3. තතිය භූමි - සුත‍්තාධිට‍්ඨාන
3. තතිය භූමි $$- සුත‍්තාධිට‍්ඨාන$$
3. තෘතීය භූමි$$ - සුත්තාධිට්ඨාන$$
තත්‍ථ කතමං සුත‍්තාධිට‍්ඨානං: ලොභාධිට‍්ඨානං, දොසාධිට‍්ඨානං, මොහාධිට‍්ඨානං, අලොභාධිට‍්ඨානං, අදොසාධිට‍්ඨානං, අමොහාධිට‍්ඨානං, කායකම‍්මාධිට‍්ඨානං, වාචාකම‍්මාධිට‍්ඨානං, මනොකම‍්මාධිට‍්ඨානං, සද‍්ධින්‍ද්‍රියාධිට‍්ඨානං, විරියින්‍ද්‍රියාධිට‍්ඨානං, සතින්‍ද්‍රියාධිට‍්ඨානං, සමාධින්‍ද්‍රියාධිට‍්ඨානං, පඤ‍්ඤින්‍ද්‍රියාධිට‍්ඨානං.
එහි සුත්තාධිට්ඨාන කවරෙ යත් : 1. ලෝභාධිට්ඨාන යැ 2. දෝසාධිට්ඨාන යැ. 3. මෝහාධිට්ඨාන යැ 4. අලෝභාධිට්ඨාන යැ 5. අදෝසාධිට්ඨාන යැ 6. අමෝහධිට්ඨාන යැ 7. කායකම්මාධිට්ඨාන යැ 8. වාචාකම්මාධිට්ඨාන යැ. 9. මනෝකම්මා ධිට්ඨාන යැ. 10. සද්ධින්‍ද්‍රියාධිට්ඨාන යැ 11. විරියින්‍ද්‍රියාධිට්ඨාන යැ 12. සතින්‍ද්‍රියාධිට්ඨාන යැ 13. සමාධින්‍ද්‍රියාධිට්ඨාන යැ 14. පඤ්ඤින්‍ද්‍රියාධිට්ඨාන යි.
(1) තත්‍ථ කතමං ලොභාධිට‍්ඨානං:
(1) එහි ලෝභාධිට්ඨාන කවරැ :
1. විතක‍්කපමථිතස‍්ස ජන‍්තුනො තිබ‍්බරාගස‍්ස සුභානුපස‍්සිනො, භිය්‍යො තණ්හා පවඩ‍්ඪති එස ඛො දළ‍්හං කරොති බඣනං.
1. කාමාදි අකුශලවිතර්‍කයෙන් මැඩුණු දැඩි වූ කාමරාග ඇති අරමුණු ශුභවශයෙන් බලන සත්ත්‍වහට බෙහෙවින් තෘෂ්ණාව වැඩෙයි, තෙල පුද්ගල තෘෂ්ණාබන්‍ධනය දැඩි කරන්නේ යි.
‘විතක‍්කපමථිතස‍්සා’ති කාමරාගො. ‘සුභානුපස‍්සිනො’ති කාමවත්‍ථු. ‘හිය්‍යො තණ‍්හා පවඩ‍්ඪති’ති කාමතණ‍්හා. ‘එස දළ‍්හං කරොති බන්‍ධන’න‍්ති රාගං. ඉති යො යො ධම‍්මො මූලනික‍්ඛිත‍්තො, සො යෙවෙත්‍ථ ධම‍්මො උග‍්ගාහයිතබ‍්බො. [?] න භගවා එකං ධම‍්මං ආරබ‍්භ අඤ‍්ඤං ධම‍්මං දෙසෙති. යස‍්ස විතක‍්කෙති කාමවිතක‍්කො, තමෙව විතක‍්කං කාමවිතක‍්කෙන නිද‍්දිසීයති, ‘තිබ‍්බරාගස‍්සා’ති තස‍්සෙව විතක‍්කස‍්ස වත්‍ථුං නිද‍්දිසති ‘සුභානුපස‍්සිනො හිය්‍යො තණ‍්හා පවඩ‍්ඪතී’ති තමෙව රාගං කාමතණ‍්හාති නිද‍්දිසති. ‘එස දළ‍්හං කරොති බන්‍ධන’න‍්ති තමෙව තණ‍්හාසංයොජනං නිද‍්දිසති. එවං ගාථාසු අනුමිනිතබ‍්බං. එවං සවෙය්‍යාකරණෙසු.
‘විතක්කපමථිතස්ස’ යනු කාමරාග යැ, ‘සුභානුපස්සිනෝ’ යනු කාමවස්තු යැ. ‘භිය්‍යො තණ්හා පවඩ්ඪති’ යනු කාමතෘෂ්ණා යැ, එස දළ්හං කරෝති බන්‍ධනං’ යනු රාගය යි. මෙසේ යම් යම් ධර්‍මයෙක් මූලවශයෙන් තබන ලද ද (?) මෙහි ඒ ධර්‍මය මැ දැක්විය යුතු (?) බුදුහු එක් ධර්‍මයක් අරබයා අන් දහමක් නො දෙසනසේක. යමෙක් කාමවිතර්‍කය විතර්‍ක කෙරේ ද, ඒ විතර්‍කය මැ කාමවිතර්‍කවශයෙන් දක්වනු ලැබේ. ‘තිබ්බරාගස්ස’ යී ඒ විතර්‍කයාගේ මැ වස්තුව දක්වති. ‘සුභානුපස්සිනෝ භිය්‍යො තණ්හා පවඩ්ඪති’යි ඒ රාගය මැ ‘කාමතණ්හා’ යයි දක්වති. ‘එස දළ්හං කරෝති බන්‍ධනං’ යි ඒ තණ්හා සංයෝජනය මැ දක්වති. මෙසේ ගාථාවන්හි ද වෙය්‍යාකරණයන්හි ද ප්‍රමාණ කටයුතු.
තත්‍ථ භගවා එකං ධම‍්මං තිවිධං නිද‍්දිසති: නිස‍්සන්‍දතො හෙතුතො ඵලතො.
එහි බුදුහු එක් ධර්‍මය අනුසස් හෙයින් ද හේතු හෙයින් ද ඵල හෙයින් දැයි ත්‍රිවිධ කොට දක්වන සේක.
2. දදං පියො හොති භජන‍්ති නං බහූ කිත‍්තිං ච පප‍්පොති යසො ච වඩ‍්ඪති, අමඞ‍්කුභූතො පරිසං විගාහති විසාරදො හොති නරො අමච‍්ඡරී.
2. නොමසුරු වූ මිනිස්තෙම දන් දෙනුයේ ප්‍රිය වූයේ වෙයි. බොහෝදෙන ඔහු ඇසුරු කෙරෙති, කීර්තියට ද පැමිණෙයි, ඔහුගේ යශස් වැඩෙයි, නො මකු වැ (තෙද ඇතිවැ) පිරිස් කරා පැමිණෙයි, විශාරද වූයේ වේ.
‘දද’න‍්ති යං යං දානං, ඉදං දානමයිකං පුඤ‍්ඤකිරියං. තත්‍ථ හෙතු: යං වෙතං, ‘භජන‍්ති නං බහූ’ ‘කිත‍්ති’න‍්ති යො ච කල්‍යාණො කිත‍්තිසද‍්දො ලොකෙ අබ‍්භුග‍්ගච‍්ඡති, යං බහුකස‍්ස ජනස‍්ස පියො භවති මනාපො ච. යං ච අවිප‍්පටිසාරී කාලඞ‍්කරොති අයං නිස‍්සන්‍දො, යං කායස‍්ස භෙදා දෙවෙසු උප‍්පජ‍්ජතීති. ඉදං ඵලං. ඉදං අලොභාධිට‍්ඨානං.
‘දදං’ යනු යම් යම් දානයෙකි. මේ දානමය පුණ්‍යක්‍රියා යැ. එහි ‘භජන්ති නං බහූ’ යන යමක් ඇද්ද තෙල හේතු යැ. ‘කිත්තිං’ යනු යම් කල්‍යාණ කීර්තිශබ්දයෙක් ලොවැ උස්ව නැඟේ ද, බොහෝ දෙනාට ප්‍රිය මනාප වූයේ වේ ද විපිළිසර නැතිවැ කලුරිය කෙරේ ද, මේ අනුසසි, කය බිඳීමෙන් (මරණින් මතු) දෙව් ලොවැ උපදී යන මේ ඵල යි. මේ අලෝභාධිට්ඨාන යි.
(2) තත්‍ථ කතමං දොසාධිට‍්ඨානං:
(2) එහි දෝසාධිට්ඨාන කවරැ :
3. යො පාණමතිපාතෙති - මුසාවාදං ච භාසති, ලොකෙ අදින‍්නං ආදියති - පරදාරං ච ගච‍්ඡති, සුරාමෙරයපානං ච - යො නරො අනුයුඤ‍්ජතී.
3.4. (මේ ගාථා දෙක 4, 5, වැනි පිටේ ව්‍යාඛ්‍යාත යැ.)
4. අප‍්පහාය පඤ‍්ච වෙරානි - දුස‍්සීලො ඉති වුච‍්චති, කායස‍්ස භෙදා දුප‍්පඤ‍්ඤො - නිරයං සොපපජ‍්ජති.
