යෙදුමෙන් කියවන්න

කායකම‍්මද‍්වාරකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

කායකම‍්මද‍්වාරකථා

කායකම්මද්වාරකථා

ඉමස‍්ස පනත්‍ථස‍්ස පකාසනත්‍ථං ඉමස‍්මිං ඨානෙ මහාඅට‍්ඨකථායං ද‍්වාරකථා කථිතා. තත්‍ථ තීණි කම‍්මානි, තීණි කම‍්මද‍්වාරානි, පඤ‍්ච විඤ‍්ඤාණානි, පඤ‍්ච විඤ‍්ඤාණද‍්වාරානි, ඡ ඵස‍්සා, ඡ ඵස‍්සද‍්වාරානි, අට‍්ඨ අසංවරා, අට‍්ඨ අසංවරද‍්වාරානි, අට‍්ඨ සංවරා, අට‍්ඨ සංවරද‍්වාරානි, දස කුසලකම‍්මපථා, දස අකුසලකම‍්මපථාති, ඉදං එත‍්තකං ද‍්වාරකථාය මාතිකාඨපනං නාම.

මෙහි අර්ථය ප්‍රකාශ කිරීම පිණිස මෙතැන දී මහා අට්ඨකථාවේ ද්වාර කථාව කියන ලදී. එහි කර්ම තුනකි. කර්මද්වාර තුනකි. විඥාන පසෙකි. විඥාන ද්වාර පසෙකි. ස්පර්ෂ සයෙකි. ස්පර්ශද්වාර පසෙකි. අසංවර අටෙකි. සංවර අටෙකි. සංවරද්වාර අටෙකි. කුශල කර්මපථ දශයෙකි. අකුශල කර්මපථ දශයෙකි යැයි මෙය මෙතෙක් ද්වාර කථාවෙහි මාතෘකා තැබීම නමි.

තත්‍ථ කිඤ‍්චාපි තීණි කම‍්මානි පඨමං වුත‍්තානි, තානි පන ඨපෙත්‍වා ආදිතො තාව තීණි කම‍්මද‍්වාරානි භාජෙත්‍වා දස‍්සිතානි. කතමානි තීණි? කායකම‍්මද‍්වාරං, වචීකම‍්මද‍්වාරං, මනොකම‍්මද‍්වාරන‍්ති.

එහිදී කර්මත්‍රය පළමුවෙන් කියන ලද නමුදු ඒවා තබා පළමුවෙන් කර්මද්වාරත්‍රය බෙදා දක්වන ලදී. කවර තුනෙක් ද? කායකර්ම ද්වාරය වචීකර්ම ද්වාරය, මනෝකර්ම ද්වාරය යනුයි.

තත්‍ථ චතුබ‍්බිධො කායො – උපාදින‍්නකො, ආහාරසමුට‍්ඨානො, උතුසමුට‍්ඨානො, චිත‍්තසමුට‍්ඨානොති. තත්‍ථ චක‍්ඛායතනාදීනි ජීවිතින්‍ද්‍රියපරියන‍්තානි අට‍්ඨ කම‍්මසමුට‍්ඨානරූපානිපි, කම‍්මසමුට‍්ඨානානෙව චතස‍්සො ධාතුයො වණ‍්ණො ගන්‍ධො රසො ඔජාති අට‍්ඨ උපාදින‍්නකකායො නාම. තානෙව අට‍්ඨ ආහාරජානි ආහාරසමුට‍්ඨානිකකායො නාම. අට‍්ඨ උතුජානි උතුසමුට‍්ඨානිකකායො නාම. අට‍්ඨ චිත‍්තජානි චිත‍්තසමුට‍්ඨානිකකායො නාම.

එහි උපාදින්නක ආහාර සමුට්ඨාන, උතු සමුට්ඨාන, චිත්ත සමුට්ඨාන යැයි කාය චතුර්විධය. එහි චක්‍ෂුරායතනය ආදිකොට ඇති ජීවිතේන්‍ද්‍රිය කෙළවරකොට ඇති අට ද කම්ම සමුට්ඨාන රූපයෝ ද කම්ම සමුට්ඨානයෝමය. සතර ධාතු වර්ණ ගන්ධ රස ඕජා යන අට උපාදින්නකාය නමි. ආහාරයෙන් හටගත් ඒ අටම ආහාර සමුට්ඨානික කාය නමි. සෘතුයෙන් හටගත් අට උතුසමුට්ඨානික කාය නමි. සිතින් හටගත් අට චිත්ත සමුට්ඨානික කාය නමි.

තෙසු කායකම‍්මද‍්වාරන‍්ති නෙව උපාදින‍්නකකායස‍්ස නාමං න ඉතරෙසං. චිත‍්තසමුට‍්ඨානෙසු පන අට‍්ඨසු රූපෙසු එකා විඤ‍්ඤත‍්ති අත්‍ථි, ඉදං කායකම‍්මද‍්වාරං නාම. යං සන්‍ධාය වුත‍්තං – “කතමං තං රූපං කායවිඤ‍්ඤත‍්ති? යා කුසලචිත‍්තස‍්ස වා, අකුසලචිත‍්තස‍්ස වා, අබ්‍යාකතචිත‍්තස‍්ස වා, අභික‍්කමන‍්තස‍්ස වා පටික‍්කමන‍්තස‍්ස වා, ආලොකෙන‍්තස‍්ස වා විලොකෙන‍්තස‍්ස වා, සමිඤ‍්ජෙන‍්තස‍්ස වා පසාරෙන‍්තස‍්ස වා, කායස‍්ස ථම‍්භනා සන්‍ථම‍්භනා සන්‍ථම‍්භිතත‍්තං, විඤ‍්ඤත‍්ති විඤ‍්ඤාපනා විඤ‍්ඤාපිතත‍්තං, ඉදං තං රූපං කායවිඤ‍්ඤත‍්තී”ති (ධ· ස· 720). ‘අභික‍්කමිස‍්සාමි පටික‍්කමිස‍්සාමී’ති හි චිත‍්තං උප‍්පජ‍්ජමානං රූපං සමුට‍්ඨාපෙති. තත්‍ථ යා පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු තන‍්නිස‍්සිතො වණ‍්ණො ගන්‍ධො රසො ඔජාති ඉමෙසං අට‍්ඨන‍්නං රූපකලාපානං අබ‍්භන‍්තරෙ චිත‍්තසමුට‍්ඨානා වායොධාතු, සා අත‍්තනා සහජාතං රූපකායං සන්‍ථම‍්භෙති සන්‍ධාරෙති චාලෙති අභික‍්කමාපෙති පටික‍්කමාපෙති.

