7. උපෙක්ඛාපාරමිතා අට්ඨකථා
7. උපෙක්ඛා පාරමිතාව
15. මහාලොමහංසචරියාවණ්ණනා
15. මහාලෝමහංස චරියා වර්ණනාව
පන්නරසමෙ “සුසානෙ සෙය්යං කප්පෙමී”ති එත්ථායං අනුපුබ්බිකථා –
පසළොස්වෙනි (මහාලෝමහංස චරිතයෙහි) “සුසානෙ සෙය්යං කප්පෙමි” (මම අමුසොහොනෙහි සයනය කෙළෙමි) යන මෙහි මේ අනුපිළිවෙළ කථාවයි:-
මහාසත්තො හි තදා මහති උළාරභොගෙ කුලෙ නිබ්බත්තිත්වා වුද්ධිමන්වාය දිසාපාමොක්ඛස්ස ආචරියස්ස සන්තිකෙ ගරුවාසං වසන්තො සබ්බසිප්පානං නිප්ඵත්තිං පත්වා කුලඝරං ආගන්ත්වා මාතාපිතූනං අච්චයෙන ඤාතකෙහි “කුටුම්බං සණ්ඨපෙහී”ති යාචියමානොපි අනිච්චතාමනසිකාරමුඛෙන සබ්බභවෙසු අභිවඩ්ඪමානසංවෙගො කායෙ ච අසුභසඤ්ඤං පටිලභිත්වා ඝරාවාසපලිබොධාධිභූතං කිලෙසගහනං අනොගාහෙත්වාව චිරකාලසම්පරිචිතං නෙක්ඛම්මජ්ඣාසයං උපබ්රූහයමානො මහන්තං භොගක්ඛන්ධං පහාය පබ්බජිතුකාමො හුත්වා පුන චින්තෙසි – “සචාහං පබ්බජිස්සාමි, ගුණසම්භාවනාපාකටො භවිස්සාමී”ති.
එකල්හි මහාසත්ත්වයෝ වනාහි මහත් වූ උදාර භෝග ඇති කුලයක ඉපිද වැඩිවිය පැමිණ දිසාපාමොක් ඇදුරුතුමන් සමීපයෙහි ගරුවාසයෙහි වසන්නාහු සියලු ශිල්පයන්හි පරතෙරට පැමිණ කුලගෙට අවුත් මවුපියන්ගේ ඇවෑමෙන් නෑයන් විසින් ඇවෑමෙන් නෑයන් විසින් “කුටුම්බ (පවුලක්) සංස්ථාපනය කරනු මැනවැ’යි ඉල්ලනු ලබන්නේද අනිත්‍ය බව මෙනෙහි කිරීම් වශයෙන් සියලු භවයන්හි වැඩෙන සංවේග ඇත්තාහු කයෙහි ද අශුභ සංඥාව ලැබ ගෘහවාසයෙහි වූ පළිබෝධයන්ගෙන් මඩින ලද කෙලෙස් ගහණයට නොවැදම බොහෝ කාලයක් පුරුදු කරන ලද ගිහිගෙයින් නික්මීමේ අදහස වඩන්නාහු මහත් වූ භෝග සමූහය හැරපියා පැවිදිවනු කැමති වී නැවත සිතූහ. “ඉදින් මම පැවිදිවන්නෙම් නම් ගුණසම්භාවනාවෙන් සත්කාර කරන ලද්දෙක් වන්නෙමි’ යනුවෙනි.
