යෙදුමෙන් කියවන්න

සඞ‍්ගහවාරවණ‍්ණනා අට‍්ඨකථා

සඞ‍්ගහවාරවණ‍්ණනා

සංග්‍රහ වාර වර්ණනාව

එවං අනෙකභෙදවිභත‍්තෙ නෙත‍්තිප‍්පකරණෙ යදිදං වුත‍්තං “සඞ‍්ගහවිභාගවාරවසෙන දුවිධ”න‍්ති, තත්‍ථ සඞ‍්ගහවාරො ආදි. තස‍්සාපි “යං ලොකො පූජයතෙ”ති අයං ගාථා ආදි. තත්‍ථ යන‍්ති අනියමතො උපයොගනිද‍්දෙසො, තස‍්ස “තස‍්සා”ති ඉමිනා නියමනං වෙදිතබ‍්බං. ලොකොති කත‍්තුනිද‍්දෙසො. පූජයතෙති කිරියානිද‍්දෙසො. සලොකපාලොති කත‍්තුවිසෙසනං. සදාති කාලනිද‍්දෙසො. නමස‍්සති චාති උපචයෙන කිරියානිද‍්දෙසො . තස‍්සාති සාමිනිද‍්දෙසො. එතන‍්ති පච‍්චත‍්තනිද‍්දෙසො. සාසනවරන‍්ති පච‍්චත‍්තනිද‍්දෙසෙන නිද‍්දිට‍්ඨධම‍්මනිදස‍්සනං. විදූහීති කරණවචනෙන කත‍්තුනිද‍්දෙසො. ඤෙය්‍යන‍්ති කම‍්මවාචකකිරියානිද‍්දෙසො. නරවරස‍්සාති “තස‍්සා”ති නියමෙත්‍වා දස‍්සිතස‍්ස සරූපතො දස‍්සනං.

මෙසේ නන් වැදෑරුම්ව බෙදන ලද නෙත්තිප්පකරණය සංගහවාර විභාගවාර වශයෙන් දෙවැදෑරුම්යැයි කියන ලදි. එහි සංගහවාරය පළමුව එයි. එහි ද යං ලොකෙ පූජයතෙ යන ගාථාව මුලින්ම එයි. එහි යං යනු අනියමාර්ථයේ දුතියා (උපයෝග) විභක්ති නිර්දේශයකි. එහි තස්ස යන මෙයින් නියමය දතයුතුය. ලොකො යනු කර්තෘ නිර්දේශයයි. පූජයතෙ යනු ක්‍රියා නිර්දේශයයි. සලොකපාලො යනු කර්තෘ විශේෂණයයි. සදා යනු කාල නිර්දේශයයි. නමස්සති ච යනු උපචාර වශයෙන් වූ ක්‍රියා නිර්දේශයයි. තස්ස යනු ඡට්ඨි විභක්ති නිර්දේශයයි. ඒතං යනු ප්‍රථමා විභක්ති නිර්දේශයයි. සාසනවරං යනු ප්‍රථමා විභක්ති නිර්දේශයෙන් දක්වන ලද නිදසුනකි. විදූහි යනු කරණ විභක්ති වචනයකින් කර්තෘ දැක්වීමකි. ඤෙය්‍යං යනු කර්මය ගැන කියැවෙන ක්‍රියා නිර්දේශයකි. නර වරස්ස යනු ඔහුගේ යැයි නියමකොට දක්වන ලද පදයට සමාන රූප වහයෙන් දැක්වීමකි.

තත්‍ථ ලොකියන‍්ති එත්‍ථ පුඤ‍්ඤාපුඤ‍්ඤානි තබ‍්බිපාකො චාති ලොකො, පජා, සත‍්තනිකායොති අත්‍ථො. ලොක-සද‍්දො හි ජාතිසද‍්දතාය සාමඤ‍්ඤවසෙන නිරවසෙසතො සත‍්තෙ සඞ‍්ගණ‍්හාති. කිඤ‍්චාපි හි ලොකසද‍්දො සඞ‍්ඛාරභාජනෙසුපි දිට‍්ඨප‍්පයොගො, පූජනකිරියායොග්‍යභූතතාවසෙන පන සත‍්තලොකවචනො එව ඉධ ගහිතොති දට‍්ඨබ‍්බං. පූජයතෙති මානයති, අපචායතීති අත්‍ථො.

එහි ලොකියං යනු මෙයයි. මෙහි පින් පව් හෝ ඒවායේ විපාක ඇත යන අර්ථයෙන් ‘ලෝක’ නම් වේ. ප්‍රජාව සත්ත්ව කොට්ඨාශය යන අර්ථයයි. ලෝක ශබ්දය වනාහි ජාති ශබ්දයට සමානව විශේෂයකින් තොරව සත්ත්වයන් හැඳින්වීමට යොදයි. කෙසේ වුවත් ලෝක ශබ්දය සංස්කාරයන් බෙදා දැක්වීම් අර්ථයෙහි ද දක්නා ලද ප්‍රයෝග ඇත්තකි. පූජා කිරීමට හේතුවීම් වශයෙන් සත්ත්වලෝක යන වචනයම මෙහි දී ගන්නා ලදැයි දතයුතුය. පූජයං තෙ යනු පූජා කරයි. බුහුමන් යන අර්ථයයි.

ලොකං පාලෙන‍්තීති ලොකපාලා, චත‍්තාරො මහාරාජානො. ලොකියා පන ඉන්‍දයමවරුණකුවෙරා ලොකපාලාති වදන‍්ති. සහ ලොකපාලෙහීති සලොකපාලො, “ලොකො”ති ඉමිනා තුල්‍යාධිකරණං. අථ වා ඉස‍්සරියාධිපච‍්චෙන තංතංසත‍්තලොකස‍්ස පාලනතො රක‍්ඛණතො ඛත‍්තියචතුමහාරාජසක‍්කසුයාමසන‍්තුසිතසුනිම‍්මිතපරනිම‍්මිතවසවත‍්තිමහාබ්‍රහ‍්මාදයො ලොකපාලා. තෙහි සහ තංතංසත‍්තනිකායො සලොකපාලො ලොකොති වුත‍්තො. අථ වා “ද‍්වෙමෙ, භික‍්ඛවෙ, සුක‍්කා ධම‍්මා ලොකං පාලෙන‍්තී”ති (අ· නි· 2.9; ඉතිවු· 42) වචනතො හිරොත‍්තප‍්පධම‍්මා ලොකපාලා. තෙහි සමන‍්නාගතො ලොකො සලොකපාලො. හිරොත‍්තප‍්පසම‍්පන‍්නා හි පාපගරහිනො සප‍්පුරිසා ධම‍්මච‍්ඡන්‍දවන‍්තතාය භගවති පූජානමක‍්කාරපරා හොන‍්තීති.

ලෝකය පාලනය කරත්නුයි සිව්මහ රජවරු ලෝකපාල නම් වෙති. ලෝකයා නම් ඉන්ද්‍ර, යම, වරුණ, කුවේර (යන සිව්දෙන) ලෝකපාලකයන් යැයි කියත්. ලෝක පාලකයන් සමග සිටීනුයි සලොකපාලා නමි. ලොකො යන මෙය තුල්‍යාධිකරණයකි. එසේ නැතහොත් ඓශ්වර්ය, ආධිපත්‍ය ආදියෙන් සත්ත්ව ලෝකය පාලනය කරන බැවින් ආරක්ෂා කරන බැවින් ක්‍ෂත්‍රිය සිව්මහ රජවරු ද ශක්‍ර, සුයාම, සන්තුසිත, සුනිම්මිත, පරනිම්මිත වසවර්ති, මහා බ්‍රහ්මාදීහු ද ලෝකපාලයෝය. ඔවුන් සමග වූ ඒ ඒ සත්ත්ව කොට්ඨාස සලොකපාල ලෝක යැයි කියන ලදි. නැතිනම් ‘ද්වෙ මෙ භික්ඛවෙ සුක්කා ධම්මා ලොකං පාලෙන්ති’ යන බුද්ධ වචනයෙන් හිරි ඔතප් දෙක ලෝක පාලකයෝ වෙත්. ඒවායින් යුක්ත වූ ලෝකය සලොකපාල නමි. හිරි ඔතප් දෙකින් යුත් පාපයන්ට ගර්හා කරන, සත්පුරුෂ වූ බෝසත්වරු ධර්මයට කැමැති ඇති නිසා බුදුවරුන් කෙරෙහි පුදසත්කාර කිරීමෙහි යෙදුණාහු වෙත්.

සදාති සබ‍්බකාලං රත‍්තිඤ‍්චෙව දිවා ච, සදාති වා භගවතො ධරමානකාලෙ තතො පරඤ‍්ච. අථ වා සදාති අභිනීහාරතො පට‍්ඨාය යාව සාසනන‍්තරධානා, තතො පරම‍්පි වා. මහාභිනීහාරතො පට‍්ඨාය හි මහාබොධිසත‍්තා බොධියා නියතතාය බුද‍්ධඞ‍්කුරභූතා සදෙවකස‍්ස ලොකස‍්ස පූජනීයා චෙව වන්‍දනීයා ච හොන‍්ති. යථාහ භගවා සුමෙධභූතො –

සදා යනු රෑ ද දහවල ද යන සියලු කාලයයි. එසේ නැතහොත් සදා යනු බුදුරදුන් ධරමාන කාලයේ හා ඉන් පසු කාලයේය. එසේත් නැතිනම් සදා යනු අභිනීහාරයේ (බුදු බව පැතීමේ) පටන් සාසන අන්තර්ධානය දක්වා කාලයත් ඉන්පසු කාලයත්ය. මහාභිනීහාරයේ පටන්ම මහබෝසත්වරු බුද්ධත්වය නියත බැවින් බුද්ධාංකුරයෙක්ව දෙවියන් සහිත ලෝකයට පූජනීය ද වන්දනීය ද වෙත්. සුමේධ තාපස වූ භාග්‍යවතුන් වහන්සේ යම්සේ කියන ලද ද ඒ ගාථා මෙසේය.

“දීපඞ‍්කරො ලොකවිදූ, ආහුතීනං පටිග‍්ගහො; මම කම‍්මං පකිත‍්තෙත්‍වා, දක‍්ඛිණං පාදමුද‍්ධරි.

දීපංකරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මම කම්මං පකිත්තෙත්‍වා දක්ඛිණං පාදමුද්ධරි

“යෙ තත්‍ථාසුං ජිනපුත‍්තා, පදක‍්ඛිණමකංසු මං; දෙවා මනුස‍්සා අසුරා ච, අභිවාදෙත්‍වාන පක‍්කමු”න‍්ති. (බු· වං· 2.75-76);

යෙ තත්‍ථ ආසුං ජිනපුත්තා සබ්බෙ පදක්ඛිණමකංසු මං, නරා නාගා ච ගන්‍ධබ්බා අභිවාදෙත්‍වා න පක්කමුං

පූජාවන් පිළිගන්නා වූ දීපංකර බුදුරජාණන් වහන්සේ මගේ ක්‍රියාව ප්‍රකාශ කර මා ප්‍රදක්‍ෂිණා කරමින් වැඩි සේක. එහි සිටි සියලුම බුද්ධ ශ්‍රාවකයෝ ද මා ප්‍රදක්‍ෂිණා කරමින් වැඩි සේක. මිනිස්සු ද නාගයෝ ද ගාන්‍ධර්වයෝ ද මා හට වැඳ පිටත්ව ගියහ.

නමස‍්සති චාති කෙචි කෙසඤ‍්චි පූජාසක‍්කාරාදීනි කරොන‍්තාපි තෙසං අපාකටගුණතාය නමක‍්කාරං න කරොන‍්ති, න එවං භගවතො, යථාභූතඅබ‍්භුග‍්ගතකිත‍්තිසද‍්දතාය පන භගවන‍්තං සදෙවකො ලොකො පූජයති චෙව නමස‍්සති චාති අත්‍ථො. “සදා නරමනුස‍්සො”ති කෙචි පඨන‍්ති, තං න සුන්‍දරං. තස‍්සාති යං සදෙවකො ලොකො පූජයති චෙව නමස‍්සති ච, තස‍්ස. එතන‍්ති ඉදානි වත‍්තබ‍්බං බුද‍්ධියං විපරිවත‍්තමානං සාමඤ‍්ඤෙන දස‍්සෙති. සාසනවරන‍්ති තං සරූපතො දස‍්සෙති. තත්‍ථ දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකපරමත්‍ථෙහි යථාරහං සත‍්තෙ සාසති විනෙති එතෙනාති සාසනං, තදෙව එකන‍්තනිය්‍යානට‍්ඨෙන අනඤ‍්ඤසාධාරණගුණතාය ච උත‍්තමට‍්ඨෙන තංතංඅභිපත්‍ථිතසමිද‍්ධිහෙතුතාය පණ‍්ඩිතෙහි වරිතබ‍්බතො වා වරං, සාසනමෙව වරන‍්ති සාසනවරං. විදූහීති යථාසභාවතො කම‍්මකම‍්මඵලානි කුසලාදිභෙදෙ ච ධම‍්මෙ විදන‍්තීති විදූ, පණ‍්ඩිතමනුස‍්සා, තෙහි. ඤාතබ‍්බං, ඤාණමරහතීති වා ඤෙය්‍යං. නරවරස‍්සාති පුරිසවරස‍්ස, අග‍්ගපුග‍්ගලස‍්සාති අත්‍ථො.

නමස්සති ච යනු කිසිවෙක් කිසිවෙකුට පූජා සත්කාර ආදිය කරන මුත් ඔවුන්ගේ අප්‍රකට ගුණයට නමස්කාර නොකරත්. භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධයෙන් එසේ නොවේ. සත්‍ය ලෙසම පැන නැගුණ කීර්ති ශබ්දයක් ඇති බැවින් දෙවියන් සහිත ලෝකයා භාග්‍යවතුන් වහන්සේට පූජා කෙරෙත්. එසේම නමස්කාර ද කෙරෙත් යන අර්ථයයි. සදා නරමනුස්සො යන මෙය යහපත් නොවේ යැයි ඇතැමෙක් කියත්. තස්ස යනු යමෙකුට දෙවියන් සහිත ලෝකයා පූජා කෙරෙත් ද නමස්කාර කෙරෙත් ද ඔහුටය. එතං යනුවෙන් දැන් කිවයුතු බුද්ධියෙහි වෙනස්වීම සාමාන්‍යයෙන් දක්වයි. සාසනවරං යැයි එය ස්වරූප වශයෙන් දක්වයි. එහි මෙලොව, පරලොව පරමාර්ථයන්ගෙන් සුදුසු පරිදි සත්ත්වයන්ට අනුශාසනය කරයි. මෙයින් (ඔවුන්ව) හික්මවයි යන අර්ථයෙන් සාසන නම් වේ. එයම ඒකාන්ත පැමිණවීම් අර්ථයෙන් අනන්‍ය සාධාරණ ගුණ ඇති බැවින් ද උත්තමාර්ථයෙන් ඒ ඒ පැතුම් සමෘද්ධිමත් වීම් හේතුවෙන් ද පණ්ඩිතයන් විසින් තෝරාගත යුතු බැවින් ද වර නම් වේ. සාසන එව වරං යන්න සාසනවරං නමි. විදූහි යනු යථා ස්වභාවයෙන් කර්මඵලයන් ද කුසලාදී භේදයන් ද ධර්මයන් ද දන්නේනුයි විදූ නමි. (එනම්) පණ්ඩිත මනුෂ්‍යයෝය. ඔවුන් විසින් දතයුතු ඤාණයට සුදුසුය යන අර්ථයෙන් ඤෙය්‍ය යැයි යෙදේ. නරවරස්ස යනු උතුම් පුරුෂයාට, අග්‍ර පුද්ගලයාට යන අර්ථයයි.

ඉදං වුත‍්තං හොති – යො අනඤ‍්ඤසාධාරණමහාකරුණාසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණාදිගුණවිසෙසයොගෙන සදෙවකෙන ලොකෙන පූජනීයො නමස‍්සනීයො ච භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො, තස‍්ස ලොකෙ උත‍්තමපුග‍්ගලස‍්ස එතං ඉදානි අම‍්හෙහි විභජිතබ‍්බහාරනයපට‍්ඨානවිචාරණවිසයභූතං සාසනං ආදිකල්‍යාණතාදිගුණසම‍්පත‍්තියා වරං අග‍්ගං උත‍්තමං නිපුණඤාණගොචරතාය පණ‍්ඩිතවෙදනීයමෙවාති. භගවතො හි වචනං එකගාථාමත‍්තම‍්පි සච‍්චපටිච‍්චසමුප‍්පාදඛන්‍ධායතනධාතින්‍ද්‍රියසතිපට‍්ඨානාදිසභාවධම‍්මනිද‍්ධාරණක‍්ඛමතාය සොළසහාරපඤ‍්චනයසොළසඅට‍්ඨවීසතිවිධපට‍්ඨානවිචාරයොග්‍යභාවෙන ච පරමගම‍්භීරං අත්‍ථතො අගාධපාරං සණ‍්හසුඛුමඤාණවිසයමෙවාති. තෙනෙවාහ – “පඤ‍්ඤවන‍්තස‍්සායං ධම‍්මො, නායං ධම‍්මො දුප‍්පඤ‍්ඤස‍්සා”ති (දී· නි· 3.358; අ· නි· 8.30). අථ වා භගවතො සාසනං පරිඤ‍්ඤාක‍්කමෙන ලක‍්ඛණාවබොධප‍්පටිපත‍්තියා සුඤ‍්ඤතමුඛාදීහි ඔගාහිතබ‍්බත‍්තා අවිඤ‍්ඤූනං සුපිනන‍්තෙනපි න විසයො හොතීති ආහ – “විදූහි ඤෙය්‍ය”න‍්ති. තථා ච වුත‍්තං – “එතු විඤ‍්ඤූ පුරිසො”තිආදි.

යමෙක් අනන්‍ය සාධාරණ මහා කරුණා, සබ්බඤ්ඤුත ඤාණ ආදී ගුණ විශේෂ යෝග්‍ය කරණ කොටගෙන දෙවියන් සහිත ලෝකයා විසින් පිදිය යුතු, නැමදිය යුතු භාග්‍යවත් වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූයේද ලෝකයේ ඒ උතුම් පුද්ගලයාට දැන් අප විසින් බෙදිය යුතු හාර නය පට්ඨාන විමසීම්වලට විෂය වූ මේ සාසනය ආදි කල්‍යාණත්වය ආදී ගුණසම්පත්තිය නිසා ශ්‍රේෂ්ඨ වූයේ ද අග්‍ර වූයේ ද උතුම් වූයේ ද වේ. සියුම් නුවණට ගෝචරවන බැවින් පණ්ඩිතවේදනීය ද වේ. යන මෙය කියන ලදි. භාග්‍යවතුන් වහන්සේගේ එක් ගාථා මාත්‍රයක් පමණක් වූ වචනය ද සත්‍ය, පටිච්ච සමුප්පාද, ස්කන්ධ, ආයතන, ධාතු, ඉන්‍ද්‍රිය, සතිපට්ඨාන ආදී ස්වභාව ධර්ම වෙන් කිරීමට සමත් බැවින් සොළසහාර පංචනය, දහසය හා විසිඅට වැදෑරුම් පට්ඨාන විමසීමට සුදුසු බැවින් ද ඉතා ගැඹුරු වූ, අර්ථ වශයෙන් ගැඹුරු වූ පරතෙරක් නැති ඉතා සියුම් වූ විෂයක්මය. එහෙයින්ම මේ ධර්මය ප්‍රඥාවන්තයින් සඳහාය. මෝඩයන් සඳහා නොවේ යැයි කියන ලදි. එසේ නැතහොත් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනය දන්නා ක්‍රමයෙන් ලක්‍ෂණයන් අවබෝධ කිරීම් ප්‍රතිපත්තියෙන් සුඤ්ඤත මුඛාදියෙහි බැසගත යුතු බැවින් මෝඩයන්ට සිහිනෙන්වත් විෂය නො වන්නේය යන අර්ථයෙන් විදූහි ඤෙය්‍යං යැයි කියන ලදි. එසේම ‘එතු විඤ්ඤූ පුරිසො’ යනාදිය කියන ලද්දේය.

