යෙදුමෙන් කියවන්න

නෙත‍්තිප‍්පකරණ-අට‍්ඨකථා

නෙත්තිප්පකරණ අටුවාව

ගන්‍ථාරම‍්භකථා

ග්‍රන්ථ ආරම්භ කතා

මහාකාරුණිකං නාථං, ඤෙය්‍යසාගරපාරගුං; වන්‍දෙ නිපුණගම‍්භීර-විචිත්‍රනයදෙසනං.

ඤෙය්‍ය සාගරයේ පරතෙරට ගිය, සියුම් වූ ගැඹුරු වූ විසිතුරු ක්‍රමයෙන් දහම් දෙසන මහා කාරුණික වූ ලෝකනාථයන් වහන්සේට නමස්කාර කරමි.

විජ‍්ජාචරණසම‍්පන‍්නා, යෙන නිය්‍යන‍්ති ලොකතො; වන්‍දෙ තමුත‍්තමං ධම‍්මං, සම‍්මාසම‍්බුද‍්ධපූජිතං.

විද්‍යාචරණ ගුණයෙන් යුක්ත වූ තැනැත්තෝ යමක් කරණ කොටගෙන මේ ලෝකයෙන් ඉවත්ව යෙත්ද ඒ උතුම් වූ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පුදන ලද ධර්මයට නමස්කාර කරමි.

සීලාදිගුණසම‍්පන‍්නො, ඨිතො මග‍්ගඵලෙසු යො; වන්‍දෙ අරියසඞ‍්ඝං තං, පුඤ‍්ඤක‍්ඛෙත‍්තං අනුත‍්තරං.

යම්කෙනෙක් සීලාදී ගුණයන්ගෙන් පිරිපුන්ව මාර්ගඵලයන්හි පිහිටියේ ද පුණ්‍යක්‍ෂේත්‍ර වූ අනුත්තර වූ ඒ ආර්ය සංඝයාට නමස්කාර කරමි.

වන්‍දනාජනිතං පුඤ‍්ඤං, ඉති යං රතනත‍්තයෙ; හතන‍්තරායො සබ‍්බත්‍ථ, හුත්‍වාහං තස‍්ස තෙජසා.

මෙසේ රත්නත්‍රයට නමස්කාර කිරීමෙන් ජනිත වූ යම් පිනක් වේද, එහි ආනුභාවයෙන් සියලු තැන නසන ලද අනතුරු ඇති මම,

ඨිතිං ආකඞ‍්ඛමානෙන, චිරං සද‍්ධම‍්මනෙත‍්තියා; ධම‍්මරක‍්ඛිතනාමෙන, ථෙරෙන අභියාචිතො.

සද්ධර්ම නෙත්තියෙහි චිරපැවැත්ම කැමති වූ ධම්මරක්ඛිත නම් තෙරුන් විසින් අයදින ලදුව

පදුමුත‍්තරනාථස‍්ස, පාදමූලෙ පවත‍්තිතං; පස‍්සතා අභිනීහාරං, සම‍්පත‍්තං යස‍්ස මත්‍ථකං.

පදුමුත්තර ලෝකනාථයන් වහන්සේගේ පාමුල පවත්වන ලද ප්‍රාර්ථනාව බලන්නා වූ යමෙකු වෙත ඒ පදවිය පැමිණියේ ද

සංඛිත‍්තං විභජන‍්තානං, එසො අග‍්ගොති තාදිනා; ඨපිතො එතදග‍්ගස‍්මිං, යො මහාසාවකුත‍්තමො.

තාදී ගුණැති බුදුරදුන් විසින් සංක්‍ෂිප්ත දේශනාව විස්තර විභාග කොට දක්වන්නවුන් අතරින් මේ තෙම අග්‍රයැයි යම් මහාශ්‍රාවක උත්තමයෙක් එතදග්‍රයෙහි පිහිටුවන ලද්දේ ද,

ඡළභිඤ‍්ඤො වසිප‍්පත‍්තො, පභින‍්නපටිසම‍්භිදො; මහාකච‍්චායනො ථෙරො, සම‍්බුද‍්ධෙන පසංසිතො.

ඒ ෂඩභිඥාලාභී කෙළෙස් වසඟ කළ විශේෂ විභාගයට පැමිණි ප්‍රතිසම්භිදා ඇති මහා කච්චායන තෙරුන් වහන්සේ සම්බුදුරජුන් විසින් පසසනා ලද සේක.

තෙන යා භාසිතා නෙත‍්ති, සත්‍ථාරා අනුමොදිතා; සාසනස‍්ස සදායත‍්තා, නවඞ‍්ගස‍්සත්‍ථවණ‍්ණනා.

උන්වහන්සේ විසින් දේශනා කරන ලද, ශාස්තෲන් වහන්සේ විසින් අනුමෝදන් වූ යම් නෙත්ති අර්ථ වර්ණනාවක් නවංග සාසනයට සැමදා ඇතුළත් වේද,

තස‍්සා ගම‍්භීරඤාණෙහි, ඔගාහෙතබ‍්බභාවතො; කිඤ‍්චාපි දුක‍්කරා කාතුං, අත්‍ථසංවණ‍්ණනා මයා.

