4. චතුත්‍ථභූමි - සුත‍්තවිචයො
4. චතුත්‍ථභූමි $$- සුත‍්තවිචයො$$
4. චතුත්‍ථභූමි$$ - සුත්තවිචය$$
තත්‍ථ කතමො සුත‍්තවිචයො:
එහි ‘සුත්තවිචය’ කවරෙ යත්:
තත්‍ථ කුසලෙහි ධම‍්මෙහි අකුසලෙහි ධම‍්මෙහි පුබ‍්බාපරසො සාධුකං උපරික‍්ඛීයති කිං නු ඛො ඉදං සුත‍්තං ආරභි -පෙ- තෙහි සුත‍්තෙහි සහ අධිසන‍්නට‍්ඨෙහි යුජ‍්ජති, උදාහු න යුජ‍්ජතීති.
එහි කුශලධර්‍මයන්ගෙන් ද අකුශලධර්‍මයන්ගෙන් ද පූර්‍වාපර වශයෙන් මැනැවින් පරීක්‍ෂා කරනු ලැබෙයි, කුමක් හෙයින් මේ සූත්‍රය ඇරැඹුහු ද ... ඉතා ආසන්න අර්‍ත්‍ථ ඇති ඒ සූත්‍රයන් සමග යෙදේ ද, නොහොත් නො යෙදේ දැ’යි.
යථා භගවා කිලෙසෙ ආදිම‍්හි තත්‍ථ දෙසෙති, කිං දෙසිතං තෙසං කිලෙසානං පහානං උදාහු නො දෙසිතන‍්ති උපපරික‍්ඛිතබ‍්බං: යදි න දෙසිතං භගවතා තෙසං කිලෙසානං පහානං, කුසලා ධම‍්මා පරියෙසිතබ‍්බා. යත්‍ථ තෙ අකුසලා පහානං ගච‍්ඡන‍්ති. සචෙ සමන‍්නෙසමානො න ලභති. තත්‍ථ අකුසලා ධම‍්මා අපකඩ‍්ඪිතබ‍්බා විමංසිතබ‍්බා සංකිලෙසභාගියසුත‍්තං.
ඒ මෙසේ යැ: බුදුහු එහි ආදියෙහි කෙලෙසුන් දෙසන සේක, කිමැ ඒ කෙලෙසුන්ගේ ප්‍රහාණය දේසිත ද, නොහොත් නො දේසිත දැයි විමැසියැයුතු යැ, ඉදින් භාග්‍යවතුන් විසින් ඒ කෙලෙසුන්ගේ ප්‍රහාණය නොදෙසනලද නම්, කුශලධර්‍මයෝ සෙවිය යුත්තාහු යැ. යම් තැනෙක ඒ අකුශලයෝ ප්‍රහාණයට යෙත් ද, ඉදින් විමසනුයේ නො ලැබේ නම් එහි අකුශලධර්‍මයෝ අපකර්‍ෂණය කළ යුත්තාහු යැ විමැසියැයුත්තාහු යැ, සංකිලේස භාගිය සුත්‍රයෙකි.
යදි කිලෙසා අපකඩ‍්ඪියන‍්තා. යෙ වා න දෙන‍්ති. තත්‍ථ උපපරික‍්ඛිතබ‍්බා අරියමග‍්ගධම‍්මා, තාසු භූමිසු කිලෙසා පහානං ගච‍්ඡන‍්ති, උදාහු න ගච‍්ඡන‍්තීති. යත‍්තකා පන කිලෙසා දෙසිතා, න තත‍්තකා අරියධම‍්මා දෙසිතා. යත්‍ථ කිලෙසා පහානං ගච‍්ඡන‍්ති, තත්‍ථ යෙ කිලෙසා අරියධම‍්මානං පටිපක‍්ඛෙන න යුජ‍්ජන‍්ති, තෙ අපකඩ‍්ඪිතබ‍්බා, සචෙ අපකඩ‍්ඪියන‍්තා යොජනං දෙති, තත්‍ථ එවං වීමංසිතබ‍්බං: ද‍්වෙ තීණි වා තදුත‍්තරිං වා කිලෙසා එකෙන අරියමග‍්ගෙන පහානං ගච‍්ඡන‍්තීති. සචෙ එවං වීමංසියන‍්තා යොජනං දෙති, තත්‍ථ උපපරික‍්ඛිතබ‍්බං: පරම‍්පරාය වා පිටකසම‍්පදානෙන වා සුත‍්තස‍්ස අත්‍ථො ච නත්‍ථො ච යං වා න සක‍්කා සුත‍්තං නිද‍්දිසිතුං, නෙව සුත‍්තං විචිකිච‍්ඡිතබ‍්බං, එවං යථා ආදිම‍්හි කුසලා ධම‍්මා හොන‍්ති, යෙ කිලෙසා තෙ පහීනෙය්‍යාති, තෙ උපපරික‍්ඛිතබ‍්බා: පුරො වා කුසලො පටිපක‍්ඛෙන වා පුරො දෙසනා, අනූනා අනධිකා උග‍්ගහෙතබ‍්බා. යථා පඨමො උත‍්තිලො [?] යෙසමිදානි කිලෙසානං යෙ අරියධම‍්මා දෙසිතා ඉමෙ කිලෙසා ඉමෙහි අරියධම‍්මෙහි පහීයන‍්ති, උදාහු න පහීයන‍්තීති විචීනිතබ‍්බා. යදි උපපරික‍්ඛීයමානා යුජ‍්ජන‍්ති ගහෙතබ‍්බා. අථ න යුජ‍්ජන‍්ති, යෙ කිලෙසා අපටිපක‍්ඛා හොන‍්ති, තෙ කිලෙසා අපරිපක‍්ඛිතබ‍්බා. යෙ ච අරියධම‍්මා පටිපක‍්ඛා හොන‍්ති, තෙ අරියධම‍්මා අපකඩ‍්ඪිතබ‍්බා. න හි අරියධම‍්මා අනාගාමී කිලෙසප‍්පහානං ගච‍්ඡන‍්ති, නාපි අරියධම‍්මා සබ‍්බකිලෙසානං පහානාය සංවත‍්තන‍්ති.
