3. 4. 10
3. 4. 10.
3. 4. 10.
(10) තත්ථ කතමං වාසනාභාගියඤ්ච නිබ්බෙධභාගියඤ්ච සුත්තං:
(10) එහි වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර කවරෙ යැ.
1. “ලද්ධාන මානුසත්තං චෙ කිච්චං අකිච්චමෙව ච, සුකිච්චං චෙව පුඤ්ඤානි සංයොජනවිප්පහානං වා”ති.
1. මනුෂ්‍යභාවය ලැබ කටයුතු දැය ද නො කටයුතු දැය ද යන දෙක කෙරෙති. එහෙත් මොනොවට කටයුතු වූයේ කුසල් හෝ සංයෝජනය ප්රහාණය හෝ යි.
“සුකිච්චං චෙව පුඤ්ඤානී”ති වාසනා; සංයොජනවිප්පහානං වා”ති නිබ්බෙධො;
‘සුකිච්චං චෙවපුඤ්ඤනි’ යනු වාසනා යැ. ‘සංයෝජනවිප්පහානං’ යනු නිබ්බේධ යි.
2. “පුඤ්ඤානි කරිත්වාන සග්ගා සග්ගං වජන්ති කතපුඤ්ඤා, සංයොජනප්පහානා ජරාමරණා විමුච්චන්තී”ති.
2. පින්කම් කොට කළ පින් ඇත්තාහු ස්වර්ගයෙන් ස්වර්ගයට යෙති සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් ජරාමරණයෙන් මිදෙත් යයි.
“පුඤ්ඤානි කරිත්වාන සග්ගා සග්ගං වජන්ති කතපුඤ්ඤා”ති වාසනා; “සංයොජනප්පහානා ජරාමරණා විමුච්චන්තී”ති නිබ්බෙධොති.
‘පුඤ්ඤානි කරිත්වාන සග්ගා සග්ගං වජන්ති කතපුඤ්ඤා’ යනු වාසනායැ. ‘සංයෝජනාප්පහානා ජරාමරණං විමුච්චන්ති’ යනු නිබ්බේධ යි.
ඉදං වාසනාභාගියඤ්ච නිබ්බෙධභාගියඤ්ච සුත්තං.
මේ වාසනා භාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ.
“ද්වෙමානි භික්ඛවෙ පධානානි, කතමානි ද්වෙ: යො ච අගාරස්මා අනගාරියං පබ්බජිතෙසු චීවර- පිණ්ඩපාත - සෙනාසන - ගිලානපච්චය - භෙසජ්ජපරික්ඛාරං පරිච්චජති, යො ච අගාරස්මා අනගාරියං පබ්බජිතෙසු සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බාන”න්ති.
මහණෙනි, මේ ප්රධන්වීර්ය්යයෝ (නොහොත්) උත්තම කර්මයෝ දෙදෙනෙක් වෙති, කවර දෙදෙනෙක යත් : යමෙක් ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදිවූවන් විෂයෙහි සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පරිත්‍යාග කෙරේ ද, ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදි වූවන් කෙරෙහි යම් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාක්ෂයයෙක් විරාග සංඛ්‍යාත මාර්ගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් ඇද්ද, යන මේ දෙක යි.
තත්ථ “යො අගාරස්මා අනගාරියං පබ්බජිතෙසු චීවර -පෙ- පරික්ඛාරං පරිච්චජති, “අයං වාසනා, “යො අගාරස්මා අනගාරියං පබ්බජිතෙන සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං”
එහි යමෙක් ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදි වූවන් විෂයෙහි සිවුරු … පිරිකර පරිත්‍යාග කෙරේ ද, මේ වාසනා යැ. ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදි වූවන් කෙරෙහි යම් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාක්ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් ඇද්ද’
අයං නිබ්බෙධො;
මේ නිබ්බේධ යි.
ඉදං වාසනාභාගියඤ්ච නිබ්බෙධභාගියඤ්ච සුත්තං.
මේ වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යි.
තත්ථ තණ්හාසංකිලෙසභාගියං සුත්තං තණ්හාපක්ඛෙනෙව නිද්දිසිතබ්බං. තීහි තණ්හාහි: කාමතණ්හාය භවතණ්හාය විභවතණ්හාය. යෙන යෙන වා පන වත්ථුනා අජ්ඣොසිතා තෙන තෙනෙව නිද්දිසිතබ්බා. තස්සා තණ්හාය විත්ථාරො ඡත්තිංසතණ්හාජාලිනියා විචරිතානි.
ඒ සොළොස් වැදෑරුම් සූත්‍රයන් කෙරෙහි තණ්හාසංකිලේසභාගිය සූත්‍රය තෘෂ්ණා පක්ෂයෙන් මැ දැක්විය යුතු යැ. කාමතණ්හායෙන් භවතණ්හායෙන් විභවතණ්හායෙන් යන තණ්හා තුනෙනි, නොහොත් උච්ඡේදාදි යම් යම් වස්තුයෙකින් බැසගන්නා ලද ද ඒ ඒ වස්තුයෙන් මැ දැක්විය යුතු යැ. ඒ තෘෂ්ණාවගේ විස්තරය ෂට්ත්‍රිංශත් තෘෂ්ණා ජාලිනියගේ විචරිතයෝ යි.
තත්ථ දිට්ඨිසංකිලෙසභාගියං සුත්තං දිට්ඨිපක්ඛෙනෙව නිද්දිසිතබ්බං උච්ඡෙදසස්සතෙන, යෙන යෙන වා පන වත්ථුනා දිට්ඨිවසෙන අභිනිවිසති ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති තෙන තෙනෙව නිද්දිසිතබ්බං තස්සා විත්ථාරො- ද්වාසට්ඨි දිට්ඨිගතානි.
එහි දිට්ඨිසංකිලේසභාගිය සූත්‍රය දෘෂ්ටිපක්ෂයෙන් මැ දැක්විය යුතු යැ. උච්ඡේද ශෘස්වත දෘෂ්ටි දෙකෙහි නොහොත් අමරාවික්ඛේපාදි යම් යම් වස්තුයෙකින් මෙය මැ සැබැවැ අන්‍යය තුච්ඡ යැ යි දෘෂ්ටිවශයෙන් බැසගනී ද, ඒ ඒ වස්තුයෙන් මැ දැක්විය යුතුයැ. ඒ දෘෂ්ටියගේ විස්තරය දෙසැට දෘෂ්ටිගතයෝ යි.
තත්ථ දුච්චරිතසංකිලෙසභාගියං සුත්තං චෙතනාය චෙතසිකකම්මෙන නිද්දිසිතබ්බං, තීහි දුච්චරිතෙහි: කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන මනොදුච්චරිතෙන. තස්ස විත්ථාරො දසඅකුසලකම්මපථා.
එහි දුශ්චරිත සංකිලෙසභාගිය සූත්‍රය චේතනායෙන් ද චෛතසික කර්මයෙන් ද දැක්විය යුතු යැ. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් යන තුන් දුශ්චරිතයෙනි. ඒ දුශ්චරිතයාගේ විස්තරය දශඅකුශල කර්මපථයෝ යි.
තත්ථ තණ්හාවොදානභාගියං සුත්තං සමථෙන නිද්දිසිතබ්බං. දිට්ඨිවොදානභාගියං සුත්තං විපස්සනාය නිද්දිසිතබ්බං. දුච්චරිත වොදානභාගියං සුත්තං සුචරිතෙන නිද්දිසිතබ්බං.
එහි තණ්හාවෝදානභාගිය සූත්‍රය සමථයෙන් දැක්විය යුතු යැ. දිට්ඨිවෝදානභාගිය සූත්‍රය විදර්ශනායෙන් දැක්විය යුතු යැ. දුච්චරිතවෝදානභාගිය සූත්‍රය සුචරිතයෙන් දැක්විය යුතු යි.
තීණි අකුසලමූලානි, තං කිස්ස හෙතු සංසාරස්ස නිබ්බත්තියා, තථා නිබ්බත්තෙ සංසාරෙ කායදුච්චරිතං කායසුචරිතං වචීදුච්චරිතං වචීසුචරිතං මනොදුච්චරිතං මනොසුචරිතං.
අකුශලමූලයෝ තිදෙනෙක් වෙති, ඒ කවරහෙයින යත් : සංසාරයාගේ ඉපදීම ඇති හෙයිනි. එසේ උපන් සසරෙහි කායදුශ්චරිත යැ කායසුචරිත යැ වාග්දුශ්චරිත යැ වාග්සුචරිත යැ මනෝදුශ්චරිත යැ මනස්සුචරිත යැ (යන මේ උපදවයි).
ඉමිනා අසුභෙන කම්මවිපාකෙන ඉදං බාලලක්ඛණං නිබ්බත්තතීති.
මේ කායදුශ්චරිතාදි අනිෂ්ට වූ කර්මවිපාකයෙන් (පූර්වභවයෙහි දුශ්චරිතසමඞ්ගී බැවින් මේ බාලයෙකැයි දක්වා ලියැහෙන) බාලලක්‍ෂණය උපදී යයි.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
ඉමිනා සුභෙන කම්මවිපාකෙන ඉදං මහාපුරිසලක්ඛණං නිබ්බත්තතී’ති.
මේ කායසුචරිතාදි ඉෂ්ට වූ කර්මවිපාකයෙන් (පූර්වභවයෙහි සුචරිත සමඞ්ගී බැවින් මේ පණ්ඩිතයෙකැ යි දක්වා ලියැහෙන) මේ මහාපුරුෂ (පණ්ඩිත) ලක්ෂණය උපදී” යයි.
ඉදං වාසනාභාගියං සුත්තං.
මේ වාසනාභාගිය සූත්‍ර යි.
තත්ථ සංකිලෙසභාගියං සුත්තං චතූහි කිලෙසභූමීහි නිද්දිසිතබ්බං: අනුසයභූමියා පරියුට්ඨානභූමියා සංයොජනභූමියා උපාදානභූමියා. සානුසයස්ස පරියුට්ඨානං ජායති, පරියුට්ඨිතො සංයුජ්ජති, සංයුජ්ජන්තො උපාදියති, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සූපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. ඉමාහි චතුහි කිලෙසභූමීහි සබ්බෙ කිලෙසා සඞ්ගහං සමොසරණං ගච්ඡන්ති.
එහි සංකිලෙසභාගිය සූත්‍රය අනුසයභූමියෙන් පරිසුට්ඨානභූමියෙන් සංයෝජනභූමියෙන් උපාදානභූමියෙන් යන සතර ක්ලේශභූමියෙන් (ක්ලේශ අවස්ථායෙන්) දැක්විය යුතු යැ. අනුශය සහිත අප්‍රහීණ අනුශය ඇතියහුට (ප්‍රත්‍යය සමායෝගය ඇති කල්හි) රාගාදීන්ගේ පරියුට්ඨානය වෙයි. රාගාදීන් පරියුට්ඨිත සිත් ඇතියේ කාමරාගාදි සංයෝජනයෙන් බැඳෙයි, බැඳෙනුයේ උපාදානය කෙරෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ යැ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනිත්, මෙසේ තෙල සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ. මේ සතර ක්ලේශභූමියෙන් සකල ක්ලේශයෝ සංග්‍රහයට සමෝසරණයට යෙත්.
ඉදං සංකිලෙසභාගියං සුත්තං.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
වාසනාභාගියං සුත්තං තීහි සුචරිතෙහි නිද්දිසිතබ්බං. නිබ්බෙධභාගියං සුත්තං චතුහි සච්චෙහි නිද්දිසිතබ්බං. අසෙඛභාගියං සුත්තං තීහි ධම්මෙහි නිද්දිසිතබ්බං බුද්ධධම්මෙහි පච්චෙකබුද්ධධම්මෙහි සාවකභූමියා, ඣායිවිසයෙ නිද්දිසිතබ්බන්ති.
වාසනාභාගිය සූත්‍රය ත්‍රිවිධ සුචරිතයෙන් දැක්විය යුතු යැ, නිබ්බේධභාගිය සූත්‍රය චතුස්සත්‍යයෙන් දැක්විය යුතු යැ. අසේඛභාගිය සූත්‍රය බුද්ධධර්මයෙන් ප්රත්යෙක බුද්ධධර්මයෙන් ශ්රාවකභූමියෙන් යන තුන් ධර්මයෙන් දැක්විය යුතු යැ. ධ්‍යායීන් විෂයෙහි දැක්විය යුත්තේ යයි.
(මෙසේ සොළොස් වැදෑරුම් ශාසනපට්ඨානය නානාසූත්රයන්ගෙන් උදාහරණ වශයෙන් විභාග කොට යළි අටවිසි අයුරෙකින් ශාසනපට්ඨානය දක්වනුවෝ පට්ඨාන විභාගය ද මුල පදයෙන් සංග්රහවන හෙයින් මූලාපදාමර්ශ කෙරෙති).
තත්ථ කතමෙ අට්ඨාරස මූලපදා: ලොකියං ලොකුත්තරං ලොකියඤ්ච ලොකුත්තරඤ්ච, සත්තාධිට්ඨානං ධම්මාධිට්ඨානං සත්තාධිට්ඨානං ච ධම්මාධිට්ඨානං ච, ඤාණං ඤෙය්යං ඤාණඤ්ච ඤෙය්යං ච, දස්සනං භාවනා දස්සනං ච භාවනා ච, සකවචනං පරවචනං සකවචනඤ්ච පරවචනඤ්ච, විස්සජ්ජනීයං අවිස්සජ්ජනීයං විස්සජ්ජනීයඤ්ච අවිස්සජ්ජනීයඤ්ච, කම්මං විපාකො කම්මඤ්ච විපාකො ච, කුසලං අකුසලං කුසලඤ්ච අකුසලඤ්ච, අනුඤ්ඤාතං පටික්ඛිත්තං අනුඤ්ඤාතඤ්ච පටික්ඛිත්තඤ්ච, ථවො චාති.
ඒ පට්ඨානවිභාගයෙහි අටළොස් මූලපදයෝ කවරහ : ලෞකිකාර්ත්ථ ඇති ලෝකිය සූත්‍ර යැ ලෝකෝත්තරාර්ත්ථ ඇති ලෝකුත්තර සූත්‍ර යැ පෙදෙසක ලෞකික ද පෙදෙසක ලෝකෝත්තර අර්ත්ථ ද වදාළ ලෝකිය ද ලෝකුත්තර ද සූත්‍ර යැ. සත්ත්ව ප්රඥප්ති විසින් වදාළ සත්තාධිට්ඨාන සූත්‍ර යැ ධර්ම වශයෙන් ම වදාළ ධම්මාධිට්ඨාන සූත්‍රය යැ උභයවශයෙන් වදාළ සත්තාධිට්ඨාන ද ධම්මාධිට්ඨාන ද සූත්‍ර යැ. (මෙපරිද්දෙන්) ඤාණ සූත්‍ර යැ ඤෙය්‍ය සූත්‍ර යැ. ඤාණ ද ඤෙය්‍ය ද සූත්‍ර යැ. දස්සන සූත්‍ර යැ භාවනා සූත්‍ර යැ දස්සන භාවනා සූත්‍ර යැ, සකවචන යැ, පරවචන යැ, සකවචන පරවචන යැ, විස්සජ්ජනීය යැ අවිස්සජ්ජනීය යැ විස්සජ්ජනීය ද අවිස්සජ්ජනීය ද සූත්‍ර යැ, කම්ම යැ විපාක යැ කම්ම ද විපාක ද සූත්‍ර යැ, කුසල යැ අකුසල යැ කුසල අකුසල සූත්‍ර යැ, අනුඤ්ඤාත සූත්‍ර යැ පටික්ඛිත්ත සූත්‍ර යැ අනුඤ්ඤාත පටික්ඛිත්ත සූත්‍ර යැ. (යළි බුද්ධාදීන්ගේ ගුණස්තව වශයෙන් වදාළ) ථව සූත්‍ර දැයි අටවිසි සූත්‍ර කෙනෙක් වෙත්.
(1) තත්ථ කතමං ලොකියං:
(1) ඒ අටවිසි සූත්‍රයන් කෙරෙහි ලෝකිය සූත්‍ර කවරෙ යැ :
1. “න හි පාපං කතං කම්මං සජ්ජු ඛීරංව මුච්චති, දහන්තං බාලමන්වෙති භස්මච්ඡන්නො ව පාවකො”ති
1. කරනලද පාපකර්මය එකෙණෙහි (දෙනගෙන් දොවනලද ධාරොෂ්ණ) ක්ෂීරය දිහිබවට නොයන්නාක් මෙන් නො මැ විපාක දෙයි, හළුයෙන් වැසුණු සඟලඟරක් සෙයින් පව්කම් කළ බාලයා දවමින් ඔහු ලුහුබැඳ යේ යයි.
ඉදං ලොකියං.
මේ ලෝකිය සූත්‍ර යැ.
“චත්තාරිමානි භික්ඛවෙ අගතිගමනානී’ති (සබ්බං) -පෙ- නිහීයතෙ තස්ස යසො කාලපක්ඛෙව චන්දිමා”ති.
“මහණෙනි, මේ අගතිගමනයෝ සතර දෙනෙකි’ යි (සියල්ල) ... ඔහුගේ යසස් අවපසැ සඳ සෙයින් පිරිහේ” යයි.
ඉදං ලොකියං.
මේ ලෝකිය සූත්‍ර යැ.
“අට්ඨිමෙ භික්ඛවෙ ලොකධම්මා. කතමෙ අට්ඨ: ලාභො ච අලාභො ච අයසො ච යසො ච නින්දා ච පසංසා ච සුඛඤ්ච දුක්ඛං ච. ඉමෙ ඛො භික්ඛවෙ අට්ඨ ලොකධම්මාති.
“මහණෙනි, මේ ලෝකධර්මයෝ අටදෙනෙකි, කවර අටෙක යත් : ලාභය ද අලාභය ද අයශස් ද යශස් ද නින්දා ද ප්‍රශංසා ද සුව ද දුක් ද යන මහණෙනි, මේ ලෝකධර්මයෝ අටදෙන වෙත්” යයි.
ඉදං ලොකියං.
මේ ලෝකිය සූත්‍ර යි.
(2) තත්ථ කතමං ලොකුත්තරං:
(2) එහි ලෝකුත්තර සූත්‍ර කවරෙ යැ :
2. “යස්සින්ද්රියානි සමථං ගතානි අස්සා යථා සාරථිනා සුදන්තා, පහීනමානස්ස අනාසවස්ස දෙවාපි තස්ස පිහයන්ති තාදිනො”ති.
2. යම් මහණක්හුගේ චක්ෂුරාදි ඉන්ද්රියයෝ දක්ෂ රියදුරක්හු විසින් මොනොවට දමනය කළ අසුන් මෙන් ශමථයට (දැමුණුබවට) ගියාහු ද, ප්‍රහීණ වූ මානඇති අනාස්‍රව වූ ලාභාලාභාදියෙහි තාදීවූ ඒ ක්ෂීණාස්රවහට දෙවියෝ ද (මනුෂ්‍යයෝ ද) කැමැති වෙත් යයි.
ඉදං ලොකුත්තරං.
මේ ලෝකුත්තර සූත්‍ර යැ.
“පඤ්චිමානි භික්ඛවෙ ඉන්ද්රියානි ලොකුත්තරානි, කතමානි පඤ්ච: සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං. සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ පඤ්චින්ද්රියානි ලොකුත්තරානී”ති.
“මහණෙනි, මේ ලෝකෝත්තර ඉන්ද්රිය පසෙකි, කවර පසෙක යත් : සද්ධින්ද්රිය විරියින්ද්රිය සතින්ද්රිය සමාධින්ද්රිය පඤ්ඤින්ද්රිය යන මහණෙනි, මේ ලෝකෝත්තර පඤේචින්ද්රියයෝ යි.
ඉදං ලොකුත්තරං
මේ ලෝකුත්තර සූත්‍ර යි.
(3) තත්ථ කතමං ලොකියඤ්ච ලොකුත්තරඤ්ච:
(3) එහි ලෝකිය ද ලෝකුත්තර ද සූත්‍ර කවරෙ යැ.
“ලද්ධාන මානුසත්තං ද්වෙ කිච්චං අකිච්චමෙව චා”ති ද්වෙ ගාථා. යං ඉහ “සුකිච්චං චෙව පුඤ්ඤානී”ති ච “පුඤ්ඤානි කරිත්වාන සග්ගා සග්ගං වජන්ති කතපුඤ්ඤා”ති ච ඉදං ලොකියං. යං ඉහ ‘සංයොජන විප්පහානං වා”ති ච “සංයොජනප්පහානා ජරාමරණා විමුච්චන්තී”ති ච ඉදං ලොකුත්තරං.
“ලද්ධාන මානුසත්තං ද්වෙ කිච්චං අකිච්චමෙව ච” යනාදි දෙගය නිදසුනි. මෙහි යම් “සුකිච්චං චෙව පුඤ්ඤානි” යනු ද “පුඤ්ඤානි කරිත්වාන සග්ගා සග්ගං වජන්ති කතපුඤ්ඤා” යනු ද මේ ලෝකිය යැ. මෙහි යම් “සංයෝජන විප්පහානං ච” යනු ද “සංයෝජනප්පහානා ජරාමරණා විමුච්චන්ති” යනු ද මේ ලෝකුත්තර යැ.
ඉදං ලොකියඤ්ච ලොකුත්තරඤ්ච.
මේ ලෝකිය ද ලෝකුත්තර ද සූත්‍ර යැ.
“විඤ්ඤාණෙ හි භික්ඛවෙ ආහාරෙ සති නාමරූපස්ස අවක්කන්ති හොති, නාමරූපස්ස අවක්කන්තියා සති පුනබ්භවො, හොති, පුනබ්භවෙ සති ජාති හොති, ජාතියා සති ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති, සෙය්යථාපි භික්ඛවෙ මහාරුක්ඛො, තස්ස යානි චෙව මූලානි අධොගමානි යානි ච තිරියඞ්ගමානි සබ්බානි තානි උද්ධං ඔජං අභිහරන්ති, එවං හි සො භික්ඛවෙ මහාරාක්ඛො තදාහාරො තදුපාදානො චිරං දීඝමද්ධානං තිට්ඨෙය්ය. එවමෙව ඛො භික්ඛවෙ විඤ්ඤාණෙ ආහාරෙ සති නාමරූපස්ස අවක්කන්ති හොති, (සබ්බං) -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති”ති. ඉදං ලොකියං.
“මහණෙනි, විඤ්ඤාණාහාරය ඇතිකල්හි නාමරූපයාගේ අවක්‍රාන්තිය වෙයි, නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇතිකල්හි පුනර්භවය වෙයි, පුනර්භවය ඇති කල්හි ජාතිය වෙයි. ජාතිය ඇතිකල්හි ජරාමරණ යැ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ වෙත්, මෙසේ තෙල කේවල දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ. මහණෙනි, මහරුකෙක් යම්සේ ද, ඒ රුකෙහි යටට බස්නා යම් මුල් වේ ද සරසට යන යම් මුල් වේ ද ඒ හැම මුල් උඩට ඕජාව ගෙනයති, මහණෙනි, මෙසේ මැ ඒ මහරුක ඒ ඕජාව ආහාර කොට ඇතියේ එය උපාදාන කොට ඇතියේ බොහෝ දිගුකලක් පවත්නේ යැ. එසෙයින් මැ මහණෙනි, විඤ්ඤාණාහාරය ඇතිකල්හි නාමරූපයාගේ අවක්‍රාන්තිය වෙයි. ... මෙසේ තෙල කේවල දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ” යයි. මේ ලෝකිය යැ.
