යෙදුමෙන් කියවන්න

1. උද‍්දෙසවාරවණ‍්ණනා අට‍්ඨකථා

1. උද‍්දෙසවාරවණ‍්ණනා

1. උද්දේස වාර වර්ණනාව

එවං සඞ‍්ගහවාරෙන සඞ‍්ඛෙපතො දස‍්සිතෙ හාරාදයො ඉදානි විභාගෙන දස‍්සෙතුං “තත්‍ථ කතමෙ සොළස හාරා”තිආදිදෙසනා ආරද‍්ධා. තත්‍ථ තත්‍ථාති යං වුත‍්තං – “සොළසහාරා නෙත‍්තී”ති, තස‍්මිං වචනෙ, තිස‍්සං වා ගාථායං, යානි හාරනයමූලපදානි උද‍්ධටානි, තෙසූති අත්‍ථො. කතමෙති පුච‍්ඡාවචනං. පුච‍්ඡා ච නාමෙසා පඤ‍්චවිධා අදිට‍්ඨජොතනාපුච‍්ඡා දිට‍්ඨසංසන්‍දනාපුච‍්ඡා විමතිච‍්ඡෙදනාපුච‍්ඡා අනුමතිපුච‍්ඡා කථෙතුකම්‍යතාපුච‍්ඡාති. තාසු අයං කථෙතුකම්‍යතාපුච‍්ඡා. සොළසාති ගණනවසෙන පරිච‍්ඡෙදො. තෙන නෙසං න තතො උද‍්ධං අධො චාති එතපරමතං දස‍්සෙති. සා චෙතපරමතා පරතො ආවි භවිස‍්සති. හාරාති ගණනවසෙන පරිච‍්ඡින‍්නානං සාමඤ‍්ඤතො දස‍්සනං. දෙසනා විචයොතිආදි සරූපදස‍්සනං.

මෙසේ සංග්‍රහ වාරයෙන් සංක්‍ෂේපව දක්වන ලද හාර ආදිය දැන් (විස්තර) බෙදීම් වශයෙන් දක්වන්නට තත්‍ථ කතමෙ සොළසහාරා යනාදී දේශනාව අරඹන ලද්දේය. එහි තත්‍ථ යනුවෙන් යමක් කියන ලද ද ‘සොළසහාරා නෙත්ති’ යන ඒ වචනයෙහි හෝ ඒ ගාථාවෙහි හෝ යම් හාර නය මූලපදයන් උපුටන ලද නම් ඒවායේ යන අර්ථයයි. කතමෙ යනු ප්‍රශ්නයකි. මේ ප්‍රශ්න කිරීම පස්වැදෑරුම්ය. අදිට්ඨජෝතනා විචාරණය, දිට්ඨ සංසන්දන විචාරණය, විමතිච්ඡෙදනා විචාරණය, අනුමති විචාරණය, කථෙතු කම්‍යතා (කරුණු දක්වනු කැමැත්තෙන් කරන) විචාරණයයි. සොළසා යනු ගණන් වශයෙන් පිරිසිඳ දැක්වීමයි. එම පදයෙන් හාරයන් පිළිබඳ එයින් උඩට හෝ යටට හෝ එකතුවක් නැතැයි ප්‍රමාණයම දක්වයි. ඒ ප්‍රමාණය ද පසුව ප්‍රකට වන්නේය. හාරා යනු ගණන් වශයෙන් පිරිසිඳින ලද දේ සාමාන්‍ය වශයෙන් දැක්වීමයි. දෙසනා විචයො යනාදිය ස්වරූපය දැක්වීමයි.

තත්‍ථ කෙනට‍්ඨෙන හාරා? හරීයන‍්ති එතෙහි, එත්‍ථ වා සුත‍්තගෙය්‍යාදිවිසයා අඤ‍්ඤාණසංසයවිපල‍්ලාසාති හාරා, හරන‍්ති වා සයං තානි, හරණමත‍්තමෙව වාති හාරා ඵලූපචාරෙන. අථ වා හරීයන‍්ති වොහරීයන‍්ති ධම‍්මසංවණ‍්ණකධම‍්මපටිග‍්ගාහකෙහි ධම‍්මස‍්ස දානග‍්ගහණවසෙනාති හාරා. අථ වා හාරා වියාති හාරා. යථා හි අනෙකරතනාවලිසමූහො හාරසඞ‍්ඛාතො අත‍්තනො අවයවභූතරතනසම‍්ඵස‍්සෙහි සමුප‍්පජ‍්ජනීයමානහිලාදසුඛො හුත්‍වා තදුපභොගීජනසරීරසන‍්තාපං නිදාඝපරිළාහුපජනිතං වූපසමෙති, එවමෙතෙපි නානාවිධපරමත්‍ථරතනප‍්පබන්‍ධා සංවණ‍්ණනාවිසෙසා අත‍්තනො අවයවභූතපරමත්‍ථරතනාධිගමෙන සමුප‍්පාදියමානනිබ‍්බුතිසුඛා ධම‍්මපටිග‍්ගාහකජනහදයපරිතාපං කාමරාගාදිකිලෙසහෙතුකං වූපසමෙන‍්තීති. අථ වා හාරයන‍්ති අඤ‍්ඤාණාදීනං හාරං අපගමං කරොන‍්ති ආචික‍්ඛන‍්තීති වා හාරා. අථ වා සොතුජනචිත‍්තස‍්ස හරණතො රමණතො ච හාරා නිරුත‍්තිනයෙන, යථා – “භවෙසු වන‍්තගමනො භගවා”ති (විසුද‍්ධි· 1.144; පාරා· අට‍්ඨ· 1.1 වෙරඤ‍්ජකණ‍්ඩවණ‍්ණනා). අයං තාව හාරානං සාධාරණතො අත්‍ථො.

