13. සුවණ්ණසාමචරියාවණ්ණනා අට්ඨකථා
13. සුවණ්ණසාමචරියාවණ්ණනා
13. සුවණ්ණසාම චරියා වර්ණනාව
351. “සාමො යදා වනෙ ආසිං සක්කෙන අභිනිම්මිතො පවනෙ සීහ ව්යග්ඝෙ ච මෙත්තාය මුපනාමයින්ති. (චරියා පිටක)
“යම්කලෙක්හි වනයෙහි ශක්‍රයා විසින් මනාකොට මවන ලද්දා වූ සාම නම් (කුමරෙක්) වීම්ද (එකල්හි මම) මහවනයෙහි සිංහ ව්යාඝ්රයන්ද මෛත්‍රියෙහි යෙදවීමි.
තෙරසමෙ සාමො යදා වනෙ ආසින්ති හිමවන්තස්මිං මිගසම්මතාය නාම නදියා තීරෙ මහති අරඤ්ඤෙ සාමො නාම තාපසකුමාරො යදා අහොසි. සක්කෙන අභිනිම්මිතොති සක්කස්ස දෙවානමින්දස්ස උපදෙසසම්පත්තියා ජාතත්තා සක්කෙන නිබ්බත්තිතො ජනිතො. තත්රායං අනුපුබ්බිකථා – අතීතෙ බාරාණසිතො අවිදූරෙ නදියා තීරෙ එකො නෙසාදගාමො අහොසි. තත්ථ ජෙට්ඨනෙසාදස්ස පුත්තො ජාතො. තස්ස “දුකූලො”ති නාමමකංසු. තස්සා එව නදියා පරතීරෙපි එකො නෙසාදගාමො අහොසි. තත්ථ ජෙට්ඨනෙසාදස්ස ධීතා ජාතා. තස්සා “පාරිකා”ති නාමමකංසු. තෙ උභොපි බ්රහ්මලොකතො ආගතා සුද්ධසත්තා. තෙසං වයප්පත්තානං අනිච්ඡමානානංයෙව ආවාහවිවාහං කරිංසු. තෙ උභොපි කිලෙසසමුද්දං අනොතරිත්වා බ්රහ්මානො විය එකතො වසිංසු. න ච කිඤ්චි නෙසාදකම්මං කරොන්ති.
තෙළෙස්වන (සාම පණ්ඩිත චරිතයෙහි) “සාමො යදා වනෙ ආසිං” යනු හිමවතෙහි “මිගසම්මත” නම් නදීතෙර මහ වනයෙහි සාමනම් තාපස කුමාරයෙක් යම්කලෙක වූයේද “සක්කෙන අභිනිම්මිතො” යනු සක්දෙව් රජුගේ උපදේශ සම්පත්තියෙන් උපන් හෙයින් ශක්‍රයා විසින් උපදවන ලද ජනිත කළ මේ එහි අනුපිළිවෙළ කථාවයි. යටගිය දවස බරණැස් නුවරට නුදුරෙහි ගං ඉවුරක එක් වැදිගමක් විය. එහි දෙටුවැදිහට පුතෙක් උපන. ඔහුට “දුකූල” යයි නම් කළහ. එම නදියෙන් එතෙරත් එක් වැදිගමක් විය. එහි දෙටුවැදිහට දියණියක් උපන්හ. ඇයට “පාරිකා” යයි නම් කළහ. ඒ දෙදෙනාම බඹලොවින් ආ පිරිසිදු සත්ත්වයෝ වූහ. වැඩිවියට පත් ඔවුන්ගේ අකමැත්තෙන්ම ආවාහ විවාහ සිදු කළහ. ඔවුහු දෙදෙනාම කෙලෙස් මුහුදට නොබැස බ්‍රහ්මයන් මෙන් එකතුව විසූහ. කිසිම වැදි ක්‍රියාවක් නො කරති.
අථ දුකූලං මාතාපිතරො “තාත, ත්වං නෙසාදකම්මං න කරොසි, නෙව ඝරාවාසං ඉච්ඡසි, කිං නාම කරිස්සසී”ති ආහංසු. සො “තුම්හෙසු අනුජානන්තෙසු පබ්බජිස්සාමී”ති ආහ. “තෙන හි පබ්බජාහී”ති. ද්වෙපි ජනා හිමවන්තං පවිසිත්වා යස්මිං ඨානෙ මිගසම්මතා නාම නදී හිමවන්තතො ඔතරිත්වා ගඞ්ගං පත්තා, තං ඨානං ගන්ත්වා ගඞ්ගං පහාය මිගසම්මතාභිමුඛා අභිරුහිංසු. තදා සක්කස්ස භවනං උණ්හාකාරං දස්සෙසි. සක්කො තං කාරණං ඤත්වා විස්සකම්මුනා තස්මිං ඨානෙ අස්සමං මාපෙසි. තෙ තත්ථ ගන්ත්වා පබ්බජිත්වා සක්කදත්තියෙ අස්සමෙ කාමාවචරමෙත්තං භාවෙත්වා පටිවසිංසු. සක්කොපි තෙසං උපට්ඨානං ආගච්ඡති.
