ඣානඞ්ගරාසිවණ්ණනා අට්ඨකථා
ඣානඞ්ගරාසිවණ්ණනා
ඣානඞ්ගරාසිවණ්ණනා
විතක්කෙතීති විතක්කො; විතක්කනං වා විතක්කො; ඌහනන්ති වුත්තං හොති. ස්වායං ආරම්මණෙ චිත්තස්ස අභිනිරොපනලක්ඛණො. සො හි ආරම්මණෙ චිත්තං ආරොපෙති. යථා හි කොචි රාජවල්ලභං ඤාතිං වා මිත්තං වා නිස්සාය රාජගෙහං ආරොහති, එවං විතක්කං නිස්සාය චිත්තං ආරම්මණං ආරොහති. තස්මා සො ආරම්මණෙ චිත්තස්ස අභිනිරොපනලක්ඛණොති වුත්තො. නාගසෙනත්ථෙරො පනාහ – ආකොටනලක්ඛණො විතක්කො. “යථා, මහාරාජ, භෙරී ආකොටිතා අථ පච්ඡා අනුරවති අනුසද්දායති, එවමෙව ඛො, මහාරාජ, යථා ආකොටනා එවං විතක්කො දට්ඨබ්බො. යථා පච්ඡා අනුරවනා අනුසද්දායනා එවං විචාරො දට්ඨබ්බො”ති (මි· ප· 2.3.14 ථොකං විසදිසං). ස්වායං ආහනනපරියාහනනරසො. තථා හි තෙන යොගාවචරො ආරම්මණං විතක්කාහතං විතක්කපරියාහතං කරොතීති වුච්චති. ආරම්මණෙ චිත්තස්ස ආනයනපච්චුපට්ඨානො.
විතර්කනය (කල්පනා කිරිම) කෙරේනුයි = විතර්කයයි. විතර්කනය හෝ විතර්කයයි. කල්පනා කිරීම යැයි කියනු ලද්දේ වෙයි. ඒ මේ විතර්කය සිත අරමුණට යොමු කිරීම ලක්ෂණ කොට ඇත්තේය. එය වනාහි සිත අරමුණෙහි ආරෝපණය කරයි. යම්සේ කිසිවෙක් රාජවල්ලභ වූ ඥාතියකු හෝ මිත්‍රයකු නිසා රජගෙට නගීද, මෙසේ විතර්කය නිසා සිත අරමුණට නගී. එහෙයින් එය අරමුණේදි සිතට ආරෝපණය කිරීම ලක්ෂණ කොට ඇත්තේ යැයි කියන ලදී. නාගසේන ස්ථවිරයන් වහන්සේ වනාහි මෙසේ වදාළහ. ‘විතර්කය ආකෝටන (තට්ටු කිරිම) ලක්ෂණ කොට ඇත. මහරජ, යම්සේ තට්ටු කරන ලද බෙරය පසුව ඒ අනුව හැසිරේද, අනුව ශබ්ද කෙරේද, මහරජ. එපරිද්දෙන් තට්ටුකාරිව යම්සේද විතර්කය ද එසේයැයි දතයුතුයි. පසුව අනුරාවය වීම අනුව ශබ්දවීම යම්සේද විචාරය එසේයැයි දතයුතුයි යනුයි. ඒ මේ විතර්කය හැප්පීම හාත්පසින් හැප්පීම රසය කොට ඇත්තේය. යම්සේ වනාහි යෝගාවචර තෙම එයින් අරමුණට විතර්කයෙන් පහර දෙන ලද්දක් විතර්කයෙන් විශේෂයෙන් පහරදෙන ලද්දක් කෙරේයැයි කියනු ලැබේ. අරමුණෙහි සිත ගෙනයාම වැටහීම කොට ඇත්තේය.
ආරම්මණෙ තෙන චිත්තං විචරතීති විචාරො; විචරණං වා විචාරො. අනුසඤ්චරණන්ති වුත්තං හොති. ස්වායං ආරම්මණානුමජ්ජනලක්ඛණො. තත්ථ සහජාතානුයොජනරසො. චිත්තස්ස අනුප්පබන්ධපච්චුපට්ඨානො. සන්තෙපි ච නෙසං කත්ථචි අවියොගෙ ඔළාරිකට්ඨෙන පුබ්බඞ්ගමට්ඨෙන ච ඝණ්ටාභිඝාතො විය අභිනිරොපනට්ඨෙන ච චෙතසො පඨමාභිනිපාතො විතක්කො . සුඛුමට්ඨෙන අනුමජ්ජනසභාවට්ඨෙන ච ඝණ්ටානුරවො විය අනුප්පබන්ධො විචාරො. විප්ඵාරවා චෙත්ථ විතක්කො, පඨමුප්පත්තිකාලෙ පරිප්ඵන්දභූතො චිත්තස්ස. ආකාසෙ උප්පතිතුකාමස්ස පක්ඛිනො පක්ඛවික්ඛෙපො විය. පදුමාභිමුඛපාතො විය ච ගන්ධානුබද්ධචෙතසො භමරස්ස. සන්තවුත්ති විචාරො නාතිපරිප්ඵන්දනභාවො චිත්තස්ස, ආකාසෙ උප්පතිතස්ස පක්ඛිනො පක්ඛප්පසාරණං විය, පරිබ්භමනං විය ච පදුමාභිමුඛපතිතස්ස භමරස්ස පදුමස්ස උපරිභාගෙ.
