යෙදුමෙන් කියවන්න

1. පඨමභූමි - අරියසච‍්චප‍්පකාසනා

1. පඨමභූමි $$ - අරියසච‍්චප‍්පකාසනා$$

1. ප්‍රථම භූමි$$ - අරියසච්චප්පකාසනා$$

නමො සම‍්මාසම‍්බුද‍්ධානං පරමත්‍ථදස‍්සීනං සීලාදිගුණපාරමිප‍්පත‍්තානං

පරමාර්‍ත්‍ථදර්ශී වූ ශීලාදි ගුණයන්හි පාරමීප්‍රාප්ත වූ සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා.

1. දුවෙ හෙතූ දුවෙ පච‍්චයා සාවකස‍්ස සම‍්මාදිට‍්ඨියා උප‍්පාදාය : පරතො ච ඝොසො සච‍්චානුසන්‍ධි, අජ‍්ඣත‍්තං ච යොනිසො මනසිකාරො.

1. ශ්‍රාවකයාගේ සම්‍යග්දෘෂ්ටිය ඉපදීම පිණිස හෙතූහු දෙදෙනෙක් වෙති. ප්‍රත්‍යයෝ දෙදෙනෙක් වෙත් : චතුස්සත්‍ය ඝටිත වූ පරතෝඝෝසය ද අධ්‍යාත්මයෙහි වූ යෝනිසෝ මනසිකාරය ද යන දෙක යි.

2. තත්‍ථ කතමො පරතො ඝොසො: යා පරතො දෙසනා ඔවාදො අනුසාසනී සච‍්චකථා සච‍්චානුලොමො. චත‍්තාරි සච‍්චානි: දුක‍්ඛං සමුදයො නිරොධො මග‍්ගො ඉමෙසං චතුන‍්නං සච‍්චානං යා දෙසනා සන්‍දස‍්සනා විවරණා විභජනා උත‍්තානීකිරියා පකාසනා. අයං වුච‍්චති සච‍්චානුලොමො ඝොසො’ති.

2. එහි පරතෝඝෝසය කවරෙ යත්: මෙරමාගේ වශයෙන් යම් දේශනායෙක් අවවාදයෙක් අනුශාසනායෙක් සත්‍යකථායෙක් සත්‍යානුලෝම ධර්‍මයෙක් වේ ද එය යි. සත්‍යයෝ සතර දෙනෙකි : දුක යැ සමුදය යැ නිරෝධ යැ මාර්‍ග යි. මේ සතර සත්‍යයන්ගේ යම් දෙසුමෙක් සැසැඳීමෙක් විස්තර කිරීමෙක් විභාග කිරීමෙක් ප්‍රකට කිරීමෙක් ප්‍රකාශ කිරීමෙක් වේ ද, මේ සත්‍යානුලෝම වූ ඝෝෂ යයි කියනු ලැබේ යි.

3. තත්‍ථ කතමො අජ‍්ඣත‍්තං යොනිසො මනසිකාරො: අජ‍්ඣත‍්තං යොනිසො මනසිකාරො නාම: යො යථා දෙසිතෙ ධම‍්මෙ බහිද‍්ධා ආරම‍්මණං අනභිනීහරිත්‍වා යොනිසො මනසිකාරො, අයං වුච‍්චති අජ‍්ඣත‍්තං යොනිසො මනසිකාරො. තං ආකාරො යොනිසො ද‍්වාරො විධි උපායො.

3. එහි අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාරය කවරෙ යත්: අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාර නම් : යමෙක් දහම් දෙසන කල්හි බාහිර අරමුණු නො ගෙන නුවණින් මෙනෙහි කෙරේ ද මේ අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාර යී කියනු ලැබේ.

යථා පුරිසො සුක‍්ඛෙ කට‍්ඨෙ විගතස‍්නෙහෙ සුක‍්ඛාය උත‍්තරාරණියා ථලෙ අභිමන්‍ථමානං භබ‍්බො ජොතිස‍්ස අධිගමාය. තං කිස‍්ස හෙතු: යොනිසො අග‍්ගිස‍්ස අධිගමාය. එවමෙවසො යමිදං දුක‍්ඛසමුදයනිරොධ මග‍්ගානං අවිපරීතධම‍්මදෙසනං මනසිකරොති. අයං වුච‍්චති අජ‍්ඣත‍්තං යොනිසො මනසිකාරො.

යම් සේ පුරුෂයෙක් තෙත පහවැගිය වියළි කාෂ්ඨයෙක මතුයෙහි වියළි උත්තරාරණියකින් මදිනුයේ ගිනි ඉපැදවීමට සුදුසු වෙයි, කවර හෙයින යත් ගිනි ඉපැදවීමට කාරණ වන හෙයිනි. එපරිදි මැ හෙ දුක්ඛ–සමුදය–නිරෝධ–මග්ගයන්ගේ අවිපරීත ධර්‍මදේශනාව මෙනෙහි කෙරෙයි. මේ අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාර’යි කියනු ලැබේ.

4. යථා තිස‍්සො උපමායො පුබ‍්බෙ අස‍්සුතා ච අස‍්සුතපුබ‍්බා ච පටිහන‍්ති. ‘යො හි කොචි කාමෙසු අවීතරාගො’ති -පෙ- දුවෙ උපමා අයොනිසො කාතබ‍්බා පච‍්ඡිමා යොනිසො වුත‍්තා.

4. පෙර නො ඇසු නො ඇසුවිරූ තුන් උපමා කෙනෙක් වටහති: “කාමයන්හි අවීතරාග වූ යම් කිසිවෙක් ... එහි උපමා දෙකක් අයෝනිසෝ මනසිකාරයෙනැයි කියැ යුතු ය. පශ්චිම උපමා ව යෝනිසෝ මනසිකාරය කියන ලදු.

තත්‍ථ යො ච පරතො ඝොසො යො ච අජ‍්ඣත‍්තං යොනිසො මනසිකාරො ඉමෙ ද‍්වෙ පච‍්චයා, පරතො ඝොසෙන යා උප‍්පජ‍්ජති පඤ‍්ඤා අයං වුච‍්චති සුතමයී පඤ‍්ඤා. යා අජ‍්ඣත‍්තං යොනිසො මනසිකාරෙන උප‍්පජ‍්ජති පඤ‍්ඤා, අයං වුච‍්චති චින‍්තාමයී පඤ‍්ඤාති. ඉමා ද‍්වෙ පඤ‍්ඤා වෙදිතබ‍්බා, පුරිමකා ච ද‍්වෙ පච‍්චයා. ඉමෙ ද‍්වෙ හෙතූ ද‍්වෙ පච‍්චයා සාවකස‍්ස සම‍්මාදිට‍්ඨියා උප‍්පාදාය.

එහි යම් පරතෝඝෝසයෙකුත් අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාරයෙකුත් වේ ද, මේ දහම්හු දෙදෙන ප්‍රත්‍යය වෙති. පරතෝඝෝසයෙන් යම් ප්‍රඥාවක් උපදී ද මේ සුතමයී පඤ්ඤා’යි කියනු ලැබේ. අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාරයෙන් යම් ප්‍රඥාවක් උපදී ද මේ චින්තාමයී පඤ්ඤා’ යයි කියනු ලැබේ. මේ ප්‍රඥා දෙක දත යුතු යැ. පූර්‍ව වූ ප්‍රත්‍යය දෙක ද දතයුතු යි. මෙසේ ශ්‍රාවකයාගේ සම්මාදිට්ඨිය ඉපදීම පිණිස මේ හේතු දෙක ප්‍රත්‍යය දෙක වෙත්.

5. තත්‍ථ පරතො ඝොසස‍්ස සච‍්චානුසන්‍ධිස‍්ස දෙසිතස‍්ස අත්‍ථං අවිජානන‍්තො අත්‍ථපටිසංවෙදී භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති, න ච අත්‍ථපටිසංවෙදී යොනිසො මනසිකරිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. පරතො ඝොසස‍්ස සච‍්චානුසන්‍ධිස‍්ස දෙසිතස‍්ස අත්‍ථං විජානන‍්තො අත්‍ථපටිසංවෙදී භවිස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජති, අත්‍ථ පටිසංවෙදී ච යොනිසො මනසිකරිස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජති. එස හෙතු එතං ආරම‍්මණං එසො උපායො සාවකස‍්ස නිය්‍යානස‍්ස නත්‍ථඤ‍්ඤො.

5. එහි පරතෝ ඝෝස වූ සත්‍යානුසන්‍ධි ඇති දේශිතයාගේ අර්‍ත්‍ථ නො දන්නේ අත්‍ථපටිසංවේදී (පෙළ අරුත් දන්නේ) වන්නේය යන තෙල කරුණ නො වේ. නො ද අත්‍ථපටිසංවේදී වූයේ නුවණින් මෙනෙහිකරන්නේය යන තෙල කරුණ නො වේ. පරතෝ ඝෝස වූ සත්‍යානුසන්‍ධි ඇති දේශිතයාගේ අරුත් දන්නේ අත්‍ථපටිසංවේදී වෙයි යන තෙල කරුණ ඇත. පෙළ අරුත් දන්නේ නුවණින් මෙනෙහි කරන්නේය යන තෙල කරුණ ඇත. ශ්‍රාවකයාගේ නිර්‍ය්‍යාණය සඳහා තෙල හේතු යැ තෙල අරමුණු යැ තෙල උපාය වේ. අන් උපායෙක් නැති.

6. සො ‘යං න ච සුත‍්තස‍්ස අත්‍ථවිජානනාය සහ යුත‍්තො, නාපි ඝොසානුයොගෙන. පරතො ඝොසස‍්ස අත්‍ථං අවිජානන‍්තෙන න සක‍්කා උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනං අධිගන‍්තුං, තස‍්මා නිබ‍්බායිතු කාමෙන සුතමයෙන අත්‍ථා පරියෙසිතබ‍්බා. තත්‍ථ පරියෙසනාය අයං ආනුපුබ‍්බී භවති: සොළසහාරා, පඤ‍්ච නයා, අට‍්ඨාරස මූලපදානි.

6. ඒ උපාය සූත්‍රයාගේ අරුත් දැනීම සමග නො ද යෙදුණේ යැ ඝෝසානුයෝගය සමග ද නො යෙදුණේ යැ. පරතෝ ඝෝසයාගේ අරුත් නො දන්නහු විසින් මිනිස් දහමින් මතුයෙහි ආර්‍ය්‍ය භාවකරණයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශනය ලබන්නට නො ද හැකි වෙයි. එහෙයින් කෙලෙසුන් නිවනු රිසි වූ ශ්‍රැතමයඥාන ඇතියහු විසින් අර්‍ත්‍ථ පර්‍ය්‍යෙෂණ කළ යුතු ය. එහි පර්‍ය්‍යෙෂණයට මේ අනුපිළිවෙළ වෙයි. සොළොස් භාරයෝ යැ, පඤ්ච නය යැ අටළොස් මූලපදයෝ යි.

තත්‍ථායං අනුගීති:

එහි මේ අනුගීති යැ:

(1) සොළස හාරා නෙත‍්තී - පඤ‍්ච නයා සාසනස‍්ස පරියෙට‍්ඨි අට‍්ඨාරස මූලපදා - කච‍්චායනගොත‍්තනිද‍්දිට‍්ඨා.

(1) නෙත්ති සංඛ්‍යාත අවිපරීත සූත්‍රාර්‍ත්‍ථාවබෝධයට කාරණ වූ දේසනාදි සොළොස් භාරයෝ යැ, පර්‍ය්‍යාප්ති ශාසනයාගේ අර්‍ත්‍ථ පර්‍ය්‍යෙෂණ කරන නන්‍දියාවට්ටාදි පස් නය යැ, කුශලාකුශල විසින් භේද වූ අටළොස් මූලපදයෝ යැ යන මොහු කාත්‍යායන ගෝත්‍ර ඇති මහතෙරුන් විසින් දක්වන ලද්දාහු යැ.

7. තත්‍ථ කතමෙ සොළස හාරා:

7. එහි සොළොස් භාරයෝ කවරහ :

දෙසනා විචයො යුත‍්ති පදට‍්ඨානො ලක‍්ඛණො චතුබ්‍යූහො ආවට‍්ටො විභත‍්ති පරිවත‍්තනො වෙවචනො පඤ‍්ඤත‍්ති ඔතරණො සොධනො අධිට‍්ඨානො පරික‍්ඛාරො සමාරොපනො. ඉමෙ සොළස හාරා:

ආස්වාදාදිය විභාග කිරීම ලක්‍ෂණ කොට ඇති ‘දේශනා’ හාර යැ, සූත්‍රයෙහි එන පද ප්‍රශ්නාදිය විමසීම ලක්‍ෂණ වූ ‘විචය’ හාර යැ, සූත්‍රාගත අර්‍ත්‍ථ ව්‍යඤ්ජනයන්ගේ යුක්තිඅයුක්ති විචාරණ ලක්‍ෂණ වූ ‘යුක්ති’ හාර යැ, සූත්‍රාගත කුශලාකුශලාදි ධර්‍මයන්ගේ පදට්ඨාන (–ආසන්න කාරණ) නිශ්චය කිරීම ලක්‍ෂණ වූ ‘පදට්ඨාන’ හාර යැ, සමාන ලක්‍ෂණ ධර්‍මයන් නහා දක්වන ‘ලක්ඛණ’ හාර යැ. ව්‍යඤ්ජනද්වාරයෙන් නිර්වචනාදිය දැක්වීම ලක්‍ෂණ වූ ‘චතුබ්‍යුහ’ හාර යැ, සභාගවිෂභාග ධර්‍මයන් ආවර්‍තන ලක්‍ෂණ වූ ‘ආවත්ත’ හාර යැ, සංකිලේස වෝදාන ධර්‍මයන් විභාගකිරීම ලක්‍ෂණ වූ ‘විභක්ති’ හාර යැ, කුශලාකුශල ධර්‍මයන්ට ප්‍රතිපක්‍ෂ වශයෙන් පරිවර්‍තන ලක්‍ෂණ වූ ‘පරිවත්තන’ හාර යැ, පර්‍ය්‍යායශබ්ද දැක්වීම ලක්‍ෂණ කොට ඇති ‘වෙවචන’ හාර යැ, එක් ධර්‍මාර්‍ත්‍ථයක් විවිධ ප්‍රඥප්තීන් විභාවනය ලක්‍ෂණ වූ ‘පඤ්ඤත්ති’ හාර යැ. ප්‍රතීත්‍ය සමුත්පාදාදිද්වාරයෙන් සූත්‍රාර්‍ත්‍ථයාගේ අවතරණ ලක්‍ෂණ වූ ‘ඕතරණ’ හාර යැ, සූත්‍රාගත පදපදාර්‍ත්‍ථාදීන්ගේ ශෝධනය ලක්‍ෂණ වූ ‘සෝධන’ හාර යැ. සූත්‍රාගතධර්‍මයන්ගේ සාමාන්‍ය විශේෂඥ නිර්ධාරණ ලක්‍ෂණ වූ ‘අධිට්ඨාන’ හාර යැ, ධර්‍මයන්ගේ හේතුප්‍රත්‍යය නිර්ධාරණ ලක්සණ ‘පරික්ඛාර’ හාර යැ. පදට්ඨානාදි මුඛයෙන් ධර්‍මයන්ගේ සමාරෝපණ ලක්‍ෂණ වූ ‘සමාරෝපණ’ හාර යැ යන මොහු සෝළය හාරයෝ යි:

තත්‍ථායං අනුගීති:

ඒ හාරෝද්දේසයෙහි සුඛග්‍රහණ පිණිස අනුගිති වෙයි :

2. දෙසනා විචයො යුත‍්ති - පදට‍්ඨානො ව ලක‍්ඛණො චතුබ්‍යූහො ච ආවට‍්ටො - විභත‍්ති පරිවත‍්තනො,

2. දේසනා යැ විචය යැ යුක්ති යැ පදට්ඨාන යැ ලක්ඛණ යැ චතුබ්‍යුහ යැ ආවට්ට යැ විභක්ති යැ පරිවත්තන යැ–

3. වෙවචනො ච පඤ‍්ඤත‍්ති - ඔතරණො ච සොධනො අධිට‍්ඨානො පරික‍්ඛාරො - සමාරොපනො සොළස.