ඉක්බිති මවුපියෝ දුකූලයන්හට “දරුව, නුඹ වැදිකම් නොකරහි. ගෘහවාසය නොකැමැත්තෙහි. කුමක් නම් කරන්නෙහිදැයි විචාළහ. හෙතෙම “ඔබවහන්සේලා අනුදන්නා කල්හි පැවිදි වන්නෙමු”යි කීය. “එසේනම් පැවිදිවව්”යයි කීහ. ඔවුහු දෙදෙනාම හිමවතට පිවිස යම්තැනෙක්හි මිගසම්මත නම් නදිය හිමවතින් බැස ගඟට පැමිණියේද එතනට ගොස් ගඟ හැර මිග සම්මත නම් නදියට අභිමුඛව නැගී ගියාහුය. එකල්හි ශක්‍රයාගේ භවන උණු ස්වභාවයක් දැක්වීය. ශක්‍ර තෙම ඒ කාරණය දැන විශ්වකර්ම දේවපුත්‍රයා ලවා එහි අසපුවක් මැවීය. ඔවුහු එහි ගොස් පැවිදිව සක්දෙව් රජු විසින් දෙන ලද අසපුවෙහි කාමාවචර මෛත්‍රිය වඩා විසූහ. ශක්‍ර තෙමේද ඔවුන්ට උපස්ථානයට පැමිණෙයි.
සො එකදිවසං “තෙසං චක්ඛූ පරිහායිස්සන්තී”ති ඤත්වා උපසඞ්කමිත්වා “භන්තෙ, වො චක්ඛූනං අන්තරායො පඤ්ඤායති, පටිජග්ගනකං පුත්තං ලද්ධුං වට්ටති, ජානාමි තුම්හාකං සුද්ධචිත්තතං, තස්මා පාරිකාය උතුනිකාලෙ නාභිං හත්ථෙන පරාමසෙය්යාථ , එවං වො පුත්තො ජායිස්සති, සො වො උපට්ඨහිස්සතී”ති වත්වා පක්කාමි. දුකූලපණ්ඩිතො තං කාරණං පාරිකාය ආචික්ඛිත්වා තස්සා උතුනිකාලෙ නාභිං පරාමසි. තදා බොධිසත්තො දෙවලොකා චවිත්වා තස්සා කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හි, සා දසමාසච්චයෙන සුවණ්ණවණ්ණං පුත්තං විජායි. තෙනෙවස්ස “සුවණ්ණසාමො”ති නාමං කරිංසු. තං අපරභාගෙ වඩ්ඪිත්වා සොළසවස්සුද්දෙසිකම්පි මාතාපිතරො රක්ඛන්තා අස්සමෙ නිසීදාපෙත්වා සයමෙව වනමූලඵලාඵලත්ථාය ගච්ඡන්ති.
හෙතෙම එක් දිනක් ඔවුන්ගේ ඇස් අන්ධ වන්නේය’යි දැන එළඹ “ස්වාමීනි, නුඹ වහන්සේලාගේ ඇස්වලට අනතුරක් පෙනේ. පිළිදැඟුම් කරන්නා වූ පුතෙකු ලැබීමට වටී. නුඹවහන්සේලාගේ පිරිසිදු සිත් ඇති බව දනිමි. එබැවින් පාරිකාවන් මල්වර වූ කල්හි අතින් නැබ පිරිමදිනු මැනවි. එසේ තොපට පුතෙක් උපදින්නේය. හෙතෙම තොපට උවටැන් කරන්නේය’යි කියා පිටත්ව ගියේය. දුකූල පණ්ඩිත තෙමේ ඒ කාරණය පාරිකාවන්ට කියා ඇය මල්වර වූ කල්හි නැබ පිරිමැද්දේය. එකල්හි බෝධිසත්ත්වයෝ දෙව්ලොවින් චුතව ඇයගේ කුසෙහි පිළිසිඳ ගත්හ. ඇය දසමසක් ඇවෑමෙන් රන්වන් පුතෙකු බිහි කළාය. එනිසාම ඔහුට “සුවණ්ණ සාම” යයි නම් කළහ. මවුපිය දෙදෙනා මෑතකාලයෙහි වැඩිවිය පැමිණ සොළොස් හැවිරිදි පමණ වූ ඔහු රක්නාහු අසපුවෙහි හිඳුවා තමාම වනමුල්ඵලාඵල සඳහා යති.
අථෙකදිවසං වනෙ ඵලාඵලං ආදාය නිවත්තිත්වා අස්සමපදතො අවිදූරෙ මෙඝෙ උට්ඨිතෙ රුක්ඛමූලං පවිසිත්වා වම්මිකමත්ථකෙ ඨිතානං සරීරතො සෙදගන්ධමිස්සකෙ උදකෙ තස්මිං වම්මිකබිලෙ ඨිතස්ස ආසිවිසස්ස නාසාපුටං පවිට්ඨෙ ආසිවිසො කුජ්ඣිත්වා නාසාවාතෙන පහරි. ද්වෙ අන්ධා හුත්වා පරිදෙවමානා විරවිංසු. අථ මහාසත්තො “මම මාතාපිතරො අතිචිරායන්ති, කා නු ඛො තෙසං පවත්තී”ති පටිමග්ගං ගන්ත්වා සද්දමකාසි. තෙ තස්ස සද්දං සඤ්ජානිත්වා පටිසද්දං කත්වා පුත්තසිනෙහෙන “තාත සාම, ඉධ පරිපන්ථො අත්ථි, මා ආගමී”ති වත්වා සද්දානුසාරෙන සයමෙව සමාගමිංසු. සො “කෙන වො කාරණෙන චක්ඛූනි විනට්ඨානී”ති පුච්ඡිත්වා “තාත, මයං න ජානාම, දෙවෙ වස්සන්තෙ රුක්ඛමූලෙ වම්මිකමත්ථකෙ ඨිතා, අථ න පස්සාමා”ති වුත්තමත්තෙ එව අඤ්ඤාසි “තත්ථ ආසිවිසෙන භවිතබ්බං, තෙන කුද්ධෙන නාසාවාතො විස්සට්ඨො භවිස්සතී”ති.
