යෙදුමෙන් කියවන්න

කාමාවචරකුසලපදභාජනීයං අට‍්ඨකථා

කාමාවචරකුසලපදභාජනීයං

කාමාවචරකුසලපදභාජනීයං

ඉදානි යථානික‍්ඛිත‍්තාය මාතිකාය සඞ‍්ගහිතෙ ධම‍්මෙ පභෙදතො දස‍්සෙතුං කතමෙ ධම‍්මා කුසලාති ඉදං පදභාජනීයං ආරද‍්ධං. තත්‍ථ යදෙතං යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොතීති පඨමං කාමාවචරකුසලං දස‍්සිතං, තස‍්ස තාව නිද‍්දෙසෙ ධම‍්මවවත්‍ථානවාරො සඞ‍්ගහවාරො සුඤ‍්ඤතවාරොති තයො මහාවාරා හොන‍්ති. තෙසු ධම‍්මවවත්‍ථානවාරො උද‍්දෙසනිද‍්දෙසවසෙන ද‍්විධා ඨිතො. තෙසු උද‍්දෙසවාරස‍්ස පුච‍්ඡා, සමයනිද‍්දෙසො, ධම‍්මුද‍්දෙසො, අප‍්පනාති චත‍්තාරො පරිච‍්ඡෙදා. තෙසු ‘කතමෙ ධම‍්මා කුසලා’ති අයං පුච‍්ඡා නාම. ‘යස‍්මිං සමයෙ කාමාවචරං…පෙ… තස‍්මිං සමයෙ’ති අයං සමයනිද‍්දෙසො නාම. ‘ඵස‍්සො හොති…පෙ… අවික‍්ඛෙපො හොතී’ති අයං ධම‍්මුද‍්දෙසො නාම. ‘යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඉමෙ ධම‍්මා කුසලා’ති අයං අප‍්පනා නාම.

දැන් පිළිවෙළින් තබන ලද මාතෘකාවෙහි සංග්‍රහ කරන ලද ධර්මයන් ප්‍රභේද වශයෙන් දක්වන්නට ‘කතමෙ ධම්මා කුසලා’ යන මේ පදභාජනීය ආරම්භ කරන ලදී. එහි ‘යම් සමයෙක්හි කාමාවචර කුසල සිත උපන්නේ වේද, යන මේ ප්‍රථම කාමාවචර කුශල සිත දක්වන ලදී. එහි නිර්දේශයෙහි වනාහි ධර්ම ව්‍යවස්ථාන වාරය, සංග්‍රහ වාරය ශුන්‍ය වාරය යැයි මහාවාර තුනක් වෙයි. ඔවුනතුරෙන් ධර්ම ව්‍යවස්ථාන වාරය උද්දේස නිද්දේස වශයෙන් දෙයාකාරයකින් සිටියේය. ඔවුනතුරෙන් උද්දේස වාරයෙහි පුච්ඡා, සමය නිද්දේස, ධම්මුද්දේස අප්පණා යැයි පරිච්ඡේද සතරෙකි. ඔවුනතුරෙන් ‘කවර ධර්මයෝ කුශලයෝ ද, යන මෙය පුච්ඡා නමි. ‘යම් සමයෙක්හි කාමාවචර -පෙ- එසමයෙහි’ යන මෙය සමය නිද්දේසය නමි. ‘ස්පර්ශය වෙයි.’ -පෙ- අවික්‍ෂේපය වෙයි.’ යන මෙය සමුද්දේස නමි. ‘එසමයෙහි වෙනත් යම් ප්‍රතීත්‍ය සමුත්පන්න අරූපී ධර්මයෝ ඇත් ද, මේ ධර්මයෝ කුශලයෝ ය’ යන මෙය අර්පණා නමි.

එවං චතූහි පරිච‍්ඡෙදෙහි ඨිතස‍්ස උද‍්දෙසවාරස‍්ස ය‍්වායං පඨමො පුච‍්ඡාපරිච‍්ඡෙදො, තත්‍ථ ‘කතමෙ ධම‍්මා කුසලා’ති අයං කථෙතුකම්‍යතාපුච‍්ඡා. පඤ‍්චවිධාහි පුච‍්ඡා – අදිට‍්ඨජොතනාපුච‍්ඡා, දිට‍්ඨසංසන්‍දනාපුච‍්ඡා, විමතිච‍්ඡෙදනාපුච‍්ඡා, අනුමතිපුච‍්ඡා, කථෙතුකම්‍යතාපුච‍්ඡාති. තාසං ඉදං නානත‍්තං –

මෙසේ සතර පරිච්ඡේදයකින් සිටි උද්දේස වාරයාගේ මේ ප්‍රථම පෘච්ඡා පරිච්ඡේදයයි. එහි ‘කතමෙ ධම්මා කුසලා’ යන මෙය කථෙතුකම්‍යතා පුච්ඡාවයි. පෘච්ඡාව පංචවිධය. අදිට්ඨජොතනා පුච්ඡා, දිට්ඨි සංසන්දනා පුච්ඡා, විමතිච්ඡෙදනා පුච්ඡා, කථෙතුකම්‍යතා පුච්ඡා යනුවෙනි. මේ ඔවුන්ගේ නානත්වයයි.

කතමා අදිට‍්ඨජොතනාපුච‍්ඡා? පකතියා ලක‍්ඛණං අඤ‍්ඤාතං හොති, අදිට‍්ඨං අතුලිතං අතීරිතං අවිභූතං අවිභාවිතං. තස‍්ස ඤාණාය දස‍්සනාය තුලනාය තීරණාය විභූතත්‍ථාය විභාවනත්‍ථාය පඤ‍්හං පුච‍්ඡති. අයං අදිට‍්ඨජොතනාපුච‍්ඡා (මහානි· 150; චූළනි· පුණ‍්ණකමාණවපුච‍්ඡානිද‍්දෙස 12).

‘අදිට්ඨජොතනා පුච්ඡාව’ කුමක්ද? ප්‍රකෘතියේ ලක්‍ෂණය නොදන්නා ලද්දේ ද, නොදක්නා ලදද, තුලනය නො කරන ලදද, තීරණය නො කරන ලද ද, ප්‍රකට නොවී ද, භාවනා වශයෙන් නො වඩනා ලද ද, එය දැනගැනීම පිණිස, දැකීම පිණිස, තුලනය කිරිම පිණිස, තීරණය පිණිස, ප්‍රකට කිරිම පිණිස, විශේෂයෙන් වැඩීම පිණිස ප්‍රශ්න අසයි ද මේ අදිට්ඨජොතනා පුච්ඡාවයි.

කතමා දිට‍්ඨසංසන්‍දනාපුච‍්ඡා? පකතියා ලක‍්ඛණං ඤාතං හොති, දිට‍්ඨං තුලිතං තීරිතං විභූතං විභාවිතං, සො අඤ‍්ඤෙහි පණ‍්ඩිතෙහි සද‍්ධිං සංසන්‍දනත්‍ථාය පඤ‍්හං පුච‍්ඡති. අයං දිට‍්ඨසංසන්‍දනාපුච‍්ඡා (මහානි· 150; චූළනි· පුණ‍්ණකමාණවපුච‍්ඡානිද‍්දෙස 12).

දිට්ඨ සංසන්දනා පුච්ඡාව කවරේද? ප්‍රකෘතියේ ලක්‍ෂණය දන්නා ලද්දේ වේ ද, දක්නා ලද ද, තුලනය කරන ලද ද, තීරණය කරන ලද ද, ප්‍රකට කරන ලද ද, භාවනා වශයෙන් වඩනා ලද ද, හෙතෙම එය අන් පණ්ඩිතයන් සමග සංසන්දනය කිරීම පිණිස ප්‍රශ්න අසා ද මේ දිට්ඨ සංසන්දනා පුච්ඡාවයි.

කතමා විමතිච‍්ඡෙදනාපුච‍්ඡා? පකතියා සංසයපක‍්ඛන්‍දො හොති, විමතිපක‍්ඛන්‍දො ද‍්වෙළ‍්හකජාතො – ‘එවං නු ඛො, නනු ඛො, කිං නු ඛො, කථං නු ඛො’ති. සො විමතිච‍්ඡෙදනත්‍ථාය පඤ‍්හං පුච‍්ඡති. අයං විමතිච‍්ඡෙදනාපුච‍්ඡා (මහානි· 150; චූළනි· පුණ‍්ණකමාණවපුච‍්ඡානිද‍්දෙස 12).

විමතිච්ඡෙදනා පුච්ඡාව කවරේ ද? ප්‍රකෘතිය පිළිබඳ සැකයට වැටුණෝ වේ ද, විමතියට වැටුණෝ සැක ඇතිවූයේ මෙසේ ද, මෙසේ නොවේ ද, කිමෙක් ද, කෙසේදැයි හෙතෙම විමතිය සිඳීම පිණිස ප්‍රශ්න විචාරයි ද මේ විමතිච්ඡේදන පුච්ඡාවයි.

කතමා අනුමතිපුච‍්ඡා? භගවා භික‍්ඛූනං අනුමතියා පඤ‍්හං පුච‍්ඡති – ‘තං කිං මඤ‍්ඤථ, භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වා’ති? ‘අනිච‍්චං, භන‍්තෙ’. ‘යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා’ති? ‘දුක‍්ඛං, භන‍්තෙ’ . ‘යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති? ‘නොහෙතං, භන‍්තෙ’ති (සං· නි· 3.79; මහාව· 21). අයං අනුමතිපුච‍්ඡා.

අනුමති පුච්ඡාව කවරේ ද? භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ගේ අනුමැතිය පිණිස ප්‍රශ්න විචාරණ සේක. ‘මහණෙනි, මෙය කෙසේ හඟිමු ද? රූපය නිත්‍ය ද, අනිත්‍ය ද, ‘ස්වාමීනි, අනිත්‍යය’ යමක් අනිත්‍යය නම් එය දුක ද සැප ද’, ‘ස්වාමීනි දුකය’, ‘යමක් දුක ද අනිත්‍ය ද වෙනස්වන ස්වභාවය ඇත්තේ ද එය මේ මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි දැකීම සුදුසු ද? ‘ස්වාමීනි, එය එසේ නොවේ යනුවෙනි’. මේ අනුමති පුච්ඡාවයි.

කතමා කථෙතුකම්‍යතාපුච‍්ඡා? භගවා භික‍්ඛූනං කථෙතුකම්‍යතාය පඤ‍්හං පුච‍්ඡති. “චත‍්තාරොමෙ, භික‍්ඛවෙ, සතිපට‍්ඨානා. කතමෙ චත‍්තාරො”ති (දී· නි· 2.373)? අයං කථෙතුකම්‍යතාපුච‍්ඡාති.

කථෙතුකම්‍යතා පුච්ඡාව කවරේ ද? භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට දේශනා කිරිමේ (කීවේ) කැමැත්තෙන් ප්‍රශ්න විචාරන සේක. ‘චත්තාරො මෙ භික්‍ඛවෙ’ සතිපට්ඨානා, කතමෙ චත්තාරො? යනුවෙනි. මේ කථෙතුකම්‍යතා පුච්ඡාවයි.

තත්‍ථ බුද‍්ධානං පුරිමා තිස‍්සො පුච‍්ඡා නත්‍ථි. කස‍්මා? බුද‍්ධානඤ‍්හි තීසු අද‍්ධාසු කිඤ‍්චි සඞ‍්ඛතං, අද‍්ධාවිමුත‍්තං වා අසඞ‍්ඛතං, අදිට‍්ඨං අනඤ‍්ඤාතං අජොතිතං අතුලිතං අතීරිතං අවිභූතං අවිභාවිතං නාම නත්‍ථි. තෙන තෙසං අදිට‍්ඨජොතනාපුච‍්ඡා නත්‍ථි. යං පන භගවතා අත‍්තනො ඤාණෙන පටිවිද‍්ධං, තස‍්ස අඤ‍්ඤෙන සමණෙන වා බ්‍රාහ‍්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ‍්මුනා වා සද‍්ධිං සංසන්‍දනකිච‍්චං නත්‍ථි. තෙනස‍්ස දිට‍්ඨසංසන්‍දනාපුච‍්ඡා නත්‍ථි. යස‍්මා පනෙස අකථංකථී තිණ‍්ණවිචිකිච‍්ඡො සබ‍්බධම‍්මෙසු විහතසංසයො, තෙනස‍්ස විමතිච‍්ඡෙදනාපුච‍්ඡා නත්‍ථි. ඉතරා ද‍්වෙ පන පුච‍්ඡා භගවතො අත්‍ථි. තාසු අයං කථෙතුකම්‍යතාපුච‍්ඡාති වෙදිතබ‍්බා.

එහි බුදුවරුන්ට පළමු පෘච්ඡා තුන නැත. කවර හෙයින් ද, බුදුවරුන්ට වනාහි තුන් කල් පිළිබඳ කිසිත් සකස්කරන ලද්දක්, කාලවිමුක්ත වූවක් හෝ අසංඛතයක් නොදුටු දෙයක් නොදත් දෙයක් නො පැහැදිලි දෙයක් අතුලිතයක් තීරණය නොවූ දෙයක්, ප්‍රකට නො වූවක්, භාවනා වශයෙන් නොවඩන ලද්දක් නම් නැත. එහෙයින් ඒවා පිළිබඳ නොදුටු දේ පැහැදිලි කිරීම පිළිබඳ පෘච්ඡාවක් (විචාරීමක්) නැත. යමක් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් තමාගේ ඥානයෙන් ප්‍රතිවේධ කරන ලද ද ඒ පිළිබඳව අන්‍ය ශ්‍රමණයකු සමග හෝ බ්‍රාහ්මණයකු සමග හෝ සංසන්දනය කිරිමක් නැත. එහෙයින් උන්වහන්සේට දෘෂ්ටි සංසන්දනා පෘච්ඡාවක් නැත. යම්හෙයකින් උන්වහන්සේ අකථං කථි - කෙසේ ද කෙසේදැයි අසන්නෙක් නොවූ සේක් ද, සියලු ධර්මයන්හි සැකයෙන් තොර වූ සේක් ද, විගතසංසය ඇතිසේක් ද එහෙයින් උන්වහන්සේට විමතිච්ඡේදන පෘච්ඡාවක් නැත. අනෙක් පෘච්ඡා දෙක භාග්‍යවතුන් වහන්සේට ඇත. ඒවා අතුරෙන් මෙය කථෙතුකම්‍යතා පෘච්ඡාව යැයි දතයුතුයි.

තත්‍ථ ‘කතමෙ’තිපදෙන නිද‍්දිසිතබ‍්බධම‍්මෙ පුච‍්ඡති. ‘ධම‍්මා කුසලා’ති හි වචනමත‍්තෙන ‘කිං කතා කිං වා කරොන‍්තී’ති න සක‍්කා ඤාතුං. ‘කතමෙ’ති වුත‍්තෙ පන තෙසං පුට‍්ඨභාවො පඤ‍්ඤායති. තෙන වුත‍්තං ‘කතමෙතිපදෙන නිද‍්දිසිතබ‍්බධම‍්මෙ පුච‍්ඡතී’ති. ‘ධම‍්මා කුසලා’තිපදද‍්වයෙන පුච‍්ඡාය පුට‍්ඨධම‍්මෙ දස‍්සෙති. තෙසං අත්‍ථො හෙට‍්ඨා පකාසිතොව.

එහි ‘කතමෙ’ යන පදයෙහි විස්තර කරන ලද ධර්මයන් විචාරයි. ‘ධම්මෙ කුසලා’ යන වචන මාත්‍රයෙන් කුමක් කරන ලද්දාහු ද, කුමක් හෝ කරත්දැයි දැනගන්නට නොහැකිය. ‘කතමෙ’ යැයි කී කල්හි වනාහි ඒ ධර්මයන් පිළිබඳ විචාළ බව පැනෙයි. එහෙයින් කතමෙ යන පදයෙන් විස්තර කළයුතු ධර්මයන් විචාරයි යැයි කියන ලදී. ‘ධම්මා කුසලා’ යන පද දෙකින් පෘච්ඡාවෙහි විචාළ ධර්මයන් දක්වයි. ඒවා පිළිබඳ අර්ථය යට ප්‍රකාශ කරන ලද්දේමය.

කස‍්මා පනෙත්‍ථ මාතිකායං විය ‘කුසලා ධම‍්මා’ති අවත්‍වා ‘ධම‍්මා කුසලා’ති පදානුක‍්කමො කතොති? පභෙදතො ධම‍්මානං දෙසනං දීපෙත්‍වා පභෙදවන‍්තදස‍්සනත්‍ථං. ඉමස‍්මිඤ‍්හි අභිධම‍්මෙ ධම‍්මාව දෙසෙතබ‍්බා. තෙ ච කුසලාදීහි පභෙදෙහි අනෙකප‍්පභෙදා. තස‍්මා ධම‍්මායෙව ඉධ දෙසෙතබ‍්බා . නායං වොහාරදෙසනා. තෙ ච අනෙකප‍්පභෙදතො දෙසෙතබ‍්බා, න ධම‍්මමත‍්තතො. පභෙදතො හි දෙසනා ඝනවිනිබ‍්භොගපටිසම‍්භිදාඤාණාවහා හොතීති ‘කුසලා ධම‍්මා’ති එවං පභෙදතො ධම‍්මානං දෙසනං දීපෙත්‍වා, ඉදානි යෙ තෙන පභෙදෙන දෙසෙතබ‍්බා ධම‍්මා තෙ දස‍්සෙතුං, අයං ‘කතමෙ ධම‍්මා කුසලා’ති පදානුක‍්කමො කතොති වෙදිතබ‍්බො. පභෙදවන‍්තෙසු හි දස‍්සිතෙසු පභෙදො දස‍්සියමානො යුජ‍්ජති සුවිඤ‍්ඤෙය්‍යො ච හොතීති.

මෙහිදී කවර හෙයකින් වනාහි මෘතෘකාවෙහි මෙන් ‘කුසලා ධම්මා’ යැයි නො කියා ‘ධම්ම කුසලා’ යනුවෙන් පද පිළිබඳ කරන ලද ද? ප්‍රභේද වශයෙන් ධර්මයන්ගේ දේශනය දක්වා ප්‍රභේදවන්තයා දැක්වීම පිණිසයි. මේ අභිධර්මයෙහි වනාහි ධර්මයෝ ම දෙසිය යුත්තාහ. ඒ ධර්මයෝ ද කුශලාදී ප්‍රභේද වශයෙන් අන්ක ප්‍රභේද ඇත්තාහ. එහෙයින් මෙහිදී ධර්මයෝම දෙසිය යුත්තාහ. මේ ව්‍යාවහාර දේශනා නොවේ. ඒ දේශනාවෝ ද අනේකප්‍රභේද වශයෙන් ඝන බව වෙන්කරන ප්‍රතිසම්භිදා ඥානය ගෙන දෙන්නාහ. ‘කුසලා ධම්මා’ යැයි මෙසේ ප්‍රභේද වශයෙන් ධර්මයන්ගේ දේශනය නො දක්වා දැන් ඒ ප්‍රභේදයෙන් දෙසිය යුතු යම් ධර්මයෝ වෙත් ද ඒ ධර්මයන් දැක්වීමට ‘කතමෙ ධම්මා කුසලා’ යන මේ පද පිළිබඳ කරන ලදැයි දතයුතුයි. ප්‍රභේද ලත් ධර්මයන් දැක්වූ කල්හි ප්‍රභේද දැක්වීම යෙදේ. මනාව දතයුත්තේ ද වෙයි යනුයි.

ඉදානි යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තන‍්ති. එත්‍ථ –

දැන් ‘යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං’ යි මෙහි:

සමයෙ නිද‍්දිසි චිත‍්තං, චිත‍්තෙන සමයං මුනි; නියමෙත්‍වාන දීපෙතුං, ධම‍්මෙ තත්‍ථ පභෙදතො.

මුනීන්ද්‍රයන් වහන්සේ අර්ථ ප්‍රභේද වශයෙන් ධර්මයෙන් නියමකොට දක්වන්නට සමයෙහි සිත ද (සමය නියමිත) සිත සමග සමය ද විස්තර කළ සේක.

‘යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්ත’න‍්ති හි නිද‍්දිසන‍්තො භගවා සමයෙ චිත‍්තං නිද‍්දිසි. කිංකාරණා? තෙන සමයනියමිතෙන චිත‍්තෙන පරියොසානෙ ‘තස‍්මිං සමයෙ’ති එවං සමයං නියමෙත්‍වාන, අථ විජ‍්ජමානෙපි සමයනානත‍්තෙ යස‍්මිං සමයෙ චිත‍්තං තස‍්මිංයෙව සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොතීති එවං තස‍්මිං චිත‍්තනියමිතෙ සමයෙ එතෙ සන‍්තතිසමූහකිච‍්චාරම‍්මණඝනවසෙන දුරනුබොධප‍්පභෙදෙ ඵස‍්සවෙදනාදයො ධම‍්මෙ බොධෙතුන‍්ති අත්‍ථො.

‘තස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං’ යනු විස්තර කරන භාග්‍යවතුන් වහන්සේ සමයෙහි සිත විස්තර කළ සේක. කවර හේතුවකින් ද? සමය නිමිති කරගත් ඒ සිත සමග කෙළවරදී ‘තස්මිං සමයෙ’ යැයි මෙසේ සමය (කාලය) නියමකොට නැවත සමය නානත්වය ඇති කල්හි ද යම් සමයෙක් සිත වේද එම සමයෙහිම ස්පර්ශය වෙයි. වේදනාව වෙයි යැයි මෙසේ ඒ චිත්ත නියමිත සමයෙහි සන්තති, සමූහ, කිච්ච, ආරම්මණ ඝන වශයෙන් දුරවබෝධ ප්‍රභේද ඇති මේ ස්පර්ශ වේදනාදී ධර්මයන් අවබෝධ කරවන්නටය යනු අර්ථයි.

ඉදානි ‘යස‍්මිං සමයෙ’තිආදීසු අයමනුපුබ‍්බපදවණ‍්ණනා. යස‍්මින‍්ති අනියමතො භුම‍්මනිද‍්දෙසො. සමයෙති අනියමනිද‍්දිට‍්ඨපරිදීපනං. එත‍්තාවතා අනියමතො සමයො නිද‍්දිට‍්ඨො හොති. තත්‍ථ සමයසද‍්දො –

දැන් යස්මිං සමයේ යනාදීන්හි මේ අනුපූර්ව වර්ණනාවයි. ‘යස්මි’ යනු අනියම් වශයෙන් භුම්ම (සත්තමී) නිර්දේශයයි. ‘සමයෙ’ යනු අනියමින් පෙන්වන ලද්ද දැක්වීමයි. මෙපමණකින් අනියමින් සමය දක්වන ලද්දේ වෙයි. මෙහි සමය ශබ්දය :

සමවායෙ ඛණෙ කාලෙ, සමූහෙ හෙතු දිට‍්ඨිසු; පටිලාභෙ පහානෙ ච, පටිවෙධෙ ච දිස‍්සති.

එක්රැස්වීමෙහි, ක්‍ෂණයෙහි, කාලයෙහි, සමූහයෙහි හේතු දෘෂ්ටීන්හි ප්‍රතිලාභයෙහි ප්‍රහාණයෙහි ද ප්‍රතිවේධයෙහි ද දක්නා ලැබේ.

තථා හිස‍්ස “අප‍්පෙව නාම ස‍්වෙපි උපසඞ‍්කමෙය්‍යාම කාලඤ‍්ච සමයඤ‍්ච උපාදායා”ති (දී· නි· 1.447) එවමාදීසු සමවායො අත්‍ථො. “එකොව ඛො, භික‍්ඛවෙ, ඛණො ච සමයො ච බ්‍රහ‍්මචරියවාසායා”තිආදීසු (අ· නි· 8.29) ඛණො. “උණ‍්හසමයො පරිළාහසමයො”තිආදීසු (පාචි· 358) කාලො. “මහාසමයො පවනස‍්මි”න‍්තිආදීසු සමූහො. “සමයොපි ඛො තෙ, භද‍්දාලි, අප‍්පටිවිද‍්ධො අහොසි – භගවා ඛො සාවත්‍ථියං විහරති, භගවාපි මං ජානිස‍්සති ‘භද‍්දාලි නාම භික‍්ඛු සත්‍ථුසාසනෙ සික‍්ඛාය අපරිපූරකාරී’ති. අයම‍්පි ඛො තෙ, භද‍්දාලි, සමයො අප‍්පටිවිද‍්ධො අහොසී”තිආදීසු (ම· නි· 2.135) හෙතු. “තෙන ඛො පන සමයෙන උග‍්ගාහමානො පරිබ‍්බාජකො සමණමුණ‍්ඩිකාපුත‍්තො සමයප‍්පවාදකෙ තින්‍දුකාචීරෙ එකසාලකෙ මල‍්ලිකාය ආරාමෙ පටිවසතී”තිආදීසු (ම· නි· 2.260) දිට‍්ඨි.

ඒ එසේමැයි. ‘අප්පෙව නාම ස්වෙපි උපසංකමෙය්‍යාව කාලඤ්ච සමයඤ්ච උපාදාය’ යන මේ ආදීන්හි මෙහි සමවාය අර්ථයයි. ‘එකො’ච ඛො භික්‍ඛවෙ ඛණො ච සමයො ච බ්‍රහ්මචරිය වාසාය’ යන ආදියෙහි ක්‍ෂණයයි. ‘උණහසමයො පරිළාහ සමයො’ යන ආදියෙහි කාලයයි. ‘මහාසමයො පවනස්මිං’ යන ආදියෙහි සමූහයයි. ‘සමයොපි ඛො තෙ භද්දාලී අප්පටිවිද්ධො අහොසි භගවාපි ඛො සාවත්‍ථියං විහරති භගවාපි මං ජානිස්සති භද්දාලි නාම භික්‍ඛු සත්‍ථුසාස නෙ සික්‍ඛාය අපරිපූරකාරීති, අයම්පි ඛො තෙ භද්දාලි සමයො අප්පටිවිද්ධො අහොසි’ යන ආදියෙහි හේතුවයි. ‘තෙන ඛො පන සමයෙන උග්ගහමානවො පරිබ්බාජකො සමණ මණ්ඩිකා පුත්තො සමයප්පවාදකෙ තින්‍දුකාචීරෙ එකසාලාය මල්ලිකාය ආරෙ මෙ පටිවසති’ යන ආදියෙහි දෘෂ්ටියයි.

“දිට‍්ඨෙ ධම‍්මෙ ච යො අත්‍ථො, යො චත්‍ථො සම‍්පරායිකො; අත්‍ථාභිසමයා ධීරො, පණ‍්ඩිතොති පවුච‍්චතී”ති. (සං· නි· 1.129) –

දිට්ඨෙව ධම්මෙ යො අත්‍ථො යොචත්‍ථො සම්පරායිකො අත්‍ථාභිසමයා ධීරො පණ්ඩිතොති පවුච්චති

ආදීසු පටිලාභො. “සම‍්මා මානාභිසමයා අන‍්තමකාසි දුක‍්ඛස‍්සා”තිආදීසු (ම· නි· 1.28) පහානං. “දුක‍්ඛස‍්ස පීළනට‍්ඨො සඞ‍්ඛතට‍්ඨො සන‍්තාපට‍්ඨො විපරිණාමට‍්ඨො අභිසමයට‍්ඨො”තිආදීසු (පටි· ම· 2.8) පටිවෙධො. එවමනෙකෙසු සමයෙසු –

ආදියෙහි ප්‍රතිලාභයයි. ‘සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්‍ඛස්ස’ යන ආදියෙහි ප්‍රහාණයයි. ‘දුක්‍ඛස්සකාසි දුක්‍ඛස්ස’ යන ආදියෙහි ප්‍රහාණයයි. ‘දුක්‍ඛස්ස පළනට්ඨො සංබතට්ඨො සන්තාපට්ඨො විපරිනාමට්ඨො අභිසමයට්ඨො’ යන ආදියෙහි ප්‍රතිවේධයයි. මෙසේ නොයෙක් සමයන් අතුරෙහි,

සමවායො ඛණො කාලො, සමූහො හෙතුයෙව ච; එතෙ පඤ‍්චපි විඤ‍්ඤෙය්‍යා, සමයා ඉධ විඤ‍්ඤුනා.

මෙහි සමවාය, ක්‍ෂණය, කාලය, සමූහය, මෙන්ම හේතුව යන පස්වැදෑරුම් සමයයෝ පණ්ඩිතයන් විසින් දතයුත්තාහ.

‘යස‍්මිං සමයෙ කාමාවචරං කුසල’න‍්ති ඉමස‍්මිඤ‍්හි කුසලාධිකාරෙ තෙසු නවසු සමයෙසු එතෙ සමවායාදයො පඤ‍්ච සමයා පණ‍්ඩිතෙන වෙදිතබ‍්බා.

