යෙදුමෙන් කියවන්න

5. පඤ‍්චම භූමී - හාරවිභඞ‍්ගො

5. පඤ‍්චම භූමී $$- හාරවිභඞ‍්ගො$$

5. පඤ්චමභූමි$$ - හාර විභඞ්ග$$

තත්‍ථ කතමො හාරවිභඞ‍්ගො: යත්‍ථ සොළසහාරා අක‍්ඛරසො භෙදං ගච‍්ඡන‍්ති,

එහි හාරවිභංග කවරෙ යත්: යම් තැනෙක සොළොස් හාරයෝ අක්‍ෂර වශයෙන් ප්‍රභේදයට යෙත් ද එය යි.

1. තත්‍ථ ආදිම‍්හි දෙසනාහාරො: තත්‍ථ අයං ගාථා:

1. එහි, ආදියෙහි දේසනාහාරය (කියනු ලැබේ.) එහි, මේ ගාථාව යැ

කුසලා වා අකුසලා වා - සච‍්චානි වා සච‍්චෙකදෙසො වා කිං දෙසිතන‍්ති සුත‍්තෙ - වීමංසා දෙසනාහාරො.

1. කුසල් හෝ අකුසල් හෝ සිව්සස් හෝ සෙත්‍යෙකදේශයෙක් හෝ දේශිත වෙයි. ‘කුමක් දෙසන ලද දැ’යි සූත්‍රයෙහි ලා විමසීම දේසනාහාර යි.

යථා අරියසච‍්චානං නික‍්ඛෙපො, චත‍්තාරි සච‍්චානි සාධාරණානි අසාධාරණානි ච, යානි ච අට‍්ඨාරස පදානි දුක‍්ඛතො සත‍්ත පදානි සඞ‍්ඛෙපෙන කායිකෙන චෙතසිකෙන දුක‍්ඛෙන අප‍්පියසම‍්පයොගෙන පියවිප‍්පයොගෙන ච තීහි ච සඞ‍්ඛතතාහි තත්‍ථ තීණි සඞ‍්ඛතලක‍්ඛණානි තිස‍්සො දුක‍්ඛතා: උප‍්පාදො සඞ‍්ඛතලක‍්ඛණං, සඞ‍්ඛාරදුක‍්ඛතාය දුක‍්ඛතා ච වයො සඞ‍්ඛත ලක‍්ඛණං, විපරිණාමදුක‍්ඛතාය දුක‍්ඛතා ච අඤ‍්ඤථත‍්තං සඞ‍්ඛඛතලක‍්ඛණං, දුක‍්ඛදුක‍්ඛතාය දුක‍්ඛතා ච, ඉමෙසං තිණ‍්ණං සඞ‍්ඛතලක‍්ඛණානං තීසු වෙදනාභූමීසු අදුක‍්ඛමසුඛා වෙදනා, උප‍්පාදො සඞ‍්ඛතලක‍්ඛණං, සක‍්ඛාරදුක‍්ඛතාය ච දුක‍්ඛතා, වයො සඞ‍්ඛතලක‍්ඛණං, සුඛා වෙදනා විපරිණාමදුක‍්ඛතාය ච දුක‍්ඛතා අඤ‍්ඤථත‍්තං සඞ‍්ඛතලක‍්ඛණං, දුක‍්ඛා වෙදනා දුක‍්ඛදුක‍්ඛතාය ච දුක‍්ඛතා, ඉති ඉමෙසු නවපදෙසු පඨමකෙසු සත‍්තසු පදෙසු සොළස පදෙසු දුක‍්ඛා පරියෙසිතබ‍්බා, එකාදස දුක‍්ඛතාය ච ලක‍්ඛණං නිද‍්දෙසෙ නිද‍්දිට‍්ඨං. පාතුභාවලක‍්ඛණා ජාති, යා ච පාතුභාවචුතිලක‍්ඛණො චුතොති විත්‍ථාරෙන පන‍්නරසපදානි කත‍්තබ‍්බානි.

ආර්‍ය්‍යසත්‍යයන්ගේ නික්‍ෂෙපය මෙනි. සාධාරණ වූ අසාධාරණ වූ ද සත්‍යයෝ සතර දෙනෙකි. යම් අටළොස් පදකෙනෙක් වෙත් ද, දුක් හෙයින් සැකෙවින් කායික චේතසික දුකින් ද, අප්‍රිය සම්ප්‍රයෝගයෙන් හා ප්‍රියවිප්‍රයෝගයෙන් ද ත්‍රිවිධ සංඛතතායෙන් දැයි සත් පදකෙනෙක් වෙති. එහි සංඛත ලක්‍ෂණයෝ තිදෙනෙක් වෙති, දුක්ඛතා තුනක් වෙත්: උත්පාදය සංඛතලක්‍ෂණ යැ, සංස්කාර දුඃඛතායෙන් දුක්ඛතා ද වෙයි, ව්‍යාය (බිඳීම) සංඛත ලක්‍ෂණ යැ, විපරිණාම දුක්ඛතායෙන් දුක්ඛතා ද වෙයි, අන්‍යථාත්‍වය සංඛත ලක්‍ෂණ යැ, දුක්ඛ දුක්ඛතායෙන් දුක්ඛතා ද වේ. මේ තුන් සංඛත ලක්‍ෂණයන් අතුරෙන් තුන් වේදනාභූමියෙහි අදුක්ඛමසුඛවේදනාව උත්පාද සංඛ්‍යාත සංඛතලක්‍ෂණ යැ සංඛාර දුක්ඛතායෙන් දුක්ඛතා ද වෙයි, සුඛවේදනාව ව්‍යය සංඛ්‍යාත සංඛත ලක්‍ෂණ යැ, විපරිණාමදුක්ඛතායෙන් දුක්ඛතා ද වෙයි. දුක්ඛවේදනාව අන්‍යථාත්‍ව සංඛ්‍යාත සංඛත ලක්‍ෂණ යැ දුක්ඛදුක්ඛතායෙන් දුක්ඛතා ද වේ. මෙසේ මේ නව පදයන්හි ද පළමු දැක් වූ සත්පදයන්හි ද යන සොළොස් පදයන්හි දුක්ඛයෝ සෙවිය යුත්තාහු යැ, එකොළොස් දුක්ඛතාවගේ ද ලක්‍ෂණ නිද්දේසයෙහි දක්වන ලදි. පහළවීම ලක්‍ෂණ කොට ඇත්තී ජාති නමු, ච්‍යුත වීම ලක්‍ෂණකොට ඇත්තේ චුත නම් වේ යයි පසළොස් පදයෝ විස්තර කළ යුත්තාහු ය.

එවං සාධාරණානි අසාධාරණානි ච සත‍්තසු දසසු පදෙසු පඤ‍්ඤාසතිවිධෙ ච සාසනපට‍්ඨානෙ අට‍්ඨාරසවිධෙසු ච සුත‍්තාධිට‍්ඨානෙසු දසවිධෙසු ච සුත‍්තවිධෙය්‍යෙසු සොළසවිධෙසු ච හාරෙසු එකවීසතිවිධාය ච පවිචයවීමංසායාති ඉදං දෙසිතං යථාභූතං ච දෙසිතන‍්ති. අයං වුච‍්චති දෙසනාහාරො.

මෙසේ සාධාරණ වූ ද අසාධාරණ වූ ද (චතුස්සත්‍යයෝ) සතළොස් පදයන්හි ද පනස් වැදෑරුම් සාසනපට්ඨානයෙහි ද අටළොස් වැදෑරුම් සුත්තාධිට්ඨානයෙහි ද දසවැදෑරුම් සූත්‍ර විධෙයයෙහි ද සොළොස් වැදෑරුම් හාරයන්හි ද එක් විසි වැදෑරුම් පවිචය වීමංසායෙහි ද යන මෙහි මේ දේශිතය වෙයි. යථාභූත ව දෙසන ලද්දේ වේ යයි. මේ දෙසනා හාර යයි කියනු ලැබේ.

2. තත්‍ථ කතමො විචයො හාරො:

2. එහි, විචය හාරය කවරෙ යත්:

2. පදං පඤ‍්හා ච පුච‍්ඡා ච - කිං පුබ‍්බං කිඤ‍්ච පච‍්ඡිමං, අනුගීති යා ච විචයො - හාරො විචයොති නිද‍්දිට‍්ඨො.

2. පදය ද ප්‍රශ්නයෝ ද පෘච්ඡා ද පූර්‍වපදය කිමෙක පශ්චිම පදය කිමෙක යනු ද අනුගීතිය ද යන මේ විමසීම ලක්‍ෂණ කොට ඇත්තේ විචයහාර නමැයි දක්වන ලද්දේ ය.

පදන‍්ති පඨමං පදං, තස‍්ස කො අත්‍ථො: යං භගවා පුට‍්ඨො ආයස‍්මතා අජිතෙන, තං ගහෙතබ‍්බං. කති පදානි පුට‍්ඨානි යථා කිං: “කෙනස‍්සු නිවුතො ලොකො”ති ගාථා, ඉමානි කති පදානි චත‍්තාරි ඉති විස‍්සජ‍්ජනාය පුච‍්ඡා. යත‍්තකෙහි පදෙහි භගවතා විස‍්සජ‍්ජිතානි පදානි ඉති පුච‍්ඡාය ච යා පදානං සඞ‍්කාසනා, ඉදං වුච‍්චති පදන‍්ති.

‘පදං’ යනු ප්‍රථම පදය යැ, ඒ පදයාගේ අර්‍ත්‍ථ කවරෙ යැ: ආයුෂ්මත් අජිත විසින් බුදුහු යමක් පුළුවුස්නා ලද්දාහු ය, එය කෙතෙක් පදයෝ පුළුවුස්නාලද්දාහු දැයි ගත යුතු යැ. ඒ කෙසේ යැ: “කෙනස්සු නිවුතො ලෝකෝ” යන ගාථාව යැ. මේ කෙතෙක් පදයෝ වෙත් ද: පද සතරක් වෙයි. යම් පමණ පදයන්ගෙන් භාග්‍යවතුන් විසින් විසඳන ලද පදයෝ වෙත් ද, ප්‍රශ්නයෙහි ද (එපමණ පදයෝ වෙති) පුච්ඡායෙහි ද පදයන්ගේ යම් සැකෙවින් ප්‍රකාශ කිරීමෙක් වේ ද, මේ පද’ යයි කියනු ලැබේ.

පඤ‍්හා’ති: ඉමානි චත‍්තාරි පදානි කති පඤ‍්හා එකො වා ද‍්වෙ වා තදුත‍්තරිං වා, ඉමානි චත‍්තාරි පදානි එකො පඤ‍්හො, අත්‍ථානුපරිවත‍්ති බ්‍යඤ‍්ජනං හොති, සම‍්බහුලානිපි පදානි එකමෙවත්‍ථං පුච‍්ඡති. ඉමානි චත‍්තාරි පදානි අනුපරිවත‍්තීති තං බ්‍යඤ‍්ජනෙන එකො පඤ‍්හොව හොති.

පඤ්හා යනු මේ සතර පදයෝ කෙතෙක් ප්‍රශ්නයෝ වෙත් ද: එකක් හෝ දෙකක් හෝ එයින් වැඩියක් හෝ වෙත් ද, මේ සතර පදයෝ එක් ප්‍රශ්නයෙකි. අර්‍ත්‍ථය ඛ්‍යඤ්ජනය වෙයි. බොහෝ වූ ද පදයෝ එක් මැ අර්‍ත්‍ථයක් පුළුවුස්ති. මේ සතර පදයෝ අනුව යන්නාහු වෙති. එය ඛ්‍යඤ්ජන විසින් එක් ප්‍රශ්නයෙක් වේ.

කෙනස‍්සු නිවුතො ලොකො’ති: ලොකං සඣාය පුච‍්ඡති. කෙනස‍්සු නප‍්පකාසති කිස‍්සාභිලෙපනං බ්‍රූසී’ති තං යෙව පුච‍්ඡති. කිංසු තස‍්ස මහබ‍්භයන‍්ති තංයෙව පුච‍්ඡති, එවං අත්‍ථානුපරිවත‍්ති බ්‍යඤ‍්ජනං එකො පඤ‍්හො හොති, සො පඤ‍්හො චතුබ‍්බිධො: එකං සබ්‍යාකරණීයො විභජ‍්ජබ්‍යාකරණීයො පටිපුච‍්ඡාබ්‍යාකාරණීයො ඨපනීයොති’ තත්‍ථ චක‍්ඛුං අනිච‍්ච’න‍්ති එකංසබ්‍යාකරණීයො, ‘යං අනිච‍්චං තං දුක‍්ඛ’න‍්ති විභජ‍්ජබ්‍යාකරණීයො ‘සියා අනිච‍්චං න චක‍්ඛු, යානිපි ආයතනානි ච න චක‍්ඛු, තානිපි අනිච‍්චන‍්ති න චක‍්ඛුයෙව අයං විභජ‍්ජබ්‍යාකරණීයො ‘යං චක‍්ඛු තං චක‍්ඛුන්‍ද්‍රියං නෙ’ති පටිපුච‍්ඡාබ්‍යාකරණීයො, “තං චක‍්ඛුං තථාගතො’ති ඨපනීයො, “අඤ‍්ඤත්‍ර චක‍්ඛුනාති ඨපනීයො” පඤ‍්හො.

කෙනස්සු නිවුතො ලෝකෝ යී ලෝකය සඳහා විචාරයි. කෙනස්සු නප්පකාසති කිස්සාභිලේපනං බ්‍රෑසි යී එය මැ විචාරයි. කිංසු තස්ස මහබ්භයං යී එය මැ විචාරයි: මෙසේ අර්‍ත්‍ථානුපරිවර්තී වූ ඛ්‍යඤ්ජනය එක් ප්‍රශ්නයෙක් වේ. ඒ ප්‍රශ්නය චතුර්විධ වෙයි. ඒකාන්තයෙන් විසඳියැ යුත්තේ යැ විභාගකොට විසඳිය යුත්තේ යැ පිළිවිසැ විසඳියැ යුත්තේ යැ තබාලියැ යුතු (ඨපනීය) යයි. එහි ‘ඇස අනිත්‍ය ද?’ යනු ඒකාන්තයෙන් විසඳියැ යුත්තේ යැ, ‘යමක් අනිත්‍ය නම් එය දුක් වේ ද?’ යනු විභාග කොට විසඳියැ යුත්තේ යැ, අනිත්‍ය වන්නේ යැ (එය) ඇස නො වේ ද? යම් ආයතන කෙනකුත් ඇද්ද ඇස නො වෙයි. ඔහුදු අනිත්‍ය යැ’ ඇස මතුයෙක් මැ නො වේ” මේ විභාග කොට විසඳියැයුත්තේ යැ’ ‘යමක් ඇස වේ නම් එය චක්ඛුන්‍ද්‍රිය නො වේ ද’ යනු පිළිවියැ විසඳියැ යුතු ප්‍රශ්න යැ’ ඒ චක්‍ෂුස සත්ත්‍ව වේ ද?” යනු තැබියැ යුතු යැ, ‘චක්‍ෂූසිත්, අන් තැනෙක (තථාගත) වේ ද?’ යනු ඨපනීය (තැබියැයුතු) ප්‍රශ්න යි.

ඉදං පඤ‍්හං භගවා කිං පුච‍්ඡිතො: ලොකස‍්ස සංකිලෙසො පුච‍්ඡිතො, කිං කාරණං: තිවිධො හි සංකිලෙසො: තණ‍්හා සංකිලෙසො ච දිට‍්ඨිසංකිලෙසො ච දුච‍්චරිතසංකිලෙසො ච. තත්‍ථ “අවිජ‍්ජාය නිවුතො”ති අවිජ‍්ජං දස‍්සෙති. “ජප‍්පා”ති තණ‍්හං දස‍්සෙති, ‘මහබ‍්භය”න‍්ති අකුසලස‍්ස කම‍්මස‍්ස විපාකං දස‍්සෙති. ‘සොතං’ නාම. සුඛවෙදනීයස‍්ස කම‍්මස‍්ස දුක‍්ඛවෙදනීයො විපාකො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජතීති භගවා විස‍්සජ‍්ජෙති. චතූහි යො පදෙහි “අවිජ‍්ජාය නිවුතො ලොකොති -පෙ- එවං වුච‍්චති.

මේ ප්‍රශ්නයෙන් බුදුහු කුමක් පුළුවුස්නාලද්දාහු ද යත්: ‘ලෝකයාගේ කෙලෙසීම් විමසනලද, කරුණු කිම යත්: සංකිලේශය ත්‍රිවිධ යැ: තණ්හාසංකිලේසය ද දිට්ඨිසංකිලේසය ද දුච්චරිතසංකිලේසය දැයි. එහි “අවිජ්ජාය හිවුතො” යී අවිද්‍යාව වදාරති, “ජප්පා’යි තෘෂ්ණාව වදාරති, “මහබ්භයං” යී අකුශලකර්‍මයාගේ විපාකය වදාරති. “සෝත” නම් “සුඛවේදනීය කර්‍මයාගේ දුක්ඛවෙදනීය විපාකයෙක් වන්නේ යැ’ යන තෙල කරුණ නො වෙ යයි බුදුහු සතරපදයෙන් විසඳන සේක. “අවිජ්ජාය තිවුකො ලෝකෝ” ... යී මෙසේ කියනු ලැබේ.

තදුත‍්තරිං පටිපුච‍්ඡති, “සවන‍්ති සබ‍්බධි සොතා”ති ගාථා චත‍්තාරි පදානි පුච‍්ඡති, තං භගවා ද‍්වීහි විස‍්සජ‍්ජෙති

එයින් මතුයෙහි ද පුළුවුස්සි, “සවන්ති සබ්බයි සෝතා” යන ගාථාව යැ. (එහි) සතර පදයක් පුළුවුස්සි. බුදුහු එය දෙපදයෙකින් විසඳන සේක.

2. යානි සොතානි ලොකස‍්මිං - සති තෙසං නිවාරණං, සොතානං සංවරං බ්‍රූමි - පඤ‍්ඤායෙතෙ පිථියරෙ.

2. ලොවැ තෘෂ්ණාදි යම් ස්‍රෝතස් කෙනෙක් වෙත් ද විදර්‍ශනා සම්ප්‍රයුක්ත ස්මෘතිය ඒ ස්‍රෝතසුන්ගේ ආවරණ ය ආරක්‍ෂාව නුයි (ඒ ස්මෘතිය මැ) ස්‍රෝතසුන්ගේ සංවරය යි කියමි. මාර්‍ගප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු (සර්‍වාකාරයෙන්) වසනු ලැබෙත්.

ඉමානි චත‍්තාරි පදානි ද‍්වීහි පදෙහි විස‍්සජ‍්ජෙති. ඉදං කථන‍්ති පුච‍්ඡිතො, තස‍්ස සංකිලිට‍්ඨස‍්ස ලොකස‍්ස වොදානං පුච‍්ඡිතො. සොතානි ඡ තණ‍්හාකායා බහුලාධිවචනෙන නිද‍්දිට‍්ඨා භවන‍්ති සබ‍්බෙහි ආයතනෙහි, කානි සොතානි කෙන නිවාරීයන‍්තීති පරියුට‍්ඨානපහානං පුච‍්ඡති - කෙන සොති පිථියරෙ”ති අනුසයසමුග‍්ඝාතං පුච‍්ඡති, තත්‍ථ භගවා ඡසු ද‍්වාරෙසු සතියා සංවරං දෙසෙති, යො හි සම‍්පජානො විහරති සතිදොවාරිකෙන ච තස‍්ස ඉන්‍ද්‍රියානි ගුත‍්තානි සම‍්භවන‍්ති, තත්‍ථ ගුත‍්තෙසු ඉන්‍ද්‍රියෙසු යා යා විපස‍්සනා සා සා තෙසං සොතානං තස‍්සා ච අවිජ‍්ජාය යාය ලොකෙ නිවුතො අච‍්චන‍්තපහානාය සංවත‍්තති.

මේ සතරපදයන් දෙපදයෙකින් විසඳනසේක. මේ කෙසේ ද යත්: සංක්ලිෂ්ට වූ ඒ ලෝකයාගේ ව්‍යවදානය (ශුද්ධිය) පුළුවුස්නා ලදහ. ස්‍රෝතස් නම් සවැදෑරුම් තෘෂ්ණා සමූහය යි. බහුවචනයෙන් දක්වන ලද්දාහු වෙති, සියලු ආයතනයන්ගෙනි. ඒ ස්‍රෝතස්හු කුමකින් නිවාරණය කරනු ලැබෙත් දැ’යි පරියුට්ඨාන (තෘෂ්ණාවිචරිත) යන්නේ ප්‍රහාණය විචාරයි. “කෙන සෝතා පිථියරෙ” යි අනුශයයන්ගේ සමුද්ඝාතය විචාරයි. එහි බුදුහු සදොරහි සතිසංවරය වදාරනසේක. ඒ එසේ මැය, යමෙක් සම්‍යක්ප්‍රඥා ඇති වැ වාස කෙරේ ද, ස්මෘති නමැති ද්වාරපාලයා විසින් ඔහුගේ ඉන්‍ද්‍රියයෝ රක්නා ලද්දාහු වෙති. එහි ඉන්‍ද්‍රියයන් ගුප්ත කල්හි යම් යම් විදර්‍ශනාවක් වී ද, ඒ ඒ විදර්‍ශනාව ඒ ඒ ස්‍රෙතසුන්ගේ ද යම් අවිද්‍යාවක් විසින් ලෝකය වසන ලද ද, ඒ අවිද්‍යාවගේ ද අත්‍යන්ත ප්‍රහාණය පිණිස පවතී.

එවං සොතානි පිහිතානිපි භවන‍්ති, තතො උත‍්තරිං පුච‍්ඡති:

මෙසේ චක්‍ෂුරාදි ස්‍රෝතස්හු වසන ලද්දාහු ද වෙත්. එයින් මතුයෙහි පුළුවුස්සි:

3. පඤ‍්ඤා චෙව සති ච (ඉච‍්චායස‍්මා අජිතො) නාමරූපං ච මාරිස, එතං මෙ පුට‍්ඨො පබ්‍රූහි කත්‍ථෙතං උපරුජ‍්ඣති.

3. (ආයුෂ්මත් අජිත මෙසේ විචාරයි) නිදුකාණන් වහන්ස, මාර්‍ග ප්‍රඥාව ද ස්මෘතිය ද තදවශේෂ නාමරූප ද යන තෙල සියල්ල කොතැන්හි ලා නිරුද්ධ වේ ද තෙල මා විසින් පුළුවුස්නාලද සේක් වදාළ මැනැව.

ඉමානි චත‍්තාරි පදානි භගවා එකෙන පදෙන විස‍්සජ‍්ජෙති.

මේ සතර පදයන් බුදුහු එක් පදයෙකින් විසඳන සේක.

