කාමාවචරකුසලං නිද්දෙසවාරකථා අට්ඨකථා
කාමාවචරකුසලං නිද්දෙසවාරකථා
කාමාවචරකුසලං නිද්දෙසවාරකථා
ඉදානි තානෙව ධම්මුද්දෙසවාරෙ පාළිආරුළ්හානි ඡප්පඤ්ඤාස පදානි විභජිත්වා දස්සෙතුං ‘කතමො තස්මිං සමයෙ ඵස්සො හොතී’තිආදිනා නයෙන නිද්දෙසවාරො ආරද්ධො.
දැන් සමුද්දෙස වාරයෙහි පාළියට ආරූඪකළ ඒ සපනස් පදයක්ම බෙදා දක්වන්නට කතමො තස්මිං සමයෙ ඵස්සො හොති යන ආදී නයින් නිර්දේශවාරය පටන්ගන්නා ලදී.
තත්ථ පුච්ඡාය තාව අයමත්ථො – යස්මිං සමයෙ කාමාවචරං කුසලං සොමනස්සසහගතං තිහෙතුකං අසඞ්ඛාරිකං මහාචිත්තං උප්පජ්ජති, තස්මිං සමයෙ ඵස්සො හොතීති වුත්තො, කතමො සො ඵස්සොති ඉමිනා නයෙන සබ්බපුච්ඡාසු අත්ථො වෙදිතබ්බො.
එහිදී පළමුකොට මේ විචාරීමේ අර්ථයි. යම් අවස්ථාවක සොම්නස් සහගත ත්‍රිහේතුක අසංස්කාරික කාමාවචර මහා කුසල සිත උපදීද, ඒ අවස්ථාවෙහි ස්පර්ශය වේයැයි කියන ලදී. ඒ ස්පර්ශය කවරේදැයි යන මේ නයින් සියලු විචාරීම්වල අර්ථය දතයුතුයි.
යො තස්මිං සමයෙ ඵස්සොති තස්මිං සමයෙ යො ඵුසනකවසෙන උප්පන්නො ඵස්සො, සො ඵස්සොති. ඉදං ඵස්සස්ස සභාවදීපනතො සභාවපදං නාම. ඵුසනාති ඵුසනාකාරො. සම්ඵුසනාති ඵුසනාකාරොව උපසග්ගෙන පදං වඩ්ඪෙත්වා වුත්තො. සම්ඵුසිතත්තන්ති සම්ඵුසිතභාවො. අයං පනෙත්ථ යොජනා – යො තස්මිං සමයෙ ඵුසනකවසෙන ඵස්සො, යා තස්මිං සමයෙ ඵුසනා, යා තස්මිං සමයෙ සම්ඵුසනා, යං තස්මිං සමයෙ සම්ඵුසිතත්තං; අථ වා, යො තස්මිං සමයෙ ඵුසනවසෙන ඵස්සො, අඤ්ඤෙනාපි පරියායෙන ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තන්ති වුච්චති, අයං තස්මිං සමයෙ ඵස්සො හොතීති. වෙදනාදීනම්පි නිද්දෙසෙසු ඉමිනාව නයෙන පදයොජනා වෙදිතබ්බා.
යො තස්මිං සමයෙ ඵස්සො යන එසමයෙහි ස්පර්ශ කිරීම් වශයෙන් උපන් යම් ස්පර්ශයක් වේද, ස්පර්ශය යනු එයයි. මෙය ස්පර්ශයාගේ ස්වභාවය දක්වන හෙයින් සභාව පදනමි. ඵුසනා යනු ස්පර්ශ කරන ආකාරයයි. සම්ඵුසනා යනු ද ස්පර්ශ කරන ආකාරයමය. උපසර්ගයෙන් පදය දියුණුකර කියන ලදී. සම්ඵුසිතත්තං යනු ස්පර්ශ කළ බවයි. මේ වනාහි මෙහි යෝජනාවයි. එසමයෙහි ස්පර්ශ කිරීම් වශයෙන් යම් ස්පර්ශයක් වේද, එසමයෙහි යම් ස්පර්ශයක් වේද, එසමයෙහි යම් සම්ඵුසනයක් වේද, එසමයෙහි යම් සම්ඵුසිත බවක් වේද, නැතහොත් එසමයෙහි ස්පර්ශ කිරීම් වශයෙන් ඵස්සයක් වේද, අන්‍ය වූද පර්යායකින් ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං යැයි ද කියනු ලැබේ. එසමයෙහි ස්පර්ශය වේයැයි දැක්වූයේ මෙයයි. වේදනාදීන්ගේ නිර්දේශයන්හි ද මේ නයින්ම පද යෝජනාව දතයුතුයි.
අයං පනෙත්ථ සබ්බසාධාරණො විභත්තිවිනිච්ඡයො. යානිමානි භගවතා පඨමං කාමාවචරං කුසලං මහාචිත්තං භාජෙත්වා දස්සෙන්තෙන අතිරෙකපණ්ණාසපදානි මාතිකාවසෙන ඨපෙත්වා පුන එකෙකපදං ගහෙත්වා විභත්තිං ආරොපිතානි, තානි විභත්තිං ගච්ඡන්තානි තීහි කාරණෙහි විභත්තිං ගච්ඡන්ති; නානා හොන්තානි චතූහි කාරණෙහි නානා භවන්ති. අපරදීපනා පනෙත්ථ ද්වෙ ඨානානි ගච්ඡති. කථං? එතානිහි බ්යඤ්ජනවසෙන උපසග්ගවසෙන අත්ථවසෙනාති ඉමෙහි තීහි කාරණෙහි විභත්තිං ගච්ඡන්ති. තත්ථ කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං, දොසො දුස්සනා දුස්සිතත්තන්ති එවං බ්යඤ්ජනවසෙන විභත්තිගමනං වෙදිතබ්බං. එත්ථ හි එකොව කොධො බ්යඤ්ජනවසෙන එවං විභත්තිං ගතො. චාරො විචාරො අනුවිචාරො උපවිචාරොති එවං පන උපසග්ගවසෙන විභත්තිගමනං වෙදිතබ්බං. පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභබ්යා චින්තා උපපරික්ඛාති එවං අත්ථවසෙන විභත්තිගමනං වෙදිතබ්බං. තෙසු ඵස්සපදනිද්දෙසෙ තාව ඉමා තිස්සොපි විභත්තියො ලබ්භන්ති. ‘ඵස්සො ඵුසනා’ති හි බ්යඤ්ජනවසෙන විභත්තිගමනං හොති. ‘සම්ඵුසනා’ති උපසග්ගවසෙන. ‘සම්ඵුසිතත්ත’න්ති අත්ථවසෙන. ඉමිනා නයෙන සබ්බපදනිද්දෙසෙසු විභත්තිගමනං වෙදිතබ්බං.
මේ වනාහි මෙහි සර්වසාධාරණ විභක්ති විනිශ්චයයි. පළමුවෙන් කාමාවචර මහා කුසල සිත බෙදා දක්වන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ අතිරේක පද පනසක් මාතෘකා වශයෙන් තබා නැවත එක් එක් පදය ගෙන බෙදීමට නංවන ලද ද බෙදීමට පැමිණෙන ඒ පද වනාහී කරුණු තුනකින් බෙදීමට පැමිණෙයි. විවිධ වූ පද කරුණු සතරකින් විවිධ වෙයි. මෙහි වෙනත් දැක්වීමක් දෙතැනකට යයි. කෙසේද, මොව්හු වනාහි බ්‍යඤ්ජන වශයෙන් උපසර්ග වශයෙන් අර්ථ වශයෙන් යැයි මේ කරුණු තුනෙන් බෙදීමට පැමිණෙත්. එහි ‘කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං’ යැයි මෙසේ ව්‍යඤ්ජන වශයෙන් බෙදීමට පැමිණීම දතයුතුයි. මෙහි වනාහි එකම ක්‍රෝධය ව්‍යඤ්ජන වශයෙන් මෙසේ බෙදීමට ගියේය. ‘චාරො විචාරො අනුවිචාරො (උප විචාරො) යැයි මෙසේ උපසර්ග වශයෙන් බෙදීමට යෑම දතයුතුයි. ‘පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චිත්තා උප්පරික්ඛා’ යැයි මෙසේ අර්ථ වශයෙන් බෙදීමට යෑම දතයුතුයි. ඔවුනතුරෙහි ඵස්සපද නිර්දේශයෙහි වනාහි මේ බෙදීම් තුනම ලැබේ. ඵස්සො ඵුසනා යැයි බ්‍යඤ්ජන වශයෙන් බෙදීමට යෑම වෙයි. සම්ඵුසනා යනු උපසර්ග වශයෙන්, සම්ඵුසිතත්තං යනු අර්ථ වශයෙනි. මේ නයින් සියලු පද නිර්දේශයන්හි විභක්ති ගමන දතයුතුයි.
නානා හොන්තානිපි පන නාමනානත්තෙන ලක්ඛණනානත්තෙන කිච්චනානත්තෙන පටික්ඛෙපනානත්තෙනාති ඉමෙහි චතූහි කාරණෙහි නානා හොන්ති. තත්ථ කතමො තස්මිං සමයෙ බ්යාපාදො හොති? යො තස්මිං සමයෙ දොසො දුස්සනාති (ධ· ස· 419) එත්ථ බ්යාපාදොති වා, දොසොති වා, ද්වෙපි එතෙ කොධො එව, නාමෙන නානත්තං ගතාති. එවං ‘නාමනානත්තෙන’ නානත්තං වෙදිතබ්බං.
විවිධ වන පදයෝ ද වනාහි නාම නානත්වයෙන් ලක්ෂණ නානත්වයෙන් කෘත්‍යය නානත්වයෙන් ප්‍රතික්ෂේප නානත්වයෙන් දැයි මේ සතර කාරණයෙන් විවිධ වෙත්. එහි ‘කතමො තස්මිං සමයෙ බ්යාපාදො හොති, යො තස්මිං සමයෙ දොසො දුස්සනා යන මෙහි ව්‍යාපාදය යනු ද ද්වේෂය යනු ද මේ දෙකම ක්රෝධයමය. නාමයෙන් නානාත්වයට ගියහයි මෙසේ නාමනානත්වයෙන් නානත්වය දතයුතුයි.
රාසට්ඨෙන ච පඤ්චපි ඛන්ධා එකොව ඛන්ධො හොති. එත්ථ පන රූපං රුප්පනලක්ඛණං, වෙදනා වෙදයිතලක්ඛණා, සඤ්ඤා සඤ්ජානනලක්ඛණා, චෙතනා චෙතයිතලක්ඛණා, විඤ්ඤාණං විජානනලක්ඛණන්ති ඉමිනා ලක්ඛණනානත්තෙන පඤ්චක්ඛන්ධා හොන්ති. එවං ‘ලක්ඛණනානත්තෙන’ නානත්තං වෙදිතබ්බං.
රාශි අර්ථයෙන් ද පංච ස්කන්ධයෝ ම එවිට ස්කන්ධයක් වෙයි. මෙහි වනාහි රූපය වෙනස්වන එකම ස්කන්ධයක් වෙයි. මෙහි වනාහි රූපය වෙනස්වන ලක්ෂණ ඇත්තේය. වේදනාව විඳීම් ලක්ෂණ ඇත්තේය. සංඥාව හැඳිනගැනීම ලක්‍ෂණකොට ඇත්තේ ය. චේතනාව සිතීම ලක්ෂණ කොට ඇත්තේය. විඥානය දැනගැනීම ලක්‍ෂණකොට ඇත්තේය යැයි මේ ලක්ෂණ නානත්වයෙන් පංචස්කන්ධයෝ වෙත්. මෙසේ ලක්ෂණ නානත්වයෙන් නානත්වය දතයුතුයි.
චත්තාරො සම්මප්පධානා – “ඉධ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය…පෙ… චිත්තං පග්ගණ්හාති පදහතී”ති (විභ· 390; දී· නි· 2.402) එකමෙව වීරියං කිච්චනානත්තෙන චතූසු ඨානෙසු ආගතං. එවං ‘කිච්චනානත්තෙන’ නානත්තං වෙදිතබ්බං.
සම්‍යක් ප්‍රධාන සතරෙකි. මේ සාසනයෙහි භික්ෂුතෙම නූපන් ලාමක අකුශල ධර්මයන් නූපදවීමට -පෙ- සිත ඔසවා තබයි. උත්සාහ කරයි යැයි එකම වීර්යය කෘත්‍ය නානත්වයෙන් සිවුතැනෙක ආයේය. කෘත්‍ය නානත්වයෙන් නානත්වය දතයුතුයි.
චත්තාරො අසද්ධම්මා – කොධගරුතා න සද්ධම්මගරුතා, මක්ඛගරුතා න සද්ධම්මගරුතා, ලාභගරුතා න සද්ධම්මගරුතා, සක්කාරගරුතා න සද්ධම්මගරුතාති, එවමාදීසු (අ· නි· 4.44) පන ‘පටික්ඛෙපනානත්තෙන’ නානත්තං වෙදිතබ්බං.
අසද්ධර්ම සතරෙකි. ක්රෝධගරුක බව සද්ධර්ම ගරුක නොවීම, මක්ඛ (ගුණමකු) ගරුක බව සද්ධර්‍මගරුක නොවීම, ලාභගරුක බව, සද්ධර්ම ගරුක නොවීම, සත්කාර ගරුකබව සද්ධර්ම ගරුක නොවීම’ යන මේ ආදීන්හි වනාහි ප්‍රතික්ෂේප නානත්වයෙන් නානත්වය දතයුතුයි.
ඉමානි පන චත්තාරි නානත්තානි න ඵස්සෙයෙව ලබ්භන්ති, සබ්බෙසුපි ඵස්සපඤ්චකාදීසු ලබ්භන්ති. ඵස්සස්ස හි ඵස්සොති නාමං…පෙ… චිත්තස්ස චිත්තන්ති. ඵස්සො ච ඵුසනලක්ඛණො, වෙදනා වෙදයිතලක්ඛණා, සඤ්ඤා සඤ්ජානනලක්ඛණා, චෙතනා චෙතයිතලක්ඛණා, විඤ්ඤාණං විජානනලක්ඛණං. තථා ඵස්සො ඵුසනකිච්චො, වෙදනා අනුභවනකිච්චා, සඤ්ඤා සඤ්ජානනකිච්චා, චෙතනා චෙතයිතකිච්චා, විඤ්ඤාණං විජානනකිච්චන්ති. එවං කිච්චනානත්තෙන නානත්තං වෙදිතබ්බං.
මෙකී නානත්ව සතර වනාහි ස්පර්ශයෙහි පමණක් ලැබෙන්නක් නොවේ. සියලුම ඵස්ස පංචකාදීන්හි ලැබේ. ස්පර්ශයට වනාහි ඵස්ස යනු නමයි -පෙ- සිතට සිත යනු ද (නමයි.) ස්පර්ශය ද ස්පර්ශ කිරීම ලක්‍ෂණකොට ඇත්තේය. වේදනාව විදීම ලක්‍ෂණකොට ඇත්තේ ය. සංඥාව හැඳිනීම ලක්‍ෂණකොට ඇත්තේ ය. චේතනාව සිතීම ලක්ෂණ කොට ඇත්තේ ය. විඥානය දැනගැනීම ලක්‍ෂණකොට ඇත්තේ ය. එසේම ස්පර්ශය ස්පර්ශ කිරීම කෘත්‍යය කොට ඇත්තේ ය. වේදනාව අනුභව කිරිම කෘත්‍යය කොට ඇත්තේ ය. සංඥාව හැඳිනගැනීම කෘත්‍යය කොට ඇත්තේ ය. චේතනාව සිතීම කෘත්‍යය කොට ඇත්තේ ය. විඥානය දැනගැනීම කෘත්‍යය කොට ඇත්තේයැයි මෙසේ කෘත්‍යය නානත්වයෙන් නානත්වය දතයුතුයි.
