උද්දානගාථාවණ්ණනා අට්ඨකථා
උද්දානගාථාවණ්ණනා
උදාන ගාථා වර්ණනාව
363. “යුධඤ්ජයො සොමනස්සො අයොඝර භිසෙන ච සොනනන්දො මූග පක්ඛො කපිරාජා සච්ච ස්වහයො”
364. “වට්ටකො මච්ඡ රාජා ච කණ්හ දීපායනො ඉසි සුතසොමො පුන ආසිං සාමො ච එකරාජහු උපෙක්ඛා පාරමී ආසි ඉති වුත්තං මහෙසිනා”
“යුධඤ්ජයො”තිආදිකා උද්දානගාථා. තත්ථ භිසෙනාති භිසාපදෙසෙන මහාකඤ්චනචරියං (චරියා· 3.34 ආදයො) දස්සෙති. සොණනන්දොති ඉමිනා සොණපණ්ඩිතචරියං (චරියා· 3.42 ආදයො ) දස්සෙති. තථා මූගපක්ඛොති මූගපක්ඛාපදෙසෙන තෙමියපණ්ඩිතචරියං (චරියා· 3.48 ආදයො) දස්සෙති. උපෙක්ඛාපාරමිසීසෙන මහාලොමහංසචරියං (චරියා· 3.119 ආදයො) දස්සෙති. ආසි ඉති වුට්ඨං මහෙසිනාති යථා, සාරිපුත්ත, තුය්හං එතරහි දෙසිතං, ඉති එවං ඉමිනා විධානෙන මහන්තානං දානපාරමිආදීනං බොධිසම්භාරානං එසනතො මහෙසිනා තදා බොධිසත්තභූතෙන මයා වුට්ඨං චිණ්ණං චරිතං පටිපන්නං ආසි අහොසීති අත්ථො . ඉදානි පාරමිපරිපූරණවසෙන චිරකාලප්පවත්තිතං ඉධ වුත්තං අවුත්තඤ්ච අත්තනො දුක්කරකිරියං එකජ්ඣං කත්වා යදත්ථං සා පවත්තිතා, තඤ්ච සඞ්ඛෙපෙනෙව දස්සෙතුං “එවං බහුබ්බිධ”න්ති ගාථමාහ.
“යුධඤ්ජයො” යනාදිය උද්දාන ගාථාවෝය. එහි “භිසෙන” යනු ‘භිස’ යන්නෙන් මහා කඤ්චන චරිතය දක්වයි. “සොනනන්දො” යනු මෙයින් සෝනපණ්ඩිත චරිතය දක්වයි. එසේම “මූග පක්ඛො” යනු “මුගපක්ඛ” යන්නෙන් තේමිය පණ්ඩිත චරිතය දක්වයි. “උපෙක්ඛා පාරමී” ශීර්ෂයෙන් මහා ලෝමහංස චරිතය දක්වයි. “ආසි ඉතිවුත්තං මහෙසිනා” යනු “සාරිපුත්තය, නුඹට දැන් දේශනා කරන ලද්දේ යම්සේද, මෙසේ මේ ආකාරයට මහත් වූ දාන පාරමී ආදී බෝධිසම්භාර ධර්මයන් සෙවීමෙන් බෝධිසත්ත්ව වූ මහර්ෂි වූ මා විසින් එකල්හි වසන ලද්දේ, පුරුදු කරන ලද්දේ, හැසිරෙන ලද්දේ, පිළිපදින ලද්දේ විය, වූයේය යන අර්ථයයි. දැන් පාරමිතා සම්පූර්ණ කිරිම් වශයෙන් බොහෝ කල් පැවතියාවූ මෙහි කියන ලද්දාවූද නොකියන ලද්දාවූද තමන් වහන්සේගේ දුෂ්කර ක්‍රියාව එක්කොට යම් අර්ථයක් සඳහා එය පවත්වන ලද්දේ ද එයද කෙටියෙන් දැක්වීමට “එවං බහුවිධං” යනාදී ගාථාව දේශනා කළහ.
තත්ථ එවන්ති ඉමිනා වුත්තනයෙන. බහුබ්බිධං දුක්ඛන්ති අකිත්තිපණ්ඩිතාදිකාලෙ කාරපණ්ණාදිආහාරතාය තඤ්ච යාචකස්ස දත්වා ආහාරූපච්ඡෙදාදිනා ච බහුවිධං නානප්පකාරං දුක්ඛං. තථා කුරුරාජාදිකාලෙ සක්කසම්පත්තිසදිසා සම්පත්තී ච බහුබ්බිධා. භවාභවෙති ඛුද්දකෙ චෙව මහන්තෙ ච භවෙ. භවාභවෙ වා වුද්ධිහානියො අනුභවිත්වා බහුවිධෙහි දුක්ඛෙහි අවිහඤ්ඤමානො බහුවිධාහි ච සම්පත්තීහි අනාකඩ්ඪියමානො පාරමිපරිපූරණපසුතො එව හුත්වා තදනුරූපං පටිපත්තිං පටිපන්නො උත්තමං අනුත්තරං සම්මාසම්බොධිං සබ්බඤ්ඤුතං පත්තො, අධිගතොස්මීති අත්ථො.
එහි “එවං” යනු මේ කියන ලද ක්‍රමයෙන් “බහුවිධං දුකචං” යනු අකිති පණ්ඩිත ආදීන්ගේ කාලයෙහි කරකොළ ආදිය ආහාර වූ නිසාත් එයද යාචකයාට දී ආහාරයෙන් තොරවීම් ආදියෙන්ද බහුවිධ වූ නානප්‍රකාර දුක්ද, එසේම කුරුරාජාදි කාලයෙහි ශක්‍රසම්පත් සමාන “සම්පත්තිච” සම්පත්ද “බහු විධා” නානප්රකාරය. “භවාභවෙ” යනු කුඩා වූද මහත් වූද භවයෙහි. නැතහොත් භවාභව යනු වෘද්ධිහානි. විවිධාකාර වූ දුක් අනුභව කොට එවායින් නොපෙළෙමින් ද විවිධාකාර වූ සම්පත් අනුභවකොට ඒවායින් නො අදිනු ලබමින්ද පාරමී සම්පූර්ණ කිරීමෙහි නියැලුනෙක්ම වී එයට සුදුසු ප්රතිපත්තියෙහි යෙදුනේ උතුම් වූ අනුත්තර වූ සම්මා සම්බෝධි සඞ්ඛ්‍යාත සර්වඥතා ඥානයට පැමිණියේ වෙමි, අවබෝධ කළේ වෙමි’යි යන අර්ථයයි.
ඉදානි යාසං පාරමීනං පරිපූරණත්ථං එසා දුක්කරචරියා චිරං පවත්තිතා, තාසං අනවසෙසතො පරිපුණ්ණභාවං තෙන ච පත්තබ්බඵලස්ස අත්තනා අධිගතභාවං දස්සෙතුං “දත්වා දාතබ්බකං දානං, සීලං පූරෙත්වා අසෙසතො”තිආදි වුත්තං.
දැන් යම් පාරමිතාවන්ගේ සම්පූර්ණ කිරීමක් සඳහා මෙබඳු දුෂ්කර චර්ය්යාවක් බොහෝ කලක් පවත්වන ලද්දේ ද ඒවා නිරවශේෂයෙන් සම්පූර්ණ කළ බවත් එය කරණ කොට ගෙන පැමිණිය යුතු ඵලයට තමන් වහන්සේ පැමිණි බවද දැක්වීමට “දත්වා දාතබ්බකං දානං සීලං පුරෙත්වසෙසතො” යනාදිය දේශනා කරන ලදී.
තත්ථ දත්වා දාතබ්බකං දානන්ති තදා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣිතුං අග්ගයානපටිපදං පටිපන්නෙන මහාබොධිසත්තෙන දාතබ්බං දෙය්යධම්මං බාහිරං රජ්ජාදිං අබ්භන්තරං අත්තපරිච්චාගොති පඤ්ච මහාපරිච්චාගපරියොසානං දානපාරමිදානඋපපාරමිදානපරමත්ථපාරමිප්පභෙදං දානං අනවසෙසතො සම්පාදෙත්වාති අත්ථො. තත්ථ අකිත්තිබ්රාහ්මණකාලෙ (චරියා· 1.1 ආදයො; ජා· 1.13.83 ආදයො) සඞ්ඛබ්රාහ්මණකාලෙති (චරියා· 1.11 ආදයො; ජා· 1.10.39 ආදයො) එවමාදීසු ඉධ ආගතෙසු අනාගතෙසු ච විසය්හසෙට්ඨිකාලෙ (ජා· 1.4.157 ආදයො) වෙලාමකාලෙති (අ· නි· 9.20) එවමාදීසුපි දානපාරමියා මහාපුරිසස්ස පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙන පනස්ස සසපණ්ඩිතකාලෙ –
එහි “දත්වා දාතබ්බකං දානං” යනු එකල්හි අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කර ගැනීම පිණිස අග්රයාන ප්‍රතිපදාවට පිළිපන්නා වූ මහාබෝධිසත්ත්වයන් විසින් දිය යුතු බාහිර රාජ්යාදී දෙය්ය ධර්ම ද, අභ්‍යන්තර ශරීරඞ්ග ඇස් ආදිය ද දී පරිත්‍යාග කොට එහෙයින්ම උතුම් වූ ධන පරිත්‍යාගය, පුත්‍ර පරිත්‍යාගය, දාර (භාර්යා) පරිත්‍යාගය, අඞ්ග පරිත්‍යාගය, රාජ්‍ය පරිත්‍යාගය යන පඤ්ච මහා පරිත්‍යාගය කෙළවර කොට ඇති දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ථ පාරමී වශයෙන් ප්‍රභේද ගත වූ දානය නිරවශේෂයෙන් සම්පාදනය කොට යන අර්ථයයි. එහි අකිත්ති බ්‍රාහ්මණ කාලයෙහි සඞ්ඛ බ්‍රාහ්මණ කාලයෙහි යන මේ ආදී මෙහි ආවාවූද, මෙහි සඳහන් නොවූ විසය්හ සිටු කාලයෙහි වේලාම කාලයෙහිද යන මේ ආදී කාලයන්හි ද වශයෙන් මහා පුරුෂයන් දාන පාරමිතාව පිරූ ආත්මභාවයන්ගේ ප්‍රමාණයක් නම් නැත. නියත වශයෙන්ම සස පණ්ඩිත කාලයෙහි:-
“භික්ඛාය උපගතං දිස්වා, සකත්තානං පරිච්චජිං; දානෙන මෙ සමො නත්ථි, එසා මෙ දානපාරමී”ති. (චරියා· 1. තස්සුද්දාන) –
“භික්ෂාව සඳහා පැමිණි සක් බමුණා දැක ස්වකීය ආත්මය පරිත්‍යාග කෙළෙමි. දීම කරණ කොට ගෙන මා හා සමවූවෙක් නැත. මේ මාගේ දාන පාරමිතාවයි” (ජාතක පාලිය)
එවං අත්තපරිච්චාගං කරොන්තස්ස දානපාරමී පරමත්ථපාරමී නාම ජාතා. ඉතරෙසු පන යථාරහං පාරමිඋපපාරමියො වෙදිතබ්බා.
මෙසේ ආත්ම පරිත්‍යාග කරන්නා වූ බෝසතුන්ගේ දාන පාරමිතාව පරමත්ථ පාරමී නම් විය. සෙසු ආත්මභාවයන්හි සුදුසු පරිදි දාන පාරමිතා දාන උපපාරමිතාවෝ දත යුත්තාහ.
සීලං පූරෙත්වා අසෙසතොති තථා අනවසෙසතො කායිකො සංවරො, වාචසිකො සංවරො, කායිකවාචසිකො සංවරො, ඉන්ද්රියසංවරො, භොජනෙ මත්තඤ්ඤුතා, සුවිසුද්ධාජීවතාති එවමාදිකං බොධිසත්තසීලං සම්පාදෙන්තෙන සීලපාරමිසීලඋපපාරමිසීලපරමත්ථපාරමිප්පභෙදං පූරෙතබ්බං සබ්බං සීලං පූරෙත්වා සම්මදෙව සම්පාදෙත්වා. ඉධාපි සීලවනාගරාජකාලෙ (චරියා· 2.1 ආදයො; ජා· 1.1.72) චම්පෙය්යනාගරාජකාලෙති (චරියා· 2.20 ආදයො; ජා· 1.15.240 ආදයො) එවමාදීසු ඉධ ආගතෙසු, අනාගතෙසු ච මහාකපිකාලෙ (චරියා· 3.67 ආදයො; ජා· 1.7.83 ආදයො; 1.16.178 ආදයො) ඡද්දන්තකාලෙති (ජා· 1.16.97 ආදයො) එවමාදීසු මහාසත්තස්ස සීලපාරමියා පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙන පනස්ස සඞ්ඛපාලකාලෙ –
“සීලං පුරෙත්වසෙසතො” යනු එසේම නිරවශේෂ වශයෙන් කායික සංවරය, වාචසික සංවරය, කායවාග් සංවරය, ඉන්ද්රිය සංවරය, ඉන්ද්රිය සංවරය, භෝජනයෙහි පමණ දැනීම, සුපිරිසිදු ආජීවය යන මේ ආදී බෝධිසත්ත්ව ශීලය සම්පූර්ණ කරන්නහු විසින් ශීල පාරමී, ශීල උපපාරමී, ශීල පරමාර්ථ පාරමී යයි ප්‍රභේද ගත පිරිය යුතු සියලු ශීලය පුරා මනාකොට සම්පාදනය කොට. මෙහිද සීලවනාගරාජ කාලයෙහි චම්පෙය්‍ය නාගරාජ කාලයෙහි යයි මේ ආදී මෙහි ආ කාලයන්හිද, මෙහි සඳහන් නොවූ මහා කපි කාලයෙහි ඡද්දන්ත කාලයෙහි යන මේ ආදී කාලයන්හි ද වශයෙන් මහාසත්ත්වයන් ශීල පාරමිතාව පිරූ ආත්මභාවයන්ගේ ප්‍රමාණයක් නම් නැත. නියත වශයෙන් වනාහි උන්වහන්සේ සඞ්ඛපාලව උපන් කල්හි:-
“සූලෙහි විනිවිජ්ඣන්තෙ, කොට්ටයන්තෙපි සත්තිභි; භොජපුත්තෙ න කුප්පාමි, එසා මෙ සීලපාරමී”ති. (චරියා· 2.91) –
“හුල්වලින් විදින කල්හි ද අඩයටිවලින් අනින කල්හි ද වැදි පුත්‍රයන් කෙරෙහි නො කිපෙමි. මේ මාගේ ශීල පාරමිතාවයි. (ජාතක පාලිය)
එවං අත්තපරිච්චාගං කරොන්තස්ස සීලපාරමී පරමත්ථපාරමී නාම ජාතා. ඉතරෙසු පන යථාරහං පාරමිඋපපාරමියො වෙදිතබ්බා.
මෙසේ ආත්ම පරිත්‍යාග කරන්නා වූ බෝසතුන්ගේ ශීල පාරමිතාව පරමාර්ථ පාරමිතා නම් විය. සෙසු ජාතිවල වනාහි පාරමිතා උපපාරමිතාවෝ දත යුත්තාහ.
නෙක්ඛම්මෙ පාරමිං ගන්ත්වාති තථා තිවිධෙපි මහාභිනික්ඛමනෙ පාරමිං පරමුක්කංසං ගන්ත්වා. තත්ථ යුධඤ්ජයකාලෙ (චරියා· 3.1 ආදයො; ජා· 1.11.73 ආදයො) සොමනස්සකුමාරකාලෙති (චරියා· 3.7 ආදයො; ජා· 1.15.211 ආදයො) එවමාදීසු ඉධ ආගතෙසු, අනාගතෙසු ච හත්ථිපාලකුමාරකාලෙ (ජා· 1.15.337 ආදයො) මඝදෙවකාලෙති (ම· නි· 2.308 ආදයො; ජා· 1.1.9) එවමාදීසු මහාරජ්ජං පහාය නෙක්ඛම්මපාරමියා පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙන පනස්ස චූළසුතසොමකාලෙ –
“නෙක්ඛම්ම පාරමිං ගනත්වා” යනු ත්‍රිවිධ වූ මහාභිනිෂ්ක්රමණයෙහි පාරමිතාවේ පරතෙරට ගොස්. එහි යුධඤ්ජය කාලයෙහි. සෝමනස්ස කුමාර කාලයෙහි යන මේ ආදී මෙහි ආ කාලයන්හිද මෙහි සඳහන් නොවූ හත්ථිපාල කුමාර කාලයෙහි මඛාදේව කාලයෙහි යන මේ ආදී කාලයන්හිද මහාරාජ්‍යය අත්හැර නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිරූ ආත්මභාවයන්ගේ ප්‍රමාණයක් නම් නැත. නියත වශයෙන්ම චූල සුතසෝම කාලයෙහි:-
“මහාරජ්ජං හත්ථගතං, ඛෙළපිණ්ඩංව ඡඩ්ඩයිං; චජතො න හොති ලග්ගනං, එසා මෙ නෙක්ඛම්මපාරමී”ති. (ධ· ස· අට්ඨ· නිදානකථා; ජා· අට්ඨ· 1.දූරෙනිදානකථා; අප· අට්ඨ· 1.දූරෙනිදානකථා);
“අතටපත් මහරජය කෙළ පිඬක් මෙන් දුරු කෙළෙමි. පරිත්‍යාග කරන්නා වූ මට එහි ඇල්මක් නම් නොවීය. මේ මාගේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවයි. (ජාතක පාලිය)
එවං නිස්සඞ්ගතාය රජ්ජං ඡඩ්ඩෙත්වා නික්ඛමන්තස්ස නෙක්ඛම්මපාරමී පරමත්ථපාරමී නාම ජාතා. ඉතරෙසු පන යථාරහං පාරමිඋපපාරමියො වෙදිතබ්බා.
මෙසේ ඇලුම් නැති බැවින් රාජ්‍යය හැරදමා නික්මෙන්නා වූ බෝධිසත්ත්වයන්ගේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පරමාර්ථ පාරමී නම් විය. සෙසු ජාතිවල සුදුසු පරිදි පාරමිතා, උපපාරමිතාවෝ දත යුත්තාහ.
පණ්ඩිතෙ පරිපුච්ඡිත්වාති කිං කුසලං කිං අකුසලං කිං සාවජ්ජං කිං අනවජ්ජන්තිආදිනා කුසලාදිධම්මවිභාගං කම්මකම්මඵලවිභාගං සත්තානං උපකාරාවහං අනවජ්ජකම්මායතනසිප්පායතනවිජ්ජාට්ඨානාදිං පණ්ඩිතෙ සප්පඤ්ඤෙ පරිපුච්ඡිත්වා. එතෙන පඤ්ඤාපාරමිං දස්සෙති. තත්ථ විධුරපණ්ඩිතකාලෙ (ජා· 2.22.1346 ආදයො) මහාගොවින්දපණ්ඩිතකාලෙ (දී· නි· 2.293 ආදයො; චරියා 1.37 ආදයො) කුදාලපණ්ඩිතකාලෙ (ජා· 1.1.70) අරකපණ්ඩිතකාලෙ (ජා· 1.2.37 ආදයො) බොධිපරිබ්බාජකකාලෙ මහොසධපණ්ඩිතකාලෙති (ජා· 2.22.590 ආදයො) එවමාදීසු පඤ්ඤාපාරමියා පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙන පනස්ස සෙනකපණ්ඩිතකාලෙ –
“පණ්ඩිතෙ පරිපුච්ඡිත්වා” යනු කුමක් කුශලද? කුමක් අකුශලද? කුමක් සාවද්‍ය ද? කුමක් නිරවද්‍ය ද? ආදී වශයෙන් කුශලාදී ධර්ම හා කර්මපල විභාගය ද සත්ත්වයන්ට උපකාර එළවන්නා වූ නිවැරදි කර්මායතන, ශිල්පායතන, විද්යස්ථානාදිය ද පණ්ඩිත නුවණැත්තන්ගෙන් විමසා මෙයින් ප්‍රඥා පාරමිතාව දක්වයි. එහි විධුර පණ්ඩිත කාලයෙහි, මහා ගෝවින්ද පණ්ඩිත කාලයෙහි, කුද්දාල පණ්ඩිත කාලයෙහි, අරක පණ්ඩිත කාලයෙහි, බෝධි පරිබ්‍රාජක කාලයෙහි, මහෞෂධ පණ්ඩිත කාලයෙහි යන මේ ආදී වශයෙන් ප්‍රඥා පාරමිතාව පිරූ ආත්මභාවයන්ගේ ප්‍රමාණයක් නම් නැත. නියත වශයෙන්ම සේනක පණ්ඩිත කාලයෙහි:-
“පඤ්ඤාය විචිනන්තොහං, බ්රාහ්මණං මොචයිං දුඛා; පඤ්ඤාය මෙ සමො නත්ථි, එසා මෙ පඤ්ඤාපාරමී”ති. (ධ· ස· අට්ඨ· නිදානකථා; ජා· අට්ඨ· 1.දූරෙනිදානකථා; අප· අට්ඨ· 1.දූරෙනිදානක්කථා) –
“ප්‍රඥාවෙන් පරීක්ෂා කර බලන්නා වූ මම බමුණකු දුකින් මිදුවෙමි. ප්‍රඥාවෙන් මා හා සමාන වූවෙක් නැත. මේ මාගේ ප්‍රඥා පාරමිතාවයි. (ජාතක පාලිය)
අන්තොභස්තගතං සප්පං දස්සෙන්තස්ස පඤ්ඤාපාරමී පරමත්ථපාරමී නාම ජාතා. වීරියං කත්වාන උත්තමන්ති සම්මාසම්බොධිං පාපෙතුං සමත්ථතාය උත්තමං පධානං වීරියන්ති විවිධම්පි වීරියපාරමිං කත්වා උප්පාදෙත්වා. තත්ථ මහාසීලවරාජකාලෙ (ජා· 1.1.51) පඤ්චාවුධකුමාරකාලෙ (ජා· 1.1.55) මහාවානරින්දකාලෙති (ජා· 1.1.57) එවමාදීසු වීරියපාරමියා පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙන පනස්ස මහාජනකකාලෙ –
මෙසේ පසුම්බිය තුළට ගිය සර්පයා දක්වන්නා වූ බෝධිසත්ත්වයන්ගේ ප්‍රඥා පාරමිතාව පරමාර්ථ පාරමී නම් විය. “විරියං කත්වාන උත්තමං” යනු සම්‍යක් සම්බෝධියට පමුණුවන්නට සමත් බැවින් උතුම් වූ වීර්‍ය්‍යය, වීර්‍ය්‍ය පාරමිතාව කොට උපදවා. එහි මහා සීලව රාජ කාලයෙහිද, පඤ්චායුධ කුමාර කාලයෙහිද, මහා වානරින්ද කාලයෙහිද වශයෙන් මේ ආදී ජාතීන්හි වීර්‍ය්‍ය පාරමිතාව පිරූ ආත්මභාවයන්ගේ ප්‍රමාණයක් නම් නැත. නියත වශයෙන් මහාජනක කාලයෙහි:-
“අතීරදස්සී ජලමජ්ඣෙ, හතා සබ්බෙව මානුසා; චිත්තස්ස අඤ්ඤථා නත්ථි, එසා මෙ වීරියපාරමී”ති. (ධ· ස· අට්ඨ· නිදානකථා; ජා· අට්ඨ· 1.දූරෙනිදානකථා; අප· අට්ඨ· 1.දූරෙනිදානකථා) –
“තෙර නොදක්නා වූ සයුර මැද මා හා කැටිව මුහුදට පැමිණි සියලු මිනිස්සු නැසුනහ. මාගේ සිතෙහි අන්‍ය ප්‍රකාරයක් නොවූයේය. මේ මාගේ වීර්‍ය්‍ය පාරමිතාවයි.”
එවං මහාසමුද්දං තරන්තස්ස වීරියපාරමී පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ මහා සමුද්‍රය තරණය කරන්නා වූ බෝධිසත්ත්වයන්ගේ වීර්‍ය්‍ය පාරමිතාව පරමාර්ථ පාරමී නම් විය.
ඛන්තියා පාරමිං ගන්ත්වාති අධිවාසනඛන්තිආදි ඛන්තිපරමුක්කංසභාවං පාපෙන්තො ඛන්තියා පාරමිං පරමකොටිං ගන්ත්වා, ඛන්තිපාරමිං සම්පාදෙත්වාති අත්ථො. තත්ථ මහාකපිකාලෙ (චරියා· 3.67 ආදයො; ජා· 1.7.83 ආදයො) මහිංසරාජකාලෙ (ජා· 1.3.82 ආදයො) රුරුමිගරාජකාලෙ (ජා· 1.13.117 ආදයො) ධම්මදෙවපුත්තකාලෙති (ජා· 1.11.26 ආදයො) එවමාදීසු ඛන්තිපාරමියා පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙන පනස්ස ඛන්තිවාදිකාලෙ –
“ඛන්තියා පාරමිං ගනත්වා” යනු අධිවාසන ක්ෂාන්ති ආදී ක්ෂාන්තිය අතිශය උසස් තත්ත්වයට පමුණුවන්නාහු ක්ෂාන්ති පාරමිතාවෙහි ඉහළට කෙළවරට ගොස්, ක්ෂාන්ති පාරමිතාව සම්පාදනය කොට යන අර්ථයයි. එහි මහා කපි කාලයෙහි ද, මහිස රාජ කාලයෙහි ද, රූරුමිග රාජ කාලයෙහි ද, ධම්ම දේවපුත්ත කාලයෙහි ද යන මේ ආදී වූ ක්ෂාන්ති පාරමිතාව පිරූ ආත්මභාවයන්ගේ ප්‍රමාණයක් නම් නැත. නියත වශයෙන්ම උන්වහන්සේගේ ක්ෂාන්තිවාදී කාලයෙහි.
“අචෙතනං ව කොට්ටෙන්තෙ, තිණ්හෙන ඵරසුනා මමං; කාසිරාජෙ න කුප්පාමි, එසා මෙ ඛන්තිපාරමී”ති. (ධ· ස· අට්ඨ· නිදානකථා; ජා· අට්ඨ· 1.දූරෙනිදානකථා; අප· අට්ඨ· 1.දූරෙනිදානකථා) –
“තියුණු පොරවකින් සිත් පිත් නැතියෙකුට මෙන් මාහට කොටන කල්හි කාසි රජු කෙරෙහි නො කිපෙමි. මේ මාගේ ක්ෂන්ති පාරමිතාවයි”
එවං අචෙතනභාවෙන විය මහාදුක්ඛං අනුභවන්තස්ස ඛන්තිපාරමී පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ අචේතන භාවයෙන් මෙන් මහා දුක් අනුභව කරන බෝසතුන්ගේ ක්ෂාන්ති පාරමිතාව පරමාර්ථ පාරමී නම් විය.
කත්වා දළ්හමධිට්ඨානන්ති කුසලසමාදානාධිට්ඨානං තස්ස තස්ස පාරමිසමාදානස්ස තදුපකාරකසමාදානස්ස ච අධිට්ඨානං දළ්හතරං අසිථිලං කත්වා, තං තං වතසමාදානං අනිවත්තිභාවෙන අධිට්ඨහිත්වාති අත්ථො. තත්ථ ජොතිපාලකාලෙ (ම· නි· 2.282 ආදයො) සරභඞ්ගකාලෙ (ජා· 2.17.50 ආදයො) නෙමිකාලෙති (චරියා· 1.40 ආදයො; ජා·2.22.421 ආදයො) එවමාදීසු අධිට්ඨානපාරමියා පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙන පනස්ස තෙමියකුමාරකාලෙ –
“කත්වා දළ්හමධිට්ඨානං” යනු කුශල සමාදාන අධිෂ්ඨානයද ඒ ඒ පාරමී ධර්ම සමාදානය හා එයට උපකාරක ධර්මයන්ගේ සමාදානයද පිළිබඳ අධිෂ්ඨානය දැඩිකොට, ලිහිල් නොකොට. ඒ ඒ ව්‍රත සමාදානය නොනවතින ස්වභාවයෙන් අධිෂ්ඨාන කොට යන අර්ථයයි. එහි ජෝතිපාල කාලයෙහිද, සරභඞ්ග කාලයෙහිද නිමිරාජ කාලයෙහිද යන මේ ආදී වූ අධිෂ්ඨාන පාරමිතාව පිරූ ආත්මභාවයන්ගේ ප්‍රමාණයක් නම් නැත. නියත වශයෙන්ම උන්වහන්සේගේ තේමිය කුමාර කාලයෙහි:-
“මාතාපිතා න මෙ දෙස්සා, අත්තා මෙ න ච දෙස්සියො; සබ්බඤ්ඤුතං පියං මය්හං, තස්මා වතමධිට්ඨහි”න්ති. (චරියා· 3.65) –
“මට මවුපියෝ අප්‍රිය නොවෙති. මහා සම්පත්ද අප්‍රිය නොවේ. සර්වඥතා ඥානයම මට ප්‍රිය වේ. එබැවින් ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.”
එවං ජීවිතං පරිච්චජිත්වා වතං අධිට්ඨහන්තස්ස අධිට්ඨානපාරමී පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ ජීවිතය පරිත්‍යාග කොට ව්‍රත අධිෂ්ඨාන කරන උන්වහන්සේගේ අධිෂ්ඨාන පාරමිතාව පරමාර්ථ පාරමී නම් විය.
සච්චවාචානුරක්ඛියාති සච්චවාචං අනුරක්ඛිත්වා ජීවිතන්තරායෙපි අනරියවොහාරං ගූථං විය ජිගුච්ඡන්තො පරිහරිත්වා සබ්බසො අවිසංවාදිභාවං රක්ඛිත්වා. තත්ථ කපිරාජකාලෙ (චරියා· 3.67 ආදයො) සච්චතාපසකාලෙ මච්ඡරාජකාලෙති එවමාදීසු සච්චපාරමියා පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙන පනස්ස මහාසුතසොමකාලෙ –
“සච්ච වාචානුරක්ඛිය” යනු සත්‍ය වචනය රැක ජීවිත අනතුරක් ඇති කල්හිද අනාර්‍ය්‍ය ව්‍යවහාරය අශූචියක් මෙන් පිළිකුල් කරමින් දුරු කොට සියලු ආකාරයෙන් අවිසංවාදී බව රැකීම එහිදී කපිරාජ කාලයෙහිද සත්‍යතාපස කාලයෙහිද, මත්ස්‍යරාජ කාලයෙහිද යන මේ ආදී වූ සත්‍යපාරමිතාව පිරූ ආත්මභාවයන්ගේ ප්‍රමාණයක් නම් නැත. නියත වශයෙන්ම මහා සුතසෝම කාලයෙහි.
“සච්චවාචං අනුරක්ඛන්තො, චජිත්වා මම ජීවිතං; මොචෙසිං එකසතං ඛත්තියෙ, එසා මෙ සච්චපාරමී”ති. (ධ· ස· අට්ඨ· නිදානකථා; ජා· අට්ඨ· 1.දූරෙනිදානකථා; අප· අට්ඨ· 1.දූරෙනිදානකථා) –
“සත්‍ය වචනය රක්නෙම් මගේ ජීවිතය පූජා කොට එක් සියයක් රජවරුන් මිදුවෙමි. මේ මාගේ සත්‍ය පාරමිතාවයි”
එවං ජීවිතං චජිත්වා සච්චං අනුරක්ඛන්තස්ස සච්චපාරමී පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ දිවිපුදා සත්‍යය රකින බෝධිසත්ත්වයන්ගේ සත්‍ය පාරමිතාව පාරමාර්ථ පාරමිතා නම් විය.
මෙත්තාය පාරමිං ගන්ත්වාති සබ්බසත්තෙසු අනොධිසො හිතූපසංහාරලක්ඛණාය මෙත්තාය පාරමිං පරමුක්කංසතං පත්වා. තත්ථ චූළධම්මපාලකාලෙ (ජා· 1.5.44 ආදයො) මහාසීලවරාජකාලෙ (ජා· 1.1.51) සාමපණ්ඩිතකාලෙති (චරියා· 3.111 ආදයො; ජා· 2.22.296 ආදයො) එවමාදීසු මෙත්තාපාරමියා පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙන පනස්ස සුවණ්ණසාමකාලෙ –
“මෙත්තාය පාරමිං ගනත්වා” යනු සියලු සත්ත්වයන් කෙරෙහි සීමාවකින් තොරව හිතවැඩ එළවීම ලක්ෂණ කොට ඇති මෛත්‍රියෙහි පරතෙරට ඉතාමත් ඉහළ තත්ත්වයට පැමිණ. එහිදී චූලධර්මපාල කාලයෙහි ද මහා සීලවරාජ කාලයෙහිද, සාම පණ්ඩිත කාලයෙහිද යන මේ ආදී වූ මෛත්‍රී පාරමිතාව පිරූ ආත්මභාවයන්ගේ ප්‍රමාණයක් නම් නැත. නියත වශයෙන්ම උන්වහන්සේගේ සුවර්ණසාම කාලයෙහි:-
“න මං කොචි උත්තසති, නපිහං භායාමි කස්සචි; මෙත්තාබලෙනුපත්ථද්ධො, රමාමි පවනෙ තදා”ති. (චරියා· 3.113) –
“කිසිවෙක් මා බිය නොගන්වයි. මමද කිසිවෙකුහටත් භය නොවෙමි. මෛත්‍රී බලයෙන් පිහිට ලද්දෙම් මහා වනයෙහි එකල්හි සිත අලවා වාසය කෙළෙමි”යි
එවං ජීවිතම්පි අනොලොකෙත්වා මෙත්තායන්තස්ස මෙත්තාපාරමී පරමත්ථපාරමී නාම ජාතා.
මෙසේ ජීවිතය ද නො බලා මෛත්‍රී වඩන්නහුගේ මෛත්‍රී පාරමිතාව පරමාර්ථ පාරමී නම් විය.
සම්මානනාවමානනෙති සක්කච්චං පූජාසක්කාරාදිනා සම්මානනෙ ඔට්ඨුභනාදිනා අවමානනෙ ච සබ්බත්ථ ලොකධම්මෙ සමකො සමචිත්තො නිබ්බිකාරො හුත්වා උත්තමං අනුත්තරං ලබ්බඤ්ඤුතං අධිගතොස්මීති අත්ථො. තත්ථ මහාවානරින්දකාලෙ (ජා· 1.1.57) කාසිරාජකාලෙ ඛෙමබ්රාහ්මණකාලෙ අට්ඨිසෙනපරිබ්බාජකකාලෙති (ජා· 1.7.54 ආදයො) එවමාදීසු උපෙක්ඛාපාරමියා පූරිතත්තභාවානං පරිමාණං නාම නත්ථි. එකන්තෙන පනස්ස මහාලොමහංසකාලෙ –
“සම්මානනාවමානනෙ” යනු සකස් කොට පූජා සත්කාරාදියෙන් බුහුමන් කිරීමෙහිද, කෙළ ගැසීමාදියෙන් අවමන් කිරීමෙහිද සියලු ලෝක ධර්මයන්හිද සමව, සමසිත් ඇතිව වෙනසකට පත් නොවූවෙක්ව උතුම් වූ අනුත්තර වූ සර්වඥතා ඥානය අවබෝධ කෙළෙමි” යන අර්ථයයි. එහිදී වානරින්ද කාලයෙහි ද, කාසිරාජ කාලයෙහි ද, ඛේම බ්‍රාහ්මණ කාලයෙහි ද අට්ඨිසෙන පරිබ්‍රාජක කාලයෙහි ද මේ ආදී වූ උපේක්ෂා පාරමිතාව පිරූ ආත්මභාවයන්ගේ ප්‍රමාණයක් නම් නැත. නියත වශයෙන්ම මහාලෝමහංස කාලයෙහි:-
“සුසානෙ සෙය්යං කප්පෙමි, ඡවට්ඨිකං උපනිධායහං; ගාමණ්ඩලා උපාගන්ත්වා, රූපං දස්සෙන්තිනප්පක”න්ති. (චරියා· 3.119) –
“මිනී ඇටයක් කොට්ටය කොට ගෙන සොහොනෙහි සයනය කරමි. ගොපලු දරුවෝ අවුත් නන් වැදෑරුම් විසුළු රූ දක්වති”යි
එවං ගාමදාරකෙසු ඔට්ඨුභනාදීහි චෙව මාලාගන්ධූපහාරාදීහි ච සුඛදුක්ඛං උප්පාදෙන්තෙසුපි උපෙක්ඛං අනතිවත්තන්තස්ස උපෙක්ඛාපාරමී පරමත්ථපාරමී නාම ජාතා. ඉති භගවා –
මෙසේ ගම් දරුවන් විසින් කෙළ ගැසීම් ආදියෙන්ද මල් මාලා සුවඳ ආදී උපහාරයන්ගෙන් ද සැපදුක් එළවන කල්හිදු උපේක්ෂාව ඉක්මවන්නා වූ බෝධිසත්ත්වයන්ගේ උපේක්ෂා පාරමිතාව පරමාර්ථ පාරමී නම් විය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ,
“එවං බහුබ්බිධං දුක්ඛං, සම්පත්තී ච බහුබ්බිධා; භවාභවෙ අනුභවිත්වා, පත්තො සම්බොධිමුත්තම”න්ති. –
365. “එවං බහුවිධං දුක්ඛං සප්මත්තී ච බහූවිධ භවාභවෙ අනුභවිත්වා පත්තො සම්බොධි මුත්තමන්ති (චරියා පිටක)
“මෙසේ නානප්‍රකාර දුක් ද නානප්‍රකාර වූ සම්පත් ද කුඩාවූද මහත් වූද භවයෙහි අනුභව කොට උතුම් වූ සර්වඥතා ඥානයට පැමිණියෙමි”යි
සම්මාසම්බොධිං අධිගන්තුං ඉමස්මිං භද්දකප්පෙ අත්තනා කතං දුක්කරචරියං සඞ්ඛෙපෙනෙව වත්වා පුන –
සම්මා සම්බෝධිය අවබෝධ කර ගැනීමට මේ භද්‍රකල්පයෙහි තමන් වහන්සේ විසින් කරන ලද දුෂ්කර චර්‍ය්‍යාව කෙටියෙන් දේශනා කොට,
“දත්වා දාතබ්බකං දානං, සීලං පූරෙත්වා අසෙසතො; නෙක්ඛම්මෙ පාරමිං ගන්ත්වා, පත්තො සම්බොධිමුත්තමං.
366. “දත්වා දාතබ්බ කං දානං සීලං පුරෙත්වසෙසතො නෙක්ඛම්මෙ පාරමිං ගනත්වා පත්තො සම්බොධි මුත්තමං
“පණ්ඩිතෙ පරිපුච්ඡිත්වා, වීරියං කත්වාන මුත්තමං; ඛන්තියා පාරමිං ගන්ත්වා, පත්තො සම්බොධිමුත්තමං.
367. “පණ්ඩිතෙ පරිපුච්ඡිත්වා විරියං කත්වාන උත්තමං ඛන්තියා පාරමිං ගනත්වා පත්තො සම්බොධි මුත්තමං
“කත්වා දළ්හමධිට්ඨානං, සච්චවාචානුරක්ඛිය; මෙත්තාය පාරමිං ගන්ත්වා, පත්තො සම්බොධිමුත්තමං.
368. “කත්වා දළ්හමධිට්ඨානං සච්ච වාචානුරක්ඛිය මෙත්තාය පාරමිං ගනත්වා පත්තො සම්බොධි මුත්තමං
“ලාභාලාභෙ යසායසෙ, සම්මානනාවමානනෙ; සබ්බත්ථ සමකො හුත්වා, පත්තො සම්බොධිමුත්තම”න්ති. –
369. “ලාභාලාභෙ යසායසෙ සම්මානනාවමානනෙ සබ්බත්ථ සමකො හුත්වා පත්තො සම්බොධි මුත්තමන්ති. (චරියා පිටක)
“දිය යුතු දේ පරිත්‍යාග කොට අනවශේෂ වශයෙන් ශීලය සම්පූර්ණකොට මහාභිනිෂ්ක්රමණයෙහි කෙළවරට පැමිණ උතුම් වූ සර්වඥතා ඥානයට පැමිණියෙමි.
පණ්ඩිතයන් විචාරා උත්තම වීර්‍ය්‍ය කොට ක්ෂාන්ති පාරමිතාවගේ කෙළවරට පැමිණ උතුම් වූ සර්වඥතා ඥානයට පැමිණියෙමි.
අධිෂ්ඨානය දැඩිකොට සත්‍ය වචනය සංරක්ෂණය කොට මෛත්‍රී පාරමිතාවගේ කෙළවරට ගොස් උතුම් වූ සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි.
ලාභ අලාභ දෙක්හිද යස අයස දෙක්හිද ආදරයෙහි හා අනාදරයෙහි ද යන සියල්ලෙහි සම සිත් ඇතිව අතිශයින් උතුම් වූ සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි’යි
අත්තනා සම්මදෙව පරිපූරිතා දස පාරමියො දස්සෙති.
තමන් වහන්සේ විසින් මනාකොට පුරන ලද දශපාරමිතාවෝ දක්වති.
පකිණ්ණකකථා
ප්රකීර්ණක කථාව
ඉමස්මිං පන ඨානෙ ඨත්වා මහාබොධියානපටිපත්තියං උස්සාහජාතානං කුලපුත්තානං බොධිසම්භාරෙසු නානප්පකාරකොසල්ලත්ථං සබ්බපාරමීසු පකිණ්ණකකථා කථෙතබ්බා.
මෙතැන් සිට මහාබෝධියාන ප්රතිපත්තියෙහි හටගත් උත්සාහ ඇති කුලපුත්‍රයන්ට බෝධිසම්භාර ධර්මයන්හි නානප්‍රකාර කෞශල්‍යය පිණිස සියලු පාරමීතාවන්ගේ “පකිණ්ණක කථා” ප්රකීර්ණක කථාව කිව යුත්තීය.
තත්රිදං පඤ්හකම්මං – කා පනෙතා පාරමියො? කෙනට්ඨෙන පාරමියො? කතිවිධා චෙතා? කො තාසං කමො? කානි ලක්ඛණරසපච්චුපට්ඨානපදට්ඨානානි? කො පච්චයො? කො සංකිලෙසො? කිං වොදානං? කො පටිපක්ඛො? කා පටිපත්ති? කො විභාගො? කො සඞ්ගහො? කො සම්පාදනූපායො? කිත්තකෙන කාලෙන සම්පාදනං? කො ආනිසංසො? කිං චෙතාසං ඵලන්ති?
මේ එහි ප්‍රශ්න කර්මයයි:- 01. ඒ පාරමිතාවෝ නම් කවරහු ද? 02. කවර අර්ථයකින් පාරමීහු නම් වෙත් ද? 03. ඔවුහු කීවැදෑරුම් වෙත් ද? 04. ඔවුන්ගේ ක්‍රමය කවරේ ද? 05. ලක්ෂණ රස, ප්‍රත්‍යුපස්ථාන, පදස්ථානයෝ කවරහු ද? 06. ඔවුන්ගේ ප්‍රත්‍ය කවරේ ද? 07. සංක්ලේශය කවරේ ද? 08. පිරිසිදු වීම කවරේ ද? 09. ප්රතිපක්ෂ ධර්මය කවරේ ද? 10. ප්‍රතිපදාව කුමක් ද? 11. විභාගය කවරේ ද? 12. සඞ්ග්‍රහය කවරේ ද? 13. සම්පාදන උපාය කවරේ ද? 14. කොපමණ කලකින් සම්පාදනය වේද? 15. ආනිසංසය කවරේ ද? 16. ඔවුන්ගේ ඵලය කවරේ ද? යනුයි.
තත්රිදං විස්සජ්ජනං –
මේ එහි විසඳුමයි.
කා පනෙතා පාරමියොති? තණ්හාමානදිට්ඨීහි අනුපහතා කරුණූපායකොසල්ලපරිග්ගහිතා දානාදයො ගුණා පාරමියො.
01. “කා පන්තො පාරමියො” මේ පාරමිතාවෝ නම් කවරහුද යත් ? තෘෂ්ණා, මාන, දෘෂ්ටි යන කෙලෙස්වලින් නොමැඩුනා වූ කරුණාවෙන් හා උපාය කෞශල්‍යයෙන් හාත්පසින් රක්නා ලද දානාදී ගුණයෝ පාරමීහු නම් වෙති.
කෙනට්ඨෙන පාරමියොති? දානසීලාදිගුණවිසෙසයොගෙන සත්තුත්තමතාය පරමා මහාසත්තා බොධිසත්තා, තෙසං භාවො කම්මං වා පාරමී, දානාදිකිරියා. අථ වා පරතීති පරමො, දානාදිගුණානං පූරකො පාලකො චාති බොධිසත්තො, පරමස්ස අයං, පරමස්ස වා භාවො, කම්මං වා පාරමී, දානාදිකිරියාව. අථ වා පරං සත්තං අත්තනි මවති බන්ධති ගුණවිසෙසයොගෙන, පරං වා අධිකතරං මජ්ජති සුජ්ඣති සංකිලෙසමලතො, පරං වා සෙට්ඨං නිබ්බානං විසෙසෙන මයති ගච්ඡති, පරං වා ලොකං පමාණභූතෙන ඤාණවිසෙසෙන ඉධලොකං විය මුනාති පරිච්ඡින්දති, පරං වා අතිවිය සීලාදිගුණගණං අත්තනො සන්තානෙ මිනොති පක්ඛිපති, පරං වා අත්තභූතතො ධම්මකායතො අඤ්ඤං පටිපක්ඛං වා තදනත්ථකරං කිලෙසචොරගණං මිනාති හිංසතීති පරමො, මහාසත්තො. පරමස්ස අයන්තිආදි වුත්තනයෙන යොජෙතබ්බං. පාරෙ වා නිබ්බානෙ මජ්ජති සුජ්ඣති සත්තෙ ච සොධෙති, තත්ථ වා සත්තෙ මවති බන්ධති යොජෙති, තං වා මයති ගච්ඡති ගමෙති ච, මුනාති වා තං යාථාවතො , තත්ථ වා සත්තෙ මිනොති පක්ඛිපති, කිලෙසාරයො වා සත්තානං තත්ථ මිනාති හිංසතීති පාරමී, මහාපුරිසො. තස්ස භාවො කම්මං වා පාරමිතා, දානාදිකිරියාව. ඉමිනා නයෙන පාරමීසද්දත්ථො වෙදිතබ්බො.
02. “කෙනට්ඨෙන පාරමියො” කවර අර්ථයකින් පාරමීහු නම් වෙත්ද? යත් ඒ දානශීලාදී ගුණ විශේෂ යෝගය කරණකොට ගෙන සත්ත්වයින්ට උතුම් වන බැවින් මහාසත්ත්ව වූ බෝධිසත්ත්වයෝ “පරම” වෙති. උන්වහන්සේලාගේ භාවය හෝ කර්මය “පරමී” වේ. දානාදී ක්රියාවෝය. නැතහොත් පුරානුයි “පරම” නමි. දානාදී ගුණයන් පුරන්නා, පාලකයා යන අර්ථයෙන් “බෝධිසත්ත්වයෝ “පාරම” වෙති. පරම වූ බෝධිසත්ත්වයන්ගේ මෙය (ගුණය) හෝ ස්වභාවය හෝ කර්මය “පාරමී “ නම් වේ. දානාදී ක්රියාවෝමය. නැතහොත් ගුණ විශේෂය කරණ කොට ගෙන සෙසු සත්ත්වයන් තමා කෙරෙහි බැඳ ගනීනුයි (මහාසත්ත්වයෝ ‘පරම’ වෙති) නැතහොත් සංක්ලේශ මලයෙන් අත්‍යර්ථයෙන්, ඉතා අධිකව පිරිසිදු වේනුයි (මහාසත්ත්වයෝ ‘පරම’ නම් වෙති) උතුම් වූ නිර්වාණයට විශේෂයෙන් පැමිණේනුයි (මහාසත්ත්වයෝ ‘පරම’ නම් වෙති) නැතහොත් පරලොව ප්‍රමාණ වූ ඥානවිශේෂයෙන් මේ ලෝකය මෙන් පිරිසිඳ දනීනුයි (මහාසත්ත්වයෝ ‘පරම’ නම් වෙති.) ඉතා බොහෝ වූ ශීලාදී ගුණ සමූහය තමාගේ සිතෙහි බහානුයි (මහාසත්ත්වයෝ පරම නම් වෙති) ආත්මයයි කියන ලද ධර්මකායයෙන් අන්‍ය වූ නොහොත් විරුද්ධ වූ අනර්ථකර වූ කෙලෙස් නැමති සොරුන් සමූහය පෙලානුයි මහාසත්ත්වයෝ “පරම” නම් වෙති. “පරමස්ස අයං” යනාදිය ඉහත සඳහන් පරිදි මෙහිද යෙදිය යුතුය. නැතහොත් පාරයයි කියන ලද නිවන් අරමුණු කොටගෙන පිරිසිදු වෙයි, සත්ත්වයන් ද පිරිසිදු කෙරෙයි. ඒ නිර්වාණයෙහි සත්ත්වයන් බඳී. යොදවයි. හෝ ඒ නිවනට පැමිණෙයි, යයි, පමුණුවයි හෝ පාරමී නම් වේ. තත්වූ පරිද්දෙන් නිවන අවබෝධ කෙරේනුයි හෝ පාරමී නම්වේ. ඒ නිවනෙහි සත්ත්වයන් බහානුයි හෝ පාරමී නම් වේ. සත්ත්වයන්ගේ කෙලෙස් ආදිය ඒ නිවනෙහි ලා වෙහෙසට පමුණුවානුයි හෝ පාරමී වේ. එනම් මහා පුරුෂයෝය. උන්වහසේගේ ස්වභාවය හෝ කර්මය පාරමිතා නම් වේ. දානාදී ක්රියාවෝමය. මේ ක්‍රමයෙන් “පාරමී” ශබ්දයෙහි අර්ථය දත යුතුය.
කතිවිධාති? සඞ්ඛෙපතො දසවිධා. තා පන පාළියං සරූපතො ආගතායෙව. යථාහ –
03. “කතිවිධා” ඒ පාරමිතාවෝ කී වැදෑරුම් වේද? යන ප්‍රශ්නයෙහි කෙටියෙන් දශ වැදෑරුම් වෙති. ඒ පාරමිතාවෝ වනාහි ස්වරූප වශයෙන් පාලියෙහි ආවාහුමය. එහෙයින් කීහ.
“විචිනන්තො තදා දක්ඛිං, පඨමං දානපාරමිං; පුබ්බකෙහි මහෙසීහි, අනුචිණ්ණං මහාපථ”න්ති. (බු· වං· 2.116) –
“එකල සුමේධ පණ්ඩිතයෝ බුද්ධකාරක ධර්මයන් සොයන්නෝ පෙර බුදුවරයන් විසින් පුරුදු කළ, පිළිපදින ලද පළමු වන දාන පාරමිතාව දුටහ”
ආදි. යථා චාහ – “කති නු ඛො, භන්තෙ, බුද්ධකාරකා ධම්මා? දස ඛො, සාරිපුත්ත, බුද්ධකාරකා ධම්මා. කතමෙ දස? දානං ඛො, සාරිපුත්ත, බුද්ධකාරකො ධම්මො, සීලං, නෙක්ඛම්මං, පඤ්ඤා, වීරියං, ඛන්ති, සච්චං, අධිට්ඨානං, මෙත්තා, උපෙක්ඛා බුද්ධකාරකො ධම්මො. ඉමෙ ඛො, සාරිපුත්ත, දස බුද්ධකාරකා ධම්මා”ති. ඉදමවොච භගවා, ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා –
යනාදියයි. එසේම “ස්වාමීනි බුද්ධකාරක ධර්මයෝ කෙනෙක් වෙත්ද? ශාරිපුත්‍රයෙනි, බුද්ධකාරක ධර්මයෝ වනාහි දසදෙනෙක් වෙති. කවර දහයක් ද යත්? ශාරිපුත්‍රය, දානය බුද්ධ කාරක ධර්මයකි. ශීලය, නෛෂ්ක්‍රම්‍යය, ප්‍රඥාව, වීර්‍ය්‍යය, ක්ෂාන්තිය, සත්‍යය, අධිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව, බුද්ධකාරක ධර්මයෝය. ශාරිපුත්‍රය, මේ දහය බුද්ධකාරක ධර්මයෝ වෙති’යි යන මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා අන්‍ය වූ මේ කාරණයද වදාළහ.
“දානං සීලඤ්ච නෙක්ඛම්මං, පඤ්ඤා වීරියෙන පඤ්චමං; ඛන්ති සච්චමධිට්ඨානං, මෙත්තුපෙක්ඛාති තෙ දසා”ති. (බු· වං· 1.76 ථොකං විසදිසං);
“දානය, ශීලය, නෛෂ්ක්‍රම්‍යය, ප්‍රඥාව, පස්වෙනිව වීර්‍ය්‍යය, ක්ෂාන්තිය, සත්‍යය, අධිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව යන මේවා දස පාරමිතාවෝය.”
කෙචි පන “ඡබ්බිධා”ති වදන්ති. තං එතාසං සඞ්ගහවසෙන වුත්තං. සො පන සඞ්ගහො පරතො ආවි භවිස්සති.
සමහරු වනාහි සය වැදෑරුම් යයි කියති. ඒ වනාහි මේ දශ පාරමිතාවන්ගේ සංග්‍රහ වශයෙන් කියන ලදී. ඒ සංග්‍රහය මතුවට විස්තර වන්නේය.
කො තාසං කමොති? එත්ථ කමොති දෙසනාක්කමො, සො ච පඨමසමාදානහෙතුකො, සමාදානං පවිචයහෙතුකං, ඉති යථා ආදිම්හි පවිචිතා සමාදින්නා ච, තථා දෙසිතා. තත්ථ දානං සීලස්ස බහූපකාරං සුකරඤ්චාති තං ආදිම්හි වුත්තං. දානං සීලපරිග්ගහිතං මහප්ඵලං හොති මහානිසංසන්ති දානානන්තරං සීලං වුත්තං. සීලං නෙක්ඛම්මපරිග්ගහිතං, නෙක්ඛම්මං පඤ්ඤාපරිග්ගහිතං, පඤ්ඤා වීරියපරිග්ගහිතා, වීරියං ඛන්තිපරිග්ගහිතං, ඛන්ති සච්චපරිග්ගහිතා, සච්චං අධිට්ඨානපරිග්ගහිතං, අධිට්ඨානං මෙත්තාපරිග්ගහිතං, මෙත්තා උපෙක්ඛාපරිග්ගහිතා මහප්ඵලා හොති මහානිසංසාති මෙත්තානන්තරමුපෙක්ඛා වුත්තා. උපෙක්ඛා පන කරුණාපරිග්ගහිතා කරුණා ච උපෙක්ඛාපරිග්ගහිතාති වෙදිතබ්බා. “කථං පන මහාකාරුණිකා බොධිසත්තා සත්තෙසු උපෙක්ඛකා හොන්තී”ති? “උපෙක්ඛිතබ්බයුත්තෙසු කඤ්චි කාලං උපෙක්ඛකා හොන්ති , න පන සබ්බත්ථ සබ්බදා චා”ති කෙචි. අපරෙ පන – “න සත්තෙසු උපෙක්ඛකා, සත්තකතෙසු පන විප්පකාරෙසු උපෙක්ඛකා හොන්තී”ති.
04. “කො තාසං කමො” ඔවුන්ගේ ක්‍රමය කවරේ ද? යන ප්‍රශ්නයෙහි “ක්‍රමය” නම් දේශනා ක්‍රමයයි. එයද ප්‍රථම සමාදානහේතුකය. සමාදානය පුරුද්ද හේතුකොට ඇත්තේයයි යම්සේ මුලදී සොයා ගන්නා ලද්දේ ද සමාදන්වන ලද්දේ ද එසේ දේශනා කරන ලද්දේය. එහි දානය ශීලයට බොහෝ උපකාර ඇත්තේ යයි ද සුවසේ පිරිය හැක්කේ යයිද එය පළමුව දේශනා කරන ලදී. ශීලයෙන් හාත්පසින් අල්වා ගන්නා ලද දානය මහත්ඵල වේ, මහානිසංස වේ යයි දානයෙන් අනතුරුව ශීලය වදාරණ ලදී. ශීලය නෛෂ්ක්‍රම්‍යයෙන් හාත්පසින් අල්ලා ගන්නා ලද්දේ, නෛෂ්ක්‍රම්‍යය ප්‍රඥාවෙන් හාත්පසින් අල්වා ගන්නා ලද්දේ, ප්‍රඥාව වීර්‍ය්‍යයෙන් හාත්පසින් අල්වා ගන්නා ලද්දේ, වීර්‍ය්‍ය ක්ෂාන්තියෙන් හාත්පසින් අල්වා ගන්නා ලද්දේ, ක්ෂාන්තිය සත්‍යයෙන් හාත්පසින් අල්වා ගන්නා ලද්දේ, සත්‍යය අධිෂ්ඨානයෙන් හාත්පසින් අල්ලා ගන්නා ලද්දේ, අධිෂ්ඨානය මෛත්‍රියෙන් හාත්පසින් අල්ලා ගන්නා ලද්දේ මෛත්‍රිය උපේක්ෂාවෙන් හාත්පසින් අල්ලා ගන්නා ලද්දේ මහත්ඵල වේ, මහානිසංස වේ යයි මෛත්‍රියෙන් අනතුරුව උපේක්ෂාව වදාරණ ලදී. උපේක්ෂාව වනාහි කරුණාවෙන් හාත්පසින් අල්වා ගන්නා ලද්දේ යයි ද කරුණාවද උපේක්ෂාවෙන් හාත්පසින් අල්වා ගන්නා ලද්දේ යයිද දතයුතුය. මහාකරුණික වූ බෝධිසත්ත්වවරු වනාහි කෙසේ නම් සත්ත්වයන් කෙරෙහි උපේක්ෂා වන්නෝ වෙත් ද? උපේක්ෂා කළයුත්තන් කෙරෙහි මඳ කලක් උපේක්ෂක වූවාහු වෙති, සියලුතන්හිම සියලු කල්හිම නොවෙතියි සමහරු කියති. අන්‍යයෝ වනාහි සත්ත්වයන් කෙරෙහි උපේක්ෂා කරන්නාහු නොවෙති. සත්ත්වයන් විසින් කළ විප්රකාරයන්හි උපේක්ෂක වෙත් යයි කියති.
අපරො නයො – පචුරජනෙසුපි පවත්තියා සබ්බසත්තසාධාරණත්තා අප්පඵලත්තා සුකරත්තා ච ආදිම්හි දානං වුත්තං. සීලෙන දායකපටිග්ගාහකසුද්ධිතො පරානුග්ගහං වත්වා පරපීළානිවත්තිවචනතො කිරියධම්මං වත්වා අකිරියධම්මවචනතො භොගසම්පත්තිහෙතුං වත්වා භවසම්පත්තිහෙතුවචනතො ච දානස්ස අනන්තරං සීලං වුත්තං. නෙක්ඛම්මෙන සීලසම්පත්තිසිද්ධිතො කායවචීසුචරිතං වත්වා මනොසුචරිතවචනතො විසුද්ධසීලස්ස සුඛෙනෙව ඣානසමිජ්ඣනතො කම්මාපරාධප්පහානෙන පයොගසුද්ධිං වත්වා කිලෙසාපරාධප්පහානෙන ආසයසුද්ධිවචනතො වීතික්කමප්පහානෙන චිත්තස්ස පරියුට්ඨානප්පහානවචනතො ච සීලස්ස අනන්තරං නෙක්ඛම්මං වුත්තං. පඤ්ඤාය නෙක්ඛම්මස්ස සිද්ධිපරිසුද්ධිතො ඣානාභාවෙන පඤ්ඤාභාවවචනතො “සමාධිපදට්ඨානා හි පඤ්ඤා, පඤ්ඤාපච්චුපට්ඨානො ච සමාධි”. සමථනිමිත්තං වත්වා උපෙක්ඛානිමිත්තවචනතො පරහිතජ්ඣානෙන පරහිතකරණූපායකොසල්ලවචනතො ච නෙක්ඛම්මස්ස අනන්තරං පඤ්ඤා වුත්තා. වීරියාරම්භෙන පඤ්ඤාකිච්චසිද්ධිතො සත්තසුඤ්ඤතාධම්මනිජ්ඣානක්ඛන්තිං වත්වා සත්තහිතාය ආරම්භස්ස අච්ඡරියතාවචනතො උපෙක්ඛානිමිත්තං වත්වා පග්ගහනිමිත්තවචනතො නිසම්මකාරිතං වත්වා උට්ඨානවචනතො ච “නිසම්මකාරිනො හි උට්ඨානං ඵලවිසෙසමාවහතී”ති පඤ්ඤාය අනන්තරං වීරියං වුත්තං.
එහි තවත් ක්‍රමයක් නම්, බොහෝ දෙනා කෙරෙහි පැවතීම හේතුකොට ගෙනද, සියලු සත්ත්වයන්ට සාධාරණ හෙයින් ද අල්ප වූ ඵල ඇති හෙයින් ද සුවසේ කළහැකි බැවින් ද පළමුකොට දාන පාරමිතාව වදාරණ ලදී. ශීලයෙන් දායක ප්‍රතිග්‍රාහක දෙපක්ෂයේ ශුද්ධිය වන හෙයින් ද පරානුග්රහය කියා පරපීඩා වැළැක්ම කී හෙයින් ද කිරියා ධර්මය කියා අකිරියා ධර්මය කී හෙයින් ද, භෝග සම්පත්ති හේතු කියා භව සම්පත්ති හේතුව කී හෙයින් ද දානයට අනතුරුව ශීලය වදාරණ ලදී. නෛෂ්ක්‍රම්‍යයෙන් ශීලසම්පත්තිය සිදුවන හෙයින් කාය වචී සුචරිතය කියා මනෝ සුචරිතය කී හෙයින් ද පිරිසිදු සිල් ඇත්තාහට පහසුවෙන්ම ධ්‍යානය සමෘද්ධ වන හෙයින් කර්මාපරාධ ප්‍රහාණයෙන් ප්‍රයෝග සිද්ධිය කියා ක්ලේශාපරාධ ප්‍රහාණයෙන් ආශය ශුද්ධිය කී හෙයින් ද වීතික්කම ප්රහාණයෙහි සිටියහුගේ පරියුට්ඨාන ප්රහාණය කී හෙයින්ද ශීලයට අනතුරුව නෛෂ්ක්‍රම්‍ය වදාරණ ලදී. ප්‍රඥාවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි සිද්ධිය පිරිසිදු වන හෙයින් ද ධ්‍යානයක් නැති කල්හි ප්‍රඥාවක් නැති බව කී හෙයින් ද (ප්‍රඥාව සමාධිය අසන්න කාරණය කොට ඇත්තේය. සමාධිය ප්‍රඥාව ප්‍රත්‍යුපස්ථානය හෙවත් වැටහෙන ආකාරය කොට ඇත්තේය) සමථ නිමිත්ත කියා උපේක්ෂා නිමිත්ත කී හෙයින් ද පරහිතධ්යානයෙන් පරවැඩ පිණිස පැවති ද කරුණෝපාය කෞශල්‍යය කී හෙයින් ද නෛෂ්ක්‍රම්‍යයට අනතුරුව ප්‍රඥා පාරමිතාව වදාරණ ලදී. වීර්ය්යයාරම්භයෙන් ප්‍රඥාවගේ කෘත්‍යය සිද්ධවන හෙයින් ද සත්ත්ව ශුන්යතාධර්ම නිද්ධ්යාන ක්ෂාන්තිය කියා සත්ත්වයන්ට හිත පිණිස ආරම්භ වූවහුගේ නොමසුරු බව කී හෙයින් ද, උපේක්ෂා නිමිත්ත කියා ප්‍රග්‍රහ නිමිත්ත කී හෙයින්ද, පරීක්ෂා කොට කරන සුළු බව කියා උට්ඨාන වීර්‍ය්‍ය කී හෙයින් ද (පරීක්ෂා කොට කරන සුළු තැනැත්තාගේ උත්සාහය විශේෂ ඵල ගෙන දෙයි) ප්‍රඥාවෙන් අනතුරුව වීර්‍ය්‍ය පාරමිතාව වදාරණ ලදී.
වීරියෙන තිතික්ඛාසිද්ධිතො “වීරියවා හි ආරද්ධවීරියත්තා සත්තසඞ්ඛාරෙහි උපනීතං දුක්ඛං අභිභුය්ය විහරති”. වීරියස්ස තිතික්ඛාලඞ්කාරභාවතො “වීරියවතො හි තිතික්ඛා සොභති”. පග්ගහනිමිත්තං වත්වා සමථනිමිත්තවචනතො අච්චාරම්භෙන උද්ධච්චදොසප්පහානවචනතො “ධම්මනිජ්ඣානක්ඛන්තියා හි උද්ධච්චදොසො පහීයති”. වීරියවතො සාතච්චකරණවචනතො “ඛන්තිබහුලො හි අනුද්ධතො සාතච්චකාරී හොති”. අප්පමාදවතො පරහිතකිරියාරම්භෙ පච්චුපකාරතණ්හාභාවවචනතො “යාථාවතො ධම්මනිජ්ඣානෙ හි සති තණ්හා න හොති”. පරහිතාරම්භෙ පරමෙපි පරකතදුක්ඛසහනතාවචනතො ච වීරියස්ස අනන්තරං ඛන්ති වුත්තා. සච්චෙන ඛන්තියා චිරාධිට්ඨානතො අපකාරිනො අපකාරඛන්තිං වත්වා තදුපකාරකරණෙ අවිසංවාදවචනතො ඛන්තියා අපවාදවාචාවිකම්පනෙන භූතවාදිතාය අවිජහනවචනතො සත්තසුඤ්ඤතාධම්මනිජ්ඣානක්ඛන්තිං වත්වා තදුපබ්රූහිතඤාණසච්චවචනතො ච ඛන්තියා අනන්තරං සච්චං වුත්තං.
වීර්‍ය්‍යයෙන් පරාපකාර ඉවසීම සිදුවන හෙයින් ද, (වීර්‍ය්‍ය ඇති තැනැත්තේ වනාහි පටන් ගත් වීර්‍ය්‍ය ඇති හෙයින් සත්ත්ව සංස්කාරයන් විසින් එළවන ලද දුක් මැඩ පවත්වා වාසය කරයි) වීර්‍ය්‍යයට ඉවසීම අලඞ්කාරවන හෙයින් ද, (වීර්‍ය්‍ය ඇත්තහුගේ වනාහි ඉවසීම හොබනේය) ප්‍රග්‍රහ නිමිත්ත කියා සමථ නිමිත්ත කී හෙයින් ද, අත්යාරම්භයෙන් උද්ධච්ච දෝස ප්රහාණය කී හෙයින් ද, (ධර්ම නිද්ධ්යාන ක්ෂාන්තියෙන් වනාහි උද්ධච්ච දෝසය ප්‍රහීණ වෙයි.) වීර්‍ය්‍ය ඇත්තහුට සාක්ෂාත් කිරීම (නොනැවතී කිරීම) කී හෙයින්ද, (ක්ෂාන්තිය බහුලකොට ඇත්තා වනාහි උඩඟු නොවූයේ නොනැවතී ක්‍රියා කරන්නේ වෙයි.) අප්‍රමාද වූවහුට අනුන්ට වැඩ කිරීමෙහි ප්‍රත්‍යුපකාර තෘෂ්ණාව නැති බව කී හෙයින් ද (ඇති සැටියෙන් ධර්මාවබෝධය ඇති කල්හි තෘෂ්ණාව නොවේ) අනුන්ට හිත වැඩ කිරීමට පටන් ගැනීම වෙයි. උත්තමයන් විසින් අනුන් කළ දුක් ඉවසීම කරනු ලැබේ යයි කී හෙයින් ද වීර්‍ය්‍යයට අනතුරුව ක්ෂාන්තිය කියන ලදී. සත්‍යය කරණකොට ගෙන ක්ෂාන්තියෙහි බොහෝ කල් පැවැත්ම වන හෙයින් ද අපකාර කරන්නාගේ අපකාර ක්ෂාන්තිය කියා ඔහුට උපකාර කිරීමෙහි විසංවාද නොවීම (සත්‍යය) කී හෙයින් ද ක්ෂාන්තියෙන් අපවාද වචන කම්පනය කොට සත්‍යවාදීභාවය අත් නොහැරීම කී හෙයින්ද සත්ත්ව ශූන්‍යතා ධර්ම නිද්ධ්යාන ක්ෂාන්තිය වදාරා ඔහු විසින් වඩන ලද ඥාන සත්‍යය වදාළ හෙයින්ද ක්ෂාන්තියට අනතුරුව සත්‍ය පාරමිතාව වදාරණ ලදී.
අධිට්ඨානෙන සච්චසිද්ධිතො “අචලාධිට්ඨානස්ස හි විරති සිජ්ඣති”. අවිසංවාදිතං වත්වා තත්ථ අචලභාවවචනතො “සච්චසන්ධො හි දානාදීසු පටිඤ්ඤානුරූපං නිච්චලොව පවත්තති”. ඤාණසච්චං වත්වා සම්භාරෙසු පවත්තිනිට්ඨාපනවචනතො “යථාභූතඤාණවා හි බොධිසම්භාරෙ අධිට්ඨාති, තෙ ච නිට්ඨාපෙති පටිපක්ඛෙහි අකම්පියභාවතො”ති සච්චස්ස අනන්තරං අධිට්ඨානං වුත්තං. මෙත්තාය පරහිතකරණසමාදානාධිට්ඨානසිද්ධිතො අධිට්ඨානං වත්වා හිතූපසංහාරවචනතො “බොධිසම්භාරෙ හි අධිතිට්ඨමානො මෙත්තාවිහාරී හොති”. අචලාධිට්ඨානස්ස සමාදානාවිකොපනෙන සමාදානසම්භවතො ච අධිට්ඨානස්ස අනන්තරං මෙත්තා වුත්තා. උපෙක්ඛාය මෙත්තාවිසුද්ධිතො සත්තෙසු හිතූපසංහාරං වත්වා තදපරාධෙසු උදාසීනතාවචනතො මෙත්තාභාවනං වත්වා තන්නිස්සන්දභාවනාවචනතො හිතකාමසත්තෙපි උපෙක්ඛකොති අච්ඡරියගුණතාවචනතො ච මෙත්තාය අනන්තරං උපෙක්ඛා වුත්තාති එවමෙතාසං කමො වෙදිතබ්බො.
අධිෂ්ඨානය කරණ කොට ගෙන සත්‍යය සිද්ධ වන හෙයින් (ස්ථිර අධිෂ්ඨානය ඇත්තහුටම විරතිය සිද්ධ වේ) අවිසංවාදීභාවය වදාරා එහි නිශ්චලභාවය කී හෙයින් (සත්‍යයෙන් සත්‍යය ගළපන තැනැත්තේම දානාදියෙහි ප්‍රතිඥාවට අනුරූපව නිශ්චලව පවතී.) ඥාන සත්‍යය කියා බෝධිසම්භාර ධර්මයන්හි පැවැත්ම හා නැවැත්ම කී හෙයින් (යථාභූත ඤාණයෙන් යුක්ත වූ තැනැත්තේම බෝධිසම්භාර ධර්මයන් අධිෂ්ඨාන කරයි. ඒවා කොට නිමවයි) ප්රතිපක්ෂයන් කෙරෙන් කම්පනය වීමත් නැති බැවිනුයි සත්‍ය පාරමිතාවට අනතුරුව අධිෂ්ඨාන පාරමිතාව වදාරණ ලදී. මෛත්‍රිය කරණ කොට ගෙන අනුන්ට වැඩ කිරීමෙහි සමාදානාධිෂ්ඨානය සිද්ධ වන හෙයින් අධිෂ්ඨානය වදාරා හිත එළවීම කී හෙයින් (බෝධිසම්භාර ධර්මයන්හි සිටින්නේ මෛත්‍රී විහරණ ඇත්තේ වේ.) නිශ්චල අධිෂ්ඨානයෙන් යුක්ත වූවහුගේ සමාදානය කෝප නොකීරිමෙන් සමාදානය සිද්ධ වන හෙයින් ද අධිෂ්ඨානයට අනතුරුව මෛත්‍රී පාරමිතාව වදාරණ ලදී. උපේක්ෂාව හේතුකොට ගෙන මෛත්‍රිය විසුද්ධ වන හෙයින් ද සත්ත්වයන් කෙරෙහි හිත එළවීම කියා ඔවුන් විසින් කරන ලද අපරාධයන්හි උදාසීනභාවය කී හෙයින් මෛත්‍රී භාවනාව වදාරා තන්නිසසන්ද භාවනාව වදාළ හෙයින්ද හිත කැමැත්තා වූ සත්ත්වයන් කෙරෙහිද උපේක්ෂා ඇත්තේයයි ආශ්චර්‍ය්‍යය ගුණ ඇතිබව වදාළ හෙයින්ද මෛත්‍රියට අනතුරුව උපේක්ෂාව වදාරණ ලදී යයි මෙසේ මේ පාරමිතා ධර්මයන්ගේ දේශනා ක්‍රමය දත යුතුය.
