ඉන්ද්රියරාසිවණ්ණනා අට්ඨකථා
ඉන්ද්රියරාසිවණ්ණනා
ඉන්ද්රියරාසිවණ්ණනා
සද්දහන්ති එතාය, සයං වා සද්දහති, සද්දහනමත්තමෙව වා එසාති සද්ධා. සාව අස්සද්ධියස්ස අභිභවනතො අධිපතියට්ඨෙන ඉන්ද්රියං. අධිමොක්ඛලක්ඛණෙ වා ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං. සද්ධාව ඉන්ද්රියං සද්ධින්ද්රියං. සා පනෙසා සම්පසාදනලක්ඛණා ච සද්ධා සම්පක්ඛන්දනලක්ඛණා ච.
මෙයින් අදහති. තෙමේ හෝ අදහයි. මෙය ඇදහීම් මාත්‍රයෙහි යනු හෝ = ශ්රද්ධාවයි. එය ද ශ්‍රද්ධා නැත්හු අභිභවනය කරන හෙයින් අධිපති අර්ථයෙන් ඉන්ද්රිය වෙයි. නිශ්චය ලක්ෂණයෙන් හෝ ප්‍රධානත්වය කෙරේනුයි හෝ = ඉන්ද්‍රියයි. ශ්‍රද්ධාවම ඉන්ද්රිය වූයේ = සද්ධින්ද්රියයි. ඒ මේ ශ්‍රද්ධාව වනාහි විශේෂයෙන් පහදවන ලක්ෂණය ද ජනිත ලක්ෂණය ද ඇත්තේය.
යථා හි රඤ්ඤො චක්කවත්තිස්ස උදකප්පසාදකො මණි උදකෙ පක්ඛිත්තො පඞ්කසෙවාලපණකකද්දමං සන්නිසීදාපෙති, උදකං අච්ඡං කරොති විප්පසන්නං අනාවිලං, එවමෙව සද්ධා උප්පජ්ජමානා නීවරණෙ වික්ඛම්භෙති, කිලෙසෙ සන්නිසීදාපෙති, චිත්තං පසාදෙති, අනාවිලං කරොති. පසන්නෙන චිත්තෙන යොගාවචරො කුලපුත්තො දානං දෙති, සීලං සමාදියති, උපොසථකම්මං කරොති, භාවනං ආරභති. එවං තාව සද්ධා සම්පසාදනලක්ඛණාති වෙදිතබ්බා. තෙනාහ ආයස්මා නාගසෙනො –
යම්සේ වනාහි සක්විති රජුගේ උදක ප්‍රසාදක මාණික්‍යය දියෙහි දමන ලද්දේ ගොහොරු මඩ සෙවෙල් පහකර මඩ කිඳා බස්වයිද, ජලය පිරිසිදු කරයි. පැහැදිලි කෙරේ ද, නොකැළඹුණු බවට පත්කෙරේ ද, එපරිද්දෙන් ශ්‍රද්ධාව උපදිනුයේ නීවරණයන් යටපත් කෙරෙයි. කෙලෙස් යටපත් කෙරෙයි. සිත පහදවයි. නොකැළඹුණු බවට පත් කෙරෙයි. මෙපරිද්දෙන් ශ්‍රද්ධාව උපදිනුයේ නීවරණයන් යටපත් කෙරෙයි. කෙලෙස් සංසිඳුවයි. සිත පහදවයි. නොකැළඹුණු බවට පත් කෙරෙයි. යෝගාවචර කුලපුත්‍ර තෙමේ දන් දෙයි. සිල් සමාදන් වෙයි. පෙහෙවස් රකියි. භාවනාව ආරම්භ කරයි. මෙසේ වනාහි ශ්‍රද්ධාව විශේෂයෙන් පහදවන ලක්ෂණ ඇත්තේයැයි දතයුතුයි. එහෙයින් නාගසේන ආයුෂ්මතුන් වහන්සේ මෙසේ වදාළහ.
“යථා, මහාරාජ, රාජා චක්කවත්ති චතුරඞ්ගිනියා සෙනාය සද්ධිං අද්ධානමග්ගප්පටිපන්නො පරිත්තං උදකං තරෙය්ය, තං උදකං හත්ථීහි ච අස්සෙහි ච රථෙහි ච පත්තීහි ච සඞ්ඛුභිතං භවෙය්ය ආවිලං ලුලිතං කලලීභූතං, උත්තිණ්ණො ච රාජා චක්කවත්ති මනුස්සෙ ආණාපෙය්ය ‘පානීයං භණෙ ආහරථ, තං පිවිස්සාමී’ති. රඤ්ඤො ච උදකප්පසාදකො මණි භවෙය්ය. ‘එවං දෙවා’ති ඛො තෙ මනුස්සා රඤ්ඤො චක්කවත්තිස්ස පටිස්සුත්වා තං උදකප්පසාදකං මණිං උදකෙ පක්ඛිපෙය්‍යුං. තස්මිං උදකෙ පක්ඛිත්තමත්තෙ පඞ්කසෙවාලපණකං විගච්ඡෙය්ය, කද්දමො ච සන්නිසීදෙය්ය, අච්ඡං භවෙය්ය උදකං විප්පසන්නං අනාවිලං, තතො රඤ්ඤො චක්කවත්තිස්ස පානීයං උපනාමෙය්යුං – ‘පිවතු දෙවො පානීය’න්ති.
