යෙදුමෙන් කියවන්න

ධම‍්මුද‍්දෙසවාරො අට‍්ඨකථා

ධම්මුද්දෙසවාරො

ඵස‍්සපඤ‍්චමකරාසිවණ‍්ණනා

ඵස්සපඤ්චමකරාසිවණ්ණනා

තස‍්මිං සමයෙති ඉදං අනියමනිද‍්දිට‍්ඨස‍්ස සමයස‍්ස නියමතො පටිනිද‍්දෙසවචනං. තස‍්මා ‘යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති, තස‍්මිංයෙව සමයෙ ඵස‍්සො හොති…පෙ… අවික‍්ඛෙපො හොතී’ති අයමත්‍ථො වෙදිතබ‍්බො. තත්‍ථ යථෙව චිත‍්තං එවං ඵස‍්සාදීසුපි ඵස‍්සො හොති. කිං හොති? ‘කාමාවචරො හොති, කුසලො හොති, උප‍්පන‍්නො හොති, සොමනස‍්සසහගතො හොතී’තිආදිනා නයෙන ලබ‍්භමානපදවසෙන යොජනා කාතබ‍්බා. වෙදනායඤ‍්හි ‘සොමනස‍්සසහගතා’ති පඤ‍්ඤින්‍ද්‍රියෙ ච ‘ඤාණසම‍්පයුත‍්ත’න‍්ති න ලබ‍්භති, තස‍්මා ‘ලබ‍්භමානපදවසෙනා’ති වුත‍්තං. ඉදං අට‍්ඨකථාමුත‍්තකං ආචරියානං මතං; න පනෙතං සාරතො දට‍්ඨබ‍්බං.

තස්මිං සමයෙ යන මෙය අනියමින් දක්වන ලද සමය ශබ්දයාගේ නියම වශයෙන් ප්‍රතිනිර්දේශ (නැවත දැක්වීම) වචනයකි. එහෙයින් යම් සමයෙක්හි කාමාවචර කුශල සිතක් උපන්නේ වේද, එ සමයෙහිම ස්පර්ශය වෙයි -පෙ- අවික්‍ෂෙපය වෙයි යන මේ අර්ථය දතයුතුයි. එහි සිත යම්සේද ස්පර්ශාදියෙහි ද මෙසේ ස්පර්ශය වෙයි. කුමක් වේ ද, කාමාවචර වෙයි. කුසල වෙයි. උපන්නේ වෙයි. සොම්නස් සහගත වෙයි. යන ආදී නයින් ලබන පද වශයෙන් යෝජනා කළයුතුයි. වේදනාවෙහි වනාහි සොම්නස් සහගත යනු පඤ්ඤින්‍ද්‍රියෙහි ද ඥාන සම්ප්‍රයුක්තයැයි නො ලැබේ. එහෙයින් ලබන ලද පද වශයෙන් යැයි කියන ලදී. මෙය අර්ථකථාවෙන් තොර ආචාර්ය මතයකි. මෙය වනාහි සාර වශයෙන් නොගත යුතුයි.

කස‍්මා පනෙත්‍ථ ඵස‍්සොව පඨමං වුත‍්තොති? චිත‍්තස‍්ස පඨමාභිනිපාතත‍්තා. ආරම‍්මණස‍්මිඤ‍්හි චිත‍්තස‍්ස පඨමාභිනිපාතො හුත්‍වා ඵස‍්සො ආරම‍්මණං ඵුසමානො උප‍්පජ‍්ජති, තස‍්මා පඨමං වුත‍්තො. ඵස‍්සෙන පන ඵුසිත්‍වා වෙදනාය වෙදයති, සඤ‍්ඤාය සඤ‍්ජානාති, චෙතනාය චෙතෙති. තෙන වුත‍්තං – “ඵුට‍්ඨො, භික‍්ඛවෙ, වෙදෙති, ඵුට‍්ඨො සඤ‍්ජානාති ඵුට‍්ඨො චෙතෙතී”ති.

එහෙයින් මෙහිදී වනාහි ස්පර්ශයම පළමුව කියන ලද ද, සිතට පළමුවෙන් වැටෙන හෙයිනි. ස්පර්ශය වනාහි අරමුණේදී සිතට පළමුවෙන් වැටී අරමුණ ස්පර්ශ කෙරෙමින් උපදී. එහෙයින් පළමුව කියන ලදී. ස්පර්ශයෙන් ස්පර්ශකොට වේදනාව විසින් විඳිනු ලැබේ. වේදනාව විසින් හැඳිනගනු ලැබේ. චේතනාවෙන් සිතනු ලැබේ. එහෙයින් (මෙසේ) කියන ලදී. ‘මහණෙනි, ස්පර්ශ කරන ලද්දේ විඳී. ස්පර්ශ කරන ලද්දේ හැඳින ගනී. ස්පර්ශ කරන ලද්දේ සිතයි’ යනුයි.

අපිච , අයං ඵස‍්සො නාම යථා පාසාදං පත්‍වා ථම‍්භො නාම සෙසදබ‍්බසම‍්භාරානං බලවපච‍්චයො, තුලාසඞ‍්ඝාටභිත‍්තිපාදකූටගොපානසීපක‍්ඛපාසකමුඛවට‍්ටියො ථම‍්භාබද‍්ධා ථම‍්භෙ පතිට‍්ඨිතා, එවමෙව සහජාතසම‍්පයුත‍්තධම‍්මානං බලවපච‍්චයො හොති. ථම‍්භසදිසො හි එස. අවසෙසා දබ‍්බසම‍්භාරසදිසාති. තස‍්මාපි පඨමං වුත‍්තො. ඉදං පන අකාරණං. එකචිත‍්තස‍්මිඤ‍්හි උප‍්පන‍්නධම‍්මානං ‘අයං පඨමං උප‍්පන‍්නො අයං පච‍්ඡා’ති ඉදං වත‍්තුං න ලබ‍්භා. බලවපච‍්චයභාවෙපි ඵස‍්සස‍්ස කාරණං න දිස‍්සති. දෙසනාවාරෙනෙව පන ඵස‍්සො පඨමං වුත‍්තො. වෙදනා හොති ඵස‍්සො හොති, සඤ‍්ඤා හොති ඵස‍්සො හොති, චෙතනා හොති ඵස‍්සො හොති, චිත‍්තං හොති ඵස‍්සො හොති, වෙදනා හොති සඤ‍්ඤා හොති, චෙතනා හොති විතක‍්කො හොතීති ආහරිතුම‍්පි හි වට‍්ටෙය්‍ය. දෙසනාවාරෙන පන ඵස‍්සොව පඨමං වුත‍්තොති වෙදිතබ‍්බො. යථා චෙත්‍ථ එවං සෙසධම‍්මෙසුපි පුබ‍්බාපරක‍්කමො නාම න පරියෙසිතබ‍්බො. වචනත්‍ථලක‍්ඛණරසාදීහි පන ධම‍්මා එව පරියෙසිතබ‍්බා.

