3. 4. 1
3. 4. 1.
3. 4. 1.
(1) තත්ථ කතමං සංකිලෙසභාගියං සුත්තං:
(1) ඒ සොළොස් සූත්‍රයන් කෙරෙහි සංකිලෙසභාගිය සූත්‍රය කවරෙ යැ :
1. “කාමන්ධා ජාලසඤ්ඡන්නා තණ්හාඡදනඡාදිතා. පමත්තබන්ධනා බද්ධා මච්ඡාව කුමිනාමුඛෙ; ජරාමරණමන්වෙන්ති වච්ඡො ඛීරපකොව මාතර”න්ති
1. ක්ලේශකාමයෙන් අන්ධ වූ තෘෂ්ණාජාලයෙන් වෙළුණු තෘෂ්ණා සංඛ්‍යාත අන්ධකාරයෙන් වැසුණු කෙමිනමුවෙහි මසුන් මෙන් ප්‍රමාදය හේතු කොටගෙන කාමගුණ සංඛ්‍යාත බන්ධනයෙන් බැඳුනු සත්ත්වයෝ මවු දෙන කරා කිරි බොන වස්සකු මෙන් ජරාමරණයට පුනපුනා පැමිණෙති.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
“චත්තාරිමානි භික්ඛවෙ අගතිගමානානි, කතමානි චත්තාරි: ඡන්දා අගතිං ගච්ඡති, දොසා අගතිං ගච්ඡති, භයා අගතිං ගච්ඡති, මොහා අගතිං ගච්ඡති, ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි අගතිගමනානි. ඉදමවොච භගවා ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා.
“මහණෙනි, මේ අගතිගමනයෝ සතර දෙනෙකි, කවර සතරදෙනෙක යත්: ඡන්දහේතුයෙන් අගතියට යෙයි, (නො කටයුතු කෙරෙයි,) ද්වේෂයෙන් අගතියට යෙයි, භයින් (භයහේතුයෙන්) අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි. මහණෙනි, මේ සතර අගතිගමනයෝ යි. බුදුහු මේ වදාළහ, සුගත වූ ශාස්තෲන් වහන්සේ මේ වදාරා යළි තෙල ගාථාධර්මය වදාළසේක.
2. ඡන්දා දොසා භයා මොහා යො ධම්මං අතිවත්තති, නිහීයති තස්ස යසො කාලපක්ඛෙව චන්දිමා”ති.
2. ඡන්‍දහේතුයෙනුදු ද්වේෂහේතුයෙනුදු භයහේතුයෙනුදු මෝහහේතුයෙනුදු යමෙක් දහම් ඉක්මැ යේ නම් ඔහුගේ කීර්ති - පරිවාරයශස් අවපස සඳු සෙයින් පිරිහේ යයි.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
3. “මනොපුබ්බඞ්ගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා, මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොති වා; තතො නං දුක්ඛමන්වෙති චක්කංව වහතො පද”න්ති.
3. වේදනාදි චෛතසිකධර්‍මයෝ සිත පෙරටුකොට ඇත්තාහ, සිත ශ්‍රේෂ්ඨ කොට ඇත්තාහ, සිතින් මැ නිපදවන ලද්දාහ, ඉදින් ප්‍රදුෂ්‍ය වූ සිතින් යුක්තව (මුසාවාදාදිය) බෙණේ නම් හෝ (ප්‍රාණවධාදිය) කෙරේ නම් හෝ ඒ හේතුයෙන් විය උසුලන ගොනුගේ පිය අනුව යන ගැල්සක මෙන් විපාකදුඃඛය ඒ පුද්ගලයා අනුව යෙයි.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
4 “මිද්ධි යදා හොති මහග්ඝසො ච නිද්දායිතා සංපරිවත්තසායි. මහාවරාහොව නිවාපපුට්ඨො පුනප්පුනං ගබ්භමුපෙති මන්දො”ති
4. යම් කලෙක පුරුෂ ථිනමිද්ධයෙන් මඩනාලදුයේ බොහෝ කොට බුදින්නේත් වේ ද, හුන් සිටි තැන නිදනසුලු වූයේ පෙරැළිපෙරැළි හෝනේ වේ ද, දමු කුඩු ඇ ශූකර නිවාපයෙන් පුස්නාලද මහත් ගම්හූරකු සෙයින් ඒ දුෂ්ප්‍රාඥ පුද්ගල පුනපුනා (පිළිසඳ විසින්) මවුකුසට පැමිණේ යයි.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
5. ‘අයසාව මලං සමුට්ඨිතං තදුට්ඨාය” තමෙව ඛාදති, එවං අතිධොනචාරිනං සානි කම්මානි නයන්ති දුග්ගති”න්ති.
