යෙදුමෙන් කියවන්න

අකුසලකම‍්මපථකථා අට‍්ඨකථා

අකුසලකම‍්මපථකථා

අකුසලකම්මපථකථා

පාණාතිපාතො , අදින‍්නාදානං, කාමෙසුමිච‍්ඡාචාරො, මුසාවාදො, පිසුණවාචා, ඵරුසවාචා, සම‍්ඵප‍්පලාපො, අභිජ‍්ඣා, බ්‍යාපාදො, මිච‍්ඡාදිට‍්ඨීති ඉමෙ පන දස අකුසලකම‍්මපථා නාම.

ප්‍රාණඝාතය, අදින්නාදානය, කාමමිථ්‍යාචාරය, මුසාවාදය, කේළාම් කීම, පරුෂ වචන කීම, සම්පප්‍රලාපය, අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය යැයි මේ වනාහි දශ අකුශල කර්මපථයෝ නම් වෙත්.

තත්‍ථ පාණස‍්ස අතිපාතො පාණාතිපාතො නාම; පාණවධො, පාණඝාතොති වුත‍්තං හොති. පාණොති චෙත්‍ථ වොහාරතො සත‍්තො, පරමත්‍ථතො ජීවිතින්‍ද්‍රියං. තස‍්මිං පන පාණෙ පාණසඤ‍්ඤිනො ජීවිතින්‍ද්‍රියුපච‍්ඡෙදකඋපක‍්කමසමුට‍්ඨාපිකා කායවචීද‍්වාරානං අඤ‍්ඤතරද‍්වාරප‍්පවත‍්තා වධකචෙතනා පාණාතිපාතො. සො ගුණවිරහිතෙසු තිරච‍්ඡානගතාදීසු පාණෙසු ඛුද‍්දකෙ පාණෙ අප‍්පසාවජ‍්ජො, මහාසරීරෙ මහාසාවජ‍්ජො. කස‍්මා? පයොගමහන‍්තතාය. පයොගසමත‍්තෙපි වත්‍ථුමහන‍්තතාය. ගුණවන‍්තෙසු මනුස‍්සාදීසු අප‍්පගුණෙ අප‍්පසාවජ‍්ජො, මහාගුණෙ මහාසාවජ‍්ජො. සරීරගුණානං පන සමභාවෙ සති කිලෙසානං උපක‍්කමානඤ‍්ච මුදුතාය අප‍්පසාවජ‍්ජො, තිබ‍්බතාය මහාසාවජ‍්ජොති වෙදිතබ‍්බො.

එහි ප්‍රාණියකුගේ නැසීම පාණාතිපාත නමි. ප්‍රාණවධය ප්‍රාණඝාතයැයි කියන ලද්දේ වෙයි. මෙහි ප්‍රාණ යනු ව්‍යවහාර වශයෙන් සත්ත්වයායි. පරමාර්ථ වශයෙන් ජීවිතින්‍ද්‍රියයි. ඒ ප්‍රාණියා කෙරෙහි ප්‍රාණියෙක් යන හැඟීම ජීවිත්තේන්‍ද්‍රිය සිඳීම වූ උපක්‍රමයෙන් උපදවන ලද කායවාක් ද්වාරයන්ගෙන් එක්තරා ද්වාරයෙක පැවති වධක චේතනාව පාණාතිපාතයයි. එය ගුණවිරහිත තිරිසන්ගත ආදී ප්‍රාණින් අතුරෙහි කුඩා ප්‍රාණීන් කෙරෙහි අල්පසාවද්‍යයි. මහාප්‍රාණීන් කෙරෙහි මහාසාවද්‍යයයි. කවර හෙයින් ද? ප්‍රයෝගය මහත් බැවිනි. ප්‍රයෝගය සමවුව ද වස්තු මහත් බැවිනි. ගුණවත් මනුෂ්‍යාදීන් අතුරෙහි අල්පගුණ ඇති ප්‍රාණින් විෂයෙහි අල්පසාවද්‍යය. මහාගුණ ඇති ප්‍රාණීන් විෂයෙහි මහාසාවද්‍යයි. ශරිර ගුණයන්ගේ ස්වභාවය ඇති කල්හි වනාහි ක්ලේශයන්ගේ හා උපක්‍රමයන්ගේ මෘදු බැවින් අල්පසාවද්‍යයි. තීව්‍ර බව ඇති කල්හි මහා සාවද්‍යයැයි දතයුතුයි.

තස‍්ස පඤ‍්ච සම‍්භාරා හොන‍්ති – පාණො, පාණසඤ‍්ඤිතා, වධකචිත‍්තං, උපක‍්කමො, තෙන මරණන‍්ති. ඡ පයොගා – සාහත්‍ථිකො, ආණත‍්තිකො, නිස‍්සග‍්ගියො, ථාවරො, විජ‍්ජාමයො, ඉද‍්ධිමයොති. ඉමස‍්මිං පනත්‍ථෙ විත්‍ථාරියමානෙ අතිපපඤ‍්චො හොති. තස‍්මා තං න විත්‍ථාරයාම. අඤ‍්ඤඤ‍්ච එවරූපං අත්‍ථිකෙහි පන සමන‍්තපාසාදිකං විනයට‍්ඨකථං (පාරා· අට‍්ඨ· 2.172) ඔලොකෙත්‍වා ගහෙතබ‍්බං.

එයට වනාහි ප්‍රාණියකු වීම ප්‍රාණියෙක යන හැඟීම වධක සිත උපක්‍රමය ඒ උපක්‍රමයෙන් මරණය (සිදුවීම) යැයි කරුණු පසෙක් වෙයි. සාහත්‍ථික (සියතින් මරණය සිදුකිරිම) ය, ආණක්තක (අණ කිරිමෙන් මරණය සිදුකිරිම) ය, නිස්සග්ගිය (ඉබේ මැරෙන්නට ඉඩ හැරිම) ස්ථාවරය, විද්‍යාමය, ඍද්ධිමය යැයි ප්‍රයෝග සයෙකි. මෙහිදී මෙය විස්තර කිරීම වනාහි අතිශයින් ප්‍රමාදයක් වෙයි. එහෙයින් එය විස්තර නො කරමු. මෙවැනි වෙනත් (විස්තර) ද අවශ්‍ය අය විසින් සමන්තපාසාදිකා නම් විනය අටුවාව බලාගත යුතුයි.

