යෙදුමෙන් කියවන්න

11. කණ‍්හදීපායනචරියාවණ‍්ණනා අට‍්ඨකථා

11. කණ‍්හදීපායනචරියාවණ‍්ණනා

11. කණ්හදීපායන චරියා වර්ණනාව

332. “පුනාපරං යදාහොමි කණ්හ දීපායනො ඉසි පරො පඤ්ඤා ස වස්සානි අනභිරතො චරිං අහං

333. “න කොචි එතං ජානාති අනභිරති මනං මම අහං හි කස්සචි නාචික්‍ඛිං අරති මෙ චරති මානසෙ

334. “සබ්‍රහ්මචාරී මණ්ඩබ්‍යො සහායො මෙ මහා ඉසි පුබ්බකම්ම සමායුත්තො සූලමාරොපණං ලභි. (චරියා පිටක)

“නැවත අනිකුදු (චරිතයක් කියන්නෙමි) යම්කලෙක මම කණ්හදීපායන නම් වූ ඍෂියෙක් වීම් ද (එකල්හි) මම පනස් වසකට අධික වූ (කාලයක්) නො ඇලුණේම වාසය කෙළෙමි.

මාගේ මේ අනභිරති චිත්තය කිසිවෙක් නොදනිති. මමද කිසිවෙකුහටත් මාගේ සිතෙහි අනභිරතිය පවතී යයි නොකීවෙමි.

මාගේ යහළු වූ සබ්‍රහ්මචාරී මණ්ඩව්‍ය නම් වූ මහානුභාවසම්පන්න ඍෂිතෙම පූර්‍ව කර්‍මයකින් යුක්ත වූයේ උල තබනු ලැබීය.”

එකාදසමෙ කණ‍්හදීපායනො ඉසීති එවංනාමකො තාපසො. බොධිසත‍්තො හි තදා දීපායනො නාම අත‍්තනො සහායං මණ‍්ඩබ්‍යතාපසං සූලෙ උත‍්තාසිතං උපසඞ‍්කමිත්‍වා තස‍්ස සීලගුණෙන තං අවිජහන‍්තො තියාමරත‍්තිං සූලං නිස‍්සාය ඨිතො තස‍්ස සරීරතො පග‍්ඝරිත්‍වා පතිතපතිතෙහි ලොහිතබින්‍දූහි සුක‍්ඛෙහි කාළවණ‍්ණසරීරතාය “කණ‍්හදීපායනො”ති පාකටො අහොසි. පරොපඤ‍්ඤාසවස‍්සානීති සාධිකානි පඤ‍්ඤාසවස‍්සානි, අච‍්චන‍්තසංයොගෙ උපයොගවචනං. අනභිරතො චරිං අහන‍්ති පන‍්තසෙනාසනෙසු චෙව අධිකුසලධම‍්මෙසු ච අනභිරතිවාසං වසන‍්තො අහං බ්‍රහ‍්මචරියං අචරිං. පබ‍්බජිත්‍වා සත‍්තාහමෙව හි තදා මහාසත‍්තො අභිරතො බ්‍රහ‍්මචරියං චරි. තතො පරං අනභිරතිවාසං වසි.

එකොළොස්වන (කණ්හදීපායන චරිතයෙහි) “කණ්හදීපායනො ඉසි” යනු මෙනමින් යුත් තාපසයෙකි. බෝධිසත්ත්‍වයන් වහන්සේ වනාහි එකල්හි දීපායන නම් වූවාහු තමාගේ යහළු වූ, උල හිඳුවන ලද මණ්ඩබ්‍ය තවුසා වෙත එළඹ ඔහුගේ ශීල ගුණය කරණ කොට ගෙන ඔහු අත්නොහරින්නාහු තුන්යම් රාත්‍රියක් උල හිඳුවා සිටි ඔහුගේ ශරීරයෙන් වැගිරී වැටුණු ලේ බින්දු වියලීම කරණ කොටගෙන කළුවන් ශරීර වූ බැවින් ‘කණ්හදීපායන’ යයි ප්‍රසිද්ධ වූහ. “පරො පඤ්ඤාස වස්සානි” යනු පනස් වසකට අධික වූ කාලයක්. අත්‍යන්ත සංයෝගයෙහි දුතියා විභක්ති වචනයකි. “අනභිරතො චරිං අහං” යනු ප්‍රාන්ත සේනාසනයන්හි මෙන්ම අධිකුශල ධර්‍මයන්හි ද අනභිරති වාසයෙන් වසන්නෙම් මම බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසුරුනෙමි. එකල්හි මහාසත්ත්‍වයෝ පැවිදි වී සත් දිනක් පමණක්ම කැමැත්තෙන් බඹසර විසූහ. ඉන්පසුව අකමැත්තෙන්ම විසූහ.

කස‍්මා පන මහාපුරිසො අනෙකසතසහස‍්සෙසු අත‍්තභාවෙසු නෙක‍්ඛම‍්මජ‍්ඣාසයො බ්‍රහ‍්මචරියවාසං අභිරමිත්‍වා ඉධ තං නාභිරමි? පුථුජ‍්ජනභාවස‍්ස චඤ‍්චලභාවතො. කස‍්මා ච පුන න අගාරං අජ‍්ඣාවසීති? පඨමං නෙක‍්ඛම‍්මජ‍්ඣාසයෙන කාමෙසු දොසං දිස‍්වා පබ‍්බජි. අථස‍්ස අයොනිසොමනසිකාරෙන අනභිරති උප‍්පජ‍්ජි. සො තං විනොදෙතුමසක‍්කොන‍්තොපි කම‍්මඤ‍්ච ඵලඤ‍්ච සද‍්දහිත්‍වා තාව මහන‍්තං විභවං පහාය අගාරස‍්මා නික‍්ඛමන‍්තො යං පජහි, පුන තදත්‍ථමෙව නිවත‍්තො, “එළමූගො චපලො වතායං කණ‍්හදීපායනො”ති ඉමං අපවාදං ජිගුච‍්ඡන‍්තො අත‍්තනො හිරොත‍්තප‍්පභෙදභයෙන. අපි ච පබ‍්බජ‍්ජාපුඤ‍්ඤං නාමෙතං විඤ‍්ඤූහි බුද‍්ධාදීහි පසත්‍ථං, තෙහි ච අනුට‍්ඨිතං, තස‍්මාපි සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන අස‍්සුමුඛො රොදමානොපි බ්‍රහ‍්මචරියවාසං වසි, න තං විස‍්සජ‍්ජෙසි. වුත‍්තඤ‍්චෙතං –

මහා පුරුෂතෙම නොයෙක් ලක්‍ෂ ගණන් ආත්මභාවයන්හි අභිනිෂ්ක්‍රමණ අධ්‍යාශයෙන් යුක්තව බඹසරෙහි ඇලී කවරහෙයකින් මේ ආත්මභාවයෙහි එහි නොඇලුණු සේක්ද? පුහුදුන් බවෙහි චංචලභාවය නිසාය. කුමක්හෙයින් නැවත ගිහිගෙයි නො විසුවාහු ද? පළමුකොට ගිහිගෙයින් නික්මීමේ අදහසින් කාමයන්හි දොස් දැක පැවිදි වූහ. ඉක්බිති ඔහුට අනුවණින් සිහිකිරීම නිසා නො ඇල්මක් උපන්නේය. හෙතෙම එය දුරුකරන්නට අපොහොසත්වම කර්‍මය හා ඵලය අදහා ඒ මහත් සම්පත් අත්හැර ගිහිගෙයින් නික්මෙන්නේ යමක් දුරු කෙළේද ඉදින් යළි ඒ සඳහාම ආපසු පැමිණියේ නම් “මේ කණ්හදීපායන ඒකාන්තයෙන් කෙළ තොල්ලෙකි. චපලයෙකි’යි යන මේ අපවාදය පිළිකුල් කරමින් තමන්ගේ හිරිඔතප් නැසේය යන බියෙන් නැවතුනේය. තවද “පැවිදි කුශලය නම් බුද්ධාදී නුවණැත්තන් විසින් පසස්නා ලදී. උන්වහන්සේලා විසින් පිහිටුවන ලද්දේය’යි. ඒ නිසාද දුක් සහිතව ද දොම්නස් රහිතව ද කදුළු වැකි මුහුණින් යුක්තව හඬමින් වුවද බඹසර විසීය. ඒ බඹසර හැර නොගියේය. එහෙයින්,

