14. එකරාජචරියාවණ්ණනා අට්ඨකථා
14. එකරාජචරියාවණ්ණනා
14. ඒකරාජ චරියා වර්ණනාව
354. “පුනාපරං යදා හොමි එකරාජාති විස්සුතො පරමං සීලං අධිට්ඨාය පසාසාමි මහා මහිං
355. දසකුසල කම්මපථෙ වත්තා මි අනවස්සෙතො චතූහි සඞ්ගහවත්ථුහි සඞ්ගණහාමි මහාජනං
356. “එවං මෙ අප්පමත්තස්ස ඉධ ලොකෙ පරත්ථච දබ්බසෙනො උපාගනත්වා අච්ඡින්දන්තො පුරං මමාති. (චරියා පිටක)
“නැවත අනික් (චරිතයක් කියන්නෙමි) යම්කලෙක්හි (මම) ඒකරාජ යයි ප්‍රසිද්ධ වීම්ද (එකල්හි) උතුම් වූ ශීලය ඉටාගෙන මහා පෘථිවිය අනුශාසනා කෙළෙමි.
දශකුශල කර්මපථයෙහි නිරවශේෂ වශයෙන් සමාදන්ව පැවතීමි. සතර සංග්‍රහ වස්තුවෙන් මහා ජනයා සංග්‍රහ කෙළෙමි.
මෙසේ මෙලොව හා පරලොව පිළිබඳ අර්ථයෙහි මා අප්‍රමාදව වසන කල්හි දබ්බසේන පැමිණ මාගේ නගරය බලාත්කාරයෙන් ගන්නේ”
චුද්දසමෙ එකරාජාති විස්සුතොති එකරාජාති ඉමිනා අන්වත්ථනාමෙන ජම්බුදීපතලෙ පාකටො.
තුදුස්වන (ඒකරාජ චරිතයෙහි) “එකරාජාති විස්සුතො” යනු “ඒකරාජ” යන අන්වර්ථ නාමයෙන් දඹදිව් තලයෙහි ප්‍රකට වූ.
මහාසත්තො හි තදා බාරාණසිරඤ්ඤො පුත්තො හුත්වා නිබ්බත්ති. වයප්පත්තො සබ්බසිප්පනිප්ඵත්තිං පත්තො හුත්වා පිතු අච්චයෙන රජ්ජං කාරෙන්තො කුසලසීලාචාරසද්ධාසුතාදිඅනඤ්ඤසාධාරණගුණවිසෙසයොගෙන පාරමිපරිභාවනෙන ච ජම්බුදීපතලෙ අදුතියත්තා පධානභාවෙන ච “එකරාජා”ති පකාසනාමො අහොසි. පරමං සීලං අධිට්ඨායාති සුපරිසුද්ධකායිකවාචසිකසංවරසඞ්ඛාතඤ්චෙව සුපරිසුද්ධමනොසමාචාරසඞ්ඛාතඤ්ච පරමං උත්තමං දසකුසලකම්මපථසීලං සමාදානවසෙන ච අවීතික්කමනවසෙන ච අධිට්ඨහිත්වා අනුට්ඨහිත්වා. පසාසාමි මහාමහින්ති තියොජනසතිකෙ කාසිරට්ඨෙ මහතිං මහිං අනුසාසාමි රජ්ජං කාරෙමි.
මහාසත්ත්වයෝ වනාහි බරණැස් රජුගේ පුතා වී උපන්හ. වැඩිවියට පත්වූවාහු සියලු ශිල්පයන්හි පරතෙරට පත්වූවෙක් වී පියාණන්ගේ ඇවෑමෙන් රාජ්‍යය කරවන්නාහු කුශල ශීලාචාර ශ්‍රද්ධා ශ්රැතාදී අනන්‍ය සාධාරණ විශේෂ ගුණයන්හි යෙදීම් වශයෙන් ද පාරමී සම්පූර්ණ කිරීම් වශයෙන් ද දඹදිව් තලයෙහි උන්වහන්සේට දෙවැන්නෙක් නොමැති හෙයින්ද ප්‍රධාන වීම් වශයෙන් ද “එකරාජ” යයි ප්‍රසිද්ධ වූහ. “පරම සීලං අධිට්ඨාය” යනු සුපිරිසිදු කායික වාචසික සඞ්ඛ්‍යාත වූද සුපිරිසිදු මනෝ සමාචාර සඞ්ඛ්‍යාත වූද ඉතා උතුම් දශකුශල කර්මපථ ශීලය සමාදන් වීම් වශයෙන්ද ඒවා නොඉක්මවීම් වශයෙන්ද අධිෂ්ඨාන කොට, නොනැගිට, “පසාසාමි මහාමහිං” යනු යොදුන් තුන්සියයක් පමණ වූ කසීරට මහපොළොව අනුශාසනා කරමි, රාජ්‍යය කරවමි.