ඉක්බිති එක්දිනක් වනයෙන් ඵලාඵල රැගෙන නැවතී ආපසු එනවිට අසපුවට නුදුරෙහි දී වැසි නැගි කල්හි රුක් මුලකට පිවිස තුඹසක් මත සිටියාහු ඔවුන්ගේ ශරීරයෙන් දහඩිය ගඳ මුසු වූ දිය එම තුඹස් බිලෙහි සිටි සර්පයෙකුගේ නාස් සිදුරට පිවිසි කල්හි සර්පයා කිපී නාසාවාතයෙන් පහර දුන්නේය. දෙදෙනාම අන්ධව හඬමින් කෑගැසූහ. ඉක්බිති මහාසත්ත්වයෝ “මාගේ මවුපියෝ බෙහෝ සුනංගු වෙති. ඔවුන්ගේ පුවත් කවරේදැයි පෙරමගට ගොස් හඬ ගැසූහ. ඔවුහු ඔහුගේ හඬ හැඳින පිළිතුරු හඬ දී දරු සෙනෙහසින් “පුත සාමයෙනි, මෙහි උවදුරක් ඇත. නොඑව’යි කියා හඬ අනුව තමාම පැමිණ එකතුවූහ. හෙතෙම “කවර කරුණකින් ‘නුඹවහන්සේලාගේ ඇස් නැසුනේදැයි විමසා “දරුව, අපි නොදනිමු. වැස්ස වසින කල්හි ගසමුල තුඹස මත සිටියාහු, ඉක්බිති අපි නො දකිමු’යි කී පමණින්ම “එහි සර්පයකු විය යුතුය. කිපියා වූ ඌ විසින් නාසා වාතයක් මුදා හළේ වන්නේයයි දැනගත්තේය.
අථ “මා චින්තයිත්ථ, අහං වො පටිජග්ගිස්සාමී”ති මාතාපිතරො අස්සමං නෙත්වා තෙසං රත්තිට්ඨානදිවාට්ඨානාදිසඤ්චරණට්ඨානෙ රජ්ජුකෙ බන්ධි. තතො පට්ඨාය තෙ අස්සමෙ ඨපෙත්වා වනමූලඵලාඵලානි ආහරති, පාතොව වසනට්ඨානං සම්මජ්ජති, පානීයං ආහරති, පරිභොජනීයං උපට්ඨාපෙති, දන්තකට්ඨමුඛොදකානි දත්වා මධුරඵලාඵලං දෙති. තෙහි මුඛෙ වික්ඛාලිතෙ සයං පරිභුඤ්ජිත්වා මාතාපිතරො වන්දිත්වා තෙසං අවිදූරෙයෙව අච්ඡති – “කිං නු ඛො ඉමෙ ආණාපෙන්තී”ති. විසෙසෙන ච මෙත්තං බහුලමකාසි, තෙනස්ස සත්තා අප්පටික්කූලා අහෙසුං . යථා චස්ස සත්තා, එවං සත්තානං සො බොධිසත්තො අප්පටික්කූලො. එවං සො දිවසෙ දිවසෙ ඵලාඵලත්ථාය අරඤ්ඤං ගච්ඡන්තොපි ආගච්ඡන්තොපි මිගගණපරිවුතො එව අහොසි. සීහබ්යග්ඝාදිවිපක්ඛසත්තාපි තෙන සද්ධිං අතිවිය විස්සත්ථා, මෙත්තානුභාවෙන පනස්ස වසනට්ඨානෙ අඤ්ඤමඤ්ඤං තිරච්ඡානගතා මුදුචිත්තතං පටිලභිංසු. ඉති සො සබ්බත්ථ මෙත්තානුභාවෙන අභීරූ අනුත්රාසී බ්රහ්මා විය අවෙරො විහාසි. තෙන වුත්තං “පවනෙ සීහබ්යග්ඝෙ ච, මෙත්තායමුපනාමයි”න්තිආදි.
ඉක්බිති “නොසිතනු මැනව, මම නුඹවහන්සේලා පිළිදැඟුම් කරන්නෙමි”යි මවුපියන් අසපුවට පමුණුවා ඔවුන්ගේ රාත්‍රී ස්ථාන දිවා ස්ථාන ආදී හැසිරෙන තැන්හි රැහැන් බැන්දේය. එතැන් පටන් ඔවුන් අසපුවෙහි තබා වනමුල් ඵලාඵල ගෙන එයි. උදෑසනම වසන තැන අමදියි. පැන් ගෙන එයි. පරිභෝග කරන ජලය එළවයි. දැහැටි, මුවදෝනා ජලය දී මිහිරි ඵලාඵල දෙයි. ඔවුන් මුවදෙවූ කල තමා අනුභව කොට මවුපියන් වැඳ “මොවුහු කුමක් අණ කෙරෙත්දැයි ඔවුන්ට නුදුරෙන්ම හිඳියි. විශේෂයෙන්ම මෛත්‍රිය වැඩීය. එහෙයින්ම සත්ත්වයෝ ඔහුට පිළිකුල් නොවූහ. ඔහුට සත්ත්වයෝ යම්සේ ද එසේ ඒ බෝධිසත්ත්වයෝ සතුන්ට පිළිකුල් නොවූහ. මෙසේ හෙතෙම දවසක් දවසක් පාසා ඵලාඵල සඳහා වනයට යන්නේ ද එන්නේ ද මුව සමූහයා විසින් පිරිවරන ලද්දේම විය. සිංහ ව්යාඝ්ර ආදී විපක්ෂ සත්ත්වයෝ ද ඔහු සමග අතිශයින් විශ්වාසවන්ත වූහ. මෛත්‍රී ආනුභාවය කරණකොටගෙන මොහු වසන තැන තිරිසන්ගත සත්ත්වයෝද ඔවුනොවුන් මෘදු සිත් ඇති බව ලැබූහ. මෙසේ හෙතෙම සියලු තන්හි මෛත්‍රියේ ආනුභාවයෙන් භය රහිත වූයේ තැතිගැන්මක් නැත්තේ බ්‍රහ්මයා මෙන් වෛර නැත්තෙක්ව වාසය කළේය. එහෙයින් “පවනෙ සීහව්යග්ඝෙ ච මෙත්තාය මුපනාමයිං” යනාදිය කියනලදී.