එහි කවර අර්ථයකින් හාර නම් වේද? සූත්‍ර, ගෙය්‍ය ආදී විෂයයන් පිළිබඳ අඥාන (නොදැනුම්) සැක විපර්යාසයන් යන මේවායින් හෝ මෙහිදී හෝ දුරු කෙරේනුයි යන අර්ථයෙන් හාර නම් වේ. තමන් හෝ ගෙන යයි. නැතහොත් ඒවා හරණ මාත්‍රයක්මය යන අර්ථයෙන් හාර නම් වේ. ඵලූපචාරාර්ථයෙනි. එසේ නැතහොත් ධර්ම සංවර්ණක, ධර්ම ප්‍රතිග්‍රාහකයන් විසින් ධර්ම පිළිබඳ දීම් ගැනීම් වශයෙන් ගෙනයනු ලැබේ. ව්‍යවහාර කරනු ලැබේ යන අර්ථයෙන් හාර නම් වේ. එසේ නැතහොත් හාරයක් මෙන්ය යන අර්ථයෙන් හාර නම් වේ. යම්සේ නොයෙක් රුවන්වැල් සමූහයක් හාර සංඛ්‍යාත වූ තමන්ගේ අවයව වූ රුවන් ස්පර්ශයෙන් හටගනු ලබන ආශ්වාද සැපය බවට පත්වී එය විඳිනු ලබන ජනයාගේ ග්‍රීෂ්ම පරිදාහයෙන් හටගත් ශරීර සන්තාපය සමනය කෙරෙයි ද මෙසේ මෙයින් ද නන්වැදෑරුම් පරමාර්ථ නැමැති රුවන් ප්‍රබන්‍ධ වූ සංවර්ණනා විශේෂයෝ තමාගේ අවයව වූ පරමාර්ථ රත්නාධිගමයෙන් උපදවනු ලබන නිවන් සැපය කාමරාග ආදි කෙලෙස්වලට හේතු වූ ධර්ම ප්‍රතිග්‍රාහක ජනයාගේ සිත්තැවුල් සමනය කෙරේ. එසේ නැතහොත් දුරු කෙරෙත්. අඥානාදීන්ගේ හාරය බැහැර කෙරෙත් හෝ ප්‍රකාශ කෙරෙත් නුයි හාර නම් වේ. එසේ නැතහොත් ශ්‍රාවක ජනයාගේ සිත ගන්නා බැවින් සතුටු කරන බැවින් හාර නම් වේ. ඒ නිරුක්ති න්‍යායයෙහි ‘භවයන්හි වමාරන ලද ගමන් ඇති බැවින් භගවා’ වන ආකාරයෙනි. මේ වනාහි හාරයන්ගේ සාධාරණ වූ අර්ථයයි.

අසාධාරණතො පන දෙසීයති සංවණ‍්ණීයති එතාය සුත‍්තත්‍ථොති දෙසනා, දෙසනාසහචරණතො වා දෙසනා. නනු ච අඤ‍්ඤෙපි හාරා දෙසනාසඞ‍්ඛාතස‍්ස සුත‍්තස‍්ස අත්‍ථසංවණ‍්ණනතො දෙසනාසහචාරිනොවාති? සච‍්චමෙතං, අයං පන හාරො යෙභුය්‍යෙන යථාරුතවසෙනෙව විඤ‍්ඤායමානො දෙසනාය සහ චරතීති වත‍්තබ‍්බතං අරහති, න තථා පරෙ. න හි අස‍්සාදාදීනවනිස‍්සරණාදිසන්‍දස‍්සනරහිතා සුත‍්තදෙසනා අත්‍ථි. අස‍්සාදාදිසන්‍දස‍්සනවිභාවනලක‍්ඛණො චායං හාරොති.

අසාධාරණ වශයෙන් වනාහි මෙයින් සූත්‍රාර්ථය දේශනා කරනු ලැබේ. වර්ණනා කරනු ලබේනුයි දේශනා නම් වේ. දේශනාව සමග එකට හැසිරෙන හෙයින් හෝ දේශනා නමි. අනෙක් හාරයෝ දේශනා සංඛ්‍යාත වූ සූත්‍රයේ අර්ථ සංවර්ණනා කරන හෙයින් දේශනා සහචාරී නොවේ ද? මෙය සත්‍යයකි. මෙම හාරය බොහෝසෙයින්ම පෙර කියන ලද පරිදිම දන්වනු ලබන්නේ දේශනාව සමග හැසිරේනුයි කිය යුතු බවට සුදුසු වේ. එයින් අන්‍ය වූ ආශ්වාද ආදීනව නිස්සරණ ආදී ඉදිරිපත් කිරීම් රහිත වූ සූත්‍ර දේශනාවක් නැත. මේ හාරය ආශ්වාද ආදීනව නිස්සරණ ආදී ඉදිරිපත් කිරීම් විභාවනය කිරීම ලක්‍ෂණ කොට ඇත්තේය.

