3. 4. 4
3. 4. 4.
3. 4. 4.
(4) තත්‍ථ කතමං අසෙඛභාගියං සුත‍්තං.
(4) එහි අසේඛභාගිය සූත්‍ර කවරෙ යැ:
1. “යස‍්ස සෙලූපමං චිත‍්තං ඨිතං නා’නුපකම‍්පති, විරත‍්තං රජනීයෙසු කොපනෙය්‍යෙ න කුප‍්පති. යස‍්සෙවං භාවිතං චිත‍්තං කුතො නං දුක‍්ඛමෙස‍්සතී”ති.
1. යමක්හුගේ සිත සෙල්පව්වක් සෙයින් සිටියේ අටලෝදහමින් නො සැලේ ද, රාගය ඉපදීමට කාරණ වූ ත්‍රෛභූමක ධර්‍මයන්හි නො ඇලුණේ ද, කෝප ඉපැද්මට කාරණ වූ ආඝාත වස්තු විෂයෙහි නො කිපේ ද, යමක්හුගේ සිත මෙසේ භාවිත ද ඔහු කරා දුකෙක් කොයිබින් එන්නේ දැයි.
ඉදං අසෙඛභාගියං සුත‍්තං.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
“ආයස‍්මතො ච සාරිපුත‍්තස‍්ස චාරිකා දසමං වෙය්‍යාකරණං කාතබ‍්බ”න‍්ති.
තවද ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ චාරිකා දහවැනි වෙය්‍යාකරණය කටයුත්තේ යැ යි.
ඉදං අසෙඛභාගියං සුත‍්තං.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
2. “යො බ්‍රාහ‍්මණො බාහිතපාපධම‍්මො නිහුහුංකො නික‍්කසාවො යතත‍්තො, වෙදන‍්තගූ වුසිතබ්‍රහ‍්මචරියො ධම‍්මෙන සො බ්‍රහ‍්මවාදං වදෙය්‍ය, යස‍්සුස‍්සදා නත්‍ථි කුහිඤ‍්චි ලොකෙ”ති
2. බාහිතපාප බ්‍රාහ්මණ වූ යමෙක් බැහැර කළ පාපධර්‍ම ඇත්තේ ද, (ක්‍රෝධ මාන විසින්) හු හුං කාර නැත්තේ ද, කෙලෙස් කසට නැත්තේ ද සංයම කළ සිත් ඇත්තේ ද මාර්‍ග ඥානයෙන් නිවනට (වේදාන්තයට) පැමිණි යේ ද වැස නිම වූ මඟබඹසර ඇත්තේ ද, යමක්හුගේ (සන්තානයෙහි) ලොවැ කිසි අරමුණෙක්හි දු (රාගාදි) උත්සදයෝ නැත් ද, හේ ධර්‍මයෙන් (මම බ්‍රාහ්මණයෙමි) බ්‍රහ්මවාදය කියන්නේ යයි.
ඉදං අසෙඛභාගියං සුත‍්තං.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
3. “බාහිත්‍වා පාපකෙ ධම‍්මෙ යෙ චරන‍්ති සදා සතා, ඛීණසංයොජනා බුද‍්ධා තෙ වෙ ලොකස‍්මිං බ්‍රාහ‍්මණා”ති.
3. යම් කෙනෙක් ලාමක අකුශලධර්‍මයන් දුරු කොට හැමකල්හි සිහි ඇතිවැ හැසිරෙත් ද ක්‍ෂය කරන ලද සංයෝජන ඇති සත්‍යාවබෝධය කළ ඔවුහු ලොව ඒකාන්තයෙන් බ්‍රාහ්මණ වෙත්.
ඉදං අසෙඛභාගියං සුත‍්තං.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
4. “යත්‍ථ ආපො ච පඨවී තෙජො වායො න ගාධති, න තත්‍ථ සුක‍්කා ජොතන‍්ති ආදිච‍්චො නප‍්පකාසති. න තත්‍ථ චන්‍දිමා භාති තමො තත්‍ථ න විජ‍්ජති,
4. යම් නිර්‍වාණධාතුයෙක්හි ආපෝධාතුවත් පඨවිධාතුවත් තේජෝධාතුවත් වායෝධාතුවත් නො පිහිටා ද, ඒ නිවනෙහි ග්‍රහතාරකාවෝ නො බබළති, හිරු ආලෝක නො කෙරෙයි, එහි සඳ නො බබළයි එහි අඳුරෙක් නැති.
5. “යදා ච අත‍්තනා වෙදි මුනි මොනෙන බ්‍රාහ‍්මණො, අථ රූපා අරූපා ච සුඛදුක‍්ඛා පමුච‍්චතී”තී.