“පවනෙ සීහව්යග්ඝෙව මෙත්තාය මුපනාමයිං”
352. “සීහබ්යග්ඝෙ හි දීපීහි අච්ඡෙහි මහිසෙහිච පසදමිග වරාහෙහි පරිවාරෙත්වා වනෙ වසිං”
353. “න මං කොචි උත්තසති නපිහං භායාමි කස්සචි මෙත්තා බලෙනුපත්ථද්ධො රමාමි පවනෙ තදාති. (චරියා පිටක)
(එකල්හි මම) මහවනයෙහි සිංහ ව්‍යාඝ්‍රයන් ද මෛත්‍රියෙහි යෙදවීමි.
සිංහයන් සහ ව්‍යාඝ්‍රයන් විසින් ද දිවියන් විසින් ද වලසුන් විසින් ද මීමුන් විසින් ද පසදමුවන් හා වල් ඌරන් විසින් ද පිරිවරන ලදුව (ඒ) වනයෙහි විසුවෙමි.
කිසිවෙක් මා බිය නො ගන්වයි. මමද කිසිවෙකු හටත් බිය නොවෙමි. මෛත්‍රී බලයෙන් පිහිට ලද්දෙමි. මහ වනයෙහි එකල්හි සිත අලවා වාසය කෙළෙමි.
තත්ථ මෙත්තායමුපනාමයින්ති ම-කාරො පදසන්ධිකරො, මෙත්තාභාවනාය කුරූරකම්මන්තෙ සීහබ්යග්ඝෙපි ඵරි, පගෙව සෙසසත්තෙති අධිප්පායො. අථ වා මෙත්තා අයති පවත්තති එතෙනාති මෙත්තායො, මෙත්තාභාවනා. තං මෙත්තායං උපනාමයිං සත්තෙසු අනොධිසො උපනෙසිං. “සීහබ්යග්ඝෙහී”තිපි පාඨො. තස්සත්ථො – න කෙවලමහමෙව, අථ ඛො පවනෙ සීහබ්යග්ඝෙහි, යස්මිං මහාවනෙ තදා අහං විහරාමි, තත්ථ සීහබ්යග්ඝෙහි සද්ධිං අහං සත්තෙසු මෙත්තං උපනාමෙසිං. සීහබ්යග්ඝාපි හි තදා මමානුභාවෙන සත්තෙසු මෙත්තචිත්තතං පටිලභිංසු, පගෙව ඉතරෙ සත්තාති දස්සෙති.
එහි “මෙත්තාය මුපනාමයිං” යන්නෙහි මකාරය පදසන්ධි කිරිම් වශයෙන් පැමිණියකි. මෛත්‍රී භාවනාව නපුරු ක්‍රියා ඇති සිංහ ව්‍යාඝ්‍රයන් කෙරෙහිද පැතිරවීය. සෙසු සතුන් කෙරෙහි කවර කතාද යන අදහසයි. නැතහොත් මෙය කරණ කොට ගෙන මෛත්‍රිය යයි, පවත්වයි යන අර්ථයෙන් “මෙත්තාය” වේ. මෛත්‍රී භාවනාවයි. ඒ මෛත්‍රී භාවනාවෙහි යෙදවීමි. සත්ත්වයන් කෙරෙහි සීමාවකින් තොරව පැමිණවීමි. “සීහව්යග්ඝෙහි” යයිද පාඨයකි. එහි අර්ථය හුදෙක් මම පමණක් නොවෙමි. ඉක්බිති “පවනෙ සීහව්යග්ඝෙහි,” සිංහ ව්‍යාඝ්‍රයන් සමග සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය එළවීමි. එකල මම සිංහ ව්‍යාඝ්‍රයන් සමග යම් මහා ව්රතයක වසම් ද එහිදී මම සිංහ ව්‍යාඝ්‍රයෝ පවා එකල්හි මගේ ආනුභාවයෙන් සත්ත්වයන් කෙරෙහි මෙත්සිත් ඇති බව ලැබූහ. සෙසු සත්ත්වයන් ගැන කියනුම කවරේදැයි දක්වයි.
පසදමිගවරාහෙහීති පසදමිගෙහි චෙව වනසූකරෙහි ච. පරිවාරෙත්වාති එතෙහි අත්තානං පරිවාරිතං කත්වා තස්මිං අරඤ්ඤෙ වසිං.