දසකුසලකම්මපථෙති පාණාතිපාතාවෙරමණි යාව සම්මාදිට්ඨීති එතස්මිං දසවිධෙ කුසලකම්මපථෙ, එතෙ වා අනවසෙසතො සමාදාය වත්තාමි. චතූහි සඞ්ගහවත්ථූහීති දානං පියවචනං අත්ථචරියා සමානත්තතාති ඉමෙහි චතූහි සඞ්ගහවත්ථූහි සඞ්ගණ්හනකාරණෙහි යදා එකරාජාති විස්සුතො හොමි, තදා යථාරහං මහාජනං සඞ්ගණ්හාමීති සම්බන්ධො.
“දසකුසලකම්ම පථෙ” යනු ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිට සම්මා දිට්ඨිය දක්වා යන මේ දශවිධ කුශලකර්ම පථයෙහි නැතහොත් මේවා නිරවශේෂ වශයෙන් සමාදන්ව පවතිමි. “චතූහි සඞ්ගහ වත්ථුහි” යනු දානය, ප්‍රිය වචනය, අර්‍ත්‍ථචර්‍ය්‍යාව, සමානාත්මතාව යන මේ සතර සංග්‍රහ වස්තූන්ගෙන්, සංග්‍රහ කරන කාරණයන්ගෙන් යම් කලෙක්හි “ඒකරාජ” යයි ප්‍රසිද්ධ වීම් ද, එකල්හි සුදුසු පරිදි මහජනයාට සංග්‍රහ කරමි”යි සම්බන්ධය වේ.
එවන්ති දසකුසලකම්මපථසීලපරිපූරණං චතූහි සඞ්ගහවත්ථූහි මහාජනසඞ්ගණ්හනන්ති යථාවුත්තෙන ඉමිනා ආකාරෙන අප්පමත්තස්ස. ඉධලොකෙ පරත්ථ චාති ඉමස්මිං ලොකෙ යං අප්පමජ්ජනං, තත්ථ දිට්ඨධම්මිකෙ අත්ථෙ, පරලොකෙ යං අප්පමජ්ජනං තත්ථ සම්පරායිකෙ අත්ථෙ අප්පමත්තස්ස මෙ සතොති අත්ථො. දබ්බසෙනොති එවංනාමකො කොසලරාජා. උපගන්ත්වාති චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා අබ්භුය්යානවසෙන මම රජ්ජං උපගන්ත්වා. අච්ඡින්දන්තො පුරං මමාති මම බාරාණසිනගරං බලක්කාරෙන ගණ්හන්තො.
“එවං” යනු දශකුශල කර්මපථ ශීලය සම්පූර්ණ කිරීම, සතර සංග්‍රහ වස්තූන්ගෙන් මහජනයාට සංග්‍රහ කිරීම යන කී අයුරින් මේ ආකාරයෙන් නොපමා වූවහුගේ “ඉධලොකෙ පරත්ථ ච” යනු මේ ලෝකයෙන් යම් අප්රමාදී වීමක් ඇත්තේද ඒ දිට්ඨිධම්මික අර්ථයෙහිද පරලොව යම් අප්රමාදී වීමක් ඇත්තේද එම සම්පරායික අර්ථයෙහි ද මාගේ අප්රමාදී වීමක් ඇති කල්හි යන අර්ථයයි. “දබ්බසෙනො” යනු මෙනමින් යුත් කොසොල් රජ “උපගනත්වා” යනු චතුරඞ්ගනී සේනාව සන්නද්ධ කොටගෙන විරුද්ධව ඉදිරියට යෑම් වශයෙන් මගේ රාජ්‍යය සමීපයට පැමිණ “අච්ඡින්දන්තො පුරං මම” යනු මගේ බරණැස් නුවර බලහත්කාරයෙන් අල්ලා ගත්තේ.
