යෙදුමෙන් කියවන්න

නිදානකථා අට‍්ඨකථා

නිදානකථා

නිදානකථා

තත්‍ථ කෙනට‍්ඨෙන අභිධම‍්මො? ධම‍්මාතිරෙකධම‍්මවිසෙසට‍්ඨෙන. අතිරෙකවිසෙසත්‍ථදීපකො හෙත්‍ථ ‘අභි’-සද‍්දො. “බාළ‍්හා මෙ දුක‍්ඛා වෙදනා අභික‍්කමන‍්ති නො පටික‍්කමන‍්ති” (ම· නි· 3.384; සං· නි· 5.195) “අභික‍්කන‍්තවණ‍්ණා”තිආදීසු (සං· නි· 1.1-2) විය. තස‍්මා යථා සමුස‍්සිතෙසු බහූසු ඡත‍්තෙසු චෙව ධජෙසු ච යං අතිරෙකප‍්පමාණං විසෙසවණ‍්ණසණ‍්ඨානඤ‍්ච ඡත‍්තං, තං ‘අතිච‍්ඡත‍්ත’න‍්ති වුච‍්චති, යො අතිරෙකප‍්පමාණො නානාවිරාගවණ‍්ණවිසෙසසම‍්පන‍්නො ච ධජො සො ‘අතිධජො’ති වුච‍්චති, යථා ච එකතො සන‍්නිපතිතෙසු බහූසු රාජකුමාරෙසු චෙව දෙවෙසු ච යො ජාතිභොගයසඉස‍්සරියාදිසම‍්පත‍්තීහි අතිරෙකතරො චෙව විසෙසවන‍්තතරො ච රාජකුමාරො සො ‘අතිරාජකුමාරො’ති වුච‍්චති, යො ආයුවණ‍්ණඉස‍්සරියයසසම‍්පත‍්තිආදීහි අතිරෙකතරො චෙව විසෙසවන‍්තතරො ච දෙවො සො ‘අතිදෙවො’ති වුච‍්චති, තථාරූපො බ්‍රහ‍්මාපි ‘අතිබ්‍රහ‍්මා’ති වුච‍්චති, එවමෙව අයම‍්පි ධම‍්මො ධම‍්මාතිරෙකධම‍්මවිසෙසට‍්ඨෙන ‘අභිධම‍්මො’ති වුච‍්චති.

එහි ‘අභිධම්මෙ’ යනු කවර අර්ථයකින් අභිධර්ම වීද? මෙහි ‘අභි’ ශබ්දය වනාහි ධර්ම අතිරේක ධර්ම විශේෂණාර්ථයෙන් අතිරේක විශේෂාර්ථ දක්වන්නකි. ‘බාළ්හා මෙ දුක්‍ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති’ යම්හෙයකින් ඔසවන ලද බොහෝ ඡත්‍ර අතරෙහි මෙන්ම ධ්වජ අතරෙහි ද ප්‍රමාණයෙන් වැඩි විශේෂ වර්ණ සටහන් ඇති යම් ඡත්‍රයක් වේද, එය ‘අතිඡත්‍රය’ යැයි කියනු ලැබේ. ප්‍රමාණයෙන් වැඩි නොයෙක් පාට - වර්ණ විශේෂයන්ගෙන් යුත් යම් ධ්වජයක් වේද එය ‘අති ධ්වජය’ යැයි කියනු ලැබේ. යම්සේ එකට රැස් වූ බොහෝ රාජ කුමාරවරුන් අතරෙහි මෙන්ම දෙවියන් අතරෙහි ද යමෙක් ජාති -භෝග යස ඉසුරු ආදී සම්පත්තීන්ගෙන් අතිරේකතර මෙන්ම විශේෂවන්තතර වේද ඒ ‘අතිරාජ කුමාරයා’ යැයි කියනු ලැබේ. යමෙක් ආයු-වර්ණ-ඓශ්වර්ය යස සම්පත් ආදියෙන් අතිරේකතර මෙන්ම විශේෂතර වේද, ඒ දෙවියා ‘අතිදේව’ යැයි කියනු ලැබේ. එබඳු වූ බ්‍රහ්මයා ද ‘අතිබ්‍රහ්ම’ යැයි කියනු ලැබේ. එපරිද්දෙන් යම් ධර්මයක් ධර්මාභිෂේක ධර්ම විශේෂාර්ථයෙන් අභිධර්මය යැයි කියනු ලැබේ. එබඳු වූ බ්‍රහ්මයා ද ‘අතිබ්‍රහ්ම’ යැයි කියනු ලැබේ. එපරිද්දෙන් යම් ධර්මයක් ධර්මාභිෂේක ධර්ම විශේෂාර්ථයෙන් අභිධර්මය යැයි කියනු ලැබේ.

සුත‍්තන‍්තඤ‍්හි පත්‍වා පඤ‍්චක‍්ඛන්‍ධා එකදෙසෙනෙව විභත‍්තා, න නිප‍්පදෙසෙන; අභිධම‍්මං පත්‍වා පන සුත‍්තන‍්තභාජනීයඅභිධම‍්මභාජනීයපඤ‍්හපුච‍්ඡකනයානං වසෙන නිප‍්පදෙසතො විභත‍්තා. තථා ද‍්වාදසායතනානි, අට‍්ඨාරස ධාතුයො, චත‍්තාරි සච‍්චානි, බාවීසතින්‍ද්‍රියානි, ද‍්වාදසපදිකො පච‍්චයාකාරො. කෙවලඤ‍්හි ඉන්‍ද්‍රියවිභඞ‍්ගෙ සුත‍්තන‍්තභාජනීයං නත්‍ථි, පච‍්චයාකාරෙ ච පඤ‍්හපුච‍්ඡකං නත්‍ථි. සුත‍්තන‍්තඤ‍්ච පත්‍වා චත‍්තාරො සතිපට‍්ඨානා එකදෙසෙනෙව විභත‍්තා, න නිප‍්පදෙසෙන; අභිධම‍්මං පත්‍වා පන තිණ‍්ණම‍්පි නයානං වසෙන නිප‍්පදෙසතොව විභත‍්තා. තථා චත‍්තාරි සම‍්මප‍්පධානානි, චත‍්තාරො ඉද‍්ධිපාදා, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, චත‍්තාරි ඣානානි, චතස‍්සො අප‍්පමඤ‍්ඤායො, පඤ‍්ච සික‍්ඛාපදානි, චතස‍්සො පටිසම‍්භිදා. කෙවලඤ‍්හෙත්‍ථ සික‍්ඛාපදවිභඞ‍්ගෙ සුත‍්තන‍්තභාජනීයං නත්‍ථි. සුත‍්තන‍්තං පත්‍වා ච ඤාණං එකදෙසෙනෙව විභත‍්තං න නිප‍්පදෙසෙන; තථා කිලෙසා. අභිධම‍්මං පත්‍වා පන “එකවිධෙන ඤාණවත්‍ථූ”තිආදිනා (විභ· 751) නයෙන මාතිකං ඨපෙත්‍වා නිප‍්පදෙසතොව විභත‍්තං. තථා එකකතො පට‍්ඨාය අනෙකෙහි නයෙහි කිලෙසා. සුත‍්තන‍්තං පත්‍වා ච භූමන‍්තරපරිච‍්ඡෙදො එකදෙසෙනෙව විභත‍්තො, න නිප‍්පදෙසෙන; අභිධම‍්මං පන පත්‍වා තිණ‍්ණම‍්පි නයානං වසෙන භූමන‍්තරපරිච‍්ඡෙදො නිප‍්පදෙසතොව විභත‍්තො. එවං ධම‍්මාතිරෙකධම‍්මවිසෙසට‍්ඨෙන අභිධම‍්මොති වෙදිතබ‍්බො.

පංචස්කන්‍ධය වනාහි සූත්‍රාන්තයට පැමිණ ඒකදේශයකින්ම බෙදන ලදී. නිෂ්ප්‍රදේශ වශයෙන් නොබෙදන ලදී. අභිධර්මයට පැමිණ වනාහි සූත්‍රාන්තභාජනීය, අභිධර්ම භාජනීය ප්‍රශ්න පෘච්ඡක නය වශයෙන් නිෂ්ප්‍රදේශ වශයෙන් බෙදන ලදී. දොළොස් ආයතන, අටළොස් ධාතු. චතුරාර්ය සත්‍යය, දෙවිසි ඉන්‍ද්‍රිය, දොළොස්පදික ප්‍රත්‍යාහාරය යන මේවා ද එසේය. හුදු ඉන්‍ද්‍රිය විභංගයෙහි වනාහි සූත්‍රාන්ත භාජනීය නැත. ප්‍රකරණයෙහි ද ප්‍රශ්න පෘච්ඡකය නැත. සතර සතිපට්ඨානයෝ ද සූත්‍රාන්තයට පැමිණ ඒකදේශ වශයෙන්ම බෙදන ලදහ. නිෂ්ප්‍රදේශ වශයෙන් නොබෙදන ලදහ. අභිධර්මයට පැමිණ වනාහි ත්‍රිවිධ නය වශයෙන් නිෂ්ප්‍රදේශයෙන්ම බෙදන ලදහ. එසේම සතර සම්‍යක්ප්‍රධාන සතර සෘද්ධිපාද, සප්ත බොජ්ඣංග ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතරධ්‍යාන, සතර අප්පමඤ්ඤා, පංචශික්‍ෂාපද, සතර පටිසම්භිදා, ත්‍රිවිධ නය අනුව නිෂ්ප්‍රදේශ වශයෙන්ම බෙදන ලදී. හුදෙක් මෙහි වනාහි ශික්‍ෂාපද විභංගයෙහි සූත්‍රාන්ත භාජනීය නැත. සූත්‍රාන්තයට පැමිණ ද ඥානං ඒකදේශ වශයෙන්ම බෙදන ලදී. නිෂ්ප්‍රදේශ වශයෙන් නොබෙදන ලදී. ක්ලේශ ද එසේමය. අභිධර්මයට පැමිණ වනාහි ‘එකවිධෙන ඤාණවත්‍ථුං’ ආදී ක්‍රමයෙන් මාතෘකාව නිෂ්ප්‍රදේශ වශයෙන්ම බෙදන ලදී. එසේම ඒකකයේ පටන් නොයෙක් නයින් කෙලෙස් බෙදන ලදී. සූත්‍රාන්තයට පැමිණ ද ගුම්බන්තර පරිච්ඡේදය ඒකදේශ වශයෙන්ම බෙදන ලදී. නිෂ්ප්‍රදේශ වශයෙන් නොබෙදන ලදී. අභිධර්මයට පැමිණ වනාහි ගුම්බන්තර පරිච්ඡේදය ත්‍රිවිධ නය වශයෙන් නිෂ්ප්‍රදේශයෙන්ම බෙදන ලදී. මෙසේ ධර්මාතිරේක වශයෙන්, ධර්ම විශේෂාර්ථයෙන් අභිධර්මය යැයි දතයුතුය.

පකරණපරිච‍්ඡෙදතො පනෙස ධම‍්මසඞ‍්ගණීවිභඞ‍්ගධාතුකථාපුග‍්ගලපඤ‍්ඤත‍්තිකථාවත්‍ථුයමකපට‍්ඨානානං සත‍්තන‍්නං පකරණානං වසෙන ඨිතො. අයමෙත්‍ථ ආචරියානං සමානකථා. විතණ‍්ඩවාදී පනාහ – ‘කථාවත්‍ථු කස‍්මා ගහිතං? නනු සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පරිනිබ‍්බානතො අට‍්ඨාරසවස‍්සාධිකානි ද‍්වෙ වස‍්සසතානි අතික‍්කමිත්‍වා මොග‍්ගලිපුත‍්තතිස‍්සත්‍ථෙරෙනෙතං ඨපිතං? තස‍්මා සාවකභාසිතත‍්තා ඡඩ‍්ඩෙථ න’න‍්ති. ‘කිං පන ඡප‍්පකරණානි අභිධම‍්මො’ති? ‘එවං න වදාමී’ති. ‘අථ කිං වදෙසී’ති. ‘සත‍්තප‍්පකරණානී’ති. ‘කතරං ගහෙත්‍වා සත‍්ත කරොසී’ති? ‘මහාධම‍්මහදයං නාම අත්‍ථි, එතෙන සහ සත‍්තා’ති. ‘මහාධම‍්මහදයෙ අපුබ‍්බං නත්‍ථි, කතිපයාව පඤ‍්හාවාරා අවසෙසා, කථාවත්‍ථුනාව සද‍්ධිං සත‍්තා’ති. ‘නො කථාවත්‍ථුනා, මහාධාතුකථා නාම අත්‍ථි, තාය සද‍්ධිං සත‍්තා’ති. ‘මහාධාතුකථායං අපුබ‍්බං නත්‍ථි, අප‍්පමත‍්තිකාව තන‍්ති අවසෙසා. කථාවත්‍ථුනාව සද‍්ධිං සත‍්තා’ති.

මෙය වනාහි ප්‍රකරණ පරිච්ඡේද වශයෙන්, ධම්ම සංගණ විභංග ධාතුකථා පුග්ගල පඤ්ඤත්ති කථාවත්‍ථු යමක පට්ඨාන යනුවෙන් සප්ත ප්‍රකරණ වශයෙන් සිටියේය. මෙය මෙහි ආචාර්යවරුන්ගේ සමාන කථාය. විතණ්ඩවාදීහු මෙසේ කියත්. කථාවත්‍ථුව කවර හෙයින් ගන්නා ලද ද? මෙය සම්මා සම්බුදුන්ගේ පිරිනිවීමෙන් වසර දෙසිය දහඅටක් ඉක්ම මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් විසින් තබන ලද්දේ නොවේද? එහෙයින් ශ්‍රාවක භාෂිතයක් හෙයින් එය ඉවතලන්න. කිම? අභිධර්මය ෂට්ප්‍රකරණද? එසේ නොකියමි. එසේනම් කුමක් කියන්නෙහි ද? සප්ත ප්‍රකරණ යැයි කවරක් ගෙන සතරක් කරත් ද? මහාධම්මහදය නම් (දේශනයක්) ඇත. එයත් සමග සතකි. මහාධම්මහදයෙහි පිළිවෙලක් නැත. ප්‍රශ්න වාර කීපයක්ම අවශේෂය. කථාවත්‍ථුව සමගම සතකි යනුයි. කථාවත්‍ථුව සමග නොවේ. මහාධාතුකථා නම් ප්‍රකරණයක් ඇත. එය සමග සතකි. මහාධම්ම පදයෙහි වනාහි ප්‍රශ්නවාර කීපයක් අවශේෂය. මහා ධාතු කථාවෙහි පිළිවෙළක් ඇත. අවශේෂ ස්වල්ප මාත්‍රමය. කථාවත්‍ථුව සමගම සතකි යනුයි.

සම‍්මාසම‍්බුද‍්ධො හි සත‍්තප‍්පකරණානි දෙසෙන‍්තො කථාවත්‍ථුං පත්‍වා යා එසා පුග‍්ගලවාරෙ තාව චතූසු පඤ‍්හෙසු ද‍්වින‍්නං පඤ‍්චකානං වසෙන අට‍්ඨමුඛා වාදයුත‍්ති තං ආදිං කත්‍වා සබ‍්බකථාමග‍්ගෙසු අසම‍්පුණ‍්ණභාණවාරමත‍්තාය පාළියා මාතිකං ඨපෙසි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනාහී සප්තප්‍රකරණ දේශනා කරන සේක් කථාවස්තුවට පැමිණ ඒ කථාවස්තුව පුද්ගලවාදයෙහි පමණක් සතර ප්‍රශ්නයන්හි ද්විපංචක වශයෙන් අභිමුඛවාද යුක්තිය යැයි එය මුල්කොට සියලු කථා මාර්ගයන්හි අසම්පූර්ණ බණවර පමණින් පාළියෙහි මාතෘකා තැබූ සේක.

සා පනෙසා “පුග‍්ගලො උපලබ‍්භති සච‍්චිකට‍්ඨපරමත්‍ථෙනාති. ආමන‍්තා. යො සච‍්චිකට‍්ඨො පරමත්‍ථො තතො සො පුග‍්ගලො උපලබ‍්භති සච‍්චිකට‍්ඨපරමත්‍ථෙනාති. නහෙවං වත‍්තබ‍්බෙ. ආජානාහි නිග‍්ගහං…පෙ… පුග‍්ගලො නුපලබ‍්භති සච‍්චිකට‍්ඨපරමත්‍ථෙනාති. ආමන‍්තා. යො සච‍්චිකට‍්ඨො පරමත්‍ථො තතො සො පුග‍්ගලො නුපලබ‍්භති සච‍්චිකට‍්ඨපරමත්‍ථෙනාති. නහෙවං වත‍්තබ‍්බෙ. ආජානාහි නිග‍්ගහං…පෙ…. සබ‍්බත්‍ථ පුග‍්ගලො උපලබ‍්භති සබ‍්බත්‍ථ පුග‍්ගලො නුපලබ‍්භති, සබ‍්බදා පුග‍්ගලො උපලබ‍්භති සබ‍්බදා පුග‍්ගලො නුපලබ‍්භති, සබ‍්බෙසු පුග‍්ගලො උපලබ‍්භති සබ‍්බෙසු පුග‍්ගලො නුපලබ‍්භති සච‍්චිකට‍්ඨපරමත්‍ථෙනා”ති (කථා· 15-16) එවං පඨමං වාදං නිස‍්සාය පඨමං නිග‍්ගහං, දුතියං නිස‍්සාය දුතියං …පෙ… අට‍්ඨමං නිස‍්සාය අට‍්ඨමං නිග‍්ගහං දස‍්සෙන‍්තෙන සත්‍ථාරා ඨපිතා. ඉමිනා නයෙන සබ‍්බත්‍ථ මාතිකාඨපනං වෙදිතබ‍්බං. තං පනෙතං මාතිකං ඨපෙන‍්තො ඉමං දිස‍්වා ඨපෙසි – මම පරිනිබ‍්බානතො අට‍්ඨාරසවස‍්සාධිකානං ද‍්වින‍්නං වස‍්සසතානං මත්‍ථකෙ මොග‍්ගලිපුත‍්තතිස‍්සත්‍ථෙරො නාම භික‍්ඛු භික‍්ඛුසහස‍්සමජ‍්ඣෙ නිසින‍්නො සකවාදෙ පඤ‍්ච සුත‍්තසතානි පරවාදෙ පඤ‍්චාති සුත‍්තසහස‍්සං සමොධානෙත්‍වා දීඝනිකායප‍්පමාණං කථාවත්‍ථුප‍්පකරණං භාජෙස‍්සතීති.

[missing trans] ඒ මේ මාතෘකාව තබනසේක් මෙය දැක තැබූ සේක. මාගේ පිරිනිවීමෙන් වසර දෙසිය දහඅටෙකින් මත්තෙහි මොග්ගලීපුත්ත තිස්ස නම් භික්‍ෂුවක් භික්‍ෂූන් දහසක් මැද හිඳ ස්වකීය වාදයෙන් සූත්‍ර පන්සියයකුත් පරවාදයෙන් සූත්‍ර පන්සියයකුත් ලෙස සූත්‍ර දහසක් සමෝධානය කොට දීඝනිකාය පමණ වූ කථාවස්තු ප්‍රකරණය බෙදන්නේය යනුයි.

මොග‍්ගලිපුත‍්තතිස‍්සත්‍ථෙරොපි ඉදං පකරණං දෙසෙන‍්තො න අත‍්තනො ඤාණෙන දෙසෙසි, සත්‍ථාරා පන දින‍්නනයෙන ඨපිතමාතිකාය දෙසෙසි. ඉති සත්‍ථාරා දින‍්නනයෙන ඨපිතමාතිකාය දෙසිතත‍්තා සකලම‍්පෙතං පකරණං බුද‍්ධභාසිතමෙව නාම ජාතං. යථා කිං? යථා මධුපිණ‍්ඩිකසුත‍්තන‍්තාදීනි . මධුපිණ‍්ඩිකසුත‍්තන‍්තස‍්මිඤ‍්හි භගවා “යතොනිදානං භික‍්ඛු පුරිසං පපඤ‍්චසඤ‍්ඤාසඞ‍්ඛා සමුදාචරන‍්ති, එත්‍ථ චෙ නත්‍ථි අභිනන්‍දිතබ‍්බං අභිවදිතබ‍්බං අජ‍්ඣොසිතබ‍්බං, එසෙවන‍්තො රාගානුසයාන”න‍්ති (ම· නි· 1.202) මාතිකං ඨපෙත්‍වා උට‍්ඨායාසනා විහාරං පාවිසි.

මොග්ගලිපුත්තතිස්ස ස්ථවිරයන් වහන්සේ ද මේ ප්‍රකරණය දේසනා කරන සේක් තමාගේ ඥානයෙන් දේශනා නොකළ සේක. බුදුරජාණන් වහන්සේ විසින් දෙනු ලද නය අනුව තබන ලද මාතෘකාවෙන් දෙසන ලද හෙයින් මේ සියලුම ප්‍රකරණය බුද්ධභාසිතම නම් විය. කුමක් මෙන් ද යත්? යම්සේ මධුපිණ්ඩික සූත්‍රාන්තාදිය මෙනි. භාග්‍යවතුන් වහන්සේ වනාහි මධුපිණ්ඩික සූත්‍රාන්තයෙහි ‘යතො නිදානං භික්‍ඛු! පුරිසං පපඤ්ච සඤ්ඤෙජන සංඛා සමුදාචරන්ති ඵත්‍ථ චෙ නත්‍ථි අභිනන්‍දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣෙසිතබ්බං එසෙවන්තො රාගානුසයානං’න්ති මාතෘකාව තබා අසුනෙන් නැගී විහාරයට පිවිසි සේක.

ධම‍්මප‍්පටිග‍්ගාහකා භික‍්ඛූ මහාකච‍්චානත්‍ථෙරං උපසඞ‍්කමිත්‍වා දසබලෙන ඨපිතමාතිකාය අත්‍ථං පුච‍්ඡිංසු. ථෙරො පුච‍්ඡිතමත‍්තකෙනෙව අකථෙත්‍වා දසබලස‍්ස අපචිතිදස‍්සනත්‍ථං “සෙය්‍යථාපි ආවුසො පුරිසො සාරත්‍ථිකො සාරගවෙසී”ති (ම· නි· 1.203) සාරොපමං ආහරිත්‍වා සාරරුක‍්ඛො විය භගවා සාඛාපලාසසදිසා සාවකා, “සො හාවුසො භගවා ජානං ජානාති, පස‍්සං පස‍්සති චක‍්ඛුභූතො ඤාණභූතො ධම‍්මභූතො බ්‍රහ‍්මභූතො වත‍්තා පවත‍්තා අත්‍ථස‍්ස නින‍්නෙතා අමතස‍්ස දාතා ධම‍්මස‍්සාමී තථාගතො”ති සත්‍ථාරං ථොමෙත්‍වා පුනප‍්පුනං ථෙරෙහි යාචිතො සත්‍ථාරා ඨපිතමාතිකාය අත්‍ථං විභජිත්‍වා “ආකඞ‍්ඛමානා ච පන තුම‍්හෙ ආයස‍්මන‍්තො භගවන‍්තංයෙව උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාථ සචෙ සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන සද‍්ධිං සංසන්‍දියමානං සමෙති ගණ‍්හෙය්‍යාථ, නො චෙ මා ගණ‍්හිත්‍ථා”ති ඉමිනා අධිප‍්පායෙන “යථා වො භගවා බ්‍යාකරොති තථා නං ධාරෙය්‍යාථා”ති වත්‍වා උය්‍යොජෙසි.

ධර්මය පිළිගත් භික්‍ෂූහු මහාකච්චායන තෙරුන් වෙත එළඹ දසබල නම් වූ බුදුන් විසින් තබන ලද මාතෘකාවේ අර්ථය විචාළහ. තෙරුන් වහන්සේ විචාළ පමණින්ම නොකියා බුදුන්ට ගෞරව දැක්වීම පිණිස ‘සෙය්‍යථාපි ආවුසො පුරිසො සාරත්‍ථිකො සාරගවෙසී’ යන සාරෝපමාව ගෙනහැර දක්වා, භාග්‍යවතුන් වහන්සේ හරසහිත රුකක් මෙනි. ශ්‍රාවකයෝ ශාඛා පත්‍ර මෙනි. ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි දතයුත්ත දන්නාහ. දැකිය යුත්ත දක්නාහ. චක්‍ෂුර්භූතය, ඥානභූතය, ධර්මභූතය, බ්‍රහ්මභූතය, වක්තෘය අර්ථය ප්‍රකාශ කරන්නාහ. නිවන් කරා නැඹුරු කරන්නාහ. අමෘතය දෙන්නාහ. ධර්ම ස්වාමිය, තථාගත යැයි බුදුන්ට ස්තුතිකොට නැවත නැවතත් භික්‍ෂූන් විසින් ඉල්ලන ලදුව ශාස්තෲන් වහන්සේ විසින් තබන ලද මාතෘකාව බෙදා දක්වා, ඇවැත්නි, තෙපි බලාපොරොත්තු වන්නහුව නම් භාග්‍යවතුන් වහන්සේ වෙතට එළඹ මේ අර්ථය නැවත විචාරච්, සර්වඥතාඥානය සමග සසඳන්නාහු සම වේනම් ගනුව නොවේ නම් නො ගනුව’යි මේ අදහසින් යම් සේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන සේක්ද එසේ එය දරව’ යැයි කියා පිටත්කොට යැවීය.

තෙ සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡිංසු. සත්‍ථා දුක‍්කථිතං කච‍්චානෙනාති අවත්‍වා සුවණ‍්ණාලිඞ‍්ගං උස‍්සාපෙන‍්තො විය ගීවං උන‍්නාමෙත්‍වා සුපුප‍්ඵිතසතපත‍්තසස‍්සිරිකං මහාමුඛං පූරෙන‍්තො බ්‍රහ‍්මස‍්සරං නිච‍්ඡාරෙත්‍වා සාධු සාධූති ථෙරස‍්ස සාධුකාරං දත්‍වා “පණ‍්ඩිතො, භික‍්ඛවෙ, මහාකච‍්චානො, මහාපඤ‍්ඤො භික‍්ඛවෙ මහාකච‍්චානො, මං චෙපි තුම‍්හෙ, භික‍්ඛවෙ, එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාථ, අහම‍්පි තං එවමෙවං බ්‍යාකරෙය්‍යං යථා තං මහාකච‍්චානෙන බ්‍යාකත”න‍්ති (ම· නි· 1.205) ආහ.

උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ විචාළාහුය. ශාස්තෲන් වහන්සේ ‘කාත්‍යයනයන් විසින් වැරදි ලෙස කියන ලදැයි නොවදාරා ස්වරණ සංඛයක් ඔසවන්නාක් මෙන් ග්‍රීවය ඔසවා මනාව පිපුණු පියුමක් මෙන් සශ්‍රීක වූ මහා මුඛය පුරවමින් බ්‍රහ්ම ස්වරය නිකුත්කොට ‘සාධු සාධු’ යැයි තෙරුන්ට සාධුකාර දී ‘මහණෙනි, මහා කාත්‍යායන පණ්ඩිතය, මහණෙනි, මහාකාත්‍යායන මහාප්‍රාඥය, තෙපි මේ කරුණ මාගෙන් විචාරව් නම් මා එය ප්‍රකාශ කරන්නේ ද මහාකාත්‍යානයන් ප්‍රකාශ කළ අයුරින්ම යැයි වදාළ සේක.

එවං සත්‍ථාරා අනුමොදිතකාලතො පට‍්ඨාය ච පන සකලං සුත‍්තං බුද‍්ධභාසිතං නාම ජාතං. ආනන්‍දත්‍ථෙරාදීහි විත්‍ථාරිතසුත‍්තෙසුපි එසෙව නයො. එවමෙව සම‍්මාසම‍්බුද‍්ධො සත‍්තප‍්පකරණානි දෙසෙන‍්තො කථාවත්‍ථුං පත්‍වා වුත‍්තනයෙන මාතිකං ඨපෙසි. ඨපෙන‍්තො ච පන ඉමං අද‍්දස –

මෙසේ ශාස්තෲන් වහන්සේ විසින් අනුමෝදන් වුණු කාලයේ පටන් වනාහි මුළු සූත්‍රයම බුද්ධභාසිත නම් විය. ආනන්ද ස්ථවිරාදීන් විසින් විස්තර කරන ලද සූත්‍රයන්හි ද මේ ක්‍රමයමැයි. මෙසේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සප්තප්‍රකරණයන් දේසනා කරන සේක් කථාවස්තුවට පැමිණ කියන ද ක්‍රමයෙන් මාතෘකාව තැබූ සේක. තබන සේක් ද වනාහි මෙය දුටු සේක.

මම පරිනිබ‍්බානතො අට‍්ඨාරසවස‍්සාධිකානං ද‍්වින‍්නං වස‍්සසතානං මත්‍ථකෙ මොග‍්ගලිපුත‍්තතිස‍්සත්‍ථෙරො නාම භික‍්ඛු භික‍්ඛුසහස‍්සමජ‍්ඣෙ නිසින‍්නො සකවාදෙ පඤ‍්ච සුත‍්තසතානි පරවාදෙ පඤ‍්චාති සුත‍්තසහස‍්සං සමොධානෙත්‍වා දීඝනිකායප‍්පමාණං කථාවත්‍ථුප‍්පකරණං භාජෙස‍්සතීති.

මාගේ පිරිනීවීමෙන් වසර දෙසිය දහඅටෙකින් මත්තෙහි මොග්ගලිපුත්තතිස්ස ස්ථවිර නම් භික්‍ෂුවක් භික්‍ෂූන් දහසක් මැද හිඳ ස්වකීය වාදයෙන් සූත්‍ර පන්සියයක් ද පරවාදයෙන් සූත්‍ර පන්සියයක්දැයි සූත්‍ර දහසක් සමෝධානය කොට දීඝනිකාය පමණ වූ කථාවස්තු ප්‍රකරණය බෙදා දක්වන්නේය යනුයි.

මොග‍්ගලිපුත‍්තතිස‍්සත්‍ථෙරොපි ඉමං පකරණං දෙසෙන‍්තො න අත‍්තනො ඤාණෙන දෙසෙසි, සත්‍ථාරා පන දින‍්නනයෙන ඨපිතමාතිකාය දෙසෙසි. ඉති සත්‍ථාරා දින‍්නනයෙන ඨපිතමාතිකාය දෙසිතත‍්තා සකලම‍්පෙතං පකරණං බුද‍්ධභාසිතමෙව ජාතං. එවං කථාවත්‍ථුනාව සද‍්ධිං සත‍්ත පකරණානි අභිධම‍්මො නාම.

මොග්ගලිපුත්තතිස්ස ස්ථවිරයන් වහන්සේ ද මෙම ප්‍රකරණය දේශනා කරන සේක් තමාගේ ඥානයෙන් නොදෙසූ සේක බුදුරජාණන් වහන්සේ විසින් දෙන ලද නයින් තබන ලද මාතෘකාවෙන්ම දෙසූ සේක. මෙසේ බුදුරදුන් විසින් දෙන ලද නයින් තබන තබන ලද මාතෘකාවෙන් දෙසන ලද බැවින් මේ මුළු ප්‍රකරණයම බුද්ධ භාසිතම වීය. මෙසේ කථා වස්තුවක් සමග සප්තප්‍රකරණ අභිධර්ම නමි.