තව ද මේ ස්පර්ශය නම් යම් සේ ප්‍රසාදයට පැමිණ ටැඹ නම් සෙසු ද්‍රව්‍ය සම්භාරයන්ට බලවත් සාධකය වෙයි ද, තලාඳ මූට්ටු, අත්තිවාරම් බිත්ති කර්ණිකා ගොනැසි පැලැන්පෝරු මුවවිටි ආදීහු ටැඹෙහි බඳනා ලදුව ටැඹෙහි පිහිටියාහු ද, එපරිද්දෙන් සහජාත සම්ප්‍රයුක්ත ධර්මයන්ට (ස්පර්ශය) බලවත් ප්‍රත්‍ය වෙයි. මෙය වනාහි ටැඹ සමානය. අවශේෂයෝ ද්‍රව්‍ය සම්භාර සමානයහ යනුයි. එහෙයින් ද පළමුව කියන ලදී. මෙය වනාහි කාරණයක් නොවේ. එකම සිතක උපන් ධර්මයෝ වනාහි මෙය පළමුව උපන්නේය. මෙය පසුව යැයි මෙය කියන්නට නො ලබන්නෝය. බලවත් ප්‍රත්‍යය බවෙහිදු ස්පර්ශයට කරුණක් නො පෙනේ. දේශනාවාර වශයෙන්ම වනාහි ස්පර්ශය පළමුව කියන ලදී. වේදනාව වෙයි ස්පර්ශය වෙයි. සංඥාව වෙයි ස්පර්ශය වෙයි. චේතනාව වෙයි ස්පර්ශය වෙයි. සිත වෙයි ස්පර්ශය වෙයි. වේදනාව වෙයි සංඥාව වෙයි. චේතනාව වෙයි විතර්කය වෙයි යැයි දක්වන්නට වටනේ ය. දේශනා වාරයෙන් වනාහි ස්පර්ශයම පළමුව කියන ලදැයි දතයුතුයි. මෙහි යම්සේ ද මෙසේ සෙසු ධර්මයන්හි ද පූර්වාපර ක්‍රමයක් නම් නො සෙවිය යුතුයි. වචනාර්ථ ලක්‍ෂණ රසාදියෙන් වනාහි ධර්මයෝම සෙවිය යුත්තාහ.

සෙය්‍යථිදං – ඵුසතීති ඵස‍්සො. ස‍්වායං ඵුසනලක‍්ඛණො, සඞ‍්ඝට‍්ටනරසො, සන‍්නිපාතපච‍්චුපට‍්ඨානො, ආපාථගතවිසයපදට‍්ඨානො.

ඒ කෙසේද යත්, ස්පර්ශ කෙරේනුයි ඵස්සයි. එය ස්පර්ශ කරන ලක්‍ෂණ ඇත්තේය. එකට ගැටීම රසයයි. එක්වීම එළඹ සිටි ආකාරයයි. ඉදිරියට පැමිණි විෂය ආසන්න කාරණයයි.

අයඤ‍්හි අරූපධම‍්මොපි සමානො ආරම‍්මණෙ ඵුසනාකාරෙනෙව පවත‍්තතීති ඵුසනලක‍්ඛණො. එකදෙසෙන ච අනල‍්ලීයමානොපි රූපං විය චක‍්ඛුං, සද‍්දො විය ච සොතං, චිත‍්තං ආරම‍්මණඤ‍්ච සඞ‍්ඝට‍්ටෙතීති සඞ‍්ඝට‍්ටනරසො. වත්‍ථාරම‍්මණසඞ‍්ඝට‍්ටනතො වා උප‍්පන‍්නත‍්තා සම‍්පත‍්තිඅත්‍ථෙනපි රසෙන සඞ‍්ඝට‍්ටනරසොති වෙදිතබ‍්බො. වුත‍්තඤ‍්හෙතං අට‍්ඨකථායං – “චතුභූමකඵස‍්සො හි නොඵුසනලක‍්ඛණො නාම නත්‍ථි. සඞ‍්ඝට‍්ටනරසො පන පඤ‍්චද‍්වාරිකොව හොති. පඤ‍්චද‍්වාරිකස‍්ස හි ඵුසනලක‍්ඛණොතිපි සඞ‍්ඝට‍්ටනරසොතිපි නාමං; මනොද‍්වාරිකස‍්ස ඵුසනලක‍්ඛණොත්‍වෙව නාමං, න සඞ‍්ඝට‍්ටනරසො”ති.

මේ වනාහි අරූප ධර්මය ද සමානය. අරමුණුවල ස්පර්ශ කරන අයුරින් පවතීනුයි ඵුසන ලක්‍ෂණයයි. එක් අතෙකින් නො ඇලෙන්නේ නමුදු ඇස රූපය මෙන් කන ශබ්ද මෙන් ද සිතත් අරමුණත් ගැටේනුයි සංඝටන රසයයි. වස්තු අරමුණු එකම ගැටීමෙන්ම උපන්හෙයින් සම්පත්ති අර්ථයෙන් රසය හා ගැටෙන රසය යැයි දතයුතුයි. අට්ඨකථාවෙහි ද මෙය කියන ලදී. ‘චාතුර්භූමක ස්පර්ශය ස්පර්ශ කරන ලක්‍ෂණ නැත්තේ නම් නොවේ. සංඝටන රසය වනාහි පංච ද්වාරිකම වෙයි. පංචද්වාරිකයට වනාහි ඵුසන ලක්‍ෂණය යනු ද සංඝටන රසය යනු ද නාමයි. මනෝද්වාරිකයට ඵුසන ලක්‍ඛණ යනුම නාමයි. සංඝට්ඨන රසය නොවේ’ යනුයි.

ඉදඤ‍්ච වත්‍වා ඉදං සුත‍්තං ආභතං – “යථා, මහාරාජ, ද‍්වෙ මෙණ‍්ඩා යුජ‍්ඣෙය්‍යුං, තෙසු යථා එකො මෙණ‍්ඩො එවං චක‍්ඛු දට‍්ඨබ‍්බං, යථා දුතියො මෙණ‍්ඩො එවං රූපං දට‍්ඨබ‍්බං; යථා තෙසං සන‍්නිපාතො එවං ඵස‍්සො දට‍්ඨබ‍්බො”. එවං ඵුසනලක‍්ඛණො ච ඵස‍්සො, සඞ‍්ඝට‍්ටනරසො ච. “යථා, මහාරාජ, ද‍්වෙ සම‍්මා වජ‍්ජෙය්‍යුං…පෙ… ද‍්වෙ පාණී වජ‍්ජෙය්‍යුං, යථා එකො පාණි එවං චක‍්ඛු දට‍්ඨබ‍්බං, යථා දුතියො පාණි එවං රූපං දට‍්ඨබ‍්බං, යථා තෙසං සන‍්නිපාතො එවං ඵස‍්සො දට‍්ඨබ‍්බො. එවං ඵුසනලක‍්ඛණො ච ඵස‍්සො සඞ‍්ඝට‍්ටනරසො චා”ති (මි· ප· 2.3.8) විත්‍ථාරො.

මෙය ද කියා මේ සූත්‍රය ගෙනහැර දක්වන ලදී. ‘මහරජ, යම්සේ එළුවෝ දෙදෙනෙක් යුද්ධ කරත්ද, එක් එළුවෙක් යම්සේ ද ඇස එසේ යැයි දතයුතුයි. දෙවන එළුවා යම්සේ ද රූපය එසේ යැයි දතයුතුයි. ඔවුන්ගේ එක්වීම යම්සේ ද ස්පර්ශය එසේයැයි දතයුතුයි. (මෙසේ ස්පර්ශය ස්පර්ශ කරන ලක්‍ෂණ ඇත්තේය. සංඝට්ටන රසයමය.) මහරජ, යම්සේ කයිතාලම් දෙකක් වාදනය වේ ද, අත් දෙකක් වාදනය වේ ද, එක් අතක් යම්සේ ද ඇස එසේ යැයි දතයුතුයි. දෙවන අත යම්සේ ද රූපය එසේ යැයි දතයුතුයි. ඔවුන්ගේ එක්වීම යම්සේ ස්පර්ශය එසේ යැයි දතයුතුයි. මෙසේ ස්පර්ශය හ්‍රසන ලක්‍ෂණ ද සංඝට්ටන රස ද ඇත්තේය’ යනු විස්තරයි.