සො ලාභසක්කාරං ජිගුච්ඡන්තො පබ්බජ්ජං අනුපගන්ත්වා “පහොමි චාහං ලාභාලාභාදීසු නිබ්බිකාරො හොතු”න්ති අත්තානං තක්කෙන්තො “විසෙසතො පරපරිභවසහනාදිපටිපදං පූරෙන්තො උපෙක්ඛාපාරමිං මත්ථකං පාපෙස්සාමී”ති නිවත්ථවත්ථෙනෙව ගෙහතො නික්ඛමිත්වා පරමසල්ලෙඛවුත්තිකොපි අබලබලො අමන්දමන්දො විය පරෙසං අචිත්තකරූපෙන හීළිතපරිභූතො හුත්වා ගාමනිගමරාජධානීසු එකරත්තිවාසෙනෙව විචරති. යත්ථ පන මහන්තං පරිභවං පටිලභති, තත්ථ චිරම්පි වසති. සො නිවත්ථවත්ථෙ ජිණ්ණෙ පිලොතිකඛණ්ඩෙන තස්මිම්පි ජිණ්ණෙ කෙනචි දින්නං අග්ගණ්හන්තො හිරිකොපීනපටිච්ඡාදනමත්තෙනෙව චරති. එවං ගච්ඡන්තෙ කාලෙ එකං නිගමගාමං අගමාසි.
හෙතෙම ලාභසත්කාර පිළිකුල් කරන්නේ පැවිද්දට නො එළඹ “මම ලාභ අලාභ ආදියෙහි වෙනසකට පත් නොවීමට හැකි වෙමි”යි තමන් ගැන සලකමින් විශේෂයෙන් අනුන්ගේ පරිභවයන් ඉවසීමේ ප්‍රතිපදාව පුරන්නේ උපේක්ෂා පාරමිතාව මුදුන් පමුණුවමි’යි හැඳිවතින්ම ගෙයින් නික්ම උසස් ලෙස කෙලෙස් කපා දමන පැවැතුම් ඇත්තේ නමුදු විශේෂයෙන්ම මඳ බොලද ඇත්තාවූද විශේෂයෙන්ම මදලැසි ඇත්තාවූද කෙනෙකු මෙන් සිත් නැත්තා වූ රූපයක් මෙන් අනුන් විසින් පීඩාකරන ලද්දේ. නින්දා කරන ලද්දේ වී ගම් නියම්ගම් රාජධානීන්හි එක් රැයක් විසීම් පමණින් හැසිරෙයි. යම් තැනක මහත් වූ නින්දා ලැබේද එහි බොහෝ කලක් වාසය කරයි. හෙතෙම හැඳිවස්ත්රය දිරූකල රෙදි කඩකින්ද, එයද දිරූකල කිසිවකු විසින් දෙන ලද්දක් නොගන්නේ විළිවසන පමණකින්ම හැසිරෙයි. මෙසේ කල්යනකල්හි එක් නියම් ගමකට ගියේය.
තත්ථ ගාමදාරකා ධුත්තජාතිකා වෙධවෙරා කෙචි රාජවල්ලභානං පුත්තනත්තුදාසාදයො ච උද්ධතා උන්නළා චපලා මුඛරා විකිණ්ණවාචා කාලෙන කාලං කීළාබහුලා විචරන්ති. දුග්ගතෙ මහල්ලකෙ පුරිසෙ ච ඉත්ථියො ච ගච්ඡන්තෙ දිස්වා භස්මපුටෙන පිට්ඨියං ආකිරන්ති, කෙතකීපණ්ණං කච්ඡන්තරෙ ඔලම්බෙන්ති, තෙන විප්පකාරෙන පරිවත්තෙත්වා ඔලොකෙන්තෙ යථාවජ්ජකීළිතං දස්සෙත්වා උපහසන්ති. මහාපුරිසො තස්මිං නිගමෙ තෙ එවං විචරන්තෙ ධුත්තදාරකෙ දිස්වා “ලද්ධො වත දානි මෙ උපෙක්ඛාපාරමියා පරිපූරණූපායො”ති චින්තෙත්වා තත්ථ විහාසි. තං තෙ ධුත්තදාරකා පස්සිත්වා විප්පකාරං කාතුං ආරභන්ති.