තත්‍ථ ධම‍්මසඞ‍්ගණීපකරණෙ චතස‍්සො විභත‍්තියො – චිත‍්තවිභත‍්ති රූපවිභත‍්ති නික‍්ඛෙපරාසි අත්‍ථුද‍්ධාරොති. තත්‍ථ කාමාවචරකුසලතො අට‍්ඨ, අකුසලතො ද‍්වාදස, කුසලවිපාකතො සොළස, අකුසලවිපාකතො සත‍්ත, කිරියතො එකාදස; රූපාවචරකුසලතො පඤ‍්ච, විපාකතො පඤ‍්ච, කිරියතො පඤ‍්ච; අරූපාවචරකුසලතො චත‍්තාරි, විපාකතො චත‍්තාරි, කිරියතො චත‍්තාරි; ලොකුත‍්තරකුසලතො චත‍්තාරි, විපාකතො චත‍්තාරීති එකූනනවුති චිත‍්තානි චිත‍්තවිභත‍්ති නාම. චිත‍්තුප‍්පාදකණ‍්ඩන‍්තිපි එතස‍්සෙව නාමං. තං වාචනාමග‍්ගතො අතිරෙකඡභාණවාරං, විත්‍ථාරියමානං පන අනන‍්තමපරිමාණං හොති.

එහි ධම්මසංගණි ප්‍රකරණයෙහි සතර විභක්ති නම් චිත්ත විභක්ති, රූප විභක්ති, නික්‍ඛේපණය, අත්‍ථුද්ධාර යනුයි. එහි කාමාවචර කුසල වසයෙන් අටකි. අකුසල වසයෙන් දොළොසකි. කුසල විපාක වසයෙන් සොළොසකි. අකුසල විපාක වසයෙන් සතකි. ක්‍රියා වසයෙන් එකොළොසකි. රූපාවචර කුසල වසයෙන් පසෙකි. විපාක වසයෙන් පසෙකි. ක්‍රියා වසයෙන් පසකි. රූපාවචර කුසල වසයෙන් පසකි. විපාක වසයෙන් පසෙකි. ක්‍රියා වසයෙන් පසෙකි. අරූපාවචර කුසල වසයෙන් සතරෙකි. විපාක වසයෙන් සතරෙකි. ක්‍රියා වසයෙන් සතරෙකි. ලෝකුත්තර කුසල වසයෙන් සතරෙකි. විපාක වසයෙන් සතරෙකැයි අසූනවයක් සිත් චිත්ත විභක්ති නම් වෙයි. චිත්තුප්පාද කාණ්ඩ යනු ද මෙයටම නමෙකි. එය වාචනා මාර්ග වසයෙන් අතිරේක බණවර දෙකකි. විස්තර කරනු ලබනුයේ නම් අනන්තා පරිමාණ ද වේ.

තදනන‍්තරං එකවිධෙන දුවිධෙනාතිආදිනා නයෙන මාතිකං ඨපෙත්‍වා විත්‍ථාරෙන විභජිත්‍වා දස‍්සිතා රූපවිභත‍්ති නාම. රූපකණ‍්ඩන‍්තිපි එතස‍්සෙව නාමං. තං වාචනාමග‍්ගතො අතිරෙකද‍්විභාණවාරං. විත්‍ථාරියමානං පන අනන‍්තමපරිමාණං හොති.

ඉන් අනතුරුව ඒකවිධියෙන් ද්විවිධියෙන් පැය ආදී වසයෙන් මාතෘකාව තබා විස්තර වසයෙන් බෙදා දක්වන ලද්දේ රූප විභක්ති නමි. රූප කාණ්ඩය යනු ද මෙයටම නමි. එය වාචනා මාර්ග වසයෙන් අතිරේක බණවර දෙකකි. විස්තර කරනු ලබනුයේ වනාහි අනන්තා පරිමාණ වෙයි.

තදනන‍්තරං මූලතො ඛන්‍ධතො ද‍්වාරතො භූමිතො අත්‍ථතො ධම‍්මතො නාමතො ලිඞ‍්ගතොති එවං මූලාදීහි නික‍්ඛිපිත්‍වා දෙසිතො නික‍්ඛෙපරාසි නාම. සො –

ඉන් අනතුරුව මූල වසයෙන් ස්කන්‍ධ වසයෙන් ද්වාර වසයෙන් භූමි වසයෙන් අර්ථ වශයෙන් ධර්ම වශයෙන් නාම වශයෙන් ලිංග වශයෙන්දැයි මෙසේ මූලාදීන් බහාලමින් දේශනා කරන ලදුයේ නික්‍ඛෙප රාසි නමි. එය :-

මූලතො ඛන්‍ධතො චාපි, ද‍්වාරතො චාපි භූමිතො; අත්‍ථතො ධම‍්මතො චාපි, නාමතො චාපි ලිඞ‍්ගතො; නික‍්ඛිපිත්‍වා දෙසිතත‍්තා, නික‍්ඛෙපොති පවුච‍්චති.

මූලතො ඛන්‍ධනො චාපි - දහරතො චාපි භූමිතො අත්‍ථතො ධම්මතො චාපි - නාමතො චාපි ලිංගතො නික්‍ඛිපිත්‍වා දෙසිනත්තා - නික්‍ඛෙපොති පවුච්චති

(යනුවෙන් ද කියන ලදී.)

නික‍්ඛෙපකණ‍්ඩන‍්තිපි තස‍්සෙව නාමං. තං වාචනාමග‍්ගතො තිමත‍්තභාණවාරං. විත්‍ථාරියමානං පන අනන‍්තමපරිමාණං හොති.

නික්‍ඛෙප කාණ්ඩ යනු ද එයටම නමි. එය වාචනා මාර්ගයෙන් බණවර තුනක් පමණි. විස්තර කරනු ලබනුයේ වනාහි අනන්තා පරිමාණ වෙයි.

තදනන‍්තරං පන තෙපිටකස‍්ස බුද‍්ධවචනස‍්ස අත්‍ථුද‍්ධාරභූතං යාව සරණදුකා නික‍්ඛිත‍්තං අට‍්ඨකථාකණ‍්ඩං නාම. යතො මහාපකරණියා භික‍්ඛූ මහාපකරණෙ ගණනචාරං අසල‍්ලක‍්ඛෙන‍්තා ගණනචාරං සමානෙන‍්ති. තං වාචනාමග‍්ගතො ද‍්විමත‍්තභාණවාරං. විත්‍ථාරියමානං පන අනන‍්තමපරිමාණං හොති.

ඉන් අනතුරුව වනාහි ත්‍රිපිටක බුද්ධ වචනයට අර්ථෝද්ධාර වූ සරණ දුකය දක්වා බහාලන ලදුයේ අට්ඨකථා කාණ්ඩ නම් වේ. යම්හෙයකින් මහාප්‍රකරණික භික්‍ෂූහු මහා ප්‍රකරණයෙහි ගණන වාරය නොසලකා ගණන වාරය ගෙනහැර දක්වති. එය වාචනා මාර්ගයෙන් බණවර දෙකක් පමණි. විස්තර කරනු ලබනුයේ නම් අනන්තා පරිමාණ වේ.

ඉති සකලම‍්පි ධම‍්මසඞ‍්ගණීපකරණං වාචනාමග‍්ගතො අතිරෙකතෙරසමත‍්තභාණවාරං. විත්‍ථාරියමානං පන අනන‍්තමපරිමාණං හොති. එවමෙතං –

මෙසේ මුළු ධම්මසංගණී ප්‍රකරණය වාචනා මාර්ග වසයෙන් අතිරේක බණවර තෙළෙසක් පමණි. විස්තර කරනු ලබන්නේ නම් අනන්තා පරිමාණ වේ. මෙසේ මෙය :

චිත‍්තවිභත‍්ති රූපඤ‍්ච, නික‍්ඛෙපො අත්‍ථජොතනා; ගම‍්භීරං නිපුණං ඨානං, තම‍්පි බුද‍්ධෙන දෙසිතං.

චිත්ත විභක්ති, රූප විභක්ති, නික්‍ඛෙප, අත්‍ථුද්වාර යන මේ කාරණය ගැඹුරුය. සියුම්ය. එය ද බුදුන් විසින් දෙසන ලදී.

තදනන‍්තරං විභඞ‍්ගප‍්පකරණං නාම. තං ඛන්‍ධවිභඞ‍්ගො ආයතනවිභඞ‍්ගො ධාතුවිභඞ‍්ගො සච‍්චවිභඞ‍්ගො ඉද්‍රියවිභඞ‍්ගො පච‍්චයාකාරවිභඞ‍්ගො සතිපට‍්ඨානවිභඞ‍්ගො සම‍්මප‍්පධානවිභඞ‍්ගො ඉද‍්ධිපාදවිභඞ‍්ගො බොජ‍්ඣඞ‍්ගවිභඞ‍්ගො මග‍්ගඞ‍්ගවිභඞ‍්ගො ඣානවිභඞ‍්ගො අප‍්පමඤ‍්ඤාවිභඞ‍්ගො සික‍්ඛාපදවිභඞ‍්ගො පටිසම‍්භිදාවිභඞ‍්ගො ඤාණවිභඞ‍්ගො ඛුද‍්දකවත්‍ථුවිභඞ‍්ගො ධම‍්මහදයවිභඞ‍්ගොති අට‍්ඨාරසවිධෙන විභත‍්තං.

ඉන් අනතුරුව විභංග ප්‍රකරණය නමි. එය ඛන්‍ධ විභංගය, ආයතන විභංගය, ධාතු විභංගය, සංඛ විභංගය, ඉන්‍ද්‍රිය විභංගය, පච්චයාකාර විභංගය, සතිපට්ඨාන විභංගය, සම්මප්පධාන විභංගය, ඉද්ධිපාද විභංගය, බොජ්ඣංග විභංගය, මග්ග විභංගය, ඣාන විභංගය, අප්පමඤ්ඤා විභංගය, සික්‍ඛාපද විභංගය, පටිසම්භිදා විභංගය, ඤාණ විභංගය, ඛුද්දකවත්‍ථු විභංගය, ධම්මහදය විභංගය යැයි අටළොස් විදියකින් බෙදන ලදී.

තත්‍ථ ඛන්‍ධවිභඞ‍්ගො සුත‍්තන‍්තභාජනීයඅභිධම‍්මභාජනීයපඤ‍්හපුච‍්ඡකානං වසෙන තිධා විභත‍්තො. සො වාචනාමග‍්ගතො පඤ‍්චමත‍්තභාණවාරො, විත්‍ථාරියමානො පන අනන‍්තො අපරිමාණො හොති. තතො පරං ආයතනවිභඞ‍්ගාදයොපි එතෙහෙව තීහි නයෙහි විභත‍්තා. තෙසු ආයතනවිභඞ‍්ගො වාචනාමග‍්ගතො අතිරෙකභාණවාරො, ධාතුවිභඞ‍්ගො ද‍්විමත‍්තභාණවාරො. තථා සච‍්චවිභඞ‍්ගො. ඉන්‍ද්‍රියවිභඞ‍්ගෙ සුත‍්තන‍්තභාජනීයං නත්‍ථි; වාචනාමග‍්ගතො පනෙස අතිරෙකභාණවාරමත‍්තො. පච‍්චයාකාරවිභඞ‍්ගො ඡමත‍්තභාණවාරො, පඤ‍්හපුච‍්ඡකං පනෙත්‍ථ නත්‍ථි. සතිපට‍්ඨානවිභඞ‍්ගො අතිරෙකභාණවාරමත‍්තො; තථා සම‍්මප‍්පධාන ඉද‍්ධිපාදබොජ‍්ඣඞ‍්ගමග‍්ගඞ‍්ගවිභඞ‍්ගා. ඣානවිභඞ‍්ගො ද‍්විභාණවාරමත‍්තො, අප‍්පමඤ‍්ඤාවිභඞ‍්ගො අතිරෙකභාණවාරමත‍්තො. සික‍්ඛාපදවිභඞ‍්ගෙපි සුත‍්තන‍්තභාජනීයං නත්‍ථි; වාචනාමග‍්ගතො පනෙස අතිරෙකභාණවාරමත‍්තො; තථා පටිසම‍්භිදාවිභඞ‍්ගො. ඤාණවිභඞ‍්ගො දසවිධෙන විභත‍්තො; වාචනාමග‍්ගතො පනෙස තිමත‍්තභාණවාරො. ඛුද‍්දකවත්‍ථුවිභඞ‍්ගොපි දසවිධෙන විභත‍්තො; වාචනාමග‍්ගතො පනෙස තිමත‍්තභාණවාරො. ධම‍්මහදයවිභඞ‍්ගො තිවිධෙන විභත‍්තො; වාචනාමග‍්ගතො පනෙස අතිරෙකද‍්විභාණවාරමත‍්තො. සබ‍්බෙපි විත්‍ථාරියමානා අනන‍්තා අපරිමාණා හොන‍්ති. එවමෙතං විභඞ‍්ගප‍්පකරණං වාචනාමග‍්ගතො පඤ‍්චතිංසමත‍්තභාණවාරං; විත්‍ථාරතො පන අනන‍්තමපරිමාණං හොති.

එහි ඛන්‍ධ විභංගය, සුත්තන්ත භාජනීය, අභිධම්ම භාජනීය පඤ්හ පුච්ඡක වශයෙන් තුන් අයුරකින් බෙදන ලදී. එය වාචනා මාර්ග වසයෙන් බණවර පසක් පමණය. විස්තර කරනු ලබනුයේ වනාහි අනන්ත අප්‍රමාණ වෙයි. එයින් පසු ආයතන විභංග ආදිය ද මේ තුන් නයින්ම බෙදන ලදී. ඒවා අතුරින් ආයතන විභංගය වාචනා මාර්ග වසයෙන් අතිරේක බණවරකි. ධාතු විභංගය බණවර දෙකක් පමණය. සච්ච විභංගය ද එසේය. ඉන්‍ද්‍රිය විභංගයෙහි සුත්තන්ත භාජනීය නැත. එය වාචනා මාර්ග වසයෙන් අතිරේක බණවරක් පමණි. පච්චයාකර විභංගය බණවර සයක් පමණය. මෙහි වනාහි පඤ්හපුච්ඡකය නැත. සතිපට්ඨාන විභංගය අතිරේක බණවරක් පමණි. සම්මප්පධාන, ඉද්ධිපාද, බොජ්ඣංග, මග්ග විභංග ද එසේමය. ඣාන විභංගය බණවර දෙකක් පමණි. අප්පමඤ්ඤා විභංගය අතිරේක බණවරක් පමණි. සික්‍ඛාපද විභංගයෙහි ද සුත්තන්ත භාජනීය නැත. එය වනාහි වාචනාමග්ග වසයෙන් අතිරේක බණවරක් පමණය. පටිසම්භිදා විභංගය ද එසේය. ඤාණ විභංගය දස විදියකින් බෙදන ලදී. මෙය වනාහි වාචනා මග්ග වසයෙන් බණවර තුනක් පමණි. ඛුද්දක විභංගය ද දස විදියකින් බෙදන ලදී. වාචනා මග්ග වසයෙන් අතිරේක බණවර දෙකක් පමණය. සියල්ලම විස්තර කරනු ලබනුයේ අනන්තය, අප්‍රමාණය. මෙසේ මේ විභංගප්පකරණය නම් වාචනා මග්ග වශයෙන් බණවර තිස්පහක් පමණය. විස්තර වශයෙන් අනන්තාපරිමාණ වෙයි.

තදනන‍්තරං ධාතුකථාපකරණං නාම. තං සඞ‍්ගහො අසඞ‍්ගහො, සඞ‍්ගහිතෙන අසඞ‍්ගහිතං, අසඞ‍්ගහිතෙන සඞ‍්ගහිතං, සඞ‍්ගහිතෙන සඞ‍්ගහිතං, අසඞ‍්ගහිතෙන අසඞ‍්ගහිතං; සම‍්පයොගො විප‍්පයොගො, සම‍්පයුත‍්තෙන විප‍්පයුත‍්තං, විප‍්පයුත‍්තෙන සම‍්පයුත‍්තං, සම‍්පයුත‍්තෙන සම‍්පයුත‍්තං, විප‍්පයුත‍්තෙන විප‍්පයුත‍්තං; සඞ‍්ගහිතෙන සම‍්පයුත‍්තං විප‍්පයුත‍්තං; සම‍්පයුත‍්තෙන සඞ‍්ගහිතං අසඞ‍්ගහිතං, අසඞ‍්ගහිතෙන සම‍්පයුත‍්තං විප‍්පයුත‍්තං, විප‍්පයුත‍්තෙන සඞ‍්ගහිතං අසඞ‍්ගහිතන‍්ති චුද‍්දසවිධෙන විභත‍්තං. තං වාචනාමග‍්ගතො අතිරෙකඡභාණවාරමත‍්තං, විත්‍ථාරියමානං පන අනන‍්තමපරිමාණං හොති.

ඉන් අනතුරුව ධාතුකථාප්පකරණය නම් වෙයි. එය සංගහය අසංගහය, සංගහහීනයෙන් අසංගහීතය, අසංගහීනයෙන් සංගහීතය, සංගහීතෙන සංගහීතය, අසංගගීතයෙන් අසංගහිතය. සම්පයෝගය, විප්පයෝගය, සම්ප සුත්තයෙන් විප්පයුත්තය, විප්පයුත්තයෙන් සම්පයුත්තය, සම්පයුත්තයෙන් සම්පයුත්තය, විප්පයුත්තයෙන් විප්පයුත්තය, සංගහීතයෙන් සම්පයුත්ත විප්පයුත්තය, සම්පයුත්තයෙන් සංගහිත අසංගහිතය, අසංගහිතයෙන් සම්පයුත්ත විප්පයුත්තය, විප්පයුත්තයෙන් සංගහිත අසංගහිතය යැයි තුදුස් අයුරකින් බෙදන ලදී. එය වාචනා මග්ග වසයෙන් අතිරේක බණවර සයක් පමණය. විස්තර කරනු ලබනුයේ වනාහි අනන්තා පරිමාණ වෙයි.

තදනන‍්තරං පුග‍්ගලපඤ‍්ඤත‍්ති නාම. සා “ඛන්‍ධපඤ‍්ඤත‍්ති ආයතනපඤ‍්ඤත‍්ති ධාතුපඤ‍්ඤත‍්ති සච‍්චපඤ‍්ඤත‍්ති ඉන්‍ද්‍රියපඤ‍්ඤත‍්ති පුග‍්ගලපඤ‍්ඤත‍්තී”ති ඡබ‍්බිධෙන විභත‍්තා. සා වාචනාමග‍්ගතො අතිරෙකපඤ‍්චභාණවාරා; විත්‍ථාරියමානා පන අනන‍්තා අපරිමාණාව හොති.

ඉන් අනතුරුව පුග්ගල පඤ්ඤත්ති නමි. එය ඛන්‍ධපඤ්ඤත්ති ආයතන පඤ්ඤත්ති, ධාතු පඤ්ඤත්ති, සච්ච පඤ්ඤත්ති, ඉන්‍ද්‍රිය පඤ්ඤත්ති, පුග්ගල පඤ්ඤත්ති යනුවෙන් සයාකාරයකින් බෙදන ලදී. එය වාචනා මග්ග වසයෙන් අතිරේක බණවර පහකි. විස්තර කරනු ලබනුයේ වනාහි අනන්තා පරිමාණ වේ.

තදනන‍්තරං කථාවත්‍ථුප‍්පකරණං නාම. තං සකවාදෙ පඤ‍්ච සුත‍්තසතානි පරවාදෙ පඤ‍්චාති සුත‍්තසහස‍්සං සමොධානෙත්‍වා විභත‍්තං. තං වාචනාමග‍්ගතො ඉදානි පොත්‍ථකෙ ලිඛිතං අග‍්ගහෙත්‍වා සඞ‍්ගීතිආරොපිතනයෙන දීඝනිකායප‍්පමාණං, විත්‍ථාරියමානං පන අනන‍්තමපරිමාණං හොති.

ඉන් අනතුරුව කථාවත්‍ථුප්පකරණය නම් වේ. එය ස්වකීය වාදයෙහි සූත්‍ර පන්සියයක් ද පරවාදයෙහි සූත්‍ර පන්සියයක්දැයි සූත්‍ර දහසක් සමෝධානය කර බෙදන ලදී. එය දැන් වාචනා මාර්ගයෙන් පොතෙහි ලියන ලද්ද නොගෙන සංගීතයට නගන ලද නයින් දීඝනිකාය පමණ වේ. විස්තර කරනු ලබනුයේ වනාහි අනන්තාපරිමාණ වෙයි.

තදනන‍්තරං යමකං නාම. තං මූලයමකං ඛන්‍ධයමකං ආයතනයමකං ධාතුයමකං සච‍්චයමකං සඞ‍්ඛාරයමකං අනුසයයමකං චිත‍්තයමකං ධම‍්මයමකං ඉන්‍ද්‍රියයමකන‍්ති දසවිධෙන විභත‍්තං. තං වාචනාමග‍්ගතො වීසභාණවාරසතං, විත්‍ථාරතො පන අනන‍්තමපරිමාණං හොති.

ඉන් අනතුරුව යමක නම් වෙයි. එය මූල යමකය, ඛන්‍ධ යමකය, ආයතන යමකය, ධාතු යමකය, සච්ච යමකය, සංඛාර යමකය, අනුසය යමකය, චිත්ත යමකය, ධම්ම යමකය, ඉන්‍ද්‍රිය යමකය යැයි දස විදියකින් බෙදන ලදී. එය වාචනා මග්ග වසයෙන් බණවර එකසිය විස්සකි. විස්තර වශයෙන් වනාහි අනන්තාපරිමාණ වෙයි.

තදනන‍්තරං මහාපකරණං නාම. පට‍්ඨානන‍්තිපි තස‍්සෙව නාමං. තං හෙතුපච‍්චයො ආරම‍්මණපච‍්චයො අධිපතිපච‍්චයො අනන‍්තරපච‍්චයො සමනන‍්තරපච‍්චයො සහජාතපච‍්චයො අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයො නිස‍්සයපච‍්චයො උපනිස‍්සයපච‍්චයො පුරෙජාතපච‍්චයො පච‍්ඡාජාතපච‍්චයො ආසෙවනපච‍්චයො කම‍්මපච‍්චයො විපාකපච‍්චයො ආහාරපච‍්චයො ඉන්‍ද්‍රියපච‍්චයො ඣානපච‍්චයො මග‍්ගපච‍්චයො සම‍්පයුත‍්තපච‍්චයො විප‍්පයුත‍්තපච‍්චයො අත්‍ථිපච‍්චයො නත්‍ථිපච‍්චයො විගතපච‍්චයො අවිගතපච‍්චයොති. පච‍්චයවසෙන තාව චතුවීසතිවිධෙන විභත‍්තං.

ඉන් අනතුරුව මහාපකරණ නමි. පට්ඨාන යනු ද එයටම නමකි. එය හේතු පච්චය, ආරම්මණ පච්චය, අධිපති පච්චය අනන්තර පච්චය, සමනන්තර පච්චය, සහජාත පච්චය, අඤ්ඤමඤ්ඤා පච්චය, නිස්සය පච්චය, උපනිස්සය පච්චය, පුරේජාත පච්චය, පච්ඡාජාත පච්චය, ආසේවන පච්චය, කම්ම පච්චය, විපාක පච්චය, ආහාර පච්චය, ඉන්‍ද්‍රිය පච්චය, ඣාන පච්චය, මග්ග පච්චය, සම්පයුත්ත පච්චය, විප්පයුත්ත පච්චය, අත්‍ථිපච්චය, නත්‍ථිපච්චය, විගත පච්චය, අවිගත පච්චය යැයි පච්චය වශයෙන් වනාහි සූවිසි විදියකින් බෙදන ලදී.

ඉමස‍්මිං පන ඨානෙ පට‍්ඨානං සමානෙතබ‍්බං. කුසලත‍්තිකාදයො හි ද‍්වාවීසති තිකා, නාම හෙතූ ධම‍්මා නහෙතූ ධම‍්මා…පෙ… සරණා ධම‍්මා අරණා ධම‍්මාති ඉමෙ සතං දුකා. අපරෙපි විජ‍්ජාභාගිනො ධම‍්මා අවිජ‍්ජාභාගිනො ධම‍්මා…පෙ… ඛයෙ ඤාණං, අනුප‍්පාදෙ ඤාණන‍්ති ද‍්වාචත‍්තාලීස සුත‍්තන‍්තිකදුකා නාම. තෙසු ද‍්වාවීසති තිකා සතං දුකාති අයං ආහච‍්චභාසිතා ජිනවචනභූතා සබ‍්බඤ‍්ඤුබුද‍්ධෙන දෙසිතා සත‍්තන‍්නං පකරණානං මාතිකා නාම.

මෙහිදී වනාහි පට්ඨානය ගෙනා යුතුයි. කුසල තණ්හාදිය වනාහි දෙවිසි තික නමි. හෙතු ධම්මය, න හෙතුධම්මය -පෙ- සරණ ධම්මය, අසරණ ධම්මයැයි යන සියය දුක නමි. තවද විජ්ජාභාගීය ධම්ම, අවිජ්ජා භාගීය ධම්ම, -පෙ- ඛය ඤාණය, අනුප්පාච ඤාණය යන දෙසාළිස් සුත්තන්තික දුක නමි. ඒවා අතුරින් දෙවිසි තිකය සියක් දුක යැයි යන මේවා ගෙන කියන ලද ජින වචන වූ සර්වඥ වූ බුදුන් විසින් දේසනා කරන ලද මෙය සප්තප්‍රකරණයන්ගේ මාතිකා නම් වෙයි.

අථාපරෙ ද‍්වාචත‍්තාලීස සුත‍්තන‍්තිකදුකා කුතොපභවා කෙන ඨපිතා කෙන දෙසිතාති? ධම‍්මසෙනාපතිසාරිපුත‍්තත්‍ථෙරප‍්පභවා, තෙන ඨපිතා, තෙන දෙසිතාති. ඉමෙ ඨපෙන‍්තො පන ථෙරො න සාමුක‍්කංසිකෙන අත‍්තනො ඤාණෙන ඨපෙසි. එකුත‍්තරියං පන එකනිපාතදුකනිපාතසඞ‍්ගීති දසුත‍්තරසුත‍්තන‍්තෙහි සමොධානෙත්‍වා ආභිධම‍්මිකත්‍ථෙරානං සුත‍්තන‍්තං පත්‍වා අකිලමත්‍ථං ඨපිතා. තෙ පනෙතෙ එකස‍්මිං නික‍්ඛෙපකණ‍්ඩෙයෙව මත්‍ථකං පාපෙත්‍වා විභත‍්තා. සෙසට‍්ඨානෙසු යාව සරණදුකා අභිධම‍්මො විභත‍්තො.

තවද අනෙක් දෙසාළිස් සුත්තන්තික දුක කොතැනින් ප්‍රභව වීද? කවරෙකු විසින් තබන ලද ද? කවරෙකු විසින් දේසනා කරන ලදද? දම්සෙනෙවි සැරියුත් තෙරුන් ප්‍රභව කොට ඇත්තේය. උන්වහන්සේ විසින් තබන ලදී. උන්වහන්සේ විසින් දෙසන ලදී යනුයි. මේවා තබන්නා වූ උන්වහන්සේ වනාහි සාමුක්කංසික වූ තමන් වහන්සේගේ ඤාණයෙන් නොතැබූ සේක. එකුන්තරිය වූ ඒකනිපාත දුක නිපාත සංගීති වනාහි දසුත්තරිය සූත්‍රාන්ත සමග සමෝධානය කොට ආභිධම්මික තෙරුන් වහන්සේලාගේ සූත්‍රාන්තයට පැමිණ නොවෙහෙසීම පිණිස තබන ලදී. එකී ධර්ම එකම නික්‍ඛෙප කාණ්ඩයකම මුදුන් පමුණුවා බෙදන ලදී. සෙසු තැන්වලදී සරණ දුකය තෙක් අභිධර්මය බෙදන ලදී.

සම‍්මාසම‍්බුද‍්ධෙන හි අනුලොමපට‍්ඨානෙ ද‍්වාවීසති තිකෙ නිස‍්සාය තිකපට‍්ඨානං නාම නිද‍්දිට‍්ඨං. සතං දුකෙ නිස‍්සාය දුකපට‍්ඨානං නාම නිද‍්දිට‍්ඨං. තතො පරං ද‍්වාවීසති තිකෙ ගහෙත්‍වා දුකසතෙ පක‍්ඛිපිත්‍වා දුකතිකපට‍්ඨානං නාම දස‍්සිතං. තතො පරං දුකසතං ගහෙත්‍වා ද‍්වාවීසතියා තිකෙසු පක‍්ඛිපිත්‍වා තිකදුකපට‍්ඨානං නාම දස‍්සිතං. තිකෙ පන තිකෙසුයෙව පක‍්ඛිපිත්‍වා තිකතිකපට‍්ඨානං නාම දස‍්සිතං. දුකෙ ච දුකෙසුයෙව පක‍්ඛිපිත්‍වා දුකදුකපට‍්ඨානං නාම දස‍්සිතං. එවං –

සම්මා සම්බුදුන් විසින් වනාහි අනුලෝම පට්ඨානයෙහි දෙවිසි තිකයන් නිසා තික පට්ඨානය දක්වන ලදී. සියයක් දුකයන් නිසා දුක පට්ඨානය දක්වන ලදී. ඉන්පසුව දෙවිසි තිකයන් ගෙන දුක සතයෙහි බහා දුක තික පට්ඨානය දක්වන ලදී. ඉක්බිති දුකසතය ගෙන දෙවිසි තිකයෙහි බහා තික දුක පට්ඨානය දක්වන ලදී. තිකය වනාහි තිකයන්හිම බහා තිකතික පට්ඨානය දක්වන ලදී. දුකයන් ද දුකයන්හිම බහා දුකදුක පට්ඨානය දක්වන ලද්දේමය.

තිකඤ‍්ච පට‍්ඨානවරං දුකුත‍්තමං, දුකතිකඤ‍්චෙව තිකදුකඤ‍්ච; තිකතිකඤ‍්චෙව දුකදුකඤ‍්ච, ඡ අනුලොමම‍්හි නයා සුගම‍්භීරාති. (පට‍්ඨා· 1.1.39);

උතුම් වූ තික පට්ඨානය ද උතුම් වූ දුකය ද, දුක තිකය ද තික දුකය ද තිත තිකය මෙන්ම දුක දුකය යයි අනුලෝම නයෙහි ඉතා ගැඹුරුය.

පච‍්චනීයපට‍්ඨානෙපි ද‍්වාවීසතිතිකෙ නිස‍්සාය තිකපට‍්ඨානං නාම. දුකසතං නිස‍්සාය දුකපට‍්ඨානං නාම. ද‍්වාවීසතිතිකෙ දුකසතෙ පක‍්ඛිපිත්‍වා දුකතිකපට‍්ඨානං නාම. දුකසතං ද‍්වාවීසතියා තිකෙසු පක‍්ඛිපිත්‍වා තිකදුකපට‍්ඨානං නාම. තිකෙ තිකෙසුයෙව පක‍්ඛිපිත්‍වා තිකතිකපට‍්ඨානං නාම. දුකෙ දුකෙසුයෙව පක‍්ඛිපිත්‍වා දුකදුකපට‍්ඨානං නාමාති පච‍්චනීයෙපි ඡහි නයෙහි පට‍්ඨානං නිද‍්දිට‍්ඨං. තෙන වුත‍්තං –

පච්චනීය පට්ඨානයෙහි ද දෙවිසි තික නිසා තිකපට්ඨාන නම් විය. දුක සතය නිසා දුක පට්ඨාන නම් විය. දෙවිසි තිකයන් දුක සතයෙහි බහා දුක තික පට්ඨාන නම් විය. දුකසතය දෙවිසි තිකයෙන් බහා තික දුක පට්ඨාන නම් විය. තිකයන් තිකයන්හිම බහා තිකතික පට්ඨාන නම් විය. දුකයන් දුකයන්හි බහා දුක දුක පට්ඨාන නමැයි පච්චනීයයන් ද නය සයකින් පට්ඨානය දක්වන ලදී. එහෙයින් කියන ලදී.