‘යො පාණමතිපාතෙතී’ති දුට‍්ඨො පාණමතිපාතෙති. ‘මුසාවාදං ච භාසතී’ති දොසොපඝාතතාය මුසාවාදං ච භාසති. ‘සුරාමෙරයපානං ච යො නරො අනුයුඤ‍්ජතී’ති දොසො නිදානං. ‘යො ච සුරාමෙරයපානං අනුයුඤ‍්ජති. යථා පරදාරවිහාරී අමිත‍්තෙ ජනයති.
‘යෝ පාණමතිපාතේති’ යනු දුෂ්ට වූයේ ප්‍රාණවධ කෙරෙයි, ‘මුසාවාද ව භාසති’ යනු ද්වේෂයෙන් උපහත බැවින් මුසවා බෙණෙයි, ‘සුරාමේරයපානං ච යො නරෝ අනුයුඤ්ජති’ යනු දෝසනිදාන යැ, යමෙක් රහමෙර පීමෙහි යෙදේ ද හේ පරදාරවිහරණ ඇත්තකු සෙයින් සතුරන් උපදවයි.
‘පඤ‍්ච වෙරානි අප‍්පහායා’ති පඤ‍්චන‍්නං සික‍්ඛාපදානං සමතික‍්කමනං, සබ‍්බෙසං දොසජානං සා පඤ‍්ඤත‍්ති, තෙනෙව දොසජනිතෙන ‘කම‍්මෙන දුස‍්සීලො ඉති වුච‍්චති’ සො’පි ධම‍්මො හෙතුනා නිද‍්දිසිතබ‍්බො, නිස‍්සන්‍දෙන ඵලෙන ච.
‘පඤ්ච වේරානි අප්පහාය’ යනු පඤ්ච ශික්‍ෂාපදයන් ඉක්මැවීම යැ, සියලු දෝසජ අකුශලයන්ට ඒ ප්‍රඥප්ති යැ, එහෙයින් මැ ද්වේෂජනිත කර්‍මයෙන් දුශ්ශීලයෙකැ යි කියනු ලැබේ, ඒ ධර්‍මය ද හේතුයෙන් නිස්‍යන්‍දයෙන් හා ඵලයෙන් දැක්වියැ යුතු.
“තීණි බාලස‍්ස බාලලක‍්ඛණානි: දුබ‍්භාසිතභාසී ච හොති දුච‍්චින‍්තිත චින‍්තී ච දුක‍්කතකම‍්මකාරී ච” තත්‍ථ යං කායෙන ච වාචාය ච පරක‍්කමති, ඉදමස‍්ස දුක‍්කතකම‍්මකාරී, තත්‍ථ යං යථා ච මුසාවාදං භාසති, යථා පුබ‍්බනිද‍්දිට‍්ඨං, ඉදමස‍්ස දුබ‍්භාසිතා යං ච සඞ‍්කප‍්පෙති, මනොදුච‍්චරිතං බ්‍යාපාදං ඉදමස‍්ස දුච‍්චින‍්තිතචින‍්තිතා. යං සො ඉමෙහි තීහි බාලලක‍්ඛණෙහි සමන‍්නාගතො තීණි තජ‍්ජානි දුක‍්ඛානි දොමනස‍්සානි අනුභවති, සො ච හොති සභග‍්ගතො වා පරිසග‍්ගතො වා තජ‍්ජං කථං කථෙන‍්ති. යදා භවති සො ච පාණාතිපාතාදි දසඅකුසලකම‍්මපථො, සො තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙතී’ති.
‘බාලයාගේ බාලලක්‍ෂණයෝ තිදෙනෙක් වෙති : දුර්‍භාෂිත කියන්නේත්, දුශ්චින්තිත සිතන්නේත් දුෂ්කෘතකර්‍ම කරන්නේත් වෙයි. එහි කයින් ද වචනයෙන් ද යම් උත්සාහයෙක් ඇද්ද, මේ ඔහුගේ දුෂ්කෘතකර්‍මකාරී බව යැ. එහි යම්සේ යම් මුසාවාදයෙක් බෙණේ ද එය පළමු දක්වන ලද පරිදි යැ. මේ ඔහුගේ දුර්‍භාෂිතභාෂි බව යැ. යම් මනෝදුශ්චරිත වූ ව්‍යාපාදයක් සිතා ද, මේ ඔහුගේ දුශ්චින්තිත චින්තී බවයි. හේ මේ තුන් බාලලක්‍ෂණයෙන් සමන්‍විත වූයේ එයින් උපන් තුන් දුක් දොම්නස් විඳී. හේ සභාමැදට ගියේ හෝ පිරිස් මැදට ගියේ හෝ තදනුරූප වූ කථා බෙණෙයි, ඒ හේතුයෙන් ප්‍රාණ වධාදි දශ අකුශලකර්‍මපථ ඇති හෙතෙම දුක් දොම්නස් විඳී යයි.
පුන චපරං යදා පස‍්සති චොරං රාජාපරාධිකං රඤ‍්ඤා ගහිතං ජීවිතා වොරෙපෙන‍්තං, තස‍්සෙවං භවති ‘සචෙ මමම‍්පි රාජා ජානෙය්‍ය මමම‍්පි රාජා ගාහාපෙත්‍වා ජීවිතා වොරොපෙය්‍යා’ති සො තතොනිදානං දුඞ‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති.
යළිදු හෙතෙම යම්කලෙක රාජාපරාධ කළ, රජු විසින් ගන්නා ලද සොරකු දිවියෙන් තොර කරන්නහු දකී ද, එකල ඔහුට මේ සිත වෙයි : ඉදින් රජ මා ද දන්නේ නම් රජ මා ද ගන්වා දිවියෙන් තොරකරන්නේය’යි. හේ ඒ හේතුයෙන් දුක් දොම්නස් විඳී.
පුන චපරං බාලො යදා භවති ආසනා සමාරූළ‍්හො යාව යා මෙ ගති භවිස‍්සති ඉතො පෙච‍්ච පරම‍්මරණා’ති සො තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සා පටිසංවෙදෙති. ඉති බාලලක‍්ඛණං හෙතු, තීණි තජ‍්ජානි දුක‍්ඛානි නිස‍්සන්‍දො කායස‍්ස භෙදා නිරයෙසු උප‍්පජ‍්ජති, ඉදං ඵලං ඉදං දොසාධිට‍්ඨානං.
නැවත ද බාල තෙමේ යම් කලෙක අසුනක හුන්නේ වේ ද, එ කල්හි මෙයින් මියැ මරණින් මතු මට යම්බඳු ගතියක් වන්නේ දැයි සිතාද, හේ ඒ හේතුයෙන් දුක් දොම්නස් විඳී. මෙසේ බාලලක්‍ෂණය හේතු යැ, එයින් උපන් තුන්වැදෑරුම් දුක නිස්‍යන්‍ද යැ, කය බිඳීමෙන් මරණින් මතු නිරයෙහි උපදී. මේ ඵල යි. මේ දෝසාධිට්ඨාන යි.
(3) තත්‍ථ කතමං මොහාධිට‍්ඨානං:
(3) එහි මෝහාධිට්ඨාන කවරැ :
5. සතං චෙව සහස‍්සානං - කප‍්පානං සංසරිස‍්සති, අථවා’පි තතො භිය්‍යො - ගබ‍්භා ගබ‍්භං ගමිස‍්සථ.
5. කල්ප සියදහසක් සසර සැරිසරන්නේ යැ, නොහොත් එයින් වැඩියක් කල් ගර්‍භයෙන් ගර්‍භයට (මවුකුසින් මවුකුසට) යන්නේ ය.
6. අනුපාදාය බුද‍්ධවචනං - සඞ‍්ඛාරෙ අත‍්තතො උපාදාය, දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සන‍්ති - ඨානමෙතං න විජ‍්ජති.
6. බුදුවදන් නොගෙන සංස්කාරයන් ආත්මවශයෙන් ගෙන දුක් කෙළවරකරන්නේය යන තෙල කරුණ නො වේ.
සො’යං අනමතග‍්ගසංසාරං සමාපන‍්නො ජායති ච මීයති ච, අයං අවිජ‍්ජාහෙතුකා. යානි’පි ච සඞ‍්ඛාරානං පයොජකානි, තානි’පි අවිජ‍්ජාපච‍්චයානි යං අදස‍්සානං බුද‍්ධවචනස‍්ස, අයං අවිජ‍්ජාසුත‍්තෙ යෙව නිද‍්දිට‍්ඨං. යො ච සඞ‍්ඛාරෙ අත‍්තතො හරති, පඤ‍්චක‍්ඛන්‍ධෙ පඤ‍්ච දිට‍්ඨියො උපගච‍්ඡති: ‘එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා’ති, ඉදං සුත‍්තං අවිජ‍්ජාය නික‍්ඛිත‍්තං අවිජ‍්ජාය නික‍්ඛිපිතං. එවං සත්‍ථා සුත‍්තෙ නයෙන ධම‍්මෙන නිද‍්දිසති” අසාධාරණෙන තංයෙව තත්‍ථ නිද‍්දිසිතබ‍්බං. න අඤ‍්ඤං.