3. වෙවචන යැ පඤ්ඤත්ති යැ ඕතරණ යැ සෝධන යැ අධිට්ඨාන යැ පරික්ඛාර යැ සමාරෝපණ යැ යි සොළසහාර වෙත්.

තත්‍ථ කතමෙ පඤ‍්ච නයා: නන්‍දියාවට‍්ටො තිපුක‍්ඛලො සීහ වික‍්කීළිතො දිසාලොචනෙ අඞ‍්කුසො’ති

එහි පඤ්ච නය කවරහ: (තෘෂ්ණා අවිද්‍යා දෙකින් සංකිලේස පක්‍ෂයෙහි ද ශමථ විදර්‍ශනා දෙකින් වෝදාන පක්‍ෂයෙහි ද සූත්‍රාර්‍ත්‍ථය සිව්සස් සමග යෙදීමෙන් වර්‍ණනා කරන) ‘නන්‍දියාවට්ට’ නය යැ (අකුශලමූලයෙන් හා කුශලමූලයෙන් සංකිලේස වෝදාන පක්‍ෂයෙහි සූත්‍රාර්‍ත්‍ථ සිව්සස් සමග යොදන) – ‘තිපුක්ඛල’නය යැ. (විපර්‍ය්‍යාසයන්ගෙන් සංකිලේස පක්‍ෂයෙහි ද ඉන්‍ද්‍රියයන්ගෙන් වෝදාන පක්‍ෂයෙහි ද සූත්‍රාර්‍ත්‍ථ සිව්සස් සමග යොදන) ‘සීහවික්කීළිත’ නය යැ (අර්‍ත්‍ථනයත්‍රයට දිශා භූත ධර්‍මයන් විමසන්න) ‘දිසාලෝචන’ නය යැ, දිශාභූත කුශලාකුශලයන්ගේ සමානයන ලක්‍ෂණ වූ) – අංකුස” නය යැ යන මොහු යි.

තත්‍ථායං අනුගීති :

මේ එහි අනුගීති යැ:

4. පඨමො නන්‍දියාවට‍්ටො - දුතියො ච තිපුක‍්ඛලො සීහවික‍්කීළිතො නාම - තතියො හොති සො නයො,

4. සූත්‍රාර්‍ත්‍ථ ප්‍රකාශ කරන පළමුවැනි නන්‍දියාවට්ටනය ද දෙවැනි ‘තිපුක්ඛල’ නය ද තුන්වැනි ‘සීහවික්කීළිත’ නම් නය ද වෙයි.

5. දිසාලොචනමාහංසු - චතුත්‍ථො නය ලඤ‍්ඡකො පඤ‍්චමො අඞ‍්කුසො නාම - සබ‍්බෙ පඤ‍්ච නයා’ගතා.

5. සතරවැනි නය ලක්‍ෂණය ‘දිසාලෝචන’ යයි කීහු, පස්වැන්න ‘අංකුස’ නම් වෙයි. සියල්ල පස් නය කෙනෙක් ආවාහු යි.

තත්‍ථ කතමානි අට‍්ඨාරස මූලපදානි : අවිජ‍්ජා තණ‍්හා ලොභො දොසො මොහො සුභසඤ‍්ඤා සුඛසඤ‍්ඤා නිච‍්චසඤ‍්ඤා අත‍්තසඤ‍්ඤා, සමථො විපස‍්සනා අලොභො අදොසො අමොහො අසුභසඤ‍්ඤා දුක‍්ඛසඤ‍්ඤා අනිච‍්චසඤ‍්ඤා අනත‍්තසඤ‍්ඤා ඉමානි අට‍්ඨාරස මූලපදානි. තත්‍ථ නව පදානි අකුසලානි, යත්‍ථ සබ‍්බං අකුසලං සමොසරති. නව පදානි කුසලානි, යත්‍ථ සබ‍්බං කුසලං සමොසරති.

එහි අටළොස් මූලපදයෝ කවරහ : අවිජ්ජා යැ තණ්හා යැ ලෝභ යැ දෝස යැ මෝහ යැ සුභසඤ්ඤා යැ සුඛසඤ්ඤා යැ නිව්වසඤ්ඤා යැ අත්තසඤ්ඤා යැ සමථ යැ විපස්සනා යැ අලෝභ යැ අදෝස යැ අමොහ යැ අසුභසඤ්ඤා යැ දුක්ඛසඤ්ඤා යැ අනිච්චසඤ්ඤා යැ අනත්තසඤ්ඤා යි. –මොහු අටළොස් මූලපදයෝ යි. එහි යම් තැනෙක සියලු අකුශලය බැසගෙන සිටී ද ඒ නවපදය අකුශල යැ, යම් තැනෙක සියලු කුශලය බැසගෙන සිටී ද ඒ නව පදය කුශල යි.

කතමානි නව පදානි අකුසලානි යත්‍ථ සබ‍්බං අකුසලං සමොසරති: අවිජ‍්ජා - යාව අත‍්තසඤ‍්ඤා, ඉමානි නව පදානි අකුසලානි, යත්‍ථ සබ‍්බං අකුසලං සමොසරති. කතමානි නව පදානි කුසලානි, යත්‍ථ සබ‍්බං කුසලං සමොසරති: සමථො - යාව අනත‍්තසඤ‍්ඤා, ඉමානි නව පදානි කුසලානි, යත්‍ථ සබ‍්බං කුසලං සමොසරති. ඉමානි අට‍්ඨාරස මූලපදානි.

සියලු අකුශලය බැසගෙන සිටුනා අකුශල නව පදයෝ කවරහ: අවිජ්ජා ආදි කොට අත්තසඤ්ඤා තෙක් සියලු අකුශලය බැසගෙන සිටුනා මේ නවපදයෝ අකුශලයෝ යැ. සමථය ආදි කොට අනත්තසඤ්ඤා තෙක් සියලු කුශලය බැසගෙන සිටුනා මේ නවපදයෝ කුශලයෝ යි. මේ අටළොස් මූලපදයෝ යි.

තත්‍ථායං අනුගීති:

එහි මේ අනුගිති යැ:

6. තණ‍්හා ච අවිජ‍්ජා’පි ච - ලොභො දොසො තථෙව මොහො ච චතුරො ච විපල‍්ලාසා - කිලෙසභූමි නව පදානි.

6. තෘෂ්ණාව ද අවිද්‍යාව ද ලෝභය ද ද්වේෂය ද එසෙයින් මැ මෝහය ද සතර විපර්‍ය්‍යාසයෝ ද යන නව පදයෝ ක්ලේශභූමි වෙති.

7. සමථො ච විපස‍්සනා ච - කුසලානි ච යානි තීණි මූලානි යෙ ‘පි ච සතිපට‍්ඨානා - ඉන්‍ද්‍රියභූමි නව පදානි,

7. ශමථය ද විදර්‍ශනා ද තුන් කුශල මූලයෝ ද අශුභ සංඥාදි සතර සතිපට්ඨානයෝ ද යන නව පදයෝ (ශ්‍රද්ධාදි විමුක්තිපරිපාචනීය ඉන්‍ද්‍රිය සමෝසරණස්ථාන හෙයින්) ඉන්‍ද්‍රිය භූමි නම් වෙති.

8. නවහි ච පදෙහි කුසලං - නවහි ච යුජ‍්ජති අකුසලං සබ‍්බං එතෙ නව මූලපදා - භවන‍්ති අට‍්ඨාරස පදානි.

8. සමථාදි නවපදයෙන් සියලු කුශලපක්‍ෂය ද තණ්හාදි නව පදයෙන් සියලු අකුශල පක්‍ෂය ද යෙදෙයි. තෙල නව මූලපදයෝ අටළොස් මූල පදයෝ වෙති.

ඉමෙසං අට‍්ඨාරසන‍්නං මූලපදානං යානි නවපදානි අකුසලානි, අයං දුක‍්ඛසමුදයො. යානි නවපදානි කුසලානි, අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා. ඉති සමුදයස‍්ස දුක‍්ඛං ඵලං, දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය නිරොධං ඵලං. ඉමානි චත‍්තාරි අරියසච‍්චානි භගවතා බාරාණසියං දෙසිතානි.

මේ අටළොස් මූලපදයන් අතුරෙන් අකුශල වූ යම් නව පද කෙනෙක් ඇද්ද මේ දුක්ඛ සමුදය යැ, කුශල වූ යම් නව පද කෙනෙක් ඇද්ද මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා යැ. මෙසේ සමුදයයාගේ ඵලය ‘දුක්ඛ’ යැ දුක්ඛනිරෝධගාමිනීපටිපදාවගේ ඵලය ‘නිරෝධ’ යි. මේ සතර ආර්‍ය්‍යසත්‍යයෝ භගවත්හු විසින් බරණැස ඉසිපතන මුවළැව්හි දී දෙසන ලදහු.

තත්‍ථ දුක‍්ඛස‍්ස අරියසච‍්චස‍්ස අපරිමාණානි අක‍්ඛරානි පදානි බ්‍යඤ‍්ජනානි ආකාරානි නිරුත‍්තියො නිද‍්දෙසා දෙසිතා, එතස‍්සෙවත්‍ථස‍්ස සඞ‍්කාසනාය පකාසනාය විවරණාය විභජනාය උත‍්තානීකම‍්මාය පඤ‍්ඤාපනායාති. යා එවං සබ‍්බෙයං සච‍්චානං. ඉති එකමෙකං සච‍්චං අපරිමාණෙහි අක‍්ඛරපදබ්‍යඤ‍්ජනආකාරනිරුත‍්තිනිද‍්දෙසෙහි පරියෙසිතබ‍්බං, තං ච අත්‍ථපුථුත‍්තෙන පන අත්‍ථො බ්‍යඤ‍්ජනපුථුත‍්තෙන බ්‍යඤ‍්ජනං.

ඒ සිව් සසුන් කෙරෙහි දුඃඛාර්‍ය්‍යසත්‍යයාගේ අපරිමාණ වූ අක්‍ෂර – පද – ව්‍යඤ්ජන – ආකාර – නිරුක්ති – නිර්දේශයෝ, තෙල දුඃඛසංඛ්‍යාත අර්‍ත්‍ථයාගේ මැ සංකාසන – පකා සන – විවරණ – විභජන – උත්තානීකරණ – පඤ්ඤාපනය සඳහා දෙසන ලද්දාහු ය. සියලු සත්‍යයන්ගේ දේශනාව මෙසේ යි. මෙසෙයින් එකෙකි සත්‍යය අපරිමාණ වූ අක්ඛර – පද – ව්‍යඤ්ජන – ආකාර – නිරුක්ති – නිද්දේසයන්ගෙන් පර්‍ය්‍යෙෂණ කළ යුතු යි. යළි එ ද අර්‍ත්‍ථබාහුල්‍යයෙන් අර්‍ත්‍ථය ද ඛ්‍යඤ්ජනබාහුල්‍යයෙන් ඛ්‍යඤ්ජනය ද පර්‍ය්‍යෙෂණ කළ යුතු.

යො හි කොචි සමණො වා බ්‍රාහ‍්මණො වා එවං වදෙය්‍ය: ‘අහං ඉදං දුක‍්ඛං පච‍්චක‍්ඛාය අඤ‍්ඤං දුක‍්ඛං පඤ‍්ඤපෙස‍්සාමී’ති. තස‍්ස තං වාචාවත්‍ථුකමෙවස‍්ස, පුච‍්ඡිතො ච න සම‍්පායිස‍්සති, එවං සච‍්චානි.

යම් කිසි ශ්‍රමණයෙක් වේවයි බ්‍රාහ්මණයෙක් වේවයි මෙසේ කියා නම්: ‘මම මේ දුඃඛ සත්‍යය හැරපියා අන් දුඃඛ සත්‍යයක් පනවන්නෙමි’යි ඔහුගේ ඒ බස වාග්වස්තුක මැ වන්නේ යැ, පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කියැහෙන්නේ යැ. සත්‍යයෝ මෙසේ යි.

යං ච රත‍්තිං භගවා අභිසම‍්බුද‍්ධො, යං ච රත‍්තිං අනුපාදාය පරිනිබ‍්බුතො, එත්‍ථන‍්තරෙ යං කිඤ‍්චි භගවතා භාසිතං සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං, සබ‍්බං තං ධම‍්මචක‍්කං පවත‍්තිතං න කිඤ‍්චි බුද‍්ධානං භගවන‍්තානං ධම‍්මදෙසනාය ධම‍්මචක‍්කතො බහිද‍්ධා, තස‍්ස සබ‍්බං සුත‍්තං අරියධම‍්මෙසු පරියෙසිතබ‍්බං. තත්‍ථ පරිගණ‍්හනාය ආලොකසභාගානි චත‍්තාරි ථාවරානි ඉමානි.

