යෙදුමෙන් කියවන්න

12. මහාසුතසොමචරියාවණ‍්ණනා අට‍්ඨකථා

12. මහාසුතසොමචරියාවණ‍්ණනා

12. සුතසෝම චරියා වර්ණනාව

345. “පුනාපරං යදාහොමි සුතසොමො මහීපති ගහිතො පොරිසාදෙන බ්‍රාහ්මණ සඞ්ගරංසරිංති” (චරියා පිටක)

“නැවත අනිකුදු (චරිතයක් කියන්නෙමි) යම් කලෙක්හි මම සුතසෝම නම් රජෙක් වීම් ද, පෝරිසාද විසින් අල්ලා ගන්නා ලද්දෙම් බ්‍රාහ්මණයාහට (දෙන ලද) ප්‍රතිඥාව සිහි කෙළෙමි’යි

ද‍්වාදසමෙ සුතසොමො මහීපතීති එවංනාමො ඛත‍්තියො. මහාසත‍්තො හි තදා කුරුරට‍්ඨෙ ඉන්‍දපත්‍ථනගරෙ කොරබ්‍යස‍්ස රඤ‍්ඤො අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති. තං සුතවිත‍්තතාය චන්‍දසමානසොම‍්මවරවණ‍්ණතාය ච “සුතසොමො”ති සඤ‍්ජානිංසු. තං වයප‍්පත‍්තං සබ‍්බසිප‍්පනිප‍්ඵත‍්තිප‍්පත‍්තං මාතාපිතරො රජ‍්ජෙ අභිසිඤ‍්චිංසු. ගහිතො පොරිසාදෙනාති පුරිසානං මනුස‍්සානං අදනතො ඛාදනතො “පොරිසාදො”ති ලද‍්ධනාමෙන බාරාණසිරඤ‍්ඤා දෙවතාබලිකම‍්මත්‍ථං ගහිතො.

දොළොස්වන (සුතසෝම චරිතයෙහි) “සුතසොමො මහීපතී” යනු එනම් වූ රජ මහාසත්ත්‍වයෝ වනාහි එකල්හි කුරුරට ඉඳිපත් නුවර කෝරව්‍ය රජුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳගත්හ. ඇසීමෙහි සතුටු සිත් ඇති බැවින්ද චන්‍ද්‍රයා වැනි සෞම්‍ය මුහුණක් ඇති නිසාද “සුතසෝම” යයි හැඳින ගත්හ. මවුපියෝ වැඩිවියට පත්, සියලු ශිල්පයන්හි පරතෙරට පත් ඔහු රාජ්‍යයෙහි අභිෂේක කළාහුය. “ගහිතො පොරිසාදෙන” යනු පුරුෂ වූ, මනුෂ්‍යයන් ආහාර වශයෙන් අනුභව කළ හෙයින් “පෝරිසාද” යයි ලැබූ නම් ඇති බරණැස් රජු විසින් දෙවියන්ට බිලිකම් සඳහා අල්ලා ගන්නා ලද්දේ.

බාරාණසිරාජා හි තදා මංසං විනා අභුඤ‍්ජන‍්තො අඤ‍්ඤං මංසං අලභන‍්තෙන භත‍්තකාරකෙන මනුස‍්සමංසං ඛාදාපිතො රසතණ‍්හාය බද‍්ධො හුත්‍වා මනුස‍්සෙ ඝාතෙත්‍වා මනුස‍්සමංසං ඛාදන‍්තො “පොරිසාදො”ති ලද‍්ධනාමො අමච‍්චපාරිසජ‍්ජප‍්පමුඛෙහි නාගරෙහි නෙගමජානපදෙහි ච උස‍්සාහිතෙන කාළහත්‍ථිනා නාම අත‍්තනො සෙනාපතිනා “දෙව, යදි රජ‍්ජෙන අත්‍ථිකො මනුස‍්සමංසඛාදනතො විරමාහී”ති වුත‍්තො “රජ‍්ජං පජහන‍්තොපි මනුස‍්සමංසඛාදනතො න ඔරමිස‍්සාමී”ති වත්‍වා තෙහි රට‍්ඨා පබ‍්බාජිතො අරඤ‍්ඤං පවිසිත්‍වා එකස‍්මිං නිග්‍රොධරුක‍්ඛමූලෙ වසන‍්තො ඛාණුප‍්පහාරෙන පාදෙ ජාතස‍්ස වණස‍්ස ඵාසුභාවාය “සකලජම‍්බුදීපෙ එකසතඛත‍්තියානං ගලලොහිතෙන බලිකම‍්මං කරිස‍්සාමී”ති දෙවතාය ආයාචනං කත්‍වා සත‍්තාහං අනාහාරතාය වණෙ ඵාසුකෙ ජාතෙ “දෙවතානුභාවෙන මෙ සොත්‍ථි අහොසී”ති සඤ‍්ඤාය “දෙවතාය බලිකම‍්මත්‍ථං රාජානො ආනෙස‍්සාමී”ති ගච‍්ඡන‍්තො අතීතභවෙ සහායභූතෙන යක‍්ඛෙන සමාගන‍්ත්‍වා තෙන දින‍්නමන‍්තබලෙන අධිකතරථාමජවපරක‍්කමසසම‍්පන‍්නො හුත්‍වා සත‍්තාහබ‍්භන‍්තරෙයෙව සතරාජානො ආනෙත්‍වා අත‍්තනො වසනනිග්‍රොධරුක‍්ඛෙ ඔලම‍්බෙත්‍වා බලිකම‍්මකරණසජ‍්ජො අහොසි.

බරණැස් රජ වනාහි එකල්හි මසෙන් තොරව අනුභව නොකරන්නේ අනෙක් මසක් නොලැබූ අරක්කැමියා විසින් මිනීමස් අනුභව කරවන ලද්දේ රස තෘෂ්ණාවෙන් බැඳුනෙක් වී මිනිසුන් මරා මිනීමස් කන්නේ ඇමති පිරිස ප්‍රධාන නුවර වැස්සන් විසින් ද නියම් ජනපදවාසීන් විසින් ද උත්සාහ කරවන ලද “කාලහත්‍ථි” නම් තමන්ගේ සෙන්පතියා විසින් දේවයන් වහන්ස ඉදින් රජය කැමැත්තේ නම් මිනීමස් අනුභව කිරීමෙන් වෙන්වුව මැනවැ’යි කී කල්හි “රාජ්‍යය අත්හරින්නේ නමුදු මිනීමස් කෑමෙන් වෙන් නොවන්නෙමි’යි කියා ඔවුන් විසින් රටින් නෙරපන ලද්දේ වනයට පිවිස එක් නුගගසක් මුල වසන්නේ කණුවක හැපීමෙන් පාදයෙහි හටගත් වනය සුවවීම සඳහා “මුළු දඹදිව එක් සියයක් රජුන්ගේ ගළලෙයින් බිලිපූජා කරන්නෙමි’යි දෙවියන්ට ආයාචනා කොට සත් දිනක් නිරාහාරව සිටීමෙන් වණය සුව වූ කල්හි “දෙවියන්ගේ ආනුභාවයෙන් මට සුව වූයේයයි හැඟීමෙන් “බිලිකම් සඳහා රජුන් ගෙන එන්නෙමි’ යි යන්නේ අතීත ජන්මයෙහි යහළු වූ යක්‍ෂයකු සමග එක්ව ඔහු විසින් දුන් මන්ත්‍ර බලයෙන් ඉතා ශක්තිජවපරාක්‍රමයෙන් යුක්ත වූයේ සත් දිනක් තුළදීම සියයක් රජවරුන් ගෙනවිත් තමා වසන නුගගසෙහි එල්වා බිලිකම් කිරීමට සුදානම් විය.

අථ තස‍්මිං රුක‍්ඛෙ අධිවත්‍ථා දෙවතා තං බලිකම‍්මං අනිච‍්ඡන‍්තී “උපායෙන නං නිසෙධෙස‍්සාමී”ති පබ‍්බජිතරූපෙන තස‍්ස අත‍්තානං දස‍්සෙත්‍වා තෙන අනුබද‍්ධො තියොජනං ගන‍්ත්‍වා පුන අත‍්තනො දිබ‍්බරූපමෙව දස‍්සෙත්‍වා “ත්‍වං මුසාවාදී තයා ‘සකලජම‍්බුදීපෙ රාජානො ආනෙත්‍වා බලිකම‍්මං කරිස‍්සාමී’ති පටිස‍්සුතං. ඉදානි යෙ වා තෙ වා දුබ‍්බලරාජානො ආනෙසි. ජම‍්බුදීපෙ ජෙට‍්ඨකං සුතසොමරාජානං සචෙ නානෙස‍්සසි, න මෙ තෙ බලිකම‍්මෙන අත්‍ථො”ති ආහ.

ඉක්බිති ඒ නුග ගසෙහි අරක්ගත් දෙවියෝ ඒ බලිකර්‍මයට අකමැති වන්නාහු උපායකින් එය වලක්වන්නෙමි’යි පැවිදි වෙසින් තමා ඔහුට දක්වා ඔහු විසින් ලුහුබඳින ලද්දාහු තුන් යොදුනක් ගොස් නැවත තමාගේ දිව්‍ය රූපය දක්වා “නුඹ බොරු කියන්නෙකි, නුඹ විසින් සියලු දඹදිව රජවරුන් ගෙනවිත් බිලිකම් කරන්නෙමි”යි ප්‍රතිඥා කරන ලදී. දැන් යම් ඒ දුර්‍වල රජවරුන් පමණක් ගෙනාවෙහිය. ඉදින් දඹදිව අග්‍ර වූ සුතසෝම රජු ගෙන නොඑන්නෙහි නම් නුඹගේ බලිකර්‍මයෙන් මට වැඩක් නැතැ’යි කීහ.