ඉදින් ක්ලේශයෝ අපකර්‍ෂණය කරනු ලබන්නාහු (යෙ වා න දෙන්ති?) එහි ආර්‍ය්‍ය මාර්‍ග ධර්‍මයෝ පරීක්‍ෂා කළයුත්තාහු ය: ඒ භූමීන්හි ක්ලේශයෝ ප්‍රහාණයට යෙත් ද, නොහොත් නො යෙත් දැ’යි. යළි යම් පමණ ක්ලේශයෝ දෙසන ලද්දාහු ය, එපමණ ආර්‍ය්‍ය ධර්‍මයෝ නො දෙසන ලද්දාහු ද, යම් තැනෙක ක්ලේශයෝ ප්‍රහාණයට යෙත් ද, එහි යම් කෙලෙස් කෙනෙක් ආර්‍ය්‍ය ධර්‍මයන්ට ප්‍රතිපක්‍ෂයෙන් නො යෙදෙත් ද, ඒ කෙසේහු බැහැර කළ යුත්තාහු යැ, ඉදින් බැහැර කරනු ලබන්නාහු යෙදීමට යෙත් ද එහි මෙසේ විමැසියයුතු: දෙකක් තුනක් හෝ එයින් වැඩියක් හෝ ක්ලේශයෝ එක් ආර්‍ය්‍යමාර්‍ගයෙකින් ප්‍රහාණයට යෙත් දැ’යි, ඉදින් මෙසේ විමසනු ලබන්නාහු යෙදීමට යේ ද එහි මෙසේ විමැසිය යුතු: පරම්පරායෙන් හෝ පිටකය හා සැසැඳෙනුයෙන් හෝ සූත්‍රයාගේ අර්‍ත්‍ථය ද, අර්‍ත්‍ථ නො වූයේ ද විමැසියැයුතු. යම්හෙයකින් සූත්‍රය දක්වන්නට නො හැකි හෝ වේ ද, සූත්‍රය නොමැ සැක කළයුතු. මෙසේ ආදියෙහි යම් පරිදි කුශලධර්‍මයෝ වෙත් ද යම් කෙලෙස් කෙනෙක් වෙත් නම් ඔහු ප්‍රහීණ වන්නාහ යි ඔහු පරීක්‍ෂා කළ යුත්තාහ. (පළමු කොට කුශලය හෝ ප්‍රතිපක්‍ෂ විසින් හෝ පළමුකොට දේශනාව අනූන අනධික කොට උගතයුත්තී යැ. (යථාපඨමො උත්තිලෝ?) දැන් යම් කෙලෙස් කෙනකුන්ට යම් ආර්‍ය්‍ය ධර්‍ම කෙනෙක් දෙසනලද්දාහු ද, මේ කෙලෙස්හු මේ ආර්‍ය්‍යධර්‍මයන්ගෙන් ප්‍රහීණ වෙත් ද නොහොත් ප්‍රහීණ නො වෙත් දැ යි විමැසියැයුත්තාහු යැ, ඉදින් පරීක්‍ෂා කරනු ලබන්නාහු යෙදෙත් නම් ගතයුත්තාහු යැ, යළි නො යෙදෙන්නාහු නම් යම් කෙලෙස් කෙනෙක් ප්‍රතිපක්‍ෂ නො වෙත් ද ඒ කෙලෙස්හු බැහැර නො කළ යුත්තාහු යැ යම් ආර්‍ය්‍යධර්‍ම කෙනෙක් (කෙලෙසුන්ට) ප්‍රතිපක්‍ෂ වෙත් ද, ඒ ආර්‍ය්‍යධර්‍මයෝ බැහැර කළ යුත්තාහු යැ, ආර්‍ය්‍යධර්‍මයෝ නො පැමිණි කෙලෙසුන්ගේ ප්‍රහාණයට නො මැ යෙති. ආර්‍ය්‍යධර්‍මයෝ සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිස නො ද පවතිත්.
යථා කුසලා මෙත‍්තා, අකුසලො රාගො, න තු කුසලා මෙත‍්තාති කත්‍වා අකුසලස‍්ස රාගස‍්ස පහානාය සම‍්භවති. බ්‍යාපාදො මෙත‍්තාය පහානං ගච‍්ඡති. තස‍්මා උභො කිලෙසා උපපරික‍්ඛිතබ‍්බා.
ඒ මෙසේ යැ: මෛත්‍රිය කුසල් වූ යැ, රාගය අකුසලයෙකි. මෛත්‍රිය කුසල් යැයි කොට අකුසල් වූ රාගයාගේ ප්‍රහාණය පිණිස නො මැ පවතී, ව්‍යාපාදය මෛත්‍රියෙන් ප්‍රහාණයට යෙයි. එහෙයින් උභයක්ලේශයෝ විමැසියැයුත්තාහු යැ.