(අරමුණෙහි එය සමග සිත) හැසිරේනුයි = විචාරයයි. විචාරණය හෝ විචාරණය හෝ විචාරයයි. අනුව සංඛාරය කිරීමයැයි කියන ලද්දේ වෙයි. ඒ මේ විචාරය අරමුණ පිරිමැදීම ලක්ෂණ කොට ඇත්තේය. එහිදී සහජාතයන් අනුව යෙදීම රසය කොට ඇත්තේය. සිතට අනුව බැඳීම වැටහීම කොට ඇත්තේය. කිසියම් තැනෙක එක්වීමක් ඇති කල්හි ද ඕලාරිකාර්ථයෙන් පූර්වාංගමාර්ථයෙන් ඝණ්ඨාව ගැසීමක් මෙන් විශේෂයෙන් ආරෝපණය කිරීම් අර්ථයෙන් ද සිතට පළමුවැටීම විතර්කයයි. සියුම් අර්ථයෙන් ද පිරිමැදීම් ස්වභාවාර්ථයෙන් ද ඝණ්ඨා අනුරාවය මෙන් අනුව බැඳෙනුයේ විචාරයයි. මෙහිදී විචාරය පැතිරවීම ඇත්තේය. පළමු උපන් කල්හි සිත ස්ඵන්දනය කරන සුලුය. අහසෙහි උඩ නගිනු කැමති පක්ෂිකයෙකුගේ පියාපත් වික්ෂේපය (කලබලය) මෙන් ද සුවඳ අනුව බැඳුණු සිත් ඇති බඹරාගේ පියුමට අභිමුඛව වැටීම මෙන් ද වෙයි. ශාන්ත පැවතුම් ඇති විචාරය සිත අතිශයින් ස්ඵන්දනය කරන ස්වභාවය ඇත්තේ නොවේ. අහසට නැගුණු පක්ෂියාගේ පියාපත් ගැසීම මෙන්ද පියුමට අභිමුඛව බස්නා බඹරාගේ පියුමට මතු භාගයෙහි පරිභ්‍රමණය මෙන් ද වෙයි.
අට්ඨකථායං පන “ආකාසෙ ගච්ඡතො මහාසකුණස්ස උභොහි පක්ඛෙහි වාතං ගහෙත්වා පක්ඛෙ සන්නිසීදාපෙත්වා ගමනං විය ආරම්මණෙ චෙතසො අභිනිරොපනභාවෙන පවත්තො විතක්කො. සො හි එකග්ගො හුත්වා අප්පෙති වාතග්ගහණත්ථං පක්ඛෙ ඵන්දාපයමානස්ස ගමනං විය. අනුමජ්ජභාවෙන පවත්තො විචාරො. සො හි ආරම්මණං අනුමජ්ජතීති වුත්තං, තං අනුප්පබන්ධනෙන පවත්තියං අතිවිය යුජ්ජති. සො පන නෙසං විසෙසො පඨමදුතියජ්ඣානෙසු පාකටො හොති. අපිච මලග්ගහිතං කංසභාජනං එකෙන හත්ථෙන දළ්හං ගහෙත්වා ඉතරෙන හත්ථෙන චුණ්ණතෙලවාලණ්ඩුපකෙන පරිමජ්ජන්තස්ස දළ්හග්ගහණහත්ථො විය විතක්කො, පරිමජ්ජනහත්ථො විය විචාරො. තථා කුම්භකාරස්ස දණ්ඩප්පහාරෙන චක්කං භමයිත්වා භාජනං කරොන්තස්ස උප්පීළනහත්ථො විය විතක්කො, ඉතො චිතො ච සඤ්චරණහත්ථො විය විචාරො. තථා මණ්ඩලං කරොන්තස්ස මජ්ඣෙ සන්නිරුම්භිත්වා ඨිතකණ්ටකො විය අභිනිරොපනො විතක්කො, බහිපරිබ්භමනකණ්ටකො විය අනුමජ්ජමානො විචාරො.