5. යම් කලෙක මුනි වූ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තමා විසින් ආත්මප්‍රත්‍යක්‍ෂ වූ මෝන සංඛ්‍යාත මාර්‍ගඥානයෙන් (නිර්‍වාණය) අවබෝධ කෙළේ ද, එකල්හි රූපධර්‍මයෙන් ද අරූපධර්‍මයෙන් ද සුවදුක් දෙකින්ද වෙසෙසින් මිදේ යයි.
ඉදං අසෙඛභාගියං සුත‍්තං.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
6. “යදා සකෙසු ධම‍්මෙසු පාරගූ හොති බ්‍රාහ‍්මණො, අථ එතං පිසාචඤ‍්ච පක‍්කුලඤ‍්චා’ති වත‍්තති”ති.
6. යම් කලෙක ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ ස්වකීය (පඤ්චස්කන්‍ධ) ධර්‍මයන්හි පරිඥාභිසමය වශයෙන් (නොහොත් ශීලාදී ධර්‍මයන්හි පාරිපූරී වශයෙන්) පාරයට ගියේ වේ ද, එකල්හි තෙල පිශාචයා ද, (තා කියනලද) පක්කුලකරණය ද ඉක්මැ සිටී යයි.
ඉදං අසෙඛභාගියං සුත‍්තං.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
7. “නාභිනන්‍දති ආයන‍්තිං පක‍්කමන‍්තිං න සොචති, සඞ‍්ගා සඞ‍්ගාමජිං මුත‍්තං තමහං බ්‍රූමී බ්‍රාහ‍්මණ”න‍්ති
7. (තමා සමීපයට) එන තෙනැත්තිය සිතින් නොපිළිගනී, පෙරළායන තෙනැත්තියට ශෝක නො කෙරෙයි. (රාගාදි පඤ්ච) සඞ්ගයෙන් මිදුණු ඒ සඞ්ගාමජි මහණ බ්‍රාහ්මණ යැයි මම් කියමි යි.
ඉදං අසෙඛභාගියං සුත‍්තං,
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
8. “න උදකෙන සුචී හොති බව‍්හෙත්‍ථ න‍්හායති ජනො, යම‍්හි සච‍්චං ච ධම‍්මො ච සො සුචි සො ච බ්‍රාහ‍්මණො”ති.
8. මේ ගයාතීර්‍ත්‍ථයෙහි බොහෝ ජන තෙමේ ස්නානය කෙරෙයි, එහෙත් දියෙහි ගැලීම් ආදීන් (පාපමලයෙන්) ශුද්ධවීමෙක් නැති. යමක්හු කෙරෙහි පරමාර්‍ත්‍ථසත්‍යයත් මාර්‍ගඵලධර්‍මයත් ඇද්ද, හේ පවිත්‍ර වූයේ වෙයි. හේ බ්‍රාහ්මණ ද වේ යයි.
ඉදං අසෙඛභාගියං සුත‍්තං.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
9. “යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස, විධූපයං තිට‍්ඨති මාරසෙනං සුරියොව ඔභාසයමන‍්තලික‍්ඛ”න‍්ති.
9. සම්‍යක්ප්‍රධානවිර්‍ය්‍ය ඇති ධ්‍යාන කරන ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණහට යම් ඇසිල්ලෙක බෝධිපාක්‍ෂිකධර්‍මයෝ පහළවෙත් ද, එකල්හි අන්තරීක්‍ෂය ආලෝක කරමින් සිටුනා හිරු සෙයින් දස කෙලෙස්මරසෙන් විධ්වංසන කෙරෙමින් සිටී යයි.
ඉදං අසෙඛභාගියං සුත‍්තං.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
10. “සන‍්තින්‍ද්‍රියං පස‍්සථ ඉරීයමානං තෙවිජ‍්ජප‍්පත‍්තං අපහානධම‍්මං. සබ‍්බානි යොගානි උපාතිවත‍්තො අකිඤ‍්චනො ඉරීයති පංසුකූලිකො.
10. සන්හුන් ඉඳුරන් ඇති ත්‍රිවිද්‍යාවට පැමිණි අපරිහානස්වභාව ඇතිවැ ඉරියව් පවත්වන්නහු බලව, සියලු කාමාදි යෝගයන් ඉක්මවාලූ පාංශුකූල චීවරධර වූ (ඒ ක්‍ෂීණාස්‍රව) රාගාදි කිඤ්චන රහිත ව වෙසෙයි.
11. “තං දෙවතා සම‍්බහුලා උළාරා බ්‍රහ‍්මවිමානං උපසඞ‍්කමිත්‍වා ආජානීයං ජාතිබලනිසෙධං තිධා නමස‍්සන‍්ති පසන‍්නචිත‍්තා.