ඔවුනතුරෙන් කාය කර්මද්වාර යනු උපාදින්නක කායට නමක් නොවේමය. අන් ඒවාට ද නමක් නොවේ. චිත්ත සමුට්ඨාන වූ රූප අටෙහි එක් විඥප්තියක් ඇත. එය කාය කම්මද්වාර නමි. එය සඳහා කියන ලදී. ‘ඒ රූපකාය විඥප්තිය කුමක් ද? කුශල සිතේ හෝ අකුශල සිතේ හෝ අව්‍යාකෘත සිතේ හෝ ඉදිරියට යන්නාගේ හෝ ආපසු එන්නාගේ හෝ ඉදිරිය බලන්නාගේ හෝ ආපසු බලන්නාගේ හෝ හකුළන්නාගේ හෝ දිග හරින්නාගේ කයෙහි දැඩිවීමක් විශේෂයෙන් දැඩිවීමක් දැඩි වූ බවත් විඥප්තියක් විඥාපනයක් විඥාපිත බවක් වේ ද, ඒ මේ රූපය කාය විඥප්තියයි යනුයි. ඉදිරියට යමි. ආපසු එමි යැයි උපදනා සිත රූපය උපදවයි. එහි පඨවී ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ඒ ඇසුරු කළ වර්ණ ගන්ධ රස ඕජා යන අට වැදෑරුම් රූපයන්ගේ අභ්‍යන්තරයෙහි සිතින් උපදනා යම් වායෝ ධාතුවක් වේ ද එය තමා සමග උපන් රූපකාය දැඩි කරවයි දරයි සොලවයි ඉදිරියට යවයි ආපසු එවයි,

තත්‍ථ එකාවජ‍්ජනවීථියං සත‍්තසු ජවනෙසු පඨමචිත‍්තසමුට‍්ඨිතා වායොධාතු අත‍්තනා සහජාතං රූපකායං සන්‍ථම‍්භෙතුං සන්‍ධාරෙතුං සක‍්කොති, අපරාපරං පන චාලෙතුං න සක‍්කොති. දුතියාදීසුපි එසෙව නයො. සත‍්තමචිත‍්තෙන පන සමුට‍්ඨිතා වායොධාතු හෙට‍්ඨා ඡහි චිත‍්තෙහි සමුට‍්ඨිතං වායොධාතුං උපත්‍ථම‍්භනපච‍්චයං ලභිත්‍වා අත‍්තනා සහජාතං රූපකායං සන්‍ථම‍්භෙතුං සන්‍ධාරෙතුං චාලෙතුං අභික‍්කමාපෙතුං පටික‍්කමාපෙතුං ආලොකාපෙතුං විලොකාපෙතුං සම‍්මිඤ‍්ජාපෙතුං පසාරාපෙතුං සක‍්කොති. තෙන ගමනං නාම ජායති, ආගමනං නාම ජායති, ගමනාගමනං නාම ජායති. ‘යොජනං ගතො දසයොජනං ගතො’ති වත‍්තබ‍්බතං ආපජ‍්ජාපෙති.

එහි ඒකාවර්ජන වීථියෙහි ජවන් සිත් සතෙහි පළමු සිතින් උපදවන ලද වායෝ ධාතුව (තමා සමග එකට උපන් රූපකාය) දැඩි කරන්නට දරන්නට හැකිවෙයි. ඔබමොබ චලනය කරන්නට නො හැකි වෙයි. ද්විතීයාදියෙහි ද මේ ක්‍රමයමය. සත්වන සිතින් උපන් (වායෝ ධාතුව) වනාහි යට සිත් සයෙන් උපදවන ලද වායෝධාතුව උපස්ථම්භ ප්‍රත්‍යය ලැබ තමා සමග සහජාත රූපකාය දැඩි කරන්නට දරන්නට චලනය කරන්නට ඉදිරියට යවන්නට ආපසු එවන්නට ඉදිරිය බලන්නට ආපසු බලන්නට හකුළුවන්නට දිගහැරවන්නට හැකිවෙයි. එයින් යෑම (ගමන) නම් ඇතිවෙයි. ඒම (ආගමන) නම් ඇතිවෙයි. (ගමනාගමනය නම් ඇතිවෙයි) යොදුනක් ගියේය. දසයොදුනක් ගියේයැයි කියයුතු බවට පමුණුවයි.

යථා හි සත‍්තහි යුගෙහි ආකඩ‍්ඪිතබ‍්බෙ සකටෙ පඨමයුගෙ යුත‍්තගොණා යුගං තාව සන්‍ථම‍්භෙතුං සන්‍ධාරෙතුං සක‍්කොන‍්ති, චක‍්කං පන නපවට‍්ටෙන‍්ති; දුතියාදීසුපි එසෙව නයො; සත‍්තමයුගෙ පන ගොණෙ යොජෙත්‍වා යදා ඡෙකො සාරථි ධුරෙ නිසීදිත්‍වා යොත‍්තානි ආදාය සබ‍්බපුරිමතො පට‍්ඨාය පතොදලට‍්ඨියා ගොණෙ ආකොටෙති, තදා සබ‍්බෙව එකබලා හුත්‍වා ධුරඤ‍්ච සන්‍ධාරෙන‍්ති චක‍්කානි ච පවට‍්ටෙන‍්ති. ‘සකටං ගහෙත්‍වා දසයොජනං වීසතියොජනං ගතා’ති වත‍්තබ‍්බතං ආපාදෙන‍්ති – එවංසම‍්පදමිදං වෙදිතබ‍්බං.

යම්සේ වනාහි විය සතකින් ඇදිය යුතු ගැලෙහි පළමු වියෙහි යෙදූ ගොන්නු විය දරන්නට පමණක් හැකි වෙති. සක වනාහී නො පෙරළත්. දෙවැන්න ආදියෙහි ද මේ නයමය. සත්වන වියෙහි වනාහි ගොනුන් යොදා දක්‍ෂ රථාචාර්යයෙක් වියගසෙහි හිඳ රැහැන් ගෙන සියල්ලන්ට පළමු (ගොනාගේ) පටන් කෙවිටෙන් අනී. එකල්හි සියලුම ගොන්නු ඒකබලව විය ද දරත්. චක්‍ර ද පෙරළත්. ගැල ගෙන දස යොදුනක්, විසි යොදුනක් ගියහයි කිවයුතු බවට පැමිණෙත්. මෙය ද මෙසේ සිද්ධයැයි දතයුතුයි.

තත්‍ථ යො චිත‍්තසමුට‍්ඨානිකකායො න සො විඤ‍්ඤත‍්ති, චිත‍්තසමුට‍්ඨානාය පන වායොධාතුයා සහජාතං රූපකායං සන්‍ථම‍්භෙතුං සන්‍ධාරෙතුං චාලෙතුං පච‍්චයො භවිතුං සමත්‍ථො එකො ආකාරවිකාරො අත්‍ථි, අයං විඤ‍්ඤත‍්ති නාම. සා අට‍්ඨ රූපානි විය න චිත‍්තසමුට‍්ඨානා. යථා පන අනිච‍්චාදිභෙදානං ධම‍්මානං ජරාමරණත‍්තා, “ජරාමරණං, භික‍්ඛවෙ, අනිච‍්චං සඞ‍්ඛත”න‍්තිආදි (සං· නි· 2.20) වුත‍්තං, එවං චිත‍්තසමුට‍්ඨානානං රූපානං විඤ‍්ඤත‍්තිතාය සාපි චිත‍්තසමුට‍්ඨානා නාම හොති.