තත්රායං අනුපුබ්බිකථා – මහාසත්තො හි තදා නගරස්ස චතූසු ද්වාරෙසු චතස්සො මජ්ඣෙ එකං නිවෙසනද්වාරෙ එකන්ති ඡ දානසාලායො කාරෙත්වා කපණද්ධිකාදීනං දානං දෙති, සීලං රක්ඛති, උපොසථකම්මං කරොති, ඛන්තිමෙත්තානුද්දයසම්පන්නො අඞ්කෙ නිසින්නං පුත්තං පරිතොසයමානො විය සබ්බසත්තෙ පරිතොසයමානො ධම්මෙන රජ්ජං කාරෙති. තස්සෙකො අමච්චො අන්තෙපුරං පදුස්සිත්වා අපරභාගෙ පාකටොව ජාතො. අමච්චා රඤ්ඤො ආරොචෙසුං. රාජා පරිග්ගණ්හන්තො තං අත්තනා පච්චක්ඛතො ඤත්වා තං අමච්චං පක්කොසාපෙත්වා “අන්ධබාල, අයුත්තං තෙ කතං, න ත්වං මම විජිතෙ වසිතුං අරහසි, අත්තනො ධනඤ්ච පුත්තදාරඤ්ච ගහෙත්වා අඤ්ඤත්ථ යාහී”ති රට්ඨා පබ්බාජෙසි.
මේ එහි අනුපිළිවෙල කථාවයි:- මහාසත්ත්වයෝ වනාහි එකල්හි නගරයෙහි දොරටු සතරෙහි සතරක් ද, නගරය මැද එකක් ද, වාසල් දොරටුවෙහි එකක් ද වශයෙන් දානශාලා හයක් කරවා දුගීමගී ආදීන් සඳහා දන්දෙති. සිල් රකිති. පෙහෙවස් සමාදන් වෙති. ක්ෂාන්ති, මෛත්‍රී, දයා යන ගුණයන්ගෙන් යුක්ත වූවාහු ඇකයෙහි හුන් පුතා සතුටු කරන්නාක් මෙන් සියලු සත්ත්වයන් සතුටු කරමින් දැහැමෙන් රාජ්‍යය කරවති. එතුමන්ගේ එක් ඇමතියෙක් අන්තඃපුරය දූෂණය කොට මෑත කාලයෙහි ප්‍රසිද්ධ විය. ඇමතියෝ රජුට දැන්වූහ. රජතුමා විමසා බලන්නේ එය තමන් විසින්ද ප්රත්යක්ෂයෙන් දැන ඒ ඇමතියා කැඳවා “අන්ධබාලය, තොප විසින් අයුත්තක් කරන ලද්දේය. නුඹ මගේ රාජ්‍යයෙහි විසීමට නුසුදුසුය තමාගේ ධනයත් අඹුදරුවනුත් රැගෙන වෙනත් තැනකට යව’යි රටින් නෙරපීය.
සො කොසලජනපදං ගන්ත්වා දබ්බසෙනං නාම කොසලරාජානං උපට්ඨහන්තො අනුක්කමෙන තස්ස විස්සාසිකො හුත්වා එකදිවසං තං රාජානං ආහ – “දෙව, බාරාණසිරජ්ජං නිම්මක්ඛිකමධුපටලසදිසං, අතිමුදුකො රාජා, සුඛෙනෙව තං රජ්ජං ගණ්හිතුං සක්කොසී”ති. දබ්බසෙනො බාරාණසිරඤ්ඤො මහානුභාවතාය තස්ස වචනං අසද්දහන්තො මනුස්සෙ පෙසෙත්වා කාසිරට්ඨෙ ගාමඝාතාදීනි කාරෙත්වා තෙසං චොරානං බොධිසත්තෙන ධනං දත්වා විස්සජ්ජිතභාවං සුත්වා “අතිවිය ධම්මිකො රාජා”ති ඤත්වා “බාරාණසිරජ්ජං ගණ්හිස්සාමී”ති බලවාහනං ආදාය නිය්යාසි . අථ බාරාණසිරඤ්ඤො මහායොධා “කොසලරාජා ආගච්ඡතී”ති සුත්වා “අම්හාකං රජ්ජසීමං අනොක්කමන්තමෙව නං පොථෙත්වා ගණ්හාමා”ති අත්තනො රඤ්ඤො වදිංසු.