11. උදාර වූ බොහෝ දේවතාවෝ බඹවිමනට එලඹ පුරුෂාජානේය වූ ජාතිබලය ප්‍රතිෂේධ කළ ඒ ක්‍ෂීණාස්‍රවයා පහන්සිත් ඇත්තාහු කායාදි තුන්දොරින් නමස්කාර කෙරෙත්.
12. “නමො තෙ පුරිසාජඤ‍්ඤ නමො තෙ පුරිසුත‍්තම, යස‍්ස තෙ නාභිජානාම කින‍්ති නිස‍්සාය ඣායසී”ති.
12. තෙපි කවර අරමුණක් නිසා ධ්‍යාන කරහු දැ’ යි තොපගේ ඒ ධ්‍යානාලම්බනය නොදනුම්හ, පුරුෂාජානේයය තොපට නමස්කාර වේවා, පුරුෂෝත්තමය තොපට නමස්කාර වේවා’ යි.
ඉදං අසෙඛභාගියං සුත‍්තං.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
13. “සහායා වතිමෙ භික‍්ඛූ චිරරත‍්තං සමෙතිකා, සමෙති නෙසං සද‍්ධම‍්මො ධම‍්මෙ බුද‍්ධප‍්පවෙදිතෙ.
13. ඒකාන්තයෙන් සහාය වූ මේ භික්‍ෂූහු බොහෝකලක් සමවූ සම්මාදිට්ඨි ආදි ලබ්ධි ඇත්තාහු යැ, එහෙයින් බුදුරදුන් විසින් ප්‍රවිදිත වූ සද්ධර්‍මයෙහි ඔවුන්ගේ ප්‍රතිපත්ති ආදි සද්ධර්‍මය සම වේ.
14. සුවිනීතා කප‍්පීනෙන ධම‍්මෙ අරියප‍්පවෙදිතෙ, ධාරෙන‍්ති අන‍්තිමං දෙහං ජිත්‍වා මාරං සවාහිනි”න‍්ති.
14. කප්පින තෙරුන් විසින් ආර්‍ය්‍යන් විසින් ප්‍රවිදිත වූ ධර්‍මයෙහි මොනොවට හික්මවනලද්දාහු සේනාසහිත මරහු දිනා අන්තිම ශරීරය ධරත් යයි.
ඉදං අසෙඛභාගියං සුත‍්තං.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
15. “නයිදං සිථිලමාරබ‍්භ නයිදං අප‍්පෙන ථාමසා, නිබ‍්බානං අධිගන‍්තබ‍්බං සබ‍්බගන්‍ථප‍්පමොචනං.
15. සියලු ක්ලේශග්‍රන්‍ථයන් මුදාලන්නා වූ මේ නිවන ලිහිල්වැ වීර්‍ය්‍යය කොට නොලැබියැ හැක්ක, මේ නිවන අල්ප වූ ශක්තියෙන් නොලැබියැ හැක්ක.
16. අයඤ‍්ච දහරො භික‍්ඛු අයමුත‍්තමපොරිසො, ධාරෙති අන‍්තිමං දෙහං ජෙත්‍වා මාරං සවාහිනි”න‍්ති.
16. මේ තරුණ මහණෙක, මේ උතුම් පුරුෂයෙක, හේ සෙන් සහිත මරු දිනා අන්තිම ශරීරය ධරා යයි.
ඉදං අසෙඛභාගියං සුත‍්තං.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
17. “දුබ‍්බණ‍්ණකො ලූඛචීවරො මොඝරාජා සදා සතො. ඛීණාසවො විසංයුත‍්තො කතකිච‍්චො අනාසවො.
17. දුර්වර්‍ණ වූ රූක්‍ෂ වූ සිවුරුඇති හැමකල්හි ස්මෘතිමත් වූ මෝඝරාජ ක්‍ෂීණාස්‍රව වූයේ විගත සංයෝජන ඇතියේ සිවුමඟින් කළ කිස ඇතියේ ආස්‍රව රහිත වූයේ යැ.
18. තෙවිජ‍්ජො ඉද‍්ධිප‍්පත‍්තො ච චෙතොපරියාය කොවිදො, ධාරෙති අන‍්තිමං දෙහං ජෙත්‍වා වාරං සවාහිනි”න‍්ති.
18. ත්‍රිවිද්‍යා ඇතියේ ලැබූ ඍද්ධි ඇත්තේ ද චේතෝපරියඤාණයෙහි නිපුණවූයේ ද වෙයි, හේ සෙන් සහිත මරු දිනා අන්තිම දේහය ධරා යයි.
ඉදං අසෙඛභාගියං සුත‍්තං.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
“තථාගතො භික‍්ඛවෙ අරහං සම‍්මාසම‍්බුද‍්ධො රූපස‍්ස නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තො සම‍්මාසම‍්බුද‍්ධො’ති වුච‍්චති. භික‍්ඛු’පි භික‍්ඛවෙ පඤ‍්ඤාවිමුත‍්තො රූපස‍්ස නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තො පඤ‍්ඤාවිමුත‍්තො’ති වුච‍්චති.
“මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ රූපයාගේ නිර්වේද (විදර්‍ශනා) යෙන් නො ඇලීමෙන් නිරුද්ධ කිරීමෙන් නො ගැනීමෙන් (සමුච්ඡේදවිමුත්තියෙන්) මිදුණාහු ‘සම්බුද්ධ’ යි කියනු ලැබෙති. මහණෙනි, මහණ ද (විදර්‍ශනා වශයෙන්) පඤ්ඤාවිමුත්ත වූයේ රූපයාගේ නිබ්බිදායෙන් විරාගයෙන් නිරෝධයෙන් ග්‍රහණය නො කොට විමුක්ත වූයේ ‘පඤ්ඤාවිමුත්ත’ යි කියනුලැබේ.
තථාගතො භික‍්ඛවෙ අරහං සම‍්මාසම‍්බුද‍්ධො වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරානං -පෙ- විඤ‍්ඤාණස‍්ස නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තො ‘සම‍්මාසම‍්බුද‍්ධො’ති වුච‍්චති. භික‍්ඛු’පි භික‍්ඛවෙ පඤ‍්ඤාවිමුත‍්තො -පෙ- විඤ‍්ඤාණස‍්ස නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තො ‘පඤ‍්ඤාවිමුත‍්තො’ති වුච‍්චති.
මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ නිබ්බිදායෙන් විරාගයෙන් නිරෝධයෙන් ග්‍රහණය නො කොට විමුක්ත වූවාහු ‘සම්මාසම්බුද්ධ’ යි කියනු ලැබෙති. මහණෙනි, මහණ ද ප්‍රඥාවිමුක්ත වූයේ ... විඥානයාගේ නිර්වේදයෙන් විරාගයෙන් නිරුද්ධ කිරීමෙන් (නිත්‍යාදි වශයෙන්) ග්‍රහණය නො කොට කෙලෙසුන් කෙරෙන් මිදුණේ ‘පඤ්ඤාවිමුක්ත’ යි කියනුලැබේ.
තත්‍ර භික‍්ඛවෙ කො විසෙසො කො අධිප‍්පායො කිං නානාකරණං තථාගතස‍්ස අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පඤ‍්ඤාවිමුත‍්තෙන භික‍්ඛුනා’ති? භගවම‍්මූලකා නො භන‍්තෙ ධම‍්මා -පෙ- තථාගතො භික‍්ඛවෙ අරහං සම‍්මාසම‍්බුද‍්ධො අනුප‍්පන‍්නස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදෙතා අසඤ‍්ජාතස‍්ස මග‍්ගස‍්ස සඤ‍්ජනෙතා අනක‍්ඛාතස‍්ස මග‍්ගස‍්ස අක‍්ඛාතා මග‍්ගඤ‍්ඤූ මග‍්ගවිදූ මග‍්ගකොවිදො මග‍්ගානුගා ච භික‍්ඛවෙ එතරහි සාවකා විහරන‍්ති පච‍්ඡා සමන‍්නාගතා. අයං ඛො භික‍්ඛවෙ විසෙසො අයං අධිප‍්පායො ඉදං නානාකරණං තථාගතස‍්ස අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පඤ‍්ඤාවිමුත‍්තෙන භික‍්ඛුනා”ති.
මහණෙනි, එහි ලා පඤ්ඤාවිමුත්ත මහණහු හා තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන්ගේ විශේෂය කවරෙ යැ අධිකප්‍රයෝගය කවරෙ යැ නානාකරණය කවරෙ යැ’ යි? වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මූල කොට ඇත්තාහ ... මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ නූපන් ආර්‍ය්‍යමාර්‍ගය උපදවන්නාහ, අසංජාත මාර්‍ගය ජනනය කරන්නාහ, අනෙකක්හු විසින් ප්‍රකාශ නොකළ මාර්‍ගය ප්‍රකාශ කරන්නාහ, මාර්‍ගඥයහ මාර්‍ගය ප්‍රකට කරනුවහ මාර්‍ගයෙහි නිපුණයහ. තවද මහණෙනි, මෙකල ශ්‍රාවකයෝ මාර්‍ගය අනුව යන්නාහු පසුව යෙදුණාහු වාස කෙරෙත්. මහණෙනි, පඤ්ඤාවිමුත්ත මහණහු හා තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන්ගේ මේ වූකලි විශේෂ යැ මේ අධිකප්‍රයෝග යැ මේ නානාකරණ යැ” යි.
ඉදං අසෙඛභාගියං සුත‍්තං.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.