යෙදුමෙන් කියවන්න

2. දුතියභූමි - සාසනපට‍්ඨානං

2. දුතියභූමි $$- සාසනපට‍්ඨානං$$

2. ද්විතීය භූමි$$ - සාසනපට්ඨාන$$

තත්‍ථ කතමං සාසනපට‍්ඨානං:

එහි සාසනපට්ඨාන කවරෙ යත්:

1. සංකිලෙසභාගියං සුත‍්තං, 2. වාසනාභාගියං සුත‍්තං, 3. නිබ‍්බෙධභාගියං සුත‍්තං, 4. අසෙඛභාගියං සුත‍්තං, 5. සංකිලෙසභාගියං ච වාසනාභාගියං ච, 6. සංකිලෙසභාගියං ච නිබ‍්බෙධභාගියං ච, 7. සංකිලෙසභාගියං ච නිබ‍්බෙධභාගියං ච අසෙඛභාගියං ච, 8. වාසනාභාගියං ච නිබ‍්බෙධභාගියං ච. 9. ආණත‍්ති, 10. ඵලං, 11. උපායො, 12. ආණත‍්ති ච ඵලං ච, 13. ඵලං ච උපායො ච, 14. ආණත‍්ති ච ඵලං ච උපායො ච, 15. අස‍්සාදො, 16. ආදීනවො, 17. නිස‍්සරණං, 18. අස‍්සාදො ච ආදීනවො ච, 19. අස‍්සාදො ච නිස‍්සරණං ච, 20. ආදීනවොච නිස‍්සරණං ච, 21. අස‍්සාදො ච ආදීනවො ච නිස‍්සරණං ච, 22. ලොකිකං, 23. ලොකුත‍්තරං, 24. ලොකිකං ච ලොකුත‍්තරං ච, 25. කම‍්මං, 26. විපාකො, 27. කම‍්මං ච විපාකො ච, 28. නිද‍්දිට‍්ඨං, 29. අනිද‍්දිට‍්ඨං, 30. නිද‍්දිට‍්ඨං ච අනිද‍්දිට‍්ඨං ච, 31. ඤාණං, 32. ඤෙය්‍යං, 33. ඤාණං ච ඤෙය්‍යං ච, 34. දස‍්සනං, 35. භාවනා, 36. දස‍්සනං ච භාවනා ච, 37. විපාකකම‍්මං, 38. න විපාකකම‍්මං, 39. නෙවවිපාකන විපාකකම‍්මං, 40. සකවචනං, 41. පරවචනං, 42. සකවචනං ච පරවචනං ච, 43. සත‍්තාධිට‍්ඨානං, 44. ධම‍්මාධිට‍්ඨානං, 45. සත‍්තාධිට‍්ඨානං ච ධම‍්මාධිට‍්ඨානං ච, 46. ථවො, 47. අනුඤ‍්ඤාතං, 48. පටික‍්ඛිත‍්තං, 49. අනුඤ‍්ඤාතං ච පටික‍්ඛිත‍්තං ච, 50. සකවචනාධිට‍්ඨානං, 51. පරවචනාධිට‍්ඨානං, 52. සකවචනාධිට‍්ඨානං ච, පරවචනාධිට‍්ඨානං ච, 53. කිරියං, 54. ඵලං, 55. කිරියං ච ඵලං ච.

1. සංකිලෙසභාගිය සූත්‍ර යැ 2. වාසනාභාගිය සූත්‍ර යැ 3. නිබ්බේධභාගිය සූත්‍ර යැ 4. අයෙඛභාගිය සූත්‍ර යැ 5. සංකිලෙසභාගිය සූත්‍ර යැ 6. සංකිලෙසභාගිය ද නිබ්බේධ භාගිය ද සූත්‍ර යැ 7. සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යැ 8. වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ 9. ආණත්ති යැ 10. ඵල යැ 11. උපාය යැ 12. ආණත්ති හා ඵල යැ 13. ඵලය හා උපාය යැ 14. ආනන්ති හා ඵලය හා උපාය යැ 15. අස්සාද යැ 16. ආදීනව යැ 17. නිස්සරණ යැ 18. අස්සාද හා ආදීනව යැ 19. අස්සාද හා නිස්සරණ යැ 20. ආනදීව හා නිස්සරණ යැ 21. අස්සාද හා ආදීනව හා නිස්සරණ යැ 22. ලෞකික යැ 23. ලෝකෝත්තර යැ 24. ලෞකික හා ලෝකෝත්තර යැ 25. කම්ම යැ 26. විපාක යැ 27. කම්ම හා විපාක යැ 28. නිර්දිෂ්ට යැ 29. අනිර්දිෂ්ට යැ 30. නිර්දිෂ්ට හා අනිර්දිෂ්ට යැ 31. ඥාන යැ 32. ඥේය යැ 33. ඥාන හා ඥේය යැ 34. දර්‍ශන යැ 35. භාවනා යැ 36. දර්‍ශන හා භාවනා යැ 37. විපාකකර්‍ම යැ 38. නවිපාක කර්‍ම යැ 39. නේවවිපාක නවිපාක කර්‍ම යැ 40. සකවචන යැ 41. පරවචන යැ 42. සක වචන හා පරවචන යැ 43. සත්තාධිට්ඨාන යැ 44. ධම්මාධිට්ඨාන යැ 45. සත්තාධිට්ඨාන හා ධම්මාධිට්ඨාන යැ 46. ස්තව යැ 47. අනුඤ්ඤාත යැ 48. පටික්ඛිත්ත යැ 49. අනුඤ්ඤාත හා පටික්ඛිත්ත යැ 50. සකවචනාධිට්ඨාන යැ 51. පරවචනාධිට්ඨාන යැ 52. සකවචනාධිට්ඨාන හා පරවචනාධිට්ඨාන යැ 53. කිරිය යැ 54. ඵල යැ 55. කිරිය හා ඵල යි.

(තත්‍ථ, සකවචනාධිට‍්ඨානං, පරවචනාධිට‍්ඨානං, සකවචනාධිට‍්ඨානං ච පරවචනාධිට‍්ඨානං ච, කිරියං, ඵලං, කිරියං ච - ඉමානි ඡ පටික‍්ඛිත‍්තානි.]

(එහි සකවචනාධිට්ඨාන යැ, පරවචනාධිට්ඨාන යැ, සක වචන හා පරවචනාධිට්ඨාන යැ, කිරිය යැ, ඵලයැ, කිරිය හා ඵලයැ යන මේ සය (නිදසුන් දැක්වීමෙන්) පටික්ඛිත්ත යි.)

(1) තත්‍ථ කතමං සංකිලෙසභාගියං සුත‍්තං:

(1) එහි සංකිලේස භාගිය සූත්‍රය කවරෙ යත්:

1. කාමන්‍ධා ජාලසඤ‍්ජන‍්නා - තණ‍්හාඡදනඡාදිතා, පමත‍්තබන්‍ධනා බද‍්ධා - මච‍්ඡා ව කුමිනාමුඛෙ, ජරාමරණමන්‍වෙන‍්ති - වච‍්ඡො ඛීරපකොව මාතරං.

1. ක්ලේශකාමයෙන් අන්‍ධ වූ තෘෂ්ණාජාලයෙන් වෙළුණු තෘෂ්ණා සංඛ්‍යාත අන්‍ධකාරයෙන් වැසුණු (සත්ත්‍වයෝ) කෙමින මුවෙහි (බැඳුණු) මසුන් මෙන් ප්‍රමාද නමැති බන්‍ධනයෙන් බැඳුණාහු මවුදෙන කරා එන කිරි බොන වස්සකු මෙන් ජරාවට හා මරණයට පුන පුනා පැමිණෙත්.

“පඤ‍්චිමෙ භික‍්ඛවෙ නීවරණා”.

“පඤ්චිමෙ භික්ඛවේ නීවරණා” (යනාදි සූත්‍රය දැක්විය යුතු.)

(2) තත්‍ථ කතමං වාසනාභාගියං සුත‍්තං:

(2) එහි වාසනාභාගිය සූත්‍රය කවරෙ යත්:

2. මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා - මනොසෙට‍්ඨා මනොමයා, මනසා චෙ පසන‍්නෙන - භාසති වා කරොති වා, තතො නං සුඛමන්‍වෙති - ඡායාව අනපායිනී.

2. වේදනාදි ස්කන්‍ධත්‍රය සංඛ්‍යාත ධර්‍මයෝ චාතුර්භූමක චිත්තය පෙරදැරි කොට ඇත්තාහු යැ, සිත අධිපති කොට ඇත්තාහු යැ, සිතින් මැ නිපන්නාහු යැ. ඉදින් අනභිධ්‍යාදීන් ප්‍රසන්න වූ සිතින් යුක්ත වැ කියා නම් හෝ කෙරේ නම් හෝ ඒ හේතුයෙන් තමා නො පියා යන සෙවණැල්ල සෙයින් කායික චෛතසික විපාකසුඛය ඒ පුද්ගලයා කැටිවැ යේ යයි.

සංයුත‍්තකෙ සුත‍්තං: මහානාමස‍්ස සක‍්කස‍්ස ඉදං භගවා සක්‍යානං කපිලවත්‍ථුම‍්හි නගරෙ නයවිත්‍ථාරෙන, සද‍්ධාසීලපරිභාවිතං චිත‍්තං භාවඤ‍්ඤෙන පරිභාවිතං තං නාම පච‍්ඡිමෙ කාලෙ. [?]

සංයුත් සඟියෙහි සූත්‍රය : (සාරකානිවග්ග–මහානාමසුත්ත) මේ සූත්‍රයෙහි බුදුහු ශාක්‍යයන්ගේ කිඹුල්වත් නුවර දී මහානාම ශාක්‍යහට නයවිස්තරයෙන් සද්ධා සීලාදි පරිහාචිතචිත්තය වදාළහ ... (මෙහි පාඨය ආකුලය)

(3) තත්‍ථ කතමං නිබ‍්බෙධභාගියං සුත‍්තං:

(3) එහි නිබ්බේධභාගිය සූත්‍රය කවරෙ යත්:

3. උද‍්ධං අධො සබ‍්බධි විප‍්පමුත‍්තො අයමහමස‍්මී’ති අනානුපස‍්සී, එවං විමුත‍්තො උදතාරි ඔඝං අතිණ‍්ණපුබ‍්බං අපුනබ‍්භවාය.

3. උඩ රූපාරූපධාතුයෙහි ද යට කාමධාතුයෙහි ද යන සියලු ත්‍රෛධාතුක ලෝකයෙහි අශෛක්‍ෂ විමුක්තියෙන් මිදුණු රහත් මහණ ‘මේ’ මම් වෙමි නො දක්නේ මෙසේ සෙබා සේඛවිමුක්තියෙන් මිදුණේ පුනර්‍භවය නොවනු පිණිස පෙර තරණය නො කළවිරූ කාමාදි චතුරෝඝය තරණය කෙළේ යයි.

“කිමත්‍ථියානි භන‍්තෙ කුසලානි සීලානි” ආනන්‍දො පුච‍්ඡති සත්‍ථාරං.

‘වහන්ස අනවද්‍ය ශීලයෝ කුමක් අර්‍ත්‍ථ කොට ඇත්තාහු දැයි අනඳ තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විචාරති. (දසකංගුත්තර – ආනිසංසවග්ග).

(4) තත්‍ථ කතමං අසෙඛභාගියං සුත‍්තං:

(4) එහි අනෙඛභාගිය සූත්‍රය කවරෙ යත්:

4. යස‍්ස සෙලූපමං චිත‍්තං - ඨිතං නානුපකම‍්පති විරත‍්තං රජනීයෙසු - කොපනෙය්‍යෙ න කුප‍්පති, යස‍්සෙවං භාවිතං චිත‍්තං - කුතො නං දුක‍්ඛමෙස‍්සතී’ති.

4. යමක්හුගේ සිත ශෛලපර්‍වතයක් සෙයින් සිටියේ (අටලෝ දහමින්) නො සැලේ ද රාගෝත්පත්තියට කාරණ වූ ත්‍රෛභූමක ධර්‍මයන්හි නො ඇලුණේ ද කෝප ඉපැද්මට කාරණ වූ ආඝාතවස්තු විෂයෙහි නො කිපේ ද යමක්හුගේ සිත මෙසේ භාවිත ද ඔහු කරා දුකෙක් කොයිබින් එන්නේ දැයි.

“ආයස‍්මා මං භන‍්තෙ සාරිපුත‍්තො ආසජ‍්ජ අප‍්පටිනිස‍්සජ‍්ජ චාරිකං පක‍්කන‍්තො” සාරිපුත‍්තස‍්ස බ්‍යාකරණං කාතබ‍්බං. “යස‍්ස නූන භන‍්තෙ කායෙ කායගතාසති අනුපට‍්ඨිතා අස‍්ස” විත්‍ථාරෙන කාතබ‍්බං.

‘වහන්ස, ආයුෂ්මත් ශාරීපුත්‍ර මා ගටා ඇවත නො දෙසා චාරිකාවට නික්මුණේ ය’යි (නවකංගුත්තර – සීහනාදවග්ග) වහන්ස යමකුට එකැතින් කයෙහි කාගියාසී නො එළැඹ සිටී නම්” යනාදි සාරිපුත්ත වෙය්‍යාකරණය විස්තර කළයුතු.

(5) තත්‍ථ කතමං සංකිලෙසභාගියං ච වාසනාභාගියං ච සුත‍්තං:

(5) එහි සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්‍රය කවරෙ යත්:

5. ඡන‍්නමතිවස‍්සති - විවටං නාති වස‍්සති, තස‍්මා ඡන‍්නං විවරෙථ - එවං තං නාතිවස‍්සති.

5. වසන ලද ඇවැත් ඇතියහු කෙලෙස් වැසි අතිශයින් තෙමයි, විවෘත වූයේ අතිශයින් නො තෙමයි. එහෙයින් ප්‍රතිච්ඡන්න වූ ඇවත ප්‍රකට කරවු. මෙසේ ඒ දෝෂය හෙවත් ඇවැත් ඇතියහු කෙලෙස් වැසි අතිශයින් නො තෙමා.

“ඡන‍්නමතිවස‍්සතී’ති සංකිලෙසො, “විවටං නාතිවස‍්සතී”ති වාසනා.

“ඡන්නමතිවස්සති” යනු සංකිලේස යැ, “විවටං නාතිවස්සති” යනු වාසනා යි.

“තමොතමපරායනො”ති විත්‍ථාරෙන. තත්‍ථ යො ච තමො යො ච තමපරායනො, අයං සංකිලෙසො. යො ච ජොති, යො ච ජොතිපරායනො, අයං වාසනා.

“තමෝතමපරායනෝ” යනාදිය විස්තරයෙන් කියැයුතු (කෝසල සංයුත්ත). එහි යම් තම පුඟුලෙක් තමපරායන පුඟුලෙකුත් වේ ද මේ සංකිලේස යැ, යම් ජෝති පුඟුලෙක් යම් ජෝතිපරායණ පුඟුලෙකුත් වේ ද මේ වාසනා යි.

(6) තත්‍ථ කතමං සංකිලෙසභාගියං ච නිබ‍්බෙධභාගියං ච සුත‍්තං:

(6) එහි සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍රය කවරෙ යත්:

6. න තං දළ‍්හං බන්‍ධනමාහු ධීරා යදායසං දාරුජං බබ‍්බජං ච’ සාරත‍්තරත‍්තා මණිකුණ‍්ඩලෙසු, පුත‍්තෙසු දාරෙසු ච යා අපෙක‍්ඛා.

6. හැකිලිබැඳුම් සංඛ්‍යාත යමුවා වු ද අන්‍දුබන්‍ධන සංඛ්‍යාත දැවමුවා වූ ද රජ්ජුබන්‍ධන සංඛ්‍යාත බබුස්තණ මුවා වූ ද යම් බන්‍ධනයෙක් ඇද්ද එය බුද්ධාදි පණ්ඩිත පුරුෂයෝ දැඩි බැඳුමෙකැයි නො කියති, (අයි ආදියෙන් සිඳලියැ හැකි හෙයිනි.) මිණි කොඬොල් අඹුදරුවන් කෙරෙහි බලවත් රාගයෙන් ඇලුණු යම් අපේක්‍ෂායෙක් ඇද්ද–

7. එතං දළ‍්හං බන්‍ධනමාහු ධීරා ඔහාරිනං සිථිලං දුප‍්පමුඤ‍්චං, එතම‍්පි ඡෙත්‍වාන පරිබ‍්බජන‍්ති අනපෙක‍්ඛිනො කාමසුඛං පහාය.

7. (සිවු අපායෙහි හෙළන හෙයින්) යටට ඇදලන ලිහිල් වූ සිඳීමට දුෂ්කර වූ තෙල බන්‍ධනය දැඩි වූයෙකැයි ධීරයෝ කියති, කාමයන්හි අපේක්‍ෂා රහිත වූවාහු තෙල බන්‍ධනය ද සිඳ කාමසුඛය හැරපියා ගිහිගෙන් නික්මැ යෙත්.

“න තං දළ‍්හං බන්‍ධනමාහු ධීරා -පෙ- පුත‍්තෙසු දාරෙසු ච යා අපෙක‍්ඛා” අයං සංකිලෙසො. “එතම‍්පි ඡෙත්‍වාන පරිබ‍්බජන‍්ති අනපෙක‍්ඛිනො කාමසුඛං පහායා”ති අයං නිබ‍්බෙධො.

“න තං දළ්හං බන්‍ධනමාහු ධීරා ... පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා” මේ සංකිලේස යැ, “එතම්පි ඡෙත්‍වාන පරිබ්බජන්ති අනපෙක්ඛිනෝ කාමසුඛං පහාය” යන මේ නිබ්බේධ යි.

“යං චෙතයිතං පකප‍්පිතං අනුසයිතං යා ච නාමරූපස‍්ස අවක‍්කන‍්ති හොති”, ඉමෙහි චතූහි පදෙහි සංකිලෙසො. පච‍්ඡිමකෙහි චතූහි නිබ‍්බෙධො.

අකුශලචේතනා විසින් යම් සිතීමක් කයින් වචසින් කරන ලද්දක් අනුසය වශයෙන් පැවැත්මක් වේ ද යම් නාමරූපයාගේ අවක්‍රාන්තියක් වේ ද, මේ සතර පදයෙන් සංකිලේසය වෙයි. පසුව දැක්වූ සතරපදයෙන් නිබ්බේධ යි (නෙත්ති 226 පිට)

(7) තත්‍ථ කතමං සංකිලෙසභාගියං ච නිබ‍්බෙධභාගියං ච අසෙඛභාගියං ච සුත‍්තං:

(7) එහි සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍රය කවරෙ යත්:

8. අයං ලොකො සන‍්තාපජාතො ඵස‍්සපරෙතො රොදං වදති අත‍්තනො, යෙන යෙන හි මඤ‍්ඤති තතො තං හොති අඤ‍්ඤථා.

8. මේ සත්ත්‍වලෝක තෙමේ (ඥාතිව්‍යසනාදීන්) උපන් ශෝක සන්තාප ඇත්තේ දුක්පහසින් මඩනා ලදුයේ (මෙබඳු දුකක් මාගේ සතුරකුටත් නො වේවයි) වැලැපෙමින් කියයි. යම් යම් පරිද්දෙකින් මැ තමාගේ දුකට පිළියම් සිතයි ද ඒ දුකට එයින් අන් පරිද්දෙකින් පිළියම් කටයුතු වේ.

9. අඤ‍්ඤථාභාවී භවසත‍්තො ලොකො භවපරෙතො භවමෙවාභිනන්‍දති, යදභිනන්‍දති තං භයං යස‍්ස භායති තං දුක‍්ඛං.

9. කාමාදි භවයෙහි හෝ අභිවෘද්ධියෙහි ඇලුණු ලෝ වැසි තෙමේ (තමා සිතන සැටියෙන්) අන් පරිද්දෙකින් මැ වනසුලු වෙයි, එතෙකුදුවත් භවයෙහි ඇලුණේ භවය මැ කැමැති වෙයි, යම් භවයක් හෝ අභිවෘද්ධියක් කැමැති වේ ද එය බියෙකි, යම් ජරාමරණා දියකින් බිය වේ ද එය දුකෙකි.

භවවිප‍්පහානාය ඛො පනිදං බ්‍රහ‍්මචරියං වුස‍්සති.

කාමාදි භවයාගේ ප්‍රහාණය පිණිස මැ මේ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාව පුරයි.

යෙ හි කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා භවෙන භවස‍්ස විප‍්පමොක‍්ඛමාහංසු, සබ‍්බෙ තෙ අවිප‍්පමුත‍්තා භවස‍්මා’ති වදාමි.

යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ කාමාදි භවයෙන් භවයාගේ විමුක්තිය කීවාහු ද ඔහු සියල්ලෝ භවයෙන් නොමිදුණාහ’යි කියමි.

යෙ වා පන කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා විභවෙන භවස‍්ස නිස‍්සරණමාහංසු, සබ‍්බෙ තෙ අනිස‍්සටා භවස‍්මා’ති වදාමි, උපධී හි පටිච‍්ච දුක‍්ඛමිදං සම‍්භොති.

යළි යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ රූපාරූපභවයෙන් භවයාගේ නිස්සරණය කියත් ද ඔහු සියල්ලෝ භවයෙන් නො මිදුණහ’යි කියමි. ඛන්‍ධාදි උපධීන් නිසා මැ මේ සසරදුක හටගනී.

සබ‍්බූපාදානක‍්ඛයා නත්‍ථි දුක‍්ඛස‍්ස සම‍්භවො,

සියලු කාමාදි උපාදානයන්ගේ ක්‍ෂය වීමෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැත.

ලොකමිමං පස‍්ස, පුථු අවිජ‍්ජාය පරෙතං භූතං භූතරතං භවා අපරිමුත‍්තං. යෙ හි කෙචි භවා සබ‍්බධි සබ‍්බත‍්තතාය, සබ‍්බෙ තෙ භවා අනිච‍්චා දුක‍්ඛා විපරිණාමධම‍්මා’ති.

(බුදුහු තමන් වහන්සේගේ සිත අමතක සේක.) වෙන වෙන පඤ්චස්කන්‍ධ වූ අවිද්‍යායෙන් මඩනා ලද ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් කෙරෙහි ඇලුණු එහෙයින් මැ භවයෙන් නොමිදුණු මේ සත්ත්‍වලෝකය බල. යම් කිසි කාමාදි භවයෝ වෙත් ද උඩයට ආදි සියලු තන්හි සර්‍වභාවයෙන් එ හැම භවයෝ අනිත්‍යයහ, දුඃඛයහ. විපරිණාම ස්වභාව වූහ යි.

10. එවමෙතං යථාභූතං - සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො භවතණ‍්හා පහීයති - විභවං නාභිනන්‍දති.

10. මෙසේ ත්‍රිලක්‍ෂණ ප්‍රතිවේධාකාරයෙන් තෙල භව සංඛ්‍යාත පඤ්චස්කන්‍ධය තත්වූ පරිදි විදර්‍ශනා සහිත මාර්‍ගඥානයෙන් දක්නාහට භවතෘෂ්ණාව ප්‍රහීණ වෙයි. උච්ඡේදය ද නො කැමැති වේ.

සබ‍්බසො තණ‍්හානං ඛයා - අසෙසවිරාගනිරොධො නිබ‍්බානං.

සර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාවන්ගේ ක්‍ෂය වීමෙන් අශේෂ කොට ආර්‍ය්‍යමාර්‍ගයෙන් වූ අනුත්පාදනිරෝධය නිර්‍වාණ යි.

11. තස‍්ස නිබ‍්බුතස‍්ස භික‍්ඛුනො අනුපාදා පුනබ‍්භවො න හොති, අභිභූතො මාරො විජිතසඞ‍්ගාමො උපච‍්චගා සබ‍්බභවානි තාදී’ති.

11. ඒ කෙලෙස් පිරිනිවනින් නිවුණ මහණහට උපාදාන රහිත හෙයින් පුනර්‍භවය නො වේ. ක්ලේශාදි පඤ්චමාර මඩනා ලද. ක්ලේශසංග්‍රාමය දිනනලද, සුඛදුක්ඛාදියෙහි තාදී වූයේ සියලු භවයන් ඉක්මැවූයේ යි.