අට්ඨකථාවෙහි වනාහි, අරමුණෙහි සිත ආරෝපණය කිරීම් වශයෙන් පවත්නා විතර්කය අහසෙහි යන මහා පක්ෂියෙකු දෙපියාපතින් වාතය ගෙන පියා සන්සිඳුවාගෙන ගමන්කිරිම මෙනි. එය වාතය ගැනීම පිණිස පියාසලන්නහුගේ ගමන මෙන් එකඟව පැමිණෙයි. පිරිමැදීම් වශයෙන් පවත්නේ විචාරයයි. එය වනාහි අරමුණ පිරිමදී යැයි කියන ලදී. එය අනුව බැඳීමෙන් පැවැත්මෙහි අතිශයින්ම යෙදේ. ඔවුන්ගේ මේ විශේෂය වනාහි ප්‍රථම ද්විතීය ධ්‍යානයන්හි ප්‍රකට වෙයි. තවද විතර්කය යම්සේ මලබැඳුණ රන්බඳුන එක් අතකින් දැඩිව ගෙන අනික් අතින් චූර්ණ තෙල් (සහිත) බුරුසුවකින් පිරිමදින්නාගේ දැඩිව ගත් අතරෙහි, විචාරය පිරිමදිනා අත මෙනි. එසේම විතර්කය දඬුපහරින් සක කරකවා භාජනයත් සාදන කුඹල්කරුගේ පෙළන අත මෙනි. විචාරය ඔබ මොබ හසුරුවන අත මෙනි. එසේම සිත අරමුණට නංවන විතර්කය, මණ්ඩලයක් කරන්නාගේ මැද නතරකිරිමට සිටි කටුව (කූඤ්ඤං) මෙනි. පිරිමදිනාසුලු විචාරය පිටත කරකවන කටුව (කූඤ්ඤය) මෙන්.
පිණයතීති පීති. සා සම්පියායනලක්ඛණා. කායචිත්තපීණනරසා, ඵරණරසා වා. ඔදග්යපච්චුපට්ඨානා. සා පනෙසා ඛුද්දිකාපීති, ඛණිකාපීති, ඔක්කන්තිකාපීති, උබ්බෙගාපීති, ඵරණාපීතීති පඤ්චවිධා හොති.
පිණවානුයි = ප්‍රීතියය. එය ප්‍රිය කිරිම ලක්ෂණ කොට ඇත්තේය. කය සිත පිනවීම හෝ එරණය (පැතිරීම) රසය කොට ඇත්තේ ය. ඔදවැඩි බව එළඹ සිටි කාරණ කොට ඇත්තේ ය. ඒ මේ ප්‍රීතිය වනාහි ඛුද්දකාපීති, ඛණිකාපීති, ඔක්කන්තිකාපීති, උබ්බේගාපීති, ඵරණාපීති යනුවෙන් පස්වැදෑරුම් වෙයි.
තත්ථ ඛුද්දිකාපීති සරීරෙ ලොමහංසමත්තමෙව කාතුං සක්කොති. ඛණිකාපීති ඛණෙ ඛණෙ විජ්ජුප්පාදසදිසා හොති. ඔක්කන්තිකාපීති , සමුද්දතීරං වීචි විය, කායං ඔක්කමිත්වා ඔක්කමිත්වා භිජ්ජති. උබ්බෙගාපීති බලවතී හොති, කායං උද්ධග්ගං කත්වා ආකාසෙ ලඞ්ඝාපනප්පමාණප්පත්තා. තථා හි පුණ්ණවල්ලිකවාසී මහාතිස්සත්ථෙරො පුණ්ණමදිවසෙ සායං චෙතියඞ්ගණං ගන්ත්වා චන්දාලොකං දිස්වා මහාචෙතියාභිමුඛො හුත්වා ‘ඉමාය වත වෙලාය චතස්සො පරිසා මහාචෙතියං වන්දන්තී’ති පකතියා දිට්ඨාරම්මණවසෙන බුද්ධාරම්මණං උබ්බෙගං පීතිං උප්පාදෙත්වා සුධාතලෙ පහටචිත්රගෙණ්ඩුකො විය ආකාසෙ උප්පතිත්වා මහාචෙතියඞ්ගණෙයෙව අට්ඨාසි.
එහි ඛුද්දිකා පීතිය ශරීරයෙහි ලොමුදැහැ ගැනීමට පමණක් කරන්ට හැකිවෙයි. ඛණිකාපීතිය ක්ෂණයෙන් ක්ෂණය විදුලි කෙටීම සමාන වෙයි. ඔක්කන්තිකා පීතිය සමුද්‍ර තීරයෙහි රළ මෙන් වැදි වැදි බිඳෙයි. ශරීරය අග උඩට කොට අහසෙහි නැංවීමට තරම් උද්වේග ප්‍රීතිය බලවත් වෙයි. ඒ එසේමැයි:- පුණ්ණවල්ලික වැසි මහාතිස්ස ස්ථවිරයන් වහන්සේ පසළොස්වක දිනයෙහි සවස සෑමළුවට ගොස් සඳඑළිය දැක මහසෑයට අභිමුඛව මේ වේලාවෙහි වනාහි සිව්වනක් පිරිස මහසෑය වඳිත්යැයි ප්‍රකෘතියෙන් දුටු අරමුණු වශයෙන් බුද්ධාලම්භන උද්වේග ප්‍රීතිය උපදවාගෙන සුණුතලයෙක්හි ගසන ලද පන්දුවක් මෙන් අහසෙහි පැනනැගී මහසෑමළුයෙහිම පිහිටියහ.