අනවරාග්‍ර සංසාරයට සමාපන්නවූ මේ පුද්ගල උපදයෙන් ද මියන්නේ ද වෙයි. මේ අවිද්‍යා හේතුක යැ, සංස්කාරයන්ගේ යම් යෙදීම් කෙනෙක් ඇද්ද ඔහුදු අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇත්තාහුය, බුද්ධවචනයාගේ යම් නො දැනීමෙක් ඇද්ද මේ අවිජ්ජාසූත්‍රයෙහි මැ දක්වනලද. යමෙකුත් සංස්කාරයන් ආත්මවශයෙන් ගනී ද හේ පඤ්චස්කන්‍ධයෙහි ‘තෙල මාගේ යැ තෙලෙ මම් වෙමි තෙලෙ මාගේ ආත්ම වේ’ යයි පඤ්ච දෘෂ්ටීන්ට පැමිණේ. මේ සූත්‍රය අවිද්‍යායෙහි ලා වදාරනලද, මෙසේ බුදුහු සූත්‍රයෙහි අසාධාරණ වූ දහම් නයින් දක්වන සේක. එය මැ එහි දැක්විය යුතු යැ, අනෙකක් නොදැක්විය යුතු.
“යෙහි කෙචි භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා “ඉදං දුක‍්ඛං’න‍්ති නප‍්පජානන‍්ති” (චත‍්තාරි සච‍්චානි විත්‍ථාරෙන.) යා තත්‍ථ අප‍්පජානනා, ඉදං දුක‍්ඛං. අයං හෙතු. අප‍්පජානන‍්තො විවිධෙ සඞ‍්ඛාරෙ අභිසඞ‍්ඛරොති, අයං නිස‍්සන්‍දො. යං ව දිට‍්ඨිගතානි පරාමසති, ‘ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති අයං නිස‍්සන්‍දො. යං පුනබ‍්භවං නිබ‍්බත‍්තෙති, ඉදං ඵලං. අයම‍්පි ධම‍්මො නිද‍්දිට‍්ඨො , හෙතුතො ච නිස‍්සන්‍දතො ච ඵලතො ච.
‘මහණෙනි, යම් කිසි මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් හෝ ‘මේ දුකැ’යි නොදනිත් ද, (සිවුසස් විස්තරයෙන්) එහි යම් නො දැනීමක් ඇද්ද, මේ දුක යැ, මේ හේතු යි. නොදන්නේ විවිධ සංස්කාරයන් රැස්කෙරෙයි. මේ නිස්සන්‍ද’ යැ. මෙය මැ සැබව අන්‍යය සිස් යැ’යි යම් දෘෂ්ටියක් පරාමර්‍ශ කෙරේ ද මේ නිස්සන්‍ද යැ, යම් පුනර්‍භවයක් උපදවා ද, මේ ඵල යි. මේ ධර්‍මය ද හේතුවශයෙනුදු නිස්සන්‍දවශයෙනුදු ඵලවශයෙනුදු දක්වන ලද.
එත්‍ථ පන කෙචි ධම‍්මා සාධාරණා භවන‍්ති. හෙතු ඛලු ආදිතො යෙව සුත‍්තෙ නික‍්ඛිපිස‍්සන‍්ති. යථා කිං භවෙ: “චත‍්තාරි’මානි භික‍්ඛවෙ අගතිගමනානි” තත්‍ථ යං ච ඡන්‍දාගතිං ගච‍්ඡති. යං ච භයාගතිං ගච‍්ඡති, අයං ලොභො අකුසලමූලං, යං දොසා - අයං දොසො යෙව. යං මොහා - අයං මොහො යෙව. එවං ඉමානි තීණි අකුසලමූලානි ආදිතො යෙව උපපරික‍්ඛිතබ‍්බානි, යත්‍ථ එකං නිද‍්දිසිතබ‍්බං, තත්‍ථ එකං නිද‍්දිසීයති. තථා ද‍්වෙ, තථා තීණි, න හි ආදිම‍්හි අනික‍්ඛිත‍්තෙ හෙතු වා නිස‍්සන්‍දො වා ඵලං වා නිද‍්දිසිතබ‍්බං. අයං චෙත්‍ථ ගාථා:
මෙහි වැලිත් කිසි ධර්‍මකෙනෙක් සාධාරණ වෙති, හේතුව වනාහි ආදියෙහි ම සූත්‍රයෙහි නික්‍ෂේප කෙරෙති, කුමක් මෙන් ද යත් : “මහණෙනි, මේ අගති ගමනයෝ සතර දෙනෙක් වෙති”. එහි යම් ඡන්‍දයෙන් අගතියට යෑමෙක් ඇද්ද භයින් අගතියට යෑමෙක් ඇද්ද, මේ ලෝභඅකුශලමූල යැ. යම් ද්වේෂයෙන් අගතිගමනෙක් ඇද්ද මේ දෝස අකුසල මූල යැ, යම් මෝහයෙන් අගතිගමනෙක් ඇද්ද මේ මෝහඅකුසලමූලය මැය. මෙසේ මේ තුන් අකුශලමූලයෝ ආදියෙහි මැ විමසියැ යුත්තාහ. යම් තැනෙක එකක් දැක්විය යුතු ද, එහි එකෙක් දක්වනු ලැබේ. දෙකක් තුනක් දැක්විය යුතු තැන ද එසේ යැ. ආදියෙහි නො දැක්වූ කල්හි හේතුව හෝ නිස්සන්‍දය හෝ ඵලය හෝ නො මැ දැක්වියයුතු. මේ මෙහි ගාථා යැ.
7. ඡන්‍දා දෙසා භයා මොහා - යො ධම‍්මං අතිවත‍්තති නිහීයති තස‍්ස යසො - කාළපක‍්ඛෙව චන්‍දිමා.
7. ඡන්‍දහේතුයෙනුදු ද්වේෂහේතුයෙනුදු භයහේතුයෙනුදු මෝහහේතුයෙනුදු යමෙක් දහම් ඉක්මැයේ නම් ඔහුගේ කීර්ති-පරිවාරයශස් අවපස සඳ මෙන් පිරිහේ.
තත්‍ථ ඡන්‍දා ච, අයං ලොභො යථානිද‍්දිට‍්ඨං පුබ‍්බෙ. ඉදං මොහාධිට‍්ඨානං.
එහි ඡන්‍දහේතුයෙනුදු ... මේ ලෝභ යැ. පෙර දැක්වූ පරිදි යැ. මේ මෝහාධිට්ඨාන යි.
(4) තත්‍ථ කතමං අලොභාධිට‍්ඨානං:
(4) එහි අලෝභාධිට්ඨාන කවරැ :
8. අසුභානුපස‍්සිං විහරන‍්තං - ඉන්‍ද්‍රියෙසු සුසංවුතං, භොජනම‍්හි ච මත‍්තඤ‍්ඤං - සද‍්ධං ආරද‍්ධවීරියං, තං වෙ නප‍්පසති මාරො - වාතො සෙලං’ව පබ‍්බතන‍්ති.
8. උද්ධුමාතකාදි අශුභයක් අනුව බලමින් වසන ඉඳුරන් කෙරෙහි මැනැවින් සංවර වූ භෝජනයෙහි පමණ දන්නා ශුද්ධා ඇති සතර ඉරියව්වෙහි වඩන ලද වීර්‍ය්‍ය ඇති ඒ පුද්ගලයා වාතය හුදු සෙල්පව්වක් සෙයින් ක්ලේශමාර තෙමේ ඒකාන්තයෙන් මැඩලියැ නොහේ යයි.
තත්‍ථ යා අසුභාය උපපරික‍්ඛා, අයං කාමෙසු ආදීනවදස‍්සනෙන පරිච‍්චාගො ඉන්‍ද්‍රියෙසු සුසංවුතො තස‍්සෙව අලොභස‍්ස පාරිපූරියං මම ආයතනා සොභන‍්තී’ති අනුපාදාය, භොජනම‍්හි ච මත‍්තඤ‍්ඤූ’න‍්ති රසතණ‍්හාපහානං, ඉති අයං අලොභො අසුභානුපස‍්සිතාය වත්‍ථුතො ධාරයති, සො අලොභො හෙතු. ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතාය ගොචරතො ධාරයති, භොජනෙ මත‍්තඤ‍්ඤුතාය පරතො ධාරයති, අයං නිස‍්සන්‍දො. ‘තං වෙ නප‍්පසහති මාරො වාතො සෙලං ව පබ‍්බත’න‍්ති ඉදං ඵලං. ඉති යොයෙව ධම‍්මො ආදිම‍්හි නික‍්ඛිත‍්තො, සොයෙව මජ‍්ඣෙ චෙව අවසානෙ ච.
එහි අශුභය පිළිබඳ යම් උපපරීක්‍ෂායෙක් වේ ද මේ කාමයන්හි ආදීනව දැකීමෙන් හැරැපීම යැ, ඉන්‍ද්‍රියයන්හි සුසංවෘත වූයේ ඒ අලෝභයාගේ මැ පිරීමෙහි ලා මාගේ ආයතනයෝ හොබනාහ’ යි නොගෙන, භෝජනම්හි ච මත්තඤ්ඤුං’ යනු රසතෘශ්ණාප්‍රහාණය යැ. මෙසේ මේ අලෝභය අශුභානුදර්ශීභාවයෙන් වස්තුවශයෙන් ධරයි, ඒ අලෝභය හේතු යැ : ඉන්‍ද්‍රියයන්හි පියූ දොර ඇති බැවින් ගෝවරගෙයින් ධරයි, භෝජනයෙහි පමණ දන්නා බැවින් පරභාවයෙන් ධරයි, මේ නිස්සන්‍ද යැ, “තං චෙ නප්පසහති මාරො වාතො සෙලංව පබ්බත” යන මේ ඵල යි. මෙසේ යම් මැ ධර්‍මයෙක් ආදියෙහි නික්‍ෂේප කරන ලද ද ඒ ධර්‍මය මැ මධ්‍යයෙහි ද අවසානයෙහි ද නික්‍ෂේප කරන ලදි.
“නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, අසමුප‍්පන‍්නස‍්ස කාමච‍්ඡන්‍දස‍්ස අනුප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා පහානාය. යථයිදං අසුභනිමිත‍්තං. “තත්‍ථ අසුභ නිමිත‍්තං අනුප‍්පන‍්නො වෙව කාමච‍්ඡන්‍දො න උප‍්පජ‍්ජති, උප‍්පන‍්නො ච කාමච‍්ඡන්‍දො පහීයති. ඉදං අලොභස‍්ස වත්‍ථු. යං පුන අනුප‍්පන‍්නො කාමරාගො පරියාදියති රූපරාගං අරූපරාගං, ඉති ඵලං. ඉති අයම‍්පි ච ධම‍්මො නිද‍්දිට‍්ඨො හෙතුතො ච නිස‍්සන්‍දතො ච ඵලතො ච. ඉදං අලොභාධිට‍්ඨානං.
“මහණෙනි, මම නූපන් කාමච්ඡන්‍දයාගේ නො ඉපදීම පිණිස හෝ උපන් කාමච්ඡනයාගේ ප්‍රහාණය පිණිස හෝ මේ අශුභ නිමිත්ත යම් බඳු ද එබඳු වූ අන් එක දහමකුදු නො දක්මි.” එහි අශුභනිමිත්ත (හේතුයෙන්) නූපන් කාමච්ඡන්‍දයත් නූපදී, උපන් කාමච්ඡන්‍දයත් ප්‍රහීණ වෙයි. මේ අලෝභයට වස්තු යැ. යළි යම් හෙයකින් නූපන් කාමරාග තෙමේ රූපරාගය අරූපරාගය මැඩගනී’ යනු ඵල යි. මෙසේ මේ ධර්‍මය ද හේතුවශයෙන් ද නිස්සන්‍දවශයෙන් ද එලවශයෙන් ද දක්වන ලදි. මේ අලෝභාධිට්ඨාන යි.
(5) තත්‍ථ කතමං අදොසාධිට‍්ඨානං:
(5) එහි අදෝසාධිට්ඨාන කවරැ :
9. එකම‍්පි චෙ පාණමදුට‍්ඨචිත‍්තො මෙත‍්තායති කුසලො තෙන හොති, සබ‍්බෙ ච පාණෙ මනසා’නුකම‍්පං පහූතමරියො පකරොති පුඤ‍්ඤං.
9. ඉදින් ව්‍යාපාදයෙන් අදූෂිත සිත් ඇතියේ එක් ප්‍රාණියකුට පවා මෙත් වඩා ද, ඒ මෙත් වැඩීමෙන් මහත් කුසල් ඇතියේ වෙයි. සියලු ප්‍රාණීන් ට සිතින් අනුකම්පා කරන ආර්‍ය්‍ය (පිරිසුදු සිත් ඇති) පුද්ගල බොහෝ පින් උපදවයි.
“එකම‍්පි චෙ පාණමදුට‍්ඨචිත‍්තො මෙත‍්තායතී”ති අයං අදොසො නිග‍්ඝාතෙන අස‍්සාදො, ‘කුසලො තෙන හොතී’ති තෙන කුසලෙන ධම‍්මෙන සංයුත‍්තො ධම‍්මපඤ‍්ඤත‍්තිං ගච‍්ඡති. ‘කුසලොති යථා පඤ‍්ඤාය පඤ‍්ඤො පණ‍්ඩිච‍්චෙන පණ‍්ඩීකො. ‘පහූතමරියො පකරොති පුඤ‍්ඤ’න‍්ති තස‍්සා යෙව විපාකො, අයං ලොකියස‍්ස, න හි ලොකුත‍්තරස‍්ස තත්‍ථ යා මෙත‍්තායනා, අයං හෙතු යං කුසලො භවති, අයං නිස‍්සන්‍දො. යාව අබ්‍යාපජ‍්ජභූමියං. බහුං පුඤ‍්ඤං පසවති, ඉදං ඵලං. ඉති අදොසො නිද‍්දිට‍්ඨො හෙතුතො ච නිස‍්සන්‍දතො ච ඵලතො ච.
‘ඒකම්පි චෙ පාණමදුට්ඨචිත්තෝ මෙත්තායති’ යනු මේ අදෝස යැ, ද්වේෂ ප්‍රහාණයෙන් ආස්වාදය වේ. ‘කුසලො තෙන හොති’ යනු ඒ කුශලධර්‍මයෙන් යුක්ත වූයේ ධර්‍ම ප්‍රඳප්තියට යෙයි, ‘කුසලො’ යනු යම්සේ ප්‍රඥායෙන් ප්‍රාඥ වූයේ පාණ්ඩිත්‍යයෙන් පණ්ඩිත වූයේ ද එමෙනි. ‘පහූතමරියො පකරෝති පුඤ්ඤං’ යනු ඒ මෙත්තාවගේ මැ විපාක යැ. මේ ලෞකික කුශලයාගේ යැ. ලෝකෝත්තරකුශලයාගේ නොමැ වෙයි. එහි යම් මෙත් වැඩීමෙක් ඇද්ද මේ හේතු යැ. යම් කුසල්ඇතියේ වේ ද, මේ නිස්සන්‍ද යැ. යම්තාක් අව්‍යාපාද භූමියෙහි සිට බොහෝ පින් උපදවා ද, මේ ඵල යි. මෙසේ හේතු වශයෙන් ද නිස්සන්‍ද වශයෙන් ද ඵලවශයෙන් ද අදෝසය දක්වන ලදි.
“එකාදසානිසංසා මෙත‍්තාය චෙතොවිමුත‍්තියා” තත්‍ථ යා මෙත‍්තාචෙතොවිමුත‍්ති, අයං අරියධම‍්මෙසු රාගවිරාගා චෙතොවිමුත‍්ති, ලොකිකාය භූමිකා හෙතු, යං සුඛං ආයතිං මනාපො හොති මනුස‍්සානං ඉමෙ එකාදස ධම‍්මා නිස‍්සන්‍දො, යං ච අකතාවී බ්‍රහ‍්මකායෙ උප‍්පජ‍්ජති ඉදං ඵලං, ඉදං අදොසාධිට‍්ඨානං.
‘මෙත්තාචේතෝවිමුත්තියෙහි එකොළොස් අනුසස් කෙනෙක් වෙති’. එහි යම් මෙත්තාචේතෝවිමුක්තියක් ඇද්ද මේ ආර්‍ය්‍ය ධර්‍මයන් කෙරෙහි රාගවිරාගචේතෝවිමුත්ති යැ. ලෞකිකභූමියෙහි වූවා හේතු යැ. යම් සුවයෙක් වේ ද මතුයෙහි මිනිසුන්ට මනාප වේ ද, මේ එකොළොස් ධර්‍මයෝ නිස්සන්‍ද යැ. යම් මාර්‍ගයෙන් කළ කිස නැතියේ බඹලොවැ උපදී ද, මේ ඵල යි. මේ අදෝසාධිට්ඨාන යි.
(6) තත්‍ථ කතමං අමොහාධිට‍්ඨානං:
(6) එහි අමෝහාධිට්ඨාන කවරැ :
10. පඤ‍්ඤා භි සෙට‍්ඨා ලොකස‍්මිං - යා’යං නිබ‍්බෙධගාමිනී, යාය සම‍්මා පජානාති - ජාතිමරණසඞ‍්ඛයං.
10. යම් ප්‍රඥාවක් නිර්වේදගාමිනී වේද, යම් ප්‍රඥාවකින් ජාතිමරණයන්ගේ ක්‍ෂය වීම් සංඛ්‍යාත නිවන මැනැවින් ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, ඒ විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥාව මැ ලොවැ ශ්‍රේෂ්ඨ වන්නී යැ.
‘පඤ‍්ඤා හි සෙට‍්ඨා’ති වත්‍ථුං, ‘නිබ‍්බෙධගාමිනී’ති නිබ‍්බානගාමිනියං යථාභූතං පටිවිජ‍්ඣති. ‘සම‍්මා පජානාති ජාතිමරණසඞ‍්ඛය’න‍්ති අමොහො ‘පඤ‍්ඤා’ති හෙතු, යං පජානාති අයං නිස‍්සන්‍දො, යො ජාතිමරණසඞ‍්ඛයො, ඉදං ඵලං. ඉති අමොහො නිද‍්දිට‍්ඨො හෙතුනා ච නිස‍්සන්‍දෙන ච ඵලෙන ච.
“පඤ්ඤා හි සෙට්ඨා” යනු වස්තු යැ. “නිබ්බේධගාමිනි” යනු නිර්‍වාණගාමිනී මාර්‍ගය යථාභූත වැ ප්‍රතිවේධ කෙරෙයි. “සම්මා පජානාති ජාතිමරණ සංඛයං යනු අමෝහ යැ. “පඤ්ඤා” යනු හේතු යැ. යමක් දැන ගනී ද මේ නිස්සන්‍ද යැ. යම් ජාතිමරණයන්ගේ ක්‍ෂය වීමෙක් ඇද්ද මේ ඵල යි. මෙසේ හේතුයෙන් ද නිස්සන්‍දයෙන් ද ඵලයෙන් ද අමෝහය දක්වන ලද්දේයි.