එහි වැන්දඹු ස්ත්රීන්ගේ පුත්‍ර වූ ධූර්ත ස්වභාව ඇත්තා වූ ගම් දරුවෝ ද රාජ වල්ලභයන්ගේ සමහර දරු මුණුබුරු දාසාදීහුද උඩඟු වූවාහු. උස්වූ හිස් මානනල ඇත්තාහු චපල වූවාහු රළු වචන ඇත්තාහු විසුරුණු වචන ඇත්තාහු කලින් කල ක්‍රීඩා බහුලව හැසිරෙති. දුප්පත් මහළු පුරුෂයන්ද ස්ත්‍රීන්ද යනු දැක අලු මිටින් ගෙන විටෙහි විසුරුවති. වැටකේ පන් කිසිල්ල අතරෙහි එල්වති. එම විප්රකාරයෙන් ආපසු හැරී බලන කල්හි වරදට අනුරූපව කවටකම් දක්වා සිනාසෙති. මහාපුරුෂයෝ ඒ නියම් ගමෙහි එසේ හැසිරෙන ඒ ධූර්ත දරුවන් දැක “නිසැකයෙන් මා විසින් දැන් උපේක්ෂා පාරමිතාව පිරීමට උපායයෙක් ලබන ලද්දේයයි සිතා එහි විසූහ. [missing trans]
මහාසත්තො තං අසහන්තො විය ච තෙහි භායන්තො විය ච උට්ඨහිත්වා ගච්ඡති. තෙ තං අනුබන්‍ධන‍්ති. සො තෙහි අනුබන්ධියමානො “එත්ථ නත්ථි කොචි පටිවත්තා”ති සුසානං ගන්ත්වා අට්ඨිකං සීසූපධානං කත්වා සයති. ධුත්තදාරකාපි තත්ථ ගන්ත්වා ඔට්ඨුභනාදිකං නානප්පකාරං විප්පකාරං කත්වා පක්කමන්ති. එවං තෙ දිවසෙ දිවසෙ කරොන්ති එව. යෙ පන විඤ්ඤූ පුරිසා, තෙ එවං කරොන්තෙ පස්සන්ති. තෙ තෙ පටිබාහිත්වා “අයං මහානුභාවො තපස්සී මහායොගී”ති ච ඤත්වා උළාරං සක්කාරසම්මානං කරොන්ති. මහාසත්තො පන සබ්බත්ථ එකසදිසොව හොති මජ්ඣත්තභූතො. තෙන වුත්තං “සුසානෙ සෙය්යං කප්පෙමී”තිආදි.
[missing trans] ඒ ධූර්ත දරුවෝ එතුමන් ලුහුබඳිති. එතුමෝ ඔවුන් විසින් ලුහුබඳිනු ලබන්නාහු “මෙහි නවතින්නා වූ කිසිවෙක් නැතැයි සොහොනට ගොස් මිනී ඇටයක් කොට්ටය කොට නිදති. ඒ ධූර්ත දරුවෝද එහි ගොස් කෙළ ගැසීමාදී නොයෙක් ආකාරයේ විප්‍රකාර කොට පිටත්ව යති. මෙසේ ඔවුහු දවසක් දවසක් පාසා කරත්මය. යම්කිසි නුවණැති පුරුෂයෝ ඔවුන් එසේ කරනු දකිත්ද ඔවුහු ඔවුන් වළක්වා “මෙතෙම මහානුභාව ඇති තාපස කෙනෙකි. මහායෝගී කෙනෙකි”යි දැන උදාර සත්කාර සම්මාන කරති. මහාසත්ත්වයෝ වනාහි සියලු දෙයෙහි මධ්‍යස්ථ වූවාහු එකසේම වෙති. එහෙයින් “සුසානෙ සෙය්යංකප්පෙමි” යනාදිය වදාරණ ලදී.
359. “සුසානෙ සෙය්යං කප්පෙමි ඡවට්ඨිං උපධායහං ගොමණ්ඩ ලා උපාගනත්වා රූපං දස්සෙන්ති නප්පකං”
360. “අපරෙ ගන්ධඤ්ච මාලඤ්ච භොජනං විවිධං බහුං උපායනාන්යුපනෙන්ති හට්ඨා සංවිග්ග මානසා”
361. “යෙ මෙ දුක්ඛං න උපදහන්ති යෙ චදෙන්ති සුඛං මම සබ්බෙසං සමකො හොමි දයා කොපො නවිජ්ජති”.