කානි ලක්ඛණරසපච්චුපට්ඨානපදට්ඨානානීති එත්ථ අවිසෙසෙන තාව සබ්බාපි පාරමියො පරානුග්ගහලක්ඛණා, පරෙසං උපකාරකරණරසා, අවිකම්පනරසා වා, හිතෙසිතාපච්චුපට්ඨානා, බුද්ධත්තපච්චුපට්ඨානා වා, මහාකරුණාපදට්ඨානා, කරුණූපායකොසල්ලපදට්ඨානා වා.
05. “කානි ලක්ඛණ රස පච්චුපට්ඨාන පදට්ඨානානි” ලක්ෂණ, රස, ප්‍රත්‍යුපස්ථාන පදස්ථානයෝ කවරහුද? යන ප්‍රශ්නයෙහි සාමාන්‍යයෙන් පාරමිතාවෝ අනුන්හට අනුග්‍රහ කිරීම ලක්ෂණ කොට ඇත්තේය. අනුන්ට උපකාර කිරීම රස හෙවත් කෘත්‍යය කොට ඇත්තෝය. නැතහොත් කම්පිත නොවීම රසය කොට ඇත්තේය. හිතෛෂීභාවය ප්‍රත්‍යුපස්ථානය හෙවත් වැටහෙන ආකාරය හෝ ඵලය කොට ඇත්තෝය. නැතහොත් බුද්ධත්වය ප්‍රත්‍යුපස්ථාන කොට ඇත්තෝය. මහා කරුණාව පදස්ථාන හෙවත් ආසන්න කාරණය කොට ඇත්තෝය. නැතහොත් කරුණාව හා උපාය කෞශල්‍යය පදස්ථාන කොට ඇත්තෝය.
විසෙසෙන පන යස්මා කරුණූපායකොසල්ලපරිග්ගහිතා අත්තූපකරණපරිච්චාගචෙතනා දානපාරමිතා, කරුණූපායකොසල්ලපරිග්ගහිතං කායවචීසුචරිතං අත්ථතො අකත්තබ්බවිරතිකත්තබ්බකරණචෙතනාදයො ච සීලපාරමිතා. කරුණූපායකොසල්ලපරිග්ගහිතො ආදීනවදස්සනපුබ්බඞ්ගමො කාමභවෙහි නික්ඛමනචිත්තුප්පාදො නෙක්ඛම්මපාරමිතා, කරුණූපායකොසල්ලපරිග්ගහිතො ධම්මානං සාමඤ්ඤවිසෙසලක්ඛණාවබොධො පඤ්ඤාපාරමිතා . කරුණූපායකොසල්ලපරිග්ගහිතො කායචිත්තෙහි පරහිතාරම්භො වීරියපාරමිතා, කරුණූපායකොසල්ලපරිග්ගහිතං සත්තසඞ්ඛාරාපරාධසහනං අදොසප්පධානො තදාකාරප්පවත්තචිත්තුප්පාදො ඛන්තිපාරමිතා, කරුණූපායකොසල්ලපරිග්ගහිතං විරතිචෙතනාදිභෙදං අවිසංවාදනං සච්චපාරමිතා, කරුණූපායකොසල්ලපරිග්ගහිතං අචලසමාදානාධිට්ඨානං තදාකාරප්පවත්තො චිත්තුප්පාදො අධිට්ඨානපාරමිතා, කරුණූපායකොසල්ලපරිග්ගහිතො ලොකස්ස හිතසුඛූපසංහාරො අත්ථතො අබ්යාපාදො මෙත්තාපාරමිතා, කරුණූපායකොසල්ලපරිග්ගහිතා අනුනයපටිඝවිද්ධංසනී ඉට්ඨානිට්ඨෙසු සත්තසඞ්ඛාරෙසු සමප්පවත්ති උපෙක්ඛාපාරමිතා.
විශේෂයෙන් වනාහි යම්හෙයකින් කරුණාවෙන් හා උපාය කෞශල්‍ය ඥානයෙන් පිරිසිඳගන්නා ලද තමාගේ ජීවිතය හා උපකාරණ පරිත්‍යාග චේතනාව “දාන පාරමිතා” දාන පාරමිතා නම් වේද, කරුණාවෙන් හා උපාය කෞශල්‍ය ඥානයෙන් පිරිසිඳ ගන්නා ලද කායවාක් සුචරිතය අර්ථ වශයෙන් නොකටයුතු දෙයින් වැළකීම හා කළයුතු දේ කිරීමේ චේතනාදීහු “සීල පාරමිතා” ශීල පාරමිතා නම් වේද, කරුණාවෙන් හා උපාය කෞශල්‍ය ඥානයෙන් පිරිසිඳ ගන්නා ලද ආදීනව දැක්ම පෙරදැරි වූ කාමභවයන්ගෙන් නික්මීමේ සිත ඉපිදවීම “නෙක්ඛම්ම පාරමිතා” නෛෂ්ක්‍රම්‍ය පාරමිතා නම් වේද, කරුණාවෙන් හා උපාය කෞශල්‍ය ඥානයෙන් පිරිසිඳ ගන්නා ලද ධර්මයන්ගේ සාමාන්‍ය විශේෂ ලක්ෂණාවබෝධය “පඤ්ඤා පාරමිතා” ප්‍රඥා පාරමිතා නම් වේද, කරුණාවෙන් හා උපාය කෞශල්‍ය ඥානයෙන් පිරිසිඳ ගන්නා ලද කයින් හා සිතින් පරහට වැඩ කිරීමෙහි පැවතියා වූ උත්සාහය “විරිය පාරමිතා” වීර්‍ය්‍ය පාරමිතා නම් වේද, කරුණාවෙන් හා උපාය කෞශල්‍ය ඥානයෙන් පිරිසිඳ ගන්නා ලද සත්ත්ව සංස්කාරයන් විසින් කරන ලද අපරාධයන් ඉවසීමත් එසේ ඉවසීම් වශයෙන් පැවතියා වූ අද්වේශය ප්‍රධාන කොට ඇති සිත් ඉපිද වීමත් “ඛන්ති පාරමිතා” ක්ෂාන්ති පාරමිතා නම් වේද, කරුණාවෙන් හා උපාය කෞශල්‍ය ඥානයෙන් පිරිසිඳ ගන්නා ලද විරති චේතනා ආදී ප්‍රභේද ඇති අවිසංවාදනය හෙවත් බොරු නොකීම “සච්ච පාරමිතා” සත්‍ය පාරමිතාව නම් වේද, කරුණාවෙන් හා උපාය කෞශල්‍ය ඥානයෙන් පිරිසිඳ ගන්නා ලද අචල සමාධිෂ්ඨානය හෙවත් සමාදන් වන ලද ධර්මයන්හි නිශ්චල පිහිටීම හා එබඳු ආකාරයෙන් පැවති සිත් ඉපිදවීම “අධිට්ඨාන පාරමිතා” අධිෂ්ඨාන පාරමිතා නම් වේද, කරුණාවෙන් හා උපාය කෞශල්‍ය ඥානයෙන් පිරිසිඳ ගන්නා ලද ලෝකයාට හිත සැප එළවීම, අර්ථ වශයෙන් අව්‍යාපාදය “මෙත්තා පාරමිතා” මෛත්‍රී පාරමිතා නම් වේද, කරුණාවෙන් හා උපාය කෞශල්‍ය ඥානයෙන් පිරිසිඳ ගන්නා ලද ආලය හා ක්‍රෝධය නසන්නා වූ, තමාට ප්‍රිය වූද අප්‍රිය වූද සත්ත්ව සංස්කාරයන් කෙරෙහි සම පැවැත්ම “උපෙක්ඛා පාරමිතා” උපේක්ෂා පාරමිතා නම් වේද
තස්මා පරිච්චාගලක්ඛණා දානපාරමී, දෙය්යධම්මෙ ලොභවිද්ධංසනරසා, අනාසත්තිපච්චුපට්ඨානා, භවවිභවසම්පත්තිපච්චුපට්ඨානා වා, පරිච්චජිතබ්බවත්ථුපදට්ඨානා. සීලනලක්ඛණා සීලපාරමී, සමාධානලක්ඛණා පතිට්ඨානලක්ඛණා චාති වුත්තං හොති. දුස්සීල්යවිද්ධංසනරසා, අනවජ්ජරසා වා, සොචෙය්යපච්චුපට්ඨානා, හිරොත්තප්පපදට්ඨානා. කාමතො ච භවතො ච නික්ඛමනලක්ඛණා නෙක්ඛම්මපාරමී, තදාදීනවවිභාවනරසා, තතො එව විමුඛභාවපච්චුපට්ඨානා, සංවෙගපදට්ඨානා. යථාසභාවපටිවෙධලක්ඛණා පඤ්ඤාපාරමී, අක්ඛලිතපටිවෙධලක්ඛණා වා කුසලිස්සාසඛිත්තඋසුපටිවෙධො විය, විසයොභාසනරසා පදීපො විය, අසම්මොහපච්චුපට්ඨානා අරඤ්ඤගතසුදෙසිකො විය, සමාධිපදට්ඨානා, චතුසච්චපදට්ඨානා වා. උස්සාහලක්ඛණා වීරියපාරමී, උපත්ථම්භනරසා, අසංසීදනපච්චුපට්ඨානා, වීරියාරම්භවත්ථුපදට්ඨානා, සංවෙගපදට්ඨානා වා. ඛමනලක්ඛණා ඛන්තිපාරමී, ඉට්ඨානිට්ඨසහනරසා, අධිවාසනපච්චුපට්ඨානා, අවිරොධපච්චුපට්ඨානා වා, යථාභූතදස්සනපදට්ඨානා. අවිසංවාදනලක්ඛණා සච්චපාරමී, යථාසභාවවිභාවනරසා, සාධුතාපච්චුපට්ඨානා, සොරච්චපදට්ඨානා. බොධිසම්භාරෙසු අධිට්ඨානලක්ඛණා අධිට්ඨානපාරමී, තෙසං පටිපක්ඛාභිභවනරසා, තත්ථ අචලතාපච්චුපට්ඨානා, බොධිසම්භාරපදට්ඨානා. හිතාකාරප්පවත්තිලක්ඛණා මෙත්තාපාරමී, හිතූපසංහාරරසා, ආඝාතවිනයනරසා වා, සොම්මභාවපච්චුපට්ඨානා, සත්තානං මනාපභාවදස්සනපදට්ඨානා. මජ්ඣත්තාකාරප්පවත්තිලක්ඛණා උපෙක්ඛාපාරමී, සමභාවදස්සනරසා, පටිඝානුනයවූපසමපච්චුපට්ඨානා, කම්මස්සකතාපච්චවෙක්ඛණපදට්ඨානා.
එහෙයින් දාන පාරමිතාව පරිත්‍යාගය ලක්ෂණ කොට ඇත්තේය. දෙය්ය ධර්මයෙහි හෙවත් දෙන දෙයෙහි ලෝභය නැති කිරීම රසය හෙවත් කෘත්‍යය කොට ඇත්තේය. වස්තුවෙහි නො ඇලීම ප්‍රත්‍යුපස්ථාන හෙවත් වැටහෙන ආකාරයයි. නැතහොත් භව සම්පත්තිය ප්රත්යුපස්ථානයයි. පරිත්‍යාග කළ යුතු වස්තුව පදස්ථානය හෙවත් ආසන්න කාරණයයි. ශීල පාරමිතාව සීලන හෙවත් කය වචන දෙක සුරැකිව තබා ගැනීම ලක්ෂණ කොට ඇත්තේය. නැතහොත් මනාකොට පිහිටුවීම, කුශල ධර්මයන්ට ආධාර බව ලක්ෂණ කොට ඇත්තේ යයි කියන ලද්දේ වෙයි. දුසිල් බව නැසීම රසය කොට ඇත්තේය. නැතහොත් නිරවද්‍ය බව රසය කොට ඇත්තේය. පිරිසිදු බව ප්රත්යුපස්ථානයයි. හිරි ඔතප් දෙක ප්රදස්ථානයයි. (පදනමයි.) නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව කාමයෙන් ද භවයෙන් ද නික්මීම ලක්ෂණ කොට ඇත්තේය. එහි ආදීනව ප්‍රකට කිරිම රසය කොට ඇත්තේය. එම කාමයන්ට හා භවයන්ට පිටුපානා බව ප්රත්යුපස්ථානයයි. සංවේගය ප්රදස්ථානයයි. ප්‍රඥා පාරමිතාව යථා ස්වභාවය අවබෝධ කිරීම ලක්ෂණ කොට ඇත්තේය. නැතහොත් දක්ෂ දුනුවායෙකු විසින් විදින ලද ශරවේධයක් මෙන් නොපැකිළ ප්‍රතිවේධය ලක්ෂණ කොට ඇත්තේය. පහනක් මෙන් ගෝචර වූ ධර්මයන්ගේ බැබලීම රසය කොට ඇත්තේය. වනයට ගිය ස්වදේශිකයකු මෙන් මුළා නොවීම ප්රත්යුපස්ථානයයි. සිතේ එකඟකම ප්රදස්ථානයයි. නැතහොත් චතුසත්‍යය ප්රදස්ථානයයි. වීර්‍ය්‍ය පාරමිතාව උත්සාහය ලක්ෂණ කොට ඇත්තේය. උපස්තම්භනය හෙවත් සිතට අනුබල දීම රසය කොට ඇත්තේය. නොපසු බැස්ම ප්‍රත්‍යුපස්ථාන කොට ඇත්තේය. වීර්‍ය්‍යාරම්භ වස්තු ප්රදස්ථාන කොට ඇත්තේය. නැතහොත් සංවේගය ප්රදස්ථාන කොට ඇත්තේය. ක්ෂාන්ති පාරමිතාව ඉවසීම ලක්ෂණ කොට ඇත්තේය. ඉෂ්ටානිෂ්ඨ ධර්මයන් ඉවසීම රසය කොට ඇත්තේය. ඉවසීම ප්‍රත්‍යුපස්ථාන කොට ඇත්තේය. නැතහොත් අවිරෝධය ප්‍රත්‍යුපස්ථාන කොට ඇත්තේය. තත්වූ පරිද්දෙන් දැකීම ප්රදස්ථාන කොට ඇත්තේය. සත්‍ය පාරමිතාව අවිසංවාදනය හෙවත් කාරණය අනුන්ට නොවැරදවී ලක්ෂණ කොට ඇත්තේය. ඇති සැටි ප්‍රකට කිරීම රසය කොට ඇත්තේය. වචනවල යහපත් බව ප්‍රත්‍යුපස්ථාන කොට ඇත්තේය. සුරතභාවය හෙවත් විනීත බව ප්රදස්ථාන කොට ඇත්තේය. අධිෂ්ඨාන පාරමිතාව බෝධිසම්භාර ධර්මයන්හි නොසැලී පිහිටීම ලක්ෂණ කොට ඇත්තේය. ඒ බෝධිසම්භාර ධර්මයන්ට ප්රතිපක්ෂ වූ ධර්මයන් මැඩ පැවැත්ම රසය කොට ඇත්තේය. ඒ බෝධිසම්භාර ධර්මයන්හි නිශ්චලභාවය ප්‍රත්‍යුපස්ථාන කොට ඇත්තේය. බෝධිසම්භාර ධර්මයන්ම ප්රදස්ථාන කොට ඇත්තේය. මෛත්‍රී පාරමිතාව සත්ත්වයන් කෙරෙහි හිතාකාරයෙන් පැවැත්ම ලක්‍ෂණකොට ඇත්තේය. හිත එළවීම රසය කොට ඇත්තේය. නැතහොත් ක්‍රෝධය දුරු කිරිම රසය කොට ඇත්තේය. සෞම්‍යභාවය ප්‍රත්‍යුපස්ථාන කොට ඇත්තේය. සත්ත්වයන්ට මනාප බව දැක්වීම ප්රදස්ථාන කොට ඇත්තේය. උපේක්ෂා පාරමිතාව මධ්‍යස්ථාකාරයෙන් පැවැත්ම ලක්ෂණ කොට ඇත්තේය. සාධාරණ (සම) බව දැක්වීම රසය කොට ඇත්තේය. කෝපය හා ඇලීම සංසිඳවීම ප්‍රත්‍යුපස්ථාන කොට ඇත්තේය. කර්මය ස්වකීය කොට ඇති බව සැලකීම ප්රදස්ථාන කොට ඇත්තේය.
එත්ථ ච කරුණූපායකොසල්ලපරිග්ගහිතතා දානාදීනං පරිච්චාගාදිලක්ඛණස්ස විසෙසනභාවෙන වත්තබ්බා. කරුණූපායකොසල්ලපරිග්ගහිතානි හි දානාදීනි බොධිසත්තසන්තානෙ පවත්තානි දානාදිපාරමියො නාම හොන්ති.
මෙහිද කරුණාවෙන් සහ උපාය කෞශල්‍යයෙන් පරිගෘහිත බව දානාදීන්ගේ පරිත්‍යාගාදී ලක්ෂණයට විශේෂණ භාවයෙන් කිවයුතුය. කරුණාවෙන් හා උපාය කෞශල්‍යයෙන් පරිගෘහිත වූ දානාදිය බෝධිසත්ත්වයන්ගේ සන්තානයෙහි පැවතියා වූ පාරමීහු නම් වෙති.
කො පච්චයොති? අභිනීහාරො තාව පාරමීනං පච්චයො. යො හි අයං –
06. “කො පච්චයො” ඔවුන්ගේ ප්‍රත්‍යය කවරේද? යන ප්‍රශ්නයෙහි ප්රථමකොටම අභිනීහාරය හෙවත් මුල් ප්‍රාර්ථනාව පාරමිතාවන්ට ප්‍රත්‍යය වෙයි. එය වනාහි,
“මනුස්සත්තං ලිඞ්ගසම්පත්ති, හෙතු සත්ථාරදස්සනං; පබ්බජ්ජා ගුණසම්පත්ති, අධිකාරො ච ඡන්දතා; අට්ඨධම්මසමොධානා, අභිනීහාරො සමිජ්ඣතී”ති. (බු· වං· 2.59) –
“මනුස්සත්තං ලිඞ්ග සම්පත්ති හෙතු සත්ථාරදස්ස නං පබ්බජ්ජා ගුණ සම්පත්ති අධිකාරොච ඡන්දතා අට්ඨ ධම්ම සමොධානා අභිනීහාරො සමිජ්ඣතීති (ජාතක පාලි)
“මිනිසත් බව, ලිඞ්ග සම්පත්තිය, හේතු සම්පන්න බව, දිවමන් බුදුන් දැකීම, පැවිද්ද, අෂ්ටසමාපත්ති සඞ්ඛ්‍යාත ගුණ සම්පත්තිය, ජීවිත පරිත්‍යාග සඞ්ඛ්‍යාත අධිකාරය, කුශලච්ඡන්දය ඇති බව යන අට දහමුන් එක්වීම හේතු කොට ප්‍රාර්ථනාව (අභිනිහාරය) සමෘද්ධ වෙයි.”
එවං වුත්තො අට්ඨධම්මසමොධානසම්පාදිතො “තිණ්ණො තාරෙය්යං මුත්තො මොචෙය්‍යං දන්තො දමෙය්යං සන්තො සමෙය්යං අස්සත්ථො අස්සාසෙය්යං පරිනිබ්බුතො පරිනිබ්බාපෙය්යං සුද්ධො සොධෙය්යං බුද්ධො බොධෙය්ය”න්තිආදිනයප්පවත්තො අභිනීහාරො. සො අවිසෙසෙන සබ්බපාරමීනං පච්චයො. තප්පවත්තියා හි උද්ධං පාරමීනං පවිචයුපට්ඨානසමාදානාධිට්ඨානනිප්ඵත්තියො මහාපුරිසානං සම්භවන්ති.
මෙසේ කියන ලද අෂ්ට ධර්මයන්ගේ එක්වීමෙන් සම්පාදිතව “තිණ්ණොහං තාරෙය්යං, මුත්තො මොචෙය්‍යං, දන්තො දමෙය්යං, සන්තො සමෙය්යං, අස්සත්ථො අස්සාසෙය්යං, පරිනිබ්බුතො පරිනිබ්බාපෙය්යං, සුද්ධො සොධෙය්යං, බුද්ධො බොධෙය්යං,” (සසරින් එතරව සව්සතුන්ද එතර කරවමි, කෙලෙසුන් කෙරෙන් මිදී සියලු සතුන් මුදවමි, දමනය වී ලෝකයා දමනය කරමි. සන්සිඳී සන්සිඳුවමි. සැනසී ලෝවැස්සන් සනසමි, පිරිනිවියෙම් සත්ත්වයන් ද පිරිනිවමි, පිරිසිදු වූයෙම් සෙසු සත්ත්වයන් ද පිරිසිදු කරවමි, බුදු වී සත්ත්වයන්ට අවබෝධ කරවමි) යයි මෙසේ පැවැතියේ අභිනිහාරයයි. හෙවත් මුල් ප්‍රාර්ථනාවයි. එය අවිශේෂයෙන් සියලු පාරමිතාවන්ට ප්‍රත්‍යය වේ. එම අභිනීහාර ප්‍රවෘත්තියෙන් මතුවට පාරමිතාවන්ගේ සෙවීම, වැටහීම, සමාදානය, අධිෂ්ඨානය, නිෂ්පත්තිය යන මේ සියල්ල මහා පුරුෂයන්ට හමුවේ.
තත්ථ මනුස්සත්තන්ති මනුස්සත්තභාවො. මනුස්සත්තභාවෙයෙව හි ඨත්වා බුද්ධත්තං පත්ථෙන්තස්ස පත්ථනා සමිජ්ඣති, න නාගසුපණ්ණාදිජාතීසු ඨිතස්ස. කස්මාති චෙ? බුද්ධභාවස්ස අනනුච්ඡවිකභාවතො.
එහි “මනුස්සත්තං” යනු මිනිසත් බවයි. මනුෂ්‍ය ආත්මභාවයක සිටම බුදුබව පතන්නහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වේ. නාග සුර්ණාදී ජාතීන්හි සිටියහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ නොවේ. කුමක් හෙයින්ද යත්? බුදුබවට නුසුදුසු බැවිනි.
ලිඞ්ගසම්පත්තීති මනුස්සත්තභාවෙ ඨිතස්සාපි පුරිසස්සෙව පත්ථනා සමිජ්ඣති, න ඉත්ථියා න පණ්ඩකනපුංසකඋභතොබ්යඤ්ජනකානං වා සමිජ්ඣති. කස්මාති චෙ? යථාවුත්තකාරණතො ලක්ඛණපාරිපූරියා අභාවතො ච. වුත්තඤ්චෙතං – “අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො, යං ඉත්ථී අරහං අස්ස සම්මාසම්බුද්ධො”ති (අ· නි· 1.279; විභ· 809) විත්ථාරො. තස්මා මනුස්සජාතිකස්සාපි ඉත්ථිලිඞ්ගෙ ඨිතස්ස පණ්ඩකාදීනං වා පත්ථනා න සමිජ්ඣති.
“ලිඞ්ග සම්පත්ති” යනු මිනිසත් බවෙහි සිටියත් පුරුෂයාගේම ප්‍රාර්ථනාව සමෘද්ධ වෙයි. ස්ත්‍රියකගේ ප්‍රාර්ථනාව සමෘද්ධ නොවේ. පණ්ඩක, නපුංසක, උභතොබ්යඤ්ජනකයන්ගේ හෝ ප්‍රාර්ථනාව සමෘද්ධ වේ. කුමක් හෙයින්ද යත්? ඉහත සඳහන් කාරණය නිසාත් ලක්ෂණයන්ගේ පිරිපුන් බවක් නොමැති නිසාත්ය. මෙය වදාරණ ලදී. “අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං ඉත්ථි අරහං අස්ස සම්මා සම්බුද්ධො” (මහණෙනි, යම්හෙයකින් ස්ත්‍රියක අර්හත් සම්‍යක් සම්බුද්ධ වේය යන මේ කරුණ විද්‍යාමාන නොවේ. එය හේතු රහිතය.) යන විස්තරයයි. එබැවින් මනුෂ්‍ය ජාතියේ සිටියහුගේ වුවද ස්ත්‍රි ලිඞ්ගයෙහි සිටියහුගේ හෝ පණ්ඩකාදීන්ගේ ප්‍රාර්ථනාව සමෘද්ධ නොවේ.
හෙතූති උපනිස්සයසම්පත්ති. මනුස්සපුරිසස්සාපි හි උපනිස්සයසම්පන්නස්සෙව හෙතුසම්පත්තියා පත්ථනා සමිජ්ඣති, න ඉතරස්ස.
“හෙතු” යනු උපනිඃශ්‍රය සම්පත්තිය හෙවත් ඒ ජාතියෙහි රහත් වීමට නිසි පින් ඇති බවයි. මිනිස් පිරිමියෙකු වුවද උපනිශ්‍රය සම්පන්න වුවහුගේම ප්‍රාර්ථනාව සිද්ධ වෙයි. සෙස්සන්ගේ ප්‍රාර්ථනාව සමෘද්ධ නො වෙයි.
සත්ථාරදස්සනන්ති සත්ථුසම්මුඛීභාවො. ධරමානකබුද්ධස්සෙව හි සන්තිකෙ පත්ථෙන්තස්ස පත්ථනා සමිජ්ඣති, පරිනිබ්බුතෙ පන භගවති චෙතියස්ස සන්තිකෙ වා බොධිමූලෙ වා පටිමාය වා පච්චෙකබුද්ධබුද්ධසාවකානං වා සන්තිකෙ පත්ථනා න සමිජ්ඣති. කස්මා? අධිකාරස්ස බලවභාවාභාවතො. බුද්ධානං එව පන සන්තිකෙ පත්ථනා සමිජ්ඣති, අජ්ඣාසයස්ස උළාරභාවෙන තදධිකාරස්ස බලවභාවාපත්තිතො.
“සත්ථාරදස්සනං” යනු බුදුකෙනෙකුගේ හමුවීමයි. ජීවමාන බුදුකෙනෙකුන් වහන්සේගේ හමුවෙහිදීම බුදුබව පතන්නාහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වේ. බුදුන් පිරිනිවි කල්හි සෑයක් සමීපයෙහි හෝ බෝමුල හෝ පිළිමයක් හෝ පසේ බුදු හෝ බුදුසව්වන් හෝ සමීපයෙහි පතන්නහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ නොවෙයි. කුමක් හෙයින්ද යත්? අධිකාරයාගේ බලවත් බවක් නොමැති හෙයිනි. අධ්යාශයාගේ උදාරභාවය නිසා බුදුවරයන්ගේ හමුවෙහි කළ පැතීමම සමෘද්ධ වේ. ඒ පිණිස කරන ප්‍රාර්ථනාව බලවත් බවට පැමිණීමෙනි.
පබ්බජ්ජාති බුද්ධස්ස භගවතො සන්තිකෙ පත්ථෙන්තස්සාපි කම්මකිරියවාදීසු තාපසෙසු වා භික්ඛූසු වා පබ්බජිතස්සෙව පත්ථනා සමිජ්ඣති, නො ගිහිලිඞ්ගෙ ඨිතස්ස. කස්මා? බුද්ධභාවස්ස අනනුච්ඡවිකභාවතො. පබ්බජිතා එව හි මහාබොධිසත්තා සම්මාසම්බොධිං අධිගච්ඡන්ති, න ගහට්ඨභූතා, තස්මා පණිධානකාලෙ ච පබ්බජ්ජාලිඞ්ගං එව හි යුත්තරූපං කිඤ්ච ගුණසම්පත්තිඅධිට්ඨානභාවතො.
“පබ්බජ්ජා” යනු භගවත් වූ බුදුන්ගේ සමීපයෙහි ප්‍රාර්ථනා කරතත් කර්මවාදී ක්‍රියාවාදී තාපසයන් හෝ භික්ෂූන්ගේ සමීපයෙහි පැවිදි වුවහුගේම ප්‍රාර්ථනාව සමෘද්ධ වේ. ගිහි වේශයෙහි සිටියහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ නොවේ. කුමක් හෙයින්ද යත්? බුදුබවට සුදුසු නොවන බැවිනි. මහාබෝධිසත්ත්වයෝ වනාහි පැවිදි වූවාහුම සම්‍යක් සම්බෝධියට පැමිණෙති. ගිහි වූවාහු නො පැමිණෙති. එබැවින් ප්‍රණිධාන කාලයෙහිද පැවිදි වේශයම සුදුසු වෙයි. ඒ (පැවිද්ද) වනාහි කිසියම් ගුණ සම්පත්තියක පිහිටීමක් බැවිනි.
ගුණසම්පත්තීති අභිඤ්ඤාදිගුණසම්පදා. පබ්බජිතස්සාපි හි අට්ඨසමාපත්තිලාභිනො පඤ්චාභිඤ්ඤස්සෙව පත්ථනා සමිජ්ඣති, න යථාවුත්තගුණසම්පත්තියා විරහිතස්ස. කස්මා? පාරමිපවිචයස්ස අසමත්ථභාවතො, උපනිස්සයසම්පත්තියා අභිඤ්ඤාසම්පත්තියා ච සමන්නාගතත්තා මහාපුරිසා කතාභිනීහාරා සයමෙව පාරමී පවිචෙතුං සමත්ථා හොන්ති.
“ගුණසම්පත්ති” යනු අභිඥා ආදී ගුණ සම්පත්තියයි. පැවිදි වුවත් පඤ්ච අභිඥා අෂ්ට සමාපත්ති ලාභීහුගේම ප්‍රාර්ථනාව සමෘද්ධ වේ. කියන ලද ගුණ සම්පත්තීන්ගෙන් තොර වූවහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ නොවේ. කුමක් හෙයින්ද යත්? පාරමී මොනවාදැයි විමසා බැලීමෙහි අසමත් බැවිනි. උපනිඃශ්‍රය සම්පත්තියෙන් හා අභිඥා සම්පත්තියෙන් යුක්ත වූ මහා පුරුෂයෝ කළ අභිනීහාර ඇත්තාහු තෙමේම පාරමී සොයන්නට සමර්ථ වෙති.
අධිකාරොති අධිකො උපකාරො. යථාවුත්තගුණසම්පන්නොපි හි යො අත්තනො ජීවිතම්පි බුද්ධානං පරිච්චජිත්වා තස්මිං කාලෙ අධිකං උපකාරං කරොති, තස්සෙව අභිනීහාරො සමිජ්ඣති, න ඉතරස්ස.
“අධිකාරො” යනු අධික වූ උපකාරයයි අධික වූ පරිත්‍යාගයයි කියන ලද ගුණයෙන් යුක්ත වූයේ ද යමෙක් තමාගේ ජීවිතයත් බුදුවරුන්ට පුදා එකල අධික වූ උපකාරයක් කරත්ද ඔහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වෙයි. අනිකෙක්හුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ නොවෙයි.
ඡන්දතාති කත්තුකාමතාකුසලච්ඡන්දො. යස්ස හි යථාවුත්තධම්මසමන්නාගතස්ස බුද්ධකාරකධම්මානං අත්ථාය මහන්තො ඡන්දො මහතී පත්ථනා මහතී කත්තුකාමතා අත්ථි, තස්සෙව සමිජ්ඣති, න ඉතරස්ස.
“ඡන්දතා” යනු “කත්තුකම්‍යතා කුශලච්ඡන්දයයි. යට කී ගුණයන්ගෙන් යුක්ත වූ යමෙකුට වනාහි බුද්ධකාරක ධර්මයන් සඳහා යම් මහත් වූ කැමැත්තක්, මහත් වූ ප්‍රාර්ථනාවක්, මහත්වූ කත්තුකම්යතාවක් හෙවත් කරනු කැමැත්තක් ඇත්තේද, ඔහුටම ප්‍රාර්ථනාව සමෘද්ධ වේ. අනිකක්හුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ නොවේ.
තත්රිදං ඡන්දමහන්තතාය ඔපම්මං – යො සකලචක්කවාළගබ්භං එකොදකීභූතං අත්තනො බාහුබලෙනෙව උත්තරිත්වා පාරං ගන්තුං සමත්ථො, සො බුද්ධත්තං පාපුණාතීති සුත්වා තං දුක්කරතො අදහන්තො “අහං තං උත්තරිත්වා පාරං ගමිස්සාමී”ති ඡන්දජාතො හොති, න තත්ථ සඞ්කොචං ආපජ්ජති. තථා යො සකලචක්කවාළං වීතච්චිකානං විගතධූමානං අඞ්ගාරානං පූරං පාදෙහි අක්කමන්තො අතික්කමිත්වා පරභාගං පාපුණිතුං සමත්ථො…පෙ… න තත්ථ සඞ්කොචං ආපජ්ජති. තථා යො සකලචක්කවාළං සත්තිසූලෙහි සුනිසිතඵලෙහි නිරන්තරං ආකිණ්ණං පාදෙහි අක්කමන්තො අතික්කමිත්වා…පෙ… න තත්ථ සඞ්කොචං ආපජ්ජති. තථා යො සකලචක්කවාළං නිරන්තරං ඝනවෙළුගුම්බසඤ්ඡන්නං කණ්ටකලතාවනගහනං විනිවිජ්ඣිත්වා පරභාගං ගන්තුං සමත්ථො…පෙ… න තත්ථ සඞ්කොචං ආපජ්ජති. තථා යො “චත්තාරි අසඞ්ඛ්යෙය්යානි සතසහස්සඤ්ච කප්පෙ නිරයෙ පච්චිත්වා බුද්ධත්තං පත්තබ්බ”න්ති සුත්වා තං දුක්කරතො අදහන්තො “අහං තත්ථ පච්චිත්වා බුද්ධත්තං පාපුණිස්සාමී”ති ඡන්දජාතො හොති, න තත්ථ සඞ්කොචං ආපජ්ජතීති එවමාදිනා නයෙන එත්ථ ඡන්දස්ස මහන්තභාවො වෙදිතබ්බො.
මෙහි ඡන්දමහත්වය පිළිබඳ මේ උපමාවක් වෙයි. යමෙක් වනාහි එකම ජලස්කන්ධයක් වූ සියලු සක්වළ ගැබ තමාගේ බාහු බලයෙන්ම පීනා එතරට යන්නට සමත් වෙත්ද හෙතෙම බුදුබවට පැමිණේ යයි අසා එය කළ නොහැක්කක් සේ නොඅදහන්නේ “මම එය පීනා එතරට යන්නෙමි”යි හටගත් කැමැත්ත ඇත්තේවේද, එහි හැකිළීමකට නො පැමිණේද එසේම යමෙක් පහවූ ගිනිදැල් ඇති පහවූ දුම් ඇති අඟුරුවලින් පිරුණු සියලු සක්වළ පයින් මඩිමින් ඉක්මවා එතරට යන්නට සමර්ථ වෙත්ද -පෙ- එහි හැකිළීමකට නො පැමිණේද, එසේම යමෙක් සැත්වලින්ද හුල්වලින්ද මනාකොට මුවහත් තබන ලද තලයන්ගෙන් ද නිරතුරුව ගැවසීගත්තා වූ මුළු සක්වළ පයින් මඩිමින් ඉක්මවා -පෙ- එහි හැකිළීමකට නො පැමිණේ ද, එසේම යමෙක් ඝන උණ පඳුරෙන් නිරතුරුව ගැවසීගත් කටුවැල් වනයෙන් ගහන වූ මුළු සක්වළ විනිවිද එතරට යන්නට සමර්ථ වේද -පෙ- එහි හැකිලීමකට නො පැමිණේ ද, එසේම යමෙක් සාරාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි නරකයෙහි පැසී බුදුබවට පැමිණිය යුතුයයි අසා එය දුෂ්කර සේ නොඅදහන්නේ “මම එහි පැසී බුදුබවට පැමිණෙන්නෙමි’යි හටගත් කැමැත්ත ඇත්තේ වේද, එහි හැකිලීමකට නො පැමිණේද මේ ආදී ක්‍රමයෙන් මෙහි කැමැත්තෙහි මහත් බව දත යුතුය.
එවං අට්ඨඞ්ගසමන්නාගතො පනායං අභිනීහාරො අත්ථතො තෙසං අට්ඨන්නං අඞ්ගානං සමොධානෙන තථාපවත්තො චිත්තුප්පාදොති වෙදිතබ්බො. සො සම්මදෙව සම්මාසම්බොධියා පණිධානලක්ඛණො. “අහො වතාහං අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣෙය්යං, සබ්බසත්තානං හිතසුඛං නිප්ඵාදෙය්ය”න්ති එවමාදිපත්ථනාරසො, බොධිසම්භාරහෙතුභාවපච්චුපට්ඨානො, මහාකරුණාපදට්ඨානො, උපනිස්සයසම්පත්තිපදට්ඨානො වා. අචින්තෙය්යං බුද්ධභූමිං අපරිමාණං සත්තලොකහිතඤ්ච ආරබ්භ පවත්තියා සබ්බබුද්ධකාරකධම්මමූලභූතො පරමභද්දකො පරමකල්යාණො අපරිමෙය්යප්පභාවො පුඤ්ඤවිසෙසොති දට්ඨබ්බො.
මෙසේ මේ අභිනීහාරය අඞ්ග අටකින් සමන්විත වේ. අර්ථ වශයෙන් ඒ අට වැදෑරුම් අඞ්ගයන්ගේ එකතුවෙන් එසේ පැවති චිත්තුප්පාදයයි දත යුතුය. ඒ අභිනීහාරය වනාහි මනාකොට සම්‍යක් සම්බෝධියෙහි පිහිටුවීම ලක්ෂණ කොට ඇත්තේය. “අහෝ ඒකාන්තයෙන් මම උතුම් වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කරන්නෙම් නම් සියලු සත්ත්වයන්ට හිතසුව එළවන්නෙමි”යි මේ ආදී ප්‍රාර්ථනාව රසය කොට ඇත්තේය. බෝධි සම්භාරයට හේතු බව ප්‍රත්‍යුපස්ථාන හෙවත් වැටහෙන ආකාරයයි. මහා කරුණාව ප්රදස්ථාන හෙවත් ආසන්න කාරණය කොට ඇත්තේය. නැතහොත් උපනිඃශ්‍රය සම්පත් ප්රදස්ථාන කොට ඇත්තේය. සිතිය නොහැක්කා වූ බුද්ධ භූමිය ද අප්‍රමාණ වූ සත්ත්ව ලෝකයට වැඩ ද අරබයා පැවති සියලු බුද්ධකාරක ධර්මයන්ට මුල් වූ ඉතා යහපත් වූ පරම කල්‍යාණ වූ අප්‍රමාණ ප්‍රභාව ඇති පුණ්‍ය විශේෂයකැයි දත යුතුය.
යස්ස ච උප්පත්තියා සහෙව මහාපුරිසො මහාබොධියානපටිපත්තිං ඔතිණ්ණො නාම හොති නියතභාවසමධිගමනතො තතො අනිවත්තනසභාවත්තා බොධිසත්තොති සමඤ්ඤං පටිලභති, සබ්බභාවෙන සම්මාසම්බොධියං සමාසත්තමානසතා බොධිසම්භාරසික්ඛාසමත්ථතා චස්ස සන්තිට්ඨති. යථාවුත්තාභිනීහාරසමිජ්ඣනෙන හි මහාපුරිසා සබ්බඤ්ඤුතඤ්ඤාණාධිගමනපුබ්බලිඞ්ගෙන සයම්භුඤාණෙන සම්මදෙව සබ්බපාරමියො පවිචිනිත්වා සමාදාය අනුක්කමෙන පරිපූරෙන්ති. තථා කතමහාභිනීහාරො හි සුමෙධපණ්ඩිතො පටිපජ්ජි. යථාහ –
යම් අභිනීහාර ධර්මයක පහල වීමත් සමගම මහාපුරුෂතෙම මහාබෝධියාන ප්‍රතිපත්තියට බැසගත්තේ නම් වෙයිද නියතභාවයට පැමිණීමෙන් එයින් නොනැවතීම ස්වභාව කොට ඇති බැවින් බෝධිසත්ත්ව ව්‍යවහාරය ලබයි. සර්වප්රකාරයෙන් සම්‍යක් සම්බෝධියෙහි මොනවට ඇලුණු සිත් ඇති බවද බෝධිසම්භාර ශික්ෂාවන්හි සමර්ථ බවද උන්වහන්සේට පිහිටන්නේය. යට කී අභිනීහාරයන් සමෘද්ධ වීමෙන් මහා පුරුෂයෝ සර්වඥතා ඥානාධිගමය පූර්ව ලක්ෂණ කොට ඇති ස්වයම්භූ ඥානයෙන් මනාකොට සියලු පාරමිතාවන් සොයා දැන සමාදන්ව පිළිවෙළින් පුරති. කළ මහාභිනීහාර ඇති සුමේධ පණ්ඩිත තෙමේ ද වනාහි එසේ පිළිපැද්දේය. එහෙයින් වදාරණ ලදී:-
“හන්ද බුද්ධකරෙ ධම්මෙ, විචිනාමි ඉතො චිතො; උද්ධං අධො දස දිසා, යාවතා ධම්මධාතුයා; විචිනන්තො තදා දක්ඛිං, පඨමං දානපාරමි”න්ති. (බු· වං· 2.115-116) –
“එබැවින් බුද්ධ කාරක ධර්මයන් දෙව්ලොව හා මිනිස් ලොව ද ඒ ඇතුළු කොට දස දිගද සියලු ධර්ම ධාතුවෙහිද යන ඔබිනොබ සොයමි. එසේ සොයන්නෙම් පළමුවන දාන පාරමිතාව දිටිමි”යි (ජාතක පාලිය)
විත්ථාරො. තස්ස ච අභිනීහාරස්ස චත්තාරො පච්චයා චත්තාරො හෙතූ චත්තාරි ච බලානි වෙදිතබ්බානි.
විස්තරය වේ. ඒ අභිනිහාරයෙහි ප්‍රත්‍යයෝ සතර දෙනෙක් ද හෙතු සතර දෙනෙක්ද බලයෝ සතර දෙනෙක් ද දත යුත්තාහ.
තත්ථ කතමෙ චත්තාරො පච්චයා? ඉධ මහාපුරිසො පස්සති තථාගතං මහතා බුද්ධානුභාවෙන අච්ඡරියබ්භුතං පාටිහාරියං කරොන්තං. තස්ස තං නිස්සාය තං ආරම්මණං කත්වා මහාබොධියං චිත්තං සන්තිට්ඨති – “මහානුභාවා වතායං ධම්මධාතු, යස්සා සුප්පටිවිද්ධත්තා භගවා එවං අච්ඡරියබ්භුතධම්මො අචින්තෙය්යානුභාවො චා”ති . සො තමෙව මහානුභාවදස්සනං නිස්සාය තං පච්චයං කත්වා සම්බොධියං අධිමුච්චන්තො තත්ථ චිත්තං ඨපෙති. අයං පඨමො පච්චයො මහාභිනීහාරාය.
එහි සතර ප්‍රත්‍යයෝ කවරහු ද යත්? මේ ලෝකයෙහි මහා පුරුෂතෙම මහත් බුද්ධානුභාවයෙන් ආශ්චර්‍ය්‍යය වූ අද්භූත වූ ප්‍රාතිහාර්‍ය්‍ය කරන්නා වූ තථාගතයන් වහන්සේ නමක් දකීද ඔහු ඒ නිසා එය අරමුණු කොට ධර්මධාතුව වනාහි ඒකාන්තයෙන් මහත් ආනුභාව ඇත්තේය. යම් ධර්මධාතුවක් අවබෝධ කළ හෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙබඳු ආශ්චර්‍ය්‍යය අද්භූත ස්වභාව ඇති සේක. අචින්ත්‍ය වූ ආනුභාව ඇති සේක” යනුවෙන් මහා බෝධියෙහි සිත පිහිටුවයි. උන්වහන්සේ ඒ මහානුභාව දර්ශනය නිසාම එය ප්‍රත්‍යය කොට සම්බෝධියෙහි ඇලෙන්නාහු එහි සිත පිහිටුවති. මේ මහාභිනීහාරය පිණිස වන්නා වූ පළමුවන ප්‍රත්‍යයයි.
න හෙව ඛො පස්සති තථාගතස්ස යථාවුත්තං මහානුභාවතං, අපි ච ඛො සුණාති “එදිසො ච එදිසො ච භගවා”ති. සො තං නිස්සාය තං පච්චයං කත්වා සම්බොධියං අධිමුච්චන්තො තත්ථ චිත්තං ඨපෙති. අයං දුතියො පච්චයො මහාභිනීහාරාය.
තථාගතයන් වහන්සේගේ එසේ කියන ලද මහානුභාවය නොදකිත්ද එසේ වුවත් “භාග්‍යවතුන් වහන්සේ මෙබඳු වූද මෙබඳු වූද ගුණ ඇත්තාහ”යි අසයි ද හෙතෙම එය නිසා එය ප්‍රත්‍යය කොට සම්බෝධියෙහි ඇලෙන්නේ එහි සිත පිහිටුවයි. මේ අභිනීහාරය පිණිස වන්නා වූ දෙවෙනි ප්‍රත්‍යයයි.
න හෙව ඛො පස්සති තථාගතස්ස යථාවුත්තං මහානුභාවතං, නපි තං පරතො සුණාති, අපි ච ඛො තථාගතස්ස ධම්මං දෙසෙන්තස්ස “දසබලසමන්නාගතො, භික්ඛවෙ, තථාගතො”තිආදිනා (සං· නි· 2.21-22) බුද්ධානුභාවපටිසංයුත්තං ධම්මං සුණාති. සො තං නිස්සාය තං පච්චයං කත්වා සම්බොධියං අධිමුච්චන්තො තත්ථ චිත්තං ඨපෙති. අයං තතියො පච්චයො මහාභිනීහාරාය.
තථාගතයන් වහන්සේගේ යට කියන ලද මහානුභාවය නොදකියිද එය අනුන්ගෙන් නොඅසයිද එසේද වුවත් ධර්මය දේශනා කරන්නා වූ තථාගතයන් වහන්සේ වෙතින් “දසබල සමන්නාගතො භික්ඛවෙ තථාගතො” (මහණෙනි තථාගතයන් වහන්සේ දශ බලයෙන් යුත්ත වන්නාහ) ආදී වශයෙන් බුද්ධානුභාව ප්‍රතිසංයුක්ත වූ ධර්මය අසයිද හෙතෙම එය නිසා එය ප්‍රත්‍යය කොට සම්බෝධියෙහි ඇලෙන්නේ එහි සිත පිහිටුවයි. මේ අභිනීහාරයෙහි තෙවෙනි ප්‍රත්‍යයයි.
න හෙව ඛො පස්සති තථාගතස්ස යථාවුත්තං මහානුභාවතං, නපි තං පරතො සුණාති, නපි තථාගතස්ස ධම්මං සුණාති, අපි ච ඛො උළාරජ්ඣාසයො කල්යාණාධිමුත්තිකො “අහමෙතං බුද්ධවංසං බුද්ධතන්තිං බුද්ධපවෙණිං බුද්ධධම්මතං පරිපාලෙස්සාමී”ති යාවදෙව ධම්මං එව සක්කරොන්තො ගරුකරොන්තො මානෙන්තො පූජෙන්තො ධම්මං අපචායමානො තං නිස්සාය තං පච්චයං කත්වා සම්බොධියං අධිමුච්චන්තො තත්ථ චිත්තං ඨපෙති. අයං චතුත්ථො පච්චයො මහාභිනීහාරාය.
තථාගතයන් වහන්සේගේ යට කියන ලද ආකාරයේ මහානුභාවය නොම දකියිද, අනුන්ගෙන් ද නො අසයි ද තථාගතයන් වහන්සේගේ ධර්මය ද නො අසයි ද, එසේ වුවත් උදාර අදහස් ඇති කළ්යාණාධිමුත්තිය හෙවත් යහපත් වූ කුශල කර්මයන් කෙරෙහි නිශ්චය ඇති තැනැත්තා “මම මේ බුද්ධවංශය, බුද්ධ පන්තිය හෙවත් බුද්ධ වචනය, බුද්ධ ප්‍රවේණිය, බුද්ධ ධර්මතාවය පරිපාලනය කරන්නෙමි”යි හැමවිටම ධර්මයටම සත්කාර කරන්නේ, ගරුකරන්නේ, බුහුමන් කරන්නේ, පූජා කරන්නේ, ධර්මයට පුදන්නේ එය නිසා එය ප්‍රත්‍යය කොට සම්බෝධියෙහි ඇලෙන්නේ එහි සිත පිහිටුවයි. මේ අභිනීහාරය පිණිස වන්නා වූ සිවුවෙනි ප්‍රත්‍යයයි.
තත්ථ කතමෙ චත්තාරො හෙතූ මහාභිනීහාරාය? ඉධ මහාපුරිසො පකතියා උපනිස්සයසම්පන්නොව හොති පුරිමකෙසු බුද්ධෙසු කතාධිකාරො. අයං පඨමො හෙතු මහාභිනීහාරාය. පුන චපරං මහාපුරිසො පකතියා කරුණාජ්ඣාසයො හොති කරුණාධිමුත්තො සත්තානං දුක්ඛං අපනෙතුකාමො අපි ච අත්තනො කායජීවිතං පරිච්චජිත්වා. අයං දුතියො හෙතු මහාභිනීහාරාය. පුන චපරං මහාපුරිසො සකලතොපි වට්ටදුක්ඛතො සත්තහිතාය ච දුක්කරචරියතො සුචිරම්පි කාලං ඝටෙන්තො වායමන්තො අනිබ්බින්නො හොති අනුත්රාසී යාව ඉච්ඡිතත්ථනිප්ඵත්ති. අයං තතියො හෙතු මහාභිනීහාරාය. පුන චපරං මහාපුරිසො කල්යාණමිත්තසන්නිස්සිතො හොති, යො අහිතතො නිවාරෙති, හිතෙ පතිට්ඨපෙති. අයං චතුත්ථො හෙතු මහාභිනීහාරාය.
එහි මහාභිනීහාරය පිණිස පවත්නා වූ හේතු සතර කවරේද යත්? - මෙහි මහා පුරුෂතෙම ඒ ස්වභාවයෙන්ම උපනිශ්‍රය සම්පන්න වූයේ පළමු බුදුවරයන් කෙරෙහි කරන ලද ප්‍රාර්ථනා ඇත්තේ ද වෙයි. මෙය මහාභිනීහාරය පිණිස පවත්නා පළමු හේතුව වෙයි. නැවත ද මහාපුරුෂතෙම ඒ ස්වභාවයෙන්ම කරුණාද්ධ්යාශ ඇත්තේ කරුණාවෙහි ඇළුනේ තමන්ගේ දිවිපුදා නමුත් සත්ත්වයන් දුකින් මුදවනු කැමැත්තේ වෙයි. මේ වනාහි මහාභිනීහාරය පිණිස දෙවන හේතුව වෙයි. නැවත ද මහාපුරුෂ තෙම සියලු සසර දුකින්ද සත්ත්ව හිත පිණිස දුෂ්කර චර්‍ය්‍යාවෙන් ද බොහෝ කාලයක් ගැටෙන්නේ වෑයම් කරන්නේ කැමතිවන ලද අර්ථය සිද්ධවනතෙක් නොකලකිරුණේ තැති ගත් බවක් නැත්තේ වෙයි. මේ වනාහි අභිනීහාරය පිණිස තුන්වන හේතුව වෙයි. නැවත ද මහා පුරුෂතෙම යමෙක් අහිතයෙන් වළක්වයි ද හිතෙහි යොදවයිද එබඳු කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නේ වෙයි. මේ වනාහි අභිනීහාරය පිණිස සිවුවෙනි හේතුව වෙයි.
තත්රායං මහාපුරිසස්ස උපනිස්සයසම්පදා – එකන්තෙනෙවස්ස යථා අජ්ඣාසයො සම්බොධිනින්නො හොති සම්බොධිපොණො සම්බොධිපබ්භාරො, තථා සත්තානං හිතචරියා. යතො චානෙන පුරිමබුද්ධානං සන්තිකෙ සම්බොධියා පණිධානං කතං හොති මනසා වාචාය ච “අහම්පි එදිසො සම්මාසම්බුද්ධො හුත්වා සම්මදෙව සත්තානං හිතසුඛං නිප්ඵාදෙය්ය”න්ති. එවං සම්පන්නූපනිස්සයස්ස පනස්ස ඉමානි උපනිස්සයසම්පත්තියා ලිඞ්ගානි භවන්ති යෙහි සමන්නාගතස්ස සාවකබොධිසත්තෙහි ච පච්චෙකබොධිසත්තෙහි ච මහාවිසෙසො මහන්තං නානාකරණං පඤ්ඤායති ඉන්ද්රියතො පටිපත්තිතො කොසල්ලතො ච. ඉධ උපනිස්සයසම්පන්නො මහාපුරිසො යථා විසදින්ද්රියො හොති විසදඤාණො, න තථා ඉතරෙ. පරහිතාය පටිපන්නො හොති, න අත්තහිතාය. තථා හි සො යථා බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං පටිපජ්ජති, න තථා ඉතරෙ. තත්ථ ච කොසල්ලං ආවහති ඨානුප්පත්තිකපටිභානෙන ඨානාඨානකුසලතාය ච.
මේ එහි මහාපුරුෂයාගේ උපනිශ්‍රය සම්පත්තියයි:- ඒකාන්තයෙන්ම උන්වහන්සේගේ මේ අදහස සම්බෝධියට නැමුණේ, සම්බෝධියට විශේෂයෙන් නැමුණේ, සම්බෝධියට බරවූයේ වේද, එසේම සත්ත්වයන්ට හිත පිණිස නැමුණේ වෙයි. ඒ කරණකොටගෙන බෝධිසත්ත්වයෝ වනාහි පළමු බුදුවරයන් සමීපයෙහි සම්බෝධිය පිණිස සිතින්ද වචනයෙන් ද මම ද මෙසේ වූ සම්‍යක් සම්බුද්ධව මනාකොටම සත්ත්වයන්ට හිත සුව සිද්ධ කරන්නෙමි”යි ප්‍රාර්ථනා කරන ලද්දාහු වෙති. මෙසේ සම්පූර්ණ වූ උපනිශ්‍රය සම්පත් ඇති බෝධිසත්ත්වයන්ට මොවුහු උපනිශ්‍රය සම්පත්තියට කාරණයෝ වෙති. යම් කාරණයන්ගෙන් යුක්ත වූ බෝධිසත්ත්වයන් හට ශ්‍රාවක බෝධිසත්ත්වයන්ගෙන් හා ප්රත්යෙක බෝධිසත්ත්වයන්ගෙන් ද මහත් විශේෂයක් මහත් නානාතත්ත්වයක් ඉන්ද්රිය වශයෙන් ද ප්‍රතිපත්ති වශයෙන් ද කුශලතා වශයෙන් ද ප්‍රකට වේ. (මේවා වනාහි ඒ උපනිශ්‍රය සම්පත්තියට කරුණු වෙයි.) මෙහි උපනිශ්රයසම්පන්න මහා පුරුෂතෙම යම්සේ ප්‍රකට වූ ඉන්ද්රිය ඇත්තේ ප්‍රකට වූ ඥානය ඇත්තේ වෙයිද සෙසු ප්රත්යෙක බුද්ධ හා ශ්‍රාවක බෝධිසත්ත්වයෝ එසේ නොවෙති. මහා පුරුෂයෝ පරහිත පිණිස පිළිපන්නෝ වෙති. තමහට හිත පිණිස නොවෙති. ඒ එසේය. උන්වහන්සේ යම්සේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ට අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස පිළිපන්නාහු වෙත්ද සෙස්සෝ එසේ පිළිපන්නාහු නොවෙති. එහිදී අවස්ථාවට උචිත ලෙස උපන් වැටහීමෙන්ද ස්ථාන අස්ථාන කුශලතාවෙන් ද දක්ෂතාවය එළවති.
තථා මහාපුරිසො පකතියා දානජ්ඣාසයො හොති දානාභිරතො, සති දෙය්යධම්මෙ දෙති එව, න දානතො සඞ්කොචං ආපජ්ජති, සතතං සමිතං සංවිභාගසීලො හොති, පමුදිතොව දෙති ආදරජාතො, න උදාසීනචිත්තො, මහන්තම්පි දානං දත්වා න ච දානෙන සන්තුට්ඨො හොති, පගෙව අප්පං, පරෙසඤ්ච උස්සාහං ජනෙන්තො දානෙ වණ්ණං භාසති, දානපටිසංයුත්තං ධම්මකථං කරොති, අඤ්ඤෙ ච පරෙසං දෙන්තෙ දිස්වා අත්තමනො හොති, භයට්ඨානෙසු ච පරෙසං අභයං දෙතීති එවමාදීනි දානජ්ඣාසයස්ස මහාපුරිසස්ස දානපාරමියා ලිඞ්ගානි.
එසේම මහාපුරුෂතෙම ප්‍රඥාවෙන් දානාද්ධ්යාශය ඇත්තේ වෙයි. දානයෙහි ඇලුනේ වෙයි. දිය හැකි දෙයක් ඇති කල්හි දෙන්නේමය. දීමෙන් හැකිළීමකට නොපැමිණෙයි. නිරන්තරයෙන් බෙදා දෙන සුළු වෙයි. උපන් ආදර ඇත්තේ සතුටු සිතින්ම දෙයි. උදාසීන සිතින් නොදෙයි. මහත් වූ දානයක් දී නමුත් දීමෙන් සෑහීමට පත් නොවෙයි. මඳක් දීම ගැන කියනුම කවරේද? අනුන්ට, දන් දීමෙහි උත්සාහ ඉපිදවීම පිණිස දානයෙහි ගුණ වණයි. දානය පිළිබඳ වූ දැහැමි කථා කියයි. අනුන්ට දෙන්නා වූ සෙස්සන් දැකද සතුටු සිත් ඇත්තේ වෙයි. එය තැන්හිදී අනුන්ට අභය දෙයි යන මේ ආදිය දානාධ්‍යාශය ඇති මහා පුරුෂයාගේ දාන පාරමිතාව පිළිබඳ ලිඞ්ගයෝ (කරුණු) වෙති.
තථා පාණාතිපාතාදීහි පාපධම්මෙහි හිරීයති ඔත්තප්පති, සත්තානං අවිහෙඨනජාතිකො හොති සොරතො සුඛසීලො අසඨො අමායාවී උජුජාතිකො සුවචො සොවචස්සකරණීයෙහි ධම්මෙහි සමන්නාගතො මුදුජාතිකො අත්ථද්ධො අනතිමානී, පරසන්තකං නාදියති අන්තමසො තිණසලාකං උපාදාය, අත්තනො හත්ථෙ නික්ඛිත්තං ඉණං වා ගහෙත්වා පරං න විසංවාදෙති, පරස්මිං වා අත්තනො සන්තකෙ බ්යාමූළ්හෙ විස්සරිතෙ වා තං සඤ්ඤාපෙත්වා පටිපාදෙති යථා තං න පරහත්ථගතං හොති, අලොලුප්පො හොති, පරපරිග්ගහෙසු පාපකං චිත්තම්පි න උප්පාදෙති, ඉත්ථිබ්යසනාදීනි දූරතො පරිවජ්ජෙති, සච්චවාදී සච්චසන්ධො භින්නානං සන්ධාතා සහිතානං අනුප්පදාතා, පියවාදී මිහිතපුබ්බඞ්ගමො පුබ්බභාසී අත්ථවාදී ධම්මවාදී අනභිජ්ඣාලු අබ්යාපන්නචිත්තො අවිපරීතදස්සනො, කම්මස්සකතඤාණෙන සච්චානුලොමිකඤාණෙන කතඤ්ඤූ කතවෙදී වුද්ධාපචායී සුවිසුද්ධාජීවො ධම්මකාමො පරෙපි ධම්මෙ සමාදපෙතා සබ්බෙන සබ්බං අකිච්චතො සත්තෙ නිවාරෙතා කිච්චෙසු පතිට්ඨපෙතා අත්තනා ච තත්ථ කිච්චෙ යොගං ආපජ්ජිතා, කත්වා වා පන සයං අකත්තබ්බං සීඝඤ්ඤෙව තතො පටිවිරතො හොතීති එවමාදීනි සීලජ්ඣාසයස්ස මහාපුරිසස්ස සීලපාරමියා ලිඞ්ගානි.
එසේම ප්‍රාණඝාතාදී පාප ධර්මයන්ගෙන් ලජ්ජා වෙයි. භයවෙයි. සත්ත්වයන් වෙහෙසට පත් නොකරන ස්වභාව ඇත්තෙක් වෙයි. හෙතෙම එහෙයින් සැප ස්වභාවයෙන් යුක්ත වූයේ කපටි නොවූයේ මායා රහිත වූයේ ඍජු ස්වභාව ඇත්තේ සුවච වූයේ සුවච බව කරන ධර්මයෙන් යුක්ත වූයේ මෘදු ස්වභාව ඇත්තේ දැඩි නොවූයේ, අනතීමානී වූයේ වෙයි. යටත් පිරිසෙන් තණ සුලක් පමණකුදු අන්සතු දෙයක් නොගනියි. තම අතෙහි තබන ලද ණයක් හෝ ගෙන අනිකකු මුළා නොකරයි. තමා වෙත තබන ලද අනුන් සතු දේ මුළා වූ කල හෝ සිහි නැති කල ඔහුට හඟවා යම්සේ එය අනුන් අතට පත්නොවේද එසේ පවරා දෙයි. අනුන් අයත් දෙයෙහි ලෝභ වූවෙක් නොවේ. ළාමක සිතකුදු නූපදවයි. ස්ත්‍රී ව්‍යසනාදිය දුරින්ම දුරු කරයි. ඇත්ත කියන්නේ, ඇත්තෙන් ඇත්ත ගළපන්නේ, බිඳුණු අය සමගි කරන්නේ, සමගි වූවන්ට අනුබල දෙන්නේ, ප්‍රියවචන කියන්නේ, මද සිනහව පුර්වඞ්ගම වූයේ, පළමුකොට කථාකරන්නේ, අර්ථවත් දේ කියන්නේ, ධර්මවාදී වූයේ, දැඩි ලෝභ නොවූයේ, ව්‍යාපාදයෙන් වෙන් වූ සිත් ඇත්තේ, කර්මය ස්වකීය කොට ඇති ඥානයෙන් හා සත්‍යයට අනුලොම් වූ ඥානයෙන් යුක්ත හෙයින් වරදවා නොදක්නේ, කළගුණ දන්නේ කෘතවේදී වූයේ, වැඩිහිටියන් පුදන්නේ, පිරිසිදු දිවිපැවැත්ම ඇත්තේ, ධර්මයට කැමැත්තේ, අනුන්ද ධර්මයෙහි යොදවන්නේ, සර්වප්රකාරයෙන් සත්ත්වයන් අවැඩින් වළක්වන්නේ, කළයුත්තෙහි යොදවන්නේ එහිදී තමාද කළයුත්තෙහි යෙදුනේ, තමා විසින් නොකළ යුත්තක් කළද වහාම එයින් ඉවත් වූයේ වෙයි යන මේ ආදිය ශීලාධ්යාශයෙන් යුක්ත වූ මහා පුරුෂයාගේ ශීල පාරමිතාවෙහි ලිඞ්ගයෝ වෙති.
තථා මන්දකිලෙසො හොති මන්දනීවරණො, පවිවෙකජ්ඣාසයො අවික්ඛෙපබහුලො, න තස්ස පාපකා විතක්කා චිත්තං අන්වාස්සවන්ති, විවෙකගතස්ස චස්ස අප්පකසිරෙනෙව චිත්තං සමාධියති, අමිත්තපක්ඛෙපි තුවටං මෙත්තචිත්තතා සන්තිට්ඨති, පගෙව ඉතරස්මිං, සතිමා ච හොති චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා, මෙධාවී ච හොති ධම්මොජපඤ්ඤාය සමන්නාගතො, නිපකො ච හොති තාසු තාසු ඉතිකත්තබ්බතාසු, ආරද්ධවීරියො ච හොති සත්තානං හිතකිරියාසු, ඛන්තිබලසමන්නාගතො ච හොති සබ්බසහො, අචලාධිට්ඨානො ච හොති දළ්හසමාදානො , අජ්ඣුපෙක්ඛකො ච හොති උපෙක්ඛාඨානීයෙසු ධම්මෙසූති එවමාදීනි මහාපුරිසස්ස නෙක්ඛම්මජ්ඣාසයාදීනං වසෙන නෙක්ඛම්මපාරමිආදීනං ලිඞ්ගානි වෙදිතබ්බානි.
එසේම මඳ වූ කෙලෙස් හා මඳ වූ නීවරණ ඇත්තේ වෙයි. පවිවේක අදහස් ඇත්තේ කලබල නොවීම බහුල කොට ඇත්තේ වෙයි. පාප විර්‍තක උන්වහන්සේගේ සිතට නො පිවිසෙයි. විවේකයට පැමිණියා වූ උන්වහන්සේගේ සිත පහසුවෙන්ම සමාධිගත වෙයි. සතුරු පක්ෂය කෙරෙහිද වහාම මෙත්සිත පිහිටුවයි. සෙස්සන් කෙරෙහි කියනුම කවරේද? සිහි ඇත්තේ වෙයි. බොහෝ කල් කළ කී දේ සිහි කරන්නේ වෙයි. නුවණැති වෙයි. ධර්මොජ ප්‍රඥාව යයි කියන ලද විදර්ශනා ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ඒ ඒ කළයුතු කාර්‍ය්‍යයන්හි දක්ෂ වෙයි. සත්ත්වයන්ට හිත ක්‍රියාවන්හි පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. සියල්ල ඉවසන්නේ ක්ෂාන්ති බලයෙන් යුක්ත වූයේ වෙයි. අචල වූ අධිෂ්ඨානයෙන් ද දැඩි වූ සමාදානයෙන් ද යුක්ත වූයේ වෙයි. උපේක්ෂාවට කාරණා වූ ධර්මයන්හි උපේක්ෂා සිත් ඇත්තේ වෙයි යන මේ ආදිය මහා පුරුෂයාගේ නෛෂ්ක්‍රම්‍ය අද්ධ්යාශයාදී වශයෙන් නෛෂ්ක්‍රම්‍ය පාරමී ආදීන්ගේ කාරණයෝ යයි දත යුත්තාහ.
එවමෙතෙහි බොධිසම්භාරලිඞ්ගෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස යං වුත්තං “මහාභිනීහාරාය කල්යාණමිත්තසන්නිස්සයො හෙතූ”ති. තත්රිදං සඞ්ඛෙපතො කල්යාණමිත්තලක්ඛණං – ඉධ කල්යාණමිත්තො සද්ධාසම්පන්නො හොති සීලසම්පන්නො සුතසම්පන්නො චාගසම්පන්නො වීරියසම්පන්නො සතිසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො. තත්ථ සද්ධාසම්පත්තියා සද්දහති තථාගතස්ස බොධිං කම්මඵලඤ්ච, තෙන සම්මාසම්බොධියා හෙතුභූතං සත්තෙසු හිතෙසිතං න පරිච්චජති, සීලසම්පත්තියා සත්තානං පියො හොති මනාපො ගරු භාවනීයො චොදකො පාපගරහී වත්තා වචනක්ඛමො, සුතසම්පත්තියා සත්තානං හිතසුඛාවහං ගම්භීරං ධම්මකථං කත්තා හොති, චාගසම්පත්තියා අප්පිච්ඡො හොති සන්තුට්ඨො පවිවිත්තො අසංසට්ඨො, වීරියසම්පත්තියා ආරද්ධවීරියො හොති සත්තානං හිතපටිපත්තියං, සතිසම්පත්තියා උපට්ඨිතසති හොති අනවජ්ජධම්මෙසු, සමාධිසම්පත්තියා අවික්ඛිත්තො හොති සමාහිතචිත්තො, පඤ්ඤාසම්පත්තියා අවිපරීතං පජානාති, සො සතියා කුසලාකුසලානං ධම්මානං ගතියො සමන්වෙසමානො පඤ්ඤාය සත්තානං හිතාහිතං යථාභූතං ජානිත්වා සමාධිනා තත්ථ එකග්ගචිත්තො හුත්වා වීරියෙන අහිතා සත්තෙ නිසෙධෙත්‍වා හිතෙ නියොජෙති. තෙනාහ –
මෙසේ මේ බෝධිසම්භාර ලිඞ්ගයන්ගෙන් හෙවත් කාරණයන්ගෙන් යුක්ත වූ මහා පුරුෂයාහට “මහාභිනීහාරය සඳහා කල්‍යාණ මිත්‍ර ආශ්‍රය හේතු වේ.” යයි යමක් කියන ලද්දේ ද මේ එහි කෙටියෙන් කල්‍යාණ මිත්‍රයාගේ ලක්ෂණයි:- මේ ලෝකයෙහි කල්‍යාණ මිත්‍රතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයි. ශීලයෙන් යුක්තවූයේ වෙයි. ශ්‍රැතයෙන් යුක්ත වූයේ වෙයි. ත්‍යාගයෙන් යුක්ත වූයේ වෙයි. වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ වෙයි. සිහියෙන් යුක්ත වූයේ වෙයි. සමාධියෙන් යුක්ත වූයේ වෙයි. ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. එහි ශ්‍රද්ධා සම්පත්තිය කරණ කොටගෙන තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය ද කර්මය හා ඵලය ද අදහයි. ඒ කරණකොට ගෙන සම්‍යක් සම්බෝධියට හේතු වූ සත්ත්වයන් කෙරෙහි හිතේසී බව අත් නො හරියි. ශීලසම්පත්තියෙන් සත්ත්වයන්ට ප්‍රිය වූයේ මනාප වූයේ වෙයි. ගරු වූයේ වෙයි. සම්භාවනා කටයුත්තේ වෙයි. චෝදක වෙයි. පාපයට ගර්හා කරන්නෙක් වෙයි. අවවාද වශයෙන් කියන සුළු වූවෙක් වෙයි. චෝදනා වශයෙන් කියන වචන ඉවසන්නෙක් වෙයි. ශ්‍රැත සම්පත්තිය කරණ කොටගෙන සත්ත්වයන්ට හිතසුව එළවන්නා වූ ගැඹුරු වූ ධර්ම කථා කියන්නෙක් වෙයි. ත්‍යාග සම්පත්තිය කරණ කොට ගෙන අල්පේච්ඡ වෙයි. ලද දෙයෙහි සතුටුවන්නෙක් වෙයි. විවේකයෙහි ඇලුණේ වෙයි. කුලයා කෙරෙහි හා ගණයා කෙරෙහි නො ඇළුණේ වෙයි. වීර්‍ය්‍ය සම්පත්තියෙන් සත්ත්වයන්ට හිතවූ ප්රතිපත්තියෙහි පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. සති සම්පත්තියෙන් නිවැරදි ධර්මයෙහි එළඹ සිටි සිහි ඇත්තේ වෙයි. සමාධි සම්පත්තියෙන් නොවිසුරුණු සිත ඇත්තේ එකඟ වූ සිත් ඇත්තේ වෙයි. ප්‍රඥා සම්පත්තියෙන් අවිපරීතව දැන ගන්නෙක් වෙයි. හෙතෙම සිහියෙන් කුශලාකුශල ධර්මයන්ගේ ගතීන් සොයන්නේ ප්‍රඥාවෙන් සත්ත්වයන්ගේ හිතාහිත තත්වූ පරිදි දැන සමාධියෙන් එහි එක් සිත් ඇතිව වීර්‍ය්‍යයෙන් සත්ත්වයන් අහිතයෙන් වළක්වා හිතයෙහි යොදවයි. එහෙයින්,
“පියො ගරු භාවනීයො, වත්තා ච වචනක්ඛමො; ගම්භීරඤ්ච කථං කත්තා, නො චට්ඨානෙ නියොජකො”ති. (අ· නි· 7.37; නෙත්ති· 113) –
“පියොච ගරු භාවනීයො වත්තා ච වචනක්ඛමො ගම්භීරං ච කථං කත්තා නොචට්ඨානෙ නියොජකො”ති
“ඇසුරු කරන්නන්ට ප්‍රිය වන්නේ ද ගරුවන්නේ ද ගුණ වශයෙන් සම්භාවනා කටයුතු වන්නේ ද, අවවාද කියන්නේ ද, විචාල ප්‍රශ්ණ ඉවසන සුලු වන්නේ ද ගැඹුරු ධර්ම කියා දෙන්නේ ද ආශ්‍රිතයන් අස්ථානයෙහි නොයොදන්නේ ද (හේ කල්‍යාණ මිත්‍ර නම් වේ.) යයි කීය.
