යෙදුමෙන් කියවන්න

3. 4. 3

3. 4. 3.

3. 4. 3.

(3) තත්‍ථ කතමං නිබ‍්බෙධභාගියං සුත‍්තං:

(3) එහි නිබ්බේධභාගිය සූත්‍ර කවරෙ යැ.

1. “උද‍්ධං අධො සබ‍්බධි විප‍්පමුත‍්තො අයමහමස‍්මින‍්ති අනානුපස‍්සී එවං විමුත‍්තො උදතාරි ඔඝං අතිණ‍්ණපුබ‍්බං අපුනබ‍්භවායා”ති.

1. උඩ රූපාරූපලෝකයෙහි ද යට කාමලෝකයෙහි ද යන සියලු සංස්කාරයන්හි වෙසෙසින් (කෙලෙසුන් කෙරෙන්) මිදුණු ‘මේ මම් වෙමි’ (දෘෂ්ටිවශයෙන් රූපාදිය) නොදක්නා මෙසේ විමුක්ත වූ ක්‍ෂීණාස්‍රව පෙර තරණය නොකළවිරු (කාමාදි චතුර්) ඕඝය පුනර්‍භව නොවනු පිණිස තරණය කළේ යි.

ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තං.

මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.

“සීලවතො ආනන්‍ද, න චෙතනා කරණීයා: කින‍්ති මෙ අවිප‍්පටිසාරො ජායෙය්‍යා’ති, ධම‍්මතා එසා ආනන්‍ද, යං සීලවතො අවිප‍්පටිසාරො ජායෙය්‍ය.

“ආනන්‍දය, සිල්වත්හු විසින් ‘කිසෙයින් මට අවිප්පටිසාරය උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, ආනන්‍දය යම් හෙයෙකින් සිල්වත්හට අවිප්‍රතිසාර උපදනේ ද තෙල ධර්‍මතා ධර්‍මස්වභාව යැ.

අවිප‍්පටිසාරිනො ආනන්‍ද, න චෙතනාකරණීයා: - කින‍්ති මෙ පාමොජ‍්ජං ජායෙය්‍යාති, ධම‍්මතා එසා ආනන්‍ද, යං අවිප‍්පටිසාරිනො පාමොජ‍්ජං ජායෙය්‍ය.

ආනන්‍දය, විපිළිසර නැතියහු විසින් ‘කිසෙයින් මට ප්‍රාමෝද්‍යය උපදනේ දැ’ යි සිත් නො උපදවියැයුතු යැ, යම් හෙයෙකින් අවිප්‍රතිසාරිහට ප්‍රාමෝද්‍යය උපදනේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.

පමුදිතෙන ආනන්‍ද, න චෙතනා කරණීයා: - කින‍්ති මෙ පීතී ජායෙය්‍යා’ති, ධම‍්මතා එසා ආනන්‍ද යං පමුදිතස‍්ස පීති ජායෙය්‍ය.

ආනන්‍දය, ප්‍රමුදිතයා විසින් ‘කිසෙයින් මට ප්‍රීති උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් ප්‍රමුදිතයාහට ප්‍රීති උපදනේ ද ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.

පීතිමනස‍්ස ආනන්‍ද, න චෙතනා කරණීයා: - කින‍්ති මෙ කායො පස‍්සම‍්භෙය්‍යා’ති, ධම‍්මතා එසා ආනන්‍ද, යං පීතිමනස‍්ස කායො පස‍්සම‍්භෙය්‍ය.

ආනන්‍දය, ප්‍රීතිසිත් ඇතියහු විසින් ‘කිසෙයින් මාගේ කය සන්හිඳේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.

පස‍්සද‍්ධකායස‍්ස ආනන්‍ද, න චෙතනා කරණීයා: - කින‍්තා’හං සුඛං වෙදියෙය්‍ය’න‍්ති, ධම‍්මතා එසා ආනන්‍ද, යං පස‍්සද‍්ධකායො සුඛං වෙදියෙය්‍ය.

ආනන්‍දය, සන්හුන් කය ඇතියහු විසින් ‘කිසෙයින් මම් සුව විඳුනෙම් දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.

සුඛිනො ආනන්‍ද, න චෙතනා කරණීයා: - කින‍්ති මෙ සමාධි ජායෙය්‍යා’ති. ධම‍්මතා එසා ආනන්‍ද, යං සුඛිනො සමාධි ජායෙය්‍ය.

ආනන්‍දය, සුව ඇතියහු විසින් ‘කිසෙයින් මට සමාධි උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් සුවඇතියහුට සමාධි උපදනේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.

සමාහිතස‍්ස ආනන්‍ද, න චෙතනා කරණීයා: ‘කින‍්තාහං යථාභූතං පජානෙය්‍ය’න‍්ති, ධම‍්මතා එසා ආනන්‍ද, යං සමාහිතො යථාභූතං පජානෙය්‍ය.