සො “දිට‍්ඨා මෙ අත‍්තනො දෙවතා”ති තුසිත්‍වා “සාමි, මා චින‍්තයි, අහං අජ‍්ජෙව සුතසොමං ආනෙස‍්සාමී”ති වත්‍වා වෙගෙන මිගාජිනඋය්‍යානං ගන‍්ත්‍වා අසංවිහිතාය ආරක‍්ඛාය පොක‍්ඛරණිං ඔතරිත්‍වා පදුමිනිපත‍්තෙන සීසං පටිච‍්ඡාදෙත්‍වා අට‍්ඨාසි. තස‍්මිං අන‍්තොඋය්‍යානගතෙයෙව බලවපච‍්චූසෙ සමන‍්තා තියොජනං ආරක‍්ඛං ගණ‍්හිංසු. මහාසත‍්තො පාතොව අලඞ‍්කතහත්‍ථික‍්ඛන්‍ධවරගතො චතුරඞ‍්ගිනියා සෙනාය නගරතො නික‍්ඛමි. තදා තක‍්කසිලතො නන්‍දො නාම බ්‍රාහ‍්මණො චතස‍්සො සතාරහගාථායො ගහෙත්‍වා වීසයොජනසතං මග‍්ගං අතික‍්කම‍්ම තං නගරං පත‍්තො රාජානං පාචීනද‍්වාරෙන නික‍්ඛමන‍්තං දිස‍්වා හත්‍ථං උක‍්ඛිපිත්‍වා “ජයතු භවං, මහාරාජා”ති වත්‍වා ජයාපෙසි.

හෙතෙම “මාවිසින් තමාගේ දේවතාතොමෝ දක්නා ලද්දීය’යි සතුටුව “ස්වාමීනි, නොසිතුව මැනව, මම අදම සුතසෝමයන් ගෙන එන්නෙමි’යි කියා වේගයෙන් “මිගාජින” උයනට ගොස් රැකවලක් නොමැතිව තිබූ පොකුණට බැස පියුම් පතකින් හිස වසාගෙන සිටියේය. ඔහු උයන ඇතුළට ගිය කල්හිම ඉතා අලුයම තුන් යොදුනක් අවට රැකවල් ගත්තාහුය. මහාසත්ත්‍වයෝ උදෑසනම සැරසූ ඇතුපිට නැගී සිවුරඟ පිරිවරාගෙන නගරයෙන් නික්මුණාහ. එකල්හි නන්ද නම් බ්‍රාහ්මණයා තක්‍ෂලා නුවරින් “සතාරහ” නම් ගාථා හතරක් ගෙන එකසිය විසි යොදුන් මග ගෙවා එම නගරයට පැමිණියේ නැගෙනහිර දොරටුවෙන් නික්මෙන රජු දැක අත ඔසවා “මහරජ, ඔබතුමාට ජය වේවා”යි කියා ජයාශීර්වාද කළේය.

රාජා හත්‍ථිනා තං උපසඞ‍්කමිත්‍වා “කුතො නු, ත්‍වං බ්‍රාහ‍්මණ, ආගච‍්ඡසි, කිමිච‍්ඡසි, කිං තෙ දජ‍්ජ”න‍්ති ආහ. බ්‍රාහ‍්මණො “තුම‍්හෙ ‘සුතවිත‍්තකා’ති සුත්‍වා චතස‍්සො සතාරහගාථායො ආදාය තුම‍්හාකං දෙසෙතුං ආගතොම‍්හී”ති ආහ. මහාසත‍්තො තුට‍්ඨමානසො හුත්‍වා “අහං උය්‍යානං ගන‍්ත්‍වා න‍්හායිත්‍වා ආගන‍්ත්‍වා සොස‍්සාමි, ත්‍වං මා උක‍්කණ‍්ඨී”ති වත්‍වා “ගච‍්ඡථ බ්‍රාහ‍්මණස‍්ස අසුකගෙහෙ නිවාසං ඝාසච‍්ඡාදනඤ‍්ච සංවිදහථා”ති ආණාපෙත්‍වා උය්‍යානං පවිසිත්‍වා මහන‍්තං ආරක‍්ඛං සංවිධාය ඔළාරිකානි ආභරණානි ඔමුඤ‍්චිත්‍වා මස‍්සුකම‍්මං කාරෙත්‍වා උබ‍්බට‍්ටිතසරීරො පොක‍්ඛරණියා රාජවිභවෙන න‍්හායිත්‍වා පච‍්චුත‍්තරිත්‍වා උදකග‍්ගහණසාටකෙ නිවාසෙත්‍වා අට‍්ඨාසි.

රජතුමා මඟුලැතු එතනට පමුණුවා “බ්‍රාහ්මණය, නුඹ කොහි සිට එන්නෙහිද? කුමක් කැමති වෙහිද? නුඹට කුමක් දියයුතුදැයි කීය. බ්‍රාහ්මණයා “නුඹවහන්සේ සුභාෂිත ඇසීමෙහි අභිප්‍රාය ඇතෙකැයි අසා සතාරහ ගාථාවන් සතරක් රැගෙන ඔබතුමාට දේශනා කිරීමට පැමිණියේ වෙමි”යි කීය. මහාසත්ත්‍වයෝ සතුටු සිත් ඇත්තාහු “මම උයනට ගොස් නා පැමිණ අසන්නෙමි, නුඹ කළනොකිරෙව’යි කියා “යව්, බ්‍රාහ්මණයාට අසවල් ගෙයි නවාතැන්ද කෑම ඇඳීමද විධාන කරව්” යයි අණ කරවා උයනට පිවිස මහත් වූ ආරක්‍ෂාව සංවිධානය කොට මාහැඟි ආභරණ මුදා රැවුල කප්වා සඳුන් සුණු ආදියෙන් උලන ලද ශරීර ඇත්තේ රාජ ඓශ්වර්‍ය්‍යයෙන් පොකුණෙහි නා, ගොඩ නැගී දිය සළුව හැඳ සිටියේය.

අථස‍්ස ගන්‍ධමාලාලඞ‍්කාරෙ උපහරිංසු. පොරිසාදො “අලඞ‍්කතකාලෙ රාජා භාරිකො භවිස‍්සති, සල‍්ලහුකකාලෙයෙව නං ගණ‍්හිස‍්සාමී”ති නදන‍්තො ඛග‍්ගං පරිවත‍්තෙන‍්තො “අහමස‍්මි පොරිසාදො”ති නාමං සාවෙත්‍වා උදකා නික‍්ඛමි. තස‍්ස සද‍්දං සුත්‍වා හත්‍ථාරොහාදයො හත්‍ථිආදිතො භස‍්සිංසු. බලකායො දූරෙ ඨිතො තතොව පලායි. ඉතරො අත‍්තනො ආවුධානි ඡඩ‍්ඩෙත්‍වා උරෙන නිපජ‍්ජි. පොරිසාදො රාජානං උක‍්ඛිපිත්‍වා ඛන්‍ධෙ නිසීදාපෙත්‍වා සම‍්මුඛට‍්ඨානෙයෙව අට‍්ඨාරසහත්‍ථං පාකාරං ලඞ‍්ඝිත්‍වා පුරතො පගලිතමදමත‍්තවරවාරණෙ කුම‍්භෙ අක‍්කමිත්‍වා පබ‍්බතකූටානි විය පාතෙන‍්තො වාතජවානිපි අස‍්සරතනානි පිට‍්ඨියං අක‍්කමිත්‍වා පාතෙන‍්තො රථසීසෙ අක‍්කමිත්‍වා පාතෙන‍්තො භමරිකං භමන‍්තො විය නීලකානි නිග්‍රොධපත‍්තානි මද‍්දන‍්තො විය එකවෙගෙනෙව තියොජනමග‍්ගං ගන‍්ත්‍වා කඤ‍්චි අනුබන්‍ධන‍්තං අදිස‍්වා සණිකං ගච‍්ඡන‍්තො සුතසොමස‍්ස කෙසෙහි උදකබින්‍දූනි අත‍්තනො උපරි පතන‍්තානි “අස‍්සුබින්‍දූනී”ති සඤ‍්ඤාය “කිමිදං සුතසොමොපි මරණං අනුසොචන‍්තො රොදතී”ති ආහ.

ඉක්බිති එතුමන්ට සුවඳ මල් මාලාලඞ්කාරයන් එළවූහ. පෝරිසාදයා “සැරසුණු රජතුමා බර වන්නේය. සැහැල්ලු විටම ඔහු ගන්නෙමි’යි හඬගසමින් කඩුව කරකවමින් මම පෝරිසාදයා වෙමි’යි නම අස්වා ජලයෙන් නික්මුණි. ඔහුගේ හඬ අසා ඇතරු ආදීහු ඇතුන් ආදීන්ගෙන් බැස්සාහුය. බලසෙනග දුර සිටියාහුම පලාගියහ. අනෙකෙක් තම ආයුධ හැරදමා වැදහොත්හ. පෝරිසාදයා රජු ඔසවා කර හිඳුවා ඉදිරියට පැමිණි තැනින්ම අටළොස් රියන් පවුර පැන ඉදිරියෙන් වෑහෙන්නා වූ මද ඇති මතැතුන්ගේ කුඹුපාගා පර්වතකුට මෙන් බිම හෙළමින් පවනට බඳු ජවඇති අශ්ව රත්නයන්ද පිට පාගා බිම හෙළමින් රිය හිස් පාගා බිම හෙළමින්. බඹරයක් කරකවන්නාක් මෙන් නිල් වූ නුගකොළ මඩින්නාක් මෙන් එකම වේගයෙන් තුන් යොදුන් මග ගෙවා ලුහුබඳින කිසිවෙකු නො දැක හෙමින් යන්නේ සුත සෝමයන්ගේ හිසකේවලින් ජලබිඳු තමා මත වැටෙන කල්හි “කඳුලු බින්දු” යන හැඟීමෙන් “මේ කිමෙක්ද? සුතසෝම මරණය අනුව ශෝක කරමින් හඬද්දැයි කීයේය.

