යෙදුමෙන් කියවන්න

යෙවාපනකවණ‍්ණනා අට‍්ඨකථා

යෙවාපනකවණ‍්ණනා

යෙවාපනකවණ්ණනා

යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා කුසලාති ‘ඵස‍්සො හොති…පෙ… අවික‍්ඛෙපො හොතී’ති න කෙවලං පදපටිපාටියා උද‍්දිට‍්ඨා ඉමෙ පරොපණ‍්ණාසධම‍්මා එව, අථ ඛො යස‍්මිං සමයෙ කාමාවචරං තිහෙතුකං සොමනස‍්සසහගතං පඨමං අසඞ‍්ඛාරිකං මහාචිත‍්තං උප‍්පන‍්නං හොති, තස‍්මිං සමයෙ යෙ වා පන අඤ‍්ඤෙපි තෙහියෙව ඵස‍්සාදීහි සම‍්පයුත‍්තා හුත්‍වා පවත‍්තමානා අත්‍ථි, අත‍්තනො අත‍්තනො අනුරූපං පච‍්චයං පටිච‍්ච සමුප‍්පන‍්නා රූපාභාවෙන අරූපිනො, සභාවතො උපලබ‍්භමානා ධම‍්මා සබ‍්බෙපි ඉමෙ ධම‍්මා කුසලා.

එසමයෙහි වනාහි පටිච්ච සමුප්පන්න වූ (හේතූන්ගෙන් උපන්) අන්‍ය වූ ද යම් ඒ අරූපී ධර්මයෝ ඇද්ද මේ ධර්මයෝ කුශලයෝය යනුයි. ‘ස්පර්ශය වෙයි. -පෙ- අවික්‍ෂේපය වෙයි’ යනු හුදෙක් පද පිළිවෙළින් දක්වන ලද්දේ නොවෙත්. මොව්හු පනසකට අධික වූ ධර්මයෝමය. ඉක්බිති යම් සමයෙක්හි කාමාවචර ත්‍රිහේතුක සොම්නස් සහගත පළමුවන අසංස්කාරික මහාසිත උපන්නේ වෙයි ද, එසමයෙහි වනාහි ඒ ස්පර්ශාදිය හා සම්ප්‍රයුක්තව පවත්නා තමතමන්ට අනුරූප ප්‍රත්‍ය නිසා උපන් රූපයක් නැති හෙයින් අරූපී ස්වභාවයෙන් පවත්නා (ලැබෙන්නා වූ) යම් ඒ අන්‍ය වූ ද ධර්මයෝ වෙත් ද මේ සියලුම ධර්මයෝ කුශලයෝ ය.

එත‍්තාවතා චිත‍්තඞ‍්ගවසෙන පාළියං ආරුළ‍්හෙ පරොපණ‍්ණාසධම‍්මෙ දීපෙත්‍වා යෙවාපනකවසෙන අපරෙපි නව ධම‍්මෙ ධම‍්මරාජා දීපෙති. තෙසු තෙසු හි සුත‍්තපදෙසු ‘ඡන්‍දො අධිමොක‍්ඛො මනසිකාරො තත්‍රමජ‍්ඣත‍්තතා කරුණා මුදිතා කායදුච‍්චරිතවිරති වචීදුච‍්චරිතවිරති මිච‍්ඡාජීවවිරතී’ති ඉමෙ නව ධම‍්මා පඤ‍්ඤායන‍්ති. ඉමස‍්මිඤ‍්චාපි මහාචිත‍්තෙ කත‍්තුකම්‍යතාකුසලධම‍්මච‍්ඡන්‍දො අත්‍ථි, චිත‍්තඞ‍්ගවසෙන පන පාළියං න ආරුළ‍්හො. සො ඉධ යෙවාපනකවසෙන ගහිතො.

බුදුරජාණන් වහන්සේ මෙපමණකින් චිත්තාංග වශයෙන් පාළියෙහි ආරූඪ වූ පනසකට අධික ධර්මයන් දක්වා යෙවාපතක (යෙවා පන) වශයෙන් අන්‍ය වූ ද ධර්ම නවයක් දක්වන සේක. ඒ ඒ සූත්‍ර පදන්හි වනාහි ඡන්‍ද අධිමොක්‍ඛ මනසිකාර තත්‍රමජ්ඣත්තතා කරුණා මුදිතා කායදුච්චරිත විරති වචී දුච්චරිතවිරති මිච්ඡාජීවවිරති යන මේ නවධර්මයෝ පැනෙත්. මේ මහා සිතෙහි ද කත්තු කම්‍යතා කුසල ධම්මච්ඡන්‍දය ඇත. චිත්තාංග වශයෙන් වනාහි පාළියට නොනැඟිණ. එය මෙහිදී යේවාපනක වශයෙන් ගන්නා ලදී.

අධිමොක‍්ඛො අත්‍ථි, මනසිකාරො අත්‍ථි, තත්‍රමජ‍්ඣත‍්තතා අත්‍ථි. මෙත‍්තාපුබ‍්බභාගො අත්‍ථි; සො අදොසෙ ගහිතෙ ගහිතො එව හොති. කරුණාපුබ‍්බභාගො අත්‍ථි, මුදිතාපුබ‍්බභාගො අත්‍ථි. උපෙක‍්ඛාපුබ‍්බභාගො අත්‍ථි; සො පන තත්‍රමජ‍්ඣත‍්තතාය ගහිතාය ගහිතොව හොති. සම‍්මාවාචා අත්‍ථි, සම‍්මාකම‍්මන‍්තො අත්‍ථි. සම‍්මාආජීවො අත්‍ථි; චිත‍්තඞ‍්ගවසෙන පන පාළියං න ආරුළ‍්හො. සොපි ඉධ යෙවාපනකවසෙන ගහිතො.