ආනන්‍දය, සමාහිතයා විසින් ‘කිසෙයින් මම් (තරුණවිදර්‍ශනාඥානයෙන්) යථාභූතව දැනගනිම් දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් සමාහිත වූයේ යථාභූත ව දැනැගනී ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.

යථාභූතං පජානතා ආනන්‍ද, න චෙතනා කරණීයා: ‘කින‍්ති මෙ නිබ‍්බිදා ජායෙය්‍යා’ති, ධම‍්මතා එසා ආනන්‍ද, යං යථාභූතං පජානන‍්තො නිබ‍්බින්‍දෙය්‍ය.

ආනන්‍දය, යථාභූතව (විදසුන්නැණින්) දන්නහු විසින් ‘කිසෙයින් මට නිබ්බිදා (නිර්වේදඥානය) උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් යථාභූතව දන්නේ නිර්වේදයට පැමිණේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.

නිබ‍්බින්‍දන‍්තෙන ආනන්‍ද, න චෙතනා කරණීයා: ‘කින‍්ති මෙ විරාගො ජායෙය්‍යා’ති. ධම‍්මතා එසා ආනන්‍ද, යං නිබ‍්බින්‍දන‍්තො විරජ‍්ජෙය්‍ය.

ආනන්‍දය, නිර්වේදයට පැමිණියහු විසින් ‘කිසෙයින් මට විරාගය උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් නිර්විග්න වූයේ විරාගයට පැමිණේ ද ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.

විරජ‍්ජන‍්තෙන ආනන්‍ද න චෙතනා කරණීයා: ‘නින‍්ති මෙ විමුත‍්ති ජායෙය්‍යා’ති. ධම‍්මතා එසා ආනන්‍ද, යං විරජ‍්ජන‍්තො විමුච‍්චෙය්‍ය.

ආනන්‍දය විරාගයට පැමිණෙන්නහු විසින් ‘කිසෙයින් මාගේ විමුක්තිය උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් විරාගයට පැමිණෙනුයේ විමුක්තවන්නේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.

විමුත‍්තෙන ආනන්‍ද, න චෙතනා කරණීයා: ‘කින‍්ති මෙ විමුත‍්ති ඤාණදස‍්සනං උප‍්පජ‍්ජෙය්‍යා’ති, ධම‍්මතා එසා ආනන්‍ද යං වුමුත‍්තස‍්ස විමුත‍්තිඤාණදස‍්සනං උප‍්පජ‍්ජෙය්‍යා”ති.

ආනන්‍දය, විමුක්තවූවහු විසින් ‘කිසෙයින් මට විමුක්තිඥානදර්‍ශනය උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, (නො සිතිය යුතු යැ,) යම් හෙයෙකින් මාර්‍ගවිමුක්තියෙන් විමුක්ත වූවහුට විමුක්තිඥානදර්‍ශනය උපදනේ ද (එහෙයිනි.) ආනන්‍දය, තෙල ධර්‍මතා” යි.

ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තං.

මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.

2. “යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස, අථස‍්ස කඞ‍්ඛා වපයන‍්ති සබ‍්බා යතො පජානාති සහෙතු ධම‍්ම”න‍්ති.

2. සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍ය ඇති (ආරම්මණලක්ඛණ - උපනිධ්‍යානලක්‍ෂණ) ධ්‍යානයෙන් ධ්‍යාන කරන බාහිතපාප ඇති ක්‍ෂීණාස්‍රවහට යම් ඇසිල්ලෙක (අනුලෝමප්‍රත්‍යයාකාරප්‍රතිවේධය සිදුකරන) බෝධිපාක්‍ෂිකධර්‍මයෝ පහළවෙත් ද, එකල්හි ඔහුගේ සියලු (අටවැදෑරුම්) කාංක්‍ෂාවෝ දුරුවෙති, යම් හෙයෙකින් සහේතුක වූ දුඃඛස්කන්‍ධ ධර්‍මය දැනගනී ද එහෙයිනි.

ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තං.

මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.

3. “යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස, අථස‍්ස කඞ‍්ඛා වපයන‍්ති සබ‍්බා යතො ඛයං පච‍්චයානං අවෙදී”ති.

3. සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍ය ඇති ධ්‍යාන කරන ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණහට යම් ඇසිල්ලෙක බෝධිපාක්‍ෂිකධර්‍මයෝ පහළවෙත් ද, එකල ඔහුගේ සියලු සැක දුරුවෙයි, යම් හෙයෙකින් ප්‍රත්‍යයන්ගේ ක්‍ෂය (නිරෝධය) ප්‍රතිවේධ කෙළේ ද එහෙයිනි.

ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තං.

මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.