තීණි’මානි භික‍්ඛවෙ ඉන්‍ද්‍රියානි: අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං අඤ‍්ඤින්‍ද්‍රියං අඤ‍්ඤාතාවින්‍ද්‍රියං, තත්‍ථ කතමං අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අනභිසමෙතස‍්ස දුක‍්ඛස‍්ස අරියසච‍්චස‍්ස අභිසමාය ඡන්‍දං ජනෙති වායමති විරියං. ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. (එවං චතුන‍්නං අරියසච‍්චානං කාතබ‍්බං.) තත්‍ථ කතමං අඤ‍්ඤින්‍ද්‍රියං: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ‘ඉදං දුක‍්ඛං අරියසච‍්ච’න‍්ති යථාභූතං පජානාති, (යාව ධම‍්මා,) ඉදං අඤ‍්ඤින්‍ද්‍රියං. ආසවක‍්ඛයා අනාසවො හොති, ඉදං වුච‍්චති අඤ‍්ඤාතාවින්‍ද්‍රියං. තථා’යං පඤ‍්ඤා, අයං හෙතු. යං ඡන්‍දං ජනෙති වායමති, යා පජානාති, අයං නිස‍්සන්‍දො. යෙන සබ‍්බසො ආසවානං ඛයො අයං හෙතු, යං ඛයෙ ඤාණමුප‍්පජ‍්ජති අනුප‍්පාදෙ ඤාණං ච අයං නිස‍්සන්‍දො, යං අරහත‍්තං, ඉදං ඵලං. තත්‍ථ ‘ඛීණා මෙ ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීය’න‍්ති, ඉදං ඛයෙ ඤාණං. ‘නාපරං ඉත්‍ථත‍්තායාති පජානාති’ති ඉදං අනුප‍්පාදෙ ඤාණං. ඉති ඉමානි ඉන්‍ද්‍රියානි. අමොහො නිද‍්දිට‍්ඨො හෙතුනා ච නිස‍්සන්‍දෙන ච ඵලෙන ච. ඉමානි අසාධාරණානි නිද‍්දිට‍්ඨානි.
“මහණෙනි මේ ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය, අඤ්ඤින්‍ද්‍රිය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. එහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය කවරැ : මහණෙනි, මෙ සස්නෙහි මහණ අවබෝධ නොකළ දුඃඛාර්‍ය්‍යසත්‍යයාගේ අභිසමය පිණිස කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යයාරම්භ කෙරෙයි, සිත දැඩිව ගනී, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. (මෙසේ සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ විස්තරය කළ යුතු.) එහි අඤ්ඤින්‍ද්‍රිය කවරැ : මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙ දුඃඛාර්‍ය්‍යසත්‍යයයි යථාභූතව දැනගනී. (මෙහි පාළිය) මේ අඤ්ඤින්‍ද්‍රිය යැ, ආස්‍රවක්‍ෂය වීමෙන් අනාස්‍රව වෙයි. මේ අඤ්ඤාතාවින්‍ද්‍රිය යී කියනු ලැබේ. මේ ප්‍රඥාව එබඳු යි. මේ හේතු යැ. යම් ඡන්‍දයක් උපදවා ද වෑයම් කෙරේ ද යමක් දැනගනී ද මේ නිස්සන්‍ද යැ. යමකින් සර්‍වප්‍රකාරයෙන් ආස්‍රවයන්ගේ ක්‍ෂය වේ ද, මේ හේතු යි. යම් ක්‍ෂයඥානයකුත් අනුත්පාදඥානයකුත් උපදී ද, මේ නිස්සන්‍දයැ, යම් රහත් බවක් වේද මේ ඵලයි. එහි මාගේ ජාතිය ක්‍ෂය වූයැ. මහබඹසර වැස නිමවන ලද, සිවුමඟින් කළයුතු කිස කරන ලදැ’යි යන මේ ක්‍ෂයඥාන යැ. මේ බැව් සඳහා අන් කටයුත්තෙක් නැතැයි දැනගනී’ යන මෙය අනුත්පාදඥාන යි. මෙසේ මේ ඉන්‍ද්‍රියයෝ වෙති. හේතුයෙන් ද නිස්සන්‍දයෙන් ද ඵලයෙන් ද අමෝහය දක්වන ලදි. මේ අසාධාරණ ඥානයෝ දක්වන ලද්දාහු යි.
තත්‍ථ කතමානි කුසලමූලානි සාධාරණානි:
එහි සාධාරණ කුශලමූලයෝ කවරහ :
“කුසලං ච වො භික‍්ඛවෙ දෙසෙස‍්සාමි කුසලමූලං චෙව. තත්‍ථ කතමං කුසලමූලං: අලොභො අදොසො අමොහො. තත්‍ථ කතමං කුසලං: අට‍්ඨ සම‍්මත‍්තානි, සම‍්මාදිට‍්ඨි යාව සම‍්මාසමාධි. තත්‍ථ යානි කුසලමූලානි, අයං හෙතු. යං ච අලොභො තීණි කම‍්මානි සමුට‍්ඨාපෙති: සඞ‍්කප‍්පං වායාමං සමාධිං ච. අයං අලොභස‍්ස නිස‍්සන්‍දො. තත්‍ථ යො අදොසො, අයං හෙතු. යං තයො ධම‍්මෙ පට‍්ඨපෙති: සම‍්මාවාචං සම‍්මාකම‍්මන‍්තං සම‍්මාආජීවං ච, අයං නිස‍්සන්‍දො. තත්‍ථ යො අමොහො හෙතු, යං ද‍්වෙ ධම‍්මෙ උපට‍්ඨපෙති: අවිපරීතදස‍්සනම‍්පි ච අනභිලාපනං, අයං නිස‍්සන්‍දො. ඉමස‍්ස බ්‍රහ‍්මචරියස‍්ස යං ඵලං තා ද‍්වෙ විමුත‍්තියො: රාගවිරාගා චෙතොවිමුත‍්ති අවිජ‍්ජාවිරාගා ච පඤ‍්ඤාවිමුත‍්ති, ඉදං ඵලං. ඉති ඉමානි තීණි කුසලමූලානි නිද‍්දිට‍්ඨානි හෙතුතො ච නිස‍්සන්‍දතො ච ඵලතො ච, එවං සාධාරණානි කුසලානි පටිවිජ‍්ඣිතබ‍්බානි.
“මහණෙනි, තොපට කුශලය ද කුශලමූලය ද දෙසන්නෙමි, එහි කුශලමූලය කවරැ : අලෝභය අදෝසය අමෝහ යි. එහි කුශලය කවරැ : අෂ්ට සම්‍යක්ත්‍වයෝ යැ. සම්මා දිට්ඨිය පටන් සම්මාසමාධිය දක්වා යි. එහි යම් කුශලමූලයෝ වෙත් ද මේ හේතු යැ. අලෝභය සංකප්ප වායාම සමාධි යන තුන් කර්‍මයන් උපදවයි. මේ අලෝහයාගේ නිස්සන්‍දයැ, එහි යම් අදෝසයෙක් වේ ද මේ හේතු යැ. යම් සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව ද යන තුන් ධර්‍මයන් පිහිටුවා ද මේ නිස්සන්‍ද යැ. එහි යම් අමෝහ හේතුයෙක් ඇද්ද එය අවිපරීතදර්‍ශනය ද අනභිලාපය ද යන දෙ දහමුන් එළවයි. මේ නිස්සන්‍ද යැ. මේ බ්‍රහ්මචර්‍ය්‍යයාගේ යම් ඵලයෙක් වේ ද එය රාගවිරාග චේතෝ විමුක්තිය අවිජ්ජාවිරාග පඤ්ඤවිමුක්තිය ද යන විමුක්තීහු දෙදෙන යැ මේ ඵල යි. මෙසේ මේ තුන් කුශලමූලයෝ හේතුහේයින් ද නිස්සන්‍ද හෙයින් ද එලහෙයින් ද දක්වන ලද්දාහු ය. මෙසේ සාධාරණ කුශලයෝ දතයුත්තාහු යි.
යත්‍ථ දුවෙ යත්‍ථ තීණි, අයං චෙත්‍ථ ගාථා:
යත්‍ථ දුවෙ යත්‍ථ තීණි (?) මෙහි මේ ගාථාව ද වෙයි.
11. තුලමතුලං ච සම‍්භවං - භවසඞ‍්ඛාරමවස‍්සජි මුනි, අජ‍්ඣත‍්තරතො සමාහිතො - අභිදා කවචමිවත‍්තසම‍්භවන‍්ති.
11. බුද්ධ මුනිහු කාමාවචර කර්‍මය ද (අතුලවූ) මහද්ගත කර්‍මය ද නොහොත් කාමාවචර රූපාවචර කර්‍මය හා අරූපාවචර කර්‍මය ද ඒ භවහේතුක කර්‍ම රැස්කරන පුනර්‍භව සංස්කාරය ද දුරුකළහ. (නොහොත් අතුල වූ නිවන ද භවය ද තුලනය කරමින් ස්කන්‍ධමූල වූ භවසංස්කාරය ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් දුරුකළහ.) විදර්‍ශනා වශයෙන් අධය්‍යාත්මයෙහි ඇලුණාහු උපචාර අර්‍පණා සමාධීන් සමාහිත ව (යුද්ධශීර්‍ෂයෙහි මහා යෝධයෙක්) සන්නාහය මෙන් ආත්ම සම්භව වූ සියලු ක්ලේශජාතය බිඳ ලූහ’ යි.