එහි යම් චිත්ත සමුට්ඨානික නයක් වේ ද එය විඥප්තිය නොවේ. සිතින් උපන් වායෝ ධාතුව සමග වනාහි සහජාත වූ රූපකාය දැඩි කරන්නට දරන්නට චලනය කරන්නට ප්‍රත්‍යය වන්නට සමත් එක් ආකාර විකාරයක් ඇත. මෙය විඥප්තිය නමි. එය අෂ්ටරූපයන් මෙන් සිතින් උපන්නේ නොවේ. යම් සේ වනාහි අනිත්‍යාදී ප්‍රභේද ඇති ධර්මයන්ගේ ජරාමරණ බැවින් ‘මහණෙනි, ජරාව මරණය අනිත්‍යයයි. හේතුන්ගෙන් හටගන්නා ලදී’ යන ආදිය කියන ලදී. මෙසේ චිත්ත සමුට්ඨාන රූපයන්ගේ විඥප්ත භාවය නිසා එය ද චිත්ත සමුට්ඨාන නම් වෙයි.

විඤ‍්ඤාපනත‍්තා පනෙසා විඤ‍්ඤත‍්තීති වුච‍්චති. කිං විඤ‍්ඤාපෙතීති? එකං කායිකකරණං. චක‍්ඛුපථස‍්මිඤ‍්හි ඨිතො හත්‍ථං වා පාදං වා උක‍්ඛිපති, සීසං වා භමුකං වා චාලෙති, අයං හත්‍ථාදීනං ආකාරො චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යො හොති. විඤ‍්ඤත‍්ති පන න චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා මනොවිඤ‍්ඤෙය්‍යා එව. චක‍්ඛුනා හි හත්‍ථවිකාරාදිවසෙන විප‍්ඵන්‍දමානං වණ‍්ණාරම‍්මණමෙව පස‍්සති. විඤ‍්ඤත‍්තිං පන මනොද‍්වාරිකචිත‍්තෙන චින‍්තෙත්‍වා ‘ඉදඤ‍්චිදඤ‍්ච එස කාරෙති මඤ‍්ඤෙ’ති ජානාති.

මෙය විඥාපනය කරයි ද, එකක් කායික කාරණයයි. ඇස් හමුවෙහි සිටි අයෙක් වනාහි අතක් හෝ පයක් හෝ ඔසවත් ද, හිස හෝ බැම හෝ සොලවත් ද, මේ හස්තාදීන්ගේ ආකාරය චක්‍ෂුර්විඥය වෙයි. විඥප්තිය වනාහි චක්‍ෂුර්විඥෙය්‍ය නොවේ. මනෝ විඥෙය්‍යමය, ඇසින් වනාහි හස්ත විකාරාදී වශයෙන් ස්පන්දනය වන (ගැහෙන-දඟලන) වර්ණාරම්මණයම දක්නා ලැබේ. විඥප්තිය වනාහි මනෝද්වාරික සිතින් සිතා මෙතෙම මේ මේ දේ කරවයි යැයි හඟිමියි යැයි දනියි.

යථා හි අරඤ‍්ඤෙ නිදාඝසමයෙ උදකට‍්ඨානෙ මනුස‍්සා ‘ඉමාය සඤ‍්ඤාය ඉධ උදකස‍්ස අත්‍ථිභාවං ජානිස‍්සන‍්තී’ති රුක‍්ඛග‍්ගෙ තාලපණ‍්ණාදීනි බන්‍ධාපෙන‍්ති, සුරාපානද‍්වාරෙ ධජං උස‍්සාපෙන‍්ති, උච‍්චං වා පන රුක‍්ඛං වාතො පහරිත්‍වා චාලෙති, අන‍්තොඋදකෙ මච‍්ඡෙ චලන‍්තෙ උපරි බුබ‍්බුළකානි උට‍්ඨහන‍්ති, මහොඝස‍්ස ගතමග‍්ගපරියන‍්තෙ තිණපණ‍්ණකසටං උස‍්සාරිතං හොති. තත්‍ථ තාලපණ‍්ණධජසාඛාචලනබුබ‍්බුළකතිණපණ‍්ණකසටෙ දිස‍්වා යථා චක‍්ඛුනා අදිට‍්ඨම‍්පි ‘එත්‍ථ උදකං භවිස‍්සති, සුරා භවිස‍්සති, අයං රුක‍්ඛො වාතෙන පහතො භවිස‍්සති, අන‍්තොඋදකෙ මච‍්ඡො භවිස‍්සති, එත‍්තකං ඨානං අජ‍්ඣොත්‍ථරිත්‍වා ඔඝො ගතො භවිස‍්සතී’ති මනොවිඤ‍්ඤාණෙන ජානාති, එවමෙව විඤ‍්ඤත‍්තිපි න චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා මනොවිඤ‍්ඤෙය්‍යාව. චක‍්ඛුනා හි හත්‍ථවිකාරාදිවසෙන විප‍්ඵන්‍දමානං වණ‍්ණාරම‍්මණමෙව පස‍්සති. විඤ‍්ඤත‍්තිං පන මනොද‍්වාරිකචිත‍්තෙන චින‍්තෙත්‍වා ‘ඉදඤ‍්චිදඤ‍්ච එස කාරෙති මඤ‍්ඤෙ’ති ජානාති.

යම්සේ වනාහි නියං සමයෙහි වනයෙහි දිය ඇති තැන මිනිස්සු මේ සලකුණින් දිය ඇති බව දනිත්යැයි ගස් අග තලපත් ආදිය බඳවත් ද, සුරාසැල්දොර ධ්වජ නංවාලත් ද, වාතය පහර දී ගස මුදුන සොලවයි ද, දිය තුළ මසුන් දඟලද්දී බුබුළු නගීද, මහෝඝයත් (මහදිය දහරක්) ගලාගිය මාර්ගයෙහි තෘණ පත්‍ර සමූහය ගොඩ ගැසුනේ වෙයි ද, එහිදී තලපත් ධ්වජ ශාඛා චලන දියබුබුලු තෘණ පත්‍ර සමූහයන් දැක ඇසින් නො දක්නා ලද දෙය ද යම්සේ මෙහි (ජලය වන්නේ ය, සුරාව වන්නේ ය, මේ වෘක්‍ෂය වාතයෙන් පහරන ලද්දේ වෙයි. දිය තුළ මත්ස්‍යයෙක් වන්නේ ය. මෙතෙක් තැන් පැතිර දියදහර ගියේ වන්නේයැයි මනෝවිඥානයෙන් දනී. මෙපරිද්දෙන්ම විඥප්තිය ද චක්‍ෂුවිඥෙය්‍ය නොවේ. මනෝවිඥෙය්‍යම ය. ඇසින් වනාහි හස්තවිකාරාදී වශයෙන්) ස්ඵන්දනය වන වර්ණාරම්මණයම දකී, විඥප්තිය වනාහි මනෝද්වාරික සිතින් සිතා මෙතෙම මේ මේ දේ කරවයි සිතයි යැයි දැනගනී.

න කෙවලඤ‍්චෙසා විඤ‍්ඤාපනතොව විඤ‍්ඤත‍්ති නාම. විඤ‍්ඤෙය්‍යතොපි පන විඤ‍්ඤත‍්තියෙව නාම. අයඤ‍්හි පරෙසං අන‍්තමසො තිරච‍්ඡානගතානම‍්පි පාකටා හොති. තත්‍ථ තත්‍ථ සන‍්නිපතිතා හි සොණසිඞ‍්ගාලකාකගොණාදයො දණ‍්ඩං වා ලෙඩ‍්ඩුං වා ගහෙත්‍වා පහරණාකාරෙ දස‍්සිතෙ ‘අයං නො පහරිතුකාමො’ති ඤත්‍වා යෙන වා තෙන වා පලායන‍්ති. පාකාරකුට‍්ටාදිඅන‍්තරිකස‍්ස පන පරස‍්ස අපාකටකාලොපි අත්‍ථි. කිඤ‍්චාපි තස‍්මිං ඛණෙ අපාකටා සම‍්මුඛීභූතානං පන පාකටත‍්තා විඤ‍්ඤත‍්තියෙව නාම හොති.