යථා වා “චක‍්ඛුනා රූපං දිස‍්වා”තිආදීසු (ධ· ස· 1352, 1354) චක‍්ඛුවිඤ‍්ඤාණාදීනි චක‍්ඛුආදිනාමෙන වුත‍්තානි, එවමිධාපි තානි චක‍්ඛුආදිනාමෙන වුත‍්තානීති වෙදිතබ‍්බානි. තස‍්මා ‘එවං චක‍්ඛු දට‍්ඨබ‍්බ’න‍්තිආදීසු එවං චක‍්ඛුවිඤ‍්ඤාණං දට‍්ඨබ‍්බන‍්ති ඉමිනා නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. එවං සන‍්තෙ චිත‍්තාරම‍්මණසඞ‍්ඝට‍්ටනතො ඉමස‍්මිම‍්පි සුත‍්තෙ කිච‍්චට‍්ඨෙනෙව රසෙන සඞ‍්ඝට‍්ටනරසොති සිද‍්ධො හොති.

යම්සේ වනාහි ‘ඇසින් රූපය දැක’ යන ආදීන්හි චක්‍ෂුර් විඥානාදිය චක්‍ෂු ආදී නමින් කියන ලදී. මෙසේ මෙහි ද ඒවා චක්‍ෂු ආදී නමින් කියන ලදැයි දතයුතුයි. එහෙයින් මෙසේ ඇස දතයුතුය යන ආදීන්හි චක්‍ෂුර්විඥානය මෙසේ දතයුතු යැයි මේ නයින් අර්ථය දතයුතුයි. මෙසේ ඇති කල්හි චිත්තාරම්මණ සංඝටනයෙන් මේ සූත්‍රයෙහි ද කෘත්‍යාර්ථයෙහි රසයෙන් සංඝටන රසයක් සිද්ධ නොවේමය.

තිකසන‍්නිපාතසඞ‍්ඛාතස‍්ස පන අත‍්තනො කාරණස‍්ස වසෙන පවෙදිතත‍්තා සන‍්නිපාතපච‍්චුපට‍්ඨානො. අයඤ‍්හි තත්‍ථ තත්‍ථ “තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො”ති එවං කාරණස‍්ස වසෙන පවෙදිතොති. ඉමස‍්ස ච සුත‍්තපදස‍්ස තිණ‍්ණං සඞ‍්ගතියා ඵස‍්සොති අයමත්‍ථො; න සඞ‍්ගතිමත‍්තමෙව ඵස‍්සොති.

තික සන්නිපාත සංඛ්‍යාත තම කාරණයාගේ වශයෙන් කියන ලද හෙයින් සන්නිපාතයේ එළඹීමයි. මෙය වනාහි ඒ ඒ තැන්හි තිදෙනාගේ එක්වීම ස්පර්ශයයි. මෙසේ කාරණයාගේම වශයෙන් ප්‍රකාශ කරන ලදැයි මේ සූත්‍රපදයාගේ ද තිදෙනාගේ එක්වීම ස්පර්ශයි යන මේ අර්ථයි. ස්පර්ශය යනු සංගතිමාත්‍රයම නොවේ.

එවං පවෙදිතත‍්තා පන තෙනෙවාකාරෙන පච‍්චුපට‍්ඨාතීති සන‍්නිපාතපච‍්චුපට‍්ඨානොති වුත‍්තො. ඵලට‍්ඨෙන පන පච‍්චුපට‍්ඨානෙනෙස වෙදනාපච‍්චුපට‍්ඨානො නාම හොති. වෙදනඤ‍්හෙස පච‍්චුපට‍්ඨාපෙති උප‍්පාදෙතීති අත්‍ථො. උප‍්පාදයමානො ච යථා බහිද‍්ධා උණ‍්හපච‍්චයාපි ලාඛාසඞ‍්ඛාතධාතුනිස‍්සිතා උස‍්මා අත‍්තනො නිස‍්සයෙ මුදුභාවකාරී හොති, න අත‍්තනො පච‍්චයභූතෙපි බහිද‍්ධා වීතච‍්චිතඞ‍්ගාරසඞ‍්ඛාතෙ උණ‍්හභාවෙ, එවං වත්‍ථාරම‍්මණසඞ‍්ඛාතඅඤ‍්ඤපච‍්චයොපි සමානො, චිත‍්තනිස‍්සිතත‍්තා අත‍්තනො නිස‍්සයභූතෙ චිත‍්තෙ එව එස වෙදනුප‍්පාදකො හොති, න අත‍්තනො පච‍්චයභූතෙපි වත්‍ථුම‍්හි ආරම‍්මණෙ වාති වෙදිතබ‍්බො. තජ‍්ජාසමන‍්නාහාරෙන පන ඉන්‍ද්‍රියෙන ච පරික‍්ඛතෙ විසයෙ අනන‍්තරායෙන උප‍්පජ‍්ජනතො එස ආපාථගතවිසයපදට‍්ඨානොති වුච‍්චති.

මෙසේ ප්‍රකාශ කරන ලද හෙයින් වනාහි ඒ ආකාරයෙන්ම එළඹ සිටී යැයි සන්නිපාත පච්චුට්ඨාන යැයි කියන ලදී. ඵලාර්ථයෙන් වනාහි එළඹ සිටීමේ දී මෙය වේදනා පච්චුට්ඨාන නම් වෙයි. මෙය වේදනාව එළඹවයි. උපදවයි යන අර්ථයි. උපදවනු ලබන්නේ ද යම්සේ බාහිර උණුසුම හේතුවෙන් ද ලාඛාසංඛ්‍යාත ධාතු නිශ්‍රිත උණුසුම තමා නිශ්‍රිතයෙහි මෘදුභාවකාරී වෙයි. තමාට ප්‍රත්‍යභූත වූ ද බාහිර පහව ගිය දැල් ඇති අඟුරු සංඛ්‍යාත උෂ්ණ භාවයෙහි නොවේ. මෙසේ වස්තු ආරම්මණ සංඛ්‍යාත සමාන වූ අන් ප්‍රත්‍ය ද සිත ඇසුරු කළ හෙයින් තමාට නිශ්‍රය වූ සිතෙහිම වේදනා උත්පාද වෙයි. තමාට ප්‍රත්‍යය වූ වස්තුවෙහි හෝ ඉෂ්ටාරම්මණයෙහි හෝ නොවේ යැයි දතයුතුයි. එයින් ඉපිද එක්තැන් වූ ඉන්‍ද්‍රිය විසින් පිළියෙළ කළ විෂයෙහි වනාහි අනතුරුවම උපදනා හෙයින් එළඹුණු විෂය ආසන්න කාරණා කොට ඇත්තේ යැයි කියනු ලැබේ.

වෙදයතීති වෙදනා. සා වෙදයිතලක‍්ඛණා, අනුභවනරසා ඉට‍්ඨාකාරසම‍්භොගරසා වා, චෙතසිකඅස‍්සාදපච‍්චුපට‍්ඨානා, පස‍්සද‍්ධිපදට‍්ඨානා.

විඳිනු ලැබේනුයි = වේදනාය. එය විඳීම් ලක්‍ෂණ කොට ඇත්තේය. අනුභවන රස ඇත්තේය. ඉෂ්ටාකාර සම්භෝග රස ඇත්තේ හෝ වෙයි. චෛතසික ආස්වාදය එළඹ සිටි කාරණා කොට ඇත්තේය. නිවීම ආසන්න කාරණා කොට ඇත්තේය.

‘චතුභූමිකවෙදනා හි නොවෙදයිතලක‍්ඛණා නාම නත්‍ථි. අනුභවනරසතා පන සුඛවෙදනායමෙව ලබ‍්භතී’ති වත්‍වා පුන තං වාදං පටික‍්ඛිපිත්‍වා ‘සුඛවෙදනා වා හොතු, දුක‍්ඛවෙදනා වා, අදුක‍්ඛමසුඛවෙදනා වා, සබ‍්බා අනුභවනරසා’ති වත්‍වා අයමත්‍ථො දීපිතො – ආරම‍්මණරසානුභවනට‍්ඨානං පත්‍වා සෙසසම‍්පයුත‍්තධම‍්මා එකදෙසමත‍්තකමෙව අනුභවන‍්ති. ඵස‍්සස‍්ස හි ඵුසනමත‍්තකමෙව හොති, සඤ‍්ඤාය සඤ‍්ජානනමත‍්තකමෙව, චෙතනාය චෙතනාමත‍්තකමෙව, විඤ‍්ඤාණස‍්ස විජානනමත‍්තකමෙව. එකංසතො පන ඉස‍්සරවතාය විස‍්සවිතාය සාමිභාවෙන වෙදනාව ආරම‍්මණරසං අනුභවති.