362. “සුඛදුක්ඛ තුලා භූතො යසෙසු අයසෙසුච සබ්බත්ථ සමකො හොමි එසො මෙ උපෙක්ඛා පාරමීති” (චරියා පිටක)
“මිනී ඇටයක් කොට්ටය කොට සොහොනෙහි සයනය කෙළෙම් ද ගම් දරුවෝ මා කරා එළඹ නානාප්‍රකාර විකාර දක්වත්.
ඇතැමෙක් සතුටු වූවාහු (ගම්දරුවන් කෙරෙහි) සංවේගයට හෝ සිත් ඇත්තාහු නානප්‍රකාර වූ බොහෝ වූ සුවඳ ද්‍රව්‍යද මල්ද කෑම් බීම්ද සතුටු පඬුරුද එළවත්.
යම් කෙනෙක් මට දුක් එළවත්ද යම් කෙනෙක් මට සැප දෙත්ද, ඒ සියල්ලන්ට සමසිත් ඇත්තෙක් වීමි. දයාව ද කෝපය ද නොවීය.
සැපදුක් දෙක්හි ද කීර්තියෙහි ද නින්දායෙහි ද තරාදියක් මෙන් වීමි. සියලු ද තැන්හි සමානයෙක් වීමි. මේ මාගේ උපේක්ෂා පාරමිතාවයි.
තත්ථ සුසානෙ සෙය්යං කප්පෙමි, ඡවට්ඨිකං උපනිධායාති ආමකසුසානෙ ඡඩ්ඩිතකළෙවරතො සොණසිඞ්ගාලාදීහි තහිං තහිං වික්ඛිත්තෙසු අට්ඨිකෙසු එකං අට්ඨිකං සීසූපධානං කත්වා සුචිම්හි ච අසුචිම්හි ච සමානචිත්තතාය තස්මිං සුසානෙ සෙය්යං කප්පෙමි, සයාමීති අත්ථො. ගාමණ්ඩලාති ගාමදාරකා. රූපං දස්සෙන්තිනප්පකන්ති යථාවජ්ජකීළිතාය ඔට්ඨුභනඋපහසනඋම්මිහනාදීහි කණ්ණසොතෙ සලාකප්පවෙසනාදීහි ච අතිකක්ඛළං අනප්පකං නානප්පකාරං රූපං විකාරං කරොන්ති.
එහි “සුසානෙ සෙය්යං කප්පෙමි ජවට්ඨිං උපධාය” යනු අමුසොහොනෙහි මිනී ඇට සහිත ශරීරයන්ගෙන් සුනඛ සිවල් ආදීන් විසින් ඒ ඒ තැන විසුරුවා හරින ලද ඇට කැබලි අතරින් එක් මිනී ඇටයක් හිසට කොට්ටයක් කොට පිරිසිදු දෙයෙහිත් අපිරිසිදු දෙයෙහිත් සමසිත් ඇති බැවින් එම සොහොනෙහි සයනය කරමි, නිදමි යන අර්ථයයි. “ගොමණ්ඩලා” යනු ගම් දරුවෝ. “රූපං දස්සෙන්ති නප්පකං” යනු වැරදි ක්‍රීඩාවන්හි යෙදුනු බැවින් කෙළ ගැසීම, විහිලු කිරිම, මුත්‍රා කිරීම් ආදියෙන් ද කන් සිදුරෙහි ඉරටු දැමීම් ආදියෙන් ද ඉතාමත් කර්කශ වූ අප්‍රමාණ වූ නොයෙක් ආකාර වූ විප්‍රකාර කරති.
