යෙදුමෙන් කියවන්න

දුතියචිත‍්තං අට‍්ඨකථා

දුතියචිත‍්තං

දෙවන සිත

ඉදානි දුතියචිත‍්තාදීනි දස‍්සෙතුං පුන “කතමෙ ධම‍්මා”තිආදි ආරද‍්ධං. තෙසු සබ‍්බෙසුපි පඨමචිත‍්තෙ වුත‍්තනයෙනෙව තයො තයො මහාවාරා වෙදිතබ‍්බා. න කෙවලඤ‍්ච මහාවාරා එව, පඨමචිත‍්තෙ වුත‍්තසදිසානං සබ‍්බපදානං අත්‍ථොපි වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. ඉතො පරම‍්පි අපුබ‍්බපදවණ‍්ණනංයෙව කරිස‍්සාම. ඉමස‍්මිං තාව දුතියචිත‍්තනිද‍්දෙසෙ සසඞ‍්ඛාරෙනාති ඉදමෙව අපුබ‍්බං. තස‍්සත්‍ථො – සහ සඞ‍්ඛාරෙනාති සසඞ‍්ඛාරො. තෙන සසඞ‍්ඛාරෙන සප‍්පයොගෙන සඋපායෙන පච‍්චයගණෙනාති අත්‍ථො. යෙන හි ආරම‍්මණාදිනා පච‍්චයගණෙන පඨමං මහාචිත‍්තං උප‍්පජ‍්ජති, තෙනෙව සප‍්පයොගෙන සඋපායෙන ඉදං උප‍්පජ‍්ජති.

දැන් දෙවන සිත ආදිය දැක්වීමට කතමෙ ධම්මා යනු පළමුව පටන්ගන්නා ලදී. ඒ සියල්ලෙහිම පළමු සිතෙහි කී නයින්ම මහාවාර තුන තුන බැගින් දතයුතුයි. හුදෙක් මහාවාර පමණක් නොවේ. පළමු සිතෙහි කීවාට සමාන සියලු පදයන්ගේ අර්ථය ද කී නයින්ම දතයුතුයි. මෙයින් මතු ද අනුපූර්ව පද වර්ණනාවම කී නයින්ම දතයුතුයි. මෙයින් මතු ද අනුපූර්ව පද වර්ණනාවම කරමි. මෙහිදී වනාහි දෙවන චිත්ත නිර්දේශයෙහි සසංඛාරෙන යන මෙයම අපූර්වය, එහි අර්ථය සංස්කාරය සමග වූයේ නුයි = සසංඛාරය, එය සමග සසංඛාරෙනය. උත්සාහය සමගින් ප්‍රයෝග සමගින් උපාය සමගින් ප්‍රත්‍යය ග්‍රහණයෙන් යනු අර්ථයි. යම් ආරම්මණාදී ප්‍රත්‍ය ග්‍රහණයෙන් ප්‍රථම මහා චිත්තය උපදී. ප්‍රයෝග සහිත වූ උපාය සහිත වූ එයින්ම මෙය උපදී.

තස‍්සෙවං උප‍්පත‍්ති වෙදිතබ‍්බා – ඉධෙකච‍්චො භික‍්ඛු විහාරපච‍්චන‍්තෙ වසමානො චෙතියඞ‍්ගණසම‍්මජ‍්ජනවෙලාය වා ථෙරුපට‍්ඨානවෙලාය වා සම‍්පත‍්තාය, ධම‍්මසවනදිවසෙ වා සම‍්පත‍්තෙ ‘මය‍්හං ගන‍්ත්‍වා පච‍්චාගච‍්ඡතො අතිදූරං භවිස‍්සති, න ගමිස‍්සාමී’ති චින‍්තෙත්‍වා පුන චින‍්තෙති – ‘භික‍්ඛුස‍්ස නාම චෙතියඞ‍්ගණං වා ථෙරුපට‍්ඨානං වා ධම‍්මසවනං වා අගන‍්තුං අසාරුප‍්පං, ගමිස‍්සාමී’ති ගච‍්ඡති. තස‍්සෙවං අත‍්තනො පයොගෙන වා, පරෙන වා වත‍්තාදීනං අකරණෙ ච ආදීනවං කරණෙ ච ආනිසංසං දස‍්සෙත්‍වා ඔවදියමානස‍්ස, නිග‍්ගහවසෙනෙව වා ‘එහි, ඉදං කරොහී’ති කාරියමානස‍්ස උප‍්පන‍්නං කුසලචිත‍්තං සසඞ‍්ඛාරෙන පච‍්චයගණෙන උප‍්පන‍්නං නාම හොතීති.

එහි උත්පත්තිය මෙසේ දතයුතුයි. මේ ශාසනයෙහි එක්තරා භික්‍ෂුවක් වෙහෙර කෙළවර වසනුයේ සෑමළුව හමදනා වේලාව හෝ ස්ථවිර උපස්ථාන වේලාව හෝ පැමිණි කල්හි ද ධර්මශ්‍රවණ දිනය පැමිණි කල්හි හෝ ගොස් ආපසු එන මට ඉතා දුර වන්නේය. නොයමියි සිතා නැවත මෙසේ සිතීය. භික්‍ෂුවට වනාහි සෑමළුවට හෝ ස්ථවිරෝප ස්ථානයට හෝ ධර්මශ්‍රවණයට හෝ නොයෑම අසාරුප්පය යන්නෙමි යයි ඔහුට මෙසේ තමාගේ ප්‍රයෝගයෙන් හෝ අන්‍යයකු විසින් හෝ වත් ආදිය නො කිරිමේ ආදීනව ද කිරීමෙහි අනුසස් ද දක්වා අවවාද කරන්නා නිග්‍රහ වශයෙන් හෝ එව මෙය කරවයි කරවනු ලබන්නහුට උපන් කුසල සිත සංස්කාරයෝ ප්‍රත්‍යග්‍රහණයෙන් උපන්නේ නම් වෙයි යනුයි.

දුතියචිත‍්තං.

දෙවන සිත නිමියේ ය.