තිකඤ‍්ච පට‍්ඨානවරං දුකුත‍්තමං, දුකතිකඤ‍්චෙව තිකදුකඤ‍්ච; තිකතිකඤ‍්චෙව දුකදුකඤ‍්ච, ඡ පච‍්චනීයම‍්හි නයා සුගම‍්භීරාති. (පට‍්ඨා· 1.1.44);

උතුම් වූ තිකපට්ඨානය ද උතුම් වූ දුකය ද, දුක තිකය ද තික දුකය ද තිත තිකය ද, දුක දුකය ද යන පච්චනීයෙහි නය සය ඉතා ගැඹුරුය යනුයි.

තතො පරං අනුලොමපච‍්චනීයෙපි එතෙනෙව උපායෙන ඡ නයා දස‍්සිතා. තෙනාහ –

ඉන් ඉක්බිති අනුලෝම පච්චනීයයන් ද මෙම උපායෙන්ම නය සයකින් දක්වන ලදී. එහෙයින් කීය :-

තිකඤ‍්ච පට‍්ඨානවරං දුකුත‍්තමං, දුකතිකඤ‍්චෙව තිකදුකඤ‍්ච; තිකතිකඤ‍්චෙව දුකදුකඤ‍්ච, ඡ අනුලොමපච‍්චනීයම‍්හි නයා සුගම‍්භීරාති. (පට‍්ඨා· 1.1.48);

උතුම් වූ තික පට්ඨානය ද, උතුම් වූ දුකය ද දුක තිකය ද තික දුකය ද තිත තිකය ද දුක දුකය ද යන අනුලෝප පච්චනීයෙහි නය සය ඉතා ගැඹුරුය යනුයි.

තදනන‍්තරං පච‍්චනීයානුලොමෙපි එතෙහෙව ඡහි නයෙහි නිද‍්දිට‍්ඨං. තෙනාහ –

එයින් ඉක්බිති පච්චනීය දුනුලෝමයෙහි මෙම නය සයෙන්ම දක්වන ලදී. එහෙයින් කීය.

තිකඤ‍්ච පට‍්ඨානවරං දුකුත‍්තමං, දුකතිකඤ‍්චෙව තිකදුකඤ‍්ච; තිකතිකඤ‍්චෙව දුකදුකඤ‍්ච, ඡ පච‍්චනීයානුලොමම‍්හි නයා සුගම‍්භීරාති. (පට‍්ඨා· 1.1.52);

උතුම් වූ තිකපට්ඨානය ද උතුම් වූ දුකය ද දුකතිකය ද තික දුකය ද, තිත තිකය ද, දුකදුකය ද යන දුනුලෝම පච්චනීයෙහි නය සය ඉතා ගැඹුරුය යනුයි.

එවං අනුලොමෙ ඡ පට‍්ඨානානි, පටිලොමෙ ඡ, අනුලොමපච‍්චනීයෙ ඡ, පච‍්චනීයානුලොමෙ ඡ පට‍්ඨානානීති ඉදං චතුවීසතිසමන‍්තපට‍්ඨානසමොධානං පට‍්ඨානං මහාපකරණං නාම.

මෙසේ අනුලෝමයෙහි පට්ඨාන සයෙක, පටිලෝමයෙහි සයෙක, අනුලෝම පච්චනීයෙහි සයෙක, පච්චය අනුලෝමයෙහි පට්ඨාන සයකැයි යන මේ සූවිසි සමන්තපට්ඨාන සමෝධානය මහාපට්ඨාන ප්‍රකරණය නමි.

ඉදානි ඉමස‍්ස අභිධම‍්මස‍්ස ගම‍්භීරභාවවිජානනත්‍ථං චත‍්තාරො සාගරා වෙදිතබ‍්බා – සංසාරසාගරො, ජලසාගරො, නයසාගරො, ඤාණසාගරොති. තත්‍ථ සංසාරසාගරො නාම –

දැන් මේ මේ අභිධර්මයාගේ ගැඹුරුබව දැනගැනීම පිණිස සතර සයුර දතයුතුයි. සසර සයුර, දිය සයුර, නය සයුර, නැණ සයුර යනුයි. එහි සසර සයුර නම් :-

ඛන්‍ධානඤ‍්ච පටිපාටි, ධාතුආයතනාන ච; අබ‍්බොච‍්ඡින‍්නං වත‍්තමානා, සංසාරොති පවුච‍්චතීති.

ස්කන්‍ධ ධාතු ආයතන යන මොවුන්ගේ පිළිවෙළ නොසිඳ පැවැත්ම සංසාරයැයි කියනු ලැබේ යනුයි.

එවං වුත‍්තං සංසාරවට‍්ටං. ස‍්වායං යස‍්මා ඉමෙසං සත‍්තානං උප‍්පත‍්තියා පුරිමා කොටි න පඤ‍්ඤායති එත‍්තකානඤ‍්හි වස‍්සසතානං වා වස‍්සසහස‍්සානං වා වස‍්සසතසහස‍්සානං වා, කප‍්පසතානං වා කප‍්පසහස‍්සානං වා කප‍්පසතසහස‍්සානං වා මත්‍ථකෙ සත‍්තා උප‍්පන‍්නා, තතො පුබ‍්බෙ නාහෙසුන‍්ති වා, අසුකස‍්ස නාම රඤ‍්ඤො කාලෙ උප‍්පන‍්නා, අසුකස‍්ස බුද‍්ධස‍්ස කාලෙ උප‍්පන‍්නා තතො පුබ‍්බෙ නාහෙසුන‍්ති වා, අයං පරිච‍්ඡෙදො නත්‍ථි; “පුරිමා, භික‍්ඛවෙ, කොටි න පඤ‍්ඤායති අවිජ‍්ජාය, ඉතො පුබ‍්බෙ අවිජ‍්ජා නාහොසි අථ පච‍්ඡා සමභවී”ති (අ· නි· 10.61) ඉමිනා පන නයෙන සංසාරසාගරො අනමතග‍්ගොව.

මේ කියන ලද්දේ සංසාර වෘත්තයයි. ඉදින් මෙය මේ සත්ත්වයන්ගේ උත්පත්තියේ මුල් කෙළවර නොපැනේ. මෙතෙක් වස් සියයෙකින් හෝ වස් දහයකින් හෝ හෝ වර්ෂ ලක්‍ෂයකින් හෝ කල්ප සියයකින් හෝ කල්ප දහසකින් හෝ කල්ප ලක්‍ෂයකින් හෝ මත්තෙහි සත්ත්වයෝ උපන්නාහ. එයින් පෙර නොවූහයි හෝ අසවල් රජුගේ කාලයේ උපන්නාහ. අසවල් බුදුන්ගේ කාලයේ උපන්නාහ. එයින් පෙර නොවූහයි හෝ යන මේ සීමාවක් නැත. ‘මහණෙනි, අවිද්‍යාව මෙයින් පෙර නොවීය. පසුව ඇතිවී යැයි අවිද්‍යාවේ මුලවර නොපැනේ’ යනුයි. මේ නයින් වනාහි මේ සසර සයුර නොදන්නා ලද කෙළවර ඇත්තේමය.

මහාසමුද‍්දො පන ජලසාගරො නාමාති වෙදිතබ‍්බො. සො චතුරාසීතියොජනසහස‍්සගම‍්භීරො. තත්‍ථ උදකස‍්ස ආළ‍්හකසතෙහි වා ආළ‍්හකසහස‍්සෙහි වා ආළ‍්හකසතසහස‍්සෙහි වා පමාණං නාම නත්‍ථි . අථ ඛො අසඞ‍්ඛ්‍යෙය්‍යො අප‍්පමෙය්‍යො මහාඋදකක‍්ඛන්‍ධොත්‍වෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡති. අයං ජලසාගරො නාම.

මහ සමුදුර වනාහි ජල සාගර නමැයි දතයුතුයි. එය යොදුන් අසූහාර දහසක් ගැඹුරුය. එහි ජලය ළාහ සියයකින් හෝ ළාහ දහසකින් ළාහ ලක්‍ෂයකින් ප්‍රමාණ කිරීමෙක් නම් නැත. එහෙයින් අසංඛෙයයි. අප්‍රමේයයි. මහා ජලස්කන්‍ධයම යන නමට පැමිණේ. මේ ජලසාගර නමි.

කතමො නයසාගරො? තෙපිටකං බුද‍්ධවචනං. ද‍්වෙපි හි තන‍්තියො පච‍්චවෙක‍්ඛන‍්තානං සද‍්ධාසම‍්පන‍්නානං පසාදබහුලානං ඤාණුත‍්තරානං කුලපුත‍්තානං අනන‍්තං පීතිසොමනස‍්සං උප‍්පජ‍්ජති. කතමා ද‍්වෙ? විනයඤ‍්ච අභිධම‍්මඤ‍්ච. විනයධරභික‍්ඛූනඤ‍්හි විනයතන‍්තිං පච‍්චවෙක‍්ඛන‍්තානං දොසානුරූපං සික‍්ඛාපදපඤ‍්ඤාපනං නාම – ඉමස‍්මිං දොසෙ ඉමස‍්මිං වීතික‍්කමෙ ඉදං නාම හොතීති සික‍්ඛාපදපඤ‍්ඤාපනං – අඤ‍්ඤෙසං අවිසයො, බුද‍්ධානමෙව විසයොති. උත‍්තරිමනුස‍්සධම‍්මපෙය්‍යාලං පච‍්චවෙක‍්ඛන‍්තානං නීලපෙය්‍යාලං පච‍්චවෙක‍්ඛන‍්තානං සඤ‍්චරිත‍්තපෙය්‍යාලං පච‍්චවෙක‍්ඛන‍්තානං අනන‍්තං පීතිසොමනස‍්සං උප‍්පජ‍්ජති. ආභිධම‍්මිකභික‍්ඛූනම‍්පි ඛන්‍ධන‍්තරං ආයතනන‍්තරං ධාත්‍වන‍්තරං ඉන්‍ද්‍රියන‍්තරං බලබොජ‍්ඣඞ‍්ගකම‍්මවිපාකන‍්තරං රූපාරූපපරිච‍්ඡෙදං සණ‍්හසුඛුමධම‍්මං ගගනතලෙ තාරකරූපානි ගණ‍්හන‍්තො විය රූපාරූපධම‍්මෙ පබ‍්බං පබ‍්බං කොට‍්ඨාසං කොට‍්ඨාසං කත්‍වා විභජන‍්තො දස‍්සෙසි වත නො සත්‍ථාති අභිධම‍්මතන‍්තිං පච‍්චවෙක‍්ඛන‍්තානං අනන‍්තං පීතිසොමනස‍්සං උප‍්පජ‍්ජති.

නය සාගරය කුමක්ද? ත්‍රිපිටක බුද්ධ වචනයයි. දෙවැදෑරුම් පෙළ මෙනෙහි කරන්නා වූ ශ්‍රද්ධා සම්පන්න ප්‍රසාද බහුල ඥානාධික කුලපුත්‍රයන්ට අනන්ත ප්‍රීතියක් සොම්නසක් උපදී. කවර දෙකක්ද? විනය හා අභිධර්මයයි. විනය පාළිය මෙනෙහි කරන විනයධර භික්‍ෂූන්ට වනාහි ‘දෝෂානුරූප ශික්‍ෂාපද පැණවීම නමි. මේ දෝෂයෙහි මේ (ශික්‍ෂාපද) ඉක්මවීමෙහි මෙනම් (අවතක්) වේයැයි ශික්‍ෂාපද පැනවීම නම් අන්‍යයන්ට අවිෂයය. බුදුවරුන්ටම විෂයයැයි. අනන්ත වූ ප්‍රීතියක් සොම්නසක් උපදී. ‘අපගේ ශාස්තෲන් වහන්සේ ඛන්‍ධන්තර, ආයතනතර ධාන්‍යනතර ඉන්‍ද්‍රියයන්තර, බලබොජ්ඣංගික කර්ම විපාකංන්තර රූපාරූප පරිච්ඡේද යන ඉතා සියුම් ධර්ම අහස්තලයෙහි තාරකාරූප ගන්නාක් මෙන් රූපාරූප ධර්ම පුරුකින් පුරුක කොටසින් කොටස කොට බෙදමින් දැක්වූයේ යැයි ‘අභිධර්ම පාළිය ප්‍රත්‍යවේක්‍ෂා කරන ආභිධම්මික භික්‍ෂූන්ට ද අනන්ත වූ ප්‍රීතියක් සොම්නසක් උපදී.

එවං උප‍්පත‍්තියා පනස‍්ස ඉදං වත්‍ථුපි වෙදිතබ‍්බං – මහාගතිගමියතිස‍්සදත‍්තත්‍ථෙරො කිර නාම මහාබොධිං වන්‍දිස‍්සාමීති පරතීරං ගච‍්ඡන‍්තො නාවාය උපරිතලෙ නිසින‍්නො මහාසමුද‍්දං ඔලොකෙසි. අථස‍්ස තස‍්මිං සමයෙ නෙව පරතීරං පඤ‍්ඤායිත්‍ථ, න ඔරිමතීරං, ඌමිවෙගප‍්පභෙදසමුග‍්ගතජලචුණ‍්ණපරිකිණ‍්ණො පන පසාරිතරජතපට‍්ටසුමනපුප‍්ඵසන්‍ථරසදිසො මහාසමුද‍්දොව පඤ‍්ඤායිත්‍ථ. සො කිං නු ඛො මහාසමුද‍්දස‍්ස ඌමිවෙගො බලවා උදාහු චතුවීසතිප‍්පභෙදෙ සමන‍්තපට‍්ඨානෙ නයමුඛං බලවන‍්ති චින‍්තෙසි. අථස‍්ස මහාසමුද‍්දෙ පරිච‍්ඡෙදො පඤ‍්ඤායති – අයඤ‍්හි හෙට‍්ඨා මහාපථවියා පරිච‍්ඡින‍්නො, උපරි ආකාසෙන, එකතො චක‍්කවාළපබ‍්බතෙන, එකතො වෙලන‍්තෙන පරිච‍්ඡින‍්නො; සමන‍්තපට‍්ඨානස‍්ස පන පරිච‍්ඡෙදො න පඤ‍්ඤායතීති සණ‍්හසුඛුමධම‍්මං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස බලවපීති උප‍්පන‍්නා. සො පීතිං වික‍්ඛම‍්භෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා යථානිසින‍්නොව සබ‍්බකිලෙසෙ ඛෙපෙත්‍වා අග‍්ගඵලෙ අරහත‍්තෙ පතිට‍්ඨාය උදානං උදානෙසි –

මෙසේ ප්‍රීති උත්පත්තිය පිළිබඳව මේ වස්තුව ද දතයුතුයි. මහාගතිම්බය තිස්සදත්ත නම් තෙරුන් වහන්සේ වනාහි පරතෙරට වඩනා සේක් නැවෙහි මතුතලයෙහි හිඳ මහා සමුද්‍රය බැලූහ. ඉක්බිති උන්වහන්සේට එසමයෙහි පරතෙර මනා පෙනිණ. වෙහෙර ද නොපෙනිණ. රළ වේගයෙන් බිඳී උඩට නැගුණු දියසුනින් විසිරුණු, දිගහරින ලද රිදීපටක්, සමන්මල් ඇතිරියක් සමාන මහා සමුද්‍රයට පැනිණ. උන්වහන්සේ කිමෙක්ද? මහා සමුද්‍රයේ රළවේගය බලවත්ද? නැතහොත් සූවිසි ප්‍රභේදයකින් යුත් සමන්තපට්ඨානයෙහි නයමුඛය බලවත්දැයි සිතූ සේක. ඉක්බිති මහා සමුද්‍රයේ කෙළවර පෙනෙයි. මෙය වනාහි යට මහපොළොවෙන් පිරිසිඳියේය. උඩ අහසින් ද එක් පසෙකින් චක්‍රවාට පර්වතයෙන් ද එක්පසෙකින් වෙරළින් ද පිරිසිඳියේය. සමන්තපට්ඨානයෙහි වනාහි පරිච්ඡේදයක්, කෙළවරක් නො පෙනේයැයි සියුම් ධර්මය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ උන්වහන්සේට බලවත් ප්‍රීතියක් උපන්නේය. උන්වහන්සේ ප්‍රීතිය විෂ්කම්භනය කොට - යටපත් කොට විදසුන් වඩා වැඩහුන් අයුරින්ම සියලු කෙලෙස් ගෙවා අග්‍රඵලය වූ රහත්බැව්හි පිහිටා උදානයක් ප්‍රකාශ කළ සේක.

අත්‍ථෙව ගම‍්භීරගතං සුදුබ‍්බුධං, සයං අභිඤ‍්ඤාය සහෙතුසම‍්භවං; යථානුපුබ‍්බං නිඛිලෙන දෙසිතං, මහෙසිනා රූපගතංව පස‍්සතීති.

අත්‍ථෙ ච ගම්භීරගතං සුදුබ්බුධං සයං අභිඤ්ඤාය සහෙතුසම්භවං යථානුපුබ්බං නිඛිලෙන දෙසිතං මහෙසිනා රූපගතං ව පස්සතී ති

අර්ථයෙහි ගැඹුරු වූ අතිශයින් දුරවබෝධ වූද හේතුසම්භව නම් වූ සමන්තපට්ඨානනය තමන් වහන්සේම විශේෂයෙන් අවබෝධ කරගෙන මහර්ෂී නම් වූ සර්වඥයන් වහන්සේ විසින් දේශනා කරන ලදද? එය රූපගත වූවක් මෙන් පෙනෙයි යනුයි.

අයං නයසාගරො නාම.

මේ නය සාගර නමි.

කතමො ඤාණසාගරො? සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං ඤාණසාගරො නාම. අයං සංසාරසාගරො නාම, අයං ජලසාගරො නාම, අයං නයසාගරො නාමාති හි අඤ‍්ඤෙන න සක‍්කා ජානිතුං, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙනෙව සක‍්කා ජානිතුන‍්ති සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං ඤාණසාගරො නාම. ඉමෙසු චතූසු සාගරෙසු ඉමස‍්මිං ඨානෙ නයසාගරො අධිප‍්පෙතො. ඉමඤ‍්හි සබ‍්බඤ‍්ඤුබුද‍්ධාව පටිවිජ‍්ඣන‍්ති.

ඤාණ සාගරය නම් කවරේද? සර්වඥතා ඥානය ඤාණ සාගර නමි. මෙය සංසාර සාගරය නම් වේ. මෙය ජල සාගරය නම් වේ. මෙය නය සාගරය නම් වේ යැයි අන් කෙනෙකුන් විසින් වනාහි දැනගන්නට නොහැක. සර්වඥතා ඥානයෙන්ම දැනගන්නට හැකිනුයි සර්වඥතා ඥානය ඥානසාගර නමි. මේ සතර සාගර අතුරෙන් මෙතැන දී නය සාගරය අධිප්‍රේතයි. (බලාපොරොත්තු වෙයි.)

අයම‍්පි භගවා බොධිමූලෙ නිසින‍්නො ‘ඉමං පටිවිජ‍්ඣිත්‍වා ඉමං වත මෙ ධම‍්මං එසන‍්තස‍්ස ගවෙසන‍්තස‍්ස කප‍්පසතසහස‍්සාධිකානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි වීතිවත‍්තානි, අථ මෙ ඉමස‍්මිං පල‍්ලඞ‍්කෙ නිසින‍්නෙන දියඩ‍්ඪකිලෙසසහස‍්සං ඛෙපෙත්‍වා අයං ධම‍්මො පටිවිද‍්ධො’ති පටිවිද‍්ධධම‍්මං පච‍්චවෙක‍්ඛන‍්තො සත‍්තාහං එකපල‍්ලඞ‍්කෙන නිසීදි. තතො තම‍්හා පල‍්ලඞ‍්කා වුට‍්ඨාය ‘ඉමස‍්මිං වත මෙ පල‍්ලඞ‍්කෙ සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිද‍්ධ’න‍්ති අනිමිසෙහි චක‍්ඛූහි සත‍්තාහං පල‍්ලඞ‍්කං ඔලොකෙන‍්තො අට‍්ඨාසි. තතො දෙවතානං ‘අජ‍්ජාපි නූන සිද‍්ධත්‍ථස‍්ස කත‍්තබ‍්බකිච‍්චං අත්‍ථි, පල‍්ලඞ‍්කස‍්මිඤ‍්හි ආලයං න විජහතී’ති පරිවිතක‍්කො උදපාදි.

මෙය වනාහි සර්වඥ වූ බුදුරජාණන් වහන්සේලාම ප්‍රතිවේධ කරගනිති. මේ භාග්‍යවතුන් වහන්සේ ද බෝමුල වැඩහුන් සේක. මෙය ප්‍රතිවේධ කොටගෙන මේ ධර්මය සොයන්නා වූ, ගවේෂණය කරන්නා වූ මා විසින් වනාහි සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ඉක්මවන ලදී. නැවත මේ පළඟෙහි හුන් මා විසින් එක්දහස් පන්සියයක් කෙලෙස් ගෙවා මේ ධර්මය ප්‍රතිවේධ කරන ලදැයි ප්‍රතිවේධ කරන ලද ධර්මය ප්‍රත්‍යවේක්‍ෂා කරමින් සතියක් එක්පළඟින් වැඩහුන් සේක. ඉක්බිති ඒ පළගින් නැගිට මා විසින් වනාහි මේ පළඟෙහි දී සර්වඥතා ඥානය ප්‍රතිවේධ කරන ලදැයි නොපියූ ඇස්වලින් යුතුව සත්දිනක් පළඟ බලමින් වැඩහුන් සේක. ඉක්බිති ‘අදත් වනාහි සිද්ධාර්ථයන්ට කළයුතු කිසක් ඇද්ද? පළඟෙහි ආලය නොහරී යැයි දෙවියන්ට විතර්කයක් පහළ විය.

සත්‍ථා දෙවතානං විතක‍්කං ඤත්‍වා තාවදෙව තාසං විතක‍්කවූපසමනත්‍ථං වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා යමකපාටිහාරියං දස‍්සෙසි. මහාබොධිපල‍්ලඞ‍්කස‍්මිඤ‍්හි කතපාටිහාරියඤ‍්ච, ඤාතිසමාගමෙ කතපාටිහාරියඤ‍්ච, පාටියපුත‍්තසමාගමෙ කතපාටිහාරියඤ‍්ච, සබ‍්බං කණ‍්ඩම‍්බරුක‍්ඛමූලෙ කතයමකපාටිහාරියසදිසමෙව අහොසි. එවං යමකපාටිහාරියං කත්‍වා පල‍්ලඞ‍්කස‍්ස ඨිතට‍්ඨානස‍්ස ච අන‍්තරෙ ආකාසතො ඔරුය‍්හ සත‍්තාහං චඞ‍්කමි. ඉමෙසු ච එකවීසතියා දිවසෙසු එකදිවසෙපි සත්‍ථු සරීරතො රස‍්මියො න නික‍්ඛන‍්තා.

ශාස්තෲන් වහන්සේ දෙවියන්ගේ විතර්කය දැන එකෙණෙහිම ඔවුන්ගේ විතර්කය සංසිඳුවීම පිණිස අහසට පැන නැගී යමාමහ පෙළහර දැක්වූ සේක. මහබෝ පළඟෙහි දී කරන ලද පෙළහරත්, ඤාති සමාගමයෙහිදී කරන ලද පෙළහරත්, පාඨිකපුත්‍ර සමාගමයේ දී කරන ලද පෙළහරත් යන සියල්ල ගණ්ඩබ්බ වෘක්‍ෂ මූලයේ දී කරන ලද යමාමහ පෙළහර සමානම විය. මෙසේ යමාමහ පෙළහර දක්වා පළඟටත් වැඩසිටි තැනටත් අතරෙහි අහසින් වැඩ සත්දිනක් සක්මන් කළ සේක. මේ විසිඑක් දිනයන් අතුරෙහි එක් දිනකදී බුදුන්ගේ සිරුරෙන් රශ්මි නො නික්මියේය.

චතුත්‍ථෙ පන සත‍්තාහෙ පච‍්ඡිමුත‍්තරාය දිසාය රතනඝරෙ නිසීදි – රතනඝරං නාම නෙව සත‍්තරතනමයං ගෙහං. සත‍්තන‍්නං පන පකරණානං සම‍්මසිතට‍්ඨානං රතනඝරන‍්ති වෙදිතබ‍්බං – තත්‍ථ ධම‍්මසඞ‍්ගණිං සම‍්මසන‍්තස‍්සාපි සරීරතො රස‍්මියො න නික‍්ඛන‍්තා. විභඞ‍්ගප‍්පකරණං ධාතුකථං පුග‍්ගලපඤ‍්ඤත‍්තිං කථාවත්‍ථුප‍්පකරණං යමකප‍්පකරණං සම‍්මසන‍්තස‍්සාපි සරීරතො රස‍්මියො න නික‍්ඛන‍්තා. යදා පන මහාපකරණං ඔරුය‍්හ “හෙතුපච‍්චයො ආරම‍්මණපච‍්චයො…පෙ… අවිගතපච‍්චයො”ති සම‍්මසනං ආරභි, අථස‍්ස චතුවීසතිසමන‍්තපට‍්ඨානං සම‍්මසන‍්තස‍්ස එකන‍්තතො සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං මහාපකරණෙයෙව ඔකාසං ලභි. යථා හි තිමිරපිඞ‍්ගලමහාමච‍්ඡො චතුරාසීතියොජනසහස‍්සගම‍්භීරෙ මහාසමුද‍්දෙයෙව ඔකාසං ලභති, එවමෙව සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං එකන‍්තතො මහාපකරණෙයෙව ඔකාසං ලභි.

සතරවන සතියෙහි වනාහි වයඹදිග රුවන්ගෙයි වැඩහුන් සේක. රුවන් ගෙය සත්රුවන්මුවා ගෙයක් නොවේමය. සප්තප්‍රකරණයක් සම්මර්ශනය කළ ස්ථානය වනාහි රුවන්ගෙය යැයි දතයුතුයි. එහිදී ධම්මසංගණිය සම්මර්ශනය කරන්නා වූ ද බුදුන්ගේ ශරීරයෙන් රශ්මි නො නික්මිණ. විභංග ප්‍රකරණය, ධාතුකථාව, පුද්ගල ප්‍රඥප්තිය, කථාවස්තු ප්‍රකරණය සහ යමක ප්‍රකරණය යන මේවා සම්මර්ශනය කරන්නා වූ ශාස්තෲන් වහන්සේගේ ශරීරයෙන් රශ්මි නො නික්මිණි. යම් අවස්ථාවකදී වනාහි මහා ප්‍රකරණයට බැස ‘හෙතුපච්චයො, ආරම්මණ පච්චයො -පෙ- අවිගත පච්චයො’ යනුවෙන් සම්මර්ශනය පටන්ගත් සේක් ද? ඉක්බිති සූවිසි සමන්තපට්ඨානය සම්මර්ශනය කරන්නා වූ උන්වහන්සේගේ සර්වඥතා ඥානය නිරන්තරවැ මහා ප්‍රකරණයේ අවකාශ ලැබීය. යම්සේ තිමිරපිංගල මහාමත්ස්‍යයා වනාහි අසූහාර දහසක් යොදුන් ගැඹුරැති මහා සමුද්‍රයෙහිම අවකාශ ලබයිද? මෙපරිද්දෙන් සර්වඥතා ඥානය ඒකාන්ත වශයෙන් මහා ප්‍රකරණයෙහි අවකාශ ලැබීය.

සත්‍ථු එවං ලද‍්ධොකාසෙන සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන යථාසුඛං සණ‍්හසුඛුමධම‍්මං සම‍්මසන‍්තස‍්ස සරීරතො නීලපීතලොහිතොදාතමඤ‍්ජිට‍්ඨපභස‍්සරවසෙන ඡබ‍්බණ‍්ණරස‍්මියො නික‍්ඛමිංසු. කෙසමස‍්සූහි චෙව අක‍්ඛීනඤ‍්ච නීලට‍්ඨානෙහි නීලරස‍්මියො නික‍්ඛමිංසු, යාසං වසෙන ගගනතලං අඤ‍්ජනචුණ‍්ණසමොකිණ‍්ණං විය උමාපුප‍්ඵනීලුප‍්පලදලසඤ‍්ඡන‍්නං විය වීතිපතන‍්තමණිතාලවණ‍්ටං විය සම‍්පසාරිතමෙචකපටං විය ච අහොසි.

මෙසේ අවකාශ ලද සර්වඥතා ඥානයෙන් සුවසේ ඉතා සියුම්ව ධර්මය සම්මර්ශනය කරන්නා වූ ශාස්තෲන් වහන්සේගේ ශරීරයෙන් නීල පීත ලෝහිත ඕදාත මාංජ්‍යෙෂ්ඨ ප්‍රභාශ්වර වශයෙන් සවනක් රැස් නික්මිණ. කෙස් රවුලු මෙන්ම ඇස්වල නිල් තැන්වලින් නිල් රැස් නික්මිණ. ඒවායේ වශයෙන් අහස්තලය අඳුන් සුනින් ගැවසුණාක් මෙන් ද, දියබෙරලිය මල් නිලු පුල්පෙත් ගැවසුණාක් මෙන් ද විසිරෙන්නා වූ මිණි තල්වැටක් මෙන් ද දිගහරින ලද නිල්පටක් මෙන් ද විය.

ඡවිතො චෙව අක‍්ඛීනඤ‍්ච පීතට‍්ඨානෙහි පීතරස‍්මියො නික‍්ඛමිංසු; යාසං වසෙන දිසාභාගා සුවණ‍්ණරසධාරාභිසිඤ‍්චමානා විය සුවණ‍්ණපටපසාරිතා විය කුඞ‍්කුමචුණ‍්ණකණිකාරපුප‍්ඵසම‍්පරිකිණ‍්ණා විය ච විරොචිංසු.

සිවියේ මෙන්ම ඇස්වල කහවන් තැන්වලින් කහවන් රැස් නික්මිණ. ඒවා විසින් රන්දිය දහර ඉසින්නාක් මෙන් ද දිගහරින ලද රන්පට මෙන් ද, කොකුම්සුනු, කිණිහිරි මල් ගැවසුණාක් මෙන් ද බැබළිණ.

මංසලොහිතෙහි චෙව අක‍්ඛීනඤ‍්ච රත‍්තට‍්ඨානෙහි ලොහිතරස‍්මියො නික‍්ඛමිංසු යාසං වසෙන දිසාභාගා චීනපිට‍්ඨචුණ‍්ණරඤ‍්ජිතා විය සුපක‍්කලාඛාරසසිඤ‍්චමානා විය රත‍්තකම‍්බලපරික‍්ඛිත‍්තා විය ජයසුමනපාරිභද‍්දකබන්‍ධුජීවකකුසුමසම‍්පරිකිණ‍්ණා විය ච විරොචිංසු.