පටික්ඛෙපනානත්තං ඵස්සපඤ්චමකෙ නත්ථි. අලොභාදිනිද්දෙසෙ පන අලොභො අලුබ්භනා අලුබ්භිතත්තන්තිආදිනා නයෙන ලබ්භතීති එවං පටික්ඛෙපනානත්තෙන නානත්තං වෙදිතබ්බං. එවං සබ්බපදනිද්දෙසෙසු ලබ්භමානවසෙන චතුබ්බිධම්පි නානත්තං වෙදිතබ්බං.
ප්‍රතික්ෂේප නානත්වය ස්පර්ශ පංචකයෙහි නැත. අලෝභාදී නිර්දේශයෙහි වනාහි අලෝභය අලෝභී වීම අලෝභී බව යැයි ආදී නයින් ලැබේයැයි මෙසේ ප්‍රතික්ෂේප නානත්වයෙන් නානත්වය දතයුතුයි. මෙසේ සර්වපද නිර්දේශයන්හි ලැබෙන සැටියෙන් චතුර්විධ නානත්වය දතයුතුයි.
අපරදීපනා පන පදත්ථුති වා හොති දළ්හීකම්මං වාති එවං ද්වෙ ඨානානි ගච්ඡති. යට්ඨිකොටියා උප්පීළෙන්තෙන විය හි සකිමෙව ඵස්සොති වුත්තෙ එතං පදං ඵුල්ලිතමණ්ඩිතවිභූසිතං නාම න හොති. පුනප්පුනං බ්යඤ්ජනවසෙන උපසග්ගවසෙන අත්ථවසෙන ‘ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්ත’න්ති වුත්තෙ ඵුල්ලිතමණ්ඩිතවිභූසිතං නාම හොති. යථා හි දහරකුමාරං න්හාපෙත්වා, මනොරමං වත්ථං පරිදහාපෙත්වා පුප්ඵානි පිළන්ධාපෙත්වා අක්ඛීනි අඤ්ජෙත්වා අථස්ස නලාටෙ එකමෙව මනොසිලාබින්දුං කරෙය්යුං, තස්ස න එත්තාවතා චිත්තතිලකො නාම හොති. නානාවණ්ණෙහි පන පරිවාරෙත්වා බින්දූසු කතෙසු චිත්තතිලකො නාම හොති. එවංසම්පදමිදං වෙදිතබ්බං. අයං ‘පදත්ථුති’ නාම.
වෙනත් දැක්වීමක් නම් පදත්ථුත හෝ වෙයි. දළ්හිකම්ම හෝ වෙයි යැයි මෙසේ දෙතැනකට පැමිණේ. සැරයටි කෙළවරින් පෙළන්නකු මෙන් එක්වරක් පමණක් ඵස්ස යැයි කී කල්හි මේ පදය පිපිණේ සැරසුණේ අලංකාර වූයේ නම් නොවේ. නැවත නැවත ව්‍යඤ්ජන වශයෙන් උපසර්ග වශයෙන් අර්ථ වශයෙන් ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං යැයි කී කල්හි පිපිණු සැරසුණු අලංකාර වූවක් නම් වෙයි. යම්සේ වනාහි තරුණ කුමරකු නාවා සිත්කලු වස්ත්‍ර අඳවා මල් පළඳවා ඇස් අඳුනින් සරසා ඉක්බිති ඔහුගේ නළලෙහි එකම හිරියල් බින්දුවක් තබත් ද, මෙපමණකින් හෙතෙම චිත්රතිලක (විසිතුරු තිලක ඇත්තේ නම් නොවේ. නොයෙක් වර්ණයන් පිරිවරා එයින් බින්දු තැබූ කල්හි චිත්රතිලක නම් වෙයිද, මෙය ද මෙසේ සිද්ධයැයි දතයුතුයි. මේ පදත්ථුතිය නම්
බ්යඤ්ජනවසෙන උපසග්ගවසෙන අත්ථවසෙන ච පුනප්පුනං භණනමෙව දළ්හීකම්මං නාම. යථා හි ‘ආවුසො’ති වා ‘භන්තෙ’ති වා ‘යක්ඛො’ති වා ‘සප්පො’ති වා වුත්තෙ දළ්හීකම්මං නාම න හොති. ‘ආවුසො ආවුසො’‘භන්තෙ භන්තෙ’‘යක්ඛො යක්ඛො’‘සප්පො සප්පො’ති වුත්තෙ පන දළ්හීකම්මං නාම හොති. එවමෙව සකිදෙව යට්ඨිකොටියා උප්පීළෙන්තෙන විය ‘ඵස්සො’ති වුත්තෙ පදං දළ්හීකම්මං නාම න හොති. පුනප්පුනං බ්යඤ්ජනවසෙන උපසග්ගවසෙන අත්ථවසෙන ‘ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්ත’න්ති වුත්තෙයෙව ‘දළ්හීකම්මං’ නාම හොතීති. එවං අපරදීපනා ද්වෙ ඨානානි ගච්ඡති. එතස්සාපි වසෙන ලබ්භමානකපදනිද්දෙසෙසු සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො.
ව්‍යඤ්ජන වශයෙන් ද උපසර්ග වශයෙන් ද අර්ථ වශයෙන් ද නැවත නැවත කීමමය. දළ්හිකම්ම නම්, යම්සේ ඇවැත්නි යැයි හෝ ස්වාමීනි යැයි හෝ යක්ෂයෙකැයි හෝ සර්පයෙක යැයි හෝ කී කල්හි දළ්හිකම්ම නම් නොවේ. ඇවැත්නි ඇවැත්නි, ස්වාමීනි ස්වාමීනි, යක්ෂයෙක් යක්ෂයෙක්, සර්පයෙක් සර්පයෙක් යැයි කී කල්හි වනාහි දළ්හිකම්ම නම් වෙයි. මෙපරිද්දෙන් වරක් පමණක් සැරයටි කෙළවරින් පෙළන්නකු මෙන් ඵස්ස යැයි කී කල්හි පදය දළ්හිකම්ම නම් නොවේ. නැවත නැවත ව්‍යඤ්ජන වශයෙන් උපසර්ග වශයෙන් අර්ථ වශයෙන් ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං යැයි කී කල්හිම දළ්හිකම්ම නම් වේයැයි මෙසේ අපරදීපතාව දෙතැනකට යයි. මේ ආදී වශයෙන් ද ලැබෙන පද නිර්දේශයන්හි සැමතැන්හිම අර්ථය දතයුතුයි.
අයං තස්මිං සමයෙ ඵස්සො හොතීති යස්මිං සමයෙ පඨමං කාමාවචරං මහාකුසලචිත්තං උප්පජ්ජති, තස්මිං සමයෙ අයං ඵස්සො නාම හොතීති අත්ථො. අයං තාව ඵස්සපදනිද්දෙසස්ස වණ්ණනා. ඉතො පරෙසු පන වෙදනාදීනං පදානං නිද්දෙසෙසු විසෙසමත්තමෙව වණ්ණයිස්සාම. සෙසං ඉධ වුත්තනයෙනෙව වෙදිතබ්බං.
අයං තස්මිං සමයෙ ඵස්සො හොති යනු යම් සමයෙක්හි ප්‍රථම කාමාවචර මහා කුසල චිත්තය උපදී ද, එසමයෙහි මේ ස්පර්ශය නම් වේයැයි යන මෙය වනාහි ස්පර්ශ පද නිර්දේශයෙහි වර්ණනාවයි. මෙයින් පසු වේදනාදී පදයන්ගේ නිර්දේශයන්හි වනාහි විශේෂ මාත්‍රය පමණක් වර්ණනා කරමි. සෙස්ස මෙහි කියන ලද නයින්ම දතයුතුයි.
යං තස්මිං සමයෙති එත්ථ කිඤ්චාපි කතමා තස්මිං සමයෙ වෙදනා හොතීති ආරද්ධං, ‘සාතපදවසෙන පන ‘ය’න්ති වුත්තං. තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජන්ති එත්ථ ‘තජ්ජා’ වුච්චති තස්ස සාතසුඛස්ස අනුච්ඡවිකා සාරුප්පා. අනුච්ඡවිකත්ථොපි හි අයං ‘තජ්ජා’-සද්දො හොති. යථාහ – “තජ්ජං තස්සාරුප්පං කථං මන්තෙතී”ති (ම· නි· 3.246). තෙහි වා රූපාදීහි ආරම්මණෙහි ඉමස්ස ච සුඛස්ස පච්චයෙහි ජාතාතිපි තජ්ජා. මනොවිඤ්ඤාණමෙව නිස්සත්තට්ඨෙන ධාතූති මනොවිඤ්ඤාණධාතු. සම්ඵස්සතො ජාතං, සම්ඵස්සෙ වා ජාතන්ති සම්ඵස්සජං. චිත්තනිස්සිතත්තා චෙතසිකං. මධුරට්ඨෙන සාතං. ඉදං වුත්තං හොති – යං තස්මිං සමයෙ යථාවුත්තෙන අත්ථෙන තජ්ජාය මනොවිඤ්ඤාණධාතුයා සම්ඵස්සජං චෙතසිකං සාතං, අයං තස්මිං සමයෙ වෙදනා හොතීති. එවං සබ්බපදෙහි සද්ධිං යොජනා වෙදිතබ්බා.
යං තස්මිං සමයෙ යන මෙහි කතමා තස්මිං සමයෙ වෙදනා යැයි පටන්ගන්නා ලද්දේ වී නමුත් රසපද වශයෙන් ‘යං’ යැයි කියන ලදී. තජ්ජා මනොවිඤ්ඤාණ ධාතු සම්ඵස්සං යන මෙහි ඒ සාතයට සැපයට සුදුසු වූ සාරුප්‍ය වූයේ තජ්ජා යැයි කියනු ලැබේ. මේ තජ්ජා ශබ්දය වනාහි අනුච්ඡිවිකාර්ථ ඇත්තේ වෙයි. මෙසේ ද කීය. ‘තජ්ජං තස්සාරුප්පං කථං මන්තෙති’ යනුයි. මේ සැපයට ද හේතු වූ ඒ රූපාදී අරමුණු සමග උපන්නේ යනු ද තජ්ජාය, මනො විඤ්ඤාණයම නිස්සත්ත අර්ථයෙන් ධාතු යනුයි = මනො විඤ්ඤාණ ධාතුයි. ස්පර්ශයෙන් උපන්නේ හෝ ස්පර්ශයෙන් උපන්නේ සම්ඵස්සජයි. සිත ඇසුරු කළ හෙයින් චෙතසිකයි. මධුරාර්ථයෙන් ඝාතයි. මෙය කියන ලද්දේ වෙයි. ‘එසමයෙහි කියන ලද අර්ථයෙන් සාරුප්‍ය වූ මනෝවිඥාන ධාතුවෙහි ස්පර්ශයෙන් යම් මිහිරි චෛතසිකයක් වේද, එය එසමයෙහි වේදනාව වෙයි’ යනුයි. මෙසේ සියලු පදයන් සමග යෝජනාව දතයුතුයි.
ඉදානි චෙතසිකං සුඛන්තිආදීසු චෙතසිකපදෙන කායිකසුඛං පටික්ඛිපති, සුඛපදෙන චෙතසිකං දුක්ඛං. චෙතොසම්ඵස්සජන්ති චිත්තසම්ඵස්සෙ ජාතං. සාතං සුඛං වෙදයිතන්ති සාතං වෙදයිතං, න අසාතං වෙදයිතං; සුඛං වෙදයිතං, න දුක්ඛං වෙදයිතං. පරතො තීණි පදානි ඉත්ථිලිඞ්ගවසෙන වුත්තානි. සාතා වෙදනා, න අසාතා; සුඛා වෙදනා, න දුක්ඛාති. අයමෙව පනෙත්ථ අත්ථො.
දැන් චෙතසිකං සුඛං යන ආදියෙහි චේතසික යන පදයෙන් කායික සැපය ප්‍රතික්ෂේප කෙරෙයි. සුඛ යන පදයෙන් චෛතසික දුක ප්‍රතික්ෂේප කෙරෙයි. චෙතො සම්ඵස්සජං යනු චිත්ත ස්පර්ශයෙහි හටගත් යනුයි. සාතං සුඛං වෙදයිතං යනු මිහිරි වින්දනයකි. අමිහිරි වින්දනයක් නොවේ. සැප වින්දනයකි. දුක් වින්දනයක් නොවේ. පරව පද තුනක් ස්ත්‍රීලිංග වශයෙන් කියන ලදී. සාතා වෙදනා න අසාතා, සුඛ වේදනා න දුක්ඛා යනුයි. මෙයම මෙහි අර්ථයි.
සඤ්ඤානිද්දෙසෙ තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජාති තස්සාකුසලසඤ්ඤාය අනුච්ඡවිකාය මනොවිඤ්ඤාණධාතුයා සම්ඵස්සම්හි ජාතා. සඤ්ඤාති සභාවනාමං. සඤ්ජානනාති සඤ්ජානනාකාරො. සඤ්ජානිතත්තන්ති සඤ්ජානිතභාවො.
සංඥා නිර්දේශයෙහි තජ්ජා මනොවිඤ්ඤාණ ධාතු සම්ඵස්සජා යනු ඒ කුශල සංඥාවට සුදුසු වූ මනෝවිඤ්ඤාණ ධාතුවේ ස්පර්ශයෙහි හටගත්, සඤ්ඤා යනු ස්වභාව නාමයයි. සඤ්ජානනා යනු හැඳිනගන්නා ආකාරයයි. සඤ්ජානිතත්තං යනු හැඳිනගත් බවයි.
චෙතනානිද්දෙසෙපි ඉමිනාව නයෙන වෙදිතබ්බො.
චේතනා නිර්දේශයෙහිද මේ නයින්ම දතයුතුයි.
චිත්තනිද්දෙසෙ චිත්තවිචිත්තතාය චිත්තං. ආරම්මණං මිනමානං ජානාතීති මනො. මානසන්ති මනො එව. “අන්තලික්ඛචරො පාසො ය්වායං චරති මානසො”ති (සං· නි· 1.151; මහාව· 33) හි එත්ථ පන සම්පයුත්තකධම්මො ‘මානසො’ති වුත්තො.
චිත්ත නිර්දේශයෙහි චිත්රික බැවින් විචිත්රික බැවින් චිත්තය අරමුණ මනින බව දනීනුයි = මන ය. මානය යනු ද මන යනුමය. ‘අන්තලික්ඛ චරො පාසො ය්වායං චරති මානසො’ යන මෙහි වනාහි සම්ප්‍රයුක්ත ධර්මය මානය යැයි කියන ලදී.
“කථඤ්හි භගවා තුය්හං, සාවකො සාසනෙ රතො; අප්පත්තමානසො සෙක්ඛො, කාලං කයිරා ජනෙ සුතා”ති. (සං· නි· 1.159);
කථං හි භගවා තුය්හං සාවකො සාසනෙ රතො අප්පත්තමානසො සෙඛො කාලං කයිරා ජනෙසුතො’ති
‘භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේගේ ශාසනයෙහි ඇලුණු නොපැමිණි අර්හත්ඵල ඇති ජනයා අතර ප්‍රසිද්ධ වූ ශෛක්ෂ වූ ශ්‍රාවක තෙම කෙසේ නම් කාලක්‍රියා කෙරේද’ යනුයි.
