෙසඤ්ච පච්චයො හොති තයො ච භවෙ ආහරති. විඤ්ඤාණාහාරො තෙසඤ්ච පච්චයො හොති පටිසන්ධිනාමරූපඤ්ච ආහරතී’ති. ‘නනු ච සො විපාකොව ඉදං පන කුසලවිඤ්ඤාණ’න්ති? ‘කිඤ්චාපි කුසලවිඤ්ඤාණං, තංසරික්ඛතාය පන විඤ්ඤාණාහාරො’ත්වෙව වුත්තං. උපත්ථම්භකට්ඨෙන වා ඉමෙ තයො ආහාරාති වුත්තා. ඉමෙ හි සම්පයුත්තධම්මානං, කබළීකාරාහාරො විය රූපකායස්ස, උපත්ථම්භකපච්චයා හොන්ති. තෙනෙව වුත්තං – “අරූපිනො ආහාරා සම්පයුත්තකානං ධම්මානං තංසමුට්ඨානානඤ්ච රූපානං ආහාරපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.15).
කිම, මෙහිදී ඔවුනොවුන්ට හෝ එයින් හටගන්නා රූපයට හෝ ප්‍රත්‍යය නොවේද යත්, නොවන්නේ නොවේ. මේවා වනාහි එසේ ද වෙයි. අන් අයුරකින් හෝ සමාන ප්රත්යාර්ථයෙහි අතිරේක ප්‍රත්‍ය හෝ වෙයි. එහෙයින් ආහාර යැයි කියන ලදී. කෙසේද? මොවුනතුරෙන් වනාහි ස්පර්ශාහාර යම් ධර්මයන්ට ද අවශේෂ චිත්ත චෛතසික ප්‍රත්‍යය වෙයි. ඔවුන්ටද ප්‍රත්‍යය වෙයි. වේදනාත්‍රය ද උපදවයි. මනෝ සංචෙතනාහාරය ඔවුන්ට ද ප්‍රත්‍යය වෙයි. (ත්‍රිවිධ භවයන් ද ගෙනදෙයි. විඤ්ඤාණාහාරය ඔවුන්ට ප්‍රත්‍ය වෙයි.) ප්රතිසන්ධි නාමරූප ද ගෙනදෙයි. මෙය වනාහි කුසල විඤ්ඤාණයයි. එය විපාකය නොවේද? කුසල විඤ්ඤාණය වූයේ නමුදු එය මාන බැවින් විඤ්ඤාණාහාරයම යැයි කියන ලදී. උපස්ථම්භකාර්ථයෙන් වුව ද මේ තුන ආහාරයැයි කියන ලදී. මේවා වනාහි කබලීකාහාරය රූපකායට මෙන් සම්ප්‍රයුක්ත ධර්මයන්ට උපස්ථම්භක ප්‍රත්‍යය වෙයි. එහෙයින් කියන ලදී. ‘අරූපී ආහාර සම්ප්‍රයුක්ත ධර්මයන්ටත් එයින් උපදනා රූපයන්ටත් ආහාර ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙයි’ යනුයි.
අපරො නයො – අජ්ඣත්තිකසන්තතියා විසෙසපච්චයත්තා කබළීකාරාහාරො ච ඉමෙ ච තයො ධම්මා ආහාරාති වුත්තා. විසෙසපච්චයො හි කබළීකාරාහාරභක්ඛානං සත්තානං රූපකායස්ස කබළීකාරො ආහාරො; නාමකායෙ වෙදනාය ඵස්සො, විඤ්ඤාණස්ස මනොසඤ්චෙතනා, නාමරූපස්ස විඤ්ඤාණං. යථාහ –
තවත් නයෙක් වෙයි. ආධ්‍යාත්මික සන්තතියට විශේෂ ප්‍රත්‍යය වන හෙයින් කබළීකාහාරයත් මේ ධර්මත්රයත් ආහාරයැයි කියන ලදී. විශේෂ ප්‍රත්‍යය නම් - කබළීකාහාරභක්ෂක සත්ත්වයින්ගේ රූපකායට කබළීකාහාරය ආහාරය වේ. නාමකායෙහි වේදනාවට ස්පර්ශය ආහාරය වේ. විඥානයට මනෝසංචේතනාව ආහාරයයි. නාමරූපයට විඥානය ආහාරය වේ. මෙසේ ද කියන ලදී.
“සෙය්යථාපි, භික්ඛවෙ, අයං කායො ආහාරට්ඨිතිකො, ආහාරං පටිච්ච තිට්ඨති, අනාහාරො නො තිට්ඨති” (සං· නි· 5.183). තථා ඵස්සපච්චයා වෙදනා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපන්ති (සං· නි· 2.1).
‘මහණෙනි, යම්සේ මේ කය ආහාරට්ඨිකද, ආහාරය නිසා සිටී ද, ආහාරයෙන් තොරව නොසිටීද, එසේම ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාවද සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය ද විඥාන ප්‍රත්‍යයෙන් නාමරූපය ද සිටී’ යනුයි.