මස් ලේවලින් මෙන්ම ඇස්වල රතුපැහැ තැන්වලින් ද ලෝහිත රශ්මි නික්මිණ. ඒවා විසින් දිසාභාග සින්දූර සූත්‍රයෙන් රඳනා ලද්දක් මෙන් ද මනාව පැසවන ලද ලතුරස ඉසින්නාක් මෙන් ද රතු කම්බිලියකින් වටකරන ලද්දක් මෙන් ද බදුවදමලින් පිරිබඩ කළ බදුවදමලින් විසුරුවන ලද්දක් මෙන් ද බැබළිණ.

අට‍්ඨීහි චෙව දන‍්තෙහි ච අක‍්ඛීනඤ‍්ච සෙතට‍්ඨානෙහි ඔදාතරස‍්මියො නික‍්ඛමිංසු; යාසං වසෙන දිසාභාගා රජතඝටෙහි ආසිඤ‍්චමානඛීරධාරාසම‍්පරිකිණ‍්ණා විය සම‍්පසාරිතරජතපට‍්ටවිතානා විය, වීතිපතන‍්තරජතතාලවණ‍්ටා විය, කුන්‍දකුමුදසින්‍දුවාරසුමනමල‍්ලිකාදිකුසුමසඤ‍්ඡන‍්නා විය ච විරොචිංසු.

ඇටවලින් මෙන්ම දත්වලින් ද ඇස්වල සුදු තැන්වලින් ද සුදුරැස් නික්මිණ. එයින් දිසාභාග රිදී කළයකින් වත්කරනු ලබන ක්‍ෂීරධාරා විසුරුණාක් මෙන් ද දිගහරින ලද රිදීපටින් කළ වියනක් මෙන් ද දිගහැරෙන රිදී තල්වැටක් මෙන් ද කොඳකුමුදු තික සමන් බෝලිද්ද ආදී කුසුමින් ගැවසුණා මෙන් ද බැබළිණ.

මඤ‍්ජිට‍්ඨපභස‍්සරා පන තම‍්හා තම‍්හා සරීරප‍්පදෙසා නික‍්ඛමිංසු. ඉති තා ඡබ‍්බණ‍්ණරස‍්මියො නික‍්ඛමිත්‍වා ඝනමහාපථවිං ගණ‍්හිංසු.

මාංජ්‍යෙෂ්ඨ ප්‍රභාශ්වර වර්ණ වනාහි ඒ ඒ සිරුරු පෙදෙස්වලින් නික්මිණ. මෙසේ ඒ සවනක් රැස් නික්ම ගන මහපොළව ගත්තේය.

චතුනහුතාධිකද‍්වියොජනසතසහස‍්සබහලා මහාපථවී නිද‍්ධන‍්තසුවණ‍්ණපිණ‍්ඩි විය අහොසි. අථ මහාපථවිං භින්‍දිත්‍වා හෙට‍්ඨා උදකං ගණ‍්හිංසු. පථවිසන්‍ධාරකං අට‍්ඨනහුතාධිකචතුයොජනසතසහස‍්සබහලං උදකං සුවණ‍්ණකලසෙහි ආසිඤ‍්චමානවිලීනසුවණ‍්ණං විය අහොසි. උදකං විනිවිජ‍්ඣිත්‍වා වාතං අග‍්ගහෙසුං. ඡනහුතාධිකනවයොජනසතසහස‍්සබහලො වාතො සමුස‍්සිතසුවණ‍්ණක‍්ඛන්‍ධො විය අහොසි. වාතං විනිවිජ‍්ඣිත්‍වා හෙට‍්ඨා අජටාකාසං පක‍්ඛන්‍දිංසු.

දෙලක්‍ෂ සතළිස් දහසක් යොදුන් ගන මහපොළොව වැසීයන රන්පිඩක් මෙන් විය. ඉක්බිති මහපොළොව බිඳගෙන යට ජලය ගන්නේය. පොළොව දරා සිටින්නා වූ හාරලක්‍ෂ අසූදහසක් යොදුන් ගඟ ජලය රන් කළසින් ඉසිනු ලබන ලිහිල් වූ ස්වර්ණයක් මෙන් විය. ජලය විනිවිද වාතය ගත්තේය. නවලක්‍ෂ සැටදහසක් යොදුන් ගණන වාතය ඔසවන ලද රත්කඳන් මෙන් විය. වාතය විනිවිද යට අජටාකාශයට පැන්නේය.

උපරිභාගෙන උග‍්ගන‍්ත්‍වාපි චාතුමහාරාජිකෙ ගණ‍්හිංසු. තෙ විනිවිජ‍්ඣිත්‍වා තාවතිංසෙ තතො යාමෙ තතො තුසිතෙ තතො නිම‍්මානරතී තතො පරනිම‍්මිතවසවත‍්තී තතො නව බ්‍රහ‍්මලොකෙ තතො වෙහප‍්ඵලෙ තතො පඤ‍්ච සුද‍්ධාවාසෙ විනිවිජ‍්ඣිත්‍වා චත‍්තාරො ආරුප‍්පෙ ගණ‍්හිංසු. චත‍්තාරො ච ආරුප‍්පෙ විනිවිජ‍්ඣිත්‍වා අජටාකාසං පක‍්ඛන්‍දිංසු.

මතු භාගයෙන් උඩට ද නැගී චාතුර්මහා රාජිකයන් ගත්තේය. ඔවුන් විනිවිද තාවතිංස දෙවියන් ද එයින් යාම දෙවියන් ද එයින් තුසිත දෙවියන් ද එයින් නිම්මානරතී දෙවියන් ද එයින් පරනිම්මිත වසවත්ති දෙවියන් ද එයින් බ්‍රහ්මලෝකවාසී බ්‍රහ්මයන් ද එයින් වේහප්ඵල බ්‍රහ්මයන් ද එයින් පංච සුද්ධාවාසීන් ද විනිවිද සතර අරූපීන් ගත්තේය. සතර අරූපීන් ද විනිවිද අජටාකාසයට පැන්නේය.

තිරියභාගෙහි අනන‍්තා ලොකධාතුයො පක‍්ඛන්‍දිංසු. එත‍්තකෙසු ඨානෙසු චන්‍දම‍්හි චන්‍දප‍්පභා නත්‍ථි, සූරියෙ සූරියප‍්පභා නත්‍ථි, තාරකරූපෙසු තාරකරූපප‍්පභා නත්‍ථි, දෙවතානං උය්‍යානවිමානකප‍්පරුක‍්ඛෙසු චෙව සරීරෙසු ච ආභරණෙසු චාති සබ‍්බත්‍ථ පභා නත්‍ථි. තිසහස‍්සිමහාසහස‍්සිලොකධාතුයා ආලොකඵරණසමත්‍ථො මහාබ්‍රහ‍්මාපි සූරියුග‍්ගමනෙ ඛජ‍්ජොපනකො විය අහොසි. චන්‍දසූරියතාරකරූපදෙවතුය්‍යානවිමානකප‍්පරුක‍්ඛානං පරිච‍්ඡෙදමත‍්තකමෙව පඤ‍්ඤායිත්‍ථ. එත‍්තකං ඨානං බුද‍්ධරස‍්මීහියෙව අජ‍්ඣොත්‍ථටං අහොසි. අයඤ‍්ච නෙව බුද‍්ධානං අධිට‍්ඨානිද‍්ධි, න භාවනාමයිද‍්ධි. සණ‍්හසුඛුමධම‍්මං පන සම‍්මසතො ලොකනාථස‍්ස ලොහිතං පසීදි, වත්‍ථුරූපං පසීදි, ඡවිවණ‍්ණො පසීදි. චිත‍්තසමුට‍්ඨානා වණ‍්ණධාතු සමන‍්තා අසීතිහත්‍ථමත‍්තෙ පදෙසෙ නිච‍්චලාව අට‍්ඨාසි. ඉමිනා නීහාරෙන සත‍්තාහං සම‍්මසි.

සරසින් අනන්ත ලෝකධාතූන්ට පැන්නේය. මේ තැන්වල ද චන්ද්‍රයන්ගේ චන්ද්‍රප්‍රභා නැත. සූර්යයන්ගේ සූර්යප්‍රභා නැත. තාරකා රූපයන්හි තාරකා රූප ප්‍රභා නැත. දෙවියන්ගේ, උයන් විමන කල්ප වෘක්‍ෂයන්ගේ මෙන්ම ශරීරයන්හි ආභරණයන්හි යන සියලු තන්හි ප්‍රභාවක් නැත. ත්‍රිසහස්‍රී, මහාසහස්‍රී ලෝකධාතුයෙහි ආලෝකය පැතිරවීමේ සමත් මහා බ්‍රහ්මයා ද සූර්යෝද්ගමනයෙහි දී කදෝපැණියකු මෙන් විය. චන්ද්‍ර, සූර්ය, තාරකා රූප, දේවතා, උයන්, විමාන, කප්රුක් පිරිසිඳීම් පමණක් පෙනිණ. මෙතෙක් තැන බුදුරැස්ම පැතිරුණේ විය. මෙය ද බුදුන්ගේ අධිෂ්ඨානයෙන් වූ ඍද්ධියක් නොවේ. භාවනාමය ඍද්ධියක් ද නොවේ. සියුම් වූ ධර්මය සම්මර්ශනය කරන්නා වූ ලෝකනාථ වූ බුදුන්ගේ ලෙස පැහැදිණ. හෘදයවස්තු රූපය පැහැදුණේය. ඡවි වර්ණය පැහැදුණේය. සිතින් පැන නැඟි වර්ණ ධාතුව හාත්පස අසූරියන් පමණ ප්‍රදේශයෙහි නිශ්චලව සිටියේය. මේ අයුරින් සත්දිනක් සම්මර්ශනය කළ සේක.

සත‍්ත රත‍්තින්‍දිවානි සම‍්මසිතධම‍්මො කිත‍්තකො අහොසීති? අනන‍්තො අපරිමාණො අහොසි. අයං තාව මනසාදෙසනා නාම. සත්‍ථා පන එවං සත‍්තාහං මනසා චින‍්තිතධම‍්මං වචීභෙදං කත්‍වා දෙසෙන‍්තො වස‍්සසතෙනපි වස‍්සසහස‍්සෙනපි වස‍්සසතසහස‍්සෙනපි මත්‍ථකං පාපෙත්‍වා දෙසෙතුං න සක‍්කොතීති න වත‍්තබ‍්බං. අපරභාගෙපි හි තථාගතො තාවතිංසභවනෙ පාරිච‍්ඡත‍්තකමූලෙ පණ‍්ඩුකම‍්බලසිලායං දසසහස‍්සචක‍්කවාළදෙවතානං මජ‍්ඣෙ නිසින‍්නො මාතරං කායසක‍්ඛිං කත්‍වා කුසලා ධම‍්මා, අකුසලා ධම‍්මා, අබ්‍යාකතා ධම‍්මාති ධම‍්මං දෙසෙන‍්තො සතභාගෙන සහස‍්සභාගෙන සතසහස‍්සභාගෙන ධම‍්මන‍්තරා ධම‍්මන‍්තරං සඞ‍්කමිත්‍වා සඞ‍්කමිත්‍වාව දෙසෙසි. තයො මාසෙ නිරන‍්තරං පවත‍්තිතදෙසනා වෙගෙන පවත‍්තා ආකාසගඞ‍්ගා විය අධොමුඛඨපිතඋදකඝටා නික‍්ඛන‍්තඋදකධාරා විය ච හුත්‍වා අනන‍්තා අපරිමාණා අහොසි.

රෑ දාවල් සතක් සම්මර්ශනය කළ ධර්මය කෙතෙක් වීද යත්, අනන්තා පරිමාණම විය. මේ වනාහී මානසික දේසනා නමි. ශාස්තෲන් වහන්සේ වනාහි මෙසේ සත්දිනක් මනසින් සිතු ධර්මය වාග්භේද කොට දේශනා කරන සේක් නම් වර්ෂ සියයකිනුදු වර්ෂ දහසකිනුදු වර්ෂ ලක්‍ෂයකිනුදු මුදුන්පත්කොට දෙසන්නට නොහැකියි නොකිව යුතුයි. අපරභාගයෙහි දී තථාගතයන් වහන්සේ තව්තිසා භවයේ පරසතු රුක්මුල පඬුපුල් සලසුනෙහි දසදහසක් සක්වල දෙවියන් මැද වැඩහුන් සේක් මව කායසාක්‍ෂි කොටගෙන ‘කුසලා ධම්මා අකුසලා ධම්මා අබ්‍යාකතා ධම්මා’යි දහම් දෙසන සේක් සතභාගයෙන් සහස්‍රභාගයෙන් සතසහස්‍රභාගයෙන් ධර්මාන්තරයෙන් ධර්මාන්තරයට සංක්‍රමණය වෙමින් දෙසූ සේක. තෙමසක් නිරතුරුව පවත්වන ලද දේශනා වේගයෙන් පැවතියේ අහස් ගඟ මෙන් ද, යටිකුරු කොට තබන ලද දිය කළයකින් නික්මෙන ජලධාරාවක් මෙන් ද වී අනන්තාපරිමාණ විය.

බුද‍්ධානඤ‍්හි භත‍්තානුමොදනකාලෙපි ථොකං වඩ‍්ඪෙත්‍වා අනුමොදෙන‍්තානං දෙසනා දීඝමජ‍්ඣිමනිකායප‍්පමාණා හොති. පච‍්ඡාභත‍්තං පන සම‍්පත‍්තපරිසාය ධම‍්මං දෙසෙන‍්තානං දෙසනා සංයුත‍්තඅඞ‍්ගුත‍්තරිකද‍්වෙමහානිකායප‍්පමාණාව හොති. කස‍්මා? බුද‍්ධානඤ‍්හි භවඞ‍්ගපරිවාසො ලහුකො දන‍්තාවරණං සුඵුසිතං මුඛාදානං සිලිට‍්ඨං ජිව‍්හා මුදුකා සරො මධුරො වචනං ලහුපරිවත‍්තං. තස‍්මා තං මුහුත‍්තං දෙසිතධම‍්මොපි එත‍්තකො හොති. තෙමාසං දෙසිතධම‍්මො පන අනන‍්තො අපරිමාණොයෙව.

බුදුරජාණන් වහන්සේලාගේ භුක්තානුමෝදනා කාලයේදී ද මදක් වැඩිකොට අනුමෝදනා කරන දේශනා දීඝමජ්ඣිම නිකායන් පමණ වෙයි. සවස් වරුවෙහි පැමිණි පිරිසට ධර්මය දේශනා කරන බුදුවරුන්ගේ දේශනාව සංයුත්ත අංගුත්තර යන මහා නිකාය දෙක පමණ වෙයි. කවර හෙයින් ද? බුදුවරුන්ගේ භවංග පරිවාසය වනාහි ලහුකය. තොල් මනාව ස්පර්ශිතය. මුව විවර සිලිටුහ. දිව මෘදුය. ස්වරය මිහිරිය. වචනය වහා පරිවර්තනය වෙයි. එහෙයින් ඒ මොහොතේදී දේශනා කරන ලද ධර්මයන් මෙපමණ වෙයි. තෙමසක් දේශනා කරන ලද ධර්මය අනන්තය. අප්‍රමාණමය.

ආනන්‍දත්‍ථෙරො හි බහුස‍්සුතො තිපිටකධරො පඤ‍්චදස ගාථාසහස‍්සානි සට‍්ඨි පදසහස‍්සානි ලතාපුප‍්ඵානි ආකඩ‍්ඪන‍්තො විය ඨිතපදෙනෙව ඨත්‍වා ගණ‍්හාති වා වාචෙති වා දෙසෙති වා. එත‍්තකො ථෙරස‍්ස එකො උද‍්දෙසමග‍්ගො නාම හොති. ථෙරස‍්ස හි අනුපදං උද‍්දෙසං දදමානො අඤ‍්ඤො දාතුං න සක‍්කොති, න සම‍්පාපුණාති. සම‍්මාසම‍්බුද‍්ධොව සම‍්පාපුණෙය්‍ය. එවං අධිමත‍්තසතිමා අධිමත‍්තගතිමා අධිමත‍්තධිතිමා සාවකො සත්‍ථාරා තෙමාසං ඉමිනා නීහාරෙන දෙසිතදෙසනං වස‍්සසතං වස‍්සසහස‍්සං උග‍්ගණ‍්හන‍්තොපි මත්‍ථකං පාපෙතුං න සක‍්කොති.

ආනන්ද ස්ථවිරයන් වහන්සේ වනාහි බහුශ්‍රැතයහ. ත්‍රිපිටක ධරයහ. ගාථා පන්ලක්‍ෂයක්, පද සැට දහසක් ලියමල් කඩන්නාක් මෙන් සිටි පියෙහිම සිට ගන්නා සේක් ද කියවන සේක් ද දෙසන සේක් ද වෙති. මේ තෙරුන් වහන්සේගේ එක් උද්දේශ මාර්ගයකි. තෙරුන් වහන්සේගේ පද අනුව උදෙසීම් දෙන්නට අනිකෙක් නොහැක්කේ වෙයි. නොසපැමිණෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේම සපැමිණෙන සේක. මෙසේ අධිමාත්‍ර සිහි ඇති සේක. අධිමාත්‍ර ගති ඇති සේක. අධිමාත්‍ර ප්‍රඥා ඇති සේක. තථාගත ශ්‍රාවකයෙක් ශාස්තෲන් වහන්සේ විසින් තෙමසක් මේ අයුරින් දේශනා කරන ලද දේශනාව වර්ෂ සියයක් වර්ෂ දහසක් උගන්නේ වී නමුත් මුදුන්පමුණුවන්නට නොහැක්කේ වෙයි.

එවං තෙමාසං නිරන‍්තරං දෙසෙන‍්තස‍්ස පන තථාගතස‍්ස කබළීකාරාහාරප‍්පටිබද‍්ධං උපාදින‍්නකසරීරං කථං යාපෙසීති? පටිජග‍්ගනෙනෙව. බුද‍්ධානඤ‍්හි සො සො කාලො සුවවත්‍ථිතො සුපරිච‍්ඡින‍්නො සුපච‍්චක‍්ඛො. තස‍්මා භගවා ධම‍්මං දෙසෙන‍්තොව මනුස‍්සලොකෙ කාලං ඔලොකෙති. සො භික‍්ඛාචාරවෙලං සල‍්ලක‍්ඛෙත්‍වා නිම‍්මිතබුද‍්ධං මාපෙත්‍වා ‘ඉමස‍්ස චීවරග‍්ගහණං පත‍්තග‍්ගහණං සරකුත‍්ති ආකප‍්පො ච එවරූපො නාම හොතු, එත‍්තකං නාම ධම‍්මං දෙසෙතූ’ති අධිට‍්ඨාය පත‍්තචීවරමාදාය අනොතත‍්තදහං ගච‍්ඡති. දෙවතා නාගලතාදන‍්තකට‍්ඨං දෙන‍්ති. තං ඛාදිත්‍වා අනොතත‍්තදහෙ සරීරං පටිජග‍්ගිත්‍වා මනොසිලාතලෙ ඨිතො සුරත‍්තදුපට‍්ටං නිවාසෙත්‍වා චීවරං පාරුපිත්‍වා චාතුමහාරාජදත‍්තියං සෙලමයං පත‍්තං ආදාය උත‍්තරකුරුං ගච‍්ඡති. තතො පිණ‍්ඩපාතං ආහරිත්‍වා අනොතත‍්තදහතීරෙ නිසින‍්නො තං පරිභුඤ‍්ජිත්‍වා දිවාවිහාරාය චන්‍දනවනං ගච‍්ඡති.

මෙසේ තෙමසක් නිරතුරුව දේශනා කරන්නා වූ තථාගතයන් වහන්සේගේ කබළීකාහාර ප්‍රතිබද්ධ වූ ශරිරය කෙසේ යැපූ සේක් ද? පිළිදැගුම් කිරීමෙන්මය. බුදුරජාණන් වහන්සේලාගේ ඒ ඒ කාලය මනාව ව්‍යවස්ථාපනය කරන ලද්දේය. මනාව පිරිසිඳින ලදය. අතිශයින් ප්‍රත්‍යක්‍ෂය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක් ම මිනිස් ලොව කාලය බලන සේක. උන්වහන්සේ පිඬුසිඟා වඩනා වේලාව සලකා නියමිත බුදුරුවක් මවා මේ නිර්මිත බුදුන්ගේ පාසිවුරු ගැනීම ස්වර විලාසය ආකල්ප මේ අයුරින් වේවයි මෙතෙක් දහම් දෙසාවායි අධිෂ්ඨාන කොට පාසිවුරු ගෙන අනෝතත්ත විලට වඩනා සේක. දේවතාවෝ නාලිය දැහැටු දෙති. ඒ වළඳා අනෝතත්ත විලෙහි සිරුර පිළිදැගුම් කොට මනොසිලා තලයෙහි සිටි සේක් සුරත් සඟළ සිවුර හැඳ සිවුර පෙරවා සිවුමහ රජුන් දුන් සිලාමය පාත්‍රය ගෙන උතුරුකුරු දිවයිනට වඩිනා සේක. ඉක්බිති පිණ්ඩපාතය ගෙන අනෝතත්ත විල්තෙර වැඩහිඳ එය වළඳා දිවා විහරණය පිණිස නන්දන වනයට වඩිනා සේක.

ධම‍්මසෙනාපතිසාරිපුත‍්තත්‍ථෙරොපි තත්‍ථ ගන‍්ත්‍වා සම‍්මාසම‍්බුද‍්ධස‍්ස වත‍්තං කත්‍වා එකමන‍්තං නිසීදති. අථස‍්ස සත්‍ථා නයං දෙති. ‘සාරිපුත‍්ත, එත‍්තකො ධම‍්මො මයා දෙසිතො’ති ආචික‍්ඛති. එවං සම‍්මාසම‍්බුද‍්ධෙ නයං දෙන‍්තෙ පටිසම‍්භිදාප‍්පත‍්තස‍්ස අග‍්ගසාවකස‍්ස වෙලන‍්තෙ ඨත්‍වා හත්‍ථං පසාරෙත්‍වා දස‍්සිතසමුද‍්දසදිසං නයදානං හොති. ථෙරස‍්සාපි නයසතෙන නයසහස‍්සෙන නයසතසහස‍්සෙන භගවතා දෙසිතධම‍්මො උපට‍්ඨාතියෙව.

දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ ද එහි වැඩ සම්මා සම්බුදුන්ට වත් කොට එකත්පසෙක වැඩහිඳින සේක. ඉක්බිති ශාස්තෲන් වහන්සේ උන්වහන්සේට නය දෙන සේක. ශාරිපුත්‍රය, මා විසින් මෙතෙක් ධර්මය දෙසන ලදැයි වදාරණ සේක. මෙසේ සම්මා සම්බුදුන් විසින් නය දෙන කල්හි පිළිසිඹියා පත් අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමකට නයදීම වෙරළෙහි සිට අත දිගහැර දක්වන ලද සමුද්‍රය මෙන් වෙයි. තෙරුන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නය සියයකින්, නය දහසකින්, නය ලක්‍ෂයකින් දේශනා කරන ලද ධර්මය වැටහේමය.

සත්‍ථා දිවාවිහාරං නිසීදිත්‍වා ධම‍්මං දෙසෙතුං කාය වෙලාය ගච‍්ඡතීති? සාවත්‍ථිවාසීනං කුලපුත‍්තානං සම‍්පත‍්තානං ධම‍්මදෙසනවෙලා නාම අත්‍ථි, තාය වෙලාය ගච‍්ඡති. ධම‍්මං දෙසෙත්‍වා ගච‍්ඡන‍්තං වා ආගච‍්ඡන‍්තං වා කෙ ජානන‍්ති කෙ න ජානන‍්තීති? මහෙසක‍්ඛා දෙවතා ජානන‍්ති, අප‍්පෙසක‍්ඛා දෙවතා න ජානන‍්ති. කස‍්මා න ජානන‍්තීති? සම‍්මාසම‍්බුද‍්ධස‍්ස වා නිම‍්මිතබුද‍්ධස‍්ස වා රස‍්මිආදීසු නානත‍්තාභාවා. උභින‍්නම‍්පි හි තෙසං රස‍්මීසු වා සරෙසු වා වචනෙසු වා නානත‍්තං නත්‍ථි.

ශාස්තෲන් වහන්සේ දිවා විහරණය පිණිස වැඩහිඳ දහම් දෙසා පාසිවුරු ගෙන කවර වේලාවක වඩනා සේක්ද යත්, සැවැත්නුවර වැසි සපැමිණි කුලපුත්‍රයන්ට ධර්ම දේශනා කරන වේලාවක් ඇත. ඒ වේලාවට වඩිනා සේක. දහම් දෙසා එන්නහු හෝ යන්නහු කවරෙක් දනිත් ද? කවරෙක් නො දනිත්ද? මහේශාක්‍ය දෙවියෝ දනිත්. අල්පේශාක්‍ය දෙවියෝ නොදනිත්. කවර හෙයින් නො දනිත් ද යත්, සම්මා සම්බුදුන්ගේ හෝ නිර්මිත බුදුන්ගේ හෝ රශ්මි ආදියෙහි වෙනසක් නැති හෙයිනි. උන්වහන්සේලා දෙදෙනාගේම රශ්මිවල හෝ ස්වරවල හෝ වචනවල හෝ වෙනසක් නැත.

සාරිපුත‍්තත්‍ථෙරොපි සත්‍ථාරා දෙසිතං දෙසිතං ධම‍්මං ආහරිත්‍වා අත‍්තනො සද‍්ධිවිහාරිකානං පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං දෙසෙසි. තෙසං අයං පුබ‍්බයොගො – තෙ කිර කස‍්සපදසබලස‍්ස කාලෙ ඛුද‍්දකවග‍්ගුලියොනියං නිබ‍්බත‍්තා පබ‍්භාරෙ ඔලම‍්බන‍්තා ද‍්වින‍්නං ආභිධම‍්මිකභික‍්ඛූනං අභිධම‍්මං සජ‍්ඣායන‍්තානං සරෙ නිමිත‍්තං ගහෙත්‍වා කණ‍්හපක‍්ඛසුක‍්කපක‍්ඛෙ අජානිත්‍වාපි සරෙ නිමිත‍්තග‍්ගාහමත‍්තකෙනෙව කාලං කත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තිංසු. එකං බුද‍්ධන‍්තරං දෙවලොකෙ වසිත්‍වා තස‍්මිං කාලෙ මනුස‍්සලොකෙ නිබ‍්බත‍්තා යමකපාටිහාරියෙ පසීදිත්‍වා ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජිංසු. ථෙරො සත්‍ථාරා දෙසිතං දෙසිතං ධම‍්මං ආහරිත්‍වා තෙසං දෙසෙසි. සම‍්මාසම‍්බුද‍්ධස‍්ස අභිධම‍්මදෙසනාපරියොසානඤ‍්ච තෙසං භික‍්ඛූනං සත‍්තප‍්පකරණඋග‍්ගහණඤ‍්ච එකප‍්පහාරෙනෙව අහොසි.

සැරියුත් තෙරුන් වහන්සේ ද බුදුන් විසින් දෙසන දෙසන ලද ධර්මය ගෙනවුත් තමන් වහන්සේ සද්ධිවිහාරික පන්සියයක් භික්‍ෂූන් වහන්සේලාට දෙසන සේක. මේ උන්වහන්සේලාගේ පූර්වයෝගයයි. උන්වහන්සේලා වනාහි කාශ්‍යප බුදුන්ගේ කාලයෙහි කුඩා වවුලු යෝනියෙක ඉපිද ගල්ලෙනක එල්බුනාහු අභිධර්මය දේශනා කරන ආභිධම්මික භික්‍ෂූන් දෙනමකගේ ස්වරයෙහි නිමිති ගෙන කෘෂ්ණාපක්‍ෂ, ශුක්ල පක්‍ෂයෙන් - පව්පින් නොදැන නමුදු ස්වරයෙහි නිමිති ගත් පමණකින්ම කළුරිය කොට දෙව්ලොව උපන්නාහුය. එක් බුද්ධාන්තරයක් දෙව්ලොව වැස, ඒ කාලයෙහි මිනිස් ලොව උපන්නාහු යමාමහ පෙළහරෙහි පැහැදී තෙරුන් වෙත පැවිදි වූහ. තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් දෙසන දෙසන ලද ධර්මය ගෙනවුත් උන්වහන්සේලාට දෙසන සේක. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අභිධර්ම දේශනා අවසානයක් ඒ භික්‍ෂූන් වහන්සේලාගේ සප්ත ප්‍රකරණය උගෙනීමක් එක්වරම විය.

අභිධම‍්මෙ වාචනාමග‍්ගො නාම සාරිපුත‍්තත්‍ථෙරප‍්පභවො. මහාපකරණෙ ගණනචාරොපි ථෙරෙනෙව ඨපිතො. ථෙරො හි ඉමිනා නීහාරෙන ධම‍්මන‍්තරං අමක‍්ඛෙත්‍වාව සුඛං ගහෙතුං ධාරෙතුං පරියාපුණිතුං වාචෙතුඤ‍්ච පහොතීති ගණනචාරං ඨපෙසි. එවං සන‍්තෙ ථෙරොව පඨමතරං ආභිධම‍්මිකො හොතීති? න හොති. සම‍්මාසම‍්බුද‍්ධොව පඨමතරං ආභිධම‍්මිකො. සො හි නං මහාබොධිපල‍්ලඞ‍්කෙ නිසීදිත්‍වා පටිවිජ‍්ඣි. බුද‍්ධො හුත්‍වා ච පන සත‍්තාහං එකපල‍්ලඞ‍්කෙන නිසින‍්නො උදානං උදානෙසි –

අභිධර්ම වාචනා මාර්ගය නම් ශාරිපුත්‍ර ස්ථවිර ප්‍රභව කොට ඇත්තේය. මහා ප්‍රකරණයෙහි ගණන වාරය තෙරුන් විසින්ම තබන ලදී. තෙරුන් වහන්සේ ද මේ අයුරින් ධර්මාන්තරය නො මකාම සුවසේ ගන්නට දරන්නට නිතර පුහුණු කරන්නට කියවන්නට ද පොහොනේ යැයි ගණන වාරය තැබීය. මෙසේ ඇති කල්හි තෙරුන්වහන්සේ පළමුව අභිධර්මිකයා වන සේක් ද? නොවන සේක. සම්මා සම්බුදුරජාණන් වහන්සේම ප්‍රථම ආභිධර්මිකයාණෝ වූ සේක. උන්වහන්සේ බෝධි පර්යංකයෙන් වැඩසිට එය ප්‍රතිවේධ කළ සේක. බුදුව වනාහි සත්දිනක් එක් පළඟින් වැඩහුන් සේක් උදන් ඇනූ සේක.

“යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා, ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස; අථස‍්ස කඞ‍්ඛා වපයන‍්ති සබ‍්බා, යතො පජානාති සහෙතුධම‍්මං.

යදා භවෙ පාතුභවන්ති ධම්මා ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස අථස්ස කංඛා වපයන්ති සංඛා යතො පජානාති සහෙතුධම්මං

“යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා, ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස; අථස‍්ස කඞ‍්ඛා වපයන‍්ති සබ‍්බා, යතො ඛයං පච‍්චයානං අවෙදි.