මහාසත‍්තො “නාහං මරණතො අනුසොචාමි, කුතො රොදනා, අපි ච ඛො සඞ‍්ගරං කත්‍වා සච‍්චාපනං නාම පණ‍්ඩිතානං ආචිණ‍්ණං, තං න නිප‍්ඵජ‍්ජතී”ති අනුසොචාමි. කස‍්සපදසබලෙන දෙසිතා චතස‍්සො සතාරහගාථායො ආදාය තක‍්කසිලතො ආගතස‍්ස බ්‍රාහ‍්මණස‍්ස ආගන‍්තුකවත‍්තං කාරෙත්‍වා “න‍්හායිත්‍වා ආගන‍්ත්‍වා සුණිස‍්සාමි, යාව මමාගමනා ආගමෙහී”ති සඞ‍්ගරං කත්‍වා උය්‍යානං ගතො, ත්‍වඤ‍්ච තා ගාථායො සොතුං අදත්‍වා මං ගණ‍්හීති. තෙන වුත‍්තං –

මහාසත්ත්‍වයෝ “මම මරණයට ශෝක නොකරමි. හැඬීමක් නම් කොයින්ද? එසේ වුවත් පොරොන්දුවක් දී එය ඉටුකිරීම වනාහි නුවණැත්තන්ගේ පුරුද්දකි. එය සිදුනොවේ යයි ශෝක කරමි. කාශ්‍යප බුදුරජුන් විසින් දේශනා කරන ලද සතාරහ ගාථා හතරක් ගෙන තක්‍ෂලාවේ සිට පැමිණි බ්‍රාහ්මණයෙකුට ආගන්තුකවත් කරවා “නා පැමිණ අසන්නෙමි. මා එනකල් සිටිනු මැනවැයි ප්‍රතිඥා දී උයනට ගියේ වෙමි. නුඹද ඒ ගාථා ඇසීමට නොදී මා අල්ලා ගත්තෙහිය’යි කීහ. එහෙයින්,

“ගහිතො පොරිසාදෙන, බ්‍රාහ‍්මණෙ සඞ‍්ගරං සරි”න‍්ති.

ගහිතො පොරිසාදෙන බ්‍රාහ්මණෙ සඞ්ගරං සරිං 346. “ඛත්තියානං එකසතං ආවුනිත්‍වා කරතලෙ එතෙ සම්පමිලාපෙත්‍වා යඤ්ඤත්‍ථෙ උපනයී මමන්ති (චරියා පිටක)

පෝරිසාදයා එක්සියයක් ක්‍ෂත්‍රියයන්ගේ අත්තල සිදුරු කොට (රැහැන් යොදා) අමුණා ඔවුන් සම්පූර්‍ණයෙන් මලානික කරවා බලි කර්‍මය සඳහා මා ගෙන ගියේය”යි වදාරණ ලදී.

තත්‍ථ බ්‍රාහ‍්මණෙ සඞ‍්ගරං සරින‍්ති නන්‍දබ්‍රාහ‍්මණෙ අත‍්තනා කතං පටිඤ‍්ඤං අනුස‍්සරිං.

එහි “බ්‍රාහ්මණෙ සඞ්ගරං” යනු නන්ද බ්‍රාහ්මණයාහට තමා විසින් කළ ප්‍රතිඥාව සිහිකෙළෙමි.

ආවුණිත්‍වා කරත‍්තලෙති තත්‍ථ තත්‍ථ උය්‍යානාදීසු ගන‍්ත්‍වා අත‍්තනො බලෙන ආනීතානං එකසතඛත‍්තියානං හත්‍ථතලෙ ඡිද‍්දං කත්‍වා රුක‍්ඛෙ ලම‍්බනත්‍ථං රජ‍්ජුං පටිමුඤ‍්චිත්‍වා. එතෙසං පමිලාපෙත්‍වාති එතෙ එකසතඛත‍්තියෙ ජීවග‍්ගාහං ගහෙත්‍වා උද‍්ධංපාදෙ අධොසිරෙ කත්‍වා පණ‍්හියා සීසං පහරන‍්තො භමණවසෙන හත්‍ථතලෙ ආවුණිත්‍වා රුක‍්ඛෙ ආලම‍්බනවසෙන සබ‍්බසො ආහාරූපච‍්ඡෙදෙන ච සබ‍්බථා පමිලාපෙත්‍වා විසොසෙත්‍වා ඛෙදාපෙත්‍වාති අත්‍ථො. යඤ‍්ඤත්‍ථෙති බලිකම‍්මත්‍ථෙ සාධෙතබ‍්බෙ. උපනයී මමන‍්ති මං උපනෙසි.

“ආවුණිත්‍වා කරතලෙ” යනු ඒ ඒ තැන උයන් ආදියට ගොස් තමාගේ බලයෙන් ගෙනෙන ලද එක් සියයක් ක්‍ෂත්‍රියයන්ගේ අත්තල සිදුරු කොට ගසෙහි එල්ලනු පිණිස රැහැන් යොදා. “එතෙ සම්පමිලා පෙත්‍වා” යනු මේ එක්සියයක් ක්‍ෂත්‍රියයන් ජීවග්‍රාහයෙන් ගෙන පා උඩුකුරුව හා හිස යටිකුරු කොට විලුඹින් හිසට පහරදෙමින් කරකැවීම් වශයෙන් ද අත්තල අමුණා ගසෙහි එල්ලීම් වශයෙන් ද සියලු ආකාරයෙන් ආහාර වැළකීම් වශයෙන්ද සියලු ආකාරයෙන් මලානික කරවා වියලවා අසහනයට පත් කරවා යන අර්‍ථයයි. “යඤ්ඤත්‍ථෙ” යනු බලිකර්‍මය සඳහා සම්පූර්‍ණ කළයුතු වූ කල්හි “උපනයී මමං” යනු මා ගෙන ගියේය.

තථා උපනීයමානො පන මහාසත‍්තො පොරිසාදෙන “කිං ත්‍වං මරණතො භායසී”ති වුත‍්තෙ “නාහං මරණතො භායාමි, තස‍්ස පන බ්‍රාහ‍්මණස‍්ස මයා කතො සඞ‍්ගරො න පරිමොචිතො”ති අනුසොචාමි. “සචෙ මං විස‍්සජ‍්ජෙස‍්සසි, තං ධම‍්මං සුත්‍වා තස‍්ස ච සක‍්කාරසම‍්මානං කත්‍වා පුන ආගමිස‍්සාමී”ති. “නාහමිදං සද‍්දහාමි, යං ත්‍වං මයා විස‍්සජ‍්ජිතො ගන‍්ත්‍වා පුන මම හත්‍ථං ආගමිස‍්සාසී”ති. “සම‍්ම පොරිසාද, මයා සද‍්ධිං එකාචරියකුලෙ සික‍්ඛිතො සහායො හුත්‍වා ‘අහං ජීවිතහෙතුපි න මුසා කථෙමී’ති කිං න සද‍්දහසී”ති? කිඤ‍්චාපි මෙ එතෙන වාචාමත‍්තකෙන –

එසේ ගෙන යනු ලබන කල්හි වනාහි මහාසත්ත්‍ව තෙම පෝරිසාදයා විසින් “කිම නුඹ මරණයට බියවන්නෙහිදැයි ඇසූ කල්හි “මම මරණයට බිය නොවෙමි. එම බ්‍රාහ්මණයාට මවිසින් කරන ලද පොරොන්දුව නොමුදන ලදැයි ශෝක කරමි. ඉදින් මා මුදාහරින්නෙහි නම් ඒ ධර්‍මය අසා එතුමන්ටද සත්කාර සම්මාන කොට නැවත පැමිණෙන්නෙමි’යි කීය. “මා විසින් මුදාහරින ලද ඔබතුමා ගොස් නැවත මා අතට එන්නෙහිය” යන මේ වචනය මම නො අදහමි”යි (කීය) යහළු පොරිසාදයෙනි, මා සමග එකම ආචාර්‍ය්‍ය කුලයෙහි හික්මුනා වූ යහළුවෙක් වී “මම දිවි සඳහාවත් බොරු නො කියමි” යන්න කිම නො අදහන්නෙහිද? මාගේ මේ වචන මාත්‍රයෙන් කිමද?