එත්ථ අරහත්තං ‘මානස’න්ති වුත්තං. ඉධ පන ‘මනොව’ මානසං. බ්යඤ්ජනවසෙන හෙතං පදං වඩ්ඪිතං.
මෙහි අරහත් මනසැයි කියන ලදී. මෙහි වනාහි මන යනු ම මනසයි. මේ පදය වනාහි බ්‍යඤ්ජන (අකුරු) වශයෙන් වැඩිණ.
හදයන්ති චිත්තං. “චිත්තං වා තෙ ඛිපිස්සාමි, හදයං වා තෙ ඵාලෙස්සාමී”ති (සං· නි· 1.237; සු· නි· ආළවකසුත්ත) එත්ථ උරො හදයන්ති වුත්තං. “හදයා හදයං මඤ්ඤෙ අඤ්ඤාය තච්ඡතී”ති (ම· නි· 1.63) එත්ථ චිත්තං. “වක්කං හදය”න්ති (දී· නි· 2.377; ම· නි· 1.110) එත්ථ හදයවත්ථු. ඉධ පන චිත්තමෙව අබ්භන්තරට්ඨෙන ‘හදය’න්ති වුත්තං. තමෙව පරිසුද්ධට්ඨෙන පණ්ඩරං. භවඞ්ගං සන්ධායෙතං වුත්තං. යථාහ – “පභස්සරමිදං, භික්ඛවෙ, චිත්තං, තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨ”න්ති (අ· නි· 1.49). තතො නික්ඛන්තත්තා පන අකුසලම්පි, ගඞ්ගාය නික්ඛන්තා නදී ගඞ්ගා විය, ගොධාවරිතො නික්ඛන්තා ගොධාවරී විය ච, පණ්ඩරන්ත්වෙව වුත්තං.
හදයං යනු සිතයි. ‘චිත්තං වා තෙ ඛිපිස්සාමි හදයං වා තෙ ඵාලෙස්සාමි’ යන මෙහි උර-හෘදය යැයි කියන ලදී. ‘හදයං හදයං මඤ්ඤෙ අඤ්ඤාය තච්ඡති’ යන මෙහි සිතය, ‘වක්කං හදයං’ යන මෙහි හෘදය වස්තුවයි. මෙහි වනාහි අභ්‍යන්තර අර්ථයෙන් සිතම හදය යැයි කියන ලදී. එයම පරිශුද්ධාර්ථයෙන් පණ්ඩරය, භවාංග සිත සඳහා මෙය කියන ලදී. මෙසේ ද කියන ලදී. ‘මහණෙනි, මේ සිත ප්‍රභාස්වරය. එය ද වනාහි ආගන්තුක වූ උපක්ලේශයන් විසින් කිලිටු කරන ලදී යනුයි. එයින් නික්මුණු බැවින් වනාහි අකුසලය ද (පණ්ඩරම විය) ගංගා නදියෙන් නික්මුණු නදියක් ගංගා වූවාක් මෙන් ද ගෝධාවරියෙන් නික්මුණු නදිය ගෝධාවරී ච වූවාක් මෙන්ම පණ්ඩරම යැයි කියන ලදී.
මනො මනායතනන්ති ඉධ පන මනොග්ගහණං මනස්සෙව ආයතනභාවදීපනත්ථං. තෙනෙතං දීපෙති – ‘නයිදං දෙවායතනං විය මනස්ස ආයතනත්තා මනායතනං, අථ ඛො මනො එව ආයතනං මනායතන’න්ති. තත්ථ නිවාසඨානට්ඨෙන ආකරට්ඨෙන සමොසරණඨානට්ඨෙන සඤ්ජාතිදෙසට්ඨෙන කාරණට්ඨෙන ච ආයතනං වෙදිතබ්බං. තථා හි ලොකෙ ‘ඉස්සරායතනං වාසුදෙවායතන’න්තිආදීසු නිවාසට්ඨානං ආයතනන්ති වුච්චති. ‘සුවණ්ණායතනං රජතායතන’න්තිආදීසු ආකරො. සාසනෙ පන “මනොරමෙ ආයතනෙ සෙවන්ති නං විහඞ්ගමා”තිආදීසු (අ· නි· 5.38) සමොසරණට්ඨානං. “දක්ඛිණාපථො ගුන්නං ආයතන”න්තිආදීසු සඤ්ජාතිදෙසො. “තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සතිආයතනෙ”තිආදීසු (ම· නි· 3.158) කාරණං. ඉධ පන සඤ්ජාතිදෙසට්ඨෙන සමොසරණඨානට්ඨෙන කාරණට්ඨෙනාති තිධාපි වට්ටති.
මනො මනායතනං යන මෙහි මනෝග්රහණය වනාහි මග යන්නෙහිම ආයතන භාවය දැක්වීම පිණිසය. එහෙයින් මෙය දක්වයි. මෙය දේවායතනයක්-දේවාලයක් මෙන් මනසට ආයතනයක් නිසා මනායතන නම් නොවෙයි. එසේ නම් මන ම ආයතනය වූයේ මනායතන යනුයි. එහි නිවාස ස්ථානය යන අර්ථයෙන් ද ආකරය යන අර්ථයෙන් ද එක්රැස්වන ස්ථානය යන අර්ථයෙන් ද උපන් දේශය යන අර්ථයෙන් ද කාරණය යන අර්ථයෙන් ද ආයතන යන්න දතයුතුයි. ඒ එසේමය. ‘ලෝකයෙහි ඊශ්වරායතනය වාසුදේව (විෂ්ණු) ආයතනය යන ආදීන්හි නිවාසනස්ථානය ආයතනය යැයි කියනු ලැබේ. සුවණ්ණායතනය රතනායතනය යන ආදීන්හි ආකරයයි. ශාසනයෙහි වනාහි ‘මනොරමෙ ආයතනෙ සෙවන්ති නං විභංගමා’ යන ආදීන්හි එක්රැස්වන ස්ථානයයි. ‘දක්ඛිණා පථො ගුත්තං ආයතනං’ යන ආදීන්හි උපන් දේශයයි. ‘තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ’ යන ආදීන්හි කාරණයයි. මෙහි වනාහි උපන් දේශය යන අර්ථයෙන් ද එක්රැස්වන ස්ථානය යන අර්ථයෙන් ද කාරණය යන අර්ථයෙන් ද යන ත්‍රිවිධ අර්ථම වටී.
ඵස්සාදයො හි ධම්මා එත්ථ සඤ්ජායන්තීති සඤ්ජාතිදෙසට්ඨෙනපි එතං ආයතනං. බහිද්ධා රූපසද්දගන්ධරසඵොට්ඨබ්බා ආරම්මණභාවෙනෙත්ථ ඔසරන්තීති සමොසරණඨානට්ඨෙනපි ආයතනං. ඵස්සාදීනං පන සහජාතාදිපච්චයට්ඨෙන කාරණත්තා කාරණට්ඨෙනපි ආයතනන්ති වෙදිතබ්බං. මනින්ද්රියං වුත්තත්ථමෙව.
මෙහි වනාහි ස්පර්ශාදී ධර්මයෝ උපදිත් යැයි උපන් දේශය වශයෙන් ද මෙය ආයතන නම් වෙයි. මෙහි වනාහි බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෝ අරමුණු වශයෙන් එක්රැස්වෙත් යැයි එක්රැස්වන ස්ථානය යන අර්ථයෙන් ද ආයතන නම් වෙයි. ස්පර්ශාදීන්ට වනාහි සහජාතාදී ප්‍රත්‍ය වශයෙන් කාරණ බැවින් කාරණාර්ථයෙන් ද ආයතනයැයි දතයුතුයි. මතින්ද්රිය කියන ලද අර්ථ ඇත්තේමය.
විජානාතීති විඤ්ඤාණං විඤ්ඤාණමෙව ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො. තස්ස රාසිආදිවසෙන අත්ථො වෙදිතබ්බො. මහාඋදකක්ඛන්ධොත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡතීති (අ· නි· 4.51). එත්ථ හි රාසට්ඨෙන ඛන්ධො වුත්තො. “සීලක්ඛන්ධො සමාධික්ඛන්ධො”තිආදීසු (දී· නි· 3.355) ගුණට්ඨෙන. “අද්දසා ඛො භගවා මහන්තං දාරුක්ඛන්ධ”න්ති (සං· නි· 4.241) එත්ථ පණ්ණත්තිමත්තට්ඨෙන. ඉධ පන රුළ්හිතො ඛන්ධො වුත්තො. රාසට්ඨෙන හි විඤ්ඤාණක්ඛන්ධස්ස එකදෙසො එකං විඤ්ඤාණං. තස්මා යථා රුක්ඛස්ස එකදෙසං ඡින්දන්තො රුක්ඛං ඡින්දතීති වුච්චති, එවමෙව විඤ්ඤාණක්ඛන්ධස්ස එකදෙසභූතං එකම්පි විඤ්ඤාණං රුළ්හිතො විඤ්ඤාණක්ඛන්ධොති වුත්තං.
දැනගනී නුයි = විඤ්ඤාණයි. විඤ්ඤාණයම ඛන්ධ වූයේ විඤ්ඤාණක්ඛන්ධයයි. එහි රාශි ආදී වශයෙන් අර්ථය දතයුතුයි. මහා උදක ස්කන්ධයක්ම යැයි ව්‍යවහාරයට යේ යනුයි. මෙහි වනාහි රාශි යන අර්ථයෙන් ඛන්ධ යැයි කියන ලදී. ‘ශීල ස්කන්ධය සමාධි ස්කන්ධය යන ආදීන්හි ගුණාර්ථයෙනි. ‘අද්දසා ඛො භගවා මහන්තං දාරුක්ඛන්ධං’ යන මෙහි ප්රඥප්ති මාත්රාර්ථයෙනි. මෙහි වනාහි වැඩුණු කඳක් කියන ලදී. රාශි අර්ථයෙන් වනාහි විඥාන ස්කන්ධයාගේ ඒකදේශයක් එක් විඥානයකි. එහෙයින් යම්සේ රුකෙක එක් දෙයක් සිඳිනවිට රුක සිඳී යැයි කියනු ලැබේ, විඥාන ස්කන්ධයාගේ ඒකදේශයක් වූ එක් විඥානයකුදු නැගුණේ විඤ්ඤාණඛන්ධය යැයි කියන ලදී.
තජ්ජාමනොවිඤ්ඤාණධාතූති තෙසං ඵස්සාදීනං ධම්මානං අනුච්ඡවිකා මනොවිඤ්ඤාණධාතු. ඉමස්මිඤ්හි පදෙ එකමෙව චිත්තං මිනනට්ඨෙන මනො, විජානනට්ඨෙන විඤ්ඤාණං, සභාවට්ඨෙන නිස්සත්තට්ඨෙන වා ධාතූති තීහි නාමෙහි වුත්තං. ඉති ඉමස්මිං ඵස්සපඤ්චමකෙ ඵස්සො තාව යස්මා ඵස්සො එව, න තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජො, චිත්තඤ්ච යස්මා තජ්ජාමනොවිඤ්ඤාණධාතු එව, තස්මා ඉමස්මිං පදද්වයෙ ‘තජ්ජාමනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා’ති පඤ්ඤත්ති න ආරොපිතා. විතක්කපදාදීසු පන ලබ්භමානාපි ඉධ පච්ඡින්නත්තා න උද්ධටා.
තජ්ජා මනොවිඤ්ඤාණ ධාතු යනු ඒ ස්පරාශාදී ධර්මයන්ට සුදුසු වූ මනෝවිඥාන ධාතුවයි. මේ පදයෙහි වනාහි එකම සිත (අරමුණ) සිතීම් අර්ථයෙන් මන (නම් වෙයි.) දැනගැනීම් අර්ථයෙන් විඥානයි. ස්වභාවර්ථයෙන් හෝ නිස්සත්ථවාර්ථයෙන් ධාතු යැයි ද නම් තුනකින් කියන ලදී. මෙසේ මේ ස්පර්ශ පංචකයෙහි ස්පර්ශය වනාහි යම්හෙයකින් ස්පර්ශය මද තජ්ජා මනොතජ්ජා මනෝ විඤ්ඤාණ ධාතුවම වේද, එහෙයින් පද දෙක්හි තජ්ජා මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සජ ප්රඥප්තිය ආරෝපණය නො කරන ලදී. විතර්ක පදාදියෙහි වනාහි ලැබෙනුයේ නමුදු මෙහි පිරිසිඳින ලද බැවින් මෙහිදී උපුටා නොදක්වන ලදී.
ඉමෙසඤ්ච පන ඵස්සපඤ්චමකානං ධම්මානං පාටියෙක්කං පාටියෙක්කං විනිබ්භොගං කත්වා පඤ්ඤත්තිං උද්ධරමානෙන භගවතා දුක්කරං කතං. නානාඋදකානඤ්හි නානාතෙලානං වා එකභාජනෙ පක්ඛිපිත්වා දිවසං නිම්මථිතානං වණ්ණ ගන්ධරසානං නානතාය දිස්වා වා ඝායිත්වා වා සායිත්වා වා නානාකරණං සක්කා භවෙය්ය ඤාතුං. එවං සන්තෙපි තං දුක්කරන්ති වුත්තං. සම්මාසම්බුද්ධෙන පන ඉමෙසං අරූපීනං චිත්තචෙතසිකානං ධම්මානං එකාරම්මණෙ පවත්තමානානං පාටියෙක්කං පාටියෙක්කං විනිබ්භොගං කත්වා පඤ්ඤත්තිං උද්ධරමානෙන අතිදුක්කරං කතං. තෙනාහ ආයස්මා නාගසෙනත්ථෙරො –
මේ ස්පර්ශ පංචක ධර්මයන් වෙන වෙනම බෙදා වෙන්කොට ප්රඥප්තිය උපුටා දක්වන භාග්‍යවතුන් වහන්සේ විසින් දුෂ්කර දෙයක් කරන ලදී. නොයෙක් ජලය හෝ නොයෙක් තෙල් හෝ එක් භාජනයක දමා දවසක් මථනය කළ වර්ණ ගන්ධ රසයන්ගේ නානත්වය දැක හෝ ආඝ්‍රාණය කොට හෝ රස විඳ හෝ නානත්වය දැන ගන්නට හැකි වේ. එසේ ඇති කල්හි එය දුෂ්කරයැයි කියන ලදී. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වනාහි එක් අරමුණක පවත්නා මේ අරුපී චිත්ත චෛතසික ධර්මයන් වෙන් වෙන් වශයෙන් බෙදා වෙන්කොට ප්රඥප්ති උපුටා දැක්වීමේදී ඉතා දුෂ්කර කාර්යයක් කරන ලදී. ආයුෂ්මත් නාගසේන තෙරණුවෝ එහෙයින් මෙසේ කීහ.