යො යො ච ධම‍්මො උපදිසීයති කුසලො වා අකුසලො වා, සො අපකඩ‍්ඪිතබෙබා. සචෙ තෙ යුජ‍්ජන‍්ති අපකඩ‍්ඪියමානො නත්‍ථි උපපරික‍්ඛිතබ‍්බං. ද‍්වො වා කිලෙසා එකෙන අරියධම‍්මෙන පහීනෙය්‍යාති ද‍්වීහි වා අරියධම‍්මෙහි එකො වා කිලෙසො පහීයතීති.
කුසල් වූ හෝ අකුසල් වූ හෝ යම් යම් ධර්‍මයෙක් දක්වනු ලැබේ ද ඒ ධර්‍මය අපකර්‍ෂණය කළයුත්තේ යැ, ඉදින් ඔහු යෙදෙත් නම් අපකර්‍ෂණ කරනු ලබන්නේ පරීක්‍ෂා කළයුත්තෙක් නැති. එක් ආර්‍ය්‍ය ධර්‍මයෙකින් ක්ලේශයෝ දෙදෙනෙක් හෝ ප්‍රහීණ වෙති, ආර්‍ය්‍යධර්‍ම දෙකෙකින් එක් ක්ලේශයෙක් හෝ ප්‍රහීණෙ වේ යයි.
අථ වා එවම‍්පි උපරික‍්ඛියමානං යුජ‍්ජති, තත්‍ථ වීමංසිතබ‍්බං වා යථා යුජ‍්ජති තත්‍ථ වීමංසිතබ‍්බං වා, යථා නනු සක‍්කා සුත‍්තං නිද‍්දිසිතුං, න හි සුත‍්තෙ විචිකිච‍්ඡිතබ‍්බං. කිලෙසො මං අරියධම‍්මෙසු දෙසිතෙසු උභයතො උපපරික‍්ඛිතබ‍්බං: යෙ වා කිර. ඉමෙ කිලෙසා දෙසිතා යෙ ච අරියධම‍්මා දෙසිතා ගාථාය වා බ්‍යාකරණෙන වා, කිං නු ඛො ඉමෙ කිලෙසා ඉමෙහි අරියධම‍්මෙහි පහීයන‍්ති, උදාහු න පහීයන‍්ති, ඉමෙ වා පන අරියධම‍්මා ඉමෙසං කිලෙසානං පහානාය සංවත‍්තන‍්තීති.
නොහොත් මෙසේත් විමසනුලබන්නේ යෙදේ නම්, එහි යෙදෙන පරිදි විමැසියැයුතු හෝ එහි යම්පරිදි සූත්‍රය නිර්දේශ කරන්නට නො හැකි වේ නම් විමැසියැයුතු හෝ වෙයි. සූත්‍රයෙහි විචිකිත්සා නො මැ කළයුතු යැ. (කිලේසො ච?) ආර්‍ය්‍යධර්‍මයන් දේසිත කල්හි දෙපරිද්දෙකින් විමැසියැයුතු: ගාථායෙන් හෝ වෙය්‍යාකරණයෙන් හෝ යම් මේ ක්ලේශයෝ දෙසනලද්දාහු ද යම් යම් ආර්‍ය්‍යධර්‍මයෝ දෙසනලද්දාහු දැ’යි කිමැ හෝ මේ කෙලෙස්හු මේ ආර්‍ය්‍යධර්‍මයන්ගෙන් ප්‍රහීණ වෙත් ද, නොහොත් ප්‍රහීණ නො වෙත් ද, යළි මේ ආර්‍ය්‍යධර්‍මයෝ මේ කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිස පවතිත් දැ’යි.
තිඤ‍්චාපි කුසලෙහි ධම‍්මෙහි අකුසලා ධම‍්මා පහානං ගච‍්ඡන‍්ති න තු සබ‍්බෙහි සබ‍්බා’කුසලා පහානං ගච‍්ඡන‍්ති, යථා මෙත‍්තා කුසලා අකුසලො ච රාගො, න තු කුසලා මෙත‍්තා අකුසලො රාගොකි කත්‍වා මෙත‍්තාය රාගො පහානං. බ්‍යාපාදො මෙත‍්තාය පහානං ගච‍්ඡති. එවං කිලෙසොති කත්‍වා සුත‍්තෙන පහානං ගච‍්ඡති, න සුත‍්තො ධම‍්මොති කත්‍වා, සබ‍්බස‍්ස කිලෙසස‍්ස පහානාය සංවත‍්තති, යං තු සුත‍්තස‍්ස අරියධම‍්මො සංකිලෙසපටිපක‍්ඛො සො තෙන පහානං ගච‍්ඡතීති.
තවද කුශලධර්‍මයන්ගෙන් අකුශලධර්‍මයෝ ප්‍රහාණයට යෙති, එතෙකුදුවත් සියලු කුශලයන්ගෙන් සියලු අකුශලයෝ ප්‍රහාණයට නො යෙති. මෙසේ යැ: මෛත්‍රිය කුසල් යැ, රාගය අකුසල් වෙයි, එහෙත් මෛත්‍රිය කුසල් යැ රාගය අකුසලැයි කොට මෛත්‍රියෙන් රාගය ප්‍රහාණයට නො යෙයි, ව්‍යාපාදය මෛත්‍රියෙන් ප්‍රහාණයට යෙයි. මෙසේ ක්ලේශ යෙකැයි කොට සූත්‍රයෙන් (දැක්වූ පරිදි) ප්‍රහාණයට යෙයි. සූත්‍රය ධර්‍මයෙකැ යි කොට සියලු ක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස නො පවතී. සූත්‍රයාගේ මේ ආර්‍ය්‍යධර්‍මයෙක් සංක්ලේශයට ප්‍රතිපක්‍ෂ ද, ඒ ක්ලේශය ඒ ධර්‍මයෙන් ප්‍රහාණයට යේ යයි.