“අයං ලොකො සන‍්තාපජාතො” යාව “දුක‍්ඛ”න‍්ති අයං තණ‍්හාසංකිලෙසො.

“අයං ලෝකෝ සන්තාපජාතො” යනු පටන් ‘දුක්ඛං’ යනු දක්වා මේ තණ්හාසංකිලේස යැ.

(යං පුනග‍්ගහණං) යෙ හි කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා භවෙන භවස‍්ස විප‍්පමොක‍්ඛමාංහසු. සබ‍්බෙ තෙ අවිමුත‍්තා භවස‍්මා’ති වදාමි, යෙ වා පන කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා විභවෙන භවස‍්ස නිස‍්සරණමාහංසු, සබ‍්බෙ තෙ අනිස‍්සටා භවස‍්මා’ති වදාමි. අයං දිට‍්ඨිසංකිලෙසො.

(යට කියන ලද) “යෙහි කෙචි සමණාවා බ්‍රාහ්මණා වා –පෙ– සබ්බේ තෙ අවිමුත්තා භවස්මාති වදාමි. යෙවා පන කෙචි – පෙ– සබ්බේ තෙ අනිස්සටා භවස්මාති වදාමි”, මේ දිට්ඨිසංකිලේස යි.

තං දිට‍්ඨිසංකිලෙසො ච තණ‍්හාසංකිලෙසො ච උභයමෙතං සංකිලෙසභාගියං.

ඒ දිට්ඨිසංකිලේසය ද තණ්හාසංකිලෙසය ද යන දෙක මැ සංකිලෙසභාගිය යි.

(යං පුනග‍්ගහණං) භවවිප‍්පහානාය ඛො පනිදං බ්‍රහ‍්මචරියං වුස‍්සති.” යාව “සබ‍්බුපාදානක‍්ඛයා නත්‍ථි දුක‍්ඛස‍්ස සම‍්භවො” “සබ‍්බසො තණ‍්හානං ඛයා අසෙසවිරාගනිරොධො නිබ‍්බානං.” ඉදං නිබ‍්බෙධභාගියං.

(යට කියන ලද) “භවවිප්පහානාය ඛො පනිදං බ්‍රහ්මචරියං වුස්සති” යනු පටන් “සබ්බුපාදානක්ඛයා නත්‍ථි දුක්ඛස්ස සම්භවෝ” “සබ්බසො තණ්හානං ඛයා අසේස විරාගනිරෝධො නිබ්බානං” යනු දක්වා මේ නිබ්බේධභාගිය යැ.

“තස‍්ස නිබ‍්බුතස‍්ස භික‍්ඛුනො” යාව “උපච‍්චගා සබ‍්බභවානි තාදී”ති ඉදං අසෙඛභාගියං.

“තස්ස නිබ්බුතස්ස භික්ඛුනෝ” යනු පටන් “උපච්චගා සබ්බභවාති තාදී” යනු දක්වා මේ අසේඛභාගිය යි.

“චත‍්තාරො පුග‍්ගලා: අනුසොතගාමී සංකිලෙසො, ඨිතත‍්තො ච පටිසොතගාමී ච නිබ‍්බෙධො, ථලෙ තිට‍්ඨතී’ති අසෙඛභූමි.

පුද්ගලයෝ සතර දෙනෙකි : අනුසෝතකාමී වූයේ සංකිලේස යැ, ඨිතත්ත පුද්ගල හා පටිසෝතගාමී වූයේ ද නිබ්බෙධභාගී යැ, නිවන්තෙලෙහි සිටී යනු අසේඛ භූමි යි.

(8) තත්‍ථ කතමං වාසනාභාගියං ච නිබ‍්බෙධභාගියං ච සුත‍්තං:

(8) එහි වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍රය කවරෙ යත්:

12. දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪති සංයමතො වෙරං න චීයති, කුසලො ච ජහාති පාපකං රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො’ති.

12. දන් දෙනුවහුට දානමය පින වැඩෙයි, ශීලසංයමයෙන් සංවරයෙහි සිටියහුට වෛරය නො පවතී. ඥානසම්පන්න වූයේ ලාමක වූ කාමච්ඡන්‍දාදිය (විෂ්කම්භණ සමුච්ඡේද විසින්) දුරැලයි, හේ රාග දෝස මෝහයන්ගේ ක්‍ෂය වීමෙන් පිරිනිවියේ වේ යයි.

“දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪති සංයමතො වෙරං න චීයතී” ති වාසනා, කුසලො ච ජහාති පාපකං රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො”ති නිබ‍්බෙධො.

“දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වේරං න වියති” යනු වාසනා යැ, “කුසලො ච ජහාති පාපකං රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො” යනු නිබ්බේධ යි.

“සොතානුධතෙසු ධම‍්මෙසු වචසා පරිචිතෙසු මනසානුපෙක‍්ඛිතෙසු දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධෙසු පඤ‍්චානිසංසා පාටිකඞ‍්ඛා: ඉධෙකච‍්චස‍්ස බහුස‍්සුතා ධම‍්මා හොන‍්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා, සො යුඤ‍්ජන‍්තො ඝටෙන‍්තො වායමන‍්තො. දිට‍්ඨෙව ධම‍්මෙ විසෙසං පප‍්පොති. නො ච දිට‍්ඨෙව ධම‍්මෙ විසෙසං පප‍්පොති, ගිලානො පප‍්පොති, නො චෙ ගිලානො පප‍්පොති, මරණකාලසමයෙ පප‍්පොති. නො චෙ මරණකාලසමයෙ පප‍්පොති, දෙවභූතො පාපුණාති. නො චෙ දෙවභූතො පාපුණාති, තෙන ධම‍්මරාගෙන තාය ධම‍්මනන්‍දියා පච‍්චෙකබොධිං පාපුණාති.

නවාංග පර්‍ය්‍යාප්තිධර්‍මය ප්‍රසාදශ්‍රෝත්‍රය යොමු කොට නුවණින් නිශ්චය කළ කල්හි වචනයෙන් පුහුණු කළ කල්හි සිතින් විමසූ කල්හි නුවණින් ප්‍රතිවේධ කළ කල්හි පඤ්ච ආනිසංස කෙනෙක් කැමැති විය යුත්තාහ: මේ සස්නෙහි ඇතැම් පුඟුලක්හු විසින් පර්‍ය්‍යාප්තිධර්‍මයෝ බොහෝ කොට අසන ලද්දාහු වෙති, වචනයෙන් පුහුණු කරන ලද්දාහු සිතින් විමසන ලද්දාහු නුවණින් ප්‍රතිවේධ කරන ලද්දාහු වෙති. හේ යෝගයෙහි යෙදෙමින් ගැටෙමින් වෑයම් කරනුයේ දිටුදැමියෙහි මැ නිවනට පැමිණෙයි, ඉදින් දිටුදැමියෙහි විශේෂයට නො පැමිණියේ නම් ගිලන් වූයේ පැමිණෙයි, ඉදින් ගිලන් වූයේ නො පැමිණේ නම් මරණකාලයෙහි පැමිණෙයි, ඉදින් මරණකායෙහි නො පැමිණියේ නම් දෙවි වූයේ පැමිණෙයි, ඉදින් දෙවිවූයේ නො පැමිණේ නම් ඒ ධර්‍මරාගයෙන් ඒ ධර්‍මනන්‍දියෙන් පසේබුදුබවට පැමිණේ.

තත්‍ථ යං දිට‍්ඨෙව ධම‍්මෙ පාපුණාති, අයං නිබ‍්බෙධො. යං සම‍්පරායෙ පච‍්චෙකබොධිං පාපුණාති, අයං වාසනා.

එහි ඉහාත්මයෙහි මැ නිවනට පැමිණේ ද මේ නිබ්බේධ යැ, සම්පරායභවයෙහි පසේ බුදු බවට පැමිණේ ද මේ වාසනා යි.

ඉමානි සොළස සුත‍්තානි සබ‍්බසාසනං අතිගණ‍්හන‍්තො තිට‍්ඨන‍්ති. ඉමෙහි සොළසහි සුත‍්තෙහි නවවීධො සුත‍්තන‍්තො විභත‍්තො භවති. සො ච පඤ‍්ඤවතො නො දුප‍්පඤ‍්ඤස‍්ස, යුත‍්තස‍්ස නො අයුත‍්තස‍්ස, අකම‍්මස‍්ස විහාරිස‍්ස.

මේ සොළොස් සූත්‍රයෝ සියලු ශාසනය ඇතුළත් කොට ගනිමින් සිටිත්. මේ සොළොස් සූත්‍රයෙන් නවවිධ සූත්‍රාන්තය විභාග කරන ලද්දේ වෙයි. හෙ ද නුවණැත්තහුට යැ දුෂ්ප්‍රාඥහට නො වෙයි, යෝගයෙහි යෙදුණහුට යැ අනුක්තයහට නො වෙයි. අකර්‍මවිහාරී හුට යැ.

පකතියා ලොකො සංකිලෙසො චරති. සො සංකිලෙසො තිවිධො: තණ‍්හාසංකිලෙසො දිට‍්ඨිසංකිලෙසො දුච‍්චරිතසංකිලෙසො. තතො සංකිලෙසතො උට‍්ඨහන‍්තො සංකිලෙසධම‍්මෙසු පතිට‍්ඨහති ලොකියෙසු පතිට‍්ඨහතීති, තත්‍ථාකුසලො දිට‍්ඨිතො සචෙ තං සීලං ච දිට‍්ඨිං ච පරාමසති, තස‍්ස සො තණ‍්හාසංකිලෙසො හොති. සචෙ පනස‍්ස එවං හොති: ‘ඉමිනා’හං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා දෙවො වා භවිස‍්සාමි. දෙවඤ‍්ඤතරො වා’ති, සාස‍්ස. හොති මිච‍්ඡාදිට‍්ඨි, සො තස‍්ස මිච‍්ඡාදිට‍්ඨිසංකිලෙසො භවති.

පියවින් ලෝවැසි තෙම සංකිලේස ඇති වැ හැසිරෙයි. ඒ සංකිලේසය ත්‍රිවිධ ය තණ්හාසංකිලේස යැ දිට්ඨිසංකිලේස යැ දුච්චරිතසංකිලේස යි. ඒ සංකිලේසයෙන් නැගී සිටිනුයේ සංකිලේස ධර්‍මයන්හි පිහිටයි. ලෞකික ධර්‍මයන්හි පිහිටන හෙයිනි. එහි, අදක්‍ෂ වූයේ ඉදින් දිට්ඨි විසින් ඒ ශීලයත් දෘෂ්ටියත් පරාමර්‍ශ කෙරේ ද, ඔහුට ඒ පරාමර්‍ශය තණ්හාසංකිලේස වෙයි. ඉදින් ඔහුට මෙබඳු සිතෙක් වේ ද, “මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ දෙවියෙක් හෝ දේවාන්‍යතරයෙක් හෝ වන්නෙමි’යි ඒ ඔහුට මිථ්‍යාදෘෂ්ටි වෙයි, ඒ ඔහුට මිච්ඡාදිට්ඨිසංකිලේසය වේ.

සචෙ පන සීලෙ පතිට‍්ඨිතො අපරාමට‍්ඨස‍්ස හි සීලවතං හොති, තස‍්ස තං සීලවතං යොනිසො ගහිතං අවිප‍්පටිසාරං ජනෙති, (යාව-විමුත‍්තිඤාණදස‍්සනං) තං ච තස‍්ස දිට‍්ඨෙව ධම‍්මෙ, කාලකතස‍්ස වා තම‍්හියෙව වා පන අපරාපරියායෙ වා අඤ‍්ඤෙසු ඛන්‍ධෙසු එවං සුතං: ‘සුචරිතං වාසනාය සංවත‍්තතී’ති වාසනාභාගියං සුත‍්තං වුච‍්චති.

ඉදින් වැලිත් සීලයෙහි පිහිටියේ වේ ද යම්හෙයකින් දෘෂ්ටිපරාමර්‍ශ නො කළහුගේ ශීලව්‍රතය වේ ද, ඔහුට නුවණින් ගන්නා ලද ඒ ශීලව්‍රතය අවිප්‍රතිසාරය උපදවයි. (විමුක්ති ඤාණදස්සනය දක්වා විස්තර කළයුතු–දසකංගුත්තර ආනිසංසවග්ගං) එ ද ඔහුට ඉහාත්ම යෙහි මැ වෙයි, කලුරිය කළහුට හෝ ඒ අත්බැව්හි මැ හෝ අපරපරියාස වශයෙන් අන්‍ය ස්කන්‍ධයන්හි හෝ (අවිප්පටිසාරාදිය වෙයි.) ‘සුචරිතය වාසනා පිණිස පවතී’ යයි මෙසේ අසන ලද ද මේ වාසනාභාගිය සූත්‍ර යයි කියනු ලැබේ.

තත්‍ථ සීලෙසු ඨිතස‍්සපි නීවරණචිත‍්තං, තං තතො සක‍්කායදිට‍්ඨිප‍්පහානාය භගවා ධම‍්මං දෙසෙති, සො අච‍්චන‍්තනිට‍්ඨං නිබ‍්බානං පාපුණාති, යදි වා සාසනන‍්තරෙ අච‍්චන‍්තනිට‍්ඨං නිබ‍්බානං පාපුණාති, යදි වා එකාසනෙ ඡ අභිඤ‍්ඤො. තත්‍ථ ද‍්වෙ පුග‍්ගලා අරියධම‍්මෙ පාපුණන‍්ති; සද‍්ධානුසාරී ච ධම‍්මානුසාරී ච. තත්‍ථ ධම‍්මානුසාරී උග‍්ඝටිතඤ‍්ඤූ සද‍්ධානුසාරී නෙය්‍යො. තත්‍ථ උග‍්ඝටිතඤ‍්ඤූ දුවිධො: කොචි තික‍්ඛින්‍ද්‍රියො කොචි මුදින්‍ද්‍රියො. තත්‍ථ නෙය්‍යොපි දුවිධො කොචි තික‍්ඛින්‍ද්‍රියො කොචි මුදින්‍ද්‍රියො. තත්‍ථ යො ච උග‍්ඝටිතඤ‍්ඤූ මුදින්‍ද්‍රියො, යො ච නෙය්‍යො තික‍්ඛින්‍ද්‍රියො, ඉමෙ පුග‍්ගලා අසමින්‍ද්‍රියා හොන‍්ති. තත්‍ථ ඉමෙ පුග‍්ගලා සමින්‍ද්‍රියා පරිහායන‍්ති ච උග‍්ඝටිතඤ‍්ඤුතො, විපඤ‍්චිතඤ‍්ඤූ නෙය්‍යතො, ඉමෙ මජ‍්ඣිමා භූමිගතා විපඤ‍්චිතඤ‍්ඤූ හොන‍්ති. ඉමෙ තයො පුග‍්ගලා.

එහි ශීලයෙහි සිටියහුට ද නීවරණචිත්තය වෙයි එහෙයින් බුදුහු සත්කායදෘෂ්ටිප්‍රහාණය පිණිස දහම් දෙසන සේක. හේ අත්‍යන්ත නිෂ්ඨා වූ නිවනට පැමිණෙයි. නොහොත් අන්‍ය ශාසනයෙක්හි අත්‍යන්තනිෂ්ඨා වූ නිවනට පැමිණෙයි. නොහොත් එක් ආසනයෙහි හුන්නේ ෂඩභිඥ වෙයි. එහි පුද්ගලයෝ දෙදෙනෙක් ආර්‍ය්‍යධර්‍මයන්ට පැමිණෙති; සද්ධානුසාරී ද ධම්මානුසාරී ද යන මොහු යි. එහි ධම්මානුසාරී වූයේ උද්ඝටිතඥ යැ, සද්ධානුසාරී වූයේ නෙයපුද්ගල යි. එහි උද්ඝටිතඥ ද්විවිධ යැ: කිසිවෙක් තික්ඛින්‍ද්‍රිය යැ කිසි වෙක් මුදින්‍ද්‍රිය යි. එහි නෙයපුද්ගල ද ද්විවිධ යැ; කිසිවෙක් තික්ඛින්‍ද්‍රිය යැ, කිසිවෙක් මුදින්‍ද්‍රිය යි. එහි යම් උග්ඝටිතඤ්ඤ මුදින්‍ද්‍රිය පුද්ගලයෙකුත් යම් නෙය්‍යතික්ඛින්‍ද්‍රිය පුද්ගලයෙකුත් වේ ද, මේ පුද්ගලයෝ අසමඉන්‍ද්‍රිය ඇත්තාහු වෙති, එහි මේ පුද්ගලයෝ සම ඉන්‍ද්‍රිය ඇත්තාහු උද්ඝටිතඥයා කෙරෙන් පිරිහෙන්නාහු ද වෙති, විපඤ්චිතඥ නෙයපුද්ගලයා කෙරෙන් පිරිහෙයි, මොහු මධ්‍යම භූමිගත වූවාහු විපඤ්චිතඥ වෙත්. මේ තුන් පුද්ගලයෝ යි.

තත්‍ථ චතුත්‍ථා පන පඤ‍්චමා උග‍්ඝටිතඤ‍්ඤූ විපඤ‍්චිතඤ‍්ඤූ නෙය්‍යො ච. තත්‍ථ උග‍්ඝටිතඤ‍්ඤූ පුග‍්ගලො ඉන්‍ද්‍රියානි පටිලභිත්‍වා දස‍්සනභූමියං ඨිතො සොතාපත‍්තිඵලං ච පාපුණාති එකබීජී හොති පඨමො සොතාපන‍්නො. තත්‍ථ විපඤ‍්චිතඤ‍්ඤූ පුග‍්ගලො ඉන්‍ද්‍රියානි පටිලභිත්‍වා දස‍්සනභූමියං ඨිතො සොතාපත‍්තිඵලං ච පාපුණාති, කොලංකොලො ච හොති දුතියො සොතාපන‍්නො. තත්‍ථ නෙය්‍යෙ පුග‍්ගලො ඉන්‍ද්‍රියානි පටිලභිත්‍වා දස‍්සනභූමියං ඨිතො සොතාපත‍්තිඵලං ච පාපුණාති, කොලංකොලො ච හොති දුතියො සොතාපන‍්නො. තත්‍ථ නෙය්‍යො පුග‍්ගලො ඉන්‍ද්‍රියානි පටිලභිත්‍වා දස‍්සනභූමියං ඨිතො සොතාපත‍්තිඵලං ච පාපුණාති, සත‍්තක‍්ඛත‍්තුපරමො ච හොති, අයං තතියො සොතාපන‍්නො ඉමෙ තයො පුග‍්ගලා ඉන්‍ද්‍රියවෙමත‍්තතාය සොතාපත‍්තිඵලෙ ඨිතා. උග‍්ඝටිතඤ‍්ඤූ එකබීජී හොති. විපඤ‍්චිතඤ‍්ඤූ කොලංකොලො හොති, නෙය්‍යො සත‍්තක‍්ඛත‍්තුපරමො හොති.

යළි එහි සතරවැනි පස්වැනි පුද්ගලයෝ උද්ඝටිතඥ විපඤ්චිතඥ නෙය ද වෙති. එහි උද්ඝටිතඥ පුද්ගල ඉන්‍ද්‍රියයන් ප්‍රතිලාභ කොට දර්‍ශනභූමියෙහි සිටියේ සෝතාපත්ති ඵලයට ද පැමිණෙයි. ඒකබීජී ප්‍රථම ස්‍රෝතාපන්න වෙයි. එහි විපඤ්චිතඥ පුද්ගල ඉන්‍ද්‍රිය ප්‍රතිලාභ කොට දර්‍ශන භූමියෙහි සිටියේ ස්‍රෝතාපත්තිඵලයට ද පැමිණෙයි. ද්විතීය ස්‍රෝතාපන්න වූ කොලංකොල ද වෙයි. එහි නෙයපුද්ගල ඉන්‍ද්‍රියප්‍රතිලාභ කොට දර්‍ශන භූමියෙහි සිටියේ සෝවත්ඵලයට ද පැමිණෙයි. සත්තක්ඛත්තුපරම ද වෙයි. මේ තුන්වැනි ස්‍රෝතාපන්න යි. මේ තුන් පුද්ගලයෝ ඉන්‍ද්‍රියවේමත්තතායෙන් සෝවත්ඵලයෙහි සිටියාහු, උද්ඝටිතඥ ඒකබීජී වෙයි. විපඤ්චිතඥ පුද්ගල කොලංකොල වෙයි, නෙයපුද්ගල සත්තක්ඛත්තුපරම වේ.

ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තං.

මේ නිබ්බේධභාගිය සූත්‍ර යි.

සචෙ පන තදුත‍්තරිං වායමති, අච‍්චන‍්තනිට‍්ඨං නිබ‍්බානං පාපුණාති. තත්‍ථ උග‍්ඝටිතඤ‍්ඤූ පුග‍්ගලො යො තික‍්ඛින්‍ද්‍රියො, තෙ ද‍්වෙ පුග‍්ගලා හොන‍්ති: අනාගාමිඵලං පාපුණිත්‍වා අන‍්තරාපරිනිබ‍්බායී ච උපහච‍්චපටිනිබ‍්බායී ච, තත්‍ථ විපඤ‍්චිතඤ‍්ඤූ පුග‍්ගලො යො තික‍්ඛින්‍ද්‍රියො, තෙ ද‍්වෙ පුග‍්ගලා හොන‍්ති: අනාගාමිඵලං පාපුණිත්‍වා අසඞ‍්ඛාරපරිනිබ‍්බායී ච සසඞ‍්ඛාරපරිනිබ‍්බායී ච. තත්‍ථ නෙය්‍යො අනාගාමිඵලං පාපුණන‍්තො උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී හොති. උග‍්ඝටිතඤ‍්ඤූ ච විපඤ‍්චිතඤ‍්ඤූ ච ඉන්‍ද්‍රියනානත‍්තෙන උග‍්ඝටිතඤ‍්ඤූ පුග‍්ගලො තික‍්ඛින්‍ද්‍රියො අන‍්තරාපරිනිබ‍්බායී හොති. උග‍්ඝටිතඤ‍්ඤූ මුදින්‍ද්‍රියො උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී හොති. උග‍්ඝටිතඤ‍්ඤූ ච විපඤ‍්චිතඤ‍්ඤූ ච ඉන්‍ද්‍රියනානත‍්තෙන උග‍්ඝටිතඤ‍්ඤූ පුග‍්ගලො තික‍්ඛින්‍ද්‍රියො සසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති, තික‍්ඛින්‍ද්‍රියො අන‍්තරාපරිනිබ‍්බායී හොති, උග‍්ඝටිතඤ‍්ඤූ මුදින්‍ද්‍රියො අසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති. විපඤ‍්චිතඤ‍්ඤූ තික‍්ඛින්‍ද්‍රියො අසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති, විපඤ‍්චිතඤ‍්ඤූ මුදින්‍ද්‍රියො සසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති, නෙය්‍යො උපහච‍්චපරිනිබ‍්බායී හොති, විපඤ‍්චිතඤ‍්ඤූ තික‍්ඛින්‍ද්‍රියො අසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති, විපඤ‍්චිතඤ‍්ඤූ මුදින්‍ද්‍රියො සසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති, නෙය්‍යො උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී හොති, ඉති පඤ‍්ච අනාගාමිනො, ඡට‍්ඨො සකදාගාමී, තයො ච සොතාපන‍්නාති ඉමෙ නව සෙක‍්ඛා.