හුදෙක් මෙය විඥාපනයෙන්ම විඥප්ති නම් නොවේ. දතයුතු බැවින් ද වනාහි විඥප්තිම නම් වන්නේය. මෙය වනාහි අන්‍යයන්ගේ ද යටත්පිරිසෙයින් තිරිසන්ගත සතුන්ගේ ද ප්‍රකට වෙයි. ඒ ඒ තැන්හි රැස් වූ බලුසිවල් කපුටුගොන් ආදීහු දණ්ඩක් හෝ කැටක් ගෙන පහර දෙන අයුරු දැක්වූ කල්හි මෙතෙම අපට පහර දෙනු කැමැත්තේ යැයි දැන එහෙ මෙහෙ පලායත්, ප්‍රාකාර බිත්ති ආදියෙන් මුවහ වූ අන්‍යයන්ගේ අප්‍රකට කාලයක් ද ඇත. එකෙණෙහි අප්‍රකට වූයේ නමුදු හමු වූවන්ගේ වනාහි ප්‍රකටභාවයෙන් විඥප්ති නමම වේ.

චිත‍්තසමුට‍්ඨානිකෙ පන කායෙ චලන‍්තෙ තිසමුට‍්ඨානිකො චලති න චලතීති? සොපි තථෙව චලති. තංගතිකො තදනුවත‍්තකොව හොති. යථා හි උදකෙ ගච‍්ඡන‍්තෙ උදකෙ පතිතානි සුක‍්ඛදණ‍්ඩකතිණපණ‍්ණාදීනිපි උදකගතිකානෙව භවන‍්ති, තස‍්මිං ගච‍්ඡන‍්තෙ ගච‍්ඡන‍්ති, තිට‍්ඨන‍්තෙ තිට‍්ඨන‍්ති – එවංසම‍්පදමිදං වෙදිතබ‍්බං. එවමෙසා චිත‍්තසමුට‍්ඨානෙසු රූපෙසු විඤ‍්ඤත‍්ති කායකම‍්මද‍්වාරං නාමාති වෙදිතබ‍්බා.

චිත්ත සමුට්ඨානික කාය චලනය වෙද්දී වනාහි ඔවුන්ගේ උට්ඨානිකයා චලනය වේද චලනය නොවේ ද යත්, ද එසේම චලනය වෙයි. එය අනුව යන්නේ එය අනුව පවත්නේ වෙයි. ඒ මෙසේය ජලය ගමන් කරද්දී ජලයෙහි වැටුණු වියළි දඬු තෘණ පර්ණාදිය ද ජලය අනුව යන්නේම වෙයි. ජලය ගමන් කරද්දී ගමන් කරයි. සිටි කල්හි සිටී. මෙය ද එසේ සිදුවන බව දතයුතුයි. මෙසේ මෙය චිත්ත සමුට්ඨාන රූප අතුරෙන් විඥපති කායකර්ම ද්වාරය නමැයි දතයුතුයි.

යා පන තස‍්මිං ද‍්වාරෙ සිද‍්ධා චෙතනා යාය පාණං හනති, අදින‍්නං ආදියති, මිච‍්ඡාචාරං චරති, පාණාතිපාතාදීහි විරමති, ඉදං කායකම‍්මං නාම. එවං පරවාදිම‍්හි සති කායො ද‍්වාරං, තම‍්හි ද‍්වාරෙ සිද‍්ධා චෙතනා කායකම‍්මං ‘කුසලං වා අකුසලං වා’ති ඨපෙතබ‍්බං. පරවාදිම‍්හි පන අසති ‘අබ්‍යාකතං වා’ති තිකං පූරෙත්‍වාව ඨපෙතබ‍්බං. තත්‍ථ යථා නගරද‍්වාරං කතට‍්ඨානෙයෙව තිට‍්ඨති, අඞ‍්ගුලමත‍්තම‍්පි අපරාපරං න සඞ‍්කමති, තෙන තෙන පන ද‍්වාරෙන මහාජනො සඤ‍්චරති, එවමෙව ද‍්වාරෙ ද‍්වාරං න සඤ‍්චරති, කම‍්මං පන තස‍්මිං තස‍්මිං ද‍්වාරෙ උප‍්පජ‍්ජනතො චරති. තෙනාහු පොරාණා –

එම ද්වාරයෙහි සිද්ධ වූ යම් චේතනාවක් වේ ද යම් චේතනාවකින් ප්‍රාණඝාතය කෙරේ ද නුදුන් දේ ගනී ද මිථ්‍යාවෙහි හැසිරේ ද, ප්‍රාණඝාතාදියෙන් වළකී ද මෙය කායකර්ම නමි. මෙසේ පරවාදයක් ඇති කල්හි කාය ද්වාරයයි. එම ද්වාරයෙහි සිද්ධ වූ චේතනාව කාය කර්මයයි. කුශල හෝ අකුශලයැයි තැබිය යුතුයි. පරවාදයක් නැති කල්හි වනාහි අව්‍යාකෘතයදැයි ත්‍රිකය සම්පූර්ණකොට තැබිය යුතුයි. එහි දී යම්සේ නගර ද්වාරයක් කළතැනම සිටී. අඟලක් පමණවත් ඔබමොබ සක්මන් නො කරයි. ඒ ඒ ද්වාරයෙන් වනාහි මහජනයා හැසිරෙත්. මෙසේ ද්වාරයේ දී ද්වාරය නො හැසිරෙයි. කර්මය වනාහි ඒ ඒ ද්වාරයෙහි ඉපදීම් වශයෙන් හැසිරෙයි. එහෙයින් පෝරණයෝ කීහ.

ද‍්වාරෙ චරන‍්ති කම‍්මානි, න ද‍්වාරා ද‍්වාරචාරිනො; තස‍්මා ද‍්වාරෙහි කම‍්මානි, අඤ‍්ඤමඤ‍්ඤං වවත්‍ථිතාති.

ද්වාරෙ චරන්ති කම්මානි ද්වාරා ද්වාරචාරිනො තස්මා ද්වාරෙහි කම්මානි අඤ්ඤමඤ්ඤං වවත්‍ථිකාති

කර්මයෝ ද්වාරයෙහි හැසිරෙත්. ද්වාරයෝ ද්වාරචාරිහු නොවෙත්. එහෙයින් කර්මයෝ ද්වාරයන්ගෙන් ඔවුනොවුන් වෙන්කරන ලදහ යනුයි.