තත්‍ථ කුසලෙ දෙසිතෙ සුත‍්තෙ බ්‍යාකරණෙ වා සංකිලෙසා න යුජ‍්ජන‍්ති අරියධම‍්මා වා, තෙ මහාපදෙසෙ නිද‍්දිසිතබ‍්බාවයවෙන අපකඩ‍්ඪිතබ‍්බා තත්‍ථ කිලෙසෙහි ච දෙසිතෙහි අරියධම‍්මෙසු ච යදිපි තෙන අරියධම‍්මෙන තෙ කිලෙසා පහානං ගච‍්ඡන‍්ති, තත්‍ථපි උත‍්තරිං උපපරික‍්ඛිතබ‍්බං: කෙන කාරණෙන එතෙ කිලෙසා පජහිතබ‍්බා, කෙන කාරණෙන අරියධම‍්මා දෙසිතාති. යෙන යෙන වා ආකාරෙන අරියධම‍්මා දෙසිතා තෙන තෙන පකාරෙන අයං කිලෙසො ඨිතො. අත්‍ථි හි එකො කිලෙසො තෙන වා අරියධම‍්මො න අඤ‍්ඤථා, අඤ‍්ඤථා පහාතබ‍්බො, යථා දිට‍්ඨිරාගො අවිජ‍්ජා ච දස‍්සනෙන පහාතබ‍්බා. සා චෙ එවං ච අවිජ‍්ජා භාවනාය භූමි වා ධම‍්මා භාවනාය පහාතබ‍්බා. සායෙව උද‍්ධම‍්භාගියං අසඞ‍්ඛතදස‍්සනාය විමුත‍්තියා අනිමිත‍්තෙන චෙතොසමාධිනා අමනසිකාරෙන පහීයති. එවං සාත්‍ථං සබ්‍යඤ‍්ජනං උපපරික‍්ඛිතබ‍්බං, යෙ දස‍්සනෙන පහාතබ‍්බා කිලෙසා දස‍්සනාකාරෙන අරියධම‍්මො දෙසිතො. භාවනාය පහාතබ‍්බා භාවනාකාරෙන අරියධම‍්මො දෙසිතො. පතිසෙවනා පහාතබ‍්බා පතිසෙවනාකාරෙන අරියධම‍්මො දෙසිතො, එවං විනොදනා පහාතබ‍්බා යාව සත‍්ත ආසවා කාතබ‍්බා, යාවඤ‍්ඤථා. අඤ‍්ඤථා හෙස ධම‍්මො පහාතබ‍්බො
එහි සූත්‍රයෙහි හෝ වෙය්‍යාකරණයෙහි හෝ කුසලයක් දෙසූ කල්හි සංක්ලේශයෝ හෝ ආර්‍ය්‍යධර්‍මයෝ හෝ නො යෙදෙත් ද, ඒ ධර්‍මයෝ මහාපදේසයෙහි දැක්වියැයුතු අවයවයෙකින් බැහැර කළ යුත්තාහු යැ. එහි ක්ලේශයන්ගෙන් ද ආර්‍ය්‍යධර්‍මයෙන් ද දෙසන ලද ඉදින් ඒ ආර්‍ය්‍යධර්‍මයෙන් ඒ ක්ලේශයෝ ප්‍රහාණයට යෙත් ද, එහි දු මත්තෙහි විමැසියැයුතු: කවර කරුණෙකින් තෙල ක්ලේශයෝ දුරුකළයුත්තාහු ද, කවර කරුණෙකින් ආර්‍ය්‍යධර්‍මයෝ දෙසනලදහු දැයි, යම් යම් අයුරෙකින් හෝ ආර්‍ය්‍යධර්‍මයෝ දෙසන ලද්දාහු ද, ඒ ඒ ප්‍රකාරයෙන් මේ ක්ලේශය සිටියේ යැ, ඒ එසේ මැයැ, එක් ක්ලේශයෙක් ඇත, එයින් ආර්‍ය්‍යධර්‍මය අන්පරිදි නො වෙයි. අන් පරිද්දෙකින් ප්‍රහීණ කටයුතු වේ. ඒ මෙසේ යැ: දිට්ඨිරාගය ද අවිද්‍යාව ද දර්‍ශනයෙන් ප්‍රහීණ කටයුත්තාහු යැ, ඉදින් එසේ වුව ද අවිද්‍යාව භාවනාවට භූමි වූවා භාවනායෙන් ප්‍රහීණ කටයුත්තී යැ, ඒ අවිද්‍යාව මැ උද්ධංභාගිය වෙයි. නිවන දක්නා විමුක්තියෙන් අනිමිත්තවෙතොසමාධියෙන් අමනසි කාරයෙන් ප්‍රහීණ වෙයි. මෙසේ සාර්‍ත්‍ථ වැ සව්‍යඤ්ජන වැ පරීක්‍ෂා කළ යුතු යැ, දර්‍ශන යෙන් ප්‍රහීණ කළයුතු යම් ක්ලේශ කෙනෙක් වෙත් ද දර්‍ශනාකාරයෙන් ආර්‍ය්‍යධර්‍මය දේශිත යැ, භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ භාවනාකාරයෙන් ආර්‍ය්‍යධර්‍මය දේශිත යැ, පටිසේවනයෙන් (ප්‍රත්‍යවේක්‍ෂාවෙන්) ප්‍රහාතව්‍ය ක්ලේශයෝ වෙත් ද එහි ප්‍රත්‍යවේක්‍ෂා කාරයෙන් ආර්‍ය්‍යධර්‍මය දේශිත යැ, මෙසේ විනෝදනයෙන් ප්‍රහාතව්‍යයෝ යැ යි සප්ත