තවද ඉදින් එයින් මතුයෙහි වෑයම් කෙරේ නම් අත්‍යන්ත නිෂ්ඨා වූ නිවනට පැමිණෙයි. එහි යම් තික්ඛින්‍ද්‍රිය වූ උද්ඝටිතඥ පුද්ගලයෙක් වේ ද ඔහු පුද්ගලයෝ දෙදෙනෙක් වෙති: අනාගාමීඵලයට පැමිණ අන්තරාපරිනිබ්බායී ද උපහච්චපරිනිබ්බායී ද වෙති. එහි යම් තික්ඛින්‍ද්‍රිය වූ විපඤ්චිතඥ පුද්ගලයෙක් වේ ද ඔහු පුද්ගලයෝ දෙදෙනෙක් වෙති: අනාගාමීඵලයට පැමිණ අසංඛාරපරිනිබ්බායී ද සසංඛාරපරිනිබ්බායී ද වෙති. එහි නෙයපුද්ගල අනාගාමීඵලයට පැමිණෙනුයේ උද්ධංසෝතඅකනිට්ඨගාමී වෙයි. උද්ඝටිතඥ ද විපඤ්චිතඥ ද දෙදෙන ඉන්‍ද්‍රියනානාත්‍වයෙන් උද්ඝටිතඥ පුද්ගල තික්ඛින්‍ද්‍රිය වූයේ අන්තරාපරිනිබ්බායී වෙයි, උද්ඝටිතඥ මුදින්‍ද්‍රිය පුද්ගල උද්ධංසෝතඅකනිට්ඨගාමී වෙයි. උද්ඝටිතඥ ද විපඤ්චිතඥ ද දෙදෙන ඉන්‍ද්‍රියනානාත්‍වයෙන් තික්ඛින්‍ද්‍රිය උද්ඝටිතඥ පුද්ගල සසංඛාරපරිනිබ්බායී වෙයි. උද්ඝටිතඥ මුදින්‍ද්‍රියපුද්ගල උපහච්චපරිනිබ්බායී වෙයි. විපඤ්චිතඥ තික්ඛින්‍ද්‍රිය පුද්ගල අසංඛාරපරිනිබ්බායී වෙයි. විපඤ්චිතඥ මුනින්‍ද්‍රිය පුද්ගල සසංඛාර පරිනිබ්බායී වෙයි. නෙයපුද්ගල උපහච්චපරිනිබ්බායී වෙයි. විපඤ්චිතඥ තික්ඛින්‍ද්‍රියපුද්ගල අසංඛාරපරිනිබ්බායී වෙයි, විපඤ්චිතඥ මුදින්‍ද්‍රිය පුද්ගල සසංඛාරපරිනිබ්බායී වෙයි. නෙයපුද්ගල උද්ධංකසෝතඅකනිට්ඨගාමී වේ. මෙසේ පඤ්ච අනාගාමීහු යැ සවැනි සකදාගාමී යැ තුන් ස්‍රොතාපන්නයෝ යැයි මේ නව ශෛක්‍ෂයෝ වෙත්.

තත්‍ථ උග‍්ඝටිතඤ‍්ඤූ පුග‍්ගලො තික‍්ඛින්‍ද්‍රියො අරහත‍්තං පාපුණන‍්තො ද‍්වෙ පුග‍්ගලා හොන‍්ති: උභතොභාගවිමුත‍්තො පඤ‍්ඤාවිමුත‍්තො ච. තත්‍ථ උග‍්ඝටිතඤ‍්ඤූ පුග‍්ගලො මුදින්‍ද්‍රියො අරහත‍්තං පාපුණන‍්තො ද‍්වෙ පුග‍්ගලා හොන‍්ති: ඨීතකප‍්පී ච පටිවෙධනභාවො ච. තත්‍ථ විපඤ‍්චිතඤ‍්ඤූ පුග‍්ගලො ච තික‍්ඛින්‍ද්‍රියො අරහත‍්තං පාපුණන‍්තො ද‍්වෙ පුග‍්ගලා හොන‍්ති: චෙතනාභබ‍්බො ච රක‍්ඛණභබ‍්බො ච. තත්‍ථ විපඤ‍්චිතඤ‍්ඤූ මුදින්‍ද්‍රියො අරහත‍්තං පාපුණන‍්තො ද‍්වෙ පුග‍්ගලා හොන‍්ති: සචෙ චෙතෙති න පරිනිබ‍්බාති, නො චෙ අනුරක‍්ඛති පරිනිබ‍්බායී’ති. තත්‍ථ නෙය්‍යො පුග‍්ගලො භාවනානුයොගමනුයුත‍්තො පරිහානධම‍්මො හොති කම‍්මනියතො වා සමසීසී වා. ඉමෙ නව අරහන‍්තො.

එහි තික්ඛින්‍ද්‍රිය වූ උග්ඝටිතඤ්ඤු පුද්ගල රහත්බවට පැමිණෙනුයේ පුද්ගලයෝ දෙදෙනෙක් වෙති: උභතෝභාගවිමුත්ත ද පඤ්ඤාවිමුත්ත දැයි. එහි මුනින්‍ද්‍රිය උග්ඝටිතඤ්ඤු පුද්ගල රහත් බවට පැමිණෙනුයේ පුද්ගලයෝ දෙදෙනෙක් වෙති: ඨීතකප්පී ද පටිවේධනභාව දැයි කියායි. එහි තික්ඛින්‍ද්‍රිය විපඤ්චිතඤ්ඤු පුද්ගල ද රහත් බවට පැමිණෙනුයේ පුද්ගලයෝ දෙදෙනෙක් වෙති: චේතනාභව්‍ය ද රක්‍ෂණාභව්‍ය දැයි. එහි මුදින්‍ද්‍රිය විපඤ්චිතඤ්ඤු පුද්ගල රහත් බවට පැමිණෙනුයේ පුද්ගලයෝ දෙදෙනෙක් වෙති : ඉදින් සිතා නම් නො පිරිනිවෙයි. ඉදින් නො රකී නම් පිරිනිවේ යයි. එහි දී නෙයපුද්ගල භාවනානුයෝගයෙහි යෙදුණේ පරිහාන ස්වභාව ඇතියේ වේ ද කර්‍මනියත වූයේ හෝ සමසීසී හෝ වෙයි. මේ නව වැදෑරුම් රහත්හු යි.

ඉදං චතුබ‍්බිධං සුත‍්තං: සංකිලෙසභාගියං -පෙ- අසෙඛභාගියං. ඉමෙසු පුග‍්ගලෙසු තථාගතස‍්ස දසවිධං බලං පවත‍්තති.

මේ සංකිලෙසභාගිය ... අසේඛභාගිය යන චතුර්විධ සූත්‍ර යි. මේ පුද්ගලයන් කෙරෙහි තථාගතයන් වහන්සේගේ දසවිධ බලය පවතී.

කතමං දසවිධං: ඉධ බුද‍්ධානං භගවන‍්තානං අප‍්පවත‍්තිතෙ ධම‍්මචක‍්කෙ මහෙසක‍්ඛා දෙවපුත‍්තා යාචනාය අභියාතා හොන‍්ති: ‘දෙසෙතු සුගතො ධම‍්ම’න‍්ති. සො අනුත‍්තරෙන බුද‍්ධචක‍්ඛුනා වොලොකෙන‍්තො අද‍්දසාසි සත‍්තානං තයො රාසී: සම‍්මත‍්තනියතො මිච‍්ඡත‍්තනියතො අනියතො.

කවර දසවිධ බලයෙක යත්: එහි භාග්‍යවත් බුදුවරුන් දම්සක් නො පැවැත්වූ කල්හි මහායශස්ක දිව්‍යපුත්‍රයෝ අයැදීම පිණිස පැමිණියාහු වෙති: ‘සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්ව’යි. ඒ බුදුහු අනුත්තර වූ බුදුඇසින් බලන සේක් සත්ත්‍වයන්ගේ සම්මත්ත නියත යැ විච්ඡත්තනියත යැ අනියත යැ යන තුන් රාසීන් දුටුසේක.

තත්‍ථ සම‍්මත‍්තනියතො රාසි මිච‍්ඡාසතිං ආපජ‍්ජෙය්‍යාති නෙතං ඨානං විජ‍්ජති, අසත්‍ථුකො පරිනිබ‍්බායෙය්‍යාති නෙතං ඨානං විජ‍්ජති, සමාපත‍්තිං ආපජ‍්ජෙය්‍යාති ඨානමෙතං විජ‍්ජති.

එහි සම්මත්ත නියතරාසිය මිච්ඡාසතියට පැමිණෙන්නේ යැ යන තෙල කරුණ නො වෙයි. අශාස්තෘක වැ පිරිනිවෙන්නේ යැ යන තෙල කරුණ නො වෙයි. සමවතට පැමිණේ යැ යන තෙල කරුණ වෙයි.

තත්‍ථ මිච‍්ඡත‍්තනියතො රාසි අරියසමාපත‍්තිං පටිපජ‍්ජිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති, අනරියමිච‍්ඡාපටිපත‍්තිං පටිපජ‍්ජිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.

එහි මිච්ඡත්තනියත රාසිය ආර්‍ය්‍යසමාපත්තියට පිළිපදනේ යැ යන තෙල කරුණ නො වෙයි, අනාර්‍ය්‍ය වූ මිථ්‍යාප්‍රතිපත්තියට පිළිපදනේ යැ යන තෙල කරුණ වෙයි.

තත්‍ථ අනියතො රාසි සම‍්මාපටිපජ‍්ජමානො සම‍්මත‍්තනියතරාසිං ගමිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති, මිච‍්ඡාපටිපජ‍්ජමානො සම‍්මත‍්තනියතරාසිං ගමිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. සම‍්මාපටිපජ‍්ජමානො මිච‍්ඡත‍්තනියතරාසිං ගමිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති, මිච‍්ඡාපටිපජ‍්ජමානො මිච‍්ඡත‍්තනියතරාසිං ගමිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.

එහි අනියත රාසිය මොනොවට පිළිපදනේ සම්මත්තනියත රාසියට යන්නේ යැ යන තෙල කරුණ වෙයි. වරදවා පිළිපදනේ සම්මත්තනියතරාසියට යන්නේ යැ යන තෙල කරුණ නො වෙයි. සම්‍යක් ප්‍රතිපන්න වූයේ මිච්ඡත්තනියත රාසියට යන්නේ යැ යන තෙල කරුණ නො වෙයි. මිථ්‍යාප්‍රතිපන්න වූයේ මිච්ඡත්තනියත රාසියට යන්නේ යැ යන මෙකරුණ වන්නේ යි.

ඉමෙ තයො අනුත‍්තරෙන බුද‍්ධචක‍්ඛුනා වොලොකෙන‍්තස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස මෙ සතො ‘ඉමෙ ධම‍්මා අනභිසම‍්බුද‍්ධා’ති එත‍්තාවතා මං කොචි සහධම‍්මෙන පටිචොදෙස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති, වීතරාගස‍්ස මෙ පටිජානතො අඛීණාසවතාය සහධම‍්මෙන කොචි පටිචොදෙස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. යතො පන ඉමස‍්ස අනියතස‍්ස රාසිස‍්ස ධම‍්මදෙසනා, සා න දිස‍්සති තක‍්කරස‍්ස සම‍්මාදුක‍්ඛක‍්ඛයායා’ති නෙතං ඨානං විජ‍්ජති, තථා ඔවදිතො යං පන මෙ අනියතරාසි සාවකො පුබ‍්බෙනාපරං විසෙසං න සච‍්ඡිකරිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

මේ තුන් පුද්ගලයන් අනුත්තර වූ බුදුඇසින් බලන්නා වූ සම්‍යක් සම්බුද්ධ වූ මට ‘මේ ධර්‍මයෝ අනභිසම්බුද්ධයහ’යි මෙතෙකින් කිසිවෙක් මට සකාරණ ව ප්‍රතිචෝදනා කරන්නේ යැ යන තෙල කරුණ නො වේ. වීතරාග යයි පිළින කරන මට අඛිණාසවතායෙන් සකාරණ ව කිසිවෙක් චෝදනා කරන්නේ යැ යන තෙල කරුණ නො වේ. තවද යම් හෙයෙකින් මේ අනියතරායියට ධර්‍මදේශනා වේ ද ඒ දේශනාව එය පිළිපදිනහුට මනාකොට දුක් ක්‍ෂය වීම පිණිස නො පැනේ යැ යන තෙල කරුණ නො වෙයි. තවද යම්හෙයෙකින් මා විසින් එසේ අවවාද කරන ලද අනියත රාසියෙහි වූ ශ්‍රාවකයෙක් පූර්‍ව විශේෂයෙන් අපර විශේෂය ප්‍රත්‍යක්‍ෂ නො කරන්නේ යැ යන තෙල කරුණ නො වේ.

යං ඛො මුනි නානප‍්පකාරෙන නානානිරුත‍්තියො දෙවනාගයක‍්ඛානං දෙසෙති දමෙති, ධම‍්මෙ වවත්‍ථානෙන වත්‍වා කාරණතො අඤ‍්ඤං කාරණං ගමිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති, ධම‍්මපටිසම‍්භිදා.

තථාගත මුනීහු දේව – නාග – යක්‍ෂයනට නානාප්‍රකාරයෙන් නානානිරුක්තීන් දේශනා කෙරෙති. (ඔවුන්) දමනය කෙරෙත්. විනිශ්චය විසින් දහම් දෙසා කාරණයෙන් අන්‍යකාරණයකට යන්නාහ යන තෙල කරුණ නො වේ. ධම්මපටිසම්භිදා යැ.

යතො පනිමා නිරුත‍්තිතො සත‍්ත සුත‍්ත (?) නිරුත‍්තියො නාභිසම‍්භුනෙය්‍යාති නෙතං ඨානං විජ‍්ජති, නිරුත‍්තිපටිසම‍්භිදා.

යම් හෙයකින් නිරුක්තිඤාණ හේතුයෙන් සප්ත සූත්‍රනිරුක්තීන් අවබෝධ නො කරන්නේ යැ යන (?) කරුණ නො වෙ යි. නිරුක්ති පටිසම්භිදා යැ.

නිරුත‍්ති ඛො පන අභිසමයරතානං සාවකානං තමත්‍ථමවිඤ‍්ඤාපයෙති නෙතං ඨානං විජ‍්ජති. අත්‍ථපටිසම‍්භිදා.

නිරුක්තිය වැලිත් අභිසමයෙහි ඇලුණු ශ්‍රාවකයනට ඒ අර්‍ත්‍ථය නො හඟවන්නේ යැ යන තෙල කරුණ නො වේ. අත්‍ථපටිසම්භිදා යි.

මහෙසක‍්ඛා දෙවපුත‍්තා උපසඞ‍්කමිත්‍වා පඤ‍්හෙ පුච‍්ඡිංසු, කායිකෙන වා මානසිකෙන වා පරිපීළිතස‍්ස; හත්‍ථකුණීති වා පාදෙ වා ඛඤ‍්ජස‍්ස දන්‍ධස‍්ස වා, සො අත්‍ථො න පරාභාජීයතීති නෙතං ඨානං විජ‍්ජති. පටිභානපටිසම‍්භිදා.

මහායශස්ක වූ දිව්‍ය පුත්‍රයෝ (බුදුන් කරා) එළඹ පැන පුළුවුත්හ. කායික හෝ මානසික හෝ දුකින් පීඩිත වූවහුට අත් පා කොරවූවහුට හෝ දන්‍ධයකුට හෝ ඒ අර්‍ත්‍ථය විභාග නො කරනු ලැබෙයි යන තෙල කරුණ නො වේ. පටිහාන පටිසම්භිදා යි.

(මෙහි පාළිය සර්‍වප්‍රකාරයෙන් ව්‍යාකූලව ඇත.)

යං හි සං තෙසං හොති තං හි අසන‍්තං භවතීති නෙතං ඨානං විජ‍්ජති. යං හි නසං තෙසං න භවති, තං හි නසං තෙසං භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. එවං සමුදයස‍්ස නිරොධාය දස අකුසලකම‍්මපථා.

යම් සත් ස්වභාවයක් ඔවුනට වේ ද එය අසත් (අවිද්‍යමාන) වූවක් වේ යැ යන තෙල කරුණ නො වෙයි. යම් අසත් වූවක් ඔවුනට නො වේ ද ඒ අසත් ස්වභාව ඔවුනට වන්නේයැ යන තෙල කරුණ නොවේ. සමුදයයාගේ නිරෝධය පිණිස දශඅකුශලකර්‍ම පථයෝ ද මෙසේ වෙත්.

මාරො වා ඉන්‍දො වා බ්‍රහ‍්මා වා තථාගතො වා චක‍්කවත‍්තී වා සො වත නාම මාතුගාමො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති, පුරිසො රාජා චක‍්කවත‍්තී සක‍්කො දෙවානමින්‍දො භවිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති. ඉතිස‍්ස එවරූපං බලං එවරූපං ඤාණං, ඉදං වුච‍්චති ඨානාඨානඤාණං පඨමං තථාගතබලං. තං නිද‍්දිසිතබ‍්බං: තීහි රාසීහි චතූහි වෙසාරජ‍්ජෙහි චතූහි පටිසම‍්භිදාහි, පටිච‍්චසමුප‍්පාදස‍්ස පවත‍්තියං නිවත‍්තියං භාගියං ච, කුසලං කුසලවිපාකෙසු ච උපපජ‍්ජති යං ච ඉත්‍ථිපුරිසානං.

මාර වේවයි ඉන්‍ද්‍ර වේවයි බ්‍රහ්ම වේවයි තථාගත වේවයි චක්‍රවර්ති වේවයි ඒකාන්තයෙන් හේ නම් මාගමක් වන්නේ යැ යන තෙල කරුණ නො වේ. පුරුෂයෙක් සක්විති රජ වන්නේ යැ ශක්‍රදේවේන්‍ද්‍ර වන්නේ යැ යන තෙල කරුණ වන්නේ යි. මෙසේ මෙබඳු බලයක් මෙබඳු ඥානයක් වන්නේ යැ, මේ ‘ඨානාඨානඤාණ’ නම් පළමුවන තථාගතබලය යි කියනු ලැබේ. එය තුන් රාශියෙන් සතර වෛශාරද්‍යයෙන් සිවු පිළිසිඹියායෙන් ද ... පටිච්චසමුප්පාදයාගේ ප්‍රවෘත්තියෙහි ද නිවෘත්තියෙහි ද යම් ස්ත්‍රීපුරුෂයන්ගේ කුශලයක් ඒ කුශලවිපාකයන්හි උපදනේ නම් (එයින් ද) දැක්විය යුතු.

ඉදං පඨමං තථාගතබලං.

(1) මේ පළමුවන තථාගතබල යැ.

තථාගතො එවං ජානාති: යෙසං පන සම‍්මත‍්තනියතො රාසි. නායං සබ‍්බත්‍ථගාමිනී පටිපදා, නිබ‍්බානගාමිනියෙවායං පටිපදා, තත්‍ථ සියා මිච‍්ඡත‍්තනියතො රාසි, එසා’පි න සබ‍්බත්‍ථගාමිනී පටිපදා, සක‍්කායසමුදයගාමිනීයෙවායං පටිපදා, හොතු, අයං තත්‍ථ තත්‍ථ පටිපත‍්තියා ඨිතො ගච‍්ඡති නිබ‍්බානං, ගච‍්ඡති අපායං, ගච‍්ඡති දෙවමනුස‍්සස‍්ස. යං යං වා පටිපදං පටිපජ‍්ජෙය්‍ය සබ‍්බත්‍ථ ගච‍්ඡෙය්‍ය. අයං සබ‍්බත්‍ථගාමිනී පටිපදා, යං එත්‍ථ ඤාණං යථාභූතං, ඉදං වුච‍්චති සබ‍්බත්‍ථගාමිනිපටිපදා ඤාණං.

තථාගතයන් වහන්සේ මෙසේ දන්නා සේක: යම් කෙනකුන්ට සම්මත්තනියතරාසිය වේ ද මේ සබ්බත්‍ථගාමිනිපටිපදා නො වේ, මේ නිබ්බාන ගාමිනී පටිපදා මැ වේ. එහි යම් මිච්ඡත්තනියතරාසියෙක් වන්නේ ද, මෙ ද සබ්බත්‍ථගාමිනී පටිපදා නො වෙයි, මේ සක්කායසමුදයගාමිනී පටිපදා මැ වේ. වේවා. මේ තෙම ඒ ඒ ප්‍රතිපත්තියෙහි සිටියේ නිවනට යෙයි, අපායට යෙයි, දිව්‍යමනුෂ්‍යගතියට යෙයි. යම් යම් ප්‍රතිපදාවකට පිළිපන්නේ සියලු ගතියට මැ යන්නේ නම් මේ සබ්බත්‍ථගාමිනීපටිපදා යි. එහි යථාභූත වූ යම් ඤාණයක් වේ ද මේ සබ්බත්‍ථගාමිනීපටිපදාඤාණ යයි කියනු ලැබේ.

ඉදං දුතියං තථාගතබලං.

(2) මෙ දෙවැනි තථාගතබල යැ.

සා ඛො පනායං සබ‍්බත්‍ථගාමිනී පටිපදා නානාධිමුත‍්තා කෙචි කාමෙසු කෙචි දුක‍්කරකාරියං කෙචි අත‍්තකිලමථානුයොගමනුයුත‍්තා කෙචි සංසාරෙන සුද‍්ධිං පච‍්චෙන‍්ති කෙචි අනවජ‍්ජභාවනායාති. තෙන තෙන චරිතෙන විනිබද‍්ධානං සත‍්තානං යං ඤාණං යථාභූතං නානාගතං ලොකස‍්ස අනෙකාධිමුත‍්තිගතං යථාභූතං පජානාති.

යළි මේ සබ්බත්‍ථගාමිනීපටිපදාව නානාධ්‍යාශය ඇති වෙයි. කිසි කෙනෙක් කාමයන්හි අධිමුත්ත (ඇලුනාහු) වෙති, කිසි කෙනෙක් දුෂ්කරක්‍රියායෙහි අධිමුත්ත වෙති, කිසි කෙනෙක් අත්තකිලමථානුයෝගයෙහි යෙදුනාහු වෙති. කිසි කෙනෙක් සංසාරයෙන් ශුද්ධිය කැමැති වෙති, කිසි කෙනෙක් අනවද්‍යභාවනායෙන් ශුද්ධිය කැමැති වෙත් යයි. ඒ ඒ චරිතයෙන් බැඳුණු සත්ත්‍වයන් පිළිබඳ යථාභූත වූ යම් ඥානයක් ඇද්ද, ලෝකය පිළිබඳ නානා ස්වභාව අනේකාධිමුත්තබව යථාභූතව (තතු පරිදි) දැනගන්නා සේක.

ඉදං තතියං තථාගතබලං.

(3) මේ තුන්වැනි තඛාගතබල යැ.

තත්‍ථ සත‍්තානං අධිමුත‍්තා භවන‍්ති ආසෙවන‍්ති භාවෙන‍්ති බහුලීකරොන‍්ති. තෙසං කම‍්මූපසයානං තදධිමුත‍්තානං සා චෙව ධාතු සංවහති. කතරා පනෙසා ධාතු: නෙක‍්ඛම‍්මධාතු බලධාතු කාචි සම‍්මත‍්තං කාචි මිච‍්ඡත‍්තං ච ධාතු අධිමුත‍්තා භවන‍්ති අඤ‍්ඤතරෙ උත‍්තරිං න සමනුපස‍්සන‍්ති. තෙ තදෙව ඨානං ජාති ජරාමරණස‍්ස අභිනිවිස‍්ස වොහරන‍්ති: ‘ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති, යථා භගවතා සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස භාසිතං. යං තත්‍ථ යථාභූතං ඤාණං.

එහි සත්ත්‍වයන්ගේ අධ්‍යාශයෝ වෙති, ආසේවන කෙරෙති, වඩති, බහුල කෙරෙත්. කර්‍මයෙහි ඇලුණු එහි අධිමුක්ත වූ ඔවුනට එ මැ ස්වභාවය ද තෙල ධාතු (ස්වභාව) කවර යත්: නෙක්ඛම්මධාතු යැ බලධාතු යැ සම්‍යක්ත්‍වධාතු යැ මිථ්‍යාත්‍වධාතු යැ (යන මෙහි) අධිමුත්ත වෙත්. ඇතැම්හු මත්තෙහි නො දක්නාහු යැ ඔහු එකරුණ මැ ජාති ජරාමරණයට පිවිසැ ව්‍යවහාර කෙරෙති: ‘මෙය මැ සැබව, අන්‍යය සිස් යැ’යි යම්සේ භාග්‍යවතුන් විසින් සක් දෙවිඳුට වදාරන ලද ද එමෙනි.

