කම්මකථා අට්ඨකථා
කම්මකථා
කම්මකථා
ඉදානි යානි තීණි කම්මානි ඨපෙත්වා ඉමානි කම්මද්වාරානි දස්සිතානි, තානි ආදිං කත්වා අවසෙසස්ස ද්වාරකථාය මාතිකාඨපනස්ස විත්ථාරකථා හොති. තීණි හි කම්මානි – කායකම්මං වචීකම්මං මනොකම්මන්ති. කිං පනෙතං කම්මං නාමාති? චෙතනා චෙව, එකච්චෙ ච චෙතනාසම්පයුත්තකා ධම්මා. තත්ථ චෙතනාය කම්මභාවෙ ඉමානි සුත්තානි –
දැන් යම් කර්මත්රයක් තබා මේ කර්මද්වාර දක්වන ලදී. ඒවා මුල්කොට අවශේෂ ද්වාරකථාව පිළිබඳ මාතෘකාව තැබීමට විස්තර කථාවක් වෙයි. කාය කර්මය, වචී කර්මය, මනෝ කර්මයැයි කර්ම තුනකි. මේ කර්මය යනු කුමක් ද? චේතනාව හා චේතනා සම්ප්‍රයුක්ත වූ ඇතැම් ධර්මයෝ ය. එහි චේතනාවෙහි කර්මභාවය පිළිබඳ මේ සූත්රයෝය.
“චෙතනාහං, භික්ඛවෙ, කම්මං වදාමි, චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා” (අ· නි· 6.63; කථා· 539). “කායෙ වා හි, ආනන්ද, සති කායසඤ්චෙතනාහෙතු උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං, වාචාය වා, ආනන්ද, සති වචීසඤ්චෙතනාහෙතු උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං; මනෙ වා, ආනන්ද, සති මනොසඤ්චෙතනාහෙතු උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං” (සං· නි· 2.25; අ· නි· 4.171). “තිවිධා, භික්ඛවෙ, කායසඤ්චෙතනා අකුසලං කායකම්මං දුක්ඛුද්රයං, දුක්ඛවිපාකං; චතුබ්බිධා, භික්ඛවෙ, වචීසඤ්චෙතනා…පෙ… තිවිධා, භික්ඛවෙ, මනොසඤ්චෙතනා අකුසලං මනොකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකං තිවිධා , භික්ඛවෙ, කායසඤ්චෙතනා කුසලං කායකම්මං සුඛුද්රයං සුඛවිපාකං චතුබ්බිධා, භික්ඛවෙ, වචීසඤ්චෙතනා…පෙ… තිවිධා, භික්ඛවෙ, මනොසඤ්චෙතනා, කුසලං මනොකම්මං සුඛුද්රයං සුඛවිපාකං” (කථා· 539; අ· නි· 10.217 ථොකං විසදිසං). “සචායං, ආනන්ද, සමිද්ධි මොඝපුරිසො පාටලිපුත්තස්ස පරිබ්බාජකස්ස එවං පුට්ඨො එවං බ්යාකරෙය්ය – සඤ්චෙතනියං, ආවුසො පාටලිපුත්ත, කම්මං කත්වා කායෙන වාචාය මනසා, සුඛවෙදනීයං සුඛං සො වෙදයති…පෙ… අදුක්ඛමසුඛවෙදනීයං අදුක්ඛමසුඛං සො වෙදයතීති; එවං බ්යාකරමානො ඛො, ආනන්ද, සමිද්ධි මොඝපුරිසො පාටලිපුත්තස්ස පරිබ්බාජකස්ස සම්මා බ්යාකරමානො බ්යාකරෙය්යා”ති (ම· නි· 3.300; කථා· 539).
‘මහණෙනි! මම චේතනාව කර්මය යැයි කියමි. සිතා කයින් වචනයෙන් මනසින් කර්ම කරයි.’ ‘ආනන්දය! කය ඇති කල්හි වනාහි කාය සංචේතනා හේතුවෙන් ආධ්‍යාත්මික සැපදුක් උපදී. ආනන්දය, වචනය ඇතිකල්හි වනාහි වචී සංචේතනා හේතුවෙන් ආධ්‍යාත්මික සැපදුක් උපදී. ආනන්දය! මනස ඇති කල්හි වනාහි මනෝසංචේතනා හේතුවෙන් අධ්‍යාත්මික සැපදුක් උපදී.’ ‘මහණෙනි, කාය සංචේතනාව ත්‍රිවිධය. අකුසල කාය කර්මය දුක් උපදවන්නේ ය. දුක්විපාක ඇත්තේ ය. මහණෙනි, වචී සංචේතනාව චතුර්විධය. -පෙ- මහණෙනි, මනෝ සංචේතනාව ත්‍රිවිධ ය. කුසල මනෝ කර්මය සැප උපදවන්නේ ය. සැපවිපාක ඇත්තේ ය.’ ‘ඉදින් ආනන්දය! සමිද්ධි මෝඝපුරුෂ තෙමේ මෙසේ විචාරන ලදුව පෝතලීපුත්ර පරිව්‍රාජකයාට මෙසේ ප්‍රකාශ කරන්නේය. ඇවැත් පෝතලී පුත්‍රයෙනි, කයින් වචනයෙන් (හෝ) මනසින් සිතිය යුතු සැප වේදනා මෑත කර්මයක් කොට හෙතෙම සැප විඳී. -පෙ- අදුක්ඛමසුබ වේදනීය (කර්මයක් කොට) හෙතෙම අදුක්ඛමසුඛ වේදනාවක් විඳී යනුයි. ආනන්දය! මෙසේ ප්‍රකාශ කරන්නා වූ සමිද්ධි මෝඝපුරුෂ තෙමේ පොතලිපුත්‍ර පරිව්‍රාජකයාට මනාව ප්‍රකාශ කරන්නේ ය’ යනුයි.
ඉමානි තාව චෙතනාය කම්මභාවෙ සුත්තානි. චෙතනාසම්පයුත්තධම්මානං පන කම්මභාවො කම්මචතුක්කෙන දීපිතො. වුත්තඤ්හෙතං –
මේ වනාහි චේතනාවෙහි කර්මභාවය පිළිබඳ සූත්රයෝයි. චේතනා සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ කර්මභාවය වනාහි කර්ම චතුෂ්කයෙහි දක්වන ලදී. මෙය ද කියන ලදී.
“චත්තාරිමානි , භික්ඛවෙ, කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි චත්තාරි? අත්ථි, භික්ඛවෙ, කම්මං කණ්හං කණ්හවිපාකං, අත්ථි, භික්ඛවෙ, කම්මං සුක්කං සුක්කවිපාකං, අත්ථි, භික්ඛවෙ, කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං, අත්ථි, භික්ඛවෙ, කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති (අ· නි· 4.232-233).… කතමඤ්ච, භික්ඛවෙ, කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති? යදිදං සත්ත බොජ්ඣඞ්ගා – සතිසම්බොජ්ඣඞ්ගො…පෙ… උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො, ඉදං වුච්චති, භික්ඛවෙ, කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති (අ· නි· 4.238).… කතමඤ්ච, භික්ඛවෙ, කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො – සෙය්යථිදං, සම්මාදිට්ඨි …පෙ… සම්මාසමාධි. ඉදං වුච්චති, භික්ඛවෙ, කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තතී”ති (අ· නි· 4.237).
‘මහණෙනි, මා විසින් තමා විසින් විශේෂයෙන් ප්රත්යක්ෂ කොටගෙන ප්‍රකාශ කරන ලද කර්ම සතරෙකි. කවර සතරක් ද? මහණෙනි, අකුසල වූ අකුසල විපාක ඇති කර්මයක් ඇත. මහණෙනි, කුසල වූ කුසලවිපාක ඇති කර්මයක් ඇත. මහණෙනි, අකුසල් වූ ද කුසල් වූද අකුසල විපාක ද කුසල විපාක ද ඇති කර්මයක් ඇත. මහණෙනි, අකුසලක් නොවූ කුසලක් නොවූ අකුසලුත් නොවූ කුසලුත් නොවූ විපාක ඇති කර්මයක් ඇත. (එම) කර්මය කර්මක්ෂය පිණිස පවතී. මහණෙනි! කුසලාකුසල නොවූ කුසලාකුසල විපාක නැති කර්මක්ෂය පිණිස පවත්නා (ඒ) කර්මය කවරේ ද? මේ සපත්බෝධ්යාංගයෝය. සති සම්බොජ්ඣංගය -පෙ උපේක්ෂා සම්බෝධ්‍යාංග යයි, මහණෙනි! මේ කර්මය අකුසල් හා කුසල් නොවූ අකුසලවිපාක නොවූ කර්මක්ෂය පිණිස පවත්නා කර්මය යැයි කියනු ලැබේ. මහණෙනි, අකුසල් හෝ කුසල් නොවූ අකුසල හෝ කුසල විපාක නැති කර්මක්ෂය පිණිස පවත්නා කර්මය කවරේ ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමැයි, ඒ කවරේද යත්? සම්‍යක් දෘෂ්ටිය -පෙ- සම්‍යක් සමාධියයි. මහණෙනි, මෙය අකුසලයක් නොවූ කුසලක් නොවූ අකුසල හා කුසල විපාකත් නැති කර්මක්ෂය පිණිස පවත්නා කර්මයැයි කියනු ලැබේ’ යනුයි.