යදා භවෙ පාතුභවන්ති ධම්මා ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස අථස්ස කංඛා වපයන්ති සබ්බා යතො ඛයං පච්චයානං අවෙදි

“යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා, ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස; විධූපයං තිට‍්ඨති මාරසෙනං, සූරියොව ඔභාසයමන‍්තලික‍්ඛ”න‍්ති. (මහාව· 1-3; උදා· 1-3);

යදා භවෙ පාතු භවන්ති ධම්මා ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස විධූපයං තිට්ඨති මාරසෙනං සුරියො ච ඔභාසයනන්ත ලික්‍ඛන්ති

යනුයි.

(කෙලෙස් තවන වීර්ය ඇති) ධ්‍යාන වඩන, පව් දුරු කළ යෝගියාට යම් වේලාවක සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයෝ පහළ වෙත් ද, එකෙණෙහි (අවිද්‍යාදි) හේතු සහිත වූ ධර්මය (අවිද්‍යාදි හේතූන් නිසා හටගත් දුක් රැස) දැන ගනී ද, ඉක්බිති ඔහුගේ සියලු සැක දුරුවෙයි.

කෙලෙස් තවන (වීර්ය ඇති) ධ්‍යාන වඩන පව් දුරුකළ යෝගියාට යම් වේලාවක සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයෝ පහළ වෙද්ද, එකෙණෙහි ප්‍රත්‍යයන්ගේ ක්‍ෂයවීම දැනගන්නේ ද ඉක්බිති ඔහුගේ සියලු සැක දුරුවෙයි. කෙලෙස් තවන (වීර්ය ඇති) ධ්‍යාන වඩන පව් දුරුකළ යෝගියාට යම් වේලාවක සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයෝ පහළ වෙද්ද, එකෙණෙහි අහස බබුළුවන සූර්යයා මෙන් මාරසේනාව කම්පා කරමින් සිටී.)

ඉදං පඨමබුද‍්ධවචනං නාම. ධම‍්මපදභාණකා පන –

මේ ප්‍රථම බුද්ධ වචන නමි. ධම්මපද භාණකයෝ වනාහි:-

“අනෙකජාතිසංසාරං, සන්‍ධාවිස‍්සං අනිබ‍්බිසං; ගහකාරං ගවෙසන‍්තො, දුක‍්ඛා ජාති පුනප‍්පුනං.

අනෙකජාති සංසාරං - සන්‍ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවෙසන්තො - දුක්‍ඛා ජාති පුනප්පුනං

“ගහකාරක දිට‍්ඨොසි, පුන ගෙහං න කාහසි; සබ‍්බා තෙ ඵාසුකා භග‍්ගා, ගහකූටං විසඞ‍්ඛතං; විසඞ‍්ඛාරගතං චිත‍්තං, තණ‍්හානං ඛයමජ‍්ඣගා”ති. (ධ· ප· 153-154);

ගහකාරක දිට්ඨොසි - පුන ගෙහං න කාහසි සබ්බා තෙ ඵාසුකා භග්ගා - ගහකූටං විසඞ්ඛිතං විසඞ්ඛාරගතං චිත්තං - තණ්හානං ඛය මජ්ඣගා

(නැවත නැවත ඉපදීම දුකය. (එබැවින්) ආත්මභාව නමැති ගෙය කරන (තෘෂ්ණා නමැති) වඩුව සොයමින් නොයෙක් ගණන් ජාති ඇති සසර (එකී වඩුවා දැකීමට සමත් බෝධිඥානය) එය නොලැබ ඇවිද්දෙමි. (එම්බා) වඩුව, (දැන්) තෝ දක්නා ලද්දෙහිය. නැවත (ආත්මභාව නමැති) ගෙය නො කරන්නෙහිය. තාගේ (කෙලෙස් නමැති) පරාල (මා විසින්) බිඳිනා ලදී. (අවිද්‍යාව නමැති) කැණිමඬල පළා දමන ලදී. (මාගේ) සිත නිවන කරා පැමිණියේය. තෘෂ්ණා ක්‍ෂය නමැති අර්හත්වය ලැබීමි) යනුයි.

ඉදං පඨමබුද‍්ධවචනං නාමාති වදන‍්ති.

මෙය ප්‍රථම බුද්ධ වචනය නමැයි කියත්.

යමකසාලානමන‍්තරෙ නිපන‍්නෙන පරිනිබ‍්බානසමයෙ “හන්‍ද දානි, භික‍්ඛවෙ, ආමන‍්තයාමි වො, වයධම‍්මා සඞ‍්ඛාරා, අප‍්පමාදෙන සම‍්පාදෙථා”ති (දී· නි· 2.218) වුත‍්තවචනං පච‍්ඡිමබුද‍්ධවචනං නාම.

යමහල් අතර වැදහොත්තා වූ සර්වඥයන් වහන්සේ විසින් පිරිනිවන් පානා සමයේදී ‘හන්‍දදානි භික්‍ඛවෙ ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ’ති - (මහණෙනි, දැන් වනාහි තෙපි අමතමි. සංස්කාරයෝ නැසෙන සුල්ලෝය. (එබැවින්) එළඹ සිටි සිහියෙන් (සියලු පැවිදි කිස) සම්පූර්ණ කරව්. යනුවෙන් වදාළ වචනය පශ්චිම බුද්ධ වචනය නමි.

උභින‍්නමන‍්තරෙ පඤ‍්චචත‍්තාලීස වස‍්සානි පුප‍්ඵදාමං ගන්‍ථෙන‍්තෙන විය, රතනාවලිං ආවුනන‍්තෙන විය, ච කථිතො අමතප‍්පකාසනො සද‍්ධම‍්මො මජ‍්ඣිමබුද‍්ධවචනං නාම.

මේ දේසනාතුර පන්සාළිස් වසක් මුළුල්ලෙහි මල්දමක් නොගන්නාක් මෙන් ද රත්නාවලියක් අමුනන්නාක් මෙන් ද දේශනා කරන ලද අමෘත ප්‍රකාශක වූ සද්ධර්මය මධ්‍යම බුද්ධ වචනය නම් වෙයි.

තං සබ‍්බම‍්පි සඞ‍්ගය‍්හමානං පිටකතො තීණි පිටකානි හොන‍්ති, නිකායතො පඤ‍්ච නිකායා, අඞ‍්ගතො නවඞ‍්ගානි, ධම‍්මක‍්ඛන්‍ධතො චතුරාසීතිධම‍්මක‍්ඛන්‍ධසහස‍්සානි. කථං? සබ‍්බම‍්පි හෙතං පිටකතො විනයපිටකං සුත‍්තන‍්තපිටකං අභිධම‍්මපිටකන‍්ති තිප‍්පභෙදමෙව හොති. තත්‍ථ උභයානි පාතිමොක‍්ඛානි ද‍්වෙ විභඞ‍්ගා ද‍්වාවීසති ඛන්‍ධකා සොළස පරිවාරාති ඉදං විනයපිටකං නාම. බ්‍රහ‍්මජාලාදිචතුත‍්තිංසසුත‍්තසඞ‍්ගහො දීඝනිකායො. මූලපරියායසුත‍්තාදිදියඩ‍්ඪසතද‍්වෙසුත‍්තසඞ‍්ගහො මජ‍්ඣිමනිකායො. ඔඝතරණසුත‍්තාදිසත‍්තසුත‍්තසහස‍්සසත‍්තසතද‍්වාසට‍්ඨිසුත‍්තසඞ‍්ගහො සංයුත‍්තනිකායො. චිත‍්තපරියාදානසුත‍්තාදිනවසුත‍්තසහස‍්සපඤ‍්චසතසත‍්තපඤ‍්ඤාසසුත‍්තසඞ‍්ගහො අඞ‍්ගුත‍්තරනිකායො. ඛුද‍්දකපාඨධම‍්මපදඋදානඉතිවුත‍්තකසුත‍්තනිපාතවිමානවත්‍ථුපෙතවත්‍ථුථෙරගාථාථෙරීගාථාජාතකනිද‍්දෙසපටිසම‍්භිදාඅපදානබුද‍්ධවංසචරියාපිටකවසෙන පන‍්නරසප‍්පභෙදො ඛුද‍්දකනිකායොති ඉදං සුත‍්තන‍්තපිටකං නාම. ධම‍්මසඞ‍්ගණීආදීනි සත‍්ත පකරණානි අභිධම‍්මපිටකං නාම. තත්‍ථ –

ඒ සියල්ලම සංග්‍රහ කරනු ලබනුයේ පිටක වශයෙන් තුන් පිටකයක් වෙයි. නිකාය වශයෙන් පංච තිකයෙකි. අංග වශයෙන් නවාංගයෙකි. ධර්මස්කන්‍ධ වශයෙන් ධර්මස්කන්‍ධ සුවාසූ දහසකි. කෙසේද යත්? මේ සියල්ලම වනාහි පිටක වශයෙන් විනය පිටකය සූත්‍රාන්ත පිටකය, අභිධර්ම පිටකය යැයි තෙවැදෑරුම්ම වෙයි. එහි උභය ප්‍රාතිමෝක්‍ෂය, විභංග දෙක, දෙවිසි ස්කන්‍ධ, සොළොස් පරිවාරදැයි යන මේවා විනය පිටකය නම් වේ. බ්‍රහ්මජාලා ආදී වූ චතුත්‍රිංශස් (තිස්හතර) සූත්‍ර සංග්‍රහය දීඝනිකායයි. මූලපරියාය සූත්‍රය ආදී එකසිය පණහක් වූ සුත්‍ර සංග්‍රහය මජ්ඣිම නිකායයි. ඕගතරණ සූත්‍රය ආදිකොට ඇති සූත්‍ර හත්දාස් හත්සිය හැටදෙකින් සමන්විත සූත්‍ර සංග්‍රහය සංයුත්ත නිකායයි. චිත්ත පරිදාන සූත්‍රය ආදිකොට ඇති සූත්‍ර නවදහස් පන්සිය පණස් හතකින් සමන්විත වූ සූත්‍ර සංග්‍රහය අංගුත්තර නිකායයි. ඛුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්‍ථු, පෙතවත්‍ථු, ථෙරගාථා, ථෙරීගාථා, ජාතක, නිද්දේස, පටිසම්භිදා, අපදාන, බුද්ධවංස, චරියාපිටක වශයෙන් වූ පසළොස් ප්‍රභේද ඇති සූත්‍රය සංග්‍රහ ඛුද්දක නිකාය යැයි යනුවෙන් මේ සූත්‍රාන්ත පිටකයයි. ධම්මසංගණි ආදී වූ සප්තප්‍රකරණ අභිධර්ම පිටකය නම් වේ. එහි :-

විවිධවිසෙසනයත‍්තා, විනයනතො චෙව කායවාචානං; විනයත්‍ථවිදූහි අයං, විනයො විනයොති අක‍්ඛාතො.

විවිධ විශේෂ නය ඇති හෙයින් ද කය වචනය දෙක හික්මවන හෙයින් ද විනයාර්ථ දන්නවුන් විසින් මේ විනය විනයමැයි කියන ලදී.

විවිධා හි එත්‍ථ පඤ‍්චවිධපාතිමොක‍්ඛුද‍්දෙසපාරාජිකාදිසත‍්තආපත‍්තික‍්ඛන්‍ධමාතිකාවිභඞ‍්ගාදිප‍්පභෙදා නයා විසෙසභූතා ච දළ‍්හීකම‍්මසිථිලකරණප‍්පයොජනා අනුපඤ‍්ඤත‍්තිනයා. කායිකවාචසිකඅජ‍්ඣාචාරනිසෙධනතො චෙස කායං වාචඤ‍්ච විනෙති. තස‍්මා විවිධනයත‍්තා විසෙසනයත‍්තා කායවාචානඤ‍්ච විනයනතො අයං විනයො විනයොති අක‍්ඛාතො. තෙනෙතමෙතස‍්ස වචනත්‍ථකොසල‍්ලත්‍ථං වුත‍්තං –

මෙහි විවිධ නම් පස් වැදෑරුම් පාමොක් උදෙසීම් පාරාජිකා ද සප්ත ආපත්ති ස්කන්‍ධ මාතික විභංග ප්‍රභේද ආදී නයයි. විශේෂ නම් දැඩි කර්ම ලිහිල් කිරිම ප්‍රයෝජන කොට ඇති අනුප්‍රඥප්ති නයයි. මෙය වනාහි කායික වාචසික අධි ආචාරයන් වළක්වන හෙයින් කයත් වචනයත් හික්මවයි. එහෙයින් විවිධ නය ඇති බැවින්, විශේෂ නය ඇති බැවින්, කාය වාග් දෙක හික්මවන හෙයින් ද මේ විනය, විනය යයි කියන ලදී. එහෙයින් මෙය මෙහි වචනාර්ථ කෞෂල්‍ය පිණිස කියන ලදී.

“විවිධවිසෙසනයත‍්තා , විනයනතො චෙව කායවාචානං; විනයත්‍ථවිදූහි අයං, විනයො විනයොති අක‍්ඛාතො”ති.

විවිධ විසෙසනයත්තා විනයනතො චෙව කායවාචානං විනයත්‍ථ විදූහි අයං විනයො විනයොති අක්‍ඛාහොති

ඉතරං පන –

අනෙකක් ද වනාහි :-

අත්‍ථානං සූචනතො, සුවුත‍්තතො සවනතොථ සූදනතො; සුත‍්තාණා සුත‍්තසභාගතො ච ‘සුත‍්ත’න‍්ති අක‍්ඛාතං.

අත්‍ථානං සූචනතො සුවුත්තතො සවනථො ථ සූදනතො සුත්තාණා සුත්ත සභාගතො ච සුත්තං සුත්තන්ති අකඛාතං

තඤ‍්හි අත‍්තත්‍ථපරත්‍ථාදිභෙදෙ අත්‍ථෙ සූචෙති. සුවුත‍්තා චෙත්‍ථ අත්‍ථා වෙනෙය්‍යජ‍්ඣාසයානුලොමෙන වුත‍්තත‍්තා. සවති චෙතං අත්‍ථෙ, සස‍්සමිව ඵලං, පසවතීති වුත‍්තං හොති. සූදති චෙතං, ධෙනු විය ඛීරං, පග‍්ඝරතීති වුත‍්තං හොති. සුට‍්ඨු ච නෙ තායති රක‍්ඛතීති වුත‍්තං හොති. සුත‍්තසභාගඤ‍්චෙතං. යථා හි තච‍්ඡකානං සුත‍්තං පමාණං හොති එවමෙතම‍්පි විඤ‍්ඤූනං. යථා ච සුත‍්තෙන සඞ‍්ගහිතානි පුප‍්ඵානි න විකිරියන‍්ති න විද‍්ධංසියන‍්ති එවමෙතෙන සඞ‍්ගහිතා අත්‍ථා. තෙනෙතමෙතස‍්ස වචනත්‍ථකොසල‍්ලත්‍ථං වුත‍්තං –

එය වනාහි ආත්මාර්ථ පරාර්ථ ආදී ප්‍රභේද ඇති අර්ථයන් ප්‍රකාශ කරයි. වෙනෙය්‍යයන්ගේ අදහසට අනුලොම්ව කියන ලද හෙයින් මෙහි අර්ථ මනාව කියන ලද්දේ ද වෙයි. මෙය සශ්‍ය ඵලයන් රැස්කරන්නාක් මෙන් අර්ථ රැස් කෙරේනුයි ‘පසවති’ යැයි කියන ලදි. ‘සූදනි’ යන මෙයද දෙන කිරි මෙන් (අර්ථ) වගුරුවයි යැයි කියන ලද්දේ වෙයි. ඒ අර්ථයන් මනාව පාලනය කරයි. රකී යැයි කියන ලද්දේ වෙයි. මෙය සූත්‍රයනට - නූලකට සමාන වන්නේ ද වෙයි. යම්සේ වඩුවන්ය. නූල ප්‍රමාණ වෙයි ද, නුවණැතියන්ට මෙයත් එසේමය. යම්සේ වනාහි නූලෙහි එක්රැස් කරන ලද - අමුණන ලද මල් නො විසිරේ ද, විනාශ නොවේ ද, එපරිද්දෙන් මෙයින් අර්ථ සංග්‍රහ කරන ලද්දේ වෙයි. එහෙයින් මෙහි වචන කෞශල්‍යය සඳහා (මෙය) කියන ලදී.

“අත්‍ථානං සූචනතො, සුවුත‍්තතො සවනතොථ සූදනතො; සුත‍්තාණා සුත‍්තසභාගතො ච සුත‍්තන‍්ති අක‍්ඛාත”න‍්ති.

අත්‍ථානං සූචනතො - සුවුත්තතො සවනනො ථ සුදන්තො සුත්තාණා සුත්ත සභාගතො ච සුතතං සුත්තන්ති අකඛාතං

(අර්ථ ප්‍රකාශ කරන නිසා ද, මනාව අර්ථ කියන ලද නිසා ද, අර්ථ රැස්කරන නිසා ද අර්ථ වගුරුවන නිසා ද මනාව පාලනය කරන නිසා ද සූත්‍රයක් - නූලක් හා සමාන නිසා ද සූත්‍රය, සූත්‍රය යැයි කියන ලදී.)

අභිධම‍්මස‍්ස වචනත්‍ථො වුත‍්තොයෙව. අපරො නයො –

අභිධර්මයේ වචනාර්ථ කියන ලද්දේමය. තවත් නයෙක් වෙයි.

යං එත්‍ථ වුඩ‍්ඪිමන‍්තො, සලක‍්ඛණා පූජිතා පරිච‍්ඡින‍්නා; වුත‍්තාධිකා ච ධම‍්මා, අභිධම‍්මො තෙන අක‍්ඛාතො.

මෙහි යමක් ඍද්ධිමත් ද, ලක්‍ෂණ සහිත ද, පූජිත ද පිරිසිඳින ලද ද අධික ධර්මය කියන ලද ද, එහෙයින් අභිධර්මය යැයි කියන ලදී:

අයඤ‍්හි අභිසද‍්දො වුඩ‍්ඪිලක‍්ඛණපූජිතපරිච‍්ඡින‍්නාධිකෙසු දිස‍්සති. තථා හෙස “බාළ‍්හා මෙ දුක‍්ඛා වෙදනා අභික‍්කමන‍්ති, නො පටික‍්කමන‍්තී”තිආදීසු (ම· නි· 3.384; සං· නි· 5.195) වුඩ‍්ඪියං ආගතො. “යා තා රත‍්තියො අභිඤ‍්ඤාතා අභිලක‍්ඛිතා”තිආදීසු (ම· නි· 1.49) ලක‍්ඛණෙ. “රාජාභිරාජා මනුජින්‍දො”තිආදීසු (ම· නි· 2.399; සු· නි· 558) පූජිතෙ. “පටිබලො විනෙතුං අභිධම‍්මෙ අභිවිනයෙ”තිආදීසු (මහාව· 85) පරිච‍්ඡින‍්නෙ; අඤ‍්ඤමඤ‍්ඤසඞ‍්කරවිරහිතෙ ධම‍්මෙ ච විනයෙ චාති වුත‍්තං හොති. “අභික‍්කන‍්තෙන වණ‍්ණෙනා”තිආදීසු (වි· ව· 75) අධිකෙ.

මේ අභිශබ්දය වනාහී වෘද්ධි, සලක්‍ෂණ, පූජිත, පරිච්ඡේද අධික යන අර්ථයන්හි දක්නා ලැබේ. ඒ මෙසේය. ‘බාළ්හා මෙ ආවුසො! දුක්‍ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති’ යන ආදියෙහි වෘද්ධියෙහි ආයේය. ‘යා තා රත්තියො අභිඤ්ඤතා අභිලක්‍ඛිතා’ යන ආදියෙහි සලක්‍ෂණායෙහිය. ‘රාජාභිරාජා මනුජින්‍දො’ යන ආදියෙහි පූජිතාර්ථයෙහිය. ‘පටිබලො විනෙතුං අභිධම්මෙ අභිවිනයෙ’ යන ආදියෙහි පිරිසිඳීමෙහිය. අන්‍යොන්‍ය සංඛාර (සම්මිශ්‍රණ) විරහිත ධර්මයෙහි හා විනයෙහි යැයි කියන ලද්දේ වෙයි. ‘අභික්කන්තෙ වණ්ණෙන’ යන ආදීන්හි අධිකයෙහිය.

එත්‍ථ ච “රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරතී”තිආදිනා (ධ· ස· 163 ආදයො) නයෙන වුඩ‍්ඪිමන‍්තොපි ධම‍්මා වුත‍්තා. “රූපාරම‍්මණං වා සද‍්දාරම‍්මණං වා”තිආදිනා (ධ· ස· 1) නයෙන ආරම‍්මණාදීහි ලක‍්ඛණීයත‍්තා සලක‍්ඛණාපි. “සෙක‍්ඛා ධම‍්මා, අසෙක‍්ඛා ධම‍්මා, ලොකුත‍්තරා ධම‍්මා”තිආදිනා (ධ· ස· තිකමාතිකා 11; දුකමාතිකා 12) නයෙන පූජිතාපි; පූජාරහාති අධිප‍්පායො. “ඵස‍්සො හොති, වෙදනා හොතී”තිආදිනා (ධ· ස· 1) නයෙන සභාවපරිච‍්ඡින‍්නත‍්තා පරිච‍්ඡින‍්නාපි. “මහග‍්ගතා ධම‍්මා, අප‍්පමාණා ධම‍්මා, අනුත‍්තරා ධම‍්මා”තිආදිනා (ධ· ස· තිකමාතිකා 12; දුකමාතිකා 99) නයෙන අධිකාපි ධම‍්මා වුත‍්තා. තෙනෙතමෙතස‍්ස වචනත්‍ථකොසල‍්ලත්‍ථං වුත‍්තං –

‘රූපූපපත්තියා මග්ගං භාවෙති මෙත්තා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති’ යන ආදී නයෙන් වෘද්ධිමත්හු ද ධර්මය යැයි කියන ලදී. ‘රුපාරම්මණං වා සද්දාරම්මණං වා’ යන ආදි නයින් අරමුණු ආදියෙහි ලක්‍ෂණියත්වය ඇති හෙයින් සලක්‍ෂණ ද ගැනේ. ‘සෙක්‍ඛා ධම්මා අසෙක්‍ඛා ධම්මා ලොකුත්තරා ධම්මා’ යන ආදී නයින් පූජිතධර්ම ගැනේ. පූපර්භ යනු අදහසයි. ‘ඵස්සො හොති වෙදනා හොති’ ආදී නයින් ස්වභාවය පිරිසිඳින ලද හෙයින් පිරිසිඳීම් ද ගැනේ. ‘මහග්ගතා ධම්මා අප්පමාණා ධම්මා අනුත්තරා ධම්මා’ යනාදී නයින් අධික ධර්මයෝ ද කියන ලදහ. එහෙයින් මෙහි වචනාර්ථ කෞශල්‍යය පිණිස කියන ලදී.

“යං එත්‍ථ වුඩ‍්ඪිමන‍්තො, සලක‍්ඛණා පූජිතා පරිච‍්ඡින‍්නා; වුත‍්තාධිකා ච ධම‍්මා, අභිධම‍්මො තෙන අක‍්ඛාතො”ති.

යම්හෙයකින් මෙහි වෘද්ධිමත් ධර්මය සලක්‍ෂණ ධර්ම පූජිත ධර්ම, පරිච්ජින්න ධර්ම, අධිකාර්ථ ධර්ම වේද එහෙයින් අභිධර්මය යැයි කියන ලදී.

යං පනෙත්‍ථ අවිසිට‍්ඨං, තං –

මෙහි වනාහි යමක් අවශේෂ වීද එය:

පිටකං පිටකත්‍ථවිදූ, පරියත‍්තිබ‍්භාජනත්‍ථතො ආහු; තෙන සමොධානෙත්‍වා, තයොපි විනයාදයො ඤෙය්‍යා.

පිටකාර්ථයන් දන්නා ආචාර්යවරු පර්යාප්ති භාජන අර්ථ වශයෙන් යමක් පිටක යැයි කීවාහු ද එයත් සමග සමෝධානය කොට විනය ආදී ත්‍රිපිටකයම දතයුතුයි.

පරියත‍්තිපි හි “මා පිටකසම‍්පදානෙනා”තිආදීසු (අ· නි· 3.66) පිටකන‍්ති වුච‍්චති. “අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය කුදාලපිටකංආදායා”තිආදීසු (ම· නි· 1.228; අ· නි· 3.70) යංකිඤ‍්චි භාජනම‍්පි. තස‍්මා පිටකං පිටකත්‍ථවිදූ පරියත‍්තිභාජනත්‍ථතො ආහු.

පර්යාප්තිය ද ‘මා පිටක සම්පදානෙන’ යන ආදීන්හි පිටකයැයි කියනු ලැබේ. ‘අථ පුරිසො ආගච්ඡෙය්‍ය කුද්දාල පිටකං ආදාය’ යන ආදීන්හි යම්කිසි භාජනය ද ගැනේ. එහෙයින් පිටකාර්ථ දන්නෝ පර්යාප්ති භාජන යන අර්ථ වශයෙන් කීහ.

ඉදානි තෙන සමොධානෙත්‍වා තයොපි විනයාදයො ඤෙය්‍යාති. තෙන එවං දුවිධත්‍ථෙන පිටකසද‍්දෙන සහ සමාසං කත්‍වා විනයො ච සො පිටකඤ‍්ච පරියත‍්තිභාවතො, තස‍්ස තස‍්ස අත්‍ථස‍්ස භාජනතො චාති විනයපිටකං. යථාවුත‍්තෙනෙව නයෙන සුත‍්තන‍්තඤ‍්ච තං පිටකඤ‍්චාති සුත‍්තන‍්තපිටකං. අභිධම‍්මො ච සො පිටකඤ‍්චාති අභිධම‍්මපිටකන‍්ති එවමෙතෙ තයොපි විනයාදයො ඤෙය්‍යා.

දැන් එය හා සමෝධානය කොට විනයාදි පිටක තුන දතයුතුයි යනුයි. එහෙයින් මෙසේ දෙවැදෑරුම් අර්ථ ඇති පිටක ශබ්දය සමග සමාස කොට විනය වූයේත් එම පිටක වූයේත් එම යැයි පර්යාප්ති වශයෙන් ද ඒ ඒ අර්ථයට භාජන වන හෙයින්දැයි = විනය පිටක නමි. කියන ලද ක්‍රමය අනුවම ‘සුත්තඤ්ච තං පිටකඤ්චානි සුත්ත පිටකං (සූත්‍ර වූයේත් එම පිටක වූයේත් එම නුයි සූත්‍ර පිටක නමි.) ‘අභිධම්මො ච සො පිටකං චා ති අභිධම්මං පිටකං’ (අභිධර්ම වූයේත් එම පිටක වූයේත් එම නුයි අභිධර්ම පිටක නමි.) යැයි මෙසේ මේ විනය ආදී තුන්පිටකයම දතයුතුයි.

එවං ඤත්‍වා ච පුනපි තෙස‍්වෙව පිටකෙසු නානප‍්පකාරකොසල‍්ලත්‍ථං –

මෙසේ දැන ද වනාහි ඒ පිටකයන්හි නානාප්‍රකාර කෞශල්‍යය සඳහා ඒවා අතුරෙන් ආණා වෝහාරාදි දේශනා, යථාපරාධ ආදී සායනා, සංවරා සංවර ආදී කථා, භේද, ශික්‍ෂා ප්‍රහාණ, ගම්භීක්‍ෂාව යන මේවා සුදුසු පරිදි දක්වන්නේය.

දෙසනාසාසනකථාභෙදං තෙසු යථාරහං; සික‍්ඛාපහානගම‍්භීරභාවඤ‍්ච පරිදීපයෙ.

පරියත‍්තිභෙදං සම‍්පත‍්තිං, විපත‍්තිඤ‍්චාපි යං යහිං; පාපුණාති යථා භික‍්ඛු, තම‍්පි සබ‍්බං විභාවයෙ.

පර්යාපති භේදය යන තැනකදී භික්‍ෂුව යම් සම්පත්තියකට විපත්තියකට පැමිණේ ද ඒ සියල්ල ද (මෙහි) දැක්වෙන්නේය.

තත්‍රායං පරිදීපනා විභාවනා ච – එතානි හි තීණි පිටකානි යථාක‍්කමං ආණාවොහාරපරමත්‍ථදෙසනා, යථාපරාධයථානුලොමයථාධම‍්මසාසනානි, සංවරාසංවරදිට‍්ඨිවිනිවෙඨනනාමරූපපරිච‍්ඡෙදකථාති ච වුච‍්චන‍්ති.

මේ එහි දැක්වීම හා විස්තර කිරීමය. මේ තුන්පිටකය යථානුලෝම, යථාධම්ම යන මේවා සාසනය, සංවරා සංවර දිට්ඨි විනිවෙස්න, නාමරූප පරිච්ඡේද යන මේ කථායැයි කියනු ලැබේ.

එත්‍ථ හි විනයපිටකං ආණාරහෙන භගවතා ආණාබාහුල‍්ලතො දෙසිතත‍්තා ආණාදෙසනා; සුත‍්තන‍්තපිටකං වොහාරකුසලෙන භගවතා වොහාරබාහුල‍්ලතො දෙසිතත‍්තා වොහාරදෙසනා; අභිධම‍්මපිටකං පරමත්‍ථකුසලෙන භගවතා පරමත්‍ථබාහුල‍්ලතො දෙසිතත‍්තා පරමත්‍ථදෙසනාති වුච‍්චති.

මෙහි විනය පිටකය ආණාරහ බුදුන් විසින් ආණ බහුල වශයෙන් දෙසූ හෙයින් ආණා දේසනාය, සූත්‍රාන්ත පිටකය ව්‍යවහාර කුශල වූ බුදුන් විසින් ව්‍යවහාර බහුල වශයෙන් දෙසූ හෙයින් වෝහාර දේසනාය. අභිධර්මය පරමාර්ථ කුශල වූ බුදුන් විසින් පරමාර්ථ බහුල වශයෙන් දෙසූ හෙයින් පරමාර්ථ දේශනා යැයි කියනු ලැබේ.

තථා පඨමං යෙ තෙ පචුරාපරාධා සත‍්තා තෙ යථාපරාධං එත්‍ථ සාසිතාති යථාපරාධසාසනං; දුතියං අනෙකජ‍්ඣාසයානුසයචරියාධිමුත‍්තිකා සත‍්තා යථානුලොමං එත්‍ථ සාසිතාති යථානුලොමසාසනං; තතියං ධම‍්මපුඤ‍්ජමත‍්තෙ ‘අහං මමා’ති සඤ‍්ඤිනො සත‍්තා යථාධම‍්මං එත්‍ථ සාසිතාති යථාධම‍්මසාසනන‍්ති වුච‍්චති.

එසේම පළමුව යම් ඒ බොහෝ අපරාධ ඇති සත්ත්වයෝ වෙත් ද ඔවුහු අපරාධය පරිදි මෙහිදී අනුශාසනා කරන ලදහයි = යථාපරාධ සාසනයි. දෙවනුව, නොයෙක් අදහස්, අනුසය, චරියා ඇති සත්ත්වයෝ අනුපිළිවෙළින් මෙහි අනුසාසන කරන ලදහයි = යථානුලෝම සාසනයි. තෙවනුව, ධර්ම පුඤ්ජ මාත්‍රයෙක මමය මාගේය යන සංඥා ඇති සත්ත්වයෝ ධර්මය අනුව මෙහිදී අනුශාසනා කරන ලදහයි = යථාධම්ම සාසන යැයි කියනු ලැබේ.