“සද‍්ධාය නික‍්ඛම‍්ම පුන නිවත‍්තො, සො එළමූගො චපලො වතායං; එතස‍්ස වාදස‍්ස ජිගුච‍්ඡමානො, අකාමකො චරාමි බ්‍රහ‍්මචරියං; විඤ‍්ඤුප‍්පසත්‍ථඤ‍්ච සතඤ‍්ච ඨානං, එවම‍්පහං පුඤ‍්ඤකරො භවාමී”ති. (ජා· 1.10.66);

සැදැහැයෙන් ගිහිගෙය හැරපියා ගොස් පෙරලා ගිහි බවට පැමිණි ඒ මොහු එකැතින්ම කෙලතොල්ලෙකි. චපලයෙකි යන මේ වචනයට පිළිකුල් කරමින් නොකැමැත්තෙන් බඹසර හැසිරෙමි. එතෙකුදු වුවත් පැවිද්ද සාධුන්ගේ වාසය යයි බුද්ධාදි උතුමෝ පසසති. මෙසේ හෙයින් මම පින් කරන්නෙම් වෙමි” මෙය කියන ලදී.

න කොචි එතං ජානාතීති එතං මම අනභිරතිමනං බ්‍රහ‍්මචරියවාසෙ අභිරතිවිරහිතචිත‍්තං කොචි මනුස‍්සභූතො න ජානාති. කස‍්මා? අහඤ‍්හි කස‍්සචි නාචික‍්ඛිං මම මානසෙ චිත‍්තෙ අරති චරති පවත‍්තතීති කස‍්සචිපි න කථෙසිං, තස‍්මා න කොචි මනුස‍්සභූතො එතං ජානාතීති.

“න කොචි එතං ජානාති” යනු මේ මාගේ අනභිරති චිත්තය, බඹසර විසීමෙහි ඇලීමෙන් තොර සිත මනුෂ්‍ය වූ කිසිවෙක් නො දනිති. කුමක් හෙයින්ද? “අහං හි කස්සමි නාචික්‍ඛිං” මාගේ මනසෙහි, සිතෙහි නොඇල්ම හැසිරෙයි, පවතියි යයි කිසිවෙකුට නො කීමි. එබැවින් මනුෂ්‍ය වූ කිසිවෙක් එය නො දනිති යනුයි.

“සබ්‍රහ‍්මචාරී මණ‍්ඩබ්‍යො, සහායො මෙ මහාඉසි; පුබ‍්බකම‍්මසමායුත‍්තො, සූලමාරොපනං ලභි.

සබ්‍රහ‍්මචාරීති තාපසපබ‍්බජ‍්ජාය සමානසික‍්ඛතාය සබ්‍රහ‍්මචාරී. මණ‍්ඩබ්‍යොති එවංනාමකො. සහායොති ගිහිකාලෙ පබ‍්බජිතකාලෙ ච දළ‍්හමිත‍්තතාය පියසහායො. මහාඉසීති මහානුභාවො ඉසි. පුබ‍්බකම‍්මසමායුත‍්තො, සූලමාරොපනං ලභීති කතොකාසෙන අත‍්තනො පුබ‍්බකම‍්මෙන යුත‍්තො සූලාරොපනං ලභි, සූලං උත‍්තාසිතොති.

“සබ්‍රහ්ම චාරි” යනු තවුස් පැවිද්ද කරණ කොටගෙන සමාන ශික්‍ෂා ඇති හෙයින් “සබ්‍රහ්මචාරී” වූ “මණ්ඩබ්බො” යනු මේ නම් ඇති. “සහායො” යනු ගිහිකාලයේ මෙන්ම පැවිදි කාලයේද දැඩි මිත්‍රභාවය නිසා ප්‍රිය සහාය වූ. “මහාඉසී” යනු මහත් ආනුභාව ඇති සෘෂිවරයෙක් “පුබ්බකම්ම සමායුත්තො සූලමාරොපනං ලභි” යනු තමාගේ පූර්‍වකර්‍මයකින් කළ අවසරයෙන් යුක්ත වූයේ සූලාරෝපණය ලැබීය, උල තබනු ලැබීය.

තත්‍රායං අනුපුබ‍්බිකථා – අතීතෙ වංසරට‍්ඨෙ කොසම‍්බියං කොසම‍්බිකො නාම රාජා රජ‍්ජං කාරෙසි. තදා බොධිසත‍්තො අඤ‍්ඤතරස‍්මිං නිගමෙ අසීතිකොටිවිභවස‍්ස බ්‍රාහ‍්මණමහාසාලස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, නාමෙන දීපායනො නාම. තාදිසස‍්සෙව බ්‍රාහ‍්මණමහාසාලස‍්ස පුත‍්තො බ්‍රාහ‍්මණකුමාරො තස‍්ස පියසහායො අහොසි, නාමෙන මණ‍්ඩබ්‍යො නාම. තෙ උභොපි අපරභාගෙ මාතාපිතූනං අච‍්චයෙන කාමෙසු දොසං දිස‍්වා මහාදානං පවත‍්තෙත්‍වා කාමෙ පහාය ඤාතිමිත‍්තපරිජනස‍්ස රොදන‍්තස‍්ස පරිදෙවන‍්තස‍්ස නික‍්ඛමිත්‍වා හිමවන‍්තප‍්පදෙසෙ අස‍්සමං කත්‍වා පබ‍්බජිත්‍වා උඤ‍්ඡාචරියාය වනමූලඵලාහාරෙන යාපෙන‍්තො පරොපණ‍්ණාසවස‍්සානි වසිංසු, කාමච‍්ඡන්‍දං වික‍්ඛම‍්භෙතුං නාසක‍්ඛිංසු, තෙ ඣානමත‍්තම‍්පි න නිබ‍්බත‍්තෙසුං.

මේ එහි අනුපිළිවෙල කථාවයි. අතීතයෙහි වංසරටෙහි කොසැඹෑ නුවර කොසඹෑ නම් රජෙක් රාජ්‍යය කරවීය. එකල්හි බෝධිසත්ත්‍වයන් වහන්සේ එක්තරා නියම් ගමක අසූ කෝටියක් ධනය ඇති මහාසාර බ්‍රාහ්මණයෙකුගේ පුතා වී උපන්හ. නමින් ‘දීපායන’ නම් විය. එබඳුවූම මහාසාර බ්‍රාහ්මණයෙකුගේ පුත් වූ බ්‍රාහ්මණ කුමාරයෙක් ඔහුගේ ප්‍රිය යහළුවා විය. නමින් “මණ්ඩබ්‍ය” නම් වේ. ඔවුහු දෙදෙනාම මෑත කාලයෙහි මවුපියන්ගේ ඇවෑමෙන් කාමයන්හි දොස් දැක මහදන් පවත්වා කාමයන් අත්හැර ඥාතිමිත්‍රයන් හා පිරිවර ජනයා හඬමින් වැලපෙමින් සිටියදී නික්ම හිමවත් පෙදෙසෙහි අසපුවක් කොට පැවිදිව පිඬු සිඟීමෙන් හා වනමුල්ඵල ආහාරයෙන් යැපෙමින් පනස් වසකට වැඩි කාලයක් විසූහ. එහෙත් කාමච්ඡන්‍දය යටපත් කිරීමට නොහැකිවූහ. ඔවුහු ධ්‍යාන මාත්‍රයක්වත් නොඉපදවූහ.