“අසිඤ‍්ච සත‍්තිඤ‍්ච පරාමසාමි, සපථම‍්පි තෙ සම‍්ම අහං කරොමි; තයා පමුත‍්තො අනණො භවිත්‍වා, සච‍්චානුරක‍්ඛී පුනරාවජිස‍්ස”න‍්ති. (ජා· 2.21.407) –

“අසිඤ්ච සත්‍ථිඤ්ච පරාමසාමි සපථම්පි තෙ සම්ම අහං කරොමි තයා පමුත්තො අණනො භවිත්‍වා සච්චානුරක්‍ඛී පුනරාවජිස්සන්ති” (ජාතක පාලිය)

“යහළුව, කඩුවද සිරිය ද අල්ලමි. මම ඔබට දිවිරීම ද කරමි. නුඹ විසින් මුදන ලද මම බ්‍රාහ්මණයාට ණය නැත්තෙක්ව, සත්‍යය රක්නෙම් නැවත එන්නෙමි’යි

මහාසත‍්තෙන ඉමාය ගාථාය වුත‍්තාය පොරිසාදො “අයං සුතසොමො ‘ඛත‍්තියෙහි අකත‍්තබ‍්බං සපථං කරොමී’ති වදති, ගන‍්ත්‍වා අනාගච‍්ඡන‍්තොපි මම හත්‍ථතො න මුච‍්චිස‍්සතී”ති චින‍්තෙත්‍වා –

මහාසත්ත්‍වයන් විසින් මේ ගාථාව කී කල්හි පෝරිසාද තෙම “මේ සුතසෝමයෝ රජුන් විසින් නොකළයුතු සපථයක් කරමි”යි කියයි. ගොස් නැවත නො එන්නාහුද මගේ අතින් නො මිදෙන්නාහ’යි සිතා:-

“යො තෙ කතො සඞ‍්ගරො බ්‍රාහ‍්මණෙන, රට‍්ඨෙ සකෙ ඉස‍්සරියෙ ඨිතෙන; තං සඞ‍්ගරං බ්‍රාහ‍්මණ සප‍්පදාය, සච‍්චානුරක‍්ඛී පුනරාවජස‍්සූ”ති. (ජා· 2.21.408) –

මහරජ, සිය රටෙහි ඉසුරු බවෙහි සිටියා වූ ඔබ විසින් බ්‍රාහ්මණයකු සමග යම් පොරොන්දුවීමක් කරන ලදද ඒ පොරොන්දුව බමුණාට දී සත්‍ය රක්නෙහි නැවත මෙහි එව’යි

විස‍්සජ‍්ජෙසි.

කියා මුදාහැරියේය.

මහාසත‍්තො රාහුමුඛා මුත‍්තො චන්‍දො විය නාගබලො ථාමසම‍්පන‍්නො ඛිප‍්පමෙව තං නගරං සම‍්පාපුණි. සෙනාපිස‍්ස “සුතසොමරාජා පණ‍්ඩිතො, පොරිසාදං දමෙත්‍වා සීහමුඛා පමුත‍්තමත‍්තවරවාරණො විය ආගමිස‍්සතී”ති ච “රාජානං පොරිසාදස‍්ස දත්‍වා ආගතා”ති ගරහභයෙන ච බහිනගරෙයෙව නිවිට‍්ඨා තං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වා පච‍්චුග‍්ගන‍්ත්‍වා වන්‍දිත්‍වා “කච‍්චිත්‍ථ, මහාරාජ, පොරිසාදෙන න කිලමිතො”ති පටිසන්‍ථාරං කත්‍වා “පොරිසාදෙන මය‍්හං මාතාපිතූහිපි දුක‍්කරං කතං, තථාරූපො නාම චණ‍්ඩො සාහසිකො මමං සද‍්දහිත්‍වා මං විස‍්සජ‍්ජෙසී”ති වුත‍්තෙ රාජානං අලඞ‍්කරිත්‍වා හත්‍ථික‍්ඛන්‍ධං ආරොපෙත්‍වා පරිවාරෙත්‍වා නගරං පාවිසි. තං දිස‍්වා සබ‍්බෙ නාගරා තුසිංසු.

මහාසත්ත්‍වයෝ රාහු මුඛයෙන් මිදුණු චන්‍ද්‍රයා මෙන් හස්තියකු සමාන බල ඇත්තාහු, වීර්‍ය්‍යයෙන් යුක්ත වූවාහු වහාම ඒ නුවරට පැමිණියහ. එතුමන්ගේ සේනාවද සුතසෝම රජතුමා නුවණැතිය, පෝරිසාදයා දමනය කොට සිංහ මුඛයෙන් මිදුණු උතුම් මතැතෙකු මෙන් එන්නේ යයිද, රජතුමා පෝරිසාදයාට දී ආවාහුයයි නින්දා භයින්ද, පිටනුවරම නැවතී සිටියාහු එන්නා වූ රජතුමා දුරදීම දැක පෙරගමන් කොට වැඳ “මහරජ, කිමෙක්ද පෝරිසාදයා විසින් වෙහෙසට පමුණුවන ලද්දේදැයි පිළිසඳරකථා කොට පෝරිසාදයා විසින් මගේ මවුපියන් විසින් කරන ලද්දට වඩා ඉතාමත් දුෂ්කර කාර්‍ය්‍යයක් කරන ලද්දේය. එබඳු වූ චණ්ඩ වූ සාහසිත වූ පෝරිසාද තෙම මාගේ වචනය අදහා මා මුදාහැරියේය’යි කීකල්හි රජු සරසා ඇතුපිට නංවා පිරිවරාගෙන නගරයට පිවිසියාහුය. එය දැක සියලු නුවර වැසියෝ සතුටු වූහ.

සොපි ධම‍්මසොණ‍්ඩතාය මාතාපිතරොපි අනුපසඞ‍්කමිත්‍වා නිවෙසනං ගන‍්ත්‍වා බ්‍රාහ‍්මණං පක‍්කොසාපෙත්‍වා තස‍්ස මහන‍්තං සක‍්කාරසම‍්මානං කත්‍වා ධම‍්මගරුතාය සයං නීචාසනෙ නිසීදිත්‍වා “තුම‍්හෙහි මය‍්හං ආභතා සතාරහගාථා සුණොමි ආචරියා”ති ආහ. බ්‍රාහ‍්මණො මහාසත‍්තෙන යාචිතකාලෙ ගන්‍ධෙහි හත්‍ථෙ උබ‍්බට‍්ටෙත්‍වා පසිබ‍්බකතො මනොරමං පොත්‍ථකං නීහරිත්‍වා උභොහි හත්‍ථෙහි ගහෙත්‍වා “තෙන හි , මහාරාජ, සුණොහී”ති පොත්‍ථකං වාචෙන‍්තො ගාථා අභාසි –

එතුමෝ ද දහම්සොඬ බැවින් මවුපියන් වෙතද නොඑළඹ වාසලට ගොස් බ්‍රාහ්මණයා කැඳවා එතුමන්ට මහත් සත්කාර සම්මාන කොට ධර්‍මගරුක බැවින් තමා මිටි අසුනක හිඳ “ඇඳුරුතුමනි, ඔබවහන්සේ විසින් මට ගෙනෙන ලද ‘සතාරහ’ ගාථා අසමි’යි කීය. බ්‍රාහ්මණතෙම මහාසත්ත්‍වයන් විසින් ඉල්ලා සිටි කල්හි සුවඳින් අත ගල්වා පසුම්බියෙන් සිත්කළු පොතක් බැහැරට ගෙන අත්දෙකින් අල්ලාගෙන “එසේනම් මහරජ, අසනු මැනවැ’යි පොත කියවන්නේ ගාථාවන් කීයේය.

“සකිදෙව සුතසොම, සබ‍්භි හොති සමාගමො; සා නං සඞ‍්ගති පාලෙති, නාසබ‍්භි බහුසඞ‍්ගමො.

“සකිදෙව සුතසොම සබ්භිහොති සමාගමො සා නං සඞ්ග ති පාලෙති නා සබ්භි බහුසඞ්ගමො”

“සබ‍්භිරෙව සමාසෙථ, සබ‍්භි කුබ‍්බෙථ සන්‍ථවං; සතං සද‍්ධම‍්මමඤ‍්ඤාය, සෙය්‍යො හොති න පාපියො.

“සබ්භිරෙව සමාසෙථ සබ්හි කුබ්බෙථ සන්‍ථවං සතං සද්ධම්මමඤ්ඤා ය සෙය්‍යො හොති නපාපියො”

“ජීරන‍්ති වෙ රාජරථා සුචිත‍්තා, අථො සරීරම‍්පි ජරං උපෙති; සතඤ‍්ච ධම‍්මො න ජරං උපෙති, සන‍්තො හවෙ සබ‍්භි පවෙදයන‍්ති.

ජීරන්ති වෙ රාජ රථා සුචිත්තා අථො සරීරම්පි ජරං උපෙති. සතඤ්ච ධම්මො න ජරං උපෙති සන්තොහවෙ සබ්භිපවෙදයන්ති”

“නභඤ‍්ච දූරෙ පථවී ච දූරෙ, පාරං සමුද‍්දස‍්ස තදාහු දූරෙ; තතො හවෙ දූරතරං වදන‍්ති, සතඤ‍්ච ධම‍්මො අසතඤ‍්ච රාජා”ති. (ජා· 2.21.411-414, 445-448);

නභඤ්ච දුරෙ පඨවීච දුරෙ පාරං සමුද්දස්ස තදාහුදුරෙ තතො හවෙ දුරතරං වදන්ති සතඤ්ච ධම්මං අසතඤ්ච රාජාති (ජාතක පාලිය)

“සුතසෝම රජුනි, සත්පුරුෂයන් සමග එක්වරක් හෝ එක්වෙයිද එය ඔහු රකී. අසත්පුරුෂයන් සමග බොහෝ වූද එක්වීම් එසේ නොරකී.

සත්පුරුෂයන් සමග එක් වන්නේය. සත් පුරුෂයන් සමග මිත්‍රසන්‍ථවය කරන්නේය. බුද්ධාදී සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැන ශ්‍රේෂ්ඨයෙක් වන්නේය. ළාමකයෙක් නො වන්නේය.