යම් රාත්‍රියෙකැ භාග්‍යවත්හු අභිසම්බුද්ධ වූවාහු ද, යම් රාත්‍රියෙකැ අනුත්පාදනිරෝධයෙන් (ග්‍රහණ නො කොට) පිරිනිවි සේක් ද, මේ අතුරෙහි භාග්‍යවත්හු විසින් යම් කිසි සුත්ත – ගෙය්‍ය – වෙය්‍යාකරණ – ගාථා – උදාන – ඉතිවුත්ත – ජාතක – අබ්භුත්ධම්ම – වෙදල්ල යන නවාංග පර්‍ය්‍යාප්තියක් වදාරන ලද ද එ හැම පවත්වන ලද ධර්‍මචක්‍ර යි. භාග්‍යවත් බුදුවරයන්ගේ ධර්‍මදේශනායෙහි ධර්‍ම චක්‍රයෙන් පිටත් කිසිවක් නැති. ඒ ධර්‍ම චක්‍රයාගේ සියලු සූත්‍රය ආර්‍ය්‍යධර්‍මයෙහි ලා පර්‍ය්‍යෙෂණය කළ යුතු යැ. එහි පරිග්‍රහණය සඳහා ආලෝක බඳු වූ මේ සතර ස්ථාවර ධර්‍මයෝ වෙත්:

තත්‍ථ කතමං දුක‍්ඛං: ජාති ජරා ව්‍යාධි මරණං සඞ‍්ඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා.

එහි දුක්ඛ (ආර්‍ය්‍ය සත්‍යය) කවරෙ යත්: ජාතියැ ජරා යැ ව්‍යාධි යැ මරණ යැ සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක් වෙති.

තත්‍ථායං ලක‍්ඛණනිද‍්දෙසො: පාතුභාවලක‍්ඛණා ජාති, පරිපාකලක‍්ඛණා ජරා, දුක‍්ඛදුක‍්ඛතාලක‍්ඛණො ව්‍යාධි, චුතිලක‍්ඛණං මරණං, පියවිප‍්පයොගවිපරිණාමපරිතාපනලක‍්ඛණො සොකො ලාලප‍්පනලක‍්ඛණො පරිදෙවො, කායසම‍්පීළනලලක‍්ඛණං දුක‍්ඛං, චිත‍්තසම‍්පීළනලක‍්ඛණං දොමනස‍්සං, චිත‍්තපරිදහනලක‍්ඛනො උපායාසො, අමනාපසමොධානලක‍්ඛණො අප‍්පියසම‍්පයොගො, මනාපවිනාභාවලක‍්ඛණො පියවිප‍්පයොගො, අධිප‍්පායවිවත‍්තනලක‍්ඛනො අලාභො, අපරිඤ‍්ඤාලක‍්ඛණා පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා, පරිපාකචුතිලක‍්ඛණං ජරාමරණං, චුතිපාතුභාවලක‍්ඛණා චුතූපපත‍්ති, පටිසන්‍ධිනිබ‍්බත‍්තනලක‍්ඛණො සමුදයො, සමුදයපරිජහනලක‍්ඛණො නිරොධො, අනුසයසසමුච‍්ඡෙදලක‍්ඛණො මග‍්ගො, බ්‍යාධිලක‍්ඛණං දුක‍්ඛං, සඤ‍්ජනනලක‍්ඛණො සමුදයො, නිය්‍යානිකලක‍්ඛනො මග‍්ගො, සන‍්තිලක‍්ඛණො නිරොධො, අප‍්පටිසන්‍ධිභාවනිරොධලක‍්ඛණා අනුපාදිසෙසා නිබ‍්බානධාතු.

එහි මේ ලක්‍ෂණ නිර්දේශ යැ: ජාතිය පහළවීම ලක්‍ෂණ කොට ඇත්තී යැ. ජරාව පරිපාක (මිහිකිරීම) ලක්‍ෂණ යැ. ව්‍යාධිය දුක්ඛදුක්ඛතාව (ස්වභාවයෙන් දුක්බව) ලක්‍ෂණ කොට ඇත්තේ යැ, මරණය ච්‍යුත වීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, සෝකය ප්‍රියවිප්‍රයෝගය විපරිණාමය යන මෙයින් තැවීම ලක්‍ෂණ යැ, පරිදේවය වැලැපීම ලක්‍ෂණ යැ. දුක්ඛය කාමසම්පීඩන ලක්‍ෂණ යැ, දෝමනස්සය චිත්තසම්පීඩන ලක්‍ෂණ යැ, උපායාසය සිත දවන ලකුණු ඇතියේ යැ, අප්‍රියසම්ප්‍රයෝගය අමනාපය හා සමාගම ලකුණු කොට ඇතියේ යැ, ප්‍රිය විප්‍රයෝගය මනාප වස්තුන්ගේ නැසීම ලකුණු කොට ඇතියේ යැ, අලාභය අභිප්‍රේතය පෙරැළීම ලකුණු කොට ඇත්තේ යැ, පඤ්ච උපාදානස්කන්‍ධයෝ නො දැනීම (නො ඉක්මැවීම) ලක්‍ෂණ කොට ඇත්තාහුය. ජරාමරණය මිහිකිරීම ව්‍යුතවීම ලක්‍ෂණ යැ, චුති–උප්පත්ති ච්‍යුත වීම පහළවීම ලක්‍ෂණ යැ, සමුදය පිළිසඳහි ඉපැදීම ලක්‍ෂණ යැ, නිරෝධ ය සමුදය දුරැලීම ලකුණු කොට ඇත්තේ යැ, මාර්‍ගය අනුසය මුලුසුන් කිරීම ලකුණු කොට ඇත්තේ යි. දුක්ඛය පෙළීම ලකුණු කොට ඇත්තේ යැ. සමුදය ඉපැදීම ලක්‍ෂණ යැ, මාර්‍ගය නෛර්‍ය්‍යාණික ලක්‍ෂණ යැ, නිරෝධය ශාන්ති ලක්‍ෂණ යැ, අනුපාදිසේස නිබ්බානධාතුව අප්‍රතිසන්‍ධි භාවයෙන් නිරුද්ධ වීම ලක්‍ෂණ යි.

දුක‍්ඛං ච සමුදයො ච, දුක‍්ඛං ච නිරොධො ච, දුක‍්ඛං ච මග‍්ගො ච, සමුදයො ච දුක‍්ඛං ච, සමුදයො ච නිරොධො ච, සමුදයො ච මග‍්ගො ච, නිරොධො ච සමුදයො ච, නිරොධො ච දුක‍්ඛං ච නිරොධො ච මග‍්ගො ච, මග‍්ගො ච නිරොධො ච, මග‍්ගො ච සමුදයො ච, මග‍්ගො ච දුක‍්ඛං ච.

දුක්ඛ හා සමුදය ද, දුක හා නිරෝධ ය ද, දුක හා මාර්‍ගය ද, සමුදය හා දුක ද, සමුදය හා නිරෝධ ය ද, සමුදය හා මාර්‍ගය ද, නිරෝධය හා සමුදය ද නිරෝධය හා දුක ද, නිරෝධය හා මාර්‍ගය ද, මාර්‍ගය හා නිරෝධය ද, මාර්‍ගය හා සමුදය ද, මාර්‍ගය හා දුක ද (වදාළ සූත්‍රයෝ වෙත්.)

තත්‍ථිමානි සුත‍්තානි:

එහි මේ සූත්‍රයෝ යැ:

තත්‍ථ කතමා ජාති:

එහි ජාති කවර යැ:

1. යමෙකරත‍්තිං පඨමං - ගබ‍්භෙ වසති මානවො අබ‍්භුට‍්ඨිතොව සයාති ස ගච‍්ඡං න නිවත‍්තතී’ති.

1. සත්ත්‍ව තෙමේ යම් එක් රැයෙක (හෝ දවසෙක) පළමු පිළිසඳ කෙණෙහි මව්කුසැ වෙසේ ද, අහසට නැඟුණු අභ්‍රයක් (වලාකුළක්) සෙයින් හේ මරණයට අභිමුඛව යෙයි. මෙසේ යන හෙතෙම (ඇසිල්ලකුදු) නො නවතී.

“අට‍්ඨිමා ආනන්‍ද දානූපපත‍්තියො” එකුත‍්තරිකෙ සුත‍්තං අයං ජාති.

‘ආනන්‍දය, මේ දානහේතුයෙන් උපප්‍රාප්තීහු අට දෙනෙකි: අංගුත්තරනිකායෙහි සූත්‍ර යි. (අට්ඨකංගුත්තර – දානවග්ග) මේ ජාති යි.

තත්‍ථ කතමා ජරා:

එහි ‘ජරා’ කවර යැ:

2. අචරිත්‍වා බ්‍රහ‍්මචරියං - අලද‍්ධා යොබ‍්බනො ධනං ජිණ‍්ණකොඤ‍්චාව ඣායන‍්ති - ඛීණමච‍්ඡෙව පල‍්ලලෙ.

2. පැවිද්දට නිසි තුරුණුවියෙහි බඹසරවස් නො වැස ගිහිගෙට නිසි ධනය නො ලැබැ (පමාවූවාහු) මසුන් නැති (දිය සුන්) මඩිත්තෙක මහලු කොස් ලිහිණීන් සෙයින් තැවෙත්.

“පඤ‍්ච පුබ‍්බනිමිත‍්තානි දෙවෙසු” අයං ජරා.

‘දෙවියන් කෙරෙහි පස් පෙරනිමිති පහළ වෙති.’ (ඉතිවුත්තක චතුත්‍ථවග්ග) මේ ජරා යි.

තත්‍ථ කතමො ව්‍යාධි:

එහි ‘ව්‍යාධි’, කවරෙ යැ:

3. සාමං තෙන කුතො රාජ - තුවම‍්පි ජරායන‍්ති වෙදෙහි, ඛත‍්තිය කම‍්මස‍්ස ඵලො - ලොකො න හි කම‍්මං පනයති. (?)

3. (මේ ගාථායෙහි ශුද්ධියක් නැත ?)

“තයො ගිලානා” අයං ව්‍යාධි.

ගිලන්හු තිදෙනෙක් වෙති” (තිකංගුත්තර) මේ ව්‍යාධි යි.

තත්‍ථ කතමං මරණං:

එහි මරණ කවරෙ යැ:

4. යථා’පි කුම‍්භකාරස‍්ස - කතං මත‍්තිකභාජනං, ඛුද‍්දකං ච මහන‍්තං ච - යං පක‍්කං යං ච ආමකං, සබ‍්බං භෙදනපරියන‍්තං - එවං මච‍්චාන ජීවිතං.

4. යම්සේ කුම්භකාරයා විසින් කරන ලද කුඩා වූ මහත් වූ ද පැසුණා වූ ද අමු වූ ද යම් මැටි බඳුනෙක් ඇද්ද, ඒ සියල්ල බිඳීම අන්ත කොට ඇත. මිනිසුන්ගේ ජීවිතය ද එබඳු යි.

5. මමායිතෙ පස‍්සථ ඵන්‍දමානෙ මච‍්ඡෙව අප‍්පොදකෙ ඛීණසොතෙ, එතම‍්පි දිස‍්වා අමමො චරෙය්‍ය භවෙසු ආසත‍්තිමකුබ‍්බමානො.

5. සිඳීගිය දියත්තෙකැ පොපියන මසුන් මෙන් ‘මාගේ’ යැයි ගන්නා ලද කාමවස්තුයෙහි පොපියන සත්ත්‍වයන් බලවු. (මමායිතයෙහි) තෙල ආදීනව දැක මමායන නැතියේ කාමාදි භවයන්හි ඇලුම් නො කෙරෙමින් හැසිරෙන්නේ යැ.

“උදකප‍්පන සුත‍්තං” ඉදං මරණං.

‘උදකප්පන’ සූත්‍රය (දතයුතු) මේ මරණ යි.

තත්‍ථ කතමො සොකො:

එහි ‘සෝක’ කවරෙ යැ:

6. ඉධ සොචති පෙච‍්ච සොචති පාපකාරී උභයත්‍ථ සොචති, සො සොචති සො විහඤ‍්ඤති දිස‍්වා කම‍්ම කිලිට‍්ඨමත‍්තනො.

6. පව් කරන පුද්ගල මෙලොවැ දී (මරණසමයෙහි කර්‍මානුස්මරණයෙන්) ශෝක කෙරෙයි. පරලොවැ දී (විපාකානුභවයෙන්) ශෝක කෙරෙයි. (මෙසේ) දෙලොවැ ම ශෝක කෙරෙයි, හේ තමාගේ කිලිටි කම් දැක ශෝක කෙරෙයි. හේ වෙසෙසින් පෙළෙයි.

“තීණි දුච‍්චරිතානි” අයං සොකො.

තිකංගුත්තරයෙහි තුන් දුශ්චරිත දැක්විය යුතු. මේ ‘සෝක’ යි.

තත්‍ථ කතමො පරිදෙවො:

එහි ‘පරිදේව’ කවරෙ යත්:

7. කාමෙසු ගිද‍්ධා පසුතා පමුට‍්ඨා අවදානියා තෙ විසමෙ නිවිට‍්ඨා දුක‍්ඛූපනීතා පරිදෙවයන‍්ති කි සු භවිස‍්සාම ඉතො චුතාසෙ.

7. ක්ලේශකාමයෙන් වස්තුකාමයන්හි ගිජු වූ කාමෙෂණයෙහි ඇලුණු ප්‍රමූඨ වූ (නිරයට යන හෙයින් මසුරු බැවින් හෝ) බුද්ධාදීන්ගේ බස් නො ගන්නා හෙයින් අවදානිය වූ විෂම වූ කායකර්‍මාදියෙහි යෙදුණු ඔහු මරණ දුකට පැමිණියාහු “මෙයින් සැවැ පරලොව ගියමෝ කුමක් වන්නමෝ” හො යි පරිදේවනා කෙරෙත්.

“තිස‍්සො විපත‍්තියො” අයං පරිදෙවො

තුන් විපත්තීහු දැක්විය යුත්තාහ. මේ ‘පරිදේව’ යි.

තත්‍ථ කතමං දුක‍්ඛං:

එහි ‘දුක්ඛ’ කවරෙ යැ:

8. සතං ආසි අයොසඞ‍්කූ - සබ‍්බෙ පච‍්චත‍්තවෙදනා, ජලිතා ජාතවෙදාව - අච‍්චිසංඝයමාකුලා.

8. ගිනිසිළු සමූහයෙන් ගැවැසිගත් දැල්වෙන ගිනි බඳු වූ සියල්ල වෙන වෙන මැ වේදනා උපදවන යහුල් සියයෙක් විය.

“මහා වත සො පරිළාහො” සංයුත‍්තකෙ සුත‍්තං. සච‍්චසංයුත‍්තෙසු, ඉදං දුක‍්ඛං.

“ඒකාන්තයෙන් හේ මහත් පරිදාහයෙකැ” (යනාදි) සංයුත් සඟියැ සච්ච සංයුත්තයෙහි (පපාතවර්‍ගයෙහි) ‘පරිළාහ සූත්‍ර’ යැ.