‘තුලමතුලං ච සම‍්භව’න‍්ති තුලසඞ‍්ඛතං අතුලසඞ‍්ඛතං’ තත්‍ථ යෙ සඞ‍්ඛතා තුලං, තෙ ද‍්වෙ ධම‍්මා: අස‍්සාදො ච ආදීනවො ච තුලිතා භවන‍්ති එත‍්තකො කාමෙසු අස‍්සාදො එත‍්තකො ආදීනවො ඉමස‍්ස, ඉදං නිස‍්සරණන‍්ති ඉති නිබ‍්බානං පජානාති.
තුලමතුලං ච සම්භවං යනු තුල සංඛ්‍යාත ද අතුල සංඛ්‍යාත ද ධර්‍ම ය, එහි යම් සංඛත ධර්‍මයෝ තුල වෙත් ද, ඔහු ධර්‍මයෝ දෙදෙනෙකි : අස්සාදය ද ආදීනවය ද තුලිත වූවාහු වෙති. කාමයන්හි ආස්වාදය මෙතෙකැ මොහුගේ ආදීනවය මෙතෙකැයි මේ නිස්සරණ යයි මෙසේ නිවන දැනගනී.
ද‍්වීහි කාරණෙහි අතුලං න ච සක‍්කා තුලයිතුං, එත‍්තකං එතං නෙතං පරමත්‍ථිති තෙන අතුලං, අථ නිබ‍්බානං රතනන‍්ති කරිත්‍වා අච‍්ඡරියභාවෙන අතුලං. තත්‍ථ කුසලස‍්ස ච අභිසම‍්භවා ජානනා පස‍්සනා, අයං අමොහො. යං තත්‍ථ ඤාතා ඔසිරණා [?] භවසඞ‍්ඛාරානං. අයං අලොභො, යං ‘අජ‍්ඣත‍්තරතො සමාහිතො’ති වික‍්ඛෙපපටිසංහරණං. අයං අදොසො. ඉති ඉමානි තීණි කුසලමූලානි, තුලමතුලං සබ‍්භව’න‍්ති අයං අමොහො. යො භවසඞ‍්ඛාරාණං සමොසරණං ලොභො, සම‍්මාසමාධීනං අස‍්සාදො, අයං හෙතු. යං අජ‍්ඣත‍්තරතො අවිජ‍්ජණ‍්ඩකොසස‍්ස සම‍්භෙදො, අයං නිස‍්සන්‍දො සා පවත‍්ති. ඉමානි තීණි නිද‍්දිට‍්ඨානි කුසලමූලානි හෙතුතො ච නිස‍්සන්‍දතො ච ඵලතො ච.
දෙ ආකාරයෙකින් අතුල යැ, තෙල මෙතෙකැ යි තුලනය කරන්නට නො ද හැකි යැ. මෙයට අධික වූවක් නැත් නුයි එකරුණෙන් අතුල යැ, නිවන රත්න යැයි කොට ආශ්චර්‍ය්‍ය භාවයෙන් අතුල යි. එහි කුසලයාගේ ඉපැදීමෙන් දැනීමක් නුවණින් දැකීමක් ඇද්ද, මේ අමෝහ යැ. එහි භවසංස්කාරයන්ගේ දැනීමෙන් දුරැලීමෙක් ඇද්ද, මේ අලෝභ යැ. “අජ්ඣත්තරතො සමාහිතො”යී වික්‍ෂේපය දුරුකිරීමෙක් ඇද්ද මේ අදෝස යි. මෙසේ මේ තුන් කුශලමූලයෝ වෙති. ‘තුලමතුලොං සම්භවං’ යන මේ අමෝහ යැ. භවසංස්කාරයන්ගේ සමෝසරණය ඇති යම් ලෝභයෙක් ඇද්ද, සම්‍යක් සමාධීන්ගේ යම් ආස්වාදයෙක් ඇද්ද මේ හේතු යැ, ආධ්‍යාත්මයෙහි ඇලුණේ අවිද්‍යා අණ්ඩකෝෂයාගේ යම් බිඳීමෙක් ඇද්ද මේ නිස්සන්‍ද යැ. ඒ ප්‍රතිපත්ති යැ. මේ තුන් කුශලමූලයෝ හේතුවශයෙන් ද නිස්සන්‍දවශයෙන් ද එලවශයෙන් ද දක්වන ලද්දාහු යි.
එත‍්තාවතා එසා පවත‍්ති ච නිවත‍්ති ච, අකුසලමූලෙහි පවත‍්තති, කුසලමූලෙහි නිවත‍්තතීති ඉමෙහි ච තීහි සබ‍්බං අකුසලං සමොසරණං ගච‍්ඡති සො ධම‍්මෙ වා වචනතො නිද‍්දිට‍්ඨො [?] තණ‍්හාති වා කොධොති වා අසම‍්පජඤ‍්ඤන‍්ති වා අනුසයොති වා මක‍්ඛොති වා පළාසොති වා අසතීති වා ඉස‍්සාති වා මච‍්ඡරියන‍්ති වා අඤ‍්ඤාණන‍්ති වා, තෙභි යෙ ච වත්‍ථූහි නිද‍්දිසිතබ‍්බං. යස‍්සිමානි ද‍්වෙ වචනානි ධම‍්මපදානි නිද‍්දිට‍්ඨානි න සො අත්‍ථි කිලෙසො යො ඉමෙසු නවසු පදෙසු සමොධානං සමොසරණං ගච‍්ඡති, අයං කිලෙසො. න ච ලොභො න ච දොසො න ච මොහො. යථා අකුසලමූලානි, එවං කුසලානි පටික‍්ඛෙපෙන නිද‍්දිසිතබ‍්බානි. ඉදං අමොහාධිට‍්ඨානං.
මෙතෙකින් මේ ප්‍රවෘත්තිය ද නිවෘත්තිය ද වෙයි, අකුශලමූලයන්ගෙන් ප්‍රවෘත්තිය ද කුශලමූලයන්ගෙන් නිවෘත්තිය ද වේ නුයි මේ තුනෙන් සියලු අකුශලය එක්වීමට යෙයි. හෙ ද ධර්‍මයෙහි වචනයෙන් දක්වන ලද (?) තණ්හා යයි හෝ ක්‍රෝධ යැ අසම්පජඤ්ඤයැ මක්ඛ යැ පළාස යැ අසති යැ ඉස්සා යැ මච්ඡරිය යැ අඤ්ඤාණ යැයි හෝ යමක් ඒ වස්තූන් ගෙන් දැක්විය යුතු ද,ධම්මපද වූ යම් (පවත්ති - නිවුත්ති) යන වචන දෙකක් දක්වන ලද්දාහු ද, යම් ක්ලේශයෙක් තණ්හා ආදි මේ නව පදයන්හි සමෝධානයට, සමෝසරණයට නොයේ එබඳු ක්ලේශයෙක් නැත. මේ ක්ලේශ යි. ලෝභය ද දෝසය ද මෝහය ද නො වේ. (? මේ වාක්‍යය, මුළුල්ල ව්‍යාකුල යි.) අකුශලමූලයෝ යම්සේ ද එසේ කුශලයෝ ද ප්‍රතික්‍ෂේප වශයෙන් දැක්විය යුත්තාහු ය. මේ මෝහාධිට්ඨාන යි.
(7) තත්‍ථ කතමං කායකම‍්මාධිට‍්ඨානං:
(7) එහි කායකම්මාධිට්ඨානය කව රැ :
12. කායෙන කුසලං කරෙ - අස‍්ස කායෙන සංවුතො, කායදුච‍්චරිතං හිත්‍වා - කායසුචරිතං චරෙ.
12. කයින් කුසලය කරන්නේ යැ කයින් සංවර වන්නේ යැ කායදුශ්චරිතය හැරපියා කයින් සුචරිතයෙහි හැසිරෙන්නේ යැ.
“තීණි’මානි භික‍්ඛවෙ කායසුචරිතානි: පාණාතිපාතා වෙරමණී, අදින‍්නාදානා වෙරමණී, කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණී” ඉදං කාය කම‍්මාධිට‍්ඨානං.
“මහණෙනි. මේ කාය සුචරිතයෝ තිදෙනෙකි : ප්‍රාණඝාතයෙන් වෙන්වීම යැ අදත්තා දානයෙන් වෙන්වීම යැ කාමයෙහි මිස හසරින් වෙන්වීම” යි. මේ කායකම්මාධිට්ඨාන යි.
(8) තත්‍ථ කතමං වාචාකම‍්මාධිට‍්ඨානං:
(8) එහි වාචාකම්මාධිට්ඨාන කවරැ :
13. සුභාසිතං උත‍්තමමාහු සන‍්තො ධම‍්මං භණෙ නාධම‍්මං තං දුතියං, පියං භණෙ නාප‍්පියං තං තතියං සච‍්චං භණෙ නාලිකං තං චතුත්‍ථං.
13. බුද්ධාදි සත්පුරුෂයෝ සුභාෂිතය උතුමැයි කීහු, ධර්‍මය මැ කියන්නේ යැ (මේ පළමුවන අංග යැ) අධර්‍මය නො කියන්නේ යැ එය දෙවන අංග යැ ප්‍රිය වචනය කියන්නේ යැ අප්‍රිය වූවක් නො කියන්නේ යැ ඒ තෙවන අංග යැ සැබවක් කියන්නේ යැ බොරු බසක් නො කියන්නේ යැ ඒ සතරවැනි අංග යි.