එවං ගුණසමන්නාගතඤ්ච කල්යාණමිත්තං උපනිස්සාය මහාපුරිසො අත්තනො උපනිස්සයසම්පත්තිං සම්මදෙව පරියොදපෙති. සුවිසුද්ධාසයපයොගො ච හුත්වා චතූහි බලෙහි සමන්නාගතො න චිරෙනෙව අට්ඨඞ්ගෙ සමොධානෙත්වා මහාභිනීහාරං කරොන්තො බොධිසත්තභාවෙ පතිට්ඨහති අනිවත්තිධම්මො නියතො සම්බොධිපරායනො.
මෙසේ ගුණයෙන් යුක්ත වූ කල්‍යාණ මිත්‍රයා නිසා මහාපුරුෂ තෙම තමාගේ හේතු (උපනිස්සය) සම්පත්තිය මනාකොට පිරිසිදු කරයි. සුවිසුද්ධ වූ ආසය ප්රයෝගද ඇතිව සිවුවැදෑරුම් බලයන්ගෙන් යුක්ත වූයේ නොබෝකලකින්ම අෂ්ඨ අඞ්ගයන් එක්කොට මහාභිනීහාරය කරන්නේ නොනවත්නා ස්වභාව ඇත්තේ සම්බෝධිය පිහිටකොට ඇත්තේ බෝධිසත්ත්ව භාවයෙහි පිහිටයි.
තස්සිමානි චත්තාරි බලානි. අජ්ඣත්තිකබලං යා සම්මාසම්බොධියං අත්තසන්නිස්සයා ධම්මගාරවෙන අභිරුචි එකන්තනින්නජ්ඣාසයතා, යාය මහාපුරිසො අත්තාධිපති ලජ්ජාපස්සයො අභිනීහාරසම්පන්නො ච හුත්වා පාරමියො පූරෙත්වා සම්මාසම්බොධිං පාපුණාති.
උන්වහන්සේට මේ බල සතර වෙයි. ආධ්‍යාත්මික බලය : ආත්ම සන්නිශ්රිතව ධර්ම ගෞරවයෙන් සම්‍යක් සම්බෝධිය පිළිබඳව යම් අභිරුචියක්, ඒකාන්තයෙන් නැඹුරු වූ අදහස් ඇති බවක් වේද, යමක් කරණ කොටගෙන මහාපුරුෂ තෙම ආත්මාධිපති වූයේ ලජ්ජාද්ධ්යාශය ඇත්තේ අභිනීහාර සම්පන්න වූයේ, පාරමී පුරා සම්‍යක් සම්බෝධියට පැමිණේ ද (ඒ ආධ්‍යාත්මික බලයයි.)
බාහිරබලං යා සම්මාසම්බොධියං පරසන්නිස්සයා අභිරුචි එකන්තනින්නජ්ඣාසයතා, යාය මහාපුරිසො ලොකාධිපති මානාපස්සයො අභිනීහාරසම්පන්නො ච හුත්වා පාරමියො පූරෙත්වා සම්මාසම්බොධිං පාපුණාති.
බාහිර බලය : අනුන් ඇසුරු කොට සම්‍යක් සම්බෝධිය පිළිබඳව යම් අභිරුචියක්, ඒකාන්තයෙන් ඒ පිළිබඳ නැඹුරුවූ අදහසක් ඇත්තේවේද, යමක් කරණ කොටගෙන මහා පුරුෂතෙම ලෝකාධිපති වූයේ මානද්ධ්යාශය ඇත්තේ අභිනීහාර සම්පන්න වූයේ, පාරමී පුරා සම්‍යක් සම්බෝධියට පැමිණේ ද (ඒ බාහිර බලයයි.)
උපනිස්සයබලං යා සම්මාසම්බොධියං උපනිස්සයසම්පත්තියා අභිරුචි එකන්තනින්නජ්ඣාසයතා, යාය මහාපුරිසො තික්ඛින්ද්රියො විසදධාතුකො සතිසන්නිස්සයො අභිනීහාරසම්පන්නො ච හුත්වා පාරමියො පූරෙත්වා සම්මාසම්බොධිං පාපුණාති.
උපනිශ්‍රය බලය : සම්‍යක් සම්බෝධිය පිණිස උපනිශ්‍රය සම්පත්තියෙහි යම් කැමැත්තක්, ඒකාන්තයෙන් නැමුණා වූ සිත් ඇති බවක් වේ. යමක් කරණ කොට ගෙන මහා පුරුෂ තෙම තියුණු වූ ඉඳුරන් ඇත්තේ ප්‍රකට වූ ධාතු ඇත්තේ සිහිය ඇසුරු කළේ අභිනීහාරයන්ගෙන් යුක්තව පාරමී පුරා සම්‍යක් සම්බෝධියට පැමිණේ ද (ඒ උපනිශ්‍රය බලයයි)
පයොගබලං යා සම්මාසම්බොධියං තජ්ජා පයොගසම්පදා සක්කච්චකාරිතා සාතච්චකාරිතා, යාය මහාපුරිසො විසුද්ධපයොගො නිරන්තරකාරී අභිනීහාරසම්පන්නො ච හුත්වා පාරමියො පූරෙත්වා සම්මාසම්බොධිං පාපුණාති.
ප්‍රයෝග බලය : සම්‍යක් සම්බෝධිය පිණිස එයට සුදුසු වූ යම් ප්‍රයෝග සම්පත්තියක් වේද සකසා කරන බවක් වේද යමක් කරණකොටගෙන මහා පුරුෂතෙම විසුද්ධ වූ ප්‍රයෝග ඇත්තේ නිරන්තරයෙන් ක්‍රියාත්මක වූ අභිනීහාරයෙන් යුක්ත වූයේ වී, සම්‍යක් සම්බෝධියට පැමිණේද (ඒ ප්‍රයෝග බලයයි.)
එවමයං චතූහි පච්චයෙහි චතූහි හෙතූහි චතූහි ච බලෙහි සම්පන්නසමුදාගමො අට්ඨඞ්ගසමොධානසම්පාදිතො අභිනීහාරො පාරමීනං පච්චයො මූලකාරණභාවතො. යස්ස ච පවත්තියා මහාපුරිසෙ චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා පතිට්ඨහන්ති, සබ්බසත්තනිකායං අත්තනො ඔරසපුත්තං විය පියචිත්තෙන පරිග්ගණ්හාති. න චස්ස චිත්තං පුත්තසංකිලෙසවසෙන සංකිලිස්සති. සත්තානං හිතසුඛාවහො චස්ස අජ්ඣාසයො පයොගො ච හොති. අත්තනො ච බුද්ධකාරකධම්මා උපරූපරි වඩ්ඪන්ති පරිපච්චන්ති ච. යතො ච මහාපුරිසො උළාරතමෙන පුඤ්ඤාභිසන්දෙන කුසලාභිසන්දෙන පවත්තියා පච්චයෙන සුඛස්සාහාරෙන සමන්නාගතො සත්තානං දක්ඛිණෙය්යො උත්තමගාරවට්ඨානං අසදිසං පුඤ්ඤක්ඛෙත්තඤ්ච හොති. එවමනෙකගුණො අනෙකානිසංසො මහාභිනීහාරො පාරමීනං පච්චයොති වෙදිතබ්බො.
මෙසේ ප්‍රත්‍ය සතරකින් ද හේතු සතරකින් ද බල සතරකින් ද යුක්තව මුල පටන් අෂ්ඨාඞ්ග සමෝධානයෙන් සම්පාදනය කරන ලද මේ අභිනීහාරය තෙම පාරමිතාවන්ට මූල කාරණභාවයෙන් ප්‍රත්‍යය වේ. යම් ධර්මයකගේ පැවැත්ම හේතුකොටගෙන මහාපුරුෂයන් කෙරෙහි සිවුවැදෑරුම් ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෝ පිහිටත්ද, එනම්: සියලු සත්ත්ව සමූහයා තම ඖරස පුත්‍රයන් මෙන් ප්‍රිය වූ සිතින් ආරක්ෂා කෙරේ. උන්වහන්සේගේ සිත පුතුන් කෙරෙහි කෙලසීම් වශයෙන් නොකෙලෙසේ. සත්ත්වයන්ට හිතසුව එළවීම උන්වහන්සේගේ අද්ධ්යාශයත් උත්සාහයත් වේ. තමාගේ බුද්ධකාරක ධර්මයෝ ද මතුමත්තෙහි වැඩෙත්, මුහුකිරීමට යෙත් යම්හෙයකින් මහා පුරුෂ තෙම ඉතා උසස් වූ පුණ්යස්කන්ධයෙන් කුශලස්කන්ධයෙන් යුක්ත වීම හේතු කොටගෙන සැප විහරණයෙන් යුක්ත වූයේ සත්ත්වයන්ට දක්ෂිණාර්හ වූයේ උතුම් වූ ගෞරවස්ථානයක්ද අසමාන වූ පින් කෙතක් වෙයිද එහෙයිනි. මෙසේ නොයෙක් ගුණ ඇති නොයෙක් අනුසස් ඇති මහාභිනීහාරය (මූල ප්‍රාර්ථනාව) පාරමිතාවන්ට ප්‍රත්‍යය වේ යයි දත යුතුය.
යථා ච අභිනීහාරො, එවං මහාකරුණා උපායකොසල්ලඤ්ච. තත්ථ උපායකොසල්ලං නාම දානාදීනං බොධිසම්භාරභාවස්ස නිමිත්තභූතා පඤ්ඤා, යාහි මහාකරුණූපායකොසල්ලතාහි මහාපුරිසානං අත්තසුඛනිරපෙක්ඛතා නිරන්තරං පරහිතකරණපසුතතා සුදුක්කරෙහිපි මහාබොධිසත්තචරිතෙහි විසාදාභාවො පසාදසම්බුද්ධිදස්සනසවනානුස්සරණකාලෙසුපි සත්තානං හිතසුඛප්පටිලාභහෙතුභාවො ච සම්පජ්ජති. තථා හිස්ස පඤ්ඤාය බුද්ධභාවසිද්ධි, කරුණාය බුද්ධකම්මසිද්ධි, පඤ්ඤාය සයං තරති, කරුණාය පරෙ තාරෙති, පඤ්ඤාය පරදුක්ඛං පරිජානාති, කරුණාය පරදුක්ඛපතිකාරං ආරභති, පඤ්ඤාය ච දුක්ඛෙ නිබ්බින්දති, කරුණාය දුක්ඛං සම්පටිච්ඡති, තථා පඤ්ඤාය නිබ්බානාභිමුඛො හොති, කරුණාය වට්ටං පාපුණාති, තථා කරුණාය සංසාරාභිමුඛො හොති, පඤ්ඤාය තත්ර නාභිරමති, පඤ්ඤාය ච සබ්බත්ථ විරජ්ජති, කරුණානුගතත්තා න ච න සබ්බෙසං අනුග්ගහාය පවත්තො, කරුණාය සබ්බෙපි අනුකම්පති, පඤ්ඤානුගතත්තා න ච න සබ්බත්ථ විරත්තචිත්තො, පඤ්ඤාය ච අහංකාරමමංකාරාභාවො, කරුණාය ආලසියදීනතාභාවො, තථා පඤ්ඤාකරුණාහි යථාක්කමං අත්තපරනාථතා ධීරවීරභාවො, අනත්තන්තපඅපරන්තපතා, අත්තහිතපරහිතනිප්ඵත්ති, නිබ්භයාභිංසනකභාවො, ධම්මාධිපතිලොකාධිපතිතා, කතඤ්ඤුපුබ්බකාරිභාවො, මොහතණ්හාවිගමො, විජ්ජාචරණසිද්ධි, බලවෙසාරජ්ජනිප්ඵත්තීති සබ්බස්සාපි පාරමිතාඵලස්ස විසෙසෙන උපායභාවතො පඤ්ඤාකරුණා පාරමීනං පච්චයො. ඉදඤ්ච ද්වයං පාරමීනං විය පණිධානස්සාපි පච්චයො.
අභිනීහාරය යම්සේ පාරමිතාවන්ට ප්‍රත්‍යය වේද මහා කරුණාවත් උපාය කෞශල්‍යයත් එසේම පාරමිතාවන්ට ප්‍රත්‍යය වෙයි. එහි උපාය කෞශල්‍යය නම් බෝධි සම්භාරයන් වීමට නිමිති වූ කරුණු වූ දානාදිය පිළිබඳව ඇති ප්රඥාවයි. යම් මහා කරුණාවකින් හා උපාය කෞශල්‍යකින් යුක්ත වීම කරණකොටගෙන මහා පුරුෂයන්ගේ ආත්මසුඛ නිරපේක්ෂ බව ද, නිරතුරුව අනුන්ට වැඩ කිරීමෙහි නිරත බව ද, ඉතාමත් දුෂ්කර වූ මහා බෝධිසත්ත්ව චරිතයක් කරණකොට කළකිරීමක් නැතිබවද, ප්‍රසාදය වැඩීම, දර්ශන, ශ්‍රවණ, අනුස්මරණ කාලයන්හිද සත්ත්වයන්ට හිතසුව එළවීමට හේතු වන බවද සිද්ධ වන්නේය. ඒ එසේමය. උන්වහන්සේගේ ප්‍රඥාවෙන් බුද්ධත්වය සිද්ධවන්නේය. කරුණාවෙන් බුද්ධකාරක ධර්ම සිද්ධ වන්නේය. ප්‍රඥාවෙන් තමා එතර වෙයි. කරුණාවෙන් අනුන් එතර කරවයි. ප්‍රඥාවෙන් අනුන්ගේ දුකට දැනගනියි. කරුණාවෙන් අනුන්ගේ දුක පිළියම් කිරීමට පටන් ගනී. ප්‍රඥාවෙන් දුකෙහි කලකිරෙයි. කරුණාවෙන් දුක පිළිගනියි. එසේම ප්‍රඥාවෙන් නිර්වාණයට අභිමුඛ වෙයි. කරුණාවෙන් සසරට පැමිණෙයි. එසේ කරුණාවෙන් සංසාරයට අභිමුඛ වෙයි. ප්‍රඥාවෙන් එහි නො ඇලෙයි. ප්‍රඥාවෙන් සියලු තන්හිද නො ඇලෙයි. ප්‍රඥාව, කරුණාව අනුව ගිය හෙයින් සියලු සත්ත්වයන්ට අනුග්‍රහ කිරීම පිණිස නොපවත්නේ නොවෙයි. කරුණාවෙන් සියලු සත්ත්වයන්ට අනුකම්පා කරයි. කරුණාව, ප්‍රඥාව අනුව ගිය බැවින් සියලු සත්ත්වයන් කෙරෙහි නොඇලුනා වූ සිත් ඇත්තේ නොවෙයි. ප්‍රඥාවෙන් මමය මගේය යන හැඟීම නැතිවන්නේය. කරුණාවෙන් අලස බව හා බැගෑ බව නැතිවන්නේය. එසේම ප්‍රඥාවෙන් හා කරුණාවෙන් පිළිවෙළින් ආත්ම ස්වාමී බව පරස්වාමී බව, ධෛර්ය්යවත්බව, පරහට වැඩ සිද්ධිය, නිර්භයබව හා අහිංසක බව, ධර්මාධිපතිබව හා ලෝකාධිපති බව, කළගුණ දන්නා බව, පූර්වෝපකාර ඇති බව (තමාට උපකාර ලැබීමට පෙර උපකාර කරන බව), මෝහය හා තෘෂ්ණාව දුරුකිරීම, විද්‍යා හා චරණයන් සම්පූර්ණ බව, බල හා වෛශාරද්‍ය නිෂ්පත්තිය යන සියලුම පාරමිතා ඵලයට විශේෂයෙන් උපාය බැවින් ප්‍රඥා කරුණා දෙක පාරමී ධර්මයන්ට ප්‍රත්‍යය වේ. මේ ප්‍රඥා කරුණා දෙක පාරමී ධර්මයන්ට මෙන්ම මූල ප්‍රාර්ථනාවට ද ප්‍රත්‍යය වෙයි.
තථා උස්සාහඋම්මඞ්ගඅවත්ථානහිතචරියා ච පාරමීනං පච්චයාති වෙදිතබ්බා, යා බුද්ධභාවස්ස උප්පත්තිට්ඨානතාය බුද්ධභූමියොති වුච්චන්ති. තත්ථ උස්සාහො නාම බොධිසම්භාරානං අබ්භුස්සහනවීරියං. උම්මඞ්ගො නාම බොධිසම්භාරෙසු උපායකොසල්ලභූතා පඤ්ඤා. අවත්ථානං නාම අධිට්ඨානං අචලාධිට්ඨානතා. හිතචරියා නාම මෙත්තාභාවනා කරුණාභාවනා ච.
එසේම උස්සාහ, උම්මග්ග, අවත්ථාන, හිතචරියා යන මේවා පාරමිතාවන්ට ප්‍රත්‍යයෝ යයි දත යුත්තාහ. ඒවා බුද්ධත්වයට උත්පත්ති ස්ථාන වන බැවින් බුද්ධ භූමී යයි කියනු ලැබේ. එහි “උස්සාහ” නම් බෝධිසම්භාර ධර්මයන් නගා සිටුවන වීර්‍ය්‍යයයි. “උම්මග්ග” නම් බොධිසම්භාර ධර්මයන්හි උපාය කෞශල්‍යය වූ ප්රඥාවයි. “අවත්ථාන” නම් අධිෂ්ඨානයයි. නිශ්චල අධිෂ්ඨාන ඇති බවයි. “හිතචරියා” නම් මෛත්‍රී භාවනාව හා කරුණා භාවනාවයි.
තථා නෙක්ඛම්මපවිවෙකඅලොභාදොසාමොහනිස්සරණප්පභෙදා ඡ අජ්ඣාසයා. නෙක්ඛම්මජ්ඣාසයා හි බොධිසත්තා හොන්ති කාමෙසු ඝරාවාසෙ ච දොසදස්සාවිනො, තථා පවිවෙකජ්ඣාසයා සඞ්ගණිකාය දොසදස්සාවිනො, අලොභජ්ඣාසයා ලොභෙ දොසදස්සාවිනො, අදොසජ්ඣාසයා දොසෙ දොසදස්සාවිනො, අමොහජ්ඣාසයා මොහෙ දොසදස්සාවිනො, නිස්සරණජ්ඣාසයා සබ්බභවෙසු දොසදස්සාවිනොති. තස්මා එතෙ බොධිසත්තානං ඡ අජ්ඣාසයා දානාදීනං පාරමීනං පච්චයාති වෙදිතබ්බා. න හි ලොභාදීසු ආදීනවදස්සනෙන අලොභාදීනං අධිකභාවෙන ච විනා දානාදිපාරමියො සම්භවන්ති, අලොභාදීනඤ්හි අධිකභාවෙන පරිච්චාගාදිනින්නචිත්තතා අලොභජ්ඣාසයාදිතාති වෙදිතබ්බා.
එසේම නෙක්ඛම්ම, පවිවේක, අලෝභ, අදොස, අමෝහ, නිස්සරණ යන ප්‍රභේද සහිත අද්ධ්යාශයෝ සය දෙනෙක් වෙති. නෛෂ්ක්‍රම්‍ය අද්ධ්යාශය හෙවත් ගිහිගෙයින් නික්මීමේ අදහස ඇති බෝධිසත්ත්වයෝ වනාහි කාමයන්හි ගිහිගෙයි විසීමෙහි ද දොස් දක්නාහු වෙති. එසේම පවිවේකාද්ධ්යාශය හෙවත් විවේකයෙහි අදහස් ඇති බෝධිසත්ත්වයෝ රැස්වීමෙහි දොස් දක්නාහු වෙති. අලෝභ අදහස් ඇති බෝධිසත්ත්වයෝ ලෝභයෙහි දොස් දක්නාහු වෙති. අද්වේශ අදහස් ඇත්තාහු ද්වේෂයෙහි දොස් දක්නාහු වෙති. අමෝහ අදහස් ඇත්තාහු මෝහයෙහි දොස් දක්නාහු වෙති. නිස්සරණ අදහස් ඇති බෝධිසත්ත්වයෝ සියලු බවයන්හි දොස් දක්නාහු වෙති. ඒ නිසා බෝධිසත්ත්‍වවරයන්ගේ මේ අද්ධ්යාශයෝ සයදෙන දානාදී පාරමිතාවන්ට ප්රත්යයයයි දත යුතුය. ලෝභාදියෙහි දොස් දැකීමෙන් ද අලෝභාදීන්ගේ අධිකභාවයෙන් ද තොරව දානාදී පාරමිතාවෝ සිද්ධ නොවෙති. අලෝභාදීන්ගේ අධිකභාවයෙන් වනාහි පරිත්යාගාදියෙහි නැමුණු සිත් ඇති බව “අලෝභාද්ධ්යාශයාදිතා” යයි දත යුතුය.
යථා චෙතෙ එවං දානජ්ඣාසයතාදයොපි බොධියා චරන්තානං බොධිසත්තානං දානාදිපාරමීනං පච්චයො. දානජ්ඣාසයතාය හි බොධිසත්තා තප්පටිපක්ඛෙ මච්ඡෙරෙ දොසදස්සාවිනො හුත්වා සම්මදෙව දානපාරමිං පරිපූරෙන්ති. සීලජ්ඣාසයතාය දුස්සීල්යෙ දොසදස්සාවිනො හුත්වා සම්මදෙව සීලපාරමිං පරිපූරෙන්ති. නෙක්ඛම්මජ්ඣාසයතාය කාමෙසු ඝරාවාසෙ ච , යථාභූතඤාණජ්ඣාසයතාය අඤ්ඤාණෙ විචිකිච්ඡාය ච, වීරියජ්ඣාසයතාය කොසජ්ජෙ, ඛන්තියජ්ඣාසයතාය අක්ඛන්තියං, සච්චජ්ඣාසයතාය විසංවාදෙ, අධිට්ඨානජ්ඣාසයතාය අනධිට්ඨානෙ, මෙත්තාජ්ඣාසයතාය බ්යාපාදෙ, උපෙක්ඛාජ්ඣාසයතාය ලොකධම්මෙසු ආදීනවදස්සාවිනො හුත්වා සම්මදෙව නෙක්ඛම්මාදිපාරමියො පරිපූරෙන්ති. දානජ්ඣාසයතාදයො දානාදිපාරමීනං නිප්ඵත්තිකාරණත්තා පච්චයො.
මේ අලෝභාද්ධ්යාශයාදීහු යම්සේද එසේම දානාද්ධ්යාශයාදීහු ද බුද්ධත්වය පිණිස පිළිපදින බෝධිසත්ත්‍වවරයන්ගේ දානාදී පාරමිතාවන්ට ප්‍රත්‍යය වෙති. දානාද්ධ්යාශය ඇති බෝධිසත්ත්‍වවරයෝ එයට ප්රතිපක්ෂ වූ මසුරුකමෙහි දොස් දක්නාහු වී මනාකොට දාන පාරමිතාව පුරති. ශීලද්ධ්යාශය ඇති බැවින් දුසිල්බවෙහි දොස් දක්නාහු වී මනාකොට ශීල පාරමිතාව පුරති. නෛෂ්ක්‍රම්‍ය අද්ධ්යාශයෙන් කාමයන්හි සහ ගෘහවාසයන්හි ද, යථාභූත ඥානාද්ධ්යාශය ඇති බැවින් අස්ථානයෙහි සහ විචිකිච්ඡාවෙහි ද, වීර්ය්යාද්ධ්යාශය ඇති බැවින් කුසිත භාවයෙහි ද, ක්ෂාන්ති අද්ධ්යාශය ඇති බැවින් නොඉවසීමෙහිද, සත්යාද්ධ්යාශය ඇති බැවින් බොරුකීමෙහි ද අධිෂ්ඨානාද්ධ්යාශය ඇති බැවින් ව්යාපාදයෙහිද, උපේක්ෂාද්ධ්යාශය ඇති බැවින් ලෝක ධර්මයන්හිද ආදීනව දක්නාහු වී මනාකොට නෛෂ්ක්‍රම්‍ය ආදී පාරමිතාවෝ පුරති. දානාද්ධ්යාශයතාදීහු දානාදි පාරමිතාවන් ඉපදවීමට කාරණය වන බැවින් ප්‍රත්‍ය වෙති.
තථා අපරිච්චාගපරිච්චාගාදීසු යථාක්කමං ආදීනවානිසංසපච්චවෙක්ඛණා දානාදිපාරමීනං පච්චයො. තත්ථායං පච්චවෙක්ඛණාවිධිඛෙත්තවත්ථුහිරඤ්ඤසුවණ්ණගොමහිංසදාසිදාසපුත්තදාරාදිපරිග්ගහබ්යාසත්තචිත්තානං සත්තානං ඛෙත්තාදීනං වත්ථුකාමභාවෙන බහුපත්ථනීයභාවතො රාජචොරාදිසාධාරණභාවතො විවාදාධිට්ඨානතො සපත්තකරණතො නිස්සාරතො පටිලාභපරිපාලනෙසු පරවිහෙඨනහෙතුතො විනාසනිමිත්තඤ්ච සොකාදිඅනෙකවිහිතබ්යසනාවහතො තදාසත්තිනිදානඤ්ච මච්ඡෙරමලපරියුට්ඨිතචිත්තානං අපායූපපත්තිහෙතුභාවතොති එවං විවිධවිපුලානත්ථාවහානි පරිග්ගහවත්ථූනි නාම. තෙසං පරිච්චාගොයෙව එකො සොත්ථිභාවොති පරිච්චාගෙ අප්පමාදො කරණීයො.
එසේම අපරිත්යාගයෙහි හා පරිත්යාගාදියෙහි පිළිවෙළින් ආදීනව ආනිසංස නුවණින් සලකා බැලීම දානාදී පාරමිතාවන්ට ප්‍රත්‍ය වේ. මේ එහි ප්රත්යවේක්ෂා විධියයි:- කෙත්වත්, රන්රුවන්, ගවමී, දැසිදස්, අඹුදරු ආදී වස්තුවෙහි ඇලුණු සිත් ඇති සත්ත්වයන්ගේ ක්ෂේත්රාදිය වස්තුකාම භාවයේ බොහෝ දෙනාගේ ප්‍රාර්ථනාවට සුදුසුවන බැවින් ද රජ සොරු ආදීන්ට සාධාරණ බැවින් ද, විවාදයට කාරණ වන හෙයින් ද, සතුරන් ඇති කරන හෙයින් ද, අසාර හෙයින් ද, වස්තුව ලැබීම රැකීම ඇති කල්හි අනුන්ගේ වෙහෙසට හේතුවන හෙයින් ද, විනාශයට කාරණ වන හෙයින් ද, ශෝකාදී ද අනේකප්‍රකාර දුක් එළවන හෙයින් ද, එහි ඇලීම මූලකාරණ කොට ඇති හෙයින් ද, මසුරු මළින් වළදනා ලද සිත් ඇත්තවුන්ගේ අපායෙහි උපත හේතුවන හෙයින්දැයි මෙසේ පරිග්‍රහ වස්තූහු වනාහි නොයෙක් ආකාර වූ බොහෝ අවැඩ එළවන්නාහුය. ඒ වස්තූන්ගේ පරිත්‍යාගය වනාහි එකම සුවපත් බව යයි පරිත්‍යාගයෙහි අප්‍රමාදය කටයුතුය.
අපි ච යාචකො යාචමානො අත්තනො ගුය්හස්ස ආචික්ඛනතො “මය්හං විස්සාසිකො”ති ච, “පහාය ගමනීයමත්තනො සන්තකං ගහෙත්වා පරලොකං යාහීති මය්හං උපදෙසකො”ති ච, “ආදිත්තෙ විය අගාරෙ මරණග්ගිනා ආදිත්තෙ ලොකෙ තතො මය්හං සන්තකස්ස අපවාහකසහායො”ති ච, “අපවාහිතස්ස චස්ස අඣාපනනික්ඛෙපට්ඨානභූතො”ති ච දානසඞ්ඛාතෙ කල්යාණකම්මස්මිං සහායභාවතො සබ්බසම්පත්තීනං අග්ගභූතාය පරමදුල්ලභාය බුද්ධභූමියා සම්පත්තිහෙතුභාවතො ච “පරමො කල්යාණමිත්තො”ති ච පච්චවෙක්ඛිතබ්බං.
තවද ඉල්ලන්නා වූ යාචක තෙමේ තමාගේ සැඟවිය යුතු අදහස් කියන හෙයින් මාගේ විශ්වාසයෙකැයි කියාද, හැරපියා යා යුතු තමන් සතු වස්තුව පරලොවට ගෙන යව”යි කියන හෙයින් මට උපදෙස් දෙන්නෙකැයි කියා ද ගිනිගෙන දිලිහෙන්නා වූ ගෙයක් මෙන් මරණ ගින්නෙන් දිලිහෙන්නා වූ ලෝකයෙහි එයින් මා සතු වස්තුව පිටත් කරන්නට සහාය වන යහළුවෙකැයි කියාද. පිටත් කළ වස්තුව නොනස්නා පරිද්දෙන් නිදන්කර තැබීමට ස්ථානව සිටියේයයි කියාද දාන සඞ්ඛ්‍යාත කුශලකර්මයන්හි සහාය වන බැවින් ද සියලු සම්පත්තීන්ට අග්‍ර වූ අතිශයින් දුර්ලභ වූ බුද්ධ භූමියෙහි සම්පත්තියට කාරණ වන බැවින්ද උතුම් වූ කල්‍යාණ මිත්රයෙකැයි ද සිහිකළ යුතුය.
තථා “උළාරෙ කම්මනි අනෙනාහං සම්භාවිතො, තස්මා සා සම්භාවනා අවිතථා කාතබ්බා”ති ච, “එකන්තභෙදිතාය ජීවිතස්ස අයාචිතෙනාපි මයා දාතබ්බං, පගෙව යාචිතෙනා”ති ච, “උළාරජ්ඣාසයෙහි ගවෙසිත්වාපි දාතබ්බතො සයමෙවාගතො මම පුඤ්ඤෙනා”ති ච “යාචකස්ස දානාපදෙසෙන මය්හමෙවායමනුග්ගහො”ති ච, “අහං විය අයං සබ්බොපි ලොකො මයා අනුග්ගහෙතබ්බො”ති ච, “අසති යාචකෙ කථං මය්හං දානපාරමී පූරෙය්යා”ති ච, “යාචකානමෙව චත්ථාය මයා සබ්බො පරිග්ගහෙතබ්බො”ති ච, “මං අයාචිත්වාව මම සන්තකං යාචකා කදා සයමෙව ගණ්හෙය්යු”න්ති ච, “කථමහං යාචකානං පියො චස්සං මනාපො”ති ච, “කථං වා තෙ මය්හං පියා චස්සු මනාපා”ති ච, “කථං වාහං දදමානො දත්වාපි ච අත්තමනො චස්සං පමුදිතො පීතිසොමනස්සජාතො”ති ච, “කථං වා මෙ යාචකා භවෙය්යුං උළාරො ච දානජ්ඣාසයො”ති ච, “කථං වාහමයාචිතො එව යාචකානං හදයමඤ්ඤාය දදෙය්ය”න්ති ච, “සති ධනෙ යාචකෙ ච අපරිච්චාගො මහතී මය්හං වඤ්චනා”ති ච, “කථං වාහං අත්තනො අඞ්ගානි ජීවිතං වාපි යාචකානං පරිච්චජෙය්ය”න්ති ච පරිච්චාගනින්නතා උපට්ඨපෙතබ්බා. අපි ච “අත්ථො නාමායං නිරපෙක්ඛං දායකමනුගච්ඡති, යථා තං නිරපෙක්ඛං ඛෙපකං කිටකො”ති ච අත්ථෙ නිරපෙක්ඛතාය චිත්තං උප්පාදෙතබ්බං.
එසේම මේ යාචකයා විසින් මම උදාර වූ කටයුත්තකින් සම්භාවනා (ගෞරව) කරන ලද්දෙම් වෙමි. එම නිසා ඒ සම්භාවනාව (ගෞරවය) මා විසින් නොවරදවා කළ යුතුයයි ද, ඒකාන්තයෙන් නැසෙන සුළු වූ ජීවිතය නො ඉල්ලන ලද්දේ නමුත් මා විසින් දිය යුතුය. ඉල්ලන ලද්දේ කියනුම කවරේද? උදාර අදහස් ඇත්තන් විසින් යාචකයන් සොයා දන් දිය යුතු බැවින් මාගේ පිනෙන් යාචකයා තෙමේම මා සමීපයට පැමිණියේ යයිද, යාචකයාහට දානාපදේශයෙන් (දෙවන ව්‍යාජයෙන්) මේ අනුග්‍රහය මටම යයි කියාද, මම මෙන් මේ සියලු ලෝකයා ද මා විසින් අනුග්‍රහ කටයුත්තේ යයි කියාද, යාචකයන් නොමැති කල්හි මාගේ දාන පාරමිතාව කෙසේනම් පිරේදැයි කියාද මා විසින් යාචකයන් සඳහාම සියලු වස්තුව සොයා තැබිය යුතුයයි කියාද යාචකයෝ මාගෙන් නො ඉල්ලාම මා සතුදේ කවදා තුමූම ඇරගනිත්දෝහෝයි කියාද, මම කෙසේනම් යාචකයන්ට ප්‍රිය වෙම්ද මනාප වෙම්දැයි කියාද, ඔවුහු කෙසේ නම් මට ප්‍රිය වූවාහු වෙත්ද මනාප වූවාහු වෙත්දැයි කියාද, මම කෙසේ නම් දන් දෙමිනුත් දීමෙන් පසුවත් සතුටු සිත් ඇත්තෙම් ප්‍රමුදිත වූයෙම් හටගත් ප්‍රීතිසොම්නස් ඇත්තෙක් වෙම්දැයි කියාද, මොහු උදාර වූ දානාද්ධ්යාශය ඇත්තෙකැයි යාචකයෝ මා ගැන කෙසේ හෝ සිතත්දැයි කියාද, නොඉල්ලද්දීම මම යාචකයන්ගේ සිත් දැන කෙසේ නම් දෙන්නෙම්දැයි කියාද, වස්තුවත් යාචකයනුත් ඇති කල්හි දන් නොදීම මට මහත් නින්දාවකැයි කියාද, කෙසේ නම් මම මාගේ ශරීරාවයවයන් හා ජීවිතයත් යාචකයන්ට පරිත්‍යාග කෙරෙයි කියාද, පරිත්‍යාගයට නැමුණු බව එළවිය (ඉදිරියට ගෙනා) යුතුය. තවද මේ වස්තුව නම් යම්සේ පණුවෙක්, අපේක්ෂා රහිතව දමන ලද්දක් අනුව යේද එසේම නිරපේක්ෂක වූ දායකයා අනුව යන්නේ යයි අර්ථ නිරපේක්ෂතාවෙහි (ප්‍රයෝජනයෙහි බලාපොරොත්තු නැති) සිත ඉපිදවිය යුතුය.
යාචමානො පන යදි පියපුග්ගලො හොති, “පියො මං යාචතී”ති සොමනස්සං උප්පාදෙතබ්බං. අථ උදාසීනපුග්ගලො හොති, “අයං මං යාචමානො අද්ධා ඉමිනා පරිච්චාගෙන මිත්තො හොතී”ති සොමනස්සං උප්පාදෙතබ්බං. දදන්තොපි හි යාචකානං පියො හොතීති. අථ පන වෙරී පුග්ගලො යාචති, “පච්චත්ථිකො මං යාචති, අයං මං යාචමානො අද්ධා ඉමිනා පරිච්චාගෙන වෙරී පියො මිත්තො හොතී”ති විසෙසෙන සොමනස්සං උප්පාදෙතබ්බං. එවං පියපුග්ගලෙ විය මජ්ඣත්තවෙරිපුග්ගලෙසුපි මෙත්තාපුබ්බඞ්ගමං කරුණං උපට්ඨපෙත්වාව දාතබ්බං.
ඉල්ලන්නා වූ පුද්ගලයා ඉදින් ප්‍රිය පුද්ගලයෙක් වේ නම් ප්‍රිය වූවෙක් මගෙන් ඉල්ලන්නේ යයි සොම්නස ඉපිදවිය යුතුය. ඉදින් උදාසීන පුද්ගලයෙක් වේ නම් මෙතෙම මාගෙන් ඉල්ලන්නේ ඒකාන්තයෙන් මේ පරිත්‍යාගය කරණ කොටගෙන මිත්‍රයෙක් වන්නේයයි සොම්නස ඉපිදවිය යුතුය. දෙන්නා වූ තැනැත්තේ වනාහි යාචකයන්ට ප්‍රිය වන්නේ යයි සොම්නස ඉපිදවිය යුතුය. ඉදින් වනාහි වෛරී පුද්ගලයෙක් ඉල්ලන්නේ නම් සතුරෙක් මගෙන් ඉල්ලන්නේය, මේ වෛරී පුද්ගලයා මාගෙන් ඉල්ලන්නේ ඒකාන්තයෙන් මේ පරිත්‍යාගය කරණ කොටගෙන ප්‍රිය මිත්‍රයෙක් වන්නේ යයි විශේෂයෙන් සොම්නස ඉපදවිය යුතුය. මෙසේ ප්‍රිය පුද්ගලයා කෙරෙහි මෙන්ම මධ්‍යස්ථ, වෛරී පුද්ගලයන් කෙරෙහිද මෛත්‍රිය පූර්වඞ්ගම වූ කරුණාව ඉදිරිපත් කොට ගෙනම දිය යුතුය.
සචෙ පනස්ස චිරකාලපරිභාවිතත්තා ලොභස්ස දෙය්යධම්මවිසයා ලොභධම්මා උප්පජ්ජෙය්යුං, තෙන බොධිසත්තපටිඤ්ඤෙන ඉති පටිසඤ්චික්ඛිතබ්බං “නනු තයා සප්පුරිසසම්බොධාය අභිනීහාරං කරොන්තෙන සබ්බසත්තානං උපකාරත්ථාය අයං කායො නිස්සට්ඨො තප්පරිච්චාගමයඤ්ච පුඤ්ඤං, තත්ථ නාම තෙ බාහිරෙපි වත්ථුස්මිං අභිසඞ්ගප්පවත්ති හත්ථිසිනානසදිසී හොති, තස්මා තයා න කත්ථචි සඞ්ගො උප්පාදෙතබ්බො. සෙය්යථාපි නාම මහතො භෙසජ්ජරුක්ඛස්ස තිට්ඨතො මූලං මූලත්ථිකා හරන්ති, පපටිකං තචං ඛන්ධං විටපං සාරං සාඛං පලාසං පුප්ඵං ඵලං ඵලත්ථිකා හරන්ති, න තස්ස රුක්ඛස්ස ‘මය්හං සන්තකං එතෙ හරන්තී’ති විතක්කසමුදාචාරො හොති, එවමෙව සබ්බලොකහිතාය උස්සුක්කමාපජ්ජන්තෙන මයා මහාදුක්ඛෙ අකතඤ්ඤුකෙ නිච්චාසුචිම්හි කායෙ පරෙසං උපකාරාය විනියුජ්ජමානෙ අණුමත්තොපි මිච්ඡාවිතක්කො න උප්පාදෙතබ්බො. කො වා එත්ථ විසෙසො අජ්ඣත්තිකබාහිරෙසු මහාභූතෙසු එකන්තභෙදනවිකිරණවිද්ධංසනධම්මෙසු, කෙවලං පන සම්මොහවිජම්භිතමෙතං, යදිදං එතං මම එසොහමස්මි එසො මෙ අත්තාති අභිනිවෙසො. තස්මා බාහිරෙසු විය අජ්ඣත්තිකෙසුපි කරචරණනයනාදීසු මංසාදීසු ච අනපෙක්ඛෙන හුත්වා ‘තං තදත්ථිකා හරන්තූ’ති නිස්සට්ඨචිත්තෙන භවිතබ්බ”න්ති.
ඉදින් වනාහි බොහෝ කලක් මුළුල්ලෙහි පුරුදුව ආ බැවින් දිය යුතු වස්තුව පිළිබඳව බෝධිසත්ත්වයන්ට ලෝභය උපදීනම් ඒ බෝධිසත්ත්ව ප්‍රතිඥා ඇත්තහු විසින් මෙසේ සැලකිය යුතුය. කෙසේද යත්:- “සත්පුරුෂය, සම්‍යක් සම්බෝධිය සඳහා ප්‍රාර්ථනා කරන නුඹ විසින් සියලු සත්ත්වයන්ට උපකාර පිණිස මේ ශරීරය හරන ලද්දේ නොවේ ද? එය ශරීර පරිත්‍යාගමය කුශලය වේද? එසේ වූ තොපට බාහිර වස්තුවෙහිද ඇල්ම ඉපදවීම ඇතුන්ගේ නෑමක් හා සමාන වන්නේය. එහෙයින් තොප විසින් කිසි වස්තුවක ඇල්මක් නොඉපදවිය යුත්තේය. යම්සේ මහත් බෙහෙත් ගසක් ඇති කල්හි එහි මුලෙන් ප්‍රයෝජන ඇත්තෝ මුල් ගෙනයෙත් ද, එසේම පොතු සිවිය, කඳ, දෙබල, අරටුව, අතු, කොළ, මල්, ගෙඩි යන මෙකී දේවලින් ප්‍රයෝජන ඇත්තේ ඒවා ගෙනයෙත්ද මා සතු දේ මොවුහු ගෙන යෙතියි ඒ ගසට විරෝධ කල්පනාවක් නොවේද, එසේම මුළුලොවට හිත වැඩ පිණිස වීර්‍ය්‍ය වඩන්නා වූ මා විසින් දුක්වූ කළගුණ නො දන්නාවූ හැම කල්හි අපවිත්‍ර වූ ශරීරය අනුන්ට උපකාර පිණිස පමුණුවන කල්හි ස්වල්පමාත්‍ර වූද මිත්‍යා විතර්කයක් නො ඉපදවිය යුතුය. ඒකාන්තයෙන් බිඳෙන්නා වූ විසිරෙන්නා වූ නැසෙන්නා වූ ස්වභාව ඇති මේ ආධ්‍යාත්මික බාහිර මහාභූතයන් කෙරෙහි කවර නම් විශේෂයක් ද? මේ මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි කියා යම් ඇල්මක් වේද එය වනාහි හුදෙක් මෝහයාගේ පෙළඹීමක් වන්නේය. එබැවින් බාහිර වස්තූන් කෙරෙහි මෙන්ම ආධ්‍යාත්මික අත් පා ඇස් ආදියෙහිද මස් ආදියෙහිද නිරපේක්ෂකව ඒ ඒ අත්පා ආදිය එයින් ප්‍රයෝජන ඇත්තෝ ගෙනයෙත්වායි හරන ලද සිත් ඇත්තකු විය යුතුය.
එවං පටිසඤ්චික්ඛතො චස්ස සම්බොධාය පහිතත්තස්ස කායජීවිතෙසු නිරපෙක්ඛස්ස අප්පකසිරෙනෙව කායවචීමනොකම්මානි සුවිසුද්ධානි හොන්ති. සො සුවිසුද්ධකායවචීමනොකම්මන්තො විසුද්ධාජීවො ඤායපටිපත්තියං ඨිතො අපායුපායකොසල්ලසමන්නාගමෙන භිය්යොසොමත්තාය දෙය්යධම්මපරිච්චාගෙන අභයදානසද්ධම්මදානෙහි ච සබ්බසත්තෙ අනුග්ගණ්හිතුං සමත්ථො හොතීති අයං තාව දානපාරමියං පච්චවෙක්ඛණානයො.
මෙසේ සලකන්නා වූ සම්බෝධියෙහි මෙහෙයවන ලද සිත් ඇති කාය ජීවිත දෙක්හි නිරපේක්ෂක වූ බෝධිසත්ත්වයන්ගේ කාය වාග් මනෝ කර්මයෝ පහසුවෙන්ම පිරිසිදු වෙති. හෙතෙම පිරිසිදු කායවාග් මානෝකර්ම ඇත්තේ පිරිසිදු ආජීවය ඇත්තේ ප්‍රඥා ප්රතිපත්තියෙහි සිටියේ අපාය උපාය කෞශල්‍යයෙන් යුක්තවීම කරණකොට ගෙන බොහෝ සෙයින් දෙය්‍යධර්‍ම පරිත්‍යාගයෙන් අභය දානයෙන් හා සද්ධර්ම දානයෙන් සියලු සත්ත්වයන්ට අනුග්‍රහ කරන්නට සමත් වෙයි. මේ වූ කලී දාන පාරමිතාවෙහි ප්රත්යවේක්ෂා ක්‍රමය වන්නේය.
සීලපාරමියං පන එවං පච්චවෙක්ඛිතබ්බං – ඉදඤ්හි සීලං නාම ගඞ්ගොදකාදීහි විසොධෙතුං අසක්කුණෙය්යස්ස දොසමලස්ස වික්ඛාලනජලං, හරිචන්දනාදීහි විනෙතුං අසක්කුණෙය්යස්ස රාගාදිපරිළාහස්ස විනයනං, හාරමකුටකුණ්ඩලාදීහි පචුරජනාලඞ්කාරෙහි අසාධාරණො සාධූනං අලඞ්කාරවිසෙසො, සබ්බදිසාවායනතො අකිත්තිමො සබ්බකාලානුරූපො ච සුරභිගන්ධො, ඛත්තියමහාසාලාදීහි දෙවතාහි ච වන්දනීයාදිභාවාවහනතො පරමො වසීකරණමන්තො, චාතුමහාරාජිකාදිදෙවලොකාරොහණසොපානපන්ති , ඣානාභිඤ්ඤානං අධිගමූපායො, නිබ්බානමහානගරස්ස සම්පාපකමග්ගො, සාවකබොධිපච්චෙකබොධිසම්මාසම්බොධීනං පතිට්ඨානභූමි, යං යං වා පනිච්ඡිතං පත්ථිතං, තස්ස තස්ස සමිජ්ඣනූපායභාවතො චින්තාමණිකප්පරුක්ඛාදිකෙ ච අතිසෙති.
ශීල පාරමිතාවෙහි වනාහි මෙසේ ප්රත්යවේක්ෂා කළ යුතුය. මේ ශීලය නම් ගංඟාදින්ගේ ජලයෙන් පිරිසිදු කිරීමට නොහැකි ද්වේශ මළ සෝදන ජලය වැනිය. රත් හඳුන් ආදියෙන් දුරු කරන්නට නොහැකි වූ රාගාදී පරිදාහයන් දුරුකරන සිසිල් දෙයකි. මුතුහර ඔටුණු කොඬොල් ආදී බොහෝ ජනයන් සැරසෙන්නා වූ ආභරණයන්ට වඩා අසාධාරණ වූ (විශේෂ වූ) සත්පුරුෂයන්ගේ ආභරණ විශේෂයකි. සියලු දිග හමන හෙයින් කෘත්‍රිම නොවූ සියලු කාලයට සුදුසු වූ මනා සුවඳකි. ක්ෂත්රිය මහාසාරාදීන් විසින් ද දේවතාවන් විසින් ද වැදුම් පිදුම් ආදිය කටයුතු බව කැඳවන හෙයින් උතුම් වූ වශීකරණ මන්ත්රයකි. චාතුම්මහාරාජික ආදී දේවලෝකයන්ට නැගෙන හිණිපෙළකි. ධ්‍යාන අභිඥාවන් ප්‍රතිලාභයට මාර්ගයකි. නිවන් නැමති මහ පුරයට පමුණුවන්නා වූ මාර්ගයකි. ශ්‍රාවක බෝධි, ප්රත්යෙක බෝධි, සම්‍යක් සම්බෝධි යන මේවා පිහිටන භූමියකි. කැමතිවන ලද්දා වූ ප්‍රාර්ථනා කරන ලද්දාවූ යමක් යමක් වේද ඒ ඒ දෙය සමෘද්ධ වන උපායයක් වන බැවින් සිතුමිණ කප්රුක් ආදිය ද ඉක්මවා සිටී.
වුත්තඤ්චෙතං භගවතා – “ඉජ්ඣති, භික්ඛවෙ, සීලවතො චෙතොපණිධිවිසුද්ධත්තා”ති (දී· නි· 3.337; අ· නි· 8.35). අපරම්පි වුත්තං – “ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු ‘සබ්රහ්මචාරීනං පියො ච අස්සං මනාපො ච ගරු ච භාවනීයො චා’ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී”තිආදි (ම· නි· 1.65). තථා “අවිප්පටිසාරත්ථානි ඛො, ආනන්ද, කුසලානි සීලානී”ති (අ· නි· 11.1). “පඤ්චිමෙ, ගහපතයො, ආනිසංසා සීලවතො සීලසම්පදායා”තිආදිසුත්තානඤ්ච (දී· නි· 2.150; 3.316; අ· නි· 5.213; මහාව· 285) වසෙන සීලස්ස ගුණා පච්චවෙක්ඛිතබ්බා. තථා අග්ගික්ඛන්ධොපමසුත්තාදීනං (අ· නි· 7.72) වසෙන සීලවිරහෙ ආදීනවා. පීතිසොමනස්සනිමිත්තතො අත්තානුවාදපරාපවාදදණ්ඩදුග්ගතිභයාභාවතො විඤ්ඤූහි පාසංසභාවතො අවිප්පටිසාරහෙතුතො සොත්ථිට්ඨානතො අතිජනසාපතෙය්යාධිපතෙය්යායුරූපට්ඨානබන්ධුමිත්තසම්පත්තීනං අතිසයනතො ච සීලං පච්චවෙක්ඛිතබ්බං. සීලවතො හි අත්තනො සීලසම්පදාහෙතු මහන්තං පීතිසොමනස්සං උප්පජ්ජති – “කතං වත මයා කුසලං, කතං කල්‍යාණං, කතං භීරුත්තාණ”න්ති.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී “ඉජ්ඣිස්සති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා” (මහණෙනි, පිරිසිදු බැවින් සිල්වත්හුගේ චිත්ත ප්‍රණිධිය සමෘද්ධ වේ.)යි. අනිකකුදු වදාරණ ලදී. “ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු සබ්රහ්මචාරීනං පියො චස්සං මනාපො ගරුභාවනීයොචාති සීලෙස්වෙවස්ස පරිපූරකාරී” (මහණෙනි, මහණතෙම සබ්‍රහ්ම චර්ය්යා ඇත්තවුන්ට ප්‍රිය වෙමියි ගරුවෙමියි සම්භාව්‍ය වෙමියි ඉදින් කැමැත්තේ නම් ශීලයම සම්පූර්ණ කළ යුත්තේය) යනාදියයි. එසේම “අවිප්පටිසාරත්ථානි ඛො ආනන්ද කුසලානි සීලානි” (ආනන්දයෙනි නිරවද්‍ය වූ ශීලයෝ විපිළිසර නොවීම ප්‍රයෝජන කොට ඇත්තාහ) “පඤ්චිමෙ ගහපතයො ආනිසංසා සීලවතො සීලසම්පදාය” (ගෘහපතියෙනි සිල්වත්හුගේ එම ශීල සම්පත්තියෙන් මේ ආනිසංසයෝ පස්දෙනෙක් වෙති.) යනාදී සූත්‍රයන්ගේ වශයෙන්ද ශීලයෙහි ගුණයෝ ප්රත්යවේක්ෂා කල යුත්තාහ. එසේම අග්ගික්ඛන්ධොපම සූත්රාදීන්ගේ වශයෙන් ශීල විපත්තියෙහි ආදීනව ද සැලකිය යුතුය. ප්‍රීතිය සොම්නස ඇතිවීමට නිමිති වන හෙයින්ද අත්තානුවාද, පරාපවාද, දණ්ඩ භය, දුග්ගති භය යන මේ භය නොමැති හෙයින් ද නුවණැත්තන් විසින් ප්‍රශංසා කටයුතු බැවින් ද, විපිළිසරට පත් නොවීමට හේතුවන බැවින් ද, සැපතට ස්ථාන වන හෙයින් ද, ජාතිය, ධනය, අධිපතිකම උසස් ඤාති, මිත්‍ර ආදී සම්පත්තීන්ට වඩා උතුම් වන හෙයින් ද ශීලය උතුම් ආනිසංස ඇත්තේයයි ප්රත්යවේක්ෂා කටයුතුය. සිල්වතාට වනාහි තමාගේ ශීල සම්පත්තිය නිසා “මා විසින් කුසල් කරන ලද්දේය, යහපත් ක්‍රියාවක් කරන ලද්දේය, භයට පරිත්‍රාණයක් (පිහිටක්) කරන ලද්දේයයි මහත් වූ ප්‍රීති සොම්නසක් උපදී.
තථා සීලවතො අත්තා න උපවදති, න පරෙ විඤ්ඤූ, දණ්ඩදුග්ගතිභයානං සම්භවො එව නත්ථි. “සීලවා පුරිසපුග්ගලො කල්යාණධම්මො”ති විඤ්ඤූනං පාසංසො හොති. තථා සීලවතො ය්වායං “කතං වත මයා පාපං, කතං ලුද්දකං, කතං කිබ්බිස”න්ති දුස්සීලස්ස විප්පටිසාරො උප්පජ්ජති, සො න හොති. සීලඤ්ච නාමෙතං අප්පමාදාධිට්ඨානතො භොගබ්යසනාදිපරිහාරමුඛෙන මහතො අත්ථස්ස සාධනතො මඞ්ගලභාවතො ච පරමං සොත්ථිට්ඨානං, නිහීනජච්චොපි සීලවා ඛත්තියමහාසාලාදීනං පූජනීයො හොතීති කුලසම්පත්තිං අතිසෙති සීලසම්පදා, “තං කිං මඤ්ඤසි, මහාරාජ? ඉධ තෙ අස්ස දාසො කම්මකරො”තිආදිවචනඤ්චෙත්ථ (දී· නි· 1.186) සාධකං. චොරාදීහි අසාධාරණතො පරලොකානුගමනතො මහප්ඵලභාවතො සමථාදිගුණාධිට්ඨානතො ච බාහිරධනං අතිසෙති සීලං. පරමස්ස චිත්තිස්සරියස්ස අධිට්ඨානභාවතො ඛත්තියාදීනං ඉස්සරියං අතිසෙති සීලං. සීලනිමිත්තඤ්හි තංතංසත්තනිකායෙසු සත්තානං ඉස්සරියං, වස්සසතදීඝප්පමාණතො ජීවිතතො එකාහම්පි සීලවතො ජීවිතස්ස විසිට්ඨතාවචනතො සති ච ජීවිතෙ සික්ඛානික්ඛිපනස්ස මරණතාවචනතො සීලං ජීවිතතො විසිට්ඨතරං . වෙරීනම්පි මනුඤ්ඤභාවාවහනතො ජරාරොගවිපත්තීහි අනභිභවනීයතො ච රූපසම්පත්තිං අතිසෙති සීලං. පාසාදහම්මියාදිට්ඨානවිසෙසෙ රාජයුවරාජසෙනාපතිආදිට්ඨානවිසෙසෙ ච අතිසෙති සීලං සුඛවිසෙසාධිට්ඨානභාවතො. සභාවසිනිද්ධෙ සන්තිකාවචරෙපි බන්ධුජනෙ මිත්තජනෙ ච අතිසෙති එකන්තහිතසම්පාදනතො පරලොකානුගමනතො ච “න තං මාතාපිතා කයිරා”තිආදිවචනඤ්චෙත්ථ (ධ· ප· 43) සාධකං. තථා හත්ථිඅස්සරථපත්තිබලකායෙහි මන්තාගදසොත්ථානප්පයොගෙහි ච දුරාරක්ඛං අත්තානං ආරක්ඛාභාවෙන සීලමෙව විසිට්ඨතරං අත්තාධීනතො අපරාධීනතො මහාවිසයතො ච. තෙනෙවාහ – “ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි”න්තිආදි (ජා· 1.10.102). එවමනෙකගුණසමන්නාගතං සීලන්ති පච්චවෙක්ඛන්තස්ස අපරිපුණ්ණා චෙව සීලසම්පදා පාරිපූරිං ගච්ඡති අපරිසුද්ධා ච පාරිසුද්ධිං.
එසේම සිල්වතාට ඔහුගේ සිත උපවාද නොකරයි. නුවණැත්තා වූ අන්කෙනෙක්ද නින්දා නො කරති. දණ්ඩ භය දුර්ගති භය හටගැනීමක් නැත්තේමය. සිල්වත් පුරුෂ තෙම යහපත් ස්වභාව ඇත්තේයයි නුවණැත්තන්ගේ ප්‍රශංසාව හිමිවේ. එසේ සිල්වතාට “මා විසින් ඒකාන්තයෙන් යම් මේ පාපයක් කරන ලද්දේය. නපුරක් කරන ලද්දේය. දරණු ක්‍රියාවක් කරන ලද්දේය”යි දුශ්ශීලයාට යම් විපිළිසරක් උපදීද ඒ විපිළිසර නොවේ. ශීලය නම් වූ මෙය අප්‍රමාදයට කාරණ හෙයින්ද භෝගව්යසනාදිය මගහැරිම් වශයෙන් මහත් වූ අර්ථයක් සිද්ධකරන හෙයින් ද අභිවෘද්ධියට කාරණයක් වන හෙයින්ද උතුම් වූ සැපතට කරුණක් වේ. හීනජාති ඇත්තේ නමුදු සිල්වතා ක්ෂත්රිය මහාසාරාදීන් විසින් පිදිය යුතු වන්නේය. ශීල සම්පත්තිතොමෝ කුල සම්පත්තිය මැඩපවත්වන්නීය. “තං කිං මඤ්ඤසි මහාරාජ, ඉධ තෙ අස්ස දාසො කම්මකරො” (මහරජ, ඔබතුමා කුමක් සිතන්නෙහිද මෙහි ඔබගේ වැඩපල කරන දාසයෙක් වේද) යනාදී වචන ඊට සාධක වේ. සොරු ආදීන්ට අසාධාරණ හෙයින්ද මියපරලොව යන්නහු අනුව යන හෙයින්ද, මහත්ඵලවන හෙයින්ද, සමථාදී ගුණයන්ට පිහිටවන බැවින්ද, ශීලය වනාහි බාහිර ධනය මැඩ පවත්නේය. උතුම් වූ සම්පත්තියට පිහිට වන හෙයින්ද ශීලය ක්ෂත්රියාදීන්ගේ ඓශ්වර්ය්යය (සම්පත්) මැඩ පවත්වයි. ඒ ඒ සත්ත්ව නිකායයන්හි සත්ත්වයන්ගේ ඉසුරුමත් බව ශීලය නිමිති කොට පවතී. දුශ්ශීලයාගේ සියක් අවුරුදු ජීවත් වීමට වඩා සිල්වතාගේ එක දවසකුදු ජීවත් වීම විශිෂ්ට යයි වදාළ හෙයින්ද ජීවිතය ඇති කල්හිද ශික්ෂාව හැර නොදැමූ තැනැත්තහුගේ මරණය උතුම් යයි කී හෙයින් ශීලය වනාහි ජීවිතයට වඩා විශිෂ්ටතර වන්නේය. වෛරී ජනයාටද මනෝඥ බව එළවන හෙයින්ද ජරා රෝග විපත්තීන්ගෙන් මැඩ පැවැත්විය නොහැකි හෙයින්ද ශීලය රූපසම්පත්තිය ඉක්මවන්නේය. ශීලය ප්‍රාසාද සඳලු සහිත ගෘහ ආදී ස්ථාන විශේෂයන්ද, රාජ, යුවරාජ, සේනාපති ආදී තනතුරු විශේෂයන්ද ඉක්මවන්නේය. ශීලය සැප විශේෂයට පිහිට වන බැවින් ද ඒකාන්තයෙන් වැඩ සිද්ධ කරන හෙයින් ද පරලොව යන්නහු අනුව යන බැවින්ද ස්වභාවයෙන් ස්නේහ ඇතිව සමීපයෙහි හැසිරෙන ඤාති ජනයා සහ මිත්‍ර ජනයාද ඉක්මවන්නේය. “නතං මාතා පිතා කයිරා” (එය මව හෝ පියා නොකරන්නේය) යනාදී වචන එයට සාධක වේ. එසේම ඇත්, අස්, රිය, පාබල, බලකායන් විසින් ද මන්ත්‍ර ඖෂධාදී ශාන්ති විධි යෝගයෙන්ද ආරක්ෂා කිරීමට දුෂ්කර තමාව ආරක්ෂා කරන බැවින් ද ආත්මාධීන හෙයින් ද පරාධීන නොවන හෙයින් ද මහත් වූ විෂය ඇති බැවින්ද ශීලයම ඉතා විශිෂ්ට වේ. එහෙයින් “ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි” (ධර්මය වනාහි ධර්මයෙහි හැසිරෙන්නා ඒකාන්තයෙන් රකී) ආදිය වදාළහ. මෙසේ ශීලය නොයෙක් ගුණයන්ගෙන් සමත්විත යයි සලකන්නාහට අසම්පූර්ණ වූ ශීලසම්පත්තිය සම්පූර්ණවීමට යන්නේය. අපිරිසිදු වූ ශීලය පිරිසිදු වන්නේය.
සචෙ පනස්ස දීඝරත්තං පරිචයෙන සීලපටිපක්ඛා ධම්මා දොසාදයො අන්තරන්තරා උප්පජ්ජෙය්යුං, තෙන බොධිසත්තපටිඤ්ඤෙන එවං පටිසඤ්චික්ඛිතබ්බං – නනු තයා සම්බොධාය පණිධානං කතං, සීලවිකලෙන ච න සක්කා ලොකියාපි සම්පත්තියො පාපුණිතුං, පගෙව ලොකුත්තරා, සබ්බසම්පත්තීනං පන අග්ගභූතාය සම්මාසම්බොධියා අධිට්ඨානභූතෙන සීලෙන පරමුක්කංසගතෙන භවිතබ්බං, තස්මා “කිකීව අණ්ඩ”න්තිආදිනා (විසුද්ධි· 1.19; දී· නි· අට්ඨ· 1.7) වුත්තනයෙන සම්මා සීලං රක්ඛන්තෙන සුට්ඨුතරං තයා පෙසලෙන භවිතබ්බං.
ඉදින් වනාහි ඔහුට බොහෝ කල් සිට පුරුදු කරන ලද, ශීලයට ප්රතිපක්ෂ වූ ද්වේෂාදී ධර්මයෝ අතරතුර උපදනාහු නම් ඒ බෝධිසත්ත්ව ප්‍රතිඥා ඇත්තාහු විසින් මෙසේ සැලකිය යුත්තේය. තොප විසින් සම්බෝධිය පිණිස ප්‍රතිඥා කරන ලද්දේ නොවේද? ශීලයෙන් වෙන්වූවකු විසින් ලෞකික සම්පත්තියටවත් පැමිණීමට නොහැකිය. ලෝකෝත්තර සම්පත්තිය ගැන කියනුම කවරේද? සියලු සම්පත්තීන්ට අග්‍ර වූ සම්‍යක් සම්බෝධියට පිහිට වූ ශීලයෙන් අතිශයින් උත්කෘෂ්ට බවට පැමිණියෙකු විය යුතුය. එහෙයින් “කිකීව අණ්ඩං” යනාදී වදාළ ක්‍රමයෙන් මනාකොට සිල් රක්නා වූ නුඹ විසින් ඉතාමත් ප්‍රියශීලී විය යුතුය.
අපි ච තයා ධම්මදෙසනාය යානත්තයෙ සත්තානං අවතාරණපරිපාචනානි කාතබ්බානි, සීලවිකලස්ස ච වචනං න පච්චෙතබ්බං හොති, අසප්පායාහාරවිචාරස්ස විය වෙජ්ජස්ස තිකිච්ඡනං, තස්මා කථාහං සද්ධෙය්යො හුත්වා සත්තානං අවතාරණපරිපාචනානි කරෙය්යන්ති සභාවපරිසුද්ධසීලෙන භවිතබ්බං. කිඤ්ච ඣානාදිගුණවිසෙසයොගෙන මෙ සත්තානං උපකාරකරණසමත්ථතා පඤ්ඤාපාරමිආදිපරිපූරණඤ්ච, ඣානාදයො ච ගුණා සීලපාරිසුද්ධිං විනා න සම්භවන්තීති සම්මදෙව සීලං පරිසොධෙතබ්බං.
එසේම නුඹ විසින් ධර්මදේශනා කිරීමෙන් සත්ත්වයන් ත්‍රිවිධ යානයෙහි ඇතුළත් කිරීම හා ශීල සමාධි ප්‍රඥාවන් මෝරා යාම කළ යුතුය. අපත්‍ය ආහාර සේවනය කරන පුරුෂයාට වෙදෙකුගේ පිළියමක් මෙන් දුශ්ශීල පුද්ගලයාගේ වචනය විශ්වාසයට නොගත යුතුය. එහෙයින් කෙසේනම් මම ඇදහිය යුත්තෙක්ව සත්ත්වයන් ත්‍රිවිධ බෝධියට ඇතුළත් කිරීම හා ශීල සමාධි ප්‍රඥාවන්ගේ මෝරායාම කරන්නෙම්දැයි ස්වභාවයෙන්ම පිරිසිදු සිල් ඇත්තෙකු විය යුතුය. තවද ධ්යනාදී ගුණ විශේෂයක් හා යෙදීමෙන් සත්ත්වයන්ට උපකාර කරන්නට මාගේ සමර්ථ බවද ප්‍රඥා පාරමිතා ආදීන්ගේ පිරීමද ධ්‍යානාදී ගුණයෝද ශීල පාරිශුද්ධියෙන් තොරව සිද්ධ නොවෙතියි මනාකොට ශීලය පිරිසිදුකට යුත්තේය.
තථා “සම්බාධො ඝරාවාසො රජොපථො”තිආදිනා (දී· නි· 1.191; සං· නි· 2.154; ම· නි· 1.291; 2.10) ඝරාවාසෙ, “අට්ඨිකඞ්කලූපමා කාමා”තිආදිනා (ම· නි· 1.234; පාචි· 175) “මාතාපි පුත්තෙන විවදතී”තිආදිනා (ම· නි· 1.178) ච කාමෙසු, “සෙය්යථාපි පුරිසො ඉණං ආදාය කම්මන්තෙ පයොජෙය්යා”තිආදිනා (දී· නි· 1.218) කාමච්ඡන්දාදීසු ආදීනවදස්සනපුබ්බඞ්ගමා වුත්තවිපරියායෙන “අබ්භොකාසො පබ්බජ්ජා”තිආදිනා (දී· නි· 1.191; සං· නි· 2.154) පබ්බජ්ජාදීසු ආනිසංසපටිසඞ්ඛාවසෙන නෙක්ඛම්මපාරමියං පච්චවෙක්ඛණා වෙදිතබ්බා. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පන දුක්ඛක්ඛන්ධ- (ම· නි· 1.163 ආදයො) ආසිවිසොපමසුත්තා- (සං· නි· 4.238) දිවසෙන වෙදිතබ්බො.
එසේම “සම්බාධො ඝරාවාසො රජාපථො” (ගිහිගෙයි විසීම නම් ඉතා අවුල් සහිතය. කෙලෙස් දුහුවිල්ලට මගකි) යනාදී වශයෙන් ගිහිගෙයි විසීමෙහිද, “අට්ඨිකඞ්කලූපමා කාමා” (කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා ඇත්තෝය) යනාදී වශයෙන් හා “මාතාපි පුත්තෙන විවදති” (මව ද පුතා සමග විවාද කරයි) යනාදී වශයෙන් කාමයන්හිද, “සෙය්යථාපි පුරිසො ඉණං ආදාය කම්වන්තෙ පයොජෙය්ය” (යම්සේ පුරුෂයෙක් ණය ගෙන කර්මාන්තයෙහි යොදවන්නේ ද) යානාදී වශයෙන් කාමච්ඡන්දාදියෙහිද, දෝෂ දැකීම පෙරටුකොට මෙකියන ලද ක්‍රමයට විපර්‍ය්‍යාස වශයෙන් “අබ්හකාසො පබ්බජ්ජා” (පැවිද්ද නම් අභ්‍යවකාශය මෙන් නිදහස්ය) යනාදී වශයෙන් පැවිද්දෙහි අනුසස් සැලකීම් වශයෙන් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවේ ප්රත්යවේක්ෂාව දත යුතුය. මේ මෙහි සංක්‍ෂෙපයයි. විස්තරය වනාහි දුක්ඛක්ඛන්ධ, වීමංසක සූත්රාදීන්ගේ වශයෙන් දත යුතුය.
තථා “පඤ්ඤාය විනා දානාදයො ධම්මා න විසුජ්ඣන්ති, යථාසකං බ්යාපාරසමත්ථා ච න හොන්තී”ති පඤ්ඤාගුණා මනසිකාතබ්බා. යථෙව හි ජීවිතෙන විනා සරීරයන්තං න සොභති, න ච අත්තනො කිරියාසු පටිපත්තිසමත්ථං හොති, යථා ච චක්ඛාදීනි ඉන්ද්රියානි විඤ්ඤාණෙන විනා යථාසකං විසයෙසු කිච්චං කාතුං නප්පහොන්ති, එවං සද්ධාදීනි ඉන්ද්රියානි පඤ්ඤාය විනා සකිච්චපටිපත්තියං අසමත්ථානීති පරිච්චාගාදිපටිපත්තියං පඤ්ඤා පධානකාරණං. උම්මීලිතපඤ්ඤාචක්ඛුකා හි මහාබොධිසත්තා අත්තනො අඞ්ගපච්චඞ්ගානිපි දත්වා අනත්තුක්කංසකා අපරවම්භකා ච හොන්ති, භෙසජ්ජරුක්ඛා විය විකප්පරහිතා කාලත්තයෙපි සොමනස්සජාතා. පඤ්ඤාවසෙන හි උපායකොසල්ලයොගතො පරිච්චාගො පරහිතප්පවත්තියා දානපාරමිභාවං උපෙති. අත්තත්ථඤ්හි දානං වඩ්ඪිසදිසං හොති.
එසේම ප්‍රඥාවෙන් තොරව දානාදී කුශල ධර්මයෝ පිරිසිදු නොවෙති. තම තමන්ගේ ව්‍යාපාරයන්හි සමර්ථද නො වෙති”යි ප්‍රඥාවෙහි ගුණ මෙනෙහි කළ යුතුය. යම්සේ ජීවිතයෙන් තොරව ශරීර යන්ත්‍රය නොහොබී ද තමන්ගේ සිරීම් හිඳීම් ආදී ක්‍රියාවන්හි යෙදීමට සමර්ථ නොවේද, යම්සේ චක්ෂුරාදි ඉන්ද්රියයෝ විඥානයෙන් තොරව තම තමාගේ රූපාදී දර්ශන විෂයෙහි කටයුතු කරන්නට සමර්ථ නොවෙත්ද, එසේම ශ්‍රද්ධාදී ඉන්ද්රියයෝ ප්‍රඥාවෙන් තොරව තම කටයුතු කිරීමේ ප්රතිපත්තියෙහි අසමර්ථයෝ වෙතියි ප්‍රඥාව පරිත්‍යාගාදී ප්රතිපත්තියෙහි ප්‍රධාන කාරණය වේ. දල්වන ලද ප්‍රඥා නැමැති ඇස් ඇති මහා බෝධිසත්ත්වයෝ තමාගේ අගපසඟ පවා දන්දී තමා උසස්කොට සලකන්නෝද අනුන්ට නින්දා කරන්නෝද නොවෙති. බෙහෙත් ගසක් මෙන් විකල්ප රහිත වූවාහු කාලත්‍රයෙහිම හටගන්නා වූ සොම්නස් ඇත්තෝ වෙති. ප්‍රඥාවගේ වශයෙන් උපාය කෞශල්‍යය හා යෝගය හේතු කොටගෙන පරිත්‍යාගය අනුන්ගේ යහපත පිණිස පැවතීමෙන් දාන පාරමී බවට පැමිණෙයි. තමන් සඳහා භවභෝග සම්පත් කැමතිව දෙන දානය පහන් වැටියක් වැනිය.