අපරෙති තෙසු එව ගාමදාරකෙසු එකච්චෙ. උපායනානූපනෙන්තීති “අයං ඉමෙසු පරිභවවසෙන එවරූපං විප්පකාරං කරොන්තෙසු න කිඤ්චි විකාරං දස්සෙති, සම්මානනෙ නු ඛො කීදිසො”ති පරිග්ගණ්හන්තා විවිධං බහුං ගන්ධමාලං භොජනං අඤ්ඤානි ච උපායනානි පණ්ණාකාරානි උපනෙන්ති උපහරන්ති. අපරෙහි වා තෙහි අනාචාරගාමදාරකෙහි අඤ්ඤෙ විඤ්ඤූ මනුස්සා “අයං ඉමෙසං එවං විවිධම්පි විප්පකාරං කරොන්තානං න කුප්පති, අඤ්ඤදත්ථු ඛන්තිමෙත්තානුද්දයංයෙව තෙසු උපට්ඨපෙති, අහො අච්ඡරියපුරිසො”ති හට්ඨා “බහු වතිමෙහි එතස්මිං විප්පටිපජ්ජන්තෙහි අපුඤ්ඤං පසුත”න්ති සංවිග්ගමානසාව හුත්වා බහුං ගන්ධමාලං විවිධං භොජනං අඤ්ඤානි ච උපායනානි උපනෙන්ති උපහරන්ති.
“අපරෙ” යනු එම ගම් දරුවන් අතුරෙන් සමහරෙක් “උපායනානි උපනෙන්ති” යනු මෙතෙම මොවුන් පරිභව වශයෙන් මෙබඳු විප්‍රකාර කරන කල්හි කිසිම වෙනසක් නො දක්වයි. සම්මාන කිරීමේදී මොහුගේ ස්වභාවය කෙබඳුදැයි පරීක්ෂා කරන්නාහු විවිධ වූ බොහෝ සුවඳ මල්මාලා ද බොජුන් ද වෙනත් තෑගි හා තුටු පඬුරුද එළවති. නැතහොත් ඒ අනාචාර ගම් දරුවන්ගෙන් අන්‍ය වූ නුවණැති මිනිස්සු “මෙතෙම මෙසේ විවිධ වූ විප්‍රකාර කරන මොවුන්ට නො කිපෙයි. එකාන්තයෙන් ක්ෂාන්ති මෛත්‍රී කරුණාවම ඔවුන් කෙරෙහි එළවයි. අහෝ! අසිරිමත් පුරුෂයෙකි’යි සතුටුව මෙතුමන් කෙරෙහි වැරදි ලෙස පිළිපන් මොවුන් විසින් ඒකාන්තයෙන් බොහෝ පව් රැස් කරගන්නා ලද්දේ යයි සංවේගයට පත් සිත් ඇත්තා වූ බොහෝ සුවඳ මල්මාලාද විවිධ භෝජනද අන්‍ය වූ තුටු පඬුරුද එළවත් සමීපයට ගෙනෙත්.
යෙ මෙ දුක්ඛං උපහරන්තීති යෙ ගාමදාරකා මය්හං සරීරදුක්ඛං උපහරන්ති උපනෙන්ති. “උපදහන්තී”තිපි පාඨො, උප්පාදෙන්තීති අත්ථො. යෙ ච දෙන්ති සුඛං මමාති යෙ ච විඤ්ඤූ මනුස්සා මම මය්හං සුඛං දෙන්ති, මාලාගන්ධභොජනාදිසුඛූපකරණෙහි මම සුඛං උපහරන්ති. සබ්බෙසං සමකො හොමීති කත්ථචිපි විකාරානුප්පත්තියා සමානචිත්තතාය විවිධානම්පි තෙසං ජනානං සමකො එකසදිසො හොමි භවාමි. දයා කොපො න විජ්ජතීති යස්මා මය්හං උපකාරකෙ මෙත්තචිත්තතාසඞ්ඛාතා දයා, අපකාරකෙ මනොපදොසසඞ්ඛාතො කොපොපි න විජ්ජති, තස්මා සබ්බෙසං සමකො හොමීති දස්සෙති.