විචියන‍්ති එතෙන, එත්‍ථ වා පදපඤ‍්හාදයො, විචිති එව වා තෙසන‍්ති විචයො. පාළියං පන විචිනතීති විචයොති අයමත්‍ථො දස‍්සිතො.

මෙයින් හෝ මෙහිදී හෝ පද ප්‍රශ්නාදිය විමසනු ලැබේ. නැතහොත් ඒවා පිරික්සනු ලැබේනුයි විචය නම් වේ. පෙළෙහි වනාහි පිරික්සානුයි විචය වේ යන මේ අර්ථය දක්වන ලදි.

යුත‍්තීති උපපත‍්තිසාධනයුත‍්ති, ඉධ පන යුත‍්තිවිචාරණා යුත‍්ති උත‍්තරපදලොපෙන “රූපභවො රූප”න‍්ති යථා, යුත‍්තිසහචරණතො වා. ඉධාපි දෙසනාහාරෙ වුත‍්තනයෙන අත්‍ථො විත්‍ථාරෙතබ‍්බො.

යුත්ති යනු පහළවීමයි. සාධන යුක්තියයි. මෙහි වනාහි යුක්ති විචාරණය යුත්ති නමින් ගැනේ. උත්තරපද ලෝපයෙනි. රූපභවො යන්න රූප වන්නා සේය. නැතහොත් යුක්තිය සමග සහචාරී වීමෙනි. මෙහි ද දේශනා හාරයෙහි කී පරිදි අර්ථය විස්තර කළ යුතුය.

පදට‍්ඨානන‍්ති ආසන‍්නකාරණං, ඉධාපි පදට‍්ඨානවිචාරණාතිආදි වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

පදට්ඨානං යනු ආසන්න කරුණයි. මෙහි ද පදට්ඨාන විචාරණය ආදිය කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.

ලක‍්ඛීයන‍්ති එතෙන, එත්‍ථ වා එකලක‍්ඛණා ධම‍්මා අවුත‍්තාපි එකවචනෙනාති ලක‍්ඛණං.

මෙයින් හෝ මෙහි හෝ ඒක ලක්‍ෂණ ඇති ධර්ම අභාෂිත වුවත් එකම වචනයෙන් සලකුණු කෙරෙත් නුයි ලක්ඛණ නම් වේ.

වියූහීයන‍්ති විභාගෙන පිණ‍්ඩීයන‍්ති එතෙන, එත්‍ථ වාති බ්‍යූහො. නිබ‍්බචනාදීනං සුත‍්තෙ දස‍්සියමානානං චතුන‍්නං බ්‍යූහොති චතුබ්‍යූහො, චතුන‍්නං වා බ්‍යූහො එත්‍ථාති චතුබ්‍යූහො.

මෙයින් හෝ මෙහි හෝ අර්ථයන් විසුරුවා හරී. විභාග වශයෙන් එකතු කෙරේනුයි බ්‍යූහ නම් වේ. නිර්වචනාදී සූත්‍රයෙහි දක්වනු ලබන සතරේ එකතුව චතුබ්‍යූහ නම් වේ.

ආවට‍්ටීයන‍්ති එතෙන, එත්‍ථ වා සභාගා විසභාගා ච ධම‍්මා, තෙසං වා ආවට‍්ටනන‍්ති ආවට‍්ටො.

මෙහි සිව්වැදෑරුම් බහූහයන් ඇත්තේනුයි චතබ්‍යූහ නම් වේ. මෙයින් හෝ මෙහි හෝ සභාග විසභාග ධර්මයෝ පෙරළනු ලැබෙත්නුයි හෝ ඒවායේ පෙරළීම හෝ ආවට්ට නම් වේ.

විභජීයන‍්ති එතෙන, එත්‍ථ වා සාධාරණාසාධාරණානං සංකිලෙසවොදානධම‍්මානං භූමියොති විභත‍්ති, විභජනං වා එතෙසං භූමියාති විභත‍්ති.

මෙයින් හෝ මෙහි හෝ සාධාරණ අසාධාරණ සංකිලේස වෝදාන ධර්මයන්ගේ භූමීහු විභාග කෙරෙත්නුයි විභත්ති නමි.

පටිපක‍්ඛවසෙන පරිවත‍්තීයන‍්ති ඉමිනා, එත්‍ථ වා සුත‍්තෙ වුත‍්තධම‍්මා, පරිවත‍්තනං වා තෙසන‍්ති පරිවත‍්තනො.

එම ධර්මයන් භූමි වශයෙන් බෙදීම හෝ විභත්ති නමි. ප්‍රතිපක්‍ෂ වශයෙන් පෙරළෙත්. සූත්‍රයේ දක්වන ලද ධර්මයන්ගේ පරිවර්තනය එහි වෙත්නුයි පරිවත්තන නම් වේ.

