6. මෙත්තා පාරමිතා
6. මෛත්‍රී පාරමිතාව
13. සුවණ්ණසාම චරියං
13. සුවණ්ණසාම චරියාව
351. සාමො යදා වනෙ ආසිං සක්කෙන අභිනිම්මිතො පවනෙ සීහබ්යග්ඝෙහිච මෙත්තාය මුපනාමයිං.
351. යම් කලෙක මම් මහවෙනෙහි ශක්‍රයා විසින් (උපදෙස් දීමෙන්) උපදවන ලද සාම කුමාර වූයෙම් ද එකල්හි මහවෙනෙහි සිංහ ව්යාඝ්රයනුදු මෙත් වැඩීමෙන් පැතිර වීමි. (සිහ වගහු පවා මෙත්සිත් ලැබූහ’යි සේයි.)
352. සීහබ්යග්ඝෙහි දීපීහි අච්ඡෙහි මහිසෙහි ච පසදමිගවරාහෙහි පරිවාරෙත්වා වනෙ වසිං.
352. සිහවගුන් විසිනුදු දිවියන් විසිනුදු වලසුන් විසිනුදු මිහිවුන් විසිනුදු පසදමුවන් හූරන් විසිනුදු පිරිවරා වෙනෙහි විසීමි.
353. න මං කොචි උත්තසති, නපිහං භායාමි කස්සචි, මෙත්තාබලෙනුපතත්ථ’ද්ධො රමාමි පවනෙ තදාති.
353. කිසි සත්ත්වයෙක් මා නො තැතිගන්වයි. (මම්) කිසිවක්හට බිය නො වෙමි. එකල්හි මෙත් බලයෙන් වහල්ලදුයෙම් මහවෙනෙහි සිත්අලවා වාසය කෙළෙමි.
සුවණ්ණ සාම චරියං තෙරසමං.
තෙළෙස්වැනි සුවණ්ණසාම චරියා යි.
14. එකරාජ චරියං
14. ඒකරාජ චරියාව
354. පුනාපරං යදා හොමි එකරාජාති විස්සුතො පරමං සීලං අධිට්ඨාය පසාසාමි මහාමහිං.
354. නැවත අන් චරියාවක් කියමි. යම් කලෙක මම් ඒකරාජ යයි ප්‍රසිද්ධ වූයෙම් ද එකල්හි උතුම් වූ දශකුශල කර්මපථශීලය සමාදාන වශයෙන් ඉටාගෙන මහපොළොව අනුශාසනා කෙළෙමි.
355. දසකුසලකම්මපථෙ වත්තාමි අනවසෙසතො චතූහි සඞ්ගහවත්ථූහි සඞ්ගණ්හාමි මහාජනං.
355. දශකුශලකර්මපථයෙහි නිරවශේෂ කොට සමාදන් වැ පවතිමි. සිව්සඟරාවතින් මහාජනයා සඞ්ග්‍රහ කරමි.
356. එවං මෙ අප්පමත්තස්ස ඉධලොකෙ පරත්ථ ච දබ්බසෙනො උපාගන්ත්වා අච්ඡින්දන්තො පුරං මමං.
356. මෙසේ මෙලොව ද පරලොව ද මා අප්‍රමාද වැ වසන කල්හි දබ්බසේන නම් කොසොල් රජ (සිවුරඟසෙන් රැගෙන මාගේ රාජ්‍යයට) පැමිණ මා ගේ බරණැස් නුවර අසිඳගන්නේ–
357. රාජූපජීවෙ නිගමෙ සබලට්ඨෙ සරට්ඨකෙ සබ්බං හත්ථගතං කත්වා කාසුයං නිඛණී මමං.
357. බලසෙනඟ සහිත වූ රටවැසියා සහිත වූ ඇමති ආදි රාජූපජීවීන් ද නියම්ගම් වැසියන් ද යන සියල්ල අත්පත් කොට ගෙන මාවළෙක වළලැවී.
358. අමච්චමණ්ඩලං රජ්ජං ඵීතං අන්තෙපුරං මම අච්ඡින්දිත්වාන ගහිතං පියං පුත්තංව පස්සහං මෙත්තාය මෙ සමො නත්ථි එසා මෙ මෙත්තාපාරමීති.
358. මා ගේ ඇමැතිමඬුලු ද සමෘද්ධ වූ රාජ්‍යය ද ඇතොවුරු ද අසිඳ ගන්නාලදුවහු මම් ප්රියපුත්රයකු සෙයින් දිටිමි. මෙත් වැඩීමෙන් මා හා සම වූයෙක් නැති. මේ මාගේ මෛත්‍රී පාරමිතාව යි.
එකරාජචරියං චුද්දසමං.
තුදුස්වැනි ඒකරාජ චරියා යි.
මෙත්තා පාරමිතා නිට්ඨිතා.
මෛත්‍රී පාරමිතා නිමි.