“පසදමිගවරාහෙහි” යනු පසදමුවන් විසින් මෙන්ම ඌරන් විසින්ද, “පරිවාරෙත්වා” යනු මොවුන් විසින් තමා පිරිවරන ලදුව එහි විසුවෙමි.
ඉදානි තදා අත්තනො මෙත්තාභාවනාය ලද්ධං ආනිසංසං මත්ථකප්පත්තිඤ්චස්ස දස්සෙතුං “න මං කොචි උත්තසතී”ති ඔසානගාථමාහ. තස්සත්ථො – සසබිළාරාදිකො භීරුකජාතිකොපි කොචි සත්තො මං න උත්තසති න උබ්බිජ්ජෙති. අහම්පි කස්සචි සීහබ්යග්ඝාදිතිරච්ඡානතො යක්ඛාදිඅමනුස්සතො ලුද්දලොහිතපාණිමනුස්සතොති කුතොචිපි න භායාමි. කස්මා? යස්මා මෙත්තාබලෙනුපත්ථද්ධො චිරකාලං භාවිතාය මෙත්තාපාරමිතායානුභාවෙන උපත්ථම්භිතො තස්මිං පවනෙ මහාඅරඤ්ඤෙ තදා රමාමි අභිරමාමීති. සෙසං සුවිඤ්ඤෙය්යමෙව.
එකල්හි තමාගේ මෛත්‍රී භාවනාවෙන් ලැබුණු අනිසංසය මුදුන්පත් වීම දැක්වීමට දැන් “න මං කොචි උත්තසති” යන අවසාන ගාථාව වදාළහ. එහි අර්ථය. හා, බළල් ආදී බියවන සුලුවූද “කොචි” කිසිම සත්ත්වයෙක් මට “න උත්තසති” තැති නොගනියි. මමද “කස්සචි” සිංහ ව්යාඝ්ර ආදී තිරිසන් සතුන්ගෙන්ද යක්ෂ ආදී අමනුෂ්යයන්ගෙන්ද නපුරු වූ ලේ වැකුණු අත් ඇති මිනිසුන්ගෙන්ද යයි කිසිම තැනකින් “න භයාමි” භය නොවෙමි. කුමක් හෙයින්ද? යම්හෙයකින් “මෙත්තා බලෙනුපත්ථද්ධො” බොහෝ කාලයක් භාවිතා කළ මෛත්‍රී පාරමිතාවේ ආනුභාවයෙන් උපකාර ලද්දෙම්. ඒ “පවනෙ” මහ වනයෙහි “තදා රමාමි” සිත අලවා වාසය කරමි” යනුයි. ඉතිරි පද පහසුවෙන් දත හැකි අර්ථ ඇත්තේමය.
එවං පන මහාසත්තො සබ්බසත්තෙ මෙත්තායන්තො මාතාපිතරො ච සාධුකං පටිජග්ගන්තො එකදිවසං අරඤ්ඤතො මධුරඵලාඵලං ආහරිත්වා අස්සමෙ ඨපෙත්වා මාතාපිතරො වන්දිත්වා “පානීයං ආදාය ආගමිස්සාමී”ති මිගගණපරිවුතො ද්වෙ මිගෙ එකතො කත්වා තෙසං පිට්ඨියං පානීයඝටං ඨපෙත්වා හත්ථෙන ගහෙත්වා නදීතිත්ථං අගමාසි. තස්මිං සමයෙ බාරාණසියං පීළියක්ඛො නාම රාජා රජ්ජං කාරෙසි. සො මිගමංසලොභෙන මාතරං රජ්ජං පටිච්ඡාපෙත්වා සන්නද්ධපඤ්චාවුධො හිමවන්තං පවිසිත්වා මිගෙ වධිත්වා මංසං ඛාදිත්වා චරන්තො මිගසම්මතං නදිං පත්වා අනුපුබ්බෙන සාමස්ස පානීයගහණතිත්ථං පත්තො. මිගපදවලඤ්ජං දිස්වා ගච්ඡන්තො තං තථා ගච්ඡන්තං දිස්වා “මයා එත්තකං කාලං එවං විචරන්තො මනුස්සො න දිට්ඨපුබ්බො, දෙවො නු ඛො එස නාගො නු ඛො, සචාහං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාමි, සහසා පක්කමෙය්යාති. යංනූනාහං එතං විජ්ඣිත්වා දුබ්බලං කත්වා පුච්ඡෙය්ය”න්ති චින්තෙත්වා මහාසත්තං න්හත්වා වාකචීරං නිවාසෙත්වා අජිනචම්මං එකංසං කරිත්වා පානීයඝටං පූරෙත්වා උක්ඛිපිත්වා වාමංසකූටෙ ඨපනකාලෙ “ඉදානි තං විජ්ඣිතුං සමයො”ති විසපීතෙන සරෙන දක්ඛිණපස්සෙ විජ්ඣි. සරො වාමපස්සෙන නික්ඛමි. තස්ස විද්ධභාවං ඤත්වා මිගගණො භීතො පලායි.