චාතුර්භූමක වේදනාව වනාහි වේදයිත ලක්‍ෂණ නැත්තේ නම් නොවේ. අනුභවන රසතාව වනාහි සැප වේදනාවේම ලැබේයැයි කියා නැවත ඒ වාදය ප්‍රතික්‍ෂේප කොට සැප වේදනාව හෝ වේවා දුක්වේදනාව හෝ වේවා. අදුක්‍ඛමසුඛ වේදනාව හෝ වේවා සියල්ලම අනුභවන රස ඇත්තේයැයි කියා මේ අර්ථය දක්වන ලදී. සෙසු සම්ප්‍රයුක්ත ධර්මයෝ අරමුණු රස අනුභව කරන තැනට පැමිණ ඒකදේශ මාත්‍රයක්ම අනුභව කරත්. ස්පර්ශයට වනාහි ස්පර්ශ කිරීම් මාත්‍රයක්ම වෙයි. සංඥාවෙන් හැඳිනීම් මාත්‍රයක් පමණි. චේතනාවට චේතනා මාත්‍රය පමණි. විඥානයට දැනීම් පියවිතාවයෙන් ස්වාමිභාවයෙන් වනාහි වේදනාව ද අරමුණු රසය අනුභව කරයි.

රාජා විය හි වෙදනා, සූදො විය සෙසධම‍්මා. යථා සූදො නානාරසභොජනං සම‍්පාදෙත්‍වා පෙළාය පක‍්ඛිපිත්‍වා ලඤ‍්ඡනං දත්‍වා රඤ‍්ඤො සන‍්තිකෙ ඔතාරෙත්‍වා ලඤ‍්ඡනං භින්‍දිත්‍වා පෙළං විවරිත්‍වා සබ‍්බසූපබ්‍යඤ‍්ජනෙහි අග‍්ගග‍්ගං ආදාය භාජනෙ පක‍්ඛිපිත්‍වා සදොසනිද‍්දොසභාවවීමංසනත්‍ථං අජ‍්ඣොහරති, තතො රඤ‍්ඤො නානග‍්ගරසභොජනං උපනාමෙති. රාජා ඉස‍්සරවතාය විස‍්සවිතාය සාමී හුත්‍වා ඉච‍්ඡිතිච‍්ඡිතං භුඤ‍්ජති. තත්‍ථ හි සූදස‍්ස භත‍්තවීමංසනමත‍්තමිව අවසෙසධම‍්මානං ආරම‍්මණරසස‍්ස එකදෙසානුභවනං. යථා හි සූදො භත‍්තෙකදෙසමත‍්තමෙව වීමංසති එවං සෙසධම‍්මාපි ආරම‍්මණරසෙකදෙසමෙව අනුභවන‍්ති. යථා පන රාජා ඉස‍්සරවතාය විස‍්සවිතාය සාමී හුත්‍වා යදිච‍්ඡකං භුඤ‍්ජති, එවං වෙදනාපි ඉස‍්සරවතාය විස‍්සවිතාය සාමිභාවෙන ආරම‍්මණරසං අනුභවති. තස‍්මා අනුභවනරසාති වුච‍්චති.

වේදනාව වනාහි රජ මෙනි. සෙසු ධර්මයෝ සූදයා මෙනි. යම්සේ සූදයා නානාරස භෝජන සපයා පේළාවක බහා මුද්‍රා තබා රජු වෙත බහා මුද්‍රා බිඳ පේළාව විවෘත කොට සියලු සූපව්‍යඤ්ජනවලින් උඩින් උඩින් ගෙන බඳුනක බහා සදොස් නිදොස් බව විමසීම සඳහා ගිලී, ඉක්බිති රජුට නානාරස බොජුන් එළවයි. රජ අධිපති බැවිනුත් ස්වාමීව කැමති කැමති දේ අනුභව කරයි. එහි අවශේෂ ධර්මයන්ගේ ආරම්මණ රසය පිළිබඳ ඒකදේශානුභාවය සූදයාගේ බත් විමසීම් මාත්‍රය මෙනි. සූදයා වනාහි යම්සේ බතේ ඒකදේශ මාත්‍රයක්ම විමසයි ද, මෙසේ සෙසු ධර්මයෝ ද ආරම්මණ ඒකදේශයක්ව අනුභව කරත්. යම්සේ රජ වනාහි අධිපති බැවින් හා නිර්භීත බැවින් ස්වාමීව කැමති දෙයක් අනුභව කරයි. එහෙයින් අනුභවන රස යැයි කියනු ලැබේ.

දුතියෙ අත්‍ථවිකප‍්පෙ අයං ඉධ අධිප‍්පෙතා වෙදනා යථා වා තථා වා ආරම‍්මණස‍්ස ඉට‍්ඨාකාරමෙව සම‍්භුඤ‍්ජතීති ඉට‍්ඨාකාරසම‍්භොගරසාති වුත‍්තා. චෙතසිකඅස‍්සාදතො පනෙසා අත‍්තනො සභාවෙනෙව උපට‍්ඨානං සන්‍ධාය චෙතසිකඅස‍්සාදපච‍්චුපට‍්ඨානාති වුත‍්තා. යස‍්මා පන “පස‍්සද‍්ධිකායො සුඛං වෙදෙති” තස‍්මා පස‍්සද‍්ධිපදට‍්ඨානාති වෙදිතබ‍්බා.

දෙවන අර්ථ විකල්පයෙහි මෙය මෙහි අභිප්‍රේතයි. වේදනාව යම් යම් ලෙසින් ආරම්මණ රසයාගේ ඉෂ්ටකාරයම අනුභව කෙරේනුයි ඉෂ්ටාකාර සම්භෝග රස ඇත්තේයැයි කියන ලදී. මෙය වනාහි චෛතසික ආස්වාදයෙන් තමාගේ ස්වභාවයෙන්ම එළඹීම නිසා චෛතසික ආස්වාදය වැටහීම් කොට ඇත්තේයැයි කියන ලදී. යම්සේ වනාහි නිවුණු කය ඇත්තේ සැප විඳී ද, එහෙයින් නිවීම ආසන්න කාරණය කොට ඇත්තේ යැයි දතයුතුයි.

නීලාදිභෙදං ආරම‍්මණං සඤ‍්ජානාතීති සඤ‍්ඤා. සා සඤ‍්ජානනලක‍්ඛණා පච‍්චාභිඤ‍්ඤාණරසා. චතුභූමිකසඤ‍්ඤා හි නොසඤ‍්ජානනලක‍්ඛණා නාම නත්‍ථි . සබ‍්බා සඤ‍්ජානනලක‍්ඛණාව. යා පනෙත්‍ථ අභිඤ‍්ඤාණෙන සඤ‍්ජානාති සා පච‍්චාභිඤ‍්ඤාණරසා නාම හොති.

නීලාදී ප්‍රභේද ඇති අරමුණ හැඳිනගනීනුයි සංඥාවයි. එය හැඳිනගැනීම ලක්‍ෂණ කොට ඇත්තේය. නැවත සලකුණු කරගැනීම රසකොට ඇත්තේය. චාතුර්භූමක සංඥාව වනාහි සංජානන ලක්‍ෂණ නැත්තේනම් නොවේ. සියල්ලම සංජානන ලක්‍ෂණ ඇත්තේ ය. මෙහි වනාහි යමක් සලකුණින් හැඳිනගනීද එය පච්චභිඤ්ඤාණරස නම් වේ යනුයි.