අපරෙ පන “තං තස‍්ස සාසනවර”න‍්ති පඨන‍්ති, තෙසං මතෙන යං-සද‍්දො සාසන-සද‍්දෙන සමානාධිකරණොති දට‍්ඨබ‍්බො. ඉදං වුත‍්තං හොති යං සාසනවරං සලොකපාලො ලොකො පූජයති නමස‍්සති ච, තං සාසනවරං විදූහි ඤාතබ‍්බන‍්ති. ඉමස‍්මිඤ‍්ච නයෙ ලොකපාල-සද‍්දෙන භගවාපි වුච‍්චති. භගවා හි ලොකග‍්ගතායකත‍්තා නිප‍්පරියායෙන ලොකපාලො, තස‍්මා “තස‍්සා”ති ලොකපාලස‍්ස සත්‍ථුනොති අත්‍ථො. සලොකපාලොති චෙත්‍ථ ලොකපාල-සද‍්දො ගුණීභූතොපි සත්‍ථුවිසයත‍්තා සාසන-සද‍්දාපෙක‍්ඛතාය සාමිභාවෙන සම‍්බන්‍ධීවිසෙසභූතො පධානභූතො විය පටිනිද‍්දෙසං අරහතීති.

ඇතැමෙක් තං තස්ස සාසනවරං යනුවෙන් කියත්. ඔවුන්ගේ අදහස අනුව යං ශබ්දය සාසන ශබ්දය සමග සමාන අධිකරණ ඇත්තකැයි දතයුතුය. යම් උතුම් සාසනයක් ලෝකපාලයන් සහිත ලෝකයා පූජා කෙරේ ද නමස්කාර කෙරේ ද ඒ උතුම් සාසනය ප්‍රාඥයන් විසින් දතයුතුය යන මෙය කියන ලදි. මෙම න්‍යායයෙහි ලෝකපාල ශබ්දයෙන් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ද කියන ලදි. භාග්‍යවතුන් වහන්සේ වනාහි ලෝකාග්‍ර බැවින් කර්තෘය. නිෂ්පර්යායෙන් ලෝකපාල වේ. එහෙයින් ඔහුටය යනු ලෝකපාල වූ ශාස්තෲන් වහන්සේටය යන අර්ථයයි. සලොකපාලො යන මෙහි ලෝකපාල ශබ්දය ගුණී භූත වූවක් වූවත් ශාස්තෲ විෂය වූ සාසන ශබ්දය අපේක්‍ෂා කරන බැවින් අධිපතිත්‍වයෙන් සම්බන්ධ විෂය වූ ප්‍රධාන වූවක් මෙන් නිර්දේශයට සුදුසුය.

කථං පන සයං ධම‍්මස‍්සාමී භගවා ධම‍්මං පූජයතීති? නායං විරොධො. ධම‍්මගරුනො හි බුද‍්ධා භගවන‍්තො, තෙ සබ‍්බකාලං ධම‍්මං අපචායමානාව විහරන‍්තීති. වුත‍්තඤ‍්හෙතං – “යංනූනාහං ය‍්වායං ධම‍්මො මයා අභිසම‍්බුද‍්ධො, තමෙව ධම‍්මං සක‍්කත්‍වා ගරුං කත්‍වා උපනිස‍්සාය විහරෙය්‍ය”න‍්ති (සං· නි· 1.173; අ· නි· 4.21).

ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් තමා ම ධර්මය පූජා කෙරේ ද? මෙය විරෝධයක් නොවේ. ධර්මගරුක වූ ඒ භාග්‍යවත් බුදුවරු සියලු කල්හි ධර්මය පුදමින්ම වාසය කරත්. ‘මම ධර්මයටම සත්කාර කොට ගරුකොට බුහුමන්කොට පූජාකොට එයම ඇසුරුකොට වාසය කරන්නේ නම් මැනව’යි යන මෙය කියන ලද්දේය.

අපි ච භගවතො ධම‍්මපූජනා සත‍්තසත‍්තාහප‍්පටිපත‍්තිආදීහි දීපෙතබ‍්බා. ධම‍්මස‍්සාමීති ච ධම‍්මෙන සදෙවකස‍්ස ලොකස‍්ස සාමීති අත්‍ථො, න ධම‍්මස‍්ස සාමීති. එවම‍්පි නමස‍්සතීති වචනං න යුජ‍්ජති. න හි භගවා කඤ‍්චි නමස‍්සතීති, එසොපි නිද‍්දොසො. න හි නමස‍්සතීති පදස‍්ස නමක‍්කාරං කරොතීති අයමෙව අත්‍ථො, අථ ඛො ගරුකරණෙන තන‍්නින‍්නො තප‍්පොණො තප‍්පබ‍්භාරොති අයම‍්පි අත්‍ථො ලබ‍්භති. භගවා ච ධම‍්මගරුතාය සබ‍්බකාලං ධම‍්මනින‍්නපොණපබ‍්භාරභාවෙන විහරතීති. අයඤ‍්ච අත්‍ථො “යෙන සුදං ස‍්වාහං නිච‍්චකප‍්පං විහරාමී”ති (ම· නි· 1.387) එවමාදීහි සුත‍්තපදෙහි දීපෙතබ‍්බො. “විදූහි නෙය්‍ය”න‍්තිපි පාඨො, තස‍්ස පණ‍්ඩිතෙහි සපරසන‍්තානෙසු නෙතබ‍්බං පාපෙතබ‍්බන‍්ති අත්‍ථො. තත්‍ථ අත‍්තසන‍්තානෙ පාපනං බුජ‍්ඣනං, පරසන‍්තානෙ බොධනන‍්ති දට‍්ඨබ‍්බං.

තව ද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මපූජාව සත් සති පූජා ආදියෙන් දීපනය කළයුතුය. ධම්මස්සාමී යනු ධර්මයෙන් දෙවියන් සහිත ලෝවැසියාට ස්වාමි වේ යන අර්ථයයි. ධර්මයට අධිපති යන අර්ථය නොවේ. මෙසේ නමස්කාර කරයි යන වචනය සුදුසු නොවේ. භාග්‍යවතුන් වහන්සේ කිසිවෙකුට නමස්කාර නො කරන්නේ ය. මෙය ද දෝෂයක් නැත. න හි නමස්සති යන පදයට නමස්කාර නොකරයි යන මේ අර්ථයම යෙදේ. එවිට ගරු කිරීෟමෙන් එයට නතු වූයේය. එයට නැමුනේ ය. එයට බර වූයේය යන මේ අර්ථය ද ලැබේ. භාග්‍යවතුන් වහන්සේ ද සියලු කල්හි ධර්මයට නතු වීම්, නැමීම්, බරවීම් ඇතිව වාසය කරන්නේය යනුයි. මේ අර්ථය ද ‘යෙන සුදං ස්වාහං නිච්චකප්පං විහරාමි’ යන මේ ආදී සූත්‍ර පදයන්ගෙන් දීපනය කළයුතුය. විදූහි නෙය්‍යං යනුවෙන් ද පාඨයක් වේ. එය පණ්ඩිතයන් විසින් ස්වකීය - පර සන්තානයන්හි පැමිණවිය යුතුය යන අර්ථයයි. එහිදී ස්ව සන්තානයෙහි පැමිණවීම හා අවබෝධ කරගැනීම ද පර සන්තානයෙහි අවබෝධ කරගැනීම ද දතයුතුය.

එවං භගවතො සදෙවකස‍්ස ලොකස‍්ස පූජනීයවන්‍දනීයභාවො අග‍්ගපුග‍්ගලභාවො ච වුච‍්චමානො ගුණවිසිට‍්ඨතං දීපෙති, සා ච ගුණවිසිට‍්ඨතා මහාබොධියා වෙදිතබ‍්බා. ආසවක‍්ඛයඤාණපදට‍්ඨානඤ‍්හි සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණපදට‍්ඨානඤ‍්ච ආසවක‍්ඛයඤාණං “මහාබොධී”ති වුච‍්චති. සා අවිපරීතධම‍්මදෙසනතො තථාගතෙ සුප‍්පතිට‍්ඨිතාති විඤ‍්ඤායති. න හි සවාසනනිරවසෙසකිලෙසප‍්පහානං අනාවරණඤාණඤ‍්ච විනා තාදිසී ධම‍්මදෙසනා සම‍්භවති. ඉච‍්චස‍්ස චතුවෙසාරජ‍්ජයොගො. තෙන දසබලඡඅසාධාරණඤාණඅට‍්ඨාරසාවෙණිකබුද‍්ධධම‍්මාදිසකලසබ‍්බඤ‍්ඤුගුණපාරිපූරී පකාසිතා හොති. එතාදිසී ච ගුණවිභූති මහාකරුණාපුබ‍්බඞ‍්ගමං අභිනීහාරසම‍්පත‍්තිං පුරස‍්සරං කත්‍වා සම‍්පාදිතං සමත‍්තිංසපාරමිසඞ‍්ඛාතං පුඤ‍්ඤඤාණසම‍්භාරමන‍්තරෙන න උපලබ‍්භතීති හෙතුසම‍්පදාපි අත්‍ථතො විභාවිතා හොතීති එවං භගවතො තීසුපි අවත්‍ථාසු සබ‍්බසත‍්තානං එකන‍්තහිතප‍්පටිලාභහෙතුභූතා ආදිමජ‍්ඣපරියොසානකල්‍යාණා නිරවසෙසා බුද‍්ධගුණා ඉමාය ගාථාය පකාසිතාති වෙදිතබ‍්බං.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධ සදේව ලෝකයාගේ පූජනීය වන්දනීය භාවය ද අග්‍ර පුද්ගලභාවය ද කියමින් ගුණ විශිෂ්ටත්වය දීපනය කෙරෙයි. ඒ ගුණ විශිෂ්ටත්වය මහාබෝධියෙන් දතයුතුය. ආශ්‍රවක්‍ෂය ඤාණයට පදස්ථාන වූ සර්වඥතා ඥානය ද, සර්වඥතා ඥානයට පදස්ථාන වූ ආශ්‍රවක්‍ෂය ඥානය ද මහාබෝධි යැයි කියනු ලැබේ. නොවෙනස් ධර්ම දේශනා ඇති බැවින් එය තථාගතයන් වහන්සේ කෙරෙහි මනාව පිහිටියේ යැයි දැනෙයි. වාසනා සහිත නිරවශේෂ ක්ලේශ ප්‍රහාණයෙන් ද අනාවරණ ඥානයෙන් ද තොරව එබඳු ධර්ම දේශනාවක් නො පැවැත්වේ. මෙසේ උන්වහන්සේ චතුර් වෛශාරද්‍ය යෝගය ද දශබල ෂඩ් අසාධාරණ ඥාන අටළොස් ආවේණික බුද්ධ ධර්මාදී සියලු සර්වඥ ගණ පූරණය ද ප්‍රකාශ කරන ලද්දේ වෙයි. මෙවැනි ගුණ විභූතිය ද මහා කරුණාව පෙරටු වූ, අභිනීහාර සම්පත්තිය පෙරටු කොට සම්පාදනය කරන ලද සමතිස් පාරමිතා සංඛ්‍යාත පුණ්‍ය ඤාණ සම්භාරය නැතිව නොලැබේනුයි. හේතු සම්පදාව ද අර්ථ වශයෙන් විභාවනය කරන ලද්දේය. මෙසේ අවස්ථා තුනේදීම සියලු සත්ත්වයාට ඒකාන්තයෙන් හිතදේ ඇති කිරීමට හේතු වූ මුල මැද අග යහපත් වූ නිරවශේෂ වූ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධගුණයන් මේ ගාථාවෙන් ප්‍රකාශ කරන ලදැයි දතයුතුය.