හෙතෙම කොසොල් ජනපදයට ගොස් දබ්බසේන නම් කොසොල් රජුට උවටැන් කරන්නේ ක්‍රමයෙන් ඔහුගේ විශ්වාසවන්තයෙක් වී එක් දිනක් ඒ රජුට දේවයන් වහන්ස, බරණැස් රාජ්‍යය මැස්සන් නැති මී වදයක් වැන්න. රජ ඉතාමත් මෘදුය. පහසුවෙන්ම ඒ රාජ්‍යය ගැනීමට හැකිය. යනුවෙන් කීය. දබ්බසේන රජ බරණැස් රජුගේ මහානුභාවය කරණකොට ගෙන ඔහුගේ වචනය නො අදහන්නේ මිනිසුන් යවා කසීරට ගම්පහැරවීම් ආදිය කරවා ඒ සොරුන්ට බෝධිසත්ත්වයන් විසින් ධනය දී මුදාහළ බව අසා ඉතාමත් ධාර්මික රජෙක් බව දැන බරණැස රාජ්‍යය ගන්නෙමි’යි බලවාහන ගෙන පිටත්ව ගියේය. ඉක්බිති බරණැස් රජුගේ මහා යෝධයෝ කොසොල් රජු එන්නේය’යි අසා “අපගේ රාජ්‍ය සීමාව නොඉක්මවද්දීම ඔහු තළා අල්ලා ගන්නෙමු’යි තම රජුට කීහ.
බොධිසත්තො “තාතා, මං නිස්සාය අඤ්ඤෙසං කිලමනකිච්චං නත්ථි, රජ්ජත්ථිකා රජ්ජං ගණ්හන්තු, මා ගමිත්ථා”ති නිවාරෙසි. කොසලරාජා ජනපදමජ්ඣං පාවිසි. මහායොධා පුනපි රඤ්ඤො තථෙව වදිංසු. රාජා පුරිමනයෙනෙව නිවාරෙසි. දබ්බසෙනො බහිනගරෙ ඨත්වා “රජ්ජං වා දෙතු යුද්ධං වා”ති එකරාජස්ස සාසනං පෙසෙසි. එකරාජා “නත්ථි මයා යුද්ධං, රජ්ජං ගණ්හාතූ”ති පටිසාසනං පෙසෙසි. පුනපි මහායොධා “දෙව, න මයං කොසලරඤ්ඤො නගරං පවිසිතුං දෙම, බහිනගරෙයෙව නං පොථෙත්වා ගණ්හාමා”ති ආහංසු. රාජා පුරිමනයෙනෙව නිවාරෙත්වා නගරද්වාරානි අවාපුරාපෙත්වා මහාතලෙ පල්ලඞ්කමජ්ඣෙ නිසීදි. දබ්බසෙනො මහන්තෙන බලවාහනෙන නගරං පවිසිත්වා එකම්පි පටිසත්තුං අපස්සන්තො සබ්බරජ්ජං හත්ථගතං කත්වා රාජනිවෙසනං ගන්ත්වා මහාතලං ආරුය්හ නිරපරාධං බොධිසත්තං ගණ්හාපෙත්වා ආවාටෙ නිඛණාපෙසි. තෙන වුත්තං –
බෝධිසත්ත්වයෝ “දරුවනි! මා නිසා අනෙකෙකුට වෙහෙස කිරීමක් නැත. රාජ්‍යයෙන් ප්‍රයෝජන ඇත්තෝ රාජ්‍යය ගනිත්වා, නො යව් යයි වැළැක්වූහ. කොසොල් රජ ජනපදය මැදට පැමිණියේය. මහා යෝධයෝ නැවතද රජුට එසේම කීහ. රජ පෙර පරිදිම වැළැක්වීය. දබ්බසේනයෝ පිට නුවර සිට “රාජ්‍යය හෝ දෙව, යුද්ධය හෝ කරව’යි ඒකරජුහට හසුනක් යැවීය. ඒකරජ ‘මා හා යුද්ධයක් නැත. රාජ්‍යය ගනීවා”යි පිළිතුරු හසුනක් යැවීය. නැවතද මහා යෝධයෝ “දේවයන් වහන්ස, අපි කොසොල් රජුට රාජ්‍යයට පිවිසීමට නොදෙමු. පිට නගරයේදීම ඔහුට තළා අල්ලා ගන්නෙමු’යි කීහ. රජ පෙර පරිදිම වළක්වා නගර දොරටු විවෘත කරවා මතු මහල් තලයෙහි පළඟ මැද හුන්නේය. දබ්බසේන මහත් සේනා වාහනයෙන් නගරයට පිවිස එකම සතුරෙකුවත් නොදකින්නේ සියලු රාජ්‍යය අත්පත් කරගෙන රජවාසලට ගොස් මතුමහල් තලයට නැග නිරපරාධ චූ බෝධිසත්ත්වයන් අල්ලවාගෙන වළෙක වැළලවීය. එහෙයින් වදාළහ.