චත‍්තාරිමානි ච වචීසුචරිතානි. ඉදං වාචාකම‍්මාධිට‍්ඨානං.
යළි මේ වාක් සුචරිතයෝ සතර දෙනෙක් වෙති. මේ වාචාකම්මාධිට්ඨාන යි.
(9) තත්‍ථ කතමං මනොකම‍්මාධිට‍්ඨානං:
(9) එහි මනෝකම්මාධිට්ඨාන කවරැ :
14. මනෙන කුසලං කයිරා - මනසා සංවුතො භවෙ, මනොදුච‍්චරිතං හිත්‍වා - මනසා සුචරිතං චරෙ.
14. සිතින් කුසලය කරන්නේ යැ සිතින් සංවෘත වන්නේ යැ. මනෝදුශ්චරිතය හැරපියා සිතින් සුචරිතයෙහි හැසිරෙන්නේ යි.
“තීණි’මානි මනොසුචරිතානි: අනභිජ‍්ඣා අව්‍යාපාදො සම‍්මාදිට‍්ඨි, ඉදං මනොකම‍්මාධිට‍්ඨානං. ඉමානි අසාධාරණානි සුත‍්තානි.
“මේ මනෝසුචරිතයෝ තිදෙනෙක් වෙති : අනභිධ්‍යා යැ අව්‍යාපාද යැ සම්මාදිට්ඨි යි. මේ මනෝකම්මාධිට්ඨාන යි. මොහු අසාධාරණ සූත්‍රයෝ යි.
තත්‍ථ කතමානි සාධාරණානි සුත‍්තානි-
එහි සාධාරණ සූත්‍රයෝ කවරහ :
15. වාචානුරක‍්ඛී මනසා සුසංවුතො කායෙන ච අකුසලං න කයිරා, එතෙ තයො කම‍්මපථෙ විසොධයෙ ආරාධයෙ මග‍්ගං ඉසිප‍්පවෙදිතං.
15. වාග්දුශ්චරිතය දුරැලීමෙන් වාග්ද්වාරය රක්නේ යැ. සිතින් ද සංවෘත වන්නේ යැ කයිනුදු අකුසල් නො කරන්නේ යැ. මේ තුන් කර්‍මපථය පිරිසිදු කරන්නේ යැ, බුද්ධාදි ඍෂින් විසින් ප්‍රවිදිත වූ ආර්‍ය්‍ය මාර්‍ගය සිද්ධ කරන්නේ යි.
“තිස‍්සො ඉමා භික‍්ඛවෙ පාරිසුද‍්ධියො: කායකම‍්මපාරිසුද‍්ධි වාචාකම‍්මපාරිසුද‍්ධි මනොකම‍්මපාරිසුද‍්ධි, තත්‍ථ කතමා කායකම‍්මපාරිසුද‍්ධි: පාණාතිපාතා වෙරමණී අදින‍්නාදානා වෙරමණී කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණී. තත්‍ථ කතමා වාචාකම‍්මපාරිසුද‍්ධි: මුසාවාදා වෙරමණී -පෙ- සම‍්ඵප‍්පලාපා වෙරමණී, තත්‍ථ කතමා මනොකම‍්මපාරිසුද‍්ධි: අනභිජ‍්ඣා අව්‍යාපාදො සම‍්මාදිට‍්ඨි. ඉදං සාධාරණ සුත‍්තං.
“මහණෙනි මේ ‘පාරිශුද්ධීහු තිදෙනෙක් වෙති : කායකර්‍ම පාරිශුද්ධි යැ වාක්කර්‍ම පාරිශුද්ධි යැ මනඃකර්‍මපාරිශුද්ධි යි. එහි කායකර්‍ම පාරිශුද්ධි කවර: ප්‍රාණවධයෙන් වැළැකීම යැ අදත්තාදානයෙන් වෙන් වීම යැ කාමමිථ්‍යාචාරයෙන් වෙන් වීම යි. එහි වාක්කර්‍මපාරිශුද්ධි කවර : මෘෂාවාදයෙන් වෙන්වීම යැ ... සම්ඵප්‍රලාපයෙන් වෙන් වීම යි. එහි මනඃකර්‍මපාරිශුද්ධි කවර : අනභිධ්‍යා යැ අව්‍යාපාද යැ සම්‍යග්දෘෂ්ටි යි. මේ සාධාරණ සූත්‍ර යි.
ඉති සාධාරණානි ච සුත‍්තානි අසාධාරණානි ච සුත‍්තානි පටිවිජ‍්ඣිතබ‍්බානි, පටිවිජ‍්ඣිත්‍වා වාචාය කායෙන ච සුත‍්තස‍්ස අත්‍ථො නිද‍්දිසිතබ‍්බො.
මෙසේ සාධාරණ සූත්‍රයෝ ද අසාධාරණසූත්‍රයෝද දතයුත්තාහු ය, දැන වචනයෙන් ද සූත්‍රාර්‍ත්‍ථය දැක්විය යුත්තේ යි.
(10) තත්‍ථ කතමං සද‍්ධින්‍ද්‍රියාධිට‍්ඨානං:
(10) එහි සද්ධින්‍ද්‍රියාධිට්ඨාන කවරැ :
16. යස‍්ස සද‍්ධා තථාගතෙ - අචලා සුප‍්පතිට‍්ඨිතා, සීලං ච යස‍්ස කල්‍යාණං - අරියකන‍්තං පසංසිතං.
16. යමක්හුගේ ශ්‍රද්ධාව තථාගතයන් කෙරෙහි අචල වැ මැනැවින් පිහිටියා ද යමක්හුගේ ශීලයත් කල්‍යාණ වූයේ ආර්‍ය්‍යයනට කාන්ත වූයේ පසස්නා ලද ද -
17. සඞ‍්ඝෙ පසාදො යස‍්සත්‍ථි - උජුභූතං ච දස‍්සනං, අදලිද‍්දොති තං ආහු - අමොඝං තස‍්ස ජීවිතං.
17. යමක්හට සංඝයා කෙරෙහි ප්‍රසාදය ඇද්ද (කායවංකාදි අභාවයෙන්) ඍජුවූ දර්‍ශනය වේ ද ඔහු නොදිළින්දෙකැයි කියති. ඔහුගේ ජීවිතය නො සිස් වෙයි.
18. සද‍්ධා වෙ නන්‍දිකා ආරා - ධිකො නො තස‍්ස සද‍්ධොති, සබ‍්බං සියාති භගවන‍්තං - තථාරූපො ධම‍්මසම‍්පසාදො.
18. එහෙයින් බුදුරදුන්ගේ අනුශාසනය සිහිකරන නුවණැති පුද්ගල ශ්‍රද්ධාව යැ ශීල යැ ප්‍රසාද යැ. සිවුසස්දහම් දැකීම යැ යන මෙහි යෙදෙන්නේ යි.
ඉදං සද‍්ධින්‍ද්‍රියාධිට‍්ඨානං.
මේ සද්ධින්‍ද්‍රියාධිට්ඨාන යි.
(11) තත්‍ථ කතමං විරියින්‍ද්‍රියාධිට‍්ඨානං:
(11) එහි විරියින්‍ද්‍රියාධිට්ඨානය කවරැ :
19. ආරභථ නික‍්ඛමථ - යුඤ‍්ජථ බුද‍්ධසාසනෙ ධුනාථ මච‍්චුනො සෙනං - නළාගාරංව කුඤ‍්ජරො.
19. ආරම්භධාතු සංඛ්‍යාත වීර්‍ය්‍යය කරවු, කෞෂිද්‍යයෙන් නික්මැයන නිෂ්ක්‍රමධාතු සංඛ්‍යාත වීර්‍ය්‍යය කරවු, ශමථ - විදර්‍ශනා සංඛ්‍යාත බුද්ධශාසනයෙහි යුක්ත ප්‍රයුක්ත වවු, බලසම්පන්න ඇත්රජෙක් බටදඬින් කළ ගෙයක් ඇසිල්ලෙකින් මෙන් කෙලෙස් මරුහුගේ කාමාදි සේනාව විද්ධවංසන කරවු.
“චත‍්තාරො’මෙ භික‍්ඛවෙ සම‍්මප‍්පධානා” ඉදං විරියින්‍ද්‍රියාධිට‍්ඨානං.
“මහණෙනි, මේ සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙකි.” මේ විරියින්‍ද්‍රියායිට්ඨාන යි.
(12) තත්‍ථ කතමං සතින්‍ද්‍රියාධිට‍්ඨානං:
(12) එහි සතින්‍ද්‍රියාධිට්ඨාන කවරැ :
20. සතිමතො සදා ‘භද‍්දං - සතිමා සුඛමෙධති, සතිමතො සු වෙ සෙය්‍යො - වෙරා න පරිමුච‍්චති.
20. සිහි ඇතියහුට හැම කල්හි භද්‍රය (යහපත) වෙයි, සිහි ඇතියේ සුවය ලබයි, සිහි ඇතියේ හැමකල්හි උතුම් වෙයි, (එතෙකින්), වෛරයෙන් නො මිදෙයි.
“චත‍්තාරො සතිපට‍්ඨානා” විත්‍ථාරෙන කාතබ‍්බා. ඉදං සතින්‍ද්‍රියාධිට‍්ඨානං.
‘සතර සතිපට්ඨානයෝ’ විස්තර කළයුත්තාහු යැ. මේ සතින්‍ද්‍රියාධිට්ඨාන යි.