තස‍්සා, වඩ‍්ඪකිස‍්ස දාරුම‍්හි අභිඤ‍්ඤාණං කත්‍වා පුන තෙන අභිඤ‍්ඤාණෙන තං පච‍්චාභිජානනකාලෙ, පුරිසස‍්ස කාළතිලකාදිඅභිඤ‍්ඤාණං සල‍්ලක‍්ඛෙත්‍වා පුන තෙන අභිඤ‍්ඤාණෙන අසුකො නාම එසොති තස‍්ස පච‍්චාභිජානනකාලෙ, රඤ‍්ඤො පිළන්‍ධනගොපකභණ‍්ඩාගාරිකස‍්ස තස‍්මිං තස‍්මිං පිළන්‍ධනෙ නාමපණ‍්ණකං බන්‍ධිත්‍වා ‘අසුකං පිළන්‍ධනං නාම ආහරා’ති වුත‍්තෙ දීපං ජාලෙත්‍වා රතනගබ‍්භං පවිසිත්‍වා පණ‍්ණං වාචෙත්‍වා තස‍්ස තස‍්සෙව පිළන්‍ධනස‍්ස ආහරණකාලෙ ච පවත‍්ති වෙදිතබ‍්බා.

එහෙයින් වඩුවාගේ දැවයෙහි සලකුණක් කොට නැවත ඒ සලකුණින් එය පසුව දැනගන්නා කල්හි, රජුගේ පළඳනා රක්නා භාණ්ඩාගාරිකයාගේ ඒ ඒ පළඳනාවෙහි නාමපත්‍රිකාවක් බැඳ අසවල් නම් පළඳනාව ගෙනෙවයි කී කල්හි පහන දල්වා රුවන්ගැබට පිවිස පත්‍රිකාව කියවා ඒ ඒ පළඳනා ගෙනෙන කල්හි ද පැවැත්ම දතයුතුයි.

අපරො නයො – සබ‍්බසඞ‍්ගාහිකවසෙන හි සඤ‍්ජානනලක‍්ඛණා සඤ‍්ඤා. පුනසඤ‍්ජානනපච‍්චයනිමිත‍්තකරණරසා, දාරුආදීසු තච‍්ඡකාදයො විය. යථාගහිතනිමිත‍්තවසෙන අභිනිවෙසකරණපච‍්චුපට‍්ඨානා, හත්‍ථිදස‍්සකඅන්‍ධා විය. ආරම‍්මණෙ අනොගාළ‍්හවුත‍්තිතාය අචිරට‍්ඨානපච‍්චුපට‍්ඨානා වා, විජ‍්ජු විය. යථාඋපට‍්ඨිතවිසයපදට‍්ඨානා, තිණපුරිසකෙසු මිගපොතකානං ‘පුරිසා’ති උප‍්පන‍්නසඤ‍්ඤා විය. යා පනෙත්‍ථ ඤාණසම‍්පයුත‍්තා හොති සා සඤ‍්ඤා ඤාණමෙව අනුවත‍්තති. සසම‍්භාරපථවීආදීසු සෙසධම‍්මා පථවීආදීනි වියාති වෙදිතබ‍්බා.

තවත් නයක් ඇත, සර්වසංග්‍රාහක වශයෙන් වනාහි හැඳිනගැනීම ලක්‍ෂණ කොට ඇත්තේ සංඥාවයි. නැවත දැනගන්නා නිමිති කිරිම රසයයි. දැව ආදියෙන් වඩු ආදීන් මෙනි. ගන්නා ලද නිමිති වශයෙන් වැඳගැනීම් කිරීම එළඹසිටි කාරණය කරගන්නා ඇතා දක්වන අන්‍ධයන් මෙන් ද අරමුණෙහි නො බැස ගන්නා පැවතීම් ඇති බැවින් කල් නො පැවැත්ම එළඹ සිටි කාරණය කරගත් විදුලිය මෙන් ද යම්සේ එළඹ සිටි විෂය ආසන්න කාරණය කරගත් තිණපුරුෂයන් (පඹයන්) කෙරෙහි පුරුෂයෝ යැයි මුව පොව්වන්ට උපන් සංඥාව ද මෙනි. එය වනාහි මෙහිදී ඥානසම්ප්‍රයුක්ත වෙයි. ඒ සංඥාව ඥානය අනුවම පවතී. එය සසම්භාර (පිරිවර සහිත) පෘථුවි ආදියෙහි සෙසු ධර්මයන්ගේ පෘථුවි ආදීන් මෙනැයි දතයුතුයි.

චෙතයතීති චෙතනා සද‍්ධිං අත‍්තනා සම‍්පයුත‍්තධම‍්මෙ ආරම‍්මණෙ අභිසන්‍දහතීති අත්‍ථො. සා චෙතයිතලක‍්ඛණා, චෙතනාභාවලක‍්ඛණාති අත්‍ථො. ආයූහනරසා. චතුභූමිකචෙතනා හි නොචෙතයිතලක‍්ඛණා නාම නත්‍ථි. සබ‍්බා චෙතයිතලක‍්ඛණාව. ආයූහනරසතා පන කුසලාකුසලෙසු එව හොති. කුසලාකුසලකම‍්මායූහනට‍්ඨානඤ‍්හි පත්‍වා සෙසසම‍්පයුත‍්තධම‍්මානං එකදෙසමත‍්තකමෙව කිච‍්චං හොති. චෙතනා පන අතිරෙකඋස‍්සාහා අතිරෙකවායාමා, දිගුණුස‍්සාහා දිගුණවායාමා. තෙනාහු පොරාණා – “ථාවරියසභාවසණ‍්ඨිතා ච පනෙසා චෙතනා”ති. ථාවරියොති ඛෙත‍්තසාමී වුච‍්චති. යථා ඛෙත‍්තසාමී පුරිසො පඤ‍්චපණ‍්ණාස බලිපුරිසෙ ගහෙත්‍වා ‘ලායිස‍්සාමී’ති එකතො ඛෙත‍්තං ඔතරති. තස‍්ස අතිරෙකො උස‍්සාහො අතිරෙකො වායාමො, දිගුණො උස‍්සාහො දිගුණො වායාමො හොති, ‘නිරන‍්තරං ගණ‍්හථා’තිආදීනි වදති, සීමං ආචික‍්ඛති, තෙසං සුරාභත‍්තගන්‍ධමාලාදීනි ජානාති, මග‍්ගං සමකං හරති. එවංසම‍්පදමිදං වෙදිතබ‍්බං . ඛෙත‍්තසාමිපුරිසො විය හි චෙතනා. පඤ‍්චපණ‍්ණාස බලිපුරිසා විය චිත‍්තඞ‍්ගවසෙන උප‍්පන‍්නා පඤ‍්චපණ‍්ණාස කුසලා ධම‍්මා. ඛෙත‍්තසාමිපුරිසස‍්ස දිගුණුස‍්සාහදිගුණවායාමකරණකාලො විය කුසලාකුසලකම‍්මායූහනට‍්ඨානං පත්‍වා චෙතනාය දිගුණුස‍්සාහො දිගුණවායාමො හොති. එවමස‍්සා ආයූහනරසතා වෙදිතබ‍්බා.

