යෙදුමෙන් කියවන්න

3. 4. 5

3. 4. 5.

3. 4. 5.

(5) තත්‍ථ කතමං සංකිලෙසභාගියඤ‍්ච වාසනාභාගියඤ‍්ච සුත‍්තං:

(5) එහි සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්‍ර කවරෙ යැ.

1. “ඡන‍්නමතිවස‍්සති විවටං නාතිවස‍්සති, තස‍්මා ඡන‍්නං විවරෙථ එවං තං නාතිවස‍්සති”

1. වසනලද ඇවැත් ඇතියහු කෙලෙස්වැසි අතිශයින් තෙමයි, විවෘත වූයේ අතිශයින් නොතෙමයි, එහෙයින් ප්‍රතිච්ඡන්න වූ ඇවත ප්‍රකට කරවු, මෙසේ ඒ දෝෂය හෙවත් ඇවැත් ඇතියහු කෙලෙස්වැසි අතිශයින් නො තෙමයි.

“ඡන‍්නමතිවස‍්සතී”ති සංකිලෙසො; “විවටං නාතිවස‍්සතී”ති වාසනා: “තස‍්මා ඡන‍්නං විවරෙථ එවං තං නාතිවස‍්සතී”ති අයං සංකිලෙසො ච වාසනා ච.

ඡන්නමතිවස්සති යනු සංකිලේස යැ විවටං නාතිවස්සති යනු වාසනා යැ, තස්මා ඡන්නං විවරෙථ එවං තං නාතිවස්සති යනු මේ සංකිලේස ද වාසනා ද වේ.

ඉදං සංකිලෙසභාගියඤ‍්ච වාසනා භාගියඤ‍්ච සුත‍්තං.

මේ සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්‍ර යැ.

“චත‍්තාරොමෙ මහාරාජ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං කතමෙ චත‍්තාරො: තමො තමපරායණො, තමො ජොතිපරායණො, ජොති තමපරායණො, ජොති ජොතිපරායණො”ති. තත්‍ථ යො ච පුග‍්ගලො ජොති තමපරායණො යො ච පුග‍්ගලො තමො තමපරායණො, ඉමෙ ද‍්වෙ පුග‍්ගලා සංකිලෙසභාගියා; යෙ ච පුග‍්ගලො තමො ජොතිපරායණො යො ච පුග‍්ගලො ජොති ජොතිපරායණො ඉමෙ ද‍්වෙ පුග‍්ගලා වාසනාභාගියා”.

“මහරජ ලොවැ විද්‍යමාන වූ මේ පුද්ගලයෝ සතරදෙනෙකි : කවරසතරදෙනෙක යත් : අඳුරෙන් යුතුවැ අඳුරට යන්නේ යැ, අඳුරෙන් යුතුවැ එලියට යන්නේ යැ, එළියෙන් යුතුවැ අඳුරට යන්නේ යැ, එළියෙන් යුතුවැ එලියට යන්නේ යි. ඔවුන් කෙරෙහි යම් පුඟුලෙක් ජෝති තමපරායණ ද යම් පුඟුලෙක් තමෝ තමපරායණ ද, මේ පුඟුලෝ දෙදෙන සංකිලෙසභාගිය වෙති. යම් පුඟුලෙක් තමෝ ජෝතිපරායණ ද යම් පුඟුලෙක් ජෝති ජෝතිපරායණ ද මේ පුඟුලෝ දෙදෙන වාසනාභාගිය වෙත්.

ඉදං සංකිලෙසභාගියඤ‍්ච වාසනාභාගියඤ‍්ච සුත‍්තං.

මේ සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්‍ර යි.