5. යකඩින් මැ නැඟුණු මලය ඒ යකඩයෙන් මැ නැඟී යම් සේ ඒ යකඩය මැ කා වනසා ද එපරිද්දෙන් සිවුපසය (මේ සඳහා මෙතෙක් පමණැයි) ප්රත්යවේක්ෂාප්රඥාව ඉක්මැවූවහු (සිවුපසය නොපස්විකා වළඳන මහණහු) (සිය සතන්හි උපන් හෙයින්) ස්වකීය කර්මයෝ දුගතියට පමුණුවත් යයි.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
6. “චොරො යථා සන්ධිමුඛෙ ගහීතො. සකම්මුනා හඤ්ඤතෙ බජ්ඣතෙ ච එවං අයං පෙච්ච පජා පරත්ථ සකම්මුනා හඤ්ඤතෙ බජ්ඣතෙ චා”ති.
6. ගෘහසන්ධිමුඛයෙහි (ගෙහිමියන් හෝ රාජපුරුෂයන් විසින්) ගන්නාලද සොරෙක් සිය සොරකම් හේතුයෙන් යම් පරිදි කම්කටොලින් පෙළනුලැබේ ද, (සිරබැඳුම් ආදියෙන්) බඳනාත් ලැබේ ද, එසෙයින් මේ සත්ත්වප්රජාව මියැ පරලොවැ දී සිය පව්කැමින් පෙළනු ලැබෙයි, බඳනාත් ලැබේ යයි.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
7. “සුඛකාමානි භූතානි යො දණ්ඩෙන විහිංසති, අත්තනො සුඛමෙසානො පෙච්ච සො න ලභතෙ සුඛ”න්ති
7. සුව කැමැති වූ සත්ත්වයන් යමෙක් දඬුවමින් වෙහෙසා ද, තමහට සුව රිසියෙන හේ පරලොවැ දී සුව නොලබා යයි.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
8. “ගුන්නං වෙ තරමානානං ජිම්හං ගච්ඡති පුඞ්ගවො; සබ්බා තා ජිම්හං ගච්ඡන්ති නෙත්තෙ ජිම්හගතෙ සති.
8. මහොඝය තරණය කරන ගවයන් අතුරෙහි ඉදින් පුංගවයා (යූථපති වූ ප්‍රධාන වෘෂභ) කුටිලව යේ ද, පරිණායක ගවයා කුටිලව ගිය කල්හි එ හැම ගාවීහු කුටිලව යෙත්.
9. “එවමෙවං මනුස්සෙසු යො හොති සෙට්ඨසම්මතො, සො චෙ අධම්මං චරති පගෙව ඉතරා පජා; සබ්බං රට්ඨං දුඛං සෙති රාජා චෙ හොති අධම්මිකො”ති.
9. එපරිදි මැ මිනිසුන් කෙරෙහි යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත වේ ද, ඉදින් ඒ ශ්‍රේෂ්ඨ පුරුෂ කායදුශ්චරිතාදි අධර්මයෙහි හැසිරේ ද, ඔහු අනුව යන ඉතිරි ප්‍රජාව කැල මැය, (කියනු කිමැ) ඉදින් රජ නොදැහැමි වේ නම් සියලු රටවැසි ජනයා දුකසේ වෙසේ යයි.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
10. “සුකිච්ඡරූපා වතිමෙ මනුස්සා කරොන්ති පාපං උපධීසු රත්තා, ගච්ඡන්ති තෙ බහුජනසන්නිවාසං නිරයං අවීචිං කටුකං භයානක”න්ති.
10. පඤ්චකාමගුණෝපධීන්හි ඇලුණා වූ එහෙයින් මැ වෙසෙසින් දුකට පැමිණි ස්වභාව ඇති මේ මනුෂ්‍යයෝ ඒකාන්තයෙන් පව්කම් කෙරෙති, පාපකාරී ඔවුහු (පව් කරන) බොහෝදෙනාට වාසස්ථාන වූ කටුක වූ බියදනවන අවීචි නිරයට යෙති.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
11. “ඵලං වෙ කදලිං හන්ති ඵලං වෙළුං ඵලං නළං, සක්කාරො කාපුරිසං හන්ති ගබ්භො අස්සතරිං යථා”ති.