4. “කින‍්නු කුජ‍්ඣසි මා කුජ‍්ඣි අක‍්කොධො තිස‍්ස තෙ වරං, කොධමානමක‍්ඛවිනයත්‍ථං හි තිස‍්ස බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති.

4. තිස්සය, කුමක්හෙයින් කිපෙහි? නහමක් කිපෙව, තොපට ක්‍රෝධ නොකිරීම උතුමැ, තිස්සය, ක්‍රෝධ මාන මකුබව යන මොවුන්ගේ විනය පිණිස මැ සසුන් බඹසර වෙසේ යැයි.

ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තං.

මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.

5. කදා”හං නන්‍දං පස‍්සෙය්‍යං ආරඤ‍්ඤං පංසුකූලිකං, අඤ‍්ඤාතුඤ‍්ඡෙන යාපෙන‍්තං කාමෙසු අනපෙක‍්කින”න‍්ති.

5. කවර දවසෙකැ මම ආරණ්‍යක වූ පාංශුකූලිකාඞ්ග ඇති ගෙපිළිවෙළින් පිඬු සිඟාහැසිරැ මිශ්‍රකභෝජනයෙන් යැපෙන වස්තුකාමක්ලේශකාමයන්හි අපේක්‍ෂා රහිත වූ ‘නන්‍ද’ දක්නෙම් දැ’ යි.

ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තං.

මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.

6. “කිංසු ඡෙත්‍වා සුඛං සෙති කිංසු ඡෙත්‍වා න සොචති, කිස‍්සස‍්ස එකධම‍්මස‍්ස වධං රොචෙසි ගොතමා”ති?

6. කුමක් නසා සුවසේ හොවී ද, කුමක් නසා ශෝක නොකෙරේ ද, ගෞතමයන් වහන්ස, කවර එක් ධර්‍මයක්හුගේ වධය රුචිකරවු දැ’ යි.

7. කොධං ඡෙත්‍වා සුඛං සෙති කොධං ඡෙත්‍වා න සොචති, කොධස‍්ස විසමූලස‍්ස මධුරග‍්ගස‍්ස (බ්‍රාහ‍්මණ:) දෙවතෙ, වධං අරියා පසංසන‍්ති තඤ‍්හි ඡෙත්‍වා න සොචතී”ති.

7. ක්‍රෝධය නසා (ක්‍රෝධපරිදාහයෙන් නොදැවෙනුයෙන්) සුවසේ හොවී, ක්‍රෝධය නසා (ක්‍රෝධනාශයෙන් නට දොම්නස් ඇතියෙන්) ශෝක නො කෙරෙයි, දෙවිය, විෂ (දුක්ඛ) මුල ඇති (කිපියහුට පෙරළා කිපීම ආදීන්) මධුර අන්තය ඇති ක්‍රෝධයාගේ වධය (නැසීම) බුද්ධාදි ආර්‍ය්‍යයෝ පසසති, ඒ ක්‍රෝධය මාර්‍ගයෙන් සමුච්ඡේද කොට ශෝක නො කෙරේ මැයි.

ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තං.

මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.

8. “කිංසු හනෙ උප‍්පතිතං කිංසු ජාතං විනොදයෙ, කිං චස‍්සු පජහෙ ධීරො කිස‍්සාභිසමයො සුඛො?.

8. සමුදාචාරවශයෙන් උපන් කුමක් නසන්නේ ද, උපන් කුමක් තම සන්තානයෙන් දුරු කරන්නේ ද, ධීරතෙමේ කුමක් ප්‍රහීණ කරන්නේ ද, කුමක් අවබෝධ කිරීම සුවවන්නේ ද?

9. කොධං හනෙ උප‍්පතිතං රාගං ජාතං විනොදයෙ, අවිජ‍්ජං පජහෙ ධීරො සච‍්චාභිසමයො සුඛො”ති.

9. මාර්‍ගයෙන් නොනැසූ හෙයින් සමුදාචාර වශයෙන් උපන් ක්‍රෝධය නසන්නේ ය, උපන් රාගය දුරුකරන්නේ ය, ප්‍රාඥතෙමේ අවිද්‍යාව ප්‍රහීණ කරන්නේ ය, චතුස්සත්‍යාවබෝධය සුඛ වන්නේ යි.

ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තං.

මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.

10. “සත‍්තියා විය ඔමට‍්ඨො ඩය‍්හමානො’ව මත්‍ථකෙ, කාමරාගප‍්පහානාය සතො භික‍්ඛු පරිබ‍්බජෙ.

10. අඩයටියෙකින් උඩ සිට පහර දෙනුලැබුවකු සෙයින් හිස දැවෙන්නකු සෙයින් කාමරාගයාගේ ප්‍රහාණය පිණිස මහණ සිහි ඇතිවැ වාසකරන්නේ යැ.