අදින‍්නස‍්ස ආදානං ‘අදින‍්නාදානං’; පරස‍්සහරණං, ථෙය්‍යං, චොරිකාති වුත‍්තං හොති. තත්‍ථ අදින‍්නන‍්ති පරපරිග‍්ගහිතං, යත්‍ථ පරො යථාකාමකාරිතං ආපජ‍්ජන‍්තො අදණ‍්ඩාරහො අනුපවජ‍්ජො ච හොති. තස‍්මිං පරපරිග‍්ගහිතෙ පරපරිග‍්ගහිතසඤ‍්ඤිනො තදාදායකඋපක‍්කමසමුට‍්ඨාපිකා ථෙය්‍යචෙතනා අදින‍්නාදානං. තං හීනෙ පරසන‍්තකෙ අප‍්පසාවජ‍්ජං, පණීතෙ මහාසාවජ‍්ජං. කස‍්මා? වත්‍ථුපණීතතාය. වත්‍ථුසමත‍්තෙ සති ගුණාධිකානං සන‍්තකෙ වත්‍ථුස‍්මිං මහාසාවජ‍්ජං. තංතංගුණාධිකං උපාදාය තතො තතො හීනගුණස‍්ස සන‍්තකෙ වත්‍ථුස‍්මිං අප‍්පසාවජ‍්ජං.

නුදුන් දෙය ගැනීම අදින්නාදානයයි. අනුන්ගේ දෙය පැහැර ගැනීම සොරකම චෝරිකාව (සොරකම) යැයි කියන ලද්දේ වෙයි. එහි අදින්න යනු අනුන් විසින් අයිති කරගත් දෙයයි. යම් වස්තුවෙක්හි අන්‍යයා කැමති සේ ක්‍රියා කළහැකි තත්ත්වයට පැමිණෙනුයේ අදණ්ඩාරහව (දඬුවමට නුසුදුසුව) නිදොස් වූයේ ද වෙයිද, අනුන් අයත් ඒ වස්තුවෙහි වනාහි අනුන් අයත්ය යන සංඥාව ඇතිව එය ගැනීමේ උපක්‍රමයෙන් උපදවන ලද සොර චේතනාව අදින්නාදානයයි. එය හීන වූ පරසන්තක වස්තුවෙහි අල්පසාවද්‍යය, උසස් වූ වස්තුවෙහි මහාසාවද්‍යයය, කවර හෙයින් ද? වස්තුවේ උසස් බව නිසාය. වස්තුව සමව ඇති කල්හි ගුණාධිකයන් සතු වස්තුවෙහි මහාසාවද්‍ය වේ. ඒ ඒ ගුණාධිකයන් ගෙන එයින් හීනගුණ ඇතියා සතු වස්තුවෙහි අල්පසාවද්‍ය වේ.

තස‍්ස පඤ‍්ච සම‍්භාරා හොන‍්ති – පරපරිග‍්ගහිතං, පරපරිග‍්ගහිතසඤ‍්ඤිතා, ථෙය්‍යචිත‍්තං, උපක‍්කමො , තෙන හරණන‍්ති. ඡ පයොගා – සාහත්‍ථිකාදයොව. තෙ ච ඛො යථානුරූපං ථෙය්‍යාවහාරො, පසය‍්හාවහාරො, පටිච‍්ඡන‍්නාවහාරො, පරිකප‍්පාවහාරො, කුසාවහාරොති ඉමෙසං පඤ‍්චන‍්නං අවහාරානං වසෙන පවත‍්තන‍්ති. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරො පන සමන‍්තපාසාදිකායං (පාරා· අට‍්ඨ· 1.138) වුත‍්තො.

අන්‍යයා අයත් වස්තුවක් වීම අන්‍යයා අයත් වස්තුවක්ය යන හැඟීම සොරසිත උපක්‍රමය එයින් පැහැරගැනීම යැයි එයට කරුණු පසෙකි. සාහත්‍ථිකාදී ප්‍රයෝග ද සයෙකි. ඔහු ද වනාහි පිළිවෙළින් ථෙය්‍යාවහාරය පසය්යාවහාරය යැයි මේ පංච අවහාරයන්ගේ වශයෙන් පවතිත්. මේ මෙහි සංක්‍ෂේපයයි. විස්තරය වනාහි සමන්තපාසාදිකාවෙහි කියන ලදී.

‘කාමෙසු මිච‍්ඡාචාරො’ති එත්‍ථ පන ‘කාමෙසූ’ති මෙථුනසමාචාරෙසු; ‘මිච‍්ඡාචාරො’ති එකන‍්තනින්‍දිතො ලාමකාචාරො. ලක‍්ඛණතො පන අසද‍්ධම‍්මාධිප‍්පායෙන කායද‍්වාරප‍්පවත‍්තා අගමනීයට‍්ඨානවීතික‍්කමචෙතනා කාමෙසුමිච‍්ඡාචාරො.

කාමේසු මිච්ඡාචාරො යන මෙකී වනාහි කාමේසු යනු මෛථුන හැසිරිම්වලය. මිච්ඡාචාර යනු ඒකාන්තයෙන් නින්දිත ලාමක හැසිරීමයි. ලක්‍ෂණ වශයෙන් වනාහි අසද්ධර්ම අදහසින් කායද්වාරයෙහි පවත්නා නොයා යුතු තැන් ඉක්මවීමේ චේතනාව කාම මිථ්‍යාචාරයයි.

තත්‍ථ අගමනීයට‍්ඨානං නාම – පුරිසානං තාව මාතුරක‍්ඛිතා, පිතුරක‍්ඛිතා, මාතාපිතුරක‍්ඛිතා, භාතුරක‍්ඛිතා, භගිනිරක‍්ඛිතා, ඤාතිරක‍්ඛිතා, ගොත‍්තරක‍්ඛිතා, ධම‍්මරක‍්ඛිතා, සාරක‍්ඛා, සපරිදණ‍්ඩාති මාතුරක‍්ඛිතාදයො දස; ධනක‍්කීතා, ඡන්‍දවාසිනී, භොගවාසිනී, පටවාසිනී, ඔදපත‍්තකිනී, ඔභටචුම‍්බටා, දාසී ච භරියා, කම‍්මකාරී ච භරියා, ධජාහටා, මුහුත‍්තිකාති එතා ධනක‍්කීතාදයො දසාති වීසති ඉත්‍ථියො. ඉත්‍ථීසු පන ද‍්වින‍්නං සාරක‍්ඛසපරිදණ‍්ඩානං, දසන‍්නඤ‍්ච ධනක‍්කීතාදීනන‍්ති ද‍්වාදසන‍්නං ඉත්‍ථීනං අඤ‍්ඤෙ පුරිසා ඉදං අගමනීයට‍්ඨානං නාම.

