යෙදුමෙන් කියවන්න

3. 4. 8

3. 4. 8.

3. 4. 8.

(8) තත්‍ථ කතමං සංකිලෙසභාගියඤ‍්ච නිබ‍්බෙධභාගියඤ‍්ච අසෙඛභාගියඤ‍්ච සුත‍්තං:

(8) එහි සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර කවරේ යැ :

1. “අයං ලොකො සන‍්තාපජාතො ඵස‍්සපරෙතො රොදං වදති අත‍්තනො, යෙන යෙන හි මඤ‍්ඤන‍්ති තතො නං හොති අඤ‍්ඤථා

1. මේ සත්ත්‍වලෝක තෙමේ (ඥාතිව්‍යාසනාදීන්) උපන් ශෝක සන්තාප ඇත්තේ නොයෙක් දුඃඛස්පර්‍ශයෙන් මඩනාලදුයේ තමා විසින් පහස්නා ලද දුක (මෙබන්දක් මාගේ සතුරකුටත් නොවේවයි) වැළපෙමින් කියයි. (රෝගා වදති අත්තතෝ යන පාඨයෙහි ඵස්සපච්චයෙන් උපදනා වේදනා සංඛ්‍යාත රෝගය ආත්මවශයෙන් කියයි). යම් යම් පරිද්දෙකින් මැ තමාගේ දුකට පිළියම් සිතත් ද, ඒ දුකට එයින් අන් පරිද්දෙකින් පිළියම් කටයුතු වේ.

2. අඤ‍්ඤථාභාවී භවසත‍්තො ලොකො භවපරෙතො භවමෙවාභිනන්‍දති, යදභිනන්‍දති තං භයං යස‍්ස භායති තං දුක‍්ඛ”න‍්ති.

2. කාමාදි භවයෙහි හෝ අභිවෘද්ධියෙහි ඇලුණු ලෝවැසි තෙමේ (තමා සිතන සැටියෙන්) අන් පරිද්දෙකින් මැ වනසුලු වෙයි. එතෙකුදුවත් භවයෙහි ඇලුණේ භවය මැ කැමැති වෙයි, (ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි,) යම් භවයක් හෝ අභිවෘද්ධියක් කැමැති වේ ද, එය බියෙකි. යම් ජරාමරණාදියෙකින් බිය වේ ද, එය දුකෙකි’ යි

අයං සංකිලෙසො;

මේ සංකිලේස යැ.

“භවවිප‍්පහානාය කො පනිදං බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති.

“යළි භවය වෙසෙසින් ප්‍රහාණය පිණිස මැ මේ (මා විසින් අධිගත) මඟ බඹසර වෙසෙන්නේ යැ” යන -

අයං නිබ‍්බෙධො;

මේ නිබ්බේධ යැ.

“යෙ හි කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා භවෙන භවස‍්ස විප‍්ප මොක‍්ඛමාහංසු, සබ‍්බෙ තෙ අවිප‍්පමුත‍්තා භවස‍්මා’ති වදාමි.

“යම් කිසි මහණකෙනෙක් වේවයි බමුණුකෙනෙක් වේවයි රූපභවයෙන් හෝ අරූපභවයෙන් නොහොත් භවදෘෂ්ටියෙන් භව (සංසාර) යාගේ මිදීම (ශුද්ධිය) කියත් ද, ඔහු සියල්ලෝ භවයෙන් නොමිදුණාහ’ යි කියමි.

යෙ වා පන කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා විභවෙන භවස‍්ස නිස‍්සරණමාහංසු, සබ‍්බෙ තෙ අනිස‍්සටා භවස‍්මා’ති වදාමි. උපධී හි පටිච‍්ච දුක‍්ඛමිදං සම‍්භොතී”ති.

“යළි යම් මහණකෙනෙක් වේවයි බමුණුකෙනෙක් වේවයි උච්ඡේදයෙන් භවයාගේ නිස්සරණය කියත් ද, ඔහු සියල්ලෝ භවයෙන් නො නික්මුණා’ යි කියමි. ඛන්‍ධාදි උපධීන් නිසා මේ සසරදුක හටගනී” යන -

අයං සංකිලෙසො;

මේ සංකිලේස යැ.

“සබ‍්බූපාදානක‍්ඛයා නත්‍ථි දුක‍්ඛස‍්ස සම‍්භවො”ති.

“සියලු කාමාදි උපාදානයන්ගේ ක්‍ෂයවීමෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැත,” යන -

අයං නිබ‍්බෙධො;

මේ නිබ්බේධ යැ.

“ලොකමිමං පස‍්ස, පුථු අවිජ‍්ජාය පරෙතං භූතං භූතරතං භවා අපරිමුත‍්තං. යෙ හි කෙචි භවා සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බෙ තෙ භවා අනිච‍්චා දුක‍්ඛා විපරිණාමධම‍්මා”ති.