එයට ගැඹුරු ඤාණ ශක්තියෙන්ම බැසගත යුතු බැවින් කෙසේ හෝ මේ දුෂ්කර අර්ථ සංවර්ණනය කරන්නට සිතමි.

සහ සංවණ‍්ණනං යස‍්මා, ධරතෙ සත්‍ථුසාසනං; පුබ‍්බාචරියසීහානං, තිට‍්ඨතෙව විනිච‍්ඡයො.

යම්හෙයකින් ශාස්තෲ ශාසනය අර්ථ සංවර්ණනය සමග පවතී ද, ශ්‍රේෂ්ඨ පූර්වාචාර්යයන්ගේ විනිශ්චය ද පවතීමය.

තස‍්මා තමුපනිස‍්සාය, ඔගාහෙත්‍වාන පඤ‍්චපි; නිකායෙ පෙටකෙනාපි, සංසන්‍දිත්‍වා යථාබලං.

එහෙයින් ඒ විනිශ්චය ඇසුරුකොට පස් නිකායට ද බැසගෙන ශක්ති පරිදි පේටකෝපදේසය සමගත් සසඳා,

සුවිසුද‍්ධමසංකිණ‍්ණං, නිපුණත්‍ථවිනිච‍්ඡයං; මහාවිහාරවාසීනං, සමයං අවිලොමයං.

ඉතා පිරිසිදු වූ අසංකීර්ණ වූ සියුම් අර්ථ විනිශ්චයක් ඇති, මහාවිහාර වාසීන්ගේ ඉගැන්වීම් නො ඉක්මවමින්,

පමාදලෙඛං වජ‍්ජෙත්‍වා, පාළිං සම‍්මා නියොජයං; උපදෙසං විභාවෙන‍්තො, කරිස‍්සාමත්‍ථවණ‍්ණනං.

ප්‍රමාද ලේඛනයන් (පමා සටහන්) බැහැරකොට මනාව පාලිය යොදමින් උපදේශය බබුළුවමින් මේ අර්ථ වර්ණනාව කරන්නෙමි.

ඉති අත්‍ථං අසඞ‍්කිණ‍්ණං, නෙත‍්තිප‍්පකරණස‍්ස මෙ; විභජන‍්තස‍්ස සක‍්කච‍්චං, නිසාමයථ සාධවොති.

සත්පුරුෂයනි, මෙසේ මා විසින් අසංකීර්ණව අර්ථය බෙදා දක්වන නෙත්තිප්පකරණයට සකසා ඇහුම්කන් දෙවු.

තත්‍ථ කෙනට‍්ඨෙන නෙත‍්ති? සද‍්ධම‍්මනයනට‍්ඨෙන නෙත‍්ති. යථා හි තණ‍්හා සත‍්තෙ කාමාදිභවං නයතීති “භවනෙත‍්තී”ති වුච‍්චති, එවමයම‍්පි වෙනෙය්‍යසත‍්තෙ අරියධම‍්මං නයතීති සද‍්ධම‍්මනයනට‍්ඨෙන “නෙත‍්තී”ති වුච‍්චති. අථ වා නයන‍්ති තායාති නෙත‍්ති. නෙත‍්තිප‍්පකරණෙන හි කරණභූතෙන ධම‍්මකථිකා වෙනෙය්‍යසත‍්තෙ දස‍්සනමග‍්ගං නයන‍්ති සම‍්පාපෙන‍්තීති, නීයන‍්ති වා එත්‍ථ එතස‍්මිං පකරණෙ අධිට‍්ඨානභූතෙ පතිට‍්ඨාපෙත්‍වා වෙනෙය්‍යා නිබ‍්බානං සම‍්පාපියන‍්තීති නෙත‍්ති. න හි නෙත‍්තිඋපදෙසසන‍්නිස‍්සයෙන විනා අවිපරීතසුත‍්තත්‍ථාවබොධො සම‍්භවති. තථා හි වුත‍්තං – “තස‍්මා නිබ‍්බායිතුකාමෙනා”තිආදි. සබ‍්බාපි හි සුත‍්තස‍්ස අත්‍ථසංවණ‍්ණනා නෙත‍්තිඋපදෙසායත‍්තා, නෙත‍්ති ච සුත‍්තප‍්පභවා, සුත‍්තං සම‍්මාසම‍්බුද‍්ධප‍්පභවන‍්ති.

