යෙදුමෙන් කියවන්න

3. 4. 6

3. 4. 6.

3. 4. 6.

(6) තත්‍ථ කතමං සංකිලෙසභාගියඤ‍්ච නිබ‍්බෙධභාගියඤ‍්ච සුත‍්තං.

(6) එහි සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර කවරෙ යැ :

1. “න තං දළ‍්හං බන්‍ධනමාහු ධීරා යදායසං දාරුජං බබ‍්බජං චා, සාරත‍්තරත‍්තා මණිකුණ‍්ඩලෙසු පුත‍්තෙසු දාරෙසු ච යා අපෙක‍්ඛා”ති.

1. හැකිලිබැඳුම් සංඛ්‍යාත යමුවා වූ ද අන්‍දුබන්‍ධන සංඛ්‍යාත දැවමුවා වූ ද රජ්ජුබන්‍ධන සංඛ්‍යාත බබුස්තණමුවා වූ ද යම් බන්‍ධනයෙක් ඇද්ද එය බුද්ධාදි පණ්ඩිත පුරුෂයෝ දැඩි බැඳුමෙකැයි නො කියති, (අසි ආදියකින් සිඳලියැහෙන හෙයිනි.) මිණිකොඬොල් දූපුතුන් අඹුන් කෙරෙහි බලවත් රාගයෙන් ඇලුණු යම් අපේක්‍ෂායෙක් ඇද්ද -

අයං සංකිලෙසො.

මේ සංකිලේස යැ.

2. “එතං දළ‍්හං බන්‍ධනමාහු ධීරා ඔහාරිනං සිථිලං දුප‍්පමුඤ‍්චං එතම‍්පි ඡෙත්‍වාන පරිබ‍්බජන‍්ති අනපෙක‍්ඛිනො කාමසුඛං පහායාති

2. (සිවුඅපායෙහි හෙළන හෙයින්) යටට ඇදලන ලිහිල්වූ සිඳීමට දුෂ්කර වූ තෙල බන්‍ධනය දැඩිවූවෙකැයි ධීරයෝ කියති, කාමයන්හි අපේක්‍ෂා රහිත වූවාහු තෙල බන්‍ධනය ද සිඳ කාමසුඛය හැරපියා ගිහිගෙන් නික්මැයෙත් යයි.

අයං නිබ‍්බෙධො.

මේ නිබ්බේධ යැ.

ඉදං සංකිලෙසභාගියඤ‍්ච නිබ‍්බෙධභාගියඤ‍්ච සුත‍්තං,

මේ සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ.

“යඤ‍්ච භික‍්ඛවෙ චෙතෙති, යඤ‍්ච පකප‍්පෙති, යඤ‍්ච අනුසෙති, ආරම‍්මණමෙතං හොති විඤ‍්ඤාණස‍්ස ඨිතියා. ආරම‍්මණෙ සති පතිට‍්ඨා තස‍්ස විඤ‍්ඤාණස‍්ස හොති, තස‍්මිං පතිට‍්ඨිතෙ විඤ‍්ඤාණෙ විරූළ‍්හෙ ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති හොති. ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්තියා සති ආයතිං ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

“මහණෙනි, යම් අරමුණක් (අකුශලචේතනා වශයෙන්) සිතා ද, යමක් (කාය වාක්කර්‍මභාවයට පැමිණවීම් වශයෙන්) කෙරේ ද, යමක් (අප්‍රහීණ භාවයෙන් සන්තාන ගතව) පවතී ද, තෙල අරමුණ අභිසංස්කාර විඥානයාගේ පැවැත්මට ප්‍රත්‍යය වෙයි. (යථෝක්ත) ආලම්බන සංඛ්‍යාත ප්‍රත්‍යය ඇතිකල්හි (කර්‍මය දුවවා ප්‍රතිසන්‍ධි ආකර්‍ෂණයට සමර්‍ත්‍ථ බව සපයනුයෙන්) ඒ අභිසංස්කාර විඥානයාගේ පිහිටීම වෙයි. ඒ විඥානය පිහිටි කල්හි විරූඪ කල්හි මතුයෙහි පුනර්‍භව සංඛ්‍යාත විඥානාදීන්ගේ ඉපදීම වෙයි. මතුයෙහි පුනර්‍භවයාගේ ඉපදීම ඇතිකල්හි මතුයෙහි ජාති ජරාමරණ ද සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ ද හටගනිත්. මෙසේ තෙල හුදු දුඃඛරාශිහුගේ සමුදය වේ.