ඉතා විසිතුරු කරන ලද රාජරථයෝ ඒකාන්තයෙන් දිරත්, නැවත ශරීරයත් ජරාවට යෙයි. බුද්ධාදී සත්පුරුෂයන්ගේ නිර්‍වාණ ධර්‍මය ජරාවට නොයයි.

බුද්ධාදී සත් පුරුෂයෝ ඒකාන්තයෙන් ඒ නිවන ප්‍රකාශ කරති. මහරජ, අහසට පොළොව දුර වේ. සමුද්‍රයෙහි එතෙරට මෙතෙර දුරෙහි පිහිටියේය. සත්පුරුෂයන්ගේ ධර්‍මය හා අසත්පුරුෂයන්ගේ ධර්‍මය ඊටත් වඩා ඒකාන්තයෙන් දුරයයි කියති’යි (කීය)

තා සුත්‍වා මහාසත‍්තො “සඵලං මෙ ආගමන”න‍්ති තුට‍්ඨචිත‍්තො “ඉමා ගාථා නෙව සාවකභාසිතා, න ඉසිභාසිතා, න කවිභාසිතා, න දෙවභාසිතා, සබ‍්බඤ‍්ඤුනාව භාසිතා. කිං නු ඛො අග‍්ඝ”න‍්ති චින‍්තෙන‍්තො “ඉමං සකලම‍්පි චක‍්කවාළං යාව බ්‍රහ‍්මලොකා සත‍්තරතනපුණ‍්ණං කත්‍වා දින‍්නෙපි නෙව අනුච‍්ඡවිකං කතං නාම හොති, අහං ඛො පනස‍්ස තියොජනසතිකෙ කුරුරට‍්ඨෙ සත‍්තයොජනිකෙ ඉන්‍දපත්‍ථනගරෙ රජ‍්ජං දාතුං පහොමි. රජ‍්ජං කාතුං පනස‍්ස භාග්‍යං නත්‍ථි, තථා හිස‍්ස අඞ‍්ගලක‍්ඛණානුසාරෙන අප‍්පානුභාවතා දිස‍්සති, තස‍්මා දින‍්නම‍්පි රජ‍්ජං න ඉමස‍්මිං තිට‍්ඨතී”ති චින‍්තෙත්‍වා “ආචරිය, තුම‍්හෙ අඤ‍්ඤෙසං ඛත‍්තියානං ඉමා ගාථායො දෙසෙත්‍වා කිං ලභථා”ති පුච‍්ඡි. “එකෙකාය සතං සතං, මහාරාජ, තෙනෙව සතාරහගාථා නාම ජාතා”ති. අථස‍්ස මහාසත‍්තො “ත්‍වං ආචරිය, අත‍්තනා ගහෙත්‍වා විචරණභණ‍්ඩස‍්ස අග‍්ඝං න ජානාසී”ති.

එම ගාථාවන් අසා මහාසත්ත්‍වයෝ මාගේ පැමිණීම සඵල වූයේයයි සතුටු සිත් ඇත්තාහු මේ ගාථාවෝ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාහු නොවෙති. පණ්ඩිතයන් විසින් කියන ලද්දාහුද නොවෙති. දෙවියන් විසින් කියන ලද්දාහු නොවෙති. සර්‍වඥ බුදු කෙනෙකුන් විසින්ම කියන ලද්දාහු වෙති. කොපමණ වටින්නාහුදැයි සිතන්නාහු “මේ සියලු සක්වළ බඹලොව දක්වා සත්රුවනින් පුරවා දුන් නමුත් සුදුස්සන් කරන ලද්දේ නම් නො වන්නේය. මම වනාහි මොහුට තුන්සියයක් යොදුන් ඇති කුරු රටෙහි සත් යොදුන් වූ ඉඳිපත් නුවර රාජ්‍යය දීමට සමත් වෙමි. මොහුට රාජ්‍යය කරවන්නට භාග්‍ය නැත. ඒ එසේමය, මොහුගේ ශරීර ලක්‍ෂණානුසාරයෙන් මඳ ආනුභාව ඇති බව පෙනේ. එමනිසා රාජ්‍යය දුන්නත් මොහු කෙරෙහි එය නොපිහිටයි. යනුවෙන් සිතා ඇඳුරුතුමනි, නුඹවහන්සේ සෙසු රජදරුවන්ට මේ ගාථා දේශනා කොට කුමක් ලබව්දැයි විචාළේය. “මහරජ, මේ එක එක ගාථාවට සියය සියය බැගින් ලබමි. එහෙයින්ම “සතාරහ” ගාථා නම් විය. ඉක්බිති මහාසත්ත්‍වයෝ “ඇඳුරුතුමනි, නුඹ තමා ගෙන හැසිරෙන භාණ්ඩයෙහි අගය නො දන්නෙහිය.

“සහස‍්සියා ඉමා ගාථා, නයිමා ගාථා සතාරහා; චත‍්තාරි ත්‍වං සහස‍්සානි, ඛිප‍්පං ගණ‍්හාහි බ්‍රාහ‍්මණා”ති. (ජා· 2.21.415);

“බ්‍රාහ්මණය, මේ ගාථාවෝ දහසක් අගනා හෙයින් සාහස්සිය නම්වෙති. මේ ගාථාවෝ ‘සතාරහ’ (සියයකට සුදුසු) නම් නො වෙති. නුඹ වහාම හාරදහසක් ගනුව’යි”

චත‍්තාරි සහස‍්සානි දාපෙත්‍වා එකඤ‍්ච සුඛයානකං දත්‍වා මහතා සක‍්කාරසම‍්මානෙනෙව තං උය්‍යොජෙත්‍වා මාතාපිතරො වන්‍දිත්‍වා “අහං බ්‍රාහ‍්මණෙන ආභතං සද‍්ධම‍්මරතනං පූජෙත්‍වා තස‍්ස ච සක‍්කාරසම‍්මානං කත්‍වා ආගමිස‍්සාමීති පොරිසාදස‍්ස පටිඤ‍්ඤං දත්‍වා ආගතො. තත්‍ථ යං බ්‍රාහ‍්මණස‍්ස කත‍්තබ‍්බං පටිපජ‍්ජිතබ‍්බං තං කතං, ඉදානි පොරිසාදස‍්ස සන‍්තිකං ගමිස‍්සාමී”ති වුත්‍වා “තෙන හි, තාත සුතසොම, කිං නාමෙතං කථෙසි, චතුරඞ‍්ගිනියා සෙනාය චොරං ගණ‍්හිස‍්සාම, මා ගච‍්ඡ චොරස‍්ස සන‍්තික”න‍්ති යාචිංසු. සොළසසහස‍්සා නාටකිත්‍ථියො සෙසපරිජනාපි “අම‍්හෙ අනාථෙ කත්‍වා කුහිං ගච‍්ඡසි දෙවා”ති පරිදෙවිංසු. “පුනපි කිර රාජා චොරස‍්ස සන‍්තිකං ගමිස‍්සතී”ති එකකොලාහලං අහොසි.

කියා කහවණු හාරදහසක් දෙවා එක් සැප යානාවක්ද දී මහත් සත්කාර සම්මානයෙන්ම ඔහු පිටත්කර යවා මවුපියන් වැඳ “මම බ්‍රාහ්මණයා විසින් ගෙනෙන ලද සද්ධර්‍ම රත්නය පුදා එයටද සත්කාර සම්මාන කොට එන්නෙමි’යි පෝරිසාදයාට ප්‍රතිඥා දී ආවෙමි. එහි මා විසින් බ්‍රාහ්මණයාහට කළ යුතු පිළිපැදිය යුතු යමක් වී නම් එය කරන ලද්දේය. දැන් පෝරිසාදයා සමීපයට යන්නෙමි’ යි කියා එසේ නම් දරුව, සුතසෝමය, මේ කුමක් කියව් ද? අපි සිව්රඟ සෙනඟින් සොරා අල්ලා ගනිමු. සොරා සමීපයට නො යව’යි ඉල්ලා සිටියහ. සොළොස් දහසක් නාටක ස්ත්‍රීහු ද සෙසු පිරිවර ජනයාද “දේවයන් වහන්ස, අපව අනාථ කොට කොහි යන්නෙහිදැයි ඇඬුවාහුය. නැවත ද රජතුමා වනාහි සොරා සමීපයට යන්නේ යයි එකම කෝලාහලයක් විය.

මහාසත‍්තො “පටිඤ‍්ඤාය සච‍්චාපනං නාම සාධූනං සප‍්පුරිසානං ආචිණ‍්ණං, සොපි මමං සද‍්දහිත්‍වා විස‍්සජ‍්ජෙසි, තස‍්මා ගමිස‍්සාමියෙවා”ති මාතාපිතරො වන්‍දිත්‍වා සෙසජනං අනුසාසෙත්‍වා අස‍්සුමුඛෙන නානප‍්පකාරං පරිදෙවන‍්තෙන ඉත්‍ථාගාරාදිනා ජනෙන අනුගතො නගරා නික‍්ඛම‍්ම තං ජනං නිවත‍්තෙතුං මග‍්ගෙ දණ‍්ඩකෙන තිරියං ලෙඛං කත්‍වා “ඉමං මම ලෙඛං මා අතික‍්කමිංසූ”ති වත්‍වා අගමාසි. මහාජනො තෙජවතො මහාසත‍්තස‍්ස ආණං අතික‍්කමිතුං අසක‍්කොන‍්තො මහාසද‍්දෙන කන්‍දිත්‍වා රොදිත්‍වා නිවත‍්ති. බොධිසත‍්තො ආගතමග‍්ගෙනෙව තස‍්ස සන‍්තිකං අගමාසි. තෙන වුත‍්තං “අපුච‍්ඡි මං පොරිසාදො”තිආදි.