විවිධං වචනං එකස‍්සෙවත්‍ථස‍්ස වාචකමෙත්‍ථාති විවචනං, විවචනමෙව වෙවචනං, විවිධං වුච‍්චති එතෙන අත්‍ථොති වා විවචනං. සෙසං වුත‍්තනයමෙව.

විවිධ වචන එකම අර්ථයක ප්‍රකාශ වීම මෙහි ඇත්තේනුයි විවචන නමි. විවචනයම වෙවචන නම් වේ. මෙයින් විවිධ වූ අර්ථ කියනු ලැබේනුයි විවචන නම් වේ. සෙස්ස කියන ලද පරිදිම වේ.

පකාරෙහි පභෙදතො වා ඤාපීයන‍්ති ඉමිනා, එත්‍ථ වා අත්‍ථාති පඤ‍්ඤත‍්ති.

ප්‍රකාරයන්ගෙන් හෝ ප්‍රභේද වශයෙන් හෝ මෙයින් අර්ථ ප්‍රකාශ කෙරේනුයි පඤ්ඤත්ති නම් වේ.

ඔතාරීයන‍්ති අනුප‍්පවෙසීයන‍්ති එතෙන, එත්‍ථ වා සුත‍්තාගතා ධම‍්මා පටිච‍්චසමුප‍්පාදාදීසූති ඔතරණො.

මෙයින් හෝ මෙහි හෝ සූත්‍රාගත ධර්මයන් ප්‍රතීත්‍ය සමුත්පාදාදියෙහි බස්සවත්, ප්‍රවේශ කරවත්නුයි ඔතරණ නම් වේ.

සොධීයන‍්ති සමාධීයන‍්ති එතෙන, එත්‍ථ වා සුත‍්තෙ පදපදත්‍ථපඤ‍්හාරම‍්භාති සොධනො.

මෙයින් හෝ මෙහි හෝ සූත්‍රයෙහි පද පදාර්ථ ප්‍රශ්නාරම්භයන් ශෝධනය කෙරේ.

අධිට‍්ඨීයන‍්ති අනුපවත‍්තීයන‍්ති එතෙන, එත්‍ථ වා සාමඤ‍්ඤවිසෙසභූතා ධම‍්මා විනා විකප‍්පෙනාති අධිට‍්ඨානො.

තැන්පත් වේනුයි සෝධන නම් වේ. මෙයින් හෝ මෙහි හෝ සාමාන්‍ය විශේෂ ලක්‍ෂණ ඇති ධර්මයෝ සියල්ල ඇතුළත් නොකොට අධිෂ්ඨාන කෙරේ. අනුව ක්‍රියා කෙරේනුයි අධිට්ඨාන නම් වේ.

පරිකරොති අභිසඞ‍්ඛරොති ඵලන‍්ති පරික‍්ඛාරො, හෙතු පච‍්චයො ච, පරික‍්ඛාරං ආචික‍්ඛතීති පරික‍්ඛාරො, හාරො, පරික‍්ඛාරවිසයත‍්තා පරික‍්ඛාරසහචරණතො වා පරික‍්ඛාරො.

ඵලය සකසයි මනාව සංස්කරණය කරයි යන අර්ථයෙන් පරික්ඛාර නම් වේ. හේතු ප්‍රත්‍යයෝයි. පරිස්කාරය ප්‍රකාශ කෙරේනුයි පරික්ඛාරය හාරයක් වේ. පරිස්කාරයට විෂය බැවින් හෝ පරිස්කාරයට සහචාරී බැවින් හෝ පරික්ඛාර නමි.

සමාරොපීයන‍්ති එතෙන, එත්‍ථ වා පදට‍්ඨානාදිමුඛෙන ධම‍්මාති සමාරොපනො. සබ‍්බත්‍ථ ච භාවසාධනවසෙනාපි අත්‍ථො සම‍්භවතීති තස‍්සාපි වසෙන යොජෙතබ‍්බං.

මෙයින් හෝ මෙහි හෝ ධර්මයන් පදට්ඨානාදී කරුණුවලින් නංවනු ලැබෙත්නුයි සමාරෝපන නමි. සියලු තන්හි භාවසාධන වශයෙන් ද අර්ථය සම්භ වේ. ඊට අදාළව යෙදිය යුතුය.

තස‍්සාති යථාවුත‍්තස‍්ස හාරුද‍්දෙසස‍්ස. අනුගීතීති වුත‍්තස‍්සෙවත්‍ථස‍්ස සුඛග‍්ගහණත්‍ථං අනුපච‍්ඡා ගායනගාථා, තාසු ඔසානගාථාය අත්‍ථතො අසංකිණ‍්ණාති පදත්‍ථෙන සඞ‍්කරරහිතා, තෙන යදිපි කෙචි හාරා අඤ‍්ඤමඤ‍්ඤං අවිසිට‍්ඨා විය දිස‍්සන‍්ති, තථාපි තෙසං අත්‍ථතො සඞ‍්කරො නත්‍ථීති දස‍්සෙති. සො ච නෙසං අසඞ‍්කරො ලක‍්ඛණනිද‍්දෙසෙ සුපාකටො හොති. එතෙසඤ‍්චෙවාති එතෙසං සොළසන‍්නං හාරානං. යථා අසඞ‍්කරො, තථා චෙව භවති. කිං භවති? විත්‍ථාරතයා විත්‍ථාරෙන. නයවිභත‍්ති නයෙන උපායෙන ඤායෙන විභාගො. එතෙන තං එව අසඞ‍්කිණ‍්ණතං විභාවෙති. කෙචි “විත්‍ථාරනයා”ති පඨන‍්ති, තං න සුන්‍දරං, අයඤ‍්ච ගාථා කෙසුචි පොත්‍ථකෙසු නත්‍ථි.

