කුසලකම්මපථකථා අට්ඨකථා
කුසලකම්මපථකථා
කුසලකම්මපථකථා
පාණාතිපාතාදීහි පන විරතියො අනභිජ්ඣාඅබ්යාපාදසම්මාදිට්ඨියො චාති ඉමෙ දස කුසලකම්මපථා නාම. තත්ථ පාණාතිපාතාදයො වුත්තත්ථා එව. පාණාතිපාතාදීහි එතාය විරමන්ති, සයං වා විරමති, විරමණමත්තමෙව වා එතන්ති විරති. යා පාණාතිපාතා විරමන්තස්ස “යා තස්මිං සමයෙ පාණාතිපාතා ආරති විරතී”ති (ධ· ස· 299-301) එවං වුත්තා කුසලචිත්තසම්පයුත්තා විරති, සා පභෙදතො තිවිධා හොති – සම්පත්තවිරති, සමාදානවිරති, සමුච්ඡෙදවිරතීති.
ප්‍රාණඝාතාදියෙන් වෙන්වීම අනභිධ්‍යා අව්‍යාපාද සම්‍යග්දෘෂ්ටි දැයි යන දහය දශකුශල කර්මපථයෝය. එහි ප්‍රාණඝාතාදිය කියන ලද අර්ථ ඇත්තේමය. ප්‍රාණඝාතාදියෙන් මෙයින් වළකිත්. තෙමේ හෝ වළකී. මේ වෙන්වීම් මාත්‍රය මැයි හෝ විරතිය. ප්‍රාණඝාතයෙන් වෙන්වන්නා සේ ‘එ සමයෙහි යම් ප්‍රාණඝාතයෙන් ඉවත්වීමක් වෙන්වීමක් වේ දැයි’ මෙසේ කියන ලද කුශල සම්ප්‍රයුක්ත විරතියක් වේ ද, එය භේද වශයෙන් ත්‍රිවිධ වෙයි. සම්පත්ති විරති සමාදාන විරති සමුච්ඡේද විරති යනුවෙනි.
තත්ථ අසමාදින්නසික්ඛාපදානං අත්තනො ජාතිවයබාහුසච්චාදීනි පච්චවෙක්ඛිත්වා ‘අයුත්තං අම්හාකං එවරූපං පාපං කාතු’න්ති සම්පත්තං වත්ථුං අවීතික්කමන්තානං උප්පජ්ජමානා විරති ‘සම්පත්තවිරතී’ති වෙදිතබ්බා – සීහළදීපෙ චක්කනඋපාසකස්ස විය. තස්ස කිර දහරකාලෙයෙව මාතුයා රොගො උප්පජ්ජි. වෙජ්ජෙන ච ‘අල්ලසසමංසං ලද්ධුං වට්ටතී’ති වුත්තං. තතො චක්කනස්ස භාතා ‘ගච්ඡ, තාත, ඛෙත්තං ආහිණ්ඩාහී’ති චක්කනං පෙසෙසි. සො තත්ථ ගතො. තස්මිඤ්ච සමයෙ එකො සසො තරුණසස්සං ඛාදිතුං ආගතො හොති. සො තං දිස්වාව වෙගෙන ධාවන්තො වල්ලියා බද්ධො ‘කිරි කිරී’ති සද්දමකාසි. චක්කනො තෙන සද්දෙන ගන්ත්වා තං ගහෙත්වා චින්තෙසි – ‘මාතු භෙසජ්ජං කරොමී’ති. පුන චින්තෙසි – ‘න මෙතං පතිරූපං ය්වාහං මාතු ජීවිතකාරණා පරං ජීවිතා වොරොපෙය්ය’න්ති. අථ නං ‘ගච්ඡ, අරඤ්ඤෙ සසෙහි සද්ධිං තිණොදකං පරිභුඤ්ජා’ති මුඤ්චි. භාතරා ච ‘කිං තාත සසො ලද්ධො’ති පුච්ඡිතො තං පවත්තිං ආචික්ඛි. තතො නං භාතා පරිභාසි. සො මාතුසන්තිකං ගන්ත්වා ‘යතො අහං ජාතො නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතා’ති සච්චං වත්වා අට්ඨාසි. තාවදෙවස්ස මාතා අරොගා අහොසි.