මෙසේ මහාසත්ත්වයෝ වනාහි සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී කරන්නාහු මවුපියන් ද මැනවින් පෝෂණය කරන්නාහු එක්දිනක් වනයෙන් මිහිරි ඵලාඵල ගෙනවිත් අසපුවේ තබා මවුපියන් වැඳ පැන් රැගෙන එන්නෙමියි මුව සමූහයා විසින් පිරිවර ලද්දාහු මුවන් දෙදෙනෙකු එකතු කොට ඔවුන්ගේ පිටෙහි පැන් කළය තබා අතින් අල්ලාගෙන ගං තෙරට ගියහ. එකල්හි බරණැස ‘පීලියක්ෂ’ නම් රජෙක් රාජ්‍යය කරවයි. ඔහු මුවමස් ලොබින් මවට රාජ්‍යය පවරා දී පඤ්චායුධ සන්නද්ධව හිමවතට පිවිස මුවන් මරා මස් අනුභව කොට හැසිරෙන්නේ “මිගසම්මත” ගඟට පැමිණ අනුපිළිවෙලින් සාම කුමාරයන් පැන් ගන්නා තොටට පැමිණියේ මුවන්ගේ පා සටහන් දැක යන්නේ එසේ යන්නා වූ ඒ සාම කුමාරයා දැක “මා මෙපමණ කලක් මෙසේ හැසිරෙන මිනිසෙක් නොදුටු විරූය. මොහු දෙවියෙක්ද නොහොත් නාගයෙක්ද? ඉදින් මම එළඹ විමසන්නෙම් නම් වහාම පලායන්නේය. ඉදින් මම මොහු විද දුර්වල කොට විචාරන්නෙම් නම් මැනවැ”යි සිතා මහාසත්ත්වයන් නා වැහැරි සිවුරු හැඳ අඳුන් දිවිසම ඒකාංශ කොට පැන්කළය පුරවා ඔසවා වම්කර තබන කල්හි “දැන් ඔහු විදීමට කාලයයි. විස පොවන ලද ඊයකින් දකුණු පසට විද්දේය. ඊය වම්පසින් නික්මුණි. ඔහුට විදින ලද බැව් දැන මුව සමූහයා බියට පත්ව පලාගියහ.
සාමපණ්ඩිතො පන විද්ධොපි පානීයඝටං යථා වා තථා වා අනවසුම්භෙත්වා සතිං පච්චුපට්ඨාපෙත්වා සණිකං ඔතාරෙත්වා වාලුකං බ්යූහිත්වා ඨපෙත්වා දිසං වවත්ථපෙත්වා මාතාපිතූනං වසනට්ඨානදිසාභාගෙන සීසං කත්වා නිපජ්ජිත්වා මුඛෙන ලොහිතං ඡඩ්ඩෙත්වා “මම කොචි වෙරී නාම නත්ථි, මමපි කත්ථචි වෙරං නාම නත්ථී”ති වත්වා ඉමං ගාථමාහ –
සාම පණ්ඩිතයෝ වනාහි විදින ලද්දාහු නමුත් පැන් කළය කොතැනක හෝ නොදමා සිහි එළවා සෙමින් කරින් බහා වැලි ඉවත්කොට තබා දිසාවත් නියමකොට ගෙන මවුපියන් වසන දෙසට හිසලා වැදහෙව මුවින් ලේ ඉවත දමා “මට සතුරු වූ කිසිවෙක් නම් නැත. කිසිවෙකු කෙරෙහි මගේ ද වෛරයක් නම් නැතැ’යි කියා මේ ගාථාව කීහ.
“කො නු මං උසුනා විජ්ඣි, පමත්තං උදහාරකං; ඛත්තියො බ්රාහ්මණො වෙස්සො, කො මං විද්ධා නිලීයතී”ති. (ජා· 2.22.296);
“කොනු මං උසුනා විජ්ඣි පමත්තං උදකහාරකං ඛත්තියො බ්රාහ්මණො වෙස්සො කො මං විද්ධො නිලීයතීති” (ජාතක පාලිය)
“දිය ගෙන යන්නට ප්‍රමාද වූ මට ඊයෙන් විද්දේ කවරෙක්ද? රජ, බමුණු, වෙළඳ යන කවරෙක් මට විද සැඟැවූණේද?යි.
තං සුත්වා රාජා “අයං මයා විජ්ඣිත්වා පථවියං පාතිතොපි නෙව මං අක්කොසති න පරිභාසති, මම හදයමංසං සම්බාහන්තො විය පියවචනෙන සමුදාචරති, ගමිස්සාමිස්ස සන්තික”න්ති චින්තෙත්වා උපසඞ්කමිත්වා අත්තානං අත්තනා ච විද්ධභාවං ආවිකත්වා “කො වා ත්වං කස්ස වා පුත්තො”ති මහාසත්තං පුච්ඡි.
එය අසා රජතුමා “මවිසින් විද හෙලන ලද්දේ නමුදු මට ආක්‍රෝශ නො කරයි. පරිභව නො කරයි. හෘදය මාංසය සම්බාහනය කරන්නාක් මෙන් ප්‍රිය වචනයෙන් කථා කරයි. මොහුගේ සමීපයට යන්නෙමි”යි සිතා එළඹ තමා ගැනත් තමා විද්ද බවත් කියා “නුඹ කවරෙක්ද? කාගේ පුතෙක් හෝ වෙයිදැයි මහාසත්ත්වයන්ගෙන් ඇසීය.