11. සත‍්තියා විය ඔමට‍්ඨො ඩය‍්හමානො’ව මත්‍ථකෙ, සක‍්කායදිට‍්ඨිප‍්පහානාය සතො භික‍්ඛූ පරිබ‍්බජෙ”ති.

11. අඩයටියකින් උඩ සිට පහර දෙනුලැබුවකු සෙයින් හිස ගිනිගත්තකු සෙයින් සත්කායදෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස මහණ සිහිඇති වැ වාසකරන්නේ යි.

ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තං.

මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.

12. සබ‍්බෙ ඛයන‍්තා නිචයා පතනන‍්තා සමුස‍්සයා, සබ‍්බෙසං මරණමාගම‍්ම සබ‍්බෙසං ජීවිතමද‍්ධුවං; එතං භයං මරණෙ පෙක‍්ඛමානො පුඤ‍්ඤානි කයිරාථ සුඛාවහානි.

12. සියලු (රැස්කළ) භෝගයෝ නැසීම අන්ත කොට ඇත්තාහුය, සමුස්සය සංඛ්‍යාත ශරීරයෝ වැටීම අන්තකොට ඇත්තාහුය, සියල්ලනට මරණය පැමිණසිටියේ යැ. සියල්ලන්ගේ අනිත්‍ය වෙයි, මරණයෙහි ලා තෙල බිය දක්නේ සුව එළවන පින් කරන්නේ යැ.

13. සබ‍්බෙ ඛයන‍්තා නිචයා පතනන‍්තා සමුස‍්සයා, සබ‍්බෙසං මරණමාගම‍්ම සබ‍්බෙසං ජීවිතමද‍්ධුවං; එතං භයං මරණෙ පෙක‍්ඛමානො ලොකාමිසං පජහෙ සන‍්තිපෙක‍්ඛො”ති.

13. සියලු භෝගයෝ ක්‍ෂයවීම අන්ත කොට ඇත්තාහ, සමුස්සයයෝ වැටීම අන්ත කොට ඇත්තාහ, සියල්ලනට මරණය එළැඹ සිටියේ යැ, සියල්ලන්ගේ ජීවිතය අනිත්‍ය යැ, මරණයෙහි ලා තෙල භය දක්නේ ශාන්තිසංඛ්‍යාත නිවන අපේක්‍ෂා කරනුයේ ලෝකාමිස සංඛ්‍යාත කාමගුණය දුරුකරන්නේ යි.

ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තං

මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.

14 “සුඛං සයන‍්ති මුනයො න තෙ සොචන‍්ති මාවිධ, යෙසං ඣානරතං චිත‍්තං පඤ‍්ඤවා සුසමාහිතො; ආරද‍්ධවිරියො පහිතත‍්තො ඔඝං තරති දුත‍්තරං.

14. මෙ සස්නෙහි යම් කෙනෙකුන්ගේ සිත ධ්‍යානයෙහි ඇලුණේ ද, ඒ ක්‍ෂීණාස්‍රව මුනීහු සුවසේ හොවිති, ශෝක නො කෙරෙති, ප්‍රඥාවත් වූ මොනොවට සමාහිත සිත්ඇති ආරබ්ධවීර්‍ය්‍ය ඇති නිවනට මෙහෙයූ සිත් ඇතියේ දුකසේ තරණය කළයුතු කාමාදි චතුරෝඝය තරණය කෙරේ.

15. විරතො කාමසඤ‍්ඤාය සබ‍්බසංයොජනාතිගො, නන්‍දීභවපරික‍්ඛීණො සො ගම‍්භීරෙ න සීදතී”ති.

15. කාමසංඥායෙන් (සමුච්ඡේදවිරතියෙන්) වෙන්වූ සියලු සංයෝජනයන් ඉක්මවා සිටි නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණාව හා භවත්‍රය ක්‍ෂය වූ ඒ ක්‍ෂීණාස්‍රව ගැඹුරු වූ සසරසයුරෙහි නො ගැලේ යි.

ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තං.

මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.

16. “සද‍්දහානො අරහතං ධම‍්මං නිබ‍්බානපත‍්තියා, සුස‍්සූසා ලභතෙ පඤ‍්ඤං අප‍්පමත‍්තො විචක‍්ඛණො.

16. නිවනට පැමිණීම පිණිස බුද්ධාදි රහතුන්ගේ දහම් හදහනුයේ දහම් අසනු කැමැති අප්‍රමත්ත වූ විචක්‍ෂණ පුද්ගල ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලබා.