(බුදුහු තමන් වහන්සේගේ සිත අමතන සේක :) වෙන වෙන පඤ්චස්කන්‍ධ වූ අවිද්‍යායෙන් මඩනාලද ස්ත්‍රීපුරුෂයන් ඔවුනොවුන් කෙරෙහි ඇලුණු එහෙයින් ම භවයෙන් නො මිදුණු මේ සත්ත්‍වලෝකය බල, (ප්‍රථමාබහුවචන පාඨයෙහි : ‘මේ සත්ත්‍වලෝකය බල’ බොහෝ වූ නොහොත් වෙන් වෙන් වූ අවිද්‍යායෙන් වැඩුණු භූත සංඛ්‍යාත පඤ්චස්කන්‍ධයෝ මවුපිය දූදරු ආදි සංඥායෙන් ඔවුනොවුන් කෙරෙහි ඇලුණාහු භවයෙන් නොමිදුණාහ,) යම් කිසි කාමාදි භවයෝ වෙත් ද, උඩ යට ආදි සියලු තැන්හි සර්‍ව භාවයෙන් ඒ හැම භවයෝ අනිත්‍යයහ දුඃඛයහ විපරිණාමස්වභාව වූහ” යි.

අයං සංකිලෙසො;

මේ සංකිලේස යැ.

3. “එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො, භවතණ‍්හා පහීයති විභවං නාභිනන්‍දති.

3. මෙසේ ත්‍රිලක්‍ෂණ ප්‍රතිවේධාකාරයෙන් තෙල භව සංඛ්‍යාත පඤ්චස්කන්‍ධය තත්වූ පරිදි විදර්‍ශනා සහිත මාර්‍ගඥානයෙන් දක්නාහට භවතෘෂ්ණාව ප්‍රහීණ වෙයි, උච්ඡේදය ද නො කැමැති වේ.

සබ‍්බසො තණ‍්හානං ඛයා අසෙසවිරාගනිරොධො නිබ‍්බාන”න‍්ති.

සර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාවන්ගේ ක්‍ෂය වීමෙන් අශේෂ කොට ආර්‍ය්‍ය මාර්‍ගයෙන් වූ අනුත්පාදනිරෝධය නිර්‍වාණ යැ” යන -

අයං නිබ‍්බෙධො;

මේ නිබ්බේධ යැ.

4. “තස‍්ස නිබ‍්බුතස‍්ස භික‍්ඛුනො අනුපාදානා පුනබ‍්භවො න හොති, අභිභූතො මාරො විජිතසඞ‍්ගාමො උපච‍්චගා සබ‍්බභවානි තාදී”ති.

4. ඒ කෙලෙස් පිරිනිවනින් නිවුණු මහණහට උපාදාන රහිත හෙයින් පුනර්‍භවය නො වේ. ක්ලේශාදි පඤ්චමාර මඩනාලද, ක්ලේශසඞ්ග්‍රාමය දිනනලද, සුඛදුක්ඛාදියෙහි තාදී වූයේ සියලු භවයන් ඉක්මැවූයේ” යි.

අයං අසෙඛො;

මේ අසේඛ යැ.

ඉදං සංකිලෙසභාගියඤ‍්ච නිබ‍්බෙධභාගියඤ‍්ච අසෙඛභාගියඤ‍්ච සුත‍්තං.

මේ උදානය සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යැ.

“චත‍්තාරො’මෙ භික‍්ඛවෙ පුග‍්ගලා. කතමෙ චත‍්තාරො: අනුසොතගාමී පටිසොතගාමී ඨිතත‍්තො තිණ‍්ණො පාරගතො ථලෙ තිට‍්ඨති බ්‍රාහ‍්මණො”ති.

“මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙනෙක, කවර සතරදෙනෙක යත් : අනුසෝතගාමී යැ, පටිසෝතගාමී යැ, ඨිතත්ත යැ, චතුරෝඝතරණය කොට පරතෙරට ගිය නිවන් තෙලෙහි සිටුනා ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ යැ යන මොහු යි.”

තත්‍ථ යො’යං පුග‍්ගලො අනුසොතගාමී, අයං පුග‍්ගලො සංකිලෙස භාගියො. තත්‍ථ යො ච පුග‍්ගලො පටිසොතගාමී යෙ ච ඨිතත‍්තො, ඉමෙ ද‍්වෙ පුග‍්ගලා නිබ‍්බෙධභාගියා. තත්‍ථ යො’යං පුග‍්ගලො තිණ‍්ණො පාරගතො ථලෙ තිට‍්ඨති බ්‍රාහ‍්මණො, අයං අසෙඛො.

මේ පුද්ගලත් සතරදෙනා කෙරෙහි යම් පුඟුලෙක් අනුසෝතගාමී වේ ද මේ පුද්ගල සංකිලේසභාගී යැ, එහි යම් පුඟුලෙක් පටිසෝතගාමී වේ ද, යම් පුඟුලෙක් ඨිතත්ත වේ ද මේ පුද්ගලයෝ දෙදෙන නිබ්බේධභාගිය වෙති, එහි යම් පුඟුලෙක් ඕඝතරණය කොට පාරයට ගියේ නිවන්තෙලෙහි සිටුනා බ්‍රාහ්මණ වේ ද මේ පුද්ගල අසේඛ යි.

ඉදං සංකිලෙසභාගියං ච නිබ‍්බෙධභාගියං ච අසෙඛභාගියං ච සුත‍්තං.

මේ සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යි.