තත්‍ථ කතමං දොමනස‍්සං:

එහි දෝමනස්ස කවරෙ යැ:

9. සඞ‍්කප‍්පෙහි පරෙතො සො - කපණො විය ඣායති, සුත්‍වා පරෙසං නිග‍්ඝොසං - මඞ‍්කු හොති තථාවිධො.

9. කාමාදි සංකල්පයන් විසින් මඩනා ලද ඒ සිවුරළු කෘපණයකු සෙයින් සිතයි. එබඳු වූයේ (උපාධ්‍යායාදි) අන්‍යයන්ගේ බස් අසා මකු වෙයි.

“ද‍්වෙ’මෙ තපනීයා ධම‍්මා” ඉදං දොමනස‍්සං.

‘මේ තපනීය ධර්‍මයෝ දෙදෙනෙකි’ (දුකඞ්ගුත්තර) මේ ‘දෝමනස්ස’යි

තත්‍ථ කතමො උපායාසො:

එහි උපායාස කවරෙ යත්:

10. කම‍්මාරානං යථා උක‍්කා - අන‍්තො ඩය‍්හති නො බහි, එවම‍්පි හදයං මය‍්හං- අන‍්තො ඩය‍්හති නො බහි

10. කඹුරන්නේ උදුන යම්සේ ඇතුළත දැවේ ද, පිටත්හි නො දැවේ ද, එපරිද්දෙන් මැ මා සිත ඇතුළත දැවෙයි. පිටත්හි නො දැවේ.

“තයො අග‍්ගී” අයං උපායාසො.

‘අග්නීහු තිදෙනෙකි’ (ඛුද්දකවත්‍ථුවිභංග) මේ උපායාස යි.

තත්‍ථ කතමො අප‍්පියසම‍්පයොගො:

එහි අප්පිය සම්පයෝග කවරෙ යැ:

11. අයසාව මලං සමුට‍්ඨිතං - තතුට‍්ඨාය තමෙව ඛාදති, එවං අතිධොනචාරිනං - සානි කම‍්මානි නයන‍්ති දුග‍්ගතිං.

11. යකඩින් මැ නැඟුණු මලය එයින් නැඟී ඒ යකඩය මැ කයි. එසෙයින් පස්විකුන් නුවණ ඉක්මවා (නො පස්විකා) සිවුපසය වළඳන මහණහු ස්වකීය කර්‍මයෝ දුගතියට පමුණුවත්.

“දෙව’මෙ තථාගතං අබ‍්භාචික‍්ඛන‍්ති” එකුත‍්තරිකෙ සුත‍්තං දුකෙසු. අයං අප‍්පියසම‍්පයොගො.

“මේ පුද්ගලයෝ දෙදෙන තථාගතයනට අභ්‍යාඛ්‍යාන කෙරෙති. දුකඞ්ගුත්තරයෙහි සූත්‍ර ය. මේ “අප්පියසම්පයෝග” යි.

තත්‍ථ කතමො පියවිප‍්පයොගො:

එහි පියවිප්පයෝග කවරෙ යත්:

12. සුපිනෙන යථාපි සඞ‍්ගතං - පටිබුද‍්ධො පුරිසො න පස‍්සති. එවම‍්පි මමායිතං ජනං - පෙතං කාලකතං න පස‍්සති.

12. පුරුෂ සිහිනයෙන් දක්නා ලද (චන්‍ද්‍රාදි) වස්තුව පිබිදියේ යම්සේ නො දකී ද, එසෙයින් මමායන කළ පරලොව ගිය කලුරිය කළ ජනයා නො දකී.

“තෙ දෙවා චවනධම‍්මං විදිත්‍වා තීහි වාචාහි අනුසාසන‍්ති” අයං පියවිප‍්පයොගො.

‘ඒ දෙවියෝ ච්‍යුත වන සැහැවි ඇතියහු දැන වචන තුනෙකින් අනුශාසනා කෙරෙත්. (ඉතිවුත්තක – චතුත්‍ථවග්ග) මේ ‘පියවිප්පයෝග’ යි.

යම‍්පිච‍්ඡං න ලභති: “තිස‍්සො මාරධීතරො.”

“යම්පිච්ඡං න ලහති” යනු තුන් මාරධීතෲහු යැ. (මාර සංයුත්ත)

13. තස‍්ස චෙ කාමයානස‍්ස - ඡන්‍දජාතස‍්ස ජන‍්තුනො, තෙ කාමා පරිහායන‍්ති - සල‍්ලවිද‍්ධොව රුප‍්පති.

13. කාමවස්තූන් කැමැති වන උපන් ඡන්‍ද රාග ඇති ඒ පුඟුල්හුගේ ඒ කාමවස්තු ඉදින් පිරිහෙත් නම් එකල්හි හේ විසපී ශල්‍යයෙකින් විදුනා ලද්දකු සෙයින් වෙහෙසට පැමිණේ.

“සඞ‍්ඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා”

“සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක් වෙති.”

14. චක‍්ඛුං සොතං ච ඝානං ච - ජිව‍්හා කායො තතො මනං, එතෙ ලොකාමිසා ඝොරා - යත්‍ථ සත‍්තා පුථුජ‍්ජනා.

14. පුහුදුන්හු යම් ලෝකාමිසයෙකැ ඇලුණාහු ද චක්‍ෂුස ද ශ්‍රෝත්‍රය ද ඝ්‍රාණ ද ජිහ්වා ද කාය ද යළි මනස ද යන තෙල ලොකාමිසයෝ දරුණු වෙත්.

“පඤ‍්චිමෙ භික‍්ඛවෙ ඛන්‍ධා.” ඉදං දුක‍්ඛං.

‘මහණෙනි මේ ස්කන්‍ධයෝ පස්දෙනෙකි’ මේ “දුක්ඛ” යි.

තත්‍ථ කතමා ජරා ච මරණං ච:

එහි ජරා – මරණ කවරෙ යැ:

15. අප‍්පං වත ජීවිතං ඉදං - ඔරං වස‍්සසතා’පි මීයති, යො චෙ’පි අතිච‍්ච ජීවති - අථ ඛො සො ජරසාපි මීයති.

15. මේ මිනිස් ජීවිතය නියතයෙන් අල්ප වෙයි. සියවසකින් මෙපිට (කලලාදි, අවස්ථාවෙහි) දු මියැයෙයි. ඉදින් යමෙක් සියවස් ඉක්මැ ජීවත් වේ නම්, එකල හේ ජරායෙනුදු යුක්ත වැ මියැයේ.

“අය්‍යකා මෙ කාලකතා”. සංයුත‍්තකෙ පසෙනදිසංයුත‍්තකෙ සුත‍්තං. අයං ජරා ච මරණං ච.

‘මාගේ මිත්තණිය කලුරිය කළා යැ’ සංයුත්සඟියැ කෝසල සංයුත්තයෙහි සූත්‍රය. මේ ජරා හා මරණ යි.

තත්‍ථ කතමා චුති ච උප‍්පත‍්තී ච.

එහි චුති ද උප්පත්ති ද කවර යැ:

16. සබ‍්බෙ සත‍්තා මරිස‍්සන‍්ති - මරණන‍්තං හි ජීවිතං, යථාකම‍්මං ගමිස‍්සන‍්ති - පුඤ‍්ඤපාප ඵලූපගා.

16. සියලු සත්හු මැරෙන්නාහු යැ, ජීවිතය මරණය අන්ත කොට ඇති හෙයිනි. පින් පව් ඵලය අනුව ගියාහු කර්‍ම වූ පරිදි පරලොව යෙත්.

අයං චුති ච උප‍්පත‍්ති ච

මේ චුති හා උප්පත්ති යි.

ඉමෙහි සුත‍්තෙහි එකසදිසෙහි ච අඤ‍්ඤෙහි නවවිධං සුත‍්තං තං අනුපවිට‍්ඨෙහි ලක‍්ඛණතො දුක‍්ඛං ඤත්‍වා සාධාරණං ච අසාධාරණං ච දුක‍්ඛං අරියසච‍්චං නිද‍්දිසිතබ‍්බං. ගාථාහි ගාථා අනුමිනිතබ‍්බා, බ්‍යාකණෙහි වා බ්‍යාකරණං. ඉදං දුක‍්ඛං.

එක්බඳු වූ මේ සූත්‍රයන්ගෙන් ද, නවවිධ සූත්‍රයට පිවිසි අන්‍යසූත්‍රයන්ගෙන් ද ලක්‍ෂණ වශයෙන් සාධාරණ වූත් දුක්ඛය දැන් දුඃඛාර්‍ය්‍යසත්‍යය දැක්වියැ යුතු යැ, ගාථායෙන් ගාථා පමණ කළ යුතු යැ, වෙය්‍යාකරණයෙන් වෙය්‍යාකරණ පමණ කළ යුතු, මේ ‘දුක්ඛ’ යි.

(2) තත්‍ථ කතමො දුක‍්ඛසමුදයො:

(2) එහි දුක්ඛ සමුදය කවරෙ යත් :

17. කාමෙසු සත‍්තා කාමසඞ‍්ගසත‍්තා සඤ‍්ඤොජනෙ වජ‍්ජමපස‍්සමානා න හි ජාතු සඤ‍්ඤොජනසඞ‍්ගසත‍්තා ඔඝං තරෙය්‍යුං පුථුලං මහන‍්තං.

17. වස්තු කාමයන්හි ක්ලේශකාමයෙන් ඇලුණු කාමයන්හි රාගාදි සඞ්ගයෙන් ලැගුණු සංයෝජනයෙහි දොස් නොදක්නා සංයෝජන සංඛ්‍යාත සඞ්ගයෙන් ත්‍රෛභූමක ධර්‍මයන්හි ඇලුණු සත්ත්‍වයෝ පුළුල් වූ මහත් වූ චතුරෝඝය නිසි කලෙකත් නොමැ තරණය කරන්නාහු ය.

“චත‍්තාරො ආසවා” සුත‍්තං. අයං දුක‍්ඛසමුදයො.

‘ආස්‍රවයෝ සතර දෙනෙකි, (දික්සඟියැ) දසුත්තර සූත්‍රය.

තත්‍ථ කතමො දුක‍්ඛනිරොධො:

එහි දුක්ඛ නිරෝධය කවරෙ යත්:

18. යම‍්හි න මායා වසතී න මානො යො වීතලොභො අමමො නිරාසො, පනුණ‍්ණකොධො අභිනිබ‍්බුතත‍්තො සො බ්‍රාහ‍්මණො සො සමණො ස භික‍්ඛු.

18. යමක්හු කෙරෙහි මායාවෙක් නො පවතී ද මානය නැද්ද යමෙක් වීතලෝභ වේ ද මමායන රහිත ද ආශා රහිත ද මුලුසුන් කළ ක්‍රෝධ ඇද්ද (කෙලෙස් පිරිනිවනින්) නිවුණු සිත් ඇත් ද හේ (බාහිත පාපී) බ්‍රාහ්මණ වෙයි. හේ (ශමිත පාපී) ශ්‍රමණ වෙයි. හේ භික්‍ෂු වූයේත් වේ.

“ද‍්වෙ’මා භික‍්ඛවෙ විමුත‍්තියො: රාගවිරාගො ච චෙතොවිමුත‍්ති, අවිජ‍්ජාවිරාගො ච පඤ‍්ඤාවිමුත‍්ති”. අයං නිරොධො.

“මේ විමුක්තීහු දෙදෙනෙකි : රාගයාගේ ක්‍ෂය විරාග වූ චිත්තවිමුක්තිය ද අවිද්‍යාවගේ ක්‍ෂයවිරාග වූ ප්‍රඥාවිමුක්තිය ද යන දෙක යැ. මේ දුක්ඛනිරෝධ යි.

තත්‍ථ කතමො මග‍්ගො:

එහි මග්ග කවරෙ යත්:

19. එසොව මග‍්ගො නත්‍ථඤ‍්ඤො - දස‍්සනස‍්ස විසුද‍්ධියා, එතං හි තුම‍්හෙ පටිපජ‍්ජථ - මාරස‍්සෙතං පමොහනං.

19. මාර්‍ගඵලදර්‍ශනයාගේ විශුද්ධිය පිණිස මෙය යැ මාර්‍ග වෙයි. අන් මඟෙක් නැති, එහෙයින් තෙපි තෙල මඟ මැ පිළිපදිවු. තෙල මහ මරහුගේ ප්‍රමෝහන යි.

“සත‍්ති’මෙ භික‍්ඛවෙ බොජ‍්ඣඞ‍්ගා.” අයං මග‍්ගො.

“මහණෙනි මේ බොධ්‍යංගයෝ සත්දෙනෙකි. (සත්තකංගුත්තර) මේ ‘මග්ග’ යි

තත්‍ථ කතමානි චත‍්තාරි අරියසච‍්චානි:

එහි සතර ආර්‍ය්‍යසත්‍යයෝ කවරහ යත්:

20. යෙ ධම‍්මා හෙතුප‍්පභවා - තෙසං හෙතුං තථාගතො ආහ, තෙසං ච යො නිරොධො - එවං වාදී මහාසමණො’ති.

20. හේතුයෙන් උපන් යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, තථාගතයෝ ඒ ධර්‍මයන්ගේ ප්‍රභවහේතුව වදාළහ. යළි ඔවුන්ගේ යම් නිරෝධයෙක් ඇද්ද, එ ද වදාළහ, මහාශ්‍රමණ වූ තථාගතයෝ මෙබඳු වාද ඇත්තාහ’යි.

හෙතුප‍්පභවා ධම‍්මා දුක‍්ඛං, හෙතු සමුදයො, යං භගවතො වචනං අයං මග‍්ගො, තෙසං යො නිරොධො, අයං නිරොධො.

හේතුයෙන් ප්‍රභව වූ ධර්‍මයෝ ‘දුක්ඛ’ යැ. හේතුව සමුදය යැ, භාග්‍යවත්හුගේ යම් (දේශනා) වචනයෙක් ඇද්ද මේ මාර්‍ග යැ, ඒ ධර්‍මයන්ගේ යම් නිරෝධයෙක් ඇද්ද මේ නිරෝධ යි.

යෙ හි කෙචි සංයොජනියෙසු ධම‍්මෙසු අස‍්සාදානුපස‍්සිනො විහරන‍්ති, කිලෙසා තණ‍්හා පවඩ‍්ඪති තණ‍්හාපච‍්චයා උපාදානං. -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති. තත්‍ථ යං සංයොජනං, අයං සමුදයො. යෙ සංයොජනීයා ධම‍්මා යෙ ච සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති, ඉදං දුක‍්ඛං. යා සංයොජනියෙසු ධම‍්මෙසු ආදීනවානුපස‍්සනා, අයං මග‍්ගො. පරිමුච‍්චති ජාතියා ජරාය ව්‍යාධීහි මරණෙන සොකෙහි පරිදෙවෙහි, යාව උපායාසෙහි. ඉදං නිබ‍්බානං.