‘යස්මිං සමයෙ කාමාවචරං කුසලං’ යන මෙහි වනාහි කුශලාධිකාර වූ එකී භවසමයන් අතුරෙහි සමාවායාදී මේ පංච සමයයෝ පණ්ඩිතයා විසින් දතයුත්තාහ.

තෙසු පච‍්චයසාමග‍්ගී, සමවායො ඛණො පන; එකොව නවමො ඤෙය්‍යො, චක‍්කානි චතුරොපි වා.

ඔවුනතුරෙන් ප්‍රත්‍යය සාමග්‍රීය, සමවාය ක්‍ෂණය නවැන්න (ප්‍රතිවේධය) හා චක්‍ර සතර ද එකක්ම යැයි දතයුතුයි.

යා හි එසා සාධාරණඵලනිප‍්ඵාදකත‍්තෙන සණ‍්ඨිතා පච‍්චයානං සාමග‍්ගී, සා ඉධ සමවායොති ඤාතබ‍්බා. “එකොව ඛො, භික‍්ඛවෙ, ඛණො ච සමයො ච බ්‍රහ‍්මචරියවාසායා”ති (අ· නි· 8.29) එවං වුත‍්තො පන නවමොව ඛණො එකො ඛණොති වෙදිතබ‍්බො. යානි වා පනෙතානි “චත‍්තාරිමානි, භික‍්ඛවෙ, චක‍්කානි යෙහි සමන‍්නාගතානං දෙවමනුස‍්සානං චතුචක‍්කං වත‍්තතී”ති – එත්‍ථ ‘පතිරූපදෙසවාසො, සප‍්පුරිසූපනිස‍්සයො, අත‍්තසම‍්මාපණිධි, පුබ‍්බෙ ච කතපුඤ‍්ඤතා’ති (අ· නි· 4.31) චත‍්තාරි චක‍්කානි වුත‍්තානි, එතානි වා එකජ‍්ඣං කත්‍වා ඔකාසට‍්ඨෙන ඛණොති වෙදිතබ‍්බානි. තානි හි කුසලුප‍්පත‍්තියා ඔකාසභූතානි.

සාධාරණ ඵල නිෂ්පාදක බැවින් සිටියා වූ යම් ඒ සාමග්‍රියක් වේ ද එය මෙහි සමවාය යැයි දතයුතුයි. ‘මහණෙනි, බ්‍රහ්මචරිය වාසය පිණිස ක්‍ෂණයන් සමයන් එකක්ම යැ’ මෙසේ වදාළ නවවැන්න ද වනාහි එක් ක්‍ෂණයකැයි දතයුතුයි. ‘මහණෙනි, මේ චක්‍ර සතරෙකි. ඒවායින් යුත් දෙවිමිනිසුන්ට චක්‍ර සතරක් පවතී’ යැයි මෙහි ප්‍රතිරූප දේශවාසය, සත්පුරුෂයන් හා එක්වීම, තම සිත මනාව පිහිටුවීම, පෙර කළ පින් ඇති බව දැයි යම් ඒ චක්‍ර සතරක් කියන ලද ද ඒ සියල්ල ද එකතුකොට අවකාශ වශයෙන් ක්‍ෂණය යැයි දතයුතුයි. ඔව්හු වනාහි කුසල් ඉපැත්මට අවකාශ වූවාහුය.

එවං සමවායඤ‍්ච ඛණඤ‍්ච ඤත්‍වා ඉතරෙසු –

මෙසේ සමවායන් ක්‍ෂණයන් දැන ආ තැන්හි :-

තං තං උපාදාය පඤ‍්ඤත‍්තො, කාලො වොහාරමත‍්තකො; පුඤ‍්ජො ඵස‍්සාදිධම‍්මානං, සමූහොති විභාවිතො.

ඒ ඒ කරුණු සලකා ව්‍යවහාර මාත්‍රකව කාලය පණවන ලදී. එය ස්පර්ශාදී ධර්මයන්ගේ පුඤ්ජයකි. සමූහයකැයි දක්වන ලදී.

‘චිත‍්තකාලො රූපකාලො’තිආදිනා හි නයෙන ධම‍්මෙ වා, ‘අතීතො අනාගතො’තිආදිනා නයෙන ධම‍්මවුත‍්තිං වා, ‘බීජකාලො අඞ‍්කුරකාලො’ති ආදිනා නයෙන ධම‍්මපටිපාටිං වා, ‘උප‍්පාදකාලො ජරාකාලො’තිආදිනා නයෙන ධම‍්මලක‍්ඛණං වා, ‘වෙදියනකාලො සඤ‍්ජානනකාලො’තිආදිනා නයෙන ධම‍්මකිච‍්චං වා, ‘න‍්හානකාලො පානකාලො’තිආදිනා නයෙන සත‍්තකිච‍්චං වා, ‘ගමනකාලො ඨානකාලො’තිආදිනා නයෙන ඉරියාපථං වා, ‘පුබ‍්බණ‍්හො සායන‍්හො දිවා රත‍්තී’තිආදිනා නයෙන චන්‍දිමසූරියාදිපරිවත‍්තනං වා, ‘අඩ‍්ඪමාසො මාසො’තිආදිනා නයෙන අහොරත‍්තාදිසඞ‍්ඛාතං කාලසඤ‍්චයං වාති – එවං තං තං උපාදාය පඤ‍්ඤත‍්තො කාලො නාම. සො පනෙස සභාවතො අවිජ‍්ජමානත‍්තා පඤ‍්ඤත‍්තිමත‍්තකො එවාති වෙදිතබ‍්බො. යො පනෙස ඵස‍්සවෙදනාදීනං ධම‍්මානං පුඤ‍්ජො, සො ඉධ සමූහොති විභාවිතො. එවං කාලසමූහෙපි ඤත්‍වා ඉතරො පන –

‘චිත්ත කාලය රූපකාලය’ යන ආදී නයින් ධර්මයෙහි ද වැටේ. ‘අතීතය අනාගතය’ යන ආදී නයින් ධර්මයේ පැවැත්ම හෝ වැටේ. ‘බීජ කාලය, අංකුර කාලය’ යන ආදී නයින් ධර්ම පටිපාටිය හෝ වැටේ. ‘උත්පාද කාලය ජරා කාලය’ ආදී නයින් ධර්ම ලක්‍ෂණයෙහි වැටේ. ‘වේදියත කාලය, සඤ්ජානන කාලය’ යන ආදී නයින් ධර්ම කෘත්‍යයෙහි හෝ වැටේ. ‘ගමන කාලය, ඨාන කාලය’ යන ආදී නයින් ඉරියව් හෝ ගැනෙයි. ‘පෙරවරුවය, සවසය, දවාලය, රාත්‍රිය’ යන ආදි නයින් චන්ද්‍ර සූර්යයන්ගේ පැවැත්ම හෝ ගැනේ. ‘අඩමස’ ආදී නයින් දිවා රාත්‍රී සංඛ්‍යාත කාල සමය හෝ යැයි මෙසේ ඒ ඒ ගෙන පණවන ලද්දේ කාලය නමි. ඒ මේ කාලය වනාහි ස්වභාවයෙන් අවිද්‍යාමාන බැවින් ප්‍රඥප්ති මාත්‍රයක් පමණකැයි දතයුතුයි. ස්පර්ශ වේදනාදී ධර්මයන්ගේ යම් ඒ පුංජයක් වේද එය මෙහිදී සමූහ යැයි සලකන ලදී. මෙසේ කාල සමූහයන් ද දැන ඉතිරිය වනාහි :-

හෙතූති පච‍්චයොවෙත්‍ථ, තස‍්ස ද‍්වාරවසෙන වා; අනෙකභාවො විඤ‍්ඤෙය්‍යො, පච‍්චයානං වසෙන වා.

මෙහි වනාහි ප්‍රත්‍යය ද හේතු නමි. ඒ පිළිබඳ අනේකභාවය ද්වාරයන්ගේ හෝ ප්‍රත්‍යයන්ගේ වශයෙන් දතයුතුයි.

එත්‍ථ හි පච‍්චයොව හෙතු නාම, තස‍්ස ද‍්වාරානං වා පච‍්චයානං වා වසෙන අනෙකභාවො වෙදිතබ‍්බො. කථං? චක‍්ඛුද‍්වාරාදීසු හි උප‍්පජ‍්ජමානානං චක‍්ඛුවිඤ‍්ඤාණාදීනං චක‍්ඛුරූපආලොකමනසිකාරාදයො පච‍්චයා, මහාපකරණෙ ච “හෙතුපච‍්චයො ආරම‍්මණපච‍්චයො”තිආදිනා නයෙන චතුවීසති පච‍්චයා වුත‍්තා. තෙසු ඨපෙත්‍වා විපාකපච‍්චයඤ‍්ච පච‍්ඡාජාතපච‍්චයඤ‍්ච, සෙසා කුසලධම‍්මානං පච‍්චයා හොන‍්තියෙව. තෙ සබ‍්බෙපි ඉධ හෙතූති අධිප‍්පෙතා. එවමස‍්ස ඉමිනා ද‍්වාරවසෙන වා පච‍්චයවසෙන වා අනෙකභාවො වෙදිතබ‍්බො . එවමෙතෙ සමවායාදයො පඤ‍්ච අත්‍ථා ඉධ සමයසද‍්දෙන පරිග‍්ගහිතාති වෙදිතබ‍්බා.

මෙහි වනාහි ප්‍රත්‍යය ද හේතු නමි. ඒ පිළිබඳව ද්වාරයන්ගේ හෝ ප්‍රත්‍යයන්ගේ වශයෙන් අනේකභාවය දතයුතුයි. කෙසේද? චක්‍ෂුර් ද්වාරාදීන්හි උපදනා වූ චක්‍ෂුර් විඥානාදීන්ගේ චක්‍ෂු රූප ආලෝක මනසිකාරාදි ප්‍රත්‍යයෝ, මහා ප්‍රකරණයෝ ද, ‘හේතු ප්‍රත්‍යය ආරම්මණ ප්‍රත්‍යය’ යන ආදී නයින් සූවිසි ප්‍රත්‍යයෝ කියන ලදහ. ඔවුනතුරෙන් විපාක ප්‍රත්‍යයත් පච්ඡාජාත ප්‍රත්‍යයත් හැර සෙස්සෝ කුශල ධර්මයන්ට ප්‍රත්‍යය වෙත්මය. ඒ සියල්ලෝම මෙහි හේතුයැයි අභිප්‍රේතයහ. මෙසේ මේ පිළිබඳව ද්වාර වශයෙන් හෝ ප්‍රත්‍යය වශයෙන් හෝ අනේකභාවය දතයුතුයි. මෙසේ සමවායාදී පංච අර්ථයෝ මෙහි සමය ශබ්දයෙන් පරිගෘහීත යැයි දතයුත්තාහ.

‘කස‍්මා පන එතෙසු යංකිඤ‍්චි එකං අපරිග‍්ගහෙත්‍වා සබ‍්බෙසං පරිග‍්ගහො කතො’ති? ‘තෙන තෙන තස‍්ස තස‍්ස අත්‍ථවිසෙසස‍්ස දීපනතො. එතෙසු හි සමවායසඞ‍්ඛාතො සමයො අනෙකහෙතුතො වුත‍්තිං දීපෙති. තෙන එකකාරණවාදො පටිසෙධිතො හොති. සමවායො ච නාම සාධාරණඵලනිප‍්ඵාදනෙ අඤ‍්ඤමඤ‍්ඤාපෙක‍්ඛො හොති. තස‍්මා ‘එකො කත‍්තා නාම නත්‍ථී’ති ඉමම‍්පි අත්‍ථං දීපෙති. සභාවෙන හි කාරණෙ සති කාරණන‍්තරාපෙක‍්ඛා අයුත‍්තාති. එවං එකස‍්ස කස‍්සචි කාරණස‍්ස අභාවදීපනෙන “සයංකතං සුඛදුක‍්ඛ”න‍්තිආදි පටිසෙධිතං හොති.

මොවුනතුරෙන් යම්කිසි එකක් පරිග්‍රහණය නොකොට සියල්ලන්ගේ පරිග්‍රහණය කරන ලදද යත්, ඒ ඒ ප්‍රත්‍යයෙන් ඒ ඒ අර්ථ විශේෂයන්ගේ දැක්වීම් වශයෙනි. මොවුන් අතුරෙහි සමවාය සංඛ්‍යාත සමය වනාහි නොයෙක් හේතුවෙන් පැවැත්ම දක්වයි. එහෙයින් ඒක කාරණවාදය ප්‍රතිෂේධ කරන ලද්දේ වෙයි. සමවාය නම් සාධාරණ ඵල නිෂ්පාදනයෙහි දී ඔවුනොවුන් අපේක්‍ෂා කරන්නේ වෙයි. එහෙයින් එකම කර්තෘ කෙනෙක් නම් නැතැයි මේ අර්ථය ද දක්වයි. ස්වභාවයෙන් කරන්නකු නැති කල්හි වනාහි කාරණයාගේ අන්තරාපේක්‍ෂාව අයුතුය යනුයි. මෙසේ කිසියම් එක් කාරකයකුගේ අභාවය දැක්වීමෙන් ස්වයංකෘත සැපය දුකයැයි ආදිය ප්‍රතිෂේධ වෙයි.

තත්‍ථ සියා – ‘යං වුත‍්තං අනෙකහෙතුතො වුත‍්තිං දීපෙතී’ති, තං න යුත‍්තං. ‘කිංකාරණා’ ?‘අසාමග‍්ගියං අහෙතූනං සාමග‍්ගියම‍්පි අහෙතුභාවාපත‍්තිතො’. ‘න හි එකස‍්මිං අන්‍ධෙ දට‍්ඨුං අසක‍්කොන‍්තෙ අන්‍ධසතං පස‍්සතී’ති. ‘නො න යුත‍්තං; සාධාරණඵලනිප‍්ඵාදකත‍්තෙන හි ඨිතභාවො සාමග‍්ගී; න අනෙකෙසං සමොධානමත‍්තං. න ච අන්‍ධානං දස‍්සනං නාම සාධාරණඵලං’. ‘කස‍්මා’?‘අන්‍ධසතෙ සතිපි තස‍්ස අභාවතො. චක‍්ඛාදීනං පන තං සාධාරණඵලං, තෙසං භාවෙ භාවතො. අසාමග‍්ගියං අහෙතූනම‍්පි ච සාමග‍්ගියං හෙතුභාවො සිද‍්ධො. ස‍්වායං අසාමග‍්ගියං ඵලාභාවෙන, සාමග‍්ගියඤ‍්චස‍්ස භාවෙන, වෙදිතබ‍්බො. චක‍්ඛාදීනඤ‍්හි වෙකල‍්ලෙ චක‍්ඛුවිඤ‍්ඤාණාදීනං අභාවො, අවෙකල‍්ලෙ ච භාවො, පච‍්චක‍්ඛසිද‍්ධො ලොකස‍්සා’ති. අයං තාව සමවායසඞ‍්ඛාතෙන සමයෙන අත්‍ථො දීපිතො.

එහි අනේක හේතුවෙන් පැවැත්ම දක්වයි යන යමක් කියන ලද්දේ වේද, එය යුතු නොවේ. කවර හේතුවෙන් ද? අසාමග්‍රියෙහිත් අහේතූන්ගේ සාමග්‍රියෙහිත් අහේතුභාවයට පැමිණෙන හෙයිනි. එක් අන්ධයකු දකින්නට නොහැකි කල්හි අන්ධයන් සියයක් දකී යනු නොවේ. (එය) අයුතු නොවේද, සාධාරණඵල නිෂ්පාදනාර්ථයෙන් සිටින බව වනාහි සාමාග්‍රියයි. නොයෙක් දෙනාගේ සමෝධාන මාත්‍රයක් නොවේ. අන්ධයන්ගේ දර්ශනය යනු සාධාරණ ඵලයක් නොවේ. කවරහෙයින් ද, අන්ධයින් සියයක් ඇතිකල්හි ද එහි අභාවය නිසාය. ඇස් ආදීන්ට වනාහි එය සාධාරණ ඵලයකි. ඔවුන් භාවයන් ඇති හෙයින් අසාමග්‍රියෙහි අහේතූන්ට ද සාමග්‍රියෙහි හේතුභාවය සිද්ධයි. ඒ මෙය අසාමග්‍රියෙහි ඵල අභාව වශයෙන් ද එහි සාමග්‍රියේ (ඵල) භාවයෙන් ද දතයුතුයි. ඇස් ආදීන්ගේ විකලබව ඇතිකල්හි චක්‍ෂුර් විඥානාදීන්ගේ අභාවය ද විකල නොවූ කල්හි භාව ද ලෝකයාට ප්‍රත්‍යක්‍ෂ සිද්ධය. මේ වනාහි සමවාය සංඛ්‍යාත සමය යන්නෙන් දක්වන ලද අර්ථයයි.

යො පනෙස අට‍්ඨහි අක‍්ඛණෙහි පරිවජ‍්ජිතො නවමො ඛණො, පතිරූපදෙසවාසාදිකො ච චතුචක‍්කසඞ‍්ඛාතො ඔකාසට‍්ඨෙන ඛණො වුත‍්තො, සො මනුස‍්සත‍්තබුද‍්ධුප‍්පාදසද‍්ධම‍්මට‍්ඨිතිආදිකං ඛණසාමග‍්ගිං විනා නත්‍ථි. මනුස‍්සත‍්තාදීනඤ‍්ච කාණකච‍්ඡපොපමාදීහි (ම· නි· 3.252) දුල‍්ලභභාවො. ඉති ඛණස‍්ස දුල‍්ලභත‍්තා සුට‍්ඨුතරං ඛණායත‍්තං ලොකුත‍්තරධම‍්මානං උපකාරභූතං කුසලං දුල‍්ලභමෙව . එවමෙතෙසු ඛණසඞ‍්ඛාතො සමයො කුසලුප‍්පත‍්තියා දුල‍්ලභභාවං දීපෙති. එවං දීපෙන‍්තෙන අනෙන අධිගතඛණානං ඛණායත‍්තස‍්සෙව තස‍්ස කුසලස‍්ස අනනුට‍්ඨානෙන මොඝඛණං කුරුමානානං පමාදවිහාරො පටිසෙධිතො හොති. අයං ඛණසඞ‍්ඛාතෙන සමයෙන අත්‍ථො දීපිතො.

අෂ්ට අක්‍ෂණයන්ගෙන් තොර ප්‍රතිරූප දේශවාසාදී වූ ද චතුෂ්ක සංඛ්‍යාත යම් ඒ නවවන ක්‍ෂණයක් වේ ද එය අවකාශාර්ථයෙන් ක්‍ෂණය යැයි කියන ලදී. එය මනුෂ්‍යත්වය, බුද්ධෝත්පාදය, සම්‍යක්දෘෂ්ටිය යැයි මේ ආදී ක්‍ෂණසාමග්‍රියෙන් තොරව නැත. කන කැස්බෑ උපමා ආදියෙන් මනුෂ්‍යත්මභාවය ආදීන්ගේ දුර්ලභභාව (දක්වන ලදී) මෙසේ ක්‍ෂණය දුර්ලභ හෙයින් ලෝකෝත්තර හෙයින් ලෝකෝත්තර ධර්මයන්ට උපකාර වූ ක්‍ෂණය (ක්‍ෂණ සම්පත්තිය) ට අයත් වූ කුසලය ද දුර්ලභමය. මෙසේ මේවා අතුරෙන් ක්‍ෂණ සංඛ්‍යාත සමය කුසලයාගේ ඉපැත්මට දුර්ලභ බව දක්වයි. මෙසේ දක්වන ලද මෙයින් ලබාගත් ක්‍ෂණ ඇති ක්‍ෂණයටම අයත් වූ ඒ කුසලයාගේ නොගැටී සිටීමෙන් ක්‍ෂණය හිස් කරන්නවුන්ගේ ප්‍රමාද විහාරය ප්‍රතිෂේධ කරන ලද්දේ විය. ක්‍ෂණ සංඛ්‍යාත සමයෙන් දේ අර්ථය දක්වන ලදී.

යො පනෙතස‍්ස කුසලචිත‍්තස‍්ස පවත‍්තිකාලො නාම හොති, සො අතිපරිත‍්තො. සා චස‍්ස අතිපරිත‍්තතා “යථා ච, භික‍්ඛවෙ, තස‍්ස පුරිසස‍්ස ජවො, යථා ච චන්‍දිමසූරියානං ජවො, යථා ච යා දෙවතා චන්‍දිමසූරියානං පුරතො ධාවන‍්ති තාසං දෙවතානං ජවො, තතො සීඝතරං ආයුසඞ‍්ඛාරා ඛීයන‍්තී”ති (සං· නි· 2.228) – ඉමස‍්ස සුත‍්තස‍්ස අට‍්ඨකථාවසෙන වෙදිතබ‍්බා. තත්‍ර හි සො රූපජීවිතින්‍ද්‍රියස‍්ස තාව පරිත‍්තකො කාලො වුත‍්තො. යාව පටුප‍්පන‍්නං රූපං තිට‍්ඨති තාව සොළස චිත‍්තානි උප‍්පජ‍්ජිත්‍වා භිජ‍්ජන‍්ති. ඉති තෙසං කාලපරිත‍්තතාය උපමාපි නත්‍ථි. තෙනෙවාහ – “යාවඤ‍්චිදං, භික‍්ඛවෙ, උපමාපි න සුකරා යාව ලහුපරිවත‍්තං චිත‍්ත”න‍්ති (අ· නි· 1.48). එවමෙතෙසු කාලසඞ‍්ඛාතො සමයො කුසලචිත‍්තප‍්පවත‍්තිකාලස‍්ස අතිපරිත‍්තතං දීපෙති. එවං දීපෙන‍්තෙන චානෙන අතිපරිත‍්තකාලතාය, විජ‍්ජුලතොභාසෙන මුත‍්තාවුණනං විය, දුප‍්පටිවිජ‍්ඣමිදං චිත‍්තං, තස‍්මා එතස‍්ස පටිවෙධෙ මහාඋස‍්සාහො ච ආදරො ච කත‍්තබ‍්බොති ඔවාදො දින‍්නො හොති. අයං කාලසඞ‍්ඛාතෙන සමයෙන අත්‍ථො දීපිතො.

මේ කුසල චිත්තයාගේ යම් ප්‍රවෘත්ති කාලයක් නම් වේ ද එය ඉතා ස්වල්පය. ඒ චිත්තයාගේ අති ස්වල්ප බව ද ‘මහණෙනි, චර පුරුෂයාගේ ජවය යම්සේ ද, චන්ද්‍ර සූර්යයන්ගේ ජවය යම්සේ ද, යාම දේවතාවෝ චන්ද්‍ර සූර්යයන්ට ධාවනය කරත්. ඒ දේවතාවන්ගේ ජවය යම්සේ ද ඊට වඩා ශීඝ්‍රතරව ආයු සංස්කාරයෝ ක්‍ෂය වෙත්’ යන මේ සූත්‍රයාගේ අර්ථකථා වශයෙන් දතයුත්තාහ. එහි වනාහි ජීවිතාශ්‍රයයාගේ එතරම් ස්වල්ප කාලයක් කියන ලද ද, උපන් නෑවිය යම්තාක් පවතී ද ඒ තෙක් (කාලය තුළ) සිත් සොළසක් ඉපිද බිඳෙයි. මෙසේ ඔවුන්ගේ කාල පරිත්තාමය පිළිබඳ උපමාවක් ද නැත. එහෙයින්ම කීහ. ‘යාවඤ්චිදං භික්‍ඛවෙ උපමාපි තංසුකරා යාව ලහුපරිවත්තං චිත්තං’ (මහණෙනි, මේ සිත යම්තාක් ලහු පරිවත්තං චිත්තං’ (මහණෙනි, මේ සිත යම්තාක් ලහු පරිවර්තී ද එබඳු උපමාවක් (දැක්වීම) සුකර නොවේ.) යනුයි. මෙසේ මොවුනතුරෙන් කාලසංඛ්‍යාත වූ සමය කුසල සිත පවත්නා කාලයට වඩා ඉතා ස්වල්ප බව දක්වයි. මෙසේ දක්වනු ලබන්නා වූ ද මේ ඉතා ස්වල්ප කාල බැවින් විදුලි ආලෝකයෙන් මුතු අමුණන්නාක් මෙන් මේ සිත අවබෝධ කරගැනීම දුෂ්කරය. එහෙයින් මේ චිත්තයාගේ ප්‍රතිවේධයේ දී මහත් උත්සාහයක් ද ආදරයක් ද කළයුතු යැයි අවවාද දෙන ලද්දේ වෙයි. කාලසංඛ්‍යාත සමය යන්නෙන් මේ අර්ථය දක්වන ලදී.

සමූහසඞ‍්ඛාතො පන සමයො අනෙකෙසං සහුප‍්පත‍්තිං දීපෙති. ඵස‍්සාදීනඤ‍්හි ධම‍්මානං පුඤ‍්ජො සමූහොති වුත‍්තො. තස‍්මිඤ‍්ච උප‍්පජ‍්ජමානං චිත‍්තං සහ තෙහි ධම‍්මෙහි උප‍්පජ‍්ජතීති අනෙකෙසං සහුප‍්පත‍්ති දීපිතා. එවං දීපෙන‍්තෙන චානෙන එකස‍්සෙව ධම‍්මස‍්ස උප‍්පත‍්ති පටිසෙධිතා හොති. අයං සමූහසඞ‍්ඛාතෙන සමයෙන අත්‍ථො දීපිතො.

සමූහ සංඛ්‍යාත සමය යන්න නොයෙක් නොයෙක් ධර්මයන්ගේ සහෝත්පත්තිය දක්වයි. ස්පර්ශාදී ධර්මයන්ගේ පුඤ්ජය වනාහි සමූහයැයි කියන ලදී. එහි උපදින සිත ද ඒ ධර්මයන් සමග උපදී යැයි නොයෙක් ධර්මයන්ගේ සහෝත්පත්තිය දක්වන ලදී. මෙසේ දක්වනු ලබන මෙයින් එකම ධර්මයක්හුගේ උත්පත්තිය ප්‍රතිෂේධ කරන ලද්දේ වෙයි. සමූහ සංඛ්‍යාත සමය යන්නෙන් මේ අර්ථය දක්වන ලදී.

හෙතුසඞ‍්ඛාතො පන සමයො පරායත‍්තවුත‍්තිතං දීපෙති. ‘යස‍්මිං සමයෙ’ති හි පදස‍්ස යස‍්මා ‘යස‍්මිං හෙතුම‍්හි සති’ උප‍්පන‍්නං හොතීති අයමත්‍ථො, තස‍්මා ‘හෙතුම‍්හි සති’ පවත‍්තිතො පරායත‍්තවුත‍්තිතා දීපිතා. එවං දීපෙන‍්තෙන චානෙන ධම‍්මානං සවසවත‍්තිතාභිමානො පටිසෙධිතො හොති. අයං හෙතුසඞ‍්ඛාතෙන සමයෙන අත්‍ථො දීපිතො.

හේතුසංඛ්‍යාත සමය යන්න වනාහි පරායත්ත වෘත්ති ඇති බව දක්වයි. ‘යස්මිං සමයෙ’ යන පදයාගේ වනාහි යම් හෙයකින් යම් හේතුවක් ඇති කල්හි උපන්නේ වෙයි යන මේ අර්ථයි. එහෙයින් හේතුවක් ඇති කල්හි පැවති හෙයින් පරායත්ත වෘත්ති බව දක්වන ලදී. මෙසේ දක්වන මෙයින් ධර්මයන්ගේ ස්ව වසවර්ති අභිධානය ප්‍රතිෂේධ කරන ලද්දේ වෙයි. හේතු සංඛ්‍යාත සමය යන්නෙන් මේ අර්ථය දක්වන ලද්දේ වෙයි.

තත්‍ථ ‘යස‍්මිං සමයෙ’ති කාලසඞ‍්ඛාතස‍්ස සමයස‍්ස වසෙන ‘යස‍්මිං කාලෙ’ති අත්‍ථො; සමූහසඞ‍්ඛාතස‍්ස ‘යස‍්මිං සමූහෙ’ති. ඛණසමවායහෙතුසඞ‍්ඛාතානං ‘යස‍්මිං ඛණෙ සති, යාය සාමග‍්ගියා සති, යම‍්හි හෙතුම‍්හි සති’ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති, තස‍්මිංයෙව සති ‘ඵස‍්සාදයොපී’ති අයමත්‍ථො වෙදිතබ‍්බො. අධිකරණඤ‍්හි කාලසඞ‍්ඛාතො සමූහසඞ‍්ඛාතො ච සමයො. තත්‍ථ වුත‍්තධම‍්මානන‍්ති අධිකරණවසෙනෙත්‍ථ භුම‍්මං. ඛණසමවායහෙතුසඞ‍්ඛාතස‍්ස ච සමයස‍්ස භාවෙන තෙසං භාවො ලක‍්ඛීයතීති භාවෙනභාවලක‍්ඛණවසෙනෙත්‍ථ භුම‍්මං.