එහි ශික්ෂාපද සමාදන් නොවූ තමාගේ ජාතිය වයස බහුශ්‍රැත බව ආදිය සිහි කොට අපට මෙවැන්නක් කිරීම අයුතු යැයි එළඹි වස්තුව නො ඉක්මවන්නවුන්ට උපදනා විරතිය සම්පත්ති විරතියැයි දතයුතුයි. සිංහල ද්වීපයෙහි චක්කන උපාසක හට මෙනි. ඔහු ළදරු කල්හිම මවට රෝගයක් උපන්නේය. වෙදා විසින් අමු හාමස් ලබන්නට වටී. (අවශ්‍යයැයි) කියන ලදී. ඉක්බිති චක්කනගේ සොහොයුරා මලණුවනි, කෙතට ගොස් ඇවිදින්නැයි චක්කත යැවීය. හෙතෙම එහි ගියේය. එකහි එක් සාවෙක් ළා ගොයම් කෑමට ආවේය. සාවා ඔහු දැක වේගයෙන් දුවන්නේ වැල්වල පැටී කිරි කිරි යැයි ශබ්ද කෙළේය. චක්කන ඒ හඬින් ගොස් ඌ අල්වාගෙන මවට බෙහෙත් කරන්නෙමියි සිතීය. නැවත (මෙසේ) සිතීය. මම මව ජීවත් කිරිම පිණිස අනිකෙකුගේ ජීවිතය තොර කරන්නෙම් නම් එය මට සුදුසු නොවේ කියායි. ඉක්බිති ‘යන්න වනයේ සාවුන් සමග තණ පැන් පරිභෝග කරවයි’ ඌ මිදීය. සහෝදරයා විසින් කිම මලණුවනි, සාවකු ලබන ලදදැයි අසන ලදුව ඒ පුවත කීය. ඉක්බිති සහෝදරයා ඔහුට අපහාස කළේය. හෙතෙම මව වෙතට ගොස් ‘මම උපන්දා පටන් දැන ප්රාණියෙකු ජීවිතයෙන් තොර කළ බවක් නො දනිමි’ සත්‍යය කියා සිටියේය. (සත්‍යක්‍රියා කළේය) එකෙණෙහිම ඔහුගේ මව නිරෝගී වූවාය.
සමාදින්නසික්ඛාපදානං පන සික්ඛාපදසමාදානෙ ච තතුත්තරිඤ්ච අත්තනො ජීවිතම්පි පරිච්චජිත්වා වත්ථුං අවීතික්කමන්තානං උප්පජ්ජමානා විරති ‘සමාදානවිරතී’ති වෙදිතබ්බා. උත්තරවඩ්ඪමානපබ්බතවාසීඋපාසකස්ස විය. සො කිර අම්බරියවිහාරවාසිනො පිඞ්ගලබුද්ධරක්ඛිතත්ථෙරස්ස සන්තිකෙ සික්ඛාපදානි ගහෙත්වා ඛෙත්තං කසති. අථස්ස ගොණො නට්ඨො. සො තං ගවෙසන්තො උත්තරවඩ්ඪමානපබ්බතං ආරුහි. තත්ර නං මහාසප්පො අග්ගහෙසි. සො චින්තෙසි – ‘ඉමායස්ස තිඛිණවාසියා සීසං ඡින්දාමී’ති. පුන චින්තෙසි – ‘න මෙතං පතිරූපං ය්වාහං භාවනීයස්ස ගරුනො සන්තිකෙ සික්ඛාපදානි ගහෙත්වා භින්දෙය්ය’න්ති එවං යාවතතියං චින්තෙත්වා ‘ජීවිතං පරිච්චජාමි, න සික්ඛාපද’න්ති අංසෙ ඨපිතං තිඛිණදණ්ඩවාසිං අරඤ්ඤෙ ඡඩ්ඩෙසි. තාවදෙව නං මහාවාළො මුඤ්චිත්වා අගමාසීති.
ශික්ෂාපද සමාදන්ව ශික්ෂාපද සමාදානයේ දී ද ඉන් මතු තමාගේ ජීවිතය ද පරිත්‍යාගයෙන් වස්තුව නො ඉක්මවන්නා උපදනා විරතිය සමාදාන විරතිය යැයි දතයුතුයි. උත්තර වඩ්ඪමාන පර්වත වැසි උපාසකයාට මෙනි. හෙතෙම වනාහි අම්බරිය විහාරවාසී පිංගල බුද්ධරක්ඛිත තෙරුන් වෙත ශික්ෂාපද ගෙන (සමාදන්ව) කුඹුර සායි. ඉක්බිති ඔහුගේ ගොනෙක් නැති විය. හෙතෙම ඌ සොයමින් උත්තර වඩ්ඪමාන පර්වතයට නැංගේය. එහිදී මහා සර්පයෙක් ඔහු අල්ලා ගත්තේය. හෙතෙම මේ තියුණු අවියෙන් මුගේ හිස සිඳිමියි සිතීය. නැවත මෙසේ සිතීය. මම සම්භාවනීය ගුරුවරයකු වෙත ශික්ෂාපද සමාදන්ව (එම ශික්ෂාපද) බිඳීම් නම් එය මට සුදුසු නොවේ. කියායි. මෙසේ තුන්වන වාරය දක්වා සිතා ජීවිතය පරිත්‍යාග කරමි. ශික්ෂාපද නො සිඳිමියි අංශයෙහි තබන ලද දණ්ඩ සහ වෑය කැළයට දැමීය. එකෙණෙහිම ඒ මහා සර්පයා ඔහු මුදා ගියේය.