4. යමෙතං පඤ‍්හං අපුච‍්ඡි - අජිත තං වදාමි තෙ, යත්‍ථ නාමං ච රූපං ච - අසෙසං උපරුජ‍්ඣති, විඤ‍්ඤාණස‍්ස නිරොධෙන - එත්‍ථෙතං උපරුජ‍්ඣති.

4. අජිතය, තෙල (කත්‍ථේතං උපරුජ්ඣතියී) යම් ප්‍රශ්නයක් විචාළෙහි ද එය තොපට කියමි, යම් තැනෙක ලා නාමයත් රූපයත් නිරවශේෂ කොට නිරුද්ධ වේ ද, ඒ පශ්චිම විඥානයාගේ නිරෝධය සමග මැ විඥානනිරෝධයෙහි ලා තෙල නාමරූප නිරුද්ධ වේ.

ඉමිනා පඤ‍්හෙන කිං පුච‍්ඡති: අනුපාදිසෙසනිබ‍්බානධාතුං පුච‍්ඡති, තං භගවා අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා විස‍්සජ‍්ජෙති, තත්‍ථ පඨමෙන පඤ‍්හෙන සංකිසෙලං පුච‍්ඡති, දුතියෙන පඤ‍්හෙන වොදානං පුච‍්ඡති, තතියෙන පඤ‍්හෙන සොපාදිසෙසනිබ‍්බානධාතුං පුච‍්ඡති, චතුත්‍ථෙන පඤ‍්හෙන අනුපාදිසෙසනිබ‍්බානධාතුං පුච‍්ඡති. තතො උත‍්තරිං පටිපුච‍්ඡති:

මේ ප්‍රශ්නයෙන් කුමක් පුළුවුස්සි ද යත් : අනුපාදිසේස නිර්‍වාණධාතුව පුළුවුස්සි. එය බුදුහු අනුපාදිසේස නිබ්බානධාතුයෙන් විසඳනසේක. එහි පළමුවන ප්‍රශ්නයෙන් සංකි ලෙසය පුළුවුස්සි, දෙවැනි ප්‍රශ්නයෙන් ව්‍යවදානය පුළුවුස්සි, තෙවැනි ප්‍රශ්නයෙන් සෝපාදිශේෂ නිර්‍වාණධාතුව පුළුවුස්සි, සතරවැනි ප්‍රශ්නයෙන් අනුපාදිශේෂ නිර්‍වාණධාතුව පුළුවුස්සි. එයින් මතුයෙහි පුළුවුසී :

5. යෙ ච සඞ‍්ඛාතධම‍්මා සෙ - යෙ ච සෙඛා පුථූ ඉධ. තෙසං මෙ නිපකො ඉරියං - පුට‍්ඨො පබ්‍රූහි මාරිස.

5. (ආයුෂ්මත් අජිත මෙසේ විචාරයි) නිදුකාණන් වහන්ස, මෙලොවැ අනිත්‍යාදි විසින් විමසන ලද සංස්කාර ඇති යම් රහත් කෙනෙකුත් වෙත් ද, බොහෝ වූ යම් ශෛක්‍ෂ කෙනෙකුත් වෙත් ද, මා විසින් පුළුවුස්නා ලද (ශෛක්‍ෂා’ ශෛක්‍ෂධර්‍මයෙහි) නිපුණ වූ මුබවහන්සේ ඒ ශෛක්‍ෂාශෛක්‍ෂයන්ගේ ප්‍රතිපත් (මට) වදාළ මැනැව.

ඉමානි චත‍්තාරි පදානි පුච‍්ඡති, කති ච පන තෙ පඤ‍්හෙ. සඞ‍්ඛාතධම‍්මා ච අරහන‍්තා සෙක‍්ඛා ච, කිං පුබ‍්බං කිඤ‍්ච පච‍්ඡිමන‍්ති ‘අයමත්‍ථො. තත්‍ථ කතරං පඨමං පුච‍්ඡති කතරං පච‍්ඡා අරහන‍්තං පඨමං පුච‍්ඡති සෙක‍්ඛධම‍්මෙ (පච‍්ඡා) තත්‍ථ පඨමෙන පදෙන ‘සඞ‍්ඛාතධම‍්මා’ති අරහන‍්තො ගහිතා, ‘පුථූ’ති සෙක‍්ඛා ගහිතා. ‘තෙසං මෙ නිපකො’ති සාධාරණං පදං භගවන‍්තං පුච‍්ඡති. තත්‍ථ සාධාරණානි ච අසාධාරණානි ච පඤ‍්හෙසු පුච‍්ඡිතබ‍්බානි. තං භගවා විස‍්සජ‍්ජෙති. න තථා පුට‍්ඨං, පඨමං පුට‍්ඨං. යං තං පච‍්ඡා විස‍්සජ‍්ජෙති, යං පච‍්ඡා පුච‍්ඡිතං, පඨමං විස‍්සජ‍්ජෙති, කිඤ‍්ච ඉදං පුච‍්ඡිතං ‘විසුද‍්ධානං විසුජ‍්ඣාන‍්තානං ච කා ඉරියා’ති ඉදං පුච‍්ඡි තං ‘කාමෙසු නාභිගිජ‍්ඣෙය්‍ය මනසා’නාවිලො සියා’ති පරියුට‍්ඨානානි විතක‍්කෙ ච භගවා නිවාරෙති, ද‍්වෙ පන විතක‍්කා ආවිලතාය පරියුට‍්ඨානං, යථා නීවරණෙසු නිද‍්දිට‍්ඨං. ‘කුසලො සබ‍්බධම‍්මාන’න‍්ති අරහන‍්තං විස‍්සජ‍්ජෙති.

මේ සතර පදයන් පුළුවුස්සි, “යළි ඔහු කෙතෙක් ප්‍රශ්න වෙත් ද සංඛාතධම්ම වූ රහත්හු ද ශෛක්‍ෂයෝ ද වෙත්. එහි කවරකු පළමු විචාරා ද කවරකු පසුව විචාරා ද යත්: රහත්හු පළමු පුළුවුස්සි, ශෛක්‍ෂධර්‍ම ඇතියන් පසුව පුළුවුස්සි” එහි පළමුවන පදයෙන් ‘සඞ්ඛාතධම්මා’ යී රහත්හු ගන්නා ලදහ. ‘පුථූ’යී ශෛක්‍ෂයෝ ගන්නා ලදහ. ‘තෙසං මෙ නිපකො’ යී සාධාරණපදය භාග්‍යවතුන් පුළුවුස්සි, එහි ප්‍රශ්නයන්හි ලා සාධාරණ වූ ද අසාධාරණ වූ ද පදයෝ පිළිවිසියැයුත්තාහ. එය බුදුහු විසඳනසේක. එසේ විචාරනලද නො වෙයි (?) පළමු විචාළ යම් කරුණක් ඇද්ද එය පසුව විසඳන සේක” පසුව විචාළ කරුණ පළමු කොට විසඳන සේක. මේ පුච්ඡීතය කිමෙක් ද? විශුද්ධ වූවන්ගේ ද විශුද්ධ වන්නවුන්ගේ ද ප්‍රතිපත් කවරේ දැයි මෙය විචාළේ ය. එය “කාමෙසු නාභි ගිජ්ඣෙය්‍ය මනසා නාවිලො සියා” යී කිලේසපරියුට්ඨානයන් ද විතර්‍කයන් ද බුදුහු වළහන සේක. එයි විතර්‍කයෝ දෙදෙනෙකි, චිත්තයාගේ ආවිලතායෙන් (කැළැඹුණු බැවින්) ඔවුන්ගේ පරියුට්ඨානය (නැගීසිටීම) වෙයි. නීවරණයන් කෙරෙහි ලා දැක්වූ පරිද්දෙනි. “කුසලො සබ්බධම්මානං” යී රහත්හු දක්වන සේක.

“කථං සු තරති ඔඝ’,න‍්ති ගාථා, ඉමානි චත‍්තාරි පදානි, චත‍්තාරොයෙව පඤ‍්හා. කිං කාරණං: න හි එත්‍ථ අත්‍ථානුපරිවත‍්ති බ්‍යඤ‍්ජනං යථා පඨමං අජිතපඤ‍්හෙසු, තස‍්ස න එකංසෙන බහූනි විස‍්සජ‍්ජන‍්ති, න බහුකා පඤ‍්හා, එකොව, න චා’පි, සබ‍්බෙ පුච‍්ඡති. පුබ‍්බෙ විස‍්සජ‍්ජිතො යථා චතුත්‍ථො. අජිතපඤ‍්හෙ යං එත්‍ථ යථාභූතං පරියෙසනං පදබන්‍ධෙන විස‍්සජ‍්ජනායො එවං යථාභූතං පරියෙසති. යො පුන එත්‍ථ යං එවං පුච‍්ඡති තත්‍ථ අයමාකාරො පුච‍්ඡනායං:

“කථංසු තරති ඕඝං” යන ගාථාව වෙයි : මේ සතර පදයෝ ප්‍රශ්න සතරක් මැ’ වෙති. කරුණු කිම යත්: පළමු අජිතප්‍රශ්නයෙහි මෙන් මෙහි අර්‍ත්‍ථානුපරිවර්තී ඛ්‍යඤ්ජනය නො මැ වෙයි. ඒ පැනයෙහි ඒකාන්තයෙන් බොහෝ විසඳුන් නො වේ. බොහෝ ප්‍රශ්නයෝ නො වෙත්. එකෙක් මැ වෙයි. සියල්ල නො ද විචාරයි. පළමු විසඳනලද සතර වැනි අජිතප්‍රශ්නය මෙනි. මෙහි යම් යථාභූත වූ පර්‍ය්‍යෙෂණයෙක් වේ ද පද බන්‍ධයෙන් විසඳුම් වෙත් ද, එපරිදි යථාභූත ව ප්‍රර්‍ය්‍යෙෂණ කෙරෙයි. යළි යමෙක් මෙහි යම් පැනයක් මෙසේ විචාරයි ද එහි පුවජ්නා යෙහි මේ ආකාර යි. (?)

“අන‍්තො ජටා බහි ජටා’ති ගාථා, පුච‍්ඡිතවිස‍්සජ‍්ජනාය මග‍්ගිතබ‍්බා කථං විස‍්සජ‍්ජිතා’ති. භගවා හි විස‍්සජ‍්ජෙති. ‘සීලෙ පතිට‍්ඨාය නරො සපඤ‍්ඤො”ති ගාථා, තත්‍ථ චිත‍්තභාවනාය සමථා, පඤ‍්ඤාභාවනාය විපස‍්සනා. තත්‍ථ එවං අනුමීයති: යෙ ධම‍්මා සමථෙන ච විපස‍්සනාය ච පහීයන‍්ති, තෙ ඉමෙ අන‍්තො ජටා බහි ජටා, තත්‍ථ විස‍්සජ‍්ජනං: සමථෙන රාගො පහීයති, විපස‍්සනාය අවිජ‍්ජා. අජ‍්ඣත‍්තවත්‍ථුකො රාගො අන‍්තොජටා, බාහිරවත්‍ථුකො රාගො බහි ජටා, අජ‍්ඣත‍්තවත්‍ථුකා සක‍්කාය දිට‍්ඨි, අයං අන‍්තොජටා, එකසට‍්ඨි දිට‍්ඨිගතානි ච බාහිරවත්‍ථුකානි බහිජටා, යා හි අජ‍්ඣත‍්තවත්‍ථුකාදි භාවෙන භවිස‍්සති අයං ජටා තථා සඞ‍්ඛිත‍්තෙන යා කාචි අජ‍්ඣත‍්තවත්‍ථුකා තණ‍්හා ච දිට‍්ඨි ච අයං අන‍්තොජටා, යා කාචි බාහිරවත්‍ථුකා තණ‍්හා ච දිට‍්ඨි ච අයං බහිජටා.

“අන්තො ජටා බහි ජටා” යන ගාථාව, පුච්ජීත විස්සජ්ජනායෙහි ලා කෙසේ විසඳන ලද්දී දැ යි ගවේෂණය කළයුත්තී යැ. භාග්‍යවතුන් වහන්සේ වනාහි (මෙසේ) විසඳන සේක : “සිලෙ පතිට්ඨාය නරෝ සපඤ්ඤො” යන ගාථාව – එහි චිත්තභාවනායෙන් සමථයෝ වෙති, පඤ්ඤාභාවනායෙන් විදර්‍ශනා වෙත්. එහි මෙසේ සලකනු ලැබේ: යම් ධර්‍ම කෙනෙක් ශමථයෙන් ද විදර්‍ශනායෙන් ද ප්‍රහීණ වෙත් නම් ඔහු මේ ‘අන්තො ජටා බහිජටා’ නම් වෙත්, එහි විසඳීම මෙසේ යැ: සමථයෙන් රාගය ප්‍රහීණ වෙයි, විපස්සනායෙන් අවිද්‍යාව ප්‍රහීණ වේ. අධ්‍යාත්මවස්තුක වූ රාගය අන්තො ජටා යැ, බාහිරවස්තුක රාගය බහිජටා යි. අධ්‍යාත්මවස්තුක සත්කායදෘෂ්ටියක් ඇද්ද, මේ අන්තො ජටා යැ, එක්සැට දෘෂ්ටිගතයෝ ද බාහිරවස්තුක දෘෂ්ටි ද බහි ජටා යි. යමක් වනාහි අධ්‍යාත්ම වස්තුකාදිභාවයෙන් වන්නේ ද මේ ‘ජටා නමු’ එහෙයින් සැකෙවින් යම් කිසි අධ්‍යාත්ම වස්තුක වූ තෘෂ්ණාවක් හා දෘෂ්ටියක් වී ද මෝ “අන්තො ජටා” නමු. යම් කිසි බාහිරවස්තුවක වූ තෘෂ්ණාවක් හා දෘෂ්ටියක් වී ද මෝ තොමෝ ‘බහිජටා’ නම් වූ.

යථා දෙවතා භගවන‍්තං පුච‍්ඡති ‘චතුචක‍්කං නවද‍්වාරන‍්ති ගාථා. තත්‍ථ භගවා විස‍්සජ‍්ජෙති: “ජෙත්‍වා නද‍්ධිං වරත‍්තං චා” ති ගාථා. ඉමං භගවා දුක‍්ඛනිරොධගාමිනිං පටිපදං විස‍්සජ‍්ජෙති, ඉමාය විස‍්සජ‍්ජනාය භගවා අනුමීයති කිලෙසෙ එත්‍ථ පුරිමාය ගාථාය නිද‍්දිසිතබ‍්බෙ. තං හි “චතුවක‍්ක”න‍්ති චත‍්තාරො වා ඉරියාපථා. “නවද‍්වාර”න‍්ති නව වණමුඛානි. යථා “චතුවක‍්ක”න‍්ති චත‍්තාරො උපාදානා, උපාදානපච‍්චයා භවො උපාදානනිරොධා භවනිරොධො. ‘නවද‍්වාර”න‍්ති නව මානවිධා, මානජාතිකාය හි දුක‍්ඛං සෙය්‍යෙනම‍්හි

මෙසේ දෙවි භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්සි: “චතුචක්කං නවද්වාරං” යන ගය එහි බුදුහු විසඳන සේක : “ඡෙත්‍වා නද්ධිං වරත්තං ච” යන ගය – බුදුහු මේ දුක්ඛනිරෝධ ගාමිනීපටිපදාව විසඳන සේක. මේ විසඳීමෙන් බුදුහු පළමු ගාථාවෙන් දැක්වියැ යුතු ක්ලේශයන් දක්වන සේක. ඒ වනාහි ‘චතුචක්කං’ යනු සතර ඊර්‍ය්‍යාපථයෝ හෝ යැ, ‘නවද්වාරං’ යනු නව වණමුඛයෝ යැ, එසේ මැ – ‘චතුචක්කං’ යනු සතර උපාදානයෝ යැ, උපාදානප්‍රත්‍යයෙන් කර්‍ම භවය වෙයි. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ.” ‘නවද්වාරං’ යනු නවවැදෑරුම් මානයෝ යැ, (මාන ජාතිකාය හි දුක්ඛං සෙය්‍යෙනම්හි පරසො තීණි තිකානි පුණ්ණං?)

පරසො තීණි තිකානි පුණ‍්ණං, තිකෙන සංයුත‍්තං’හි පඤ‍්චකාමගුණිකො රාගො. තත්‍ථ “නද‍්ධී”ති තණ‍්හා විස‍්සජ‍්ජියති, “වරත‍්ත”න‍්ති මානං විස‍්සජ‍්ජෙති, “ඉච‍්ඡා ලොභං ච පාපකන‍්ති පඤ‍්චකාමගුණිකො රාගො. තත්‍ථ විසමලොභො පාපකො’ති නිද‍්දිසීයති ‘සමූලං තණ‍්හ’න‍්ති. අඤ‍්ඤාණමූලකා තණ‍්හා අබ‍්බුය‍්හාති තණ‍්හාය ච දිට‍්ඨියා ච පහානං යෙ ච පුන අඤ‍්ඤෙපි කෙචි චතුචක‍්කයොගෙන තෙනෙව කාරණෙන ච යුජ‍්ජන‍්ති, සංසාරගාමිනො ධම‍්මා සබ‍්බෙ නිද‍්දිසිතබ‍්බා තත්‍ථායං ගාථා විස‍්සජ‍්ජනාය සමෙති. යං යදි සන්‍දෙන [?] අථ සහබ්‍යාකරණෙන අනුගීතියං ච සො විචයොති භගවා යත‍්තකානි පදානි නික‍්ඛිපති තත‍්තකෙහි අනුගායති.

පඤ්චකාමගුණික රාගය මානත්‍රිකයෙන් සංයුක්ත මැ යි. එහි ‘නද්ධි’ යී තෘෂ්ණාව කියනු ලැබේ. ‘වරත්තං’ යී මානය කියනු ලැබේ. ‘ඉච්ඡා ලෝභං ච පාපකං’ යනු පඤ්ච කාමගුණික රාගය යි. එහි විසමලෝභය ලාමක යයි දක්වනු ලැබේ. “සමූලං තණ්හං” යනු අවිද්‍යා මූලක තෘෂ්ණාව යැ, අබ්බුය්හ යනු තෘෂ්ණාවගේ ද දෘෂ්ටියගේ ද ප්‍රහාණ යයි. යළි අන්‍ය වූ ද යම් කිසි ධර්‍ම කෙනෙක් චතුෂ්කයෝගයෙන් (?) එකරුණෙන් ම යෙදෙත් ද ඒ සියලු සංසාරගාමී ධර්‍මයෝ දැක්වියැ යුත්තාහු යැ. එහි මේ ගාථා විස්සජ්ජනය පුච්ඡාව හා ද විස්සජ්ජනාව හා ද සම වෙයි. (යං යදි සන්‍දෙන?) යළි වෙය්‍යාකරණය සමග අනුගීතියෙහි දු ඒ විචය වේ. බුදුහු යම් පමණ පදයන් නික්‍ෂේප කෙරෙත් ද එතෙක් පදයන්ගෙන් අනුගායනය කරන සේක.

“අට‍්ඨහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතො භික‍්ඛු දූතෙය්‍යං ගන‍්තුමරහති.” ඉමානි අට‍්ඨපදානි නික‍්ඛිත‍්තානි. ඡහි පදෙහි භගවා අනුගායති.

“මහණෙනි, අට අඟෙකින් සමන්‍වාගත මහණ දූත මෙහෙවරට යන්න සුදුසු වෙයි.” මේ අට පදයෝ නික්‍ෂේප කරන ලදහ, බුදුහු සපදයෙකින් අනුගායනය කෙරෙති:

6. යො චෙ න ව්‍යථති පත්‍වා - පරිසං උග‍්ගවාදිනිං, න ච හාපෙති වචනං - න ච ඡාදෙති සාසනං.

6. උග්‍රවාදිනී වූ පිරිස කරා පැමිණ යමෙක් කම්පා නො වේ ද වදන් නො පිරිහෙළා ද, හස්න නො ද සඟවා ද,

7. අසන්‍දිද‍්ධං ච භණති - පුච‍්ඡිතො න ච කුප‍්පති, ස චෙ තාදිසකො භික‍්ඛු - දූතෙය්‍යං ගන‍්තූමරහතී’ති.

7. සන්‍දේහ රහිත වැ බෙණේ ද, පුළුවුස්නා ලදුයේ නො ද කිපේ ද ඒකාන්තයෙන් එබඳු මහණ දූතමෙහෙවරට යන්න සුදුසු වේ යයි.

තත්‍ථ පන භගවා යත‍්තකානි පදානි නික‍්ඛිපති, තත‍්තකෙහි අනුගායති. “සත‍්තහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතො කල්‍යාණමිත‍්තො පියො ගරු භාවනියො”ති විත්‍ථාරෙන. ඉදං භගවා සත‍්තහි පදෙහි අනුගායති. ඉති බහුස‍්සුතවා අනුගායති, අප‍්පතරකථං පදං වා නික‍්ඛෙපො. බහුස‍්සුතවා නව පදානි නික‍්ඛෙපො අප‍්පතරිකා අනූගීතියා බහුතරිකා අනුගායති.

එහි වැලිත් බුදුහු යම් පමණ පදයන් නික්‍ෂේප කෙරෙත් ද එතෙක් පදයෙන් අනුගායන කෙරෙත්. “මහණෙනි සත් අඟෙකින් සමන්‍වාගත කල්‍යාණ මිත්‍ර ප්‍රිය වූයේ ගුරු වූයේ භාවනීය වූයේ” යී විස්තර කළයුතු. බුදුහු මෙය සත් පදයෙකින් අනුගායන කරන සේක. මෙසේ බහු ශ්‍රැතවත් වූයේ අල්පතර කථාව හෝ පදය හෝ අනුගායන කෙරෙයි ... ?

අයං වුච‍්චති අනුගීති ච විචයො. අයං විචයො නාම හාරො.

මේ අනුගීති විචය යයි කියනු ලැබේ. මේ විචය නම් හාර යි.

3. තත්‍ථ කතමො යුත‍්තිහාරො:

3. එහි යුක්තිහාරය කවරෙ යත්:

8. සබ‍්බෙසං හාරානං - යා භූමි යො ච ගොචරො තෙසං, යුත‍්තායුත‍්ත පරික‍්ඛා - හාරො යුත‍්තීති නිද‍්දිට‍්ඨො.

8. සියලු හාරයන්ගේ ඛ්‍යඤ්ජන, සංඛ්‍යාත යම් භූමියක් ඇද්ද, සූත්‍රාර්‍ත්‍ථ සංඛ්‍යාත, යම් ගෝචරයෙකුත් ඇද්ද, ඒ අර්‍ත්‍ථව්‍යඤ්ජනයන් මහා–අපදේසයන් හා යුක්ත අයුක්ත (යෙදෙන නොයෙදෙන) බව, දැක්වීම ලක්‍ෂණ කොට ඇත්තේ යුක්තිහාර නමැයි දක්වන ලද්දේ ය.

