යෙදුමෙන් කියවන්න

3. 4. 9

3. 4. 9.

3. 4. 9.

(9) තත්‍ථ කතමං සංකිලෙසභාගියං ච වාසනාභාගියං ච නිබ‍්බෙධභාගියං ච සුත‍්තං:

(9) එහි සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර කවරෙ යැ :

“ඡළාභිජාතියො: අත්‍ථි පුග‍්ගලො කණ‍්හො කණ‍්හාභිජාතිකො කණ‍්හං ධම‍්මං අභිජායති, අත්‍ථි පුග‍්ගලො කණ‍්හො කණ‍්හාභිජාතිකො සුක‍්කං ධම‍්මං අභිජායති, අත්‍ථි පුග‍්ගලො කණ‍්හො කණ‍්හාභිජාතිකො අකණ‍්හං අසුක‍්කං අකණ‍්හඅසුක‍්කවිපාකං අච‍්චන‍්තනිට‍්ඨං නිබ‍්බානං ආරාධෙති, අත්‍ථි පුග‍්ගලො සුක‍්කො සුක‍්කාභිජාතිකො කණ‍්හං ධම‍්මං අභිජායති. අත්‍ථි පුග‍්ගලො සුක‍්කො සුක‍්කාභිජාතිකො සුක‍්කං ධම‍්මං අභිජායති, අත්‍ථි පුග‍්ගලො සුක‍්කො සුක‍්කාභිජාතිකො අකණ‍්හං අසුක‍්කං අකණ‍්හඅසුක‍්කවිපාකං අච‍්චන‍්තනිට‍්ඨං නිබ‍්බානං ආරාධෙති.

“අභිජාතීහු සදෙනෙකි : කෘෂ්ණ වූ කෘෂ්ණාභිජාති (නීචකුල) ඇති පුද්ගලයෙක් ඇත, හේ කෘෂ්ණ වූ අකුශලධර්‍මය රැස්කෙරෙයි, කෘෂ්ණ වූ කෘෂ්ණාභිජාති ඇති පුද්ගලයෙක් ඇත, හේ ශුක්ල වූ කුශලධර්‍මය රැස්කෙරෙයි, කෘෂ්ණ වූ කෘෂ්ණාභිජාති ඇති පුද්ගලයෙක් ඇත, හේ අකෘෂ්ණ අශුක්ල වූ අකණ්හඅසුක්කවිපාක උපදවන අත්‍යන්ත නිෂ්ඨා වූ අර්‍හත්‍ව සංඛ්‍යාත නිවන උපදවයි. ශුක්ල වූ ශුක්ලාභිජාති (උසස්කුල) ඇති පුඟුලෙක් ඇත, හේ අකුශලධර්‍ම රැස්කෙරෙයි, ශුක්ල වූ ශුක්ලාභිජාති ඇති පුඟුලෙක් ඇත, හේ කුශලධර්‍ම රැස්කෙරෙයි, ශුක්ල වූ ශුක්ලාභිජාති ඇති පුඟුලෙක් ඇත, හේ අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණඅශුක්ල විපාක ඇති අත්‍යන්තනිෂ්ඨා වූ අර්‍හත්‍ව සංඛ්‍යාත නිවන උපදවයි.

තත්‍ථ යො ච පුග‍්ගලො කණ‍්හො කණ‍්හාභිජාතිකො කණ‍්හං ධම‍්මං අභිජායති, යො ච පුග‍්ගලො සුක‍්කො සුක‍්කාභිජාතිකො කණ‍්හං ධම‍්මං අභිජායති, ඉමෙ ද‍්වෙ පුග‍්ගලා සංකිලෙසභාගියා.

ඒ පුඟුලන් සදෙනා කෙරෙහි යම් පුඟුලෙක් කෘෂ්ණ වූ කෘෂ්ණජාති ඇතියේ අකුශල ධර්‍ම රැස්කෙරේ ද, යම් පුඟුලෙක් ශුක්ල වූ ශුක්ලාභිජාති ඇතියේ අකුශලධර්‍ම රැස්කෙරේ ද මේ පුද්ගලයෝ දෙදෙන සංකිලෙසභාගිය වෙති.

තත්‍ථ යො ච පුග‍්ගලො කණ‍්හො කණ‍්හාභිජාතිකො සුක‍්කං ධම‍්මං අභිජායති, යො ච පුග‍්ගලො සුක‍්කො සුක‍්කාභිජාතිකො සුක‍්කං ධම‍්මං අභිජායති, ඉමෙ ද‍්වෙ පුග‍්ගලා වාසනාභාගියා.