‘යම්සේ මහරජ! සක්විති රජ සිවුරඟ සෙනග (සමග දීර්ඝ මාර්ගයට පිළිපන්නේ) ස්වල්ප වූ දියපාරකින් එතර වෙයිද, එහි ජලය ඇතුන්ගෙන්ද අසුන්ගෙන් ද රථවලින් ද පාබල සෙනගින් ද කැළඹුණේ වෙයි ද, මඩවූයේ වෙයිද, එතරමුණු රජ ‘බොලව්, බීමට පැන් ගෙනෙව්’ යැයි මිනිසුන්ට අණ කරන්නේ ය. රජුටද උදකප්රසාදන මාණික්‍යයක් ඇත්තේය. ඒ මිනිස්සු ‘එසේය දේවයන් වහන්ස’යි රජුට පිළිතුරු දී ඒ උදක ප්‍රසාදක මාණික්‍යය ජලයෙහි බහාලන්නාහුය. (එය) දියෙහි බහාලූ පමණින් වහාම මඩසෙවෙල් යටපත් වේද, පිරිසිදු වේද, ජලය පැහැදිලි වේද, නොකැළඹුණේ වෙයිද, ඉන්පසු දේවයන් වහන්ස, පැන් පානය කරන්නැයි රජුට පැන් පිරිනමන්නාහුය.
“යථා , මහාරාජ, උදකං එවං චිත්තං දට්ඨබ්බං. යථා තෙ මනුස්සා එවං යොගාවචරො දට්ඨබ්බො. යථා පඞ්කසෙවාලපණකං කද්දමො ච එවං කිලෙසා දට්ඨබ්බා. යථා උදකප්පසාදකො මණි එවං සද්ධා දට්ඨබ්බා. යථා උදකප්පසාදකෙ මණිම්හි පක්ඛිත්තමත්තෙ පඞ්කසෙවාලපණකං විගච්ඡති කද්දමො ච සන්නිසීදති, අච්ඡං භවති උදකං විප්පසන්නං අනාවිලං, එවමෙව ඛො, මහාරාජ, සද්ධා උප්පජ්ජමානා නීවරණෙ වික්ඛම්භෙති, විනීවරණං චිත්තං හොති අච්ඡං විප්පසන්නං අනාවිල”න්ති (මි· ප· 2.1.10).
මහරජ, ජලය යම්සේ ද සිත එසේයැයි දතයුතුයි. ඒ මිනිස්සු යම්සේද, යෝගාවචරයා එසේයැයි දතයුතුයි. ගොහොරු මඩ සෙවෙල් නොකර මඩ යම්සේද කෙලෙස් එසේයැයි දතයුතුයි. උදක ප්‍රසාදක මාණික්‍යය යම්සේ ද ශ්‍රද්ධාව එසේයැයි දතයුතුයි. උදක ප්‍රසාදක මාණික්‍යය බහාලූ කල්හි ගොහොරුව සෙවෙල් නොකර මඩ ද පහවෙයි ද ජලය පිරිසිදු වෙයි ද, ජලය පැහැදුණේ නො කැළඹුණේ වෙයි ද, මහරජ, මෙපරිද්දෙන් වනාහි ශ්‍රද්ධාව උපදිනුයේ තීරණයන් පහකරයි. සිත නීවරණයන්ගෙන් තොර වෙයි. පිරිසිදු වූයේ පැහැදිලි වූයේ නොකැළඹුණේ වෙයි යනුයි.
යථා පන කුම්භිලමකරගාහරක්ඛසාදිකිණ්ණං පූරං මහානදිං ආගම්ම භීරුකජනො උභොසු තීරෙසු තිට්ඨති. සඞ්ගාමසූරො පන මහායොධො ආගන්ත්වා ‘කස්මා ඨිතත්ථා’ති පුච්ඡිත්වා ‘සප්පටිභයභාවෙන ඔතරිතුං න විසහාමා’ති වුත්තෙ සුනිසිතං අසිං ගහෙත්වා ‘මම පච්ඡතො එථ, මා භායිත්ථා’ති වත්වා නදිං ඔතරිත්වා ආගතාගතෙ කුම්භිලාදයො පටිබාහිත්වා ඔරිමතීරතො මනුස්සානං සොත්ථිභාවං කරොන්තො පාරිමතීරං නෙති. පාරිමතීරතොපි සොත්ථිනා ඔරිමතීරං ආනෙති. එවමෙව දානං දදතො සීලං රක්ඛතො උපොසථකම්මං කරොතො භාවනං ආරභතො සද්ධා පුබ්බඞ්ගමා පුරෙචාරිකා හොති. තෙන වුත්තං ‘සම්පක්ඛන්දනලක්ඛණා ච සද්ධා’ති.
යම්සේ වනාහි කිඹුල් මකර ආදීන්ගෙන් ගහණ රාක්ෂසාදීන්ගෙන් සංකීර්ණ වූ පිරුණු මහනදියක් වෙත පැමිණ බියට පත් මහජනයා දෙතෙර සිටිත්ද, සංග්රාම සූර වූ මහා යෝධයෙක් අවුත් කවර හෙයින් සිටින්නහුදැයි විචාර ප්‍රතිභය සහිත බැවින් තරණය කරන්නට අසමර්ථයයි කී කල්හි ඉතා සියුම් කඩුවක් ගෙන මා පස්සෙන් එව්. බිය නොවව් යැයි කියා නදියට බැස ආ කිඹුල් ආදීන් වළක්වා මෙතෙර මිනිසුන් සුවපත් කෙරෙමින් එතෙරට පමුණුවයි ද, එතෙරින් ද සුවසේ මෙතෙරට පමුණුවයි ද මෙපරිද්දෙන් දන් දෙන්නාගේ සිල් රකින්නාගේ පෙහෙවස් රකින්නාගේ භාවනාව අරඹන්නාගේ ශ්‍රද්ධාව පූර්වාංගම වෙයි. ඉදිරියෙන් හැසිරෙන්නා වෙයි. එහෙයින් ‘ශ්‍රද්ධා පන්න ලක්ෂණ ඇත්තේ යැයි’ කියන ලදී.