විඤ්ඤාණෙ චෙ භික්ඛවෙ ආහාරෙ අසති නාමරූපස්ස අවක්කන්ති න හොති, නාමරූපස්ස අවක්කන්තියා අසති පුනබ්භවො න හොති, පුනබ්භවෙ අසති ජාති න හොති, ජාතියා අසති ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සූපායාසා නිරුජ්ඣන්ති, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. සෙය්යථාපි භික්ඛවෙ මහාරුක්ඛො, අථ පුරිසො ආගච්ඡෙය්ය කුද්දාලපිටකං ආදාය, සො තං රුක්ඛං මූලෙ ඡින්දෙය්ය, මූලෙ ඡෙත්වා පළිඛණෙය්ය, පළිඛණිත්වා මූලානි උද්ධරෙය්ය අන්තමසො උසීරනාළමත්තානිපි, සො තං රුක්ඛං ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දෙය්ය, ඛණ්ඩාඛණ්ඩිකං ඡෙත්වා ඵාලෙය්ය, ඵාලෙත්වා සකලිකං සකලිකං කරෙය්ය සකලිකං කත්වා වාතාතපෙ විසොසෙය්ය, වාතාතපෙ විසොසෙත්වා අග්ගිනා ඩහෙය්ය, අග්ගිනා ඩහිත්වා මසිං කරෙය්ය, මසිං කත්වා මහාවාතෙ වා ඔපුනෙය්ය නදියා වා සීඝසොතාය පවාහෙය්ය,
“මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරය නැතිකල්හි නාමරූපයාගේ අවක්‍රාන්තිය නො වෙයි, නාමරූපාවක්‍රාන්තිය නැතිකල්හි පුනර්භවය නො වෙයි, පුනර්භවය නැති කල්හි ජාතිය නො වෙයි, ජාතිය නැතිකල්හි ජරාමරණ යැ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙති. මෙසේ තෙල කේවල දුක්ඛක්ඛන්‍ධයාගේ නිරෝධය වේ. මහණෙනි, යම්පරිදි මහරුකෙක් වේ ද, එකල පුරුෂයෙක් උදැල්ලක් පැසක් ගෙන එන්නේ යැ, හේ ඒ රුක මුලැ සිඳුනේ යැ, මුලැ සිඳ අවට කණිනේ යැ, අවට කැණැ යටත් පිරිසෙයින් සැවැන්නමුල් පමණ වූ ද උදුරන්නේ යැ, හේ ඒ රුක කුදුමහත් කඩකොට සිඳුනේ යැ, කඩකඩවැ සිඳ පළන්නේ යැ, පළා කැබැලි කැබැලි කරන්නේ යැ, කැබැලි කොට අවුසුළඟෙහි වියළන්නේ යැ, වාතාතපයෙහි වියළා ගින්නෙන් දවන්නේ යැ, ගින්නෙන් දවා හළුකරන්නේ යැ, හළු කොට මහසුළඟෙහි හෝ පිඹැ හරින්නේ යැ, සැඩදිය ඇති නදියක හෝ උල්පවාහරින්නේ යැ.
එවඤ්හි සො භික්ඛවෙ මහාරුක්ඛො උච්ඡින්නමූලො අස්ස තාලාවත්ථුකතො අනභාවං ගතො ආයතිං අනුප්පාදධම්මො. එවමෙව ඛො භික්ඛවෙ විඤ්ඤාණෙ ආහාරෙ අසති නාමරූපස්ස අවක්කන්ති න හොති, නාමරූපස්ස අවක්කන්තියා අසති (සබ්බං) -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී”ති ඉදං ලොකුත්තරං.
මහණෙනි, මෙසේ ඒ මහරුක උසුන්මුල් ඇත්තේ තල්වත්තක් මෙන් කරනලද්දේ අනභාවයට ගියේ මතු නූපදනාසැහැවි ඇතිවන්නේ යැ. එසෙයින් මැ මහණෙනි, විඤ්ඤාණාහාරය නැතිකල්හි නාමරූපයාගේ අවක්‍රාන්තිය නො වෙයි, නාමරූපයාගේ අවක්‍රාන්තිය නැතිකල්හි ... මෙසේ තෙල කේවල දුක්ඛක්ඛන්‍ධයාගේ නිරෝධය වේ” යයි. මේ ලෝකුත්තර යැ.
ඉදං ලොකියඤ්ච ලොකුත්තරඤ්ච.
මේ ලෝකිය ද ලෝකුත්තර ද සූත්‍ර යි.
(4) තත්ථ කතමං සත්තාධිට්ඨානං:
(4) එහි සත්තාධිට්ඨාන කවරෙ යැ :
3. “සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා නෙවජ්ඣගා පියතරමත්තනා ක්වචි, එවම්පියො පුථු අත්තා පරෙසං තස්මා න හිංසෙ පරං අත්තකාමො”ති.
3. සියලු දසදිගුන් සිතින් විමසාගොස් තමහට වඩා ඉතාප්‍රිය වූවකු කිසිතැනෙක්හි නො මැ දක්නේ යැ, එසෙයින් අන්‍යයනට වෙන වෙන මැ ස්වකීය ආත්මය ප්‍රිය වෙයි එහෙයින් තමහට සුව කැමැත්තේ මෙරමා නො පෙළන්නේ යි.
ඉදං සත්තාධිට්ඨානං.
මේ සත්තාධිට්ඨාන යැ.
4. “යෙ කෙචි භූතා භවිස්සන්ති වාපි සබ්බෙ ගමිස්සන්ති පහාය දෙහං තං සබ්බජාතිං කුසලො විදිත්වා ආතාපී සො බ්රහ්මචරියං චරෙය්යා”ති.
4. යම් සත්ත්ව කෙනෙක් උපන්හු ද යම් කෙනෙකුන් මතු උපදනාහු ද ඒ සියල්ලෝ දේහය හැරපියා පරලොව යන්නාහ, පණ්ඩිතපුරුෂ ඒ සියලු පරිහානිය (සියලු සත්ත්වයන්ගේ විනාශය) මරණසති වශයෙන් දැන කෙලෙස් තවන වැරඇති හේ බඹසර වසන්නේ යි.
ඉදං සත්තාධිට්ඨානං.
මේ සත්තාධිට්ඨාන යැ.
”සත්තහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං කල්යාණමිත්තං අපි විවෙචීයමානෙන පනාමියමානෙන ගලෙ’පි පනුජ්ජමානෙන යාවජීවං න විජහිතබ්බං. කතමෙහි සත්තහි: පියො ච හොති ගරු ච භාවනීයො ච වත්තා ච වචනක්ඛමො ච ගම්භීරං ච කථං කත්තා න ච අට්ඨානෙ නියොජකො, ඉමෙහි ඛො භික්ඛවෙ සත්තහි -පෙ- න විජහිතබ්බං ඉදමවොච භගවා ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා:
“මහණෙනි, සප්තාඞ්ගයෙකින් සමන්වාගත කල්යාණමිත්රයා වෙන්කරනු ලබන්නහු විසිනුදු බැහැර කරනුලබන්නහු විසිනුදු ගෙලෙහිදු ගෙන නෙරනුලබන්නහු විසිනුදු නො හළයුතු යැ, කවර සතඟින යත් : ප්‍රිය වූයේ ද වෙයි, පාෂාණච්ඡත්රයක් මෙන් ගුරු වූයේ ද සම්භාවනා කටයුත්තේ ද වක්තෘ වූයේ ද වචනක්ෂම වූයේ ද චතුස්සත්යාදි ගම්භීර කථා කරන්නේ ද නො ද අස්ථානයෙහි යොදනුයේ ද වෙයි. මහණෙනි, මේ සතඟින් සමන්වාගත ... නො හළයුත්තේ” යි. බුදුහු මේ වදාළ සේක, මේ වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ යළි අනෙකුදු තෙල ගාථාධර්මය වදාළහ :
5. “පියො ච ගරු භාවනීයො වත්තා ච වචනක්ඛමො, ගම්භීරඤ්ච කථං කත්තා නො චට්ඨානෙ නියොජකො; තං මිත්තං මිත්තකාමෙන යාවජීවම්පි සෙවිය”න්ති.
5. යමෙක් ප්‍රිය වූයේ වේ ද ගුරු වූයේ ද භාවනීය ද වක්තෘ වේ ද වචනක්ෂම වේ ද ගැඹුරු කථා කරන්නේ ද නො ද අස්ථානයෙහි යොදවන්නේ වේ ද, මිත්‍රයන් කැමැතියහු විසින් ඒ කල්යාණමිත්රයා යාවජ්ජීවයෙන් සේවනය කළයුත්තේ යයි.
ඉදං සත්තාධිට්ඨානං.
මේ සත්තාධිට්ඨාන දේශනා යි.
(5) තත්ථ කතමං ධම්මාධිට්ඨානං;
(5) එහි ධම්මාධිට්ඨාන කවරෙ යත් :
6. “යඤ්ච කාමසුඛං ලොකෙ යං චිදං දිවියං සුඛං, තණ්හක්ඛයසුඛස්සෙතෙ කලං නාග්ඝන්ති සොළසිං”ති.
6. ලොවැ යම් කාමසහගත සුඛයෙක් වේ ද, දිව්‍යවිහාර වශයෙන් ලැබියැයුතු යම් රූපසමාපත්තිසුඛයෙක් වේ ද, තෙල සුඛයෝ තෘෂ්ණාක්ෂය සංඛ්‍යාත නිවන්සුවයාගේ සොළොස්වන කලාවට නො අගනාහු වෙත් යයි.
ඉදං ධම්මාධිට්ඨානං
මේ ධම්මාධිට්ඨාන යැ.
7. “සුසුඛං වත නිබ්බානං සම්මාසම්බුද්ධදෙසිතං, අසොකං විරජං ඛෙමං යත්ථ දුක්ඛං නිරුජ්ඣතී”ති.
7. යම් තැනෙක්හි සකලවට්ටදුක්ඛය නිරුද්ධ වේ ද, සම්‍යක්සම්බුද්ධයන් විසින් දෙසනලද ශෝකරහිත වූ විරජ වූ නිර්භය වූ ඒ නිවන ඒකාන්තයෙන් අතිශයින් සුව වූයේ යි.
ඉදං ධම්මාධිට්ඨානං.
මේ ධම්මාධිට්ඨාන යි.
(6) තත්ථ කතමං සත්තාධිට්ඨානඤ්ච ධම්මාධිට්ඨානං ච:
(6) එහි සත්තාධිට්ඨාන ද ධම්මාධිට්ඨාන ද සූත්‍ර කවරෙ යැ :
8. “මාතරං පිතරං හන්ත්වා රාජානො ද්වෙ ව ඛත්තියෙ, රට්ඨං සානුචරං හන්ත්වා”ති.
8. ‘තෘෂ්ණා සංඛ්‍යාත මව ද අස්මිමාන නමැති පියා ද ශාශ්වත උච්ඡේදදෘෂ්ටි සංඛ්‍යාත ක්ෂත්රිය රජුන් දෙදෙනා ද නන්දිරාග නමැති අයකැමියා සහිත ද්වාදශායතන නමැති රට ද, (රහත්මගනුවණ නමැති අසිපතින්) වනසා’ යන -
ඉදං ධම්මාධිට්ඨානං.
මේ ධම්මාධිට්ඨාන යැ.
“අනීඝො යාති බ්රාහ්මණො”ති.
‘බාහිතපාප වූ ක්ෂීණාස්රව බ්‍රාහ්මණ නිදුක් වැ නිවන් පුර වදනේ යැ’ යන -
ඉදං සත්තාධිට්ඨානං.
මේ සත්තාධිට්ඨාන යැ.
ඉදං සත්තාධිට්ඨානං ච ධම්මාධිට්ඨානඤ්ච.
මේ සත්තාධිට්ඨාන ද ධම්මාධිට්ඨාන ද වූ දේශනා යැ.
“චත්තාරො මෙ භික්ඛවෙ ඉද්ධිපාදා, කතමෙ චත්තාරො: ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො, විරිය -පෙ- චිත්ත -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො”ති.
“මහණෙනි, මේ ඍද්ධිපාදධර්මයෝ සතර දෙනෙකි, කවර සතරදෙනෙක යත් : කත්තුකම්‍යතාඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක්ප්රධානවිර්ය්යයෙන් සමන්වාගත ඍද්ධිපාද යැ විරිය ... චිත්ත ... විමංසා සමාධියෙන් හා සම්යක්ප්රධානවිර්ය්යයෙන් සමන්වාගත ඍද්ධිපාද යැ යන මොහු යි.
ඉදං ධම්මාධිට්ඨානං.
මේ ධම්මාධිට්ඨාන යැ.
“සො කායෙ’පි චිත්තං සමොදහති, චිත්තෙ’පි කායං සමොදහති. කායෙ සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤච ඔක්කමිත්වා උපසම්පජ්ජ විහරතී”ති.
“හේ කරජකයෙහිදු පාදකධ්‍යානචිත්තය බහාලයි, පාදකධ්යානචිත්තයෙහිදු කරජකය බහාලයි, කයෙහි සුඛසංඥාව ද ලඝුසංඥාව ද එළවා ඊට පැමිණ වාස කෙරෙයි” යන -
ඉදං සත්තාධිට්ඨානං.
මේ සත්තාධිට්ඨාන යැ.
ඉදං සත්තාධිට්ඨානඤ්ච ධම්මාධිට්ඨානඤ්ච.
මේ සත්තාධිට්ඨාන ද ධම්මාධිට්ඨාන ද දේශනා යි.
(7) තත්ථ කතමං ඤාණං:
(7) එහි ඤාණ කවරෙ යැ :
9. “යං තං ලොකුත්තරං ඤාණං සබ්බඤ්ඤූ යෙන වුච්චති, න තස්ස පරිහානත්ථි සබ්බකාලෙ පවත්තතී”ති.
9. ලෝකය තරණය කොට සිටි යම් ඥානයෙක් වේ ද, යම් ඥානයක් හේතු කොටගෙන සර්වඥයයි කියනු ලැබේ ද, ඒ ඥානයාගේ පිරිහීමෙක් නැත, (ආවජ්ජනාපටිබද්ධ හෙයින්) සියලු කල්හි පවතී’ යයි.
ඉදං ඤාණං.
මේ ඤාණ යැ.
10. “පඤ්ඤා හි සෙට්ඨා ලොකස්මිං යා’යං නිබ්බානගාමිනී යාය සම්මා පජානාති ජාතිමරණ සඞ්ඛය’න්ති.
10. නිවනට පමුණුවන යම් ප්‍රඥාවක් ඇද්ද යම් විදර්ශනා සහිත මාර්ගඥානයෙකින් ජාතිමරණක්ෂය සංඛ්‍යාත නිවන හා අර්හත්වය මැනැවින් දැනගනී ද ලොවැ ඒ ප්‍රඥාව මැ ශ්‍රේෂ්ඨ වන්නීය’ යි.
ඉදං ඤාණං.
මේ ඤාණ යැ.
(8) තත්ථ කතමං ඤෙය්යං:
(8) එහි ඤෙය්‍ය කවරෙ යැ :
11. “කිත්තයිස්සාමි තෙ සන්තිං (ධොතකා’ති භගවා) දිට්ඨෙ ධම්මෙ අනීතිහං, යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං.
11. (බුදුහු මෙසේ වදාළහ, ධෝතකය) ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නාලද දුඃඛාදි ධර්මයෙහි නොහොත් මෙ අත්බව්හි මැ තමහට ප්රත්යක්ෂ වූ යම් දහමක් දැන ලොවැ විසත්තිකා නම්වූ තෘෂ්ණාව තරණය කරන්නේ නම් ඒ ශාන්තිය (නිවන ද) නිර්වාණගාමිනී ප්‍රතිපත් ද තොපට ප්‍රකාශ කරන්නෙමි.
12. තඤ්චා’හං අභිනන්දාමි (ඉච්චායස්මා ධොතකො) මහෙසි සන්තිමුත්තමං, යං වීදීත්වා සතො චරං තරෙ ලොකෙ චීසත්තිකං.
12. (ආයුෂ්මත් ධෝතක මෙසේ කී :) මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැන ලොවැ විසත්තිකා (තෘෂ්ණා) ව තරණය කරන්නේ නම් මම නුඹ වහන්සේගේ ඒ ධර්මදේශනාව ද රුස්මි, උත්තම වූ ඒ ශාන්තිය ද රුස්මි.
13. යං කිඤ්චි සම්පජානාසි (ධොතකා’ති භගවා) උද්ධං අධො තිරියං චා පි මජ්ඣෙ, එතං විදිත්වා සඞ්ගොති ලොකෙ භවාභවාය මාකාසි තණ්හ”න්ති.
13. (බුදුහු මෙසේ වදාළහ, ධෝතකය,) (අනාගතකාලාදි) උඩ ද (අතීතකාලාදි) යට ද (වර්‍තමානකාලාදි) මැද සරස ද වූ යම් කිසි ධර්‍මජාතයක් තෙපි දන්නවු නම් තෙල ලොවැ සඞ්ග යැයි දැන කුදුමහත් භවයෙහි තෘෂ්ණා නො කරව’ යි.
ඉදං ඤෙය්යං.
මේ ඤෙය්‍ය යැ.
“චතුන්නං භික්ඛවෙ අරියසච්චානං අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකං ච. තයිදං භික්ඛවෙ දුක්ඛං අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං, දුක්ඛසමුදයො අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං, දුක්ඛනිරොධො අරියසච්චං දුක්ඛ නිරොධගාමිනී පටිපදා අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං, උච්ඡින්නා භවතණ්හා, ඛීණා භවනෙත්ති, නත්ථි’දානි පුනබ්භවොති. ඉදමවොච භගවා ඉදං වත්වාන සුගතො අථා’පරං එතද’වොච සත්ථා:
“මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යයන්ගේ නො දැනීමෙන් ප්‍රතිවේධ නො කිරීමෙන් මෙසේ මේ දීර්ඝකාලය මුළුල්ලෙහි භවයෙන් භවයට යෑමෙන් මාගේ ද තොපගේ ද සන්ධාවනය විය. පුනපුනා යෑමෙන් සංසරණය විය. මහණෙනි, ඒ දුඃඛාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරනලද ප්‍රතිවේධ කරනලද, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරණලද ප්‍රතිවේධ කරනලද, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරනලද ප්‍රතිවේධ කරනලද, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරනලද ප්‍රතිවේධ කරනලදි. භවතෘෂ්ණාව මුලුසුන් කරන ලදු, භවරජ්ජුව ක්ෂය වූ යැ, දැන් පුනර්භවයෙක් නැතැ’ යි බුදුහු මේ වදාළහ. මේ වදාරා යළිදු සුගත වූ ශාස්තෲන් වහන්සේ තෙල ගාථා වදාළසේක :
14. චතුන්නං අරියසච්චානං යථාභූතං අදස්සනා. සංසිතං දීඝමද්ධානං තාසු තාස්වෙ’ව ජාතිසු
14. චතුරාර්‍ය්‍යසත්‍යය යථාභූතව නො දැක්ම හේතු කොටගෙන දිගුකලක් මුළුල්ලෙහි ඒ ඒ ජාතීන්හි මැ සංසරණය විය.
15. තානි එතානි දිට්ඨානි භවනෙත්ති සමූහතා, උච්ඡින්නං මූලං දුක්ඛස්ස නත්ථි”දානි පුනබ්භවො”ති.
15. ඒ තෙල චතුස්සත්‍යයෝ දක්නා ලදහ, භවනායිකාව නසනලද්දීය, දුඃඛයාගේ මූලය උසුන් කරන ලද, දැන් පුනර්භවයෙක් නැති’ යි.
ඉදං ඤෙය්යං.
මේ ඤෙය්‍ය දේශනා යි.
(9) තත්ථ කතමං ඤාණං ච ඤෙය්යං ච:
(9) එහි ඤාණ ද ඤෙය්‍ය ද කවරෙ යැ :
“රූපං අනිච්චං වෙදනා අනිච්චා සඤ්ඤා අනිච්චා සංඛාරා අනිච්චා විඤ්ඤාණං අනිච්ච”න්ති ඉදං ඤෙය්යං.
“රූපය අනිත්‍යය යැ වේදනා අනිත්‍ය යැ සංඥා අනිත්‍ය යැ සංස්කාරයෝ අනිත්‍යයහ විඥානය අනිත්‍ය යැ” යන මේ ‘ඤෙය්‍ය’ යි.
“එවං ජානං එවං පස්සං අරියසාවකො රූපං අනිච්චන්ති පස්සති, වෙදනා අනිච්චාති පස්සති, සඤ්ඤා -පෙ- සංඛාරා -පෙ- විඤ්ඤාණං අනිච්චන්ති පස්සතී”ති ඉදං ඤාණං.
“මෙසේ දන්නා මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක ‘රූපය අනිත්‍යය’ යි දකී, ‘වේදනා අනිත්‍ය වූ යැ’ යි දකී, සංඥාව ... සංස්කාරයෝ ... ‘විඥානය අනිත්‍ය යැ’ යි දකී” යන මේ ‘ඤාණ’ යැ.
“සො පරිමුච්චති රූපෙන පරිමුච්චති වෙදනාය පරිමුච්චති සඤ්ඤාය පරිමුච්චති සඞ්ඛාරෙහි පරිමුච්චති විඤ්ඤාණම්හා පරිමුච්චති දුක්ඛස්මාති වදාමී’ති.
“හේ රූපයෙන් මිදෙයි, වේදනායෙන් මිදෙයි, සංඥායෙන් මිදෙයි, සංස්කාරයන් කෙරෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි, දුකින් මිදේ යයි කියමි” යන
ඉදං ඤාණං ච ඤෙය්යං ච.
මේ ‘ඤාණ ද ඤෙය්‍ය’ ද වේ.
“සබ්බෙ සඞ්ඛාරා අනිච්චා”ති ඉදං ඤෙය්යං.
“සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ” යන මේ ඤෙය්‍ය යැ.
“යදා පඤ්ඤාය පස්සති”ති ඉදං ඤාණං.
“යම් කලෙක විදර්ශනාප්රඥායෙන් දකී ද” යන මේ ඤාණ යැ.
“අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා”ති ඉදං ඤාණං ච ඤෙය්යං ච.
“එකල පඤ්චස්කන්‍ධදුඃඛයෙහි නිර්වේදයට පැමිණෙයි, තෙල විශුද්ධියට මාර්ග වේ,” යන මේ ඤාණ ද ඤෙය්‍ය ද වේ.
සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති -පෙ- සබ්බෙ ධම්මා අනත්තා”ති ඉදං ඤෙය්යං.
“සියලු සංස්කාරයෝ දුඃඛයහ යි ... සියලු ධර්මයෝ අනාත්මයහ” යි යන මේ ඤෙය්‍ය යැ.
“යදා පඤ්ඤාය පස්සතී”ති ඉදං ඤාණං.
යම් කලෙක විදර්ශනාප්රඥායෙන් දකී ද “යන මේ ඤාණ යැ.
“අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා”ති ඉදං ඤාණං ච ඤෙය්යං ච.
“එකල්හි ස්කන්ධදුඃඛයෙහි නිර්වේදයට පැමිණෙයි, තෙල විශුද්ධියට මාර්ග වෙයි “යන මේ ඤාණ ද ඤෙය්‍ය ද වේ.
“යෙ හි කෙචී සොණ, සමණා වා බ්රාහ්මණා වා අනිච්චෙන රූපෙන දුක්ඛෙන විපරිණාමධම්මෙන සෙය්යොහමස්මීති වා සමනුපස්සන්ති. සදිසොහමස්මීති වා සමනුපස්සන්ති, හීනොහමස්මීති වා සමනුපස්සන්ති, කිමඤ්ඤත්‍ර; යථාභූතස්ස අදස්සනා, අනිච්චාය වෙදනාය -පෙ- අනිච්චාය -පෙ- අනිච්චෙහි සඞ්ඛාරෙහි -පෙ- අනිච්චෙන විඤ්ඤාණෙන දුක්ඛෙන විපරිනාමධම්මෙන සෙය්යොහමස්මීති වා සමනුපස්සන්ති, සදිසොහමස්මීති වා සමනුපස්සන්ති, හීනොහමස්මීති වා සමනුපස්සන්ති කිමඤ්ඤත්‍ර; යථාභූතස්ස අදස්සනා”ති. ඉදං ඤෙය්යං.