මෙහි නොයා යුතු තැන් නම් පුරුෂයින්ට වනාහි මව විසින් රකිනු ලබන ස්ත්‍රිය, පියා විසින් රකිනු ලබන ස්ත්‍රිය, මව හා පියා විසින් රකිනු ලබන ස්ත්‍රිය, සහෝදරයා විසින් රකිනු ලබන ස්ත්‍රිය, සහෝදරිය විසින් රකිනු ලබන ස්ත්‍රිය, ඥාතීන් විසින් රකිනු ලබන ස්ත්‍රිය, ගෝත්‍රිකයන් විසින් රකිනු ලබන ස්ත්‍රිය, ධර්මයෙන් රකිනු ලබන ස්ත්‍රිය, ආරක්‍ෂා සහිත ස්ත්‍රිය සපරිදණ්ඩ ස්ත්‍රිය යැයි මාතුරක්ඛිතා ආදි දසදෙනාය. ධනක්කීත ඡන්‍දවායිනී භොගවාසිනී පටවාසිනී ඕදපත්තකිනී ඕහට චුම්බටය, දාසි භාර්යාවය, කම්කරු භාර්යාවය, ඔජාහටය, මුහුක්ති කාය යන මේ ධනක්කීතාදි දසදෙනාය යන විසිවැදෑරුම් ස්ත්‍රීහුය. ස්ත්‍රීන් අතුරෙහි වනාහි සාරක්ඛ සපරිදණ්ඩ යන දෙදෙනාට ද ධනක්කීතාදි දසදෙනාටය යන දොළොස්දෙනාට මේ අන්‍ය පුරුෂයන්ට නොයා යුතු තැන් නමි.

සො පනෙස මිච‍්ඡාචාරො සීලාදිගුණරහිතෙ අගමනීයට‍්ඨානෙ අප‍්පසාවජ‍්ජො, සීලාදිගුණසම‍්පන‍්නෙ මහාසාවජ‍්ජො. තස‍්ස චත‍්තාරො සම‍්භාරා – අගමනීයවත්‍ථු, තස‍්මිං සෙවනචිත‍්තං, සෙවනප‍්පයොගො, මග‍්ගෙනමග‍්ගප‍්පටිපත‍්තිඅධිවාසනන‍්ති. එකො පයොගො සාහත්‍ථිකො එව.

ඒ මිථ්‍යාචාර්ය වනාහි සීලාදී ගුණරහිත නොයා යුතු තැන්හි අල්ප සාවද්‍යය, සීලාදි ගුණ සම්පන්න අය කෙරෙහි මහා සාවද්‍යය. නොයා යුතු වස්තුවය. එය සේවනය කිරීමේ සිතය. සේවනය පිළිබඳ ප්‍රයෝගය, මාර්ගයෙන් මාර්ගය පැමිණවීම ඉවසීම යැයි එහි කරුණු සතරකි. එක් ප්‍රයෝගයක් සාහත්‍ථිකමය.

‘මුසා’ති විසංවාදනපුරෙක‍්ඛාරස‍්ස අත්‍ථභඤ‍්ජකො වචීපයොගො, කායපයොගො වා. විසංවාදනාධිප‍්පායෙන පනස‍්ස පරවිසංවාදකකායවචීපයොගසමුට‍්ඨාපිකා චෙතනා මුසාවාදො. අපරො නයො – ‘මුසා’ති අභූතං අතච‍්ඡං වත්‍ථු. ‘වාදො’ති තස‍්ස භූතතො තච‍්ඡතො විඤ‍්ඤාපනං. ලක‍්ඛණතො පන අතථං වත්‍ථුං තථතො පරං විඤ‍්ඤාපෙතුකාමස‍්ස තථාවිඤ‍්ඤත‍්තිසමුට‍්ඨාපිකා චෙතනා මුසාවාදො. සො යමත්‍ථං භඤ‍්ජති තස‍්ස අප‍්පතාය අප‍්පසාවජ‍්ජො, මහන‍්තතාය මහාසාවජ‍්ජො. අපිච ගහට‍්ඨානං අත‍්තනො සන‍්තකං අදාතුකාමතාය ‘නත්‍ථී’තිආදිනයප‍්පවත‍්තො අප‍්පසාවජ‍්ජො. සක‍්ඛිනා හුත්‍වා අත්‍ථභඤ‍්ජනත්‍ථං වුත‍්තො මහාසාවජ‍්ජො. පබ‍්බජිතානං අප‍්පකම‍්පි තෙලං වා සප‍්පිං වා ලභිත්‍වා හසාධිප‍්පායෙන ‘අජ‍්ජ ගාමෙ තෙලං නදී මඤ‍්ඤෙ සන්‍දතී’ති පූරණකථානයෙන පවත‍්තො අප‍්පසාවජ‍්ජො. අදිට‍්ඨංයෙව පන දිට‍්ඨන‍්තිආදිනා නයෙන වදන‍්තානං මහාසාවජ‍්ජො.

මුසා යනු බොරුකීම පෙරදැරිකොට ගත්තහුගේ ඇති දෙය නැතිකරන වාක් ප්‍රයෝගය හෝ කාය ප්‍රයෝගයයි. බොරු කීමේ අදහසින් එකිනෙකාට බොරු කියන කාය වාක් ප්‍රයෝගයෙන් උපන් චේතනාව මුසාවාදයයි. තවත් නයකි. මුසා යනු නොවූ අසත්‍ය වස්තුවකි. වාද යනු එය සිදුවූවක් ලෙසින් සත්‍ය ලෙසින් හැඟවීමයි. ලක්‍ෂණ වශයෙන් වනාහි අසත්‍ය වස්තුවක් සත්‍ය වශයෙන් අන්‍යයාට ඇඟවීමට කැමැත්තහුගේ එසේ ඇඟවීමේ දී උපන් චේතනාව මුසාවාදයයි. එය යම් අර්ථයක් විනාශ කරයි ද, එහි අල්ප බව අනුව අල්පසාවද්‍ය වෙයි. මහත්බව අනුව මහාසාවද වෙයි. තවද ගිහියන්ට තමන් සතු දෙය නො දෙනු කැමැත්තෙන් නැතැයි ආදී නයින් පැවතියේ අල්පසාවද්‍යය. සාක්‍ෂිව සිට අර්ථ විනාශය පිණිස කියන ලද්දේ මහා සාවද්‍යයි. පැවිද්දන්ට ස්වල්ප වූ හෝ තෙලක් හෝ ගිතෙල් හෝ ලැබ සිනා අදහසින් අද ගමේ තෙල් ගඟක් ගලන්නාක් මෙනැයි සිතේයැයි පුරාණ කථා නයින් පැවතියේ අල්පසාවද්‍යයි. නුදුටු දෙයක්ම වනාහි දක්නා ලද්දේය යන ආදී නයින් කියන්නවුන්ට මහා සාවද්‍යයි.