අපරො නයො – සද්දහනලක්ඛණා සද්ධා, ඔකප්පනලක්ඛණා වා. පසාදනරසා උදකප්පසාදකමණි විය, පක්ඛන්දනරසා වා ඔඝුත්තරණො විය. අකාලුසියපච්චුපට්ඨානා, අධිමුත්තිපච්චුපට්ඨානා වා. සද්ධෙය්යවත්ථුපදට්ඨානා සොතාපත්තියඞ්ගපදට්ඨානා වා, සා හත්ථවිත්තබීජානි විය දට්ඨබ්බා.
තවත් නයක් (එනම්) ශ්‍රද්ධාව ඇදහීම ලක්‍ෂණකොට ඇත්තේ හෝ පවට බියබව ලක්‍ෂණකොට ඇත්තේ වෙයි. උදක ප්‍රසාදක මැණික මෙන් පැහැදවීම රසකොට ඇත්තේය. ඕඝතරණය මෙන් පැනීම රසකොට ඇත්තේය. නොකිලිටි බව එළඹ සිටින ආකාරයයි. අධිෂ්ඨානය හෝ එළඹ සිටින ආකාරයයි. ඇදහිය යුතු වස්තුව හෝ සෝතාපත්තියංගය ආසන්න කාරණයයි. සියතින් දමන ලද බීජ මෙනැයි දතයුතුයි.
වීරස්ස භාවො වීරියං, වීරානං වා කම්මං වීරියං. විධිනා වා නයෙන උපායෙන ඊරයිතබ්බං පවත්තයිතබ්බන්ති වීරියං. තදෙව කොසජ්ජස්ස අභිභවනතො අධිපතියට්ඨෙන ඉන්ද්රියං. පග්ගහණලක්ඛණෙ වා ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං. වීරියමෙව ඉන්ද්රියං වීරියින්ද්‍රියං. තං පනෙතං උපත්ථම්භනලක්ඛණඤ්ච වීරියං පග්ගහණලක්ඛණඤ්ච. යථා හි ජිණ්ණඝරං ආගන්තුකෙන ථූණුපත්ථම්භෙන තිට්ඨති, එවමෙව යොගාවචරො වීරියුපත්ථම්භෙන උපත්ථම්භිතො හුත්වා සබ්බකුසලධම්මෙහි න හායති, න පරිහායති. එවං තාවස්ස උපත්ථම්භනලක්ඛණතා වෙදිතබ්බා. තෙනාහ ථෙරො නාගසෙනො –
වීරයාගේ භාවය = වීර්යයයි. වීරයාගේ කර්මය හෝ = වීර්යයයි. ක්‍රමයෙන් හෝ නයින් හෝ උපායෙන් සෙලවිය යුතුයි. පැවැත්විය යුතුයි නුයි = වීර්යයයි. එයම කුසීතබව මඩනා හෙයින් අධිපති අර්ථයෙන් ඉන්ද්‍රියයි. උත්සාහ කිරිම් ලක්ෂණයෙහි හෝ අධිපති බව කරවානුයි = ඉන්ද්‍රියයි. වීර්යයම ඉන්ද්රිය වූයේ = විරියින්ද්රියයි. ඒ මේ වීර්යය උපකාරවීම් ලක්ෂණය ද උත්සාහවත් කිරිමේ ලක්ෂණය ද ඇත්තේ ය. යම්සේ දිරූ ගෙයක් ආගන්තුක වූ ටැඹක උපකාරයෙන් සිටී ද, මෙපරිද්දෙන් යෝගාවචර තෙමේ වීර්යයේ උපකාරයෙන් රුකුල් ලැබ සියලු කුශල ධර්මයන්ගෙන් නොපිරිහේ ද, වෙසෙසින් නො පිරිහේද මෙපරිද්දෙන් වනාහි එහි උපත්ථම්භන ලක්ෂණය දතයුතුයි. එහෙයින් නාගසේන ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ.
“යථා , මහාරාජ, පුරිසො ගෙහෙ පතන්තෙ තමඤ්ඤෙන දාරුනා උපත්ථම්භෙය්ය, උපත්ථම්භිතං සන්තං එවං තං ගෙහං න පතෙය්‍ය, එවමෙව ඛො මහාරාජ උපත්ථම්භනලක්ඛණං වීරියං, වීරියුපත්ථම්භිතා සබ්බෙ කුසලා ධම්මා න හායන්ති න පරිහායන්තී”ති (මි· ප· 2.1.12).
‘මහරජ, යම්සේ ගෙයක් වැටෙද්දී වෙනත් දැවයකින් රුකුල් දෙනුයේ ද, රුකුල් දෙනු ලැබුවා වූ ම ඒ ගෙය නො වැටේද, මහරජ, එපරිද්දෙන් වනාහි වීර්යය උපකාර වන ලක්ෂණ ඇත්තේය. වීර්යයෙන් උපස්ථම්භිත සියලු කුශල ධර්මයෝ (නො පිරිහෙත්) වෙසෙසින් නො පිරිහෙත්’ යනුයි.