සිතානුයි – චේතනාවයි. තමා හා සමග සම්ප්‍රයුක්ත ධර්මයන් අරමුණෙහි ගළපයි යන අර්ථයි. එය සිතීම ලක්‍ෂණ කොට ඇත්තේ ය. සිතන බව ලක්‍ෂණකොට ඇත යන අර්ථයි. රැස්කිරීම රසය කොට ඇත්තේය. චාතුර්භූමක චේතනා වනාහි සිතීම් ලක්‍ෂණ නැත්තේම නොවෙත්. සියල්ලෝ සිතීම් ලක්‍ෂණ ඇත්තාහ. ආයූහන රසතාව වනාහි කුසලාකුසලයන්හිම වෙයි. කුශලා කුශල කර්ම රැස්කරන තැනට පැමිණ වනාහි සෙසු සම්ප්‍රයුක්ත ධර්මයන්ට ඒකදේශමාත්‍ර කෘත්‍යයක්ම වෙයි. චේතනාව වනාහි අතිරේක උත්සාහ අතිරේක ව්‍යායාම ආදී දෙගුණ උත්සාහ දෙගුණ ව්‍යායාම ඇත්තේය. එහෙයින් පොරාණයෝ (පෞරාණික ආචාර්යවරු) මෙසේ කීහ. මේ චේතනාව වනාහි කුඹුරු හිමියකුගේ ස්වභාවයෙහි සිටියේය යනුයි. ථාවරිය යනු කුඹුරුහිමියා යැයි කියනු ලැබේ. යම්සේ කුඹුරුහිමි පුරුෂයා පනස්පහක් බලවත් පුරුෂයන් ගෙන (ගොයම්) කපමියි එක්ව කෙතට බසීද, ඔහුට අතිරේක උත්සාහයක්, අතිරේක ව්‍යායාමයක් දෙගුණ වූ උත්සාහයක්, දෙගුණ වූ ව්‍යායාමයක් වේ ද, නිතර ගනිව් යන ආදිය කියයි. සීමාව කියයි. ඔවුන්ට (අවශ්‍ය) සුරා බත් ගඳමල් ආදිය දනී. මඟ සම කරයි. මෙය ද මෙසේ සිද්ධයැයි දතයුතුයි. චේතනාව වනාහි කුඹුරු හිමි පුරුෂයා මෙනි. චිත්තාංග වශයෙන් උපන් පස් පනස් කුශල ධර්මයෝ පස්පනස් පලවත් පුරුෂයන් මෙනි. කුශලාකුශල කර්ම රැස්කරන තැනට පැමිණ චේතනාවගේ දෙගුණ වූ උත්සාහය දෙගුණ වූ ව්‍යායාමය කුඹුරු හිමි පුරුෂයාගේ දෙගුණව උත්සාහ කරන දෙගුණව ව්‍යායාම කරන කාලය වෙන් වෙයි. මෙසේ මෙහි ආයූහන රසතාව දතයුතුයි.

සා පනෙසා සංවිදහනපච‍්චුපට‍්ඨානා. සංවිදහමානා හි අයං උපට‍්ඨාති, සකිච‍්චපරකිච‍්චසාධකා, ජෙට‍්ඨසිස‍්සමහාවඩ‍්ඪකීආදයො විය. යථා හි ජෙට‍්ඨසිස‍්සො උපජ‍්ඣායං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වා සයං අධීයමානො ඉතරෙපි දාරකෙ අත‍්තනො අත‍්තනො අජ‍්ඣයනකම‍්මෙ පවත‍්තයති, තස‍්මිඤ‍්හි අධීයිතුං ආරද‍්ධෙ තෙපි අධීයන‍්ති, තදනුවත‍්තිතාය. යථා ච මහාවඩ‍්ඪකී සයං තච‍්ඡන‍්තො ඉතරෙපි තච‍්ඡකෙ අත‍්තනො අත‍්තනො තච‍්ඡනකම‍්මෙ පවත‍්තයති, තස‍්මිඤ‍්හි තච‍්ඡිතුං ආරද‍්ධෙ තෙපි තච‍්ඡන‍්ති, තදනුවත‍්තිතාය. යථා ච යොධනායකො සයං යුජ‍්ඣමානො ඉතරෙපි යොධෙ සම‍්පහාරවුත‍්තියං පවත‍්තයති, තස‍්මිඤ‍්හි යුජ‍්ඣිතුං ආරද‍්ධෙ තෙපි අනිවත‍්තමානා යුජ‍්ඣන‍්ති, තදනුවත‍්තිතාය. එවමෙසාපි අත‍්තනො කිච‍්චෙන ආරම‍්මණෙ පවත‍්තමානා අඤ‍්ඤෙපි සම‍්පයුත‍්තධම‍්මෙ අත‍්තනො අත‍්තනො කිරියාය පවත‍්තෙති. තස‍්සා හි අත‍්තනො කිච‍්චං ආරද‍්ධාය, තංසම‍්පයුත‍්තාපි ආරභන‍්ති. තෙන වුත‍්තං – ‘සකිච‍්චපරකිච‍්චසාධකා, ජෙට‍්ඨසිස‍්සමහාවඩ‍්ඪකීආදයො වියා’ති. අච‍්චායිකකම‍්මානුස‍්සරණාදීසු ච පනායං සම‍්පයුත‍්තානං උස‍්සාහනභාවෙන පවත‍්තමානා පාකටා හොතීති වෙදිතබ‍්බා.

ඒ මේ චේතනාව වනාහි සංවිධානයට එළඹ සිටී. සංවිධාන කරනුයේ වනාහි මෙහි උපස්ථාන කරයි යනු ස්වකීය කෘත්‍යයන් අන්‍යයන්ගේ භාෂයත් සිදුකරන දෙටු සිසු මහවඩු ආදීන් මෙන් වෙයි. යම්සේ වනාහි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා උපාධ්‍යායන් දුරින් එනු දැක තමා අධ්‍යයන කරනුයේ අන්‍ය දරුවන් ද තම තමන්ගේ අධ්‍යයන කටයුතුවල යොදවයි. ඔහු අධ්‍යයනය පටන්ගත් කල්හි ඔව්හුද අධ්‍යයනය කරති. (ඒ) ඔහු අනුව පවත්නා පවත්නා හෙයිනි. යම්සේ මහවඩු තෙමේ තමන් වැඩකරන්නේ අන්වඩුවන් ද තම තමන්ගේ වඩු කර්මාන්ත කටයුතුවල යොදවයි. ඔහු සස්නට පටන්ගත් කල්හි ඔහු අනුව පවත්නා හෙයින් ඔවුහු ද සසිත්. යම් සේ යෝධ නායකයා තෙමේ යුද කරනුයේ අන්‍ය යෝධයන් ද එම ප්‍රහාර වෘත්තියෙහි (පහරදීමේ යොදවයි. ඔහු යුද කරන්ට පටන්ගත් කල්හි වනාහි ඔව්හු ද ඔහු අනුව පවත්නා හෙයින් නො නවතිමින් යුද කරත්. මෙසේ මේ චේතනාව ද තමාගේ කෘත්‍යයෙන් යුතුව අරමුණෙහි පවත්නේ අන් සම්ප්‍රයුක්ත ධර්මයන් ද තම තමන්ගේ ක්‍රියාවන්හි පවත්වයි. එහෙයින් සියකිස පරකිස සිදුකරන දෙටුසිසු මහවඩු ආදීහු මෙනැයි කියන ලදී. ඉක්මන් කර්ම අනුස්මරණාදියෙහි ද වනාහි මෙය සම්ප්‍රයුක්තයන් උත්සාහවත් කරමින් පවතිනු ප්‍රකට වේයැයි දතයුතුයි යනුයි.