එහි ‘යස්මිං සමයෙ’ යන කාල සංඛ්‍යාත සමය ශබ්දයාගේ වශයෙන් යම් කලෙක්හි යන අර්ථයි. සමූහ සංඛ්‍යාත සමය ශබ්දයාගේ යම් සමූහයෙක්හි යනු ක්‍ෂණ සමවාය හේතු සංඛ්‍යාත වූ යම් ක්‍ෂණයක් ඇති කල්හි, යම් සාමග්‍රියක් ඇති කල්හි, යම් හේතුවක් ඇති කල්හි කාමාවචර කුසල සිතක් උපන්නේ වේද එයම ඇති කල්හි ස්පර්ශාදීහු ද යනු මේ අර්ථය දතයුතුයි. අධිකරණය වනාහි කාලසංඛ්‍යාත වූ ද සමූහ සංඛ්‍යාත වූ ද සමයයි. එහි ‘වුත්ත ධම්මානං’ යනු මෙහි භූම්‍යයි. බණ සමවාය හේතු සංඛ්‍යාත යමයාගේ භාවයෙන් ඔවුන්ගේ භාවය (වීම) ලක්වේනුයි යන භාවයෙන් භාව ලක්‍ෂණ වශයෙන් මෙහි භූම්ම නම් වේ.

කාමාවචරන‍්ති “කතමෙ ධම‍්මා කාමාවචරා? හෙට‍්ඨතො අවීචිනිරයං උපරිතො පරනිම‍්මිතවසවත‍්තිං පරියන‍්තං කත්‍වා”තිආදිනා (ධ· ස· 1287) නයෙන වුත‍්තෙසු කාමාවචරධම‍්මෙසු පරියාපන‍්නං. තත්‍රායං වචනත්‍ථො – උද‍්දානතො ද‍්වෙ කාමා, වත්‍ථුකාමො ච කිලෙසකාමො ච. තත්‍ථ කිලෙසකාමො අත්‍ථතො ඡන්‍දරාගොව වත්‍ථුකාමො තෙභූමකවට‍්ටං. කිලෙසකාමො චෙත්‍ථ කාමෙතීති කාමො; ඉතරො පන කාමියතීති කාමො. යස‍්මිං පන පදෙසෙ දුවිධොපෙසො කාමො පවත‍්තිවසෙන අවචරති, සො චතුන‍්නං අපායානං, මනුස‍්සානං, ඡන‍්නඤ‍්ච දෙවලොකානං වසෙන එකාදසවිධො පදෙසො. කාමො එත්‍ථ අවචරතීති කාමාවචරො, සසත්‍ථාවචරො විය. යථා හි යස‍්මිං පදෙසෙ සසත්‍ථා පුරිසා අවචරන‍්ති, සො විජ‍්ජමානෙසුපි අඤ‍්ඤෙසු ද‍්විපදචතුප‍්පදෙසු අවචරන‍්තෙසු, තෙසං අභිලක‍්ඛිතත‍්තා ‘සසත්‍ථාවචරො’ත්‍වෙව වුච‍්චති, එවං විජ‍්ජමානෙසුපි අඤ‍්ඤෙසු රූපාවචරාදීසු තත්‍ථ අවචරන‍්තෙසු, තෙසං අභිලක‍්ඛිතත‍්තා අයං පදෙසො ‘කාමාවචරො’ත්‍වෙව වුච‍්චති. ස‍්වායං යථා රූපභවො රූපං, එවං උත‍්තරපදලොපං කත්‍වා ‘කාමො’ත්‍වෙව වුච‍්චති. එවමිදං චිත‍්තං ඉමස‍්මිං එකාදසපදෙසසඞ‍්ඛාතෙ කාමෙ අවචරතීති කාමාවචරං.

කාමාවචරං යනු කාමාවචර ධර්මයෝ කවරහු ද? ‘යටින් අවීචි නිරයත් උඩින් පරනිර්මිත වසවර්තියත් කෙළවර කොට’ යන ආදී නයින් කියන ලද ධර්මයන්හි අන්තර්ගත, මේ එහි වචනාර්ථයි. උද්දාන - එකට සම්බන්ධ වූ වස්තුකාම, ක්ලේශකාම යන කාමයෝ දෙදෙනෙකි. එහි ක්ලේශභාවය යනු ඡන්‍දරාගයයි. වත්‍ථුකාම නම් ත්‍රෛභූමක වෘත්තයයි. මෙහි ක්ලේශකාමය නම් කැමති වේනුයි = කාමයයි. අනෙක වනාහි කැමති කරවානුයි = කාම නම් වේ. යම් පෙදෙසක මෙකී දෙවැදෑරුම් කාමය සපැමිණි පැවතීම් වශයෙන් හැසිරේ ද, ඒ ප්‍රදේශය සතර අපායන් මනුෂ්‍යයන් සදෙව්ලොව දෙවියන් වශයෙන් එකොළොස් වැදෑරුම්ය. මෙය කාමය හැසිරේනුයි = කාමාවචරය. සසත්‍ථාවචර මෙනි. යම් පෙදෙසක වනාහි ආයුධ සහිත පුරුෂයෝ හැසිරෙත් ද අන්‍ය වූ දෙපා සිවුපා සතුන් හැසිරෙන්නවුන් ඇති කල්හිත් ඔවුන් (ආයුධ සහිත පුරුෂයන්) විශේෂයෙන් ඉලක්ක වූ හෙයින් ඒ ප්‍රදේශය සසත්‍ථාවචර යනුයි ම කියනු ලැබේ. මෙසේ එහි හැසිරෙන රූපාවචරාදී අන්‍යයන් ඇති කල්හි ද ඒ කාමාවචරයන් අභිලක්‍ෂිත හෙයින් මේ ප්‍රදේශය කාමාවචර යැයි ම කියනු ලැබේ. එය රූපභවය යම්සේ රූප වී ද, එසේ උත්තරපදය ලොප් කොට කාම යැයි ම කියනු ලැබේ. මෙසේ මේ සිත මේ ඒකාදශ සංඛ්‍යාත කාම ප්‍රදේශයෙහි හැසිරේනුයි = කාමාවචරය,

කිඤ‍්චාපි හි එතං රූපාරූපභවෙසුපි අවචරති, යථා පන සඞ‍්ගාමෙ අවචරණතො සඞ‍්ගාමාවචරොති ලද‍්ධනාමකො නාගො නගරෙ චරන‍්තොපි ‘සඞ‍්ගාමාවචරො’ත්‍වෙව වුච‍්චති, ථලජලචරා ච පාණා අථලෙ අජලෙ ච ඨිතාපි ‘ථලචරා ජලචරා’ත්‍වෙව වුච‍්චන‍්ති, එවමිදං අඤ‍්ඤත්‍ථ අවචරන‍්තම‍්පි කාමාවචරමෙවාති වෙදිතබ‍්බං. ආරම‍්මණකරණවසෙන වා එත්‍ථ කාමො අවචරතීතිපි කාමාවචරං. කාමඤ‍්චෙස රූපාරූපාවචරෙසුපි අවචරති, යථා පන වදතීති ‘වච‍්ඡො’, මහියං සෙතීති ‘මහිංසො’ති වුත‍්තෙ, න සත‍්තා යත‍්තකා වදන‍්ති, මහියං වා සෙන‍්ති සබ‍්බෙසං තං නාමං හොති, එවංසම‍්පදමිදං වෙදිතබ‍්බං. අපිච කාමභවසඞ‍්ඛාතෙ කාමෙ පටිසන්‍ධිං අවචාරෙතීතිපි කාමාවචරං.

යම්හෙයකින් මේ සිත රූපා රූප භවයන්හි ද හැසිරේ නමුත්, යම්සේ වනාහි සංග්‍රාමයෙහි හැසිරෙන හෙයින් සංග්‍රාමවචර යැයි නම් ලද ඇතා නගරයේ හැසිරෙතත් සංග්‍රාමාවචර යැයි ම කියනු ලැබේ. ගොඩදිය හැසිරෙන ප්‍රාණීහු අථල අජල වූ තැන්හි සිටියත් එලචර ජලචර යැයි ම කියනු ලබත්. මෙසේ මේ සිත අන්තැනක හැසිරේ නමුදු කාමාවචරම යැයි දතයුතුයි. අරමුණු කිරීම් වශයෙන් හෝ මෙහි කාමය හැසිරේනුයි ද = කාමාවචරයි. මේ කාමය ද රූප අරූපාවචරයන් හැසිරේදැයි යම් සේ කියා ද = වස්සා පොළොවෙහි සයනය කෙරේ නුයි = මහිස යැයි කී කල්හි යම්තාක් සත්ත්වයෝ පොළොවෙහි සයනය කෙරෙත් යැයි කීම ද ඒ සියල්ලවුන්ටම එකී නම නොවේ. මෙය (කාමාවචර යනු) ද මෙසේ සිදු වූ බව දතයුතුයි. තව ද, කාමසසංඛ්‍යාත වූ කාම (භව) යෙහි ප්‍රතිසන්ධිය වශයෙන් හැසිරීම ද = කාමාවචරයි.

කුසලන‍්ති කුච‍්ඡිතානං සලනාදීහි අත්‍ථෙහි කුසලං. අපිච ආරොග්‍යට‍්ඨෙන අනවජ‍්ජට‍්ඨෙන කොසල‍්ලසම‍්භූතට‍්ඨෙන ච කුසලං. යථෙව හි ‘කච‍්චි නු භොතො කුසල’න‍්ති (ජා· 1.15.146; 2.20.129) රූපකායෙ අනාතුරතාය අගෙලඤ‍්ඤෙන නිබ්‍යාධිතාය ආරොග්‍යට‍්ඨෙන කුසලං වුත‍්තං, එවං අරූපධම‍්මෙපි කිලෙසාතුරතාය කිලෙසගෙලඤ‍්ඤස‍්ස ච කිලෙසබ්‍යාධිනො අභාවෙන ආරොග්‍යට‍්ඨෙන කුසලං වෙදිතබ‍්බං. කිලෙසවජ‍්ජස‍්ස පන කිලෙසදොසස‍්ස කිලෙසදරථස‍්ස ච අභාවා අනවජ‍්ජට‍්ඨෙන කුසලං. කොසල‍්ලං වුච‍්චති පඤ‍්ඤා; කොසල‍්ලතො සම‍්භූතත‍්තා කොසල‍්ලසම‍්භූතට‍්ඨෙන කුසලං.

කුසලං යනු පිළිකුල් වූ අකුසලයන්ගේ විනාශ කිරීම ආදී අර්ථයන්ගෙන් කුසලය: තවද නිරෝගී අර්ථයෙන් ද නිර්වද්‍ය අර්ථයෙන් ද දක්ෂභාවයෙන් හටගත් අර්ථයෙන් ද කුසලය, යම්සේ වනාහි ‘කච්චි භොතො කුසලං, කච්චි අනාමයං’ යැයි රූප කයෙහි අනාතුර බැවින් නොගිලන් බැවින් නිර්ව්‍යාධි බැවින් ආරෝග්‍ය අර්ථයෙන් කුසල කියන ලදී. මෙසේ අරූපී ධර්මයන් ද කෙලෙස් ආතුර බැවින් ද, කෙලෙස් ගිලන් බවේ ද, කෙලෙස් රෝගී බවේ ද අභාවයෙන් ආරෝග්‍ය අර්ථයෙන් කුසල යැයි දතයුතුයි. කෙලෙසින් තොර වූවහුගේ වනාහි ක්ලේශ දෝෂයාගේ ක්ලේශ දාහයාගේ ද අභාවයෙන් නිරවද්‍ය අර්ථයෙන් ද කුසලය, ප්‍රඥාව කෝශල්‍ය යැයි කියනු ලැබේ. ප්‍රඥාවෙන් හටගත් හෙයින් ප්‍රඥාවෙන් හටගත් අර්ථයෙන් කුසලය

‘ඤාණසම‍්පයුත‍්තං’ තාව එවං හොතු; ඤාණවිප‍්පයුත‍්තං කථන‍්ති. තම‍්පි රුළ‍්හීසද‍්දෙන කුසලමෙව. යථා හි තාලපණ‍්ණෙහි අකත්‍වා කිලඤ‍්ජාදීහි කතම‍්පි තංසරික‍්ඛත‍්තා රුළ‍්හීසද‍්දෙන තාලවණ‍්ටන‍්ත්‍වෙව වුච‍්චති, එවං ‘ඤාණවිප‍්පයුත‍්ත’ම‍්පි කුසලන‍්ත්‍වෙව වෙදිතබ‍්බං. නිප‍්පරියායෙන පන ‘ඤාණසම‍්පයුත‍්තං’ ආරොග්‍යට‍්ඨෙන අනවජ‍්ජට‍්ඨෙන කොසල‍්ලසම‍්භූතට‍්ඨෙනාති තිවිධෙනපි කුසලන‍්ති නාමං ලභති, ඤාණවිප‍්පයුත‍්තං දුවිධෙනෙව. ඉති යඤ‍්ච ජාතකපරියායෙන යඤ‍්ච බාහිතිකසුත‍්තපරියායෙන යඤ‍්ච අභිධම‍්මපරියායෙන කුසලං කථිතං සබ‍්බං තං තීහිපි අත්‍ථෙහි ඉමස‍්මිං චිත‍්තෙ ලබ‍්භති.

ඥාන සම්ප්‍රයුක්තය වනාහි මෙසේ මේවා, ඥාන විප්‍රයුක්තය මෙසේ ද යත්? එය ද ආරූඪාර්ථයෙන් කුසලමය. යම්සේ වනාහි තලකොළවලින් නොකොට කලාල ආදියෙන් කරන ලද්ද ද එය හා සමාන බැවින් ආරුඪ ශබ්දයෙන් තල්වැටම යැයි කියනු ලැබේ ද, මෙසේ ඥාන විප්‍රයුක්ත වූයේ ද කුසලයම යැයි දතයුතුයි. නිෂ්පරියාය වශයෙන් වනාහි ඥාන සම්ප්‍රයුක්තය ආරෝග්‍යාර්ථයෙන් නිරවද්‍යාර්ථයෙන් ප්‍රඥාවෙන් හටගත් අර්ථයෙන්දැයි තුන් අයුරින්ම කුසල යන නම ලබයි. ඥාන විප්‍රයුක්තය ද දෙයාකාරයෙන්ම ලබයි. මෙසේ යමක් ජාතක පරියායෙන් ද යමක් බාහිර සූත්‍ර පරියායෙන් ද යමක් අභිධර්ම පරියායෙන් ද කුසල යැයි කියන ලද ද ඒ සියල්ල ත්‍රිවිධ අර්ථයෙන්ම මේ සිතෙහි ලැබේ.

තදෙතං ලක‍්ඛණාදිවසෙන අනවජ‍්ජසුඛවිපාකලක‍්ඛණං, අකුසලවිද‍්ධංසනරසං, වොදානපච‍්චුපට‍්ඨානං, යොනිසොමනසිකාරපදට‍්ඨානං. අවජ‍්ජපටිපක‍්ඛත‍්තා වා අනවජ‍්ජලක‍්ඛණමෙව කුසලං, වොදානභාවරසං, ඉට‍්ඨවිපාකපච‍්චුපට‍්ඨානං, යථාවුත‍්තපදට‍්ඨානමෙව. ලක‍්ඛණාදීසු හි තෙසං තෙසං ධම‍්මානං සභාවො වා සාමඤ‍්ඤං වා ලක‍්ඛණං නාම. කිච‍්චං වා සම‍්පත‍්ති වා රසො නාම. උපට‍්ඨානාකාරො වා ඵලං වා පච‍්චුපට‍්ඨානං නාම. ආසන‍්නකාරණං පදට‍්ඨානං නාම. ඉති යත්‍ථ යත්‍ථ ලක‍්ඛණාදීනි වක‍්ඛාම තත්‍ථ තත්‍ථ ඉමිනාව නයෙන තෙසං නානත‍්තං වෙදිතබ‍්බං.

ඒ මේ කුසල සිත ලක්‍ෂණාදී වශයෙන් නිවැරදි සැප විපාක ලක්‍ෂණයි. අකුසලය විනාශ කිරීම රසයයි. කෙලෙසුන්ගෙන් පිරිසිදුවීම එළඹ සිටින ආකාසයි. නුවණින් මෙනෙහි කිරීම ආසන්න කාරණයයි. සාවද්‍ය බවට ප්‍රතිපක්‍ෂ හෙයින් හෝ නිරවද්‍ය ලක්‍ෂණයම කුශලයයි. පිරිසිදු බව රසයයි. ඉෂ්ට විපාකය එළඹ සිටින ආකාරයයි. ඉහත කියන ලද්ද ම ආසන්න කාරණයමය. ලක්‍ෂණ ආදියෙහි වනාහි ඒ ඒ ධර්මයන්ගේ භාවය හෝ සමාන බව හෝ ලක්‍ෂණ නමි. කෘත්‍යය හෝ සම්පත්තිය හෝ රස නමි. එළඹෙන ආකාරය හෝ ඵලය පච්චුපට්ඨාන නමි. ආසන්න කාරණය පදට්ඨාන නමි. මෙසේ යම් යම් තැනෙක ලක්‍ෂණාදිය කියවුද, ඒ ඒ තැන මේ නයින්ම ඔවුන්ගේ නානත්‍වය - වෙනස දතයුතුයි.

චිත‍්තන‍්ති ආරම‍්මණං චින‍්තෙතීති චිත‍්තං; විජානාතීති අත්‍ථො. යස‍්මා වා ‘චිත‍්ත’න‍්ති සබ‍්බචිත‍්තසාධාරණො එස සද‍්දො, තස‍්මා යදෙත්‍ථ ලොකියකුසලාකුසලකිරියචිත‍්තං, තං ජවනවීථිවසෙන අත‍්තනො සන‍්තානං චිනොතීති චිත‍්තං. විපාකං කම‍්මකිලෙසෙහි චිතන‍්ති චිත‍්තං. අපිච සබ‍්බම‍්පි යථානුරූපතො චිත‍්තතාය චිත‍්තං. චිත‍්තකරණතාය චිත‍්තන‍්ති එවම‍්පෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. තත්‍ථ යස‍්මා අඤ‍්ඤදෙව සරාගං චිත‍්තං, අඤ‍්ඤං සදොසං , අඤ‍්ඤං සමොහං; අඤ‍්ඤං කාමාවචරං, අඤ‍්ඤං රූපාවචරාදිභෙදං; අඤ‍්ඤං රූපාරම‍්මණං, අඤ‍්ඤං සද‍්දාදිආරම‍්මණං; රූපාරම‍්මණෙසු චාපි අඤ‍්ඤං නීලාරම‍්මණං, අඤ‍්ඤං පීතාදිආරම‍්මණං; සද‍්දාදිආරම‍්මණෙසුපි එසෙව නයො; සබ‍්බෙසුපි චෙතෙසු අඤ‍්ඤං හීනං අඤ‍්ඤං මජ‍්ඣිමං අඤ‍්ඤං පණීතං; හීනාදීසුපි අඤ‍්ඤං ඡන්‍දාධිපතෙය්‍යං, අඤ‍්ඤං වීරියාධිපතෙය්‍යං අඤ‍්ඤං චිත‍්තාධිපතෙය්‍යං, අඤ‍්ඤං වීමංසාධිපතෙය්‍යං, තස‍්මා අස‍්ස ඉමෙසං සම‍්පයුත‍්තභූමිආරම‍්මණහීනමජ‍්ඣිමපණීතාධිපතීනං වසෙන චිත‍්තතා වෙදිතබ‍්බා. කාමඤ‍්චෙත්‍ථ එකමෙව එවං චිත‍්තං න හොති, චිත‍්තානං පන අන‍්තොගධත‍්තා එතෙසු යංකිඤ‍්චි එකම‍්පි චිත‍්තතාය චිත‍්තන‍්ති වත‍්තුං වට‍්ටති. එවං තාව චිත‍්තතාය චිත‍්තං.

චිත්තං - සිත යනු අරමුණ සිතානුයි චිත්තය, දනී යන අර්ථයි. යම්හෙයකින් හෝ චිත්ත සිත යන මේ ශබ්දය සර්ව සාධාරණ ද එහෙයින් මෙහි යම් ලෞකික කුසලාකුසල මහාකිරිය සිතක් වේද එය ජවනවීථි වශයෙන් සිය සන්තානය රැස් කෙරේනුයි = සිතය, විපාකය කර්ම ක්ලේශයන් සමග රැස් කෙරේනුයි = සිතය. තවද සියල්ලම ස්ථානුරූපව විචිත්‍ර බැවින් = සිතය. විසිතුරු කරන බැවින් සිත යැයි මෙසේ ද මෙහි අරථය දතයුතුයි. එහි යම්හෙයකින් සරාග සිත අනිකත්වය, සදොස සිත අනිකකි. සමෝහ සිත අනිකකි. කාමාවචර සිත අනිකකි. රූපාවචරාදී භේද අනිකකි. රූපාරම්මණය අනිකකි. ශබ්දාරම්මණ අනිකකි. රූපාරම්මණයන්හි ද මේ නයමය. මේ සියල්ලෙහිම හීනය අනිකකි. මධ්‍යමය අනිකකි. ප්‍රණිතය අනිකකි (යැයි) හීනාදීන්හි ද ඡන්‍දාධිපත්‍යය අනිකකි. වීර්යාධිපත්‍යය අනිකකි. චිත්තාධිපත්‍යය අනිකකි. වීමංසාධිපත්‍යය අනිකකි. එහෙයින් මේ චිත්තයාගේ මේ සම්පුත්ත, භූමි, ආරම්මණ, හීන, මධ්‍යම, ප්‍රණීත අධිපතීන්ගේ වශයෙන් විචිත්‍රත්වය දතයුතුයි. ඒකාන්තයෙන් මෙහි එකං සිත පමණක් නොවෙයි. චිත්‍රයන්ගේ ඇතුළත්වීම නිසා මොවුනතුරෙන් යම්කිසි එකක් හෝ විචිත්‍ර හෙයින් චිත්‍රයැයි කියන්නට වටී. මෙසේ වනාහි විසිතුරු බැවින් චිත්‍රයි.

කථං චිත‍්තකරණතායාති? ලොකස‍්මිඤ‍්හි චිත‍්තකම‍්මතො උත‍්තරි අඤ‍්ඤං චිත‍්තං නාම නත්‍ථි. තස‍්මිම‍්පි චරණං නාම චිත‍්තං අතිචිත‍්තමෙව හොති. තං කරොන‍්තානං චිත‍්තකාරානං ‘එවංවිධානි එත්‍ථ රූපානි කාතබ‍්බානී’ති චිත‍්තසඤ‍්ඤා උප‍්පජ‍්ජති. තාය චිත‍්තසඤ‍්ඤාය ලෙඛාගහනරඤ‍්ජනඋජ‍්ජොතනවත‍්තනාදිනිප‍්ඵාදිකා චිත‍්තකිරියා උප‍්පජ‍්ජන‍්ති, තතො චරණසඞ‍්ඛාතෙ චිත‍්තෙ අඤ‍්ඤතරං විචිත‍්තරූපං නිප‍්ඵජ‍්ජති. තතො ‘ඉමස‍්ස රූපස‍්ස උපරි ඉදං හොතු, හෙට‍්ඨා ඉදං, උභයපස‍්සෙ ඉද’න‍්ති චින‍්තෙත්‍වා යථාචින‍්තිතෙන කමෙන සෙසචිත‍්තරූපනිප‍්ඵාදනං හොති, එවං යංකිඤ‍්චි ලොකෙ විචිත‍්තං සිප‍්පජාතං සබ‍්බං තං චිත‍්තෙනෙව කරියති, එවං ඉමාය කරණවිචිත‍්තතාය තස‍්ස තස‍්ස චිත‍්තස‍්ස නිප‍්ඵාදකං චිත‍්තම‍්පි තථෙව චිත‍්තං හොති. යථාචින‍්තිතස‍්ස වා අනවසෙසස‍්ස අනිප‍්ඵජ‍්ජනතො තතොපි චිත‍්තමෙව චිත‍්තතරං. තෙනාහ භගවා –

චිත්‍රකරණය සඳහා යනු කෙසේ ද? ලෝකයෙහි වනාහි චිත්‍රකරණයට වැඩි වෙනත් විසිතුරු දෙයක් නම් නැත. එහි යෙදීම - හැසිරීම පවා විසිතුරුය. අතිශයින් විසිතුරුම වෙයි. එය කරන්නා වූ සිත්තරුන්ට මෙහි මෙබඳු රූප කළයුතු යැයි චිත්ත සංඥාවක්-හැඟීමක් උපදී. ඒ චිත්ත සංඥාවෙන් ඉරි ඇඳීම්, සායම් කිරීම බැබළවීම පැවැත්වීම ආදිය නිෂ්පාදනය කරන චිත්ත ක්‍රියාවෝ උපදිත්. ඉක්බිති චරණ සංඛ්‍යාත සිතෙහි එක්තරා විසිතුරු රූපයක් නිෂ්පාදනය වෙයි. ඉක්බිති මේ රූපයට මත්තෙහි මෙය වේවා, යටින් මෙයයි දෙපස මෙය යැයි සිතා සිතන ලද චිත්‍ර කර්මය අනුව සෙසු චිත්‍රරූප නිෂ්පාදනය වෙයි. මෙසේ ලෝකයෙහි යම්කිසි විසිතුරු ශිල්ප ජානයක් වේ නම් ඒ සියල්ල සිතින්ම කරනු ලැබේ. මේ මේ කරණ විචිත්‍රතාවෙන් ඒ ඒ චිත්‍රයාගේ නිෂ්පාදක චිත්තය ද එසේම විසිතුරු වේ. සිතන ලද්දා වූ සියල්ල නිෂ්පාදනය කරන හෙයින් හෝ එයින් ද සිතම චිත්‍රතරය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

“දිට‍්ඨං වො, භික‍්ඛවෙ, චරණං නාම චිත‍්තන‍්ති? ‘එවං, භන‍්තෙ’. තම‍්පි ඛො, භික‍්ඛවෙ, චරණං නාම චිත‍්තං චිත‍්තෙනෙව චින‍්තිතං. තෙනපි ඛො, භික‍්ඛවෙ, චරණෙන චිත‍්තෙන චිත‍්තංයෙව චිත‍්තතර”න‍්ති (සං· නි· 3.100).

‘මහණෙනි, තොප විසින් චරණය නම් චිත්‍රයකැයි දක්නා ලදද? එසේය ස්වාමීනි, මහණෙනි! ඒ චරණය-චිත්‍රය සිතින්ම විසිතුරු කරන ලදී. මහණෙනි, ඒ මරණයේ විචිත්‍රතාව නිසාම සිතම විචිත්‍රතරය’ යනුයි.