යථා වා පන ඛුද්දිකාය ච මහතිකාය ච සෙනාය සඞ්ගාමෙ පවත්තෙ ඛුද්දිකා සෙනා ඔලීයෙය්ය, තතො රඤ්ඤො ආරොචෙය්ය, රාජා බලවාහනං පෙසෙය්ය, තෙන පග්ගහිතා සකසෙනා පරසෙනං පරාජෙය්ය, එවමෙව වීරියං සහජාතසම්පයුත්තධම්මානං ඔලීයිතුං ඔසක්කිතුං න දෙති, උක්ඛිපති, පග්ගණ්හාති. තෙන වුත්තං ‘පග්ගහණලක්ඛණඤ්ච වීරිය’න්ති.
යම්සේ වනාහි කුඩා වූ ද මහත් වූ ද සේනාවක් අතර සංග්‍රාමයක් පවත්නා කල්හි කුඩා සේනාව පසුබස්නේ ද, එවිට රජුට දැනුම් දෙයි. රජ බලසෙනග හා වාහන එවන්නේ ද, එයින් ධෛර්යවත් වූ ස්වකීය සේනාව පරසේනාව පරාජය කරන්නේය. මෙපරිද්දෙන් වීර්යය සහජාත සම්ප්‍රයුක්ත ධර්මයන්ට පසුබසින්නට නොදෙයි. ඔසවා තබයි. උත්සාහවත් කරයි. එහෙයින් කියන ලදී. ‘වීර්යය උත්සාහවත් කිරිම ලක්ෂණ කොට ඇත්තේය’ යනුයි.
අපරො නයො – උස්සාහලක්ඛණං වීරියං, සහජාතානං උපත්ථම්භනරසං, අසංසීදනභාවපච්චුපට්ඨානං, “සංවිග්ගො යොනිසො පදහතී”ති (අ· නි· 4.113) වචනතො සංවෙගපදට්ඨානං, වීරියාරම්භවත්ථුපදට්ඨානං වා. සම්මා ආරද්ධං සබ්බාසං සම්පත්තීනං මූලං හොතීති දට්ඨබ්බං.
තවත් නයකි. ‘වීර්යය උත්සාහවත් කිරීම ලක්ෂණ කොට ඇත්තේය.’ සහජාත ධර්මයන්ට උපස්ථම්භනය වීම රසයකොට ඇත්තේය. පසුබට නොවන බව එළඹසිටි කාරණයයි. ‘සංවේගයට පත්වූයේ නුවණින් උත්සාහ කරයි’ යන කීම අනුව සංවේගය ආසන්න කාරණයයි. වීර්යාරම්භයට වස්තුව වීම හෝ ආසන්න කාරණයි. මනාසේ අරඹන ද සියලු සම්පත්තීන්ට මූලය වේයැයි දතයුතුයි.
සරන්ති එතාය, සයං වා සරති, සරණමත්තමෙව වා එසාති සති. සාව මුට්ඨස්සච්චස්ස අභිභවනතො අධිපතියට්ඨෙන ඉන්ද්රියං, උපට්ඨානලක්ඛණෙ වා ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං. සති එව ඉන්ද්රියං සතින්ද්රියං. සා පනෙසා අපිලාපනලක්ඛණා ච සති උපග්ගණ්හනලක්ඛණා ච. යථා හි රඤ්ඤො භණ්ඩාගාරිකො දසවිධං රතනං ගොපයන්තො සායංපාතං රාජානං ඉස්සරියසම්පත්තිං සල්ලක්ඛාපෙති සාරෙති, එවමෙව සති කුසලං ධම්මං සල්ලක්ඛාපෙති සරාපෙති. තෙනාහ ථෙරො –
මෙයින් හැසිරෙත්. තෙමේ හෝ හැසිරෙයි. මෙය හැසිරීම් මාත්රයමය යනුයි. = සති යයි. එය සිහිමුළා බව මැඩපවත්වන හෙයින් අධිපති අර්ථයෙන් = ඉන්ද්රිය යයි. සතියම ඉන්ද්රිය වූයේ = සතින්ද්‍රියයි. ඒ මේ සතිය නොඉල්ලීම ලක්‍ෂණකොට ඇත්තේ හෝ සිහිගැන්වීම ලක්‍ෂණකොට ඇත්තේය. යම්සේ රජුගේ භාණ්ඩාගාරිකයා වනාහි දශවිධ රත්නයන් ආරක්ෂා කරමින් උදේ ද සවස ද රජුට ඓශ්චර්ය සම්පත්තිය සලකවයි. සිහිගන්වයි. මෙපරිද්දෙන් සතිය කුශල කර්මයන් සලකවයි. සිහිගන්වයි. එහෙයින් (නාගසේන) ස්ථවිරයන් වහන්සේ (මෙසේ) වදාළහ.