එහි යම් පුඟුලෙක් කෘෂ්ණ වූයේ කෘෂ්ණාභිජාති ඇතියේ කුශලධර්‍ම රැස්කෙරේ ද, යම් පුඟුලෙක් ශුක්ල වූ ශුක්ලාභිජාති ඇතියේ කුශලධර්‍ම රැස්කෙරේ ද, මේ පුද්ගලයෝ දෙදෙන වාසනාභාගිය වෙති.

තත්‍ථ යො ච පුග‍්ගලො කණ‍්හො කණ‍්හාභිජාතිකො අකණ‍්හං අසුක‍්කං අකණ‍්හඅසුක‍්කවිපාකං අච‍්චන‍්තනිට‍්ඨං නිබ‍්බානං ආරාධෙති, යො ච පුග‍්ගලො සුක‍්කො සුක‍්කාභිජාතිකො අකණ‍්හං අසුක‍්කං අකණ‍්හඅසුක‍්කවිපාකං අච‍්චන‍්තනිට‍්ඨං නිබ‍්බානං ආරාධෙති, ඉමෙ ද‍්වෙ පුග‍්ගලා නිබ‍්බෙධභාගියාති.

එහි යම් පුඟුලෙක් කෘෂ්ණ වූ කෘෂ්ණාභිජාති ඇතියේ අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණා ශුක්ල විපාක ඇති අත්‍යන්ත නිෂ්ඨා වූ අර්‍හත්‍ව සංඛ්‍යාත නිවන ආරාධනය කෙරේ ද, යම් පුඟුලෙක් ශුක්ල වූ ශුක්ලාභිජාති ඇතියේ අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණාශුක්ල විපාක ඇති අත්‍යන්තනිෂ්ඨා වූ අර්‍හත්‍ව සංඛ්‍යාත නිර්‍වාණය අධිගම කෙරේ ද, මේ පුද්ගලයෝ දෙදෙන නිබ්බේධභාගිය වූවාහු” යයි.

ඉදං සංකිලෙසභාගියඤ‍්ච වාසනාභාගියඤ‍්ච නිබ‍්බෙධභාගියඤ‍්ච සුත‍්තං.

මේ සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ.

“චත‍්තාරිමානි භික‍්ඛවෙ කම‍්මානි, කතමානි චත‍්තාරි: අත්‍ථි කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං, අත්‍ථි කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං, අත්‍ථි කම‍්මං කණ‍්හං සුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං, අත්‍ථි කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හඅසුක‍්කවිපාකං කම‍්මං කම‍්මුත‍්තමං කම‍්මසෙට‍්ඨං කම‍්මක‍්ඛයාය සංවත‍්තති”.

“මහණෙනි, මේ කර්‍මයෝ සතරදෙනෙකි, කවර සතරදෙනෙක යත් : කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක ඇති කර්‍මයෙක් ඇත, ශුක්ල වූ ශුක්ලවිපාක ඇති කර්‍මයෙක් ඇත, කෘෂ්ණ ශුක්ල වූ කෘෂ්ණශුක්ලවිපාක ඇති කර්‍මයෙක් ඇත, අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණාශුක්ල විපාක ඇති කර්‍මයෙක් ඇත, කර්‍මයන් කෙරෙහි උත්තම වූ කර්‍මශ්‍රේෂ්ඨ වූ ඒ කර්‍මය කර්‍මක්‍ෂය පිණිස පවත්නේ” යි.

තත්‍ථ යඤ‍්ච කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං, යඤ‍්ච කම‍්මං කණ‍්හං සුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං, අයං සංකිලෙසා. යඤ‍්ච කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං, අයං වාසනා. යඤ‍්ච කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හ සුක‍්කවිපාකං කම‍්මං කම‍්මුත‍්තමං කම‍්මසෙට‍්ඨං කම‍්මක‍්ඛයාය සංවත‍්තති, අයං නිබ‍්බෙධොති.

එහි කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක ඇති යම් කර්‍මයෙකුත් කෘෂ්ණ ශුක්ල වූ කෘෂ්ණශුක්ල විපාක ඇති යම් කර්‍මයෙකුත් වේ ද, මේ සංකිලේස යැ. එහි ශුක්ල වූ ශුක්ලවිපාක ඇති යම් කර්‍මයෙකුත් වේ ද, මේ වාසනා යැ. අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණාශුක්ලවිපාක ඇති යම් කර්‍මයෙක් වේ ද, කර්මෝත්තම වූ කර්‍මශ්‍රේෂ්ඨ වූ ඒ කර්‍මය කර්‍මක්‍ෂය පිණිස පවතී. මේ නිබ්බේධ යි.

ඉදං සංකිලෙසභාගියඤ‍්ච වාසනාභාගියඤ‍්ච නිබ‍්බෙධභාගියඤ‍්ච සුත‍්තං.

මේ සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යි.