“සොණය, යම්කිසි මහණකෙනෙක් වේවයි බමුණුකෙනෙක් වේවයි අනිත්‍ය වූ දුක් වූ විපරිණාම ස්වභාව වූ රූපයෙන් යුක්ත ව ‘මම් ශ්‍රේෂ්ඨ වෙමි’ හෝ දකිත් ද : ‘මම් සදෘශ වෙමි’ හෝ දකිත් ද, ‘මම් හීන වෙමි’ හෝ දකිත් ද, මෙහි යථා භූතව නොදැක්ම විනා අන් කවර කරුණෙක් ඇද්ද, අනිත්‍ය වූ වේදනායෙන් ... අනිත්‍ය වූ සංඥායෙන් ... අනිත්‍ය වූ සංස්කාරයන්ගෙන් ... අනිත්‍ය වූ දුක්වූ විපරිණාම ස්වභාව වූ විඥානයෙන් යුක්තව ‘මම් ශ්‍රේෂ්ඨ වෙමි’ හෝ දකිත් ද, ‘මම් සදෘශ වෙමි’ හෝ දකිත් ද, ‘මම් හීන වෙමි’ හෝ දකිත් ද, මෙහි යථාභූතව නො දැක්ම විනා අන් කවර කරුණෙක් ඇද්දැ” යි. මේ ඤෙය්‍ය යැ.
“යෙ ච ඛො කෙචි සොණ, සමණා වා බ්රාහ්මණා වා අනිච්චෙන රූපෙන දුක්ඛෙන විපරිණාමධම්මෙන සෙය්යොහමස්මීති”පි න සමනුපස්සන්ති, සදිසොහමස්මීතිපි න සමනුපස්සන්ති, හීනොහමස්මීතිපි න සමනුපස්සන්ති, කිමඤ්ඤත්‍ර යථාභූතස්ස දස්සනා, අනිච්චාය වෙදනාය -පෙ- අනිච්චාය සඤ්ඤාය -පෙ- අනිච්චෙහි සඞ්ඛාරෙහි -පෙ- අනිච්චෙන විඤ්ඤාණෙන දුක්ඛෙන විපරිණාමධම්මෙන සෙය්යොහමස්මීතිපි න සමනුපස්සන්ති, සදිසොහමස්මීති පි න සමනුපස්සන්ති, හීනොහමස්මීති පි න සමනුපස්සන්ති, කිමඤ්ඤත්‍ර යථාභූතස්ස දස්සනා”ති. ඉදං ඤාණං.
“සොණය, යම් කිසි මහණකෙනෙක් වේවයි බමුණුකෙනෙක් වේව’ යි අනිත්‍ය වූ දුක් වූ විපරිණාමස්වභාව වූ රූපයෙන් යුක්තව ‘මම් ශ්‍රේෂ්ඨ වෙමි’ කියාත් නො දකිත් ද ‘මම සදෘශයෙමි’ කියාත් නො දකිත් ද, ‘මම් හීන වෙමි’ කියාත් නො දකිත් ද, මෙහි අවිපරීතව දැක්ම විනා අන් කවර කරුණෙක් ඇද්ද, අනිත්‍ය වූ වේදනායෙන් ... අනිත්‍ය වූ සංඥාවෙන් ... අනිත්‍ය වූ සංස්කාරයන්ගෙන් ... අනිත්‍ය වූ දුක් වූ විපරිණාමස්වභාව වූ විඥානයෙන් යුක්ත ව ‘මම් ශ්‍රේෂ්ඨ වෙමි’ කියාත් නො දකිත් ද, ‘මම් සදෘශ වෙමි’ කියාත් නො දකිත් ද, ‘මම් හීන වෙමි’ කියාත් නො දකිත් ද, මෙහි ලා තතුසේ දැක්ම විනා අන් කවර කරුණෙක් ඇද්ද” යි. මේ ඤාණ යැ.
දං ඤාණං ච ඤෙය්යං ච
මේ දේශනාව ඤාණ ද ඤෙය්‍ය ද වේ.
(10) තත්ථ කතමං දස්සනං:
(10) එහි ‘දස්සන’ කවරෙ යත් :
16. “යෙ අරියසච්චානි විභාවයන්ති ගම්භීරපඤ්ඤෙන සුදෙසිතානි, කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා න තෙ භවං අට්ඨමං ආදියන්තී”ති.
16. යම් කෙනෙක් ගම්භීර ප්රඥාඇති සර්වඥයන් වහන්සේ විසින් මොනොවට, දෙසනලද ආර්‍ය්‍යසත්‍යයන් මාර්ගඥානයෙන් ප්රත්යක්ෂ කෙරෙත් ද, ඔහු (දිව්යරාජ්යාදියට පැමිණ) අතිශයින් ප්‍රමත්ත වෙත් නමුදු ඔවුහු අටවැනි භවයක් (පිළිසඳ විසින්) නොගනිත්, (සත්වැනි භවයෙහි විදසුන් වඩා රහත් වෙතී සේයි.)
ඉදං දස්සනං.
මේ දස්සන යැ.
17. “යථින්දඛීලො පඨවිං සිතො සියා චතුබ්භි වාතෙහි අසම්පකම්පියො, තථූපමං සප්පුරිසං වදාමි යො අරියසච්චානි අවෙච්ච පස්සතී”ති
17. යම්සේ පොළොව තුළ බැසැගෙන සිටි ඉන්ද්රකීලය සතරදිගින් හමන සුළඟින් සොලවාලියැ නො හැකි වේ ද, යමෙක් චතුරාර්‍ය්‍යසත්‍යයන් ප්‍රඥායෙන් බැසැගෙන දකී ද ඒ උත්තම පුරුෂයා ඒ ඉන්ද්‍රකීල බඳු උපමා ඇත්තකු කොට කියමි.
ඉදං දස්සනං.
මේ දස්සන යැ.
“චතුහි භික්ඛවෙ සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය ඛීණනිරයොම්හි. ඛීණතිරච්ඡානයොනි, ඛීණපෙත්තිවිසයො, ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො සත්තක්ඛත්තුපරමං දෙවෙ ච මනුස්සෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සාමීති. කතමෙහි චතුහි: ඉධ භික්ඛවෙ අරියසාවකස්ස තථාගතෙ සද්ධා නිවිට්ඨා පතිට්ඨිතා විරූළ්හා මූලජාතා අසංහාරියා සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං සහ ධම්මෙන. ධම්මෙ ඛො පන නිට්ඨං ගතො හොති. ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි යදිදං මදනිම්මදනො -පෙ- නිරොධො නිබ්බානං. සහධම්මියා ඛො පනස්ස හොන්ති ඉට්ඨා කන්තා පියා මනාපා ගිහී චෙව පබ්බජිතා ච අරිය කන්තෙහි ඛො පන සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි, ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මෙ නියතො සම්බොධිපරායනො සත්තක්ඛත්තුපරමං දෙවෙ ච මනුස්සෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සාමී”ති.
“මහණෙනි, සතර ස්‍රෝතාපත්ති - අඞ්ගයෙන් සමන්වාගත ආර්‍ය්‍යශ්‍රාවක කැමැති වනුයේ තෙමේ මැ තමා පාළනකරන්නේ යැ : ‘ක්ෂීණ වූ නිරය ඇතියෙම් වෙමි, ක්ෂීණ වූ තිරශ්චීනයෝනි ඇතියෙමි, ක්ෂීණ වූ ප්‍රේතවිෂය ඇතියෙමි, ක්ෂීණ වූ අපායදුර්ගති විනිපාත ඇතියෙමි, මම් සෝවන් වූයෙමි, (පෘථග්ජන) විරූපයෙහි නො වැටෙන සැහැවි ඇතියෙම්, (මාර්ගනියාමයෙන්) නියත වූයෙම්. (මතු මාර්ගත්රය සංඛ්‍යාත) සම්බෝධිය පරායන කොට ඇතියෙම් සත්වරක් පරම කොට දෙව්ලොව ද මිනිස්ලොව ද සන්ධාවන සංසරණ කොට දුක් කෙළවර කරන්නෙමි, කවර සතර අඟෙකින යත් : මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවකහට තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව නිවිෂ්ට වූවා පිහිටියා වැඩුනී හටගත් මුල් ඇත්තී මහණකු හෝ බමුණකු හෝ දෙවියකු හෝ මරකු හෝ බඹකු හෝ ලොවැ අන් කිසිවකු විසින් හෝ සහේතුක වැ උගුළුවාලියැ නො හැකි වෙයි. යළි මානමදාදි මද නිර්මර්දනය කරන ... නිරෝධ සංඛ්‍යාත යම් නිවනෙක් ඇද්ද, භාග්‍යවතුන් විසින් ඒ ධර්මය ස්වාඛ්‍යාත යැ සාංදෘෂ්ටික යැ අකාලික යැ ඒහිපස්සික යැ උපනයනයට සුදුසු යැ විඥයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු යැයි ධර්මයෙහි නිෂ්ඨාවට ගියේ වෙයි. යළි ඔහුට ගිහි වූ ද පැවිදි වූ ද සබ්‍රහ්මචාරීහු ඉෂ්ට වූවාහු කාන්ත ප්‍රිය මනාප වූවාහු වෙත්. යළිදු ආර්‍ය්‍යකාන්ත වූ අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාස වූ නිදාස වූ විඥයන් විසින් පසස්නාලද අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා ශීලයෙන් සමන්වාගත වේ. මහණෙනි, මේ සතර සෝතාපත්ති අඞ්ගයෙන් සමන්වාගත ආර්‍ය්‍යශ්‍රාවක කැමැතිවනුයේ තෙමේ මැ තමා පාළකරන්නේ යැ : ක්ෂය වූ නිරය ඇතියෙමි, ක්ෂය වූ තිරිසන්යොන් ඇතියෙමි, ක්ෂය වූ ප්‍රේතවිෂය ඇතියෙමි, ක්ෂීණ වූ අපායදුර්ගති විනිපාත ඇතියෙමි, මම් සෝවන් වූයෙම් වෙමි, (පෘථග්ජනභාව සංඛ්‍යාත) විරූපයෙහි නො හෙනපියවි ඇතියෙම් (මාර්ගනියාමයෙන්) නියත වූයෙම් (මතු මාර්ගත්රය සංඛ්‍යාත) සම්බෝධිය පරායන කොට ඇතියෙම් සත්වරක් පරම කොට දෙව්ලොවැ ද මිනිස්ලොවැ ද භවයෙන් භවයට සංධාවන කොට පුනපුනා සංසරණ කොට දුක් කෙළවර කරන්නෙමි.”
ඉදං දස්සනං.
මේ දස්සන යි.
(11) තත්ථ කතමා භාවනා:
(11) එහි භාවනා කවර යැ :
18. “යස්සින්ද්රියානි සුභාවිතානි අජ්ඣත්තං බහිද්ධා ච සබ්බලොකෙ, නිබ්බිජ්ඣ ඉමං පරං ච ලොකං කාලං කඞ්ඛති භාවිතො ස දන්තො”ති.
18. යම් ආර්ය්යපුද්ගලයක්හු විසින් ශ්‍රද්ධාදි ඉන්ද්රියයෝ මොනොවට වඩනලද්දාහු ද, සියලු ලොවැ (උද්ධංභාගිය ඕරංභාගිය සංයෝජන දුරැලීම් වශයෙන්) ආධ්‍යාත්ම බාහිර වූ ද මෙලොව පරලොව ද ප්‍රතිවේධ කොට භාවිත සිත්ඇති දැමුණු ඉඳුරන් ඇති හෙතෙම මරණකාලය කැමැති වේ යයි. (මෙය සූත්රනිපාතඅටුවාව හා නොයෙදෙයි.)
අයං භාවනා.
මේ භාවනා යැ.
“චත්තාරිමානි භික්ඛවෙ ධම්මපදානි. කතමානි චත්තාරි: අනභිජ්ඣා ධම්මපදං අබ්යාපාදො ධම්මපදං සම්මාසති ධම්මපදං සම්මාසමාධි ධම්මපදං. ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි ධම්මපදානී”ති.
“මහණෙනි, මේ ධර්මකොට්ඨාසයෝ සතරදෙනෙකි, කවර සතරදෙනෙක යත් : අලෝභය හෝ අලෝභශීර්ෂයෙන් අධිගත ධ්‍යාන විදර්ශනා මාර්ග ඵල නිර්වාණ සංඛ්‍යාත අනභිධ්‍යා ධර්මපද යැ, බ්රහ්මවිහාරවශයෙන් අධිගත අව්‍යාපාද ධර්මපද යැ, දසානුස්සති ආදි විසින් අධිගත සම්මාසති ධර්මපද යැ, දසකසිණ ආනාපාන වශයෙන් අධිගත සම්මාසමාධි ධර්මපද යැ. මහණෙනි, මේ සතර ධර්මපදයෝ’ යි.
අයං භාවනා.
මේ භාවනා යි.
(12) තත්ථ කතමං දස්සනං ච භාවනා ච:
(12) එහි දස්සන ද භාවනා ද කවරෙ යැ :
19. “පඤ්ච ඡින්දෙ පඤ්ච ජහෙ පඤ්චචුත්තරි භාවයෙ, පඤ්ච සඞ්ගාතිගො භික්ඛු ඔඝතිණ්ණොති වුච්චතී”ති.
19. (සිඳිනුයේ) පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් සිඳුනේ යැ, (දුරලනුයේ) පඤ්ච උද්ධංභාගිය සංයෝජනයන් දුරැලන්නේ යැ, (සංයෝජන දුරැලීම සඳහා) මතුයෙහි ශ්‍රද්ධාදී පඤ්චේන්ද්රියයන් වඩන්නේ යැ, රාගාදි පඤ්ච සංගයන් ඉක්මවාලූ මහණ චතුරෝඝය තරණය කෙළේයයි කියනු ලැබේ යි.
“පඤ්ච ඡින්දෙ පඤ්ච ජහෙ”ති ඉදං දස්සනං. “පඤ්ච චුත්තරි භාවයෙ පඤ්ච සඞ්ගාතිගො භික්ඛූ ඔඝතිණ්ණොති වුච්චතී”ති අයං භාවනා.
පඤ්ච ජින්දෙ පඤ්ච ජහෙ යන දස්සන යැ. පඤ්ච චුත්තරි භාවයෙ පඤ්ච සංගාතිගො භික්ඛු ඕඝතිණ්ණොති වුච්චති යන මේ භාවනා යැ.
ඉදං දස්සනං ච භාවනා ච.
මේ දේශනාව දස්සන ද භාවනා ද වෙයි.
“තීණිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි තීණි: අනඤ්ඤා තඤ්ඤස්සාමීතින්ද්රියං අඤ්ඤාතාවින්ද්රියං.
“මහණෙනි, මේ ඉන්ද්රියයෝ තිදෙනෙක් වෙති, කවර තිදෙනෙක යත් : පෙර අවබෝධ නොකළ ධර්මය දැනගනිමි පිළිපන්නහුට ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි උපන් ඉන්ද්රිය යැ, ඒ ධර්මයන් ම දන්නා අයුරින් ස්රොතාපත්තිඵලාදි සතැන්හි උපන් ඉන්ද්රිය යැ, අඤ්ඤාතාවීහුගේ අර්හත්ඵලධර්මයන්හි උපන් ඉන්ද්රිය යි.
කතමං ච භික්ඛවෙ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං: ඉධ භික්ඛවෙ, භික්ඛූ අනභිසමෙතස්ස දුක්ඛස්ස අරියසච්චස්ස අභිසමයාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, අනභිසමෙතස්ස දුක්ඛසමුදයස්ස අරියසච්චස්ස -පෙ- දුක්ඛනිරොධස්ස -පෙ- දුක්ඛනිරොධ ගාමිනියා පටිපදාය අරියසච්චස්ස අභිසමයාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, ඉදං භික්ඛවෙ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං”ති.
මහණෙනි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය කවරෙ යැ : මහණෙනි, මෙසස්නෙහි මහණ ප්රවේධ නොකළ දුඃඛාර්‍ය්‍යසත්‍යයාගේ ප්‍රතිවේධය පිණිස කත්තුකම්‍යතා කුසලච්ඡන්දය උපදවයි වෑයම් කෙරෙයි වීර්‍ය්‍යාරම්භ කෙරෙයි සිත දැඩිකොට ගනී ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයාගේ ... දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යයාගේ ... දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යයාගේ ප්‍රතිවේධය පිණිස ඡන්දය උපදවයි වෑයම් කෙරෙයි වීර්‍ය්‍යාරම්භ කෙරෙයි සිත දැඩි කොට ගනී ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. මහණෙනි, මේ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය’ යි.
ඉදං දස්සනං.
මේ දස්සන යැ.
“කතමං ච භික්ඛවෙ, අඤ්ඤින්ද්රියං: ඉධ භික්ඛවෙ, භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති, ඉදං භික්ඛවෙ, අඤ්ඤින්ද්රියං.
“මහණෙනි, අඤ්ඤින්‍ද්‍රිය කවරෙ යැ : මහණෙනි, මෙ සස්නෙහි මහණ මේ දුක යැයි අවිපරීතව දැනගනී, මේ දුක්ඛසමුදයයැයි අවිපරීතව දැනගනී, මේ දුක්ඛනිරෝධයැයි අවිපරීතව දැනගනී, මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා යයි අවිපරීතව දැනගනී. මහණෙනි, මේ අඤ්ඤින්‍ද්‍රිය යැ.”
කතමං ච භික්ඛවෙ, අඤ්ඤාතාවින්ද්රියං: ඉධ භික්ඛවෙ, භික්ඛූ ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති, ඉදං භික්ඛවෙ, අඤ්ඤාතාවින්‍ද්‍රිය”න්ති.
“මහණෙනි, අඤ්ඤාතාවින්‍ද්‍රිය කවරෙ යැ : මහණෙනි, මෙ සස්නෙහි මහණ ආස්‍රවයන්ගේ ක්ෂය වීමෙන් අනාස්‍රව වූ අර්හත්ඵලසමාධිය ද අර්‍හත්ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාස කෙරෙයි, ජාතිය ක්ෂය වූ යැ, මඟබඹසර වැසනිමවනලද, කරණී කරනලද, ඉත්ථභාවය සඳහා අන් කටයුත්තෙක් නැතැ’ යි දැනගනී. මහණෙනි, මේ ‘අඤ්ඤාතාවින්‍ද්‍රිය’ යි.
අයං භාවනා.
මේ භාවනා යැ.”
ඉදං දස්සනං ච භාවනා ච.
මේ දේශනාව දස්සන ද භාවනා ද වේ.
(13) තත්ථ කතමං සකවචනං:
(13) එහි සකවචන කවරෙ යැ :
20. “සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්තපරියොදපනං එතං බුද්ධාන’සාසන”න්ති.
20. සියලු අකුශලය නො ඉපැදවීම ද චාතුර්භූමක කුශලයාගේ ප්‍රතිලාභය ද රහත් මගින් ස්වකීය චිත්තසන්තානය පවිත්‍ර කිරීම ද යන තෙල සියලු බුදුවරයන්ගේ අනුශාසනා යි.
ඉදං සකවචනං.
මේ සකවචන යැ.
“තීණිමානි භික්ඛවෙ බාලස්ස බාලලක්ඛණානි, බාලනිමිත්තානි බාලාපදානානි, යෙහි බාලං බාලොති පරෙ සඤ්ජානන්ති, කතමානි තීණි: බාලො භික්ඛවෙ දුච්චින්තිතචින්තී ච හොති, දුබ්භාසිතභාසී ච හොති, දුක්කතකම්මකාරී ච හොති, ඉමානි ඛො භික්ඛවෙ තීණි බාලස්ස බාලලක්ඛණානි බාලනිමිත්තානි බාලාපදානානි.
“මහණෙනි, මේ බාලයාගේ බාලලක්‍ෂණයෝ බාලනිමිත්තයෝ බාලචරිතයෝ තිදෙනෙක් වෙති. යම් ලක්ෂණයෙකින් බාලයා ‘මේ බාලයෙකැ’ යි අන්‍යයෝ හැඳින ගනිත් ද, (එබඳු වූවාහුය.) කවර තුනෙක යත් : මහණෙනි, බාලයා නපුරු සිතිවිලි සිතනුයේ ද වෙයි, නපුරු බස් බණනුයේ ද වෙයි, නපුරුකම් කරනුයේ ද වෙයි. මහණෙනි, මේ තුන බාලයාගේ බාලලක්‍ෂණයෝ බාලනිමිත්තයෝ බාලඅපදානයෝ වෙත්.
“තීණිමානි භික්ඛවෙ පණ්ඩිතස්ස පණ්ඩිතලක්ඛණානි පණ්ඩිතනිමිත්තානි පණ්ඩිතාපදානානි, යෙහි පණ්ඩිතං පණ්ඩිතොති පරෙ සඤ්ජානන්ති. කතමානි තීණි: පණ්ඩිතො භික්ඛවෙ සුචින්තිතචින්තී ච හොති, සුභාසිතභාසී ච හොති, සුකතකම්මකාරී ච හොති. ඉමානි ඛො භික්ඛවෙ තීණි පණ්ඩිතස්ස පණ්ඩිතලක්ඛණානි පණ්ඩිතනිමිත්තානි පණ්ඩිතාපදානානී”ති.
මහණෙනි, මේ පණ්ඩිතයාගේ පණ්ඩිතලක්ෂණයෝ පණ්ඩිතනිමිත්තයෝ පණ්ඩිතචරිතයෝ තිදෙනෙක් වෙති. යම් ලකුණෙකින් පණ්ඩිතයා ‘මේ පණ්ඩිතයෙකැ’ යි අන්‍යයෝ දැනගනිත් ද, (එබඳු වූවාහුය.) කවර තුනෙක යත් : මහණෙනි, පණ්ඩිතයා මනාසිතුවිලි සිතනුයේ ද වෙයි, මනාබස් බණනුයේ ද වෙයි, සුකෘතක්රියා කරනුයේ ද වෙයි. මහණෙනි, මේ තුන පණ්ඩිතයාගේ පණ්ඩිතලක්ෂණයෝ පණ්ඩිතනිමිත්තයෝ පණ්ඩිතඅපදානයෝ වෙත්” යයි.
ඉදං සකවචනං.
මේ සකවචන යි.
(14) තත්ථ කතමං පරවචනං :
(14) එහි පරවචන කවරෙ යැ :
21. “පඨවීසමො නත්ථි විත්ථතො නින්නො පාතාලසමො න විජ්ජති. මෙරුසමො නත්ථි උන්නතො චක්කවත්ති සදිසො නත්ථි පොරිසො”ති.
21. පෘථිවිය හා සම වූ විස්තෘත (පැතුරුණු) දැයෙක් නැත, පාතාලය හා සම වූ නිම්නයෙක් නො වේ. මේරුපර්වතය සම වූ උන්නත වස්තුයෙක් නැත, සක්විති රජු හා සදෘශ වූ උත්තම පුරුෂයෙක් නැති’ යි.
ඉදං පරවචනං.
මේ පරවචන යැ.
“හොතු දෙවානමින්ද, සුභාසිතෙන ජයොති. හොතු වෙපචිත්ති සුභාසිතෙන ජයොති. භණ වෙපචිත්ති, ගාථන්ති, අථ ඛො භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො ඉමං ගාථං අභාසි:
“දේවේන්ද්රය සුභාෂිතයෙන් ජය වේව’ යි, වේපචිත්තිය සුභාෂිතයෙන් ජය වේව’ යි, වේපචිත්තිය ගාථාවක් කිය යි. ඉක්බිති මහණෙනි, වේපචිත්ති අසුරෙන්ද්ර මේ ගාථාව කී :
22. “භිය්යො බාලා පකුජ්ඣෙය්යුං නො චස්ස පටිසෙධකො, තස්මා භුසෙන දණ්ඩෙන ධීරො බාලං නිසෙධයෙ”ති.
22. බාලයෝ වළකනුයෙක් නො වූයේ නම් මතුමතුයෙහි (බෙහෙවින්) විරුද්ධ වන්නාහ, එහෙයින් ප්‍රාඥතෙමේ දැඩි දඬුවමින් බාලයා වළහන්නේ යැ.
භාසිතාය ඛො පන භික්ඛවෙ වෙපචිත්තිනා අසුරින්දෙන ගාථාය අසුරා අනුමොදිංසු දෙවා තුණ්හී අහෙසුං. අථ ඛො භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො සක්කං දෙවානමින්දං එතදවොච: භණ දෙවානමින්ද ගාථන්ති. අථ ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො ඉමං ගාථං අභාසි:
මහණෙනි, වේපචිත්ති අසුරෙන්ද්රයා විසින් ගාථාව කීකල්හි අසුරයෝ අභිනන්දනා කළහ, දෙවියෝ නො බැණ හුන්හ. ඉක්බිති, මහණෙනි, වේපචිත්ති අසුරෙන්ද්ර සක්දෙවිඳුට මෙසේ කී : දේවේන්ද්රය ගාථාවක් කිය’ යි, ඉක්බිති මහණෙනි, ශක්රදේවේන්ද්ර මේ ගාථාව කී :
23. “එතදෙව අහං මඤ්ඤෙ බාලස්ස පටිසෙධනං, පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්මතී”ති.