සො “සාමො නාමාහං දුකූලපණ්ඩිතස්ස නාම නෙසාදඉසිනො පුත්තො, කිස්ස පන මං විජ්ඣී”ති ආහ. සො පඨමං “මිගසඤ්ඤායා”ති මුසාවාදං වත්වා “අහං ඉමං නිරපරාධං අකාරණෙන විජ්ඣි”න්ති අනුසොචිත්වා යථාභූතං ආවිකත්වා තස්ස මාතාපිතූනං වසනට්ඨානං පුච්ඡිත්වා තත්ථ ගන්ත්වා තෙසං අත්තානං ආවිකත්වා තෙහි කතපටිසන්ථාරො “සාමො මයා විද්ධො”ති වත්වා තෙ පරිදෙවන්තෙ සොකසමාපන්නෙ “යං සාමෙන කත්තබ්බං පරිචාරිකකම්මං, තං කත්වා අහං වො උපට්ඨහිස්සාමී”ති සමස්සාසෙත්‍වා සාමස්ස සන්තිකං ආනෙසි. තෙ තත්ථ ගන්ත්වා නානප්පකාරං පරිදෙවිත්වා තස්ස උරෙ හත්ථං ඨපෙත්වා “පුත්තස්ස මෙ සරීරෙ උසුමා වත්තතෙව, විසවෙගෙන විසඤ්ඤිතං ආපන්නො භවිස්සතීති නිබ්බිසභාවත්ථාය සච්චකිරියං කරිස්සාමා”ති චින්තෙත්වා –
හෙතෙම “මම සාම නම් වෙමි. දුකූල පණ්ඩිත නම් වූ වැදි තවුසාණන්ගේ පුතා වෙමි. කුමක් හෙයින් මට විද්දෙහිදැයි ඇසීය. හෙතෙම පළමුව “මුවෙකි යන හැඟීමෙන් ය”යි බොරු කියා මම නිරපරාධ වූ මොහු නිකරුණේ විද්දෙමි”යි ශෝක කොට පත්වූ පරිද්දෙන් කියා ඔහුගේ මවුපියන් වසන තැන විමසා එහි ගොස් ඔවුන්ට තමා ගැන කියා ඔවුන් විසින් කරන ලද පිළිසඳර ඇත්තේ “මවිසින් සාමට විදින ලදැ”යි කියා වැළපෙන්නා වූ ශෝකයට පැමිණියා වූ ඔවුන් “සාමයන් විසින් කළයුතු යම් අත්පා මෙහෙයක් වී නම් එයකොට මම තොපට උවටැන් කරන්නෙමි’යි අසා සාම සමීපයට පැමිණවීය. ඔවුහු එහි ගොස් නොයෙක් ආකාරයෙන් වැළපී ඔහුගේ පපුවෙහි අත තබා “මාගේ පුතාගේ ශරීරයෙහි උණුසුම පවතීමය. විස වේගයෙන් සිහි නැති බවට පැමිණියේ වන්නේය’යි විස නැතිවනු පිණිස සත්‍ය ක්‍රියා කරන්නෙමු”යි සිතා,
“යං කිඤ්චිත්ථි කතං පුඤ්ඤං, මය්හඤ්චෙව පිතුච්ච තෙ; සබ්බෙන තෙන කුසලෙන, විසං සාමස්ස හඤ්ඤතූ”ති. (ජා· 2.22.388) –
“යං කිඤ්චත්ථි කතං පුඤ්ඤං මය්හං චෙව පිකූච තෙ සබ්බෙන තෙන කුසලෙන විසං සාමස්ස හඤ්ඤතූති”
“මා විසින් ද තොපගේ පියාණන් විසින් ද යම්කිසි පිනක් කරන ලදද ඒ සියලු කුශලය හේතුකොට ගෙන සාම කුමාරයාගේ විෂ නැසේවා”යි
මාතරා,
මව විසින් ද
“යං කිඤ්චිත්ථි කතං පුඤ්ඤං, මය්හඤ්චෙව මාතුච්ච තෙ; සබ්බෙන තෙන කුසලෙන, විසං සාමස්ස හඤ්ඤතූ”ති. (ජා· 2.22.396) –
“යං කිඤ්චත්ථි කතං පුඤ්ඤං මය්හං චෙව මාතුයාච තෙ සබ්බෙන තෙන කුසලෙන විසං සාමස්ස හඤ්ඤතූති”
“තොපගේ මව විසින්ද මා විසින්ද කළ යම් පිනක් ඇත්ද ඒ සියලු කුශලයේ බලයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා”යි
පිතරා,
පියා විසින් ද
“පබ්බත්යාහං ගන්ධමාදනෙ, චිරරත්තනිවාසිනී; න මෙ පියතරො කොචි, අඤ්ඤො සාමෙන විජ්ජති; එතෙන සච්චවජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතූ”ති. (ජා· 2.22.398) –
“පබ්බත්යාහං ගන්ධමාදනෙ චිරරත්ත නිවාසිනී නමෙ පියතරො කොචි අඤ්ඤෙ සාමා න විජ්ජති එතෙන සච්ච වජ්ජෙන විසං සාමස්ස හඤ්ඤතූති
“ගන්ධමාදන පර්වතයෙහි මම බොහෝ කල් මුළුල්ලෙහි සිට වසන්නී වෙමි. සාම කුමරුට වඩා අතිශයින් ප්රියමන අන් කිසිවෙක් මට නැත. මේ සත්‍ය වචනය හේතුකොට ගෙන සාම කුමාරයාගේ විෂ නැසේවා”යි
දෙවතාය ච සච්චකිරියාය කතාය මහාසත්තො ඛිප්පං වුට්ඨාසි. පදුමපත්තපලාසෙ උදකබින්දු විය විනිවට්ටෙත්වා ආබාධො විගතො. විද්ධට්ඨානං අරොගං පාකතිකමෙව අහොසි. මාතාපිතූනං චක්ඛූනි උප්පජ්ජිංසු. ඉති මහාසත්තස්ස අරොගතා, මාතාපිතූනඤ්ච චක්ඛුපටිලාභො, අරුණුග්ගමනං, තෙසං චතුන්නම්පි අස්සමෙයෙව අවට්ඨානන්ති සබ්බං එකක්ඛණෙයෙව අහොසි.