අරියමග්ගසම්පයුත්තා පන විරති ‘සමුච්ඡෙදවිරතී’ති වෙදිතබ්බා, යස්සා උප්පත්තිතො පභුති ‘පාණං ඝාතෙස්සාමී’ති අරියපුග්ගලානං චිත්තම්පි නුප්පජ්ජතීති.
ආර්යමාර්ග විරතිය සමුච්ඡේද විරතිය යැයි දතයුතුයි. එහි උත්පත්තියේ පටන් ආර්ය පුද්ගලයන්ට ප්රාණියෙකු ඝාතනය කෙරෙමියි සිතකුදු නූපදී යනුයි.
ඉදානි යථා අකුසලානං එවං ඉමෙසම්පි කුසලකම්මපථානං ධම්මතො කොට්ඨාසතො ආරම්මණතො වෙදනාතො මූලතොති පඤ්චහාකාරෙහි විනිච්ඡයො වෙදිතබ්බො –
දැන් අකුසලයන්ගේ (විනිශ්චය) යම්සේ ද මේ කුශල කර්ම පථයගේ විනිශ්චය ද ධර්ම වශයෙන් කොට්ඨාශ වශයෙන් ආරම්මණ වශයෙන් වේදනා වශයෙන් මූල වශයෙන්දැයි පස් අයුරකින් දතයුතුයි.
තත්ථ ‘ධම්මතො’ති එතෙසු හි පටිපාටියා සත්ත චෙතනාපි වට්ටන්ති, විරතියොපි; අන්තෙ තයො චෙතනාසම්පයුත්තාව.
එහි ධම්මතෝ යනු මේවා කෙරෙහි පිළිවෙළින් සප්ත චේතනාවෝ ද විරතීහු ද වැටෙත්. අන්තයෙහි චේතනා සම්ප්‍රයුක්ත තුන ද (වෙයි)
‘කොට්ඨාසතො’ති පටිපාටියා සත්ත කම්මපථා එව, නො මූලානි. අන්තෙ තයො කම්මපථා චෙව මූලානි ච. අනභිජ්ඣා හි මූලං පත්වා ‘අලොභො කුසලමූලං’ හොති. අබ්යාපාදො ‘අදොසො කුසලමූලං’, සම්මාදිට්ඨි ‘අමොහො කුසලමූලං’.
කොට්ඨාසතෝ යනු පිළිවෙළින් සප්ත කර්මපථයෝමය. මූල නොවේ. අන්තයෙහි කර්මපථ තුන මෙන්ම මූලයෝ ද වෙත්. අනභිධ්‍යාව වනාහි මූලයට පැමිණ අලෝභය කුශලමූලය වෙයි. අව්‍යාපාදය අදෝෂය කුශල මූලය, සම්යක්දිෂ්ටිය අමෝහය කුශල මූලය,
‘ආරම්මණතො’ති පාණාතිපාතාදීනං ආරම්මණානෙව එතෙසං ආරම්මණානි. වීතික්කමිතබ්බතොයෙව හි වෙරමණී නාම හොති. යථා පන නිබ්බානාරම්මණො අරියමග්ගො කිලෙසෙ පජහති, එවං ජීවිතින්ද්රියාදිආරම්මණාපෙතෙ කම්මපථා පාණාතිපාතාදීනි දුස්සීල්යානි පජහන්තීති වෙදිතබ්බා.