තස්ස යනු පෙර කියන ලද හාර උද්දේශයේය. අනුගීති යනු ප්‍රකාශ කරන ලද අර්ථයේම සුඛ ග්‍රහණය පිණිස ඊට අනුව පසුව ගායනා කරන ගාථාවන්ය. ඒවා අතරින් අවසාන ගාථාවේ අත්‍ථතො අසංකිණ්ණා යනු පදාර්ථයෙන් අමිශ්‍රිත වූ යනුයි. එහෙයින් ඉදින් සමහර හාරයෝ ඔවුනොවුන්ට මිශ්‍ර වූවාහු මෙන් දක්නා ලැබෙති. එසේ වුවත් ඔවුන්ගේ අර්ථ වශයෙන් මිශ්‍ර බවක් නැතැයි දක්වනු ලැබේ. ඔවුන්ගේ ඒ අමිශ්‍රිත භාවය ලක්ඛණ නිර්දේශයෙහි ප්‍රකට වේ. එතෙසඤ්චෙව යනු මේ සොළොස් හාරයන්ගේ යම් සේ අමිශ්‍රි බවක් වේ ද එසේම වේ යනුයි. කුමක් වේද? විත්‍ථාරතයා යනු විස්තර වශයෙනි. නය විභත්ති යනු න්‍යායෙන් උපායෙන් වූ විභාගයයි. මෙයින් ඒ අසංකීර්ණ භාවය බබුළුවයි. ඇතැමෙක් විත්‍ථාරකයා යනුවෙන් කියවත්. එය යහපත් නොවේ. මේ ගාථාව කිසිදු පොතක නැත.

එවං හාරෙ උද‍්දිසිත්‍වා ඉදානි නයෙ උද‍්දිසිතුං “තත්‍ථ කතමෙ”තිආදි වුත‍්තං. තත්‍ථ නයන‍්ති සංකිලෙසෙ වොදානානි ච විභාගතො ඤාපෙන‍්තීති නයා, නීයන‍්ති වා තානි එතෙහි , එත්‍ථ වාති නයා, නයනමත‍්තමෙව වාති නයා, නීයන‍්ති වා සයං ධම‍්මකථිකෙහි උපනීයන‍්ති සුත‍්තස‍්ස අත්‍ථපවිචයත්‍ථන‍්ති නයා. අථ වා නයා වියාති නයා. යථා හි එකත‍්තාදයො නයා සම‍්මා පටිවිජ‍්ඣියමානා පච‍්චයපච‍්චයුප‍්පන‍්නධම‍්මානං යථාක‍්කමං සම‍්බන්‍ධවිභාගබ්‍යාපාරවිරහානුරූපඵලභාවදස‍්සනෙන අසඞ‍්කරතො සම‍්මුතිසච‍්චපරමත්‍ථසච‍්චානං සභාවං පවෙදයන‍්තා පරමත්‍ථසච‍්චප‍්පටිවෙධාය සංවත‍්තන‍්ති, එවමෙතෙපි කණ‍්හසුක‍්කසප‍්පටිභාගධම‍්මවිභාගදස‍්සනෙන අවිපරීතසුත‍්තත්‍ථාවබොධාය අභිසම‍්භුණන‍්තා වෙනෙය්‍යානං චතුසච‍්චප‍්පටිවෙධාය සංවත‍්තන‍්ති. අථ වා පරියත‍්තිඅත්‍ථස‍්ස නයනතො සංකිලෙසතො යමනතො ච නයා නිරුත‍්තිනයෙන.