අඤ‍්ඤෙනාකෙරෙන අරියධම‍්මො දෙසිතො, සො අරියධම‍්මො අඤ‍්ඤථා පරියෙසිතබ‍්බො. යදි අයං ධම‍්මො පරියෙසතො යො ච දෙසෙති යෙන යෙනාකාරෙන, සො අරියධම‍්මො පරියෙසිතබ‍්බො, තෙනාකාරෙන කිලෙසො පහීයති සො තත්‍ථ උපපරික‍්ඛිතබ‍්බො. අථ න යුජ‍්ජති යදි හි තෙන සුත‍්තෙන විහිතං, සුත‍්තං වීමංසිතබ‍්බං, යථා යුජ‍්ජති, තථා ගහෙතබ‍්බං, යථා න යුජ‍්ජති, තථා න ගහෙතබ‍්බං, අද‍්ධා එතං භගවතා න භාසිතං, ආයස‍්මතා වා දුග‍්ගහිතං, යථා මහාපදෙසෙ නිද‍්දියිතබ‍්බං, භගවතා යථාභූතං දෙසිතං, යො ච ධම‍්මො දෙසිතො කුසලො ච අකුසලො ච තස‍්ස ධම‍්මස‍්ස පච‍්චයො පරියෙසිතබ‍්බො, න හි පච‍්චයා විනා ධම‍්මො අප‍්පච‍්චයො උප‍්පජ‍්ජති. තත්‍ථ කො ආකාරො පරියෙසනාය:
ආසවයන් දක්වා විස්තර කළයුතු, මේ ක්ලේශධර්‍මය අන්පරිද්දෙකින් ප්‍රහීණ කළයුතු යැ, අන් අයුරෙකින් ආර්‍ය්‍යධර්‍මය දෙසනලද, යම් ආර්‍ය්‍යධර්‍මයෙක් අන්අයුරෙකින් සෙවිය යුතු ද එය යි. ඉදින් මේ ධර්‍මය පර්‍ය්‍යෙෂණ කරන්නහුට යමෙකුත් යම් යම් අයුරෙකින් දෙසා ද, ආර්‍ය්‍යධර්‍මය පර්‍ය්‍යෙෂණ කළයුතු. ඒ අයුරින් කෙලෙස් ප්‍රහීණ වෙයි. ධර්‍මය එහි විමසියැයුතු යැ, ඉක්බිති ඉදින් ඒ සූත්‍රයෙන් දක්වන ලද්ද නො යෙදේ නම්, ඒ සූත්‍රය විමැසියැයුතු යැ. යම් පරිදි යෙදේ නම් එසෙයින් ගතයුතු යැ, යම්සේ නො යෙදේ නම් එසේ නො ගතයුතු. ඒකාන්තයෙන් තෙල භාග්‍යවතුන් විසින් නො වදාරනලද, ආයුෂ්මතුන් විසින් වරදවා හෝ ගන්නා ලද, මහාපදේසයෙහි මෙන් දැක්වියැ යුතු. භාග්‍යවතුන් විසින් යථාභූත ව දෙසන ලද, කුසල් වූ ද අකුසල් වූ ද යම් දහමක් දෙසන ලද ද ඒ ධර්‍මයාගේ ප්‍රත්‍යය පර්‍ය්‍යෙෂණ කළ යුතු යැ, ප්‍රත්‍යයෙන් වෙන් වැ ධර්‍මයෙක් අප්‍රත්‍යය වැ නො මැ උපදී. එහි පර්‍ය්‍යෙෂණයාගේ ආකාරය කෙබඳු ද:
තත්‍ථ තථාරූපං සහෙතු සප‍්පච‍්චයං සොයං ධම‍්මො වුත‍්තොති ඉදං වීමංසිතබ‍්බං. සො ච පච‍්චයො තිවිධො: මුදු මජ‍්ඣො අධිමත‍්තො තත්‍ථ මුදුම‍්හි පච‍්චයො මුදු ධම‍්මො ගහෙතබ‍්බො, එවං සත්‍යෙස පච‍්චයො දුවිධො: පරම‍්පරපච‍්චයො ච සමනන‍්තරපච‍්චයො ච. සො පච‍්චයො මුදු තෙන වෙමත‍්තතං පරියෙසිතබ‍්බං. කිං කාරණං: අඤ‍්ඤතරොපි පච‍්චයො අඤ‍්ඤෙහි පච‍්චයෙහි පරියත‍්තිං වා පාරිපූරිං වා ගච‍්ඡති. තත්‍ථ යො ධම‍්මො දෙසිතො, තස‍්ස ධම‍්මස‍්ස එතෙන වා කාරණෙන වා හෙතු පරියෙසිතබ‍්බො. යථා පච‍්චයො හෙතුනා පච‍්චයෙන ච, සො තස‍්ස ධම‍්මස‍්ස නිස‍්සන්‍දො පරියෙසිතබ‍්බො. යථා නිද‍්දිට‍්ඨො අධිට‍්ඨානෙ පධානං පරියෙසති, සො පච‍්චයො පරියෙසිතබ‍්බො. න හි මුදුස‍්ස ධම‍්මස‍්ස අධිමත‍්තො නිස‍්සන්‍දො අධිමත‍්තස‍්ස වා නිස‍්සන්‍දස‍්ස මුදු ධම‍්මො, අථ මුදුස‍්ස මුදු, මජ‍්ඣාය මජ‍්ඣො, අධිමත‍්තස‍්ස අධිමත‍්තො යුජ‍්ජති, තං ගහෙතබ‍්බං. අථ න යුජ‍්ජති න ගහෙතබ‍්බං. යං ව භගවා ආරභති ධම‍්මං දෙසෙතුං, තං යෙව ධම‍්මං මජ‍්ඣං තං පරියොසානං දෙසෙති, යථා සුත‍්තාධිට‍්ඨානෙ ධම‍්මෙ ආදිම‍්හි නිද‍්දිසති, තංයෙව පහූතස‍්ස සුත‍්තස‍්ස පරියොසානං