සාසනපට‍්ඨානං
3. 4.
3. 4.
ශාසනප්‍රස්ථානය
තත්‍ථ අට‍්ඨාරස මූලපදා කුහිං දට‍්ඨබ‍්බා: සාසනපට‍්ඨානෙ, තත්‍ථ කතමං සාසනපට‍්ඨානං: සංකිලෙසභාගියං සුත‍්තං, වාසනාභාගියං සුත‍්තං, නිබ‍්බෙධභාගියං සුත‍්තං. අසෙඛභාගියං සුත‍්තං, සංකිලෙස භාගියඤ‍්ච වාසනාභාගියඤ‍්ච සුත‍්තං, සංකිලෙසභාගිසඤ‍්ච නිබ‍්බෙධභාගියඤ‍්ච සුත‍්තං, සංකිලෙසභාගියඤ‍්ච අසෙඛභාගියඤ‍්ච සුත‍්තං, සංකිලෙසභාගියඤ‍්ච නිබ‍්බෙධභාගියඤ‍්ච අසෙඛභාගියඤ‍්ච සුත‍්තං, සංකිලෙසභාගියඤ‍්ච නිබ‍්බෙධභාගියඤ‍්ච අසෙඛභාගියඤ‍්ච සුත‍්තං, සංකිලෙසභාගියඤ‍්ච වාසනාභාගියඤ‍්ච නිබ‍්බෙධභාගියඤ‍්ච සුත‍්තං, වාසනාභාගියඤ‍්ච නිබ‍්බෙධභාගියඤ‍්ච සුත‍්තං, තණ‍්හාසංකිලෙසභාගියං සුත‍්තං, දිට‍්ඨිසංකිලෙසභාගියං සුත‍්තං, දුච‍්චරිතසංකිලෙසභාගියං සුත‍්තං, තණ‍්හාවොදානභාගියං සුත‍්තං, දිට‍්ඨිවොදානභාගියං සුත‍්තං, දුච‍්චරිතවොදානභාගියං සුත‍්තං.
ඒ මූලපදවිභාගයෙහි අටළොස් මූලපදයෝ කොහි ලා දැක්කයුත්තාහු යැ යත් : සාසනපට්ඨානයෙහි දැක්කයුතු. එහි සාසනපට්ඨාන කවරෙ යැ : (1) සංකිලෙසභාගිය සූත්‍ර යැ, (2) වාසනාභාගිය සූත්‍ර යැ, (3) නිබ්බේධභාගිය සූත්‍ර යැ, (4) අසේඛභාගිය සූත්‍ර යැ, (5) සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්‍ර යැ, (6) සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ, (7) සංකිලෙසභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යැ, (8) සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යැ, (9) සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ, (10) වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ, (11) තණ්හාසංකිලේසභාගිය සූත්‍ර යැ, (12) දිට්ඨිසංකිලේසභාගිය සූත්‍ර යැ, (13) දුච්චරිතසංකිලෙසභාගිය සූත්‍ර යැ, (14) තණ්හාවෝදානභාගිය සූත්‍ර යැ, (15) දිට්ඨිවෝදානභාගිය සූත්‍ර යැ, (16) දුච්චරිතවෝදානභාගිය සූත්‍ර යි.
තත්‍ථ සංකිලෙසො තිවිධො: තණ‍්හාසංකිලෙසො දිට‍්ඨිසංකිලෙසො දුච‍්චරිතසංකිලෙසො. තත්‍ථ තණ‍්හාසංකිලෙසො සමථෙන විසුජ‍්ඣති. සො සමථො සමාධික‍්ඛන්‍ධො. දිට‍්ඨිසංකිලෙසො විපස‍්සනාය විසුජ‍්ඣති. සා විපස‍්සනා පඤ‍්ඤාක‍්ඛන්‍ධො. දුච‍්චරිතසංකිලෙසො සුචරිතෙන විසුජ‍්ඣති. තං සුචරිතං සීලක‍්ඛන්‍ධො, තස‍්ස සීලෙ පතිට‍්ඨිතස‍්ස යදී ආසත‍්ති උප‍්පජ‍්ජති භවෙසු, එවං සා’යං සමථවිපස‍්සනා භාවනාමයං පුඤ‍්ඤකිරියවත්‍ථු භවති. තත්‍රුප‍්පත‍්තියා සංවත‍්තති.