23. යමෙක් සතුරා කිපියහු දැන සිහිඇති වැ ඉවසා ද, මම් තෙල ඉවසීම මැ බාලයාගේ වැළැකීම යැයි සිතමි.
භායිතාය ඛො භික්ඛවෙ සක්කෙන දෙවානමින්දෙන ගාථාය දෙවා අනුමොදිංසු, අසුරා තුණ්හී අහෙසුං. අථඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො වෙපචිත්ති අසුරින්දං එතදවොච භණ වෙපචිත්ති ගාථන්ති. අථ ඛො භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො ඉමං ගාථං අභාසි:
මහණෙනි සක්දෙවිඳු විසින් ගාථාව කී කල්හි දෙවියෝ අනුමෝදන් වූහ, අසුරයෝ නො බැණ හුන්හ, යළි මහණෙනි, සක්දෙවිඳු වේපචිත්ති අසුරිඳුට තෙල කී : ‘වේපචිත්තිය ගාථාවක් කිය’ යි. ඉක්බිති මහණෙනි, වේපචිත්ති අසුරිඳු මේ ගාථාව කී :
24. “එතදෙව තිතික්ඛාය වජ්ජං පස්සාමි වාසව, යදා නං මඤ්ඤතී බාලො භයා ම්යායං තිතික්ඛති: අජ්ඣාරූහති දුම්මෙධො ගොව භීයො පලායින”න්ති.
24. වාසවය, යම් කලෙක බාලතෙමේ ‘මෙතෙම මට බියපත්වැ ඉවසා යැ’ යි ඔහු ගෙන සිතා ද තෙල කරුණ මැ ඉවසීමෙහි දෝෂය කොට දකිමි. අඥානතෙමේ පැරැදැ පලායන ගවයකු මැඩගෙන යන ගවමුළක් සෙයින් ඉවසනුවහු බෙහෙවින් මැඩගෙන යයි.
භාසිතාය ඛො පන භික්ඛවෙ වෙපචිත්තිනා අසුරින්දෙන ගාථාය අසුරා අනුමොදිංසු, දෙවා තුණ්හී අහෙසුං අථඛො භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො සක්කං දෙවානමින්දං එතදවොච. භණ දෙවානමින්ද, ගාථන්ති. අථඛො භික්ඛවෙ, සක්කො දෙවානමින්දො ඉමා ගාථායො අභාසි:
තවද මහණෙනි, වේපචිත්ති අසුරිඳු විසින් ගාථාව කී කල්හි අසුරයෝ අනුමෝදන් වූහ. දෙවියෝ නොබැණ හුන්හ. ඉක්බිති මහණෙනි, වේපචිත්ති අසුරෙන්ද්ර සක්දෙවිඳුට තෙල කී : ‘දේවේන්ද්රය ගාථාවක් කිය’ යි. එකල මහණෙනි, සක්දෙවිඳු මේ ගාථාව කී :
25. “කාමං මඤ්ඤතු වා මා වා භයා ම්යායං තිතික්ඛති, සදත්ථපරමා අත්ථා ඛන්ත්‍යා භීයො න විජ්ජති.
25. ඒකාන්තයෙන් ‘මේතෙම මට බියෙන් ඉවසා’ යයි සිතාවා හෝ නොසිතා වා හෝ අර්‍ත්‍ථයෝ ස්වාර්ත්ථය පරම කොට ඇත්තාහ, (ඒ අර්ත්ථයන් කෙරෙහිදු) ක්ෂාන්තියට වඩා අධික වූ අර්‍ත්‍ථයෙක් නැති.
26. යො හවෙ බලවා සන්තො දුබ්බලස්ස තිතික්ඛති. තමාහු පරමං ඛන්තිං නිච්චං ඛමති දුබ්බලො.
26. ඒකාන්තයෙන් යමෙක් බලවත් වූයේ දුබලයාහට ඉවසා ද එය පරම ක්ෂාන්තිය යයි (නුවණැතියෝ) කියති, දුර්වලයා නිරතුරු ඉවසයි.
27. අබලං තං බලං ආහු යස්ස බාලබලං බලං, බලස්ස ධම්මගුත්තස්ස පටිවත්තා න විජ්ජති.
27. අඥානබලය යමක්හුගේ බලය වේ ද, අබල වූ ඒ අඥානබලය බලයෙකැයි කියති, ධර්මයෙන් රක්ෂිත වූවහුගේ නොහොත් ධර්මය රක්නහුගේ (ක්ෂාන්ති) බලයට අභිභවා බණන්නෙක් නැති.
28. තස්සෙව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති, කුද්ධං අපටිකුජ්ඣන්තො සඞ්ගාමං ජෙති දුජ්ජයං.
28. යමෙක් කිපියහුට පෙරළා කිපේ ද, ඒ කෝපය හේතු කොටගෙන ඔහුට මැ පාපය වෙයි, කිපියහුට පෙරළා නො කිපෙනුයේ දිනියැ නො හෙන සංග්‍රාමය දිනයි.
29. උභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච, පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්මති.
29. යමෙක් මෙරමා කිපියහු දැන සිහි ඇතිවැ ඉවසා ද, හේ තමහට ද පරහට ද යන දෙපක්ෂයට මැ අර්ත්ථය සිදුකෙරෙයි.
30. උභින්නං තිකිච්ඡන්තානං අත්තනො ච පරස්ස ච. ජනා මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අකොවිදා”ති.
30. යම් කෙනෙක් ධර්මයෙහි නිපුණ නොවෙත් ද, ඒ අඳබල් ජනයෝ තමහට ද පරහට ද යන දෙපක්ෂයට මැ වැඩ සිදුකරන්නහු බාලයෙකැ’ යි සිතත් යයි.
“භාසිතාසු ඛො පන භික්ඛවෙ, සක්කෙන දෙවානමින්දෙන ගාථාසු දෙවා අනුමොදිංසු අසුරා තුණ්හී අහෙසු”න්ති.
මහණෙනි, සක්දෙවිඳුන් විසින් ගාථාවන් කීකල්හි දෙවියෝ අනුමෝදන් වූහ, අසුරයෝ තුෂ්ණිම්භූත වූහ’ යි.
ඉදං පරවචනං.
මේ පරවචන යි.
(15) තත්ථ කතමං සකවචනං ච පරවචනං ච:
(15) එහි සකවචන ද පරවචන ද කවරෙ යැ :
“යඤ්ච පත්තං යඤ්ච පත්තබ්බං උභයමෙතං රජානුකිණ්ණං ආතුරස්සානුසික්ඛතො. යෙ ච සික්ඛාසාරා සීලං වතං ජීවිතං බ්රහ්මචරියං උපට්ඨානසාරා, අයමෙකො අන්තො. යෙ ච එවංවාදිනො එවංදිට්ඨිනො නත්ථි කාමෙසු දොසොති, අයං දුතියො අන්තො. ඉච්චෙතෙ උභො අන්තා කටසිවඩ්ඪනා කටසියො දිට්ඨිං වඩ්ඪෙන්ති, එතෙ උභො අන්තෙ අනභිඤ්ඤාය ඔලීයන්ති එකො අතිධාවන්ති එකෙ”ති.
“කෙලෙස් බහුල පුද්ගලයන් අනුව හික්මෙන රාගාදිකෙලෙසින් ආතුරවූවහුට ලැබූ (මෙකල වළඳනා) යම් කාමෝපකරණයෙක් ඇද්ද මතු ලැබියයුතු යම් කාමොපකරණයෙකුත් ඇද්ද තෙල උභය කාමෝපකරණය රාගරජස් ආදීන් අවතීර්ණ යැ. සමාදානය කළ ශීලව්රතාදිය සාරවශයෙන් ගත් යම් කෙනෙක් ශීලය ව්‍රතය ආජීවය මෛථුනවිරතිය යන මේ සංසාරශුද්ධිය’ යි සාරහෙයින් ගත්තාහු වෙත් ද, මේ එක් අන්තයෙක. යම් කෙනෙක් කාමයන් සේවනයෙහි දෝෂයක් නැතැ’ යි මෙසේ කියන්නාහු මෙසේ ලබ්ධි ඇත්තාහු වෙත් ද, මේ දෙවැනි අන්තය යැ. තෙල උභයාන්තයෝ (මතුමත්තෙහි ජරාමරණයෙන්) කටසි (තෘෂ්ණ අවිද්‍යා) වඩනාහුය, කටසීහු දෘෂ්ටිය වඩත්. තෙල උභයාන්තයන් නො දැන ඇතැම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් ඇලෙති, ඇතැම් කෙනෙක් අතිධාවනය කෙරෙත්” යයි.
ඉදං පරවචනං.
මේ පරවචන යැ.
යෙ ච ඛො තෙ උභො අන්තෙ අභිඤ්ඤාය තත්ර ච න අහෙසුං. තෙ න ච අමඤ්ඤිංසු. වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනායා”ති.
යම් ආර්‍ය්‍යපුද්ගල කෙනෙක් ඒ උභයාන්තයන් විශිෂ්ටඥානයෙන් දැන ඒ උභයාන්තයෙහි නො වැටුණාහු වෙත් ද ඔවුහු (තෘෂ්ණාදෘෂ්ටිමාන වශයෙන්) නො ද සිතත්. (අනුපාදාපරිනිර්වාණයෙන් පිරිනිවි) ඔවුනට (මරණින් මතු ඇතැයි) පැනැවීමට කර්මාදී වර්‍තයෙක් නැතැ’ යි.
ඉදං සකවචනං
මේ සකවචන යැ.
අයං උදානො සකවචනං ච පරවචනං ච.
මේ උදානය සකවචන ද පරවචන ද වේ.
“රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: කෙසං නු ඛො පියො අත්තා, කෙසං අප්පියො අත්තාති. තස්ස මය්හං භන්තෙ එතදහොසි: යෙ ඛො කෙචි කායෙන දුච්චරිතං චරන්ති වාචාය දුච්චරිතං චරන්ති මනසා දුච්චරිතං චරන්ති, තෙසං අප්පියො අත්තා. කිඤ්චාපි තෙ එවං වදෙය්යුං: ‘පියො නො අත්තා’ති. අථ ඛො තෙසං අප්පියො අත්තා. තං කිස්ස හෙතු: යඤ්හි අප්පියො අප්පියස්ස කරොති. තං තෙ අත්තාව අත්තනො කරොන්ති. තස්මා තෙසං අප්පියො අත්තා. යෙ ච ඛො කෙචි කායෙන සුචරිතං චරන්ති වාචාය සුචරිතං චරන්ති මනසා සුචරිතං චරන්ති, තෙසං පියො අත්තා. කිඤ්චාපි තෙ එවං වදෙය්යුං ‘අප්පියො නො අත්තා’ති, අථ ඛො තෙසං පියො අත්තා. තං කිස්ස හෙතු: යං හි පියො පියස්ස කරෙය්ය, තං තෙ අත්තනාව අත්තනො කරොන්ති, තස්මා තෙසං පියො අත්තා’ති.
“පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ යැ : ‘වහන්ස, එකලා වැ විවේකී වැ හුන් මට මෙබඳු චිත්තපරිවිතර්කයෙක් උපන : කවර කෙනකුන්ට ආත්මය ප්‍රිය ද, කවර කෙනකුන්ට ආත්මය අප්‍රිය දැ’ යි. වහන්ස, එසේ සිතන මට මේ සිත විය : ‘යම් කෙනෙක් කයින් දුසිරිත කෙරෙත් ද බසින් දුසිරිත කෙරෙත් ද සිතින් දුසිරිත කෙරෙත් ද, ඔවුනට ආත්මය අප්‍රිය යැ, ඔවුහු ‘අපට ආත්මය ප්‍රිය යැ’ යි මෙසේ කියතුදු වැලි ඔවුනට ආත්මය අප්‍රිය යැ, එ කවර හෙයි නැ : සතුරෙක් සතුරාට යමක් මැ කෙරේ ද, එය ඔවුහු තුමූ මැ තමහට කෙරෙති. එහෙයින් ඔවුනට ආත්මය අප්‍රිය යැ, තවද යම් කිසි කෙනෙක් ක් සුචරිතය කෙරෙත් ද බසින් සුචරිතය කෙරෙත් ද සිතින් සුචරිතය කෙරෙත් ද, ඔවුනට ආත්මය ප්‍රිය යැ, ඔවුහු අපට ආත්මය අප්‍රිය යැ’ යි මෙසේ කියන්නාහු නමුදු වැලි ඔවුනට ආත්මය ප්‍රිය යැ, ඒ කවර හෙයිනැ : මිතුරෙක් මිතුරකුට යමක් මැ කෙරේ ද එය ඔවුහු තුමූ මැ තමහට කෙරෙති. එහෙයින් ඔවුනට ආත්මය ප්‍රිය වේ” යයි.
එවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, යෙ හි කෙචි මහාරාජ කායෙන දුච්චරිතං චරන්ති වාචාය දුච්චරිතං චරන්ති මනසා දුච්චරිතං චරන්ති, තෙසං අප්පියො අත්තා. කිඤ්චාපි තෙ එවං වදෙය්යුං ‘පියො නො අත්තා’ති, අථ ඛො තෙසං අප්පියො අත්තා, තං කිස්ස හෙතු: යං හි මහාරාජ, අප්පියො අප්පියස්ස කරෙය්ය, තං තෙ අත්තනාව අත්තනො කරොන්ති, තස්මා තෙසං අප්පියො අත්තා, යෙ ච ඛො කෙචි මහාරාජ කායෙන සුචරිතං චරන්ති වාචාය සුචරිතං චරන්ති මනසා සුචරිතං චරන්ති, තෙසං පියො අත්තා. කිඤ්චාපි තෙ එවං වදෙය්යුං ‘අප්පියො නො අත්තා’ති, අථ ඛො තෙසං පියො අත්තා. තං කිස්ස හෙතු: යං හි මහාරාජ, පියො පියස්ස කරෙය්ය, තං තෙ අත්තනාව අත්තනො කරොන්ති. තස්මා තෙසං පියො අත්තාති. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
“මහරජ, තෙල කරුණ එසේ මැ ය, මහරජ තෙල එසේ මැ ය, මහරජ, යම්කෙනෙක් කයින් දුසිරිත කෙරෙත් ද වචනයෙන් දුසිරිත කෙරෙත් ද සිතින් දුසිරිත කෙරෙත් ද, ඔවුනට ආත්මය අප්‍රිය යැ, ඔවුහු ‘අපට ආත්මය ප්‍රිය යැ’ යි කියන්නාහු නමුදු වැලි ඔවුනට ආත්මය අප්‍රිය යැ, එ කවර හෙයිනැ : මහරජ, සතුරෙක් සතුරකුට යමක් මැ කෙරේ ද, එය ඔවුහු තුමූ මැ තමහට කෙරෙති, එහෙයින් ඔවුනට ආත්මය අප්‍රිය වේ. තවද මහරජ, යම් කෙනෙක් කයින් සුසිරිත කෙරෙත් ද බසින් සුසිරිත කෙරෙත් ද සිතින් සුසිරිත කෙරෙත් ද, ඔවුනට ආත්මය ප්‍රිය යැ, ඔවුහු ‘අපට ආත්මය අප්‍රිය යැ’ යි මෙසේ කියන්නාහු නමුදු වැලි ඔවුනට ආත්මය ප්‍රිය යැ, එ කවර හෙයිනැ : මහරජ, මිතුරෙක් මිතුරකුට යමක් මැ කරන්නේ ද, එය ඔවුහු තුමූ මැ තමහට කෙරෙති. එහෙයින් ඔවුනට ආත්මය ප්‍රිය වේ” යයි. බුදුහු මේ වදාළහ, මේ වදාරා යළි සුගත වූ ශාස්තෲන් වහන්සේ තෙල වදාළසේක :
31. “අත්තානඤ්චෙ පියං ජඤ්ඤා න නං පාපෙන සංයුජෙ, න හි තං සුලභං හොති සුඛං දුක්කතකාරිනා.
31. ඉදින් ආත්මය තමහට ප්‍රිය යයි දන්නේ නම්, ඒ ආත්මය පාපය හා නො යොදන්නේ යැ, දුෂ්කෘත කරන්නහුට (තමා රිසියෙන) ඒ සුවය නො මැ සුලභ වේ.
32. අන්තකෙනාධිපන්නස්ස ජහතො මානුසං භවං, කිං හි තස්ස සකං හොති කිඤ්ච ආදාය ගච්ඡති; කිං චස්ස අනුගං හොති ඡායාව අනපායිනී.
32. මරණයෙන් මඩනාලද මනුෂ්‍ය ආත්මභාවය හරනාවූ ඔහුට කුමක් නම් තමා අයත් වේ ද, කුමක් හැරැගෙන පරලොවට යේ ද, තමා නොහැර යන සෙවණැල්ල සෙයින් කුමක් ඔහු අනුව යන්නේ වේ ද -
33. උභො පුඤ්ඤං ච පාපං ච යං මච්චො කුරුතෙ ඉධ, තං හි තස්ස සකං හොති තං ච ආදාය ගච්ඡති; තං චස්ස අනුගං හොති ඡායාව අනපායිනී.
33. මේ ලොවැ සත්ත්වයා පින ද පව ද යන දෙවැදෑරුම් වූ යම් කර්මයක් රැස්කෙරේ ද, එය මැ ඔහුට තමා අයත් වෙයි, ඒ කර්මය ගෙන පරලොව යෙයි, ඔහුගේ ඒ කර්මය තමා නොහැර යන සෙවණැල්ල සෙයින් අනුව යන්නේ වේ.
34. තස්මා කරෙය්ය කල්‍යාණං නිචයං සම්පරායිකං, පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණීන”න්ති.
34. එහෙයින් පරලොවැ විපාකඵලය රැස්කරනුයේ කුසලය කරන්නේ යැ, සත්ත්වයන්ට පරලොවැ දී පුණ්‍යයෝ පිහිට වෙත් යයි.
ඉදං සුත්තං පරවචනං. අනුගීති සකවචනං.
මේ සූත්‍රය පරවචන යැ, අනුගීතිය සකවචනයි.
ඉදං සකවචනං ච පරවචනඤ්ච.
මේ සකවචන ද පරවචන ද වේ.
(16) තත්ථ කතමං විස්සජ්ජනීයං:
(16) එහි විස්සජ්ජනීය කවරෙ යත් :
පඤ්හෙ පුච්ඡිතෙ ඉදං අභිඤ්ඤෙය්යං ඉදං පරිඤ්ඤෙය්යං ඉදං පහාතබ්බං ඉදං භාවෙතබ්බං ඉදං සච්ඡිකාතබ්බං ඉමෙ ධම්මා එවං ගහිතා ඉදං ඵලං නිබ්බත්තයන්ති තෙසං එවං ගහිතානං අයං අත්ථො ඉති.
ප්‍රශ්නයක් විචාළකල්හි ‘මෙය අභිඥෙය යැ මෙය පරිඥේය යැ මෙයප්රහ්යාතව්ය යැ මෙය භාවිතව්‍ය යැ මෙය ප්රත්යක්ෂ කටයුතු යැ මේ කුශලාකුශලධර්මයෝ මෙසේ රැස් කරනලද්දාහු (ඉෂ්ට හෝ අනිෂ්ට හෝ) මේ විපාකඵලය උපදවති, මෙසේ රැස්කරනලද ඒ කර්මයන්ගේ මේ අර්ත්ථ යැ’ යි.
ඉදං විස්සජ්ජනීයං.
මේ විස්සජ්ජනීය වෙයි.
“උළාරො බුද්ධො භගවා”ති බුද්ධුළාරත්තං ධම්මස්වාක්ඛාතතං සඞ්ඝසුප්පටිපත්තිඤ්ච එකංසෙනෙව නිද්දිසෙ. “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා”ති “සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා”ති “සබ්බෙ ධම්මා අනත්තා”ති එකංසෙනෙව නිද්දිසෙ. යං වා පනඤ්ඤම්පි එවං ජාතියන්ති.
‘භාග්‍යවත් බුදුහු උදාර වූහ’ යි (විචාළ කල්හි) බුදුරදුන්ගේ උදාරබව ද ධර්මය ස්වාක්ඛාත බව ද සඞ්ඝයාගේ සුප්‍රතිපත්තිය ද ඒකාන්තයෙන් මැ දක්වන්නේ යැ, සියලු සංස්කාරයෝ අනිත්‍යයහ’ යි ද සියලු සංස්කාරයෝ දුක් වූහ’ යි ද සියලු ධර්මයෝ අනාත්මයහ’ යි ද ඒකාන්තයෙන් මැ ප්‍රකාශ කරන්නේ යැ, මෙබඳු ස්වභාව ඇති යම් අනික් පැනයකුදු විසඳන්නේ යි.
ඉදං විස්සජ්ජනීයං.
මේ විස්සජ්ජනීය යි.
(17) තත්ථ කතමං අවිස්සජ්ජනීයං.
(17) එහි අවිස්සජ්ජනීය කවරෙ යැ :
35. “ආකඞ්ඛතො තෙ නරදම්මසාරථි දෙවා මනුස්සා මනසා විචින්තිතං. සබ්බෙ න ජඤ්ඤා කසිණාපි පාණිනො සන්තං සමාධිං අරණං නිසෙවතො. “කිං තං භගවා ආකඞ්ඛති”ති.
35. නරදම්සැරිය, (සත්ත්වයන්ගේ හිතාර්‍ත්‍ථය) කැමැතිවන නුඹවහන්සේ විසින් (කරුණායෙන් සිහිල් වූ) සිතින් සිතනලද අර්ත්ථය දෙවියෝ ද මනුෂ්‍යයෝ ද සියලු අනවශේෂ ප්‍රාණීහු ද නො දන්නාහුය, ශාන්ත වූ අරණ සමාධිය සෙවුනා බුදුරදුන්ගේ චින්තිතය ‘භාග්‍යවත්හු කුමක් කැමැති වෙත් දැ’ යි අන්‍යයනට අවිසය වේ.
ඉදං අවිස්සජ්ජනීයං.
මේ අවිස්සජ්ජනීය වෙයි.
“එත්තකො භගවා සීලක්ඛන්ධෙ සමාධික්ඛන්ධෙ පඤ්ඤාක්ඛන්ධෙ විමුත්තික්ඛන්ධෙ විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙ ඉරියායං පභාවෙ හිතෙසි තායං කරුණායං ඉද්ධිය”න්ති.
“බුදුහු ශීලස්කන්ධහේතුයෙන් සමාධිස්කන්ධයෙන් ප්රඥාස්කන්ධයෙන් විමුක්තිස්කන්ධයෙන් විමුක්තිඥානදර්ශනස්කන්ධයෙන් කායවාක්සමාචාරය හේතු කොටගෙන අනුභාවයෙන් හිතෙසිතා (මෛත්‍රි) යෙන් කරුණායෙන් ඍද්ධිහේතුයෙන් මෙපමණ වන්නාහ’ යි.
ඉදං අවිස්සජ්ජනීයං.
මේ අවිස්සජ්ජනීය වෙයි.
“තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස ලොකෙ උප්පාදා තිණ්ණං රතනානං උප්පාදො: බුද්ධරතනස්ස ධම්මරතනස්ස සඞ්ඛරතනස්ස”.
“මහණෙනි, තථාගත අරහත් සම්‍යක් සම්බුද්ධයන්ගේ ලොවැ පහළවීමෙන් බුද්ධරත්නය ධර්මරත්නය සඞ්ඝරත්නය යන තුනුරුවන්ගේ පහළවීම වේ.”
“කිං පමාණානි තීණි රතනානී”ති ඉදං අවිස්සජ්ජනීයං බුද්ධවිසයො අවිස්සජ්ජනීයො. පුග්ගලපරොපරඤ්ඤුතා අවිස්සජ්ජනීයා.
‘රත්නත්‍රය (ගුණවිසින්) කිපමණ දැ’ යි මේ අවිස්සජ්ජනීය වෙයි, මේ බුද්ධවිසය අවිස්සජ්ජනීය වෙයි, පුද්ගලපරාවර දන්නාබව අවිස්සජ්ජනීය වේ.