අධිපතියට්ඨෙන පන අට්ඨෙව ධම්මා ඉන්ද්රියානි හොන්ති, න අවසෙසා. තෙන වුත්තං – අට්ඨින්ද්රියානි හොන්තීති. උපනිජ්ඣායනට්ඨෙන පඤ්චෙව ධම්මා ඣානඞ්ගානි හොන්ති. තෙන වුත්තං – පඤ්චඞ්ගිකං ඣානං හොතීති.
අධිපති අර්ථයෙන් වනාහි ධර්ම අටක්ම ඉන්ද්රිය වෙයි. අවශේෂ ධර්ම ඉන්ද්රිය නොවෙයි. එහෙයින් කියන ලදී. ‘ඉන්ද්රියයෝ අටක් වෙත්’ යනුයි. නැවත නැවත සිහිකිරීම් අර්ථයෙන් ධර්මපහක් පමණක් ධ්‍යානාංග වෙයි. එහෙයින් කියන ලදී. පඤ්චාංගිකං ඣානං හොති යනුයි.
නිය්යානට්ඨෙන ච හෙත්වට්ඨෙන ච පඤ්චෙව ධම්මා මග්ගඞ්ගානි හොන්ති. තෙන වුත්තං – පඤ්චඞ්ගිකො මග්ගො හොතීති. කිඤ්චාපි හි අට්ඨඞ්ගිකො අරියමග්ගො, ලොකියචිත්තෙ පන එකක්ඛණෙ තිස්සො විරතියො න ලබ්භන්ති, තස්මා පඤ්චඞ්ගිකොති වුත්තො. ‘නනු ච “යථාගතමග්ගොති ඛො, භික්ඛු, අරියස්සෙතං අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස අධිවචන”න්ති (සං· නි· 4.245) ඉමස්මිං සුත්තෙ ‘යථෙව ලොකුත්තරමග්ගො අට්ඨඞ්ගිකො, පුබ්බභාගවිපස්සනාමග්ගොපි තථෙව අට්ඨඞ්ගිකො’ති යථාගතවචනෙන ඉමස්සත්ථස්ස දීපිතත්තා, ලොකියමග්ගෙනාපි අට්ඨඞ්ගිකෙන භවිතබ්බන්ති? න භවිතබ්බං . අයඤ්හි සුත්තන්තිකදෙසනා නාම පරියායදෙසනා. තෙනාහ – “පුබ්බෙව ඛො පනස්ස කායකම්මං වචීකම්මං ආජීවො සුපරිසුද්ධො හොතී”ති (ම· නි· 3.431). අයං පන නිප්පරියායදෙසනා. ලොකියචිත්තස්මිඤ්හි තිස්සො විරතියො එකක්ඛණෙ න ලබ්භන්ති, තස්මා ‘පඤ්චඞ්ගිකො’ව වුත්තොති.
නෛර්යානිකාර්ථයෙන් ද හේත්වර්ථයෙන් ද ධර්ම පහක් පමණක් මාර්ගය වෙයි. එහෙයින් කියන ලදී. පංචංගිකො මග්ගො යනුයි. ආර්යමාර්ගය අෂ්ටාංගික වුව ද ලෞකික සිතෙහි වනාහි එක් ක්ෂණයෙක්හි විරති තුන නොලැබේ. එහෙයින් පංචංගිකො යැයි කියන ලදී. ‘මහණ, යථාගත මග්ග යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමකි’ යන මේ සූත්‍රයෙහි යම්සේ ලෝකෝත්තර මාර්ගය අෂ්ටාංගික ද, එසේම පූර්වභාග විදර්ශනා මාර්ගය ද අෂ්ටාංගිකය, යැයි යථාගතමග්ග යන වචනයෙන් මේ අර්ථය දැක්වූ හෙයින් ලෞකික මාර්ගය ද අෂ්ටාංගික වියයුතු නොවේද? නොවිය යුතුයි. මේ සූත්‍රාන්තික දේශනා නම් පරියාය දේශනාය, එහෙයින් කීහ. ‘පළමුවෙන්ම වනාහි ඔහුගේ කායකර්මය වාක් කර්මය ආජීවය පිරිසිදු වේ යැ’යි යන මෙය වනාහි නිෂ්පරියාය දේශනාය. ලෞකික සිතෙහි වනාහි ත්‍රිවිධ විරති එක් ක්ෂණයෙක්හි නොලැබේ. එහෙයින් පංචාංගිකයම කියන ලදී යනුයි.