තථා පඤ්ඤාය අභාවෙන තණ්හාදිසංකිලෙසාවියොගතො සීලස්ස විසුද්ධි එව න සම්භවති, කුතො සබ්බඤ්ඤුගුණාධිට්ඨානභාවො. පඤ්ඤවා එව ච ඝරාවාසෙ කාමගුණෙසු සංසාරෙ ච ආදීනවං පබ්බජ්ජාය ඣානසමාපත්තියං නිබ්බානෙ ච ආනිසංසං සුට්ඨු සල්ලක්ඛෙන්තො පබ්බජිත්වා ඣානසමාපත්තියො නිබ්බත්තෙත්වා නිබ්බානාභිමුඛො පරෙ ච තත්ථ පතිට්ඨාපෙති. වීරියඤ්ච පඤ්ඤාවිරහිතං යථිච්ඡිතමත්ථං න සාධෙති දුරාරම්භභාවතො. වරමෙව හි අනාරම්භො දුරාරම්භතො, පඤ්ඤාසහිතෙන පන වීරියෙන න කිඤ්චි දුරධිගමං උපායපටිපත්තිතො. තථා පඤ්ඤවා එව පරාපකාරාදීනං අධිවාසකජාතිකො හොති, න දුප්පඤ්ඤො. පඤ්ඤාවිරහිතස්ස ච පරෙහි උපනීතා අපකාරා ඛන්තියා පටිපක්ඛමෙව අනුබ්රූහෙන්ති, පඤ්ඤවතො පන තෙ ඛන්තිසම්පත්තියා පරිබ්රූහනවසෙන අස්සා ථිරභාවාය සංවත්තන්ති. පඤ්ඤවා එව තීණිපි සච්චානි නෙසං කාරණානි පටිපක්ඛෙ ච යථාභූතං ජානිත්වා පරෙසං අවිසංවාදකො හොති.
එසේම ප්‍රඥාව නොමැතිවීමෙන් තෘෂ්ණා ආදී සංක්ලේශ ධර්මයන් නොනැසීමෙන් ශීල විසුද්ධියක් නොවන්නේමය. සර්වඥ ගුණ අධිෂ්ඨානයට පිහිට බවක් කොයින්ද? නුවණැත්තාම ගිහිගෙයි වීසීමෙහිද කාම ගුණයන්හිද සංසාරෙහිද ආදීනව හා පැවිද්දෙහිද ධ්‍යාන සමාපත්තියෙහි ද, නිර්වාණයෙහි ද ආනිසංස මනාකොට සලකන්නේ පැවිදිව ධ්‍යාන සමාපත්ති උපදවා නිවනට අභිමුඛ වූයේ සෙස්සන්ද එහි පිහිටුවයි. වැරදි සහිතව ආරම්භවන බැවින් ප්‍රඥාවෙන් තොර වීර්‍ය්‍යයද අභිමතාර්ථ සිද්ධිය නො කරන්නේය. එබැවින් ප්‍රඥාවෙන් තොරව කරන කාර්ය්යය ආරම්භ නොකිරීම උතුම් වන්නේමය. ප්‍රඥාව සහිත වූ වීර්‍ය්‍යයෙන් සිද්ධ නොවන්නා වූ කිසිවක් නැත්තේය. උපායයෙන් යුක්තව කරන හෙයිනි. එසේම නුවණැත්තාම අනුන් විසින් කරන ලද අපකාරාදීය ඉවසන ස්වභාව ඇත්තෙක් වෙයි. නුවණ නැත්තා එසේ නොවේ. නුවණ නැත්තහුට අනුන් විසින් කරන ලද අපකාරයෝ ක්ෂාන්තියට ප්රතිපක්ෂවම වැඩෙති. නුවණැත්තාහට වනාහි ඒ අපකාරයෝ ක්ෂාන්ති සම්පත් වැඩීම් වශයෙන් ස්ථිරත්වය පිණිසම පවත්නාහුය. නුවණින්ම ත්‍රිවිධ සත්‍යයන් ද ඒවා ඉපදීමට කාරණයද ඒවාට ප්රතිපක්ෂ ධර්මයන්ද තත්වූ පරිද්දෙන් දැන අනුන්ට බොරුකාරයෙක් නො වන්නේ ය.
තථා පඤ්ඤාබලෙන අත්තානං උපත්ථම්භෙත්වා ධිතිසම්පදාය සබ්බපාරමීසු අචලසමාදානාධිට්ඨානො හොති. පඤ්ඤවා එව ච පියමජ්ඣත්තවෙරිවිභාගං අකත්වා සබ්බත්ථ හිතූපසංහාරකුසලො හොති. තථා පඤ්ඤාවසෙන ලාභාලාභාදිලොකධම්මසන්නිපාතෙ නිබ්බිකාරතාය මජ්ඣත්තො හොති. එවං සබ්බාසං පාරමීනං පඤ්ඤාව පාරිසුද්ධිහෙතූති පඤ්ඤාගුණා පච්චවෙක්ඛිතබ්බා. අපි ච පඤ්ඤාය විනා න දස්සනසම්පත්ති, අන්තරෙන ච දිට්ඨිසම්පදං න සීලසම්පදා , සීලදිට්ඨිසම්පදාවිරහිතස්ස න සමාධිසම්පදා, අසමාහිතෙන ච න සක්කා අත්තහිතමත්තම්පි සාධෙතුං, පගෙව උක්කංසගතං පරහිතන්ති පරහිතාය පටිපන්නෙන “නනු තයා සක්කච්චං පඤ්ඤාය පරිවුද්ධියං ආයොගො කරණීයො”ති බොධිසත්තෙන අත්තා ඔවදිතබ්බො. පඤ්ඤානුභාවෙන හි මහාසත්තො චතුරධිට්ඨානාධිට්ඨිතො චතූහි සඞ්ගහවත්ථූහි ලොකං අනුග්ගණ්හන්තො සත්තෙ නිය්යානමග්ගෙ අවතාරෙති, ඉන්ද්රියානි ච නෙසං පරිපාචෙති.
එසේ ප්‍රඥාවේ බලයෙන් තමාට උපකාර කොට ධෛර්ය්ය සම්පත්තියෙන් සියලු පාරමිතාවන්හි නිශ්චල සමාදානයෙහි පිහිටන්නේය. නුවණැත්තේම ප්‍රිය, මධ්‍යස්ථ වෛරී වශයෙන් විභාගයක් නොකොට සියලු තන්හි හිත එළවීමෙහි සමත්වන්නේය. එසේම ප්‍රඥාවගේ වශයෙන් ලාභාලාභ ආදී ලෝකධර්ම පැමිණි කල්හි වෙනසකට පත් නොවීම් වශයෙන් මධ්‍යස්ථ වේ. මෙසේ සියලු පාරමිතාවන්ට ප්‍රඥාවම පාරිශුද්ධියට කාරණය වන්නේ යයි ප්‍රඥාවෙහි ගුණයෝ සැලකිය යුත්තාහ. තවද ප්‍රඥාව නැතිව දර්ශන සම්පත්තියක් නැත. අනතුරුව වූ දෘෂ්ටි සම්පත්තියක් ද නැත. ශීල සම්පදාවක් නැත. සමාධියෙන් තොරවූවහු විසින් ආත්මහිත මාත්‍රයකුදු සිද්ධ කරන්නට නොහැක. උත්කර්ෂයට ගිය පරහිතය. ගැන කියනුම කවරේ ද? පරහිත ප්රතිපත්තියෙහි පිළිපන් නුඹ විසින් සකස් කොට ප්‍රඥාව දියුණු කිරීමෙහි අභ්‍යාස කටයුත්තේ නොවේදැයි බෝධිසත්ත්වයන් විසින් තමහට අවවාද දිය යුතුය. මහාසත්ත්වයෝ වනාහි ප්‍රඥානුභාවයෙන් අධිෂ්ඨාන සතරෙහි පිහිටා සතර සංග්‍රහ වස්තූන්ගෙන් ලොවට අනුග්‍රහ කරන්නාහු සත්ත්වයන් නෙර්ය්යානික මාර්ගයෙහි බස්සවති. ඔවුන්ගේ ඉන්ද්රියයන් ද අභිවෘද්ධියට පමුණුවති.
තථා පඤ්ඤාබලෙන ඛන්ධායතනාදීසු පවිචයබහුලොපවත්තිනිවත්තියො යාථාවතො පරිජානන්තො දානාදයො ගුණෙ විසෙසනිබ්බෙධභාගියභාවං නයන්තො බොධිසත්තසික්ඛාය පරිපූරකාරී හොතීති එවමාදිනා අනෙකාකාරවොකාරෙ පඤ්ඤාගුණෙ වවත්ථපෙත්වා පඤ්ඤාපාරමී අනුබ්රූහෙතබ්බා.
එසේම ප්‍රඥාබලයෙන් ස්කන්ධ ආයතන ආදියෙහි විනිවිද පවත්නා නුවණ බහුල කොට ඇත්තාහු පැවැත්ම සහ නැවැත්ම තත්වූ පරිද්දෙන් දැන ගන්නාහු දානාදී ගුණ විශේෂයෙන් නිර්වාණ ප්රතිවේදය භජනය කරන බවට පමුණුවන්නාහු බෝධිසත්ත්ව ශික්ෂාවෙහි සම්පූර්ණකාරී වන්නෝ යයි මේ ආදී නොයෙක් ආකාරයෙන් විස්තර වූ ප්‍රඥා ගුණයන් මනා කොට සලකා ප්‍රඥා පාරමිතාව වැඩිය යුතුය.
තථා දිස්සමානානිපි ලොකියානි කම්මානි නිහීනවීරියෙන පාපුණිතුං අසක්කුණෙය්යානි, අගණිතඛෙදෙන පන ආරද්ධවීරියෙන දුරධිගමං නාම නත්ථි. නිහීනවීරියො හි “සංසාරමහොඝතො සබ්බසත්තෙ සන්තාරෙස්සාමී”ති ආරභිතුමෙව න සක්කුණාති. මජ්ඣිමො ආරභිත්වා අන්තරා වොසානමාපජ්ජති. උක්කට්ඨවීරියො පන අත්තසුඛනිරපෙක්ඛො ආරම්භපාරමිමධිගච්ඡතීති වීරියසම්පත්ති පච්චවෙක්ඛිතබ්බා. අපි ච “යස්ස අත්තනො එව සංසාරපඞ්කතො සමුද්ධරණත්ථමාරම්භො, තස්සාපි න වීරියස්ස සිථිලභාවෙ මනොරථානං මත්ථකප්පත්ති සක්කා සම්භාවෙතුං, පගෙව සදෙවකස්ස ලොකස්ස සමුද්ධරණත්ථං කතාභිනීහාරෙනා”ති ච “රාගාදීනං දොසගණානං මත්තමහාගජානං විය දුන්නිවාරභාවතො තන්නිදානානඤ්ච කම්මසමාදානානං උක්ඛිත්තාසිකවධකසදිසභාවතො තන්නිමිත්තානඤ්ච දුග්ගතීනං සබ්බදා විවටමුඛභාවතො, තත්ථ නියොජකානඤ්ච පාපමිත්තානං සදා සන්නිහිතභාවතො තදොවාදකාරිතාය ච බාලස්ස පුථුජ්ජනභාවස්ස සතිසම්භවෙ යුත්තං සයමෙව සංසාරදුක්ඛතො නිස්සරිතුන්ති මිච්ඡාවිතක්කා වීරියානුභාවෙන දූරීභවන්තී”ති ච “යදි පන සම්බොධි අත්තාධීනෙන වීරියෙන සක්කා සමධිගන්තුං, කිමෙත්ථ දුක්කර”න්ති ච එවමාදිනා නයෙන වීරියගුණා පච්චවෙක්ඛිතබ්බා.
එසේම පෙනෙන්නා වූ - ලෞකික කටයුතු ද හීන වීර්‍ය්‍ය ඇති තැනැත්තා විසින් කොට නිමවාගත නොහැකි වන්නේය. පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තාවූ දුක් නොතකන්නා වූ තැනැත්තා විසින් නොලැබිය හැක්කක් නම් නැත. හීන වූ වීර්‍ය්‍යය ඇති තැනැත්තා වනාහි “සසර නැමති මහ වතුරෙන් සියලු සත්ත්වයන් එතර කරන්නෙමි”යි පටන් ගන්නට පවා නොහැකි වෙයි. මධ්‍යම වීර්‍ය්‍ය ඇති තැනැත්තේ පටන් ගෙන අතරතුරම නිමාවට පත් වන්නේය. උසස් වීර්‍ය්‍ය ඇති තැනැත්තේ වනාහි ආත්ම සුඛයෙහි අපේක්ෂා රහිතව ආරම්භ කොට පරතෙරට පැමිණෙන්නේ යයි වීර්‍ය්‍ය සම්පත්තිය ප්රත්යවේක්ෂාකට යුතුය. තවද තමන්ම සසර නැමති මඩින් එතර වන්නට යමෙකුගේ ආරම්භය වේද ඔහුගේ වීර්‍ය්‍යය ලිහිල් වූ කල්හි මනදොළ මුදුන් පමුණුවන්නට නොහැකිය. දෙවියන් සහිත ලෝකයා එතර කරනු පිණිස කළ අභිනීහාර ඇත්තහු විසින් එසේ කළ නොහැකි බව ගැන කියනුම කවරේ ද? රාගාදී වූ දෝෂ සමූහයන්, මත් වූ මහ ඇතුන් මෙන් නොවැළැක්විය හැකි බැවින් ද ඒ රාගාදිය මුල් කොට ඇති කර්ම සමාදානය වනාහි ඔසවාගත් කඩු ඇති වධකයකු හා සමාන බැවින් ද ඒ පාපකර්මය කරණ කොට ඇති දුගතීන් හැමකල්හිම නොවසන ලද දොර ඇති බැවින් ද ඒ අකුශලයෙහි යොදන්නා වූ පාපමිත්‍රයන් හැමකල්හිම සමීපයෙහි හැසිරීගෙන සිටින බැවින් ද අඥාන පෘථග්ජන බව ඇති කල්හි ඒ පාප මිත්‍රයන් කී අවවාද කරන බැවින් ද තමාම සසර දුකින් මිදෙන්නට සුදුසුයයි ද මිත්‍යා විතර්කයෝ වීර්ය්යයේ ආනුභාවයෙන් දුරුවන්නාහයිද ඉදින් වනාහි සම්බෝධිය ආත්මාධීන වීර්‍ය්‍යයෙන් අවබෝධ කරන්නට හැක්කේ නම් එම වීර්‍ය්‍යයෙහි කිරීමට ඇති අපහසුව කුමක්දැයි මේ ආදී ක්‍රමයෙන් වීර්‍ය්‍ය ගුණයෝ ප්රත්යවේක්ෂාකට යුත්තාහ.
තථා ඛන්ති නාමායං නිරවසෙසගුණපටිපක්ඛස්ස කොධස්ස විධමනතො ගුණසම්පාදනෙ සාධූනමප්පටිහතමායුධං, පරාභිභවසමත්ථානං අලඞ්කාරො, සමණබ්රාහ්මණානං බලසම්පදා, කොධග්ගිවිනයනඋදකධාරා, කල්‍යාණස්ස කිත්තිසද්දස්ස සඤ්ජාතිදෙසො, පාපපුග්ගලානං වචීවිසවූපසමකරො මන්තාගදො, සංවරෙ ඨිතානං පරමා ධීරපකති, ගම්භීරාසයතාය සාගරො, දොසමහාසාගරස්ස වෙලා, අපායද්වාරස්ස පිදහනකවාටං, දෙවබ්රහ්මලොකානං ආරොහණසොපානං, සබ්බගුණානං අධිවාසනභූමි, උත්තමා කායවචීමනොවිසුද්ධීති මනසිකාතබ්බං.
එසේම ක්ෂාන්තිය නම් මෙය නිරවශේෂ ගුණයට ප්රතිපක්ෂ වූ ක්‍රෝධය දුරු කරන හෙයින් ගුණධර්ම සම්පාදනයෙහි සත්පුරුෂයන්ට තියුණු ආයුධයකි. අනුන් මැඩපවත්වන්නට සමත් ආභරණයකි. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට බලසම්පත්තියකි. ක්‍රෝධ නැමති ගින්න නිවන දිය දහරකි. සුන්දර වූ කීර්ති ඝෝෂය හටගන්නා ප්රදේශයකි. පාපී පුද්ගලයන්ගේ වාග් විෂ නසන්නා වූ මන්ත්‍ර ඖෂධයකි. සංවරයෙහි පිහිටියවුනට උතුම් වූ වීර්‍ය්‍ය ස්වභාවයකි. ගැඹුරු අදහස් ඇති බැවින් සාගරයකි. ද්වේෂය නැමැති මහා සාගරයට වෙරළකි. අපායේ දොරටුව වසන කවුළුවකි. දෙව්ලොවට හා බඹලොවට නගින හිණිමගකි. සියලු ගුණයන් වසන භූමියකි. උතුම් වූ කාය, වචී, මනෝ යන තිදොර පිරිසිදු කිරීමකියි සිහි කළ යුතුය.
අපි ච “එතෙ සත්තා ඛන්තිසම්පත්තියා අභාවතො ඉධලොකෙ තප්පන්ති, පරලොකෙ ච තපනීයධම්මානුයොගතො”ති ච “යදිපි පරාපකාරනිමිත්තං දුක්ඛං උප්පජ්ජති, තස්ස පන දුක්ඛස්ස ඛෙත්තභූතො අත්තභාවො බීජභූතඤ්ච කම්මං මයාව අභිසඞ්ඛත”න්ති ච “තස්ස ච දුක්ඛස්ස ආණණ්යකාරණමෙත”න්ති ච “අපකාරකෙ අසති කථං මය්හං ඛන්තිසම්පදා සම්භවතී”ති ච “යදිපායං එතරහි අපකාරකො, අයං නාම පුබ්බෙ අනෙන මය්හං උපකාරො කතො”ති ච “අපකාරො එව වා ඛන්තිනිමිත්තතාය උපකාරො”ති ච “සබ්බෙපිමෙ සත්තා මය්හං පුත්තසදිසා, පුත්තකතාපරාධෙසු ච කො කුජ්ඣිස්සතී”ති ච “යෙන කොධපිසාචාවෙසෙන අයං මය්හං අපරජ්ඣති, ස්වායං කොධභූතාවෙසො මයා විනෙතබ්බො”ති ච, “යෙන අපකාරෙන ඉදං මය්හං දුක්ඛං උප්පන්නං, තස්ස අහම්පි නිමිත්ත”න්ති ච, “යෙහි ධම්මෙහි අපකාරො කතො, යත්ථ ච කතො, සබ්බෙපි තෙ තස්මිං එව ඛණෙ නිරුද්ධා කස්සිදානි කෙන කොපො කාතබ්බො”ති ච, “අනත්තතාය සබ්බධම්මානං කො කස්ස අපරජ්ඣතී”ති ච පච්චවෙක්ඛන්තෙන ඛන්තිසම්පදා අනුබ්රූහෙතබ්බා.
තවද මේ සත්ත්වයෝ ක්ෂාන්ති සම්පත් නොමැති බැවින් මෙලොවත් සන්තාප කරවු ක්‍රෝධ ධර්මය යෙදීම් අනුව තැවෙති. පරලොවද තැවෙති. ඉදින් අනුන් විසින් කරන ලද අපකාර හේතු කොටගෙන දුක් උපදී ද, ඒ දුකට ක්ෂේත්‍ර වූ ආත්මභාවයද, බීජ වූ කර්මය ද මා විසින් ඇති කරන ලද්දේයයි ද ඒ දුකට මේ ක්ෂාන්තිය වැරදි නොවේයයි ද (ණය නැතැයි ද) අපකාර කරන්නන් නොමැති කල්හි කෙසේ නම් මට ක්ෂාන්ති සම්පදාව සිද්ධ වේයයි ද ඉදින් මෙතෙම දැන් මට අපකාරකයෙක් වී නමුත් පෙර මොහු විසින් මට මේ උපකාරය කරන ලද්දේ වේයයි ද අපකාරයම ක්ෂාන්තියට කාරණ හෙයින් උපකාරයක් වන්නේ යයි ද, මේ සියලු සත්ත්වයෝ මට දරුවෝ වැනි වෙති, දරුවන් විසින් කළ අපරාධයට කවර තැනැත්තෙක් නම් කිපේදැයි කියාද යම් ක්‍රෝධ නැමති පිසාචා වේශයකින් මොහු මට අපරාධ කෙරේද ඒ මේ ක්‍රෝධ නැමති යක්ෂාවේශය මා විසින් දුරු කටයුතුයයි කියාද යම් අපකාරයක් හේතුකොට ගෙන මට මේ දුක් උපන්නේ වී නම් එයට මමත් කාරණවෙමියි කියාද යම් යම් ධර්ම හේතුකොට ගෙන අපකාරය කරන ලද්දේ ද යමෙක් කෙරෙහි අපරාධය කරන ලද්දේ ද, ඒ සියල්ලම එකෙණෙහිම නිරුද්ධ විය. දැන් වූ කලී කවරෙකුහට කවරෙකු විසින් ක්‍රෝධ කෙරේදැයි කියාද සියලු ධර්ම අනාත්ම බැවින් කවරෙක් කවරෙකු හට අපරාධ කෙරේදැයි ප්රත්යවේක්ෂා කරන්නහු විසින් ක්ෂාන්ති සම්පත්තිය වැඩිය යුතුය.
යදි පනස්ස දීඝරත්තං පරිචයෙන පරාපකාරනිමිත්තකො කොධො චිත්තං පරියාදාය තිට්ඨෙය්ය, තෙන ඉති පටිසඤ්චික්ඛිතබ්බං – “ඛන්ති නාමෙසා පරාපකාරස්ස පටිපක්ඛපටිපත්තීනං පච්චුපකාරකාරණ”න්ති ච “අපකාරො ච මය්හං දුක්ඛූපනිසා සද්ධාති දුක්ඛුප්පාදනෙන සද්ධාය සබ්බලොකෙ අනභිරතිසඤ්ඤාය ච පච්චයො”ති ච, “ඉන්ද්රියපකති හෙසා යදිදං ඉට්ඨානිට්ඨවිසයසමායොගො. තත්ථ අනිට්ඨවිසයසමායොගො මය්හං න සියාති තං කුතෙත්ථ ලබ්භා”ති ච “කොධවසිකො සත්තො කොධෙන උම්මත්තො වික්ඛිත්තචිත්තො, තත්ථ කිං පච්චපකාරෙනා”ති ච “සබ්බෙපිමෙ සත්තා සම්මාසම්බුද්ධෙන ඔරසපුත්තා විය පරිපාලිතා, තස්මා න තත්ථ මයා චිත්තකොපො කාතබ්බො”ති ච, “අපරාධකෙ ච සති ගුණෙ ගුණවති මයා කොපො න කාතබ්බො”ති ච, “අසති ගුණෙ විසෙසෙන කරුණායිතබ්බො”ති ච “කොපෙන ච මය්හං ගුණයසා නිහීයන්තී”ති ච, “කුජ්ඣනෙන මය්හං දුබ්බණ්ණදුක්ඛසෙය්යාදයො සපත්තකන්තා ආගච්ඡන්තී”ති ච, “කොධො ච නාමායං සබ්බාහිතකාරකො සබ්බහිතවිනාසකො බලවා පච්චත්ථිකො”ති ච, “සති ච ඛන්තියා න කොචි පච්චත්ථිකො”ති ච, “අපරාධකෙන අපරාධනිමිත්තං යං ආයතිං ලද්ධබ්බං දුක්ඛං සති ච ඛන්තියා මය්හං තදභාවො”ති ච, “චින්තනෙන කුජ්ඣන්තෙන ච මයා පච්චත්ථිකොයෙව අනුවත්තිතො හොතී”ති ච, “කොධෙ ච මයා ඛන්තියා අභිභූතෙ තස්ස දාසභූතො පච්චත්ථිකො සම්මදෙව අභිභූතො හොතී”ති ච, “කොධනිමිත්තං ඛන්තිගුණපරිච්චාගො මය්හං න යුත්තො”ති ච, “සති ච කොධෙ ගුණවිරොධපච්චනීකධම්මෙ කථං මෙ සීලාදිධම්මා පාරිපූරිං ගච්ඡෙය්යුං, අසති ච තෙසු කථාහං සත්තානං උපකාරබහුලො පටිඤ්ඤානුරූපං උත්තමං සම්පත්තිං පාපුණිස්සාමී”ති ච, “ඛන්තියා ච සති බහිද්ධා වික්ඛෙපාභාවතො සමාහිතස්ස සබ්බෙ සඞ්ඛාරා අනිච්චතො දුක්ඛතො සබ්බෙ ධම්මා අනත්තතො නිබ්බානඤ්ච අසඞ්ඛතාමතසන්තපණීතතාදිභාවතො නිජ්ඣානං ඛමන්ති බුද්ධධම්මා ච අචින්තෙය්යාපරිමෙය්යප්පභාවා”ති.
ඉදින් මොහුට බොහෝකලක් පුරුදු කිරීම කරණකොට ගෙන අනුන් විසින් කළ අපකාරය නිමිති කොට ගත් ක්‍රෝධය සිත මැඩගෙන සිටීද, ඔහු විසින් මෙසේ සැලකිය යුතුය. ක්ෂාන්තිය නම් වූ මෙය අනුන් විසින් කළ අපකාරයට විරුද්ධ ප්‍රතිපත්තීන්ට ප්‍රත්‍යුපකාර කාරණයක් යයිද, අපකාරය ද මට “දුක්ඛුපනිසා සද්ධා”යි දුක ඉපිද වීමෙන් සද්ධාවටද සියලු ලෝකයෙහි අනභිරති සංඥාවටද හේතුවන්නේ යයි කියාද, යම් මේ ඉටු අනිටු රූපාදී අරමුණු හා සමායෝගයක් වේද එය වනාහි ඉන්ද්රියයන්ගේ ස්වභාවය වන්නේයයි කියාද, එහි “අනිටු වූ රූපාදී අරමුණු හා එක් වීමක් මට නො වන්නේය” යන යම් සිතුවිල්ලක් වේද එය මෙහිදී කෙසේනම් ලබන්නේ ද කියාද, ක්‍රෝධයෙහි වසඟයට ගිය සත්ත්වයා ක්‍රෝධයෙන් උමතු වූයේ, අවුල් වූ සිත් ඇත්තේ, එබඳු වූ ඔහු කෙරෙහි ක්‍රෝධය දියුණු වීමට ප්‍රත්‍යුපකාර කිරීමෙන් කවර නම් ප්‍රයෝජනයක් ද කියාද, මේ සියලුම සත්ත්වයෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඖරස පුත්‍රයන් මෙන් රක්නා ලද්දාහුය. එහෙයින් ඒ සත්ත්වයන් කෙරෙහි මා විසින් සිත් කෝප නොකළ යුතුයයි කියාද, අපරාධය සහ ගුණය යමෙකුහට ඇති කල්හි අපරාධය දුරුකොට ගුණවත් වූ මොහු කෙරෙහි මවිසින් කෝප නොකළ යුතුයයි කියාද, ගුණයක් නොමැති කල්හි විශේෂයෙන් කරුණාව දැක්විය යුතුයයි කියාද, කෝපය කරණකොටගෙන මගේ ගුණය හා කීර්තිය පිරිහෙන්නේ යයි කියාද, කිපීමෙන් මට දුර්වර්ණ හා දුකසේ නිදීම් ආදී සතුරන් විසින් කැමති වන දේ මා කරා පැමිණෙන්නේ යයි කියාද, ක්‍රෝධ නම් වූ මෙය සියලු අහිත කරන්නාවූද සියලු යහපත නසන්නාවූද බලවත් සතුරෙකැයි කියාද, ඉවසීම ඇති කල්හි කිසිම සතුරෙක් නැතැයි කියාද, අපරාධ කළ තැනැත්තා විසින් තමා කළ අපරාධය කරණකොට ගෙන මතු ලැබිය යුතු යම් දුකක් වේද, ක්ෂාන්තිය ඇති කල්හි එය මට නොවන්නේ යයි, සිතීමෙන්ද, කිපෙන්නාවූ මා විසින් සතුරා අනුව යන ලද්දේ වන්නේ යයි ද කියාද, මා විසින් ක්‍රෝධය ක්ෂාන්තියෙන් මැඩ පැවැත්වූ කල්හි එයට දාස වූ සතුරා මැනවින් මැඩ පැවැත්වූයේ වන්නේයයි කියාද, ක්‍රෝධය හේතුකොට ගෙන ක්ෂාන්ති ගුණය අත්හැරීම මට නුසුදුසුයයි කියාද, ගුණ විරෝධී සතුරු ධර්මයක් වන ක්‍රෝධය ඇති කල්හි මාගේ ශීලාදී ධර්මයෝ කෙසේ නම් සම්පූර්ණ වෙත්දැයි කියාද, ඒ ශීලාදී ධර්මයන් නොමැති කල්හි මම කෙසේනම් සත්ත්වයන්ට උපකාර කිරීම් බහුල වූයෙම් ප්‍රතිඥාවට අනුරූප වූ උතුම් සැපයට පැමිණෙන්නෙම්දැයි කියාද, ක්ෂාන්තිය ඇති කල්හි බාහිර අවුල් නොමැති බැවින් එකඟ වූ සිත් ඇත්තාහට සියලු සංස්කාරයෝ අනිත්‍ය වශයෙන්ද දුක් වශයෙන් ද සියලු ධර්මයෝ අනාත්ම වශයෙන් ද, නිර්වාණය අසංස්කෘත, අමෘත, ශාන්ත ප්රණීතතාදි භාවයෙන් සිතට වැටහෙන්නාහයි කියාද, බුද්ධ ධර්මයද අචින්ත්‍ය අප්‍රමේය ප්‍රභාව ඇත්තේයයි කියාද, වැටහෙන්නේය.
තතො ච අනුලොමියං ඛන්තියං ඨිතො කෙවලා ඉමෙ අත්තත්තනියභාවරහිතා ධම්මමත්තා යථාසකං පච්චයෙහි උප්පජ්ජන්ති වයන්ති, න කුතොචි ආගච්ඡන්ති, න කුහිඤ්චි ගච්ඡන්ති, න ච කත්ථචි පතිට්ඨිතා, න චෙත්ථ කොචි කස්සචි බ්යාපාරොති අහංකාරමමංකාරානධිට්ඨානතා නිජ්ඣානං ඛමති, යෙන බොධිසත්තො බොධියා නියතො අනාවත්තිධම්මො හොතීති එවමාදිනා ඛන්තිපාරමියා පච්චවෙක්ඛණා වෙදිතබ්බා.
ඉක්බිති මාර්ගානුලෝම ක්ෂාන්තියෙහි පිහිටියේ හුදෙක් මේ සංස්කාරාදීහු ආත්ම ආත්මීය භාවයක් නැත්තාහු ධර්මමාත්ර වූවාහු තමන් ප්රත්යයන්ගෙන් උපදිති, නැසෙති, කිසිතැනෙකින් නොඑති, කිසි තැනකට නොයෙති, කිසිතැනෙකින් නොපිහිටති, මෙහි කිසිවෙකුගේ කිසිම ව්‍යාපාරයක් නොවන්නේය, මමය මාගේය යන අහඞ්කාර මමඞ්කාරය පිහිට කොට නැත්තේයයි කියා යම් වැටහීමක් කරණ කොට ගෙන බෝධිසත්ත්වයෝ සම්‍යක් සම්බෝධියට නියත වූවාහු නොපෙරළෙන ස්වභාව ඇත්තාහු වෙත් ද එම ස්වකීය ඥානයට වැටහීම වේ යයි මේ ආදී වශයෙන් ක්ෂාන්ති පාරමිතාවේ ගුණ විශේෂ ප්රත්යවේක්ෂාව දත යුතුය.
තථා සච්චෙන විනා සීලාදීනං අසම්භවතො පටිඤ්ඤානුරූපං පටිපත්තියා අභාවතො ච, සච්චධම්මාතික්කමෙ ච සබ්බපාපධම්මානං සමොසරණතො අසච්චසන්ධස්ස අපච්චයිකභාවතො ආයතිඤ්ච අනාදෙය්යවචනතාවහනතො සම්පන්නසච්චස්ස ච, සබ්බගුණාධිට්ඨානභාවතො සච්චාධිට්ඨානෙන සබ්බබොධිසම්භාරානං පාරිසුද්ධිපාරිපූරිසාමත්ථියතො සභාවධම්මාවිසංවාදනෙන සබ්බබොධිසම්භාරකිච්චකරණතො බොධිසත්තපටිපත්තියා ච, පරිනිප්ඵත්තිතොතිආදිනා සච්චපාරමියා සම්පත්තියො පච්චවෙක්ඛිතබ්බා.
එසේ සත්‍යයෙන් තොරව ශීලාදී ගුණධර්ම නොලැබිය හැකි බැවින් ද ප්රතිඥානුරූප ප්රතිපත්තියෙහි පිහිටීමක් නැති හෙයින් ද සත්‍ය ධර්මය ඉක්මෙන කල්හි සියලු පාප ධර්මයන් අවුත් හැසිරෙන හෙයින් ද අසත්‍යයෙන් අසත්‍යය ගළපන පුද්ගලයා ඇදහිය නොහැකි හෙයින් ද මත්තෙහිත් නොඇදහිය යුතු වචන ඇති හෙයින් ද සත්‍ය වචනයෙන් යුත් තැනැත්තාට සියලු ගුණධර්මයන් පිහිටන බැවින් ද සත්‍යාධිෂ්ඨානයෙන් සියලු බෝධිසම්භාර ධර්මයන් පිරිසිදු වීමට හා සම්පූර්ණ වීමට සමත් බව ඇති බැවින් ද ස්වභාව ධර්මය (සත්‍යය) බොරු නොකිරීමෙන් සියලු බෝධිසම්භාර කෘත්‍යයන් සිද්ධ කරන හෙයින් ද බෝධිසත්ත්ව ප්රතිපත්තියෙහි නිමාවට පැමිණෙන හෙයින් ද යනාදී ක්‍රමයෙන් සත්‍ය පාරමිතාවෙහි සම්පත් ප්රත්යවේක්ෂා කටයුතුය.
තථා දානාදීසු දළ්හසමාදානං තංපටිපක්ඛසන්නිපාතෙ ච නෙසං අචලාධිට්ඨානං තත්ථ ච ධීරවීරභාවං විනා න දානාදිසම්භාරා සම්බොධිනිමිත්තා සම්භවන්තීතිආදිනා අධිට්ඨානෙ ගුණා පච්චවෙක්ඛිතබ්බා.
එසේම දානාදියෙහි දැඩි සමාදානයද, ඒවාට ප්රතිපක්ෂ ධර්මයන් රැස් වූ කල්හි ඒ දානාදීය නිශ්චලව ඉටා ගැනීම ද, ඒ දානාදියෙහි ධීර වීර භාවයෙන් තොරව දානාදී බෝධිසම්භාර ධර්මයෝ සම්බෝධියට කාරණ නොවන්නාහු වෙත් යයි ආදී ක්‍රමයෙන් අධිෂ්ඨාන පාරමිතාවෙහි ගුණයෝ ප්රත්යවේක්ෂා කටයුත්තාහ.
තථා “අත්තහිතමත්තෙ අවතිට්ඨන්තෙනාපි සත්තෙසු හිතචිත්තතං විනා න සක්කා ඉධලොකපරලොකසම්පත්තියො පාපුණිතුං, පගෙව සබ්බසත්තෙ නිබ්බානසම්පත්තියං පතිට්ඨාපෙතුකාමෙනා”ති ච, “පච්ඡා සබ්බසත්තානං ලොකුත්තරසම්පත්තිං ආකඞ්ඛන්තෙන ඉදානි ලොකියසම්පත්තිආකඞ්ඛා යුත්තරූපා”ති ච, “ඉදානි ආසයමත්තෙන පරෙසං හිතසුඛූපසංහාරං කාතුං අසක්කොන්තො කදා පයොගෙන තං සාධෙස්සාමී”ති ච, “ඉදානි මයා හිතසුඛූපසංහාරෙන සංවඩ්ඪිතා පච්ඡා ධම්මසංවිභාගසහායා මය්හං භවිස්සන්තී”ති ච, “එතෙහි විනා න මය්හං බොධිසම්භාරා සම්භවන්ති, තස්මා සබ්බබුද්ධගුණවිභූතිනිප්ඵත්තිකාරණත්තා මය්හං එතෙ පරමං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං කුසලායතනං උත්තමං ගාරවට්ඨාන”න්ති ච, සවිසෙසං සත්තෙසු සබ්බෙසු හිතජ්ඣාසයතා පච්චුපට්ඨපෙතබ්බා , කිඤ්ච කරුණාධිට්ඨානතොපි සබ්බසත්තෙසු මෙත්තා අනුබ්රූහෙතබ්බා. විමරියාදීකතෙන හි චෙතසා සත්තෙසු හිතසුඛූපසංහාරනිරතස්ස තෙසං අහිතදුක්ඛාපනයනකාමතා බලවතී උප්පජ්ජති දළ්හමූලා. කරුණා ච සබ්බෙසං බුද්ධකාරකධම්මානං ආදි චරණං පතිට්ඨා මූලං මුඛං පමුඛන්ති එවමාදිනා මෙත්තාය ගුණා පච්චවෙක්ඛිතබ්බා.
එසේම ආත්මහිත මාත්‍රයක පිහිටන්නහු විසින්ද සත්ත්වයන් කෙරෙහි හිතසිතින් තොරව මෙලොව පරලොව සම්පත්තියට පැමිණීමට නොහැක. සියලු සත්ත්වයන් නිර්වාණ සම්පත්තියෙහි පිහිටුවන්නට කැමැත්තහු විසින් සත්ත්වයන් කෙරෙහි හිත සිතින් තොරව සැපතට පැමිණීම ගැන කියනුම කවරේ ද? පසුව සියලු සත්ත්වයන්ට ලෝකෝත්තර සම්පත් ලබාදෙනු කැමැත්තහු විසින් දැන් ලෞකික සම්පත් කැමති වීම සුදුසු යයි කියාද, දැන් අදහස් පමණකින් අනුන්ට හිතසැප එළවන්නට නොහැකිවන්නේ කවරකලෙක ප්‍රයෝග සම්පත්තියෙන් ඒ හිතසැප සිද්ධ කරන්නෙම්ද කියාද, දැන් මා විසින් හිත සැප එළවීමෙන් සංවර්ධනය කරන ලද දේ පසුව මට ධර්මසංවිභාගයට සහාය වන්නේයයි කියාද මේ සත්ත්වයන්ගෙන් තොරව මට බෝධි සම්භාර ධර්මයෝ සිද්ධ කරන්නට කාරණ බැවින් මට මේ සත්ත්වයෝ උතුම් පින්කෙතකි, අනුත්තර වූ කුශලායතනයකි. උතුම් ගෞරව ස්ථානයකියි කියා විශේෂ කොට සියලු සත්ත්වයන් කෙරෙහි හිතාධ්‍යාශය ඉදිරිපත් කරගත යුත්තේය. තවද කරුණාවට පිහිට බැවින්ද සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය වැඩිය යුතුය. අසීමිත කරන ලද මෛත්‍රී සිතින් සත්ත්වයන් කෙරෙහි හිතසැප එළවීමෙහි නිරත වූවහුට ඒ සත්ත්වයන්ගේ අහිතදුක් දුරුකරනු කැමති බව බලවත්ව උපදියි. ස්ථිර වූ මුල් ඇති කරුණාව සියලු බුද්ධකාරක ධර්මයන්ට ප්‍රථම කාරණයයි. පිහිටයි, මූලයයි, මුඛයයි, ප්‍රමුඛයයි මේ ආදී වශයෙන් මෛත්‍රියෙහි ගුණයෝ සැලකිය යුත්තාහ.
තථා “උපෙක්ඛාය අභාවෙ සත්තෙහි කතා විප්පකාරා චිත්තස්ස විකාරං උප්පාදෙය්යුං, සති ච චිත්තවිකාරෙ දානාදීනං සම්භාරානං සම්භවො එව නත්ථී”ති ච, “මෙත්තාසිනෙහෙන සිනෙහිතෙ චිත්තෙ උපෙක්ඛාය විනා සම්භාරානං පාරිසුද්ධි න හොතී”ති ච, “අනුපෙක්ඛකො සම්භාරෙසු පුඤ්ඤසම්භාරං තබ්බිපාකඤ්ච සත්තහිතත්ථං පරිණාමෙතුං න සක්කොතී”ති ච, “උපෙක්ඛාය අභාවෙ දෙය්යධම්මපටිග්ගාහකානං විභාගං අකත්වා පරිච්චජිතුං න සක්කොතී”ති ච, “උපෙක්ඛාරහිතෙන ජීවිතපරික්ඛාරානං ජීවිතස්ස ච අන්තරායං අමනසිකරිත්වා සීලවිසොධනං කාතුං න සක්කොතී”ති ච, තථා උපෙක්ඛාවසෙන අරතිරතිසහස්සෙව නෙක්ඛම්මබලසිද්ධිතො උපපත්තිතො ඉක්ඛණවසෙන සබ්බසම්භාරකිච්චනිප්ඵත්තිතො අච්චාරද්ධස්ස වීරියස්ස අනුපෙක්ඛණෙ පධානකිච්චාකරණතො උපෙක්ඛතො එව තිතික්ඛානිජ්ඣානසම්භවතො උපෙක්ඛාවසෙන සත්තසඞ්ඛාරානං අවිසංවාදනතො ලොකධම්මානං අජ්ඣුපෙක්ඛණෙන සමාදින්නධම්මෙසු අචලාධිට්ඨානසිද්ධිතො පරාපකාරාදීසු අනාභොගවසෙනෙව මෙත්තාවිහාරනිප්ඵත්තිතොති සබ්බබොධිසම්භාරානං සමාදානාධිට්ඨානපාරිපූරිනිප්ඵත්තියො උපෙක්ඛානුභාවෙන සම්පජ්ජන්තීති එවමාදිනා නයෙන උපෙක්ඛාපාරමී පච්චවෙක්ඛිතබ්බා. එවං අපරිච්චාගපරිච්චාගාදීසු යථාක්කමං ආදීනවානිසංසපච්චවෙක්ඛණා දානාදිපාරමීනං පච්චයොති දට්ඨබ්බං.
එසේ උපේක්ෂාව නැති කල්හි සත්ත්වයන් විසින් කරන ලද විප්රකාරයෝ සිතට විකාර උපදවන්නාහයි කියාද, චිත්ත විකාරයක් ඇති කල්හි දානාදි බෝධිසම්භාර ධර්මයන්ගේ ලැබීමක් නැත්තේමයයි කියාද මෛත්‍රී සෙනෙහසින් පිනවන ලද සිතෙහි උපේක්ෂාවෙන් තොරව බෝධි සම්භාර ධර්මයන්ගේ පිරිසිදු බවක් නොවන්නේ යයි කියාද, උපේක්ෂාව නැත්තේ බෝධිසම්භාරයන්හි පුණ්‍ය සම්භාරය ද එහි විපාක ද සත්ත්වයන්ට හිත පිණිස පිරිනමන්නට නොහැකි වන්නේයයි කියාද, උපේක්ෂාව නොමැති විට දෙන වස්තුව ප්‍රතිග්‍රාහකයන් පිළිබඳ විභාගයක් නොකොට පරිත්‍යාග කිරීමට නොහැකි යයි කියාද, උපේක්ෂාව නැත්තාහු විසින් ජීවිත පැවැත්මට සුදුසු වස්තුන්ගේද, ජීවිතයේ ද අන්තරාය මෙනෙහි නොකොට සිල් පිරිසිදු කරන්නට නොහැකියයි කියාද එසේම උපේක්ෂා වශයෙන් වස්තුවෙහි නොඇල්ම, ඇල්ම ඉවසන තැනැත්තාටම නෛෂ්ක්‍රම්‍ය බලය සිද්ධවන හෙයින්ද උප්පත්තියේ සිට බැලීම් වශයෙන් සියලු බෝධිසම්භාර කෘත්‍යය සිද්ධ වන හෙයින්ද, අතිශයින් දැඩි ලෙස පටන් ගත් වීර්‍ය්‍යය ඇත්තාහට උපේක්ෂා නොකිරීමෙහි වීර්‍ය්‍ය කෘත්‍යය නොකරන හෙයින්ද උපේක්ෂාවෙන් යුක්තවූවහුටම ක්ෂාන්ති චින්තාව සිද්ධ වන හෙයින්ද උපේක්ෂා වශයෙන් සත්ත්ව සංස්කාරයන් බොරුවෙන් නොරැවටීම වන හෙයින් ද, ලෝකධර්මයන් පිළිබඳව මධ්‍යස්ථ වීමෙන් සමාදන් වූ ධර්මයන්හි නිශ්චලව පිහිටීම සිද්ධවන හෙයින් ද, පරාපකාරයන්හි නොසැලකීම් වශයෙන් මෛත්‍රී විහරණය සමෘද්ධ වන හෙයින්ද සියලු බෝධිසම්භාර ධර්මයන්ගේ සමාදානය, අධිෂ්ඨානය, සම්පූර්ණ වීම, නිෂ්පත්තිය, උපේක්ෂානුභාවයෙන් සිද්ධ වේ යයි මේ ආදී ක්‍රමයෙන් උපේක්ෂා පාරමිතාව ප්රත්යවේක්ෂා කටයුතුය. මෙසේ අපරිත්යාග පරිත්යාගාදියෙහි පිළිවෙලින් ආදීනව, ආනිසංස සැලකීම දානාදී පාරමිතාවන්ට ප්‍රත්‍යය වේයයි දත යුතුය.
තථා සපරික්ඛාරා පඤ්චදස චරණධම්මා පඤ්ච ච අභිඤ්ඤායො. තත්ථ චරණධම්මා නාම සීලසංවරො, ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා, භොජනෙ මත්තඤ්ඤුතා, ජාගරියානුයොගො, සත්ත සද්ධම්මා, චත්තාරි ඣානානි ච. තෙසු සීලාදීනං චතුන්නං තෙරසාපි ධුතධම්මා අප්පිච්ඡතාදයො ච පරික්ඛාරා. සද්ධම්මෙසු සද්ධාය බුද්ධධම්මසඞ්ඝසීලචාගදෙවතූපසමානුස්සතිලූඛපුග්ගලපරිවජ්ජන- සිනිද්ධපුග්ගලසෙවනපසාදනීයධම්මපච්චවෙක්ඛණතදධිමුත්තතා පරික්ඛාරො. හිරොත්තප්පානං අකුසලාදීනවපච්චවෙක්ඛණඅපායාදීනවපච්චවෙක්ඛණකුසලධම්මූපත්ථම්භන- භාවපච්චවෙක්ඛණහිරොත්තප්පරහිතපුග්ගලපරිවජ්ජනහිරොත්තප්පසම්පන්නපුග්ගලසෙනතදධිමුත්තතා. බාහුසච්චස්ස පුබ්බයොගපරිපුච්ඡක- භාවසද්ධම්මාභියොගඅනවජ්ජවිජ්ජාට්ඨානාදිපරිචයපරිපක්කින්ද්රියතාකිලෙසදූරීභාවඅප්පස්සුත- පරිවජ්ජනබහුස්සුතසෙවනතදධිමුත්තතා. වීරියස්ස අපායභයපච්චවෙක්ඛණ- ගමනවීථිපච්චවෙක්ඛණධම්මමහත්තපච්චවෙක්ඛණථිනමිද්ධවිනොදනකුසීතපුග්ගලපරිවජ්ජන- ආරද්ධවීරියපුග්ගලසෙවනසම්මප්පධානපච්චවෙක්ඛණතදධිමුත්තතා . සතියා සතිසම්පජඤ්ඤමුට්ඨස්සතිපුග්ගලපරිවජ්ජනඋපට්ඨිතස්සතිපුග්ගලසෙවනතදධිමුත්තතා. පඤ්ඤාය පරිපුච්ඡකභාරවත්ථුවිසදකිරියාඉන්ද්රියසමත්තපටිපාදනදුප්පඤ්ඤපුග්ගල- පරිවජ්ජනපඤ්ඤවන්තපුග්ගලසෙවනගම්භීරඤාණචරියපච්චවෙක්ඛණතදධිමුත්තතා. චතුන්නං ඣානානං සීලාදිචතුක්කං අට්ඨතිංසාය ආරම්මණෙසු පුබ්බභාගභාවනා ආවජ්ජනාදිවසීභාවකරණඤ්ච පරික්ඛාරො. තත්ථ සීලාදීහි පයොගසුද්ධියා සත්තානං අභයදානෙ ආසයසුද්ධියා ආමිසදානෙ උභයසුද්ධියා ධම්මදානෙ සමත්ථො හොතීතිආදිනා චරණාදීනං දානාදිසම්භාරානං පච්චයභාවො යථාරහං නිද්ධාරෙතබ්බො. අතිවිත්ථාරභයෙන න නිද්ධාරයිම්හාති. එවං සම්පත්තිචක්කාදයොපි දානාදීනං පච්චයොති වෙදිතබ්බා.
එසේම පරිවාර සහිත වූ පසළොස් චරණ ධර්මයෝ ද පඤ්චාභිඥාවෝ ද දානාදී පාරමිතාවන්ට ප්‍රත්‍ය වන්නාහ. එහි “චරණ ධර්මයෝ නම්, ශීල සංවරය, ඉන්ද්රියයන්හි වසන ලද දොරටු ඇති බව, භෝජනයෙහි පමණ දන්නා බව, නිදිවැරීමෙහි යෙදීම, (සද්ධා, හිරි, ඔත්තප්ප, බාහුසච්ච, විරිය, සති, පඤ්ඤා යන) සප්ත ධර්මයෝ සතර රූපාවචර ධ්‍යාන යන මේවා වෙති. ඔවුන් අතුරින් ශීලාදී සතර චරණ ධර්මයන්ට තෙළෙස් ධුතාඞ්ග ද අල්පේච්ඡතාදී ගුණයෝ ද පිරිවර වෙති. (සප්ත) සද්ධර්මයන් අතුරෙහි බුද්ධ, ධර්ම, සංඝ, ශීල, ත්‍යාග, දේවතා, උපසම යන අනුස්මෘතීන්ද රූක්ෂ පුද්ගලයන් දුරු කිරීම, සිනිඳු පුද්ගලයන් සේවනය කිරීම, ප්‍රසාද කටයුතු ධර්මයන් ප්රත්යවේක්ෂා කිරීම, එහි නැමුණු බව යන මේ ධර්මයෝ ශ්රද්ධාවට පිරිවර වෙත්. අකුශලාදීනව ප්රත්යවේක්ෂා කිරීම, අපායෙහි ආදීනව ප්රත්යවේක්ෂා කිරීම, කුශල ධර්මයන්ට උපකාර බව සැලකීම, හිරිඔතප් නොමැති පුද්ගලයන් දුරුකිරීම, හිරිඔතප් සහිත පුද්ගලයන් සේවනය කිරීම, එහි නැමුණු බව යන මොවුහු හිරි ඔතප් දෙකට පිරිවර වෙත්. පූර්වයෝගය, විමසන බව, සද්ධර්මයෙහි යෙදීම, නිවැරදි විද්‍යස්ථාන ආදියෙහි පුරුද්ද, මේරූ ඉඳුරන් ඇති බව, කෙලෙස් දුරු කළ බව, අල්පශ්‍රැත පුද්ගලයන් දුරුකරන බව, බහුශ්‍රැත පුද්ගලයන් සේවනය කරන බව, එහි නැමුණු බව යන මොවුහු බහුශ්‍රැත බවට පිරිවර වෙත්. අපාය භය සැලකීම, යා යුතු මග සැලකීම, ධර්මයාගේ මහත්බව සැලකීම, ථීනමිද්ධ දෙක දුරුකිරීම, කුසීත පුද්ගලයන් දුරුකිරීම, පටන්ගත් වීර්‍ය්‍යය ඇති පුද්ගලයන් සේවනය කිරීම, සම්‍යක් ප්‍රධානයන් සැලකීම, එහි නැමුණු බව යන මොවුහු වීර්‍ය්‍යයට පිරිවර වෙත්. සිහිනුවණ දෙක, මුළා සිහි ඇති පුද්ගලයන් දුරු කිරීම, එළඹ සිටි සිහි ඇති පුද්ගලයන් සේවනය කිරීම, එහි නැමුණු බව යන මොවුහු සිහියට පිරිවර වෙත්. විමසන බව, ආධ්‍යාත්මික බාහිර වස්තූන් පිරිසිදු කිරීම, ඉන්ද්රියයන්ගේ සමබව ඇති කිරිම, නුවණ මඳ පුද්ගලයන් දුරුකිරීම, නුවණැති පුද්ගලයන් සේවනය කිරීම, ගැඹුරු ප්‍රඥාවේ ප්‍රභේද ප්රත්යවේක්ෂා කිරීම, එහි නැමුණු බව යන මොවුහු ප්‍රඥාවට පිරිවර වෙත්. ශීලාදී සතර, අටතිස් අරමුණු කෙරෙහි පූර්වභාග භාවනාව, ආවර්ජනා ආදියෙහි වශීභාවකරණය ද යන මොවුහු සතර ධ්‍යානයන්ට පිරිවර වෙති. එහි ශීලාදී ප්‍රයෝග ශුද්ධියෙන් සත්ත්වයන්ට අභය දීමෙහි ද, ආශය ශුද්ධියෙන් ආමිස දානයෙහිද ප්‍රයෝග, ආශය දෙදෙනාගේ ශුද්ධියෙන් ධර්ම දානයෙහි ද සමථ වන්නේයයි ආදි වශයෙන් දානාදී බෝධිසම්භාර ධර්මයන්ට චරණාදීන්ගේ ප්‍රත්‍යභාවය සුදුසු පරිද්දෙන් නිර්ධාරණය කළ යුතුය. ඉතා විස්තර වේදෝ යන භයින් නිර්ධාරණය නො කෙළෙමු. මෙසේ සම්පත්ති චක්කාදිහු ද දානාදින්ට ප්‍රත්‍යය වෙතියි දත යුතුය.
කො සංකිලෙසොති? අවිසෙසෙන තණ්හාදීහි පරාමට්ඨභාවො පාරමීනං සංකිලෙසො, විසෙසෙන පන දෙය්යධම්මපටිග්ගාහකවිකප්පා දානපාරමියා සංකිලෙසො. සත්තකාලවිකප්පා සීලපාරමියා, කාමභවතදුපසමෙසු අභිරතිඅනභිරතිවිකප්පා නෙක්ඛම්මපාරමියා, අහං මමාති විකප්පා පඤ්ඤාපාරමියා, ලීනුද්ධච්චවිකප්පා වීරියපාරමියා, අත්තපරවිකප්පා ඛන්තිපාරමියා, අදිට්ඨාදීසු දිට්ඨාදිවිකප්පා සච්චපාරමියා, බොධිසම්භාරතබ්බිපක්ඛෙසු දොසගුණවිකප්පා අධිට්ඨානපාරමියා, හිතාහිතවිකප්පා මෙත්තාපාරමියා, ඉට්ඨානිට්ඨවිකප්පා උපෙක්ඛාපාරමියා සංකිලෙසොති දට්ඨබ්බං.
07. “කො සඞ්කිලෙසො” ඔවුන්ගේ කෙලෙසීම කවරේද? යන මෙහි සාමාන්‍යයෙන් තෘෂ්ණා ආදියෙන් අල්ලාගන්නා ලද බව පාරමීන්ගේ “කෙලෙසීම” වෙයි. විශේෂයෙන් වනාහි දාන වස්තුන් හා පිළිගන්නවුන් පිළිබඳ විකල්පයෝ දාන පාරමිතාවෙහි සංක්ලේශයෝ වෙති. සත්ත්වයන් හා කාලය පිළිබඳ විකල්පයෝ ශීල පාරමිතාවේද, කාමයන්හි හා භවයන්හි ද ඒ දෙක සංසිඳවීමෙහි ද ඇල්ම හා නො ඇල්ම පිළිබඳ විකල්පයෝ නෛෂ්ක්‍රම්‍යයෙහි ද “මමය” “මගේය” යන විකල්පයෝ ප්‍රඥා පාරමිතාවේ ද, ථිනමිද්ධ වශයෙන් හැකිළීමත් උද්ධච්ච වශයෙන් නොසංසිඳීමත් පිළිබඳ විකල්පයෝ සත්‍ය පාරමිතාවේ ද බෝධි සම්භාර ධර්මයන්හි හා එයට විපක්ෂ ධර්මයන්හි දෝෂ හා ගුණ පිළිබඳ විකල්පයෝ අධිෂ්ඨාන පාරමිතාවගේද, අහිත විකල්පයෝ මෛත්‍රී පාරමිතාවගේද, ඉෂ්ට අනිෂ්ට පිළිබඳ විකල්පයෝ උපේක්ෂා පාරමිතාවගේද සංක්ලේශයෝ වෙත්යයි දත යුත්තාහ.
කිං වොදානන්ති? තණ්හාදීහි අනුපඝාතො යථාවුත්තවිකප්පවිරහො ච එතාසං වොදානන්ති වෙදිතබ්බං. අනුපහතා හි තණ්හාමානදිට්ඨිකොධූපනාහමක්ඛපළාසඉස්සාමච්ඡරිය- මායාසාඨෙය්යථම්භසාරම්භමදප්පමාදාදීහි කිලෙසෙහි දෙය්යධම්මපටිග්ගාහකවිකප්පාදිරහිතා ච දානාදිපාරමියො පරිසුද්ධා පභස්සරා භවන්තීති.
08. “කිං වොදානං” ඔවුන්ගේ ව්යාවදානය හෙවත් පිරිසිදුවීම කවරේද? යන මෙහි තණ්හාදින් විසින් නොපහරන ලද බව ද යටකී විකල්ප විරහිත බවද මේ පාරමිතාවන්ගේ පිරිසිදු බව වේයයි දත යුතුය. තණ්හා (තෘෂ්ණාව) මාන (මාන්නය) දිට්ඨි (දෘෂ්ටිය) කොධ (ක්‍රෝධය) උපනාහ (වෛරය) මක්ඛ (ගුණ මැකීම) පලාස (අනුන්ගේ දොස් කීම) ඉස්සා (ඊර්ෂ්‍යාව) මච්ඡරිය (මසුරු බව) මායා (රැවටීම) සාඨෙය්‍ය (කපටි බව) ථම්භ (සිතේ තද ගතිය) සාරම්භ (එකටෙක කිරීම) මද (උඩඟුකම) පමාද (සිහි නැතිකම) ආදී කෙලෙසුන්ගෙන් නොපහරණ ලද්දා වූද දේයධර්‍ම ප්‍රතිග්‍රාහක විකල්ප රහිත වූද දානාදී පාරමීහු පිරිසිදු වූවාහු ප්‍රභාෂ්වර වූවාහු වෙති.
කො පටිපක්ඛොති? අවිසෙසෙන සබ්බෙපි සංකිලෙසා සබ්බෙපි අකුසලා ධම්මා එතාසං පටිපක්ඛො, විසෙසෙන පන පුබ්බෙ වුත්තා මච්ඡෙරාදයොති වෙදිතබ්බා. අපි ච දෙය්යධම්මපටිග්ගාහකදානඵලෙසු අලොභාදොසාමොහගුණයොගතො ලොභදොසමොහපටිපක්ඛං දානං, කායාදිදොසවඞ්කාපගමතො ලොභාදිපටිපක්ඛං සීලං, කාමසුඛපරූපඝාතඅත්තකිලමථපරිවජ්ජනතො දොසත්තයපටිපක්ඛං නෙක්ඛම්මං, ලොභාදීනං අන්ධීකරණතො ඤාණස්ස ච අනන්ධීකරණතො ලොභාදිපටිපක්ඛා පඤ්ඤා , අලීනානුද්ධතඤායාරම්භවසෙන ලොභාදිපටිපක්ඛං වීරියං, ඉට්ඨානිට්ඨසුඤ්ඤතානං ඛමනතො ලොභාදිපටිපක්ඛා ඛන්ති, සතිපි පරෙසං උපකාරෙ අපකාරෙ ච යථාභූතප්පවත්තියා ලොභාදිපටිපක්ඛං සච්චං, ලොකධම්මෙ අභිභුය්ය යථාසමාදින්නෙසු සම්භාරෙසු අචලනතො ලොභාදිපටිපක්ඛං අධිට්ඨානං, නීවරණවිවෙකතො ලොභාදිපටිපක්ඛා මෙත්තා, ඉට්ඨානිට්ඨෙසු අනුනයපටිඝවිද්ධංසනතො සමප්පවත්තිතො ච ලොභාදිපටිපක්ඛා උපෙක්ඛාති දට්ඨබ්බං.
09. “කො පටිපක්ඛො” ඒවාට විරුද්ධ ධර්ම මොනවා ද? යන මෙහි සාමාන්‍යයෙන් සියලු සංක්ලේශ ධර්මත් සියලු අකුශල ධර්මත් මේ පාරමි ධර්මයන්ට විරුද්ධ වෙයි. විශේෂයෙන් වනාහි පෙර කියන ලද මසුරුකම ආදීය පාරමීන්ට ප්රතිපක්ෂ යයි දත යුතුය. තවද දේය ධර්ම, ප්‍රතිග්‍රාහක, දාන ඵලයන්හි අලෝභ, අදෝෂ, අමෝහ යන ගුණයන්ගේ යෙදීම කරණ කොට ගෙන ලෝභ, දෝෂ, මෝහ යන මේවා දානයට ප්රතිපක්ෂ වෙයි. කාය වංකාදී දෝෂයන් දුරුවන හෙයින් ශීලය ලෝභාදියට ප්රතිපක්ෂ වේ. කාම සැපය, අනුන් නැසීම, තමාට දුක්දීම යන මේවා දුරලන බැවින් නෛෂ්ක්‍රම්‍යය දෝෂත්‍රයට ප්රතිපක්ෂ වේ. ලෝභාදීන් අන්ධ කරන බැවින් ද ඥානය අන්ධ නොකරන බැවින් ද ප්‍රඥාව ලෝභාදීන්ට ප්රතිපක්ෂ වේ. අලීන, අනුද්ධත, න්යායරම්භ යන මොවුන්ගේ වශයෙන් වීර්‍ය්‍යය ලෝභාදියට ප්රතිපක්ෂ වේ. ඉෂ්ට, අනිෂ්ට. ශුන්‍යතා යන මොවුන් ඉවසන හෙයින් ක්ෂාන්ති පාරමිතාව ලෝභාදියට ප්රතිපක්ෂ වේ. අනුන්ගේ උපකාරයන් සහ අපකාරයන් ඇති කල්හි ද යථා ස්වභාවයෙන් පවත්නා හෙයින් සත්‍ය පාරමිතාව ලෝභාදියට ප්රතිපක්ෂ වේ. ලෝක ධර්මයන් මැඩ සමාදන් වූ පරිදි බෝධිසම්භාර ධර්මයන් කෙරෙහි නොසෙල්වෙන හෙයින් අධිෂ්ඨාන පාරමිතාව ලෝභාදියට ප්රතිපක්ෂ වේ. නීවරණයන්ගෙන් වෙන්වන හෙයින් මෛත්‍රී පාරමිතාව ලෝභාදියට ප්රතිපක්ෂ වේ. ඉෂ්ට අනිෂ්ඨයන් කෙරෙහි ඇලීම හා ක්‍රෝධය වලක්වන බැවින් ද සමව පවත්නා බැවින් ද උපේක්ෂා පාරමිතාව ලෝභාදියට ප්රතිපක්ෂ වේයයි දත යුතුය.
කා පටිපත්තීති? දානපාරමියා තාව සුඛූපකරණසරීරජීවිතපරිච්චාගෙන භයාපනුදනෙන ධම්මොපදෙසෙන ච බහුධා සත්තානං අනුග්ගහකරණං පටිපත්ති. තත්ථ ආමිසදානං අභයදානං ධම්මදානන්ති දාතබ්බවත්ථුවසෙන තිවිධං දානං. තෙසු බොධිසත්තස්ස දාතබ්බවත්ථු අජ්ඣත්තිකං බාහිරන්ති දුවිධං. තත්ථ බාහිරං අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යන්ති දසවිධං. අන්නාදීනං ඛාදනීයභොජනීයාදිවිභාගෙන අනෙකවිධං. තථා රූපාරම්මණං යාව ධම්මාරම්මණන්ති ආරම්මණතො ඡබ්බිධං. රූපාරම්මණාදීනඤ්ච නීලාදිවිභාගෙන අනෙකවිධං. තථා මණිකනකරජතමුත්තාපවාළාදි, ඛෙත්තවත්ථුආරාමාදි, දාසිදාසගොමහිංසාදි නානාවිධවිත්තූපකරණවසෙන අනෙකවිධං.
10. “කා පටිපත්ති” ප්‍රතිපත්තිය කවරේ ද? යන මෙහි පළමුකොට සැපයට සැප උපකරණ, ශරීරය, ජීවිතය යන මේවා පරිත්‍යාගයෙන් ද භය දුරු කිරීමෙන් ද, ධර්මය කියා දීමෙන් ද වශයෙන් සත්ත්වයන්ට බොහෝ සෙයින් අනුග්‍රහ කිරීම දාන පාරමිතාවේ ප්‍රතිපත්තිය වේ. එහි දානය ආමිස දානය, අභය දානය, ධර්ම දානය යයි දියයුතු වස්තු වශයෙන් ත්‍රිවිධ වේ. ඔවුන් අතුරෙන් බෝධිසත්ත්වයන් විසින් දියයුතු වස්තු අභ්‍යන්තර, බාහිර වශයෙන් දෙවැදෑරුම් වේ. එහි බාහිර වස්තු දානය වනාහි ආහාර දානය, පාන දානය, නිවාස දානය, වස්ත්‍ර දානය, යාන දානය, මාලාවිලේපන දානය, ගන්ධ දානය, නිදන ඇතිරිලි දානය, ආවාස දානය, ප්‍රදීප දානයයි දශවිධ වේ. (චරියා පිටක කථාවේ 240 පිටුවෙහි 19 සිට 26 තෙක් ඇති පේළිවල සඳහන් වී ඇත්තේ මෙසේය. 1.අන්ත දානං දෙති, 2. පානං දෙති 3. වත්ථානි දෙති, 4. යානං දෙති 5. ගන්ධං දෙති 6. මාලාවිලෙපනං දෙති 7. ආසනං දෙති 8. සෙය්යං දෙති 9. ආවසථං දෙති 10. පදීපෙය්යං දෙති) ආහාර ආදිය කඩාකන කෑ යුතු දේ, බත් ආදී බුදිය යුතු දේ ආදී විභාග වශයෙන් බොහෝ ආකාර වේ. එසේම රූපාම්මණ දානයේ පටන් ධම්මාරම්මණ දානය දක්වා ආරම්මණ වශයෙන් සය වැදෑරුම් වේ. රූපාරම්මණ ආදියද නීලාදීන්ගේ විභාග වශයෙන් නොයෙක් වැදෑරුම් වේ. එසේම මැණික්, රන්, රිදී, මුතු, පබළු ආදිය ද, කෙත්වත්, ආරාම ආදිය ද, දාසි, දාස, ගව මහිෂාදි නොයෙක් ආකාරයේ ධන උපකරණ වශයෙන්ද නොයෙක් ආකාර වේ.
තත්ථ මහාපුරිසො බාහිරං වත්ථුං දෙන්තො “යො යෙන අත්ථිකො, තං තස්ස දෙති, දෙන්තො ච තස්ස අත්ථිකො”ති සයමෙව ජානන්තො අයාචිතොපි දෙති පගෙව යාචිතො. මුත්තචාගො දෙති, නො අමුත්තචාගො, පරියත්තං දෙති, නො අපරියත්තං සති දෙය්යධම්මෙ. න පච්චුපකාරසන්නිස්සිතො දෙති. අසති දෙය්යධම්මෙ හි පරියත්තෙ සංවිභාගාරහං සංවිභජති. න ච දෙති පරූපඝාතාවහං සත්ථවිසමජ්ජාදිකං, නාපි කීළනකං යං අනත්ථූපසංහිතං පමාදාවහඤ්ච. න ච ගිලානස්ස යාචකස්ස පානභොජනාදිඅසප්පායං පමාණරහිතං වා දෙති, පමාණයුත්තං පන සප්පායමෙව දෙති.
එහිදි මහාපුරුෂතෙම බාහිර වස්තු දෙන්නේ යමෙකුට යමකින් ප්‍රයෝජන වේද එය ඔහුට දෙයි. දෙන්නේද ඔහුට මෙය ප්‍රයෝජනයයි තමාම දැනගන්නේ නොඉල්ලන ලද්දේම දෙයි. ඉල්ලූ කල්හි කියනුම කවරේ ද? කිසිවක් අපේක්ෂා නොකොටම දෙයි. කිසිවක් අපේක්ෂා කොට නො දෙයි. සිත්සේ දෙයි. (පරියත්තං දෙති) නොසිත්සේ ප්‍රමාණවත් නොවන සේ) නොදෙයි. දිය යුතු වස්තුව ඇති පමණ නොමැති කල්හි සුදුසු පරිදි බෙදා දෙයි. අනුන් නසන්නට හේතුවන ආයුධ, විෂ, මද්යාදිය නො දෙයි. යමක් අනර්ථයෙන් යුක්ත වේද ප්‍රමාදය එළවන්නේද එබඳු ක්‍රීඩා භාණ්ඩ ද නොදෙයි. ඉල්ලන්නා වූ ගිලනාහටත් නොගැළපෙන ආහාරපාන ආදී දේ හෝ ප්‍රමාණය ඉක්මවා හෝ නොදෙයි. ප්‍රමාණ සහිත දේ වුවද යෝග්‍ය දෙයම දෙයි.
තථා යාචිතො ගහට්ඨානං ගහට්ඨානුච්ඡවිකං දෙති, පබ්බජිතානං පබ්බජිතානුච්ඡවිකං දෙති, මාතාපිතරො ඤාතිසාලොහිතා මිත්තාමච්චා පුත්තදාරදාසකම්මකරාති එතෙසු කස්සචි පීළං අජනෙන්තො දෙති, න ච උළාරං දෙය්යධම්මං පටිජානිත්වා ලූඛං දෙති, න ච ලාභසක්කාරසිලොකසන්නිස්සිතො දෙති, න ච පච්චුපකාරසන්නිස්සිතො දෙති, න ච ඵලපාටිකඞ්ඛී දෙති අඤ්ඤත්ර සම්මාසම්බොධියා, න ච යාචකෙ දෙය්යධම්මං වා ජිගුච්ඡන්තො දෙති, න ච අසඤ්ඤතානං යාචකානං අක්කොසකරොසකානම්පි අපවිද්ධං දානං දෙති, අඤ්ඤදත්ථු පසන්නචිත්තො අනුකම්පන්තො සක්කච්චමෙව දෙති, න ච කොතූහලමඞ්ගලිකො හුත්වා දෙති, කම්මඵලමෙව පන සද්දහන්තො දෙති, නපි යාචකෙ පයිරුපාසනාදීහි පරිකිලෙසෙත්වා දෙති, අපරිකිලෙසන්තො එව පන දෙති, න ච පරෙසං වඤ්චනාධිප්පායො භෙදනාධිප්පායො වා දානං දෙති, අසංකිලිට්ඨචිත්තො එව දෙති, නපි ඵරුසවාචො භාකුටිමුඛො දානං දෙති, පියවාදී පන පුබ්බභාසී මිතවචනො හුත්වා දෙති , යස්මිඤ්ච දෙය්යධම්මෙ උළාරමනුඤ්ඤතාය වා චිරපරිචයෙන වා ගෙධසභාවතාය වා ලොභධම්මො අධිමත්තො හොති, ජානන්තො බොධිසත්තො තං ඛිප්පමෙව පටිවිනොදෙත්වා යාචකෙ පරියෙසිත්වාපි දෙති, යඤ්ච දෙය්යවත්ථු පරිත්තං යාචකොපි පච්චුපට්ඨිතො, තං අචින්තෙත්වාපි අත්තානං බාධෙත්වා දෙන්තො යාචකං සම්මානෙති යථා තං අකිත්තිපණ්ඩිතො. න ච මහාපුරිසො අත්තනො පුත්තදාරදාසකම්මකරපොරිසෙ යාචිතො තෙ අසඤ්ඤාපිතෙ දොමනස්සප්පත්තෙ යාචකානං දෙති, සම්මදෙව පන සඤ්ඤාපිතෙ සොමනස්සප්පත්තෙ දෙති. දෙන්තො ච යක්ඛරක්ඛසපිසාචාදීනං වා මනුස්සානං කුරූරකම්මන්තානං වා ජානන්තො න දෙති, තථා රජ්ජම්පි තාදිසානං න දෙති. යෙ ලොකස්ස අහිතාය දුක්ඛාය අනත්ථාය පටිපජ්ජන්ති, යෙ පන ධම්මිකා ධම්මෙන ලොකං පාලෙන්ති, තෙසං දෙති. එවං තාව බාහිරදානෙ පටිපත්ති වෙදිතබ්බා.