ආරම්මණතෝ යනු ප්‍රාණඝාතාදීන්ගේ අරමුණුම මොවුන්ගේ අරමුණු වෙයි. ව්‍යතික්‍රමණය (ඉක්මවීම) කළයුතු හෙයින්ම වනාහි වේරමණී නම් වෙයි. යම්සේ වනාහි නිවන් අරමුණු කරගත් ආර්යමාර්ගය කෙලෙස් දුරුකරයි ද එමෙනි. මෙසේ ජීවිතින්ද්රිය ආදී අරමුණු පහ වූ කල්හි කර්මපථයෝ ප්‍රාණඝාතාදී වූ දුශ්ශීල්යයන් අත්හරිත් යැයි දතයුතුයි.
‘වෙදනාතො’ති සබ්බෙ සුඛවෙදනා වා හොන්ති මජ්ඣත්තවෙදනා වා. කුසලං පත්වා හි දුක්ඛවෙදනා නාම නත්ථි.
වේදනාතෝ යනු සියලුම සැප වේදනා හෝ මධ්‍යස්ථ වේදනාවෝ වෙත්, කුශලයට පැමිණ දුක්වේදනා නම් නැත.
‘මූලතො’ති පටිපාටියා සත්ත කම්මපථා ඤාණසම්පයුත්තචිත්තෙන විරමන්තස්ස අලොභඅදොසඅමොහවසෙන තිමූලා හොන්ති; ඤාණවිප්පයුත්තචිත්තෙන විරමන්තස්ස ද්විමූලා. අනභිජ්ඣා ඤාණසම්පයුත්තචිත්තෙන විරමන්තස්ස ද්විමූලා හොති; ඤාණවිප්පයුත්තචිත්තෙන එකමූලා. අලොභො පන අත්තනාව අත්තනො මූලං න හොති. අබ්යාපාදෙපි එසෙව නයො. සම්මාදිට්ඨි අලොභාදොසවසෙන ද්විමූලාව හොති. ඉමෙ දස කුසලකම්මපථා නාම.
මූලතෝ යනු පිළිවෙළින් සප්තකර්මපථයෝ භූත සම්ප්‍රයුක්ත සිතින් වළකින්නාට අලෝභ අද්වේෂ අමෝහ වශයෙන් ත්‍රිමූල වෙත්. ඥාන විප්‍රයුක්ත සිතින් වළකින්නාට මූල දෙකකි. ඥාන සම්ප්‍රයුක්ත සිතින් වළකින්නාගේ අනභිධ්‍යාව ද්විමූල වෙයි. මෙතැන ඤාණ සම්ප්රයුත්තයැයි පෙළපොතේ ඇත. එය මුද්‍රණ දෝෂයකැයි හැඟේ. ඥාන විප්‍රයුක්ත සිතින් (වළකින්නාට) එක් මූලයකි. අලෝභය වනාහි තමාම තමාට මූලය නොවේ. අව්‍යාපාදයෙහි ද මේ නයමය. සම්‍යක් දෘෂ්ටිය අලෝභ අද්වේෂ වශයෙන් ද්විමූලම වෙයි. මේ දශකුශල කර්මපථ නමි.
කම්මපථසංසන්දනකථා
කම්මපථසංසන්දනකථා
ඉදානි ඉමස්මිං ඨානෙ කම්මපථසංසන්දනං නාම වෙදිතබ්බං. පඤ්චඵස්සද්වාරවසෙන හි උප්පන්නො අසංවරො අකුසලං මනොකම්මමෙව හොති. මනොඵස්සද්වාරවසෙන උප්පන්නො තීණිපි කම්මානි හොන්ති – සො හි කායද්වාරෙ චොපනප්පත්තො අකුසලං කායකම්මං හොති, වචීද්වාරෙ අකුසලං වචීකම්මං, උභයත්ථ චොපනං අප්පත්තො අකුසලං මනොකම්මං. පඤ්චඅසංවරද්වාරවසෙන උප්පන්නොපි අකුසලං මනොකම්මමෙව හොති. චොපනකායඅසංවරද්වාරවසෙන උප්පන්නො අකුසලං කායකම්මමෙව හොති, වාචාඅසංවරද්වාරවසෙන උප්පන්නො අකුසලං වචීකම්මමෙව හොති, මනොඅසංවරද්වාරවසෙන උප්පන්නො අකුසලං මනොකම්මමෙව හොති. තිවිධං කායදුච්චරිතං අකුසලං කායකම්මමෙව හොති, චතුබ්බිධං වචීදුච්චරිතං අකුසලං වචීකම්මමෙව හොති, තිවිධං මනොදුච්චරිතං අකුසලං මනොකම්මමෙව හොති.