මහාසත්ත්‍වයෝ “ප්‍රතිඥාවට අනුව ක්‍රියා කිරිම සාධූන් හා සත්පුරුෂයන් විසින් පුරුදු කළ ගුණයකි. ඔහු ද මා අදහා මුදා හැරියේය. එනිසා යන්නේමය’යි මවුපියන් වැඳ සෙසු ජනයාට අනුශාසනා කොට කදුළු වැකි මුහුණින් යුක්තව නොයෙක් ආකාරයෙන් වැළපෙන අන්තඃපුර ස්ත්‍රීන් ආදීවූ ජනයා විසින් අනුව ගියාහු නගරයෙන් නික්ම එම ජනයා නැවැත්වීමට මඟ හරහා දණ්ඩකින් ඉරක් ඇඳ මාගේ මේ ඉර නොඉක්මවව් යයි කියා ගියහ. මහජනයා තෙදවත් මහාසත්ත්‍වයන්ගේ අණ ඉක්මවීමට නොහැකිවන්නේ මහ හඬින් හඬා වැලපී නතර විය. බෝධිසත්ත්‍වයෝ ආ මගින්ම පෝරිසාදයා සමීපයට ගියහ. එහෙයින් “අපුච්ඡි මං පොරිසාදො” යනාදිය වදාළහ.

347. “අපුච්ඡි මං පොරිසාදො කිං ත්‍වං ඉච්ඡසි නිස්සජ්ජං යථාමති තෙ කාහාමි යදි මෙ ත්‍වං පුනෙහිසා.

348. “තස්ස පටිසුණිත්‍වාන පණ්හෙ ආගමනං මම උපගනත්‍වා පුරං රම්මං රජ්ජං නිය්‍යාදයිං තදා

349. “අනුස්සරිත්‍වා සද්ධම්මං පුබ්බකං ජින සෙවිතං බ්‍රාහ්මණස්ස ධනං දත්‍වා පොරිසාදං උපාගමිං

350.“නත්‍ථි මෙ සංසයො තත්‍ථ ඝාතයිස්සති වා නවා සච්චවාචානු රක්‍ඛන්තො ජීවිතං චජිතු මුපාගමි.

සච්චෙන මෙ සමො නත්‍ථි එසා මෙ සච්ච පාරමීති (චරියා පිටක)

“පෝරිසාදතෙම “කිමෙක්ද තෝ (මා අතින් මිදීමට කැමැත්තෙහිද? ඉදින් තෝ මාගේ සමීපයට ඒකාන්තයෙන් නැවත එන්නෙහි නම් තාගේ කැමැත්ත ලෙස කරන්නෙමි”

උදෑසනින්ම ඒමට ඔහුට මාගේ ප්‍රතිඥාව දී සිත්කළු වූ නගරයට පැමිණ එකල්හි රාජ්‍යය පාවා දුනිමි.

පුරාතන වූ බුදුවරුන් විසින් සේවනය කරන ලද්දා වූ සත්පුරුෂයන්ගේ ධර්‍මය සිහිකොට බ්‍රාහ්මණයාහට ධනය දී පෝරිසාදයා කරා පැමිණියෙමි.

එහි යෑමෙහි “කිමෙක්ද මෙතෙම මා මරන්නේද නොහොත් නොමරන්නේදැයි මට සැකයක් නො වීය. සත්‍ය වචනය රක්‍ෂා කරමින් මාගේ ජීවිතය පරිත්‍යාග කරන්නට පැමිණියෙමි. සත්‍යයෙන් මා හා සමවූවෙක් නැත. මේ මාගේ සත්‍ය පාරමිතාවයි.” ආදියයි.

තත්‍ථ කිං ත්‍වං ඉච‍්ඡසි නිසජ‍්ජන‍්ති ත්‍වං අත‍්තනො නගරං ගන‍්තුං මම හත්‍ථතො නිස‍්සජ‍්ජනං කිං ඉච‍්ඡසි, ත්‍වං “මයා තක‍්කසිලාදීසු චිරපරිචිතො සච‍්චවාදී චා”ති වදසි, තස‍්මා යථා මති තෙ කාහාමි, යථාරුචි තෙ කරිස‍්සාමි. යදි මෙ ත්‍වං පුනෙහිසීති සචෙ පුන ත්‍වං එකංසෙනෙව මම සන‍්තිකං ආගමිස‍්සසි.

එහි “කිං ත්‍වං ඉච්ඡසි නිස්සජ්ජං” යනු “නුඹ තම නගරයට යාමට මගේ අතින් මිදීම කැමැත්තෙහිද?” මවිසින් තක්‍ෂලා ආදියේදී බොහෝ කලක් පුරුදු කරන ලද සත්‍ය වචනය ඇත්තේයයි නුඹ කියන්නෙහිය. එහෙයින් “යථාමති තෙ කාහාමි” නුඹගේ කැමැත්ත පරිදි කරන්නෙමි. “යදි මෙ ත්‍වං පුනෙහිසි” යනු ඉදින් නැවත නුඹ ඒකාන්තයෙන්ම මා සමීපයට එන්නෙහිද,

පණ‍්හෙ ආගමනං මමාති පගෙව මම ආගමනං තස‍්ස පොරිසාදස‍්ස පටිස‍්සුණිත්‍වා පාතොව ආගමිස‍්සාමීති පටිස‍්සවං කත්‍වා. රජ‍්ජං නිය්‍යාතයිං තදාති තදා පොරිසාදස‍්ස සන‍්තිකං ගන‍්තුකාමො “ඉදං වො රජ‍්ජං පටිපජ‍්ජථා”ති මාතාපිතූනං තියොජනසතිකං රජ‍්ජං නිය්‍යාතෙසිං.

“පණ්හෙ ආගමනං මම” යනු උදෑසනම මගේ පැමිණීම පිළිබඳව පෝරිසාදයාට පොරොන්දු දී, උදෑසනම එන්නෙමි’යි පොරොන්දු වී, “රජ්ජං නියාදයිං තදා” යනු එකල්හි පෝරිසාදයාගේ සමීපයට යනු කැමැත්තේ “ඔබතුමන්ලා මේ රාජ්‍යය පිළිපදිනු මැනව’යි මවුපියන්ට යොදුන් තුන්සියයක් වූ රාජ්‍යය පවරා දුනිමි.

කස‍්මා පන රජ‍්ජං නිය්‍යාතයින‍්ති? අනුස‍්සරිත්‍වා සතං ධම‍්මන‍්ති යස‍්මා පන පටිඤ‍්ඤාය සච‍්චාපනං නාම සතං සාධූනං මහාබොධිසත‍්තානං පවෙණී කුලවංසො, තස‍්මා තං සච‍්චපාරමිතාධම‍්මං පුබ‍්බකං පොරාණං ජිනෙහි බුද‍්ධාදීහි සෙවිතං අනුස‍්සරිත්‍වා සච‍්චං අනුරක‍්ඛන‍්තො තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස ධනං දත්‍වා අත‍්තනො ජීවිතං පරිච‍්චජිත්‍වා පොරිසාදං උපාගමිං.

කුමහෙයින් රාජ්‍යය පවරා දුන්නෙම්දයත්? “අනුස්සරිත්‍වා සද්ධම්මං” යනු “යම්හෙයකින් වනාහි ප්‍රතිඥාව ඉටුකිරීම නම් සත්පුරුෂ සාධු වූ බෝධිසත්ත්‍වවරුන්ගේ ප්‍රවේණිගත කුලසිරිතකි. එහෙයින් ඒ සත්‍යපාරමිතා ධර්‍මය පූර්‍වවූද පැරණි වූද බුද්ධාදී උතුමන් විසින් සෙව්නා ලද බව සිහිකොට සත්‍යය රකින්නාහු ඒ බ්‍රාහ්මණයාට ධනය දී තම ජීවිතය පරිත්‍යාග කොට පෝරිසාදයා වෙත එළඹියෙමි.

නත්‍ථි මෙ සංසයො තත්‍ථාති තස‍්මිං පොරිසාදස‍්ස සන‍්තිකං ගමනෙ “අයං මං කිං නු ඛො ඝාතෙස‍්සති, උදාහු නො”ති මය‍්හං සංසයො නත්‍ථි. “චණ‍්ඩො සාහසිකො මයා සද‍්ධිං එකසතඛත‍්තියෙ දෙවතාය බලිකම‍්මකරණසජ‍්ජො එකන‍්තෙනෙව ඝාතෙස‍්සතී”ති ජානන‍්තො එව කෙවලං සච‍්චවාචං අනුරක‍්ඛන‍්තො අත‍්තනො ජීවිතං පරිච‍්චජිත්‍වා තං උපාගමිං. යස‍්මා චෙතදෙවං, තස‍්මා සච‍්චෙන මෙ සමො නත්‍ථි, එසා මෙ පරමත්‍ථභාවප‍්පත‍්තා සච‍්චපාරමීති.