තෙ ලොණම‍්බිලසෙවනත්‍ථාය ජනපදචාරිකං චරන‍්තා කාසිරට‍්ඨං සම‍්පාපුණිංසු. තත්‍රෙකස‍්මිං නිගමෙ දීපායනස‍්ස ගිහිසහායො මණ‍්ඩබ්‍යො නාම පටිවසති. තෙ උභොපි තස‍්ස සන‍්තිකං උපසඞ‍්කමිංසු. සො තෙ දිස‍්වා අත‍්තමනො පණ‍්ණසාලං කාරෙත්‍වා චතූහි පච‍්චයෙහි උපට‍්ඨහි. තෙ තත්‍ථ තීණි චත‍්තාරි වස‍්සානි වසිත්‍වා තං ආපුච‍්ඡිත්‍වා චාරිකං චරන‍්තා බාරාණසිසමීපෙ අතිමුත‍්තකසුසානෙ වසිංසු. තත්‍ථ දීපායනො යථාභිරන‍්තං විහරිත්‍වා පුන තස‍්මිං නිගමෙ මණ‍්ඩබ්‍යස‍්ස අත‍්තනො සහායස‍්ස සන‍්තිකං ගතො. මණ‍්ඩබ්‍යතාපසො තත්‍ථෙව වසි.

ඔවුහු ලුණු ඇඹුල් සෙවීම පිණිස ජනපද චාරිකාවෙහි හැසිරෙන්නාහු කසී රටට පැමිණියහ. එහි එක් නියම් ගමක දීපායනයන්ගේ මණ්ඩබ්‍ය නම් ගිහි යහළුවෙක් වසයි. ඒ දෙදෙනාම ඔහු සමීපයට එළඹියහ. හෙතෙම ඔවුන් දැක සතුටු සිත් ඇත්තේ පන්සලක් කරවා සිවුපසයෙන් උවටැන් කළේය. ඔවුහු එහි තුන් හතර වසරක් වාසය කොට ඔහුගෙන් විමසා චාරිකාවෙහි හැසිරෙන්නාහු බරණැස සමීපයෙහි වූ “අතිමුත්තක” නම් සොහොනෙහි විසූහ. දීපායනයෝ එහි කැමතිතාක් වාසය කොට නැවත ඒ නියම් ගමේ තම යහළු වූ මණ්ඩබ්‍ය වෙත ගියහ. මණ්ඩබ්‍ය තාපසයා එහිම විසීය.

අථෙකදිවසං එකො චොරො අන‍්තොනගරෙ චොරිකං කත්‍වා ධනසාරං ආදාය නික‍්ඛන‍්තො පටිබුද‍්ධෙහි ගෙහසාමිකෙහි නගරාරක‍්ඛකමනුස‍්සෙහි ච අනුබද‍්ධො නිද‍්ධමනෙන නික‍්ඛමිත්‍වා වෙගෙන සුසානං පවිසිත්‍වා තාපසස‍්ස පණ‍්ණසාලද‍්වාරෙ භණ‍්ඩිකං ඡඩ‍්ඩෙත්‍වා පලායි. මනුස‍්සා භණ‍්ඩිකං දිස‍්වා “අරෙ දුට‍්ඨජටිල, රත‍්තිං, චොරිකං කත්‍වා දිවා තාපසවෙසෙන චරසී”ති තජ‍්ජෙත්‍වා පොථෙත්‍වා තං ආදාය රඤ‍්ඤො දස‍්සයිංසු. රාජා අනුපපරික‍්ඛිත්‍වාව “සූලෙ උත‍්තාසෙථා”ති ආහ. තං සුසානං නෙත්‍වා ඛදිරසූලෙ ආරොපයිංසු. තාපසස‍්ස සරීරෙ සූලං න පවිසති. තතො නිම‍්බසූලං ආහරිංසු, තම‍්පි න පවිසති. තතො අයසූලං ආහරිංසු, තම‍්පි න පවිසති. තාපසො “කිං නු ඛො මෙ පුබ‍්බකම‍්ම”න‍්ති චින‍්තෙසි. තස‍්ස ජාතිස‍්සරඤාණං උප‍්පජ‍්ජි. තෙන පුබ‍්බකම‍්මං අද‍්දස – සො කිර පුරිමත‍්තභාවෙ වඩ‍්ඪකීපුත‍්තො හුත්‍වා පිතු රුක‍්ඛතච‍්ඡනට‍්ඨානං ගන‍්ත්‍වා එකං මක‍්ඛිකං ගහෙත්‍වා කොවිළාරසකලිකාය සූලෙන විය විජ‍්ඣි. තස‍්ස තං පාපං ඉමස‍්මිං ඨානෙ ඔකාසං ලභි. සො “න සක‍්කා ඉතො පාපතො මුච‍්චිතු”න‍්ති ඤත්‍වා රාජපුරිසෙ ආහ – “සචෙ මං සූලෙ උත‍්තාසෙතුකාමත්‍ථ, කොවිළාරසූලං ආහරථා”ති. තෙ තථා කත්‍වා තං සූලෙ උත‍්තාසෙත්‍වා ආරක‍්ඛං දත්‍වා පක‍්කමිංසු.

ඉක්බිති එක් දිනක් එක් සොරෙක් ඇතුළු නුවර දී සොරකම් කොට ධනසාරය ගෙන නික්මෙන්නේ පිබිදුණු ගෙහිමියන් විසින් හා නුවර රකින මිනිසුන් විසින්ද ලුහුබඳිනා ලද්දේ දිය සොරොව්වකින් නික්ම වේගයෙන් සොහොනට පිවිස තාපසයාගේ පන්සල දොරකඩ බඩුපොදිය දමා පලා ගියේය. මිනිස්සු බඩු පොදිය දැක “බොල දුෂ්ට ජටිලය, රාත්‍රියෙහි සොරකම් කොට දහවල් තවුස් වෙසින් හැසිරෙහි”දැයි තැතිගන්වා තලා ඔහු රැගෙන ගොස් රජුට දැක්වූහ. රජතුමා පරීක්‍ෂා නොකොටම උල හිඳුවව’යි කීය. තාපසයා සොහොනට ගෙන ගොස් කිහිරි උලක හිඳවූහ. තාපසයාගේ ශරීරයෙහි උල නො පිවිසෙයි. ඉන්පසු කොහොඹ උලක් ගෙනාහ. එයද නොපිවිසෙයි. ඉන්පසු යකඩ උලක් ගෙනාහ. එයද නොපිවිසෙයි. තාපසතෙම “මාගේ පෙර කර්‍මය කුමක්”දැයි සිතීය. ඔහුට ජාතිස්මරණ ඥානය පහළ විය. එයින් පෙර කර්‍මය දිටීය. ඔහු වනාහි පෙර ආත්මභාවයෙහි වඩුවෙකුගේ පුත්‍රයෙක්ව පියා ගස් සසින තැනට ගොස් එක් මැස්සෙකු අල්ලාගෙන කොබෝලීල කූරක් මත උලක් මත මෙන් විද සිටවූයේය. ඔහුගේ ඒ පාපය මෙතන (විපාක පිණිස) ඉඩ ලැබුණි. හෙතෙම “මේ පාපයෙන් මිදීමට නොහැකියයි” දැන රාජපුරුෂයන්ට “ඉදින් මා උලෙහි හිඳුවනු කැමැත්තහු නම් කොබෝලීල උලක් ගෙන එවුය”යි කීය. ඔවුහු එසේ කොට තාපසයා උලෙහි හිඳුවා රැකවල් කොට පිටත්ව ගියහ.

තදා කණ‍්හදීපායනො “චිරදිට‍්ඨො මෙ සහායො”ති මණ‍්ඩබ්‍යස‍්ස සන‍්තිකං ආගච‍්ඡන‍්තො තං පවත‍්තිං සුත්‍වා තං ඨානං ගන‍්ත්‍වා එකමන‍්තං ඨිතො “කිං, සම‍්ම, කාරකොසී”ති පුච‍්ඡිත්‍වා “අකාරකොම‍්හී”ති වුත‍්තෙ “අත‍්තනො මනොපදොසං රක‍්ඛිතුං සක‍්ඛි න සක‍්ඛී”ති පුච‍්ඡි. “සම‍්ම, යෙහි අහං ගහිතො, නෙව තෙසං න රඤ‍්ඤො උපරි මය‍්හං මනොපදොසො අත්‍ථී”ති. “එවං සන‍්තෙ තාදිසස‍්ස සීලවතො ඡායා මය‍්හං සුඛා”ති වත්‍වා කණ‍්හදීපායනො සූලං නිස‍්සාය නිසීදි. ආරක‍්ඛකපුරිසා තං පවත‍්තිං රඤ‍්ඤො ආරොචෙසුං. රාජා “අනිසාමෙත්‍වා මෙ කත”න‍්ති වෙගෙන තත්‍ථ ගන‍්ත්‍වා “කස‍්මා, භන‍්තෙ, ත්‍වං සූලං නිස‍්සාය නිසින‍්නොසී”ති දීපායනං පුච‍්ඡි. “මහාරාජ, ඉමං තාපසං රක‍්ඛන‍්තො නිසින‍්නොස‍්මී”ති. “කිං පන ත්‍වං ඉමස‍්ස කාරකභාවං ඤත්‍වා එවං කරොසී”ති. සො කම‍්මස‍්ස අවිසොධිතභාවං ආචික‍්ඛි. අථස‍්ස දීපායනො “රඤ‍්ඤා නාම නිසම‍්මකාරිනා භවිතබ‍්බං.