තථා යදෙතං දෙවමනුස‍්සනිරයතිරච‍්ඡානභෙදාසු ගතීසු කම‍්මලිඞ‍්ගසඤ‍්ඤාවොහාරාදිභෙදං අජ‍්ඣත‍්තිකං චිත‍්තං තම‍්පි චිත‍්තකතමෙව. කායකම‍්මාදිභෙදඤ‍්හි දානසීලවිහිංසාසාඨෙය්‍යාදිනයප‍්පවත‍්තං කුසලාකුසලකම‍්මං චිත‍්තනිප‍්ඵාදිතං කම‍්මනානත‍්තං. කම‍්මනානත‍්තෙනෙව ච තාසු තාසු ගතීසු හත්‍ථපාදකණ‍්ණඋදරගීවාමුඛාදිසණ‍්ඨානභින‍්නං ලිඞ‍්ගනානත‍්තං. ලිඞ‍්ගනානත‍්තතො යථාගහිතසණ‍්ඨානවසෙන ‘අයං ඉත්‍ථී අයං පුරිසො’ති උප‍්පජ‍්ජමානාය සඤ‍්ඤාය සඤ‍්ඤානානත‍්තං. සඤ‍්ඤානානත‍්තතො සඤ‍්ඤානුරූපෙන ‘ඉත්‍ථී’ති වා ‘පුරිසො’ති වා වොහරන‍්තානං වොහාරනානත‍්තං. වොහාරනානත‍්තවසෙන පන යස‍්මා ‘ඉත්‍ථී භවිස‍්සාමි පුරිසො භවිස‍්සාමි, ඛත‍්තියො භවිස‍්සාමි බ්‍රාහ‍්මණො භවිස‍්සාමී’ති එවං තස‍්ස තස‍්ස අත‍්තභාවස‍්ස ජනකං කම‍්මං කරීයති, තස‍්මා වොහාරනානත‍්තතො කම‍්මනානත‍්තං. තං පනෙතං කම‍්මනානත‍්තං යථාපත්‍ථිතං භවං නිබ‍්බත‍්තෙන‍්තං යස‍්මා ගතිවසෙන නිබ‍්බත‍්තෙති තස‍්මා කම‍්මනානත‍්තතො ගතිනානත‍්තං. කම‍්මනානත‍්තෙනෙව ච තෙසං තෙසං සත‍්තානං තස‍්සා තස‍්සා ගතියා අපාදකද‍්විපාදකාදිතා, තස‍්සා තස‍්සා උපපත‍්තියා උච‍්චනීචාදිතා, තස‍්මිං තස‍්මිං අත‍්තභාවෙ සුවණ‍්ණදුබ‍්බණ‍්ණාදිතා, ලොකධම‍්මෙසු ලාභාලාභාදිතා ච පඤ‍්ඤායති. තස‍්මා සබ‍්බමෙතං දෙවමනුස‍්සනිරයතිරච‍්ඡානභෙදාසු ගතීසු කම‍්මලිඞ‍්ගසඤ‍්ඤාවොහාරාදිභෙදං අජ‍්ඣත‍්තිකං චිත‍්තං චිත‍්තෙනෙව කතන‍්ති වෙදිතබ‍්බං. ස‍්වායමත්‍ථො ඉමස‍්ස සඞ‍්ගීතිඅනාරුළ‍්හස‍්ස සුත‍්තස‍්ස වසෙන වෙදිතබ‍්බො. වුත‍්තඤ‍්හෙතං –

එසේම දිව්‍ය-මනුෂ්‍ය-තිරය-තිරශ්චීන යන භේද ඇති ගතිවල කර්ම-ලිංග-සංඥා-ව්‍යවහාර ආදී භේද ඇති යම් යම් ආධ්‍යාත්මික සිතක් වේද එයද සිතින්ම කරන ලදී. කාය කර්මාදි භේද ඇති දාන සීල හිංසා, සොරකම් ආදී නයින් පැවති කුසලාකුසල කර්මය වනාහි සිතින් නිපදවන ලද කර්මනානත්‍වයයි. කම නානත්‍වයෙන්ම ඒ ඒ ගතීන්හි අත් පා කන් උදර ග්‍රීවා මුඛ ආදි සටහන්වලින් භින්න වූ ලිංග නානත්වය වේ. ලිංග නානත්වයෙන් එසේ ගන්නා ලද සටහන් වශයෙන් මේ සතිය, මේ පුරුෂයන් යන උපදනා සංඥාවෙන් සංඥා නානත්වය වේ. සංඥා නානත්‍වයෙන් සංඥාවට අනුරූප වූ ස්ත්‍රිය යැයි හෝ පුරුෂයා යැයි හෝ ව්‍යවහාර කරන්නවුන්ගේ ව්‍යාවහාර නානත්‍වය ඇති වේ. ව්‍යවහාර නානත්‍වය වශයෙන් වනාහි යම්හෙයකින් ස්ත්‍රියක් වෙමි. පුරුෂයෙක් වෙමි. ක්‍ෂත්‍රියෙක් වෙමි. බ්‍රාහ්මණයෙක් වෙමි යැයි මෙසේ ඒ ඒ ආත්මභාවයාගේ ජනක කර්මය කරනු ලැබේ. එහෙයින් ව්‍යවහාර නානත්‍වයෙන්ම කර්ම නානත්‍වය වේ. පතන ලද අයුරින් භවය භවය නිපදවන්නා වූ ඒ ඒ කර්ම නානත්වය යම්හෙයකින් ගති වශයෙන් නිපදවයි ද, එහෙයින් කර්ම නානත්වයෙන් ගති නානත්වය ඇති වේ. කර්ම නානත්වයෙන්ම ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ ගතියෙහි (අපාදික ද්විපාදකතාව, ඒ ඒ උත්පත්තීන්හි) උස් පහත් බව, ඒ ඒ ආත්ම භාවයෙහි සුවර්ණ දුර්වණතාව ආදිය (ලෝක ධර්මයන්හි) ලාභාලාභාදිතාව ද පැනෙයි. එහෙයින් දිව්‍ය මනුෂ්‍ය නිරය තිරශ්චීන භෙද ඇති ගතීන්හි කර්ම ලිංග සංඥා ව්‍යවහාර ආදී භේද ඇති මේ සියලුම ආධ්‍යාත්මික සිත (සිතින්ම කරන) ලදැයි දතයුතුයි. මේ අර්ථය සංගීතියට ආරූඪ නො කරන ලද මේ සූත්‍රයාගේ වශයෙන් දතයුතුයි. මෙය කියන ලද්දේමය.

“කම‍්මනානත‍්තපුථුත‍්තප‍්පභෙදවවත්‍ථානවසෙන ලිඞ‍්ගනානත‍්තපුථුත‍්තප‍්පභෙදවවත්‍ථානං භවති, ලිඞ‍්ගනානත‍්තපුථුත‍්තප‍්පභෙදවවත්‍ථානවසෙන සඤ‍්ඤානානත‍්තපුථුත‍්තප‍්පභෙදවවත්‍ථානං භවති, සඤ‍්ඤානානත‍්තපුථුත‍්තප‍්පභෙදවවත්‍ථානවසෙන වොහාරනානත‍්තපුථුත‍්තප‍්පභෙදවවත්‍ථානං භවති, වොහාරනානත‍්තපුථුත‍්තප‍්පභෙදවවත්‍ථානවසෙන කම‍්මනානත‍්තපුථුත‍්තප‍්පභෙදවවත්‍ථානං භවති. කම‍්මනානාකරණං පටිච‍්ච සත‍්තානං ගතියා නානාකරණං පඤ‍්ඤායති – අපදා ද‍්විපදා චතුප‍්පදා බහුප‍්පදා, රූපිනො අරූපිනො, සඤ‍්ඤිනො අසඤ‍්ඤිනො නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤිනො. කම‍්මනානාකරණං පටිච‍්ච සත‍්තානං උපපත‍්තියා නානාකරණං පඤ‍්ඤායති – උච‍්චනීචතා හීනපණීතතා සුගතදුග‍්ගතතා. කම‍්මනානාකරණං පටිච‍්ච සත‍්තානං අත‍්තභාවෙ නානාකරණං පඤ‍්ඤායති – සුවණ‍්ණදුබ‍්බණ‍්ණතා සුජාතදුජ‍්ජාතතා සුසණ‍්ඨිතදුස‍්සණ‍්ඨිතතා. කම‍්මනානාකරණං පටිච‍්ච සත‍්තානං ලොකධම‍්මෙ නානාකරණං පඤ‍්ඤායති – ලාභාලාභෙ යසායසෙ නින්‍දාපසංසායං සුඛදුක‍්ඛෙ”ති.

‘කර්ම නානත්ව පෘථුත්‍ව ප්‍රභේද ව්‍යවස්ථාන වශයෙන් ලිංග නානත්‍ව පෘථුත්‍ව ප්‍රභේද ව්‍යවස්ථානය වෙයි. ලිංග නානත්‍ව පෘථුත්‍ව ප්‍රභේද ව්‍යවස්ථාන වශයෙන් සංඥා නානත්‍ව පෘථුත්‍ව භේද ව්‍යවස්ථානයෙන් ව්‍යවහාර නානත්‍ව පෘථුත්‍ව ප්‍රභේද ව්‍යවස්ථානය වෙයි. ව්‍යාවහාර නානත්‍ව පෘථුත්‍ව ප්‍රභේද ව්‍යවස්ථාන වශයෙන් කර්ම නානත්‍ව පෘථුත්‍ව ප්‍රභේද ව්‍යවස්ථානය වෙයි. කර්ම නානාකරණය නිසා සත්ත්වයන්ගේ ගතියෙහි නානාකරණය පැනේ. අපාදකයෝය. ද්විපාදකයෝ චතුෂ්පාද සත්ත්වයෝය. බහුපාද සත්ත්වයෝය. රූපීහුය. අරූපීහුය. සංඥීහුය. අසංඥීහු ය. නෙවසංඥාසංඥීහු ය. (යන වශයෙන්) කර්ම නානාකරණය වශයෙන් සත්ත්වයි ගේ උත්පත්තියෙහි නානාකරණයක් දක්නා ලැබේ. උස්පහත් බව, හීනප්‍රණීත බව, සුගත දුගත බව යන කම නානාකරණය නිසා සත්ත්වයන්ගේ ආත්මභාවයෙහි නානාකරණය පැනේ. ස්වර්ණ දුර්වර්ණ බව, සුජාත දුර්ජාත බව මනාසේ පිහිටීම, නපුරු ලෙස පිහිටීම යන මේවා කර්ම නානාකරණය නිසා සත්ත්වයන්ගේ ලාභලාභ යස අයස, නින්දා ප්‍රශංසා, සැපදුක් යන ලෝකධර්මයෙහි නානාකරණය පැනේ.

අපරම‍්පි වුත‍්තං –

අනෙකක් ද කියන ලදී.

කම‍්මතො ලිඞ‍්ගතො චෙව, ලිඞ‍්ගසඤ‍්ඤා පවත‍්තරෙ; සඤ‍්ඤාතො භෙදං ගච‍්ඡන‍්ති, ඉත්‍ථායං පුරිසොති වා.

කම්මතො ලිංගතො චෙව ලිංගසඤ්ඤා පවත්තරෙ සඤ්ඤාතො භෙදං ගච්ඡන්ති ඉත්‍ථායං පුරිසොති වා

“කම‍්මුනා වත‍්තතෙ ලොකො, කම‍්මුනා වත‍්තතෙ පජා; කම‍්මනිබන්‍ධනා සත‍්තා, රථස‍්සාණීව යායතො”. (ම· නි· 2.460; සු· නි· 659);

කම්මනා වත්තතෙ ලොකො කම්මනා වත්තතෙ පජා කම්මනිබන්‍ධනා සත්තා රථස්සාණීව යායතො

කම‍්මෙන කිත‍්තිං ලභතෙ පසංසං, කම‍්මෙන ජානිඤ‍්ච වධඤ‍්ච බන්‍ධං; තං කම‍්මනානාකරණං විදිත්‍වා, කස‍්මා වදෙ නත්‍ථි කම‍්මන‍්ති ලොකෙ. (කථා· 785);

කම්මෙන කිත්තං ලභතෙ පසංසං කම්මෙන ජාතිඤ්ච වධඤ්ච බන්‍ධං තං කම්මනානාකරණං විදිත්‍වා කස්මා වදෙ නත්‍ථි කම්මන්ති ලොකෙ

කර්මයෙන් මෙන්ම ලිංගයෙන් ලිංග (යන) සංඥාව පවතී. සංඥාවෙන් මේ ස්ත්‍රියක හෝ මේ පුරුෂයෙකි යන භේදයට පැමිණෙත්.

කර්මයෙන් ලෝකය පවතී. කර්මයෙන් ප්‍රජාව පවතී. ගමන් කරන්නා වූ රථයට ඇණය මෙන් සත්ත්වයෝ කර්මයෙන් බැඳුණාහුය.

කර්මයෙන් කීර්තිය ද ප්‍රශංසාව ද ලබයි. කර්මයෙන් හානිය ද වධය ද බන්‍ධනය ද වෙයි. ඒ කර්ම නානාකරණය දැන කවරහෙයින් ලෝකයෙහි කර්මය නැතැයි කියයි ද,

“කම‍්මස‍්සකා මාණව සත‍්තා කම‍්මදායාදා කම‍්මයොනී කම‍්මබන්‍ධූ කම‍්මපටිසරණා; කම‍්මං සත‍්තෙ විභජති යදිදං හීනප‍්පණීතතායා”ති (ම· නි· 3.289).

‘මානවය! සත්ත්වයෝ කර්මය ස්වකීයකොට ඇත්තාහ. කර්මය දායාදකොට ඇත්තාහ. කර්මය උත්පත්තිස්ථාන කොට ඇත්තාහ. කර්මය බන්‍ධුකොට ඇත්තාහ. කර්මය පිළිසරණ කොට ඇත්තාහ. කර්මය සත්ත්වයන් හීනප්‍රණීත (උස්පහත්) යන මේ වශයෙන් ද බෙදයි’

එවං ඉමාය කරණචිත‍්තතායපි චිත‍්තස‍්ස චිත‍්තතා වෙදිතබ‍්බා. සබ‍්බානිපි හි එතානි විචිත්‍රානි චිත‍්තෙනෙව කතානි. අලද‍්ධොකාසස‍්ස පන චිත‍්තස‍්ස යං වා පන අවසෙසපච‍්චයවිකලං තස‍්ස එකච‍්චචිත‍්තකරණාභාවතො යදෙතං චිත‍්තෙන කතං අජ‍්ඣත‍්තිකං චිත‍්තං වුත‍්තං, තතොපි චිත‍්තමෙව චිත‍්තතරං. තෙනාහ භගවා –

යැයි මෙසේ මේ කරන විචිත්‍රත්‍වයෙන් ද සිතේ විචිත්‍රත්‍වය දතයුතුයි. මේ සියලුම විචිත්‍රයෝ වනාහි සිතින්ම කරන ලදහ. නො ලබන ලද අවකාශ ඇති සිතට වනාහි යම් හෝ අවශේෂ ප්‍රත්‍ය විකලයක් වේ ද එය ද යම්කිසි විසිතුරු කිරීමක් බැවින් සිතින් කරන ලද යම් මේ ආධ්‍යාත්මික චිත්‍රයක් කියන ලද ද එයින් ද සිතම චිත්‍රතරය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ (මෙසේ) වදාළහ.

“නාහං, භික‍්ඛවෙ, අඤ‍්ඤං එකනිකායම‍්පි සමනුපස‍්සාමි එවං චිත‍්තං යථයිදං, භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා පාණා… තෙහිපි ඛො, භික‍්ඛවෙ, තිරච‍්ඡානගතෙහි පාණෙහි චිත‍්තංයෙව චිත‍්තතර”න‍්ති (සං· නි· 3.100).

‘මහණෙනි! මම සිත හා සමාන වෙනත් එකම නිකායක් (සමූහයක්) වත් නොදකිමි. මහණෙනි, යම් ඒ තිරිසන්ගත ප්‍රාණීහු වෙත් ද, මහණෙනි, ඒ තිරිසන්ගත ප්‍රාණීන් අතුරෙන් ද සිතම විසිතරුතර ය’ යනුයි.

උප‍්පන‍්නං හොතීති එත්‍ථ වත‍්තමානභූතාපගතොකාසකතභූමිලද‍්ධවසෙන උප‍්පන‍්නං නාම අනෙකප‍්පභෙදං. තත්‍ථ සබ‍්බම‍්පි උප‍්පාදජරාභඞ‍්ගසමඞ‍්ගීසඞ‍්ඛාතං වත‍්තමානුප‍්පන‍්නං නාම. ආරම‍්මණරසං අනුභවිත්‍වා නිරුද‍්ධං, අනුභූතාපගතසඞ‍්ඛාතං කුසලාකුසලං , උප‍්පාදාදිත‍්තයං අනුප‍්පත්‍වා නිරුද‍්ධං, භූතාපගතසඞ‍්ඛාතං, සෙසසඞ‍්ඛතඤ‍්ච භූතාපගතුප‍්පන‍්නං නාම. “යානිස‍්ස තානි පුබ‍්බෙ කතානි කම‍්මානී”ති (ම· නි· 3.248) එවමාදිනා නයෙන වුත‍්තං කම‍්මං අතීතම‍්පි සමානං, අඤ‍්ඤං විපාකං පටිබාහිත්‍වා අත‍්තනො විපාකස‍්සොකාසං කත්‍වා ඨිතත‍්තා, තථා කතොකාසඤ‍්ච විපාකං අනුප‍්පන‍්නම‍්පි සමානං එවං කතෙ ඔකාසෙ එකන‍්තෙන උප‍්පජ‍්ජනතො ඔකාසකතුප‍්පන‍්නං නාම. තාසු තාසු භූමීසු අසමූහතං අකුසලං භූමිලද‍්ධුප‍්පන‍්නං නාම. එත්‍ථ ච භූමියා භූමිලද‍්ධස‍්ස ච නානත‍්තං වෙදිතබ‍්බං. භූමීති විපස‍්සනාය ආරම‍්මණභූතා තෙභූමකා පඤ‍්චක‍්ඛන්‍ධා. භූමිලද‍්ධං නාම තෙසු ඛන්‍ධෙසු උප‍්පත‍්තාරහං කිලෙසජාතං. තෙන හෙසා භූමි ලද‍්ධා නාම හොති, තස‍්මා භූමිලද‍්ධන‍්ති වුච‍්චති. එවමෙතෙසු චතූසු උප‍්පන‍්නෙසු ඉධ ‘වත‍්තමානුප‍්පන‍්නං’ අධිප‍්පෙතං.

උප්පන්නං හොති යන මෙහි වර්තමාන උප්පන්න, භූතාර්ගත උප්පන්න, ඕකාසකතුප්පන්න, භූමිලද්ධුප්පන්න වශයෙන් උප්පන්නං යන්න අනේකවිධ ප්‍රභේද ඇත්තේය. එහි උත්පාද-ජරා භංගයන්ගේ එක්වීම් සංඛ්‍යාත වූ සියල්ලම වර්තමාන උත්පන්න නම් වේ. ආරම්මණ රසය විඳ නිරුද්ධ වූ අනුභූතාපගත සංඛ්‍යාත කුසලාකුසල ද උත්පාදාදිත්‍රයට නො පැමිණ නිරුද්ධ වූ භූතාපගත සංඛ්‍යාත සෙසු සංඛත ද භූතාපගතුප්පන්න නමි. ‘යාතිස්ස සානි පුබ්බෙ කතානි කම්මානී’ති (පෙර කරන ලද යම් ඒ කර්මයෝ වෙත් ද) යනාදී නයින් කියන ලද අතීත වූ කර්ම ද අන්‍යවිපාක වළක්වා තම විපාකයට අවකාශ අවකාශ කොට සිටි හෙයින් එසේ කරන ලද අවකාශ ඇති නූපන්නා වූ විපාකය ද මෙසේ කරන ලද අවකාශ ඇති කල්හි ඒකාන්තයෙන් උපදනා හෙයින් ඔකාසකතුප්පන්න නම් වෙයි. ඒ ඒ භූමීන්හි අසමූහතාවට පත් අකුසලය භූමිලද්ධූප්පන්න නමි. මේ භූමියෙහි ද භූමිලද්දහුගේ වෙනස දතයුතුයි. භූමි යනු විදර්ශනාවට අරමුණු වූ ත්‍රෛභූමක පංචස්කන්‍ධයෝ ය. භූමිලද්ධ නම් එකී ස්කන්‍ධයන්හි - උත්පත්තියට සුදුසු වූ කෙලෙස් සමූහයයි. එහෙයින් මෙය භූමිලද්ධ නම් වෙයි. එහෙයින් භූමිලද්ධ යැයි කියනු ලැබේ. මෙසේ මෙකී චතුර්විධ උත්පන්නයන් අතුරෙහි මෙහි වර්තමානුත්පන්නය අභිප්‍රේතයි.

තත්‍රායං වචනත්‍ථො – පුබ‍්බන‍්තතො උද‍්ධං උප‍්පාදාදිඅභිමුඛං පන‍්නන‍්ති උප‍්පන‍්නං. ‘උප‍්පන‍්න’-සද‍්දො පනෙස අතීතෙ පටිලද‍්ධෙ සමුට‍්ඨිතෙ අවික‍්ඛම‍්භිතෙ අසමුච‍්ඡින‍්නෙ ඛණත‍්තයගතෙති අනෙකෙසු අත්‍ථෙසු දිස‍්සති. අයඤ‍්හි “තෙන ඛො පන, භික‍්ඛවෙ, සමයෙන කකුසන්‍ධො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො ලොකෙ උප‍්පන‍්නො”ති (සං· නි· 2.143) එත්‍ථ අතීතෙ ආගතො. “ආයස‍්මතො ආනන්‍දස‍්ස අතිරෙකචීවරං උප‍්පන‍්නං හොතී”ති (පාරා· 461) එත්‍ථ පටිලද‍්ධෙ. “සෙය්‍යථාපි, භික‍්ඛවෙ, උප‍්පන‍්නං මහාමෙඝං තමෙනං මහාවාතො අන‍්තරායෙව අන‍්තරධාපෙතී”ති (සං· නි· 5.157) එත්‍ථ සමුට‍්ඨිතෙ. “උප‍්පන‍්නං ගමියචිත‍්තං දුප‍්පටිවිනොදනීයං (අ· නි· 5.160; පරි· 325); උප‍්පන‍්නුප‍්පන‍්නෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ ඨානසො අන‍්තරධාපෙතී”ති (පාරා· 165) එත්‍ථ අවික‍්ඛම‍්භිතෙ. “අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො බහුලීකරොන‍්තො උප‍්පන‍්නුප‍්පන‍්නෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ ඨානසො අන‍්තරායෙව අන‍්තරධාපෙතී”ති (සං· නි· 5.156-157) එත්‍ථ අසමුච‍්ඡින‍්නෙ. “උප‍්පජ‍්ජමානං උප‍්පන‍්නන‍්ති? ආමන‍්තා”ති (යම· 2.චිත‍්තයමක.81) එත්‍ථ ඛණත‍්තයගතෙ. ස‍්වායමිධාපි ඛණත‍්තයගතෙව දට‍්ඨබ‍්බො. තස‍්මා ‘උප‍්පන‍්නං හොතී’ති එත්‍ථ ඛණත‍්තයගතං හොති, වත‍්තමානං හොති, පච‍්චුප‍්පන‍්නං හොතීති. අයං සඞ‍්ඛෙපත්‍ථො.

මේ එහි වචනාර්ථයයි. පූර්වාන්තයෙන් උඩට උපැත්ම ආදිකොට අභිමුඛ කොට පැමිණියේ නුයි = උප්පනනං, මේ උප්පන්න ශබ්දය වනාහි අතීතය, පටිලද්ධය, සමුට්ඨිතය, අවික්‍ඛමභිතය, අසමුච්ඡින්නය, ඛණත්තයගත යැයි නොයෙක් අර්ථයන් දක්නා ලැබේ. මෙය වනාහි ‘තෙන ඛොපන භික්‍ඛවෙ! සමයෙන කකුසන්‍ධො භගවා අරහං සම්මා සම්බුද්ධො ලොකෙ උප්පන්නො’ යන මෙහි අතීතයෙහි ආයේය. ‘ආයස්මතො ආනන්‍දස්ස අතිරේක චීවරං උප්පන්නං හොති’ යන මෙහි පටිලද්ධ (අර්ථයෙහි) ය, ‘සෙය්‍යථාපි භික්‍ඛවෙ! උප්පන්නං මහාමෙඝං තංගෙ මහාවාතො අන්තරායෙව අන්තරධාපෙති’ යන මෙහි සමුට්ඨිතයෙහිය’ ‘උපන්නං ගමිය චිත්තං දුප්පටිවිනොදනීයං, උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරපෙති’ යන මෙහි අවික්‍ඛමහිතයෙහිය. ‘අරියං අට්ඨංගිකං මග්ගං භාවෙන්තො බහුලීකරොන්තො උප්පන්නුප්පනෙන පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අනතරායෙ ව අනතරධාපෙති’ යන මෙහි අසමුච්ඡන්නයෙහිය. ‘උප්පජ්ජමානං උප්පන්නං ආමන්තා’ යන මෙහි ඛණාත්තයගතයෙහිය. ඒ මෙය මෙහි ද ඛණන්තයගතයෙහිම දතයුතුයි. එහෙයින් උප්පන්නං හොති යන මෙහි ඛණත්තයගත වෙයි. වර්තමාන වෙයි. ප්‍රත්‍යුත්පන්න වෙයි යනු මෙම සංක්‍ෂේපාර්ථයි.

චිත‍්තං උප‍්පන‍්නං හොතීති චෙතං දෙසනාසීසමෙව. න පන චිත‍්තං එකකමෙව උප‍්පජ‍්ජති. තස‍්මා යථා රාජා ආගතොති වුත‍්තෙ න පරිසං පහාය එකකොව ආගතො, රාජපරිසාය පන සද‍්ධිංයෙව ආගතොති පඤ‍්ඤායති , එවමිදම‍්පි පරොපණ‍්ණාසකුසලධම‍්මෙහි සද‍්ධිංයෙව උප‍්පන‍්නන‍්ති වෙදිතබ‍්බං. පුබ‍්බඞ‍්ගමට‍්ඨෙන පන “චිත‍්තං උප‍්පන‍්නං හොති”ච‍්චෙව වුත‍්තං.

චිත්තං උප්පන්නං හොති යන මෙය ද දේශනා ශීර්ෂයමය. සිත වනාහි එකලාවම නූපදී. කවර හෙයින් ද? යම්සේ රජ ආයේයැයි කී කල්හි පිරිස හැර එකලාව ආයේ නොවේ. රාජ පිරිස සමගම ආයේ යැයි පැනේ. මෙසේ මෙය ද පනසකට අධික කුශල ධර්මයන් සමගම උපන්නේ යැයි දතයුතුයි. පූර්වංගමනාර්ථයෙන් වනාහි සිත උපන්නේ වෙයි යැයි කියන ලදී.

ලොකියධම‍්මඤ‍්හි පත්‍වා චිත‍්තං ජෙට‍්ඨකං චිත‍්තං ධුරං චිත‍්තං පුබ‍්බඞ‍්ගමං හොති. ලොකුත‍්තරධම‍්මං පත්‍වා පඤ‍්ඤා ජෙට‍්ඨිකා පඤ‍්ඤා ධුරා පඤ‍්ඤා පුබ‍්බඞ‍්ගමා. තෙනෙව භගවා විනයපරියායං පත්‍වා පඤ‍්හං පුච‍්ඡන‍්තො ‘කිංඵස‍්සොසි, කිංවෙදනොසි, කිංසඤ‍්ඤොසි, කිංචෙතනොසී’ති අපුච‍්ඡිත්‍වා “කිංචිත‍්තො ත්‍වං භික‍්ඛූ”ති චිත‍්තමෙව ධුරං කත්‍වා පුච‍්ඡති. “අථෙය්‍යචිත‍්තො අහං භගවා”ති ච වුත‍්තෙ ‘අනාපත‍්ති අථෙය්‍යඵස‍්සස‍්සා’තිආදීනි අවත්‍වා “අනාපත‍්ති භික‍්ඛු අථෙය්‍යචිත‍්තස‍්සා”ති වදති.

සිත වනාහි ලෞකික ධර්මයට පැමිණ ජ්‍යෙෂ්ඨය, සිත ප්‍රධානය. සිත පූර්වාංගමය, ලෝකෝත්තර ධර්මයට පැමිණ ප්‍රඥාව ජ්‍යෙෂ්ඨය, ප්‍රඥාව ප්‍රධානය, ප්‍රඥාව පූර්වංගමය, එහෙයින්ම භාග්‍යවතුන් වහන්සේ විනය පරියායට පැමිණ ප්‍රශ්න විචාරන සේක් කිං ඵස්සොසි තිං වෙදනොසි? කිං සඤ්ඤොසි? කිං චෙතනොසි? (කිම ස්පර්ශයෙන් යුක්ත වන්නෙහි ද? කිම වේදනාවෙන් යුක්ත වන්නෙහි ද? කිම සංඥාවෙන් යුක්ත වන්නෙහි ද? කිම චේතනාවෙන් යුක්ත වන්නෙහි ද) යැයි නො විචාරා ‘කිං චිත්තොසි ත්‍වං භික්‍ඛු?’ (කිම මහණ ඔබ සිතින් යුක්ත වූවෙහි ද?) යැයි සිතම ප්‍රධාන කොට ගෙන වදාරන සේක. ‘අථෙය්‍ය චිත්තො අහං භගවා’ (භාග්‍යවතුන් වහන්ස, මම සොර සිත් ඇත්තෙම් නො වෙමි යැයි කී කල්හි ද ‘අනාපත්ති අථෙය්‍යස්ස’ (සොර නොවූවහුට ඇවැත් නැතැයි) යනාදිය නො වදාරා ‘අනාපත්ති භික්‍ඛු! අථෙයං චිත්තස්ස’ (මහණ! සොර සිත් නැත්තාට ඇවැත් නැත) යැයි වදාරණ සේක.

න කෙවලඤ‍්ච විනයපරියායං, අඤ‍්ඤම‍්පි ලොකියදෙසනං දෙසෙන‍්තො චිත‍්තමෙව ධුරං කත්‍වා දෙසෙති. යථාහ – “යෙ කෙචි, භික‍්ඛවෙ, ධම‍්මා අකුසලා අකුසලභාගියා අකුසලපක‍්ඛිකා සබ‍්බෙතෙ මනොපුබ‍්බඞ‍්ගමා. මනො තෙසං ධම‍්මානං පඨමං උප‍්පජ‍්ජති” (අ· නි· 1.56).

හුදෙක් විනය පර්යායෙහිම නොව වෙනත් ලෞකික දේශනා දෙසන සේක් සිතම ප්‍රධාන කොටගෙන දෙසන සේක. එහෙයින්ම (මෙසේ) වදාළහ. ‘මහණෙනි! අකුසල් වූ අකුසලභාගය වූ අකුසලපාක්‍ෂික වූ යම්කිසි ධර්ම කෙනෙක් වෙත්නම් ඒ සියල්ලෝම සිත පූර්වංගමය, සිත ඒ ධර්මයන්ට පළමුව උපදී.’

“මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා, මනොසෙට‍්ඨා මනොමයා; මනසා චෙ පදුට‍්ඨෙන, භාසති වා කරොති වා; තතො නං දුක‍්ඛමන්‍වෙති, චක‍්කංව වහතො පදං.

මනො පුබ්බංගමා ධම්මා මනො සෙට්ඨා මනොමයා මනසා මෙ පදුට්ඨෙන භාසති වා කරොති වා තතො නං දුක්‍ඛමන්‍වෙති චක්කං ව වහතො පදං

“මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා, මනොසෙට‍්ඨා මනොමයා; මනසා චෙ පසන‍්නෙන, භාසති වා කරොති වා; තතො නං සුඛමන්‍වෙති, ඡායාව අනපායිනී”. (ධ· ප· 1,2);

මනො පුබ්බංගමා ධම්මා මනො සෙට්ඨා මනොමයා මනසා චෙ පසන්නෙන භාසති වා කරොති වා තතො නං සුඛමන්‍වෙති ඡායාව අනපායිනි

“චිත‍්තෙන නීයති ලොකො, චිත‍්තෙන පරිකස‍්සති; චිත‍්තස‍්ස එකධම‍්මස‍්ස, සබ‍්බෙව වසමන්‍වගූ”. (සං· නි· 1.62);

චිත්තෙන නීයති ලොකො චිත්තෙන පරිකස්සති චිත්තස්ස එකධම්මස්ස සබ්බෙව වසමන්‍වගු

ධර්මයෝ සිත පූර්වංගම කොට ඇත්තාහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇත්තාහ. සිතෙහිම උපන්නාහ. ඉදින් දූෂිත වූ සිතින් කියයි නම් හෝ කරයි නම් හෝ ඒ හේතුවෙන් ඒ පුද්ගලයා කරා දුක අනුව යෙයි. ගැල අදනා ගොනාගේ පිය අනුව යන රියසක මෙනි.

ධර්මයෝ සිත පූර්වංගම කොට ඇත්තාහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇත්තාහ. සිතෙහිම උපන්නාහ. ඉදින් ප්‍රසන්න වූ සිතින් කියයි නම් හෝ කරයි නම් ඒ හේතුවෙන් සැපය ඒ පුද්ගලයා අනුව යෙයි. (තමා) අත්නොහැර පවත්නා සෙවණැල්ල මෙනි. ලෝකය සිතින් ගෙනයනු ලැබේ. සිතින් අඳිනු ලැබේ. සියල්ලෝම එකට ධර්මය වූ සිත් වසඟයට ගියාහුය.

“චිත‍්තසංකිලෙසා, භික‍්ඛවෙ, සත‍්තා සංකිලිස‍්සන‍්ති චිත‍්තවොදානා විසුජ‍්ඣන‍්ති” (සං· නි· 3.100);

‘මහණෙනි! සත්ත්වයෝ සිත කිලිටුවීමෙන් කෙලෙසෙත්. සිත පිරිසිදු වීමෙන් පිරිසිදු වෙත්.

“පභස‍්සරමිදං, භික‍්ඛවෙ, චිත‍්තං, තඤ‍්ච ඛො ආගන‍්තුකෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨං” (අ· නි· 1.49);

මහණෙනි මේ සිත බබළන සුළුය. එය වනාහි ආගන්තුක වූ උපක්ලේශයන් විසින් කෙලෙසන ලදී.

“චිත‍්තෙ , ගහපති, අරක‍්ඛිතෙ කායකම‍්මම‍්පි අරක‍්ඛිතං හොති, වචීකම‍්මම‍්පි අරක‍්ඛිතං හොති, මනොකම‍්මම‍්පි අරක‍්ඛිතං හොති; චිත‍්තෙ, ගහපති, රක‍්ඛිතෙ…පෙ… චිත‍්තෙ, ගහපති, බ්‍යාපන‍්නෙ…පෙ… චිත‍්තෙ, ගහපති, අබ්‍යාපන‍්නෙ…පෙ… චිත‍්තෙ, ගහපති, අවස‍්සුතෙ…පෙ… චිත‍්තෙ, ගහපති, අනවස‍්සුතෙ කායකම‍්මම‍්පි අනවස‍්සුතං හොති, වචීකම‍්මම‍්පි අනවස‍්සුතං හොති, මනොකම‍්මම‍්පි අනවස‍්සුතං හොතී”ති (අ· නි· 3.110).

ගෘහපතිය! සිත ආරක්ෂා නොකළ කල්හි කාය කර්මය ද නොරක්නා ලද්දේ වෙයි. වාක් කර්මය ද නො රක්නා ලද්දේ වෙයි. මනෝ කර්මය ද නො රක්නා ලද්දේ වෙයි. ගෘහපතිය! සිත ආරක්ෂා කළ කල්හි -පෙ- ගෘහපතිය! සිත ව්‍යාපාදයට පත් කල්හි -පෙ- ගෘහපතිය සිත ව්‍යාපාදයට පත්නොවූ කල්හි -පෙ ගෘහපතිය. සිත කාමාශාවන්ගෙන් වැඩුණු කල්හි -පෙ- ගෘහපතිය! සිත කාමාශාවන්ගෙන් නො මැඩුණු කල්හි කාය කර්මය ද කාමාශාවන්ගෙන් නො මැඩුණේ වෙයි. මනෝ කර්මය ද කාමාශාවන්ගෙන් නො මැඩුණේ වෙයි’ යනුයි.

එවං ලොකියධම‍්මං පත්‍වා චිත‍්තං ජෙට‍්ඨකං හොති, චිත‍්තං ධුරං හොති, චිත‍්තං පුබ‍්බඞ‍්ගමං හොතීති වෙදිතබ‍්බං. ඉමෙසු පන සුත‍්තෙසු එකං වා ද‍්වෙ වා අග‍්ගහෙත්‍වා සුත‍්තානුරක‍්ඛණත්‍ථාය සබ‍්බානිපි ගහිතානීති වෙදිතබ‍්බානි.

මෙසේ ලෞකික ධර්මයට පැමිණ සිත ජ්‍යෙෂ්ඨ වෙයි. සිත ප්‍රධාන වෙයි. සිත පූර්වංගම වෙයි යැයි දතයුතුයි. මෙකී සූත්‍රයන්හි වනාහි එකක් හෝ දෙකක් නො ගෙන සූත්‍රානුරක්‍ෂණය පිණිස සියල්ලම ගන්නා ලදැයි දතයුතුයි.

ලොකුත‍්තරධම‍්මං පුච‍්ඡන‍්තො පන ‘කතරඵස‍්සං අධිගතොසි, කතරවෙදනං කතරසඤ‍්ඤං කතරචෙතනං කතරචිත‍්ත’න‍්ති අපුච‍්ඡිත්‍වා, ‘කතරපඤ‍්ඤං ත්‍වං භික‍්ඛු අධිගතො’සි, ‘කිං පඨමං මග‍්ගපඤ‍්ඤං, උදාහු දුතියං…පෙ… තතියං…පෙ… චතුත්‍ථං මග‍්ගපඤ‍්ඤං අධිගතො’ති පඤ‍්ඤං ජෙට‍්ඨිකං පඤ‍්ඤං ධුරං කත්‍වා පුච‍්ඡති. පඤ‍්ඤුත‍්තරා සබ‍්බෙ කුසලා ධම‍්මා න පරිහායන‍්ති. පඤ‍්ඤා පන කිමත්‍ථියා (ම· නි· 1.451)? “පඤ‍්ඤවතො, භික‍්ඛවෙ, අරියසාවකස‍්ස තදන්‍වයා සද‍්ධා සණ‍්ඨාති, තදන්‍වයං වීරියං සණ‍්ඨාති, තදන්‍වයා සති සණ‍්ඨාති, තදන්‍වයො සමාධි සණ‍්ඨාතී”ති (සං· නි· 5.515) එවමාදීනි පනෙත්‍ථ සුත‍්තානි දට‍්ඨබ‍්බානි. ඉති ලොකුත‍්තරධම‍්මං පත්‍වා පඤ‍්ඤා ජෙට‍්ඨිකා හොති පඤ‍්ඤා ධුරා පඤ‍්ඤා පුබ‍්බඞ‍්ගමාති වෙදිතබ‍්බා. අයං පන ලොකියදෙසනා. තස‍්මා චිත‍්තං ධුරං කත්‍වා දෙසෙන‍්තො “චිත‍්තං උප‍්පන‍්නං හොතී”ති ආහ.

ලෝකෝත්තර ධර්මය විචාරන සේක් වනාහි ‘කතරඵස්සං අධිගතොසි කතරවෙදනං කතරසඤ්ඤං කතරචෙතනං කතරචිත්තං’ (කවර ස්පර්ශයක් කවර වේදනාවක් කවර සංඥාවක් කවර චේතනාවක් කවර සිතක් අධිගම කෙළෙහි දැ)යි කිම ප්‍රථම මාර්ග ප්‍රඥාව ද නැතහොත් දෙවන - පෙ- තෙවන සතරවන මාර්ග ප්‍රඥාව අධිගම කෙළෙහිදැ’යි ප්‍රඥාව ජ්‍යෙෂ්ඨ කරගෙන ප්‍රඥාව ප්‍රධාන කරගෙන විචාරන සේක. ‘ප්‍රඥාව උසස් කරගත් සියලු කුසල ධර්මයෝ නොපිරිහෙත්. ප්‍රඥාව වනාහි කුමක් සඳහා ද? මහණෙනි, ප්‍රඥාවන්ත ආර්ය ශ්‍රාවකයාට ඒ අනුව ගිය ශ්‍රද්ධාව පිහිටයි. ඒ අනුව ගිය සමාධිය පිහිටයි’, යැයි මෙහිදී මේ ආදී සූත්‍ර දතයුතුයි. මෙසේ ලෝකෝත්තර ධර්මයට පැමිණ ප්‍රඥාව ජ්‍යෙෂ්ඨ වෙයි. ප්‍රඥාව ප්‍රධාන වෙයි. ප්‍රඥාව පූර්වංගම වෙයි යැයි දතයුතුයි. මේ වනාහි ලෞකික දේශනාවකි. එහෙයින් සිත ප්‍රධාන කොටගෙන දේශනා කරන සේක් ‘චිත්තං උප්පන්නං හොති’ (සිතක් උපන්නේ වෙයි) යැයි වදාළහ.

සොමනස‍්සසහගතන‍්ති සාතමධුරවෙදයිතසඞ‍්ඛාතෙන සොමනස‍්සෙන සහ එකුප‍්පාදාදිභාවං ගතං. අයං පන ‘සහගත’-සද‍්දො තබ‍්භාවෙ වොකිණ‍්ණෙ නිස‍්සයෙ ආරම‍්මණෙ සංසට‍්ඨෙති ඉමෙසු අත්‍ථෙසු දිස‍්සති. තත්‍ථ “යායං තණ‍්හා පොනොබ‍්භවිකා නන්‍දිරාගසහගතා”ති (විභ· 203) තබ‍්භාවෙ වෙදිතබ‍්බො; නන්‍දිරාගභූතාති අත්‍ථො. “යා, භික‍්ඛවෙ, වීමංසා කොසජ‍්ජසහගතා කොසජ‍්ජසම‍්පයුත‍්තා”ති (සං· නි· 5.832) වොකිණ‍්ණෙ වෙදිතබ‍්බො; අන‍්තරන‍්තරා උප‍්පජ‍්ජමානෙන කොසජ‍්ජෙන වොකිණ‍්ණාති අයමෙත්‍ථ අත්‍ථො. “අට‍්ඨිකසඤ‍්ඤාසහගතං සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙතී”ති (සං· නි· 5.238) නිස‍්සයෙ වෙදිතබ‍්බො; අට‍්ඨිකසඤ‍්ඤං නිස‍්සාය අට‍්ඨිකසඤ‍්ඤං භාවෙත්‍වා පටිලද‍්ධන‍්ති අත්‍ථො. “ලාභී හොති රූපසහගතානං වා සමාපත‍්තීනං අරූපසහගතානං වා”ති (පු· ප· 3-5) ආරම‍්මණෙ; වෙදිතබ‍්බො රූපාරූපාරම‍්මණානන‍්ති අත්‍ථො. “ඉදං සුඛං ඉමාය පීතියා සහගතං හොති සහජාතං සංසට‍්ඨං සම‍්පයුත‍්ත”න‍්ති (විභ· 578) සංසට‍්ඨෙ. ඉමස‍්මිම‍්පි පදෙ අයමෙවත්‍ථො අධිප‍්පෙතො. සොමනස‍්සසංසට‍්ඨඤ‍්හි ඉධ සොමනස‍්සසහගතන‍්ති වුත‍්තං.

සොමනස්ස සහගතං යනු සැපමිහිරි වේදනා සංඛ්‍යාත සොම්නස සමග එකෝත්පාද ආදී බවට ගිය, මෙකී සහගත ශබ්දය වනාහි ඒ බව, ගැවසීම, ආශ්‍රය, අරමුණ, මිශ්‍රවීම යන මේ අර්ථයන්හි දක්නා ලැබේ. එහි ‘යායං තණ්හා පොනොභවිකා නන්‍දිරාග සහගතා’ යනු තද්භාවයෙහි දතයුතුයි. තෘෂ්ණාව සමග වූ යන අර්ථයි. ‘යායං භික්‍ඛවෙ! වීමංසා කොසජ්ජ සහගත කොසජ්ජ සම්පයුත්තා’ (මහණෙනි, කුසීතබව සමග වූ කුසීත බැවින් යුක්ත වූ යම් ඒ වීමංසාවක් වේද) යනු ගැවසීමෙහි (යැයි) දතයුතුයි. අතරතුර උපදනා කුසීත බැවින් ගැවසීගත් යනු මෙය මෙහි අර්ථයි. ‘අට්ඨික සඤ්ඤා සහගතං සතිසම්බොජ්ඣංගං භාවෙති’ (අට්ඨිකසඤ්ඤා, සහගත වූ සතිසම්බොජ්ඣංගය වඩයි) යන මෙහි ඇසුරු කිරිමෙහි (යැයි) දතයුතුයි. අස්ථික සංඥාව වඩා ඇසුරුකොට අස්ථික සංඥාව වඩා ලබන ලද යන අර්ථයි. ‘ලාභී හොති රූප සහගත වූ හෝ අරූප සහගත වූ සමාපත්තීන් ලබන්නෙක් වෙයි’ යන මෙහි අරමුණෙහි (යැයි) දතයුතුයි. රූපාරූප ආරම්මණයන්ගේ යනු අර්ථයි. ‘මේ සැපය මේ ප්‍රීතිය සමග වූයේ වෙයි. එක්ව උපන්නේ වෙයි. මිශ්‍ර වූයේ වෙයි. එකට යෙදුනේ වෙයි’ යනු සංසට්ඨයෙහිය. මේ පදයෙහි ද මේ අර්ථයම අභිප්‍රේතයි. (බලාපොරොත්තුයි) සොමනස්ස සංසට්ඨං යන්න වනාහි මෙහිදී සොමනස්ස සහගතයැයි කියන ලදී.

‘සංසට‍්ඨ’-සද‍්දොපි චෙස සදිසෙ අවස‍්සුතෙ මිත‍්තසන්‍ථවෙ සහජාතෙති බහූසු අත්‍ථෙසු දිස‍්සති. අයඤ‍්හි “කිසෙ ථූලෙ විවජ‍්ජෙත්‍වා සංසට‍්ඨා යොජිතා හයා”ති (ජා· 2.22.70) එත්‍ථ සදිසෙ ආගතො. “සංසට‍්ඨාව තුම‍්හෙ අය්‍යෙ විහරථා”ති (පාචි· 727) අවස‍්සුතෙ. “ගිහි සංසට‍්ඨො විහරතී”ති (සං· නි· 3.3) මිත‍්තසන්‍ථවෙ. “ඉදං සුඛං ඉමාය පීතියා සහගතං හොති සහජාතං සංසට‍්ඨං සම‍්පයුත‍්ත”න‍්ති සහජාතෙ. ඉධාපි සහජාතෙ අධිප‍්පෙතො. තත්‍ථ ‘සහගතං’ අසහජාතං අසංසට‍්ඨං අසම‍්පයුත‍්තං නාම නත්‍ථි. සහජාතං පන සංසට‍්ඨං සම‍්පයුත‍්තං හොතිපි, න හොතිපි . රූපාරූපධම‍්මෙසු හි එකතො ජාතෙසු රූපං අරූපෙන සහජාතං හොති, න සංසට‍්ඨං, න සම‍්පයුත‍්තං; තථා අරූපං රූපෙන; රූපඤ‍්ච රූපෙන; අරූපං පන අරූපෙන සද‍්ධිං නියමතොව සහගතං සහජාතං සංසට‍්ඨං සම‍්පයුත‍්තමෙව හොතීති. තං සන්‍ධාය වුත‍්තං ‘සොමනස‍්සසහගත’න‍්ති.

මේ සංසට්ඨ ශබ්දය ද සමාන, කාමාශාවෙන් වැඩුණු, මිත්‍රසන්‍ථවය, සහජාතය යන බොහෝ අර්ථයන්හි දක්නා ලැබේ. මෙය වනාහි ‘කිසෙ ථූලෙ ච වජ්ජෙත්‍වා සංසට්ඨා යොජිතා භයා’ (කෘශ වූවන් ද ස්ථුල වූවන් හැර සමාන වූ අශ්වයෝ යොදන ලදහ) යන මෙහි සමාන අර්ථයෙහි ආයේය. ‘සංසට්ඨාව තුම්හෙ අය්‍යෙ විහරථ’ (ආචාර්යවරුනි, තෙපි කාමාශාවෙන් මැඩුණේවම වාසය කරන්නාහුය) යනු කාමාශාවෙන් මැඩුණු යන (අර්ථයෙහි ය.) ‘ගිහී සංසට්ඨො විහරති’ (ගිහියන් හා එක්ව වාසය කරයි) යනු මිත්‍ර සන්‍ථවයෙහිය. ‘ඉදං සුඛං ඉමාය පීතියා සහගතං හොති සහජාතං සංසට්ඨං සම්පයුත්තං’ (මේ සැපය මේ ප්‍රීතිය සමග එක්වූයේ වෙයි. සහජාත වූයේ වෙයි. මිශ්‍ර වූයේ වෙයි. සම්ප්‍රයුක්ත වූයේ වෙයි.) යනු සහජාතයෙහිය. මෙහි ද සහජාතයෙහි අභිප්‍රේතයි. එහි සහගත සහජාත යනු අසංසට්ඨ අසම්පයුත්ත නම් නැත. සහජාතය වනාහි සංසට්ඨ සම්පයුත්ත වන්නේ ද නො වන්නේ ද වෙයි. රූපාරූප ධර්මයන් අතුරෙහි වනාහි එකට උපන්නවුන් අතුරෙන් රූපය අරූපය සමග සහජාත වෙයි. මිශ්‍ර නොවෙයි. සම්පයුත්ත නොවෙයි. අරූපය රූපය සමගත් රූපය ද රූපය සමගත් එසේමය. අරූපය වනාහි අරූපය සමග නියමයෙන්ම සහජාත වූයේ සහජාත වූයේ මිශ්‍ර වූයේ සම්ප්‍රයුත්ත වූයේම ද වෙයි යනුයි. ඒ සඳහා සොමනස්ස සහගත යැයි කියන ලදී.

ඤාණසම‍්පයුත‍්තන‍්ති ඤාණෙන සම‍්පයුත‍්තං, සමං එකුප‍්පාදාදිප‍්පකාරෙහි යුත‍්තන‍්ති අත්‍ථො. යං පනෙත්‍ථ වත‍්තබ‍්බං සියා තං මාතිකාවණ‍්ණනාය වෙදනාත‍්තිකෙ වුත‍්තනයමෙව. තස‍්මා එකුප‍්පාදා එකනිරොධා එකවත්‍ථුකා එකාරම‍්මණාති ඉමිනා ලක‍්ඛණෙනෙතං සම‍්පයුත‍්තන‍්ති වෙදිතබ‍්බං. උක‍්කට‍්ඨනිද‍්දෙසො චෙස. අරූපෙ පන විනාපි එකවත්‍ථුකභාවං සම‍්පයොගො ලබ‍්භති.

ඤාණසම්පයුත්තං යනු ඥානය සමග එකට යෙදුණු සමග එකට ඉපදීම ආදී ප්‍රකාරයන්ගෙන් යුක්ත යන අර්ථයි. මෙහිදී වනාහි යමක් කියයුතු වේ ද එය මාතෘකා වර්ණනාවේ වේදනාත්‍රිකයෙහි කියන ලද ක්‍රමයමැයි. එහෙයින් ඒකුප්පාද, ඒකනිරෝධ, ඒකවත්‍ථුක ඒකාරම්මණ යැයි යන මේ ලක්‍ෂණයෙන් සම්ප්‍රයුක්ත යැයි දතයුතුයි. මෙය ඉතා උසස් පෙන්වීමක් ද වෙයි. අරූපයෙහි වනාහි ඒකවස්තුක භාවයක් නැතිව ද සම්ප්‍රයෝගය ලබයි.

එත‍්තාවතා කිං කථිතං? කාමාවචරකුසලෙසු සොමනස‍්සසහගතං තිහෙතුකං ඤාණසම‍්පයුත‍්තං අසඞ‍්ඛාරිකං මහාචිත‍්තං කථිතං. “කතමෙ ධම‍්මා කුසලා”ති හි අනියමිතපුච‍්ඡාය චතුභූමකකුසලං ගහිතං. ‘කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොතී’ති වචනෙන පන තෙභූමකං කුසලං පරිච‍්චජිත්‍වා, අට‍්ඨවිධං කාමාවචරකුසලමෙව ගහිතං. ‘සොමනස‍්සසහගත’න‍්ති වචනෙන තතො චතුබ‍්බිධං උපෙක‍්ඛාසහගතං පරිච‍්චජිත්‍වා චතුබ‍්බිධං සොමනස‍්සසහගතමෙව ගහිතං. ‘ඤාණසම‍්පයුත‍්ත’න‍්ති වචනෙන තතො දුවිධං ඤාණවිප‍්පයුත‍්තං පරිච‍්චජිත්‍වා ද‍්වෙ ඤාණසම‍්පයුත‍්තානෙව ගහිතානි. අසඞ‍්ඛාරිකභාවො පන අනාභට‍්ඨතායෙව න ගහිතො. කිඤ‍්චාපි න ගහිතො, පරතො පන ‘සසඞ‍්ඛාරෙනා’ති වචනතො ඉධ ‘අසඞ‍්ඛාරෙනා’ති අවුත‍්තෙපි අසඞ‍්ඛාරිකභාවො වෙදිතබ‍්බො. සම‍්මාසම‍්බුද‍්ධො හි ආදිතොව ඉදං මහාචිත‍්තං භාජෙත්‍වා දස‍්සෙතුං නියමෙත්‍වාව ඉමං දෙසනං ආරභීති එවමෙත්‍ථ සන‍්නිට‍්ඨානං කතන‍්ති වෙදිතබ‍්බං.

මෙපමණකින් කුමක් කියන ලද ද? කාමාවචර කුසලයන් අතුරෙහි සෝමනස්ස සහගත ත්‍රිහේතුක ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික මහාසිත කියන ලදී. ‘කතමෙ ධම්මා කුසලා’ (කුශල ධර්මයෝ කවරහු ද?) යැයි මෙසේ අනියමිත විචාරීමෙන් චාතුර්භූමක කුශලය ගන්නා ලදී. ‘කාමාවචරං කුසලං චිත්ත උප්පන්නං හොති’ (කාමාවචර කුසල සිතක් උපන්නේ වෙයි.) යන වචනයෙන් වනාහි ත්‍රෛභූමක කුශලය අතහැර අටවැදෑරුම් කාමාවචර කුශලයම ගන්නා ලදී. ‘සොමනස්ස සහගතං’ (සොම්නස් සහගත) යන වචනයෙන් එයින් චතුර්විධ උපේක්‍ෂා සහගතය අතහැර චතුර්විධ සෝමනස්ස සහගතයම ගන්නා ලදී. ‘ඤාණ සම්පයුත්තං’ යන වචනයෙන් එයින් දෙවැදෑරුම් ඤාණ විප්‍රයුක්තය අතහැර ඥාන සම්ප්‍රයුක්ත ද්වයම ගන්නා ලදී. නොගන්නා ලද නමුත් පරව වනාහි සසංඛාරෙන යැයි කියන හෙයින් මෙහි අසංඛාරෙන යැයි නොකී කල්හි ද අසංඛාර භාව දතයුතුයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනාහි මුලින්ම මේ මහා සිත බෙදා දක්වන්නට නියමකොටම මේ දේශනාව ආරම්භ කළ සේකැයි ද මෙසේ මෙහි සනිටුහන් කළ සේකැයිද දතයුතුයි.

ඉදානි තමෙව චිත‍්තං ආරම‍්මණතො දස‍්සෙතුං රූපාරම‍්මණං වාතිආදිමාහ. භගවා හි අරූපධම‍්මං දස‍්සෙන‍්තො වත්‍ථුනා වා දස‍්සෙති, ආරම‍්මණෙන වා, වත්‍ථාරම‍්මණෙහි වා, සරසභාවෙන වා. “චක‍්ඛුසම‍්ඵස‍්සො…පෙ… මනොසම‍්ඵස‍්සො; චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා…පෙ… මනොසම‍්ඵස‍්සජා වෙදනා; චක‍්ඛුවිඤ‍්ඤාණං…පෙ… මනොවිඤ‍්ඤාණ”න‍්තිආදීසු හි වත්‍ථුනා අරූපධම‍්මා දස‍්සිතා. “රූපසඤ‍්ඤා…පෙ… ධම‍්මසඤ‍්ඤා, රූපසඤ‍්චෙතනා…පෙ… ධම‍්මසඤ‍්චෙතනා”තිආදීසු ආරම‍්මණෙන. “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණං, තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො…පෙ… මනඤ‍්ච පටිච‍්ච ධම‍්මෙ ච උප‍්පජ‍්ජති මනොවිඤ‍්ඤාණං, තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො”තිආදීසු (සං· නි· 4.60) වත්‍ථාරම‍්මණෙහි. “අවිජ‍්ජාපච‍්චයා , භික‍්ඛවෙ, සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණ”න‍්තිආදීසු (සං· නි· 2.1) සරසභාවෙන අරූපධම‍්මා දස‍්සිතා. ඉමස‍්මිං පන ඨානෙ ආරම‍්මණෙන දස‍්සෙන‍්තො ‘රූපාරම‍්මණං’ වාතිආදිමාහ.

දැන් එම සිතම අරමුණු වශයෙන් දක්වන්නට රූපාරම්මණං වා යන ආදිය වදාළහ. භාග්‍යවතුන් වහන්සේ වනාහි අරූප ධර්මය දක්වන සේක් වස්තු වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ වස්තු අරමුණු වශයෙන් හෝ ස්වකීය කෘත්‍යය වශයෙන් හෝ දක්වන සේක. ‘චක්‍ඛු සම්ඵස්සො -පෙ- මනො සම්ඵස්සජා වෙදනා, චක්‍ඛු විඤ්ඤාණං -පෙ- මනො විඤ්ඤාණං’ යන ආදීන්හි වනාහි වස්තුවෙන් අරූප ධර්ම දක්වන ලදී. ‘රූප සඤ්ඤා -පෙ- ධම්ම සඤ්ඤා රූප සංඤ්චෙතනා -පෙ- ධම්ම සඤ්චෙතනා’ යන ආදීන්හි අරමුණු වශයෙනි. ‘චක්‍ඛුඤ්ච පටිච්ච රූපෙ - චුප්පජ්ජති චක්‍ඛු විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සො, -පෙ- මහඤ්ච පටිච්ච ධම්මෙ චුප්පජ්ජති මනො විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සො’ (ඇස හේතුකොටගෙන රූපයත් චක්‍ෂුර් විඥානයත් උපදී. තිදෙනාගේ එක්වීමෙන් ස්පර්ශය වෙයි. සිත හේතු කොටගෙන ධර්ම ද මනෝ විඤ්ඤාණය ද උපදී. තිදෙනාගේ එක්වීමෙන් ස්පර්ශය වෙයි) යන ආදීන්හි වස්තු-අරමුණුවලින් දක්වන ලදී. ‘අවිජ්ජා පච්චයා භික්‍ඛවෙ සංඛාරා සංඛාර පච්චයා විඤ්ඤාණං’ (මහණෙනි, අවිද්‍යාව හේතුවෙන් සංස්කාරයෝ හටගනිත්. සංස්කාර හේතුවෙන් විඤ්ඤාණය හටගනී) යන ආදීන්හි ස්වකීය කෘත්‍යය වශයෙන් අරූප ධර්මයෝ දක්වන ලදහ. මේ ස්ථානයේදී වනාහි අරමුණු වශයෙන් දක්වන සේක් ‘රූපාරම්මණංවා’ (රූපාරම්මණය හෝ) යන ආදිය වදාළහ.