තථා පඨමං අජ‍්ඣාචාරපටිපක‍්ඛභූතො සංවරාසංවරො එත්‍ථ කථිතොති සංවරාසංවරකථා; සංවරාසංවරොති ඛුද‍්දකො චෙව මහන‍්තො ච සංවරාසංවරො, කම‍්මාකම‍්මං විය ච ඵලාඵලං විය ච; දුතියං ද‍්වාසට‍්ඨිදිට‍්ඨිපටිපක‍්ඛභූතා දිට‍්ඨිවිනිවෙඨනා එත්‍ථ කථිතාති දිට‍්ඨිවිනිවෙඨනකථා; තතියං රාගාදිපටිපක‍්ඛභූතො නාමරූපපරිච‍්ඡෙදො එත්‍ථ කථිතොති නාමරූපපරිච‍්ඡෙදකථාති වුච‍්චති.

එසේම පළමුව, අධිආචාරය (ඉක්මවා හැසිරීම්) ප්‍රතිපක්‍ෂ වූ සංවරාසංවර මෙහි කියන ලදැයි = සංවරා සංවර කථායි. සංවරාසංවර යනු කුඩා වූද මහත් වූද සංවරා සංවරයි. කම්මා කම්ම - ඵලාඵල මෙනි. දෙවනුව දෙසැට දෘෂ්ටීන්ට ප්‍රතිපක්‍ෂ වූ දෘෂ්ටි විනිශ්චය නය (දෘෂ්ටි ලිහීම) මෙහි කියන ලදැයි දිට්ඨි විනිවෙඨන කථායි. තෙවනුව, රාගාදීන්ට ප්‍රතිපක්‍ෂ වූ නාමරූප පරිච්ඡේදය මෙහි කියන ලදැයි = නාමරූප පරිච්ඡේද කථා යැයි කියනු ලැබේ.

තීසුපි චෙතෙසු තිස‍්සො සික‍්ඛා තීණි පහානානි චතුබ‍්බිධො ච ගම‍්භීරභාවො වෙදිතබ‍්බො. තථා හි විනයපිටකෙ විසෙසෙන අධිසීලසික‍්ඛා වුත‍්තා, සුත‍්තන‍්තපිටකෙ අධිචිත‍්තසික‍්ඛා, අභිධම‍්මපිටකෙ අධිපඤ‍්ඤාසික‍්ඛා.

මේ තුනෙහිදීම ත්‍රිවිධ ශික්‍ෂා, ත්‍රිවිධ ප්‍රහාණ, චතුර්විධ ගම්භීර භාවය ද දතයුතුයි. ඒ එසේමැයි. විනය පිටකයෙහි විශේෂයෙන් අධිශීල ශික්‍ෂාව කියන ලදී. සූත්‍රාන්ත පිටකයෙහි අධිචිත්ත ශික්‍ෂාව කියන ලදී. අභිධර්ම පිටකයෙහි අධිප්‍රඥා ශික්‍ෂාව කියන ලදී.

විනයපිටකෙ ච වීතික‍්කමප‍්පහානං , කිලෙසානං වීතික‍්කමපටිපක‍්ඛත‍්තා සීලස‍්ස; සුත‍්තන‍්තපිටකෙ පරියුට‍්ඨානප‍්පහානං, පරියුට‍්ඨානපටිපක‍්ඛත‍්තා සමාධිස‍්ස; අභිධම‍්මපිටකෙ අනුසයප‍්පහානං, අනුසයපටිපක‍්ඛත‍්තා පඤ‍්ඤාය.

විනය පිටකයෙහි ව්‍යතික්‍රමණ ප්‍රහාණිය නම් කෙලෙසුන්ගේ ව්‍යතික්‍රමණය ශීලයට ප්‍රතිපක්‍ෂ බැවිනි. සූත්‍රාන්ත පිටකයෙහි පරියුට්ඨාන (කෙලෙසුන්ගේ නැගිටීම) ප්‍රහාණිය නම් පරියුට්ඨානය සමාධියට ප්‍රතිපක්‍ෂ බැවිනි. අභිධර්ම පිටකයෙහි අනුසය ප්‍රහාණිය නම් අනුසය ප්‍රඥාවට ප්‍රතිපක්‍ෂ බැවිනි.

පඨමෙ ච තදඞ‍්ගප‍්පහානං කිලෙසානං, ඉතරෙසු වික‍්ඛම‍්භනසමුච‍්ඡෙදප‍්පහානානි. පඨමෙ ච දුච‍්චරිතසංකිලෙසස‍්ස පහානං, ඉතරෙසු තණ‍්හාදිට‍්ඨිසංකිලෙසානං පහානං.

පළමුවැන්නෙහි කෙලෙසුන්ගේ තදංග ප්‍රහාණයයි. අනෙක් දෙකෙහි විෂ්කම්භන සමුච්ඡේද ප්‍රහාණයෝයි. පළමුවැන්නෙහි දුශ්චරිත සංක්ලේශයාගේ ප්‍රහාණයයි.

එකමෙකස‍්මිඤ‍්චෙත්‍ථ චතුබ‍්බිධොපි ධම‍්මත්‍ථදෙසනාපටිවෙධගම‍්භීරභාවො වෙදිතබ‍්බො – තත්‍ථ ධම‍්මොති තන‍්ති. අත්‍ථොති තස‍්සායෙවත්‍ථො. දෙසනාති තස‍්සා මනසා වවත්‍ථාපිතාය තන‍්තියා දෙසනා. පටිවෙධොති තන‍්තියා තන‍්තිඅත්‍ථස‍්ස ච යථාභූතාවබොධො. තීසුපි චෙතෙසු එතෙ ධම‍්මත්‍ථදෙසනාපටිවෙධා. යස‍්මා සසාදීහි විය මහාසමුද‍්දො මන්‍දබුද‍්ධීහි දුක‍්ඛොගාහා අලබ‍්භනෙය්‍යපතිට‍්ඨා ච තස‍්මා ගම‍්භීරා. එවං එකමෙකස‍්මිං එත්‍ථ චතුබ‍්බිධොපි ගම‍්භීරභාවො වෙදිතබ‍්බො.

මෙහි එකිනෙකෙහි ද චතුර්විධ වූ ධර්ම - අර්ථ - දේශනා - ප්‍රතිවේධ ගම්භීරභාවද දතයුතුයි. එහි ධර්ම නම් පෙළයි. අර්ථ නම් එහිම අර්ථයයි. දේශනා නම් මනසින් ව්‍යවස්ථාපනය කරන ලද ඒ පෙළ දේශනා කිරීමයි. ප්‍රතිවේධ නම් පෙළෙහි ද පෙළේ අර්ථයෙහි ද යථාභූත අවබෝධයයි. මේ තුනෙහිම මෙකී ධර්ම - අර්ථ - දේශනා - ප්‍රතිවේධ යන මේවා යන ආදීන් විසින් මහා සමුද්‍රය මෙන් මන්දබුද්ධිකයන් විසින් බැසගත නො හැක්කේය. නො ලැබිය හැකි ප්‍රතිෂ්ඨා ඇත්තේය. එහෙයින් ගැඹුරුය. මෙසේ මෙහි එකිනෙකෙහි චතුර්විධ ගාම්භීරභාවය දතයුතුයි.

අපරො නයො – ධම‍්මොති හෙතු. වුත‍්තඤ‍්හෙතං – “හෙතුම‍්හි ඤාණං ධම‍්මපටිසම‍්භිදා”ති (විභ· 720). අත්‍ථොති හෙතුඵලං. වුත‍්තඤ‍්හෙතං – “හෙතුඵලෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා”ති (විභ· 720). දෙසනාති පඤ‍්ඤත‍්ති, යථාධම‍්මං ධම‍්මාභිලාපොති අධිප‍්පායො; අනුලොමපටිලොමසඞ‍්ඛෙපවිත්‍ථාරාදිවසෙන වා කථනං. පටිවෙධොති අභිසමයො. සො ච ලොකියලොකුත‍්තරො. විසයතො ච අසම‍්මොහතො ච; අත්‍ථානුරූපං ධම‍්මෙසු, ධම‍්මානුරූපං අත්‍ථෙසු, පඤ‍්ඤත‍්තිපථානුරූපං පඤ‍්ඤත‍්තීසු අවබොධො. තෙසං තෙසං වා තත්‍ථ තත්‍ථ වුත‍්තධම‍්මානං පටිවිජ‍්ඣිතබ‍්බො සලක‍්ඛණසඞ‍්ඛාතො අවිපරීතසභාවො.

තවත් නයෙකි. ධර්මය නම් හේතුවයි. මෙය කියන ලද්දේමය. ‘හෙතුම්හි ඤාණං ධම්ම පටිසම්භිදානි’ හේතුවෙහි ඤාණය ධම්ම පටිසම්භිදා යනුයි. අර්ථය නම් හේතුඵලයයි. මෙය කියන ලද්දේමය. ‘හෙතුඵලෙ ඤාණං අත්‍ථපටිසම්භිදා’ති, හේතුඵලයෙහි ඤාණය අත්‍ථපටිසම්භිදා යනුයි. දේසනා නම් පඤ්ඤත්තියයි. අනුලෝම, ප්‍රතිලෝම සංක්‍ෂේප විස්තර ආදී වශයන් හෝ කීමයි. ප්‍රතිවේධ යනු අභිසමයයි. එය ද ලෞකික ලෝකෝත්තර වේ. විෂය වශයෙන් ද ධර්මයට අනුවද පැණවීම (දේසනා හැරීම) සුදුසු පරිදි කරන ලද ප්‍රඥප්තීන්හි (ධර්මයන්හි) අවබෝධය ද, ඒ ඒ හෝ ඒ ඒ තැන්හි කියන ලද ධර්මයන්ගේ ප්‍රතිවේධ කළයුතු වූ සලක්‍ෂණ නම් වූ අවිපරීත ස්වභාවයයි.

ඉදානි යස‍්මා එතෙසු පිටකෙසු යං යං ධම‍්මජාතං වා අත්‍ථජාතං වා යා චායං යථා යථා ඤාපෙතබ‍්බො අත්‍ථො සොතූනං ඤාණස‍්ස අභිමුඛො හොති තථා තථා තදත්‍ථජොතිකා දෙසනා, යො චෙත්‍ථ අවිපරීතාවබොධසඞ‍්ඛාතො පටිවෙධො තෙසං තෙසං වා ධම‍්මානං පටිවිජ‍්ඣිතබ‍්බො සලක‍්ඛණසඞ‍්ඛාතො අවිපරීතසභාවො – සබ‍්බම‍්පෙතං අනුපචිතකුසලසම‍්භාරෙහි දුප‍්පඤ‍්ඤෙහි, සසාදීහි විය මහාසමුද‍්දො, දුක‍්ඛොගාහං අලබ‍්භනෙය්‍යපතිට‍්ඨඤ‍්ච, තස‍්මා ගම‍්භීරං. එවම‍්පි එකමෙකස‍්මිං එත්‍ථ චතුබ‍්බිධොපි ගම‍්භීරභාවො වෙදිතබ‍්බො. එත‍්තාවතා ච –

දැන් යම්හෙයකින් මේ පිටකයන්හි යම් යම් ධර්ම සමූහයක් හෝ අර්ථ සමූහයක් වේද, යම් යම් අයුරෙකින් දැන්විය යුතු අර්ථයක් වේද, එය අසන්නවුන්ගේ ඤණයට අභිමුඛ වේද, ඒ ඒ අයුරින් ඒ ඒ අර්ථය බබළවන දේශනයක් වේද, මෙහි අවිපරිත අවබෝධය නම් වූ යම් ප්‍රතිවේධයක් වේද, ඒ ඒ ධර්මයන්ගේ හෝ ප්‍රතිවේධ කරගත යුතු වූ සලක්‍ෂණ නම් වූ අවිපරීත ස්වභාවයක් වේද, මේ සියල්ල රැස් නොකරන ලද කුසල සම්භාරයක් ඇති අඥානය විසින් යන ආදීන් විසින් මහා සමුද්‍රය මෙන් බැසගත නොහැක්කේ ද, ප්‍රතිෂ්ඨා නැත්තේ ද වෙයි. එහෙයින් ගැඹුරුය. මෙහි ද එකිනෙකෙහි සිව්වැදෑරුම් ගැඹුරු බව දතයුතුයි. මෙපමණකින් ද:-

දෙසනාසාසනකථාභෙදං තෙසු යථාරහං; සික‍්ඛාපහානගම‍්භීරභාවඤ‍්ච පරිදීපයෙති –

දෙසනා සාසන කථා භෙදං තෙසු යථාරහං සික්‍ඛාප්පහාණ ගමභීර භාවඤ්ච පරිදීපයෙ

අයං ගාථා වුත‍්තත්‍ථා හොති.

මෙසේ මේ ගාථාව කියන ලද අර්ථ ඇත්තේ වෙයි.

පරියත‍්තිභෙදං සම‍්පත‍්තිං, විපත‍්තිඤ‍්චාපි යං යහිං; පාපුණාති යථා භික‍්ඛු, තම‍්පි සබ‍්බං විභාවයෙති.

පරියත්ති භෙදං සම්පත්තිං විපත්තිඤ්චාපි යං යහිං පාපුණාති යථා භික්‍ඛු තම්පි සබ්බං විභාවයෙති

එත්‍ථ පන තීසු පිටකෙසු තිවිධො පරියත‍්තිභෙදො දට‍්ඨබ‍්බො. තිස‍්සො හි පරියත‍්තියො – අලගද‍්දූපමා නිස‍්සරණත්‍ථා භණ‍්ඩාගාරිකපරියත‍්තීති.

මෙහි වනාහි තුන් පිටකයන්හි ත්‍රිවිධ පර්යාප්ති භේදය දතයුතුයි. පරියාප්ති වනාහි තුනෙකි. ‘නිවන අර්ථකොට ඇති අලගද්දූපමාව භාණ්ඩාගාරික පර්යාප්තියයි’

තත්‍ථ යා දුග‍්ගහිතා උපාරම‍්භාදිහෙතු පරියාපුටා අයං අලගද‍්දූපමා. යං සන්‍ධාය වුත‍්තං – “සෙය්‍යථාපි, භික‍්ඛවෙ, පුරිසො අලගද‍්දත්‍ථිකො අලගද‍්දගවෙසී අලගද‍්දපරියෙසනං චරමානො, සො පස‍්සෙය්‍ය මහන‍්තං අලගද‍්දං, තමෙනං භොගෙ වා නඞ‍්ගුට‍්ඨෙ වා ගණ‍්හෙය්‍ය, තස‍්ස සො අලගද‍්දො පටිපරිවත‍්තිත්‍වා හත්‍ථෙ වා බාහාය වා අඤ‍්ඤතරස‍්මිං වා අඞ‍්ගපච‍්චඞ‍්ගෙ ඩංසෙය්‍ය, සො තතො නිදානං මරණං වා නිගච‍්ඡෙය්‍ය මරණමත‍්තං වා දුක‍්ඛං. තං කිස‍්ස හෙතු? දුග‍්ගහිතත‍්තා, භික‍්ඛවෙ, අලගද‍්දස‍්ස. එවමෙව ඛො, භික‍්ඛවෙ, ඉධෙකච‍්චෙ මොඝපුරිසා ධම‍්මං පරියාපුණන‍්ති සුත‍්තං…පෙ… වෙදල‍්ලං, තෙ තං ධම‍්මං පරියාපුණිත්‍වා තෙසං ධම‍්මානං පඤ‍්ඤාය අත්‍ථං න උපපරික‍්ඛන‍්ති, තෙසං තෙ ධම‍්මා පඤ‍්ඤාය අත්‍ථං අනුපපරික‍්ඛතං න නිජ‍්ඣානං ඛමන‍්ති, තෙ උපාරම‍්භානිසංසා චෙව ධම‍්මං පරියාපුණන‍්ති ඉතිවාදප‍්පමොක‍්ඛානිසංසා ච. යස‍්ස චත්‍ථාය ධම‍්මං පරියාපුණන‍්ති තඤ‍්චස‍්ස අත්‍ථං නානුභොන‍්ති. තෙසං තෙ ධම‍්මා දුග‍්ගහිතා දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු? දුග‍්ගහිතත‍්තා, භික‍්ඛවෙ, ධම‍්මාන”න‍්ති (ම· නි· 1.238).

යන එහි වරදවා ගන්නා ලද යම් පරවාදයෙහි දොස් නැගීම ආදී හේතු ප්‍රගුණ කරන ලද ද? (උගන්නා ලදද) මේ අලගද්දූපමාව ඒ සඳහා කියන ලදී. ‘මහණෙනි, සර්පයන්ගෙන් ප්‍රයෝජන ඇති සර්පයන් සොයන්නා වූ සර්පයන් සෙවීමෙහි යෙදුණා වූ පුරුෂයෙක් යම් සේ වේද, හෙතෙම මහත් සර්පයකු දක්නේය. ඒ සර්පයා දරණයෙන් හෝ නඟුටෙන් හෝ අල්ලා ගන්නේය. ඒ සර්පයා ආපසු හැරී ඔහුගේ අත හෝ බාහුව හෝ අන් අඟපසඟයෙන් හෝ දෂ්ට කරන්නේය. හෙතෙම ඒ හේතුවෙන් මරණයට හෝ මරණය පමණ වූ දුකකට හෝ පැමිණෙයි. ඒ කවර හෙයින්ද යත්, මහණෙනි, සර්පයා වැරදි ලෙස ගත් හෙයිනි. මහණෙනි, එපරිද්දෙන්ම මේ මේ සාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර -පෙ- වේදල්ල යන මේ ධර්ම උගනිත්. ඔවුහු ඒ ධර්ම උගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවණින් පරික්‍ෂා නො කරත්. නුවණින් අර්ථය පරීක්‍ෂා නොකරන ඔවුන්ට ධර්මයෝ නො වැටහෙත්. ඔවුහු පරවාදයෙහි දොස් නැගීම අනුසස් කොට ඇත්තාහු ද, මෙසේ වාදයෙන් මිදෙමුයි යන්න ප්‍රයෝජන කොට ඇත්තාහු ද ධර්මය උගනිත්. යමක් සඳහා ධර්මය උගනිත් නම්, ඒ අර්ථය ද නොලබත්. වරදවා ගන්නා ලද ඒ ධර්මයෝ ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිත්. ඒ කවර හෙයින් ද යත්? මහණෙනි, ධර්මය වරදවා උගත් හෙයිනි’ යනුයි.

යා පන සුග‍්ගහිතා සීලක‍්ඛන්‍ධාදිපාරිපූරිංයෙව ආකඞ‍්ඛමානෙන පරියාපුටා න උපාරම‍්භාදිහෙතු, අයං නිස‍්සරණත්‍ථා. යං සන්‍ධාය වුත‍්තං – “තෙසං තෙ ධම‍්මා සුග‍්ගහිතා දීඝරත‍්තං හිතාය සුඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු? සුග‍්ගහිතත‍්තා, භික‍්ඛවෙ, ධම‍්මාන”න‍්ති (ම· නි· 1.239).

යමක් වනාහි නොව ඉගෙන ගන්නා ලද්දේ ද? ශීලස්කන්ධාදිය සම්පූර්ණ කිරිම බලාපොරොත්තුවෙන් උගන්නා ලද ද? පරවාදයෙහි දොස් නැගීම් හේතුවෙන් නොවේ ද? මෙය නිවන ප්‍රයෝජන කොට ඇත්තේය. එය සඳහාම කියන ලදී. ‘මනාව උගත් ඔවුන්ගේ ඒ ධර්මයෝ බොහෝ කලක් හිත පිණිස, සුව පිණිස පවතිත්. ඊට හේතු කවරේ ද? යත්? මහණෙනි, ධර්මයන් මනාව උගත් හෙයිනි’ යනුයි.

යං පන පරිඤ‍්ඤාතක‍්ඛන්‍ධො පහීනකිලෙසො භාවිතමග‍්ගො පටිවිද‍්ධාකුප‍්පො සච‍්ඡිකතනිරොධො ඛීණාසවො කෙවලං පවෙණිපාලනත්‍ථාය වංසානුරක‍්ඛණත්‍ථාය පරියාපුණාති, අයං භණ‍්ඩාගාරිකපරියත‍්තීති.

පිරිසිඳ දන්නා ලද පංච ස්කන්‍ධයන් ඇති, කෙලෙස් ප්‍රහීණ කළ, වඩනා ලද සිවුමග ඇති ප්‍රතිවිරුද්ධ කෙලෙසුන්ගෙන් වෙනස් නොවන සාක්‍ෂාත් කළ නිවන් ඇති යම්බඳු ඒ රහතන් වහන්සේ හුදෙක් ප්‍රවේණි පාලනය පිණිස, වංශය ආරක්‍ෂා කිරීම පිණිස උගනී. මේ භාණ්ඩාගාරික පර්යාපතියයි යනුයි.

විනයෙ පන සුප‍්පටිපන‍්නො භික‍්ඛු සීලසම‍්පදං නිස‍්සාය තිස‍්සො විජ‍්ජා පාපුණාති, තාසංයෙව ච තත්‍ථ පභෙදවචනතො. සුත‍්තෙ සුප‍්පටිපන‍්නො සමාධිසම‍්පදං නිස‍්සාය ඡළභිඤ‍්ඤා පාපුණාති, තාසංයෙව ච තත්‍ථ පභෙදවචනතො. අභිධම‍්මෙ සුප‍්පටිපන‍්නො පඤ‍්ඤාසම‍්පදං නිස‍්සාය චතස‍්සො පටිසම‍්භිදා පාපුණාති තාසඤ‍්ච තත්‍ථෙව පභෙදවචනතො. එවමෙතෙසු සුප‍්පටිපන‍්නො යථාක‍්කමෙන ඉමං විජ‍්ජාත‍්තයඡළභිඤ‍්ඤාචතුපටිසම‍්භිදාප‍්පභෙදං සම‍්පත‍්තිං පාපුණාති.

විනයෙහි වනාහි මනාව පිළිපන් භික්‍ෂුව සීල සම්පත්තිය නිසා ත්‍රිවිද්‍යාවන්ට පැමිණේ. ඒ ත්‍රිවිද්‍යාවන්ගේ ද එහි ප්‍රභේද වචනයන්ගේ ද වශයෙනි. සූත්‍රයෙහි මනාව පිළිපන්නේ සමාධි සම්පත්තිය නිසා ෂට් අභිඥාවන්ට පැමිණේ. ඒ ෂට් අභිඥාවන්ගේ ද එහි ප්‍රභේද වචන වශයෙනි. අභිධර්මයෙහි මනාව පිළිපන්නේ ප්‍රඥා සම්පත්තිය නිසා සිව්පිළිසිඹියාවට පැමිණේ. එකී සිපිළිසිඹියාවන්ගේ ද එහි ප්‍රභේද වචන ද වශයෙනි. මෙසේ විනය සූත්‍ර අභිධර්මයන්හි මනාව පිළිපන්නේ පිළිවෙළින් මේ ත්‍රිවිද අභිඥා, සිව් පිළිසිඹියා යන ප්‍රභේද ඇති සම්පත්තියට පැමිණේ.

විනයෙ පන දුප‍්පටිපන‍්නො අනුඤ‍්ඤාතසුඛසම‍්ඵස‍්සඅත්‍ථරණපාවුරණාදිඵස‍්සසාමඤ‍්ඤතො පටික‍්ඛිත‍්තෙසු උපාදින‍්නකඵස‍්සාදීසු අනවජ‍්ජසඤ‍්ඤී හොති. වුත‍්තඤ‍්හෙතං – “තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායා”ති (පාචි· 417; ම· නි· 1.234). තතො දුස‍්සීලභාවං පාපුණාති. සුත‍්තෙ දුප‍්පටිපන‍්නො “චත‍්තාරොමෙ, භික‍්ඛවෙ, පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මි”න‍්තිආදීසු (අ· නි· 4.5) අධිප‍්පායං අජානන‍්තො දුග‍්ගහිතං ගණ‍්හාති. යං සන්‍ධාය වුත‍්තං – “අත‍්තනා දුග‍්ගහිතෙන අම‍්හෙ චෙව අබ‍්භාචික‍්ඛති අත‍්තානඤ‍්ච ඛනති බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවතී”ති (පාචි· 417; ම· නි· 1.236). තතො මිච‍්ඡාදිට‍්ඨිතං පාපුණාති. අභිධම‍්මෙ දුප‍්පටිපන‍්නො ධම‍්මචින‍්තං අතිධාවන‍්තො අචින‍්තෙය්‍යානිපි චින‍්තෙති, තතො චිත‍්තක‍්ඛෙපං පාපුණාති. වුත‍්තඤ‍්හෙතං – “චත‍්තාරිමානි, භික‍්ඛවෙ, අචින‍්තෙය්‍යානි, න චින‍්තෙතබ‍්බානි, යානි චින‍්තෙන‍්තො උම‍්මාදස‍්ස විඝාතස‍්ස භාගී අස‍්සා”ති (අ· නි· 4.77). එවමෙතෙසු දුප‍්පටිපන‍්නො යථාක‍්කමෙන ඉමං දුස‍්සීලභාවමිච‍්ඡාදිට‍්ඨිතාචිත‍්තක‍්ඛෙපප‍්පභෙදං විපත‍්තිං පාපුණාතීති. එත‍්තාවතා ච –

විනයෙහි වනාහි වැරදි ලෙස පිළිපන් නො අනුදත් සුවපහස් ඇතිරිලි ප්‍රතික්‍ෂේප කරන ලද දැඩිව ගන්නා ලද ස්පර්ශාදියෙහි අනවද්‍ය සංඥා ඇත්තේ වෙයි. මෙය කියන ලද්දේ ද වෙයි. ‘යම් අන්තරායකර ධර්ම කෙනෙක් අන්තරායකරහයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු නම් ඒ ධර්මයෝ සේවනය කරන්නා හට යම්සේ අන්තරාය පිණිස අසමර්ථය ද මම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ඒ ධර්මය එසේ දනිමි’යි එයින් දුශ්ශීලභාවයට පැමිණෙයි. සූත්‍රයෙහි වැරදි ලෙස පිළිපන්නේ ‘මහණෙනි, ලෝකයෙහි මෙබඳු පුද්ගලයෝ සතරදෙනෙක් විද්‍යමාන වෙත්’ ආදියෙහි අදහස නොදන්නේ වැරදි දෘෂ්ටියක් ගනි. “තමා විසින් ගන්නා ලද මිථ්‍යාදෘෂ්ටියෙන් අප ද අභිබවා කියයි. තමා ද ගුණයෙන් සාරා දමයි. බොහෝ අකුසල් ද රැස් කරයි” යන මෙය ඒ සඳහා වදාරන ලදී. එයින් මිථ්‍යාදෘෂ්ටි බවට පැමිණෙයි. අභිධර්මයෙහි වැරදි ලෙස පිළිපන්නේ දහම් සිත අතිධාවනය කරන්නේ නොසිතිය යුතු දේ ද සිතයි. එයින් සිතේ කැළඹීමට පත්වෙයි. මෙය ද වදාරන ලදී. ‘මහණෙනි, යමක් සිතන තැනැත්තේ උමතු බවට පීඩාවට පත්වේ නම් එබඳු නොසිතිය යුතු මේ අචින්ත්‍යයෝ සතර දෙනෙකි’ යනුයි. මෙසේ මෙකී ධර්මයන්හි වැරදි ලෙස පිළිපන්නේ පිළිවෙළින් දුශ්ශීල, මිථ්‍යාදෘෂ්ටි චිත්තක්‍ෂෙප යන ප්‍රභේද ඇති විපත්තියට පැමිණේ. මෙපමණකින් ද

පරියත‍්තිභෙදං සම‍්පත‍්තිං, විපත‍්තිඤ‍්චාපි යං යහිං; පාපුණාති යථා භික‍්ඛු, තම‍්පි සබ‍්බං විභාවයෙති.

පරියත්ති භෙදං සම්පත්ති විපත්ති වාචි යං යහිං පාපුණාති යථා හික්‍ඛු තම්පි සබ්බං විභාවයෙ - යනුයි.

අයම‍්පි ගාථා වුත‍්තත්‍ථා හොති. එවං නානප‍්පකාරතො පිටකානි ඤත්‍වා තෙසං වසෙන සබ‍්බම‍්පෙතං සඞ‍්ගය‍්හමානං තීණි පිටකානි හොන‍්ති.

මේ ගාථාව ද කියන ලද අර්ථ ඇත්තේ වෙයි. මෙසේ නානා ප්‍රකාරයෙන් පිටකයන් දැන ඒ පිටකයන්ගේ වශයෙන් සංග්‍රහ කරනු ලබන මේ සියල්ලම තුන් පිටකය වෙයි.

කථං නිකායතො පඤ‍්ච නිකායාති? සබ‍්බමෙව හෙතං දීඝනිකායො මජ‍්ඣිමනිකායො සංයුත‍්තනිකායො අඞ‍්ගුත‍්තරනිකායො ඛුද‍්දකනිකායොති පඤ‍්චප‍්පභෙදං හොති. තත්‍ථ කතමො දීඝනිකායො? තිවග‍්ගසඞ‍්ගහානි බ්‍රහ‍්මජාලාදීනි චතුත‍්තිංස සුත‍්තානි.

නිකාය වශයෙන් පංච නිකාය කෙසේ ද යත් මේ සියල්ලම වනාහි, දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය යැයි පංචභේද ඇත්තේ වෙයි. එහි දීඝනිකාය කවරේ ද? වර්ග තුනකින් සංග්‍රහ කරන ලද බ්‍රහ්මජාලාදි සූතිස් සූත්‍රයෝය.

චතුත‍්තිංසෙව සුත‍්තන‍්තා, තිවග‍්ගො යස‍්ස සඞ‍්ගහො; එස දීඝනිකායොති, පඨමො අනුලොමිකො.

චතුත්තිංසෙව සුත්තන්තා තිවග්ගො යස්ස සංගහො එස දීඝනිකායොති පඨමො අනුලොමිකො

(යම් නිකායක සංග්‍රහය සූත්‍ර සූතිසෙකින් ද වර්ග තුනකින් යුක්ත ද එය පිළිවෙළින් පළමු දීඝනිකායයි.)

කස‍්මා පනෙස දීඝනිකායොති වුච‍්චති? දීඝප‍්පමාණානං සුත‍්තානං සමූහතො නිවාසතො ච. සමූහනිවාසා හි නිකායොති වුච‍්චන‍්ති. “නාහං, භික‍්ඛවෙ, අඤ‍්ඤං එකනිකායම‍්පි සමනුපස‍්සාමි එවං චිත‍්තං යථයිදං, භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා පාණා (සං· නි· 3.100), පොණිකනිකායො, චික‍්ඛල‍්ලිකනිකායො”ති. එවමාදීනි චෙත්‍ථ සාධකානි සාසනතො ලොකතො ච. එවං සෙසානම‍්පි නිකායභාවෙ වචනත්‍ථො වෙදිතබ‍්බො.