එසේම ඉල්ලන ලද්දේ ගිහියන්ට ඔවුන්ට සුදුසු දේ දෙයි. පැවිද්දන්ට ශ්‍රමණ සාරුප්‍ය දේ දෙයි. මවුපියෝ, ලේ නෑයෝ, මිත්‍රාමාත්‍යයෝ, අඹු දරුවෝ, දාස කම්කරුවෝ යන මොවුන් අතුරෙන් කිසිවෙකුට පීඩාවක් ඇති නොකරමින් දෙයි. උදාර වූ දානවස්තුවක් ප්‍රතිඥා කොට රූක්ෂ දේ නොදෙයි. ප්‍රතිඋපකාර ඇසුරු කොට නොදෙයි. සම්‍යක් සම්බෝධියෙන් වෙන්වූ ඵලයක් බලාපොරොත්තුවෙන් නො දෙයි. යාචකයන් හෝ දෙන වස්තුව හෝ පිළිකුල් කරමින් නො දෙයි. සංයම රහිත වූ ආක්‍රෝශ පරිභව කරන්නා වූ යාචකයන්ට පවා ඉවත දැමූ දෙයක් නොදෙයි. ඒකාන්තයෙන් ප්‍රසන්න සිත් ඇත්තේ අනුකම්පා කරන්නේ සකසාම දෙයි. කෝතූහලමඞ්ගලිකව නො දෙයි. කර්මඵලයම අදහමින් දෙයි. යාචකයන් ඇසුරු කිරීම් ආදියෙන් වෙහෙස කොට නො දෙයි. වෙහෙස නොකොටම දෙයි. අනුන් වංචා කිරීමේ අදහසින් හෝ බිඳවීමේ අදහසින් දන් නො දෙයි. නො කිලිටි සිතින්ම දෙයි. පරුෂ වචන ඇතිව හෝ බැම හැකුළු මුවින් යුතුව නො දෙයි. ප්‍රිය වචන ඇත්තේ කලින් කථා කරන්නේ ප්‍රමාණවත් වචන ඇත්තේ වී දෙයි. යම් දාන වස්තුවක උදාර මනෝඥභාවය නිසා හෝ බොහෝ කල් පුරුදු කළ බැවින් හෝ ඇලුම් ස්වභාව ඇති බැවින් හෝ ලෝභ ධර්මය අධික වෙයිද එය දන්නා වූ බෝධිසත්ත්වයෝ ඒ ලෝභය වහාම දුරුකොට යාචකයෙක් ද එළඹ සිටියේ නම් ඒ ගැන නොසිතාම තමන්ට පීඩා කොට දෙන්නේ යාචකයාට ගෞරව කරති. අකිත්ති පණ්ඩිතයන් මෙනි. මහා පුරුෂ තෙම තමාගේ පුතුන්, අඹුවන්, දාසයන්, කම්කරු පුරුෂයන් ඉල්ලන ලද්දේ නොදන්වන ලද්දා වූ දොම්නසට පැමිණියා වූ ඔවුන් යාචකයන්ට නො දෙයි. මොනවට දන්වන ලද්දා වූ සොම්නසට පැමිණියාවූම ඔවුන් දෙයි. දෙන්නේද යක්ෂ රාක්ෂස, පීසාචාදීන්ට හෝ රෞද්‍ර ක්‍රියා ඇති මිනිසුන්ට හෝ දැන නො දෙයි. රාජ්‍යය දන් දෙන්නේ ද යමෙක් ලෝකයාට අහිත පිණිස දුක් පිණිස, අනර්ථය පිණිස පිළිපදිද්ද එබඳු අයට නො දෙයි. යමෙක් වනාහි දැහැමිව දැහැමින් ලෝකය පාලනය කෙරෙත් ද ඔවුන්ට දෙයි. මෙසේ පළමුකොට බාහිර දානයෙහි ප්‍රතිපත්තිය දත යුතුය.
අජ්ඣත්තිකදානං පන ද්වීහි ආකාරෙහි වෙදිතබ්බං. කථං? යථා නාම කොචි පුරිසො ඝාසච්ඡාදනහෙතු අත්තානං පරස්ස නිස්සජ්ජති, විධෙය්යභාවං උපගච්ඡති දාසබ්යං, එවමෙව මහාපුරිසො සම්බොධිහෙතු නිරාමිසචිත්තො සත්තානං අනුත්තරං හිතසුඛං ඉච්ඡන්තො අත්තනො දානපාරමිං පරිපූරෙතුකාමො අත්තානං පරස්ස නිස්සජ්ජති, විධෙය්යභාවං උපගච්ඡති යථාකාමකරණීයතං. කරචරණනයනාදිඅඞ්ගපච්චඞ්ගං තෙන තෙන අත්ථිකානං අකම්පිතො අනොලීනො අනුප්පදෙති, න තත්ථ සජ්ජති න සඞ්කොචං ආපජ්ජති යථා තං බාහිරවත්ථුස්මිං, තථා හි මහාපුරිසො ද්වීහි ආකාරෙහි බාහිරවත්ථුං පරිච්චජති යථාසුඛං පරිභොගාය වා යාචකානං තෙසං මනොරථං පරිපූරෙන්තො, අත්තනො වසීභාවාය වා, තත්ථ සබ්බෙන සබ්බං මුත්තචාගො, එවමහං නිස්සඞ්ගභාවනාය සම්බොධිං පාපුණිස්සාමීති. එවං අජ්ඣත්තිකවත්ථුස්මින්ති වෙදිතබ්බං.
ආධ්‍යාත්මික දානය වනාහි දෙආකාරයකින් දත යුතුය. ඒ කෙසේ ද? යම්සේ කිසියම් පුරුෂයෙක් කෑම ඇදීම හේතුකොට ගෙන තමන් අනුන්හට පාවාදේද, යටහත් වූ දාසභාවයට පැමිණේද, එමෙන්ම මහාපුරුෂතෙම සම්‍යක් සම්බෝධිය හේතුකොට ගෙන නිරාමිෂ සිත් ඇත්තේ සත්ත්වයන්ගේ අනුත්තර වූ හිතසුව කැමැත්තේ තම දානපාරමිතාව සම්පූර්ණ කරනු කැමැත්තේ තමා අනුන්ට පාවා දෙයි. දාසභාවයට පැමිණෙයි. අත් පා ඇස් ආදී ශරීර අවයව ඒ ඒ දෙයින් ප්‍රයෝජන ඇත්තන්ට කැමති පරිදි කටයුතු කිරීමට කම්පා වීමත් නැත්තේ ඇලීමක් නැත්තේ දෙයි. එහි නො ඇලෙයි. හැකිළීමකට නො පැමිණෙයි. බාහිර වස්තු පරිත්‍යාගයෙහි යම් සේද ආධ්‍යාත්මික වස්තු පරිත්යාගයෙහිද එසේමය. මහාපුරුෂ තෙම දෙආකාරයකින් බාහිර වස්තු පරිත්‍යාග කරයි. එනම් කැමති පරිද්දෙකින් පරිභෝගය පිණිස යාචකයන්ට ඔවුන්ගේ මනදොළ පුරවමින්ද, තමාගේ වසීභාවය පිණිසද වශයෙනි. එහි සර්වප්රකාරයෙන් මුක්තචාගී වූයේ මෙසේ නොඇල්ම හේතු කොට සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නෙමි”යි දන්දෙයි. ආධ්‍යාත්මික වස්තුවෙහිත් මෙසේ නොඇල්ම දත යුතුය.
තත්ථ යං අජ්ඣත්තිකවත්ථු දීයමානං යාචකස්ස එකන්තෙනෙව හිතාය සංවත්තති, තං දෙති, න ඉතරං. න ච මහාපුරිසො මාරස්ස මාරකායිකානං දෙවතානං වා විහිංසාධිප්පායානං අත්තනො අත්තභාවං අඞ්ගපච්චඞ්ගානි වා ජානමානො දෙති “මා තෙසං අනත්ථො අහොසී”ති. යථා ච මාරකායිකානං, එවං තෙහි අන්වාවිට්ඨානම්පි න දෙති, නපි උම්මත්තකානං. ඉතරෙසං පන යාචියමානො සමනන්තරමෙව දෙති, තාදිසාය යාචනාය දුල්ලභභාවතො තාදිසස්ස ච දානස්ස දුක්කරභාවතො.
එහිදී දෙනු ලබන යම් ආධ්‍යාත්මික වස්තුවක් යාචකයා හට ඒකාන්තයෙන් හිත පිණිස පවතීද, එය දෙයි. අනෙක් වස්තුවක් නො දෙයි. මහාපුරුෂතෙම වනාහි දැන දැන මාරයාට හෝ විහිංසා අදහසින් යුත් මාරපාක්ෂික දෙවියන්ට හෝ තමාගේ ආත්මභාවය හෝ අඟපසඟ හෝ “ඔවුන්ට අනර්ථයක් නොවේවා”යි නො දෙයි. මාරපාක්ෂික දෙවියන්ට යම්සේද ඔවුන් විසින් ආවේශ වනු ලැබූ අයට ද නොදෙයි. උමතු වූවන්ටද නො දෙයි. සෙස්සන්ට වනාහි ඉල්ලීම හා සමගම දෙයි. කුමක් හෙයින්ද යත්? එබඳු ඉල්ලීම් දුර්ලභ හෙයින් ද එබඳු දීමක් දුෂ්කර හෙයින් ද වේ.
අභයදානං පන රාජතො චොරතො අග්ගිතො උදකතො වෙරිපුග්ගලතො සීහබ්යග්ඝාදිවාළමිගතො නාගයක්ඛරක්ඛසපිසාචාදිතො සත්තානං භයෙ පච්චුපට්ඨිතෙ තතො පරිත්තාණභාවෙන වෙදිතබ්බං.
අභය දානය වනාහි රජුන්ගෙන් ද, සොරුන්ගෙන් ද, ගින්නෙන් ද, ජලයෙන් ද, වෛරී පුද්ගලයන්ගෙන් ද සිංහ ව්‍යාඝ්‍රාදී චණ්ඩ මෘගයන්ගෙන් ද නාග, යක්ෂ, රාක්ෂස, පිසාචාදීන්ගෙන් ද සත්ත්වයන්ට භයක් එළඹි කල්හි එයින් ආරක්ෂා කිරීම් වශයෙන් දත යුතුය.
ධම්මදානං පන අසංකිලිට්ඨචිත්තස්ස අවිපරීතා ධම්මදෙසනා, ඔපායිකො හිතස්ස උපදෙසො දිට්ඨධම්මිකසම්පරායිකපරමත්ථවසෙන යෙන සාසනෙ අනොතිණ්ණානං අවතාරණං ඔතිණ්ණානං පරිපාචනං. තත්ථායං නයො – සඞ්ඛෙපතො තාව දානකථා සීලකථා සග්ගකථා කාමානං ආදීනවො සංකිලෙසො ච නෙක්ඛම්මෙ ආනිසංසො. විත්ථාරතො පන සාවකබොධියං අධිමුත්තචිත්තානං සරණගමනං සීලසංවරො ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා භොජනෙ මත්තඤ්ඤුතා ජාගරියානුයොගො සත්ත සද්ධම්මා අට්ඨතිංසාය ආරම්මණෙසු කම්මකරණවසෙන සමථානුයොගො රූපකායාදීසු විපස්සනාභිනිවෙසෙසු යථාරහං අභිනිවෙසමුඛෙන විපස්සනානුයොගො, තථා විසුද්ධිපටිපදා සම්මත්තගහණං තිස්සො විජ්ජා ඡ අභිඤ්ඤා චතස්සො පටිසම්භිදා සාවකබොධීති එතෙසං ගුණසංකිත්තනවසෙන යථාරහං තත්ථ තත්ථ පතිට්ඨාපනා පරියොදපනා ච. තථා පච්චෙකබොධියං සම්මාසම්බොධියඤ්ච අධිමුත්තානං සත්තානං යථාරහං දානාදිපාරමීනං සභාවරසලක්ඛණාදිසංකිත්තනමුඛෙන තීසුපි අවත්ථාසු තෙසං බුද්ධානං මහානුභාවතාවිභාවනෙන යානද්වයෙ පතිට්ඨාපනා පරියොදපනා ච. එවං මහාපුරිසො සත්තානං ධම්මදානං දෙති.
ධර්මදානය නම් නොකිළිටි සිත් ඇත්තහුගේ විපර්‍ය්‍යාස රහිත වූ ධර්මදේශනාවයි. මෙලොවින් හා පරලොවින් වන අර්ථය නිර්වාණ සඞ්ඛ්‍යාත පරමාර්ථය යන මේ අර්ථයන්ගේ වශයෙන් යෝග්‍ය වූ හිත වූ උපදේශයයි. එයින් ශාසනයෙහි නොබැස ගත්තවුන්ගේ බැසගැනීමත් බැසගත්තවුන්ගේ මුහුකර වීමත් වේ. මේ එහි ක්‍රමයයි. පළමුකොට සැකෙවින් දාන කථා, ශීල කථා, ස්වර්ග කථා, කාමයන්ගේ ආදීනව, කෙලෙසීම, නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් කීම ද විස්තර වශයෙන් වනාහි ශ්‍රාවක බෝධියෙහි ඇලුණු සිත් ඇත්තවුනට සරණාගමනය, ශීලසංවරය, ඉන්ද්රියයන්හි වසන ලද දොරටු ඇති බව (ඉන්ද්රිය සංවරය), ආහාරයෙහි පමණ දන්නා බව, නිදි දුරුකිරීමෙහි යෙදීම, සප්ත ධර්මයෝය, අටතිස් ආරම්මණයන්හි ක්‍රියා කිරීමේ වශයෙන් සමථයෙහි යෙදීම, රූපස්කන්ධාදී විදර්ශනාව පිහිටුවන ධර්මයන්හි සුදුසු පරිදි දැඩිව ගැනීම් වශයෙන් විදර්ශනාවෙහි යෙදීම, එසේම විසුද්ධි ප්‍රතිපදාවය, (ලෝකෝත්තර කුශල ධර්මයන්හි මාර්ග නියමයයි කියන ලද) සම්මත්ත ගහණය, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිවිද්‍යා, ෂට් අභිඥා, සිව්පිළිසිඹියා, ශ්‍රාවක බෝධි යන මේවායේ ගුණයන් වර්ණනා කිරීම් වශයෙන් සුදුසු පරිදි ඒ ඒ ධර්මයන්හි පිහිටු වීමය, පිරිසුදු කිරීමය යන ක්‍රමයයි. එසේම ප්රත්යෙක බෝධියෙහි හා සම්‍යක් සම්බෝධියෙහි ඇලුණු සත්ත්වයන්ට සුදුසු පරිදි දානාදී පාරමිතාවන්ගේ ස්වභාවය, රසය, ලක්ෂණ ආදිය වර්ණනා කිරීම් වශයෙන් තුන් කල්හිම ඒ බුදුවරයන්ගේ මහානුභාවය විස්තර කිරීමෙන්, යාන දෙකෙහි පිහිටුවීම, පිරිසිදු කිරීම යන මේවා එහි පිළිවෙල වෙයි. මේ ක්‍රමයෙන් මහා පුරුසයෝ සත්ත්වයන්ට ධර්මදානය දෙති.
තථා මහාපුරිසො සත්තානං ආමිසදානං දෙන්තො “ඉමිනාහං දානෙන සත්තානං ආයුවණ්ණසුඛබලපටිභානාදිසම්පත්තිඤ්ච රමණීයං අග්ගඵලසම්පත්තිඤ්ච නිප්ඵාදෙය්ය”න්ති අන්නදානං දෙති, තථා සත්තානං කාමකිලෙසපිපාසාවූපසමාය පානං දෙති, තථා සුවණ්ණවණ්ණතාය හිරොත්තප්පාලඞ්කාරස්ස ච නිප්ඵත්තියා වත්ථානි දෙති, තථා ඉද්ධිවිධස්ස චෙව නිබ්බානසුඛස්ස ච නිප්ඵත්තියා යානං දෙති, තථා සීලගන්ධනිප්ඵත්තියා ගන්ධං දෙති, තථා බුද්ධගුණසොභානිප්ඵත්තියා මාලාවිලෙපනං දෙති, බොධිමණ්ඩාසනනිප්ඵත්තියා ආසනං දෙති, තථාගතසෙය්යානිප්ඵත්තියා සෙය්යං දෙති, සරණභාවනිප්ඵත්තියා ආවසථං දෙති, පඤ්චචක්ඛුපටිලාභාය පදීපෙය්යං දෙති, බ්යාමප්පභානිප්ඵත්තියා රූපදානං දෙති, බ්රහ්මස්සරනිප්ඵත්තියා සද්දදානං දෙති, සබ්බලොකස්ස පියභාවාය රසදානං දෙති, බුද්ධසුඛුමාලභාවාය ඵොට්ඨබ්බදානං දෙති, අජරාමරභාවාය භෙසජ්ජදානං දෙති, කිලෙසදාසබ්යවිමොචනත්ථං දාසානං භුජිස්සතාදානං දෙති, සද්ධම්මාභිරතියා අනවජ්ජඛිඩ්ඩාරතිහෙතුදානං දෙති, සබ්බෙපි සත්තෙ අරියාය ජාතියා අත්තනො පුත්තභාවූපනයනාය පුත්තදානං දෙති, සකලස්සපි ලොකස්ස පතිභාවූපගමනාය දාරදානං දෙති, සුභලක්ඛණසම්පත්තියා සුවණ්ණමණිමුත්තාපවාළාදිදානං, අනුබ්යඤ්ජනසම්පත්තියා නානාවිධවිභූසනදානං, සද්ධම්මකොසාධිගමාය විත්තකොසදානං, ධම්මරාජභාවාය රජ්ජදානං, ඣානාදිසම්පත්තියා ආරාමුය්යානතළාකවනදානං, චක්කඞ්කිතෙහි පාදෙහි බොධිමණ්ඩූපසඞ්කමනාය චරණදානං, චතුරොඝනිත්ථරණාය සත්තානං සද්ධම්මහත්ථදානත්ථං හත්ථදානං, සද්ධින්ද්රියාදිපටිලාභාය කණ්ණනාසාදිදානං, සමන්තචක්ඛුපටිලාභාය චක්ඛුදානං, “දස්සනසවනානුස්සරණපාරිචරියාදීසු සබ්බකාලං සබ්බසත්තානං හිතසුඛාවහො, සබ්බලොකෙන ච උපජීවිතබ්බො මෙ කායො භවෙය්යා”ති මංසලොහිතාදිදානං, “සබ්බලොකුත්තමො භවෙය්ය”න්ති උත්තමඞ්ගදානං දෙති.
එසේම මහා පුරුෂතෙම සත්ත්වයන්ට ආමිස දානය දෙන්නේ “මම මේ දානයෙන් සත්ත්වයන්ට ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රතිභාණය යනාදී සම්පත්ද රමණීය වූ අග්‍රඵල සම්පත් යයි කියන ලද අරහත්වය ද සිද්ධ කෙරෙමි”යි ආහාර දන් දෙයි. එසේම සත්ත්වයන්ගේ කාම ක්ලේශ පිපාසාවන් සංසිඳවනු පිණිස පැන් දෙයි. එසේම රන්වන් බව පිණිසද හිරි ඔතප් නැමති ආභරණයේ නිෂ්පත්තිය පිණිස වස්ත්‍ර දෙයි. එසේ ඍද්ධිවිධ ඥානය මෙන්ම නිවන් සුවය සමෘද්ධ වීම පිණිස යානා දෙයි. එසේම ශීලසුගන්ධයේ නිෂ්පත්තිය (හට ගැනීම) පිණිස සුගන්ධ දානය කරයි. එසේම බුද්ධගුණ ශෝභාවේ නිෂ්පත්තිය පිණිස මාලාවිලේපන දෙයි. බෝමැඩ ආසන නිෂ්පත්තියට ආසන දෙයි. තථාගතශෙය්යා නිෂ්පත්තිය පිණිස නින්දට අවශ්‍ය දේ දෙයි. සරණභාව නිෂ්පත්තියට ආවාස දානය දෙයි. පසැස් ලැබීම පිණිස පහන් දැල්වීමට අවශ්‍ය දේ දෙයි. ව්‍යාම ප්‍රභාව හෙවත් බුද්ධ රශ්මිය නිපදවීම පිණිස රූපදානය කරයි. බ්‍රහ්ම ස්වරය නිපදවනු පිණිස ශබ්ද දානය කරයි. සියලු ලෝකයාට ප්‍රියභාවය පිණිස රස දානය දෙයි. බුද්ධ සුඛුමාලභාවය පිණිස ස්පර්ශ දානය දෙයි. ජරා මරණ නැතිවනු පිණිස බෙහෙත් දෙයි. ක්ලේශ දාසත්වයෙන් මිදෙනු පිණිස දාසයන් නිදහස් කිරිමේ දානය දෙයි. සද්ධර්මාභිරතිය පිණිස නිවැරදි වූ ක්රීඩාරතියට හේතු දන් දෙයි. සියලුම සත්ත්වයන් ආර්‍ය්‍ය ජාතියෙන් තමාගේ පුත්‍රභාවයට පමුණුවනු පිණිස පුත්‍රදානය දෙයි. සියලුම ලෝකයාගේ ස්වාමිභාවයට පැමිණීම පිණිස භාර්‍ය්‍යා දානය දෙයි. සුඛලක්ෂණ සම්පත්තිය පිණිස රන්, මැණික්, මුතු, පබලු ආදිය දන් දෙයි. අනුව්‍යඤ්ජන සම්පත්තිය පිණිස නොයෙක් ආකාරයේ අලංකාරයන් දෙයි. සද්ධර්ම නැමති භාණ්ඩාගාරය ලබනු පිණිස ධනාගාර දෙයි. ධර්මරාජ වීම පිණිස රාජ්‍යය දෙයි. ධ්‍යානාදී සම්පත් පිණිස ආරාම, උද්‍යාන, පොකුණු, වන දානය දෙයි. චක්රලක්ෂණයන්ගෙන් සලකුණු වූ පාවලින් බෝ මැඩ කරා එළඹෙනු පිණිස චරණ (පා) දන් දෙයි. සතර ඕඝයෙන් එතර වීම පිණිසද සත්ත්වයන්ට සද්ධර්මය නැමති අත දීම පිණිස අත් දන් දෙයි. ශ්‍රද්ධා ආදී ඉන්ද්රියයන්ගේ ප්‍රතිලාභය පිණිස කන් නාසා ආදිය දෙයි. සමතැස් ලැබීම පිණිස ඇස් දන් දෙයි. දර්ශනය, ශ්‍රවණය, අනුස්මරණය, පාරිචර්‍ය්‍යාව යනාදීන්හි හැමකල්හි සියලු සත්ත්වයන්ට හිත සැප ගෙන දෙන්නා වූද මගේ ශරීරය සියලු ලෝවැස්සන් විසින් සමීපයට පැමිණ ජීවත් විය හැකි එකක් වේවායි මස් ලේ ආදිය දන් දෙයි. සියලු ලෝකයාට උතුම් වන්නෙමියි කියා හිස දන් දෙයි.
එවං දදන්තො ච න අනෙසනාය දෙති, න ච පරොපඝාතෙන, න භයෙන, න ලජ්ජාය, න දක්ඛිණෙය්යරොසනෙන, න පණීතෙ සති ලූඛං, න අත්තුක්කංසනෙන, න පරවම්භනෙන, න ඵලාභිසඞ්ඛාය, න යාචකජිගුච්ඡාය, න අචිත්තීකාරෙන දෙති, අථ ඛො සක්කච්චං දෙති, සහත්ථෙන දෙති, කාලෙන දෙති, චිත්තීකත්වා දෙති, අවිභාගෙන දෙති. තීසු කාලෙසු සොමනස්සිතො දෙති, තතො එව ච දත්වා න පච්ඡානුතාපී හොති. න පටිග්ගාහකවසෙන මානාවමානං කරොති, පටිග්ගාහකානං පියසමුදාචාරො හොති වදඤ්ඤූ යාචයොගො සපරිවාරදායකො. අන්නදානඤ්හි දෙන්තො “තං සපරිවාරං කත්වා දස්සාමී”ති වත්ථාදීහි සද්ධිං දෙති. තථා වත්ථදානං දෙන්තො “තං සපරිවාරං කත්වා දස්සාමී”ති අන්නාදීහි සද්ධිං දෙති. යානදානාදීසුපි එසෙව නයො.
මෙසේ දෙන්නේද එක්විසි අනේසනයෙන් නො දෙයි. අනුන්ට පීඩාකොට නො දෙයි. භයින් නො දෙයි. ලජ්ජාවෙන් නො දෙයි. දක්ෂිණාර්හයන් කෝප කොට නො දෙයි. ප්‍රණීතාහාර ඇති කල්හි කටුක ආහාර නො දෙයි. තමන් උසස් කරනු පිණිස නො දෙයි. අනුන්ට නින්දා කරනු පිණිස නො දෙයි. ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් නො දෙයි. යාචකයන් පිළිකුල් නිසාත් නො දෙයි. අනාදරයෙන් නො දෙයි. ඉක්බිති සකසා දෙයි. සියතින් දෙයි. සුදුසු කාලයෙහි දෙයි. ආදර කොට දෙයි. විභාගයක් නො කොට දෙයි. තුන් කල්හිම සොම්නසින් යුක්තවම දෙයි. එහෙයින්ම දී පසුතැවිලි නො වෙයි. ප්‍රතිග්‍රාහකයන්ගේ වශයෙන් මානයක් හෝ අවමානයක් නො කරයි. ප්‍රතිග්‍රාහකයන්ට ප්‍රිය තෙපුල් කියන්නෙක් වෙයි. යාචකයන්ගේ වචන දනියි. යාචකයන්ගේ යාඥාවට සුදුසු වෙයි. පිරිවර සහිතව දන් දෙයි. ආහාර ආදිය දෙන්නේ එය පිරිවර සහිත කොට දෙන්නෙමියි වස්ත්‍රාදිය සමග දෙයි. එසේම වස්ත්‍රාදිය දෙන්නේ එය පිරිවර සහිත කොට දෙන්නෙමියි ආහාර ආදිය සමග දෙයි. යානා දානාදියෙහි ද මේ ක්රමයම වේ.
තථා රූපදානං දෙන්තො ඉතරාරම්මණානිපි තස්ස පරිවාරං කත්වා දෙති, එවං සෙසෙසුපි. තත්ථ රූපදානං නාම නීලපීතලොහිතඔදාතාදිවණ්ණාසු පුප්ඵවත්ථධාතූසු අඤ්ඤතරං ලභිත්වා රූපවසෙන ආභුජිත්වා “රූපදානං දස්සාමි, රූපදානං මය්හ”න්ති චින්තෙත්වා තාදිසෙ දක්ඛිණෙය්යෙ දානං පතිට්ඨාපෙති සවත්ථුකං කත්වා. එතං රූපදානං නාම.
එසේම රූප දානය දෙන්නේ අනෙක් අරමුණුද එයට පරිවාර කොට දෙයි. සෙස්සෙහිදී ද මෙසේමය. එහි රූප දානය නම් නිල්, කහ, රතු, සුදු ආදී වර්ණයන් අතුරෙන් හෝ මල්, වස්ත්‍ර ආදී ද්‍රව්‍යයන් අතුරෙන් යමක් ලැබ රූප වශයෙන් සලකා රූපදානය දෙන්නෙමි, මේ මාගේ රූප දානයයි සිතා එබඳු වූ දක්ෂිණාර්හයන් කෙරෙහි සවස්තුකව දානය පිහිටුවයි ද රූප දානය නම් මෙසේ වෙයි.
සද්දදානං පන භෙරිසද්දාදිවසෙන වෙදිතබ්බං. තත්ථ සද්දං කන්දමූලානි විය උප්පාටෙත්වා නීලුප්පලහත්ථකං විය ච හත්ථෙ ඨපෙත්වා දාතුං න සක්කා, සවත්ථුකං පන කත්වා දෙන්තො සද්දදානං දෙති නාම. තස්මා යදා “සද්දදානං දස්සාමී”ති භෙරිමුදිඞ්ගාදීසු අඤ්ඤතරෙන තූරියෙන තිණ්ණං රතනානං උපහාරං කරොති කාරෙති ච, “සද්දදානං මෙ”ති භෙරිආදීනි ඨපෙති ඨපාපෙති ච. ධම්මකථිකානං පන සරභෙසජ්ජං තෙලඵාණිතාදිං දෙති, ධම්මස්සවනං ඝොසෙති, සරභඤ්ඤං භණති, ධම්මකථං කථෙති, උපනිසින්නකකථං අනුමොදනකථඤ්ච කරොති කාරෙති ච, තදා සද්දදානං නාම හොති.
ශබ්ද දානය වනාහි බෙර ශබ්දාදිය වශයෙන් දත යුතුය. එහි ශබ්දය වනාහි කඳ මුල් ආදිය මෙන් උපුටාද නිලුපුල් මිටියක් මෙන් අතෙහි තබාද දීමට නොහැකිය. සවස්තුකව (වස්තු සහිතව) දෙන්නේ ශබ්ද දානය දුන්නේ වෙයි. එහෙයින් යම්කලෙක ශබ්ද දානයක් දෙන්නෙමියි බෙර මිහිඟු බෙර ආදිය අතුරෙන් කිසියම් තූර්ය්යයකින් රත්නත්‍රයට උපහාර කරයිද කරවයි ද “මේ මාගේ ශබ්ද දානය”යි කියා බෙර ආදිය තබයිද තබවයිද ධර්මකථිකයන් හට වනාහි කටහඬ ඇති කරන තෙල් පැණි ආදිය දෙයිද ධර්මශ්රවණය සඳහා ඝෝෂා කරයි ද උදාත්ත ස්වර යොදා අධ්‍යයන කෙරේද (සරභඤ්ඤං භණති) ධර්ම කථා කියයි ද, උප නිසින්නක කථා අනුමෝදනා කථා කරයි ද, කරවයිද, එකල එය ශබ්ද දානය නම් වෙයි.
තථා ගන්ධදානං මූලගන්ධාදීසු අඤ්ඤතරං රජනීයං ගන්ධවත්ථුං පිංසිතමෙව වා ගන්ධං යංකිඤ්චි ලභිත්වා ගන්ධවසෙන ආභුජිත්වා “ගන්ධදානං දස්සාමි, ගන්ධදානං මය්හ”න්ති බුද්ධරතනාදීනං පූජං කරොති කාරෙති ච, ගන්ධපූජනත්ථාය අගරුචන්දනාදිකෙ ගන්ධවත්ථුකෙ පරිච්චජති. ඉදං ගන්ධදානං.
එසේම ගන්ධ දානය වනාහි මුලගන්ධාදීන් අතුරෙන් යම්කිසි ඇලුම් කටයුතු වූ සුගන්ධ වස්තුවක් හෝ ගල්වන (අඹරන) ලද්දා වූ යම්කිසි සුගන්ධයක් (හඳුන්කූරු) ලැබ ගන්ධ වශයෙන් සලකා “ගන්ධ දානය දෙන්නෙමි, මේ මාගේ ගන්ධ දානය යයි බුද්ධ රත්නය ආදියට පූජා කෙරේද කරවයිද, ගන්ධ පූජාව සඳහා අඟිල් සඳුන් ආදී සුගන්ධ වස්තු පරිත්‍යාග කෙරේද මේ ගන්ධ දානයයි.
තථා මූලරසාදීසු යංකිඤ්චි රජනීයං රසවත්ථුං ලභිත්වා රසවසෙන ආභුජිත්වා “රසදානං දස්සාමි, රසදානං මය්හ”න්ති දක්ඛිණෙය්යානං දෙති, රසවත්ථුමෙව වා ධඤ්ඤගවාදිකං පරිච්චජති. ඉදං රසදානං.
එසේම මූලරස ආදී රස වර්ගයන් අතුරෙන් ඇලුම් කටයුතු රස වස්තුවක් ලැබ රස වශයෙන් සලකා රස දානයක් දෙන්නෙමි, මේ මාගේ රස දානය යයි දක්ෂිණාර්හයන්ට දෙයිද රස වස්තුක වූම ධාන්‍ය ගවාදිය පරිත්‍යාග කරයිද මේ රසදානයයි.
තථා ඵොට්ඨබ්බදානං මඤ්චපීඨාදිවසෙන අත්ථරණපාවුරණාදිවසෙන ච වෙදිතබ්බං. යදා හි මඤ්චපීඨභිසිබිම්බොහනාදිකං නිවාසනපාරුපනාදිකං වා සුඛසම්ඵස්සං රජනීයං අනවජ්ජං ඵොට්ඨබ්බවත්ථුං ලභිත්වා ඵොට්ඨබ්බවසෙන ආභුජිත්වා “ඵොට්ඨබ්බදානං දස්සාමි, ඵොට්ඨබ්බදානං මය්හ”න්ති දක්ඛිණෙය්යානං දෙති. යථාවුත්තං ඵොට්ඨබ්බවත්ථුං ලභිත්වා පරිච්චජති, ඉදං ඵොට්ඨබ්බදානං.
එසේම ස්පර්ශ දානය වනාහි ඇඳපුටු ආදී වශයෙන්ද ඇතිරිලි හා පෙරවීමට ගන්නා වස්ත්‍ර ආදී වශයෙන් දත යුතුය. යම්කලෙක්හි වනාහි ඇඳ පුටු බුදිරි, කොට්ට ආදිය හෝ අඳින පොරවන වස්ත්‍රාදී සුවපහසු සිත් අලවන නිවැරදි ස්පර්ශ වස්තුවක් ලැබ ස්පර්ශ වශයෙන් සලකා ස්පර්ශ දානය දෙමි, මේ මාගේ ස්පර්ශ දානය යයි දක්ෂිණාර්හවරුන්ට දෙයිද කියන ලද ආකාර ඇති ස්පර්ශ වස්තුවක් ලැබ පරිත්‍යාග කරයිද මේ ස්පර්ශ දානයයි.
ධම්මදානං පන ධම්මාරම්මණස්ස අධිප්පෙතත්තා ඔජපානජීවිතවසෙන වෙදිතබ්බං. ඔජාදීසු හි අඤ්ඤතරං රජනීයං වත්ථුං ලභිත්වා ධම්මාරම්මණවසෙන ආභුජිත්වා “ධම්මදානං දස්සාමි, ධම්මදානං මය්හ”න්ති සප්පිනවනීතාදිඔජදානං දෙති. අම්බපානාදිඅට්ඨවිධපානදානං දෙති, ජීවිතදානන්ති ආභුජිත්වා සලාකභත්තපක්ඛිකභත්තාදීනි දෙති, අඵාසුකභාවෙන අභිභූතානං බ්යාධිතානං වෙජ්ජෙ පච්චුපට්ඨාපෙති, ජාලං ඵාලාපෙති, කුමිනං විද්ධංසාපෙති, සකුණපඤ්ජරං විද්ධංසාපෙති, බන්ධනෙන බද්ධානං සත්තානං බන්ධනමොක්ඛං කාරෙති, මාඝාතභෙරිං චරාපෙති, අඤ්ඤානි ච සත්තානං ජීවිතපරිත්තාණත්ථං එවරූපානි කම්මානි කරොති කාරාපෙති ච. ඉදං ධම්මදානං නාම.
ධර්මදානය වනාහි ධර්මාරම්මණය අදහස් කළ බැවින් ඔජ දාන, පානදාන, ජීවිතදාන වශයෙන් දත යුතුය. ඕජාදි ද්‍රව්‍ය අතුරෙන් යම්කිසි සිත් අලවන්නා වූ වස්තුවක් ලැබ ධර්මාරම්මණ වශයෙන් සලකා “ධර්මදානය දෙන්නෙමි මේ මාගේ ධර්මදානය යයි” ගිතෙල් වෙඬරු ආදී ඕදානයක් දෙයිද අම්බපාන ආදී අෂ්ටවිධ පාන දන් දෙයිද ජීවිත දානයයි සලකා සලාක බත් පාක්ෂික බත් ආදිය දෙයිද අපහසු බැවින් පීඩිත වූ ලෙඩුන් වෙත වෙදුන් පමුණුවත්ද, දැල් ඉරවයිද, කෙමන විනාශ කරවයි ද, පක්ෂීන් රඳවන කූඩු විනාශ කරවා ද බන්ධනයෙන් බැඳුණු සත්ත්වයන් බන්ධනයෙන් මුදවාද, කිසිවෙකු නො නසවයි කියා බෙර හසුරුවා ද, සත්ත්වයන්ගේ දිවි රැක්ම පිණිස මෙබඳු වෙනත් කාර්ය්යයන් කරයිද කරවයිද මෙය ධර්මදානය නම් වේ.
සබ්බමෙතං යථාවුත්තං දානසම්පදං සකලලොකහිතසුඛාය පරිණාමෙති. අත්තනො ච සම්මාසම්බොධියා අකුප්පාය විමුත්තියා අපරික්ඛයස්ස ඡන්දස්ස අපරික්ඛයස්ස වීරියස්ස අපරික්ඛයස්ස සමාධිස්ස අපරික්ඛයස්ස පටිභානස්ස අපරික්ඛයස්ස ඤාණස්ස අපරික්ඛයාය විමුත්තියා පරිණාමෙති . ඉමඤ්ච දානපාරමිං පටිපජ්ජන්තෙන මහාසත්තෙන ජීවිතෙ අනිච්චසඤ්ඤා පච්චුපට්ඨාපෙතබ්බා තථා භොගෙසු, බහුසාධාරණතා ච නෙසං මනසිකාතබ්බා, සත්තෙසු ච මහාකරුණා සතතං සමිතං පච්චුපට්ඨාපෙතබ්බා. එවඤ්හි භොගෙ ගහෙතබ්බසාරං ගණ්හන්තො ආදිත්තතො විය අගාරතො සබ්බං සාපතෙය්යං අත්තානඤ්ච බහි නීහරන්තො න කිඤ්චි සෙසෙති, න කත්ථචි විභාගං කරොති, අඤ්ඤදත්ථු නිරපෙක්ඛො නිස්සජ්ජති එව. අයං තාව දානපාරමියා පටිපත්තික්කමො.
යට කියන ලද ඒ සියලු දාන සම්පත් මුළු ලොවට හිත පිණිසත් සැප පිණිසත් පිරිනමයි. තමන් හටද සම්‍යක් සම්බෝධිය පිණිසද ස්ථිර වූ (අකොප්‍ය වූ) විමුක්තිය පිණිසත් ක්ෂය නොවන්නා වූ ඡන්දයටද ක්ෂය නොවන්නා වූ වීර්ය්යයටද, ක්ෂය නොවන්නා වූ සමාධියට ද, ක්ෂය නොවන්නා වූ ප්රතිභාණයට ද ක්ෂය නොවන්නා වූ ඥානයට ද ක්ෂය නොවන්නා වූ විමුක්තියට ද පිරිනමයි. මේ දාන පාරමිතාව පුරන්නා වූ මහාසත්ත්වයන් විසින් ජීවිතයෙහි අනිත්‍ය සංඥාව පමුණුවාගත යුතුය. එසේම භෝගයන්හි බොහෝ දෙනාට සාධාරණ බව උන්වහන්සේ විසින් මෙනෙහි කළ යුතුය. සත්ත්වයන් කෙරෙහි මහා කරුණාව නිතර නිතර පමුණුවාගත යුතුය. මෙසේ වස්තුවෙහි ගතයුතු සාරය ගන්නා වූ මහාබෝධිසත්ත්වයෝ ගිනිගත් ගෙයකින් මෙන් සියලු වස්තුවත් තමාත් පිට කරන්නාහු කිසිවක් ඉතිරි නො කරති. කිසිවක් කෙරෙහි විභාගයක් නො කරති. ඒකාන්තයෙන් නිරපේක්ෂව පරිත්‍යාග කරත්මය. මේ වනාහි දාන පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමයයි.
සීලපාරමියා පන අයං පටිපත්තික්කමො – යස්මා සබ්බඤ්ඤුසීලාලඞ්කාරෙහි සත්තෙ අලඞ්කරිතුකාමෙන මහාපුරිසෙන ආදිතො අත්තනො එව තාව සීලං විසොධෙතබ්බං. තත්ථ ච චතූහි ආකාරෙහි සීලං විසුජ්ඣති – අජ්ඣාසයවිසුද්ධිතො, සමාදානතො, අවීතික්කමනතො, සති ච වීතික්කමෙ පුන පටිපාකතිකකරණතො. විසුද්ධාසයතාය හි එකච්චො අත්තාධිපති හුත්වා පාපජිගුච්ඡනසභාවො අජ්ඣත්තං හිරිධම්මං පච්චුපට්ඨාපෙත්වා සුපරිසුද්ධසමාචාරො හොති. තථා පරතො සමාදානෙ සති එකච්චො ලොකාධිපති හුත්වා පාපතො උත්තසන්තො ඔත්තප්පධම්මං පච්චුපට්ඨාපෙත්වා සුපරිසුද්ධසමාචාරො හොති. ඉති උභයථාපි එතෙ අවීතික්කමනතො සීලෙ පතිට්ඨහන්ති. අථ පන කදාචි සතිසම්මොසෙන සීලස්ස ඛණ්ඩාදිභාවො සියා. තායයෙව යථාවුත්තාය හිරොත්තප්පසම්පත්තියා ඛිප්පමෙව නං වුට්ඨානාදිනා පටිපාකතිකං කරොති.
මේ වනාහි ශීල පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමයයි. යම්හෙයකින් සර්වඥ ශීලාලංකාරයෙන් සත්ත්වයන් සරසනු කැමති මහාපුරුෂයන් විසින් පළමුකොට තමාගේම ශීලය පිරිසිදු කළ යුතුය. එහිද සතර ආකාරයකින් ශීලය පිරිසිදු වේ. එනම් අද්ධ්යාශය විශුද්ධියෙන්, සමාදානයෙන්, නො ඉක්මෙන්, ඉක්මවීමක් ඇති කල්හි ද නැවත ප්‍රකෘතිමත් කිරීමෙන් යන සතරාකාරයෙනි. විශුද්ධ වූ අද්ධ්යාශය හේතුකොටගෙන වනාහි සමහරෙක් තමා ප්‍රධානකොට පවට පිළිකුල් කරන ස්වභාව ඇත්තාහු තම අධ්‍යාත්මයෙහි ලජ්ජා ධර්මය පමුණුවා පිරිසිදු පැවතුම් ඇත්තෝ වෙති. එසේම අනුන්ගෙන් සමාදන් වීම ඇති කල්හි සමහරෙක් ලෝකාධිපතිව පවට බිය වෙමින් ඔත්තප්ප ධර්මය පමුණුවා පිරිසිදු පැවතුම් ඇත්තෝ වෙති. මෙසේ මේ දෙයාකාරයෙන්ම නො ඉක්මවීමෙන් ශීලයෙහි පිහිටත්. නැවත කිසිකලෙක සිහිමුළාවෙන් ශීලයාගේ කැඩුණු බව ආදියක් වේ නම් ඒ කියන ලද හිරිඔතප් සම්පත්තියෙන් වහාම එයින් නැගී සිටීම් ආදියෙන් ප්‍රකෘතිමත් කරති.
තයිදං සීලං වාරිත්තං, චාරිත්තන්ති දුවිධං. තත්ථායං බොධිසත්තස්ස වාරිත්තසීලෙ පටිපත්තික්කමො – සබ්බසත්තෙසු තථා දයාපන්නචිත්තෙන භවිතබ්බං, යථා සුපිනන්තෙනපි න ආඝාතො උප්පජ්ජෙය්ය. පරූපකාරනිරතතාය පරසන්තකො අලගද්දො විය න පරාමසිතබ්බො. සචෙ පබ්බජිතො හොති, අබ්රහ්මචරියතොපි ආරාචාරී හොති සත්තවිධමෙථුනසංයොගවිරහිතො, පගෙව පරදාරගමනතො. සචෙ පන අපබ්බජිතො ගහට්ඨො සමානො පරෙසං දාරෙසු සදා පාපකං චිත්තම්පි න උප්පාදෙති. කථෙන්තො ච සච්චං හිතං පියං වචනං පරිමිතමෙව ච කාලෙන ධම්මිං කථං භාසිතා හොති, සබ්බත්ථ අනභිජ්ඣාලු අබ්යාපන්නචිත්තො අවිපරීතදස්සනො කම්මස්සකතඤාණෙන ච සමන්නාගතො සම්මග්ගතෙසු සම්මාපටිපන්නෙසු නිවිට්ඨසද්ධො හොති නිවිට්ඨපෙමො.
ඒ මේ ශීලය චාරිත්‍ර, වාරිත්‍ර යයි දෙවැදැරූම් වේ. මේ එහි බෝධිසත්ත්වයන්ගේ වාරිත්‍ර ශීලයෙහි ප්‍රතිපත්ති ක්‍රමයයි. සියලු සත්ත්වයන් කෙරෙහි යම්සේ සිහිනයෙන් පවා ක්‍රෝධයක් නූපදීනම් එබඳු දයා සිතින් යුක්ත විය යුතුය. පරෝපකාරය පිණිස නිරත වූ බැවින් අනුන් අයත් දේ සර්පයකු මෙන් ස්පර්ශ නොකළ යුතුය. ඉදින් වනාහි පැවිදි කෙනෙක් නම් සප්තවිධ මෛථුන ධර්ම සංයෝගයෙන් වැළකි බැවින් අබ්‍රහ්ම චර්‍ය්‍යාවෙන් ද දුරු වූයේ වෙයි. පරඹුවන් කරා යාම ගැන කියනුම කවරේ ද? ඉදින් වනාහි පැවිදි නොවූ ගිහිකෙනෙක් නම් පරඹුවන් කෙරෙහි හැමකල්හිම පවිටු සිතකුදු නූපදවති. කථා කරන්නේද සත්‍ය වූද හිත වූද ප්‍රියවචන වූද ප්‍රමාණවත් වූද දැහැමි කථාවක් සුදුසු කාලයෙහිම කියයි. හැම තැන්හිම දැඩි ලෝභ නැත්තේ ව්‍යාපාදයෙන් තොර සිත් ඇත්තේ, විපරීත නොවූ දර්ශන ඇත්තේ, කර්මය ස්වකීය කොට ඇති ඥානයෙන් යුක්ත වූයේ මනාකොට ශෝභන ස්ථානයට ගියාවූ මනාකොට පිළිපන්නා වූ අය කෙරෙහි පිහිටි ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. පිහිටි ප්‍රේමය ඇත්තේ වෙයි.
ඉති චතුරාපායවට්ටදුක්ඛානං පථභූතෙහි අකුසලකම්මපථෙහි අකුසලධම්මෙහි ච ඔරමිත්වා සග්ගමොක්ඛානං පථභූතෙසු කුසලකම්මපථෙසු පතිට්ඨිතස්ස මහාපුරිසස්ස පරිසුද්ධාසයපයොගතාය යථාභිපත්ථිතා සත්තානං හිතසුඛූපසංහිතා මනොරථා සීඝං සීඝං අභිනිප්ඵජ්ජන්ති, පාරමියො පරිපූරෙන්ති. එවංභූතො හි අයං. තත්ථ හිංසානිවත්තියා සබ්බසත්තානං අභයදානං දෙති, අප්පකසිරෙනෙව මෙත්තාභාවනං සම්පාදෙති, එකාදස මෙත්තානිසංසෙ අධිගච්ඡති, අප්පාබාධො හොති අප්පාතඞ්කො, දීඝායුකො සුඛබහුලො ලක්ඛණවිසෙසෙ පාපුණාති, දොසවාසනඤ්ච සමුච්ඡින්දති.
මෙසේ සතර අපායට හා සංසාර දුකට මාර්ග වූ අකුශල කර්මපථයන්ගෙන්ද අකුශල ධර්මයන්ගෙන් ද වැළකී ස්වර්ග මොක්ෂයන්ට මාර්ග වූ කුශලකර්ම පථයන්හි පිහිටියා වූ මහා පුරුෂයාගේ පිරිසිදු වූ කාය වාග් ප්රයෝගයන් ඇති බැවින් ප්‍රාර්ථනා පරිද්දෙන් සත්ත්වයන්ගේ හිත සැප එළවන්නා වූ මනදොළ වහ වහා සමෘද්ධ වන්නේය. පාරමීහු සම්පූර්ණ වෙති. මෙසේවූ මේ බෝධිසත්ත්ව තෙම හිංසාවෙන් වැළකීම කරණ කොට ගෙන සියලු සත්ත්වයන්ට අභය දානය දෙයි. අපහසුවක් නැතිවම මෛත්‍රී භාවනාව උපදවයි. එකොළොස් වැදෑරුම් මෛත්‍රී අනුසස් ලබයි. අල්ප ආබාධ ඇත්තේ ලෙඩ අඩු වූයේ වෙයි. දීර්ඝායුෂ ඇත්තේ සැප බහුල කොට ඇත්තේ මහාපුරුෂ ලක්ෂණ විශේෂයට පැමිණෙයි. ද්වේශයෙන් යුතු වාසය ද සිඳ දමයි.
තථා අදින්නාදානනිවත්තියා චොරාදීහි අසාධාරණෙ භොගෙ අධිගච්ඡති. පරෙහි අනාසඞ්කනීයො පියො මනාපො විස්සසනීයො විභවසම්පත්තීසු අලග්ගචිත්තො පරිච්චාගසීලො ලොභවාසනඤ්ච සමුච්ඡින්දති.
එසේම නුදුන් දේ ගැනීමෙන් වැළකීම කරණකොට ගෙන සොරුන් ආදීන්ට අසාධාරණ වූ සම්පත් ලබයි. අනුන් විසින් සැක නොකළ තැනැත්තෙක් වූයේ ප්‍රිය වූයේ මනාප වූයේ විශ්වාස කටයුතු තැනැත්තෙක් වූයේ විභව (ධන) සම්පත්තීන්හි නොඇලුණු සිත් ඇත්තේ පරිත්‍යාගශීලි වූයේ ලෝභයෙන් යුතු වාසය ද සිඳ දමයි.
අබ්රහ්මචරියනිවත්තියා අලොලො හොති සන්තකායචිත්තො, සත්තානං පියො හොති මනාපො අපරිසඞ්කනීයො , කල්යාණො චස්ස කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, අලග්ගචිත්තො හොති මාතුගාමෙසු අලුද්ධාසයො, නෙක්ඛම්මබහුලො ලක්ඛණවිසෙසෙ අධිගච්ඡති, ලොභවාසනඤ්ච සමුච්ඡින්දති.
අබ්‍රහ්ම චර්‍ය්‍යාවෙන් වැළැක්මෙන් වස්තුවෙහි ලොල් නොවූයේ වෙයි. ශාන්ත වූ කාය චිත්ත ඇත්තේ වෙයි. සත්ත්වයන්ට ප්‍රිය වෙයි. මනාප වෙයි. සැක නොකටයුත්තෙක් වෙයි. ඔහුගේ යහපත් වූ කීර්ති ශබ්දයක් පැන නගී. මාගමුන් (කාන්තාවන්) කෙරෙහි නො ඇලුණු සිත් ඇත්තේ වෙයි. ලෝභාද්ධ්යාශය නැත්තේ නෛෂ්ක්‍රම්‍ය බහුල කොට ඇත්තේ මහාපුරුෂ ලක්ෂණ විශේෂයට පැමිණේ. ලෝභයෙන් යුතු වාසය ද සිඳ දමයි.
මුසාවාදනිවත්තියා සත්තානං පමාණභූතො හොති පච්චයිකො ථෙතො ආදෙය්යවචනො, දෙවතානං පියො මනාපො, සුරභිගන්ධමුඛො ආරක්ඛිතකායවචීසමාචාරො, ලක්ඛණවිසෙසෙ ච අධිගච්ඡති, කිලෙසවාසනඤ්ච සමුච්ඡින්දති.
මුසාවාදයෙන් වැළකීම නිසා සත්ත්වයන්ට ප්‍රමාණ වූ කෙනෙක් වෙයි. විශ්වාස කළ හැකි තැනැත්තෙක් වෙයි. ඇදහිලි කටයුත්තෙක් වෙයි. ගතයුතු වචන ඇත්තෙක් වෙයි. දෙවියන්ට ප්‍රියමනාප වෙයි. සුවඳැති මුඛය ඇත්තෙක් වෙයි. රකින ලද කායවාක් සමාචාර ඇත්තෙක් වෙයි. මහාපුරුෂ ලක්ෂණ විශේෂයටද පැමිණෙයි. ක්ලේශ වාසනාවන් ද (කෙලෙසුන් සමග වාසය ද) සිඳ දමයි.
පෙසුඤ්ඤනිවත්තියා පරූපක්කමෙහිපි අභෙජ්ජකායො හොති අභෙජ්ජපරිවාරො, සද්ධම්මෙසු ච අභෙජ්ජනකසද්ධො, දළ්හමිත්තො භවන්තරපරිචිතානං විය සත්තානං එකන්තපියො අසංකිලෙසබහුලො.
කේලාම් කීමෙන් වැළකීමෙන් පරෝප ක්‍රමයෙන් පවා නොබිඳිය හැකි කය ඇත්තෙක් වෙයි. බිඳුවාපිය නොහැකි පිරිස් ඇත්තෙක් වෙයි. සද්ධර්මයෙහි ද නොබිඳෙන ශ්‍රද්ධාව ඇත්තෙක් වෙයි. දැඩි මිත්‍රයන් ඇත්තෙක් වෙයි. භවාන්තරයෙහි පුරුදු වූ සත්ත්වයන්ටත් ඒකාන්තයෙන් ප්‍රිය වෙයි. කෙලෙස් බහුල නොවෙයි.
ඵරුසවාචානිවත්තියා සත්තානං පියො හොති මනාපො සුඛසීලො මධුරවචනො සම්භාවනීයො, අට්ඨඞ්ගසමන්නාගතො චස්ස සරො නිබ්බත්තති.
පරුෂ වචනයෙන් වෙන්වීමෙන් සත්ත්වයන්ට ප්‍රිය මනාප වෙයි. සැප විඳින සුළු වෙයි. මිහිරි වචන ඇත්තෙක් වෙයි. ගරු කළ යුත්තෙක් වෙයි. අඞ්ග අටකින් යුත් ස්වරය උන්වහන්සේට උපදී.
සම්ඵප්පලාපනිවත්තියා සත්තානං පියො හොති මනාපො ගරු භාවනීයො ච ආදෙය්යවචනො පරිමිතාලාපො. මහෙසක්ඛො ච හොති මහානුභාවො, ඨානුප්පත්තිකෙන පටිභානෙන පඤ්හානං බ්යාකරණකුසලො, බුද්ධභූමියඤ්ච එකාය එව වාචාය අනෙකභාසානං සත්තානං අනෙකෙසං පඤ්හානං බ්යාකරණසමත්ථො හොති.
හිස්වචන කීමෙන් වැළකීම නිසා සත්ත්වයන්ට ප්‍රිය මනාප වෙයි. ගරු කළ යුත්තෙක් බවට පත් වෙයි. සම්භාවනා කළ යුත්තෙක් වෙයි. ගතහැකි වචන ඇත්තෙක් වෙයි. පුරුදු වූ බස් ඇත්තෙක් වෙයි. මහේශාක්යද මහානුභාව සම්පන්න වෙයි. ස්ථානෝචිත ප්‍රඥාවෙන් ප්‍රශ්න විසඳීමෙහි දක්ෂ වූයේ බුද්ධ භූමියෙහිත් එකම වචනයකින් නොයෙක් භාෂා ඇති සත්ත්වයන්ගේ නොයෙක් ප්‍රශ්න විසඳීමට සමත් වෙයි.
අනභිජ්ඣාලුතාය ඉච්ඡිතලාභී හොති, උළාරෙසු ච භොගෙසු රුචිං පටිලභති, ඛත්තියමහාසාලාදීනං සම්මතො හොති, පච්චත්ථිකෙහි අනභිභවනීයො, ඉන්ද්රියවෙකල්ලං න පාපුණාති, අප්පටිපුග්ගලො ච හොති.
අභිධ්‍යා නොමැති බැවින් කැමති දේ ලබන්නෙක් වෙයි. උදාර වූ සම්පත්තියෙහි කැමැත්ත උපදියි. ක්ෂත්රිය මහාසාරාදීන් විසින් සම්භාවනා කළ යුත්තෙක් වෙයි. සතුරන් විසින් මැඩ පැවැත්විය නොහැක්කෙක් වෙයි. ඉන්ද්රියයන්ගේ විකලභාවයට නොපැමිණෙයි. තමා හා සමාන පුද්ගලයෙක් නැත්තේ වෙයි.
අබ්යාපාදෙන පියදස්සනො හොති, සත්තානං සම්භාවනීයො පරහිතාභිනන්දිතාය ච සත්තෙ අප්පකසිරෙනෙව පසාදෙති, අලූඛසභාවො ච හොති මෙත්තාවිහාරී, මහෙසක්ඛො ච හොති මහානුභාවො.
අව්‍යාපාදය කරණකොට ගෙන ප්‍රියදර්ශන ඇත්තෙක් වෙයි. සත්ත්වයන් විසින් සම්භාවනා කටයුත්තෙක් වෙයි. අනුන් හිතයෙන් සතුටු කරවන බැවින් සත්ත්වයන් නිරායාසයෙන්ම පහදවයි. රාක්ෂ ස්වභාව නැත්තේ වෙයි. මෛත්‍රී විහරණයෙන් යුක්ත වූයේ වෙයි. මහේශාක්‍ය ද මහානුභාව ද වෙයි.
මිච්ඡාදස්සනාභාවෙන කල්‍යාණෙ සහායෙ පටිලභති, සීසච්ඡෙදම්පි පාපුණන්තො පාපකම්මං න කරොති, කම්මස්සකතාදස්සනතො අකොතූහලමඞ්ගලිකො ච හොති, සද්ධම්මෙ චස්ස සද්ධා පතිට්ඨිතා හොති මූලජාතා, සද්දහති ච තථාගතානං බොධිං, සමයන්තරෙසු නාභිරමති උක්කාරට්ඨානෙ විය රාජහංසො , ලක්ඛණත්තයපරිජානනකුසලො හොති, අන්තෙ ච අනාවරණඤාණලාභී, යාව බොධිං න පාපුණාති, තාව තස්මිං තස්මිං සත්තනිකායෙ උක්කට්ඨුක්කට්ඨො ච හොති, උළාරුළාරා සම්පත්තියො පාපුණාති. ඉති හිදං සීලං නාම සබ්බසම්පත්තීනං අධිට්ඨානං, සබ්බබුද්ධගුණානං පභවභූමි, සබ්බබුද්ධකාරකධම්මානං ආදි චරණං මුඛං පමුඛන්ති බහුමානනං උප්පාදෙත්වා කායවචීසංයමෙ ඉන්ද්රියදමනෙ ආජීවවිසුද්ධියං පච්චයපරිභොගෙසු ච සතිසම්පජඤ්ඤබලෙන අප්පමත්තෙන ලාභසක්කාරසිලොකං මිත්තමුඛපච්චත්ථිකං විය සල්ලක්ඛෙත්වා “කිකීව අණ්ඩ”න්තිආදිනා (විසුද්ධි· 1.19; දී· නි· අට්ඨ· 1.7) වුත්තනයෙන සක්කච්චං සීලං සම්පාදෙතබ්බං. අයං තාව වාරිත්තසීලෙ පටිපත්තික්කමො.
මිත්‍යා දර්ශනයෙන් තොරවීමෙන් යහපත් යහළුවන් ලබයි. හිස සිඳීමට පැමිණෙන්නේ නමුත් පාප කර්මයක් නොකරයි. කර්මය ස්වකීය කොට ඇති බව දන්නා බැවින් කෝතූහලමඞ්ගලික නොවෙයි. සද්ධර්මයෙහි ඔහුගේ මුල්බැසගත් ශ්‍රද්ධාව පිහිටියේ වෙයි. තථාගතයන්ගේ බෝධිය අදහයි. කසල ගොඩක රාජහංසයෙකු මෙන් අන්‍ය ධර්මයන්හි නො ඇලෙයි. අනිත්‍යාදී ලක්ෂණත්රය දැන ගැනීමෙහි සමර්ථ වෙයි. කෙළවර අනාවරණ ඥානලාභී වෙයි. යම්තාක් සම්බෝධියට නොපැමිණේද ඒතාක් ඒ ඒ සත්ත්ව නිකායෙහි ඉතාම උසස් තත්ත්වයට පත්වූවෙක් වෙයි. උදාර වූ සම්පත්තීන්ට පැමිණීම ද වෙයි. මෙසේ මේ ශීලය නම් සියලු සම්පත්තීන්ට පිහිට වන්නේය. සියලු බුද්ධ ගුණයන්ට උත්පත්ති භූමියක් වෙයි. සියලු බුද්ධකාරක ධර්මයන්ට ප්‍රථම කාරණයයි. පාදයයි. දොරටුවයි. ප්රමුඛයෙකැයි බුහුමන් උපදවා කායවාක් සංයමයෙහිද, ඉන්ද්රිය දමනයෙහි ද, ආජීව පාරිශුද්ධියෙහි ද, ප්‍රත්‍යය පරිභෝගයෙහි ද, සිහිනුවණ දෙදෙනාගේ බලයෙන් අප්‍රමාදව ලාභ සත්කාර, කීර්ති යන මේවා මිතුරු වෙස් ඇති සතුරෙකු මෙන් සලකා “කිකීව අණ්ඩං” යනාදී වශයෙන් කියන ලද ක්‍රමයට මනාකොට ශීලය සම්පාදනය කළ යුතුය. මේ පළමුකොට වාරිත්‍ර ශීලයෙහි ප්‍රතිපත්ති ක්‍රමයයි.
චාරිත්තසීලෙ පන පටිපත්ති එවං වෙදිතබ්බා – ඉධ බොධිසත්තො කල්යාණමිත්තානං ගරුට්ඨානියානං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කාලෙන කාලං කත්තා හොති, තථා තෙසං කාලෙන කාලං උපට්ඨානං කත්තා හොති, ගිලානානං කායවෙය්යාවටිකං. සුභාසිතපදානි සුත්වා සාධුකාරං කත්තා හොති, ගුණවන්තානං ගුණෙ වණ්ණෙතා පරෙසං අපකාරෙ ඛන්තා, උපකාරෙ අනුස්සරිතා, පුඤ්ඤානි අනුමොදිතා, අත්තනො පුඤ්ඤානි සම්මාසම්බොධියා පරිණාමෙතා, සබ්බකාලං අප්පමාදවිහාරී කුසලෙසු ධම්මෙසු, සති ච අච්චයෙ අච්චයතො දිස්වා තාදිසානං සහධම්මිකානං යථාභූතං ආවිකත්තා, උත්තරි ච සම්මාපටිපත්තිං සම්මදෙව පරිපූරෙතා.
චාරිත්‍ර ශීලයෙහි වනාහි ප්‍රතිපත්තිය මෙසේ දත යුතුය. මේ ලෝකයෙහි බෝධිසත්ත්වයෝ ගරුකටයුතු කල්‍යාණ මිත්‍රයන්ට කලින් කල සකසා වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම, ඇඳිලි බැඳීම, සුදුසු කථාව කරන්නාහු වෙති. එසේම ඔවුන්ට කලින්කළ උපස්ථාන කරන්නාහු වෙති. ගිලනුන්ට කයින් කළ යුතු වතාවත් කරන්නාහු වෙති. සුභාෂිත වූ පද අසා සාධුකාර දෙන්නාහු වෙති. ගුණවතුන්ගේ ගුණයන් වර්ණනා කරන්නෝ වෙති. පින් අනුමෝදන් වෙති. තමන්ගේ පින් සම්‍යක් සම්බෝධිය පිණිස පිරිනමන ලද්දාහු වෙති. හැමකල්හිම කුශල ධර්මයන් රැස් කිරීමෙහි අප්‍රමාද විහරණ ඇත්තාහු වෙති. වරද ඇති කල්හි එය වරද වශයෙන් දැක සහදැමියන්ට එය තතුවූ පරිදි ප්‍රකාශ කරන්නෝ වෙති. මත්තෙහිත් මනා පිළිවෙත මනාකොට පුරන්නාහු වෙති.
තථා අත්තනො අනුරූපාසු අත්ථූපසංහිතාසු සත්තානං ඉතිකත්තබ්බතාසු දක්ඛො අනලසො සහායභාවං උපගච්ඡති. උප්පන්නෙසු ච සත්තානං බ්යාධිආදිදුක්ඛෙසු යථාරහං පතිකාරවිධායකො. ඤාතිභොගාදිබ්යසනපතිතෙසු සොකාපනොදනො උල්ලුම්පනසභාවාවට්ඨිතො හුත්වා නිග්ගහාරහානං ධම්මෙනෙව නිග්ගණ්හනකො යාවදෙව අකුසලා වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපනාය. පග්ගහාරහානං ධම්මෙනෙව පග්ගණ්හනකො. යානි පුරිමකානං මහාබොධිසත්තානං උළාරතමානි පරමදුක්කරානි අචින්තෙය්යානුභාවානි සත්තානං එකන්තහිතසුඛාවහානි චරිතානි, යෙහි නෙසං බොධිසම්භාරා සම්මදෙව පරිපාකං අගමංසු, තානි සුත්වා අනුබ්බිග්ගො අනුත්රාසො තෙපි මහාපුරිසා මනුස්සා එව, කමෙන පන සික්ඛාපාරිපූරියා භාවිතත්තභාවා තාදිසාය උළාරතමාය ආනුභාවසම්පත්තියා බොධිසම්භාරෙසු උක්කංසපාරමිප්පත්තා අහෙසුං, තස්මා මයාපි සීලාදිසික්ඛාසු සම්මදෙව තථා පටිපජ්ජිතබ්බං, යාය පටිපත්තියා අහම්පි අනුක්කමෙන සික්ඛං පරිපූරෙත්වා එකන්තතො තං පදං අනුපාපුණිස්සාමීති සද්ධාපුරෙචාරිකං වීරියං අවිස්සජ්ජෙන්තො සම්මදෙව සීලෙසු පරිපූරකාරී හොති.
එසේම තමාට ගැලපෙන අර්ථවත් වූ සත්ත්වයන්ට මෙසේ කළයුතුය යන ඥානයෙහි දක්ෂ වූවාහු අනලස් වූවාහු සහායභාවයට පැමිණෙති. සත්ත්වයන්ට රෝග ආදී දුක් උපන්කල්හි සුදුසු පරිදි පිළියම් කරන්නාහු වෙති. ඥාතිභෝග ආදී විපත් පැමිණි කල්හි ඒවායින් ඔසවා තබන ස්වභාවයෙහි පිහිටා ශෝක දුරු කරති. නිග්‍රහ කළ යුත්තන්ට හැම කල්හිම අකුශලයෙන් නගා සිටුවා කුශලයෙහි පිහිටුවීම පිණිස ධර්මයෙන්ම නිග්‍රහ කරන්නාහු වෙති. සංග්‍රහ කළයුත්තන්ට ධර්මයෙන්ම සංග්‍රහ කරන්නාහු වෙති. පෙර මහාබෝධිසත්ත්ව වරුන්ගේ ඉතා උදාර වූ පරම දුෂ්කර වූ නොසිතිය හැකි ආනුභාව ඇති සත්ත්වයන්ට ඒකාන්තයෙන් හිතසුව එලවන්නා වූ යම් චරිත කෙනෙක් වෙද්ද, යම් චරිත කරණකොට ගෙන බෝධිසම්භාර ධර්මයෝ මනාකොට මේරීමට ගියාහු ද, ඒ චරිතයන් අසා උද්වේගයට පත් නොවූවේ, තැති නොගත්තේ ඒ මහා පුරුෂයෝ ද මිනිස්සුමය, ක්‍රමයෙන් ශික්ෂා සම්පූර්ණ කිරීමෙන් වනාහි වැඩීගිය භාවනා ඇත්තෝය, එබඳු උදාරතම ආනුභාව සම්පත්තියෙන් බෝධිසම්භාර ධර්මයන්හි උතුම් පාරමීභාවයට පැමිණියාහුය. එම නිසා මා විසින් ද ශිලාදී ශික්ෂාවන්හි මැනවින් එසේ පිළිපැදිය යුතුය. යම් ප්රතිපත්තියකින් මම ද පිළිවෙලින් ශික්ෂාව සම්පූර්ණ කොට ඒකාන්තයෙන් ඒ පදවියට පැමිණෙන්නෙමි”යි ශ්‍රද්ධාව පෙරටු කොට ඇති වීර්‍ය්‍ය අත් නොහරිමින් මනාකොට ශීලයන් සම්පූර්ණ කරන්නෙක් වේ.
තථා පටිච්ඡන්නකල්යාණො හොති විවටාපරාධො, අප්පිච්ඡො සන්තුට්ඨො පවිවිත්තො අසංසට්ඨො දුක්ඛසහො අපරිතස්සනජාතිකො අනුද්ධතො අනුන්නළො අචපලො අමුඛරො අවිකිණ්ණවාචො සන්තින්ද්රියො සන්තමානසො කුහනාදිමිච්ඡාජීවරහිතො ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු ආරද්ධවීරියො පහිතත්තො කායෙ ච ජීවිතෙ ච නිරපෙක්ඛො, අප්පමත්තකම්පි කායෙ ජීවිතෙ වා අපෙක්ඛං නාධිවාසෙති පජහති විනොදෙති, පගෙව අධිමත්තං. සබ්බෙපි දුස්සීල්යහෙතුභූතෙ කොධූපනාහාදිකෙ උපක්කිලෙසෙ පජහති විනොදෙති. අප්පමත්තකෙන ච විසෙසාධිගමෙන අපරිතුට්ඨො හොති, න සඞ්කොචං ආපජ්ජති, උපරූපරි විසෙසාධිගමාය වායමති.
එසේම වැසීගිය යහපත් ස්වභාව ඇත්තේ වෙයි. විවෘත වූ අපරාධ ඇත්තේ වෙයි. අල්පේච්ඡ වෙයි. ලද දෙයින් සතුටු වෙයි. විවේකයෙහි ඇලුනේ වෙයි. විවේකයෙහි නො ඇලුනේ වෙයි. දුක් ඉවසන්නේ වෙයි. ත්‍රස්ත නොවන ස්වභාව ඇත්තේ වෙයි. උඩඟු නොවෙයි. උස්වූ මාන නළ රහිත වෙයි. සංසුන් ඉඳුරන් ඇත්තේ වෙයි. ශාන්ත වූ සිත් ඇත්තේ වෙයි. කුහක ආදී මිච්ඡාජීව රහිත වූයේ වෙයි. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ කුඩාවූද වරදෙහි භය දක්නා සුළු වූයේ ශික්ෂා පදයන් සමාදන්ව එහි මනාකොට හික්මෙයි. පටන් ගත් වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. අත් හරින ලද ආත්මාලය (ජීවිත ආසාව) ඇත්තේ වෙයි. කාය ජීවිත දෙක්හි අපේක්ෂා රහිත වූයේ වෙයි. කාය ජීවිත දෙක්හි ස්වල්ප මාත්‍ර වූද අපේක්ෂාවක් නො ඉවසයි. දුරු කෙරෙයි. ඉවත දමයි. අධිමාත්‍ර ජීවිත ආශාවක් ගැන කියනුම කවරේ ද? දුශ්ශීලභාවයට හේතු වූ ක්‍රෝධය, උපනාහය යනාදී සියලු උපක්ලේශයන් දුරු කරයි. ඉවත දමයි. ස්වල්පමාත්‍ර වූ විශේෂාධිගමයෙන් සතුටු නොවෙයි. හැකිලීමට පත් නොවෙයි.
