යෙදුමෙන් කියවන්න

මග‍්ගඞ‍්ගරාසිවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

මග‍්ගඞ‍්ගරාසිවණ‍්ණනා

මග්ගඞ්ගරාසිවණ්ණනා

සම‍්මාදිට‍්ඨිආදීසු දස‍්සනට‍්ඨෙන සම‍්මාදිට‍්ඨි. අභිනිරොපනට‍්ඨෙන සම‍්මාසඞ‍්කප‍්පො, පග‍්ගහනට‍්ඨෙන සම‍්මාවායාමො, උපට‍්ඨානට‍්ඨෙන සම‍්මාසති, අවික‍්ඛෙපනට‍්ඨෙන සම‍්මාසමාධීති වෙදිතබ‍්බො. වචනත්‍ථතො පන සම‍්මා පස‍්සති, සම‍්මා වා තාය පස‍්සන‍්තීති සම‍්මාදිට‍්ඨි. සම‍්මා සඞ‍්කප‍්පෙති, සම‍්මා වා තෙන සඞ‍්කප‍්පෙන‍්තීති සම‍්මාසඞ‍්කප‍්පො. සම‍්මා වායාමෙති, සම‍්මා වා තෙන වායමන‍්තීති සම‍්මාවායාමො. සම‍්මා සරති, සම‍්මා වා තාය සරන‍්තීති සම‍්මාසති. සම‍්මා සමාධියති, සම‍්මා වා තෙන සමාධියන‍්තීති සම‍්මාසමාධි. අපිච, පසත්‍ථා සුන්‍දරා වා දිට‍්ඨි සම‍්මාදිට‍්ඨීති. ඉමිනාපි නයෙන තෙසං වචනත්‍ථො වෙදිතබ‍්බො. ලක‍්ඛණාදීනි පන හෙට‍්ඨා වුත‍්තානෙව.

සම්මා දිට්ඨි ආදියෙහි දර්ශනාර්ථයෙන් = සම්මා දිට්ඨියයි. සිත අරමුණට යොමුකිරිම් අර්ථයෙන් සම්මා සංකල්පයයි. වැටහීම් අර්ථයෙන් සම්මා සතියයි. චංචල නොවන අර්ථයෙන් = සම්මා සමාධි යැයි දතයුතුයි. වචනාර්ථ වශයෙන් වනාහි මනාව දකී හෝ එයින් මනාව දකිත්නුයි = සම්මා දිට්ඨියයි. මනාව සංකල්පනය කෙරෙයි හෝ එයින් මනාව සංකල්පනා කරත්නුයි = සම්මා සංකප්ප යි. මනාව උත්සාහ කෙරෙයි හෝ එයින් මනාව උත්සාහ කරත්නුයි - සම්මා වායාමයි. මනාව සිහිකරයි හෝ එයින් මනාව සිහි කරත්නුයි = සම්මා සතියයි. මනාව සමාධියට පත්වෙයි හෝ එයින් මනාව සමාධියට පත්වෙත්නුයි = සම්මා සමාධියි. තවද ප්‍රශස්ත වූ හෝ සුන්දර වූ දෘෂ්ටිය සම්මා දිට්ඨි යැයි. මේ නයින්ද ඔවුන්ගේ වචනාර්ථය දතයුතුයි. ලක්‍ෂණාදිය වනාහි යට කියන ලදමය.

බලරාසිවණ‍්ණනා

බලරාසිවණ්ණනා

සද‍්ධාබලාදීසුපි සද‍්ධාදීනි වුත‍්තත්‍ථානෙව. අකම‍්පියට‍්ඨෙන පන බලන‍්ති වෙදිතබ‍්බං. එවමෙතෙසු අස‍්සද‍්ධියෙ න කම‍්පතීති සද‍්ධාබලං. කොසජ‍්ජෙ න කම‍්පතීති වීරියබලං. මුට‍්ඨස‍්සච‍්චෙ න කම‍්පතීති සතිබලං. උද‍්ධච‍්චෙ න කම‍්පතීති සමාධිබලං. අවිජ‍්ජාය න කම‍්පතීති පඤ‍්ඤාබලං. අහිරිකෙ න කම‍්පතීති හිරිබලං . අනොත‍්තප‍්පෙ න කම‍්පතීති ඔත‍්තප‍්පබලන‍්ති. අයං උභයපදවසෙන අත්‍ථවණ‍්ණනා හොති.

ශ්‍රද්ධා බල ආදියෙහි ද ශ්‍රද්ධා ආදිය කියන ලදමය. කම්පා නොවන අර්ථයෙන් වනාහි බලය දතයුතුයි. මෙසේ මොවුනතුරෙහි නො ඇදහිය යුත්තෙහි කම්පා නොවේ නුයි = සද්ධා බලයයි. කුසීත බවෙහි කම්පා නොවේ නුයි = විරිය බලයයි. සිහි මුළා බවෙහි කම්පා නොවේනුයි = සති බලයයි. නොසන්සුන් බවෙහි කම්පා නොවේනුයි = සමාධි බලයයි. අවිද්‍යාවෙහි කම්පා නොවේනුයි = පඤ්ඤා බලයයි. අලජ්ජාවෙහි කම්පා නොවේනුයි = හිරි බලයයි. පවට බිය නොවීමෙහි කම්පා නොවීම = ඔත්තප්ප බලයැයි මේ උභයපද වශයෙන් අර්ථ වර්ණනාව වෙයි.

තත්‍ථ පුරිමානි පඤ‍්ච හෙට‍්ඨා ලක‍්ඛණාදීහි පකාසිතානෙව. පච‍්ඡිමද‍්වයෙ කායදුච‍්චරිතාදීහි හිරියතීති හිරී; ලජ‍්ජායෙතං අධිවචනං. තෙහි එව ඔත‍්තප‍්පතීති ඔත‍්තප‍්පං; පාපතො උබ‍්බෙගස‍්සෙතං අධිවචනං. තෙසං නානාකරණදීපනත්‍ථං ‘සමුට‍්ඨානං අධිපති ලජ‍්ජා භයලක‍්ඛණෙන චා’ති ඉමං මාතිකං ඨපෙත්‍වා අයං විත්‍ථාරකථා වුත‍්තා.

එහි පළමු පස යට ලක්‍ෂණාදියෙන් ප්‍රකාශ කරන ලද්දේමය. පශ්චිම ද්වයෙහි කාය දුශ්චරිතාදියෙන් ලජ්ජා වේනුයි = හිරි යයි. මෙය ලජ්ජාවට නමකි. ඒවායින්ම බියවේනුයි = ඔත්තප්පයි. පවින් උද්වේගයට පත්වීමට මෙය නමකි. ඔවුන්ගේම නානත්වය දැක්වීමට සමුට්ඨාන අධිපති ලජ්ජා භය ලක්‍ෂණ යන මේ මාතෘකාව තබා මේ විස්තර කථාව කියන ලදී.

අජ‍්ඣත‍්තසමුට‍්ඨානා හිරී නාම; බහිද‍්ධාසමුට‍්ඨානං ඔත‍්තප‍්පං නාම. අත‍්තාධිපති හිරී නාම; ලොකාධිපති ඔත‍්තප‍්පං නාම. ලජ‍්ජාසභාවසණ‍්ඨිතා හිරී නාම; භයසභාවසණ‍්ඨිතං ඔත‍්තප‍්පං නාම. සප‍්පතිස‍්සවලක‍්ඛණා හිරී නාම; වජ‍්ජභීරුකභයදස‍්සාවිලක‍්ඛණං ඔත‍්තප‍්පං නාම.

ආධ්‍යාත්මයෙහි හටගනුයේ හිරි නමි. පිටත හටගනුයේ ඔත්තප්ප නමි. ආත්මාධිපති වූයේ හිරි නමි. ලෝකය අධිපති කොට ඇත්තේ ඔත්තප්ප නමි. සස්වාමික බව ලක්‍ෂණ කොට ඇත්තේ හිරි නමි. වරදෙහි බිය බව බය දක්නා බව ලක්‍ෂණ කොට ඇත්තේ ඔත්තප්ප නමි.