“දුක්කරං, මහාරාජ, භගවතා කතන්ති. ‘කිං, භන්තෙ නාගසෙන, භගවතා දුක්කරං කත’න්ති. ‘දුක්කරං, මහාරාජ, භගවතා කතං, යං ඉමෙසං අරූපීනං චිත්තචෙතසිකානං ධම්මානං එකාරම්මණෙ පවත්තමානානං වවත්‍ථානං අක්ඛාතං – අයං ඵස්සො, අයං වෙදනා, අයං සඤ්ඤා, අයං චෙතනා, ඉදං චිත්ත’න්ති. ‘ඔපම්මං, භන්තෙ, කරොහී’ති. ‘යථා, මහාරාජ, කොචිදෙව පුරිසො නාවාය සමුද්දං අජ්ඣොගාහෙත්වා හත්ථපුටෙන උදකං ගහෙත්වා ජිව්හාය සායිත්වා ජානෙය්ය නු ඛො, මහාරාජ, සො පුරිසො – ඉදං ගඞ්ගාය උදකං, ඉදං යමුනාය උදකං, ඉදං අචිරවතියා උදකං, ඉදං සරභුයා උදකං, ඉදං මහියා උදක’න්ති? ‘දුක්කරං, භන්තෙ, ජානිතු’න්ති. ‘තතො දුක්කරතරං ඛො, මහාරාජ, භගවතා කතං යං ඉමෙසං අරූපීනං චිත්තචෙතසිකානං ධම්මානං…පෙ… ඉදං චිත්ත’”න්ති (මි· ප· 2.7.16).
මහරජ! භාග්‍යවතුන් වහන්සේ විසින් කිරිමට අපහසු කාර්යයක් කරන ලදී යනුයි. ස්වාමීනි, නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් කිනම් දුෂ්කරයක් කරන ලදද, එක අරමුණෙහි පවත්නා මේ අරූපී චිත්ත චෛතසික ධර්මයන් පිළිබඳව මේ ස්පර්ශය මේ මේ වේදනාවය. මේ සංඥාවය. මේ චේතනාවය. මේ සිතයැයි යම් බෙදීමක් කරන (කියන) ලදද, මරහජ, භාග්‍යවතුන් වහන්සේ විසින් එවැනි දුෂ්කරයක් කරන ලදී යනුයි. ස්වාමීනි, උපමාවක් කියන්න. (කරන්න) මහරජ, යම්සේ කිසියම් පුරුෂයෙක් නැවකින් සමුද්‍රයට වැද අත්පුටයෙන් දෝතින් ජලය ගෙන රස බලා මේ ගංගා නදියේ ජලයයි. මේ යමුනා නදියේ ජලයයි. මේ අචිරවතී නදියේ ජලයයි. මේ සරභූ නදියේ ජලයයි. මේ මහී නදියේ ජලයයි දැනගනීද, ස්වාමීනි, නාගසේනයන් වහන්ස! දැනගැනීම දුෂ්කරය. මහරජ, මේ අරූපී චිත්ත චෛතසික ධර්මයන් පිළිබඳව සිතයැයි (බෙදා දක්වන) බුදුරජාණන් වහන්සේ විසින් ඊට වඩා දුෂ්කර කාර්යයක් කරන ලදී යනුයි.
විතක්කනිද්දෙසෙ තක්කනවසෙන තක්කො. තස්ස තිත්තකං තක්කෙසි කුම්භං තක්කෙසි සකටං තක්කෙසි යොජනං තක්කෙසි අද්ධයොජනං තක්කෙසීති එවං තක්කනවසෙන පවත්ති වෙදිතබ්බා. ඉදං තක්කස්ස සභාවපදං. විතක්කනවසෙන විතක්කො. බලවතරතක්කස්සෙතං නාමං. සුට්ඨු කප්පනවසෙන සඞ්කප්පො. එකග්ගං චිත්තං ආරම්මණෙ අප්පෙතීති අප්පනා. දුතියපදං උපසග්ගවසෙන වඩ්ඪිතං . බලවතරා වා අප්පනා බ්‍යප්පනා. ආරම්මණෙ චිත්තං අභිනිරොපෙති පතිට්ඨාපෙතීති චෙතසො අභිනිරොපනා. යාථාවතාය නිය්යානිකතාය ච කුසලභාවප්පත්තො පසත්ථො සඞ්කප්පොති සම්මාසඞ්කප්පො.
විතර්ක නිර්දේශයෙහි සිතාබැලීම් වශයෙන් තර්කය, ඔහුට කෙතෙක් සිතාබැලීද කළයක් සිතා බැලීය. ගැලක් සිතා බැලීය. යොදුනක් සිතා බැලීය. අඩ යොදුනක් සිතා බැලීය යැයි මෙසේ තර්කන වශයෙන් පැවැත්ම දතයුතුයි. මේ තර්කය පිළිබඳ ස්වභාව පදයයි. විතර්ක වශයෙන් විතර්කයයි. වඩාත් බලවත් තර්කයට මේ නමකි. මනාව කල්පනා කිරීම් වශයෙන් සංකප්පය එකඟ සිත අරමුණෙහි තබානුයි = අප්පණාය, දෙවන පදය උපසර්ගයෙන් වර්ධනය කරන ලදී. බලවත් වූ හෝ අර්පණාව = ව්යප්පණාවයි. සිත අරමුණෙහි රෝපණය කරයි පිහිටුවයි යනු = චෙතසො අභිනිරොපණාය, තත්ත්වාකාරයෙන් ද නිවන් සලසා දෙන බැවින් ද කුසල බවට පැමිණි ප්රශස්ත වූ සංකල්පය යනු = සම්මා සංකප්පයයි.
විචාරනිද්දෙසෙ ආරම්මණෙ චරණකවසෙන චාරො. ඉදමස්ස සභාවපදං. විචරණවසෙන විචාරො . අනුගන්ත්වා විචරණවසෙන අනුවිචාරො. උපගන්ත්වා විචරණවසෙන උපවිචාරොති. උපසග්ගවසෙන වා පදානි වඩ්ඪිතානි. ආරම්මණෙ චිත්තං, සරං විය ජියාය, අනුසන්දහිත්වා ඨපනතො චිත්තස්ස අනුසන්ධානතා. ආරම්මණං අනුපෙක්ඛමානො විය තිට්ඨතීති අනුපෙක්ඛනතා. විචරණවසෙන වා උපෙක්ඛනතා අනුපෙක්ඛනතා.
විචාර නිර්දේශයෙහි අරමුණෙහි හැසිරෙන්නා වශයෙන් චාරය මේ එහි ස්වභාව පදයයි. විචරණක වශයෙන් විචාරයි අනුව ගොස් හැසිරීම් වශයෙන් අනුවිචාරය, වෙතට ගොස් හැසිරීම් වශයෙන් උපවිචාරය යැයි උපසර්ග වශයෙන් හෝ පද වැඩිණ. ඊය දුනුදියෙහි මෙන් සිත අරමුණෙහි ගළපා තබන හෙයින් චිත්තස්ස අනුසන්ධානතාය අරමුණ විමසා බලන්නකු මෙන් සිටීනුයි =– අනුපෙක්ඛණතාය, හැසිරීම් වශයෙන් හෝ මධ්‍යස්ථ බව = අනුපෙක්ඛණතාය,
පීතිනිද්දෙසෙ පීතීති සභාවපදං. පමුදිතස්ස භාවො පාමොජ්ජං. ආමොදනාකාරො ආමොදනා. පමොදනාකාරො පමොදනා. යථා වා භෙසජ්ජානං වා තෙලානං වා උණ්හොදකසීතොදකානං වා එකතොකරණං මොදනාති වුච්චති, එවමයම්පි පීති ධම්මානං එකතොකරණෙන මොදනා. උපසග්ගවසෙන පන මණ්ඩෙත්වා ආමොදනා පමොදනාති වුත්තා. හාසෙතීති හාසො. පහාසෙතීති පහාසො. හට්ඨපහට්ඨාකාරානමෙතං අධිවචනං. විත්තීති විත්තං; ධනස්සෙතං නාමං. අයං පන සොමනස්සපච්චයත්තා විත්තිසරික්ඛතාය විත්ති. යථා හි ධනිනො ධනං පටිච්ච සොමනස්සං උප්පජ්ජති, එවං පීතිමතොපි පීතිං පටිච්ච සොමනස්සං උප්පජ්ජති, තස්මා විත්තීති වුත්තා. තුට්ඨිසභාවසණ්ඨිතාය පීතියා එතං නාමං. පීතිමා පන පුග්ගලො කායචිත්තානං උග්ගතත්තා අබ්භුග්ගතත්තා උදග්ගොති වුච්චති . උදග්ගස්ස භාවො ඔදග්යං. අත්තනො මනතා අත්තමනතා. අනභිරද්ධස්ස හි මනො දුක්ඛපදට්ඨානත්තා අත්තනො මනො නාම න හොති, අභිරද්ධස්ස පන සුඛපදට්ඨානත්තා අත්තනො මනො නාම හොති. ඉති අත්තනො මනතා අත්තමනතා, සකමනතා. සකමනස්ස භාවොති අත්ථො. සා පන යස්මා න අඤ්ඤස්ස කස්සචි අත්තනො මනතා, චිත්තස්සෙව පනෙසො භාවො, චෙතසිකො ධම්මො, තස්මා අත්තමනතා චිත්තස්සාති වුත්තා.
ප්‍රීති නිර්දේශයෙහි පීති යනු ස්වභාව පදයි. ප්රමුඛ වූවහුගේ භාවය = පාමොජ්ජයි. ප්‍රීතිවන ආකාරය ආමොදනාය, ප්රමෝදනාකරය = පාමොජ්ජය, ආමෝදනාකාරය - ආමොදනාය, ප්රමෝදනාකාරය = පමොදනාය, යම්සේ බෙහෙත් හෝ තෙල් හෝ උණුදිය සිහිල් දිය හෝ එකට කිරිම මෝදන යැයි කියනු ලැබේ. මෙසේ මෙය ද ධර්මයන්ගේ එකට එකට කිරීමෙන් මෝදනාය, උපසර්ග වශයෙන් වනාහි දියුණු කොට ආමෝදනා පමෝදනා යැයි කියන ලදී. සතුටු කරවානුයි = හාසය, ප්රකර්ෂයෙන් සතුටු කරවානුයි = පහාසය, තුටුපහටු ආකාරයන්ට මේ නමකි. ධනය ඇත්තේනුයි = චිත්තය මෙය ධනයට නමකි. මෙය වනාහි සොම්නස හේතුකොට ඇති හෙයින් ධනයට සමාන බැවින් විත්ති යම්සේ වනාහි ධනවතුන්ට ධනය නිසා සොම්නස උපදී. එහෙයින් විත්තියැයි කියනු ලැබේ. සතුටු ස්වභාවයෙහි සිටි හෙයින් ප්‍රීතියට මෙය නමකි. ප්‍රීතිමත් පුද්ගලයා වනාහි උසස් හෙයින් උඩට නැගුණු හෙයින් උදග්ග (ඔද වැඩි) යැයි කියනු ලැබේ. ඔදවැඩියහුගේ භාවය = ඔදග්ගයයි. තමාගේ මනසෙහි භාවය = අත්තමනතාය නො ඇලුණහුගේ මනස වනාහි දුකට හේතුවන හෙයින් තමාගේ මනස නම් නොවේ. ඇලුණුහුගේ (මනස) සැපයට හේතුවන හෙයින් තමාගේ මන නම් වේ. මෙසේ තමාගේ මනසෙහි භාවය = අත්තමනතාය ස්වකීය මනතාව ස්වකීය මනසේ භාවය යනු අර්ථයි. එය වනාහි යම්හෙයකින් අන් කිසිවකුගේ අත්තමනතාවක් නොවේ. මේ භාවය වනාහි සිතේමය. එය චෛතසික ධර්මයකි. එහෙයින් අත්තමන්තා චිත්තස්ස යැයි කියන ලදී.
එකග්ගතානිද්දෙසෙ අචලභාවෙන ආරම්මණෙ තිට්ඨතීති ඨිති. පරතො පදද්වයං උපසග්ගවසෙන වඩ්ඪිතං. අපිච සම්පයුත්තධම්මෙ ආරම්මණම්හි සම්පිණ්ඩෙත්වා තිට්ඨතීති සණ්ඨිති. ආරම්මණං ඔගාහෙත්වා අනුපවිසිත්වා තිට්ඨතීති අවට්ඨිති. කුසලපක්ඛස්මිඤ්හි චත්තාරො ධම්මා ආරම්මණං ඔගාහන්ති – සද්ධා සති සමාධි පඤ්ඤාති. තෙනෙව සද්ධා ඔකප්පනාති වුත්තා, සති අපිලාපනතාති, සමාධි අවට්ඨිතීති, පඤ්ඤා පරියොගාහනාති. අකුසලපක්ඛෙ පන තයො ධම්මා ආරම්මණං ඔගාහන්ති – තණ්හා දිට්ඨි අවිජ්ජාති. තෙනෙව තෙ ඔඝාති වුත්තා. චිත්තෙකග්ගතා පනෙත්ථ න බලවතී හොති. යථා හි රජුට්ඨානට්ඨානෙ උදකෙන සිඤ්චිත්වා සම්මට්ඨෙ ථොකමෙව කාලං රජො සන්නිසීදති, සුක්ඛන්තෙ සුක්ඛන්තෙ පුන පකතිභාවෙන වුට්ඨාති, එවමෙව අකුසලපක්ඛෙ චිත්තෙකග්ගතා න බලවතී හොති. යථා පන තස්මිං ඨානෙ ඝටෙහි උදකං ආසිඤ්චිත්වා කුදාලෙන ඛනිත්වා ආකොටනමද්දනඝට්ටනානි කත්වා උපලිත්තෙ ආදාසෙ විය ඡායා පඤ්ඤායති, වස්සසතාතික්කමෙපි තංමුහුත්තකතං විය හොති, එවමෙව කුසලපක්ඛෙ චිත්තෙකග්ගතා බලවතී හොති.
එකග්ගතා නිද්දෙසයෙහි නොසැලෙන සේ අරමුණෙහි සිටී යනු = ඨිතයයි. උපසර්ග වශයෙන් පර පද දෙක ගෙන වර්ධනය කරන ලදී. තව ද සම්ප්‍රයුක්ත ධර්මයන් අරමුණෙහි සම්පිණ්ඩනය කොට සිටී යනු සණඨිති = යයි. අරමුණට බැසගෙන ඇතුළට පිවිසගෙන සිටී යනු = අවටඨිතියයි. කුශල පක්ෂයෙහි වූ ශ්‍රද්ධා ස්මෘති සමාධි ප්‍රඥා යන සතර ධර්මයෝ අරමුණට බැසගනිත්. එහෙයින්ම ශ්‍රද්ධාව ඔකප්පනා (ඇදහීම) යැයි ද ස්මෘතිය අපිලාපනතා (නො ඉල්පෙන බව) යැයි ද සමාධිය අවටඨිති (පිවිස සිටීම) යැයි ද ප්‍රඥාව පරියොගහනා (සම්පූර්ණයෙන් බැසගැනීම) යැයි ද කියන ලදී. අකුශල පක්ෂයෙහි වනාහි තෘෂ්ණා දෘෂ්ටි අවිද්‍යා යන ධර්ම තුනක් අරමුණට බැස ගනී. එහෙයින්ම ඒවා ඕඝ යැයි කියන ලදී. මෙහිදී වනාහි චිත්තෙකාග්රතාව බලවත් නොවේ. යම්සේ වනාහි දූලි මතුවන තැනෙක දිය ඉස හැමදි කල්හි මදවේලාවක්ම දූලි සන්සිඳේ. වියළෙත් වියළෙත්ම නැවත පියවි ලෙසින් පැන නගී. මෙපරිද්දෙන් අකුශල පක්ෂයෙහි චිත්තෙකාග්රතාව බලවත් නොවේ. යම්සේ වනාහි එම ස්ථානය කළවලින් දිය ඉස උදැල්ලෙන් කැණ කැළීම් මැදීම් හැපීම් කොට ආලේප කළ කල්හි කැඩපතෙහි මෙන් ඡායාව පෙනෙයිද අවුරුදු සියයක් ගතවුවද ඒ මොහොතේ කළා මෙන් වෙයිද, මෙපරිද්දෙන් කුශල පක්ෂයෙහි චිත්තේකාග්‍රතාව බලවත් වෙයි.
