යෙදුමෙන් කියවන්න

සුඤ‍්ඤතවාරො අට‍්ඨකථා

සුඤ‍්ඤතවාරො

ශුන්‍යතවාරය

ඉදානි තස‍්මිං ඛො පන සමයෙ ධම‍්මා හොන‍්තීති සුඤ‍්ඤතවාරො ආරද‍්ධො. සො උද‍්දෙසනිද‍්දෙසවසෙන ද‍්විධා වවත්‍ථිතො. තත්‍ථ උද‍්දෙසවාරෙ ‘ධම‍්මා හොන‍්තී’ති ඉමිනා සද‍්ධිං චතුවීසති කොට‍්ඨාසා හොන‍්ති. සබ‍්බකොට‍්ඨාසෙසු ච ‘චත‍්තාරො ද‍්වෙ තයො’ති ගණනපරිච‍්ඡෙදො න වුත‍්තො. කස‍්මා? සඞ‍්ගහවාරෙ පරිච‍්ඡින‍්නත‍්තා. තත්‍ථ පරිච‍්ඡින‍්නධම‍්මායෙව හි ඉධාපි වුත‍්තා. න හෙත්‍ථ සත‍්තො වා භාවො වා අත‍්තා වා උපලබ‍්භති. ධම‍්මාව එතෙ ධම‍්මමත‍්තා අසාරා අපරිණායකාති ඉමිස‍්සා සුඤ‍්ඤතාය දීපනත්‍ථං වුත‍්තා. තස‍්මා එවමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො – යස‍්මිං සමයෙ කාමාවචරං පඨමං මහාකුසලචිත‍්තං උප‍්පජ‍්ජති, තස‍්මිං සමයෙ චිත‍්තඞ‍්ගවසෙන උප‍්පන‍්නා අතිරෙකපණ‍්ණාසධම‍්මා සභාවට‍්ඨෙන ධම‍්මා එව හොන‍්ති. න අඤ‍්ඤො කොචි සත‍්තො වා භාවො වා පොසො වා පුග‍්ගලො වා හොතීති. තථා රාසට‍්ඨෙන ඛන්‍ධාව හොන‍්තීති. එවං පුරිමනයෙනෙව සබ‍්බපදෙසු අත්‍ථයොජනා වෙදිතබ‍්බා. යස‍්මා පන ඣානතො අඤ‍්ඤං ඣානඞ‍්ගං, මග‍්ගතො වා අඤ‍්ඤං මග‍්ගඞ‍්ගං නත්‍ථි, තස‍්මා ඉධ ‘ඣානං හොති, මග‍්ගො හොති’ ඉච‍්චෙව වුත‍්තං. උපනිජ‍්ඣායනට‍්ඨෙන හි ඣානමෙව හෙත්‍වට‍්ඨෙන මග‍්ගොව හොති. න අඤ‍්ඤො කොචි සත‍්තො වා භාවො වාති. එවං සබ‍්බපදෙසු අත්‍ථයොජනා කාතබ‍්බා. නිද‍්දෙසවාරො උත‍්තානත්‍ථොයෙවාති.

දැන් තස්මිං ඛො පන සමයෙ ධම්මා හොන්ති යැයි සුඤ්ඤතවාරය පටන් ගන්නා ලදී. එය උද්දේස නිද්දේස වශයෙන් දෙයාකාරයකින් වෙන්කරන ලදී. එහි උද්දේස වාරයෙහි ධම්මා හොන්ති යන මෙය සමග කොටස් සූවිස්සක් වෙයි. සියලු කොට්ඨාසයන්හි ද සතර දෙක තුන යැයි ගණන පරිච්ඡේදයක් නො කියන ලදී. කවර හෙයින් ද යත්? සංග්‍රහ වාරයෙහි පිරිසිඳිනා ලද හෙයිනි. මෙහිද වනාහි එහිදී පරිච්ඡේද කරන ලද ධර්මයෝම කියන ලදහ. මෙහි සත්ත්වයෙක් හෝ භාවයක් හෝ ආත්මයක් නොලැබේ. මේ ධර්මයෝ ද ධර්මමාත්‍රයහ. අසාරයහ. අපරිණාසකයහයි මෙහි ශුන්‍යතාව දැක්වීම පිණිස කියන ලදී. එහෙයින් මෙහි අර්ථය මෙසේ දතයුතුයි. යම් අවස්ථාවෙක ප්‍රථම කාමාවචර මහා කුසල චිත්තය උපදී ද, එසමයෙහි චිත්තාංග වශයෙන් උපන් අතිරේක ධර්ම පනස ස්වභාවාර්ථයෙන්ම ධර්මයෝම වෙත්. අන් කිසි සත්ත්වයෙක් හෝ භාවයක් හෝ පුරුෂයෙක් හෝ පුද්ගලයෙක් නොවේ යනුයි. එසේම රාශ්‍යර්ථයෙන් ස්කන්‍ධයෝ ද වෙත් යනුයි. මෙසේ පළමු නයින්ම සියලු පදයන්හි අර්ථ යෙදීම දතයුතුයි. යම්හෙයකින් වනාහි ධ්‍යානයෙන් අන්‍ය වූ ධ්‍යානාංගයක් හෝ මාර්ගයෙන් අන්‍ය වූ මාර්ගාංගයක් හෝ නැද්ද එහෙයින් ධ්‍යානය වෙයි. මාර්ගය වෙයි යනු ම කියන ලදී. නැවත නැවත සිහිකිරීම් අර්ථයෙන් වනාහි ධ්‍යානයම හේත්‍වර්ථයෙන් මාර්ගය වෙයි. අන්කිසි සත්ත්වයෙක් හෝ භාවයක් හෝ නොවේයැයි මෙසේ සියලු පදයන්හි අර්ථයේදීම කළ යුතුයි. නිර්දේශවාරය නොගැඹුරු අර්ථ ඇත්තේමය යනුයි.

සුඤ‍්ඤතවාරො නිට‍්ඨිතො.

සුඤ්ඤත වාරය නිමියේය.

නිට‍්ඨිතා ච තීහි මහාවාරෙහි මණ‍්ඩෙත්‍වා නිද‍්දිට‍්ඨස‍්ස පඨමචිත‍්තස‍්ස අත්‍ථවණ‍්ණනා.

මහාවාර තුනකින් සරසා දක්වන ලද ප්‍රථම චිත්තයාගේ අර්ථ වර්ණනාව ද නිමියේ ය.