‘ආරම‍්මණං චින‍්තෙතී’ති චිත‍්තන‍්ති නයෙන චිත‍්තස‍්ස වචනත්‍ථො වුත‍්තො එව. ලක‍්ඛණාදිතො පන විජානනලක‍්ඛණං චිත‍්තං, පුබ‍්බඞ‍්ගමරසං, සන්‍දහනපච‍්චුපට‍්ඨානං, නාමරූපපදට‍්ඨානං. චතුභූමකචිත‍්තඤ‍්හි නොවිජානනලක‍්ඛණං නාම නත්‍ථි. සබ‍්බං විජානනලක‍්ඛණමෙව. ද‍්වාරං පන පත්‍වා ආරම‍්මණවිභාවනට‍්ඨානෙ චිත‍්තං පුබ‍්බඞ‍්ගමං පුරෙචාරිකං හොති. චක‍්ඛුනා හි දිට‍්ඨං රූපාරම‍්මණං චිත‍්තෙනෙව විජානාති…පෙ… මනෙන විඤ‍්ඤාතං ධම‍්මාරම‍්මණං චිත‍්තෙනෙව විජානාති. යථා හි නගරගුත‍්තිකො නාම නගරමජ‍්ඣෙ සිඞ‍්ඝාටකෙ නිසීදිත්‍වා ‘අයං නෙවාසිකො අයං ආගන‍්තුකො’ති ආගතාගතං ජනං උපධාරෙති වවත්‍ථපෙති – එවංසම‍්පදමිදං දට‍්ඨබ‍්බං. වුත‍්තම‍්පි චෙතං මහාථෙරෙන – “යථා, මහාරාජ , නගරගුත‍්තිකො නාම මජ‍්ඣෙ නගරස‍්ස සිඞ‍්ඝාටකෙ නිසින‍්නො පුරත්‍ථිමතො දිසතො පුරිසං ආගච‍්ඡන‍්තං පස‍්සෙය්‍ය… පච‍්ඡිමතො… දක‍්ඛිණතො… උත‍්තරතො දිසතො පුරිසං ආගච‍්ඡන‍්තං පස‍්සෙය්‍ය, එවමෙව ඛො, මහාරාජ, යං චක‍්ඛුනා රූපං පස‍්සති තං විඤ‍්ඤාණෙන විජානාති, යං සොතෙන සද‍්දං සුණාති, ඝානෙන ගන්‍ධං ඝායති, ජිව‍්හාය රසං සායති, කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසති, මනසා ධම‍්මං විජානාති, තං විඤ‍්ඤාණෙන විජානාතී”ති (මි· ප· 2.3.12). එවං ද‍්වාරං පත්‍වා ආරම‍්මණවිභාවනට‍්ඨානෙ චිත‍්තමෙව පුබ‍්බඞ‍්ගමං පුරෙචාරිකං. තස‍්මා පුබ‍්බඞ‍්ගමරසන‍්ති වුච‍්චති.

අරමුණ සිතානුයි = සිතය යන ආදී නයින් සිතේ අර්ථය කියන ලද්දේමය. ලක්‍ෂණ වශයෙන් වනාහි දැනගැනීම් ලක්‍ෂණ ඇත්තේ සිතයි. පූර්වාංගම රසයයි. ගැළපීම එළඹ සිටි කාරණයයි. නාමරූප ආසන්න කාරණයයි. චාතුර්භුමක සිත වනාහි විජාන ලක්‍ෂණ නැත්තේ නම් නොවේ. සියල්ල විජානන ලක්‍ෂණමය. සිත වනාහි ද්වාරයට පැමිණ අරමුණ ප්‍රකට කිරීම් අර්ථයෙන් පූර්වාංගම ද පුරේචාරික (පෙරටුව හැසිරෙන්නා) ද වෙයි. ඇසින් දක්නා ලද රූපාරම්මණය සිතින්ම දැනගනී. -පෙ- මනසින් දැනගත් ධර්මාරම්මණය සිතින්ම දැනගනී. නගරගුත්තිකයා වනාහි සතරමං සන්‍ධියෙහි හිඳ මෙතෙම නේවාසිකයෙකි. මෙතෙම ආගන්තුකයෙක් වශයෙන් ආ ආ ජනයා සලකා බලයි. තීරණය කරයි. මෙය ද මෙසේ සම්පුර්ණයෙන් පැහැදිලිව දතයුතුයි. (නාගසේන) තෙරුන් විසින් ද මෙය කියන ලදී. ‘මහරජ, යම්සේ නගරගුත්තිකයෙක් නුවර මැද සතරමංසන්ධියෙහි හුන්නේ නැගෙනහිරින් පුරුෂයකු එනු දකීද, පෑළදිගින් -දකුණුදිගින් - උතුරුදිගින් පුරුෂයකු එනු දකීද, මහරජ, එපරිද්දෙන් වනාහි ඇසින් යම් රූපයක් දකී ද, එය විඤ්ඤාණයෙන් දැනගනී. කණින් යම් ශබ්දයක් අසයි ද, නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කරයි ද, දිවෙන් රසක් ආස්වාදනය කරයි ද, කයින් ස්පර්ශයන් ස්පර්ශ කෙරේ ද මනසින් ධර්මයක් දැනගනී ද එය විඤ්ඤාණයෙන් දැනගනී යැයි මෙසේ ද්වාරයට පැමිණ අරමුණ ප්‍රකාශ කරන ස්ථානයෙහි සිතම පූර්වාංගමය, සිත පූර්වයෙන් යන්නා වෙයි. එහෙයින් පූර්වාංගම රසය යැයි කියනු ලැබේ.

තදෙතං පච‍්ඡිමං පච‍්ඡිමං උප‍්පජ‍්ජමානං පුරිමං පුරිමං නිරන‍්තරං කත්‍වා සන්‍දහනමෙව උපට‍්ඨාතීති සන්‍දහනපච‍්චුපට‍්ඨානං. පඤ‍්චවොකාරභවෙ පනස‍්ස නියමතො නාමරූපං, චතුවොකාරභවෙ නාමමෙව පදට‍්ඨානං. තස‍්මා නාමරූපපදට‍්ඨානන‍්ති වුත‍්තං.

ඒ මේ සිත පසු පසුව උපදනහුට නිරතුරුකොට ගැළපීමට එළඹ සිටීනුයි සන්දහන පච්චුපට්ඨානයි. පංචවෝකාර භවයෙහි වනාහි එහි නියමයෙන් නාමරූප මෑතද චතුවෝකාර භවයෙහි නාමය මද ආසන්න කාරණය වෙයි. එහෙයින් නාමරූප ආසන්න කාරණ කොට ඇතැයි කියන ලදී.

කිං පනෙතං චිත‍්තං පුරිමනිද‍්දිට‍්ඨචිත‍්තෙන සද‍්ධිං එකමෙව උදාහු අඤ‍්ඤන‍්ති? එකමෙව. අථ කස‍්මා පුරිමනිද‍්දිට‍්ඨං පුන වුත‍්තන‍්ති? අවිචාරිතං එතං අට‍්ඨකථායං. අයං පනෙත්‍ථ යුත‍්ති – යථා හි රූපාදීනි උපාදාය පඤ‍්ඤත‍්තා සූරියාදයො න අත්‍ථතො රූපාදීහි අඤ‍්ඤෙ හොන‍්ති, තෙනෙව යස‍්මිං සමයෙ සූරියො උදෙති තස‍්මිං සමයෙ තස‍්ස තෙජසඞ‍්ඛාතං රූපම‍්පීති. එවං වුච‍්චමානෙපි න රූපාදීහි අඤ‍්ඤො සූරියො නාම අත්‍ථි. න තථා චිත‍්තං; ඵස‍්සාදයො ධම‍්මෙ උපාදාය පඤ‍්ඤාපියති; අත්‍ථතො පනෙතං තෙහි අඤ‍්ඤමෙව. තෙන ‘යස‍්මිං සමයෙ චිත‍්තං උප‍්පන‍්නං හොති එකංසෙනෙව තස‍්මිං සමයෙ ඵස‍්සාදීහි අත්‍ථතො අඤ‍්ඤමෙව තං හොතී’ති ඉමස‍්සත්‍ථස‍්ස දීපනත්‍ථාය එතං පුන වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

මේ වනාහි කිම සිත පළමු සිත සමග එකක්මද? නැතහොත් අනිකක් ද එකක්මය. එසේ නම් කවර හෙයකින් පළමු දක්වන ලද්ද නැවත කියන ලදද? මෙය අට්ඨකථාවෙහි විචාරණය නොකරන ලදී. මේ වනාහි මෙහි යුක්තියයි. යම්සේ රූපාදිය ගෙන පණවන ලද සූර්යාදීහු අර්ථයෙන් රූපාදීන්ගෙන් අන්‍යයෝ නොවෙත් ද එහෙයින්ම යම් අවස්ථාවෙක සූර්යයා උදාවෙයිද එසමයෙහි ඔහුගේ තේජසංඛ්‍යාත රූපය ද (වෙයි) දැයි මෙසේ කියනු ලබද්දී රූපාදීන්ගෙන් අන්‍ය වූ සූර්යයෙක් නම් නැත. එසේම සිත ස්පර්ශාදී ධර්මයන් ගෙන පණවනු ලැබේ. මෙය වනාහි අර්ථයෙන් ඔවුන්ගෙන් අනෙකක්මය. එහෙයින් යම් අවස්ථාවෙක්හි සිත උපන්නේ වේ ද ඒකාන්තයෙන්ම ඒ අවස්ථාවෙහි අර්ථයෙන් ස්පර්ශාදියෙන් එය අනෙකක්ව වේයැයි මෙහි අර්ථය දැක්වීම පිණිස මෙය කියන ලදැයි දතයුතුයි.