එවං ඉමෙ බොජ්ඣඞ්ගමග්ගඞ්ගප්පභෙදතො පන්නරස ධම්මා කම්මචතුක්කෙන දීපිතා. අභිජ්ඣා, බ්යාපාදො, මිච්ඡාදිට්ඨි, අනභිජ්ඣා, අබ්යාපාදො, සම්මාදිට්ඨීති ඉමෙහි පන ඡහි සද්ධිං එකවීසති චෙතනාසම්පයුත්තකා ධම්මා වෙදිතබ්බා.
මෙසේ බෝධාංග මාර්ග ප්‍රභේදයෙන් මේ පසළොස් ධර්මයෝ වනාහි කර්ම චතුෂ්කයෙහි දක්වන ලදී. අභිධ්‍යා ව්‍යාපාද මිථ්‍යාදෘෂ්ටි අනභිධ්‍යා අව්‍යාපාද සම්‍යක්දෘෂ්ටි යන මේ සයත් සමග විසිඑකක් චේතනා සම්ප්‍රයුක්ත ධර්මයෝ දතයුත්තාහ.
තත්ථ ලොකුත්තරමග්ගො භජාපියමානො කායකම්මාදීනි තීණි කම්මානි භජති. යඤ්හි කායෙන දුස්සීල්යං අජ්ඣාචරති, තම්හා සංවරො කායිකොති වෙදිතබ්බො. යං වාචාය දුස්සීල්යං අජ්ඣාචරති, තම්හා සංවරො වාචසිකොති වෙදිතබ්බො. ඉති සම්මාකම්මන්තො කායකම්මං, සම්මාවාචා වචීකම්මං. එතස්මිං ද්වයෙ ගහිතෙ සම්මාආජීවො තප්පක්ඛිකත්තා ගහිතොව හොති. යං පන මනෙන දුස්සීල්යං අජ්ඣාචරති, තම්හා සංවරො මානසිකොති වෙදිතබ්බො. සො දිට්ඨිසඞ්කප්පවායාමසතිසමාධිවසෙන පඤ්චවිධො හොති. අයං පඤ්චවිධොපි මනොකම්මං නාම. එවං ලොකුත්තරමග්ගො භජාපියමානො තීණි කම්මානි භජති.
එහිදී ලෝකෝත්තර මාර්ගය භජනය කරනුයේ කාය කර්මාදී ත්‍රිවිධ කර්මයන් භජනය කරයි. යමෙක් වනාහි දුශ්ශීල බවක හැසිරේ ද, එයින් සංවරවීම කායික සංවරය යැයි දතයුතුයි. යමෙක් වනාහි වචනයෙන් දුශ්ශීල බව වෙත හැසිරේ ද, එයින් සංවරවීම වාචසික සංවරය යැයි දතයුතුයි. මෙසේ සම්‍යක් කර්මාන්තය කාය කර්මයයි. සම්‍යක් වචනය වාක් කර්මයයි. මේ දෙක ගත් කල්හි සම්‍යක් ආජීවය එහි ඇතුළත් හෙයින් ගන්නා ලද්දේම වෙයි. යමෙක් වනාහි සිතින් දුශ්ශීලබවෙහි හැසිරේ ද, එයින් සංවරවීම මානසික (සංවරය) යැයි දතයුතුයි. එය දෘෂ්ටි සංකල්ප ව්‍යායාම සති සමාධි වශයෙන් පංචවිධ වෙයි. මේ පංචවිධය ද මනෝකර්ම නමි. මෙසේ ලෝකෝත්තර මාර්ගය භජනය කරවනු ලබන්නේ කර්මත්රය භජනය කරයි.
ඉමස්මිං ඨානෙ ද්වාරසංසන්දනං නාම හොති. කායවචීද්වාරෙසු හි චොපනං පත්වා කම්මපථං අප්පත්තම්පි අත්ථි, මනොද්වාරෙ ච සමුදාචාරං පත්වා කම්මපථං අප්පත්තම්පි අත්ථි; තං ගහෙත්වා තංතංද්වාරපක්ඛිකමෙව අකංසු.
මේ ස්ථානයෙහි කර්ම සංසන්දනය නම් වෙයි. කායවාක් ද්වාරයන්හි වනාහි චලනයට පැමිණ කර්මපථයට නො පැමිණි (කර්මයක්) ඇත, මනෝද්වාරයෙහි ද හැසිරීමට පැමිණ කර්මපථයට නො පැමිණි (කර්මයක්) ඇත. එය ගෙන ඒ ඒ ද්වාරපාක්ෂිකයම කළාහ.
තත්රායං නයො – යො ‘මිගවං ගමිස්සාමී’ති ධනුං සජ්ජෙති, ජියං වට්ටෙති, සත්තිං නිසෙති, භත්තං භුඤ්ජති, වත්ථං පරිදහති, එත්තාවතා කායද්වාරෙ චොපනං පත්තං හොති. සො අරඤ්ඤෙ දිවසං චරිත්වා අන්තමසො සසබිළාරමත්තම්පි න ලභති, ඉදං අකුසලං කායකම්මං නාම හොති න හොතීති? න හොති. කස්මා? කම්මපථං අප්පත්තතාය. කෙවලං පන කායදුච්චරිතං නාම හොතීති වෙදිතබ්බං. මච්ඡග්ගහණාදී සුපයොගෙසුපි එසෙව නයො.
මේ එහි නයයි. යමෙක් මුව දඩයමෙහි යමියි දුන්න සදයි. දුනුදිය ඔතයි. ශාස්ත්‍රය ගනී. බත් අනුභව කරයි. වස්ත්‍රයක් අඳී. මෙපමණකින් කායද්වාරයෙහි චලනයට පැමිණියේ වෙයි. හෙතෙම වනයෙහි දවස (ම) හැසිර යටත්පිරිසෙයින් සාවෙකු බළලෙකු පමණකුත් නො ලබයි. මේ අකුසලය කාය කර්මයක් වේ ද, නො වේ ද? නො වේ යනුයි. කවර හෙයින් ද ? කර්මපථයට නො පැමිණි හෙයින්, හුදෙක් වනාහි කාය දුශ්චරිතය නම් වන්නේයැයි දතයුතුයි. මත්ස්‍ය ගහණා දී ප්‍රයෝගයන්හි ද මේ නයමැයි.
වචීද්වාරෙපි ‘මිගවං ගමිස්සාමි’ ‘වෙගෙන ධනුආදීනි සජ්ජෙථා’ති ආණාපෙත්වා පුරිමනයෙනෙව අරඤ්ඤෙ කිඤ්චි අලභන්තස්ස කිඤ්චාපි වචීද්වාරෙ චොපනං පත්තං, කම්මපථං අප්පත්තතාය පන කායකම්මං න හොති. කෙවලං වචීදුච්චරිතං නාම හොතීති වෙදිතබ්බං.
වාග් ද්වාරයෙහි ද මුව දඩයමෙහි යන්නෙමියි වහා දුනු ආදිය සදව් යැයි අණවා පළමු නයින්ම වනයෙහි කිසිත් නො ලබන්නාට වාග් ද්වාරයෙහි යම්කිසි චලනයකට පැමිණිය ද, කර්මපථයට නො පැමිණි හෙයින් වනාහි වාක් කර්මයක් නො වෙයි. හුදෙක් වාක් දුශ්චරිතයක් නම් වන්නේයැයි දතයුතුයි.
මනොද්වාරෙ පන වධකචෙතනාය උප්පන්නමත්තාය එව කම්මපථභෙදොව හොති. සො ච ඛො බ්යාපාදවසෙන න පාණාතිපාතවසෙන. අකුසලඤ්හි කායකම්මං කායවචීද්වාරෙසු සමුට්ඨාති, න මනොද්වාරෙ; තථා අකුසලං වචීකම්මං. අකුසලං මනොකම්මං පන තීසුපි ද්වාරෙසු සමුට්ඨාති; තථා කුසලානි කායවචීමනොකම්මානි.
මනෝද්වාරයෙහි වනාහි වංක චේතනාව උපන් පමණකින්ම කර්මපථ භේදයම වන්නේය. එය ද වනාහි ව්‍යාපාද වශයෙන්, ප්‍රාණඝාත වශයෙන් නොවේ. අකුශල කායකර්මය වනාහි කාය වාක් ද්වාරයන්හි උපදී. මනෝ ද්වාරයෙහි නූපදී. අකුශල වාක් කර්මය ද එසේය. අකුශල මනෝ කර්මය වනාහි ද්වාරත්රයෙහිම උපදී. අකුශල කායවාක් මනෝ කර්මයෝ ද එසේය.