“පුබ්බා භික්ඛවෙ කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සකිං නිරයං සකිං තිරච්ඡානයොනිං සකිං පෙත්තිවිසයං සකිං අසුරයොනිං සකිං දෙවෙ සකිං මනුස්සෙ සන්ධාවතං සංසරතං”.
“මහණෙනි, අවිද්‍යානීවරණ ඇති තණ්හාසංයෝජනයෙන් බැඳුණු (එහෙයින්) වරෙක නිරයට ද වරෙක තිරිසන්යෝනට ද වරෙක ප්‍රේතවිෂයට ද වරෙක අසුරනිකායට ද වරෙක දෙව්ලොවෙහි ද වරෙක මිනිස්ලොවැ ද භවයෙන් භවයට සන්ධාවන කරන පුනපුනා භවයෙහි සැරිසරන සත්ත්වයන්ගේ පුර්වකෝටිය නො පැනෙයි.”
“කතමා පුබ්බා කොටි”ති අවිස්සජ්ජනීයං. “න පඤ්ඤායතී”ති සාවකානං ඤාණවෙකල්ලෙන. දුවිධා බුද්ධානං භගවන්තානං දෙසනා: අත්තූපනායිකා ච පරූපනායිකා ච. ‘න පඤ්ඤායතී’ති පරූපනායිකා; ‘නත්ථි බුද්ධානං භගවන්තානං අප්පජානනා’ති අත්තූපනායිකා; යථා භගවා කොකාලිකං භික්ඛුං ආරබ්භ අඤ්ඤතරං භික්ඛුං එවමාහ:
‘පූර්වකෝටිය කවර දැ’ යි අවිස්සජ්ජනීය වෙයි, ‘නො පැනෙයි’ යනු ශ්‍රාවකයන්ගේ ඥානවෛකල්යය හෙයිනි. භාග්‍යවත් බුදුවරයන්ගේ දේශනාව අත්තූපනායිකා (තමන් වහන්සේ එළවා දැක්වියැයුතු) දේශනාව ද පරූපනායිකා දේශනාව දැ’ යි දෙවැදෑරුම් වෙයි, (එහි) න පඤ්ඤායති යනු (මෙරමා එළවාදක්වන) පරූපනායිකා දේශනා යි. “... “නත්ථි බුද්ධානං භගවන්තානං අප්පජානනා යනු අත්තූපනායිකා දේශනා යි. ඒ මෙසේ යැ : බුදුහු කෝකාලික භික්ෂු අරබයා අන්‍යතර මහණක්හට මෙසේ වදාළසේක :
‘සෙය්යථාපි භික්ඛු, වීසතිඛාරිකො කොසලකො තිලවාහො -පෙ- නත්වෙව එකො අබ්බුදො නිරයො. සෙය්යථාපි භික්ඛු, වීසති අබ්බුදා නිරයා, එවමෙකො නිරබ්බුදො නිරයො, සෙය්යථාපි භික්ඛු, වීසති නිරබ්බුදා නිරයා, එවමෙකො අබබො නිරයො සෙය්යථාපි භික්ඛු, වීසති අබබා නිරයා, එවමෙකො අටටො නිරයො. සෙය්යථාපි භික්ඛු, වීසති අටටා නිරයා, එවමෙකො අහහො නිරයො. සෙය්යථාපි භික්ඛු වීසති අහහා නිරයා. එවමෙකො කුමුදො නිරයො. සෙය්යථාපි භික්ඛු, වීසති කුමුදා නිරයා, එවමෙකො සොගන්ධිකො නිරයො, සෙය්යථාපි භික්ඛු, වීසති සොගන්ධිකා නිරයා, එවමෙකො උප්පලකො නිරයො. සෙය්යථාපි භික්ඛු, වීසති උප්පලකා නිරයා, එවමෙකො පුණ්ඩරීකො නිරයො. සෙය්යථාපි භික්ඛු, වීසති පුණ්ඩරීකා නිරයා, එවමෙකො පදුමො නිරයො. පදුමං ඛො පන භික්ඛු, නිරයං කොකාලිකො භික්ඛූ උපපන්නො සාරිපුත්ත මොග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වා”ති.
“මහණ, යම්පරිදි විසිකිරියකින් යුත් කොසොල්රට වහරට පැමිණි තිලවාහයෙක් (තලගැලෙක්) වේ ද ... අබ්බුදනිරයක ආයු නො ගෙවේ මැ ය. අබ්බුදනිරයක ආයු නො ගෙවේ මැ ය. මහණ, අබ්බුදනිරය විස්සක් යම්සේ ද එක නිර්බ්බුදනිරය එබඳු වෙයි. මහණ, නිරබ්බුදනිරය විස්සක් යම්සේ ද, එක අබබනිරය එබඳු වෙයි. මහණ, අබබනිරය විස්සක් යම්බඳු ද එක අටටනිරය එබඳු වෙයි. මහණ, අටටනිරය විස්සක් යම්සේ ද එක අහහනිරය එබඳු වෙයි. මහණ, අහහනිරය විස්සක් යම්සේ ද එක කුමුදනිරය එබඳු වෙයි. මහණ, කුමුදනිරය විස්සක් යම්සේ ද එක සොගන්ධිකනිරය එබඳු වෙයි. මහණ, සොගන්ධිකනිරය විස්සක් යම්සේ ද එක උප්පලකනිරය එබඳු වෙයි. මහණ, උප්පලකනිරය විස්සක් යම්පරිදි ද එක පුණ්ඩරීක නිරය එසේ යැ, මහණ, පුණ්ඩරීකනිරය විස්සක් යම්සේ ද එක පදුමනිරය එසේ යැ. මහණ, කෝකාලික භික්ෂු සාරිපුත්තමොග්ගල්ලානයන් කෙරෙහි සිත ප්‍රදූෂ්‍ය කොට පදුම නිරයට පැමිණියේ” යයි.
යං වා පන කිඤ්චි භගවා ආහ: අයං අප්පමෙය්යො අසංඛෙය්යොති, සබ්බං තං අවිස්සජ්ජනීයන්තී.
තවද බුදුහු යම් කිසිවක් ‘මෙය අප්‍රමේය යැ අසංඛ්‍යෙය’ යි වදාළසේක් ද ඒ සියල්ල නො විසඳියයුතු වේ යයි.
ඉදං අවිස්සජ්ජනීයං
මේ අවිස්සජ්ජනීය දේශනා යි.
(18) තත්ථ කතමං විස්සජ්ජනීයං ච අවිස්සජ්ජනීයං ච:
(18) එහි කවරෙක් විස්සජ්ජනීය ද අවිස්සජ්ජනීය ද වේ යැ යත් :
යදා සො උපකො ආජීවකො භගවන්තං ආහ: “කුහිං ආවුසො ගොතම, ගමිස්සතී”ති. භගවා ආහ:
යම් කලෙක ඒ උපක ආජීවක භාග්‍යවතුන් වහන්සේට ‘ඇවැත්නි ගෞතමයෙනි, කොහි යන්නවු දැ’ යි කීයේ ද, බුදුහු මෙසේ වදාළහ :
36. “බාරාණසිං ගමිස්සාමි ආහන්තුං අමතදුන්දූහිං,
36. දහම්අමාබෙරය ගසන්නට, ලොවැ අනෙකක්හු විසින් පවත්වාලියැ නොහෙන දම්සක් පවත්වන්නට බරණැසට යන්නෙමි’ යි.
ධම්මචක්කං පවත්තෙතුං ලොකෙ අප්පතිවත්තිය”න්ති.
උපක ආජීවක මෙසේ කී : ‘ඇවැත්නි ගෞතමයෙනි, ‘ජින’ යි මැ පිළින කරවු දැ’ යි.
උපකො ආජීවකො ආහ: “ජිනොති ඛො ආවුසො භො ගොතම පටිජානාසි”ති, භගවා ආහ:
බුදුහු වදාළහ :
37. “මාදිසා වෙ ජිනා හොන්ති යෙ පත්තා ආසවක්ඛයං, ජිතා මෙ පාපකා ධම්මා තස්මාහං උපකා ජිනො”ති.
37. යම් කෙනෙක් ආස්රවක්ෂයට (නිවනට) පැමිණියාහු ද, මාබඳු වූවාහු ඒකාන්තයෙන් ජින නම් වෙති. මා විසින් අකුශලධර්‍මයෝ දිනනලදහ, උපකය එහෙයින් මම ජින වෙමි’ යි.
“කථං ජිනො” “කෙන ජිනො”ති විස්සජ්ජනීයං; “කතමො ජිනො”ති අවිස්සජ්ජනීයං, “කතමො ආසවක්ඛයො: රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො”ති විස්සජ්ජනීයං; කිත්තකො ආසවක්ඛයො”ති අවිස්සජ්ජනීයං;
“කිසෙයින් ජින වේ ද? ‘කවර කරුණෙකින් ජින වේ දැ’ යි විස්සජ්ජනීය වෙයි. ‘කවරෙක් ජින වේ දැ’ යි අවිස්සජ්ජනීය යැ. ‘ආස්රවක්ෂය කවරේ ද? රාගක්ෂය ද්වේෂක්ෂය මෝහක්ෂය’ යි විස්සජ්ජනීය යැ. ‘ආස්රවක්ෂය කිපමණ වේ දැ’ යි අවිස්සජ්ජනීය යි.
ඉදං විස්සජ්ජනීයඤ්ච අවිස්සජ්ජනීයඤ්ච.
මේ විස්සජ්ජනීය ද අවිස්සජ්ජනීය ද වේ.
“අත්ථි තථාගතො”ති විස්සජ්ජනීයං; “අත්ථි රූපං”ති විස්සජ්ජනීයං. “රූපං තථාගතො”ති අවිස්සජ්ජනීයං, “රූපවා තථාගතො”ති අවිස්සජ්ජනීයං, “රූපෙ වා තථාගතො”ති අවිස්සජ්ජනීයං, “තථාගතෙ රූප”න්ති අවිස්සජ්ජනීයං. එවං “අත්ථි වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සංඛාරා අත්ථි විඤ්ඤාණ”න්ති විස්සජ්ජනීයං. “විඤ්ඤාණං තථාගතො”ති අවිස්සජ්ජනීයං, විඤ්ඤාණවා තථාගතො”ති අවිස්සජ්ජනීයං, විඤ්ඤාණෙ තථාගතො”ති අවිස්සජ්ජනීයං, “තථාගතෙ විඤ්ඤාණ”න්ති අවිස්සජ්ජනීයං. “අඤ්ඤත්ර රූපෙන තථාගතො”ති අවිස්සජ්ජනීයං, අඤ්ඤත්ර වෙදනාය -පෙ- සඤ්ඤාය - සඞ්ඛාරෙහි - විඤ්ඤාණෙන තථාගතො”ති අවිස්සජ්ජනීයං, “අයං සො තථාගතො අරූපකො අවෙදනකො අසඤ්ඤකො අසඞ්ඛාරකො අවිඤ්ඤාණකො”ති අවිස්සජ්ජනීයං.
‘තථාගත (සත්ත්ව) ඇද්දැ’ යි විස්සජ්ජනීය යැ, ‘රූපය ඇද්දැ’ යි විස්සජ්ජනීය යැ, ‘රූපය තථාගත දැ’ යි අවිස්සජ්ජනීය යැ, ‘තථාගත රූපවත් දැ’ යි අවිස්සජ්ජනීය යැ, ‘රූපයෙහි හෝ තථාගත වේ දැ’ යි අවිස්සජ්ජනීය යැ, ‘තථාගත කෙරෙහි රූපය වේ දැ’ යි අවිස්සජ්ජනීය යි. මෙසේ ‘වේදනා ඇද්ද ... සංඥා ... සංස්කාර ... විඥාන ඇද්දැ’ යි විස්සජ්ජනීය යැ, ‘විඥානය තථාගත දැ’ යි අවිස්සජ්ජනීය යැ, ‘තථාගත විඥානවත් දැ’ යි අවිස්සජ්ජනීය යැ, ‘විඥානයෙහි තථාගත ඇද්දැ’ යි අවිස්සජ්ජනීය යැ, ‘තථාගත කෙරෙහි විඥානය ඇද්දැ’ යි අවිස්සජ්ජනීය යැ, රූපයෙන් අන් තැනක තථාගත වේ දැ යි අවිස්සජ්ජනීය යැ ‘වේදනායෙන් අන් තැනෙක ... සංඥායෙන් ... සංස්කාරයන්ගෙන් ... විඥානයෙන් අන් තැනෙක තථාගත වේ දැ’ යි අවිස්සජ්ජනීය යැ, මේ ඒ තථාගත රූප නැතියෙක් ද ? අවේදක අසංඥක අසංස්කාරක අවිඥානක දැ’ යි අවිස්සජ්ජනීය වේ.
ඉදං විස්සජ්ජනීයඤ්ච අවිස්සජ්ජනීයඤ්ච.
මේ විස්සජ්ජනීය ද අවිස්සජ්ජනීය ද වේ.
“පස්සති භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ චවමානෙ උපපජ්ජමානෙ (එවං සබ්බං) -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාතී”ති විස්සජ්ජනීයං. “කතමෙ සත්තා’ කතමො තථාගතො”ති අවිස්සජ්ජනීයං.
බුදුහු විශුද්ධ වූ මිනිසැස ඉක්මවා සිටි දිවැසින් (මෙලොවින්) ච්‍යුත වන්නාවූ ද (පටිසන්ධි විසින් මෙලොවට) පැමිණෙන්නාවූ ද සත්ත්වයන් දක්නාසේක් ද, ... කම්වූ පරිදි පරලොව යන සත්ත්වයන් දන්නාසේක් දැ’ යි විස්සජ්ජනීය යැ, කවර සත්ත්වයෝ ද? තථාගත කවරේ දැ’ යි අවිස්සජ්ජනීය යැ.
ඉදං විස්සජ්ජනීයඤ්ච අවිස්සජ්ජනීයඤ්ච.
මේ විස්සජ්ජනීය ද අවිස්සජ්ජනීය ද වේ.
“අත්ථි තථාගතො”ති විස්සජ්ජනීයං, “අත්ථි තථාගතො පරම්මරණා”ති අවිස්සජ්ජනීයං.
‘තථාගත ඇද්ද’ යනු විස්සජ්ජනීය යැ, ‘තථාගත මරණින් මතු ඇද්ද’ යනු අවිස්සජ්ජනීය යි.
ඉදං විස්සජ්ජනීයං ච අවිස්සජ්ජනීයං ච.
මේ විස්සජ්ජනීය ද අවිස්සජ්ජනීය ද වේ.
(19) තත්ථ කතමං කම්මං:
(19) එහි කම්ම කවරෙ යැ :
38. “අන්තකෙනාධිපන්නස්ස ජහතො මානුසං භවං, කිං හි තස්ස සකං හොති කිඤ්ච ආදාය ගච්ඡති; කිඤ්චස්ස අනුගං හොති ඡායාව අනපායිනී”
38, 39. (32, 33 ගාථාසන්න බලන්න).
39. “උභො පුඤ්ඤඤ්ච පාපං ච යං මච්චො කුරුතෙ ඉධ, තං හි තස්ස සකං හොති තං ච ආදාය ගච්ඡති; තඤ්චස්ස අනුගං හොති ඡායාව අනපායිනී”ති.
ඉදං කම්මං.
මේ කර්ම යැ.
“පුන චපරං භික්ඛවෙ, බාලං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමාය වා සෙමානං, යානිස්ස පුබ්බෙ පාපකානි කම්මානි කතානි කායෙන දුච්චරිතානි වාචාය දුච්චරිතානි මනසා දුච්චරිතානි, තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්ති අජ්ඣොලම්බන්ති අභිප්පලම්බන්ති. සෙය්යථාපි භික්ඛවෙ, මහන්තානං පබ්බතකූටානං ඡායා සායන්හසමයං පඨවියා ඔලම්බන්ති අජ්ඣොලම්බන්ති අභිප්පලම්බන්ති, එවමෙව ඛො භික්ඛවෙ බාලං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමාය වා සෙමානං යානිස්ස පුබ්බෙ පාපකානි කම්මානි කතානි කායෙන දුච්චරිතානි වාචාය දුච්චරිතානි මනසා දුච්චරිතානි, තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්ති අජ්ඣොලම්බන්ති අභිප්පලම්බන්ති. තත්ර භික්ඛවෙ බාලස්ස එවං හොති: අකතං වත මෙ කල්‍යාණං අකතං කුසලං අකතං භීරුත්තාණං, කතං පාපං කතං ලුද්දං කතං කිබ්බිසං, යා ච හොති අකතකල්යාණානං අකතකුසලානං අකතභීරුත්තාණානං කතපාපානං කතලුද්දානං කතකිබ්බිසානං ගති, තං ගතිං පෙච්ච ගච්ඡාමීති සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජතීති.
“යළිදු මහණෙනි, බාලයා පීඨයෙහි නැඟීහුන්නහුට හෝ මඤ්චයෙහි නැඟීහුන්නහුට හෝ බිමැ හෝනහුට හෝ ඔහු විසින් පෙර කරනලද කායදුශ්චරිත වාග්දුශ්චරිත මනෝදුශ්චරිත වූ යම් පාපකර්ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කර්මයෝ එළැඹ සිටිති, අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වෙත්. මහණෙනි, යම්පරිදි සවස්කාලයෙහි මහත් පර්වතකූටයන්ගේ සෙවණැලි පොළෝතෙලෙහි පැතිරේද, මහණෙනි, එපරිදි මැ පීඨයෙහි නැඟීහුන් වේවයි මඤ්චයෙහි නැඟීහුන් වේවයි බිමැ හෝනා වේවයි බාලයාහට ඔහු විසින් කළ කායදුශ්චරිත වාග්දුශ්චරිත මනෝදුශ්චරිත වූ යම් පෙර කළ පාපකර්ම කෙනෙක් ඇද්ද, එකල්හි ඒ කර්මයෝ එළැඹ සිටිත්. ඒ වැටහීම් ආපාථගත කල්හි බාලයාට මෙසේ සිත් වෙයි : මා විසින් කල්‍යාණයෙක් නොකරනලද මැ ය, කුශලයෙක් නොකරනලද මැ යැ, බියට පිහිටෙක් නොකරනලද මැ යැ, පව් කරනලද, කර්කශකර්ම කරනලද, කිලිටිකම් කරනලද. කලණකම් නොකළ කුසල් නොකළ බියට පිහිට නොකළ පව් කළ කැකුළුකම් කළ කිලිටිකම් කළ ඇත්තනට යම් ගතියෙක් ඇද්ද, පරලොවැ ඒ ගතියෙට යෙමි. හේ ශෝක කෙරෙයි, ක්ලාන්ත වෙයි, වැලැපෙයි ළෙහි පැහැර හඬයි, සම්මෝහයට පැමිණේ යයි.
පුන චපරං භික්ඛවෙ, පණ්ඩිතං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමාය වා සෙමානං, යානිස්ස පුබ්බෙ කල්‍යාණානි කම්මානි කතානි කායෙන සුචරිතානි වාචාය සුචරිතානි මනසා සුචාරිතානි, තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්ති අජ්ඣොලම්බන්ති අභිප්පලම්බන්ති. සෙය්යථාපි භික්ඛවෙ මහන්තානං පබ්බතකූටානං ඡායා සායන්හසමයං පඨවියං ඔලම්බන්ති අජ්ඣොලම්බන්ති අභිප්පලම්බන්ති, එවමෙව ඛො භික්ඛවෙ පණ්ඩිතං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමාය වා සෙමානං යානිස්ස පුබ්බෙ කල්‍යාණානි කම්මානි කතානි කායෙන සුචරිතානි වාචාය සුචරිතානි මනසා සුචරිතානි, තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්ති අජ්ඣොලම්බන්ති අභිප්පලම්බන්ති. තත්ර, භික්ඛවෙ පණ්ඩිතස්ස එවං හොති: අකතං වත මෙ පාපං අකතං ලුද්දං අකතං කිබ්බිසං කතං කල්‍යාණං කතං කුසලං කතං භීරුත්තාණං, යා ච හොති පාපානං අකතලුද්දානං අකතකිබ්බිසානං කතකල්යාණානං කතකුසලානං කතභීරුත්තාණානං ගති, තං ගතිං පෙච්ච ගච්ඡාමීති. සො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජති කතං මෙ පුඤ්ඤං අකතං පාපං, යා භවිස්සති ගති අකතපාපස්ස අකතලුද්දස්ස අකතකිබ්බිසස්ස කතපුඤ්ඤස්ස කතකුසලස්ස කතභීරුත්තාණස්ස, තං පෙච්ච ගතිං ගච්ඡාමීති විප්පටිසාරො න ජායති. අවිප්පටිසාරිනො ඛො භික්ඛවෙ ඉත්ථියා වා පුරිසස්ස වා ගිහිනො වා පබ්බජිතස්ස වා භද්දකං මරණං භද්දිකා කාලකිරියාති වදාමීති.
යළිදු මහණෙනි, පණ්ඩිතයා පීඨයෙහි නැඟීසිටියහුට වේවයි මඤ්චයෙහි නැඟීසිටියහුට වේවයි බිමැ හෝනහුට වේවයි ඔහු විසින් පෙර කරනලද කායසුචරිත වචීසුචරිත මනෝසුචරිත වූ යම් කුශලකර්ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කුශලකර්මයෝ එළැඹැ සිටිති, අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වෙත්. යම්පරිදි මහණෙනි, මහත් පර්වතකූටයන්ගේ සෙවණැලි සවස්කලැ පොළෝතෙලෙහි අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වශයෙන් පැතිරෙත් ද, එපරිදි මැ මහණෙනි, පණ්ඩිතයා පීඨයෙහි නැඟීසිටියහු හෝ මඤ්චයෙහි නැඟීසිටියහු හෝ බිමැ හෝනහු හෝ ඔහු විසින් පෙර කරනලද කායසුචරිත වචීසුචරිත මනෝසුචරිත වූ යම් කුශලකර්ම කෙනෙක් ඇද්ද එසමයෙහි ඔහුට ඒ කර්මයෝ අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වශයෙන් එළැඹ සිටිත්. එහි දී මහණෙනි, පණ්ඩිතහට මෙබඳු සිතෙක් වෙයි : ‘ඒකාන්තයෙන් මා විසින් පව් නොකරනලද රෞද්රකර්ම නොකරනලද කිල්විෂ නොකරනලද කල්‍යාණය කරනලද කුශලය කරනලද භයපරිත්‍රාණය කරනලද, නොකළ පව්ඇති නොකළ රළුකම් ඇති නොකළ කිලිටිකම් ඇති කළ කලණ ඇති කළ කුසල් ඇති කළ භයට පිහිට ඇති සත්නට යම්බඳු ගතියෙක් වේද, පරලොවැ දී ඒ ගතියට යෙමි’ විප්‍රතිසාරය නූපදී, ‘මහණෙනි, විපිළිසර නැති ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ හෝ ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ මරණය සොඳුරු වෙයි, කාලක්‍රියාව සොඳුරුවන්නී යයි කියමි’ යි.
ඉදං කම්මං.
මේ කර්ම යැ.
“තීණිමානි භික්ඛවෙ දුච්චරිතානි, කතමානි තීණි: කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං. ඉමානි ඛො භික්ඛවෙ තීණි දුච්චරිතානි.
“මහණෙනි, මේ දුශ්චරිත තුනෙකි, තුනෙක යත් : කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිත යි. මහණෙනි, මේ තුන් දුශ්චරිතයෝ” යි.
තීණිමානි භික්ඛවෙ, සුචරිතානි. කතමානි තීණි: කායසුචරිතං වචීසුචරිතං මනො සුචරිතං. ඉමානි ඛො භික්ඛවෙ, තීණි සුචරිතානී”ති.
“මහණෙනි, මේ සුචරිත තුනෙකි, කවර තුනෙක යත් : කායසුචරිතය වාක්සුචරිතය මනස්සුචරිත යි. මහණෙනි, මේ තුන් සුචරිතයෝ” ය යි.
ඉදං කම්මං.
මේ කර්ම යි.