ඉදං වුච‍්චති චතුත්‍ථං තථාගතබලං.

(4) මේ සතරවැනි තථාගතබල යයි කියනු ලැබේ.

තත්‍ථ යං යදෙව ධාතුං සෙට‍්ඨන‍්ති, තං තං කායෙන ච වාචාය ච ආරභන‍්ති චෙතසිකො ආරම‍්භො චෙතනා කම‍්මං, කායිකො වාචසිකො ආරම‍්භො වෙතසිකත‍්තා කම‍්මන‍්තරං. තථාගතො එවං පජානාති: ‘ඉමිනා සත්‍ථෙන එවං ධාතුකෙන එවරූපං කම‍්මං කතං, තං අතීතමද‍්ධානං. ඉමිනා හෙතුනා තස‍්ස එවරූපො විපාකො විපච‍්චති එතරහි, විපච‍්චිස‍්සති වා අනාගතමද‍්ධාන’න‍්ති. එවං පච‍්චුප‍්පන‍්නමද‍්ධානං පජානාති: අයං පුග‍්ගලො එවංධාතුකො ඉදං කම‍්මං කරොති, තණ‍්හාය ච දිට‍්ඨියා ච. ඉමිනා හෙතුනා න තස‍්ස විපාකො දිට‍්ඨෙ වා ධම‍්මෙ, නිබ‍්බත‍්තිස‍්සති උපපජ‍්ජෙ වා අපරම‍්හි වා පරියායෙති. එවං පජානාති: ‘අයං පුග‍්ගලො එවරූපං කම‍්මං කරිස‍්සති අනාගතමද‍්ධානං ඉමිනා හෙතුනා තස‍්ස එවරූපො විපාකො නිබ‍්බත‍්තිස‍්සති ඉමිනා හෙතුනා’ති යානි චත‍්තාරි කම‍්මට‍්ඨානානි, ඉදං කම‍්මට‍්ඨානං පච‍්චුප‍්පන‍්නසුඛං ආයතිං ච සුඛවිපාකං -පෙ- ඉති අයං අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං හෙතුසො ඨානසො විපාකවෙමත‍්තතං පජානාති උච‍්චාවචතං හිනප‍්පණීතතං.

එහි යම් යම් මැ ධාතු–අධ්‍යාශයක් ශ්‍රේෂ්ඨ යයි සලකත් ද ඒ ඒ අධ්‍යාශය කයින් ද වචනයෙන් ද අරඹති, චෛතසික ආරම්භය චේතනා කර්‍ම යි. කායික වාචසික ආරම්භය චෛතසික බැවින් කර්‍මාන්තර යැ. තථාගතයන් වහන්සේ මෙසේ දැනගන්නා සේක: ‘මෙබඳු ස්වභාව ඇති මේ සත්ත්‍ව විසින් මෙබඳු කර්‍මයක් කරනලද. එය අතීත කාලයෙහි යැ. මේ හේතුයෙන් ඔහුට මෙබඳු විපාකයෙක් මෙකල විපාක දෙයි, අනාගත කාලයෙහි හෝ විපාක දෙන්නේ ය යි. ප්‍රත්‍යුත්පන්න කාලය මෙසේ දැනගනී: ‘මේ පුද්ගල මෙබඳු ස්වභාව ඇතියේ තෘෂ්ණායෙන් ද දෘෂ්ටියෙන් ද මේ කර්‍මය කෙරෙයි. මේ හේතුයෙන් ඒ කර්‍මයාගේ විපාකය ඉහාත්මයෙහි මැ නූපදනේ යැ, උපපද්‍යභවයෙහි හෝ අපරපර්‍ය්‍යායයෙහි හෝ උපදනේ යැ යි. මෙසේ දැනගනී: මේ පුද්ගල අනාගත කාලයෙහි මේ හේතුයෙන් මෙබඳු කර්‍මයක් කරන්නේ යැ, මේ හේතුයෙන් ඔහුට මෙබඳු විපාකයෙක් උපදනේ යැ යි’. යම් සතර කර්‍මකාරණයෝ වෙත් ද, එනම් : “මේ කර්‍මය ප්‍රත්‍යුත්පන්න සුඛ යැ, මතුයෙහි ද සුඛවිපාක ඇත ... මෙසේ මේ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ කර්‍ම සමාදානයන්ගේ හේතු වශයෙන් කාරණ වශයෙන් විපාකයන්ගේ නානාත්‍වය උස්පහත් බව හීන ප්‍රණීත බව දන්නාසේක.

ඉදං වුච‍්චති කම‍්මවිපාකඤාණං පඤ‍්චමං තථාගතබලං.

(5) මේ ‘කම්මවිපාකඤාණ’ නම් වූ පස්වැනි තථාගතබල යැ.

තථා සත‍්තා යං වා කම‍්මසමාදානං සමාදියන‍්තා. තත්‍ථ එවං පජානාති: ඉමස‍්ස පුග‍්ගලස‍්ස කම‍්මාධිමුත‍්තස‍්ස රාගචරිතස‍්ස නෙක‍්ඛම‍්මධාතු පාරිපූරිං ගච‍්ඡති තස‍්ස රාගානුගතෙ යුඤ‍්ජමානස‍්ස පඨමං ඣානං සංකිලිස‍්සති, සචෙ පුන උත‍්තරිං වායමතො ඣානවොදානගතෙ මානසෙ විසෙසභාගියං පටිපදං අනුයුඤ‍්ජියති, තස‍්ස හි ඣානභාගියංයෙව පඨමජ‍්ඣානෙ ඨිතස‍්ස දුතියං ඣානං වොදානං ගච‍්ඡති, තතියං ච ඣානං සමාපජ‍්ජිතුකාමස‍්ස සොමනස‍්සින්‍ද්‍රියං චිත‍්තං පරියාදාය තිට‍්ඨති තස‍්ස සා පීති අවිසෙසභාගියං තතියං ඣානං.

එහි සත්ත්‍වයෝ යම් (කෙබඳු) හෝ කර්‍මසමාදානයක් ගන්නාහු වෙති. එහි (බුදුහු) මෙසේ දැනගන්නා සේක: කර්‍මාධිමුත්ත වූ රාගචරිත ඇති මේ පුද්ගලහට නෙක්ඛම්මධාතුව පිරීමට යෙයි, රාගානුගත කල්හි ශුන්‍ය වන ඔහුගේ ප්‍රථමධ්‍යානය කිලිටි වෙයි. ඉදින් යළි මත්තෙහි වෑයම් කරන්නහුට සිත ධ්‍යානයෙන් විශුද්ධ වූ කල්හි විසේසභාගිය ප්‍රතිපදාවට පැමිණෙයි. ප්‍රථමධ්‍යානයෙහි සිටි ඔහුට ධ්‍යාන භාගිය වූ මැ ද්විතීයධ්‍යානය ව්‍යවදානයට යෙයි. යළි තෘතීයධ්‍යානයට සමවදිනු කැමැත්තහුගේ සිත සෝමනස්සින්‍ද්‍රිය හාත්පසින් ගෙන සිටී. ඔහුගේ ඒ ප්‍රීතිය විසේසභාගිය නොවූ තාතීයධ්‍යානය ගෙන සිටී.

ආදිස‍්ස තිට‍්ඨති, සචෙ තස‍්ස නිස‍්සරණං යථාභූතං පජානාති, තථා භූතස‍්ස චතුත්‍ථං ඣානං වොදානං ගච‍්ඡතියෙව. චතුත්‍ථස‍්ස ඣානස‍්ස හානභාගියා ධම‍්මා, තෙ ච ධම‍්මා යත්‍ථ පජායන‍්ති යෙහි චතුත්‍ථං ඣානං වොදානං දිස‍්සති. එවං අජ‍්ඣාසයසමාපත‍්තියා යා චතස‍්සො සමාපත‍්තියො තීණි විමොක‍්ඛමුඛානි අට‍්ඨ විමොක‍්ඛා. ඣානානීති චත‍්තාරි ඣානානි, විමොක‍්ඛාති අට‍්ඨ ච විමොක‍්ඛා තීණි ච විමොක‍්ඛමුඛානි. සමාධීති චත‍්තාරො සමාධි: ඡන්‍දසමාධි විරියසමාධි චිත‍්තසමාධි වීමංසාසමාධි. සමාපත‍්තියොති චතස‍්සො අජ‍්ඣාසයසමාපත‍්තියො ඉති ඉමෙසං ඣානානං විමොක‍්ඛසමාපත‍්තීති එවරූපො සංකිලෙසො රාගචරිතස‍්ස පුග‍්ගලස‍්ස එවං දොසචරිතස‍්ස, මොහචරිතස‍්ස, රාගචරිතස‍්ස පුග‍්ගලස‍්ස එවරූපං වොදානං. ඉති යං එත්‍ථ ඤාණං යථාභූතං අසාධාරණං සබ‍්බසත‍්තෙහි. ඉදං වුච‍්චති ඡට‍්ඨං තථාගතබලං.

ඉදින් ඒ ධ්‍යානයාගේ නිස්සරණය යථාභූතව දනී ද, එසේ වූවහුට චතුර්‍ත්‍ථධ්‍යානය ව්‍යවදානයට යේ මැ යැ. චතුර්‍ත්‍ථධ්‍යානයාගේ හානභාගිය ධර්‍මයෝ වෙති. ඒ ධර්‍මයෝ යම් තැනෙක උපදිත් ද, යම් ධර්‍මයකින් චතුර්‍ත්‍ථධ්‍යානය ව්‍යවදාන වූයේ දක්නා ලැබේ ද, මෙසේ අධ්‍යාශයසමාපත්තියෙන් යම් සතර සමාපත්ති කෙනෙක් වෙත් ද තුන් විමෝක්‍ෂමුඛයෝ වෙත් ද, අට්ඨ විමොක්ඛයෝ වෙත් ද; (මෙහි) ඣාන යනු සතර ධ්‍යානයෝ යැ. විමොක්ඛා යනු අෂ්ටවිමෝක්‍ෂයෝ යැ තුන් විමෝක්‍ෂමුඛයෝ යි. සමාධි යනු සතර සමාධීහු යැ: ඡන්‍දසමාධි යැ විරියසමාධි යැ චිත්තසමාධි යැ විමංසාසමාධි යි. සමාපත්තියො යනු සතර අධ්‍යාශයසමාපත්තී යි. මෙසේ මේ ධ්‍යානයන්ගේ විමොක්ඛසමාපත්ති යැ යන මෙබඳු සංකිලේසය රාගචරිත පුද්ගලයාහට යැ, දොසචරිතයාහට මෙසේ යැ, මෝහචරිතයාහට මෙසේ යැ, රාගචරිත පුද්ගලයාහට මෙබඳු ව්‍යවදානය වේ යයි, මෙසේ මෙහි යථාභූත වූ සියලු සත්ත්‍වයන් හා අසාධාරණ වූ යම් ඥානයක් ඇද්ද, මේ සවැනි තථාගතබලය’යී කියනු ලැබේ. (6)

තත්‍ථ තථාගතො එවං පජානාති: ලොකිකා ධම‍්මා ලොකුත‍්තරා ධම‍්මා භාවනාභාගියං ඉන්‍ද්‍රියනාමං ලභන‍්ති ආධිපතෙය්‍යභූමිං උපාදාය, බලනාමං ලභන‍්ති ථාමගතං මනො මනින්‍ද්‍රියං, තං උපාදාය, විරිය නාමං ලභන‍්ති ආරම‍්භධාතුං උපාදාය. ඉතිස‍්ස එවරූපං ඤාණං ඉමෙහි ච ධම‍්මෙහි ඉමෙ පුග‍්ගලා සමන‍්නාගතාතිපි. ධම‍්මදෙසනං අකාසි. ආකාරතො ච වොකාරතො ච ආසයජ‍්ඣාසයස‍්ස අධිමුත‍්තිසමන‍්නාගතානං. ඉදං වුච‍්චති පරසත‍්තානං පරපුග‍්ගලානං ඉන්‍ද්‍රියබලවිරියවෙමත‍්තතං ඤාණං සත‍්තමං තථාගතබලං.

එහි තථාගතයන් වහන්සේ මෙසේ දැනගන්නා සේක: ලෞකිකධර්‍මයෝ ද ලෝකෝත්තරධර්‍මයෝ ද භාවනාභාගිය වූවාහු ආධිපතෙය්‍යභූමිය පටන් ඉන්‍ද්‍රියනාමය ලබති. ථාමගත වූ මනස මනින්‍ද්‍රිය යි, එය පටන් බලනාමය ලබති, ආරම්භධාතුව පටන් විරිය නාමය ලබත්. මෙසේ මේ ධර්‍මයන්ගෙන් මේ පුද්ගලයෝ සමන්‍වාගත වූහ’යි ද මෙබඳු ඥානය වන්නේ යැ, ආශය අධ්‍යාශයාගේ ආකාර වශයෙන් ද වෝකාර වශයෙන් ද, අධිමුත්ති සමන්‍වාගත වූවනට ධර්‍මදේශනා කළසේක. පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රිය–බල– වීර්‍ය්‍ය වේමත්තතාඤාණ නම් වූ මේ සත්වැනි තථාගතබලය යී කියනු ලැබේ. (7)

තත්‍ථ ච තථාගතො ලොකාදිසු ච භූමීසු සංයොජනානං ච සෙක‍්ඛානං ද‍්වීහි බලෙහි ගතිං පජානාති. පුබ‍්බෙනිවාසානුස‍්සතියා අතීතෙ සංසාරෙ එතරහි ච පච‍්චුප‍්පන‍්නෙ, දිබ‍්බචක‍්ඛුනා චුතූපපාතං ඉති ඉමානි ද‍්වෙ බලානි දිබ‍්බචක‍්ඛුතො අභිනිහිතානි. සො අතීතමද‍්ධානං දිබ‍්බස‍්ස චක‍්ඛුනො ගොචරො, සො එතරහි සතිගොචරො, ඉති අත‍්තනො ච පරෙසං ච පුබ‍්බෙනිවාසඤාණං අනෙකවිධං නානාප‍්පකාරකං පච‍්චුප‍්පන‍්නමද‍්ධානං දිබ‍්බෙන චක‍්ඛුනා. ඉමානි ද‍්වෙ තථාගතබලානි, අට‍්ඨමං පුබ‍්බෙනිවාසො, නවමං දිබ‍්බචක‍්ඛු.

එහි දු කාමලෝකාදි භූමීන්හි ද සංයෝජන ඇති ශෛක්‍ෂයන්ගේ ද පූර්‍වනිවාසානුස්මෘතියෙන් අතීත සංසාරයෙහි ද දිවැසින් දැන් ප්‍රත්‍යුත්පන්නයෙහි ද මේ බල දෙකින් ගතිය දැනගන්නා සේක. මෙසේ මේ බලයෝ දෙදෙන දිව ඇසින් කරන ලද්දාහු යැ හේ අතීත කාලය දිව ඇසට ගෝචර යැ. හේ මෙකල්හි ස්මෘතිගෝචර යි. මෙසේ තමන්ගේ ද අන්‍යයන්ගේ ද පූර්‍වනිවාසඥානය ද අනේකවිධ වූ නානා ප්‍රකාර වූ ප්‍රත්‍යුත්පන්න කාලය දිව ඇසින් දක්නා නුවණ ද යන මේ අටවැනි පූර්‍වනිවාසඥානය ද නවවැනි දිව්‍යචක්‍ෂුඥානය ද දෙවැදෑරුම් තථාගතබලයෝ යි. (8-9)

පුන චපරං තථාගතො අරියපුග‍්ගලානං ඣානං වොදානං නිබ‍්බෙධභාගියං පජානාති: අයං පුග‍්ගලො ඉමිනා මග‍්ගෙන ඉමාය පටිපදාය ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතීති, ඉති අත‍්තනො ච ආසවානං ඛයෙ ඤාණං දිට‍්ඨෙකට‍්ඨානං චතුභූමිමුපාදාය යාව නවන‍්නං අරහන‍්තානං ආසවක‍්ඛයො ඔධිසො සෙඛානං අනොධිසො අරහන‍්තානං. තත්‍ථ චෙතොවිමුත‍්ති ද‍්වීහි ආසවෙහි අනාසවා: කාමාසවෙන ච භවාසවෙන ච. පඤ‍්ඤාවිමුත‍්ති ද‍්වීහි ආසවෙහි අනාසවා: දිට‍්ඨාසවෙන ච අවිජ‍්ජාසවෙන ච. ඉමාසං ද‍්වින‍්නං විමුත‍්තීනං යථාභූතං ඤාණං, ඉදං වුච‍්චති ආසවක‍්ඛයෙ ඤාණං.

නැවත තථාගතයන් වහන්සේ ආර්‍ය්‍යපුද්ගලයන්ගේ ව්‍යවදාන වූ නිබ්බේධභාගිය වූ ධ්‍යානය දැනගන්නා සේක: “මේ පුද්ගල මේ මාර්‍ගයෙන් මේ ප්‍රතිපදායෙන් ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඉහාත්මයෙහි මැ ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙරේ යයි මෙසේ තමන් වහන්සේගේ ද සතර භූමිය පටන් නව රහතුන් දක්වා ශෛක්‍ෂයන්ගේ අවධිවශයෙන් ද රහතුන්ගේ අනෝධිවශයෙන් ද ආස්‍රවක්‍ෂය වෙයි. ඒ දෘෂ්ටිය හා සහජාතවශයෙන් ප්‍රහාණවශයෙන් ඒකාර්‍ත්‍ථ වූ ආස්‍රවයන්ගේ ක්‍ෂයඥානය වෙයි. එහි චේතෝවිමුක්තිය කාමාස්‍රවයෙන් ද භවාස්‍රවයෙන් ද ද්විවිධ ආස්‍රවයන්ගෙන් අනාස්‍රව වෙයි. පඤ්ඤාවිමුක්තිය දෘෂ්ට්‍යාස්‍රවයෙන් ද අවිද්‍යාස්‍රවයෙන් ද යන ද්විවිධ ආස්‍රවයන්ගෙන් අනාස්‍රව වෙයි. මේ දෙවැදෑරුම් විමුත්තීන්ගේ යම් යථාභූත ඥානයක් ඇද්ද මේ ආසවක්ඛය ඤාණ යයි කියනු ලැබේ.

දසමං තථාගතබලං.

දසවැනි තථාගත බලයයි. (10)

ඉමෙසු දසසු බලෙසු ඨිතො තථාගතො පඤ‍්චවිධං සාසනං දෙසෙති: සංකිලෙසභාගියං වාසනාභාගියං දස‍්සනභාගියං භාවනාභාගියං අසෙඛභාගියං.

මේ දසබලයන්හි සිටි ත්‍ථාගතයන් වහන්සේ පඤ්චවිධ ශාසනය දෙසනසේක: සංකිලෙසභාගිය යැ වාසනාභාගිය යැ දස්සනභාගිය යැ භාවනාභාගිය යැ අසේඛභාගිය යැ යනු යි.

තත්‍ථ යො තණ‍්හාසංකිලෙසො ඉමස‍්ස අලොභො නිස‍්සරණං. යො දිට‍්ඨිසංකිලෙසො ඉමස‍්ස අමොහො නිස‍්සරණං. යො දුච‍්චරිතසංකිලෙසො ඉමස‍්ස තීණි කුසලානි නිස‍්සරණං.

එහි යම් තණ්හාසංකිලේසයෙක් ඇද්ද මොහුට අලෝභය නිස්සරණ යැ. යම් දිට්ඨි සංකිලෙසයෙක් ඇද්ද මොහුට අමෝහය නිස්සරණ යැ, යම් දුච්චරිතසංකිලේසයෙක් ඇද්ද මොහුට තුන් කුසලයෝ නිස්සරණ යි.

කිං නිදානං: තීණි ඉමානි මනොදුච‍්චරිතානි - අභිජ‍්ඣා ව්‍යාපාදො මිච‍්ඡාදිට‍්ඨි.

නිදාන කවරැ යත්: මේ මනෝදුශ්චරිතයෝ තිදෙනෙක් වෙති: අභිධ්‍යා ව්‍යාපාද මිථ්‍යා දෘෂ්ටි යැ.

තත්‍ථ අභිජ‍්ඣා මනොදුච‍්චරිතං කායකම‍්මං උපට‍්ඨපෙති අදින‍්නාදානං සබ‍්බං ච තදුපනිබද‍්ධං වාචාකම‍්මං උපට‍්ඨපෙති, මුසාවාදං ච සබ‍්බවිතථං සබ‍්බං වාචමභාවං සබ‍්බමක‍්ඛං පලාසං අභිජ‍්ඣාඅකුසලමූලන‍්ති. මුසාවාදො අදින‍්නාදානං අභිජ‍්ඣාය චෙතනා.

එහි අභිධ්‍යාමනෝදුශ්චරිතය අදින්නාදාන කායකර්‍මය එළවයි, එය හා බැඳුණු සියලු වාක්කර්‍මය ද එළවයි, මෘෂාවාදය ද සියලු බොරුබස් ද සියලු අසද්වචන ද සියලු මකුබව ද ජලාස (ගුණසාරා දැමීම) ද අභිධ්‍යාඅකුශලමූලය යන මේ එළවයි. මුසාවාදය ද අදින්නාදානය ද අභිධ්‍යාවගේ චේතනා යි.

තත්‍ථ ව්‍යාපාදො මනොදුච‍්චරිතං කායකම‍්මං උපට‍්ඨපෙති පාණාතිපාතං සබ‍්බං චෙතං ආකඩ‍්ඪනං පරිකඩ‍්ඪනං නිබන්‍ධං රොචනං, වාචාකම‍්මං උපට‍්ඨපෙති පිසුනාවාචං, ඵරුසාවාචං. මිච‍්ඡාදිට‍්ඨි මනොදුච‍්චරිතං ච අභිජ‍්ඣං ව්‍යාපාදං මිච‍්ඡාදිට‍්ඨිං පයොජෙති.

එහි ව්‍යාපාදමනෝදුශ්චරිතය ප්‍රාණඝාතකායකර්‍මය එළවයි. සියලු ආකර්‍ෂණය පරිකර්‍ෂණය බන්‍ධනය ද පිසුනාවාච ඵරුසාවාච වාක්කර්‍මය ද එළවයි, මිථ්‍යාදෘෂ්ටි මනෝදුශ්චරිතය ද අභිධ්‍යා ව්‍යාපාද හා මිථ්‍යාදෘෂ්ටිය ද යොදවයි.

යස‍්ස යො කොචි මිච‍්ඡාදිට‍්ඨි චාගො රාගජො වා දොසජො වා සබ‍්බසො මිච‍්ඡාදිට‍්ඨිසම‍්භුතො, ඉමිනා කාරණෙන මිච‍්ඡාදිට‍්ඨි කායකම‍්මං උපට‍්ඨපෙති කාමෙසුමිච‍්ඡාචාරං, වචීකම‍්මං උපට‍්ඨපෙති සම‍්ඵප‍්පලාපං. ඉමානි තීණි දුච‍්චරිතානි අකුසලමූලානි.

යමක්හුගේ මිථ්‍යාදෘෂ්ටියෙන් යුත් රාගජ වූ හෝ දෝසජ වූ හෝ යම් කිසි ත්‍යාගයෙක් වේ ද, එය සර්‍වප්‍රකාරයෙන් මිථ්‍යා දෘෂ්ටියෙන් උපන්නේ වේද, මෙ කරුණෙන් මිථ්‍යා දෘෂ්ටිය කාමමිථ්‍යාචාරකායකර්‍මය එළවයි. සම්ඵප්‍රලාප වාක්කර්‍මය එළවයි. මේ අකුශලමූල වූ තුන් දුශ්චරිතයෝ යි.