“නත්‍ථි මෙ සංසයො තත්‍ථ” යනු ඒ පෝරිසාදයා සමීපයට යෑමෙහි “කිම මොහු මා නසන්නේද නොහොත් නොනසන්නේදැයි මට සැකයක් නැත. චණ්ඩ වූද සාහසික වූද පෝරිසාදයා මා සමග එක් සියයක් රජ දරුවන් දේවතාවාට බලිකර්‍ම සඳහා සුදානම් කරන ලද්දේ ඒකාන්තයෙන්ම මරන්නේ ය’යි දන්නේම හුදෙක් සත්‍ය වචනය රකිමින් තම ජීවිතය පරිත්‍යාග කොට ඔහු වෙත එළඹියෙමි. මෙය මෙසේ වූයේ යම්හෙයකින් ද එහෙයින් “සත්‍යයෙන් මා හා සමාන වූවෙක් නැත. මේ මාගේ පරමාර්ථභාවයට පත්වූ සත්‍ය පාරමිතාව යයි වදාළහ.

උපාගතෙ පන මහාසත‍්තෙ විකසිතපුණ‍්ඩරීකපදුමසස‍්සිරිකමස‍්ස මුඛං දිස‍්වා “අයං විගතමරණභයො හුත්‍වා ආගතො, කිස‍්ස නු ඛො එස ආනුභාවො”ති චින‍්තෙන‍්තො “තස‍්ස මඤ‍්ඤෙ ධම‍්මස‍්ස සුතත‍්තා අයං එවං තෙජවා නිබ‍්භයො ච ජාතො, අහම‍්පි තං සුත්‍වා තෙජවා නිබ‍්භයො ච භවිස‍්සාමී”ති සන‍්නිට‍්ඨානං කත්‍වා පොරිසාදො මහාසත‍්තං ආහ – “සුණොම සතාරහගාථායො යාසං සවනත්‍ථං ත්‍වං අත‍්තනො නගරං ගතො”ති.

මහාසත්ත්‍වයන් පෝරිසාදයා වෙත එළඹි කල්හි පිපුණු හෙළ පියුමක් මෙන් ශෝභාමත් බෝසතුන්ගේ මුහුණ දැක “මෙතෙම පහවූ මරණ භය ඇතිව පැමිණියේය. මේ ආනුභාවය කවරකුගේදැයි සිතන්නේ “ඒ ධර්‍මය ඇසූ හෙයින් මෙතෙම මෙසේ තෙද ඇත්තේ ද නිර්භය වූයේද වී යයි හඟිමි. මමද එය අසා තෙද ඇත්තේ ද නිර්භය වූවෙක් වන්නෙමි’යි සනිටුහන් කොට පෝරිසාදයා මහාසත්ත්‍වයන්ට “තෙපි යමක් ඇසීමට තමන්ගේ නුවරට ගියහුද ඒ සතාරහ ගාථා අසමු’යි කීයේය.

තං සුත්‍වා බොධිසත‍්තො “අයං පොරිසාදො පාපධම‍්මො, ඉමං ථොකං නිග‍්ගහෙත්‍වා ලජ‍්ජාපෙත්‍වා කථෙස‍්සාමී”ති –

එය අසා බෝධිසත්ත්‍වයෝ “මේ පෝරිසාදයා පාප ස්වභාව ඇත්තේය. මොහුට ටිකක් නිග්‍රහ කොට ලජ්ජා කොට කියන්නෙමියි (සිතා)

“අධම‍්මිකස‍්ස ලුද‍්දස‍්ස, නිච‍්චං ලොහිතපාණිනො; නත්‍ථි සච‍්චං කුතො ධම‍්මො, කිං සුතෙන කරිස‍්සසී”ති. (ජා· 2.21.427) –

“නිතර ලේ වැකුණු අත් ඇති රුදුරු වූ නොදැහැමි නුඹගේ සත්‍යයෙක් නැත. ධර්‍මයක් කොයින්ද? නුඹ මේ දහම් ඇසීමෙන් කුමක් කරන්නෙහිදැයි

වත්‍වා පුන තෙන සුට‍්ඨුතරං සඤ‍්ජාතසවනාදරෙන –

කියා නැවත ඔහු විසින් ඉතා යහපත්ව හටගත් ශ්‍රවණාදරයෙන්

“සුත්‍වා ධම‍්මං විජානන‍්ති, නරා කල්‍යාණපාපකං; අපි ගාථා සුණිත්‍වාන, ධම‍්මෙ මෙ රමතෙ මනො”ති. (ජා· 2.21.444) –

“මිනිස්සු ධර්‍මය අසා හොද නරක දැනගනිත්. ඒ සතාරහ ගාථාවන් අසා මගේ සිත දහම්හි ඇලෙන්නේ යයි

වුත‍්තෙ “අයං අතිවිය සඤ‍්ජාතාදරො සොතුකාමො, හන්‍දස‍්ස කථෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා “තෙන හි සම‍්ම, සාධුකං සුණොහි මනසිකරොහී”ති වත්‍වා නන්‍දබ්‍රාහ‍්මණෙන කථිතනියාමෙනෙව ගාථානං සක‍්කච‍්චං ථුතිං කත්‍වා ඡකාමාවචරදෙවලොකෙ එකකොලාහලං කත්‍වා දෙවතාසු සාධුකාරං දදමානාසු මහාසත‍්තො පොරිසාදස‍්ස –

කී කල්හි “මෙතෙම අතිශයින් හටගත් ආදර ඇත්තේ අසනු කැමැත්තේය. එහෙයින් මොහුට කියන්නෙමි’යි සිතා “යහළුව, එසේ වීනම් මනාකොට අසව, මෙනෙහි කරව’යි කියා නන්ද බ්‍රාහ්මණයා විසින් කී අයුරින්ම ගාථාවන්ට සකස්ව ස්තූති කොට කාමාවචර සදෙව්ලොව ඒකකෝලාහළයක් කොට දෙවියන් සාධුකාර දෙන කල්හි මහාසත්ත්‍වයෝ පෝරිසාදයාට,

“සකිදෙව මහාරාජ, සබ‍්භි හොති සමාගමො; සා නං සඞ‍්ගති පාලෙති, නාසබ‍්භි බහුසඞ‍්ගමො.

“මහරජ, සත්පුරුෂයන් සමග එක්වරක් හෝ එක්වෙයිද, එය ඔහු රකී. අසත්පුරුෂයන් සමග බොහෝ වූද එක්වීම් එසේ නොරකී.

“සබ‍්භිරෙව සමාසෙථ, සබ‍්භි කුබ‍්බෙථ සන්‍ථවං; සතං සද‍්ධම‍්මමඤ‍්ඤාය, සෙය්‍යො හොති න පාපියො.

සත්පුරුෂයන් සමගම එක්වන්නේය. සත්පුරුෂයන් සමගම මිත්‍ර සන්‍ථවය කරන්නේය. බුද්ධාදී සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැන ශ්‍රේෂ්ඨයෙක් වන්නේය. ළාමකයෙක් නොවන්නේය.

“ජීරන‍්ති වෙ රාජරථා සුචිත‍්තා, අත්‍ථො සරීරම‍්පි ජරං උපෙති; සතඤ‍්ච ධම‍්මො න ජරං උපෙති, සන‍්තො හවෙ සබ‍්භි පවෙදයන‍්ති.

ඉතා විසිතුරු කරන ලද රාජරථයෝ ඒකාන්තයෙන් දිරත්. නැවත ශරීරයත් ජරාවට යෙයි. බුද්ධාදී සත්පුරුෂයන්ගේ නිර්‍වාණය ධර්‍මය ජරාවට නොයයි. බුද්ධාදී සත්පුරුෂයෝ ඒකාන්තයෙන් ඒ නිවන ප්‍රකාශ කරති.

“නභඤ‍්ච දූරෙ පථවී ච දූරෙ, පාරං සමුද‍්දස‍්ස තදාහු දූරෙ; තතො හවෙ දූරතරං වදන‍්ති, සතඤ‍්ච ධම‍්මො අසතඤ‍්ච රාජා”ති. (ජා· 2.21.411-414) –

මහරජ, අහසට පොළොව දුර වේ. සමුද්‍රයෙහි එතෙරට මෙතෙර දුරෙහි පිහිටියේය. සත්පුරුෂයන්ගේ ධර්‍මය හා අසත්පුරුෂයන්ගේ ධර්‍මය ඊටත් වඩා ඒකාන්තයෙන් දුරයයි කියති’යි (ජාතක පාලිය)

ධම‍්මං කථෙසි. තස‍්ස තෙන සුකථිතත‍්තා චෙව අත‍්තනො ච පුඤ‍්ඤානුභාවෙන ගාථා සුණන‍්තස‍්සෙව සකලසරීරං පඤ‍්චවණ‍්ණාය පීතියා පරිපූරි. සො බොධිසත‍්තෙ මුදුචිත‍්තො හුත්‍වා “සම‍්ම සුතසොම, දාතබ‍්බයුත‍්තකං හිරඤ‍්ඤාදිං න පස‍්සාමි, එකෙකාය ගාථාය එකෙකං වරං දස‍්සාමී”ති ආහ. අථ නං මහාසත‍්තො “ත්‍වං අත‍්තනොපි හිතානි අජානන‍්තො පරස‍්ස කිං නාම වරං දස‍්සසී”ති අපසාදෙත්‍වා පුන තෙන “වරං ගණ‍්හථා”ති යාචිතො සබ‍්බපඨමං “අහං චිරකාලං තං අරොගං පස‍්සෙය්‍ය”න‍්ති වරං යාචි. සො “අයං ඉදානි මෙ වධිත්‍වා මංසං ඛාදිතුකාමස‍්ස මහානත්‍ථකරස‍්ස මය‍්හමෙව ජීවිතමිච‍්ඡතී”ති තුට‍්ඨමානසො වඤ‍්චෙත්‍වා වරස‍්ස ගහිතභාවං අජානන‍්තො අදාසි. මහාසත‍්තො හි උපායකුසලතාය තස‍්ස චිරං ජීවිතුකාමතාපදෙසෙන අත‍්තනො ජීවිතං යාචි. අථ “පරොසතං ඛත‍්තියානං ජීවිතං දෙහී”ති දුතියං වරං, තෙසං සකෙ රට‍්ඨෙ පටිපාදනං තතියං වරං, මනුස‍්සමංසඛාදනතො විරමණං චතුත්‍ථං වරං යාචි. සො තීණි වරානි දත්‍වා චතුත්‍ථං වරං අදාතුකාමො “අඤ‍්ඤං වරං ගණ‍්හාහී”ති වත්‍වාපි මහාසත‍්තෙන නිප‍්පීළියමානො තම‍්පි අදාසියෙව.