(20) තත්ථ කතමො විපාකො:
(20) එහි විපාක කවරෙ යැ :
“ලාභා වො භික්ඛවෙ, සුලද්ධං වො භික්ඛවෙ ඛනො වො පටිලද්ධො බ්රහ්මචරියවාසාය, දිට්ඨා මයා භික්ඛවෙ, ඡ ඵස්සායතනිකා නාම නිරයා, තත්ථ යං කිඤ්චි චක්ඛුනා රූපං පස්සති අනිට්ඨරූපං යෙව පස්සති නෙට ඉට්ඨරූපං, අකන්තරූපං යෙව පස්සති නො කන්තරූපං, අමනාපරූපංයෙව පස්සති නො මනාපරූපං, යං කිඤ්චි සොතෙන -පෙ- ඝානෙන -පෙ- ජිව්හාය -පෙ- කායෙන -පෙ- යං කිඤ්චි මනසා ධම්මං විජානාති අනිට්ඨධම්මං යෙව විජානාති නො ඉට්ඨධම්මං, අකන්තධම්මං යෙව විජානාති නො කන්තධම්මං, අමනාප ධම්මං යෙව විජානාති, නො මනාපධම්මං ලාභා වො භික්ඛවෙ, සුලද්ධං වො භික්ඛවෙ, ඛණො වො පටිලද්ධො බ්රහ්මචරියවාසාය.
“මහණෙනි, තොපට (මනුෂ්යාත්මප්රතිලාභාදීහු) ලාභයෝ යැ, මහණෙනි, තොප විසින් (පැවිදි වැ ලද චතුපාරිසුද්ධිසීලාදිය) සුලබ්ධ යැ, තොප විසින් බ්‍රහ්මචරිය පිණිස (අෂ්ට අක්ෂණවිනිර්මුක්ත වූ නවවැනි) ක්ෂණය ප්‍රතිලබ්ධ යැ. මහණෙනි, මා විසින් ෂට් ‘ඵස්සායතනික’ නම් නිරයෝ දක්නා ලදහ, එහි ඇසින් යම් කිසි රූපයක් දකී ද, අනිෂ්ට රූපයක් මැ දකී, ඉෂ්ටරූපයක් නොදකී, අකාන්තරූපයක් මැ දකී, කාන්තරූපයක් නොදකී, අමනාපරූපයක් මැ දකී, මනාපරූපයක් නො දකී. කනින් යම් කිසි ශබ්දයක් ... නැහැයෙන් ... දිවින් ... කයින් ... සිතින් යම් කිසි ධර්මයක් දැනගනී ද, අනිෂ්ට ධර්මයක් මැ දනී, ඉෂ්ටධර්මයක් නොදනී, අකාන්තධර්මයක් මැ දනී, කාන්තධර්මයක් නොදනී, අමනාපධර්මයක් මැ දනී, මනාපධර්මයක් නොදනී. මහණෙනි, තොපට ලාභයෝ යැ, මහණෙනි, තොප විසින් සුලබ්ධ යැ, තොප විසින් බඹසරවස් විසීම පිණිස තොපවිසින් (නවවැනි සම්පත්) ක්ෂණය ලද්දේ යි.
දිට්ඨා මයා භික්ඛවෙ, ඡ ඵස්සායතනිකා නාම සග්ගා. තත්ථ යං කිඤ්චි චක්ඛුනා රූපං පස්සති ඉට්ඨරූපංයෙව පස්සති නො අනිට්ඨරූපං, කන්තරූපංයෙව පස්සති නො අකන්තරූපං, මනාපරූපංයෙව පස්සති නො අමනාපරූපං, යං කිඤ්චි සොතෙන සද්දං සුණාති -පෙ- ඝානෙන -පෙ- ජිව්හාය -පෙ- කායෙන -පෙ- මනසා ධම්මං විජානාති ඉට්ඨධම්මංයෙව විජානාති නො අනිට්ඨධම්මං, කන්තධම්මංයෙව විජානාති නො අකන්ත ධම්මං, මනාපධම්මංයෙව විජානාති නො අමනාපධම්මං, ලාභා වො භික්ඛවෙ, සුලද්ධං වො භික්ඛවෙ, ඛණො වො පටිලද්ධො බ්‍රහ්මචරිය වාසායා”ති
මහණෙනි, මා විසින් සවැදෑරුම් ‘ඵස්සායතනික’ නම් ස්වර්ගයෝ දක්නාලදහ, එහි ඇසින් යම් කිසි රුවක් දකී ද, ඉෂ්ටරූපයක් මැ දකී, අනිෂ්ටරූපයක් නොදනී. කාන්තරූපයක් මැ දකී, අකාන්තරූපයක් නොදකී, මනාපරූපයක් මැ දකී, අමනාපරූපයක් නොදකී. කනින් යම් කිසි ශබ්දයක් අසා ද ... නැහැයෙන් ... දිවින් ... කයින් ... සිතින් යම් කිසි ධර්මයක් දැනගනී ද, ඉෂ්ටධර්මයක් මැ දනී, අනිෂ්ටධර්මයක් නොදනී, කාන්තධර්මයක් මැ දනී, අකාන්තධර්මයක් නොදනී, මනාපධර්මයක් මැ දනී, අමනාපධර්මයක් නොදනී. මහණෙනි, තොපට (මනුෂ්යාත්මභාවාදීහු) ලාභයෝ යැ, මහණෙනි, තොප විසින් (චතුපාරිසුද්ධිසීලාදිය) සුලබ්ධ යැ, තොප විසින් බඹසරවස් පිණිස සම්පත් ක්ෂණය ලබනලදැ” යි.
අයං විපාකො.
මේ විපාක යැ.
40. “සට්ඨි වස්සසහස්සානි පරිපුණ්ණානි සබ්බසො, නිරයෙ පච්චමානානං කදා අන්තො භවිස්සති.
40. නිරයෙහි පැසෙන අපට සර්වප්රකාරයෙන් සැටවාදහසෙක් පිරුණාහුය, කවර කලෙක අන්තයෙක් වන්නේ ද -
41. නත්ථි අන්තො කුතො අන්තො න අන්තො පති දිස්සති, තදා හි පකතං පාපං මම තුය්හං ච මාරිසා”ති.
41. අන්තයෙක් නැත, අන්තයෙක් කොහි යැ, අන්තයෙක් නො දක්නා ලැබෙයි. නිදුක, යම්හෙයෙකින් එකල මා විසින් ද තොප විසින් ද පව් කරන ලදැයි.
අයං විපාකො.
මේ විපාක යි.
(21) තත්ථ කතමං කම්මං ච විපාකොච :
(21) එහි කම්ම ද විපාක ද කවරෙ යැ :
42. “අධම්මචාරී හි නරො පමත්තො යහිං යහිං ගච්ඡති දුග්ගතිං යො, සො නං අධම්මො චරිතො හනාති සයං ගහීතො යථා කණ්හසප්පො”
42. ප්‍රමත්ත වූ එහෙයින් මැ අධර්මචාරී වූ යම් මිනිසෙක් යම් යම් තැනෙක දුගතියට යේද, තමා විසින් ගන්නාලද කෘෂ්ණසර්පයෙක් යම්සේ ද එමෙන් තමා විසින් රැස්කළ ඒ අධර්මය ඒ අධර්මචාරියා නසයි.
43. “න හි ධම්මො අධම්මො ච අභො සමවිපාකිනො, අධම්මො නිරයං නෙති ධම්මො පාපෙති සුග්ගතිං”
43. ධර්මය ද අධර්මය ද යන දෙක නො මැ සම විපාක ඇත්තාහු වෙති, අධර්මය නිරයට පමුණුවයි, ධර්මය සුගතියට පමුණුවා’ යි.
ඉදං කම්මං ච විපාකො ච.
මේ කර්ම ද විපාක ද වෙයි.
“මා භික්ඛවෙ පුඤ්ඤානං භායිත්ථ, සුඛස්සෙතං භික්ඛවෙ, අධිවචනං ඉට්ඨස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤානීති. අභිජානාමි ඛො පනාහං භික්ඛවෙ, දීඝරත්තං කතානං පුඤ්ඤානං දීඝරත්තං ඉට්ඨං කන්තං පියං මනාපං විපාකං පච්චනුභූතං සත්ත වස්සානි මෙත්තචිත්තං භාවෙත්වා සත්ත සංවට්ටවිවට්ටකප්පෙ න ඉමං ලොකං පුනරාගමාසිං, සාවට්ටමානෙ සුදං භික්ඛවෙ, කප්පෙ ආභස්සරූපගො හොමි, විවට්ටමානෙ කප්පෙ සුඤ්ඤං බ්‍රහ්මවිමානං උපපජ්ජාමි, තත්ර සුදං භික්ඛවෙ, බ්රහ්මා හොමි මහාබ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්තී. ඡත්තිංසක්ඛත්තුං ඛො පනාහං භික්ඛවෙ, සක්කො අහොසිං දෙවානමින්දො. අනෙකසතක්ඛත්තුං රාජා අහොසිං චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො කො පන වාදො පදෙසරජ්ජස්ස.
“මහණෙනි, පිනට නහමක් බියපත් වවු, මහණෙනි, මේ පින් යැ යනු ඉෂ්ට වූ කැමැතිවූ ප්‍රියවූ මනවඩන සුවයට තෙල නමෙකි. මහණෙනි, මම් දීර්ඝරාත්රයෙහි (මාවිසින්) කරනලද පුණ්‍යයන්ගේ ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රිය වූ මනාප වූ විපාකය දීර්ඝකාලයක් විඳුන ලද්දේ දනිම් මැ ය. සත් හවුරුද්දක් මුළුල්ලෙහි මෙත්සිත් වඩා සංවට්ට විවට්ටකල්ප සතක් මෙ මිනිස්ලොවට පෙරළා නොආයෙමි. මහණෙනි, කල්පය නැසෙන කල්හි ආභස්සර බඹලොවට පැමිණියෙම් වෙමි, කල්පය හටගන්නා කල්හි සිස්වූ බඹවිමනක උපදිමි. මහණෙනි, මම එහි බ්‍රහ්ම වෙමි, (බ්‍රහ්මපාරිසජ්ජ බ්රහ්මපුරෝහිතයන් කෙරෙහි) මහාබ්‍රහ්ම වෙමි, ඔවුන් අභිභවනය කරනසුලු වූයෙම් අනභිභූත වෙමි, ඒකාන්තයෙන් තුන්කල් දක්නෙම් (ස්වකීය චිත්තය) වශයෙහි පවත්වනසුලු වෙමි. තවද මහණෙනි, මම සතිස්වරක් දේවේන්ද්‍ර වූ ශක්‍ර වූයෙමි. අනේසියවර දැහැමිවූ දැහැමින් රජ වූ සියුසයුරු අන්ත කොට ඇති පොළොව දිනූ සිය ජනපදයෙහි තහවුරුබවට පැමිණි සත්රුවනින් සමන්වාගත සක්විති රජ විමි. ප්‍රදේශරාජ්‍යය ගෙන කියනු කවරෙ යැ.”
තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: කිස්ස නුඛො මෙ ඉදං කම්මස්ස ඵලං කිස්ස කම්මස්ස විපාකො යෙනාහං එතරහි එවං මහිද්ධිකො එවං මහානුභාවොති. තස්ස මය්හං භික්ඛවො, එතදහොසි: තිණ්ණං ඛො මෙ ඉදං කම්මානං ඵලං තිණ්ණං කම්මානං විපාකො යෙනාහං එතරහි එවං මහිද්ධිකො එවං මහානුභාවො, සෙය්යථීදං: දානස්ස දමස්ස සංයමස්සාති.
මහණෙනි, මට (පැසුළු සක්විතිකලැ) මෙබඳු සිතෙක් විය : ‘යම් හෙයෙකින් මම මෙකල මෙසේ මහත් ඍද්ධි ඇතියෙම් මෙසේ මහත් අනුභාව ඇතියෙම් මේ කවර කර්මයක්හුගේ ඵලයෙක් ද? කවර කර්මයක විපාකයෙක් දැ’ යි. මහණෙනි, මට තෙල සිත විය : යම් පිනෙකින් මම මෙකල මෙසේ මහත්ඍද්ධි ඇතියෙම් මහත්අනුභාව ඇතියෙම් ද, මේ මාගේ තුන් කර්මයක්හුගේ ඵල යැ, තුන් කර්මයක්හුගේ විපාක යි : ඒ මෙසේ යැ : ආහාරාදි දේයධර්මදාන යැ චක්ෂුරාදි ඉන්ද්රියදමන යැ කායවාක්සංයම යැ, යන කර්මයන්ගේ යි.
තත්ථ යඤ්ච දානං යො ච දමො යො ච සංයමො, ඉදං කම්මං. යො තප්පච්චයා විපාකො පච්චනුභූතො, අයං විපාකො.
එහි යම් දානයෙක් යම් ඉන්ද්රියදමනයෙක් යම් කායවාක්සංයමයෙක් ඇද්ද මේ කර්ම යැ. ඒ හේතුයෙන් යම් විපාකයෙක් විඳුනාලද්දේ ද මේ විපාක යි.
තථා “චුල්ලකම්මවිභඞ්ගො” වත්තබ්බො, යං සුභස්ස මාණවස්ස තොදෙය්‍ය පුත්තස්ස දෙසිතං. තත්ථ යෙ ධම්මා අප්පායුකදීඝායුකතාය සංවත්තන්ති, බව්හාබාධඅප්පාබාධතාය - අප්පෙසක්ඛ මහෙසක්ඛතාය - දුබ්බණ්ණ සුවණ්ණතාය - නීචකුලිකඋච්චාකුලිකතාය - අප්පභොග මහා භොගතාය - දුප්පඤ්ඤපඤ්ඤාවන්තතාය ච සංවත්තන්ති, ඉදං කම්මං. යා තත්ථ අප්පායුකදීඝායුකතා -පෙ- දුප්පඤ්ඤපඤ්ඤාවන්තතා, අයං විපාකො.
එසේ මැ (මැඳුම්සඟියැ) චුල්ලකම්මවිභඞ්ග සූත්‍රය කියැයුත්තේයැ : තෝදෙය්‍යපුත්‍ර සුභමාණවකහට යමක් දෙසනලද ද, එහි යම් ධර්ම කෙනෙක් අල්පායුෂ්ක දීර්ඝායුෂ්ක බවට වැටෙත් ද, බහ්වාබාධ අල්පාබාධ බවට - අල්පයශස්ක මහායශස්ක බවට - දුවර්‍ණ සුවර්ණ බවට - නීචකුලික උච්චාකුලික බවට - අල්පභෝග මහාභෝග බවට - දුෂ්ප්‍රාඥ ප්‍රඥාවත් බවට වැටෙත් ද, මේ කර්ම යැ. එහි යම් අල්පායුෂ්ක දීර්ඝායුෂ්ක බවක් ... දුෂ්ප්‍රඥා ප්රඥාවත්බවක් ඇද්ද මේ විපාක යි.
ඉදං කම්මං ච විපාකො ච.
මේ කර්ම ද විපාක ද වේ.
(22) තත්ථ කතමං කුසලං :
(22) එහි කුසල කවරෙ යැ :
44. “වාචානුරක්ඛී මනසා සුසංවුතො කායෙන ච අකුසලං න කයිරා, එතෙ තයො කම්මපථෙ විසොධයෙ ආරාධයෙ මග්ගං ඉසිප්පවෙදිත”න්ති.
44. වාග්දුශ්චරිතය දුරැලීමෙන් වචනය රක්නාසුලු වූයේ අභිධ්‍යාදිය දුරැලීමෙන් සිතින් මොනොවට සංවෘත වූයේ කයිනුදු ප්‍රාණවධාදි අකුශලය නො කරන්නේ යැ, මෙසේ තුන් කර්මපථය පිරිසිදුකරන්නේ යැ, බුද්ධාදි ඍෂීන් විසින් ප්‍රවිදිත වූ ආර්ය්යමාර්ගය සිද්ධකරන්නේ යි.
ඉදං කුසලං.
මේ කුසල යැ.
45. “යස්ස කායෙන වාචාය මනසා නත්ථි දුක්කටං, සංවුතං තීහි ඨානෙහි තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති.
45. යමක්හුගේ කයින් වචනයෙන් සිතින් දුෂ්කෘත (අපායසංවත්තනික කර්ම) යෙක් නැද්ද, මේ කායාදි තුන් කරුණෙන් සුසංවෘත වූ ඔහු මම බ්‍රාහ්මණ යයි කියමි.
ඉදං කුසලං.
මේ කුසල යැ.
”තීණිමානි භික්ඛවෙ, කුසලමූලානි. කතමානි තීණි: අලොභො කුසලමූලං අදොසො කුසලමූලං අමොහො කුසලමූලං. ඉමානි ඛො භික්ඛවෙ, තීණි කුසලමූලානී”ති
“මහණෙනි, මේ කුසලමූලයෝ තිදෙනෙක් වෙති, කවර තිදෙනෙක යත් : අලෝභ කුසලමූල යැ අදෝසකුසලමූල යැ අමෝහකුසලමූල යි. මහණෙනි, මේ තුන් කුසල මූලයෝ” යි.
ඉදං කුසලං.
මේ කුසල යැ.
“විජ්ජා භික්ඛවෙ, පුබ්බඞ්ගමා කුසලානං ධම්මානං සමාපත්තියා අන්වදෙව හිරිඤ්ච ඔතප්පං චා”ති.
“මහණෙනි, කුශලධර්‍මයන්ගේ ඉපැදීමට (කම්මස්සකතඤාණ සංඛ්‍යාත) විද්‍යාව (සහජාත උපනිශ්‍රය වශයෙන්) පූර්වඞ්ගම වෙයි, හිරි ද ඔතප් ද එක්වැ මැ උපදනේ” යි.
ඉදං කුසලං.
මේ කුසල යි.
(23) තත්ථ කතමං අකුසලං:
(23) එහි අකුසල කවරෙ යැ :
46. “යස්ස අච්චන්තදුස්සීල්‍යං මාලුවා සාලමිවොතතං, කරොති සො තථත්තානං යථා නං ඉච්ඡති දිසො”ති.
46. යමක්හුගේ ඒකාන්තදුශ්ශීලභාවය සල්රුකක් වැතිරැගෙන වැඩුණු මාලුවා ලතාවක් මෙන් ඔහුගේ ආත්මභාවය වැළඳගෙන සිටියේ ද, යම්සේ සතුරෙක් තම සතුරාට අනර්‍ත්‍ථ කැමැති වේ ද, එපරිද්දෙන් හේ තමහට අනර්‍ත්‍ථ කෙරේ යයි.
ඉදං අකුසලං.
මේ අකුසල යැ.
47. “අත්තනා හි කතං පාපං අත්තජ අත්තසම්භවං, අභිමන්ථති දුම්මෙධං වජිරං වස්මමයං මණිං”ති.
47. වජ්‍රය තමහට උත්පත්තිස්ථාන වූ පාෂාණමය මැණික (කඩකඩ කොට) අපරිභෝග කරන්නාක් මෙන් තමා කෙරෙහි උපන් තමා කෙරෙහි හටගත් තමා විසින් ම කරනලද පාපය දුෂ්ප්‍රාඥ වූ පවිටු පුද්ගලයා (අපායාදියෙහි ලා) මඩනේ යි.
ඉදං අකුසලං.
මේ අකුසල යැ.
48. දස කම්මපථෙ නිසෙවිය අකුසලා කුසලෙහි විවජ්ජිතා, ගරහා භවන්ති දෙවතෙ, බාලමතී නිරයෙසු පච්චරෙ”ති.
48. දෙවිය, අඥානපුද්ගලයෝ දශ අකුශලකර්මපථය කොට කුශලයෙන් තොර වූවාහු (නුවණැතියන් විසින්) ගැරැහියැයුත්තාහු වෙති, අඥානබුද්ධි ඇති ඔවුහු නරකයන්හි පැසෙත් යයි.
ඉදං අකුසලං.
මේ අකුසල යැ.
“තීණිමානි භික්ඛවෙ අකුසලමූලානි. කතමානි තීණි: ලොභො අකුසලමූලං දොසො අකුසලමූලං මොහො අකුසලමූලං. ඉමානි ඛො භික්ඛවෙ තීණි අකුසලමූලානී”ති.
“මහණෙනි, මේ අකුශලමූලයෝ තිදෙනෙක් වෙති, කවර තිදෙනෙක යත් : ලෝභ අකුසල මූල යැ දෝසඅකුසල මූල යැ මෝහඅකුසල මූල යි. මහණෙනි, මේ තුන් අකුශල මූලයෝ යි.”
ඉදං අකුසලං.
මේ අකුසල යි.
(24) තත්ථ කතමං කුසලං ච අකුසලං ච:
(24) එහි කුසල ද අකුසල ද කවරෙ යැ :
49. “යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං, කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී ච පාපක”න්ති.
49. යම්බඳු බිජුවටක් වපුරා ද, එබඳු වූ ශස්‍යඵලය හැරැගනී, එසෙයින් කුසල් කරනසුලු වූයේ කුශලඵලය ද පව් කරනසුලු වූයේ අකුශලඵලය ද විඳුනේ යි.
තත්ථ යං ආහ: “කල්‍යාණකාරී කල්‍යාණ”න්ති ඉදං කුසලං, යං ආහ: “පාපකාරී ච පාපකං”තී ඉදං අකුසලං.
එහි ‘කල්‍යාණකාරී කල්‍යාණං’ යි යමක් වදාළාහු ද මේ කුසල යැ. ‘පාපකාරී ච පාපකං’ යි යමක් වදාළාහු ද මේ අකුසල යැ.
ඉදං කුසලං ච අකුසලං ච.
මේ කුසල ද අකුසල ද වෙයි.
50. “සුභෙන කම්මෙන වජන්ති සුග්ගතිං අපායභුමිං අසුභෙන කම්මුනා, ඛයා ච කම්මස්ස විමුත්තචෙතසො නිබ්බන්ති තෙ ජොතීරිවින්ධනක්ඛයා”.
50. සුභ වූ කුශලකර්මයෙන් සුගතියට යෙති, අකුශලකර්මයෙන් අපායභූමියට යෙති, යළි කර්මක්ෂය වීමෙන් විමුක්ත සිත්ඇති ඒ රහත්හු දර ක්ෂයවීමෙන් ගින්න මෙන් පිරිනිවෙත්.
තත්ථ යං ආහ: සුභෙන කම්මෙන වජන්ති සුග්ගති”න්ති ඉදං කුසලං, යං ආහ: “අපායභූමිං අසුභෙන කම්මුනා”ති ඉදං අකුසලං.
එහි “සුභෙන කම්මෙන වජන්ති සුග්ගතිං” යි යමක් වදාළාහු ද, මේ කුසල යැ. ‘අපාය භූමිං අසුභෙන කම්මුනා’ යි යමක් වදාළාහු ද, මේ අකුසල යැ.
ඉදං කුසලඤ්ච අකුසලඤ්ච.
මේ දේශනාව කුසල ද අකුසල ද වේ.
(25) තත්ථ කතමං අනුඤ්ඤාතං :
(25) එහි අනුඤ්ඤාත කවරෙ යැ :
51. “යථාපි භමරො පුප්ඵං වණ්ණගන්ධං අහෙඨයං, පලෙති රසමාදාය එවං ගාමෙ මුනී චරෙ”ති.
51. යම්සේ බමරා පුෂ්පය ද වර්ණය හා ගන්ධය ද නො නසා මල්රස ගෙන පෙරළා යේ ද, එසෙයින් මුනි තෙමේ ගම්හි පිඬුසිඟා හැසිරෙන්නේ යි.
ඉදං අනුඤ්ඤාතං.
මේ අනුඤ්ඤාත යැ.
තීණිමානි භික්ඛවෙ, භික්ඛූනං කරණීයානි. කතමානි තීණි: ඉධ භික්ඛවෙ, භික්ඛු පාතිමොක්ඛ සංවරසංවුතො විහරති ආචාරගොචර සම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛා පදෙසු, කායකම්මවචීකම්මෙන සමන්නාගතො කුසලෙන පරිසුද්ධාජීවො, ආරද්ධවිරියො ඛො පන හොති, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං භාවනාය සච්ඡිකිරියාය, පඤ්ඤවා ඛො පන හොති උදයබ්බයගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. ඉමානි ඛො භික්ඛවෙ භික්ඛූනං තීණි කරණීයානී”ති.