යථා ච “යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති…පෙ… පථවීකසිණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති වෙදනා හොතී”තිආදීසු (ධ· ස· 160) පන භාවෙන‍්තෙන වවත්‍ථාපිතෙ සමයෙ යො භාවෙති න සො අත්‍ථතො උප‍්පජ‍්ජති නාම, තෙනෙව තත්‍ථ යථා “ඵස‍්සො හොති වෙදනා හොතී”ති වුත‍්තං, න එවං “යො භාවෙති සො හොතී”ති වුත‍්තං. “යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොතී”තිආදීසු පන චිත‍්තෙන වවත්‍ථාපිතෙ සමයෙ සමයවවත්‍ථාපිතං චිත‍්තං න තථා අත්‍ථතො නුප‍්පජ‍්ජති . යථෙව පන තදා ‘ඵස‍්සො හොති වෙදනා හොති’, තථා ‘චිත‍්තම‍්පි හොතී’ති ඉමස‍්සපි අත්‍ථස‍්ස දීපනත්‍ථමිදං පුන වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. ඉදං පනෙත්‍ථ සන‍්නිට‍්ඨානං – උද‍්දෙසවාරෙ සඞ‍්ගණ‍්හනත්‍ථං නිද‍්දෙසවාරෙ ච විභජනත්‍ථං පුරිමෙන හි ‘චිත‍්ත’-සද‍්දෙන කෙවලං සමයො වවත්‍ථාපිතො. තස‍්මිං පන චිත‍්තෙන වවත්‍ථාපිතසමයෙ යෙ ධම‍්මා හොන‍්ති තෙසං දස‍්සනත්‍ථං “ඵස‍්සො හොතී”තිආදි ආරද‍්ධං. චිත‍්තඤ‍්චාපි තස‍්මිං සමයෙ හොතියෙව. තස‍්මා තස‍්සාපි සඞ‍්ගණ‍්හනත්‍ථමෙතං පුන වුත‍්තං. ඉමස‍්මිඤ‍්ච ඨානෙ එතස‍්මිං අවුච‍්චමානෙ “කතමං තස‍්මිං සමයෙ චිත‍්ත”න‍්ති න සක‍්කා භවෙය්‍ය නිද‍්දෙසවාරෙ විභජිතුං. එවමස‍්ස විභජනංයෙව පරිහායෙථ. තස‍්මා තස‍්ස නිද‍්දෙසවාරෙ විභජනත්‍ථම‍්පි එතඤ‍්ච වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

යම්සේ යම් අවස්ථාවෙක රූපෝත්පත්තිය පිණිස මාර්ගය වඩයි ද -පෙ- පඨවි කසිණය, එසමයෙහි ස්පර්ශය වේ යැයි යන ආදියෙහි වනාහි වඩන්නා විසින් ව්‍යවස්ථාපනය කරන සමයෙහි යමෙක් වඩයිද, හෙතෙම අර්ථ වශයෙන් උපදීනම් නොවේ. එහෙයින්ම එහි යම්සේ ස්පර්ශය වේද වේදනාව වේදැයි කියන ලදී. එසමයෙහි කාමාවචර කුශල සිත උපන්නේ වේදැයි යන ආදියෙහි වනාහි සිතින් ව්‍යවස්ථාපනය කරන ලද සමයෙහි සම්‍ය ව්‍යවස්ථාපිත සිතක් එසේ අර්ථ වශයෙන් නූපදී නම් නොවේ. යම්සේ වනාහි එකල්හි ස්පර්ශය වෙයි ද වේදනාව වෙයි ද එසේම සිතක් වේයැයි මේ අර්ථය ද දැක්වීම පිණිස මෙය කියන ලදැයි දතයුතුයි. මෙහිදී මේ නිශ්චය වනාහි උද්දේස වාරයෙහි සංග්‍රහ කිරීම පිණිස ද නිද්දේස වාරයෙහි බෙදීම පිණිසද පළමු චිත්ත ශබ්දය සමග හුදෙක් සමය (ශබ්දය) ව්‍යවස්ථාපනය කරන ලදී. ඒ සිත සමග ව්‍යවස්ථාපනය කරන ලද සමයෙහි වනාහි ධර්මයෝ වෙත්. ඔවුන් දැක්වීම පිණිස ස්පර්ශය වේ යන ආදිය පටන් ගන්නා ලදී. එසමයෙහි වනාහි සිත ද වේමය. එහෙයින් එයද සංග්‍රහ කිරිම පිණිස මෙය නැවත කියන ලදී. මෙතැන දී ද මෙය නොකියන කල්හි එසමයෙහි කවර සිතක්දැයි නිර්දේශ වාරයෙහි විභජනය කරන්නට නොහැකි වන්නේය. මෙසේ මෙහි විභජනයම පිරිහෙන්නේය. එහෙයින් නිර්දේශ වාරයෙහි එය විභජනය පිණිස ද මෙය ද කියන ලදැයි දතයුතුයි.

යස‍්මා වා “උප‍්පන‍්නං හොතී”ති එත්‍ථ චිත‍්තං උප‍්පන‍්නන‍්ති එතං දෙසනාසීසමෙව, ‘න පන චිත‍්තං එකමෙව උප‍්පජ‍්ජතී’ති අට‍්ඨකථායං විචාරිතං, තස‍්මා චිත‍්තං “උප‍්පන‍්න”න‍්ති එත්‍ථාපි චිත‍්තමත‍්තමෙව අග‍්ගහෙත්‍වා පරොපණ‍්ණාසකුසලධම‍්මෙහි සද‍්ධිංයෙව චිත‍්තං ගහිතං. එවං තත්‍ථ සඞ‍්ඛෙපතො සබ‍්බෙපි චිත‍්තචෙතසිකධම‍්මෙ ගහෙත්‍වා ඉධ සරූපෙන පභෙදතො දස‍්සෙතුං “ඵස‍්සො හොතී”තිආදි ආරද‍්ධං. ඉති ඵස‍්සාදයො විය චිත‍්තම‍්පි වුත‍්තමෙවාති වෙදිතබ‍්බං.

යම්හෙයකින් හෝ උපන්නේ වේදැයි යන්න මෙහි සිත උපන්නේය යන මෙය දේශනා ශීර්ෂමය. සිත එකක්මයැයි (වනාහි නොවේ.) අට්ඨකථාවෙහි සලකා බලා ලදී. එහෙයින් සිත උපන්නේය යන මෙහි ද චිත්තමාත්‍රයම නොගෙන පනසකට අධික කුශල ධර්මයන් සමගම සිත ගන්නා ලදී. මෙසේ එහි සංක්‍ෂේප වශයෙන් සියලුම චිත්ත චෛතසික ධර්මයන් ගෙන මෙහි ස්වරූප වශයෙන් ප්‍රභේද වශයෙන් දක්වන්නට ස්පර්ශ වෙයි යන ආදිය පටන්ගන්නා ලදී. මෙසේ ස්පර්ශාදිය මෙන් සිත ද කියන ලද ම යැයි දතයුතුයි.