මෙසේ හාරයන් දක්වා දැන් නය දක්වන්නට තත්‍ථ කතමෙ යන ආදිය කියන ලදි. එහි නයං යන්න විවරණය කෙරේ. සංක්ලේශයන් ද කෙලෙස් දුරුකරන සිත් ද, විභාග වශයෙන් ප්‍රකාශ කෙරේනුයි නය නම් වේ. මේවායින් ඒ කෙලෙස් ගෙන යයි යන අර්ථය මෙහි ඇත්තේනුයි නය නමි. නයන මාත්‍රයම හෝ නය නම් වේ. ධර්ම කථිකයන් කරණ කොටගෙන තමන්ම සූත්‍රයේ අර්ථ රැස්කිරීම පිණිස පමුණුවානුයි නය නම් වේ. එසේ නැතහොත් නය මෙන්ය යන අර්ථයෙන් නය නම් වේ. යම් සේ එකත්ත ආදී න්‍යායන් මනාව අවබෝධ කරගනු ලබන්නේ පච්චය ධර්ම හා පච්චයුප්පන්න ධර්මයන් පිළිබඳ යථාක්‍රම වූ සම්බන්ධ, විභාග, ව්‍යාපාර විරහ අනුරූප ඵලභාවයන් දැක්වීමෙන් සම්මුති හා පරමාර්ථ සත්‍යයන්ගේ ස්වභාවය අමිශ්‍රව ප්‍රකාශ කරන්නාහු පරමාර්ථ සත්‍යාවබෝධය පිණිස පවතිත් ද එසේ මේ න්‍යායන් ද කෘෂ්ණශුක්ල සප්‍රතිභාග (කළු සුදු විරුද්ධ) ධර්ම විභාගයන් දැක්වීමෙන් නොවෙනස් වූ සූත්‍රාර්ථයන් අවබෝධ කරගැනීමට හැකි වූවාහු වෙනෙය්‍ය (හික්මවිය හැකි) ජනයාගේ චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස පවතිත්. එසේ නැතහොත් පරියත්ති අර්ථය ගෙනයන බැවින්, කෙලෙසන බැවින්, නසන බැවින් නය නම් වේ.

නන්‍දියාවට‍්ටොතිආදීසු නන්‍දියාවට‍්ටස‍්ස විය ආවට‍්ටො එතස‍්සාති නන්‍දියාවට‍්ටො, යථා හි නන්‍දියාවට‍්ටො අන‍්තොඨිතෙන පධානාවයවෙන බහිද‍්ධා ආවට‍්ටති, එවමයම‍්පි නයොති අත්‍ථො. අථ වා නන්‍දියා තණ‍්හාය පමොදස‍්ස වා ආවට‍්ටො එත්‍ථාති නන්‍දියාවට‍්ටො. තීහි අවයවෙහි ලොභාදීහි සංකිලෙසපක‍්ඛෙ අලොභාදීහි ච වොදානපක‍්ඛෙ පුක‍්ඛලො සොභනොති තිපුක‍්ඛලො. අසන‍්තාසනජවපරක‍්කමාදිවිසෙසයොගෙන සීහො භගවා, තස‍්ස වික‍්කීළිතං දෙසනාවචීකම‍්මභූතො විහාරොති කත්‍වා විපල‍්ලාසතප‍්පටිපක‍්ඛපරිදීපනතො සීහස‍්ස වික‍්කීළිතං එත්‍ථාති සීහවික‍්කීළිතො, නයො. බලවිසෙසයොගදීපනතො වා සීහවික‍්කීළිතසදිසත‍්තා නයො සීහවික‍්කීළිතො. බලවිසෙසො චෙත්‍ථ සද‍්ධාදිබලං, දසබලානි එව වා. අත්‍ථනයත‍්තයදිසාභාවෙන කුසලාදිධම‍්මානං ආලොචනං දිසාලොචනං. තථා ආලොචිතානං තෙසං ධම‍්මානං අත්‍ථනයත‍්තයයොජනෙ සමානයනතො අඞ‍්කුසො විය අඞ‍්කුසො. ගාථාසු ලඤ‍්ජෙති පකාසෙති සුත‍්තත්‍ථන‍්ති ලඤ‍්ජකො, නයො ච සො ලඤ‍්ජකො චාති නයලඤ‍්ජකො. ගතාති ඤාතා, මතාති අත්‍ථො. සො එව වා පාඨො. සෙසං වුත‍්තනයෙන වෙදිතබ‍්බං.

නිරුත්ති න්‍යායයෙනි. නන්‍දියාවට්ටො යන ආදියෙහි නන්දියාවට්ටයට මෙන් මෙයට ආවර්තනයක් ඇත යන අර්ථයෙන් නන්දියාවට්ට නම් වේ. නන්දියාවර්තය යම්සේ ඇතුළත පිහිටි ප්‍රධාන අවයවයෙන් පිටත කැරකෙයි ද මේ න්‍යාය ද එවැනිය යන අර්ථයයි. එසේ නැතහොත් නන්‍දි නම් වූ තෘෂ්ණාවේ ප්‍රමෝදයට හෝ ආවර්තනය වේනුයි නන්දියාවට්ට නම් වේ. සංක්ලේශ පක්‍ෂයෙහි වූ ලෝභාදී ත්‍රිවිධ අවයවයන්ගෙන් ද වොදාන (පිරිසිදු) පක්‍ෂයෙහි වූ අලෝභාදියෙන් ද උතුම් වූ දෙය බබළන්නේ නුයි තිපුක්ඛල නම් වේ. විගතත්‍රස්ත ජව පරාක්‍රමාදී විශේෂ යෝගයෙන් සිංහයකු බඳු වූ භාග්‍යවතුන් වනහන්සේ උන්වහන්සේ වික්‍රීඩිත සංඛ්‍යාත දේශනා වාග් කර්ම විහරණය නම් කොට විපර්යාසයට ප්‍රතිපක්‍ෂ වූ දෙය පරිදීපනය කරන හෙයින් සිංහයාගේ වික්‍රීඩිතය මෙහි පිහිටියේනුයි සීහවික්කීළිත න්‍යාය නම් වේ. බල විශේෂ යෝගය ප්‍රකාශ කරන හෙයින් හෝ සිංහයාගේ වික්‍රීඩිතය හා සමාන නිසා හෝ මේ න්‍යායය සීහවික්කීළිත නම් වේ. මෙහි බල විශේෂ යනු ශ්‍රද්ධාදී බලයන්ය. නැතහොත් දශබලයන්ම වේ. අර්ථ නය තුනෙහි දිශා භාවයෙන් කුශලාදී ධර්මයන් සලකා බැලීම දිසාලෝචන නම් වේ. එසේ සලකා බලන ලද ඒ දිශා ධර්මයන්ගේ අර්ථ නයත්‍රයාගේ යෙදීමෙන් පමුණුවන හෙයින් හෙන්ඩුවක් වැනිනුයි අංකුස නම් වේ. ගාථාවන්හි සූත්‍රාර්ථය ලකුණු කෙරෙයි. ප්‍රකාශ කෙරේනුයි ලඤ්ඡක නම් වේ. න්‍යාය වූයේත් ලඤ්ඡක වූයේත් එයමැයි නයලච්ඡක නමි. ගතා යනු දන්නා ලද්දේය යන අර්ථයි. නැතහොත් එයම පාඨය වේ. ශේෂය කියන ලද පරිදිම දතයුතුය.