තත්‍ථ අජ‍්ඣත‍්තසමුට‍්ඨානං හිරිං චතූහි කාරණෙහි සමුට‍්ඨාපෙති – ජාතිං පච‍්චවෙක‍්ඛිත්‍වා, වයං පච‍්චවෙක‍්ඛිත්‍වා, සූරභාවං පච‍්චවෙක‍්ඛිත්‍වා, බාහුසච‍්චං පච‍්චවෙක‍්ඛිත්‍වා. කථං? ‘පාපකරණං නාමෙතං න ජාතිසම‍්පන‍්නානං කම‍්මං, හීනජච‍්චානං කෙවට‍්ටාදීනං ඉදං කම‍්මං. මාදිසස‍්ස ජාතිසම‍්පන‍්නස‍්ස ඉදං කම‍්මං කාතුං න යුත‍්ත’න‍්ති, එවං තාව ජාතිං පච‍්චවෙක‍්ඛිත්‍වා පාණාතිපාතාදිපාපං අකරොන‍්තො හිරිං සමුට‍්ඨාපෙති. තථා ‘පාපකරණං නාමෙතං දහරෙහි කත‍්තබ‍්බං කම‍්මං, මාදිසස‍්ස වයෙ ඨිතස‍්ස ඉදං කම‍්මං කාතුං න යුත‍්ත’න‍්ති, එවං වයං පච‍්චවෙක‍්ඛිත්‍වා පාණාතිපාතාදිපාපං අකරොන‍්තො හිරිං සමුට‍්ඨාපෙති. තථා ‘පාපකම‍්මං නාමෙතං දුබ‍්බලජාතිකානං කම‍්මං, න සූරභාවානං. මාදිසස‍්ස සූරභාවසම‍්පන‍්නස‍්ස ඉදං කම‍්මං කාතුං න යුත‍්ත’න‍්ති, එවං සූරභාවං පච‍්චවෙක‍්ඛිත්‍වා පාණාතිපාතාදිපාපං අකරොන‍්තො හිරිං සමුට‍්ඨාපෙති. තථා ‘පාපකම‍්මං නාමෙතං අන්‍ධබාලානං කම‍්මං, න පණ‍්ඩිතානං. මාදිසස‍්ස පණ‍්ඩිතස‍්ස බහුස‍්සුතස‍්ස ඉදං කම‍්මං කාතුං න යුත‍්ත’න‍්ති, එවං බාහුසච‍්චං පච‍්චවෙක‍්ඛිත්‍වා පාණාතිපාතාදිපාපං අකරොන‍්තො හිරිං සමුට‍්ඨාපෙති. එවං අජ‍්ඣත‍්තසමුට‍්ඨානහිරිං චතූහි කාරණෙහි සමුට‍්ඨාපෙති. සමුට‍්ඨාපෙත්‍වා ච පන අත‍්තනො චිත‍්තෙ හිරිං පවෙසෙත්‍වා පාපකම‍්මං න කරොති. එවං අජ‍්ඣත‍්තසමුට‍්ඨානා හිරී නාම හොති.

එහි ආධ්‍යාත්මයෙහි උපදනා ලජ්ජාව කාරණා සතරකින් උපදවයි. ජාතිය ප්‍රත්‍යවේක්‍ෂා කොට වයස ප්‍රත්‍යවේක්‍ෂා කොට ‘ශූරභාවය ප්‍රත්‍යවේක්‍ෂා කොට බහුශ්‍රැත බව ප්‍රත්‍යවේක්‍ෂා කොට (යනුවෙනි.) කෙසේද යත්? මේ පව්කිරීම නම් ජාති සම්පන්නයන්ගේ කර්මයක් නොවේ. මෙය හීන ජාති ඇති කෙවුල් ආදීන්ගේ කර්මයකි. මා වැනි ජාති සම්පන්නයකු මේ කර්මය කිරීම යුතු නොවේ යැයි මෙසේ වනාහි ජාතිය ප්‍රත්‍යවේක්‍ෂා කොට ප්‍රාණඝාතාදී පව් නොකරනුයේ ලජ්ජාව උපදවයි. එසේම මේ පව් කිරීම නම් ළදරුවන් විසින් කළයුතු කර්මයකි, මා වැනි (වැඩිහිටි) වයසෙහි සිටියකු මේ කර්මය කිරීම යුතු නොවේ යැයි මෙසේ වයස ප්‍රත්‍යවේක්‍ෂා කොට ප්‍රාණඝාතාදී පව් නො කරනුයේ ලජ්ජාව උපදවයි. එසේ පව්කම් නම් දුබල ජාතීන්ගේ කර්මයකි. (ශූරභාවය ඇති අයගේ ක්‍රියාවක් නොවේ) මා වැනි ශූරභාවයෙන් යුත් අයකු මේ කර්මය කරනු යුතු නොවේ යැයි මෙසේ ශූරභාවය ප්‍රත්‍යවේක්‍ෂා කොට ප්‍රාණඝාතාදී පව් නොකරනුයේ ලජ්ජාව උපදවයි. එසේම මේ මේ පාපකර්මය නම් අන්‍ධ බාලයින්ගේ කර්මයකි. පණ්ඩිතයන්ගේ කර්මයක් නොවේ. මා වැනි පණ්ඩිතයකු බහුශ්‍රැතයකු මේ කර්මය කිරිම යුතු නොවේයැයි මෙසේ බහුශ්‍රැත බව ප්‍රත්‍යවේක්‍ෂා කොට ප්‍රාණඝාතාදී පව් නොකරනුයේ ලජ්ජාව උපදවයි. උපදවා ද වනාහි තම සිතෙහි ලජ්ජාව පිවිසුවා පව්කම් නො කරයි. මෙසේ ආධ්‍යාත්මයෙහි උපදිනුයේ හිරි නම් වෙයි.

කථං බහිද‍්ධාසමුට‍්ඨානං ඔත‍්තප‍්පං නාම? සචෙ ත්‍වං පාපකම‍්මං කරිස‍්සසි චතූසු පරිසාසු ගරහප‍්පත‍්තො භවිස‍්සසි.

පිටත උපදිනුයේ ඔත්තප්ප නම් වනුයේ කෙසේද? යත්, ඔබ පව්කම් කරන්නේ නම් සිවුපිරිසෙහි ගර්හාවට පත්වන්නේය.

ගරහිස‍්සන‍්ති තං විඤ‍්ඤූ, අසුචිං නාගරිකො යථා; වජ‍්ජිතො සීලවන‍්තෙහි, කථං භික‍්ඛු කරිස‍්සසීති.

ගරහිස්සන්ති තං විඤ්ඤූ අසූචිං නාගරිකො යථා වජ්ජිතො සීලවග්ගෙහි කථං භික්‍ඛු කරිස්ස සී’ති

‘නාගරිකයකු අශුචියක් මෙන් නුවණැත්තෝ ඔබට ගර්හා කරත්. සිල්වතුන් විසින් වර්ජනය කරන ලද්දේය. මහණ කෙසේ නම්, (මහණකම) කරන්නෙහි ද?’

එවං පච‍්චවෙක‍්ඛන‍්තො හි බහිද‍්ධාසමුට‍්ඨිතෙන ඔත‍්තප‍්පෙන පාපකම‍්මං න කරොති. එවං බහිද‍්ධාසමුට‍්ඨානං ඔත‍්තප‍්පං නාම හොති.

මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වනාහි බාහිරව උපන් ඔත්තප්පය නසා පව්කම් නො කරයි. මෙසේ බාහිරව උපන්නේ ඔත්තප්ප නම් වෙයි.

කථං අත‍්තාධිපති හිරී නාම? ඉධෙකච‍්චො කුලපුත‍්තො අත‍්තානං අධිපතිං ජෙට‍්ඨකං කත්‍වා ‘මාදිසස‍්ස සද‍්ධාපබ‍්බජිතස‍්ස බහුස‍්සුතස‍්ස ධුතඞ‍්ගධරස‍්ස න යුත‍්තං පාපකම‍්මං කාතු’න‍්ති පාපං න කරොති. එවං අත‍්තාධිපති හිරී නාම හොති. තෙනාහ භගවා – “සො අත‍්තානංයෙව අධිපතිං ජෙට‍්ඨකං කරිත්‍වා අකුසලං පජහති කුසලං භාවෙති, සාවජ‍්ජං පජහති අනවජ‍්ජං භාවෙති, සුද‍්ධමත‍්තානං පරිහරතී”ති (අ· නි· 3.40).

හිරිය ආත්මාධිපති නම් වූයේ කෙසේ ද? මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් තමා අධිපති කොට තමා ජ්‍යෙෂ්ඨ කොට ශ්‍රද්ධාවෙන් පැවිදි වූ බහුශ්‍රැත වූ ධුතාංගධර වූ මා වැනි අයෙකුට පව්කිරීම යුතු නොවේ යැයි පව් නොකරයි. මෙසේ ලජ්ජාව ආත්මාධිපති නම් වෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ‘හෙතෙම තමාම අධිපති කොට ජ්‍යෙෂ්ඨ කොට අකුසල් දුරු කරයි. කුසල් වඩයි. සාවද්‍ය දුරුකරයි. නිරවද්‍ය වඩයි. පිරිසිදු වූ ආත්මය පවත්වාගෙන යයි’ යනුයි.

