යෙදුමෙන් කියවන්න

සංගහවාරො

සංගහවාරො

සංග්‍රහවාරය

1. යං ලොකො පූජයතෙ - සලොකපාලො සදා නමස‍්සති ච, තස‍්සෙතං සාසනවරං - විදූහි ඤෙය්‍යං නරචරස‍්ස.

1. ඉන්‍ද්‍ර යම වරුණ කුවේර යන ලෝකපාලකයන් හෝ සතරවරම්රජුන් සහිත වූ ලෝවැසියා යම් පුරුෂෝත්තමයක්හු පුදා ද, දවරැය නමස්කාරත් කෙරේද, ඒ අග්‍රපුද්ගල වු නරෝත්තමයාගේ තෙල උතුම්සස්න කර්‍මඵල හා කුශලාකුශලාදිභේද ධර්‍මයන් දන්නා නුවණැති මිනිසුන් විසින් දතයුත්තේ යි.

2. ද‍්වාදස පදානි සුත‍්තං - තං සබ‍්බං බ්‍යඤ‍්ජනඤ‍්ච අත්‍ථො ච, තං විඤ‍්ඤෙය්‍යං උභයං - කො අත්‍ථො බ්‍යඤ‍්ජනං කතමං.

2. ත්‍රිපිටක පර්‍ය්‍යාප්ති සඞ්ඛ්‍යාත සූත්‍රය දොළොස්පද වෙයි, සූත්‍ර යයි කියනලද එ හැම බුද්ධවචනය ව්‍යඤ්ජන ද අර්‍ත්‍ථ ද වෙයි. වාච්‍ය වාචකභාවයෙන් සම්බන්‍ධ වූ ඒ අර්‍ත්‍ථව්‍යඤ්ජන දෙක ‘අර්‍ත්‍ථ කවරෙ යැ, ව්‍යඤ්ජන කිමැ’ යි ස්වරූප හෙයින් දතයුත්තේ යි.

3. සොළස හාරා නෙත‍්ති - පඤ‍්ච නයා සාසනස‍්ස පරියෙට‍්ඨි, අට‍්ඨාරස මූලපදා - මහාකච‍්චානෙන නිද‍්දිට‍්ඨා.

3. දේසනාදි සොළොස් හාරයක් ඇති, නන්‍දියාවත්තාදි නය පසක් ඇති, කුශලාකුශල විසින් ප්‍රභේද වූ අටළොස් මූලපදයක් ඇති, පර්‍ය්‍යාප්තිශාසනයාගේ අර්‍ත්‍ථ පර්‍ය්‍යෙෂණ වූ, අවිපරීත සූත්‍රාර්‍ත්‍ථාවබෝධයට කාරණ වූ නෙත්තිය පූජ්‍ය වූ කාත්‍යායන මහාක්‍ෂීණාස්‍රවයන් වහන්සේ විසින් දේශනා කරනලද්දීය.

4. හාරා බ්‍යඤ‍්ජනවිචයො - සුත‍්තස‍්ස නයා තයො ච සුත‍්තත්‍ථො, උභයං පරිග‍්ගහීතං - වුච‍්චති සුත‍්තං යථාසුත‍්තං.

4. ෂෝඩශහාරයෝ ව්‍යඤ්ජනද්වාරයෙන් සූත්‍රයාගේ අර්‍ත්‍ථසංවර්‍ණනා වෙති. නන්‍දියාවත්ත තිපුක්ඛල සීහවික්කීළිත යන නයත්‍රය අර්‍ත්‍ථද්වාරයෙන් ම සූත්‍රාර්‍ත්‍ථ ප්‍රතිපාදනා කෙරෙයි. තෙල හාර නය දෙක අර්‍ත්‍ථනිශ්චය විසින් පරිගෘහිත වූයේ සුත්‍රානුරූප කොට නොහොත් සියලු සූත්‍රය සංවර්‍ණනා කෙරෙයි.

5. යා චෙව දෙසනා යං ච - දෙසිතං උභයමෙව විඤ‍්ඤෙය්‍යං, තත්‍රායමානුපුබ‍්බී - නවවීධ සුත‍්තන‍්තපරියෙට‍්ඨි’ති.

5. නෙත්තිසංවර්‍ණනාවිෂය වූ ව්‍යඤ්ජනප්‍රබන්‍ධ සංඛ්‍යාත යම් දේශනාවක් ඇද්ද, දේශනාර්‍ත්‍ථ සංඛ්‍යාත යම් දේශිතයකුත් ඇද්ද, තෙල දේශනා දේශිත යන දෙක මැ අනුපාදා පරිනිර්‍වාණය පර්‍ය්‍යන්ත කොට ඇති සම්පත්තීනට කාරණ හෙයින් දතයුත්තේය. ඒ විජානනයෙහි ලා මතු කියන හාරනයානුපූර්‍වය නවාඞ්ගශාසනයාගේ අර්‍ත්‍ථපර්‍ය්‍යෙෂණය වෙයි.

විභාගවාරො

විභාගවාරය