තථා ගිරිකණ්ඩකවිහාරස්ස උපනිස්සයෙ වත්තකාලකගාමෙ එකා කුලධීතාපි බලවබුද්ධාරම්මණාය උබ්බෙගාය පීතියා ආකාසෙ ලඞ්ඝෙසි. තස්සා කිර මාතාපිතරො සායං ධම්මසවනත්ථාය විහාරං ගච්ඡන්තා ‘අම්ම, ත්වං ගරුභාරා, අකාලෙ විචරිතුං න සක්කොසි, මයං තුය්හං පත්තිං කත්වා ධම්මං සොස්සාමා’ති අගමංසු. සා ගන්තුකාමාපි තෙසං වචනං පටිබාහිතුං අසක්කොන්තී ඝරෙ ඔහීයිත්වා ඝරද්වාරෙ ඨත්වා චන්දාලොකෙන ගිරිකණ්ඩකෙ ආකාසචෙතියඞ්ගණං ඔලොකෙන්තී චෙතියස්ස දීපපූජං අද්දස. චතස්සො ච පරිසා මාලාගන්ධාදීහි චෙතියපූජං කත්වා පදක්ඛිණං කරොන්තියො භික්ඛුසඞ්ඝස්ස ච ගණසජ්ඣායසද්දං අස්සොසි. අථස්සා ‘ධඤ්ඤා වතිමෙ මනුස්සා යෙ විහාරං ගන්ත්වා එවරූපෙ චෙතියඞ්ගණෙ අනුසඤ්චරිතුං එවරූපඤ්ච මධුරං ධම්මකථං සොතුං ලභන්තී’ති මුත්තරාසිසදිසං චෙතියං පස්සන්තියා එව උබ්බෙගාපීති උදපාදි. සා ආකාසෙ ලඞ්ඝිත්වා මාතාපිතූනං පුරිමතරංයෙව ආකාසතො චෙතියඞ්ගණෙ ඔරුය්හ චෙතියං වන්දිත්වා ධම්මං සුණමානා අට්ඨාසි. අථ නං මාතාපිතරො ආගන්ත්වා ‘අම්ම, ත්වං කතරෙන මග්ගෙන ආගතාසී’ති පුච්ඡිංසු. සා ‘ආකාසෙන ආගතාම්හි, න මග්ගෙනා’ති වත්වා ‘අම්ම, ආකාසෙන නාම ඛීණාසවා සඤ්චරන්ති, ත්වං කථං ආගතා’ති පුට්ඨා ආහ – ‘මය්හං චන්දාලොකෙන චෙතියං ඔලොකෙන්තියා ඨිතාය බුද්ධාරම්මණා බලවපීති උප්පජ්ජති, අථාහං නෙව අත්තනො ඨිතභාවං න නිසින්නභාවං අඤ්ඤාසිං, ගහිතනිමිත්තෙනෙව පන ආකාසං ලඞ්ඝිත්වා චෙතියඞ්ගණෙ පතිට්ඨිතාම්හී’ති. එවං උබ්බෙගාපීති ආකාසෙ ලඞ්ඝාපනප්පමාණා හොති.