17. පතිරූපකාරී ධුරවා උට‍්ඨාතා වින්‍දතෙ ධනං, සච‍්චෙන කිත‍්තිං පප‍්පොති දදං මිත‍්තානි ගන්‍ථති: අස‍්මා ලොකා පරං ලොකං සවෙපෙච‍්ච න සොචතී”ති

17. (දේශකාලාදිය නො ඉක්මැ) අනුරූප වැ ක්‍රියා කරන (චෛතසික වීර්‍ය්‍ය වශයෙන්) නොතැබූ ධූර ඇති (කායිකවශයෙන්) උත්‍ථානවීර්‍ය්‍ය ඇතියේ ලෞකික ලෝකෝත්තර ධනය ලබා වාක්සත්‍යයෙන් කීර්තියට පැමිණෙයි, කැමැති දෑ දෙනුයේ මිත්‍රයන් සම්පාදනය කෙරෙයි, මෙ ලොවින් පරලොවට යන හේ ඒකාන්තයෙන් පරලොවැ දී ශෝක නො කෙරේ යයි.

ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තං.

මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.

18. “සබ‍්බගන්‍ථප‍්පහීනස‍්ස විප‍්පමුත‍්තස‍්ස තෙ සතො, සමණස‍්ස න තං සාධු යදඤ‍්ඤමනුසාසති.

18. සියලු කායග්‍රන්‍ථයන් ප්‍රහීණ කළ තුන් භවයෙන් මිදුණු ශ්‍රමණ වූ ඔබට යම් අනෙකක්හට අනුශාසනා කෙරේ ද, එය නො මැනැවි.

19. යෙන කෙනචි වණ‍්ණෙන සංවාසො සක‍්ක, ජායති, න තං අරහති සප‍්පඤ‍්ඤො මනසා අනනුකම‍්පිතුං.

19. සක්කය, යම් කිසි කරුණෙකින් එක්තැනැ විසීමෙක් (සමාගමයෙක්) වේද, ඒ අනුකම්පිතව්‍ය පුඟුලාට සිතින් අනුකම්පා නො කරන්නට සප්‍රාඥසම්බුද්ධයෝ නො සුදුසු වෙති.

20. මනසා චෙ පසන‍්නෙන යදඤ‍්ඤමනුසාසති, න තෙන හොති සංයුත‍්තො යානුකම‍්පා අනුද‍්දයා”ති.

20. ඉදින් පහන් සිතින් යම් අනෙකක්හට අනුශාසනා කෙරේද, යම් අනුකම්පාවක් අනුද්දයාවක් ඇද්ද ඒ අනුශාසනයෙන් සංයුක්ත වූයේ නො වේ යයි.

ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තං.

මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.

21. “රාගො ච දොසො ච කුතො නිදානා අරතී රතී ලොමහංසො කුතොජා, කුතො සමුට‍්ඨාය මනොවිතක‍්කා කුමාරකා ධංකමිවොස‍්සජන‍්ති.

21. රාගයත් ද්වේෂයත් කුමක් නිදාන කොට ඇත්තාහු ද? අධිකුශලධර්‍මයෙහි නො ඇල්ම ද පස්කම්ගුණයෙහි ඇල්ම ද චිත්තෝත්‍රාසලක්‍ෂණ රෝමහර්‍ෂ ද යන මොහු කොයින් උපන්නාහු ද? කාමාදි මනෝවිතර්‍කයෝ කොයින් ඉපිදැ කුමරුවෝ කවුඩකු හුයින් පා බැඳ හරින්නාක් මෙන් කුශලචිත්තය බැඳහරිත් ද?

22. රාගො ච දොසො ච ඉතො නිදානා අරතී රතී ලොමහංසො ඉතොජා, ඉතො සමුට‍්ඨාය මනොවිතක‍්කා කුමාරකා ධංකමිවොස‍්සජන‍්ති.

22. රාගය ද ද්වේෂය ද මේ ආත්මභාවය නිදාන කොට ඇත්තාහ, අරතිය ද රතිය ද රෝමහර්‍ෂ ද යන මොහු මේ ආත්මභාවයෙන් උපන්නාහ, මනෝවිතර්‍කයෝ මේ ආත්මභාවයෙන් ඉපදැ කුමරුවෝ කවුඩකු හුයෙන් බැඳ හරින්නාක් මෙන් කුශලචිත්තය බැඳ හරිත්.

23. ස‍්නෙහජා අත‍්තසම‍්භූතා නිග්‍රොධස‍්සෙව ඛන්‍ධජා, පුථූ විසත‍්තා කාමෙසු මාලුවාව විතතා වනෙ

23. නුගරුකෙහි කඳින් උපන් ප්‍රරෝහ (අරළු) මෙන් ස්නේහයෙන් උපන් රාගාදීහු පඤ්චස්කන්‍ධ සංඛ්‍යාත ආත්මයෙන් හටගත්තාහු වෙනෙහි ඒ ඒ රුක්හි පැතිරැගිය මාලුවාලිය මෙන් රාගාදී ක්ලේශයෝ අනේකප්‍රකාර වැ වස්තුද්වාරාරම්මණාදි විසින් පැතුරුණාහු වෙත්.