යා අභිජ‍්ඣා සො ලොභො, යො ව්‍යාපාදො සො දොසො, යා මිචිඡාදිට‍්ඨි සො මොහො, යානි අට‍්ඨ මිච‍්ඡත‍්තානි උපට‍්ඨපෙන‍්ති, තෙසු ගහිතෙසු තීසු අකුසලමූලෙසු දසවිධං අකුසලං පාරිපූරිං ගච‍්ඡති. තස‍්ස තිවිධස‍්ස දුච‍්චරිතසංකිලෙසස‍්ස වාසනාභාගියං ච සුත‍්තං නිස‍්සරණං.

යම් අභිධ්‍යාවක් ඇද්ද ඒ ලෝභ යැ. යම් ව්‍යාපාදයෙක් ඇද්ද ඒ දෝස යැ, යම් මිථ්‍යා දෘෂ්ටියක් ඇද්ද ඒ මෝහ යි. යම් අටවැදෑරුම් මිථ්‍යාත්‍වයන් උපදවත් ද ඔහු යි. ඒ තුන් අකුශලමූලයන් ගත්කල්හි දසවිධ අකුසලය පිරීමට යෙයි. ඒ ත්‍රිවිධ දුශ්චරිත සංකිලේසයාගේ නිස්සරණය වාසනාභාගියසූත්‍ර යි.

තත්‍ථ යො බහුසිතො නිද‍්දෙසො යථා ලොභො දොසො, මොහොපි තත්‍ථ අසිතො එත්‍ථ ලොභො උස‍්සදො. තෙන කාරණෙන තෙසු වා ධම‍්මෙසු ලොභො පඤ‍්ඤාපීයති. තත්‍ථායං මොහො අකුසලං, අයං අවිජ‍්ජා, යා චතුබ‍්බිධා රූපෙ අභිනිවිට‍්ඨා, රූපං අත‍්තතො සමනුපස‍්සති අවිජ‍්ජාගතො, රූපවන‍්තං වා අත‍්තානං අත‍්තනි වා රූපං රූපස‍්මිං වා අත‍්තානං.

එහි ලෝභ දෝස බඳු යම් බෙහෙවින් බැඳුණු නිද්දෙසයෙක් ඇද්ද, මෙහි මෝහයත් නොබැඳුණෝ වේද, ලෝභය උත්සන්න වෙයි. එකරුණෙන් ඒ ධර්‍මයන්හි හෝ ලෝභය පනවනු ලැබෙයි. එහි මේ මෝහය අකුශලයෙක් වේද, අවිජ්ජා යි. සිව් වැදෑරුම් වූ යම් අවිද්‍යාවක් රූපයෙහි අනුශය වශයෙන් සිටියා ද එය යි. අවිද්‍යාවෙන් මඩනා ලදුයේ රූපය ආත්ම වශයෙන් දකී, ආත්මය රූපවත් කොට දකී, ආත්මයෙහි රූපය ඇතැයි හෝ දකී. රූපයෙහි හෝ ආත්මය ඇතැයි දකී.

තත්‍ථ කතමං පදං සක‍්කායදිට‍්ඨියා උච‍්ඡෙදං වදති: ‘තං ජීවං තං සරීර’න‍්ති නත්‍ථිකදිට‍්ඨි, අධිච‍්චසමුප‍්පන‍්නදිට‍්ඨි ච, අඤ‍්ඤො ව කරොති අඤ‍්ඤො පටිසංවෙදියති පච‍්ඡිමසට‍්ඨිකප‍්පානං [?] තීණි පදානි සක‍්කායදිට‍්ඨියා සස‍්සතං භජන‍්ති අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීර’න‍්ති අකිරියං ච තං දුක‍්ඛමිච‍්ඡතො: අහෙතුකං ච පතන‍්ති අනජ‍්ඣාභාවො ච කම‍්මානං සබ‍්බං ච මානති.

එහි කවර පදයෙක් සක්කායදිට්ඨියෙන් උච්ඡේදය කියා ද යත්: එය මැ ජීව යැ එය මැ ශරීර යැ’යි ගන්නා නාස්තික දෘෂ්ටිය ද අධීත්‍යසමුත්පන්නදෘෂ්ටිය ද, අනෙකෙක් කෙරෙයි අනෙකෙක් විඳී යන සක්කායදිට්ඨිය පිළිබඳ තුන් පදයෝ ශාහ්වතදෘෂ්ටිය භජනය කෙරෙති. ජීවය අනෙකෙක ශරීරය අනෙකෙක යන අක්‍රියදෘෂ්ටියට ද ... අහේතුක දෘෂ්ටියට ද වැටෙත්....

තත්‍ථ ‘ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති සංසාරෙන සුද‍්ධි ආජීවකා ඡළාසීති පඤ‍්ඤාපෙන‍්ති. යථා රූපෙ සක‍්කායදිට‍්ඨියා චතුවත්‍ථුකා, එවං පඤ‍්චසු ඛන්‍ධෙසු වීසතිවත්‍ථුකා සක‍්කායදිට‍්ඨි සස‍්සතං භජති. අඤ‍්ඤාජීවකා ච සස‍්සතවාදිකා ච සීලබ‍්බතං භජන‍්ති පරාමසන‍්ති ඉමිනා භවිස‍්සාමි දෙවො වා දෙවඤ‍්ඤතරො වාතී. අයං සීලබ‍්බතපරාමාසො.

එහි ‘මෙය මැ සැබව අන්‍යය සිස් යැ’යි සංසාරයෙන් ශුද්ධිය කියන ආජීවකයෝ සයාසූ ලබ්ධියක් පනවති. යම්සේ රූපයෙහි සක්කායදිට්ඨිය පිළිබඳ චතුස්වස්තුකදෘෂ්ටිය වේ ද එ පරිදි පඤ්චස්කන්‍ධයෙහි විංශද්වස්තුක සත්කායදෘෂ්ටිය ශාශ්වතය භජනය කෙරෙයි අන්‍ය ආජීවකයෝ ද ශාශ්වතවාදීහු ද ‘මෙයින් දෙවියෙක් හෝ දේවාන්‍යතරයෙක් හෝ වන්නෙමි’යි ශීලව්‍රතය භජනය පරාමර්‍ශනය කෙරෙත්. මේ සීලබ්බතපරාමාස යි.

තත්‍ථ සක‍්කායදිට‍්ඨියා සො රූපං අත‍්තතො සමනුපස‍්සති: තං ජීවං තං සරීරමි’ති. තං කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති නාභිප‍්පසීදති, පුබ‍්බන‍්තෙ අපරන‍්තෙ පුබ‍්බන‍්තාපරන‍්තෙ -පෙ- ඉති වාසනාභාගියෙසු ඨිතස‍්ස අයං උපක‍්කිලෙසො.

එහි සක්කායදිට්ඨීයෙන් හේ රූපය ආත්මවශයෙන් දකී. ‘එ මැ ජීව යැ, එ මැ ශරිරයැ’යි. පූර්‍වාන්තයෙහි අපරාන්තයෙහි පූර්‍වාන්තාපරාන්තයෙහි සැක කෙරෙයි. විචිකිත්සා කෙරෙයි, නිශ්චයට නො යෙයි, නො පහදී .... මෙසේ වාසනාභාගියෙහි සිටියහුට මේ උපක්කිලේස යි.

තත්‍ථ සද‍්ධින්‍ද්‍රියෙන සබ‍්බං විචිකිච‍්ඡිතං පජහති, පඤ‍්ඤින්‍ද්‍රියෙන උදයබ‍්බයං පස‍්සති, සමාධින්‍ද්‍රියෙන චිත‍්තං එකොදිකරොති, විරියින්‍ද්‍රියෙන ආරභති සො ඉමෙහි පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි සද‍්ධානුසාරී අවෙච‍්චප‍්පසාදෙ නිරතො ආනන‍්තරියං සමාධිං උප‍්පාදෙති. ඉන්‍ද්‍රියෙහි සුද‍්ධෙහි ධම‍්මානුසාරී අප‍්පච‍්චයතාය ආනන‍්තරියං සමාධිං උප‍්පාදෙති, සො ඉදං දුක‍්ඛ’න‍්ති යථාභූතං පජානාති (සච‍්චානි) ඉදං දස‍්සනභාගියං සුත‍්තං. තස‍්ස පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සංයොජනානං තීණි සංයොජනානා දස‍්සනා පහාතබ‍්බානි සබ‍්බෙන සබ‍්බං පහීනානි ද‍්වෙ පුග‍්ගලකතානි [?]

එහි සද්ධින්‍ද්‍රියයෙන් සියලු විචිකිච්ඡිත දුරු කෙරෙයි, පඤ්ඤීන්‍ද්‍රියයෙන් උදයව්‍යය දකී, සමාධින්‍ද්‍රියයෙන් සිත එකඟ කෙරෙයි, වීරියින්‍ද්‍රියයෙන් වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගෙන් සද්ධානුසාරී වූයේ අවෙත්‍යප්‍රසාදයෙහි නිරත වූයේ ආනන්තරිය සමාධිය උපදවයි. ශුද්ධ ඉන්‍ද්‍රියයන්ගෙන් ධර්‍මමානුසාරී වූයේ ප්‍රත්‍යය රහිත බැවින් ආනන්තරිය සමාධිය උපදවයි, හේ ‘මේ දුක’ යයි ඇති සැටියෙන් දැන ගනී. (සත්‍යයෝ දැක්විය යුත්තාහු ය.) මේ දස්සනභාගිය සූත්‍ර යි. ඔහුට පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් අතුරෙන් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ තුන් සංයෝජනයෝ සියල්ලෙන් සියල්ල ප්‍රහීණ වූවාහු පුද්ගලයෝ දෙදෙනෙක් වූවාහු ය. (?)

තත්‍ථ තීණි අකුසලමූලානි භාවනාපහාතබ‍්බානි උපරික‍්ඛිත‍්තානි ඡ භවෙ නිබ‍්බත‍්තෙන‍්ති. තත්‍ථ තෙසු අභිජ‍්ඣාව්‍යාපාදෙසු තනුකතෙසු ඡ භවා පරික‍්ඛයං මරියාදං ගච‍්ඡන‍්ති, ද‍්වෙ භවා අවසිට‍්ඨා. තස‍්ස අභිජ‍්ඣා ච බ්‍යාපාදො ච සබ‍්බෙන සබ‍්බං පරික‍්ඛීණා හොන‍්ති. එකො භවො අවසිට‍්ඨො හොති. සො ච මානවසෙන නිබ‍්බත‍්තෙති. කිඤ‍්චාපි එත්‍ථ අඤ‍්ඤෙපි චත‍්තාරො කිලෙසා රූපරාගො භවරාගො අවිජ‍්ජා උද‍්ධච‍්චං, තෙතස‍්මිං. මානභූතා නප‍්පටිබලා අස‍්මිමානං විනිවත‍්තෙතුං, සබ‍්බෙපි තෙ අස‍්මිමානස‍්ස පහානං ආරභන‍්තෙ. ඛීණෙසු න ච තෙසු ඉදමුත‍්තරිං දස‍්සනභූමියං පඤ‍්චසු සෙඛපුග‍්ගලෙසු තීසු ච පටිපන‍්නකෙසු ද‍්වීසු ච ඵලට‍්ඨෙසු භාවනාභාගියං සුත‍්තං. තදුත‍්තරිං. අසෙඛභාගිය සුත‍්තං.

එහි උඩ කියන ලද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ තුන් අකුසලමූලයෝ භව සයක් උපදවති. එහි ඒ භවයන් කෙරෙහි අභිධ්‍යාව ද ව්‍යාපාදයන් ද තුනී කළ කල්හි ෂඩ්භවයෝ ක්‍ෂයවීමට මර්‍ය්‍යාදාවට යෙති. ඔහුට අභිධ්‍යාව ද ව්‍යාපාදය ද සියල්ලෙන් සියල්ල ක්‍ෂය වූවාහු වෙත්. එක් භවයෙක් අවශිෂ්ට වේ. එ ද මානවශයෙන් නිපදවයි. තවද මෙහි රූපරාගය භවරාගය අවිද්‍යාවය උද්ධච්චය යන අන්‍ය වූත් සතර ක්ලේශයෝ වෙති. ඔහු එහි මාන වූවාහු අස්මිමානය විනිවර්‍තන කරන්නට ප්‍රතිබල නො වෙති. ඔහු සියල්ලෝ මැ අස්මි මානයාගේ ප්‍රහාණය ආරම්භ කෙරෙත්. ඔවුන් ක්‍ෂය නොවූ කල්හි මතුයෙහි දර්‍ශන භූමියෙහි ද පඤ්චශෛක්‍ෂ පුද්ගලයන් කෙරෙහි ද තුන් ප්‍රතිපන්නකයන් කෙරෙහි ද ඵලස්ථයන් දෙදෙනකු කෙරෙහි ද මේ භාවනාභාගිය සූත්‍ර යැ. එයින් මත්තෙහි අසේඛභාගිය සූත්‍ර යැ,

කත්‍ථචි භූමි නවීළීයති [?] ඉදං ච පඤ‍්චමං සුත‍්තං තිණ‍්ණං පුග‍්ගලාන දෙසිතං පුථුජ‍්ජනස‍්ස, සෙඛස‍්ස අසෙඛස‍්ස. සංකිලෙසභාගියං වාසනාභාගියං පුථුජ‍්ජනස‍්ස, දස‍්සනභාගියං භාවනාභාගියං පඤ‍්චන‍්නං සෙඛානං, යං පඨමනිද‍්දිට‍්ඨං අසෙඛභාගියං සබ‍්බෙසං අරහන‍්තානං. යං පන පඤ‍්චවිධං සත‍්තවීසආකාරෙ පරියෙසිතබ‍්බං. එතෙසු තස‍්ස ගතීනං ගතො උත‍්තරි [?] තං ච ඛො සඞ‍්ඛෙපෙන පඤ‍්ඤාසාය ආකාරෙහි සම‍්පතති, යෙ පඤ‍්ඤාස ආකාරා සාසනෙ නිද‍්දිට‍්ඨා තෙ සඞ‍්ඛිපීයන‍්තා දසහි ආකාරෙහි පතන‍්ති, යෙ අරියසච‍්චං නික‍්ඛෙපෙන ඨිතෙ සඞ‍්ඛිපීයන‍්තා අට‍්ඨසු ආකාරෙසු පතන‍්ති. චතුසු ච සාධාරණෙසු සුත‍්තෙසු, යා හාරසම‍්පාතස‍්ස භූමි තෙ සඞ‍්ඛිපීයන‍්තා පඤ‍්චසු සුත‍්තෙසු පතන‍්ති: සංකිලෙසභාගියෙ වාසනාභාගියෙ භාවනාභාගියෙ නිබ‍්බෙධභාගියෙ අසෙඛභාගියෙ ච. තෙ සඞ‍්ඛිපීයන‍්තා චතුසු සුත‍්තෙසු පතන‍්ති: සංකිලෙසභාගියෙ වාසනාභාගියෙ නිබ‍්බෙධභාගියෙ අසෙඛභාගියෙ ච. තෙ සඞ‍්ඛිපීයමානා තීසු සුත‍්තෙසු පතන‍්ති: පුථුජ‍්ජනභාගියෙ සෙඛභාගියෙ අසෙඛභාගියෙ ච. තෙ සඞ‍්ඛිපීයන‍්තා ද‍්වීසු සුත‍්තෙසු පතන‍්ති: නිබ‍්බෙධභාගියෙ ච පුබ‍්බයොගභාගියෙ ච. යථා වුත‍්තං භගවතා: “ද‍්වෙ අත්‍ථවසෙ සම‍්පස‍්සමානා තථාගතා අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා ධම‍්මං දෙසෙන‍්ති: සුත‍්තං -පෙ- සත්‍ථා පුබ‍්බයොගසමන‍්නාගතෙ අප‍්පකසිරෙන මඤ‍්ඤමානො වසියති. පුබ‍්බයොගා ච භවිස‍්සන‍්ති සන‍්තානං මඤ‍්ඤමානාධරාය [?]

කිසි තැනෙක ... ? මේ පස්වැනි සූත්‍රය ද පෘථග්ජන, ශෛක්‍ෂ, අශෛක්‍ෂ යන තුන් පුද්ගලයන්ට දෙසන ලද, සංකිලෙසභාගිය වාසනාභාගිය සූත්‍රය පුහුදුන් පුඟුල්හට යැ, දස්සනභාගිය භාවනාභාගිය දෙක පඤ්ච ශෛක්‍ෂයන්ට යැ, පළමු දක්වන ලද අසේඛ භාගිය සූත්‍රය සියලු රහතුන්ට යැ. පඤ්චවිධ වූ යම් සූත්‍රයක් සත්විසි ආකාරයෙහි ලා සෙවිය යුතු ද මොවුන් කෙරෙහි ... ? එ ද සැකෙවින් පනස් අයුරෙකින් සම්පතනය වේ ද, යම් පනස් ආකාර කෙනෙක් ශාසනයෙහි දක්වන ලද්දාහු ද ඔහු සංක්‍ෂේප කරනු ලබන්නාහු දස ආකාරයකින් සංග්‍රහ වෙති. සැකෙවින් සිටි ආර්‍ය්‍යසත්‍යයෝ සංක්‍ෂේප කරනු ලබන්නාහු අට ආකාරයෙක්හි පතිත වෙති (?) සතර සාධාරණ සූත්‍රයන්හි ද වැටෙති. භාරසම්පාතයට යම් භූමියක් ඇද්ද එහි යැ. ඔහු සංක්‍ෂේප කරනු ලබන්නාහු ‘සංකිලෙසභාගිය වාසනාභාගිය භාවනාභාගිය නිබ්බේධභාගිය හා අසේඛභාගිය’ ද යන පඤ්චසූත්‍රයන්හි වැටෙති, ඔහු සංක්‍ෂේප කරනු ලබන්නාහු ‘සංකිලෙසභාගිය වාසනා භාගිය නිබ්බේධභාගිය හා අසේඛභාගිය’ ද යන සතර සූත්‍රයන්හි වැටෙති. ඔහු සංක්‍ෂේප කරනු ලබන්නාහු ‘පුථුජ්ජනභාගිය සේඛභාගිය හා අසේඛභාගිය’ ද යන තුන් සූත්‍රයන්හි වැටෙති. ඔහු සංක්‍ෂේප කරනු ලබන්නාහු නිබ්බේධභාගිය පුබ්බයෝගභාගිය ද යන සූත්‍රද්වයෙහි වැටෙත්. භාග්‍යවතුන් විසින් එහෙයින් වදාරන ලද : “අත්‍ථවස – කරුණු දෙකක් දක්නා වූ තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ සුත්ත ගෙය්‍ය ... යන ධර්‍මය දේශනා කෙරෙති. ශාස්තෲන් වහන්සේ පූර්‍ව යෝගසමන්‍වාගත වූවන් නිදුකින් දන්නාහු වසඟ කෙරෙති ... (?)

තත්‍ථ පඤ‍්ඤාවෙමත‍්තතං අත‍්තනො සමනුපස‍්සමානෙන අට‍්ඨවිධෙ සුත‍්තසඞ‍්ඛෙපෙ යත්‍ථ යත්‍ථ සක‍්කොති තත්‍ථ තත්‍ථ යොජෙතබ‍්බං, තත්‍ථ තත්‍ථ යොජෙත්‍වා සුත‍්තස‍්ස අත්‍ථෙ නිද‍්දිසිතබ‍්බො. න හි සතිවොදානං මනොධාරෙත්‍වා විනා සක‍්කා යෙන කෙනචි සුත‍්තස‍්ස අත්‍ථං යථාභූතං නිද‍්දිසිතුං.

එහි තමන්ගේ ප්‍රඥාවිශේෂත්වය දක්නහු විසින් අටවැදෑරුම් සූත්‍රසංක්‍ෂෙපයෙහි යම් යම් තැනෙක හැකි වේ ද ඒ ඒ තැන යෙදියැ යුතු. ඒ ඒ තැන්හි යොදා සූත්‍රාර්‍ත්‍ථය දැක්විය යුතු. පිරිසුදු සිහියෙන් වෙන් වැ යම් කිසිවක්හු විසින් සූත්‍රාර්‍ත්‍ථය තත්වූ පරිදි දක්වන්නට නො මැ හැකි වේ?

තත්‍ථ පුරිමකානං සුත‍්තානං ඉමා උද‍්දානගාථා:

එහි පූර්‍ව උදාහෘත සූත්‍රයන්ගේ මේ උද්දාන ගාථා යැ:

(1) කාමන්‍ධා ජාලසඤ‍්ඡින‍්නා - පඤ‍්ච නීවරණානි ච මනො පුබ‍්බඞ‍්ගමා ධම‍්මා - මහානාමො ච සාකියො,

(1) “කාමන්‍ධා ජාලසඤ්ජන්නා’ යැ පඤ්ච නීවරණයෝ යැ මනෝපුබ්බංගමා ධම්මා යැ මහානාම ශාක්‍යරජ යැ යන මොහු ද–

(2) උද‍්ධං අධො විප‍්පමුත‍්තො - යං ච සීලකිමත්‍ථියා යස‍්ස සෙලූපමං චිත‍්තං - උපතිස‍්සපුච‍්ඡාදිකා,

(2) ‘උද්ධං අධෝ විප්පමුත්තො’ යැ “කිමත්‍ථියානි කුසලානි සීලානි” යනාදිය යැ ‘යස්ස සෙලූපමං චිත්තං’ යැ ‘ආයස්මා මං හන්තෙ’ යනාදි උපතිස්ස (සාරිපුත්ත) පුච්ඡා යැ–

(3) යස‍්ස කායගතාසති - ඡන‍්නං තමොපරායනො න තං දළ‍්හං චෙතසිකං - අයං ලොකොති ආදිකං,

(3) ‘යස්ස කායගතාසති’ යැ ‘ඡන්නමතිවස්සති’ යනාදිය යැ ‘තමෝතමපරායනෝ’ යනාදිය යැ ‘න තං දළ්හං’ යනාදිය යැ ‘යං චේතසිකං’ යනාදිය යැ ‘අයං ලෝකෝ යනාදියයැ

(4) චත‍්තාරො චෙව පුග‍්ගලා - දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪති සොතානුධතධම‍්මෙසු - අයං තෙසං අනුක‍්කමො.

(4) ‘අනුසෝතගාමී’ ආදි සතර පුද්ගලයෝ යැ – ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යනාදිය යැ ‘සෝතානුධතෙසු ධම්මේසු’ යනාදිය යැ මේ ඒ උදාහරණයන්ගේ අනුක්‍රමය යි.

(9) තත්‍ථ කතමා ආණත‍්ති:

(9) එහි ආණත්ති කවරැ යත් :

13. සචෙ භායථ දුක‍්ඛස‍්ස - සචෙ වො දුක‍්ඛමප‍්පියං මාකත්‍ථ පාපකං කම‍්මං - ආවී වා යදි වා රහො.

13. ඉදින් දුකට බියවවු නම් ඉදින් තොපට දුක අප්‍රිය නම් හෙළියෙහි වේවයි නොහොත් රහයි වැ වේවයි පව්කම් නහමක් කරවු.

“අතීතෙ රාධ රූපෙ අනෙපෙක‍්ඛො හොහී”ති විත්‍ථාරෙන කාතබ‍්බා.

“රාධය, අතීත රූපයෙහි අනපේක්‍ෂ වෙව” යි විස්තරයෙන් කියැයුතු.

“සීලවන‍්තෙන ආනන්‍ද පුග‍්ගලෙන න චෙතනා කරණීයා ‘කින‍්ති මෙ අවිප‍්පටිසාරො භවිස‍්සතී”ති. අයං වුච‍්චති ආණත‍්ති.

“ආනන්‍දය, සිල්වත් පුඟුල්හු විසින් ‘කිමැ මට අවිප්පටිසාරය වන්නේ දැ’යි චේතනා නො කටයුතු’ යයි මේ ආණත්ති යයි කියනු ලැබේ.

(10) තත්‍ථ කතමං ඵලං:

(10) එහි ඵලය කවරෙ යත්:

14. ධම‍්මො හවෙ රක‍්ඛති ධම‍්මචාරිං ඡත‍්තං මහන‍්තං යථ වස‍්සකාලෙ, එසානිසංසො ධම‍්මෙ සුචින‍්නෙ න දුග‍්ගතිං ගච‍්ඡති ධම‍්මචාරී.