කවර හෙයින් මෙය දීඝනිකාය යැයි කිත්ද? දීර්ඝ ප්‍රමාණ වූ සූත්‍රයන්ගේ සමූහයක් වශයෙන් හා නිවාසයක් වශයෙනි. සමූහ නිවාස ඇත්තෝ ද නිකාය යැයි කියනු ලබත්. ‘මහණෙනි, මම සිත වැනි අන් එක නිකායක්වත් නො දකිමි. මහණෙනි, යම්සේ තිරිසන්ගත ප්‍රාණීහු පොතික නිකාය, වික්‍ඛලික නිකාය’ යැයි මේ ආදිය මෙහිදී සායනයෙනුත් ලෝකයෙනුත් සාධකයි. මෙසේ සෙස්සගේ ද නිකායභාවයෙහි වචනාර්ථය දතයුතුයි.

කතමො මජ‍්ඣිමනිකායො? මජ‍්ඣිමප‍්පමාණානි පඤ‍්චදසවග‍්ගසඞ‍්ගහානි මූලපරියායසුත‍්තාදීනි දියඩ‍්ඪසතං ද‍්වෙ ච සුත‍්තානි.

මජ්ඣිමනිකාය නම් කවරේ ද? මධ්‍යම ප්‍රමාණ වූ වර්ග පසළොසකින් සංග්‍රහ කරන ලද මූලපරියාය සූත්‍රාදී එකසිය පණස් දෙකක් වූ සූත්‍රයෝය.

දියඩ‍්ඪසතසුත‍්තන‍්තා, ද‍්වෙ ච සුත‍්තානි යත්‍ථ සො; නිකායො මජ‍්ඣිමො පඤ‍්ච, දසවග‍්ගපරිග‍්ගහො.

දියඩ්ඩසත සුත්තන්තා - ද්වෙ ච සුත්තානි යස්ස සො නිකායො මජ්ඣිමො - පඤ්ච දසවග්ග පරිග්ගහො

යම් නිකායෙක්හි සූත්‍රාන්ත එකසිය පණස් දෙකක් වේ ද, වර්ග පසළොසකින් සංග්‍රහ කරන ලද ද එය මජ්ඣිම නිකායයි.

කතමො සංයුත‍්තනිකායො? දෙවතාසංයුත‍්තාදිවසෙන ඨිතානි ඔඝතරණාදීනි සත‍්ත සුත‍්තසහස‍්සානි සත‍්ත සුත‍්තසතානි ච ද‍්වාසට‍්ඨි ච සුත‍්තානි.

සංයුත්ත නිකාය යනු කවරේ ද? දේවතා සංයුත්ත ආදී වශයෙන් සිටි ඕඝතරණ සූත්‍රය ආදී වූ සත්දහස් පන්සිය හැටදෙකක් සූත්‍රයෝය.

සත‍්ත සුත‍්තසහස‍්සානි, සත‍්ත සුත‍්තසතානි ච; ද‍්වාසට‍්ඨි චෙව සුත‍්තන‍්තා, එසො සංයුත‍්තසඞ‍්ගහො.

සත්ත සුත්ත සහස්සානි සත්ත සුත්ත සතානි ච ද්වාසට්ඨි චෙව සුත්තන්තා එසො සංයුත්ත සංගහො

(යැයි කීයේ ද එයමය.)

කතමො අඞ‍්ගුත‍්තරනිකායො? එකෙකඅඞ‍්ගාතිරෙකවසෙන ඨිතානි චිත‍්තපරියාදානාදීනි නව සුත‍්තසහස‍්සානි පඤ‍්ච සුත‍්තසතානි සත‍්තපඤ‍්ඤාසඤ‍්ච සුත‍්තානි.

අංගුත්තර නිකාය නම් කවරේ ද? එක් අංගය අතිරේක වශයෙන් සිටි චිත්ත පරියාදාන ආදී වූ නවදාස් පන්සිය පණස්හතක් සූත්‍රයෝය.

නව සුත‍්තසහස‍්සානි, පඤ‍්ච සුත‍්තසතානි ච; සත‍්තපඤ‍්ඤාසසුත‍්තානි, සඞ‍්ඛ්‍යා අඞ‍්ගුත‍්තරෙ අයං.

නව සුත්ත සහස්සානි - පඤ්ච සුත්ත සතානිච සත්ත පඤ්ඤාස සුත්තානි - සංඛා අංගුත්තරෙ අයං

ගණනින් සූත්‍ර නවදහසක් ද, සූත්‍ර පන්සියයක් ද සූත්‍ර පණස්හතක් වූ මෙය අංගුත්තර නිකායයි.

කතමො ඛුද‍්දකනිකායො? සකලං විනයපිටකං, අභිධම‍්මපිටකං, ඛුද‍්දකපාඨ, ධම‍්මපදාදයො ච පුබ‍්බෙ දස‍්සිතා පඤ‍්චදසප‍්පභෙදා; ඨපෙත්‍වා චත‍්තාරො නිකායෙ අවසෙසං බුද‍්ධවචනන‍්ති.

ඛුද්දක නිකාය කවරේ ද? දීඝනිකාය ආදී සතර නිකායන් හැර අන්‍ය වූ බුද්ධ වචනය ඛුද්දක නිකාය යැයි දන්නා ලදී යනුයි.

ඨපෙත්‍වා චතුරොපෙතෙ, නිකායෙ දීඝආදිකෙ; තදඤ‍්ඤං බුද‍්ධවචනං, නිකායො ඛුද‍්දකො මතොති.

ඨපෙත්‍වා චතුරො පෙතෙ නිකායෙ දීඝ ආදිකෙ තදඤං බුද්ධවචනං නිකායො ඛුද්දකො ම තො

මුළු විනය පිටකය, අභිධර්ම පිටකය, පළමු දක්වන ලද පසළොස් ප්‍රභේද ඇති ඛුද්දකපාඨ ධම්මපදාදිය අවශේෂ බුද්ධ වචනයෝය.

එවං නිකායතො පඤ‍්ච නිකායා හොන‍්ති.

මෙසේ නිකාය වශයෙන් නිකාය පසක් වෙයි.

කථං අඞ‍්ගවසෙන නවඞ‍්ගානීති? සබ‍්බමෙව හිදං ‘සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ල’න‍්ති නවප‍්පභෙදං හොති. තත්‍ථ උභතොවිභඞ‍්ගනිද‍්දෙසඛන්‍ධකපරිවාරා සුත‍්තනිපාතෙ මඞ‍්ගලසුත‍්තරතනසුත‍්තනාලකසුත‍්තතුවට‍්ටකසුත‍්තානි අඤ‍්ඤම‍්පි ච සුත‍්තනාමකං තථාගතවචනං සුත‍්තන‍්ති වෙදිතබ‍්බං. සබ‍්බම‍්පි සගාථකං සුත‍්තං ගෙය්‍යන‍්ති වෙදිතබ‍්බං. විසෙසෙන සංයුත‍්තනිකායෙ සකලොපි සගාථාවග‍්ගො. සකලම‍්පි අභිධම‍්මපිටකං, නිග‍්ගාථකං සුත‍්තං, යඤ‍්ච අඤ‍්ඤම‍්පි අට‍්ඨහි අඞ‍්ගෙහි අසඞ‍්ගහිතං බුද‍්ධවචනං, තං වෙය්‍යාකරණන‍්ති වෙදිතබ‍්බං. ධම‍්මපදං ථෙරගාථා ථෙරීගාථා සුත‍්තනිපාතෙ නොසුත‍්තනාමිකා සුද‍්ධිකගාථා ච ගාථාති වෙදිතබ‍්බා. සොමනස‍්සඤාණමයිකගාථාප‍්පටිසංයුත‍්තා ද‍්වාසීති සුත‍්තන‍්තා උදානන‍්ති වෙදිතබ‍්බං. ‘වුත‍්තඤ‍්හෙතං භගවතා’තිආදිනයප‍්පවත‍්තා (ඉතිවු· 1) දසුත‍්තරසතසුත‍්තන‍්තා ඉතිවුත‍්තකන‍්ති වෙදිතබ‍්බං. අපණ‍්ණකජාතකාදීනි පඤ‍්ඤාසාධිකානි පඤ‍්ච ජාතකසතානි ජාතකන‍්ති වෙදිතබ‍්බං. “චත‍්තාරොමෙ, භික‍්ඛවෙ, අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා ආනන්‍දෙ”තිආදිනයපවත‍්තා (දී· නි· 2.209; අ· නි· 4.129) සබ‍්බෙපි අච‍්ඡරියඅබ‍්භුතධම‍්මප‍්පටිසංයුත‍්තා සුත‍්තන‍්තා අබ‍්භුතධම‍්මන‍්ති වෙදිතබ‍්බං.

කෙසේ නම් අංග වශයෙන් නවයෙක් වී ද, මේ සියල්ලම වනාහි ‘සුත්ත - ගෙය්‍ය - වෙය්‍යාකරණ - ගාථා - උදාන - ඉතිවුත්තක - ජාතක - අබ්භූත ධම්ම - වෙදල්ල’ යැයි නවප්‍රභේද වෙයි. එහි උභතොවිභංග - නිද්දෙස - ඛන්‍ධක - පරිවාර - සුත්ත නිපාතයෙහි මංගල සූත්‍රය - රතන සූත්‍රය - නාලක සූත්‍රය තුවටක සූත්‍ර හා වෙනත් සූත්‍ර නාමක වූ තථාගත වචනය සූත්‍රයැයි දතයුතුයි. සියලුම ගාථා සහිත සූත්‍ර ගෙය්‍ය යැයි දතයුතුයි. විශේෂයෙන් සංයුත්ත නිකායෙහි මුළු සගාථක වර්ගය (මීට අයත්ය) මුළු අභිධර්ම පිටකය, ගාථා රහිත සූත්‍ර, (ඉහත කී) අෂ්ඨාංගයන්ට සංග්‍රහ නොවූ වෙනත් යම් බුද්ධ වචනයක් වේ ද එය වෙය්‍යාකරණ යැයි දතයුතුයි. ධම්මපද - ථෙරීගාථා - ථෙරිගාථා සුත්ත නිපාතයෙහි සූත්‍ර නාමික නොවූ ශුද්ධ ගාථා ද ගාථා යැයි දතයුතුයි. සෝමනස්ස ඤාණමයික ගාථා පටිසංයුත්ත දෙ අසූවක් සූත්‍රාන්තයෝ උදාන යැයි දතයුත්තාහ. වුත්තඤ්චෙතං භගවතා යන ආදී වූ නයෙන් පැවති එකසිය දහයක් සූත්‍රාන්තයෝ ඉතිවුත්තක යැයි දතයුත්තාහ. අපණ්ණක ජාතකය ආදී වූ පන්සිය පනස් ජාතක, ජාතක යැයි දතයුතුයි. ‘චත්තාරො මෙ භික්‍ඛවෙ! අච්ඡරියබ්භුතා ධම්මා ආනන්‍දො’ යන ආදී නයින් පැවති සියලුම ආශ්චර්ය අද්භූත ධර්ම ප්‍රතිසංයුත්ත වූ සූත්‍රාන්තයෝ අබ්භූතධම්ම යැයි දතයුත්තාහ.

චූළවෙදල‍්ලමහාවෙදල‍්ලසම‍්මාදිට‍්ඨිසක‍්කපඤ‍්හසඞ‍්ඛාරභාජනීයමහාපුණ‍්ණමසුත‍්තාදයො සබ‍්බෙපි වෙදඤ‍්ච තුට‍්ඨිඤ‍්ච ලද‍්ධා ලද‍්ධා පුච‍්ඡිතසුත‍්තන‍්තා වෙදල‍්ලන‍්ති වෙදිතබ‍්බං. එවමෙතං අඞ‍්ගතො නවඞ‍්ගානි.

චුල්ලවේදල්ල - මහාවේදල්ල - සම්මා දිට්ඨි - සක්කපඤ්හ - සංඛාර භාජනීය - මහා පුණ්ණමසුත්ත ආදී වූ වේදයත් තුෂ්ටියත් ලබමින් විචාරන ලද සියලුම සූත්‍රාන්ත වේදල්ල යැයි දතයුතුයි. මෙසේ මෙය අංග වශයෙන් නවයෙකි.

කථං ධම‍්මක‍්ඛන්‍ධතො චතුරාසීති ධම‍්මක‍්ඛන්‍ධසහස‍්සානීති? සබ‍්බමෙව හිදං බුද‍්ධවචනං.

ස්කන්‍ධ වශයෙන් සුවාසූ දහසක් ධර්මස්කන්‍ධ වන්නේ කෙසේද යත්, මේ සියලුම බුද්ධ වචනය:

“ද‍්වාසීති බුද‍්ධතො ගණ‍්හිං, ද‍්වෙ සහස‍්සානි භික‍්ඛුතො; චතුරාසීති සහස‍්සානි, යෙ මෙ ධම‍්මා පවත‍්තිනො”ති. (ථෙරගා· 1027);

අසූ දෙදාහක් බුදුන්ගෙන් ගතිමි. දෙදහසක් භික්‍ෂූන්ගෙන් (ගතිමි) පවත්නා වූ මේ ධර්මයෝ අසූහාර දහසක් වෙති.

එවං පරිදීපිතධම‍්මක‍්ඛන්‍ධවසෙන චතුරාසීතිසහස‍්සප‍්පභෙදං හොති. තත්‍ථ එකානුසන්‍ධිකං සුත‍්තං එකො ධම‍්මක‍්ඛන්‍ධො. යං අනෙකානුසන්‍ධිකං තත්‍ථ අනුසන්‍ධිවසෙන ධම‍්මක‍්ඛන්‍ධගණනා. ගාථාබන්‍ධෙසු පඤ‍්හාපුච‍්ඡනං එකො ධම‍්මක‍්ඛන්‍ධො, විස‍්සජ‍්ජනං එකො. අභිධම‍්මෙ එකමෙකං තිකදුකභාජනං එකමෙකඤ‍්ච චිත‍්තවාරභාජනං එකො ධම‍්මක‍්ඛන්‍ධො. විනයෙ අත්‍ථි වත්‍ථු, අත්‍ථි මාතිකා, අත්‍ථි පදභාජනීයං, අත්‍ථි ආපත‍්ති, අත්‍ථි අනාපත‍්ති, අත්‍ථි අන‍්තරාපත‍්ති, අත්‍ථි තිකච‍්ඡෙදො. තත්‍ථ එකමෙකො කොට‍්ඨාසො එකමෙකො ධම‍්මක‍්ඛන්‍ධොති වෙදිතබ‍්බො. එවං ධම‍්මක‍්ඛන්‍ධතො චතුරාසීති ධම‍්මක‍්ඛන්‍ධසහස‍්සානි.

මෙසේ දක්වන ලද ධර්මස්කන්‍ධ වශයෙන් අසූහාර දහසක් ප්‍රභේද වෙයි. එහි අනුසන්ධි එකක් සූත්‍රය එක් ධර්මස්කන්‍ධයෙකි. යම් සූත්‍රයක් නොයෙක් අනුසන්ධි ඇත්තේ නම් අනුසන්ධි වශයෙන් ධර්මස්කන්‍ධ ගැනීම වේ. ගාථා බන්ධනයන්හි ප්‍රශ්න විචාරීම එක් ධර්ම ස්කන්‍ධයකි. විසඳීම එකකි. අභිධර්මයෙහි එක් එක් තික දුක බෙදීම්, එක් එක් චිත්තවාර බෙදීම් එක් එක් ධර්මස්කන්‍ධයෙකි. විනයෙහි අත්‍ථිවත්‍ථු, අත්‍ථිමාතිකා, අත්‍ථිපද භාජනීය, අත්‍ථි ආපත්ති, අත්‍ථි අනාපත්ති, අත්‍ථි අන්තරාපත්ති, අත්‍ථි තිකච්ඡෙද යන මෙහි එක් එක් කොට්ඨාසයක් එක් එක් ධර්මස්කන්‍ධයකැයි දතයුතුය. මෙසේ ධර්මස්කන්ධ වශයෙන් අසූහාර දහසෙක් වෙයි.

එවමෙතං සබ‍්බම‍්පි බුද‍්ධවචනං පඤ‍්චසතිකසඞ‍්ගීතිකාලෙ සඞ‍්ගායන‍්තෙන මහාකස‍්සපප‍්පමුඛෙන වසීගණෙන අයං ධම‍්මො අයං විනයො, ඉදං පඨමබුද‍්ධවචනං, ඉදං මජ‍්ඣිමබුද‍්ධවචනං, ඉදං පච‍්ඡිමබුද‍්ධවචනං, ඉදං විනයපිටකං, ඉදං සුත‍්තන‍්තපිටකං, ඉදං අභිධම‍්මපිටකං, අයං දීඝනිකායො…පෙ… අයං ඛුද‍්දකනිකායො, ඉමානි සුත‍්තාදීනි නවඞ‍්ගානි, ඉමානි චතුරාසීති ධම‍්මක‍්ඛන්‍ධසහස‍්සානීති ඉමං පභෙදං වවත්‍ථපෙත්‍වාව සඞ‍්ගීතං. න කෙවලඤ‍්ච ඉමමෙව අඤ‍්ඤම‍්පි උද‍්දානසඞ‍්ගහවග‍්ගසඞ‍්ගහපෙය්‍යාලසඞ‍්ගහඑකනිපාතදුකනිපාතාදිනිපාතසඞ‍්ගහසංයුත‍්තසඞ‍්ගහ පණ‍්ණාසසඞ‍්ගහාදිඅනෙකවිධං, තීසු පිටකෙසු සන්‍දිස‍්සමානං සඞ‍්ගහප‍්පභෙදං වවත්‍ථපෙත්‍වාව සත‍්තහි මාසෙහි සඞ‍්ගීතං.

මෙසේ මේ සියලුම බුද්ධවචනය පංචසත්ත සංගීති කාලයෙහි සංගායනා කරන්නා වූ මහා කාශ්‍යප හිමියන් ප්‍රමුඛ රහතන් වහන්සේලා විසින් මේ ධර්මයයි, මේ විනයයි, මේ ප්‍රථම බුද්ධ වචනයි, මේ මධ්‍යම බුද්ධ වචනයයි. මේ පශ්චිම බුද්ධ වචනයයි. මේ විනය පිටකයයි. මේ සූත්‍රාන්ත පිටකයයි. මේ අභිධර්ම පිටකයයි. මේ දීඝනිකායයි. -පෙ- මේ ඛුද්දක නිකායයි, මේ සූත්‍රාදී නවාංගයෝයි. මේ සුවාසූ දහසක් ධර්ම ස්කන්‍ධයෝයැයි මේ ප්‍රභේදය ව්‍යවස්ථාපනය කොටම සංගායනා කරන ලදී. හුදෙක්ම පමණක්ම නොවේ. අනිකුදු උද්‍යාන සංග්‍රහ, වර්ග සංග්‍රහ, පෙය්‍යාල සංග්‍රහ, එකනිපාත දුක නිපාත ආදී නිපාත සංග්‍රහ සංයුත්ත සංග්‍රහ, පණ්ණාස සංග්‍රහාදී අන්කවිධ වූ ත්‍රිපිටකයෙහි දක්නට ලැබෙන සංග්‍රහ ප්‍රභේද ව්‍යවස්ථාපනය කොටම සත්මසෙකින් සංග්‍රහ කරන ලදී.

සඞ‍්ගීතිපරියොසානෙ චස‍්ස ඉදං මහාකස‍්සපත්‍ථෙරෙන දසබලස‍්ස සාසනං පඤ‍්චවස‍්සසහස‍්සපරිමාණකාලං පවත‍්තනසමත්‍ථං කතන‍්ති සඤ‍්ජාතප‍්පමොදා සාධුකාරං විය දදමානා අයං මහාපථවී උදකපරියන‍්තං කත්‍වා අනෙකප‍්පකාරං කම‍්පි සඞ‍්කම‍්පි සම‍්පකම‍්පි සම‍්පවෙධි. අනෙකානි ච අච‍්ඡරියානි පාතුරහෙසුං.

සංගීතිය අවසානයේ දී මහාකාශ්‍යප තෙරුන් විසින් මේ බුදුන්ගේ ශාසනය අවුරුදු පන්දහසක් පමණ කල් පැවැත්මට සමත් වූවක් කරන ලදැයි සාධුකාර දෙන්නාක් මෙන් මේ මහපොළොව ජලය පවරන්නට නොයෙක් ආකාරයෙන් කම්පා විය. විශේෂයෙන් කම්පා විය. විශේෂයෙන් වෙව්ලීය. නොයෙක් ආශ්චර්යද පහළ විය.

එවං සඞ‍්ගීතෙ පනෙත්‍ථ අයං අභිධම‍්මො පිටකතො අභිධම‍්මපිටකං, නිකායතො ඛුද‍්දකනිකායො, අඞ‍්ගතො වෙය්‍යාකරණං, ධම‍්මක‍්ඛන්‍ධතො කතිපයානි ධම‍්මක‍්ඛන්‍ධසහස‍්සානි හොන‍්ති.

මෙසේ සංගායනා කරන ලද මෙහි වනාහි මේ අභිධර්මය පිටක වශයෙන් අභිධර්ම පිටකයයි. නිකාය වශයෙන් ඛුද්දක නිකායයි. අංග වශයෙන් වෙය්‍යාකරණ අංගයයි. ධර්මස්කන්‍ධ වශයෙන් ධර්මස්කන්‍ධ කීපදහසක් ද වේ.

තං ධාරයන‍්තෙසු භික‍්ඛූසු පුබ‍්බෙ එකො භික‍්ඛු සබ‍්බසාමයිකපරිසාය නිසීදිත්‍වා අභිධම‍්මතො සුත‍්තං ආහරිත්‍වා ධම‍්මං කථෙන‍්තො “රූපක‍්ඛන්‍ධො අබ්‍යාකතො, චත‍්තාරො ඛන්‍ධා සියා කුසලා සියා අකුසලා සියා අබ්‍යාකතා; දසායතනා අබ්‍යාකතා, ද‍්වෙ ආයතනා සියා කුසලා සියා අකුසලා සියා අබ්‍යාකතා; සොළස ධාතුයො අබ්‍යාකතා, ද‍්වෙ ධාතුයො සියා කුසලා සියා අකුසලා සියා අබ්‍යාකතා; සමුදයසච‍්චං අකුසලං, මග‍්ගසච‍්චං කුසලං, නිරොධසච‍්චං අබ්‍යාකතං, දුක‍්ඛසච‍්චං සියා කුසලං සියා අකුසලං සියා අබ්‍යාකතං; දසින්‍ද්‍රියා අබ්‍යාකතා, දොමනස‍්සින්‍ද්‍රියං අකුසලං, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං කුසලං, චත‍්තාරි ඉන්‍ද්‍රියානි සියා කුසලා සියා අබ්‍යාකතා, ඡ ඉන්‍ද්‍රියානි සියා කුසලා සියා අකුසලා සියා අබ්‍යාකතා”ති ධම‍්මකථං කථෙසි.

පෙර එය දරන්නා වූ භික්‍ෂූන් අතුරෙන් එක් භික්‍ෂුවක් සර්වසාමයික පිරිසෙහි හිඳ අභිධර්මයෙහි සූත්‍රයක් ගෙන බණ කියනුයේ රූපස්කන්‍ධය අව්‍යාකෘතය. සතර ස්කන්‍ධයෝ කුසල් ද වන්නාහ. අකුසල් ද වන්නාහ. අව්‍යකෘත වන්නාහ. මෙසේ සංගායනා කරන ලද මෙහි වනාහි මේ අභිධර්මය පිටක වශයෙන් අභිධර්ම පිටකයයි. නිකාය වශයෙන් ඛුද්දක නිකායයි. අංග වශයෙන් වෙය්‍යාකරණ අංගයයි. ධර්මස්කන්‍ධ වශයෙන් ධර්මස්කන්‍ධ කීපදහසක් ද වේ. පෙර එය දරන්නා වූ භික්‍ෂූන් අතුරෙන් එක් භික්‍ෂුවක් සර්වසාමයික පිරිසෙහි හිඳ අභිධර්මයෙන් සූත්‍රයක් ගෙන බණ කියනුයේ රූපස්කන්‍ධය අව්‍යාකෘතය, සතර ස්කන්‍ධයෝ කුසල් ද වන්නාහ. අකුසල් ද වන්නාහ. අව්‍යකෘත වන්නාහ. දස ආයතනයෝ අව්‍යාකෘතයහ. ආයතන දෙකක් කුසල් ද වන්නාහ. අකුසල් ද වන්නාහ. අව්‍යකෘත ද වන්නාහ. ධාතු සොළසෙක් අව්‍යාකෘතය. ධාතු දෙකක් කුසල් ද වන්නේ ය. අකුසල ද වන්නේය. අව්‍යකෘත ද වන්නේය. සමුදය සත්‍යය අකුසලය. මාර්ග සත්‍යය කුසලය, නිරෝධ සත්‍යය අව්‍යාකෘතය. දුඃඛසත්‍යය කුසල ද වන්නේය. අකුසල ද වන්නේය. අව්‍යාකෘත ද වන්නේ ය. දස ඉන්‍ද්‍රියයෝ අව්‍යාකෘතයහ. දොමනස්ස ඉන්‍ද්‍රියය අකුසලය, අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්‍ද්‍රිය කුසලය, ඉන්‍ද්‍රිය සතරක් කුසල් ද වන්නේ ය. අව්‍යකෘත ද වන්නේ ය. ඉන්‍ද්‍රිය සයක් කුසල් වන්නේ ය. අකුසල් ද වන්නේ ය. අව්‍යාකෘත ද වන්නේ යැයි ධර්මකථාව කීය.

තස‍්මිං ඨානෙ එකො භික‍්ඛු නිසින‍්නො ‘ධම‍්මකථික ත්‍වං සිනෙරුං පරික‍්ඛිපන‍්තො විය දීඝසුත‍්තං ආහරසි, කිං සුත‍්තං නාමෙත’න‍්ති ආහ. ‘අභිධම‍්මසුත‍්තං නාම, ආවුසො’ති. ‘අභිධම‍්මසුත‍්තං කස‍්මා ආහරසි? කිං අඤ‍්ඤං බුද‍්ධභාසිතං සුත‍්තං ආහරිතුං න වට‍්ටතී’ති? ‘අභිධම‍්මො කෙන භාසිතො’ති? ‘න එසො බුද‍්ධභාසිතො’ති. ‘කිං පන තෙ, ආවුසො, විනයපිටකං උග‍්ගහිත’න‍්ති? ‘න උග‍්ගහිතං, ආවුසො’ති. ‘අවිනයධාරිතාය මඤ‍්ඤෙ ත්‍වං අජානන‍්තො එවං වදෙසී’ති. ‘විනයමත‍්තමෙව, ආවුසො, උග‍්ගහිත’න‍්ති. ‘තම‍්පි තෙ දුග‍්ගහිතං, පරිසපරියන‍්තෙ නිසීදිත්‍වා නිද‍්දායන‍්තෙන උග‍්ගහිතං භවිස‍්සති; තුම‍්හාදිසෙ හි පබ‍්බාජෙන‍්තො වා උපසම‍්පාදෙන‍්තො වා සාතිසාරො හොති’. ‘කිං කාරණා’? විනයමත‍්තස‍්සපි දුග‍්ගහිතත‍්තා; වුත‍්තඤ‍්හෙතං – “තත්‍ථ අනාපත‍්ති, න විවණ‍්ණෙතුකාමො ඉඞ‍්ඝ තාව, ආවුසො, සුත‍්තන‍්තං වා ගාථායො වා අභිධම‍්මං වා පරියාපුණස‍්සු, පච‍්ඡාපි විනයං පරියාපුණිස‍්සසී”ති (පාචි· 442) භණති. “සුත‍්තන‍්තෙ ඔකාසං කාරාපෙත්‍වා අභිධම‍්මං වා විනයං වා පුච‍්ඡති, අභිධම‍්මෙ ඔකාසං කාරාපෙත්‍වා සුත‍්තන‍්තං වා විනයං වා පුච‍්ඡති, විනයෙ ඔකාසං කාරාපෙත්‍වා සුත‍්තන‍්තං වා අභිධම‍්මං වා පුච‍්ඡතී”ති (පාචි· 1221). ‘ත්‍වං පන එත‍්තකම‍්පි න ජානාසී’ති එත‍්තකෙනපි පරවාදී නිග‍්ගහිතො හොති.

එතැන හුන් එක් භික්‍ෂුවක් ධර්මකථිකයන් වහන්ස, ඔබවහන්සේ මහමෙර වසන්නාක් දීර්ඝ සූත්‍රයක් ඉදිරිපත් කරති. මේ කිනම් සූත්‍රයක්දැයි ඇසීය. ඇවැත්නි අභිධර්ම සූත්‍රය නමැයි කීය. කවර හෙයින් අභිධර්ම සූත්‍රය ගෙනහැර දක්වන්නෙහි ද? කිම අනෙක් බුද්ධභාෂිත සූත්‍රයක් ගෙනහැර දක්වන්නට නො වටී ද? අභිධර්මය කවර කෙනෙකුන් කියන ලද ද? මෙය බුද්ධභාෂිතයක් නොවේ යැයි කීය. කිම ඇවැත්නි, ඔබ විසින් විනය පිටකය උගන්නා ලද ද? ඇවැත්නි, නො උගන්නා ලද්දේ යැයි අවිනයධාරී නිසා ඔබ නොදැන මෙසේ කියන්නේ යැයි සිතමි යැයි කීය. විනය පමණක්ම උගන්නා ලද්දේ නමුදු එය ද ඔබ වරදවා ගන්නා ලදී. පිරිස් කෙළවර හිඳ නිදන්නකු මෙන් උගන්නා ලද්දේ වන්නේය. ඔබ වැන්නවුන් පැවිදි කරන්නේ හෝ උපසම්පදා කරන්නේ වන්නේ ය. කවර කරුණෙකින් ද? විනය පමණකද වරදවා ගත් හෙයිනි. මෙයද කියන ලදී. ඇවැත්නි, ඒ විනයෙහි අනාපත්තිභාවය විවරණය කරන්නට නො කැමැත්තෙහි නම් සූත්‍රාන්තය හෝ ගාථා හෝ අභිධර්මය හෝ ඉගෙනගන්න. පසුව විනයක් ඉගෙන ගන්න යනුයි. සූත්‍රාන්තයෙහි අවකාශ කරවා (ඉඩ ලබාදී) අභිධර්මය හෝ විනය විචාරයි. අභිධර්මයෙහි අවකාශ කරවා සූත්‍රාන්තය හෝ විනය විචාරයි. විනයෙහි අවකාශ කරවා සූත්‍රාන්ත හෝ අභිධර්මය විචාරයි. ඔබ වනාහි මෙපමණකුදු නො දන්නෙහිය. මෙපමණකින් ද පරවාදියා නිග්‍රහ කරන ලද්දේ වෙයි.