යම් කිසි කෙනෙක් සංයෝජනයන්ට හිත වූ ධර්‍මයන්හි ආස්වාද විසින් දක්නාසුලු වැ වාස කෙරෙත් ද, ඔවුනට කෙලෙස් වූ තෘෂ්ණාව වැඩෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වෙයි ... මෙසෙයින් තෙල හුදු දුඃඛරාශිහුගේ සමුදය වේ. එහි යම් සංයෝජනයෙක් ඇද්ද, මේ ‘සමුදය’ යැ. යම් සංයෝජනියධර්‍ම කෙනෙක් ඇද්ද, යම් සෝක – පරිදේව – දුක්ඛ – දෝමනස්ස – උපායාස කෙනෙකුත් උපදිත් ද, මේ ‘දුක්ඛ’ යැ. සංසොජනිය ධර්‍මයන්හි යම් ආදීනව විසින් පුනපුනා බැලීමෙක් වේ ද, මේ මාර්‍ග යැ. ජාතියෙන් ජරායෙන් ව්‍යාධියෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් – උපායාසය දක්වා – මිදෙයි. මේ නිබ්බාන’යි.

ඉමානි චත‍්තාරි සච‍්චානි.

මේ සතර සත්‍යයෝ යි.

තත්‍ථ කතමා අනුපාදිසෙසා නිබ‍්බානධාතු:

එහි අනුපාදිසේසනිබ්බානධාතු කවර යත්:

21. අත්‍ථඞ‍්ගතස‍්ස න පමාණමත්‍ථි (උපසීවාති භගවා) යෙන නං වජ‍්ජු තං තස‍්ස නත්‍ථි, සබ‍්බෙසු ධම‍්මෙසු සමූහතෙසු සමූහතා වාදපථා’පි සබ‍්බෙව’ති.

21. (බුදුහු මෙසේ වදාළහ : උපසීව මාණවකය) අස්තයට ගියහුට (අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවියහුට) රූපාදිප්‍රමාණකරධර්‍මයෙක් නැත. රාගාදි යම් ධර්‍මයකින් ඔහුට කියන්නාහු නම් එය ඔහුට නැත (ස්කන්‍ධාදි) සියලු ධර්‍මයන් නැසූ කල්හි (ඔහු විසින්) හැම වාදපථයෝ ද නසන ලදහ’යි.

‘සංයුත‍්තකෙ ගොධික සුත‍්තං.’

සංයුත්සඟියැ ගෝධික සූත්‍රය (දැක්වියැ යුතු.)

අයං අනුපාදිසෙසා නිබ‍්බානධාතු.

මේ අනුපාදිසේසනිබ්බානධාතු යි.

ඉමානි අසාධාරණානි සුත‍්තානි, යහිං යහිං සච‍්චානි නිද‍්දිට‍්ඨානි, තහිං තහිං සච‍්චලක‍්ඛණතො ඔතාරෙත්‍වා අපරිමාණෙහි බ්‍යඤ‍්ජනෙහි සො අත්‍ථෙ පරියෙසිතබ‍්බො. තත්‍ථ අත්‍ථානුපරිවත‍්තිබ්‍යඤ‍්ජනෙන පුන බ්‍යඤ‍්ජනානුපරිවත‍්තිඅත්‍ථෙන තස‍්ස එකමෙකස‍්ස අපරිමාණානි බ්‍යඤ‍්ජනානි ඉමෙහි සුත‍්තෙහි යථානික‍්ඛිත‍්තෙහි චත‍්තාරි අරියසච‍්චානි නිද‍්දිසිතබ‍්බානි. පඤ‍්චනිකායෙ අනුපවිට‍්ඨාහි ගාථාහි ගාථා අනුමිනිතබ‍්බා. බ්‍යාකරණෙහි බ්‍යාකරණං. ඉමානි අසාධාරණානි සුත‍්තානි.

මේ අසාධාරණ සූත්‍රයෝ යැ, යම් යම් තැනෙක සිවුසස් දක්වන ලද්දාහු ද ඒ ඒ තැන්හි සත්‍ය ලක්‍ෂණයෙන් අවතරණ කොට අපරිමාණ ඛ්‍යඤ්ජනයෙන් ඒ අර්‍ත්‍ථය සෙවියැ යුතු. එහි අර්‍ත්‍ථය අනුව වැටෙන ඛ්‍යඤ්ජනයෙන් යළි ඛ්‍යඤ්ජන අනුව වැටෙන අර්‍ත්‍ථයෙන් යුත් ඒ එකෙකි අර්‍ත්‍ථයාගේ අපරිමාණ ඛ්‍යඤ්ජනයෝ වෙති. නික්‍ෂේප කළ පරිදි මේ සූත්‍රයන්ගෙන් චතුරාර්‍ය්‍ය සත්‍යයෝ දැක්විය යුත්තාහ. පස්මහසඟියෙහි පිවිසැගෙන සිටි ගාථායෙන් ගාථා පමණ කළ යුතු යැ, ඛ්‍යාකරණයෙන් ඛ්‍යාකරණය පමණ කළ යුතු. මොහු අසාධාරණ සූත්‍රයෝ යි.

තෙසං ඉමා උද‍්දානගාථා:

එහි මේ උද්දාන ගාථා යැ:

(1) යමෙකරත‍්තිං පඨමං - අට‍්ඨදානූපපත‍්තියො, අචරිත්‍වා බ්‍රහ‍්මචරියං - පඤ‍්ච පුබ‍්බනිමිත‍්තත‍්තං.

(1-10) (යමෙකරත්තිං පඨමං, යනාදි ජාතක (අයොඝර) ගාථායෙහි පටන් සංයුත් සඟියැ ගෝධික සූත්‍රය දක්වා ජාති ආදි ධර්‍මයනට නිදර්ශිත අසාධාරණ සූත්‍රයන්ගේ අනුපිළිවෙළ උද්දානගාථාවන්ගෙන් දක්වන ලද්දේය, එය පාළි වශයෙන් මැ දතහැකි වේ.)

(2) සාමං තෙන කුතො රාජ - තයො ගිලානකාපි’ච, යථා’පි කුම‍්භකාරස‍්ස - මමායිතොදකප‍්පනං.

(3) ඉධ සොචති පෙච‍්ච සොචති - තීණි දුච‍්චරිතානි ච, කාමෙසු ගිද‍්ධා පසුතා - යාච තිස‍්සො විපත‍්තියො.

(4) සතං ආසි අයොසඞ‍්කූ - පරිළාහො මහත‍්තරො, සඞ‍්කප‍්පෙහි පරෙතො සො - තපනීයා දුවෙ තථා.

(5) කම‍්මාරානං යථා උක‍්කා - තයො අග‍්ගී පකාසිතා, අයතො මලමුප‍්පන‍්නං - අබ‍්භක‍්ඛානං තථාගතෙ.

(6) සුපිනෙන යථාපි සංගතං - තිවිධං දෙවානුසාසනං, තිස‍්සො ච මාරධීතරො - සල‍්ලවිද‍්ධො’ව රුප‍්පති.

(7) චක‍්ඛු සොතං ච ඝානං ච - පඤ‍්චක‍්ඛන්‍ධා පකාසිතා, අප‍්පං වත ජීවිතං ඉදං - අය්‍යකා මෙ මහල‍්ලිකා.

(8) සබ‍්බෙ සත‍්තා මරිස‍්සන‍්ති - උපපත‍්ති චුතී ව’යං, කාමෙසු සත‍්තා සංයුත‍්තා - චත‍්තාරො පනාසවා.

(9) යම‍්හි න මායා වසති - ද‍්වෙමා චෙතොවිමුත‍්තියො, එසො’ච මග‍්ගො නත්‍ථඤ‍්ඤො - බොජ‍්ඣඞ‍්ගා ච සුදෙසිතා.

(10) යෙ ධම‍්මා හෙතුප‍්පභවා - සංයොජනානුපස‍්සිනො, අත්‍ථඞ‍්ගතස‍්ස න පමාණමත්‍ථි - ගොධිකො පරිනිබ‍්බුතො.

ඉමා දස තෙසං උද‍්දානගාථා.

ඒ අසාධාරණ සූත්‍රයන්ගේ උද්දානගාථා දසයෙකි.

තත්‍ථිමානි සාධාරණානි සුත‍්තානි, යෙසු සුත‍්තෙසු සාධාරණානි සච‍්චානි දෙසිතානි අනුලොමම‍්පි පටිලොමම‍්පි වොමිස‍්සකම‍්පි තත්‍ථ අයං ආදි:

එහි මේ සාධාරණ සූත්‍රයෝ යැ, යම් සූත්‍රයෙක්හි අනුලෝම ව ද, ප්‍රතිලෝම ව ද ව්‍යති මිශ්‍ර කොට ද සාධාරණ සත්‍යයෝ දෙසන ලද්දාහු ද එහි මේ ආදිය යැ:

22. අවිජ‍්ජාය නිවුතො ලොකො (අජිතාති භගවා,) විවිච‍්ඡා පමාදා නප‍්පකාසති, ජප‍්පාභිලෙපනං බ්‍රූමි - දුක‍්ඛමස‍්ස මහබ‍්භයං.

22. (අජිත යි බුදුහු මෙසේ වදාරති) ධර්‍ම ස්වභාව ප්‍රතිච්ඡාදන ලක්‍ෂණ වූ සත්ත්‍ව ලෝකය වසන ලද විචිකිත්සා ප්‍රමාද හේතුයෙන් ප්‍රකාශයට නො පැමිණෙයි, තෘෂ්ණාව අභිලේපන (ඇලීම) යයි කියමි. ඒ ලෝවැසිහට ජාත්‍යාදි වට්ටදුක්ඛය මහත් භය හේතුව වේ.

තත්‍ථ යා අවිජ‍්ජා ච විවිච‍්ඡා ච අයං සමුදයො. යං මහබ‍්භයං ඉදං දුක‍්ඛං. ඉමානි ද‍්වෙ සච‍්චානි දුක‍්ඛං ච සමුදයො ච.

එහි යම් අවිද්‍යාවකුත් විචිකිත්සාවකුත් වේ ද, මේ ‘සමුදය’ යැ, යම් මහත් භයෙක් වේ ද මේ ‘දුක්ඛ’ යැ, දුක්ඛ ද සමුදය දැ යි මේ සත්‍ය දෙක යි.

“සංයොජනං සංයොජනීයා ච ධම‍්මා”ති සංයුත‍්තකෙ චිත‍්ත සංයුත‍්තකෙසු බ්‍යාකරණං.

“සංයෝජන ද සංයෝජනිය ධර්‍මයෝ ද” යන සංයුත් සඟියැ චිත්ත සංයුත්තයෙහි වෙය්‍යාකරණය වෙයි.

තත්‍ථ යං සංයොජනං, අයං සමුදයො. යෙ සංයොජනියා ධම‍්මා ඉදං දුක‍්ඛං, ඉමානි ද‍්වෙ සච‍්චානි: දුක‍්ඛං ච සමුදයො ච.

එහි යම් සංයෝජනයෙක් ඇද්ද මේ ‘සමුදය’ යැ, සංයෝජනයන්ට හිත වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ‘දුක්ඛ’ යැ. දුක්ඛ ද සමුදය දැ යි මේ සත්‍ය දෙකෙකි.

තත්‍ථ කතමං දුක‍්ඛං ච නිරොධො ච:

එහි දුක්ඛයත් නිරෝධයත් කවරෙ යැ:

23. උච‍්ඡින‍්නභවතණ‍්හස‍්ස - සන‍්තචිත‍්තස‍්ස භික‍්ඛුනො, වික‍්ඛීණො ජාතිසංසාරො - නත්‍ථි තස‍්ස පුනබ‍්භවො.

23. මගනුවණින් මුලුසුන් කළ භවතෘෂ්ණා ඇති කෙලෙස් නැතියෙන් සන්හුන් සිත් ඇති මහණහු විසින් ජාති සංඛ්‍යාත සංසාරය වෙසෙසින් ක්‍ෂය කරන ලද. ඔහුට පුනර්‍භවයෙක් නැති.

තත්‍ථ යං චිත‍්තං ඉදං දුක‍්ඛං, යො භවතණ‍්හාය උපච‍්ඡෙදො අයං දුක‍්ඛනිරොධො. “වික‍්ඛීණො ජාතිසංසාරො නත්‍ථි තස‍්ස පුනබ‍්භවො”ති නිද‍්දෙසො. ඉමානි ද‍්වෙ සච‍්චානි: දුක‍්ඛං ච නිරොධො ච.

එයි යම් චිත්තයෙක් ඇද්ද මේ ‘දුක්ඛ’ යැ. භවතෘෂ්ණාවගේ යම් උපච්ඡේදයෙක් වේ ද, මේ ‘දුක්ඛ නිරෝධ’ යැ. ‘වික්ඛීණො ජාතිසංසාරො නත්‍ථි තස්ස පුනබ්භවෝ’ යනු නිද්දේස යි. දුක්ඛ යැ නිරෝධ යැ යි මේ සත්‍යයෝ දෙදෙනෙකි.

“ද‍්වෙ’මා භික‍්ඛවෙ විමුත‍්තියො: රාගවිරාගා ච චෙතොවිමුත‍්ති, අවිජ‍්ජාවිරාගා ච පඤ‍්ඤාවිමුත‍්ති.” තත්‍ථ යං චිත‍්තං, ඉදං දුක‍්ඛං. යා විමුත‍්ති, අයං නිරොධො. ඉමානි ද‍්වෙ සච‍්චානි: දුක‍්ඛං ච නිරොධො ච.

මහණෙනි, මේ විමුත්තීහු, දෙ දෙනෙක් වෙති: රාගවිරාග චේතෝ විමුත්තිය ද අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුත්තිය ද යන මොහු යැ. එහි යම් චිත්තයක් වේ ද, මේ දුක යැ. යම් විමුත්තයක් වේ ද මේ නිරෝධ යි. දුඃඛ සත්‍යය ද නිරෝධ සත්‍යය දැයි මෙ සත්‍යයෝ දෙ දෙනෙකි.

තත්‍ථ කතමං දුක‍්ඛං මග‍්ගො ච:

එහි දුක්ඛ ද මග්ග ද කවරෙ යත්:

24. කුම‍්භූපමං කායමිමං විදිත්‍වා නගරූපමං චිත‍්තමිදං ඨපෙත්‍වා, යොධෙථ මාරං පඤ‍්ඤාවුධෙන ජිතං ච රක‍්ඛෙ අනිවෙසනො සියා.