කථං ? සහත්ථා හි පාණං හනන්තස්ස අදින්නං ආදියන්තස්ස මිච්ඡාචාරං චරන්තස්ස කම්මං කායකම්මමෙව හොති. ද්වාරම්පි කායද්වාරමෙව හොති. එවං තාව අකුසලං කායකම්මං කායද්වාරෙ සමුට්ඨාති. තෙහි පන චිත්තෙහි සහජාතා අභිජ්ඣාබ්යාපාදමිච්ඡාදිට්ඨියො චෙතනාපක්ඛිකා වා භවන්ති, අබ්බොහාරිකා වා. ‘ගච්ඡ ඉත්ථන්නාමං ජීවිතා වොරොපෙහි, ඉත්ථන්නාමං භණ්ඩං අවහරා’ති ආණාපෙන්තස්ස පන කම්මං කායකම්මං හොති, ද්වාරං පන වචීද්වාරං. එවං අකුසලං කායකම්මං වචීද්වාරෙ සමුට්ඨාති. තෙහි පන චිත්තෙහි සහජාතා අභිජ්ඣාබ්යාපාදමිච්ඡාදිට්ඨියො චෙතනාපක්ඛිකා වා භවන්ති අබ්බොහාරිකා වා. එත්තකා ආචරියානං සමානත්ථකථා නාම.
කෙසේ ද? සියතින් ප්‍රාණඝාතනය කරන්නාගේ නුදුන් දේ ගන්නාගේ මිථ්‍යාවේ හැසිරෙන්නාගේ කර්මය වනාහි කාය කර්මයම වෙයි. ද්වාරය ද කායද්වාරයමය. මෙසේ වනාහි අකුශල කායකර්මය කාය ද්වාරයෙහි උපදී. ඒ සිත් හා සහජාත (එකට උපන්) අභිධ්‍යා ව්‍යාපාද මිථ්‍යාදෘෂ්ටීහු වනාහි චේතනා පාක්ෂික හෝ ගණන් නොගත යුත්තෝ වෙත්. යව අසුවල් නම් ඇත්තා දිවි තොර කරන්න. අසුවල් නම් ඇති භාණ්ඩය පැහැර ගන්නැයි අණ කරන්නාගේ කර්මය වනාහි කාය කර්මය වෙයි. ද්වාරය වාග් ද්වාරයයි. මෙසේ අකුශල කාය කර්මය වාග් ද්වාරයෙහි උපදී. ඒ සිත් හා සහජාත අභිධ්‍යා ව්‍යාපාද මිථ්‍යා දෘෂ්ටීහු වනාහි චේතනා පාක්ෂික හෝ ගණන් නොගත යුත්තෝ වෙත්. ආචාර්යවරුන්ගේ සමානාර්ථ කථා මෙපමණි.
විතණ්ඩවාදී පනාහ – ‘අකුසලං කායකම්මං මනොද්වාරෙපි සමුට්ඨාතී’ති. සො ‘තයො සඞ්ගහෙ ආරුළ්හං සුත්තං ආහරාහී’ති වුත්තො ඉදං කුලුම්බසුත්තං නාම ආහරි –
විතණ්ඩවාදියා (මෙසේ) කීය. ‘අකුසල කාය කර්මය මනෝද්වාරයෙහි ද උපදී යනුයි. හෙතෙම සංග්රහත්රයෙහි (=ත්‍රිපිටකයෙහි) ආරුඪ වූ සූත්‍රයක් ගෙනහැර දක්වයි කියන ලදුව දී කුලුම්බ නම් සූත්‍රය ගෙනහැර දැක්වීය.
“පුන චපරං , භික්ඛවෙ, ඉධෙකච්චො සමණො වා බ්රාහ්මණො වා ඉද්ධිමා චෙතොවසිප්පත්තො අඤ්ඤිස්සා කුච්ඡිගතං ගබ්භං පාපකෙන මනසා අනුපෙක්ඛකො හොති – ‘අහො වතායං කුච්ඡිගතො ගබ්භො න සොත්ථිනා අභිනික්ඛමෙය්යා’ති. එවං, භික්ඛවෙ, කුලුම්බස්ස උපඝාතො හොතී”ති.
‘මහණෙනි! නැවත අනිකක් කියමි. මේ ලෝකයෙහි ඍද්ධිමත් චේතෝවසීප්රාප්ත වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් කුස තුළ වූ මේ ගැබ සුවසේ නොනිම් නම් ඉතා යෙහෙකැයි අනිකෙකුගේ කුසෙහි වූ ගැබක් ලාමක වූ, සිතින් උපේක්ෂා කරන්නේ නො වේ ද, මහණෙනි! මෙසේ කුලුම්බයාගේ (ගර්භයාගේ) නැසීම වෙයි’ යනුයි.
ඉදං සුත්තං ආහරිත්වා ආහ – ‘එවං චින්තිතමත්තෙයෙව මනසා කුච්ඡිගතො ගබ්භො ඵෙණපිණ්ඩො විය විලීයති. එත්ථ කුතො කායඞ්ගචොපනං වා වාචඞ්ගචොපනං වා? මනොද්වාරස්මිංයෙව පන ඉදං අකුසලං කායකම්මං සමුට්ඨාතී’ති.
මේ සූත්‍රය ගෙනහැර දක්වා (මෙසේ) කීය. මෙසේ සිතූ පමණකින්ම අනුන්ගේ කුසෙහි වූ ගර්භය පෙණ පිඩක් මෙන් විනාශ වෙයි. මෙහි කායාංග චලනයන් හෝ වාචාංග චලනයක් හෝ කොයින් ද මේ අකුශල කාය කර්මය වනාහි මනෝ ද්වාරයෙහි ම උපදී යනුයි.
තමෙනං ‘තව සුත්තස්ස අත්ථං තුලයිස්සාමා’ති වත්වා එවං තුලයිංසු – ‘ත්වං ඉද්ධියා පරූපඝාතං වදෙසි. ඉද්ධි නාම චෙසා – අධිට්ඨානිද්ධි, විකුබ්බනිද්ධි, මනොමයිද්ධි, ඤාණවිප්ඵාරිද්ධි, සමාධිවිප්ඵාරිද්ධි, අරියිද්ධි, කම්මවිපාකජිද්ධි, පුඤ්ඤවතො ඉද්ධි, විජ්ජාමයිද්ධි , තත්ථ තත්ථ සම්මාපයොගපච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධීති දසවිධා (පටි· ම· 3.10). තත්ථ කතරං ඉද්ධිං වදෙසී’ති? ‘භාවනාමය’න්ති. ‘කිං පන භාවනාමයිද්ධියා පරූපඝාතකම්මං හොතී’ති? ‘ආම, එකච්චෙ ආචරියා එකවාරං හොතී’ති; වදන්ති යථා හි පරං පහරිතුකාමෙන උදකභරිතෙ ඝටෙ ඛිත්තෙ ඝටොපි භිජ්ජති, උදකම්පි නස්සති, එවමෙව භාවනාමයිද්ධියා එකවාරං පරූපඝාතකම්මං හොති. තතො පට්ඨාය පන සා නස්සතීති. අථ නං ‘භාවනාමයිද්ධියා නෙව එකවාරං න ද්වෙ වාරෙ පරූපඝාතකම්මං හොතී’ති වත්වා තං සඤ්ඤත්තිං ආගච්ඡන්තං පුච්ඡිංසු – ‘භාවනාමයිද්ධි කිං කුසලා, අකුසලා, අබ්යාකතා? සුඛාය වෙදනාය සම්පයුත්තා, දුක්ඛාය වෙදනාය සම්පයුත්තා, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා? සවිතක්කසවිචාරා, අවිතක්කවිචාරමත්තා, අවිතක්කඅවිචාරා? කාමාවචරා, රූපාවචරා, අරූපාවචරා’ති?
ඔබගේ සූත්‍රයාගේ ඒ මේ අර්ථය තුලනය කරන්නෙමුයි කියා මෙසේ තුලනය කළහ. ඔබ ඍද්ධියෙන් අනුන් නැසීම කියයි. මේ ඍද්ධිය නම් අධිෂ්ඨාන ඍද්ධිය විකුර්වණ ඍද්ධිය මනෝමය ඍද්ධිය ඥානවිස්ථාර ඍද්ධිය (සමාධි විස්ථාර සෘද්ධිය) ආර්ය සෘද්ධිය කර්මවිපාකජ ඍද්ධිය පුණ්යවතුන්ගේ සෘද්ධිය විද්‍යාමය ඍද්ධිය භාවනාමය ඍද්ධිය ඒ ඒ තන්හි සම්‍යක් ප්‍රයෝග හේතුවෙන් සමෘද්ධවීම් වශයෙන් වන ඍද්ධිය යැයි දශවිධය. එහි කවර ඍද්ධියක් (ඔබ) කියයි ද? යනුයි. භාවනාමය ඍද්ධියයි. කිම භාවනාමය ඍද්ධියේත් පරූපඝාත කර්මයක් වේ ද? එසේය, ඇතැම් ආචාර්යවරු එක්වරක් වේයැයි කියත්, යම්සේ වනාහි අනුන්ට පහරදෙනු කැමැත්තෙන් දියෙන් පිරුණු කළයක් දැමූ කල්හි කළයත් බිඳෙයි. දියත් නැසෙයි. මෙපරිද්දෙන් භාවනාමය ඍද්ධියෙන් එක්වරක් පරූපඝාත කර්මය වෙයි. එතැන් පටන් වනාහි එය නන්නේ ය යනුයි. ඉක්බිති භාවනාමය ඍද්ධියෙන් එක්වරක්වත් දෙවරක්වත් ඒ පරූපඝාත කර්මය නොවේ යැයි කියා ඒ දැන්වීමට එන්නාහු විචාළහ. කිම භාවනාමය ඍද්ධිය කුසල ද අකුසල ද අව්‍යාකෘත ද සැපවේදනා සහගත ද වේදනා සහගත ද අදුක්ඛමසුඛ වේදනා සහගත ද සවිතර්ක සවිචාර ද අවිතර්ක අවිචාර ද රූපාවචර ද අරූපාවචර ද යනුයි.