නෙත්ති යන එහි කවරාර්ථයකින් ‘නෙත්ති’ නම් වේද? සද්ධර්මයට පමුණුවන අර්ථයෙන් නෙත්ති නම් වේ. යම්සේ තෘෂ්ණාව සත්ත්වයන්ව කාමාදී භවයට පමුණුවන නිසා භව නෙත්ති යැයි කියනු ලැබේ ද මෙසේ මෙයත් හික්මවිය යුතු සත්ත්වයන් ආර්ය ධර්මය වෙත පමුණුවන නිසා සද්ධර්ම නයනාර්ථයෙන් නෙත්ති යැයි කියනු ලැබේ. නැතහොත් එයින් ගෙනයත් යන අර්ථයෙන් නෙත්ති නම් වේ. ධර්මකථිකයෝ නෙත්තිප්පකරණය කරණ කොටගෙන හික්මවිය යුතු සත්ත්වයන් දර්ශන මාර්ගයට ගෙන යත්, මනාව පමුණුවත් යන අර්ථයයි. මෙහි ‘නීයන්ති’ කියා හෝ ගත හැකි අධිෂ්ඨානභූත වූ මේ නෙත්තිප්පකරණයෙහි හික්මවිය යුත්තන් පිහිටුවා නිර්වාණයට පමුණුවත් යන අර්ථයෙන් නෙත්ති නම් වේ. නෙත්ති උපදේශයන් ඇසුරු කිරීමකින් තොරව සූත්‍ර අර්ථයන් පිළිබඳ අවිපරීත අර්ථාවබෝධයක් නොලැබේ. එහෙයින්ම තස්මා නිබ්බායිතුකාමෙන යනාදිය කියන ලදි. සූත්‍රයන් පිළිබඳ සියලු අර්ථ සංවර්ණනා නෙත්ති උපදේශයන්ට යටත්ය. නෙත්තිය ද සූත්‍රයෙන් පහළ වූවකි. සූත්‍රය සම්මා සම්බුදුන් වෙතින් පහළ වූවකි.

සා පනායං නෙත‍්ති පකරණපරිච‍්ඡෙදතො තිප‍්පභෙදා හාරනයපට‍්ඨානානං වසෙන. පඨමඤ‍්හි හාරවිචාරො, තතො නයවිචාරො, පච‍්ඡා පට‍්ඨානවිචාරොති. පාළිවවත්‍ථානතො පන සඞ‍්ගහවාරවිභාගවාරවසෙන දුවිධා. සබ‍්බාපි හි නෙත‍්ති සඞ‍්ගහවාරො විභාගවාරොති වාරද‍්වයමෙව හොති.

ඒ නෙත්තිප්පකරණ තොමෝ පරිච්ඡේද වශයෙන් තෙවැදෑරුම්ය. හාර පරිච්ඡේද නය පරිච්ඡේද පට්ඨාන පරිච්ඡේද ආදී වශයෙනි. පළමුව හාර විචාරයයි. ඉන්පසු නය විචාරයයි. පසුව පට්ඨාන විචාරයයි. පාලි ව්‍යවස්ථාව අනුව සංගහවාර විභාගවාර වශයෙන් දෙවැදෑරුම් වෙයි. සියලුම නෙත්තිප්පකරණය සංගහ වාර, විභාග වාර වහයෙන් වාර දෙකකටම අයත් වෙයි.

තත්‍ථ සඞ‍්ගහවාරො ආදිතො පඤ‍්චහි ගාථාහි පරිච‍්ඡින‍්නො. සබ‍්බො හි පකරණත්‍ථො “යං ලොකො පූජයතෙ”තිආදීහි පඤ‍්චහි ගාථාහි අපරිග‍්ගහිතො නාම නත්‍ථි. නනු චෙත්‍ථ පට‍්ඨානං අසඞ‍්ගහිතන‍්ති? නයිදමෙවං දට‍්ඨබ‍්බං, මූලපදග‍්ගහණෙන පට‍්ඨානස‍්ස සඞ‍්ගහිතත‍්තා. තථා හි වක‍්ඛති – “අට‍්ඨාරස මූලපදා කුහිං දට‍්ඨබ‍්බා සාසනපට‍්ඨානෙ”ති. මූලපදපට‍්ඨානානි හි අත්‍ථනයසඞ‍්ඛාරත‍්තිකා විය අඤ‍්ඤමඤ‍්ඤං සඞ‍්ගහිතානි.

එහි සංගහ වාරය මුලින්ම ගාථා පසකින් ප්‍රමාණ කරන ලද්දේය. සියලු ප්‍රකරණාර්ථය ‘යං ලොකො පූජයතෙ’ ආදී ගාථා පසකින් නොගන්නා ලද්දක් නම් නැත. මෙහි පට්ඨානය සංග්‍රහ කරන ලද්දේ නොවේද? මූල පද ග්‍රහණයෙන් පට්ඨානය සංග්‍රහ කරන ලද බැවින් එය මෙසේ නොදත යුතුයි. එසේම අට්ඨාරස මූලපදා කුහිං දට්ඨබ්බං සතිපට්ඨානෙති යැයි කියනු ලැබේ. මූල පද ස්ථානයෝ අර්ථ ක්‍රම සකසන්නවුන් මෙන් එකිනෙක සංග්‍රහ කරන ලදහ.