24. මේ කය කුඹල්බඳුනක් වැන්නැ යි දැන මේ විදර්‍ශනාචිත්තය නගරූපම කොට තබා ප්‍රඥා නමැති අවියෙන් කෙලෙස් මරුට පහර දෙන්නේ යැ. දිනන (උපදවන) ලද තරුණ විදර්‍ශනාව රක්නේ යැ. සමවත නිවේසන කොට (එහි) නො වසන්නේ යි.

තත්‍ථ යො ච කුම‍්භූපමො කායො යං ච නගරූපමං චිත‍්තං ඉදං දුක‍්ඛං, යං ‘පඤ‍්ඤාවුධෙන මාරං යොධෙථා’ති අයං මග‍්ගො ඉමානි ද‍්වෙ සච‍්චානි.

එහි යම් කුම්භූපම කයකුත් නගරුපම සිතකුත් වේ ද, මේ ‘දුක්ඛ’ යැ. ‘ප්‍රඥායුධයෙන් මාර ප්‍රහාරය යන යමක් වේ ද මේ මාර්‍ග යි. මේ (දුක්ඛ මග්ග) සත්‍ය දෙක යි.

“යං භික‍්ඛවෙ න තුම‍්හාකං තං පජහථ”. තත්‍ථ යා පජහනා, අයං මග‍්ගො. යෙ තෙ ධම‍්මා අනත‍්තනියා පහාතබ‍්බා, රූපං යාව විඤ‍්ඤාණං, ඉදං දුක‍්ඛං. ඉමානි ද‍්වෙ සච‍්චානි: දුක‍්ඛං ච මග‍්ගො ච.

‘මහණෙනි යමක් තොපගේ නො වේ ද, එය දුරැලවූ, (ඛන්‍ධසංයුත්ත) එහි යම් දුරැලීමෙක් වේ ද මේ ‘මග්ග’ යැ, තමා සතු නොවූ (එහෙයින්) ප්‍රහාතව්‍ය වූ රූපාදිවිඤ්ඤාණ දක්වා යම් ධර්‍ම කෙනෙක් ඇත් ද මේ ‘දුක්ඛ’ යැ. මේ ‘දුක්ඛ මග්ග’ යන දෙ සත්‍යයෝ යි.

තත්‍ථ කතමං දුක‍්ඛං ච සමුදයො ච නිරොධො ච:

එහි ‘දුක්ඛ, සමුදය හා නිරෝධ’ කවරෙ යැ:

25. යෙ කෙචි සොකා පරිදෙවිතා වා දුක‍්ඛා ච ලොකස‍්මිං අනෙකරූපා, පියං පටිච‍්ච පභවන‍්ති එතෙ පියෙ අසන‍්තෙ න භවන‍්ති එතෙ.

25. ලොවැ නන්වැදෑරුම් වූ යම් කිසි සෝක පරිදේව දුක්ඛයෝ වෙත් ද තෙල (සෝකාදීහු) ප්‍රියවස්තු නිසා උපදිති, ප්‍රියවස්තුවක් නැති කල්හි තුලුහු (සෝකාදීහු) නො වෙත්.

තත්‍ථ යෙ සොකපරිදෙවා, යං ච අනෙකරූපං දුක‍්ඛං, යං පෙමතො භවති, ඉදං දුක‍්ඛං. යං පෙමං, අයං සමුදයො. යො ඡන්‍දරාගවිනයො පියස‍්ස අකිරියා, අයං නිරොධො. ඉමානි තීණි සච‍්චානි.

එහි යම් සෝකපරිදේවයෝ වෙත් ද යම් අනේකරූප වූ දුකකුත් වේ ද, ප්‍රෙමහේතුයෙන් යම් දුකකුත් වේ ද මේ ‘දුක්ඛ’ යැ. යම් ප්‍රේමයෙක් වේ ද, මේ ‘සමුදය’ යැ යම් ඡන්‍දරාග විනයයෙක් ප්‍රිය නො කිරීමෙක් වේ ද, මේ ‘නිරෝධ’ යි. මේ තුන් සත්‍යයෝ යි.

තිම‍්බරුකො පරිබ‍්බාජකො පච‍්චෙති: “සයං කතං පරං කත”න‍්ති. යථෙසා වීමංසා, ඉදං දුක‍්ඛං. යා එතෙ ද‍්වෙ අන‍්තෙ අනුපගම‍්ම මජ‍්ඣිමා පටිපදා, අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා යාව ජාතිපච‍්චයා ජරාමරණං, ඉදම‍්පි දුක‍්ඛං ච සමුදයො ච. විඤ‍්ඤාණං නාමරූපං සළායතනං ඵස‍්සො වෙදනා භවො ජාති ජරාමරණං, ඉදං දුක‍්ඛං. අවිජ‍්ජා සඞ‍්ඛාරා තණ‍්හා උපාදානං, අයං සමුදයො. ඉති ඉදං ‘සයං කතං වීමංසෙය්‍යා’ති යං ච පටිච‍්චසමුප‍්පාදෙ දුක‍්ඛං, ඉදං දුක‍්ඛං එසො සමුදයො නිද‍්දිට‍්ඨො. අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධො, යාව ච ජරාමරණනිරොධො’ති අයං නිරොධො. ඉමානි තීණි සච‍්චානි: දුක‍්ඛං ච සමුදයො ච නිරොධො ච.

තිම්බරූක පරිව්‍රාජක ‘සුවදුක් තමා විසින් කරන ලද ද, පරා විසින් කරන ලද දැ’යි පුළුවුස්සි. (අභිසමය සංයුක්ත) තෙල වීමංසාව බඳු යම් දහමක් ඇද්ද, මේ දුක්ඛ යැ. තෙල අන්තද්වයට නො පැමිණ යම් මධ්‍යම ප්‍රතිපදාවක් ඇද්ද. ‘අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති’ (යනු ආදි කොට) ‘ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි’ යනු දක්වා මෙ ද ‘දුක්ඛ’ හා ‘සමුදය’ ද වෙයි. විඤ්ඤාණ නාමරූප සළායතන ඵස්ස වේදනා භව ජාති ජරාමරණ යන මේ ‘දුක්ඛ’ යැ, අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන යන මේ ‘සමුදය’ යැ. මෙසේ මේ ‘ස්වයං කෘතය විමසන්නේ යැ’ යනු ද පටිච්චසමුප්පාදයෙහි ‘දුක්ඛ’ ය ද තෙල දැක් වූ ‘සමුදය’ ද ‘අවිජ්ජානිරෝධයෙන් සංඛ්‍යාරනිරෝධය වෙයි.’ යනු පටන් ජරාමරණනිරෝධය තෙක් මේ ‘නිරෝධ’ යි. ‘දුක්ඛ සමුදය හා නිරෝධය’ ද යන මොහු තුන් සත්‍යයෝ යි.

තත්‍ථ කතමං දුක‍්ඛං ච සමුදයො ච මග‍්ගො ච

එහි දුක්ඛ සමුදය හා මග්ග කවරෙ යැ:

26. යො දුක‍්ඛමද‍්දක‍්ඛි යතො නිදානං තාමෙසු සො ජන‍්තු කථං නමෙය්‍ය, කාමා භි ලොකෙ සඞ‍්ගාති ඤත්‍වා තෙසං සතීමා විනයාය සික‍්ඛෙ’ති.

26. ආරබ්ධ විදර්‍ශක වූ යමෙක් ත්‍රෛභූමික දුඃඛය දුටුයේ ද යම් හේතුයෙකින් දුක උපදී නම් ඒ නිදාන වූ තෘෂ්ණාවත් දුටුයේ ද පටිපන්නක වූ ඒ පුඟුල් සචස්තුක ක්ලේශ කාමයන්හි කිසෙයින් නැමේ ද, (නො නැමේ මැ යැ). යම් හෙයෙකින් මෙ ලොවැ කාමයෝ (පසමිතුරු වෙත් ද එ හෙයින්) සංගයෙකැ යි දැන ඒ කාමයන්ගේ ප්‍රහාණ විනය පිණිස ස්මෘතිමත් වැ ත්‍රිවිධ ශික්‍ෂායෙහි හික්මෙන්නේ යි.

තත්‍ථ යො දුක‍්ඛමද‍්දක‍්ඛි, ඉදං දුක‍්ඛං, යතො භවති අයං සමුදයො, යං දිට‍්ඨං යතො භවති යාව තස‍්ස විනයාය සික‍්ඛා, අයං මග‍්ගො. ඉමානි තීණි සච‍්චානි.

එහි ‘යො දුක්ඛමද්දක්ඛි’ යන මේ ‘දුක්ඛ’ යැ. යම් කරුණෙකින් වේ ද මේ ‘සමුදය’ යැ යමක් දක්නා ලද ද, යමකින් වේ ද, යම්තාක් එ හේතුහුගේ විනය පිණිස හික්මීමෙක් වේ ද, මේ ‘මග්ග’ යැ මොහු තුන් සත්‍යයෝ යි.

“එකාදසඞ‍්ගුත‍්තරෙසු ගොපාලකූපම සුත‍්තං”.

“එකාදසකංගුත්තරයෙහි ගෝපාලකූපම සූත්‍රය:”

තත්‍ථ යා ච රූපඤ‍්ඤූතා යං ච සළායතනං, යථා වණං පටිච‍්ඡාදෙති, යං ච තිත්‍ථං, යථා ච ලභති ධම‍්මූපසංහිතං උළාරං පීතිපාමොජ‍්ජං, චතුබ‍්බිධං ච අත‍්තභාවතො වත්‍ථු, ඉදං දුක‍්ඛං. යාව ආසාටිකං සාටෙතා හොති, අයං සමුදයො. රූපඤ‍්ඤුතා ආසාටිකසාටනං, වණපටිච‍්ඡාදනං, වීථිඤ‍්ඤුතා, ගොචරකුසලං ච, අයං මග‍්ගො අවසෙසා ධම‍්මා අත්‍ථි හෙතූ, අත්‍ථි පච‍්චයා, අත්‍ථි නිස‍්සයා, සාවසෙසදොහිතා අනෙකපූජා ච කල්‍යාණමිත‍්තතාපච‍්චයා ධම‍්මා, විථිඤ‍්ඤුතා ච හෙතු. ඉමානි තීණි සච‍්චානි.

එහි යම් රූපඤ්ඤුතායෙක් වේ ද, යම් සළායතනයෙක් වේ ද, යම්සේ චණපටිච්ඡාදනය කෙරේ ද, යම් තීර්‍ත්‍ථයෙක් වේ ද යම්සේ ධම්මූපසංහිත උළාර පීතිපාමොජ්ජ ලබා ද, ආත්මභාව හෙයින් චතුර්විධ වස්තුයෙක් වේ ද, මේ ‘දුක්ඛ’ යැ. ‘ආසාටික (කාමවිතර්‍ක) බැහැර කරනුයේ වෙයි’ යනු දක්වා මේ ‘සමුදය’ යැ, රූපඥ බව ආසාටික දුරැලීම ව්‍රණ ප්‍රතිච්ඡාදනය, වීථි දන්නා බව හා ගෝචරකුසල බව ද යන මේ ‘මග්ග’ යැ. අවශේෂ ධර්‍මයෝ: හේතූහු ඇත, ප්‍රත්‍යයෝ ඇත, නිශ්‍රයයෝ ඇත. සාවශෙෂ කොට දොවන බව හා අනේක පූජා ද කල්‍යාණ මිත්‍රතාවට ප්‍රත්‍ය වූ ධර්‍මයෝ ද වීථි දන්නා බව ද හේතු යි. මොහු තුන් සත්‍යයෝ යි.

තත්‍ථ කතමං දුක‍්ඛං ච මග‍්ගො ච නිරොධො ච:

එහි ‘දුක්ඛ මග්ග හා නිරෝධ’ කවරෙ යැ:

27. සති කායගතා උපට‍්ඨිතා ඡසු ඵස‍්සායතනෙසු සංවුතො, සතතං භික‍්ඛු සමාහිතො ජඤ‍්ඤා නිබ‍්බානමත‍්තනො.

27. යමක්හට කායගතාසතිය එළඹැසිටියා ද යමෙක් ස්පර්‍ශයට කාරණ වූ චක්‍ෂුරාදි ෂඩායතනයෙහි සංවෘත වූයේ ද නිරතුරු විදර්‍ශනාසමාධියෙන් සමාහිත වූ ඒ මහණ තමාගේ ක්ලේශපරිනිර්‍වාණය දන්නේ යි.

තත්‍ථ යා ච කායගතා සති, යං ච සළායතනං, සබ‍්බං චෙතං දුක‍්ඛං. යා ච කායගතා සති, යො ච සීලසංවරො යො ච සමාධි යත්‍ථ යා සති, අයං පඤ‍්ඤාක‍්ඛන්‍ධො. සබ‍්බම‍්පි සීලක‍්ඛන්‍ධො සමාධික‍්ඛන්‍ධො, අයං මග‍්ගො. එවංවිහාරිනා ඤාතබ‍්බං නිබ‍්බානං, අයං නිරොධො ඉමානි තීණි සච‍්චානි:

එහි යම් කායගතාසතියක් ඇද්ද, යම් සළායතනයෙක් වේ ද, තෙල සියල්ල ‘දුක්ඛ’ යැ. යම් කායගතාසතියක් වූ ද යම් සීලසංවරයෙක් වේ ද යම් සමාධියෙක් වේ ද යම් අරමුණෙක යම් සතියක් වූ ද මේ ‘පඤ්ඤාක්ඛන්‍ධ’ යැ. හැම සීලක්ඛන්‍ධ සමාධික්ඛන්‍ධ (එයින් ගන්නා ලද) මේ ‘මග්ග’ යැ. මෙබඳු විහරණ ඇතියහු විසින් නිර්‍වාණය දතයුතු යැ. මේ ‘නිරෝධ’ යි. මේ තුන් සත්‍යයෝ යි.

සීලෙ පතිට‍්ඨාය ද‍්වෙ ධම‍්මා භාවෙතබ‍්බා: සමථො ච විපස‍්සානා ච තත්‍ථ යෙ චිත‍්තසහජාතා ධම‍්මා, ඉදං දුක‍්ඛං, යො ච සමථො යා ච විපස‍්සනා, අයං මග‍්ගො. රාගවිරාගා ච චෙතොවිමුත‍්ති, අවිජ‍්ජාවිරාගා ච පඤ‍්ඤාවිමුත‍්ති, අයං නිරොධො. ඉමානි තීණි සච‍්චානි.