“දබ්බසෙනො උපගන්ත්වා, අච්ඡින්දන්තො පුරං මම.
“දබ්බසෙනො උපාගනත්වා අච්ඡින්දන්තො පුරං මම”
“රාජූපජීවෙ නිගමෙ, සබලට්ඨෙ සරට්ඨකෙ; සබ්බං හත්ථගතං කත්වා, කාසුයා නිඛණී මම”න්ති.
357. “රාජුපජීවෙ නිගමෙ සබලට්ඨෙ සරට්ඨකෙ සබ්බ හත්ථගතං කත්වා කාසුයා නිඛණීමමන්ති” (චරියා පිටක)
“දබ්බසේන පැමිණ මාගේ නගරය බලහත්කාරයෙන් ගන්නේ රජු නිසා ජීවත් වන්නවුන් ද නියම් ගම්වැසියන් ද බලසේනා සහිත වූ රටවැසියන් සහිත වූ මාගේ සියලු රාජ්‍යය ද අත්පත්කොට ගෙන මා ආවාටයෙක්හි වැළලුයේය.
තත්ථ රාජූපජීවෙති අමච්චපාරිසජ්ජබ්රාහ්මණගහපතිආදිකෙ රාජානං උපනිස්සාය ජීවන්තෙ. නිගමෙති නෙගමෙ. සබලට්ඨෙති සෙනාපරියාපන්නතාය බලෙ තිට්ඨන්තීති බලට්ඨා, හත්ථාරොහාදයො, බලට්ඨෙහි සහාති සබලට්ඨෙ. සරට්ඨකෙති සජනපදෙ, රාජූපජීවෙ නිගමෙ ච අඤ්ඤඤ්ච සබ්බං හත්ථගතං කත්වා. කාසුයා නිඛණී මමන්ති සබලවාහනං සකලං මම රජ්ජං ගහෙත්වා මම්පි ගලප්පමාණෙ ආවාටෙ නිඛණාපෙසි. ජාතකෙපි –
එහි “රාජුපජීවෙ” යනු ඇමති, පිරිවර ජනයා බ්‍රාහ්මණ, ගෘහපති ආදී වූ රජු නිසා ජීවත්වන්නවුන්, “නිගමෙ” යනු නියම්ගම් වැසියන්, “සබලට්ඨෙ” යනු සේනාවට අන්තර්ගත හෙයින් බලයෙහි සිටිත්නුයි “බලට්ඨා” වෙති. හස්තාරෝහාදීහුයි. බලස්ථයන් සහිත යන අර්ථයෙන් “සබලට්ඨෙ” වේ. “සරට්ඨකෙ” යනු ජනපද සහිත වූ, රජු නිසා ජීවත් වන්නන් ද, නියම්ගම් ද, අන් සියල්ල ද අත්පත්කොට ගෙන “කාසුයා නිඛණීමමං” යනු බලවාහන සහිත සියලු රාජ්‍යය ගෙන මා ද ගෙල දක්වා උසැති වළක වැළලවීය. ජාතක දේශනාවෙහිද:-
“අනුත්තරෙ කාමගුණෙ සමිද්ධෙ, භුත්වාන පුබ්බෙ වසි එකරාජා; සො දානි දුග්ගෙ නරකම්හි ඛිත්තො, නප්පජ්ජහෙ වණ්ණබලං පුරාණ”න්ති. (ජා· 1.4.9) –
“ඒක රාජය, පෙර තෙපි නිරුත්තර වූ සමෘද්ධ වූ පස්කම් ගුණයන් විඳිමින් විසූවෙහු. දැන් ඒ තෙපි නරාවල බහාලන ලද්දාහු නමුත් පැරණි ගුණවත්කම හා බලය නොහරනෙහු” යි (ජාතක පාලි)
ආවාටෙ ඛිත්තභාවො ආගතො. ජාතකට්ඨකථායං (ජා· අට්ඨ· 3.4.9) පන “සික්කාය පක්ඛිපාපෙත්වා උත්තරුම්මාරෙ හෙට්ඨාසීසකං ඔලම්බෙසී”ති වුත්තං.
වළක දැමූ බව ආයේය. ජාතක අටුවාවෙහි වනාහි පසුම්බියක දමා උතුරු එලිපතෙහි යටිකුරුකොට එල්වූයේ යයි කියන ලදී.