තස‍්ස හි ධම‍්මස‍්ස වසෙන තං සුත‍්තං හොති ගාථා වා බ්‍යාකාරණං ඛුද‍්දකං මහන‍්තං වා යථා පන දුවිධා අනුරූපන‍්ති වා ඨපනා ච දෙසනාඨපනා. රූපන‍්තිපි ධම‍්මස‍්ස පරියෙසිතබ‍්බා. යථා ච භගවතා පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සංවරණං දෙසිතං තණ‍්හාය නිග‍්ගහණත්‍ථා ඉච‍්ඡාව හොති. දෙසෙති යථා ගොපාලකුපමෙ සුත‍්තෙ අඤ‍්ඤෙහි පි සුත‍්තෙහි භගවා භාසති ඉච‍්ඡාව හොති, මජ‍්ඣිමනිකායෙ විතක‍්කො. අයං භගවතො දෙසනානුරූපන‍්ති, ඉති සො ධම‍්මො අඤ‍්ඤෙසුපි වෙය්‍යාකරණෙසු පරියෙසිතබ‍්බො. න හි එකං හි සුත‍්තෙ දට‍්ඨබ‍්බො යුඤ‍්ජනං තං ගහෙතබ‍්බං.
එහි එබඳු වූ සහේතු සප්‍රත්‍යය කොට මේ ධර්‍මය වදාරන ලදදැ’යි මෙය විමැසියැයුතු, ඒ ප්‍රත්‍යය ද ත්‍රිවිධ යැ: මෘදු යැ මධ්‍ය යැ අධිමාත්‍ර යි. එහි මෘදු ප්‍රත්‍යය ඇති කල්හි මෘදු ධර්‍මයෙක් ගතයුතු. මෙසේ ඇති කල්හි තෙල ප්‍රත්‍යය ද්විවිධ යැ: පරම්පර ප්‍රත්‍යය ද සමනන්තර ප්‍රත්‍යය දැයි. ඒ ප්‍රත්‍යය මෘදු වී නම් එයින් වේමත්තතාව (විශේෂයයි) සෙවියැ යුතු, කරුණු කිමයත් : අන්‍යතර ප්‍රත්‍යයෙකුදු අන්‍ය ප්‍රත්‍යයන්ගෙන් පර්‍ය්‍යාප්තියට හෝ පිරීමට හෝ යන හෙයිනි. එහි යම් දහමෙක් දේසිත ද ඒ ධර්‍මයාගේ හේතුව මෙකරුණෙන් හෝ සෙවියැයුතු. ප්‍රත්‍යය වූ පරිදි හේතුයෙන් ද ප්‍රත්‍යයෙන් ද ඒ ධර්‍මයාගේ නිස්සන්‍දය සෙවියැයුතු. අධිට්ඨාන (හාර) යෙහි දැක්වූ පරිදි ප්‍රධාන ධර්‍මය සොයා ද ඒ ප්‍රත්‍යය සෙවියැ යුතු. ඒ එසේ මැයැ: මෘදු ධර්‍මයාගේ අධිමාත්‍ර නිස්සන්‍දයෙක් නැත. අධිමාත්‍ර නිස්සන්‍දයාගේ හෝ මෘදු ධර්‍මයෙක් නැති. වැලි මෘදු ධර්‍මයාගේ මෘදු නිස්සන්‍දය ද මධ්‍යමධර්‍මයාගේ මධ්‍ය නිස්සන්‍දය ද අධිමාත්‍ර ධර්‍මයාගේ අධිමාත්‍ර නිස්සන්‍දය ද යෙදෙයි. එය ගතයුතු යැ. වැලි නො යෙදේ නම් නො ගතයුතු. තවද බුදුහු යම් දහමක් දෙසන්නට ආරම්භ කෙරෙත් ද ඒ ධර්‍මය මැ මධ්‍යය කොට එය පර්‍ය්‍යවසානය කොට දෙසන සේක. යම්සේ සුත්තාධිට්ඨානයෙහි ධර්‍මයන් ආදියෙහි නිර්දේශ කෙරෙත් ද, එය මැ මහත් වූ සූත්‍රයාගේ ද පර්‍ය්‍යවසානය වෙයි. ඒ එසේ මැ යැ, ඒ ධර්‍මයාගේ වශයෙන් ඒ සූත්‍රය වෙයි. ගාථා වේ වයි ඛ්‍යාකරණයක් වේව’යි කුඩා වූ හෝ මහත් වූ හෝ (සූත්‍රය) (යථා පන දුවිඩා ... පරියේසිතබ්බා?) යම්සේ භාග්‍යවතුන් විසින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සංවරය තෘෂ්ණානිග්‍රහය පිණිස දෙසන ලද ද, (ඉච්ඡාව හොති, දෙසෙති?) ගෝපාලකූපම සූත්‍රයෙහි යම්සේද අන්‍ය සූත්‍රයන්ගෙනුදු බුදුහු වදාරති. (එය) ඉච්ඡා පරිදි වේ. මැදුම්සඟියැ (ද්වේධා විතක්කසූත්‍රය) විතර්‍කය මෙනි. මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශානුරූප යි. මෙසේ ඒ ධර්‍මය අන්‍ය වෙය්‍යාකරණයන්හි ද පර්‍ය්‍යෙෂණය කළයුතු. එක් මැ සූත්‍රයෙහි, නො මැ දතයුතු යැ. යෙදෙන පරිදි එය ගත යුතු.