විභාගවාරො පන උද‍්දෙසනිද‍්දෙසපටිනිද‍්දෙසවසෙන තිවිධො. තෙසු “තත්‍ථ කතමෙ සොළස හාරා”ති ආරභිත්‍වා යාව “භවන‍්ති අට‍්ඨාරස පදානී”ති අයං උද‍්දෙසවාරො. “අස‍්සාදාදීනවතා”ති ආරභිත්‍වා යාව “තෙත‍්තිංසා එත‍්තිකා නෙත‍්තී”ති අයං නිද‍්දෙසවාරො. පටිනිද‍්දෙසවාරො පන හාරවිභඞ‍්ගවාරො හාරසම‍්පාතවාරො නයසමුට‍්ඨානවාරො සාසනපට‍්ඨානවාරොති චතුබ‍්බිධො. තෙසු “තත්‍ථ කතමො දෙසනාහාරො”ති ආරභිත්‍වා යාව “අයං පහානෙන සමාරොපනා”ති අයං හාරවිභඞ‍්ගවාරො. තත්‍ථ “කතමො දෙසනාහාරසම‍්පාතො”ති ආරභිත්‍වා යාව “අනුපාදිසෙසා ච නිබ‍්බානධාතූ”ති අයං හාරසම‍්පාතවාරො. එත්‍ථාහ – හාරවිභඞ‍්ගහාරසම‍්පාතවාරානං කිං නානාකරණන‍්ති? වුච‍්චතෙ – යත්‍ථ අනෙකෙහිපි උදාහරණසුත‍්තෙහි එකො හාරො නිද‍්දිසීයති, අයං හාරවිභඞ‍්ගවාරො. යත්‍ථ පන එකස‍්මිං සුත‍්තෙ අනෙකෙ හාරා සම‍්පතන‍්ති, අයං හාරසම‍්පාතවාරො. වුත‍්තඤ‍්හෙතං පෙටකෙ –

විභාගවාරය උද්දේස නිද්දේස පටිනිද්දේස වශයෙන් තෙවැදෑරුම්ය. ඒවායින් තත්‍ථ කතමෙ සොළස හාරා යනුවෙන් පටන්ගෙන භවන්ති අට්ඨාරස පදානි යන්න දක්වා ඇති කොටස උද්දේස වාරයයි. අස්සාදාදීනවතා යනුවෙන් පටන්ගෙන තෙත්තිංසා එත්තිකා නෙත්ති යන්න දක්වා ඇති කොටස නිද්දේස වාරයයි. පටිනිද්දේස වාරය, හාර විභංග වාරය, හාර සම්පාත වාරය, නය සමුට්ඨාන වාරය, සාසන පට්ඨාන වාරය යනුවෙන් සිව්වැදෑරුම්ය. ඒවා අතරින් තත්‍ථ කතමො දෙසනාහාරො යනුවෙන් පටන්ගෙන අයං පහාණෙන සමාරොපනාති යන්න දක්වා ඇති කොටස හාර විභංග වාරයයි. තත්‍ථ කතමො දෙසනාහාර සම්පාතො යනුවෙන් පටන්ගෙන අනුපාදිසෙසා ච නිබ්බාණ ධාතු යන්න දක්වා ඇති කොටස හාර සම්පාත වාරයයි. මෙහි දී වාර විභංග හාර සම්පාත වාරයන්ගේ වෙනස කුමක්දැයි කීය. කියනු ලැබේ. යම්තැනක නොයෙක් උදාහරණ සූත්‍රයන්ගෙන් එක් හාරයක් දක්වනු ලැබේ ද, මෙය හාරවිභංගවාරය නම් වේ. යම්තැනකදී එක සූත්‍රයක නොයෙක් හාරයන් වැටෙත් ද එය සම්පත්ති වාරය නම් වේ. එය පේටකෝපදේසයෙහි කියන ලද්දේමය.

“යත්‍ථ ච සබ‍්බෙ හාරා, සම‍්පතමානා නයන‍්ති සුත‍්තත්‍ථං; බ්‍යඤ‍්ජනවිධිපුථුත‍්තා, සා භූමී හාරසම‍්පාතො”ති.

යත්‍ථ ච සබ්බෙ හාරා - සම්පතමානා නයන්ති සුත්තත්‍ථං, බ්‍යඤ්ජනවිධි පුථුත්තා - සා භූමී හාරසම්පාතොති

සියලු හාරයෝ යම්තැනක වැටෙමින් සූත්‍රාර්ථය ගෙනයත්ද ව්‍යඤ්ජන විධීන් බහුල බැවින් එය හාර සම්පාත භූමි නම් වේ.

