යෙදුමෙන් කියවන්න

7. උපෙක‍්ඛා පාරමිතා

7. උපෙක්ඛා පාරමිතාව

15. මහාලොමහංස චරියං

15. මහාලෝමහංස චරියාව

359. සුසානෙ සෙය්‍යං කප‍්පෙමි ජවට‍්ඨිකං උපනිධාය හං ගොමණ‍්ඩලා උපාගන‍්ත්‍වා රූපං දස‍්සෙන‍්ති නප‍්පකං

359. (ලෝමහංස වැ උපන්) මම මිනීඇටයක් කන්වයින් කොට සොහොනෙකැ ශයනය කෙළෙමි. එකල්හි ගම්දරුවෝ මා වෙත පැමිණ නන්වැදෑරුම් විප්‍රකාර දැක්වූහ.

360. අපරෙ ගන්‍ධඤ‍්ච මාලඤ‍්ච භොජනං විවිධං බහුං උපායනාන්‍යුපනෙන‍්ති හට‍්ඨා සංවිග‍්ගමානසා.

360. ඔවුන් කෙරෙහි ඇතැම් කෙනෙක් සතුටු වූවාහු සංවේගයට පැමිණි සිත් ඇත්තාහු ගඳමල් ද විවිධ වූ බොහෝ වූ භෝජන ද යන පඬුරු එළවත්.

361. යෙ මෙ දුක‍්ඛං උපදහන‍්ති යෙ ච දෙන‍්ති සුඛං මම සබ‍්බෙසං සමකො හොමි දයාකොපො නවිජ‍්ජති.

361. යම් කෙනෙක් මට දුක් උපදවත් ද යම් කෙනෙක් මට සුව උපදවත් ද එ හැම දෙනකුන්ට සම වූයෙම් වෙමි. (උපකාරකයනට) දයාවෙක් හෝ (අපකාරකයනට) කොපයෙක් හෝ නැති.

362. සුඛදුක‍්ඛතුලා භූතො යසෙසු අයසෙසුච සබ‍්බත්‍ථ සමකො හොමි එසා මෙ උපෙක‍්ඛා පාරමීති.

362. සුවදුක් දෙක්හි දු යශස්හි දු අයශස්හි දු මැදහත් වූයෙම් සියලු අටලෝදහම්හි සම වූයෙම් වෙමි. මේ මාගේ උපේක්‍ෂා පාරමිතා යි.

මහාලොමහංස චරියං පණ‍්ණරසමං.

පසළොස්වැනි මහාලෝමහංස චරියා යි.

උපෙක‍්ඛා පාරමිතා නිට‍්ඨිතා.

උපේක්‍ෂා පාරමිතා නිමි.

උද‍්දාන ගාථා:

උද්දානය:

363. යුධඤ‍්ජයො සොමනස‍්සො අයොඝර භිසෙනච සොණනන්‍දො මූගපක‍්ඛො කපිරාජා සච‍්චසව‍්හයො.

363. සුධඤ්ජය කුමාර වීමී. සෝමනස්ස නම් කුමාර වීමි. භිසාපදේශයෙන් දැක්වූ මහකඤ්චන චරියාව සමග අයොඝර රාජකුමාර ද වීමි. සෝණ පණ්ඩිත වීමි. මූගපක්ඛ නම් තේමියකුමාර වීමි. කපිරජ වැ උපන්මි. සච්ච නම් තාපස වීමි.

364. වට‍්ටකො මච‍්ඡරාජාච කණ‍්හදීපායනො ඉසි සුතසොමො පුන ආසිං සාමොච එකරාජහු උපෙක‍්ඛා පාරමී ආසි ඉති වුත‍්තං මහෙසිනා.

364. වට්ටකපෝතක වීමි. මත්ස්‍යරාජ වීමි. කණ්හදීපායන නම් ඍෂි වීමි. නැවැත සුතසෝම රජ වීමි. සාමකුමාර වැ ද ඒකරාජ වැ ද උපන්මි. ලෝමහංස චරියාවෙහි මා ගේ උපේක්‍ෂා පාරමිතාව විය. මෙසේ මහර්ෂී වූ මා විසින් බෝධිචර්‍ය්‍යායෙහි හැසිරෙන ලද.

365. එවං බහුවිධං දුක‍්ඛං සම‍්පත‍්ති ච බහුවිධා භවා භවෙ අනුභවිත්‍වා පත‍්තො සම‍්බොධිමුත‍්තමං.

365. මෙසේ කුදුමහත් භවයෙහි බහුප්‍රකාර වූ දුක් ද බහු ප්‍රකාර වූ සම්පත් ද විඳ උතුම් සම්බෝධියට පැමිණියෙමි.