එසේම ගිරිකණ්ඩක විහාරයට සමීපයෙහි චිත්තකාල ගමෙහි එක් කුලදුවක් ද බලවත් වූ බුද්ධාලම්බන උද්වේග ප්‍රීතියෙන් අහසට පැන්නාය. ඇගේ මවුපියෝ වනාහි සවස බණ ඇසීමට විහාරයට යන්නාහු දුව, ඔබ ගැබ්බරය, අකාලයෙහි ඇවිදින්නට නො හැක්කෙහිය. අපි ඔබ සඳහා පින්කොට බණ අසන්නෙමු යැයි (කියා) ගියහ. ඕ තොමෝ යනු කැමතිවද ඔවුන්ගේ වචනය වළක්වන්නට නොහැකිව නැවතී ගෙයි දොර සිට සඳඑළියෙන් ගිරිකණ්ඩක අහසෙහි සෑමළුව බලන්නී සෑයෙහි පහන් පූජාව දුටුවාය. සිව්වනක් පිරිස මල්ගඳ ආදියෙන් සෑය පුදා පැදකුණු කරනු ද භික්ෂු සංඝයා ගණ සජ්ඣායනා කරන ශබ්දය ද කරනු ද භික්ෂු සංඝයා ගණ සජ්ඣායනා කරන ශබ්දය ද ඇසුවාය. ඉක්බිති යම් මනුෂ්‍ය කෙනෙක් විහාරයට ගොස් මෙබඳු සෑමළුයෙහි ඇවිදින්නටත් මෙබඳු මිහිරි බණ කථා අසන්නට ලබත් ද, ඔව්හු ඒකාන්තයෙන් භාග්‍යවන්තයෝ යැයි මුතුරැසක් වන් සෑය බලත්ම ඇයට උද්වේග ප්‍රීතිය පහළවිය. ඕ තොමෝ අහසට පැන මව්පියන්ට පළමුවෙන්ම අහසින් සෑමළුවෙහි බැස සෑය වැඳ බණ අසමින් සිටියාය. ඉක්බිති මව්පියෝ අවුත් දුව, ඔබ කවර මාර්ගයෙකින් ආයේදැයි ඇගෙන් විචාළහ. ඕ තොමෝ අහස් මගින් ආවෙමි කියා ‘දුව, රහත්හු නම් අහසින් යති. ඔබ කෙසේ ආයේදැයි’ විචාරන ලදුව ‘සඳඑළියෙන් සෑය බලමින් සිටි මට බුද්ධාලම්බනයෙහි බලවත් ප්‍රීතියක් උපන්නේය. ඉක්බිති මම තමා සිටි බවක් හෝ හුන් බවක් නො දනිමි. ගන්නා ලද නිමිත්තෙන්ම වනාහි අහසට පැන සෑමළුවෙහි පිහිටියෙමි’යි කීවාය. මෙසේ උද්වේග ප්‍රීතිය අහසට පැන්නවීමට ප්‍රමාණ වෙයි.
ඵරණපීතියා පන උප්පන්නාය සකලසරීරං ධමිත්වා පූරිතවත්ථි විය, මහතා උදකොඝෙන පක්ඛන්දපබ්බතකුච්ඡි විය ච අනුපරිප්ඵුටං හොති. සා පනෙසා පඤ්චවිධා පීති ගබ්භං ගණ්හන්තී පරිපාකං ගච්ඡන්තී දුවිධං පස්සද්ධිං පරිපූරෙති – කායපස්සද්ධිඤ්ච චිත්තපස්සද්ධිඤ්ච. පස්සද්ධි ගබ්භං ගණ්හන්තී පරිපාකං ගච්ඡන්තී දුවිධං සුඛං පරිපූරෙති – කායිකං චෙතසිකඤ්ච. සුඛං ගබ්භං ගණ්හන්තං පරිපාකං ගච්ඡන්තං තිවිධං සමාධිං පරිපූරෙති – ඛණිකසමාධිං උපචාරසමාධිං අප්පනාසමාධින්ති. තාසු ඨපෙත්වා අප්පනාසමාධිපූරිකං ඉතරා ද්වෙපි ඉධ යුජ්ජන්ති.
ඵරණ ප්‍රීතිය උපන් කල්හි වනාහි මුළු සිරුර පිඹ පුරවන ලද වස්තියක් මෙන් ද දිය පහරක් බහාලූ පර්වත ගැබක් මෙන් ද පිරි ඉතිරී ගියේ වෙයි. ඒ මේ පංචවිධ ප්‍රීතිය ගැබ්ගත්තේ මේරීමට යන්නේ කායපස්සද්ධිය චිත්තපස්සද්ධිය යන දෙවැදෑරුම් පස්සද්ධිය සම්පූර්ණ කරයි. පස්සද්ධිය ගැබ්ගනුයේ මේරීමට යනුයේ කායික චෛතසික යන දෙවැදෑරුම් සුවය සම්පූර්ණ කරයි. සුවය ගැබ්ගනුයේ මේරීමට යනුයේ ක්ෂණික සමාධිය උපචාර සමාධිය අර්පණා සමාධිය යන ත්‍රිවිධ සමාධි සම්පූර්ණ කරයි. ඒවා අතුරෙන් අර්පණා සමාධිය සම්පූර්ණ කිරීම හැර ඉතිරි දෙකම මෙහි යෙදේ.
සුඛයතීති සුඛං; යස්ස උප්පජ්ජති තං සුඛිතං කරොතීති අත්ථො. සුට්ඨු වා ඛාදති, ඛනති ච කායචිත්තාබාධන්ති සුඛං. සොමනස්සවෙදනායෙතං නාමං. තස්ස ලක්ඛණාදීනි වෙදනාපදෙ වුත්තනයෙනෙව වෙදිතබ්බානි.