11. ඵලය ඒකාන්තයෙන් (පත්වැටි නූපදනා හෙයින්) කෙසෙල්ගස නසා ද, ඵලය (ඕසධීහු ඵලපාකාවසාන හෙයින්) මහහුණ නසා ද, ඵලය රණහුණ නසා ද, ගර්භය යම්සේ වෙළඹ නසා ද, එසෙයින් සත්කාරය අසත්පුරුෂයා නසා යයි.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
12. “කොධමක්ඛගරු භික්ඛු ලාභසක්කාරකාරණා, සුඛෙත්තෙ පූතිබීජංව සද්ධම්මස්මිං න රූහතී”ති.
12. ප්රත්යයලාභය හා සත්කාරය හේතුකොටගෙන ක්‍රෝධය ගුණමකුබව ගරුකොට වෙසෙන මහණ මනා කෙතෙහි වපුළ කුණු වූ බිජුවටක් සෙයින් ශාසනසද්ධර්‍මයෙහි ශීලාදි ගුණයෙන් නොවැඩේ යයි.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
“ඉදාහං භික්ඛවෙ එකච්චං පුග්ගලං පදුට්ඨචිත්තං, එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි, යථා ඛො අයං පුග්ගලො ඉරීයති යඤ්ච පටිපදං පටිපන්නො යඤ්ච මග්ගං සමාරූළ්හො ඉමම්හි චායං සමයෙ කාලං කරෙය්ය යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ, තං කිස්ස හෙතු: චිත්තං හිස්ස භික්ඛවෙ පදුට්ඨං, චිත්තප්පදොසහෙතු ඛො පන භික්ඛවෙ එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති.
“මහණෙහි, මම මෙලොවැ ඇතැම් පුඟුලකු ප්‍රදුෂ්ට වූ සිත් ඇතියහු මාගේ සිතින් ඔහුගේ සිත මෙසේ පිරිසිඳ දනිමි : (මේ පුද්ගල යම්සේ ඉරියව් පවත්වා ද යම් පිළිවෙතකට පිළිපන්නේ ද, යම් මඟකට පිවිසියේ ද) මේ පුද්ගල මෙ සමයෙහි කලුරිය කෙරේ නම්, (හිසින් හෝ කරින්) ගෙනඑන ලද්දක් යම්සේ බහාතැබුයේ ද, එසෙයින් නිරයෙහි උපදනේ යැ. එ කවර හෙයින යත් : මහණෙනි ඔහුගේ සිත ප්‍රදුෂ්ට යැ එහෙයිනි. තවද මහණෙනි, මෙසේ මෙ ලොවැ ඇතැම් සත්ත්ව කෙනෙක් චිත්තප්‍රදෝෂහේතුයෙන් කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වූ නිරයට පැමිණෙත්. බුදුහු තෙල කරුණ වදාළහ, එහි ලා තෙල මෙසේ කියනුලැබේ.
13. “පදුට්ඨචිත්තං ඤත්වාන එකච්චා ඉධ පුග්ගලං, එතමත්ථං වියාකාසි බුද්ධො භික්ඛූන සන්තිකෙ.
13. මෙලොවැ ප්‍රදුෂ්ට සිත් ඇති ඇතැම් පුඟුලකු (සිතින් සිත) දැන බුදුහු මහණුන් හමුයෙහි තෙල කරුණ ප්‍රකාශ කළසේක.
14. “ඉමම්හි චායං සමයෙ කාලං කයිරාථ පුග්ගලො, නිරයස්මිං උපපජ්ජෙය්ය චිත්තං හිස්ස පදූසිතං. චිත්තප්පදොසහෙතු හි සත්තා ගච්ඡන්ති දුග්ගතිං,
14. ඉදින් මෙසමයෙහි මේ පුද්ගල කලුරිය කරන්නේ නම් නිරයට පැමිණෙන්නේ යැ, ඔහුගේ සිත ප්‍රදුෂ්ට හෙයිනි. චිත්තප්‍රදෝෂහේතුයෙන් සත්ත්වයෝ දුගතියට යෙත් මැයි.
15. යථාභතං නික්ඛිපෙය්ය එවමෙව තථාවිධො කායස්ස භෙදා දුප්පඤ්ඤො නිරයං සො’පපජ්ජතී”තී.