366. දත්‍වා දාතබ‍්බකං දානං සීලං පූරෙත්‍වා අසෙසතො නෙක‍්ඛම‍්මෙ පාරමිං ගන‍්ත්‍වා පත‍්තො සම‍්බොධිමුත‍්තමං.

366. (දානපාරමිතාදි භේද ඇති) දියයුතු දන් දී නිරවශේෂ කොට (කායිකසංවරාදි භේද ඇති) සිල් පුරා (ත්‍රිවිධ වූ මැ) මහාභිනිෂ්ක්‍රමණයෙහි පරතෙරට පැමිණ උතුම් වූ සම්බෝධියට පැමිණියෙමි.

367. පණ‍්ඩිතෙ පරිපුච‍්ඡිත්‍වා විරියං කත්‍වාන මුත‍්තමං ඛන‍්තියා පාරමිං ගන‍්ත්‍වා පත‍්තො සම‍්බොධි මුත‍්තමං.

367. පණ්ඩිතයන් පිළිවිසැ (ප්‍රඥාපාරමිතාව පුරා) උතුම් වූ ප්‍රධන් වීර්‍ය්‍ය කොට ක්‍ෂාන්තියෙහි පරම කෝටියට පැමිණ උතුම් වූ සම්‍යක්සම්බෝධියට පැමිණියෙමි.

368. කත්‍වා දළ‍්හමධිට‍්ඨානං සච‍්චවාචානුරක‍්ඛිය මෙත‍්තාය පාරමිං ගන‍්ත්‍වා පත‍්තො සම‍්බොධිමුත‍්තමං.

368. කුශලසමාදානාදියට දෘඪ අධිෂ්ඨාන කොට (ජීවිතාන්තරායෙහි පවා) සත්‍යවචනය ආරක්‍ෂා කොට මෛත්‍රියෙහි පරමොත්කර්‍ෂයට පැමිණ උතුම් වූ සම්බෝධියට පැමිණියෙමි.

369. ලාභාලාභෙ යස යසෙ සම‍්මානනාවමානනෙ සබ‍්බත්‍ථ සමකො හුත්‍වා පත‍්තො සම‍්බාධි මුත‍්තමං.

369. ලාභාලාභයෙහි දු යශස් අයශස්හි දු සම්මානන අවමානනයෙහි දු සියලු තැන්හි සමසිත් ඇති වැ උතුම් වූ සම්බෝධියට පැමිණියෙමි.

370. කොසජ‍්ජං භයතො දිස‍්වා විරියාරම‍්භඤ‍්ච ඛෙමතො ආරද‍්ධවිරියා හොථ එසා බුද‍්ධානුසාසනී

370. කුසීත බව භය විසින් දැක වීර්‍ය්‍යාරම්භය නිර්‍භය විසින් ද දැක (අධිශීලශික්‍ෂාදි) සම්භෝගයෙහි ආරබ්ධවීර්‍ය්‍ය ඇති වවු. මේ බුදුවරුන්ගේ අනුශාසනා යි.

371. විවාදං භයතො දිස‍්වා අවිවාදඤ‍්ච ඛෙමතො සමග‍්ගා සඛිලා හොථ එසා බුද‍්ධානුසාසනී

371. විවාදය භය විසින් ද අවිවාදය නිර්‍භය විසින් ද දැක (කායචිත්ත දෙකින්) සමඟ වූවාහු (ඔවුනොවුන් කෙරෙහි මෘදු වූ සිත් ඇත්තාහු වවු) මේ බුදුවරුන්ගේ අනුශාසනායි.

372. (සමෘතිවිප්‍රවාස සඞ්ඛ්‍යාත) ප්‍රමාදය භය විසින් ද අප්‍රමාදය නිර්‍භය විසින් ද දැක අෂ්ටාඞ්ගික වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩවු. මේ බුදුවරුන්ගේ අනුශාසනා යි.

යුධඤ‍්ජයවග‍්ගො තතියො.

තුන් වැනි යුධඤ්ජයවර්‍ග යි.

ඉත්‍ථං සුදං භගවා අත‍්තනො පුබ‍්බචරියං සම‍්භාවයමානො බුද‍්ධාපදානියං නාම ධම‍්මපරියායං අභාසිත්‍ථාති.

මෙසේ බුදුහු තමන් වහන්සේ ගේ පූර්‍වජාතීන්හි ප්‍රතිපත්ති දුෂ්කරක්‍රියාව අතැඹුලක් සෙයින් ප්‍රකාශ කරන සේක් බුද්ධාපදානිය නම් වූ ධර්‍මදේශනාව වදාළසේක.

චරියාපිටකපාළි සමත‍්තා

චරියාපිටකපෙළ නිමි.