14. දානාදි කුශලධර්‍ම තෙමේ ඒකාන්තයෙන් ඒ ධර්‍මයෙහි හැසිරෙන පුඟුල්හු (දිට්ඨධම්මික සම්පරායික අනර්‍ත්‍ථයෙන්) රක්නේ යැ, වැසිකල මහත් වූ ඡත්‍රය එය ධරන්නහු යම්සේ රකී ද එමෙනි. ධර්‍මය මොනොවට පරිචිත කල්හි තෙල අනුසස වෙයි. ධර්‍මචාරී පුද්ගල අපායාදි දුගතියට නො යේ යයි.

ඉදං ඵලං:

මේ ඵල යි.

(11) තත්‍ථ කතමො උපායො:

(11) එහි උපාය කවරෙ යත්:

15. සබ‍්බෙ ධම‍්මා අනත‍්තාති - යදා පඤ‍්ඤාය පස‍්සති අථ නිබ‍්බින්‍දති දුක‍්ඛෙ - එස මග‍්ගො විසුද‍්ධියා.

15. සියලු සංඛත සංඛ්‍යාත ප්‍රත්‍යයොත්පන්නධර්‍මයෝ අනාත්මයහ යි මෙසේ යම් කලෙක (විදසුන් තෙදගන්වා) අනාත්මානුදර්‍ශන ප්‍රඥායෙන් දකී ද, එකල්හි (පෙර මැ අනිත්‍ය දුඃඛයන් දුටු හෙයින්) විදර්‍ශනා ගෝචර වූ පඤ්චස්කන්‍ධ දුඃඛයෙහි නිර්වේදයට පැමිණෙයි. තෙල නිර්වේදය විශුද්ධි සංඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගයට උපාය වේ යයි.

“සත‍්තහඞ‍්ගෙහි සමන‍්නාගතො ඛො භික‍්ඛු අපි හිමවන‍්තං පබ‍්බතරාජානං චාලෙය්‍ය, කො පන වාදො ඡවං අවිජ‍්ජං.” (සත‍්තකෙසු වෙය්‍යාකරණං කාතබ‍්බං.) අයං උපායො.

“සත් අඟෙකින් සමන්‍වාගත මහණ හිමවත් පව්රජු පවා සලන්නේ යැ, ලාමක වූ අවිද්‍යාව (සලන්නේ යැ යනු) කියනු මැ කවරේ ද” (සත්තක නිපාතයෙහි වෙය්‍යාකරණය විස්තර කළ යුතු) මේ උපාය යැ.

(12) තත්‍ථ කතමං ආණත‍්ති ච ඵලං ච:

(12) එහි ආණත්ති ද ඵලය ද කවරෙ යත්:

16. සචෙ භායථ දුක‍්ඛස‍්ස - සචෙ වො දුක‍්ඛමප‍්පියං මා’කත්‍ථ පාපකං කම‍්මං - ආවි වා යදි වා රහො.

16. ඉදින් දුකට බියවවු නම් ඉදින් තොපට දුක අප්‍රිය නම්, හෙළියෙහි වේවයි නොහොත් රහසැ වේවයි පව්කම් නහමක් කරවු.

17. සචෙ ච පාපකං කම‍්මං - කරිස‍්සථ කරොථ වා න වො දුක‍්ඛා පමුත‍්ත්‍යත්‍ථි - උපච‍්චා’පි පලායතං.

17. ඉදින් පව්කම් මතු කරන්නවු නම්, දැන් කරවු නම් හෝ දැන දැන පලායන්නා වූ ද තොපට දුකින් මිදීමෙක් නැති.

පුරිමිකාය ගාථාය ආණත‍්ති, පච‍්ඡිමිකාය ඵලං.

පූර්‍ව ගාථායෙහි ආණත්ති යැ, පශ්චිමගාථායෙහි ඵල යි.

“සීලෙ පතිට‍්ඨාය ද‍්වෙ ධම‍්මා භාවෙතබ‍්බා: යා ච චිත‍්තභාවනා යා ච පඤ‍්ඤාභාවනා” අයං ආණත‍්ති, රාගවිරාගා ච ඵලං.

“සීලයෙහි පිහිටා චිත්තභාවනාව ද පඤ්ඤාභාවනාව ද යන ධර්‍මයෝ දෙදෙන වැඩියැ යුත්තාහු මැ යැ” මේ ආණත්ති යැ’. රාගවිරාගය ඵල යි.

(13) තත්‍ථ කතමං ඵලං ච උපායො ච:

(13) එහි ඵලය ද උපාය ද කවරෙ යත්:

18. සීලෙ පතිට‍්ඨාය නරො සපඤ‍්ඤො - චිත‍්තං පඤ‍්ඤං ච භාවයං ආතාපී නිපකො භික‍්ඛු - සො ඉමං විජටයෙ ජටං.

18. පිළිසඳ නුවණින් නුවණ ඇති වීර්‍ය්‍ය ඇති පාරිහාරික ප්‍රඥා ඇති සසරබිය දක්නා වූ යම් සත්ත්‍වයෙක් ඇද්ද හේ ශීලයෙහි පිහිටා චිත්තසමාධිය ද විදර්‍ශනා ප්‍රඥාව ද වඩමින් මේ තෘෂ්ණා නමැති අවුල කපන්නේ යි.

පුරිමිකාය අඩ‍්ඪගාථාය උපායො, පච‍්ඡිමිකාය අඩ‍්ඪගාථාය ඵලං.

මෙහි පූර්‍වාර්ධගාථායෙන් උපාය ද, පශ්චිමාර්‍ධගාථායෙන් ඵලය ද වේ.

‘නන්‍ද්‍රියො සක‍්කො - කපිලවත්‍ථුස‍්මිං නිග්‍රොධාරාමකෙ’ සුත‍්තං. මූලතො උපාදාය යාව ඡසු ධම‍්මෙසු. උත‍්තරිං පඤ‍්චසු ධම‍්මෙසු යාව ‘කරණීයං අත‍්තනො න සමනුපස‍්සන‍්ති’ අයං උපායො. අරියසාවකො පජහතෙව පාපකෙ අකුසලෙ ධම‍්මෙ, න උපාදියතී’ති. සබ‍්බාසු ඡසු පඤ‍්චසු, අයං ඵලං ච උපායො ච.

කිඹුල්වත්නුවර නිග්‍රෝධාරාමයෙහි නන්‍දිය ශාක්‍යහට වදාළ නන්‍දිය සූත්‍රය – මුල පටන් ධර්‍ම සයෙහි ද මත්තෙහි ධර්‍ම පසෙහි ද තමා විසින් කටයුතු දැය දකිත්. මේ උපාය යැ, ආර්‍ය්‍යශ්‍රාවක ලාමක අකුශල ධර්‍මයන් දුරු කෙරේ මැ යැ, සියලු එකොළොස් ධර්‍මයන්හි මේ ඵලය ද උපාය ද වේ.

(14) තත්‍ථ කතමං ආණත‍්ති ච ඵලං ච උපායො ච:

(14) එහි ආණත්ති ද ඵලය ද උපාය ද කවරෙ යත්:

19. සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛස‍්සු - මොඝරාජ සදා සතො අත‍්තානුදිට‍්ඨිං ඌහච‍්ච - එවං මච‍්චුතරො සියා.

19. මෝඝරාජය, හැම කල්හි ස්මෘතිමත් වැ සත්කායදෘෂ්ටිය දුරුකොට ලොව ශුන්‍ය විසින් බලව, මෙසෙයින් මෘත්‍යුහු ඉක්මවන්නෙහි යැ.”

“සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛස‍්සු මොඝරාජා”ති ආණත‍්ති. “සදා සතො”ති උපායො. “අත‍්තානුදිට‍්ඨිං ඌහච‍්ච එවං මච‍්චුතරො සියා”ති ඵලං.

“සුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු මෝඝරාජ” යනු ආණත්ති යැ. “සදා සතෝ” යනු උපාය යැ, අත්තානුදිට්ඨිං ඌහච්ච එවං මව්චුතරො සියා” යනු ඵල යි.

“සමාධිං භික‍්ඛවෙ භාවෙථ, සමාහිතො භික‍්ඛවෙ භික‍්ඛු රූපං අනිච‍්චන‍්ති පජානාති, එවං පස‍්සං අරියසාවකො පරිමුච‍්චති ජාතියාපි -පෙ- උපායාසෙහිපි. ඉධ තීණිපි.

“මහණෙනි, සමාධිය වඩවු, මහණෙනි, සමාහිත වූ මහණ ‘රූපය අනිත්‍ය’ යයි දැනගනී, මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක ජාතියෙන් ද ... උපායාසයන්ගෙන් ද මිදෙයි.” මෙහි ආණත්ති ආදි තුන මැ ඇත.

(15) තත්‍ථ කතමො අස‍්සාදො:

(15) එහි අස්සාද කවරෙ යත්:

20. කාමං කාමයමානස‍්ස - තස‍්ස වෙ තං සමිජ‍්ඣති අද‍්ධා පීතිමනො හොති - ලද‍්ධා මච‍්චො යදිච‍්ඡති.

20. වස්තුකාමය කැමැතිවන සත්ත්‍වහට ඉදින් ඒ කාමවස්තු සමෘද්ධ වේ නම්, එකල්හි සත්ත්‍ව තෙමේ කැමැති වස්තුව ලැබ ඒකාන්තයෙන් සතුටු සිත් ඇතියේ වේ.

අයං අස‍්සාදො.

මේ අස්සාද යැ.

“ධම‍්මචරියා සමචරියා කුසලකිරියා හෙතු හි බ්‍රාහ‍්මණ එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති.” අයං අස‍්සාදො.

‘බමුණ, ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා කුශලක්‍රියා හේතු කොට ගෙන මැ මෙසේ මෙලොවැ ඇතැම් සත්ත්‍ව කෙනෙක් කය බිඳීමෙන් සුගති ස්වර්‍ගලෝකයට පැමිණෙත්.” මේ අස්සාද යි.

(16) තත්‍ථ කතමො ආදීනවො:

(16) එහි ආදීනව කවරෙ යත්:

21. කාමෙසු වෙ හඤ‍්ඤතෙ - සබ‍්බා මුච‍්චෙ ව - [?] අයං ආදීනවො.

21. (ආදීනව සඳහා නිදර්‍ශන කළ පාඨය අසම්පූර්‍ණ වූයෙකි.)

පසෙනදිසංයුත‍්තකෙ සුත‍්තෙ පබ‍්බතූපමා. අයං ආදීනවො.

පසේනදි (කෝසල) සංයුක්තයෙහි සූත්‍රාගත “පබ්බතූපමාව” වෙයි. මේ ආදීනව යි.

(17) තත්‍ථ කතමං නිස‍්සරණං:

(17) එහි නිස්සරණ කවරෙ යත්:

22. යො කාමෙ පරිවජ‍්ජෙති - සප‍්පස‍්සෙව පදා සිරො සො’මං විසත‍්තිකං ලොකෙ - සතො සමතිවත‍්තති,

22. යමෙක් වස්තුකාමක්ලේශකාමයන් (විෂ්කම්භණයෙන් හෝ සමුච්ඡේදයෙන්) තමාගේ පාදය කෙරෙන් සර්‍පයකුගේ හිස මෙන් දුරුකෙරේ ද, ඒ මහණ ලොවැ විසත්තිකා සංඛ්‍යාත මේ තෘෂ්ණාව ස්මෘතිමත් වැ ඉක්මවයි.

සංයුත‍්තකෙ සුත‍්තං පාරිච‍්ඡත‍්තකො පණ‍්ඩුපලාසො සන‍්නපලාසො; ඉදං නිස‍්සරණං.

සංයුත්සඟියැ සූත්‍රය – පඬුවන් කොළ ඇති ගිලිහුණු කොළ ඇති පරසතුරුක (දැක්විය යුතු) මේ නිස්සරණයි.

(18) තත්‍ථ කතමො අස‍්සාදො ච ආදීනවො ච:

(18) එහි ආස්සාද හා ආදීනව කවරෙ යත්:

23. යානි කරොති පුරිසො - තානි අත‍්තනි පස‍්සති කල්‍යාණකාරී කල්‍යාණං - පාපකාරී ච පාපකං.

23. පුරුෂ තෙමේ යම් පාප කෙනකුන් කෙළේ ද, ඒ පාපවිපාකයන් තමා කෙරෙහි දකී. දානාදි කල්‍යාණක්‍රියා කරනුයේ කල්‍යාණයන් දකී. යළි පාපකාරී පුරුෂ ලාමක පාපවිපාකය දකී.

තත්‍ථ යං පාපකාරී පච‍්චනුභොති අයං ආදීනවො කල්‍යාණකාරී යං පච‍්චනුභොති, අයං අස‍්සාදො.

එහි පාපකාරී තෙම යම්විපාකයක් විඳී ද මේ ආදීනව යැ, කල්‍යාණකාරී පුරුෂ යම් විපාකයක් විඳී ද මේ අස්සාද යි.

ලාභාලාභ අට‍්ඨකෙසු බ්‍යාකරණං, තත්‍ථ “අලාභො අයසො නින්‍දා දුක‍්ඛං” අයං ආදීනවො. ‘ලාභො යසො සුඛං පසංසා’ අයං අස‍්සාදො.

‘ලාභාලාභ’ අෂ්ටකයෙහි වෙය්‍යාකරණය දැක්විය යුතු: එහි ‘අලාභ අයස නින්‍දා දුක්ඛ’ යන මේ ආදීනව යැ, ‘ලාභ යස සුඛ පසංසා’ යන මේ අස්සාද යි.

(19) තත්‍ථ කතමං අස‍්සාදො ච නිස‍්සරණං ච:

(19) එහි ආස්සාද හා නිස්සරණ කවරෙ යත්:

24. සුඛො විපාකො පුඤ‍්ඤානං - අධිප‍්පායො ච ඉජ‍්ඣති ඛිප‍්පං ච පරමං සන‍්තිං - නිබ‍්බානමධිගච‍්ඡති.

24. පුණ්‍යයන්ගේ සුඛ විපාකය වෙයි, අධ්‍යාශය ද සමෘද්ධ වෙයි. වහා පරම ශාන්තිය, වූ නිර්‍වාණය ද අවබෝධ කෙරෙයි.

යො ච විපාකො පුඤ‍්ඤානං යා ව අධිප‍්පායස‍්ස ඉජ‍්ඣනා, අයං අස‍්සාදො. යං ඛිප‍්පං ච පරමං සන‍්තිං නිබ‍්බානමධිගච‍්ඡති, ඉදං නිස‍්සරණං.

පුණ්‍යයන්ගේ යම් විපාකයෙක් ඇද්ද, යම් අධිප්‍රාය සමෘද්ධියකුත් වේ ද, මේ අස්සාද යැ යම් පරම ශාන්ති වූ නිර්‍වාණය අවබෝධකිරීමක් ඇද්ද මේ නිස්සරණ යි.

“බත‍්තිංසාය චෙව මහාපුරිසලක‍්ඛණෙහි සමන‍්නාගතස‍්ස මහාපුරිසස‍්ස ද‍්වෙ යෙව ගතියො භවන‍්ති : සචෙ අගාරං අජ‍්ඣාවසති, රාජා හොති චක‍්කවත‍්තී’ (යාව අභිවිජිත්‍වා අජ‍්ඣාවසති) අයං අස‍්සාදො “සචෙ අගාරස‍්මා අනගාරියං පබ‍්බජති” (සබ‍්බං විත්‍ථාරෙන) ඉදං නිස‍්සරණං. අයං අස‍්සාදො ච නිස‍්සරණං ච.

“දෙතිස් මහාපුරුෂලක්‍ෂණයෙන් සමන්‍වාගත මහාපුරුෂහට ගති දෙකක් මැ වෙති: ඉදින් ගිහිගෙයි වෙසේ නම් සක්විති රජ වෙයි. (දිනා වාසය කෙරෙයි යනු දක්වා) මේ අස්සාද යැ. ‘ඉදින් ගිහිගෙන් නික්මැ අනගාරික පැවිද්දට පැමිණේ ද (සියල්ල විස්තරයෙන් කියැ යුතු.) මේ නිස්සරණ යැ. මේ අස්සාද හා නිස්සරණ සූත්‍ර යි.

(20) තත්‍ථ කතමො ආදීනවො ච නිස‍්සරණං ච:

(20) එහි ආදීනව හා නිස්සරණ කවරෙ යත්:

25. ආදානස‍්ස භයං ඤත්‍වා - ජාතිමරණසම‍්භවං අනාදාතූන නිබ‍්බාති - ජාතිමරණසඞ‍්ඛයා.

25. (තෘෂ්ණා විසින්) ආදානයාගේ ජාතිමරණ කාරණ වූ බිය දැනැගෙන ජාතිමරණයන්ගේ ක්‍ෂය වීමෙන් තෘෂ්ණාග්‍රහණය නො කොට පිරිනිවෙයි.

පුරිමිකාය අඩ‍්ඪගාථාය ජාතිමරණසම‍්භවො ආදීනවො. ‘අනාදාතූන නිබ‍්බාති ජාතිමරණසඞ‍්ඛයාති නිස‍්සරණං.

පූර්‍වාර්ධගාථායෙහි ජාතිමරණසම්භවය ආදීනව යැ, ‘අනාදාතූන නිබ්බාති ජාතිමරණ සංඛයා’ යනු නිස්සරණ යි.

“කිච‍්ඡං වතායං ලොකො ආපන‍්නො, ජායති ච ජීයති ච මීයති ච”. යාව “කුදස‍්සු නාම ඉමස‍්ස දුක‍්ඛස‍්ස නිස‍්සරණං පඤ‍්ඤායිස‍්සති ජරාමරණස‍්සා”ති. එත්‍ථ යා උපපරික‍්ඛා, අයං ආදීනවො, යො ගෙධං හිත්‍වා. අභිනික‍්ඛමති යාව පුරාණකාය රාජධානියා. ඉදං නිස‍්සරණං. අයං ආදීනවො ච නිස‍්සරණං ච.

‘ඒකාන්තයෙන් මේ ලෝවැසි තෙමේ දුකට පැමිණියේ යැ, උපදනේ ද දිරන්නේ ද මියන්නේ ද වෙයි’ (යනු පටන්) ‘කවදා නම් මේ ජරාමරණ දුඃඛයාගේ නිස්සරණය පැනෙන්නේ ද’ යනු දක්වා මෙහි යම් උපපරීක්‍ෂාවක් වේ ද මේ ආදීනව යැ, පුරාණ රාජධානියෙහි ගේධය හැරපියා අභිනිෂ්ක්‍රමණය වේ ද, මේ නිස්සරණ යැ. මේ ආදීනව හා නිස්සරණ යි.

(21) තත්‍ථ කතමො අස‍්සාදො ච ආදීනවො ච නිස‍්සරණං ච:

(21) එහි අස්සාද ආදීනව හා නිස්සරණ කවරෙ යත්:

26. කාමා හි චිත්‍රා මධුරා මනොරමා විරූපරූපෙන මථෙන‍්ති චිත‍්තං, -පෙ- තස‍්මා අහං පබ‍්බජිතොම‍්හි රාජ -පෙ- අපණ‍්ණකං සාමඤ‍්ඤමෙව සෙය්‍යො.

26. යම් හෙයකින් වස්තුකාමයෝ විසිතුරු වූවාහු මධුර වූවාහු (පුහුදුනට) මනරම් වූවාහු විවිධ ස්වරූපයෙන් සිත අලළත් ද ... මහරජ, මම එහෙයින් පැවිදි වීමි, ... අවිරුද්ධ වූ – නෛර්‍ය්‍යාණික වූ ශ්‍රමණභාවය මැ උත්තරීතර වේ.

යං ‘කාමා හි චිත්‍රා මධුරා මනොරමා’ති අයං අස‍්සාදො. යං ‘විරූපරූපෙන මථෙන‍්ති චිත‍්ත’න‍්ති අයං ආදීනවො යං ‘අහං පබ‍්බජිතොම‍්හි රාජ අපණ‍්ණකං සාමඤ‍්ඤමෙව සෙය්‍යො’ති ඉදං නිස‍්සරණං.

“කාමා හි චිත්‍රා මධුරා මනෝරමා” යන යමක් ඇද්ද, මේ අස්සාද යැ. “විරූප රූපෙන මථෙන්ති චිත්තං” යන මේ ආදීනව යැ. “අහං පබ්බජිතොම්හි රාජ අපණ්ණකං සාමඤ්ඤ මෙව සෙය්‍යෙ” යන මේ නිස්සරණ යි.

බාලීසිකොපමසුත‍්තං.

“බාලිසිකෝපමසූත්‍රය වෙදනාසංයුත්ත

යං ආසාය වා වෙදනීයං කම‍්මං ගාහති, තථා චෙපි යං යං පාපකම‍්මං අනුභොති, තත්‍ථ දුක‍්ඛවෙදනීයෙන කම‍්මෙන අභාවිතකායෙන ච යාව පරිත‍්තචෙතසො ච ආදීනවං දස‍්සෙති, සුඛවෙදනීයෙන කම‍්මෙන අස‍්සාදං දස‍්සෙති යං පුරාසදිසො හොති. භාවිතචිත‍්තො භාවිතකායො භාවිතපඤ‍්ඤො මහානාමො, ඉදං නිස‍්සරණං.

ආශායෙන් හෝ යම් (විපාක) වින්දයුතු කර්‍මයක් කෙරේ ද, ඉදින් යම් යම් පාපකර්‍මයක් කෙරේ ද, එහි දුඃඛවේදනීය කර්‍මයෙන් ද අභාවිත කායයෙන් ද යුක්ත වූ පරිත්තචේතසො’ යනු දක්වා ආදීනවය දක්වති. සුඛවේදනීය කර්‍මයෙන් අස්සාදය දක්වති. වැඩූ සිත වැඩූ කය වැඩූ ප්‍රඥා ඇති අපරිත්ත – (නිකෙලෙස්) මහානාම වෙයි. මේ නිස්සරණයි. (මේ කොටස ද ව්‍යාකුල යි.)

(22) තත්‍ථ කතමං ලොකියං සුත‍්තං:

(22) එහි ලෝකිය සූත්‍ර කවරෙ යත්:

27. න හි පාපං කතං කම‍්මං - සජ‍්ජු ඛීරංව මුච‍්චති දහන‍්තං බාලමන්‍වෙති - භස‍්මච‍්ඡන‍්නො ව පාවකො.

27. කරන ලද පාපකර්‍මය එකෙණෙහි (දොවනලද ධාරොෂ්ණ) ක්‍ෂීරය දිහිබවට නො යන්නාසේ නො මැ විපාක දෙයි. හළුයෙන් වැසුණු සහලඟරක් සෙයින් පව්කර්‍ම කළ බාලයා දවමින් ඔහු ලුහුබැඳ යෙයි.

‘චත‍්තාරි අගතිගමනානි, ඉදං ලොකියං සුත‍්තං.

සතර අගතිගමනයෝ දැක්විය යුත්තාහ. මේ ලෝකිය සූත්‍ර යි.

(23) තත්‍ථ කතමං ලොකුත‍්තරං සුත‍්තං:

(23) එහි ලෝකුත්තර සූත්‍ර කවරැ යත් :

28. යස‍්සින්‍ද්‍රියානි සමථං ගතානි අස‍්සා යථා සාරථිනා සුදන‍්තා, පහීනමානස‍්ස අනාසවස‍්ස දෙවා’පි තස‍්ස පිහයන‍්ති තාදිනොති,

28. යම් මහණක්හුගේ චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයෝ දක්‍ෂ රියැදුරක්හු විසින් මැනැවින් දමනය කළ අසුන් මෙන් ශමථයට (දැමුණු බවට) ගියාහු ද, ප්‍රහීණමාන ඇති අනාස්‍රව වූ ලාභාලාභාදියෙහි තාදී වූ ඒ ක්‍ෂීණාස්‍රවහට දෙවියෝ ද කැමැති වෙත් යයි.

“අරියං වො භික‍්ඛවෙ සම‍්මාසමාධිං දෙසෙස‍්සාමී” ති ඉදං ලොකුත‍්තරං සුත‍්තං.