ඉමං පන පඤ්හං යො ජානාති සො එවං වක්ඛති – ‘භාවනාමයිද්ධි කුසලා වා හොති, අබ්යාකතා වා; අදුක්ඛමසුඛවෙදනීයා එව, අවිතක්කඅවිචාරා එව, රූපාවචරා එවා’ති. සො වත්තබ්බො – ‘පාණාතිපාතචෙතනා කුසලාදීසු කතරං කොට්ඨාසං භජතී’ති? ජානන්තො වක්ඛති – ‘පාණාතිපාතචෙතනා අකුසලා එව, දුක්ඛවෙදනීයා එව, සවිතක්කසවිචාරා එව කාමාවචරා එවා’ති. ‘එවං සන්තෙ තව පඤ්හො නෙව කුසලත්තිකෙන සමෙති, න වෙදනාත්තිකෙන , න විතක්කත්තිකෙන, න භූමන්තරෙනා’ති.
මේ ප්රශ්නය යමෙක් දනී ද හෙතෙම මෙසේ කියයි. භාවනාමය ඍද්ධිය කුසල හෝ (අකුසල හෝ) අව්‍යාකෘත වෙයි. අදුක්ඛමසුඛ වේදනීයමය. අවිතර්ක අවිචාරමය, රූපාවචරමය යනුයි. හෙතෙම මෙසේ කිවයුත්තේය. ප්‍රාණඝාත චේතනාව කුශලාදිය අතුරෙහි කවර කොට්ඨාශයක් භජනය කෙරේ ද? කියායි. දන්නා තැනැත්තේ (මෙසේ) කියයි. ප්‍රාණඝාත චේතනාව අකුශලමය, දුඃඛවේදනීයමය. සවිතර්ක සවිචාරමය. කාමාවචරමය යනුයි. මෙසේ ඇතිකල්හි ඔබගේ ප්රශ්නය කුශලත්‍රිකය හා නොගැළපේමය. වේදනාත්‍රිකය සමග ද නොගැළපේමය. විතර්ක ත්‍රිකය සමග ද නොගැළපේමය. භූම්යන්තර සමග ද නො ගැළපේමය.
‘කිං පන එවං මහන්තං සුත්තං නිරත්ථක’න්ති? ‘නො නිරත්ථකං; ත්වං පනස්ස අත්ථං න ජානාසි. “ඉද්ධිමා චෙතොවසිප්පත්තො”ති එත්ථ හි නෙව භාවනාමයිද්ධි අධිප්පෙතා, ආථබ්බණිද්ධි පන අධිප්පෙතා. සා හි එත්ථ ලබ්භමානා ලබ්භති. සා පන කායවචීද්වාරානි මුඤ්චිත්වා කාතුං න සක්කා. ආථබ්බණිද්ධිකා හි සත්තාහං අලොණකං භුඤ්ජිත්වා දබ්බෙ අත්ථරිත්වා පථවියං සයමානා තපං චරිත්වා සත්තමෙ දිවසෙ සුසානභූමිං සජ්ජෙත්වා සත්තමෙ පදෙ ඨත්වා හත්ථං වට්ටෙත්වා වට්ටෙත්වා මුඛෙන විජ්ජං පරිජප්පන්ති. අථ නෙසං කම්මං සමිජ්ඣති. එවං අයම්පි ඉද්ධි කායවචීද්වාරානි මුඤ්චිත්වා කාතුං න සක්කාති. ‘න කායකම්මං මනොද්වාරෙ සමුට්ඨාතී’ති නිට්ඨමෙත්ථ ගන්තබ්බං.
කිමෙක් ද මෙබඳු මහා සූත්‍රයක් නිරර්ථක ද, නිරර්ථක නොවේ. ඔබ වනාහි මෙහි අර්ථය නො දනී. ‘ඉද්ධිමා චෙතොවසිප්පත්තො’ යන මෙහි භාවනාමය සෘද්ධිය අදහස් නොකෙරේ. අථර්වණ (ඉන්ද්‍රජාලික) සෘද්ධිම අපේක්ෂිතයි. මෙහිදී වනාහි ලැබෙනුයේ එයයි. එය වනාහි කාය වාක් ද්වාරයන් හැර කළ නොහැකිය. අථර්වන් ඍද්ධිකයෝ වනාහි සත්දිනක් ලුණු රහිත ආහාර අනුභව කොට කුසතණ අතුරා පොළොවෙහි සයනය කෙරෙමින් තපසෙහි හැසිර සත්වන දිනයෙහි සොහොන්බිම සරසා සත්වන පියවරෙහි සිට අත පෙරළමින් මුවින් විද්‍යාව ජපකරත්. ඉක්බිති ඔවුන්ගේ කර්මය සමෘද්ධ වෙයි. මෙසේ මේ ඍද්ධියත් කාය වාක් ද්වාරයත් හැර කළ නොහැකිය. කාය කර්මය මනෝ ද්වාරයෙහි නූපදීයැයි මෙහි නිගමනයට එළඹිය යුතුයි.
හත්ථමුද්දාය පන මුසාවාදාදීනි කථෙන්තස්ස කම්මං වචීකම්මං, ද්වාරං පන කායද්වාරං හොති . එවං අකුසලං වචීකම්මම්පි කායද්වාරෙ සමුට්ඨාති. තෙහි පන චිත්තෙහි සහජාතා අභිජ්ඣාබ්යාපාදමිච්ඡාදිට්ඨියො චෙතනාපක්ඛිකා වා භවන්ති, අබ්බොහාරිකා වා. වචීභෙදං පන කත්වා මුසාවාදාදීනි කථෙන්තස්ස කම්මම්පි වචීකම්මං ද්වාරම්පි වචීද්වාරමෙව. එවං අකුසලං වචීකම්මං වචීද්වාරෙ සමුට්ඨාති. තෙහි පන චිත්තෙහි සහජාතා අභිජ්ඣාබ්යාපාදමිච්ඡාදිට්ඨියො චෙතනාපක්ඛිකා වා භවන්ති අබ්බොහාරිකා වා. එත්තකා ආචරියානං සමානත්ථකථා නාම.
හස්ත මුද්‍රාවෙන් මුසාවාදාදිය කියන්නාගේ කර්මය වනාහි වචී කර්මයයි. ද්වාරය වනාහි කායද්වාරය වෙයි. මෙසේ අකුශල වචීකර්මය ද කායද්වාරයෙහි උපදී. ඒ සිත් හා එකට උපන් අභිධ්‍යා ව්‍යාපාද මිථ්‍යාදෘෂ්ටීහු වනාහි චේතනාපාක්ෂික හෝ අභ්යවහාරිකයෝ වෙත්, වාග්භේද කොට මුසාවාදාදිය කියන්නාගේ කර්මය ද වචීකර්මයි. ද්වාරය ද වාග්ද්වාරයමය. මෙසේ අකුශල වාක් කර්මය වාග් ද්වාරයෙහි උපදී. ඒ සිත් හා එකට උපන් අභිධ්‍යා ව්‍යාපාද මිථ්‍යාදෘෂ්ටීහු වනාහි චේතොපාක්ෂික හෝ අඛ්යවහාරිකයෝ වෙත්. මෙපමණක් ආචාර්යවරුන්ගේ සමානාර්ථ කථා නමි.
විතණ්ඩවාදී පනාහ – ‘අකුසලං වචීකම්මං මනොද්වාරෙපි සමුට්ඨාතී’ති. සො ‘තයො සඞ්ගහෙ ආරුළ්හං සුත්තං ආහරාහී’ති වුත්තො ඉදං උපොසථක්ඛන්ධකතො සුත්තං ආහරි –
විතණ්ඩවාදියා වනාහි (මෙසේ) කීය. ‘අකුශල වචීකර්මය මනෝ ද්වාරයෙහි ද උපදී’ යනුයි. සංග්රහත්රයෙහි ඇතුළත් සූත්‍රයක් ගෙනහැර දක්වයි කියන ලද හෙතෙම උපොසථක්ඛන්ධකයෙක් මේ සූත්‍රය ගෙනහැර දැක්වීය.
“යො පන භික්ඛු යාවතතියං අනුස්සාවියමානෙ සරමානො සන්තිං ආපත්තිං නාවිකරෙය්ය සම්පජානමුසාවාදස්ස හොතී”ති (මහාව· 134).
‘යම් භික්ෂුවක් වනාහි තුන්වාරය දක්වා අසවනු ලබද්දී සිහිකරනුයේ පවත්නා වූ ඇවත ප්‍රකට නො කරන්නේ නම් මුසාවාදය සිදුවන්නේ ය’
ඉදං සුත්තං ආහරිත්වා ආහ – ‘එවං ආපත්තිං අනාවිකරොන්තො තුණ්හීභූතොව අඤ්ඤං ආපත්තිං ආපජ්ජති, එත්ථ කුතො කායඞ්ගචොපනං වා වාචඞ්ගචොපනං වා? මනොද්වාරස්මිංයෙව පන ඉදං අකුසලං වචීකම්මං සමුට්ඨාතී’ති.