එවං නයෙපි උද‍්දිසිත්‍වා ඉදානි මූලපදානි උද‍්දිසිතුං “තත්‍ථ කතමානී”තිආදි ආරද‍්ධං. තත්‍ථ මූලානි ච තානි නයානං පට‍්ඨානභාගානඤ‍්ච පතිට‍්ඨාභාවතො පදානි ච අධිගමූපායභාවතො කොට‍්ඨාසභාවතො චාති මූලපදානි. කොසල‍්ලසම‍්භූතට‍්ඨෙන, කුච‍්ඡිතානං වා පාපධම‍්මානං සලනතො විද‍්ධංසනතො, කුසානං වා රාගාදීනං ලවනතො, කුසා විය වා ලවනතො, කුසෙන වා ඤාණෙන ලාතබ‍්බතො පවත‍්තෙතබ‍්බතො කුසලානි, තප‍්පටිපක‍්ඛතො අකුසලානීති පදත්‍ථො වෙදිතබ‍්බො.

මෙසේ න්‍යායයන් ද උදෙසා දැන් මූලපද උදෙසන්නට තත්‍ථ කතමානි යන ආදිය ආරම්භ කළේය. එහි න්‍යායන්ගේ පට්ඨාන භාගයන් නොපිහිටි බැවින් ඒ මූලයන් ද අධිගමූපාය භාවයෙන් කොටස් ඇති බැවින් පදයන් ද කියවේනුයි මූලපද නමි. කොසල්ල සම්භූතාර්ථයෙන් හෝ නින්දිත වූ පාපීධර්මයන් සොලවන හෙයින් දුරුකරන හෙයින් හෝ කෘශ වූ රාගාදීන් සිඳ දමන හෙයින් හෝ කුශ තණ මෙන් සිඳ දමන හෙයින් හෝ පූර්ණ වූ ඥානයෙන් සිඳ දැමිය යුතු පැවැත්විය යුතු හෙයින් හෝ කුසල නම් වේ. ඊට ප්‍රතිපක්‍ෂ වූ හෙයින් අකුසල යැයි පදාර්ථය දතයුතුය.

එවං ගණනපරිච‍්ඡෙදතො ජාතිභෙදතො ච මූලපදානි දස‍්සෙත්‍වා ඉදානි සරූපතො දස‍්සෙන‍්තො සංකිලෙසපක‍්ඛංයෙව පඨමං උද‍්දිසති “තණ‍්හා”තිආදිනා. තත්‍ථ තසති පරිතසතීති තණ‍්හා. අවින්‍දියං වින්‍දති, වින්‍දියං න වින්‍දතීති අවිජ‍්ජා, විජ‍්ජාපටිපක‍්ඛාති වා අවිජ‍්ජා. ලුබ‍්භන‍්ති තෙන, සයං වා ලුබ‍්භති, ලුබ‍්භනමත‍්තමෙව වා සොති ලොභො. දොසමොහෙසුපි එසෙව නයො. අසුභෙ “සුභ”න‍්ති පවත‍්තා සඤ‍්ඤා සුභසඤ‍්ඤා. සුඛසඤ‍්ඤාදීසුපි ඉමිනාව නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. සඞ‍්ගහන‍්ති ගණනං. සමොසරණන‍්ති සමොරොපනං.