(13) තත්‍ථ කතමං සමාධින්‍ද්‍රියාධිට‍්ඨානං:
(13) එහි සමාධින්‍ද්‍රියාධිට්ඨාන කවරැ :
21. ආකඞ‍්ඛතො තෙ නරදම‍්මසාරථි දෙවා මනුස‍්සා මනසා විචින‍්තිතං, සබ‍්බෙ න ජඤ‍්ඤා කසිණාපි පාණිනො සන‍්තං සමාධිං අරණං නිසෙවතො. ‘කිං තං භගවා ආකඞ‍්ඛතී’ති.
21. නරදම්සැරිය, (සත්ත්‍වයන්ගේ හිතාර්‍ත්‍ථය) කැමැතිවන නුඹ වහන්සේ විසින් (කරුණායෙන් සිහිල්වූ) සිතින් සිතන ලද අර්‍ත්‍ථය දෙවියෝ ද මනුෂ්‍යයෝ ද සියලු අනවශේෂ ප්‍රාණීහු ද නො දන්නාහු යැ, ශාන්ත වූ අරණසමාධිය සෙවුනා බුදුරදුන්ගේ චින්තිතය - බුදුහු කුමක් කැමැති වෙත් දැ’යි අන්‍යයනයට අවිසය වේ.
“තයො’මෙ භික‍්ඛවෙ සමාධි: සවිතක‍්කො සවිචාරො, අවිතක‍්කො විචාරමත‍්තො, අවිතක‍්කො අවිචාරො” ඉදං සමාධින්‍ද්‍රියාධිට‍්ඨානං.
“මහණෙනි, මේ සමාධීහු තිදෙනෙක් වෙති : සවිතර්‍ක සවිචාර සමාධි යැ. අවිතර්‍ක විචාරමාත්‍ර සමාධි යැ. අවිතර්‍ක අවිචාර සමාධි යි”. මේ සමාධින්‍ද්‍රියාධිට්ඨාන යි.
(14) තත්‍ථ කතමං පඤ‍්ඤින්‍ද්‍රියාධිට‍්ඨානං:
(14) එහි පඤඤන්‍ද්‍රියාධිට්ඨාන කවරැ :
“පඤ‍්ඤා හි සෙට‍්ඨා ලොකස‍්මි”න‍්ති විත්‍ථාරෙන.
“ලොවැ ප්‍රඥාව ශ්‍රේෂ්ඨවන්නී යැ” යන (ඉතිවුත්තක පාළි) මේ සූත්‍රය විස්තර කළයුතු.
“තිස‍්සො ඉමා භික‍්ඛවෙ පඤ‍්ඤා: සුතමයී චින‍්තාමයී භාවනාමයී” ඉදං පඤ‍්ඤින්‍ද්‍රියාධිට‍්ඨානං සුත‍්තං. ඉමානි ඉන්‍ද්‍රියාධිට‍්ඨානානි අසාධාරණානි සුත‍්තානි.
“මහණෙනි මේ ප්‍රඥා තුනක් වෙති : සුතමයි චින්තාමයි භාවනාමයී යැ” : මේ පඤ්ඤින්‍ද්‍රියාධිට්ඨාන සූත්‍ර යි. මේ ඉන්‍ද්‍රියාධිට්ඨානයෝ අසාධාරණ සූත්‍රයෝ යි.
තත්‍ථ කතමානි සාධාරණානි ඉන්‍ද්‍රියාධිට‍්ඨානානි සුත‍්තානි:
එහි සාධාරණ ඉන්‍ද්‍රියාධිට්ඨාන සූත්‍රයෝ කවරහ :
22. අවීතරාගො කාමෙසු - යස‍්ස පඤ‍්චින්‍ද්‍රියා මුදූ, සද‍්ධා සති ච විරියං - සමථො ච විපස‍්සනා, තාදිසං භික‍්ඛුමාසජ‍්ජ - පුබ‍්බෙව උපහඤ‍්ඤති.
22. යමෙක් කාමයන්හි අවීතරාග වූයේ ද යමක්හුගේ සද්ධා සති විරිය සමථ විපස්සනා යන පඤ්චේන්‍ද්‍රියයෝ මෘදු වෙත් ද එබඳු මහණහු කරා පැමිණ (හේ) පළමු මැ ඝටනු ලැබේ.
“පඤ‍්චිමානි ඉන්‍ද්‍රියානි” සද‍්ධින්‍ද්‍රියාදි ඉන්‍ද්‍රියං දට‍්ඨබ‍්බං. තීසු අවෙච‍්චප‍්පසාදෙ විත්‍ථාරෙන සුත‍්තං කාතබ‍්බං, ඉමානි සාධාරණානි ඉන්‍ද්‍රියාධිට‍්ඨානානි සුත‍්තානි.
“මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති”, සද්ධින්‍ද්‍රියාදි ඉන්‍ද්‍රිය දතයුතු, බුද්ධාදි වස්තුයෙහි අවෙත්‍යප්‍රසාදයෙහි සූත්‍රය විස්තර කළයුතු. මේ සාධාරණ වූ ඉන්‍ද්‍රියාධිට්ඨාන සූත්‍රයෝ යි.
යං යස‍්ස සම‍්බන්‍ධං කුසලස‍්ස වා අකුසලස‍්ස වා තෙන තෙන අධිට‍්ඨානෙන තං සුත‍්තං නිද‍්දිසිතබ‍්බං. නත්‍ථඤ‍්ඤො ධම‍්මො නිද‍්දිසිතබ‍්බො.
යමක් යම් කුසලයකට හෝ අකුසලයකට හෝ සම්බන්‍ධ වේ ද ඒ ඒ අධිට්ඨානයෙන් ඒ සූත්‍රය දැක්වියැ යුතු, අන් දහමෙක් නො දැක්වියැ යුතු.
තත්‍ථ සාධාරණං කුසලං, නාපි කුසලං අකුසලං, යථා සාධාරණානි ච කුසලමූලානි සාධාරණානි ච අකුසලමූලානි: උප‍්පන‍්නං කාමවිතක‍්කං පජහති -පෙ- චත‍්තාරො සම‍්මප‍්පධානා. කුසලං අකුසලං ච.
එහි කුසලය සාධාරණ යැ, කුසලය හා අකුසලය නො ද සාධාරණ යැ, සාධාරණ කුසල මූලයෝ ද සාධාරණ අකුසල මූලයෝ ද යම්සේ ද එමෙනි. (?) උපන් කාමවිතර්‍කය දුරු කෙරෙයි ... සතර සම්‍යක් ප්‍රධානයෝ යි, මේ කුසල ද අකුසල ද වේ (! ?)
තත්‍ථිමා උද‍්දානගාථා:
එහි මේ උද්දානගාථා යැ :
1. විතක‍්කෙන පමථිතො - දදං පියො නරො ඉති, යො පාණමතිපාතෙනී - තීණි බාලස‍්ස ලක‍්ඛණා.
(1) විතර්‍කයෙන් මඩනාලද්දේය, ‘දදං පියො හොති’ යැ, යො පාණමතිපාතේති යැ. බාලයාගේ බාලලක්‍ෂණයෝ යැ.
2. සතං චෙව සහස‍්සානං - යෙ ච සමණබ්‍රාහ‍්මණා, ඡන්‍දා දොසා භයා මොහා - චතුහි අගතීහි ච.
(මෙසේ උද්ධෘත පාඨයන්ගේ ආදි පද පාළි වශයෙන් ම දත හැකි ය. එහෙයින් සිංහල අනුවාදයෙක් අවශ්‍ය නොවේ.)
3. අසුභානුපස‍්සිං විහරන‍්තං - නිමිත‍්තං අසුභං තථා, එකම‍්පි චෙ පියං පාණං - මෙත‍්තා චෙව සුභාවිතා.
4. පඤ‍්ඤා හි සෙට‍්ඨා ලොකස‍්මිං - අනඤ‍්ඤා තීණි ඉන්‍ද්‍රියානි, කුසලාකුසලමූලානි - තුලමතුලං ච සම‍්භවං.
5. කායෙක කුසලං කරෙ - තීණි සුචරිතානි ච, සුභාසිතං උත‍්තමමාහු - වචීසුචරිතානි ච.
6. මනෙන කුසලං කයිරා - මනොසුචරිතානි ච, වාචානුරක‍්ඛී මනසා - තිස‍්සො ච පාරිසුද‍්ධියො.
7. යස‍්ස සද‍්ධා තථාගතෙ - සමුප‍්පාදෙ ච දෙසිතෙ, ආරභථ නික‍්ඛමථ - යා ච සම‍්මප‍්පධානතා.
8. සතිමතො සදා භද‍්දං - සතිපට‍්ඨාන භාවනා, ආකඞ‍්ඛතො ච අනඤ‍්ඤාණං - තයො චෙව සමාධයො
9. පඤ‍්ඤා හි සෙට‍්ඨා ලොකස‍්මිං - තිස‍්සො පඤ‍්ඤා පකාසිතා. වීතරාගො කාමෙසු - සද‍්ධාදි පඤ‍්ච ඉන්‍ද්‍රියානි.
පෙටකොපදෙසෙ සුත‍්තාධිට‍්ඨානං නම
පෙටකෝපදේසයෙහි සුත්තාධිට්ඨාන නම් වූ
තතිය භූමි සමත‍්තා.
තෘතීය භූමි සමාප්ත යි.