හාරානං සොළසන‍්නං යථා දෙසනා යථා විචයො යො ච නිද‍්දිසීයති. අයං නිද‍්දෙසො, අයං පුච‍්ඡා සුත‍්තෙසු න යුජ‍්ජතීති යා තත්‍ථ වීමංසා අයං යුත‍්ති.

සොළොස් හාරයන්ගේ දේසනාහාරය මෙන් විචයහාරය මෙන් යම් විමංසායෙක් දක්වනු ලැබේ ද, සූත්‍රයන්හි මේ නිර්‍දෙශය මේ පුච්ඡාව නො යෙදේ යයි එහි යම් විමංසායෙක් ඇද්ද මේ යුක්ති නම් වේ.

යථා හි සහෙතු සප‍්පච‍්චයා සත‍්තා සංකිලිස‍්සන‍්ති, අත්‍ථි හෙතු අත්‍ථි පච‍්චයො සත‍්තානං සංකිලෙසාය, සහෙතු සප‍්පච‍්චයා සත‍්තා විසුජ‍්ඣන‍්ති, අත්‍ථි හෙතු අත්‍ථි පච‍්චයො සත‍්තානං විසුද‍්ධියා.

ඒ මෙසේ යැ, හේතු සහිත වූවාහු ප්‍රත්‍යය සහිත වූවාහු සත්ත්‍වයෝ සංක්ලේශයට පැමිණෙන්නාහු ය, සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුයෙක් ඇත. ප්‍රත්‍යයෙක් ඇත. හේතු සහිත වූවාහු ප්‍රත්‍යය සහිත වූවාහු සත්ත්‍වයෝ විශුද්ධියට පැමිණෙත්. සත්ත්‍වයන්ගේ විශුද්ධියට හේතුයෙක් ඇත, ප්‍රත්‍යයෙක් ඇති.

“සීලවතා ආනන්‍ද පුග‍්ගලෙන න චෙතනාකරණීයා ‘කින‍්ති මෙ අවිප‍්පටිසාරො උප‍්පජ‍්ජෙය්‍යාති’ -පෙ- වෙය්‍යාකරණං. කත‍්තබ‍්බං. අයං විසුද‍්ධියා මග‍්ගො. තස‍්ස කො හෙතු කො පච‍්චයො සීලක‍්ඛන්‍ධස‍්ස, චත‍්තාරො හෙතු ච පච‍්චයා ච: යො ච සප‍්පුරිසසංසෙවො යො ච පතිරූපදෙසවාසො අයං උපාදාපච‍්චයතාය පච‍්චයො. යං පොරාණකම‍්මං අස‍්ස විපාකො පච‍්චයො, තාය පච‍්චයතාය අත‍්තසම‍්මාපණිධි, අයං හෙතු, ඉති සීලක‍්ඛන්‍ධො සහෙතු සප‍්පච‍්චයොති. ඉදං ලොකිකං සීලං.

“ආනන්‍දය, සිල්වත් පුඟුල්හු විසින් ‘කිසෙයින් මට අවිප්‍රතිසාරය උපදනේ දැ’යි චේතනා නො කටයුත්තී යැ ... වෙය්‍යාකරණය විස්තර කළ යුතු. මේ විශුද්ධියට මාර්‍ග යැ, ඒ ශීලස්කන්‍ධයට හේතු කවරෙ යැ, ප්‍රත්‍යය කවරෙ යැ : හෙතූහු ද ප්‍රත්‍යයෝ ද සතර දෙනෙක් වෙති : යම් සත්පුරුෂසංසේවායෙක් ඇද්ද යම් ප්‍රතිරූප දේශවාසයෙකුත් ඇද්ද, උපාදා ප්‍රත්‍යයතායෙන් මේ ප්‍රත්‍යය වෙයි. යම් පුරාණ කර්‍මයක් ඇද්ද ඒ කර්‍මයාගේ විපාකය ප්‍රත්‍යය වෙයි, ඒ ප්‍රත්‍යයභාවයෙන් ආත්මසම්‍යක්ප්‍රණීඨිය වෙයි. මේ හේතු යි. මෙසේ ශීලස්කන්‍ධය සහේතු සප්‍රත්‍යය වේ යයි. මේ ලෞකික ශීල යි.

යං පන ලොකුත‍්තරං සීලං තස‍්ස තීණි ඉන්‍ද්‍රියානි පච‍්චයො සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං අයං පච‍්චයො. සතින්‍ද්‍රියං ච පඤ‍්ඤින්‍ද්‍රියං ච හෙතු. පඤ‍්ඤාය නිබ‍්බෙධගාමිනියා යං සීලං ජායති. සොතාපන‍්නස‍්ස ච සීලං කෙනායං හෙතු අයං පච‍්චයො [?]

යළි යම් ලෝකෝත්තරශීලයෙක් ඇද්ද ඒ ශීලයට සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය යන තුන් ඉන්‍ද්‍රියයෝ ප්‍රත්‍ය වෙති. මේ ප්‍රත්ත්‍යය යි. සතින්‍ද්‍රිය ද පඤ්ඤින්‍ද්‍රිය ද හේතු යි. නිබ්බේධගාමිනී ප්‍රඥායෙන් යම් ශීලයක් උපදී ද, සෝවන්හුගේ ද සීලය ලෝකුත්තර යි.

යං පුන සමාධිනො පස‍්සද‍්ධි ච පීති ච පාමොජ‍්ජං ච පච‍්චයො. යං සුඛං හෙතු, තෙන සමාධික‍්ඛන්‍ධො සහෙතු සප‍්පච‍්චයො, යං සමාහිතො යථාභූතං පජානාති, අයං පඤ‍්ඤා. තස‍්සා පරතොඝොසො ආජ‍්ඣත‍්තං ච යොනිසොමනසිකාරො හෙතු ච පච‍්චයො ච. ඉති ඉමෙ තයො ඛන්‍ධා සහෙතු සප‍්පච‍්චයා. එවං සත‍්ත පඤ‍්ඤා. සත‍්තබ්‍යාකරණීසු ච සුත‍්තෙසු න යුජ‍්ජති. අයං යුත‍්තිහාරො, සො චතුසු මහාපදෙසෙසු දට‍්ඨබ‍්බො.

යළි සමාධියට යම් පස්සද්ධියක් ප්‍රීතියක් ප්‍රාමෝද්‍යයෙක් ඇද්ද මේ ප්‍රත්‍ය යැ, යම් සුඛයක් ඇද්ද මේ හේතු යි. එයින් සමාධික්ඛන්‍ධය සහේතු සප්‍රත්‍යය වේ. යම්හෙයෙකින් සමාහිත වූයේ යථා භූත වැ දැනගනී ද මේ ප්‍රඥා යැ. ඒ ප්‍රඥාවට පරතෝඝෝසය ද අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාරය ද හේතු ද ප්‍රත්‍යය ද වේ. මෙසේ මේ තුන් ස්කන්‍ධයෝ සහේතු සප්‍රත්‍යය වෙත්. (එවං සත්ත පඤ්ඤා සත්තඛ්‍යාකරණීසු ච සුත්තෙසුන යුජ්ජති?) මේ යුක්තිහාර යි” හේ සතර මහාපදේසයෙහි දතයුත්තේ යි.

4. තත්‍ථ කතමො පදට‍්ඨාන හාරො:

4. එහි පදට්ඨානයාරය කවරෙ යැ:

9. ධම‍්මං දෙසෙති ජිනො - තස‍්ස ච ධම‍්මස‍්ස යං පදට‍්ඨානං, ඉති යාව සබ‍්බධම‍්මො - එසො හාරො පදට‍්ඨානො.

9. ජිතපඤ්චමාර වූ බුදුහු දහම් දෙසති. ඒ කුශලාදි භේද වූ ධර්‍මයට කාරණ වූ යෝනිසෝමනසිකාරාදි යම් පදට්ඨානයෙක් ඇද්ද, මෙසේ සූත්‍රාගත වූ සියලු ධර්‍මයනට පදට්ඨාන (ආසන්න කාරණ) දැක්වීම ලක්‍ෂණ වූ තෙල හාරය පදට්ඨාන නම් වේ.

තත්‍ථ පඤ‍්ච කාමගුණා කාමරාගස‍්ස පදට‍්ඨානං, යෙසං කෙසඤ‍්චි කාමරාගො උප‍්පජ‍්ජති උප‍්පන‍්නො වා උප‍්පජ‍්ජිස‍්සති වා එතෙසු යෙව පඤ‍්චසු රූපාදිසු ආයතනෙසු, නාඤ‍්ඤත්‍ර එතෙහි කාමරාගස‍්ස පදට‍්ඨානන‍්ති. වුච‍්චතෙ, තෙන පඤ‍්ච කාමගුණා කාමරාගස‍්ස පදට‍්ඨානං, පඤ‍්චින්‍ද්‍රියානි රූපරාගස‍්ස පදට‍්ඨානං, මනින්‍ද්‍රියං භවරාගස‍්ස පදට‍්ඨානං, පඤ‍්චක‍්ඛන්‍ධා සක‍්කායදිට‍්ඨියා පදට‍්ඨානං, එකසට‍්ඨි දිට‍්ඨිගතානි දිට‍්ඨිරාගස‍්ස පදට‍්ඨානං, කාමධාතු කාමරාගස‍්ස පදට‍්ඨානං, රූපධාතු රූපරාගස‍්ස පදට‍්ඨානං අරූපධාතු අරූපරාගස‍්ස පදට‍්ඨානං, සුඛසඤ‍්ඤා කාමරාගස‍්ස පදට‍්ඨානං, බ්‍යාපාදසඤ‍්ඤා බ්‍යාපාදස‍්ස පදට‍්ඨානං, අසම‍්පජානතා සම‍්මොහස‍්ස පදට‍්ඨානං, නව ආඝාතවත්‍ථූනි බ්‍යාපාදස‍්ස පදට‍්ඨානං, නවවිධං මානං විධාමානස‍්ස පදට‍්ඨානං, සුඛා වෙදනා රාගානුසයස‍්ස පදට‍්ඨානං, දුක‍්ඛා වෙදනා පටිඝානුසයස‍්ස පදට‍්ඨානං, අදුක‍්ඛමසුඛා වෙදනා අවිජ‍්ජානුසයස‍්ස පදට‍්ඨානං, අත‍්තවාදූපාදානං ච මුසාවාදො ච ලොභස‍්ස පදට‍්ඨානං, පාණාතිපාතො ච පිසුනාවාචා ච ඵරුසාවාචා ච බ්‍යාපාදස‍්ස පදට‍්ඨානං, මිච‍්ඡත‍්තං ච සම‍්ඵප‍්පලාපො ච මොහස‍්ස පදට‍්ඨානං, භවං භොගං ච වොකාරො ච අහඞ‍්කාරස‍්ස පදට‍්ඨානං, බාහිරානං පරිග‍්ගහො මමඞ‍්කාරස‍්ස පදට‍්ඨානං, කායස‍්ස සඞ‍්ගං දිට‍්ඨියා පදට‍්ඨානං, කායිකදොසො දොසස‍්ස පදට‍්ඨානං, කායිකකාසාවො ලොභස‍්ස පදට‍්ඨානං, යො යො වා පන ධම‍්මො යෙන යෙන ආකාරෙන උප‍්පජ‍්ජති සත‍්තාධිට‍්ඨානෙන වා ධම‍්මාධිට‍්ඨානෙන වා අනුසයනෙන වා සො ධම‍්මො තස‍්ස පදට‍්ඨානං. තෙන ආකාරෙන සො ධම‍්මො උප‍්පජ‍්ජති.

එහි පඤ්චකාමගුණයෝ කාමරාගයට පදට්ඨාන යැ, යම් කිසි කෙනකුන්ට කාමරාගය උපදී ද උපන්නේ හෝ උපදනේ හෝ වේ ද, තෙල රූපාදි පඤ්ච ආයතනයන්හි මැ උපදී. මොවුන් කෙරෙන් අන් තැනෙක කාමරාගයට පදට්ඨාන නැති, එයින් කියනු ලැබේ. “පඤ්චකාම ගුණයෝ කාමරාගයට පදට්ඨාන යැ, පඤ්චේන්‍ද්‍රියයෝ රූපරාගයට පදට්ඨාන යැ, මනඉන්‍ද්‍රිය භවරාගයට පදට්ඨාන යැ, පඤ්චස්කන්‍ධයෝ සක්කාය දිට්ඨයට පදට්ඨාන යැ, එක්සැටක් දෘෂ්ටිගතයෝ දිට්ඨිරාගයට පදට්ඨාන යැ, කාමධාතුව කාමරාගයට පදට්ඨාන යැ, රූපධාතුව රූපරාගයට පදට්ඨාන යැ, අරූපධාතුව අරූපරාගයට පදට්ඨාන යැ, සුඛසංඥාව කාමරාගයට පදට්ඨාන යැ, ව්‍යාපාද සංඥාව ව්‍යාපාදයට පදට්ඨාන යැ, සම්‍යග්ඥාන රහිත බව සම්මෝහයට පදට්ඨාන යැ, නව ආඝාතවස්තු ව්‍යාපාදයට පදට්ඨාන යැ, නව විධ මානය විධා සංඛ්‍යාත මානයට පදට්ඨාන යැ, සුඛවේදනාව රාගානුශයට පදට්ඨාන යැ, දුක්ඛ වේදනාව පටිඝානුසයට පදට්ඨාන යැ, අදුක්ඛමසුඛ වේදනාව අවිද්‍යානුශයට පදට්ඨාන යැ, අත්තවාදූපාදානය ද මුසාවාදය ද ලෝභයට පදට්ඨාන යැ, ප්‍රාණඝාතය ද පිසුනවචනය ද පරුෂ වචනය ද ව්‍යාපාදයට පදට්ඨාන යැ, මිත්‍ථ්‍යාදෘෂ්ටිය ද සම්ඵප්‍රලාපය ද මෝහයට පදට්ඨාන යැ, භවය ද භොග ද ව්‍යවකාරය (සිතෙහි ව්‍යාකූලබව) ද අහංකාරයට පදට්ඨාන යැ, බාහිර වස්තූන් ගේ පරිග්‍රහය මමංකාරයට පදට්ඨාන යැ, කායසංගය (ඇලීම) දෘෂ්ටියට පදට්ඨාන යැ, කායික දෝෂය ද්වේෂයට පදට්ඨාන යැ, කායකසටය ලෝභයට පදට්ඨාන යැ, තවද යම් යම් ධර්‍මයෙක් සත්ත්‍වප්‍රඥප්ති වශයෙන් හෝ ධර්‍මවශයෙන් හෝ අනුශය වශයෙන් හෝ යම් යම් ආකාරයකින් උපදී ද, ඒ ධර්‍මය එයට පදට්ඨාන යි. ඒ ආකාරයෙන් ඒ ධර්‍මය උපදී.

යථා මනුස‍්සො පුරිමස‍්ස පදස‍්ස පදට‍්ඨානං අලභන‍්තො දුතියං පදං උද‍්ධරති. සො පච‍්ඡානුපදං සංහරති. යදි යන යො න දුතියපදස‍්ස පදට‍්ඨානං ලභති, අපරං පදං උද‍්ධරති, තස‍්ස සො චෙසො පච‍්චයො භවති. එවං ධම‍්මො කුසලො වා අකුසලො වා අබ්‍යාකතො වා පදට‍්ඨානං අලභන‍්තො න පවත‍්තති, යථා පයුත‍්තස‍්ස ධම‍්මස‍්ස යොනිසො. අයං වුච‍්චති පදට‍්ඨානො හාරො.

යම්සේ මිනිසෙක් පළමු පාදයට පිය තබන තැනක් නො ලබනුයේ දෙවැනි පිය නඟයි, හේ පසුපිය හකුළුවයි, යළි ඉදින් යමෙක් දෙවැනි පියට පිය තබන තැනක් නො ලබා නම් අනික් පිය නගයි, ඔහුට තෙල ප්‍රත්‍යය වේ. එපරිදි කුශල හෝ අකුශල හෝ අව්‍යාකෘත හෝ ධර්‍මය පදට්ඨානය නො ලබනුයේ නො පවතී. (යථා පයුත්තස්ස ධම්මස්ස යෝනිසෝ?) මේ පදට්ඨානහාර යයි කියනු ලැබේ.

5. තත්‍ථ කතමො ලක‍්ඛණො හාරො:

5 එහි, ලක්ඛණහාර කවරෙ යත් :

10. වුත‍්තම‍්හි එකධම‍්මෙ - යෙ ධම‍්මා එකලක‍්ඛණා තෙන, සබ‍්බෙ භවන‍්ති වුත‍්තා - සො හාරො ලක‍්ඛණො නාම.

10. (කුශලාදි හෝ ස්කන්‍ධාදි හෝ) එක් ධර්‍මයක් සූත්‍රයෙහි වදාළ කල්හි (කුශලාදි ස්කන්‍ධාදි භාවයෙන්) එය හා සමාන ලක්‍ෂණ වූ යම් ධර්‍මකෙනෙක් වෙත් ද, ඒ හැම ධර්‍මයෝ ලක්‍ෂණ වශයෙන් කියන ලද්දාහු වෙති, (නො දැක්වූ ධර්‍මයෝ එළවා දැක්වීම ලක්‍ෂණ කොට ඇති) ඒ හාරය ලක්ඛණහාර නම් වේ.

“යෙසං ච සුසමාරද‍්ධා - නිච‍්චං කායගතාසතී”ති ගාථාය වුත‍්තාය කායගතාගතියා වුත‍්තා වෙදනාගතා චිත‍්තගතා ධම‍්මගතා ච සති, චතුන‍්නං සතිපට‍්ඨානානං එකෙන සතිපට‍්ඨානෙන. නහි චිත‍්තං එකස‍්මිං විඤ‍්ඤාණට‍්ඨිතියා පවත‍්තති, නානාසු ගතීසු පවත‍්තති, කායගතාසතියා වුත‍්තාය වුත‍්තා වෙදනාගතා චිත‍්ත - ධම‍්මගතා ච. න හි කායගතාසතියා භාවිතාය සතිපට‍්ඨානා චත‍්තාරො භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්ති. එවං තස‍්සදිසෙසු ධම‍්මෙසු වුත‍්තෙසු සබ‍්බධම‍්මා වුත‍්තා ච භවන‍්ති.

“යම් කෙනකුන් විසින් නිරතුරු කාගියාසී මොනවට වඩන ලද ද” යන ගාථායෙහි කායගතාසතිය වදාළ කල්හි වේදනාගතා–චිත්තගතා–ධම්මගතාසති ද වදාරන ලද්දාහු වෙති. සතර සතිපට්ඨානයෙන් එක සතිපට්ඨානයකින් වදාළ හෙයිනි. චිත්තය එක විඤ්ඤාණට්ඨිතියෙක්හි නො මැ පවතී, නානාගතීන්හි පවතී, කායගතාසතිය වදාළ කල්හි වේදනා–චිත්ත–ධම්මගතාසති ද වදාරන ලද වෙයි. කායගතාසති වැඩූකල්හි සතර සතිපට්ඨානයෝ භාවනායෙන් පිරීමට නො මැ යෙත්. මෙසේ ඊට සමාන වූ ධර්‍මයන් වදාළ කල්හි සියලු ධර්‍මයෝ වදාරන ලද්දාහු ද වෙත්.

“සචිත‍්තපරියොදපනං එතං බුද‍්ධාන සාසන”න‍්ති ගාථා චෙතසිකා ධම‍්මා වුත‍්තා, චිත‍්තෙ රූපං වුත‍්තං. ඉදං නාමරූපං දුක‍්ඛං අරියසච‍්චං තතො සචීත‍්තපරියොදපනා යං පටිවෙධෙන ඔදපෙති, තං දුක‍්ඛං යතො ඔදපෙති සො සමුදයො යෙන ඔදපෙති, සො මග‍්ගො. යං ඔදපිතං සො නිරොධො.

“සචිත්පරියොදපනං එතං බුද්ධාන සාසනං” යන ගාථාව : මෙහි චෛතසික ධර්‍මයෝ වදාරනලද්දාහුය. චිත්තයෙහි රූපය කියන ලදි. මේ නාමරූපය දුඃඛාර්‍ය්‍යසත්‍ය යැ, එයින් ස්වචිත්තයාගේ පවිත්‍ර කිරීම වේ. යමක් ප්‍රතිවේධ සංඛ්‍යාත පරිඥාභිසමයෙන් පවිත්‍ර කෙරේ ද, එය දුඃඛ යැ, යමක් කෙරෙන් පවිත්‍ර කෙරේ ද ඒ සමුදය යැ, යමක් කරණකොට පවිත්‍ර කෙරේ ද, ඒ මාර්‍ගය යැ, යමක් පවිත්‍ර කරන ලද ද ඒ නිරෝධ යි.

“චක‍්ඛුං ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණං.” තත්‍ථ සහජාතා වෙදනා සඤ‍්ඤා චෙතනා ඵස‍්සො මනසිකාරො එතෙ තෙ ධම‍්මා එකලක‍්ඛණා උප‍්පාදලක‍්ඛණෙන. යො ච රූපෙ නිබ‍්බින්‍දති, වෙදනාය සො නිබ‍්බින්‍දති, සඤ‍්ඤාසඞ‍්ඛාරවිඤ‍්ඤාණෙසුපි සො නිබ‍්බින්‍දති. ඉති යෙ එකලක‍්ඛණා ධම‍්මා තෙසං එකම‍්හි ධම‍්මෙ නිද‍්දිට‍්ඨෙ සබ‍්බෙ ධම‍්මා නිද‍්දිට‍්ඨා හොන‍්ති. අයං වුච‍්චති ලක‍්ඛණො හාරො.

“චක්ඛුං ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං” එහි සහජාත වූ වේදනා යැ සඤ්ඤා යැ චේතනා යැ ඵස්ස යැ මනසිකාර යැ යන තෙල ධර්‍මයෝ උත්පාද ලක්‍ෂණ යෙන් සමාන ලක්‍ෂණ ඇත්තාහු යැ. යමෙක් රූපයෙහි නිර්වේදයට (කලකිරීමට) පැමිණේ ද හේ වේදනායෙහි නිර්වේදයට පැමිණෙයි. සඤ්ඤා–සංඛාර–විඤ්ඤාණයන්හිදු හේ නිර්වේදයට පැමිණෙයි, මෙසේ සමාන ලක්‍ෂණ වූ යම් ධර්‍මකෙනෙක් වෙත් ද, ඔවුනතුරෙන් එක් ධර්‍මයක් දැක් වූ කල්හි සියලු ධර්‍මයෝ දක්වන ලද්දාහු වෙත්. මේ ලක්ඛණහාර යයි කියනු ලැබේ.