දැන් මෙතැන්හි කර්මපථ සන්සන්දනය නමැයි දතයුතුයි. පංච ස්පර්ශද්වාර වශයෙන් උපන් අසංවර සිත අකුශලය (කර්මයම වෙයි. මනෝ ස්පර්ශද්වාර වශයෙන් උපන්නේ තුනම) කර්මම වෙයි. කාය ද්වාරයෙහි චලනයට පැමිණී එය වනාහි අකුශල කාය කර්මය වෙයි. වචී ද්වාරයෙහි අකුශල වාක් කර්මය, දෙපසම චලනයට නොපැමිණියේ අකුශල මනෝක්රමය වෙයි. පංච අසංවර ද්වාර වශයෙත් උපන්නේ ද අකුශල මනෝකර්ම ම වෙයි. චෝපනාකාය අසංවරද්වාර වශයෙන් උපන්නේ අකුශල කායකර්ම ම වෙයි. චාචා මනෝ අසංවරද්වාර වශයෙන් උපන්නේ අකුශල වචීකර්ම ම වෙයි. මනෝ අසංවර ද්වාර වශයෙන් උපන්නේ අකුශල මනෝකර්මය ම වෙයි. ත්‍රිවිධ කාය දුශ්චරිතය අකුශල කාය කර්මය ම වෙයි. චතුර්විධ වාග් දුශ්චරිතය අකුශල චචීකර්ම ම වෙයි ත්‍රිවිධ මනෝ දුශ්චරිතය අකුසල මනෝකර්ම ම වෙයි.
පඤ්චඵස්සද්වාරවසෙන උප්පන්නො සංවරොපි කුසලං මනොකම්මමෙව හොති. මනොඵස්සද්වාරවසෙන උප්පන්නො පන අයම්පි, අසංවරො විය, තීණිපි කම්මානි හොන්ති. පඤ්චසංවරද්වාරවසෙන උප්පන්නොපි කුසලං මනොකම්මමෙව හොති, චොපනකායසංවරද්වාරවසෙන උප්පන්නො කුසලං කායකම්මමෙව හොති, වාචාසංවරද්වාරවසෙන උප්පන්නො කුසලං වචීකම්මමෙව හොති, මනොසංවරද්වාරවසෙන උප්පන්නො කුසලං මනොකම්මමෙව හොති. තිවිධං කායසුචරිතං කුසලං කායකම්මමෙව හොති, චතුබ්බිධං වචීසුචරිතං කුසලං වචීකම්මමෙව හොති, තිවිධං මනොසුචරිතං කුසලං මනොකම්මමෙව හොති.
පංචස්පර්ශ වශයෙන් සංවරය කුශල මනෝකර්ම ම වෙයි. මනෝ ස්පර්ශ ද්වාර චශයෙන් උපන් මෙය ද වනාහි අසංවරය මෙන් කර්ම තුනම වෙයි. පංච සංවරද්වාර වශයෙත් උපන්නේ ද කුශල මනෝකර්මය ම වෙයි. චෝපන කාය සංවරද්වාර වශයෙන් කුශලය කායකර්ම ම වෙයි. වාක් සංවර ද්වාර වශයෙන් උපන් කුශලය වචීකර්ම ම වෙයි. මනෝසංවර ද්වාර වශයෙන් උපන් කුශලය මනෝකර්ම ම වෙයි. ත්‍රිවිධ කාය සුචරිතය කුශල කාය කර්ම ම වෙයි චතුර්විධ වාක් සුචරිත කුශලය වාක් කර්ම ම වෙයි. ත්‍රිවිධ මනෝ සුචරිත කුශලය මනෝකර්මය ම වෙයි.
අකුසලං කායකම්මං පඤ්චඵස්සද්වාරවසෙන නුප්පජ්ජති; මනොඵස්සද්වාරවසෙනෙව උප්පජ්ජති. තථා අකුසලං වචීකම්මං. අකුසලං මනොකම්මං පන ඡඵස්සද්වාරවසෙන උප්පජ්ජති; තං කායවචීද්වාරෙසු චොපනං පත්තං අකුසලං කායවචීකම්මං හොති, චොපනං අප්පත්තං අකුසලං මනොකම්මමෙව. යථා ච පඤ්චඵස්සද්වාරවසෙන, එවං පඤ්චඅසංවරද්වාරවසෙනපි අකුසලං කායකම්මං නුප්පජ්ජති, චොපනකායඅසංවරද්වාරවසෙන පන වාචාඅසංවරද්වාරවසෙන ච උප්පජ්ජති; මනොඅසංවරද්වාරවසෙන නුප්පජ්ජති. අකුසලං වචීකම්මම්පි පඤ්චඅසංවරද්වාරවසෙන නුප්පජ්ජති, චොපනකායවාචාඅසංවරද්වාරවසෙන උප්පජ්ජති; මනොඅසංවරද්වාරවසෙන නුප්පජ්ජති. අකුසලං මනොකම්මං අට්ඨඅසංවරද්වාරවසෙනපි උප්පජ්ජතෙව. කුසලකායකම්මාදීසුපි එසෙව නයො.