සීලයෙහි පිහිටා සමථ යැ විපස්සනා යැ යන ධර්‍මයෝ දෙදෙන වැඩිය යුත්තාහ. එහි යම් චිත්තසහජාත ධර්‍මයෝ වෙත් ද, මේ ‘දුක්ඛ’ යැ, යම් සමථයෙක් වේ ද යම් විපස්සනාවක් වේ ද මේ ‘මග්ග’ යැ, රාගවිරාග – චේතෝවිමුක්තිය ද අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුක්තිය ද යන මේ ‘නිරෝධ’ යි. මේ තුන් සත්‍යයෝ යි.

තත්‍ථ කතමො සමුදයො ච නිරොධො ච:

එහි ‘සමුදය ද නිරෝධය ද’ කවරෙ යත්:

28. ආසා පිහා ච අභිනන්‍දනා ච අනෙකධාතූසු සරා පතිට‍්ඨිතා, අඤ‍්ඤාණමූලප‍්පභවා පජප‍්පිතා සබ‍්බා මයා බ්‍යන‍්තිකතා සමූලකා

28. අනාගතාර්‍ත්‍ථ ආශංසනය කරන (පතන) ආශාව ද වර්‍තමානාර්‍ත්‍ථ ප්‍රාර්‍ත්‍ථනා කරන පිහාව ද නිෂ්පන්නාර්‍ත්‍ථ ප්‍රතිපාලන කරන අභිනන්‍දතාව ද චක්ඛුධාතු ආදි අනේකධාතු විෂයෙහි පිහිටි අවිද්‍යාමූලය ප්‍රභව කොට ඇති තෘෂ්ණා සංඛ්‍යාත සියලු ප්‍රජල්පිතයෝ මා විසින් මූල සහිත ව විගතාන්ත කරන ලද්දාහු යැ.

තත්‍ථ අඤ‍්ඤාණමූලප‍්පභවා’ති පුරිමකෙහි සමුදයො. සබ‍්බා මයා බ්‍යන‍්ති කතා සමූලකාති නිරොධො. ඉමානි ද‍්වෙ සච‍්චානි:

එහි ‘අඤ්ඤාණමූලප්පහවා’ යී පූර්‍වපදයන්ගෙන් ‘සමුදය’ කියන ලද ‘සබ්බා මයා ඛ්‍යන්තිකතා සමූලකා’ යී නිරෝධය කියන ලදි. මේ දෙ සත්‍යයෝ යි.

“චතුන‍්නං ධම‍්මානං අනනුබොධා අප‍්පටිවෙධා” විත්‍ථාරෙන කාතබ‍්බං. අරියස‍්ස සීලස‍්ස සමාධිනො පඤ‍්ඤාය විමුත‍්තියා. තත්‍ථ යො ඉමෙසං චතුන‍්නං ධම‍්මානං අනනුබොධො අපටිවෙධො, අයං සමුදයො. පටිවෙධො භවනෙත‍්තියා, අයං නිරොධො. අයං සමුදයො ච නිරොධො ච.

“සතර ධර්‍ම කෙනකුන්ගේ අනවබෝධයෙන් අප්‍රතිවේධයෙන්” විස්තර කළයුතු යැ. ආර්‍ය්‍ය ශීලය සමාධිය ප්‍රඥාව විමුක්තිය (නො පිළිවිදිමෙනැයි චතුක්කංගුත්තර භණ්ඩගාමවග්ග විස්තර කළයුතු) එහි සතර ධර්‍මයන්ගේ යම් අනනුබෝධයෙක් අපටිවේධයෙක් වේ ද මේ “සමුදය” යැ. පටිවෙධය භවනෙත්ති සංඛ්‍යාත තෘෂ්ණාව දුරැලීම යැ, මේ ‘නිරෝධ’ යි. මේ සමුදය හා නිරෝධ යි.

තත්‍ථ කතමො සමුදයො ච මග‍්ගො ච:

එහි ‘සමුදයත් මග්ගයත්’ කවරෙ යැ:

29. යානි සොතානි ලොකස‍්මිං (අජිතාති භගවා) සති තෙසං නිවාරණං, සොතානං සංවරං බ්‍රූමි පඤ‍්ඤායෙතෙ පිථීයරෙ.

29. (අජිතයෙනි’යි බුදුහු වදාරති) ලොවැ යම් ස්‍රෝතස් කෙනෙක් වෙත් නම් ස්මෘතිය ඔවුන්ගේ නිවාරණ යැ. (ඒ ස්මෘතිය) ස්‍රෝතසුන්ගේ සංවරය යි කියමි. මාර්‍ගඥානයෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙත්.

‘යානි සොතානී’ති අයං සමුදයො. යා ච පඤ‍්ඤා, යං ච සති නිවාරණං පිධානං ච, අයං මග‍්ගො. ඉමානි ද‍්වෙ සච‍්චානි.

“යානි සෝතානි” යන මේ ‘සමුදය’ යැ. යම් ප්‍රඥාවකුත් යම් ස්මෘතියකුත් වේ ද, නිවාරණය හා විධානය ද මේ ‘මග්ග’ යැ. මේ දෙ සත්‍යයෝ යි.

‘සඤ‍්චෙතනියං සුත‍්තං’ දළ‍්හනෙමියානකාරො ඡහි මාසෙහි නිද‍්දිට‍්ඨො. තත්‍ථ යං කායකම‍්මං සවඞ‍්කං සදොසං සකසාවං, යා සවඞ‍්කතා සදොසතා සකසාවතා, අයං සමුදයො. එවං වචීකම‍්මං, මනොකම‍්මං. යං කායකම‍්මං අවඞ‍්කං අදොසං අකසාවං, යා අවඞ‍්කතා අදොසතා අකසාවතා, අයං මග‍්ගො. එවං වචීකම‍්මං මනොකම‍්මං. ඉමානි ද‍්වෙ සච‍්චානි සමුදයො ච මග‍්ගො ච.

‘සඤ්චේතනිය සූත්‍රය (දසකංගුත්තරයෙහි) ද, දළ්භනෙමියානකාර සමසකින් දක්වන ලද රියසක ද වේ. එහි යම් සවංක වූ සදෝස වූ කසට සහිත වු කාය කර්‍මයක් වේ ද යම් සවංකබවක් සදෝසබවක් සකසාවබවක් වේ ද මේ ‘සමුදය’ යැ. වචීකම්ම මනෝකම්ම ද මෙසේ යි. අවංක අදෝස අකසාව වූ යම් කායකර්‍මයක් වේ ද යම් අවංකබවක් අදෝස බවක් අකසාව බවක් වේ ද මේ “මග්ග” යැ. වචීකම්ම මනෝකම්ම ද මෙසේ යැ. මේ සමුදය ද මග්ග ද යන දෙ සත්‍යයෝ යි.)

තත්‍ථ කතමො සමුදයො ච නිරොධො ච මග‍්ගො ච:

එහි ‘සමුදය නිරෝධ හා මග්ග’ කවරෙ යත්:

“නිස‍්සිතස‍්ස චලිතං, අනිස‍්සිතස‍්ස චලිතං කත්‍ථි, චලිතෙ අසති පස‍්සද‍්ධි, පස‍්සද‍්ධියා සති නති න හොති, නතියා අසති ආගති ගති න හොති, ආගතිගතියා අසති චුතූපපාතො න හොති, චුතූපපාතෙ අසති නෙවිධ න හුරං න උභයමන‍්තරෙන එසෙවන‍්තො දුක‍්ඛස‍්සා”ති.

‘(තණ්හාදිට්ඨීන්) නිඃශ්‍රය ඇතියහුට (චිත්තසන්තානයාගේ) කම්පනය වෙයි. අනිස්සිතයහට චලිතයෙක් නැති, චලිතය නැති කල්හි පස්සද්ධි (කාය චිත්ත දරථයන්ගේ සන්හිඳීම) වෙයි. පස්සද්ධිය ඇති කල්හි කාමාදිභවයෙහි නතිය (නැමීම) නො වෙයි. නතිය නැති කල්හි භවයෙන් භවයට පැමිණීමෙක් යෑමෙක් නො වෙයි. ආගති ගති නැති කල්හි ච්‍යුති උත්පත්ති නො වෙයි. චුතූපපාත නැති කල්හි මෙ ලොවැ නො මැ වෙයි. පරලොවැ නො වෙයි. එ දෙලොවැ මැ නො වෙයි, තෙල උභය ලෝකයාගේ නො පැවැත්ම මැ වට්ටදුක්ඛයාගේ අන්තය වේ” යයි. (උදාන–පාටලිගාමියවග්ග, වේදනා සංයුක්ත–ඡන්නවග්ග)

තත්‍ථ ද‍්වෙ නිස‍්සයා, අයං සමුදයො. යො ච අනිස‍්සයො, යා ච අනති අයං මග‍්ගො යා ආගතිගති න හොති, චුතූපපාතො ච, යො එසෙවන‍්තො දුක‍්ඛස‍්සා’ති, අයං නිරොධො. ඉමානි තීණි සච‍්චානි.

එහි (තණ්හා, දිට්ඨි, විසින්) නිස්සය දෙකෙකි. මේ ‘සමුදය’ යැ. යම් අනිඃශ්‍රයෙක් යම් අනතියක් වේ ද මේ ‘මග්ග’ යැ, යම් ආගති ගති නො වීමෙක් චුතූපපාත නො වීමෙක් වේ ද, යම් වට්ටදුක්ඛයාගේ අන්තයෙක් වේ ද, මේ ‘නිරෝධ’ යි. මේ තුන් සත්‍යයෝ යි.

“අනුපට‍්ඨිතකාය සති -පෙ- යං විමුත‍්තිඤාණදස‍්සනං අයං සමුදයො, එකාදස උපනිස‍්සයා විමුත‍්තියො යාව උපනිස‍්සයසම‍්පදා උපට‍්ඨිතකායසතිස‍්ස විහරති. සීලසංවරො සොසනියො හොති.

නො එළැඹැ සිටි කාගියා සී ඇතියේ ... යම් විමුක්ති ඥාන දර්‍ශනයක් ඇද්ද මේ නිරෝධ යැ, සමුදය යැ (?) (ඒකාදස උපනිස්සයා ... සොසනියො හොති ?)

යං ච විමුත‍්තිඤාණදස‍්සනං අයං මග‍්ගො, යා ච විමුත‍්ති අයං නිරොධො. ඉමානි තීණි සච‍්චානි, සමුදයො ච නිරොධො ච මග‍්ගො ච.

යම් විමුක්ති ඥාන දර්‍ශන යක් ඇද්ද මේ මාර්‍ග යැ, යම් විමුක්තියක් ඇද්ද මේ නිරෝධ යැ, මොහු සමුදය ද නිරෝධය ද මාර්‍ගය ද යන තුන් සත්‍යයෝ යි.

තත්‍ථ කතමො නිරොධො ච මග‍්ගො ච:

එහි නිරෝධය ද මාර්‍ගය ද කවරෙ යැ:

30. සයං කතෙන කම‍්මෙන තෙන අත‍්තනා අභිනිබ‍්බානගතො විතිණ‍්ණකඞ‍්ඛො, විභවං ච ඤත්‍වා ලොකස‍්මිං තාව ඛීණපුනබ‍්භවො ස භික‍්ඛු.

30. (ස යං කතෙන ... ?)

යං ‘කම‍්මෙන, අයං මග‍්ගො. යං ඛීණපුනබ‍්භවො’ අයං නිරොධො. ඉමානි ද‍්වෙ සච‍්චානි.

‘කම්මෙන’ යන මේ මාර්‍ග යැ, ‘ඛිණපුනබ්භවෝ’ යන මේ නිරෝධ යැ. මේ සත්‍ය දෙකයි.

“පඤ‍්ච විමුත‍්තායතනානි, සත්‍ථා වා ධම‍්මං දෙසෙති අඤ‍්ඤතරො වා විඤ‍්ඤූ සබ්‍රහ‍්මචාරීතී” විත්‍ථාරෙන කාතබ‍්බා. තස‍්ස අත්‍ථපටිසංවෙදිස‍්ස පාමොජ‍්ජං ජායති, පමුදිතස‍්ස පීති ජායති, අයං නිරොධො. එවං පඤ‍්ච විමුත‍්තායතනානි විත්‍ථාරෙන. ඉමානි ද‍්වෙ සච‍්චානි; නිරොධො ච මග‍්ගො ච.

“විමුක්ති කාරණයෝ පස් දෙනෙකි – ශාස්තෲන් වහන්සේ හෝ විඥ වූ අන්‍යතර සබ්‍රම්සර කෙනෙක් හෝ දහම් දෙසන සේක” යන (පඤ්චකංගුත්තර–පඤ්චංගිකවග්ග) මේ සූත්‍රය විස්තරයෙන් දැක්විය යුතු. අර්‍ත්‍ථප්‍රතිසංවේදී වූ ඔහුට ප්‍රාමෝද්‍යය (තරුණප්‍රීතිය) උපදී. ප්‍රමුදිත වූවහුට බලවත් ප්‍රීතිය උපදී. “නිබ්බින්‍දන්තො විරජ්ජති” යනු දක්වා විස්තර කළ යුතු ය, මේ ‘මග්ග’ යැ, (එහි) යම් විමුක්තියක් ඇද්ද මේ ‘නිරෝධ’ යි. මෙසේ පඤ්ච විමුත්තායතනයෝ විස්තරයෙන් දැක්වියැ යුතු. මේ නිරෝධය ද මග්ගය ද යන දෙ සතයයෝ යි.

ඉමානි සාධාරණානි සුත‍්තානි. ඉමෙහි සාධාරණෙහි සුත‍්තෙහි යථානිද‍්දිට‍්ඨෙහි පටිවෙධතො ච ලක‍්ඛණතො ච ඔතාරෙත්‍වා අඤ‍්ඤානි සුත‍්තානි නිද‍්දිසිතබ‍්බානි අපරිහාපෙන‍්තෙන. ගාථාහි ගාථා අනුමිනිතබ‍්බා, බ්‍යාකරණෙහි බ්‍යාකරණං.

මේ සාධාරණ සූත්‍රයෝ යැ. නිර්දේශ කළ පරිදි මේ සාධාරණ සූත්‍රයන්ගෙන් ප්‍රතිවේධ හෙයින් ද ලක්‍ෂණ හෙයින් ද අවතරණය කොට නො පිරිහෙළනු වහු විසින් අන්‍ය සූත්‍රයෝ දැක්විය යුත්තාහු යැ. ගාථායෙන් ගාථා වෙය්‍යාකරණයෙන් වෙය්‍යාකරණය ප්‍රමාණ කළ යුත්තාහ.

ඉමෙ ච සාධාරණා දසපරිවඩ‍්ඪකා එකො ච චතුක‍්කො නිද‍්දෙසො සාධාරණො. අයං ච පකිණ‍්ණකනිද‍්දෙසො. එකං පඤ‍්ච ඡ ච සවෙකදෙසො සබ‍්බං. ඉමෙ ද‍්වෙ පරිවජ‍්ජනා පුරිමකා ච දස, ඉමෙ ද‍්වාදස පරිවඩ‍්ඪකා සච‍්චානි.