15. ගෙන එනලද්දක් යම්සේ බහාතබන්නේ ද, එපරිදි මැ එබඳු වූ ඒ දුෂ්ප්‍රාඥ පුද්ගල කය බිඳීමෙන් මතු නිරයට පැමිණේ යයි.
අයම්පි අත්ථො වුත්තො භගවතා ඉති මෙ සුත’න්ති.
භාග්‍යවතුන් විසින් මේ අර්ත්ථය ද වදාරන ලදැ’ යි මා විසින් අසනලදි.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
16. සචෙ භායථ දුක්ඛස්ස සචෙ වො දුක්ඛමප්පියං, මා’කත්ථ පාපකං කම්මං ආවී වා යදිවා රහො.
16. ඉදින් දුකට බියවවු නම්, ඉදින් තොපට දුක අප්‍රිය නම්, හෙළියෙහි වේවයි නොහොත් රහසි වැ වේවයි පව්කම් නහමක් කරවු.
17. සචෙ ච පාපකං කම්මං කරිස්සථ කරොථ වා, න වො දුක්ඛා පමුත්ත්යත්ථි උපෙච්චා’පි පලායත’න්ති.
17. ඉදින් පව්කම් මතු කරන්නවු නම් දැන් කරවු නම් හෝ දැනැ දැනැ පලායන්නාවූ ද තොපට දුකින් මිදීමෙක් නැති.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
18. “අධම්මෙන ධනං ලද්ධා මුසාවාදෙන චූභයං, මමෙති බාලා මඤ්ඤන්ති තං කථන්නු භවිස්සති:
18. අධර්‍මයෙනුදු මුසවා බිණීමෙනුදු (සවිඥාන - අවිඥාන) උභය ධනය ලැබ බාලයෝ මේ මාගේ ධනයැයි සිතති. කිසෙයින් ඒ ධනය ඔවුන් අයත් වේ ද?
19. අන්තරායා සු භවිස්සන්ති සම්භත’ස්ස විනස්සති, මතා සග්ගං න ගච්ඡන්ති නනු එත්තාවතා හතා”ති.
19. (අධර්මව්යවහාරාදීන් ලත් හෙයින්) රාජාන්තරායාදි උපද්‍රවයෝ වන්නාහ, ඔහු විසින් රැස්කරනලද්ද වැනැසෙයි, මළාහු සුගතියට නොයති, මෙතෙකින් (දිට්ඨධම්මික සම්පරායික හානියෙක්) නටුවාහු නො යි.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
20. “කථං ඛණති අත්තානං කථං මිත්තෙහි ජීරති, කථං විවට්ටතෙ ධම්මා කථං සග්ගං න ගච්ඡති.
20. කිසෙයින් තමා ගුණඛණනයෙන් කණී ද, කිසෙයින් මිත්‍රභාවයෙන් පිරිහේ ද, කිසෙයින් ධර්මයෙන් වැඩේ ද, කිසෙයින් ස්වර්ගයට නො යේ ද?
21 ලොභා ඛණති අත්තානං ලුද්ධො මිත්තෙහි ජීරති, ලොභා විවට්ටතෙ ධම්මා ලොභා සග්ගං න ගච්ඡති”ති.
21. ලෝභහේතුයෙන් තමා කණී, ලුබ්ධ වූයේ මිත්‍රභාවයෙන් පිරිහෙයි, ලෝභ හේතුයෙන් ධර්මයෙන් වැටෙයි, ලෝභහේතුයෙන් ස්වර්ගයට නොයේ යයි.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
22. “චරන්ති බාලා දුම්මෙධා අමිත්තෙනෙව අත්තනා, කරොන්තා පාපකං කම්මං යං හොති කටුකප්ඵලං.
22. මෙලොවැ පරලොවැ අර්‍ත්‍ථානර්‍ත්‍ථ නොදත් බාලයෝ යම් කර්මයෙක් කටුක විපාක වේ ද, එබඳු පාපකර්මය කරමින් තමහට සතුරකු බඳු වූ ආත්මභාවයෙන් යුක්ත ව හැසිරෙත්.
23. න තං කම්මං කතං සාධු යං කත්වා අනුතප්පති, යස්ස අස්සුමුඛො රොදං විපාකං පටිසෙවතී”ති.
23. යම් කර්මයක් කොට සිහිකළ කෙණෙහි තැවේ ද, යම් කර්මයක්හුගේ අනිෂ්ට විපාකය කඳුළුමුසු මුහුණින් යුතුව හඬමින් විඳී ද, එබඳු අකුසලකර්මය නො කරනලද්දේ මැනැවි.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
24. “දුක්කරං දුත්තිතික්ඛං ච අවියත්තෙන සාමඤ්ඤං, බහූහි තත්ථ සම්බාධා යත්ථ බාලො විසීදති.