6. තත්‍ථ කතමො චතුබ්‍යූහො හාරො:

6. එහි චතුඛ්‍යුහභාරය කවරෙ යත්:

11. නිරුත‍්ති අධිප‍්පායො ච -බ්‍යඤ‍්ජනා දෙසනාය ච, සුත‍්තත්‍ථො පුබ‍්බාපරසන්‍ධි - එසො හාරො චතුබ්‍යූහො.

11. සූත්‍රාගත, පදනිර්වචන සංඛ්‍යාත නිරුත්තිය ද දේශකයන්ගේ අධිප්‍රාය ද දේශනාවගේ නිදානය ද සූත්‍රාර්‍ත්‍ථ වූ පූර්‍වාපරසන්‍ධිය ද යන චතුර්විධ ලක්‍ෂණයන් වර්‍ණනා කිරීම ලක්‍ෂණ කොට ඇති තෙල හාරය චතුබ්‍යුහ නම් වේ.

තත්‍ථ කතමා නිරුත‍්ති: සා කථං පරියෙසිතබ‍්බා, යථා වුත‍්තං භගවතා “එකාදසහි අඞ‍්ගෙහි සමන‍්නාගතො භික‍්ඛු ඛිප‍්පං ධම‍්මෙසු මහත‍්තං පාපුණාති, අත්‍ථකුසලො ච හොති ධම‍්මකුසලො ච හොති බ්‍යඤ‍්ජනකුසලො ච හොති නිරුත‍්තිකුසලො ච හොති ඉත්‍ථාධිවවනකුසලො ච හොති පුරිසාධිවචනකුසලො ච විපුරිසාධිවචනකුසලො ච අතීතාධිවචනකුසලො ච අනාගතාධිවචනකුසලො ච පච‍්චුප‍්පන‍්නාධිවචනකුසලො ච. එකාධිප‍්පායෙන කුසලො අනෙකාධිප‍්පායෙන කුසලො කිම‍්හි දෙසිතං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං. ඉත්‍ථාධිවචනෙන පුරිසාධිවචනෙන සබ‍්බං යථාසුත‍්තං නිද‍්දිට‍්ඨං. තං බ්‍යඤ‍්ජනතො නිරුත‍්තිකොසල‍්ලතො යො යං සුත‍්තස‍්ස සුනිරුත‍්ති දුන‍්නිරුත‍්ති තං අවෙක‍්ඛති, ඉදං එවං නිරොපයිතබ‍්බං, ඉදම‍්පි න නිරොපයිතබ‍්බං. ඉදං වුච‍්චතෙ නිරුත‍්තිකොසල‍්ලං.

එහි නිරුත්ති කවරැ : ඒ නිරුත්ති කිසෙයින් සෙවියැයුත්තී ද යත් : භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාරන ලද : “එකොළොස් අඟෙකින් සමන්‍වාගත මහණ වහා ධර්‍මයෙහි මහත්ත්‍වයට පැමිණෙයි, පාළි අර්‍ත්‍ථයෙහි දක්‍ෂවූයේත් වෙයි, පාළියෙහි දක්‍ෂ වූයේත් වෙයි. අක්‍ෂර වාක්‍ය සංඛ්‍යාත ව්‍යඤ්ජනයෙහි කුසල වූයේත් වෙයි නිර්වචනයෙහි කුසල වූයේත් වෙයි, ස්ත්‍රී ප්‍රඥප්තියෙහි නිපුණ වූයේත් වෙයි, පුරුෂ ප්‍රඥප්තියෙහි නිපුණ වූයේත් වෙයි, නපුසංසක ප්‍රඥප්තියෙහි නිපුණ වූයේත් වෙයි, අතීත ප්‍රඥප්තියෙහි නිපුණ වූයේත් වෙයි, අනාගත ප්‍රඥප්තියෙහි නිපුණ වූයේත් වෙයි, වර්‍තමානප්‍රඥප්තියෙහි නිපුණ වූයේත් වෙයි, එකවචනයෙහි නිපුණ වූයේත් වෙයි, අනේක වචනයෙහි නිපුණ වූයේත් වෙයි, ප්‍රත්‍යුත් පන්නාධිවචනයෙහි කුශල වූයේත් වෙයි, ඒකාධිප්‍රායයෙන් දෙසන ලද්දෙහිත් අනේකාධි ප්‍රායයෙන් දෙසන ලද්දෙහිත් කුශල වෙයි. ඒ එසේ මැය කිම දේශිතය අතීතානාගත ප්‍රත්‍යුත්පන්න ද, ස්ත්‍රිලිංගයෙන් පුරුෂලිංගයෙන් නපුංසක ලිංගයෙන් දෙසන ලද දැයි සියල්ල සූත්‍රානුරූප ව දක්වන ලද, එය ඛ්‍යඤ්ජනවශයෙන් නිරුත්තිකුසලබව හෙයින් සූත්‍රයාගේ යම් සුනිරුත්ති දුන්නිරුත්තියක් වේ ද එය “මේ පදය මෙසේ නිරූපණය කළයුතු ය, මෙය නිරූපණය නොකළයුතු යයි නුවණින් බලයි. මේ නිරුක්තිකෞශල්‍ය යයි කියනු ලැබේ. (මෙහි පෙළ ඉතා ව්‍යාකූලයි.)

තත්‍ථ කතමං අධිප‍්පායකොසල‍්ලං: යථාදෙසීතස‍්ස සුත‍්තස‍්ස (සබ‍්බස‍්ස වාරං ගච‍්ඡති, ඉමෙන භගවතා දෙසිතන‍්ති) යථා කිං:

එහි අධිප්පායකෝසල්ලය කවරෙ යත්: දේශනා කරන ලද සූත්‍රය පිළිබඳව භාග්‍යවතුන් විසින් මේ අදහසින් දෙසන ලදැයි දේශනායෙහි අදහස දැක්විය යුතු යැ (?) කෙබඳු ද යත්:

“අප‍්පමාදො අමතපදං පමාදො මච‍්චුනො පද”න‍්ති ගාථා.

“ස්මෘති අවිප්‍රවාස සංඛ්‍යාත අප්‍රමාදය නිවනට කාරණ යැ, ප්‍රමාදය මරණයට කාරණ වෙයි” යන ගාථාව යැ.

තත්‍ථ භගවතො කො අධිප‍්පායො: යෙ අමතමෙව ආකඞ‍්ඛන‍්ති තෙ අප‍්පමත‍්තා විහරිස‍්සන‍්ති. අයං අධිප‍්පායො.

මෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් අමෘතය (නිවන) මැ කැමැති වෙත් ද, ඔහු අප්‍රමත්ත වැ වාසකරන්නාහ” යන මේ අදහස යි.

12. (යොගස‍්ස කාලං න නිවත‍්තති යා ච සො න තත්‍ථ පාපින‍්තවෙ භවන‍්ති, වෙදනාමග‍්ගඉසිනා පවෙදිතං. ධුතරජාසවා දුක‍්ඛා පමොක‍්ඛාතා)?

12. (මේ ගාථාව අතිශයින් ව්‍යාකූල යැ මේ තාක් ශුද්ධ කිරීමට හසරක් නො ලැබිණ.)

එත්‍ථ භගවතො කො අධිප‍්පායො: යෙ දුක‍්ඛෙනානස‍්සාදකා [?] තෙ විරියමාරභිස‍්සන‍්ති දුක‍්ඛක‍්ඛයායා’ති අයං තත්‍ථ භගවතො අධිප‍්පායො. ඉති ගාථාය වා බ්‍යාකරණෙ වා දෙසිතෙ ඉමිනා සුත‍්තෙන සාධකා [?] යො එවං ධම‍්මානුධම‍්මං පටිපජ‍්ජතීති සො අධිප‍්පායො. අයං වුච‍්චති දෙසනාධිප‍්පායො,

මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යත්: යම් කෙනෙක් දුකින් මිදෙනු කැමැත්තාහු ද, ඔහු දුක් ක්‍ෂය කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ කරන්නාහු යැ. මේ එහි භාග්‍යවත්හුගේ අදහස යි. මෙසේ ගාථාවක් හෝ වෙය්‍යාකරණයක් හෝ දේසිත කල්හි මේ සූත්‍රයෙන් දැක්වූ ධර්‍මානුධර්‍මයෙහි පිළිපදනේ යැ යනු අභිප්‍රාය යි. (?) මේ දේසනාධිප්පාය නමැයි කියනු ලැබේ.

තත්‍ථ කතමො පුබ‍්බාපරසන්‍ධි: (යං ගාථායං වා සුත‍්තෙ වා පදානි අසීතිතානි [?] භවන‍්ති එවං වා එවමෙවහි තස‍්සා ගාථාය සුත‍්තස‍්ස වා යානි පුරිමානි පදානි යානි ච පච‍්ඡිමකානි, නානි සමොසාරෙතබ‍්බානි. එවං සො පුබ‍්බාපරෙන සන්‍ධි ඤායති. යා එකා සමාරද‍්ධා ගාථා ද‍්වෙ තීණි වා තස‍්සමෙකදෙසෙ භාසිතානං අභාසිතාහි ගාථාහි අනිද‍්දිට‍්ඨො අත්‍ථො භවති තදුපධාරිතබ‍්බං යං වත‍්තබ‍්බං ඉතිස‍්ස පරියෙසමානස‍්ස පරියෙසනාකඞ‍්ඛා, තස‍්ස වා පුග‍්ගලස‍්ස පඤ‍්ඤත‍්තීනං අපරෙ පරියෙසිතබ‍්බං. ඉදං වුච‍්චතෙ පුබ‍්බාපරෙන සන්‍ධි.)?

එහි පුබ්බාපරසන්‍ධි කවරෙ යත්: (පුබ්බාපරසන්‍ධි දක්වන වාක්‍යය ද ව්‍යාකූලව ඇත.)

‘කොසල‍්ල’න‍්ති වත්‍ථුතො නිදානකොසල‍්ලං. බ්‍යඤ‍්ජනතො නිරුත‍්තිකොසල‍්ලං, දෙසනාධිප‍්පායකොසල‍්ලං, පුබ‍්බාපරෙන සන්‍ධිකොසල‍්ලං. තත්‍ථ තස‍්ස ගාථා පරියෙසිතා නිදානං වා උපලහිතුං. න අත්‍ථො නිද‍්දිසිතබ‍්බො වත්‍ථුතො නිදානකොසල‍්ලං අත්‍ථකොසල‍්ලං ඉමෙහි චතුහි පදෙහි අත්‍ථො පරියෙසියන‍්නො යථාභූතං පරියිට‍්ඨො හොති. අථ ච සබ‍්බො වත්‍ථුතො වා නිදානෙන වා යො අධිප‍්පායො බ්‍යඤ‍්ජනො නිරුත‍්ති සඣි ච අනුත‍්තරො එසො පුබ‍්බාපරෙන එවං සුත‍්තත්‍ථෙන දෙසිතබ‍්බං. අයං චතුබ්‍යූහො හාරො.

කොසල්ල යනු : වස්තු වශයෙන් නිදාන දැක්වීමෙහි කුශල බව ද ව්‍යඤ්ජන වශයෙන් නිරුක්ති දැක්වීමෙහි කුශලබව ද, දේශනායෙහි අදහස දැක්වීම පිළිබඳ කුශලබව ද පූර්‍වාපර වශයෙන් දේශනා සන්‍ධි දැක්වීමෙහි කුශලබව ද වේ ... ? (මෙ ද ව්‍යාකූල තැනෙකි) ... මේ චතු බ්‍යුහහාර යි.

7. තත්‍ථ කතමො ආවත‍්තො හාරො:

7. එහි ආවත්හාර කවරෙ යත්:

13. එකම‍්හි පදට‍්ඨානෙ - පරියෙසති සෙසකං පදට‍්ඨානං, ආවත‍්තති පටිපක‍්ඛෙ - ආවත‍්තො නාම සො හාරො.

13. ආරම්භධාතු ආදී (පරක්කමධාතු ආදියට) පදට්ඨාන වූ එක් ධර්‍මයක් දේශනාරූඪ කල්හි ඒ ධර්‍මයට විෂභාගභාවයෙන් (ප්‍රමාදාදියට පදට්ඨාන වූ කෝසජ්ජාදි) අවශේෂ පදට්ඨානධර්‍මය ගවේෂණය කෙරෙයි, එය සොයා ප්‍රතිපක්‍ෂධර්‍මයන් ආවර්‍තන කෙරෙයි. (මෙසේ සභාග විෂභාගවශයෙන් ආවර්‍තන ලක්‍ෂණ වූ) ඒ හාරය ආවට්ටහාර නම් වේ’.

යථා කිං: “උන‍්නළානං පමත‍්තාන”න‍්ති ගාථායො. ඉදං කිස‍්ස පදට‍්ඨානං: කුසලානං ධම‍්මානං ඔස‍්සග‍්ගස‍්ස. කුසලධම‍්මොස‍්සග‍්ගො පන කිස‍්ස පදට‍්ඨානං: අකුසලධම‍්ම පටිසෙවනාය. (අප‍්පමාදො) කිස‍්ස පදට‍්ඨානං: කුසලධම‍්මපටිසෙවනාය. (පමාදො) කිස‍්ස පදට‍්ඨානං: කිලෙසවත්‍ථුපටිසෙවනාය. ඉති පමාදෙන මොහපක‍්ඛියා දිට‍්ඨි අවිජ‍්ජා ඡන්‍දරාගපක‍්ඛියා, තත්‍ථ තණ‍්හා ච දිට‍්ඨි ච චත‍්තාරො ආසවා, තණ‍්හා කාමාසවො ච භවාසවො ච, දිට‍්ඨි දිට‍්ඨාසවො ච අවිජ‍්ජාසවො ච. තත්‍ථ චිත‍්තෙ අත්‍ථිති දිට‍්ඨි චෙතසිකෙසු නිච‍්චන‍්ති පඤ‍්චසු කාමගුණෙසු අජ‍්ඣාවහනෙන කාමාසවො, උපපත‍්තීසු ආසත‍්ති භවාසවො. තත්‍ථ රූපකායො කාමාසවස‍්ස භවාසවස‍්ස ච පදට‍්ඨානං, නාමකායො දිට‍්ඨාසවස‍්ස අවිජ‍්ජාසවස‍්ස ච පදට‍්ඨානං.

කෙබඳු ද යත් : “උන්නළානං, පමත්තානං” යන ගාථා යි, මේ කුමකට පදට්ඨාන ද යත් : කුශලධර්‍මයන්ගේ හැරපීමට යැ, කුශලධර්‍මයන් හැරපීමට වැලිත් කුමකට පදට්ඨාන ද යත් : අකුශලධර්‍මයන්ගේ සේවනය කිරීමට යැ, (අප්‍රමාදය) කුමකට පදට්ඨාන ද යත් : කුශලධර්‍මයන්ගේ සේවනයටයැ (ප්‍රමාදය) කුමකට පදට්ඨාන ද යත් : ක්ලේශවස්තු සේවනයට යැ මෙසේ ප්‍රමාදය හේතුකොටගෙන මෝහපක්‍ෂයෙහි වූ දෘෂ්ටිය ද ඡන්‍දරාග පක්‍ෂයෙහි වූ අවිද්‍යාව ද වෙයි. එහි තෘෂ්ණාවත් දෘෂ්ටියත් සතර ආස්‍රවයෝ වෙත්. තෘෂ්ණාව කාමා ස්‍රවය ද භවාස්‍රවය ද වෙයි. දෘෂ්ටිය දෘෂ්ටි ආස්‍රවය ද අවිද්‍යාස්‍රවය ද වේ. එහි චිත්තයෙහි (?) ඇත යන දෘෂ්ටිය චෛතසිකයන්හි නිත්‍ය යයි පඤ්චකාමගුණයන්හි බැසගෙන සිටීමෙන් කාමාස්‍රවය වෙයි, උපප්‍රාප්තියෙහි ඇලීම භවාස්‍රවය වේ. එහි රූපකාය කාමාස්‍රවයට ද භවාස්‍රවයට ද පදට්ඨාන යැ, නාමකාය දෘෂ්ටිආස්‍රවයට ද අවිද්‍යාස්‍රවයට ද පදට්ඨාන යි.

තත්‍ථ අල‍්ලීයනාය අජ‍්ඣත‍්තවාහනං කාමාසවස‍්ස ලක‍්ඛණං, පත්‍ථනා ගන්‍ථෙන අභිසඞ‍්ඛාරකාය සඞ‍්ඛරණං. භවාසවස‍්ස ලක‍්ඛණං, අභිනිවෙසො ච පරාමාසො ච දිට‍්ඨාසවස‍්ස ලක‍්ඛණං, අප‍්පටිවෙධො ච ධම‍්මෙසු අසම‍්පජඤ‍්ඤා ච අවිජ‍්ජාසවස‍්ස ලක‍්ඛණං.

එහි ඇලීමෙන් අධ්‍යාත්මයෙහි බැසගෙන සිටීම කාමාස්‍රවයන්ගේ ලක්‍ෂණ යැ, ප්‍රාර්‍ත්‍ථනයෙන් ග්‍රන්‍ථනයෙන් අභිසංස්කාරකායයාගේ සංස්කරණය භවාස්‍රවයාගේ ලක්‍ෂණ යැ, අභිනිවේශය ද පරාමාසය ද දෘෂ්ටිආස්‍රවයාගේ ලක්‍ෂණ යැ, ධර්‍මයන්හි අප්‍රතිවේධය ද අසම්ප්‍රජන්‍යය ද අවිද්‍යාස්‍රවයාගේ ලක්‍ෂණ යි.

ඉමෙ චත‍්තාරො ආසවා චත‍්තාරි උපාදානානි: කාමාසවො කාමූපාදානං, භවාසවො භවූපාදානං, දිට‍්ඨාසවො දිට‍්ඨුපාදානං, අවිජ‍්ජාසවො අත‍්තවාදූපාදානං, ඉමෙහි චතූහි උපාදානෙහි පඤ‍්චක‍්ඛන්‍ධො.

මේ සතර ආස්‍රවයෝ සතර උපාදානයෝ වෙති: කාමාස්‍රවය කාමොපාදාන යැ, භවාස්‍රවය භවෝපාදාන යැ, දෘෂ්ටිආස්‍රවය දෘෂ්ට්‍යුපාදාන යැ, අවිද්‍යාස්‍රවය ආත්මවාදෝපාදාන යි. මේ සතර උපාදානයන්ගෙන් පඤ්චස්කන්‍ධයෝ වෙත්.

තත්‍ථ අවිජ‍්ජාසවො චිත‍්තෙ පහාතබ‍්බො. සො චිත‍්තෙ චිත‍්තානුපස‍්සිස‍්ස පහීයති, දිට‍්ඨාසවො ධම‍්මෙසු පහාතබ‍්බො, සො ධම‍්මෙසු ධම‍්මානුපස‍්සිස‍්ස පහීයති. භවාසවො ආසත‍්තියා පහාතබ‍්බො, සො වෙදනාසු වෙදනාසුපස‍්සිස‍්ස පහීයති. කාමාසවො පඤ‍්චසු කාමගුණෙසු පහාතබ‍්බො, සො කායෙ කායානුපස‍්සිස‍්ස පහීයති.

එහි අවිද්‍යාස්‍රවය චිත්තයෙහි ලා ප්‍රහාතව්‍ය යැ, එය චිත්තයෙහි චිත්තානුදර්ශී වූවහුට ප්‍රහීණ වෙයි. දෘෂ්ටිආස්‍රවය ධර්‍මවිෂයෙහි ප්‍රහාතව්‍ය යැ, එය ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වූවහුට ප්‍රහීණ වෙයි. භවාස්‍රවය ආසත්තියෙහි ලා ප්‍රහාතව්‍ය යැ, එය වේදනාවන්හි වේදනානුදර්ශී වූවහුට ප්‍රහීණ වෙයි, කාමාස්‍රවය පස්කම්ගුණයෙහි ලා ප්‍රහාතව්‍ය යැ, එය කයෙහි කායානුදර්ශී වූවහුට ප්‍රහීණ වේ.

තත්‍ථ කායානුපස‍්සනා දුක‍්ඛං අරියසච‍්චං භජති, වෙදනානුපස‍්සනා පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං පච‍්චයො, සුඛින්‍ද්‍රියස‍්ස දුක‍්ඛින්‍ද්‍රියස‍්ස සොමනස‍්සින්‍ද්‍රියස‍්ස දොමනස‍්සින්‍ද්‍රියස‍්ස උපෙක‍්ඛින්‍ද්‍රියස‍්ස සත‍්තකිලෙසොපචාරො තෙන සමුදයං භජති, චිත‍්තෙ චිත‍්තානුපස‍්සනා නිරොධං භජති, ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනා මග‍්ගං භජති.

එහි කායානුපස්සනාව දුඃඛාර්‍ය්‍යසත්‍යය භජනය කෙරෙයි, වේදනානුපස්සනාව සුඛින්‍ද්‍රිය දුක්ඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය උපෙක්ඛින්‍ද්‍රිය යන පඤ්චේන්‍ද්‍රියයන්ට ප්‍රත්‍යය වෙයි, එයින් සප්ත ක්ලේශයන්ගේ උපචාරය සමුදයසත්‍යය භජනය කෙරෙයි. චිත්තයෙහි චිත්තානුපස්සනාව නිරෝධසත්‍යය භජනය කෙරෙයි. ධර්‍මයන්හි ධම්මානු පස්සනාව මාර්‍ගසත්‍යය භජනය කෙරෙයි.

තෙනස‍්ස චතූසු ච දස‍්සනෙන තස‍්සෙව සබ‍්බෙ පහීයන‍්ති යෙන නිද‍්දිට‍්ඨා පඨමං “උන‍්නළානං පමත‍්තානං තෙසං වඩ‍්ඪන‍්ති ආසවා” ජානතො හි පස‍්සතො ආසවානං ඛයො, දුක‍්ඛං සමුදයො නිරොධො මග‍්ගො හි අකුසලා ධම‍්මා එවං පරියෙසිතබ‍්බා යාව තස‍්ස අකුසලස‍්ස ගති තතො පටිපක‍්ඛෙන අකුසලෙ ධම‍්මෙ පරියෙසති තෙසං කිලෙසානං හාරෙන ආවත‍්තති. අයං වුච‍්චතෙ ආවට‍්ටො හාරො.

එහෙයින් සතර සතිපට්ඨානයන්හි ලා චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේ දර්‍ශනයෙන් ඔහුගේ සියලු ආස්‍රවයෝ ප්‍රහීණ වෙත්. යම්හෙයකින් පළමු කොට “උන්නළානං පමත්තානං තෙසං වඩ්ඨන්ති ආසවා” යනු දක්වන ලද්දී ද එහෙයිනි. (යෝනිසෝමනසිකාරය) දන්නහුට දක්නහුට මැ ආස්‍රවක්‍ෂය වෙයි ... අකුශලධර්‍මයෝ මෙසේ සෙවියැ යුත්තාහ. අකුශලයාගේ ගති (පැවැත්ම) යම්තාක් වේ ද එපරිද්දෙනි. ඊට ප්‍රතිපක්‍ෂ විසින් අකුශල ධර්‍මයන් පර්‍ය්‍යෙෂණ කෙරෙයි. ඒ ක්ලේශයන් මේ භාරයෙන් ආවර්‍තන කෙරෙයි. මේ ආවට්ට භාර යී කියනු ලැබේ.