තත්‍ථ චතුසමුට‍්ඨානං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං රූපමෙව රූපාරම‍්මණං. ද‍්විසමුට‍්ඨානො අතීතානාගතපච‍්චුප‍්පන‍්නො සද‍්දොව සද‍්දාරම‍්මණං. චතුසමුට‍්ඨානො අතීතානාගතපච‍්චුප‍්පන‍්නො ගන්‍ධොව ගන්‍ධාරම‍්මණං. චතුසමුට‍්ඨානො අතීතානාගතපච‍්චුප‍්පන‍්නො රසොව රසාරම‍්මණං. චතුසමුට‍්ඨානං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං ඵොට‍්ඨබ‍්බමෙව ඵොට‍්ඨබ‍්බාරම‍්මණං. එකසමුට‍්ඨානා ද‍්විසමුට‍්ඨානා තිසමුට‍්ඨානා චතුසමුට‍්ඨානා නකුතොචිසමුට‍්ඨානා අතීතානාගතපච‍්චුප‍්පන‍්නා චිත‍්තචෙතසිකා, තථා නවත‍්තබ‍්බා ච, වුත‍්තාවසෙසා චිත‍්තගොචරසඞ‍්ඛාතා ධම‍්මායෙව ධම‍්මාරම‍්මණං. යෙ පන අනාපාථගතා රූපාදයොපි ධම‍්මාරම‍්මණමිච‍්චෙව වදන‍්ති තෙ ඉමිනා සුත‍්තෙන පටික‍්ඛිපිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං –

එහි චතුසමුට්ඨාන වූ අතීත අනාගත වර්තමාන රූපයම රූපාරම්මණ යයි. ද්විසමුට්ඨාන වූ අතීත අනාගත වර්තමාන ශබ්දයම ශබ්දාරම්මණ යයි. චතුසමුට්ඨාන වූ අතීත අනාගත වර්තමාන වූ ගන්ධයම ගන්‍ධාරම්මණ යයි. චතුසමුට්ඨාන වූ අතීත, අනාගත, වර්තමාන රසයම රසාරම්මණ යයි. චතුසමුට්ඨාන වූ අතීත අනාගත වර්තමාන පොට්ඨබ්බයම පොට්ඨබ්බාරම්මණ යයි. එකසමුට්ඨාන, ද්විසමුට්ඨාන තිසමුට්ඨාන චතුසමුට්ඨාන, නකුතො චි සමුට්ඨිත ( කොතැනකවත් හට නොගත්) අතීත අනාගත වර්තමාන වූ (චිත්ත චෛතසිකයෝ) ද එසේ නොකිය යුතු ක්‍රියා අවශේෂ වූ චිත්තගෝචර නම් වූ ධර්මයෝම ධම්මාරම්මණ යි. ඉන්‍ද්‍රියගෝචර වූ යම් රූපාදීහු වෙත් නම් (ඔවුහු ද) ධම්මාරම්මණම යැයි කියත්. ඔව්හු මේ සූත්‍රයෙන් ප්‍රතික්‍ෂේප කළයුත්තෝය. මෙය ද කියන ලදී.

“ඉමෙසං ඛො, ආවුසො, පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං නානාවිසයානං නානාගොචරානං න අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ගොචරවිසයං පච‍්චනුභොන‍්තානං මනො පටිසරණං මනො නෙසං ගොචරවිසයං පච‍්චනුභොතී”ති (ම· නි· 1.455).

‘ඇවැත්නි, නානා විෂය ඇති, නානාගෝචර වූ ඔවුනොවුන්ගේ ගෝචරවිෂය අනුභව නො කරන්නා වූ මේ පංචේන්‍ද්‍රියන්ට වනාහි සිත පිළිසරණය. සිත ඔවුන්ගේ ගෝචර විෂය අනුභව කෙරෙයි’ යනු

එතෙසඤ‍්හි රූපාරම‍්මණාදීනි ගොචරවිසයො නාම. තානි මනෙන පච‍්චනුභවියමානානිපි රූපාරම‍්මණාදීනියෙවාති අයමත්‍ථො සිද‍්ධො හොති. දිබ‍්බචක‍්ඛුඤාණාදීනඤ‍්ච රූපාදිආරම‍්මණත‍්තාපි අයමත්‍ථො සිද‍්ධොයෙව හොති. අනාපාථගතානෙව හි රූපාරම‍්මණාදීනි දිබ‍්බචක‍්ඛුආදීනං ආරම‍්මණානි, න ච තානි ධම‍්මාරම‍්මණානි භවන‍්තීති වුත‍්තනයෙනෙව ආරම‍්මණවවත්‍ථානං වෙදිතබ‍්බං.

මෙ රූපාරම්මණ ආදීන්ගේ ගෝචර විෂය නමි. ඒවා සිතින් අනුභව කරනු ලබන නමුදු රූපාරම්මණ ආදියම යැයි යන මේ අර්ථය සිද්ධ වෙයි. දිව්‍යචක්‍ෂුරභිඥානය ආදියට ද රූපාදිය අරමුණු බැවින් මේ අර්ථය සිද්ධ වේමය. ඉන්‍ද්‍රිය විෂය වූ ම රූපාරම්මණ ආදිය වනාහි දිවැස් ආදීන්ට අරමුණුය. ඒවා ධර්මය අරමුණු කරගන්නේ නොවේ යැයි කී නයින්ම ආරම්මණ ව්‍යවස්ථානය (අරමුණු නිශ්චය කිරීම) දතයුතුයි.

තත්‍ථ එකෙකං ආරම‍්මණං ද‍්වීසු ද‍්වීසු ද‍්වාරෙසු ආපාථමාගච‍්ඡති. රූපාරම‍්මණඤ‍්හි චක‍්ඛුපසාදං ඝට‍්ටෙත්‍වා තඞ‍්ඛණඤ‍්ඤෙව මනොද‍්වාරෙ ආපාථමාගච‍්ඡති; භවඞ‍්ගචලනස‍්ස පච‍්චයො හොතීති අත්‍ථො. සද‍්දගන්‍ධරසඵොට‍්ඨබ‍්බාරම‍්මණෙසුපි එසෙව නයො. යථා හි සකුණො ආකාසෙනාගන‍්ත්‍වා රුක‍්ඛග‍්ගෙ නිලීයමානොව රුක‍්ඛසාඛඤ‍්ච ඝට‍්ටෙති, ඡායා චස‍්ස පථවියං පටිහඤ‍්ඤති සාඛාඝට‍්ටනඡායාඵරණානි අපුබ‍්බං අචරිමං එකක‍්ඛණෙයෙව භවන‍්ති, එවං පච‍්චුප‍්පන‍්නරූපාදීනං චක‍්ඛුපසාදාදිඝට‍්ටනඤ‍්ච භවඞ‍්ගචලනසමත්‍ථතාය මනොද‍්වාරෙ ආපාථගමනඤ‍්ච අපුබ‍්බං අචරිමං එකක‍්ඛණෙයෙව හොති. තතො භවඞ‍්ගං විච‍්ඡින්‍දිත්‍වා චක‍්ඛුද‍්වාරාදීසු උප‍්පන‍්නානං ආවජ‍්ජනාදීනං වොට‍්ඨබ‍්බනපරියොසානානං අනන‍්තරා තෙසං ආරම‍්මණානං අඤ‍්ඤතරස‍්මිං ඉදං මහාචිත‍්තං උප‍්පජ‍්ජති.

එහි එක් එක් අරමුණු ද්වාර දෙක්හි දෙක්හි (වශයෙන්) ඉන්‍ද්‍රිය විෂයට පැමිණෙයි. රූපාරම්මණය වනාහි චක්‍ෂුප්‍රසාදය ගටා එකෙණෙහිම මනෝද්වාරයෙහි ඉන්‍ද්‍රිය විෂයට පැමිණෙයි. භවංග චලනයට ප්‍රත්‍යය වෙයි යනු අර්ථයි. ශබ්ද ගන්ධ රස පොට්ඨබ්ඛ යන ආරම්මණයන්හි ද මේ ක්‍රමයමය. යම්සේ වනාහි පක්‍ෂියෙක් අහසින් අවුත් ගසක අග සැඟවෙත්ම වෘක්‍ෂ ශාඛාව ද ගැටෙයි. උගේ ඡායාව ද පොළොවෙහි හැපෙයි. ශාඛා ගැටුම හා ඡායාව පැතිරිම නො පෙර නො පසුව එක් ක්‍ෂණයේම වෙයි. මෙසේ වර්තමාන රූපාදින් සමග චක්‍ෂු ප්‍රසාදාදියේ ගැටුම ද භවංග චලනයට සමත් මනෝද්වාරයෙහි ඉන්‍ද්‍රිය විෂයවීම ද නො පෙර නො පසුව එක් ක්‍ෂණෙයෙහිම වෙයි. ඉක්බිති භවංග සිත සිඳ චක්‍ෂු ද්වාරාදියෙහි උපන්නා වූ වොත්‍ථපනය අවසන් කොට ඇති ආවර්ජනාදීන්ගේ අතර ඒ ආරම්මණයන්ගේ එකෙක මේ මහා සිත උපදී.

සුද‍්ධමනොද‍්වාරෙ පන පසාදඝට‍්ටනකිච‍්චං නත්‍ථි. පකතියා දිට‍්ඨසුතඝායිතසායිතඵුට‍්ඨවසෙනෙව එතානි ආරම‍්මණානි ආපාථමාගච‍්ඡන‍්ති. කථං? ඉධෙකච‍්චො කතසුධාකම‍්මං හරිතාලමනොසිලාදිවණ‍්ණවිචිත‍්තං පග‍්ගහිතනානප‍්පකාරධජපටාකං මාලාදාමවිනද‍්ධං දීපමාලාපරික‍්ඛිත‍්තං අතිමනොරමාය සිරියා විරොචමානං අලඞ‍්කතපටියත‍්තං මහාචෙතියං පදක‍්ඛිණං කත්‍වා සොළසසු පාදපිට‍්ඨිකාසු පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ උල‍්ලොකෙන‍්තො බුද‍්ධාරම‍්මණං පීතිං ගහෙත්‍වා තිට‍්ඨති. තස‍්ස එවං චෙතියං පස‍්සිත්‍වා බුද‍්ධාරම‍්මණං පීතිං නිබ‍්බත‍්තෙත්‍වා අපරභාගෙ යත්‍ථ කත්‍ථචි ගතස‍්ස රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානෙසු නිසින‍්නස‍්ස ආවජ‍්ජමානස‍්ස අලඞ‍්කතපටියත‍්තං මහාචෙතියං චක‍්ඛුද‍්වාරෙ ආපාථමාගතසදිසමෙව හොති, පදක‍්ඛිණං කත්‍වා චෙතියවන්‍දනකාලො විය හොති. එවං තාව දිට‍්ඨවසෙන රූපාරම‍්මණං ආපාථමාගච‍්ඡති.

ශුද්ධ මනෝ ද්වාරයෙහි වනාහි (චක්‍ෂුර් ප්‍රසාදා දී) ප්‍රසාදනයන් ගැටීමක් (ගැටීම් කිසක්) නැත. ප්‍රකෘතියෙන් දිට්ඨ, සුත, ඝායිත, සායිත, ඵුට්ඨ (දුටු ඇසූ ආඝ්‍රාණය කළ, රසවිඳ, ස්පර්ශ කළ) වශයෙන් මෙකී අරමුණු ඉන්‍ද්‍රිය විෂය බවට පත්වෙයි. කෙසේ ද? මෙහි ඇතැම් කෙතෙක් හුණුපිරියම් කළ, රත්සිරියෙල් ආදී වර්ණයෙන් විසිතුරු කළ, නානාප්‍රකාර ධ්ව්ජපතාක ඔසවන ලද මල්දම් ඔතා බඳනා ලද, මලින් වැසූ අති මනරම් සිරියෙන් බබළන, අලංකාර කොට පිළියෙළ කළ මහසෑය පැදකුණුකොට සොළොස් පාද පීඨිකාවන්හි පසඟ පිහිටුවා වැඳ ඇඳිලි බැඳගෙන බලනුයේ බුද්ධාලම්භන ප්‍රීතියට පත්ව සිටී. මෙසේ සෑය බලා බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා මෑතභාගයේ දී යම්කිසි තැනකට ගොස් රෑ වෙසෙන තැන්හි දවල් චෙසෙන තැන්හි හිඳ ආවර්ජනය කරන ඔහුට අලංකාර කොට පිළියෙල කරන ලද මහාසෑය චක්‍ෂුර් ද්වාරයෙහි (ඇසෙහි) ඉන්‍ද්‍රිය විෂය වූ මෙත් වෙයි. පැදකුණු කොට සෑය වඳිනා කාලය මෙන් වෙයි. මෙසේ වනාහි දැකීම් වශයෙන් රූපාරම්මණය ඉන්‍ද්‍රිය විෂය බවට පැමිණේ.

මධුරෙන පන සරෙන ධම‍්මකථිකස‍්ස වා ධම‍්මං කථෙන‍්තස‍්ස, සරභාණකස‍්ස වා සරෙන භණන‍්තස‍්ස සද‍්දං සුත්‍වා අපරභාගෙ යත්‍ථ කත්‍ථචි නිසීදිත්‍වා ආවජ‍්ජමානස‍්ස ධම‍්මකථා වා සරභඤ‍්ඤං වා සොතද‍්වාරෙ ආපාථමාගතං විය හොති, සාධුකාරං දත්‍වා සුණනකාලො විය හොති. එවං සුතවසෙන සද‍්දාරම‍්මණං ආපාථමාගච‍්ඡති.

මිහිරි හඬින් දහම් දෙසන ධර්මකථිකයන් වහන්සේ කෙනෙකුන්ගේ හෝ (මිහිරි) හඬින් කියන සරභාණකයෙන් වහන්සේ කෙනෙකුන්ගේ හෝ ශබ්දය අසා මෑත භාගයේ දී යම්කිසි තැනක හිඳ ආවර්ජනය කරන්නාට ධර්මකථාව හෝ හඬනගා කීම ශ්‍රෝතද්වාරයෙහි ඉන්‍ද්‍රියවිෂය වූ සේ වෙයි. සාධුකාර දී අසන කල මෙන් වෙයි. මෙසේ ශ්‍රැත වශයෙන් ශබ්දාරම්මණය ඉන්‍ද්‍රිය විෂය බවට පැමිණේ.

සුගන්‍ධං පන ගන්‍ධං වා මාලං වා ලභිත්‍වා ආසනෙ වා චෙතියෙ වා ගන්‍ධාරම‍්මණෙන චිත‍්තෙන පූජං කත්‍වා අපරභාගෙ යත්‍ථ කත්‍ථචි නිසීදිත්‍වා ආවජ‍්ජමානස‍්ස තං ගන්‍ධාරම‍්මණං ඝානද‍්වාරෙ ආපාථමාගතං විය හොති, පූජාකරණකාලො විය හොති. එවං ඝායිතවසෙන ගන්‍ධාරම‍්මණං ආපාථමාගච‍්ඡති.

සුවඳවත් ගඳක් හෝ මල් හෝ ලැබ අසුනෙහි හෝ සෑයෙහි ගන්‍ධය අරමුණු කරගත් සිතින් පූජාකොට මෑතභාගයේ දී යම්කිසි තැනෙක හිඳ ආවර්ජනය කරන්නාට ගන්‍ධාරම්මණය ඝාණද්වාරයෙහි ඉන්‍ද්‍රියවිෂය වූ මෙන් වෙයි. පූජා කරන කල මෙන් වෙයි. මෙසේ ආඝ්‍රායිත වශයෙන් ගන්‍ධාරම්මණය ඉන්‍ද්‍රිය විෂයට පැමිණේ.

පණීතං පන ඛාදනීයං වා භොජනීයං වා සබ්‍රහ‍්මචාරීහි සද‍්ධිං සංවිභජිත්‍වා පරිභුඤ‍්ජිත්‍වා අපරභාගෙ යත්‍ථ කත්‍ථචි කුද්‍රූසකාදිභොජනං ලභිත්‍වා ‘අසුකකාලෙ පණීතං භොජනං සබ්‍රහ‍්මචාරීහි සද‍්ධිං සංවිභජිත්‍වා පරිභුත‍්ත’න‍්ති ආවජ‍්ජමානස‍්ස තං රසාරම‍්මණං ජිව‍්හාද‍්වාරෙ ආපාථමාගතං විය හොති, පරිභුඤ‍්ජනකාලො විය හොති. එවං සායිතවසෙන රසාරම‍්මණං ආපාථමාගච‍්ඡති.

ප්‍රණීත වූ කෑයුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් සබ්‍රම්සරුන් සමග බෙදාගෙන අනුභවකොට මෑත භාගයේ දී යම්කිසි තැනක දී කුරහන් ආදී වූ බොජුනක් ලැබ අසවල් කාලයේ දී ප්‍රණීත භෝජනයක් සබ්‍රම්සරුන් සමග බෙදාගෙන පරිභෝග කරන ලදැයි ආවර්ජනය කරන්නහුට ඒ රස අරමුණ දිව්හා ද්වාරයෙහි ඉන්‍ද්‍රිය විෂය වූවාක් මෙන් වෙයි. මෙසේ රස විඳීම් වශයෙන් රස අරමුණ ඉන්‍ද්‍රිය විෂයට පැමිණෙයි.

මුදුකං පන සුඛසම‍්ඵස‍්සං මඤ‍්චං වා පීඨං වා අත්‍ථරණපාපුරණං වා පරිභුඤ‍්ජිත්‍වා අපරභාගෙ යත්‍ථ කත්‍ථචි දුක‍්ඛසෙය්‍යං කප‍්පෙත්‍වා ‘අසුකකාලෙ මෙ මුදුකං මඤ‍්චපීඨං අත්‍ථරණපාවුරණං පරිභුත‍්ත’න‍්ති ආවජ‍්ජමානස‍්ස තං ඵොට‍්ඨබ‍්බාරම‍්මණං කායද‍්වාරෙ ආපාථමාගතං විය හොති. සුඛසම‍්ඵස‍්සං වෙදයිතකාලො විය හොති. එවං ඵුට‍්ඨවසෙන ඵොට‍්ඨබ‍්බාරම‍්මණං ආපාථමාගච‍්ඡති. එවං සුද‍්ධමනොද‍්වාරෙ පසාදඝට‍්ටනකිච‍්චං නත්‍ථි. පකතියා දිට‍්ඨසුතඝායිතසායිතඵුට‍්ඨවසෙනෙව එතානි ආරම‍්මණානි ආපාථමාගච‍්ඡන‍්තීති වෙදිතබ‍්බානි.

මෘදු වූ සුවපහස් ඇති ඇඳ පුටු හෝ ඇතිරිලි පොරෝනා හෝ පරිභෝග කොට මැතභාගයේ දී යම්කිසි තැනක දී දුක් සයනයක් කොට අසුවල් කාලයේ දී මා විසින් මෘදු වූ ඇඳපුටු ඇතිරිලි පෙරවිලි පරිභෝග කරන ලදැයි ආවර්ජනය කරන්නහුට ඒ පොට්ඨබ්බාරම්මණය (ස්පර්ශය පිළිබඳ අරමුණ) කාය ද්වාරයෙහි ඉන්‍ද්‍රිය විෂය වූවාක් මෙන් වෙයි. මෙසේ ස්පර්ශ කළ දේ වශයෙන් ස්පර්ශාරම්මණය ඉන්‍ද්‍රිය විෂයට පැමිණෙයි. මෙසේ පිරිසිදු මනෝද්වාරයෙහි ප්‍රසාද ඝර්ෂණ කෘත්‍යයක් නැත. ප්‍රකෘතියෙන් දුටු ඇසූ ආඝාණය කළ ස්පර්ශ කළ වශයෙන් අරමුණු ඉන්‍ද්‍රිය විෂයට පැමිණේයැයි දතයුතුයි.

ඉදානි පකතියා දිට‍්ඨාදීනං වසෙන ආපාථගමනෙ අයමපරොපි අට‍්ඨකථාමුත‍්තකො නයො හොති. දිට‍්ඨං සුතං උභයසම‍්බන්‍ධන‍්ති ඉමෙ තාව දිට‍්ඨාදයො වෙදිතබ‍්බා. තත්‍ථ ‘දිට‍්ඨං’ නාම පඤ‍්චද‍්වාරවසෙන ගහිතපුබ‍්බං. ‘සුත’න‍්ති පච‍්චක‍්ඛතො අදිස‍්වා අනුස‍්සවවසෙන ගහිතා රූපාදයොව. තෙහි ද‍්වීහිපි සම‍්බන්‍ධං ‘උභයසම‍්බන්‍ධං’ නාම. ඉති ඉමෙසම‍්පි දිට‍්ඨාදීනං වසෙන එතානි මනොද‍්වාරෙ ආපාථමාගච‍්ඡන‍්තීති වෙදිතබ‍්බානි. තත්‍ථ දිට‍්ඨවසෙන තාව ආපාථගමනං හෙට‍්ඨා පඤ‍්චහි නයෙහි වුත‍්තමෙව.

දැන් ප්‍රකෘතියෙන් දුටු ආදී වශයෙන් ඉන්‍ද්‍රිය විෂයට පැමිණීමේ දී අට්ඨකථාවන්හි කියන ලද මේ වෙනත් නයක් ද වෙයි. දිට්ඨ, සුත හා උභය සම්බන්ධ යන මේ වනාහි දිට්ඨාදිය යැයි දතයුතුයි. එහි දිට්ඨ නම් පංචද්වාර වශයෙන් ගන්නා ලද්දය. සුත යනු ප්‍රත්‍යක්‍ෂ වශයෙන් නොදැක ඇසීම් වශයෙන් ගන්නා ලද රූපාදියයි. මේ දෙකෙන්ම සම්බන්ධ වූයේ උභය සම්බන්ධ නමි. මෙසේ මේ දිට්ඨාදීන්ගේ වශයෙන් මේවා මනෝ ද්වාරයෙහි ඉන්‍ද්‍රිය විෂයට පැමිණේ යැයි දතයුතුයි. එහි දිට්ඨ වශයෙන් ඉන්‍ද්‍රිය විෂයට පැමිණීම වනාහි යට පස්නයින් කියන ලදමය.

එකච‍්චො පන සුණාති – ‘භගවතො පුඤ‍්ඤාතිසයනිබ‍්බත‍්තං එවරූපං නාම රූපං, අතිමධුරො සද‍්දො, කිස‍්මිඤ‍්චි පදෙසෙ කෙසඤ‍්චි පුප‍්ඵානං අතිමනුඤ‍්ඤො ගන්‍ධො, කෙසඤ‍්චි ඵලානං අතිමධුරො රසො, කෙසඤ‍්චි පාවුරණාදීනං අතිසුඛො සම‍්ඵස‍්සො’ති. තස‍්ස, චක‍්ඛුපසාදාදිඝට‍්ටනං විනා, සුතමත‍්තානෙව තානි මනොද‍්වාරෙ ආපාථමාගච‍්ඡන‍්ති. අථස‍්ස තං චිත‍්තං තස‍්මිං රූපෙ වා සද‍්දෙ වා පසාදවසෙන ගන්‍ධාදීසු අරියානං දාතුකාමතාවසෙන අඤ‍්ඤෙහි දින‍්නෙසු අනුමොදනාවසෙන වා පවත‍්තති. එවං සුතවසෙන එතානි මනොද‍්වාරෙ ආපාථමාගච‍්ඡන‍්ති.

ඇතැමෙක් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ අතිශය පින්පලයෙන් උපන් රූපය නම් මෙසේය. ශබ්දය ඉතා මිහිරි ය. කිසියම් පෙදෙසක කිසියම් මල් වර්ගයෙක සුවඳ ඉතා මනහර ය. කිසියම් ඵලවර්ගය රසය ඉතා මිහිරි ය. කිසියම් පෙරවිලි ආදියක පහස ඉතා සුවයැයි අසයි. ඔහුට චක්‍ෂු ප්‍රසාදීන්ගේ ගැටීමකින් තොරව ඇසූ පමණින් ඒවා මනෝ ද්වාරයෙහි ඉන්‍ද්‍රිය විෂය බවට පැමිණෙයි. ඉක්බිති ඔහුගේ ඒ සිත එම රූපයෙහි හෝ ශබ්දයෙහි හෝ ප්‍රසාද වශයෙන් හෝ සුවඳ ආදියෙහි ආර්යයන්ට සිතුකාමනා දීමේ කැමති බව) වශයෙන් හෝ, අන්‍යයන් විසින් දෙන ලද දැයෙහි අනුමෝදනා වශයෙන් හෝ පවතී. මෙසේ ශ්‍රැත වශයෙන් මේවා මනෝ ද්වාරයෙහි ඉන්‍ද්‍රිය විෂය බවට පැමිණේ.

අපරෙන පන යථාවුත‍්තානි රූපාදීනි දිට‍්ඨානි වා සුතානි වා හොන‍්ති. තස‍්ස ‘ඊදිසං රූපං ආයතිං උප‍්පජ‍්ජනකබුද‍්ධස‍්සාපි භවිස‍්සතී’තිආදිනා නයෙන චක‍්ඛුපසාදාදිඝට‍්ටනං විනා දිට‍්ඨසුතසම‍්බන්‍ධෙනෙව තානි මනොද‍්වාරෙ ආපාථමාගච‍්ඡන‍්ති. අථස‍්ස හෙට‍්ඨා වුත‍්තනයෙනෙව තෙසු අඤ‍්ඤතරාරම‍්මණං ඉදං මහාචිත‍්තං පවත‍්තති. එවං උභයසම‍්බන්‍ධවසෙන එතානි මනොද‍්වාරෙ ආපාථමාගච‍්ඡන‍්ති.

අනෙකෙකු විසින් වනාහි පළමු කියන ලද රූපාදිය දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේ ද, ඔහු මෙබඳු රූපයක් මතු උපදනා බුදුකෙනෙකුටත් වන්නේ යැයි ආදී නයින් චක්‍ෂු ප්‍රසාදාදියේ ගැටීමෙන් තොරව දිට්ඨ, සුත සම්බන්ධයෙන්ම ඒවා මනෝද්වාරයෙහි ඉන්‍ද්‍රිය විෂය බවට පැමිණේ. ඉක්බිති ඔහුට යට කියන ලද නයින්ම එකී අරමුණු අතුරෙන් එක්තරා අරමුණක් ද මේ සිත ද පවති. මෙසේ උභය සම්බන්ධ වශයෙන් මේවා මනෝ ද්වාරයෙහි ඉන්‍ද්‍රිය විෂය බව පැමිණේ.

ඉදම‍්පි ච මුඛමත‍්තමෙව. සද‍්ධාරුචිආකාරපරිවිතක‍්කදිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තිආදීනං පන වසෙන විත්‍ථාරතො එතෙසං මනොද‍්වාරෙ ආපාථගමනං වෙදිතබ‍්බමෙව. යස‍්මා පන එවං ආපාථං ආගච‍්ඡන‍්තානි භූතානිපි හොන‍්ති අභූතානිපි, තස‍්මා අයං නයො අට‍්ඨකථායං න ගහිතො. එවං එකෙකාරම‍්මණං ජවනං ද‍්වීසු ද‍්වීසු ද‍්වාරෙසු උප‍්පජ‍්ජතීති වෙදිතබ‍්බං. රූපාරම‍්මණඤ‍්හි ජවනං චක‍්ඛුද‍්වාරෙපි උප‍්පජ‍්ජති මනොද‍්වාරෙපි. සද‍්දාදිආරම‍්මණෙසුපි එසෙව නයො.

මෙය ද මුඛ මාත්‍රයක්මය. ශ්‍රද්ධාව ආදීන්ගේ වශයෙන් වනාහි විස්තර වශයෙන් මොවුන්ගේ මනෝ ද්වාරයෙහි ඉන්‍ද්‍රිය විෂයට පැමිණීම දතයුතුමය. යම්හෙයකින් වනාහි මෙසේ ඉන්‍ද්‍රිය විෂයට එන්නා වූ භූතයෝ ද අභූතයෝ ද වෙත් ද, එහෙයින් මේ නය අට්ඨකථාවන්හි නො ගන්නා ලදී. මෙසේ ඒකාරම්මණ ජවනය ද්වාර දෙක්හි දෙක්හි උපදියැයි දතයුතුය. රූපය අරමුණු කරගත් ජවනය චක්‍ෂු ද්වාරයෙන් මෙන්ම මනෝ ද්වාරයෙහි ද උපදී. ශබ්දාදී ආරම්මණයන්හි ද මේ නයමැයි.