එකල්හි කණ්හදීපායන තවුසා “මගේ යහළුවා දැක බොහෝ කල්ය’යි මණ්ඩබ්‍ය තවුසාගේ සමීපයට එන්නේ එපවත් අසා එතැනට ගොස් එකත්පසෙක සිටියේ “යහළුව, කුමක් කෙළෙහිදැයි අසා “කාරකයෙක් නොවෙමි”යි කී කල්හි “තම සිතෙහි දෝෂය රැකීමට හැකිද නොහැකිදැයි විචාළෝය. යමෙකු විසින් මම අල්ලා ගන්නා ලද්දෙම්ද ඔවුන් කෙරෙහිවත් රජු කෙරෙහිවත් මාගේ සිතෙහි අසතුටක් නැත්තේය’යි කීය. එසේ වී නම් ඔබවැනි සිල්වතෙකුගේ සෙවණද මට සැපය’යි කියා තණ්හාදීපායන තවුසා උල ඇසුරුකොට හුන්නේය. ආරක්‍ෂක පුරුෂයෝ එපවත් රජුට සැල කළහ. රජ “මවිසින් නොවිමසා කරන ලද්දේය”යි වේගයෙන් එහි ගොස් “ස්වාමීනි, කුමක් හෙයින් නුඹවහන්සේ උල ඇසුරු කොට හුන්නෙහුදැයි දීපායන තවුසාගෙන් විචාළේය. “මහරජ, මේ තාපසයා රකිමින් හුන්නෙමි. කිම නුඹවහන්සේ මොහු මෙවැන්නක් නොකළ බව දැන මෙසේ කරන්නෙහිදැයි ඇසීය. රජතුමා තමා ක්‍රියාව පරීක්‍ෂා නොකළ බව කීවේය. ඉක්බිති දීපායන තවුසා රජුට රජකු නම් පරීක්‍ෂා කොට කටයුතු කරන්නෙක් විය යුතුය.

“අලසො ගිහී කාමභොගී න සාධු, අසඤ‍්ඤතො පබ‍්බජිතො න සාධු; රාජා න සාධු අනිසම‍්මකාරී, යො පණ‍්ඩිතො කොධනො තං න සාධූ”ති. (ජා· 1.4.127; 1.5.4; 1.10.153; 1.15.229) –

“කම්සැප විඳින අලස ගිහියා නො මැනවි. හික්මීමක් නැති පැවිද්දා නො මැනවි. පරීක්‍ෂාවෙන් තොරව ක්‍රියා කරන රජ නො මැනවි. යම් පඬිවරයෙක් කිපෙන සුලු වේනම් හේ ද නො මැනවි” (ජාතක පාලිය)

ආදීනි වත්‍වා ධම‍්මං දෙසෙසි.

ආදිය කියා දහම් දෙසීය.

රාජා මණ‍්ඩබ්‍යතාපසස‍්ස නිද‍්දොසභාවං ඤත්‍වා “සූලං හරථා”ති ආණාපෙසි. සූලං හරන‍්තා හරිතුං නාසක‍්ඛිංසු. මණ‍්ඩබ්‍යො ආහ – “මහාරාජ, අහං පුබ‍්බෙ කතකම‍්මදොසෙන එවරූපං අයසං පත‍්තො, මම සරීරතො සූලං හරිතුං න සක‍්කා, සචෙපි මය‍්හං ජීවිතං දාතුකාමො, කකචෙන ඉමං සූලං චම‍්මසමං කත්‍වා ඡින්‍දාපෙහී”ති. රාජා තථා කාරෙසි. සූලං අන‍්තොයෙව අහොසි, න කඤ‍්චි පීළං ජනෙසි. තදා කිර සුඛුමං සකලිකහීරං ගහෙත්‍වා මක‍්ඛිකාය වච‍්චමග‍්ගං පවෙසෙසි, තං තස‍්ස අන‍්තො එව අහොසි. සො තෙන කාරණෙන අමරිත්‍වා, අත‍්තනො ආයුක‍්ඛයෙනෙව මරි, තස‍්මා අයම‍්පි න මතොති. රාජා තාපසෙ වන්‍දිත්‍වා ඛමාපෙත්‍වා උභොපි උය්‍යානෙයෙව වසාපෙන‍්තො පටිජග‍්ගි. තතො පට‍්ඨාය සො ආණිමණ‍්ඩබ්‍යො නාම ජාතො. සො රාජානං උපනිස‍්සාය තත්‍ථෙව වසි. දීපායනො පන තස‍්ස වණං ඵාසුකං කරිත්‍වා අත‍්තනො ගිහිසහායමණ‍්ඩබ්‍යෙන කාරිතං පණ‍්ණසාලමෙව ගතො. තෙන වුත‍්තං –

රජතුමා මණ්ඩබ්‍ය තාපසයාගේ නිදොස්බව දැන උල පහකරව්යි අණ කළේය. උල මෑත් කරන්නාහු එසේ කිරීමට නොහැකි වූහ. මණ්ඩබ්‍ය තෙම “මහරජ! මම පෙර කළ කර්‍ම දෝෂයෙන් මෙබඳු ආයාසයකට පත්වීමි. මගේ ශරීරයෙන් උල ඉවත් කිරීමට නොහැකිය. ඉදින් මට ජීවිතය දෙනු කැමැත්තේනම් කියතකින් මෙම උල හම හා සමකොට කපනු මැනවැ’යි කීය. රජතුමා එසේ කරවීය. උල ශරීරය තුළම විය. කිසිම පීඩාවක් ඇති නොවීය. එකල්හි වනාහි සියුම් ලී පතුරක් ගෙන මැස්සාගේ වසමග ප්‍රවේශ කරවූයේය. එය වනාහි උගේ ශරීරය තුළම වූයේය. ඌ එය හේතුකොට ගෙන මිය නොගොස් තමාගේ ආයුෂ ක්‍ෂය වීමෙන්ම මළේය. එබැවින් මේ තාපසයාද මිය නොගියේය. රජතුමා තාපසයන් වැඳ කමා කරවා ගෙන දෙදෙනාම උයනෙහිම වාසය කරවමින් පිළිදැඟුම් කළේය. එතැන් පටන් එම තාපසයා “ආණිමණ්ඩබ්‍ය” නම් විය. හෙතෙම රජු ඇසුරු කොට එහිම විසුවේය. දීපායන තාපසතෙම ඔහුගේ තුවාලය සුවකොට තමාගේ ගිහි යහළු මණ්ඩබ්‍ය විසින් කරවන ලද පන්සලටම ගියේය. එහෙයින්,

“තමහං උපට‍්ඨහිත්‍වාන, ආරොග්‍යමනුපාපයිං; ආපුච‍්ඡිත්‍වාන ආගඤ‍්ඡිං, යං මය‍්හං සකමස‍්සම”න‍්ති.

335. “තමහං උපට්ඨහිත්‍වාන ආරොග්‍යමනුපාපයිං ආපුච්ජිත්‍වාන ආගඤ්ජිං යං මය්හං සකමස්සමන්ති” (චරියා පිටක)

“මම ඔහු කරා එළඹ උපස්ථාන කොට නිරෝගභාවයට පැමිණවූයෙමි. මම ඔහු විචාරා මගේ යම් ස්වකීය ආශ්‍රමයක් වීද එහි පැමිණියෙමි’යි වදාරණ ලදී.