නයසමුට‍්ඨානසාසනපට‍්ඨානවාරවිභාගො පාකටො එව. සාසනපට‍්ඨානවාරො පන සඞ‍්ගහවාරෙ විය උද‍්දෙසනිද‍්දෙසවාරෙසුපි න සරූපතො උද‍්ධටොති. එත්‍ථාහ – “ඉදං නෙත‍්තිප‍්පකරණං මහාසාවකභාසිතං, භගවතා අනුමොදිත”න‍්ති ච කථමෙතං විඤ‍්ඤායතීති? පාළිතො එව. න හි පාළිතො අඤ‍්ඤං පමාණතරං අත්‍ථි. යා හි චතූහි මහාපදෙසෙහි අවිරුද‍්ධා පාළි, සා පමාණං. තථා හි අගරහිතාය ආචරියපරම‍්පරාය පෙටකොපදෙසො විය ඉදං නෙත‍්තිප‍්පකරණං ආභතං. යදි එවං කස‍්මාස‍්ස නිදානං න වුත‍්තං. සාවකභාසිතානම‍්පි හි සුභසුත‍්ත- (දී· නි· 1.444 ආදයො) අනඞ‍්ගණසුත‍්ත- (ම· නි· 1.57 ආදයො) කච‍්චායනසංයුත‍්තාදීනං නිදානං භාසිතන‍්ති? නයිදං එකන‍්තිකං. සාවකභාසිතානං බුද‍්ධභාසිතානම‍්පි හි එකච‍්චානං පටිසම‍්භිදාමග‍්ගනිද‍්දෙසාදීනං ධම‍්මපදබුද‍්ධවංසාදීනඤ‍්ච නිදානං න භාසිතං, න ච තාවතා තානි අප‍්පමාණං, එවමිධාපි දට‍්ඨබ‍්බං.

නය සමුට්ඨාන සාසන පට්ඨාන වාරයන්ගේ විභාගය ප්‍රකටමය. සාසන පට්ඨාන වාරය වනාහි සංගහ වාරය මෙන් උද්දේස නිද්දේස වාරයන්හි සමානව උද්ධෘත නොකරන ලද්දේය. මහා ශ්‍රාවක භාෂිත මේ නෙත්තිප්පකරණය භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමෝදිත යැයි මෙහිදී කීය. මෙය කෙසේ දන්වනු ලැබේද? පෙළින්මය. පෙළට වඩා ප්‍රාමාණික වූ අනෙකක් නැත්තේය. යම් පෙළක් සතර මහාපදේසයන්හි බහාලූ කල විරුද්ධ නො වන්නී ද එය ප්‍රාමාණිකය. එසේම ආචාර්ය පරපුර විසින් නො ගරහන ලද හෙයින් පේටකෝපදේසය මෙන් මේ නෙත්තිප්පකරණය ද (පරපුරින්) ආවේය. එසේනම් කවර හෙයින් මෙහි නිදානය නො කියන ලද්දේ ද? සුභ සූත්‍රය අනංගණ සූත්‍රය කච්චායන සංයුක්තය ආදී ශ්‍රාවක භාෂිතයන්ගේ නිදානය කියන ලද්දේමය. මේ ඒකාන්තයෙන්ම ශ්‍රාවක භාෂිතයක් නොවේ. බුද්ධ භාෂිතයන්ගෙන් ද පටිසම්භිදාමග්ග, නිද්දේස, ධම්මපද, බුද්ධවංස ආදී ඇතැම් ඒවායේ නිදානය නොකියන ලද්දේය. එපමණකින් ඒවා ප්‍රාමාණික නොවන්නේ නොවේ. මෙහිදී ද මෙසේ දතයුතුයි.

නිදානඤ‍්ච නාම සුත‍්තවිනයානං ධම‍්මභණ‍්ඩාගාරිකඋපාලිත්‍ථෙරාදීහි මහාසාවකෙහෙව භාසිතං, ඉදඤ‍්ච මහාසාවකභාසිතං, ථෙරං මුඤ‍්චිත්‍වා අනඤ‍්ඤවිසයත‍්තා ඉමිස‍්සා විචාරණායාති කිමෙතෙන නිදානගවෙසනෙන, අත්‍ථොයෙවෙත්‍ථ ගවෙසිතබ‍්බො, යො පාළියා අවිරුද‍්ධොති. අථ වා පාළියා අත්‍ථසංවණ‍්ණනාභාවතො න ඉමස‍්ස පකරණස‍්ස විසුං නිදානවචනකිච‍්චං අත්‍ථි, පටිසම‍්භිදාමග‍්ගනිද‍්දෙසාදීනං වියාති දට‍්ඨබ‍්බං.

සූත්‍ර විනයාදීන්ගේ නිදානය ධර්ම භාණ්ඩාගාරික උපාලි තෙරුන් ආදී මහා ශ්‍රාවකයන් විසින්ම කියන ලද්දේය. මෙයත් මහා ශ්‍රාවක භාෂිතයකි. (කච්චායන) තෙරුන් හැර වෙනත් කෙනෙකුට අයත් නොවන බැවින් මේ ගැන විචාරය කිරීමෙන් කවර ඵලයක් ද? මේ නිදාන ගවේෂණයෙන් කවර ප්‍රයෝජනයක් ද? යම් අර්ථයක් පාලියට විරුද්ධ නොවේ ද? ඒ අර්ථයම මෙහි දී සෙවිය යුතුය. එසේ නැතහොත් පාළියෙන් අර්ථ වර්ණනා කිරීමක් නොමැතිකමින් මේ ප්‍රකරණයට වෙනම නිදාන ප්‍රකාශ කිරීමක් නැත්තේය. පටිසම්භිදාමග්ග නිද්දේස ආදියෙහි මෙනැයි දතයුතුය.