“යෙ මෙ දුක්ඛං උපහරන්ති” යනු ගම් දරුවෝ යම්කෙනෙක් මට ශරීර දුක් එළවත්ද, ළඟට ගෙනෙත් ද, “උපදහන්ති” යයිද පාඨයකි. “උපදවත්” යන අර්ථයයි. “යෙ ච දෙන්ති සුඛං මම” යනු යම් නුවණැති මනුෂ්‍ය කෙනෙක් මට සැප දෙත්ද, මල්මාලා, සුවඳ, භොජන ආදී සැපවත් දෙයින් මට සැප එළවත්ද, “සබ්බෙසං සමකො හොමි” යනු කිසිවෙකු කෙරෙහි වෙනසකට නොපැමිණ සමාන සිත් ඇති බැවින් විවිධ වූ ඒ ජනයන්ට සමවූවෙක් එකසේම වූවෙක් වෙමි. “දයා කොපො න විජ්ජති” යනු යම්හෙයකින් මට උපකාර වූවන් කෙරෙහි මෛත්‍රී චිත්ත සඞ්ඛ්‍යාත දයාවත් අපකාර කළවුන් කෙරෙහි මනෝපදොස සඞ්ඛ්‍යාත කෝපයත් නොපවතීද එහෙයින් සියල්ලන් කෙරෙහි සමවූවෙක් වෙමි’යි දක්වයි.
ඉදානි භගවා තදා උපකාරීසු අපකාරීසු ච සත්තෙසු සමුපචිතඤාණසම්භාරස්ස අත්තනො සමානචිත්තතා විකාරාභාවො යා ච ලොකධම්මෙසු අනුපලිත්තතා අහොසි, තං දස්සෙතුං “සුඛදුක්ඛෙ තුලාභූතො”ති ඔසානගාථමාහ.
දැන් භාග්‍යවතුන් වහන්සේ එකල්හි උපකාර කළාවූද අපකාර කළාවූද සත්ත්වයන් කෙරෙහි රැස් කරන ලද ඥානසම්භාර ඇති තමාගේ සම සිත් ඇති බවෙහි වෙනසක් නොවීමද, ලෝක ධර්මයන්හි යම් නොඇලීමක් වීද එය දැක්වීමට අවසාන ගාථාව
තත්ථ සුඛදුක්ඛෙති සුඛෙ ච දුක්ඛෙ ච. තුලාභූතොති සමකං ගහිතතුලා විය ඔනතිඋන්නතිඅපනතිං වජ්ජෙත්වා මජ්ඣත්තභූතො, සුඛදුක්ඛග්ගහණෙනෙව චෙත්ථ තංනිමිත්තභාවතො ලාභාලාභාපි ගහිතාති වෙදිතබ්බං. යසෙසූති කිත්තීසු. අයසෙසූති නින්දාසු. සබ්බත්ථාති සබ්බෙසු සුඛාදීසු ලොකධම්මෙසු. ඉති භගවා තදා සබ්බසත්තෙසු සබ්බලොකධම්මෙසු ච අනඤ්ඤසාධාරණං අත්තනො මජ්ඣත්තභාවං කිත්තෙත්වා තෙන තස්මිං අත්තභාවෙ අත්තනො උපෙක්ඛාපාරමියා සිඛාප්පත්තභාවං විභාවෙන්තො “එසා මෙ උපෙක්ඛාපාරමී”ති දෙසනං නිට්ඨාපෙසි.
එහි “සුඛ දුක්ඛෙ” යනු සැපයෙහි ද දුකෙහිද “තුලාභූතො” යනු සමකොට ගන්නා ලද තරාදියක් මෙන් පහත් වීම් උස්වීම් ඉවත් වීම්වලින් තොරව මධ්‍යස්ථ වූයේ. සැපදුක් ගැනීමෙන්ම මෙහිදී එයට නිමිති වීම් හේතුවෙන් ලාභ අලාභ ද ගන්නා ලද්දාහුයයි දත යුතුය. “යසෙසු” යනු කීර්තීන්හි “අයසෙසු” යනු නින්දාවන්හි. “සබ්බත්ථ” යනු සියලු සැප ආදී ලෝක ධර්මයන්හි මෙසේ භාග්‍යවතුන් වහන්සේ එකල්හි සියලු සත්ත්වයන් කෙරෙහිද සියලු ලෝක ධර්මයන් කෙරෙහි ද අන්‍යයන්ට සාධාරණ නොවූ තම මධ්‍යස්ථභාවය දේශනා කොට ඒ කරණ කොට ගෙන ඒ ආත්මභාවයෙහි තමාගේ උපේක්ෂා පාරමිතාවෙහි මස්තකප්රාප්ත බව දක්වන්නාහු “එසා මෙ උපෙක්ඛා පාරමි” (මේ මාගේ උපේක්ෂා පාරමිතාවයි) යි දේශනාව නිමවා වදාළ සේක.