යන මේ සූත්‍රය ගෙනහැර දක්වා කීය. මෙසේ ඇවත ප්‍රකට නො කරනුයේ නිහඬවම වෙනත් ඇවතට පැමිණෙයි. මෙහි කායාංග චලනයක් හෝ වාචාංග චලනයක් හෝ කොයින් ද? මේ අකුශල වාක්කර්‍මය වනාහි මනෝද්වාරයෙහිම උපදී යනුයි.
සො වත්තබ්බො – ‘කිං පනෙතං සුත්තං නෙය්යත්ථං උදාහු නීතත්ථ’න්ති? ‘නීතත්ථමෙව මය්හං සුත්ත’න්ති. සො ‘මා එවං අවච, තුලයිස්සාමස්ස අත්ථ’න්ති වත්වා එවං පුච්ඡිතබ්බො – ‘සම්පජානමුසාවාදෙ කිං හොතී’ති? ජානන්තො ‘සම්පජානමුසාවාදෙ දුක්කටං හොතී’ති වක්ඛති. තතො වත්තබ්බො ‘විනයස්ස ද්වෙ මූලානි – කායො ච වාචා ච; සම්මාසම්බුද්ධෙන හි සබ්බාපත්තියො ඉමෙසුයෙව ද්වීසු ද්වාරෙසු පඤ්ඤත්තා, මනොද්වාරෙ ආපත්තිපඤ්ඤපනං නාම නත්ථි. ත්වං අතිවිය විනයෙ පකතඤ්ඤූ, යො සත්ථාරා අපඤ්ඤත්තෙ ඨානෙ ආපත්තිං පඤ්ඤපෙසි, සම්මාසම්බුද්ධං අබ්භාචික්ඛසි, ජිනචක්කං පහරසී’තිආදිවචනෙහි නිග්ගණ්හිත්වා උත්තරි පඤ්හං පුච්ඡිතබ්බො – ‘සම්පජානමුසාවාදො කිරියතො සමුට්ඨාති උදාහු අකිරියතො’ති? ජානන්තො ‘කිරියතො’ති වක්ඛති. තතො වත්තබ්බො – ‘අනාවිකරොන්තො කතරං කිරියං කරොතී’ති? අද්ධා හි කිරියං අපස්සන්තො විඝාතං ආපජ්ජිස්සති. තතො ඉමස්ස සුත්තස්ස අත්ථෙන සඤ්ඤාපෙතබ්බො. අයඤ්හෙත්ථ අත්ථො – ය්වායං ‘සම්පජානමුසාවාදො හොතී’ති වුත්තො, සො ආපත්තිතො කිං හොති? ‘කතරාපත්ති හොතී’ති අත්ථො. ‘දුක්කටාපත්ති හොති’. සා ච ඛො න මුසාවාදලක්ඛණෙන, භගවතො පන වචනෙන වචීද්වාරෙ අකිරියසමුට්ඨානා ආපත්ති හොතීති වෙදිතබ්බා. වුත්තම්පි චෙතං –
හෙතෙම (මෙසේ) කිවයුත්තේය. කිම මේ සූත්‍රය වනාහි පැමිණවිය යුතු අර්ථ ඇත්තේ ද නැතහොත් පමුණුවන ලද අර්ථ ඇත්තේ ද යනුයි. මාගේ සූත්‍රය පමුණුවන ලද අර්ථ ඇත්තේමය යනුයි. හෙතෙම මෙසේ නො කියව, මෙහි අර්ථය තුලනය කරමුයි කියා මෙසේ විචාරිය යුතුයි, දැන දැන බොරු කීමෙහි කුමක් වේද? කියායි. දන්නා තැනැත්තේ සම්පජාන මුසාවාදයෙහි දුක්කටාපත්තිය වේයැයි කියයි. ඉක්බිති (මෙසේ) කිවයුතුයි. විනයෙහි මූල දෙකකි. කය ද වචනය ද යනුයි. සම්මා සම්බුදුන් විසින් වනාහි සියලු ආපත්තීහු මේ ද්වාර දෙකෙහිම පණවන ලදහ. මනෝ ද්වාරයෙහි ආපත්ති පැණවීමක් නම් නැත. ඔබ විනයෙහි ඉතාම ප්‍රකට දැනුමක් ඇත්තෙකි. යමෙක් ශාස්තෲන් වහන්සේ විසින් නො පනවන ලද තැන්හි ආපත්ති පණවයි ද සම්මා සම්බුදුන් අභිභවා කියයි. ජින චක්‍රයට පහර දෙයි යන ආදී වචනවලින් නිග්‍රහ කොට මත්තෙහි ප්‍රශ්නයක් ඇසිය යුතුයි. සම්පජාන මුසාවාදය කිරීමෙන් උපදී ද නැතහොත් නො කිරිමෙන්දැයි කියායි. දන්නා තැනැත්තේ කිරීමෙනියි කියයි. ඉක්බිති (මෙසේ) කිවයුතුයි. ප්‍රකට නො කරන තැනැත්තා කවර ක්‍රියාවක් කරයි ද, කියායි. ඒකාන්තයෙන් ක්‍රියාව නො දන්නේ විනාශයට පැමිණෙන්නේය. ඉක්බිති මේ සූත්‍රයාගේ අර්ථයෙන් දැක්විය යුතුයි. මේ වනාහි මෙහි අර්ථයයි. යම් සම්පජාන මුසාවාදයක් වේ යැයි කියන ලද ද එය ආපත්ති වශයෙන් කුමක් වේද කවර ආපත්තියක් වේ ද යනු අර්ථයි. දුක්කටාපත්තියක් වෙයි. එය ද වනාහි මුසාවාද ලක්ෂණයෙහි, භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙන් වනාහි වචී ද්වාරයෙහි අකිරියව උපදනා ආපත්ති වේයැයි දතයුතුයි. මෙය ද කියන ලදී :
“අනාලපන්තො මනුජෙන කෙනචි, වාචාගිරං නො ච පරෙ භණෙය්ය; ආපජ්ජෙය්ය වාචසිකං න කායිකං, පඤ්හා මෙසා කුසලෙහි චින්තිතා”ති. (පටි· 479);
අකාලපන්තො මනුජෙන කෙනචි වාචා ගිරං නො ච පරෙ භණෙය්ය ආපජ්ජෙය්ය වාචසිකං න කායිකං පඤ්හාවෙසා කුසලෙහි චින්තිතා’ති
කිසියම් මනුෂ්‍යයකු සමග කථා නො කරන්නේ අන්‍යයන්ට වචනයක් නො කියයි ද වාචසික ඇවතට පැමිණෙන්නේය. කායික ඇවතට නො පැමිණෙන්නේය යන මේ ප්රශ්නය දක්ෂයන් විසින් සිතන ලදී යනුයි.
එවං අකුසලං වචීකම්මං න මනොද්වාරෙ සමුට්ඨාතීති නිට්ඨමෙත්ථ ගන්තබ්බං.
මෙසේ අකුශල වචීකර්මය මනෝද්වාරයෙහි නූපදී යැයි මෙහි නිගමනයට පැමිණිය යුතුයි.
යදා පන අභිජ්ඣාසහගතෙන චෙතසා කායඞ්ගං චොපෙන්තො හත්ථග්ගාහාදීනි කරොති, බ්යාපාදසහගතෙන චෙතසා දණ්ඩපරාමාසාදීනි, මිච්ඡාදිට්ඨිසහගතෙන චෙතසා ‘ඛන්දසිවාදයො සෙට්ඨා’ති තෙසං අභිවාදනඅඤ්ජලිකම්මභූතපීඨකපරිභණ්ඩාදීනි කරොති, තදා කම්මං මනොකම්මං හොති, ද්වාරං පන කායද්වාරං. එවං අකුසලං මනොකම්මං කායද්වාරෙ සමුට්ඨාති. චෙතනා පනෙත්ථ අබ්බොහාරිකා.
යම් කලෙක්හි වනාහි අභිධ්‍යා සහගත සිතින් කායාංග චලනය කරනුයේ අත්ගැනීම් ආදිය කරයි ද, ව්‍යාපාද සහගත සිතින් දඬු පරාමර්ශනය ආදිය කරයි ද, මිථ්‍යාදෘෂ්ටි සහගත සිතින් කඳකුමර ශිව ආදීහූ ශ්‍රේෂ්ඨයයි ඔවුන්ට වැඳීම ඇඳිලි බැඳීම භූතයන් සඳහා දෙන පිඬු දීම පිරිබඩ කිරීම ආදිය කරයි ද, එකල්හි කර්මය මනෝකර්ම වෙයි. ද්වාරය වනාහි කාය ද්වාරයයි. මෙසේ අකුශල මනෝකර්මය කාය ද්වාරයෙහි උපදී. මෙහි චේතනා වනාහි අබ්බොහාරිකය.