තත්‍ථ ආපුච‍්ඡිත්‍වානාති මය‍්හං සහායං මණ‍්ඩබ්‍යතාපසං ආපුච‍්ඡිත්‍වා. යං මය‍්හං සකමස‍්සමන‍්ති යං තං මය‍්හං ගිහිසහායෙන මණ‍්ඩබ්‍යබ්‍රාහ‍්මණෙන කාරිතං සකං මම සන‍්තකං අස‍්සමපදං පණ‍්ණසාලා, තං උපාගඤ‍්ඡිං.

එහි “ආපුච්ජිත්‍වාන” යනු මගේ යහළු වූ මණ්ඩබ්‍ය තාපසයා විමසා. “යංමය්හංසකමස්සමං” යනු මගේ ගිහි යහළු වූ මණ්ඩබ්‍ය බ්‍රාහ්මණයා විසින් කරවන ලද යම් ඒ ස්වකීය වූ මට අයත් වූ ආශ්‍රමයක්, පන්සලක් වීද, එයට එළඹියෙමි.

තං පන පණ‍්ණසාලං පවිසන‍්තං දිස‍්වා සහායස‍්ස ආරොචෙසුං. සො සුත්‍වාව තුට‍්ඨචිත‍්තො සපුත‍්තදාරො බහුගන්‍ධමාලඵාණිතාදීනි ආදාය පණ‍්ණසාලං ගන‍්ත්‍වා දීපායනං වන්‍දිත්‍වා පාදෙ ධොවිත්‍වා පානකං පායෙත්‍වා ආණිමණ‍්ඩබ්‍යස‍්ස පවත‍්තිං සුණන‍්තො නිසීදි. අථස‍්ස පුත‍්තො යඤ‍්ඤදත‍්තකුමාරො නාම චඞ‍්කමනකොටියං ගෙණ‍්ඩුකෙන කීළි. තත්‍ථ චෙකස‍්මිං වම‍්මිකෙ ආසිවිසො වසති. කුමාරෙන භූමියං පහතගෙණ‍්ඩුකො ගන‍්ත්‍වා වම‍්මිකබිලෙ ආසිවිසස‍්ස මත්‍ථකෙ පති. කුමාරො අජානන‍්තො බිලෙ හත්‍ථං පවෙසෙසි.

දීපායන තාපසයා පන්සලට පිවිසෙනු දැක එක් ආර්‍ය්‍යයෙක් යහළුවාට දැන්වීය. හෙතෙම අසා තුටු සිත් ඇත්තේම අඹුදරුවන් සහිතව සුවඳ මල් පැණි ආදිය ගෙන පන්සලට ගොස් දීපායන තවුසාට වැඳ පා සෝදා පානයක් වළඳවා ආණිමණ්ඩබ්‍යයන්ගේ පුවත අසමින් හුන්නේය. ඉක්බිති ඔහුගේ පුත් වූ යඤ්ඤදත්ත නම් කුමාරයා සක්මන කෙළවර පන්දුවකින් ක්‍රීඩා කළේය. එහි එක් තුඹසක සර්‍පයෙක් වසයි. කුමාරයා විසින් බිම ගැසූ පන්දුව ගොස් තුඹස සිදුරෙහි සර්‍පයා මත වැටුණේය. කුමාරයා නොදන්නේ සිදුරෙහි අත දැමීය.

අථ නං කුද‍්ධො ආසිවිසො හත්‍ථෙ ඩංසි. සො විසවෙගෙන මුච‍්ඡිතො තත්‍ථෙව පති. අථස‍්ස මාතාපිතරො සප‍්පෙන දට‍්ඨභාවං ඤත්‍වා කුමාරං උක‍්ඛිපිත්‍වා තාපසස‍්ස පාදමූලෙ නිපජ‍්ජාපෙත්‍වා “භන‍්තෙ, ඔසධෙන වා මන‍්තෙන වා පුත‍්තකං නො නීරොගං කරොථා”ති ආහංසු. සො “අහං ඔසධං න ජානාමි, නාහං වෙජ‍්ජකම‍්මං කරිස‍්සාමි, පබ‍්බජිතොම‍්හී”ති. “තෙන හි, භන‍්තෙ, ඉමස‍්මිං කුමාරකෙ මෙත‍්තං කත්‍වා සච‍්චකිරියං කරොථා”ති. තාපසො “සාධු සච‍්චකිරියං කරිස‍්සාමී”ති වත්‍වා යඤ‍්ඤදත‍්තස‍්ස සීසෙ හත්‍ථං ඨපෙත්‍වා සච‍්චකිරියං අකාසි. තෙන වුත‍්තං “සහායො බ්‍රාහ‍්මණො මය‍්හ”න‍්තිආදි.

ඉක්බිති කිපියා වූ සර්‍පයා අතට දෂ්ඨ කළේය. ළමයා විෂ වේගයෙන් මුර්ඡා වූයේ එහිම වැටුණේය. ඉක්බිති ඔහුගේ මවුපියෝ සර්‍පයා විසින් දෂ්ටකළ බව දැන කුමාරයා ඔසවා තාපසයාගේ පා මුල හොවා “ස්වාමීනි! බෙහෙතකින් හෝ මන්ත්‍රයකින් හෝ අපගේ පුතා නිරෝග කළ මැනවැ’යි කීහ. එතුමා මම බෙහෙත් නොදනිමි. මම වෙදකම් නො කරන්නෙමි. පැවිද්දෙක් වෙමි’යි කීය. එසේනම් ස්වාමීනි, මේ කුමාරයා කෙරෙහි මෛත්‍රී කොට සත්‍ය ක්‍රියාවක් කරනු මැනවැයි කීහ. තාපසයා “යහපති, සත්‍ය ක්‍රියාවක් කරන්නෙමි’යි කියා යඤ්ඤදත්තගේ හිසෙහි අත තබා සත්‍යක්‍රියා කළේය. එහෙයින් “සහායො බ්‍රාහ්මණො මය්හං” ආදිය වදාරණ ලදී.

336. “සහායො බ්‍රාහ්මණො මය්හං භරියං ආදාය පුත්තකං තයො ජනා සමාගනත්‍වා ආගඤ්ජුං පාහුනාගතං

337. “සම්මොදමානො තෙහි සහ නිසින්නො සකමස්සමෙ දාරකො වට්ටමනුක්‍ඛිපං ආසිවිසමකොපයී.

338. “තතො සො වට්ටගතං මග්ගං අන්‍වෙසන්තො කුමාරකො ආසිවිසස්ස හත්‍ථෙන උත්තමඞ්ගං පරාමසි.

339. “තස්ස ආමසනෙ කුද්ධො සප්පො විසබලස්සිතො කුපිතො පරමකොපෙන අඩංසි දාරකං ඛණෙ

340. “සහ දට්ඨො ආසිවිසෙන දාරකො පපති භූමියං තෙනාහං දුක්‍ඛිතො ආසිං මම වාහසි තං දුක්‍ඛං

341. “ත්‍යාහං අස්සාසයිත්‍වාන දුක්‍ඛිතෙ සොකසල්ලීනෙ පඨමං අකාසිං කිරියං අග්ගං සච්චං වරුත්තමං

342. “සත්තාහ මෙවාහං පසන්නචිත්තො පුඤ්ඤත්‍ථිකො අචරිං බ්‍රහ්මචරියං අථාපරං යඤ්චරිතං මමයිදං වස්සානි පඤ්ඤාස සමාධිකානි.

343. “අකාමකො වාහි අහං චරාමි එතෙන සච්චෙන සුවත්‍ථි හොතු හතං විසං ජීවතු යඤ්ඤදත්තො” (චරියා පිටක)

“මාගේ යහළු වූ බ්‍රාහ්මණයා භාර්‍ය්‍යාව හා පුත්‍රයා ද ගෙන තුන්දෙන එක්ව ආගන්තුකව (මා කරා) එළඹියාහුය.