කථං ලොකාධිපති ඔත‍්තප‍්පං නාම? ඉධෙකච‍්චො කුලපුත‍්තො ලොකං අධිපතිං ජෙට‍්ඨකං කත්‍වා පාපකම‍්මං න කරොති. යථාහ – “මහා ඛො පනායං ලොකසන‍්නිවාසො. මහන‍්තස‍්මිං ඛො පන ලොකසන‍්නිවාසෙ සන‍්ති සමණබ්‍රාහ‍්මණා ඉද‍්ධිමන‍්තො දිබ‍්බචක‍්ඛුකා පරචිත‍්තවිදුනො, තෙ දූරතොපි පස‍්සන‍්ති, ආසන‍්නාපි න දිස‍්සන‍්ති, චෙතසාපි චිත‍්තං පජානන‍්ති, තෙපිමං එවං ජානිස‍්සන‍්ති ‘පස‍්සථ භො ඉමං කුලපුත‍්තං, සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො සමානො වොකිණ‍්ණො විහරති පාපකෙහි අකුසලෙහි ධම‍්මෙහී’ති. සන‍්ති දෙවතා ඉද‍්ධිමන‍්තිනියො දිබ‍්බචක‍්ඛුකා පරචිත‍්තවිදුනියො. තා දූරතොපි පස‍්සන‍්ති, ආසන‍්නාපි න දිස‍්සන‍්ති, චෙතසාපි චිත‍්තං පජානන‍්ති, තාපි මං ජානිස‍්සන‍්ති ‘පස‍්සථ භො ඉමං කුලපුත‍්තං, සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො සමානො වොකිණ‍්ණො විහරති පාපකෙහි අකුසලෙහි ධම‍්මෙහී’ති… සො ලොකංයෙව අධිපතිං ජෙට‍්ඨකං කත්‍වා අකුසලං පජහති කුසලං භාවෙති, සාවජ‍්ජං පජහති අනවජ‍්ජං භාවෙති, සුද‍්ධමත‍්තානං පරිහරතී”ති (අ· නි· 3.146). එවං ලොකාධිපති ඔත‍්තප‍්පං නාම හොති.

ඔත්තප්පය කෙසේ නම් ලෝකාධිපති වේද, මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ලෝකය අධිපති කොට ලෝකය ජ්‍යෙෂ්ඨ කොට පව්කම් නොකරයි. මෙසේ ද කීහ. ‘මේ ලෝක සන්නිවාසය (ලෝක සමාජය වනාහි) විශාලය. මහත් වූ ලෝක සන්නිවාසයෙහි වනාහි ඍද්ධිමත් දිවැස් ඇති පරසිත් දන්නා මහණ බමුණෝ ඇත. ඔව්හු දුර සිටම දකිත්. ආසන්නයේ දී නො පෙනෙත්. (තමන්ගේ) සිතින් (අන්‍යයන්ගේ) සිත දැනගනිත්. ඔව්හු ද මා මෙපරිද්දෙන් දැනගනිත්. පින්වත, ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදිව ලාමක වූ අකුශල ධර්මයන්ගෙන් ගැවසී ගෙන වාසය කරයි බලව් කියායි. ඍද්ධිමත් දිවැස් ඇති පරසිත් දන්නා දේවතාවෝ ඇත. ඔව්හු දුරදී දකිත්. ආසන්න වූවෝ නොපෙනෙත්. සිතින් සිත දනිත් ඔව්හු ද පින්වත, ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදිව ලාමක වූ අකුශල ධර්මයන්ගෙන් ගැවසී වාසය කරන මේ කුලපුත්‍රයා බලව් මා දැනගනිත් යැයි හෙතෙම ලෝකයම අධිපති කොට ජ්‍යෙෂ්ඨ කොට අකුසල් දුරු කරයි. කුසල් වඩයි. සාවද්‍ය දුරලයි. නිවරද්‍ය වඩයි. පිරිසිදු තමා පරිහරණය කරයි’ යනුයි. මෙසේ ඔත්තප්පය ලෝකාධිපති නම් වෙයි.

ලජ‍්ජාසභාවසණ‍්ඨිතා හිරී, භයසභාවසණ‍්ඨිතං ඔත‍්තප‍්පන‍්ති. එත්‍ථ පන ලජ‍්ජාති ලජ‍්ජනාකාරො; තෙන සභාවෙන සණ‍්ඨිතා හිරී. භයන‍්ති අපායභයං; තෙන සභාවෙන සණ‍්ඨිතං ඔත‍්තප‍්පං. තදුභයම‍්පි පාපපරිවජ‍්ජනෙ පාකටං හොති. එකච‍්චො හි, යථා නාම එකො කුලපුත‍්තො උච‍්චාරපස‍්සාවාදීනි කරොන‍්තො ලජ‍්ජිතබ‍්බයුත‍්තකං එකං දිස‍්වා ලජ‍්ජනාකාරප‍්පත‍්තො භවෙය්‍ය හීළිතො, එවමෙව අජ‍්ඣත‍්තං ලජ‍්ජිධම‍්මං ඔක‍්කමිත්‍වා පාපකම‍්මං න කරොති. එකච‍්චො අපායභයභීතො හුත්‍වා පාපකම‍්මං න කරොති.

ලජ්ජා ස්වභාවයෙන් සිටියේ හිරියයි. භය ස්වභාවයෙන් සිටියේ ඔත්තප්පයයි. මෙහි වනාහි ලජ්ජා යනු ලජ්ජාවන ආකාරයයි. ඒ ස්වභාවයෙන් සිටියේ හිරියයි. බිය යනු අපාය බියයි. ඒ ස්වභාවයෙන් සිටියේ ඔත්තප්පයයි. ඒ දෙකම පවින් තොරවීමේදී ප්‍රකට වේ. ඇතැමෙක් වනාහි (මෙසේ ද කියයි.) එක් කුලපුත්‍රයෙක් මලමූත්‍ර පහකිරීම් ආදිය කරනුයේ ලජ්ජා විය යුතු එකකු දැක ලජ්ජාවන ආකාරයට පත්වූයේ යම්සේ ලජ්ජා වූයේ වෙයිද, මෙපරිද්දෙන් තමා ලජ්ජා ධර්මයට බැසගෙන පව්කම් නොකෙරේ. ඇතැමෙක් අපායබයින් බිය වූයේ පව්කම් නොකෙරේ.

තත්‍රිදං ඔපම‍්මං – යථා හි ද‍්වීසු අයොගුළෙසු එකො සීතලො භවෙය්‍ය ගූථමක‍්ඛිතො, එකො උණ‍්හො ආදිත‍්තො. තත්‍ථ පණ‍්ඩිතො සීතලං ගූථමක‍්ඛිතත‍්තා ජිගුච‍්ඡන‍්තො න ගණ‍්හාති, ඉතරං ඩාහභයෙන. තත්‍ථ සීතලස‍්ස ගූථමක‍්ඛනජිගුච‍්ඡාය අගණ‍්හනං විය අජ‍්ඣත‍්තං ලජ‍්ජිධම‍්මං ඔක‍්කමිත්‍වා පාපස‍්ස අකරණං. උණ‍්හස‍්ස ඩාහභයෙන අගණ‍්හනං විය අපායභයෙන පාපස‍්ස අකරණං වෙදිතබ‍්බං.

එහිදී මේ උපමාවකි. යම්සේ වනාහි ලෝගුලි දෙකකින් එකක් සිහිල් වූයේ අසූචි තැවරුණේ වේද, එකක් රන්වූයේ ගිනිගත්තේ වේද, එහිදී පණ්ඩිතයා සිහිල් වූ අසූචි තැවරුණු ලොහොගුළිය පිළිකුල් කරමින් නොගනී. අනෙක දාහබියෙන් නොගනී. එහිදී තමා ලජ්ජාවට පැමිණ පව් නොකිරීම සිහිල් ලෝගුලිය අසූචි තැවරීමේ පිළිකුළින් නොගැනීම මෙන්ද අපාය බියෙන් පව් නොකිරීම රත්වූ ලෝගුලිය දාහ බියෙන් නොගැනීම මෙනැයි ද දතයුතුයි.

සප‍්පතිස‍්සවලක‍්ඛණා හිරී, වජ‍්ජභීරුකභයදස‍්සාවිලක‍්ඛණං ඔත‍්තප‍්පන‍්ති. ඉදම‍්පි ද‍්වයං පාපපරිවජ‍්ජනෙ එව පාකටං හොති. එකච‍්චො හි ජාතිමහත‍්තපච‍්චවෙක‍්ඛණා සත්‍ථුමහත‍්තපච‍්චවෙක‍්ඛණා දායජ‍්ජමහත‍්තපච‍්චවෙක‍්ඛණා සබ්‍රහ‍්මචාරීමහත‍්තපච‍්චවෙක‍්ඛණාති චතූහි කාරණෙහි සප‍්පතිස‍්සවලක‍්ඛණං හිරිං සමුට‍්ඨාපෙත්‍වා පාපං න කරොති. එකච‍්චො අත‍්තානුවාදභයං පරානුවාදභයං දණ‍්ඩභයං දුග‍්ගතිභයන‍්ති චතූහි කාරණෙහි වජ‍්ජභීරුකභයදස‍්සාවිලක‍්ඛණං ඔත‍්තප‍්පං සමුට‍්ඨාපෙත්‍වා පාපං න කරොති. තත්‍ථ ජාතිමහත‍්තපච‍්චවෙක‍්ඛණාදීනි චෙව අත‍්තානුවාදභයාදීනි ච විත්‍ථාරෙත්‍වා කථෙතබ‍්බානි.