තස‍්ස චත‍්තාරො සම‍්භාරා හොන‍්ති – අතථං වත්‍ථු, විසංවාදනචිත‍්තං, තජ‍්ජො වායාමො, පරස‍්ස තදත්‍ථවිජානනන‍්ති. එකො පයොගො – සාහත්‍ථිකොව. සො ච කායෙන වා කායප‍්පටිබද‍්ධෙන වා වාචාය වා පරවිසංවාදකකිරියාකරණෙ දට‍්ඨබ‍්බො. තාය චෙ කිරියාය පරො තමත්‍ථං ජානාති, අයං කිරියසමුට‍්ඨාපිකචෙතනාක‍්ඛණෙයෙව මුසාවාදකම‍්මුනා බජ‍්ඣති. යස‍්මා පන යථා කායකායප‍්පටිබද‍්ධවාචාහි පරං විසංවාදෙති, තථා ඉමස‍්ස ‘ඉමං භණාහී’ති ආණාපෙන‍්තොපි, පණ‍්ණං ලිඛිත්‍වා පුරතො නිස‍්සජ‍්ජන‍්තොපි, ‘අයමත්‍ථො එවං දට‍්ඨබ‍්බො’ති කුට‍්ටාදීසු ලිඛිත්‍වා ඨපෙන‍්තොපි; තස‍්මා එත්‍ථ ආණත‍්තිකනිස‍්සග‍්ගියථාවරාපි පයොගා යුජ‍්ජන‍්ති. අට‍්ඨකථාසු පන අනාගතත‍්තා වීමංසිත්‍වා ගහෙතබ‍්බා.

එයට කරුණු සතරක් වෙයි. බොරු වස්තුවක් වීම, බොරු කීමේ සිත එයින් උපන් ව්‍යායාමය, අන්‍යයා ඒ අර්ථය ගැනීම යනුවෙනි. එක් ප්‍රයෝගයක් සාහත්‍ථිකමය. එය කයින් හෝ කය පිළිබඳ වචනයෙන් හෝ අන්‍යයා විසංවාදන ක්‍රියාවක් කිරීමෙහි දතයුතුයි. ඉදින් ඒ ක්‍රියාවෙන් අන්‍යයා ඒ කාරණය දනී ද මෙය ක්‍රියාවෙන් උපදවන ලද චේතනා ක්‍ෂණයෙහිම මුසාවාද ක්‍රියාව හා බැදේ. යම්හෙයකින් වනාහි එසේ කය පිළිබඳ වචනයෙන් අන්‍යයාට බොරු කියයි ද, එසේම මොහුට මෙසේ කියවයි. අණ කරන්නේ ද පනත් ලියා ඉදිරියෙහි තබන්නේ ද මේ අර්ථය මෙසේ දතයුතුයැයි බිත්ති ආදියෙහි තබන්නේ ද (මෙසේමය.) එහෙයින් මෙහි ඇණවීම නිස්සග්ගිය. (තබා යාම) ස්ථාවර යන ප්‍රයෝග ද යෙදේ. අර්ථකථාවන්හි නො පැමිණි හෙයින් (විමසා) ගතයුතුයි.

‘පිසුණවාචා’තිආදීසු යාය වාචාය යස‍්ස තං වාචං භාසති තස‍්ස හදයෙ අත‍්තනො පියභාවං පරස‍්ස ච සුඤ‍්ඤභාවං කරොති, සා පිසුණවාචා. යාය පන අත‍්තානම‍්පි පරම‍්පි ඵරුසං කරොති, යා වාචා සයම‍්පි ඵරුසා නෙව කණ‍්ණසුඛා, න හදයඞ‍්ගමා, අයං ‘ඵරුසවාචා’. යෙන සම‍්ඵං පලපති, නිරත්‍ථකං, සො ‘සම‍්ඵප‍්පලාපො’. තෙසං මූලභූතා චෙතනාපි පිසුණවාචාදිනාමමෙව ලභති. සා එව ච ඉධ අධිප‍්පෙතාති.

පිසුණාවාචා යන ආදියෙහි යම් වචනයකින් යමෙකුට ඒ වචනය කියයි ද, ඔහුගේ හෘදයෙහි තමාට ප්‍රියභාවයත් අන්‍යයාට ප්‍රිය ශුන්‍යභාවයත් කෙරෙයි ද එය පිසුණාවාචාවයි. යම් වචනයකින් තමාත් අන්‍යයාත් ඵරුෂ (රළු) කෙරේ ද, යම් වචනයක් තමාත් එරුෂ ද කනට සැප නොවේ ද හෘදයංගම නොවේ ද මේ ඵරුසාවාචා නමි. යමෙකු විසින් යම්හෙයකින් නිරර්ථක හිස් වචනයක් කියයි ද, එය සම්පප්ඵලාපයයි. ඒවා මුල් වූ චේතනාවක් වේ ද එය ද පිසුනාවාචාදී නාමයම ලබයි. මෙහි දී ද එයම අභිප්‍රේතයි යනුයි.

තත්‍ථ සංකිලිට‍්ඨචිත‍්තස‍්ස පරෙසං වා භෙදාය අත‍්තනො පියකම්‍යතාය වා කායවචීපයොගසමුට‍්ඨාපිකා චෙතනා පිසුණවාචා නාම. සා යස‍්ස භෙදං කරොති තස‍්ස අප‍්පගුණතාය අප‍්පසාවජ‍්ජා, මහාගුණතාය මහාසාවජ‍්ජා.

එහි කිලිටි වූ සිත් ඇත්තහුගේ අනුන් බිඳවීම පිණිස හෝ තමාගේ ප්‍රියබව කැමැත්තෙන් හෝ කායවාක් ප්‍රයෝගයෙන් උපදවන ලද චේතනාව පිපුණාවාචාය. එය යමෙකු භේද කරයි ද ඔහුගේ අල්පගුණ බැවින් අල්ප සාවද්‍යය. මහත්ගුණ බැවින් මහාසාවද්‍යය.