ඉදානි එතස‍්මිං පකරණෙ නානප‍්පකාරකොසල‍්ලත්‍ථං අයං විභාගො වෙදිතබ‍්බො – සබ‍්බමෙව චෙතං පකරණං සාසනපරියෙට‍්ඨිභාවතො එකවිධං, තථා අරියමග‍්ගසම‍්පාදනතො විමුත‍්තිරසතො ච. බ්‍යඤ‍්ජනත්‍ථවිචාරභාවතො දුවිධං, තථා සඞ‍්ගහවිභාගභාවතො ධම‍්මවිනයත්‍ථසංවණ‍්ණනතො ලොකියලොකුත‍්තරත්‍ථසඞ‍්ගහණතො රූපාරූපධම‍්මපරිග‍්ගාහකතො ලක‍්ඛණලක‍්ඛියභාවතො පවත‍්තිනිවත‍්තිවචනතො සභාගවිසභාගනිද‍්දෙසතො සාධාරණාසාධාරණධම‍්මවිභාගතො ච.

දැන් මේ ප්‍රකරණය පිළිබඳ නන්වැදෑරුම් විවරණ කුශලත්වය දක්වනු පිණිස මේ විභාගය දතයුතුයි. මේ සියලු ප්‍රකරණය සාසනය සෙවීම් වශයෙන් එක්වැදෑරුම්ය. එසේම ආර්ය මාර්ගය සම්පාදනය කරන බැවින් විමුක්ති රස වශයෙන් ද එක්වැදෑරුම්ය. ව්‍යඤ්ජනාර්ථ විචාර භාවයෙන් දෙවැදෑරුම්ය. එසේම සංග්‍රහ විභාග භාවයෙන් ද ධර්ම විනයාර්ථ සංවර්ණනා වශයෙන් ද ලෞකික ලෝකෝත්තර අර්ථ සංග්‍රහ කරන බැවින් ද රූප අරූප ධර්ම අල්වා ගැනීම් වශයෙන් ද ලක්‍ෂණ ලක්‍ෂ්‍ය වශයෙන් ද පවත්ති නිවත්ති වචනයෙන් ද සභාග විසභාග නිද්දේශයෙන් ද සාධාරණ අසාධාරණ ධර්ම විභාගයෙන් ද දෙවැදෑරුම් වේ.

තිවිධං පුග‍්ගලත‍්තයනිද‍්දෙසතො තිවිධකල්‍යාණවිභාගතො පරිඤ‍්ඤත‍්තයකථනතො පහානත‍්තයූපදෙසතො සික‍්ඛත‍්තයසඞ‍්ගහණතො තිවිධසංකිලෙසවිසොධනතො මූලගීතිඅනුගීතිසඞ‍්ගීතිභෙදතො පිටකත‍්තයත්‍ථසංවණ‍්ණනතො හාරනයපට‍්ඨානප‍්පභෙදතො ච.

පුද්ගලත්‍රය නිර්දේශයෙන් (පුද්ගලයන් තිදෙනෙකු දැක්වීමෙන්), තෙවැදෑරුම් කල්‍යාණ විභාගයෙන්, විශේෂ දැනුම් තුන පිළිබඳ කථනයෙන්, ප්‍රහාණ තුන පෙන්වාදීම් වශයෙන්, ශික්‍ෂා තුන සංග්‍රහ කිරීම් වශයෙන්, ත්‍රිවිධ වූ කෙලෙස් පිරිසිදු කිරීම් වශයෙන් මූලගීති, අනුගීති, සංගීති භේදයෙන්, පිටකත්‍රය සංවර්ණනා කිරීම් වශයෙන්, හාර නය පට්ඨාන ප්‍රභේදයෙන් තෙවැදෑරුම් වේ.

චතුබ‍්බිධං චතුප‍්පටිසම‍්භිදාවිසයතො චතුනයදෙසනතො ධම‍්මත්‍ථදෙසනාපටිවෙධගම‍්භීරභාවතො ච. පඤ‍්චවිධං අභිඤ‍්ඤෙය්‍යාදිධම‍්මවිභාගතො පඤ‍්චක‍්ඛන්‍ධනිද‍්දෙසතො පඤ‍්චගතිපරිච‍්ඡෙදතො පඤ‍්චනිකායත්‍ථවිවරණතො ච. ඡබ‍්බිධං ඡළාරම‍්මණවිභාගතො ඡඅජ‍්ඣත‍්තිකබාහිරායතනවිභාගතො ච. සත‍්තවිධං සත‍්තවිඤ‍්ඤාණට‍්ඨිතිපරිච‍්ඡෙදතො. නවවිධං සුත‍්තාදිනවඞ‍්ගනිද‍්දෙසතො. චුද‍්දසවිධං සුත‍්තාධිට‍්ඨානවිභාගතො. සොළසවිධං අට‍්ඨවීසතිවිධඤ‍්ච සාසනපට‍්ඨානප‍්පභෙදතො. චතුරාසීතිසහස‍්සවිධං චතුරාසීතිසහස‍්සධම‍්මක‍්ඛන්‍ධවිචාරභාවතොතිආදිනා නයෙන පකරණවිභාගො වෙදිතබ‍්බො.