ප්‍රධාන බව ලක්‍ෂණ කොට ඇත්තේ හිරියයි. වරදෙහි බියවන බියදක්නා සුලු බව ඔත්තප්පයයි. මෙසේ මේ දෙකම පව් දුරුකිරීමේදීම ප්‍රකට වෙයි. ඇතැමෙක් වනාහි ජාතිමහත්‍වය ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් ද ශාස්තෲ මහත්වය ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් ද සම්පත් මහත්වය ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් ද සබ්‍රම්සරුන්ගේ මහත්වය ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන්දැයි යන සතර කාරණයෙන් ස්ව ප්‍රධානත්වය ලක්‍ෂණකොට ඇති ලජ්ජාව උපදවා පව් නොකරයි. ඇතැමෙක් තමා නිසා ඇතිවන බිය, අනුන් නිසා ඇතිවන බිය, දඬුවම් බිය, දුගති බිය යන සතර කරුණින් වරදට බියවීම බියදක්නා බව ලක්‍ෂණකොට ඇති ඔත්තප්පය උපදවාගෙන පව් නොකරයි. එහි ජාති මහත්වය ප්‍රත්‍යවේක්‍ෂා කිරීම ආදිය මෙන්ම ආත්මානුවාදභය ආදිය ද විස්තර කොට කිය යුතුයි.

මූලරාසිවණ‍්ණනා

මූලරාසිවණ්ණනා

න ලුබ‍්භන‍්ති එතෙන, සයං වා න ලුබ‍්භති, අලුබ‍්භනමත‍්තමෙව වා තන‍්ති අලොභො. අදොසාමොහෙසුපි එසෙව නයො. තෙසු අලොභො ආරම‍්මණෙ චිත‍්තස‍්ස අගෙධලක‍්ඛණො, අලග‍්ගභාවලක‍්ඛණො වා කමලදලෙ ජලබින්‍දු විය. අපරිග‍්ගහණරසො මුත‍්තභික‍්ඛු විය . අනල‍්ලීනභාවපච‍්චුපට‍්ඨානො අසුචිම‍්හි පතිතපුරිසො විය. අදොසො අචණ‍්ඩික‍්කලක‍්ඛණො, අවිරොධලක‍්ඛණො වා අනුකූලමිත‍්තො විය. ආඝාතවිනයරසො පරිළාහවිනයරසො වා චන්‍දනං විය. සොම‍්මභාවපච‍්චුපට‍්ඨානො පුණ‍්ණචන්‍දො විය. අමොහො ලක‍්ඛණාදීහි හෙට‍්ඨා පඤ‍්ඤින්‍ද්‍රියපදෙ විභාවිතො එව.

මෙයින් ආශා නොකෙරෙත්. තමා හෝ ලෝභ නො කෙරේ. එය ආශා නො කිරීම් මාත්‍රයමය හෝ නුයි = අලෝභයයි. අදෝෂ අමෝහයන්හි ද මේ නයමය. ඔවුනතුරෙන් අලෝභය අරමුණෙහි සිත ගිජු නොකරන ලක්‍ෂණ ඇත්තේය. නො ලැගෙන බව හෝ ලක්‍ෂණ කොට ඇත්තේය. පියුම්පතෙහි දියබිඳු මෙනි. අල්වා නොගැනීම රසය කොට ඇත්තේ (කෙලෙසුන්ගෙන්) මිදුණු භික්‍ෂුව මෙනි. නොඇලෙන බව එළඹ සිටි කාරණයයි. අසූචියෙහි වැටුණු පුරුෂයකු මෙනි. අදෝෂය චණ්ඩි නොවන බව ලක්‍ෂණ කොට ඇත්තේය. අනුකූල මිත්‍රයකු මෙන් විරුද්ධ නොවීම හෝ ලක්‍ෂණකොට ඇත්තේය. ක්‍රෝධය යටපත් කිරිම රසයයි. පරිළාහය (මානසික දැවිල්ල) දුරුකිරීම හෝ රසයයි. සඳුන් මෙනි. සෞම්‍යභාවය එළඹ සිටි කාරණයයි. පුන්සඳ මෙනි. අමෝහ ලක්‍ෂණාදිය යට පඤ්ඤිහුය පදයෙහි ප්‍රකට කරන ලද්දේමය.

ඉමෙසු පන තීසු අලොභො මච‍්ඡෙරමලස‍්ස පටිපක‍්ඛො, අදොසො දුස‍්සීල්‍යමලස‍්ස, අමොහො කුසලෙසු ධම‍්මෙසු අභාවනාය පටිපක‍්ඛො. අලොභො චෙත්‍ථ දානහෙතු, අදොසො සීලහෙතු, අමොහො භාවනාහෙතු. තෙසු ච අලොභෙන අනධිකං ගණ‍්හාති, ලුද‍්ධස‍්ස අධිකග‍්ගහණතො. අදොසෙන අනූනං, දුට‍්ඨස‍්ස ඌනග‍්ගහණතො. අමොහෙන අවිපරීතං, මූළ‍්හස‍්ස විපරීතග‍්ගහණතො.

මෙසේ මේ තුනෙහි අලෝභය මසුරුමලට ප්‍රතිපක්‍ෂය, අද්වේෂය අද්වේෂය දුසිල්මලට ද අමෝහය කුශලධර්මයන් නොවැඩීමට ප්‍රතිපක්‍ෂය. මෙහි අලෝභය දානයට හේතුය. අද්වේෂය සීලයට හේතුය. අමෝහය භාවනාවට හේතුය. ඔවුනතුරෙන් අලෝභී පුද්ගලයා විසින් ලෝභියාගේ අධික ග්‍රහණයට වඩා අධික නොවූවක් ගනු ලැබේ. අද්වේෂී පුද්ගලයා විසින් ද්වේෂී පුද්ගලයාගේ ඌන ග්‍රහණයට වඩා අනූන වූවක් ගනු ලැබේ. අමෝහී පුද්ගලයා විසින් මෝහී පුද්ගලයාගේ විපරීතග්‍රහණයට වඩා අවිපරීතයක් ගනු ලැබේ.

අලොභෙන චෙත්‍ථ විජ‍්ජමානං දොසං දොසතො ධාරෙන‍්තො දොසෙ පවත‍්තති; ලුද‍්ධො හි දොසං පටිච‍්ඡාදෙති. අදොසෙන විජ‍්ජමානං ගුණං ගුණතො ධාරෙන‍්තො ගුණෙ පවත‍්තති; දුට‍්ඨො හි ගුණං මක‍්ඛෙති. අමොහෙන යාථාවසභාවං යාථාවසභාවතො ධාරෙන‍්තො යාථාවසභාවෙ පවත‍්තති. මූළ‍්හො හි ‘තච‍්ඡං අතච‍්ඡන‍්ති අතච‍්ඡං ච තච‍්ඡ’න‍්ති ගණ‍්හාති. අලොභෙන ච පියවිප‍්පයොගදුක‍්ඛං න හොති, ලුද‍්ධස‍්ස පියසභාවතො පියවිප‍්පයොගාසහනතො ච. අදොසෙන අප‍්පියසම‍්පයොගදුක‍්ඛං න හොති, දුට‍්ඨස‍්ස හි අප‍්පියසභාවතො අප‍්පියසම‍්පයොගාසහනතො ච. අමොහෙන ඉච‍්ඡිතාලාභදුක‍්ඛං න හොති, අමූළ‍්හස‍්ස හි ‘තං කුතෙත්‍ථ ලබ‍්භා’තිඑවමාදිපච‍්චවෙක‍්ඛණසම‍්භවතො (දී· නි· 3.34; අ· නි· 9.30).

මෙහිදී ද අලෝභී පුද්ගලයා විසින් පවත්නා වූ ද්වේෂය ද්වේෂය වශයෙන්ම දරමින් ද්වේෂය ලෙසින් පවත්වනු ලැබේ. ලෝහී පුද්ගලයා වනාහි ද්වේෂය වසයි. අද්වේෂී පුද්ගලයා විසින් පවත්නා ගුණය ගුණය වශයෙන් දරමින් ගුණයෙහිලා පවත්වනු ලැබේ. ද්වේෂී පුද්ගලයා වනාහි ගුණය මකාදමයි. අමෝහී පුද්ගලයා විසින් යථා ස්වභාවය යථා ස්වභාවයෙන් දරමින් යථා ස්වභාවයෙහි පවත්වනු ලැබේ. මුළා වූ පුද්ගලයා වනාහි සත්‍යය අසත්‍යයැයි ද අසත්‍යය සත්‍යයැයි ද ගනී. අලෝභයෙන් ප්‍රිය විප්‍රයෝග දුක ඇති නොවේ. ලෝභියාගේ ප්‍රිය ස්වභාවයෙන් ප්‍රිය විප්‍රයෝගය මනා ඉවසන නිසා (ප්‍රිය විප්‍රයෝග දුක ඇතිවේ. අද්වේෂයෙන් අප්‍රිය සම්ප්‍රයෝග දුක ඇති නොවේ. ද්වේෂී පුද්ගලයාට විනාහි අප්‍රිය ස්වභාවය නිසා අප්‍රිය සම්ප්‍රයෝගය නොඉවසන හෙයින් අප්‍රිය සම්ප්‍රයෝග දුක ඇතිවේ.) අමෝහයෙන් කැමති දේ නොලැබීමෙන් දුක ඇති නොවේ. මුළා නොවූ පුද්ගලයාට වනාහි එය මෙහිදී කොයින් ලැබේදැයි යන මේ ආදිය ප්‍රත්‍යවේක්‍ෂා කරන ස්වභාවය ඇති හෙයිනි.