“යථා, මහාරාජ, රඤ්ඤො චක්කවත්තිස්ස භණ්ඩාගාරිකො රාජානං චක්කවත්තිං සායංපාතං යසං සරාපෙති – ‘එත්තකා, දෙව, හත්ථී, එත්තකා අස්සා, එත්තකා රථා, එත්තකා පත්තී, එත්තකං හිරඤ්ඤං, එත්තකං සුවණ්ණං, එත්තකං සබ්බං සාපතෙය්යං, තං දෙවො සරතූ’ති, එවමෙව ඛො, මහාරාජ, සති කුසලෙ ධම්මෙ අපිලාපෙති – ඉමෙ චත්තාරො සතිපට්ඨානා, ඉමෙ චත්තාරො සම්මප්පධානා, ඉමෙ චත්තාරො ඉද්ධිපාදා, ඉමානි පඤ්චින්ද්රියානි, ඉමානි පඤ්ච බලානි, ඉමෙ සත්ත බොජ්ඣඞ්ගා, අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො, අයං සමථො, අයං විපස්සනා, අයං විජ්ජා, අයං විමුත්ති, ඉමෙ ලොකුත්තරා ධම්මාති. එවං ඛො, මහාරාජ, අපිලාපනලක්ඛණා සතී”ති (මි· ප· 2.1.13).
‘මහරජ, යම්සේ රජුගේ භාණ්ඩාගාරිකයා සක්විති රජුට උදේ ද සවස ද දේවයන් වහන්ස, ඇත්තු මෙපමණය. (අශ්වයෝ මෙපමණය. රිය මෙපමණය. පාබළ සෙනග මෙපමණය.) අමුරන් මෙපමණය. ඝනරන් මෙපමණය. සියලු සම්පත්තිය මෙපමණය. එය දේවයන් වහන්සේ සිහිකෙරෙත්වායි කියායි. මහරජ, මෙපරිද්දෙන් වනාහි සතිය මේ සතර සතිපට්ඨානයෝය. මේ සතර සම්‍යක් ප්‍රධානයෝ ය. මේ සතර සෘද්ධිපාදයෝ ය. මේ පංචේන්ද්රියයෝ ය. මේ පංච බලයෝ ය. මේ සප්ත බෝධ්යාංගයෝ ය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ සමථයයි. මේ විදර්ශනාවයි. මේ විමුක්තියයි. මේ ලෝකෝත්තර ධර්මයෝ යැයි කුශල ධර්මය සිහි ගන්වයි. මහරජ, මෙපරිද්දෙන් වනාහි සතිය සිහිගන්වන ලක්ෂණ ඇත්තේය යනුයි.
යථා පන රඤ්ඤො චක්කවත්තිස්ස පරිණායකරතනං රඤ්ඤො අහිතෙ ච හිතෙ ච ඤත්වා අහිතෙ අපයාපෙති, හිතෙ උපයාපෙති, එවමෙව සති හිතාහිතානං ධම්මානං ගතියො සමන්වෙසිත්වා ‘ඉමෙ කායදුච්චරිතාදයො ධම්මා අහිතා’ති අහිතෙ ධම්මෙ අපනුදෙති , ‘ඉමෙ කායසුචරිතාදයො ධම්මා හිතා’ති හිතෙ ධම්මෙ උපග්ගණ්හාති. තෙනාහ ථෙරො –
යම්සේ වනාහි සක්විති රජුන්ගේ පරිනායක රත්නය රජුට අහිතයන් ද හිතයන් ද දැන අහිතයන් බැහැර කරයි. හිතයන් ළංකරවයි ද මෙපරිද්දෙන් සතිය හිතාහිත ධර්මයන්ගේ ගතිය සොයාබලා මේ කාය දුශ්චරිතාදී ධර්මයෝ අහිතයෝ යැයි අහිත ධර්මයන් පහකරයි. මේ කාය සුචරිතාදී ධර්මයෝ හිතයෝ යැයි හිත ධර්මයන් ළංකර ගනී. එහෙයින් තෙරුන් වහන්සේ මෙසේ වදාළහ.
“යථා, මහාරාජ, රඤ්ඤො චක්කවත්තිස්ස පරිණායකරතනං රඤ්ඤො හිතාහිතෙ ජානාති ‘ඉමෙ රඤ්ඤො හිතා ඉමෙ අහිතා, ඉමෙ උපකාරා ඉමෙ අනුපකාරා’ති, තතො අහිතෙ අපනුදෙති හිතෙ උපග්ගණ්හාති, එවමෙව ඛො, මහාරාජ, සති උප්පජ්ජමානා හිතාහිතානං ධම්මානං ගතියො සමන්වෙසති ‘ඉමෙ ධම්මා හිතා ඉමෙ ධම්මා අහිතා, ඉමෙ ධම්මා උපකාරා ඉමෙ ධම්මා අනුපකාරා’ති , තතො අහිතෙ ධම්මෙ අපනුදෙති හිතෙ ධම්මෙ උපග්ගණ්හාති. එවං ඛො, මහාරාජ, උපග්ගණ්හනලක්ඛණා සතී”ති (මි· ප· 2.1.13).
‘මහරජ, යම්සේ රජුගේ පරිනායක රත්නය රජුට හිතාහිතයන් මොව්හු රජුට හිතයෝය. මොවුහු අහිතයෝය. මොව්හු උපකාරකයෝය. මොව්හු අනුපකාරකයෝ යැයි දැනගනී. ඉක්බිති අහිතයන් පහකරයි. හිතයන් ළංකර ගනී. මහරජ, මෙපරිද්දෙන් වනාහි උපදනා සතිය හිතාහිත ධර්මයන්ගේ ගති සලකා බලයි. මේ ධර්මයෝ හිතයෝය. මේ ධර්මයෝ අහිතයෝය. මේ ධර්මයෝ උපකාරකයෝ ය. මේ ධර්මයෝ අනුපකාරකයෝය යනුවෙනි. ඉක්බිති අහිත ධර්මයන් පහකරයි. හිත ධර්මයන් ළංකර ගනී. මහරජ, මෙපරිද්දෙන් වනාහි සතිය (හිත ධර්මයන්) ළංකරගන්නා ලක්ෂණ ඇත්තේය’ යනුයි.