සිවු පිළිසිඹියා විෂය වශයෙන් චතුර්විධ නය දේශනා වශයෙන්, ධර්මාර්ථ දේශනා ප්‍රතිවේධ ගම්භීර භාවයෙන් සිවුවැදෑරුම් වේ. අභිඤේය ධර්ම විභාගයෙන්, පඤ්චස්කන්ධ නිර්දේශයෙන් පඤ්චගති ප්‍රමාණයෙන් පඤ්ච නිකායාර්ථ විවරණ වශයෙන් පස්වැදෑරුම්ය. ෂඩ් ආරම්මණ විභාගයෙන් සයවැදෑරුම් වේ. සප්ත විඥාන ස්ථිතීන්ගේ ප්‍රමාණයෙන් සත්වැදෑරුම් වේ. සූත්‍ර ආදී නවාංග නිර්දේශයෙන් නව වැදෑරුම්ය. සූත්‍රාධිෂ්ඨාන විභාගයෙන් තුදුස්වැදෑරුම්ය. සාසන පට්ඨාන ප්‍රභේදයෙන් සොළොස් අටළොස් වැදෑරුම් වේ. චතුරාසීති සහශ්‍ර ධර්මස්කන්ධ විචාරයෙන් අසූහාර දහස් වැදෑරුම් වේ යනාදී ක්‍රමයෙන් ප්‍රකරණ විභාගය දතයුතුය.

තත්‍ථ සාසනපරියෙට‍්ඨිභාවතොති සකලං නෙත‍්තිප‍්පකරණං සික‍්ඛත‍්තයසඞ‍්ගහස‍්ස නවඞ‍්ගස‍්ස සත්‍ථුසාසනස‍්ස අත්‍ථසංවණ‍්ණනාභාවතො. අරියමග‍්ගසම‍්පාදනතොති දස‍්සනභූමිභාවනාභූමිසම‍්පාදනතො. විමුත‍්තිරසතොති සාසනස‍්ස අමතපරියොසානත‍්තා වුත‍්තං. බ්‍යඤ‍්ජනත්‍ථවිචාරභාවතොති හාරබ්‍යඤ‍්ජනපදකම‍්මනයානං බ්‍යඤ‍්ජනවිචාරත‍්තා අත්‍ථපදඅත්‍ථනයානං අත්‍ථවිචාරත‍්තා වුත‍්තං. සඞ‍්ගහවිභාගභාවො පරතො ආවි භවිස‍්සති. ධම‍්මවිනයත්‍ථසංවණ‍්ණනතොති සකලස‍්සාපි පරියත‍්තිසාසනස‍්ස ධම‍්මවිනයභාවතො වුත‍්තං. ලක‍්ඛණලක‍්ඛියභාවතොති නෙත‍්තිවචනස‍්ස ලක‍්ඛණත‍්තා උදාහරණසුත‍්තානඤ‍්ච ලක‍්ඛියත‍්තා වුත‍්තං. සභාගවිසභාගනිද‍්දෙසතොති සමානජාතියා ධම‍්මා සභාගා, පටිපක‍්ඛා විසභාගා, තංවිචාරභාවතොති අත්‍ථො. සාධාරණාසාධාරණධම‍්මවිභාගතොති පහානෙකට‍්ඨසහජෙකට‍්ඨතාදිසාමඤ‍්ඤෙන යෙ ධම‍්මා යෙසං ධම‍්මානං නාමවත්‍ථාදිනා සාධාරණා තබ‍්බිධුරතාය අසාධාරණා ච, තංවිභාගතො දුවිධන‍්ති අත්‍ථො.