තත්‍ථ කම‍්මෙනාපි ද‍්වාරං නාමං ලභති, ද‍්වාරෙනාපි කම‍්මං. යථා හි විඤ‍්ඤාණාදීනං උප‍්පජ‍්ජනට‍්ඨානානි විඤ‍්ඤාණද‍්වාරං ඵස‍්සද‍්වාරං අසංවරද‍්වාරං සංවරද‍්වාරන‍්ති නාමං ලභන‍්ති, එවං කායකම‍්මස‍්ස උප‍්පජ‍්ජනට‍්ඨානං කායකම‍්මද‍්වාරන‍්ති නාමං ලභති. වචීමනොකම‍්මද‍්වාරෙසුපි එසෙව නයො. යථා පන තස‍්මිං තස‍්මිං රුක‍්ඛෙ අධිවත්‍ථා දෙවතා සිම‍්බලිදෙවතා පලාසදෙවතා පුචිමන්‍දදෙවතා ඵන්‍දනදෙවතාති තෙන තෙන රුක‍්ඛෙන නාමං ලභති, එවමෙව කායද‍්වාරෙන කතං කම‍්මම‍්පි කායකම‍්මන‍්ති ද‍්වාරෙන නාමං ලභති. වචීකම‍්මමනොකම‍්මෙසුපි එසෙව නයො. තත්‍ථ අඤ‍්ඤො කායො, අඤ‍්ඤං කම‍්මං, කායෙන පන කතත‍්තා තං කායකම‍්මන‍්ති වුච‍්චති. තෙනාහු අට‍්ඨකථාචරියා –

එහිදී කර්මයෙන් ද්වාරය නම් ලබයි. ද්වාරයෙන් කර්මය ද (නම් ලබයි.) ඒ මෙසේයි. විඥානාදීන් උපදනා තැන් විඥානද්වාරය ස්පර්ශ ද්වාරය අසංවර ද්වාරය සංවර ද්වාරය යැයි නම් ලබයි. මෙසේ කායකර්මය උපදනා තැන කාය කර්මද්වාරය යැයි නම ලබයි. වචී මනෝ කර්මාදීන්හි දී ද මේ නයමැයි. යම්සේ වනාහි ඒ වෘක්‍ෂයන්හි අධිගෘහීත දේවතාවෝ හිඹුල් දෙවියා පලා දෙවියා කොහොඹ දෙවියා කොළොම් දෙවියා යැයි ඒ ඒ රුකින් නම් ලබත්. මෙපරිද්දෙන්ම කාය ද්වාරයෙන් කරන ලද කර්මය ද කාය කර්මය යැයි ද්වාරයෙන් නම ලබයි. වචීකර්ම මනෝ කර්මයන්හි ද මේ නයමැයි. එහි දී කය අනෙකකි. කර්මය අනෙකකි. කයින් කළ හෙයින් වනාහි කායකර්මය යැයි කියනු ලැබේ. එහෙයින් අර්ථකථාචාර්යවරු මෙසේ කීහ.

කායෙන චෙ කතං කම‍්මං, කායකම‍්මන‍්ති වුච‍්චති; කායො ච කායකම‍්මඤ‍්ච, අඤ‍්ඤමඤ‍්ඤං වවත්‍ථිතා.

සූචියා චෙ කතං කම‍්මං, සූචිකම‍්මන‍්ති වුච‍්චති; සූචි ච සූචිකම‍්මඤ‍්ච, අඤ‍්ඤමඤ‍්ඤං වවත්‍ථිතා.

සූචියා චෙ කතං කම්මං සූචිකම්මන්ති වුච්චති සූචි ච සූචිකම්මඤ්ච අඤ්ඤමඤ්ඤං වවත්‍ථිතා

වාසියා චෙ කතං කම‍්මං, වාසිකම‍්මන‍්ති වුච‍්චති; වාසි ච වාසිකම‍්මඤ‍්ච, අඤ‍්ඤමඤ‍්ඤං වවත්‍ථිතා.

වාසියා චෙ කතං කම්මං වාසිකම්මන්ති වුච්චති වාසි ච වාසිකම්මඤ්ච අඤ්ඤමඤ්ඤ වවත්‍ථිතා

පුරිසෙන චෙ කතං කම‍්මං, පුරිසකම‍්මන‍්ති වුච‍්චති; පුරිසො ච පුරිසකම‍්මඤ‍්ච, අඤ‍්ඤමඤ‍්ඤං වවත්‍ථිතා.

පුරිසෙන චෙ කතං කම්මං පුරිසකම්මන්ති වුච්චති පුරිසො ච පුරිසකම්මඤ්ච අඤ්ඤමඤ්ඤං වවත්‍ථිතා

එවමෙවං.

එවමෙවං:

කායෙන චෙ කතං කම‍්මං, කායකම‍්මන‍්ති වුච‍්චති; කායො ච කායකම‍්මඤ‍්ච, අඤ‍්ඤමඤ‍්ඤං වවත්‍ථිතාති.

කායෙන චෙ කතං කම්මං කායකම්මන්ති වුච්චති කායො ච කායකම්මඤ්ච අඤ්ඤමඤ්ඤං වවත්‍ථිතා’ති

‘ඉඳිකටුවෙන් කරන ලද කර්මය (වැඩය) සූචි කර්මය (ඉඳිකටුවෙන් කළ වැඩය) යැයි කියනු ලැබේ. ඉඳිකටුවත් එයින් කළ වැඩයත් එකිනෙක වෙන්කරන ලදී.

වෑයෙන් කරන ලද වැඩය වාසිකර්ම යැයි කියනු ලැබේ. වෑය ද වෑයෙන් කළ වැඩය ද එකිනෙක වෙන්කරන ලදී. පුරුෂයා විසින් කරන ලද වැඩය පුරුෂ කර්මය යැයි කියනු ලැබේ. පුරුෂයාත් පුරුෂ කර්මයත් එකිනෙක වෙන් කරන ලදී. එපරිද්දෙන්ම :-

‘කයින් කරන ලද කර්මය කායකර්මය යැයි කියනු ලැබේ. පුරුෂයාගේ පුරුෂ කර්මයත් එකිනෙක වෙන් කරන ලදි’ යනුයි.

එවං සන‍්තෙ නෙව ද‍්වාරවවත්‍ථානං යුජ‍්ජති, න කම‍්මවවත්‍ථානං. කථං? කායවිඤ‍්ඤත‍්තියඤ‍්හි “ද‍්වාරෙ චරන‍්ති කම‍්මානී”ති වචනතො වචීකම‍්මම‍්පි පවත‍්තති, තෙනස‍්සා කායකම‍්මද‍්වාරන‍්ති වවත්‍ථානං න යුත‍්තං. කායකම‍්මඤ‍්ච වචීවිඤ‍්ඤත‍්තියම‍්පි පවත‍්තති, තෙනස‍්ස කායකම‍්මන‍්ති වවත්‍ථානං න යුජ‍්ජතී’ති. ‘නො න යුජ‍්ජති. කස‍්මා? යෙභුය්‍යවුත‍්තිතාය චෙව තබ‍්බහුලවුත‍්තිතාය ච. කායකම‍්මමෙව හි යෙභුය්‍යෙන කායවිඤ‍්ඤත‍්තියං පවත‍්තති න ඉතරානි, තස‍්මා කායකම‍්මස‍්ස යෙභුය්‍යෙන පවත‍්තිතො තස‍්සා කායකම‍්මද‍්වාරභාවො සිද‍්ධො. බ්‍රාහ‍්මණගාමඅම‍්බවනනාගවනාදීනං බ්‍රාහ‍්මණගාමාදිභාවො වියාති ද‍්වාරවවත්‍ථානං යුජ‍්ජති. කායකම‍්මං පන කායද‍්වාරම‍්හියෙව බහුලං පවත‍්තති අප‍්පං වචීද‍්වාරෙ . තස‍්මා කායද‍්වාරෙ බහුලං පවත‍්තිතො එතස‍්ස කායකම‍්මභාවො සිද‍්ධො, වනචරකථුල‍්ලකුමාරිකාදිගොචරානං වනචරකාදිභාවො වියාති. එවං කම‍්මවවත්‍ථානම‍්පි යුජ‍්ජතී’ති.