අපරො නයො – අපිලාපනලක්ඛණා සති, අසම්මොසනරසා, ආරක්ඛපච්චුපට්ඨානා විසයාභිමුඛීභාවපච්චුපට්ඨානා වා, ථිරසඤ්ඤාපදට්ඨානා, කායාදිසතිපට්ඨානපදට්ඨානා වා, ආරම්මණෙ දළ්හං පතිට්ඨිතත්තා පන එසිකා විය, චක්ඛුද්වාරාදිරක්ඛණතො දොවාරිකො විය ච දට්ඨබ්බා.
තවත් නයකි, සතිය සිහිගන්වන ලක්ෂණ ඇත්තේ ය. මුළානොවීම රසය කොට ඇත්තේය. ආරක්ෂාව එළඹ සිටින ආකාරයයි. විෂයට අභිමුඛ වන බව හෝ එළඹ සිටින ආකාරයයි. ස්ථිර සංඥාව ආසන්න කාරණයයි. කායාදී සතිපට්ඨාන හෝ ආසන්න කාරණයයි. අරමුණෙහි දැඩි ලෙස පිහිටි බැවින් වනාහි ඉන්ද්‍රඛීලයක් මෙන් ද චක්ෂුර්ද්වාරාදිය රක්නා හෙයින් ද්වාර පාලකයකු මෙන් ද දතයුතුයි.
ආරම්මණෙ චිත්තං සම්මා අධියති ඨපෙතීති සමාධි. සොව වික්ඛෙපස්ස අභිභවනතො අධිපතියට්ඨෙන ඉන්ද්රියං. අවික්ඛෙපලක්ඛණෙ වා ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං. සමාධියෙව ඉන්ද්රියං සමාධින්ද්රියං. ලක්ඛණාදීනි පනස්ස හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බානි.
අරමුණෙහි සිත මනාව පිහිටුවානුයි තබානුයි = සමාධියයි. එය ද වික්ෂේපනය මඩනා හෙයින් අධිපති අර්ථයෙන් = ඉන්ද්‍රියයි. අවික්‍ෂේප ලක්ෂණයෙහි හෝ ප්‍රධානත්වය කෙරේනුයි = ඉන්ද්‍රියයි. සමාධියම ඉන්ද්රිය වූයේ = සමාධින්ද්රියයි. මෙහි ලක්ෂණාදිය වනාහි යට කියන ලද නයින්ම දතයුතුයි.
පජානාතීති පඤ්ඤා. කිං පජානාති? ‘ඉදං දුක්ඛ’න්තිආදිනා නයෙන අරියසච්චානි. අට්ඨකථායං පන ‘පඤ්ඤාපෙතීති පඤ්ඤා’ති වුත්තං. කින්ති පඤ්ඤාපෙතීති? අනිච්චං දුක්ඛං අනත්තාති පඤ්ඤාපෙති. සාව අවිජ්ජාය අභිභවනතො අධිපතියට්ඨෙන ඉන්ද්රියං. දස්සනලක්ඛණෙ වා ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං. පඤ්ඤාව ඉන්ද්රියං පඤ්ඤින්ද්රියං. සා පනෙසා ඔභාසනලක්ඛණා ච පඤ්ඤා පජානනලක්ඛණා ච. යථා හි චතුභිත්තිකෙ ගෙහෙ රත්තිභාගෙ දීපෙ ජලිතෙ අන්ධකාරො නිරුජ්ඣති ආලොකො පාතුභවති, එවමෙව ඔභාසනලක්ඛණා පඤ්ඤා. පඤ්ඤොභාසසමො ඔභාසො නාම නත්ථි. පඤ්ඤවතො හි එකපල්ලඞ්කෙන නිසින්නස්ස දසසහස්සිලොකධාතු එකාලොකා හොති. තෙනාහ ථෙරො –
විශේෂයෙන් දැනගනීනුයි = ප්රඥාවයි. කුමක් විශේෂයෙන් දැනගනී ද? මේ දුකය යන ආදී නයින් ආර්ය සත්‍යයන් (විශේෂයෙන් දැනගනී) අට්ඨකථාවෙහි වනාහි පනවානුයි ප්‍රඥා යැයි කියන ලදී. කුමක් පණවයිද යතහොත්, අනිත්‍යය, දුඃඛය අනාත්මය යැයි පනවයි. එය ද අවිද්‍යාව මැඩපවත්වන හෙයින් අධිපති අර්ථයෙන් = ඉන්ද්රිය වේ. දර්ශන ලක්ෂණයෙහිදු අධිපති බව කරවානුයි ද = ඉන්ද්රිය වේ. ප්‍රඥාවම ඉන්ද්රිය වූයේ = ප්රඥෙන්ද්රිය යයි. ඒ මේ ප්‍රඥාව වනාහි බබළවන ලක්ෂණ ද විශේෂයෙන් දැනගන්නා ලක්ෂණ ද ඇත්තේය. යම්සේ වනාහි සිව් බිත්තියකින් යුත් ගෙයක රාත්‍රී කාලයෙහි පහන් දැල්වූ විට අඳුර නැතිවෙයි. ආලෝකය පහළ වෙයි. මෙපරිද්දෙන් ප්‍රඥාව බබළවන ලක්ෂණ ඇත්තේය. ප්‍රඥා ආලෝකය සමාන ආලෝකයක් නම් නැත. එක් පළඟින් හුන් ප්‍රඥාවන්තයාට වනාහි දසදහසක් ලෝකධාතුව ඒකාලෝක වෙයි. එහෙයින් (නාගසේන) තෙරුන් වහන්සේ මෙසේ වදාළහ.