දේවතාවා විසින් ද සත්‍ය ක්‍රියා කළ කල්හි මහාසත්ත්වයෝ වහා නැගී සිටියහ. පියුම් පතක දිය බිඳු මෙන් පෙරළී ආබාධය පහවිය. විදි තැන නිරෝගීව ප්‍රකෘතිමත් විය. මවුපියන්ට ඇස් ලැබීම ද, අරුණ නැගීම ද, ඒ සිවුදෙනා අසපුවෙහිම සිටීමද යන සියල්ල එකවිටම වූයේය.
අථ මහාසත්තො රඤ්ඤා සද්ධිං පටිසන්ථාරං කත්වා “ධම්මං චර, මහාරාජා”තිආදිනා (ජා· 2.22.411-412) ධම්මං දෙසෙත්වා උත්තරිම්පි ඔවදිත්වා පඤ්ච සීලානි අදාසි . සො තස්ස ඔවාදං සිරසා පටිග්ගහෙත්වා වන්දිත්වා බාරාණසිං ගන්ත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා සග්ගපරායනො අහොසි. බොධිසත්තොපි සද්ධිං මාතාපිතූහි අභිඤ්ඤාසමාපත්තියො නිබ්බත්තෙත්වා ආයුපරියොසානෙ බ්රහ්මලොකූපගො අහොසි.
ඉක්බිති මහාසත්ත්වයෝ රජු සමග පිළිසඳර කථා කොට “මහරජ ධර්මයෙහි හැසිරෙනු මැනව”යි ආදී වශයෙන් ධර්මය දේශනා කොට මත්තෙහිද අවවාද දී පන්සිල් දුන්හ. රජතුමා එතුමන්ගේ අවවාද මුදුනෙන් පිළිගෙන වැඳ බරණැසට ගොස් දානාදී පින් කොට දෙව්ලොව උපත ලබන්නෙක් බවට පත්විය. බෝධිසත්ත්වයෝ ද මවුපියන් සමග අභිඥා සමාපත්තීන් උපදවා ආයුකෙළවර බඹලොව උපත ලැබූහ.
තදා රාජා ආනන්දත්ථෙරො අහොසි, දෙවධීතා උප්පලවණ්ණා, සක්කො අනුරුද්ධො, පිතා මහාකස්සපත්ථෙරො, මාතා භද්දකාපිලානී, සාමපණ්ඩිතො ලොකනාථො.
එකල රජතුමා ආනන්ද ස්ථවිර විය. දෙව්දුව උප්පලවණ්ණාය. ශක්‍රතෙම අනුරුද්ධ ස්ථවිරය. පියා මහාකාශ්‍යප ස්ථවිරය. මව භද්දකාපිලානිය. සාමපණ්ඩිතයෝ ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.
තස්ස හෙට්ඨා වුත්තනයෙනෙව සෙසපාරමියො නිද්ධාරෙතබ්බා. තථා විසපීතෙන සල්ලෙන දක්ඛිණපස්සෙන පවිසිත්වා වාමපස්සතො විනිවිජ්ඣනවසෙන විද්ධොපි කිඤ්චි කායවිකාරං අකත්වා උදකඝටස්ස භූමියං නික්ඛිපනං, වධකෙ අඤ්ඤාතෙපි ඤාතෙ විය චිත්තවිකාරාභාවො, පියවචනෙන සමුදාචාරො, මාතාපිතුඋපට්ඨානපුඤ්ඤතො මය්හං පරිහානීති අනුසොචනමත්තං, අරොගෙ ජාතෙ රඤ්ඤො කාරුඤ්ඤං මෙත්තඤ්ච උපට්ඨාපෙත්වා ධම්මදෙසනා, ඔවාදදානන්ති එවමාදයො ගුණානුභාවා විභාවෙතබ්බාති.
යට සඳහන් පරිදි උන්වහන්සේගේ සෙසු පාරමිතාවෝද නිර්ධාරණය කළ යුත්තාහ. එසේම විෂ කැවූ ඊය දකුණු පසින් පිවිස වම් පසින් විනිවිදිම් වශයෙන් විදින ලද්දේ නමුදු කිසිම කාය විකාරයක් නොකොට දිය කළය බිම තැබීමත්, වධ කළවුන් නොදන්නා නමුදු දන්නාක් මෙන් සිතේ විකාරයක් නැති බවද ප්‍රිය වචනයෙන් කථා කිරීම ද, මවුපියන්ට උපස්ථාන කිරීමේ පිනෙන් මගේ පිරිහීම යයි ශෝක කිරිම් මාත්‍රයද, නිරෝගී වූ කල්හි රජු කෙරෙහි කරුණා මෛත්‍රී සිත පිහිටුවා ධර්ම දේශනා කිරීම, අවවාද දීම යන මේ ආදී ගුණානුභාවයෝ පැහැදිලි කළ යුත්තාහ.
සුවණ්ණසාමචරියාවණ්ණනා නිට්ඨිතා.
තෙළෙස්වන සාම පණ්ඩිත චරිතයයි.