24. නොවියත් මඳ නුවණැත්තහු විසින් ශ්‍රමණභාවය (වත්පිළිවත් පිරීමාදි විසින් ආභිසමාචාරිකශීලය නො පිරියැහෙනුයෙන්) දුෂ්කර යැ, (සමාදානයෙහි පටන් නොකඩ කොට ආදිබ්‍රහ්මචරියක ශීලය මුදුන්පත්කළයුතු හෙයින්) නො සිතියැහැක්ක. (ශීලසංවරාදියට පරිබන්‍ධ වූ) යම් විෂභාගාරම්මණාදියෙක්හි බාල පුද්ගල වෙසෙසින් ගැලේ ද එහෙයින් ඒ ශ්‍රමණභාවයෙහි (දුන්නිවත්ථ-දුප්පාරුතමාතුගාමසම්මද්දාදි) ... සම්බාධයෝ බොහෝ වෙත් මැ යි.
25. යො හි අත්ථං ච ධම්මං ච භාසමානෙ තථාගතෙ, මනං පදොසියෙ බාලො මොඝං ඛො තස්ස ජීවිතං.
25. තථාගතයන් වහන්සේ අර්‍ත්‍ථයත් ධර්මයත් වදාරන කල්හි යම් බාලයෙක් සිත ප්‍රදුෂ්‍ය කෙරේ ද, ඔහුගේ ජීවිතය සිස් වූයේ මැ යි.
26. එතඤ්චා’හං අරහාමි දුක්ඛඤ්ච ඉතො ච පාපියතරං භන්තෙ, යො අප්පමෙය්යෙසු තථාගතෙසු චිත්තං පදොසෙමි අවීතරාගො”ති.
26. වහන්ස, අවීතරාග වූ යම්බඳු මම අප්‍රමේය ගුණ ඇති තථාගතයන් කෙරෙහි සිත ප්‍රදුෂ්‍ය කෙරෙම් ද, ඒ මම තෙල ව්‍යසනයට ද මෙයිනුදු ලාමකතර දුකට ද සුදුසු වෙමි යි.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
27. “අප්පමෙය්යං පමිණන්තො කො’ධ විද්වා විකප්පයෙ, අප්පමෙය්යං පමායන්තං නිවුතං මඤ්ඤෙ අකිස්සව”න්ති.
27. මෙ ලොවැ අප්‍රමේය ගුණඇති ක්ෂිණාස්රවයකු (මෙතෙක් ශීල යැ සමාධි යැ යනාදීන්) ප්‍රමාණ කරන කවර ප්‍රාඥයෙක් විකල්පනය කරන්නේ ද (රහතෙක් මැ රහතකු ප්‍රමාණයෙන් විකල්පන කරන්නේ යැයි සේ යි). අප්‍රමේය ක්ෂිණාස්රවයකු ප්‍රමාණ කරන්නහු නුවණ නැති අවකුජ්ජප්රාඥයකු කොට සිතම්.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
28. “පුරිසස්ස හි ජාතස්ස කුඨාරී ජායතෙ මුඛෙ, යාය ඡින්දති අත්තානං බාලො දුබ්භාසිතං භණං.
28. දුර්භාෂිත කියන බාල තෙමේ අවියක් වැනි යම් පරුෂවචනයෙකින් (කුසලමූලය සිඳීමෙන්) තමා සිඳපියා ද, උපන් පුරුෂයාගේ මුවෙහි එබඳු රළුබස් නමැති කුඨාරීය උපදනේ මැ ය.
29. “න හි සත්ථං සුනිසිතං විසං හලාහලං ඉව, එවං විරුද්ධං පාතෙති වාචා දුබ්භාසිතා යථා”ති.
29. යම්පරිදි ආර්‍ය්‍යෝපවාද වශයෙන් කියන ලද දුර්භාෂිත වචනය අපරාධ කළ පාපී පුද්ගලයා මෙසේ නිරයෙහි හෙළා ද එබඳු හලාහල විෂයයක් සෙයින් සුනිශිත (මොනවට මුවහත් කරන ලද) ශස්ත්‍රයෙක් නැත් මැ යි.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
30. “යො නින්දියං පසංසති තං වා නින්දති යෙ පසංසියො, විචිනාති මුඛෙන සො කලිං කලිනා තෙන සුඛං න වින්දති.