අධිමොක්ඛය ඇත. මනසිකාරය ඇත. තත්‍රමජ්ඣත්තතාව ඇත. මෙත්තාපුබ්බ භාගය ඇත. උපෙක්ඛා පුබ්බභාගය ද ඇත. එය වනාහි තත්‍ර මජ්ඣත්තතාව ගත් හෙයින් ගන්නා ලද්දේම වෙයි. සම්මා වාචාව ඇත. සම්මා කම්මන්තය ඇත. සම්මා ආජීවය ඇත. චිත්තාංග වශයෙන් වශයෙන් වනාහි පාළියට ආරූඪ නොවීය. එයද මෙහිදී යේවාපනක වශයෙන් ගන්නා ලදී.

ඉමෙසු පන නවසු ඡන්‍දො අධිමොක‍්ඛො මනසිකාරො තත්‍රමජ‍්ඣත‍්තතාති ඉමෙ චත‍්තාරොව එකක‍්ඛණෙ ලබ‍්භන‍්ති, සෙසා නානාක‍්ඛණෙ. යදා හි ඉමිනා චිත‍්තෙන මිච‍්ඡාවාචං පජහති, විරතිවසෙන සම‍්මාවාචං පූරෙති, තදා ඡන්‍දාදයො චත‍්තාරො, සම‍්මාවාචා චාති ඉමෙ පඤ‍්ච එකක‍්ඛණෙ ලබ‍්භන‍්ති. යදා මිච‍්ඡාකම‍්මන‍්තං පජහති, විරතිවසෙන සම‍්මාකම‍්මන‍්තං පූරෙති…පෙ… මිච‍්ඡාආජීවං පජහති, විරතිවසෙන සම‍්මාආජීවං පූරෙති…පෙ… යදා කරුණාය පරිකම‍්මං කරොති…පෙ… යදා මුදිතාය පරිකම‍්මං කරොති, තදා ඡන්‍දාදයො චත‍්තාරො, මුදිතාපුබ‍්බභාගො චාති ඉමෙ පඤ‍්ච එකක‍්ඛණෙ ලබ‍්භන‍්ති. ඉතො පන මුඤ‍්චිත්‍වා, දානං දෙන‍්තස‍්ස සීලං පූරෙන‍්තස‍්ස යොගෙ කම‍්මං කරොන‍්තස‍්ස චත‍්තාරි අපණ‍්ණකඞ‍්ගානෙව ලබ‍්භන‍්ති.

මේ නවය අතුරෙන් ඡන්‍ද අධිමොක්ඛ මනසිකාර තත්‍රමජ්ඣත්තතා යන මේ සතර එක් ක්‍ෂණයකදීම ලැබෙත්. සෙස්සෝ නානාක්‍ෂණයන්හි දී ලැබෙත්. යම්කලෙක වනාහි මේ සිතින් මිථ්‍යා වචනය දුරුකෙරේද, විරති වශයෙන් සම්‍යක් වචනය පිරෙයි ද, එකල්හි ඡන්‍දාදිය ද සතර සම්‍යක් වචනයෝදැයි මේ පස්දෙනා ඒක ක්‍ෂණයෙහිම ලැබෙත්. යම් අවස්ථාවක මිථ්‍යා කර්මාන්තය දුරුකරයි ද විරති වශයෙන් විරති වශයෙන් සම්‍යක් කර්මාන්තය පිරෙති. -පෙ- මිථ්‍යා ආජීවය දුරුකරයි ද, විරති වශයෙන් සම්‍යක් ආජීවය පිරෙයි. කරුණාවෙන් පරිකර්ම කෙරේද, මුදිතාවෙන් පරිකර්ම කෙරේ ද, එකල්හි ඡන්‍දාදී සතර ද සම්‍යක් වචනය ද යන මේ පස ඒකක්‍ෂණයෙහි ලැබෙත්. මෙයින් මිදී දන්දෙන්නහුට සිල් පුරන්නහුට භාවනා කර්ම කරන්නහුට සතර අපණ්ණාකාංගයේ නොලැබෙත්මය.

එවමෙතෙසු නවසු යෙවාපනකධම‍්මෙසු ‘ඡන්‍දො’ති කත‍්තුකම්‍යතායෙතං අධිවචනං. තස‍්මා සො කත‍්තුකම්‍යතාලක‍්ඛණො ඡන්‍දො, ආරම‍්මණපරියෙසනරසො, ආරම‍්මණෙන අත්‍ථිකතාපච‍්චුපට‍්ඨානො . තදෙවස‍්ස පදට‍්ඨානං . ආරම‍්මණස‍්ස ගහණෙ චායං චෙතසො හත්‍ථප‍්පසාරණං විය දට‍්ඨබ‍්බො.

මෙසේ මේ යොවාපනය ධර්මයන් අතුරෙහි ඡන්‍දො යන මෙය කත්තුකම්‍යතාවට නමකි. එහෙයින් එය කත්තුකම්‍යතාව ලක්‍ෂණකොට ඇත්තේය. ඡන්‍දය අරමුණු සෙවීම රසයකොට ඇත්තේය. අරමුණ සමග ඇති බව එළඹ සිටි බවයි. එයම එයට ආසන්න කාරණයයි. මෙය අරමුණු ගැනීමේදී ද චිත්තයාගේ (සිතේ) අත දිගහැරීම මෙනැයි දතයුතුයි.