එසේ ඇතිකල්හි ද්වාර වාසස්ථානයක් නොයෙදේමය. කෙසේ ද? කාය විඥප්තියෙහි වනාහි ‘ද්වාරෙ චරන්ති කම්මානි’ (කර්මයෙන් ද්වාරයෙහි හැසිරෙත්) යන වචනයෙන් වාක් කර්මය ද පවතී. එහෙයින් එයට කාය කර්මද්වාරය යැයි ව්‍යවස්ථානය යුතු නොවේ. කායකර්මය ද වචී විඥප්තියෙහි ද පවතී. එහෙයින් එයට කාය කර්මය යැයි ව්‍යවස්ථානය (නිගමනය) නො යෙදේ යත්, නො යුතු ද නොවේ. කවර හෙයින් ද? බොහෝසෙයින් කියා ඇති හෙයින් මෙන්ම එය බහුල වශයෙන් කියන ලද හෙයින්ය. බොහෝසෙයින්ම වනාහි කායකර්මයම කාය විඥප්තියෙහි පවතී. අන්‍යයෝ නො පවතිත්. එහෙයින් කාය කර්මය බොහෝසෙයින් පවත්නා හෙයින් එහි කායකර්මද්වාරභාවය සිද්ධය. බ්‍රාහ්මණ ග්‍රාමය, අඹවනය, නාගවනය ආදීන්ගේ බ්‍රාහ්මණාග්‍රාම ආදී භාවය මෙන් ද්වාර ව්‍යවස්ථානය (යෙදීම) යෙදේ. කායකර්මය වනාහි කාය ද්වාරයෙහිම බහුලව පවතී. වචී ද්වාරයෙහි අල්පය. එහෙයින් කායද්වාරයෙහි බහුලව පවත්නා හෙයින් මෙහි කාය කර්මභාවය සිද්ධමය. වනචරක ථුල්ලකුමාරිකා ආදී ගෝචර කොට ඇත්තවුන්ගේ වනචරක ආදීභාවය මෙනැයි මෙසේ කර්ම ව්‍යවස්ථානය ද යෙදේ යනුයි.

කායකම‍්මද‍්වාරකථා නිට‍්ඨිතා.

කාය කම්මද්වාර කථා නිමියේය.

වචීකම‍්මද‍්වාරකථා

වචීකම්මද්වාරකථා

වචීකම‍්මද‍්වාරකථායං පන චෙතනාවිරතිසද‍්දවසෙන තිවිධා වාචා නාම. තත්‍ථ “චතූහි, භික‍්ඛවෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතා වාචා සුභාසිතා හොති නො දුබ‍්භාසිතා, අනවජ‍්ජා ච අනනුවජ‍්ජා ච විඤ‍්ඤූන”න‍්ති (සං· නි· 1.213); අයං චෙතනාවාචා නාම. යා “චතූහි වචීදුච‍්චරිතෙහි ආරති විරති…පෙ… අයං වුච‍්චති සම‍්මාවාචා”ති (විභ· 206), අයං විරතිවාචා නාම. “වාචා ගිරා බ්‍යප‍්පථො උදීරණං ඝොසො ඝොසකම‍්මං වාචා වචීභෙදො”ති (ධ· ස· 850), අයං සද‍්දවාචා නාම. තාසු වචීකම‍්මද‍්වාරන‍්ති නෙව චෙතනාය නාමං න විරතියා. සහසද‍්දා පන එකා විඤ‍්ඤත‍්ති අත්‍ථි, ඉදං වචීකම‍්මද‍්වාරං නාම. යං සන්‍ධාය වුත‍්තං – “කතමං තං රූපං වචීවිඤ‍්ඤත‍්ති? යා කුසලචිත‍්තස‍්ස වා අකුසලචිත‍්තස‍්ස වා අබ්‍යාකතචිත‍්තස‍්ස වා වාචා ගිරා බ්‍යප‍්පථො උදීරණං ඝොසො ඝොසකම‍්මං වාචා වචීභෙදො, අයං වුච‍්චති වාචා. යා තාය වාචාය විඤ‍්ඤත‍්ති විඤ‍්ඤාපනා විඤ‍්ඤාපිතත‍්තං, ඉදං තං රූපං වචීවිඤ‍්ඤත‍්තී”ති (ධ· ස· 636).

වචීකර්මද්වාර කථාවෙහි වනාහි චේතනා විරති ශබ්ද වශයෙන් වාචා යන්න ත්‍රිවිධය. ‘මහණෙනි, අංග සතරකින් සමන්විත වචනය සුභාෂිත වෙයි. දුර්භාෂිත නොවෙයි. නුවණැතියන් විසින් අනුගමනය කරන ලද්දේ ද වෙයි’ යනුයි. චේතනා වාචා නමි. ‘සතර දුශ්චරිතයන්ගෙන් හෝ යම් ඉවත්වීමක් නො ඇලීමක් වේ ද, -පෙ- මෙය ‘වාචා වචනය වාග්පථය කීම ඝෝෂාව ඝෝෂාකිරිම වචනය වචීභේදය යන මෙය ශබ්දවාචා නමි. මොවුනතුරෙහි වචීකර්මද්වාර යනු චේතනාවට නමක් නම් නොවේමය. විරතියට ද නමක් නොවේ. ශබ්දය සමග වනාහි එක් විඥප්තියක් ඇත. මෙය වචීකර්මය නම් වේ. එය සඳහා (මෙසේ) කියන ලදී. ‘ඒ වචී විඥප්ති රූපය කවරේ ද? කුසල සිතේ හෝ අකුසල සිතේ හෝ අව්‍යකෘත සිතේ හෝ යම් වාචාවක් වචනයක් වාග්පථයක් කීමක් ඝෝෂාවක් සෝෂණ කර්මයක් වාචාවක් වාග් භේදයක් වේද මෙය වාචා යැයි කියනු ලැබේ. ඒ වාචාව පිළිබඳ යම් විඥප්තියක් විඥාපනයක් විඥාපනය කළ බවක් වේ ද, ඒ මෙය වචී විඥප්ති රූපයි’ යනුයි.