තස‍්සා චත‍්තාරො සම‍්භාරා – ‘භින්‍දිතබ‍්බො පරො’ ඉති ‘ඉමෙ නානා භවිස‍්ස’න‍්ති විනා භවිස‍්සන‍්තීති භෙදපුරෙක‍්ඛාරතා වා, ‘ඉති අහං පියො භවිස‍්සාමි විස‍්සාසිකො’ති පියකම්‍යතා වා, තජ‍්ජො වායාමො, තස‍්ස තදත්‍ථවිජානනන‍්ති . පරෙ පන අභින‍්නෙ කම‍්මපථභෙදො නත්‍ථි, භින‍්නෙ එව හොති.

අන්‍යයා බිඳිය යුතුය. මෙසේ මොව්හු නානත්වයට පැමිණෙත්. (වෙන්වීමට පැමිණෙත්) යැයි බිඳවීම පෙරදැරි කරගත් බව මෙසේ මම ප්‍රිය වෙමි. විශ්වාස වෙමියි ප්‍රියයෙකු වීමේ කැමති බව එයින් උපන් උත්සාහය ඒ බව දැනගැනීම යැයි එයට කරුණු සතරකි. අන්‍යයා නො බිඳුණු කල්හි වනාහි කර්මපථ භේදයක් නැත. බිඳුණු කල්හිම (කර්මපථ භේදය) වෙයි.

පරස‍්ස මම‍්මච‍්ඡෙදකකායවචීපයොගසමුට‍්ඨාපිකා එකන‍්තඵරුසචෙතනා ‘ඵරුසවාචා’. තස‍්සා ආවිභාවත්‍ථමිදං වත්‍ථු – එකො කිර දාරකො මාතු වචනං අනාදියිත්‍වා අරඤ‍්ඤං ගච‍්ඡති. තං මාතා නිවත‍්තෙතුං අසක‍්කොන‍්තී ‘චණ‍්ඩා තං මහිංසී අනුබන්‍ධතූ’ති අක‍්කොසි. අථස‍්ස තථෙව අරඤ‍්ඤෙ මහිංසී උට‍්ඨාසි. දාරකො ‘යං මම මාතා මුඛෙන කථෙසි තං මා හොතු, යං චිත‍්තෙන චින‍්තෙසි තං හොතූ’ති සච‍්චකිරියං අකාසි. මහිංසී තත්‍ථෙව බද‍්ධා විය අට‍්ඨාසි. එවං මම‍්මච‍්ඡෙදකොපි පයොගො චිත‍්තසණ‍්හතාය ඵරුසවාචා න හොති. මාතාපිතරො හි කදාචි පුත‍්තකෙ එවම‍්පි වදන‍්ති – ‘චොරා වො ඛණ‍්ඩාඛණ‍්ඩිකං කරොන‍්තූ’ති, උප‍්පලපත‍්තම‍්පි ච නෙසං උපරි පතන‍්තං න ඉච‍්ඡන‍්ති. ආචරියුපජ‍්ඣායා ච කදාචි නිස‍්සිතකෙ එවං වදන‍්ති – ‘කිං ඉමෙ අහිරිකා අනොත‍්තප‍්පිනො චරන‍්ති, නිද‍්ධමථ නෙ’ති; අථ ච නෙසං ආගමාධිගමසම‍්පත‍්තිං ඉච‍්ඡන‍්ති. යථා ච චිත‍්තසණ‍්හතාය ඵරුසවාචා න හොති, එවං වචනසණ‍්හතාය අඵරුසවාචාපි න හොති. න හි මාරාපෙතුකාමස‍්ස ‘ඉමං සුඛං සයාපෙථා’ති වචනං අඵරුසවාචා හොති. චිත‍්තඵරුසතාය පනෙසා ඵරුසවාචාව. සා යං සන්‍ධාය පවත‍්තිතා තස‍්ස අප‍්පගුණතාය අප‍්පසාවජ‍්ජා, මහාගුණතාය මහාසාවජ‍්ජා. තස‍්සා තයො සම‍්භාරා – අක‍්කොසිතබ‍්බො පරො, කුපිතචිත‍්තං, අක‍්කොසනන‍්ති.

අන්‍යයාගේ ධර්මස්ථාන සිඳින්නාක් වැනි ඉතා නපුරු) කායවාක් ප්‍රයෝගයෙන් උපදවන ලද ඒකාන්තයෙන් පරුෂ වූ චේතනාව ඵරුෂාවාචාවයි. එය ප්‍රකට කිරීම පිණිස මේ වස්තුවකි. එක් දරුවෙක් වනාහි මවගේ වචනය නො පිළිගෙන වනයට යයි. ඔහු නැවැත්විය නොහැකි වූ මව කුළු මීදෙනක් හා ලුහුබඳීවායි ආක්‍රෝෂ කළාය. ඉක්බිති ඔහුට එසේම මීදෙනක් මතුවිය. (හමුවිය) දරුවා මගේ මව යමක් විසින් කීවා ද එය නොවේවා. යමක් සිතින් සිතී ද එය වේවායි සත්‍යක්‍රියා කළේය. මීදෙන එහිම බඳනා ලද්දක මෙන් සිටියාය. මෙසේ ධර්මච්ඡේදක ප්‍රයෝගයක් පවා සිතේ මෘදුබැවින් ඵරුෂ වචන නොවෙයි. මව්පියෝ ඇතැම් විටෙක දරුවන්ට මෙසේ ද කියත්. සොරු තොප කැබලි කැබලි කරත්වා යනුයි. (එසේ නමුදු), ඔවුන් මත නෙළුම් පෙත්තකුදු වැටෙනු නො කැමති වෙත්. ආචාර්ය උපාධ්‍යායවරු ද කිසිවිටෙක ඇසුරු කරන්නවුන්ට (අතවැසියන්ට) මෙසේ කියත්, කිම මොව්හු නිර්ලජ්ජීහු ය. පවට බිය නැත්තෝය. මොවුන් බැහැර කරව යැයි කියත්. එසේ නමුදු ඔවුන්ගේ ආගමාධිගම සම්පත්තිය කැමති වෙත්. යම්සේ සිතේ මෘදුබැවින් ඵරුෂ වචනය සිදු නොවේ ද? එසේ වචනයේ මෘදු බැවින් අඵරුෂ වචනය ද නොවේ. මරවනු කැමැත්තහුට මොහු සුවසේ සයනය කරවයි යන වචනය අඵරුෂ වචනයක් නොවේ. සිතේ රළු බැවින් මෙය වනාහි ඵරුෂවචනමය. එය යමක් සඳහා පවතී ද එය ඒ පිළිබඳ අල්පගුණතාවෙන් අල්පසාවද්‍ය වේ. මහත් ගුණතාව අනුව මහාසාවද්‍ය වේ. අන්‍යයා ආක්‍රෝෂ කළයුතු බව කිපුණු සිත ආක්‍රෝෂ කිරීම යැයි එයට කරුණු තුනකි.