දුතියනයෙ පන යස‍්මා සික‍්ඛත‍්තයසඞ‍්ගහං සඵලං අරියමග‍්ගසාසනං තස‍්ස ආරම‍්මණභූතඤ‍්ච අමතධාතුං තදධිගමූපායඤ‍්ච පුබ‍්බභාගපටිපත‍්තිසාසනං තදත්‍ථපරිදීපනඤ‍්ච පරියත‍්තිසාසනං යථාරහං සච‍්චාභිසමයවසෙන අභිසමෙන‍්තො ස‍්වාක‍්ඛාතතාදිගුණවිසෙසයුත‍්තතං මනසිකරොන‍්තො සක‍්කච‍්චං සවනධාරණපරිපුච‍්ඡාදීහි පරිචයං කරොන‍්තො ච සදෙවකො ලොකො පූජයති නාම. ලොකනාථො ච සම‍්මාසම‍්බොධිප‍්පත‍්තියා වෙනෙය්‍යානං සක‍්කච‍්චං ධම‍්මදෙසනෙන “අරියං වො, භික‍්ඛවෙ, සම‍්මාසමාධිං දෙසෙස‍්සාමි” (ම· නි· 3.136; සං· නි· 5.28; පෙටකො· 24), “මග‍්ගානට‍්ඨඞ‍්ගිකො සෙට‍්ඨො” (ධ· ප· 273; කථා· 872; නෙත‍්ති· 125; පෙටකො· 30), “යාවතා, භික‍්ඛවෙ, ධම‍්මා සඞ‍්ඛතා වා අසඞ‍්ඛතා වා, විරාගො තෙසං අග‍්ගමක‍්ඛායති” (ඉතිවු· 90; අ· නි· 4.34), “ඛයං විරාගං අමතං පණීතං” (ඛු· පා· 6.4; සු· නි· 227), “එකායනො අයං, භික‍්ඛවෙ, මග‍්ගො සත‍්තානං විසුද‍්ධියා” (දී· නි· 2.373; ම· නි· 1.106; සං· නි· 5.367), “ධම‍්මං වො, භික‍්ඛවෙ, දෙසෙස‍්සාමි ආදිකල්‍යාණ”න‍්තිආදීහි (ම· නි· 3.420; නෙත‍්ති· 5) වචනෙහි ථොමනෙන ච පූජයති නාම. තස‍්මා සාසනවරස‍්ස පූජනීයභාවො ඉධ වුච‍්චමානො අනවසෙසතො ධම‍්මගුණෙ දීපෙතීති යෙ අරියභාවාදයො නිය්‍යානාදයො ඛයවිරාගාදයො මදනිම‍්මදනාදයො අසඞ‍්ඛතාදයො ස‍්වාක‍්ඛාතතාදයො ආදිකල්‍යාණතාදයො ච අනෙකෙහි සුත‍්තපදෙහි පවෙදිතා අනෙකෙ ධම‍්මගුණා, තෙ නිරවසෙසතො ඉමාය ගාථාය පකාසිතාති වෙදිතබ‍්බා.

දෙවැනි නයෙහි දී වනාහි ශික්‍ෂාත්‍රය තුළ සංග්‍රහ වූ ඵල සහිත වූ ආර්ය මාර්ග ශාසනය ද ඊට අරමුණු වූ අමත ධාතුව ද එයට පැමිණීමේ උපාය ද පූර්වභාග ප්‍රතිපත්ති ශාසනය ද එය පරිදීපනය කිරීම ද පරියත්ති ශාසනය ද සුදුසු පරිදි සත්‍යාභිසමය කිරීම් වශයෙන් අවබෝධ කරමින් ස්වාක්ඛාතාදී ගුණ විශේෂයෙන් යුක්ත වූ ධර්මය මෙනෙහි කරමින් සකස් කොට ඇසීම් දැරීම් විමසීම් ආදියෙන් පුහුණුව ඇති කරමින් සදේව ලෝකයා පූජා කෙරෙයි යනුයි. ලෝකනාථයන් වහන්සේ ද සම්මා සම්බෝධියට පැමිණීමෙන් පසු විනේය ජනයන්ට සකසා දහම් දෙසමින් ‘අරියං වො භික්ඛවෙ සම්මා සමාධිං දෙසිස්සාමි’ මග්ගානට්ඨංගිකො සෙට්ඨො’ ‘යාවතා භික්ඛවෙ ධම්මා සංඛතා වා අසංඛතා වා විරාගො තෙසං අග්ගමක්ඛායති’ ‘ඛයං විරාගං අමතං පණීතං’ ‘එකායනො අයං භික්ඛවෙ දෙසෙස්සාමි ආදි කල්‍යාණං’ ආදී වචනයන්ගෙන් ස්තුති කරීමෙන් ද පදන්නේ නම් වේ. එහෙයින් මෙහි කියනු ලබන උතුම් ශාසනයේ පූජනීය භාවය නිරවශේෂ වශයෙන් ධර්ම ගුණයන් බබුළුවන්නේය. නොයෙක් සූත්‍ර පදයන්ගෙන් වදාරන ලද ආර්යභාව නිය්‍යාන, ඛයවිරාග, මදනිම්මදන, අසංඛත, ස්වාක්ඛාත ආදි කල්‍යාණත්‍ව ආදී යම් ධර්ම ගුණයක් වේ නම් ඒ අනේක වූ ධර්ම ගුණයන් නිරවශේෂ වශයෙන් මේ ගාථාවෙන් ප්‍රකාශ කරන ලදැයි දතයුතුය.

යස‍්මා පන අරියසච‍්චප‍්පටිවෙධෙන සමුග‍්ඝාටිතසම‍්මොහායෙව පරමත්‍ථතො පණ‍්ඩිතා බාල්‍යාදිසමතික‍්කමනතො, තස‍්මා භාවිතලොකුත‍්තරමග‍්ගා සච‍්ඡිකතසාමඤ‍්ඤඵලා ච අරියපුග‍්ගලා විසෙසතො විදූති වුච‍්චන‍්ති. තෙ හි යථාවුත‍්තසාසනවරං අවිපරීතතො ඤාතුං නෙතුඤ‍්ච සපරසන‍්තානෙ සක‍්කුණන‍්තීති අට‍්ඨඅරියපුග‍්ගලසමූහස‍්ස පරමත්‍ථසඞ‍්ඝස‍්සාපි ඉධ ගහිතත‍්තා යෙ සුප‍්පටිපන‍්නතාදයො අනෙකෙහි සුත‍්තපදෙහි සංවණ‍්ණිතා අරියසඞ‍්ඝගුණා, තෙපි නිරවසෙසතො ඉධ පකාසිතාති වෙදිතබ‍්බා.

යම් හෙයකින් ආර්ය සත්‍යාවබෝධයෙන් මුලින් උපුටා දමන ලද මෝහය ඇති, මෝඩකම ඉක්මවීමෙන් පරමාර්ථ වශයෙන් නුවණැති වූ එහෙයින්ම වඩන ලද ලෝකෝත්තර මාර්ගය ඇති, සාක්‍ෂාත් කරන ලද මහණකමෙහි ප්‍රතිඵල ඇති ආර්ය පුද්ගලයෝ විශේෂයෙන්ම විදූ යැයි කියනු ලැබෙත්. යම්හෙයකින් ඔවුහු තත්වූ පරිදි දෙසන ලද සාසනය පරමාර්ථ වශයෙන් දැනගන්නට ද පරසන්තානයන්ට පමුණුවන්නට ද හැකිවෙත්. අෂ්ටාර්ය පුද්ගලයන්ට අයත් පරමාර්ථ සංඝයා ද මෙහි දී ගත් බැවින් යම් සඟ ගුණයන් සුපටිපන්න ආදී නොයෙක් සූත්‍ර පදයන්ගෙන් වර්ණනා කරන ලද ද ඒ ආර්ය සඟ ගුණ නිරවශේෂ වශයෙන් මෙහි ප්‍රකාශ කරන ලදැයි දතයුතුය.

එවං පඨමගාථාය සාතිසයං රතනත‍්තයගුණපරිදීපනං කත්‍වා ඉදානි –

මෙසේ පළමු ගාථාවෙන් අධිකවම රත්නත්‍රයේ ගුණ ප්‍රකාශනය කොට දැන් –

“සබ‍්බපාපස‍්ස අකරණං, කුසලස‍්ස උපසම‍්පදා; සචිත‍්තපරියොදපනං, එතං බුද‍්ධාන සාසන”න‍්ති. (දී· නි· 2.90; ධ· ප· 183; නෙත‍්ති· 30, 50, 116, 124) –

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා, සචිත්තපරියො දපනං - එතං බුද්ධාන සාසනං

‘සියලු පව් නොකිරීම, කුසලයන් රැස්කිරීම, සිය සිත පිරිසිදු කිරීම යන මෙය බුද්ධානුශාසනයයි’

වචනතො සඞ‍්ඛෙපතො සික‍්ඛත‍්තයසඞ‍්ගහං සාසනං, තං පන සික‍්ඛත‍්තයං ඤාණවිසෙසවිසයභාවභෙදතො අවත්‍ථාභෙදතො ච තිවිධං හොති. කථං? සුතමයඤාණගොචරො ච යො “පරියත‍්තිසද‍්ධම‍්මො”ති වුච‍්චති. චින‍්තාමයඤාණගොචරො ච යො ආකාරපරිවිතක‍්කදිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තීහි ගහෙතබ‍්බාකාරො විමුත‍්තායතනවිසෙසො “පටිපත‍්තිසද‍්ධම‍්මො”ති වුච‍්චති. විපස‍්සනාඤාණාදිසහගතො භාවනාමයඤාණගොචරො ච යො “පටිවෙධසද‍්ධම‍්මො”ති වුච‍්චති. එවං තිවිධම‍්පි සාසනං සාසනවරන‍්ති පදෙන සඞ‍්ගණ‍්හිත්‍වා තත්‍ථ යං පඨමං, තං ඉතරෙසං අධිගමූපායොති සබ‍්බසාසනමූලභූතං අත‍්තනො පකරණස‍්ස ච විසයභූතං පරියත‍්තිසාසනමෙව තාව සඞ‍්ඛෙපතො විභජන‍්තො “ද‍්වාදස පදානී”ති ගාථමාහ.