අධිමුච‍්චනං ‘අධිමොක‍්ඛො’. සො සන‍්නිට‍්ඨානලක‍්ඛණො, අසංසප‍්පනරසො, නිච‍්ඡයපච‍්චුපට‍්ඨානො සන‍්නිට‍්ඨාතබ‍්බධම‍්මපදට‍්ඨානො. ආරම‍්මණෙ නිච‍්චලභාවෙන ඉන්‍දඛීලො විය දට‍්ඨබ‍්බො.

ස්ථිර ලෙස පිහිටීම = අධිමෝක්‍ෂයයි. එය අධිෂ්ඨානය ලක්‍ෂණ කොට ඇත්තේය. නොසැලීම රසය කොට ඇත්තේය. නිශ්චය එළඹ සිටි කාරණයයි. නිශ්චය කළයුතු ධර්ම ආසන්න කාරණා කොට ඇත්තේ ය. අරමුණෙහි නිශ්චල බැවින් ඉන්‍ද්‍රඛීලයක් මෙනැයි දතයුතුයි.

කිරියා කාරො, මනස‍්මිං කාරො ‘මනසිකාරො’. පුරිමමනතො විසදිසං මනං කරොතීතිපි මනසිකාරො. ස‍්වායං ආරම‍්මණපටිපාදකො වීථිපටිපාදකො ජවනපටිපාදකොති තිප‍්පකාරො. තත්‍ථ ආරම‍්මණපටිපාදකො මනස‍්මිං කාරොති මනසිකාරො. සො සාරණලක‍්ඛණො, සම‍්පයුත‍්තානං ආරම‍්මණෙ සම‍්පයොජනරසො, ආරම‍්මණාභිමුඛභාවපච‍්චුපට‍්ඨානො, සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො. ආරම‍්මණපටිපාදකත‍්තෙන සම‍්පයුත‍්තානං සාරථි විය දට‍්ඨබ‍්බො. වීථිපටිපාදකොති පන පඤ‍්චද‍්වාරාවජ‍්ජනස‍්සෙතං අධිවචනං. ජවනපටිපාදකොති මනොද‍්වාරාවජ‍්ජනස‍්ස. න තෙ ඉධ අධිප‍්පෙතා.

ක්‍රියා කරන්නා - සිතෙහි කරන්නා මනසිකාරයයි. පළමු සිතට සමාන නොවූ සිතක් කෙරේ යනු ද = මනසිකාරයි. ඒ මේ මනසිකාරය අරමුණු ප්‍රතිපාදකය. වීථි ප්‍රතිපාදකය. ජවන ප්‍රතිපාදකය යැයි ත්‍රිවිධය. එහිදී ආරම්මණ ප්‍රතිපාදකය, සිතෙහි කරන්නාය යනු මනසිකාරයි. එය අරමුණු සහිත බව ලක්‍ෂණ කොට ඇත්තේය. සම්ප්‍රයුක්තයන් අරමුණෙහි යෙදීම රසයකොට ඇත්තේය. අරමුණට අභිමුඛභාවය එළඹ සිටි කාරණකොට ඇත්තේය. සංස්කාර ස්කන්‍ධයට අන්තර්ගතය. අරමුණු ප්‍රතිපාදක බැවින් සම්ප්‍රයුක්ත ධර්මයන්ට රියදුරකු මෙනැයි දතයුතුයි. වීථිප්‍රතිපාදක යන මෙය වනාහි පංච ද්වාරාවර්ජනයට නමකි. ජවන ප්‍රතිපාදක යනු මනෝද්වාරාවර්ජනයට නමකි. ඒවා මෙහිදී අභිප්‍රේත නොවේ.

තෙසු ධම‍්මෙසු මජ‍්ඣත‍්තතා ‘තත්‍රමජ‍්ඣත‍්තතා’. සා චිත‍්තචෙතසිකානං සමවාහිතලක‍්ඛණා, ඌනාධිකනිවාරණරසා, පක‍්ඛපාතුපච‍්ඡෙදනරසා වා; මජ‍්ඣත‍්තභාවපච‍්චුපට‍්ඨානා. චිත‍්තචෙතසිකානං අජ‍්ඣුපෙක‍්ඛනවසෙන සමප‍්පවත‍්තානං ආජානෙය්‍යානං අජ‍්ඣුපෙක‍්ඛනසාරථි විය දට‍්ඨබ‍්බා.

ඒ ධර්මයන්හි මධ්‍යස්ත බව තත්‍රමජ්ඣත්තතාවයි. එය චිත්ත චෛතසිකයන් එක්රැස් කිරීම ලක්‍ෂණ කොට ඇත්තේය. ඌනාධික නිවාරණය රසයකොට ඇත්තේය. පක්‍ෂපාත බව සිඳීම හෝ රසය කොට ඇත්තේ ය. මධ්‍යස්ථ බව එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය. චිත්ත චෛතසිකයන්ට මධ්‍යස්ථ වශයෙන් පවතින ආජනීය අශ්වයට මධ්‍යස්ථවන රියදුරකු මෙනැයි දතයුතුයි.

‘කරුණාමුදිතා’ බ්‍රහ‍්මවිහාරනිද‍්දෙසෙ ආවි භවිස‍්සන‍්ති. කෙවලඤ‍්හි තා අප‍්පනප‍්පත‍්තා රූපාවචරා, ඉධ කාමාවචරාති අයමෙව විසෙසො.