අලොභෙන චෙත්‍ථ ජාතිදුක‍්ඛං න හොති, අලොභස‍්ස තණ‍්හාපටිපක‍්ඛතො තණ‍්හාමූලකත‍්තා ච ජාතිදුක‍්ඛස‍්ස. අදොසෙන ජරාදුක‍්ඛං න හොති, තික‍්ඛදොසස‍්ස ඛිප‍්පං ජරාසම‍්භවතො. අමොහෙන මරණදුක‍්ඛං න හොති, සම‍්මොහමරණඤ‍්හි දුක‍්ඛං, න චෙතං අමූළ‍්හස‍්ස හොති. අලොභෙන ච ගහට‍්ඨානං, අමොහෙන පබ‍්බජිතානං, අදොසෙන පන සබ‍්බෙසම‍්පි සුඛසංවාසතා හොති.

මෙහිදී අලෝභයෙන් ජාති දුක ද ඇති නොවේ. අලෝභය තෘෂ්ණාවට ප්‍රතිපක්‍ෂ නිසා හා ජාති දුකට තෘෂ්ණාව මුල්වන නිසාත්ය. අද්වේෂයෙන් ජරාදුක ඇති නොවේ. තියුණු ද්වේෂී පුද්ගලයාට වහා ජරාව ඇතිවන හෙයිනි. අමෝහයෙන් මරණ දුක ඇති නොවේ. සම්මෝහ මරණය වනාහි දුකකි. මුළා නොවූවහුට මෙය නොවෙයි. අලෝභයෙන් ගිහියන්ටත් අමෝහයෙන් පැවිද්දන්ටත් අද්වේෂයෙන් වනාහි සියලුම දෙනාටත් සුඛ සංවාසයක් ඇතිවෙයි.

විසෙසතො චෙත්‍ථ අලොභෙන පෙත‍්තිවිසයෙ උපපත‍්ති න හොති. යෙභුය්‍යෙන හි සත‍්තා තණ‍්හාය පෙත‍්තිවිසයං උපපජ‍්ජන‍්ති, තණ‍්හාය ච පටිපක‍්ඛො අලොභො. අදොසෙන නිරයෙ උපපත‍්ති න හොති. දොසෙන හි චණ‍්ඩජාතිතාය දොසසදිසං නිරයං උපපජ‍්ජන‍්ති. දොසස‍්ස ච පටිපක‍්ඛො අදොසො. අමොහෙන තිරච‍්ඡානයොනියං නිබ‍්බත‍්ති න හොති. මොහෙන හි නිච‍්චසම‍්මූළ‍්හං තිරච‍්ඡානයොනිං උපපජ‍්ජන‍්ති. මොහස‍්ස පටිපක‍්ඛො ච අමොහො. එතෙසු ච අලොභො රාගවසෙන උපගමනස‍්ස අභාවකරො, අදොසො දොසවසෙන අපගමනස‍්ස, අමොහො මොහවසෙන අමජ‍්ඣත‍්තභාවස‍්ස.

මෙහිදී විශේෂයෙන් අලෝභයෙන් ප්‍රේත විෂයෙහි උත්පත්තිය නොවේ. සත්ත්වයෝ වනාහි බොහෝසෙයින් තෘෂ්ණා හේතුවෙන් ප්‍රේත විෂයෙහි උපදිත්. අලෝභය තෘෂ්ණාවට ද ප්‍රතිපක්‍ෂය. අද්වේෂයෙන් නිරයෙහි උත්පත්තිය නොවේ. ද්වේෂයෙන් වනාහි චණ්ඩජාතික බැවින් ද්වේෂය හා සමාන වූ නිරයෙහි උපදිත්. අද්වේෂය ද්වේෂයට ප්‍රතිපක්‍ෂය. අමෝහයෙන් තිරිසන් යෝනියෙහි උපැත්ම නොවේ. මෝහයෙන් වනාහි නිතර මුළාවන තිරිසන් යෝනියෙහි උපදිත්. මෝහයට ප්‍රතිපක්‍ෂ වූයේ අමෝහයයි. මොවුනතුරෙන් ද අලෝභය රාග වශයෙන් එළඹීමට අභාවතරය. අද්වේෂය ද්වේෂ වශයෙන් පහව යාමට අභාවතරය. අමෝහය මෝහ වශයෙන් මධ්‍යස්ථවීමට අභාවතරය.

තීහිපි චෙතෙහි යථාපටිපාටියා නෙක‍්ඛම‍්මසඤ‍්ඤා අබ්‍යාපාදසඤ‍්ඤා අවිහිංසාසඤ‍්ඤාති ඉමා තිස‍්සො. අසුභසඤ‍්ඤා අප‍්පමාණසඤ‍්ඤා ධාතුසඤ‍්ඤාති ඉමා ච තිස‍්සො සඤ‍්ඤායො හොන‍්ති. අලොභෙන පන කාමසුඛල‍්ලිකානුයොගඅන‍්තස‍්ස, අදොසෙන අත‍්තකිලමථානුයොගඅන‍්තස‍්ස පරිවජ‍්ජනං හොති; අමොහෙන මජ‍්ඣිමාය පටිපත‍්තියා පටිපජ‍්ජනං. තථා අලොභෙන අභිජ‍්ඣාකායගන්‍ථස‍්ස පභෙදනං හොති, අදොසෙන බ්‍යාපාදකායගන්‍ථස‍්ස, අමොහෙන සෙසගන්‍ථද‍්වයස‍්ස. පුරිමානි ච ද‍්වෙ සතිපට‍්ඨානානි පුරිමානං ද‍්වින‍්නං ආනුභාවෙන, පච‍්ඡිමානි පච‍්ඡිමස‍්සෙව ආනුභාවෙන ඉජ‍්ඣන‍්ති.

මේ තුනෙන්ම පිළිවෙළින් නෛෂ්ක්‍රම්‍ය සංඥාව, අව්‍යාපාද සංඥාව අවිහිංසා සංඥාව යන මේ තුන ද අශුභ සංඥාව අප්‍රමාණ සංඥාව, ධාතු සංඥාව යන මේ තුන ද සංඥාවෝ වෙත්. අලෝභයෙන් වනාහි කාමසුඛල්ලිකානු යෝග අන්තයේ ද, අද්වේෂයෙන් අත්තකිලමථානුයෝග අන්තයේ ද දුරුකිරීම වෙයි. අමෝහයෙන් මධ්‍යම ප්‍රතිපදාව පිළිපැදීම වෙයි. එසේම අලෝභයෙන් අභිධ්‍යා කායග්‍රන්ථයාගේ බිඳීම වෙයි. අද්වේෂයෙන් ව්‍යාපාද කාය ග්‍රන්ථයාගේ ද අමෝහයෙන් සෙසු ග්‍රන්ථද්වයේ ද බිඳීම වෙයි. පළමු සතිපට්ඨාන දෙක පළමු දෙකෙහි ආනුභාවයෙන් ද පශ්චිම සතිපට්ඨාන දෙක පශ්චිමයේ (අමෝහයේ) ආනුභාවයෙන් ද ඉෂ්ට වෙයි.

අලොභො චෙත්‍ථ ආරොග්‍යස‍්ස පච‍්චයො හොති; අලුද‍්ධො හි ලොභනීයම‍්පි අසප‍්පායං න සෙවති, තෙන ඛො අරොගො හොති. අදොසො යොබ‍්බනස‍්ස; අදුට‍්ඨො හි වලිපලිතාවහෙන දොසග‍්ගිනා අඩය‍්හමානො දීඝරත‍්තං යුවා හොති. අමොහො දීඝායුකතාය; අමූළ‍්හො හි හිතාහිතං ඤත්‍වා අහිතං පරිවජ‍්ජන‍්තො හිතඤ‍්ච පටිසෙවමානො දීඝායුකො හොති.

මෙහිදී අලෝභය ආරෝග්‍යයට හේතු වෙයි. නිර්ලෝභී පුද්ගලයා වනාහි ලෝභ කටයුතු වූද අයෝග්‍ය ආහාරදිය සේවනය නොකරයි. එහෙයින් වනාහි රෝග නැත්තෙක් වෙයි. අද්වේෂය යෞවන බවට හේතුවෙයි. අද්වේෂී පුද්ගලයා වනාහි රැළි වැටීම පැසීම ගෙනදෙන ද්වේෂාග්නියෙන් නොදැවෙන්නේ බොහෝ කලක් තරුණයෙක් වෙයි. අමෝහය දීර්ඝායුෂ බවට හේතුවෙයි. මුළා නොවූ පුද්ගලයා වනාහි හිතහිත දෙය දැන අහිත දෙය වර්ජනය කරමින් හිත දෙය සේවනය කරන්නේ දීර්ඝායුෂ ඇත්තේ වෙයි.