යන වචනයෙන් සංක්‍ෂිප්තව ශික්‍ෂාත්‍රය සංග්‍රහ ශාසනය දක්වයි. එය වනාහි ශික්‍ෂාත්‍රය ඤාණවිශේෂ විෂයභාව භේදයෙන් ද අවස්ථා භේදයෙන් ද ත්‍රිවිධ වෙයි. ඒ කෙසේද? සුතමය ඤාණයට ගෝචර වූ යමක් වේ නම් එය පරියත්ති සද්ධර්මය යැයි කියනු ලැබේ. චින්තාමය ඤාණයට ගෝචර වූ කරුණු පරීක්‍ෂා කිරීම්, තම ලබ්ධිය හා සමානයැයි කැමතිවීම් ආදියෙන් ගතයුතු ආකාර ඇති විමුක්ති ආයතන විශේෂය පටිපත්ති සද්ධර්මය යැයි කියනු ලැබේ. විදර්ශනා ඤාණාදිය සමග වූ භාවනාමය ඤාණයට ගෝචර වූ යමක් වේ නම් එය පටිවේධ සද්ධර්මය යැයි කියනු ලැබේ. මේ ත්‍රිවිධ වූම සාසනය සාසනවරං යන පදයෙන් සංග්‍රහ කොට එහි යමක් ප්‍රථමව වේ ද එය අනෙක් එ්වා අවබෝධ කරගැනීමට උපායකැයි සියලු සාසනයට මුල්වීයැයි සිය ප්‍රකරණයේ විෂයය වූ පර්යාප්ති සාසනයම පළමුව සංක්‍ෂේප වශයෙන් බෙදා දක්වමින් ද්වාදසපදානි යන ගාථාව කීවේය.

තත්‍ථ ද‍්වාදසාති ගණනපරිච‍්ඡෙදො. පදානීති පරිච‍්ඡින‍්නධම‍්මනිදස‍්සනං. තෙසු බ්‍යඤ‍්ජනපදානි පජ‍්ජති අත්‍ථො එතෙහීති පදානි. අත්‍ථපදානි පන පජ‍්ජන‍්ති ඤායන‍්තීති පදානි. උභයම‍්පි වා උභයථා යොජෙතබ‍්බං බ්‍යඤ‍්ජනපදානම‍්පි අවිපරීතං පටිපජ‍්ජිතබ‍්බත‍්තා, අත්‍ථපදානං උත‍්තරිවිසෙසාධිගමස‍්ස කාරණභාවතො, තානි පදානි පරතො පාළියඤ‍්ඤෙව ආවි භවිස‍්සන‍්තීති තත්‍ථෙව වණ‍්ණයිස‍්සාම. අත්‍ථසූචනාදිඅත්‍ථතො සුත‍්තං. වුත‍්තඤ‍්හෙතං සඞ‍්ගහෙසු –

එහි ද්වාදසා යනු ගණන් පිරිසිඳීමයි. (නියම කිරීමයි) පදානි යනු නියම කරන ලද ධර්ම නිදර්ශනයයි. ඒවායින් බ්‍යඤ්ජන පදයේදී මොවුන්ගෙන් අර්ථය ගමන් කෙරේනුයි පද නමි. අර්ථ පදයන් වනාහි ගමන් කරයි. දැනගනීනුයි පද නම් වේ. දෙකම හෝ දෙපරිදිව හෝ යෙදිය යුතුය. බ්‍යඤ්ජන පදයන් ද නොවෙනස්ව පිළිපැදිය යුතු බැවිනි. අර්ථ පදයන් උතුරු විශේෂ අධිගමයන් ලැබීමට හේතුවන බැවිනි. ඒ පදයන් විශේෂයෙන්ම පාලියෙහිම ප්‍රකට වන්නේය. එහිදීම ඒවා වර්ණනා කරන්නෙමු. අර්ථ ප්‍රකාශ කිරීම් අර්ථයෙන් සූත්‍ර නම් වේ. සංග්‍රහයන්හි මෙය කියන ලදි.

“අත්‍ථානං සූචනතො, සුවුත‍්තතො සවනතොථ සූදනතො; සුත‍්තාණා සුත‍්තසභාගතො ච, ‘සුත‍්ත’න‍්ති අක‍්ඛාත”න‍්ති. (පාරා· අට‍්ඨ· 1.පඨමමහාසඞ‍්ගීතිකථා; දී· නි· අට‍්ඨ· 1.පඨමමහාසඞ‍්ගීතිකථා; ධ· ස· අට‍්ඨ· නිදානකථා);

අත්‍ථානං සූචනතො සුවුත්තතො සවනකොථ සුදනතො, සුත්තාණා සුත්ත සභාගතො ච සුත්තං සුත්තන්ති අක්ඛන්ති

අර්ථයන් සූචනය කරන බැවින් ද මනාව ප්‍රකාශ කරන ලද බැවින් ද පසුව කරන බැවින් ද වගුරුවන බැවින් ද ආරක්ෂා කරන බැවින් ද නූලක බඳු ආකාර ඇති බැවින් ද සූත්‍රය සූත්‍ර යැයි කියනු ලැබේ.

තදෙතං තත්‍ථ සුත‍්තපිටකවසෙන ආගතං, ඉධ පන පිටකත‍්තයවසෙන යොජෙතබ‍්බං. “ද‍්වාදස පදානි සුත‍්ත”න‍්ති වුත‍්තං, යං පරියත‍්තිසාසනන‍්ති අත්‍ථො. තං සබ‍්බන‍්ති තං “සුත‍්ත”න‍්ති වුත‍්තං සකලං බුද‍්ධවචනං. බ්‍යඤ‍්ජනඤ‍්ච අත්‍ථො චාති බ්‍යඤ‍්ජනඤ‍්චෙව තදත්‍ථො ච. යතො “ද‍්වාදස පදානි සුත‍්ත”න‍්ති වුත‍්තං. ඉදං වුත‍්තං හොති – අත්‍ථසූචනාදිතො සුත‍්තං පරියත‍්තිධම‍්මො, තඤ‍්ච සබ‍්බං අත්‍ථතො ද‍්වාදස පදානි ඡ බ්‍යඤ‍්ජනපදානි චෙව ඡ අත්‍ථපදානි චාති. අථ වා යදෙතං “සාසනවර”න‍්ති වුත‍්තං, තං සබ‍්බං සුත‍්තං, පරියත‍්තිසාසනස‍්ස අධිප‍්පෙතත‍්තා. අත්‍ථතො පන ද‍්වාදස පදානි, බ්‍යඤ‍්ජනත්‍ථපදසමුදායභාවතො. යථාහ – “බ්‍යඤ‍්ජනඤ‍්ච අත්‍ථො චා”ති. තං විඤ‍්ඤෙය්‍යං උභයන‍්ති යස‍්මිං බ්‍යඤ‍්ජනෙ අත්‍ථෙ ච වචනවචනීයභාවෙන සම‍්බන්‍ධෙ සුත‍්තවොහාරො, තදුභයං සරූපතො විඤ‍්ඤාතබ‍්බං තත්‍ථ කතමං බ්‍යඤ‍්ජනං කතමො අත්‍ථොති? තෙනෙවාහ – “කො අත්‍ථො බ්‍යඤ‍්ජනං කතම”න‍්ති.

එයට එහිදී සූත්‍ර පිටක වශයෙන් ආවේය. මෙහිදී පිටකත්‍රය වශයෙන්ම යෙදිය යුතුය. ද්වාදස පදානි සුත්තං යැයි යමක් කියන ලදද ඒ පර්යාප්ති සාසනය යන අර්ථයයි. තං සබ්බං යනු ඒ සූත්‍රය යැයි කියන ලද සියලු බුද්ධ වචනයයි. බ්‍යඤ්ජනඤ්ච අත්‍ථො ච යනු බ්‍යඤ්ජනය ද එහි අර්ථය ද යන දෙකයි. යම්හෙයකින් ද්වාදස පදානි සුත්තං යැයි කියන ලදද ඒ මේ සඳහායි. මෙය කියන ලද්දේ වෙයි. අර්ථ සූචනාදියෙන් සූත්‍රය ද පර්යාප්ති ධර්මය ද ඒ සියල්ල ද අර්ථ වශයෙන් දොළොස් පදයෙකි. බ්‍යඤ්ජනපද හය ද අර්ථපද හය ද වශයෙනි. එසේ නැතහොත් සාසනවරං යනුවෙන් යමක් කියන ලද ද ඒ සියලු සූත්‍රය පර්යාප්ති සාසනයම අදහස් කරන බැවිනි. අර්ථ වශයෙන් පද දොළසකි. බ්‍යඤ්ජන අර්ථ පද සමූහය බැවින් ‘බ්‍යඤ්ජනඤ්ච අත්‍ථො ච’ යනුවෙන් කියන ලදි. තං විඤ්ඤෙය්‍යං උභයං යනු යම් බ්‍යඤ්ජනයක ද අර්ථයක ද වචනයන් කිවයුතු බැවින් සම්බන්ධාර්ථයේ සූත්‍ර ව්‍යවහාරයකි. ඒ දෙකම ස්වරූප වශයෙන් දතයුතුය. එහි බ්‍යඤ්ජනය කෙතෙක් ද? අර්ථය කෙතෙක් ද? එහෙයින්ම කො අත්‍ථො බ්‍යඤ්ජනං කතමං යැයි කියන ලදි.