උද්ධච්චවිචිකිච්ඡාවසෙන පවත්තස්ස විසාහාරස්ස පටිපක්ඛතො අවිසාහාරො. උද්ධච්චවිචිකිච්ඡාවසෙනෙව ගච්ඡන්තං චිත්තං වික්ඛිපති නාම. අයං පන තථාවිධො වික්ඛෙපො න හොතීති අවික්ඛෙපො. උද්ධච්චවිචිකිච්ඡාවසෙනෙව ච චිත්තං විසාහටං නාම හොති, ඉතො චිතො ච හරීයති. අයං පන එවං අවිසාහටස්ස මානසස්ස භාවොති අවිසාහටමානසතා.
උද්ධච්ච විචිකිච්ඡා වශයෙන් පැවති විසාහාරයට (සිත ඔබ මොබ ගෙනයාම) ප්රතිපක්ෂ හෙයින් අවිසාහටමානතා, [missing trans]
සමථොති තිවිධො සමථො – චිත්තසමථො, අධිකරණසමථො, සබ්බසඞ්ඛාරසමථොති. තත්ථ අට්ඨසු සමාපත්තීසු චිත්තෙකග්ගතා චිත්තසමථො නාම. තඤ්හි ආගම්ම චිත්තචලනං චිත්තවිප්ඵන්දිතං සම්මති වූපසම්මති, තස්මා සො චිත්තසමථොති වුච්චති. සම්මුඛාවිනයාදිසත්තවිධො සමථො අධිකරණසමථො නාම. තඤ්හි ආගම්ම තානි තානි අධිකරණානි සම්මන්ති වූපසම්මන්ති, තස්මා සො අධිකරණසමථොති වුච්චති. යස්මා පන සබ්බෙ සඞ්ඛාරා නිබ්බානං ආගම්ම සම්මන්ති වූපසම්මන්ති, තස්මා තං සබ්බසඞ්ඛාරසමථොති වුච්චති. ඉමස්මිං අත්ථෙ චිත්තසමථො අධිප්පෙතො. සමාධිලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති සමාධින්ද්රියං. උද්ධච්චෙ න කම්පතීති සමාධිබලං. සම්මාසමාධීති යාථාවසමාධි නිය්යානිකසමාධි කුසලසමාධි.
සමථ යනු චිත්ත සමථය අධිකරණ සමථය සබ්බ සංඛාර සමථ යැයි සමථ ත්‍රිවිධය. එහි අෂ්ට සමාපත්තීන්හි සිතේ එකඟ බව චිත්ත සමථ නමි. එය වනාහි අවුත් සිතේ චලනය සිතේ කම්පනය සමනය කෙරෙයි සංසිඳුවයි. එහෙයින් එය චිත්තයම එය යැයි කියනු ලැබේ. විනයාදිය පිළිබඳව සම්මුඛයේ දී කරනු ලබන සප්තවිධ (සමථය) අධිකරණ සමථ නමි. එයට පැමිණ ඒ ඒ අධිකරණයන් සමනය කරයි සංසිඳුවයි. ඒ නිසා එය අධිකරණ සමථය යැයි කියනු ලැබේ. සියලු සංස්කාරයෝ යම්හෙයකින් නිවනට පැමිණ සමනය වෙත් ද, සංසිඳෙත්ද, එහෙයින් එය සබ්බසංඛාර සමථය යැයි කියනු ලැබේ. මේ අර්ථයෙහි චිත්ත සමථය අදහස් කරන ලදී. සමාධි ලක්ෂණයෙහි ඉන්ද්රාත්ථිය (ප්‍රධානත්වය) කෙරේනුයි = සමාධින්ද්රියයි. උද්ධච්චයෙහි කම්පා නොවේනුයි = සමාධි බලයයි. සම්මා සමාධි යනු යථාව සමාධි නිය්‍යානික සමාධි කුසල සමාධියි.
සද්ධින්ද්රියනිද්දෙසෙ බුද්ධාදිගුණානං සද්දහනවසෙන සද්ධා. බුද්ධාදීනි වා රතනානි සද්දහති පත්තියායතීති සද්ධා. සද්දහනාති සද්දහනාකාරො. බුද්ධාදීනං ගුණෙ ඔගාහති, භින්දිත්වා විය අනුපවිසතීති ඔකප්පනා. බුද්ධාදීනං ගුණෙසු එතාය සත්තා අතිවිය පසීදන්ති, සයං වා අභිප්පසීදතීති අභිප්පසාදො. ඉදානි යස්මා සද්ධින්ද්රියාදීනං සමාසපදානං වසෙන අඤ්ඤස්මිං පරියායෙ ආරද්ධෙ ආදිපදං ගහෙත්වාව පදභාජනං කරීයති – අයං අභිධම්මෙ ධම්මතා – තස්මා පුන සද්ධාති වුත්තං. යථා වා ඉත්ථියා ඉන්ද්රියං ඉත්ථින්ද්රියං, න තථා ඉදං. ඉදං පන සද්ධාව ඉන්ද්රියං සද්ධින්ද්රියන්ති. එවං සමානාධිකරණභාවඤාපනත්ථම්පි පුන සද්ධාති වුත්තං. එවං සබ්බපදනිද්දෙසෙසු ආදිපදස්ස පුන වචනෙ පයොජනං වෙදිතබ්බං. අධිමොක්ඛලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති සද්ධින්ද්රියං. අසද්ධියෙ න කම්පතීති සද්ධාබලං.
සද්ධින්ද්රිය නිර්දේශයෙහි බුද්ධාදී ගුණයන් ඇදහීම් වශයෙන් ශ්රද්ධාවයි. බුද්ධාදී රත්න හෝ අදහස් පැමිණෙයිනුයි = ශ්‍රද්ධාය, සද්දහනා යනු අදහන ආකාරයයි. බුද්ධාදීන්ගේ ගුණයන්ට බැසගනී. බිඳගෙන මෙන් ඇතුළට පිවිසෙයි නුයි = ඔතප්පනාය, මෙයින් සත්ත්වයෝ බුද්ධාදීන්ගේ ගුණයෙහි ඉතාම පැහැදෙත්. තෙමේ හෝ අතිශයින් පැහැදේනුයි = අභිප්පසාදයි. දැන් යම්හෙයකින් සද්ධින්ද්‍රියාදී සමාස පදයන්ගේ වශයෙන් අන්‍ය පර්යායෙක්හි පටන් ගත් කල්හි ආදිපාදය ගෙනම පදභාජනය කරනු ලැබේ. මේ අභිධර්මයෙහි ධර්මතාවයි. එහෙයින් නැවත ශ්‍රද්ධා යැයි කියන ලදී. යම්සේ වනාහි ඉත්ථියා ඉන්ද්රිය ඉත්ථින්ද්රියං කියා වේද මෙය එසේ නොවේ. මෙය වනාහි ශ්‍රද්ධාවම ඉන්ද්රිය වූයේ = ශ්රද්ධෙන්ද්රිය යැයි මෙසේ සමානාධිකරණභාවය හැඟවීමට ද සද්ධා යැයි කියන ලදී. අධිමෝක්ෂ ලක්ෂණයෙහි ආධිපත්‍යය කෙරේනුයි = සද්ධින්ද්රියයි. ශ්‍රද්ධා නැති බවෙහි කම්පා නොවේනුයි = සද්ධා බලයයි.
වීරියින්ද්රියනිද්දෙසෙ චෙතසිකොති ඉදං වීරියස්ස නියමතො චෙතසිකභාවදීපනත්ථං වුත්තං. ඉදඤ්හි වීරියං “යදපි, භික්ඛවෙ, කායිකං වීරියං තදපි වීරියසම්බොජ්ඣඞ්ගො, යදපි චෙතසිකං වීරියං තදපි වීරියසම්බොජ්ඣඞ්ගොති. ඉතිහිදං උද්දෙසං ගච්ඡතී”ති (සං· නි· 5.233) එවමාදීසු සුත්තෙසු චඞ්කමාදීනි කරොන්තස්ස උප්පන්නත්තා ‘කායික’න්ති වුච්චමානම්පි කායවිඤ්ඤාණං විය කායිකං නාම නත්ථි, චෙතසිකමෙව පනෙතන්ති දස්සෙතුං ‘චෙතසිකො’ති වුත්තං. වීරියාරම්භොති වීරියසඞ්ඛාතො ආරම්භො. ඉමිනා සෙසාරම්භෙ පටික්ඛිපති. අයඤ්හි ‘ආරම්භ’-සද්දො කම්මෙ ආපත්තියං කිරියායං වීරියෙ හිංසාය විකොපනෙති අනෙකෙසු අත්ථෙසු ආගතො.
විරියින්ද්රිය නිර්දේශයෙහි චෙතසික යනු මේ වීර්යයාගේ නියමයෙන් චෛතසික භාවය දැක්වීමට කියන ලදී. මේ වීර්යය වනාහි ‘මහණෙනි, යම් කායික වීර්යයක් වේද, එය ද විරිය සම්බොජ්ඣංගය, යම් චෛතසික වීර්යයක් වේද එය ද විරිය සම්බොජ්ඣංගය යැයි මෙසේ මෙය උදෙසීමට එයි’ යන මේ ආදී සූත්‍රය සක්මන් ආදිය කරන්නාට උපන්හෙයින් කායිකයැයි කියන්නා වූ ද, කාය විඤ්ඤාණය මෙන් කායික නම් නැත. මෙය වනාහි චෛතසිකම යැයි දක්වන්නට චෛතසිකයැයි කියන ලදී. විරියාරම්භො යනු වීර්ය සංඛ්‍යාත ආරම්භයයි. මෙයින් සෙසු ආරම්භයන් ප්‍රතික්ෂේප කරයි. මේ ආරම්භ ශබ්දය වනාහි කර්මයෙහි ඇවතෙහි ක්‍රියාවෙහි වීර්යයෙහි හිංසාවෙහි විකාරයට පත්කිරීම යන නොයෙක් අර්ථයෙහි ආයේය.
“යංකිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං ආරම්භපච්චයා; ආරම්භානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො”ති. (සු· නි· 749);
යං කිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං ආරම්භ පච්චයා ආරම්භානං නිරොධෙන නත්ථි දුක්ඛස්ස සම්භවො’ති
යම්කිසි දුකක් හටගනී නම් (ඒ) සියල්ල කර්ම හේතුවෙනි. කර්මයන්ගේ නිරෝධයෙන් දුක් හටගැනීමක් නැත’ යනුයි.
එත්ථ හි කම්මං ‘ආරම්භො’ති ආගතං. “ආරම්භති ච විප්පටිසාරී ච හොතී”ති (අ· නි· 5.142; පු· ප· 191) එත්ථ ආපත්ති. “මහායඤ්ඤා මහාරම්භා න තෙ හොන්ති මහප්ඵලා”ති (අ· නි· 4.39; සං· නි· 1.120) එත්ථ යූපුස්සාපනාදිකිරියා. “ආරම්භථ නික්කමථ යුඤ්ජථ බුද්ධසාසනෙ”ති (සං· නි· 1.185) එත්ථ වීරියං. “සමණං ගොතමං උද්දිස්ස පාණං ආරභන්තී”ති (ම· නි· 2.51-52) එත්ථ හිංසා. “බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොතී”ති (දී· නි· 1.10; ම· නි· 1.293) එත්ථ ඡෙදනභඤ්ජනාදිකං විකොපනං. ඉධ පන වීරියමෙව අධිප්පෙතං. තෙනාහ – ‘වීරියාරම්භොති වීරියසඞ්ඛාතො ආරම්භො’ති. වීරියඤ්හි ආරම්භනකවසෙන ආරම්භොති වුච්චති. ඉදමස්ස සභාවපදං. කොසජ්ජතො නික්ඛමනවසෙන නික්කමො. පරං පරං ඨානං අක්කමනවසෙන පරක්කමො. උග්ගන්ත්වා යමනවසෙන උය්යාමො. බ්යායමනවසෙන වායාමො. උස්සාහනවසෙන උස්සාහො. අධිමත්තුස්සාහනවසෙන උස්සොළ්හී. ථිරභාවට්ඨෙන ථාමො. චිත්තචෙතසිකානං ධාරණවසෙන අවිච්ඡෙදතො වා පවත්තනවසෙන කුසලසන්තානං ධාරෙතීති ධිති.
මෙහි වනාහි කර්මය ආරම්භය යැයි ආයේය. ‘අරබ්භො ච හොති විප්පටිසාරි ච හොති’ යන මෙහි ආපත්තියයි. ‘මහාසඤ්ඤා මහාරම්භා නතෙ හොන්ති මහප්ඵලා’ යන මෙහි යාගස්ථම්භය එසවීම ආදී ක්‍රියාය, ‘ආරභථ නික්ඛමථ යුඤ්ජථ, බුද්ධසාසනෙ’ යන මෙහි වීර්යයයි, ‘සමණං ගොතමං උද්දිස්ස පාණං ආරභන්ති’ යන මෙහි හිංසාවයි. ‘බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතො හොති’ යන මෙහි සිඳීම් බිඳීම් ආදී කඩාබිඳ දැමීමය. මෙහි වනාහි වීර්යයම බලාපොරොත්තු විය. එහෙයින් වදාළහ. ‘වීර්යාරම්භය නම් වීර්යය නම් වූ උත්සාහයයි.’ යැයි යනුයි. වීර්යය වනාහි ආරම්භ කරන්නා වශයෙන් ආරම්භ යැයි කියනු ලැබේ. මේ මෙහි ස්වභාව පදයයි. කුසීතබවෙන් නික්මීම් වශයෙන් = නික්ඛම ය, සතුරු සතුරු වූ ස්ථාන ආක්‍රමණ වශයෙන් = පරක්කම ය, උඩට නැගි යන යානයක් වශයෙන් උය්‍යාම ය, ව්‍යායාම කිරීම් වශයෙන් = වායාමය, උත්සාහ කිරීම් වශයෙන් = උස්සාහ ය අධික මාත්‍ර උත්සාහ කිරීම් වශයෙන් උස්සොළ්හිය, වීරභාය යන අර්ථයෙන් = ථාමය, චිත්ත චෛතසිකයන් දැරීම් වශයෙන් නොසිඳීමෙන් හෝ පැවතීම් වශයෙන් කුසල සන්තානය දරයි යනු = ඨිති යයි.
අපරො නයො – නික්කමො චෙසො කාමානං පනුදනාය, පරක්කමො චෙසො බන්ධනච්ඡෙදාය, උය්යාමො චෙසො ඔඝනිත්ථරණාය, වායාමො චෙසො පාරඞ්ගමනට්ඨෙන, උස්සාහො චෙසො පුබ්බඞ්ගමට්ඨෙන, උස්සොළ්හී චෙසො අධිමත්තට්ඨෙන, ථාමො චෙසො පලිඝුග්ඝාටනතාය, ධිති චෙසො අවට්ඨිතිකාරිතායාති.