අකුශල කාය කර්මය පංච ස්පර්ශද්වාර වශයෙන් නූපදී. මනෝ ස්පර්ශද්වාර වශයෙන් උපදී. අකුශල වාක් කර්මය ද එසේය. අකුශල මනෝකර්මය වනාහි ෂට් ස්පර්ශද්වාර වශයෙන් උපදී. එය කායවාක් ද්වාරයන්හි චලනයට පැමිණියේ අකුශල කාය වාක් කර්ම වෙයි. චලනයට නොපැමිණියේ අකුශල මනෝකර්මයම වෙයි. යම්සේ මෙසේ ස්පර්ශද්වාර වශයෙන් ද මෙසේ පංච අසංවරද්වාර වශයෙන් ද අකුශල කායකර්මය නූපදී ද, නමුත් චෝපන කාය අසංවර ද්වාර වශයෙන් වනාහි වාක් අසංවර ද්වාර වශයෙන් ද උපදී. මනෝ අසංවර ද්වාර වශයෙන් නූපදී. (අකුශල චචී කර්මය ද පංච අසංවර ද්වාර වශයෙන් නූපදී. චෝපනකායවාචා අසංවර ද්වාර වශයෙන් උපදී. මනෝ අසංවර ද්වාර වශයෙන් නූපදී. අකුශල මනෝ කර්මය) අෂ්ට අසංවර ද්වාර වශයෙන් ද උපදීමය. කුශලකාය කර්මාදීන්හි ද මේ නයමය.
අයං පන විසෙසො – යථා අකුසලකායකම්මවචීකම්මානි මනොඅසංවරද්වාරවසෙන නුප්පජ්ජන්ති, න තථා එතානි. එතානි පන කායඞ්ගවාචඞ්ගං අචොපෙත්වා සික්ඛාපදානි ගණ්හන්තස්ස මනොසංවරද්වාරෙපි උප්පජ්ජන්ති එව. තත්ථ කාමාවචරං කුසලං චිත්තං තිවිධකම්මද්වාරවසෙන උප්පජ්ජති, පඤ්චවිඤ්ඤාණද්වාරවසෙන නුප්පජ්ජති; ‘යමිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං, සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා’ති ඉමිනා පන නයෙන ඡඵස්සද්වාරවසෙන උප්පජ්ජති; අට්ඨඅසංවරද්වාරවසෙන නුප්පජ්ජති, අට්ඨසංවරද්වාරවසෙන උප්පජ්ජති; දසඅකුසලකම්මපථවසෙන නුප්පජ්ජති, දසකුසලකම්මපථවසෙන උප්පජ්ජති; තස්මා ඉදම්පි චිත්තං තිවිධකම්මද්වාරවසෙන වා උප්පන්නං හොතු, ඡඵස්සද්වාරවසෙන වා, අට්ඨසංවරද්වාරවසෙන වා දසකුසලකම්මපථවසෙන වා. “කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති…පෙ… රූපාරම්මණං වා…පෙ… ධම්මාරම්මණං වා”ති වුත්තෙ සබ්බං වුත්තමෙව හොතීති.
මේ වනාහි වෙනස්ය. යම්සේ අකුසල කායකර්ම වචී කර්මයෝ මනෝ අසංවර ද්වාර වශයෙන් නූපදිත් ද මොව්හු එසේ නොවෙත්. මොව්හු වනාකි කායාංග වාචාංගයන් චලනය නොකොට ශික්ෂාපද ගන්නාහුගේ මනෝ සංවර ද්වාරයෙහි ද උපදිත්මය. එහි කාමාවචර කුශල සිත ත්‍රිවිධ කර්මද්වාර වශයෙන් උපදී. පංචවිඥානද්වාර වශයෙන් නූපදී. එය චක්ෂු ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදීග විඳිය යුතු සුඛ දුඃඛ අදුඃක්ඛමසුඛ යන මේ නමින් ෂට් ස්පර්ශද්වාර වශයෙන් උපදී. අෂ්ට අසංවරද්වාර වශයෙන් නූපදී. අෂ්ට සංවරද්වාර වශයෙන් උපදී. දශ අකුශල කර්මපථ වශයෙන් නූපදී. දශකුශල කර්මපථ වශයෙන් උපදී. එහෙයින් මේ සිත ද ත්‍රිවිධ කර්මද්වාර වශයෙන් හෝ උපන්නේ වෙයි. ෂට් ස්පර්ශද්වාර වශයෙන් හෝ අෂ්ට අසංවරද්වාර වශයෙන් හෝ දශකුශල කර්මපථ වශයෙන් හෝ (උපන්නේ වෙයි) ‘කාමාවචර කුශල සිත උපන්නේ වෙයි. -පෙ- රූපාරම්මණය හෝ -පෙ- ධර්මාරම්මණය හෝ’ යැයි කී කල්හි සියල්ල කියන ලද්දේම වෙයි.