දහම් දෙසූහ. එතුමන් විසින් මැනවින් කී නිසාත් තමන්ගේ පුණ්‍යනුභාවය නිසාත් ගාථා අසද්දීම ඔහුගේ සියලු ශරීරය පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේය. හෙතෙම බෝධිසත්ත්‍වයන් කෙරෙහි මෘදු සිත් ඇත්තෙක්ව “යහළු සුතසෝමයෙනි, දියයුතු හිරණ්‍ය ස්වර්‍ණාදී යමක් නො දකිමි. එක් එක් ගාථාවට එක් එක් වරය බැගින් දෙන්නෙමි’යි කීය. ඉක්බිති මහාසත්ත්‍වයෝ ඔහුට “නුඹ තමාට හිත දේ නොදන්නෙහි අනුන්ට කිනම් වරයක් දෙන්නෙහිදැයි ගර්හාකොට නැවත ඔහු විසින් “වරගනුව”යි ඉල්ලා සිටන ලද්දේ සියල්ලට පළමුව “මම බොහෝ කාලයක් නිරෝගී වූ නුඹ දකින්නෙමි’යි වරයක් ඉල්ලීය. හෙතෙම “මෙතෙම දැන් මා විසින් මරා මස් කනු කැමති මනා අනර්ථකාරී මගේම ජීවත් වීම කැමති වෙයි” යනුවෙන් සතුටු සිත් ඇතිව වරය ගත්බව නොදැන දුන්නේය. මහාසත්ත්‍වයෝ වනාහි උපායෙහි දක්‍ෂ බැවින් “ඔහු බොහෝ කල් ජීවත්වනු කැමති බව” යන ව්‍යාජයෙන් තම ජීවිතය ඉල්ලූහ. ඉක්බිති සියයකට අධික රජුන්ගේ ජීවිතය දෙව’යි දෙවන වරය ද, ඔවුන් සිය රටෙහි පිහිටුවීම නම් වූ තුන්වන වරය ද, මිනීමස් අනුභවයෙන් වැළකීම නම් වූ සිවුවන වරය ද ඉල්ලූහ. හෙතෙම වර තුනක් දී සිවුවෙනි වරය නොදෙනු කැමැත්තේ වෙනත් වරයක් ගනුව’යි කියාත් මහාසත්ත්‍වයන් විසින් පෙළනු ලබන්නේ එයද දුන්නේමය.

අථ බොධිසත‍්තො පොරිසාදං නිබ‍්බිසෙවනං කත්‍වා තෙනෙව රාජානො මොචාපෙත්‍වා භූමියං නිපජ‍්ජාපෙත්‍වා දාරකානං කණ‍්ණතො සුත‍්තවට‍්ටි විය සණිකං රජ‍්ජුයො නීහරිත්‍වා පොරිසාදෙන එකං තචං ආහරාපෙත්‍වා පාසාණෙන ඝංසිත්‍වා සච‍්චකිරියං කත්‍වා තෙසං හත්‍ථතලානි මක‍්ඛෙසි. තඞ‍්ඛණං එව ඵාසුකං අහොසි. ද‍්වීහතීහං තත්‍ථෙව වසිත්‍වා තෙ අරොගෙ කාරෙත්‍වා තෙහි සද‍්ධිං අභිජ‍්ජනකසභාවං මිත‍්තසන්‍ථවං කාරෙත්‍වා තෙහි සද‍්ධිං තං බාරාණසිං නෙත්‍වා රජ‍්ජෙ පතිට‍්ඨාපෙත්‍වා “අප‍්පමත‍්තා හොථා”ති තෙ රාජානො අත‍්තනො අත‍්තනො නගරං පෙසෙත්‍වා ඉන්‍දපත්‍ථනගරතො ආගතාය අත‍්තනො චතුරඞ‍්ගිනියා සෙනාය පරිවුතො අත‍්තනො නගරං ගතො තුට‍්ඨපමුදිතෙන නාගරජනෙන සම‍්පරිවාරියමානො අන‍්තෙපුරං පවිසිත්‍වා මාතාපිතරො වන්‍දිත්‍වා මහාතලං අභිරුහි.

ඉක්බිති බෝධිසත්ත්‍වයෝ පෝරිසාදයා දමනය කොට ඔහු ලවාම රජවරුන් මුදවා බිම හොවා දරුවන්ගේ කන්වලින් නුල් වැටි ඉවත් කරන්නාක් මෙන් සෙමින් රැහැන් ඉවත් කොට පෝරිසාද ලවා එක් පොතු වර්‍ගයක් ගෙන්වාගෙන ගල ගා සත්‍ය ක්‍රියා කොට ඔවුන්ගේ අත්තලවල ගැල්වූහ. එකෙණෙහිම සුව වූයේය. දෙතුන් දිනක් එහිම වාසය කොට ඔවුන් නිරෝගි කරවා හෙතෙම ඔවුන් සමග නොබිඳෙන ස්වභාවයෙන් මිත්‍ර සන්‍ථවය ඇති කරවා ඒ රජවරුන් සමග පෝරිසාදයා බරණැසට ගෙන ගොස් රාජ්‍යයෙහි පිහිටුවා “අප්‍රමාද වෙව”යි ඒ රජවරුන් තම තමන්ගේ නගරයට යවා ඉඳිපත් නුවර සිට පැමිණි තමාගේ සිවුරඟ සෙනඟ විසින් පිරිවරණ ලද්දාහු නගරයට ගියාහු තුටු පහටු වූ නුවර වැසියන් විසින් පිරිවරණු ලබන්නෝ ඇතුල් පුරයට පිවිස මවුපියන් වැඳ මහල්තලයට නැංගාහ.

අථ මහාසත‍්තො ඡ දානසාලායො කාරෙත්‍වා දෙවසිකං මහාදානානි පවත‍්තෙන‍්තො සීලානි පරිපූරෙන‍්තො උපොසථං උපවසන‍්තො පාරමියො අනුබ්‍රූහෙසි. තෙපි රාජානො මහාසත‍්තස‍්ස ඔවාදෙ ඨත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා ආයුපරියොසානෙ සග‍්ගපුරං පූරයිංසු.

ඉක්බිති මහාසත්ත්‍වයෝ දානශාලා හයක් කරවා දිනපතා මහදන් පවත්වන්නාහු සිල් පුරන්නෝ පෙහෙවස් වසන්නෝ පාරමිතාවන් පිරූහ. ඒ රජවරු ද මහා සත්ත්‍වයන්ගේ අවවාදයෙහි පිහිටා දානාදී පින් කොට ආයු කෙළවර දෙව්ලොව ගියාහුය.

තදා පොරිසාදො අඞ‍්ගුලිමාලත්‍ථෙරො අහොසි, කාළහත්‍ථිඅමච‍්චො සාරිපුත‍්තත්‍ථෙරො, නන්‍දබ්‍රාහ‍්මණො ආනන්‍දත්‍ථෙරො, රුක‍්ඛදෙවතා මහාකස‍්සපත්‍ථෙරො, රාජානො බුද‍්ධපරිසා, මාතාපිතරො මහාරාජකුලානි, සුතසොමමහාරාජා ලොකනාථො.

එදා පෝරිසාදතෙම අඞ්ගුලිමාල තෙරණුවෝය. කාලහත්‍ථි ඇමතියා සාරිපුත්ත තෙරණුවෝය. නන්ද බ්‍රාහ්මණයා ආනන්ද තෙරණුවෝය. වෘක්‍ෂ දේවතාවා කාශ්‍යප තෙරණුවෝ ය. රජවරු බුදු පිරිස වූහ. මවුපියවරු මහාරාජ කුලයෝය. සුතසෝම රජතුමා ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.

තස‍්ස හෙට‍්ඨා වුත‍්තනයෙනෙව සෙසපාරමියොපි නිද‍්ධාරෙතබ‍්බා. තථා අලීනසත‍්තුචරියාවණ‍්ණනාය (චරියා අට‍්ඨ· 2.74 ආදයො) විය මහාසත‍්තස‍්ස ගුණානුභාවා විභාවෙතබ‍්බාති.

යට සඳහන් පරිදි උන්වහන්සේගේ සෙසු පාරමිතාවෝද නිර්ධාරණය කළ යුත්තාහ. එසේ අලීන සත්තු චරිත වර්‍ණනාවේ මෙන් මහාසත්ත්‍වයන්ගේ ගුණානුභාවයෝ පැහැදිලි කළ යුත්තාහ.

මහාසුතසොමචරියාවණ‍්ණනා නිට‍්ඨිතා.

දොළොස්වෙනි මහා සුතසෝම චරිතයයි.

සච‍්චපාරමී නිට‍්ඨිතා.