එවං සුක‍්කාපි ධම‍්මා පරියෙසිතබ‍්බා. අකුසලධම‍්මෙ ආවට‍්ටෙත්‍වා. තත්‍ථ ආවට‍්ටස‍්ස හාරස‍්ස අයං භූමි: සතිඋපට‍්ඨානා ච විපල‍්ලාසා ච චත‍්තාරි ඤාණානි සක‍්කායසමුප‍්පාදගාමිනී ච පටිපදා සක‍්කායනිරොධගාමිනී පටිපදා.

මෙසේ අකුශලධර්‍මයන් ආවර්‍තන කොට කුශලධර්‍මයෝ ද සෙවියැ යුත්තාහ. එහි ආවට්ටහාරයට මේ භූමි යැ: සතර සතිපට්ඨානයෝ ද සතර විපල්ලාසයෝ ද සතර මාර්‍ගඥානයෝ ද සක්කායසමුප්පාදගාමිනී පටිපදාව ද සක්කායනිරෝධගාමිනී පටිපදාව ද යන මේ ධර්‍මයෝ යි.

8. තත්‍ථ කතමො විභත‍්ති හාරො:

8. එහි විභක්තිහාරය කවරෙ යැ:

යං කිඤ‍්චි විභජ‍්ජබ්‍යාකරණීයං වුච‍්චති විභත‍්ති හාරො, යථා කිං ආගන‍්ත්‍වා ච පුන පුග‍්ගලො හොති, නො වාගතං න පරිභාසති පරිපුච‍්ඡතාය පට‍්ඨාය අතියනං එකස‍්ස කිඤ‍්චි. අයං වුච‍්චතෙ විභත‍්තිහාරො.

විභාග කොට ප්‍රකාශ කළ යුතු (කුශලාදි භේද වූ ධර්‍ම යැ විශේෂාධිගමයට කාරණ වූ පදට්ඨාන යැ පෘථග්ජනාදි භූමි යැ යන) යම් කිසි ධර්‍මයක් ඇද්ද මේ විභක්ති හාර යයි කියනු ලැබේ. කුමක් මෙන් ද යත්: (ආගන්ත්‍වා ද–?) මේ විභක්තිහාර යයි කියනු ලැබේ.

9. තත්‍ථ කතමො පරිවත‍්තනො හාරො:

9. එහි පරිවර්‍තනහාර කවරැ:

යං කිඤ‍්චි පටිපක‍්ඛනිද‍්දෙසො, අයං වුච‍්චති පරිවත‍්තනො, හාරො, යථාවුත‍්තං භගවතා: “සම‍්මාදිට‍්ඨිකස‍්ස පුරිසපුග‍්ගලස‍්ස මිච‍්ඡාදිට‍්ඨි නිජ‍්ජිණ‍්ණා හොතී”ති විත්‍ථාරෙන සබ‍්බානි මග‍්ගඞ‍්ගානි. අයං වුච‍්චතෙ පරිවත‍්තනො හාරො.

යම් කිසි ප්‍රතිපක්‍ෂ වශයෙන් නිර්දේශයෙක් ඇද්ද, මේ පරිවර්‍තනහාර යයි කියනු ලැබේ. “සම්‍යග්දෘෂ්ටි ඇති පුඟුල් හට මිත්‍ථ්‍යාදෘෂ්ටිය (විදර්‍ශනා සම්‍යග්දෘෂ්ටියෙන් විෂ්කම්භිතව මාර්‍ගසම්‍යග් දෘෂ්ටියෙන් සමුච්ඡින්නව) ප්‍රහීණ වේ” යයි විස්තරයෙන් සියලු මාර්‍ගාංගයෝ දැක්විය යුත්තාහ. මේ පරිවර්‍තනභාර යී කියනු ලැබේ.

10. තත්‍ථ කතමො වෙවචනො හාරො:

10. එහි වෙවචනහාරය කවරැ :

14. වෙවචනෙහි අනෙකෙහි - එකං ධම‍්මං පකාසිතං, සුත‍්තෙ යො ජානාති සුත‍්තවිදූ - වෙවචනො නාම සො හාරො

14. සූත්‍ර දන්නා වූ යමෙක් සූත්‍රයෙහි නොයෙක් වෙවචනයන්ගෙන් ප්‍රකාශ කරන ලද එක් ධර්‍මයක් දැනගනී ද, ඒ හාරය තෙමේ වෙවචන නම් වේ.

යථා ආයස‍්මා සාරිපුත‍්තො එකම‍්හි වත්‍ථුම‍්හි වෙවචනෙන නානාසුත‍්තෙන, භගවතා පසංසිතො “මහාපඤ‍්ඤො සාරිපුත‍්තො හාසපඤ‍්ඤො ජවනපඤ‍්ඤො”ති, ඉදං පඤ‍්ඤාය වෙවචනං:

ඒ මෙසේ යැ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ එක් වස්තුයෙක්හි ලා භාග්‍යවතුන් විසින් වෙවචන වූ නානාසූත්‍රයෙන් පසස්නා ලදහ. “ශාරීපුත්‍ර මහාපඤ්ඤ යැ හාසපඤ්ඤ යැ ජවන පඤ්ඤ යැ” යි මේ ප්‍රඥාවට වෙවචන යි.

යථා ච මග‍්ගවිභඞ‍්ගෙ නිය්‍යානත්‍ථො එකමෙකං මග‍්ගඞ‍්ගං වෙවචනෙහි නිද‍්දිට‍්ඨං. එවං අවිජ‍්ජාය වෙවචනා. එකං අකුසලමූලං තදෙව සන‍්තං තෙසු තෙසු ජනපදෙසු තෙන තෙන පජානන‍්ති. න හි අනෙන තදෙවපි ආලපීයන‍්ති අඤ‍්ඤං භජති ‘සබ‍්බකාමජහස‍්ස භික‍්ඛුනො’ති කාමා ආලපිතා. “යස‍්ස නිත‍්තිණ‍්ණො පඞ‍්කො”ති තෙ යෙව කාමෙ පඞ‍්කොති ආලපති “සුණමානස‍්ස පුරෙතරං රජ”න‍්ති තෙයෙව කාමෙ ‘රජ’න‍්ති ආලපති, එවං සුත‍්තම‍්හි යො ධම‍්මො දෙසීයති තස‍්ස පරියෙට‍්ඨි “කතමස‍්ස ධම‍්මස‍්ස ඉදං නාමං, කතමස‍්ස ඉදං වෙවචන”න‍්ති. සබ‍්බඤ‍්ඤූ හි යෙසං යෙසං යා නිරුත‍්ති හොති, යථා ගාමී තෙන තෙන දෙසෙතීති තස‍්ස වෙවචනං පරියෙසිතබ‍්බං. අයං වෙවචනො හාරො.

තවද මාර්‍ග විභංගයෙහි නිර්‍ය්‍යාණාර්‍ත්‍ථ වූ එකෙකි මාර්‍ගංගය වෙවචනයන්ගෙන් දක්වන ලදි. අවිද්‍යාවෙවචනයෝ ද එසේ යැ. එක් අකුශලමූලයක් එය මැ වූයේ ඒ ඒ ජනපදයන්හි ඒ ඒ නාමයෙන් දැනැගනිත්. මේ නාමයෙන් මෙය මැ නො කියත්, අනෙකක් වෙයි. “සබ්බකාමජහස්ස භික්ඛුනෝ” යී කාමයෝ කියන ලද්දාහ. “යස්ස නිත්තිණ්ණො පඞ්කො” යී ඒ කාමයන් මැ “පඞ්ක” යී පවසයි. “සුණමානස්ස පුරේතරං රජං” යී ඒ කාමයන් මැ “රජං” යී පවසයි. මෙසේ සූත්‍රයෙහි ලා යම් දහමෙක් දෙසනු ලැබේ ද, “කවර දහමකට මේ නාමය වේ ද කවරකට මේ වෙවචනය වේ දැ’යි ඒ නාමයාගේ පර්‍ය්‍යෙෂණය වේ. සර්‍වඥයන් වහන්සේ වනාහි යම් යම් දහමකට යම් නිරුක්තියක් වේ ද ඒ ඒ වචනයෙන් දේශනා කරන්නසේක් නුයි ඒ ධර්‍මයාගේ මේ වචනය සෙවියැ යුත්තේ යි. මේ වෙවචනහාර යි.

11. තත්‍ථ කතමො පඤ‍්ඤත‍්ති හාරො:

11. එහි පඤ්ඤන්තිහාරය කවරැ :

“චත‍්තාරි අරියසච‍්චානී”ති සුත‍්තං නිද‍්දිසති, නික‍්ඛෙපපඤ‍්ඤත‍්තියා; සමුදයපඤ‍්ඤත‍්ති. ‘කබළිඞ‍්කාරෙ චෙ භික‍්ඛවෙ ආහාරෙ අත්‍ථි රාගො අත්‍ථි නන්‍දි, අත්‍ථි තණ‍්හා, පතිට‍්ඨිතං. තත්‍ථ විඤ‍්ඤාණං, -පෙ- පභව. පඤ‍්ඤත‍්තිං පඤ‍්ඤපෙති. “කබළිඞ‍්කාරෙ ආහාරෙ නත්‍ථි රාගො -පෙ- සමුග‍්ඝාතං පඤ‍්ඤපෙති.

‘චත්තාරි අරිය සච්චානි” යන සූත්‍රය නිර්දේශ කෙරෙයි. මේ නික්‍ෂේප ප්‍රඥප්තියෙන් සමුදය (ප්‍රභව) ප්‍රඥප්ති යැ. “මහණෙනි ඉදින් කවලීකාරාහාරයෙහි රාගය ඇද්ද (ගෙහ සිත සොම්නස වූ) නන්‍දිය ඇද්ද තෘෂ්ණා ඇද්ද එහි ප්‍රතිසන්‍ධිවිඥානය පිහිටියේ වෙයි ... (මෙහි) ප්‍රභව ප්‍රඥප්තිය පනවනසේක. කවලීකාරාහාරයෙහි රාගය නැද්ද ... මෙහි සමුද්ඝාතය පනවන සේක.

“තස‍්ස කාමාසවාපි චිත‍්තං විමුච‍්චති, භවාසවාපි චිත‍්තං විමුච‍්චති, අවිජ‍්ජාසවාපි චිත‍්තං විමුච‍්චතී”ති පහානපඤ‍්ඤත‍්තිං පඤ‍්ඤපෙති. “තණ‍්හා යස‍්ස පුරක‍්ඛතා පඤ‍්ඤා පරිවත‍්තති” ගාථා මනාපපඤ‍්ඤත‍්තිං පඤ‍්ඤපෙති. එවං පන මනාපපඤ‍්ඤත‍්තීති එකධම‍්මං භගවා පඤ‍්ඤපෙති. න හි තණ‍්හා දුක‍්ඛසමුදයොති කත්‍වා සබ‍්බත්‍ථ තණ‍්හාසමුදයො නිද‍්දිසිතබ‍්බො. යථා: “උප‍්පන‍්නං කාමවිතක‍්කං නාධිවාසෙති පජයති විනොදෙති”ති පටික‍්ඛෙපපඤ‍්ඤත‍්ති.

“ඔහුගේ සිත කාමාස්‍රවයෙන් ද මිදෙයි, භවාස්‍රවයෙනුදු සිත මිදෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදේ” යි ප්‍රහාණ ප්‍රඥප්තිය පනවනසේක. “යමක්හු විසින් තෘෂ්ණාව පුරස්කෘත ද (ඔහුගේ) ප්‍රඥාව පිරිහෙයි” යන ගාථායෙන් මනාපප්‍රඥප්තිය පනවන සේක. මෙසේ වැළීත් “මනාපපඤ්ඤත්ති’යී බුදුහු එක් ධර්‍මයක් පනවන සේක. තණ්හාව දුක්ඛ සමුදයයි කොට සියලු තන්හි තෘෂ්ණාව සමුදය යි නො මැ දැක්වියැ යුත්තේ යැ. ඒ මෙසේ යැ: “උපන් කාමවිතර්‍කය නො ඉවසයි. දුරු කෙරෙයි, බැහැර කෙරෙයි” යනු පටික්ඛේපඤ්ඤත්ති යි.

එවං සබ‍්බෙසං ධම‍්මානං කුසලානඤ‍්ච අකුසලානඤ‍්ච යං චස‍්ස ධම‍්මක‍්ඛෙත‍්තං භවති, සො චෙව ධම‍්මො තත්‍ථ පවත‍්තති, තදවසිට‍්ඨා ධම‍්මා තස‍්සානුවත‍්තකා හොන‍්ති, සා දුවිධා පඤ‍්ඤත‍්ති: පරාධීනපඤ‍්ඤත‍්ති ච සාධීනපඤ‍්ඤත‍්ති ච. කතමා සාධීනපඤ‍්ඤත‍්ති: “සමාධිං භික‍්ඛවෙ භාවෙථ සමාහිතො භික‍්ඛවෙ භික‍්ඛු යථාභූතං පජානාති. “රූපං අනිච‍්ච’න‍්ති යථාභූතං පජානාති, අයං සාධීනපඤ‍්ඤත‍්ති පරාධීනපඤ‍්ඤත‍්ති ච, සා පඤ‍්ඤත‍්ති පඤ‍්ඤාය ච සීලස‍්ස ච.

මෙසේ කුශලවූත් අකුශලවූත් සියලු ධර්‍මයන්ගේ ද ඒ ධර්‍මයාගේ යම් ධර්‍මක්‍ෂේත්‍රයෙකුත් වේ ද ඒ ධර්‍මයත් එහි පවතී, එයින් අවශිෂ්ට වූ ධර්‍මයෝ ඊට අනුවර්‍තක වූවාහු වෙත්. ඒ ප්‍රඥප්තිය පරාධීනප්‍රඥප්තිය ද ස්වාධීනප්‍රඥප්ති දැයි ද්විවිධ වන්නී ය: “මහණෙනි සමාධිය වඩවු, මහණෙනි, සමාහිතවූ මහණ යථාභූත වැ දැනගනී, රූපය අනිත්‍ය යැයි යථාභූත වැ (ඇති සැටියෙන්) දැනගනී” මේ ස්වාධීන ප්‍රඥප්ති ද පරාධීන ප්‍රඥප්ති ද වෙයි. ඕ ප්‍රඥාවගේ ද ශීලයාගේ ද ප්‍රඥප්ති වේ.

යථා චත‍්තාරි ඣානානි භාවෙථ, තස‍්ස අත්‍ථි සමාධින්‍ද්‍රියං, මුදූනි චත‍්තාරි ඉන්‍ද්‍රියානි තානි චතුපරාධීනානි, තීණි අවෙච‍්චප‍්පසාදෙහි පරාධීනං සමාධින්‍ද්‍රියං චත‍්තාරි ඉන්‍ද්‍රියානි පරාධීනාති චතුසු අරියසච‍්චෙසු අපරාධීනං පඤ‍්ඤින්‍ද්‍රියං සතිපට‍්ඨානෙසු සම‍්මප‍්පධානෙසු විරියින්‍ද්‍රියං. ඉති සකෙ පදට‍්ඨානෙ සකෙ ඛෙත‍්තසාධීනො සො ධම‍්මො, සො ච තත්‍ථ පඤ‍්ඤාපෙතබ‍්බො. තස‍්ස පටිපක‍්ඛා නිඝාතො නිද‍්දිසිතබ‍්බො. එත්‍ථායං අනෙකාකාරපඤ‍්ඤත‍්ති කෙන කාරණෙන අයං ධම‍්මො පඤ‍්ඤත‍්තොති. අයං වුච‍්චතෙ පඤ‍්ඤත‍්ති හාරො.

ඒ මෙසේ යැ, සතර ධ්‍යානයන් වඩවු. (මෙහි සිට පඤ්ඤත්තිහාරය අවසානය දක්වා වාක්‍යය ව්‍යාකූලය ?) මේ පඤ්ඤ්ත්තිහාර යයි කියනු ලැබේ.

12. තත්‍ථ කතමො ඔරතණො හාරො:

12. එහි ඕතරණහාරය කවරැ :

ඡසු ධම‍්මෙසු ඔතාරෙතබ‍්බං, කතමෙසු ඡසු: ඛන්‍ධෙසු ධාතුසු ආයතනෙසු ඉන්‍ද්‍රියෙසු සච‍්චෙසු පටිච‍්චසමුප‍්පාදෙසු. නත්‍ථි තං සුත‍්තං වා ගාථා වා බ්‍යාකරණං වා ඉමෙසං ඡන‍්නං ධම‍්මානං අඤ‍්ඤතරස‍්මිං න සංදිස‍්සති. එත‍්තාවතා එසා සබ‍්බා දෙසනා යා තා ඛන්‍ධා වා ධාතුයො වා ආයතනානි වා ඉන්‍ද්‍රියානි වා සච‍්චානි වා පටිච‍්චසමුප‍්පාදො වා.

ධර්‍ම සයෙක අවතරණය කටයුතු යැ, කවර ධර්‍ම සයෙකැ යත් : ස්කන්‍ධ ධාතු ආයතන ඉන්‍ද්‍රිය සත්‍ය පටිච්චසමුප්පාද යන ධර්‍ම සයෙහි යැ. මේ ධර්‍මයන් සදෙනා අතුරෙන් එක්තරා ධර්‍ම යෙක්හි (යම් සූත්‍රාදියක්) නො දක්නා ලැබේ නම් එබඳු සූත්‍රයක් හෝ ගාථාවක් හෝ වෙය්‍යාකරණයක් හෝ නැත. ස්කන්‍ධ යැ ධාතු යැ ආයතන යැ ඉන්‍ද්‍රිය යැ සත්‍ය යැ පටිච්චසමුප්පාදය හෝ යම් දේශනාවක් ඇද්ද ඒ සියලු මෙතෙක් මැ යි. (?)

තත්‍ථ පඤ‍්චන‍්නං ඛන්‍ධානං වෙදනාක‍්ඛන්‍ධො රාගදොසමොහානං පදට‍්ඨානං. තත්‍ථ තිස‍්සො වෙදනායො, තත්‍ථ සුඛාය වෙදනාය සොමනස‍්සො සවිචාරො, දුක‍්ඛාය වෙදනාය දොමනස‍්සො සවිචාරො, අදුක‍්ඛමසුඛාය වෙදනාය උපෙක‍්ඛා සවිචාරා.

එහි පඤ්චස්කන්‍ධයන් අතුරෙන් වේදනාස්කන්‍ධය රාග දොස මෝහයන්ට පදට්ඨාන යැ. එහි තුන් වෙදනායෙකි, එහි සුඛවේදනාවට විචාර සහිත වූ සොම්නස වෙයි, දුක්ඛවේදනාවට සවිචාර වූ දොම්නස වෙයි, අදුක්ඛමසුඛවේදනාවට සවිචාර වූ උපේක්‍ෂා වෙයි.

යා පුන තත්‍ථ වෙදයිතං ඉදං දුක‍්ඛසච‍්චං, ඛන්‍ධෙසු සඞ‍්ඛාරක‍්ඛන්‍ධො. තත්‍ථ කායො පමත‍්තං සඋපවත‍්තති, තඤ‍්ච සඞ‍්ඛාරගතං. ද‍්විධා ච භවඞ‍්ගොතරණං කම‍්මං, තීණි ච සඞ‍්ඛාරානි පුඤ‍්ඤාභිසඞ‍්ඛාරා වා අපුඤ‍්ඤා වා අනෙඤ‍්ජා වා හෙතු, සබ‍්බං සරාගස‍්ස නො වීතරාගස‍්ස දොසස‍්ස, අභිසඞ‍්ඛාරානා ච අවීතරාගො චෙතෙති ච පකප‍්පෙති ච, වීතරාගො පන චෙතෙති ච නො අභිසඞ‍්ඛරොති, යං උණ‍්හං වජිරං කට‍්ඨෙ වා රුක‍්ඛෙ වා අඤ‍්ඤත්‍ථ වා පතන‍්තං භින්‍දති ච දහති ච, එවං සරාගො චෙතනා චෙතෙති ච අභිසඞ‍්ඛරොති ච යථා සීතං වජිරං න භින්‍දති න ච දහති, එවං වීතරාගො චෙතනා චෙතෙති න ච අභිසඞ‍්ඛරොති තත්‍ථ පඤ‍්චන‍්නං ඛන්‍ධානං එකො ඛන්‍ධො අනින්‍ද්‍රියසරීරං සඤ‍්ඤාක‍්ඛන්‍ධො.

යළි එහි යම් වේදයිතයෙක් ඇද්ද මේ දුඃඛසත්‍ය යැ, ස්කන්‍ධයන් කෙරෙහි සංස්කාර ස්කන්‍ධය වෙයි. එහි කය ප්‍රමත්ත වූවහු සමග පවතී (?) ඒ සංඛාරගතය ද දෙපරිද්දෙකින් හවඩ්ගොතරණ කර්‍මය වෙයි. සංස්කාරයෝ ද තිදෙනෙකි: පුඤ්ඤාහිසංඛාරයෝ ද අපුඤ්ඤාභිසංඛාරයෝ ද අනෙඤ්ජාභිසංඛාරයෝ දැයි. සියල්ල සරාගයාහට යැ, වීතරාගයා හට හේතු නොවේ. (දෝසස්ස ...?) අවීතරාග වූයේ සිතන්නේ ද කරන්නේ ද වෙයි. වීතරාග වැලිත් සිතන්නේ ද වෙයි. අභිසංඛරණය නො කෙරෙයි. යම්සේ උෂ්ණ වූ වජ්‍රය කාෂ්ටයෙකැ හෝ වෘක්‍ෂයෙකැ හෝ අන් තැනෙක හෝ වැටෙනුයේ බිඳිනේත් දවන්නේත් වේ ද, එසෙයින් සරාග වූයේ චේතනා සිතන්නේත්, කර්‍ම රැස් කරන්නේත් වෙයි. යම්සේ සිත වූ වජ්‍රය (කාෂ්ටාදිය) නො බිඳි ද නො ද දවාද, එසෙයින් වීතරාග වූයේ සිතිවිලි සිතයි. නො ද අභිසංස්කාර වේ යයි. එහි පඤ්චස්කන්‍ධයන් අතුරෙන් එක් ස්කන්‍ධයෙක් අනින්‍ද්‍රියශරීර යැ, සංඥාස්කන්‍ධ යි.