ඉධාපි මහාසත්තස්ස පඨමං දානපාරමී නාම විසෙසතො සබ්බවිභවපරිච්චාගො “යෙ කෙචි ඉමං සරීරං ගහෙත්වා යංකිඤ්චි අත්තනො ඉච්ඡිතං කරොන්තූ”ති අනපෙක්ඛභාවෙන අත්තනො අත්තභාවපරිච්චාගො ච දානපාරමී, හීනාදිකස්ස සබ්බස්ස අකත්තබ්බස්ස අකරණං සීලපාරමී, කාමස්සාදවිමුඛස්ස ගෙහතො නික්ඛන්තස්ස සතො කායෙ අසුභසඤ්ඤානුබ්රූහනා නෙක්ඛම්මපාරමී, සම්බොධිසම්භාරානං උපකාරධම්මපරිග්ගහණෙ තප්පටිපක්ඛප්පහානෙ ච කොසල්ලං අවිපරීතතො ධම්මසභාවචින්තනා ච පඤ්ඤාපාරමී , කාමවිතක්කාදිවිනොදනං දුක්ඛාධිවාසනවීරියඤ්ච වීරියපාරමී, සබ්බාපි අධිවාසනඛන්ති ඛන්තිපාරමී, වචීසච්චං සමාදානාවිසංවාදනෙන විරතිසච්චඤ්ච සච්චපාරමී , අනවජ්ජධම්මෙ අචලසමාදානාධිට්ඨානං අධිට්ඨානපාරමී, අනොධිසො සබ්බසත්තෙසු මෙත්තානුද්දයභාවො මෙත්තාපාරමී, උපෙක්ඛාපාරමී පනස්ස යථාවුත්තවසෙනෙව වෙදිතබ්බාති දස පාරමියො ලබ්භන්ති. උපෙක්ඛාපාරමී චෙත්ථ අතිසයවතීති කත්වා සායෙව දෙසනං ආරුළ්හා.
මෙහිද මහාසත්ත්වයන්ගේ පළමුකොට විශේෂයෙන් සියලු සම්පත් පරිත්‍යාග කිරීම දාන පාරමි වේ. යම් කිසිවෙක් මේ ශරීරය ගෙන තමන් කැමති යමක් කරත්වා”යි අනපේක්ෂකභාවයෙන් තමාගේ ආත්මභාවය පරිත්‍යාග කිරීමද දාන පාරමී වේ. ලාමක වූ සියලු නොකටයුතු දේ නොකිරීම ශීල පාරමිතාවයි. කාමාස්වාදයෙන් වෙන්ව ගෙයින් නික්මුණහුගේ ශරීරයෙහි අශුභ සංඥාව වැඩීම නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවයි. සම්බෝධි සම්භාරයන්ට උපකාර ධර්ම ගැනීමෙහි හා එයට විරුද්ධ ධර්ම දුරු කිරිමෙහි කුශලතාවද, යථාස්වභාවයෙන් ධර්ම ස්වභාවය සිහි කිරීමද ප්‍රඥා පාරමිතාවයි. සැම විතර්කාදිය දුරු කිරීමත්, දුක් ඉවසීමත් වීර්‍ය්‍ය පාරමිතාවයි. සියල්ලම ඉවසීමේ ක්ෂාන්තිය ක්ෂාන්ති පාරමිතාවයි. වාක් සත්‍යයද සමාදානය විසංවාදනය (බොරු) නොකිරීමෙන් විරති සත්‍යය ද සත්‍ය පාරමිතාවයි. නිරවද්‍ය ධර්මයන් අචල සමාදානයාගේ අධිෂ්ඨානය අධිෂ්ඨාන පාරමිතාවයි. සීමා නොතබා සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී කරුණාව ඇති බව මෛත්‍රී පාරමිතාවයි. යට කියන ලද ක්‍රමයෙන් උපේක්ෂා පාරමිතාව දත යුතුයයි මෙසේ දශ පාරමිතාවෝ මෙහිලා ලැබෙත්. මෙහි උපේක්ෂා පාරමිතාවම බලවත් කොට එයම දේශනාවට නගන ලදී.