අලොභො චෙත්‍ථ භොගසම‍්පත‍්තියා පච‍්චයො හොති, අලුද‍්ධස‍්ස හි චාගෙන භොගපටිලාභො. අදොසො මිත‍්තසම‍්පත‍්තියා, මෙත‍්තාය මිත‍්තානං පටිලාභතො චෙව අපරිහානතො ච. අමොහො අත‍්තසම‍්පත‍්තියා , අමූළ‍්හො හි අත‍්තනො හිතමෙව කරොන‍්තො අත‍්තානං සම‍්පාදෙති . අලොභො ච දිබ‍්බවිහාරස‍්ස පච‍්චයො හොති, අදොසො බ්‍රහ‍්මවිහාරස‍්ස, අමොහො අරියවිහාරස‍්ස.

මෙහිදී අලෝභය ද භෝග සම්පත්තියට හේතුවෙයි. ත්‍යාගයෙන් භෝග ප්‍රතිලාභය වන බැවිනි. අද්වේෂය මිත්‍ර සම්පත්තියට හේතුවෙයි. මෛත්‍රියෙන් චිත්‍ර ප්‍රතිලාභය මෙන්ම අපරිහානීය බව ද වෙයි. අමෝහය ආත්ම සම්පත්තිය පිණිස වේ. මුළා නොවූයේ වනාහි තමාට හිතයක්ම කරනුයේ ආත්මය සම්පාදනය කරයි. අලෝභය ද දිව්‍ය විහරණයට හේතු වෙයි. අද්වේෂය බ්‍රහ්ම විහරණයට හේතු වෙයි. අමෝහය ආර්ය විහරණයට හේතුවෙයි.

අලොභෙන චෙත්‍ථ සකපක‍්ඛෙසු සත‍්තසඞ‍්ඛාරෙසු නිබ‍්බුතො හොති, තෙසං විනාසෙන අභිසඞ‍්ගහෙතුකස‍්ස දුක‍්ඛස‍්ස අභාවා; අදොසෙන පරපක‍්ඛෙසු, අදුට‍්ඨස‍්ස හි වෙරීසුපි වෙරිසඤ‍්ඤාය අභාවතො; අමොහෙන උදාසීනපක‍්ඛෙසු, අමූළ‍්හස‍්ස සබ‍්බාභිසඞ‍්ගතාය අභාවතො.

මෙහිදී (භෝග සම්පත්තියෙහි) ලෝභ නොකිරීමෙන් ද ස්ව පක්‍ෂයෙහි සත්ත්ව සංස්කාරයන්හි නිවීම වේ. ඔවුන්ගේ විනාශයෙන් ඇලීමට හේතු වූ දුඃඛයාගේ අභාවයෙනි. අද්වේෂයෙන් පර පක්‍ෂයන්හි නිවීම වේ. අද්වේෂී පුද්ගලයාට වෛරී පුද්ගලයන් කෙරෙහි ද වෛරී සංඥාවගේ අභාවයෙනි. අමෝහයෙන් උදාසීන පක්‍ෂයන්හි ද නිවීම වේ. මුළා නොවූවහුට සියල්ලෙහිම ඇලීමේ අභාවයෙනි.

අලොභෙන ච අනිච‍්චදස‍්සනං හොති; ලුද‍්ධො හි උපභොගාසාය අනිච‍්චෙපි සඞ‍්ඛාරෙ අනිච‍්චතො න පස‍්සති. අදොසෙන දුක‍්ඛදස‍්සනං; අදොසජ‍්ඣාසයො හි පරිච‍්චත‍්තආඝාතවත්‍ථුපරිග‍්ගහො සඞ‍්ඛාරෙයෙව දුක‍්ඛතො පස‍්සති. අමොහෙන අනත‍්තදස‍්සනං; අමූළ‍්හො හි යාථාවගහණකුසලො අපරිණායකං ඛන්‍ධපඤ‍්චකං අපරිණායකතො බුජ‍්ඣති. යථා ච එතෙහි අනිච‍්චදස‍්සනාදීනි එවමෙතෙපි අනිච‍්චදස‍්සනාදීහි හොන‍්ති. අනිච‍්චදස‍්සනෙන හි අලොභො හොති, දුක‍්ඛදස‍්සනෙන අදොසො, අනත‍්තදස‍්සනෙන අමොහො හොති. කො හි නාම ‘අනිච‍්චමිද’න‍්ති සම‍්මා ඤත්‍වා තස‍්සත්‍ථාය පිහං උප‍්පාදෙය්‍ය, සඞ‍්ඛාරෙ වා ‘දුක‍්ඛ’න‍්ති ජානන‍්තො අපරම‍්පි අච‍්චන‍්තතිඛිණං කොධදුක‍්ඛං උප‍්පාදෙය්‍ය, අත‍්තසුඤ‍්ඤතඤ‍්ච බුජ‍්ඣිත්‍වා පුන සම‍්මොහමාපජ‍්ජෙය්‍යාති?

අලෝභයෙන් අනිත්‍ය දර්ශනය ද ඇතිවෙයි. ලෝභී පුද්ගලයා වනාහි උපභෝග සම්පත්ති ආශාවෙන් අනිත්‍ය වූ සංස්කාරයන් ද අනිත්‍ය වශයෙන් නොදකී. අද්වේෂයෙන් දුඃඛ දර්ශනය ඇතිවේ. අද්වේෂී අදහස් ඇත්තේ වනාහි ආඝාත වස්තු අල්වාගැනීම හැරදමන ලද්දේ සංස්කාරයන්ම දුක් වශයෙන් බලයි. අමෝහයෙන් අනාත්ම දර්ශනය ඇතිවෙයි. මුළා නොවූයේ වනාහි තත්ත්වාකාරයෙන් ගැනීමේ දක්ෂ වූයේ ප්‍රධානියෙකු නැති (ස්කන්‍ධ පංචකය) ප්‍රධානියෙකු නැති ලෙසින් අවබෝධ කරගනී. මොවුන් සමග යම් අනිත්‍ය දර්ශනාදියක් වේද, එසේම ඒවාද අනිත්‍ය දර්ශනාදිය සමග වෙයි. අනිත්‍ය දර්ශනයෙන් වනාහි අලෝභය ඇතිවෙයි. දුඃඛ දර්ශනයෙන් අද්වේෂය ඇතිවේ. අනාත්ම දර්ශනයෙන් අමෝහය ඇතිවේ. කවරෙක් නම් මෙය අනිත්‍යයැයි මනාව දැන ඒ සඳහා ආශාව උපදවයි ද, සංස්කාරයන් හෝ දුක්යැයි දන්නේ අන්‍ය දේත් අනිත්‍යයැයි දන්නේ තියුණු ක්‍රෝධ දුක උපදවයිද, ආත්ම ශුන්‍යතාව අවබෝධ කොට නැවත මුළාවට පැමිණේද (නොපැමිණේමය) යනුයි.

කම‍්මපථරාසිවණ‍්ණනා

කම්මපථරාසිවණ්ණනා

නාභිජ‍්ඣායතීති අනභිජ‍්ඣා. කායිකචෙතසිකසුඛං ඉධලොකපරලොකහිතං ගුණානුභාවපටිලද‍්ධං කිත‍්තිසද‍්දඤ‍්ච න බ්‍යාපාදෙතීති අබ්‍යාපාදො. සම‍්මා පස‍්සති, සොභනා වා දිට‍්ඨීති සම‍්මාදිට‍්ඨි. අලොභාදීනංයෙව තානි නාමානි. හෙට‍්ඨා පනෙතෙ ධම‍්මා මූලවසෙන ගහිතා, ඉධ කම‍්මපථවසෙනාති වෙදිතබ‍්බා.

දැඩි ලෝභය නො කෙරේනුයි = අනභිජ්ඣාවයි. කායික චෛතසික සැපයයි. මෙලොවට පරලොවට හිත දෑද ගුණානුභාවයෙන් ලද කීර්ති ශබ්දය ද විපතට පත් නො කෙරේනුයි අව්‍යාපාදයයි. මනාව දකී. ශෝභන වූ හෝ දෘෂ්ටියයි නුයි = සම්‍යක් දෘෂ්ටියයි. මේවා අලෝභාදීන්ටම නම්ය. යටදී වනාහි මේවා මූල වශයෙන් ගන්නා ලදී. මෙහිදී කර්මපථ වශයෙන් යැයි දතයුතුයි.