‘ඉදං වක‍්ඛාමි එතං වක‍්ඛාමී’ති හි විතක‍්කයතො විතක‍්කවිප‍්ඵාරසද‍්දො නාම උප‍්පජ‍්ජති. අයං න සොතවිඤ‍්ඤෙය්‍යො මනොවිඤ‍්ඤෙය්‍යොති මහාඅට‍්ඨකථායං ආගතො. ආගමට‍්ඨකථාසු පන ‘විතක‍්කවිප‍්ඵාරසද‍්ද’න‍්ති විතක‍්කවිප‍්ඵාරවසෙන උප‍්පන‍්නං විප‍්පලපන‍්තානං සුත‍්තප‍්පමත‍්තාදීනං සද‍්දං; ‘සුත්‍වා’ති තං සුත්‍වා, යං විතක‍්කයතො තස‍්ස සො සද‍්දො උප‍්පන‍්නො; තස‍්ස වසෙන ‘එවම‍්පි තෙ මනො, ඉත්‍ථම‍්පි තෙ මනො’ති ආදිසතීති වත්‍වා වත්‍ථූනිපි කථිතානි. පට‍්ඨානෙපි “චිත‍්තසමුට‍්ඨානං සද‍්දායතනං සොතවිඤ‍්ඤාණස‍්ස ආරම‍්මණපච‍්චයෙන පච‍්චයො”ති ආගතං. තස‍්මා විනා විඤ‍්ඤත‍්තිඝට‍්ටනාය උප‍්පජ‍්ජමානො අසොතවිඤ‍්ඤෙය්‍යො විතක‍්කවිප‍්ඵාරසද‍්දො නාම නත්‍ථි. ‘ඉදං වක‍්ඛාමි එතං වක‍්ඛාමී’ති උප‍්පජ‍්ජමානං පන චිත‍්තං පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු වණ‍්ණො ගන්‍ධො රසො ඔජාති අට‍්ඨ රූපානි සමුට‍්ඨාපෙති. තෙසං අබ‍්භන‍්තරෙ චිත‍්තසමුට‍්ඨානා පථවීධාතු උපාදින‍්නකං ඝට‍්ටයමානාව උප‍්පජ‍්ජති. තෙන ධාතුසඞ‍්ඝට‍්ටනෙන සහෙව සද‍්දො උප‍්පජ‍්ජතීති. අයං චිත‍්තසමුට‍්ඨානසද‍්දො නාම. අයං න විඤ‍්ඤත‍්ති. තස‍්සා පන චිත‍්තසමුට‍්ඨානාය පථවීධාතුයා උපාදින‍්නකඝට‍්ටනස‍්ස පච‍්චයභූතො එකො ආකාරවිකාරො අත්‍ථි, අයං වචීවිඤ‍්ඤත‍්ති නාම. ඉතො පරං සා අට‍්ඨ රූපානි විය න චිත‍්තසමුට‍්ඨානාතිආදි සබ‍්බං හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

‘මෙය කියමි එය කියමි’ යැයි විතර්කනය කරන්නාට විතර්ක විස්ථාර ශබ්දය (විතර්කය පැතිරෙන ශබ්දය) නම් ශබ්දයක් උපදී. මෙය ‘සොත විඥෙය්‍ය නොවේ. මනෝ විඥෙය්‍යය’ යැයි මහාට්ඨ කථාවෙහි ආයේය. ආගමට්ඨ කථාවන්හි වනාහි විතක්ක විප්ඵාර සද්ද යනු විතර්ක විස්ථාර වශයෙන් උපන් දොඩවන්නවුන්ගේ නින්දෙන් ප්‍රවත්ත වූවන්ගේ ශබ්දයයි. සුත්‍වා යනු එය අසායි. යමක් විතර්කනය කරන්නාගේ ඒ ශබ්ද උපන්නේ එය අනුව ‘ඔබගේ සිත මෙසේය. ඔබගේ මෙබඳුය’ යැයි කියයි යැයි කියා වස්තු ද කියන ලදී. පට්ඨාන ප්‍රකරණයෙහි ද ‘චිත්තය සමුට්ඨාන වූ සද්දායතනය සෝත විඤ්ඤාණයට ආරම්මණ පච්චය වශයෙන් ප්‍රත්‍ය වේ’ යැයි ආයේය. එහෙයින් සෝත විඤ්ඤත්ති ඝට්ටනයකින් තොරව උපදනා අසෝක විඤ්ඤෙය්‍ය විතර්ක විස්ථාර ශබ්දයක් නම් නැත. මෙය කියමි’ ‘එය කියමි’යි උපදනා සිත වනාහි පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වණ්ණ ගන්ධ රස ඕජා යන අෂ්ටරූපයන් උපදවයි. ඔවුන්ගේ අභ්‍යන්තරයෙහි චිත්ත සමුට්ඨාන වූ පඨවි ධාතුව උපාදින්නක සිත සංඝට්ටනය වෙමින්ම උපදී. එම ධාතු සමුට්ඨාන සද්ද නමි. මෙය විඥප්තිය නොවේ. එම චිත්ත සමුට්ඨාන පඨවි ධාතුවේ වනාහි උපදින්නකය හා ගැටීමට හේතුභූත එක් ආකාර විකාරයෙක් ඇත. මෙය වචී විඤ්ඤත්තිය නමි. මෙයින් පසුව ‘එය අෂ්ට රූපයන් මෙන් චිත්ත සමුට්ඨාන නොවේ’ යන ආදි සියල්ල යට කියන ලද නයින්ම දතයුතුයි.

ඉධාපි හි ‘තිස‍්ස, දත‍්ත, මිත‍්තා’ති පක‍්කොසන‍්තස‍්ස සද‍්දං සුත්‍වා විඤ‍්ඤත‍්තිං මනොද‍්වාරිකචිත‍්තෙන චින‍්තෙත්‍වා ‘ඉදඤ‍්චිදඤ‍්ච එස කාරෙති මඤ‍්ඤෙ’ති ජානාති. කායවිඤ‍්ඤත‍්ති විය ච අයම‍්පි තිරච‍්ඡානගතානම‍්පි පාකටා හොති. ‘එහි, යාහී’ති හි සද‍්දං සුත්‍වා තිරච‍්ඡානගතාපි ‘ඉදං නාමෙස කාරෙති මඤ‍්ඤෙ’ති ඤත්‍වා ආගච‍්ඡන‍්ති චෙව ගච‍්ඡන‍්ති ච. තිසමුට‍්ඨානිකකායං චාලෙති න චාලෙතීති, අයං පන වාරො ඉධ න ලබ‍්භති. පුරිමචිත‍්තසමුට‍්ඨානාය උපත්‍ථම‍්භනකිච‍්චම‍්පි නත්‍ථි. යා පන තස‍්මිං වචීද‍්වාරෙ සිද‍්ධා චෙතනා, යාය මුසා කථෙති, පෙසුඤ‍්ඤං කථෙති, ඵරුසං කථෙති, සම‍්ඵං පලපති, මුසාවාදාදීහි විරමති, ඉදං වචීකම‍්මං නාම. ඉතො පරං සබ‍්බං කම‍්මවවත්‍ථානඤ‍්ච ද‍්වාරවවත්‍ථානඤ‍්ච හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බන‍්ති.