“මහණෙනි, මේ භික්ෂූන් විසින් කරණී තුනක් වෙති, කවර තුනෙක යත් : මහණෙනි, මෙ සස්නෙහි මහණ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ ආචාරගෝචර දෙකින් යුක්ත වූයේ අණුමාත්‍ර වරදෙහි භය දක්නාසුලු වැ වාස කෙරෙයි, කුශල වූ කායකර්ම වාක්කර්මයෙන් සමන්විත වැ පරිශුද්ධ ආජීව ඇතියේ ශික්ෂාපදයන් සමාදන්ව ගෙන හික්මෙයි, යළි ස්ථිර වූ දැඩි පරාක්‍රම ඇතියේ රුකුළු වැරඇතියේ වෙයි, අකුශලධර්‍මයන්ගේ ප්රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ වැඩීම පිණිස ප්රත්යක්ෂ කිරීම පිණිස නො තැබූ වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. යළි ප්‍රඥා ඇත්තේ වෙයි, ආර්‍ය්‍ය වූ (ලෝභාදීන්ගේ) නිර්වේධය කරන මනා කොට දුඃඛක්‍ෂයට පමුණුවන උදයව්යයපරිග්රාහක වූ ප්‍රඥායෙන් සමන්වාගත වේ. මහණෙනි, මේ භික්ෂූන්ගේ තුන් කරණීහු වෙත්” යයි.
ඉදං අනුඤ්ඤාතං.
මේ අනුඤ්ඤත යැ.
“දස ඉමෙ භික්ඛවෙ, ධම්මා පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බා. කතමෙ දස: වෙවණ්ණියම්හි අජ්ඣූපගතොති. පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං -පෙ- ඉමෙ ඛො භික්ඛවෙ, දස ධම්මා පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බා”ති.
“මහණෙනි, මේ දශධර්‍මයෝ පැවිද්දා විසින් නිරතුරු ප්රත්යවේක්ෂා කටයුත්තාහ, කවර දසයෙක යත් : විවර්ණබවට පැමිණියෙම් වෙමි නිරතුරු සිතියැයුතු ... මහණෙනි, මේ දශධර්‍මයෝ පැවිද්දා විසින් නිරතුරු සිතියැයුත්තාහ” යි.
ඉදං අනුඤ්ඤාතං.
මේ අනුඤ්ඤත යැ.
“තීණිමානි භික්ඛවෙ කරණීයාති. කතමානි තීණි: කායසුචරිතං වචීසුචරිතං මනොසුචරිතං. ඉමානි ඛො භික්ඛවෙ තීණි කරණීයානී”ති
“මහණෙනි, මේ කරණී තුනෙක, කවර තුනෙක යත් : කායසුචරිත යැ වාක්සුචරිත යැ මනස්සුචරිත යි. මහණෙනි, මේ තුන් කරණීහු” යි.
ඉදං අනුඤ්ඤාතං.
මේ අනුඤ්ඤත යැ.
(26) තත්ථ කතමං පටික්ඛිත්තං :
(26) එහි පටික්ඛිත්ත කවරෙ යැ :
52. “නත්ථි පුත්තසමං පෙමං නත්ථි ගොසමිතං ධනං, නත්ථි සුරියසමා ආභා සමුද්දපරමා සරා”ති.
52. පුත්‍රප්‍රේමය හා සම වූ ප්‍රේමයෙක් නැත, ගවධනය හා සම වූ ධනයෙක් නැත, සූර්ය්යාලෝකය සම වූ අවහාසයෙක් නැත, සියලු ජලාසයෝ සමුද්‍රය පරම කොට ඇත්තාහ’ යි.
භගවා ආහ:
බුදුහු මෙසේ වදාළහ :
53. ‘නත්ථි අත්තසමං පෙමං නත්ථි ධඤ්ඤසමං ධනං, නත්ථි පඤ්ඤාසමා ආභා වුට්ඨි වෙ පරමා සරා”ති.
53. ආත්මප්‍රේමය සම වූ ප්‍රේමයෙක් නැත, ධාන්යසම වූ ධනයෙක් නැත, ප්රඥාලෝකය සම වූ අවහාසයෙක් නැත, ජලාසයෝ වර්ෂාව පරම කොට ඇත්තාහ’ යි
එත්ථ යං පුරිමකං, ඉදං පටික්ඛිත්තං.
මෙහි පූර්ව වූ යම් වචනයක් ඇද්ද එහි - මේ පටික්ඛිත්ත යි.
”තීණිමානි භික්ඛවෙ, අකරණීයානි. කතමානි තීණි: කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං. ඉමානි ඛො භික්ඛවෙ, තීණි අකරණියානී”ති.
“මහණෙනි, මේ අකරණී තුනෙක, කවර තුනෙක යත් : කායදුශ්චරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යි. මහණෙනි, මේ තුන් අකරණීය යෝ” යි.
ඉදං පටික්ඛිත්තං.
මේ පටික්ඛිත්ත යි.
(27) තත්ථ කතමං අනුඤ්ඤාතං ච පටික්ඛිත්තං ච :
(27) එහි අනුඤ්ඤත ද පටික්ඛිත්ත ද කවරෙ යැ :
54. “කිංසූධ භීතා ජනතා අනෙකා මග්ගො ච නෙකායතනො පවුත්තො, පුච්ඡාමි තං ගොතම භූරිපඤ්ඤ, කිස්මිං ඨිතො පරලොකං න භායෙ”ති.
54. පෘථිවිසම විස්තෘත ප්‍රඥා ඇති ගෞතමයන් වහන්ස මුබවහන්සේ පුළුවුස්මි, (අටතිස් අරමුණු විසින්) නොයෙක් කරුණු ඇති මාර්ගය ද ප්‍රකාශ කරනලද්දේය. මෙලොවැ නොයෙක් ජනසමූහයෝ කුමකින් බියපත් වූවාහු ද, කවර ධර්මයෙක්හි සිටියේ (මෙලොවින් යනුයේ) පරලොවට බිය නොවන්නේ දැ’ යි.
55. “වාචං මනඤ්ච පණිධාය සම්මා කායෙන පාපානි අකුබ්බමානො, බව්හන්නපානං ඝරමාවසන්තො සද්ධො මුදු සංවිභාගී වදඤ්ඤූ; එතෙසු ධම්මෙසු ඨිතො චතූසු ධම්මෙ ඨිතො පරලොකං න භායෙ”ති.
55. වචනය ද සිත ද මනාකොට පිහිටුවා කයින් පව් නොකරන බොහෝ ආහාරපාන ඇති කුලගෙයි වසන ශ්‍රද්ධා ඇති මෘදු වූ දානසංවිභාග ඇති ප්‍රතිග්‍රාහකයන්ගේ බස් දන්නා මේ සතරදහම්හි සිටි පුද්ගල ධර්මයෙහි සිටියේ පරලොවට බිය නොවන්නේ යයි.
තත්ථ යං ආහ : “වාචං මනං ච පණිධාය සම්මා”ති ඉදං අනුඤ්ඤාතං; “කායෙන පාපානි අකුබ්බමානො”ති ඉදං පටික්ඛිත්තං; “බව්හන්නපානං ඝරමාවසන්තො සද්ධො මුදූ සංවිභාගී වදඤ්ඤූ එතෙසු ධම්මෙසු ඨිතො චතුසු ධම්මෙ ඨිතො පරලොකං න භායෙ”ති ඉදං අනුඤ්ඤාතං;
එහි “...” වාචං මනං ච පණිධාය සම්මා “... යමක් වදාළසේක් ද, මේ ‘අනුඤ්ඤත’ යැ, කායේන පාපානි අකුබ්බමානෝ “...” යන මේ ‘පටික්ඛිත්ත’ යැ, “බව්හන්නපානං ඝරමාවසන්තෝ සද්ධො මුදු සංවිභාගී වදඤ්ඤෑ එතෙසු ධම්මේසු ඨිතො චතුසු ධම්මේ ඨිතො පරලෝකං න භායෙ” යන මේ අනුඤ්ඤත යැ.
ඉදං අනුඤ්ඤාතඤ්ච පටික්ඛිත්තං ච.
මේ අනුඤ්ඤාත ද පටික්ඛිත්ත ද වෙයි.
56. “සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්තපරියොදපනං එතං බුද්ධානසාසනං”
56. සියලු අකුසල් නොකිරීමද චාතුර්භූමක කුශලයාගේ ප්‍රතිලාභය ද (රහත්මගින්) ස්වකීය චිත්තසන්තානය පවිත්‍ර කිරීම ද යන තෙල සියලු බුදුවරයන්ගේ අනුශාසනායි.
තත්ථ යං ආහ: “සබ්බපාපස්ස අකරණ”න්ති ඉදං පටික්ඛිත්තං, යං ආහ: “කුසලස්ස උපසම්පදා”ති ඉදං අනුඤ්ඤාතං.
එහි “...” සබ්බපාපස්ස අකරණං “...” යි යමක් වදාළසේක් ද මේ ‘පටික්ඛිත්ත යැ. කුසලස්ස උපසම්පදා යි යමක් වදාළසේක් ද මේ අනුඤ්ඤාත යැ.
ඉදං අනුඤ්ඤාතං ච පටික්ඛිත්තං ච.
මේ අනුඤ්ඤාත ද පටික්ඛිත්ත ද වෙයි.
“කායසමාචාරම්පහං දෙවානමින්ද, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති. වචීසමාචාරම්පහං දෙවානමින්ද, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති, පරියෙසනම්පහං දෙවානමින්ද, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති
“දේවේන්ද්රය, මම කායසමාචාරය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි, දේවේන්ද්රය, මම වාක්සමාචාරය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි, දේවේන්ද්රය, මම පර්‍ය්‍යෙෂණය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි.
කායසමාචාරම්පහං දෙවානමින්ද, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති. ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: යථාරූපඤ්ච ඛො කායසමාචාරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්ති, එවරූපො කායස්මාචාරො න සෙවිතබ්බො, තත්ථ යං ජඤ්ඤා කායසමාචාරං ඉමං ඛො මෙ කායසමාචාරං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපො කායසමාචාරො සෙවිතබ්බො. කායසමාචාරම්පහං දෙවානමින්ද දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං. වචීසමාචාරං -පෙ-
“දේවේන්ද්රය, මම කායසමාචාරය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමියි මෙසේ තෙල කියනලද, තෙල කුමක් සඳහා කියනලද ද යත් : යම්බඳු කාය සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද මෙබඳු කායසමාචාරය නො සෙවියැයුත්තේ යැ, එහි යම් කායසමාචාරයක් ‘මේ කායසමාචාරය සෙවුනා මට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති’ යි දන්නේ ද, මෙබඳු වූ කායසමාචාරය සෙවියැ යුත්තේ යැ. ‘දේවේන්ද්රය, මම කායසමාචාරය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ යමක් කියනලද ද මෙය තෙල කරුණ සඳහා කියනලද්දේය. වාක්සමාචාරය ...
පරියෙසනම්පහං දෙවානමින්ද, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති. ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: යථාරූපඤ්ච ඛො පරියෙසනං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්ති, එවරූපා පරියෙසනා න සෙවිතබ්බා. තත්ථ යං ජඤ්ඤා පරියෙසනං ඉමං ඛො මෙ පරියෙසනං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තීති, එවරූපා පරියෙසනා සෙවිතබ්බා. පරියෙසනම්පහං දෙවානමින්ද දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
දේවේන්ද්රය, මම පර්‍ය්‍යෙෂණය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ තෙල කියනලද, තෙල කුමක් සඳහා කියනලද යැ යත් : ‘යම්බඳු පර්‍ය්‍යෙෂණයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු පර්‍ය්‍යෙෂණය නො සෙවියැයුතු යැ. එහි යම් පර්‍ය්‍යෙෂණයක් සෙවුනාහට ‘මේ පර්‍ය්‍යෙෂණය සෙවුනා මට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති’ යි, දන්නේ ද, මෙබඳු පර්‍ය්‍යෙෂණය සෙවියැයුතු යැ. දේවේන්ද්රය, මම පර්‍ය්‍යෙෂණය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ යමක් කියනලද ද මෙය තෙල කරුණ සඳහා කියන ලදි.
තත්ථ යං ආහ: “සෙවිතබ්බම්පී”ති ඉදං අනුඤ්ඤාතං. යං ආහ: “න සෙවිතබ්බම්පි”ති ඉදං පටික්ඛිත්තං.
ඒ දේශනායෙහි “සේවිතබ්බම්පි” යි යමක් වදාළ සේක් ද මේ “අනුඤ්ඤාත” යැ. ‘න සෙවිතබ්බං’ යි යමක් වදාළසේක් ද මේ ‘පටික්ඛිත්ත’ යැ.
ඉදං අනුඤ්ඤාතං ච පටික්ඛිත්තං ච.
මේ අනුඤ්ඤාත ද පටික්ඛිත්ත ද වේ.
(28) තත්ථ කතමො ථවො:
(28) ඒ ශාසනපට්ඨානයෙහි ථව සූත්‍ර කවරෙ යැ :
57. “මග්ගානට්ඨඞ්ගිකො සෙට්ඨො සච්චානං චතුරො පදා, විරාගො සෙට්ඨො ධම්මානං ද්විපදානං ච චක්ඛුමා”ති.
57. ජඞ්ගමාදි මාර්ගයන් අතුරෙන් අෂ්ටාඞ්ගික ආර්ය්යමාර්ගය උතුම් වෙයි, සත්‍යයන් අතුරෙන් දුක්ඛාදි (ආර්‍ය්‍යසත්‍යප්‍රකාශක) සතර පදය උතුම් වෙයි, ධර්මයන් අතුරෙන් නිර්වාණසංඛ්යාත විරාගය උතුම් වෙයි, දේවමනුෂ්යාදි දෙපාඇත්තවුන් අතුරෙන් පසැස්ඇති තථාගතයෝ උතුම් වෙත්.
අයං ථවො.
මේ ථව (ස්තව) දේශනා යැ.
“තීණිමානි භික්ඛවෙ, අග්ගානි, කතමානි තීණි: යාවතා භික්ඛවෙ සත්තා අපදා වා ද්විපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො නෙවසඤ්ඤිනාසඤ්ඤිනො වා, තථාගතො තෙසං අග්ගමක්ඛායති සෙට්ඨමක්ඛායති පවරමක්ඛායති, යදිදං අරහං සම්මාසම්බුද්ධො.
“මහණෙනි, මේ අග්‍ර (උත්තම) යෝ තිදෙනෙක් වෙති, කවර තිදෙනෙක යත් : මහණෙනි, අපාද වූ ද්වීපාද හෝ චතුෂ්පාද හෝ බහුප්පාද හෝ රූපී හෝ අරූපී හෝ සංඥී හෝ අසංඥී හෝ නෛවසංඥීනාසංඥී වූ හෝ යම් පමණ සත්ත්ව කෙනෙක් ඇද්ද, ඒ සත්ත්වයන් අතුරෙන් යම් අර්හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වෙද්ද ඒ තථාගතයෝ ගුණයෙන් අග්‍ර වූහ’ යි කියනුලැබෙති, ශ්‍රේෂ්ඨ වූහ’ යි ප්‍රවර වූහ’ යි කියනුලැබෙත්.
යාවතා භික්ඛවෙ, ධම්මානං පණ්ණත්ති සඞ්ඛතානං වා අසඞ්ඛතානං වා විරාගො තෙසං ධම්මානං අග්ගමක්ඛායති සෙට්ඨමක්ඛායති පවරමක්ඛායති, යදිදං මදනිම්මදනො -පෙ- නිරොධො නිබ්බානං.
මහණෙනි, සංඛත (ප්‍රත්‍යයෙන් කරනලද) වූ හෝ අසංඛත වූ හෝ ධර්මයන්ගේ යම් පමණ ප්රඥප්තියක් ඇද්ද, ඒ ධර්මයන් අතුරෙන් යම් රාගමදාදිය නිර්මද කරන ... නිරෝධ සංඛ්‍යාත නිර්‍වාණයෙක් වේ ද, ඒ විරාග (නිර්වාණ) ධර්මය අග්‍ර යයි කියනු ලැබෙයි, ශ්‍රේෂ්ඨ යයි ප්‍රවර යයි කියනුලැබේ.
යාවතා භික්ඛවෙ, සඞ්ඝානං පණ්ණත්ති ගණානං පණ්ණත්ති මහාජනසන්නිපාතානං පණ්ණත්ති තථාගතසාවකසඞ්ඛො තෙසං අග්ගමක්ඛායති සෙට්ඨමක්ඛායති පවරමක්ඛායති යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨපුරිසපුග්ගලා -පෙ- පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති.
මහණෙනි, යම් පමණ සමූහයන්ගේ ප්රඥප්තියක් ගණයන්ගේ ප්රඥප්තියක් මහාජන සන්නිපාතයන්ගේ ප්රඥප්තියක් ඇද්ද, ඒ සමූහයන් අතුරෙන් අෂ්ට පුරුෂපුද්ගල වූ ... ලොවට අනුත්තර පින්කෙත්වූ යම් පුරුෂයුගල සතරක් ඇද්ද, ඒ තථාගතශ්‍රාවක සංඝඅග්ර යයි කියනුලැබෙයි, ශ්‍රේෂ්ඨ යයි ප්‍රවර යයි කියනුලැබේ යි.
58. “සබ්බලොකුත්තරො සත්ථා ධම්මො ච කුසලක්ඛතො, ගණො ච නරසීහස්ස තානි තීණි විසිස්සරෙ.
58. සියලු ලෝකයා කෙරෙහි උත්තරීතර වූ ශාස්තෲන් වහන්සේ ද අනවද්‍ය වූ (ප්රතිපක්ෂ රාගාදීන් විසින් සියලු තීර්ත්ථකයන් විසින් හෝ) අක්ෂත වූ ධර්මය ද නරසිංහ වූ තථාගතයන්ගේ ශ්‍රාවක සංඝයා ද යන ඒ රත්නත්‍රය (සියලු රත්නයන් කෙරෙන්) විශේෂ වේ.
59. සමණපදුමසඤ්චයො ගණො ධම්මවරො ච විදූන සක්කතො, නරවරදමකො ච චක්ඛුමා තානි තීණි ලොකස්ස උත්තරි.
59. ශ්රමණාඛ්ය පද්මසමූහය වූ ආර්‍ය්‍යගණයා ද විඥයන් විසින් සත්කාර කරනලද නවලෝකෝත්තර ධර්ම වරය ද නරෝත්තම වූ පුරුෂදම්යයන් දමනය කරන බුදුහු ද යන ඒ රත්නත්‍රය ලොවට උත්තරීතර වේ.
60. සත්ථා ච අප්පටිසමො ධම්මො ච සබ්බො නිරූපදාහො, අරියො ච ගණවරො තානි ඛලු විසිස්සරෙ තීණි.
60. අප්‍රතිසම වූ ශාස්තෲන් වහන්සේ ද රාගපරිදාහාදි දාහ රහිත වූ සියලු ධර්මය ද ආර්‍ය්‍ය වූ උත්තම ගණයා ද යන ඒ රත්නත්‍රය ඒකාන්තයෙන් විශේෂ වේ.
61. සච්චනාමො ජිනො ඛෙමො සබ්බාභිභූ සච්චධම්මො, නත්ථඤ්ඤො තස්ස උත්තරි අරියසඞ්ඝො නිච්චං විඤ්ඤූන පූජිතො තානි තීණි ලොකස්ස උත්තරි.”
61. සත්‍ය වූ (අවිතථ වූ) සංඥා ඇති නිර්භය වූ සියලු ලොව තමන් ගුණයෙන් අභිභවා සිටි ජිතපඤ්චමාරයන් වහන්සේ ද සත්‍ය වූ සපර්‍ය්‍යාප්තික නවලෝකොත්තර ධර්මය ද ඒ ධර්මයට උත්තරිතර වූ අන් ධර්මයකුදු නැති, විඥයන් විසින් නිති පුදනලද ආර්ය්යසංඝයා ද යන ඒ රත්නත්‍රය ලොවට උතුම් වේ.
62. “එකායනං ජාතිඛයන්තදස්සී මග්ගං පජානාති හිතානුකම්පී, එතෙන මග්ගෙන තරිංසු පුබ්බෙ තරිස්සන්ති යෙ ච තරන්ති ඔඝං.
62. ජාතිය පිළිබඳ අත්යන්තක්ෂය සංඛ්‍යාත අන්තය (නිර්වාණය) ප්රත්යක්ෂ කළ ඒ ඒ හිතයෙන් සත්ත්වයන්ට අනුකම්පා කරන සර්වඥයන් වහන්සේ ඒකායන මාර්ගය (ස්වයම්භූඥානයෙන්) දන්නාසේක, පෙර කාමෝඝාදිය තරණය කළ යම් කෙනෙක් වෙත්ද ඔහු මේ මගින් තරණය කළාහුය, මතු තරණය කරන්නාහුය, දැනුදු තරණය කෙරෙත්.
63. තං තාදිසං දෙවමනුස්සසෙට්ඨං සත්තා නමස්සන්ති විසුද්ධිපෙක්ඛා”ති.
63. අත්යන්තවිශුද්ධිය අපේක්ෂා කරන සත්ත්වයෝ දෙවිමිනිසුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ තාදෘශ වූ ඒ සර්වඥයන් නමස්කාර කෙරෙත් යයි.
අයං ථවො’ති.
මේ ස්තව සූත්‍ර යි.
තත්ථ ලොකියං සුත්තං ද්වීහි සුත්තෙහි නිද්දිසිතබ්බං: සංකිලෙස භාගියෙන ච වාසනාභාගියෙන ච. ලොකුත්තරම්පි සුත්තං තීහි සුත්තෙහි නිද්දිසිතබ්බං: දස්සනභාගියෙන ච
(මෙසේ දෙවැදෑරුම් ශාසනපට්ඨානය නානාසූත්රපද උදාහරණ කරමින් විභාග කොට මෙවිට සංකිලෙසභාගිය සූත්‍රාදිය හා සංසන්දනය කොට දක්වන සේක.)
භාවනාභාගියෙන ච අසෙඛභාගියෙන ච. ලොකියඤ්ච ලොකුත්තරඤ්ච යස්මිං සුත්තෙ යං යං පදං දිස්සති සංකිලෙසභාගියං වාසනාභාගියං වා, තෙන තෙන ලොකියන්ති නිද්දිසිතබ්බං, දස්සනභාගියං වා භාවනාභාගියං වා අසෙක්ඛභාගියං වා යං යං පදං දිස්සති, තෙන තෙන ලොකුත්තරන්ති නිද්දිසිතබ්බං.
ඒ ශාසනපට්ඨානයෙහි ‘ලෝකිය’ සූත්‍රය සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද යන සූත්‍ර දෙකින් දැක්වියැයුතු යැ. ‘ලෝකුත්තර’ සූත්‍රය දස්සනභාගිය ද භාවනාභාගිය ද (නිබ්බේධභාගිය සූත්‍රය මැ දෙපරිද්දෙකින් කියනලදි) අසෙක්ඛභාගිය ද යන තුන් සූත්‍රයෙන් දැක්වියැයුතු යි. යම් සූත්‍රයෙකැ ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද සංකිලෙසභාගිය හෝ වාසනාභාගිය හෝ යම් යම් පදයෙක් දක්නා ලැබේ ද, ඒ ඒ පදයෙන් ‘ලෝකිය’ යි දැක්වියැයුතු යැ. දස්සනභාගිය හෝ භාවනාභාගිය හෝ අසෙක්ඛභාගිය හෝ යම් යම් පදයෙක් දක්නා ලැබේ ද, ඒ ඒ පදයෙන් ‘ලෝකුත්තර’ යි දැක්වියැයුතු යි.
වාසනාභාගියං සුත්තං සංකිලෙසභාගියස්ස සුත්තස්ස නිග්ඝාතාය, දස්සනභාගියං සුත්තං වාසනාභාගියස්ස සුත්තස්ස නිග්ඝාතාය, දස්සනභාගියං සුත්තං වාසනාභාගියස්ස සුත්තස්ස පටිනිස්සග්ගාය. භාවනාභාගියං සුත්තං දස්සනභාගියස්ස සුත්තස්ස පටිනිස්සග්ගාය, අසෙක්ඛභාගියං සුත්තං භාවනාභාගියස්ස සුත්තස්ස පටිනිස්සග්ගාය, අසෙක්ඛභාගියං සුත්තං දිට්ඨධම්මසුඛවිහාරත්ථං.