24. යෙ නං පජානන‍්ති යතො නිදානං තෙ නං විනොදෙන‍්ති සුණොහි යක‍්ඛ, තෙ දුත‍්තරං ඔඝමිමං තරන‍්ති අතිණ‍්ණපුබ‍්බං අපුනබ‍්භවායා”ති.

24. යක්‍ෂය, මේ අස : යම් කෙනෙක් ඒ රාගාදි ක්ලේශගහනය යමක් නිදාන කොට උපනැයි දනිත් ද, ඔහු ඒ තණ්හාසිනෙහ සංඛ්‍යාත නිදානය (සමුදයසත්‍යය) මාර්‍ගඥානයෙන් දුරුකෙරෙති, ඔහු පුනර්‍භව නොවනු පිණිස පෙර තරණය නොකළවිරූ දුකසේ තරණය කළයුතු චතුරෝඝය තරණය කෙරෙත්.

ඉදං නිබ‍්බෙධභාභියං සුත‍්තං.

මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.

දුක‍්කරං භගවා සුදුක‍්කරං භගවා’ති.

භාග්‍යවතුන් වහන්ස (දිගුකලක් ඒකාන්තපරිශුද්ධ වූ ශ්‍රමණධර්‍මය කිරීම) දුෂ්කර යැ, භාග්‍යවතුන් වහන්ස ඉතා දුෂ්කර යැ’ යි.

25. “දුක‍්කරං වා පි කරොන‍්ති (කාමදාති භගවා) සෙඛා සීලසමාහිතා ඨිතත‍්තා අනගාරියුපෙතස‍්ස තුට‍්ඨි හොති සුඛාවහා’ති.

25. (කාමද යි බුදුහු මෙසේ වදාළහ:) ශීලයෙන් සමුපේත වූ ශෛක්‍ෂයෝ ප්‍රතිෂ්ඨිතස්වභාව ඇත්තාහු දුෂ්කර වූ ද ශ්‍රමණධර්‍මය කෙරෙති, අනගාරික සංඛ්‍යාත ශාසනයට පැමිණියහුට (පැවිදිවූවහුට) සිවුපසයෙන් (යථාලාභාදි විසින්) සතුටුවීම සුව එළවනු වෙයි.

දුල‍්ලභා භගවා යදිදං තුට‍්ඨිති

භාග්‍යවතුන් වහන්ස යම් තුෂ්ටියක් ඇද්ද එය දුර්‍ලභ වූ යැ’ යි.

26. “දුල‍්ලභං වාපි ලභන‍්ති (කාමදාති භගවා) චිත‍්තවූපසමෙ රතා, යෙසං දිවා ච රත‍්තො ච භාවනාය රතො මනො’ති.

26. (කාමද යි බුදුහු) යම්කෙනකුන්ගේ සිත දාවල්හිදු රැයිදු භාවනායෙහි ඇලුණේ ද, චිත්තවූපසමයෙහි ඇලුණු ඒ ශෛක්‍ෂයෝ දුර්‍ලභ වූ ද තුෂ්ටිය ලබත්.

දුස‍්සමාදහං භගවා යදිදං චිත‍්තන‍්ති.

භාග්‍යවතුන් වහන්ස යම් සිතක් ඇද්ද එය සමාධියෙහි යෙදීම දුෂ්කර යැ’ යි.

27. “දුස‍්සමාදහං වාපි සමාදහන‍්ති (කාමදාති භගවා) ඉන්‍ද්‍රියූපසමෙ රතා, තෙ ඡෙත්‍වා මච‍්චුනො ජාලං අරියා ගච‍්ඡන‍්ති කාමදා’ති.

27. (කාමද යි බුදුහු) ඉන්‍ද්‍රියෝපශයෙහි ඇලුණාහු එකඟකිරීමට දුෂ්කර වූ ද සිත සමාධියෙහි යොදවති, කාමද, ඒ ආර්‍ය්‍යයෝ මරහුගේ ක්ලේශජාලය සිඳ (නිවනට) යෙත්.

දුග‍්ගමො භගවා විසමො මග‍්ගො’ති.

භාග්‍යවතුන් වහන්ස මාර්‍ගය දුර්‍ගම යැ, විෂම යැ’ යි.

28. දුග‍්ගමෙ විසමෙ වාපි අරියා ගච‍්ඡන‍්ති කාමද, අනරියා විසමෙ මග‍්ගෙ පපතන‍්ති අවංසිරා; අරියානං සො සමො මග‍්ගො අරියා හි විසමෙ සමා”ති.

28. කාමද, ආර්‍ය්‍යයෝ (පූර්‍වභාගප්‍රතිපදා වශයෙන්) දුර්‍ගම වූ විෂම වූ ද මාර්‍ගයෙහි යෙති, අනාර්‍ය්‍යයෝ විෂම මාර්‍ගයෙහි (ඥානශීර්‍ෂයෙන්) අධඃශීර්‍ෂ වැ (මාර්‍ගයෙහි) වැටෙති, ආර්‍ය්‍යනට ඒ මාර්‍ගය මැ සම වෙයි, ආර්‍ය්‍යයෝ විෂම වූ සත්ත්‍වකායයෙහි සමවූවාහු යැ එහෙයිනි.

ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තං.

මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.

29. ඉදං හි තං ජෙතවනං ඉසිසඞ‍්ඝනිසෙවිතං, ආවුත්‍ථං ධම‍්මරාජෙන පීති සඤ‍්ජනනං මම.

29. භික්‍ෂුසඞ්ඝයා විසින් නිති සෙවුනාලද ධර්‍මරාජයන් වහන්සේ විසින් වාස කළ මේ ජේතවනය මට ප්‍රීති උපදවනු වෙයි.

30. කම‍්මං විජ‍්ජා ච ධම‍්මො ච සීලං ජීවිතමුත‍්තමං, එතෙන මච‍්චා සුජ‍්ඣන‍්ති න ගොත‍්තෙන ධනෙන වා

30. මාර්‍ගචේතනා සංඛ්‍යාත කර්‍මය ද මාර්‍ගප්‍රඥා සංඛ්‍යාත විද්‍යාව ද සමාධිපාක්‍ෂික ධර්‍මය ද සිල්වත්හුගේ ජීවිතය ද උතුම් වෙයි, තෙල කර්‍මාදිය හේතු කොටගෙන සත්ත්‍වයෝ විශුද්ධ වෙති, ගෝත්‍රයෙන් වේවයි ධනයෙන් වේවයි විශුද්ධ නො වෙත්.

31. තස‍්මා හි පණ‍්ඩිතො පොසො සම‍්පස‍්සං අත්‍ථමත‍්තනො, යොනිසො විචිනෙ ධම‍්මං එවං තත්‍ථ විසුජ‍්ඣති.

31. එහෙයින් මැ පණ්ඩිත පුරුෂ තමහට වැඩ පසස්නේ සමාධිපාක්‍ෂික ධර්‍මය නුවණින් විමසන්නේ යැ, මෙසේ ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙහි විශුද්ධ වෙයි.

32. සාරිපුත‍්තො’ච පඤ‍්ඤාය සීලෙන උපසමෙන ච. යො හි පාරගතො භික‍්ඛු එතා’ව පරමො සියාති.

32. ප්‍රඥායෙන් ද ශීලයෙන් ද ක්ලේශෝපශමයෙන් ද ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මැ ශ්‍රේෂ්ඨ වෙති, නිර්‍වාණපාරයට පැමිණි යම් මහණෙක් වේ ද හේ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පරම කොට ඇති වන්නේ යයි.

ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තං.

මේ නිබ්බේධ භාගිය සූත්‍ර යැ.

33. අතීතං නාන්‍වාගමෙය්‍ය නප‍්පටිකඞ‍්ඛෙ අනාගතං, යදතීතං පහීනං තං අප‍්පත‍්තං ච අනාගතං.

33. අතීත පඤ්චස්කන්‍ධය තෘෂ්ණා දෘෂ්ටින් අනුගමනය නො කරන්නේ යැ, අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණා දෘෂ්ටින් පතන්නේ යැ යමක් අතීත ද එය ප්‍රහීණ යැ යමක් අනාගත ද එය නො පැමිණියේ යැ, එහෙයිනි.

34. පච‍්චුප‍්පන‍්නං ච යො ධම‍්මං තත්‍ථ තත්‍ථ විපස‍්සති, අසංහීරං අසංකුප‍්පං තං විද‍්වා මනුබ්‍රූහයෙ.

34. යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ (යම් ධර්‍මයෙක් ඇද්ද) ඒ ධර්‍මය ඒ ඒ තැන්හි අනිත්‍යාදි විසින් විදර්‍ශනා කෙරේ ද, නුවණැති මහණ (රාගාදීන් විසින්) අසංහීර වූ අසංකෝප්‍ය වූ ඒ විදර්‍ශනාව වඩන්නේ යැ.

35. අජ‍්ජෙව කිච‍්චං ආතප‍්පං කො ජඤ‍්ඤා මරණං සුවෙ, න හි නො සංගරං තෙන මහාසෙනෙන මච‍්චුනා.

35. අද මැ ආතාපන වීර්‍ය්‍යය කටයුතු යැ, සෙට මරණය කවරෙක් දත හෙන්නේ ද, (මරණ කාරණ වූ ගිනි විෂ ශස්ත්‍රාදි) මහත් වූ සේනා ඇති ඒ මරහු සමඟ (මිත්‍ර සන්‍ථවාදි) සංගරයෙක් (ගිවිසුමෙක්) නැත් නු!