මහාසත්තො චොරරාජානං ආරබ්භ මෙත්තං භාවෙත්වා කසිණපරිකම්මං කත්වා ඣානාභිඤ්ඤායො නිබ්බත්තෙත්වා කාසුතො උග්ගන්ත්වා ආකාසෙ පල්ලඞ්කෙන නිසීදි. තෙන වුත්තං –
මහාසත්ත්වයෝ සොර රජු අරබයා මෙත් වඩා කිසුණු පිරියම් කොට ධ්‍යාන අභිඥා උපදවා වළින් ගොඩ නැගී අහසෙහි පළඟින් හුන්හ. එහෙයින්,
“අමච්චමණ්ඩලං රජ්ජං, ඵීතං අන්තෙපුරං මම; අච්ඡින්දිත්වාන ගහිතං, පියපුත්තංව පස්සහ”න්ති.
358. “අමච්චමණ්ඩලං රජ්ජංඵිතං අන්තෙපුරං මම අච්ඡින්දිත්වාන ගහිතං පියපුත්තංව පස්සහන්ති” (චරියා පිටක)
(මෙත්තා ය මෙ සමො නත්ථි එසා මෙ මෙත්ත පාරමීති)
“අමාත්‍ය මණ්ඩලය සහිත වූ සමෘද්ධ වූ මාගේ රාජ්‍යයද අන්තඃපුරය ද පැහැර ගන්නා ලද (දබ්බසේන) මගේ ප්‍රිය පුත්‍රයකු මෙන් දිටිමි’
(මගේ මෛත්‍රියට සමාන වූවෙක් නැත, මේ මගේ මෛත්‍රී පාරමිතාවය’යි) වදාරණ ලදී
තත්ථ අමච්චමණ්ඩලන්ති තස්මිං තස්මිං රාජකිච්චෙ රඤ්ඤා අමා සහ වත්තන්තීති අමච්චා, සද්ධිං වා තෙසං මණ්ඩලං සමූහං. ඵීතන්ති බලවාහනෙන නගරජනපදාදීහි සමිද්ධං රජ්ජං. ඉත්ථාගාරදාසිදාසපරිජනෙහි චෙව වත්ථාභරණාදිඋපභොගූපකරණෙහි ච සමිද්ධං මම අන්තෙපුරඤ්ච අච්ඡින්දිත්වා ගහිතකං ගණ්හන්තං අමිත්තරාජානං යාය අත්තනො පියපුත්තංව පස්සිං අහං, තාය එවංභූතාය මෙත්තාය මෙ සමො සකලලොකෙ නත්ථි, තස්මා එවංභූතා එසා මෙ මෙත්තාපාරමී පරමත්ථපාරමිභාවං පත්තාති අධිප්පායො.
එහි “අමච්චමණ්ඩලං” යනු ඒ ඒ රාජ කාර්‍ය්‍යයෙහි රජුගේ සමීපයෙහි සමග පවතින්නුයි “අමච්චා” වේ. නැතහොත් ඔවුන්ගේ මණ්ඩලය, සමූහය සහිත, “ඵිතං” යනු බලවාහනයෙන්ද නගර ජනපද ආදියෙන් සමෘද්ධ වූ රාජ්‍යයද, ඉත්ථාගාර, දාසී, දාස පිරිවර ජනයාගෙන් මෙන්ම, වස්ත්රාභරණ ආදී උපභෝග උපකරණයන්ගෙන්ද සමෘද්ධ වූ මාගේ අන්තඃපුරයද සිඳාපියා ගන්නා ලද, අල්ලා ගන්නා ලද සතුරු රජු තමන්ගේ ප්‍රිය පුතෙකු මෙන් මම දිටිමි. මෙබඳු වූ ඒ මෛත්‍රියෙන් මට සමාන වූවෙක් සියලු ලෝකයෙහි නැත. ඒ නිසා මෙබඳු වූ මාගේ ඒ මෛත්‍රී පාරමිතාව පරමාර්ථ පාරමිභාවයට පත්වීය’ යන අදහසයි.