ඔවුන් සමග පිළිසඳර කථා කරමින් මගේ ආශ්‍රමයෙහි හුන්නෙමි. කුඩා දරුවා පන්දු ක්‍රීඩා කරමින් සර්‍පයකු කෝප කළේය.

ඉක්බිති ඒ දරුවා පන්දුව ගිය මාර්‍ගය සොයන්නේ සර්‍පයාගේ හිස අතින් ස්පර්‍ශ කළේය.

ඔහුගේ අත වැදීමෙන් කිපියා වූ විෂවේගයෙන් යුත් සර්‍පයා මහත් ක්‍රෝධයෙන් කිපී එකෙණෙහිම දරුවාට දෂ්ඨ කළේය.

සර්‍පයා විසින් දෂ්ට කරන ලද දරුවා බිම වැටුණේය. එයින් මම දුකට පත්වීමි. (මවුපියන්ගේ) ඒ දුකද මම ඉසිලීමි.

දුකට පත්වූ, ශෝක නැමති හුලින් පීඩිත වූ ඔවුන් සනසවා පළමු කොට අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ සත්‍ය ක්‍රියාව කෙළෙමි.

“මම ප්‍රසන්න සිත් ඇතිව පිං බලාපොරොත්තුවෙන් සතියක් පමණක්ම බ්‍රහ්මචර්‍ය්‍යායෙහි හැසුරුණෙමි. ඒ (සතියෙන්) මත්තෙහි අතිරේක පනස් වසක් මුළුල්හලෙහි මාගේ යම් මේ චරණයක් ඇත් ද? ඒ බ්‍රහ්මචර්‍ය්‍යායෙහි මම නො කැමතිවම හැසුරුනෙමි. ඒ මේ සත්‍යයෙන් (මේ දරුවා) සුවපත් වේවා. යඤ්ඤදත්ත නම් වූ ඒ කුමාරයා නැසූ විෂ ඇතිව ජීවත් වේවා”

තත්‍ථ ආගඤ‍්ඡුං පාහුනාගතන‍්ති අතිථිඅභිගමනං අභිගමිංසු.

එහි “ආගඤ්ජුං පාහුනාගතං” යනු ආගන්තුකයන් වශයෙන් මා කරා පැමිණියහ.

වට‍්ටමනුක‍්ඛිපන‍්ති ඛිපනවට‍්ටසණ‍්ඨානතාය “වට‍්ට”න‍්ති ලද‍්ධනාමං ගෙණ‍්ඩුකං අනුක‍්ඛිපන‍්තො, ගෙණ‍්ඩුකකීළං කීළන‍්තොති අත්‍ථො. ආසිවිසමකොපයීති භූමියං පටිහතො හුත්‍වා වම‍්මිකබිලගතෙන ගෙණ‍්ඩුකෙන තත්‍ථ ඨිතං කණ‍්හසප‍්පං සීසෙ පහරිත්‍වා රොසෙසි.

“වට්ටමනුක්‍ඛි පං” යනු දමාගැසීම හා රවුම් සටහන් ඇති බැවින් ‘වට්ට’ යයි ලැබූ නම් ඇති පන්දුවක් දමා ගසන්නේ. පන්දු ක්‍රීඩා කරන්නේ යන අර්‍ථයයි. “ආසිවිසමකොපයී” යනු බිමට ගසන ලද්දේ තුඹසේ සිදුරට ගිය පන්දුව එහි සිටි කළු සර්‍පයාගේ හිසෙහි වැදී කෝප කරවීය.

වට‍්ටගතං මග‍්ගං, අන්‍වෙසන‍්තොති තෙන වට‍්ටෙන ගතං මග‍්ගං ගවෙසන‍්තො. ආසිවිසස‍්ස හත්‍ථෙන, උත‍්තමඞ‍්ගං පරාමසීති වම‍්මිකබිලං පවෙසිතෙන අත‍්තනො හත්‍ථෙන ආසීවිසස‍්ස සීසං ඵුසි.

“වට්ටගතං මග්ගං අන්‍වෙසන්තො” යනු ඒ පන්දුව ගිය මග සොයන්නේ “ආසිවිසස්ස හත්‍ථෙන උත්තමඞ්ගං පරාමසි” යනු තුඹසේ සිදුරට පිවිස වූ තම අතින් සර්‍පයාගේ හිස ස්පර්‍ශ කළේය.

විසබලස‍්සිතොති විසබලනිස‍්සිතො අත‍්තනො විසවෙගං නිස‍්සාය උප‍්පජ‍්ජනකසප‍්පො. අඩංසි දාරකං ඛණෙති තස‍්මිං පරාමසිතක‍්ඛණෙ එව තං බ්‍රාහ‍්මණකුමාරං ඩංසි.

“විසබලස්සිතො” යනු විෂ බලය ඇසුරු කළ, තමාගේ විෂ වේගය නිසා හටගන්නා සර්‍පයා “අඩංසි දාරකං ඛණෙ” යනු ඌ ස්පර්‍ශ කළ කෙණෙහිම ඒ බ්‍රාහ්මණ කුමාරයා දෂ්ට කළේය.

සහදට‍්ඨොති ඩංසෙන සහෙව, දට‍්ඨසමකාලමෙව. ආසිවිසෙනාති ඝොරවිසෙන. තෙනාති තෙන දාරකස‍්ස විසවෙගෙන මුච‍්ඡිතස‍්ස භූමියං පතනෙන අහං දුක‍්ඛිතො අහොසිං. මම වාහසි තං දුක‍්ඛන‍්ති තං දාරකස‍්ස මාතාපිතූනඤ‍්ච දුක‍්ඛං මම වාහසි, මය‍්හං සරීරෙ විය මම කරුණාය වාහෙසි.

“සහදට්ඨො” යනු දෂ්ට කිරීමත් සමගම, දෂ්ට කිරීම හා සමකාලයේම. “ආසිවිසෙන” යනු දරුණු සර්‍පයා විසින්. “තෙන” යනු ඒ විෂ වේගයෙන් මුර්ඡා වූ දරුවා බිම වැටීම කරණකොට ගෙන මම දුකට පත්වූයෙම් වීමි. “මම වාහසි තං දුක්‍ඛං” යනු දරුවාගේත් මවුපියන්ගේත් ඒ දුක මට පැමිණියේය. මගේ ශරීරයෙහි වූවක් මෙන් මගේ කරුණාව කරණකොට ගෙන ඉසිලීමි.

ත්‍යාහන‍්ති තෙ තස‍්ස දාරකස‍්ස මාතාපිතරො අහං “මා සොචථ, මා පරිදෙවථා”තිආදිනා නයෙන සමස‍්සාසෙත්‍වා. සොකසල‍්ලිතෙති සොකසල‍්ලවන‍්තෙ. අග‍්ගන‍්ති සෙට‍්ඨං තතො එව වරං උත‍්තමං සච‍්චකිරියං අකාසිං.

“ත්‍යාහං” යනු මම ඒ දරුවාගේ ඒ මවුපියන් “ශෝක නො කරව්, නොවැළපෙව් ආදී ක්‍රමයෙන් අස්වසා “සොකසල්ලීනෙ” යනු ශෝක නැමති හුලින් යුක්ත වූ “අග්ගං” යනු ශ්‍රේෂ්ඨ වූ, එයින්ම “වරං” උතුම් වූ සත්‍යක්‍රියාව කළේය.

ඉදානි තං සච‍්චකිරියං සරූපෙන දස‍්සෙතුං “සත‍්තාහමෙවා”ති ගාථමාහ.

දැන් එම සත්‍ය ක්‍රියාවෙහි ස්වරූපය දැක්වීමට “සත්තාහමෙව” යන ගාථාව කීවේය.

තත්‍ථ සත‍්තාහමෙවාති පබ‍්බජිතදිවසතො පට‍්ඨාය සත‍්ත අහානි එව. පසන‍්නචිත‍්තොති කම‍්මඵලසද‍්ධාය පසන‍්නමානසො. පුඤ‍්ඤත්‍ථිකොති පුඤ‍්ඤෙන අත්‍ථිකො, ධම‍්මච‍්ඡන්‍දයුත‍්තො. අථාපරං යං චරිතන‍්ති අථ තස‍්මා සත‍්තාහා උත‍්තරි යං මම බ්‍රහ‍්මචරියචරණං.