ලොකපාලදුකවණ‍්ණනා

ලොකපාලදුකවණ්ණනා

හිරොත‍්තප‍්පානිපි හෙට‍්ඨා බලවසෙන ගහිතානි, ඉධ ලොකපාලවසෙන. ලොකඤ‍්හි ඉමෙ ද‍්වෙ ධම‍්මා පාලයන‍්ති. යථාහ –

හිරි ඔතප් ද යට බල වශයෙන් ගන්නා ලදී. මෙහිදී ලෝකපාලන (ධර්ම) වශයෙන් (ගන්නා ලදී.) මේ ධර්ම දෙක වනාහි ලෝකය පාලනය කරයි. මෙසේ ද වදාළහ.

“ද‍්වෙමෙ, භික‍්ඛවෙ, සුක‍්කා ධම‍්මා ලොකං පාලෙන‍්ති. කතමෙ ද‍්වෙ? හිරී ච ඔත‍්තප‍්පඤ‍්ච . ඉමෙ ඛො, භික‍්ඛවෙ, ද‍්වෙ සුක‍්කා ධම‍්මා ලොකං පාලෙන‍්ති . සචෙ, භික‍්ඛවෙ, ද‍්වෙ සුක‍්කා ධම‍්මා ලොකං න පාලෙය්‍යුං, නයිධ පඤ‍්ඤායෙථ මාතාති වා, මාතුච‍්ඡාති වා, මාතුලානීති වා, ආචරියභරියාති වා, ගරූනං දාරාති වා. සම‍්භෙදං ලොකො අගමිස‍්ස යථා අජෙළකා කුක‍්කුටසූකරා සොණසිඞ‍්ගාලා. යස‍්මා ච ඛො, භික‍්ඛවෙ, ඉමෙ ද‍්වෙ සුක‍්කා ධම‍්මා ලොකං පාලෙන‍්ති, තස‍්මා පඤ‍්ඤායති මාතාති වා මාතුච‍්ඡාති වා මාතුලානීති වා ආචරියභරියාති වා ගරූනං දාරාති වා”ති (අ· නි· 2.9).

‘මහණෙනි, මේ කුශල ධර්මයෝ දෙදෙනෙක් ලොව පාලනය කරත්. කවර දෙදෙනෙක්ද යත්? ලජ්ජාව ද බිය ද යන මේ ධර්මයෝ ය. මහණෙනි, මේ කුශල ධර්මයෝ දෙදෙන ලොව පාලනය කෙරෙති. මහණෙනි, මේ කුශල ධර්මයෝ දෙදෙන ලොව පාලනය නො කෙරෙත් නම් මේ ලෝකයෙහි මවය කියා හෝ මවගේ සහෝදරිය කියා හෝ නැන්දා කියා හෝ ආචාර්යවරයාගේ භාර්යාව කියා හෝ ගරුකළයුත්තාගේ භාර්යාව කියා හෝ (වෙනසක්) නො පෙනෙන්නේය. එළුවෝ බැටළුවෝ කුකුළා ඌරෝ බල්ලෝ සිවල්ලු යම්සේ වෙත් ද, එපරිද්දෙන් ලෝකය (ආචාර ධර්ම) බිඳීමට පැමිණෙන්නේය. මහණෙනි, යම්හෙයකින් වනාහි මේ කුශල ධර්මයෝ දෙදෙන ලොව පාලනය කෙරෙත් ද එහෙයින්ම මවය කියා හෝ මවගේ සහෝදරිය කියා හෝ නැන්දා කියා හෝ ආචාර්යවරයාගේ භාර්යාව කියා හෝ ගරුකළ යුත්තාගේ භාර්යාව කියා හෝ (වෙනස) පෙනෙන්නේය. යනුයි.

පස‍්සද‍්ධාදියුගලවණ‍්ණනා

පස්සද්ධාදියුගලවණ්ණනා

කායස‍්ස පස‍්සම‍්භනං කායපස‍්සද‍්ධි. චිත‍්තස‍්ස පස‍්සම‍්භනං චිත‍්තපස‍්සද‍්ධි. කායොති චෙත්‍ථ වෙදනාදයො තයො ඛන්‍ධා. උභොපි පනෙතා එකතො කත්‍වා කායචිත‍්තදරථවූපසමලක‍්ඛණා කායචිත‍්තපස‍්සද‍්ධියො, කායචිත‍්තදරථනිම‍්මද‍්දනරසා, කායචිත‍්තානං අපරිප‍්ඵන්‍දසීතිභාවපච‍්චුපට‍්ඨානා, කායචිත‍්තපදට‍්ඨානා. කායචිත‍්තානං අවූපසමකරඋද‍්ධච‍්චාදිකිලෙසපටිපක‍්ඛභූතාති දට‍්ඨබ‍්බා.

කය සංසිඳුවීම = කාය පස්සද්ධියයි. සිත සංසිඳුවීම චිත්ත පස්සද්ධියයි. මෙහි කාය යනු වේදනාදී ස්කන්‍ධත්‍රයයි. මේ දෙදෙනාම එක්කොට කාය චිත්ත දාහයන් සංසිඳුවීම ලක්‍ෂණ කොට ඇත්තේ කාය චිත්ත පස්සද්ධීහුය. කාය චිත්ත දාහයන් මර්දනය කිරිම රසය කොට ඇත්තාහ. කායචිත්තයන් කම්පා නොකරන සිහිල් බව එළඹ සිටි කාරණය කොට ඇත්තාහ. කායචිත්ත දෙක ආසන්න කාරණය, කය සිත නොසන්සිදුවන උද්ධච්ච ආදී ක්ලේශයන්ට ප්‍රතිපක්‍ෂ වූවාහු යැයි දතයුත්තාහ.

කායස‍්ස ලහුභාවො කායලහුතා. චිත‍්තස‍්ස ලහුභාවො චිත‍්තලහුතා. තා කායචිත‍්තගරුභාවවූපසමලක‍්ඛණා, කායචිත‍්තගරුභාවනිම‍්මද‍්දනරසා, කායචිත‍්තානං අදන්‍ධතාපච‍්චුපට‍්ඨානා, කායචිත‍්තපදට‍්ඨානා. කායචිත‍්තානං ගරුභාවකරථිනමිද‍්ධාදිකිලෙසපටිපක‍්ඛභූතාති දට‍්ඨබ‍්බා.

කයෙහි සැහැල්ලු බව = කාය ලහුතාවයි. සිතෙහි සැහැල්ලු බව = චිත්ත ලහුතාවයි. ඒ දෙදෙන කාය චිත්තයන්ගේ බර බව සංසිඳුවීම ලක්‍ෂණ කොට ඇත්තාහ. කාය චින්තයන්ගේ බර බව මර්දනය කිරිම රසය කොට ඇත්තාහ. කාය චිත්තයන්ගේ දක්‍ෂ බව එළඹ සිටි කාරණාකොට ඇත්තාහ. කායචිත්ත ආසන්න කාරණා කොට ඇත්තාහ. කාය චිත්තයන්ගේ බර බව තද බව ඇතිකරන ථීන මිද්ධාදී ක්ලේශයන්ට ප්‍රතිපක්‍ෂ වූවෝ යැයි දතයුතුයි.

කායස‍්ස මුදුභාවො කායමුදුතා. චිත‍්තස‍්ස මුදුභාවො චිත‍්තමුදුතා. තා කායචිත‍්තථද‍්ධභාවවූපසමලක‍්ඛණා, කායචිත‍්තථද‍්ධභාවනිම‍්මද‍්දනරසා, අප‍්පටිඝාතපච‍්චුපට‍්ඨානා, කායචිත‍්තපදට‍්ඨානා. කායචිත‍්තානං ථද‍්ධභාවකරදිට‍්ඨිමානාදිකිලෙසපටිපක‍්ඛභූතාති දට‍්ඨබ‍්බා.

කයෙහි මෘදුබව = කායමුදුතාය, සිතෙහි මෘදු බව = චිත්ත මුදුතාය, කාය චිත්තයන්ගේ තදබව සිදුවීම ලක්‍ෂණකොට ඇත්තාහ. කාය චිත්තයන්ගේ තදබව මර්දනය කිරීම රසයකොට ඇත්තාහ. නොහැපීම එළඹ සිටි කාරණය කොට ඇත්තාහ. කාය චිත්තයෝ ආසන්න කාරණ කොට ඇත්තාහ. කාය චිත්තයන්ගේ තදබව ඇතිකරන දිට්ඨිමානාදී ක්ලේශයන්ට ප්‍රතිපක්‍ෂ වූවාහුයැයි දතයුතුයි.

කායස‍්ස කම‍්මඤ‍්ඤභාවො කායකම‍්මඤ‍්ඤතා. චිත‍්තස‍්ස කම‍්මඤ‍්ඤභාවො චිත‍්තකම‍්මඤ‍්ඤතා. තා කායචිත‍්තඅකම‍්මඤ‍්ඤභාවවූපසමලක‍්ඛණා, කායචිත‍්තානං අකම‍්මඤ‍්ඤභාවනිම‍්මද‍්දනරසා, කායචිත‍්තානං ආරම‍්මණකරණසම‍්පත‍්තිපච‍්චුපට‍්ඨානා, කායචිත‍්තපදට‍්ඨානා. කායචිත‍්තානං අකම‍්මඤ‍්ඤභාවකරාවසෙසනීවරණපටිපක‍්ඛභූතාති දට‍්ඨබ‍්බා. තා පසාදනීයවත්‍ථූසු පසාදාවහා, හිතකිරියාසු විනියොගක‍්ඛෙමභාවාවහා සුවණ‍්ණවිසුද‍්ධි වියාති දට‍්ඨබ‍්බා.