තවත් නයකි මේ නික්ඛමය වනාහි කාමයන්ගේ දුරුකිරීම පිණිසය. මේ පරක්කමය බන්ධන සිඳීම පිණිසය. මේ උය්යාමය ඕඝතරණය පිණිසය. මේ ව්‍යායාමය පරතෙරට යෑම් අර්ථයෙනි. මේ උය්යාමය පූර්වාංගමාර්ථයෙනි. මේ උස්සොළ්හි යන්න අධිමත්ත අර්ථයෙනි. මේ ථාමය බාධක නමැති දොරපොල්ල ගළවාදැමීම පිණිසය. මේ ඨිතිය (ස්ථිරව) සිටීමේ කාර්යය සඳහාය යනුයි.
“කාමං තචො ච න්හාරු ච අට්ඨි ච අවසිස්සතූ”ති (ම· නි· 2.184; සං· නි· 2.22, 237; අ· නි· 2.5; මහානි· 196; චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 154) එවං පවත්තිකාලෙ අසිථිලපරක්කමවසෙන අසිථිලපරක්කමතා; ථිරපරක්කමො, දළ්හපරක්කමොති අත්ථො. යස්මා පනෙතං වීරියං කුසලකම්මකරණට්ඨානෙ ඡන්දං න නික්ඛිපති, ධුරං න නික්ඛිපති, න ඔතාරෙති, න විස්සජ්ජෙති, අනොසක්කිතමානසතං ආවහති, තස්මා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතාති වුත්තං. යථා පන තජ්ජාතිකෙ උදකසම්භින්නට්ඨානෙ ධුරවාහගොණං ගණ්හථාති වදන්ති , සො ජණ්ණුනා භූමිං උප්පීළෙත්වාපි ධුරං වහති, භූමියං පතිතුං න දෙති, එවමෙව වීරියං කුසලකම්මකරණට්ඨානෙ ධුරං උක්ඛිපති පග්ගණ්හාති, තස්මා ධුරසම්පග්ගාහොති වුත්තං. පග්ගහලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති වීරියින්ද්‍රියං. කොසජ්ජෙ න කම්පතීති වීරියබලං. යාථාවනිය්යානිකකුසලවායාමතාය සම්මාවායාමො.
ඒකාන්තයෙන් සම ද නහර ද ඇට ද ඉතිරිවේවායි මෙසේ පැවති කාලයෙහි ලිහිල් නොවූ පරාක්රමණ වශයෙන් = අසිථිලපරක්කමකාය, ස්ථිර පරාක්‍රමය දැඩි පරාක්‍රමය යන අර්ථයි. යම්හෙයකින් වනාහි මේ වීර්යය කුශල කර්මයන් කරන තැනදී ඡන්දය හැර නො දමයි ද වීර්යය බැහැර නො කරයි ද නො බස්වයි ද අත්නොහරී ද නොපසුබස්නා මනසක් ඇතිබවක් උසුළයි. එහෙයින් අනික්ඛිත්ත ඡන්දතා අක්ඛක්ඛිත්ත ධුරතා යැයි කියන ලදී. යම්සේ වනාහි නදී ආදියෙහි දියෙන් බිඳුණු තැනදී බර උසුළන ගොනකු ගනිව්යැයි කියත්. හෙතෙම දණින් බිම පැහැර හෝ බර උසුළයි. බිම වැටෙන්නට නොදෙයි. මෙපරිද්දෙන් වීර්යය කුශල කර්මයන් කරන තැනදී වීර්යය දරයි. උත්සාහවත් වෙයි. එහෙයින් ධුර සම්පග්ගාහ බර ඉසිලීම යැයි කියන ලදී. ඔසවා තබන ලක්ෂණයේදී ප්‍රධානත්වය කරවානුයි = විරියින්ද්රියයි. කුසීතබවෙහි කම්පා නොවේනුයි විරිය බලයයි. තත්ත්වාකාරයෙන්ම සසරින් මුදන කුශලයෙහි උත්සාහවත් බැවින් සම්මා වායාම ය.
සතින්ද්රියනිද්දෙසෙ සරණකවසෙන සති. ඉදං සතියා සභාවපදං. පුනප්පුනං සරණතො අනුස්සරණවසෙන අනුස්සති. අභිමුඛං ගන්ත්වා විය සරණතො පටිසරණවසෙන පටිස්සති. උපසග්ගවසෙන වා වඩ්ඪිතමත්තමෙතං. සරණාකාරො සරණතා. යස්මා පන සරණතාති තිණ්ණං සරණානම්පි නාමං, තස්මා තං පටිසෙධෙතුං පුන සතිග්ගහණං කතං. සතිසඞ්ඛාතා සරණතාති අයඤ්හෙත්ථ අත්ථො. සුතපරියත්තස්ස ධාරණභාවතො ධාරණතා. අනුපවිසනසඞ්ඛාතෙන ඔගාහනට්ඨෙන අපිලාපනභාවො අපිලාපනතා. යථා හි ලාබුකටාහාදීනි උදකෙ ප්ලවන්ති, න අනුපවිසන්ති, න තථා ආරම්මණෙ සති. ආරම්මණඤ්හෙසා අනුපවිසති, තස්මා අපිලාපනතාති වුත්තා. චිරකතචිරභාසිතානං අසම්මුස්සනභාවතො අසම්මුස්සනතා. උපට්ඨානලක්ඛණෙ ජොතනලක්ඛණෙ ච ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං. සතිසඞ්ඛාතං ඉන්ද්රියං සතින්ද්රියං. පමාදෙ න කම්පතීති සතිබලං. යාථාවසති නිය්යානිකසති කුසලසතීති සම්මාසති.
සතින්ද්රිය නිර්දේශයෙහි සිහිකරන්නා වශයෙන් සති යයි. මේ සතියෙහි ස්වභාව පදයයි. නැවත නැවත සිහිකරන බැවින් අනුස්සරණ වශයෙන් අනුස්සතියයි. ඉදිරියට ගොස් සිහි කරන්නාක් මෙන් අභිමුඛව සිහිකරන හෙයින් පවිස්සති යයි. මෙය උපසර්ග වශයෙන් වැඩීම් මාත්‍රයෙකි. සිහිකරන ආකාරය සරණකාය, යම්හෙයකින් වනාහි සරණා යනු ත්‍රිවිධ සරණයට ද නමක් වේද, එහෙයින් එය ප්‍රතිෂේධය කිරීම පිණිස නැවත සතිග්රහණය කරන ලදී. සති සංඛ්‍යාත සරණතාව යන මෙය වනාහි මෙහි අර්ථයයි. ‘අසන ලද පර්යාප්ති ධර්මය ග්‍රහණ ධාරණ වශයෙන් ධාරණතාය ඇතුළට පිවිසීම යැයි කියන ලද බැසගැනීම් අර්ථයෙන් උඩ නො ඉල්පෙන බව අපිලාපනතාය, ලබුකබල් ආදිය වනාහි යම්සේ ජලයෙහි ඉල්පේද, ඇතුළට නො පිවිසේද සතිය අරමුණේදි එසේ නොවේ. මේ සතිය වනාහි අරමුණටම පිවිසෙයි. එහෙයින් අපිලාපනතා යැයි කියන ලදී. වීරයන් විසින් කරන ලද වීර භාසිතයන්ගේ අමතක වීමක් නොවේද (එවැනි බව) අපම්මු සයනතාය එළඹ සිටි ලක්ෂණයෙහි (බැබළවීමේ ලක්ෂණයෙහි ද) අධිපති අර්ථය කරවානුයි = ඉන්ද්‍රියයි. සතිය නම් වූ ඉන්ද්රිය = සතින්ද්‍රියයි. ප්‍රමාදයෙහි කම්පා නොවේනුයි සති බලයයි. යථාවසති නිය්යාතික සති කුසල සති යනු සම්මා සතියයි.
පඤ්ඤින්ද්රියනිද්දෙසෙ තස්ස තස්ස අත්ථස්ස පාකටකරණසඞ්ඛාතෙන පඤ්ඤාපනට්ඨෙන පඤ්ඤා. තෙන තෙන වා අනිච්චාදිනා පකාරෙන ධම්මෙ ජානාතීතිපි පඤ්ඤා. ඉදමස්සා සභාවපදං. පජානනාකාරො පජානනා. අනිච්චාදීනි විචිනාතීති විචයො. පවිචයොති උපසග්ගෙන පදං වඩ්ඪිතං . චතුසච්චධම්මෙ විචිනාතීති ධම්මවිචයො. අනිච්චාදීනං සල්ලක්ඛණවසෙන සල්ලක්ඛණා. සායෙව පුන උපසග්ගනානත්තෙන උපලක්ඛණා පච්චුපලක්ඛණාති වුත්තා. පණ්ඩිතස්ස භාවො පණ්ඩිච්චං. කුසලස්ස භාවො කොසල්ලං. නිපුණස්ස භාවො නෙපුඤ්ඤං. අනිච්චාදීනං විභාවනවසෙන වෙභබ්යා. අනිච්චාදීනං චින්තනකවසෙන චින්තා. යස්ස වා උප්පජ්ජති තං අනිච්චාදීනි චින්තාපෙතීතිපි චින්තා. අනිච්චාදීනි උපපරික්ඛතීති උපපරික්ඛා. භූරීති පථවියා නාමං. අයම්පි සණ්හට්ඨෙන විත්ථටට්ඨෙන ච භූරී වියාති භූරී. තෙන වුත්තං – “භූරී වුච්චති පථවී . තාය පථවීසමාය විත්ථටාය විපුලාය පඤ්ඤාය සමන්නාගතොති භූරිපඤ්ඤොති (මහානි· 27). අපිච පඤ්ඤාය එතං අධිවචනං භූරී”ති. භූතෙ අත්ථෙ රමතීතිපි භූරී. අසනි විය සිලුච්චයෙ කිලෙසෙ මෙධති හිංසතීති මෙධා. ඛිප්පං ගහණධාරණට්ඨෙන වා මෙධා. යස්ස උප්පජ්ජති තං අත්තහිතපටිපත්තියං සම්පයුත්තධම්මෙ ච යාථාවලක්ඛණපටිවෙධෙ පරිනෙතීති පරිණායිකා. අනිච්චාදිවසෙන ධම්මෙ විපස්සතීති විපස්සනා. සම්මා පකාරෙහි අනිච්චාදීනි ජානාතීති සම්පජඤ්ඤං. උප්පථපටිපන්නෙ සින්ධවෙ වීථිආරොපනත්ථං පතොදො විය උප්පථෙ ධාවනකං කූටචිත්තං වීථිආරොපනත්ථං විජ්ඣතීති පතොදො විය පතොදො. දස්සනලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං. පඤ්ඤාසඞ්ඛාතං ඉන්ද්රියං පඤ්ඤින්ද්රියං. අවිජ්ජාය න කම්පතීති පඤ්ඤාබලං. කිලෙසච්ඡෙදනට්ඨෙන පඤ්ඤාව සත්ථං පඤ්ඤාසත්ථං. අච්චුග්ගතට්ඨෙන පඤ්ඤාව පාසාදො පඤ්ඤාපාසාදො.
පඤ්ඤින්ද්රිය නිද්දෙසයෙහි ඒ ඒ අර්ථය ප්‍රකට කිරීම යැයි කියන ලද පැණවීම් අර්ථයෙන් පඤ්ඤාය අනිත්‍යාදී වූ ඒ ඒ ආකාරයෙන් ධර්මයන් දැනගනී යනු ද = පඤ්ඤාය, මේ මෙහි ස්වභාවපදයයි. දැනගන්නා ආකාරය පජානතාය, අනිත්‍යාදිය විමසානුයි = විචයයි. පවිචයො යනු උපසර්ග වශයෙන් පදය වර්ධනය කරන ලදී. චතුරාර්ය හා ධර්මයන් විමසානුයි = ධම්මවිචයයි. අනිත්‍යාදිය සලකා බැලීම් වශයෙන් සල්ලක්ඛණායි. එයම උපසර්ග නානත්වයෙන් උපලක්ඛණා පච්චුපලක්ඛණා යැයි කියන ලදී. පණ්ඩිතයාගේ භාවය පණඩිච්ච ය, නිපුණයාගේ භාවය = නෙපුඤ්ඤය, අනිත්‍යාදීන්ගේ ප්‍රකට කිරීම් වශයෙන් වෙභව්යා ය, අනිත්‍යාදීන් සිතීම් වශයෙන් චින්තාය, යමෙකුට හෝ උපදී ද එය එයට අනිත්‍යාදී ලක්ෂණ චින්තන කරවානුයි හෝ = චින්තාය, අනිත්‍යාදිය විමසා බලයිනුයි = උප පරික්ඛාය, භූරි යනු පෘථුවියට නමකි. මෙය ද සියුම් යන අර්ථයෙන් ද පැතිරුණු අර්ථයෙන් ද පොළොව මෙනැයි යැයි භූරි ය. එහෙයින් කියන ලදී. ‘භූරි යැයි කියනුයේ පොළොවයි. ඒ පොළොව මෙන් පැතිරුණු මහත් වූ ප්‍රඥාවෙන් යුක්තය යනු භූරිපඤ්ඤය, තවද මේ භූරි යන්න පඥාවට නමකි. පවත්නා අර්ථයෙහි රමණය කෙරේ යනු ද භූරිය. පර්වතයෙහි හෙනයක් මෙන් ක්ලේශයන් මැඩපවත්වයි. හිංසාකරයි නුයි = මෙධාය, වහා ග්‍රහණ ධාරණය කරන අර්ථයෙන් හෝ මෙධාය, යමෙකුට එය උපදී නම් ඔහු ආත්මහිත ප්රතිපත්තියෙහිත් සම්ප්‍රයුක්ත ධර්මයන් යථා ලක්ෂණ අවබෝධයෙහිත් මෙහෙයවා නුයි = පරිණායිකාය, අනිත්‍යාදී වශයෙන් ධර්මයන් දකීනුයි = විපස්සනා, මනා ආකාරයෙන් අනිත්‍යාදීන් දකීනුයි = සම්පජඤ්ඤාය, වැරදි මගට පිළිපන් සෛන්ධවයන් වීථියෙහි යෙදවීමට විඳින (අනින) කෙවිටක් මෙන් නොමග දුවන කුළු සිත වීථියෙහි යෙදවීමට කෙවිටක් මෙන් විදී විඳීනුයි = පතොදය, දර්ශන ලක්ෂණයෙහි ප්‍රධානත්වය කරවා නුයි = ඉන්ද්‍රියයි. ප්‍රඥා සංඛ්‍යාත ඉන්ද්රිය = පඤ්ඤින්ද්රිය යයි. අවිද්‍යාවෙහි කම්පා නොවේනුයි =– පඤ්ඤාබලයය කෙලෙස් සිඳිනා අර්ථයෙන් ප්‍රඥාවම ශාස්ත්‍රයක් වූයේ = පඤ්ඤාසත්ථය අතිශයින්ම උඩට නැගුණු අර්ථයෙන් ප්‍රඥාව ප්‍රාසාදයක් වූයේ = පඤ්ඤාපාසාදය,
ආලොකනට්ඨෙන පඤ්ඤාව ආලොකො පඤ්ඤාආලොකො. ඔභාසනට්ඨෙන පඤ්ඤාව ඔභාසො පඤ්ඤාඔභාසො. පජ්ජොතනට්ඨෙන පඤ්ඤාව පජ්ජොතො පඤ්ඤාපජ්ජොතො. පඤ්ඤවතො හි එකපල්ලඞ්කෙන නිසින්නස්ස දසසහස්සිලොකධාතු එකාලොකා එකොභාසා එකපජ්ජොතා හොති, තෙනෙතං වුත්තං. ඉමෙසු පන තීසු පදෙසු එකපදෙනපි එතස්මිං අත්ථෙ සිද්ධෙ, යානි පනෙතානි “චත්තාරොමෙ, භික්ඛවෙ, ආලොකා. කතමෙ චත්තාරො? චන්දාලොකො සූරියාලොකො අග්යාලොකො පඤ්ඤාලොකො. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො ආලොකා. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං චතුන්නං ආලොකානං යදිදං පඤ්ඤාලොකො”. තථා “චත්තාරොමෙ, භික්ඛවෙ, ඔභාසා…පෙ… චත්තාරොමෙ, භික්ඛවෙ, පජ්ජොතා”ති (අ· නි· 4.144) සත්තානං අජ්ඣාසයවසෙන සුත්තානි දෙසිතානි, තදනුරූපෙනෙව ඉධාපි දෙසනා කතා. අත්ථො හි අනෙකෙහි ආකාරෙහි විභජ්ජමානො සුවිභත්තො හොති. අඤ්ඤථා ච අඤ්ඤො බුජ්ඣති, අඤ්ඤථා ච අඤ්ඤොති.