එහි “සත්තාහමෙව” යනු පැවිදි වූ දින පටන් සත් දිනක් පමණක්ම, “පසන්තචිත්තො” යනු කර්‍මඵල ඇදහීම් වශයෙන් පැහැදුනු සිත් ඇත්තේ, “පුඤ්ඤත්‍ථිකො” යනු පිනෙන් ප්‍රයෝජන ඇත්තෙක්, ධර්‍මයෙහි කැමැත්ත ඇත්තෙක්ව, “අථාපරං යඤ්චරිතං” යනු ඉක්බිති එම සත් දිනෙන් මත්තෙහි මාගේ යම් බ්‍රහ්මචර්‍ය්‍යායෙහි හැසිරීමක් වීද,

අකාමකොවාහීති පබ‍්බජ‍්ජං අනිච‍්ඡන‍්තො එව. එතෙන සච‍්චෙන සුවත්‍ථි හොතූති සචෙ අතිරෙකපඤ‍්ඤාසවස‍්සානි අනභිරතිවාසං වසන‍්තෙන මයා කස‍්සචි අජානාපිතභාවො සච‍්චො, එතෙන සච‍්චෙන යඤ‍්ඤදත‍්තකුමාරස‍්ස සොත්‍ථි හොතු, ජීවිතං පටිලභතූති.

“අකාමකො වාහි” යනු පැවිද්ද නොකැමැත්තේම “එතෙන සච්චෙන සුවත්‍ථි හොතු” යනු ඉදින් පනස් වසකට අධික කාලයක් අනභිරති වාසයෙන් (පැවිද්දට අකමැත්තෙන්) වසන මා විසින් කිසිවකු ඒ පිළිබඳව දැනුවත් නොකළ බව සත්‍යයකි. මේ සත්‍යය කරණ කොටගෙන යඤ්ඤදත්ත කුමාරයාට යහපතක් වේවා. දිවි ලැබේවා’යි

එවං පන මහාසත‍්තෙන සච‍්චකිරියාය කතාය යඤ‍්ඤදත‍්තස‍්ස සරීරතො විසං භස‍්සිත්‍වා පථවිං පාවිසි. කුමාරො අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා මාතාපිතරො ඔලොකෙත්‍වා “අම‍්ම, තාතා”ති වත්‍වා වුට‍්ඨාසි. තෙන වුත‍්තං –

මෙසේ මහාසත්ත්‍වයන් විසින් සත්‍ය ක්‍රියා කළ කල්හි යඤ්ඤදත්තගේ ශරීරයෙන් විෂ බැස පොළොවට පිවිසියේය. කුමාරයා ඇස් හැර මවුපියන් දෙස බලා “මෑණියනි, පියාණනි”යි කියා නැගී සිටියේය. එහෙයින්,

“සහ සච‍්චෙ කතෙ මය‍්හං, විසවෙගෙන වෙධිතො; අබුජ‍්ඣිත්‍වාන වුට‍්ඨාසි, අරොගො චාසි මාණවො”ති.

344.“සහසච්චෙ කතෙ මය්හං විසවෙගෙන වෙධිතො අබුජ්ඣිත්‍වාන වුට්ඨා සි ආරොගො චාසි මාණවොති. (චරියා පිටක)

“සත්‍ය ක්‍රියාව කළ වහාම විෂ වේගයෙන් කම්පිත වූ කුමාරයා පිබිද නැගී සිටියේය. නිරෝග ද වීය’යි වදාරණ ලදී.

තස‍්සත්‍ථො – මම සච‍්චකරණෙන සහ සමානකාලමෙව තතො පුබ‍්බෙ විසවෙගෙන වෙධිතො කම‍්පිතො විසඤ‍්ඤිභාවෙන අබුජ‍්ඣිත්‍වා ඨිතො විගතවිසත‍්තා පටිලද‍්ධසඤ‍්ඤො සහසා වුට‍්ඨාසි. සො මාණවො කුමාරො විසවෙගාභාවෙන අරොගො ච අහොසීති.

එහි අර්‍ථය, මාගේ සත්‍යක්‍රියාව හා සමකාලීනවම ඉන්පෙර විෂවේගයෙන් විඳින ලද කම්පිත වූ විසංඥභාවයෙන් නොපිබිද සිටි දරුවා පහවූ විෂ ඇති බැවින් නැවත ලැබූ සිහි ඇත්තේ වහා නැගී සිටියේය. ඒ මානවක කුමාරයා විෂවේගයෙන් නිරෝග වූයේ විය’ යනුයි.

ඉදානි සත්‍ථා තස‍්සා අත‍්තනො සච‍්චකිරියාය පරමත්‍ථපාරමිභාවං දස‍්සෙන‍්තො “සච‍්චෙන මෙ සමො නත්‍ථි, එසා මෙ සච‍්චපාරමී”ති ආහ. තං උත‍්තානත්‍ථමෙව . ජාතකට‍්ඨකථායං (ජා· අට‍්ඨ· 4.10.62) පන “මහාසත‍්තස‍්ස සච‍්චකිරියාය කුමාරස‍්ස ථනප‍්පදෙසතො උද‍්ධං විසං භස‍්සිත්‍වා විගතං. දාරකස‍්ස පිතු සච‍්චකිරියාය කටිතො උද‍්ධං, මාතු සච‍්චකිරියාය අවසිට‍්ඨසරීරතො විසං භස‍්සිත්‍වා විගත”න‍්ති ආගතං. තථා හි වුත‍්තං –

දැන් ශාස්තෲන් වහන්සේ තමන් වහන්සේගේ ඒ සත්‍යක්‍රියාවෙහි පරමත්‍ථපාරමීභාවය දක්වන්නාහු, “සච්චෙන මෙ සමො නත්‍ථි එසා මෙ සච්ච පාරමී ති (චරියා පිටක) (“සත්‍යපාරමිතාවෙන් මා හා සම වූවෙක් නැත. මේ මාගේ සත්‍ය පාරමිතාව’යි) වදාළහ. එය පැහැදිලි කළ අර්‍ථ ඇත්තේමය. ජාතකට්ඨ කථාවෙහි වනාහි මහාසත්ත්‍වයන්ගේ සත්‍යක්‍රියාවෙන් කුමාරයාගේ පයෝධරයෙන් උඩ, ප්‍රදේශයේ විෂ බැස ගියේයයි ද දරුවාගේ පියාගේ සත්‍ය ක්‍රියාවෙන් තුනටියෙන් උඩද, මවගේ සත්‍යක්‍රියාවෙන් ශරීරයේ ඉතිරි කොටසින් ද විෂ බැස ගියේයයිද කියන ලදී. එහෙයින්,

“යස‍්මා දානං නාභිනන්‍දිං කදාචි, දිස‍්වානහං අතිථිං වාසකාලෙ; න චාපි මෙ අප‍්පියතං අවෙදුං, බහුස‍්සුතා සමණබ්‍රාහ‍්මණා ච; අකාමකො වාපි අහං දදාමි, එතෙන සච‍්චෙන සුවත්‍ථි හොතු; හතං විසං ජීවතු යඤ‍්ඤදත‍්තො.

“යස්මා දානං නාභිනන්‍දිං කදාචි දිඝ්වානාහං අතිථිං වාසකාලෙ න චාපි මෙ අප්පියතං අවෙදුං බහුස්සුතා සමණ බ්‍රාහ්මණාච අකාමකො වාහි අහං දදාමි එතෙන සච්චෙ න සුවත්‍ථි හොතු හතං විසං ජීවතු යඤ්ඤදත්තො

“ආසීවිසො තාත පහූතතෙජො, යො තං අදංසී පතරා උදිච‍්ච; තස‍්මිඤ‍්ච මෙ අප‍්පියතාය අජ‍්ජ, පිතරි ච තෙ නත්‍ථි කොචි විසෙසො; එතෙන සච‍්චෙන සුවත්‍ථි හොතු, හතං විසං ජීවතු යඤ‍්ඤදත‍්තො”ති.