සැපත් කෙරේනුයි = සුවයය, යමෙකුට උපදී ද ඔහු සුවපත් කෙරෙයි යනු අර්ථයි. කායික මානසික ආබාධයක් මනාව කා දමයි. සාරා දමයි නුයි සුබයයි. සොම්නස් වේදනාවට මෙය නමකි. එහි ලක්ෂණාදිය වේදනා පදයෙහි කියන ලද නයින් දතයුතුයි.
අපරො නයො – සාතලක්ඛණං සුඛං, සම්පයුත්තානං උපබ්රූහනරසං, අනුග්ගහණපච්චුපට්ඨානං. සතිපි ච නෙසං පීතිසුඛානං කත්ථචි අවිප්පයොගෙ, ඉට්ඨාරම්මණපටිලාභතුට්ඨි පීති; පටිලද්ධරසානුභවනං සුඛං. යත්ථ පීති තත්ථ සුඛං. යත්ථ සුඛං තත්ථ න නියමතො පීති. සඞ්ඛාරක්ඛන්ධසඞ්ගහිතා පීති, වෙදනාක්ඛන්ධසඞ්ගහිතං සුඛං. කන්තාරඛින්නස්ස වනන්තොදකදස්සනසවනෙසු විය පීති. වනච්ඡායාපවෙසනඋදකපරිභොගෙසු විය සුඛං.
තවත් නයකි, සැපය ලක්ෂණ කොට ඇත්තේ සුඛයයි. සම්ප්‍රයුක්ත ධර්මයන් වැඩීම රසයයි. අනුග්‍රහණය එළඹ සිටි කාරණයයි. කිසියම් තැනක ඒ ප්රිතිසුඛ දෙදෙනාගේ වෙන් නොවීමක් ඇති කල්හි ද ඉෂ්ටාරම්මණ ප්‍රතිලාභයෙහි සතුට ප්‍රීතියයි. ලබන ලද රසය අනුභව කිරීම සැපයයි. යම්තැනෙක ප්‍රීතිය වේද එහි සැපය වේ. යම්තැනෙක සැපය වේද එහි ප්‍රීතිය වේ. යම්තැනෙක සැපය වේද එහි නියම වශයෙන් ප්‍රීතිය නොවේ. ප්‍රීතිය සංස්කාර ස්කන්ධයෙහි සංගෘහිතයි. සැපය වේදනා ස්කන්ධයෙහි සංගෘහීතයි. ප්‍රීතිය කාන්තාරයෙහි මුළා වූවෙකුට වනාන්තරයේ ජලය දැකීම හා ඇසීම මෙනි. සැපය වනසෙවණට පිවිසීම ජලය පරිභෝග කිරීමේදී මෙනි.
යථා හි පුරිසො මහාකන්තාරමග්ගං පටිපන්නො ඝම්මපරෙතො තසිතො පිපාසිතො පටිපථෙ පුරිසං දිස්වා ‘කත්ථ පානීයං අත්ථී’ති පුච්ඡෙය්ය. සො ‘අටවිං උත්තරිත්වා ජාතස්සරවනසණ්ඩො අත්ථි, තත්ථ ගන්ත්වා ලභිස්සසී’ති වදෙය්ය. සො තස්ස කථං සුත්වා හට්ඨපහට්ඨො භවෙය්ය. තතො ගච්ඡන්තො භූමියං පතිතානි උප්පලදලනාලපත්තාදීනි දිස්වා සුට්ඨුතරං හට්ඨපහට්ඨො හුත්වා ගච්ඡන්තො අල්ලවත්ථෙ අල්ලකෙසෙ පුරිසෙ පස්සෙය්ය, වනකුක්කුටමොරාදීනං සද්දං සුණෙය්ය, ජාතස්සරපරියන්තෙ ජාතං මණිජාලසදිසං නීලවනසණ්ඩං පස්සෙය්ය, සරෙ ජාතානි උප්පලපදුමකුමුදාදීනි පස්සෙය්ය, අච්ඡං විප්පසන්නං උදකං පස්සෙය්ය. සො භිය්යො භිය්යො හට්ඨපහට්ඨො හුත්වා ජාතස්සරං ඔතරිත්වා යථාරුචි න්හත්වා ච පිවිත්වා ච පටිප්පස්සද්ධදරථො භිසමුළාලපොක්ඛරාදීනි ඛාදිත්වා නීලුප්පලාදීනි පිළන්ධිත්වා මන්දාලකමූලානි ඛන්ධෙ කරිත්වා උත්තරිත්වා සාටකං නිවාසෙත්වා, උදකසාටකං ආතපෙ කත්වා, සීතච්ඡායාය මන්දමන්දෙ වාතෙ පහරන්තෙ නිපන්නො ‘අහො සුඛං, අහො සුඛ’න්ති වදෙය්ය. එවංසම්පදමිදං දට්ඨබ්බං.