ද්වාරකථා නිට්ඨිතා.
ද්වාර කථා නිමියේ ය.
යං යං වා පනාරබ්භාති එත්ථ අයං යොජනා – හෙට්ඨා වුත්තෙසු රූපාරම්මණාදීසු රූපාරම්මණං වා ආරබ්භ, ආරම්මණං කත්වාති අත්ථො. සද්දාරම්මණං වා…පෙ… ධම්මාරම්මණං වා ආරබ්භ උප්පන්නං හොති. එත්තාවතා එතස්ස චිත්තස්ස එතෙසු ආරම්මණෙසු යංකිඤ්චි එකමෙව ආරම්මණං අනුඤ්ඤාතසදිසං හොති. ඉදඤ්ච එකස්මිං සමයෙ එකස්ස වා පුග්ගලස්ස රූපාරම්මණං ආරබ්භ උප්පන්නං පුන අඤ්ඤස්මිං සමයෙ අඤ්ඤස්ස වා පුග්ගලස්ස සද්දාදීසුපි අඤ්ඤතරං ආරම්මණං ආරබ්භ උප්පජ්ජති එව. එවං උප්පජ්ජමානස්ස චස්ස එකස්මිං භවෙ පඨමං රූපාරම්මණං ආරබ්භ පවත්ති හොති, පච්ඡා සද්දාරම්මණන්ති අයම්පි කමො නත්ථි. රූපාදීසු චාපි පඨමං නීලාරම්මණං පච්ඡා පීතාරම්මණන්ති අයම්පි නියමො නත්ථි. ඉති ඉමං සබ්බාරම්මණතඤ්චෙව, කමාභාවඤ්ච, කමාභාවෙපි ච නීලපීතාදීසු නියමාභාවං දස්සෙතුං ‘යං යං වා පනාරබ්භා’ති ආහ. ඉදං වුත්තං හොති – ඉමෙසු රූපාදීසු න යංකිඤ්චි එකමෙව, අථ ඛො යං යං වා පනාරබ්භ උප්පන්නං හොති. එවං උප්පජ්ජමානම්පි ච ‘පඨමං රූපාරම්මණං පච්ඡා සද්දාරම්මණං ආරබ්භා’ති එවම්පි අනුප්පජ්ජිත්වා යං යං වා පනාරබ්භ උප්පන්නං හොති; ‘පටිලොමතො වා අනුලොමතො වා, එකන්තරිකද්වන්තරිකාදිනයෙන වා, රූපාරම්මණාදීසු යං වා තං වා ආරම්මණං කත්වා උප්පන්නං හොතී’ති අත්ථො. රූපාරම්මණෙසුපි ච ‘පඨමං නීලාරම්මණං පච්ඡා පීතාරම්මණ’න්ති ඉමිනාපි නියමෙන අනුප්පජ්ජිත්වා, යං යං වා පනාරබ්භ ‘නීලපීතකාදීසු රූපාරම්මණෙසු යං වා තං වා රූපාරම්මණං ආරබ්භ උප්පන්නං හොතී’ති අත්ථො. සද්දාරම්මණාදීසුපි එසෙව නයො. අයං තාව එකා යොජනා.