(ඉමෙ ච සාධාරණා .... පරියේසිත්‍වා නිද්දිසිතබ්බා?)

එත‍්තාවතා සබ‍්බං සුත‍්තං නත්‍ථි තං බ්‍යාකරණං වා ගාථා වා ඉමෙහි ද‍්වාදසහි පරිවඩ‍්ඪකෙහි න ඔතරිතුං, අප‍්පමත‍්තෙන පරියෙසිත්‍වා නිද‍්දිසිතබ‍්බා.

තත්‍ථායං සඞ‍්ඛෙපො: සබ‍්බං දුක‍්ඛං සත‍්තහි පදෙහි සමොසරණං ගච‍්ඡති. කතරෙහි සත‍්තහි: අප‍්පියසම‍්පයොගො ච පියවිප‍්පයොගො ච ඉමෙහි ද‍්වීහි පදෙහි සබ‍්බං දුක‍්ඛං නිද‍්දිසිතබ‍්බං. තස‍්ස ද‍්වෙ නිස‍්සයා: කායො ච චිත‍්තං ච, තෙන වුච‍්චති “කායිකං දුක‍්ඛං චෙතසිකං චෙ”තී නත්‍ථි තං දුක‍්ඛං න කායිකං වා න චෙතසිකං, සබ‍්බං දුක‍්ඛං ද‍්වීහි නිද‍්දිසිතබ‍්බං: කායිකෙන ච චෙතසිකෙන ච, තීහි දුක‍්ඛතාහි සඞ‍්ගහිතං: දුක‍්ඛදුක‍්ඛතාය සඞ‍්ඛාරදුක‍්ඛතාය විපරිණාමදුක‍්ඛතාය. ඉති තං සබ‍්බං දුක‍්ඛං තීහි දුක‍්ඛතාහි සඞ‍්ගහිතං, ඉති ඉදං ච දුක‍්ඛං තිවිධං, දුවිධං දුක‍්ඛං කායිකං ච චෙතසිකං ච, දුවිධං අප‍්පියසම‍්පයොගො ච පියවිප‍්පයොගො ච, ඉදං සත‍්තවිධං දුක‍්ඛං.

එහි මේ සංක්‍ෂේපය යැ: සියලු දුක්ඛය සත් පදයකින් සමෝසරණයට (සංග්‍රහයට) යෙයි. කවර සත් පදයකින යත්: අප්‍රියසම්ප්‍රයෝගය ද ප්‍රියවිප්‍රයෝගය ද යන මේ දෙ පදයෙන් සියලු දුක්ඛය දැක්විය යුතු. ඒ දුකට නිශ්‍රය දෙකෙකි: කය ද සිත ද යන දෙක යි. එයින් ‘කායික දුක්ඛය ද චෙතසිකදුක්ඛය දැ’යි කියනු ලැබේ. කායික නො වූ හෝ චේතසික නො වූ හෝ දුක්ඛයෙක් නැති. එහෙයින් සියලු දුක්ඛය කායික දුකින් ද චේතසික දුකින් ද යන දෙකින් දැක්විය යුතු. දුක්ඛදුක්ඛතායෙන් සංඛ්‍යාරදුක්ඛතායෙන් විපරිණාම දුක්ඛතායෙන් යන තුන් දුක්ඛතායෙන් සංගෘහීත යැ. මෙසේ ඒ සියලු දුක්ඛය තුන් දුක්ඛතායෙන් සංගෘහිත යි. මෙසේ මේ ත්‍රිවිධ දුක්ඛය ද, කායික චේතසික යන ද්විවිධ දුක්ඛය ද අප්පියසම්පයෝග පියවිප්පයෝග යන ද්විවිධ දුක්ඛය දැයි මේ සත්වැදෑරුම් දුක්ඛය වේ.

තත්‍ථ තිවිධො සමුදයො අචතුත්‍ථො අපඤ‍්චමො.

එහි සමුදය ත්‍රිවිධ වෙයි. සතරවැන්නෙක් නැත. පස්වැන්නෙක් නැති.

කතමො තිවිධො: තණ‍්හා ච දිට‍්ඨි ච කම‍්මං ච.

කවර ත්‍රිවිධයෙකැ යත්: තණ්හා යැ දිට්ඨි යැ, කම්ම යැ.

තත්‍ථ තණ‍්හාව භවසමුදයො. කම‍්මං තථානිබ‍්බත‍්තස‍්ස හීනප‍්පණීතතා අයං සමුදයො. ඉති යාපි භවගතීසු හීනතා ච පණීතතා ච, යාපි තීහි දුක‍්ඛතාහි සඞ‍්ගහිතා, යො’පි ද‍්වීහි මූලෙහි සමුදානීතො අවිජ‍්ජාය නිවුතස‍්ස භවතණ‍්හාසංයුත‍්තස‍්ස සවිඤ‍්ඤාණකො කායො, සො’පි තීහි දුක‍්ඛතාහි සඞ‍්ගහිතො.

එහි තෘෂ්ණාව මැ සමුදය වේ. කර්‍මය නම් එසේ උපන්නහුගේ යම් හීන ප්‍රණිතතායෙක් වේ ද, මේ සමුදය යි. මෙසේ භවගතින්හි යම් හීනප්‍රණීත බවක් ඇද්ද, තුන් දුඃඛතායෙන් සංගෘහිත වූ (යම් තණ්හාවක්?) ඇද්ද, (තණ්හා අවිජ්ජා) ද්විමූලයෙන් උපදවන ලද අවිද්‍යාවෙන් නිවෘත වූ භවතෘෂ්ණායෙන් සංයුක්ත වූවහුගේ යම් සවිඤ්ඤාණක (පඤ්ච ස්කන්‍ධ)කයෙක් වේ ද එ ද තුන් දුඃඛනායෙන් සංගෘහීත යි.

තථා විපල‍්ලාසතො දිට‍්ඨි අවගන‍්තබ‍්බා යා සත‍්තවිධා නිද‍්දිසිතබ‍්බා එකො විපල‍්ලාසො තීණි නිද‍්දෙසයති චත‍්තාරි විපල‍්ලාසවත්‍ථූනි.

එපරිදි විපල්ලාසයන්ගේ වශයෙන් දෘෂ්ටිය දතයුතු, යම් දෘෂ්ටියක් සත්වැදෑරුම් කොට දැක්වියයුත්තී ද එයයි. එක් විපල්ලාසයෙක් තුන් විපල්ලාස වස්තුවක් දක්වයි. විපල්ලාසවස්තු සතරක් වෙත්.

තත්‍ථ කතමො එකො විපල‍්ලාසො: යො විපරීතගාහො පටික‍්ඛෙපෙන ඔතරණං යථා ‘අනිච‍්චෙ නිච‍්චමි’ති විපරීතං ගණ‍්හාති. එවං චත‍්තාරො විපල‍්ලාසා. අයමෙකො විපල‍්ලාසීයති සඤ‍්ඤා චිත‍්තං දිට‍්ඨි.

එහි එක් විපර්‍ය්‍යාසය කවරෙ යත්: යම් විපරීතග්‍රාහයෙක් ඇද්ද එය යි. ප්‍රතික්‍ෂේප විසින් අවතරණය මෙසේ යැ: අනිත්‍යයෙහි නිත්‍ය යයි විපරීත කොට ගනී. මෙසේ සතර විපර්‍ය්‍යාසයෝ වෙත්. (විපරීත කොට ගනිත්). මේ එක් විපර්‍ය්‍යාසයෙක් සඤ්ඤා චිත්ත දිට්ඨි යන මේ විපර්‍ය්‍යස්ත කෙරෙයි.

කතමානි චත‍්තාරි විපල‍්ලාසවත්‍ථූනි: කායො වෙදනා චිත‍්තං ධම‍්මා.

සතර විපර්‍ය්‍යාස වස්තු කවරහ යත්: කාය වේදනා චිත්ත ධර්‍ම යන මොහු යි.

එවං විපල‍්ලාසගතස‍්ස අකුසලං ච පවඩ‍්ඪෙති. තත්‍ථ සඤ‍්ඤාවිපල‍්ලාසො දොසං අකුසලමූලං පවඩ‍්ඪෙති. චිත‍්තවිපල‍්ලාසො ලොභං අකුසලමූලං පවඩ‍්ඪෙති, දිට‍්ඨිවිපල‍්ලාසො මොහං අකුසලමූලං පවෙඩ‍්ඪති. තත්‍ථ දොසස‍්ස අකුසලමූලස‍්ස තීණි මිච‍්ඡත‍්තානි ඵලං: මිච‍්ඡාවාචා මිච‍්ඡාකම‍්මන‍්තො මිච‍්ඡාආජීවො. ලොභස‍්ස අකුසලමූලස‍්ස තීණි මිච‍්ඡත‍්තානි ඵලං: මිච‍්ඡාසඞ‍්කප‍්පො මිච‍්ඡාවායාමො මිච‍්ඡාසමාධි.

මෙසේ විපර්‍ය්‍යාසයට ගියහුට අකුශලය ද වැඩෙයි. එහි සංඥාවිපර්‍ය්‍යාසය දෝස අකුසල මූලය වඩයි. චිත්තවිපර්‍ය්‍යාසය ලෝභ අකුසලමූලය වඩයි. දෘෂ්ටිවිපර්‍ය්‍යාසය මෝහ අකුසලමූලය වඩයි. එහි දෝස අකුසලමූලයාගේ මිථ්‍යා වචන මිථ්‍යා කර්‍මාන්ත මිථ්‍යාආජීව යන තුන් මිච්ඡත්තයෝ ඵල යැ. ලෝභ අකුශල මූලයාගේ මිථ්‍යාසංකල්ප මිථ්‍යා ව්‍යායාම මිථ්‍යා සමාධි යන තුන් මිච්ඡත්තයෝ ඵල යැ.

මොහස‍්ස අකුසලමූලස‍්ස ද‍්වෙ මිච‍්ඡත‍්තානි ඵලං: මිච‍්ඡාදිට‍්ඨි ච මිච‍්ඡාසති ච. එවං අකුසලං සහෙතු සප‍්පච‍්චයං විපල‍්ලාසා ච පච‍්චයො. අකුසලමූලානි සහෙතු, එතෙයෙව පටිපක‍්ඛෙන අනූනා අනධිකා ද‍්වීහි පච‍්චයෙහි නිද‍්දිසිතබ‍්බා. නිරොධෙ ච මග‍්ගෙ ච විපල‍්ලාසමුපාදාය පරතො පටිපක‍්ඛෙන.

මොහු අකුසල මූලයාගේ මිථ්‍යා දෘෂ්ටි ද මිථ්‍යාස්මෘති ද යන දෙවැදෑරුම් මිච්ඡත්තයෝ ඵල යි. මෙසේ අකුශලය සහේතු සප්‍රත්‍යය වෙයි. විපල්ලාසයෝ ද ප්‍රත්‍යය වෙයි. අකුශල මූලයෝ හේතුසහිතයෝ යැ, තෙල අකුශලයෝ මැ ප්‍රතිපක්‍ෂ විසින් අනූන අනධික වූවාහු ප්‍රත්‍යය දෙකකින් දැක්විය යුත්තාහු යි. නිරෝධයෙහි ද මාර්‍ගයෙහි ද විපර්‍ය්‍යාසය ගෙන පරභාවයෙන් ප්‍රතිපක්‍ෂ විසින් දැක්විය යුත්තාහු යි.

තත්‍ථිමා උද‍්දානගාථා:

එහි මේ උද්දාන ගාථා යැ:

(1) අවිජ‍්ජාය නිවුතො ලොකො - චිත‍්තං සංයොජනම‍්පි ච, යා උච‍්ඡින‍්නභවතණ‍්හා - ද‍්වෙධා චෙව විමුත‍්තියො.

(1) අවිජ්ජාය නිවුතො ලෝකෝ යනු ද, චිත්තසංයුත්තයෙහි සංයෝජන සූත්‍රය ද, ‘උච්ඡින්නභවතණ්හස්ස’ යනාදි ගය ද, දෙවැදෑරුම් විමුත්තීහු ද–

(2) කුම‍්භූපමං කායමිමං - යං න තුම‍්හාකං ජහාථ, යෙ කෙචි සොකා පරිදෙවා - තිම‍්බරූකො ච සයං කතං.

(2) ‘කුම්භූපමං’ යනාදි ගය ද, ‘යං භික්ඛවේ න තුම්හාකං’ යනාදි දේශනාව ද ‘යෙ කෙචි සෝකා’ යනා දි ගය ද, ‘සයංකතං’ යනාදිය විචාළ තිම්බරූක පිරිවැජියා ද–

(3) දුක‍්ඛං දිට‍්ඨි ච උපන‍්නං - යං ච ගොපාලකූපමං, සති කායගතා මාහු - සමථො ච විපස‍්සනා.

(3) දුඃඛ දෘෂ්ටි ප්‍රකාශිතයෝ ‘දුක්ඛමද්දක්ඛි’ යනාදි ගය ද, ගෝපාලකූපම සූත්‍රය ද, ‘සති කායගතා’ යනාදි ගය ද, ශමථය හා විදර්‍ශනාව ද–

(4) ආසා පිහා ච අභිනන්‍දනා ච - චතුන‍්නමනනුබොධනා, යානි සොතානි ලොකස‍්මිං - දළ‍්හනෙමියානකාරො.

(4) ‘ආසා පිහා ච’ යනාදි ගය ද ‘චතුන්නං ධම්මානං’ යනාදි දේශනාව ද, ‘යානි සෝතානි’ යනාදි ගය ද, ‘දළ්හනෙමි’ යානකාර ද–

(5) යං නිස‍්සිතස‍්ස චලිතං - අනපට‍්ඨිතකාය සති, සයං කතෙන කම‍්මෙන - විමුත‍්තායතනෙහි ච.

(5) ‘නිස්සිතස්ස චලිතං’ යනාදි දේශනාව ද ‘අනුපට්ඨිත කායසති’ යනාදිය ද, ‘සයං කතෙන කම්මෙන’ යනාදි ගය ද, විමුත්තායනයන් ගෙන් ද සාධාරණ සූත්‍ර නිදර්ශිත යිං

පෙටකොපදෙසෙ මහාකච‍්චායනෙන භාසිතෙ

මහාකාත්‍යායන තෙරණුවන් විසින් භාෂිත වූ පෙටකෝපදේසයෙහි

අරියසච‍්චප‍්පකාසනා නාම පඨමභූමි සමත‍්තා.

අරියසච්චප්පකාසනා නම් ප්‍රථම භූමිය සමාප්ත යි.