“මහණෙනි, මම් තොපට ආර්‍ය්‍ය සම්‍යක් සමාධිය දෙසන්නෙමි” යන මේ ලෝකුත්තර සූත්‍ර යි.

(24) තත්‍ථ කතමං ලොකියං ලොකුත‍්තරං ච සුත‍්තං:

(24) එහි ලෝකිය ද ලෝකුත්තර සූත්‍රය කවරෙ යත් :

29. සත‍්තියා විය ඔමට‍්ඨො - ඩය‍්හමානොව මත්‍ථකෙ කාමරාගප‍්පහානාය - සතො භික‍්ඛූ පරිබ‍්බජෙ.

29. අඩයටියෙකින් උඩ සිට පහර දෙනු ලැබුවකු සෙයින් හිස දැවෙන්නකු සෙයින් කාමරාගයාගේ ප්‍රහාණය පිණිස මහණ සිහි ඇති වැ වාසකරන්නේ යැ.

“සත‍්තියා විය ඔමට‍්ඨො ඩය‍්හමානොව මත්‍ථකෙ”ති ලොකියං “කාමරාගප‍්පහානාය සතො භික‍්ඛු පරිබ‍්බජෙ”ති ලොකුත‍්තරං.

“සත්තියා විය ඔමට්ඨො ඩය්හමානෝව මත්‍ථකෙ” යනු ලෝකිය යැ, කාමරාගප්ප හානාය සතෝ භික්ඛු පරිබ්බජෙ” යනු ලෝකුත්තර යි.

“කබළිඞ‍්කාරෙ ආහාරෙ අත්‍ථි ඡන්‍දො”ති ලොකියං. “නත්‍ථි ඡන්‍දො”ති ලොකුත‍්තරං. ඉදං ලොකියං ලොකුත‍්තරං ච සුත‍්තං.

“කබළිංකාරෙ ආහාරේ අත්‍ථි ඡන්‍දො” යනු ලෝකිය යැ. “නත්‍ථි, ඡන්‍දො” යනු ලෝකුත්තර යැ. මේ ලෝකිය ද ලෝකුත්තර ද සූත්‍ර යි.

(25) තත්‍ථ කතමං කම‍්මං:

(25) එහි කම්ම කවරැ යත්:

30. යො පාණමතිපාතෙති - මුසාවාදං ච භාසති ලොකෙ අදින‍්නං - ආදියති - පරදාරං ච ගච‍්ඡති, සුරාමෙරයපානං ච යො නරො අනුයුඤ‍්ජති.

30. යමෙක් පණිවා කෙරේ නම් මුසවාත් බෙණේ නම් ලොවැ නුදුන් දෑ ගනී නම් පරඹුන් කරාත් යේ නම් යම් මිනිසෙක් රහමෙර පානයෙහිත් යෙදේ නම්–

31. අප‍්පහාය පඤ‍්ච වෙරානි - දුස‍්සීලො ඉති වුච‍්චති, (කායස‍්ස භෙදා දුප‍්පඤ‍්ඤො - නිරයං සොසපජ‍්ජති.)

31. හේ පඤ්ච අකුශලවෛරයන් නො පියා සිටියේ දුශ්ශීලයෙකැයි කියනු ලැබේ. (ඒ දුෂ්ප්‍රාඥ කාබුන් මරණින් මතු නිරයට පැමිණේ.)

“තීණිමානි භික‍්ඛවෙ දුච‍්චරිතානි” ඉදං කම‍්මං.

“මහණෙනි, මේ දුශ්චරිතයෝ තිදෙනෙක් වෙති” මේ කර්‍ම යි.

(26) තත්‍ථ කතමො විපාකො:

(26) එහි විපාක කවරෙ යත්:

32. සට‍්ඨිවස‍්සසහස‍්සානි - පරිපුණ‍්ණානි සබ‍්බසො

32. (නිරයෙහි පැසෙන අපට) සර්‍වප්‍රකාරයෙන් සැටවාදහසක් පිරුණාහුය.

“දිට‍්ඨා මයා භික‍්ඛවෙ ඡඵස‍්සායතනිකා නාම නිරයා දිට‍්ඨා මයා භික‍්ඛවෙ ඡඵස‍්සායතනිකා නාම සග‍්ගා.” අයං විපාකො.

“මහණෙනි, මා විසින් ෂට්ස්පර්‍ශායතනික නම් නරකයෝ දක්නාලද්දාහු ය, මහණෙනි මා විසින් ෂට්ස්පර්‍ශායතනික නම් ස්වර්‍ගයෝ දක්නා ලද්දාහු ය. මේ විපාක යි.

(27) තත්‍ථ කතමං කම‍්මං ච විපාකො ච:

(27) එහි කර්‍මය ද විපාකය ද කවරෙ යත්:

33. අයසාව මලං සමුට‍්ඨිතං - තදුට‍්ඨාය තමෙව ඛාදති එවං අතිධොනචාරිනං - සානි කම‍්මානි නයන‍්ති දුග‍්ගතිං.

33. යකඩින් මැ නැඟුණු මලය එයින් මැ නැඟී යම්සේ ඒ යකඩය මැ කා වනසා ද, එපරිද්දෙන් සිවුපසයෙහි ප්‍රත්‍යවේක්‍ෂාඥානය ඉක්මැවූවහු (සිවුපසය නො පස්විකා වළඳන මහණහු) ඒ ස්වකීය කර්‍මයෝ දුගතියට පමුණුවත්.

“අයසාව මලං සමුට‍්ඨිතං” යාව “සානි කම‍්මානී”ති ඉදං කම‍්මං, “නයන‍්ති දුග‍්ගති”න‍්ති විපාකො.

“අයසාව මලං සමුට්ඨිතං’ යනු පටන් “සානි කම්මානි, යනු දක්වා මේ කම්ම යැ, ‘නයන්ති දුග්ගතිං’ යනු විපාක යි.

“චතුසු සම‍්මා පටිපජ‍්ජමානො: මාතරි පිතරි තථාගතෙ තථාගතසාවකෙ” යා සම‍්මාපටිත‍්ති, ඉදං කම‍්මං. යං දෙවෙසු උපපජ‍්ජති, අයං විපාකො. ඉදං කම‍්මං ච විපාකො ච.

“මව කෙරෙහි පියා කෙරෙහි තථාගතයන් කෙරෙහි තථාගතශ්‍රාවකයන් කෙරෙහි යන සතර තැන්හි මැනැවින් පිළිපදනේ යැ” යන තන්හි (චතුක්කංගුත්තර) යම් සම්‍යක්ප්‍රති පත්තියෙක් ඇද්ද මේ ‘කම්ම’ යැ. දෙව්ලොවැ උපදී යන මේ විපාක යැ. මේ කම්ම ද විපාක ද වෙයි.

(28) තත්‍ථ කතමං නිද‍්දිට‍්ඨං සුත‍්තං:

(28) එහි නිද්දිට්ඨ සූත්‍ර කවරෙ යත්:

34. නෙලඞ‍්ගො සෙතපච‍්ඡාදො - එකාරො වත‍්තතෙ රථො අනීඝං පස‍්ස ආයන‍්තං - ඡින‍්නසොතං අබන්‍ධනං.

34. නිර්දෝෂ වූ ශ්වේතාවරණ ඇති (ස්මෘති සංඛ්‍යාත) එක් අර (දැවි) යක් ඇති රථයෙක් පවතී. රාගාදි ව්‍යසන නැති සිඳුනා ලද තෘෂ්ණා ස්‍රෝතස් ඇති රාගාදි බන්‍ධන නැති වැ පැමිණෙන රහත්හු බලව.

යං වා චිත‍්තං සමණෙසු චිත‍්තො ගහපති දිස‍්සති, එවං ඉමාය ගාථාය නිද‍්දිට‍්ඨො අත්‍ථො.

චිත්ත ගෘහපති ශ්‍රමණයන් කෙරෙහි යම් චිත්‍රයක් දකී ද, මෙසේ මේ ගාථායෙන් නිර්දිෂ්ට අර්‍ත්‍ථය වේ.

ගොපාලකූපමෙ එකාදස පදානි. “එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛූ රූපඤ‍්ඤූ හොති” යාව “අතිරෙකපූජාය පූජෙතා හොතී”ති. ඉමානි එකාදස පදානි යථාභාසිතානි නිද‍්දිට‍්ඨො අත්‍ථො.

ගෝපාලකූපම සූත්‍රයෙහි එකොළොස් පදකෙනෙක් වෙති. (එකාදසකංගුත්තර) “එවං ඛො භික්ඛවේ භික්ඛු රූපඤ්ඤෑ හොති” යනු පටන් “අතිරේක පූජාය පූජේතා හොති” යනු යි. මේ එකොළොස් පදයෝ වදාළ පරිදි නිර්දිෂ්ට අර්‍ත්‍ථ ඇත්තෝ යි.

(29) තත්‍ථ කතමං අනිද‍්දිට‍්ඨං සුත‍්තං:

(29) එහි අනිද්දිට්ඨ සූත්‍ර කවරෙ යත්:

35. සුඛො විවෙකො තුට‍්ඨස‍්ස - සුතධම‍්මස‍්ස පස‍්සතො අබ්‍යාපජ‍්ජං සුඛං ලොකෙ - පාණභූතෙසු සංයමො.

35. (සතර මාර්‍ගඥාන සන්තොෂයෙන්) සතුටු වූ ප්‍රකාශිත වූ නිර්‍වාණ ධර්‍ම ඇති විවේකය හෝ දැක්කයුතු දෑ දක්නා රහතුන් වහන්සේට නිර්‍වාණ සංඛ්‍යාත උපධිවිවේකය සුව වෙයි, නො කිපෙන බව සුව වෙයි, ලොවැ ප්‍රාණීන් කෙරෙහි සංයමය (අවිහිංසාව) සුව වේ.

36. සුඛා විරාගතා ලොකෙ - කාමානං සමතික‍්කමො අස‍්මිමානස‍්ස යො විනයො - එතං වෙ පරමං සුඛන‍්ති.

36. ලොවැ කාමයන්ගේ යම් ඉක්මැවීමෙක් ඇද්ද ඒ විරාග බව සුව වෙයි. (රහත් මගින්) අස්මිමානයාගේ යම් දුරැලීමෙක් ඇද්ද තෙල රහත් බව ඒකාන්තයෙන් පරම සුවය වේ යයි.

ඉදං අනිද‍්දිට‍්ඨං, අට‍්ඨ මහාපුරිසවිතක‍්කා. ඉදං අනිද‍්දිට‍්ඨං.

මේ අනිද්දිට්ඨ සූත්‍ර යැ. අෂ්ට මහාපුරුෂවිතර්‍කයෝ වෙති. මේ අතිද්දිට්ට සූත්‍ර යි.

(30) තත්‍ථ කතමං නිද‍්දිට‍්ඨං ච අනිද‍්දිට‍්ඨං ච:

(30) එහි නිද්දිට්ඨ ද අනිද්දිට්ඨ ද සූත්‍ර කවරෙ යත්:

37. පසන‍්නනෙත‍්තො සුමුඛො - බ්‍රහා උජු පතාපවා මජ‍්ඣෙ සමණසඞ‍්ඝස‍්ස - ආදිච‍්චොව විරොචති.

37. පහන් වූ නෙත් සඟළක් ඇති හොබනා මුවමඬල ඇති මහත් වූ ඍජු කය ඇති ප්‍රතාපවත් බුදුහු මහණගණ මැද හිරු මෙන් බබළන සේක.

“පසන‍්නනෙත‍්තො’ යාව ‘ආදිච‍්චොව විරොචතී’ති නිද‍්දිට‍්ඨො. පසන‍්නනෙත‍්තො සො භගවා, කථං ච පන පසන‍්නනෙත‍්තතා, කථං සුමුඛතා, කථං බ්‍රහාකායතා, කථං උජුකතා, කථං පතාපවත‍්තා. කථං විරොචතී ති අනිද‍්දිට‍්ඨො.

‘පසන්නනෙත්තො’ යනු පටන් ‘ආදිච්චොව විරොවති’ යනු දක්වා නිද්දිට්ඨ යැ, ප්‍රසන්න නේත්‍ර ඇති භගවත්හු – පසන්නනෙත්තතා කෙබඳු යැ, සුමුඛතා කිසේ යැ බ්‍රහාකායතා කිසේ යැ උජුකතා කෙබඳු යැ ප්‍රතාපවත් බව කිසේ යැ කෙසේ බබළත් දැයි අනිද්දිට්ඨ යි.

ථෙණපිණ‍්ඩූපමං වෙය්‍යාකරණං’ යථා ඵෙණපිණ‍්ඩො එවං රූපං, යථා බුබ‍්බුළො එවං වෙදනා, මායූපමං විඤ‍්ඤාණං, පඤ‍්චක‍්ඛන්‍ධා පඤ‍්චහි උපමාහි නිද‍්දිට‍්ඨා, කෙන කාරණෙන ඵෙණපිණ‍්ඩූපමං රූපං, සබ‍්බං ච චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං යං වා චතූහි ආයතනෙහි. කථං වෙදනා බුබ‍්බුළුපමා, කතරා ච සා වෙදනා සුඛා දුක‍්ඛා අදුක‍්ඛමසුඛා, එවමෙසා අනිද‍්දිට‍්ඨා. එවං නිද‍්දිට‍්ඨං ච අනිද‍්දිට‍්ඨං ච.

‘ඵෙණපිණ්ඩූපමා වෙය්‍යාකරණය’ (ඛන්‍ධසංයුත්ත – ථේරවර්‍ගය) පෙණ පිඬ යම්සේ ද රූපය එබඳු යැ, දියබුබුළ යම් සේ ද වේදනා එබඳු යැ, විඤ්ඤාණය මායාවක් බඳු යැ, පඤ්ච ස්කන්‍ධයෝ පස් උපමායෙකින් දක්වන ලද්දාහු යැ. කවර කරුණෙකින් රූපය පෙණ පිඬක් බඳු වී ද, චක්‍ෂුර්විඥේය වූ සියලු රූපය ද? නොහොත් සතර ආයතනයන්ගෙන් ද? වේදනාව කෙසේ දියබුබුළක් බඳු වූ ද? ඒ සුඛ දුක්ඛ අදුක්ඛමසුඛ වූ කවර වේදනාවක් දැයි අනිද්දිට්ඨ යැ. නිද්දිට්ඨ ද අනිද්දිට්ඨ ද සූත්‍රය මෙසේ යි.

(31) තත්‍ථ කතමං ඤාණං:

(31) එහි ඤාණ කවරෙ යත්:

38. පඤ‍්ඤා හි සෙට‍්ඨා ලොකස‍්මිං - යායං නිබ‍්බෙධගාමිනී, යාය සම‍්මා පජානාති - ජාතිමරණසඞ‍්ඛයං.

38. නිවනට පමුණුවන යම් ප්‍රඥාවක් ඇද්ද, යම් විදර්‍ශනා සහිත මාර්‍ගඥානයෙකින් ජාතිමරණක්‍ෂය සංඛ්‍යාත නිවන හා අර්‍හත්ත්‍වය මැනැවින් දැනගනී ද, ලොවැ ඒ ප්‍රඥාව මැ ශ්‍රේෂ්ඨ වන්නීය.

“තීණි’මානි ඉන්‍ද්‍රියානි: අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං අඤ‍්ඤින්‍ද්‍රියං අඤ‍්ඤාතාවින්‍ද්‍රියං. ඉදං ඤාණං.

‘මේ ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය අඤ්ඤින්‍ද්‍රිය අඤ්ඤාතාවින්‍ද්‍රිය යන මේ යි. මේ ඤාණ යි.

(32) තත්‍ථ කතමං ඤෙය්‍යං:

(32) එහි ‘ඤෙය්‍ය’ කවරැ යත් :

39. කාමෙසු සත‍්තා කාමසඞ‍්ගසත‍්තා සංයොජනෙ වජ‍්ජමපස‍්සමානා, න හි ජාතු සංයොජනසඞ‍්ගසත‍්තා ඔඝං තරෙය්‍යුං විපුලං මහන‍්තං.

39. වස්තුකාමයන්හි ක්ලේශකාමයෙන් ඇලුණු කාමවස්තුන්හි රාගාදි සංගයෙන් ලැගුණු සංයෝජනයෙහි දොස් නො දක්නා සංයෝජන සංඛ්‍යාත සංගයෙන් (ත්‍රෛභූමක ධර්‍මයන්හි) ඇලුණු සත්ත්‍වයෝ විපුල වූ මහත් වූ කාමාදි චතුරෝඝය කිසිකලෙකත් නො මැ තරණය කරන්නාහු යි.

‘චතූහි ධම‍්මෙ හි සමන‍්නාගතා කායස‍්ස භෙදා දෙවෙසු උප‍්පජ‍්ජන‍්ති,

‘සතර ධර්‍මයකින් සමන්‍විත වූවාහු කය බිඳීමෙන් (මරණින් මතු) දෙව් ලොවැ උපදනාහු ය.)

උදානෙ කාවියං සුත‍්තං, අපණ‍්ණකපසාදනීයං. ඉදං ඤෙය්‍යං.

උදානයෙහි කාවිය (සිප්ප?) සූත්‍රය, අපණ්ණකපසාදනීය සූත්‍රය (?) මේ ඤෙය්‍ය සූත්‍ර යි.

(33) තත්‍ථ කතමං ඤාණං ච ඤෙය්‍යං ච:

(33) එහි ඤාණ ද ඤෙය්‍ය ද සූත්‍ර කවරැ යත්:

40. සබ‍්බෙ ධම‍්මා අනත‍්තාති - යදා පඤ‍්ඤාය පස‍්සති අථ නිබ‍්බින්‍දති දුක‍්ඛෙ - එස මග‍්ගො විසුද‍්ධියා.

40. සියලු සංඛතාසංඛත ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෝ අනාත්මයෝ යයි යම් කලෙක (විදසුන් තෙදගන්වා) අනාත්මානුදර්‍ශනඥානයෙන් දකී ද, එකල්හි විදර්‍ශනාගෝචර වූ පඤ්චස්කන්‍ධදුඃඛයෙහි නිර්වේදයට පැමිණෙයි. තෙල නිර්වේදය විශුද්ධි සංඛ්‍යාත ආර්‍ය්‍ය මාර්‍ගයට උපාය වේ.

යදා පස‍්සතී’ති ඤාණං. යො සබ‍්බධම‍්මෙසු අනත‍්තාකාරෙන උපට‍්ඨපෙති, ඉදං ඤෙය්‍යං.

‘යදා පස්සති’ යනු ඤාණ යැ, යමෙක් සර්‍වධර්‍මයන් අනාත්මාකාරයෙන් සිත්හි එළවා ද, මේ ඤෙය්‍ය යැ.

“චත‍්තාරි අරියසච‍්චානි, තත්‍ථ තීණි ඤෙය්‍යානි. මග‍්ගසච‍්චං සීලක‍්ඛන්‍ධො ච පඤ‍්ඤාක‍්ඛන්‍ධො ච ඉදං ඤාණං ච ඤෙය්‍යං ච.

සතර ආර්‍ය්‍යසත්‍යයෝ වෙති, එහි තිදෙනෙක් ඤෙය්‍යයෝ යැ, මාර්‍ගසත්‍යය ශීල ස්කන්‍ධය ද ප්‍රඥාස්කන්‍ධය ද වේ. මේ ඤාණ ද ඤෙය්‍ය ද සූත්‍ර යි.

(34) තත්‍ථ කතමං දස‍්සනං:

(34) එහි ‘දස්සන’ කවරැ යත් :

41. එසො’ව මග‍්ගො නත්‍ථඤ‍්ඤො - දස‍්සනස‍්ස විසුද‍්ධියා එතං හි තුම‍්හෙ පටිපජ‍්ජථ - මාරස‍්සෙතං පමොහනං.

41. මාර්‍ගඵලදර්‍ශනයාගේ විශුද්ධිය පිණිස තෙල ආර්‍ය්‍ය මාර්‍ගය මැ වෙයි. අන් මඟෙක් නැත, තෙපි මේ මහ පිළිපදිවු, තෙල මාර්‍ගය පිළිපැදීම මරහුගේ ප්‍රමෝහනය යි.

“චතූහි අඞ‍්ගෙහි සමන‍්නාගතො අරියසාවකො අත‍්තනාව අත‍්තානං බ්‍යාකරෙය්‍ය: ‘ඛීණනිරයොම‍්හි’ යාව ‘සොතාපන‍්නොහමස‍්මි අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනො” ති ඉදං දස‍්සනං.

‘සතර අහෙකින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මැ තමා ප්‍රකාශ කරන්නේ යැ: ‘ක්‍ෂය කළ නිරය ඇතියෙම් වෙමි’ යනු පටන් ‘මම් විනිපාතයට නො පැමිණෙන පියවි ඇති බෝධියට නියත වූ සම්බෝධිය පරායන කොට ඇති සෝතාපන්නයෙකිම් වෙමි’යි කියා යි. මේ ‘දස්සන’ සූත්‍ර යි.

(35) තත්‍ථ කතමා භාවනා :

(35) එහි භාවනා කවර යත්:

42. යස‍්සින්‍ද්‍රියානි සුභාවිතානි අජ‍්ඣත‍්තං බහිද‍්ධා ච සබ‍්බලොකෙ, නිබ‍්බිජ‍්ඣ ඉමං පරං ච ලොකං කාලං කඞ‍්ඛති භාවිතො ස දන‍්තො.

42. යම් ආර්‍ය්‍යපුද්ගලයක්හු විසින් ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයෝ මැනැවින් වඩනලද්දාහු ද, සියලු ලොවැ අධ්‍යාත්ම බාහිර වූ (සංයෝජනයන්) ද, මෙලොව පරලොව ද ප්‍රතිවේධ කොට (සිටියේ ද) භාවිත සිත් ඇති දැමුණු ඉඳුරන් ඇති හෙතෙම මරණකාලය කැමැති වේ.

“චත‍්තාරි ධම‍්මපදානි: අනභිජ‍්ඣා අව්‍යාපාදො සම‍්මාසතී සම‍්මාසමාධි.” අයං භාවනා.

“ධර්‍මපදයෝ සතර දෙනෙක් වෙති: අනභිජ්ඣා අව්‍යාපාද සම්මාසති සම්මාසමාධි” යනුයි. මේ භාවනා යි.

(36) තත්‍ථ කතමං දස‍්සනං ච භාවනා ච:

(36) එහි ‘දස්සන ද භාවනා’ ද කවරැ යත් :

43. වචසා මනසා ච කම‍්මුනා ච අවිරුද‍්ධො සම‍්මා විදිත්‍වා ධම‍්මං, නිබ‍්බානපදාභිපත්‍ථයානො සම‍්මා සො ලොකෙ පරිබ‍්බජෙය්‍ය.

43. වචසින් මනසින් ද කර්‍මයෙන් (කයින්) ද අවිරුද්ධ වූයේ සියුසස් දහම් මැනැවින් දැක නිර්‍වාණපදය (ස්කන්‍ධ පරිනිර්‍වාණය) පතන්නා වූ හේ ලොවැ (සියල්ල) මැනැවින් හැරපියා යෙයි.

‘සොතාපත‍්තිඵලං සච‍්ඡිකාතුකාමෙන කතමෙ ධම‍්මා මනසිකාතබ‍්බා: භගවා ආහ, පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා. ඉදං දස‍්සනං ච භාවනා ච.

‘සෝවත්පල’ පසක් කරනු රිසියහු විසින් කවර දහම්හු මෙනෙහි කළයුත්තාහු ද? බුදුහු වදාළහ : පඤ්චෝපාදානස්කන්‍ධයෝ යි. මේ දස්සන ද භාවනා ද සූත්‍ර යි.

(37) තත්‍ථ කතමෙ විපාකධම‍්මධම‍්මා:

(37) එහි විපාක ස්වභාවධර්‍මයෝ කවරහ:

“යානි කරොති පුරිසො”ති විත්‍ථාරො.

“යානි කරෝති පුරිසො” (38 පිට) යන විස්තර යැ.”

“තීණි’මානි භික‍්ඛවෙ සුචරිතානි” ඉමෙ විපාකධම‍්මධම‍්මා.