එහි සාසන පරියෙට්ඨි භාවතො යනු සියලු නෙත්තිප්පකරණය ශික්‍ෂාත්‍රය සංග්‍රහකර ඇති නවංග සත්‍ථු සාසනයේ අර්ථ සංවර්ණනා කරන බැවින් යනුයි. අරියමග්ග සම්පාදනතො යනු දර්ශන භූමි භාවනා භූමි සම්පාදනය කරන බැවින් යනුයි. ශාසනය නිවන කෙළවර කොට ඇති බැවින් විමුත්ති රසතො යි කියන ලදි. හාරබ්‍යඤ්ජන පද කර්ම නය ආදීන්ගේ බ්‍යඤ්ජන විචාරය ඇති බැවිනුත් අර්ථපද අර්ථ නයාදීන්ගේ අර්ථ විචාරය ඇති බැවිනුත් බ්‍යඤ්ජනත්‍ථ විචාර භාවතො යනුවෙන් කියන ලදි. සියලු පර්යාප්ති ශාසනයට ධර්මවිනය වන බැවින් ධම්මවිනයත්‍ථ සංවණණනතො යැයි කියන ලදි. නෙත්ති වචනයට ලක්‍ෂණ වන හෙයිනුත් උදාහරණ සූත්‍රයන්ට ලක්‍ෂ්‍ය වන හෙයිනුත් ලක්ඛලක්ඛිභාවතො යැයි කියන ලදි. සභාග විසභාග නිද්දෙසතො සමාන ස්වභාවයෙන් යුත් ධර්මයෝ සභාග නම් වෙති. ප්‍රතිපක්‍ෂ වූ ධර්මයෝ විසභාග නම් වෙති. එය විමසන ස්වභාව ඇති බැවින් යන අර්ථයයි. සාධාරණා සාධාරණ ධම්මවිභාගතො යනු පහාණ එකට්ඨ ජෙකට්ඨතා ආදී සාමාන්‍ය ක්‍රමයෙන් යම් ධර්මයෝ යම් ධර්මයන්ගේ නාම තීරණය කිරීම් ආදියෙන් සාධාරණ වේ ද එයට විරුද්ධ බැවින් අසාධාරණ වේද එයයි. එය විභාග වශයෙන් දෙවැදෑරුම් වෙයි යන අර්ථයයි.

පුග‍්ගලත‍්තයනිද‍්දෙසතොති උග‍්ඝටිතඤ‍්ඤුආදි පුග‍්ගලත‍්තයනිද‍්දෙසතො. තිවිධකල්‍යාණවිභාගතොති ආදිකල්‍යාණාදිවිභාගතො. මූලගීතිඅනුගීතිසඞ‍්ගීතිභෙදතොති පඨමං වචනං මූලගීති, වුත‍්තස‍්සෙව අත්‍ථස‍්ස සඞ‍්ගහගාථා අනුගීති, තංතංසුත‍්තත්‍ථයොජනවසෙන විප‍්පකිණ‍්ණස‍්ස පකරණස‍්ස සඞ‍්ගායනං සඞ‍්ගීති, සා ථෙරස‍්ස පරතො පවත‍්තිතාති වෙදිතබ‍්බා, එතාසං තිස‍්සන‍්නං භෙදතො තිවිධන‍්ති අත්‍ථො. පඤ‍්චක‍්ඛන්‍ධනිද‍්දෙසතොති රූපාදිපඤ‍්චක‍්ඛන්‍ධසීලාදිපඤ‍්චධම‍්මක‍්ඛන්‍ධනිද‍්දෙසතො පඤ‍්චවිධන‍්ති අත්‍ථො. සුත‍්තාධිට‍්ඨානවිභාගතොති ලොභදොසමොහානං අලොභාදොසාමොහානං කායවචීමනොකම‍්මානං සද‍්ධාදිපඤ‍්චින්‍ද්‍රියානඤ‍්ච වසෙන චුද‍්දසවිධස‍්ස සුත‍්තාධිට‍්ඨානස‍්ස විභාගවචනතො චුද‍්දසවිධන‍්ති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යන‍්ති න පපඤ‍්චිතං.

පුග්ගලත්තය නිද්දෙසතො යනු උග්ඝටිතඤ්ඤු ආදී පුද්ගලයන් තිදෙන දක්වන ලද බැවින් යනුයි. තිවිධකල්‍යාණවිභාගතො යනු ආදි කල්‍යාණ ආදී විභාග වශයෙන් යනුයි. මූලගීති අනුගීති සංගීති භෙදතො යනු පළමු බුද්ධ වචනය මූල ගීතියයි. ප්‍රකාශ කරන ලද අර්ථයම සංග්‍රහ කරන ලද ගාථා අනුගීති නම් වේ. ඒ ඒ ගාථාව සූත්‍රාර්ථයන් යෙදීම් වශයෙන් විප්‍රකීර්ණ වූ ප්‍රකරණය සංගායනා කිරීම සංගීති නම් වේ. එය තෙරුන්ට පසුව පැවැතියේ යැයි දතයුතුය. මේ ත්‍රිවිධ භේදයෙන් තෙවැදෑරුම්ය යන අර්ථයයි. පඤ්චක්ඛන්‍ධ නිද්දෙසතො යනු රූපාදි පංච ස්කන්ධය සීලාදි පංච ධර්මස්කන්ධය යන නිර්දේශයෙන් පස්වැදෑරුම්ය යන අර්ථයයි. සුත්තාධිට්ඨාන විභාගතො යනු ලෝභ දෝස මෝහ අලෝභ අදෝස අමෝහ කාය වාක් මනෝ කර්මයන්ගේ වශයෙන් ද සද්ධා ආදී පංච ඉන්‍ද්‍රියන්ගේ වශයෙන් ද තුදුස් වැදෑරුම් වූ සූත්‍රාධිෂ්ඨාන විභාග වශයෙන් තුදුස් වැදෑරුම්ය යන අර්ථයයි. සෙසං සුවිඤ්ඤෙය්‍යං යනුවෙන් ප්‍රමාද හෙවත් ප්‍රපංච නොකරන ලදි.