කරුණා මුදිතා දෙක බ්‍රහ්මවිහාර නිර්දේශයෙහි මතු පළවන්නේ ය. හුදෙක් ඒ දෙක වනාහි ධ්‍යානප්‍රාප්ත රූපාවචරයෝ ය. මෙහිදී කාමාවචරය යන මෙයම වෙනසයි.

කායදුච‍්චරිතතො විරති ‘කායදුච‍්චරිතවිරති’. සෙසපදද‍්වයෙපි එසෙව නයො. ලක‍්ඛණාදිතො පනෙතා තිස‍්සොපි කායදුච‍්චරිතාදිවත්‍ථූනං අවීතික‍්කමලක‍්ඛණා; අමද‍්දනලක‍්ඛණාති වුත‍්තං හොති. කායදුච‍්චරිතාදිවත්‍ථුතො සඞ‍්කොචනරසා, අකිරියපච‍්චුපට‍්ඨානා, සද‍්ධාහිරොත‍්තප‍්පඅප‍්පිච‍්ඡතාදිගුණපදට‍්ඨානා. පාපකිරියතො චිත‍්තස‍්ස විමුඛීභාවභූතාති දට‍්ඨබ‍්බා.

කාය දුශ්චරිතයෙන් වැළකීම = කාය දුච්චරිත විරතියයි. සෙසු පද දෙක්හි ද මේ නයමය. මේ තුනම වනාහි ලක්‍ෂණාදී වශයෙන් කායදුශ්චරිතාදී වස්තූන් නො ඉක්මවීම ලක්‍ෂණ කොට ඇත. මර්දනය නො කිරීම ලක්‍ෂණකොට ඇතැයි කියන ලද්දේ වෙයි. කාය දුශ්චරිතාදී වස්තු හැකිළවීම රසය කොට ඇත. අක්‍රිය බව එළඹ සිටි කාරණ කොට ඇත. ශ්‍රද්ධා හිරි ඔතප් අපිස් බව ආදි ගුණ ආසන්න කාරණ කොට ඇත. පාපක්‍රියාවෙන් සිත විමුබිභාවයට පත්විණැයි දතයුතුයි.

ඉති ඵස‍්සාදීනි ඡප‍්පඤ‍්ඤාස යෙවාපනකවසෙන වුත‍්තානි නවාති සබ‍්බානිපි ඉමස‍්මිං ධම‍්මුද‍්දෙසවාරෙ පඤ‍්චසට‍්ඨි ධම‍්මපදානි භවන‍්ති. තෙසු එකක‍්ඛණෙ කදාචි එකසට‍්ඨි භවන‍්ති, කදාචි සමසට‍්ඨි. තානි හි සම‍්මාවාචාපූරණාදිවසෙන. උප‍්පත‍්තියං පඤ‍්චසු ඨානෙසු එකසට‍්ඨි භවන‍්ති. තෙහි මුත‍්තෙ එකස‍්මිං ඨානෙ සමසට‍්ඨි භවන‍්ති. ඨපෙත්‍වා පන යෙවාපනකෙ පාළියං යථාරුතවසෙන ගය‍්හමානානි ඡප‍්පඤ‍්ඤාසාව හොන‍්ති. අග‍්ගහිතග‍්ගහණෙන පනෙත්‍ථ ඵස‍්සපඤ‍්චකං, විතක‍්කො විචාරො පීති චිත‍්තෙකග‍්ගතා, පඤ‍්චින්‍ද්‍රියානි, හිරිබලං ඔත‍්තප‍්පබලන‍්ති ද‍්වෙ බලානි, අලොභො අදොසොති ද‍්වෙ මූලානි, කායපස‍්සද‍්ධිචිත‍්තපස‍්සද‍්ධිආදයො ද‍්වාදස ධම‍්මාති සමතිංස ධම‍්මා හොන‍්ති.

මෙසේ ස්පර්ශාදී සපනය ද යේවාපනක වශයෙන් කියන ලද නවයදැයි යන මේ සියල්ලම මේ ධම්මුද්දෙස වාරයෙහි ධර්මපද සැටපහක් වෙයි. නිසිකලෙක එක් ක්‍ෂණයෙක්හි ඔවුනතුරෙන් එක්සැටක් වෙයි. කිසිකලෙක සමසැටක් වෙයි. ඒවා වනාහි සම්මා වාචා පූරණාදී වශයෙන් උපතේදී එක්සැටක් වෙයි. ඔවුන්ගෙන් බිඳුණු කල්හි එක්තැනක සිවසැටක් වෙයි. යේවාපනකයන් හැර ගත් කල්හි වනාහි පාළියෙහි දක්වන ලද අයුරින් ගනු ලබන පනස්හයක්ම වෙයි. මෙහිදී වනාහි අංගහිතගහණ වශයෙන් ස්පර්ශ පංචකය විතර්කය විචාරය ප්‍රීතිය චිත්තෙකග්‍රතාව පංචෙන්‍ද්‍රිය හිරිබලය ඔත්තප්ප බලය යන බලදෙක අලෝභ අදෝස යන මූල දෙක කායපස්සද්ධිය චිත්තපස්සද්ධිය ආදී දොළොස් ධර්ම යන සමතිසක් ධර්ම වෙයි.