එවං පන මහාසත්තෙ තං චොරරාජානං ආරබ්භ මෙත්තං ඵරිත්වා ආකාසෙ පල්ලඞ්කෙන නිසින්නෙ තස්ස සරීරෙ දාහො උප්පජ්ජි. සො “ඩය්හාමි ඩය්හාමී”ති භූමියං අපරාපරං පරිවත්තති. “කිමෙත”න්ති වුත්තෙ, මහාරාජ, තුම්හෙ නිරපරාධං ධම්මිකරාජානං ආවාටෙ නිඛණාපයිත්ථාති. “තෙන හි වෙගෙන ගන්ත්වා තං උද්ධරථා”ති ආහ. පුරිසා ගන්ත්වා තං රාජානං ආකාසෙ පල්ලඞ්කෙන නිසින්නං දිස්වා ආගන්ත්වා දබ්බසෙනස්ස ආරොචෙසුං. සො වෙගෙන ගන්ත්වා වන්දිත්වා ඛමාපෙත්වා “තුම්හාකං රජ්ජං තුම්හෙව කාරෙථ, අහං වො චොරෙ පටිබාහෙස්සාමී”ති වත්වා තස්ස දුට්ඨාමච්චස්ස රාජාණං කාරෙත්වා පක්කාමි. බොධිසත්තොපි රජ්ජං අමච්චානං නිය්යාතෙත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා මහාජනං සීලාදිගුණෙසු පතිට්ඨාපෙත්වා ආයුපරියොසානෙ බ්රහ්මලොකපරායනො අහොසි.
මෙසේ මහාසත්ත්වයන් ඒ සොර රජු අරබයා මෛත්‍රිය පතුරවා අහසෙහි පළක් බැඳ හුන් කල්හි ඒ දබ්බසේනයන්ගේ ශරීරයෙහි දාහයක් උපන්නේය. හෙතෙම “දැවෙමි, දැවෙමි’යි බිම එහෙ මෙහෙ පෙරළෙයි. “මේ කිමෙක්දැයි ඇසූ කල්හි “මහරජ, තෙපි නිරාපරාධව ධාර්මික රජු වළලැවූහය’යි කීකල්හි “එසේනම් වහා ගොස් ඔහු ගොඩගනිව් යයි කීය. පුරුෂයෝ ගොස් ඒ රජතුමා අහසෙහි පළක් බැඳ හිඳිනු දැක පැමිණ දබ්බසේන රජුට දැන්වූහ. ඔහු වහා ගොස් වැඳ කමා කරවා “නුඹවහන්සේගේ රාජ්‍යය නුඹවහන්සේම කරනු මැනව. මම නුඹවහන්සේගේ සතුරන් වළක්වන්නෙමි’යි කියා ඒ දුෂ්ට ඇමතියාහට රාජාඥා කොට පිටත්ව ගියේය. බෝධිසත්ත්වයෝ ද රාජ්‍යය ඇමතියන්ට පවරා දී තවුස් (ඍෂි) පැවිද්දෙන් පැවිදිව මහජනයා ශිලාදී ගුණයන්හි පිහිටුවා ආයු කෙළවර බ්‍රහ්මලෝක පරායණ වූහ.
තදා දබ්බසෙනො ආනන්දත්ථෙරො අහොසි, එකරාජා ලොකනාථො.
එකල්හි දබ්බසේන ආනන්ද ස්ථවිරයෝ වූහ. ඒකරාජ නම් ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.
තස්ස දිවසෙ දිවසෙ ඡසු දානසාලාසු ඡසතසහස්සවිස්සජ්ජනෙන පච්චත්ථිකරඤ්ඤො සකලරජ්ජපරිච්චාගෙන ච දානපාරමී, නිච්චසීලඋපොසථකම්මවසෙන පබ්බජිතස්ස අනවසෙසසීලසංවරවසෙන ච සීලපාරමී, පබ්බජ්ජාවසෙන ඣානාධිගමවසෙන ච නෙක්ඛම්මපාරමී, සත්තානං හිතාහිතවිචාරණවසෙන දානසීලාදිසංවිදහනවසෙන ච පඤ්ඤාපාරමී, දානාදිපුඤ්ඤසම්භාරස්ස අබ්භුස්සහනවසෙන කාමවිතක්කාදිවිනොදනවසෙන ච වීරියපාරමී, දුට්ඨාමච්චස්ස දබ්බසෙනරඤ්ඤො ච අපරාධසහනවසෙන ඛන්තිපාරමී, යථාපටිඤ්ඤං දානාදිනා අවිසංවාදනවසෙන ච සච්චපාරමී, දානාදීනං අචලසමාදානාධිට්ඨානවසෙන අධිට්ඨානපාරමී, පච්චත්ථිකෙපි එකන්තෙන හිතූපසංහාරවසෙන මෙත්තාඣානනිබ්බත්තනෙන ච මෙත්තාපාරමී, දුට්ඨාමච්චෙන දබ්බසෙනෙන ච කතාපරාධෙ හිතෙසීහි අත්තනො අමච්චාදීහි නිබ්බත්තිතෙ උපකාරෙ ච අජ්ඣුපෙක්ඛණෙන රජ්ජසුඛප්පත්තකාලෙ පච්චත්ථිකරඤ්ඤා නරකෙ ඛිත්තකාලෙ සමානචිත්තතාය ච උපෙක්ඛාපාරමී වෙදිතබ්බා. වුත්තඤ්හෙතං –