එවං “සාසනවර”න‍්ති වුත‍්තස‍්ස සුත‍්තස‍්ස පරියත‍්තිභාවං තස‍්ස ච අත්‍ථබ්‍යඤ‍්ජනපදභාවෙන වෙදිතබ‍්බතං දස‍්සෙත්‍වා ඉදානි තස‍්ස පවිචයුපායං නෙත‍්තිප‍්පකරණං පදත්‍ථවිභාගෙන දස‍්සෙතුං “සොළසහාරා”ති ගාථමාහ.

මෙසේ සාසනවරං යැයි කියන ලද සූත්‍රයේ පර්යාප්ති භාවය ද ඒ පිළිබඳ අර්ථ බ්‍යඤ්ජන භාවයෙන් දතයුතු බව ද දක්වා දැන් එය රැස් කිරීමේ උපාය වූ නෙත්තිප්පකරණය පදාර්ථ විභාගයෙන් දක්වන්නට සොළසහාරා යන ගාථාව කීවේය.

තත්‍ථ සොළස හාරා එතිස‍්සාති සොළසහාරා. පඤ‍්චනයා අට‍්ඨාරසමූලපදාති එත්‍ථාපි එසෙව නයො. අථ වා සොළස හාරා සොළසහාරා. එවං ඉතරත්‍ථාපි. හාරනයමූලපදානි එව හි සඞ‍්ඛෙපතො විත්‍ථාරතො ච භාසිතානි නෙත‍්තීති. සාසනස‍්ස පරියෙට‍්ඨීති සාසනස‍්ස අත්‍ථපරියෙසනා, පරියත‍්තිසාසනස‍්ස අත්‍ථසංවණ‍්ණනාති අත්‍ථො, සකලස‍්සෙව වා සාසනස‍්ස අත්‍ථවිචාරණාති අත්‍ථො. පටිපත‍්තිපටිවෙධෙපි හි නෙත‍්තිනයානුසාරෙන අධිගච‍්ඡන‍්තීති. මහකච‍්චානෙනාති කච‍්චොති පුරාතනො ඉසි, තස‍්ස වංසාලඞ‍්කාරභූතොයං මහාථෙරො “කච‍්චානො”ති වුච‍්චති. මහකච‍්චානොති පන පූජාවචනං, යථා මහාමොග‍්ගල‍්ලානොති, “කච‍්චායනගොත‍්තනිද‍්දිට‍්ඨා”තිපි පාඨො. අයඤ‍්ච ගාථා නෙත‍්තිං සඞ‍්ගායන‍්තෙහි පකරණත්‍ථසඞ‍්ගණ‍්හනවසෙන ඨපිතාති දට‍්ඨබ‍්බා. යථා චායං, එවං හාරවිභඞ‍්ගවාරෙ තංතංහාරනිද‍්දෙසනිගමනෙ “තෙනාහ ආයස‍්මා”තිආදිවචනං, හාරාදිසමුදායභූතායං නෙත‍්තියං බ්‍යඤ‍්ජනත්‍ථසමුදායෙ ච සුත‍්තෙ කිං කෙන විචියතීති විචාරණායං ආහ – “හාරා බ්‍යඤ‍්ජනවිචයො”තිආදි.

එහි සොළොස් හාරයන් මෙහි ඇත්තේනුයි සොළසහාරා නමි. පඤ්චනයා අට්ඨාරස මූලපදා යන මෙහි ද මේ ක්‍රමයමය. එසේ නැතහොත් හාරයන් සොළසක් නිසා සොළසහාර නමි. අනෙකෙහි ද මෙසේමය. නෙත්ති යනුවෙන් හාර නය මූලපදයෙන්ම සංක්‍ෂේපයෙන් ද විස්තරාත්මකව ද ප්‍රකාශ කරන ලදි. සාසනස්ස පරියෙට්ඨි යනු සාසනයාගේ අර්ථ පර්යේෂණයයි. පර්යාප්ති ශාසනයේ අර්ථ සංවර්ණනාව යන අර්ථයයි. නැතහොත් සියලුම ශාසනයාගේ අර්ථ විමසීම යන අර්ථයි. පටිපත්ති, පටිවේධ සාසනයන් ද නෙත්ති නය අනුසාරයෙන් ලබන්නේය. මහා කච්චානෙන යන්නෙහි කච්ච යනු පැරණි සෘෂිවරයෙකි. ඔහුගේ වංසයට අලංකාරයක් වූ යම් මහා තෙරනමක් වේ ද හේ කච්චාන යැයි කියනු ලැබේ. මහා මොග්ගල්ලාන යන්න මෙන් මහා කච්චානො යනු පූජා වචනයකි. කච්චායන ගොත්ත නිද්දිට්ඨා යනුවෙන් ද පාඨයක් ඇත. මේ ගාථාව ද නෙත්තිය සංගායනා කරන්නවුන් විසින් ප්‍රකරණාර්ථ සංග්‍රහ වශයෙන් තබන ලදැයි දතයුතුය. යම්සේ මෙය හාර විභංග වාරයේ දී ඒ ඒ හාර නිද්දේස නිගමනයේ දී තෙනාහ ආයස්මා යනාදී වචනය තුළ දක්නට ලැබේ. හාර ආදීන්ගේ එකතුව වූ නෙත්තිය ව්‍යඤ්ජනාර්ථ සමුදාය වූ සූත්‍රයෙහි කුමකින් පරීක්‍ෂා කෙරේ ද? විමසීමේ දී හාරබ්‍යඤ්ජන විචයො යැයි කියන ලදි.

තත්‍ථ සොළසපි හාරා මූලපදනිද‍්ධාරණමන‍්තරෙන බ්‍යඤ‍්ජනමුඛෙනෙව සුත‍්තස‍්ස සංවණ‍්ණනා හොන‍්ති, න නයා විය මූලපදසඞ‍්ඛාතසභාවධම‍්මනිද‍්ධාරණමුඛෙනාති තෙ “බ්‍යඤ‍්ජනවිචයො සුත‍්තස‍්සා”ති වුත‍්තා. අත්‍ථනයා පන යථාවුත‍්තඅත්‍ථමුඛෙනෙව සුත‍්තස‍්ස අත්‍ථසම‍්පටිපත‍්තියා හොන‍්තීති ආහ – “නයා තයො ච සුත‍්තත්‍ථො”ති. අයඤ‍්ච විචාරණා පරතොපි ආගමිස‍්සති. කෙචි “නයො චා”ති පඨන‍්ති, තං න සුන්‍දරං. උභයං පරිග‍්ගහීතන‍්ති හාරා නයා චාති එතං උභයං සුත‍්තස‍්ස අත්‍ථනිද‍්ධාරණවසෙන පරිසමන‍්තතො ගහිතං සබ‍්බථා සුත‍්තෙ යොජිතං. වුච‍්චති සුත‍්තං වදති සංවණ‍්ණෙති. කථං? යථාසුත‍්තං සුත‍්තානුරූපං, යං සුත‍්තං යථා සංවණ‍්ණෙතබ‍්බං, තථා සංවණ‍්ණෙතීති අත්‍ථො. යං යං සුත‍්තන‍්ති වා යථාසුත‍්තං, සබ‍්බං සුත‍්තන‍්ති අත්‍ථො. නෙත‍්තිනයෙන හි සංවණ‍්ණෙතුං අසක‍්කුණෙය්‍යං නාම සුත‍්තං නත්‍ථීති.

එහි හාර දහසයට මූලපද නිර්ධාරණයෙන් ව්‍යඤ්ජන මුඛයෙන්ම සූත්‍රයේ සංවර්ණනය වෙයි. මූල පද සංඛ්‍යාත ස්වභාව ධර්ම නිර්ධාරණ මුඛයෙන් න්‍යායක් මෙන් නොවේ. ඔවුහු සූත්‍රයේ බ්‍යඤ්ජන විචය යැයි කියන ලදි. අර්ථ නය වනාහි කියන ලද පරිදි අර්ථ මුඛයෙන්ම සූත්‍රයේ අර්ථ පිළිගැනීමෙන් වේයැයි නයා තයො ච සුත්තත්‍ථො යි කියන ලදි. මේ විමර්ශනය අන්‍යයාගෙනුත් පැමිණෙන්නේය. කිසිවෙක් නයො ච යනුවෙන් ද කියවත්. එය සුන්දර නොවේ. උභයං පරිග්ගහීතං යනු හාර ද නය ද යන දෙකයි. සූත්‍රයේ අර්ථ වෙන්කිරීම් වශයෙන් හාත්පසින් ගන්නා ලද, සර්ව ප්‍රකාරයෙන් සූත්‍රයේ යොදන ලද යනුයි. වුච්චති සුත්තං යනු වර්ණනා කරයි යනුයි. කෙසේද? යථා සුත්තං යනු සූත්‍රයට ගැලපෙන යනුයි. යම් සූත්‍රයක් යම්සේ වර්ණනා කළ යුතු ද එසේ වර්ණනා කෙරෙයි යන අර්ථයයි. යම් යම් සූත්‍රයක් කියා හෝ යථාසුත්තං කියා හෝ යනු සියලු සූත්‍රය යන අර්ථයයි. නෙත්ති නයින් වර්ණනා කරන්නට නොහැකි සූත්‍රයක් නම් නැත.

ඉදානි යං වුත‍්තං – “සාසනවරං විදූහි ඤෙය්‍ය”න‍්ති, තත්‍ථ නෙත‍්තිසංවණ‍්ණනාය විසයභූතං පරියත‍්තිධම‍්මමෙව පකාරන‍්තරෙන නියමෙත්‍වා දස‍්සෙතුං “යා චෙවා”තිආදි වුත‍්තං.

‘සාසන වරං විදූහි ඤෙය්‍යං’ යනුවෙන් දැන් යමක් කියන ලද ද නෙත්ති සංවර්ණනාවෙහි විෂය වූ එහි පර්යාප්ති ධර්මයම වෙනත් ආකාරයකින් නියමකොට දක්වන්නට යා චෙව ආදිය කියන ලදි.