තථා ඉධ මහාසත්තස්ස මහන්තං භොගක්ඛන්ධං මහන්තඤ්ච ඤාතිපරිවට්ටං පහාය මහාභිනික්ඛමනසදිසං ගෙහතො නික්ඛමනං, තථා නික්ඛමිත්වා ලාභසක්කාරං ජිගුච්ඡතො පරෙසං සම්භාවනං පරිහරිතුකාමස්ස පබ්බජ්ජාලිඞ්ගං අග්ගහෙත්වා චිත්තෙනෙව අනවසෙසං පබ්බජ්ජාගුණෙ අධිට්ඨහිත්වා පරමසුඛවිහාරො, පරමප්පිච්ඡතා, පවිවෙකාභිරති, උපෙක්ඛණාධිප්පායෙන අත්තනො කායජීවිතනිරපෙක්ඛා, පරෙහි අත්තනො උපරි කතවිප්පකාරාධිවාසනං, උක්කංසගතසල්ලෙඛවුත්ති, බොධිසම්භාරපටිපක්ඛානං කිලෙසානං තනුභාවෙන ඛීණාසවානං විය පරෙසං උපකාරාපකාරෙසු නිබ්බිකාරභාවහෙතුභූතෙන සබ්බත්ථ මජ්ඣත්තභාවෙන සමුට්ඨාපිතො ලොකධම්මෙහි අනුපලෙපො, සබ්බපාරමීනං මුද්ධභූතාය උපෙක්ඛාපාරමියා සිඛාප්පත්තීති එවමාදයො ගුණානුභාවා විභාවෙතබ්බාති.
එසේම මෙහි මහාසත්ත්වයන්ගේ මහත් භෝගස්කන්ධය ද මහත් වූ ඥාති සමූහයාද අත්හැර මහබිනික්මන් සදිසිව ගෙයින් නික්මීමද, එසේ නික්ම ලාභ සත්කාර පිළිකුල් කිරීමෙන් අනුන්ගේ සම්භාවනය පරිහරණයට කැමැත්තහුගේ පැවිදි ලිඞ්ගය නොගෙන නිරවශේෂ ප්රව්රජ්යාගුණ අදිටන් කොට ගෙන උතුම් සුවයෙන් විසීමද, උතුම් අල්පේච්ඡභාවය ද, උතුම් විවේකයෙහි ඇලීමද, මැදහත් වීමේ අදහසින් තමාගේ කායජීවිත දෙක්හි නිරපේක්ෂභාවය ද, අනුන් විසින් තමන් කෙරෙහි කරන ලද විප්රකාරයත් ඉවසීමද, උත්කෘෂ්ට බවට ගිය කෙලෙස් කපාහරින පැවතුම් ඇති බවද, බෝධි සම්භාර ධර්මයන්ට ප්රතිපක්ෂ වූ ක්ලේශ ධර්මයන්ගේ තුනී භාවයෙන් රහතුන්ගේ මෙන් හැම තන්හි මැදහත් බැවින් මනාකොට පිහිටුවන ලද ලෝක ධර්මයන්ගෙන් නොගැලී සිටීමද, සියලු පාරමිතාවන්ගේ මුදුන වූ උපේක්ෂා පාරමිතාවගේ මුදුන් පත් වීමද යන මේ ආදී ගුණානුභාවයෝ පැහැදිලි කළ යුත්තාහ.
මහාලොමහංසචරියාවණ්ණනා නිට්ඨිතා.
පසළොස්වන මහාලෝම හංස චරිතයයි.
උපෙක්ඛාපාරමී නිට්ඨිතා.
උපේක්ෂා පාරමිතාව නිමවන ලදී.
තතියවග්ගස්ස අත්ථවණ්ණනා නිට්ඨිතා.