තත්‍ථ ධාතූනං, අට‍්ඨාරස ධාතුයො, තත්‍ථ යා රූපී දස ධාතුයො තාසු දෙසියමානාසු රූපක‍්ඛන්‍ධො නිද‍්දිසිතබ‍්බො, දුක‍්ඛං අරියසච‍්චං. යෙපි ච ඡ විඤ‍්ඤාණකායා මනොධාතුසත‍්තමා, තත්‍ථ විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ච නිද‍්දිසිතබ‍්බො, දුක‍්ඛං අරියසච‍්චං. ධම‍්මධාතු පන ධම‍්මසමොසරණායො ධම‍්මො හෙතුනා ච නිස‍්සන්‍දෙන ච ඵලෙන ච කිච‍්චෙන ච වෙවචනෙන ච යෙන යෙන උපලබ‍්භති, තෙන තෙන නිද‍්දිසිතබ‍්බො. යදි වා කුසලා යදි වා අකුසලා යදි වා අබ්‍යාකතා යදි වා අසඞ‍්ඛතා. ද‍්වාදසන‍්නං ආයතනානං දස ආයතනානි රූපානි තං දුක‍්ඛං අරියසච‍්චං නිද‍්දිසිතබ‍්බං. රූපක‍්ඛන්‍ධො ච මනායතනඤ‍්ච විඤ‍්ඤාණක‍්ඛන්‍ධෙන නිද‍්දිසිතබ‍්බං, දුක‍්ඛං අරියසච‍්චං. ධම‍්මායතනං නානාධම‍්මසමොසරණං.

එහි ධාතුහු (?) අටළොස් ධාතූහු වෙති, එහි යම් රූපී වූ දස ධාතු කෙනෙක් වෙත් ද ඔවුන් දෙසනු ලබන කල්හි රූපස්කන්‍ධය දැක්වියැ යුතු යැ, එය දුඃඛාර්‍ය්‍යසත්‍යය වෙයි, මනෝධාතුව සත්වැනි කොට ඇති යම් ෂඩවිඥානකාය කෙනෙක් ඇද්ද එහි විඥානස්කන්‍ධය ද දුඃඛාර්‍ය්‍යසත්‍යය ද දැක්විය යුතු යැ, ධර්‍මධාතුව වැලිත් ධර්‍මයන්ගේ සමෝසරණයෙකි. යම් ධර්‍මයෙක් හේතුයෙන් ද නිෂ්‍යන්‍දයෙන් ද ඵලයෙන් ද කෘත්‍යයෙන් ද වෙවචනයෙන් ද යම් යම් ධර්‍මයෙකින් ලැබේ ද ඒ ඒ ධර්‍මයෙන් දැක්වියැ යුත්තේ යැ, ඉදින් කුශල හෝ අකුශල හෝ අව්‍යාකෘත හෝ අසංඛතධාතු හෝ යි. දොළොස් ආයතනයන් අතුරෙන් රූපී දසආයතනයෝ දුඃඛාර්‍ය්‍යසත්‍ය යයි දැක්වියැයුතු යැ. රූපස්කන්‍ධය ද මනායතනය ද විඥානස්කන්‍ධයෙන් දැක්වියැ යුතු යැ, එය දුඃඛාර්‍ය්‍යසත්‍යය වෙයි, ධම්මායතනය නානා ධර්‍මයන්ගේ සමෝසරණ යි.

තත්‍ථ යෙ ධම‍්මා ඉන්‍ද්‍රියානං ඉන්‍ද්‍රියෙසු නිද‍්දිසිතබ‍්බා. යෙ අනින්‍ද්‍රියානං අනින්‍ද්‍රියෙසු නිද‍්දිසිතබ‍්බා, පරියායතො ච ඔතාරෙතබ‍්බා. යථා යා ධම‍්මධාතු තථා ධම‍්මායතනං පරියෙසිතබ‍්බං. යා යෙව හි ධම‍්මධාතු තදෙව ධම‍්මායතනං අනූනං අනධිකං.

එහි ඉන්‍ද්‍රියයන් අතුරෙන් යම් ධර්‍ම කෙනෙක් ඉන්‍ද්‍රියයන්හි ලා දැක්විය යුත්තාහු ද අනින්‍ද්‍රියයන් අතුරෙන් යම් ධර්‍ම කෙනෙක් අනින්‍ද්‍රියයන්හි ලා දැක්වියැ යුත්තාහු ද (ඔහු) පරියාය වශයෙන් ද අවතරණය කටයුත්තාහු ය. යම් ධර්‍මධාතුවක් යම්සේ ද එපරිද්දෙන් ධර්‍මායතනය ද සෙවියැ යුතු යැ. එසේ මැ ය, යම් මැ ධර්‍මධාතුවක් ඇද්ද එය මැ අනූන වූ අනධික වූ ධර්‍මායතනය වේ.

තත්‍ථ පටිච‍්චසමුප‍්පාදො අත්‍ථි තිවිධො, අත්‍ථි චතුබ‍්බිධො, අත්‍ථි දුවිධො. තත්‍ථ තිවිධො පටිච‍්චසමුප‍්පාදො: හෙතු ඵලං නිස‍්සන්‍දො. අවිජ‍්ජා සඞ‍්ඛාරා තණ‍්හා උපාදානං ච අයං හෙතු, විඤ‍්ඤාණං නාමරූපං සළායතනං ඵස‍්සො වෙදනා ච අයං පච‍්චයො, යො භවො අයං විපාකො. යා ජාති මරණං අයං නිස‍්සන්‍දො.

එහි පටිච්චසමුප්පාදය ත්‍රිවිධ වූයේ ඇත, චතුර්විධ වූයේ ඇත, ද්විවිධ වූයේ ඇත. එහි පටිච්චසමුප්පාදය හේතු යැ ඵල යැ නිෂ්‍යන්‍ද යයි ත්‍රිවිධ වෙයි. අවිච්ජා සංඛාර තණ්හා උපාදාන ද යන මේ හේතු යැ විඤ්ඤාණ යැ නාමරූප යැ ජට්ඨායතන යැ ඵස්ස යැ වේදනා ද යන මේ ප්‍රත්‍ය යැ, යම් භවයෙක් ඇද්ද මේ විපාක යැ, යම් ජාතියක් මරණයක් වේ ද මේ නිස්සන්‍ද යි.

කථං චතුබ‍්බිධො: හෙතු පච‍්චයො විපාකො නිස‍්සන්‍දො ච අවිජ‍්ජා ච තණ‍්හා ච සඞ‍්ඛාරා ච උපාදානං ච අයං හෙතු, විඤ‍්ඤාණං නාමරූපස‍්ස පච‍්චයො කාමරූපං උප‍්පජ‍්ජති. තථා උප‍්පන‍්නස‍්ස සළායතනං. ඵස‍්සො වෙදනා ච අයං පච‍්චයො. යො භවො අයං විපාකො. යා ජාති යා ච ජරාමරණං අයං නිස‍්සන්‍දො.

කිසෙයින් චතුර්විධ වෙයි යත්: හේතු යැ ප්‍රත්‍ය යැ විපාක යැ නිෂ්‍යන්‍ද යැයි චතුර්විධ යි. අවිජ්ජා තණ්හා සංඛාර උපාදාන ද යන මේ හේතු යැ. විඤ්ඤාණය නාම රූපයට ප්‍රත්‍යය වෙයි, (විණ්ණාණයෙන්) නාමරූපය උපදී. එසේ උපන්නහුට ෂඩායතනය ද ඵස්සය ද වේදනා ද යන මේ ප්‍රත්‍යය වෙයි. යම් භවයෙක් ඇද්ද මේ විපාක යැ, යම් ජාතියක් යම් ජරාමරණයකුත් ඇද්ද මේ නිෂ්‍යන්‍ද යි.

කථං දුවිධො පටිච‍්චසමුප‍්පාදො: අවිජ‍්ජා සඞ‍්ඛාරා තණ‍්හා උපාදානං අයං සමුදයො, විඤ‍්ඤාණං නාමරූපං සළායතනං ඵස‍්සො වෙදනා භවො ජාති මරණං ව, ඉදං දුක‍්ඛං. යං පන අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධො, ඉමානි තප‍්පටිපක‍්ඛෙන ද‍්වෙ සච‍්චානි. තස‍්මා පටිච‍්ච සමුප‍්පාදො යෙන ආකාරෙන නිද‍්දිට‍්ඨො, තෙන තෙන නිද‍්දිසිතබ‍්බො.

කිසෙයින් පටිච්චසමුප්පාදය ද්විවිධ වෙයි යත්: අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන යන මේ සමුදය යැ, විඤ්ඤාණ නාමරූප සළායතන ඵස්ස වේදනා භව ජාති මරණ ද යන මේ දුඃඛ යැ. යළි අවිද්‍යා නිරෝධයෙන් සංඛාරනිරෝධය වෙයි. (මෙසේ) තත්ප්‍රතිපක්‍ෂතායෙන් මේ සත්‍යයෝ දෙදෙන වෙති. එහෙයින් පටිච්චසමුප්පාදය යම් අයුරෙකින් වදාරන ලදද ඒ ඒ අයුරින් දැක්විය යුත්තේ යි.

තථා බාවීසති ඉන්‍ද්‍රියානි: ද‍්වාදස ඉන්‍ද්‍රියානි චක‍්ඛුන්‍ද්‍රියානි චක‍්ඛුන්‍ද්‍රියං යෙන දොමනස‍්සින්‍ද්‍රියං, ඉදං දුක‍්ඛං. පුරිසින්‍ද්‍රියං ච දිට‍්ඨියා ච තණ‍්හා පදට‍්ඨානං. යතො පුරිසො පුරිසකානං තං එවං කාතබ‍්බතා. අථ අජ‍්ඣත‍්තං සාරජ‍්ජති. අයං අහඞ‍්කාරො තං යථා සාරත‍්තො බහිද‍්ධා පරියෙසති, අයං මමිඞ‍්කාරො එවං ඉත්‍ථි, තත්‍ථ සුඛින්‍ද්‍රියං ච සොමනස‍්සින්‍ද්‍රියං ච පුරිසින්‍ද්‍රියස‍්සනුවන‍්තකා හොන‍්ති. තස‍්ස අධිප‍්පායපරිපුණ‍්ණා ලොභධම‍්මා කුසලමූලෙ පවඩ‍්ඪෙන‍්ති තස‍්ස චෙ අයමධිප‍්පායො න පාරිපූරිං ගච‍්ඡති. තස‍්ස දුක‍්ඛින්‍ද්‍රියං ච දොමනස‍්සින්‍ද්‍රියං ච වත‍්තති, දොසො ච අකුසලමූලං පවඩ‍්ඪති සචෙ පන උපෙක‍්ඛං. භාවෙති උපෙක‍්ඛින්‍ද්‍රියස‍්ස අනුවත‍්තකො භවති. අමොහො ච කුසලමූලං පවඩ‍්ඪති. ඉති සත‍්ත ඉන්‍ද්‍රියානි කිලෙසවත්‍ථුමුපාදාය අනත්‍ථෙමානි අවමානි සබ‍්බස‍්ස වෙදනා ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං.

එසෙයින් දෙවිසි ඉන්‍ද්‍රියයෝ, වෙති: (ද්වාදස ... එවං ඉත්‍ථි ? මෙ ද ව්‍යාකුල තැනෙකි.) එහි සුඛින්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය ද පුරිසින්‍ද්‍රියට අනුවර්‍තක වෙති. ඔහුට අධ්‍යාශය පරිපූර්‍ණ වූ ලෝභධර්‍මයෝ කුශලමූලයන් වර්ධනය කෙරෙති. ඉදින් ඔහුගේ මේ අධ්‍යාශය පිරීමට නොයේ නම්, ඔහුට දුක්ඛින්‍ද්‍රිය ද දෝමනස්සින්‍ද්‍රිය ද පවතී. දොස අකුසලමූලය ද වැඩෙයි. ඉදින් වැලිත් උපේක්‍ෂාව වඩා නම්, උපෙක්ඛින්‍ද්‍රියට අනුවර්‍තක වේ නම් අමෝහකුසලමූලය ද වඩයි. (ඉති සත්තඉන්‍ද්‍රියානි ... මෙ ද ශුද්ධවිය යුතු තැනෙකි.

තත්‍ථ අට‍්ඨ ඉන්‍ද්‍රියානි සද‍්ධින්‍ද්‍රියං යාව අඤ‍්ඤාතාවිනො ඉන්‍ද්‍රියං, අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා, දසන‍්නං පඤ‍්ඤීන්‍ද්‍රියානං කාමරාගස‍්ස පදට‍්ඨානං. මනින්‍ද්‍රියං භවරාගස‍්ස පදට‍්ඨානං, පඤ‍්ඤින්‍ද්‍රියානි රූපරාගස‍්ස පදට‍්ඨානං, ඉත්‍ථින්‍ද්‍රියං ච පුරිසින්‍ද්‍රියං ච සත‍්තපඤ‍්ඤත‍්තියා පදට‍්ඨානං. තත්‍ථ යෙන යෙන ඉන්‍ද්‍රියෙන යුත‍්තං වා ගාථාය ඔතාරෙතුං සක‍්කොති තෙන තෙන නිද‍්දිසිතබ‍්බො. එවං ඛන්‍ධෙසු ධාතුසු ආයතනෙසු සච‍්චෙසු පටිච‍්චසමුප‍්පාදෙසු. අයං ඔතරණො හාරො.

එහි ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති. සද්ධින්‍ද්‍රිය පටන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දක්වා යි. මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා යැ, දසවැදෑරුම් පඤ්ඤින්‍ද්‍රියයන් අතුරෙන් (?) කාම රාගයට පදට්ඨාන යැ, මනින්‍ද්‍රිය භවරාගයට පදට්ඨාන යැ, පඤ්ඤින්‍ද්‍රියෝ (?) රූප රාගයට පදට්ඨාන යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද පුරිසින්‍ද්‍රිය ද සත්ත්‍වප්‍රඥප්තියට පදට්ඨාන යැ, එහි යම් යම් ඉන්‍ද්‍රියයෙකින් යුක්ත වූයේ හෝ ගාථායෙන් අවතරණය කරන්නට හැකි වූයේ නම් ඒ ඒ ඉන්‍ද්‍රියයෙන් දැක්විය යුත්තේ යි. මෙසේ ස්කන්‍ධ ධාතු ආයතන සත්‍යය පටිච්චසමුප්පාදයන්හි අවතරණය කටයුත්තේ යි. මේ ඕතරණහාර යි.

13. තත්‍ථ කතමො සොධනො හාරො:

13. එහි සෝධනහාර කවරැ :

තයො ගාථා එකෙන ආරම‍්භෙන භාසීයන‍්ති; තත එකිස‍්සා භාසිතාය අවසිට‍්ඨාසු ආභාසිතාසු සො අත්‍ථො න නිද‍්දිසිතබ‍්බො. කිං කාරණං: න හි තාව සො අත්‍ථො භාසිතො, සො ආභාසිතො න සක‍්කා නිද‍්දිසිතුං. යථා කිං: “අප‍්පමාදො අමතපදන‍්ති ගාථා අයමෙකා ගාථා න නිද‍්දිසිතබ‍්බා, කිං කාරණං: අත්‍ථි තාව ඉමස‍්ස ආරම‍්භස‍්ස අභාසිතං:

ගාථා තුනක් එක් ආරම්භයෙකින් වදාරනු ලැබෙත්. එහි එක් ගාථාවක් වදාළ කල්හි සෙසු ගාථා නො වදාළ කල්හි (ගාථායෙහි) ඒ අර්‍ත්‍ථය නොදැක්වියැයුතු යැ, කරුණු කිම යත් : එතෙක් ඒ අර්‍ත්‍ථය නො වදාළ හෙයිනි. ඒ නො වදාළ අර්‍ත්‍ථය දක්වන්නට නො හැක්ක. ඒ කිසේ යැ : “අප්පමාදො අමතපදං” යන ගාථාව යැ, මේ එක ගාථාව නො දැක්විය යුත්තී යැ, කරුණු කිම ප්‍රත් : මේ ආරම්භයාගේ නො වදාරන ලද අර්‍ත්‍ථයෙක් ඇත:

15. ‘එතං විසෙසතො ඤත්‍වා- අප‍්පමාදම‍්හි පණ‍්ඩිතා, අප‍්පමාදෙ පමොදන‍්ති - අරියානං ගොචරෙ රතා’ති.

15. “ප්‍රාඥ වූ පණ්ඩිතයෝ අප්‍රමාදයෙහි තෙල (ප්‍රමත්තයාහට සසර වටින් නිස්සරණයෙක් නැත, අප්‍රමත්තයාහට ඇත යන) විශේෂය වෙසෙසින් දැන අප්‍රමාදයෙන් සතුටු වෙති, ඔහු බුද්ධාදි ආර්‍ය්‍යයන්ට ගෝචර වූ සතර සීවටන් ආදි ධර්‍මයෙහි ඇලුණහු වෙති” යන–

ඉදං අභාසිතං ඉමිස‍්සාපි ගාථාය භාසිතාය අත්‍ථා න නිද‍්දිසිතබ‍්බො. කිං කාරණං: අත්‍ථි තත්‍ථ අවසිට‍්ඨං: “තෙ ඣායිනො සාතතිකා නිච‍්චං දළ‍්හපරක‍්කමා”ති ගාථා, එවං ඉමා ගාථායො යදා උපධාරිතා භවන‍්ති, තදා අත්‍ථො නිද‍්දිසිතබ‍්බො.

මෙය අභාසිත යැ, මේ ගාථාව වදාළ කල්හි දු අර්‍ත්‍ථය නො දැක්වියැ යුතු යැ. කරුණු කිම යත් : එහි අවශිෂ්ටයෙක් ඇත: “තෙ ඣායිනෝ සාතතිකා නිච්චං දළ්හපරක්කමා” යන ගාථාව යැ. මෙසේ මේ ගාථාවෝ යම් විටෙක විමසල ලද්දාහු වෙත් ද එකල්හි අර්‍ත්‍ථය දැක්වියැ යුත්තේ යි.

එවං අස‍්සුතපුබ‍්බෙසු සුත‍්තෙසු බ්‍යාකරණෙසු වා එකුද‍්දෙසො භාසිතො. යා වීමංසා තුලනා ඉදං අත්‍ථි කිච‍්චං, ඉදං සුත‍්තං භාසිතං තස‍්ස වෙවචනං නිද‍්දිට‍්ඨං වා න වා’ති. තත්‍ථ යා වීමංසා, අයං වුච‍්චකෙ සොධනො හාරො.

මෙසේ නො ඇසූවිරූ සූත්‍රයන්හි හෝ වෙය්‍යාකරණයන්හි හෝ එක් උද්දේසයක් කියන ලද්දේ ය, (එහි) යම් විමංසාවක් තුලනාවක් ඇද්ද, මේ කිස ඇත. (?) මේ සූත්‍රය භාසිත යැ. ඒ සූත්‍රයාගේ වෙවචනය දක්වන ලද හෝ නො දක්වන ලද හෝ දැයි එහි යම් වීමසංසාවක් ඇද්ද, මේ සෝධනහාර යයි කියනු ලැබේ.

14. තත්‍ථ කතමො අධිට‍්ඨානො හාරො:

14. එහි අධිට්ඨානහාර කවරැ:

එකත‍්තතා ච වෙමත‍්තතා ච. තත්‍ථ කතපඤ‍්ඤත‍්ති ච කිච‍්චපඤ‍්ඤත‍්ති ච සා එකත‍්තතා ච වෙමත‍්තතා ච යථා පඤ‍්ඤත‍්ති, එතෙ වෙවචනෙන වෙමත‍්තතා, [?] පජානාතීති පඤ‍්ඤා, සා ච ආධිපතෙය්‍යට‍්ඨෙන පඤ‍්ඤත‍්ති. යං අනොමත‍්තියට‍්ඨෙන පඤ‍්ඤත‍්තං, තං අකම‍්පියට‍්ඨෙන පඤ‍්ඤාබලං. තනුභූතා ගොචරත‍්තවසා සෙව සති තීසු රතනෙසු අනුස‍්සති බුද‍්ධානුස‍්සති ධම‍්මානුස‍්සති සඞ‍්ඝානුස‍්සති අවිපරීතානුස‍්සරණතාය. සම‍්මාදිට‍්ඨිධම‍්මානං පවිචයෙන ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො අභිනීහාරතො අභිඤ‍්ඤාති. සඞ‍්ඛෙපෙන මග‍්ගා කා වත්‍ථු අවිකොපනතාය එකත‍්තා, යථා උණ‍්හෙන සංසට‍්ඨං උණ‍්හොදකං, සීතෙන සංසට‍්ඨං සීතොදකං, ඛාරොදකං ගුළොදකන‍්ති, ඉදං එකත‍්තතා වෙමත‍්තතා ච.

ඒකත්තතා සංඛ්‍යාත සාමාන්‍යය ද වේමත්තතා සංඛ්‍යාත විශේෂය ද වෙයි. එහි කෘතප්‍රඥප්ති ද කෘත්‍යප්‍රඥප්ති ද වෙයි. (සා ඒකත්තතා ච ... ? මේද ව්‍යාකුල තැනෙකි.) ප්‍රකර්‍ෂයෙන් දැනගනී නුයි පඤ්ඤා නමු. එ ද අධිපතිභාවාර්‍ත්‍ථයෙන් “පඤ්ඤත්ති” නමු. (යං අනෝමත්තියට්ඨෙන?) පඤ්ඤත්ත නම් වේ ද, එය අවිද්‍යාවෙන් කම්පා නොවන අර්‍ත්‍ථයෙන් පඤ්ඤාබල නම් වෙයි. (තනුභූතා ගෝචරත්තවසා?) ඒ සතිය මැ රත්නත්‍රයෙහි පුන පුනා පැවැතීම් වශයෙන් අනුස්සති” නම් වේ. අවිපරීත ව සිහිකිරීම් වශයෙන් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති නම් වේ. සම්‍යග්දෘෂ්ටිධර්‍මයන් ප්‍රකාරයෙන් විමසීමෙන් ධම්මවිචය සබ්බොජ්ඣඞ්ග වෙයි. අභිනීහාර වශයෙන් අභිඤ්ඤා වේ යයි. (සඞ්ඛේපෙන මග්ගා කා?) වස්තූන්ගේ අවිකෝපනතායෙන් ඒකත්‍වය වේ. ඒ මෙසේ යැ: උෂ්ණය හා සංසෘෂ්ට වූයේ උණෙහාදක යැ, සීතය හා සංසෘෂ්ට වූයේ සීතොදක යැ, ක්‍ෂාරෝදක යැ ගුඩොදක යැ යන මේ ඒකත්තතා ද වේමත්තතා ද වෙයි.