තෙසු සමතිංසාය ධම‍්මෙසු අට‍්ඨාරස ධම‍්මා අවිභත‍්තිකා හොන‍්ති, ද‍්වාදස සවිභත‍්තිකා. කතමෙ අට‍්ඨාරස? ඵස‍්සො සඤ‍්ඤා චෙතනා විචාරො පීති ජීවිතින්‍ද්‍රියං, කායපස‍්සද‍්ධිආදයො ද‍්වාදස ධම‍්මාති ඉමෙ අට‍්ඨාරස අවිභත‍්තිකා. වෙදනා චිත‍්තං විතක‍්කො චිත‍්තෙකග‍්ගතා, සද‍්ධින්‍ද්‍රියං වීරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං, හිරිබලං ඔත‍්තප‍්පබලං, අලොභො අදොසොති ඉමෙ ද‍්වාදස ධම‍්මා සවිභත‍්තිකා. තෙසු සත‍්ත ධම‍්මා ද‍්වීසු ඨානෙසු විභත‍්තා, එකො තීසු, ද‍්වෙ චතූසු, එකො ඡසු, එකො සත‍්තසු ඨානෙසු විභත‍්තො.

ඒ සමතිස් ධර්ම අතුරෙන් ධර්ම අටළොසක් නො බෙදන ලද්දේ වෙයි. දොළොසක් සවිභත්තික වෙයි. කවර දහඅටක් ද, ස්පර්ශය සංඥාව චේතනාව විචාරය ප්‍රීතිය ජීවිතින්‍ද්‍රිය කායපස්සද්ධිය ආදී වූ දොළොස් ධර්මයෝ යැයි මේ දහඅට අවිභත්තිකයහ. වේදනාව චිත්තය විතර්කය විත්තෙකග්‍රතාව සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය හිරිබලය ඔත්තප්ප බලය අලෝභය අදෝසය යන මේ දොළොස් ධර්ම සවිභක්තිකය. ඔවුනතුරෙන් ධර්ම සතක් දෙතැනකදී බෙදන ලදී. එකක් ස්ථාන තුනකදී ද දෙකක් ස්ථාන සතරකදී ද එකක් ස්ථාන සයකද එකක් ස්ථාන සතකද බෙදන ලදී.

කථං? චිත‍්තං විතක‍්කො සද‍්ධා හිරී ඔත‍්තප‍්පං අලොභො අදොසොති ඉමෙ සත‍්ත ද‍්වීසු ඨානෙසු විභත‍්තා.

කෙසේද යත්, චිත්තය විතර්කය ශ්‍රද්ධාව හිරිය ඔත්තප්පය අලෝභය අදෝසය මේ ධර්ම සත ස්ථාන දෙකකදී බෙදන ලදී.

එතෙසු හි චිත‍්තං තාව ඵස‍්සපඤ‍්චකං පත්‍වා චිත‍්තං හොතීති වුත‍්තං, ඉන්‍ද්‍රියානි පත්‍වා මනින්‍ද්‍රියන‍්ති. විතක‍්කො ඣානඞ‍්ගානි පත්‍වා විතක‍්කො හොතීති වුත‍්තො, මග‍්ගඞ‍්ගානි පත්‍වා සම‍්මාසඞ‍්කප‍්පොති. සද‍්ධා ඉන්‍ද්‍රියානි පත්‍වා සද‍්ධින්‍ද්‍රියං හොතීති වුත‍්තා, බලානි පත්‍වා සද‍්ධාබලන‍්ති. හිරී බලානි පත්‍වා හිරිබලං හොතීති වුත‍්තා, ලොකපාලදුකං පත්‍වා හිරීති. ඔත‍්තප‍්පෙපි එසෙව නයො. අලොභො මූලං පත්‍වා අලොභො හොතීති වුත‍්තො, කම‍්මපථං පත්‍වා අනභිජ‍්ඣාති. අදොසො මූලං පත්‍වා අදොසො හොතීති වුත‍්තො, කම‍්මපථං පත්‍වා අබ්‍යාපාදොති. ඉමෙ සත‍්ත ද‍්වීසු ඨානෙසු විභත‍්තා.

මොවුනතුරෙන් සිත වනාහි ඵස්ස පංචකයට පැමිණ සිත වේයැයි කියන ලදී. ඉන්‍ද්‍රියන්ට පැමිණ මතින්‍ද්‍රිය යැයි කියන ලදී. විතර්කය ධ්‍යානාංගයන්ට පැමිණ විතර්කය වේයැයි කියන ලදී. මාර්ගාංගයන්ට පැමිණ සම්මා සංකප්පයැයි කියන ලදී. ශ්‍රද්ධාව ඉන්‍ද්‍රියන්ට පැමිණ සද්ධින්‍ද්‍රිය වේයැයි කියන ලදී. බලයට පැමිණ ශ්‍රද්ධා බලය යැයි කියන ලදී. හිරිය බලයන්ට පැමිණ හිරිබලය වේයැයි කියන ලදී. ලෝකපාල දුකයට පැමිණ හිරියැයි කියන ලදී. ඔත්තප්පයෙහිද මේ නයමය. අලෝභය වනාහි මූලයට පැමිණ අලෝභය වේයැයි කියන ලදී. කර්මපථයට පැමිණ අනභිජ්ඣා වේයැයි කියන ලදී. අදෝසය මූලයට පැමිණ අදෝසය වේයැයි කියන ලදී. කර්මපථයට පැමිණ අව්‍යාපාදය යැයි කියන ලදී. මේ සත ස්ථාන දෙකකදී බෙදන ලදී.

වෙදනා පන ඵස‍්සපඤ‍්චකං පත්‍වා වෙදනා හොතීති වුත‍්තා, ඣානඞ‍්ගානි පත්‍වා සුඛන‍්ති, ඉන්‍ද්‍රියානි පත්‍වා සොමනස‍්සින්‍ද්‍රියන‍්ති. එවං එකො ධම‍්මො තීසු ඨානෙසු විභත‍්තො.