තත්‍ථ කතමං අනුඤ‍්ඤාතං: යං කිඤ‍්චි සුත‍්තං භගවතා න භාසිතං, තං ච සුත‍්තෙසු යෙව දිස‍්සති, එවමෙතං ධාරෙතබ‍්බං. යථා අසුකෙන භාසිතන‍්ති, තං සුත‍්තං වීමංසිතබ‍්බං: කිං නු ඛො ඉමං සුත‍්තං අනුඤ‍්ඤාතං ඛමං භගවතො උදාහු නානුඤ‍්ඤාතං ඛමං, කිඤ‍්චි රූපං ච සුත‍්තං භගවතො අනුඤ‍්ඤාතං ඛමං, කිඤ‍්චි රූපං ච නානුඤ‍්ඤාතං ඛමං යං සබ‍්බසො අනොතාරෙත්‍වා දසබලො ගොචරං දෙසෙති, තං සබ‍්බං සුත‍්තං භගවතො නානුඤ‍්ඤාතං ඛමං. අත්‍ථිපි සො සාවකො දසබලානං ගොචරං ජානාති ඔධිසො අනොධිසො, තං පන බලං සබ‍්බසො න ජානාති අඤ‍්ඤථා නාම සවනෙන? යථා ආයස‍්මතා සාරිපුත‍්තෙන යෙන බ්‍රාහ‍්මණො ඔවදිතො, තස‍්ස ආයස‍්මතො නත්‍ථි ඉන්‍ද්‍රියබලවෙමත‍්තඤාණං, තෙන පුග‍්ගලපරොපරියං ච, තං අජානන‍්තො සති උත‍්තරිං කරණීයෙ උප‍්පාදිතො, සො භගවතා අපසාදිතො. යථාව ආයස‍්මා කස‍්සපගොත‍්තො චෙතං ඔවදති ආනන‍්තරියසමන‍්නාගතො ඉද‍්ධිපාටිහීරෙන අඞ‍්ගුලියො ආදීපෙත්‍වා, යං සබ‍්බෙසං ධම‍්මානං කම‍්මසමාදානානං හෙතුසො ඨානසො යථාභූතං ඤාණං. තස‍්ස ආයස‍්මතො න සංවිජ‍්ජතෙ, තෙන නං ඔවදති, තං භගවා කරොති.
එහි අනුඤ්ඤාතය කවරැ: යම්කිසි සූත්‍රයෙක් භාග්‍යවතුන් විසින් නො වදාරනලද ද එ ද සූත්‍රයන් අතුරෙහි මැ දක්නාලැබෙයි. තෙල මෙසේ ධැරියැයුතු යැ: ඒ මෙසේ යැ, අසුවල්හු විසින් භාෂිත යැයි ඒ සූත්‍රය විමසියැයුතු. කිමැ හෝ මේ සූත්‍රය (අනුඤ්තංඛමං ... අඤ්ඤථා නාම සවනෙන?) ඒ මෙසේ යැ, ආයුෂ්මත් සැරියුත් තෙරුන් විසින් බමුණු අවවාද කරන ලද්දේ ය. ඒ ආයුෂ්මත්හට ඉන්‍ද්‍රිය බලවේමත්තඤාණය නැත. පුග්ගල පරොපරියඤාණය නැත. එය නොදන්නේ මාර්‍ගය දෙසන ලද්දේ ය. හේ භාග්‍යවතුන් විසින් අප සාදිත විය. එසේම ආයුෂ්මත් කාශ්‍යගෝත්‍ර ඍද්ධියෙන් ඇඟිලි දල්වා මුව වැද්දාට අවවාද කෙරෙයි. සියලු ධර්‍මයන්ගෙන් කර්‍ම සමාදානයන්ගේ හේතුවශයෙන් කාරණ වශයෙන් යථාභූතඤාණය ඒ ආයුෂ්මත්හට නැත. එහෙයින් ඔහුට අවවාද කෙරෙයි.