අත්‍ථි පුන ධම‍්මො නානාධම‍්මසඞ‍්ගතො එකත‍්තතා, යථා රූපං චත‍්තාරො දස‍්සෙතබ‍්බා තං ච රූපන‍්ති එකත‍්තතා, පඨවීධාතු ආපො-තෙජො- වායොධාතූති වෙමත‍්තතා. එවං සබ‍්බා චතස‍්සො ධාතුයො. රූපන‍්ති එකත‍්තතා, පඨවීධාතු ආපො-තෙජො-වායො-ධාතූති වෙමත‍්තතා. පඨවීධාතූතු ලක‍්ඛණතො එකත‍්තතා, සංකිණ‍්ණවත්‍ථුතො වෙමත‍්තතා. යං කිඤ‍්චි කක‍්ඛළ ලක‍්ඛණං සබ‍්බං තං පඨවීධාතූති. එකත‍්තතා, කෙසා ලොමා නඛා දන‍්තා ඡවී චම‍්මන‍්ති වෙමත‍්තතා, එවං සබ‍්බා චතස‍්සො ධාතුයො, රූපන‍්ති එකත‍්තං, සද‍්දා ගන්‍ධා රසා ඵොට‍්ඨබ‍්බාති වෙමත‍්තතා.

යළි ධර්‍මයෙක් නානාධර්‍මයන් හා සංගත වූයේ ඒකත්තතායෙක් ඇත. ඒ මෙසේ යැ: රූපය චතුර්විධ කොට දැක්විය යුතු යැ, එද ‘රූප යනු ඒකත්තතා යැ, පඨවිධාතු ආපෝ–තේජෝ–වායෝධාතු යනු වේමත්තතා යි. සියලු සතර ධාතූහු මෙසේ යි. ‘රූපං’ යනු ඒකත්තතා යැ, පඨවි ධාතු ආපෝ–තොජො–වායෝධාතු වේමත්තතා යැ, ‘පඨවිධාතු’ යනු ලක්‍ෂණ විසින් ඒකත්තතා යැ, සංකීර්‍ණවස්තු විසින් වේමත්තතා යි. “යං කිඤ්චි කක්ඛළලක්ඛණං සබ්බං තං පඨවීධාතු” යනු ඒකත්තතා යැ, “කේසා ලෝමා නඛා දන්තා ජවි චම්මං” යනු වේමත්තතායි. සියලු සතර ධාතූහු මෙසේ යි. ‘රූපං’ යනු ඒකත්තතා යැ. ‘සද්දා ගන්‍ධා රසා ඵොට්ඨබ්බා’ යනු වේමත්තතා යි.

අත්‍ථි පුන ධම‍්මො වෙමත‍්තතා අඤ‍්ඤං නාමං ලභති, යථා කායානුපස‍්සනාය නව සඤ‍්ඤා විනීලකසඤ‍්ඤා උද‍්ධුමාතකසඤ‍්ඤා, අයං අසුභසඤ‍්ඤා, යා එකත‍්තතා අරම‍්මණතො වෙමත‍්තතා,

යළි වේමත්තතා ධර්‍මයෙක් ඇත: එය අන් නාමයක් ලබයි. ඒ මෙසේ යැ කායානු පස්සනායෙහි නව සංඥායෙකි : විනීලකසඤ්ඤා උද්ධුමාතකසඤ්ඤා ... මේ අශුභ සංඥා යැ, යම් ඒකත්තතාවක් ආලම්බන හෙයින් වෙමත්තා වේ ද,

(සා එවං සඤ‍්ඤා වෙදනාසු ආදීනවං සමනුපස‍්සතො තථාධිට‍්ඨානං සමාධින්‍ද්‍රියං ච සායෙව ධම‍්මෙසු තත්‍ථ සඤ‍්ඤාභාවනා විරියින්‍ද්‍රියං ච ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනා චිත‍්තෙ චිත‍්තසඤ‍්ඤං පජහතො පඤ‍්ඤින්‍ද්‍රියං ච චිත‍්තෙ චිත‍්තානුපස‍්සනා? ඉති යො කොචි ඤාණූපචාරො සබ‍්බසො පඤ‍්ඤාය ගොචරො. පඤ‍්ඤා, අයං වෙමත‍්තතා, යථාකාමරාගො භවරාගො දිට‍්ඨිරාගොති වෙමත‍්තතා තණ‍්හාය. ඉති යං එකත‍්තතාය ච වෙමත‍්තතාය ච ඤාණං වීමංසනා කුලනා, අයං අධිට‍්ඨානො හාරො.

එය මෙසේ සඤ්ඤා වේදනාවන්හි ආදීනව දක්නහුට (සා එවං ... චිත්තානුපස්සනා ?) මෙසේ යම් කිසි ඤාණූපචාරයෙක් ඇද්ද එය සර්‍වප්‍රකාරයෙන් ප්‍රඥාවට ගෝචර වෙයි. මේ වේමත්තතා යි. ඒ මෙසේ යැ: කාමරාග යැ භවරාග යැ දිට්ඨිරාග යැ යන මේ තණ්හාවට වේමත්තතා යි. මෙසේ ඒකත්තතා පිළිබඳ වූ ද වේමත්තතා පිළිබඳ වූ ද යම් ඥානයක් වීමංසනාවක් තුලනාවක් වේ දැ මේ අධිට්ඨානහාර නම් වේ.

15. තත්‍ථ කතමො පරික‍්ඛාරො හාරො:

15. එහි පරික්ඛාරහාරය කවරැ :

සහෙතු සප‍්පච‍්චයං වොදානං ච සංකිලෙසො ච, යං තදුභයං පරියෙට‍්ඨි ස පරික‍්ඛාරො හාරො. ඉති ධම‍්මානං සහෙතුකානං හෙතු පරියෙසිතබ‍්බො, සප‍්පච‍්චයානං පච‍්චයො පරියෙසිතබ‍්බො.

සහේතු සප්‍රත්‍යය වූ ව්‍යවදානය ද සංක්ලේශය ද වෙයි. ඒ වෝදාන සංකිලේස දෙක පිළිබඳ යම් පර්‍ය්‍යෙෂණයෙක් වේ ද, එය පරික්ඛාරහාර නම් වේ. මෙසේ සහේතුක වූ සියලු ධර්‍මයන්ගේ හේතුව සෙවියැ යුතු යැ, සප්‍රත්‍යයධර්‍මයන්ගේ ප්‍රත්‍යය සෙවියැයුත්තේ යි.

තත්‍ථ කිං නානාකරණං හෙතුස‍්ස ච පච‍්චයස‍්ස ච: සභාවො හෙතු, පරභාවො පච‍්චයො පරභාවස‍්ස පච‍්චයො හෙතුපි, සභාවස‍්ස හෙතු (යා?) පරභාවස‍්ස කස‍්සචි පච‍්චයො. අවුත‍්තො හෙතු, වුත‍්තො පච‍්චයො. අජ‍්ඣත‍්තිකො හෙතු බාහිරො පච‍්චයො. සභාවො හෙතු පරභාවො පච‍්චයො. නිබ‍්බත‍්තකො හෙතු පරිග‍්ගාහකො පච‍්චයො. නෙවාසිකො හෙතු, ආගන‍්තුකො පච‍්චයො. අසාධාරණො හෙතු, සාධාරණො පච‍්චයො. එකො යෙව හෙතු, අපරාපරො පච‍්චයො.

එහි හේතුහුගේ ද ප්‍රත්‍යයාගේ විශේෂය කවරැ : සමානභාවය හේතු යැ, එයින් අන්‍යභාවය ප්‍රත්‍යය හැ, පර (අන්‍ය) භාවයට හේතුව ද ප්‍රත්‍යය වෙයි, සභාව හේතුව කිසියම් පරභාවයකට ප්‍රත්‍යය වෙයි, නො කියන ලද්දේ හේතු යැ. කියන ලද්දේ ප්‍රත්‍ය යැ. ආධ්‍යාත්මික වූයේ හේතු යැ, බාහිර වූයේ ප්‍රත්‍ය යැ, සමානභාවය හේතු යැ, අන්‍යභාවය ප්‍රත්‍ය යැ. නිපද වනුයේ හේතු යැ, පරිග්‍රාහක වූයේ ප්‍රත්‍ය යැ. නේවාසික වූයේ හේතු යැ, ආගන්තුක වූයේ ප්‍රත්‍ය යැ, අසාධාරණ වූයේ හේතු යැ, සාධාරණ වූයේ ප්‍රත්‍ය යැ, එකලා වූයේ හේතු යැ, අපරාපර වූයේ ප්‍රත්‍යය යි.

හෙතුස‍්ස උපකරණං සමුදානෙතබ‍්බං: සමුදානං හෙතු, තත්‍ථ දුවිධො හෙතු දුවිධො පච‍්චයො: සමනන‍්තරපච‍්චයො ච පරම‍්පරපච‍්චයො ච. හෙතුපි දුවිධො: සමනන‍්තරහෙතු ච පරම‍්පරහෙතු ච. තත්‍ථ කතමො පරම‍්පරපච‍්චයො: අවිජ‍්ජා නාමරූපස‍්ස පරම‍්පරපච‍්චයො. විඤ‍්ඤාණං සමනන‍්තරපච‍්චයතාය පච‍්චයො. යදි ආදිම‍්හි අවිජ‍්ජානිරොධො භවතී නාමරූපස‍්ස නිරොධොපි, තත්‍ථ සමනන‍්තරං කිං කාරණං පරම‍්පරපච‍්චයො සමනන‍්තරපච‍්චයො සමුදානිතො අයං පච‍්චයතො. තත්‍ථ කතමො පරම‍්පරහෙතු: චිජානන‍්තස‍්ස පරම‍්පරහෙතුතාය හෙතු, අඤ‍්ඤාකාරො සමනන‍්තරහෙතුතාය හෙතු යස‍්ස හි යං සමනන‍්තරං නිබ‍්බත‍්තති, සො තස‍්ස හෙතුපි ජාතිනිරොධා බහී ආකාරනිරොධො, ආකාරනිරොධා දණ‍්ඩනිරොධො, දණ‍්ඩනිරොධා ඛණ‍්ඩනිරොධො. එවා හෙතුපි ද‍්විධා සො තාහි පස‍්සිතබ‍්බො [?]

හේතුහුගේ උපකරණය එළැවියැයුතු යැ, සමුදානය හේතු යි. එහි හේතුව ද්විවිධ යැ, ප්‍රත්‍යය ද්විවිධ යැ, සමනන්තරහේතුව ද පරම්පරාහෙතුව ද ද්විවිධ හේතු යි. එහි පරම්පර ප්‍රත්‍යය කවරෙ යත්: අවිද්‍යාව නාමරූපයට පරම්පරප්‍රත්‍යය වෙයි. විඤ්ඤාණය සමනන්තර ප්‍රත්‍යයභාවයෙන් ප්‍රත්‍යය වෙයි. ඉදින් ආදියෙහි අවිද්‍යානිරෝධය වේ නම් නාම රූපයාගේ නිරෝධයත් වෙයි. එහි සමන්තරප්‍රත්‍යය කවර කරුණෙකින් පරම්පර ප්‍රත්‍යයත් සමනන්තරප්‍රත්‍යයත් එළවන ලද ද (අයං පච්චයො ... සො තාහි පස්සිතබ්බො?)

පටිච‍්චසම‍්මුපාදො යථා අවිජ‍්ජාපච‍්චයො තස‍්ස පුන කිං පච‍්චයො: අයොනිසොමනසිකාරො, සො තස‍්ස පච‍්චයො සඞ‍්ඛාරානං, ඉති පච‍්චයො ච සමුප‍්පන‍්නං ච. තත්‍ථ කො හෙතු: අවිජ‍්ජායෙව. තථාහි පුරිමා කොටි න පඤ‍්ඤායති, තත්‍ථ අවිජ‍්ජානුසයො අවිජ‍්ජාපරියුට‍්ඨානස‍්ස හෙතු, පුරිමා හෙතු පච‍්ඡා පච‍්චයො, සාපි අවිජ‍්ජා සඞ‍්ඛාරානං පච‍්චයො චතූහි කාරණෙහි: සහජාතපච‍්චයතාය සමනන‍්තරපච‍්චයතාය අභිසන්‍දනපච‍්චයතාය පතිට‍්ඨානපච‍්චයතාය.

පටිච්චසමුප්පාදය මෙසේ යැ: අවිද්‍යාව ප්‍රත්‍යයධර්‍මයෙකි. ඒ අවිද්‍යාප්‍රත්‍යයට වැලිත් කුමක් ප්‍රත්‍යය වේ ද: අයෝනිසෝමනසිකාරය යි. හේ කවරක්හට ප්‍රත්‍යය වේ ද, සංස්කාරයන්ට ප්‍රත්‍යය වෙයි. මෙසේ ප්‍රත්‍යය ද ප්‍රත්‍යයසමුත්පන්නය ද වෙයි, ඒ අවිද්‍යා ප්‍රත්‍යය හේතු කවරෙ යැ: අවිද්‍යාව මැ යි. ඒ එසේ මැ ය: (අවිද්‍යාවගේ) පූර්‍වකෙළවර නො පැනෙයි. එහි අවිද්‍යානුශය අවිජ්ජාපරියුට්ඨානයට හේතු යි. හේතුව පූර්‍ව වෙයි. ප්‍රත්‍යය පසුව වේ. ඒ අවිද්‍යාව ද සංස්කාරයන්ට සතර කාරණයෙකින් ප්‍රත්‍යය වෙයි: සහජාත ප්‍රත්‍යභාවයෙන් සමනන්තරප්‍රත්‍යතායෙන් අභිසන්‍දනප්‍රත්‍යතායෙන් පතිට්ඨාන ප්‍රත්‍යතායෙන් යන සතර කරුණෙනි.

කථං සහජාතපච‍්චයතාය අවිජ‍්ජා සඞ‍්ඛාරානං පච‍්චයො: යං චිත‍්තං රාගපරියුට‍්ඨිතං තත්‍ථ අවිජ‍්ජාපරියුට‍්ඨානෙන සබ‍්බං පඤ‍්ඤාය ගොචරං හන‍්ති. තත්‍ථ සඞ‍්ඛාරාති පච‍්චයට‍්ඨිකා අද‍්ධාභූමිකාරමහත‍්තස‍්ස [?] අයං අවිජ‍්ජා සහසමුප‍්පන‍්නං වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලත‍්තමාපජ‍්ජන‍්ති චතූහි කාරණෙහි පඤ‍්ඤා පහීයති. කතමෙහි චතුහි: අනුසයො පරියුට‍්ඨානං සංයොජනං උපාදානං. තත්‍ථ අනුසයො පරියුට‍්ඨානං ජනෙතී පරියුට‍්ඨිතා සංයුජ‍්ජති සංයුත‍්තා උපාදීයති, උපාදානපච‍්චයා භවො. (එවං තෙ සඞ‍්ඛාරා තිවිධා උප‍්පන‍්නා භූමිගතා නාස’ඤ‍්ඤත්‍ථ අයං මග‍්ගෙන විනීතත‍්තායාති තෙ ථාමගතා අපතිවිනීතාතිපි තෙ සඞ‍්ඛාරාති වුච‍්චති. එවං සහෙතු සමුප‍්පන‍්නට‍්ඨෙන අත්‍ථියෙව පච‍්චයා සඞ‍්ඛාරානං පච‍්චයො නිද‍්දිට‍්ඨං අපනෙත්‍වා කුසලං අකුසලං කුසලො ච අකුසලො ච පක‍්ඛිපිතබ‍්බො. විපාකධම‍්මා අපනෙත්‍වා වචනීයං අවචනීයං වචනීයං ච අවචනීයං ච පක‍්ඛිපිතබ‍්බං. භව. . . ?) සබ‍්බසුත‍්තං පරික‍්ඛිපිතබ‍්බං.

කිසෙයින් සහජාතප්‍රත්‍යතායෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය වෙයි යත්: යම් සිතක් රාගයෙන් මඩනා ලද ද, එහි අවිජ්ජා පරියුට්ඨානය හේතු කොට ගෙන සියලු ප්‍රඥාගෝචරය නසයි. (තත්‍ථ සංඛාරා ... ?) මේ අවිද්‍යාව එක්ව උපන් ධර්‍මය සමග වෘද්ධියට වැඩීමට විපුල බවට පැමිණෙන්නී සතර කරුණෙකින් ප්‍රඥාව ප්‍රහීණ කෙරෙයි කවර සතරෙකින යත්; අනුශය යැ පරියුට්ඨාන යැ සංයෝජන යැ උපාදාන යැ යන සතරෙනි. එහි අනුසය පරියුට්ඨානය උපදවයි පරියුට්ඨාන වූවා සංයුක්ත වෙයි, සංයුක්ත වූවා උපාදානය කෙරෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ. (එවං තේ ... සබ්බයුත්තං නික්ඛිපිතබ්බං? මේ වෘක්‍ය ප්‍රදේශය ද, ව්‍යාකුලය)

දස තථාගතබලානි චත‍්තාරි වෙසාරජ‍්ජානි පුඤ‍්ඤානි අනඤ‍්ඤාකතං, අවිජ‍්ජා සමනන‍්තරපච‍්චයතාය සඞ‍්ඛාරානං පච‍්චයො. යෙන චිත‍්තෙන සහ සමුප‍්පන‍්නා අවිජ‍්ජා තස‍්ස චිත‍්තස‍්ස සමනන‍්තරචිත‍්තං සමුප‍්පන‍්නන‍්ති තස‍්ස යං සමනන‍්තරචින‍්තං සමුප‍්පන‍්නන‍්ති, තස‍්ස පච‍්ඡිමස‍්ස චිත‍්තස‍්ස පුරිමචිත‍්තං හෙතුපච‍්චයතාය පච‍්චයො. තෙන අවිජ‍්ජා හෙතු, තෙන චිත‍්තෙන උපාදානං අනොකාසකතං ඤාණං න උප‍්පජ‍්ජති, යා තස‍්ස අප‍්පමාදා ධාතු අභිජ‍්ඣාභිසන්‍දිතා තහිං විපල‍්ලාසා උප‍්පජ‍්ජන‍්ති: ‘අසුභෙ සුභන‍්ති, දුක‍්ඛෙ සුඛ’න‍්ති. තත්‍ථ සඞ‍්ඛාරා උප‍්පජ‍්ජන‍්තී රත‍්තා දුට‍්ඨා මූළ‍්හස‍්ස චෙතනා රාගපරියුට‍්ඨානෙන බ්‍යාපාදපරියුට‍්ඨානෙන අවිජ‍්ජාපරියුට‍්ඨානෙන දිට‍්ඨිවිපල‍්ලාසො වත්‍ථුනිද‍්දෙසෙ නිද‍්දිසිතබ‍්බො. යං විපරීතචිත‍්තො විජානාති අයං චිත‍්තවිපල‍්ලාසො. යා විපරීතසඤ‍්ඤා උපගණ‍්හාති යං සඤ‍්ඤාවිපල‍්ලාසො. යං විපරීතදිට‍්ඨි අභිනිවිසති අයං දිට‍්ඨිවිපල‍්ලාසො.

තථාගත බලයෝ දසදෙනෙකි, වෛසාරද්‍යයෝ සතර දෙනෙකි. (පුඤ්ඤනි අනඤ්ඤකතං?) අවිද්‍යාව සමන්තර ප්‍රත්‍යභාවයෙන් සංස්කාරයන්ට ප්‍රත්‍යය වෙයි, යම් සිතක් සමග උපන් අවිද්‍යාව ඒ සිතට සමන්තරව සිතක් උපන් නුයි ඒ සිතට සමන්තරව යම් සිතක් උපන්නුයි ඒ පශ්චිම චිත්තයට පූර්‍ව චිත්තය හේතු ප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි. එහෙයිනුත් අවිද්‍යාව, හේතු යි. ඒ සිතින් උපාදානව අවකාස නො කරන ලද ඥානය නූපදී. ඔහුගේ යම් අප්‍රමාද ධාතුවක් අභිධ්‍යායෙන් යුක්ත වූ ද, එහි අශුභයෙහි ශුභ යැ දුඃඛයෙහි සුඛ යැ යන විපර්‍ය්‍යාසයෝ උපදිත්. එහි රාගයෙන් රත් වූ, ද්වේෂයෙන් දුෂ්ට වූ සංස්කාරයෝ උපදිත්. මෝහයෙන් මූඪ වූවහුගේ චේතනාව රාගපරියුට්ඨානයෙන්, ව්‍යාපාදරියුට්ඨානයෙන්, අවිද්‍යා පරියුට්ඨානයෙන් දිට්ඨි විපල්ලාසය වස්තු නිර්දේශයෙහි ලා දැක්වියැ යුතු යැ. විපරීත සිත් ඇතියේ යමක් දැනගනී ද මේ චිත්ත විපල්ලාස යැ, යම් විපරීත සංඥාවක් ගනී ද මේ සඤ්ඤාවිපල්ලාස යැ, යම් විපරීත දෘෂ්ටියකට බැසගනී ද මේ දිට්ඨිවිපල්ලාස යි.

අට‍්ඨ මිච‍්ඡත‍්තානි වඩ‍්ඪන‍්ති තීණි අකුසලානි, අයොනිසො මනසිකාරෙ උප‍්පන‍්නං විඤ‍්ඤාණං චවිජ‍්ජං ච කරොන‍්ති. ඉති පුබ‍්බා පරන‍්තෙ අකුසලානාතරීතරො [?] සඞ‍්ඛාරා වුද‍්ධිං වෙපුල‍්ලං ගච‍්ඡන‍්තී. තෙ ච මහතා ච අප‍්පටිවිදිතා පොනොභවිකා සඞ‍්ඛාරා භවන‍්ති. ඉති එවං අවිජ‍්ජා සහජාතපච‍්චයතාය සඞ‍්ඛාරානං පච‍්චයො සමනන‍්තරපච‍්චයතාය ච.

අටවැදෑරුම් මිච්ඡත්තයෝ තුන් අකුශලයන් වඩත්. අයෝනිසෝ මනසිකාරයෙහි උපන් විඤ්ඤාණය ද විද්‍යාව ද, කෙරෙත් (ද) ඉතිපුබ්බා පරන්තෙ ... සංඛාරා භවන්ති?) මෙසේ අවිද්‍යාව සතජාත ප්‍රත්‍යභාවයෙන් ද සමන්තර ප්‍රත්‍යභාවයෙන් ද සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ.

කථං අභිසන්‍දනාකාරෙන අවිජ‍්ජා සඞ‍්ඛාරානං පච‍්චයො: සා අවිජ‍්ජා තෙ සඞ‍්ඛාරෙ අභිසන‍්නෙති පරිප‍්ඵරති. සෙය්‍යථාපි නාම උප‍්පලං වා පදුමං වා තං උදකෙ වඩ‍්ඪං අස‍්ස, සීතෙන වාරිනා අභිසන‍්නං පරිසන්‍දනං වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජති. එවං අභිසන්‍දනට‍්ඨෙන අවිජ‍්ජා සඞ‍්ඛාරානං පච‍්චයො.