වේදනාව වනාහි ඵස්ස පංචකයට පැමිණ වේදනා (නම්) වේයැයි කියන ලදී. ධ්‍යානාංගයන්ට පැමිණ සුඛයැයි ද ඉන්‍ද්‍රියන්ට පැමිණ සෝමනස්සන්‍ද්‍රිය යැයි ද කියන ලදී. මෙසේ එක් ධර්මයක් ස්ථාන තුනෙක බෙදන ලදී.

වීරියං පන ඉන්‍ද්‍රියානි පත්‍වා වීරියින්‍ද්‍රියං හොතීති වුත‍්තං, මග‍්ගඞ‍්ගානි පත්‍වා සම‍්මාවායාමොති, බලානි පත්‍වා වීරියබලන‍්ති, පිට‍්ඨිදුකං පත්‍වා පග‍්ගාහොති. සතිපි ඉන්‍ද්‍රියානි පත්‍වා සතින්‍ද්‍රියං හොතීති වුත‍්තා, මග‍්ගඞ‍්ගානි පත්‍වා සම‍්මාසතීති, බලානි පත්‍වා සතිබලන‍්ති, පිට‍්ඨිදුකං පත්‍වා සති හොතීති වුත‍්තා. එවං ඉමෙ ද‍්වෙ ධම‍්මා චතූසු ඨානෙසු විභත‍්තා.

වීර්යය වනාහි ඉන්‍ද්‍රියට පැමිණ විරියින්‍ද්‍රිය වේයැයි කියන ලදී. මාර්ගාංගයන්ට පැමිණ සම්මා වායාම යැයි ද බලයට පැමිණ විරියබලය යැයි ද පිට්ඨි දුකයට පැමිණ පග්ගාහය යැයි ද කියන ලදී. සතිය ද ඉන්‍ද්‍රියයන්ට පැමිණ සතින්‍ද්‍රිය නම් වේයැයි කියන ලදී. මාර්ගාංගයන්ට පැමිණ සම්මා සතිය යැයි ද බලයන්ට පැමිණ සති බලය යැයි ද පිට්ඨිදුකයට පැමිණ සතිය (නම්) වේයැයි කියන ලදී. මෙසේ මේ ධර්ම දෙක ස්ථාන සතරෙක බෙදන ලදී.

සමාධි පන ඣානඞ‍්ගානි පත්‍වා චිත‍්තස‍්සෙකග‍්ගතා හොතීති වුත‍්තො, ඉන්‍ද්‍රියානි පත්‍වා සමාධින්‍ද්‍රියන‍්ති, මග‍්ගඞ‍්ගානි පත්‍වා සම‍්මාසමාධීති. බලානි පත්‍වා සමාධිබලන‍්ති, පිට‍්ඨිදුකං පත්‍වා සමථො අවික‍්ඛෙපොති. එවමයං එකො ධම‍්මො ඡසු ඨානෙසු විභත‍්තො.

සමාධිය වනාහි ධ්‍යානාංගයන්ට පැමිණ චිත්තස්සෙකග්ගතා (නම්) වේයැයි කියන ලදී. ඉන්‍ද්‍රියයන්ට පැමිණ සමාධි ඉන්‍ද්‍රිය යැයි ද මාර්ගාංගයන්ට පැමිණ සම්මා සමාධිය යැයි ද, බලයට පැමිණ සමාධි බලය යැයි ද, පිට්ඨි දුකයට පැමිණ සමථය අවික්‍ෂෙපය යැයි ද කියන ලදී. මෙසේ අපි එක (ම) ධර්මය ස්ථාන සයෙක බෙදුවෙමු.

පඤ‍්ඤා පන ඉන්‍ද්‍රියානි පත්‍වා පඤ‍්ඤින්‍ද්‍රියං හොතීති වුත‍්තා, මග‍්ගඞ‍්ගානි පත්‍වා සම‍්මාදිට‍්ඨීති, බලානි පත්‍වා පඤ‍්ඤාබලන‍්ති, මූලානි පත්‍වා අමොහොති, කම‍්මපථං පත්‍වා සම‍්මාදිට‍්ඨීති, පිට‍්ඨිදුකං පත්‍වා සම‍්පජඤ‍්ඤං විපස‍්සනාති. එවං එකො ධම‍්මො සත‍්තසු ඨානෙසු විභත‍්තො.

ප්‍රඥාව වනාහි ඉන්‍ද්‍රියයන්ට පැමිණ පඤ්ඤින්‍ද්‍රිය (නම්) වේයැයි කියන ලදී. මාර්ගාංගයන්ට පැමිණ සම්මා දිට්ඨිය යැයි ද, බලයන්ට පැමිණ පඤ්ඤා බලය යැයි ද, මූලයන්ට අමෝහය යැයි ද කර්මපථයට පැමිණ සම්මා දිට්ඨිය යැයි ද, පිට්ඨි දුකයට පැමිණ සම්පජඤ්ඤය විපස්සනාව යැයි ද (කියන ලදී) මෙසේ එක (ම) ධර්මය ස්ථාන සතක බෙදන ලදී.