යදා පන අභිජ්ඣාසහගතෙන චෙතසා වාචඞ්ගං චොපෙන්තො ‘අහො වත යං පරස්ස, තං මමස්සා’ති පරවිත්තූපකරණං අභිජ්ඣායති, බ්යාපාදසහගතෙන චෙතසා ‘ඉමෙ සත්තා හඤ්ඤන්තු වා, බජ්ඣන්තු වා, උච්ඡිජ්ජන්තු වා, මා වා අහෙසු’න්ති වදති, මිච්ඡාදිට්ඨිසහගතෙන චෙතසා ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨ’න්තිආදීනි වදති, තදා කම්මං මනොකම්මං හොති, ද්වාරං පන වචීද්වාරං. එවං අකුසලං මනොකම්මං වචීද්වාරෙ සමුට්ඨාති. චෙතනා පනෙත්ථ අබ්බොහාරිකා.
යම්කලෙක්හි වනාහි අභිධ්‍යා සහගත සිතින් වාචාංග චලනය කරනුයේ යමක් අනුන්ට (අයත්) වේද එය මට (අයත්) වේ නම් ඉතා යහපතැයි අන්‍යයාගේ ධනය උපකරණ පිළිබඳව දැඩිව ලෝභ කරයි ද, ව්‍යාපාද සහගත සිතින් මේ සත්ත්වයෝ නැසෙත්වා. වඳ වෙත්වා. විනාශ වෙත්වා. නැතිවෙත්වායි කියයි ද, මිථ්‍යාදෘෂ්ටි සහගත සිතින් දුන් දෙයෙහි විපාක නැත. යාගයෙහි විපාක නැත ආදිය කියයි ද, එකල්හි කර්මය මනෝකර්ම වෙයි. ද්වාරය වනාහි වචී ද්වාරයයි. මෙසේ අකුශල මනෝකර්මය වචී ද්වාරයේ උපදී. මෙහි චේතනාව වනාහි ගණන් නො ගත යුතුය.
යදා පන කායඞ්ගවාචඞ්ගානි අචොපෙත්වා රහො නිසින්නො අභිජ්ඣාබ්යාපාදමිච්ඡාදිට්ඨිසහගතානි චිත්තානි උප්පාදෙති, තදා කම්මං මනොකම්මං, ද්වාරම්පි මනොද්වාරමෙව. එවං අකුසලං මනොකම්මං මනොද්වාරෙ සමුට්ඨාති. ඉමස්මිං පන ඨානෙ චෙතනාපි චෙතනාසම්පයුත්තකා ධම්මාපි මනොද්වාරෙයෙව සමුට්ඨහන්ති. එවං අකුසලං මනොකම්මං තීසුපි ද්වාරෙසු සමුට්ඨාතීති වෙදිතබ්බං.
යම්කලෙක වනාහි කායාංග වාචාංගයන් චලනය නො කොට රහසිගතව හිඳ අභිධ්‍යා ව්‍යාපාද මිථ්‍යාදෘෂ්ටි සහගත සිත් උපදවයි ද එකල්හි කර්මය මනෝ කර්මයි. ද්වාරය ද මනෝද්වාරයමය. මෙසේ අකුශල මනෝකර්මය මනෝද්වාරයෙහි උපදී. මෙතැන වනාහි චේතනාව ද චේතනා සම්ප්‍රයුක්ත ධර්මයෝ ද මනෝ ද්වාරයෙහිම උපදිත්. මෙසේ අකුශල මනෝකර්මය ද්වාරත්රයෙහිම උපදීයැයි දතයුතුයි.
යං පන වුත්තං ‘තථා කුසලානි කායවචීමනොකම්මානී’ති, තත්රායං නයො – යදා හි කෙනචි කාරණෙන වත්තුං අසක්කොන්තො ‘පාණාතිපාතා අදින්නාදානා කාමෙසුමිච්ඡාචාරා පටිවිරමාමී’ති ඉමානි සික්ඛාපදානි හත්ථමුද්දාය ගණ්හාති, තදා කම්මං කායකම්මං ද්වාරම්පි කායද්වාරමෙව. එවං කුසලං කායකම්මං කායද්වාරෙ සමුට්ඨාති. තෙහි චිත්තෙහි සහගතා අනභිජ්ඣාදයො චෙතනාපක්ඛිකා වා හොන්ති, අබ්බොහාරිකා වා.
‘කාය වාක් මනෝකර්ම වූ කුශලයෝ ද එසේ යැ’යි යමක් කියන ලද ද, එහි මේ නයයි. යම්කලෙක්හි වනාහි කිසියම් හේතුවකින් කියන්නට නොහැකිව ප්‍රාණඝාත අදින්නාදාන කාමමිථ්‍යාචාරයන්ගෙන් වෙන්වෙමියි මේ ශික්ෂාපදයන් හස්තමුද්‍රාවෙන් ගනී ද, එකල්හි කර්මය කායකර්‍මයි. ද්වාරය ද කායද්වාරයමය. මෙසේ කුශල කායකර්මය කායද්වාරයෙහි උපදී. ඒ සිත් සමග අභිධ්යාදීහු චේතනාපාක්ෂික හෝ අබ්බෝහාරික වෙත්.
යදා පන තානෙව සික්ඛාපදානි වචීභෙදං කත්වා ගණ්හාති, තදා කම්මං කායකම්මං, ද්වාරං පන වචීද්වාරං හොති. එවං කුසලං කායකම්මං වචීද්වාරෙ සමුට්ඨාති. තෙහි චිත්තෙහි සහගතා අනභිජ්ඣාදයො චෙතනාපක්ඛිකා වා හොන්ති, අබ්බොහාරිකා වා.
යම්කලෙක වනාහි ඒ ශික්ෂාපදයන්ම වාග්භේද කොට ගනී ද, එකල්හි කර්මය කායකර්‍මයි. ද්වාරය වනාහි වචීද්වාරය වෙයි. මෙසේ කුශල කායකර්මය වාග් ද්වාරයෙහි උපදී. ඒ සිත් හා සහගත වූ අනභිධ්යාදීහු චේතනා පාක්ෂික හෝ අබ්බෝහාරික වෙත්.
යදා පන තෙසු සික්ඛාපදෙසු දිය්යමානෙසු කායඞ්ගවාචඞ්ගානි අචොපෙත්වා මනසාව ‘පාණාතිපාතා අදින්නාදානා කාමෙසුමිච්ඡාචාරා පටිවිරමාමී’ති ගණ්හාති, තදා කම්මං කායකම්මං, ද්වාරං පන මනොද්වාරං හොති. එවං කුසලං කායකම්මං මනොද්වාරෙ සමුට්ඨාති. තෙහි චිත්තෙහි සහගතා අනභිජ්ඣාදයො චෙතනාපක්ඛිකා වා හොන්ති, අබ්බොහාරිකා වා.
යම්කලෙක වනාහි ඒ ශික්ෂාපදයන් දෙනු ලබන කල්හි කාය වාචාංගත් චලනය නො කොට සිතින්ම ප්‍රාණඝාත අදින්නාදාන කාමමිථ්‍යාචාරයන්ගෙන් වෙන්වෙමියි ගනී ද, එකල්හි කර්මය කායකර්‍මයි. ද්වාරය වනාහි මනෝද්වාරය වෙයි. මෙසේ කුශල කායකර්මය මනෝද්වාරයෙහි උපදී. ඒ සිත් හා සහගත වූ අනභිධ්යාදීහු චේතනාපාක්ෂික හෝ අබ්බෝහාරික වෙත්.
‘මුසාවාදා වෙරමණී’ආදීනි පන චත්තාරි සික්ඛාපදානි වුත්තනයෙනෙව කායාදීහි ගණ්හන්තස්ස කුසලං වචීකම්මං තීසු ද්වාරෙසු සමුට්ඨාතීති වෙදිතබ්බං. ඉධාපි අනභිජ්ඣාදයො චෙතනාපක්ඛිකා වා හොන්ති, අබ්බොහාරිකා වා.
මුසාවාද වේරමණී ආදී වූ සතර ශික්ෂාපදයන් කියන ලද ක්‍රමයෙන්ම කායාදියෙන් ගන්නාගේ කුශල වචීකර්මය ද්වාත්රයෙහිම උපදී යැයි දතයුතුයි. මෙහිදී අනභිධ්යාදීහු චේතනා පාක්ෂික හෝ අබ්බෝහාරික වෙත්.