“යථා, මහාරාජ, පුරිසො අන්ධකාරෙ ගෙහෙ පදීපං පවෙසෙය්ය, පවිට්ඨො පදීපො අන්ධකාරං විද්ධංසෙති, ඔභාසං ජනෙති, ආලොකං විදංසෙති, පාකටානි ච රූපානි කරොති, එවමෙව ඛො, මහාරාජ, පඤ්ඤා උප්පජ්ජමානා අවිජ්ජන්ධකාරං විද්ධංසෙති, විජ්ජොභාසං ජනෙති, ඤාණාලොකං විදංසෙති, පාකටානි ච අරියසච්චානි කරොති. එවං ඛො, මහාරාජ, ඔභාසනලක්ඛණා පඤ්ඤා”ති (මි· ප· 2.1.15).
‘මහරජ, යම්සේ පුරුෂයෙක් අඳුරු ගෙයකට තෙල්පහනක් පිවිසවයි ද පිවිසවන ලද පහන අඳුර නසයි ද, බැබළවීම ඇතිකෙරේ ද, ආලෝකය විහිදවයි ද, රූපයන් ප්‍රකට කරයි ද මහරජ? මෙපරිද්දෙන් වනාහි උපදනා ප්‍රඥාව අවිද්‍යා අන්ධකාරය නසයි. විද්‍යා ඕභාසය දනවයි. ඥානාලෝකය විහිදුවයි. ආර්ය සත්‍යයන් ප්‍රකට කරයි. මහරජ, මෙපරිද්දෙන් වනාහි ප්‍රඥාව බබළවන ලක්ෂණ ඇත්තේය’ යනුයි.
යථා පන ඡෙකො භිසක්කො ආතුරානං සප්පායාසප්පායානි භොජනානි ජානාති, එවං පඤ්ඤා උප්පජ්ජමානා කුසලාකුසලෙ සෙවිතබ්බාසෙවිතබ්බෙ හීනප්පණීතකණ්හසුක්කසප්පටිභාගඅප්පටිභාගෙ ධම්මෙ පජානාති. වුත්තම්පි චෙතං ධම්මසෙනාපතිනා – “පජානාති පජානාතීති ඛො, ආවුසො, තස්මා පඤ්ඤවාති වුච්චති. කිඤ්ච පජානාති? ඉදං දුක්ඛන්ති පජානාතී”ති (ම· නි· 1.449) විත්ථාරෙතබ්බං. එවමස්සා පජානනලක්ඛණතා වෙදිතබ්බා.
යම්සේ වනාහි දක්ෂ වෙදෙක් ආතුරයන් හිතකර හිතකර බොජුන් දනීද, මෙපරිද්දෙන් උපදනා ප්‍රඥාව කුසල් අකුසල් සේවනය කළයුතු සේවනය නොකළයුතු හීනප්රණිත කෘෂ්ණ ශුක්ල සප්‍රතිභාග (අප්‍රතිභාග) ධර්මයන් විශේෂයෙන් දැනගනී. දම්සෙනෙවි සැරියුත් තෙරුන් විසින් මෙය ද වදාරන ලදී. ‘ඇවැත්නි, විශේෂයෙන් දැනගනී. එහෙයින් ප්‍රඥාව යැයි කියනු ලැබේ. කුමක් විශේෂයෙන් දැනගනී ද, මෙය දුකයැයි විශේෂයෙන් දැන ගනී’, යැයි විස්තර කළයුතුයි. මෙසේ ප්‍රඥාවගේ විශේෂයෙන් දැනගන්නා ලක්ෂණය දතයුතුයි.
අපරො නයො – යථාසභාවපටිවෙධලක්ඛණා පඤ්ඤා; අක්ඛලිතපටිවෙධලක්ඛණා වා කුසලිස්සාසඛිත්තඋසුපටිවෙධො විය. විසයොභාසරසා පදීපො විය. අසම්මොහපච්චුපට්ඨානා අරඤ්ඤගතසුදෙසකො විය.
තවත් නයකි. ප්‍රඥාව යථා ස්වභාවය ප්‍රතිවේධ කරන ලක්ෂණ ඇත්තේ හෝ නොපැකිළ ප්‍රතිවේධ කරන ලක්ෂණ ඇත්තේ හෝ දුන්නෙන් නිකුත්වන ඊය මෙන් ප්‍රතිවේධ කරන ලක්ෂණ ඇත්තේය. පහනක් මෙන් විෂය ආලෝකවත් කිරිම රසයකොට ඇත්තේය. වනගත වූ ප්රදේශවැසියකු මෙන් මුළාවෙන් තොරව වැටහෙන ලක්ෂණ ඇත්තේය.
මනතීති මනො; විජානාතීති අත්ථො. අට්ඨකථාචරියා පනාහු – නාළියා මිනමානො විය, මහාතුලාය ධාරයමානො විය ච, ආරම්මණං මිනති පජානාතීති මනොති. තදෙව මනනලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං. මනොව ඉන්ද්රියං මනින්ද්රියං. හෙට්ඨා වුත්තචිත්තස්සෙවෙතං වෙවචනං.