අනත්‍ථවිඤ‍්ඤාපිකා කායවචීපයොගසමුට‍්ඨාපිකා අකුසලචෙතනා ‘සම‍්ඵප‍්පලාපො’. සො ආසෙවනමන්‍දතාය අප‍්පසාවජ‍්ජො. ආසෙවනමහන‍්තතාය මහාසාවජ‍්ජො. තස‍්ස ද‍්වෙ සම‍්භාරා – භාරතයුද‍්ධසීතාහරණාදිනිරත්‍ථකකථාපුරෙක‍්ඛාරතා, තථාරූපීකථාකථනඤ‍්චාති. පරෙ පන තං කථං අගණ‍්හන‍්තෙ කම‍්මපථභෙදො නත්‍ථි, පරෙන සම‍්ඵප‍්පලාපෙ ගහිතෙයෙව හොති.

අනර්ථයක් අඟවන කායවාක් ප්‍රයෝගයන්ගෙන් උපන් අකුශල චේතනාව සම්පප්‍රලාපයයි, එය භාවිතයේ මද බැවින් අල්පසාවද්‍යය, භාවිතයේ මහත් බැවින් මහා සාවද්‍යය, භාරත යුද්ධය, සීතාහරණය ආදී නිරර්ථක කථා පෙරදැරි කරගත් බව එවැනි කථා කීමයැයි මෙයට කරුණු දෙකකි. අන්‍යයන් එම කථාව නො පිළිගන්නා කල්හි කර්මපථ භේදයක් නැත. අන්‍යයා විසින් සම්පප්‍රලාපය ගත් කල්හිම (කර්මපථ භේද) වේ.

අභිජ‍්ඣායතීති ‘අභිජ‍්ඣා’. පරභණ‍්ඩාභිමුඛී හුත්‍වා තන‍්නින‍්නතාය පවත‍්තතීති අත්‍ථො. සා ‘අහො තව ඉදං මමස‍්සා’ති එවං පරභණ‍්ඩාභිජ‍්ඣායනලක‍්ඛණා. අදින‍්නාදානං විය අප‍්පසාවජ‍්ජා මහාසාවජ‍්ජා ච. තස‍්සා ද‍්වෙ සම‍්භාරා – පරභණ‍්ඩං, අත‍්තනො පරිණාමනඤ‍්චාති. පරභණ‍්ඩවත්‍ථුකෙ හි ලොභෙ උප‍්පන‍්නෙපි න තාව කම‍්මපථභෙදො හොති යාව න ‘අහො වත ඉදං මමස‍්සා’ති අත‍්තනො පරිණාමෙති.

දැඩිලෙස ආශා කෙරේනුයි අභිජ්ඣාවයි. පරභණ්ඩාභිමුඛව එයට නැඹුරුව පවතී යන අර්ථයි. එය මෙය මාගේ වන්නේ නම් ඉතා යෙහෙකැයි අන්‍යයාගේ භාණ්ඩය කෙරෙහි දැඩි ලෙස ආශා කරන ලක්‍ෂණ ඇත්තේ ය. අදින්නාදානය මෙන් අල්පසාවද්‍ය ද මහාසාවද්‍ය ද වෙයි. එයට කරුණු දෙකකි. පරභාණ්ඩයක් වීම හා තමාට අයත්කර ගැනීම යනුයි. පර භාණ්ඩයක් වූ වස්තුවෙහි ලෝභය උපන් කල්හි ද මෙය මාගේ වන්නේ නම් ඉතා යෙහෙකැයි යන්න යම්තාක් තමාට අයත් නොවේ ද ඒ තාක් කර්මපථ භේදය නොවෙයි.

හිතසුඛං බ්‍යාපාදයතීති ‘බ්‍යාපාදො’. සො පරවිනාසාය මනොපදොසලක‍්ඛණො. ඵරුසවාචා විය අප‍්පසාවජ‍්ජො මහාසාවජ‍්ජො ච. තස‍්ස ද‍්වෙ සම‍්භාරා – පරසත‍්තො ච, තස‍්ස ච විනාසචින‍්තාති. පරසත‍්තවත්‍ථුකෙ හි කොධෙ උප‍්පන‍්නෙපි න තාව කම‍්මපථභෙදො හොති යාව ‘අහො වතායං උච‍්ඡිජ‍්ජෙය්‍ය විනස‍්සෙය්‍යා’ති තස‍්ස විනාසනං න චින‍්තෙසි.

හිත සුවයට බාධා කෙරේනුයි ව්‍යාපාදයයි. එය අන්‍යයා විනාශ කිරිම පිණිස සිත දූෂණය කරන ලක්‍ෂණ ඇත්තේ ය, ඵරුෂ වචනය මෙන් අල්පසාවද්‍ය හා මහාසාවද්‍ය ඇත්තේ ය. පර සතකු වීම ඔහු විනාශ කිරිමේ සිත ද යනුවෙන් එයට කරුණු දෙකකි. පර සතකු වූ වස්තුවෙහි ක්‍රෝධය උපන්න ද යම්තාක් මොහු සිඳෙන්නේ නම් විනාශ වන්නේ නම් ඉතා යෙහෙකැයි ඔහුන්ගේ විනාශය නො සිතයි ද, එතෙක් කර්මපථ භේදය නොවෙයි.