නො චෙ භික‍්ඛවෙ චෙතෙති, නො චෙ පකප‍්පෙති, අථ චෙ අනුසෙති, ආරම‍්මණමෙතං හොති විඤ‍්ඤාණස‍්ස ඨිතියා, ආරම‍්මණෙ සති පතිට‍්ඨා තස‍්ස විඤ‍්ඤාණස‍්ස හොති. තස‍්මිං පතිට‍්ඨිතෙ විඤ‍්ඤාණෙ විරූළ‍්හෙ ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති හොති. ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්තියා සති ආයතිං ජාතිජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී”ති.

මහණෙනි, ඉදින් (අකුශල චේතනා) නො සිතා ද, ඉදින් (කායවාක්කර්‍ම) නො කෙරේ ද, ඉදින් එකල අනුශයවශයෙන් පවතී ද, තෙල අරමුණ අභිසංස්කාර විඥානයාගේ ස්ථිතිය පිණිස වෙයි. ආලම්බනය ඇතිකල්හි ඒ විඥානයාගේ පිහිටීම වෙයි, ඒ විඥානය පිහිටි කල්හි විරූඪ කල්හි මතුයෙහි පුනර්‍භවයාගේ ඉපදීම වෙයි, මතුයෙහි පුනර්‍භවයාගේ ඉපදීම ඇතිකල්හි මතුයෙහි ජාති ජරා මරණ ද සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ ද හටගනිත්. මෙසේ තෙල හුදු දුඃඛරාශිහුගේ සමුදය වේ යයි.

අයං සංකිලෙසො.

මේ සංකිලේස යැ.

“යතො ච ඛො භික‍්ඛවෙ නො චෙතෙති නො ච පකප‍්පෙති නො ච අනුසෙති ආරම‍්මණෙමෙතං න හොති විඤ‍්ඤාණස‍්ස ඨිතියා, ආරම‍්මණෙ අසති පතිට‍්ඨා තස‍්ස විඤ‍්ඤාණස‍්ස න හොති, තස‍්මා අප‍්පතිට‍්ඨිතෙ විඤ‍්ඤාණෙ අවිරූළ‍්හෙ ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති න හොති, ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්තියා අසති ජාතිජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා නිරුජ‍්ඣන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති.

මහණෙනි, යම් තැනෙක පටන් (අකුශලචේතනා වශයෙන්) නොද සිතා ද, නො ද (කායවාක්කර්‍ම) කෙරේ ද නො ද අනුශය වශයෙන් පවතී ද, තෙල අරමුණ කර්‍ම විඥානයාගේ පැවැත්මට ප්‍රත්‍යය නො වේ, ආලම්බනය නැති කල්හි ඒ අභිසංස්කාර විඥානයාගේ පිහිටීමෙක් නො වෙයි, ඒ විඥානය අප්‍රතිෂ්ඨිත කල්හි අවිරූඪ කල්හි මතුයෙහි පුනර්‍භවයාගේ පහළවීමෙක් නො වෙයි, මතුයෙහි පුනර්‍භවයාගේ අභිනිබ්බත්තිය නැති කල්හි ජාති ජරා මරණ ද සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ ද නිරුද්ධ වෙත්. මෙසේ තෙල සකල දුඃඛස්කන්‍ධයාගේ නිරෝධය වේ” යයි.

අයං නිබ‍්බෙධො;

මේ නිබ්බේධ යැ.

ඉදං සංකිලෙසභාගියඤ‍්ච නිබ‍්බෙධභාගියඤ‍්ච සුත‍්තං.

මේ සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යි.