මෙහි ද වනාහි නිස්සය, දත්තය, මිත්‍රය, යැයි කැඳවන්නාගේ ශබ්දය අසා විඥප්තිය මනෝද්වාරික සිතින් සිතා මෙතෙම මේ මේ දේ කරයි. සිතයි යැයි දනී. කාය විඥප්තිය මෙන් මෙය ද තිරිසන්ගත සතුන්ගේ ද ප්‍රකට වෙයි. එව යව යන ශබ්ද අසා තිරිසන්ගත සත්තු ද මෙතෙම මෙය කරයි හඟියි දැන එන්නාහු යන්නාහු වෙත්. ඔව්හු සමුට්ඨානික කාය චලනය කරත් ද, චලනය නො කරත් ද යන මේ වාරය වනාහි මෙහි නො ලබයි. පළමු චිත්ත සමුට්ඨානයෙන් උපත්‍ථම්භක කිසක් ද නැත. ඒ වචී ද්වාරයෙහි සිද්ධ යම් චේතනාවක් වේද එයින් බොරු කියයි ද කේලාම් කියයි ද ඵරුෂ වචන කියයි ද ප්‍රලාප දොඩයි ද මුසාවාදාදියෙන් වළකීද මේ වචීකර්ම නමි. මෙයින් මතු සියලු කර්ම ව්‍යවස්ථානයත් ද්වාර ව්‍යවස්ථානයත් යට කී නයින්ම දතයුතුයි යනුයි.

වචීකම‍්මද‍්වාරකථා නිට‍්ඨිතා.

වචී කම්මද්වාර කථා නිමියේය.

මනොකම‍්මද‍්වාරකථා

මනොකම්මද්වාරකථා

මනොකම‍්මද‍්වාරකථායං පන කාමාවචරාදිවසෙන චතුබ‍්බිධො මනො මනො නාම. තත්‍ථ කාමාවචරො චතුපඤ‍්ඤාසවිධො හොති, රූපාවචරො පන‍්නරසවිධො, අරූපාවචරො ද‍්වාදසවිධො, ලොකුත‍්තරො අට‍්ඨවිධොති සබ‍්බොපි එකූනනවුතිවිධො හොති. තත්‍ථ අයං නාම මනො මනොද‍්වාරං න හොතීති න වත‍්තබ‍්බො. යථා හි අයං නාම චෙතනා කම‍්මං න හොතීති න වත‍්තබ‍්බා, අන‍්තමසො පඤ‍්චවිඤ‍්ඤාණසම‍්පයුත‍්තාපි හි චෙතනා මහාපකරණෙ කම‍්මන‍්ත්‍වෙව නිද‍්දිට‍්ඨා, එවමෙව අයං නාම මනො මනොද‍්වාරං න හොතීති න වත‍්තබ‍්බො.

මනෝකර්මද්වාර කථාවෙහි වනාහි කාමාවචරාදී වශයෙන් සිව් වැදෑරුම් වූයේ මනස නම් වේ. එහි කාමාවචර (සිත) සිව්පනස් වැදෑරුම් වේ. රූපාවචර (සිත) පසළොස් වැදෑරුම්ය. අරූපාවචර (සිත) දොළොස් වැදෑරුම්ය. ලෝකෝත්තර (සිත) අටවැදෑරුම් යැයි සියල්ලම අසූනව වැදෑරුම් වෙයි. මෙහිදී මෙය මනෝද්වාරය නම් නො වේයැයි නො කිවයුතු ය. එසේම මේ චේතනාව නම් කර්මය නොවේ යැයි නොකිව යුතුය. යටත් පිරිසෙයින් පංච විඥාන සම්ප්‍රයුක්ත චේතනාව ද කර්මය මැයි මහා ප්‍රකරණයෙහි දක්වන ලදී. එපරිද්දෙන්ම මේ මනස නම් මනෝ ද්වාරය නොවේ යැයි නො කිවයුතුයි.

එත්‍ථාහ – කම‍්මං නාමෙතං කිං කරොතීති? ආයූහති, අභිසඞ‍්ඛරොති, පිණ‍්ඩං කරොති, චෙතෙති, කප‍්පෙති, පකප‍්පෙතීති. එවං සන‍්තෙ පඤ‍්චවිඤ‍්ඤාණචෙතනා කිං ආයූහති, අභිසඞ‍්ඛරොති, පිණ‍්ඩං කරොති, චෙතෙති, කප‍්පෙති, පකප‍්පෙතීති?. සහජාතධම‍්මෙ. සාපි හි සහජාතෙ සම‍්පයුත‍්තක‍්ඛන්‍ධෙ ආයූහති අභිසඞ‍්ඛරොති පිණ‍්ඩං කරොති චෙතෙති කප‍්පෙති පකප‍්පෙතීති. කිං වා ඉමිනා වාදෙන? සබ‍්බසඞ‍්ගාහිකවසෙන හෙතං වුත‍්තං. ඉදං පනෙත්‍ථ සන‍්නිට‍්ඨානං – තෙභූමකකුසලාකුසලො එකූනතිංසවිධො මනො මනොකම‍්මද‍්වාරං නාම. යා පන තස‍්මිං මනොද‍්වාරෙ සිද‍්ධා චෙතනා යාය අභිජ‍්ඣාබ්‍යාපාදමිච‍්ඡාදස‍්සනානි චෙව අනභිජ‍්ඣාඅබ්‍යාපාදසම‍්මාදස‍්සනානි ච ගණ‍්හාති, ඉදං මනොකම‍්මං නාම. ඉතො පරං සබ‍්බං කම‍්මවවත්‍ථානඤ‍්ච ද‍්වාරවවත්‍ථානඤ‍්ච හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බන‍්ති. ඉමානි තීණි කම‍්මද‍්වාරානි නාම.

මෙහිදී (මෙසේ) කියන ලදී. මේ කර්මය කුමක් නම් කෙරේ ද යනුයි. රැස්කරයි. අභිසංස්කරණය කරයි. (පිඩු කරයි) සිතයි. කල්පනය කරයි. ප්‍රකල්පනය කරයි යනුයි. එසේ ඇතිකල්හි පංචවිඥාන චේතනාව කුමක් රැස් කරයිද? කුමක් අභිසංස්කරණය කරයි ද, කුමක් පිඬු කරයි ද, (සිතයි ද, කල්පනය කරයි ද ප්‍රකල්පනය කරයි ද?) යනුයි. ඒ චේතනාව වනාහි සහජාත ධර්මයන් සහජාත සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන් රැස්කරයි. අභිසංස්කරණය කරයි. පිඬු කරයි. සිතයි. කල්පනය කරයි. ප්‍රකල්පනය කරයි. මේ වාදයෙන් (ප්‍රයෝජන) කිම? මෙය සර්ව සංග්‍රාහක වශයෙන් කියන ලදී. මෙය වනාහි මෙහි තීරණයයි. ත්‍රෛභූමක කුසල් හා අකුසල් විසිනව වැදෑරුම් මනස මනෝකර්මද්වාර නමි. ඒ මනෝ ද්වාරයෙහි සිද්ධ වූ යම් චේතනාවක් වේ ද, යම් චේතනාවකින් අභිධ්‍යා ව්‍යාපාද මිථ්‍යා දර්ශනයන් මෙන්ම අනභිධ්‍යා අව්‍යාපාද සම්‍යක් දර්ශනයක් ද ගනීද, මෙය මනෝකර්මය නමි. මින්පසුව සියලු කර්ම ව්‍යවස්ථානය මෙන්ම ද්වාර ව්‍යවස්ථානය ද යටකියන ලද නයින්ම දතයුතුයි යනුයි. මේ තුන කර්මද්වාර නමි.

මනොකම‍්මද‍්වාරකථා නිට‍්ඨිතා.

මනෝ කර්මද්වාර කථාව නිමියේය.