යථාභුච‍්චගහණාභාවෙන මිච‍්ඡා පස‍්සතීති ‘මිච‍්ඡාදිට‍්ඨි’. සා ‘නත්‍ථි දින‍්න’න‍්තිආදිනා නයෙන විපරීතදස‍්සනලක‍්ඛණා. සම‍්ඵප‍්පලාපො විය අප‍්පසාවජ‍්ජා මහාසාවජ‍්ජා ච. අපිච අනියතා අප‍්පසාවජ‍්ජා, නියතා මහාසාවජ‍්ජා. තස‍්සා ද‍්වෙ සම‍්භාරා – වත්‍ථුනො ච ගහිතාකාරවිපරීතතා, යථා ච තං ගණ‍්හාති තථාභාවෙන තස‍්සුපට‍්ඨානන‍්ති. තත්‍ථ නත්‍ථිකාහෙතුකඅකිරියදිට‍්ඨීහි එව කම‍්මපථභෙදො හොති, න අඤ‍්ඤදිට‍්ඨීහි.

සත්‍ය වශයෙන් ගනිමින් මිත්‍යාව දකීනුයි මිථ්‍යාදෘෂ්ටියයි. එය දෙන ලද්දෙහි විපාක නැත ආදී නයින් විපරීත දර්ශන ලක්‍ෂණ කොට ඇත්තේය. සම්පප්‍රලාපය මෙන් අල්පසාවද්‍ය හෝ මහාසාවද්‍ය වන්නේ ය, තවද අල්පසාවද්‍යය අනියතය. මහාසාවද්‍ය නියතය. වස්තුව ගන්නා ලද ආකාරයේ විපරීත බව, යම් ආකාරයකින් එය ගනීනම් එය සත්‍ය ලෙස වැටහීම යැයි එයට කාරණා දෙකකි. එහි නාස්තික අහේතුක ආතතිය යන දෘෂ්ටීන්ගෙන්ම කර්මපථ භේදය වෙයි. අන්‍ය දෘෂ්ටීන්ගෙන් නොවේ.

ඉමෙසං පන දසන‍්නං අකුසලකම‍්මපථානං ධම‍්මතො කොට‍්ඨාසතො ආරම‍්මණතො වෙදනාතො මූලතො චාති පඤ‍්චහාකාරෙහි විනිච‍්ඡයො වෙදිතබ‍්බො –

මේ දශ අකුශල කර්මපථයන්ගේ විනිශ්චය වනාහි ධර්ම වශයෙන් කොට්ඨාශ වශයෙන් අරමුණු වශයෙන් වේදනා වශයෙන් මූල වශයෙන් යැයි පස් අයුරකින් දතයුතුයි.

තත්‍ථ ‘ධම‍්මතො’ති එතෙසු හි පටිපාටියා සත‍්ත චෙතනාධම‍්මාව හොන‍්ති, අභිජ‍්ඣාදයො තයො චෙතනාසම‍්පයුත‍්තා.

එහි ධම්මතො යනු මොවුනතුරෙහි වනාහි පිළිවෙළින් චේතනා ධර්ම සතක් වෙයි. අභිධ්‍යා ආදී චේතනා සම්ප්‍රයුක්ත තුන ද,

‘කොට‍්ඨාසතො’ති පටිපාටියා සත‍්ත, මිච‍්ඡාදිට‍්ඨි චාති ඉමෙ අට‍්ඨ කම‍්මපථා එව හොන‍්ති; නො මූලානි. අභිජ‍්ඣාබ්‍යාපාදා කම‍්මපථා චෙව මූලානි ච. අභිජ‍්ඣා හි මූලං පත්‍වා ‘ලොභො අකුසලමූලං’ හොති, බ්‍යාපාදො ‘දොසො අකුසලමූලං’.

කොට්ඨාශ වශයෙන් යනු පිළිවෙළින් සප්ත මිථ්‍යාදෘෂ්ටිදැයි යන මේ අට කර්මපථයෝම වෙත්. මූලයෝ නො වෙත්. අභිධ්‍යා හා ව්‍යපාද භූත කර්මපථ මෙන්ම මූල ද වෙයි. අභිධ්‍යාව වනාහි මූලයක් බවට පැමිණ ලෝභය අකුශල මූල වෙයි. ව්‍යාපාද (නම් වූ) ද්වේෂය අකුශල මූලය,

‘ආරම‍්මණතො’ති පාණාතිපාතො ජීවිතින්‍ද්‍රියාරම‍්මණතො සඞ‍්ඛාරාරම‍්මණො හොති. අදින‍්නාදානං සත‍්තාරම‍්මණං වා හොති සඞ‍්ඛාරාරම‍්මණං වා. මිච‍්ඡාචාරො ඵොට‍්ඨබ‍්බවසෙන සඞ‍්ඛාරාරම‍්මණො හොති; සත‍්තාරම‍්මණොතිපි එකෙ. මුසාවාදො සත‍්තාරම‍්මණො වා, සඞ‍්ඛාරාරම‍්මණො වා. තථා පිසුණවාචා. ඵරුසවාචා සත‍්තාරම‍්මණාව. සම‍්ඵප‍්පලාපො දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතවසෙන සත‍්තාරම‍්මණො වා සඞ‍්ඛාරාරම‍්මණො වා. තථා අභිජ‍්ඣා. බ්‍යාපාදො සත‍්තාරම‍්මණොව. මිච‍්ඡාදිට‍්ඨි තෙභූමකධම‍්මවසෙන සඞ‍්ඛාරාරම‍්මණාව.

ආරම්මණතො යනු ප්‍රාණඝාතය ජීවිතින්‍ද්‍රියාරම්මණ වශයෙන් සංස්කාරාරම්මණ වෙයි. අදින්නාදානය සංඛාරම්මණ හෝ සංස්කාරා රම්මණය, ඇතමෙක් සත්වාරම්මණයැයි ද කියත්. මුසාවාදය සත්‍වාරම්මණ හෝ සංස්කාරාරම්මණ වේ. එසේම පිසුණාවාචා ඵරුෂාවාචා (දෙක) සත්‍වාරම්මණමය, සම්පප්‍රලාපය දිට්ඨි සුත මුත විඤ්ඤාත වශයෙන් සත්‍වාරම්මණ හෝ සංස්කාරාරම්මණ වෙයි. එසේ ම අභිධ්‍ය ව්‍යපාද (දෙක) සවාරම්මණ මය, මිථ්‍යාදෘෂ්ටිය ත්‍රෛභූමක ධර්ම වශයෙන් සංස්කාරාරම්මණමය.