අනභිජ්ඣාදිසහගතෙහි පන චිත්තෙහි කායඞ්ගං චොපෙත්වා චෙතියඞ්ගණසම්මජ්ජනගන්ධමාලාදිපූජනචෙතියවන්දනාදීනි කරොන්තස්ස කම්මං මනොකම්මං හොති, ද්වාරං පන කායද්වාරං. එවං කුසලං මනොකම්මං කායද්වාරෙ සමුට්ඨාති. චෙතනා පනෙත්ථ අබ්බොහාරිකා. අනභිජ්ඣාසහගතෙන චිත්තෙන වාචඞ්ගං චොපෙත්වා ‘අහො වත යං පරස්ස විත්තූපකරණං න තං මමස්සා’ති අනභිජ්ඣායතො අබ්යාපාදසහගතෙන චිත්තෙන ‘සබ්බෙ සත්තා අවෙරා අබ්යාබජ්ඣා අනීඝා සුඛී අත්තානං පරිහරන්තූ’ති වදන්තස්ස සම්මාදිට්ඨිසහගතෙන චිත්තෙන ‘අත්ථි දින්න’න්තිආදීනි උදාහරන්තස්ස කම්මං මනොකම්මං හොති, ද්වාරං පන වචීද්වාරං. එවං කුසලං මනොකම්මං වචීද්වාරෙ සමුට්ඨාති. චෙතනා පනෙත්ථ අබ්බොහාරිකා. කායඞ්ගවාචඞ්ගානි පන අචොපෙත්වා රහො නිසින්නස්ස මනසාව අනභිජ්ඣාදිසහගතානි චිත්තානි උප්පාදෙන්තස්ස කම්මං මනොකම්මං, ද්වාරම්පි මනොද්වාරමෙව. එවං කුසලං මනොකම්මං මනොද්වාරෙ සමුට්ඨාති. ඉමස්මිං පන ඨානෙ චෙතනාපි චෙතනාසම්පයුත්තකා ධම්මාපි මනොද්වාරෙයෙව සමුට්ඨහන්ති.
අනභිධ්යාදිය සහගත වූ සිතින් කායාංගය චලනයකොට සෑමළු හැමදීම සුවඳමල් ආදිය පිදීම, චෛත්‍ය වන්දනා ආදිය කරන්නාගේ කර්මය මනෝකර්මය වෙයි. මෙසේ කුශල මනෝකර්මය කායද්වාරයෙහි උපදී. මෙහි චේතනාව වනාහි අබ්බෝහාරිකය. අනභිධ්‍යාසහගත සිතින් වාචා චෝපනය කොට අන්‍යයාගේ යම් ධනයක් උපකරණයක් වේ නම් එය මාගේ වේවායි විෂම ලෝභ නො කරන්නාගේ අව්‍යාපාද සහගත සිතින් සියලු සත්ත්වයෝ අවෛරි වූවාහු ව්‍යාපාද රහිත වූවාහු නිදුක් වූවාහු සුවසේ තමන් පරිහරණය කෙරෙත්වායි කියන්නාගේ, සම්‍යක් දෘෂ්ටි සහගත සිතින් දුන් දෙයෙහි විපාක ඇතැයි ආදිය කියන්නාගේ කර්මය මනෝකර්මය වෙයි. ද්වාරය වනාහි වචී ද්වාරයයි. මෙසේ කුශල මනෝකර්මය වචී ද්වාරයෙහි උපදී. මෙහි චේතනාව වනාහි අබ්බොහාරිකය. කායාංග වාචාංගයන් චලනය නො කොට රහසිගතව හිඳ සිතින්ම අනභිධ්යාදි සහගත සිත් උපදවන්නාගේ කර්මය මනෝකර්මයයි. ද්වාරය ද මනෝද්වාරයමය. මෙසේ කුශල මනෝකර්මය මනෝද්වාරයෙහි උපදී. මෙතැන වනාහි චේතනාව ද චේතනා සම්ප්‍රයුක්ත ධර්මයෝ ද මනෝද්වාරයෙහිම උපදිත්.
තත්ථ ආණත්තිසමුට්ඨිතෙසු පාණාතිපාතඅදින්නාදානෙසු කම්මම්පි කායකම්මං ද්වාරම්පි කම්මවසෙනෙව කායද්වාරන්ති වදන්තො කම්මං රක්ඛති, ද්වාරං භින්දති නාම. හත්ථමුද්දාය සමුට්ඨිතෙසු මුසාවාදාදීසු ද්වාරම්පි කායද්වාරං, කම්මම්පි ද්වාරවසෙනෙව කායකම්මන්ති වදන්තො ද්වාරං රක්ඛති කම්මං භින්දති නාම. තස්මා ‘කම්මං රක්ඛාමී’ති ද්වාරං න භින්දිතබ්බං, ‘ද්වාරං රක්ඛාමී’ති කම්මං න භින්දිතබ්බං. යථාවුත්තෙනෙව පන නයෙන කම්මඤ්ච ද්වාරඤ්ච වෙදිතබ්බං. එවං කථෙන්තො හි නෙව කම්මං න ද්වාරං භින්දතීති.
එහි අණ කිරීමකින් උපන් ප්‍රාණඝාත අදින්නාදාන ආදියෙහි කර්මය ද කායකර්මයයි ද්වාරය ද කර්ම වශයෙන්ම කායද්වාරය යැයි කියනුයේ කර්මය රකී. ද්වාරය බිඳී නම්, හස්ත මුදාවෙන් උපන් මුසාවාදාදියෙහි ද්වාරය ද කායද්වාරයයි. කර්මය ද ද්වාර වශයෙන්ම කියනුයේ ද්වාරය රකී කර්මය බිඳී නම් වේ. එහෙයින් කර්මය රකිමියි වාරය නො බිඳිය යුතුයි. ද්වාරය රකිමියි කර්මය නො බිඳිය යුතුයි. මේ කියන ලද නයින්ම වනාහි කර්මය ද ද්වාරය ද දතයුතුයි. මෙසේ කියනුයේ වනාහි කර්මයත් නො බිඳී ද්වාරයත් නො බිඳී යනුයි.
කම්මකථා නිට්ඨිතා.
කර්ම කථාව නිමියේ ය.
ඉදානි ‘පඤ්ච විඤ්ඤාණානි පඤ්චවිඤ්ඤාණද්වාරානී’තිආදීසු චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණන්ති ඉමානි පඤ්ච විඤ්ඤාණානි නාම. චක්ඛුවිඤ්ඤාණද්වාරං සොත… ඝාන… ජිව්හා… කායවිඤ්ඤාණද්වාරන්ති ඉමානි පඤ්ච විඤ්ඤාණද්වාරානි නාම. ඉමෙසං පඤ්චන්නං ද්වාරානං වසෙන උප්පන්නා චෙතනා නෙව කායකම්මං හොති, න වචීකම්මං, මනොකම්මමෙව හොතීති වෙදිතබ්බා. චක්ඛුසම්ඵස්සො සොත… ඝාන… ජිව්හා… කාය… මනොසම්ඵස්සොති ඉමෙ පන ඡ සම්ඵස්සා නාම. චක්ඛුසම්ඵස්සද්වාරං සොත… ඝාන… ජිව්හා… කාය… මනොසම්ඵස්සද්වාරන්ති ඉමානි ඡ සම්ඵස්සද්වාරානි නාම.
දැන් පංචවිඤ්ඤාණ පංචවිඤ්ඤාණද්වාර ආදියෙහි චක්ඛු විඤ්ඤාණය සෝත විඤ්ඤාණය ඝාණ විඤ්ඤාණය ජිව්හා විඤ්ඤාණය කාය විඤ්ඤාණය යන මේවා පංච විඤ්ඤාණ නම් වේ. චක්ඛු විඤ්ඤාණ ද්වාරය සෝත - ඝාණ - ජිව්හා කාය විඤ්ඤාණ ද්වාරය යැයි යන මේවා පංච විඤ්ඤාණ ද්වාර නම් වේ. මේ පංච ද්වාරයන්ගේ වශයෙන් උපන් චේතනාව කායකර්මය නොවේමය. වචී කර්මය ද නොවේ. මනෝකර්මයම වන්නේයැයි දතයුතුයි. චක්ඛු සම්ඵස්සය සෝත-ඝාණ-ජිව්හා-කාය සම්ඵස්ස යන මේවා වනාහි ෂඩ් ස්පර්ශයේ නමි. චක්ඛු සම්ඵස්ස ද්වාරය යන මේවා ෂට් ස්පර්ශද්වාර නම් වේ.
චක්ඛුඅසංවරො සොත… ඝාන… ජිව්හා… පසාදකාය… චොපනකායඅසංවරො වාචාඅසංවරො මනොඅසංවරොති – ඉමෙ අට්ඨ අසංවරා නාම. තෙ අත්ථතො ‘දුස්සීල්යං මුට්ඨස්සච්චං අඤ්ඤාණං අක්ඛන්ති කොසජ්ජ’න්ති ඉමෙ පඤ්ච ධම්මා හොන්ති. තෙසු එකධම්මොපි පඤ්චද්වාරෙ වොට්ඨබ්බනපරියොසානෙසු චිත්තෙසු නුප්පජ්ජති, ජවනක්ඛණෙයෙව උප්පජ්ජති. ජවනෙ උප්පන්නොපි පඤ්චද්වාරෙ අසංවරොති වුච්චති.
චක්ඛු අසංවරය, සෝත-ඝාණ -ජිව්හා-පසාද කාය-වෝපන කාය අසංවරය, වාචා අසංවරය, මනෝ අසංවරය යන මේ අට අසංවර නමි. ඔව්හු අර්ථ වශයෙන් දුශ්ශීල බව, සිහිමුළා බව, අඥාන බව, නො ඉවසීම, කුසීත බව යන මේ පංච ධර්මයෝ වෙත්. ඔවනතුරෙන් එක් ධර්මයක්වත් පංචද්වාරයෙහි වොත්ථපනය අවසන්කොට ඇති සිත්වල නූපදී. ජවන ක්ෂණයෙහිම උපදී. ජවනයෙහි උපන්නේ ද පංචද්වාරයෙහි අසංවර යැයි කියනු ලැබේ.