දිනපතා දානශාලා සයෙහි හය ලක්ෂයක් වියදම් කිරීමෙන් හා සතුරු රජුට සියලු රාජ්‍යය පරිත්‍යාග කිරීමෙන් ද උන්වහන්සේගේ දාන පාරමිතාවද, නිත්‍යශීල උපෝසථ කර්ම වශයෙන්ද පැවිදි වූවහුගේ නිරවශේෂ ශීල සංවර වශයෙන් ශිල පාරමිතාව ද පැවිදි වීම් වශයෙන් හා ධ්‍යානාධිගම වශයෙන් ද දානාදීය සංවිධාන කිරීම් වශයෙන්ද ප්‍රඥා පාරමිතාවද, දානාදී පුණ්‍ය සම්භාරය මනාකොට උත්සන්න වශයෙන් හා කාම විර්‍තක ආදිය දුරු කිරීම් වශයෙන් වීර්‍ය්‍ය පාරමිතාව ද, දුෂ්ඨ ඇමතියාගේ සහ දබ්බසේන රජුගේ අපරාධයන් ඉවසීම් වශයෙන් ක්ෂාන්ති පාරමිතාව ද, ප්‍රතිඥා පරිදි දානාදිය නොවළහා දීම් වශයෙන් සත්‍ය පාරමිතාව ද, දානාදින්ගේ අචල සමාදාන අධිෂ්ඨාන වශයෙන් අධිෂ්ඨාන පාරමිතාව ද, සතුරන් කෙරෙහිද ඒකාන්තයෙන් හිත එළවීම් වශයෙන් හා මෛත්‍රී ධ්‍යාන ඉපදවීම් වශයෙන් මෛත්‍රී පාරමිතාව ද දුෂ්ඨ ඇමතියා විසින් හා දබ්බසේනයන් විසින් කරන ලද අපරාධයෙහි ද හිතේසී වූ තමාගේ ඇමති ආදීන් විසින් ඇති කරන ලද උපකාරයෙහිද මැදහත් වීමෙන් හා රාජ්‍ය සැපයට පැමිණි කාලයේ මෙන්ම සතුරු රජු විසින් නරකයෙහි දැමූ කල්හිද සමාන සිත් ඇති බැවින් උපේක්ෂා පාරමිතාව ද දතයුත්තාහ. මෙය කියන ලදී:-
“පනුජ්ජ දුක්ඛෙන සුඛං ජනින්ද, සුඛෙන වා දුක්ඛමසය්හසාහි; උභයත්ථ සන්තො අභිනිබ්බුතත්තා, සුඛෙ ච දුක්ඛෙ ච භවන්ති තුල්යා”ති. (ජා· 1.4.12);
“ඉවසන්නට නොහැකි දුක් ඉවසන රජතුමනි. දුකෙන් සුවය දුරුකොට, සුවයෙන් දුක දුරු කොට (වෙසෙන) සත්පුරුෂයෝ දෙතැන්හි නිවීගිය සන්තාන ඇතිව සුව දුක් දෙකෙහි එකසමාන වෙත්යි (ජාතක පාලිය)
යස්මා පනෙත්ථ මෙත්තාපාරමී අතිසයවතී, තස්මා තදත්ථදීපනත්ථං සා එව පාළි ආරුළ්හා. තථා ඉධ මහාසත්තස්ස සබ්බසත්තෙසු ඔරසපුත්තෙ විය සමානුකම්පතාදයො ගුණවිසෙසා නිද්ධාරෙතබ්බාති.
මෙහි යම්හෙයකින් මෛත්‍රී පාරමිතාව බලවත් වේද එහෙයින් එය දක්වනු පිණිස එයම පාලියට නගන ලදී. එසේම මෙහි මහාසත්ත්වයන්ගේ සියලු සත්ත්වයන් කෙරෙහි ඖරස පුත්‍රයන් මෙන් සමාන අනුකම්පා ආදී ගුණ විශේෂයෝ නිර්ධාරණය කළ යුත්තාහ.
එකරාජචරියාවණ්ණනා නිට්ඨිතා.
තුදුස් වන ඒක රාජ චරිතයයි.
මෙත්තාපාරමී නිට්ඨිතා.
(මෛත්‍රී පාරමිතාව නිමවන ලදී)