තත්‍ථ මනොද‍්වාරෙ උප‍්පජ‍්ජමානං රූපාරම‍්මණං ජවනං දානමයං සීලමයං භාවනාමයන‍්ති තිවිධං හොති . තෙසු එකෙකං කායකම‍්මං වචීකම‍්මං මනොකම‍්මන‍්ති තිවිධමෙව හොති. සද‍්දගන්‍ධරසඵොට‍්ඨබ‍්බධම‍්මාරම‍්මණෙසුපි එසෙව නයො.

එහි මනෝද්වාරයෙහි උපදනා රූපය අරමුණු කරගත් ජවන් සිත දානමය සීලමය භාවනාමය යැයි ත්‍රිවිධ වෙයි. ඔවුන් අතුරෙන් එකක් එකක් කායකර්ම වචීකර්ම මනෝකර්ම යැයි ත්‍රිවිධම වෙයි. ශබ්ද ගන්‍ධ රස ස්පර්ශ හා ධර්මාරම්මණයන්හි ද මේ ක්‍රමයමය.

තත්‍ථ රූපං තාව ආරම‍්මණං කත්‍වා උප‍්පජ‍්ජමානං එතං මහාකුසලචිත‍්තං නීලපීතලොහිතොදාතවණ‍්ණෙසු පුප‍්ඵවත්‍ථධාතූසු අඤ‍්ඤතරං සුභනිමිත‍්තසඞ‍්ඛාතං ඉට‍්ඨං කන‍්තං මනාපං රජනීයං වණ‍්ණං ආරම‍්මණං කත්‍වා උප‍්පජ‍්ජති. නනු චෙතං ඉට‍්ඨාරම‍්මණං ලොභස‍්ස වත්‍ථු? කථං එතං චිත‍්තං කුසලං නාම ජාතන‍්ති? නියමිතවසෙන පරිණාමිතවසෙන සමුදාචාරවසෙන ආභුජිතවසෙනාති. යස‍්ස හි ‘කුසලමෙව මයා කත‍්තබ‍්බ’න‍්ති කුසලකරණෙ චිත‍්තං නියමිතං හොති, අකුසලප‍්පවත‍්තිතො නිවත‍්තෙත්‍වා කුසලකරණෙයෙව පරිණාමිතං, අභිණ‍්හකරණෙන කුසලසමුදාචාරෙනෙව සමුදාචරිතං, පතිරූපදෙසවාසසප‍්පුරිසූපනිස‍්සයසද‍්ධම‍්මසවනපුබ‍්බෙකතපුඤ‍්ඤතාදීහි ච උපනිස‍්සයෙහි යොනිසො ච ආභොගො පවත‍්තති, තස‍්ස ඉමිනා නියමිතවසෙන පරිණාමිතවසෙන සමුදාචාරවසෙන ආභුජිතවසෙන ච කුසලං නාම ජාතං හොති.

එහි වනාහි රූපය අරමුණු කොටගෙන උපදනා මේ මහා කුසල් සිත නිල් කහ රතු සුදු යන වර්ණයන්ගෙන් යුත් මල් වස්ත්‍ර ධාතු යන මේවා අතුරෙන් සුභනිමිති සංඛ්‍යාත ඉෂ්ට වූ ප්‍රිය වූ මන වඩන්නා වූ ඇලීම් ඇතිකරන එක්තරා වර්ණයක් අරමුණුකොට උපදී. මේ සිත කෙසේ කුසල නම් වී ද යත්? නිම්මිත වශයෙන් පිරිනැමීම් වශයෙන් හැසිරීම් වශයෙන් හා ආභෝග වශයෙනි. මා විසින් වනාහි කුසලයක්ම කළයුතු යැයි යමෙකුට කුසල් කිරීමෙහි සිත නියමිත වෙයි ද, අකුසල් කිරීමෙන් නැවතී කුසල් කිරීමෙහිම පරිණායම වෙයි ද, නින්දා කිරීම් වශයෙන් කුසලයෙහි හැසිරීම් වශයෙන් හැසිරෙන ලද ද, ප්‍රතිරූප දේශවාසය, සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, පෙර කරන ලද පින් ඇති බව ආදී වූ හේතුසම්පත් වලින් ද නුවණින් ආභෝගය (වෙළා ගැනීම) ද පවතී. මෙකී නියම කිරිම් වශයෙන්, පරිණාම වශයෙන් සමුදාචාර වශයෙන් හා ආභෝග වශයෙන් ඔහුට කුසලය උපන්නේ නම් වෙයි.

ආරම‍්මණවසෙන පනෙත්‍ථ සොමනස‍්සසහගතභාවො වෙදිතබ‍්බො. ඉට‍්ඨාරම‍්මණස‍්මිඤ‍්හි උප‍්පන‍්නත‍්තා එතං සොමනස‍්සසහගතං ජාතං. සද‍්ධාබහුලතාදීනිපෙත්‍ථ කාරණානියෙව. අස‍්සද‍්ධානඤ‍්හි මිච‍්ඡාදිට‍්ඨීනඤ‍්ච එකන‍්තඉට‍්ඨාරම‍්මණභූතං තථාගතරූපම‍්පි දිස‍්වා සොමනස‍්සං නුප‍්පජ‍්ජති. යෙ ච කුසලප‍්පවත‍්තියං ආනිසංසං න පස‍්සන‍්ති තෙසං පරෙහි උස‍්සාහිතානං කුසලං කරොන‍්තානම‍්පි සොමනස‍්සං නුප‍්පජ‍්ජති. තස‍්මා සද‍්ධාබහුලතා විසුද‍්ධදිට‍්ඨිතා ආනිසංසදස‍්සාවිතාති. එවම‍්පෙත්‍ථ සොමනස‍්සසහගතභාවො වෙදිතබ‍්බො. අපිච එකාදසධම‍්මා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති – බුද‍්ධානුස‍්සති ධම‍්මානුස‍්සති සඞ‍්ඝානුස‍්සති සීලානුස‍්සති චාගානුස‍්සති දෙවතානුස‍්සති උපසමානුස‍්සති ලූඛපුග‍්ගලපරිවජ‍්ජනතා සිනිද‍්ධපුග‍්ගලසෙවනතා පසාදනීයසුත‍්තන‍්තපච‍්චවෙක‍්ඛණතා තදධිමුත‍්තතාති . ඉමෙහිපි කාරණෙහෙත්‍ථ සොමනස‍්සසහගතභාවො වෙදිතබ‍්බො. ඉමෙසං පන විත්‍ථාරො බොජ‍්ඣඞ‍්ගවිභඞ‍්ගෙ (විභ· අට‍්ඨ· 367 බොජ‍්ඣඞ‍්ගපබ‍්බවණ‍්ණනා, 468-469) ආවි භවිස‍්සති.

මෙහි වනාහි අරමුණු වශයෙන් සෝමනස්ස සහගතභාවය දතයුතුයි. මෙය වනාහි ඉෂ්ටාරම්මණයෙහි උපන් බැවින් සොම්නස් සහගත විය. මෙහි දී ශ්‍රද්ධා බහුලනාම ආදිය ද කරුණුමය. අපේ ශ්‍රද්ධාවතුන්ට මෙන්ම මිථ්‍යා දෘෂ්ටිකයන්ට ද ඒකාන්ත ඉෂ්ටාරම්මණ වූ තථාගතරූපයක් දැක ද සොම්නස නූපදීමය. කුසල පැවැත්මෙහි අනුසස් නො දකිත්. අනුන් විසින් උත්සාහ කරනු ලදුව කුසල් කරන්නවුන්ට ද සොම්නසක් නූපදී. එහෙයින් ශ්‍රද්ධා බහුල බව සම්‍යක් දෘෂ්ටි ඇති බව, අනුසස් දක්නා බව යැයි මෙසේ ද මෙහි සොම්නස් සහගත බව දතයුතුයි. තව ද බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය -පෙ- සංඝ - සීල - චාග - දේවතා උපසමානුස්සතිය, රළු පුද්ගලයන් වර්ජනය කරන බව, සිනිඳු පුද්ගලයන් සේවනය කරන බව පැහැදීම ගෙනදෙන සූත්‍රාන්තයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන බව, එහි අධික ලෙස ඇලුණු බව යන මේ කරුණුවලින් ද මෙහි සොම්නස් සහගත බව දතයුතුයි. මේවා පිළිබඳ විස්තර බොජ්ඣංග විභංගයෙහි මතු පහළ වන්නේය.

කම‍්මතො, උපපත‍්තිතො, ඉන්‍ද්‍රියපරිපාකතො, කිලෙසදූරීභාවතොති ඉමෙහි පනෙත්‍ථ කාරණෙහි ඤාණසම‍්පයුත‍්තතා වෙදිතබ‍්බා. යො හි පරෙසං ධම‍්මං දෙසෙති අනවජ‍්ජානි සිප‍්පායතනකම‍්මායතනවිජ‍්ජාට‍්ඨානානි සික‍්ඛාපෙති ධම‍්මකථිකං සක‍්කාරං කත්‍වා ධම‍්මං කථාපෙති, ‘ආයතිං පඤ‍්ඤවා භවිස‍්සාමී’ති පත්‍ථනං පට‍්ඨපෙත්‍වා නානප‍්පකාරං දානං දෙති, තස‍්ස එවරූපං කම‍්මං උපනිස‍්සාය කුසලං උප‍්පජ‍්ජමානං ඤාණසම‍්පයුත‍්තං උප‍්පජ‍්ජති. අබ්‍යාපජ‍්ජෙ ලොකෙ උප‍්පන‍්නස‍්ස වාපි “තස‍්ස තත්‍ථ සුඛිනො ධම‍්මපදා පිලවන‍්ති… දන්‍ධො, භික‍්ඛවෙ, සතුප‍්පාදො, අථ සො සත‍්තො ඛිප‍්පංයෙව විසෙසගාමී හොතී”ති (අ· නි· 4.191) ඉමිනා නයෙන උපපත‍්තිං නිස‍්සායපි උප‍්පජ‍්ජමානං කුසලං ඤාණසම‍්පයුත‍්තං උප‍්පජ‍්ජති. තථා ඉන්‍ද්‍රියපරිපාකං උපගතානං පඤ‍්ඤාදසකප‍්පත‍්තානං ඉන්‍ද්‍රියපරිපාකං නිස‍්සායපි කුසලං උප‍්පජ‍්ජමානං ඤාණසම‍්පයුත‍්තං උප‍්පජ‍්ජති. යෙහි පන කිලෙසා වික‍්ඛම‍්භිතා තෙසං කිලෙසදූරීභාවං නිස‍්සායපි උප‍්පජ‍්ජමානං කුසලං ඤාණසම‍්පයුත‍්තං උප‍්පජ‍්ජති. වුත‍්තම‍්පි චෙතං –

මෙහිදී වනාහි කර්මයෙන් උත්පත්තියෙන් ඉන්‍ද්‍රියන්ගේ මුහුකිරීමෙන් කෙලෙස් දුරුවීමෙන් යන මේ කාරණයන්ගෙන් ඥාන සම්ප්‍රයුක්ත බව දතයුතුයි. යමෙක් වනාහි අනුන්ට ධර්මදේශනා කරයි ද, නිවැරදි ශිල්පායතන කර්මාන්තායතන විද්‍යාස්ථාන හික්මවයි ද, ධර්මකථිකයෙකුට සත්කාර කොට ධර්මය දේශනා කරවයි ද, මත්තෙහි ප්‍රඥාවන්තයෙක් වෙමියි ප්‍රාර්ථනා කොට නානාප්‍රකාර දන් දෙයි ද, මෙබඳු කර්ම නිසා ඔහුට උපදනා කුසලය ඥාන සම්ප්‍රයුක්තව උපදී. අව්‍යාපාද ලෝකයෙහි උපන්නා වූ ද ඔහුට සැපවත් ධර්මපද කියවෙයි. ‘මහණෙනි, සත්ත්වයාගේ උපත දණ්ඩය (මෝඩය) එසේ නමුදු ඒ සත්ත්වයා වහාම විශේෂභාගී (විශේෂ ඥානයට කොටස්කරුවෙක්) වෙයි.’ යන මේ නයින් උපත නිසා උපදනා කුසලය ඥාන සම්ප්‍රයුක්තව උපදී. එසේම ඉන්‍ද්‍රියන්ගේ මේරීමට පැමිණි ප්‍රඥා දශකයට පත් අයගේ ඉන්‍ද්‍රිය පරිපාකය නිසා ද උපදනා කුසලය ඥාන සම්ප්‍රයුක්තව උපදී. යම් කෙනෙකුන් විසින් වනාහි කෙලෙස් යටපත් කරන ලද ද, ඔවුන්ගේ කෙලෙස් දුරුකිරීම නිසා ද උපදනා කුසලය ඥාන සම්ප්‍රයුක්තව උපදී. මෙය ද කියන ලදී.

“යොගා වෙ ජායතී භූරි, අයොගා භූරිසඞ‍්ඛයො”ති (ධ· ප· 282).

‘යොගා වෙ ජායතන භූරී අයොගා භූරී සංඛසො’ (යෙදීමෙන් වනාහි බොහෝසෙයින් හටගනී. නො යෙදීමෙන් බොහෝ සෙයින් ක්‍ෂය වෙයි) යැයි

එවං කම‍්මතො උපපත‍්තිතො ඉන්‍ද්‍රියපරිපාකතො කිලෙසදූරීභාවතොති ඉමෙහි කාරණෙහි ඤාණසම‍්පයුත‍්තතා වෙදිතබ‍්බා.

මෙසේ කර්මයෙන් උත්පත්තියෙන් ඉන්‍ද්‍රිය පරිපාකයෙන් කෙලෙස් දුරුවීමෙන් යැයි යන මේ කරුණුවලින් ඥාන සම්ප්‍රයුක්ත බව දතයුතුයි.

අපිච සත‍්ත ධම‍්මා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති – පරිපුච‍්ඡකතා, වත්‍ථුවිසදකිරියා, ඉන්‍ද්‍රියසමත‍්තපටිපාදනා, දුප‍්පඤ‍්ඤපුග‍්ගලපරිවජ‍්ජනා, පඤ‍්ඤවන‍්තපුග‍්ගලසෙවනා, ගම‍්භීරඤාණචරියපච‍්චවෙක‍්ඛණා, තදධිමුත‍්තතාති. ඉමෙහිපි කාරණෙහි ඤාණසම‍්පයුත‍්තතා වෙදිතබ‍්බා. ඉමෙසං පන විත්‍ථාරො බොජ‍්ඣඞ‍්ගවිභඞ‍්ගෙ (විභ· අට‍්ඨ· 367 බොජ‍්ඣඞ‍්ගපබ‍්බවණ‍්ණනා) ආවි භවිස‍්සති.

තවද විචාරණ බව, වස්තුව පිරිසිදු කිරීම, ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන් සම්පූර්ණයෙන් ප්‍රතිපාදනය කිරීම, අඥාන පුද්ගලයන් වර්ජනය කිරීම, ප්‍රඥාවන්ත පුද්ගලයන් සේවනය කිරීම, ගම්භීර ඥානයෙන් යුක්ත ආචාර්යවරයන් ප්‍රත්‍යවේක්‍ෂා කිරීම එහි දැඩිව යෙදීම යන සප්ත ධර්මයෝ ධම්මවිචය සම්බොජ්ඣංගය ඉපදීම සඳහා පවතී. මේ කරුණු වලින් ද ඥාන සම්ප්‍රයුක්ත බව දතයුතුයි. මේවා පිළිබඳ විස්තරය බොජ්ඣංග විභංගයෙහි මතු පළවන්නේය.

එවං ඤාණසම‍්පයුත‍්තං හුත්‍වා උප‍්පන‍්නඤ‍්චෙතං අසඞ‍්ඛාරෙන අප‍්පයොගෙන අනුපායචින‍්තනාය උප‍්පන‍්නත‍්තා අසඞ‍්ඛාරං නාම ජාතං. තයිදං රජනීයවණ‍්ණාරම‍්මණං හුත්‍වා උප‍්පජ‍්ජමානමෙව තිවිධෙන නියමෙන උප‍්පජ‍්ජති – දානමයං වා හොති, සීලමයං වා, භාවනාමයං වා.

මෙසේ ඥාන සම්ප්‍රයුක්තව උපන්නා වූ ද මෙය අසංස්කාරිකව (අනුන්ගේ) ප්‍රයෝගයක් නැතිව අනුන්ගේ එල්බගැන්මක් නැතිව සිතීමෙන් උපන් හෙයින් අසංස්කාර නම් විය. එය සිත් අලවන වර්ණාරම්මණයක්ව උපදනේම දානමය හෝ සීලමය හෝ භාවනාමය හෝ ත්‍රිවිධ නියමයෙන් උපදී.

කථං? යදා හි නීලපීතලොහිතොදාතෙසු පුප‍්ඵාදීසු අඤ‍්ඤතරං ලභිත්‍වා වණ‍්ණවසෙන ආභුජිත්‍වා ‘වණ‍්ණදානං මය‍්හ’න‍්ති බුද‍්ධරතනාදීනි පූජෙති, තදා දානමයං හොති. තත්‍රිදං වත්‍ථු – භණ‍්ඩාගාරිකසඞ‍්ඝමිත‍්තො කිර එකං සුවණ‍්ණඛචිතං වත්‍ථං ලභිත්‍වා ඉදම‍්පි වත්‍ථං සුවණ‍්ණවණ‍්ණං, සම‍්මාසම‍්බුද‍්ධොපි සුවණ‍්ණවණ‍්ණො, සුවණ‍්ණවණ‍්ණං වත්‍ථං සුවණ‍්ණවණ‍්ණස‍්සෙව අනුච‍්ඡවිකං, අම‍්හාකඤ‍්ච වණ‍්ණදානං භවිස‍්සතීති මහාචෙතියෙ ආරොපෙසි. එවරූපෙ කාලෙ දානමයං හොතීති වෙදිතබ‍්බං. යදා පන තථාරූපමෙව දෙය්‍යධම‍්මං ලභිත්‍වා ‘මය‍්හං කුලවංසො, කුලතන‍්ති කුලප‍්පවෙණී එසා, කුලවත‍්තං එත’න‍්ති බුද‍්ධරතනාදීනි පූජෙති තදා සීලමයං හොති. යදා පන තාදිසෙනෙව වත්‍ථුනා රතනත‍්තයස‍්ස පූජං කත්‍වා ‘අයං වණ‍්ණො ඛයං ගච‍්ඡිස‍්සති, වයං ගච‍්ඡිස‍්සතී’ති ඛයවයං පට‍්ඨපෙති, තදා භාවනාමයං හොති.

කෙසේ ද, යම්කලෙක වනාහි නිල් කහ රතු සුදු මල් වස්ත්‍ර ආදීන්ගෙන් යමක් ලැබ වර්ණ වශයෙන් ගෙන මාගේ වර්ණ දානය යැයි බුද්ධ රත්නාදිය පුදයි ද එකල්හි දානමය වෙයි. මේ එහි වස්තුවයි. භාණ්ඩාගාරික සංඝමිත්‍ර වනාහි එබ්බූ එක් වස්ත්‍රයක් ලැබ මේ වස්ත්‍රයත් රන්වන්ය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ද රන්වන්ය. රන්වන් වස්ත්‍රය රන්වන් වූ බුදුන්ටම සුදුසුය. අපට ද වර්ණ දානයක් වන්නේ යැයි (එය) මහසෑයෙහි නැංවීය. මෙවන් කල්හි දානමය වන්නේ යැයි දතයුතුයි. යම්කලෙක වනාහි එවැනිම දෙය්‍ය ධර්මයක් (දිය යුතු දෙයක්) ලැබ මාගේ කුලවංශය, පෙළපත, කුල ප්‍රවේණිය මෙයයි, කුලවත මෙයයැයි බුද්ධ රත්නාදිය පුදයි ද, එකල්හි සීලමය වෙයි. යම්කලෙක වනාහි එවැනිම වස්තුවකින් රත්නත්‍රයට පූජාකොට මේ වර්ණය ක්‍ෂයබව පැමිණෙයි. ව්‍යයට පැමිණෙයි යැයි ක්‍ෂය ව්‍යයයෙහි පිහිටයි. එකල්හි වනාහි භාවනාමය වෙයි.

දානමයං පන හුත්‍වා වත‍්තමානම‍්පි යදා තීණි රතනානි සහත්‍ථෙන පූජෙන‍්තස‍්ස පවත‍්තත‍්ති, තදා කායකම‍්මං හොති. යදා තීණි රතනානි පූජෙන‍්තො පුත‍්තදාරදාසකම‍්මකරපොරිසාදයොපි ආණාපෙත්‍වා පූජාපෙති තදා වචීකම‍්මං හොති. යදා තදෙව වුත‍්තප‍්පකාරං විජ‍්ජමානකවත්‍ථුං ආරබ‍්භ වණ‍්ණදානං දස‍්සාමීති චින‍්තෙති තදා මනොකම‍්මං හොති. විනයපරියායං පත්‍වා හි ‘දස‍්සාමි කරිස‍්සාමී’ති වාචා භින‍්නා හොතීති (පාරා· 659) ඉමිනා ලක‍්ඛණෙන දානං නාම හොති. අභිධම‍්මපරියායං පත්‍වා පන විජ‍්ජමානකවත්‍ථුං ආරබ‍්භ ‘දස‍්සාමී’ති මනසා චින‍්තිතකාලතො පට‍්ඨාය කුසලං හොති. අපරභාගෙ කායෙන වා වාචාය වා කත‍්තබ‍්බං කරිස‍්සතීති වුත‍්තං. එවං දානමයං කායවචීමනොකම‍්මවසෙනෙව තිවිධං හොති.

දානමය වී පවත්නා කර්මය ද වනාහි යම්කලෙක ත්‍රිවිධ රත්නය සියතින් පුදන්නාට පවතී ද (සියතින් පුදන විට) එකල්හි කාය කර්මයෙහි වේ. යම්කලෙක අඹුදරු දැසි කම්කරු පුරුෂාදීන් ද අණවා පූජා කරවයි ද, එකල්හි වචී කර්මයෙහි වෙයි. යම්කලෙක වනාහි කියන ලද ආකාර ඇති පවත්නා වූ එම වස්තුවම අරබයා වර්ණ දානයක් දෙමියි සිතයි ද, එකල්හි මනෝ කර්මයක් වෙයි. විනය පර්යායට පැමිණ වනාහි දෙමි කරමි යනු වාග්භේදය වේයැයි යන මේ ලක්‍ෂණයෙන් දානමය නම් වේ. අභිධර්ම පර්යායට පැමිණ වනාහි පවත්නා වස්තුවක් අරබයා දෙමියි සිතින් සිතු කාලයේ පටන් කුසල් වේ. අපර භාගයෙහි කයින් හෝ වචනයෙන් හෝ කළයුත්තක් කරමියි කියන ලදී. මෙසේ දානමය (කුසලය) කාය - වචී - මනෝ කර්ම වශයෙන්ම ත්‍රිවිධ වෙයි.

යදා පන තං වුත‍්තප‍්පකාරං වත්‍ථුං ලභිත්‍වා කුලවංසාදිවසෙන සහත්‍ථා රතනත‍්තයං පූජෙති තදා සීලමයං කායකම‍්මං හොති. යදා කුලවංසාදිවසෙනෙව පුත‍්තදාරාදයො ආණාපෙත්‍වා පූජාපෙති තදා වචීකම‍්මං හොති. යදා ‘මය‍්හං කුලවංසො, කුලතන‍්ති කුලප‍්පවෙණී එසා, කුලවත‍්තමෙත’න‍්ති විජ‍්ජමානකවත්‍ථුං ආරබ‍්භ ‘වණ‍්ණදානං දස‍්සාමී’ති චින‍්තෙති තදා මනොකම‍්මං හොති. එවං සීලමයං කායවචීමනොකම‍්මවසෙන තිවිධං හොති.

යම්කලෙක වනාහි කියන ලද ආකාර ඇති එම වස්තුව ලැබ කුලවංසාදී වශයෙන් සියතින් රත්නත්‍රය පුදයි ද, එකල්හි සීලමය කාය කර්මය වෙයි. යම්කලෙක කුලවංශාදී වශයෙන්ම අඹුදරු ආදීන් ද අණවා පූජා කරවයි ද එකල්හි වාක් කර්මය වෙයි. යම්කලෙක මාගේ කුලවංශය පෙළපත කුලප්‍රවේණිය මෙයයි. මේ කුලයේ පැවැත්ම යැයි පවත්නා වස්තුවක් අරබයා වර්ණ දානයක් දෙමියි සිතයි ද, එකල්හි මනෝකර්මය වෙයි. මෙසේ ශීලමය (කුශලය) කාය වාක් මනෝකර්ම වශයෙන් ත්‍රිවිධ වෙයි.

යදා පන තං වුත‍්තප‍්පකාරං වත්‍ථුං ලභිත්‍වා තීණි රතනානි පූජෙත්‍වා චඞ‍්කමන‍්තො ඛයවයං පට‍්ඨපෙති තදා භාවනාමයං කායකම‍්මං හොති. වාචාය සම‍්මසනං පට‍්ඨපෙන‍්තස‍්ස වචීකම‍්මං හොති, කායඞ‍්ගවාචඞ‍්ගානි අචොපෙත්‍වා මනසාව සම‍්මසනං පට‍්ඨපෙන‍්තස‍්ස මනොකම‍්මං හොති. එවං භාවනාමයං කායවචීමනොකම‍්මවසෙන තිවිධං හොති. එවමෙතං රූපාරම‍්මණං කුසලං තිවිධපුඤ‍්ඤකිරියවත්‍ථුවසෙන නවහි කම‍්මද‍්වාරෙහි භාජෙත්‍වා දස‍්සෙසි ධම‍්මරාජා. සද‍්දාරම‍්මණාදීසුපි එසෙව නයො.

යම්කලෙක වනාහි කියන ලද ආකාර ඇති එම වස්තුව ලැබ තෙරුවන් පුදා සක්මන් කරනුයේ ක්‍ෂය ව්‍යයයෙහි පිහිටුවයි. එකල්හි භාවනාමය කාය කර්මයක් වෙයි. වචනයෙන් විමසා බැලීමෙහි පිහිටන්නාට වාක් කර්මය වෙයි. කායාංග වාචාංගයන් නො සොලවා සිතින්ම සම්මර්ශනය පිහිටුවන්නාට මනෝකර්මය වෙයි. මෙසේ භාවනාමය කාය-වචී-මනෝකර්ම වශයෙන් ත්‍රිවිධ වෙයි. මෙසේ මෙහි දී ධර්ම රාජයාණෝ රූපාරම්මණ කුසලය ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවස්තු වශයෙන් කර්මද්වාර නවයකින් බෙදා දැක්වූ සේක. ශබ්දාරම්මණ ආදීන්හි ද ක්‍රමයමය.

භෙරිසද‍්දාදීසු හි රජනීයසද‍්දං ආරම‍්මණං කත්‍වා හෙට‍්ඨා වුත‍්තනයෙනෙව තීහි නියමෙහෙතං කුසලං උප‍්පජ‍්ජති. තත්‍ථ සද‍්දං කන්‍දමූලං විය උප‍්පාටෙත්‍වා නීලුප‍්පලහත්‍ථකං විය ච හත්‍ථෙ ඨපෙත්‍වා දාතුං නාම න සක‍්කා, සවත්‍ථුකං පන කත්‍වා දෙන‍්තො සද‍්දදානං දෙති නාම. තස‍්මා යදා ‘සද‍්දදානං දස‍්සාමී’ති භෙරිමුදිඞ‍්ගාදීසු අඤ‍්ඤතරතූරියෙන තිණ‍්ණං රතනානං උපහාරං කරොති, ‘සද‍්දදානං මෙ’ති භෙරිආදීනි ඨපාපෙති, ධම‍්මකථිකභික‍්ඛූනං සරභෙසජ‍්ජතෙලඵාණිතාදීනි දෙති, ධම‍්මසවනං ඝොසෙති, සරභඤ‍්ඤං භණති, ධම‍්මකථං කථෙති, උපනිසින‍්නකකථං අනුමොදනකථං කරොති, තදා දානමයංයෙව හොති. යදා එතදෙව විධානං කුලවංසාදිවසෙන වත‍්තවසෙන කරොති තදා සීලමයං හොති. යදා සබ‍්බම‍්පෙතං කත්‍වා අයං එත‍්තකො සද‍්දො බ්‍රහ‍්මලොකප‍්පමාණොපි හුත්‍වා ‘ඛයං ගමිස‍්සති, වයං ගමිස‍්සතී’ති සම‍්මසනං පට‍්ඨපෙති තදා භාවනාමයං හොති.