‘වෙදනාතො’ති පාණාතිපාතො දුක‍්ඛවෙදනො හොති. කිඤ‍්චාපි හි රාජානො චොරං දිස‍්වා හසමානාපි ‘ගච‍්ඡථ නං ඝාතෙථා’ති වදන‍්ති, සන‍්නිට‍්ඨාපකචෙතනා පන නෙසං දුක‍්ඛසම‍්පයුත‍්තාව හොති . අදින‍්නාදානං තිවෙදනං. තඤ‍්හි පරභණ‍්ඩං දිස‍්වා හට‍්ඨතුට‍්ඨස‍්ස ගණ‍්හතො සුඛවෙදනං හොති, භීතතසිතස‍්ස ගණ‍්හතො දුක‍්ඛවෙදනං. තථා විපාකනිස‍්සන්‍දඵලානි පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස. ගහණකාලෙ මජ‍්ඣත‍්තභාවෙ ඨිතස‍්ස පන ගණ‍්හතො අදුක‍්ඛමසුඛවෙදනං හොතීති. මිච‍්ඡාචාරො සුඛමජ‍්ඣත‍්තවසෙන ද‍්විවෙදනො. සන‍්නිට‍්ඨාපකචිත‍්තෙ පන මජ‍්ඣත‍්තවෙදනො න හොති. මුසාවාදො අදින‍්නාදානෙ වුත‍්තනයෙනෙව තිවෙදනො; තථා පිසුණවාචා. ඵරුසවාචා දුක‍්ඛවෙදනා. සම‍්ඵප‍්පලාපො තිවෙදනො. පරෙසු හි සාධුකාරං දෙන‍්තෙසු චෙලුක‍්ඛෙපාදීනි ඛිපන‍්තෙසු හට‍්ඨතුට‍්ඨස‍්ස සීතාහරණභාරතයුද‍්ධාදීනි කථනකාලෙ සො සුඛවෙදනො හොති. පඨමං දින‍්නවෙතනෙන එකෙන පච‍්ඡා ආගන‍්ත්‍වා ‘ආදිතො පට‍්ඨාය කථෙහී’ති වුත‍්තෙ ‘අනනුසන්‍ධිකං පකිණ‍්ණකකථං කථෙස‍්සාමි නු ඛො නො’ති දොමනස‍්සිතස‍්ස කථනකාලෙ දුක‍්ඛවෙදනො හොති, මජ‍්ඣත‍්තස‍්ස කථයතො අදුක‍්ඛමසුඛවෙදනො හොති. අභිජ‍්ඣා සුඛමජ‍්ඣත‍්තවසෙන ද‍්විවෙදනා; තථා මිච‍්ඡාදිට‍්ඨි. බ්‍යාපාදො දුක‍්ඛවෙදනො.

වේදනාතො යනු ප්‍රාණඝාතය දුක්වේදනා ඇත්තේ වෙයි. රජවරු සොරා දැක සිනාසෙන්නෝ නමුදු යම් ඔහු මරව් යැයි කියත්. ඔවුන්ගේ තීරණය කිරීම පිළිබඳ චේතනාව වනාහි දුඃඛ සම්ප්‍රයුක්තම වෙයි. අදින්නාදානය ත්‍රිවේදනානය, එය වනාහි පර භාණ්ඩයක් දැක සතුටු සිතින් ගන්නහුට සැප වේදනා වෙයි. බියෙන් තැතිගෙන ගන්නහුට දුක්වේදනා වෙයි. එසේම විපාකය ගලා ඒමේ ඵලයන් ප්‍රත්‍යවේක්‍ෂා වනාහි අදුක්ඛමසුඛවේදනාව වෙයි. මිථ්‍යාචාරය සුබ මධ්‍යස්ථ වශයෙන් ද්විවේදනා ඇත්තේ වෙයි. මුසාවාදය අදින්නාදානයෙහි කී නයින්ම ත්‍රිවේදනා ඇත්තේ වෙයි. එසේම පිසුණාවාචා ඵරුසාවාචා දෙක දුක්වේදනා ඇත්තේ වෙයි. සම්පප්‍රලාපය ත්‍රිවේදනා ඇත්තේය. අන්‍යයන් සාධුකාර දේදදී වස්ත්‍රාදිය දමද්දී සීතාහරණ භාරත යුද්ධාදිය කියන කල්හි හෙතෙම (සතුටු සිත් ඇත්තේ වෙයි.) සැප වේදනා ඇත්තේ වෙයි. පළමුව දෙන ලද දැන්වීමෙන් එකෙකු පසුව අවුත් මුලපටන් කියවයි කී කල්හි අනුසන්ධි සහිත ප්‍රකීර්ණක කථාව කියම්දෝයි දොම්නස් වූවහු කියන කල්හි දුක්වේදනා ඇත්තේ වෙයි. අභිධ්‍යා සුඛ මධ්‍යස්ථ වශයෙන් ද්විවේදනාය, එසේම මිථ්‍යාදෘෂ්ටි ව්‍යාපාද ඇත්තේ දුඃඛ වේදනා ඇත්තේ වෙයි.

‘මූලතො’ති පාණාතිපාතො දොසමොහවසෙන ද‍්විමූලකො හොති. අදින‍්නාදානං දොසමොහවසෙන වා ලොභමොහවසෙන වා. මිච‍්ඡාචාරො ලොභමොහවසෙන. මුසාවාදො දොසමොහවසෙන වා ලොභමොහවසෙන වා; තථා පිසුණවාචා සම‍්ඵප‍්පලාපො ච. ඵරුසවාචා දොසමොහවසෙන. අභිජ‍්ඣා මොහවසෙන එකමූලා; තථා බ්‍යාපාදො. මිච‍්ඡාදිට‍්ඨි ලොභමොහවසෙන ද‍්විමූලාති.

මූලතො යනු ප්‍රාණඝාතය ද්වේෂ මෝහ වශයෙන් හෝ ලෝභ මෝහ වශයෙන් හෝ වෙයි. මිථ්‍යාචාරය ලෝභ මෝහ වශයෙනි. මුසාවාදය ද්වේෂ මෝහ වශයෙන් හෝ ලෝභ මෝහ වශයෙන් වෙයි. පිසුණාවාචා හෝ සම්පප්‍රලාපය ද එසේය. එරුෂාවාචාව ද්වේෂ මෝහ වශයෙන්, අභිධ්‍යාව මෝහ වශයෙන් ඒකමූලය, එසේම ව්‍යාපාද මිථ්‍යාදෘෂ්ටි (දෙක) ලෝභ මෝහ වශයෙන් ද්විමූලය යනුයි.

අකුසලකම‍්මපථකථා නිට‍්ඨිතා.

අකුශල කර්මපථ කථා නිමි.