යම්සේ වනාහි මහා කාන්තාර මාර්ගයකට පිළිපන් ග්‍රීෂ්මයෙන් පෙළුණු බියට පත් පිපාසිත පුරුෂයෙක් ඉදිරිමගදී පුරුෂයකු දැක කොතැන පැන් ඇද්දැයි අසයි. හෙතෙම වනයෙන් එතරව විලක් හා වනරොදක් ඇත. එහි ගොස් (ගියවිට) ජලය ලැබෙන්නේ යැයි කියයි. හෙතෙම ඔහුගේ කථාව අසා තුටු පහටු වන්නේය. එයින් යන්නේ බිම වැටුණු උපුල්දලිය වැල්පත් ආදිය දැක වඩාත් තුටු පහටුව යන්නේ කෙත් වස්ත්‍ර ඇති තෙත් කෙස් ඇති පුරුෂයන් දක්නේය. වලිකුකුළු වන මොනර ආදීන්ගේ ශබ්දය අසන්නේය. විල් කෙළවර හටගත් මිණිදැලක් සමාන නිල් වනරොද දක්නේ ය. විලෙහි හටගත් උපුල් පියුම් කුමුදු ආදිය දක්නේ ය. පිරිසිදු ඉතා පැහැදිලි ජලය දක්නේ ය. හෙතෙම බොහෝසෙයින් තුටු පහටුව විලට බැස රිසි සේ නා (පැන්) බී නිවන ලද වෙහෙස ඇතිව නෙළුම් අල පුෂ්කරාදිය කා නිලුපුල් ආදිය පැළඳ මදාරා ගසක මුලක් කර තබාගෙන එතරවී සළුව ඇඳ දියසළුව අව්වේ වනා සිහිල් සෙවණෙහි මදසුළං හමද්දී වැදහොත්තේ අනේ සැපයි අනේ සැපයි යැයි කියන්නේය. මෙය ද මෙසේයැයි දතයුත්තේ ය.
තස්ස හි පුරිසස්ස ජාතස්සරවනසණ්ඩසවනතො පට්ඨාය යාව උදකදස්සනා හට්ඨපහට්ඨකාලො විය පුබ්බභාගාරම්මණෙ හට්ඨපහට්ඨාකාරා පීති. න්හත්වා ච පිවිත්වා ච සීතච්ඡායාය මන්දමන්දෙ වාතෙ පහරන්තෙ ‘අහො සුඛං, අහො සුඛ’න්ති වදතො නිපන්නකාලො විය බලවප්පත්තං ආරම්මණරසානුභවනාකාරසණ්ඨිතං සුඛං. තස්මිං තස්මිං සමයෙ පාකටභාවතො චෙතං වුත්තන්ති වෙදිතබ්බං. යත්ථ පන පීති සුඛම්පි තත්ථ අත්ථීති වුත්තමෙවෙතං.
ඒ පුරුෂයාට විල වනරොද පිළිබඳව ඇසීමේ පටන් ජලය දක්නා තෙක් තුටු පහටු කාලයේ මෙනි. පූර්වභාග ආරම්මණයෙහි තුටු පහටු ආකාර ඇති ප්‍රීතිය, බලවත් සේ පැවති අරමුණෙහි රස අනුභව කරන ආකාරයෙන් සිටි සැපය හා (ජලය) බී සිහිල් සෙවණෙහි මද සුළං හමද්දී අනේ සැපයි අනේ සැපයි කියමින් වැදහොත් කාලය මෙනි. ඒ ඒ අවස්ථාවෙහි ප්‍රකට බැවින් මෙය කියන ලදැයි දතයුතුයි. යම්තැනෙක වනාහි ප්‍රීතිය වේද, සැපය ද එහි ඇතැයි මෙය කියන ලද්දේමය.