30. යමෙක් නිගාකළයුත්තහු පසසසා ද, පැසැසියයුතු යමෙක් වේ නම් ඔහුට හෝ නිගාකෙරේ ද, හේ මුවින් අපරාධය (අකුසල්) රැස්කෙරෙයි, ඒ අපරාධය හේතු කොට ගෙන සුව නොලබා.
31. අප්පමත්තො අයං කලි යො අක්ඛෙසු ධනපරාජයො. සබ්බස්සා’පි සහා’පි අත්තනා අයමෙව මහන්තතරො කලි යො සුගතෙසු මනං පදොසයෙ.
31. දූකෙළියෙහි ලා යම් ධනපරාජයක් ඇද්ද, මේ අපරාධය (පරාජය) අල්පමාත්‍ර යැ යමෙක් බුද්ධාදි සුගතයන් කෙරෙහි සිත ප්‍රදුෂ්‍ය කෙරේ ද, තමා ද සමග සර්වස්වය (තමාගේ සියලු ධනය) ද නසන මේ මැ අපරාධය මහත්තර (අතිශයින් මහත්) වේ.
32. සතං සහස්සානං නිරබ්බුදානං, ඡත්තිංසති පඤ්ච ච අබ්බුදානි, යමරියගරහී නිරයං උපෙති, වාචං මනඤ්ච පණිධාය පාපක”න්ති.
32. ආර්‍ය්‍යයනට ගරහනුයේ පාපක වූ වචනය ද සිත ද පිහිටුවා යම් (පදුම නම්) නිරයකට පැමිණේ ද, (එහි ආයුෂ්ප්‍රමාණය) නිරර්බුදගණනින් සිය දහසක් හා සතිසක් ද අර්බුද පසක් ද වේ.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
33. “යො ලොභගූණෙ අනුයුත්තො සො වචසා පරිභාසති අඤ්ඤෙ අස්සද්ධො අකදරියො අවදඤ්ඤූ මච්ඡරී පෙසුනියං අනුයුත්තො
33. යමෙක් ලෝභගුණ (තෘෂ්ණා) යෙහි පුනපුනා යෙදුණේ ද, හේ සැදැහැ නැතියේ තදමසුරු වූයේ බුද්ධාදීන්ගේ පවා බස් නොදන්නේ පංච මාත්සර්ය්යයෙන් යුක්ත වූයේ පෙහෙසුන් බිණීමෙහි යෙදුණේ වචනයෙන් අන්‍යයනට පරිභව කෙරෙයි.
34 මුඛදුග්ග, විභූත, අනරිය භූනහු පාපක දුක්කතකාරී පුරිසන්තකලි අවජාතකපුත්ත මා බහුභාණීධ නෙරයිකො’සි.
34. මුඛවිෂමය, (විෂම බස් ඇතිය) මුසවා ඇතිය, අනාර්‍ය්‍යය, වෘද්ධිනාශකය, ලාමකය, පාපකාරීය, පුරුෂාධමය, කාලකන්නිය, (භාග්‍යවතුන් වහන්සේගේ) අවජාත පුත්‍රය, මෙහි (මේ අත්බැවෙහි දී) නහමක් බොහෝ කොට බණනු වෙහි නිරිසත් වෙහි.
35. රජමාකිරසෙ අහිතාය සන්තෙ ගරහසි කිබ්බිසකාරි බහූනි දුච්චරිතානි චරිත්වා ගච්ඡසි පපතං චිරරත්ත”න්ති.
35. පාපකාරිය, (තෝ) සන්හුන් කෙලෙස් ඇති රහත්නට නිගා කෙරෙහි, තමහට අවැඩ පිණිස තමා කෙරෙහි කෙලෙස්රජස් වගුරුවා බොහෝ දුශ්චරිත කොට බොහෝ කල් පැසියැයුතු පදුමනිරයට යෙහි.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
තෘෂ්ණා දෘෂ්ටි දුශ්චරිත වශයෙන් ත්‍රිවිධ සංක්ලේශයන්ගේ ස්වභාවභේදයෙන් ද අවස්ථාභේදයෙන් ද අනේකප්රභේද ඇති බව දක්වන්නට නොයෙක් සූත්රපදයන්ගෙන් නිදසුන් ඇරැදක්වන ලද සංකිලෙසභාගිය සූත්‍ර යි.