චක්ඛුවිඤ්ඤාණසහජාතො හි ඵස්සො චක්ඛුසම්ඵස්සො නාම, චෙතනා මනොකම්මං නාම, තං චිත්තං මනොකම්මද්වාරං නාම. එත්ථ පඤ්චවිධො අසංවරො නත්ථි . සම්පටිච්ඡනසහජාතො ඵස්සො මනොසම්ඵස්සො නාම, චෙතනා මනොකම්මං නාම, තං චිත්තං මනොකම්මද්වාරං නාම. එත්ථාපි අසංවරො නත්ථි. සන්තීරණවොට්ඨබ්බනෙසුපි එසෙව නයො. ජවනසහජාතො පන ඵස්සො මනොසම්ඵස්සො නාම, චෙතනා මනොකම්මං නාම, තං චිත්තං මනොකම්මද්වාරං නාම. එත්ථ අසංවරො චක්ඛුඅසංවරො නාම හොති. සොතඝානජිව්හාපසාදකායද්වාරෙසුපි එසෙව නයො. යදා පන රූපාදීසු අඤ්ඤතරාරම්මණං මනොද්වාරිකජවනං විනා වචීද්වාරෙන සුද්ධං කායද්වාරසඞ්ඛාතං චොපනං පාපයමානං උප්පජ්ජති, තදා තෙන චිත්තෙන සහජාතො ඵස්සො මනොසම්ඵස්සො නාම, චෙතනා කායකම්මං නාම, තං පන චිත්තං අබ්බොහාරිකං, චොපනස්ස උප්පන්නත්තා මනොද්වාරන්ති සඞ්ඛ්‍යං න ගච්ඡති. එත්ථ අසංවරො චොපනකායඅසංවරො නාම. යදා තාදිසංයෙව ජවනං විනා කායද්වාරෙන සුද්ධං වචීද්වාරසඞ්ඛාතං චොපනං පාපයමානං උප්පජ්ජති, තදා තෙන චිත්තෙන සහජාතො ඵස්සො මනොසම්ඵස්සො නාම, චෙතනා වචීකම්මං නාම, තං පන චිත්තං අබ්බොහාරිකං, චොපනස්ස උප්පන්නත්තා මනොද්වාරන්ති සඞ්ඛ්‍යං න ගච්ඡති. එත්ථ අසංවරො වාචාඅසංවරො නාම. යදා පන තාදිසං ජවනචිත්තං විනා කායවචීද්වාරෙහි සුද්ධං මනොද්වාරමෙව හුත්වා උප්පජ්ජති, තදා තෙන චිත්තෙන සහජාතො ඵස්සො මනොසම්ඵස්සො නාම, චෙතනා මනොකම්මං නාම, තං පන චිත්තං මනොකම්මද්වාරං නාම. එත්ථ අසංවරො මනොඅසංවරො නාම. ඉති ඉමෙසං අට්ඨන්නං අසංවරානං වසෙන චක්ඛුඅසංවරද්වාරං, සොත… ඝාන… ජිව්හා… පසාදකාය… චොපනකාය… වාචා… මනොඅසංවරද්වාරන්ති ඉමානි අට්ඨ අසංවරද්වාරානි වෙදිතබ්බානි.
චක්ඛු විඤ්ඤාණ සහජාත වූ ඵස්සය වනාහි චක්ඛු සම්ඵස්ස නමි. චේතනාව මනෝකර්ම නමි. ඒ සිත මනෝකම්මද්වාර නමි. චේතනාව මනෝකම්ම නමි. එහි පංචවිධ අසංවරය නැත. සම්පටිච්ඡනය සමග උපන් ඵස්ස මනෝ සම්ඵස්ස නමි. චේතනාව මනෝකර්ම නමි. ඒ සිත මනෝකර්ම ද්වාර නමි. මෙහි ද අසංවරයක් නම් නැත. සන්තීරණ වොත්ථපනයන්හි ද මේ නයමය. ජවනය සමග උපන් ඵස්සය වනාහි මනෝසම්ඵස්ස නමි. චේතනාව මනෝකර්ම නමි. සිත මනෝකර්මද්වාර නමි. මෙහි අසංවරය චක්ඛු අසංවර නම් වෙයි. සෝත - ඝාණ - ජිව්හා පසාද කාය ද්වාරයන්හි ද මේ නයමය. යම්කලෙක වනාහි රූපාදිය අතුරෙන් එක්තරා අරමුණක් ඇති මනෝද්වාරික ජවනය වචී ද්වාරයෙන් තොරව සුද්ධකායද්වාර සංඛ්‍යාත චලනයට පමුණුවමින් උපදී ද, එකල්හි ඒ සිත සමග සහජාත වූ ඵස්සය මනෝ සම්ඵස්සය නමි. චේතනාව කාය කර්මය නමි. ඒ සිත වනාහි අබ්බොහාරිකය, චලනය උපන් බැවින් මනෝද්වාර යන නමට පැමිණෙයි. මෙහි අසංවරය සෙලවෙන කාය අසංවරය නමි. යම්කලෙක එවැනිම ජවනයක් කායද්වාරයෙන් තොරව සුද්ධ වචීද්වාර සංඛ්‍යාත සෙලවීමට පමුණුවමින් උපදී ද එකල්හි ඒ සිත හා සහජාත වූ ඵස්සය මනෝ සම්ඵස්සය නමි. චේතනාව වචීකර්මය නමි. ඒ සිත වනාහි අබ්බොහාරිකය. චලනය උපන් හෙයින් මනෝද්වාර යන නමට නො පැමිණෙයි. මෙහි අසංවරය වාචා අසංවරය නමි. යම්කලෙක වනාහි ජවන සිත කායවචී ද්වාරයන්ගෙන් තොරව සුද්ධ මනෝද්වාරයම වී උපදී ද එකල්හි ඒ සිත සමග සහජාත වූ ස්පර්ශය මනෝ මනෝසම්ඵස්සය නමි. චේතනාව මනෝකර්මය නමි. සිත මනෝකර්මද්වාරය නමි. මෙහි අසංවරය මනෝ අසංවරය නමි. මේ අට අසංවරයන්ගේ වශයෙන් චක්ඛු අසංවර ද්වාරය සෝත-ඝාණ -ජිව්හා-පසාදකාය-චෝපනකාය-වාචා-මනෝ අසංවර ද්වාරය යැයි මේ අට අසංවරයෝ දතයුත්තාහ. චක්ඛු සංවරය සෝත - ඝාණ ජීව්හා - පසාදකාය - වෝපනකාය - වාචා මනෝ අසංවර ද්වාරය යැයි මේ අට අසංවරයෝ දතයුත්තාහ.
චක්ඛුසංවරො සොත… ඝාන… ජිව්හා… පසාදකාය… චොපනකාය… වාචා… මනොසංවරොති ඉමෙ පන අට්ඨ සංවරා නාම. තෙ අත්ථතො ‘සීලං සති ඤාණං ඛන්ති වීරිය’න්ති ඉමෙ පඤ්ච ධම්මා හොන්ති. තෙසුපි එකධම්මොපි පඤ්චද්වාරෙ වොට්ඨබ්බනපරියොසානෙසු චිත්තෙසු නුප්පජ්ජති. ජවනක්ඛණෙයෙව උප්පජ්ජති. ජවනෙ උප්පන්නොපි පඤ්චද්වාරෙ සංවරොති වුච්චති. තස්ස සබ්බස්සාපි චක්ඛුවිඤ්ඤාණසහජාතො හි ඵස්සො චක්ඛුසම්ඵස්සොතිආදිනා අසංවරෙ වුත්තනයෙනෙව උප්පත්ති වෙදිතබ්බා. ඉති ඉමෙසං අට්ඨන්නං සංවරානං වසෙන චක්ඛුසංවරද්වාරං…පෙ… මනොසංවරද්වාරන්ති ඉමානි අට්ඨ සංවරද්වාරානි වෙදිතබ්බානි.
චක්ඛු සංවරය සෝත ඝාණ-ජිව්හා-පසාදකාය-වෝපනකාය-වාචා-මනෝ සංවරයැයි යන මේවා වනාහි අෂ්ට සංවර නමි, ඔව්හු අර්ථ වශයෙන් සීල සති ඤාණ ඛන්ති විරිය යැයි මේ පංච ධර්මයෝ වෙත්. ඔවුනතුරෙන් ද එකම ධර්මයක්වත් වොත්ථපනය කෙළවර කොට ඇති පංචද්වාර සිත්හි නූපදී. ජවන ක්ෂණයෙහිම උපදී. ජවනයෙහි උපන්නේ නමුදු පංචද්වාරයෙහි සංවරය යැයි කියනු ලැබේ. ඒ සියල්ලන්ගේම චක්ඛුවිඤ්ඤාණ සහජාත ස්පර්ශය වනාහි චක්ඛු සම්ඵස්ස යයි යන ආදියෙන් අසංවරයෙහි කියන ලද නයින්ම උත්පත්තිය දතයුතුයි. මෙසේ මේ අටවැදෑරුම් සංවරයන්ගේ වශයෙන් චක්ඛු සංවර ද්වාරය -පෙ- මනෝසංවර ද්වාරය යැයි මේ අට සංවරයෝ යැයි දතයුත්තාහ.