යෙන යථාලද්ධා සම්පත්ති හානභාගියා වා ඨිතිභාගියා වා න හොති, තථා මහාපුරිසො අන්ධානං පරිණායකො හොති, මග්ගං ආචික්ඛති, බධිරානං හත්ථමුද්දාය සඤ්ඤං දෙති, අත්ථමනුග්ගාහෙති, තථා මූගානං. පීඨසප්පිකානං පීඨං දෙති යානං දෙති වාහෙති වා. අස්සද්ධානං සද්ධාපටිලාභාය වායමති, කුසීතානං උස්සාහජනනාය, මුට්ඨස්සතීනං සතිසමායොගාය, විබ්භන්තචිත්තානං සමාධිසම්පදාය, දුප්පඤ්ඤානං පඤ්ඤාධිගමාය වායමති. කාමච්ඡන්දපරියුට්ඨිතානං කාමච්ඡන්දපටිවිනොදනාය වායමති. බ්යාපාදථිනමිද්ධඋද්ධච්චකුක්කුච්චවිචිකිච්ඡාපරියුට්ඨිතානං විචිකිච්ඡාවිනොදනාය වායමති. කාමවිතක්කාදිඅපකතානං කාමවිතක්කාදිමිච්ඡාවිතක්කවිනොදනාය වායමති. පුබ්බකාරීනං සත්තානං කතඤ්ඤුතං නිස්සාය පුබ්බභාසී පියවාදී සඞ්ගාහකො සදිසෙන අධිකෙන වා පච්චුපකාරෙන සම්මානෙතා හොති.
යම්හෙයකින් ලබන ලද සම්පත්තිය පිරිහෙන හෝ පවතින වූවක් නොවන්නේ ද එසේ මතුමත්තෙහි විශේෂාධිගමය පිණිස උත්සාහ කරයි. එසේ මහා පුරුෂතෙම අන්ධයන්ට අධිපති වෙයි. මාර්ගය කියයි. බිහිරන්ට හස්ත මුද්‍රාවෙන් සංඥා දෙයි. අර්ථයෙන් අනුග්‍රහ කරයි. ගොළුවන්ට ද එසේමැයි. අත්පා කොර වූ අයට පුටු හෝ යානා දෙයි. නැතහොත් උසුලාගෙන යයි. ශ්‍රද්ධා නැත්තවුන්ට ශ්‍රද්ධා ප්‍රතිලාභය පිණිස වෑයම් කරයි. කම්මැලි අයට උත්සාහ උපදවනු පිණිස ද, සිහි මුළාවූවන්ට සිහි එළවනු පිණිස ද භ්‍රාන්ත සිත් ඇත්තවුන්ට සමාධි සම්පත්තිය පිණිස ද දුෂ්ප්රාඥයන්ට ප්රඥාධිගමය පිණිස ද වෑයම් කරයි. කාමච්ඡන්දයෙන් මැඩුණා වූ අයට කාමච්ඡන්දය දුරු කිරීම පිණිස උත්සාහවත් වෙයි. ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණයන්ගෙන් වැඩුණු අයට ව්‍යාපාද -පෙ- විචිකිච්ඡා දුරුකරනු පිණිස ව්‍යායාම කරයි. කාමවිතර්ක ආදී මිත්‍යා විතර්කයෙන් දුරු නොවූ අයට කාමවිර්තක ආදී මිත්‍යා විතර්ක දුරු කිරීම පිණිස වෑයම් කරයි. පෙර උපකාර වූ සත්ත්වයන්ට කෘතඥතාව නිසා පූර්වභාෂී වූයේ වෙයි. ප්‍රියවාදී වූයේ වෙයි. සංග්‍රහ කරන්නේ වෙයි. සමාන වූ හෝ අධික වූ හෝ ප්රතිඋපකාරයෙන් සම්මාන කරන ලද්දේ වෙයි.
ආපදාසු සහායකිච්චං අනුතිට්ඨති. තෙසං තෙසඤ්ච සත්තානං පකතිසභාවඤ්ච පරිජානිත්වා යෙහි යථා සංවසිතබ්බං හොති, තෙහි තථා සංවසති. යෙසු ච යථා පටිපජ්ජිතබ්බං හොති, තෙසු තථා පටිපජ්ජති. තඤ්ච ඛො අකුසලතො වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපනවසෙන, න අඤ්ඤථා. පරචිත්තානුරක්ඛණා හි බොධිසත්තානං යාවදෙව කුසලාභිවඩ්ඪියා. තථා හිතජ්ඣාසයෙනාපි පරො න හිංසිතබ්බො, න භණ්ඩිතබ්බො, න මඞ්කුභාවමාපාදෙතබ්බො, න පරස්ස කුක්කුච්චං උප්පාදෙතබ්බං, න නිග්ගහට්ඨානෙ න චොදෙතබ්බො, න නීචතරං පටිපන්නස්ස අත්තා උච්චතරෙ ඨපෙතබ්බො, න ච පරෙසු සබ්බෙන සබ්බං අසෙවිනා භවිතබ්බං, න අතිසෙවිනා භවිතබ්බං, න අකාලසෙවිනා.
විපත්තියක් පැමිණි කල්හි සහාය කෘත්‍යයෙහි පිහිටයි. ඒ ඒ සත්ත්වයන්ගේ ප්‍රකෘතිය ද ස්වභාවය ද දැන යමෙකු කෙරෙහි යම්සේ පිළිපැදිය යුතුද ඔවුන් කෙරෙහි එසේ පිළිපදියි. එයද වනාහි අකුශලයෙන් නගා සිටුවා කුශලයෙහි පිහිටුවීම් වශයෙනි. අන්පරිද්දෙකින් නොවේ. අනුන්ගේ චිත්තානුරක්ෂණය වනාහි හැමවිටම බෝධිසත්ත්වයන්ගේ කුශලාභිවෘද්ධිය පිණිසම වේ. එසේ හිතද්ධ්යාශයෙන් ද (යහපත කැමැත්තෙන් ද) අනුන්ට හිංසා නොකළ යුතුය. අනිකෙකුට කුකුස් නූපදවිය යුතුය. නිග්‍රහ කළ යුතු තන්හි චෝදනා නොකළ යුතුය. ඉතා පහත් ලෙස පිළිපන් තැනැත්තාට තමා උසස් තන්හි නො තැබිය යුතුය. අනුන් සමග සර්වප්රකාරයෙන් සේවනය නො කරන්නකු නො විය යුතුය. ඇසුරු නො කරන්නතු නො විය යුතුය. නොකල්හි සේවනය කරන්නකු නො විය යුතුය.
සෙවිතබ්බයුත්තෙ පන සත්තෙ දෙසකාලානුරූපං සෙවති. න ච පරෙසං පුරතො පියෙ විගරහති, අප්පියෙ වා පසංසති. න අවිස්සට්ඨවිස්සාසී හොති. න ධම්මිකං උපනිමන්තනං පටික්ඛිපති. න සඤ්ඤත්තිං උපගච්ඡති, නාධිකං පටිග්ගණ්හාති. සද්ධාසම්පන්නෙ සද්ධානිසංසකථාය සම්පහංසති. සීලසුතචාගපඤ්ඤාසම්පන්නෙ පඤ්ඤාසම්පන්නකථාය සම්පහංසති. සචෙ පන බොධිසත්තො අභිඤ්ඤාබලප්පත්තො හොති, පමාදාපන්නෙ සත්තෙ අභිඤ්ඤාබලෙන යථාරහං නිරයාදිකෙ දස්සෙන්තො සංවෙජෙත්වා අස්සද්ධාදිකෙ සද්ධාදීසු පතිට්ඨාපෙති. සාසනෙ ඔතාරෙති. සද්ධාදිගුණසම්පන්නෙ පරිපාචෙති. එවමයං මහාපුරිසස්ස චාරිත්තභූතො අපරිමාණො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො උපරූපරි අභිවඩ්ඪතීති වෙදිතබ්බං.
සේවනය කළ යුතු සත්ත්වයන් දේශකාලානුරූපව සේවනය කරයි. අනුන් ඉදිරියෙහි ප්‍රිය අයට ගර්හා නො කරයි. අප්‍රිය අයට ප්‍රශංසා හෝ නො කරයි. හැර නොදැමූ විශ්වාස ඇත්තෙක් වෙයි. ධාර්මික වූ ආරාධනාව ප්‍රතික්ෂේප නො කරයි. ඉල්ලා ගැනීමකට නො පැමිණෙයි. අධික වශයෙන් පිළිනොගනියි. ශ්‍රද්ධාවෙන් යුක්ත වූවන් ශ්රද්ධානිසංස කථාවෙන් අතිශයින් සතුටු කෙරෙයි. ශීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා සම්පන්න වූවන් ප්‍රඥා සම්පන්න කථාවෙන් සතුටු කෙරෙයි. ඉදින් වනාහි බෝධිසත්ත්ව තෙම අභිඥා බලයට පැමිණියෙක් වේ නම් ප්‍රමාදයට පැමිණි සත්ත්වයන්ට අභිඥා බලයෙන් සුදුසු පරිදි නිරයාදීන් දක්වන්නේ සංවේගයට පමුණුවා ශ්‍රද්ධා නැත්තවුන් ශ්‍රද්ධා ආදියෙහි පිහිටුවයි. ශාසනයට බස්සවයි. ශ්‍රද්ධාදී ගුණයන්ගෙන් යුක්ත වූවන් මුහුකුරුවයි. මෙසේ මහා පුරුෂයන්ගේ චාරිත්‍ර වූ අප්‍රමාණ වූ පුණ්‍යස්කන්ධය ද කුශලස්කන්ධය ද මතුමත්තෙහි වැඩෙන්නේ යයි දත යුතුය.
අපි ච යා සා “කිං සීලං කෙනට්ඨෙන සීල”න්තිආදිනා පුච්ඡං කත්වා “පාණාතිපාතාදීහි විරමන්තස්ස වත්තපටිපත්තිං වා පූරෙන්තස්ස චෙතනාදයො ධම්මා සීල”න්තිආදිනා නයෙන නානප්පකාරතො සීලස්ස විත්ථාරකථා විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.6 ආදයො) වුත්තා, සා සබ්බාපි ඉධ ආහරිත්වා වත්තබ්බා. කෙවලඤ්හි තත්ථ සාවකබොධිසත්තවසෙන සීලකථා ආගතා, ඉධ මහාබොධිසත්තවසෙන කරුණූපායකොසල්ලපුබ්බඞ්ගමං කත්වා වත්තබ්බාති අයමෙව විසෙසො. යතො ඉදං සීලං මහාපුරිසො යථා න අත්තනො දුග්ගතියං පරික්කිලෙසවිමුත්තියා සුගතියම්පි, න රජ්ජසම්පත්තියා, න චක්කවත්ති, න දෙව, න සක්ක, න මාර, න බ්රහ්මසම්පත්තියා පරිණාමෙති, තථා න අත්තනො තෙවිජ්ජතාය, න ඡළභිඤ්ඤතාය , න චතුප්පටිසම්භිදාධිගමාය, න සාවකබොධියා, න පච්චෙකබොධියා, පරිණාමෙති, අථ ඛො සබ්බඤ්ඤුභාවෙන සබ්බසත්තානං අනුත්තරසීලාලඞ්කාරසම්පාදනත්ථමෙව පරිණාමෙතීති. අයං සීලපාරමියා පටිපත්තික්කමො.
තවද යම් ඒ “කිං සීලං”? කෙනට්ඨෙන සීලං”? (ශීලය නම් කිම? කවර අර්ථයකින් ශීලය නම් වේද?) යනාදී වශයෙන් ප්‍රශ්න කොට “පාණාතිපාතාදීහි විරමන්තස්ස වත්කපටිපත්තිංවා පූරෙන්තස්ස චෙතනාදයො ධම්මා සීලං” (ප්‍රාණ ඝාත ආදියෙන් වළකින්නහුගේ හෝ වත්පිළිවෙත් පුරන්නහුගේ චේතනාදී ධර්මයෝ ශීල නම් වෙති) යි ආදී ක්‍රමයට නොයෙක් ආකාරයෙන් ශීලය පිළිබඳ විස්තර කථා විසුද්ධි මාර්ගයෙහි කියන ලද්දේ ද ඒ සියල්ලම මෙහි ගෙන හැර කිව යුතුය. එහි වනාහි හුදෙක් ශ්‍රාවක බෝධිසත්ත්ව වශයෙන් ශීල කථාව ආයේය. මෙහි මහාබෝධිසත්ත්වයන්ගේ වශයෙන් කරුණෝපාය කෞශල්‍ය පූර්වඞ්ගම කොට කිවයුතුය යන මෙය පමණක්ම වෙනසයයි දත යුතුය. යම් හෙයකින් මහාපුරුෂ තෙම මේ ශීලය තමාට දුගතියෙහි දුකත් මිදෙනු පිණිසත් සුගතියෙහි රාජ්‍ය සම්පත්ති ප්‍රතිලාභය පිණිසත් චක්‍රවර්ති සම්පත්තිය පිණිසත් දේව සම්පත්තිය පිණිසත් ශක්‍ර සම්පත්තිය පිණිසත් මාර සම්පත්තිය පිණිසත් බ්‍රහ්ම සම්පත්තිය පිණිසත් නො පිරිනමයි ද එසේම තමාට ත්‍රිවිද්‍යාව පිණිසත් ෂඩභිඥා බව පිණිසත් සිව්පිළිසිඹියාව පිණිසත් ශ්‍රාවක බෝධිය පිණිසත් ප්රත්යෙක බෝධිය පිණිසත් නො පිරිනමයි. තවද සර්වඥ බුද්ධත්වයට පැමිණීමෙන් සියලු සත්ත්වයන් නිරුත්තර වූ ශීලාලංකාරයෙන් සරසනු පිණිසම පිරිනමන්නේ යයි දත යුතුය. මේ ශීල පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමයයි.
තථා යස්මා කරුණූපායකොසල්ලපරිග්ගහිතා ආදීනවදස්සනපුබ්බඞ්ගමා කාමෙහි ච භවෙහි ච නික්ඛමනවසෙන පවත්තා කුසලචිත්තුප්පත්ති නෙක්ඛම්මපාරමී, තස්මා සකලසංකිලෙසනිවාසනට්ඨානතාය පුත්තදාරාදීහි මහාසම්බාධතාය කසිවාණිජ්ජාදිනානාවිධකම්මන්තාධිට්ඨානබ්යාකුලතාය ච ඝරාවාසස්ස නෙක්ඛම්මසුඛාදීනං අනොකාසතං, කාමානඤ්ච සත්ථධාරාලග්ගමධුබින්දු විය ච අවලිය්හමානා පරිත්තස්සාදා විපුලානත්ථානුබන්ධාති ච, විජ්ජුලතොභාසෙන ගහෙතබ්බනච්චං විය පරිත්තකාලූපලබ්භා, උම්මත්තකාලඞ්කාරො විය විපරීතසඤ්ඤාය අනුභවිතබ්බා, කරීසාවච්ඡාදනා විය පතිකාරභූතා, උදකතෙමිතඞ්ගුලියා තනූදකපානං විය අතිත්තිකරා, ඡාතජ්ඣත්තභොජනං විය සාබාධා, බළිසාමිසං විය බ්යසනසන්නිපාතකාරණං, අග්ගිසන්තාපො විය කාලත්තයෙපි දුක්ඛුප්පත්තිහෙතුභූතා, මක්කටලෙපො විය බන්ධනිමිත්තං, ඝාතකාවච්ඡාදනා විය අනත්ථච්ඡාදනා, සපත්තගාමවාසො විය භයට්ඨානභූතා, පච්චත්ථිකපොසකො විය කිලෙසමාරාදීනං ආමිසභූතා, ඡණසම්පත්තියො විය විපරිණාමදුක්ඛා, කොටරග්ගි විය අන්තොදාහකා, පුරාණකූපාවලම්බීබීරණමධුපිණ්ඩං විය අනෙකාදීනවා, ලොණූදකපානං විය පිපාසාහෙතුභූතා, සුරාමෙරයං විය නීචජනසෙවිතා, අප්පස්සාදතාය අට්ඨිකඞ්කලූපමාතිආදිනා (ම· නි· 1.234; 2.42; පාචි· 417; මහානි· 3; චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 147) ච නයෙන ආදීනවං සල්ලක්ඛෙත්වා තබ්බිපරියායෙන නෙක්ඛම්මෙ ආනිසංසං පස්සන්තෙන නෙක්ඛම්මපවිවෙකඋපසමසුඛාදීසු නින්නපොණපබ්භාරචිත්තෙන නෙක්ඛම්මපාරමියං පටිපජ්ජිතබ්බං. යස්මා පන නෙක්ඛම්මං පබ්බජ්ජාමූලකං, තස්මා පබ්බජ්ජා තාව අනුට්ඨාතබ්බා. පබ්බජ්ජමනුතිට්ඨන්තෙන ච මහාසත්තෙන අසති බුද්ධුප්පාදෙ කම්මවාදීනං කිරියවාදීනං තාපසපරිබ්බාජකානං පබ්බජ්ජා අනුට්ඨාතබ්බා.
එසේම යම්හෙයකින් කරුණෝපාය කෞශල්‍යයෙන් පරිගෘහිත වූ ආදීනව දැකීම පෙරටු කොට ගත් කාමයන්ගෙන් හා භවයන්ගෙන් නික්මීම් වශයෙන් පවත්නා කුශල් සිතෙහි පහල වීම නෛෂ්ක්‍රම්‍ය පාරමිතා නම් වේද එහෙයින් සියලු කෙලෙස්වලට වාසස්ථාන බැවින් ද අඹුදරු ආදින්ගෙන් මහත් ගැහැට ඇති බැවින් ද, ගොවිතැන් වෙළඳාම් ආදි විවිධ කර්මාන්ත කිරීමෙන් ව්‍යාකූල බැවින්ද, ගිහිගෙයි විසීම නෛෂ්ක්‍රම්‍ය සැපයට අනවකාසයයි සැලකිය යුතුය. කඩුමුවහත ගල්වන ලද මී බිඳු ලෙවීමක් මෙන් කාමයන්ගේ අල්ප වූ ආස්වාද ඇති බව ද බොහෝ අවැඩ ගෙනදෙන බව ද විදුලිය ආලෝකයෙන් ගතයුතු (දැකිය යුතු) නැටීමක් මෙන් මඳ කලක් ලැබිය යුතු බව ද සැලකිය යුතුය. උමතු වූවෙකුගේ ආභරණයක් මෙන් විපරීත සංඥාවෙන් අනුභව කළයුතුය. මල (අසූචි) සැඟවීමෙන් ලැබෙන සුවයක් මෙන් පිළියම් කටයුතුය. ජලයෙහි ගල්වන ලද ඇඟිල්ලෙන් ජලය පානය කිරීමක් මෙන් අතෘප්තිකරය. කුසගින්නෙන් පීඩිතව වළඳන ලද භෝජනයත් මෙන් ආබාධ සහිතය. බිළියෙහි අමුණන ලද ඇමක් මෙන් විපත් එළවීමට කරුණු වන්නේය. ගින්නෙන් තැවීමක් මෙන් තුන් කාලයෙහිම දුක් ඉපද වීමට හේතු වන්නේය. වඳුරු ආලේපයක් මෙන් බන්ධනයට කාරණා වන්නේය. ඝාතකයත් වසාපියන්නා වූ ලාපත් මෙන් අනර්ථයන් සඟවන්නේය. සතුරන් වසන ගමක විසීමක් මෙන් එයට හේතුවන්නේය. සතුරන් පෝෂණය කරන්නෙකු මෙන් ක්ලේශ මාරාදීන්ට ගොදුරු වන්නේය. උත්සව සම්පත්තියක් මෙන් විපරිණාම දුක් සහිතය. බිලයක ගින්නක් මෙන් ඇතුළත දවන්නේය. පැරණි කැදැල්ලක එල්ලෙන බීරණ නම් වූ තණවල බැඳී මී පිඬක් මෙන් නොයෙක් ආදීනව ඇත්තේය. ලුණු දිය බීමක් මෙන් පිපාසයට හේතුවන්නේය. රහමෙර පානයක් මෙන් හීනජනයන් විසින් සෙවුනා ලද්දේය. අල්පවූ ආස්වාද ඇති බැවින් ඇට සැකිල්ලකට බඳු උපමා ඇත්තේය යන මේ ආදී ක්‍රමයෙන් ආදිනව සලකා එයට විපර්‍ය්‍යාස වශයෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් දකින්නහු විසින් නෛෂ්ක්‍රම්‍ය සැපය, පවිවේක සැපය, උපසම සැපය ආදී සැපයන්හි නැඹුරු වූ එදෙසට පහත් වූ නැමුණා වූ සිතින් නෛෂ්ක්‍රම්‍යය පැවිද්ද මුල්කොට ඇත්තේ වේද එබැවින් පළමුකොට පැවිද්දෙහි පිහිටිය යුතුය. පැවිද්දෙහි පිහිටියා වූ මහාසත්ත්වයන් විසින්ද බුද්ධෝත්පාද කාලයක් නැති කල්හි කර්මවාදී වූ කිරියවාදී වූ තාපස පරිබ්‍රාජකයන්ගේ පැවිද්ද කටයුතුය.
උප්පන්නෙසු පන සම්මාසම්බුද්ධෙසු තෙසං සාසනෙ එව පබ්බජිතබ්බං. පබ්බජිත්වා ච යථාවුත්තෙ සීලෙ පතිට්ඨිතෙන තස්සා එව හි සීලපාරමියා වොදාපනත්ථං ධුතගුණා සමාදාතබ්බා. සමාදින්නධුතධම්මා හි මහාපුරිසා සම්මදෙව තෙ පරිහරන්තා අප්පිච්ඡාසන්තුට්ඨාසල්ලෙඛපවිවෙකඅසංසග්ගවීරියාරම්භසුභරතාදි- ගුණසලිලවික්ඛාලිතකිලෙසමලතාය අනවජ්ජසීලවතගුණපරිසුද්ධසබ්බසමාචාරා පොරාණෙ අරියවංසත්තයෙ පතිට්ඨිතා චතුත්ථං භාවනාරාමතාසඞ්ඛාතං අරියවංසං අධිගන්තුං චත්තාරීසාය ආරම්මණෙසු යථාරහං උපචාරප්පනාභෙදං ඣානං උපසම්පජ්ජ විහරන්ති. එවං හිස්ස සම්මදෙව නෙක්ඛම්මපාරමී පරිපූරිතා හොති.
සම්‍යක් සම්බුද්ධයන් පහළ වූ කල්හි උන්වහන්සේලාගේ ශාසනයෙහි පැවිදි විය යුතුය. පැවිදිව ද යටකියන ලද ශීලයෙහි පිහිටියවුන් විසින් ඒ ශීල පාරමිතාව පිරිසිදු කරනු පිණිස ධුත ගුණයෝ සමාදන් විය යුත්තාහ. සමාදන් වූ ධුත ධර්ම ඇති මහාපුරුෂයෝ ඒ ධුතාඞ්ගයන් මැනවින් පරිහරණය කරන්නාහු අල්පේච්ඡ සන්තුෂ්ට සල්ලේඛ පවිවේක අසංසර්ග, වීර්‍ය්‍යයාරම්භ, සුභරතාදී ගුණ නැමති ජලයෙන් සෝදාහළ කෙලෙස් මල ඇති බැවින් නිවැරදි ශීල හා ව්‍රත ගුණයෙන් පිරිසිදු වූ සියලු සමාචාර ඇත්තාහු පුරාතන වූ ආර්ය්යවංශත්රයෙහි පිහිටියාහු භාවනාරාමතා යයි කියන ලද සතරවැනි ආර්‍ය්‍යවංශය ලබනු පිණිස සතළිස් වැදෑරුම් ආරම්මණයන්හි සුදුසු පරිදි උපචාර අර්පණා යයි ප්රභේදගත වූ ධ්‍යානයට එළඹ වාසය කරති. මෙසේ උන්වහන්සේ විසින් මනාකොට නෛෂ්ක්‍රම්‍යය පාරමිතාව සම්පූර්ණ කරන ලද්දේ වෙයි.
ඉමස්මිං පන ඨානෙ තෙරසහි ධුතධම්මෙහි සද්ධිං දස කසිණානි, දස අසුභානි, දසානුස්සතියො, චත්තාරො බ්රහ්මවිහාරා, චත්තාරො ආරුප්පා, එකා සඤ්ඤා, එකං වවත්ථානන්ති චත්තාරීසාය සමාධිභාවනාය කම්මට්ඨානානි භාවනාවිධානඤ්ච විත්ථාරතො වත්තබ්බානි. තං පනෙතං සබ්බං යස්මා විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.22 ආදයො, 47, 55) සබ්බාකාරතො විත්ථාරෙත්වා වුත්තං, තස්මා තත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බං. කෙවලඤ්හි තත්ථ සාවකබොධිසත්තස්ස වසෙන වුත්තං, ඉධ මහාබොධිසත්තස්ස වසෙන කරුණූපායකොසල්ලපුබ්බඞ්ගමං කත්වා වත්තබ්බන්ති අයමෙව විසෙසොති. එවමෙත්ථ නෙක්ඛම්මපාරමියා පටිපත්තික්කමො වෙදිතබ්බො.
මෙතැන්හිදී තෙළෙස් ධුතාඞ්ග ධර්ම සමග දස කසිණ, දස අසුභ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහාර, සතර ආරුප්ප, ආහාරයෙහි ප්‍රතිකූල සංඥාව, සතර ධාතුන්ගේ ව්‍යවස්ථානය යන සමාධි භාවනාවෙහි සතළිස් කමටහන් ද භාවනා ක්‍රමය ද විස්තර වශයෙන් කිවයුතුය. යම් හෙයකින් ඒ සියල්ල විසුද්ධි මාර්ගයෙහි සියලු ආකාරයෙන් විස්තර කොට කියන ලද්දේ ද, එබැවින් එහි කියන ලද ක්‍රමයෙන්ම දත යුතුය. හුදෙක් වනාහි එහි ශ්‍රාවක බෝධිසත්ත්වයන්ගේ වශයෙන් කියන ලද්දේය. මෙහි මහාබෝධිසත්ත්වයන්ගේ වශයෙන් කරුණෝපාය කෞශල්‍ය පෙරටු කොට කිවයුතුය යන මෙයම විශේෂයයි දත යුතුය. මෙසේ මේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවෙහි ප්‍රතිපත්ති ක්‍රමය දත යුතුය.
තථා පඤ්ඤාපාරමිං සම්පාදෙතුකාමෙන යස්මා පඤ්ඤා ආලොකො විය අන්ධකාරෙන මොහෙන සහ න වත්තති, තස්මා මොහකාරණානි තාව බොධිසත්තෙන පරිවජ්ජෙතබ්බානි. තත්ථිමානි මොහකාරණානි – අරති තන්දි විජම්භිතා ආලසියං ගණසඞ්ගණිකාරාමතා නිද්දාසීලතා අනිච්ඡයසීලතා ඤාණස්මිං අකුතූහලතා මිච්ඡාධිමානො අපරිපුච්ඡකතා කායස්ස න සම්මාපරිහාරො අසමාහිතචිත්තතා දුප්පඤ්ඤානං පුග්ගලානං සෙවනා පඤ්ඤවන්තානං අපයිරුපාසනා අත්තපරිභවො මිච්ඡාවිකප්පො විපරීතාභිනිවෙසො කායදළ්හිබහුලතා අසංවෙගසීලතා පඤ්ච නීවරණානි. සඞ්ඛෙපතො යෙ වා පන ධම්මෙ ආසෙවතො අනුප්පන්නා පඤ්ඤා නුප්පජ්ජති, උප්පන්නා පරිහායති. ඉති ඉමානි සම්මොහකාරණානි පරිවජ්ජෙන්තෙන බාහුසච්චෙ ඣානාදීසු ච යොගො කරණීයො.
එසේම ප්‍රඥා පාරමිතාව සම්පාදනය කරනු කැමැත්තහු විසින් යම්හෙයකින් අන්ධකාරය සමග නොපවතින්නා වූ ආලෝකයක් මෙන් ප්‍රඥාව මෝහය සමග නො පවතීද, එහෙයින් බෝධිසත්ත්වයන් විසින් පළමුකොටම මෝහයට හේතු වූ කාරණයෝ දුරුකළ යුත්තාහ. මේ එහි මෝහ කාරණයෝ වෙති. කුශල ධර්මයෙහි නො ඇල්ම, කුශල ක්‍රියාවෙහි හැකිලෙන බව, මැලිබව (විජම්භිකා) අලස බව (ආලසියං) රැස්වීමෙහි ඇලුම් ඇතිබව, නිදාශීලී බව, නිශ්චය නැති බව, ඥානයෙහි කුහුලෙන් තොරබව, මිථ්‍යා මානය, නොපිළිවිස කරන කථා ඇති බව, කයට මනාකොට පරිහාර නොකිරීම, එකඟ වූ සිත් නැති බව, අඥාන පුද්ගලයන් සේවනය කිරීම, ප්‍රඥාවන්ත පුද්ගලයන් සේවනය නොකිරීම, තමාව අවඥා කිරීම, මිථ්‍යා විකල්ප ඇති බව, විපරීත වූ ආශා ඇති බව (විපරීනභිනිවෙසො) කායදරථ බහුල බව, සංවේගශීලී නොවන බව, පඤ්චනීවරණ ධර්මයන් ඇති බව, කෙටියෙන් කියන්නේනම් යම් ධර්මයක් සේවනය කරන්නාහට නූපන් ප්‍රඥාව නූපදී ද උපන් ප්‍රඥාව පිරිහේද මෙසේ මේ මෝහයට හේතු වූ කාරණයන් දුරුකරන්නහු විසින් බහුශ්‍රැත වීමෙහි හා ධ්‍යානාදියෙහි යෙදීම කටයුතුය.
තත්ථායං බාහුසච්චස්ස විසයවිභාගො – පඤ්චක්ඛන්ධා ද්වාදසායතනානි අට්ඨාරස ධාතුයො චත්තාරි සච්චානි බාවීසතින්ද්රියානි ද්වාදසපදිකො පටිච්චසමුප්පාදො තථා සතිපට්ඨානාදයො කුසලාදිධම්මප්පකාරභෙදා ච, යානි ච ලොකෙ අනවජ්ජානි විජ්ජාට්ඨානානි, යෙ ච සත්තානං හිතසුඛවිධානයොග්ගා බ්යාකරණවිසෙසා, ඉති එවං පකාරං සකලමෙව සුතවිසයං උපායකොසල්ලපුබ්බඞ්ගමාය පඤ්ඤාය සතියා වීරියෙන ච සාධුකං උග්ගහණසවනධාරණපරිචයපරිපුච්ඡාහි ඔගාහෙත්වා තත්ථ ච පරෙසං පතිට්ඨාපනෙන සුතමයා පඤ්ඤා නිබ්බත්තෙතබ්බා.
මේ එහි බහුශ්රැතභාවයාගේ විෂය විභාගයයි. පඤ්චස්කන්ධයෝ ද, ද්වාදශ ආයතනයෝ ද, අටළොස් ධාතු ද, චතුරාර්‍ය්‍ය සත්‍යය ද, දෙවිසි ඉන්ද්රියෝ ද, ද්වාදශාඞ්ග ප්‍රතීත්‍ය සමුත්පාදය ද, එසේම සතිපට්ඨානාදී වූ කුශලධර්ම ප්රභේදයෝ ද ලෝකයෙහි යම් නිවැරදි විද්යස්ථානයෝ වෙත්ද ඒවාද සත්ත්වයන්ගේ හිතසුඛ විධානයට යෝග්‍ය යම් ව්‍යාකරණ විශේෂයක් ඇත්ද ඒවාද මෙසේ මේ ආකාර වූ සියලුම ශ්රැතවිෂය උපාය කෞශල්‍ය පෙරටුකොට ගත් ප්‍රඥාවෙන් ද සතියෙන් ද, වීර්‍ය්‍යයෙන් ද මනාකොට ඉගෙනීම, ඇසීම, අභ්‍යාස කිරීම, නැවත විචාරීම යන මේවායින් දැන ඉගෙන ඒ තමා දැනගත් ධර්මයෙහි අනුන් ද පිහිටුවීමෙන් ශ්රැතමය ප්‍රඥාව නිපදවිය යුතුය.
තථා සත්තානං ඉතිකත්තබ්බතාසු ඨානුප්පත්තිකපටිභානභූතා ආයාපායඋපායකොසල්ලභූතා ච පඤ්ඤා හිතෙසිතං නිස්සාය තත්ථ තත්ථ යථාරහං පවත්තෙතබ්බා. තථා ඛන්ධාදීනං සභාවධම්මානං ආකාරපරිවිතක්කනමුඛෙන තෙ නිජ්ඣානං ඛමාපෙන්තෙන චින්තාමයා පඤ්ඤා නිබ්බත්තෙතබ්බා. ඛන්ධාදීනංයෙව පන සලක්ඛණසාමඤ්ඤලක්ඛණපරිග්ගහණවසෙන ලොකියපරිඤ්ඤා නිබ්බත්තෙන්තෙන පුබ්බභාගභාවනාපඤ්ඤා සම්පාදෙතබ්බා. එවඤ්හි නාමරූපමත්තමිදං යථාරහං පච්චයෙහි උප්පජ්ජති චෙව නිරුජ්ඣති ච, න එත්ථ කොචි කත්තා වා කාරෙතා වා, හුත්වා අභාවට්ඨෙන අනිච්චං, උදයබ්බයපටිපීළනට්ඨෙන දුක්ඛං, අවසවත්තනට්ඨෙන අනත්තාති අජ්ඣත්තිකධම්මෙ බාහිරකධම්මෙ ච නිබ්බිසෙසං පරිජානන්තො තත්ථ ආසඞ්ගං පජහන්තො පරෙ ච තත්ථ තං ජහාපෙන්තො කෙවලං කරුණාවසෙනෙව යාව න බුද්ධගුණා හත්ථතලං ආගච්ඡන්ති, තාව යානත්තයෙ සත්තෙ අවතාරණපරිපාචනෙහි පතිට්ඨපෙන්තො ඣානවිමොක්ඛසමාධිසමාපත්තියො අභිඤ්ඤායො ච ලොකියා වසීභාවං පාපෙන්තො පඤ්ඤාය මත්ථකං පාපුණාති.
එසේම සත්ත්වයන්ගේ ඉතිකර්තව්යයන්හි ස්ථානෝත්පත්තික ප්රතිභානයයි කියන ලද අභිවෘද්ධියෙහි හා අනභිවෘද්ධියෙහි කෞශල්‍ය ප්‍රඥාව ද හිතේසී බව නිසා ඒ ඒ තන්හි සුදුසු පරිදි පැවැත්විය යුතුය. එසේම ස්කන්ධාදී ස්වභාව ධර්මයන්ගේ ආකාර කල්පනා කිරීම් වශයෙන් ඔවුන් නුවණට වැටහෙන්නහු විසින් චින්තාමය ප්‍රඥාව නිපදවිය යුතුය. ස්කන්ධාදීන්ගේ වනාහි ස්වකීය ලක්ෂණ හා සාමාන්‍ය ලක්ෂණ විමසීම් වශයෙන් ලෞකික ප්‍රඥාව උපදවන්නහු විසින් පූර්වභාග භාවනා ප්‍රඥාව සම්පාදනය කළ යුතුය. මෙසේ වනාහි මෙය නාමරූප මාත්‍රයක් පමණි, සුදුසු පරිදි ප්‍රත්‍යයන් කරණකොට ගෙන උපදනේද නිරුද්ධ වන්නේද වෙයි. මෙහි කරන්නා වූ කිසිවෙක් හෝ කරවන්නා වූ කිසිවෙක් හෝ නැත. ඇතිව නැතිවන්නා වූ අර්ථයෙන් අනිත්‍යය. උදයව්යයෙන් පෙළන්නා වූ අර්ථයෙන් දුකය. තමා වසඟයෙහි නොපවත්නා වූ අර්ථයෙන් අනාත්මයයි ආධ්‍යාත්මික ධර්මයන් හා බාහිර ධර්මයන් ද නිරවශේෂයෙන් පිරිසිඳ දැනගන්නේ ඒ ශරීරයෙහි ආලය හැර අන්‍ය සත්ත්වයන් ද එහි (ශරීරයෙහි) ආලය දුරුකරවන්නේ හුදෙක් කරුණා වශයෙන්ම යම්තාක් බුද්ධගුණයෝ හස්ත තලයට නොපැමිණෙත්ද ඒතාක් යානත්රයෙහි සත්ත්වයන් ඇතුළත් කිරීම හා නුවණ මේරවීම් වශයෙන් පිහිටුවමින් ධ්‍යාන, විමෝක්ෂ සමාධි සම්පත්තීන්ද අභිඥාවන්ද ලෞකික වසඟ බවට පමුණුවමින් ප්‍රඥාවෙහි මුදුන්පත් වෙයි.
තත්ථ යා ඉමා ඉද්ධිවිධඤාණං දිබ්බසොතධාතුඤාණං චෙතොපරියඤාණං පුබ්බෙනිවාසානුස්සතිඤාණං දිබ්බචක්ඛුඤාණං යථාකම්මුපගඤාණං අනාගතංසඤාණන්ති සපරිභණ්ඩා පඤ්චලොකියඅභිඤ්ඤාසඞ්ඛාතා භාවනාපඤ්ඤා, යා ච ඛන්ධායතනධාතුඉන්ද්රියසච්චපටිච්චසමුප්පාදාදිභෙදෙසු භූමිභූතෙසු ධම්මෙසු උග්ගහපරිපුච්ඡාවසෙන ඤාණපරිචයං කත්වා සීලවිසුද්ධිචිත්තවිසුද්ධීති මූලභූතාසු ඉමාසු ද්වීසු විසුද්ධීසු පතිට්ඨාය දිට්ඨිවිසුද්ධිකඞ්ඛාවිතරණවිසුද්ධිමග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි- පටිපදාඤාණදස්සනවිසුද්ධිඤාණදස්සනවිසුද්ධීති සරීරභූතා ඉමා පඤ්ච විසුද්ධියො සම්පාදෙන්තෙන භාවෙතබ්බා ලොකියලොකුත්තරභෙදා භාවනාපඤ්ඤා, තාසං සම්පාදනවිධානං යස්මා “තත්ථ එකොපි හුත්වා බහුධා හොතීතිආදිකං ඉද්ධිවිකුබ්බනං කාතුකාමෙන ආදිකම්මිකෙන යොගිනා”තිආදිනා “ඛන්ධාති රූපක්ඛන්ධො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො”තිආදිනා ච විසයවිභාගෙන සද්ධිං විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 2.430 ආදයො) සබ්බාකාරතො විත්ථාරෙත්වා වුත්තං, තස්මා තත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බං. කෙවලඤ්හි තත්ථ සාවකබොධිසත්තස්ස වසෙන පඤ්ඤා ආගතා, ඉධ මහාබොධිසත්තස්ස වසෙන කරුණූපායකොසල්ලපුබ්බඞ්ගමං කත්වා වත්තබ්බා, ඤාණදස්සනවිසුද්ධිං අපාපෙත්වා පටිපදාඤාණදස්සනවිසුද්ධියංයෙව විපස්සනා ඨපෙතබ්බාති අයමෙව විසෙසො. එවමෙත්ථ පඤ්ඤාපාරමියා පටිපත්තික්කමො වෙදිතබ්බො.
එහි මේ සෘද්ධිවිධ ඥානය, දිව්‍යශ්‍රෝත ධාතු ඥානය, චෙතොපරිය ඥානය, පුර්වෙනිවාසානුස්මෘති ඥානය, දිව්යචක්ෂුර් ඥානය, යථා කම්මූපග ඥානය, අනාගතංස ඥානය යයි පරිභණ්ඩ සහිත ලෞකික පඤ්ච අභිඥා යයි කියන ලද භාවනාමය ප්‍රඥාවක් වේද ස්කන්ධ, ආයතන, ධාතු, ඉන්ද්රිය, සත්‍යය, ප්‍රතීත්‍ය සමුත්පාදාදී ප්‍රභේද ඇති ප්‍රඥාව හටගැනීමට භූමි වූ ධර්මයන් කෙරෙහි ඉගෙනීම් පිළිවිසීම් වශයෙන් නුවණ පුරුදු කොට ශීල විසුද්ධි, චිත්ත විසුද්ධි යන මුලභූත වූ විසුද්ධි දෙදෙනා කෙරෙහි පිහිටා දිට්ඨි විසුද්ධි, කඞ්ඛාවිතරණ විසුද්ධි, මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධි, පටිපදාඤාණ දස්සන විසුද්ධි, ඤාණදස්සන විසුද්ධි යන ශරීරභූත මේ පඤ්ච විසුද්ධීහු සම්පාදනය කරන්නහු විසින් ලෞකික ලෝකෝත්තර ප්‍රභේද ඇති යම් භාවනා ප්‍රඥාවක් වේද එයද වැඩිය යුතුය. ඒවායේ සම්පාදන පිළිවෙල යම්හෙයකින් “එකොපි හුත්වා බහුධා හොති” යනාදී ඍද්ධියෙන් මවාපෑම් කරනු කැමති ආදිකම්මික යෝගාවචරයා විසින් යයි යනාදී වශයෙන් ද, “ඛන්ධා” යනු රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධ යයි ආදී වශයෙන්ද විෂය විභාගය සමග විසුද්ධි මාර්ගයෙහි සර්වාකාරයෙන් විස්තර කොට කියන ලද්දේ ද, එහෙයින් එහි කියන ලද ක්‍රමයෙන්ම දත යුතුය. හුදෙක් එහි වනාහි ශ්‍රාවක බෝධිසත්ත්වයන්ගේ වශයෙන් ප්‍රඥාව ආයේය. මෙහි මහාබෝධිසත්ත්වයන්ගේ වශයෙන් කරුණාව හා උපාය කෞශල්‍යය පෙරටු කොට කිව යුතුය. ඥානදර්ශන විසුද්ධියට නොපමුණුවා පටිපදා ඥානදර්ශන විසුද්ධියෙහිම විදර්ශනාව තැබිය යුතුය යන මෙයම විශේෂය වේ. මෙසේ මෙහි ප්‍රඥා පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය දත යුතුය.
තථා යස්මා සම්මාසම්බොධියා කතාභිනීහාරෙන මහාසත්තෙන පාරමිපරිපූරණත්ථං සබ්බකාලං යුත්තප්පයුත්තෙන භවිතබ්බං ආබද්ධපරිකරණෙන, තස්මා කාලෙන කාලං “කො නු ඛො අජ්ජ මයා පුඤ්ඤසම්භාරො ඤාණසම්භාරො වා උපචිතො, කිං වා මයා පරහිතං කත”න්ති දිවසෙ දිවසෙ පච්චවෙක්ඛන්තෙන සත්තහිතත්ථං උස්සාහො කරණීයො. සබ්බෙසම්පි සත්තානං උපකාරාය අත්තනො පරිග්ගහභූතං වත්ථු කායෙ ජීවිතෙ ච නිරපෙක්ඛචිත්තෙන ඔස්සජිතබ්බං. යං කිඤ්චි කම්මං කරොති කායෙන වාචාය වා, තං සබ්බං සම්බොධියං නින්නචිත්තෙනෙව කාතබ්බං, බොධියා පරිණාමෙතබ්බං. උළාරෙහි ඉත්තරෙහි ච කාමෙහි විනිවත්තචිත්තෙනෙව භවිතබ්බං. සබ්බාසුපි ඉතිකත්තබ්බතාසු උපායකොසල්ලං පච්චුපට්ඨාපෙත්වාව පටිපජ්ජිතබ්බං.
තවද යම් හෙයකින් සම්‍යක් සම්බෝධිය සඳහා කළ ප්‍රාර්ථනා ඇති මහාසත්ත්වයන් විසින් පාරමී සම්පූර්ණ කිරීම සඳහා සියළු කාලය ආබද්ධ පරිකරණයෙන් යුක්තප්‍රයුක්ත විය යුතුද එහෙයින් කලින් කළ “මාවිසින් අද කවර නම් පුණ්‍යසම්භාරයක් ඥාන සම්භාරයක් රැස් කරන ලද්දේ ද? මාවිසින් අද කවර පරාර්ථයක් කරන ලදදැයි දවසක් දවසක් පාසා ප්රත්යවේක්ෂා කරන්නහු විසින් සත්ත්වයන්ට හිත පිණිස උත්සාහ කළයුතුය. සියලුම සත්ත්වයන්ටම උපකාර පිණිස තමා සතු වස්තුව කාය ජීවිත දෙක්හි නිරපේක්ෂක සිතින් පරිත්‍යාග කළ යුතුය. කයින් හෝ වචනයෙන් හෝ යම්කිසි කර්මයක් කරයිද ඒ සියල්ල සම්බෝධියට නැඹුරු වූ සිතින්ම කළ යුතුය. බෝධිය පිණිස පිරිනැමිය යුතුය. උදාර වූ ඉතිරි කාමයන්ගෙන් වෙන්වූම සිත් ඇතිවිය යුතුය. මෙසේ කළ යුතුය යනුවෙන් කළයුතු වූ සියල්ලෙහි උපාය කෞශල්‍යය එළවා පිළිපැදිය යුතුය.
තස්මිං තස්මිං සත්තහිතෙ ආරද්ධවීරියෙන භවිතබ්බං ඉට්ඨානිට්ඨාදිසබ්බසහෙන අවිසංවාදිනා. සබ්බෙපි සත්තා අනොධිසො මෙත්තාය කරුණාය ච ඵරිතබ්බා. යා කාචි සත්තානං දුක්ඛුප්පත්ති, සබ්බා සා අත්තනි පාටිකඞ්ඛිතබ්බා. සබ්බෙසඤ්ච සත්තානං පුඤ්ඤං අබ්භනුමොදිතබ්බං. බුද්ධානං මහන්තතා මහානුභාවතා අභිණ්හං පච්චවෙක්ඛිතබ්බා. යඤ්ච කිඤ්චි කම්මං කරොති කායෙන වාචාය වා, තං සබ්බං බොධිනින්නචිත්තපුබ්බඞ්ගමං කාතබ්බං. ඉමිනා හි උපායෙන දානාදීසු යුත්තප්පයුත්තස්ස ථාමවතො දළ්හපරක්කමස්ස මහාසත්තස්ස බොධිසත්තස්ස අපරිමෙය්යො පුඤ්ඤසම්භාරො ඤාණසම්භාරො ච දිවසෙ දිවසෙ උපචීයති.
ඒ ඒ සත්ත්වයන්ට හිත කාර්‍ය්‍යයෙහි පටන්ගත් වීර්‍ය්‍යය ඇති විය යුතුය. ඉෂ්ඨ අනිෂ්ඨ ආදී සියල්ල ඉවසන අවිසංවාදී මහාසත්ත්වයන් විසින් සියලුම සත්ත්වයන්ට සීමාරහිත මෛත්‍රී කරුණාව පැතිරවිය යුතුය. සත්ත්වයන්ට යම්කිසි දුක්ඛෝත්පත්තියක් වේද හෙවත් උපදනා යම්කිසි දුකක් වේද ඒ සියල්ල තමා කෙරෙහි කැමති විය යුතුය. සියලුම සත්ත්වයන්ගේ පින් අනුමෝදන් විය යුතුය. බුදුවරුන්ගේ මහත්වය මහානුභාවය නිතර සිහිකළ යුතුය. කයින් හෝ වචනයෙන් යම් කර්මයක් කරයි නම් ඒ සියල්ල බෝධියට නැඹුරු වූ සිත පෙරටු කොට කළ යුතුය. මෙසේ මේ ක්‍රමයෙන් දානාදීන්හි යුක්ත ප්‍රයුක්ත වූ ශක්තිමත් වූ දැඩි වීර්‍ය්‍යයෙන් යුක්ත වූ මහාසත්ත්ව වූ බෝධිසත්ත්වයන්ට අප්‍රමාණ පුණ්‍ය සම්භාරය ද ඥාන සම්භාරයද දවසක් පාසා රැස් වන්නේය.
අපි ච සත්තානං පරිභොගත්ථං පරිපාලනත්ථඤ්ච අත්තනො සරීරං ජීවිතඤ්ච පරිච්චජිත්වා ඛුප්පිපාසාසීතුණ්හවාතාතපාදිදුක්ඛපතිකාරො පරියෙසිතබ්බො උපනෙතබ්බො ච. යඤ්ච යථාවුත්තදුක්ඛපතිකාරජං සුඛං අත්තනා පටිලභති, තථා රමණීයෙසු ආරාමුය්යානපාසාදතළාකාදීසු අරඤ්ඤායතනෙසු ච කායචිත්තසන්තාපාභාවෙන අභිනිබ්බුතත්තා අත්තනා සුඛං පටිලභති, යඤ්ච සුණාති බුද්ධානුබුද්ධපච්චෙකබුද්ධා මහාබොධිසත්තා ච නෙක්ඛම්මපටිපත්තියං ඨිතා දිට්ඨධම්මසුඛවිහාරභූතං ඊදිසං නාම ඣානසමාපත්තිසුඛං අනුභවන්තීති, තං සබ්බං සබ්බසත්තෙසු අනොධිසො උපසංහරතීති. අයං තාව නයො අසමාහිතභූමියං පතිට්ඨිතස්ස.
තවද සත්ත්වයන්ට පරිභෝග පිණිස ද පරිපාලනය පිණිස ද තමාගේ ශරීරය හා ජීවිතය පරිත්‍යාග කොට බඩගින්න, පිපාසය, ශීත, උෂ්ණ, සුළඟ, හිරුරැස් ආදී දුක්වලට ප්‍රතිකාර සෙවිය යුතුය. ළඟට පැමිණවිය යුතුය. කියන ලද ආකාරයට දුකට ප්‍රතිකාර කිරීමෙන් උපන් යම් සැපයක් තමා විඳී ද එසේම සිත්කලු ආරාම, උද්‍යාන, ප්‍රාසාද, පොකුණු ආදීන්හිද ආරණ්යායතනයන්හි ද කයට හා සිතට තැවීමක් නැති බැවින් නිවුනා වූ ආත්ම ඇති බැවින් තමා සැප ලබයි. බුද්ධානු බුද්ධ ප්රත්යෙක බුද්ධ මහා බෝධිසත්ත්වයෝ ද නෛෂ්ක්‍රම්‍ය ප්රතිපත්තියෙහි පිහිටා මේ ජීවිතයේදී සැප විහරණ ඇත්තාහු මෙබඳු වූ ධ්‍යාන සමාපත්ති සැපයක් අනුභව කරතියි යන යමක් අසයි ද, ඒ සියලු සැපය සියලු සත්ත්වයන් කෙරෙහි සීමාරහිතව පමුණුවන්නේයි. මේ පළමුකොට අසමාහිත භූමියෙහි පිහිටියහුගේ ක්‍රමය වේ.
සමාහිතභූමියං පන පතිට්ඨිතො අත්තනා යථානුභූතං විසෙසාධිගමනිබ්බත්තං පීතිං පස්සද්ධිං සුඛං සමාධිං යථාභූතඤාණඤ්ච සත්තෙසු අධිමුච්චන්තො උපසංහරති පරිණාමෙති. තථා මහති සංසාරදුක්ඛෙ තස්ස ච නිමිත්තභූතෙ කිලෙසාභිසඞ්ඛාරදුක්ඛෙ නිමුග්ගං සත්තනිකායං දිස්වා තත්රාපි ඡෙදනභෙදනඵාලනපිංසනග්ගිසන්තාපාදිජනිතා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා නිරන්තරං චිරකාලං වෙදියන්තෙ නාරකෙ, අඤ්ඤමඤ්ඤං කුජ්ඣනසන්තාපනවිහෙඨනහිංසනපරාධීනතාදීහි මහාදුක්ඛං අනුභවන්තෙ තිරච්ඡානගතෙ, ජොතිමාලාකුලසරීරෙ ඛුප්පිපාසාවාතාතපාදීහි ඩය්හමානෙ ච විසුස්සමානෙ ච වන්තඛෙළාදිආහාරෙ උද්ධබාහුං විරවන්තෙ නිජ්ඣාමතණ්හිකාදිකෙ මහාදුක්ඛං වෙදියමානෙ පෙතෙ ච, පරියෙට්ඨිමූලකං මහන්තං අනයබ්යසනං පාපුණන්තෙ හත්ථච්ඡෙදාදිකාරණායොගෙන දුබ්බණ්ණදුද්දසිකදලිද්දාදිභාවෙන ඛුප්පිපාසාදිආබාධයොගෙන බලවන්තෙහි අභිභවනීයතො පරෙසං වහනතො පරාධීනතො ච, නාරකෙ පෙතෙ තිරච්ඡානගතෙ ච, අතිසයන්තෙ අපායදුක්ඛනිබ්බිසෙසං දුක්ඛමනුභවන්තෙ මනුස්සෙ ච, තථා විසයවිසපරිභොගවික්ඛිත්තචිත්තතාය රාගාදිපරිළාහෙන ඩය්හමානෙ වාතවෙගසමුට්ඨිතජාලාසමිද්ධසුක්ඛකට්ඨසන්නිපාතෙ අග්ගික්ඛන්ධෙ විය අනුපසන්තපරිළාහවුත්තිකෙ අනුපසන්තනිහතපරාධීනෙ කාමාවචරදෙවෙ ච, මහතා වායාමෙන විදූරමාකාසං විගාහිතසකුන්තා විය බලවතා දූරෙ පාණිනා ඛිත්තසරා විය ච, සතිපි චිරප්පවත්තියං අනිච්චන්තිකතාය පාතපරියොසානා අනතික්කන්තජාතිජරාමරණා එවාති රූපාරූපාවචරදෙවෙ ච පස්සන්තෙන මහන්තං සංවෙගං පච්චුපට්ඨපෙත්වා මෙත්තාය කරුණාය ච අනොධිසො සත්තා ඵරිතබ්බා. එවං කායෙන වාචාය මනසා ච බොධිසම්භාරෙ නිරන්තරං උපචිනන්තෙන යථා පාරමියො පාරිපූරිං ගච්ඡන්ති, එවං සක්කච්චකාරිනා සාතච්චකාරිනා අනොලීනවුත්තිනා උස්සාහො පවත්තෙතබ්බො, වීරියපාරමී පරිපූරෙතබ්බා.
සමාහිත භූමියෙහි පිහිටි තැනැත්තේ යථානුභූත වූ විශේෂාධිගමයෙන් උපන් ප්‍රීතිය, පස්සද්ධිය, සැපය, සමාධිය, යථාභූත ඥානයද සත්ත්වයන් කෙරෙහි ස්ථිර ලෙස පිහිටුවන්නේ සමීපයට පමුණුවයි. පිරිනමයි. එසේම මහත් වූ සසර දුකෙහි ද එයට නිමිති වූ ක්ලේශ අභිසංස්කාර දුකෙහිද ගිලුණා වූ සත්ත්ව සමූහයා දැක එහිද සිඳීම, බිඳීම, පැළීම, ඇඹරීම, ගින්නෙන් තැවීම ආදියෙන් උපන්නා වූ තියුණු වූ, රළු වූ කටුක වූ දුක් වේදනාවන් අතරක් නැතිව බොහෝකලක් විඳින්නා වූ නරකයෙහි සත්ත්වයන් ද ඔවුනොවුන් කිපීම, සන්තාපය, වෙහෙසීම, පීඩා කිරීම, පරාධීන වීම ආදියෙන් මහා දුක් අනුභව කරන තිරිසන්ගත සත්ත්වයන් ද, ගිනිදැල්වලින් ගැවසීගත් ශරීර ඇති සාපිපාසාවෙන් හා වාත හිරුරැස් ආදියෙන් දැවෙන්නා වූද වියලෙන්නා වූද වමනය, කෙළ ආදිය ආහාරකොට ගන්නා වූද දෙඅත් හිස තබාගෙන හඬන්නා වූද මහදුක් අනුභව කරන නිජ්ඣාම තණ්හික ආදී ප්‍රේතයන්ද, ධනය සෙවීම මුල්කොට ඇති මහත්වූ නොයෙක් විපත්තීන්ට පැමිණෙන්නා වූ, අත්සිදීම් ආදී කම්කටොලුවලට පැමිණීමෙන් ද දුර්වණ වීම, දැකීමට අප්‍රිය වීම, දිළිඳුබව යනාදියෙන් ද සාපිපාසා ආදී ආබාධ යෙදීමෙන් ද බලවතුන් විසින් අභිභවනය කරන හෙයින් ද අනුන් උසුලන හෙයින් ද, පරාධීන හෙයින් ද, අනුන් විසින් යටත් කරන හෙයින්ද, නාරකික, ප්‍රේත, තිරිසන් යන මොවුන් ඉක්මවා පවත්නා වූ අපාය දුක් විශේෂයක් නොකොට දුක් අනුභව කරන්නා වූ මිනිසුන් එසේම පඤ්චකාම විෂය අනුභව කිරීමෙන් වික්ෂිප්ත වූ සිත් ඇති බැවින් රාගාදී පරිදාහයෙන් දැවෙන්නා වූ, වාත වේගයෙන් නැගී ගිනිදැල්වලින් සමෘද්ධ වූ වියලි දරගොඩෙහි ඇවිලෙන ගිනි කඳක් මෙන් නොසන්සුන් කාමපරිදාන ඇති, නොසන්සුන් නොනැසූ පරාධීන බව ඇති කාමාවචර දෙවියන් ද, මහත් වෑයමෙන් ඉතා දුරවූ අහසට නගින්නා වූ පක්ෂීන් මෙන්, බලවත් දුනුවායකු විසින් අතින් දුරට විදින ලද ඊයක් මෙන්ද, බොහෝ කලක් පැවතුම් ඇති කල්හිද අනිත්‍යය කෙළවර කොට ඇති බැවින් දිවි කෙළවර නො ඉක්මවූම ජාති ජරා මරණ ඇති රූපාවචර අරූපාවචර දෙවියන් ද දක්නා වූ බෝධිසත්ත්වයන් විසින් මහත් වූ සංවේග එළවා මෛත්‍රිය සහ කරුණාව සීමා රහිතව සත්ත්වයන් වෙත පැතිරවිය යුතුය. මෙසේ කයින් වචනයෙන් හා මනසින් නිරතුරුව බෝධිසම්භාර ධර්මයන් රැස් කරන්නහු විසින් යම්සේ පාරමිතාවෝ පිරීමට පැමිණෙත්ද මෙසේ සකස්ව නිරන්තරයෙන් නොමැලිව උත්සාහය පැවැත්විය යුතුය. වීර්‍ය්‍ය පාරමිතාව සම්පූර්ණ කළ යුතුය.
අපි ච අචින්තෙය්යාපරිමෙය්යවිපුලොළාරවිමලනිරුපමනිරූපක්කිලෙසගුණනිචයනිධානභූතස්ස බුද්ධභාවස්ස උස්සක්කිත්වා සම්පහංසනයොග්ගං වීරියං නාම අචින්තෙය්යානුභාවමෙව, යං න පචුරජනා සොතුම්පි සක්කුණන්ති, පගෙව පටිපජ්ජිතුං. තථා හි තිවිධා අභිනීහාරචිත්තුප්පත්ති, චතස්සො බුද්ධභූමියො, චත්තාරි සඞ්ගහවත්ථූනි, කරුණෙකරසතා, බුද්ධධම්මෙසු සච්ඡිකරණෙන විසෙසප්පච්චයො නිජ්ඣානඛන්ති, සබ්බධම්මෙසු නිරුපලෙපො, සබ්බසත්තෙසු පියපුත්තසඤ්ඤා, සංසාරදුක්ඛෙහි අපරිඛෙදො, සබ්බදෙය්යධම්මපරිච්චාගො, තෙන ච නිරතිමානතා, අධිසීලාදිඅධිට්ඨානං, තත්ථ ච අචඤ්චලතා, කුසලකිරියාසු පීතිපාමොජ්ජං, විවෙකනින්නචිත්තතා, ඣානානුයොගො, අනවජ්ජධම්මෙන අතිත්ති, යථාසුතස්ස ධම්මස්ස පරෙසං හිතජ්ඣාසයෙන දෙසනා, සත්තානං ඤායෙ නිවෙසනා, ආරම්භදළ්හතා, ධීරවීරභාවො, පරාපවාදපරාපකාරෙසු විකාරාභාවො, සච්චාධිට්ඨානං, සමාපත්තීසු වසීභාවො, අභිඤ්ඤාසු බලප්පත්ති, ලක්ඛණත්තයාවබොධො, සතිපට්ඨානාදීසු යොගකම්මාභියොගෙන ලොකුත්තරමග්ගසම්භාරසම්භරණං, නවලොකුත්තරාවක්කන්තීති එවමාදිකා සබ්බාපි බොධිසම්භාරපටිපත්ති වීරියානුභාවෙනෙව සමිජ්ඣතීති අභිනීහාරතො යාව මහාබොධි අනොස්සජ්ජන්තෙන සක්කච්චං නිරන්තරං වීරියං යථා උපරූපරි විසෙසාවහං හොති, එවං සම්පාදෙතබ්බං. සම්පජ්ජමානෙ ච යථාවුත්තෙ වීරියෙ ඛන්තිසච්චාධිට්ඨානාදයො ච දානසීලාදයො ච සබ්බෙපි බොධිසම්භාරා තදධීනවුත්තිතාය සම්පන්නා එව හොන්තීති ඛන්තිආදීසුපි ඉමිනාව නයෙන පටිපත්ති වෙදිතබ්බා.
තවද අචින්ත්‍ය වූ, අපරිමෙය්‍ය වූ, විපුල වූ, උදාර වූ, නිර්මල වූ, උපක්ලේශයන්ගෙන් තොරවූ, ගුණ සමූහයට නිධාන වූ, බුද්ධභාවය සඳහා උත්සාහවත් වී සතුටු වීමට සුදුසු වීර්‍ය්‍යය නම් නොසිතිය හැකි ආනුභාව ඇත්තේය. එය වනාහි බොහෝ දෙනා අසන්නටද නොහැකි වෙති. පිළිපැදීම ගැන කියනුම කවරේද? ඒ එසේමය. ත්‍රිවිධ වූ අභිනීහාර චිත්තෝත්පත්තිය, චතුර්විධ බුද්ධභූමි, සතර සංග්‍රහ වස්තු, කරුණාවට ඉඩ ඇති බව, බුද්ධ ධර්මයෙහි සාක්ෂාත්කරණයෙන් විශේෂ ප්‍රත්‍ය ඇති බව, ප්‍රතිවේධයට යෝග්‍ය බව, සියලු ධර්මයෙහි නොඇල්ම, සියලු සත්ත්වයන් කෙරෙහි පුත්‍ර සංඥාව, සසර දුකින් නොකළ කිරීම, සියලු දාන වස්තු පරිත්‍යාග කිරීම, එයින් අතිමාන රහිත බව, අධිශීල ශික්ෂාව අධිෂ්ඨාන කිරීම, එහි නිශ්චල බව, කුශල ක්‍රියාවන්හි ප්‍රීතිය හා ප්‍රමෝදය ඇති බව, විවේකයට නැමුණු සිත් ඇති බව, ධ්යනයෙහි යෙදීම, නිවැරදි ධර්මයෙන් තෘප්තියට නොපැමිණීම, අසනලද ධර්මය අනුන්ට හිතාද්ධ්යාශයෙන් දේශනා කිරීම, සත්ත්වයන් න්‍යායෙහි (ආර්‍ය්‍ය මාර්ගයෙහි) පිහිටුවීම, වීර්ය්යයාරම්භයෙහි ස්ථිර බව, ධීර වීර ගුණ ඇති බව, පරාපවාද පරාපකාරයන්හි වෙනසකට පත් නොවීම, සත්‍යාධිෂ්ඨානය, සමාපත්තීන්හි වසඟ බව, අභිඥා බලයට පත්වීම, ලක්ෂණත්රයාගේ අවබෝධය, සතිපට්ඨානාදියෙහි යෙදීමෙන් හා කර්මාභියෝගයෙන් ලෝකෝත්තර මාර්ගය ලැබීමට පාරමිතාවන්ගේ පිරීම, නවලෝකෝත්තර ධර්මයට බැසගැනීම යන මේ ආදීවූ සියලු බෝධිසම්භාර ප්‍රතිපත්තිය වීර්ය්යයානුභායෙන්ම සමෘද්ධ වන්නේ යයි අභිනීහාරයේ පටන් යම්තාක් සම්‍යක් සම්බෝධි ඥානය සිද්ධවේද, ඒ තාක් වීර්‍ය්‍ය අත්නොහරින්නාහු විසින් සකසා නිරතුරුව වීර්‍ය්‍ය පාරමිතාව යම්සේ මතුමත්තෙහි විශේෂයෙන් එළවන්නේ වේද එසේ සම්පාදනය කළ යුතුය. යටකියන ලද වීර්‍ය්‍ය පාරමිතාව සම්පාදනය කරන කල්හි ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන ආදී පාරමිතාවෝ ද දානශීලාදී වූ සියලු බෝධිසම්භාර ධර්මයෝද ඒ වීර්‍ය්‍ය පාරමිතාවට අයත් පැවතුම් ඇති බැවින් සමෘද්ධ වූවාහු නම් වෙති. ක්ෂාන්ති ආදී පාරමිතාවන්ගේ ද මේ ක්‍රමයෙන්ම ප්‍රතිපත්තිය දත යුතුය.
ඉති සත්තානං සුඛූපකරණපරිච්චාගෙන බහුධා අනුග්ගහකරණං දානෙන පටිපත්ති, සීලෙන තෙසං ජීවිතසාපතෙය්යදාරරක්ඛාඅභෙදපියහිතවචනාවිහිංසාදිකාරණානි, නෙක්ඛම්මෙන තෙසං ආමිසපටිග්ගහණධම්මදානාදිනා අනෙකවිධා හිතචරියා, පඤ්ඤාය තෙසං හිතකරණූපායකොසල්ලං, වීරියෙන තත්ථ උස්සාහාරම්භඅසංහීරානි, ඛන්තියා තදපරාධසහනං, සච්චෙන නෙසං අවඤ්චනතදුපකාරකිරියාසමාදානාවිසංවාදනාදි, අධිට්ඨානෙන තදුපකාරකරණෙ අනත්ථසම්පාතෙපි අචලනං, මෙත්තාය නෙසං හිතසුඛානුචින්තනං, උපෙක්ඛාය නෙසං උපකාරාපකාරෙසු විකාරානාපත්තීති එවං අපරිමාණෙ සත්තෙ ආරබ්භ අනුකම්පිතසබ්බසත්තස්ස මහාබොධිසත්තස්ස පුථුජ්ජනෙහි අසාධාරණො අපරිමෙය්යො පුඤ්ඤඤාණසම්භාරූපචයො එත්ථ පටිපත්තීති වෙදිතබ්බං. යො චෙතාසං පච්චයො වුත්තො, තස්ස ච සක්කච්චං සම්පාදනං.
මෙසේ සත්ත්වයන්ට සැපයට හේතු වූ උපකරණ පරිත්‍යාගයෙන් බොහෝ සෙයින් අනුග්‍රහ කිරීම, දානයෙන් වන්නා වූ ප්‍රතිපත්තිය වෙයි. ඒ සත්ත්වයන්ගේ ජීවිතය, සම්පත්, අඹුදරුවන් රැකීම, කේලාම් කීම් ආදියෙන් ඔවුනොවුන් නො බිඳීම, ප්‍රිය වචන හිතවචන කීම, හිංසා නො කිරීම, ශීලයෙන් වන්නා වූ ප්‍රතිපත්තිය වේ. සත්ත්වයන්ගේ ආමිස පිළිගැනීම, ධර්මදානාදියෙන් නොයෙක් ආකාර වූ හිත චරියාව නෛෂ්ක්‍රම්‍යයෙන් වන්නා වූ ප්‍රතිපත්තිය වේ. සත්ත්වයන්ගේ යහපතට හේතු වූ කරුණාව හා උපාය කෞශලය ඇතිවීම ප්‍රඥාවෙහි ප්‍රතිපත්තිය වේ. ඒ ප්‍රඥා ප්රතිපත්තියෙහි උත්සාහය පටන් ගැන්ම, පටන්ගත් වීර්‍ය්‍යය නොනැසී පවත්වා ගැනීම වීර්‍ය්‍ය පාරමිතාවේ ප්‍රතිපත්තිය වේ. සත්ත්වයන්ගේ අපරාධ ඉවසීම ක්ෂාන්තියෙහි ප්‍රතිපත්තිය වේ. සත්ත්වයන් වංචා නොකිරීම, සත්‍ය පාරමිතාවේ ප්‍රතිපත්තිය වේ. සත්ත්වයන්ට හිතසැප අනුව සිතීම මෛත්‍රී පාරමිතාවේ ප්‍රතිපත්තිය වේ. සත්ත්වයන්ගේ උපකාර අපකාර දෙකෙහි වෙනසකට පත් නොවීම උපේක්ෂා පාරමිතාවේ ප්‍රතිපත්තිය වේ යයි මෙසේ අප්‍රමාණ සත්ත්වයන් අරබයා අනුකම්පා කරන ලද සියලු සත්ත්වයන් ඇති මහාබෝධිසත්ත්වයන්ගේ පෘථග්ජනයන් හා අසාධාරණ වූ අප්‍රමාණ වූ පුණ්‍යසම්භාරය හා ඥාන සම්භාරය රැස් කිරීම මෙහි ප්‍රතිපත්තිය යයි දතයුතුය. මේ පාරමිතාවන්ගේ යම් ප්රත්යයයක් කියන ලද්දේ ද ඒ ප්‍රත්‍යයද සකස් කොට සම්පාදනය කිරීම ප්‍රතිපත්තිය වේ.
කො විභාගොති? දස පාරමියො, දස උපපාරමියො, දස පරමත්ථපාරමියොති සමත්තිංසපාරමියො. තත්ථ කතාභිනීහාරස්ස බොධිසත්තස්ස පරහිතකරණාභිනින්නාසයපයොගස්ස කණ්හධම්මවොකිණ්ණා සුක්කධම්මා පාරමියො එව, තෙහි අවොකිණ්ණා සුක්කධම්මා උපපාරමියො, අකණ්හඅසුක්කා පරමත්ථපාරමියොති කෙචි. සමුදාගමනකාලෙසු වා පූරියමානා පාරමියො, බොධිසත්තභූමියං පුණ්ණා උපපාරමියො, බුද්ධභූමියං සබ්බාකාරපරිපුණ්ණා පරමත්ථපාරමියො. බොධිසත්තභූමියං වා පරහිතකරණතො පාරමියො, අත්තහිතකරණතො උපපාරමියො, බුද්ධභූමියං බලවෙසාරජ්ජසමධිගමෙන උභයහිතපරිපූරණතො පරමත්ථපාරමියො.
11. “කො විභාගො” ඔවුන්ගේ විභාගය කවරේද? යන ප්‍රශ්නයෙහි දශ පාරමිතා, දශ උපපාරමිතා, දශ පරමත්ථ පාරමිතා යයි සමතිස් පාරමිතාවෝ වෙති. එහි කරන ලද අභිනීහාර ඇති පරහිත කරණයෙහි විශේෂයෙන් නැමුණු අදහස් හා ප්‍රයෝග ඇති බෝධිසත්ත්වයන්ගේ අකුශල ධර්මයන්ගෙන් ගැවසී නොගත් කුශල ධර්මයෝ උපපාරමීහු නම් වෙති. අකුශල් ද නොවූ කුශල් ද නොවූ ධර්මයෝ පරමාර්ථ පාරමී යයි සමහරු කියති. නැතහොත් පටන් ගන්නා කාලයෙහි පුරණු ලබන්නා වූ පාරමීහු පාරමී නම්වෙති. බෝධිසත්ත්ව භූමියෙහි සිට පුරන ලද්දාහු උපපාරමී නම් වෙති. බුද්ධ භූමියෙහි සිට සියලු ආකාරයෙන් සම්පූර්ණ කරන ලද්දාහු පරමත්ථ පාරමී නම් වෙති. නැතහොත් බෝධිසත්ත්ව භූමියෙහි පැවති දානාදීහු පරහිතකරණ හෙයින් පාරමීහු නම් වෙති. ආත්ම හිත කරන හෙයින් උපපාරමීහු නම් වෙති. බුද්ධ භූමියෙහි බලවත් විශාරද (දක්ෂ) බව අවබෝධ කර ගැනීමෙන් ආත්ම හිත පරහිතයයි කියන ලද උභය හිත සම්පූර්ණ කරන හෙයින් පරමාර්ථ පාරමීහු නම් වෙති.