එහි සංකිලේස ත්‍රිවිධ යැ : තණ්හාසංකිලේස යැ දිට්ඨිසංකිලේස යැ දුච්චරිතසංකිලේස යි කියා යි. ඒ ත්‍රිවිධ සංකිලේසයන් කෙරෙහි තණ්හාසංකිලෙසය සමථයෙන් විසුද්ධ වෙයි, ඒ සමථය සමාධිස්කන්‍ධ යි. දිට්ඨිසංකිලේසය විදර්‍ශනායෙන් විසුද්ධ වෙයි, ඒ විදර්‍ශනාව ප්‍රඥාස්කන්‍ධ යි. දුශ්චරිතසංකිලේසය සුචරිතයෙන් විසුද්ධ වෙයි, ඒ සුචරිතය ශීලස්කන්‍ධ යි. ශීලයෙහි පිහිටි ඔහුට ඉදින් භවයෙහි ආසත්ති (භව ප්‍රාර්‍ත්‍ථනාව) උපදී නම්, මෙසේ ඒ පුද්ගලහට මේ ශමථ - විදර්‍ශනා (විපාකඵල උපදවන හෙයින්) භාවනාමය පුණ්‍යක්‍රියාවස්තු වෙයි. ඒ ඒ භවයෙහි උපත පිණිස පවතී.
ඉමානි චත‍්තාරි සුත‍්තානි සාධාරණානි කතානි අට‍්ඨ භවන‍්ති. තානියෙව අට‍්ඨ සුත‍්තානි සාධාරණානි කතානි සොළස භවන‍්ති. ඉමෙහි සොළසෙහි සුත‍්තෙහි භින‍්නෙහි නවවිධං සුත‍්තං භින‍්නං භවති. ගාථාය ගාථා අනුමිනිතබ‍්බා. වෙය්‍යාකරණෙන වෙය්‍යාකරණං අනුමිනිතබ‍්බං. සුත‍්තෙන සුත‍්තං අනුමිනිතබ‍්බං.
මේ ‘සංකිලේසභාගියා’ දි සතර සූත්‍රයෝ (‘සංකිලෙසභාගියං ච වාසනාභාගියං ච’ යනාදීන්) මිශ්‍ර කරනලද්දාහු සූත්‍ර අටක් වෙති. එමැ සූත්‍ර අට (ත්‍රික වශයෙන්) මිශ්‍ර කරන ලද්දාහු සොළොස් සූත්‍ර කෙනෙක් වෙත්. පට්ඨානනයින් විභාග කරනලද මේ සොළොස් වැදෑරුම් සූත්‍රයෙන් ‘සුත්ත ගෙය්‍යාදි පර්‍ය්‍යාප්තිශාසන සංඛ්‍යාත නවවිධ සූත්‍රය සොළොස් පරිද්දෙකින් විභාග කරනලද්දේ වේ. (මේ සොළසවිධ පට්ඨානයෙන් අසංගෘහිත වූ පර්‍ය්‍යාප්තිශාසනප්‍රදේශයෙක් නැතැ’ යි සේයි.) ගාථායෙන් ගාථාව (මේ ගාථාව වැනි ගාථා සංකිලෙසභාගිය යැ යනාදීන්) අනුමාන කොට හෙවත් තර්‍කණ කොට දතයුතු යැ, වෙය්‍යාකරණයෙන් වෙය්‍යාකරණය අනුමිනිතව්‍ය යැ, සූත්‍රයෙන් සූත්‍රය අනුමිනිතව්‍ය යි.