චිත්තස්සෙකග්ගතාති චිත්තස්ස එකග්ගභාවො; සමාධිස්සෙතං නාමං. ලක්ඛණාදීසු පනස්ස අට්ඨකථායං තාව වුත්තං – “පාමොක්ඛලක්ඛණො ච සමාධි අවික්ඛෙපලක්ඛණො ච”. යථා හි කූටාගාරකණ්ණිකා සෙසදබ්බසම්භාරානං ආබන්ධනතො පමුඛා හොති එවමෙව සබ්බකුසලධම්මානං සමාධිචිත්තෙන ඉජ්ඣනතො සබ්බෙසම්පි තෙසං ධම්මානං සමාධි පාමොක්ඛො හොති. තෙන වුත්තං –
චිත්තස්සෙ කග්ගතා යනු සිතේ එකඟ බවයි. මෙය සමාධියට නමකි. මෙහි ලක්ෂණාදිය වනාහි පළමුවෙන් අට්ඨකථාවෙහි කියන ලදී. සමාධිය ප්රමුඛ ලක්ෂණය ද අවික්‍ෂේප ලක්ෂණය ද ඇත්තේය. යම්සේ වනාහි කුළුගෙයි කැණිමඬල සෙසු ද්‍රවය සමූහය හාත්පසින් බැඳීමෙන් ප්රමුඛ වේද, මෙපරිද්දෙන් සියලු කුශල ධර්මයන් සමාධි සිතින් ඉටුවන හෙයින් ඒ සියලුම ධර්මයන්ට සමාධිය ප්රමුඛ වේ. එහෙයින්ම කියන ලදී -
“යථා, මහාරාජ, කූටාගාරස්ස යා කාචි ගොපානසියො සබ්බා තා කූටඞ්ගමා හොන්ති, කූටනින්නා කූටසමොසරණා, කූටං තාසං අග්ගමක්ඛායති, එවමෙව ඛො, මහාරාජ, යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ සමාධිනින්නා හොන්ති, සමාධිපොණා, සමාධිපබ්භාරා, සමාධි තෙසං අග්ගමක්ඛායතී”ති (මි· ප· 2.1.14).
‘මහරජ, යම්සේ කූටාගාරයක යම්කිසි ගොනැසි වේද ඒ සියල්ල මුදුන හා සම්බන්ධ වේද, මුදුනට සවි වේද, මුදුනට එක්රැස් වේද (එහෙයින්) කූටය ඔවුන්ට අග්‍රයැයි කියනු ලැබේ. මහරජ, එපරිද්දෙන් වනාහි යම්කිසි කුශල ධර්මයෝ වෙත් ද ඒ සියල්ලෝම සමාධිය වෙත නිම්න වූවෝ වෙත්. සමාධියට නැමුණෝ වෙත්. සමාධි ප්‍රාග්භාර වෙත්. සමාධිය ඔවුන්ට අග්‍රයැයි කියනු ලැබේ’ යැයි කියනු ලැබේ.
යථා ච සෙනඞ්ගං පත්වා රාජා නාම යත්ථ යත්ථ සෙනා ඔසීදති තං තං ඨානං ගච්ඡති, තස්ස ගතගතට්ඨානෙ සෙනා පරිපූරති, පරසෙනා භිජ්ජිත්වා රාජානමෙව අනුවත්තති, එවමෙව සහජාතධම්මානං වික්ඛිපිතුං විප්පකිරිතුං අප්පදානතො සමාධි අවික්ඛෙපලක්ඛණො නාම හොතීති.
යම්සේ වනාහි රජ සෙනග අතරට පැමිණ යම් යම් තැන්වල සෙනග කිදාබසීද (නතර වේද) ඒ ඒ තැන්වලට යයි. ඔහු ගිය ගිය තැන සෙනග පීරෙයි. පරසෙනග බිඳ රජු අනුවම පවතී. මෙපරිද්දෙන් සහජාත ධර්මයන්ට වික්ෂේප වන්නට විසිරෙන්නට නොදෙන හෙයින් සමාධිය අවික්‍ෂේප ලක්ෂණ ඇත්තේ නම් වෙයි යනුයි.
අපරො පන නයො – අයං චිත්තස්සෙකග්ගතාසඞ්ඛාතො සමාධි නාම අවිසාරලක්ඛණො වා අවික්ඛෙපලක්ඛණො වා, සහජාතධම්මානං, සම්පිණ්ඩනරසො න්හානියචුණ්ණානං උදකං විය, උපසමපච්චුපට්ඨානො ඤාණපච්චුපට්ඨානො වා. “සමාහිතො යථාභූතං ජානාති පස්සතී”ති හි වුත්තං. විසෙසතො සුඛපදට්ඨානො, නිවාතෙ දීපච්චීනං ඨිති විය චෙතසො ඨිතීති දට්ඨබ්බො.
තවත් නයකි. සිතේ එකඟ බව නම් වූ සමාධිය නො විසුරුවන ලක්ෂණ හෝ අවික්‍ෂේප ලක්ෂණ ඇත්තේය. නානු සුණුවලට ජලය මෙන් සහජාත ධර්මයන් පිඬුකිරීම රසකොට ඇත්තේය. සන්සිඳීම එළඹ සිටි කාරණා කොට ඇත්තේ ය. ඤාණය එළඹ සිටි කාරණය කොට හෝ ඇත්තේ ය. එකඟ වූයේ තත්ත්වාකාරයෙන් දැනගනී. දකී යැයි කියන ලදී. විශේෂයෙන් සැපය ආසන්න කාරණය කොට ඇත්තේ වාතය රහිත තැන පහන් සිලුවල ඨිතිය මෙන් සිතේ නොසැලී සිටීම යැයි දතයුතුයි.