එවං ආදිමජ්ඣපරියොසානෙසු පණිධානාරම්භපරිනිට්ඨානෙසු තෙසං විභාගොති අපරෙ. දොසූපසමකරුණාපකතිකානං භවසුඛවිමුත්තිසුඛපරමසුඛප්පත්තානං පුඤ්ඤූපචයභෙදතො තබ්බිභාගොති අඤ්ඤෙ. ලජ්ජාසතිමානාපස්සයානං ලොකුත්තරධම්මාධිපතීනං සීලසමාධිපඤ්ඤාගරුකානං තාරිතතරිතතාරයිතූනං අනුබුද්ධපච්චෙකබුද්ධසම්මාසම්බුද්ධානං පාරමී, උපපාරමී, පරමත්ථපාරමීති බොධිසත්තස්සුප්පත්තිතො යථාවුත්තවිභාගොති කෙචි. චිත්තපණිධිතො යාව වචීපණිධි, තාව පවත්තා සම්භාරා පාරමියො, වචීපණිධිතො යාව කායපණිධි, තාව පවත්තා උපපාරමියො, කායපණිධිතො පභුති පරමත්ථපාරමියොති අපරෙ. අඤ්ඤෙ පන “පරපුඤ්ඤානුමොදනවසෙන පවත්තා සම්භාරා පාරමියො, පරෙසං කාරාපනවසෙන පවත්තා උපපාරමියො, සයංකරණවසෙන පවත්තා පරමත්ථපාරමියො”ති වදන්ති.
මෙසේ මුල, මැද අවසානයන්හි ප්‍රණිධිය, ආරම්භය, අවසානය යන තුන් තන්හි ඒ පාරමිතාවන්ගේ විභාගය වේ යයි සමහර ආචාර්ය්ය කෙනෙක් කියති. දෝසයන් දුරුකිරීම හා කරුණාව ප්‍රකෘති කොට ඇති භවසුඛ, විමුත්ති සුඛ, පරම සුඛ යන මේ සැපයන්ට පැමිණි බෝසතුන්ගේ කුසල් රැස් කිරීමේ භේදයෙන් ඒ ත්‍රිවිධ විභාගය වේ යයි අන්‍ය ආචාර්‍ය්‍යවරයෝ කියති. ලජ්ජා, සති, මාන ආශ්‍රය කොට ඇති ලෝකෝත්තර ධර්මාධිපති වූ ශීල, සමාධි, ප්‍රඥා ගරුකොට ඇත්තා වූ එතර කරවන ලද්දා වූ එතර වන ලද්දා වූ කරවන්නා වූ. අනුබුද්ධ, ප්රත්යෙක බුද්ධ, සම්මාසම්බුද්ධයන් වහන්සේලාගේ පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී යයි බෝධිසත්ත්වයන්ගේ උත්පත්ති වශයෙන් යට කියන ලද විභාගය වේයයි සමහර ආචාර්ය්ය කෙනෙක් කියති. චිත්ත පණිධියේ සිට වචී පණිධිය දක්වා පැවති බෝධි සම්භාරයෝ පාරමී නම් වෙති, වචී පණිධියේ සිට කාය පණිධිය දක්වා පැවති බෝධි සම්භාරයෝ උපපාරමී නම් වෙති, කාය පණිධියේ සිට බුද්ධත්වය දක්වා පැවති බෝධිසම්භාරයෝ පරමත්ථ පාරමී වෙතියි සමහර ආචාර්ය්ය කෙනෙක් කියති. අන්‍ය ආචාර්ය්යය කෙනෙක් අනුන් විසින් දෙන ලද පින් අනුමෝදන් වීම් වශයෙන් පැවති බෝධි සම්භාරයෝ පාරමී නම් වෙති, අනුන් ලවා කරවීම් වශයෙන් පැවති බෝධි සම්භාරයෝ උපපාරමී නම් වෙති. තමා කිරීම් වශයෙන් පැවති බෝධි සම්භාරයෝ පරමාර්ථ පාරමී නම් වෙතියි කියති.
තථා භවසුඛාවහො පුඤ්ඤඤාණසම්භාරො පාරමී, අත්තනො නිබ්බානසුඛාවහො උපපාරමී, පරෙසං තදුභයසුඛාවහො පරමත්ථපාරමීති එකෙ. පුත්තදාරධනාදිඋපකරණපරිච්චාගො පන දානපාරමී, අඞ්ගපරිච්චාගො දානඋපපාරමී, අත්තනො ජීවිතපරිච්චාගො දානපරමත්ථපාරමීති. තථා පුත්තදාරාදිකස්ස තිවිධස්සාපි හෙතු අවීතික්කමනවසෙන තිස්සො සීලපාරමියො, තෙසු එව තිවිධෙසු වත්ථූසු ආලයං උපච්ඡින්දිත්වා නික්ඛමනවසෙන තිස්සො නෙක්ඛම්මපාරමියො, උපකරණඞ්ගජීවිතතණ්හං සමූහනිත්වා සත්තානං හිතාහිතවිනිච්ඡයකරණවසෙන තිස්සො පඤ්ඤාපාරමියො. යථාවුත්තභෙදානං පරිච්චාගාදීනං වායමනවසෙන තිස්සො වීරියපාරමියො, උපකරණඞ්ගජීවිතන්තරායකරානං ඛමනවසෙන තිස්සො ඛන්තිපාරමියො, උපකරණඞ්ගජීවිතහෙතු සච්චාපරිච්චාගවසෙන තිස්සො සච්චපාරමියො, දානාදිපාරමියො අකුප්පාධිට්ඨානවසෙනෙව සමිජ්ඣන්තීති, උපකරණාදිවිනාසෙපි අචලාධිට්ඨානවසෙන තිස්සො අධිට්ඨානපාරමියො, උපකරණාදිඋපඝාතකෙසුපි සත්තෙසු මෙත්තාය අවිජහනවසෙන තිස්සො මෙත්තාපාරමියො, යථාවුත්තවත්ථුත්තයස්ස උපකාරාපකාරෙසු සත්තසඞ්ඛාරෙසු මජ්ඣත්තතාපටිලාභවසෙන තිස්සො උපෙක්ඛාපාරමියොති එවමාදිනා එතාසං විභාගො වෙදිතබ්බාති.
එසේ සසර සැප එළවන පුණ්යඥාන සම්භාරය පාරමී නම්වේ. තමාට නිවන් සුව එළවන්නා වූ පුණ්යඥාන සම්භාරයෝ උපපාරමී නම් වෙති. අනුන්ට ඒ සැප දෙක එළවන්නා වූ පුණ්‍ය ඥාන සම්භාරයෝ පරමත්ථ පාරමී නම් වෙතියි සමහරු කියති. 1. අඹුදරුවන් හා ධනාදී උපකරණ පරිත්‍යාගය වනාහි දාන පාරමි වේ. තමාගේ ශරීරාඞ්ග පරිත්‍යාගය දාන උපපාරමී වේ. තමාගේ ජීවිත පරිත්‍යාගය දාන පරමත්ථ පාරමී නම් වේයයි මෙසේ දාන පාරමිතාවෝ තුන් දෙනෙකි. 2. එසේම පුත්‍ර දාරාදී ත්‍රිවිධ පරිත්‍යාගයට හේතු නොඉක්මවීම් වශයෙන් ශීල පාරමිතාවෝ තුන් දෙනෙක් වෙති. 3. ඒ ත්‍රිවිධ වස්තුවෙහිම ආලය සිඳදමා නික්මීම් වශයෙන් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවෝ තුන් දෙනෙක් වෙති. 4. උපකරණ, අඞ්ග, ජීවිත යන මේ තුනෙහි තණ්හාව මුලින් සිඳ දමා සත්ත්වයන්ට හිත අහිත විනිශ්චය කිරීම් වශයෙන් ප්‍රඥා පාරමිතාවෝ තිදෙනෙක් වෙති. 5. කියන ලද ප්‍රභේද ඇති පරිත්යාගාදියට වෑයම් කිරිම් වශයෙන් වීර්‍ය්‍ය පාරමිතාවෝ ද තිදෙනෙක් වෙති. 6. උපකරණ, අඞ්ග, ජීවිත යන මේවාට අන්තරාය කරන්නවුන්ට ක්ෂමා කිරීම් වශයෙන් ක්ෂාන්ති පාරමිතාවෝ තිදෙනෙක් වෙති. 7. උපකරණ, අඞ්ග, ජීවිත යන මොවුන් නිසා සත්‍ය අත්නොහැරීම් වශයෙන් සත්‍ය පාරමිතාවෝ තිදෙනෙක් වෙති. 8. දානාදී පාරමිතාවෝ ස්ථිර අධිෂ්ඨාන වශයෙන්ම සමෘද්ධ වෙති, උපකරණාදීන්ගේ විනාශයේදී ද අචලාධිෂ්ඨාන වශයෙන් අධිෂ්ඨාන පාරමිතාවෝ ද තිදෙනෙක් වෙති. 9. උපකරණාදිය විනාශ කරන සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය අත් නොහැරීම් වශයෙන් මෛත්‍රී පාරමිතාවෝ තිදෙනෙක් වෙති. 10. කියන ලද වස්තු තුනට උපකාර අපකාර කරන සත්ත්ව සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථතාවය ලැබීම් වශයෙන් උපේක්ෂා පාරමිතාවෝ ද තිදෙනෙක් වෙතියි මේ ආදී ක්‍රමයෙන් මේ පාරමිතාවන්ගේ විභාගය දත යුතුය.
කො සඞ්ගහොති? එත්ථ පන යථා එතා විභාගතො තිංසවිධාපි දානපාරමිආදිභාවතො දසවිධා, එවං දානසීලඛන්තිවීරියඣානපඤ්ඤාසභාවෙන ඡබ්බිධා. එතාසු හි නෙක්ඛම්මපාරමී සීලපාරමියා සඞ්ගහිතා, තස්සා පබ්බජ්ජාභාවෙ, නීවරණවිවෙකභාවෙ පන ඣානපාරමියා කුසලධම්මභාවෙ ඡහිපි සඞ්ගහිතා. සච්චපාරමී සීලපාරමියා එකදෙසො එව වචීවිරතිසච්චපක්ඛෙ, ඤාණසච්චපක්ඛෙ පන පඤ්ඤාපාරමියා සඞ්ගහිතා. මෙත්තාපාරමි ඣානපාරමියා එව. උපෙක්ඛාපාරමී ඣානපඤ්ඤාපාරමීහි. අධිට්ඨානපාරමී සබ්බාහිපි සඞ්ගහිතාති.
12. “කො සඞ්ග හො” මොවුන්ගේ සංග්‍රහය කවරේද? යන මේ ප්‍රශ්නයෙහි වනාහි මේ පාරමිතාවෝ විභාග වශයෙන් සමතිස් වැදෑරුම් වන අතරම දාන පාරමී ආදී වශයෙන් දශ වැදෑරුම් ද වෙති. එසේම දාන, ශීල, ක්ෂාන්ති, වීර්‍ය්‍යය, ධ්‍යාන, ප්‍රඥා යන මොවුන්ගේ ස්වභාවයෙන් සය වැදෑරුම් වෙති. මේවා අතුරෙන් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පැවිද්ද වශයෙන් ලැබෙන කල්හි ශීල පාරමිතාවෙහිම සංග්‍රහ කරන ලදී. නීවරණයන්ගෙන් වෙන්වීම් වශයෙන් ලැබෙන කල්හි ධ්‍යාන පාරමිතාවේ සංග්‍රහ කරන ලදී. (සෙසු අකුශලයන්ගෙන් වෙන්ව) කුශල ධර්ම වශයෙන් ලැබෙන කල්හි දානාදී සයෙන්ම සංග්‍රහ කරන ලදී. සත්‍ය පාරමිතාව ශීල පාරමිතාවේම ඒකදේශයක් වේ. වචීවිරති ප්රත්යවේක්ෂා ඥානය වනාහි ප්‍රඥා පාරමිතාවෙහි සංග්‍රහ කරන ලදී. මෛත්‍රී පාරමිතාව ධ්‍යාන පාරමිතාවේම සංගෘහිත වේ. අධිෂ්ඨාන පාරමිතාව සියලු පාරමිතාවන්ගෙන්ම සංගෘහිත වේ.
එතෙසඤ්ච දානාදීනං ඡන්නං ගුණානං අඤ්ඤමඤ්ඤසම්බන්ධානං පඤ්චදසයුගලාදීනි පඤ්චදසයුගලාදිසාධකානි හොන්ති. සෙය්යථිදං – දානසීලයුගලෙන පරහිතාහිතානං කරණාකරණයුගලසිද්ධි, දානඛන්තියුගලෙන අලොභාදොසයුගලසිද්ධි, දානවීරියයුගලෙන චාගසුතයුගලසිද්ධි, දානඣානයුගලෙන කාමදොසප්පහානයුගලසිද්ධි. දානපඤ්ඤායුගලෙන අරියයානධුරයුගලසිද්ධි, සීලඛන්තිද්වයෙන පයොගාසයසුද්ධිද්වයසිද්ධි, සීලවීරියද්වයෙන භාවනාද්වයසිද්ධි, සීලඣානද්වයෙන දුස්සීල්යපරියුට්ඨානප්පහානද්වයසිද්ධි, සීලපඤ්ඤාද්වයෙන දානද්වයසිද්ධි, ඛන්තිවීරියයුගලෙන ඛමාතෙජද්වයසිද්ධි, ඛන්තිඣානයුගලෙන විරොධානුරොධප්පහානයුගලසිද්ධි, ඛන්තිපඤ්ඤායුගලෙන සුඤ්ඤතාඛන්තිපටිවෙධදුකසිද්ධි, වීරියඣානදුකෙන පග්ගහාවික්ඛෙපදුකසිද්ධි, වීරියපඤ්ඤාදුකෙන සරණදුකසිද්ධි, ඣානපඤ්ඤාදුකෙන යානදුකසිද්ධි , දානසීලඛන්තිත්තිකෙන ලොභදොසමොහප්පහානත්තිකසිද්ධි, දානසීලවීරියත්තිකෙන භොගජීවිතකායසාරාදානත්තිකසිද්ධි, දානසීලඣානත්තිකෙන පුඤ්ඤකිරියවත්ථුත්තිකසිද්ධි, දානසීලපඤ්ඤාතිකෙන ආමිසාභයධම්මදානත්තිකසිද්ධීති. එවං ඉතරෙහිපි තිකෙහි චතුක්කාදීහි ච යථාසම්භවං තිකානි ච චතුක්කාදීනි ච යොජෙතබ්බානි.
මේ ඔවුනොවුන් සම්බන්ධ වූ දානාදී සය ගුණයන්ගේ පසළොස් වැදෑරුම් යුගලාදීහු පසළොස් යුගලාදීන් සිද්ධ කරන්නාහු වෙති. ඒ කෙසේ ද යත්? දාන ශීල යුගලයෙන් පරහිත කරණය හා පර අහිත අකරණය යන යුගලයාගේ සිද්ධිය වේ. දාන ක්ෂාන්ති යුගලයෙන් අලෝභ අදෝෂ යුගල සිද්ධිය වේ. දාන වීර්‍ය්‍ය යුගලයෙන් ත්‍යාග සති යුගලයාගේ සිද්ධිය වේ. දාන ධ්‍යාන යුගලයෙන් කාම ද්වේෂ ප්‍රහාණ යුගල සිද්ධිය වේ. ධ්‍යාන ප්‍රඥා යුගලයෙන් ආර්‍ය්‍ය යාන ධුර යුගල සිද්ධිය වේ. ශීල ක්ෂාන්ති දෙකෙන් ප්‍රයෝග ආසය දෙදෙනාගේ සිද්ධිය වේ. ශීල වීර්‍ය්‍යය දෙකෙන් භාවනා දෙකෙහි සිද්ධිය වේ. ශීල ධ්‍යාන දෙකෙන් දුසිල් බවෙන් නැගී සිටීම හා ප්රහාණය යන දෙක සිද්ධ වේ. ශීල ප්‍රඥා දෙකෙන් දානද්වයාගේ සිද්ධිය වේ. ක්ෂාන්ති වීර්‍ය්‍ය යුගලයෙන් ක්ෂමාව තේජස යන දෙකෙහි සිද්ධිය වේ. ක්ෂාන්ති ධ්‍යාන යුගලයෙන් විරෝධ අනුරෝධ (එකඟ බව) ප්‍රහාණ යුගල සිද්ධිය වේ. ක්ෂාන්ති ප්‍රඥා යුගලයෙන් ශූන්‍යතා ක්ෂාන්ති ප්‍රතිවේධ දෙකෙහි සිද්ධිය වේ. වීර්‍ය්‍ය ධ්‍යාන දෙකෙන් උත්සාහය, කලබල නොවීම යන දෙකෙහි සිද්ධිය වේ. වීර්‍ය්‍ය ප්‍රඥා දෙකෙන් සරණ දෙකෙහි සිද්ධිය වේ. ධ්‍යාන ප්‍රඥා දෙකෙන් යාන දෙකෙහි සිද්ධිය වේ. දාන ශීල ක්ෂාන්ති ත්‍රිකයෙන් (තුනේ සමූහය) ලෝභ, දෝස, මෝහ, ප්‍රහාණ ත්‍රිකයෙහි සිද්ධිය වේ. දාන ශීල වීර්‍ය්‍ය ත්‍රිකයෙන් භෝග, ජීවිත, කාය යන මොවුන්ගේ සාරාදාන ත්‍රිකයෙහි සිද්ධිය වේ. දාන ශීලධ්යාන ත්‍රිකයෙන් පුණ්‍යක්‍රියා වස්තු ත්‍රිකයෙහි සිද්ධිය වේ. දාන ශීල ප්‍රඥා ත්‍රිකයෙන් ආමිස, අභය, ධර්ම යන දාන ත්‍රිකයෙහි සිද්ධිය වේ. මෙසේ අවශේෂ ත්රිකයන්ගෙන් ද චතුෂ්කයන්ගෙන් ද ලැබෙන පරිද්දෙන් ත්‍රිකයෝ ද චතුෂ්කයෝ ද යෙදිය යුත්තාහ.
එවං ඡබ්බිධානම්පි පන ඉමාසං පාරමීනං චතූහි අධිට්ඨානෙහි සඞ්ගහො වෙදිතබ්බො. සබ්බපාරමීනං සමූහසඞ්ගහතො හි චත්තාරි අධිට්ඨානානි, සෙය්යථිදං – සච්චාධිට්ඨානං, චාගාධිට්ඨානං, උපසමාධිට්ඨානං, පඤ්ඤාධිට්ඨානන්ති. තත්ථ අධිතිට්ඨති එතෙන, එත්ථ වා අධිතිට්ඨති, අධිට්ඨානමත්තමෙව වා තන්ති අධිට්ඨානං, සච්චඤ්ච තං අධිට්ඨානඤ්ච, සච්චස්ස වා අධිට්ඨානං, සච්චං අධිට්ඨානමෙතස්සාති වා සච්චාධිට්ඨානං. එවං සෙසෙසුපි. තත්ථ අවිසෙසතො තාව ලොකුත්තරගුණෙ කතාභිනීහාරස්ස අනුකම්පිතසබ්බසත්තස්ස මහාසත්තස්ස පටිඤ්ඤානුරූපං සබ්බපාරමිපරිග්ගහතො සච්චාධිට්ඨානං. තාසං පටිපක්ඛපරිච්චාගතො චාගාධිට්ඨානං . සබ්බපාරමිතාගුණෙහි උපසමතො උපසමාධිට්ඨානං. තෙහි එව පරහිතොපායකොසල්ලතො පඤ්ඤාධිට්ඨානං.
මෙසේ මේ සවැදෑරුම් වූද මේ පාරමීන්ගේ වනාහි සතර අධිෂ්ඨානයන්ගේ සංග්‍රහය දතයුතුය. සියලු පාරමීන්ගේ සමූහ සංග්‍රහ වශයෙන් වනාහි සතර අධිෂ්ඨානයක් ඇත. ඒ කවරේද යත්-: සත්‍යාධිෂ්ඨානය, ත්‍යාගාධිෂ්ඨානය, උපසමාධිෂ්ඨානය, ප්‍රඥාධිෂ්ඨානය යන සතරයි. එහි “මෙය කරණ කොට ගෙන පිහිටා සිටියි, මෙහි හෝ පිහිටයි. ඒ පිහිටීම් මාත්‍රයම හෝ අධිෂ්ඨාන නම් වේ. සත්‍ය වූයේත් එයමය අධිෂ්ඨාන වූයේත් එයමය, නැතහොත් සත්‍යයාගේ අධිෂ්ඨානය හෝ මොහුට සත්‍යය අධිෂ්ඨාන යයි යන අර්ථයෙන් සත්යාධිෂ්ඨාන නමි. සෙසු තන්හිද මෙසේමය. එහි සාමාන්‍යයෙන් පළමුකොට ලෝකෝත්තර වශයෙන් කළ අභිනීහාර ඇති අනුකම්පා කළ සියලු සත්ත්වයන් ඇති මහාසත්ත්වයන්ගේ ප්‍රතිඥාවට අනුරූපව සියලු පාරමිතාවන්ගේ පරිග්‍රහ වශයෙන් සත්‍යාධිෂ්ඨානය ද, ඒ පාරමිතාවන්ට විරුද්ධ ධර්මයන් දුරුකිරීම් වශයෙන් ත්‍යාගාධිෂ්ඨානය ද, සියලු පාරමිතා ගුණයන් කරණකොට ගෙන සන්සිඳීම් වශයෙන් උපසමාධිෂ්ඨානය ද ඒ පාරමිතා ගුණයන් කරණකොට ගෙන පරවැඩ කිරිමෙහි උපාය කෞශල්‍ය වශයෙන් ප්‍රඥාධිෂ්ඨානය ද දත යුතුය.
විසෙසතො පන යාචකජනං අවිසංවාදෙත්වා දස්සාමීති පටිජානනතො පටිඤ්ඤං අවිසංවාදෙත්වා දානතො දානං අවිසංවාදෙත්වා අනුමොදනතො මච්ඡරියාදිපටිපක්ඛපරිච්චාගතො දෙය්යධම්මපටිග්ගාහකදානදෙය්යධම්මක්ඛයෙසු ලොභදොසමොහභයවූපසමතො යථාරහං යථාකාලං යථාවිධානඤ්ච දානතො පඤ්ඤුත්තරතො ච කුසලධම්මානං චතුරධිට්ඨානපදට්ඨානං දානං. තථා සංවරසමාදානස්ස අවීතික්කමනතො දුස්සීල්යපරිච්චාගතො දුච්චරිතවූපසමනතො පඤ්ඤුත්තරතො ච චතුරධිට්ඨානපදට්ඨානං සීලං. යථාපටිඤ්ඤං ඛමනතො, පරාපරාධවිකප්පපරිච්චාගතො, කොධපරියුට්ඨානවූපසමනතො, පඤ්ඤුත්තරතො, ච චතුරධිට්ඨානපදට්ඨානා ඛන්ති. පටිඤ්ඤානුරූපං පරහිතකරණතො, විසදපරිච්චාගතො, අකුසලවූපසමනතො, පඤ්ඤුත්තරතො ච චතුරධිට්ඨානපදට්ඨානං වීරියං. පටිඤ්ඤානුරූපං ලොකහිතානුචින්තනතො, නීවරණපරිච්චාගතො, චිත්තවූපසමනතො, පඤ්ඤුත්තරතො ච චතුරධිට්ඨානපදට්ඨානං ඣානං. යථාපටිඤ්ඤං පරහිතූපායකොසල්ලතො, අනුපායකිරියාපරිච්චාගතො, මොහජපරිළාහවූපසමනතො, සබ්බඤ්ඤුතාපටිලාභතො ච චතුරධිට්ඨානපදට්ඨානා පඤ්ඤා.
විශේෂයෙන් වනාහි යාචක ජනයන් මුළා නොකොට දෙන්නෙමි”යි කියා අනුදැනීම් වශයෙන් ප්‍රතිඥාව විසංවාදය (බොරු) නොකොට දන් දෙන හෙයින් ද විසංවාදනය නොකොට අනුමෝදන් වන හෙයින් ද මසුරුකම ආදී විරුද්ධ ධර්ම දුරුකරන හෙයින් ද, දෙයධර්ම ප්‍රතිග්‍රාහක දානය ද, දාන වස්තු ක්ෂය වූ කල්හි ලෝභ, දෝෂ මෝහ, භය, සංසිඳුවන හෙයින්ද සුදුසු පරිදි සුදුසු කල අදිටන් කළ පරිදි දෙන හෙයින් ද, කුශල ධර්මයන්ට ප්‍රඥාව උත්තර හෙයින්ද, දානය සතර අධිෂ්ඨානය පදස්ථාන කොට ඇත්තේය. එසේම සංවර සමාදානය නොඉක්මවන හෙයින් ද දුශ්ශීලභාවය දුරු කරන හෙයින් ද දුශ්චරිතයන් සංසිඳුවන හෙයින් ද ප්‍රඥාව උත්තර වන හෙයින්ද ශීලය සතර අධිෂ්ඨානයන් පදස්ථාන කොට ඇත්තේය. ප්රතිඥානුරූපව ඉවසන හෙයින්ද, පරාපරාධ විකල්පයන් පරිත්‍යාග කරන හෙයින්ද ක්‍රෝධය මතුවීම සංසිඳුවන හෙයින්ද ප්‍රඥාව උත්තර වන හෙයිද ක්ෂාන්තිය සතර අධිෂ්ඨානය පදස්ථාන කොට ඇත්තේය. ප්‍රතිඥාවට අනුරූපව අනුන්ගේ යහපත කරන හෙයින්ද, පිරිසිදු පරිත්‍යාග ඇති හෙයින්ද අකුශලයන් සංසිඳුවන හෙයින්ද, ප්‍රඥාව උත්තර වන හෙයින්ද වීර්‍ය්‍යය සතර අධිෂ්ඨානය පදස්ථාන කොට ඇත්තේය. ප්‍රතිඥාවට අනුරූපව ලෝකයාට හිත පිණිස සිතන හෙයින් ද නීවරණයන් පරිත්‍යාග කරන හෙයින් ද සිත සංසිඳුවන හෙයින් ද ප්‍රඥාව උත්තර වන හෙයින් ද ධ්‍යානය සතර අධිෂ්ඨානයන් පදස්ථාන කොට ඇත්තේය. ප්‍රතිඥා පරිදි අනුන්ගේ යහපත සඳහා උපාය කෞශල්‍යයෙන් යුක්ත වන හෙයින් ද වැරදි ආකාරයේ ක්‍රියා පරිත්‍යාග කරන හෙයින් ද මෝහය නිසා හටගත් පරිදාහයන් සංසිඳුවන හෙයින් ද සර්වඥතා ප්‍රතිලාභයෙන් ද ප්‍රඥාව සතර අධිෂ්ඨානයන් පදස්ථාන කොට ඇත්තේය.
තත්ථ ඤෙය්යපටිඤ්ඤානුවිධානෙහි සච්චාධිට්ඨානං. වත්ථුකාමකිලෙසකාමපරිච්චාගෙහි චාගාධිට්ඨානං. දොසදුක්ඛවූපසමෙහි උපසමාධිට්ඨානං. අනුබොධපටිවෙධෙහි පඤ්ඤාධිට්ඨානං. තිවිධසච්චපරිග්ගහිතං දොසත්තයවිරොධි සච්චාධිට්ඨානං. තිවිධචාගපරිග්ගහිතං දොසත්තයවිරොධි චාගාධිට්ඨානං. තිවිධවූපසමපරිග්ගහිතං දොසත්තයවිරොධි උපසමාධිට්ඨානං. තිවිධඤාණපරිග්ගහිතං දොසත්තයවිරොධි පඤ්ඤාධිට්ඨානං. සච්චාධිට්ඨානපරිග්ගහිතානි චාගූපසමපඤ්ඤාධිට්ඨානානි අවිසංවාදනතො පටිඤ්ඤානුවිධානතො ච, චාගාධිට්ඨානපරිග්ගහිතානි සච්චූපසමපඤ්ඤාධිට්ඨානානි පටිපක්ඛපරිච්චාගතො සබ්බපරිච්චාගඵලත්තා ච, උපසමාධිට්ඨානපරිග්ගහිතානි සච්චචාගපඤ්ඤාධිට්ඨානානි කිලෙසපරිළාහවූපසමනතො කාමූපසමනතො කාමපරිළාහවූපසමනතො ච, පඤ්ඤාධිට්ඨානපරිග්ගහිතානි සච්චචාගූපසමාධිට්ඨානානි ඤාණපුබ්බඞ්ගමතො ඤාණානුපරිවත්තනතො චාති එවං සබ්බාපි පාරමියො සච්චප්පභාවිතා චාගපරිබ්යඤ්ජිතා උපසමොපබ්රූහිතා පඤ්ඤාපරිසුද්ධා. සච්චඤ්හි එතාසං ජනකහෙතු. චාගො පරිග්ගාහකහෙතු, උපසමො පරිවුද්ධිහෙතු, පඤ්ඤා පාරිසුද්ධිහෙතු. තථා ආදිම්හි සච්චාධිට්ඨානං සච්චපටිඤ්ඤත්තා, මජ්ඣෙ චාගාධිට්ඨානං කතපණිධානස්ස පරහිතාය අත්තපරිච්චාගතො. අන්තෙ උපසමාධිට්ඨානං සබ්බූපසමපරියොසානත්තා. ආදිමජ්ඣපරියොසානෙසු පඤ්ඤාධිට්ඨානං තස්මිං සති සම්භවතො අසති අභාවතො යථාපටිඤ්ඤඤ්ච භාවතො.
එහි ඥෙය්‍ය ප්රතිඥානුවිධානයෙන් සත්‍යාධිෂ්ඨානය වේ. වස්තු කාම ක්ලේශ කාමයන් පරිත්‍යාග කිරීමෙන් ත්‍යාගාධිෂ්ඨානය වේ. ද්වේශය හා දුක් දුරුකිරීමෙන් උපසමාධිෂ්ඨානය වේ. අනුබෝධ ප්රතිවේධයන්ගෙන් ප්‍රඥාධිෂ්ඨානය වේ. ත්‍රිවිධ සත්‍යයෙන් අල්වා ගත්තේ දෝෂත්‍රයට විරුද්ධ වූයේ සත්යාධිෂ්ඨානයයි. ත්‍රිවිධ ත්‍යාගයෙන් අල්ලා ගත්තේ දෝෂත්‍රයට විරුද්ධ වූයේ ත්යාගාධිෂ්ඨානයයි. ත්‍රිවිධ උපසමයෙන් පරිගෘහිත වූයේ දෝෂත්‍රයට විරෝධී වූයේ උපසමාධිෂ්ඨානයයි. ත්‍රිවිධ ඥානයෙන් පරිගෘහිත වූයේ දෝෂත්‍රයට විරෝධී වූයේ ප්රඥාධිෂ්ඨානයයි. අසත්‍ය ප්‍රකාශ නොකිරීමෙන් ද ප්‍රතිඥාවට අනුව ක්‍රියා කිරීමෙන් ද ත්‍යාග, උපසම, ප්රඥාධිෂ්ඨානයෝ සත්යාදිෂ්ඨානයෙන් අල්ලා ගන්නා ලද්දාහ. විරුද්ධ දේ අත්හැරීමෙන්ද සියලු පරිත්‍යාගයන් ඵලකොට ඇති බැවින්ද සත්‍ය උපසම ප්රඥාධිෂ්ඨානයෝ ත්යාගාදිෂ්ඨානයෙන් අල්ලා ගන්නා ලද්දාහ. ක්ලේශ පරිදාහයන් සංසිඳුවන හෙයින් ද කාමයන් සංසිඳුවන හෙයින් ද කාම පරිදාහයන් සංසිඳුවන හෙයින් ද සත්යත්යාගප්රඥාධිෂ්ඨානයෝ උපසම අධිෂ්ඨානයෙන් අල්ලා ගන්නා ලද්දාහ. ඥානය පෙරටු කොට ඇති බැවින් ද නුවණට අනුව පවත්නා හෙයින් ද සත්යත්යාග උපසමාධිෂ්ඨානයෝ ප්‍රඥාධිෂ්ඨානයෙන් අල්ලා ගන්නා ලද්දාහයි මෙසේ සියලු පාරමිතාවෝ සත්‍යයෙන් උපත ලදහ. ත්‍යාගයෙන් අල්ලා ගන්නා ලදහ. උපසමයෙන් වර්ධනය කරන ලදහ. ප්‍රඥාවෙන් පිරිසිදු කරන ලදහ. සත්‍යය වනාහි මේ පාරමිතාවන්ට ජනක හේතුවයි. ත්‍යාගය පරිග්රාහක හේතුවයි. උපසමය අභිවෘද්ධියට හේතුවයි. ප්‍රඥාව පාරිශුද්ධියට හේතුවයි. එසේම සත්‍ය ප්‍රතිඥා ඇති බැවින් මුලට සත්‍යාධිෂ්ඨානය ද කරන ලද ප්‍රාර්ථනා ඇත්තහුගේ පරවැඩ පිණිස ආත්ම පරිත්‍යාග කරන හෙයින් මධ්‍යයෙහි ත්‍යාගාධිෂ්ඨානය ද සියලු උපසමයන් අවසන්කොට ඇති බැවින් අවසානයට උපසමාධිෂ්ඨානය ද ප්‍රඥාව ඇති කල්හි ලැබෙන හෙයින් ද ප්‍රඥාව නොමැති කල්හි නොලැබෙන බැවින් ද ප්‍රතිඥාවට අනුව වන හෙයින්ද ප්‍රඥාධිෂ්ඨානය ආදී මධ්‍ය අන්තයන්හි දත යුතුය.
තත්ථ මහාපුරිසා සතතමත්තහිතපරහිතකරෙහි ගරුපියභාවකරෙහි සච්චචාගාධිට්ඨානෙහි ගිහිභූතා ආමිසදානෙන පරෙ අනුග්ගණ්හන්ති. තථා අත්තහිතපරහිතකරෙහි ගරුපියභාවකරෙහි උපසමපඤ්ඤාධිට්ඨානෙහි ච පබ්බජිතභූතා ධම්මදානෙන පරෙ අනුග්ගණ්හන්ති.
එහිදී මහාපුරුෂයෝ ගිහි වූවාහු නිරන්තරයෙන්, ආත්මහිත පරහිතකර වූද ගරුප්රියභාවය කරන්නා වූද, සත්යත්යාගාධිෂ්ඨානයන් කරණ කොට ගෙන ආමිස දානයෙන් අනුන්ට අනුග්‍රහ කරති. එසේම පැවිදි වූවාහු ආත්ම හිත පරහිතකර වූද ගරුප්රියභාවය කරන්නා වූද උපසම අධිෂ්ඨානය හා ප්‍රඥා අධිෂ්ඨානය කරණ කොට ගෙන ධර්ම දානයෙන් අනුන්ට අනුග්‍රහ කරති.
තත්ථ අන්තිමභවෙ බොධිසත්තස්ස චතුරධිට්ඨානපරිපූරණං. පරිපුණ්ණචතුරධිට්ඨානස්ස හි චරිමකභවූපපත්තීති එකෙ. තත්ර හි ගබ්භොක්කන්තිඨිතිඅභිනික්ඛමනෙසු පඤ්ඤාධිට්ඨානසමුදාගමෙන සතො සම්පජානො සච්චාධිට්ඨානපාරිපූරියා සම්පතිජාතො උත්තරාභිමුඛො සත්තපදවීතිහාරෙන ගන්ත්වා සබ්බා දිසා ඔලොකෙත්වා සච්චානුපරිවත්තිනා වචසා – “අග්ගොහමස්මි ලොකස්ස, ජෙට්ඨොහමස්මි ලොකස්ස, සෙට්ඨොහමස්මි ලොකස්සා”ති (දී· නි· 2.31; ම· නි· 3.207) තික්ඛත්තුං සීහනාදං නදි.
එහි නොයෙක් භවයන්හි බෝධිසත්ත්වයන්ගේ සතර අධිෂ්ඨානයන් සම්පූර්ණ කිරීම වේ. සම්පූර්ණ කළ සතර අධිෂ්ඨාන ඇත්තාහුගේ වනාහි අවසාන භවයෙහි උත්පත්තිය වේ යයි ඇතැම් කෙනෙක් කියති. එහිදී වනාහි (බෝසත්හු) ගැබ පිළිසිඳ ගැනීම, පැවැත්ම, අභිනිෂ්ක්‍රමණය යන තන්හි ප්‍රඥාධිෂ්ඨානය හටගැනීමෙන් සිහි ඇත්තාහු මැනවින් දන්නාහු (වෙත්) සත්යාධිෂ්ඨානයාගේ සම්පූර්ණ වීම හේතුකොට ගෙන උපන් ඇසිල්ලෙහිම උතුරු දිගට මුහුණලා සත් පියවරින් වැඩ සියලු දිශාවන් බලා සත්‍යය අනුව පවතින වචනයෙන් “අග්ගො හමස්මි ලොකස්ස, ජෙට්ඨො හමස්මි ලොකස්ස සෙට්ඨො හමස්මි ලොකස්ස” (මම ලෝකයාට අග්‍ර වෙමි, ලෝකයාට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලෝකයාට ශ්‍රේෂ්ඨ වෙමි) යි තුන්වරක් සිංහනාද කළ සේක.
උපසමාධිට්ඨානසමුදාගමෙන ජිණ්ණාතුරමතපබ්බජිතදස්සාවිනො චතුධම්මපදෙසකොවිදස්ස යොබ්බනාරොග්යජීවිතසම්පත්තිමදානං උපසමො. චාගාධිට්ඨානසමුදාගමෙන මහතො ඤාතිපරිවට්ටස්ස හත්ථගතස්ස ච චක්කවත්තිරජ්ජස්ස අනපෙක්ඛපරිච්චාගොති.
උපසමාධිෂ්ඨානයාගේ හටගැනීමෙන් මහලු, රෝගී, මළ, පැවිදි ස්වරූපයන් දැක්කා වූ චතුර්විධ ධර්මප්රදේශයෙහි දක්ෂ වූවහුගේ යෞවන, ආරෝග්‍ය, ජීවිත, සම්පත්ති මදයන්ගේ සන්සිඳීම වේ. ත්‍යාගාධිෂ්ඨානය හටගැනීමෙන් මහත් වූ ඤාති සමූහයාගේ ද අතට පත් සක්විති රාජ්‍යයේ ද අපේක්ෂා රහිත පරිත්‍යාගය විය.
දුතියෙ ඨානෙ අභිසම්බොධියං චතුරධිට්ඨානං පරිපුණ්ණන්ති කෙචි. තත්ථ හි යථාපටිඤ්ඤං සච්චාධිට්ඨානසමුදාගමෙන චතුන්නං අරියසච්චානං අභිසමයො, තතො හි සච්චාධිට්ඨානං පරිපුණ්ණං. චාගාධිට්ඨානසමුදාගමෙන සබ්බකිලෙසූපක්කිලෙසපරිච්චාගො, තතො හි චාගාධිට්ඨානං පරිපුණ්ණං. උපසමාධිට්ඨානසමුදාගමෙන පරමූපසමප්පත්ති, තතො හි උපසමාධිට්ඨානං පරිපුණ්ණං. පඤ්ඤාධිට්ඨානසමුදාගමෙන අනාවරණඤාණපටිලාභො, තතො හි පඤ්ඤාධිට්ඨානං පරිපුණ්ණන්ති. තං අසිද්ධං, අභිසම්බොධියාපි පරමත්ථභාවතො.
දෙවන ස්ථානය වූ සම්‍යක් සම්බෝධියේදී අධිෂ්ඨාන සතර සම්පූර්ණ වීයයි සමහරු කියති. එහිදී වනාහි ප්රතිඥානුරූපව සත්‍යාධිෂ්ඨානය හට ගැනීමෙන් චතුරාර්ය සත්‍යයෙහි අවබෝධය වෙයි. එයින් වනාහි සත්‍යාධිෂ්ඨානය සම්පූර්ණ විය. ත්යාගාධිෂ්ඨානයේ හටගැනීමෙන් සියලු ක්ලේශ හා උපක්ලේශයන්ගේ පරිත්‍යාගය වෙයි. එයින් වනාහි ත්‍යාගාධිෂ්ඨානය සම්පූර්ණ විය. උපසමාධිෂ්ඨානය හට ගැනීමෙන් උත්තම උපසමයට පැමිණිම වෙයි. එයින් වනාහි උපසමාධිෂ්ඨානය සම්පූර්ණ විය. ප්‍රඥාධිෂ්ඨානය හට ගැනීමෙන් අනාවරණ ඥානයාගේ ප්‍රතිලාභය වෙයි. එයින් වනාහි ප්‍රඥාධිෂ්ඨානය සම්පූර්ණ විය. මෙය සම්‍යක් සම්බෝධියගේද පරමාර්ථභාවය නිසා අසිද්ධය.
තතියෙ ඨානෙ ධම්මචක්කප්පවත්තනෙ චතුරධිට්ඨානං පරිපුණ්ණන්ති අඤ්ඤෙ. තත්ථ හි සච්චාධිට්ඨානසමුදාගතස්ස ද්වාදසහි ආකාරෙහි අරියසච්චදෙසනාය සච්චාධිට්ඨානං පරිපුණ්ණං. චාගාධිට්ඨානසමුදාගතස්ස සද්ධම්මමහායාගකරණෙන චාගාධිට්ඨානං පරිපුණ්ණං. උපසමාධිට්ඨානසමුදාගතස්ස සයං උපසන්තස්ස පරෙසං උපසමනෙන උපසමාධිට්ඨානං පරිපුණ්ණං. පඤ්ඤාධිට්ඨානසමුදාගතස්ස වෙනෙය්යානං ආසයාදිපරිජානනෙන පඤ්ඤාධිට්ඨානං පරිපුණ්ණන්ති. තදපි අසිද්ධං, අපරියොසිතත්තා බුද්ධකිච්චස්ස.
තුන්වන ස්ථානය වූ දම්සක් පැවැත්වීමේ දී සතර අධිෂ්ඨානයන් සම්පූර්ණ වේයයි අන්‍ය ආචාර්ය්ය කෙනෙක් කියති. එහිදී වනාහි සත්‍යාධිෂ්ඨානයෙන් යුක්තවූවහුගේ දොළොස් ආකාරයකින් ආර්‍ය්‍ය සත්යදේශනාවෙන් සත්‍යාධිෂ්ඨානය සම්පූර්ණ විය. ත්යාගාධිෂ්ඨානයේ පටන් ගැනීමෙන් යුක්ත තැනැත්තහුගේ සද්ධර්ම මහායාගය කිරීමෙන් ත්‍යාගාධිෂ්ඨානය සම්පූර්ණ විය. උපසමාධිෂ්ඨානයේ පටන් ගැන්මෙන් යුත් තැනැත්තහුගේ තමා උපසමවූයේ අනුන් උපසමනය කිරීමෙන් උපසමාධිෂ්ඨානය සම්පූර්ණ විය. ප්‍රඥාධිෂ්ඨානයෙන් යුක්ත තැනැත්තහුගේ හික්මවිය යුතු ජනයාගේ ආසයාදිය දැන ගැනීමෙන් ප්‍රඥාධිෂ්ඨානය සම්පූර්ණ විය. බුද්ධ කෘත්‍යය නොනිමි බැවින් එයද අසිද්ධය.
චතුත්ථෙ ඨානෙ පරිනිබ්බානෙ චතුරධිට්ඨානං පරිපුණ්ණන්ති අපරෙ. තත්ර හි පරිනිබ්බුතත්තා පරමත්ථසච්චසම්පත්තියා සච්චාධිට්ඨානං පරිපුණ්ණං. සබ්බූපධිපටිනිස්සග්ගෙන චාගාධිට්ඨානං පරිපුණ්ණං. සබ්බසඞ්ඛාරූපසමෙන උපසමාධිට්ඨානං පරිපුණ්ණං. පඤ්ඤාපයොජනපරිනිට්ඨානෙන පඤ්ඤාධිට්ඨානං පරිපුණ්ණන්ති. තත්ර මහාපුරිසස්ස විසෙසෙන මෙත්තාඛෙත්තෙ අභිජාතියං සච්චාධිට්ඨානසමුදාගතස්ස සච්චාධිට්ඨානපරිපූරණමභිබ්යත්තං, විසෙසෙන කරුණාඛෙත්තෙ අභිසම්බොධියං පඤ්ඤාධිට්ඨානසමුදාගතස්ස පඤ්ඤාධිට්ඨානපරිපූරණමභිබ්යත්තං, විසෙසෙන මුදිතාඛෙත්තෙ ධම්මචක්කප්පවත්තනෙ චාගාධිට්ඨානසමුදාගතස්ස චාගාධිට්ඨානපරිපූරණමභිබ්යත්තං, විසෙසෙන උපෙක්ඛාඛෙත්තෙ පරිනිබ්බානෙ උපසමාධිට්ඨානසමුදාගතස්ස උපසමාධිට්ඨානපරිපූරණමභිබ්යත්තන්ති දට්ඨබ්බං.
පරිනිර්වාණ සඞ්ඛ්‍යාත සිවුවෙනි ස්ථානයෙහි චතුරාධිෂ්ඨානය සම්පූර්ණ වීයයි අන්‍ය ආචාර්ය්ය කෙනෙක් කියති. එහිදී වනාහි පරිනිර්වාණය කළ හෙයින් පරමාර්ථ සත්‍ය සම්පත්තියෙන් සත්‍යාධිෂ්ඨානය සම්පූර්ණ විය. සියලු උපධීන්ගේ පරිත්‍යාගයෙන් ත්‍යාගාධිෂ්ඨානය සම්පූර්ණ විය. සියලු සංස්කාරයන් සංසිඳවීමෙන් උපසමාධිෂ්ඨානය සම්පූර්ණ විය. ප්‍රඥා ප්රයෝගයන් දැනගැනීම හා පරිනිර්වාණයෙන් ප්‍රඥාධිෂ්ඨානය සම්පූර්ණ විය. එහි විශේෂයෙන්ම මෛත්‍රියට කෙත වූ ඉපදීමෙහි සත්‍යාධිෂ්ඨානයෙන් යුක්ත මහාපුරුෂයාගේ සත්යාධිෂ්ඨානයාගේ සම්පූර්ණ කිරීම ප්‍රකට කරන ලදී. විශේෂයෙන් කරුණාවට කෙත වූ අභිසම්බෝධියෙහි ප්‍රඥාධිෂ්ඨානයෙන් යුත් තැනැත්තහුගේ ප්‍රඥාධිෂ්ඨානය සම්පූර්ණ කිරීම ප්‍රකට කරන ලදී. විශේෂයෙන් මුදිතාවට කෙත වූ දම්සක් පැවැත්වීමේදී ත්‍යාගාධිෂ්ඨානයෙන් යුත් තැනැත්තහුගේ ත්‍යාගාධිෂ්ඨානය සම්පූර්ණ කිරීම ප්‍රකට කරන ලදී. විශේෂයෙන් උපේක්ෂාවට ක්ෂේත්‍ර වූ පරිනිර්වාණයෙහි උපසමාධිෂ්ඨානයෙන් යුත් තැනැත්තහුගේ උපසමාධිෂ්ඨානයේ සම්පූර්ණ කිරීම ප්‍රකට කරන ලද්දේ යයි දත යුතුය.
තත්ර සච්චාධිට්ඨානසමුදාගතස්ස සංවාසෙන සීලං වෙදිතබ්බං. චාගාධිට්ඨානසමුදාගතස්ස සංවොහාරෙන සොචෙය්‍යං වෙදිතබ්බං. උපසමාධිට්ඨානසමුදාගතස්ස ආපදාසු ථාමො වෙදිතබ්බො. පඤ්ඤාධිට්ඨානසමුදාගතස්ස සාකච්ඡාය පඤ්ඤා වෙදිතබ්බා. එවං සීලාජීවචිත්තදිට්ඨිවිසුද්ධියො වෙදිතබ්බා. තථා සච්චාධිට්ඨානසමුදාගමෙන දොසාගතිං න ගච්ඡති අවිසංවාදනතො. චාගාධිට්ඨානසමුදාගමෙන ලොභාගතිං න ගච්ඡති අනභිසඞ්ගතො. උපසමාධිට්ඨානසමුදාගමෙන භයාගතිං න ගච්ඡති අනපරාධතො. පඤ්ඤාධිට්ඨානසමුදාගමෙන මොහාගතිං න ගච්ඡති යථා භූතාවබොධතො.
එහි සත්‍යාධිෂ්ඨානයෙන් යුත් තැනැත්තහුගේ ශීලය, එක්ව විසීමෙන් දත යුතුය. ත්‍යාගාධිෂ්ඨානයෙන් යුත් තැනැත්තහුගේ පිරිසුදු බව මනා ව්‍යවහාරයෙන් (කතාවෙන්) දතයුතුය. උපසමාධිෂ්ඨානයෙන් යුත් තැනැත්තහුගේ වීර්‍ය්‍යය, විපත්තින්හීදී දත යුතුය. ප්‍රඥාධිෂ්ඨානයෙන් යුත් තැනැත්තහුගේ ප්‍රඥාව, සාකච්ඡාවෙන් දතයුතුය. මේ ක්‍රමයෙන් ශීල, ආජීව, චිත්ත, දිට්ඨි විසුද්ධීහු දත යුත්තාහ. එසේම සත්‍යාධිෂ්ඨානයෙන් යුක්ත වීම හේතුකොට ගෙන, අනුන් නොරවටන හෙයින් ද්වේෂයෙන් අගතියට නොයයි. ත්‍යාගාධිෂ්ඨානය හේතුකොට ගෙන, වස්තූන්හි නොඇලෙන බැවින් ලෝභයෙන් අගතියට නොයයි. උපසමාධිෂ්ඨානය හේතුකොට ගෙන, අපරාධ නොකරන හෙයින් භයින් අගතියට නොයයි. ප්‍රඥාධිෂ්ඨානය හේතුකොට ගෙන, යථා ස්වභාවය අවබෝධ කරන හෙයින් මෝහයෙන් අගතියට නොයයි.
තථා පඨමෙන අදුට්ඨො අධිවාසෙති, දුතියෙන අලුද්ධො පටිසෙවති, තතියෙන අභීතො පරිවජ්ජෙති, චතුත්ථෙන අසම්මූළ්හො විනොදෙති. පඨමෙන නෙක්ඛම්මසුඛප්පත්ති, ඉතරෙහි පවිවෙකඋපසමසම්බොධිසුඛප්පත්තියො හොන්තීති දට්ඨබ්බා. තථා විවෙකජපීතිසුඛසමාධිජපීතිසුඛඅපීතිජකායසුඛසතිපාරිසුද්ධිජ- උපෙක්ඛාසුඛප්පත්තියො එතෙහි චතූහි යථාක්කමං හොන්ති. එවමනෙකගුණානුබන්ධෙහි චතූහි අධිට්ඨානෙහි සබ්බපාරමිසමූහසඞ්ගහො වෙදිතබ්බො. යථා ච චතූහි අධිට්ඨානෙහි සබ්බපාරමිසඞ්ගහො, එවං කරුණාපඤ්ඤාහිපීති දට්ඨබ්බං. සබ්බොපි හි බොධිසම්භාරො කරුණාපඤ්ඤාහි සඞ්ගහිතො. කරුණාපඤ්ඤාපරිග්ගහිතා හි දානාදිගුණා මහාබොධිසම්භාරා භවන්ති බුද්ධත්තසිද්ධිපරියොසානාති. එවමෙතාසං සඞ්ගහො වෙදිතබ්බො.
එසේම ප්‍රථම අධිෂ්ඨානයෙන් දූෂිත නොවූයේ ඉවසයි. දෙවෙනි අධිෂ්ඨානයෙන් ඇලීමෙන් තොරවූයේ සිවුපසය සේවනය කරයි. තෙවෙනි අධිෂ්ඨානයෙන් බියට පත් නොවූයේ දුරු කරයි. සිවුවෙනි අධිෂ්ඨානයෙන් මුළා නොවූයේ දුරු කළ යුතු ධර්මයන් දුරු කරයි. ප්‍රථම අධිෂ්ඨානයන්ගෙන් නෛෂ්ක්‍රම්‍ය සැපයට පත්වේ. අනෙක් අධිෂ්ඨානයන්ගෙන් විවේක, උපසම, සම්බෝධි යන සැපයන්ට පැමිණිම සිදුවෙති”යි දත යුතුය. එසේම විවේකයෙන් උපන් ප්‍රීති සුඛය, සමාධියෙන් උපන් ප්‍රීති සුඛය, ප්‍රීතියෙන් තොරව උපන් කාය සුඛය, සතිපාරිශුද්ධියෙන් උපන් උපේක්ෂා සුඛය යන මේවා මේ සතර අධිෂ්ඨානයන්ගෙන් පිළිවෙලින් වෙයි. මෙසේ නොයෙක් ගුණයන් හා බැදුණු සතර අධිෂ්ඨානයන්ගෙන් සියලු පාරමී සමූහයාගේ සංග්‍රහය වේයයි දත යුතුය. යම්සේ මේ සතර අධිෂ්ඨානයෙන් සියලු පාරමිතාවන්ගේ සංග්‍රහය වේද, එසේම කරුණා ප්‍රඥා දෙකින්ද සංග්‍රහය වේයයි දත යුතුය. සියලු බෝධි සම්භාරය තෙම කරුණා ප්‍රඥා දෙකෙන් සංග්‍රහ කරන ලද්දේය. කරුණා ප්‍රඥා දෙකෙන් පරිගෘහිත වූ දානාදී ගුණයෝ මහාබෝධි සම්භාරයෝ වෙති. බුද්ධත්ව සිද්ධිය කෙළවර කොට ඇත්තාහ’යි මෙසේ මේ පාරමිතාවන්ගේ සංග්‍රහය වේ යයි දත යුතුය.
කො සම්පාදනූපායොති? සකලස්සාපි පුඤ්ඤාදිසම්භාරස්ස සම්මාසම්බොධිං උද්දිස්ස අනවසෙසසම්භරණං අවෙකල්ලකාරිතායොගෙන, තත්ථ ච සක්කච්චකාරිතා ආදරබහුමානයොගෙන, සාතච්චකාරිතා නිරන්තරයොගෙන, චිරකාලාදියොගො ච අන්තරා අවොසානාපජ්ජනෙනාති. තං පනස්ස කාලපරිමාණං පරතො ආවි භවිස්සති. ඉති චතුරඞ්ගයොගො එතාසං පාරමීනං සම්පාදනූපායො. තථා මහාසත්තෙන බොධාය පටිපජ්ජන්තෙන සම්මාසම්බොධාය බුද්ධානං පුරෙතරමෙව අත්තා නිය්යාතෙතබ්බො – “ඉමාහං අත්තභාවං බුද්ධානං නිය්යාතෙමී”ති. තංතංපරිග්ගහවත්ථුඤ්ච පටිලාභතො පුරෙතරමෙව දානමුඛෙ නිස්සජ්ජිතබ්බං. “යං කිඤ්චි මය්හං උප්පජ්ජනකං ජීවිතපරික්ඛාරජාතං, සබ්බං තං සති යාචකෙ දස්සාමි, තෙසං පන දින්නාවසෙසං එව මයා පරිභුඤ්ජිතබ්බ”න්ති.
13. “කො සම්පාදනූපායො” මොවුන්ගේ සම්පාදන උපාය කවරේද? යන මේ ප්‍රශ්නයෙහි සම්‍යක් සම්බෝධිය උදෙසා සියලු පුණ්යාදී සමූහයාගේ නොවෙනස්ව යෙදීමෙන් නිරවශේෂයෙන් රැස්කිරීමය, එහිද ආදර බහුමානයෙන් යුක්තව සකස් කරන බවය, නිරතුරුව යෙදීමෙන් නොනැවතී කිරීමය, අතරතුර කෙළවරකට නොපැමිණීමෙන් බොහෝ කාලයක් යෙදීමය යන මේ චතුරංග යෝගය වනාහි මේ පාරමීන්ගේ සම්පාදනෝපාය වේ. මෙහි ඒ කාලපරිමාණය පසුව සඳහන් වන්නේය. එසේම බුද්ධත්වය පිණිස පිළිපදින්නා වූ මහාසත්ත්වයන් විසින් සම්‍යක් සම්බෝධිය පිණිස පළමුකොටම බුදුවරයන්ට තමන්ගේ ආත්මය “මම මේ ආත්මභාවය බුදුවරයන්ට පවරා දෙමි”යි පවරා දිය යුතුය. අයිතිකොට ගත් ඒ ඒ වස්තුවද ප්‍රතිලාභයෙන් පළමුකොටම (ලැබීමට කලින්ම) දාන මුඛයෙහි අත්හැරිය යුතුය. මට උපදනා වූ යම්කිසි ජීවිත පරිෂ්කාර ආදියක් ඇත්ද ඒ සියල්ල යාචකයන් ඇති කල්හි දෙන්නෙමි. ඔවුන්ට දී ඉතිරියම මාවිසින් අනුභව කළ යුතුය.
එවං හිස්ස සම්මදෙව පරිච්චාගාය කතෙ චිත්තාභිසඞ්ඛාරෙ යං උප්පජ්ජති පරිග්ගහවත්ථු අවිඤ්ඤාණකං සවිඤ්ඤාණකං වා, තත්ථ යෙ ඉමෙ පුබ්බෙ දානෙ අකතපරිචයො, පරිග්ගහවත්ථුස්ස පරිත්තභාවො, උළාරමනුඤ්ඤතා, පරික්ඛයචින්තාති චත්තාරො දානවිනිබන්ධා, තෙසු යදා මහාබොධිසත්තස්ස සංවිජ්ජමානෙසු දෙය්යධම්මෙසු පච්චුපට්ඨිතෙ ච යාචකජනෙ දානෙ චිත්තං න පක්ඛන්දති න කමති. තෙන නිට්ඨමෙත්ථ ගන්තබ්බං “අද්ධාහං දානෙ පුබ්බෙ අකතපරිචයො, තෙන මෙ එතරහි දාතුකම්යතා චිත්තෙ න සණ්ඨාතී”ති. සො එවං මෙ ඉතො පරං දානාභිරතං චිත්තං භවිස්සති, හන්දාහං ඉතො පට්ඨාය දානං දස්සාමි, නනු මයා පටිකච්චෙව පරිග්ගහවත්ථු යාචකානං පරිච්චත්තන්ති දානං දෙති මුත්තචාගො පයතපාණී වොසග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. එවං මහාසත්තස්ස පඨමො දානවිනිබන්ධො හතො හොති විහතො සමුච්ඡින්නො.
මෙසේ මනාකොට පරිත්‍යාග කළ කල්හි එතුමන්ගේ චිත්තාභිසංස්කාරයෙහි සවිඤ්ඤාණක වූ හෝ අවිඤ්ඤාණක වූ හෝ යම් පරිග්‍රහ වස්තුවක් උපදීද එහි දානයෙහි කලින් නොකළ පුරුද්දය. පරිග්‍රහ වස්තුවගේ මඳ බවය, උදාර මනෝඥභාවය, ක්ෂය වීම පිළිබඳ සිතුවිල්ලය යන දානය පිළිබඳ බැදීම් සතරක් වෙයි. ඔවුන් අතුරෙන් යම්කලෙක දිය යුතු වස්තූන් ඇති කල්හි යාචක ජනයා ද එළඹ සිටි කල්හි මහා බෝධිසත්ත්වයන්ගේ සිත ඊට නොනැමේද, ඒ අනුව නොයයිද ඒ කරණකොටගෙන “මම ඒකාන්තයෙන් දීමෙහි පෙර නොකළා වූ පුරුදු ඇත්තෙමි. එහෙයින් දැන් දන්දෙනු කැමති බව මගේ සිතෙහි නොපිහිටයි කියා නිගමනය කළ යුතුය. හෙතෙම “මෙයින් මතු මට දානයෙහි ඇලුනු සිතක් ඇති වන්නේය, එබැවින් මෙතැන් පටන් මම දන් දෙන්නෙම් නම් මැනවි. මා විසින් පළමුකොටම පරිග්රහවස්තු යාචකයන්ට පරිත්‍යාග කළේ නොවේදැ”යි මුදාහළ පරිත්‍යාග ඇත්තේ පිරිසිදු අත් ඇත්තේ, දීමෙහි ඇලුනේ, ඉල්ලීමට සුදුසු වන්නේ, දානසංවිභාගයෙහි ඇලුම් ඇත්තේ දන්දෙයි. මෙසේ මහාසත්ත්වයන්ගේ පළමුවන දාන බන්ධනය නැසුණේ වෙයි. විශේෂයෙන් නැසුණේ වෙයි. මුලින් සිඳුනේ වෙයි.
තථා මහාසත්තො දෙය්යධම්මස්ස පරිත්තභාවෙ සති වෙකල්ලෙ ච ඉති පටිසඤ්චික්ඛති – “අහං ඛො පුබ්බෙ අදානසීලතාය එතරහි එවං පච්චයවිකලො ජාතො , තස්මා ඉදානි මයා පරිත්තෙන වා හීනෙන වා යථාලද්ධෙන දෙය්යධම්මෙන අත්තානං පීළෙත්වාපි දානමෙව දාතබ්බං, යෙනාහං ආයතිම්පි දානපාරමිං මත්ථකං පාපෙස්සාමී”ති. සො ඉතරීතරෙන තං දානං දෙති මුත්තචාගො පයතපාණී වොසග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. එවං මහාසත්තස්ස දුතියො දානවිනිබන්ධො හතො හොති විහතො සමුච්ඡින්නො.
එසේම මහාසත්ත්වයෝ දිය යුතු වස්තුව මඳවූ කල්හිද විකල වූ කල්හිද මෙසේ සලකති:- “මම වනාහි පෙර නුදුන් බැවින් දැන් මෙසේ ප්‍රත්‍යය අඩුවූයෙම් වෙමි. එබැවින් දැන් මා විසින් මඳ වූ හෝ හීන වූ හෝ ලද යම් දාන වස්තුවකින් තමාට පීඩා කොට හෝ “මම මත්තෙහි දාන පාරමිතාව මුදුන් පමුණුවන්නෙමි”යි කියා දානයම දිය යුතුය. හෙතෙම ලද දෙයකින් මුදාහළ පරිත්‍යාග ඇත්තේ, පිරිසිදු අත් ඇත්තේ, දානයෙහි ඇලුම් ඇත්තේ, ඉල්ලීමට සුදුසු වන්නේ, දාන සංවිභාගයෙහි ඇලුම් ඇත්තේ, දන් දෙයි. මෙසේ මහාසත්ත්වයන්ගේ දෙවෙනි බන්ධනය නැසුණේ වෙයි. විශේෂයෙන් නැසුණේ වෙයි. මුල් සිඳුනේ වෙයි.
තථා මහාසත්තො දෙය්යධම්මස්ස උළාරමනුඤ්ඤතාය අදාතුකම්යතාචිත්තෙ උප්පජ්ජමානෙ ඉති පටිසඤ්චික්ඛති – “නනු තයා සප්පුරිස උළාරතමා සබ්බසෙට්ඨා සම්මාසම්බොධි අභිපත්ථිතා, තස්මා තදත්ථං තයා උළාරමනුඤ්ඤෙ එව දෙය්යධම්මෙ දාතුං යුත්තරූප”න්ති. සො උළාරං මනුඤ්ඤඤ්ච දෙති මුත්තචාගො පයතපාණී වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. එවං මහාපුරිසස්ස තතියො දානවිනිබන්ධො හතො හොති විහතො සමුච්ඡින්නො.
එසේම මහාසත්ත්වයෝ දිය යුතු වස්තුවෙහි උසස් ලෙස සිත් අලවන බැවින් නොදෙනු කැමති බව සිතෙහි උපන් කල්හි “සත්පුරුෂය, නුඹ විසින් ඉතා උදාර වූ හැමටම ශ්‍රේෂ්ඨ වූ සම්‍යක් සම්බෝධිය පතන ලද්දේ නොවේද, එබැවින් නුඹ විසින් ඒ සඳහා උදාර වූද මනෝඥ වූද දිය යුතු වස්තු දීමට සුදුසුම යයි සලකති. හෙතෙම උදාර වූද මනෝඥ වූද දේ මුදාහළ ත්‍යාග ඇත්තේ, පිරිසිදු අත් ඇත්තේ, දීමෙහි ඇලුම් ඇත්තේ, ඉල්ලීමට සුදුසු වන්නේ, දාන සංවිභාගයෙහි ඇලුම් ඇත්තේ දෙයි. මෙසේ මහාපුරුෂයන්ගේ තෙවෙනි දාන බන්ධනය ද නැසුණේ වෙයි. විශේෂයෙන් නැසුණේ වෙයි. මුල් සිඳුණේ වෙයි.
තථා මහාසත්තො දානං දෙන්තො යදා දෙය්යධම්මස්ස පරික්ඛයං පස්සති, සො ඉති පටිසඤ්චික්ඛති – “අයං ඛො භොගානං සභාවො, යදිදං ඛයධම්මතා වයධම්මතා ච. අපි ච මෙ පුබ්බෙ තාදිසස්ස දානස්ස අකතත්තා එවං භොගානං පරික්ඛයො දිස්සති, හන්දාහං යථාලද්ධෙන දෙය්යධම්මෙන පරිත්තෙන වා විපුලෙන වා දානමෙව දදෙය්යං, යෙනාහං ආයතිං දානපාරමියා මත්ථකං පාපුණිස්සාමී”ති. සො යථාලද්ධෙන දානං දෙති මුත්තචාගො පයතපාණී වොසග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. එවං මහාසත්තස්ස චතුත්ථො දානවිනිබන්ධො හතො හොති විහතො සමුච්ඡින්නො. එවං යෙ යෙ දානපාරමියා විනිබන්ධභූතා අනත්ථා, තෙසං තෙසං යථාරහං පච්චවෙක්ඛිත්වා පටිවිනොදනං උපායො. යථා ච දානපාරමියා, එවං සීලපාරමිආදීසුපි දට්ඨබ්බං.
එසේම මහාසත්ත්වයෝ දන් දෙන්නහු යම්කලෙක දාන වස්තුවෙහි ක්ෂය වීමක් දකිත්ද උන්වහන්සේ එවිට මෙසේ සලකති, “යම් මේ ක්ෂය වන ස්වභාවයක් විනාශ වන ස්වභාවයක් වේද ඒ වනාහි භෝගයන්ගේ ස්වභාවයයි. එසේ වුවත් මා විසින් පෙර එබඳු දානයන් නොදෙන ලද හෙයින් මෙසේ භෝගයන්ගේ ක්ෂය වීමක් පෙනේ. එබැවින් මම ස්වල්ප වූ හෝ මහත් වූ හෝ ලැබුණු දාන වස්තුවකින් දානයම දෙන්නෙම් නම් යෙහෙකි. මම මතු දාන පාරමිතාව මුදුන් පමුණුවන්නෙමියි කියාය. හෙතෙම මුදාහළ ත්‍යාග ඇත්තේ, පිරිසිදු අත් ඇත්තේ, දීමෙහි ඇලුනේ, ඉල්ලීමට සුදුසු වන්නේ, දාන සංවිභාගයෙහි ඇලුනේ ලැබුණු පරිදි දන් දෙයි. මෙසේ මහාසත්ත්වයන්ගේ සිවුවෙනි දාන බන්ධනය නැසුණේ වෙයි. විශේෂයෙන් නැසුණේ වෙයි. මුලින් සිඳුණේ වෙයි. මෙසේ දාන පාරමිතාවට බන්ධන වූ යම් යම් අනර්ථ දෙයක් වේද ඒවා සුදුසු පරිදි සලකා දුරු කිරීම “උපාය” නම් වේ. දාන පාරමිතාවෙහි යම්සේ ද ශීලපාරමිතා ආදියෙහිද එසේම යයි දත යුතුය.
අපි ච යං මහාසත්තස්ස බුද්ධානං අත්තසන්නිය්යාතනං, තං සම්මදෙව සබ්බපාරමීනං සම්පාදනූපායො. බුද්ධානඤ්හි අත්තානං නිය්යාතෙත්වා ඨිතො මහාපුරිසො තත්ථ තත්ථ බොධිසම්භාරපාරිපූරියා ඝටෙන්තො වායමන්තො සරීරස්ස සුඛූපකරණානඤ්ච උපච්ඡෙදකෙසු දුස්සහෙසුපි කිච්ඡෙසු දුරභිසම්භවෙසුපි සත්තසඞ්ඛාරසමුපනීතෙසු අනත්ථෙසු තිබ්බෙසු පාණහරෙසු “අයං මයා අත්තභාවො බුද්ධානං පරිච්චත්තො, යං වා තං වා එත්ථ හොතූ”ති තංනිමිත්තං න කම්පති න වෙධති, ඊසකම්පි අඤ්ඤථත්තං න ගච්ඡති, කුසලාරම්භෙ අඤ්ඤදත්ථු අචලාධිට්ඨානොව හොති, එවං අත්තසන්නිය්යාතනම්පි එතාසං සම්පාදනූපායො.
තවද මහාසත්ත්වයන්ගේ බුදුවරුන්ට යම් ආත්ම පවරාදීමක් වේද, ඒ වනාහි සියලු පාරමිතාවන්ගේම මනාකොට සම්පාදනෝපාය වේ. බුදුවරයන්ට වනාහි ආත්මය පරිත්‍යාගකොට සිටියා වූ මහාපුරුෂතෙම ඒ ඒ තන්හි බෝධි සම්භාර ධර්මයන් සම්පූර්ණ කිරීමට ගැටෙන්නේ වෑයම් කරන්නේ ශරීරය ද සැප උපකරණයන් ද සිඳලන්නා වූ ඉවසිය නොහැක්කා වූ සම්පූර්ණ නොකළ හැක්කා වූ ක්‍රියාවන්හිද සත්ත්ව සංස්කාරයන් විසින් එළවන ලද දරුණු වූ, ප්‍රාණය පැහැර ගන්නා වූ අනර්ථයන් ඇති කල්හි ද මවිසින් මේ ආත්මභාවය බුදුවරුන්ට පරිත්‍යාග කරන ලද්දේය මෙහි යමක් වේනම් එය වේවායි එය නිමිති කොට කම්පා නොවෙයි. නො වෙව්ලයි. මඳකුදු වෙනසකට නොපැමිණයි. ඒකාන්තයෙන් කුශලාරම්භයෙහි නිශ්චල අධිෂ්ඨාන ඇත්තෙක් වෙයි. මෙසේ ආත්ම පරිත්‍යාගය ද මේ පාරමීන්ගේ “සම්පාදනුපාය” වෙයි.
අපි ච සමාසතො කතාභිනීහාරස්ස අත්තනි සිනෙහස්ස පරිසොසනං පරෙසු ච සිනෙහස්ස පරිවඩ්ඪනං එතාසං සම්පාදනූපායො. සම්මාසම්බොධිසමධිගමාය හි කතමහාපණිධානස්ස මහාසත්තස්ස යාථාවතො පරිජානනෙන සබ්බෙසු ධම්මෙසු අනුපලිත්තස්ස අත්තනි සිනෙහො පරික්ඛයං පරියාදානං ගච්ඡති, මහාකරුණාසමාසෙවනෙන පන පියපුත්තෙ විය සබ්බසත්තෙ සම්පස්සමානස්ස තෙසු මෙත්තාකරුණාසිනෙහො පරිවඩ්ඪති, තතො ච තංතදවත්ථානුරූපං අත්තපරසන්තානෙසු ලොභදොසමොහවිගමෙන විදූරීකතමච්ඡරියාදිබොධිසම්භාරපටිපක්ඛො මහාපුරිසො දානපියවචනඅත්ථචරියාසමානත්තතාසඞ්ඛාතෙහි චතූහි සඞ්ගහවත්ථූහි චතුරධිට්ඨානානුගතෙහි අච්චන්තං ජනස්ස සඞ්ගහකරණෙන උපරි යානත්තයෙ අවතාරණං පරිපාචනඤ්ච කරොති.