36. එවං විහාරිං ආතාපිං අහොරත‍්තමතන්‍දිතං, තං වෙ භද‍්දෙකරත‍්තො’ති සන‍්තො ආචික‍්ඛතෙ මුනී”ති.

36. මෙබඳු විහරණ ඇති කෙලෙසුන් තවන වැර ඇති දවරැයෙහි අනලස් වූ ඒ පුඟුලා ඒකාන්තයෙන් භද්දේකරත්ත යි (රාගාදිය සන්හුන් බැවින්) ශාන්ත වූ බුද්ධ මුනිහු ප්‍රකාශ කෙරෙත් යයි.

ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තං.

මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.

“චත‍්තාරිමානි භික‍්ඛවෙ, සච‍්ඡිකාතබ‍්බානි. කතමානි චත‍්තාරි: අත්‍ථි භික‍්ඛවෙ, ධම‍්මා චක‍්ඛුනා පඤ‍්ඤාය ච සච‍්ඡිකාතබ‍්බා, අත්‍ථි ධම‍්මා සතියා පඤ‍්ඤාය ච සච‍්ඡිකාතබ‍්බා, අත්‍ථි ධම‍්මා කායෙන පඤ‍්ඤාය ච සච‍්ඡිකාතබ‍්බා, අත්‍ථි ධම‍්මා පඤ‍්ඤාය වෙදිතබ‍්බා පඤ‍්ඤාය ච සච‍්ඡිකාතබ‍්බා.

මහණෙනි, මේ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ (ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්‍මයෝ) සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක යත්: මහණෙනි ඇසින් ද නුවණින් ද නොහොත් චක්‍ෂුර්භූත වූ ප්‍රඥායෙන් පසක් කළ යුතු දහම් ඇත, ස්මෘතියෙන් ද ප්‍රඥායෙන් ද නොහොත් ස්මෘතිසම්ප්‍රයුක්ත ප්‍රඥායෙන් පසක් කළ යුතු දහම් ඇත, නාමකයින් ද ප්‍රඥායෙන් ද පසක් කළයුතු දහම් ඇත. ප්‍රඥායෙන් දතයුතු නුවණින් පසක් කළයුතු දහම් ඇති.

කතමෙ ච භික‍්ඛවෙ, ධම‍්මා චක‍්ඛුනා පඤ‍්ඤාය ච සච‍්ඡිකාතබ‍්බා: දිබ‍්බචක‍්ඛුං සුවිසුද‍්ධං අතික‍්කන‍්තමානුසකං චක‍්ඛුනා පඤ‍්ඤාය ච සච‍්ඡිකාතබ‍්බං.

මහණෙනි, චක්‍ෂුසින් ද ප්‍රඥායෙන් ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්‍මයෝ කවරහ; සුවිශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවඇස චක්‍ෂුසින් ද ප්‍රඥායෙන් ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු යැ.

කතමෙ ච භික‍්ඛවෙ, ධම‍්මා සතියා පඤ‍්ඤාය ච සච‍්ඡිකාතබ‍්බා: පුබ‍්බෙ නිවාසානුස‍්සති සතියා පඤ‍්ඤාය ච සච‍්ඡිකාතබ‍්බා.

මහණෙනි, ස්මෘතියෙන් ද ප්‍රඥායෙන් ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්‍මයෝ කවරහ; පූර්‍වනිවාසානුස්මෘතිය සතියෙන් ප්‍රඥායෙන් ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු යැ.

කතමෙ ච භික‍්ඛවෙ, ධම‍්මා කායෙන පඤ‍්ඤාය ච සච‍්ඡිකාතබ‍්බා: ඉද‍්ධිවිධා කිරොධො කායෙන පඤ‍්ඤාය සච‍්ඡිකාතබ‍්බා.

මහණෙනි, නාමකයින් ද ප්‍රඥායෙන් ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්‍මයෝ කවරහ; ඍද්ධි කොට්ඨාශයෝ ද නිරෝධය (නිවන) ද නාම කයින් ද ප්‍රඥායෙන් ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු යැ.

කතමෙ ච භික‍්ඛවෙ, ධම‍්මා පඤ‍්ඤාය වෙදිතබ‍්බා පඤ‍්ඤාය ච සච‍්ඡිකාතබ‍්බා: ආසවානං ඛයෙ ඤාණං පඤ‍්ඤාය වෙදිතබ‍්බං පඤ‍්ඤාය ච සච‍්ඡිකාතබ‍්බං”ති.

මහණෙනි, කවර දහම්හු ප්‍රඥායෙන් දතයුත්තාහු ප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහු ද යත්: ආස්‍රවයන්ගේ ක්‍ෂය ඥානය ප්‍රඥායෙන් දතයුතු යැ ප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතු යැයි.

ඉදං නිබ‍්බෙධභාගියං සුත‍්තං.

මේ නිබ්බේධභාගිය සූත්‍ර යි.