ඉදිරිය බලන අර්ථයෙන් ප්‍රඥාවම ආලෝකය වූයේ පඤ්ඤා ආලෝකය බබුළුවන අර්ථයෙන් ප්‍රඥාවම ඔභාසය වූයේ = පඤ්ඤා ඔභාසය, දැල්වෙන අර්ථයෙන් ප්‍රඥාවම පජ්ජෝත වූයේ –= පඤ්ඤා පජ්ජොතය, එක් පළඟින් හුන් ප්‍රඥාවන්තයාට වනාහි දහසහශ්රී ලෝකධාතුව එකම ආලෝකයක් එකම ඕභාසයක් එකම පහනක් වෙයි. එහෙයින් මෙය කියන ලදී. මේ පද තුනෙන් එක් පදයකින්ම මේ අර්ථය සිද්ධ කල්හි යම් මේ ‘මහණෙනි, මේ ආලෝක සතරෙකි. චන්ද්රාලෝකය සූර්යාලෝකය අග්නි (ගිනි) ආලෝකය ප්‍රඥා ආලෝකය කියායි. මහණෙනි, මේ ආලෝක සතරයි. මහණෙනි, මේ ආලෝක සතර අතුරෙන් මේ ප්රඥාලෝකය අග්‍රය’ කියා ද එසේම ‘මහණෙනි, මේ ඕභාස සතරෙකි -පෙ- මහණෙනි, මේ පහන් සතරෙකි’ යැයි ද සත්ත්වයන්ගේ අදහස් වශයෙන් සූත්‍ර දේශනා කරන ලදී. එයට අනුරූපව මෙහි ද දේශනා කරන ලදී. අර්ථය වනාහි නොයෙක් අයුරින් බෙදනුයේ මනාව බෙදන ලද්දේ වෙයි. එකෙක් එක් අයුරකින් අවබෝධ කරගනී. තවත් එකෙක් තවත් අයුරකින් අවබෝධ කරගනී.
රතිකරණට්ඨෙන පන රතිදායකට්ඨෙන රතිජනකට්ඨෙන චිත්තීකතට්ඨෙන දුල්ලභපාතුභාවට්ඨෙන අතුලට්ඨෙන අනොමසත්තපරිභොගට්ඨෙන ච පඤ්ඤාව රතනං පඤ්ඤාරතනං. න තෙන සත්තා මුය්හන්ති, සයං වා ආරම්මණෙ න මුය්හතීති අමොහො. ධම්මවිචයපදං වුත්තත්ථමෙව. කස්මා පනෙතං පුන වුත්තන්ති? අමොහස්ස මොහපටිපක්ඛභාවදීපනත්ථං . තෙනෙතං දීපෙති – ය්වායං අමොහො සො න කෙවලං මොහතො අඤ්ඤො ධම්මො, මොහස්ස පන පටිපක්ඛො, ධම්මවිචයසඞ්ඛාතො අමොහො නාම ඉධ අධිප්පෙතොති. සම්මාදිට්ඨීති යාථාවනිය්යානිකකුසලදිට්ඨි.
ඇලුම් කරන අර්ථයෙන් ද රතිදායකාර්ථයෙන් ද රතිය උපදවන අර්ථයෙන් ද විසිතුරු කරන ලද්දේය යන අර්ථයෙන් ද දුර්ලභ දේ පහළ කරන අර්ථයෙන් ද අතුල්යාර්ථයෙන් ද අලාමක (උසස්) සත්ත්වයින් විසින් පරිභෝග කරනු ලබන අර්ථයෙන් ද වනාහි ප්‍රඥාවම රත්නයක් වූයේනුයි –= පඤ්ඤාරතන යි එයින් සත්ත්වයෝ මුළා නොවෙත්. තෙමේ හෝ අරමුණෙහි මුළා නොවේනුයි = අමෝහයි. ධම්මවිචය පදය කියන ලද අර්ථ ඇත්තේමය. කවර හෙයින් මෙය නැවත කියන ලද ද? යත්, අමෝහයාගේ මෝහ ප්රතිපක්ෂ භාවය දැක්වීම පිණිසයි. එහෙයින් මෙය දක්වයි. යම් ඒ අමෝහයක් වේද එය හුදෙක් මෝහයෙන් අන්‍ය වූ ධර්මයක් නොවේ. මෙහිදී වනාහි මෝහයට ප්රතිපක්ෂ වූ ධර්මවිචය සංඛ්‍යාත වූ අමෝහයම අදහස් කරන ලදී යනුයි. සම්මා දිට්ඨි යනු යථාර්ථයෙන්ම සසරින් මිදීම ලබාදෙන කුශල දෘෂ්ටියයි.
ජීවිතින්ද්රියනිද්දෙසෙ යො තෙසං අරූපීනං ධම්මානං ආයූති තෙසං සම්පයුත්තකානං අරූපධම්මානං යො ආයාපනට්ඨෙන ආයු, තස්මිඤ්හි සති අරූපධම්මා අයන්ති ගච්ඡන්ති පවත්තන්ති, තස්මා ආයූති වුච්චති. ඉදමස්ස සභාවපදං. යස්මා පනෙතෙ ධම්මා ආයුස්මිංයෙව සති තිට්ඨන්ති යපෙන්ති යාපෙන්ති ඉරියන්ති වත්තන්ති පාලයන්ති, තස්මා ඨිතීතිආදීනි වුත්තානි. වචනත්ථො පනෙත්ථ – එතාය තිට්ඨන්තීති ඨිති. යපෙන්තීති යපනා. තථා යාපනා. එවං බුජ්ඣන්තානං පන වසෙන පුරිමපදෙ රස්සත්තං කතං. එතාය ඉරියන්තීති ඉරියනා. වත්තන්තීති වත්තනා. පාලයන්තීති පාලනා. ජීවන්ති එතෙනාති ජීවිතං. අනුපාලනලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති ජීවිතින්ද්රියං.
ජීවිතේන්ද්රිය නිර්දේශයෙහි යො තෙසං අරූපීනං ධම්මානං ආයු යනු ඒ සම්ප්‍රයුක්ත වූ අරූපී ධර්මයන්ගේ යැපීම් අර්ථයෙන් යමක් වේනම් ආයු ය. එය ඇති කල්හි වනාහි අරූප ධර්මයෝ යැපෙත්. ගමන් කරත්. පවතිත්. එහෙයින් ආයු යැයි කියනු ලැබේ. මේ මෙහි ස්වභාව පදයයි. යම්හෙයකින් වනාහි මේ ධර්මයෝ ආයුෂයම ඇති කල්හි සිටිත්ද, ගමන් කරත් ද යැපෙත් ද ඉරියව් පවත්වත් ද පවතිත් ද පාලනය වෙත් ද එහෙයින් ඨිති යැයි යන ආදිය කියන ලදී. මෙහි වචනාර්ථය වනාහි මෙයින් සිටිත්නුයි = ඨිති, යැපෙත්නුයි = යපනාය, යාපනා මෙනි. මෙසේ අවබෝධ කරගන්නවුන්ගේ වශයෙන් පළමු පදයේ භ්රස්වත්ථය කරන ලදී. මෙයින් ඉරියව් පවත්වත්නුයි = ඉරීයතා ය. පවතිත්නුයි = වත්තනාය, පාලනය කෙරෙත්නුයි = පාලනාය, මෙයින් ජීවත් වෙත්නුයි = ජීවිතයයි. අනුපාලන ලක්ෂණයෙහි අධිපතිත්වය කරවානුයි = ජීවිතින්ද්රියයි.
හිරිබලනිද්දෙසෙ යං තස්මිං සමයෙති යෙන ධම්මෙන තස්මිං සමයෙ. ලිඞ්ගවිපල්ලාසං වා කත්වා යො ධම්මො තස්මිං සමයෙතිපි අත්ථො වෙදිතබ්බො. හිරියිතබ්බෙනාති උපයොගත්ථෙ කරණවචනං. හිරියිතබ්බයුත්තකං කායදුච්චරිතාදිධම්මං හිරියති ජිගුච්ඡතීති අත්ථො. පාපකානන්ති ලාමකානං. අකුසලානං ධම්මානන්ති අකොසල්ලසම්භූතානං ධම්මානං. සමාපත්තියාති ඉදම්පි උපයොගත්ථෙ කරණවචනං. තෙසං ධම්මානං සමාපත්තිං පටිලාභං සමඞ්ගීභාවං හිරියති ජිගුච්ඡතීති අත්ථො.
හිරිබල නිර්දේශයෙහි යං තස්මිං සමයෙ යනු එසමයෙහි යම්කිසි ධර්මයකින්, එසමයෙහි යම් ධර්මයක් ලිංග විපර්යාසයක් හෝ කොට යැයි අර්ථය දතයුතුයි. හිරීයිතබෙන යනු උයෝගාර්ථයෙහි කරණ වචනයි. ලජ්ජා වියයුතු කාය දුශ්චරිතාදී ධර්මයට ලැජ්ජා වෙයි. පිළිකුල් කෙරෙයි යන අර්ථයි. පාපකානං යනු ලාමක වූ, අකුසලානං ධම්මානං යනු අකුශල භාවයෙන් හටගත් ධර්මයන්ගේ, සමාපත්තියා යන මෙය ද උපයෝගාර්ථයෙහි කරණ වචනයි. ඒ ඒ ධර්මයන්ට පැමිණීමේ ප්‍රතිලාභයෙන් යුක්ත බවට ලජ්ජාවෙයි. පිළිකුල් කෙරෙයි යනු අර්ථයි.
ඔත්තප්පබලනිද්දෙසෙ ඔත්තප්පිතබ්බෙනාති හෙත්වත්ථෙ කරණවචනං. ඔත්තප්පිතබ්බයුත්තකෙන ඔත්තප්පස්ස හෙතුභූතෙන කායදුච්චරිතාදිනා වුත්තප්පකාරාය ච සමාපත්තියා ඔත්තප්පස්ස හෙතුභූතාය ඔත්තප්පති, භායතීති අත්ථො.
ඔත්තප්පබල නිර්දේශයෙහි ඔත්තප්පෙන යනු හේත්වර්ථයෙහි කරණ වචනයි. බියවිය යුතු වූ බියට හේතුභූත වූ කාය දුශ්චරිතාදී වූ උක්තප්‍රකාර බියට හේතුභූත වූ සමාපත්තියකින් ඔත්තප්පයට පත්වෙයි. බියවෙයි යනු අර්ථයි.
අලොභනිද්දෙසෙ අලුබ්භනකවසෙන අලොභො. න ලුබ්භතීතිපි අලොභො. ඉදමස්ස සභාවපදං. අලුබ්භනාති අලුබ්භනාකාරො. ලොභසමඞ්ගී පුග්ගලො ලුබ්භිතො නාම. න ලුබ්භිතො අලුබ්භිතො . අලුබ්භිතස්ස භාවො අලුබ්භිතත්තං. සාරාගපටිපක්ඛතො න සාරාගොති අසාරාගො. අසාරජ්ජනාති අසාරජ්ජනාකාරො. අසාරජ්ජිතස්ස භාවො අසාරජ්ජිතත්තං. න අභිජ්ඣායතීති අනභිජ්ඣා. අලොභො කුසලමූලන්ති අලොභසඞ්ඛාතං කුසලමූලං. අලොභො හි කුසලානං ධම්මානං මූලං පච්චයට්ඨෙනාති කුසලමූලං. කුසලඤ්ච තං පච්චයට්ඨෙන මූලඤ්චාතිපි කුසලමූලං.
අලෝභ නිර්දේශයෙහි අලෝභවීම් වශයෙන් අලෝභයි. ලෝභ නො කෙරේ යනු ද = අලොභය, මෙය ද ස්වභාව පදයෙකි. අලුබ්භනා යනු ලෝභ නොවන ආකාරයයි. ලෝභයෙන් යුක්ත පුද්ගලයා ලුබ්භිත (ලෝභ වූ) නම් වේ. ලුබ්භිත නොවූයේ අලුබ්භිතය. අලුබ්භතයාගේ භාවය = අලුබ්භිතත්තය, සාරාග ප්රතික්ෂිප්ත හෙයින් නසාරාගනුයි අසාරාගය, අසාරජ්ජන්තා යනු නො ඇලෙන ආකාරයයි. දැඩි ලෙස ආසා නො කෙරේනුයි = අනභිජ්ඣා ය, අලොභො කුසලමූලං යනු අලෝභ සංඛ්‍යාත කුසලමූලයයි. අලෝභය වනාහි කුශල ධර්මයන්ට මූලහේතුව වන අර්ථයෙන් ද = කුසලමූලය, කුසල ද එයයි. මූලහේතුව යන අර්ථයෙන් මූලය දැයි ද = කුසලමූලය.
අදොසනිද්දෙසෙ අදුස්සනකවසෙන අදොසො. න දුස්සතීතිපි අදොසො. ඉදමස්ස සභාවපදං. අදුස්සනාති අදුස්සනාකාරො. අදුස්සිතස්ස භාවො අදුස්සිතත්තං. බ්යාපාදපටිපක්ඛතො න බ්යාපාදොති අබ්යාපාදො. කොධදුක්ඛපටිපක්ඛතො න බ්යාපජ්ජොති අබ්යාපජ්ජො. අදොසසඞ්ඛාතං කුසලමූලං අදොසො කුසලමූලං. තං වුත්තත්ථමෙව.
අදෝෂ නිර්දේශයෙහි දූෂ්‍ය නොවීම් වශයෙන් අදෝෂය, දූෂ්‍ය නොවේනුයි ද අදෝසය, මේ මෙහි ස්වභාව පදයයි. අදුස්සනා යනු දූෂ්‍ය නොවන ආකාරයයි. දූෂ්‍ය නොවන බව = අදුස්සතත්තය, ව්‍යාපාදය ප්‍රතික්ෂේප කරන හෙයින් ව්‍යාපාද නොවූයේ අබ්යාපජ්ඣය, ක්රෝධදුඃඛය ප්‍රතික්ෂේප හෙයින් ව්‍යාපාද නොවූයේ අබ්යාපජ්ඣය, අද්වේෂ සංඛ්‍යාත කුසලමූලය අදෝසකුසලමූලයයි. එය කියන ලද අර්ථ ඇත්තේමය.