වාසනාභාගියසූත්රය සංකිලෙසභාගිය සූත්‍රයාගේ (සූත්‍රාර්‍ත්‍ථයාගේ යයි සෙයි) ප්රහාණය පිණිස වෙයි, දස්සනභාගිය සූත්‍රය වාසනාභාගිය සූත්‍රයාගේ ප්රහාණය පිණිස වෙයි, දස්සනභාගිය සූත්‍රය වාසනාභාගිය සූත්‍රයාගේ දුරැලීම පිණිස වෙයි, භාවනාභාගිය සූත්‍රය දස්සනභාගිය සූත්‍රයාගේ දුරැලීම පිණිස වෙයි, අසෙක්ඛභාගිය සූත්‍රය භාවනාභාගිය සූත්‍රයාගේ දුරැලීම පිණිස වෙයි, අසෙක්ඛභාගිය සූත්‍රය ඉහාත්මසුඛවිහරණය පිණිස වේ.
ලොකුත්තරං සුත්තං සත්තාධිට්ඨානං ඡබ්බීසතියා පුග්ගලෙහි නිද්දිසිතබ්බං. තෙ තීහි සුත්තෙහි සමන්වෙසිතබ්බා: දස්සනභාගියෙන භාවනාභාගියෙන අසෙක්ඛභාගියෙන චාති.
සත්ත්වාධිෂ්ඨාන වූ ලෝකුත්තර සූත්‍රය සවිසිපුද්ගලයන්ගෙන් දැක්වියැයුතු යැ. ඒ සවිසි යුද්ගලයෝ දස්සනභාගිය ද භාවනාභාගිය ද අසෙක්ඛභාගිය ද යන තුන් සූත්‍රයන්ගෙන් සමන්වෙෂණය කළයුත්තාහු ය.
තත්ථ දස්සනභාගියං සුත්තං පඤ්චහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං: එකබීජිනා කොලංකොලෙන සත්තක්ඛත්තූපරමෙන සද්ධානුසාරිනා ධම්මානුසාරිනා චාති. දස්සනභාගියං සුත්තං ඉමෙහි පඤ්චහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං. භාවනාභාගියං සුත්තං ද්වාදසහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං: සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙන, සකදාගාමිනා, අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙන, අනාගාමිනා, අන්තරාපරිනිබ්බායිනා, උපහච්චපරිනිබ්බායිනා, අසඞ්ඛාරපරිනිබ්බායිනා, සසඞ්ඛාරපරිනිබ්බායිනා, උද්ධං සොතෙන අකණිට්ඨගාමිනා, සද්ධාවිමුත්තෙන, දිට්ඨිප්පත්තෙන, කායසක්ඛිනා චාති. භාවනාභාගියං සුත්තං ඉමෙහි ද්වාදසහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං. අසෙඛභාගියං සුත්තං නවහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං: සද්ධාවිමුත්තෙන, පඤ්ඤාවිමුත්තෙන, සුඤ්ඤතවිමුත්තෙන, අනිමිත්ත විමුත්තෙන, අප්පණිහිතවිමුත්තෙන, උභතොභාගවිමුත්තෙන, සමසීසිනා, පච්චෙකබුද්ධසම්මාසම්බුද්ධෙහි චාති. අසෙක්ඛභාගියං සුත්තං ඉමෙහි නවහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං. එවං ලොකුත්තරං සුත්තං සත්තාධිට්ඨානං ඉමෙහි ඡබ්බීසතියා පුග්ගලෙහි නිද්දිසිතබ්බං.
එහි දස්සනභාගිය සූත්‍රය ඒකබීජී කොලංකොල සත්තක්ඛත්තුපරම සද්ධානුසාරී ධම්මානුසාරී ද පඤ්ච පුද්ගලයන්ගෙන් දැක්වියැයුතු යැ, දස්සනභාගිය සූත්‍රය මේ පඤ්ච පුද්ගලයන්ගෙන් දැක්වියැයුතු. භාවනාභාගිය සූත්‍රය දොළොස් පුද්ගල කෙනකුන්ගෙන් දැක්වියැයුතු. සකෘදාගාමිඵල පසක්කිරීමට පිළිපන්නේ යැ සකෘදාගාමි යැ අනාගාමීඵල පසක්කිරීමට පිළිපන්නේ යැ අනාගාමී යැ අන්තරාපරිනිබ්බායී යැ උපපච්ච පරිනිබ්බායී යැ අසඞ්ඛාරපරිනිබ්බායී යැ සසඞ්ඛාරපරිනිබ්බායී යැ උද්ධංසෝතඅකනිට්ඨගාමී යැ සද්ධාවිමුත්ත යැ දිට්ඨිප්පත්ත යැ කායසක්ඛී යැ යන මේ දොළොස් පුද්ගලයන්ගෙන් භාවනාභාගිය සූත්‍රය දැක්වියයුතු. අසෙක්ඛභාගිය සූත්‍රය පුද්ගලයන් නවදෙනකුන්ගෙන් දැක්වියැයුතු යැ. සද්ධාවිමුත්ත යැ පඤ්ඤාවිමුත්ත යැ සුඤ්ඤතවිමුත්ත යැ අනිමිත්තවිමුත්ත යැ අප්පණිහිතවිමුත්ත යැ උභතෝභාගවිමුත්ත යැ සමසීසි යැ පච්චේක බුද්ධ යැ සම්මාසම්බුද්ධ යැ යන මේ නවපුද්ගලයන්ගෙන් අසෙක්ඛභාගිය සූත්‍රය දැක්වියැ යුතු. මෙසේ සත්ත්වාධිෂ්ඨාන වූ ලෝකුත්තර සූත්‍රය මේ සවිසි පුද්ගලයන්ගෙන් දැක්වියැයුතු.
ලොකියං සුත්තං සත්තාධිට්ඨානං එකූනවීසතියා පුග්ගලෙහි නිද්දිසිතබ්බං: තෙ චරිතෙහි නිද්දිට්ඨා සමන්වෙසිතබ්බා, කෙචි රාගචරිතා, කෙචි දොසචරිතා, කෙචි මොහචරිතා, කෙචි රාගචරිතා ච දොසචරිතා ච, කෙචි රාගචරිතා ච මොහචරිතා ච, කෙචි දොසචරිතා ච මොහචරිතා ච, කෙචි රාගචරිතා ච දොසචරිතා ච මොහචරිතා ච. රාගමුඛෙ ඨිතො රාගචරිතො, රාගමුඛෙ ඨිතො දොසචරිතො, රාගමුඛෙ ඨිතො මොහචරිතො, රාගමුඛෙ ඨිතො රාගචරිතො ච දොසචරිතො ච මොහචරිතො ච. දොසමුඛෙ ඨිතො දොසචරිතො දොසමුඛෙ ඨිතො මොහචරිතො, දොසමුඛෙ ඨිතො රාගචරිතො, දොසමුඛෙ ඨිතො රාගචරිතො ච දොස චරිතො ච මොහචරිතො ච. මොහමුඛෙ ඨිතො මොහචරිතො, මොහමුඛෙ ඨිතො රාගචරිතො, මොහමුඛෙ ඨිතො දොසචරිතො, මොහමුඛෙ ඨිතො රාගචරිතො ච දොසචරිතො ච මොහචරිතො චා ති. ලොකියං සුත්තං සත්තාධිට්ඨානං ඉමෙහි එකූනවීසතියා පුග්ගලෙහි නිද්දිසිතබ්බං.
සත්ත්වාධිෂ්ඨාන වූ ලෝකිය සූත්‍රය එකුන්විසි පුද්ගල කෙනකුන්ගෙන් දැක්වියැ යුතු යැ : ඒ පුද්ගලයෝ චරිතයන්ගෙන් දක්වනලද්දාහු සමත්වෙෂණ කටයුත්තාහ : කිසිවෙක් රාගචරිතයෝ යැ කිසිවෙක් දෝසචරිතයෝ යැ කිසිවෙක් මෝහචරිතයෝ යැ කිසිවෙක් රාගචරිත ද දෝසචරිත ද වූහ, කිසිවෙක් රාගචරිත ද මෝහචරිත ද වූහ, කිසිවෙක් දෝසචරිත ද මෝහචරිත ද වූහ, කිසිවෙක් රාගචරිත ද දෝසචරිත ද මෝහචරිත ද වූහ. රාගමුඛයෙහි සිටි රාගචරිත යැ, රාගමුඛයෙහි සිටි (රාගාධික) දෝසචරිත යැ, රාගමුඛයෙහි සිටි මෝහචරිත යැ, රාගමුඛයෙහි සිටි රාග - දෝස - මෝහචරිත යැ. දෝසමුඛයෙහි සිටි දෝසචරිත යැ, දෝසමුඛයෙහි සිටි මෝහචරිත යැ, දෝසමුඛයෙහි සිටි රාගචරිත යැ, දෝසමුඛයෙහි සිටි රාග - දෝස - මෝහචරිත ය, මෝහමුඛයෙහි සිටි මෝහ චරිත යැ, මෝහමුඛයෙහි සිටි රාගචරිත යැ, මෝහමුඛයෙහි සිටි දෝසචරිත යැ, මෝහමුඛයෙහි සිටි රාග - දෝස - මෝහචරිත ඇත්තේ යයි සත්ත්වාධිෂ්ඨාන වූ ලෝකිය සූත්‍රය මේ එකුන්විසි පුද්ගලයන්ගෙන් දැක්වියැ යුතු.
වාසනාභාගියං සුත්තං සීලවන්තෙහි නිද්දිසිතබ්බං. තෙ යීලවන්තො පඤ්ච පුග්ගලා: පකතිසීලං සමාදානසීලං චිත්තප්පසාදො සමථො විපස්සනා චාති. වාසනාභාගියං සුත්තං ඉමෙහි පඤ්චහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං. ඉමෙහි පඤ්චහි ධම්මෙහි.
වාසනාභාගිය (ලෝකිය සත්ත්වාධිෂ්ඨාන) සූත්‍රය සීලවන්තාදී පුද්ගලයන්ගේ වශයෙන් දැක්වියයුතු යැ. ඒ සිල්වත්හු පුද්ගලයෝ පස්දෙනෙකි : (සම්පත්තවිරති සංඛ්‍යාත) ප්‍රකෘති ශීල යැ, (පුද්ගලාධිෂ්ඨානයෙහි ඒ ඒ ශීලයෙන් යුත් පුද්ගලයා යි.) සමාදානශීල යැ, (කර්මඵලශ්රද්ධා රත්නත්‍රයෙහි ශ්‍රද්ධා යන) චිත්තප්‍රසාද යැ, ශමථ යැ, විදර්ශනා දැ’ යි වාසනාභාගිය සූත්‍රය මේ පස් පුඟුලන්ගෙන් දැක්වියැයුතු යැ. (ධර්මාධිෂ්ඨානසූත්රය ප්රකෘතිශීලාදි) මේ පඤ්චධර්මයන්ගෙන් (දැක්වියැයුතු.)
ලොකුත්තරං සුත්තං ධම්මාධිට්ඨානං තීහි සුත්තෙහි නිද්දිසිතබ්බං. දස්සනභාගියෙන භාවනාභාගියෙන අසෙක්ඛභාගියෙන ච.
ධර්‍මාධිෂ්ඨාන වූ ලෝකුත්තර සූත්‍රය දස්සනභාගිය භාවනාභාගිය අසෙක්ඛභාගිය ද යන තුන් සූත්‍රයන්ගෙන් දැක්වියැයුතු.
ලොකියඤ්ච ලොකුත්තරඤ්ච සත්තාධිට්ඨානඤ්ච ධම්මාධිට්ඨානඤ්ච උභයෙන නිද්දිසිතබ්බං. ඤාණං පඤ්ඤාය නිද්දිසිතබ්බං. පඤ්ඤින්ද්රියෙන පඤ්ඤාබලෙන අධිපඤ්ඤාසික්ඛාය ධම්මවිචයසම්බොජ්ඣඞ්ගෙන සම්මාදිට්ඨියා තීරණාය සන්තීරණාය ධම්මෙ ඤාණෙන අන්වයෙ ඤාණෙන ඛයෙ ඤාණෙන අනුප්පාදෙ ඤාණෙන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියෙන අඤ්ඤින්ද්රියෙන අඤ්ඤාතාවින්ද්රියෙන චක්ඛුනා විජ්ජාය බුද්ධියා භූරියා මෙධාය, යං යං වා පන ලබ්භති තෙන තෙන පඤ්ඤාධිවචනෙන නිද්දිසිතබ්බං.
සත්ත්වාධිෂ්ඨාන ද ධර්‍මාධිෂ්ඨාන ද වූ ලෝකිය ද ලෝකුත්තර ද සූත්‍රය (ලෝකිය ලෝකුත්තර) දෙකින් දැක්වියැයුතු. (යම් සූත්‍රයෙක ප්‍රඥාව ප්‍රකාශිත ද ඒ) ‘පඤ්ඤා’ පදයෙන් ‘ඤාණ’ සූත්‍රය දැක්වියැයුතු යැ, පඤ්ඤාඉන්ද්රිය යැ පඤ්ඤාබල යැ අධිපඤ්ඤා සික්ඛා යැ ධම්මවිචයසම්බොජඞ්ග යැ සම්මාදිට්ඨි යැ තීරණ යැ සන්තීරණ යැ ධම්මේඤාණ යැ අන්වයෙඤාණ යැ ඛයෙඤාණ යැ අනුප්පාදෙඤාණ යැ අනඤ්ඤාතඤ්ඤස්සාමිතිඉන්ද්රිය යැ අඤ්ඤිඉන්ද්‍රිය යැ අඤ්ඤතාවිඉන්ද්රිය යැ චක්ඛු යැ විජ්ජා යැ බුද්ධි යැ භූරි යැ මේධා යැ යන (පඤ්ඤාපරියාය) පදයෙන් ‘ඤාණ’ සූත්‍ර යි දැක්වියැයුතු යම් යම් පදයක් හෝ ලැබේ ද, පඤ්ඤාධිවචන වූ ඒ පදයෙන් ‘ඤාණ’ සූත්‍ර යයි දැක්වියැ යුතු.
ඤෙය්යං අතීතානාගතපච්චුප්පන්නෙහි අජ්ඣත්තිකබාහිරෙහි හීනප්පණීතෙහි දූරසන්තිකෙහි සඞ්ඛතාසඞ්ඛතෙහි කුසලාකුසලබ්යාකතෙහි, සඞ්ඛෙපතො වා ඡහි ආරම්මණෙහි නිද්දිසිතබ්බං. ඤාණඤ්ච ඤෙය්යඤ්ච තදුභයෙන නිද්දිසිතබ්බං. පඤ්ඤා’පි ආරම්මණභූතා ඤෙය්‍යා, යං කිඤ්චි ආරම්මණභූතං අජ්ඣත්තිකං වා බාහිරං වා, සබ්බං තං සඞ්ඛතෙන අසඞ්ඛතෙන ච නිද්දිසිතබ්බං.
‘ඤෙය්‍ය’ සූත්‍රය අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ආධ්‍යාත්මික බාහිර වූ හීනප්‍රණීත වූ දූරසන්තික වූ සඞ්ඛතාසඞ්ඛත වූ කුසලාකුසලාබ්යාකත වූ ෂඩාලම්බනයෙන් සැකෙවින් හෝ (විස්තරයෙන් හෝ) දැක්වියැයුතු. ඤාණ ද ඤෙය්‍ය ද සූත්‍රය ඒ උභයලක්ෂණයෙන් දැක්වියැයුතු යැ, ප්‍රඥාව ද ප්රඥාන්තරයකට ආලම්බන වූවා ‘ඤෙය්‍ය’ නම් වේ. යම් කිසි ඤාණයට විෂය වූ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ රූපාදියක් ඇද්ද ඒ සියල්ල සඞ්ඛතභාවයෙන් ද අසඞ්ඛතභාවයෙන් ද ‘ඤෙය්‍ය’ යි දැක්වියැයුතු.
දස්සනං භාවනා සකවචනං පරවචනං විස්සජ්ජනීයං අවිස්සජ්ජනීයං කම්මං විපාකොති සබ්බත්ථ තදුභයං සුත්තෙ යථා නිද්දිට්ඨං තථා උපධාරයිත්වා ලබ්භමානතො නිද්දිසිතබ්බං, යං වා පන කිඤ්චි භගවා අඤ්ඤතරං වචානං භාසති, සබ්බං තං යථා නිද්දිට්ඨං ධාරයිතබ්බං.
දස්සන යැ භාවනා යැ සකවචන යැ පරවචන යැ විස්සජ්ජනීය යැ අවිස්සජ්ජනීය යැ කම්ම යැ විපාක යැ යන සියලු තැන්හි ද තදුභයමිශ්ර සූත්‍රය ද ඒ ඒ සූත්‍රයෙහි යම්සේ දක්වන ලද ද එසේ උපධාරණය කොට ලැබෙන පදයන්ගේ වශයෙන් දැක්වියැයුතු. තවද භාග්‍යවතුන් වහන්සේ යම් කිසි අන්‍යතර වචනයක් (සූත්‍රයෙහි) වදාරනසේක් ද, ඒ සියල්ල (සියලු සූත්‍රය ලෝකියාදීන් කෙරෙහි එකක් වශයෙන් හෝ උභය වශයෙන් හෝ) යම් පරිදි දක්වනලද ද එපරිද්දෙන් ගතයුතු.
දුවිධො හෙතු: යඤ්ච කම්මං යෙ ච කිලෙසා. සමුදයො කිලෙසා තත්ථ කිලෙසා සංකිලෙසභාගියෙන සුත්තෙන නිද්දිසිතබ්බා. සමුදයො සංකිලෙසභාගියෙන ච වාසනාභාගියෙන ච සුත්තෙන නිද්දිසිතබ්බො.
හේතුව ද්විවිධ යැ : යම් කර්මයෙක් වේ ද, යම් ක්ලේශයෝත් වෙත් ද ඒ දෙක යැ, (සක්ලේශ වූ මැ කර්මය විපාකයට හේතු වෙයි සේයි.) සමුදය ඇත්තේ (සමුදය පක්ෂයෙහි වූවාහු) ක්ලේෂවත්හු යැ, එහි ක්ලේශයෝ සංකිලෙසභාගිය සූත්‍රයෙන් දැක්වියැ යුත්තාහු යැ, සමුදය සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද වූ සූත්‍රයෙන් දැක්වියැයුත්තේ ය.
තත්ථ කුසලං චතුහි සුත්තෙහි නිද්දිසිතබ්බං: වාසනාභාගියෙන දස්සනභාගියෙන භාවනාභාගියෙන අසෙක්ඛභාගියෙන ච. අකුසලං සංකිලෙසභාගියෙන නිද්දිසිතබ්බං. කුසලං ච අකුසලං ච තදුභයෙහි නිද්දිසිතබ්බං.
එහි කුසලය වාසනාභාගිය දස්සනභාගිය භාවනාභාගිය අසෙක්ඛභාගිය ද යන සතර සූත්‍රයෙන් දැක්වියැයුතු යැ. අකුසලය සංකිලෙසභාගිය සූත්‍රයෙන් දැක්වියැයුතු යැ. කුසලය ද අකුසලය ද තදුභය සූත්‍රයන්ගෙන් දැක්වියැයුතු.
අනුඤ්ඤාතං භගවතො අනුඤ්ඤාතාය නිද්දිසිතබ්බං. තං පඤ්චවිධං: සංවරො පහානං භාවනා සච්ඡිකිරියා කප්පියානුලොමොති. යං දිස්සති තාසු තාසු භූමීසු තං කප්පියානුලොමෙන නිද්දිසිතබ්බං. භගවතා පටික්ඛිත්තං පටික්ඛිත්තකාරණෙන නිද්දිසිතබ්බං. අනුඤ්ඤාතඤ්ච පටික්ඛිත්තඤ්ච තදුභයෙන නිද්දිසිතබ්බං.
අනුඤ්ඤාතය භාග්‍යවතුන් වහන්සේගේ අනුඤ්ඤාතවචනයෙන් දැක්වියැයුතු යැ, එය පඤ්චවිධ යැ : සංවර යැ පහාන යැ භාවනා යැ සච්ඡිකිරියා යැ කප්පියානුලෝම යැ’ යි. (පෘථග්ජනභූමි ආදි) ඒ ඒ භූමියෙහි යමක් දක්නාලැබේ ද, ඒ ඒ භූමියෙහි එය (කප්පිය) කප්පියානුලොමයෙන් දැක්වියැයුතු යැ. භාග්‍යවතුන් විසින් ප්‍රතික්ෂේප කරනලද්ද ප්රතික්ෂිප්ත කාරණයෙන් දැක්වියැයුතු යැ. අනුඤ්ඤාත ද පටික්ඛිත්ත ද වූයේ ඒ දෙකින් දැක්වියැයුතු.
ථවො පසංසාය නිද්දිසිතබ්බො. සො පඤ්චවිධෙන වෙදිතබ්බො: භගවතො, ධම්මස්ස, අරියසඞ්ඝස්ස, අරියධම්මානං සික්ඛාය ලොකියගුණසම්පත්තියාති. එවං ථවො පඤ්චවිධෙන නිද්දිසිතබ්බො.
ථව සූත්‍රය ප්‍රශංසායෙන් දැක්වියැයුත්තේ යැ, හේ පඤ්ච ප්‍රකාරයෙකින් දතයුත්තේ යැ : භාග්‍යවතුන් වහන්සේ යැ, නිර්වාණධර්ම යැ, ආර්‍ය්‍යසඞ්ඝයා යැ, මාර්ගඵලසංඛ්යාත ආර්ය්යධර්මයෝ යැ, ශික්ෂාව පිළිබඳ ලෞකිකගුණසම්පත්තිය යැයි මෙසේ ස්තවය පඤ්චප්‍රකාරයෙන් දැක්වියැයුත්තේ යි.
ඉන්ද්රියභූමි නවහි පදෙහි නිද්දිසිතබ්බා, කිලෙසභූමි නවහි පදෙහි නිද්දිසිතබ්බා. එවමෙතානි අට්ඨාරස පදානි හොන්ති: නව පදානි කුසලානි නව පදානි අකුසලානීති තථා හි වුත්තං: “අට්ඨාරස මූලපදා කුහිං දට්ඨබ්බා: සාසනපට්ඨානෙ”ති. තෙනාහ ආයස්මා මහාකච්චායනො:
ඉන්ද්රියභූමිය සමථාදි නව පදයෙන් දැක්වියැයුත්තී යැ, කිලේසභූමිය තණ්හාදි නව පදයෙන් දැක්වියැයුත්තී යැ, මෙසේ තෙල අටළොස් පදයෝ වෙති. කුශල වූ නව පදයෝ යැ අකුශල වූ නව පදයෝ යි. එහෙයින් මැ කියන ලදි : “අට්ඨාරස මූලපදා කුහිං දට්ඨාබ්බා, සාසනපට්ඨානෙ” යි. එයින් වදාළහ ආයුෂ්මත් මහාකාත්‍යායන මහ රහතුන් වහන්සේ :
“නවහි පදෙහි කුසලා නවහි ච යුජ්ජන්ති අකුසලා පක්ඛා, එතෙ ඛලු මූලපදා භවන්ති අට්ඨාරස පදානී”ති.
“නවහි පදේහි කුසලා -පෙ- භවන්ති අට්ඨාරස පදානි” යි.
නියුත්තං සාසනපට්ඨානං.
සාසනපට්ඨානය යොදනලද්දේ යි.
එත්තාවතා සමත්තා නෙත්ති යා ආයස්මතා මහාකච්චායනෙන භාසිතා භගවතා අනුමොදිතා මූලසඞ්ගීතියං සඞ්ගීතාති.
ආයුෂ්මත් මහාකච්චායන තෙරණුවන් විසින් වදාරනලද භාග්‍යවතුන් විසින් අනුමෝදිත වූ මූලසඞ්ගීතියෙහි ලා සඞ්ගීත වූ නෙත්තිය මෙතෙකින් සමාප්ත යි.
නෙත්තිප්පකරණං නිට්ඨිතං.
නෙත්තිප්රකරණය නිමි.
ලබුගම ලඞ්කානන්ද ස්ථවිරයන් විසින් ලියනලද නෙත්තිප්පකරණව්යාඛ්යානය නිමියේ යි.