තවද සැකෙවින් කරන ලද අභිනීහාර ඇති බෝධිසත්ත්වයන්ගේ තමා කෙරෙහි ඇති සෙනෙහස වියලවීමද අනුන් කෙරෙහි සෙනෙහස වැඩීමද මේ පාරමිතාවන්ගේ සම්පාදනුපාය වේ. සම්‍යක් සම්බෝධිය අවබෝධ කර ගැනීම පිණිස කරන ලද ප්‍රාර්ථනා ඇති යථා ස්වභාවයෙන් දැන ගැනීමෙන් සියලු ධර්මයන්හි ඇලීමක් නැත්තා වූ මහාසත්ත්වයන්ගේ ආත්ම ස්නේහය නිරවශේෂයෙන් ගෙවී යන්නේය. මහාකරුණා සමාසේවනයෙන් වනාහි සියලු සත්ත්වයන් ප්‍රිය පුත්‍රයන් මෙන් දක්වා වූ මහාසත්ත්වයන්ගේ, සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී කරුණා සෙනෙහස වැඩෙන්නේය. ඉක්බිති ඒ ඒ අවස්ථාවට සුදුසුව තමාගේ සහ අන්‍යයන්ගේ සිත්වල ලෝභ ද්වේෂ, මෝහයන් පහකිරීමෙන් මාත්සර්ය්යාදී බෝධිසම්භාරයන්ට විරුද්ධ ධර්මයන් දුරුකරණ ලද. මහාපුරුෂයෝ දානය, ප්‍රිය වචනය, අර්ථචර්ය්යාව, සමානාත්මතාව යයි කියන ලද සතර අධිෂ්ඨානයන් අනුව ගිය සතර සංග්‍රහ වස්තුවලින් අතිශයින් ජනයාට සංග්‍රහ කිරීමෙන් මතු යානත්රයට බැස්සවීමත්, මේරවීමත් කරති.
මහාසත්තානඤ්හි මහාකරුණා මහාපඤ්ඤා ච දානෙන අලඞ්කතා, දානං පියවචනෙන, පියවචනං අත්ථචරියාය, අත්ථචරියා සමානත්තතාය අලඞ්කතා සඞ්ගහිතා ච. තෙසං සබ්බෙපි සත්තෙ අත්තනා නිබ්බිසෙසෙ කත්වා බොධිසම්භාරෙසු පටිපජ්ජන්තානං සබ්බත්ථ සමානසුඛදුක්ඛතාය සමානත්තතාය සිද්ධි. බුද්ධභූතානම්පි ච තෙහෙව චතූහි සඞ්ගහවත්ථූහි චතුරධිට්ඨානපරිපූරිතාභිවුද්ධෙහි ජනස්ස අච්චන්තිකසඞ්ගහකරණෙන අභිවිනයනං සිජ්ඣති. දානඤ්හි සම්මාසම්බුද්ධානං චාගාධිට්ඨානෙන පරිපූරිතාභිවුද්ධං, පියවචනං සච්චාධිට්ඨානෙන, අත්ථචරියා පඤ්ඤාධිට්ඨානෙන, සමානත්තතා උපසමාධිට්ඨානෙන පරිපූරිතාභිවුද්ධා. තථාගතානඤ්හි සබ්බසාවකපච්චෙකබුද්ධෙහි සමානත්තතා පරිනිබ්බානෙ. තත්ර හි නෙසං අවිසෙසතො එකීභාවො. තෙනෙවාහ “නත්ථි විමුත්තියා නානත්ත”න්ති. හොන්ති චෙත්ථ –
මහාසත්ත්වයන්ගේ වනාහි මහා කරුණාවත් මහා ප්‍රඥාවත් දානයෙන් සරසන ලද්දේය. දානය ප්‍රිය වචනයෙන්ද, ප්‍රිය වචනය, අර්ථ චර්‍ය්‍යාවෙන් ද, අර්ථ චර්‍ය්‍යාව සමානාත්මතාවෙන්ද, සරසන ලද්දේ ද සංග්‍රහ කරන ලද්දේ ද වෙයි. සියලුම සත්ත්වයන් තමන් කෙරෙහි විශේෂයක් නොකොට බෝධිසම්භාර ධර්මයන් කෙරෙහි පිළිපදින්නා වූ බෝධිසත්ත්වයන් වහන්සේලාට හැම තන්හි සමාන සැප දුක් ඇති බැවින් සමානාත්මතාවගේ සිද්ධිය වෙයි. බුද්ධත්වයට පත්වූවන්ගේ ද සතර අධිෂ්ඨානයෙන් සම්පූර්ණ කළ අභිවෘද්ධි ඇති ඒ සතර ඒ සතර සංග්‍රහ වස්තූන්ගෙන් සත්ත්වයන්ට බොහෝසෙයින් සංග්‍රහ කිරීම කරණ කොට ගෙන අභිනිවේශනය (එහි පිහිටීම) සිදුවෙයි. ඒ එසේමය. සම්‍යක් සම්බුදුවරුන්ගේ ත්‍යාගාධිෂ්ඨානයෙන් දානය සම්පූර්ණ කරන ලදී. දියුණු කරන ලදී. සත්‍යාධිෂ්ඨානයෙන් ප්‍රිය වචනය ද ප්‍රඥාධිෂ්ඨානයෙන් අර්ථ චර්ය්යාවද, උපසමාධිෂ්ඨානයෙන් සමානාත්මතාවද සම්පූර්ණ කරන ලදී. දියුණු කරන ලදි. තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සියලු ශ්‍රාවකයන් හා පසේ බුදුවරයන් සමග සමානාත්මතාව වෙයි. එහි වනාහි උන්වහන්සේලාගේ අවිශේෂයෙන් ඒකීභාවය වෙයි. විමුක්තියගේ නානත්වයක් නැතැ”යි එහෙයින් වදාළහ. මෙහි මෙසේද වෙයි.
“සච්චො චාගී උපසන්තො, පඤ්ඤවා අනුකම්පකො; සම්භතසබ්බසම්භාරො, කං නාමත්ථං න සාධයෙ.
“සත්‍යයෙහි පිහිටි ත්‍යාගශීලී වූ සංසුන් ඉඳුරන් ඇත්තා වූ නුවණැත්තා වූ අනුකම්පා කරන්නා වූ සියලු බෝධිසම්භාර ධර්මයන් රැස් කර ගත්තා වූ මහා බෝධිසත්ත්වයෝ කවර නම් අර්ථයක් සිදුකර නොගන්නාහු ද?
“මහාකාරුණිකො සත්ථා, හිතෙසී ච උපෙක්ඛකො; නිරපෙක්ඛො ච සබ්බත්ථ, අහො අච්ඡරියො ජිනො.
මහා කාරුණික වූ අනුශාසක වූ හිත වැඩ කැමති වූ මධ්‍යස්ථ වූ සියලු තන්හි අපේක්ෂාවක් නැත්තා වූ පස්මරුන් දිනු බුදුවරු අහෝ! ආශ්චර්‍ය්‍ය වෙති.
“විරත්තො සබ්බධම්මෙසු, සත්තෙසු ච උපෙක්ඛකො; සදා සත්තහිතෙ යුත්තො, අහො අච්ඡරියො ජිනො.
සියලු ධර්මයන්හි නොඇලුණා වූ සත්ත්වයන් කෙරෙහි මැදහත් පැවතුම් ඇති හැම කල්හි සත්ත්වයන්ට හිත වැඩ පිණිස යෙදුනා වූ පස්මරුන් දිනූ බුදුවරු අහෝ! ආශ්චර්‍ය්‍ය වෙති.
“සබ්බදා සබ්බසත්තානං, හිතාය ච සුඛාය ච; උය්යුත්තො අකිලාසූ ච, අහො අච්ඡරියො ජිනො”ති.
හැමකල්හි සියලු සත්ත්වයන්ට හිත පිණිස ද සැප පිණිසද උත්සාහවත් වූ එයින් පීඩාවට පත් නොවන්නා වූ පස්මරුන් දිනු බුදුවරු අහෝ! ආශ්චර්‍ය්‍ය වෙතියි.
කිත්තකෙන කාලෙන සම්පාදනන්ති? හෙට්ඨිමෙන තාව පරිච්ඡෙදෙන චත්තාරි අසඞ්ඛ්යෙය්යානි මහාකප්පානං සතසහස්සඤ්ච, මජ්ඣිමෙන අට්ඨ අසඞ්ඛ්යෙය්යානි මහාකප්පානං සතසහස්සඤ්ච, උපරිමෙන පන සොළස අසඞ්ඛ්යෙය්යානි මහාකප්පානං සතසහස්සඤ්ච. එතෙ ච භෙදා යථාක්කමං පඤ්ඤාධිකසද්ධාධිකවීරියාධිකවසෙන ඤාතබ්බා. පඤ්ඤාධිකානඤ්හි සද්ධා මන්දා හොති පඤ්ඤා තික්ඛා, සද්ධාධිකානං පඤ්ඤා මජ්ඣිමා හොති, වීරියාධිකානං පඤ්ඤා මන්දා, පඤ්ඤානුභාවෙන ච සම්මාසම්බොධි අධිගන්තබ්බාති අට්ඨකථායං වුත්තං.
14. “කිත්තකෙන කාලෙන සම්පාදනං” ඒවායේ සම්පාදනය කොපමණ කලකින් වේද? යන මේ ප්‍රශ්නයෙහි පළමුකොට යටත් පිරිසෙන් සතර අසංඛ්‍යයක් හා මහා කල්පයන් පිළිබඳ ලක්ෂයකි, හෙවත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකි. මැදත් පිරිසෙන් අෂ්ඨ අසංඛ්‍යයක් හා මහාකල්පයන් ලක්ෂයකි. හෙවත් අෂ්ඨාසංඛ්ය කල්ප ලක්ෂයකි. උඩත් පිරිසෙන් සොළස අසංඛ්‍යයක් හා මහා කල්ප ලක්ෂයකි. හෙවත් සොළසාසංඛ්යා කල්ප ලක්ෂයකි. මේ කාලභේද පිළිවෙලින් ප්‍රඥාධික, ශ්‍රද්ධාධික, වීර්ය්යාධීක බෝධිසත්ත්වයන්ගේ වශයෙන් දත යුතුය. “ප්‍රඥාධික වූ බෝධිසත්ත්‍වවරයන්ගේ ශ්‍රද්ධාව මඳ වෙයි. ප්‍රඥාව තියුණු වෙයි. ශ්‍රද්ධාධික බෝධිසත්ත්‍වවරයන්ගේ ප්‍රඥාව මධ්‍යම වෙයි. (ශ්‍රද්ධාව තියුණු වෙයි) වීර්‍ය්‍යාධික බෝධිසත්ත්‍වවරයන්ගේ ප්‍රඥාව මඳ වෙයි. (වීර්‍ය්‍යය තියුණු වෙයි) ප්‍රඥානුභාවයෙන් වනාහි සම්‍යක් සම්බෝධිය අවබෝධ කළ යුතු යයි අට්ඨ කථාවෙහි කියන ලදී.
අපරෙ පන “වීරියස්ස තික්ඛමජ්ඣිමමුදුභාවෙන බොධිසත්තානං අයං කාලවිභාගො”ති වදන්ති. අවිසෙසෙන පන විමුත්තිපරිපාචනීයානං ධම්මානං තික්ඛමජ්ඣිමමුදුභාවෙන යථාවුත්තකාලභෙදෙන බොධිසම්භාරා තෙසං පාරිපූරිං ගච්ඡන්තීති තයොපෙතෙ කාලභෙදා යුත්තාතිපි වදන්ති. එවං තිවිධා හි බොධිසත්තා අභිනීහාරක්ඛණෙ භවන්ති උග්ඝහටිතඤ්ඤූවිපඤ්චිතඤ්ඤූනෙය්යභෙදෙන. තෙසු යො උග්ඝටිතඤ්ඤූ, සො සම්මාසම්බුද්ධස්ස සම්මුඛා චතුප්පදිකං ගාථං සුණන්තො ගාථාය තතියපදෙ අපරියොසිතෙ එව ඡහි අභිඤ්ඤාහි සහ පටිසම්භිදාහි අරහත්තං අධිගන්තුං සමත්ථූපනිස්සයො හොති, සචෙ සාවකබොධියං අධිමුත්තො සියා.
සමහර කෙනෙක් වනාහි වීර්‍ය්‍යයාගේ තියුණු මධ්‍යම මෘදු භාවයෙන් බෝධිසත්ත්‍වවරයන්ගේ මේ කාල විභාගය වේ යයි කියති. සාමාන්‍යයෙන් වනාහි විමුක්තිය මුහුකරවන්නා වූ ධර්මයන්ගේ තියුණු මධ්‍යම, මෘදු භාවයෙන් යට කී කාලභේදයෙන් උන්වහන්සේලාගේ බෝධිසම්භාරයෝ සම්පූර්ණ වීමට යතියි මේ කාලභේදයෝ තිදෙන යෝග්‍ය වූවාහු යයිද කියති. අභිනීහාර ක්ෂණයෙහි බෝධිසත්ත්වයෝ වනාහී මෙසේ ත්‍රිවිධ වෙති. එක් අයෙක් උග්ඝටිතඥය, එක් අයෙක් විපචිතඥය, එක් අයෙක් නෙය්‍යය වශයෙනි. ඔවුන් අතුරෙන් යමෙක් උග්ඝටිතඥ වේද හෙතෙම ඉදින් ශ්‍රාවක බෝධියෙහි පිහිටියේ වී නම් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ඉදිරියෙහි සතර පදයෙන් යුත් ගාථාවක් අසන්නේ ගාථාවෙහි තුන්වන පදය නිමවීමට පෙරම ෂඩ් අභිඥා සහ සිවුපිළිසිඹියාවන් සමග අරහත් ඵලය අවබෝධ කර ගැනීමට සමර්ථ වූ උපනිශ්‍රය ඇත්තෙක් වෙයි.
දුතියො භගවතො සම්මුඛා චතුප්පදිකං ගාථං සුණන්තො අපරියොසිතෙ එව ගාථාය චතුත්ථපදෙ ඡහි අභිඤ්ඤාහි අරහත්තං අධිගන්තුං සමත්ථූපනිස්සයො හොති, යදි සාවකබොධියං අධිමුත්තො සියා.
දෙවන විපචිතඥ බෝධිසත්ත්ව තෙම ඉදින් ශ්‍රාවක බෝධියෙහි පිහිටියේ නම් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි සතර පද ගාථාවක් අසන්නේ ගාථාවෙහි සතරවන පදය අවසන් වීමට පෙරම ෂඩ් අභිඥා සහිත රහත්ඵලය අවබෝධ කර ගැනීමට සමර්ථ උපනිශ්‍රය ඇත්තෙක් වෙයි.
ඉතරො පන භගවතො සම්මුඛා චතුප්පදිකං ගාථං සුත්වා පරියොසිතාය ගාථාය ඡහි අභිඤ්ඤාහි අරහත්තං පත්තුං සමත්ථූපනිස්සයො හොති.
අනෙක් නේය පුද්ගල තෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි සතර පද ගාථාවක් අසා ගාථාව නිමවූ කල්හි ෂඩ් අභිඥා සහිත රහත් ඵලය අවබෝධ කරගැනීමට සමත් උපනිශ්‍රය ඇත්තෙක් වෙයි.
තයොපෙතෙ විනා කාලභෙදෙන කතාභිනීහාරො බුද්ධානං සන්තිකෙ ලද්ධබ්යාකරණා ච අනුක්කමෙන පාරමියො පරිපූරෙන්තා යථාක්කමං යථාවුත්තභෙදෙන කාලෙන සම්මාසම්බොධිං පාපුණන්ති. තෙසු තෙසු පන කාලභෙදෙසු අපරිපුණ්ණෙසු තෙ තෙ මහාසත්තා දිවසෙ දිවසෙ වෙස්සන්තරදානසදිසං මහාදානං දෙන්තාපි තදනුරූපෙ සීලාදිසබ්බපාරමිධම්මෙ ආචිනන්තාපි පඤ්ච මහාපරිච්චාගෙ පරිච්චජන්තාපි ඤාතත්ථචරියා ලොකත්ථචරියා බුද්ධත්ථචරියා පරමකොටිං පාපෙන්තාපි අන්තරා ච සම්මාසම්බුද්ධා භවිස්සන්තීති නෙතං ඨානං විජ්ජති. කස්මා? ඤාණස්ස අපරිපච්චනතො බුද්ධකාරකධම්මානං අපරිනිට්ඨානතො. පරිච්ඡින්නකාලනිප්ඵාදිතං විය හි සස්සං යථාවුත්තකාලපරිච්ඡෙදෙන පරිනිප්ඵාදිතා සම්මාසම්බොධි තදනන්තරා සබ්බුස්සාහෙන වායමන්තෙනාපි න සක්කා අධිගන්තුන්ති පාරමිපාරිපූරි යථාවුත්තකාලවිසෙසෙන සම්පජ්ජතීති වෙදිතබ්බං.
මේ බෝධිසත්ත්වවරු තිදෙනම කාල භේදයෙන් තොරව කරන ලද ප්‍රාර්ථනා ඇත්තාහු බුදුවරයන්ගේ සමීපයෙහි ලබන ලද විවරණ ඇත්තාහු පිළිවෙලින් පාරමිතා පුරන්නාහු ක්‍රමානුකූලව යටකී ප්‍රභේද සහිත කාලයෙන් සම්මා සම්බෝධියට පැමිණෙත්. ඒ ඒ කාලප්රභේදයන් සම්පූර්ණ නොවූ කල්හි ඒ ඒ මහා සත්ත්වයෝ දවසක් දවසක් පාසා වෙස්සන්තර දානය හා සමාන මහදන් දෙන්නාහු නමුදු එබඳුවූම ශීලාදී සියලු පාරමී ධර්මයන් රැස් කරන්නාහු නමුදු පඤ්ච මහා පරිත්‍යාගයන් පරිත්‍යාග කරන්නාහු නමුදු ඤතත්ථ චරියා, ලෝකත්ථ චරියා, බුද්ධත්ථ චරියා යන ත්‍රිවිධ චර්ය්යාවන්හි ඉහලම කෙළවරට පැමිණෙන්නාහු නමුදු අතරතුරෙක සම්‍යක් සම්බුද්ධයෝ වන්නාහ යන මේ කාරණය විද්‍යාමාන නොවේ. කුමක් හෙයින්ද යත්? නුවණ මුහුනොකරන බැවින් හා බුද්ධකාරක ධර්මයන් නිම නොවන බැවිනි. කලට පැසෙන්නා වූ ගොයමක් මෙන් යටකියන ලද කාල පරිච්ඡේදයෙන් සම්‍යක් සම්බෝධිය සමෘද්ධ වන්නේය. ඒ අතරතුර සියලු උත්සාහයෙන් උත්සාහ දරන්නා වූ බෝධිසත්ත්වයන් විසින් ද සම්‍යක් සම්බෝධිය අවබෝධ කරන්නට නොහැකිය. පාරමී ධර්ම සම්පූර්ණ කොට කියන ලද කාල විශේෂයෙන්ම බුදුබව සිද්ධ වන්නේ යයි දත යුතුය.
කො ආනිසංසොති? යෙ තෙ කතාභිනීහාරානං බොධිසත්තානං –
15. “කො ආනිසංසො” ඔවුන්ගේ ආනිසංස කවරේද? යන මේ ප්‍රශ්නයෙහි කරන ලද අභිනිහාර ඇති බෝධිසත්ත්වයන්ගේ:-
“එවං සබ්බඞ්ගසම්පන්නා, බොධියා නියතා නරා; සංසරං දීඝමද්ධානං, කප්පකොටිසතෙහිපි.
“මෙසේ සියලු ගුණයන්ගෙන් යුක්ත වූ සම්බෝධියට නියත වූ බෝධිසත්ත්වරයෝ කල්ප කෝටි සිය ගණනකිනිදු දිගුකලක් සසර සැරිසරා ඇවිදින්නාහු අවීචි මහා නරකයෙහි නූපදිති. ලෝකන්තරික නරකයෙහිත් නූපදිති. නිජ්ඣාම තණ්හා, ඛුප්පිපාසා, කාලකඤ්ජකා යන ප්‍රේත නිකායන්හි නූපදිති.
“අවීචිම්හි නුප්පජ්ජන්ති, තථා ලොකන්තරෙසු ච; නිජ්ඣාමතණ්හා ඛුප්පිපාසා, න හොන්ති කාලකඤ්ජිකා.
“න හොන්ති ඛුද්දකා පාණා, උපපජ්ජන්තාපි දුග්ගතිං; ජායමානා මනුස්සෙසු, ජච්චන්ධා න භවන්ති තෙ.
තිරිසන් යෝනියෙහි උපදින්නාහු නමුදු (වටුවන්ට වඩා කුඩා සතුන්ව නූපදිති. මිනිසුන් අතර උපදින්නාහු ඔවුහු ජාත්යන්ධයෝ නොවෙති.
“සොතවෙකල්ලතා නත්ථි, න භවන්ති මූගපක්ඛිකා; ඉත්ථිභාවං න ගච්ඡන්ති, උභතොබ්යඤ්ජනපණ්ඩකා.
ඇසීමෙහි අඩුබවක් නොවේ. ගොළු නොවෙති. ස්ත්‍රීභාවයට නොයති. බෝධියට නියත වූ පුද්ගලයෝ උභතොබ්‍යඤ්ජනක නපුංසක යන මේ අයට ඇතුලත් වූවෝ නොවෙති.
“න භවන්ති පරියාපන්නා, බොධියා නියතා නරා; මුත්තා ආනන්තරිකෙහි, සබ්බත්ථ සුද්ධගොචරා.
සියලු තන්හි පිරිසිදු අරමුණු ඇත්තාහු ආනන්තරික කර්මයන්ගෙන් මිදුනාහු වෙති. කර්මවාදී ක්‍රියාවාදී දර්ශනයෙන් යුක්ත වූවාහු මිත්‍යා දෘෂ්ටිකයෝ නොවෙති. දෙව්ලොව උපදිතත් අසංඥ තලයෙහි නූපදිති.
“මිච්ඡාදිට්ඨිං න සෙවන්ති, කම්මකිරියදස්සනා; වසමානාපි සග්ගෙසු, අසඤ්ඤං නූපපජ්ජරෙ.
“සුද්ධාවාසෙසු දෙවෙසු, හෙතු නාම න විජ්ජති; නෙක්ඛම්මනින්නා සප්පුරිසා, විසංයුත්තා භවාභවෙ; චරන්ති ලොකත්ථචරියායො, පූරෙන්ති සබ්බපාරමී”ති. (ධ· ස· අට්ඨ· නිදානකථා; ජා· අට්ඨ· 1.දූරෙනිදානකථා; අප· අට්ඨ· 1.දූරෙනිදානකථා) –
ශුද්ධාවාස දෙවියන් කෙරෙහිත් ඉපදීමට කාරණයක් නැත. කුදුමහත් භවයන්හි නොඇලුණා වූ නෛෂ්ක්‍රම්‍යයට නැමුණා වූ බෝධිසත්ත්ව වරයෝ සියලු පාරමිතා පුරන්නාහු ලෝකාර්ථ චර්‍ය්‍යාව පිණිස හැසිරෙතියි.
එවං සංවණ්ණිතා ආනිසංසා. යෙ ච “සතො සම්පජානො, ආනන්ද, බොධිසත්තො තුසිතා කායා චවිත්වා මාතුකුච්ඡිං ඔක්කමතී”තිආදිනා (ම· නි· 3.200; දී· නි· 2.17) සොළස අච්ඡරියබ්භුතධම්මප්පකාරා, යෙ ච “සීතං බ්යපගතං හොති, උණ්හඤ්ච උපසම්මතී”තිආදිනා (බු· වං· 2.83) “ජායමානෙ ඛො, සාරිපුත්ත, බොධිසත්තෙ අයං දසසහස්සී ලොකධාතු සඞ්කම්පති සම්පකම්පති සම්පවෙධතී”තිආදිනා (ම· නි· 3.201; දී· නි· 2.32) ච ද්වත්තිංස පුබ්බනිමිත්තප්පකාරා, යෙ වා පනඤ්ඤෙපි බොධිසත්තානං අධිප්පායසමිජ්ඣනං කම්මාදීසු වසීභාවොති එවමාදයො තත්ථ තත්ථ ජාතකබුද්ධවංසාදීසු දස්සිතාකාරා ආනිසංසා, තෙ සබ්බෙපි එතාසං ආනිසංසා. තථා යථානිදස්සිතභෙදා අලොභාදොසාදිගුණයුගලාදයො චාති වෙදිතබ්බා.
මෙසේ ආනිසංසයෝ වර්ණනා කරන ලද්දාහුය. තවද “ආනන්ද, බෝධිසත්ත්ව තෙම සිහි ඇත්තේ මනාසේ දැන ගන්නේ තුසිත දෙව්ලොවින් චුතව මවුකුසට බැසගනී”යි ආදී වශයෙන් වදාළ සොළොස් වැදෑරුම් ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මප්රකාරයෝ “ශීතද දුරුවූයේ වෙයි. උණුසුමද සංසිඳුනේ වෙයි” යනාදියද, “සාරිපුත්තය, බෝධිසත්ත්වන් උපදනා කල්හි මේ දස දහසක් ලෝකධාතුව කම්පා වෙයි. අතිශයින්ම කම්පා වෙයි. විශේෂයෙන්ම කම්පා වෙයි’ යනාදී වශයෙන් වදාළ දෙතිස් පූර්වනිමිති ද, බෝධිසත්ත්‍වවරයන්ගේ අභිප්‍රාය සිදුවන අනිත් කරුණු ද කර්මාදීන්ගේ වසීභාවයද යන මේ ආදීවූ ඒ ඒ ජාතක බුද්ධවංස ආදියෙහි දක්වන ලද ආනිසංසයෝ වෙත්ද, ඒ සියල්ලම බෝධිසත්ත්වයන්ගේ ආනිසංසයෝ යයි දතයුත්තාහ. එසේම යම් පරිද්දෙකින් දක්වන ලද ප්‍රභේද ඇති අලෝභ අදෝෂ ආදී ගුණ යුගල ද ආනිසංස යයි දත යුතුය.
අපි ච යස්මා බොධිසත්තො අභිනීහාරතො පට්ඨාය සබ්බසත්තානං පිතුසමො හොති හිතෙසිතාය, දක්ඛිණෙය්යකො ගරු භාවනීයො පරමඤ්ච පුඤ්ඤක්ඛෙත්තං හොති ගුණවිසෙසයොගෙන. යෙභුය්යෙන ච මනුස්සානං පියො හොති, අමනුස්සානං පියො හොති, දෙවතාහි අනුපාලීයති, මෙත්තාකරුණාපරිභාවිතසන්තානතාය වාළමිගාදීහි ච අනභිභවනීයො හොති, යස්මිං යස්මිඤ්ච සත්තනිකායෙ පච්චාජායති, තස්මිං තස්මිං උළාරෙන වණ්ණෙන උළාරෙන යසෙන උළාරෙන සුඛෙන උළාරෙන බලෙන උළාරෙන ආධිපතෙය්යෙන අඤ්ඤෙ සත්තෙ අභිභවති පුඤ්ඤවිසෙසයොගතො.
තවද යම්හෙයකින් බෝධිසත්ත්වයෝ අභිනීහාරයේ පටන් හිතෛෂීභාවයෙන් සියලු සත්ත්වයන්ට පියෙකු හා සමාන වෙත්ද, දක්ෂිණාර්හ වෙත්ද, ගරු බුහුමන් කටයුතු වෙත්ද, ගුණවිශේෂ යෝගයෙන් උතුම් පින් කෙතක් වෙත්ද, බෙහෙවින් මිනිසුන්ට ප්‍රිය වෙත්ද, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙත්ද, දෙවියන් විසින් පාලනය කරනු ලැබෙත්ද, මෛත්‍රියෙන් හා කරුණාවෙන් පරිභාවිත සිත් ඇති බැවින් වන මෘගයන් විසින් මැඩලිය නොහැකි වෙත්ද, යම් යම් සත්ත්ව නිකායක උපදිත් නම් ඒ සත්ත්ව නිකායෙහි පුණ්‍ය විශේෂ යෝගයෙන් උදාර වූ ශරීර වර්ණයෙන්ද, උදාර වූ යසසින් ද, උදාර සැපයෙන්ද, උදාර වූ බලයෙන්ද, උදාර වූ ආධිපත්‍යයෙන් ද, සෙසු සත්ත්වයන් අභිභවනය කෙරෙත් ද,
අප්පාබාධො හොති අප්පාතඞ්කො, සුවිසුද්ධා චස්ස සද්ධා හොති සුවිසදා, සුවිසුද්ධං වීරියං, සතිසමාධිපඤ්ඤා සුවිසදා, මන්දකිලෙසො හොති මන්දදරථො මන්දපරිළාහො, කිලෙසානං මන්දභාවෙනෙව සුවචො හොති පදක්ඛිණග්ගාහී, ඛමො හොති සොරතො, සඛිලො හොති පටිසන්ථාරකුසලො, අක්කොධනො හොති අනුපනාහී, අමක්ඛී හොති අපළාසී, අනිස්සුකී හොති අමච්ඡරී, අසඨො හොති අමායාවී, අථද්ධො හොති අනතිමානී, අසාරද්ධො හොති අප්පමත්තො, පරතො උපතාපසහො හොති පරෙසං අනුපතාපී, යස්මිඤ්ච ගාමඛෙත්තෙ පටිවසති, තත්ථ සත්තානං භයාදයො උපද්දවා යෙභුය්යෙන අනුප්පන්නා නුප්පජ්ජන්ති, උප්පන්නා ච වූපසම්මන්ති, යෙසු ච අපායෙසු උප්පජ්ජති, න තත්ථ පචුරජනො විය දුක්ඛෙන අධිමත්තං පීළීයති, භිය්යොසොමත්තාය සංවෙගමාපජ්ජති. තස්මා මහාපුරිසස්ස යථාරහං තස්මිං තස්මිං භවෙ ලබ්භමානා එතෙ සත්තානං පිතුසමතාදක්ඛිණෙය්යතාදයො ගුණවිසෙසා ආනිසංසාති වෙදිතබ්බා.
අල්ප ආබාධ ඇත්තාහු අල්ප වූ ශරීර දුක් ඇත්තාහු වෙත්ද එතුමන්ගේ ශ්‍රද්ධාව සුපිරිසුදු වූයේ ඉතා පැහැදිලි වූයේ වේද වීර්‍ය්‍ය සති, සමාධි, ප්‍රඥාවෝ සුපිරිසිදු වූවාහු ඉතා ප්‍රකට වූවාහු වෙත්ද, මඳ වූ කෙලෙස් ඇත්තෝ වෙත්ද, මඳ වූ විඩා ඇත්තෝ වෙත්ද, මඳ වූ පරිදාහ ඇත්තෝ වෙත්ද, මඳ වූ කෙලෙස් ඇති බැවින් සුවච වූවෝ වෙත්ද, අනුන් විසින් පෙන්වා දෙන වරද ගෞරවයෙන් පිළිගන්නාහු වෙත්ද, ඉවසන්නාහු වෙත්ද, සුරත වෙත්ද, මටසිලුටු තෙපුල් ඇත්තෝ වෙත්ද, පිළිසඳරෙහි සමර්ථ වෙත්ද, ක්‍රෝධ නැත්තෝ වෙත්ද, බද්ධ වෛර නැත්තෝ වෙත්ද, ගුණමකු නොවෙත්ද, අනුන්ගේ දොස් කියන්නෝ නොවෙත්ද, ඊර්ෂ්‍යා නොකරන්නෝ වෙත්ද, මසුරුමල නැත්තෝ වෙත්ද, තමා තුළ නැති ගුණ පහළ නොකෙරෙත්ද, ඇති දොස් මුවහ නොකෙරෙත් ද, දැඩි ස්වභාවය නැත්තාහු වෙත්ද, අධිකමානය නැත්තාහු වෙත්ද, සන්සුන් වෙත්ද, අප්‍රමාද වූවාහු වෙත්ද, අනුන්ගෙන් වන පීඩා ඉවසිය හැක්කහු වෙත්ද, අනුන් නොපෙළත්ද යම් ගම් පෙදෙසක වෙසෙත්ද එහි සත්ත්වයන්ට නූපන්නා වූ භයාදී උපද්‍රවයෝ නූපදිත් ද, උපන්නා වූ උපද්‍රවයෝ සංසිඳෙත් ද, යම්කිසි අපායෙක්හි උපදිත්නම් එහි බොහෝ දෙනා මෙන් එහි අධික වූ දුකින් නොපෙළෙත්ද, බොහෝ සෙයින් සංවේගයට පැමිණෙත්ද, එහෙයින් මහාපුරුෂයන්ට සුදුසු පරිදි ඒ ඒ භවයෙහි ලබන්නා වූ සත්ත්වයන්ට පීතෘසමභාවය දක්ෂිණාර්හභාවය යනාදී වූ මේ ගුණ විශේෂයෝ ආනිසංසයෝ යයි දත යුත්තාහ.
තථා ආයුසම්පදා රූපසම්පදා කුලසම්පදා ඉස්සරියසම්පදා ආදෙය්යවචනතා මහානුභාවතාති එතෙපි මහාපුරිසස්ස පාරමීනං ආනිසංසාති වෙදිතබ්බා. තත්ථ ආයුසම්පදා නාම තස්සං තස්සං උපපත්තියං දීඝායුකතා චිරට්ඨිතිකතා, තාය යථාරද්ධානි කුසලසමාදානානි පරියොසාපෙති, බහුඤ්ච කුසලං උපචිනොති. රූපසම්පදා නාම අභිරූපතා දස්සනීයතා පාසාදිකතා, තාය රූපප්පමාණානං සත්තානං පසාදාවහො හොති සම්භාවනීයො. කුලසම්පදා නාම උළාරෙසු කුලෙසු අභිනිබ්බත්ති, තාය ජාතිමදාදිමදමත්තානම්පි උපසඞ්කමනීයො හොති පයිරුපාසනීයො, තෙන තෙ නිබ්බිසෙවනෙ කරොති. ඉස්සරියසම්පදා නාම මහාවිභවතා මහෙසක්ඛතා මහාපරිවාරතා ච, තාහි සඞ්ගණ්හිතබ්බෙ චතූහි සඞ්ගහවත්ථූහි සඞ්ගණ්හිතුං, නිග්ගහෙතබ්බෙ ධම්මෙන නිග්ගහෙතුඤ්ච සමත්ථො හොති.
එසේම ආයු සම්පත්තිය, රූප සම්පත්තිය, කුලසම්පත්තිය, එෛශ්චර්ය්ය (ඉස්සරිය) සම්පත්තිය, ආදෙය්‍ය වචනතා හෙවත් ඇදහිය යුතු වචන ඇති බව, මහානුභාවතා යන මේවාද මහා පුරුෂයාගේ පාරමී ධර්මයන් පිළිබඳ ආනිසංසයෝ යයි දත යුත්තාහ. එහි ආයු සම්පත්තිය නම් ඒ ඒ උත්පත්තියෙහි දීර්ඝ ආයුෂ ඇති බව, බොහෝ කල් පවතින බවය. ඒ කරණ කොටගෙන ආරම්භ කරන ලද කුශල සමාදානයන් අවසන් කරති. බොහෝ කුසල් රැස් කරති. රූප සම්පත්තිය නම් මනා රූ ඇති බව දර්ශනීය බව හා පැහැදීම් එළවන බවයි. ඒ කරණකොට ගෙන රූපයෙහි ප්‍රසාද ඇති සත්ත්වයන්ට පැහැදීම් එළවන්නේ වෙයි. බුහුමන් කටයුතු වෙයි. “කුල සම්පත්තිය” නම් උසස් වූ කුලයන්හි ඉපදීමයි. ඒ කරණ කොට ගෙන ජාතිමද ආදී මදයන්ගෙන් මත් වූවන් විසින් ද සමීපයට පැමිණිය යුත්තෙක් වෙයි. ඇසුරු කල යුත්තෙක් වෙයි. ඒ කරණ කොට ගෙන ඔවුන් සුශීල වූවන් කෙරේ. “ඉස්සරිය සම්පත්තිය” නම් මහත් සම්පත් ඇති බවයි. මහේශාක්‍ය බවයි. මහ පිරිවර ඇති බවයි. ඒවා කරණකොටගෙන සංග්‍රහ කල යුතු අයට සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කරන්නටත් නිග්‍රහ කළයුතු අයට ධර්මයෙන් නිග්‍රහ කරන්නටත් සමර්ථයෙක් වෙයි.
ආදෙය්යවචනතා නාම සද්ධෙය්යතා පච්චයිකතා, තාය සත්තානං පමාණභූතො හොති, අලඞ්ඝනීයා චස්ස ආණා හොති. මහානුභාවතා නාම ආනුභාවමහන්තතා, තාය පරෙහි න අභිභූයති, සයමෙව පන පරෙ අඤ්ඤදත්ථු අභිභවති ධම්මෙන සමෙන යථාභූතගුණෙහි ච, එවමෙතෙ ආයුසම්පදාදයො මහාපුරිසස්ස පාරමීනං ආනිසංසා, සයඤ්ච අපරිමාණස්ස පුඤ්ඤසම්භාරස්ස පරිවුඩ්ඪිහෙතුභූතා යානත්තයෙ සත්තානං අවතාරණස්ස පරිපාචනස්ස ච කාරණභූතාති වෙදිතබ්බා.
“ආදෙය්‍ය වචනතා” නම් ඇදහිය යුතු බවයි. පැතිය යුතු බවයි. එය කරණකොට ගෙන සත්ත්වයන්ට ප්‍රමාණ වූවෙක් වෙයි. ඔහුගේ අණ නොඉක්මවිය හැකි වෙයි. “මහානුභාවතා” නම් ආනුභාවයාගේ මහත් බවයි. ඒ කරණකොට ගෙන අනුන් විසින් මැඩලිය නොහැකි වෙයි. තෙමේම වනාහි ඒකාන්තයෙන් ධර්මයෙන් සාමයෙන් යථාභූත ගුණයන්ගෙන් අනුන් මැඩ පවත්වයි. මෙසේ ආයු සම්පත් ආදීහු මහාපුරුෂයන්ගේ පාරමිතාවන්ගේ අනුසස් වෙති. තෙමේද අප්‍රමාණ වූ පුණ්‍ය සම්භාරයාගේ වැඩීමට හේතුවූවාහු සත්ත්වයත් යානත්රයට බැස්ස වීමටත් මුහුකුරු වීමටත් කාරණ වූහයි දත යුතුය.
කිං ඵලන්ති? සමාසතො තාව සම්මාසම්බුද්ධභාවො එතාසං ඵලං, විත්ථාරතො පන ද්වත්තිංසමහාපුරිසලක්ඛණඅසීතිඅනුබ්යඤ්ජනබ්යාමප්පභාදිඅනෙකගුණගණසමුජ්ජලරූපකායසම්පත්ති- අධිට්ඨානසබලචතුවෙසාරජ්ජඡඅසාධාරණඤාණඅට්ඨාරසාවෙණික- බුද්ධධම්මප්පභුතිඅනන්තාපරිමාණ ගුණසමුදයොපසොභිනී ධම්මකායසිරී. යාවතා පන බුද්ධගුණා යෙ අනෙකෙහිපි කප්පෙහි සම්මාසම්බුද්ධෙනාපි වාචාය පරියොසාපෙතුං න සක්කා, ඉදමෙතාසං ඵලං. වුත්තඤ්චෙතං –
16. “කිං ඵලං” ඔවුන්ගේ ඵලය කවරේද? යන මේ ප්‍රශ්නයෙහි කෙටියෙන් සම්මා සම්බුදු බව ඒ පාරමීන්ගේ ඵලය වෙයි. විස්තර වශයෙන් වනාහි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූවක් අනුබ්‍යඤ්ජන, බ්‍යාමප්‍රභා ආදී නොයෙක් ගුණ රැසින් බබලන්නා වූ රූපකාය සම්පත්තිය, අධිෂ්ඨාන දශබල චතුර් වෛශාරද්‍ය, ෂඩ් අසාධාරණඥාන අටළොස් ආවේණික බුද්ධ ධර්මය යන මොවුන් ආදිකොට ඇති අනන්ත අප්‍රමාණ ගුණ සමූහයෙන් හොබනා වූ ධර්මකාය ශ්‍රී සමෘද්ධිය, නොයෙක් කල්ප ගණනාවකින් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින්ද වචනයෙන් අවසන් කිරීමට නොහැකි වූ යම් බුද්ධ ගුණයෝ වෙත්ද මේ වනාහි මේ පාරමිතාවන්ගේ ඵලය වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී:-
“බුද්ධොපි බුද්ධස්ස භණෙය්ය වණ්ණං, කප්පම්පි චෙ අඤ්ඤමභාසමානො; ඛීයෙථ කප්පො චිරදීඝමන්තරෙ, වණ්ණො න ඛීයෙථ තථාගතස්සා”ති. (දී· නි· අට්ඨ· 1.304; 3.141; ම· නි· අට්ඨ· 2.425; උදා· අට්ඨ· 53; චරියා· අට්ඨ· නිදානකථා);
“බුද්ධොපි බුද්ධස්ස භණෙය්ය වණ්ණං කප්පම්පි චෙ අඤ්ඤ මභාසමානො ඛීයෙථ කප්පො චිරදීඝමන්තරෙ වණ්ණො න ඛීයෙථ තථාගතස්සා”ති
“බුදුරජාණන් වහන්සේ නමක් වුවද ඉදින් වෙනත් කිසිවක් නොවදාරමින් කල්පයක් මුළුල්ලෙහි බුදු කෙනෙකුගේ ගුණ දේශනා කරන්නේ නමුදු දීර්ඝ කාලයකගේ ඉක්මීමෙන් කල්පය ගෙවී යන්නේය. බුදු ගුණ නොගෙවෙන්නේය”යි.
එවමෙත්ථ පාරමීසු පකිණ්ණකකථා වෙදිතබ්බා.
මෙසේ මේ පාරමී ධර්මයන්හි ප්රකීර්ණක කථාව දත යුත්තීය.”
යං පන පාළියං “දත්වා දාතබ්බකං දාන”න්තිආදිනා සබ්බාපි පාරමී එකජ්ඣං දස්සෙත්වා පරතො “කොසජ්ජං භයතො දිස්වා”තිආදිනා පරියොසානගාථාද්වයං වුත්තං, තං යෙහි වීරියාරම්භමෙත්තාභාවනා අප්පමාදවිහාරෙහි යථාවුත්තා බුද්ධකාරකධම්මා විසදභාවං ගතා සම්මාසම්බොධිසඞ්ඛාතා ච අත්තනො විමුත්ති පරිපාචිතා, තෙහි වෙනෙය්යානම්පි විමුත්තිපරිපාචනාය ඔවාදදානත්ථං වුත්ථං.
චරියා පිටක පාලියෙහි වනාහි යමක් “දත්වා දාතබ්බකං දානං” යනාදී වශයෙන් සියලු පාරමීන් පිඬුකොට දක්වා පසුව “කොසජ්ජං” භයතො දිස්වා” යනාදී වශයෙන් අවසාන ගාථා දෙක දේශනා කරන ලද්දේ ද එය වනාහී වීර්‍ය්‍යාරම්භය, මෛත්‍රී භාවනා, අප්‍රමාද විහරණය යන මේවා කරණකොට ගෙන ඉහත කී බුද්ධකාරක ධර්මයෝ ප්‍රකට භාවයට ගියාහුද සම්‍යක් සම්බෝධියයි කියන ලද තමන්ගේ විමුක්තිය මුහුකුරවන ලද්දේ ද ඒ වීර්ය්යාරම්භාදී ධර්මයන්ගෙන් හික්මවිය යුතු ජනයාටද විමුක්තිය වීමට අවවාද දීම පිණිසය.
370. “කොසජ්ජං භයතො දිස්වා විරියාරම්භඤ්ච ඛෙමතො ආරද්ධ විරියා හොථ එසා බුද්ධාන සාසනී”
371. “විවාදං භයතො දිස්වා අවිවාදඤ්ච ඛෙමතො සමග්ගා සඛිලා හොථ එසා බුද්ධානසාසනී”
372. “පමාදං භයතො දිස්වා අප්පමාදඤ්ච ඛෙමතො භාවෙථට්ඨඞ්ගිකං මග්ගං එසා බුද්ධානසාසනී” (චරියා පිටක)
“කුසීත බව භය වශයෙන් දැක වීර්‍ය්‍යාරම්භය නිර්භය වශයෙන් දැක පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති වව්. මේ බුදුවරයන්ගේ අනුශාසනාවයි.
විවාදය භය වශයෙන් ද අවිවාදය නිර්භය වශයෙන් ද දැක සමගි වව්. මෘදු ස්වභාව ඇති වව්. මේ බුදුවරයන්ගේ අනුශාසනාවයි.
ප්‍රමාදය භය වශයෙන්ද අප්‍රමාදය නිර්භය වශයෙන්ද දැක අෂ්ඨාඞ්ගික මාර්ගය වඩව්. මේ බුදුවරයන්ගේ අනුශනාවයි”
තත්ථ කොසජ්ජං භයතො දිස්වා, වීරියාරම්භඤ්ච ඛෙමතොති ඉමිනා පටිපක්ඛෙ ආදීනවදස්සනමුඛෙන වීරියාරම්භෙ ආනිසංසං දස්සෙති. ආරද්ධවීරියා හොථාති ඉමිනා වීරියාරම්භෙ නියොජෙති. යස්මා ච –
එහි “කොසජ්ජං භයතො දිස්වා විරියාරම්භඤ්ච ඛෙමතො” යන මෙයින් විරුද්ධ ධර්මයෙහි ආදීනව දැක්වීම් වශයෙන් වීර්ය්යාරම්භයෙහි ආනිසංස දක්වති. “ආරද්ධ විරියා හොථ” යන මෙයින් වීර්ය්යාරම්භයෙහි යොදවති. යම්හෙයකින්:-
“සබ්බපාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා; සචිත්තපරියොදපනං, එතං බුද්ධාන සාසන”න්ති. (ධ· ප· 183; දී· නි· 2.90; නෙත්ති· 30, 50) –
සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියොදපනං එතං බුද්ධාන සාසනන්ති
සියලු පව් නොකිරීමද කුසලයන් රැස් කිරීමද තමාගේ සිත පිරිසිදු කිරීමද යන මේ සියල්ල බුදුවරයන්ගේ අනුශාසනයයි”
සඞ්ඛෙපතො . විත්ථාරතො පන සකලෙන බුද්ධවචනෙන පකාසිතා සබ්බාපි සම්පත්තියො එකන්තෙනෙව සම්මප්පධානාධීනා, තස්මා භගවා වීරියාරම්භෙ නියොජෙත්වා “එසා බුද්ධානුසාසනී”ති ආහ.
යනුවෙන් කෙටියෙන්ද, විස්තර වශයෙන් වනාහි සියලු බුද්ධ වචනයෙහි ප්‍රකාශිත වූ සියලු සම්පත් ඒකාන්තයෙන්ම සම්‍යක් ප්රධානාදීන්ගෙන් වන්නාහුද එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වීර්ය්යාරම්භයෙහි යොදවා “එසා බුද්ධානසාසනී” යයි වදාළහ.
තත්රායං සඞ්ඛෙපත්ථො – ය්වායං සබ්බසංකිලෙසමූලභාවතො සබ්බානත්ථවිධායකන්ති කොසජ්ජං භයතො තප්පටිපක්ඛතො චතූහි යොගෙහි අනුපද්දවභාවසාධනතො වීරියාරම්භඤ්ච ඛෙමතො දිස්වා අධිසීලසික්ඛාදිසම්පාදනවසෙන වීරියස්ස ආරම්භො සම්මප්පධානානුයොගො, තත්ථ යං සම්මදෙව නියොජන, “ආරද්ධවීරියා හොථා”ති, එසා බුද්ධානං භගවන්තානං අනුසාසනී අනුසිට්ඨි ඔවාදොති. සෙසගාථාසුපි ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො.
මේ එහි කෙටි අදහසයි. “යම් මේ ධර්මයක් සියලු ක්ලේශ ධර්මයන්ට මුල්වන හෙයින් සියලු අනර්ථ විධායකය”යි කුසීතභාවය භය වශයෙන්ද, එයට ප්රතිපක්ෂ වශයෙන් කාමායෝගාදී සතර යෝගයන්ගෙන් නිර්භයභාවය එළවන හෙයින් වීර්ය්යාරම්භයද නිර්භය වශයෙන් දැක අධිශීල ශික්ෂා සම්පාදන වශයෙන් වීර්ය්යාගේ පටන් ගැනීමක් වේද, සම්‍යක් ප්රධානානුයොගයෙක් වේ. “පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති වවු” යයි එහි මනාකොට යම් යෙදවීමක් වේද, එය වනාහී භාග්‍යවත් බුදුවරයන්ගේ අනුශාසනයයි. අනුශාසනා ලැබීමයි. අවවාදයයි යන අර්ථයයි. සෙසු ගාථාවන්හිද මේ ක්‍රමයෙන්ම අර්ථය දත යුතුය.
අයං පන විසෙසො – විවාදන්ති විරුද්ධවාදං, ඡවිවාදවත්ථුවසෙන විවදනන්ති අත්ථො. අවිවාදන්ති විවාදපටිපක්ඛං මෙත්තාවචීකම්මං, මෙත්තාභාවනං වා. අථ වා අවිවාදන්ති අවිවාදහෙතුභූතං ඡබ්බිධං සාරණීයධම්මං. සමග්ගාති අවග්ගා, කායෙන චෙව චිත්තෙන ච සහිතා අවිරමිතා අවියුත්තාති අත්ථො. සඛිලාති සක්කීලා මුදුසීලා, අඤ්ඤමඤ්ඤම්හි මුදුහදයාති අත්ථො. එසා බුද්ධානුසාසනීති එත්ථ සබ්බෙන සබ්බං විවාදමනුපගම්ම යදිදං ඡසාරණීයධම්මපරිපූරණවසෙන සමග්ගවාසෙ නියොජනං, එසා බුද්ධානං අනුසිට්ඨීති යොජෙතබ්බං. සමග්ගවාසඤ්හි වසමානා සීලදිට්ඨිසාමඤ්ඤගතා අවිවදමානා සුඛෙනෙව තිස්සො සික්ඛා පරිපූරෙස්සන්තීති සත්ථා සමග්ගවාසෙ නියොජනං අත්තනො සාසනන්ති දස්සෙසි.
මේ වනාහි විශේෂ වෙයි :- “විවාදං” යනු විරුද්ධව කීමයි. සය වැදෑරුම් විවාද වස්තු වශයෙන් විරුද්ධව කීම යන අර්ථයයි. “අවිවාදං” යනු විවාදයට ප්රතිපක්ෂ මෛත්‍රි වචී කර්මයයි. නැතහොත් මෛත්‍රී භාවනාවයි. නැතහොත් අවිවාදයට හේතු වූ සය වැදෑරුම් සාරාණීය ධර්මයයි. “සමග්ගා” යනු වර්ග නොවූවෝ, කයින් මෙන්ම සිතින්ද ඉවත් නොකළෝ. වෙන් නොවූවෝ යන අර්ථයයි. “සඛීලා” යනු මෘදු ස්වභාව ඇත්තෝ, ඔවුනොවුන් කෙරෙහි මොළොක් හද ඇත්තෝ යන අර්ථයයි. “එසා බුද්ධාන සාසනී” යන මෙහි සර්වාකාරයෙන් විවාදයට නො පැමිණ සවැදෑරුම් සාරාණීය ධර්ම පිරීම් වශයෙන් සමගිව විසීමෙහි යම් මේ යෙදවීමක් ඇත්ද, එය බුදුවරුන්ගේ අනුශාසනාව යයි යෙදිය යුතුය. සමගිව වසන්නාහු වනාහි ශීලයෙන් හා දෘෂ්ටියෙන් සමාන භාවයට ගියාහු, විවාද නොකරන්නාහු, පහසුවෙන්ම ත්රිශික්ෂා සම්පූර්ණ කරන්නාහ”යි සමගිව විසීමෙහි යෙදවීම ශාස්තෲන් වහන්සේ තමන්ගේ අනුශාසනාව යයි දැක්වූහ.
පමාදන්ති පමජ්ජනං, කුසලානං ධම්මානං පමුස්සනං අකුසලෙසු ච ධම්මෙසු චිත්තවොස්සග්ගං. වුත්තඤ්හෙතං – “තත්ථ කතමො පමාදො, කායදුච්චරිතෙ වා වචීදුච්චරිතෙ වා මනොදුච්චරිතෙ වා පඤ්චසු වා කාමගුණෙසු චිත්තස්ස වොසග්ගො වොසග්ගානුප්පදානං කුසලානං වා ධම්මානං භාවනාය අසක්කච්චකිරියතා, අසාතච්චකිරියතා, අනට්ඨිතකිරියතා, ඔලීනවුත්තිතා, නික්ඛිත්තඡන්දතා, නික්ඛිත්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම්මං…පෙ… යො එවරූපො පමාදො පමජ්ජනා පමජ්ජිතත්තං, අයං වුච්චති පමාදො”ති (විභ· 846).
“පමාදං” යනු පමාවීමයි, කුශල ධර්මයන්හි මුළා වීමද අකුශල ධර්මයන්හි සිත විහිදුවීමද වෙයි. මෙය වදාරණ ලදමැයි:- “තත්ථ කතමො පමාදො කාය දුච්චරිතෙවා වචී දුච්චරිතෙවා මනො දුච්චරිතෙවා පඤ්චසු වා කාම ගුණෙසු චිත්තස්ස වොස්සග්ගො වොස්සග්ගානුප්පදානං කුසලානං වා ධම්මානං භාවනාය අසක්කච්චකිරියතා අසාතච්චකිරියතා අනුට්ඨිත කිරියතා ඔලීනවුත්තිතා නික්ඛිත්ත ඡන්දතා නික්ඛිත්ත ධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම්මං යො එවරුපො පමාදො පමජ්ජනා පමජ්ජිතත්තං අයං වුච්චති පමාදො” (එහි ප්‍රමාදය නම් කිම? කාය දුශ්චරිතයෙහි හෝ වාග් දුශ්චරිතයෙහි හෝ මනෝ දුශ්චරිතයෙහි හෝ පඤ්ච කාම ගුණයෙහි හෝ සිත විහිදුවා හැරීමක් වේද, නැවත නැවත විහිදුවීමක් වේද, කුශල ධර්මයන්ගේ වැඩීම පිණිස නොසකස්කොට කරන බවක් වේද, නිතර නොකරන බවක් වේද, රත්නත්‍රයෙහි නොපිහිටි ක්‍රියා ඇති බවක් වේද, නිතර නොකරන බැවින් පසු බැස්මක් වේද, කුශල ක්‍රියාවෙහි බහා තබන ලද කැමැත්ත ඇත්තේ වේද, බහාතබන ලද වීර්‍ය්‍යධූර ඇත්තේවේද, හෙවත් බර නොඋසුලන බවක් වේද, කුශල ධර්මයන් සේවනය නොකෙරේද නො වැඩීමක් වේද, බහුල නොකිරීමක් වේද, යම් මෙබඳු ආකාරයේ ප්‍රමාදයක්, ප්‍රමාදවන ආකාරයක්, ප්‍රමාදවන බවක් වේද, එය ප්‍රමාදයයි කියනු ලැබේ.)
අප්පමාදන්ති අප්පමජ්ජනං. තං පමාදස්ස පටිපක්ඛතො වෙදිතබ්බං. අත්ථතො හි අප්පමාදො නාම සතියා අවිප්පවාසො, “සතියා අවිප්පවාසො”ති ච නිච්චං උපට්ඨිතාය සතියා එවෙතං නාමං. අපරෙ පන “සතිසම්පජඤ්ඤප්පධානා තථා පවත්තා චත්තාරො අරූපිනො ඛන්ධා අප්පමාදො”ති වදන්ති. යස්මා පන අප්පමාදභාවනා නාම විසුං එකා භාවනා නත්ථි. යා හි කාචි පුඤ්ඤකිරියා කුසලකිරියා, සබ්බා සා අප්පමාදභාවනාත්වෙව වෙදිතබ්බා.
“අප්පමාදං” යනු නොපමා වීමයි. එය ප්‍රමාදයට විරුද්ධ වශයෙන් දත යුතුයි. අර්ථ වශයෙන් වනාහි අප්‍රමාදය නම් සිහියෙන් වෙන්ව නොවිසීමයි. නිතර එළඹ සිටි සිහියට මෙය නමකි. අන්‍ය ආචාර්‍ය්‍යවරයෝ වනාහි සිහි නුවණ ප්‍රධාන කොට එසේ පැවති සතර අරූපී ස්කන්ධයෝ අප්‍රමාදය”යි කියති. යම්හෙයකින් වනාහී අප්‍රමාද භාවනාව යයි වෙන්වූ එක් භාවනාවක් නැත්තේද යම්කිසි පුණ්‍යක්‍රියාවක් කුශල ක්‍රියාවක් ඇත්ද ඒ සියල්ල අප්‍රමාද භාවනාව යයි දත යුතුයි.
විසෙසතො පන විවට්ටූපනිස්සයං සරණගමනං කායිකවාචසිකසංවරඤ්ච උපාදාය සබ්බා සීලභාවනා, සබ්බා සමාධිභාවනා, සබ්බා පඤ්ඤාභාවනා, සබ්බා කුසලභාවනා, අනවජ්ජභාවනා , අප්පමාදභාවනා. “අප්පමාදො”ති හි ඉදං පදං මහන්තං අත්ථං දීපෙති, මහන්තං අත්ථං පරිග්ගහෙත්වා තිට්ඨති, සකලම්පි තෙපිටකං බුද්ධවචනං ආහරිත්වා අප්පමාදපදස්ස අත්ථං කත්වා කථෙන්තො ධම්මකථිකො “අතිත්ථෙන පක්ඛන්දො”ති න වත්තබ්බො. කස්මා? අප්පමාදපදස්ස මහන්තභාවතො. තථා හි සම්මාසම්බුද්ධො කුසිනාරායං යමකසාලානමන්තරෙ පරිනිබ්බානසමයෙ නිපන්නො අභිසම්බොධිතො පට්ඨාය පඤ්චචත්තාලීසාය වස්සෙසු අත්තනා භාසිතං ධම්මං එකෙනෙව පදෙන සඞ්ගහෙත්වා දස්සෙන්තො “අප්පමාදෙන සම්පාදෙථා”ති (දී· නි· 2.218) භික්ඛූනං ඔවාදමදාසි. තථා චාහ – “සෙය්යථාපි, භික්ඛවෙ, යානි කානිචි ජඞ්ගමානං පාණානං පදජාතානි, සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති, හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති යදිදං මහන්තත්තෙන, එවමෙව ඛො, භික්ඛවෙ, යෙ කෙචි කුසලා ධම්මා, සබ්බෙ තෙ අප්පමාදමූලකා අප්පමාදසමොසරණා, අප්පමාදො තෙසං අග්ගමක්ඛායතී”ති (ම· නි· 1.300 ථොකං විසදිසං). තත්ථ අප්පමාදභාවනං සිඛාප්පත්තං දස්සෙන්තො සත්ථා “භාවෙථට්ඨඞ්ගිකං මග්ග”න්ති ආහ.
විශේෂයෙන් වනාහි නිවනට උපනිඃශ්‍රය වූ සරණගමනය, කායික වාචසික සංවරය පටන් සියලු ශීල භාවනා, සියලු සමාධී භාවනා, සියලු ප්‍රඥා භාවනා, සියලු කුසල භාවනා අනවජ්ජ භාවනා යන මේවා අප්‍රමාද භාවනා යයි දත යුතුය. “අප්‍රමාද” යන මේ පදය මහත් අර්ථයක් ප්‍රකාශ කරයි. මහත් වූ අර්ථයක් අල්වාගෙන සිටී. සියලු ත්‍රිපිටක බුද්ධ වචනය ගෙනවුත් අප්‍රමාද පදයෙහි අර්ථ කියන ධර්මකථික තෙම නො තොටින් බැස ගියේ යයි නො කිවයුතුය. කුමක් හෙයින්ද යත්? “අප්‍රමාද” පදයාගේ මහත් බව නිසාය. ඒ එසේමය. සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කුසිනාරා නුවර සල්ගස් දෙක අතර පරිනිර්වාණ සමයෙහි වැදහොත්තාහු අභිසම්බෝධියෙහි පටන් පන්සාළිස් වසරක් මුළුල්ලෙහි තමන් වහන්සේ විසින් වදාළ ධර්මය එකම පදයකින් හකුළුවා දක්වන්නාහු “අප්පමාදෙන සම්පාදෙථ” (නොපමාව සම්පාදනය කරව්) යයි භික්ෂූන්ට අවවාද දුන්හ. එසේම මෙසේද වදාළහ:- “සෙය්යථාපි භික්ඛවෙ, යානි කානිචි ජඞ්ගමානං පාණානං පදජාතානි සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති, හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති, යදිදං මහන්තත්තෙන එවමෙව ඛො භික්ඛවෙ යෙ කෙචි කුසලධම්මා සබ්බෙ තෙ අප්පමාද මූලකා, අප්පමාදසමොසරණා, අප්පමාදො තෙසං අග්ගමක්ඛායති” (මහණෙනි, පයින් යන්නා වූ සතුන්ගේ යම්කිසි පියවර කෙනෙක් ඇත්ද, ඒ සියලු පියවර ඇත්පියවරෙහි ඇතුල් වෙයි. ඇත් පියවර මහත් බැවින් ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි, එපරිද්දෙන්ම (මාගේ ශාසනයෙහි) යම්කිසි කුශල ධර්ම කෙනෙක් ඇත්ද ඒ සියල්ල අප්‍රමාදයෙහි රැස් වන්නාහුය, ඒ අප්‍රමාදය ඒ කුශලධර්මයන්ට අග්‍රයයි කියනු ලැබේ) එහි අප්‍රමාද භාවනාව මුදුන් පත්කොට දක්වන්නාහු ශාස්තෲන් වහන්සේ “භාවෙථට්ඨඞ්ගිකං මග්ගං” යයි වදාළහ.
තස්සත්ථො – යො එස සීලාදිඛන්ධත්තයසඞ්ගහො සම්මාදිට්ඨිපුබ්බඞ්ගමො සම්මාදිට්ඨිආදීනංයෙව අට්ඨන්නං අඞ්ගානං වසෙන අට්ඨඞ්ගිකො අරියමග්ගො, තං භාවෙථ අත්තනො සන්තානෙ උප්පාදෙථ. දස්සනමග්ගමත්තෙ අඨත්වා උපරි තිණ්ණං මග්ගානං උප්පාදනවසෙන වඩ්ඪෙථ, එවං වො අප්පමාදභාවනා සිඛාප්පත්තා භවිස්සතීති. එසා බුද්ධානුසාසනීති යදිදං කුසලෙසු ධම්මෙසු අප්පමජ්ජනං, තඤ්ච උස්සුක්කාපෙත්වා අරියමග්ගස්ස භාවනා එසා බුද්ධානං භගවන්තානං අනුසිට්ඨි ඔවාදොති.
එහි අර්ථය-: ශීල, සමාධි, ප්‍රඥා යන ස්කන්ධත්රයෙහි සංග්‍රහ වූ සම්‍යක් දෘෂ්ටිය පෙරටු කොට ඇති සම්මා දිට්ඨි ආදී අඞ්ග අටක්හුගේ වශයෙන් යම් ඒ අෂ්ටාඞ්ගික ආර්‍ය්‍ය මාර්ගයක් වේද එය වඩව්, තමන්ගේ සන්තානයෙහි උපදවව්. දර්ශන මාර්ග නම් වූ සෝවාන් ඵලයෙහි නොසිට මතු මාර්ග තුන උපදවීම් වශයෙන් ගැටෙව්. එසේ තොපගේ අප්‍රමාද භාවනාව මුදුන්පත් වන්නේය යනුවෙනි. “එසා බුද්ධානුසාසනී” යනු කුශල ධර්මයන්හි යම් මේ නොපමාවීමක් ඇත්ද එහිම උත්සාහ උපදවා ආර්ය්යමාර්ගය වැඩීමක් වේද එය භාග්‍යවත් වූ බුදුවරයන්ගේ අනුශාසනාවයි. අවවාදයයි.
ඉති භගවා අරහත්තනිකූටෙනෙව චරියාපිටකදෙසනං නිට්ඨාපෙසි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත් ඵලය කුළුගැන්වීමෙන්ම චරියා පිටක දේශනාව නිමවා වදාළ සේක.
“ඉත්ථං සුදං භගවා අත්තනො පුබ්බචරියං සම්භාවයමානො බුද්ධාපදානියං නාම ධම්මපරියායං අභාසිත්ථාති” “මේ ආකාරයෙන් වනාහි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ පූර්වචර්ය්යාව මනාකොටම ප්‍රකාශ කරන සේක් “බුද්ධාපදානිය” යන නම ඇති ධර්මදේශනාව වදාළ සේක.”
ඉත්ථං සුදන්තිආදීසු ඉත්ථන්ති කප්පෙ ච සතසහස්සෙතිආදිනා (චරියා· 1.1) පකාරෙන. සුදන්ති නිපාතමත්තං. භගවාති භාග්යවන්තතාදීහි කාරණෙහි භගවා. අත්තනො පුබ්බචරියන්ති පුරිමාසු අකිත්තිපණ්ඩිතාදිජාතීසු අත්තනො පටිපත්තිදුක්කරකිරියං. සම්භාවයමානොති හත්ථතලෙ ආමලකං විය සම්මදෙව පකාසෙන්තො. බුද්ධාපදානියං නාමාති බුද්ධානං පුරාතනකම්මං පොරාණං දුක්කරකිරියං අධිකිච්ච පවත්තත්තා දෙසිතත්තා බුද්ධාපදානියන්ති එවංනාමකං. ධම්මපරියායන්ති ධම්මදෙසනං ධම්මභූතං වා කාරණං. අභාසිත්ථාති අවොච. යං පනෙත්ථ න වුත්තං, තං හෙට්ඨා වුත්තනයත්තා උත්තානත්ථත්තා ච න වුත්තන්ති වෙදිතබ්බං.
“ඉත්ථං සුදං” ආදී පාඨයෙහි “ඉත්ථං” යනු “කප්පෙච සතසහස්සෙ”යි ආදී වශයෙන් “සුදං” යනු නිපාත මාත්‍රයකි. මෙයින් “භගවා” යනු භාග්‍යවත් ආදී කාරණයන්ගෙන් භගවා නම් වූ “අත්තනො පුබ්බචරියං” යනු පෙර අකිත්ති පණ්ඩිත ආදී ජාතීන්හි තමන් වහන්සේගේ පූර්වයෙහි කරන ලද දුෂ්කර ක්‍රියාව “සම්භාවියමානො” යනු අත්ලෙහි නෙල්ලි ගෙඩියක් මෙන් මැනවින් දේශනා කරන්නාහු “බුද්ධාපදානියං නාම” යනු බුදුවරුන්ගේ පූර්ව කර්මය, පැරණි දුෂ්කර ක්‍රියාව අරබයා පැවැත්වූ හෙයින්, දේශනා කළ බැවින්, “බුද්ධාපදානයං” යන මෙනමින් යුත් “ධම්මපරියායං” යනු ධර්මදේශනයයි. හෙවත් ධර්මමය වූ කාරණය. “අභාසිත්ථ” යනු දේශනා කළහ. යමක් මෙහි නොකියන ලද්දේ ද එය යටකී ක්‍රමයට අර්ථගත හැකි නිසාත් පැහැදිලි අර්ථ ඇති නිසාත් නොකියන ලද බව දත යුතුය.
නිගමනකථා
නිගමනය
එත්තාවතා ච –
මෙපමණකින්ම-:
විසුද්ධචරිතො සත්ථා, බුද්ධිචරියාය පාරගූ; සබ්බචරියාසු කුසලො, ලොකාචරියො අනුත්තරො.
“සියලු චර්ය්යාවන්හි දක්ෂ වූ ලොකාචාර්ය්ය වූ අනුත්තර වූ පිරිසිදු චරිත ඇති ශාස්තෲන් වහන්සේ බුද්ධි චර්‍ය්‍යාවෙහි පරතෙරට ගියහ.”
යං අච්ඡරියධම්මානං, සබ්බමච්ඡරියාතිගො; අත්තනො පුබ්බචරියානං, ආනුභාවවිභාවනං.
ආශ්චර්‍ය්‍ය ධර්මයන් අතර සියලු ආශ්චර්ය්යයන් ඉක්මවා ගිය ලෝකනාථයන් වහන්සේ තමන් වහන්සේගේ පූර්වචර්ය්යාවන්ගේ ආනුභාවය පැහැදිලි කෙරෙන යම් චර්ය්යා පිටකයක් දේශනා කළ සේක්ද එසේම තාදී ගුණයෙන් යුත් ධර්මසංග්‍රාහක තෙරුන් වහන්සේලා යම් චර්ය්යා පිටකයක් සංගායනා කළාහු ද
දෙසෙසි නාථො චරියා-පිටකං යඤ්ච තාදිනො; ධම්මසඞ්ගාහකා ථෙරා, සඞ්ගායිංසු තථෙව ච.
තස්ස අත්ථං පකාසෙතුං, පොරාණට්ඨකථානයං; නිස්සාය යා සමාරද්ධා, අත්ථසංවණ්ණනා මයා.
එම චර්ය්යා පිටකයෙහි අර්ථය ප්‍රකාශ කිරීමට පැරණි අට්ඨකථා න්‍යාය ඇසුරු කොට මවිසින් යම් අර්ථ වර්ණනාවක් ආරම්භ කරන ලද්දේ ද
යා තත්ථ පරමත්ථානං, නිද්ධාරෙත්වා යථාරහං; පකාසනා පරමත්ථ-දීපනී නාම නාමතො.
ඒ අර්ථ වර්ණනාව චර්ය්යා පිටකයෙහි පරමාර්ථයන් සුදුසු පරිදි වෙන්කොට දක්වා ප්‍රකාශ කරන හෙයින් නමින් “පරමත්ථ දීපනී” නම් විය.
සම්පත්තා පරිනිට්ඨානං, අනාකුලවිනිච්ඡයා; සාධිකායට්ඨවීසාය, පාළියා භාණවාරතො.
නිරවුල් විනිශ්චයෙන් අවසානයට පැමිණි මේ කෘතිය පාලි බණවර වශයෙන් විසි අටකට අධිකය.
ඉති තං සඞ්ඛරොන්තෙන, යං තං අධිගතං මයා; පුඤ්ඤං තස්සානුභාවෙන, ලොකනාථස්ස සාසනං.
මෙසේ එය සංස්කරණය කරන මා විසින් යම් පිනක් අත්පත් කර ගන්නා ලද්දේ ද එහි ආනුභාවයෙන් ලෝකනාථයන් වහන්සේගේ ශාසනයට බැස ශීලාදී ප්‍රතිපත්තියෙන් පිරිසිදු වී සියලු සත්ත්වයෝ නිවන් සුවයෙහි කොටස්කාරයෝ වෙත්වා.
ඔගාහෙත්වා විසුද්ධාය, සීලාදිපටිපත්තියා; සබ්බෙපි දෙහිනො හොන්තු, විමුත්තිරසභාගිනො.
චිරං තිට්ඨතු ලොකස්මිං, සම්මාසම්බුද්ධසාසනං; තස්මිං සගාරවා නිච්චං, හොන්තු සබ්බෙපි පාණිනො.
සම්‍යක් සම්බුද්ධ ශාසනය ලෝකයෙහි බොහෝකල් පවතීවා. සියලු ප්‍රාණීහු නිරන්තරයෙන් එහි ගෞරව සහිත වූවෝ වෙත්වා.
සම්මා වස්සතු කාලෙන, දෙවොපි ජගතීපති; සද්ධම්මනිරතො ලොකං, ධම්මෙනෙව පසාසතූති.
ලෝකාධිපති දෙවියෝ ද මැනවින් කලට වැසි වස්වත්වා. සද්ධර්මයෙහි නිරතව ධර්මයෙන්ම ලෝකය පාලනය කරත්වා යි.
ඉති බදරතිත්ථවිහාරවාසිනා ආචරියධම්මපාලෙන
මෙසේ බදිරතිත්ථ විහාරවාසී ආචාර්ය්ය ධම්මපාල තෙරණුවන් විසින්
කතා චරියාපිටකවණ්ණනා නිට්ඨිතා.
කරන ලද චර්ය්යා පිටක වර්ණනාව නිමියේය.