මෙසේ සංඛ්‍යා පිරිසිඳීම් වශයෙන් ද ජාති භේද වශයෙන් ද මූලපදයන් දක්වා දැන් ස්වරූප වශයෙන් දක්වන්නේ සංකිලෙස පක්‍ෂයම පළමුව උදෙසයි. තණ්හා ආදියෙන්, එහි තැති ගනී. හාත්පසින් තැති ගනී යන අර්ථයෙන් තණ්හා නම් වේ. නොවිඳිය යුතු දේ විඳියි. විඳිය යුතු දේ නොවිඳියි යන අර්ථයෙන් අවිජ්ජා නමි. නැතහොත් විද්‍යාවට ප්‍රතිපක්‍ෂ වූයේ අවිජ්ජාවයි. ඊට ලෝභ කෙරෙයි. තෙමේ ම හෝ ලෝභ කරයි. ලෝභීමාත්‍රයක්ම හෝ වේ නුයි ලෝභ නමි. ද්වේෂ, මෝහයන් පිළිබඳව ද මේ ක්‍රමයම යෙදේ. අශුභයෙහි සුභ යැයි පැවති සංඥාව සුභ සංඥාවයි. සුඛ සඤ්ඤාදියේ ද මෙම ක්‍රමයෙන්ම අර්ථය දත යුතුය. සංගහං යනු ගණනයි. සමොසරණං යනු ආරෝපණය කිරීමයි.

පච‍්චනීකධම‍්මෙ සමෙතීති සමථො. අනිච‍්චාදීහි විවිධෙහි ආකාරෙහි පස‍්සතීති විපස‍්සනා. අලොභාදයො ලොභාදිපටිපක‍්ඛතො වෙදිතබ‍්බා. අසුභෙ “අසුභ”න‍්ති පවත‍්තා සඤ‍්ඤා අසුභසඤ‍්ඤා, කායානුපස‍්සනාසතිපට‍්ඨානං. සඤ‍්ඤාසීසෙන හි දෙසනා. දුක‍්ඛසඤ‍්ඤාදීසුපි එසෙව නයො.

විරුද්ධ ධර්මයන් සමනය කෙරේනුයි සමථ නම් වේ. අනිත්‍යාදී වූ විවිධ ආකාරයන්ගෙන් දක්නේනුයි විපස්සනා නම් වේ. අලෝභාදීහු ලෝභාදියට ප්‍රතිපක්‍ෂ වශයෙන් දතයුතුය. අසුභයෙහි සුභයැයි පැවති සංඥාව අසුභ සංඥාවයි. එනම් කායානුපස්සනා සතිපට්ඨානයයි. එම දේශනාව සංඥා ශිර්ෂයෙන්ය. දුක්ඛ සංඥාදියේ ද මෙම ක්‍රමයමැයි.

ඉදං උද‍්දානන‍්ති ඉදං වුත‍්තස‍්සෙව අත්‍ථස‍්ස විප‍්පකිණ‍්ණභාවෙන නස‍්සිතුං අදත්‍වා උද‍්ධං දානං රක‍්ඛණං උද‍්දානං, සඞ‍්ගහවචනන‍්ති අත්‍ථො. “චත‍්තාරො විපල‍්ලාසා”තිපි පාඨො. කිලෙසභූමීති සංකිලෙසභූමි සබ‍්බෙසං අකුසලධම‍්මානං සමොසරණට‍්ඨානත‍්තා. කුසලානං යානි තීණි මූලානි. “කුසලානී”තිපි පඨන‍්ති. සතිපට‍්ඨානාති අසුභසඤ‍්ඤාදයො සන්‍ධායාහ. ඉන්‍ද්‍රියභූමීති සද‍්ධාදීනං විමුත‍්තිපරිපාචනින්‍ද්‍රියානං සමොසරණට‍්ඨානත‍්තා වුත‍්තං. යුජ‍්ජන‍්තීති යොජීයන‍්ති. ඛොති පදපූරණෙ, අවධාරණත්‍ථෙ වා නිපාතො. තෙන එතෙ එවාති දස‍්සෙති. අට‍්ඨාරසෙවාති වා. මූලපදාති මූලපදානි, ලිඞ‍්ගවිපල‍්ලාසො වා.

ඉදං උද්දානං යන මෙය ප්‍රකාශ කරන ලද අර්ථය විප්‍රකීර්ණ භාවයෙන් නැසෙන්නට නොදී මත්තට ප්‍රදානය කිරීම, රැකගැනීම උද්දානයි. සංග්‍රහ වචනයක් යන අර්ථයයි. චත්තාරො විපල්ලාසා යන පාඨයක් ද වේ. කිලෙස භූමි යනු සියලු අකුශල ධර්මයන් රැස්වීමට ස්ථාන බැවින් සංකිලෙස භූමියයි. කුසලානං යානි තීණි මූලානි කුසලානි යැයි ද කියවත්. සතිපට්ඨානා යනු අසුභ සංඥාදීන් සඳහා කියන ලදි. ඉන්‍ද්‍රියභූමි යනු ශ්‍රද්ධාදී විමුක්තිය පිණිස මුහුකුරා යැවිය යුතු ඉන්‍ද්‍රියන් රැස්වන බැවින් කියන ලදි. යුජ්ජන්ති යනු යොදවත් යනුයි. ඛො යනු පද පූරණාර්ථයේ හෝ අවධාරණාර්ථයේ නිපාතයකි. එයින් මේවාමය යන අර්ථය දක්වයි. දහඅටක්මය යනු හෝය. මූලපදා යනු මූලපදානි යන්නේ ලිංග විපර්යාසය හෝ විය හැකි.

උද‍්දෙසවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

උද්දේස වාර වර්ණනාව නිමි.