සචෙ පන කොචි වදෙය්‍ය – ‘එත්‍ථ අපුබ‍්බං නාම නත්‍ථි, හෙට‍්ඨා ගහිතමෙව ගණ‍්හිත්‍වා තස‍්මිං තස‍්මිං ඨානෙ පදං පූරිතං, අනනුසන්‍ධිකා කථා උප‍්පටිපාටියා චොරෙහි ආභතභණ‍්ඩසදිසා, ගොයූථෙන ගතමග‍්ගෙ ආලුලිතතිණසදිසා අජානිත්‍වා කථිතා’ති, සො ‘මාහෙව’න‍්ති පටිසෙධෙත්‍වා වත‍්තබ‍්බො – ‘බුද‍්ධානං දෙසනා අනනුසන්‍ධිකා නාම නත්‍ථි, සානුසන්‍ධිකා ව හොති. අජානිත්‍වා කථිතාපි නත්‍ථි, සබ‍්බා ජානිත්‍වා කථිතායෙව. සම‍්මාසම‍්බුද‍්ධො හි තෙසං තෙසං ධම‍්මානං කිච‍්චං ජානාති, තං ඤත්‍වා කිච‍්චවසෙන විභත‍්තිං ආරොපෙන‍්තො අට‍්ඨාරස ධම‍්මා එකෙකකිච‍්චාති ඤත්‍වා එකෙකස‍්මිං ඨානෙ විභත‍්තිං ආරොපෙසි. සත‍්ත ධම‍්මා ද‍්වෙද‍්වෙකිච‍්චාති ඤත්‍වා ද‍්වීසු ද‍්වීසු ඨානෙසු විභත‍්තිං ආරොපෙසි. වෙදනා තිකිච‍්චාති ඤත්‍වා තීසු ඨානෙසු විභත‍්තිං ආරොපෙසි. වීරියසතීනං චත‍්තාරි චත‍්තාරි කිච‍්චානීති ඤත්‍වා චතූසු චතූසු ඨානෙසු විභත‍්තිං ආරොපෙසි. සමාධි ඡකිච‍්චොති ඤත්‍වා ඡසු ඨානෙසු විභත‍්තිං ආරොපෙසි. පඤ‍්ඤා සත‍්තකිච‍්චාති ඤත්‍වා සත‍්තසු ඨානෙසු විභත‍්තිං ආරොපෙසි’.

ඉදින් කිසිවෙක් වනාහි මෙහි අනුපූර්වයක් නැත. යට ගන්නා ලද්දම ගෙන ඒ ඒ තැන්හි පද පුරවන ලදී. අනුසන්ධියක් නැති කථාවකි. පිළිවෙළ රහිතව සොරුන් විසින් ගෙනෙන ලද බඩු සමානය. ගොන් රැළ ගිය මග විසුරුවන ලද තෘණ සමානය. නොදැන කියන ලදැයි කියන්නේ නම් හෙතෙම එසේ නොවේයැයි ප්‍රතිෂේධ කොට කිවයුත්තේය. බුදුවරුන්ගේ අනුසන්ධි නැති දේශනා නම් නැත. සියල්ල දැනගෙනම කියන ලදී. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනාහි ඒ ඒ ධර්මයන්ගේ කිස දන්නා සේක. එය දැන කෘත්‍යය වශයෙන් විභක්තියට ආරෝපණය කරන සේක් අටළොස් ධර්මයෝ එක එක කෘත්‍යය ඇත්තාහයි දැන එක් එක් තැන්හි විභක්තියට ආරෝපණය කළ සේක. ධර්ම සතක් කෘත්‍ය දෙක බැගින් ඇතැයි දැන ස්ථාන දෙකක වශයෙන් විභක්තියට නැගුහ. (වේදනාව කෘත්‍යය තුනක් ඇතැයි දැන ස්ථාන තුනෙක විභක්තිය නැගුහ. වීර්යය සතිය කෘත්‍යය සතරක් ඇතැයි දැන) සතර සතර තැන්හි විභක්තියට නැගුහ. සමාධිය කෘත්‍ය සයක් ඇතැයි දැන ස්ථාන සයෙක විභක්තියට නැගුහ. ප්‍රඥාව කෘත්‍යය සතක් ඇතැයි දැන ස්ථාන සතෙක විභක්තියට නැගූහ.

තත්‍රිදං ඔපම‍්මං – එකො කිර පණ‍්ඩිතො රාජා රහොගතො චින‍්තෙසි – ‘ඉමං රාජකුලසන‍්තකං න යථා වා තථා වා ඛාදිතබ‍්බං, සිප‍්පානුච‍්ඡවිකං වෙතනං වඩ‍්ඪෙස‍්සාමී’ති. සො සබ‍්බෙ සිප‍්පිකෙ සන‍්නිපාතාපෙත්‍වා ‘එකෙකසිප‍්පජානනකෙ පක‍්කොසථා’ති ආහ. එවං පක‍්කොසියමානා අට‍්ඨාරස ජනා උට‍්ඨහිංසු. තෙසං එකෙකං පටිවීසං දාපෙත්‍වා විස‍්සජ‍්ජෙසි. ‘ද‍්වෙ ද‍්වෙ සිප‍්පානි ජානන‍්තා ආගච‍්ඡන‍්තූ’ති වුත‍්තෙ පන සත‍්ත ජනා ආගමංසු. තෙසං ද‍්වෙ ද‍්වෙ පටිවීසෙ දාපෙසි. ‘තීණි සිප‍්පානි ජානන‍්තා ආගච‍්ඡන‍්තූ’ති වුත‍්තෙ එකොව ආගච‍්ඡි. තස‍්ස තයො පටිවීසෙ දාපෙසි. ‘චත‍්තාරි සිප‍්පානි ජානන‍්තා ආගච‍්ඡන‍්තූ’ති වුත‍්තෙ ද‍්වෙ ජනා ආගමංසු. තෙසං චත‍්තාරි චත‍්තාරි පටිවීසෙ දාපෙසි. ‘පඤ‍්ච සිප‍්පානි ජානන‍්තා ආගච‍්ඡන‍්තූ’ති වුත‍්තෙ එකොපි නාගච‍්ඡි . ‘ඡ සිප‍්පානි ජානන‍්තා ආගච‍්ඡන‍්තූ’ති වුත‍්තෙ එකොව ආගච‍්ඡි. තස‍්ස ඡ පටිවීසෙ දාපෙසි. ‘සත‍්ත සිප‍්පානි ජානන‍්තා ආගච‍්ඡන‍්තූ’ති වුත‍්තෙ එකොව ආගච‍්ඡි. තස‍්ස සත‍්ත පටිවීසෙ දාපෙසි.