කායපස්සද්ධිනිද්දෙසාදීසු යස්මා කායොති තයො ඛන්ධා අධිප්පෙතා, තස්මා වෙදනාක්ඛන්ධස්සාතිආදි වුත්තං. පස්සම්භන්ති එතාය තෙ ධම්මා, විගතදරථා භවන්ති, සමස්සාසප්පත්තාති පස්සද්ධි. දුතියපදං උපසග්ගවසෙන වඩ්ඪිතං. පස්සම්භනාති පස්සම්භනාකාරො. දුතියපදං උපසග්ගවසෙන වඩ්ඪිතං. පස්සද්ධිසමඞ්ගිතාය පටිප්පස්සම්භිතස්ස ඛන්ධත්තයස්ස භාවො පටිප්පස්සම්භිතත්තං. සබ්බපදෙහිපි තිණ්ණං ඛන්ධානං කිලෙසදරථපටිප්පස්සද්ධි එව කථිතා. දුතියනයෙන විඤ්ඤාණක්ඛන්ධස්ස දරථපටිප්පස්සද්ධි කථිතා.
කාය ප්රශ්රද්ධාදී නිර්දේශයන්හි යම්හෙයකින් කාය යනු ත්‍රිවිධ ස්කන්ධයෝ බලාපොරොත්තු වූවාහු ද එහෙයින් වෙදනාක්ඛන්ධස්ස යන ආදිය කියන ලදී. මෙයින් ඒ ධර්මයෝ සංසිඳෙත්. පහවූ පීඩා ඇත්තෝ වෙත්. ආස්වාසයට පත්වූවෙත්නුයි = පස්සද්ධිය, දෙවන පදය උපසර්ග වශයෙන් වඩන ලදි. පස්සම්භන යනු සංසිඳෙනාකාරයයි. දෙවන පදය උපසර්ග වශයෙන් වඩන ලදී. සංසිඳීමෙන් යුත් සංසිඳුණු ස්කන්ධත්රයාගේ භාවය පටිප්පස්සම්භිතත්තය, සියලු පදයන්හිම ස්කන්ධත්රයාගේ ක්ලේශදරථ සංසිඳීමම කියන ලදී. දෙවන නයින් විඥාන ස්කන්ධයාගේ පීඩාවන් සංසිදීම කියන ලදී.
ලහුතාති ලහුතාකාරො. ලහුපරිණාමතාති ලහුපරිණාමො එතෙසං ධම්මානන්ති ලහුපරිණාමා; තෙසං භාවො ලහුපරිණාමතා; සීඝං සීඝං පරිවත්තනසමත්ථතාති වුත්තං හොති. අදන්ධනතාති ගරුභාවපටික්ඛෙපවචනමෙතං; අභාරියතාති අත්ථො. අවිත්ථනතාති මානාදිකිලෙසභාරස්ස අභාවෙන අථද්ධතා. එවං පඨමෙන තිණ්ණං ඛන්ධානං ලහුතාකාරො කථිතො. දුතියෙන විඤ්ඤාණක්ඛන්ධස්ස ලහුතාකාරො කථිතො.
ලහුතා යනු සැහැල්ලු බවේ ආකාරයයි. ලහුපරිණාමතා යනු වහා වෙනස්වීම මේ ධර්මයන්ගේ නුයි = ලහුපරිණාමයෝ ය. ඔවුන්ගේ භාවය = ලහුපරිණාමතාය, වහා වහා පරිවර්තනයට සමර්ථයෝ යැයි කියන ලද්දේ වෙයි. අදන්ධනතා යන මෙය බර බව ප්‍රතික්ෂේප වචනයකි. නොබර බව යන අර්ථයි. අවිත්ථතතා යනු මානාදී ක්ලේශ භාරයාගේ අභාවයෙන් (ඇතිවන) නො තද බවයි. මෙසේ පළමුවැන්නෙන් ස්කන්ධත්රයන්ගේ ලහුතාකාරය කියන ලදී. දෙවැන්නෙන් විඥාන ස්කන්ධයාගේ ලහුතාකාරය කියන ලදී.
මුදුතාති මුදුභාවො. මද්දවතාති මද්දවං වුච්චති සිනිද්ධං, මට්ඨං; මද්දවස්ස භාවො මද්දවතා. අකක්ඛළතාති අකක්ඛළභාවො. අකථිනතාති අකථිනභාවො. ඉධාපි පුරිමනයෙන තිණ්ණං ඛන්ධානං, පච්ඡිමනයෙන විඤ්ඤාණක්ඛන්ධස්ස මුදුතාකාරොව කථිතො.
මුදුතා යනු මෘදුබවයි. මද්දවතා යනු සිනිඳු වූයේ මට වූයේ මද්දව යැයි කියනු ලැබේ. මෘදු වූවහුගේ භාවය = මද්දවතාය, අකක්ඛලතා යනු කර්කශ නොවන බවයි. අකඨිනතා යනු නොතද බවයි. මෙහි ද පළමුනයින් ස්කන්ධත්රයාගේ පශ්චිම නයින් විඥාන ස්කන්ධයාගේ මුදුතාකාරය කියන ලදී.
කම්මඤ්ඤතාති කම්මනි සාධුතා; කුසලකිරියාය විනියොගක්ඛමතාති අත්ථො. සෙසපදද්වයං බ්යඤ්ජනවසෙන වඩ්ඪිතං. පදද්වයෙනාපි හි පුරිමනයෙන තිණ්ණං ඛන්ධානං, පච්ඡිමනයෙන විඤ්ඤාණක්ඛන්ධස්ස කම්මනියාකාරොව කථිතො.
කම්මඤ්ඤතා යනු ක්‍රියාවෙහි යහපත් බවයි. කුශල ක්‍රියාවෙහි යෙදීමේ සමර්ථ බවයැයි අර්ථයි. සෙසු පද දෙක ව්‍යඤ්ජන වශයෙන් වර්ධනය කරන ලදී. පද දෙකින්ම පළමු නයින් ස්කන්ධත්රයාගේ පශ්චිම නයින් විඥාන ස්කන්ධයාගේ කර්ම නීයාකාරය කියන ලදී.
පගුණතාති පගුණභාවො, අනාතුරතා නිග්ගිලානතාති අත්ථො. සෙසපදද්වයං බ්යඤ්ජනවසෙන වඩ්ඪිතං. ඉධාපි පුරිමනයෙන තිණ්ණං ඛන්ධානං, පච්ඡිමනයෙන විඤ්ඤාණක්ඛන්ධස්ස නිග්ගිලානාකාරොව කථිතො.
පගුණතා යනු ප්රගුණභාවයයි. අනාතුර බව නොගිලන් බව යනු අර්ථයි. ඉතිරි දෙක බ්‍යඤ්ජන වශයෙන් වඩන ලදී. මෙහිද පළමු නයින් ස්කන්ධත්රයාගේ පශ්චිම නයින් විඥාන ස්කන්ධයාගේ නොගිලන් අයුරු කියන ලදී.
උජුකතාති උජුකභාවො, උජුකෙනාකාරෙන පවත්තනතාති අත්ථො. උජුකස්ස ඛන්ධත්තයස්ස විඤ්ඤාණක්ඛන්ධස්ස ච භාවො උජුකතා. අජිම්හතාති ගොමුත්තවඞ්කභාවපටික්ඛෙපො. අවඞ්කතාති චන්දලෙඛාවඞ්කභාවපටික්ඛෙපො. අකුටිලතාති නඞ්ගලකොටිවඞ්කභාවපටික්ඛෙපො.
උජුකතා යනු ඍජුභාවයයි. ඍජු ආකාරයෙන් පවත්නා බව යන අර්ථයි. ඍජු වූ ස්කන්ධත්රයාගේ ද විඥාන ස්කන්ධයාගේ ද භාවය උජුකතාය, අජිමහතා යනු ගෝමුත්‍ර වක්රභාව ප්රතික්ෂේපයයි. අවංකතා යනු චන්ද්‍රලේඛා වක්‍රතාව ප්රතික්ෂේපයයි. අකුටිලතා යනු නඟල් කෙළවර වක්බව ප්රතික්ෂේපය යි.
යො හි පාපං කත්වාව ‘න කරොමී’ති භාසති, සො ගන්ත්වා පච්චොසක්කනතාය ‘ගොමුත්තවඞ්කො’ නාම හොති. යො පාපං කරොන්තොව ‘භායාමහං පාපස්සා’ති භාසති, සො යෙභුය්යෙන කුටිලතාය ‘චන්දලෙඛාවඞ්කො’ නාම හොති. යො පාපං කරොන්තොව ‘කො පාපස්ස න භායෙය්යා’ති භාසති, සො නාතිකුටිලතාය ‘නඞ්ගලකොටිවඞ්කො’ නාම හොති. යස්ස වා තීණිපි කම්මද්වාරානි අසුද්ධානි, සො ‘ගොමුත්තවඞ්කො’ නාම හොති. යස්ස යානි කානිචි ද්වෙ, සො ‘චන්දලෙඛාවඞ්කො’ නාම. යස්ස යංකිඤ්චි එකං, සො ‘නඞ්ගලකොටිවඞ්කො නාම.
යමෙක් පවක් කොට ද නොකරමියි කියයි. හෙතෙම ගොස් පසුබස්නා බැවින් ගොමුත්තවංක නම් වෙයි. යමෙක් පවක් කරමින්ම මම පවට බිය වෙමියි කියයි. හෙතෙම බොහෝසෙයින්ම කුටිල හෙයින් චන්ද්රලේඛාවංක නම් වෙයි. යමෙක් පව් කරමින්ම කවරෙක් නම් පවට බිය නොවේදැයි කියයි. හෙතෙම ඉතා කුටිල නොවන හෙයින් නංගලකෝටිවංක නම් වෙයි. යමෙකුගේ කර්මද්වාරත්රයම අපිරිසිදු ද හෙතෙම ගෝමුත්තවංක නම් වේ. යමෙකුගේ යම්කිසි ද්වාර දෙකක් අපිරිසිදු ද හෙතෙම චන්දලේඛාවංක නමි. යමෙකුගේ යම්කිසි එක් ද්වාරයක් අපිරිසිදු ද හෙතෙම නංගලකෝටිවංක නමි.
දීඝභාණකා පනාහු – එකච්චො භික්ඛු සබ්බවයෙ එකවීසතියා අනෙසනාසු, ඡසු ච අගොචරෙසු චරති, අයං ‘ගොමුත්තවඞ්කො’ නාම. එකො පඨමවයෙ චතුපාරිසුද්ධිසීලං පරිපූරෙති, ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො හොති, මජ්ඣිමවයපච්ඡිමවයෙසු පුරිමසදිසො, අයං ‘චන්දලෙඛාවඞ්කො’ නාම. එකො පඨමවයෙ මජ්ඣිමවයෙපි චතුපාරිසුද්ධිසීලං පූරෙති, ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො හොති, පච්ඡිමවයෙ පුරිමසදිසො. අයං ‘නඞ්ගලකොටිවඞ්කො’ නාම.
දීඝභාණකයෝ වනාහි මෙසේ කීහ. ඇතැම් භික්ෂුවක් ප්‍රථම වයසේදී එක්විසි නුසුදුසු හැසිරීම්වල ද සයවැදෑරුම් අගෝචරයන්හි ද හැසිරේ ද මෙතෙම ගොමුත්තවංක නම් වේ. එක් භික්ෂුවක් ප්‍රථම වයසේ දී සිව්පිරිසිදු සීලය පුරයි ද පවට ලජ්ජා ඇත්තේ වේද කුකුසින් යුක්ත වේද ශික්ෂාකාමී වේද මධ්‍යම පශ්චිම වයස්හිදී පළමු භික්ෂුව සමාන වේද මෙතෙම චන්දලේඛවංක නම් වේ. එක් භික්ෂුවක් ප්‍රථම වයසේදීත් මධ්‍යම වයසේදීත් සිව්පිරිසිදු සීලය පුරයිද, ලජ්ජි වේද කුකුසින් යුක්ත වේද ශික්ෂාකාමී වේද, පශ්චිම වයසේදී පළමු භික්ෂුව හා සමාන වේද, මේ භික්ෂුව නංගලකෝටිවංකක නමි.
තස්ස කිලෙසවසෙන එවං වඞ්කස්ස පුග්ගලස්ස භාවො ජිම්හතා වඞ්කතා කුටිලතාති වුච්චති. තාසං පටික්ඛෙපවසෙන අජිම්හතාදිකා වුත්තා. ඛන්ධාධිට්ඨානාව දෙසනා කතා. ඛන්ධානඤ්හි එතා අජිම්හතාදිකා, නො පුග්ගලස්සාති. එවං සබ්බෙහිපි ඉමෙහි පදෙහි පුරිමනයෙන තිණ්ණං ඛන්ධානං, පච්ඡිමනයෙන විඤ්ඤාණක්ඛන්ධස්සාති අරූපීනං ධම්මානං නික්කිලෙසතාය උජුතාකාරොව කථිතොති වෙදිතබ්බො.
ඒ ඔහුගේ කෙලෙස් වශයෙනි. මෙසේ වංක වූ පුද්ගලයාගේභාවය ජීම්හතා වංකතා කුටිලතා යැයි කියනු ලැබේ. ඒවාට ප්‍රතික්ෂේප වශයෙන් අජිම්හතා ආදිය කියන ලදී. ඛන්ධාසිට්ඨා නම් දේශනාවක් කරන ලද මේ අජීම්හතා ආදිය වනාහි ස්කන්ධයන්ටය. පුද්ගලයාට නොවේ යනුයි. මෙසේ මේ පද සියල්ලෙන්ම පළමු නයින් ස්කන්ධත්රයාගේ ද පශ්චිම නයින් විඥාන ස්කන්ධයාගේ දැයි අරූපී ධර්මයන්ගේ නික්ලේශීභාවය ද සෘජුකා කාරයද කියන ලදැයි දතයුතුයි.
ඉදානි ය්වායං යෙවාපනාති අප්පනාවාරො වුත්තො, තෙන ධම්මුද්දෙසවාරෙ දස්සිතානං ‘යෙවාපනකානං’යෙව සඞ්ඛෙපතො නිද්දෙසො කථිතො හොතීති.
දැන් යම් ඒ යේවාපනා යන අර්පණාචාරය කියන ලදී. එහෙයින් ධම්මුද්දෙසවාරයෙහි දක්වන ලද යේවාපනකයන්ගේම සංක්ෂේප නිර්දේශය කියන ලද්දේ වෙයි යනුයි.
නිද්දෙසවාරකථා නිට්ඨිතා.
නිද්දේසවාර කථා නිමියේ ය.
එත්තාවතා පුච්ඡා සමයනිද්දෙසො ධම්මුද්දෙසො අප්පනාති උද්දෙසවාරෙ චතූහි පරිච්ඡෙදෙහි, පුච්ඡා සමයනිද්දෙසො ධම්මුද්දෙසො අප්පනාති නිද්දෙසවාරෙ චතූහි පරිච්ඡෙදෙහීති අට්ඨපරිච්ඡෙදපටිමණ්ඩිතො ධම්මවවත්ථානවාරො නිට්ඨිතොව හොති.
මෙතෙකින් පෘච්ඡා සමය නිර්දේශ ධම්මොද්දෙශ අර්පණා යැයි උද්දේස වාරයෙහි පරිච්ඡේද සතරකින් ද පෘච්ඡා සමය නිර්දේශ ධර්ම නිරදේශ අර්පණා යැයි නිර්දේශ වාරයෙහි පරිච්ඡේද සතරකින්දැයි පරිච්ඡේද අටකින් ප්‍රතිමණ්ඩිත ධර්මව්යවස්ථාපන වාරය නිමියේ වෙයි.