‘මහණෙනි, මේ සුචරිතයෝ තිදෙනෙක් වෙති” මේ විපාකස්වභාවධර්‍මයෝ යි.

(38) තත්‍ථ කතමෙ නවිපාකධම‍්මධම‍්මා:

(38) එහි නවිපාකස්වභාවධර්‍මයෝ කවරහ:

44. රූපං වෙදයිතං සඤ‍්ඤා - විඤ‍්ඤාණං යා චෙව චෙතනා නෙසො’හමස‍්මි න මෙ සො - අත‍්තා ඉති දිට‍්ඨො විරජ‍්ජති.

44. රූපයද වේදනාව ද සංඥාව ද විඥානය ද යම් සංඛතයෙක් වේ නම් එ ද තෙල පස්කඳ මම් නො වෙමි, තෙල මා ගැත්තේ නො වෙ යි, මෙසේ දක්නා ලදුයේ එහි නො ඇලේ.

“පඤ‍්චිමෙ භික‍්ඛවෙ ඛන්‍ධා” ඉමෙ නවිපාකධම‍්මධම‍්මා.

“මහණෙනි, මේ පඤ්චස්කන්‍ධ කෙනෙක් වෙති. මේ නවිපාකස්වභාව ධර්‍මයෝ යි.

(39) තත්‍ථ කතමො නෙවවිපාකො නවිපාකධම‍්මධම‍්මො:

(39) එහි නො වැ විපාක වූ නවිපාකස්වභාවධර්‍ම කවරෙ යත්:

45. යෙ එවං පටිපජ‍්ජන‍්ති - නයං බුද‍්ධෙන දෙසිතං, තෙ දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සන‍්ති - සත්‍ථු සාසනකාරකා’ති.

45. යම් කෙනෙක් බුදුරදුන් වදාළ දහම්නය මෙසේ පිළිපදනාහු ද ශාස්තෲන් වහන්සේගේ ශාසනය කරන්නාවූ ඔහු වට්ටදුක්ඛයාගේ අන්තය කරන්නාහු යි.

ඉති යා ච සම‍්මාපටිපත‍්ති යො ච නිරොධො, උභයමෙතං නෙව විපාකො න විපාකධම‍්මො.

මෙසේ යම් සම්‍යක් ප්‍රතිපත්තියක් ඇද්ද යම් නිරෝධයෙකුත් ඇද්ද මේ දෙක නො මැ විපාක යැ, විපාකස්වභාව නො වෙයි.

බ්‍රහ‍්මචරියං වො භික‍්ඛවෙ දෙසෙස‍්සාමි, බ්‍රහ‍්මචරියඵලානි ච: බ්‍රහ‍්මචරියං ච අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, බ්‍රහ‍්මචරියඵලානි සොතාපත‍්තිඵලං යාව අරහත‍්තං.

“මහණෙනි, තොපට මඟබඹසර ද බඹසරඵල ද දෙසන්නෙමි. බඹසර නම් අරී අටඟි මඟ යැ, සෝවත් පල පටන් රහත් බව දක්වා බඹසරඵලයෝ යි.

(40) තත්‍ථ කතමං සකවචනං:

(40) එහි සකවචන කවරැ:

46. සබ‍්බපාපස‍්ස අකරණං - කුසලස‍්ස උපසම‍්පදා සචිත‍්තපරියොදපනං - එතං බුද‍්ධානසාසනං.

46. සියලු අකුශලය නො ඉපදවීම ද චාතුර්භූමක කුශලයාගේ ප්‍රතිලාභය ද (රහත්මගින්) සිය සිත්සතන් පිවිතුරු කිරීම ද යන තෙල සියලු බුදුවරයන්ගේ අනුශාසනා යි.

“තීණි’මානි භික‍්ඛවෙ විමොක‍්ඛමුඛානි” ඉදං සකවචනං.

“මහණෙනි, මේ විමෝක්‍ෂමුඛයෝ, තිදෙනෙක් වෙති. මේ සකවචන යි.

(41) තත්‍ථ කතමං පරවචනං:

(41) එහි පරවචන කවරැ :

47. නත්‍ථි පුත‍්තසමං පෙමං - නත්‍ථි ගොසමිතං ධනං නත්‍ථි සුරියසමා ආභා - සමුද‍්දපරමා සරා.

47. පුත්‍ර ප්‍රේමය සම වවූ ප්‍රේමයෙක් නැත, ගවධනය හා සම වූ ධනයෙක් නැත, සූර්‍ය්‍යාලෝකය සම වූ අවහාසයෙක් නැත, සියලු ජලාසයෝ සමුද්‍රය පරම කොට ඇත්තාහ.

“හොතු දෙවානමින්‍ද සුභාසිතෙන ජයොති” “සො හි නාම භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො සකං පුඤ‍්ඤඵලං උපජීවමානො”ති විත්‍ථාරෙන කාතබ‍්බං. ඉදං පරවචනං.

“දේවේන්‍ද්‍රය, සුභාෂිතයෙන් ජය වේව’යි. “මහණෙනි ඒ ශක්‍ර දේවේන්‍ද්‍ර ස්වකීය පුණ්‍යඵලය නිසා ජීවත්වන්නේ” යයි විස්තර කළයුතු. මේ ‘පරවචනය’ යි.

(42) තත්‍ථ කතමං සකවචනං ච පරවචනං ච:

(42) සකවචන ද පරවචන ද කවරැ :

48. යං පත‍්තං යං ච පත‍්තබ‍්බං - උභයමෙතං රජාකිණ‍්ණං යෙ එවං වාදිනො නත්‍ථි - තෙසං කාමෙසු දොසො’ති.

48. ලබන ලද යමක් ඇද්ද ලැබියැයුතු යමකුත් ඇද්ද මේ දෙකම රජසින් ආතුල යැ– මෙසේ කියන යම් කෙනෙක් වෙත් ද ඔවුනට කාමයන්හි දෝෂයෙක් නැතැ’යි (?)

ඉදං පරවචනං.

මේ පරවචන යැ.

“යෙ ච ඛො තෙ උභො අන‍්තෙ අනුපගම‍්ම වට‍්ටං තෙසං නත්‍ථි පඤ‍්ඤාපනාය. ඉදං සකවචනං.

“යම් කෙනෙක් උභයාන්තයට නො පැමිණ වෙසෙත් ද ඔවුනට පැනැවීමට වට්ටයෙක් නැති. මේ සකවචන යි.

49. නන්‍දති පුත‍්තෙහි පුත‍්තිමා ගොමිකො භොභි තථෙව නන්‍දති, උපධීහි නරස‍්ස නන්‍දනා න හි සො නන්‍දති; යො නිරූපධී’ති. පරවචනං.

49. පුතුන් ඇතියේ පුතුන් සමඟ හෝ පුතුන් කරණ කොටගෙන සතුටු වෙයි. එසෙයින් ම ගවයන් ඇතියේ ගවයන් කරණකොටගෙන සතුටු වෙයි. කාමගුණූපධීන් කරණකොට මිනිසාට සතුට වෙයි. යමෙක් උපධි රහිත ද හේ නොමැ සතුටු වේ යනු පරවචන යි.

50. සොචති පුත‍්තෙහි පුත‍්තිමා ගොමිකො ගොහි තථෙව සොචති, උපධී භි නරස‍්ස සොචනා න හි සො සොචති යො නිරූපධී’ති, සකවචනං.

50. පුතුන් ඇතියේ පුතුන් කරණකොට ශෝක වෙයි, එසේමැ ගවහිමි ගවයන් කරණ කොට ශෝක වෙයි. උපධීන් කරණකොට මිනිසාට ශෝකය වෙයි, යමෙක් කාමගුණූපධි රහිත වේ ද හේ නො මැ ශෝක කෙරෙයි යනු සකවචන යි.

ඉදං සකවචනං පරවචනං ච.

මේ සකවචන ද පරවචන ද වේ.

(43) තත්‍ථ කතමං සත‍්තාධිට‍්ඨානං:

(43) එහි සත්තාධිට්ඨාන කවරැ:

51. යෙ කෙචි භූතා භවිස‍්සන‍්ති යෙ වා’පි සබ‍්බෙ ගමිස‍්සන‍්ති පහාය දෙහං, තං සබ‍්බං ජානිං කුසලො විදිත්‍වා ආතාපියො බ්‍රහ‍්මචරියං චරෙය්‍ය,

51. යම් සත්ත්‍ව කෙනෙක් පෙර වූවාහු ද යම් කෙනෙකුත් මතු වෙද්ද, ඒ සියල්ලෝ කය හැරපියා පරලොව යන්නාහ, නුවණැතියේ ඒ සියලු පිරිහීම දැන කෙලෙස් තවන වැර ඇති වැ බඹසර හැසිරෙන්නේ යි.

“තයොමෙ භික‍්ඛවෙ සත්‍ථාරො: තථාගතො අරහං සෙක‍්ඛො පටිපදො”. ඉදං සත‍්තාධිට‍්ඨානං.

“මහණෙනි, මේ ශාස්තෲහු තිදෙනෙක් වෙති: තථාගත යැ ක්‍ෂීණාස්‍රව යැ ශෛක්‍ෂ ප්‍රතිපදා ඇත්තේ” යි මේ සත්තාධිට්ඨාන සූත්‍ර යි.

(44) තත්‍ථ කතමං ධම‍්මාධිට‍්ඨානං:

(44) එහි ධම්මාධිට්ඨාන කවරැ :

52. යං ච කාමසුඛං ලොකෙ - යං චිදං දිවියං සුඛං, තණ‍්හක‍්ඛයසුඛස‍්සෙතෙ - කලං නාග‍්ඝන‍්ති සොළසිං.

52. ලොවැ යම් කාමසහගත සුඛයෙක් වේ ද දිව්‍යවිහාරවශයෙන් ලැබිය යුතු යම් රූපසමාපත්තිසුඛයෙක් වේ ද, තෙල සුඛයෝ තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත නිවන් සුවයාගේ සොළොස්වන කලාවට නො අගනාහු වෙත්.

“සත‍්තිමෙ භික‍්ඛවෙ බොජ‍්ඣඞ‍්ගා” ඉදං ධම‍්මාධිට‍්ඨානං.

“මහණෙනි, මේ බොධ්‍යංගයෝ සත්දෙනෙක් වෙති. මේ ධම්මාධිට්ඨාන යි,

(45) තත්‍ථ කතමං සත‍්තාධිට‍්ඨානං ච ධම‍්මාධිට‍්ඨානං ච:

(45) එහි සත්තාධිට්ඨාන ද ධම්මාධිට්ඨාන ද කවරැ:

“දුද‍්දසං තං සච‍්චං දුද‍්දසො පටිවෙධො බාලෙහි, ජානතො පස‍්සතො නත්‍ථි නන්‍දී’ති වදාමි. දුද‍්දසං තං සච‍්චං දුද‍්දසො පටිවෙධො බාලෙහි’ති ධම‍්මාධිට‍්ඨානං. ‘ජානතො පස‍්සතො නත්‍ථි නන්‍දී’ති සත‍්තාධිට‍්ඨානං.

“බාලයන් විසින් ඒ චතුස්සත්‍යය දැක්ක නො හැකි ය, ප්‍රතිවේධය දුර්දශ යැ. පඤ්චස්කන්‍ධයන්ගේ උදයව්‍යය දන්නහුට නන්‍දිසංඛ්‍යාත තෘෂ්ණා නැතැයි කියමි” (මෙහි) “දුද්දසං තං සච්චං, දුද්දසො පටිවේධො බාලෙහි” යනු ධම්මාධිට්ඨාන යැ, “ජානතො පස්සතෝ නත්‍ථි නන්‍දි” යනු සත්තාධිට්ඨාන යි.

දාරූක‍්ඛන්‍ධොපමං, ගඞ‍්ගාය තිරියං ඔරිමඤ‍්ච තීරං පාරිමඤ‍්ච තීරං ථලෙ වා න ච උස‍්සීදනං මජ‍්ඣෙ ච න සංසීදනං මනුස‍්සගාහො ච අමනුස‍්සගාහො ච අන‍්තො පූතිභාවො ච, ඉදං ධම‍්මාධිට‍්ඨානං. එවං පන භික‍්ඛු නිබ‍්බානනින‍්නො භවිස‍්සති නිබ‍්බානපොණො’ති සත‍්තාධිට‍්ඨානං. ඉදං සත‍්තාධිට‍්ඨානං ච ධම‍්මාධිට‍්ඨානං ච.

“දාරුක්ඛන්‍ධොපමසූත්‍රය (වේදනාසංයුක්ත) ගංගායෙහි සරස වැටීම යැ ඔරිමතීරය පාරිමතීරය ස්ථලයෙහි නඟා නො තැබීම ය මධ්‍යයෙහි නො ගැලීමය මනුෂ්‍ය ග්‍රහණය අමනුෂ්‍යග්‍රහණය ඇතුළත දිරූබව ද යන මේ ‘ධම්මාධිට්ඨාන’ යැ. යළි මෙසෙයින් මහණ නිර්‍වාණනින්න නිර්‍වාණප්‍රවණ වන්නේ යැ යන මේ ‘සත්තාධිට්ඨාන’ යැ. මේ සත්තාධිට්ඨාන ද ධම්මාධිට්ඨාන’ ද සූත්‍ර යි.

(46) තත්‍ථ කතමො ථවො:

(46) එහි ‘ථව’ සූත්‍ර කවරෙ යත්:

53. මග‍්ගාන’ට‍්ඨඞ‍්ගිකො සෙට‍්ඨො - සච‍්චානං චතුරො පදා, විරාගො සෙට‍්ඨො ධම‍්මානං - ද‍්විපදානං ච චක‍්ඛුමා.

53. ජංගමාදි මාර්‍ගයන් අතුරෙන් අෂ්ටාංගික ආර්‍ය්‍යමාර්‍ගය උතුම් වෙයි. සත්‍යයන් අතුරෙන් දුක්ඛාදි (ආර්‍ය්‍යසත්‍යප්‍රකාශක) සතර පදය උතුම් වෙයි, ධර්‍මයන් අතුරෙන් නිර්‍වාණ සංඛ්‍යාත විරාගය උතුම් වෙයි. දිව්‍ය මනුෂ්‍යාදි දෙපා ඇත්තවුන් අතුරෙන් පසැස් ඇති තථාගතයෝ උතුම් වෙත්.

“තීණි’මානි භික‍්ඛවෙ අග‍්ගානි: බුද‍්ධො සත‍්තානං, විරාගො ධම‍්මානං, සඞ‍්ඝො ගණානං” අයං ථවො.

“මහණෙනි, මේ අග්‍රයෝ තිදෙනෙක් වෙති: සත්ත්‍වයන් කෙරෙන් බුදුහු අග්‍ර වෙති. ධර්‍මයන් කෙරෙන් විරාගය (නිවන) අග්‍ර යැ, ගණයන් කෙරෙන් සංඝයා අග්‍ර යි. මේ ථව සූත්‍ර යි.

(47) තත්‍ථ කතමං අනුඤ‍්ඤාතං :

(47) එහි අනුඤ්ඤාතය කවරැ :

54. කායෙන සංවරො සාධු - සාධු වාචාය සංවරො මනසා සංවරො සාධු - සාධු සබ‍්බත්‍ථ සංවරො, සබ‍්බත්‍ථ සංවුතො භික‍්ඛු - සබ‍්බදුක‍්ඛා පමුච‍්චති.

54. කයින් සංවරය මැනැවි, වචනයෙන් සංවරය මැනැවි, සිතින් ස්වරය මැනැවි, හැම තන්හි සංවරය මැනැවි, සියලු තැන්හි සංවෘත වූ මහණ සියලු දුකින් මිදේ.

ඉදං භගවතා අනුඤ‍්ඤාතං.

මේ භාග්‍යවතුන් විසින් අනුඤ්ඤාත යැ.

“තීණි’මානි භික‍්ඛවෙ කරණීයානි: කායසුචරිතං වචීසුචරිතං මනොසුචරිතං.” ඉදං අනුඤ‍්ඤාතං.

“මහණෙනි, මේ කටයුතු තුනක් වෙති: කායසුචරිත යැ වචීසුචරිත යැ මනෝසුචරිතයි. මේ අනුඤ්ඤාත සූත්‍ර යි.

(48) තත්‍ථ කතමං පටික‍්ඛිත‍්තං :

(48) එහි ‘පටික්ඛිත්තය’ කවරැ :

“නත්‍ථි පුත‍්තසමං පෙමං” විත්‍ථාරො. ඉදං පටික‍්ඛිත‍්තං.

“නත්‍ථි පුත්තසමං පෙමං” (දේවතාසංයුක්ත) විස්තරය වෙයි. මේ පටික්ඛිත්ත යැ.

“තීණි’මානි භික‍්ඛවෙ අකරණීයානි (සයං අභිඤ‍්ඤාය දෙසිතානි) කතමානි තීණි: කායදුච‍්චරිතං වචීදුච‍්චරිතං මනොදුච‍්චරිතං” ඉදං පටික‍්ඛිත‍්තං.

“මහණෙනි, මේ නො කටයුතු තුනක් වෙති : (තමන් වහන්සේ විසින් අවබෝධ කොට දෙසන ලද්දාහු යැ.) කවර තුනෙක යත් : කායදුශ්චරිතය වචීදුශ්චරිතය මනෝදුශ්චරිත යි. මේ “පටික්ඛිත්ත” සූත්‍ර යි.

(49) තත්‍ථ කතමං අනුඤ‍්ඤාතං ච පටික‍්ඛිත‍්තං ච:

(49) එහි අනුඤ්ඤාත ද පටික්ඛිත්ත ද කවරැ:

55. කායෙන කුසලං කයිරා - අස‍්ස කායෙන සංවුතො කායදුච‍්චරිතං හිත්‍වා - කායසුචරිතං චරෙ.

55. කයින් කුශලය කරන්නේයැ කයින් සංවෘත වන්නේ යැ කායදුශ්චරිතය හැරපියා කායසුචරිතයෙහි හැසිරෙන්නේ යි.

ද‍්වීහි පඨමපදෙහි චතුත්‍ථෙන ච පදෙන අනුජානාති. කායදුච‍්චරිතං හිත්‍වා’ති තතියෙන පදෙන පටික‍්ඛිත‍්තන‍්ති. මහාවිභඞ‍්ගො අවිරතාපනාදො. [?]

ප්‍රථම පාද දෙකින් ද සතරවැනි පාදයෙන් ද අනුඥා කෙරෙති, ‘කාදුච්චරිතං හිත්වා’ යන තුන් වැනි පාදයෙන් ප්‍රතික්‍ෂිප්ත යි.

මහාවීභංගො ... (?)

තත්‍ථිමා උද‍්දානගාථා:

මේ එහි උද්දාන ගාථා යැ:

(1) සචෙ භායථ දුක‍්ඛස‍්ස - රූපෙ රාධ අතීතකෙ සීලවන‍්තෙන ආනන්‍ද - ධම‍්මො ඡත‍්තංව රක‍්ඛති.

“සචෙ භායථ දුක්ඛස්ස –පෙ– දුද්දසං අමතං පදං” යී උදාහෘත දේශනා සඳහන් කරන උද්දානගාථා පාළිවශයෙන් ම දතහෙන්නේ යි.

(2) සබ‍්බෙ ධම‍්මා අනත‍්තාති - හිමවන‍්තම‍්පි චාලයෙ න වො දුක‍්ඛා පමුත‍්ත්‍යත්‍ථි - සමථො ච විපස‍්සනා,

(3) කාමච‍්ඡන්‍දං උපාදාය - යො සො විතක‍්කෙහි ඛජ‍්ජති සුභාවිතත‍්තෙ බොජ‍්ඣඞ‍්ගෙ - සො ඉමං විජටයෙ ජටං.

(4) සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛස‍්සු - සමාධිං භික‍්ඛු භාවයෙ කාමං කාමයමානස‍්ස - ධම‍්මචරියාය සුග‍්ගතිං.

(5) හඤ‍්ඤතෙ සබ‍්බා මුච‍්චෙ ව - නිප‍්ඵොඨෙන‍්තා චතුද‍්දිසා යො කාමෙ පරිවජ‍්ජෙති - පාරිච‍්ඡත‍්තොපමෙන ච,

(6) යානි කරොති පුරිසො - ලොකධම‍්මා පකාසිතා සුඛො විපාකො පුඤ‍්ඤානං - තතියං අඤ‍්ඤං න විජ‍්ජති,

(7) ආදානස‍්ස භයං ඤත්‍වා - ජායති ජීයතීති ච කාමා හි චිත්‍රා මධුරා - අථ බාලිසිකොපමං,

(8) න හි පාපං කතං කම‍්මං - අගතීහි ච ගච‍්ඡති, යස‍්සින්‍ද්‍රියානි සමථං ගතානි - තථෙව පඤ‍්චඤාණිකො.

(9) සත‍්තියා විය ඔමට‍්ඨො - විඤ‍්ඤාණං ච පතිට‍්ඨිතං; යො පාණමතිපාතෙති - තීණි දුච‍්චරිතානි ච,

(10) සට‍්ඨිවස‍්සසහස‍්සානි - ඛණං ලද‍්ධාන දුල‍්ලභං අයසාව මලං සමුට‍්ඨිතං - චතූසු පටිපජ‍්ජති,

(11) නෙලඞ‍්ගො සෙතපච‍්ඡාදො - අථ ගොපාලකූපමං සුඛො විවෙකො තුට‍්ඨස‍්ස - විතක‍්කා ච සුදෙසිතා,

(12) ඵෙණපිණ‍්ඩූපමං රූපං - බ්‍රහා උජු පතාපවා පඤ‍්ඤා හි සෙට‍්ඨා ලොකස‍්මිං - අනඤ‍්ඤා තීණි ඉන්‍ද්‍රියානි,

(13) කාමෙසු සත‍්තා කාමසඞ‍්ගසත‍්තා - අථ වණ‍්ණාරහස‍්ස ච සබ‍්බෙ ධම‍්මා අනත‍්තාති - අරියසච‍්චං ච දෙසිතං,

(14) එසොව මග‍්ගො නත්‍ථඤ‍්ඤො - සොතාපන‍්නොති බ්‍යාකරෙ යස‍්සින්‍ද්‍රියානි සුභාවිතානි - අථ ධම‍්මපදෙහි ච,

(15) වචසා මනසා චෙව - පඤ‍්චක‍්ඛන්‍ධා අනිච‍්චතො යානි කරොති පුරිසො - තීණි සුචරිතානි ච,

(16) රූපං වෙදයිතං සඤ‍්ඤා - පඤ‍්චක‍්ඛන්‍ධා පකාසිතා යෙ එවං පටිපජ‍්ජන‍්ති - බ්‍රහ‍්මචරියං ඵලානි ච,

(17) සබ‍්බපාපස‍්ස අකරණං - විමොක‍්ඛා තං හි දෙසිතා නත්‍ථි පුත‍්තසමං පෙමං - දෙවානං අසුරාන ච,

(18) යං පත‍්තං යෙ උභො අන‍්තෙ - නන්‍දති සොචතී’ති ච යෙ කෙචි භූතා භවිස‍්සන‍්ති - සත්‍ථාරා ච පකාසිතා

(19) යං ච කාමසුඛං ලොකෙ - බොජ‍්ඣඞ‍්ගා ච පකාසිතා මග‍්ගා’නට‍්ඨඞ‍්ගිකො සෙට‍්ඨො - තයො ච අග‍්ගපත‍්තියො

(20) කායෙන සංවරො සාධු - කරණීයං ච දෙසිතං නත්‍ථි පුත‍්තසමං පෙමං - අකරණීයානි ච දෙසිතා,

(21) කායෙන කුසලං කයිරා - විනයං ච කාමසුඛං ලොකෙ බොජ‍්ඣඞ‍්ගා ව සුදෙසිතා - දුද‍්දසං අමතං පදං.

පෙටකොපදෙසෙ සාසනපට‍්ඨානං නාම

පෙටකෝපදේසයෙහි සාසනපට්ඨාන නම් වූ

දුතියභූමි සමත‍්තා.

ද්විතීය භූමි සමාප්ත යි.