එහිදී මේ උපමාවෙහි එක් පණ්ඩිත රජෙක් රහසිගතව මෙසේ සිතීය. රාජකුලය සන්තක මේ (ධනය) කෙසේ හෝ (නොසැලකිල්ලෙන්) කාදැමිය යුතු නොවේ. ශිල්පයන්ට අනුරූප වේතනයක් වර්ධනය කරන්නෙමියි කියායි. හෙතෙම සියලු ශිල්පීන් රැස්කරවා එක් එක් ශිල්පය දන්නවුන් කැඳවව් යැයි කීය. මෙසේ කැඳවන විට දහඅට දෙනෙක් ඉදිරිපත් වූහ. ඔවුන් එක එක කොටස බැගින් දෙවා පිටත්කොට යැවීය. ශිල්ප දෙක බැගින් දන්නෝ එත්වායි කී කල්හි වනාහි සත්දෙනෙක් ආවාහුය. ඔවුන් කොටස් දෙක බැගින් දෙවීය. ශිල්ප තුනක් දන්නෝ එත්වායි කී කල්හි එකෙක් පමණක් ආවේය. ඔහුට කොටස් තුනක් දෙවීය. ශිල්ප සතරක් දන්නෝ එත්වායි කී කල්හි දෙදෙනෙක් ආවාහුය. ඔවුන් කොටස් සතරක් දෙවීය. ශිල්ප පහක් දන්නෝ එත්වායි කීකල්හි එක් අයෙක්වත් නො පැමිණියහ. ශිල්ප හයක් දන්නෝ එත්වායි කී කල්හි එක් අයෙක් පමණක් පැමිණියහ. ඔහුට කොටස් හයක් දෙවීය. ශිල්ප සතක් දන්නෝ එත්වායි කී කල්හි එකෙක් පමණක් ආවේය. ඔහුට කොටස් සතක් දෙවීය.

තත්‍ථ පණ‍්ඩිතො රාජා විය අනුත‍්තරො ධම‍්මරාජා. සිප‍්පජානනකා විය චිත‍්තචිත‍්තඞ‍්ගවසෙන උප‍්පන‍්නා ධම‍්මා. සිප‍්පානුච‍්ඡවිකවෙතනවඩ‍්ඪනං විය කිච‍්චවසෙන තෙසං තෙසං ධම‍්මානං විභත‍්තිආරොපනං.

එහිදී අනුත්තර වූ ධර්මරාජයාණන් වහන්සේ පණ්ඩිත රජු මෙනි. චිත්ත චිත්තාංග වශයෙන් උපන් ධර්මයෝ ශිල්ප දරන්නන් මෙනි. ඒ ඒ ධර්මයන් කෘත්‍ය වශයෙන් විභජනයට නැංවීම ශිල්පයන්ට සුදුසු පරිදි චේතනය වැඩීම මෙනි.

සබ‍්බෙපි පනෙතෙ ධම‍්මා ඵස‍්සපඤ‍්චකවසෙන ඣානඞ‍්ගවසෙන ඉන්‍ද්‍රියවසෙන මග‍්ගවසෙන බලවසෙන මූලවසෙන කම‍්මපථවසෙන ලොකපාලවසෙන පස‍්සද‍්ධිවසෙන ලහුතාවසෙන මුදුතාවසෙන කම‍්මඤ‍්ඤතාවසෙන පාගුඤ‍්ඤතාවසෙන උජුකතාවසෙන සතිසම‍්පජඤ‍්ඤවසෙන සමථවිපස‍්සනාවසෙන පග‍්ගාහාවික‍්ඛෙපවසෙනාති සත‍්තරස රාසයො හොන‍්තීති.

මේ සියලුම ධර්මයෝ වනාහි ස්පර්ශපඤ්චක වශයෙන් ධ්‍යානාංග වශයෙන් ඉන්‍ද්‍රිය වශයෙන් මාර්ග වශයෙන් බල වශයෙන් මූල වශයෙන් කර්මපථ වශයෙන් ලෝකපාල වශයෙන් ප්‍රශුද්ධි වශයෙන් ලහුතා වශයෙන් මුදිතා වශයෙන් කර්මන්‍යතා වශයෙන් ප්‍රගුණ්‍යතා වශයෙන් සෘජුකෘතතා වශයෙන් ස්මෘතිය සම්ප්‍රජනා වශයෙන් සමථ විදර්ශනා වශයෙන් උත්සාහ විදර්ශනා වශයෙන්දැයි සප්තරස රාශීහු වෙත් යනුයි.

ධම‍්මුද‍්දෙසවාරකථා නිට‍්ඨිතා.

ධම්මදේසවාර කථා නිමි.