කයෙහි වැඩට සුදුසු බව = කාය කම්මඤ්ඤතාවයි. සිතෙහි වැඩට සුදුසු බව = චිත්ත කම්මඤ්ඤතාවයි. ඒ දෙදෙන කාය චිත්තයන්ගේ අකර්මණ්‍යතාව, සංසිඳුවීම ලක්‍ෂණ කොට ඇත්තාහ. කාය චිත්තයන්ගේ අකර්මණ්‍යභාවය මර්දනය කිරීම රසයකොට ඇත්තාහ. කාය චිත්තයන්ගේ ආරම්මණකරණ සම්පත්තිය එළඹසිටි කාරණය කොට ඇත්තාහ. කායචිත්ත ආසන්න කාරණය කොට ඇත්තාහ. කාය චිත්තයන් අකර්මණයභාවයට පත්කරන අවශේෂ නීවරණයන්ට ප්‍රතිපක්‍ෂ වූවෝ යැයි දතයුතුයි. ඔව්හු ප්‍රසාදනීය වස්තූන් කෙරෙහි ප්‍රසාදය ගෙනදෙන්නේය. හිතක්‍රියාවන්හි යෙදීමේ දක්‍ෂ බව ගෙන දෙන්නාහ. ස්වර්ණයෙන් විශුද්ධිය මෙනැයි දතයුතුයි.

කායස‍්ස පාගුඤ‍්ඤභාවො කායපාගුඤ‍්ඤතා. චිත‍්තස‍්ස පාගුඤ‍්ඤභාවො චිත‍්තපාගුඤ‍්ඤතා. තා කායචිත‍්තානං අගෙලඤ‍්ඤභාවලක‍්ඛණා, කායචිත‍්තගෙලඤ‍්ඤනිම‍්මද‍්දනරසා, නිරාදීනවපච‍්චුපට‍්ඨානා, කායචිත‍්තපදට‍්ඨානා. කායචිත‍්තගෙලඤ‍්ඤකරඅස‍්සද‍්ධියාදිකිලෙසපටිපක‍්ඛභූතාති දට‍්ඨබ‍්බා.

කයෙහි ප්‍රගුණ බව = කාය පාගුඤ්ඤතාවයි. සිතෙහි ප්‍රගුණ බව = චිත්ත පාගුඤ්ඤතාවයි. ඒ දෙදෙන කාය චිත්තයන්ගේ නොගිලන්බව ලක්‍ෂණකොට ඇත්තාහ. කාය චිත්තයන්ගේ ගිලන්බව මර්දනය කිරිම රසය කොට ඇත්තාහ. ආදීනවයන්ගෙන් තොර බව එළඹ සිටි කාරණය කොට ඇත්තාහ. කාය චිත්තයන් ගිලන් කරන අශ්‍රද්ධා බව වැනි ක්ලේශයන්ට ප්‍රතිපක්‍ෂ වූවාහු යැයි දතයුතුයි.

කායස‍්ස උජුකභාවො කායුජුකතා. චිත‍්තස‍්ස උජුකභාවො චිත‍්තුජුකතා. තා කායචිත‍්තානං අජ‍්ජවලක‍්ඛණා, කායචිත‍්තකුටිලභාවනිම‍්මද‍්දනරසා, අජිම‍්හතාපච‍්චුපට‍්ඨානා, කායචිත‍්තපදට‍්ඨානා. කායචිත‍්තානං කුටිලභාවකරමායාසාඨෙය්‍යාදිකිලෙසපටිපක‍්ඛභූතාති දට‍්ඨබ‍්බා.

කයෙහි ඍජු බව = කායුජ්ජුකතාවයි. සිතෙහි සෘජුබව = චිත්තජ්ජුකතාවයි. ඒ දෙදෙන කායචිත්තයන්ගේ සෘජුබව ලක්‍ෂණ කොට ඇත්තාහ. කාය චිත්තයන්ගේ කුටිල බව මර්දනය කිරීම රසයකොට ඇත්තාහ. ඇදැහැති බව එළඹ සිටි කාරණය කොට ඇත්තාහ. කායචිත්ත ආසන්න කාරණා කොට ඇත්තාහ. කායචිත්තයන්ගේ කුටිලබව ඇතිකරන මායාව කෛරාටික බව ආදී (ක්ලේශයන්)ට ප්‍රතිපක්‍ෂ වූවාහුයැයි දතයුතුයි.

සරතීති සති. සම‍්පජානාතීති සම‍්පජඤ‍්ඤං; සමන‍්තතො පකාරෙහි ජානාතීති අත්‍ථො. සාත්‍ථකසම‍්පජඤ‍්ඤං සප‍්පායසම‍්පජඤ‍්ඤං ගොචරසම‍්පජඤ‍්ඤං අසම‍්මොහසම‍්පජඤ‍්ඤන‍්ති ඉමෙසං චතුන‍්නං පනස‍්ස වසෙන භෙදො වෙදිතබ‍්බො. ලක‍්ඛණාදීනි ච තෙසං සතින්‍ද්‍රියපඤ‍්ඤින්‍ද්‍රියෙසු වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි. ඉති හෙට‍්ඨා වුත‍්තමෙවෙතං ධම‍්මද‍්වයං පුන ඉමස‍්මිං ඨානෙ උපකාරවසෙන ගහිතං.

සිහි කෙරේනුයි = සතියයි., මනාව දැනගනීනුයි = සම්පජඤ්ඤයයි. හාත්පසින් පිළිවෙළින් දැනගනී යන අර්ථයි. සාත්‍ථක සම්පජඤ්ඤය සප්පායසම්පජඤ්ඤය ගොචර සම්පජඤ්ඤය අසම්මොහ සම්පජඤ්ඤය මේ සතරදෙනාගේ වශයෙන් මෙහි ප්‍රභේද දතයුතුයි. මොවුන්ගේ ලක්‍ෂණාදිය වනාහි සතින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රියන්හි කියන ලද නයින්ම දතයුතුයි. මෙසේ යට කියන ලද්දා වූ මේ ධර්මද්වය නැවත මෙතැනදී උපකාර වශයෙන් ගන්නා ලදී.

කාමච‍්ඡන්‍දාදයො පච‍්චනීකධම‍්මෙ සමෙතීති සමථො. අනිච‍්චාදිවසෙන විවිධෙහි ආකාරෙහි ධම‍්මෙ පස‍්සතීති විපස‍්සනා. පඤ‍්ඤාවෙසා අත්‍ථතො. ඉමෙසම‍්පි ද‍්වින‍්නං ලක‍්ඛණාදීනි හෙට‍්ඨා වුත‍්තානෙව. ඉධ පනෙතෙ යුගනද‍්ධවසෙන ගහිතා.

කාමච්ඡන්‍දාදී ප්‍රතිවිරුද්ධ ධර්මයන් සමනය කෙරේනුයි = සමථයයි. අනිත්‍යාදී වශයෙන් විවිධාකාරයෙන් ධර්මයන් දකීනුයි = විපස්සනාය. මෙය ප්‍රඥාවමය. අර්ථ වශයෙන් මේ දෙදෙනාගේ ලක්‍ෂණාදිය යට කියන ලදමය, මෙහිදී වනාහි මේ දෙදෙන එකට බැඳී සිටිනවුන් වශයෙන් ගන්නා ලදහ.

සහජාතධම‍්මෙ පග‍්ගණ‍්හාතීති පග‍්ගාහො. උද‍්ධච‍්චසඞ‍්ඛාතස‍්ස වික‍්ඛෙපස‍්ස පටිපක‍්ඛභාවතො න වික‍්ඛෙපොති අවික‍්ඛෙපො. එතෙසම‍්පි ලක‍්ඛණාදීනි හෙට‍්ඨා වුත‍්තානෙව. ඉධ පනෙතං ද‍්වයං වීරියසමාධියොජනත්‍ථාය ගහිතන‍්ති වෙදිතබ‍්බං.

සහජාත ධර්මයන් උත්සාහත් කෙරේනුයි = පග්හාහයි. උද්ධච්ච නම් වූ කලබල වන ගතියට ප්‍රතිපක්‍ෂ බැවින් වික්‍ෂේප (කලබල) නොවීම යනු = අවික්‍ෂේපයයි. මොවුන්ගේ ද ලක්‍ෂණාදිය යට කියන ලදමය. මෙහිදී වනාහි මේ දෙක වීර්යය හා සමාධිය යෙදීම සඳහා ගන්නා ලදැයි දතයුතුයි.