අකම්පියට්ඨෙන පන සත්තෙව ධම්මා බලානි හොන්ති. මූලට්ඨෙන තයොව ධම්මා හෙතූ. ඵුසනට්ඨෙන එකොව ධම්මො ඵස්සො. වෙදයිතට්ඨෙන එකොව ධම්මො වෙදනා. සඤ්ජානනට්ඨෙන එකොව ධම්මො සඤ්ඤා. චෙතයනට්ඨෙන එකොව ධම්මො චෙතනා. චිත්තවිචිත්තට්ඨෙන එකොව ධම්මො චිත්තං. රාසට්ඨෙන චෙව වෙදයිතට්ඨෙන ච එකොව ධම්මො වෙදනාක්ඛන්ධො. රාසට්ඨෙන ච සඤ්ජානනට්ඨෙන ච එකොව ධම්මො සඤ්ඤාක්ඛන්ධො. රාසට්ඨෙන ච අභිසඞ්ඛරණට්ඨෙන ච එකොව ධම්මො සඞ්ඛාරක්ඛන්ධො. රාසට්ඨෙන ච චිත්තවිචිත්තට්ඨෙන ච එකොව ධම්මො විඤ්ඤාණක්ඛන්ධො. විජානනට්ඨෙන චෙව හෙට්ඨා වුත්තආයතනට්ඨෙන ච එකමෙව මනායතනං. විජානනට්ඨෙන ච අධිපතියට්ඨෙන ච එකමෙව මනින්ද්රියං. විජානනට්ඨෙන ච සභාවසුඤ්ඤතනිස්සත්තට්ඨෙන ච එකොව ධම්මො මනොවිඤ්ඤාණධාතු නාම හොති, න අවසෙසා. ඨපෙත්වා පන චිත්තං, යථාවුත්තෙන අත්ථෙන අවසෙසා සබ්බෙපි ධම්මා එකං ධම්මායතනමෙව, එකා ච ධම්මධාතුයෙව හොතීති.
සත්වයන් කම්පනය නොවන අර්ථයෙන් ධර්මයෝ බලයෝ වෙත්. මූලාර්ථයෙන් ධර්මත්රයම හේතුය. ස්පර්ශ කිරීම් අර්ථයෙන් එකම ධර්මයක් ඵස්සය, වේදයිතාර්ථයෙන් එකම ධර්මයක් වේදනාය, සඤ්ජානනාර්ථයෙන් එකම ධර්මයක් සඤ්ඤාය, සංචේතනාර්ථයෙන් එකම ධර්මයක් චේතනාය, චිත්‍ර විචිත්රාර්ථයෙන් එකම ධර්මයක් චිත්තය, රාශිවීම් අර්ථයෙන් සඤ්ජානනාර්ථයෙන් ද එකම ධර්මයක් සඤ්ඤාක්ඛන්ධය, රාශිවීම් අර්ථයෙන් ද අභිසංස්කරණාර්ථයෙන් ද එකම ධර්මයක් සංඛාරක්ඛන්ධය, රාශිවීම් අර්ථයෙන් චිත්රවිචිත්රතාර්ථයෙන් ද එකම ධර්මයක් විඤ්ඤාණක්ඛන්ධය, විජානනාර්ථයෙන් මෙන්ම යට කියන ලද ආයතනාර්ථයෙන් මනායතනය, විජානනාර්ථයෙන් ද අධිපති අර්ථයෙන් ද එකම ධර්මයක් මනින්ද්රියය, විජානාර්ථයෙන් ද ස්වභාවශුන්ය නිඃසත්වාර්ථයෙන් ද එකම ධර්මයක් මනෝ විඤ්ඤාණ ධාතු නම් වෙයි. සෙස්සෝ නොවෙත්. සිත හැර කියන ලද අර්ථය පරිදි සෙසු සියලු ධර්ම එකම ධර්මායතනය එකම ධර්මධාතුව වේ යනුයි.
යෙ වා පන තස්මිං සමයෙති ඉමිනා පන අප්පනාවාරෙන ඉධාපි හෙට්ඨා වුත්තා යෙවාපනකාව සඞ්ගහිතා. යථා ච ඉධ එවං සබ්බත්ථ . ඉතො පරඤ්හි එත්තකම්පි න විචාරයිස්සාම. නිද්දෙසපටිනිද්දෙසවාරෙසු හෙට්ඨා වුත්තනයෙනෙව අත්ථො වෙදිතබ්බොති.
යෙවා පන තස්මිං සමයෙ යන මෙයින් වනාහි අර්පණාචාරයෙන් මෙහි ද යට කියන ලද යෙවාපනක සංගෘහීතමය. මෙහි යම්සේ ද හැමතැන්හිම එසේය. මෙයින් පසු වනාහි මෙපමණකුදු නො විචාරමු. නිර්දේශ ප්රතිනිර්දේශ වාරයන්හි යට කියන ලද නයින්ම අර්ථය දතයුතුයි.
සඞ්ගහවාරො නිට්ඨිතො.
සංග්‍රහ වාරය නිමියේය.
කොට්ඨාසවාරොතිපි එතස්සෙව නාමං.
කොට්ඨාස වාරය යනු ද මෙයටම නමි.