යං යංවා පන ආරබ්භ යන මෙහි මේ යෝජනාවයි යටකියන ලද රූපාරම්මණාදියෙහි රූපාරම්මණය හෝ අරබයා, අරමුණු කොට යන අර්ථයි. ශබ්දාරම්මණයක් හෝ -පෙ- ධර්මාරම්මණයක් හෝ අරබයා උපන්නේ වෙයි. මෙපමණකින් එක් සිතකට මේ ආරම්මණයන්හි යම්කිසි එකම අරමුණක් අනුදත් සමාන වෙයි. මෙය ද එක් අවස්ථාවෙක්හි එක් පුද්ගලයෙකුගේ හෝ රූපාරම්මණයක් අරබයා උපන්නේය. නැවත අන් සමයෙක්හි අන් පුද්ගලයෙකුගේ හෝ ශබ්දාදීන්හි එක්තරා අරමුණක් අරබයා උපදී. මෙපරිද්දෙන් උපදනා මොහුගේ එක් භවයෙක්හි පළමු, රූපාරම්මණය අරබයා පැවැත්ම වෙයි. පසුව ශබ්දාරම්මණය යැයි මෙය ද ක්‍රමයක් නැත. රූපාදීන්හි ද පළමුව නීලාරම්මණය පසුව පීතාරම්මණය යැයි මෙය ද නියමයක් නැත. මෙසේ මේ සියලු ආරම්මණයන්ගේ ද ක්රමභාවයත් ක්රමභාවයෙහි ද නීලපීතාදීන්හි නියම අභාවය දැක්වීමට යං යං වා පනාරබ්භ යැයි කී ය. මෙය (ද) කියන ලද්දේ වෙයි. මේ රූපාදියෙහි යම්කිසි එකක්ම නැත. ඉක්බිති යමක් යමක් අරබයා උපන්නේ වේ ද මෙසේ උපදනේ ද පළමුව රූපාරම්මණය පසුව ශබ්දාරම්මණය අරබයා යැයි මෙසේ ද නො ඉපිද යමක් යමක් හෝ අරබයා උපන්නේ වේ ද ප්‍රතිලෝම වශයෙන් හෝ අනුලෝම වශයෙන් එකක් හැර එකක් දෙකක් හැර එකක් ආදී නයින් හෝ රූපාරම්මණාදීන්හි යම් කිසිවක් අරමුණු කොට උපන්නේ වේ යනු අර්ථයි. රූපාරම්මණයෙහි ද පළමුව පළමුව නීලාරම්මණය පසුව පීතාරම්මණය යැයි යන මේ නියමයෙන් නො ඉපිද යමක් යමක් හෝ අරබයා නීලපීතාදී අරමුණුවල යම් ඒ රූපාරම්මණයක් අරබයා උපන්නේ වේ යනු අර්ථයි. ශබ්දාරම්මණාදියෙහි ද මේ නයමැයි. මේ වනාහි එක් යෝජනාවකි.
අයං පන අපරා – රූපං ආරම්මණං එතස්සාති රූපාරම්මණං…පෙ… ධම්මො ආරම්මණං එතස්සාති ධම්මාරම්මණං . ඉති රූපාරම්මණං වා…පෙ… ධම්මාරම්මණං වා චිත්තං උප්පන්නං හොතීති වත්වා පුන ‘යං යං වා පනාරබ්භා’ති ආහ. තස්සත්ථො – එතෙසු රූපාදීසු හෙට්ඨා වුත්තනයෙනෙව යං වා තං වා පන ආරබ්භ උප්පන්නං හොතීති. මහාඅට්ඨකථායං පන යෙවාපනකෙ අභිනවං නත්ථි, හෙට්ඨා ගහිතමෙව ගහිත’න්ති වත්වා ‘රූපං වා ආරබ්භ…පෙ… ධම්මං වා ආරබ්භ, ඉදං වා ඉදං වා ආරබ්භාති කථෙතුං ඉදං වුත්ත’න්ති එත්තකමෙව ආගතං.
මේ අනෙකකි. රූපය අරමුණ වූයේ මොහුට නුයි රූපාරම්මණයි. -පෙ- ධර්මය අරමුණ වූයේ මොහුටනුයි ධම්මාරම්මණයි. මෙසේ රූපාරම්මණ හෝ -පෙ- ධර්මාරම්මණ වූ හෝ සිතක් උපන්නේ වේයැයි කියා නැවත ‘යමක් යමක් හෝ අරබයා වනාහි’ යැයි කීය. එහි අර්ථය මේ රූපාදියෙහි යට කියන ලද නයින්ම යමක් යමක් අරබයා උපන්නේ වෙයි යනුයි. මහා අට්ඨකථාවෙහි යමක් යමක් හෝ වේ නම් වනාහි එය අභිනව නැත. යට ගන්නා ලද්දම ගන්නා ලදැයි කියා රූපය හෝ අරබයා -පෙ- ධර්මය හෝ අරබයා මෙය හෝ මෙය අරබයා යැයි කියන්නට මෙය කියන ලදැයි මෙපමණක්ම ආයේය.