“ආසිවිසො තාත, පහුත තෙජො යො තං අඩංසි පතරා උදිච්ච, කස්මිඤ්ච මෙ අප්පියතාච අජ්ජ පිතරීච තෙ නත්‍ථි කොචි විසෙසො එතෙන සච්චෙ න සුවත්‍ථි හොතු හතං විසං ජීවතු යඤ්ඤදත්තොති (ජාතක පාලි)

(පියාගේ සත්‍යක්‍රියාව) මට ගිහිගේ වසන කල්හි ආගන්තුකයකු දැක කිසිකලෙක දන්දීම ප්‍රිය නො කෙළෙම්ද, බහුශ්‍රැත ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද දන්දීමට ඇති මගේ අප්‍රියභාවය නොදැන ගත්තාහු ද මම අකමැත්තෙන්ම දන් දෙන බව අන් අය නො දැන ගත්තාහුද මේ සත්‍ය බලයෙන් යඤ්ඤදත්ත සුපවත් වේවා. නැසුණු විෂ ඇතිව ජීවත් වේවා.

(මවගේ සත්‍යක්‍රියාව) දරුව, මහත් තෙදැති ඝෝර විෂ සහිත යම් සර්‍පයෙක් තුඹසින් උඩට විත් නුඹට දෂ්ඨ කළේද, ඒ සර්‍පයා කෙරෙහිත් ඔබේ පියා කෙරෙහිත් මගේ අප්‍රිය බවෙහි අද කිසි විශේෂයක් නැත. මේ සත්‍ය බලයෙන් යඤ්ඤදත්ත සුවපත් වේවා, නැසුණු විෂ ඇතිව ජීවත් වේවා”යි කියන ලදී.

තත්‍ථ වාසකාලෙති වසනත්‍ථාය ගෙහං ආගතකාලෙ. න චාපි මෙ අප‍්පියතං අවෙදුන‍්ති බහුස‍්සුතාපි සමණබ්‍රාහ‍්මණා අයං නෙව දානං අභිනන්‍දති, න අම‍්හෙති ඉමං මම අප‍්පියභාවං නෙව ජානිංසු. අහඤ‍්හි තෙ පියචක‍්ඛූහියෙව ඔලොකෙමීති දීපෙති. එතෙන සච‍්චෙනාති සචෙ අහං දදමානොපි විපාකං අසද‍්දහිත්‍වා අත‍්තනො අනිච‍්ඡාය දෙමි, අනිච‍්ඡභාවඤ‍්ච මෙ පරෙ න ජානන‍්ති, එතෙන සච‍්චෙන සුවත්‍ථි හොතූති අත්‍ථො. ඉතරගාථාය, තාතාති පුත‍්තං ආලපති. පහූතතෙජොති බලවවිසො. පතරාති පදරා, අයමෙව වා පාඨො. උදිච‍්චාති උද‍්ධං ගන‍්ත්‍වා, වම‍්මිකබිලතො උට‍්ඨහිත්‍වාති අත්‍ථො. ඉදං වුත‍්තං හොති – තාත යඤ‍්ඤදත‍්ත, තස‍්මිඤ‍්ච ආසිවිසෙ තව ච පිතරි අප‍්පියභාවෙන මය‍්හං කොචි විසෙසො නත්‍ථි, තඤ‍්ච පන අප‍්පියභාවං ඨපෙත්‍වා අජ‍්ජ මයා න කොචි ජානාපිතපුබ‍්බො, සචෙ එතං සච‍්චං, එතෙන සච‍්චෙන සුවත්‍ථි හොතූති.

එහි “වාසකාලෙ”යනු විසීම සඳහා ගෙට ආ කාලයෙහි. “න වාපි මෙ අප්පියතං අවෙදුං” යනු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ බහුශ්‍රැත වූවෝ නමුදු “මෙතෙම දානයට සතුටු නොවේමය. අප කෙරෙහිද සතුටක් නැත්තේය’යි මාගේ මේ අප්‍රියභාවය නො දැන ගත්තාහුමය (එසේ වුවත්) මම වනාහි ඔවුන් දෙස ප්‍රිය ඇසින්ම බලමි’යි ප්‍රකාශ කෙරේ. “එතෙන සච්චෙන” යනු ඉදින් මම දන් දෙමින්ම විපාක නොඅදහා තමාගේ නො කැමැත්තෙන්ම දෙමිද මගේ නො කැමති බව අන්‍යයෝ නොදනිත්ද ඒ සත්‍යය කරණ කොටගෙන සුවපත් වේවා යන අර්‍ථයයි. අනෙක් ගාථාවෙහි “තාත” යන්නෙන් පුතා අමතයි. “පහුත තෙජො” යනු බලවත් විෂ ඇති. “පතරා” යනු (පදරා) විවරයෙන් නැතහොත් මෙයම පාඨය වේ. “උදිච්ච” යනු උඩට ගොස්, තුඹස් සිදුරෙන් නැගීසිට යන අර්‍ථයයි. මෙය කියන ලද්දේ වෙයි. “දරුව යඤ්ඤදත්තය, එම සර්‍පයා කෙරෙහිත් නුඹගේ පියා කෙරෙහිත් මගේ අප්‍රියභාවයෙහි කිසිම විශේෂයක් නැත. එම අප්‍රිය බව අද හැර මවිසින් කිසිවෙකුට නොදන්වන ලද විරූය. ඉදින් මෙය සත්‍යයක් නම් මේ සත්‍යයේ බලයෙන් සුවපත් වේවා’යි.

එවං බොධිසත‍්තො කුමාරෙ අරොගෙ ජාතෙ තස‍්ස පිතරං “දානං දදන‍්තෙන නාම කම‍්මඤ‍්ච ඵලඤ‍්ච සද‍්දහිත්‍වා දාතබ‍්බ”න‍්ති කම‍්මඵලසද‍්ධාය නිවෙසෙත්‍වා සයං අනභිරතිං විනොදෙත්‍වා ඣානාභිඤ‍්ඤායො උප‍්පාදෙත්‍වා ආයුපරියොසානෙ බ්‍රහ‍්මලොකපරායනො අහොසි.

මෙසේ බෝධිසත්ත්‍වයෝ කුමාරයා නිරෝග වූ කල්හි ඔහුගේ පියාට “දන් දෙන්නා විසින් වනාහි කර්‍මයද ඵලයද අදහා දිය යුතුය’යි කම්පල ඇදහීමෙහි යොදවා තමා නොඇල්ම පහකොට ධ්‍යාන අභිඥා උපදවා ආයු කෙළවර බඹලොව ගියහ.

තදා මණ‍්ඩබ්‍යො ආනන්‍දත්‍ථෙරො අහොසි, තස‍්ස භරියා විසාඛා, පුත‍්තො රාහුලත්‍ථෙරො, ආණිමණ‍්ඩබ්‍යො සාරිපුත‍්තත්‍ථෙරො, කණ‍්හදීපායනො ලොකනාථො.

එදා මණ්ඩබ්‍ය නම් ආනන්ද ස්ථවිරයෝය. ඔහුගේ බිරිඳ විශාඛාවෝය. පුතා රාහුල ස්ථවිරයෝය. ආණිමණ්ඩබ්‍ය ශාරිපුත්‍ර ස්ථවිරයෝය. කණ්හදීපායන නම් ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.

තස‍්ස ඉධ පාළියා ආරුළ‍්හා සච‍්චපාරමී, සෙසා ච පාරමියො හෙට‍්ඨා වුත‍්තනයෙනෙව නිද‍්ධාරෙතබ‍්බා. තථා අනවසෙසමහාභොගපරිච‍්චාගාදයො ගුණානුභාවා විභාවෙතබ‍්බාති.

මෙහි උන්වහන්සේ සත්‍ය පාරමිතාවම පාළියට නගන ලදී. සෙසු පාරමිතාවෝ ද යට සඳහන් පරිදිම නිර්ධාරණය කළ යුත්තාහ. එසේම නිරවශේෂ මහාභෝග පරිත්‍යාගාදී ගුණානුභාවයෝ පැහැදිලි කළ යුත්තාහ.

කණ‍්හදීපායනචරියාවණ‍්ණනා නිට‍්ඨිතා.

එකොළොස්වන කණ්හදීපායන චරිතයයි.