කී සෙයින්, අභිසන්‍දනාකාරයෙන් අවිද්‍යාව සංස්කාරයන්ව ප්‍රත්‍යය වෙයි යත්: ඒ අවිද්‍යාව, ඒ සංස්කාරයන් අභිසන්‍දනය කෙරෙයි, පැතිරැගෙන සිටී. යම් සේ උපුලක් හෝ පියුමක් හෝ උදකයෙහි වැඩෙනුයේ සිහිල් දියෙන් තෙත්වූයේ හාත් පසින් තෙත්වූයේ වෘද්ධියට වැඩීමට විපුල බවට පැමිණේ ද, එපරිද්දෙන් අභිසන්‍දනාර්‍ත්‍ථයෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වේ.

කථං පතිට‍්ඨානට‍්ඨෙන අවිජ‍්ජා සඞ‍්ඛාරානං පච‍්චයො: තෙ සඞ‍්ඛාරා අවිජ‍්ජං නිස‍්සාය වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජන‍්ති. සෙය්‍යථාපි නාම උප‍්පලං වා පදුමං වා පඨවිං නිස‍්සාය පඨවියං. පතිට‍්ඨාය වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජති, එතෙ සඞ‍්ඛාරා අවිජ‍්ජං නිස‍්සාය අවිජ‍්ජාය පතිට‍්ඨිතා වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ගච‍්ඡන‍්ති. එවං පතිට‍්ඨානට‍්ඨෙන අවිජ‍්ජා සඞ‍්ඛාරානං පච‍්චයො.

කී සෙයින් පතිට්ඨානාර්‍ත්‍ථයෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ ද යත්: ඒ සංස්කාරයෝ අවිද්‍යාව නිසා වෘද්ධියට වැඩීමට විපුල බවට පැමිණෙති. යම් පරිදි උපුලක් හෝ පියුමක් හෝ පඨවිය නිසා පඨවියෙහි පිහිටා වෘද්ධියට වැඩීමට විපුලබවට පැමිණේ ද, එපරිදි තෙල සංස්කාරයෝ අවිද්‍යාව නිසා අවිද්‍යාවෙහි පිහිටියාහු වෘද්ධියට වැඩීමට විපුලබවට පැමිණෙත්. මෙසේ පතිට්ඨානාර්‍ත්‍ථයෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ.

පුන රාගසහගතස‍්ස කම‍්මස‍්ස විපාකෙන පටිසන්‍ධිම‍්හි භවො නිබ‍්බත‍්තති, තං කම‍්මස‍්ස සබ‍්බං අභිනිවිට‍්ඨං අඤ‍්ඤාණවසෙන පොනොභවිකා සඞ‍්ඛාරාති වුච‍්චන‍්ති, එවම‍්පි අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා අත්‍ථි. පුන පඤ‍්චසු යෙ ච සෙඛා පුග‍්ගලා, යෙ ච අසඤ‍්ඤීසමාපත‍්තිං සමාපන‍්නා, යෙ ච භවගතා, යෙ ච අන‍්තොගතායෙව සංසෙදජා, යෙ ච වා පන අඤ‍්ඤො හි කොචි අනාගාමීභූතා න චෙතෙන‍්ති න ච පත්‍ථෙන‍්ති, තෙසං කිං පච‍්චයා සඞ‍්ඛාරා පුන රාගා අත්‍ථි තෙසං සඞ‍්ඛාරානි උපාදානානි චිත‍්තමනුස‍්සරන‍්තියෙව අවිපක‍්කවිපාකසමූහතා අසමුච‍්ඡින‍්නපච‍්චයා තෙසං පුන ච ගතො භවති.

යළි රාගසහගත කර්‍මයාගේ විපාකයෙන් ප්‍රති සන්‍ධියෙහි ලා භවය උපදී. ඒ සියල්ල නොදැනීම් වශයෙන් කර්‍මයට පිවිසියේ වෙයි. (ඔහු) පුනර්‍භවය ඇති කරන සංස්කාරයෝ යයි කියනු ලැබෙත්. මෙසේත් අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ ඇත. යළි (පඤ්චසු?) යම් ශෛක්‍ෂ පුද්ගල කෙනෙක් වෙත් ද යම් අසංගදී සමාපත්තියට සමවන්නා හු වෙත් ද, භවගත වූ යම් කෙනෙකුත් වෙත් ද, අන්තොගත වූ මැ සංසේදජ වූ යම් කෙනෙකුත් වෙත් ද, (යෙ ච වා පන අඤ්ඤාහි, කෝචි?) අනාගාමී වූවා හු චේතනා නො කෙරෙති ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙත්. ඔවුනට සංස්කාරයෝ කුමක් ප්‍රත්‍යය කොට ඇත්තා හු ද, (යළි රාගය හේතු කොට ගෙන – අත්‍ථා තෙසං ගතො භවති?)

එවම‍්පි හි අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා. පුන සා තෙ න උපාදානා නපි සඞ‍්ඛාරා, අත්‍ථි පුන තෙසං සත‍්ත අනුසයා අසමූහතා අසමුච‍්ඡින‍්නා, තදාරම‍්මණං භවති, විඤ‍්ඤාණස‍්ස පතිට‍්ඨාය විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං. එවම‍්පි අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා.

මෙසේ මැ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. (පුන සා?) උපාදානයෝ නො වෙති, සංස්කාරයෝ නො ද වෙත්. යළි ඔවුනට සත් අනුශයයෝ නො නසන ලද්දාහු අසමුච්ඡින්න වූවාහු ඇත, විඥානයාගේ පිහිටීමට එය අරමුණු වෙයි. විඥාන ප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි. මෙසේත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්.

පුන සා යං කිඤ‍්චි කම‍්මං ආචයගාමි, සබ‍්බං තං අවිජ‍්ජාවසෙන අභිසඞ‍්ඛරීයති තණ‍්හාවසෙන ච අල‍්ලීයති. අඤ‍්ඤාණවසෙන ච තත්‍ථ ආදීනවම‍්පි න ජානාති තදෙව විඤ‍්ඤාණංබීජං භවති. සායෙව තණ‍්හාසිනෙහො භවති. සායෙව අවිජ‍්ජා සම‍්මොහෙති. එවම‍්පි අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා වත‍්තබ‍්බා. ඉති ඉමෙහි ආකාරෙහි අවිජ‍්ජාසඞ‍්ඛාරානං පච‍්චයො.

නැවත ඒ අවිද්‍යාව ආචයගාමී වූ යම් කිසි කර්‍මයක් ඇද්ද ඒ සියල්ල අවිද්‍යා වශයෙන් රැස් කරනු ලැබෙයි. කෘෂ්ණා වශයෙන් ඇලෙයි, නො දැනීම් වශයෙන් එහි ආදීනව ද නො දනී, එය මැ ප්‍රතිසන්‍ධි විඥානයට බීජ වෙයි. ඒ අවිද්‍යාව මැ තෘෂ්ණාවට සෙනහ වෙයි. ඒ අවිද්‍යාව මැ සම්මෝහ වේ යයි. මෙසේත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ කියැයුත්තාහු යැ. මෙසේ මේ ආකාරයෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ.

තත්‍ථ අවිජ‍්ජාය හෙතු යොනිසො මනසිකාරො පච‍්චයො හොති, තත්‍ථ අවිච‍්ඡෙදො. අයං තත්‍ථ තතියං බලං නිවත‍්ති, අයං පටිසන්‍ධි තත්‍ථ පුනබ‍්භවො, යො අවිච‍්ඡෙදො අසමුග‍්ඝාතනට‍්ඨෙන අයං අනුසයො, යථා පතාකං වා සාටකං වා (ද‍්වෙ ජනා පීඨෙසු ච එකා වා බලං වා අස‍්ස නිවාචස‍්සෙසු, න පන පීඨෙසු සොසෙය්‍ය, තත්‍ථ යං සිනෙහා ආපොධාතු අනුපුබ‍්බෙන සොසෙතබ‍්බා. උණ‍්හධාතුමාගම‍්ම සචෙ පුන තං ආකාසො නික‍්ඛිපෙය්‍ය තං උස‍්සාවෙන යෙභූය්‍යතරං සිනෙහමාගච‍්ඡෙය්‍ය, න හි අනාගම‍්ම තෙජොධාතුං පරිසොසං ගච‍්ඡෙය්‍ය. එවමෙව භවග‍්ගපරමාපි සමාපත‍්ති න අනුරූපස‍්ස සමුග‍්ඝාතාය සංවත‍්තති. තෙ හි ආලසන‍්ති සම‍්මසන‍්ති, න ච තණ‍්හාය තණ‍්හාපහානං ගච‍්ඡන‍්ති?)

එහි අවිද්‍යාව හේතු යැ, අයෝනිසෝමනසිකාරය ප්‍රත්‍ය වේ. එහි අවිච්ඡේදය වෙයි, මේ එහි තුන් වැනි බලය (නිවත්ති?) මේ පටිසන්‍ධි යැ, එහි පුනර්‍භවය වෙයි, අසමුද්ඝාතාර්‍ත්‍ථයෙන් නො සිඳී පැවැත්මෙක් වේ ද, මේ අනුශය යි, යම්සේ පතාකයක් හෝ සළුවක් හෝ (දේවජනා ... තණ්හාපහානං ගමඡන්ති ? – මුළු වාක්‍යයැම විපරීත ව ව්‍යාකූලව ඇත.)

තත්‍ථ සො අසමුග‍්ඝාතො අවිජ‍්ජාය අනුසයො ච චිත‍්තස‍්ස සම‍්පළිබොධො, ඉදං පරියුට‍්ඨානං. යථාභූතං විඤ‍්ඤාණස‍්ස අප‍්පවිවෙධො අයං අවිජ‍්ජාසවො, අවිජ‍්ජා විඤ‍්ඤාබීජං භවති. යං බීජං සො හෙතු න සමුච‍්ඡිජ‍්ජති. අසමුච‍්ඡිජ‍්ජන‍්තො පටිසන්‍දහති, පටිසන්‍දභන‍්තො න සමුග‍්ඝාතං ගච‍්ඡති. අසමුග‍්ඝාතං චිත‍්තං පරියොනහති, පරියොනද‍්ධචිත‍්තො යථාභූතං නප‍්පජානාති.

එහි අවිද්‍යාවගේ අසමුද්ඝාතය ද අනුශය ද චිත්තයට පරිබෝධ වෙයි. මේ පරියුට්ඨාන යි. යථාභූතව – ඇති සැටි) විඥානයාගේ අප්‍රතිවේධයෙක් වේ ද මේ අවිද්‍යාස්‍රව යි. අවිද්‍යාව විඥානයට බීජ වෙයි. යමක් බීජ වේ ද ඒ හේතුව නොසිඳී පවතී. නො සිඳී පවත්නේ ප්‍රතිසන්‍ධානය කෙරෙයි. ප්‍රතිසන්‍ධානය කරනුයේ සමුද්ඝාතයට නො යෙයි. සමුද්ඝාතයට නො පැමිණියේ සිත හාත්පසින් බැඳ ගනී. හාත්පසින් බැඳුණු සිත් ඇතියේ යථාභූත ව නො දනී.

ඉති විඤ‍්ඤාණස‍්ස සාසවත්‍ථො අවිජ‍්ජත්‍ථො, හෙතුඅත්‍ථො අවිච‍්ඡෙදත්‍ථො අනිවත‍්තිඅත්‍ථො ඵලත්‍ථො, පටිසන්‍ධිඅත්‍ථො පුනබ‍්භවත්‍ථො, අසමූග‍්ඝාතත්‍ථො අනුසයත්‍ථො, සම‍්පලිබොධත්‍ථො පරීයුට‍්ඨානත්‍ථො, අසම‍්පටිවෙධත්‍ථො අවිජ‍්ජත්‍ථො. එත‍්තාවතා අවිජ‍්ජාය ඛෙත‍්තං නිද‍්දිට‍්ඨං භවති. අයං වුච‍්චති පරික‍්ඛාරො හාරො.

මෙසේ විඥානයාගේ සාස්‍රවාර්‍ත්‍ථය අවිද්‍යාර්‍ත්‍ථ යැ, හේතු අර්‍ත්‍ථය අවිච්ඡේදාර්‍ත්‍ථය යැ. අනිවත්ති (නොනවත්නා) අර්‍ත්‍ථය ඵලාර්‍ත්‍ථ යැ, ප්‍රතිසන්‍ධි අර්‍ත්‍ථය පුනර්‍භවාර්‍ත්‍ථ යැ, අසමුද්ඝාතාර්‍ත්‍ථය අනුශයාර්‍ත්‍ථ යැ, සම්පරිබෝධාර්‍ත්‍ථය පරියුට්ඨානාර්‍ත්‍ථ යැ, අසම්ප්‍රතිවේධාර්‍ත්‍ථය අවිද්‍යාර්‍ත්‍ථ යි. මෙතෙක් අවිද්‍යාවගේ කේෂ්ත්‍ර ය දක්වන ලද්දේ වේ. මේ පරික්ඛාරහාරය යි කියනු ලැබේ.

16. තත්‍ථ කතමො සමාරොපනො හාරො:

16. එහි සමාරෝපන භාර කවරෙ යැ:

උග‍්ඝටිතම‍්හි තම‍්හි - සන‍්තඤ‍්චෙව නං විත්‍ථාරං පන වත‍්තබ‍්බං විත්‍ථාරවිධිං විජඤ‍්ඤා - අයං සමාරොපනො හාරො.

ඒ ධර්‍මය උද්ඝාටනය කළ කල්හි විද්‍යමාන වූ මැ විස්තරය කියැයුතු ය, ඒ විස්තාර විධිය දත යුත්තේ යැ. මේ සමාරෝපන හාර නම් වේ.

තත්‍ථ නාමනිද‍්දෙසො උපඝටකො, වත්‍ථුනිද‍්දෙසො වෙවචනං වත්‍ථුභූතො විත්‍ථාරො. යථා කිං: යො භික‍්ඛු නිවත‍්තතො පහාතබ‍්බො. අයං උපඝටනා.

එහි නාමනිර්දේශය උපඝටක වෙයි, වස්තු නිර්‍දෙශය වේවචන යැ. වස්තු වූයේ විස්තරය යි. ඒ කෙසේ යැ යත්: යම් මහණෙක් නිවෘත්තියෙන් ප්‍රහාතව්‍ය වේ ද, මේ උපඝටනා යැ.

තත්‍ථ කතමො සමාරොපනො: කිඤ‍්චි න වත‍්තබ‍්බං රූපරාගං වා නාමවන‍්තපහාතබ‍්බං. යාව විඤ‍්ඤාණන‍්ති විත්‍ථාරෙන කාතබ‍්බානි, අවිජ‍්ජා තා ඔපම‍්මෙන පඤ‍්ඤාපෙතබ‍්බා, අයං සමාරොපනො නිස‍්සිතචින‍්තස‍්ස ව මත‍්තිකො ච නිස‍්සයො තණ‍්හා ච දිට‍්ඨි ච තත්‍ථ දිට‍්ඨි අවිජ‍්ජා, තණ‍්හා සඞ‍්ඛාරා තත්‍ථ දිට‍්ඨිපච‍්චයා තණ‍්හා ඉමෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා. තත්‍ථ නිස‍්සිතං විඤ‍්ඤාණං, ඉදං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, යාව ජරාමරණං ඉදං සඞ‍්ඛිත‍්තෙන භාසිතෙ අවසිට‍්ඨං පරොපයති [?]

එහි සමාරෝපන කවරෙ යැ: රූපරාගය හෝ (කිඤ්චි න වත්තබ්බං ... අවසිට්ඨං පරෝපති : මේ කොටස ද අර්‍ත්‍ථයක්, නගාගත නො හැකි පරිදි ව්‍යාකූලව ඇත ?)

“අනිස‍්සිතස‍්ස චලිතං නත්‍ථි”ති තස‍්ස එවං දිට‍්ඨියා තණ‍්හාය ච පහානං, තත්‍ථ දිට‍්ඨි අවිජ‍්ජානිරොධාය යථාභූතං විඤ‍්ඤාණං රාගට‍්ඨානියෙසු ධම‍්මෙසු තං තං ධම‍්මං උපෙච‍්ච අඤ‍්ඤං ධම‍්මං ධාවති මක‍්කටොපමතාය: අථ ඛ‍්වස‍්ස පරිත‍්තෙසු ධම‍්මෙසු රාගට‍්ඨානියෙසු ඡන්‍දරාගො නත්‍ථි, කුතො තතො චලනා, අධිමත‍්තෙසු සත‍්තෙසු [?] චිත‍්තං නිවෙසයති තං අපනිට‍්ඨිතං විඤ‍්ඤාණං අනාහාරං නිරුජ‍්ඣති, විඤ‍්ඤාණනිරොධා නාමරූපනිරොධො, යාව ජරාමරණනිරොධො අයං සමාරොපනො.

“අනිස්සිතස්ස චලිතං නත්‍ථි” යනු ඔහුට මෙසේ දෘෂ්ටියගේ ද, තෘෂ්ණාවගේ ප්‍රහාණය වෙයි, එහි දෘෂ්ටි අවිද්‍යාවන්ගේ නිරෝධය පිණිස (?) යථාභූතවිඥානය රාගයට කාරණ වූ ධර්‍මයන් කෙරෙහි වඳුරකුට බඳු උපමා ඇතියෙන් ඒ ඒ ධර්‍මයට පැමිණ අන් දහමකට (අරමුණකට) දිවෙයි, වැලි ඔහුට රාගය ඉපදීමට කාරණ වූ පරිත්ත ධර්‍මයන්හි ද ඡන්‍දරාගයෙක් නැත, එහෙයින් චලනය කොහි යැ, අධිමාත්‍ර වූ සත්‍වයන් කෙරෙහි (?) සිත පිහිටුවයි, ඒ අප්‍රතිෂ්ඨාන වූ විඥානය අනාහාර වැ නිරුද්ධ වෙයි. විඥානයාගේ නිරෝධයෙන් නාමරූප නිරෝධය වෙයි. ජරාමරණ නිරෝධය දක්වා (විස්තරයි) මේ සමාරෝපණ යි.

තත්‍ථ රාගවසෙන විඤ‍්ඤාණස‍්ස චලිතං සපරිග‍්ගහො, තස‍්මිං චලිතෙ අසති යො පරික‍්කිලෙසොපවාරො තිවිධො අග‍්ගි පටිප‍්පස‍්සද‍්ධො භවති. තෙනාහ: චලිතෙ අසති පස‍්සද‍්ධි හොති. තත්‍ථා’යං සමාරොපනා, පස‍්සද‍්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත‍්තං සමාධියති, යාව විමුත‍්තමිති ඤාණදස‍්සනං භවති.

එහි රාගවශයෙන් විඥානයාගේ චලිතය (සැලීම) වෙයි. හේ පරිග්‍රහයයි (දැඩි කොට ගැනීම යැ) ඒ තෘෂ්ණා වශයෙන් සැලීම නැති කල්හි පරික්ලේශෝපචාර වූ යම් ත්‍රිවිධාග්නියෙක් ඇද්ද හේ සන්හිඳුණේ වේ. එයින් වදාළ හ: “චලිතෙ අසති පස්සද්ධි හොති” යි. එහි මේ සමාරෝපණා යැ. සන්හුන් කය ඇතියේ කායික සුවය විඳියි. සුඛිත වූවහුගේ සිත සමාධියට පැමිණෙයි (සිත) කෙලෙසුන් කෙරෙන් මිදිණැයි ඥාන දර්‍ශනය (ප්‍රත්‍යවේක්‍ෂාඥානය) වෙයි යනු දක්වා විස්තර යි.

සො ආසවානං ඛයා ච විමුත‍්තිනො උප‍්පජ‍්ජති. තස‍්ස උපපත‍්තිස‍්ස ආගතිගතියා අසන‍්තියා නෙවිධ න හුරං න උභයමන‍්තරෙන, එසෙවන‍්තො දුක‍්ඛස‍්සාති අනුපාදිසෙසා නිබ‍්බානධාතු. ඉදමස‍්ස සුත‍්තස‍්ස මජ‍්ඣෙ සමාරොපිතං පටිච‍්චසමුප‍්පාදෙ ච විමුත‍්තියං ච යොගො, න ච එතං තස‍්ස සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභත‍්තන‍්ති අයං වුච‍්චතෙ සමාරොපනො හාරො.

හේ ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අර්‍හත්ඵල විමුක්තියට පැමිණෙයි, විමුක්ත සිත් ඇති ඔහුට පටිසන්‍ධි විසින් ආගමනය ද චුති විසින් ගමන ය ද (ආගති ගති) නැති කල්හි මෙලොවැ නො මැ වෙයි, පරලොවැ නො වෙයි, උභය ලෝකයෙහි මැ නො වෙයි, මෙය මැ වට්ට දුක්ඛයාගේ අන්තය වේ යයි අනුපාදිසේස නිබ්බාන ධාතු වේ. මේ ඒ සූත්‍රයාගේ මාධ්‍යයෙහි සමාරෝපිතය පටිච්ච සමුප්පාදයෙහි ද විමුක්තියෙහි ද, යෝගය වෙයි. තෙල සැකෙවින් වදාරන ලද ඒ සූත්‍රයාගේ අර්‍ත්‍ථය විස්තරයෙන් නො ද විභාග කරන ලදැයි. මේ සමාරෝපන හාරයයී කියනු ලැබේ.

න ච සඞ‍්කිලෙසභාගියෙන සුත‍්තෙන සුඞ‍්කිලෙසභාගියො යෙ ච ධම‍්මා සමාරොපයිතබ‍්බා නාඤ‍්ඤෙ. එවං වාසනාභාගියෙ නිබ‍්බෙධභාගියෙ.

සංකි ලෙස භාගිය සූත්‍රයෙන් සංකිලෙසභාගිය සූත්‍රයෙක් නො ද සමාරෝපන කටයුතු යැ. යම් ධර්‍ම කෙනෙක් සමාරෝපනය කළ යුත්තා හු ද (ඔවුන් හැර) අන්‍යධර්‍මයෝ සමාරෝපන නො කටයුත්තාහ. වාසනාභාගිය නිබ්බේධභාගිය සූත්‍රයෙහි ද මෙසේයි.

අයං සමාරොපනො හාරො.

මේ සමාරෝපන හාර යි.

ඉමෙ සොළස හාරා.

මොහු සොළස හාරයෝ යි.

සුවීරස‍්ස මහාකච‍්චායනස‍්ස ජම‍්බුවනවාසිනො පෙටකොපදෙසෙ හාරවිභඞ‍්ගො නාම පඤ‍්චමභූමි සමත‍්තා

ජම්බූවනවාසී සුවීර වූ මහාකච්චායන තෙරණුවන්ගේ පෙටකෝපදේසයෙහි හාරවිභඞ්ග නම් වූ පඤ්චම භූමිය සමාප්තයි.