බෙරහඬ ආදියෙහි දී වනාහි සිත් අලවන ශබ්දය අරමුණු කොට යට කී නයින්ම තුන් නියමයන්ගෙන් මේ කුසලය උපදී. එහි ශබ්දය අල මුල් මෙන් උපුටා හෝ නිලුපුල් මිටක් මෙන් අත්තේ තබා හෝ දෙන්නට නම් නොහැකිය. වස්තු සහිත කොට දෙන්නා වනාහි ශබ්ද දානය දෙන්නේ නම් වෙයි. එහෙයින් යම්කලෙක ශබ්ද දානය දෙමියි බෙර මිහිඟු බෙර ආදියෙහි එක්තරා තූර්යයකින් ත්‍රිවිධ රත්නයට උපහාර කෙරේද, මේ මාගේ ශබ්දදානය යැයි බෙර ආදිය තබවයි ද, ධර්මකථික භික්‍ෂූන් වහන්සේලාගේ කණ්ඨ ස්වරය පිණිස වූ තෙල් බෙහෙත් පැණි ආදිය දෙයි ද, ධර්මශ්‍රවණ ඝෝෂා කරවයි ද, මිහිරි හඬින් කියයි ද, ධර්මකථා කියයි ද, ළග හුන් අයට කථා කියයි ද, අනුමෝදන කථා කරයි ද, එකල්හි දානමයම වෙයි. යම්කලෙක මේ විධානයම කුලවංශාදි වශයෙන් හෝ වත් වශයෙන් කරයි ද, එකල්හි ශීලමය වෙයි. යම්කලෙක මේ සියල්ලම කොට මේ මෙතෙක් වූ ශබ්දය බ්‍රහ්මලෝකය ප්‍රමාණ වීද ක්‍ෂයට යන්නේය. ව්‍යයට යන්නේ යැයි සම්මර්ශනය තබන්නේ ද, එකල්හි භාවනාමය වෙයි.

තත්‍ථ දානමයං තාව යදා භෙරිආදීනි ගහෙත්‍වා සහත්‍ථා උපහාරං කරොති, නිච‍්චුපහාරත්‍ථාය ඨපෙන‍්තොපි සහත්‍ථා ඨපෙති, ‘සද‍්දදානං මෙ’ති ධම‍්මසවනං ඝොසෙතුං ගච‍්ඡති, ධම‍්මකථං සරභඤ‍්ඤං කාතුං වා ගච‍්ඡති, තදා කායකම‍්මං හොති. යදා ‘ගච‍්ඡථ, තාතා, අම‍්හාකං සද‍්දදානං තිණ‍්ණං රතනානං උපහාරං කරොථා’ති ආණාපෙති, ‘සද‍්දදානං මෙ’ති චෙතියඞ‍්ගණෙසු ‘ඉමං භෙරිං, ඉමං මුදිඞ‍්ගං ඨපෙථා’ති ආණාපෙති, සයමෙව ධම‍්මසවනං ඝොසෙති, ධම‍්මකථං කථෙති, සරභඤ‍්ඤං භණති, තදා වචීකම‍්මං හොති. යදා කායඞ‍්ගවාචඞ‍්ගානි අචොපෙත්‍වා ‘සද‍්දදානං දස‍්සාමී’ති විජ‍්ජමානකවත්‍ථුං මනසා පරිච‍්චජති, තදා මනොකම‍්මං හොති.

එහි දානමය (කර්මය) වනාහි යම්කලෙක බෙර ආදිය ගෙන සියතින් උපහාර කෙරේ ද, නිතර උපහාර කිරිම පිණිස තබන්නේ නමුදු සියතින් තබයි ද, ශබ්ද දානය මගේ යැයි ධර්ම ශ්‍රවණය ඝෝෂා කිරිමට යයි ද ධර්ම කථාව හඬ නැංවීම කිරිමට හෝ යයි ද, එකල්හි කායකර්මය වෙයි. යම්කලෙක්හි දරුවෙනි. යව් අපගේ ශබ්දදානය ත්‍රිවිධ රත්නයට උපහාර (පූජා) කරව් යැයි අණ කරයි ද, මාගේ ශබ්ද දානයයි. සෑමළුවෙහි මේ බෙරය. මේ මිහිඟු බෙරය තබව්යැයි අණ කරයි ද, තෙමේම ධර්මශ්‍රවණ ඝෝෂා කරවයි ද, ධර්මකථා කියයි ද, හඬනගා කියයි ද, එකහි වාක්කර්මය වෙයි. යම්කලෙක කායාංග වාචාංග නො සොල්වා ශබ්ද දානය දෙමියි පවත්නා වස්තුව සිතින් පරිත්‍යාග කෙරේ ද, එකල්හි මනෝකර්මය වෙයි.

සීලමයම‍්පි ‘සද‍්දදානං නාම මය‍්හං කුලවංසො කුලතන‍්ති කුලප‍්පවෙණී’ති භෙරිආදීහි සහත්‍ථා උපහාරං කරොන‍්තස‍්ස, භෙරිආදීනි සහත්‍ථා චෙතියඞ‍්ගණාදීසු ඨපෙන‍්තස‍්ස, ධම‍්මකථිකානං සරභෙසජ‍්ජං සහත්‍ථා දදන‍්තස‍්ස, වත‍්තසීසෙන ධම‍්මසවනඝොසනධම‍්මකථාකථනසරභඤ‍්ඤභණනත්‍ථාය ච ගච‍්ඡන‍්තස‍්ස කායකම‍්මං හොති. ‘සද‍්දදානං නාම අම‍්හාකං කුලවංසො කුලතන‍්ති කුලප‍්පවෙණී, ගච‍්ඡථ , තාතා, බුද‍්ධරතනාදීනං උපහාරං කරොථා’ති ආණාපෙන‍්තස‍්ස කුලවංසවසෙනෙව අත‍්තනා ධම‍්මකථං වා සරභඤ‍්ඤං වා කරොන‍්තස‍්ස ච වචීකම‍්මං හොති. ‘සද‍්දදානං නාම මය‍්හං කුලවංසො සද‍්දදානං දස‍්සාමී’ති කායඞ‍්ගවාචඞ‍්ගානි අචොපෙත්‍වා මනසාව විජ‍්ජමානකවත්‍ථුං පරිච‍්චජන‍්තස‍්ස මනොකම‍්මං හොති.

සීලමය ද වෙයි. ශබ්දදානය නම් මාගේ කුලවංශයයි. කුල පෙළපතයි. කුල ප්‍රවේණිය යැයි බෙර ආදියෙන් සියතින් උපහාර කරන්නාට බෙර ආදිය සියතිස් සෑමළු ආදියෙහි තබන්නාට ධර්මකථිකයන්ට ස්වර බෙහෙත් සියතින් දෙන්නාට, වත් වශයෙන් බණ ඇසිම ඝෝෂණය බණ කථා කීම හඬ නගා කීම පිණිස යන්නාට ද කායකර්මය වෙයි. ශබ්ද දානය නම් අපගේ කුලවංශයයි. අපගේ පෙළපතයි. අපගේ ප්‍රවේණියයි. දරුවෙනි, යම් බුද්ධරත්නාදියට උපහාර කරව් යැයි අණ කරන්නාට ද, කුලවංශ වශයෙන්ම තමාගේ බණකථාව හෝ හඬනගා කීම හෝ කරන්නාට ද වාක්කර්මය වෙයි. ශබ්ද දානය නම් මාගේ කුලවංශයයි. ශබ්ද දානය දෙමියි කාය වාචාංගයන් නො සොල්වා සිතින්ම පවත්නා වස්තුව පරිත්‍යාග කරන්නාට මනෝකර්මය වෙයි.

භාවනාමයම‍්පි යදා චඞ‍්කමන‍්තො සද‍්දෙ ඛයවයං පට‍්ඨපෙති තදා කායකම‍්මං හොති. කායඞ‍්ගං පන අචොපෙත්‍වා වාචාය සම‍්මසන‍්තස‍්ස වචීකම‍්මං හොති. කායඞ‍්ගවාචඞ‍්ගං අචොපෙත්‍වා මනසාව සද‍්දායතනං සම‍්මසන‍්තස‍්ස මනොකම‍්මං හොති. එවං සද‍්දාරම‍්මණම‍්පි කුසලං තිවිධපුඤ‍්ඤකිරියවත්‍ථුවසෙන නවහි කම‍්මද‍්වාරෙහි භාජෙත්‍වා දස‍්සෙසි ධම‍්මරාජා.

භාවනාමය ද යම්කලෙක්හි සක්මන් කරමින් ශබ්දයෙහි ක්‍ෂයය, ව්‍යයය තබයි ද එකල්හි කාය කර්මය වෙයි. කායාංගය වනාහි නො සොල්වා සිතින්ම ශබ්දායතනය සම්මර්ශනය කරන්නාට මනෝකර්මය වෙයි. මෙසේ ධර්මරාජන් වූ භාග්‍යවතුන් වහන්සේ ශබ්දාරම්මණ කුසලය ද ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වස්තු වශයෙන් කර්මද්වාර නවයකින් බෙදා දැක්වූ සේක.

මූලගන්‍ධාදීසුපි රජනීයගන්‍ධං ආරම‍්මණං කත්‍වා හෙට‍්ඨා වුත‍්තනයෙනෙව තීහි නියමෙහෙතං කුසලං උප‍්පජ‍්ජති. තත්‍ථ යදා මූලගන්‍ධාදීසු යංකිඤ‍්චි ගන්‍ධං ලභිත්‍වා ගන්‍ධවසෙන ආභුජිත්‍වා ‘ගන්‍ධදානං මය‍්හ’න‍්ති බුද‍්ධරතනාදීනි පූජෙති, තදා දානමයං හොතීති සබ‍්බං වණ‍්ණදානෙ වුත‍්තනයෙනෙව විත්‍ථාරතො වෙදිතබ‍්බං. එවං ගන්‍ධාරම‍්මණම‍්පි කුසලං තිවිධපුඤ‍්ඤකිරියවත්‍ථුවසෙන නවහි කම‍්මද‍්වාරෙහි භාජෙත්‍වා දස‍්සෙසි ධම‍්මරාජා.

මූලගන්‍ධාදිය අතුරෙන් ද සිත් අලවන ගන්ධයක් අරමුණු කොට යට කී නයින්ම තුන් නියමයන්ගෙන් මේ කුසලය උපදී. එහි දී යම්කලෙක මූලගන්ධාදිය අතුරෙන් යම්කිසි ගඳක් ලැබ ගන්ධ වශයෙන් ගෙන මාගේ ගන්ධදානය යැයි බුද්ධ රත්නාදිය පුදයි ද, එකල්හි දානමය වෙයි. සියල්ල වර්ණ දානයෙහි කී නයින්ම විස්තර වශයෙන් දතයුතුයි. මෙසේ ධර්මරාජන් වූ භාග්‍යවතුන් වහන්සේ ගන්ධාරම්මණ කුශලය ද ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වශයෙන් දැක්වූ සේක.

මූලරසාදීසු පන රජනීයරසං ආරම‍්මණං කත්‍වා හෙට‍්ඨා වුත‍්තනයෙනෙව තීහි නියමෙහෙතං කුසලං උප‍්පජ‍්ජති. තත්‍ථ යදා මූලරසාදීසු යංකිඤ‍්චි රජනීයං රසවත්‍ථුං ලභිත්‍වා රසවසෙන ආභුජිත්‍වා ‘රසදානං මය‍්හ’න‍්ති දෙති පරිච‍්චජති, තදා දානමයං හොතීති සබ‍්බං වණ‍්ණදානෙ වුත‍්තනයෙනෙව විත්‍ථාරතො වෙදිතබ‍්බං. සීලමයෙ පනෙත්‍ථ ‘සඞ‍්ඝස‍්ස අදත්‍වා පරිභුඤ‍්ජනං නාම අම‍්හාකං න ආචිණ‍්ණ’න‍්ති ද‍්වාදසන‍්නං භික‍්ඛුසහස‍්සානං දාපෙත්‍වා සාදුරසං පරිභුත‍්තස‍්ස දුට‍්ඨගාමණිඅභයරඤ‍්ඤො වත්‍ථුං ආදිං කත්‍වා මහාඅට‍්ඨකථායං වත්‍ථූනි ආගතානි. අයමෙව විසෙසො. එවං රසාරම‍්මණම‍්පි කුසලං තිවිධපුඤ‍්ඤකිරියවත්‍ථුවසෙන නවහි කම‍්මද‍්වාරෙහි භාජෙත්‍වා දස‍්සෙසි ධම‍්මරාජා.

මූල රසාදිය අතුරෙන් වනාහි සිත්ගන්නා වූ රසයක් අරමුණු කොට යට කී නයින්ම ත්‍රිවිධ නියමයන්ගෙන් කුසලය උපදී. එහි දී යම්කලෙක මූලරසාදිය අතුරෙන් යම්කිසි සිත්ගන්නා රස වස්තුවක් ලැබ රස වශයෙන් ගෙන මාගේ රසදානය යැයි දෙයි ද, පරිත්‍යාග කරයි ද, එකල්හි දානමය වේයැයි සියල්ල වර්ණ දානයෙහි කී නයින්ම විස්තර වශයෙන් දතයුතුයි. මෙහි දී ශීලමය කුශලයෙහි වනාහි සංඝයාට නොදී පරිභෝග කිරිම නම් අපට නුපුරුදු යැයි දොළොස් දහසක් භික්‍ෂූන්ට දෙවා මිහිරි රස අනුභව කළ දුට්ඨගාමිණී අභය රජුගේ වස්තුව ආදිකොට ඇති වස්තු මහා අට්ඨකථාවෙහි ආයේය. විශේෂය මෙයමය. මෙසේ ධර්මරාජන් වූ භාග්‍යවතුන් වහන්සේ රසාරම්මණ කුශලය ද ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වස්තු වශයෙන් කර්මද්වාර නවයකින් බෙදා දැක්වූ සේක.

ඵොට‍්ඨබ‍්බාරම‍්මණෙපි පථවීධාතු තෙජොධාතු වායොධාතූති තීණි මහාභූතානි ඵොට‍්ඨබ‍්බාරම‍්මණං නාම. ඉමස‍්මිං ඨානෙ එතෙසං වසෙන යොජනං අකත්‍වා මඤ‍්චපීඨාදිවසෙන කාතබ‍්බා. යදා හි මඤ‍්චපීඨාදීසු යංකිඤ‍්චි රජනීයං ඵොට‍්ඨබ‍්බවත්‍ථුං ලභිත්‍වා ඵොට‍්ඨබ‍්බවසෙන ආභුජිත්‍වා ‘ඵොට‍්ඨබ‍්බදානං මය‍්හ’න‍්ති දෙති පරිච‍්චජති, තදා දානමයං හොතීති සබ‍්බං වණ‍්ණදානෙ වුත‍්තනයෙනෙව විත්‍ථාරතො වෙදිතබ‍්බං. එවං ඵොට‍්ඨබ‍්බාරම‍්මණම‍්පි කුසලං තිවිධපුඤ‍්ඤකිරියවත්‍ථුවසෙන නවහි කම‍්මද‍්වාරෙහි භාජෙත්‍වා දස‍්සෙසි ධම‍්මරාජා.

ස්පර්ශාරම්මණයෙහි ද පෘථිවිධාතු තේජෝ ධාතු වායෝ ධාතු යන මහාභූත ත්‍රය ස්පර්ශාරම්මණ නමි. මෙතැනදී මොවුන්ගේ වශයෙන් යෝජනා නො කොට ඇඳ පුටු ආදීන්ගේ වශයෙන් කළයුතුයි. යම්කලෙක වනාහි ඇඳපුටු ආදියෙහි යම්කිසි සිත් අලවන ස්පර්ශ වස්තුවක් ලැබ පොට්ඨබ්බ වශයෙන් ගෙන මාගේ පොට්ඨබ්බ දානය යැයි දෙයි ද පරිත්‍යාග කරයි ද, එකල්හි දානමය වේයැයි සියල්ල වර්ණ දානයෙහි කීනයින්ම විස්තර වශයෙන් දතයුතුයි. මෙසේ ධර්මරාජන් වූ භාග්‍යවතුන් වහන්සේ පොට්ඨබ්බාරම්මණා කුසලය ද ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වස්තු වශයෙන් නවද්වාරයෙහි බෙදා දැක්වූ සේක.

ධම‍්මාරම‍්මණෙ ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි, තීණි ලක‍්ඛණානි, තයො අරූපිනො ඛන්‍ධා, පන‍්නරස සුඛුමරූපානි, නිබ‍්බානපඤ‍්ඤත‍්තීති ඉමෙ ධම‍්මායතනෙ පරියාපන‍්නා ච, අපරියාපන‍්නා ච, ධම‍්මා ධම‍්මාරම‍්මණං නාම. ඉමස‍්මිං පන ඨානෙ එතෙසං වසෙන යොජනං අකත්‍වා ඔජදානපානදානජීවිතදානවසෙන කාතබ‍්බා. ඔජාදීසු හි රජනීයං ධම‍්මාරම‍්මණං ආරම‍්මණං කත්‍වා හෙට‍්ඨා වුත‍්තනයෙනෙව තීහි නියමෙහෙතං කුසලං උප‍්පජ‍්ජති.

ධර්මාරම්මණයෙහි ආධ්‍යාත්මික ආයතන සිය ත්‍රිලක්‍ෂණ අරූපී ස්කන්‍ධ තුන සියුම් රූප පසළොස නිර්වාණ ප්‍රඥාජනීය යන මේ ධර්මයන්හි ඇතුළත් වූ ද ඇතුළත් නො වූ ද ධර්මයෝ ධර්මාරම්මණ නමි. මෙතැන දී වනාහි මොවුන්ගේ වශයෙන් යෝජනා නොකොට ඕජදාන පානදාන ජීවිතදාන වශයෙන් කළ යුතුයි. ඕජාදියෙහි වනාහි සිත් අලවන ධර්මාරම්මණයක් අරමුණු කොට යට කියන ලද නයින්ම තුන් නියමයන්ගෙන් මේ කුශලය උපදී.

තත්‍ථ යදා ‘ඔජදානං මය‍්හ’න‍්ති සප‍්පිනවනීතාදීනි දෙති, පානදානන‍්ති අට‍්ඨ පානානි දෙති, ජීවිතදානන‍්ති සලාකභත‍්තසඞ‍්ඝභත‍්තාදීනි දෙති, අඵාසුකානං භික‍්ඛූනං භෙසජ‍්ජං දෙති, වෙජ‍්ජං පච‍්චුපට‍්ඨාපෙති, ජාලං ඵාලාපෙති, කුමීනං විද‍්ධංසාපෙති, සකුණපඤ‍්ජරං විද‍්ධංසාපෙති, බන්‍ධනමොක‍්ඛං කාරාපෙති, මාඝාතභෙරිං චරාපෙති, අඤ‍්ඤානිපි ජීවිතපරිත‍්තාණත්‍ථං එවරූපානි කම‍්මානි කරොති තදා දානමයං හොති. යදා පන ‘ඔජදානපානදානජීවිතදානානි මය‍්හං කුලවංසො කුලතන‍්ති කුලප‍්පවෙණී’ති වත‍්තසීසෙන ඔජදානාදීනි පවත‍්තෙති තදා සීලමයං හොති. යදා ධම‍්මාරම‍්මණස‍්මිං ඛයවයං පට‍්ඨපෙති තදා භාවනාමයං හොති.

එහි දී යම්කලෙක මාගේ ඕජදානය යැයි ගිතෙල් වෙඬරු ආදිය දෙයි ද පාන දානය යැයි අෂ්ටවිධ පානයන් දෙයි ද, ජීවිත දානය යැයි සලාක බත් පාක්‍ෂික (පක්‍ෂයකට වරක් මැන) බත් සඟබත් ආදිය දෙයි ද අපහසුවෙන් වෙසෙන භික්‍ෂූන්ට බෙහෙත් දෙයි ද, වෙදුන් වෙත පමුණුවයි ද, දැල් විවෘත කරවයි ද, කෙමන් විනාශ කරවයි ද, සකුණාපඤ්ජර (කුරුලු කූඩු) කුරුල්ලන් බැමිවලින් මිදීම කරවයි ද, මාඝාත බෙර (මැරීම තහනම් කරන බෙර) හසුරුවයි ද, ජීවිත ආරක්‍ෂාව පිණිස වූ මෙවැනි වෙනත් කර්ම කරයි ද, එකල්හි දානමය වෙයි. යම්කලෙක වනාහි ඕජදානය පානදානය ජීවිත දානය යන මේවා මාගේ කුලවංශයයි. කුල පෙළපතයි. කුල ප්‍රවේණියයි යනුවෙන් වත් වශයෙන් ඕජ දානාදිය පවත්වයි ද, එකල ශීලමය වෙයි. යම්කලෙක ධර්මාරම්මණයෙහි ක්‍ෂය ව්‍යය පිහිටුවයි ද, එකල්හි භාවනාමය වෙයි.

දානමයං පන හුත්‍වා පවත‍්තමානම‍්පි යදා ඔජදානපානදානජීවිතදානානි සහත්‍ථා දෙති, තදා කායකම‍්මං හොති. යදා පුත‍්තදාරාදයො ආණාපෙත්‍වා දාපෙති, තදා වචීකම‍්මං හොති. යදා කායඞ‍්ගවාචඞ‍්ගානි අචොපෙත්‍වා ඔජදානපානදානජීවිතදානවසෙන විජ‍්ජමානකවත්‍ථුං ‘දස‍්සාමී’ති මනසා චින‍්තෙති, තදා මනොකම‍්මං හොති.

දානමය වී පවත්නා කුසලය ද යම්කලෙක ඕජදාන පානදාන ජීවිතදාන සියති දෙයි ද, එකල්හි කායකර්ම වෙයි. යම්කලෙක පුත්‍රදාරාදීන් කැඳවා අණවා දෙවයි ද, එකල්හි වචීකර්ම වෙයි. යම්කලෙක කායාංග වාචාංගයන් නො සොල්වා ඕජදාන පානදාන ජීවිත දාන වශයෙන් පවත්නා වස්තුව දෙමියි සිතින් සිතයි ද, එකල්හි මනෝකර්මය වෙයි.

යදා පන වුත‍්තප‍්පකාරං විජ‍්ජමානකවත්‍ථුං කුලවංසාදිවසෙන සහත්‍ථා දෙති, තදා සීලමයං කායකම‍්මං හොති. යදා කුලවංසාදිවසෙනෙව පුත‍්තදාරාදයො ආණාපෙත්‍වා දාපෙති, තදා වචීකම‍්මං හොති. යදා කුලවංසාදිවසෙනෙව වුත‍්තප‍්පකාරං විජ‍්ජමානකවත්‍ථුං ‘දස‍්සාමී’ති මනසාව චින‍්තෙති, තදා මනොකම‍්මං හොති.

යම්කලෙක වනාහි කියන ලද ආකාර ඇති පවත්නා වස්තුව කුලවංශාදී වශයෙන් සියතින් දෙයි ද, එකල්හි ශීලමය කාය කර්මයක් වෙයි. යම්කලෙක කුලවංශාදී වශයෙන් පුත්‍රදාරාදීන් අණවා දෙවයි ද, එකල්හි වාක්කර්ම වෙයි. යම්කලෙක කුලවංශාදී වශයෙන්ම යට කී ආකාර ඇති පවත්නා වස්තුව දෙමියි සිතින් සිතයි ද, එකල්හි මනෝකර්ම වෙයි.

චඞ‍්කමිත්‍වා ධම‍්මාරම‍්මණෙ ඛයවයං පට‍්ඨපෙන‍්තස‍්ස පන භාවනාමයං කායකම‍්මං හොති. කායඞ‍්ගං අචොපෙත්‍වා වාචාය ඛයවයං පට‍්ඨපෙන‍්තස‍්ස වචීකම‍්මං හොති. කායඞ‍්ගවාචඞ‍්ගානි අචොපෙත්‍වා මනසාව ධම‍්මාරම‍්මණෙ ඛයවයං පට‍්ඨපෙන‍්තස‍්ස මනොකම‍්මං හොති. එවං භාවනාමයං කායවචීමනොකම‍්මවසෙන තිවිධං හොති. එවමෙතං ධම‍්මාරම‍්මණම‍්පි කුසලං තිවිධපුඤ‍්ඤකිරියවත්‍ථුවසෙන නවහි කම‍්මද‍්වාරෙහි භාජෙත්‍වා දස‍්සෙසි ධම‍්මරාජා.

සක්මන් කරමින් ධර්මාරම්මණයෙහි ක්‍ෂය ව්‍යය පිහිටුවන්නාට වනාහි භාවනාමය කායකර්මය වෙයි. කායාංග නො සොල්වා වචනයෙන් ක්‍ෂය ව්‍යයය පිහිටුවන්නාට වාක් කර්මය වෙයි. කායාංග වාචාංගයන් නො සොල්වා සිතින්ම ධර්මාරම්මණයෙහි ක්‍ෂය ව්‍යයය පිහිටුවන්නාට මනෝකර්මය වෙයි. මෙසේ භාවනාමය කුශලය කාය වචී මනෝකර්ම වශයෙන් ත්‍රිවිධ වේ. මෙසේ මෙහිදී ධර්මරාජන් වූ භාග්‍යවතුන් වහන්සේ ධර්මාරම්මණ කුශලය ද ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වස්තු වශයෙන් කර්මද්වාර නවයකින් බෙදා දැක්වූ සේක.

එවමිදං චිත‍්තං නානාවත්‍ථූසු නානාරම‍්මණවසෙන දීපිතං. ඉදං පන එකවත්‍ථුස‍්මිම‍්පි නානාරම‍්මණවසෙන ලබ‍්භතියෙව. කථං? චතූසු හි පච‍්චයෙසු චීවරෙ ඡ ආරම‍්මණානි ලබ‍්භන‍්ති – නවරත‍්තස‍්ස හි චීවරස‍්ස වණ‍්ණො මනාපො හොති දස‍්සනීයො, ඉදං වණ‍්ණාරම‍්මණං. පරිභොගකාලෙ පටපටසද‍්දං කරොති, ඉදං සද‍්දාරම‍්මණං. යො තත්‍ථ කාළකච‍්ඡකාදිගන්‍ධො, ඉදං ගන්‍ධාරම‍්මණං. රසාරම‍්මණං පන පරිභොගරසවසෙන කථිතං. යා තත්‍ථ සුඛසම‍්ඵස‍්සතා, ඉදං ඵොට‍්ඨබ‍්බාරම‍්මණං. චීවරං පටිච‍්ච උප‍්පන‍්නා සුඛා වෙදනා, ධම‍්මාරම‍්මණං. පිණ‍්ඩපාතෙ රසාරම‍්මණං නිප‍්පරියායෙනෙව ලබ‍්භති. එවං චතූසු පච‍්චයෙසු නානාරම‍්මණවසෙන යොජනං කත්‍වා දානමයාදිභෙදො වෙදිතබ‍්බො.

මෙසේ මේ සිත නානා වස්තූන්හි නානාරම්මණ වශයෙන් දක්වන ලදී. මෙය වනාහි එක් වස්තුවක් වෙත ද නානාරම්මණ වශයෙන් ලැබේමය. කෙසේ ද? සිව්පසය අතුරෙන් සිවුරෙහි අරමුණු සයක් ලැබේ. අභිනවයෙන් පඬු පෙවූ සිවුරෙහි වර්ණය වනාහි මනාප වූයේ ද දර්ශනීය වූයේ ද වෙයි. මේ වර්ණාරම්මණයයි. පරිභෝග කරන කල්හි පටපට යන ශබ්ද කෙරෙයි. මේ ශබ්දාරම්මණයයි. එහි යම් කළුවැල් ගස් ආදියක ගඳක් වේ නම් එය ගන්ධාරම්මණයයි. රසාරම්මණය වනාහි පරිභෝග රස වශයෙන් කියන ලදී. එහි යම් සුවපහස් බවක් වේ ද එය පොට්ඨබ්බාරම්මණයයි. සිවුර නිසා උපන් සැප වේදනාවක් වේ නම් එය ධර්මාරම්මණයයි. පිණ්ඩපාතයෙහි රසාරම්මණය නිරායාශයෙන්ම ලැබෙයි. මෙසේ සිවුපසයෙහි නානාරම්මණ වශයෙන් යොදා දානමයාදි භේදය දතයුතුයි.

ඉමස‍්ස පන චිත‍්තස‍්ස ආරම‍්මණමෙව නිබද‍්ධං, විනා ආරම‍්මණෙන අනුප‍්පජ‍්ජනතො. ද‍්වාරං පන අනිබද‍්ධං. කස‍්මා? කම‍්මස‍්ස අනිබද‍්ධත‍්තා. කම‍්මස‍්මිඤ‍්හි අනිබද‍්ධෙ ද‍්වාරම‍්පි අනිබද‍්ධමෙව හොති.

මේ සිතට වනාහි අරමුණම නිබද්ධය, අරමුණින් තොරව නූපදනා හෙයිනි. ද්වාරය වනාහි අනිබද්ධය කවර හෙයින්ද? කර්මය අනිබද්ධ බැවිනි. කර්මය අනිබද්ධ කල්හි වනාහි ද්වාරය ද අනිබද්ධම වෙයි.