1. සචෙ’පි දස පජ‍්ජොතෙ - ධාරයිස‍්සසි කස‍්සප, නෙව දක‍්ඛිති රූපානි - චක‍්ඛු හි’ස‍්ස න විජ‍්ජති.
1. කසුබ, ඉදින් (තෙපි පහන් දසයක් දරන්නවු නමුදු (හේ) රූපයන් නො මැ දක්නේ යැ, ඔහුට (රු දක්නා) නුවණැස අවිද්‍යමාන හෙයිනි.
අපි’ච ඛො යථා දූතො රාජවචනෙන සත‍්තමනුස‍්සාති, එවං සෙසානුගො අඤ‍්ඤාතකං ඝොසං පරෙසං දෙසෙති අනුඤ‍්ඤාතඛමසුත‍්තං ගහෙතබ‍්බං. අනනුඤ‍්ඤාතඛමං න ගහෙතබ‍්බං.
තවද යම්සේ රාජදූතයෙක් රජුගේ වචනයෙන් රටවැසි ජනතාවට අනුශාසනා කෙරේ ද, එසෙයින් දේශකයෙක් තමා නොදත් මෙරමා වෙතින් අසන ලද්දක් අනුනට දේශනා කෙරේ නම් බුදුරදුන් අනුදන්නා ලද දහම හා සැසැඳෙන සූත්‍රය ගතයුතු යැ. අනුඤ්ඤාතය හා නොයෙදෙන සූත්‍රය නොගත යුත්තේ යි.
තත්‍ථ කතමො සුත‍්තසඞ‍්කරො; පඤ‍්චවිධං සුත‍්තං: සංකිලෙසභාගියං වාසනාභාගියං දස‍්සනභාගියං භාවනාභාගියං අසෙඛභාගියං. අඤ‍්ඤං ආරාධෙය්‍ය අඤ‍්ඤං දෙසෙති අඤ‍්ඤස‍්ස ච සුත‍්තස‍්ස අත්‍ථං අඤ‍්ඤම‍්හි සුත‍්තෙ නිද‍්දිසති, ඔරම‍්භාගියායානං සංයොජනානං අත්‍ථං උද‍්ධබ‍්භාගියෙසු නිද‍්දිසති. මුදුමජ‍්ඣානං ඉන්‍ද්‍රියානං අධිමත‍්තෙසු සුත‍්තෙසු නිද‍්දිසති. ඉති ඉදං සුත‍්තං සම‍්භෙදං හෙතුනා ච නිස‍්සන්‍දෙන ච ඵලෙන ච නිද‍්දෙස‍්සන ච, මුදුමජ‍්ඣාධිමත‍්තතායපි ච අන්‍ථෙන ච බ්‍යඤ‍්ජනෙන ච යො සම‍්භෙදො, අයං වුච‍්චති සුත‍්තසඞ‍්කරො යො අසම‍්භෙදො, අයං වුච‍්චති සුත‍්තවිචයො.
එහි සූත්‍රසංකරය කවරැ: සූත්‍රය පඤ්චවිධ වෙයි, සංකිලේස භාගිය යැ වාසනා භාගිය යැ දස්සන භාගිය යැ භාවනාභාගිය යැ අසේඛභාගිය යි. අනෙකක් ආරාධනය කරන්නේ නම් අනෙකක් දෙසයි, අන් සූත්‍රයක්හුගේ අර්‍ත්‍ථය අන් සූත්‍රයෙකැ දක්වයි. ඕරම්භාගිය සංයෝජනයන්ගේ අර්‍ත්‍ථය උද්ධම්භාගිය සංයෝජනයන්හි ලා දක්වයි. මෘදු මධ්‍ය වූ ඉන්‍ද්‍රියයන් අධිමාත්‍ර ඉන්‍ද්‍රිය ඇති සූත්‍රයන් හි ලා දක්වයි. මෙසේ මේ සූත්‍රය හේතු විසින් ද නිස්සන් ද විසින් ද ඵල විසින් ද නිද්දේස විසින් ද සම්භේද වේ. මෘදු මධ්‍ය අධිමාත්‍රභාවයෙනුදු අර්‍ත්‍ථ විසින් ද ව්‍යඤ්ජන විසින් ද යම් සම්භේදයෙක් වේ ද මේ සූත්‍ර සංකර ය යි කියනු ලැබේ. යම් අසම්භේදයෙක් වේ ද මේ සූත්‍රවිචය යී කියනු ලැබේ.
තත්‍ථා’යං උද‍්දානගාථා:
එහි මේ උද්දානගාථා යැ:
පුරිමානං අපකඩ‍්ඪං - යථාභූතස‍්ස පච‍්චයො, නිස‍්සන්‍දො දෙසනා යුත‍්ති - අනුඤ‍්ඤා සුත‍්තසඞ‍්කරො.
පූර්‍ව වූ අශුලධර්‍මයන්ගේ අපකර්‍ෂණ යෑ යථා භූතයාගේ සහේතු සප්‍රත්‍ය යැ නිස්සන්‍ද යැ දේසනායුත්ති යැ අනුඤ්ඤාත යැ සූත්‍රසංකර යැ යන මේ මෙහි සංගෘහීත යි.
පෙටකොපදෙසෙ සුත‍්තවිචයො නාම
පෙටකෝපදේසයෙහි සුත්ත විචය නම්
චතුත්‍ථභූමි සමත‍්තා.
චතුර්‍ත්‍ථභූමි සමාප්ත යි.