තත්‍ථ අත්‍ථෙසු කතපරිච‍්ඡෙදො බ්‍යඤ‍්ජනප‍්පබන්‍ධො දෙසනා, යො පාඨොති වුච‍්චති. තදත්‍ථො දෙසිතං තාය දෙසනාය පබොධිතත‍්තා. තදුභයඤ‍්ච විමුත‍්තායතනසීසෙන පරිචයං කරොන‍්තානං අනුපාදාපරිනිබ‍්බානපරියොසානානං සම‍්පත‍්තීනං හෙතුභාවතො එකන‍්තෙන විඤ‍්ඤෙය්‍යං, තදුභයවිනිමුත‍්තස‍්ස වා ඤෙය්‍යස‍්ස අභාවතො තදෙව ද‍්වයං විඤ‍්ඤෙය්‍යන‍්ති ඉමමත්‍ථං දස‍්සෙති යා චෙව…පෙ… විඤ‍්ඤෙය්‍යන‍්ති. තත්‍රාති තස‍්මිං විජානනෙ සාධෙතබ‍්බෙ, නිප‍්ඵාදෙතබ‍්බෙ චෙතං භුම‍්මං. අයමානුපුබ‍්බීති අයං වක‍්ඛමානා අනුපුබ‍්බි හාරනයානං අනුක‍්කමො, අනුක‍්කමෙන වක‍්ඛමානා හාරනයාති අත්‍ථො. නවවිධසුත‍්තන‍්තපරියෙට‍්ඨීති සුත‍්තාදිවසෙන නවඞ‍්ගස‍්ස සාසනස‍්ස පරියෙසනා, අත්‍ථවිචාරණාති අත්‍ථො. සාමිඅත්‍ථෙ වා එතං පච‍්චත‍්තං නවවිධසුත‍්තන‍්තපරියෙට‍්ඨියා අනුපුබ‍්බීති. අථ වා අනුපුබ‍්බීති කරණත්‍ථෙ පච‍්චත‍්තං. ඉදං වුත‍්තං හොති – යථාවුත‍්තවිජානනෙ සාධෙතබ‍්බෙ වක‍්ඛමානාය හාරනයානුපුබ‍්බියා අයං නවවිධසුත‍්තන‍්තස‍්ස අත්‍ථපරියෙසනාති.

එහි අර්ථයන්හි ඇති කරන ලද පිරිසිඳීම් ඇති බ්‍යඤ්ජන පබැඳුම දේශනාවයි. යමක් පාඨය යැයි කියනු ලැබේ ද ඒ මෙයමය. එම දේශනාවෙන් පුබුදුවන ලද බැවින් ඒ අර්ථය දේශනා කරන ලදි. ඒ දෙකම විමුත්තිය ප්‍රධානකොට පුහුණු කරන්නාගේ අනුපාදා පරිනිර්වාණය කෙළවර කොට ඇති සම්පත්වලට හේතුවන බැවින් ඒකාන්තයෙන් යුතුය. ඒ දෙකින් තොර වූ න්‍යායක් නොමැති බැවින් ඒ දෙකම දතයුතු යැයි මේ අර්ථය දක්වයි. යා චෙව -පෙ- විඤ්ඤෙය්‍යං යනුවෙනි. තත්‍ර යනු එය දැනගැන්මෙහි, සාධනය කළයුත්තෙහි, ඉපිදවිය යුත්තෙහි යනුයි. එය සත්තමි විභක්ති වචනයකි. අයමානුපුබ්බි යනු මේ කියනු ලබන අනුපිළිවෙලයි. හාර නය ආදීන්ගේ අනුක්‍රමයයි. අනුපිළිවෙලින් කියනු ලබන හාර නය යන අර්ථයයි. නවවිධ සුත්තන්තපරියෙට්ඨි යනු සූත්‍ර ආදී වශයෙන් නවංග ශාසනයේ පර්යේෂණය අර්ථ විචාරණය යන අර්ථයයි. නවවිධ සුත්තන්ත පරියෙට්ඨියා අයං ආනුපුබ්බී යන මෙය ඡට්ඨි අර්ථයේ පඨමා විභක්තියයි. නැතහොත් ආනුපුබ්බී යනු කරණාර්ථයේ පඨමා විභක්තියයි. කියන ලද පිළිවෙලින් දැන ගැනීමෙහි, සාධනය කළ යුත්තෙහි කියනු ලබන හාර නය ආදියේ අනුපිළිවෙලින්න මේ නවවැදෑරුම් සූත්‍රාන්තයේ අර්ථ පර්යේෂණය යන මෙය කියන ලද්දේ වෙයි.

එත්‍ථාහ – කථං පනෙත්‍ථ ගෙය්‍යඞ‍්ගාදීනං සුත‍්තභාවො, සුත‍්තභාවෙ ච තෙසං කථං සාසනස‍්ස නවඞ‍්ගභාවො. යඤ‍්ච සඞ‍්ගහෙසු වුච‍්චති “සගාථකං සුත‍්තං ගෙය්‍යං, නිග‍්ගාථකං සුත‍්තං වෙය්‍යාකරණ”න‍්ති, තථා ච සති සුත‍්තඞ‍්ගමෙව න සියා. අථාපි විසුං සුත‍්තඞ‍්ගං සියා, මඞ‍්ගලසුත‍්තාදීනං (ඛු· පා· 5.1 ආදයො; සු· නි· 261 ආදයො) සුත‍්තඞ‍්ගසඞ‍්ගහො න සියා, ගාථාභාවතො ධම‍්මපදාදීනං විය, ගෙය්‍යඞ‍්ගසඞ‍්ගහො වා සියා, සගාථකත‍්තා සගාථාවග‍්ගස‍්ස විය, තථා උභතොවිභඞ‍්ගාදීසු සගාථකප‍්පදෙසානන‍්ති. වුච‍්චතෙ –

මෙහි දී කියන ලදි. මෙහි කෙසේ නම් ගෙය්‍ය ආදීන්ගේ සූත්‍රභාවය වේද? ඔවුන්ගේ සූත්‍ර භාවයෙහි නවංග භාවය කෙසේ වේද? සංග්‍රහයන්හි ‘සගාථකං සුත්තං ගෙය්‍යං නිග්ගාථකං සුත්තං වෙය්‍යාකරණං’ යනුවෙන් යමක් කියනු ලැබේ ද ඒ මෙයයි. එසේ ඇති කල්හි සූත්‍රාංගයම නොවන්නේය. එසේ වුවත් සූත්‍රාංගය වෙනම වන්නේය. මංගල සූත්‍රාදියේ සූත්‍ර සංග්‍රහය නොවන්නේය. ගාථා බැවින් ධම්මපදාදියේ මෙන් ග්‍යෙය සංග්‍රහය හෝ වන්නේය. ගාථා සහිත බැවින් සගාථක වර්ගය මෙනි. එසේම උභතො විභංග ආදියෙහි ගාථා සහිත කොටස්හි ද වේ. කියනු ලැබේ.

සුත‍්තන‍්ති සාමඤ‍්ඤවිධි, විසෙසවිධයො පරෙ; සනිමිත‍්තා නිරුළ‍්හත‍්තා, සහතාඤ‍්ඤෙන නාඤ‍්ඤතො.

සුත්තන්ති සාමඤ්ඤවිධි විසෙසවිධයො පරෙ, සනිමිත්තා නිරූළ්හත්තා සහතාඤ්ඤෙන නාඤ්ඤතො

සූත්‍රය යනු සාමාන්‍ය විධියයි. විශේෂ විධිය අනෙකකි. නිමිත් සහිත බව නිරූළ්හත්‍වය, අනෙකක් සමග පවත්නා බව හා එසේ නොමැති බව ආදී වශයෙනි.

සබ‍්බස‍්සාපි හි බුද‍්ධවචනස‍්ස සුත‍්තන‍්ති අයං සාමඤ‍්ඤවිධි. තථා හි “එත‍්තකං තස‍්ස භගවතො සුත‍්තාගතං සුත‍්තපරියාපන‍්නං (පාචි· 1242), සාවත්‍ථියා සුත‍්තවිභඞ‍්ගෙ, සකවාදෙ පඤ‍්ච සුත‍්තසතානී”තිආදිවචනතො විනයාභිධම‍්මපරියත‍්තිවිසෙසෙපි සුත‍්තවොහාරො දිස‍්සති. තදෙකදෙසෙසු පන ගෙය්‍යාදයො විසෙසවිධයො තෙන තෙන නිමිත‍්තෙන පතිට‍්ඨිතා. තථා හි ගෙය්‍යස‍්ස සගාථකත‍්තං තබ‍්භාවනිමිත‍්තං. ලොකෙපි හි සසිලොකං සගාථකං චුණ‍්ණියගන්‍ථං ගෙය්‍ය”න‍්ති වදන‍්ති. ගාථාවිරහෙ පන සති පුච‍්ඡිත්‍වා විස‍්සජ‍්ජනභාවො වෙය්‍යාකරණස‍්ස. පුච‍්ඡාවිස‍්සජ‍්ජනඤ‍්හි “බ්‍යාකරණ”න‍්ති වුච‍්චති. බ්‍යාකරණමෙව වෙය්‍යාකරණන‍්ති. එවං සන‍්තෙ සගාථකාදීනම‍්පි පඤ‍්හාවිස‍්සජ‍්ජනවසෙන පවත‍්තානං වෙය්‍යාකරණභාවො ආපජ‍්ජතීති? නාපජ‍්ජති, ගෙය්‍යාදිසඤ‍්ඤානං අනොකාසභාවතො “ගාථාවිරහෙ සතී”ති විසෙසිතත‍්තා ච. තථා හි ධම‍්මපදාදීසු කෙවලං ගාථාබන්‍ධෙසු සගාථකත‍්තෙපි සොමනස‍්සඤාණමයිකගාථායුත‍්තෙසු “වුත‍්තඤ‍්හෙත”න‍්තිආදිවචනසම‍්බන්‍ධෙසු අබ‍්භුතධම‍්මපටිසංයුත‍්තෙසු ච සුත‍්තවිසෙසෙසු යථාක‍්කමං ගාථාඋදානඉතිවුත‍්තකඅබ‍්භුතධම‍්මසඤ‍්ඤා පතිට‍්ඨිතා, තථා සතිපි ගාථාබන්‍ධභාවෙ භගවතො අතීතාසු ජාතීසු චරියානුභාවප‍්පකාසකෙසු ජාතකසඤ‍්ඤා. සතිපි පඤ‍්හාවිස‍්සජ‍්ජනභාවෙ සගාථකත‍්තෙ ච කෙසුචි සුත‍්තන‍්තෙසු වෙදස‍්ස ලභාපනතො වෙදල‍්ලසඤ‍්ඤා පතිට‍්ඨිතාති එවං තෙන තෙන සගාථකත‍්තාදිනා නිමිත‍්තෙන තෙසු තෙසු සුත‍්තවිසෙසෙසු ගෙය්‍යඞ‍්ගාදිසඤ‍්ඤා පතිට‍්ඨිතාති විසෙසවිධයො සුත‍්තඞ‍්ගතො පරෙ ගෙය්‍යාදයො.