මහාගොසිඞ‍්ගසුත‍්තං පන ඉතොපි බලවතරං. තත්‍ර හි ධම‍්මසෙනාපති සාරිපුත‍්තත්‍ථෙරො අඤ‍්ඤමඤ‍්ඤං පුච‍්ඡිතපඤ‍්හඤ‍්ච විස‍්සජ‍්ජනඤ‍්ච ආරොචෙතුං සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස විස‍්සජ‍්ජනං ආරොචෙන‍්තො “ඉධාවුසො සාරිපුත‍්ත, ද‍්වෙ භික‍්ඛූ අභිධම‍්මකථං කථෙන‍්ති , තෙ අඤ‍්ඤමඤ‍්ඤං පඤ‍්හං පුච‍්ඡන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤස‍්ස පඤ‍්හං පුට‍්ඨා විස‍්සජ‍්ජෙන‍්ති, නො ච සංසාදෙන‍්ති, ධම‍්මී ච නෙසං කථාපවත‍්තිනී හොති, එවරූපෙන ඛො, ආවුසො, සාරිපුත‍්ත, භික‍්ඛුනා ගොසිඞ‍්ගසාලවනං සොභෙය්‍යා”ති (ම· නි· 1.343) ආහ. සත්‍ථා ආභිධම‍්මිකා නාම මම සාසනෙ පරිබාහිරාති අවත්‍වා සුවණ‍්ණාලිඞ‍්ගසදිසං ගීවං උන‍්නාමෙත්‍වා පුණ‍්ණචන්‍දසස‍්සිරීකං මහාමුඛං පූරෙත්‍වා බ්‍රහ‍්මඝොසං නිච‍්ඡාරෙන‍්තො “සාධු සාධු සාරිපුත‍්තා”ති මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස සාධුකාරං දත්‍වා “යථා තං මොග‍්ගල‍්ලානො ච සම‍්මා බ්‍යාකරමානො බ්‍යාකරෙය්‍ය, මොග‍්ගල‍්ලානො හි සාරිපුත‍්ත ධම‍්මකථිකො”ති (ම· නි· 1.343) ආහ. ආභිධම‍්මිකභික‍්ඛූයෙව කිර ධම‍්මකථිකා නාම, අවසෙසා ධම‍්මකථං කථෙන‍්තාපි න ධම‍්මකථිකා. කස‍්මා? තෙ හි ධම‍්මකථං කථෙන‍්තා කම‍්මන‍්තරං විපාකන‍්තරං රූපාරූපපරිච‍්ඡෙදං ධම‍්මන‍්තරං ආලොළෙත්‍වා කථෙන‍්ති. ආභිධම‍්මිකා පන ධම‍්මන‍්තරං න ආලොළෙන‍්ති. තස‍්මා ආභිධම‍්මිකො භික‍්ඛු ධම‍්මං කථෙතු වා මා වා, පුච‍්ඡිතකාලෙ පන පඤ‍්හං කථෙස‍්සතීති. අයමෙව එකන‍්තධම‍්මකථිකො නාම හොති. ඉදං සන්‍ධාය සත්‍ථා සාධුකාරං දත්‍වා ‘සුකථිතං මොග‍්ගල‍්ලානෙනා’ති ආහ.

මහා ගොසිංග සූත්‍රය වනාහි මෙයට ද වඩා බලවත්ය. එහිදී වනාහි දම්සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ ඔවුනොවුන් විචාළ ප්‍රශ්න ද විසඳීම ද දන්වන්නට බුදුන් වෙතට ගොස් මහමුගලන් තෙරුන් වහන්සේගේ විසදීම දක්වන සේක් ‘ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, භික්‍ෂූහු දෙදෙනෙක් අභිධර්ම කථාවක් කෙරෙති. ඔව්හු ඔවුනොවුන් ප්‍රශ්න විචාරත්, ඔවුනොවුන්ගේ ප්‍රශ්න විචාරන ලද්දාහු විසඳත් කරුණු යටපත් නො කෙරෙත්. ඔවුන්ගේ දැහැමි කථාව පවතින්නේ ද වෙයි. ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, මෙබඳු භික්‍ෂුවගෙන් ගෝසිංග සාලවනය ශෝභමාන වන්නේය’ යනුයි වදාළහ. ශාස්තෲන් වහන්සේ ආභිධර්මිකයෝ නම් මාගේ ශාසනයෙහි පරිබාහිරයෝ යැයි නො වදාරා රන්සකක් වන් ගෙල ඔසවා පුන්සඳ මෙන් සිරිමත් මහමුව පුරා බඹගොස නික්මවමින් සාධු සාධු ශාරිපුත්‍රයෙනියි, මහමුගලන් තෙරුන්ට සාධුකාර දී යම්සේ එය මනාව ප්‍රකාශ කරන මුගලන් තෙමේම එය ප්‍රකාශ කරන්නේය. ශාරිපුත්‍රය, මුගලන් තෙමේ ධර්මකථිකයෙකැයි වදාළ සේක. ආභිධර්මික භික්‍ෂූහුම ධර්මකථිකයෝ නම් වෙත්. අවශේෂ භික්‍ෂූහු ධර්මකථා කියන්නේ නමුදු ධර්මකථිකයෝ නොවෙත්. කවර හෙයින් ද යත්, ඔව්හු වනාහි ධර්මකථා කියන්නේ කර්මාන්තර, විපාකාන්තර, රූපාරූප පරිච්ඡේද ධර්මාන්තර අළලත්. කියත්. ආභිධර්මිකයෝ වනාහි ධර්මාන්තර අලෝළනය නො කරත්. එහෙයින් ආභිධර්මික භික්‍ෂුව ධර්මය කීයේවා නො කීයේවා විචාළ කල්හිම වනාහි ප්‍රශ්නය කියන්නේය යනුයි. මෙතෙමේම වනාහි ඒකාන්ත ධර්මකථිකයා නම් වන්නේය. මේ සඳහා ශාස්තෲන් වහන්සේ සාධුකාර දී මොග්ගල්ලාන විසින් මනාව කියන ලදැයි වදාළ සේක.

අභිධම‍්මං පටිබාහෙන‍්තො ඉමස‍්මිං ජිනචක‍්කෙ පහාරං දෙති, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිබාහති, සත්‍ථු වෙසාරජ‍්ජඤ‍්ඤාණං පටිනිවත‍්තෙති, සොතුකාමං පරිසං විසංවාදෙති, අරියමග‍්ගෙ ආවරණං බන්‍ධති, අට‍්ඨාරසසු භෙදකරවත්‍ථූසු එකස‍්මිං සන්‍දිස‍්සති උක‍්ඛෙපනීයකම‍්මතජ‍්ජනීයකම‍්මාරහො හොති. තං තං කම‍්මං කත්‍වා උය්‍යොජෙතබ‍්බො ‘ගච‍්ඡ විඝාසාදො හුත්‍වා ජීවිස‍්සසී’ති.

අභිධර්මය වළකාලන තැනැත්තේ මේ ජින චක්‍රයට පහර දෙයි. සර්වඥතා ඥානය වළක්වයි. ශාස්තෲන් වහන්සේගේ චතුර් වෛශාරද්‍ය ඥානය වළක්වයි. අසනු කැමති පිරිස ආර්ය මාර්ගයෙන් ආචරණ (වැට) බඳී. අටළොස් භේදකර වස්තුන්ගෙන් එකක පෙනීසිටී. උක්‍ෂෙපනීය කර්මය, නිස්සය කර්මය, තර්ජනීය කර්මය දඬුවම්වලට සුදුස්සෙක් වෙයි. ඒ ඒ කර්මකොට පිටත් කළ යුතුයි. යව, දඬුවම් විඳින්නකුව ජීවත් වෙව කියායි.

අථාපි එවං වදෙය්‍ය – “සචෙ අභිධම‍්මො බුද‍්ධභාසිතො, යථා අනෙකෙසු සුත‍්තසහස‍්සෙසු ‘එකං සමයං භගවා රාජගහෙ විහරතී’තිආදිනා නයෙන නිදානං සජ‍්ජිතං, එවමස‍්සාපි නිදානං සජ‍්ජිතං භවෙය්‍යා”ති. සො ‘ජාතකසුත‍්තනිපාතධම‍්මපදාදීනං එවරූපං නිදානං නත්‍ථි, න චෙතානි න බුද‍්ධභාසිතානී’ති පටික‍්ඛිපිත්‍වා උත‍්තරිපි එවං වත‍්තබ‍්බො – ‘පණ‍්ඩිත, අභිධම‍්මො නාමෙස සබ‍්බඤ‍්ඤුබුද‍්ධානංයෙව විසයො, න අඤ‍්ඤෙසං විසයො. බුද‍්ධානඤ‍්හි ඔක‍්කන‍්ති පාකටා, අභිජාති පාකටා, අභිසම‍්බොධි පාකටා, ධම‍්මචක‍්කප‍්පවත‍්තනං පාකටං. යමකපාටිහාරියං පාකටං, තිදිවක‍්කමො පාකටො, දෙවලොකෙ දෙසිතභාවො පාකටො, දෙවොරොහනං පාකටං. යථා නාම චක‍්කවත‍්තිරඤ‍්ඤො හත්‍ථිරතනං වා අස‍්සරතනං වා ථෙනෙත්‍වා යානකෙ යොජෙත්‍වා විචරණං නාම අට‍්ඨානං අකාරණං; චක‍්කරතනං වා පන ථෙනෙත්‍වා පලාලසකටෙ ඔලම‍්බිත්‍වා විචරණං නාම අට‍්ඨානං අකාරණං; යොජනප‍්පමාණං ඔභාසනසමත්‍ථං මණිරතනං වා පන කප‍්පාසපච‍්ඡියං පක‍්ඛිපිත්‍වා වළඤ‍්ජනං නාම අට‍්ඨානං අකාරණං. කස‍්මා? රාජාරහභණ‍්ඩතාය; එවමෙව අභිධම‍්මො නාම න අඤ‍්ඤෙසං විසයො, සබ‍්බඤ‍්ඤුබුද‍්ධානංයෙව විසයො. තෙසං වසෙන දෙසෙතබ‍්බදෙසනා. බුද‍්ධානඤ‍්හි ඔක‍්කන‍්ති පාකටා…පෙ… දෙවොරොහනං පාකටං. අභිධම‍්මස‍්ස නිදානකිච‍්චං නාම නත්‍ථි පණ‍්ඩිතා’ති. න හි සක‍්කා එවං වුත‍්තෙ පරවාදිනා සහධම‍්මිකං උදාහරණං උදාහරිතුං.

තවද මෙසේද කියන්නේය. ඉදින් අභිධර්මය බුද්ධ භාෂිතයක් නොයෙක් දහස් ගණන් සූත්‍රයන්හි ‘එකං සමයං භගවා රාජගහෙ විභජති’ ආදී වශයෙන් යම්සේ නිදානය සඳහා කියන ලද ද එපරිද්දෙන් මෙයට ද නිදානය සැදිය යුතු වන්නේය කියායි. හෙතෙම ජාතක සුත්තනිපාත - ධම්මපද ආදියේ ද මෙබඳු නිදානයක් නැත. මේවා බුද්ධවචන නොවේ යැයි ප්‍රතික්‍ෂේප කොට මතුයෙහි ද මෙසේ කිය යුතු වන්නේය. පණ්ඩිතය! මේ අභිධර්මය නම් සර්වඥ වූ බුදුවරුන්ටම විෂය වූවකි. අන්‍යයන්ට විෂය නොවේ. බුදුවරුන්ගේ වනාහි ගර්භාවක්‍රාන්තිය ප්‍රකටය. උත්පත්තිය ප්‍රකටය. අභිසම්බෝධිය (බුද්ධත්වය) ප්‍රකටය. දම්සක් පැවැත්ම ප්‍රකටය. යමාමහ පෙළහර ප්‍රකටය. ත්‍රිවික්‍රමය ප්‍රකටය. දෙව්ලොවදී (අභිධර්මය) දෙසූ බව ප්‍රකටය. දේවාවරෝහණය ප්‍රකටය. යම්සේ සක්විති රජුගේ හස්ති රත්නය හෝ අශ්ව රත්නය හෝ සොරකම් කොට යාගයක යොදා හැසිරීමක් නම් නො වන්නේ ද එය අට්ඨානය, අකාරණය චක්‍රරත්නය හෝ සොරකම් කොට පිදුරු ගැලෙක එල්ලාගෙන හැසිරීමක් නො වන්නේය. එය සිදුනොවන්නකි. යොදුනක් පමණ ආලෝකය පතුරන්නට සමත් මණිරත්නය හෝ කපු පැසක බහා පරිභෝග කිරීම සිදුනොවන්නකි. කවර හෙයින් ද යත්, රජුන්ට සුදුසු භාණ්ඩ නිසාය. මෙපරිද්දෙන් අභිධර්මය නම් අන්‍යයන්ට විෂය නොවේ. සර්වඥ වූ බුදුවරුන්ටම විෂය වේ. දේශනාව උන්වහන්සේලා වශයෙන්ම දේශනා කළ යුතුයි. බුදුවරුන්ගේ ගර්භාවක්‍රාන්තිය ප්‍රකටය. -පෙ දේවාවරෝහණය ප්‍රකටය. පණ්ඩිතයෙනි, අභිධර්මයට නිදාන කිසක් නම් නැතැයි යනුයි. මෙසේ කී කල්හි පරවාදියා විසින් සහධාර්මික (ධර්මානුකූල) උදාහරණයක් දක්වන්නට නොහැකි වෙයි.

මණ‍්ඩලාරාමවාසී තිස‍්සභූතිත්‍ථෙරො පන මහාබොධිනිදානො එස අභිධම‍්මො නාමාති දස‍්සෙතුං “යෙන ස‍්වාහං, භික‍්ඛවෙ, විහාරෙන පඨමාභිසම‍්බුද‍්ධො විහරාමි තස‍්ස පදෙසෙන විහාසි”න‍්ති (සං· නි· 5.11) ඉමං පදෙසවිහාරසුත‍්තන‍්තං ආහරිත්‍වා කථෙසි. දසවිධො හි පදෙසො නාම – ඛන්‍ධපදෙසො, ආයතනපදෙසො, ධාතුපදෙසො, සච‍්චපදෙසො, ඉන්‍ද්‍රියපදෙසො, පච‍්චයාකාරපදෙසො, සතිපට‍්ඨානපදෙසො, ඣානපදෙසො, නාමපදෙසො, ධම‍්මපදෙසොති. තෙසු සත්‍ථා මහාබොධිමණ‍්ඩෙ පඤ‍්චක‍්ඛන්‍ධෙ නිප‍්පදෙසෙන පටිවිජ‍්ඣි, ඉමං තෙමාසං වෙදනාක‍්ඛන්‍ධවසෙනෙව විහාසි. ද‍්වාදසායතනානි අට‍්ඨාරස ධාතුයො නිප‍්පදෙසෙන පටිවිජ‍්ඣි. ඉමං තෙමාසං ධම‍්මායතනෙ වෙදනාවසෙන ධම‍්මධාතුයඤ‍්ච වෙදනාවසෙනෙව විහාසි. චත‍්තාරි සච‍්චානි නිප‍්පදෙසෙන පටිවිජ‍්ඣි, ඉමං තෙමාසං දුක‍්ඛසච‍්චෙ වෙදනාවසෙනෙව විහාසි. බාවීසතින්‍ද්‍රියානි නිප‍්පදෙසෙන පටිවිජ‍්ඣි, ඉමං තෙමාසං වෙදනාපඤ‍්චකඉන්‍ද්‍රියවසෙන විහාසි. ද‍්වාදසපදිකං පච‍්චයාකාරවට‍්ටං නිප‍්පදෙසෙන පටිවිජ‍්ඣි, ඉමං තෙමාසං ඵස‍්සපච‍්චයා වෙදනාවසෙනෙව විහාසි. චත‍්තාරො සතිපට‍්ඨානෙ නිප‍්පදෙසෙන පටිවිජ‍්ඣි, ඉමං තෙමාසං වෙදනාසතිපට‍්ඨානවසෙනෙව විහාසි. චත‍්තාරි ඣානානි නිප‍්පදෙසෙන පටිවිජ‍්ඣි, ඉමං තෙමාසං ඣානඞ‍්ගෙසු වෙදනාවසෙනෙව විහාසි. නාමං නිප‍්පදෙසෙන පටිවිජ‍්ඣි, ඉමං තෙමාසං තත්‍ථ වෙදනාවසෙනෙව විහාසි. ධම‍්මෙ නිප‍්පදෙසෙන පටිවිජ‍්ඣි, ඉමං තෙමාසං වෙදනාත‍්තිකවසෙනෙව විහාසීති. එවං ථෙරො පදෙසවිහාරසුත‍්තන‍්තවසෙන අභිධම‍්මස‍්ස නිදානං කථෙසි.

මණ්ඩලාරාම වාසී තිස්සභූති ස්ථවිරයන් වහන්සේ වනාහි මහාබෝධි නිදානයේ දී මෙය අභිධර්මය යැයි දක්වන්නට ‘යෙන ස්වාහං භික්‍ඛවෙ විහාරෙන පඨමා භිසම්මුද්ධො විහරාමි තස්ස පදෙයෙන විහාසිං’ යැයි මේ ප්‍රදේශ විහාර සූත්‍රාන්තය ගෙනහැර දක්වා වදාළ සේක. පදේස නම් දසවිධය. ඛන්‍ධපදේස - ආයතන පදේස - ධාතුපදේස - සච්ච පදේස - ඉන්‍ද්‍රිය පදේස - පච්චයාකාර පදේස - සතිපට්ඨාන පදේස ඣාන පදේස - නාම පදේස - ධම්ම පදේස යනුවෙනි. ශාස්තෲන් වහන්සේ බෝධි මණ්ඩපයේ දී එකී පදේස අතුරෙන් පඤ්චස්කන්‍ධයන් නිෂ්ප්‍රදේශ වශයෙන් ප්‍රතිවේධ කළ සේක. මේ තෙමස වේදනා ස්කන්‍ධ වශයෙන් වාසය කළ සේක. දොළොස් ආයතන, අටළොස් ධාතු යන මේවා නිෂ්ප්‍රදේශ වශයෙන් ප්‍රතිවේධ කළ සේක. මේ තුන්මස ධර්මායතනයෙහි වේදනා වශයෙන් මෙන්ම ධර්මධාතුවෙහි ද, වේදනා වශයෙන්ම වාසය කළ සේක. සතර සත්‍යයන් නිෂ්ප්‍රදේශ වශයෙන් ප්‍රතිවේධ කළ සේක. මේ තුන් මස දුඃඛ සත්‍යයෙහි වේදනා වශයෙන්ම වාසය කළ සේක. ද්විධ ඉන්‍ද්‍රියයන් නිෂ්ප්‍රදේශ වශයෙන් ප්‍රතිවේධ කළ සේක. මේ තෙමස වේදනා පංචකයෙහි ඉන්‍ද්‍රිය වශයෙන් වාසය කළ සේක. ද්වාදස පදිකය, පච්චයාකාර වට්ටය නිෂ්ප්‍රදේශ වශයෙන් ප්‍රතිවේධ කළ සේක. මේ තෙමස ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වශයෙන්ම වාසය කළ සේක. සතර සතිපට්ඨාන ධර්මයන් නිෂ්ප්‍රදේශ වශයෙන් ප්‍රතිවේධ කළ සේක. මේ තෙමස වේදනා සතිපට්ඨාන වශයෙන්ම වාසය කළ සේක. සතර ධ්‍යානයන් නිෂ්ප්‍රදේශ වශයෙන් ප්‍රතිවේධ කළ සේක. මේ තෙමස ධ්‍යානාංගයන්හි වේදනා වශයෙන් වාසය කළ සේක. නාමය නිෂ්ප්‍රදේශ වශයෙන් ප්‍රතිවේධ කළ සේක. මේ තෙමස එහි වේදනා වශයෙන්ම වාසය කළ සේක. ධර්මයන් නිෂ්ප්‍රදේශ වශයෙන් ප්‍රතිවේධ කළ සේක. මේ තෙමස වේදනාත්මක වශයෙන්ම වාසය කළසේකැයි මෙසේ තෙරුන් වහන්සේ ප්‍රදේශවිහාර සූත්‍රාන්තය වශයෙන් අභිධර්මය නිදානය වදාළ සේක.

ගාමවාසී සුමනදෙවත්‍ථෙරො පන හෙට‍්ඨාලොහපාසාදෙ ධම‍්මං පරිවත‍්තෙන‍්තො ‘අයං පරවාදී බාහා පග‍්ගය‍්හ අරඤ‍්ඤෙ කන්‍දන‍්තො විය, අසක‍්ඛිකං අඩ‍්ඩං කරොන‍්තො විය ච, අභිධම‍්මෙ නිදානස‍්ස අත්‍ථිභාවම‍්පි න ජානාතී’ති වත්‍වා නිදානං කථෙන‍්තො එවමාහ – එකං සමයං භගවා දෙවෙසු විහරති තාවතිංසෙසු පාරිච‍්ඡත‍්තකමූලෙ පණ‍්ඩුකම‍්බලසිලායං. තත්‍ර ඛො භගවා දෙවානං තාවතිංසානං අභිධම‍්මකථං කථෙසි – “කුසලා ධම‍්මා, අකුසලා ධම‍්මා, අබ්‍යාකතා ධම‍්මා”ති.

ගම්වැසි සුමනදේව තෙරුන් වහන්සේ ලෝහ ප්‍රාසාදයේ යට ධර්මය ධර්මය පරිවර්තනය කරන සේක් ‘මේ පරවාදියා දෑත් බැඳගෙන වනයෙහි හඬන්නකු මෙන් නොහැකි අවුලක් කරන්නකු මෙන් ද අභිධර්මයෙහි නිදානයක් ඇති බවත් නො දන්නේ යයි කියා නිදානය කියන සේක් මෙසේ කීහ. ‘එකං සමයං භගවා දෙවෙසු විහරති තාවතිංසෙසු පාරිච්ඡත්තකමූලෙ පණ්ඩුකම්බලසිලායං, තත්‍ර ඛො භගවා දෙවානං තාවතිංසානං අභිධම්මකථං කථෙසි කුසලා ධම්මා අකුසලා ධම්මා අව්‍යාකතා ධම්මා’ යනුවෙනි.

අඤ‍්ඤෙසු පන සුත‍්තෙසු එකමෙව නිදානං. අභිධම‍්මෙ ද‍්වෙ නිදානානි – අධිගමනිදානඤ‍්ච දෙසනානිදානඤ‍්ච . තත්‍ථ අධිගමනිදානං දීපඞ‍්කරදසබලතො පට‍්ඨාය යාව මහාබොධිපල‍්ලඞ‍්කා වෙදිතබ‍්බං. දෙසනානිදානං යාව ධම‍්මචක‍්කප‍්පවත‍්තනා. එවං උභයනිදානසම‍්පන‍්නස‍්ස පනස‍්ස අභිධම‍්මස‍්ස නිදානකොසල‍්ලත්‍ථං ඉදං තාව පඤ‍්හාකම‍්මං වෙදිතබ‍්බං – අයං අභිධම‍්මො නාම කෙන පභාවිතො? කත්‍ථ පරිපාචිතො? කත්‍ථ අධිගතො? කදා අධිගතො? කෙන අධිගතො? කත්‍ථ විචිතො? කදා විචිතො? කෙන විචිතො? කත්‍ථ දෙසිතො? කස‍්සත්‍ථාය දෙසිතො? කිමත්‍ථං දෙසිතො? කෙහි පටිග‍්ගහිතො? කෙ සික‍්ඛන‍්ති? කෙ සික‍්ඛිතසික‍්ඛා? කෙ ධාරෙන‍්ති? කස‍්ස වචනං? කෙනාභතොති?

අන්‍ය සූත්‍රයන්හි වනාහි එකම නිදානයකි. අභිධර්මයෙහි අධිගම නිදානය දේශනා නිදානය යැයි නිදාන දෙකකි. එ එහි අධිගම නිදානය දීපංකර බුදුන්ගේ පටන් බෝධි පර්යංකය තෙක් බව දතයුතු යි. දේශනා නිදානය දම්සක් පැවැත්වීම දක්වාය. මෙසේ උභය නිදාන සහිත මේ අභිධර්මයාගේ නිදාන කෞශල්‍යය පිණිස පළමුව මේ ප්‍රශ්න කථනය දතයුතුයි. මේ අභිධර්මය කවර හේතුවකින් වඩන ලද ද? කොහිදී මුහුකරවන ලදද? කොහිදී අධිගම කරන ලද ද? කවර දිනෙක අධිගම කරන ලද ද? කවරෙකු විසින් අධිගම කරන ලද ද? කොහිදී සිතන ලද ද? කවර කලෙක සිතන ලද ද? කවරෙකු විසින් සිතන ලද ද? කොහිදී දේශනා කරන ලද ද? කවරෙකු සඳහා දේශනා කරන ලද ද? කුමක් සඳහා දේශනා කරන ලද ද? කවර කෙනෙකුන් විසින් පිළිගන්නා ලද ද? කවරහු හික්මෙත් ද? කවරෙක් හික්මවන ලද ශික්‍ෂා ඇත්තෝ ද? කවර කෙනෙක් දරත් ද? කාගේ වචනයක් ද? කවරෙකු විසින් ගෙනෙන ලද ද? යනුයි

තත්‍රිදං විස‍්සජ‍්ජනං – කෙන පභාවිතොති බොධිඅභිනීහාරසද‍්ධාය පභාවිතො. කත්‍ථ පරිපාචිතොති අඩ‍්ඪඡක‍්කෙසු ජාතකසතෙසු. කත්‍ථ අධිගතොති බොධිමූලෙ. කදා අධිගතොති විසාඛාපුණ‍්ණමාසියං. කෙනාධිගතොති සබ‍්බඤ‍්ඤුබුද‍්ධෙන. කත්‍ථ විචිතොති බොධිමණ‍්ඩෙ. කදා විචිතොති රතනඝරසත‍්තාහෙ. කෙන විචිතොති සබ‍්බඤ‍්ඤුබුද‍්ධෙන. කත්‍ථ දෙසිතොති දෙවෙසු තාවතිංසෙසු. කස‍්සත්‍ථාය දෙසිතොති දෙවතානං. කිමත්‍ථං දෙසිතොති චතුරොඝනිද‍්ධරණත්‍ථං. කෙහි පටිග‍්ගහිතොති දෙවෙහි. කෙ සික‍්ඛන‍්තීති සෙක‍්ඛා ච පුථුජ‍්ජනකල්‍යාණා ච. කෙ සික‍්ඛිතසික‍්ඛාති අරහන‍්තො ඛීණාසවා. කෙ ධාරෙන‍්තීති යෙසං වත‍්තති තෙ ධාරෙන‍්ති. කස‍්ස වචනන‍්ති භගවතො වචනං, අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස. කෙනාභතොති ආචරියපරම‍්පරාය.

මේ එහි විසඳුමයි. කවර හේතුවකින් වඩන ලද ද? යත් බුද්ධත්වය අවබෝධ කිරීම සඳහා වඩන ලදී. කොහිදී මුහුකරවන ලද ද? යත් පන්සිය පනස් ජාතකයන්හිදීය. කොහිදී අධිගම කරන ලද ද යත්, බෝධි මූලයේදීය. කවර දිනෙක අධිගම කරන ලද ද යත්, වෙසක් පුනු පොහෝදිනය කවරෙකු විසින් අධිගම කරන ලද ද යත්, සර්වඥ බුදුරජාණන් වහන්සේ විසිනි. කවර තැනෙක දී මෙනෙහි කරන ලද ද යත්, බෝමැඩදීය. කවර අවස්ථාවක මෙනෙහි කරන ලද ද යත් රතනඝර සතියේදීය. කවරෙකු විසින් මෙනෙහි කරන ලද ද යත්, සර්වඥ බුදුරජාණන් වහන්සේ විසිනි. කොහිදී දේශනා කරන ලද ද යත්, තව්තිසා දෙව්ලොවදීය. කවරෙකු සඳහා දේශනා කරන ලද ද යත්, දෙවියන් සඳහාය. කුමක් සඳහා දේශනා කරන ලද ද යත්, සතර ඕඝයන් තරණය කිරීම සඳහාය. කවරෙකු විසින් පිළිගන්නා ලද ද යත්, දෙවියන් විසිනි. කවරෙක් හික්මෙත් ද යත්, ශෛක්‍ෂයෝත් කල්‍යාණ පෘථග්ජනයෝත් හික්මෙත්. කවරෙක් හික්මුණු ශික්‍ෂා ඇත්තෝ ද යත්, ක්‍ෂීණාශ්‍රව නම් වූ රහතන් වහන්සේලාය. කවරෙක් දරත් ද යත්, යම්කෙනෙක් (යම් ශ්‍රාවක කෙනෙක්) පවතිත් නම් (ජීවත්ව සිටිත් නම්) උන්වහන්සේලා දරත්. කාගේ වචනයක් ද යත්, භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ වචනයයි. කවර කෙනෙකුන් විසින් ගෙනෙන ලද ද යත්, ආචාර්ය පරම්පරාවෙනි.

අයඤ‍්හි සාරිපුත‍්තත්‍ථෙරො භද‍්දජි සොභිතො පියජාලී පියපාලො පියදස‍්සී කොසියපුත‍්තො සිග‍්ගවො සන්‍දෙහො මොග‍්ගලිපුත‍්තො සුදත‍්තො ධම‍්මියො දාසකො සොණකො රෙවතොති එවමාදීහි යාව තතියසඞ‍්ගීතිකාලා ආභතො. තතො උද‍්ධං තෙසංයෙව සිස‍්සානුසිස‍්සෙහීති එවං තාව ජම‍්බුදීපතලෙ ආචරියපරම‍්පරාය ආභතො. ඉමං පන දීපං –

මේ අභිධර්මය වනාහි සැරියුත් තෙරණුවෝ ය. භද්දජි තෙරණුවෝය. සෝභිත තෙරණුවෝය. පියජාලි තෙරණුවෝය. පියාපල තෙරණුවෝය. පියදස්සී තෙරණුවෝය. කෝසියපුත්ත තෙරණුවෝය. සිග්ගව තෙරණුවෝය. සන්දේශ තෙරණුවෝය. මොග්ගලීපුත්ත තෙරණුවෝය. සුදන්ත තෙරණුවෝය. ධම්මිය තෙරණුවෝය. දායක තෙරණුවෝය. සෝනක තෙරණුවෝය. රේවත තෙරණුවෝය යන මේ ආදී තෙරවරුන් විසින් තුන්වන සංගීති කාලය තෙක් ගෙනෙන ලදී. ඉන්මතු උන්වහන්සේලාගේම ශිෂ්‍යානුශිෂ්‍යයන් විසින් ගෙනෙන ලදී යනුයි. මෙසේ පළමුවෙන් දඹදිව් තෙලෙහි ඇදුරු පරපුරෙන් ගෙනෙන ලදි. මේ දිවයිනට වනාහි එයින්,

තතො මහින්‍දො ඉට‍්ටියො, උත‍්තියො සම‍්බලො තථා; පණ‍්ඩිතො භද‍්දනාමො ච, එතෙ නාගා මහාපඤ‍්ඤා.

මහින්‍දො ඉට්ඨියො උත්තියො සම්බලො භද්දනාමො ච එතෙ නාගා මහාපඤ්ඤා ජම්බුදීපා ඉධාගතා

ජම‍්බුදීපා ඉධාගතාති (පරි· 3, 8).

මහින්දය, ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දනාව, (භද්දසාල) යන මහාප්‍රාඥ වූ මේ රහතන් වහන්සේලා දඹදිවින් මෙහි පැමිණියාහුය යනුයි.

ඉමෙහි මහානාගෙහි ආභතො. තතො උද‍්ධං තෙසංයෙව සිස‍්සානුසිස‍්සසඞ‍්ඛාතාය ආචරියපරම‍්පරාය යාවජ‍්ජතනකාලා ආභතො.

මේ මහරහතන් වහන්සේලා විසින් ගෙනෙන ලදී. ඉන්මතු උන්වහන්සේලාගේම ශිෂ්‍යානුශිෂ්‍ය සංඛ්‍යාත ආචාර්ය පරම්පරාවෙන් අද දක්වා ගෙනෙන ලදී.