සිතයිනුයි = මන යි දනී යන අර්ථයි. අර්ථකථාචාර්යවරු මෙසේ කීහ. නැළියෙන් මනින්නාක් මෙන් ද මහා තුලාවෙන් දරන්නාක් මෙන්ද අරමුණ මනී දැනගනීනුයි = මන ය යනුයි. එයම මැනීම් ලක්ෂණයෙන් ප්‍රධාන බවක් කරවානුයි = ඉන්ද්‍රියයි. මනසම ඉන්ද්රිය වූයේ = මනින්ද්රියයි. යට කියන ලද සිතට මෙය පරියාය වචනයකි.
පීතිසොමනස්සසම්පයොගතො සොභනං මනො අස්සාති සුමනො. සුමනස්ස භාවො සොමනස්සං. සාතලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං. සොමනස්සමෙව ඉන්ද්රියං සොමනස්සින්ද්රියං. හෙට්ඨා වුත්තවෙදනායෙවෙතං වෙවචනං.
ප්‍රීති සෝමනස්ස සම්ප්‍රයෝගයෙන් සෝභන වූ මතයක් මොහුටය යනු = සුමනයි. සුමනගේ භාවය සෝමනස්ස ය. සැප ලක්ෂණයෙහි ආධිපත්‍යය කරවානුයි = ඉන්ද්‍රියයි. සොම්නසම ඉන්ද්රිය වූයේ = සෝමනස්සින්ද්රියයි. යට කියන ලද වේදනාවටම මෙය පරියාය වචනයකි.
ජීවන්ති තෙන තංසම්පයුත්තකා ධම්මාති ජීවිතං. අනුපාලනලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං. ජීවිතමෙව ඉන්ද්රියං ජීවිතින්ද්රියං. තං පවත්තසන්තතාධිපතෙය්යං හොති. ලක්‍ඛණාදීහි පන අත්තනා අවිනිභුත්තානං ධම්මානං අනුපාලනලක්ඛණං ජීවිතින්ද්රියං, තෙසං පවත්තනරසං, තෙසංයෙව ඨපනපච්චුපට්ඨානං, යාපයිතබ්බධම්මපදට්ඨානං. සන්තෙපි ච අනුපාලනලක්ඛණාදිම්හි විධානෙ අත්ථික්ඛණෙයෙව තං තෙ ධම්මෙ අනුපාලෙති උදකං විය උප්පලාදීනි, යථාසකංපච්චයුප්පන්නෙපි ච ධම්මෙ පාලෙති ධාතී විය කුමාරං, සයංපවත්තිතධම්මසම්බන්ධෙනෙව ච පවත්තති නියාමකො විය, න භඞ්ගතො උද්ධං පවත්තයති අත්තනො ච පවත්තයිතබ්බානඤ්ච අභාවා, න භඞ්ගක්ඛණෙ ඨපෙති සයං භිජ්ජමානත්තා ඛීයමානො විය වට්ටිසිනෙහො දීපසිඛං. න ච අනුපාලනපවත්තනට්ඨපනානුභාවවිරහිතං යථාවුත්තක්ඛණෙ තස්ස තස්ස සාධනතොති දට්ඨබ්බං.
එය හා සම්ප්‍රයුක්ත ධර්මයෝ එයින් ජීවත් වෙත්නුයි = ජීවිතයයි. අනුපාලන ලක්ෂණයෙහි ආධිපත්‍යය කරවානුයි = ඉන්ද්‍රියයි. ජීවිතයම ඉන්ද්රිය වූයේ = ජීවිතින්ද්රිය යයි. එය නිරන්තරව පවත්නා ආධිපත්‍යයක් වෙයි. ලක්ෂණාදි වශයෙන් වනාහි තමා හා වෙන්නොවී පවත්නා ධර්මයන් පාලනය කරන ලක්ෂණ ඇත්තේ ජීවිතින්ද්රියයි. ඔවුන්ගේ පැවැත්වීම රසයයි. ඔවුන්ගේම තැබීම එළඹ සිටින ආකාරයයි. පැවැත්විය යුතු ස්වභාවය ආසන්න කාරණයයි. අනුපාලන ලක්ෂණාදිය ඇති කල්හි ද විධානය ඇතිවිටම එය ඒ ධර්මයන් පාලනය කරයි. ජලය උපුල් ආදිය මෙන්, තම තමන්ට අයත් පරිදි ධර්මයන් එළඹ සිටි කල්හි ද කිරිමව දරුවකු (පාලනය කරන්නාක් මෙන්) මෙන් පාලනය කරයි. තෙමේ පවත්නා ධර්මයන්ට සම්බන්ධවම පවතී. නියාමකයා (නැව) මෙනි. භංගයෙන් මත්තෙහි නො පවත්වයි. තමන්ගේ ද පැවැත්විය යුතු ධර්මයන්ගේ ද අභාවයෙනි, තමාද බිඳෙනා හෙයින් භංගක්ෂණයෙහි නො පිහිටුවයි. ක්ෂය වන පහන්වැටියෙහි තෙල් පහන් සිළුව මෙනි. අනුපාලන පවත්තන ඨපන ආනුභාව තොර වූයේ පළමු කියන ලද ක්ෂණයෙහි ඒ ඒ ධර්මයන්ට සාධන වශයෙන් නොවේයැයි දතයුතුයි.