සියලුම බුද්ධ වචනයට සුත්ත යන මේ යෙදීම සාමාන්‍ය විධියයි. එසේම ‘එත්තකං තස්ස භගවතො සුත්තාගතං සුත්ත පරියාපන්නං’ ‘සාවත්‍ථියා සුත්ත විභංගෙ’ ‘සකවාදෙ පඤ්චසුත්ත සතානි’ ආදී වදන්වලින් විනය අභිධර්ම පර්යාප්ති විශේෂයේ ද සූත්‍ර ව්‍යවහාරය දක්නට ලැබේ. එහි එකදේශයක ගෙය්‍යාදී විශේෂ විධිය ඒ ඒ නිමිත්තෙන් පිහිටුවන ලදි. එසේම ගෙය්‍යයයේ ගාථා සහිත බව ඊට නිමිති වේ. ලෝකයා ද ශ්ලෝක සහිත ගාථා සහිත චූර්ණිකා ඇති දෙය ගෙය්‍ය යැයි කියත්. ගාථා නැති කල්හි විමසා විසඳන ස්වභාවයක් වේ. වෙය්‍යාකරණයේ විමසා විසඳීම බ්‍යාකරණ යැයි කියනු ලැබේ. බ්‍යාකරණයම ව්‍යාකරණ නම් වේ. මෙසේ ඇති කල්හි සගාථකාදීන්ගේ ප්‍රශ්න විසඳීම් වශයෙන් පැවති වෙය්‍යාකරණ භාවයක් පැමිණේ ද? නොපැමිණේ. ගෙය්‍ය ආදී නම්වල අවකාශ රහිත බැවින් ගාථා නැති කල්හි යන විශේෂිතත්ත්වය ම වේ. එසේම තනිකර ගාථා බන්‍ධන වූ ධම්මපද ආදියේ ගාථා සහිත වූ සොම්නස් සහගත ඤාණයෙන් උපන් ගාථාවලින් යුක්ත, වුත්තං හෙතං ආදී වචන සම්බන්ධය ඇති අද්භූත ධර්ම යුත් සූත්‍ර විශේෂයන්හි පිළිවෙලින් ගාථා උදාන ඉති වුත්තක අබ්භූතධම්ම යන නම් පිහිටියේය. ගාථා බන්‍ධනයක් එසේ ඇති කල්හිත් භාග්‍යවතුන් වහන්සේගේ අතීත ආදී ජාතිවල චරියානුභාවය ප්‍රකාශ කරන සූත්‍රවල ජාතික නාමය වේ. ප්‍රශ්න විසඳීම් ස්වභාවයක් හා ගාථා සහිත බවක් ඇති කල්හිත් ඇතැම් සූත්‍රවල ඤාණයේ ලැබීම ඇති බැවින් වේදල්ල සඤ්ඤාව පිහිටියේය. මෙසේ ගාථා සහිත බව ආදී ඒ ඒ නිමිත්තෙන් ඒ ඒ සූත්‍ර විශේෂයන්හි ගෙය්‍ය අංගය ආදී නාමයන් පිහිටියේ යන විශේෂ විධිය සූත්‍රාංගයෙන් අන්‍ය වූ ගෙය්‍යාදියයි.

යං පනෙත්‍ථ ගෙය්‍යඞ‍්ගාදිනිමිත‍්තරහිතං සුත‍්තං, තං සුත‍්තඞ‍්ගං විසෙසසඤ‍්ඤාපරිහාරෙන සාමඤ‍්ඤසඤ‍්ඤාය පවත‍්තනතොති. නනු ච සගාථකං සුත‍්තං ගෙය්‍යං, නිග‍්ගාථකං සුත‍්තං වෙය්‍යාකරණන‍්ති සුත‍්තඞ‍්ගං න සම‍්භවතීති චොදනා තදවත්‍ථා එවාති? න තදවත්‍ථා, සොධිතත‍්තා. සොධිතඤ‍්හි පුබ‍්බෙ ගාථාවිරහෙ සති පුච‍්ඡාවිස‍්සජ‍්ජනභාවො වෙය්‍යාකරණස‍්ස තබ‍්භාවනිමිත‍්තන‍්ති. යඤ‍්ච වුත‍්තං – “ගාථාභාවතො මඞ‍්ගලසුත‍්තාදීනං සුත‍්තඞ‍්ගසඞ‍්ගහො න සියා”ති, තම‍්පි න, නිරුළ‍්හත‍්තා. නිරුළ‍්හො හි මඞ‍්ගලසුත‍්තාදීසු සුත‍්තභාවො, න හි තානි ධම‍්මපදබුද‍්ධවංසාදයො විය ගාථාභාවෙන පඤ‍්ඤාතානි, කින‍්තු සුත‍්තභාවෙනෙව. තෙනෙව හි අට‍්ඨකථායං “සුත‍්තනාමක”න‍්ති නාමග‍්ගහණං කතං.

මෙහි ගෙය්‍ය අංග ආදී නිමිති රහිත යම් සූත්‍රයක් වේ ද, ඒ සූත්‍රාංගය විශේෂ නාම පරිහාරයෙන් සාමාන්‍ය නාමයෙන් පවත්නේය. සගාථක සූත්‍රය ගෙය්‍ය නොවේද? නිග්ගාථක සූත්‍රය වෙය්‍යාකරණ නොවේ ද? සූත්‍රාංගයක් නො ලැබේ යන චෝදනාවක් වේ. එය මුලින් කී දෙය වෙනස් වීමක් ද? එසේ නොවේ. එම චෝදනාව පිරිසිදු කරන ලද බැවිනි. මීට පෙර ‘ගාථා විරහෙ සති පුච්ඡා විස්සජ්ජන භාවො වෙය්‍යාකරණස්ස තබ්භාව නිමිත්තං’ යනුවෙන් (එම චෝදනාව) ශෝධනය කරන ලද්දේමය. ගාථා භාවයෙන් මංගල සූත්‍රාදියේ සූත්‍ර සංග්‍රහයක් නොවන්නේ යැයි යමක් කියන ලද ද එය ද සාමාන්‍ය දෙයක් (පොදු බවක්) නොවේ. සාමාන්‍ය දෙයක් (පොදු බවක්) නොවේ. සාමාන්‍ය දෙය නම් මංගල සූත්‍රාදියේ සූත්‍ර භාවයයි. ඒවා ධම්මපද බුද්ධවංස ආදිය මෙන් ගාථා භාවයෙන් ප්‍රකට වූයේ නැත. හුදෙක් සූත්‍ර භාවයෙන්ම ප්‍රකට විය. එහෙයින්ම අටුවාවේදී ‘සුත්ත නාමකං’ යන නම් ගැන්වීම කරන ලදි.

යං පන වුත‍්තං “සගාථකත‍්තා ගෙය්‍යඞ‍්ගසඞ‍්ගහො වා සියා”ති, තදපි නත්‍ථි, යස‍්මා සහතාඤ‍්ඤෙන. සහ ගාථාහීති හි සගාථකං. සහභාවො ච නාම අත්‍ථතො අඤ‍්ඤෙන හොති, න ච මඞ‍්ගලසුත‍්තාදීසු ගාථාවිනිමුත‍්තො කොචි සුත‍්තප‍්පදෙසො අත්‍ථි. යො සහ ගාථාහීති වුච‍්චෙය්‍ය, න ච සමුදායො නාම කොචි අත්‍ථි. යදපි වුත‍්තං – “උභතොවිභඞ‍්ගාදීසු සගාථකප‍්පදෙසානං ගෙය්‍යඞ‍්ගසඞ‍්ගහො සියා”ති, තදපි න අඤ‍්ඤතො. අඤ‍්ඤා එව හි තා ගාථා, ජාතකාදිපරියාපන‍්නත‍්තා. අතො න තාහි උභතොවිභඞ‍්ගාදීනං ගෙය්‍යඞ‍්ගභාවොති එවං සුත‍්තාදීනං අඞ‍්ගානං අඤ‍්ඤමඤ‍්ඤසඞ‍්කරාභාවො වෙදිතබ‍්බො. යස‍්මා පන සබ‍්බම‍්පි බුද‍්ධවචනං යථාවුත‍්තනයෙන අත්‍ථානං සූචනාදිඅත්‍ථෙන සුත‍්තන‍්ත්‍වෙව වුච‍්චති, තස‍්මා වුත‍්තං – “නවවිධසුත‍්තන‍්තපරියෙට‍්ඨී”ති.

කෙසේ ද? ගාථා සහිත බැවින් ගෙය්‍ය සංග්‍රහය හෝ වන්නේය යන යමක් කියන ලද ද එයයි. එපමණක් නොවේ. යම් හෙයකින් සහතාඤ්ඤෙන යන තැන ගාථාවන් සමග වූ සගාථකත්වය ගැනේ. සහභාවය නම් අර්ථයෙන් අනෙකකින් වේ. යමක් ගාථා සමග යැයි කියන්නේ නම් මංගල සූත්‍රාදියේ ගාථා විනිර්මුක්ත කිසිදු සූත්‍ර ප්‍රදේශයක් නැත. කිසියම් සමුදායයක් නැත. උභතො විභංග ආදියේ ගාථා සහිත ප්‍රදේශයේ (කොටසේ) ගෙය්‍ය සංග්‍රහය වන්නේය යන යමක් කියන ලද ද අනෙක් ක්‍රමයකින් නොවේ. ජාතකාදියේ ඇතුළත් බැවින් ඒ ගාථා අන්‍ය වේමය. එහෙයින් ඒවා කරණ කොටගෙන උභතො විභංග ආදීන්ගේ ගෙය්‍යාංගත්‍වයක් නොමැත්තේය. මෙසේ සූත්‍රාදි අංගයන්ගේ එකිනෙකට ඇති සංකර භාවය දතයුතුය. යම් හෙයකින් සියලුම බුද්ධ වචනය කියන ලද පරිදිම අර්ථයන් ප්‍රකාශ කරන අර්ථයෙන් සුත්ත යැයි කියනු ලැබේ. එහෙයින් ‘නවවිධ සුත්තන්ත පරියෙට්ඨි’ යැයි කියන ලදි.

සඞ‍්ගහවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

සංගහ වාර වර්ණනාව නිමි.